1. පාසාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ ගිජුකුළුපව්වෙහි වසනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ඉතා කළුවර රැයෙහි එළිමහනෙහි වැඩහුන්සේක. වැසි පොදද එක දෙක වැටේ.

2. එකල පාපී මාරයා භාග්‍යවතුන්ට බිය හා වෙවුලුම හා ලොමුදැහැගැන්ම ඇතිකරනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි මහත් ගල් උගුළුවා පෙරළා ලීය.

3. එවිට භාග්‍යවතුන් වහන්සේ ´මේ පාපී මාරයා´ යයි දැන ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:

´´ඉදින් මේ සියලුම ගිජුකුළුපව්ව සොලවන්නෙහි නමුදු මනාව කෙලෙසුන්ගෙන් මිදුනු බුදුවරුන්ගේ සෙලවීමෙක් නැත.´´

4. එවිට පාපී මාරතෙම ´භාග්‍යවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.