8. තිස්සක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක.

3. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, උළුවහුකණුව ඇසුරුකොට වෙන වෙනම සිටියහ. ඉක්බිතිව ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසතෙම කටමෝරකතිස්සක භික්‍ෂුව අරභයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ මෙලොව කවර නම් නුවණ ඇත්තෙක් ශීලාදියෙන් ප්‍රමාණයක් නැති රහතන් වහන්සේ ප්‍රමාණ කරමින් විශේෂයෙන් කල්පනා කරන්නේද? අප්‍රමෙය්‍යවූ රහතන් වහන්සේ ප්‍රමාණ කරන්නාවූ පෘථග්ජනයා (වැසුණු ප්‍රඥා ඇත්තෙකැයි ) අඥානයෙකැයි හඟිමි.´´

7. කෝකාලික ( කෝකාලිය ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක.

3. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, වෙන වෙනම උළුවහුකණුව වෙත සිටියහ.

4. එවිට ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම කෝකාලික භික්‍ෂුව අරභයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ මෙලොව කවර නම් නුවණ ඇත්තෙක් ශීලාදියෙන් ප්‍රමාණයක් නැති රහතන් වහන්සේ ප්‍රමාණය කරමින් කල්පනා කරන්නේද? ශීලාදියෙන් ප්‍රමාණයක් නැති රහතන් වහන්සේ පමණ කරන්නාවූ ඒ පෘථග්ජනයා වැසුණු ප්‍රඥා ඇත්තෙකැයි හඟිමි.´´

6. පමාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක.

3. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ, වෙන වෙනම උළුවහුකනු වෙත සිටියහ.

4. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසට මෙය කීය. ´ නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට කල් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීමට වැඩියෝ විවේකීවූසේක. අසුවල් බ්‍රහ්ම ලෝකය ධ්‍යාන සැපයෙන් සමෘද්ධවූයේවෙයි. අභිඥා මලින් පිපුනේවෙයි. එහි බ්‍රහ්මයෙක්ද පමාව වෙසේ. නිදුකාණනි යමු, ඒ බ්‍රහ්ම ලෝකය යම් තැනෙකද එතැනට පැමිණෙමු. පැමිණ ඒ බඹු උනන්දු ඇත්තකු කරමු.´´

5. ´´එසේය, නිදුකාණනි´´ යි ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාස ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මට උත්තරදුනි.

6. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, ශක්තිමත් පුරුෂයෙක් නැවුන අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ක්‍ෂණයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළවූහ.

7. ඒ බඹතෙම දුරදීම එන ඒ බඹුන් දුටුවේය. දැක ඔවුන්ට මෙසේ කීය: ´අහ´. දුක් නැත්තාහු, නුඹලා කොතැන්හි සිට එන්නහුද?´´

8. ´´නිදුකාණනි, අපි වනාහි අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් එන්නමු. නිදුකාණනි, ඒ අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස නුඹත් යන්නෙහිද?´´

9. මෙසේ කියනු ලැබූ ඒ බඹතෙම ඒ වචනය නොයිවසන්නේ තමා දහස් දෙනෙකු කොට ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මට මෙසේ කීය. ´´නිදුකාණනි, නුඹ මෙබඳු ඎද්ධි හා ආනුභා ඇති මා නොදක්නෙහිද?´´

10. ´නිදුකාණනි, මෙබඳු ඎද්ධි හා ආනුභාව ඇති නුඹ මම ඇත්තෙන්ම දකිමි.´´

11. ´නිදුකාණනි, ඒ මම වනාහි මෙසේ මහත් ඎද්ධි මහත් ආනුභාව ඇත්තෙම්, අන් කවර ශ්‍රමණයෙකුගේ හෝ බ්‍රහ්මණයෙකුගේ හෝ උපස්ථානයට යන්නෙම්ද?´´

12. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම තමා දෙදහස් දෙනෙකු කොට මවා ඒ බඹහුට මෙසේ කීය. ´´නිදුකාණනි, මාගේ මෙබඳුවූ ඎද්ධි ආනුභාව නොදක්නෙහිද?´

13. ´නිදුකාණනි, මෙබඳු ඎද්ධි ආනුභාව ඇති තොප ඇත්තෙන්ම දක්නෙමි.´´

14. ´නිදුකාණනි, තොපටත් අපටත් වඩා ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මහත් ඎද්ධි ඇත්තේද, මහත් ආනුභා ඇත්තේද වනසේක. නිදුකාණනි ඒ අර්හත්වූ සම්මාසම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස තොප යනු මැනවි.´´

15. ඉක්බිති ඒ බඹතෙම ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මහට ගාථායෙකින් ( මෙසේ ) කීය:

