32. මහා ගොසිඞග සුත්‍රය

1. . මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ගොසිඞග සාලවන නමි අරණ්‍යයෙහි සුප්‍රසිද්ධ සුප්‍රසිද්ධ බොහෝ ස්ථවීර ශ්‍රාවකයන් සමග‚- එනමි:- ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ‚ ආයුෂ්මත් මහාමෞද්ගල්යායන ස්ථවිරයන් වහන්සේ‚ ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන්වහන්සේ‚ ආයුෂ්මත් අනුරුඬ ස්ථවිරයන්වහන්සේ‚ ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ‚ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සහ මෙයින් අත්‍යවුද අතිශයින් ප්‍රසිඬවු; ස්ථවිර ශ්‍රාවකයින් වහන්සේලා සමග-වැඩ වාසය කරති.

ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැඟී සිට ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යමි තැනකද එතනට ගියහ. ගොස්‚ ” ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයෙනි‚ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යමි තැනකද බණ අසනු පිණිස එහි යමු”යි කීහ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන්වහන්සේ “ඇවැත්නි‚ එසේය”යි ආයුෂ්මත් මහාමෟෙද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට උත්තර දූන්හ.

ඉක්බිති ආයුෂ්මත් මහා මෟෙද්ගල්‍යායන ස්ථවිරයන්වහන්සේද‚ ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද‚ ආයුෂ්මත් අනුරුඬ ස්ථවිරයන්වහන්සේද‚ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යමි තැනකද‚ බණ අසනු පිණිස එහි ගියහ. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ‚ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේද‚ ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන්වහන්සේද‚ ආයුෂ්මත් අනුරුඬ ස්ථවිරයන් වහන්සේද‚ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යමි තැනකද‚ බණ අසනු පිණිස එහි යනු දූටහ. දැක ආයුෂ්මත රෙවත ස්ථවිරයන් වහන්සේ යමි තැනකද එහි ගියහ. ගොස් ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

” ආයුෂ්මත් රෙවත ස්ථවිරයෙනි‚ අසවල් සත්පුරුෂයෝ‚ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යමි තැනකද‚ බණ අසනු පිණිස එහි යන්නාහ. ආයුෂ්මත් රෙවත ස්ථවිරයෙනි‚ අපිත් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යමි තැනකද බණ අසනු පිණිස එහි යමු” (කියායි) ඇවැත්නි‚ “එසේය”යි ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ ද‚ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද‚ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යමි තැනකද බණ අසනු පිණිස එහි ගියහ.

2. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එසේ එන්නාවු ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ ද‚ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද දුරදීම දූටහ. දැක‚ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

“ආයුෂ්මත් ආනන්‍දයෙනි‚ එනු මැනවි. භාග්‍යවතුන් වහන්සෙගේ උපස්ථායකවු‚ භාග්‍යවතුත් වහන්සේගේ සමිපයෙහි හැසිරෙන්නාවු ආයුෂ්මත් ආනන්‍දයන්ගේ මෙහි පැමිණීම ඉතා යහපත්ය.

“ඇවැත් ආනන්‍දයෙනි‚ ගොසිඞගසාලවනය සිත්කලුය‚ රාත්‍රිය සඳ පහනින් බබලන්නිය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍යසුගන්‍ධය වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්‍දයෙනි‚ කෙබඳූ ස්වභාව ඇති භික්‍ෂුවක් කරණ කොට ගෙන ගොසිඞගසාලවනය හොබනේදැ”යි ( විචාළහ.) “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි‚ මෙි සාසනයෙහි භික්‍ෂුවක් බොහෝ ඇසුපිරූ තැන් ඇත්තේ වෙයිද‚ ඇසු දේ සිත්හි දරන්නේ වෙයිද‚ ඇසු ධර්‍මය සිත්හි රැස්කර ගත්තේ වෙයිද‚ මුල යහපත් වු මැද යහපත් වු අග යහපත්වූ අර්ථ සහිතවු බ්‍යඤ්ඡන සහිතවු යමි ඒ ධර්‍මකෙනෙක් මුඑමනින් සමිපුර්‍ණවු පිරිසිදුවු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත් ද‚ එබඳුවු ධර්‍ම ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු වෙත්ද‚ ප්‍රගුණ කරන ලද්දාහු වෙත්ද‚ වචනයෙන් කීමි වසයෙන් පුරුදුකරණ ලද්දාහු වෙත්ද‚ සිතින් සලකන ලද්දාහු වෙත්ද‚ ප්‍රඥාවෙන් මනාව අවබොධ කරණලද්දාහු වෙත්ද හෙතෙම ආශ්‍රව ( කෙලෙස් ) නැති කිරීම පිණිස සිවුවණක් පිරිසට පද බ්‍යඤ්ඡන සමිපත්තියෙන් සමිපුර්‍ණ කර ධර්‍මය දෙශනා කරයිද‚ ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි‚ එබඳූ භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞගසාලවනය හොබනේය.යි ( කීහ.)

3. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රෙවත ස්ථවිරයන්ට මෙසේ කීහ.

” ඇවැත් රෙවතනයෙනි‚ ආයුෂ්මත් ආනන්‍දයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් ආයුෂ්මත් රෙවතයන් විචාරමු. ඇවැත් රෙවතයෙනි‚ ගොසිඞගසාලවනය සිත්කලුය‚ රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සලගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් රෙවතයෙනි කෙබඳූ ස්වභාව ඇති භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞගසාලවනය හොබනේදැ”යි (වීචාළහ) ” ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි‚ මෙි ශාසනයෙහි භික්‍ෂුවක් පලසමවත්හි ඇලුනේ පලසමවත්හි කැමැත්ත ඇත්තේ තාමාගේ හිත සමාධිගත කිරීමෙහි යෙදූනේ පහනොකළ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනායෙන් යුක්ත වුයේ ශුන්‍යාගාරයෙහි භාවනාවන් වඩන්නේ වෙයිද‚ ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි‚ මෙබඳූ භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞගසාල වනය හොබනේය”යි ( කීහ.)

4. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුඬ ස්ථවිරයන්ට මෙසේ කීහ. ” ඇවැත් අනුරුඬයෙනි‚ ආයුෂ්මත් රෙවතයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරමු. ඇවැත්නි‚ අනුරුඬයෙනි‚ ගොසිඞග සාලවනය සිත්කලුය. රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්‍ධය වැනි සුවද හමයි. ඇවැත් අනුරුද්ධයෙනි‚ කෙබඳු ස්වභාව ඇති භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞගසාල වනය හොබනේදැයි‚(විචාළහ )

,ඇවැත් ශාරීපුත්‍ර ස්ථවීරයෙනි‚ මෙි ශාසනයෙහි භික්‍ෂුව පිරිසුදූවු‚ මිනිස්බව ඉක්මවු දිවඇසින් දහසක් ලොකධාතුව බලයිද‚ ඇවැත් ශාරීපුත්‍ර ස්ථවරයෙනි‚ ඇස් ඇති පුරුෂයෙක් උඩුමහල් තලයකට ගියේ නිමිවළලු දහසක් දකින්නේ යමිසේ්ද‚ එසේම භික්‍ෂුව පිරිසුදුවු‚ මිනිස් බව ඉක්මවු දිව ඇසින් දහසක් ලොකධාතුව බලයිද‚ ඇවැත් ශාරීපුත්‍ර ස්ථවීරයෙනි‚ මෙබඳු භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞගසාලවනය හොබනේය”යි ( කීහ. )

5. මෙසේ කි කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාකාශ්‍යප සථවිරයන්ට මෙසේ කීහ.,ඇවැත් මහා කාශ්‍යප ස්ථවීරයෙනි‚ ආයුෂ්මත් අනුරුද්ධයන් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලද්දේය. ඵහිලා දැන් අපි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවීරයන් විචාරමු. ඇවැත් මහාකාශ්‍යපයෙනි‚ ගොසිඞගසාලවනය සිත්කලුය‚ රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්‍ධය වැනි සුවඳ හමයි. ඇවැත් මහාකාශ්‍යපයෙනි‚ කෙබඳු ස්වභාව ඇති භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞගසාලවනය හොබනේදැයි ( විචාළහ )

