2. ඛෙම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු ඛෙම දෙව්පුත් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය.

2. එක් පසෙක සිටි ඛෙම දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.

´´යම් කර්‍මයෙක් නපුරු විපාක ඇත්තේද අනුවණ බාලයෝ එසේවූ පව්කම් කරන්නාහු තමන්ට සතුරකු වැනි ආත්මභාවයෙන් යුතුව හැසිරෙත්.

´´යමක් කිරීමෙන් පසුතැවේද, කඳුළු පෙරෙන මුහුණ ඇතිව යම් කර්‍මයෙක නපුරු විපාකය විඳීද, එසේවූ පාප කර්‍මය නොකිරීම යහපති.

´´යමක් කිරීමෙන් එය කළ තැතැත්තේ නොපසුතැවේද, පිණා ගියෙක්ව, සතුට ඇතිව යමෙක විපාක සැපය විඳීද, එසේවූ කුසල් කිරීම යහපති.

´´යමක් තමහට වැඩ සලසතැයි දන්නේද, එය පළමුවෙන්ම කළයුත. ු ඥානවන්තයා ගැල් පදවන්නා මෙන් නොදැඟලිය යුතු.

´´ගැල් පදවන්නා සම මාර්‍ගයවූ මහා මාර්‍ගය හැර විෂම මගට නැගගොස් කැඩුණු කඩඇණය ඇතියේ යම්සේ සිතිවිලි සිතාද, එපරිද්දෙන් අඥානතෙම දහමින් වෙන්ව අදහම් අනුව ගොස්, මරුමුවට පැමිණියේ කඩඇණය සුන් ගැල්කරු සේ සිතිවිලි සිතයි.´´