137. සළායතන විභඬග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ,මහණෙනි, කියා ආමන්ත්‍රණය කළසේක. ,පින්වතුන් වහන්සැයි,, ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. ,මහණෙනි, ෂඩායතනයන්ගේ විස්තර තොපට දේශනා කරන්නෙමි. එය අසව් යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි, යනුයි. ,එසේය ස්වාමීනියි, ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

2. ,ආධ්‍යාන්මික ආයතන සයක් (විදර්‍ශනා සහිත මාර්‍ග ඥානයෙන්) දතයුතුය. බාහිර ආයතන සයක් දතයුතුය. විඤ්ඤණ කාය සයක් දතයුතුය. ස්පර්‍ශ කාය සයක් දතයුතුය. මනොපවිචාර (විතර්‍ක විචාර) අටළොසක් දතයුතුය. සත්ව පද සතිසක් දතයුතුය. එහි මෙය නිසා මෙය දුරුකරව්. ආය්‍ර්‍යතෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, යම් සතිපට්ඨාන තුනක් සේවනය කරන්නාවූ ආය්‍ර්‍යවූ ශසතෘතෙම සමුහයාට අනුශාසනා කරන්ට සුදුසුවෙයි. හෙතෙම දමනය කළයුත්තවුන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරිසදම්මසාරථි යයි කියනු ලැබේ. මෙය සළායතන විභඬගයාගේ උද්දේස යයි. (මාතෘකාවයි.)

3. ,ආධ්‍යාත්මිකවූ ආයතන සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය, යන මොහුයි. ආධ්‍යාත්මිකවූ ආයතන සයක් දතයුතුයයි. මෙසේ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී. බාහිර ආයතන සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? රූපායතනය සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොටඨබ්බායතනය, ධමමායතනය, යන මොහුයි. බාහිරවූ ආයතන සයක් දතයුතුයයි, මෙසේ ඒ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී. විඤ්ඤාණ කාය සයක් දතයුතුයයි, මෙසේ වනාහි මේ කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? චක්ඛු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණය, යන මොහුයි. විඤ්ඤාණ කාය සයක් දතයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද? එය මේ සඳහා කියන ලදී.

4. ,පොට්ඨබ්බකාය සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? චක්ඛුසම්ඵසසය, සොත සම්ඵසසය, ඝාන සම්ඵසසය, යන මොහුය. ඵසස කාය සයක් දත යුතුයයි මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී. ,මනොපවිචාර (විතර්‍ක විචාරයෝ) අටළොසක් දතයුතු යයි, මෙසේ මනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? ඇසින් රූපයක් දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්‍ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට සොම්නසට කරුණුවූ, ගන්‍ධය අනුව හැසිරෙයි. දොම්ිනසට කරුණුවූ, ගන්‍ධය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, ගන්‍ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවු, රසය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්‍ශ කළයුත්ත ස්පර්‍ශකොට සොම්නසට කරුණුවූ ධර්‍මාරමුණ අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, කරුණුවූ ධර්‍මාරමුණ අනුව හැසිරෙයි. මැදිහත් බවට කරුණුවූ ධර්‍මාරමුණ අනුව හැසිරෙයි. සිතින් ධර්‍මය දැන සොම්නසට කරුණුවූ ධර්‍මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ධර්‍මය අනුව හැසිරෙයි. උපේක්‍ෂාවට කරුණුවූ ධර්‍මය අනුව හැසිරෙයි. මෙසේ සොම්නස්සුපවිචාරයෝ සයක්ද, දොම්නස්සුප විචාරයෝ සයක්ද, උපෙක්‍ෂාපවිචාරයෝ සයක්ද යන මනොපවිචාරයෝ අටළොසක් දතයුතුයයි. මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියනලදී.

5. ,සත්‍වයන්ගේ පදයෝ (වට්ටවිවට්ට වශයෙන් සත්‍වයන්ගේ පැවැත්මට හෙතු) සතිසක් දතයුතුයයි, මෙසේ වනාහි මේ කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෙහසිතවූ (පස්කම්ගුණ ඇසුරු කළාවූ) සොමනසසයෝ සයත් වෙත්. නෛෂ්ක්‍රම්‍ය ඇසුරුකළාවූ (විදර්‍ශනාව ඇසුරු කළාවූ) සොමනසසයෝ සයක් වෙත්. ගෙහසිතවූ දොමනසසයෝ සයක් වෙත්. නෛෂක්‍රම්‍ය ඇසුරු කළාවූ දොමනස්සයෝ සයක් වෙත්. කාම ගුණයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂා සයක් වෙත්. නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ උපෙක්‍ෂා සයක් වෙත්. එහි කාම ගුණයන් ඇසුරු කළාවූ සොම්නස් හය කවරහුද? චක්‍ෂුර්විඥානයෙන් දතයුතුවූ කැමතිවූ මනාපවූා සිත සතුටු කරන්නාවූ තෘෂණාවෙන් යුක්තවූ රූපයන්ගේ ලැබීම ලාභයක් වශයෙන් සලකන්නා හටස පූර්‍වයෙහි ලබන ලද ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (රූපය) සිහි කරන්නහුටද සොම්නසක් උපදියි. මෙබඳ්‍ර යම් සොම්නසක් වේද, මෙය ගෙහසිත (කාම ගුණයන් ඇසුරු කළාවූ) සොම්නසයයි කියනු ලැබේ. සොත විඥානයෙන් දතයුතුවූ කැමැති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ශබ්දයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්‍වයෙහි හෝ ලබන ලද ඉකුත්වූ,නිරුද්ධවූ, වෙනස්වූ, (ශබ්දය) සිහි කරන්නහුටද සොම්නස උපදියි. මෙබඳ්‍ර යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ.

ඝෟණවිඤාඤාණයෙන් දත යුතු වු ගත්‍ධයන්ගේ (ගත්‍ධය) කැමති වන්නාවු, මන වඩන්නා වු, සතුටු වන්නාවු ලෝකාමිෂ සංඛා්‍යාත තෟෂ්ණාවෙන් යුත්තවූ, ගන්ධයන්ගේ ලැබිම හෝ ලැබිම් වශයෙන් දක්නහුටද පුර්‍වයෙහි හෝ ලබන ලද ඉකුත් වූ, නිරුඩ වූ, වෙනස් වූ, (ගත්‍ධය) සිහිකරන්න හුටද, සොම්නස උපදියි. මෙබදු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවු, සොම්නසයයි කියනු  ලැබේ. ජිව්හා විඤාඤාණයෙන් දතයුතුවූ, ´´රසයන්ගේ´´ (රසය) කැමති වන්නාවු, මන වඩන්නාවු, සතුට වන්නාවූ ලොකාමිෂ සංඛා්‍යාත තෟෂ්ණාවෙන් යුත්තවූ, රසයන්ගෙන් ලැබිම හෝ ලැබිම් වශයෙන් දක්නහුටද පුර්‍වයෙහි හෝ ලබන ලද ඉගුත් වු, නිරුඩවු, වෙනස් වු, (ගත්‍ධය) සිහිකරන්නහුටද, සොම්නස උපදියි. මෙබදූ යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවු, සොම්නසයයි කියනු ලැබේ. කාය විඥානයෙන් දතයුතුවූ, ,ස්පර්‍ශ කළයුත්තවුන්ගේ, (ස්පර්‍ශ කළයුත්ත) කැමති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ස්පර්‍ශයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්‍වයෙහි හෝ ලබනලද, ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, ස්පර්‍ශය සිහිකරන්නහුටද සොම්නස උපදියි, මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. මනො විඥානයෙන් දනයුතුවූ කැමතිවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, සිත පිනවන්නාවූ, තෘෂ්ණාවන්ගෙන් යුක්තවූ, ධර්‍මයන්ගේ ලැබීම ලැබීම් වශයෙන් සලකන්නහුටද පූර්‍වයෙහි ලබනලද, ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (ධර්‍මාරමුණ) සිහිකරන්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළවූ සොම්නසයයි කියනු ලැබේ. මොහු ගේ සිත (කාම ගුණයන් ඇසුරු කළාවූ) සොම්නස් හය වෙත්.

6. ,එහි නෙකඛමමසිත (නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ) සොම්නස් හය කවරහුදයත්? රූපයන්ගේම අනිත්‍ය බව වෙනස්වීම, නොඇල්ම, නිරුද්ධවීම, දැන පූර්‍වයෙහි යම් රූපයෝ වූවාහුද දැන් යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයහ, දූක්යහ, විපරිනාම ස්වභැව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනානුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ සොම්නසයයි කියනු ලැබේ. ශබ්දයන්ගේම අනිත්‍යබව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන පූර්‍වයෙහිවූද, මේ කාලයෙහිවූද, ශබ්දයෝ වෙත්ද, සියලු ඒ ශබ්දයෝ අනිත්‍යයහ. දූක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. ගන්‍ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය, දැන, පූර්‍වයෙහිවූද, මේ කාලයෙහි වූද, ගන්‍ධයෝ අනිත්‍යයහ, දූක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්ාවීම, විරාගය, නිරෝධය දැන, පුර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, රසයෝ වෙත්ද, සියලු ඒ රසයෝ අනිත්‍යයහ. දූත්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නස යයි කියනු ලැබේ. ධර්‍මයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරොධය, දැන පූර්‍වයෙහි යම් ධර්‍මායතනයෝ වූවාහුද, දැන යම් ධර්‍මායතනයෝ වෙත්ද, ඒ සියලු ධර්‍මයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයයි, මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛක්ඛම්ම සිත (නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ) සොම්නස යයි කියනු ලැබේ. මොහු නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ සොම්නස් හය වෙත්.

7. එහි කාම ගුණයන් ඇසුරු කළාවූ දොම්නස් හය කවරහුද? චක්‍ෂුර්විඥාවයෙන් දතයුතුවූ ඉෂ්ට වූ කාන්ත වූ මනාපවූ මනොරම්‍යවූ ලොකාමිෂයන්ගෙන් යුක්ත වූ රූපයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුට පූර්‍වයෙහි හෝ නොලැබූ ඉක්ම ගියාවූ නිරුද්ධවූ වෙනස්වූ රූපය) සිහිකරන්නහුට දොම්නස උපදියි. මෙබදු යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. සොත විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්ත වූ, ශබ්දයන්ගේ නොලැබීම හෝ නොලැබීම වශයෙන් දක්නහුටද, පූර්‍වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (රූපය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ඝ්‍රාණවිඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටුවන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ගන්‍ධයන්ගේ නොලැබීම හෝ නො ලැබීම් වශයෙන් දක්නහුටද, පූර්‍වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ(ගන්‍ධය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙ8ය කාමගුණයන් ඇසුරු කළාවූ, දොම්නසයයි කියනු ලැබේ. ජිව්හා වි්ඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටුවන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, රසයන්ගේ නොලැබීම හෝ නොලැබීම වශයෙන් දක්නහුටද, පූර්‍වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (රසය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. කාය විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ස්පර්‍ශයන්ගේ නොලැබීම හෝ නොලැබීම වශයෙන් දක්නහුටද, පූර්‍වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ,(ස්පර්‍ශය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. මනො විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවන්නාවූ, මනාපවූ, සතුටුවන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ධර්‍මායතනයන්ගේ නොලැබීම හෝ නොලැබීම වශයෙන් දක්නහුටද, පූර්‍වයෙහි හෝ නොලද විරූ ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ධර්‍මය) දක්නහුට දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළවූ දොම්නසයයි කියනු ලැබේ. මොහු සදෙන කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් වෙත්.

8. ,එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ දොම්නස් හය කවරහුද? රූපයෙන්ම අනිත්‍ය බව වෙනස්වීම නොඇල්ම වැළැක්ම දැන, පූර්‍වයෙහිද මේ කාලයෙහිද, යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක නිරුත්තරවූ විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව තබයි. මේ කාලයෙහි ආය්‍ර්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙමි දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව පිහිටු වන්නහුට ඒ ප්‍රාත්‍ර්‍ථනාව තබයි. මේ කාලයෙහි ආය්‍ර්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම්දැයි, මෙසේ නිරුත්තර වූ විමොක්‍ෂයන් හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව පිහිටුවන්නහුට ප්‍රාත්‍ර්‍ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ගන්‍ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, යම් ගන්‍ධයෝ වෙත්ද, ඒ සියලු ගන්‍ධයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තර වූ, විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව තබයි. මේ කාලයෙහි ආය්‍ර්‍යයෝ යම් රහක් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහක් බවට පැමිණ වාසය කරන්නෙම්දැයි, මෙසේ නිරුත්තර වූ, විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, යම් රසයෝ වෙත්ද, ඒ සියලු රසයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව තබයි. මේ කාලයෙහි ආය්‍ර්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙහි නම් මම ඒ එහත් බවට පැමිණ වාසය කරන්නෙම්දැයි, මෙසේ නිරුත්තරවූ, විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව පිහිවන්නහුට ප්‍රාත්‍ර්‍ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ස්පර්‍ශ කළ යුත්තන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නෙඇලීම, නැතිවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, යම් ස්පර්‍ශයෝ වෙත්ද, ඒ සියලු ස්පර්‍ශයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවු විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනා තබයි. මේ කාලයෙහි ආය්‍ර්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහක් බවට පැමිණ වාසය කරන්නෙම්දැයි මෙසේ නිරුත්තරවු, විමෝක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව පිහිටුවන්නහුට ප්‍රාත්‍ර්‍ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු  යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළවූ දොම්නසයයි කියනු ලැබේ. ධර්‍මයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැසීම්, දැන පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, ධර්‍මායතනයෝ වෙත්ද, ඒ සියලු ධර්‍මායතනයෝ අනිත්‍යයහ. දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ විමොක්‍ෂයන් හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව පිහිටුවයි. ආය්‍ර්‍යයෝ මේ කාලයෙහි යම් රහත් බවකට පැමිණ වාසය කෙරෙත්ද, කවර කලෙක්හි නම්, මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම්දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව තබන්නහුට ප්‍රාත්‍ර්‍ථනාව නිසා දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. මොහු සදෙන නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නස් වෙත්.

9. ,එහි කාමගුණයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂා සය කවරහුද යත්? ඇසින් රූපය දැක බාලවූ මූඪවූ පෘථග්ජනවූ ක්‍ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදක්නා සුථවූ අශ්‍රුතවත් පෘථග්ජනයාහට අඥානකම නිසා උපදනා උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද, ඕතොමෝ රූපය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව කාමගුණ නිශ්‍රිත උපෙක්‍ෂායයි කියනු ලැබේ. කණින් ශබ්දය අසා බාලවූ, මුඪවූ, පෘථග්ජකවූ, ක්‍ෂීණශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසුපිරූතැන් නැති, පෘථග්ජනයා හට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව ශබ්දය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්‍ෂාව යයි කියනු ලැබේ. නාසයෙන් ගඳ දැන බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්‍ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදක්නා ඇසූපිරූතැන් නැති, පෘථග්ජනයාහට නොදැනීමෙන් නිසා උපදනා මැදිහත් බව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව ශබ්දය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්‍ෂාව යයි කියනු ලැබේ. දිවෙන් රසවිඳ බාලවූ, මුඪවූ, පෘථග්ජකවූ, ක්‍ෂීණශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසුපිරූතැන් නැති, පෘථග්ජනයා හට නොදැනීමෙන් උපදනා මැදිහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව රසය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්‍ෂාව යයි කියනු ලැබේ. කයින් ස්පර්‍ශ කටයුත්ත ස්පර්‍ශකොට බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්‍ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නා වූ, ඇසුූපිරූතැන් නැති පෘථග්ජනයාට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව ස්පර්‍ශය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්‍ෂාව යයි කියනු ලැබේ. සිකින් ධර්‍මාරම්මනය දැන බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්‍ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදක්නා සුළුවූ, ඇසූපිරූතැන් නැති, පෘථග්ජනයාහට අඥානකමින් හටගන්නා උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද, ඕතොමෝ ධර්‍මාරම්මනය නොඉක්මවයි. එහෙයින් ඕතොමෝ කාමගුණ නිශ්‍රිත උපෙක්‍ෂාව යයි කියනු ලැබේ. මොහු සදෙන කාමගුණ නිශ්‍රිත උපෙක්‍ෂාවෝ වෙත්.

10. ,එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළවූ උපෙක්‍ෂාවෝ සදෙන කවරහුදයත්? රූපයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම්, නොඇලීම, නිරුද්ධවීම, දැන පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් බලන්නහුට උපෙක්‍ෂාව උපදියි. ඒ උපෙක්‍ෂාව රූපය ඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂායයි කියනු ලැබේ. ශබ්දයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, ශබ්දයෝ වෙත්ද, ඒ සියලු ශබ්දයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්‍ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවයයි කියනු ලැබේ. ගන්‍ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද ගන්‍ධයෝ වෙත්ද, ඒ සියලු ගන්‍ධයෝ අනිත්‍ය අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්‍ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද ගන්‍ධයෝ වෙත්ද, ඒ සියලු ගන්‍ධයෝ අනිත්‍ය අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්‍ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවයයි කියනු ලැබේ. ස්පර්‍ශකළ යුත්තන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද ස්පර්‍ශයෝ වෙත්ද, ඒ සියලු ස්පර්‍ශයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්‍ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවයයි කියනු ලැබේ. ධම්මාරම්මණයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද ධම්මාරම්මණයෝ වෙත්ද, ඒ සියලු ධම්මාරම්මණයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්‍ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව ධම්මාරම්මණ ඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවයයි කියනු ලැබේ. මොහු සදෙන නෛෂ්ක.්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවෝ වෙත්.

11. ,සත්‍වයන්ගේ පාදයෝ සතිය දතයුත්තාහුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.

,එහි මෙය නිසා මෙය දුරුකරව් යයි මෙසේ කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, එහි යම් නෛෂක්‍රම්‍යයන් ඇසුරු කළාවූ සොම්නස් හයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ, යම් කාමගුණ නිශ්‍රිත සොම්නස් හයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මසේ මොවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ දොම්නස් සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ යම් කාමගුණයෙන් ඇසුරු කළාවූ දොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මෙවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් උපෙක්‍ෂා හයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ, යම් කාමගුණයන් ඇසුරු කළාවූ යම් උපෙක්‍ෂා සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.

12. ,මහණෙනි, එහි යම් නෛෂක්‍රම්‍යයන් ඇසුරු කළාවූ සොම්නස් සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් දොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් උපෙක්‍ෂා සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් සොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මෙවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි නානාවත්වවූ (අනෙකප්‍රකාරවූ) නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් ඇත්තේය. එකත්වවු එක් අරමුණක් ඇසුරු කළා වූ උපෙක්‍ෂාවක් ඇත්තේය. මහණෙනි, නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළවූ උපෙක්‍ෂාව කවරීද? මහණෙනි රූපයන්හි උපෙක්‍ෂාව ඇත්තේය. ශබ්දයන්හි ඇත්තේය. ගන්‍ධයන්හි ඇත්තේය. රසයන්හි ඇත්තේය. ස්පර්‍ශයන්හි ඇත්තේය. මහණෙනි, මේ උපෙක්‍ෂාව නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්‍ෂාව වේ.

13. ,මහණෙනි, ඒකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්‍ෂාව කවරීද? මහණෙනි, ආකාසානඤචායතනය ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් ඇත්තේය. විඤඤාණඤායතනය ඇසුරුකළාවූ උපෙක්‍ෂාවක් ඇත්තේය. ආකිඤචඤඤායතනය ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් ඇත්තේය. නෙවසඤඤානාසඤඤායතනය ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් ඇත්තේය. මහණෙනි, මේ උපෙක්‍ෂාව එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්‍ෂාව වේ. මහණෙනි, එහි යම් මේ එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් වේද, ඒ නිසා එයට පැමිණ යම් මේ නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් වේද, එය දුරුකරව්. එය ඉක්මවව්. මෙසේ මේ උපෙක්‍ෂාවගේ දුරුකිරීම වේ. මෙසේ මේ උපෙක්‍ෂාවගේ ඉක්මවීම වේ. මහණෙනි, තෘෂ්ණා රහිත බව නිසා තෘෂ්ණා රහිත බවට පැමිණ යම් යම් එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවගේ දුරුකිරීම වේ. මෙසේ මේ උපෙක්‍ෂාවගේ ඉක්මවීම වේ. එහි මෙය නිසා මෙය දුරුකරව්යයි මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

14. ,ආය්‍ර්‍ය පුද්ගල තෙමෙයම් සතිපටඨාන තුනක් සේවනය කෙරේද, ආය්‍ර්‍ය ශාසතෘතෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසු වේයයි මෙසේ වනාහි මේ කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, මේ ශාසනයෙහි ශාසතෘතෙම ශ්‍රාවකයන්ට අනුකම්පා ඇත්තේ වැඩ කැමැත්තේ අනුකම්පා පිණිස, මෙය තොපට වැඩ පිණිස, මෙය තොපට සැප පිණිස වේයයි ධර්‍මය දෙශනා කරයි.

15. ,උන්වහන්සේගේ ඒ ධර්‍මය ශ්‍රාවකයෝ අසනු නො කැමැති වෙත්ද, කන් නොඑලවත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ශාසතෲන් වහන්සේගේ අනුශාසනාවෙන් ඉක්ම පවතිත්ද, මහණෙනි, එහි තථාගත තෙම නොම සතුටු සිත් ඇත්තේ වෙයි. සතුටු සිත් ඇති බව ප්‍රකාශ නොකරයි. ෙවෂය වෑස්සීමක් නැතිව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආය්‍ර්‍යවූ සම්‍යක් සම්බුද්ධ තෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නාවූ ආය්‍ර්‍ය වූ ශාසතෘතෙම සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ මේ පළමු වැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.

16. ,මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශාසතෘතෙම අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, අනුකම්පා පිණිස මෙය තොපට වැඩ පිණිස මෙය තොපට සැප පිණිසයයි ශ්‍රාවකයන්ට ධර්‍මය දෙශනා කරයි. උන්වහන්සේගේ ධර්‍මය ඇතැම් ශ්‍රාවකයෝ අසනු කැමති නොවෙත්. කන් නොඑලවත්. දැන ගැනීමටා සිත නොපිහිටුවත්. ශාසතෲන් වහන්සේගේ අනුශාසනාවෙන් වෙන්ව පවතිත්. ඇතැම් ශ්‍රාවකයෝ අසනු කැමති වෙත්. කන් එලවත්. දැනගැණීම පිණිස සිත පිහිටුවත්. ශාසතෲන් වහන්සේගේ අනුශසනා වෙන් වෙන්ව නොපවතිත්. මහණෙනි, එහි තථාගතතෙම සතුටු සිත් ඇත්තේද නොමවේ. සතුටු සිත් ඇති බවද ප්‍රකාශ නොකරයි. නොසතුට්‍ර සිත් ඇත්තේද නොවෙයි. නොසතුටු සිත් ඇති බවද ප්‍රකාශ නොකරයි. සතුටු සිත් ඇති බවද නොසතුටු සිත් ඇති බවද යන ඒ දෙකම දුරු කොට හෙතෙම මධ්‍යස්ථවූයේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආය්‍ර්‍යතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, ආය්‍ර්‍යවූ ශාසතෘතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ මේ දෙවැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.

17. ,මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශාසතෘ තෙම අනුකම්පා ඇත්තේ, වැඩ කමැත්තේ, අනුකම්පා පිණිස මෙය තොපට හිත පිණිසය, මෙය තොපට සැප පිණිසයයි, ශ්‍රාවකයන්ට ධර්‍මය දෙශනා කරයි. උන්වහන්සේගේ ධර්‍මය ශ්‍රාවකයෝ අසනු කැමති වෙත්. කන් එලවත්. දැන ගැණීමට සිත පිහිටුවත්. ශාසතෲන් වහන්සේගේ අනුශාසනාවෙන් බැහැරවද නොපවතිත්. මහණෙනි, එහි කථාගත තෙම සතුටු සිත් ඇත්තේ ද වෙයි. සතුටු සිත් ඇති බවද ප්‍රකාශ කරයි. ආශාව වෑස්සීමෙන් තොරව සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආය්‍ර්‍ය වූ ශාසතෘතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ තුන්වැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.

18. ,ආය්‍ර්‍යවූ යමෙක් සම්බුද්ධ තෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, ආය්‍ර්‍යවූ ශාසතෘතෙම යමක් සේවනය කරන්නේ, සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවේයයි, මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

,හෙතෙම දමනය කළ යුත්තන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාත්‍ව වාහකයෙකු බඳුයි කියනු ලැබේයයි, මෙසේ වනාහි මේ කියන ලදී. කුමක් සඳහා මේ කියන ලදද? මහණෙනි, ඇතුන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ ඇතා මෙහෙයවන ලද්දේ එකම දිසාවකට දුවයි. පූර්‍ව දිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ (දුවයි). මහණෙනි, අසුන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ අසු මෙහෙයවන ලද්දේ, එකම දිසාවකට පූර්‍ව දිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ දුවයි. මහණෙනි, ගවයන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ ගවයා මෙහෙයවන ලද්දේ එකම දිසාවකට පූර්වදිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ දුවයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් විසින් දමනය කළාවූ පුරුෂතෙම මෙහෙයවන ලද්දේ අටදිසාවන්ටම දුවයි. රූපී පුද්ගල තෙම රූපයන් දකියි. මේ පළමුවන දිසාවයි. තමා කෙරෙහි අරූප සංඥා ඇත්කේ පිටත්හි රූපයන් දකියි. මේ දෙවන දිසාවයි. සුභයයිම අදහස් ඇත්තේ වෙයි. මේ තුන්වන දිසාවයි. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවක් නැසීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤචායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සතරවන දිසාවයි. සියලු ආකාරයෙන් ආකාසානඤචායතනය ඉක්මවා, විඤඤාණය අනන්තයයි විඤඤාණඤචායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ පස්වන දිසාවයි. සියලු ආකාරයෙන් විඤඤාණඤචායතනය ඉක්මවා කිසිවක් නැත්තේයයි, ආකිඤචඤඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සවන දිසාවයි. සියලු ආකාරයෙන් ආකිඤචාඤඤායතනය ඉක්මවා නෙවසඤඤානාසඤඤායතනය සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සත්වන දිසාවයි. සියලු ආකාරයෙන් නෙවසඤඤානාසඤඤායතන සමාපත්තිය ඉක්මවා සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ අටවන දිසාවයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් දමනය කරණලද පුරුෂතෙම මෙහෙයවන ලද්දේ මේ අට දිසාවන්ට විශෙෂයෙන් දිවීම කරයි. හෙතෙම දමනය කළයුත්තන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරිසදම්ම සාරථි,යි කියනු ලැබේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සික් ඇකි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

සත්වැනි සළායතන විභඬග සූත්‍රය නිමි. (4-7)

136. මහාකම්ම විභද්ධග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාස නම්වූ වෙථමනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සමද්ධ ස්ථවිරතෙම අරණ්‍ය කුටියක්හි වාසය කරයි. එකල්හි පොතලිපුත්ත නම් පරිව්‍රාජක තෙම ජද්ධඝාවිහරණයෙන් (පා ගමනින්) සක්මන් කරන්නේ ගමන් කරන්නේ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය.

