2. (දෙවැනි) කස්සප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි කාශ්‍යප දේව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්මුණු කල මනාපැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කාශ්‍යප දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ ගාථාව කීය:

2. ´´රහත් බව කැමැත්තේ නම්, මහණ තෙම ධ්‍යාන කරන්නෙක් විය යුතු. (කර්‍මස්ථාන විමුක්තියෙන්) මිදුණු සිතැත්තෙක් විය යුතු. (සංස්කාර) ලෝකයේ හටගැන්මත් විනාශයත් දැන, මනා සිතැත්තේව, තණ්හා දෘෂ්ටින් ඇසුරු නොකෙළෙක්ව, ඒ රහත් බව අනුසස් කොට ඇත්තෙක් විය යුතු.´´