අභිධම්ම භාජනිය

31. සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. මේ සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මිකවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, ලෝභයද, නොසතුටද සන්සිඳුවාගෙන, ආධ්‍යාත්මික (තමන්ගේ) වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ (අනුන්ගේ) වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සන්සිඳුවාගෙන, ආධ්‍යාත්මික සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මික ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද,

32. කෙසේ මහණතෙම කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. කයෙහි කය අනුව බලන්නේ වෙයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

33. කෙසේ මහණතෙම වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. වේදනාවන්හි වේදනාව අනුව බැලීමයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

34. කෙසේ මහණතෙම සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. සිතෙහි සිත අනුව බැලිමයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. සෙසු ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

35. කෙසේ මහණතෙම ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. ධර්‍මයෙහි ධර්‍මය අනුව බලන්නේ වෙයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

36. එහි සතිපට්ඨානය කවරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. ධර්‍මයන්හි ධර්‍මය අනුව බැලීමයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

37. සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. මේ සස්නෙහි මහණතෙම කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කෙරේද, සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද, මෙසේ මහණතෙම කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද,

මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම-පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, පඨමජ්ඣානයට සමවැද වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම -පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, සූන්‍යතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. කයෙහි කය අනුව බැලීමයි. එසමයයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

38. කෙසේ මහණතෙම වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම-පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, පඨමජ්ඣානයට සමවැද වාසය කරයි. වේදනාවන්හි වේදනාව අනුව බැලීමයි. එසමයයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

39. කෙසේ මහණතෙම සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම-පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, පඨමජ්ඣානයට සමවැද වාසය කරයි. සිතෙහි සිත අනුව බැලීමයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

40. කෙසේ මහණතෙම ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම-පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, පඨමජ්ඣානයට සමවැද වාසය කරයි. ධර්‍මයෙහි ධර්‍මය අනුව බැලීමයි. එසමයයෙහි යම් සතියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

41. එහි සතිපට්ඨානය කවරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම-පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, පඨමජ්ඣානයට සමවැද වාසය කරයි. වේදනාවන්හි වේදනාව අනුව බැලීමයි. එසමයයෙහි යම් සතියක් ඇද්ද, අනුස්සතියක් ඇද්ද, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

( අභිධම්ම භාජනිය නිමි. )
———-