Category Archives: 7. බ්‍රාහ්මණ සංයුත්තය.

11. සඞ්ගාරව සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල වනාහි සඞගාරව බමුණුතෙම සැවැත් නුවර වෙසෙයි. ( හෙතෙම ) ජලයෙන් ශූද්ධිය ඇත්තේයයි සලකන්නේ ජලයෙන් ශූද්ධිය පතයි. සවස හා උදේ ( උදේ සවස ) ජලයට බැසීමෙහි මහත්සේ යෙදී වෙසෙයි. 3. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම පෙරවරුයෙහි හැඳ පෙරව …

Continue reading

10. භික්ඛක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. ඉක්බිති භික්ඛක ( සිඟීමෙන් ජීවත්වන ) බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එකැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතු කථා, සිහිකටයුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් භික්ඛක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය …

Continue reading

9. මාතුපෝසක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. ඉක්බිති මාතුපොසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එකැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාකොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් මාතුපොසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ භවත් ගෞතමයන් වහන්ස, මම …

Continue reading

8. කට්ඨහාර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසනසේක. 2. එකල වනාහි එක්තරා භාරවාජගෝත්‍රික බමුණෙකුගේ අතවැසියන්වූ බොහෝ කට්ඨහාරක නම් මානවකයෝ, වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, ඒ වනලැහැබ්හි පර්‍යඞ්කයක් බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරියට එළවා යුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහු. 3. දැක භාරවාජගෝත්‍රික බමුණා යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාරවාජගෝත්‍රික …

Continue reading

7. නවකම්මික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට එක්තරා වනලැහැබෙක වසනසේක. 2. එකල වනාහි නවකම්මිකභාරවාජ බමුණුතෙම ඒ වනලැහැබෙහි කර්‍මාන්ත කරවයි. එක්තරා සල් රුකක් මුල පළක් බැඳ ශරීරය ඎජුව පිහිටුවා සිහිය ඉදිරියට එළවා හුන් භාග්‍යවතුන් වහන්සේ නවකම්මිකභාරවාජ බමුණුතෙම දිටීය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: ´ මම මේ වනලැහැබෙහි කර්‍මාන්ත කරවමින් සතුටුවෙමි. මේ ශ්‍රමණ ගෞතමයන් …

Continue reading

6. පච්චනීක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල වනාහි පච්චනීකසාත නම් බමුණු තෙම සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති පච්චනීකසාත බමුණාහට මෙබඳු සිතෙක් විය: ´ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩ වෙසෙන තැන යම් තැනෙකද එතැනට පැමිණෙම් නම් මැනවි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් වදාරණසේක් නම් උන්වහන්සේගේ ඒ ඒ දෙයට …

Continue reading

5. මානත්‍ථද්ධ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල වනාහි මානත්‍ථද්ධ නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. හෙතෙම මව් නොවඳී. පියා නොවඳී. ආචාරීන් නොවඳී. වැඩිමහල් සහෝදරයා නොවඳී. 3. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහ පිරිසක් විසින් පිරිවරන ලදුව ධර්‍මදේශනා කරනසේක. ඉක්බිති මානත්‍ථද්ධ බමුණාට මෙබඳු සිතෙක් විය: ´´ මේ ශ්‍රමණ …

Continue reading

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. ඉක්බිත් එක්තරා මහත් වස්තුව ඇති බ්‍රාහ්මණයෙක් ජරාවට ගියේ ( දිරුණු වස්ත්‍ර ඇඳගත්තේ) භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතු, සිහිකටයුතු, කථාකොට නිමවා එකත්පසෙක යුන්නේය. එකත්පසෙක හුන් ඒ මහාසාර …

Continue reading

3. දෙවහිත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ, කුසයෙහි වාතාබාධයකින් පීඩිතවූසේක. ආයුෂ්මත් උපවාණ තෙමද භාග්‍යවතුන් වහන්සේට උපස්ථායකවෙයි. 3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාණ ඇමතූසේක. ( අමතා ) ´´බලව, උපවාණය, තෝ මට උණුදිය ( ගෙනෙන සැටියක් ) දනුව´´ යි ( කී සේක. …

Continue reading

2. උදය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය බමුණාගේ නිවස යම් තැනෙකද එතැනට වැඩිසේක. ඉක්බිති උදය බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ආහාරයෙන් පිරවීය. දෙවෙනි දිනත් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය බමුණාගේ …

Continue reading