3. අසංගහිතෙන සංගහිත පද නිද්දෙසය.

1. වෙදනා ස්කන්‍ධය කරණ කොටගෙන යම් ධර්ම කෙනෙක්, සඤ්ඤා ස්කන්‍ධය කරණ කොටගෙන යම් ධර්ම කෙනෙක්, සංඛාර ස්කන්‍ධය කරණ කොටගෙන යම් ධර්ම කෙනෙක්, සමුදය ස්කන්‍ධ සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුද, ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, ධර්මයෝ කෙතෙක් ස්කන්‍ධයෙන්, කෙතෙක් ආයතනයෙන්, කෙතෙක් ධාතුවෙන් සංග්‍රහ වෙත්ද? ඒ ධර්මයෝ අසංඛත ස්කන්‍ධයන් අත්හැර ස්කන්‍ධ තුනකින්ද, එක ආයතනයකින්ද, එක ධාතුවකින්ද සංග්‍රහ කරණ ලද්දාහුය.

2. නිරොධ සත්‍යය කරණ කොටගෙන යම් ධර්මයක් සතර ස්කන්‍ධයෙන් හා එකම ආයතනයකින්ද, එකම ධාතුවකින්ද සංග්‍රහ කරණ ලද්දාහුය.

3. ජීවිතෙන්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මයෝ නිර්‍වාණය අත්හැර ස්කන්‍ධ දෙකකින්ද, එකම ආයතනයෙන්ද, එකම ධාතුවෙන්ද සංග්‍රහ කරණ ලද්දාහුය.

4. ඉත්‍ථින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, පුරුසින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, සුඛෙන්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, දුක්ඛින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, සොමනස්සින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, දොමනස්සින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, උපෙක්ඛින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, සද්ධින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, විරියින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, සතින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, සමාධින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, පඤ්ඤින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, අඤ්ඤින්‍ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, අඤ්ඤතාවින්ද්‍රිය කරණ කොටගෙන යම් ධර්‍මයක්, අවිජ්ජා කරණ කොටගෙන යම් ධර්‍මයක්, අවිජ්ජා ප්‍රත්‍යයෙන් සංඛාරය කරණ කොටගෙන යම් ධර්‍මයක්, සළායතන ප්‍රත්‍යයෙන් ඵස්සය කරණ කොටගෙන යම් ධර්‍මයක්, ඵස්ස ප්‍රත්‍යයෙන් වේදනාව කරණ කොටගෙන යම් ධර්‍මයක්, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව කරණ කොටගෙන යම් ධර්‍මයක්, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය කරණ කොටගෙන යම් ධර්‍මයක්, කම්ම භවය කරණ කොටගෙන යම් ධර්‍මයක්, ස්කන්‍ධ සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුද, ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, නිර්වාණ ස්කන්‍ධය තබා ස්කන්‍ධ තුනකින්ද, එක් ආයතනයකින්ද, එක් ධාතුවකින්ද සංග්‍රහ කරණ ලද්දාහුය.

5. ජාතිය කරණ කොටගෙන යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුය. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ජරාව කරණකොටගෙන යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුය. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. මරණය කරණකොටගෙන යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුය. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ඒ ධර්මයෝ නිර්වාණය ස්කන්‍ධ වශයෙන් අත්හැර ස්කන්‍ධ දෙකකින්ද, එකම ආයතනයෙන්ද, එකම ධාතුවෙන්ද සංග්‍රහ කරණ ලද්දාහුය.

6. සොකය – දුක්ඛ – දොම්නස – උපායාසය – සතිපට්ඨානය – සම්‍යක් ප්‍රධානය – අප්‍රමාණය – පඤ්චෙන්‍ද්‍රිය – පඤ්ච බලය – සත්ත බොජ්ඣංගය – ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්ගය – ස්පර්‍ශය – වේදනාව – සංඥාව – චෙතනාව – අධිමොක්‍ෂය – මනසිකාරය – හෙතු ධර්මය – හෙතූන්ගෙන්ද සහෙතුක ධර්මය – හෙතූන්ගෙන්ද හෙතු සම්ප්‍රයුක්ත ධර්මය – ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුය. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ඒ ධර්මයෝ නිර්වාණ ධර්මය ස්කන්‍ධ සංග්‍රහයෙන් හැර ඒ ධර්‍මය ස්කන්‍ධ සතරකින්ද, ආයතන තුනකින්ද, ධාතු නවයකින්ද සංග්‍රහ නොකරණ ලද්දාහුය.