2. එකත්පසෙක හුන්නාවූ ´පොතලිපුත්ත´ නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙය කීයේය. ´´ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, කාය කර්මය හිස්ය. ඵල රහිතය. වාග් කර්මය හිස්ය. ඵල රහිතය. මනො කර්මයම සත්‍යය යන මෙය මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන් අසන ලදී. උන්වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේදැ´යි ඇසීය.

´´ඇවැත් පොතලිපුත්‍රය, එසේ නොකියව්, ඇවැත් පොතලිපුත්‍රය, එසේ නොකියව්, භාග්‍යවතුන් වහන්සේට නින්දා නොකරව. භාග්‍යවතුන් වහන්සේට නින්දා කිරීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ කාය කර්මය හිස්ය, ඵල රහිතය. වචී කර්මය හිස්ය, ඵල රහිතය. මනො කර්මය සත්‍යයයි මෙසේ නොවිදාරන්නේය. ඇවැත්නි, යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේමැයි´´

3. ´´ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, ඔබ පැවිදිව කෙතෙක් කල් වූයෙහිදැ´´යි (ඇසී.)

´´ඇවැත්නි, බොහෝ කල් නොවේ. තුන් අවුරුද්දකැ´යි කීය.

´´යම් තැනෙක්හි (යම් සස්නෙක්හි) මෙසේ නවක භික්ෂු තෙම ශාස්තෲන් වහන්සේ ආරක්ෂා කළයුත්තකෙු කොට හඟින්නේ නම් මෙහිදී අපි ස්ථවිර භික්ෂූන් ගැන කුමක් කියන්නෙමුද?

´´ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, දැන දැන කයින්, වචනයෙන්, සිතින් නම් කොට ඒ පුද්ගල තෙමේ කිනම් වේදනාවක් විඳීද?

´´ඇවැත් පොතලිපුත්‍රය, දැන දැන කයින්, වචනයෙන්, සිතින් කර්ම කොට, ඒ පුද්ගල තෙමේ වේදනාව විඳින්නේය.´´

4. ඉක්බිති පොතලිපුත්‍ර නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ගේ කීම නොපිළිගත්තේය. ප්‍රතික්ෂේපද නොකෙළේය. නොසතුටුව, ප්‍රතික්ෂේපපද නොකොට පුනස්නෙන් නැගිට ගියේය.

ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජක බැහැර ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. ්එළඹ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමගවූ කථා සල්ලාපය යම් පමණක්වීද, ඒ සියල්ල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කීයේය. එසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙය කීයේය. ´´ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, මේ කථා පඬුර භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඇත්තේමය. ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයනි, යමු, භාග්‍යවතුන් වහන්සේ, යම් තැනෙක්හිද එතැනට එළඹෙන්නෙමු. එළඹ, මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැල කරන්නෙමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමු´´ යනුය. ´´ඇවැත්නි, එසේය,´´ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට පිළිතුරු දුන්නේය.

5. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතනැට එළඹියාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමග කළ කතාබහ යම් පමණක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැල කෙළේය. එසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ වදාළේය. ´´ආනන්දය, මම පොලිපුත්‍ර නම් පරිව්‍රාජකයා දුටු බවක්වත් නොදනිමි. මෙබඳු කථා බහක් කෙසේ ඇති වන්නේද? ආනන්දය, මේ සමිද්ධි නම් හිස් පුරුෂයා විසින් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට බෙදා ප්‍රකාශ කටයුතු වූ ප්‍රශ්නය එක් අංශයකින් ප්‍රකාශ කෙළේය.

6. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම භාග්‍යවතුන්වහන්සේට ´´ස්වාමීනි, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් විසින් ´´යම්කිසි විඳීමක් වෙයි නම් එය දුකය´ යන මෙය සඳහා කියන ලද්දක් විය හැකිය´´යි කීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළසේක. ´´ආනන්දය, මේ උදායි නම් මොඝ පුරුෂයාගේ නොමඟ යාම නුඹ, බලව. ආනන්දය, මම වනාහි දැන්ම මේ උදායි නම් හිස් පුරුෂතෙම කාරණානුකූලව නොගෙන හිස ඔසවන්නේ යයි දැන ගතිමි.

´´ආනන්දය, මුලදීම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා විසින් ්වේදනා තුන අසන ලද්දාහ. ආනන්දය, ඉඳින් මේ සමිද්ධි නම් හිස් පුරුෂතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට මෙසේ අසන ලද්දේ මෙසේ ප්‍රකාශ කෙළේ නම්, (කෙසේද?) ´ඇවැත් පොතලීපුත්‍රය, කයින්, වචනයෙන්, සිතින් දැන දැන සැප විඳිය යුතුවූ ක්ර්මයක් කොට හෙතෙම සැප විඳියි. ඇවැත් පොතලිපුත්‍රය, කයින්, වචනයෙන්, සිතින් දැන දැන දුක් විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම දුක් විඳියි. ඇවැත් පොතලිපුත්‍රය කයින්, වචනයෙන්, සිතින් දැන දැන දැන දුක්ද නොවූ සැපද නොවූ වේදනා විඳිය ියුතුවූ කර්මයක් කොට හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳියයි´ ආනන්දය, මෙසේ ප්‍රකාශ කරන්නාවුම සමිද්ධි නම් හිස් පුරුෂතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට මනාකොට ප්‍රකාශ කරන්නේය.

7. ´´ආනන්‍දය, එතකුදුවූවත් අව්‍යක්තවූ බාලවූ අන්‍ය තීත්‍ථක පරිව්‍රාජකයෝ කවරහුද? තථාගතයන්ගේ මහාකර්‍ම විභාගය කවරහු දන්නාහුද? ආනන්‍දය, ඉදින් තෙපි මහා කර්ම විභාගය, බෙදා දක්වන්නාවූ තථාගතයන්ගේ (ඒ ධර්‍මය) අසන්නාහුදැයි´´ (ඇසූහ.)

´භාග්‍යවතුන් වහන්සේ යම් මහා කර්ම විභඬගයක් බෙදා වදාරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස ඊට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, ඊට මේ සුදුසු කාලය වේ. භාග්‍යවතුන් වහන්සේ (සමීපයෙන්) අසා භික්‍ෂූහු දරන්නාහුයයි´´ (කීය.)

8. ´´ආනන්‍දය, එසේ වීනම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමියි´´ වදාළේය. ´´ස්වාමීනි, එසේයයි´´ කියා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. ´´ආනන්‍දය, මේ පුද්ගලයෝ හතර දෙනෙක් ලෝකයෙහි විද්‍යාමාන වන්නාහුය. කවර හතර දෙනෙක්දයත්, ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෙහි ප්‍රාණඝාත කරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, රළු බස් කියන්නේ වේද, හිස්වූ කථා ඇත්තේ වේද, දැඩි ලාභය බහුලකොට ඇත්තේ වේද, ක්‍රොධ සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් සහිතවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපදියි.

9. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මෙහි සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, රළු බස් කියන්නේ වේද, හිස්බස් කියන්නේ වේද, දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වේද, ව්‍යාපාද සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදියි.

10. ´´ආනන්‍දය, ඇතැම් පුද්ගලයෙක් මෙහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු වචන කීමෙන් වැළකුනේ වේද, හිස් කථා කීමෙන් වැළකුනේ වේද, දැඩි ලෝභය බහුලකොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදියි.

11. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මෙහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු වචන කීමෙන් වැළකුනේ වේද, හිස් කථා කීමෙන් වැළකුනේ වේද, දැඩි ලෝභය බහුලකොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් සහිතවූ අකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපදියි.

12. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීය්‍ර්‍යයට පැමිණ ප්‍රධාන වීය්‍ර්‍යයට පැමිණ අනුයෝග වීය්‍ර්‍යයට පැමිණ අප්‍රමාද වීය්‍ර්‍යයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ දිවැස පිළිබඳ සමාධියක් ලබයි. යම්සේ එකඟවූ සිත් ඇතිකල්හි දිව්‍යවූ මිනි´සැස ඉක්ම පවත්නාවූ පිරිසිදුවූ ඇසින් මේ ලෝකයෙහි ප්‍රාණඝාත කළාවූද, සොරකම් කළාවූද, කාමයන්හි වරදවා හැසිරුණාවූද, බොරු කීවාවූද, කේළාම් කීවාවූද, රළු වචන කීවාවූද, හිස් බස් කීවාවූද, දැඩි ලෝභ ඇත්තාවූද, ව්‍යාපාද සිත් ඇත්තාවූද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් සහිතවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපන් මේ පුද්ගලයා දකියිද, හෙතෙම මෙසේ කියයි. ´පින්වත, ලාමකවූ කර්‍ම ඇත්තාහ. දුශ්චරිතයනට විපාක ඇත්තේය. මම මේ ලෝකයෙහි සතුන් මරා සොරකම් කොට, කාමයෙහි වරදවා හැසිරී, බොරු කියා, කේළාම් කියා, රළු බස් කියා, හිස් බස් කියා, දැඩි ලෝභ බහුලකොට ඇත්තාහු, ව්‍යාපාද සිත් උපදවා, මිථ්‍යාදෘෂ්ටිගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්‍ගති නම්වූ, විනිපාත නම්වූ, නරකයෙහි උපන් මේ පුද්ගලයා දකිමි´ යනුයි.

13. ´´ හෙතෙම මෙසේ කියයි. ´පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේද, සොරකම් කරන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්‍ගති නම්වූ, විනිපාත නම් නරකයෙහි උපදියි. යම් කෙනෙක් මෙසේ දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් ප්‍රකාරයකින් දනිත්ද, ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි. මෙසේ හෙතෙම යමක් ඔහු විසින් තමා විසින්ම දන්නා ලද්දක්ද, තමා විසින්ම දක්නා ලද්දක්ද, තමා විසින්ම ප්‍රකට කරන ලද්දේද, එයම ඔහු දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන එය ඇතුළත් කොට ගෙන මෙයම සත්‍යය, මෙයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කරයි.

14. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීය්‍ර්‍යයට පැමිණ ප්‍රධාන වීය්‍ර්‍යයට පැමිණ අනුයෝගයට පැමිණ අප්‍රමාදයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ දිවැස පිණිස පවත්නාවූ සමාධියක් ලබයි. යම්සේ එකඟවූ සිත ඇතිකල්හි පිරිසිදුවූ මිනි´සැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් මේ ලෝකයෙහි සතුන් මරා, සොරකම් කොට, කාමයන්හි වරදවා හැසිරෙන්නහු, බොරු කියන්නහු, කේළාම් කියන්නහු, රළු බස් කියන්නහු, හිස් බස් කියන්නහු, විෂම ලෝභය බහුල කොට ඇත්තහු, ව්‍යාපාද සිත් ඇත්තහු, මිථ්‍යාදෘෂ්ටි ගෙන, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන් මේ පුද්ගලයා දකියි.

15. ´´හෙතෙම මෙසේ කියයි. ´පින්වත, ලාමකවූ කර්‍ම නැත්තාහ. දුශ්චරිතයට විපාකයෙක් නැත්තේය. මම මේ ලෝකයෙහි ප්‍රාණඝාත කළ, සොරකම් කළ, කාමයන්හි වරදවා හැසිරුණු, බොරු කී, කේළාම් කී, රළු බස් කී, හිස් බස් කී, විෂම ලෝභය බහුලකොට ඇති, ව්‍යාපාද සිත් ඇති, මිසදිටු ගත් පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන් මේ පුද්ගලයා දකිමි´ යනුයි. හෙතෙම මෙසේ කියයි. ´පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේද, සොරකම් කරන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියවූ දිව්‍යලෝකයෙහි උපදියි. යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි´. මෙසේ හෙතෙම යමක් ඔහු විසින් තමන්ම දන්නා ලද්දේද, තමන්ම දක්නා ලද්දේද, තමන්ට ප්‍රකට කෙළේද, එයම දැඩි දෘෂ්ටි අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යය, මෙයින් අනික හිස්යයි ව්‍යවහාර කරයි.

16. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීය්‍ර්‍යයට පැමිණ, ප්‍රධාන වීය්‍ර්‍යයට පැමිණ, භාවනා වීය්‍ර්‍යයට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාකොට මෙනෙහි කිරීමට පැමිණ, යම් ආකාරයකින් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ මිනි´සැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් මේ පුද්ගලයා දකීද, එබඳු චිත්ත සමාධියක් ලබයිද, හෙතෙම මේ ලෝකයෙහි ප්‍රාණගාතයෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූද, ව්‍යාපාද සිත් නැත්තාවූද, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ,

(පුද්ගලයා) ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපිද සිටිනුයි. හෙතෙම ´ පින්වත, කුසලකර්‍මයෝ ඇත්තාහුමය. සුචරිතයට විපාකයෙක් ඇත්තේය. මම මේ ලෝකයෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපිද සිටිනු දකිමියි, කියයි. හෙතෙම ´ පින්වත, යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි උපදිත්යයි යම් කෙනෙක් මෙසේ දනිත්ද, ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙන් දනිත්ද, ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි.´ මෙසේ හෙතෙම යමක්ම තමා විසින්ම දන්නා ලද්දේද, තමා විසින්ම දක්නා ලද්දේද, තමා විසින්ම ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොට ගෙන මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කරයි.

17. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීය්‍ර්‍යයට පැමිණ, ප්‍රධාන වීය්‍ර්‍යයට පැමිණ, භාවනා වීය්‍ර්‍යයට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාකොට මෙනෙහි කිරීමට පැමිණ, යම් ආකාරයකින් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ ඉක්මවනලද මිනි´සැස ඇත්තාවූ දිව්‍යවූ ඇසින් මේ පුද්ගලයා දකීද, එවැනි චිත්තසමාධියක් ලබයිද, හෙතෙම මේ ලෝකයෙහි ප්‍රාණගාතයෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ,

පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුර්‍ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපිද සිටිනු දකී. හෙතෙම ´ පින්වත, කුසලකර්‍මයෝ නැත්තාහුමය. සුචරිතයට විපාකයෙක් නැත්තේය. මම මේ ලෝකයෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්‍ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපිද සිටිනු දකිමියි, කියයි. හෙතෙම ´ පින්වත, යමෙක් වනාහි ප්‍රාණගාතයෙන් වැළකුනේ වේද, නොදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්‍ගති නම්වූ, විනිපාත නම් නරකයෙහි උපදිත්යයි´ යම් කෙනෙක් මෙසේ දනිත්ද, ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දකින් දනිත්ද ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි, මෙසේ හෙතෙම යමක්ම තමා විසින් දන්නා ලද්දේද, තමා විසින් දක්නා ලද්දේද, තමා විසින්ම ප්‍රකට කරන ලද්දේද, එයම එහි දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යයයි, මෙයින් අන්‍යය සිස්යයි, ව්‍යවහාර කරයි.

18. ´´ආනන්‍දය, ඒ මහණ බමුණන් අතර යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ´පින්වත, ලාමකවූ කර්‍මයෝ ඇත්තාහුමය. දුශ්චරිතයට විපාකයෙක් ඇත්තේයයි කියයි නම් ඔහුගේ ඒ කීම අනුදනිමි. යමෙක් වනාහි මම මේ ලෝකයෙහි සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ, කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේළාම් කියන්නාවූ, රළු බස් කියන්නාවූ, හිස්බස් කියන්නාවූ, විෂම ලෝභය බහුලකොට ඇන්නාවූ, ව්‍යාපාද සිත් ඇන්නාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇන්නාවූ පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්‍ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපිද සිටිනු දකිමියි, කියා නම් ඔහුගේ ඒ කීමද අනුදනිමි. යමෙක් වනාහි ´පින්වත, මේ ලෝකයෙහි යමෙක් සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, රළු බස් කියන්නේ වේද, හිස්බස් කියන්නේ වේද, දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වේද, ව්‍යාපාද සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්‍ගතියවූ විනිපාත නම් නරකයෙහි උපදිත්ය´යි කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. යම් කෙනෙක් මෙසේ දනිත් නම් ඔව්හුම මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි කියයි නම් ඔහුගේ කීමද නොඅනුදනිමි. යමෙක් තමා විසින් දන්නා ලද්දම තමා විසින් දක්නා ලද්දක්ම තමන් විසින් ප්‍රකට කරන ලද්දම සත්‍යයි, එයින් අන්‍යය හිස්යයි දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන ව්‍යවහාර කෙරේ නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. ඊට හේතු කවරේද? ආනන්දය: තථාගතයන්ගේ මහාකර්‍ම බෙදා දැක්වීමෙහි ඥානය අන් ආකාරයකින්ම වෙයි.

19. ´´ආනන්‍දය, ඔවුන් අතරෙහි යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ´පින්වත, පාප කර්‍මයෝ නැත්තාහුමය. දුශ්චරිතයට විපාකයෙක් නැත්තේයයි´ කියයි, නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම ´ මම මෙහි සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ, කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේළාම් කියන්නාවූ, රළු බස් කියන්නාවූ, හිස්බස් කියන්නාවූ, විෂම ලෝභය බහුලකොට ඇන්නාවූ, ව්‍යාපාද සිත් ඇන්නාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇන්නාහු පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපද සිටිනු දකිමියි´ යන යමක්, කියයි නම් ඔහුගේ ඒ කීම අනුදනිමි. හෙතෙම ´ පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි උපදී යන යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි යමෙක් කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. හෙතෙම තමන් විසින් දන්නා ලද්දම, තමන් විසින් දක්නා ලද්දම, තමන් විසින් ප්‍රකට කරන ලද්දම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන, ඇතුළත් කොටගෙන සත්‍යයි, එයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කෙරේද, ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි.

20. ´´ ඊට හේතු කවරේද? ආනන්දය, තථාගතයන්ගේ මහාකර්‍මය බෙදා දැක්වීම අන් ආකාරයකින්ම වෙයි. ආනන්‍දය, ඔවුන් අතරෙහි යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ´පින්වත, කුසල කර්‍මයෝ ඇත්තාහුය. සුචරිතයට විපාකයෙක් ඇත්තේයයි´ යමෙක් කියයිද, ඔහුගේ මේ කීම අනුදනිමි. හෙතෙම මම මෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපද සිටිනු දකිමි´ යන යමක් කියයිද, ඔහුගේ මේ කීමද අනුදනිමි. හෙතෙම ´ පින්වත, යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, හොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි උපදීය´ යන යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙන් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි යමක් කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. හෙතෙම යමක් තමන් විසින් දන්නා ලද්දේද, තමන් විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොට ගෙන මෙයම සත්‍යයි, මෙයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කෙරේද, ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. ඊට හේතු කවරේද? ආනන්දය: තථාගතයන්ගේ මහාකර්‍මය බෙදා දැක්වීමෙහි ඥානය අන් ආකාරයකින්ම වෙයි.

21. ´´ආනන්‍දය, ඔවුන් අතර යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ´පින්වත, කුසල කර්‍මයෝ නැත්තාහුමය. සුචරිතයට විපාකයෙක් නැත්තේයයි´ යමක් කියයිද, ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම ´ මම මෙහි ප්‍රාණගාතයෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයාද ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාව, දුර්‍ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපිද සිටිනු දකිමියි´ යමක් කියයිද ඔහුගේ ඒ කීමද අනුදනිමි. හෙතෙම ´ පින්වත, යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්‍ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදීයයි,´ යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම ´ යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙන් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි´ යමක් කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. හෙතෙම යමක් තමන් විසින් දන්නා ලද්දේද, තමන් විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොට ගෙන ´ මෙයම සත්‍යයි, මෙයින් අන්‍යය සිස්යයි ව්‍යවහාර කෙරේ නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. ඊට හේතු කවරේද? ආනන්දය: තථාගතයන්ගේ මහාකර්‍ම බෙදා දැක්වීමෙහි ඥානය අන්පරිද්දකින්ම වේ.

22. ´´ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මේ ලෝකයෙහි සතුන් මරන්නේ, සොරකම් කරන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්‍ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදීද, ඔහුගේ දුක් විඳීම පිණිස පවත්නා ඒ පාපකර්‍මය ඊට පළමු කරන ලද්දක් හෝ වෙයි. ඔහුගේ දුක් විඳීම පිණිස පවත්නාවූ ඒ පාපකර්‍මය ඊට පසුව කරන ලද්දක් හෝ වෙයි. මොහුගේ මරණ කාලයෙහි හෝ සම්පූර්‍ණ කරන ලද සමාදන්වන ලද මිථ්‍යා දෘෂ්ටිය හෝ වෙයි. හෙතෙම ඒ කර්‍මය හේතුකොටගෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්‍ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදියි. හෙතෙම මේ ලෝකයෙහි සතුන් මරන්නේ හෝ සොරකම් කරන්නේ හෝ කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ හෝ වෙයිද, ඒ කර්‍මයාගේ විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අනික් අනික් භවයන්හි හෝ විඳියි.

23. ´´ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මේ ලෝකයෙහි සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදී නම්, ඔහුගේ ඒ සැපට කරුණුවූ කුසල කර්මය ඊට පළමු කරන ලද්දක් හෝ වෙයි. ඔහුගේ ඒ සැපට කරුණුවූ කුසල කර්මය ඊට පසුව කරන ලද්දක් හෝ වෙයි. ඔහුගේ මරණ කාලයෙහි හෝ සම්පූර්‍ණ කරන ලද සමාදන්වන ලද සම්‍යක් දෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්‍මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් වනාහි හෙතෙම මෙහි ප්‍රාණගාත කරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි වූයේ හෝ වේද, ඒ කර්‍මයාගේ විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අනික් අනික් භවයන්හි හෝ විඳියි.

24. ´´ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මෙහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදී නම්, ඒ සැප විඳීමට හේතු වූ ඒ කුශල කර්‍මය ඊට පළමු කරන ලද්දක් හෝ වෙයි. ඔහුගේ ඒ සැප විඳීමට හේතු වූ කුශල කර්‍මය ඊට පසුව කරන ලද්දක් හෝ වෙයි. මරණ කාලයෙහි හෝ සම්පූර්‍ණ කරන ලද සමාදන්වන ලද සම්‍යක් දෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්‍මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. හෙතෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුනේ හෝ වෙයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේළාම් කීමෙන් වැළකුනේ වෙයි. රළු බස් කීමෙන් වැළකුනේ වෙයි. හිස් බස් කීමෙන් වැළකුනේ වෙය. විෂම ලෝභය නැත්තේ වෙයි. ව්‍යාපාද සිත් නැත්තේ වෙයි. සම්‍යක් දෘෂ්ටි වූයේ හෝ වෙයිද, ඔහුගේ ඒ කර්මයාගේ ් විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අනික් අනික් භවයන්හි හෝ විඳියි.

25. ´´ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් යම් පුද්ගලයෙක් තෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්‍ගතිවූ විනිපාත නම් නරකයෙහි දුක් විඳීමට හේතු වූ ඒ අකුශල කර්‍මය ඊට පළමු කරන ලද්දක් හෝ වෙයි. දුක් විඳීමට හේතු වූ ඒ අකුශල කර්‍මය ඊට පසුව කරන ලද්දක් හෝ වෙයි. මරණ කාලයෙහි කරන ලද සමාදන්වන ලද මිථ්‍යාදෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි

සැපයෙන් තොරවූ දුක් ඇත්තාවූ විනිපාත නම් නිරයෙහි උපදියි. හෙතෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සම්‍යක් දෘෂ්ටි වූයේ වෙයිද, ඒ කර්‍මයාගේ විපාකය මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අපරාපරියායෙහි හෝ විපාකය විඳියි.

26. ´´ආනන්‍දය, මෙසේ වනාහි අභව්‍යාකාරවූ (අකුසලයෙන් වැළකුනාවූ) , අභව්‍ය කර්‍මයක් (අකුසල කර්‍මයක්) ඇත්තේය. භව්‍යාකාරවූ (කුසල කර්‍මයෙන් වළකන්නාවූ) අභව්‍ය (අකුසල) කර්‍මයක් ඇත්තේය. භව්‍යාකාරවූද (කුසලයෙන් වළකන්නාවූද) භව්‍යවූද (කුසල්වූම) කර්‍මයක් ඇත්තේය. අභව්‍යාකාරවූ (අකුසලයෙන් වළකන්නාවූ) භව්‍ය (කුසල කර්‍මයක් ඇත්තේයයි.´´

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තේයයි.

මහා කම්ම විභඬ්ග සූත්‍රය නිමි. (4-6)

135. චූලකම්ම විභද්ධග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රවූ සුභ නම් මානවකතෙමෙ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථා කොට නිමවා, එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවුම තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

2. ´´භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේ ම උස් පහත් කම් දක්නා ලාබෙත්ද, එයට හේතු කවරේද, එයට කරුණු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප ආයුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. දීර්ඝායුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. අවලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. පහත් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. උසස් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණ නැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේම මෙසේ උස් පහත් කම් දක්නා ලැබෙත්ද, ඊට හේතු කවරේද, කරුණු කවරේද´´ යනුයි.

3. ´´මානවකය, සත්වයෝ කර්මයම තමා අයත් දෙය කොට ඇත්තාහ. කර්මය දායාදය (වස්තුව) කොට ඇත්තාහ. කර්මයම කාරණය කොට ඇත්තාහ. කර්මයම නෑයන් කොට ඇත්තාහ. කර්මයම පිළිසරණ කොට ඇත්තාහ. කර්මය ඒ මේ උස් පහත් බැව් පිණිස සත්වයන් බෙදන්නේය.´´

4. ´´මම, භවත් ගෞතමයන් වහන්සේ විසින් කොටින් කියන ලද විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වන ලද මේ ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් නොදනිමි. යම්සේ මම භවත් ගෞතමයන් වහන්සේ විසින් කොටින් කියන ලද විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වන ලද ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් දැන ගන්නෙම්ද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ මට දේශනා කළහොත් මැනවැයි´´ කීය.

5. ´´මානවකය, එසේ වී නම් අසව, යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමියි´´ (වදාළේය.) ´එසේය, පින්වතුන් වහන්සැයි´´ කියා, තොදෙය්‍ය පුත්‍ර සුභ නම් මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ, සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ මේ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ මිදීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප ආයුෂ ඇත්තෙක් වෙයි. මානවකය, රෞද්‍රවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ සතුන් නැසීමෙහි වැනසීමෙහි යෙදුනේ සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියේ සතුන් මරන්නේ වේ නම්, මේ පැවැත්ම අල්පායුෂ බව පිණිස පවත්නේ වෙයි.

6. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ වේද, බහා තබන ලද දඬු මුගුරු ඇත්තේ බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන් වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති සැපයෙන් යුක්තවූ දිව්‍යලොකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියවූ දිව්‍යලෝකයෙහි නූඋපදීද, ඉදින් මිනිසත් බවට පැමිණේද, යම් යම් තැනෙක්හි පසුව උපදීද, දීර්ඝායුෂ ඇත්තේ වේ. මානවකය, ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුනේ බහා තබනලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාවට පැමිණියේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේ නම් මෙ පැවැත්ම දීර්ඝායුෂ පිණිස පවත්නේ වෙයි.

7. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අත්න් හෝ කැටයකින් හෝ දන්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරණ ස්වභාව ඇත්තේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කරණ ලද මෙසේ සමාදන්වන ලද ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකෙන් යුක්තවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකින් යුක්තවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, බොහෝ රෝග ඇත්තේ වෙයි. මානවකය, සත්වයන්ට අතින් හෝ කැටින් හෝ දඬුයෙන් හෝ ආයුධයෙන් හෝ හිංසා කරණ ස්වභාව ඇත්තේ වෙයි නම්, මේ පැවැත්ම බොහෝ රෝග සහිත වීම පිණිස පවත්නේය.

8. ´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සතුන්ට අතින් හෝ කැටකින් හෝ දණ්ඩනේ හෝ ආයුධයෙන් හෝ හිංසා නොකරණ ස්වභාව ඇත්තේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන්
මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප රෝග ඇත්තේ වේ. මානවකය, සතුන්ට අතින් හෝ කැටයෙන් හෝ දණ්ඩෙන් හෝ ශස්ත්‍රයෙන් හෝ හිංසා නොකරණ ස්වභාව ඇත්තේ නම් මේ පැවැත්ව අඩු රෝග ඇති බව පිණිස පවත්නේය.

9. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැයි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ කිපෙන සුථ වේද, සුලු දෙයක් කියන ලදුවත් ගැටේද කිපේද, විරුද්ධ බවට පැමිණේද, කෝපයත් ද්වේෂයත් නොසතුටු බවත් පහළ කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ඒ කර්මය හේතුකොටගෙන අවලක්ෂණ වූවෙක් වේ. මානවකය, කිපෙන සුථවූයෙන් ද්වේෂය බහුල කොට ඇත්තේ වේද, ස්වල්ප දෙයක් කියන ලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, නොසතුටු වේද, කෝපයත් ෙවෂයත්, නොසතුටත් ප්‍රකාශ කෙරේ නම් මේ පැවැත්ව අවලක්ෂණවීම පිණිස පවත්නේය.

10. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙන් හෝ ෙවෂය බහුල කොට නැත්තේ නොකිපෙන ස්වභාව ඇත්තේ වේද, බොහෝ දෙයක් කියන ලදුවද නොගැටේද, නොකිපේද, විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ෙවෂයත් නොසතුටු බවත් පහළ නොකෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ප්‍රසාදය එළවන ලක්ෂණ වූවෙක් වෙයි. මානවකය, නොකිපෙන ස්වභාව ඇත්තේ ෙවෂය බහුල කොට නැත්තේ වේද, බොහෝ කොට කියන ලදුවත් නොගැටේද, නොකිපේද විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ෙවෂයත් නොසතුටත් පහළ නොකෙරේ නම් මේ පැවැත්ව ලක්ෂණ වීම පිණිස පවත්නේය.

11. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊෂ්‍යා සහගත සිත් ඇත්තේ වේද, අනුන්නගේ ලැබීමය, සත්කාරය, ගරු කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිඳීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍යා කෙරේද, ඊෂ්‍ර්‍යාවෙන් කිපෙයිද, ඊෂ්‍ර්‍යාව බැඳ ගනීද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපනැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, අල්පෙශාක්‍ය (මද පිරිවර ඇත්තේ) වෙයි. මානවකය, ඊෂ්‍ර්‍යා සහගත සිත් ඇත්තේද, අනුන්ගේ ලාභයෙහි, සත්කාරයෙහි, ගරුකාරයෙහි, බුහුමන් කිරීමෙහි, වැඳීමෙහි සහ පිඳීමෙහි, ඊෂ්‍ර්‍යා නොකෙරේද, ඊෂ්‍ර්‍යාවෙන් ක්‍රොධ නොකෙරේද, ඊෂ්‍ර්‍යාව බැඳගනියි නම්, මේ පැවැත්ම අල්පෙශාක්‍යවීම පිණිස පවත්නේය.

12. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊෂ්‍ර්‍යා සහගත සිත් ඇත්තේ නොවේද, අනුන්ගේ ලාභය, සත්කාරය, ගෞරව කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍ර්‍යා නොකෙරේද, ඊෂ්‍ර්‍යාවෙන් නොකිපේද, ඊෂ්‍ර්‍යාව නොබැඳ ගනීද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත්බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, මහෙශාක්‍යවේ. (බොහෝ පිරිවර ඇත්තේ) වේ. මානවකය, ඊෂ්‍ර්‍යා සහගත සිත් ඇත්තේ නොවෙයි නම්, අනුන්ගේ ලාභය, සත්කාරය, ගරු කිරීමය, බුහුමන් කිරීමය, වැඳීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊෂ්‍ර්‍යා නොකෙරේ නම්, ඊෂ්‍ර්‍යාවෙන් නොකිපේ නම්, ඊෂ්‍ර්‍යාව නොබැඳ ගනියි නම් මේ පැවැත්ම මහෙශාක්‍යවීම පිණිස පවත්නේය.

13. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි, ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට ්ෙහා් ආහාරය, පානවර්ගය, වස්ත්‍රය, යානය, මල්ගඳ විලවුන්ය. සයනය, ආවාසය, පහන්ය යන මෙය, නොදෙන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ස්වල්ප සම්පත් ඇත්තේ වේ. මානවකය, ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය මල්ගඳ විලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය නොදෙන්නේ නම් මේ පැවැත්ම ස්වල්ප සම්පත් ඇතිවීම පිණිස පවත්නේය.

14. ´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය, මල්ගඳ විලවුන්ය, සයනය, ආවාසය, පහන්ය, යන මෙය දෙන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණෙත් නම් යම් යම් තැනක පසුව උපදීද, මහත් සම්පත් ඇත්තේ වේ. මානවකය, ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය, මල්ගඳවිලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය, දෙන්නේ වේ නම් මේ පැවැත්ම බොහෝ සම්පත් ඇතිවීම පිණිස පවත්නේය.

15. ´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තදවූයේ අධික මානය ඇත්තේ වේද, වැඳිය යුත්තාට නොවඳීද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නොනැගිටියිද, ආසනය දිය යුත්තාට ආසනය නොදේද, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදේද, සත්කාර කළයුත්තාට සත්කාර නොකෙරේද, ගෞරව කළයුත්තාට ගෞරව නොකෙරේද, බුහුමන් කළයුත්තාට බුහුමන් නොකෙරේද, පිදිය යුත්තාට නොපුදාද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ්ඉදින් මිනිසත් බවට පැමිණේනම්, යම් යම් තැනක පසුව උපදීද, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් ම්රණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථාන වූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, හීනකුල ඇත්තෙක් වේ.

´´මානවකය, තදසිත් ඇත්තේ අධික මාන ඇත්තේ වැඳිය යුත්තාට නොවඳියි නම් දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නොනැටියි නම්, ආසනය දිය යුත්තාට ආසනය නොදෙයි නම්, මාර්ගය දියයුත්තාට මාර්ගය නොදෙයි නම්, සත්කාර කළයුත්තාට සත්කාර නොකරයි නම්, ගෞරව කළයුත්තාට ගෞරව නොකරයි නම්, බුහුමන් කළයුත්තාට බුහුමන් නොකරයි නම් පිදිය යුත්තාට නොපූදයි නම්, මේ පැවැත්ම හීන කුල ඇති බව පිණිස පවත්නේ වෙයි.

16. ´´මානවකය මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තද සිත් නැත්තේ අධික මාන නැත්තේ වේද, වැඳිය යුත්තාට වඳීද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටීද, ආසනය දිය යුත්තාට ආසනය දෙයිද, මාර්ගය දියයුත්තාට මාර්ගය දේද, සත්කාර කළයුත්තාට සත්කාර කෙරේද, ගෞරව කළයුත්තාට ගෞරව කෙරේද, බුහුමන් කළයුත්තාට බුහුමන් කෙරේද, පිදිය යුත්තාට පුදාද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් ම්රණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, උසස් කුල ඇත්තෙක්වේ.

මානවකය, තද සිත් නැත්තේ අධික මාන නැත්තේ වැඳිය යුත්තාට වඳියි නම් දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටියි නම් ආසනය දියයුත්තාට ආසනය දෙයි නම්, මාර්ගය දිය යුත්තාට මාර්ගය දෙයි නම, සත්කාර කළයුත්තාට සත්කාර කරයි නම්, ගෞරව කළයුත්තාට ගෞරව කරයි නම්, බුහුමන් කළයුත්තාට බුහුමන් කරයි නම්, පිඳිය යුත්තාට පුදායයි නම්, මේ පැවැත්ම උසස් කුල ඇති බව පිණිස පවත්නේය.

17. ´´මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ´´ස්වාමීනි, කුසල් කවරේද, අකුසල් කවරේද, වරද සහිත දෙය කවරේද, වරද රහිත දෙය කවරේද, සේවනය කටයුත්ත කවරේද, සේවනය නොකටයුත්ත කවරේද, කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේද, කරනු ලබන්නාවූ කිනම් දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස වේදැයි නොඅසන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි නූපදී නම් ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, අඥානයෙක් වෙයි.

මානවකය, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ස්වාමීනි, කුසල් කවරේද? අකුසල් කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවනය කළයුත්ත කවරක්ද, සේවනය නොකළයුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර නම් දෙයක් හෝ මට බොහෝ කලක් වැඩ පිණිස සැප පිණිස වේදැයි නොඅසන්නේ වේ නම්, මේ පැවැත්ම අඥානවීම පිණිස පවත්නේය.

18. ´´මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත එළඹ, ´´ස්වාමීනි, කුසලය කවරක්ද? අකුසලය කවරක්ද? වරද සහිත දෙය කවරක්ද? සේවය නොකළයුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවරක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි අසන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි නූපදීනම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද,

මානවකය, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙතට පැමිණ, ´ස්වාමීනි, කුසල් කවරක්ද? අකුසල් කවරක්ද? ව්රද සහිත දෙය කවරක්ද? වරද රහිත දෙය කවරක්ද? සේවනය කළයුත්ත කවරක්ද? සේවනය නොකළයුත්ත කවරක්ද? කරනු ලබන්නාවූ කවරක් මට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේද? කරනු ලබන්නාවූ කවර දෙයක් හෝ මට බොහෝ කලක් වැඩ පිණිස, සැප පිණිස වේදැයි අසන්නේ වේ නම් මේ පැවැත්ම මහත් නුවණැති බව පිණිස පවත්නේය.

19. ´´මහණෙනි, මේ ලෝකයෙහි ස්වල්ප ආයුෂ පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ස්වල්ප ආයුෂ ඇති බවට පමුණුවයි. දීර්ඝායුෂ පිණිස පවත්නාවූ ප්‍රතිපදාව දීර්ඝායුෂ ඇති බවට පමුණුවයි. බොහෝ ආබාධ ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව, බොහෝ ආබාධ ඇති බවට පමුණුවයි. ස්වල්ප වූ ආබාධ ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව ස්වල්පවූ ආබාධ ඇති බවට පමුණුවයි. අවලක්ෂණවීම පිණිස පවත්නා ප්‍රතිපදාව අවලක්ෂණවීම පමුණුවයි. ලක්ෂණවීම පිණිස පවත්නා වූ ප්‍රතිපදාව ලක්ෂණ ඇති බවට පමුණුවයි. අල්පේශාක්‍ය බව පිණිස පවත්නාවූ ප්‍රතිපදාව අල්පේශාක්‍ය බවට පමුණුවයි. මහෙශාක්‍ය බව පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහේශාක්‍ය බවට පමුණුවයි. ස්වල්ප සම්පත් ඇතිවීම පිණිස පවත්නාවූ ප.්‍රතිපදාව ස්වල්පවූ සම්පත් ඇති බවට පමුණුවයි. මහත්වූ සම්පත් ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහත් සම්පත් ඇත ි බවට පමුණුවයි. පහත් කුලවල ඉපදීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව පහත් කුල ඇති බවට පමුණුවයි. උසස් කුලවල ඉපදීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව උසස් කුල ඇති බවට පමුණුවයි. අඥානභාවය පිණිස පවත්නාවූ ප්‍රතිපදාව අඥාන බවට පමුණුවයි. මහත්වූ ප්‍රඥාව ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාව මහත්වූ ප්‍රඥා ඇති බවට පමුණුවයි.

20. ´´මානවකය, සත්වයෝ කර්මය තමන් අයත් දෙය කොට ඇත්තාහ කර්මය උරුමකොට ඇත්තාහ. කර්මය කරණකොට ඇත්තාහ. කර්මය නෑයන්කොට ඇත්තාහ. කර්මය පිහිටකොට ඇත්තාහ. කර්මයතෙම සත්වයන් උස් පහත් කොට බෙදන්නේ යයි වදාළේය. මෙසේ වදාළ කල්හි තොදෙය්‍යපුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් අරින්නේ හෝ වේද, මංමුලා වූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තේ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය. ඒ මම භාග්‍යවත්වූ ගෞතමයන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි.)

භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා.

පස්වැනිවූ චූලකර්‍ම විභද්ධග සූත්‍රය නිමි. (2 – 5)

134. ලොමසකඬගිය භද්දෙකරත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජෙතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.

එකල්හි වනාහි ආයුෂ්මත් ´´ලොමසකඬගිය´´ ස්ථවිරතෙම ශාක්‍ය ජනපදයන්හි කපිලවස්තු පුරයෙහිවූ නීග්‍රොධාරාමයෙහි වාසය කෙරෙයි. එකල්හි චන්දන නම් දිව්‍යපුත්‍ර තෙම මධ්‍යම රාත්‍රියෙහි බබළන ශරීර වර්ණයෙන් යුක්තව සියලු නීග්‍රොධාරාමය ආලොක කොට ආයුෂ්මත් ලොමසකඬගිය ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ චන්දන දිව්‍යපුත්‍ර තෙම ආයුෂ්මත් ලොමසකඬගිය ස්ථවිරයන්ට මෙසේ කීයේය.

2. ´´භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත නම්, ධර්මයාගේ උදෙසීමද (මාකෘකාවද) විභාගයද (විස්තරයද) දරන්නෙහිද?´´ යනුය.

´´ඇවැත්නි, මම භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමි. ඇවැත්නි, නුඹ වනාහි භද්දෙක රත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහිද?

´´භික්ෂුන්වහන්ස, මමද භද්දෙකරත්ත ධර්මයාගේ මාකෘකාවද විස්තරයද නොදරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරන්නෙහිද?

´´ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථා නොදරමි. ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරන්නෙහිද?´´

´´භික්ෂූන්වහන්ස, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථා දරමියි කීය. ඇවැත්නි, නුඹ වනාහි කෙසේ නම් භද්දෙකරත්ත ගාථා දරන්නෙහිද?´´යි ඇසී.

3. ´´භික්ෂූන්වහන්ස, එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙවියන් අතර පරසතු ගසමූල පඬැ´ඹුල් සලස්නෙහි (පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි) වැඩ වාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන්ට භද්දෙකරත්ත නම් ධර්මයාගේ මාතෘකාවද විස්තරයද වදාළසේක.

(1) ´´ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටින්ගේ වශයෙන් නොයන්නේය. අනාගතවූ පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂිටීන්ගේ වශයෙන් නොපතන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහිණ විය. යම් ස්කන්ධයක් අනාගතයද එය නොපැමිණියේය.

(2) ´´ප්‍රත්‍යුත්පත්තවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යාදී වශයෙන් බලන්නේය. නුවණැති පුද්ගල තෙමේ නොවිසිරෙන්නාවූ නොකිපෙන්නාවූ ඒ විදර්ශනා ඥානය වඩන්නේය.

(3) කෙලෙස් තවන වීර්යය වැඩිය යුතුයි මරණය අද හෙටම පැමිණේදැයි කවරෙක් දන්නේද? ඒ මහා සේනාවක් ඇති මරුවා සමග අපගේ ගිවිසුමක් නැත්තේය. රෑ දාවල් අනලස්ව වීර්ය ඇතිව මෙසේ වාසය කරන්නාවූ ඔහු එකාන්තයෙන් ශාන්තවූ සර්වඥ මුනිතෙම සද්දෙකරත්ත යයි කියන්නේය.´´ (යනුවෙනි.)

´´භික්ෂූන් වහන්ස, මම වනාහි මෙසේ භද්දෙකරත්ත ගාථාවන් දරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද, විස්තරයද, ඉගෙණගනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද පුරුදු කරනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරණු මැනවි. භික්ෂූන් වහන්ස, භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්ම චර්යාවේ ආදිය වන්නේයයි ´´ මෙසේ චන්දන නම් දිව්‍යපුත්‍ර තෙම කීයේය. මෙසේ කියා එහිම අතුරුදහන් වූයේය.

4 ´´ඉක්බිති ආයුෂ්මත් ලොමසකඬගිය ස්ථවිරතෙම ඒ රාත්‍රියගේ ඇවෑමෙන් සේනාසනය තැනපත්කොට පාත්‍ර සිව්රු ගෙණ සැවැත් නුවර යම් තැනකද, එතැන්හි චාරිකා පිණිස ගියේය. පිළිවෙළින් ගමන් කරන්නේ සැවැත්නුවර යම් තැනකද, ජේතවනය යම් තැනකද, අනේපිඩු මහ සිටුහුගේ ආරාමය යම් තැනකද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් ලොමසකඬගිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

5. ´´ස්වාමීන්, මම එක් කලෙක්හි ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත්පුර නීග්‍රොධාරාමයෙහි වාසය කරමි. ස්වාමීනි, එකල්හි එක්තරා දිව්‍යපුත්‍රයෙක් මධ්‍යම රාත්‍රියෙහි බබළන වර්ණයෙන් යුක්තව නිග්‍රොධාරාමය හාත්පස බබථවා මම යම් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, එක්පසක සිටියේය. ස්වාමීන්, එක් පසක සිටියාවූ ඒ දිව්‍යපුත්‍ර තෙම මට මෙසේ කීයේය. ´´භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහිද? යනුයි. මෙසේ කී කල්හි, ස්වාමීනි, මම ඒ දිව්‍යපුත්‍රයාට ´ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමියි, කීයෙමි. ´ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරන්නෙහිදැයි මම ඇසීමි. ´´භික්ෂූන්වහන්ස, මමද, භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද නොදරමියි, කීය. භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි දිව්‍යපුත්‍ර තෙම ඇසීය.

´´ඇවැත්නි, මම වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් නොදරමියි, කීයෙමි. ´ඇවැත්නි, නුඹ වනාහි භද්දෙකරත්ත නම් ගාථාවක් දරන්නෙහිදැයි ඇසීමි. ´´භික්ෂූන්වහන්ස,මම වනාහි භද්දෙකරත්ත නම් ගාථාවන් දරමියි කීය. ´´ඇවැත්නි, නුඹ වනාහි කෙසේ නම්, භද්දෙකරත්ත නම් ගාථාවන් දරන්නෙහිදැයි ඇසීමි.

´´භික්ෂූන් වහන්ස, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන් අතර පරසතු ගසමුල පඬැ´ඹුල් සලස්නෙහි වාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තව්තිසා වැසි දෙවියන්ට භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද වදාළ සේක.

(1) ´´ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව ගමන් නොකරන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

(2) ´´වර්තමානවූ යම් ස්කන්ධයක්වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.

(3) ´´අදම කෙළෙස් තවන වීර්යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනා ඇති, ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය.

(4) මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ ඒකාන්තයෙන් භද්දෙකරත්ත යයි ශාන්තවූ සර්වඥ මුනිතෙම ප්‍රකාශ කෙරේය යනුවෙනි.

භික්ෂූන් වහන්ස, මෙසේ වනාහි මම භද්දෙකරත්ත ගාථාවන් දරමි. භික්ෂූන් වහන්ස, මෙසේ වනාහි මම භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද උගනු මැනව. භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද පුරුදු කරනු මැනව. භික්ෂුන් වහන්ස, නුඹ වහන්සේ භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දරනු මැනව. භික්ෂූන් වහන්ස, භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්ම චර්යාවට මුල් වේයයි කීය. ස්වාමීන්, ඒ දිව්‍ය පුත්‍රතෙම මෙසේ නිසා එහිම අත්‍රරුදහස් වූයේය.

5. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට භද්දෙකරත්ත ධර්මයාගේ මාතෘකාවද විස්තරයද දේශනා කරන්නේ නම් මැනවැයි´´ කීය. ´´මහණ, නුඹ ඒ දිව්‍යපුත්‍රයා කවරෙක්දැයි දන්නෙහිදැයි ඇසූහ. ´´ස්වාමීනි, මම ඒ දිව්‍යපුත්‍රයා නොදනිමි´´යි කීය. ´´මහණ, මේ චන්දන නම් දිව්‍යපුත්‍රයාවෙයි. මහණ, චන්දන දිවපුත්‍ර තෙම කැමැත්ත ඇතුව සිත්හි කොට සියල්ල සිතට එලවා යොමු කරණලද කන් ඇතිව ධර්මය අසයි. මහණ, එසේවී නම් අසව. යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමියි´´ වදාළේය. ´´එසේය, ස්වාමීන් වහන්සැයි´´ ආයුෂ්මත් ලොමසකඬගිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.

6. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

(1) ´´ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව ගමන් නොකරන්නේය. අනාගතවූ පඤ්චස්කන්ධය නොපතන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතයද එය නොපැමිණියේය.

(2) ´´වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදිීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.

(3) ´´අදම කෙළෙස් තවන වීර්යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.

(4) ´´මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඔහු ඒකාන්තයෙන් යහපත්වූ රාත්‍රියක් ඇති භික්ෂුවයයි ශාන්තවූ සර්‍වඥ මුනි තෙම ප්‍රකාශ කෙරේ.

7. ´´මහණ, කෙසේ නම් ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව යේද, ඉකුත් කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් විීමියි, එය අනුව තෘෂ්ණාව පවත්වයි. මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව පවත්වයි. ඉකුත් කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වීමියි, එය අනුව තෘෂ්ණාව පවත්වයි, මහණ, මෙසේ වනාහි අතීත පඤ්චස්කන්ධය අනුව යයි.

8. ´´මහණ, කෙසේ නම් අතීත වූ පඤ්චස්කන්ධය අනුව නොයාද? ඉකුත්වූ කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු වේදනා ඇතකෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. ඉකුත් වූ කාලයෙහි මෙබඳු විඤඤාණ ඇත්තෙක් වීමියි එය අනුව තෘෂ්ණාව නොපවත්වයි. මහණ, මෙසේ වනාහි අතීත පඤ්චස්කන්ධය අනුව නොයයි.

9. ´´මහණ, කෙසේ නම් අනාගතවූ පඤ්චස්කන්ධය ප්‍රාර්ථනා කෙරේද, අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමියි, එහි තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්කෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වයි. මහණ, මෙසේ වනාහි අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාවෙන් බලාපොරොත්තු වන්නේය.

10. ´´මහණ, කෙසේ නම් අනාගත පඤ්චස්කන්ධය බලාපොරොත්තු නොවේද, අනාගත කාලයෙහි මෙබදු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු වේදනා ඇත්කෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව නොපවත්වයි. මහණ මෙසේ වනාහි අනාගත පඤ්චස්කන්ධය බලාපොරොත්තු නොවෙයි.

11. ´´මහණ, කෙසේ නම් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්හි (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ඇද ගැනීම වේද, මහණ, මේ ශාසනයෙහි අශ්‍රුතවත්වූ පෘථග්ජන තෙම ආර්යයන් නොදක්නේ, ආර්ය ධර්මයෙහි දක්ෂ නොවූයේ, ආර්ය ධර්මයෙහි නොහික්මුනේ සත්පුරුෂයන් නොදක්නේ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූයේ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනේ රූපය තමා වශයෙන් දකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකියි. රූපය තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකියි. වේදනාව තමා වශයෙන් දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකියි. තමා වේදනාව කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකියි. තමා සංඥාන ඇත්තෙකැයි කියා හෝ දකියි. සංඥාව තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකියි. තමා සංඥාව කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකියි. සංස්කාරයන් තමා වශයෙන් හෝ දකියි. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකියි. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. සංස්කාර තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකියි. විඤ්ඤාණය තමා වශයෙන් දකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ දකියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේ යයි කියා හෝ දකියි. මහණ, මෙසේ වනාහි ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයනිහි ඇදගැනීම වේ.

12. ´´මහණ, කෙසේ නම් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්හි ඇදගැනීම නොවේද, මහණ මේ ශාසනයෙහි ශ්‍රුතවත්වූ ආර්යයන් දක්නාවූ, ආර්ය ධර්මයෙහිද දක්ෂවූ, ආර්ය ධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ආර්ය ශ්‍රාවකතෙම රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපය ඇත්තෙකැයි හෝ (නොදකියි) තමා කෙරෙහි රූපය ඇත්තේ යයි කියා හෝ නොදකියි. රූපය කෙරෙහි රූපය ඇත්තේ යයි කියා හෝ නොදකියි. වේදනාව තමා වශයෙන් නොදකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකියි. තමා වේදනාව කෙරෙහිඇත්තේ යයි කියා හෝ නොදකියි. සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝනොදකියි. තමා සංඥාව කෙරෙහි ඇත්තේ යයි කියා හෝ නොදකියි. සංස්කාරයන් තමා වශයෙන් නොදකියි. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකියි. සංස්කාර තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ නොදකියි. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හො නොදකියි. විඤ්ඤාණය තමා වශයෙන් නොදකියි. තමා වඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ නොදකියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේයයි කියා නොදකියි. මහණ, මෙසේ වනාහි ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටිීන්ගේ වශයෙන් ඇද ගැනීම නොකෙරේ.

(1) ´´ඉකුත් වූ පඤ්චස්කන්ධය අනුව ගමන් නොකරන්නේය. එහි තෘෂ්ණාව නොපවත්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. මේ ස්කන්ධයක් ඉක්මගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

(2) ´´වර්තමානවූ යම් ස්කන්ධයක් වේද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදිීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට, පණ්ඩිත භික්ෂු තෙමේ වඩන්නේය.

(3) ´´අදම කෙළෙස් තවන වීර්යය කළයුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේය.

(4) ´´මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූ, රෑ දවල් දෙක්හි අනලස්වූ, ඔහු ඒකාන්තයෙන් භද්දෙකරත්තයයි, ශාන්තවූ සර්‍වඥ මුනිතෙම ප්‍රකාශ කෙරේයයි, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ලොමසකද්ධගිය ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේයි.

සතරවැනිවූ ලොමසකද්ධගිය භද්දෙක සූත්‍රය නිමි (4 – 2)

133. මහා කච්චායන භද්දේකරත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ තපෝදාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි වනාහි ආයුෂමත් සමිද්ධි ස්ථවිර තෙමේ රාත්‍රියෙහි අඑයම් කාලයෙහි හුනස්නෙන් නැගිට තපෝදා නම් උණුදිය ගඟ යහ් තැනෙක්මි ද , එතැනට ස්නානය පිණිස ගියේය.

