10. ඉසයො සමුද්දකා (සම්බර) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. සිල්වත් යහපත් දහම් ඇති ඎෂීහු මුහුදු තෙර පන්සල්හි වෙසෙත්.

3. ´´ මහණෙනි, එසමයෙහි වනාහි දෙවි අසුර යුද්ධයක් ඇතිවිය. මහණෙනි, ඉක්බිති ඒ සිල්වත් යහපත් දහම් ඇති බොහෝ ඎෂීන්ට මේ අදහස විය: ´දෙවියෝ ධාර්මිකයෝය. අසුරයෝ අධාර්මිකයෝය. අපට අසුරයන්ගෙන් බියෙක් විය හැකිය. අපි සම්බර අසුරිඳු වෙත පැමිණ අභයදානය (භය නැතිකිරීම) ඉල්ලන්නෙමු නම් මැනව.´

4. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු වීය්‍ර්‍ය ඇත්තෙක් හැකුළූ අත දික් කරන්නේ හෝ දික්කළ අත හකුළන්නේ හෝ යම්සේද, එසේම මුහුදු තෙර පන්සලින් අතුරුදන්ව සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළවූහ.

5. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු සම්බර අසුරිඳුට ගාථායෙන් මෙසේ කීහ:

´´සම්බර කරා පැමිණි ඎෂීහු අභයදානය ඉල්වත්. ඔවුන්ට භය දෙන්නට හෝ අභය දෙන්නට හෙතෙම පොහොසති.´´

6. (සම්බර අසුරයා මෙසේ කීය:) ´අපට විරුද්ධවූ ශක්‍රයා සේවනය කරන්නාවූ මේ ඎෂීන්ට භයක් මුත් අභයක් නැත. නිර්භය ඉල්ලන්නාවූ තොපට බියක්ම දෙමි.´

7. (ඎෂීහු මෙසේ කීහ:) නිර්භය ඉල්ලන්නා අපට භයක්ම දෙන්නෙහිය. තාගේ මේ කීම පිළිගනිමු. තගේ බිය ක්‍ෂය නොවේවා. (යමෙක්) යම්බඳු බිජුවටක් වපුරාද එබඳුමවූ ඵලයක් (හෙතෙම) ලබයි. යහපත් දේ කරන්නා යහපතද, පව් කරන්නා පාප විපාකද ලබයි. දරුව, තා විසින් බීජයක් වපුරණ ලද්දේය. එහි ඵලය විඳින්නෙහිය.´

8. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීහු සම්බර අසුරිඳුට ශාපකොට වෙර ශක්තිමත් පුඟුලෙක් වක්කළ අත දික් කරන්නේ හෝ දික්කළ අත වක් කරන්නේ හෝ යම්සේද, එසේම සම්බර අසුරිඳු හමුයෙන් අතුරුදහන්ව සමුද්‍රතෙර පන්සල්හි පහළවූහ.

9. ´´ මහණෙනි, ඉක්බිති ඒ සම්බර අසුරිඳු තෙම ඒ සිල්වත්, යහපත් දහම් ඇති ඎෂීන් විසින් ශාපකරණ ලද්දේ, රෑ තෙවිටක් තැතිගති.´´

පළමුවන වර්‍ගයයි.

9. ඉසයො අරඤ්ඤතා (ගන්‍ධ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. සිල්වත් යහපත් දහම් ඇති බොහෝ ඎෂීහු වනයෙහි පන්සල්හි වෙසෙත්. මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේද වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙමේද සිල්වත් යහපත් දහම් ඇති ඒ ඎෂීන් වෙත පැමිණියාහ.

3. ´´ මහණෙනි, එවිට වේපචිත්ති අසුරිඳු තෙම කීප පටකින් යුත් පාවහන් පැළඳ, කඩුව උරෙහි එල්ලා ගෙන, කුඩය දරමින් ප්‍රධාන දොරින් පන්සලට පැමිණ, ඒ සිල්වත් යහපත් දහම් ඇති ඎෂීන්ට ගරුසරු නොදක්වා ඉක්ම ගියෝය.

4. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම කීප පටකින් යුත් පාවහන් ඉවත්කොට, කඩුව අන්‍යයන්ට දී, කුඩය අකුලා තබා ( කුඩා ) දොරින්ම පන්සලට පිවිස ඒ සිල්වත් ගුණවත් ඎෂීන් ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය.

5. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත් යහපත් දහම් ඇති ඎෂීහු ශක්‍ර දේවේන්‍ද්‍රයාට ගාථායෙන් ( මෙසේ ) කීය.

