7. උපචාලා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි උපචාලා මෙහෙණී පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. එහි පිඬු සිඟා වැඩ පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල උන්නීය.

2. එවිට පාපීවූ මාරයා, උපචාලා මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, උපචාලා මෙහෙණියට මෙසේ කීය: ´´මෙහෙණියනි, ඔබ කොහි උපදිනු කැමැත්තෝද?´´

3. ´´ඇවැත්නි, මම් වනාහි කොහේවත් උපදිනු නොකැමැත්තෙමි´´ යි (උපචාලා මෙහෙණිය කීවාය.)

4. ( එවිට මාරයා මෙසේ කීය.) ´´ තව්තිසා දෙව්ලෝ වැසි දෙවියෝද, යාම දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත දෙව්ලෝ වැසි දෙවියෝද, නිර්‍මාණරති දෙව්ලෝ වැසි දෙවියෝද, වශවර්ති දෙව්ලෝ වැසි දෙවියෝද, යන යම් කෙනෙක් ඇද්ද , ඔවුන් කෙරෙහි සිත පිහිටුවන්න. එවිට ඔබ එහි සැප විඳින්නෙහිය. ´´

5. ( මෙහෙණි මෙසේ පිළිතුරු දුන්නීය. ) ´´ තව්තිසා , යාම , තුසිත , නිර්‍මාණරති , වශවර්ති යන දෙව්ලෝ වැසි යම් දෙවි කෙනෙක් ඇද්ද , ඔහු කාම බැම්මෙන් බැඳුණෝ මරහුගේ වශයට නැවත එන්නාහ.

´ ( කෙළෙස් ගින්නෙන් ) මුඑ ලොව ඇවිලගත්තේය , මුඑ ලොව තැවුණේය , සියඑ ලොව දිලිහී ගියේය , සියලු ලොව සැලී ගියේය.

´´ යම් තැනෙක මාරයාට පිහිටා සිටිය නොහැකිද , නොසැලුණු , කමිපිත නොවූ , පෘථග්ජන නොවූවන් විසින් ( ආය්‍ර්‍යයන් විසින් ) සෙවුනාලද යම් දහමෙක් ඇද්ද එහි ( ඒ නිවනෙහි ) මා සිත මුඑමනින් ඇලුණේය. ´´

6. එවිට පාපී වූ මාරයා ´ උපචාලා මෙහෙණිය මා දන්නීය ´ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන් විය.