3. තණ්හා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ඍමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´කිමෙකින් ලෝ වැස්සා අරමුණු අතට යැවේද? කිමෙකින් ඒ මේ අතට ඇදේද? කවරනම් එක් දෙයකට සියල්ලෝම වසඟ වූවෝද?´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ලෝ වැසි තෙම තණ්හායෙන් අරමුණු අතට යැවේ. තණ්හායෙන් ඒ මේ අතට ඇදේ. තණ්හා නම් එකම ධර්‍මයට සියල්ලෝම වසඟ වූවෝ වෙත්.´´