´´බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන්වූ වත් ඇති ඎෂීන්ගේ කයින් නික්මෙන්නාවූ ගඳ වාතය කරණකොට ගෙන හමයි. දහසක් ඇස් ඇති ශක්‍රය, මෙයින් ( මේ වාතය හමන දෙසින් ) ඉවත් වෙව. දේවේන්‍ද්‍රය, ඎෂීන්ගේ සිරුරු ගඳ අපිරිසිදුය.´´

6. (ශක්‍ර තෙම මෙසේ කීය.) ´´බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන්වූ ව්‍රත ඇති ඎෂීන්ගේ කයින් නික්මෙන්නාවූ ගඳ වාතය කරණකොට ගෙන හමා වා. ස්වාමීනි,

මේ ගන්‍ධය අප හිසෙහිවූ විසිතුරු මල් ඇති මල්දමක් මෙන් කැමැත්තෙමු. මෙහි (සීලවන්තයන්ගේ ගන්‍ධයෙහි) දෙවියෝ පිළිකුල් සංඥා ඇත්තෝ නොවෙත්.

8. වීරෝවන් අසුරින්‍ද (අත්‍ථ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විවේකීවූ සේක් දහවල් විවේකයට වැඩිසේක.

2. එකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද වේරෝචන අසුරේන්‍ද්‍ර තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහ. පැමිණ, පිටිපස දොරබා සමීපයෙහි වෙන වෙනම සිටියහ.

3. ඉක්බිති වේරෝචන දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථාව කීය:

´´බලාපොරොත්තු ඉටුවීම තෙක් පුරුෂ තෙම වෑයම් කරන්නේමය. ව්‍යාපාරයෝ ඉටුවීම නිසා හොබනාහු වෙත්. මේ වේරෝචනගේ වචනයි.´´

4. (ශක්‍ර තෙම මෙසේ කීය.) ´´බලාපොරොත්තු ඉටුවීම තෙක් පුරුෂ තෙම වෑයම් කරන්නේමය. ව්‍යාපාරයෝ ඉටුවීම නිසා හොබනාහ. ඉවසීමට වඩා උතුම් අර්‍ථයක් නම් නැත්තේය.´´

5. (වේරෝචන මෙසේ කීය.) සියලු සත්ත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිදි හටගත් කටයුතු ඇත්තෝය. සියලු ප්‍රාණීන්ගේ ආහාරාදිය සියලු දේ නොයෙක් ලෙසින් සකස් කිරීමෙන්ම අනුභවයට සුදුසු වෙති. සියලු කටයුතු ඉටුවීම නිසාම හොබනාහු වෙත්. මේ වේරෝචනගේ වචනයි.´´

6. (ශක්‍ර තෙම මෙසේ කීය.) ´´සියලු සත්ත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝය. සියලු ප්‍රාණීන්ගේ ආහාරාදී සියලු දේ නොයෙක් ලෙසින් සකස් කිරීමෙන්ම අනුභවයට සුදුසු වෙති. සියලු කටයුතු නිසාම හොබනාහු වෙත්. ක්‍ෂාන්තියට වඩා උතුම් අර්‍ථයෙක් නම් නැත්තේය.´´

7. න දුබ්භිය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ( වරක් ) රහසිගතවූ, හුදෙකලාවූ ශක්‍රදේවේන්‍ද්‍රයාට මෙසේ සිතිවිල්ලක් පහළවිය. ´යමෙක් මට සතුරු වන්නේද, ඔහුට වුවද මම විරුද්ධකම් නොකරන්නෙමි´ ( කියායි.´

2. ´´ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ සිතිවිල්ල තම සිතින් දැන ශක්‍ර දේවේන්‍ද්‍රයා වෙත ගියේය.

3. ´´ මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වේපචිත්ති අසුරේන්‍ද්‍රයා එන බව දුරදීම දුටුවේය. දැක වේපචිත්ති අසුරේන්‍ද්‍රයාට මෙසේ කීය. ´´සිටින්න, වේපචිත්ති අසුරේන්‍ද්‍රය. තා අල්ලා ගන්නා ලද්දේවෙහිය.

4. ´´ නිදුකාණෙනි, තාගේ යම්බඳුවූම සිතෙක් පෙරවීද, නිදුකාණෙනි, ඔබ එය දැන් දුරු කෙළෙහිද?´´

5. ´´ වේපචිත්තිය, මා කෙරෙහි විරුද්ධකම් නොකරන බවට දිවුරව´´ යි ( ශක්‍රයා කීය. )

6. ´´ බොරු කියන්නාහට යම් පාපයක් ඇද්ද, රහතුන්ට නින්දා කරන්නාහට යම් පාපයක් ඇද්ද, මිත්‍රද්‍රෝහියකුට යම් පාපයක් ඇද්ද, කළගුණ නොදත්තාට යම් පාපයක් වේද, සුජම්පතිය, යුෂ්මත්හට යමෙක් විරුද්ධකම් කෙරේ නම් හෙතෙම එවැනිවූ පවක් කරගනී.´´ ( වේපචිත්ති කිය. )

6. කුලාවක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, පෙරවූවක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයක් ඇතිවිය. මහණෙනි, ඒ යුද්ධයෙහි අසුරයෝ දිනූහ. දෙවියෝ පැරදුනහ.