තපෝදා නම් ගඟෙහි ස්නානය කොට ගොඩට පැමිණ එක් සිවුරකින් යුක්තව ශරීරය වියලනු ලබමින් සිටියේය.

එකල්හි වනාහි එක්තරා දේවතාවෙක් රාත්‍රිකාලය බොහෝ ඉක්මගිය පසු බබළන ශරීර වර්ණය ඇතිව මුඑ තපෝදා ගඟ බබුඑවා ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ යහ් තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටියාවූ ඒ දේවතා තොමෝ ආයුෂමත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවේය.

2. ´´ භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත් වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ උදෙසීම් මාතෘකාවද, විභඞ්ග සංඛ්‍යාත විස්තර වශයෙන් බෙදීමදැයි ( යන මෙය) දරන්නෙහිද ? ´´ යනුයි. ´´ ඇවත , මම යහපත් එක් රාත්‍රියකගේ මාතෘකාව ද බෙදීමද නොමදරන්නෙමි යි කීයෙමි. ඇවත, තෙපි වනාහි යහපත් වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් බෙදීමත් දරන්නෙහිදැ යි (ඇසූ) මම ද යහපත් වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද නොදරන්නෙමියි ´´ කීය. භික්ෂූන් වහන්ස, නුඹවහන්සේ යහපත් වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථවන් දරන්නෙහිදැ යි ( ඇසී) ඇවත, මම යහපත් වූ එක් රැයක් ඇත්තහුගේ ගාථාවන් නොදරන්නෙමි යි කීයෙමි. ´´ ඇවත, නුඹ වනාහි යහපත් වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහි දැයි ඇසීමි.´´ ´´ භික්ෂූන්වහන්ස, මම ද යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් නොදරන්නෙමියි ´´ ( කීයෙමි ).

´´භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත් වූ එක් රැයක් ඇත්තහුගේ මාතෘකාව ද බෙදීම ද ඉගෙන ගනු මැනවි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීම ද පුරුදු කරනු මැනවි. භික්ෂූන්වහන්ස,නුඹවහන්සේ යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාව ද බෙදීම ද දරනු මැනවි. ´´ භික්ෂූන්වහන්ස, යහපත් වූ එක්රැයක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද අර්‍ථසහිත වන්නේය. මාර්‍ගබ්‍රහ්මචය්‍ර්‍යාවට මුල වන්නේයයි (කී)´´

3. ඒ දේවතාතොමෝ මෙය කීවේය. මෙය කියා එහිම අතුරුදහන් විය. එකල්හි වනාහි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ ඒ රාත්‍රියගේ අවෑමෙන් භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙමේ භාග්‍යවතුන්වහන්සේ ට මේ කාරණය සැළකෙළේය. ´´ ස්වාමීනි, මම රාත්‍රියෙහි අඑයම් කාලයෙහි හුනස්නෙන් නැගිට තපෝදා නම් ගඟ යම් තැනෙක්හි ද ස්නානය කිරීම සඳහා එහි ගියෙමි. තපෝදා නම් ගඟෙහි ස්නානය කොට ගොඩ අවුත් ශරීරාවයවයන් වියලමින් එක සිවුරකින් යුක්තව සිටියෙමි. ස්වාමීනි, එකල්හි වනාහි එක්තරා දේවතාවෙක් රාත්‍රිය බොහෝ සෙයින් ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්ණයෙන් යුක්තව සියලු තපෝදා නම් ගංගාව බබුඑවා මම යම් තැනෙක්හි ද එතැනට පැමිණියේය. පැමිණ එකත් පසෙක සිටියේය. ස්වාමීනි, එකත් පසෙක සිටි ඒ දේවතා තොමෝ මට මෙසේ කීයේය.´´ භික්ෂූන් වහන්ස නුඹ වහන්සේ යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද විස්තර බෙදීමද දරන්නෙහි දැයි? ඇසී.

4. ´´ ස්වාමීනි, මෙසේ කී කල්හි මම ඒ දේවතාවාට මෙසේ කීයෙමි. ´ ඇවැත්නි, මම යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් බෙදීමත් නොම දරමි.´

´ ඇවැත්නි නුඹ වනාහි යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාව ද බෙදීමද දරන්නෙහිදැ යි´´ (ඇසීමි) ´ භික්ෂූන්වහන්ස, මමද යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාව ද බෙදීමද නොදරමි. භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ වනාහි යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් දරන්නෙහි දැ´´යි (ඇසී).

´ ඇවැත්නි, මම වනාහි යහපත් වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ ගාථාවන් නොදරමි. ඇවැත්නි, නුඹ වනාහි යහපත් එක් රාත්‍රිය සම්බන්ධ ගාථාවන් දරන්නෙහිදැයි (ඇසීමි). භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද ඉගෙන ගනු මැනවි.භික්ෂූන්වහන්ස, නුඹවහන්සේ යහපත් එක්රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද පුරුදු කළ මැනවි. භික්ෂූන්වමන්ස, නුඹවහන්සේ යහපත් වූ එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාව ද බෙදීම ද දරාගත මැනවි. භික්ෂූන්වහන්ස, යහපත් එක්රාත්‍රියක් ඇත්තහුගේ උදෙසීමද, බෙදීම ද, අර්ථයෙන් යුක්ත වන්නේය. මාර්‍ගබ්‍රහ්ම චය්‍ර්‍යාවට මුල වන්නේය.ස්වාමීිනි, ඒ දේවතා තොමෝ මෙසේ කීයේය. මෙසේ කියා එහිම අතුරුදහන් වූවාහ.

5. ´´ ස්වාමීනි, මට භාග්‍යවතුන්වහන්සේ යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවද බෙදීමද දේශනා කරන සේක්වායි´´ (සැළකළේය). ´´ මහණ, එසේ නම් අසව, මෙනෙහි කරව,කියන්නෙමි´´යි ( වදාළේය.) ´´ එසේය, ස්වාමීනි,´´ යයි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළේය.

(1) ´´ ඉකුත්වූ ස්කන්ධයන් අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේ ද එය පුහීණ වූයේ (නැති වූයේ) වෙයි. අනාගත ස්කන්ධ නොපැමිණියේ වෙයි.

(2) ´´ වර්තමාන වූ යම් ස්කන්ධයක් වේ ද , එය අනිත්‍යානුපස්සනා දී වශයෙන් ඒ ඒ තන්හි විදර්‍ශනා වඩන්නේය. ඒ විදර්‍ශනාව රාගාදීන් ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂූතෙම වඩන්නේය.

(3) ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේ ද? මහත් සෙනගක් ඇති ඒ මාරයා සමග අපට ගිවිසුමක් නැත්තේය.

(4) ´´ මෙලෙස වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිපන්නාවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන්, යහපත් වූ එක් රැයක් ඇති තැනැත්තේය´´ යි බුද්ධ මුනි තෙමේ වදාළේයි.

6. භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළේය. සුගතයන්වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ වැඩමවා නොබෝ වේලාවක් ගතවූ කල්හි ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය. ඇවැත්නි, මේ වනාහි අපට භාග්‍යවතුන්වහන්සේ සංක්ෂේප වශයෙන් උදෙසීම වදාරා, විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට , හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූ සේක.

(1) ´´ ඉකුත් වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය.අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය.යම් ස්කන්ධයක් ඉක්මගියේද එය ප්‍රහීණ වූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

(2) ´ වර්‍තමාන වූ යම් ස්කන්ධයක් වේ ද , එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනා දී වශයෙන් විදර්‍ශනා වඩන්නේය. ඒ විදර්‍ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂූ තෙමේ වඩන්නේය.

(3) ´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළ යුත්තේය හෙට මරණය සිදුවේ දැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇත් ඒ මාරයා සමග අපට ගිවිසුමක් නැත්තේ ය.

(4) ´ මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස් වූ ඒකාන්තයෙන් මෙසේ පිළිපන් පුද්ගලයා යහපත් එක් රැයක් ඇති තැනැත්තේ යයි ශාන්වූ බුද්ධ මුනි තෙමේ වදාළේය´´ (යනුවෙනි.)

7. කවරෙක් වනාහි භාග්‍යවතුන්වහන්සේ විසින් සංක්ෂේප වශයෙන් උදෙසීම පමණක් වදාළාවූ විස්තර වශයෙන් අර්‍ථ විභාග නොකළාවූ මේ දේශනාවගේ අර්ථ විස්තර වශයෙන් දේශනා කරන්නේ ද ? කියායි. එකල්හි වනාහි ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය. මේ ආයුෂමත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘන් වහන්සේ විසින් ද වර්‍ණනා කරන ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරී භික්ෂූන් විසින් ද බුහුමන් කරන ලද්දේ වෙයි.

8. ආයුෂමත් මහා කාත්‍යායන ස්ථවිරතෙමේ භාග්‍යවතුන්වහන්සේ විසින් සංක්ෂේපයෙන් උදෙසීම් මාත්‍රයක් වදාළා වූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ දේශනාවගේ අර්ථ විස්තර වශයෙන් දේශනා කිරීමට පොහොසත් වන්නේය. අපි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ යම් තැනෙක් හි ද එහි පැමිණෙන්නෙමු.පැමිණ, කාරණය විචාරන්නෙමු නම් යෙහෙක කියායි. එකල්හි වනාහි ඒ භික්ෂූන්වහන්සේලා ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එහි ගියාහුය. ගොස්, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් සමග සතුටු වූවාහුය.සතුටු විය යුතුවු සිහි එළවිය යුතු වූ කථාව කොට නිමවා එකත් පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්වහන්සේලා ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන්ට මෙය කීවාහුය. ´´ ඇවැත් කාත්‍යායන ස්ථවිරය, භාග්‍යවතුන්වහන්සේ අපට මේ ධර්‍මය සංක්ෂෙපයෙන් වදාරා විස්තර වශයෙන් දේශනා නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූ සේක.

(1) ´´ ඉකුත් වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙ හි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය.යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීන වූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගත ද එය නොපැමිණියේය.

(2) ´´ වර්‍තමාන වූ යම් ස්කන්ධයක් වේ ද , එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්නනාදී වශයෙන් විදර්‍ශනා කරන්නේය. විදර්‍ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂූතෙම වඩන්නේය.

(3) ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේ ද? මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම් කොට නැවතීමක් නොවන්නේමය.

(4) ´´ මෙසේ වාසය කරන්නාවූ , කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, රෑ දාවල් දෙක්හි අනලස්වූ ඒ පුද්ගලයා ඒකන්තයෙන් යහපත් එක් රැයක් ඇති තැතැත්තේය යි ්ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය ´´ යනුයි.

9. ´´ ඇවැත් කාත්‍යායන ස්ථවිරය, ඒ අපට භාග්‍යවතුන්වහන්සේ වැඩමවා නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් විය. ඇවැත්නි, අපට භාග්‍යවතුන්වහන්සේ මේ දේශනාව සංක්ෂේප වශයෙන් දක්වා විස්තර වශයෙන් නොවදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූ සේක.

(1) ´´ ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

(2) ´´ වර්‍තමාන වූ යම් ස්කන්ධයක් වේ ද, එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්‍ශනා වඩන්නේය.ඒ විදර්‍ශනාව රාගාදීන් ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂූතෙමේ වඩන්නේය.

(3) ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළයුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේ ද? මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.

(4) ´´මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස් වූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් වූ එක් රැයක් ඇති තැනැත්තේ යයි ශාන්ත වූ බුද්ධ මුනි තෙමේ වදාළේය ´´ යනුයි.

´´ භාග්‍යවතුන්වහන්සේ විසින් සංක්ෂේපයෙන් දක්වා විස්තර වශයෙන් නොවදාළාවූ මේ ධර්‍මයාගේ අර්ථ විස්තර වශයෙන් කවරෙක් නම් දේශනා කරන්නේ ද යනුවෙනි. ඇවැත් කාත්‍යායන ස්ථවිරය, අපට මෙබඳු සිතෙක් වී. මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙමේ

(4) ´´ මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්ත වූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය´´ යනුයි.

´´ භාග්‍යවතුන්වහන්සේ විසින් සංක්ෂේපයෙන් දක්වා විස්තර වශයෙන් නොවදාළාවූ මේ ධර්‍මයාගේ අර්ථ විස්තර වශයෙන් කවරෙක් නම් දේශනා කරන්නේ ද යනුවෙනි. ඇවැත් කාත්‍යායන ස්ථවිරය, අපට මෙබඳු සිතෙක් වී. මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෘන්වහන්සේ විසින් ද වර්ණනා කරණ ලද්දේය.නුවණැති සබ්‍රහ්මචාරීන් විසින් ද බුහුමන් කරණ ලද්දේ වේ. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ , භාග්‍යවතුන්වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාළාවූ විස්තර වශයෙන් නොවදාළා වූ මේ ධර්‍මයාගේ අර්ථ විස්තරවශයෙන් දේශනා කිරීමට සමර්ථ වන්නේය. අපි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ යම් තැනෙක්හි ද එතැනට යමු.ගොස්, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් අතින් මෙපවත් විචාරන්නෙමු නම් යෙහෙකැයි කියායි.ආයුෂමත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ විස්තර වශයෙන් බෙදා වදාරණ සේක්වා ´´ යි (කීහු).

10. ´´ ඇවැත්නි, යම් සේ වනාහි හරයෙන් (අරටුවෙන්) ප්‍රයෝජන ඇත්තාවූ , හරය සොයන්නාවූ පුරුෂයෙක් තෙමේ යම් සේ හරය සොයා ඇවිදන්නේ, හරය ඇත්තා වූ මහ ගසක මුල් අත්හැර, කඳ අත්හැර, කොළ අතු වල හරය සෙවිය යුතුයයි සිතන්නේ ද, එපරිද්දෙන්ම ආයුෂ්මත්වරුන් විසින් ශාස්තෘන්වහන්සේ හමුවූ කල්හි ඒ භාග්‍යවතුන්වහන්සේ ඉක්මවා අප මේ කාරණය ඇසිය යුත්තෙකු කොට සිතන්නාහුද? ඇවැත්නි, ඒ භාග්‍යවතුන්වහන්සේ වනාහි දතයුත්ත දන්නේය, දැක්කයුතු දෙය දක්නේය, ප්‍රඥා චක්ෂුසින් යුක්ත වූයේය.සම්‍යක් ඥානයෙන් යුක්ත වූයේය. ධර්‍ම ඥානයෙන් යුක්ත වූයේය. ශ්‍රේෂ්ඨ වූයේය. චතුරාය්‍ර්‍ය සත්‍යය ප්‍රකාශ කරන්නේය. පවත්වන්නේ ය. අර්ථයට පමුණුවන්නේය. අමෘතය දෙන්නේය, ධර්‍මස්වාමි වූයේය. තථාගත වූයේය. මේ වනාහි ඒ භාග්‍යවතුන්වහන්සේ ගෙන්ම එය ඇසීමට සුදුසු කාලය විය.තොපට භාග්‍යවතුන්වහන්සේ යම් ආකාරයකින් ප්‍රකාශ කරන්නාහු ද එපරිද්දෙන් එය දරාගනිව් ´ ´ යයි (කී.)

11. ´´ ඇවැත් කාත්‍යායන ස්ථවිරය, ඒකාන්තයෙන් භාග්‍යවතුන්වහන්සේ දතයුත්ත දන්නේය. දැක්ක යුත්ත දක්නේය.ප්‍රඥා චක්ෂුසින් යුක්ත වූයේ ඥාන චක්ෂුසින් යුක්ත වූයේ, ධර්‍ම චක්ෂුසින් යුක්ත වූයේ, ශ්‍රේෂ්ඨ වූයේ දේශනා කරන්නේ, පවත්වන්නේ , අර්ථය කරා පමුණුවන්නේ, අමෘතය දෙන්නේ, ධර්‍මස්වාමි වූයේය. තථාගත වූයේය. භාග්‍යවතුන්වහන්සේගෙන් ම එය ඇසීමට කාලය විය. යම් හෙයකින් භාග්‍යවතුන්වහන්සේ අතින්ම මෙපවත් විචාරන්නෙමු ද අපට භාග්‍යවතුන්වහන්සේ යම් සේ ප්‍රකාශ කරන්නේ ද, එය එසේ දරා ගන්නෙමු. එතකුදු වුවත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෘන් වහන්සේ විසින් ද වර්‍ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරී භික්ෂූන් විසින් ද බුහුමන් කරණ ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාළාවූ විස්තර වශයෙන් නොවදාළාවූ මේ ධර්‍මයාගේ අර්ථ විස්තර වශයෙන් දේශනා කිරීමට සමර්ථ වන්නේය. ආයෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ බරක් වශයෙන් නොසලකා විස්තර කරන සේක්වායි කීහ.

12. ´´ ඇවැත්නි, එසේ වී නම් අසව්. මොනොවට මෙනෙහි කරව්. කියන්නෙමි ´´ යි ( කීහ.) ´´ ඇවැත්නි, එසේය´´ යි ඒ භික්ෂූහු මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ට උත්තර දුන්හ. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිර තෙමේ මෙසේ ප්‍රකාශ කෙළේය.

(1) ´´ ඇවැත්නි, ´´ ඉකුත් වූ පඤ්චස්කන්ධය අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේ ද එය ප්‍රහීණ වූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගත ද එය නොපැමිණියේය.´´

(2) ´´ වර්‍තමාන වූ යම් ස්කන්ධයක් වේද , එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්‍ශනා වඩන්නේය, ඒ විදර්‍ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂූ තෙම වඩන්නේය.´´

(3) ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේ ද? මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම් කොට, නැවතීමක් නොවන්නේය. ´´

(4) ´´ මෙසේ වාසය කරන්නා වූ, කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්ත වූ , රෑ දාවල් දෙක්හි අනලස් වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් එක් රැයක් ඇති තැනැත්තේ යයි ශාන්ත වූ බුද්ධ මුනි තෙම වදාළේය ´´ යි

13. ´´ භාග්‍යවතුන්වහන්සේ විසින් යම් ධර්‍මයක් සංක්ෂේපයෙන් දේශනා කොට විස්තර වශයෙන් විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක් ද,

´´ ඇවැත්නි, භාග්‍යවතුන්වහන්සේ විසින් එසේ සංක්ෂේපයෙන් වදාළ විස්තර වශයෙන් අර්ථ බෙදා නොවදාළාවූ මේ ධර්‍මයාගේ අර්ථ විස්තර වශයෙන් මම මේ ආකාරයෙන් දනිමි.

´´ ඇවැත්නි, කෙසේ නම් අතීත ස්කන්ධයන් අනුව යන්නේද, අතීත කාලයෙහි මාගේ ඇස මෙසේ විය. මෙසේ රූපය වීයයි , එහි විඤ්ඤාණය ඡන්දරාගයෙන් බැඳුනේ වෙයි. විඤ්ඤාණය එහි ඡන්දරාගයෙන් බැඳනු හෙයින් එහි ඇලෙයි. එහි ඇලෙන්නේ ඉකුත් පඤ්චස්කන්ධය අනුව යන්නේය.

´´ අතීත කාලයෙහි මාගේ කණ මෙසේ වීය. ශබ්දයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදීම හේතුකොට ගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් පඤ්චස්කන්ධයන් අනුව යන්නේය.

´´ අතීත කාලයෙහි මාගේ නාසය මෙසේ විය. ගන්ධයෝ මෙසේ වූවාහුයයි එහිවිඤ්ඤාණය ඡන්දරාගය හා යෙදීම හේතුකොට ගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.

´´ අතීත කාලයෙහි මාගේ දිව මෙසේ විය. රසයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදීම හේතුකොට ගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.

´´ අතීත කාලයෙහි මාගේ කය මෙසේ විය. මාගේ ස්පර්‍ෂයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදීම හේතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ ඉකුත් ස්කන්ධයන් අනුව යන්නේය.

´´ අතීත කාළයෙහි මාගේ සිත මෙසේ විය. ධර්‍මයෝ මෙසේ වූවාහුයයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා යෙදුනු හෙයින් එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ අතීත ස්කන්ධයන් අනුව යන්නේය. ඇවැත්නි, මෙසේ වනාහි අතීත කස්කන්ධයන් අනුව යන්නේය.

14. ´´ ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයේද ? අතීත කාලයෙහි මාගේ චක්ෂුව (ඇස) මෙසේ වීය. රූපයෝ මෙසේ වූහයි එහි ඡන්දරාගය හා යෙදුනු විඤ්ඤාණය නොවේ ද , විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. නොඇලෙන්නේ අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය. අතීත කාලයෙහි මාගේ කණ මෙසේ විය. ශබ්දයෝ මෙසේවූහයි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤ්ණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොට ගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන්) නොයන්නේය.

´´ අතීත කාලයෙහි මාගේ නාසය මෙසේ වීය. ගන්ධයෝ මෙසේ වූහ යි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොට ගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන්)නොයන්නේය.

´´ අතීත කාලයෙහි මාගේ දිව මෙසේ විය. රසයෝ මෙසේ වූහ යි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය . එහි නොඇලීම හේතුකොටගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් වශයෙන් ) නොයන්නේය.

´´ අතීත කාළයෙහි මාගේ කය මෙසේ විය. ස්පර්‍ෂයෝ මෙසේ වූහ යි එහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙන්නේය. එහි නොඇලීම හේතුකොට ගෙන අතීත ස්කන්ධයන් අනුව (තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන්) නොයන්නේය.

´´ අතීත කාලයෙහි මාගේ සිත මෙසේ විය. ධර්මයෝ මෙසේ වූහයි එහි ඡන්දරාගය හා යෙදුනු විඤ්ඤාණය නොවන්නේය. විඤ්ඤාණය තමා ඡන්දරාගය හා නොයෙදුනු හෙයින් එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ ස්කන්ධයන් අනුව නොයන්නේය. ඇවැත්නි, මෙසේ අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.

15. ´´ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කෙරේද? අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. රූපයෝ මෙසේ වන්නාහු යයි නොලැබූ චක්ඛු රූපයන් ලැබීම පිණිස සිත පිහිටුවන්නේය. සිත පිහිටුවීම හේතුකොටගෙන එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය. අනාගත කාලයෙහි මගේ කණ මෙසේ වන්නේය. ශබ්දයෝ මෙසේ වන්නාහු යයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොට ගෙන එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

´´ අනාගත කාලයෙහි මාගේ නාසය මෙසේ වන්නේය. ගන්ධයෝ මෙසේ වන්නාහු යයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොට ගෙන එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

´´ අනාගත කාලයෙහි මාගේ දිව මෙසේ වන්නේය.රසයෝ මෙසේ වන්නාහු යයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොට ගෙන එහි ඇලෙයි.එහිඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

´´ අනාගත කාලයෙහි මාගේ කය මෙසේ වන්නේය. ස්පර්‍ෂයෝ මෙසේ වන්නාහුයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතු කොටගෙන එහි ඇලෙයි. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

´ අනාගත කාලයෙහි මාගේ සිත මෙසේ වන්නේය.ධර්‍මයෝ මෙසේ වන්නාහුය යි නොලද්දහුගේ ලැබීම පිණිස සිත පිහිටුවන්නේය. සිත පිහිටුවීම හේතුකොට ගෙන, එහි ඇලෙන්නේය. එහි ඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේ නම් වෙයි . ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

16. ´´ ඇවැත්නි, කෙසේ නම් අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකෙරේ ද ? අනාගත කාලයෙහි මාගේ ඇස මෙසේ වන්නේය. රූපයෝ මෙසේ වන්නාහු යයි නොලැබූ චක්ඛු රූපයන් ලැබීම පිණිස සිත නොපිහිටුවන්නේ ය. සිත නොපිහිටුවීම හේතුකොටගෙන , එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.´´

´´ අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. ශබ්දයෝ මෙසේ වන්නාහුය යි මෙසේ නොලැබූ සොත ශබ්දයන් ලබනු සඳහා සිත නොපිහිටුවන්නේ ය. සිත නොපිහිටුවීම හේතුකොටගෙන එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ ය.

´´ අනාගත කාලයෙහි මාගේ නාසය මෙසේ වන්නේය. ගන්ධයෝ මෙසේ වන්නාහුය යි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත නොපිහිටුවන්නේය. සිත නොපිහිටුවීම හේතුකොට ගෙන, එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

´´ අනාගත කාලයෙහි මාගේ දිව මෙසේ වන්නේය. රසයෝ මෙසේ වන්නාහුය යි නොලැබූ ජිව්හා රසයන් ලැබීම පිණිස සිත නොපිහිටුවන්නේය. සිත නොපිහිටුවීම හේතුකොට ගෙන එහි නොඇලෙන්නේය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ ය.

´´ අනාගත කාලයෙහි මාගේ කය මෙසේ වන්නේ ය. ස්පර්‍ෂයෝ මෙසේ වන්නාහුය යි නොලැබූ කාය ස්පර්‍ෂයන් ලැබීම පිණිස සිත නොපිහිටුවන්නේ ය. සිත නොපිහිටුවීම හේතුකොට ගෙන එහි නොඇලෙන්නේ ය. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ ය.

´´ අනාගත කාලයෙහි මාගේ සිත මෙසේ වන්නේය. ධර්‍මයෝ මෙසේ වන්නාහුය යි නොලැබූ ධර්‍මයන්ගේ ලැබීම පිණිස සිත නොපිහිටුවයි. සිත නොපිහිටුවීම හේතුකොට ගෙන එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ ය. ඇවැත්නි මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ නම් වෙයි.

17. ´´ ඇවැත්නි, කෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගනී ද ? ඇවැත්නි යම්බඳු චක්ෂූප්‍රසාදයක් වේද, යම්බඳු රූපායතනයෝ වෙත් ද මේ දෙකම වර්‍තමාන වන්නේ ය. ඒ වර්‍තමාන චක්ඛු රූප දෙක්හි ඡන්දරාගය හා යෙදුනු විඤ්ඤාණය වෙයි. ඡන්දරාගය හා යෙදුනු බැවින් එහි ඇලෙන්නේ ය. එහි ඇලෙන්නේ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගන්නේ ය.

´´ ඇවැත්නි, යම්බඳු වූ සෝතායතනයෝ් වෙත්ද , යම්බඳු වූ ශබ්දායතනයෝ වෙත් ද, මේ දෙක වර්‍තමාන වෙයි. ඒ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. ඡන්දරාගය හා යෙදුනු බැවින් එහි ඇලෙන්නේ ය. එහිඇලුනේ වර්‍තමාන ස්කන්ධයන් හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.

´´ ඇවැත්නි, යම්බඳු වූ ඝානායතනයක් වේ ද, යම් බඳු වූ ගන්ධායතනයෝ වෙත් ද, මේ දෙක වර්‍තමාන වෙයි. ඒ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. ඡන්දරාගය හා යෙදුනු බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලුනේ වර්‍තමාන ස්කන්ධයන් හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.