,ඇවැත් ශාරීපුත්‍ර ස්ථවීරයෙනි‚ මෙි ශාසනයෙහි භික්‍ෂුවක්‚ තෙමෙිද සමාදන්වු ආරණ්‍යකාඞග ඇත්තේවෙිද‚ ආරණ්‍යකාඞග පිරිමෙහි ගුණ කියන්නේ වෙිද‚ ආරණ්‍යකාඞග පිරීමෙහි ගුණ කියන්නේ වෙිද‚ තෙමෙි ද පිණඩපාතිකවුයේ පිණඩපාතික වීමෙහි ගුණ කියන්නේවෙිද‚ තෙමෙිද පංශුකුලිකාඞග ඇත්තේ පංශුකුලික වීමෙහි ගුණ කියන්නේ වෙිද‚තෙමෙිද තෙචීචරිකාඞග ඇත්තේ‚ (තුත් සිවුරු පමණක් දැරිම ) තෙචීචරික වීමෙහි ගුණ කියන්නේවෙිද‚ තෙමෙිද අලෙපචජ (ස්වල්පයකින් සතුටුවිම ) වුයේ අලෙපචජ විමෙහි ගුණකියන්නේවෙිද‚ තෙමෙිද ලදදෙයින් සතුටුවන්නේ ලදදෙයින් සතුටු විමෙහි ගුණ කියන්නේ වෙිද‚ තෙමෙිද විවෙිකයෙන් යුක්ත වුයේ විවෙිකයෙහි ගුණ කියන්නේ වෙිද‚ තෙමෙිද සංසර්‍ගයෙන් ( ඵකට ගැටී විසීම ) තොරවුයේ අසංසර්‍ගයෙහි ගුණ කියන්නේවෙිද‚ තෙමෙිද පටන්ගත් වීය්‍ර්‍යය ඇත්තේ වීය්‍ර්‍ය කිරීමෙහි ගුණ කියන්නේ වෙිද‚ තෙමෙිද සීල යෙත් යුක්තවුයේ සීල සමිපත්තියෙහි ගුණ කියන්නේ වෙිද‚ තෙමෙිද සමාධියෙන් යුක්තවුසේ සමාධිසමිපත්තියෙහි ගුණ කියන්නේවෙිද‚ තෙමෙිද ප්‍රඥාවෙත් යුක්තවුයේ ප්‍රඥා සමිපත්ති යෙහි ගුණ කියන්නේ වෙිද‚ තෙමෙිද විමුක්තියෙන් යුක්ත වුයේ විමුක්ති සමිපත්තියෙහි ගුණ කියන්නේවෙිද‚ තෙමෙිද විමුක්තිඥන දර්‍ශනයෙන් යුක්තවුයේ විමුක්ති ඥානදර්‍ශන සමිපත්තියෙහි ගුණ කියන්නේ වෙිද‚ ඇවැත් ශාරීපුත්‍ර ස්ථවීරයෙනි‚ මෙබඳූ භික්‍ෂුව කරණකෙටගෙණ ගොසිඞගසාල වනය හොබනේය,යි ( කීහ )

මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවීරයන් වහන්සේට මෙසේ කීහ: – “ඇවැත් මහා මෞද්ගල්‍යායන ස්ථවීරයනි‚ ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවීරයන් විසින් ස්වකිය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. ඵහිලා දැන් අපි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවීරයන් විචාරමු. ඇවැත් මෞද්ගල්‍යායනයෙනි‚ ගොසිඞගසාලවනය සිත්කලුය‚ රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස්මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්‍ධය වැනි සුවඳ හමයි. ඇවැත් මෞද්ගල්‍යායනයෙනි‚ කෙබඳූ ස්වභාව ඇති භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞගසාලවනය හොබනේදැ,යි (විචාළහ.) ,ඇවැත් ශාරීපුත්‍රසඵවිරයෙනි‚ මෙි ශාසනයෙහි භික්‍ෂුන් දෙනමක් අභිධර්‍ම කථා පවත්වත්ද‚ ඔවුහු ඔවුනොවුන් ප්‍රශ්න විචාරත්ද‚ ඔවුනොවුන් විසින් අසන ලද ප්‍රශ්න විසඳත්ද‚ කරුණු යටපත් නොකරත්ද‚ ඔවුන් අතර දැහැමි කථාව පවත්නී වෙයිද‚ ඇවැත් ශාරීපුත්‍ර ස්ථවීරයෙනි‚ මෙබඳූ භික්‍ෂුව කරණකොටගෙන ගොසිඞගසාලවනය හොබනේය,යි ( කීහ.)

ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවීරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේට මෙසේ කීහ. ,ඇවැත් ශාරීපුත්‍ර ස්ථවීරයෙනි‚ අප හැමදෙනා විසින් අපේ වැටහීම පරිදි ප්‍රකාශ කරන ලදී. මෙහිලා අපි දැන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවීරයන් විචාරමු. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවීරයෙනි‚ ගොසිඞගසාලවනය සිත්කලුය‚ රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍යසුගන්‍ධය වැනි සුවඳ හමයි. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවීරයෙනි කෙබඳූ ස්වභාව ඇති භික්‍ෂුවක් කරණ කොට ගෙන ගොසිඞගසාලවනය හොබනේදැ, යි‚ (විචාළහ )

6. ,ඇවැත් මෞද්ගල්‍යායනයෙනිල මෙි ශාසනයෙහි භික්‍ෂු වහිත වසඟ කර ගනියිද හිතට වසඟ වීමෙන් නොපවතියිද හෙතෙම යමි ධ්‍යාන සමාපත්තියකින් යුක්තව උදය කාලයෙහි වාසය කරන්ට කැමති වෙිද‚ඵ ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව උදය කාලයෙහි වාසය කෙරෙයි ද‚ යමි ධ්‍යාන සමාපත්තියකින් දවල් කාලයෙහි වාසය කරන්ට කැමති වෙයිද‚ ඵ ධ්‍යාන සමාපත්තියෙන් දවල් කාලයෙහි වාසය කරයිද‚ සවස් කාලයෙහි යමි ධ්‍යාන සමාපත්තියකින් වාසය කරන්නට කැමතිවෙයිද‚ සවස් කාලයෙහි ඵ් ධ්‍යාන සමාපත්තියෙන් වාසය කරයිද‚ ඇවැත් මෞද්ගල්‍යායනයෙනි‚ රඡ කෙනෙකුගේ හෝ රාඡ මහාමාත්‍යයෙකුගේ හෝ අඳූමි ගබඩාව නොයෙක් වර්‍ණ ඇති ඇඳූමිවලින් පිරුණේ වෙිද‚ හෙතෙම උදය කාලයෙහි යමි වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නමි ඵ වසත්‍ර දෙක උදය කාලයෙහි අඳියිද‚ දවල් කාලයෙහි යමි වසත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නමි ඵ් වසත්‍ර දෙක දවල් කාලයෙහි අඳියිද‚ සවස් කාලයෙහි යමි වසත්‍ර දෙකක් අඳීන්නට කැමති වෙයි නමි ඒ වසත්‍ර දෙක සවස් කාලයෙහි අඳියිද‚ ඇවැත් මෞද්ගල්‍යායනයෙනි‚ මෙසේම මහණතෙම හිත වසඟ කර ගනියිද‚ හිතට වසඟව නොපවතියි ද‚ හෙතෙම යමි ධ්‍යාන සමාපත්තියකින් යුක්තව උදය කාලයෙහි වාසය කරන්නට කැමති නමි ඵ් ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව උදය කාලයෙහි වාසය කරයිද‚ යමි ධ්‍යාන සමාපත්තියකින් දවල් කාලයෙහි වාසය කරන්ට කැමති වෙයි නමි ඵ් ධ්‍යාන සමාපත්තියෙන් දවල් කාලයෙහි වාසය කරයිද සවස් කාලයෙහි යමි ධ්‍යාන සමාපත්තියකින් වාසය කරන්නට කැමති වෙයි නමි සවස් කාලයෙහි ඵ් ධ්‍යාන සමාපත්තියෙන් වාසය කරයිද‚ ඇවැත් මෞද්ගල්‍යායනයෙනි‚ මෙබඳූ ස්වභාව ඇති භික්‍ෂුව කරණ කොට ගෙන ගොසිඞග සාලවනය හොබනේය”යි ( කිහ )

ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේ ඵ් ආයුෂ්මතුන් වහන්සේලාට මෙසේ කීහ. “ඇවැත්නි‚ අප සියලු දෙනා විසින් අපේ දැනීම පරිදි ප්‍රකාශ කරනලදී. ඇවැත්නි‚ භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද ඵහි යමු; ගොස්‚ මෙි කාරණය භාග්‍යවතුන් වහන්සේට සැල කරමු. භාග්‍යවතුන් වහන්සේ අපට යමි ආකාරයකින් ප්‍රකාශ කරත් නමි ඵසේ මෙය දරා ගනිමු”යි ( කීහ ) .ඵසේය‚ඇවැත්නි.යි ඵ් ආයුෂ්මත් වරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේට පිළිතුරු දූන්හ. ඉක්බිති ඵ් ( සියලු ) ආයුෂ්මතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙක්හිද එහි ගියහ. ගොස්‚ භාග්‍යවතුන් වහන්සේ වැඳ‚ එකත්පස්ව උන්හ. එකත්පසෙක උත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි‚ ආයුෂ්මත් රෙවත තෙමෙි ද ආයුෂ්මත් ආනන්ද තෙමෙි ද බණ අසනු පිණිස මා වෙත පැමිණියහ. ස්වාමීනි‚ මම මෙසේ එන්නාවු ආයුෂ්මත් රෙවතයන් හා ආයුෂ්මත් ආනන්දයන් දූරදීම දුටුවෙමි. දැක‚ ආයුෂ්මත ආනන්දයන්ට මෙසේ කීවෙමි.

,භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවු‚ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිම හැසිරෙන්නාවු ආයුෂ්මත් ආනන්දයන්ගේ මෙහි පැමිණිම යහපත්ය. ඇවැත් ආනන්දයනී‚ ගොසිඞගසාල වනය සිත්කලුය‚ රාත්‍රිය සඳපහනින් බබලන්තීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්‍දයෙනි‚ කෙබඳූ ස්වභාව ඇති භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞගසාලවනය හොබනේදැ,යි (ඇසීමි )

,ස්වාමීනි, මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙමේ මට මෙසේ කීය. ´ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ වෙයි ද, ඇසූ දේ හිතෙහි දරන්නේ වෙයිද, ඇසූ ධර්‍මය සිත්හි රැස්කර ගත්තේ වෙයිද, මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, බ්‍යක්‍ඳජන සහිත වූ යම් ඒ ධර්‍මකෙනෙක් මුලුමණින් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ ධර්‍ම ඔහු විසින් බොහෝකොට අසන ලද්දාහු වෙත්ද, ප්‍රගුණ කරන ලද්දාහු වෙත්ද, වචනයෙන් කීම් වශයෙන් පුරුදුකරණ ලද්දාහු වෙත්ද, සිතින් සලකන ලද්දාහු වෙත්ද, ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙත්ද හෙතෙම ආශ්‍රව (කෙලෙස්) නැතිකිරීම පිණිස සිවුවණක් පිරිසට පද බ්‍යඤජන සම්පත්තියෙන් සම්පූර්‍ණ කර ධර්‍මය දෙශනා කරයිද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, එබඳු භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞසාලවනය හොබනේය.යි (කීය.)

7. ,ශාරිපුත්‍රය, ඉතා යහපති, ඉතා යහපති, ආනන්‍ද මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරිපුත්‍රය, ආනන්‍ද බොහෝ ඇසූපිරූතැන් ඇත්තේය. ඇසූ දේ හිත්හි දරන්නේය, ඇසූ දේ හිත්හි රැස්කරගෙන සිටින්නේය. මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, බ්‍යඤජන සහිතවූ, යම් ඒ ධර්‍ම කෙනෙක් මුලුමණින් සම්පූර්‍ණවූ පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරත්ද, එබඳු ධර්‍ම ඔහු විසින් බොහෝ අසන ලද්දාහු වෙත්. ප්‍රගුණ කරන ලද්දාහු වෙත්. වචනයෙන් කීම් වශයෙන් පුරුදු කරන ලද්දාහු වෙත්. සිතින් සලකන ලද්දාහු වෙත්. හෙතෙම ආශ්‍රව (කෙලෙස්) නැතිකිරීම පිණිස සිව් පිරිසට පද බ්‍යඤජන සම්පත්තියෙන් සම්පූර්‍ණ කර ධර්‍මය දේශනා කරයි.,

,ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් රෙවතයන්ට මෙසේ කීවෙමි. .ඇවැත් රෙවතයෙනි, ආයුෂ්මත් ආනන්‍ද විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් විචාරමු. ඇවැත් රෙවතයෙනි, ගොසිඬගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්‍ධය වැනි සුවඳ හමයි. ඇවැත් රෙවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්‍ෂුවක් කරණ කොට ගෙන ගොසිඞගසාලවනය හොබනේදැ.යි (ඇසීමි.) ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් රෙවත තෙමේ මට මෙසේ කීයේය. ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් පලසමවත්හි ඇලුනේ, පලසමවත්හි කැමැත්ත ඇත්තේ, තමාගේ හිත සමාධිගත කිරිමෙහි යෙදුනේ පහනොකළ ධ්‍යාන ඇත්තේ, විදර්‍ශනායෙහි යුක්ත වූයේ, ශුන්‍යාගාරයෙහි භාවනාවන් වඩන්නේ වෙයිද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞග සාලවනය හොබනේය.යි (කීය.)