2. ´´ මහණෙනි, පැරැදුන දෙවියෝ උතුරු දෙස බලා පලා ගියහ. අසුරයෝ ඔහු ලුහු බැන්දාහ.

3. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙම මාතලී රථාචාය්‍ර්‍යයාට ගාථායෙන් ( මෙසේ කීය.)

´´ මාතලිය, ඉඹුල් වෙනෙහි ( ගුරුළු ) කූඩු වෙති. ( ඔවුන් ) රියදඬු හිසින් පහකරව. අසුරයන් කෙරෙහි ඒකාන්තයෙන් ජීවිතය හරිමු. මේ කුරුල්ලෝ විනාශනුවූ කූඩු ඇත්තෝ වෙත්වා.´´ (කුරුල්ලන්ට හානියක් නොවනසේ වගබලාගනුව යන තේරුමයි.)

4. ´´ මහණෙනි, ´පින්වත, එසේ යහපතැ´ යි මාතලී රථාචාය්‍ර්‍යයා ශක්‍ර දේවේන්‍ද්‍රයාට උත්තර දී ආජන්‍ය අශ්වයන් දහසකින් යුත් රථය ආපසු හැරවීය.

5. ´´ මහණෙනි, ඉක්බිතිව අසුරයන්ට මේ අදහස වීය. ´´දැන් ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ආජන්‍ය අශ්වයන් දහසක් යෙදූ රථය ආපසු හරවන ලදී. ඒකාන්තයෙන් දෙවියෝ නැවතත් අසුරයන් සමග යුද්ධයට එන්නාහ.´ ( මෙසේ සිතා ) බිය වූවෝ අසුර පුරයටම ( නැවත ) ගියහ.

6. ´´ මහණෙනි, මෙසේ වනාහි ශක්‍ර දේවේන්‍ද්‍රයාට ධර්‍මයෙන්ම ජය විය.´´

5. සුභාෂිත ජය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයක් ඇතිවිය. මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාට, ´ දේවේන්‍ද්‍රය, සුභාෂිතයෙන් ජය වේවා´ යි කීය. ´ වේපචිත්ති, සුභාෂිතයෙන් ජය වේවා´ යි ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද කීය.

3. ´´ මහණෙනි, ඉක්බිති දෙවියෝද අසුරයෝද ´මොවුහු අපගේ යහපත් වචන, අයහපත් වචන දන්නාහු´ යි පිරිවර දෙවියන් තැබූහ.

4. ´´ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාට, ´ දේවේන්‍ද්‍රය, ගාථායෙක් කියව´ යි කීය.

5. ´´ මහණෙනි මෙසේ කීකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වේපචිත්ති අසුරිඳුට ´වේපචිත්ති, මෙහි නුඹ පුරාණ දෙවි වෙහි. වෙපචිත්ති, ගාථායෙක් කියව´ යි කීය.

6. ´´ මහණෙනි මෙසේ කීකල වේපචිත්ති අසුරිඳු තෙම මේ ගාථාව කීය:

´වළක්වන්නෙක් ඇති නොවේ නම්, අඥානයෝ ඉතා බොහෝ සේ කිපෙත්. එහෙයින් නුවණැති ජන තෙම මහත්වූ දණ්ඩයෙන් බාලයා ( නුවණ නැත්තා ) වළක්වන්නේය.

7. ´´මහණෙනි, වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කීකල අසුරයෝ ඒ මැනවැයි පිළිගත්හ. දෙවියෝ නිශ්ශබ්ද වූහ.

8. ´´ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු ශක්‍ර දේවේන්‍ද්‍රයාට, ´ දේවේන්‍ද්‍රය, ගාථාවක් කියව´ යි කීය.

9. ´´ මහණෙනි මෙසේ කීකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මේ ගාථාව කීය:

´කිපියාවූ අන්‍යයකු දැක යමෙක් සිහි ඇතිව සන්සිඳේද, මම ඒ ( සංසිඳීම ) ම බාලයා නියම සේ වැළකීම යයි හඟිම්.´´

10. ´´ මහණෙනි ශක්‍ර දේවේන්‍ද්‍රයා මේ ගාථාව කීකල දෙවියෝ ඒ මැනවයි පිළිගත්හ. අසුරයෝ නිශ්ශබ්ද වූහ.

11. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වේපචිත්ති අසුරේන්‍ද්‍රයාට ´ වේපචිත්ති අසුරේන්‍ද්‍රය, ගාථාවක් කියව´ යි කීය.

12. ´´ මහණෙනි මෙසේ කීකල වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කීය:

´මෙතෙම මට භයින් ඉවසාය´ යි අඥාන තෙම යම් හෙයෙකින් ඒ ඉවසීම හඟීද, වාසවය, ඉවසීම පිළිබඳ මේ දෝෂය මම දකිමි. පැන දුවන තැනැත්තා (ලුහු බඳින්නාවූ ) ගව මුලක් මෙන් නුවණ මඳ ජනතෙම වැඩියක් ලුහුබැඳීම කරයි.´

13. ´´මහණෙනි, වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කීකල අසුරයෝ ඒ අනුමෝදන් වූහ. දෙවියෝ නිශ්ශබ්ද වූහ.´

14. ´´ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු ශක්‍ර දේවේන්‍ද්‍රයාට, ´ දේවේන්‍ද්‍රය, ගාථාවක් කියව´ යි කීය.

15. ´´ මහණෙනි මෙසේ කීකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මේ ගාථා කීය:

´´ ´මෙතෙම මට භයින් ඉවසායයි ( යමෙක් ) ඒකාන්තයෙන් හඟනේ හෝ වේවා, එසේ නොහඟනේ හෝ වේවා, සියලු අත්‍ර්‍ථයෝ තමාගේ යහපත පරම කොට ඇත්තාහුය. ඉවසීමට වඩා උතුම්වූ අන්‍ය යහපතක් නැත්තේය .

´´ ´යමෙක් තෙම ඒකාන්තයෙන් බලවත් වූයේම දුර්‍වලයකුගේ (නින්‍දා කිරීම් ආදිය) ඉවසාද, ඔහුගේ ඒ ඉවසීම උත්තම ක්‍ෂාන්තියයි ( ආය්‍ර්‍යයෝ ) කියත්. දුර්‍වල ජනතෙම නිතර ඉවසයි.´

´´ ´යමෙකුගේ බලය අඥාන බලය නම් ඒ බලයක් නොවේ යයි ( ආය්‍ර්‍යයෝ ) කියත්. ධර්‍මයෙන් සංවරවූ තැනැත්තාගේ බලය නියම බලයක් නොවේයයි කියන්නෙක් නැත´

´´ ´යමෙක් පළමු කිපුනෙකුට පෙරළා කිපේද ඔහුගේ පෙරලා කිපීම ඒ පළමු ක්‍රෝධයටත් වඩා පාපිෂ්ඨයි.කිපුනෙකුට පෙරලා නොකිපෙන ජන තෙම දිනීමට දුෂ්කරවූ සටන දිනයි.´

´´ ´ සතුරෙකු කිපුනු බව දැන යමෙක් සිහි ඇතිව සන්සිඳේ නම්, හෙතෙම තමහටද, පරහටද යන දෙකොටසටම යහපත සලසයි.

´´ ´යම් ජන කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂද, ඒ අන්‍ධබාල පෘතග්ජනයා තමන්ටද අනුන්ටද යන දෙදෙනාටම යහපත සලසන්නාවූ පුද්ගලයා අන්‍ධබාලයෙකු කොට හඟිත්.´

16. ´´ මහණෙනි ශක්‍ර දේවේන්‍ද්‍රයා මේ ගාථාවන් කීකල දෙවියෝ ඒ මැනවයි පිළිගත්හ. අසුරයෝ නිශ්ශබ්ද වූහ.

17. ´´මහණෙනි, ඉක්බිති දෙවියන්ගේද, අසුරයන්ගේද ( පිරිවර ජනයෝ ) මෙසේ කීහ. ´වේපචිත්ති අසුරේන්‍ද්‍රයා විසින් ගාථාවෝ කියන ලද්දාහුය. ඒ වූකලී දඬු මුගුරු ආදිය පිළිබඳ වෙති, ( කැති පොරෝ ආදිය පිළිබඳ වෙති. ) දබර ඇති කරති. අසමගිය ඇති කෙරෙති, කලහ ඇතිකෙරෙති. ශක්‍ර දේවේන්‍ද්‍රයා විසින් ගාථාවෝ කියන ලද්දාහුය. ඒ දඬු මුගුරු හා කැති පොරෝ පිළිබඳ නොවේ. දබර, අසමගිකම්, කලහ ඇති නොකෙරේ. ශක්‍ර දේවේන්ද්‍රයාට සුභාෂිතයෙන් ජය වේවා´ යි ( කීහ. )

18. ´´මහණෙනි, මෙසේ වනාහි ශක්‍ර දේවේන්ද්‍රයාට සුභාෂිතයෙන් ජය අත්වූයේය´´ යි ( වදාළසේක. )

4. වේපචිත්ති ( ඛන්ති ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ´´මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේද අසුරයන්ගේද යුද්ධයක් ඇතිවිය.

