1. කස්සප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල කාශ්‍යප දේව පුත්‍රතෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ කාශ්‍යප දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුව (මෙසේයයි) පැවසූසේක. එහෙත් භික්‍ෂුවට අනුශාසනය නොපැවසූ සේක.´´

2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කාශ්‍යපය, එසේ නම් එය ඔබටම වැටහේවා.´´

3. (දෙවිපුත් තෙම මෙසේ කීය: ´´වාක් සුචරිතය පුරුදු කරන්නේය. මහණුන් විසින් වැඩිය යුතුවූ කමටහන්ද වඩන්නේය. නොහොත් බහුශ්‍රුත මහණුන් ඇසුරු කිරීමද කළයුතු. හුදකලාව ඒකාසනිකාංගයද පුරුදු කරන්නේය. අෂ්ට සමාපත්ති වශයෙන් සිත සංසිමද පුරුදු කරන්නේය.

4. කාශ්‍යප දෙව්පුත් මෙය කීය. භා්‍යවතුන් වහන්සේ එය මැනවයි අනුමත කළසේක. ඉක්බිති කාශ්‍යප දෙව්පුත් තෙම, ´´ශාස්තෲන් වහන්සේ මාගේ කීම අනුදත් සේකැ´´ යි සතුටුව භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට එහිම අතුරුදහන් විය.