8. .ශාරිපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. රෙවත මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය, ශාරිපුත්‍රය, රෙවත වනාහි පලසමවත් හි ඇලුනේය, පලසමවත්හි කැමැත්ත ඇත්තේය, තමාගේ හිත සමාධිගත කිරීමෙහි යෙදුනේය, පහනොකළ ධ්‍යාන ඇත්තේය, විදර්‍ශනාවෙන් යුක්තය, ශූන්‍යාගාරයෙහි වඩන භාවනා ඇත්තේය.

,ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් අනුරුද්ධයන්ට මෙසේ කීවෙමි. ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රෙවත විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රුකාශ කරණ ලද්දේය. එහිලා දැන් අපි අනුරුද්ධයන් විචාරමු. ඇවැත් අනුරුද්ධයෙනි, ගොසිඞගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය., සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්‍ධය වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්‍ෂුවක් කරණ කොටගෙන ගොසිඞසාලවනය හොබනේදැ.යි (ඇසීමි.) මෙසේ ඇසූ කල්හි ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මට මෙසේ කීයේය. .ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව ඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ඇස් ඇති පුරුෂයෙක් උඩුමහල්තලයකට ගියේ නිම්වළලු දහසක් දකින්නේ යම්සේද, එසේම භික්‍ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව ඇසින් දහසක් ලොක ධාතුව බලයිද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞගසාලවනය හොබනේය.යි (කීහ,)

9. ,ශාරිපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත, අනුරුද්ධ මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරිපුත්‍රය, අනුරුද්ධ වනාහි පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවූ දිව ඇසින් දහසක් ලොක ධාතුව බලන්නේය.,

,ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන්ට මෙසේ කීවෙමි, .ඇවැත් මහාකාශ්‍යපයෙනි, ආයුෂ්මත් අනුරුද්ධයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලදී. මෙහිදී අපි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විචාරමු. ඇවැත් මහාකාශ්‍යපයෙනි, ගොසිඞගසාලවනය සිත් කලුය. රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්‍ධය වැනි සුවඳ හමයි. ඇවැත් මහා කාශ්‍යපයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්‍ෂුවක් කරණ කොට ගෙන ගොසිඞගසාලවනය හොබනේදැ, යි ඇසීමි.

,ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරතෙමේ මට මෙසේ කීයේය. ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් තෙමේද සමාදන් වූ ආරණ්‍යකාඞග ,ඇත්තේ ආරණ්‍යකාඞග පිරීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද පිණ්ඩපාතිකවූයේ පිණ්ඩපාතික වීමෙහි ගුණ කියන්නේවේද, තෙමේද පංශුකූලිකාඞග ඇත්තේ පංශුකූලික වීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද තෙචීවරකාඞග ඇත්තේ (තුන් සිවුරු පමණක් දැරිීම) තෙචීවරික වීමෙහි ගුණ කියන්නේවේද, තෙමේද අලෙපචඡ (ස්වල්පයකින් සතුටුවීම) වූයේ අලෙපචඡවීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද ලද දෙයින් සතුටුවන්නේ ලදදෙයින් සතුටුවීමෙහි ගුණකියන්නේ වේද, තෙමේද විවේකයෙන් යුක්තවූයේ විවේකයෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සංසර්‍ගයෙන් (එකට ගැටී විසීම) තොරවූයේ අසංසර්‍ගයෙහි ගුණ කියන්නේ වේද, තෙමේද පටන්ගත් වීය්‍ර්‍යය ඇත්තේ වීය්‍ර්‍ය කිරීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සීලයෙන් යුක්තවූයේ සීල සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සමාධියෙන් යුක්තවූයේ සමාධි සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද විමුක්තියෙන් යුක්තවූයේ විමුක්ති සම්පත්තියෙහි ගුණ කියන්නේවේද, තෙමේද විමුක්ති ඥානදර්‍ශනයෙන් යුක්තවූයේ විමුක්ති ඥානදර්‍ශන සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්‍ෂුව කරණ කොටගෙන ගොසිඞගසාලවනය හොබනේය,යි (කීය.)