´´ ඇවැත්නි, යම්බඳු වූ ජිව්හායතනයක් වේ ද, යම්බඳු වූ රසායතනයෝ වෙත් ද, මේ දෙක වර්‍තමාන වෙයි. ඒ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුන බැවින් එහි ඇලෙන්නේ ය. එහි ඇලුනේ වර්‍තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.

´´ ඇවැත්නි, යම්බඳු වූ කායායතනයෙක් වේ ද, යම් බඳු වූ ස්පර්‍ශායතනයෝ වෙත් ද, මේ දෙක වර්‍තමාන වෙයි. ඒ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනු බැවින් එහි ඇලෙන්නේය. එහි ඇලුනේ වර්‍තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ.

´´ ඇවැත්නි, යම්බඳු වූ මනායතනයෙක් වේ ද, යම්බඳු වූ ධර්‍මායතනයෝ වෙත් ද , මේ දෙකම වර්‍තමාන වන්නේ ය. ඒ වර්‍තමාන මනායතන ධර්‍මායතනයෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනු බැවින් එහි ඇලෙන්නේ ය. එහි ඇලෙන්නේ වර්‍තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ඇදගැනීම කෙරේ. ඇවැත්නි, මෙසේ වර්‍තමාන ධර්‍මයන් කෙරෙහි ඇදගැනීම කෙරේ.

18. ´´ ඇවැත්නි, කෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් ඇදීම නොකෙරේ ද, ඇවැත්නි, යම්බඳු වූ චක්ඛායතනයක් වේ ද, යම් බඳු වූ රූපායතනයෝ වෙත් ද, මේ දෙකම වර්‍තමාන වන්නේ ය. ඒ වර්‍තමාන චක්ඛායතන රූපායතනයන්හි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ නොවේ ද, විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදීම හේතුකොට ගෙන එහි නොඇලෙන්නේ ය. එහි නොඇලෙන්නේ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන් ඇදීම නොකෙරේ.

´´ ඇවැත්නි, යම්බඳු වූ සොතායතනයක් වේ ද, යම්බඳු ශබ්දායතනයෝ වෙත් ද, මේ දෙක වර්‍තමාන වෙයි. ඒ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ නොවෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.

´´ ඇවැත්නි, යම්බඳු වූ ඝානායතනයක් වේ ද, යම් බඳු වූ ගන්ධායතනයෝ වෙත් ද, මේ දෙක වර්‍තමාන වෙයි. ඒ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි .එහි නොඇලෙන්නේ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.

´´ ඇවැත්නි, යම්බඳු වූ ජිව්හායතනයක් වේ ද, යම්බඳු වූ රසායතනයෝ වෙත් ද, මේ දෙක වර්‍තමාන වෙයි. ඒ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.

´´ ඇවැත්නි, යම්බඳු වූ කායායතනයෙක් වේ ද, යම්බඳුවූ ස්පර්‍ශායතනයෝ වෙත් ද, මේ දෙක වර්‍තමානයි. ඒ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනේ වෙයි. විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදුනු බැවින් එහි නොඇලෙයි. එහි නොඇලෙන්නේ වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ.

´´ ඇවැත්නි, යම්බඳු වූ මනායතනයෙක් වේ ද, යම්බඳු වූ ධර්‍මායතනයෝ වෙත් ද, මේ දෙකම වර්‍තමාන වන්නේ ය. ඒ වර්‍තමාන මනායතන ධර්‍මායතනයන් හි විඤ්ඤාණය ඡන්දරාගය හා යෙදුනේ නොවේ ද , විඤ්ඤාණය ඡන්දරාගය හා නොයෙදීම හේතුකොට ගෙන එහි නොඇලෙන්නේ ය. එහි නොඇලෙන්නේ ි වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගැනීම නොකෙරේ. ඇවැත්නි, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි ඇදීම නොකෙරේ.

19. (1) ´´ ඇවැත්නි, ඉකුත් පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් අනුව නොයන්නේ ය. නොපැමිණියා වූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේ ය. යම් ස්කන්ධයක් ඉක්මගියේ ද එය ප්‍රහීණ වූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගත ද එය නොපැමිණියේ ය.

(2) ´´ වර්‍තමාන වූ යම් ස්කන්ධයක් වේ ද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනා වශයෙන් විදර්‍ශනා වඩන්නේ ය. ඒ විදර්‍ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂූ තෙම වඩන්නේ ය.

(3) ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළයුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේ ද? මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම් කොට නැවතීමක් නොවන්නේමය.

(4) ´´ මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි අනලස් වූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් රාත්‍රියක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය යි යම් ධර්‍මයක් භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේප වශයෙන් වදාරා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට විහාරයට වැඩමවූ සේක් ද,

(20) ´´ ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන්වහන්සේ විසින් සංක්ෂේප වශයෙන් වදාළා වූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළා වූ මේ ධර්‍මයාගේ අර්ථ විස්තර වශයෙන් මෙසේ දැන ගනිමි. ආයුෂමත්නි, නුඹ වහන්සේලා කැමැති වන්නාහු නම් භාග්‍යවතුන්වහන්සේ වෙතට පැමිණ මේ කාරණය නැවත විචාරණු මැනවි. භාග්‍යවතුන්වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කෙරෙත් ද, එය දරාගත මැනැවැයි (කීහ.) එකල්හි වනාහි ඒ භික්ෂූහු ආයුෂමත් මහා කාත්‍යායන ස්ථවිරයන්වහන්සේ ගේ දේශනාවට විශේෂයෙන් සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිටියාහූ භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හි ද එතැනට ගියාහු ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්මයක් සංක්ෂේපයෙත් වදාරා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද,

(1) එකුත්වූ පඤ්චස්කන්ධය අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීනවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

(2) වර්තමානවූ යම් ස්කන්ධයක්වේද එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදින්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.

(3) අදම කෙළෙස් තවන වීර්ය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම් කොට, නැවතීමක් නොවන්නේමය.

(4) මෙසේ වාසය කරන්නාවූ. කෙළෙස් තවන විර්යයෙන් යුක්තවූ, රෑ දාවල් දෙක්හි අනලස්වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් එක් රැයක් ඇත්තේයයි ශාන්තවූ බුද්ධ මුනිතෙමේ වදාළේය. (යනුය)

21. ´´ස්වාමීනි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක්වී. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මය වනාහි සංක්ෂේප වශයෙන් වදාරා විස්තර වශයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩමවූ සේක.

(1) ´´ඉකුත් පඤ්චස්කන්ධය අනුව නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය ගැන තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නොපතන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේද, එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය.

(ු2) වර්තමානවූ යම් ස්කන්ධයක් වේද එය උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්ශනා වඩන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට, කුපිත නොකොට, පණ්ඩිත භික්ෂුතෙම වඩන්නේය.

(3) අදම කෙළෙස් තවන වීර්ය කළයුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට, නැවතීමක් නොවන්නේමය.

(4) මෙසේ වාසය කරන්නාවූ, කෙළෙස් තවන වීර්යයෙන් යුක්තවූ, රෑ දවල් දෙක්හි අනලස්වූ, ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් එක් රැයක් ඇත්තේ යයි, ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය.

´´භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාළාවූ විස්තර වශයෙන් අර්ථ විභාග නොකළාවූ මේ ධර්මයාගේ අර්ථ කවරෙක් වනාහි විස්තර වශයෙන් විභාග කරන්නේද යනුයි. ස්වාමීනි, ඒ අපට වනාහි මෙබඳු සිතෙක්වී, ඇවැත්නි, මේ මහා කාත්‍යායන ස්ථවීර තෙමේ වනාහී ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දේය. නුවණැති සබ්‍රහ්මචාරීන් විසින්ද, ගරු කරණ ලද්දේවේ. ආයුෂ්මත් මහා කෘත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද විස්තර වශයෙන් අර්ථ විභාග නොකළ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන් විභාග කිරීමට සමර්ථ වන්නේය. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එහි යන්නෙමු. ගොස් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි කියායි.

22. ´´ස්වාමීනි, එකල්හි වනාහි අපි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමු. ගොස් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ගෙන් මේ කාරණය ඇසීමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ විසින් මේ ආකාරයන්ගෙන් මේ පදයන්ගෙන් මේ ව්‍යාඤ්ජනයන්ගෙන් අර්ථ විභාගකොට ප්‍රකාශකරණ ලද්දේ යයි සැලකළාහුය.´´

´´මහණෙනි, මහා කාත්‍යායන තෙමේ පණ්ඩිතයෙකි. මහණෙනි, මහාකාත්‍යායන තෙමේ මහත් ප්‍රඥා ඇත්තෙකි. මහණෙනි, තෙපි මා අතින්ද මේ කාරණය විචාළාහු නම් මමද එය මහා කාත්‍යායනයන් විසින් යම් පරිද්දෙකින් ප්‍රකාශකරණ ලද්දේ නම් ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරමි. ඒ අර්ථය එසේමය. එසේම එය දරා ගනීවියයි වදාළේය.´´

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. සතුටු සිත් ඇති එහි භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.

මහා කච්චායන භද්දෙකරත්ත සූත්‍රය නිමි. ( 4 – 3 )

132. ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී . එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු මහසිටුහු ගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දක්වයි . එහි යොදවයි . තෙද ගන්වයි . සතුටුකරවයි. යහපත් එක්රැයක් ඇත්තහුගේ උද්දේසයයි කියන ලද මාතෘකාවත් විභඞ්ගයයි කියන ලද විස්තරයත් ප්‍රකාශ කරයි .

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සවස කාලයෙහි ඵල සමාපත්තියෙන් නැගිට උපස්ථානශාලාව යම් තැනෙක්හි ද එතැන්හි වැඩි සේක. වැඩමවා පනවන ලද බුද්ධාසනයෙහි වැඩසිටි සේක. වැඩහිඳ භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ´

´´ මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දැක්වූුයේ ද , යෙදවුයේ ද, තෙදගැන්වුයේ ද, සතුටුකෙළේ්ද, යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තරයත් කීයේදැයි ඇසූහ.

3. ´´ ස්වාමීණි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ උපස්ථානශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයේය. යෙදවූයේය. තෙදගැන්වූයේය. සතුටු කෙළේය. යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තරයත් කෙළේයයි ´´ (සැළකෙළේය )

4. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළ සේක. ´´ ආනන්දය, තෙපි වනාහි කවර පරිද්දෙකින් භික්ෂූන්ට දැහැමි කථාවකින් කරුණු දැක්වූයේ ද , යෙදවූයේ ද, තෙදගැන්වූයේ ද, සතුටු කෙළේද, යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර බෙදීමත් ප්‍රකාශ කෙළේදැයි ´´ (විචාල සේක) ´´ ස්වාමීනි මම මෙසේ වනාහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටු කෙළෙමි. යහපත් එක්රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර බෙදීමත් ප්‍රකාශ කෙළෙමි ´´යි (සැළ කෙළේය) .

5. (1) ´´ ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේ ද , එය ප්‍රහීණවූයේ් (නැතිවූයේ) වෙයි. අනාගත වූ යම් ස්කන්ධයක් වේද, එය නොපැමිණියේය.

(2) ´´ වර්තමාන වූ යම් ස්කන්ධයක් වේද, එය අනිත්‍යානුපස්සනාදිීන්ගෙන් ඒ උපන් තන්හි විදර්‍ශනා වඩන්නේය. ඒ විදර්‍ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂූ තෙමේ වඩන්නේය.

(3) ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළයුත්තේය. මරණය හෙට හෝ සිදුවන්නේයයි කවරෙක් දන්නේද, මහත් සෙනගක් ඇති ඒ මාරයා සමග ගිවිසුමක් නැත්තේය.

(4) ´´ මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිපන්නාවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් වු එක් රැයක් ඇති භික්ෂූව යයි ශාන්තවු බුද්ධ මුනි තෙමේ වදාළේයි.

(5) ´´ ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේද,´ මම අතීත කාළයෙහි මෙබඳු රූප ඇත්තෙක් වූයෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය.

(6) ´´ මම අතීත කාළයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් විමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් විීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. ඇවැත්නි, මෙසේ වනාහී අතීත ස්කන්ධයන් අනුව යන්නේය.

7. ´´ ඇවැත්නි කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේ ද? ´´ මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීිමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතිීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. ඇවැත්නි , මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.

8. ´´ ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේ ද? ´´ අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත් තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය. අනාගත කාලයෙහි ම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳූ සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය.මම අනාගත කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය.

´ ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

9. ´´ ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ ද? ´ අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගතයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගතයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය.´´ ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ ය.

10. ´´ ඇවැත්නි, කෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් හි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇද ගනීද? ඇවැත්නි , මෙී ශාසනයෙහි ආය්‍ර්‍යයන් නොදක්නා ස්වභාව ඇත්තා වූ ආය්‍ර්‍ය ධර්‍මයෙහි දක්ෂ නොවූ ආය්‍ර්‍යධර්‍මයෙහි නොහික්මුණා වූ , සත්පුරුෂයින් නොදක්නා ස්වභාව ඇත්තාවූ සත්පුරුෂ ධර්‍මයෙහි අදක්ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුනාවූ, ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන තෙමේ රූපය තමා වශයෙන් හෝ දක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා රූපය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය.වේදනාව තමා වශයෙන් හෝ දකියි.තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි.වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි.සංඥාව තමා වශයෙන් හෝ දකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකිී. සංස්කාර තමා වශයෙන් හෝ දකී. තමා සංස්කාර ඇත්තකැයි කියා හෝ දකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. විඥානය තමා වශයෙන් හෝ දකින්නේය. තමා විඥානය ඇත්තෙකැ යි කියා හෝ දක්නේය.විඥානය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා විඥානය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. ඇවැත්නි, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි ඇද ගැනීම වේ.

11. ´´ ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇදීම නොවේද, ඇවැත්නි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යයන් දක්නා ස්වභාව ඇත්නාවූ, ආය්‍ර්‍යධර්‍මයෙහි දක්ෂවූ ආය්‍ර්‍යධර්‍මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි දක්ෂවූ , සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුනාවූ ඇසූපිරූ තැන් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවක තෙමේ රූපය තමා වශයෙන් හෝ නොදක්නේය.තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රුපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. වේදනාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංඥාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංස්කාර තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දෙකී. විඥානය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා විඥානය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. විඥාණය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. තමා විඥානය කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය.

ඇවැත්නි, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා වශයෙන් ඇදගැනීම නොවේ.

12. 1. ´´ අතීත පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේ ද එය ප්‍රහීන වූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේ ය.

2. ´´ වර්‍තමාන වූ යම් ස්කන්ධයක් වේ ද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්‍ශනා වඩන්නේය. රාගාදීන්ගෙන් විසිරීමක් නැත්තාවූ කුපිත නොවන්නාවූ ඒ විදර්‍ශනාව පණ්ඩිත භික්ෂූතෙම වඩන්නේය.

3. ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළයුත්තේය. හෙට මරණය සිදවේදැයි කවරෙක් දන්නේද? මහා සේනාවක් ඇති ඒ මාරයා සමඟ ගිවිසුමක් අපට නැත්තේය.

4. ´´ මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි අනලස් වූ ඒකාන්තයෙන් මෙසේ පිළිපන් ඒ පුද්ගලයා යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්ත වූ බුද්ධ මුනි තෙමේ වදාළේය.

´´ ස්වාමිණි, මම මෙසේ වනාහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටු කෙළෙමි. යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර විභාගයත් ප්‍රකාශ කෙළෙමි යි ´´ සැලකෙළේය.

13. ´´ යහපති ආනන්දය, යහපති ආනන්දය, ඔබ ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නෙයන්නේය. අනාගත පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය. ඒකාන්තයෙන් ඒ පුද්ගලයා යහපත් එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්ත වූ බුද්ධමුනි තෙම වදාළේයයි භික්ෂූන්ට ධර්‍ම කථාවක් දැක්වූයෙහි ය, එහි සමාදන් කරවූයෙහිය, උත්සාහවත් කරවූයෙහිය, පැහැද වූයෙහිය,රාත්‍රියකගේ සංක්ෂේපයෙන් ද විස්තර වශයෙන්ද කීයෙහිය.

14. ´´ ආනන්දය, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේ ද? ´´ මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්කේ වූයෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාල යෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය.මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. ආනන්දය මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.

15. ´´ ආනන්දය කෙසේ වනාහිඅතීත ස්කන්ධයන් අනුව නොයන්නේ ද ? ´´ මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය.මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. ඇනන්දය, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.

16. ´´ ආනන්දය කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කෙරේද? ´´ අනාගත කාලයෙහ ිමම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්කේ වන්නෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය. ආනන්දය, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේ ය.

17. ´´ ආනන්දය, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකෙරේ ද? ´´ අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. ආනන්දය, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

18. ´´ ආනන්දය, කෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇදගනී ද? ආනන්දය, මේ ශාසනයෙහි ආය්‍ර්‍යයන් නොදක්නා ස්වභාවය ඇත්තාවූ ආය්‍ර්‍ය ධර්‍මයෙහි දක්ෂ නොවූ ආය්‍ර්‍යධර්‍මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුනාවූ, ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන තෙමේ රූපය තමා වශයෙන් හෝ දකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකී.රූපය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා රූපය කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. වේදනාව තමා වශයෙන් හෝ දකීි. තමා වේදනාව ඇත්තෙකියි කියා හෝ දකී. වේදනාව තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකී.තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී.සංඥාව තමා වශයෙන් හෝ දකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. සංස්කාර තමා වශයෙන් හෝ දකී. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. විඤ්ඤාණය තමා වශයෙන් හෝ දකී. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ දකී. විඤ්ඤාණය තමා කරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. ආනන්දය, මෙසේ වනාහි වර්‍තමන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගනී.

19. ´´ ආනන්දය , කෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ ඇදීම නොකෙරේ ද ? ආනන්දය, මේ ශාසනයෙහි ආය්‍ර්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි දක්ෂවූ, ආය්‍ර්‍යධර්‍මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයින් දක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුනාවූ, ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවක තෙමේ රූපය තමා වශයෙන් හෝ නොදකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝනොදකී. රූපය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා රූපය කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. වේදනාව තමා වශයෙන් හෝ නොදකී.තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකිී. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංඥාව තමා වශයෙන් හෝ නොදකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංස්කාර තමා වශයෙන් හෝ නොදකී.තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ නොදකී.තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. විඤ්ඤාණය තමා වශයෙන් හෝ නොදකී. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ නොදකී. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී.තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. ආනන්දය, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තාෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් ඇදීම නොකෙරේ.

20. (1) ´´ ඉකුත් පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේ ද, එය ප්‍රහීණ වූයේ වෙයි.යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේ ය.

(2) ´´ වර්‍තමාන වූ යම් ස්කන්ධයක් වේද , එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්‍ශනා වඩන්නේය. ඒ විදර්‍ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට , කුපිත නොකොට පණ්ඩිත භික්ෂූතෙම වඩන්නේය.

(3) ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේ ද ? මහා සේනාවක් ඇති ඒ මාරයා සමග අපට ගිවිසුමක් නැත්තේය.

(4) ´´ මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි අනලස් වූ ඒකාන්ත යෙන් මෙසේ පිළිපත් ඒ පුද්ගලයා යහපත් රාත්‍රියක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය යි භාග්‍යවතුන්වහන්සේ මේ සූත්‍රය වදාළේය.

සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සෙගේ දේශනාවට විශෙෂයෙන් සතුටු වූයේ යි ´´

ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය නිමි (492 )

131. භද්දෙකරත්ත සූත්‍රය.

1. මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි, ජේතවන නම්වූ අනේපිඩුමහ සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´මහණෙනි,´ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැයි´ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

2. ´´මහණෙනි, තොපට විදර්‍ශනා භාවනාවෙහි යෙදී වාසය කරණ බැවින් යහපත්වූ එක් රැයක් පිළිබඳවූ උදෙසීමයයි කියනලද මාතෘකාවද විස්තර වශයෙන් බෙදීමද, දේශනා කරන්නෙමි. එය අසව්, මොනවට මෙනෙහි කරව්, කියන්නෙමියි´´ වදාළසේක. එසේය ස්වාමීන් වහන්සැයි´´ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ හට වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

(1) ´´ඉකුත්වූ පඤ්චස්කන්‍ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නොයන්නේය. අනාගත (නූපන්) පඤ්චස්කන්‍ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාත්‍ර්‍ථනා නොකරන්නේය. යමක් ඉක්ම ගියේද එය ප්‍රහීණ වූයේ (නැතිවූයේවේ.) අනාගත පඤ්චස්කන්‍ධය නොපැමිණියේ (නූපන්නේ) වෙයි.

(2) ´´වර්‍තමානවූ (ඉපිද පවත්නාවූ) යම් පඤ්චස්කන්‍ධයක් වේද, ඒ පඤ්චස්කන්‍ධය ඒ ඒ උපන් තන්හිම අනිත්‍යාදී වශයෙන් බලන්නේය. ඒ විදර්‍ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්‍ෂූතෙමේ වඩන්නේය.

(3) ´´අදම කෙලෙස් තවන වීය්‍ර්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවන්නේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.

(4) ´´මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙකෙහි අනලස්වූ මෙසේ පිළිපන් පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති ත භික්‍ෂුව යයි ශාන්තවූ බුඬ මුනිතෙමේ වදාළේය.

3. ´´ මහණෙනි, කෙසේ වනාහි ඉකුත්ව ගිය ස්කන්‍ධයන් අනුව යන්නේද? අතීත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වූයෙමි යයි එහි තෘෂ්ණාව අනුව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු විඥාණ ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි, අතීත ස්කන්‍ධයන් අනුව යන්නේය.

4 ´´ මහණෙනි, කෙසේ නම් ඉකුත්වූ ස්කන්‍ධයන් අනුව නොයන්නේද? අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වූයෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වූයෙම්යයි. එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු විඥාණ ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. මහණෙනි, මෙසේ වනාහි අතීත ස්කන්‍ධයන් අනුව නොයන්නේය.

5. මහණෙනි, කෙසේ වනාහි අනාගත ස්කන්‍ධයන් ප්‍රාර්‍ථනා කෙරේද? අනාගත කාලයෙහිදී මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි, අනාගත ස්කන්‍ධයන් ප්‍රාර්‍ථනා කරන්නේය. මහණෙනි, කෙසේ වනාහි අනාගත ස්කන්‍ධයන් ප්‍රාර්‍ථනා නොකෙරේද, අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාන ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි, අනාගත ස්කන්‍ධයන්හි ප්‍රාර්‍ථනා නොකරන්නේය.

6. ´´මහණෙනි, කෙසේ වනාහි වර්‍තමාන ස්කන්‍ධයන්හි විදර්‍ශනාවගේ අභාවයෙන් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අදිනු ලැබේද? මහණෙනි, මේ ලෝකයෙහි ආය්‍ර්‍ය ධර්මයෙහි දක්‍ෂ නොවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි නොහික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාවූ, එම සත්පුරුෂ ධර්මයෙහි දක්‍ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ, ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන තෙමේ රූප ස්කන්‍ධය තමා වශයෙන් දකින්නේය. තමන් රූප ස්කන්‍ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. රූප ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකින්නේය. රූප ස්කන්‍ධයෙහි තමා ඇත්තේ යයි කියා හෝ දකින්නේය. වේදනා ස්කන්‍ධය තමා යයි දකින්නේය. තමා වේදනා ස්කන්‍ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. වේදනා ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකින්නේය. වේදනා ස්කන්‍ධයෙහි තමා ඇත්තේ යයි කියා හෝ දකින්නේය. සංඥා ස්කන්‍ධය තමා වශයෙන් දකින්නේය. තමා සංඥා ස්කන්‍ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. සංඥා ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. සංඥා ස්කන්‍ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්‍ධය තමා වශයෙන් දකින්නේය. තමා සංස්කාර ස්කන්‍ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්‍ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. විඥාන ස්කන්‍ධය තමා වශයෙන් දකින්නේය. තමා විඥාන ස්කන්‍ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. විඥාන ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. තමා විඥාන ස්කන්‍ධය කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. මහණෙනි, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්‍ධයන්හි විදර්‍ශනා භාවනා නැති හෙයින් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අදිනු ලැබේ.

7. ,මහණෙනි, කෙසේ වනාහි වර්‍තමාන ස්කන්‍ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොඅදිනු ලැබේද, මහණෙනි, මේ සස්නෙහි ආය්‍ර්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි දක්‍ෂවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි හික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, එම සත්පුරුෂ ධර්මයෙහි දක්‍ෂවූ, ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍යශ්‍රාවක තෙමේ රූපය තමා යයි නොදක්නේය. තමා රූප ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රූප ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. රූප ස්කන්‍ධය කෙරෙහි තමා ඇත්තේය කියා හෝ නොදක්නේය. වේදනා ස්කන්‍ධය තමා වශයෙන් නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදක්නේය. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා වේදනාව කෙරෙහි ඇත්තේ යයි කියා නොදක්නේය. සංඥා ස්කන්‍ධය තමා වශයෙන් නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා සංඥාව කෙරෙහි ඇත්තේ යයි කියා හෝ නොදක්නේය. සංස්කාර ස්කන්‍ධය තමා වශයෙන් නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා සංස්කාර කෙරෙහි ඇත්තේ යයි කියා හෝ නොදක්නේය. විඥාන ස්කන්‍ධය තමා වශයෙන් නොදක්නේය. තමා විඥාන ස්කන්‍ධය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. විඥාන ස්කන්‍ධය තමා කෙරෙහි හෝ නොදක්නේද, තමා විඥාන ස්කන්‍ධය කෙරෙහි හෝ නොදක්නේද, ,මහණෙනි, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්‍ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොඅදිනු ලැබේ.

8. ,අතීත පඤ්ච ස්කන්‍ධයන් අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්ච ස්කන්‍ධයන් තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාත්‍ර්‍ථනා නොකරන්නේය. ඒකාන්තයෙන් එබඳු පුද්ගලයා යහපත් එක් රැයක් ඇති තැන්ත්තේයයි ශාන්තවූ බුඬ මුනි තෙමේ වදාරන්නේයි.

