Category Archives: 4. අරුණවතී සූත්‍රය.

4. අරුණවතී සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි, භික්‍ෂූන්ට කථාකළසේක. 3. ´ස්වාමීනි´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්ට උත්තර දුන්හ. 4. භාග්‍යවතුන් වහන්සේ මෙය කීය: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. අරුණවා නම් රජෙක් විය. මහණෙනි, අරුණවා රජහට අරුණවතී නම් රාජධානියෙක් විය. …

Continue reading