1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. සිල්වත් යහපත් දහම් ඇති ඎෂීහු මුහුදු තෙර පන්සල්හි වෙසෙත්.
3. ´´ මහණෙනි, එසමයෙහි වනාහි දෙවි අසුර යුද්ධයක් ඇතිවිය. මහණෙනි, ඉක්බිති ඒ සිල්වත් යහපත් දහම් ඇති බොහෝ ඎෂීන්ට මේ අදහස විය: ´දෙවියෝ ධාර්මිකයෝය. අසුරයෝ අධාර්මිකයෝය. අපට අසුරයන්ගෙන් බියෙක් විය හැකිය. අපි සම්බර අසුරිඳු වෙත පැමිණ අභයදානය (භය නැතිකිරීම) ඉල්ලන්නෙමු නම් මැනව.´
4. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු වීය්‍ර්‍ය ඇත්තෙක් හැකුළූ අත දික් කරන්නේ හෝ දික්කළ අත හකුළන්නේ හෝ යම්සේද, එසේම මුහුදු තෙර පන්සලින් අතුරුදන්ව සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළවූහ.
5. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු සම්බර අසුරිඳුට ගාථායෙන් මෙසේ කීහ:
´´සම්බර කරා පැමිණි ඎෂීහු අභයදානය ඉල්වත්. ඔවුන්ට භය දෙන්නට හෝ අභය දෙන්නට හෙතෙම පොහොසති.´´
6. (සම්බර අසුරයා මෙසේ කීය:) ´අපට විරුද්ධවූ ශක්‍රයා සේවනය කරන්නාවූ මේ ඎෂීන්ට භයක් මුත් අභයක් නැත. නිර්භය ඉල්ලන්නාවූ තොපට බියක්ම දෙමි.´
7. (ඎෂීහු මෙසේ කීහ:) නිර්භය ඉල්ලන්නා අපට භයක්ම දෙන්නෙහිය. තාගේ මේ කීම පිළිගනිමු. තගේ බිය ක්‍ෂය නොවේවා. (යමෙක්) යම්බඳු බිජුවටක් වපුරාද එබඳුමවූ ඵලයක් (හෙතෙම) ලබයි. යහපත් දේ කරන්නා යහපතද, පව් කරන්නා පාප විපාකද ලබයි. දරුව, තා විසින් බීජයක් වපුරණ ලද්දේය. එහි ඵලය විඳින්නෙහිය.´
8. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු සම්බර අසුරිඳුට ශාපකොට වෙර ශක්තිමත් පුඟුලෙක් වක්කළ අත දික් කරන්නේ හෝ දික්කළ අත වක් කරන්නේ හෝ යම්සේද, එසේම සම්බර අසුරිඳු හමුයෙන් අතුරුදහන්ව සමුද්‍රතෙර පන්සල්හි පහළවූහ.
9. ´´ මහණෙනි, ඉක්බිති ඒ සම්බර අසුරිඳු තෙම ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීන් විසින් ශාපකරණ ලද්දේ, රෑ තෙවිටක් තැතිගති.´´
පළමුවන වර්‍ගයයි.