1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, පෙරවූවක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයක් ඇතිවිය. මහණෙනි, ඒ යුද්ධයෙහි අසුරයෝ දිනූහ. දෙවියෝ පැරදුනහ.
2. ´´ මහණෙනි, පැරැදුන දෙවියෝ උතුරු දෙස බලා පලා ගියහ. අසුරයෝ ඔහු ලුහු බැන්දාහ.
3. ´´ මහණෙනි, ඉක්බිති ශක්රදේවේන්ද්ර තෙම මාතලී රථාචාය්‍ර්‍යයාට ගාථායෙන් ( මෙසේ කීය.)
´´ මාතලිය, ඉඹුල් වෙනෙහි ( ගුරුළු ) කූඩු වෙති. ( ඔවුන් ) රියදඬු හිසින් පහකරව. අසුරයන් කෙරෙහි ඒකාන්තයෙන් ජීවිතය හරිමු. මේ කුරුල්ලෝ විනාශනුවූ කූඩු ඇත්තෝ වෙත්වා.´´ (කුරුල්ලන්ට හානියක් නොවනසේ වගබලාගනුව යන තේරුමයි.)
4. ´´ මහණෙනි, ´පින්වත, එසේ යහපතැ´ යි මාතලී රථාචාය්‍ර්‍යයා ශක්‍ර දේවේන්ද්රයාට උත්තර දී ආජන්‍ය අශ්වයන් දහසකින් යුත් රථය ආපසු හැරවීය.
5. ´´ මහණෙනි, ඉක්බිතිව අසුරයන්ට මේ අදහස වීය. ´´දැන් ශක්‍ර දේවේන්ද්රයාගේ ආජන්‍ය අශ්වයන් දහසක් යෙදූ රථය ආපසු හරවන ලදී. ඒකාන්තයෙන් දෙවියෝ නැවතත් අසුරයන් සමග යුද්ධයට එන්නාහ.´ ( මෙසේ සිතා ) බිය වූවෝ අසුර පුරයටම ( නැවත ) ගියහ.
6. ´´ මහණෙනි, මෙසේ වනාහි ශක්‍ර දේවේන්ද්රයාට ධර්මයෙන්ම ජය විය.´´