,මහණෙනි, තොපට යහපත් එක් රාත්‍රියක් ඇති තැනැත්තාගේ උද්දෙස සංඛ්‍යාත මාතෘකාවක් වීභඬ්ගයයි කියනලද විස්තර දේශනාවක් දේශනා කරන්නෙමි යන යම් වචනයක් කියන කරන ලද්දේද, එය මේ සඳහා කියන ලද්දේ වෙයි´´.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

පළමුවැනිවූ භද්දෙකරත්ත සූත්‍රය නිමි. (4-1)

130. දේවදුත සුත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි වූ, ජෙතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´මහණෙනියි, භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක.ඒ භික්‍ෂුහු ´පින්වතුන් වහන්සැයි´ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2.´´මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නා වූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුත් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද,හිනවූද, ප්‍රණිතවූද, යහපත් වර්‍ණඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, සුගති වලට පැමිණියා වූද, දුගති වලට පැමිණියා වූද, කර්‍මය වූ පරිදි පැමිණියා වූ සත්‍වයන් පිරිසිදු, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවසැන් දකිමි. ඒකාන්තයෙන්ම මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනො සුචරිතයෙන් යුත්ත වූවාහුය. ආය්‍ර්‍යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දෟෂ්ටි වූවාහුය. සම්‍යක් දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වුවාහුය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති සවර්‍ගලොකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුත්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනෝ සුචරිතයෙන්ත යූක්ත වූවාහූය. ආය්‍ර්‍යයන්හට පරිභව නොකරන්නාහුය. සම්‍යක් දෟෂ්ටික වූවාහූය. සම්‍යක් දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යූක්ත වූවාහූය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුත් අතර උපන්නාහුය.

3. ´´ඒකාන්තයෙන් මේ පින්වත් සත්‍වයෝ කාය දූශචරිතයෙන් යුත්ත වූවාහූය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආය්‍ර්‍ය හට පරිභව කරන්නාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මේ පින්වත් සත්‍වයෝ කාය දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වුවාහුය. ආය්‍ර්‍යයන්හට පරිභව කරන්නාහුය. මිත්‍ථ්‍යා දුෂ්ටික වූවාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.

4.´´මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ ´දේවයන් වහන්ස, මේ පුරුෂයා මවට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. පියාට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. උතුමන් නොහදුනන්නෙක. කුලදෙටුවන් නොපුදන්නෙක´´ ´´ළදරුවෙකු නුදුටුවෙහිද?´´ ´´හෙතෙම ස්වාමින්, දුටුවෙමියි´ කියයි.

´මහණෙනි, යම් රජතෙම ඔහුට මෙසේ කියන්නේය. එම්බා පුරුෂය, නුවණැත්තාවූ මහලුවූ ඒ නුඹට මේ අදහස ඇති නොවිද? මමත් ජාතිය සවභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මේ අදහස ඇති නොවිද? හෙතම ´ස්වාමින්, කුසල් කරන්නට නොහැකිවිම්. වහන්ස, පමාවූයෙමියි කියයි. ඔහුට යම රජතෙම ´එම්බා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එම්බා පුරුෂය, පමා වූවහුට යම් සේ කෙරේද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මේ පාප කර්‍මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගෙණිය විසින් නොකරණ ලද්දේය. යහඵ මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින් මේ පාප කර්‍මය කරණ ලද්දේය. මේ පාප කර්‍මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය´´.

5. ´´මහණෙනි, යම රජ තෙම මේ පළමුවෙනි දේවදුතයා දක්වා කරුණු සහිතව පිළිගනිවා තර්ජකය කොට දෙවැනි දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ´´එම්බා පුරුෂය, මනුෂ්‍යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දුතයා තෝ නොදුටුවෙහිද? හෙතම ´´ ස්වාමින්, නුදුටිමියි´ කියන්නේය. ඔහුට යම රජතෙම ´එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි උප්පත්තියෙන් අසූ වයස් ගියාවූ, හෝ අනු වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියා වූ හෝ ජරාජීරණ වූ ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිදුණු සැරයටිය පිහිටි කොට ඇති, වෙවුලමින් හැසිරෙනිනාවූ, ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණ කම් ඇති, වැටුණු දත් ඇති, පැසුණු හිසකෙහෙ ඇති, ඉගිලිගිය හිසකෙහෙ ඇති, බොහෝ සේ ඉගිලී ගිය හිස කෙහෙ ඇති, රැලි නැගුණ සම ඇති,තල කැලලින් යුත් සිරුරැති, සත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිද? හෙතෙම ´ස්වාමින්, දුටුවෙමියි, කියයි´´.

6.´´මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. ´එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවා වූයේ වෙමි. එබැවින් මම කයින්, වචයෙන්, සිතින් කුසල් කරන්නෙම් නම් යහපති යන අදහස ඇති නොවිද? හෙතෙම ස්වාමින්, ´´ කුසල් කරන්නට නොහැකි විමි. ස්වාමින් පමා විමියි.´´ කියන්නේය. මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. ´´එම්බා පුරුෂය තෝ පමාවූ බැවින් කයින් වචනයෙන්, සිතින් කුසල් නොකෙළහි නම් එම්බා පුරුෂය, යම් සේ පමා වූවහුට යම් සේද තට එසේ කරන්නාහුය. තාගේ ඒ පාප කර්‍මය මව විසින් නොකරණ ලදි. පියා විසින් නොකරණ ලදි. සහෝදරයා විසින් විසින් නොකරණ ලදි. නැගණිය විසින් නොකරණ ලදි. යහඵ මිත්‍රයින් විසින් නොකරන ලදි. සහ ලේ නෑයන් විසින් විසින් නොකරණ ලදි. මහණ බමුණන් විසින් විසින් නොකරණ ලදි. දෙවියන් විසින් නොකරණ ලදි. මේ පාප කර්‍මය තා විසින්ම කරණ ලද්දේය. ඒ අකුසලයාගේ විපාකය තෝම විදිනෙහිය.

7.´´මහණෙනි, යම රජ තෙම මේ දෙවෙනි දේවදුතයා දක්වා පිළිගන්වන්නේය. කියා තුන් වන දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ´එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහලවූ තුන් වන දේවදුතයා නුදුටුවෙහිද? හෙතම ස්වාමින් නුදුටිමියි´ කියයි. මහණෙනි, මොහුට යම රජ තෙම එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි රෝග ඇත්තාවූ දුකට පත්වූ දැඩි ගිලන් ඇත්තාවූ, සවකිය මල මුත්‍ර මතුයෙහි සයනය කරණ අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් හොවනු ලබන්නාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිදැයි´ අසන්නේය. ´ ස්වාමින්, දුටුවෙමියි´ කියයි. මහණෙනි, ඔහුට යම රජ තෙම ´එම්බා පුරුෂය, නුවණැත්තාවූ වැඩි වයසට පැමිණියාවූ ඒ නුඹට මමත් ලෙඩවිම ස්වාභාව කොට ඇත්තේ වෙමි. ලෙඩවිම නොඉක්මවුයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසලයක්, කරමි. කියා අදහස් නොවුයෙහිදැයි අසන්නේය. හෙතෙම ´´ස්වාමින් කුසල් කරන්නට නොහැකිවිම. ස්වාමිනි පමාවිමයි.´ කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට එම්බා පුරුෂය, පමාවු බැවින් කයින්, වචනයෙන් සිතින් කුසලයෙක් නොකෙළහි නම් එම්බා පුරුෂය, පමා වුවහුට යම් සේ කෙරෙත්ද, එසේ තට කරන්නාහුය. තගේ ඒ මේ පාපකර්‍මය මව විසින් කරණ ලද්දක් නොවෙයි. පියා විසින් කරණ ලද්දක් නොවෙයි. සහෝදරයා විසින් කරන ලද්දක් නොවෙයි. නැගණිය විසින් කරණ ලද්දක් නොවෙයි. යහඵ මිත්‍රයින් විසින් කරන ලද්දක් නොවෙයි. සහලේ නෑයින් විසින් කරන ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරන ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරන ලද්දක් නොවෙයි. තා විසින් ඒ පාප කර්‍මය කරණ ලදි. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විදිනෙහිය.´

8.´´ මහණෙනි, යම රජ ඔහුට මේ තුන්වන දේවදුතයා දක්වා පිළිගන්වා කරුණු කියා සිව් වන දේවදුතයා දක්වයි. පිළිගන්වයා. කරුණු කියා සිව්වන දේවදුතයා දක්වයි. පිළිගන්වයි. කරුණු කියයි. ´එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහළවූ සිව්වන දේවදුතයා නුදුටුවෙහිද?´ හෙතෙම ´ස්වාමීනි, දුටිමි´ යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂය, මිනිසුන් අතරෙහි අල්වාගෙන රජුන් විසින් නෛායෙක් දඬුවම් කරවන්නාවූ අපරාධ කළ සොරුන් නුදුටුවෙහිද? එනම්: කසවලින් තැලුම් කන්නවුන්, වේවැල්වලින් තැලුම් කන්නවුන්, මුගුරුවලින් තැලුම් කන්නවුන්, අත් කප්පවන්නවුන්, පා කප්පවන්නවුන්, අත් පා කප්පවන්නවුන්, කණ කප්පවන්නවුන්, නාසය කප්පවන්නවුන්, කණ් නාසා කප්පවන්නවුන්, බිලඬ්ගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්, සඬ්ඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්, ජෝතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්, හත්‍ථපජ්ජොතික නම් කර්මය කරනු ලබන්නවුන්, එරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, චීරකවාසික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒණ්‍යෙක නම් කර්මය කරනු ලබන්නවුන්, බලිසමංසික නම් කර්මය කරනු ලබන්නවුන්, කහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතවඡික නම් කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, පලාලපීඨක නම් කර්මය කරනු ලබන්නවුන්, උණු කරනලද තෙල් ඉසිනු ලබන්නවුන්, සුනඛයන් ලවා කනු ලබන්නවුන්, ජීවත්ව සිටියදීම උල තබනු ලබන්නවුන්, කඩුවෙන් හිස කපනු ලබන්නවුන්, දුටුවෙහිදැ´ යි අසන්නේය. හෙතෙම ´ස්වාමීනි, දුටුවෙමි´ යි කියයි. ්‍යාත්මිකවූද බාහිරවූද සෑමදෙයක අනිත්‍යාදී ස්වභාවය දකින්නෙම්ද?

9. ,මහණෙනි, යම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි නුඹට යම් කෙනෙක් පාපකර්ම කෙරෙත් නම් ඒ සත්‍වයෝ මේ ආත්මභවයෙහිම මෙබඳු කම් කටොලු කරවනු ලබත්. පරලොවදී කියනු කිම? එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් යහපතක් කරමියි අදහස් නොවූයෙහිද, හෙතෙම ´ස්වාමීනි, යහපතක් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමි´ යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට ´පින්වත් පුරුෂය, තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසලයක් නොකෙළෙහි නම් එම්බා පුරුෂය, පමා වුවහුට යම්සේ කෙරෙත්ද, එසේ තට වධ කරන්නාහුය. තගේ ඒ පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවෙයි. පියා විසින් කරන ලද්දක් නොවෙයි. සහෝදරයා විසින් කරන ලද්දක් නොවෙයි. නැගණිය විසින් කරන ලද්දක් නොවෙයි. යහළු මිත්‍රයන් විසින් කරන ලද්දක් නොවෙයි. සහලේ් නෑයන් විසින් කරන ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරන ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරන ලද්දක් නොවෙයි. තා විසින්ම ඒ පාප කර්මය කරන ලද්දේය. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විඳිනෙහිය.

10. ,මහණෙනි, යම රජ තෙම, මේ සතරවැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී පස්වැනි දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කරුණු කියා දෙන්නේය. ´එම්බා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් කෙරෙහි පහළවූ පස්වැනි දේවදූතයා නුදුටුවෙහිද?´ හෙතෙම ´ස්වාමීනි, නුදුටිමි´ යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් අතරෙහි මැරී එක දවසක් ගියාවූ හෝ මැරී දෙදවසක් ගියාවූ හෝ මැරී තුන් දවසක් ගියාවූ හෝ ඉදිමී ගියාවූ හෝ නිල්වූ හෝ ඕජාව වැහෙන්නාවූ හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයකු නුදුටුවෙහිදැ´යි අසන්නේය. ´ස්වාමීනි, දුටිමි´ යි කියයි. ´එම්බල පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි තට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්ම වූයෙමි. මම කයින්, වචනයෙන්, සිතින් කුසලක් කරන්නෙමි නම් යහපතැයි අදහස් නොවූයෙහිදැ´ යි අසන්නේය. හෙතෙම ´ස්වාමීනි, නොහැකි විය. ප්‍රමාදයට පැමිණියෙමි´ යි කියයි. ´එම්බා පුරුෂය, ප්‍රමාදය ඇතිවූ බැවින් නුඹ කයින්, වචනයෙන්, සිතින් ඒකාන්තයෙන් කුසලයක් නොකෙළෙහි නම් ´එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කරත් නම් තට එසේ කරන්නාහුය. ඒ මේ පාප කර්මය තගේ මව විසින්ද නොකරන ලදී. පියා විසින්ද නොකරන ලදී. සොහොයුරු විසින්ද නොකරන ලදී. නැගණිය විසින්ද නොකරන ලදී. යහළු මිත්‍රයන් විසින්ද නොකරන ලදී. සහලේ් නෑයන් විසින්ද නොකරන ලදී. මහණ බමුණන් විසින්ද නොකරන ලදී. දෙවියන් විසින්ද නොකරන ලදී. මේ පාප කර්මය තා විසින්ම කරන ලදී. ඒ මේ පාප කර්මයාගේ විපාකය තෝ විඳිනෙහිය. ,මහණෙනි, යම රජ තෙම, මේ පස්වැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී නිශ්ශබ්දවෙයි.

11. ,මහණෙනි, නිරය පාලයෝ ඔහුට පඤචවිධ බන්‍ධන නම් වධයක් කරත්. රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවැනි පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පපුව මැද ගසත්. හෙතෙම එහි තියුණු වූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළොවෙහි නිදිකරවා කෙටේරිවලින් සසිත් හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොට තබා වෑවලින් සසිත්. හෙතෙම එහි තියුණු වූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, ඔහු නිරයපාලයෝ රථයක බැඳ ගිනිගෙන ඇවිලෙන්නාවූ දිළිසෙන්නාවූ ගිනිදැල් සහිත යකඩ පොළොවෙහි ඉදිරියට ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි දුක්වූ, තියුණු වූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත මහත්වූ අඟුරු පර්‍වතයට ඇන ඇන නැංවීමද කරත්. බැස්සීමද කරත්. හෙතෙම එහි දුක්වූ, තියුණු වූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොටගෙන ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත රත්වූ ලෝදිය සැලියෙක දමත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙන්නේ වරක උඩට එයි. වරක යටට යයි. වරක සරසට යයි. යම්තාක් කල් ඒ පාපකර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය.

12. ,මහණෙනි, ඔහු නිරය පාලයෝ මහා නරකයෙහි බහත්. මහණෙනි, ඒ මහා නරකය වනාහි

1. කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය. යකඩ පවුරකින් වට කරන ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.´´

2. ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.

,මහණෙනි, ඒ මහා නිරයෙහි නැගෙනහිර බිත්තියෙන් ගිනිදැල් නගී. බස්නාහිර බිත්තියෙහි හැපෙයි. බස්නාහිර බිත්තියෙන් ගිනිදැල් නැගී නැගෙනහිර බිත්තියෙහි හැපෙයි. උතුරුදිග බිත්තියෙන් ගිනිදැල් නැගී දකුණු බිත්තියෙහි හැපෙයි. දකුණු බිත්තියෙන් ගිනිදැල් නැගී උතුරු බිත්තියෙහි හැපෙයි. යටින් ගිනිදැල් නැගී මත්තෙහි හැපෙයි. උඩින් ගිනිදැල් නැගී යට හැපෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම් තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය´´.

13. ,මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් යම්කිසි කලෙක ඒ මහා නිරයෙහි නැගෙනහිර දොරටුව විවෘත වේද, එබඳු කාලයක් වන්නේය. එකල්හි හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම නොයෙක් අවුරුදු දහසකින් ඒ සමීපයට පැමිණේද එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර වේද, ඒතාක් කල් නොමැරෙන්නේය´´.

14. ,මහණෙනි, දීර්‍ඝ කාලයක් ගතවීමෙන් කිසිකලෙක් ඒ මහා නිරයාගේ බස්නාහිර දොරටුව විවෘත වේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම අනේක වර්‍ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක් කල් ඒ පාප කර්‍මය කෙළවර නොවේද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරයි´´.

15. උතුරු දොරටුව විවෘත වේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම අනේක වර්‍ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක් කල් ඒ පාප කර්‍මය කෙළවර නොවේද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරයි´´.

16. දකුණු දොරටුව විවෘත වේද, හෙතෙම එහි ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් නොයෙක් අවුරුදු දහසින් ගොස් ඒ සමීපයට පැමිණෙයිද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් කල් නොමැරෙන්නේය.

17. ,මහණෙනි, දීර්‍ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක ඒ මහා නිරයේ නැගෙනහිර දොර විවෘත වෙයිද, හෙතෙම එහි ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවරද එසේම වෙයි. හෙතෙම එහි දොරටුවෙන් නික්මෙයි.

18. ,මහණෙනි, ඒ මහා නිරයට අනතුරුව මහත්වූ ගූථ නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ,මහණෙනි, ඒ ගූථ නිරයෙහි වනාහි ඉදිකටු තුඩ සමාන මුව ඇති පණුවෝ සිවිය සිඳිත්. සිවිය සිඳ සම සිඳිත්. සම සිඳ මස් සිඳිත්. මස් සිඳ නහර සිඳිත්. නහර සිඳ ඇට සිඳිත්. ඇට සිඳ ඇට මිදුලු කත්. හෙතෙම එහි තියුණුවූ, කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්මය යම්තාක්ද ඒතාක් කල් නොමැරෙන්නේය.

19. ,මහණෙනි, ඒ ගූථ නරකයට අනතුරුව මහත්වූ උණු අළු නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.´´

20. ,මහණෙනි, ඒ උණු අළු නිරයට අනතුරුව යොදුන් උස නැගුණු අඟල් දහසයක් දිග යකඩ කටු ඇති, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, මහත්වූ කටුඉඹුල් වනය ලඟම පිහිටියේය. ඔහු එහි උඩටද නංවත්. පහතටද බස්වත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක්කල් ඒ පාප කර්‍මය නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.

21. ,මහණෙනි, කටුඉඹුල් වනයට අනතුරුව මහත්වූ අසිපත්‍ර නම් නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ඒ නිරයෙහි වාතයෙන් වැටෙන කඩුපත් අතද කපත්. පාදයද කපත්. අත් පා දෙකම කපත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්‍මය යම්තාක්කල් නොගෙවී පවතී නම් ඒතාක්කල් නොමැරෙන්නේය.

22. ,මහණෙනි, ඒ අසිපත් නිරයට අනතුරුව මහත්වූ ක්‍ෂාර ජලයෙන් යුත් වෙතරණී නම් නරකය පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. උඩුගං බලායන දියපහරටද ගසාගෙන යයි. උඩුගං බලායන දියපහරට හා යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.

23. ,මහණෙනි, නිරයපාලයෝ ඔහු බිලිකටුවෙන් අමුනා ගොඩට ගෙන පොළොවෙහි දමා ´එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ´ යි අසන්නාහ. හෙතෙම ´ස්වාමීනි, බඩගිනි ඇත්තෙමැ´ යි කියන්නේය. ,මහණෙනි, නිරයපාලයෝ ඒ මේ තිරිසනාගේ , ගිනිගෙන දිලිසෙන්නාවූ අඬුවෙන් කට ඇර ගිනිගෙන දිලිසෙන්නාවූ රත්වූ ලෝහ ගුලියක් කටෙහි දමත්. ඔහුගේ තොලද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැලද අතුනු බහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.

24. ,මහණෙනි, නිරයපාලයෝ ඔහුගෙන් ´එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ´ යි විමසන්නාහුය. ස්වාමීනි, පිපාස ඇත්තෙමි´ යි කියන්නේය. ,මහණෙනි, නිරයපාලයෝ ඔහුගේ කට ගිනිගෙන දිලිසෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ, රත්වූ යකඩ අඬුවෙන් අරවා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ ගිනි ගෙන දිළිසෙන්නාවූ තඹපාට ලෝදිය කටේ වත්කරත්. එය ඔහුගේ තොල්ද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැල්ද අතුනුබහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.

,මහණෙනි, නිරයපාලයෝ නැවතත් ඔහු මහා නිරයෙහි දමත්.

25. ,මහණෙනි, පෙරවූ දෙයක් කියමි. යමරජුට මෙබඳු සිතක් විය. පින්වත්නි, ලෝකයෙහි යම් කෙනෙක් පව්කම් කෙරෙත්ද, ඔව්හු මෙබඳු නානාප්‍රකාර කම්කටලු කරනු ලබත්. ´මම මනුෂ්‍යාත්මයක් ලබන්නේ නම් අර්හත්වූ, සම්‍යක් සම්බුඬවූ සර්‍වඥතෙම ලෝකයෙහි උපදින්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කරන්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මට ධර්‍ම දේශනා කරන්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය දැනගන්නෙම් නම් යහපති´ කියායි.

,මහණෙනි, මම ඒ කාරණය අන් ශ්‍රමණයෙකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නොකියමි. වැලිදු කෙසේද යම් පමණ අටමහ නරකයෝ වෙත්ද, ඒ සියල්ල තමන් විසින්ම දැනගන්නා ලද්දේය, තමන් විසින්ම දැක්නා ලද්දේය, තමන් විසින්ම ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේය එයම මම කියමි.´´

26. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක. සුගතයන් වහන්සේ මේ දේශනාව වදාරා නැවත ශාස්තෘාන් වහන්සේ මේ ගාථා දේශනාව වදාළ සේක.

1. ´´දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාවූ, යම් මනුෂ්‍යයෝ පමා වෙත්ද, හීනකාය සඬඛ්‍යාත අපායට පැමිණියාවූ ඒ මිනිස්සු බොහෝ කාලයක් මුළුල්ලේ සෝක කරන්නාහුය.´´

2. ´´මේ ලෝකයෙහි ශාන්තවූ යම් සත්පුරුෂ කෙනෙක් දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාහුද, ඔව්හු ආය්‍ර්‍ය ධර්මයෙහි කිසි කලෙකත් ප්‍රමාද නොවන්නාහුය.´´

3. ´´ ඔව්හු ජාති මරණ දෙක හටගන්නාවූ මේ උපාදාන ස්කන්‍ධයෙහි බය දැක, ජාති මරණ දෙක කෙළවර කරන්නාවූ නිවණ නිමිතිකොට උපාදාන රහිතව මිදෙත්.´´

4. ´´නිර්භය ස්ථානයට පැමිණියාවූ, සුවපත්වූ, මේ ආත්මභාවයෙහිම ඒ සත්‍වයෝ සියලු භය දුරුකොට සියලු දුක් ඉක්මවන්නාහුය.´´

දහවන දේවදූත සූත්‍රය නිමි. (3-10)

129. බාල පණ්ඩිත සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´ කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ´පින්වතුන් වහන්සැ´යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ´´වහණෙනි, බාලයාගේ මේ බාල ලක්ෂණ, බාලයයි හැඳිනීමට කරුණු, බාලයාගේ චරිත තුනකි. ඒ තුන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි බාලතෙම නපුරුකොට සිතන්නේත් වෙයි. නපුරුකොට කියන්නේත් වෙයි. නපුරුකොට කරන්නේත් වෙයි. මහණෙනි, ඉදින් බාලතෙම නපුරුකොට නොසිතන්නේ නම් නපුරුකොට නොකියන්නේ නම් නපුරුකොට නොකියන්නේ නම් නපුරුකොට නොකරන්නේ නම් කුමකින් ඔහු මේ භවත් අසත්පුරුෂයා බාලයකැයි පණ්ඩිතයෝ දැන ගන්නාහුද? මහණෙනි, යම් හෙයකින් බාලතෙම නපුරුකොට සිතන්නේද? නපුරුකොට කියන්නේද, නපුරුකොට කරන්නේද, එහෙයින් ඔහු මේ භවත් අසත්පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැන ගනිත්. මහණෙනි, ඒ මේ බාලයා ආත්මභාවයෙහි තෙවැදෑරම්වූ, දුක් දොම්නසක් විඳී. මහණෙනි, ඉදින් ඒ බාලයා සභාවක හෝ හුන්නේ ්වෙද වීධියෙක හුන්නේ වේද, සතර මංසන්ධියෙක හෝ වේද, වීධියෙක හුන්නේ වේද, සතර මංසන්දියෙක හෝ හුන්නේ වේද, එහි ජනයා ඒ වැරදිවලට සුදුසු, වැරදිවලට ගැලපෙන (පස්පවෙහි ආදීනව ආදී) කථා කරත්ද මහණෙනි, ඉදින් බාලතෙම ප්‍රාණඝාත කරන්නේ වේද, නුදුන් දෙය ගන්නේ වේද, කාමයෙහි වරදවා හැරසිරෙන්නේ වේද බොරු කියන්නේවේද, ප්‍රමාදයට කරුණු වූ, මත්පැන් බොන්නේ වේද, මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි. ´ජනයා යම් හෙයකින් ඒ වැරදිවලට සුදුසු, වැරදිවලට ගැලපෙන කථා කෙරෙයිද, ඒ වරද ස්වභාවයෝ මා තුළ ඇත්තාහුය. මමද ඒ ධර්මයන් දක්නා ලැබෙමි´ කියායි. මහණෙනි, බාලතෙම ඉහාත්මයෙහි මේ පළමු දුක දොම්නස විඳී.

2. ´´මහණෙනි, නැවතද අනෙකක් කියමි. රජුන් විසින් අපරාධකාරී සොරකු අල්වා, නන් වැදෑරුම් කම්කටුලු කරවනු බාලතමෙ දකී. කසවලින් තළවනු ලබන්නවුන්ද, වේවැලි වලින් තලවනු ලබන්නවුන්ද, සතර රියන් දිග දණ්ඩෙන් අත කපනු ලබන්නවුන්ද, පා කපනු ලබන්නේවුන්ද, අත් පා දෙකම කපනු ලබන්නවුන්ද, කන් නාසා දෙකම කපනු ලබන්නවුන්ද, ´බිලංගථාලික´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´සංඛමුණ්ඩික´ නම් කර්මය කරන්නවුන්ද, ´´ජෝතිමාලික´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´හත්ථපජ්ජොතික´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´´ඒරකවත්තික´´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´´වීරකවාසික´´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´´ඒණෙය්‍යක´´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´බලීසමංසික´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´කහාපණක´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´ඛාරාපතච්ජිත´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´සලිඝපරිවත්තික´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´පලාලපිට්ඨික ´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, උණු කරනලද තෙල් ඉසිනු ලබන්නවුන්ද, වඩගින්නෙන් පීඩිත සුනඛයන් ලවා කවන්නවුන්ද, පණ පිටින් හුල හිඳුවනු ලබන්නවුන්ද, කඩුවෙන් හිස සිඳිනු ලබන්නවුන්ද, දකී.

