10.අනාථපිණ්ඩික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු අනේපිඬු දෙව්පුත් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය.

2. එක් පසෙක සිටි අනේපිඬු දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

´´ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.

´´කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්ධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්ධවීමෙක් නැත.

´´එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.

´´ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) යම් භික්‍ෂුවරයෙක් වේ නම් ඔවුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුමි.´´

3. අනේපිඬු දෙව්පුත් තෙම මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක. ´´මහණෙනි, මේ රෑ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් රැය බොහෝ ගතවූ පසු බබළන ශරීර පුභා ඇත්තේ

ඤෆු ්‍ර88රැ%

මුළු ජේතවනය බබුළුවා මා වෙත පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටියේම ඔහු මා සමීපයෙහි,

´´ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.

´´කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්ධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්ධවීමෙක් නැත.

´´එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.

´´ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) යම් භික්‍ෂුවරයෙක් වේ නම් ඔවුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම්යයි කීය.

5. මහණෙනි, ඒ දෙව්පුත් මෙසේ කීය. මෙසේ කියා මා වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.´´

6. මෙසේ වදාළවිට ආයුෂ්මත් ආනත්‍ද ස්ථවිරතෙම ´´ස්වාමීණි, ඒකාන්කයෙන් ඔහු අනේපිඬු දෙව්පුකු විය යුතුය. අනේපිඬු ගෘහපති තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණෙක් විය, එබැවිනි´´යි කීයේය.

7. ´´ආනන්‍දය, මැනවි, මැනවි. ඔඔ විසින් සිතීමෙන් යම්තාක් පැමිණිය යුතු නම්, ඒතාක්ම පැමිණිණ. ආනන්‍දය, ඒ දෙව්පුත් අනාථපිණ්ඩිකමය´´යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

දෙවෙනි අනාථපිණ්ඩික වර්‍ගයයි.

9. උත්තර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි උත්තර නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි උත්තර දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

2. ´´ජීවිතය ගෙවෙයි. ආයු මඳය. ජරාවට එළඹියාහට එය වළකාලිය හැකි රැකවරණෙක් නැත. මේ මරණ භය සලකා සුව ගෙනදෙන පින් කටයුතු.´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ජීවිතය ගෙවෙයි. ආයු මඳය. ජරාවට පැමිණියාහට රැකවරණ නැත. මේ මරණ භය සලකා නිවන් කැමැත්තේ ලෞකික ආශාව දුරු කටයුතුය.´´

8. කකුධ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් මුවවනයෙහි වැඩවෙසන සේක. එකල්හි වනාහි කකුධ නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන්නාවූ ශරීර පැහැ ඇත්තේ සියලු අඳුන්වන බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

2. එක්පසෙක සිටි කකුධ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේගෙන් ´´ශුමණය, සතුටුවෙහිදැ?´´ යි ඇසීය. ´´ඇවැත්නි, කුමක් ලැබීමෙන්දැ?´´යි (භාග්‍යවත්හු ඇසූහ.) ´´එසේනම් ශ්‍රමණය, ශෝක කෙරෙහිදැ?´´යි (දෙව්පුත් ඇසීය.) ´´ඇවැත්නි, ශෝකවන්නට කුමක් දිරාගියේදැ?´´යි (භාග්‍යවත්හු ඇසූහ.) ´´එසේනම් ශ්‍රමණය, සතුටුත් නොවෙහිද? ශෝකිත් නොවෙහිදැ?´´යි (දෙව්පුත් ඇසී.) ´´ඇවැත්නි, එසේය´´යි (භාගයවතුන් වහන්සේ වදාළහ.)

3. ´´මහණ, කිම, ඔබ නිදුක්ද? කිම, ඇල්මෙක් නොවේද? කිම, හුදෙකලාව ඉන්නා ඔබ වෙත කලකිරීම නොපැමිනේද?´´ (දෙව්පුත් ඇසීය.)

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´යක්‍ෂය, මම ඒකාන්‍තයෙන් නිදුක්වෙමි. එසේම ඇල්මෙක්ද මට නැත. එතෙකුදු වුව කලකිරීමද මා නොමැඩලයි.´´

5. ´´මහණ, ඔබ කෙසේ නම් නිදුක්වහුද? ඇල්ම කෙසේ නම් නැත්තෝද? කලකිරුම හුදෙකලාවූ ඔබ කෙසේ නම් නොමැඩලාද?´´ (දෙව්පුත් ඇසීය.)

6. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´සසර දුකෙහි පිහිටියාහට තණ්හාව ඒකාන්‍තයෙන් වෙයි. උපන් තණ්හා ඇත්තහුට ඒකාන්‍තයෙන් දුක් ඇතිවෙයි. මම්වූ කලී තණ්හා නැති, එහෙයිම දුක්ද නැති භික්‍ෂුවක් වෙමි. ඇවැත්නි මෙය මෙසේ දැනගන්න.´´

7. ´´පව් දුරලූ, පිරිනිවනින් නිවුණු, තණ්හාව නැති, දුක් නැති, ලොල් ඇල්ම ඉක්මවූ, භික්‍ෂුවරයකු බොහෝ කලකින් දුටිමි´´යි දෙව්පුත් කීය.

7. සුබ්‍රහ්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුබ්‍රහ්ම නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි සුබ්‍රහ්ම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:

´´නූපන් දුක් අරමුණු කොටද, උපන් දුක් අරමුණු කොටද, (මගේ) මේ සිත නිතරම තැති ගත්තේය. මේ සිත නිකර බියෙන් සැලුනේ වෙයි. ඉදින් නොකැතිගත් සිතෙක් ඇත්නම් මවිසින් විචාරන ලද ඔබ එය මට වදාරන්න.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´(සප්ත) බෝධ්‍යඞග වැඩීමෙන් වෙන්ව, තපෝ ගුණයෙන් වෙන්ව, ඉන්‍ද්‍රිය සංවරයෙන් (ශීලයෙන්) වෙන්ව, නිවනින් වෙන්ව, සත්නට සුවයක් නොදකිමි.´´

6. සුදත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුදත්ත නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි සුදත්ත දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´හුලකින් අනිනු ලැබූවෙකු හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද, ඉස ගිනි ගත්තකු නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද, මහණතෙම කාමරාගය දුරලනු පිණිස සිහි ඇතිව උත්සාහ කරන්නේය.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) හුලකින් අනිනු ලැබූවෙකු හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද, ඉස ගිනි ගත්තකු ගිනි නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද, මහණතෙම සිහි ඇතිව සත්කාය දෘෂ්ඨිය වනසනු පිණිස (උත්සාහීව) වසන්නේය.´´

5. චන්‍දන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි චන්‍දන නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි ඒ චන්‍දන දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´මෙහි කවරෙක් නම් රෑ දාවල් අනලස්වූයේ සතර ඕඝය (කාමාදී ජලස්කන්‍ධ සතර) තරණය කට හැක්කේද? යටින් පය ගසන්ට ආධාරයක් නැති, උඩින් එල්බ ගන්ටද කිසිත් නැති, ගැඹුරු (සතර ඕඝයන්හි) මහවතුරෙහි කවරෙක් නම් කිඳා නොබස්නේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´හැම කල්හි සම්පූර්‍ණවූ සිල් ඇති, ප්‍රඥා ඇති, යහපත් සමාධියෙන් යුක්තවූ, සම්පූර්‍ණකළ වීය්‍ර්‍ය ඇති, නිවන් කරා යවනලද සිත් ඇති මහණතෙම තරණයට (ඉක්මවන්නට) දුෂ්කරවූ (සතර ඕඝය) මහවතුරු ඉක්මවයි.´´

´´යමෙක් කාමසංඥායෙන් පහවූයේද, රූපාරූප සංයෝජන ඉක්මවූයේද, ක්‍ෂයකළ නන්‍දිරාගයයි කියනලද ත්‍රිවිධ කර්‍මාභිසංස්කාරයන් ඇත්තේද, එසේවූ (රහත්) පුද්ගල තෙම (ගැඹුරු සතර) මහවතුරෙහි නොකිඳෙයි.´´

4.නන්දන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි නන්‍දන නම් දිව්‍යපුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ නන්‍දන දිව්‍යපුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ )කීය:

2. ´´මහත් නුවණ ඇති ගෞතමයන් වහන්ස, භගවත්වූ ඔබගේ ඥානදර්‍ශනය, ආවරණ රහිතය, එසේවූ ඔබ අතින් විචාරමි. කෙබන්දකු සිල්වතකුකොට කියත්ද? කෙබන්දකු ප්‍රඥාවන්තයකු කොට කියත්ද? කෙබන්දෙක් දුක් ඉක්මවා වෙසේද? කෙබන්දකු දෙවියෝ පුදත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) යමෙක් සිල් ඇත්තේද, නුවණ ඇත්තේද, වඩනලද සිත ඇත්තේද, සමාධියට පැමිණියේද, ධ්‍යානයෙහි ඇලුනේද, එළඹ සිටි සිහි ඇත්තේද, ඔහුගේ සියලු ශෝක පහව ගියේද, පුහීණවීද, (කාමාදී) ආශ්‍රවයන් නැසුයේද, අන්තිම ආත්මය දරන්නේද, එබඳු පුද්ගලයා සිල්වතියයි කියත්, ප්‍රඥාවන්තයායයි කියත්. එබඳු පුද්ගලයා දුක් ඉක්මවා වෙසේ. එසේවූ තැනැත්තහු දෙවියෝ පුදත්.

