1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.
2. එසමයෙහි වනාහි ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම දහවල් විවේකයට ගියේ එක්තරා වැද්දෙකුට ( මුවන් මරන්නෙකුට ) අවවාද කරයි.
3. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍රයාහට අනුකම්පා කරන්නේ, වැඩ කැමැත්තේ, ආයුෂ්මත් කාශ්‍යප ගෝත්‍රයන් උනන්දු කරවනු කැමැත්තේ, කාශ්‍යපගෝත්‍රයන් යම් තැනකද එතැනට පැමිණියේය.
4. පැමිණ ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍රට ගාථායෙන් ( මෙසේ ) කීය:
´´පර්වත දුර්ගයෙහි ( යෑමට අපහසු තැනෙහි ) හැසිරෙන්නාවූ, නුනුවණ නැත්තාවූ කාරණාකාරණා දැනීමෙහි සමත්ර්ථනොවූ මුව වැද්දෙකුට නොකල්හි අවවාද කරන්නාවූ මහණතෙම අඥානමෙන් මට වැටහේ.
´´හෙතෙම අසයි, එහි අත්‍ර්‍ථය නොදනී, බලයි, එහෙත් නොදකී. බණ කියන කල්හි ඒ අඥානතෙම අත්‍ර්‍ථය අවබෝධ නොකෙරෙයි.
´´කාශ්‍යපය, තෝ ඉදින් පහන් ( ආලෝක ) දසයක් දරන්නෙහි නමුත් හෙතෙම ( හේතු ) රූපයන් නොදකීමය. යම් හේතුවකින් ඕහට ( ප්‍රඥා ) ඇස නැද්ද, එහෙයිනි.´´
5. ඉක්බිත් ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම ඒ දේවතාවා විසින් උනන්දු කරන ලද්දේ සංවේගයට පැමිණියේය.