3. ´´මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි. ´යම්බදු පාප කර්මයන් හේතුකොටගෙන රජවරු අපරාධකාරී සොරුන් අල්වාගෙන නන්වැදෑරුම් නම්කටුලු කරවත්ද, එනම්: කසවලින් තළවත්ද, වේවැල්වලින් තළවත්ද, මුගුරුවලින් තළවත්ද, අත කපත්ද, පා කපත්ද, අත්පා දෙකම කපත්ද, කණ කපත්ද, නාසය කපත්ද, කන් නාසා දෙකම කපත්ද, බීලංගථාලික නම් කර්මය කරත්ද, සංඛමුණ්ඩික නම් කර්මය කරත්ද, රාමුමුඛ නම් කර්මය කරත්ද, ජෝතිමාලික නම් කර්මය කරත්ද, හත්ථපජ්ජෝතක නම් කර්මය කරත්ද, එරකවත්කික කර්මය කරත්ද, චිරකවාසික කර්මය කරත්ද, ඒණෙය්‍යක කර්මය කරත්ද, බලිසමංසික කර්මය කරත්ද, තහාපණක කර්මය කරත්ද, ඛාරාපතච්ජික කර්මය කරත්ද, පලිඝපරිවත්කික කර්මය කරත්ද, පලාලපිට්ඨික කර්මය කරත්ද, රත්වූ තෙල් ඉසිත්ද, බඩසයින් පීඩිත

සුනඛයන් ලවා කවත්ද, ජීවත්ව සිටියදීම හුල හුඳුවත්ද, කඩුවෙන් හිස සිඳිත්ද, ඒ පාපධර්මා කෙරෙහිද, ඇත්තාහුය. මමද ඒ ධර්මයන්හි දක්නා ලැබෙමි.

4. රජවරු මාද දන්නහු නම් රජවරු මාත් අල්වගෙණ නානා ප්‍රකාර කම්කටුලු කරවන්නාහුය. කසවලින් තළවන්නාහුය. වේවැල්වලින් තළවන්නාහුය. මුගුරුවලින් තළවන්නාහුය. අතද කප්පවන්නාහුය. පයද කප්පවන්නාහුය. නාසයද කප්පවන්නාහුය. කන් නාසා දෙකම කප්පවන්නාහුය. බීලංගථාලික කර්මය කරවන්නාහුය. සංඛමුණ්ඩික කර්මය කරවන්නාහුය. රාහුමුඛ නම් කර්මය කරවන්නාහුය. ජොතිමාලික නම් කර්මය කරවන්නාහුය. හත්ථපජ්ජොතික නම් කර්මය කරවන්නාහුය. ඒරකවත්තික නම් කර්මය කර වන්නාහුය. ඒණෙය්‍යක නම් කර්මය කරවන්නාහුය. බලිසමංඝික නම් කර්මය කරවන්නාහුය. කහාපණක නම් කර්මය කරවන්නාහුය. ඛාරාපතච්ජික නම් කර්මය කරවන්නාහුය. රත්වූ තෙල් ඉසිවන්නාහුය. බඩසයින් පීඩිත සුනඛයින් ලවා කවන්නාහුය. ජීවත්වත්ම හුල හුඳුවන්නාහුය. කඩුවෙන් හිස කප්පවන්නාහුය.´ මහණෙනි, බාලතෙම මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි දුක් දොම්නසද විඳියි.

5. ´´මහණෙනි, නැවතද අනෙකක් කියමි. පුටුවක හිඳගත්තාවූ හෝ ඇඳක නිදා ගත්තාවූ හෝ බිම නිදන්නාවූ හෝ බාලයා වෙත ඔහු විසින් පෙර කයින් කපුරුකොට කරණ ලද්දාවූද, වචනයෙන් නපුරුකොට කියන ලද්දාවූද, සිතින් නපුරුකොට සිතන ලද්දාවූද, යම් ලාමක අකුසල ධර්මයෝ වෙත්ද, ඒ ලාමක අකුශල ධර්මයෝ එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, යම්සේ පර්වත කූටයන්ගේ සෙවණ සවන් කාලයෙහි පොළොවෙහි පැතිර පවතීද, අධිකව පැතිර පවතීද, විශේෂයෙන් පැතිර පවතීද, මහණෙනි, එපරිද්දෙන් ම පුටුවෙහි හුන් ඇදෙහි සයනය කළ, බිම හෝනා, මේ බාලයා විසින් පූර්වයෙහි යම් කායික දුශ්චරිත, වාක් දුශ්චරිත මනෝ දුශ්චරිත කරණ ලද්දාහුද, ඔහු වෙත ඒ ලාමක අකුශල ධර්මයෝ එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි. ´මා විසින් යහපතක් නොකරන ලදී. කුසලයක් නොකරනලදී. භය දුරු කරන්නක් නොකරණ ලදී. පාපයක් කරණ ලදී. රෞද්‍රකම් කරණ ලදි. නරකක් කරණ ලදී. නොකරණලද හොඳ ඇති නොකරණලද කුසල් ඇති නොකරණලද භය දුරු කිරීමක් ඇති, කළ පව් ඇති , කළ රෞද්‍රකම් ඇති, කළ නරකකම් ඇති අයගේ යම් ගතියක් වේද, පරලොවදී ඒ ගතියට යමියි, හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත්ගසා හඩයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, බාලයා මේ ආත්මභාවයෙහි මේ තුන්වන දුක් දොම්නස විඳියි.

6. ´´මහණෙනි, ඒ මේ බාලතෙම කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිතකොට, සිතින් දුශ්චරිත කොට කාය භේදයෙන්, මරණින් මතු, පහවූ සැප ඇති, නපුරු ගති ඇති අතරක් නැතිව දුක් දෙන නරකයෙහි උපදී. මහණෙනි, ඒ යමක් ඒකාන්තයෙන් අනිෂ්ටය, ඒකාන්තයෙන් අයහපත්ය, අමනාපයයි මනාව කියන්නේ නම්, මේ නිරය මට ඒකාන්තයෙන් අනිෂ්ටය, ඒකාන්තයෙන් අයහපත්ය, ඒකාන්තයෙන් අමනාපයයි කියයුතු වන්නේය. මහණෙනි, නිරය දුක මේසා දුකයයි උපමාවකිනුදු දැක්වීමට පහසු නොවේ.´´

7. ´´එසේ කී කල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේට ´´ස්වාමීනි, මට උපමාවන්ගෙන් දැක්විය හැකිදැයි´´ ඇසීය.

භාග්‍යවතුන් වහන්සේ ´´මහණ, හැකියයි´´ වදාළ සේක. ´´මහණ, අපරාධකාරී සොරකු අල්ලා, ´රජුට දෙවයන්වහන්ස, මේ ඒ අපරාධකාරී හොරාය මොහුට යමක් කැමති නම් ඒ දඬුවම පමුණුවනු මැනවැයි දක්වන්නාහුය.´ රජතෙම ඒ මොහුට ´පින්වත, යම්. මේ පුරුෂයාට උදය කාලයෙහි අඩයටි සියයකින් අනිවයයි කියන්නේය. ඒ මොහුට අඩුයටි සියයකින් පෙරවරු කාලයෙහි අනින්නාහුය´. ඉක්බිති රජතෙම දවල් කාලයෙහි ´පින්වත, ඒ පුරුෂයා කෙසේදැයි අසන්නේය. ´දෙවයන් වහන්ස, එසේම ජීවත් වේයයි කියන්නාහුය. රජතෙම ඒ මොහුට මෙසේ කියන්නේය.´ පින්වත, යව්. ඒ පුරුෂයාට දවල් කාලයෙහි අඩයටි සියයකින් අනිව්.´ යයි කියන්නේය. ඒ මොහුට දවල් කාලයෙහි අඩයටි සියයකින් අනින්නාහුය. ඉක්බිති රජතෙම සවස් කාලයෙහි ´එම්බල පුරුෂය, ඒ පුරුෂතෙම දැන් කෙසේදැයි´ අසන්නේය. ´දෙවයන් වහන්ස, එසේම ජීවත්වෙයයි´ අසන්නේය. ´දෙවයන් වහන්ස, එසේම ජීවත් වේයයි´ කියන්නාහුය. රජතෙම ඒ මොහුට ´පින්වත, යව්. සවස් කාලයෙහි ඒ පුරුෂයාට අඩයටි සියයකින් අනිව්යයි´ කියන්නේය. ඒ මොහුට සවස් කාලයෙහි අඩයටි සියයෙන් අනින්නාහුය. මහණෙනි, ඒ කුමකැයි හගින්නෙහිද? අඩයටි තුන්සියයකින් අනිනු ලබන්නාවූ ඒ පුරුෂතෙම ඒ හෙතුවෙන් දුක් දොම්නස විඳින්නේද?´´

8. ´´ස්වාමීනි, එක් අඩයටියකින් අනිනු ලබන්නාවූ පුරුෂතෙම ඒ හේතුවෙන් දුක් දොම්නස විඳින්නේය. අඩයටි තුන් සියයකින් අනිනු ලබන කල්හි කියනුම කවරේද?´´

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මට පමණ කුඩාවූ ගලක් අතට ගෙණ භික්ෂූන් ඇමතූ සේක. ´´මහණෙනි, කුමක් සිතන්නාහුද? මා විසින් ගන්නා ලද මිට පමණ යම් මේ කලක් වේද, යම් හිමවත් පර්වත රාජයෙක් වේද, ඒ දෙක අතුරෙන් කවරක් ඉතා මහත්වන්නේදැයි´´ ඇසූහ.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අතට ගන්නා ලද කුඩා වූ මිට පමණ මේ ගල ඉතා කුඩාය. හිමවත් පර්වතරාජයා හා සමාන කොට බලනවිට ගණනකටවත් නොපැමිණෙයි. සියක් වැනි, දහස් වැනි ලක්ෂයක් වැනි, කොටසටවත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටත් නොපැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ඒ පුරුෂතෙම අඩයටි තුන්සියයකින් අනිනු ලබන්නේ ඒ හේතුවෙන් යම් දුක් දොම්නසක් විඳීනම් එය නිරයකට සමාන කොට බලනවිට ගණනකටවත් නොපැමිණෙයි. තසියක්වැනි, දහස්වැනි, ලක්ෂයක් වැනි කොටසකටත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටවත් නොපැමිණෙයි.´´

9. මහණෙනි, නිරයපාලයෝ මොහුට පංචවිධ බන්ධන නම් කම්කටුල්ලක් කරත්. (එනම්) එත්වූ යහුලක් අතෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද, අනිත්, රත්වූ යහුලක් පාදයෙහි අනිත්. එත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්. එත්වූ යහුලක් පාදයෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි පාදයෙහිද අනිත්. රත්වූ යහුලක් ළය මැද අනිත්. හෙතෙම එහි තියුණුවූ, දැඩිවූ දුක්ඛ වේදනාවක් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කලුරිය නොකෙරෙයි.

10. මහණෙනි, නිරයපාලයෝ ඔහු බිම බාවා කෙටේරිවලින් හසිත්. හෙතෙම එහි දුක්වූ කටුකවූ මේදනා විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද ඒතාක් හෙතෙම නොමැරෙන්නේය.

11. ´´මහණෙනි. නිරයපාලයෝ ඒ මොහු පා උඩුකුරු කොට, හිස යටිකුරුකොට තබා, වෑවලින් සසිත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවක් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක්කල් කලුරිය නොකෙරෙයි.

12. ´´මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු රථයෙහි යොදා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලියෙන්නාවූ, ගිනිදැල් සහිතවූ පොළොවෙහි ඉදිරියටද ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි තියුණු වූ, කටකවූ, දුක් වේදනාවක් විඳී. යම්තාක් කල් මේ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක්කල් කථරිය නොකෙරෙයි.

13. මහණෙනි, ඒ මොහු නිරයපාලයෝ ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, අඟුරු පර්වතයකට නැංවීම්ද බැස්වීම්ද, කරවත්. හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කථරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු පා උඩුකුරුකොට, හිස යටිකුරු කොට ගෙන, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, තැවීම ඇති ලෝකුඹු නරකයෙහි බහාලත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙයි. හෙතෙම එහි පෙණ නැගීම් සහිතව පැසෙන්නේ වරක් උඩටද යෙයි. වරක් යටට යයි. වරක් සරසටද යයි. හෙතෙම එහි දුක් වූ, තියුණු වූ කටුකවූ වේදනා විඳියි. යම්තාක් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒ තාක් කථරිය නොකරයි. මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු මහා නිරයෙහි දමත්. මහණෙනි, ඒ මහා නිරය නම්,

1. ´´කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය. යකඩ පවුරකින් වට කරන ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.

2. ´ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම නිම කරන ලදී. දැන්වෙන ගින්නෙන් යුක්තය. සියලු කල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.

14. ´´මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් නිරය පිළිබඳ විස්තර කථාව කියන්නෙමි. මහණෙනි, වර්ෂ සියයක් දහසක් කියන්නේ වී නමුත් ඒ කිමෙන් නිරය දුක කියා කෙළවර කරන්නට පහසු නොවේ.

´´මහණෙනි, තණකොළ කන තිරිසන්ගත සත්වයෝ වන්නාහ. මොහුට තෙත්වූ තණද, වියලි තණද, දත් වලින් උලා කති. මහණෙනි, තණ කන තිරසන්ගත සත්තු කවරහුද? අශ්වයෝද, ගොන්නුද, කොටථවෝද, එථවෝද, මුවෝද යන මොවුහු වෙති. එයින් අන්‍ය තණ බුඳින තිරිසන්ගත සත්වයෝද වෙති. මහණෙනි, මේ ලෝකයෙහි ඒ මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කර්ම කොට කාය භේදයෙන් මරණින් මතු යම් ඒ තණ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ සහභාවයට පැමිණෙයි.

15. ´´මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත්තාහ. ඔව්හු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට දුවති. මෙහි අනුභව කරන්නෙමු, මෙහි අනුභව කරන්නෙමු කියායි. බමුණෝ යාග ගන්ධයෙන් මෙහි අනුභව කරන්නෙමු, මෙහි අනුභව කරන්නෙමුයි යම්සේ දුවත්ද,මහණෙනි, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සස්තයෝ වෙති. ඔව්හු දුරදීම අසුචි ගඳ ආඝ්‍රාණය කොට දුවත්. මෙහිදී කන්නෙමු, මෙහිදී කරන්නෙමු කියායි. මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද? කුකුලන් හා ඌරෝද,බල්ලන් හා සිවල්ලුද යන මොවුහු වෙති. එයින් අන්‍යවූ අසූචි අනුභව කරන අන්‍ය සත්වයෝද වෙති. මහණෙනි, මේ ලෝකයෙහි ඒ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශලකර්ම කොට කාය භේදයෙන් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත්නම් ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

16. ´´මහණෙනි, අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ වෙති. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද? ලොකු පණුවෝද කුඩා පණුවෝද, ගැඩවිල්ලුද වෙති. එයින් අන්‍යවූ අඳුරෙහි අපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ තිරිසන්ගත සත්තුද වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් මේ සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද, අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

17. ´´මහණෙනි, දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද? මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. එයින් අන්‍යවූ දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ තිරිසන් ගත ප්‍රාණීහුද වෙති. මහණෙනි, යම් මේ බාලතෙම මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙණ යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

18. ´´මහණෙනි, අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අනූචියෙහි මැරෙණ, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. මහණෙනි, අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ තිරිසන්ගත ප්‍රාණීහු කවරහුද? මහණෙනි, යම් යම් සත්වයෝ කුණු මස්වල උපදිත්ද, කුණු මස්වල දිරත්ද, කුණුමස්වල මැරෙත්ද, කුණු කුණපයෙහි හෝ උපදිත්ද, කුණු කුණපයෙහි හෝ දිරත්ද, කුණු කුණපයෙහි හෙමා් මැරෙත්ද, කුණු පිට්ටුවල හෝ උපදිත්ද, කුණු පිට්ටුවල හෝ දිරත්ද, කුණු පිට්ටුවල හෝ මාරෙත්ද, ගවර වලෙහි හෝ මැරෙත්ද, අපිරිසිදු දිය රැස්වන තැනක හෝ උපදිත්ද, අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ දිරත්ද, අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ දිරත්ද, අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ මැරෙත්ද, එයින් අන්‍යවූ අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙන තිතරිසන්ගත ප්‍රාණීහුද වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම්කොට කාය භේදයෙන් මරණින් මතු යම් ඒ සත්වයෝ අසූචියෙහි උපදිත්ද, අසූචියෙහි දිරත්ද, අසූචියෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

´´මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් තිරිසන් යෝනියේ විස්තර කියන්නෙම්ද, මහණෙනි, තිරිසන්ගත සත්වයින්ගේ දුක මෙතෙකැයි කීමෙන් මුදුන් අවසාන කරන්නට පහසු නොවෙයි.

19. ´´මහණෙනි, පුරුෂයෙක් තෙම එක සිදුරක් ඇති විය දණ්ඩක් මහමුහුදෙහි දමන්නේය. ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට පමුණුවන්නේය. අපරදික වාතයෙන් පෙරදිගට ගන යන්නේය. උතුරුදිග වාතයෙන් දකුණු දිගට ගෙන යන්නේය. දකුණුදිග වාතයෙන් උතුරට ගෙන යන්නේය. ඒ මුහුදෙහි කණ කැස්බෙක් වන්නේය. ඌ වර්ෂ සියයක් වර්ෂ දහසක් වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් ව්රක් උඩට එන්නේය. මහණෙනි, ඒ කැස්බැ මේ එක් සිදුරක් ඇති වියදන්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් ඒ කුමකැයි හඟින්නෙහිද?´´

´´ස්වාමීනි, ඉදින් ඒකාන්තයෙන් බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන්නකි.´´

20. ´´මහණෙනි, ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු දිචුරෙමි පෙග්ග ඇතුල් කරන්නේ නම් එය වහා සිදු වන්නකි. මහණෙනි, වරක් නිතර දුක් ඇති සතර අපායට වන් බාලයා විසින් වරක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා අතිශයින් දුර්ලභයයි මම කියමි. ඊට රහ්තු කවරේද? මහණෙනි, මෙහි ධර්මයට අනුව හැසිරීමක් සම හැසිරීමක් කුසල ක්‍රියාවක්, පින් කිරීමක් නැත්තේද, එහෙයිනි, මහණෙනි, මෙහි ඔවුනොවුන් අල්ලාගෙන කන්නාහු වෙති. දුර්වලයන් අල්ලාගෙන කන්නාහු වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම ඉදින් කිසියම් කලෙක බොහෝ කාලයක් හුගේ ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, එකල්හි සැඩොල් කුලය හෝ වැදි කුලය හෝ කුලුපොතු කුලය හෝ රථකාර කුලය හෝ රදා කුලය හෝ යන යම් යම් නීච කුලයෝ වෙත්ද, එබඳු දිළිඳු මද ආහාර පැන් බොජුන් ඇති යම් කුලයක දුකින් බඩගින්න නිවාගැනීම ලබයිද, එබඳු දුක් පැවතුම් ඇති කුලයක උපදී. හෙතෙමේද දුර්වරණ වෙයි. යකකුමෙන් දැකීමට දුෂ්කර වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තේ වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර පැන් රෙදි යානා මල් ගඳ විලවුන් විසීමට තැනක් සහ පහන් දල්වන උපකරන නොලබන්නෙක් වෙයි. හෙතෙම කයින් දුශ්චරික කෙරෙයි. වචනයෙන් දුශ්චරික කෙරෙයි. සිතින් දුශ්චරික කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරික කොට, සිතින් දුශ්චරික කොට කාය භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, අතරක් නැති දුක් ඇති නරකයෙහි උපදී.

21. ´´මහණෙනි, සුදුකෙළින්නෙක් යම්සේ පළමු පැරදිමෙන්ම පුත්‍රයාද නැති වන්නේද, භාර්යාවද නැතිවන්වන්ද, සියලු වස්තුවද නැති වන්නේද, පසුව තමාත් බන්ධනයට අසුවන්නේද, මහණෙනි, ඒ සූදුකාරයාගේ පළමු පරාජයෙන්ම පුත්‍රයා ගේ නැතිවීමද, භාර්යාවගේ නැතිවීමද, පසුව තමනුත් බැඳීමද යන සියලු වස්තුව නැතිවීමද, ඒ පැරදීම ස්වල්ප කාරණයකි. තවද යම් හෙයකින් ඒ බාලතෙම කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරික කොට, සිතින් දුශ්චරිත කොට, කාය භේදයෙන් මරණින ්මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති අතරක් නැති, දුක් ඇති නරකයෙහි උපදිී නම් මෙය ඊටත් වඩා ඉතා මහත් පැරදීමකි. මහණෙනි, මේ වනාහි සියල්ල සම්පූර්ණවූ බාලතුමිය වන්නීය.

22. මහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිත ලක්ෂණ, පණ්ඩිත නිමිති, පණ්ඩිත චරිත තුනක් වෙති. ඒ තුන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි පණ්ඩිත තෙම මනා කොට සිතන්නේත්, මනා කොට කියන්නේත්, මනාකොට කරන්නේත් වෙයි. මහණෙනි, පණ්ඩිත තෙම මනාකොට නොසිතන්නේ වේ නම්, මනාකොට නොසිතන්නේ වේ නම්, නොකියන්නේ වේ නම්, මනා කොට නොකරන්නේ වේ නම්, කුමකින් ඔහු මේ භවත් සත්පුරුෂතෙම පණ්ඩිතයා යයි පණ්ඩිතයෝ දැන ගන්නාහුද? මහණෙනි, යම් හෙයකින් පණ්ඩිතතෙම මනාකොට සිතන්නේත් වේද, මනාකොට කියන්නේත් වේද, මනාකොට කරන්න්තේ වේද, එහෙයින් ඔහු මේ භවත් සත් පුරුෂතෙම පණ්ඩිතයායයි පණ්ඩිතයෝ දැනගනිත්. මහණෙනි, ඒ මේ පණ්ඩිතතෙම මේ ආත්මභාවයෙහිදීම තෙවැදෑරුම් සැප සහගත නොම්නසක් විඳියි. මහණෙනි, ඉදින් පණ්ඩිතතෙම සභාවෙක හෝ හුන්නේ වේද, වීථියක හෝ හුන්නේ වේද සතරමංසන්ධියෙක හෝ හුන්නේ වේද, එහි සිටි ජනතෙම ඒ යහපත් ක්‍රියාවන්ට අනුරූපවූ සුදුසුවූ කථා කෙරෙයි. මහණෙනි, ඉදින් පණ්ඩිත තෙම ප්‍රාණඝාතයෙන් තොරවූයේ වේද,නුදුන් දෙය ගැන්මෙන් තොරවූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් තොරවූයේ වේද, බොරු කීමෙන් තොරවූයේ වේද, ප්‍රමාදයට කරුණු වූ මත්පැන් පානයෙන් තොරවූයේ වේද, මහණෙනි, එහිදී පණ්ඩිතයාහට මෙබඳු අදහස් වෙයි. ´යම්හෙයකින් ජනතමෙ ඒ යහපත් ක්‍රියාවන්ට අනුරූපවූ සුදුසුවූ කථා කරන්නේ වෙයි. ඒ ධර්ම මා කෙරෙහි නැත්තාහුය වෙති. මම ඒ ධර්මයන්හි දකිනු ලබන්නෙමි´ කියායි. මහණෙනි, පණ්ඩිතතෙම මේ පළමුවෙනි සැපයවූ සොම්සන විඳියි.

23. ´´මහණෙනි, නැවතද අනෙකක් කියමි. පණ්ඩිතතෙම රජවරුන් අපරාධකාරී සොරු අල්වාගෙණ නන්වැදෑරුම් කම්කටුලු කරවනු ලබන්නවුන් දකී. එනම් කසවලින් තළනු ලබන්නවුන්, වේවැල්වලින් තළනුලබන්නවුන්, මුගුරුවලින් තළනු ලබන්නවුන්, අත කපනු ලබන්නවුන්, පා කපනු ලබන්නවුන්, අත්පා දෙකම කපනු ලබන්නවුන්, කණ කපනු ලබන්නවුන්, නාසය කපනු ලබන්නවුන්, කණ් නාසා දෙකම කපනුලබන්නවුන්, විලංගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්, සංඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්, ජොතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්, හත්ථ පජ්ජෝතික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, චීරවාසික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒණෙය්‍යක නම් කර්මය කරනු ලබන්නවුන්, බලිස මංසික නම් කර්මය කරනු ලබන්නවුන්, තහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතච්ජික නම් කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිපත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, පලාලපිට්ඨි නම් කර්මය කරනු ලබන්නවුන්, කකියවන ලදතෙල් ඉසිනු ලබන්නවුන්, සාදුකින් පීඩිත බල්ලන් ලවා කවනු ලබන්නවුන්, පණ පිටින් හුල හුඳුවනු ලබන්නවුන් සහ කඩුවෙන් හිස සිඳිනු ලබන්නවුන්ය.

24. ´´මහණෙනි, එහිදී පණ්ඩිතයාහට මෙසේ අදහස් මෙයි. ´යම්බඳු පාප කර්මයක් හේතුකොටගෙණ අපරාධකාරී සොරු ගෙණ නන්වැදෑරුම් කම්කටුලු කෙරෙත්. එනම්, කසවලින්ද තළත්, වේවැල්වලින්ද තළත්. මුගුරුවලින්ද තලත්. අතද කපත්. පයද කපත. අත් පා දෙකම දපත්. කණද කපත්. නාසයද කපත්. කණ් නාසා දෙකමද කපත්. විලංගථාලික නම් කර්මයද කෙරෙත්. සංඛමුණ්ඩික නම් කර්මයද කෙරෙත්. රාහුමුඛ නම් කර්මයද කෙරෙත්. ජොතිමාලික නම් කර්මයද කෙරෙත්. හත්ථපජ්ජොතික නම් කර්මයද කෙරෙත්. ඒරකවත්ඛික නම් කර්මයද කෙරෙත්. චීරකවාසික නම් කර්මයද කෙරෙත්. ඒණෙය්‍යක නම් කර්මයද කෙරෙත්. බලිසමංසික නම් කර්මයද කෙරෙත්. කහාපණක නම් කර්මයද කෙරෙත්. ඛාරාපතච්ජික නම් කර්මයද කෙරෙත්. පලිඝපරිවත්තික නම් කර්මයද කෙරෙත්. පලාලපිට්ඨික නම් කර්මයද කෙරෙත්. කකියවන ලද තෙල්ද ඉසිත්. සාදුකින් පීඩිත බල්ලන් ලවාද කවත්. පණපිටින් හුලද හුදුවත්. කඩුවෙන්ද හිස සිඳිත්. ඒ ධර්මයෝ මා කෙරෙහි විද්‍යාමාන නොවෙත්. මම ඒ ධර්මයන්හි පෙනී නොසිටිනු ලබන්නෙමියි කියායි.´ මහණෙනි, පණ්ඩිතතෙම මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි සැපයවූ සොම්නස වඳී.´´

128. උපක්ලෙශ සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරණ සේක. එකල්හී වනාහී කොසඹෑ නුවර භික්‍ෂූහූ දබරකර ගනිමින්, කෝලාහල කරගනිමින්, වාද කරගනිමින්, ඔවුනොවුන් වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. එකල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. ,ස්වාමීනි, මේ කොසඹෑ නුවර වැසි භික්‍ෂූහූ දබරකර ගනිමින්, කෝලාහල කරගනිමින්, වාද කරගනිමින්, ඔවුනොවුන්, වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. ,ස්වාමීනි, ඒ භික්‍ෂූඑූ යම් තැනකද එහි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට වැඩමවන්නේ නම් මැනවි,. එය භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූහූ යම් තැනකද එහි වැඩි සේක. වැඩ ඒ භික්‍ෂූන්ට මෙය වදාළ සේක. ,මහණෙනි, නුසුදූසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්, කියායි.

