1. ඣත්‍වා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පලමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. ´´ කුමක් නමි නසා සුවෙන් වෙසේද? කුමක් නමි නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නමි ධර්‍මයක්හුගේ නැසීම කැමැත්තහුද? ´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ ක්‍රෝධය නැසීමෙන් සුවසේ වෙසෙයි. ක්‍රෝධය නසා ලීමෙන් ශෝක නොකෙරේ. දෙවිය, මිහිරි වූ අක් ඇති , විෂ සහිත මුල් ඇති, ක්‍රෝධයාගේ වැනසීම ආය්‍ර්‍යයෝ පසසත්. එය නැසීමෙන් ශෝක නොකෙරේ. ´´