12. වංගීස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවන ආරාමයෙහි වැඩවසනසේක.

2. එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අළුත රහත් වූයේව, අර්හත්ඵල සමාපත්ති සැපය විඳිනුයේ ඒ වේලෙහි ගාථාවෙන් මෙසේ කීය:

´´පෙර ගමින් ගමද, නුවරින් නුවරද, කව් කීමෙන් මත්ව හැසුරුනම්හ. ඉක්බිති සම්බුද්ධයන් වහන්සේ දුටුම්හ. එසඳ අපට ශ්‍රද්ධා තොමෝ උපනි.

´´ඒ තථාගතයන් වහන්සේ මට ස්කන්‍ධායතනධාතුන් ( ප්‍රකාශ කෙරෙමින් ) ධර්‍මය දෙසූසේක. උන්වහන්සේගේ ධර්‍මය අසා අනගාරිකවූ ශාසනයෙහි පැවිදිවූයෙමි.

´´යම් කෙනෙක් නියත නිර්‍වාණ මාර්‍ගයට පැමිණියෝද බොහෝවූ භික්‍ෂූන්ටද භික්‍ෂුනීන්ටද අත්‍ර්‍ථ පිණිස මුනිතුමා සම්බෝධියට පැමිණිසේක.

´´බුදුන්ගේ සමීපයට මාගේ පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් ඊමක් වූයේය. මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහුය. සර්‍වඥයන්වහන්සේගේ අනුශාසනය මා විසින් ( සම්පූර්‍ණ ) කරන ලද්දේය.

´´පෙර විසූ ජාති පිළිවෙළ දනිමි. දිවැස විශේෂයෙන් පිරිසිදු කරන ලද්දේය. ( මම දිවැස් ලදිමි. ) මම ත්‍රිවිද්‍යා ඇත්තෙක්මි. ඎද්ධිවිධ ඥානයට පැමිණියේ වෙමි. සිත පිළිබඳ සියලු දේ දැනුමෙහි දක්‍ෂවෙමි.´´

වංගීස සංයුත්තය නිමියේය.