1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි ( බුදුවූ අළුතම ) උරුවේලා ජනපදයෙහි නෙරංජරා ගං ඉවුරෙහි අජපාල නුගරුක මුල වෙසෙන සේක.
2. එකල වනාහි හුදකලාව චිත්ත විවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට ´´ප්‍රීතියෙන් මම් ඒසා දැඩිවූ දුෂ්කර ක්‍රියායෙන් මිදුනෙම් වෙමි. ඒ අවැඩ පිණිසවූ ( අවැඩ ඇසුරු කළ ) දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මනාව මිදුනෙම් වෙමි. ස්ථිරව එළඹ සිටි සිහි ඇතිව සත්‍යාවබෝධය ලදිමි.´´ යි මෙසේ සිතක් පහළ විය.
3. එකල පවිටුවූ මාර තෙම භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැනගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් මෙසේ කීය:
´´යම් තපසෙකින් සත්වයෝ පිරිසිදු වෙත්ද, එසේවූ ඒ දුෂ්කර ක්‍රියා තපසින් ඉවත්ව, අශුධවම හිඳ, ´ශුද්ධයෙමි´ යි සිතන්නේහිය. ශුද්ධයට යන මග වරදවා ගත්තෙහිය.´´
4. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු වසවත් මරු යයි දැන ඔහුට ගාථාවලින් මෙසේ වදාළසේක.
´´යම්කිසි අමර තපසක් ( ශරීරයට දුක් දීමෙහි යෙදීමක් ) වේද, එය අවැඩම පිණිස පවතීයයි. වනයෙහි රිටි පලුපත් ( හබල් සුක්කානම් ) ගෙන නැවක් ගෙන නැවක් පදවන්නට තැත් කිරීමක් මෙන් සියලු අනර්ථය ගෙන දෙන්නේයයි දැන,
´´ ශීල – සමාධි – පුඥා යන මාර්ගය සත්‍යාවබෝධය පිණිස වඩා පරම ශුද්ධිය ( රහත් බව ) අත්පත් කෙළෙමි. මරුව, තෝ පැරදුනෙහිය.´´
5. එවිට පාපී මාර තෙම, ´භාග්‍යවත්තෙම මා දනී, සුගතතෙමේ මා හඳුන´´ යි සිතා ශෝකීව දොම්නස්ව එහිම අතුරුදහන් විය.