Category Archives: 1. ඉන්‍දක ( යක්ඛ ) වර්‍ගය.

12. ආළවක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර අළව්යකුගේ භවනයෙහි වැඩවසන සේක. 2. ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ´´මහණ, නික්මෙව´´ යි කීය. ´´මැනවි, ඇවැත්නි´´ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. ´´මහණ. ඇතුල්වෙව´´ (යි ආළවකයා කීය.) ´´ඇවැත්නි මැනවැ´´ යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක. 3. දෙවෙනුවත් ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් …

Continue reading

11. වීරා (චීරා) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වැඩ වසන සේක. 2. එසමයෙහි එක්තරා උපාසකයෙක් චීරා භික්‍ෂුණියට සිවුරක් දුන්නේය. 3. ඉක්බිති චීරා භික්‍ෂුණිය කෙරෙහි බොහෝ සේ පැහැදුනු යක්‍ෂයෙක් රජගහ නුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ මේ ගාථාව කීය: ´´සියලු (බන්‍ධන) වලින් මනාව මිදුනාවූ චීරා මෙහෙණින්නට යමෙක් සිවුරක් දිනීද, ඒ මේ …

Continue reading

10. (දෙවෙනි) සුක්කා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. 2. එසමයෙහි වනාහි එක්තරා උපාසකයෙක් සුක්කා භික්‍ෂුණියට ආහාරයක් දුන්නේය. 3. ඉක්බිති සුක්කා භික්‍ෂුණිය කෙරෙහි බොහෝ සේ පැහැදුනු යක්‍ෂයෙක් රජගහ නුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ඒ වේලායෙහි මේ ගාථාව කීය: ´´සියලු බන්‍ධනවලින් හාත්පසින් මිදුනාවූ සුක්කා මෙහෙණින් වහන්සේට යමෙක් ආහාර දුන්නේද, …

Continue reading

9. ( පළමුවන ) සුක්කා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. 2. එකල වනාහි සුක්කා භික්‍ෂුණිය මහ පිරිසක් විසින් පිරිවරණ ලද්දී ධර්‍මය දේශනා කරයි. 3. ඉක්බිති සුක්කා භික්‍ෂූණිය කෙරෙහි බොහෝ සේ පැහැදුණු යක්‍ෂයෙක් රජගහ නුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ඒ වේලායෙහි මේ ගාථාවන් කීය: ´´අමෘතපදයට (නිර්‍වාණාධිගමයට) කාරණය වදාරන්නාවූ සුක්කා මෙහෙණින් …

Continue reading

8.සුදත්ත සුත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි සීතවනයෙහි වසන සේක. 2. එකල වනාහි අනේපිඬු ගෘහපතියා කිසියම් කටයුත්තෙක් නිසා රජගහනුවරට පැමිණියේය. 3. ´´බුදුරජානන් වහන්සේ ලොව පහළවූ සේක්ලු´´ යි අනේපිඬු ගෘහපති තෙම ඇසීය. එපමණෙකින්ම භාග්‍යවතුන් වහන්සේ දකිණු පිණිස හෙතෙම පැමිණෙනු කැමැත්තේවිය. 4. ඉක්බිති ඒ අනේපිඬු ගෘහපති තෙම ´´භාග්‍යවතුන් වහන්සේ දකිණු පිණිස පැමිණෙන්නට අද …

Continue reading

7. පුනබ්බසු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. 2. එකල භාග්‍යවතුන් වහන්සේ නිර්‍වාණ සම්බන්‍ධ වූ ධර්‍ම කථායෙන් භික්‍ෂූක්ට අවවාද කරන සේක. බාරගන්වන සේක. උනන්දු කරවන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහු ද අත්‍ර්‍ථවත්කොට මෙනෙහිකොට සියල්ල සිතට ඇතුළුකොට, කන් යොමු කොට, බහනලද කන් ඇත්තෝව ධර්‍මය අසත්. …

Continue reading

6. පියඞ්කර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙම සැවැත්නුවර සමීපයේවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වෙසෙයි. 2. එකල වනාහි ආයුෂ්මත් අනුරුද්ධ තෙම අලුයම නැගිට ධර්‍මපද කියයි. 3. ඉක්බිති පියඞ්කරමාතා නම් යකින්න තම පුතු මෙසේ නැලවූවා: ´´පියඞ්කරය, ශබ්ද නොකර. භික්‍ෂුතෙම ධර්‍මපදයන් කියයි. ඉදින් ධර්‍මපදයක් දැනගෙන පිළිපදිමු නම් එය අපට හිත පිණිස වන්නේය.´´ ´´ප්‍රාණීන්ට …

Continue reading

5. සානු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. 2. එකල වනාහි එක්තරා උපාසිකාවකගේ සානු නම් පුතෙක් යක්‍ෂයකු විසින් ගන්නා ලද්දේය. 3. ඉක්බිති ඒ උපාසිකාව හඬන්නී ඒ වේලායෙහි මේ ගාථාවන් කීවාය: ´´තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අඩමසක් සම්බන්ධිවූ යම් අටවකකුත් වේද ඒ අටවක්හි ද, ප්‍රාතිහාය්‍ර්‍ය පක්‍ෂයෙහිද, යම් …

Continue reading

4. මණිභද්ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි මණිමාලක චෛත්‍යයෙහි මණිභද්ද නම් යකුගේ භවනයෙහි වැඩවසන සේක. 2. ඉක්බිති මණිභද්ද යක්තෙම භාග්‍යවතුන් වහන්සේයම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භගවත්හු හමුයෙහි මේ ගාථාව කීය: ´´සිහි ඇත්තාට හැම කල්හි යහපත වෙයි. සිහි ඇත්තේ සුවය ලබයි. සිහි ඇත්තහුට හැමසඳ ශ්‍රේෂ්ඨත්වය ලැබෙයි, ( හෙතෙම ) වෛරයෙන් මිදේ.´´ 3. ( …

Continue reading

3. සුචිලෝම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලෝම යක්‍ෂයාගේ භවනයෙහි ටඞ්කිතමඤ්චකයෙහි වැඩවසන සේක. එකල වනාහි ඛර යක්‍ෂයාද, සුචිලෝම යක්‍ෂයාද භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට නුදුරෙහි ගමන් කෙරත්. 2. ඉක්බිති ඛර යක්‍ෂතෙම සුචිලෝම යක්‍ෂයාට මෙය කීය: ´´ මේ තෙම ශ්‍රමණයෙකි.´´ 3. ´´මේ තෙම ශ්‍රමණයෙක් නොවේ. භයින් පලායන ශ්‍රමණ ප්‍රතිරූපකයෙකි. මේ තෙම ශ්‍රමණයෙක්ද, ශ්‍රමණ …

Continue reading