3. ´´මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම අසුරයන්ට මෙසේ කීයේය. ´පින්වත්නි, ඉදින් දේව අසුර යුද්ධය වූ කල අසුරයෝ දිනන්නහු නම් දෙවියෝ පරදින්නහු නම් ඒ ශක්‍රදේවේන්‍ද්‍රයා කණ්ඨපඤ්චම බැඳුමෙන් ( දෙඅත්, දෙපා, බෙල්ල යන මේ පස්තැනින් ) බැඳ අසුර පුරයෙහි මා සමීපයට ගෙනෙව්´ ( යි කීය. )

4. ´´මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේත් තව්තිසා වැසි දෙවියන්ට මෙසේ කීය: ´´ පින්වතුනි, ඉදින් දේව අසුර යුද්ධය වූ කල දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් එවිට ඒ ( අසුර රජවූ ) වේපචිත්ති අසුරේන්‍ද්‍රයා කණ්ඨපඤ්චම බන්‍ධනයෙන් බැඳ සුධර්‍ම සභායෙහි මා සමීපයට ගෙනෙව්´ ( යි කීය. )

5. ´´මහණෙනි, ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුනහ.

6. ´´මහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුරිඳු කණ්ඨපඤ්චම බැම්මෙන් බැඳ ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ සමීපයෙහි සුධර්‍මා සභාවට ගෙනාහ.

7. ´´මහණෙනි, එහි වනාහි කණ්ඨපඤ්චම බන්‍ධනයෙන් බැඳුනු වේපචිත්ති අසුරිඳු තෙම සුධර්‍මා සභාවට පිවිසෙන විටද, නිත්මෙන විටද ශක්‍ර දේවේන්‍ද්‍රයාට අසභ්‍ය ඵරුෂ වචනයෙන් ආක්‍රෝෂ කෙරෙයි, පරිභව කෙරෙයි.

8. ´´මහණෙනි, ඉක්බිති මාතලී රථාචාය්‍ර්‍ය තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාට ගාථායෙන් ( මෙසේ ) කීය.

´´ශක්‍රය, වේපචිත්තිගේ පරොස් බස් ඉදිරියෙහි අසමින් ඉවසන්නේ භයින්ද නොහොත් දුබල බැවින්ද?´´

´´( ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මෙසේ කීය: ) ´වේපචිත්තිගේ පරොස් බස් ඉවසන්නේ බියෙන් හෝ දුබල බැවින් නොවේ. මා වැනිවූ නුවණැත්තෙක් එබඳු බාලයකු හා කෙසේ නම් සටන් කරන්නේද, (එකටෙක කරන්නේද?´)

10. ´´( මාතලී මෙසේ කීය: ) ´වළක්වන්නෙක් නොවේ නම්, අඥානයෝ ඉතා බොහෝසේ විරුද්ධව ඉදිරියට එන්නාහුය. එහෙයින් නුවණැති ජනතෙම මහත්වූ දඬුවමින් බාලයා වළක්වන්නේය.

11. ´´( ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මෙසේ කීය: ) ´ඉතා කිපියාවූ අන්‍යයකු දැක යමෙක් සිහි ඇතිව සන්සිඳේද, එයම බාලයන්ගේ නියම වැළකීමයයි හඟිමි.´´

12. ´´( මාතලී මෙසේ කීය: ) ´මෙතෙම මට භයින් ඉවසා´ යයි අඥානතෙම යම් හෙයකින් හඟීද, ශක්‍රය, පැන දුවන ගොනෙකු පසුපස්සේ එළවායන්නාවූ ගවමුලක් මෙන් නුවණ මඳ ජන තෙම වැඩියක් පසුපස්සේ එළවා යයි.´

13. ´´( ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මෙසේ කීය: ) ´හෙතෙම මට භයින් ඉවසාය´ යි ඒකාන්තයෙන් හඟනේ හෝ වේවා නොහඟනේ හෝ වේවා සියලු අත්‍ර්‍ථයෝ ස්වකීය දියුණුව පරමකොට ඇත්තාහුය. ඉවසීමට වඩා උතුම් වූවක් නැත්තේය.´,

´´ ´යමෙක් තෙම ඒකාන්තයෙන් බලවත් වූයේ දුර්‍වලයකුගේ ( නින්‍දාකිරීම් ) ඉවසාද, ඔහුගේ ඒ ඉවසීම උතුම් ඉවසීමයයි ( ආය්‍ර්‍යයෝ ) කියත්. දුර්‍වල ජනතෙම හැමවිටම ඉවසයි.´´

´´ ´යමෙකුගේ බලය අඥාන බලය නම් ඒ බලය බලයක් නොවේයයි ආය්‍ර්‍යයෝ කියති. ධර්‍මයෙන් සංවර කරන ලද්දාවූ තැනැත්තාගේ බලය නියම බලයම නොවේය´ යි කියන්නෙක් නැත.

