Tag Archives: කෝකාලික

10. දෙවෙනි කෝකාලික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ස්වාමීනි, සැරියුත් මුගලන් තෙරහු ලාමක අදහස් ඇත්තාහු ලාමක අදහස්වලට වසඟවූවාහුය.´´ 2. මෙසේ කී කල්හි භාග්‍යවතුන් …

Continue reading

9. තුදු බ්‍රහ්මා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි කෝකාලික භික්‍ෂුතෙම හටගත් ආබාධ ඇත්තේ දුක් වූයේද දැඩි ගිලන් වූයේද වී. 2. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ තුදු බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත්වූ කල සියලු දෙව්රම් වෙහෙර තමාගේ ශරීර ආලෝකයෙන් බබුළුවා කෝකාලික භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහස සිට …

Continue reading