10. ,ශාරිපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත, කාශ්‍යප මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරිපුත්‍රය, කාශ්‍යප වනාහි තෙමේ සමාදන් වූ ආරණ්‍යකාඞග ඇත්තේ, ආරණ්‍යකාඞග පිරීමෙහි ගුණ කියන්නේය. තෙමේද පිණ්ඩපාතික වූයේ. පිණ්ඩපාතික වීමෙහි ගුණ කියන්නේය. තෙමේද පංශුකූලික වූයේ, පංශකූලික වීමෙහි ගුණ කියන්නේය. තෙමේද තෙචීවරකාඞග ඇත්තේ, (තුන් සිවුරු පමණක් දැරීම) තෙචීවරික වීමෙහි ගුණ කියන්නේය. තෙමේද අලෙපචඡ (ස්වල්පයකින් සතුටුවීම) වූයේ, අලෙපචඡ වීමෙහි ගුණ කියන්නේය. තෙමේද ලද දෙයින් සතුටු වන්නේ, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේය. තෙමේද විවේකයෙන් යුක්ත වූයේ, විවේකයෙහි ගුණ කියන්නේය. තෙමේද සංසර්‍ගයෙන් (එකට ගැටී සිටීම) තොරවූයේ, අසංසර්‍ගයෙහි ගුණ කියන්නේය. තෙමේද පටන්ගත් වීය්‍ර්‍යය ඇත්තේ, වීය්‍ර්‍ය ක්රීමෙහි ගුණ කියන්නේය. තෙමේද සීලයෙන් යුක්තවූයේ, සීල සම්පත්තියෙහි ගුණ කියන්නේය. තෙමේද ප්‍රඥාවෙන් යුක්ත වූයේ, ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියන්නේය. තෙමේද විමුක්තියෙන් යුක්තවූයේ, විමුක්ති සම්පත්තියෙහි ගුණ කියන්නේය. තෙමේද විමුක්ති ඥානදර්‍ශනයෙන්, යුක්තවූයේ විමුක්ති ඥානදර්‍ශන සම්පත්තියෙහි ගුණ කියන්නේය.

,ස්වාමීනි, මෙසේ කීකල්හි මම ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන්ට මෙසේ කීමි. .ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විසින් තමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරනලදී. මෙහිලා අපි ආයුෂ්මත් මෞද්ගල්‍යායන ස්ථවිරයන් විචාරමු. ආයුෂ්මත් මෞද්ගල්‍යායනයෙනි, ගොසිඞගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්‍ධය වැනි සුවඳ හමයි. ඇවැත් මෞද්ගල්‍යයනයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්‍ෂුවක් කරණ කොටගෙන ගොසිඞගසාලවනය හොබනේදැ.යි (ඇසීමි.) ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් මෞද්ගල්‍යායන ස්ථවිර තෙමේ මට මෙසේ කීයේය. .ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූන් දෙනමක් අභිධර්‍ම කථා කියත්ද, ඔවුහු ඔවුනොවුන් ප්‍රශ්න විචාරත්ද, ඔවුනොවුන් විසින් අසනලද ප්‍රශ්න විසඳත්ද, කරුණු යටපත් නොකරත්ද, ඔවුන් අතර දැහැමි කථාව පවත්නී වෙයිද, ඇවැත් ශාරිපුත්‍රස්ථවිරයෙනි, මෙබඳු භික්‍ෂුව කරණකොටගෙන ගොසිඞගසාලවනය හොබනේය.යි (කීය.)