´´ ´යමෙක් පළමු කිපුනහුට පෙරළා කිපේද, ඔහුගේ පෙරළා කිපීම ඊටත් වඩා පාපිෂ්ඨයි. කිපුනහුට පෙරලා නොකිපෙන ජනතෙම දිනීමට ඉතා දුෂ්කරවූ සටනක් දිනයි.

´´ ´අන්‍යයෙකු කිපුන බව දැන යමෙක් සිහි ඇතිව සන්සිඳේද? ( ඉවසාද ), හෙතෙම තමහටද පරහටද යන දෙකොටසටම යහපත සලසයි.´

´´ ´යම් ජන කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂද, ඒ අන්‍ධබාල ජනයෝ තමන්ටද අනුන්ටද යන දෙදෙනාටම පිළියම් කරන්නාවූ පුද්ගලයා අන්‍ධබාලයෙකැයි හඟිත්.´

13 ´´මහණෙනි, ඒ ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම වනාහි ස්වකීය පුණ්‍ය ඵලය නිසා ජීවත්වන්නේ, තව්තිසා වැසි දෙවියන්ගේ අධිපති භාවයෙන් රාජ්‍යය කරවන්නේ, ඉවසීමෙහි හා මෘදු බැව්හි ගූණ කියන්නෙක් වේ.

14. ´´මහණෙනි, මෙහි ( මේ ශාසනයෙහි ) ද එය ( ඒ ගුණය ) හොබවව්. තෙපි මෙසේ හොඳින් දේශනා කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිවූවාහු ඉවසීම ඇත්තෝද මෘදු බව ඇත්තාහුද වව්.´´

3. ධජග්ග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

5. ´´ ´ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

7. ´´මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. )

8. ´´මහණෙනි, මමද තොපට මෙසේ කියමි: මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම ( මෙසේ ) සිහිකරව් ´ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගතවන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වනසේක, බුද්ධ වනසේක, භාග්‍යවත් වනසේක´ ( කියායි. ) මහණෙනි, ( මෙසේ ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

9. ´´ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්‍මය ( මෙසේ ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්කොට දේශනා කරන ලද්දේය. ( ඒ ධර්‍මය ) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ´එව බලව´ යි කීමට සුදුසුය, ( භාවනා වශයෙන් ) තම සිත්හි පැමිණවීමට ( දරා ගැනීමට ) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය´ ( කියායි, ) මහණෙනි ඉදින් ධර්‍මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

10. ´´ඉදින් තෙපි ධර්‍මය සිහි නොකරව් නම්, සඞ්ඝයා ( මෙසේ ) සිහි කරව්. ´භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම ඎජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සත්‍ය මාර්‍ගයෙහි පි්ළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගලකෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝයා ආහුණෙය්‍යය ( කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුණෙය්‍යය ( අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය ), දක්ඛිනෙය්‍යය ( පරලොව අදහා දන් දෙන්නට සුදුසුය ), අඤ්ජලි කරණීයය ( දොහොත් මුදුන්දී නමස්කාරයට සුදුසුය ), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය´ ( යි කියායි. ) මහණෙනි, ( මෙසේ ) සඞ්ඝයා සිහිනරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

11. ´´එයට හේතු කුමක්ද ? මහණෙනි, තථාගතවූ, අර්හත්වූ, සම්මා සම්බුද්ධයන් වහන්සේ පහවූ රාග ඇතිසේක, පහවූ මෝහ ඇතිසේක, බිය නොවන ස්වභාව ඇතිසේක. තැති නොගන්නා ස්වභාව ඇතිසේක, පලායන ස්වභාව නැතිසේක ( එහෙයිනි. ) ´´

12. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගතවූ ශාස්තෲන් වහන්සේ නැවත එයම ( මෙසේ ) වදාළසේක.

´´මහණෙනි, වන සෙනසුනක හෝ වෘක්‍ෂමූල සෙනසුනක හෝ මිනිසුන් නොගවසෙන තැනක හෝ සම්මා සම්බුදුන් සිහි කරව්. තොපට භයක් නොවන්නේය.

´´ඉදින්, ලෝකයට ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුන් සිහි නොකරන්නහු නම්, එවිට නිවණට පමුණුවන්නාවූ, යහපත්කොට දේශනා කරන ලද්දාවූ, සද්ධර්‍මය සිහි කරව්.

