Category Archives: 4. බකබ්‍රහ්ම සූත්‍රය.

4. බකබ්‍රහ්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල වනාහි බකබ්‍රහ්මයාට ´මේ බ්‍රහ්මාත්මභාවය නිත්‍යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය අඩුවක් නැති සියල්ලය, මින් චුතවීමෙක් නැත. මෙය වනාහි නොහටගනී, නොදිරයි, නොමියෙයි, චුත නොවෙයි, (මින් ) චුතව අන් තැනෙක නොඋපදියි, මෙයින් මත්තෙහි සසරින් ගැලවී යායුතු අන් තැනෙක් …

Continue reading