7. අප්පච්ච ධර්මය – අසංඛත ධර්මය – ස්කන්‍ධ සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුද, ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, ඒ ධර්මයෝ ස්කන්‍ධ හතරකින්ද, එක් ආයතනයකින්ද, එක් ධාතුවකින් සංග්‍රහ කරණ ලද්දාහුය. (ඵස්ස සංඥා චෙතනා අධිමොක්ඛ මනසිකාර නිර්දෙශ සංස්කාර ස්කන්‍ධ නිර්දෙශය මෙනි.) චෙතනා නිර්දෙශය වෙදනා ස්කන්‍ධයට සමානයි. අප්‍රත්‍යය ධර්මය කරණකොටගෙන යම් ධර්‍ම කෙනෙක් අසංඛත ධර්‍මයන් කරණකොටගෙන ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුය. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය.

8. ආශ්‍රව ධර්මය – ආශ්‍රව ධර්මයන් කරණ කොටගෙනද, ආශ්‍රව සහිත ධර්මය – ආශ්‍රවයන් සමගද, ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්මය – ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින්, කෙතෙක් ආයතනයන් විසින්, කෙතෙක් ධාතූන් විසින් සංග්‍රහ නොකරණ ලද්දාහුද? ඒ ධර්මයෝ නිර්වාණ ධාතුව ස්කන්‍ධ වශයෙන් අත්හැර ස්කන්‍ධ තුනකින්ද, එක් ආයතනයකින්ද, එක් ධාතුවකින්ද සංග්‍රහ කරණ ලද්දාහුය.

9. සංයොජන, ග්‍රන්‍ථ, ඔයොග, නීවරණ පරාමාස ධර්‍මය පරාමාසවූද, පරාමට්ඨවූද ධර්මය ස්කන්‍ධ සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුද, ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, ඒ ධර්මයෝ නිර්වාණය ස්කන්‍ධ නාමයෙන් තබා ස්කන්‍ධ තුනකින්ද, එක් ආයතනයකින්ද, එක් ධාතුවකින්ද සංග්‍රහ කරණ ලද්දාහුය.

10. සිත් හා එක්ව හටගත්තාවූ ධර්මයන් – සිතා හා සම්ප්‍රයුක්ත ධර්ම – චිත්ත සංසට්ඨ ධර්ම – චිත්ත සංසට්ඨ සමුට්ඨාන ධර්ම – චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහභූ ධර්ම – චිත්ත සංසට්ඨ සමුට්ඨානානු පරිවත්තී ධර්ම – ස්කන්‍ධ සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුද, ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, නිර්වාණ ධාතුව ස්කන්‍ධ වශයෙන් හැර එක් ස්කන්‍ධයකින්ද, එක් ආයතනයකින්ධ එක් ධාතුවකින්ද සංග්‍රහ කරණ ලද්දාහුය.

11. සිත හා එක්ව හටගත්තාවූ ධර්මයන් – සිත හා පෙරළෙන ධර්මයන් – ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුය. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ඒ ධර්මයෝ යම්කිසි ස්කන්‍ධයකින් සංග්‍රහ නොකරණ ලද්දාහුද, එකම ආයතනයෙන්ද, එකම ධාතු සංග්‍රහයෙන්ද සංග්‍රහ කරණ ලද්දාහ.

12. උපාදාන ධර්මයන් – ක්ලෙශ ධර්මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් – ක්ලෙශ ධර්මයන්ද, සංකිලෙස ධර්මයන්ද – ක්ලෙශ ධර්මයන්ගෙන්ද, සංකිලිට්ඨ ධර්මයන්ගෙන්ද යම් ධර්ම කෙනෙක් – ක්ලේශයන් සමගද ක්ලෙශ සම්ප්‍රයුක්ත ධර්මයන්හාද යම් ධර්ම කෙනෙක් ස්කන්‍ධ සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලදී. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලදී. ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලදී. ඒ ධර්මයෝ ස්කන්‍ධ කීයකින්, ආයතන කීයකින්, ධාතු කීයකින් සංග්‍රහ කරණ ලද්දාහුද? ඒ ධර්මයෝ නිර්වාණය ස්කන්‍ධ වශයෙන් හැර ස්කන්‍ධ තුනකින්, ආයතන එකකින්, ධාතු එකකින් සංග්‍රහ කරණ ලද්දාහ.

——————–

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.