´´සුපර්‍ණ ( ගුරුළු ) රූප තුන්සියයක්ද, හංස රූප හාරසියයක්ද, උකුසු රූප පන්සියයක්ද, ධ්‍යානයෙහි යෙදුනු මාගේ ( විමනෙහි වෙත්. ) බ්‍රහ්මය, මේ විමානය උතුරුදිග්හි ආලෝක කරමින් බබළයි. එසේ ඇති මම කෙසේ නම් අනිකෙකුගේ උපස්ථානයට යන්නෙම්ද?´´

16. ´´නැවත යුෂ්මතුන්ගේ රන් විමානය උතුරුදිග්හි ආලෝක කරමින් බබළාද, රූපයෙහි ජාති, ජරා, මරණ යන දෝෂයද, හැමකල්හි ශීතාදියෙන් නිතර නම්පාවීමද දැක, එහෙයින් මනා නුවණැති තැනැත්තේ රූපයෙහි නොඇලෙයි.´´

17. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, ඒ බ්‍රහ්මයා කළකිරවා එහිම අතුරුදහන්වූහ. ඒ බ්‍රහ්මතෙමද පසු කලෙක වනාහි අර්හත්වූ සම්මාසම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථානය පිණිස ගියේය.

20. මහා සමය සූත්‍රය.

1. මාගේ ඇසීම මෙසේය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වූ කිඹුල්වත් පුරය සමීපයෙහි වූ මහ වනයෙහි සියල්ලම රහත්වූ පන්සියයක් භික්‍ෂුන්ගෙන් යුක්තවූ මහත් භික්‍ෂු සංයා සමග වාසය කරන සේක. දස දහසක් ලෝක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්‍ෂු සංයාද දැකීම පිණිස බොහෝසෙයින් රැස්වූවෝ වෙත්.

2. ඉක්බිත්තෙන් ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නාවූ බ්‍රහ්මයන් සතර දෙනෙකුන්ට මේ අදහස විය. භික්‍ෂුන් දස දහසක් ලෝක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්‍ෂු සංයාද දැකීමට ඛොහෝසෙයින් රුස්වූවෝ වෙත්. අපිත් එතැනට පැමිණ බුදුන් හමුයෙහි එක් එක් ගාථාවක් කියන්නෙමු නම් ඉතා යෙහෙකැයි´´ කියායි.

3 එවිට ඒ දෙවියෝ ශුද්ධාවාස බඹලොව දෙවියන් අතුරෙන් අතුරුදහන් වුවාහු භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වුහ.

ඉක්බිති ඒ දෙවියෝ බුදුන් වහන්සේට නමස්කාර කර එකත්පසෙක සිටියාවූ එක් දෙවියෙක් බුදුන් වහන්සේ හමුයෙහි මෙම ගාථාව කිය.

´´මේ මහා වනයෙහි මහා සමාගමක් විය. දිව්‍ය සමුහයො රුස්වූහ. කෙලෙස් මරුන් විසින් නොපරදවන ලද සංඝයා දැකීමට මේ ධර්ම සමාගමට ආම්හ´´ යි කියා යි. එව්ට අනෙක් දෙවිකෙනෙක් මේ ගාථාවක් කිය.´´ ඒ මහා සමුහයෙහි භික්‍ෂුහූ තමන්ගේ සිත සමාධියෙහි පිහිටවූහ. ඎජු කළාහුය. ලනුවෙන් ගෙන රියැදුරා රථය හසුරුවන්නාක් මෙන් නුවණ ඇති අය පසිඳුරන් රකිත්යයි´´ කීය. එවිට අනෙක් දේවතාවෙක් මේ ගාථාව කීය.

´´(කෙලෙස් නැමැති) හුල් කපා (කෙලෙසුන් නැමැති) පලිය සිඳ ඉන්ද්‍රඛීලය උදුරා තෘෂ්ණා රහිතවූ පිරිසිඳුවූ කෙලෙස් කසට නැති පසැස් ඇති බුදුරජුන් විසින් හොඳින් දමනය කරන ලද්දාවූඒ තරුණ රහත්හු හැසිරෙත්´´ යයි කීහ.

ඉක්බිති තවත් දේවතාවෙක් මෙම ගාථාව කීය. යම් කිසිවෙක් බුදුසරණ ගියෝද ඒ සත්වයෝ අපායට නො යත්,ම්ස්සිරුර හැර දිව්‍ය ශරීර සම්පුර්ණ කරන්නාහු (දෙවි බවට පැම්නෙත්)´´යයි කීහ..

4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කතා කළසේක. ´´මහණෙනි දසදහසක් ලෝකධාතූවෙහි දෙවියෝතථාගතයන් ද භික්‍ෂු සංයාද දැකීමට බොහෝසෙයින් රැස්වූහ. මහණෙනි, යටගිය දවස අර්හත්වූ යම් ඒ සම්‍යක් සම්බුදුවරයෝ වූවාහූද, ඒ භාග්‍යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වූහ.දැන් මා දැක්මට යම් පමණක් රුස්වූවෝ ද, එතරම්මය.