11. ,ශාරිපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. මෞද්ගල්‍යායන මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරිපුත්‍රය, මෞද්ගල්‍යායන වනාහි ධර්‍මකථිකය.,

මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ,ඉක්බිති, ස්වාමීනි, මම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේට මෙසේ කීවෙමි. ,ඇවැත් ශාරිපුත්‍රයෙනි, අප හැමදෙනා විසින් අපේ වැටහීම පරිදි ප්‍රකාශ කරන ලදි. මෙහිලා අපි දැන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විචාරමු. ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ගොසිඞගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල්ගස් මුලසිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්‍ධය වැනි සුවඳ හමයි. ඇවැත් ශාරිපුත්‍රය, කෙබඳු ස්වභාව ඇති භික්‍ෂුවක් කරණකොටගෙන ගොසිඞගසාලවනය හොබනේදැ.යි (ඇසීමි.) ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මට මෙසේ කීහ. ,ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව හිත වසඟ කර ගනියිද, හිතට වසඟ වීමෙන් නොපවතියිද, හෙතෙම යම් සමාපත්තියකින් යුක්තව උදය කාලයෙහි වාසය කරන්ට කැමති වේ නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව උදය කාලයෙහි වාසය කරයිද, යම් ධ්‍යාන සමාපත්තියකින් දවල් කාලයෙහි වාසය කරන්ට කැමතිවෙයි නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් දවල් කාලය වාසය කරයිද, සවස් කාලයෙහි යම් ධ්‍යාන සමාපත්තියකින් වාසය කරන්නට කැමති වෙයි නම් සවස් කාලයෙහි ඒ ධ්‍යාන සමාපත්තියෙන් වාසය කරයිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, රජකෙනෙකුගේ හෝ රාජ මහාමාත්‍යයෙකුගේ හෝ ඇඳුම් ගබඩාව නොයෙක් වර්‍ණ ඇති ඇඳුම්වලින් පිරුනේ වේද, හෙතෙම උදය කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක උදය කාලයෙහි අඳියි, දවල් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක දවල් කාලයෙහි අඳියි, සවස් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමතිවෙයි නම් ඒ වස්ත්‍ර දෙක සවස් කාලයෙහි අඳින්නේද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මෙසේම මහණතෙම හිත වසඟ කර ගනියිද, හිතට වසඟව නොපවතියිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ස්වභාව ඇති භික්‍ෂුව කරණ කොටගෙන ගොසිඞගසාලවනය හොබනේය, යි (කීහ.)

12. ,මෞද්ගල්‍යායනයෙනි, ඉතා යහපත, ඉතා යහපත, ශාරිපුත්‍ර මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රුකාශ කරන්නේය. මෞද්ගල්‍යායනයෙනි, ශාරිපුත්‍ර වනාහි උදයකාලයෙහි යම් සමාපත්තියකින් වාසය කරන්නට කැමතිනම් උදය කාලයෙහි ඒ සමාපත්තියෙන් වාසයකරන්නේය. දවල් කාලයෙහි යම් සමාපත්තියකින් වාසය කරන්නට කැමතිනම් දවල් කාලයෙහි ඒ සමාපත්තියෙන් වාසයකරන්නේය. සවස් කාලයෙහි යම් සමාපත්තියකින් වාසය කරන්නට කැමතිනම් සවස් කාලයෙහි ඒ සමාපත්තියෙන් වාසය කරන්නේය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේකීහ. ,ස්වාමීනි, කවරෙකුගේ ප්‍රකාශය යහපත් ප්‍රකාශය වන්නේද?, ,ශාරිපුත්‍රය, තොප සියලුදෙනාගේ ප්‍රකාශ ඒ ඒ කාරණයෙන් යහපත් ප්‍රකාශමය. එහෙත් .කෙබඳු භික්‍ෂුවක් කරණ කොටගෙන ගොසිඬගසාලවනය හොබනේදැ´ යි මගෙන්ද අසව්. ශාරිපුත්‍රය, මේ ශාසනයෙහි මහණ තෙම බතෙන් පසුව පිණ්ඩපාතයෙන් වැළකුණේ පලක් බැඳගෙන කය සෘජුකොට පිහිටුවා සිහිය ඉදිරිකොට පිහිටුවාගෙන, මගේ සිත යම්තාක් උපාදානයන්ගෙන් වෙන්ව, කෙලෙසුන් කෙරෙන් නොමිදෙන්නේද, ඒතාක් පය්‍යර්‍ඞකය නොබ්ිඳින්නෙමියි හිඳියිද, ශාරිපුත්‍රය, මෙබඳු භික්‍ෂුව කරණ කොට ගෙන ගොසිඞගසාලවනය හොබනේය., භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇත්තාවූ ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

දෙවැනිවූ මහා ගොසිඞග සූත්‍රය නිමි. (4 – 2)