10. ඵණිජඞඝ සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ඒණි මුවෙකුගේ බඳු වට කෙණ්ඩා ඇති, කෘශවූ, ස්වල්පාහාර ඇති, ලොල් බැව් නැති, හුදෙකලිව හැසිරෙන සිංහයෙකු බඳු, ඇතකු බඳු, කාම අපේක්‍ෂා නැති, වීරයන් වහන්සේ කරා එළඹ විචාරම්හ: දුකින් කෙසේ මිදෙමුද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ලොව මනැස සවැනි කොට ඇති පඤචකාම බන්‍ධන ප්‍රසිද්ධයහ. මෙහි ඇල්ම දුරලීමෙන් මෙසේ දුකින් මිදේ´´

තෙවැනි සත්ති වර්‍ගසසි.