Category Archives: 1. වඞ්ගීස වර්‍ගය.

12. වංගීස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවන ආරාමයෙහි වැඩවසනසේක. 2. එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අළුත රහත් වූයේව, අර්හත්ඵල සමාපත්ති සැපය විඳිනුයේ ඒ වේලෙහි ගාථාවෙන් මෙසේ කීය: ´´පෙර ගමින් ගමද, නුවරින් නුවරද, කව් කීමෙන් මත්ව හැසුරුනම්හ. ඉක්බිති සම්බුද්ධයන් වහන්සේ දුටුම්හ. එසඳ අපට ශ්‍රද්ධා තොමෝ උපනි. ´´ඒ තථාගතයන් වහන්සේ …

Continue reading

11. ගග්ගරා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගර්‍ගරා පොකුණුතෙර පන්සියයක් භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂුසංඝයාද, සත්සියයක් උපාසකයන්ද, නොයෙක් දහස් ගනන් දේවතාවන්ද සමග වසනසේක. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්‍ණයෙන්ද යසසින්ද ඔවුන් පරදවා බබළන සේක. 2. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ´´මේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගර්‍ගරා පොකුණුතෙර පන්සියයක් භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂුසංඝයාද, සත්සියයක් …

Continue reading

10. මොග්ගල්ලාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්‍වත පාර්ශ්වයෙහි කාළසිලාරාමයෙහි සියලුදෙනම රහත්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සඞඝයා සමග වසන සේක. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත ඔවුන්ගේ සිත් සොයයි. ( ප්‍රත්‍යවේක්‍ෂා කරයි. ) 2. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ´´මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්‍වත …

Continue reading

9. කොණ්ඩඤඤ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. 2. ඉක්බිති ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ ස්ථවිරතෙම බොහෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ පා මුල සිරසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කෙරෙයි. භවත් ගෞතමයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. භවත් සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමියි, නමද ප්‍රකාශ …

Continue reading

8. පරෝසහස්ස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි එක්දහස් දෙසිය පණසක් පමණ වූ භික්‍ෂු සංඝයා සමග වැඩවසන සේක. 2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් පිළිබඳ ධර්‍ම කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වනසේක. ඔවුන් එහි අවබෝධ කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහුද අත්‍ර්‍ථවත් කොට මෙනෙහි කොට, …

Continue reading

7. පවාරණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්‍වාරාමයෙහි මිගාරමාතු ප්‍රාසාදයෙහි සියලුදෙනම රහත්වූ පන්සියයක් පමණ භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂු සංඝයා සමග වැඩවසන සේක. 2. එකල භාග්‍යවතුන් වහන්සේ එදිනට පැමිණි පසළොස්වක් පොහෝ දිනයෙහි වස් පවාරණය පිණිස භික්‍ෂු සඞ්ඝයා විසින් පිරිවරනලදසේක් එළිමහනෙහි වැඩහුන්සේක. 3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ සංඝයා බලා භික්‍ෂූන්ට කථාකළසේක. ´´ මහණෙනි, දැන් …

Continue reading

6. සාරිපුත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එසමයෙහි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම සම්පූර්‍ණවූ, ගොත නොගසන්නාවූ, නිර්දෝෂවූ, නොගිලිහුණු පද ව්‍යඤ්ජන ඇත්තාවූ, අත්‍ර්‍ථය හැඟවීමෙහි සමත්‍ර්‍ථවූ වචන ඇති, දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. පිළිගැන්වීම අවබෝධ කරවයි, තෙදගන්වයි, සතුටු කරවයි. ඒ භික්‍ෂූහුද අත්‍ර්‍ථවත් කොට, මෙනෙහි කොට, …

Continue reading

5. සුභාසිත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන්ට කථාකළ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු පිළිවදන් දුන්හ. 3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, කරුණු සතරෙකින් යුක්තවූ වචනය සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි, දොස් නැතිද වෙයි, නුවණැත්තන් විසින් වරද නොකියන …

Continue reading

4. ආනන්‍ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම පෙරවරුයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු ගෙන, පසු සමණකු වශයෙන් ආයුෂ්මත් වංගීසයන් ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියේය. 3. එකල ආයුෂ්මත් වංගීස තෙරුන්ට ශාසනයෙහි නොඇල්ම උපන්නේ වෙයි, රාගයද ඔහුගේ සිත නසයි. 4. ඉක්බිති …

Continue reading

3. පේසල අතිමඤඤනා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් රට අග්ගාළව චෛත්‍යයෙහි තමන්ගේ උපාධ්‍යායවූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ සමග වාස කෙරයි. 2. එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්‍ෂූන් අවමන් කරන්නේය. 3. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ´මම මාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්‍ෂූන් අවමන් කරන්නෙමි. …

Continue reading