3. අන්න සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´දෙවියෝත් මිනිස්සුත් යන දෙකොටස ආහාර පතත්මය. එසේවූ කල කවර නම් සත්‍වයෙක් ආහාරයට සතුටු නොවේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´යම් කෙනෙක් සර්‍ධායෙන්, වෙසෙසින් පහන්වූ සිවින්, (ආහාර) දෙත්ද, ඒ දානයාගේ විපාකයම මෙලොවත් පරලොවත් ඔහු අනුව යෙයි.

´´එබැවින් මසුරු බව දුරලිය යුතු. මසුරුමළ දුරලා දන් දෙන්නේය. දන් දිය යුතු සත්ත්‍වයන්ට පරලොවදී පුණ්‍යයෝ පිහිට වෙත්´´