´´නිවණට පමුණුවන්නාවූ, හොඳින් දේශනා කරන ලද්දාවූ, ධර්‍මය ඉදින් සිහි නොකරන්නහු නම්, එවිට පින් කෙතවූ, ඉතා උතුම්වූ සඞ්ඝයා සිහි කරව්.

´´මහණෙනි, යම්සේ බුදුන්ද, ධර්‍මයද, සඞ්ඝයාද සිහි කරන්නාවූ තොපට භයෙක් හෝ තැතිගැනීමෙක් හෝ ලොමුඩැහැගැනුමක් හෝ නොවන්නේය.´´

2. සුසීම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන්ට කථාකළසේක.´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණියහ. මහණෙනි, එකල්හි ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුසීම දේව්පුතුට කථාකර මෙසේ කීය, ´දරුව සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, දරුව සුසීම, යන්න. අසුරයන් පසුබස්වන්න´´ මහණෙනි, සුසීම දෙව්පුත් තෙම ´එසේය ස්වාමීණි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී (ගමන) ප්‍රමාද කෙළේය.

4. ´´මහණෙනි, දෙවනුවත් ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුසීම දේව්පුතුට කථාකර මෙසේ කීවේය, ´දරුව සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, දරුව සුසීම, යන්න, අසුරයන් පසුබස්වන්න´ මහණෙනි, සුසීම දෙව්පුත් තෙම ´එසේය ස්වාමීණි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී (ගමන) ප්‍රමාද කෙළේය. දෙවනුවද හෙතෙම ප්‍රමාද කෙළේය.

5. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තුන්වෙනුවද සුසීම දේව්පුතුට කථාකර කීවේය.´දරුව සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, දරුව සුසීම, යන්න. අසුරයන් පසුබස්වන්න´ මහණෙනි, සුසීම දෙව්පුත් තෙම ´එසේය ස්වාමීණි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී ගමන ප්‍රමාද කෙළේය. තුන්වෙනුවද හෙතෙම පමා කෙළේය.

6. ´´මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුසීම දෙව්පුතුට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´නැගී නොසිටින, වීය්‍ර්‍ය නොකරන තැනැත්තේ යම් තැනෙක සැපතට පැමිණේද, සුසීම, එහි යව, මාද එහි පමුණුව.´´

7. ´´ ´උට්ඨාන වීය්‍ර්‍ය රහිතවූයේ අලස වන්නේය. කෘත්‍යයන් නොකරවන්නේය. ( එබන්දෙක් යම්තැනෙක ) සියලු කාමයෙන් සම්පූර්‍ණ වන්නේ නම් ශක්‍රය දේවේවද්‍රය, ඒ උත්තමස්ථානය මට කිව මැනව.´ යි ( සුසීම කීය. )

8. ´´ ´ සුසීම, උට්ඨානවීය්‍ර්‍ය නැත්තාවූ අලසවූ පුද්ගලයෙක් යම් තැනෙක ( අතිශයින් සැපසේ වැඩේද, ) එහි යව, මාද එහිම පමුණුව.´ යි ( ශක්‍රදේවේන්‍ද්‍ර ) කීය.

9. ´´ ´දෙවියන්ට ශ්‍රේෂ්ඨවූ ශක්‍රය, කටයුතු නොකිරීමෙන් යම් උත්තම සැපතක් ලබමුද, ශක්‍රය, ශෝක නැත්තාවූ, දැඩි වෙහෙස නැත්තාවූ ඒ උතුම් මග කිව මැනවැ ´ යි ( සුසීම කීය. )

10. ´´ ´කර්‍ම නොකිරීමෙන් කිසි පුද්ගලයෙක් තෙම කිසි තැනක ජීවත් නොවේද, ( එබඳු තැනෙක් ) ඉදින් ඇත්තේද, එහි යන මග නම් නිර්‍වාණමාර්‍ගයයි. සුසීම, එහි යව. මාද එහිම පමුණුව´ යි ( ශක්‍ර දේවේන්‍ද්‍රතෙම කීය. )

11. ´´මහණෙනි, සිය පින්ඵලය නිසා ජීවත්වන තව්තිසා වැසි දෙවියන්ට සම්පතින් ප්‍රධානවූ අධිපතිව රාජ්‍යය කරවන ඒ ශක්‍ර දේවේන්‍ද්‍රතෙම උට්ඨාන වීය්‍ර්‍යය වර්ණනා කරන්නෙකි. මහණෙනි, මේ ශාසනයෙහිද එය ( ඒ ගුණය ) හොබවව්, තෙපි මෙසේ යහපත් කොට දේශනා කරන ලද ධර්‍ම විනයෙහි පැවිදි වූවාහු, නොපැමිණි දෙයට පැමිණීම පිණිසද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීම පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකළක් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද වීය්‍ර්‍ය කරව්, ධෛය්‍ර්‍ය වඩව්, වෑයම් කරව්´´ යි ( වදාළ සේක. )

