Category Archives: 8. කුලඝරණී ( ඕගාළ්හ ) සූත්‍රය.

8. කුලඝරණී ( ඕගාළ්හ ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල ඒ මහණතෙම එක්තරා කුලයෙක ඉතා ඇතුලත් බවට පැමිණියේව වෙසෙයි. 2. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් ඒ භික්‍ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ කුලයෙහි යම් කුල ගැහැණියක් ඇද්ද ඇගේ වේශය මවා ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. …

Continue reading