1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක කොසොල් රට හිමවත් පෙදෙස ආරණ්‍ය කුටියෙක බොහෝ භික්ෂූහු උඩඟුව, ඔසවාගත් මානනළ ඇතිව, චපලව, පාත්‍ර.්‍ර සිවුරු සැරසීමෙහි යෙදුණෝව, මුඛරිව, කටට ආ ආවක් දොඩනසුලුව, මුළාවූ සිහි ඇතිව, ප්‍රඥායෙන් වෙන්ව, නොඑකඟ සිතැතිව, වෙසෙති.
2. එකල්හි වනාහි ජන්තු නම් දෙව්පුත් ඒ පසළොස්වක් පොහෝදා ඒ භික්ෂූන් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්ෂූන්ට ගාථාවලින් මෙසේ කීය:
´´පෙරැ ගෞකම ශ්‍රාවකවූ භික්ෂූහු තණ්හාව නැතිව පිඬු සොයන්නාහු, තණ්හාව නැතිව සෙනසුන්
සොයන්නාහු, සුවසේ දිවි පවත්වන්නෝ වූහ. ලොව අනිත්‍යතාව දැන ඔවුහු දුක් නෙළවර කළහ.
´´එහෙත් දැන් ඇතැම් භික්ෂූහු තමන් දායකයන් විසින් ලෙහෙසියෙන් පෝෂිත කළ නොහැක්කවුන් කොටගෙන ගමෙහි ගම් දෙටුවන් සේ අන් ගෙවල්හි ක කා මුළාව නිදත්.
´´සංඝයාට ඇඳිලිකොට (වැඳ) කියමි. මෙහි ඇතැම් පැවිදි කෙනෙක් ඈතට තුමූම නෙරපුණේ (එහෙයින්) අනාථවූයේ, සොහොනෙහි දමා ගිය මළසිරුරු බඳු වෙත්.
´´යම් කෙනෙක් වනාහි පමාව වෙසෙත්ද, ඔවුන් සඳහා මෙය මා විසින් කියන ලදී. යම් කෙනෙක් නොපමාව වෙසෙත්ද, ඔවුන් හැමට මම නමස්කාර කෙරෙමි.´´