1. සුවීර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන්ට කථාකළසේක. ඒ භික්‍ෂූහු ´´ස්වාමීනී´´ යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූවක් කියමි. අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණියහ. මහණෙනි, එකල්හි ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුවීර දේවපුත්‍රයාට කථා කළේය, ´පුත සුවීරය, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, පුත සුවීර, යන්න. අසුරයන්ගේ පෙරමුණට පැමිණෙන්න.´ මහණෙනි, සුවීර දෙව්පුත් තෙම ´එසේය ස්වාමීණි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී (ගමන) ප්‍රමාද කෙළේය.

4. ´´මහණෙනි, දෙවනුවත් ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුවීර දේව්පු්‍රතුට කථා කළේය, ´දරුව සුවීරය, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, යන්න, දරුව සුවීර, අසුරයන්ගේ පෙරමුණට පැමිණෙන්න.´ මහණෙනි, සුවීර දෙව්පුත් තෙම ´එසේය ස්වාමීණි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී දෙවනුවත් (ගමන) ප්‍රමාද කෙළේය.

5. ´´තුන්වෙනුවත් මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුවීර දේව්පුතුට කථා කළේය, ´දරුව සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, දරුව සුවීර, යන්න. අසුරයන් පෙරමුණට පැමිණෙන්න.´යි ( කීය. ) මහණෙනි, සුවීර දෙව්පුත් තෙම ´එසේය ස්වාමීණි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට පිළිවදන්දී තුන්වෙනුවද ප්‍රමාද කෙළේය.

6. ´´මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුවීර දෙව්පුතුට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´නැගී නොසිටින, වීය්‍ර්‍ය නොකරන තැනැත්තේ යම් තැනෙක සැපතට පැමිණේද, සුවීරය, එහි යව, මාද එහිම පමුණුව.´´

7. ´´( සුවීර මෙසේ කීය: )´උට්ඨාන වීය්‍ර්‍ය රහිතවූ තැනැත්තේ අලස වන්නේය. කටයුතු නොකර වන්නේය. ( එබන්දෙක් ) සියලු කාමයෙන් සමෘද්ධයෙක් වන්නේ නම් ශක්‍රය, ( ඔහු සිටින ) ඒ උත්තම ස්ථානය මට කිව මැනව.´

8. ´´( ශක්‍ර දෙවිතෙම මෙසේ කීය: ) නැගී සිටින වීය්‍ර්‍ය නැත්තාවූ අලස පුද්ගලයෙක් යම් තැනෙක ඉතා මහත් සුඛයට පැමිණේද, සුවීරය, එහි යව, මාද එහිම පමුණුව.´´

9. ´´( සුවීර දෙව් පුත් මෙසේ කීය: ) ´දේව ශ්‍රේෂ්ඨවූ ශක්‍රය, කටයුතු නොකිරීමෙන් යම් උත්තම සැපතක් ලබමුද, ශක්‍රය, ශෝක නැත්තාවූ, දැඩි වෙහෙස නැත්තාවූ ඒ උතුම් මග මට කිව මැනව.´´

10. ´´( ශක්‍ර දෙවිතෙම මෙසේ කීය: ) ´වැඩ නොකිරීමෙන් කිසි පුද්ගලයෙක් තෙම කිසි තැනක ජීවත් නොවේද, ( එබඳු තැනෙක් ) ඉදින් ඇත්තේද, එහි යන මග නම් නිර්‍වාණමාර්‍ගයයි. සුවීර, එහි යව. මාද එහිම පමුණුව´ යි ( දේවේන්‍ද්‍රතෙම කීය. )

11. ´´මහණෙනි, තමන්ගේ පුන්‍යඵලය නිසා ජීවත්වන තාවතිංස දෙවියන්ට අධිපතිව රාජ්‍යය කරවන ඒ ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි නැගී සිටින වීය්‍ර්‍යයෙහි ගුණ කියන්නාවූ කෙනෙකි. මහණෙනි, මේ ශාසනයෙහිද ඒ ( ගුණය ) හොබවව්, තෙපි මෙසේ හොඳින් දේශනා කරන ලද ධර්‍ම විනයෙහි පැවිදි වූවාහු, නොපැමිණි දෙයට පැමිණීම පිණිසද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීම පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකළ දේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද උතසාහ කරව්, වීය්‍ර්‍ය වඩව්, උත්සාහ කරව්´´ යි ( වදාළ සේක. )