7. පඤචාලචණ්ඩ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි පඤචාලචණ්ඩ දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ පඤචාලචණඩ දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. ´´මානය දුරු කළවුන්ට ශ්‍රේෂ්ඨවූ යම් බුද්ධ මුනිවරයෙක් ධ්‍යානය අවබෝධ කළේද, මහත් ප්‍රඥා ඇති හෙතෙම අවහිරයෙහි ඉඩ ලැබීය.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´පඤචාලචණ්ඩය, නුවණැත්තෝ අවහිරයෙහි පවා (නිවන් පිණිස) ධ්‍යාන ලබත්. යම් කෙනෙක් නිවන් ලබනු පිණිස සිහිය ලැබුවාහුද, ඔහු හොඳින් (ලෝකෝත්තර) සමාධියෙන් සමාහිත වූවෝය.´´