40. චූල අස්සපුර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ අඟු ජනපද වාසීන්ගේ අස්සපුර නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ´´ මහණෙනි´´ යි භක්‍ෂුන්ට කථා කළහ. ´´ ස්වාමීනි´´ යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සෙට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

´´ මහණෙනි, මහජනයා තොප ශ්‍රමණයෝය, ශ්‍රමණයෝ යයි හඳුනයි තොපද, තොප කවරහුදැයි විචාරණ ලද්දාහු, ´´ අපි ශ්‍රමණයෝ වෙමු´´ යි ප්‍රතිඥා කරන්නහුය. මහණෙනි, මෙසේ හඳුනනු ලබන්නාවු, මෙසේ ප්‍රතිඥා කරන්නාවු ඒ තොපගේ ශ්‍රමනයන්ට සුදුසුවු යම් (සාමීචි ප්‍රතිපදාවක්) පිළිපැදීමක් වේද, ඒ ප්‍රතිපත්තිය පිළිපදින්නෙමු නම් මෙසේ අපගේ ඒ හැඳිනීමද සත්‍යවන්නේය. ප්‍රතිඥාවක් ඇත්තක් වන්නේය. අපි යම් කෙනෙකුන් ගේ සිව්රුය. පිණ්ඩාහාරය, සෙනාසනය, ගිලන්පසය, බෙහෙත් පිරිකරය යන මෙය වළඳමුද, අපට ඔවුන් ගෙ දන්දීම්ද, මහත්ඵල වන්නාහුය. මහා ආනිසංස වන්නාහුය, අපගේද, මේ මහණකම හිස් නොවන්නේය, ඵල සහිත වන්නේය, වැඩීම් සහිත වන්නේයයි මහණෙනි, මෙසේ වනාහී තොප විසින් හික්මිය යුතුය.

2. ´´ මහණෙනි, මහණතෙම කෙසේ නම් ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව පිළිපදින්නෙක් වෙයිද, මහණෙනි, අභිද්‍යා (දැඩි ලොභය) බහුලවු යම් කිසි මහණෙකුගේ දැඩි ලෝභය නැති නොවුයේ වේද, ව්‍යාපාද සිත් (අනුන්ගේ විනාශය කැමති සිත්) ඇත්තහුගේ ඒ ව්‍යාපාදය, නැති නොවුයේ වේද, ක්‍රොධ කරන (කිපෙන සුඑ) පුද්ගලයාගේ ඒ ක්‍රොධය නැති නොවුයේ වේද, බඬ වෛරය , නැති නුවුයේ වේද, මකුගුණ ඇත්තහුගේ ඒ මකුගුණය, නැති නුවුයේ වේද, යුගග්‍රාහ (ගුණ නැතිව සිටිමින් උසස් ගුණවතුන් හා තමා සමානයයි සැලකිම) ඇත්තහුගේ ඒ යුගග්‍රාහය, නැති නුවුයේ වේද, ඊෂ්‍ර්‍යාව ඇත්තහුගේ ඒ ඊෂ්‍ර්‍යාව නැති නුවුයේවේද, මාත්සය්‍ර්‍යය (මසුරුකම) ඇත්තහුගේ මාත්සය්‍ර්‍ය නැති නුවුයේ වේද, කෛරාටික වුවහුගේ ඒ කෛරාටික බව නැති නුවුයේ වේද, රැවටිලි ඇත්තහුගේ ඒ රැවටිල්ල නැති නුවුයේවේද, ලාමක අදහස් ඇත්තහුගේ ඒ ලාමක අදහස් නැති නුවුයේ වේද, මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තහුගේ ඒ මිත්‍ථ්‍යාදෘෂ්ටි නැති නුවුයෙ වේද, මහණෙනි, මම වනාහි ශ්‍රමණයන් කිලිටි කරන ශ්‍රමණ මලයන්වු, ශ්‍රමණයන් දූෂ්‍ය කරන ශ්‍රමණ දොෂයන්වු ශ්‍රමනයන් සාර රහිත කරන ශ්‍රමන කසටයන්වු, අපායෙහි ඉපදීමට කරුණුවු, දුගතියෙහි, විපාක විඳීමට සලසන්නාවු, මෙ දෝෂයන් නැති නොකළ තැනැත්තා ශ්‍රමණ ප්‍රතිපදාවෙහි පිළිපන්නේයයි නොකියමි. මහණෙනි, යම්සේ දෙපස මුවහත් ඇති පණ පොවා මුවහත් තැබුවාවු, මටජ නම් ආයුධ විශෙෂයක් වේද, එය දෙපොට සිවුරකින් වසන ලද්දේ මනාව වෙළන ලද්දේ වේද, මහණෙනි, මෙබඳු මහණහුගේ මහනකම සිවුරෙන් වැසූ මටජ නම් දෙපැත්ත කැපෙන ආයුධයට සමාන යයි කියමි.