´´මහණෙනි, මතු කාලයෙහි අර්හත් වූ යම් ඒ සම්‍යක් සම්බුදුවරයෝ වන්නාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වන්නාහුය.´´

භාග්‍යවතුන් වහන්සේ ඒ දේවසමූහයාගේ නම් දේශනා කළ සේක.

5. මේ සැටක් දෙවි සමූහයෝ සියල්ලෝම නොයෙක් පැහැයෙන් යුක්තවූවෝම තමතමන්ගේ නම් ගොත් වශයෙන් ආවාහුය. යම් සෙසු දෙවියෝ ද නම් ආදියෙන් සමානවෙත් නම් ඔවුන් සමග ආවාහුය.පහවු ජාති ඇත්තාවු රාගාදී උල්රහිත වූ චතුරොයෙන් එතෙරවූ කෙලෙස් නැතිකලා වූ නාග නම් වූ කෘශ්ණ භාවය ඉක්මවා ගියාවූ පූර්ණ චන්ද්‍රයා වැනිවූ බුදුරජුන් ද දකින්නෙමු.

ඎර්ධි ඇත්තාවූ ආය්‍ර්‍ය පුත්‍රවූ සුබ්‍රහ්ම නම් වූද පරමත්ත නම් වූ බ්‍රහ්මයෝ ද සනංකුමාර නම් මහා බ්‍රහ්මයා ද තිස්ස නම් මහා බ්‍රහ්මයාද සියපිරිස් සමග අර්හත් භික්‍ෂු සමූහය දක්නට මහා වනයට ආවාහුය.

බඹලෝ දහසකින් බ්‍රහ්මයන් දහසක්ද ආයේය. බඹලොව උපන්නාවූ ශෝභාවත්වූ, මහත් කයක් ඇත්තාවූ, යසස් ඇත්තාවූ මහා බ්‍රහ්මයෙක් ද සිටින්නේය. මේ බඹපිරිසෙහි වෙනවෙනම තමතමන්ගේ පිරිස් වසගයෙහි පවත්නා වූ ප්‍රධාන වූ බඹුන් දසදෙනෙක් ආවෝය. ඒමහා බඹුන්ගේ මධ්‍යයෙහි බඹුන් විසින් පිරිවරන ලද්දාවූ හාරිත නම් බඹරජතෙමේ ද ආයේය.

7. මහ වනයට රැස්වූ ශක්‍රයා ද සහිතවූ ,බඹුන් සහිතවූ ,ඒ සියලු දෙවියන් කරා මාර සෙස්නාවෝ පැම්නියාහුය. මාරයාගේ අඥානකම බලව, එව, අල්ලා ගනිවු, සියලුදිය්‍ය සමූහයා රාගයෙන් බදනා ලද්දේ වේවා, හාත්පසින් පිරිවරවු, තෙපි කිසිවෙක් ඒ දෙවි පිරිසෙන් එකෙකුදු නොමුදවු. මෙසේ කියා මහත් සේනාවක් ඇති ඒ වසවත් මරු තෙමේ අත්ලෙන් පොලෝ තලයට ගසා විදුලිය සහිතවූ වැසි කල්හිවූ හෙවත් වර්ෂා කරන්නාවූ මේයක් තෙමේ යම්සේ ර්ජනා කරන්නේද එමෙන් බියජනක නාදකොට මර සෙනග ඒ දිව්‍ය පිරිස මැදට යැවීය. එසමයෙහි ඒ වසවර්තිමාර තෙමේ දිව්‍යපිරිස තම වසගයෙහි පවත්වාගත නොහැකිවූයේ අතිශයෙන් කිපුනෙක් ව ආපසු හැරී ගියේය.

8. ඉක්බිත්තෙන් නුවණ නැමැති ඇස් ඇති බුදුරජානන් වහන්සේ ඒ සියල්ල දැන ව්‍යවස්ථා කොට සස්නෙහි ඇලුනාවූ ශ්‍රාවකයන්ට කථාකර මෙසේ කීවෝය.

´´මහණෙනි මාරසේනාවෝ පැමිණියාහුය. ඒ මරුවුන් දනිවු´´. ඒ භික්‍ෂූද බුදුන්ගේ ධර්ම වචනය අසා කෙලෙස් තැවීමට වීර්ය කළාහුය. වීතරාගී වූ දෙවු බඹුන් කෙරෙන් පහව ගියාහුය. ඒ වීතරාගීන්ගේ රෝමයකුදු කම්පා නොකළාහුය. ජයගත් මාර යුධය ඇති ඉක්මවන ලද බිය ඇති යසස් ඇත්තාවූ ජනයන් අතරෙහි ප්‍රකට වූ ඒ සියලු බුදු සවුවෝම දේව බ්‍රහ්ම ආදී ආර්ය ශ්‍රාවකයන් හා සතුටු වෙත්.´´

(20 වැනි වූ මහා සාම්‍ය සූත්‍රය නිමියේය).