3. දීගලට්ඨි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි දීඝලට්ඨි නම් දිව්‍යපුත්‍ර තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර පැහැ ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි දීඝලට්ඨි දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ ට ගාථායෙන් මෙසේ කීය:

2. ´´මේ රහත් බව අනුසස් කොට ඇති මහණතෙම (ශාසනයෙහි) හෘදය යයි කියනලද රහත්බව පතන්නේනම්, ධ්‍යානයෙහි ඇලුණෙක් වන්නේය. සංස්කාරයන්ගේ පහළ වීමත්, නැසීයාමත්, විදර්‍ශනා ඥානයෙන් දැන, තන්හා දෘෂ්ටීන් ඇසුරු නොකෙළෙක් වන්නේය. යහපත් සිත් ඇතියෙක්ද වන්නේය.´´

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි නන්‍දන නම් දිව්‍යපුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ නන්‍දන දිව්‍යපුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ )කීය:

2. ´´මහත් නුවණ ඇති ගෞතමයන් වහන්ස, භගවත්වූ ඔබගේ ඥානදර්‍ශනය, ආවරණ රහිතය, එසේවූ ඔබ අතින් විචාරමි. කෙබන්දකු සිල්වතකුකොට කියත්ද? කෙබන්දකු ප්‍රඥාවන්තයකු කොට කියත්ද? කෙබන්දෙක් දුක් ඉක්මවා වෙසේද? කෙබන්දකු දෙවියෝ පුදත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) යමෙක් සිල් ඇත්තේද, නුවණ ඇත්තේද, වඩනලද සිත ඇත්තේද, සමාධියට පැමිණියේද, ධ්‍යානයෙහි ඇලුනේද, එළඹ සිටි සිහි ඇත්තේද, ඔහුගේ සියලු ශෝක පහව ගියේද, පුහීණවීද, (කාමාදී) ආශ්‍රවයන් නැසුයේද, අන්තිම ආත්මය දරන්නේද, එබඳු පුද්ගලයා සිල්වතියයි කියත්, ප්‍රඥාවන්තයායයි කියත්. එබඳු පුද්ගලයා දුක් ඉක්මවා වෙසේ. එසේවූ තැනැත්තහු දෙවියෝ පුදත්.

 

2. වෙණ්හු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු වෙණ්හු දිව්‍යපුත්‍ර තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි වෙණ්හු දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

3. ´´යම් කෙනෙක් සුගතයන් වහන්සේ ආශ්‍රයකොට නොපමාව ගෞතම ශාසනයෙහි යෙදී ශික්‍ෂා පුරත්ද, ඒ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන්ම සැප ඇත්තෝම වෙත්.

4. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´වෙණහුවෙනි, යම් කෙනෙක් ධ්‍යානයෙහි ඇලුණේව මා කී අනුශාසනා පදයන් අනුව හික්මෙත්ද, සුදුසු කාලයෙහි නොපමාවන ඔවුහු මරහුට වසඟ නොවන්නාහ.´´

1. චන්‍දිමස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි චන්‍දිම දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

2. එක්පසෙක සිටි ඒ චන්‍දිමස නම් දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:

3. ´´යම් කෙනෙක් ධ්‍යානයනට පැමිණ, එකඟ සිතැතිව,ප්‍රඥා ඇතිව, සිහි ඇතිව වෙසෙත්ද, ඔහු වනාහි පර්‍වත දැලක හෝ ගංගා දැලක හෝ වසන මුවන් මෙන් සැපයට පැමිණෙන්නාහ.´´

4. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´යම් කෙනෙක් ධ්‍යාන ලැබ නොපමාව කෙලෙස් නසන්නේද, ඔහු තුමූ නූල් දැලක් බිඳගෙන මිදී යන මාලුවෙකු මෙන් පරතෙරට (නිවනට) යන්නාහ.´´