එසේ වදාළ කල්හී එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සෙට මෙය සැලකළේය. ,ස්වාමීනි, ධර්‍මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැනෙන්නෙමුයි, කියායි.

දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙය වදාළ සේක. ,මහණෙනි, නුසුදූසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්, කියායි. දෙවනුවත් ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සෙට මෙය සැලකළේය. ,ස්වාමීනි, ධර්‍මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැණෙන්නෙමුයි, කියායි. තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙය වදාළ සේක. ,මහණෙනි, නුසුදූසුය, දබර නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්, කියායි. තෙවනුවත් ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සෙට මෙය සැලකළේය. ,ස්වාමීනි, ධර්‍මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොවෙහෙසෙක සේක්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැණෙන්නෙමුයි, කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර, බතින් පසුව, පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනසුන තැන්පත් කොට තබා පාසිවුරු ගෙන වැඩසිටියේම මේ ගාථාවන් වදාළසේක.

1.,මහත් ශබ්ද ඇති එක හා සමාන කලහකාරී ජනතෙම (මම) අඥානයයි, කිසිවෙක් නොසැලනීය. සංඝයා බිඳෙන කල්හිත් ඊට වඩා වැඩි අනිකක් නොසිතී.

2. ,මුළාවූ සිහිය ඇති වචනය පමණක් ගොචර කොට ඇති, යම්තාක් මුඛය විවෘත කිරීමට කැමති යම් ඒ තාක් මුඛය විවෘත කොට කියන්නාවූ පණ්ඩිතයෝ යම් කලහයකින් ලජ්ජා නැති බවට පමුණුවන ලද්දාහූ යම් එය ආදීනව සහිතයයි නොදනිත්.

3. ,අසවලා මට බැන්නේය, ගැසුවේය, මි පැරැද්දූවේය, මා සතු දෙය පැහැරගත්තේයයි යම් කෙනෙක් ක්‍රොධයෙන් ඔහුට වෛර කැත් නම් ඔවුන්ගේ වෛරය නොසංසිඳෙන්නේය. (අසවලා) මට බැන්නේය, ගැසුවේය, මා සතු දේ පැහැර ගත්තේයයි යමෙක් ඔවුන්ට වෛර නොකරන්නේ නම් ඔවුන්ගේ වෛරය සංසිඳෙන්නේය.

4. ,මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛර සංසිඳීමෙක් නැත. වෛර නොකිරීමෙන්ම සංසිඳෙත්. මෙය පෞරාණික උතුම් ධර්‍මය වේ.

5. ,නුවණැතියන්ගෙන් අන්‍යවූ අඥානයෝ අපි මරණයට පැමිණෙන්නෙමුයි නොදනිති. ඒ බව යමෙක් දනිත් නම් ඒ හේතුකොටගෙන කලහය සංසිඳෙත්.

6. ,ඇට සිඳින්නාවූ ප්‍රාණය නැති කරන්නාවූ ගව අස් ආදී ධන පැහැර ගන්නාවූ සොරු වෙත්ද, රට විනාශ කරන්නාවූ ඔවුන්ගේ පවා සමගිය ඇත. කුමක් හෙයින් තොපගේ එබන්දක් නැත්තේද ?

7. ´´ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූද, වසන්ට නිසිවූද, යහපත් හැසුරුම ඇති, පණ්ඩිතවූ, කල්‍යාණ මිත්‍රයකු ඉදින් ලද්දේ නම් සිහියෙන් යුක්තවූ පුද්ගලතෙමේ ඔහු හා සමග සතුටු සිත් ඇතිව වාසය කරන්නේය.

8. තැනට නිසි නුවණැති, එකට හැසිරීමට සුදුසුවූ, මනා හැසුරුම් හා ධාරණ ප්‍රඥා ඇති, කල්‍යාණ මිත්‍රයකු ඉදින් නොලද්දේ නම් දිනාගත් රජය හැර, (හුදකලාව වනයට ඇඳ තපස් පැවිද්දට පැමිණි මහාජනක) රජු මෙන්ද, (හස්ති සමූහයා හැරපියා මේ රක්ෂිත වනයෙහි හුදකලාව හැසිරෙන) පාරිලෙය්‍යක නම් ඇතු මෙන්ද සමූහයෙන් වෙන්ව හුදකලාව වැසය කරන්නේය.

9. ´´දෙලෝ වැඩ නොදත් අඥානයා කෙරෙහි එකට විසීමක් නැතිව, තනිව විසීම උතුම් පාරිලෙය්‍යක ඇතු මෙන් පිරිස් පාලනයෙහි උත්සා රහිතව හුදකලාව වසන්නේය. ස්වල්පමාත්‍රවූද පව්කම් නොකරන්නේය.´´

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේම මේ ගාථාවන් වදාරා ´´බාලකලොණකාර´´ නම් ගම යම් තැනෙක්හිද එහි වැඩි සේක. එසමයෙහි ආයුෂ්මත් භගු ස්ථවිර තෙම ´´බාලකලොණකාර´´ ගමෙහි වාසය කෙරෙයි. ආයුෂ්මත් භගුස්ථවර තෙම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක, ආසනයක් පැනවීය, පා දෝනා දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා සේදීය. ආයුෂ්මත් භගුස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් භගුස්ථවිරයන්ට භාග්‍යවතුන් වහනසේ මෙය වදාළ සේක. ´´මහණ කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවෙහිද?´´ ´´භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිවෙමි. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක. ස්වාමීනි, ආහාරයෙන් ක්ලාන්ත නොවෙමියි´´ (කීය.)

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇයුෂ්මත් භගුස්ථවිරයන් දැහැමි කථාවෙන් කරුණු දක්වා (එහි) සමාදන් කරවා (ඉන්) තෙද ගන්වා (එහි) පහදවා හුනස්නෙන් නැගිට ´´ප්‍රාචීන වංශදාය වනය´´ යම් තැනෙක්හිද එහි වැඩිසේක. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිර තෙමේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේද එහි වෙසෙති. උයන්පල්ලා වඩින භග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´ශ්‍රමණය, මේ වනයට නොපිරිසෙව, මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් කැමති පරිදි වෙසෙති. ඔවුන්ට අපහසු නොකළ මැනව´´ කියායි.

4. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ සමග කථාකරන වනපාලකයාගේ කථාව ඇසීය. ඒ කථාව අසා, වනපාලකයාට මෙය කීය. ´´ඇවැත්නි, වනපාලකයා, භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාළ සේක. ´´ කියායි. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමෙ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත්නන්දිය ස්ථවිරයන්ටද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ටද මෙය කීය. ´´ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව. ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව. අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක.´´ කියායි.

5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිර තෙමේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේද, භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගත්තේය. එක නමක් අසුන් පැණවීය. එක නමක් පා දොසා පැන් තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආනයෙහි වැඩ හුන් සේක. වැඩහිඳ, පා සේදූ සේක. ඒ ආයුෂ්මත් වරුද, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ´´අනුරුද්ධයිනි, නුඹලාට කිම එවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවුවහුද?´´ කියායි. ´´භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකිය. ස්වාමීනි, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවමු.´´

6. ´´අනුරුද්ධයිනු, නුඹලා සමගිව, සතුටු සිතැතිව, විරුද්ධ වාද නැතිව, කිරි හා දිය මෙන් එක්වූවාහු, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලන්නාහු, කිම වාසය කරහුද?´´ ´´ස්වාමීනි, අපි ඒකාන්තයෙන් සමගිවන, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කරමු.´´

´´අනුරුද්ධයිනි, තෙපි සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් කෙසේ වනාහි වාසය කරවද?´´

´´ස්වාමීනි, මෙහිදී මට මෙසේ අදහස් වෙයි, ´´යම් බඳුවූ මම මෙබඳුවූ සබ්‍රහ්මචාරීන් සමග වෙසෙම්ද එය, ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී. ස්වාමීනි, ඒ මාගේ මේ ආයුෂ්මත් කෙරෙහි මෛත්‍රි සහගත කාය කර්මය ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රි සමගත වාක් කර්මය ප්‍රකටවත්, රහසි ගතවත් එළඹ සිටියේය. මෛත්‍රි සහගත මනො කර්මය ප්‍රකටවත් රහසිගතවත් එළඹ සිටියේය. ස්වාමීනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ´´සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් මම පවතින්නෙම් නම් ඉතා නොඳය කියායි.´´ ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් පවතිමි. ස්වාමීන් වහන්ස, අපේ ශරීර වෙන් වෙන් වූ නමුත් සිත එකක්මයයි හඟිමි.

7. ආයුෂ්මත් නන්දිය තෙමේද, ආයුෂ්මත් කිම්බිල තෙමේද, භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කලාහුය. ´´ස්වාමීනි, මටත් මෙසේ අදහස් විය. ´´යම්බදු මම මෙබඳු සබ්‍රහ්මචාරීන් සමඟවෙසෙම්ද, එය ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී.´´ ස්වාමීනි, ඒ මාගේ මේ ආයුෂ්මතුන් කෙරෙහි මෛත්‍රි සහගත කාය කර්මය ප්‍රකටමත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රිසහගත වාක් කර්මය, ප්‍රකටවත්, රහසිගතවත් එතළඹ සිටියේය. මෛත්‍රි සහගත මනො කර්මය ප්‍රකටවත් එහිගතවත් එළඹ සිටියේය. ස්වාමීනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ´සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් මම පවතින්නෙම් නම් ඉතා යෙහෙකැයි, කියායි. ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් පවතිමි. ස්වාමීන්, අපේ ශරීර වෙන් වෙන්වූ නමුත් සිත එකක්මයයි හිඟිමි.

´´ස්වාමීනි, අපි මෙසේ වනාහි සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව ඔවුනොවුන් ප්‍රිට ඇස්වලින් බලමින් වාසය කරමුයි´´ කිීවාහුය.

´´අනුරුද්ධයිනි, යහපති, යහපති, අනුරුද්ධයිනි, තෙපි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්ය ඇතිව, සිවු මගට පමුණුවන ලද සිත් ඇතිව කිම වාසය කරවද?´´

´´ස්වාමීනි, අපි ඒකාන්තයෙන් අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව සිවු මගට පමුණුවන ලද සිත් ඇතිව වාසය කරමු.´´

´´අනුරුද්ධයිනි, තෙමි කෙසේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන විීර්යය ඇතිව, සිව් මගට පමුණුවන ලද සිතැතිව වාසය කරව්ද?´´

8. ´´ස්වාමිනි, මෙහි අපගෙන් යමෙක් පළමුව පිඬු පිණිස ගොස් ගමින් පෙරළා එයිද, හෙතෙම අනුන් පනවයි. පියයුතු පැන් හා පරිභොග කටයුතු පැන් තගෙනත් තබයි. ඉතුරු ආහාර දමන භාජනය සුදානම් කොට තබයි. යමෙක් පසුව පිඬු පිණිස ගොස් ගමෙන් පෙරළා එයිද, ඉදින් වළඳා ඉතිරියක් වේද, ඉදින් කැමතිනම් වළඳයි. ඉදින් අකැමැති නම් තණ තණ පැලෑටි නැති තැනක දමයි. සතුන් නැති දියෙහි හෝ පාකොට හරියි. හෙතෙම අසුන් තැන්පත් කොට තබයි. පියයුතු පැන් හා පරිභෝග කටයුතු පැන් පිළියෙල කොට තබයි. ඉතිරි බත් දමන භාජනය සෝදා තැන්පත් කොට තබයි. දන් ශාලාව හමදී. යමෙක් පියයුතු පැන් කබන කළය ්හෝ පරිභෝග කටයුතු වූ ජලය තබන කළය හෝ හිස්ව තිබෙනු දකීද, හෙතෙම දිය ගෙනත් තබයි. ඉදින් මොහුට නොඉවසිය හැකි වේ නම් අත වැනීමෙන් දෙවැන්නකු අමතා අනත් විලංගුවෙන් ගෙන ගොස් තබයි. ස්වාමීනි, අපි ඒ හේතුවෙන් කථා කොකරමු. ස්වාමීනි, අපි පස් දවසකට වරක් මුලු රෑ දැහැමි කථාවෙන් යුක්තව හිඳිනෙමු. ස්වාමීනි, අපි මෙසේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්ය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව වාසය කරමු.´´

9. ´´අනුරුද්ධයිනි, යහපති, යහපති, අනුරුද්ධයිනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන විීර්යය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන තොප විසින් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්යයභාවය කිරීමට සුදුසු විහරණයක්වූ ඥාණදර්ශන විශේෂයක් අවබෝධ කරන ලද්දේ වේද?´´ ´´ස්වාමීනි, මෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන අපි (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් රූප දැක්මද, හැඳින ගනිමු. අපගේ ඒ ආලෝකයද, රූප දැකීමද නොබෝ වේලාවකින් අතුරුදහන් වෙයි. ඊට කාරණය නොදනිමු.´´

අනුරුද්ධයිනි, ඊට කාරණය තොප විසින් දැනගත යුතුය. අනුරුද්ධයිනි, මමද සම්‍යක් සම්බෝධියෙන් පෙර සම්‍යක් සම්බුද්ධ නොවූයේම, බොධිසත්ව වූයේම (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් රූප දැකීමද දනිමි. මාගේ ඒ ආලෝකයත් රූප දැකීමත් නොබෝ වේලාවකින් අතුරුදන්වෙයි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යම්හෙයකින් මාගේ ඒ ආලෝකයත්, දිවැසින් රූප දැකීමත් අතුරුදන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´ කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට සැකය ඇති තවිය. සැකය හේතු කොටගෙන මගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිවූ කල්හි ආලෝකයක් දිවැසින් රූප දැකීමත් අතුරුදන් වෙයි. ඒ මම යම්සේ මට සැකය නූපදින්නේද එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවත් වීර්යය ඇත්තේ, සිව්මගට යවන ලද සිතැතිව වාසය කරන්නේ ආලෝකයද, රූප දැකීමද, හඳුනමි. මාගේ ඒ ආලෝකයද, රූප දැකීමද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද කියායි.

10. ´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මම දැන් කිසිවක් මෙනෙහි නොකරන්නෙමි. යන ´´අමනසිකාරය´´ පහළ විය. අමනසිකාරය හේතුකොට මාගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිව ගිය කල්හි ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත සැකය නූපදින්නේ නම් අමනසිකාරය නොවේ නම් එසේ කරන්නෙමි´ කියායි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´ කියායි.

´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට ථිනමිද්ධය පහළ විය. ථිනමිද්ධය හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයද, රූප දැකීමද, අනුරුදහස් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහස් වෙයි.´ අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහස් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´´ කියායි.

11. ´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට තැතිගැනීමක් පහළවිය. තැති ගැන්ම හේතුකොට ගෙන මගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහස් වෙයි.´ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් දීර්ඝ මාර්ගයට පිළිපන්නේ ඔහු දෙපස වධකයෝ උපන්නාහු නම් ඔහුට දෙපස හේතුකොට ගෙන තැතිගැන්ම උපදින්නේය. අනුරුද්ධයිනි, ´එපරිද්දෙන්ම මටත් තැතිගැන්ම පහළ විය. තැති ගැන්ම හේතුකොට, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, ඒ මම එසේ කරන්නෙමි´ කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවත වීර්යය ඇත්තේ, සිව් මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? කියායි.

12. ´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´ මට අධික ප්‍රීතිය පහළ විය. අධික ප්‍රීතිය හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් විය.´ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් එක් නිදන් පළක් සොයන්නේ එක් උත්සාහයකින්ම නිදන් පොළවල් පහක් ලබන්නේද, ඔහුට ඒ හේතුකොට අධික ප්‍රීතිය උපදින්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට අධික ප්‍රීතිය පහළ විය. අධික ප්‍රීතිය කරණකොට ගෙන මාගේ සමාධිය නැති විය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම් යම්සේ නැවත මට විචිකිච්ජාවද නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්මෙක් නූපදින්නේද, බලවත් ප්‍රීතියක් නූපදින්නීද, එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට කාය පීඩාවක් පහළවිය කියායි. කාය පීඩාව හේතුකොටගෙන වනාහි මාගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි, ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද එසේ කරන්නෙමි.´

13. ´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ සිත විය. ´මට අතිශයින් පටන්ගන්නා ලද වීර්යය පහළ විය.´ කියායි. දැඩිව කරන ලද වීර්යය හේතුකොට ගෙන, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයත්, රූප දර්ශනයත්, අතුරුදහන් වෙයි. අනුරුද්ධයෙනි, යම්සේ පුරුෂයෙක් දෑතින් පෙරළිය හැකි දෙයක් දැඩිකොට ඔසවාගන්නේද, හෙතෙම එහිම මැරෙන්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට දැඩිව පටන් ගන්නා ලද වීර්යය පහළවිය. දැඩි වීර්යය හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන්වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නීපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, බලවත් ප්‍රීතිය නූපදින්නීද, තැතිගැන්ම නූපදින්නේද, බලවත් ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද එසේ කරන්නෙමි.

14. ´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´ කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ සිත විය. ´මට ඉතා ලිහිල් වීර්යය පහළ විය යනුවෙනි. ඉතා ලිහිල් වීර්යය හේතුකොටගෙණ මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි.´ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් තෙම පෙරළිය හැක්කක් ලිහිල් කොට අල්ලා ගන්නේද, එය ඔහු අතින් වැටෙන්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට ඉතාලිහිල් වීර්යය උපන්නේය. ඉතා ලිහිල් වීර්යය හේතුකොටගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, අලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීරිය නූපදින්නේද, එසේ කරන්නෙමි.

15. ´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්Ȁdධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට තණ්හාව පහළවිය යනුයි. තෘෂ්ණාව හේතුකොටගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම, යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්යය නීපදින්නේද, තෘෂ්ණාව නූපදින්නේද, එසේ කරන්නෙමි.´

16. ´´අනුරුද්ධයිනි, ඒ මම වානහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව්මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. මට නානත්ත සංඥාව පහළවිය යනුයි. නානත්ත සංඥාව හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්යය නූපදින්නේද, තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද එසේ කරන්නෙමි.´

´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ සිව් මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ, ආලෝකයද රූප දර්ශනයද දනිමි. ඒ මේ ආලෝකය වනාහි අතුරුදහන් වෙයි. රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ´යම් හෙයකින් මාගේ ආලෝකය හා රූප දර්ශනය අතුරුදහන් වේ නම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද? අනුරුද්ධයිනි, මට මේ අදහස ඇතිවිය. ´මට රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව පහළ විය යනුයි. රූපයන් පිළිබද අතිශයින් නැවත නැවත සිතා බලන බව හේතුකොටගෙන සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයත් රූපදර්ශනයත් අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්යය නූපදින්නේද, අධික තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද, රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව නූපදින්නේද එසේ කරන්නෙමි.´

17. ´´අනුරුද්ධයිනි, ඒ මම විචිකිච්ජාව සිත කෙලෙසන ධර්මයක් යයි මෙසේ දැන, සිත කෙළෙසන්නාවූ විචිකිච්ජාව දුරු කෙළෙමි. අමනසිකාරය සිත කෙලෙසන ධර්මයක්යයි මෙසේ දැන, සිත කෙලෙසෙන්නාවූ අමනසිකාරය දුරු කෙළෙමි. ථිනමිද්ධය සිත කෙළසන ධර්මයක්යයි මෙසේ දැන, ථිනමිද්ධය දුරු කෙළෙමි. තැතිගැන්ම විත්තෝප ක්ලේශයක්යයි මෙසේ දැන, විත්තෝප ක්ලේශයවූ, තැති ගැන්ම දුරු කෙළෙමි. අධික ප්‍රීතිය විත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන විත්තෝප ක්ලේශයවූ අධික ප්‍රීතිය විත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන, විත්තෝප ක්ලේශය වූ, අධික ප්‍රීතිය දරු කෙළෙමි. කායික පීඩාව විත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශයවූ කායික පීඩාව දුරු කෙළෙමි. දැඩිව පටන් ගන්නාලද වීර්යය චිත්තෝප ක්ලෙශය වූ, අධික වීර්යය දුරු කෙළෙමි. ඉතා ලිහිල් වීර්යය චිත්තෝප ක්ලෙශයක් යයි මෙසේ දැන, චිත්තොප ක්ලේශයක්වූ ඉතා ලිහිල් වීර්යය දුරු කෙළෙමි. තෘෂ්ණාව චිත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශයක්වූ අධික තෘෂ්ණාව දුරු කෙළෙමි. නානත්ත සංඥාව චිත්තෝප ක්ලේශයක්යයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශයක්වූ නානත්ත සංඥාව දුරු කළෙමි. රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තෝප ක්ලේශයක්යයි මෙසේ දැන, චත්තෝප ක්ලේශයක්වූ රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව දුරු කෙළෙමි.

18. ´´අනුරුද්ධයිනි, ඒ මම පමා නොවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව වාසය කරමින් ආලෝකය දැන ගතිමි. රූප නොදකිමි. යම් හෙයකින් රූප දකිම්ද, හිදෙක් රාත්‍රියද, හුදෙක් දාවලද, හුදෙක් රෑ දාවල්ද, ආලෝකය නොහදුනමි. අනුරුද්ධයිනි, ඒ මට මෙය අදහස් විය. ඒ මම ආලෝකය හඳුනම්ද, රූප නොදැක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ඒ කාලයෙහි රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දවල් දෙක්හිද ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ´මම යම් සමයෙක්හි රූප විෂය මෙනෙහි නොකොට, ආලෝක විෂයය මෙනෙහි කෙරෙම්ද, ඒ කාලයෙහි ආලෝකය හඳුනමි. රූප නොදකිමි. යම් කලක ආලෝක විෂය මෙනෙහි නොකොට, රූප විෂය මෙනෙහි කෙරෙම්ද, එකල රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල්ද, ආලෝකය නොහඳුනමි.´

19. ´´අනුරුද්ධයිනි, ඒ මම අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, සිව්මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ සුථ කර්මස්ථානයෙහි වූ ආලෝකය හඳුනමි. සුථ කර්මස්ථානයෙහි වූ රූප දක්නෙමි. අප්‍රමාණ කර්මස්ථානයෙහි වූ, ආලෝකය හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහි වූ රූපයන් දැක්නෙමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ´ඒ මම සුථ කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, සුථ කර්මස්ථානයෙහි වූ රූපයන් දක්නෙම්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහි වූ ආලෝකය හඳුනම්ද, හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල්ද අප්‍රමාණ කර්වස්ථානයෙහි වූ රූපයන් දක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´´ අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යම් කලෙක සමාධිය කුඩාද, එසමයෙහි මගේ දිවැසද කුඩාය. ඒ මම ස්වල්ප මාත්‍රවූ, දිවැසින් ස්වල්ප මාත්‍රවූද, අලෝකය හඳුනමි. ස්වල්පමාත්‍රවූ ්රූපයන්ද දකිමි. යම් කලෙක සමාධිය අප්‍රමාණද එකල මගේ දිවැසද අප්‍රමාණය. එ මම අප්‍රමාණ වූ දිවැසින් අප්‍රමාණ වූ ආලෝකයද හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දවල්ද, අප්‍රමාණ වූ රූපයන් දක්නෙමි.´

20. ´´අනුරුද්ධයිනි, යම් හෙයකින් විචිකිච්ජාව විත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, විචිකිච්ජාව චිත්තෝප ක්ලෙශය ප්‍රුහීනවීද, අමනසිකාරය චිත්තෝප ක්ල්‍යෙයයි මෙසේ දැන, අමනසිකාර චිත්තෝප ක්ලෙශය ප්‍රහීණවීද, ථිීනමිද්ධය චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, ථීනමිද්ධ චත්තෝප ක්ලෙශය ප්‍රහීණවීද, තැතිගැන්ම චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශය වූ තැතිගැන්ම ප්‍රහීණවීද අධික ප්‍රීතිය චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, අධික ප්‍රීතිය චිත්තෝප ක්ලේශය ප්‍රහීණවීද, කායික පීඩාව චිත්තයාගේ උප ක්ල්‍යෙයයි මෙසේ දැන, කායික පීඩා චිත්තෝප ක්ලේශය ප්‍රහීණවීද, අධික වීර්යය චත්තෝප ක්ලේශයයි මෙසේ දැන, අධික වීර්යය චිත්තෝප ක්ලෙශය ප්‍රහීනවීද, ඉතා ලිහිල් වීර්යය චිත්තයාගේ උප ක්ලේතශයයි මෙසේ දැන, ඉතා ලිහිල් වීර්යය චිත්තෝප ක්ලේශය ප්‍රහීණවීද, තෘෂ්ණාව චිත්තෝප ක්ලෙශය ප්‍රහීන වීද, නානත්ත සංඥාව චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, නානත්ත සංඥා ඤි.්.ෝල ත්ගෙඹව ප්‍රහීණවීද, රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන චිත්තෝප ක්ලේශය ප්‍රහීනවීද, අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. මාගේ සිතට යම් උප ක්ලේශයෝ වෙත්ද, ඔව්හු මට ප්‍රහීණය. එබැවින් මම දැන් විධි තුනකින් යුත් සමාධිය වඩමි´ කියායි.

21. ´´අනුරුද්ධයිනි, ඒ මම විතර්ක සහිත, විචාර සහිත සමාධිය වැඩුවෙමි. විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වැඩුවෙමි. විතර්ක රහිත විචාර රහිත සමාධිය වැඩුවෙමි. ප්‍රීති සහිත සමාධිය වැඩුවෙමි. ප්‍රීති රහිත සමාධිය වැඩුවෙමි. සුඛ සහගත සමාධිය වැඩුවෙමි. උපෙක්ෂා සහගත සමාධිය වැඩුවෙමි. අනුරුද්ධයිනි, යම් හෙයකින් මා විසින් විතර්ක සහිත, විචාර සහිත, සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාර රහිත සමාධිය වඩන ලදද, ප්‍රීති සහිත සමාධිය වඩන ලදද, ප්‍රීති රහිත සමාධිය වඩන ලදද, සුඛ සහගත සමාධිය වඩන ලදද, උපෙක්ෂා සහගත සමාධිය වඩන ලදද ඒ මට ඥාන දර්ශනයද පහළ විය. මාගේ චිත්ත විමුක්තියද කෝප නොවිය. මේ අන්තිම උපැත්මය. දැන් පුනරුත්පත්තියක් නැත.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළතසේක. සතුටු සිතැති අනුරුද්ධායුෂ්මත් තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

(අටවැනි උප ක්ලෙශ සූත්‍රයයි. (3 – 8)