10. කවි ( හෙවත් ගාථා නිදාන ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´ගාථාවන්ගේ මුල කිමෙක්ද? ඔවුන්ගේ අර්‍ථ උපදවන්නේ කවරෙක්ද? ගාථාවෝ කුමක් ඇසුරුකොට පවත්නෝද? කිමෙක් ගාථාවන්ට ආධාර ස්ථානද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ඡන්‍දය ගාථාවන්ගේ මුලය. අකුරු ඔවුන් උපදවන්නේය. ගාථාවෝ නාමයන් ඇසුරුකොට ඇත්තෝය. කවි තෙම (පණ්ඩිතයා) ගාථාවන්ට ස්ථානයයි.´´

සවන ජරා වර්‍ගයයි.

9. දෙවෙනි උපපථ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´ පුරුෂයාට කිමෙක් නමි දෙවැන්නී ( දුතියිකා ) වේද? ඔහුට කවරෙක් නමි අනුශාසන කෙරේද? කුමක විශේෂයෙන් ඇලුණු සත්ත්‍වයා සියලු දුකින් මිදේද?´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ශ්‍රඬාව පුරුෂයාට දෙවැන්නීය. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරේ. නිවනෙහි විශේෂයෙන් ඇලුණු සත්ත්‍වතෙම සැම දුකින් මිදේ.´´

8. උපපථ සූත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2.´´ කිමෙක් නමි නොමඟයයි කියන ලදද? කිමෙක් නමි රෑ දාවල්හි ගෙවේද? බ්‍රහ්මචය්‍ර්‍යාවට කිලුට කිමෙක්ද? දිය නොමැති නෑම කිමෙක්ද?´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´රාගය නොමග යයි කියන ලදී. දිවා රෑ දෙක්හිම ගෙවෙන්නේ වයසය. බ්‍රහ්මචය්‍ර්‍යාවට කිලුට ස්ත්‍රියයි. ( මේ සත්ත්‍ව සමූහයා මෙහි ඇලේ ) තපසත් බඹසරත් යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. ´´

7. තුන්වෙනි ජන ( හෙවත් ජනෙති ) සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පඍෙක ඍිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2.´´ කිමෙක් නමි සත්ත්‍වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නමි ඈත මෑත දිවේද? කිමෙක් නමි සසර වැදුනේද? කිමෙක් නමි ඔහුගේ ඉපදීමට පිහිට වේද?´´

3.(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´තණ්හාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඈත මෑත දිවෙයි. සත්ත්‍වයා සසරට වැදුණේය. කර්‍මය ඔහුට පිහිටය.´´

6. දෙවෙනි ජන (හෙවත් ජනෙති) සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක්

බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2.´´ කිමෙක් නමි සත්ත්‍වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නමි ඈත මෑත දුවයිද? කිමෙක් නමි සසර වැදුනේද? ඔහු නොමිදෙනුයේ කුමකින්ද?´´

3.(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළඍේක) ´´ තණ්හාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්‍වයා සසර වැදුණේය. ඔහු (නසි මග යන තෙක්ම ) නොමිදෙනුයේ දුකිනි.´´

5. පළමුවන ජන (හෙවත් ජනෙති ) සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´කිමෙක් නම් සත්ත්‍වයා උපදවාද? ඔහුගේ කිමෙක් නම් ඒ මේ අත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුට(වූ) මහත්ම භය වේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´තණ්හාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්‍වයා සසර වැදුණේය. ජාති ජරාදී දුක ඔහුටවූ මහත් භයයි.´´

4. වත්‍ථු (හෙවත් කිංසුවත්‍ථු) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිනූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´මිනිසුන්ට පිහිට කිමෙක්ද? මේ ලෝකයෙහි උතුම් යහළුවා කවරේද? යම් ප්‍රාණි කෙනෙක් පොළොවෙහි වෙත්ද ඒ සත්ත්‍වයෝ කුමක් ඇසුරුකොට ජීවත් වෙද්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´දරුවෝ මිනිසුන්ට පිහිටයි. භාය්‍ර්‍යාවම උතුම් යහළුවායි. යම් ප්‍රාණීහු පොළොවෙහි වෙත්නම් ඒ සත්තු වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.´´

3. මිත්ත (හෙවත් කිංසුමිත්ත) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීරවර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´පිටරට යන්නහුගේ මිත්‍රයා කවරේද? සිය ගෙයි වසන්නහුගේ මිතුරා කවරේද? උපන් කටයුත්තක් ඇත්තහුට මිත්‍රයා කවරේද? පරලොව යන්නහුට හිතවූ මිතුරා කවරේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´පිටරට යන්නහුගේ මිත්‍රයා ගැල් රංචුව හෝ තවලමයි. සිය ගෙයිදී මිතුරා මවුයි. උපන් වැඩක් ඇත්තහුට යලි යලිත් මිතුරා යහළුවායි. තමා නළ යම් පින් ඇත්ද, ඒ පරලොවට හිතවූ මිතුරායි.´´

2. අජරසා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක ්බබළන ශරීර ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´නොදිරා යෑමෙන් කිමෙක් මනාප වේද? කුමක් නම් පිහිටියේ මනාප වේද? මිනිසුන්ට කිමෙක් නම් රත්න වේද? කුමක් නම් සොරුන් විසින් හැරගත නොහැකිද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ශීලය නොදිරා යෑමෙන් මනාප වේ. ශ්‍රද්ධාව පිහිටියේ මනාප වේ. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වෙයි. පින සොරුන් විසින් හැරගත නොහැක්ක.´´

1. ජරා (හෙවත් කිංසුජරා) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´මහලු බව දක්වාම කිමෙක් නම් යහපත්ද? කිමෙක් (සිතෙහි) පිහිටීම යහපත්ද? කිමෙක් නම් මිනිසුන්ට රත්නයක් වේද? කිමෙක් නම් සොරුන් විසින් හැරගෙන යා නොහැකිද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´මහලුබව දක්වාම සිල් රැක්ම යහපති, ශ්‍රද්ධාව ස්ථිරව පිහිටීම මැනවි. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වේ. පින සොරුන් විසින් පැහැරගත හැකි නොවේ.´´