Category Archives: 1. සගාථ වර්ගය.

5. අක්කොධ (හෙවත් අවිහිංසා) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. 3. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) මහණෙනි, පෙරවූ දැයෙක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුධර්‍මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටුකරන්නේ ඒ වේලායෙහි මේ ගාථාව …

Continue reading

4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල වනාහි භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ. එහි එක් භික්‍ෂුවක් නුසුදුසු වචන ඔහු පිළිබඳ කීයේය. ඉක්බිති ඒ භික්‍ෂුතෙමේ අනික් භික්‍ෂුව සමීපයෙහි වරද වරද වශයෙන් පෙන්වයි. ඒ භික්‍ෂුව (ඒ වරද කීම) නොපිළිගනී. 3. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ …

Continue reading

3. මායා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ) ´´මහණෙනි, පෙර වූවක් කියමි. වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ විය. 3. ´´මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම …

Continue reading

2. දුඛණ්ණීය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන්ට කථාකළ සේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. 2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. දුවර්‍ණවූ, මිටිවූ, එක්තරා යකෙක් ශක්‍රදේවේන්‍ද්‍රයාගේ අස්නෙහි හුන්නේ …

Continue reading

1. ඣත්‍වා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. 3. එකත්පස්ව සිටි ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීය: 4. ´´ගෞතමයන් වහන්ස, (සත්ත්‍වතෙම) කුමක් නසා සුවසේ නිදාගනීද? කුමක් නසා ශෝක නොකෙරේද? …

Continue reading

10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. 2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූ සේක, ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. 3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට (මෙසේ) කීය: …

Continue reading

9. (දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූ සේක, ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. 2. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට (මෙසේ) කීය: ´යහලු …

Continue reading

8. (පළමුවන) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය. 2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට කථා කෙළේය. ´යහලු මාතලිය, (අසුන්) දහසින් යුත් …

Continue reading

7. වන්‍දනා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 2. එකල භාග්‍යවතුන් වහන්සේ දහවල් විවේකය පිණිස වැඩිසේක් විවේකීවූ සේක. 3. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙමේද, සහම්පතී බඹහුද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ වෙනවෙන දොරබාව ( උළුවහු කණු ) ඇසුරුකොට සිටියහ. 4. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ …

Continue reading

6. යජමාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසනසේක. 2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය. 3. එකත්පසෙක සිටි ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය: ´´පින් කැමතිව යාග කරන්නාවු, මතු භවයන්හි විපාක ගෙනදෙන පින් කරන්නාවූ, මනුෂ්‍ය ප්‍රාණීන් විසින් කවර කෙනෙකුන්ට දෙන …

Continue reading