3 . ´´ මහණෙනි, සඟළ සිවුරු දරන්නහුගේ සඟළ සිව්රු දැරීම් පමණින් ශ්‍රමණ වේයයි මම නොකියමි. මහණෙනි, මම අචෙලකයාගේ (වස්ත්‍ර නොඅඳින්නාගේ) අචෙලක කමින් පමණක් ශ්‍රමණ වේයයි මම නොකියමි.

4 . ´´ මහණෙනි, දූවිලි දැලි දරන්නහුගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් ඔහු ශ්‍රමණ යයි මම නොකියමි. මහණෙනි, (දවසට තුන් වරක් ව්‍රත පිණිස) දියට බසින්නහුගේ ඒ දියට බැසීම පමණින් ඔහු ශ්‍රමණ යයි මම නොකියමි. මහණෙනි, ගසක් මුල හිඳින්නහුගේ ඒ ගස මුල හිඳීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණනි, අභ්‍යවකාහයෙහි (එළිමහනෙහි) සිටින්නහුගේ ඒ අභ්‍යවකාශයෙහි සිටීම් පමණින් ඔහු ශ්‍රමණයයි මමනොකියමි. මහණනි, උඩුකුරුව සිටින්නහුගේ ඒ උඩුකුරුව සිටීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණනි, වාර භක්තිකයාගේ (පක්‍ෂයකට හෝ මසකට වරක් බත් කන්නහුගේ) ඒ වාර භක්තමාත්‍රයෙන් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, මන්ත්‍ර හදාරන්නහුගේ් ඒ මන්ත්‍ර, හැදෑරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණනි, ජටා දරන්නහුගේ ඒ ජටා දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි.

5 . ´´ මහණනි, දැඩි ලොභය බහුල කොට ඇති සඟල සිවුරුදරන්නාගේ ඒ සඟල සිවුරු දැරීම් පමණින් දැඩි ලොභය නැතිවන්නේනම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේනම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තහුගේ බද්ධ වෛරය නැතිවන්නේනම්, ගුණමකු බව ඇත්තහුගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තහුගේ, අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊෂ්‍ර්‍යාව ඇත්තහුගේ ඊෂ්‍ර්‍යාව නැතිවන්නේනම් , මසුරු බව ඇත්තහුගේ මසුරු බවබ නැතිවන්නේ නම්, කෛරාටික ව්‍රවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම් රැවටිලි ඇත්තහුගේ රැවටිලි ගතිය නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තහුගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම සිවුරු දරන්නෙකු කරන්නාහුය. සිවුරු දැරීමෙහි සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත මෙහි එව, නුඹ සඟල සිවුරු දරන්නෙක් වෙව, සඟල සිවුර දරන්නාවුම දැඩි ලොභ බහුලවු නුඹගේ දැඩි ලොභය පහවන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත පහවන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත පහවන්නේය. බද්ධ වෛරය අති නුඹගේ බද්ධ වෛරය පහවන්නේය.ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව පහවන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගෙ දොස් සොයන ගතිය පහවන්නේය. ඊෂ්‍ර්‍යාව ඇති නුඹගේ ඊෂ්‍ර්‍යාව පහවන්නේය.මසුරු බව ඇති නුඹගේ මසුරු බව පහවන්නේය. කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව පහවන්නේය. රැවටිලි ඇති නුඹගේ රැවටිලි බව පහවන්න්ය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් පහවන්නෙය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය පහවන්නේය. (කියායි.)

´´ මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවු, ක්‍රොධ සිත්ඇත්තාවු බද්ධ වෛර ඇත්තාවු, ගුණමකු බව ඇත්තාවු, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවු, ඊෂ්‍ර්‍යා කරන්නාවු, මසුරුවූ, කෛරාටිකවු, රැවටිලි සහිතවු, ලාමක අදහස් ඇත්තාවු, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවු, සඟළ සිවුරු දරන්නකු දකිම්ද, එහෙයින් මම සඟළ සිවුරු දරන්නකුගේ සඟළ සිවුරු දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි නොකියමි.

6. ´´ මහණෙනි, දැඩි ලෝභය බහුලකොට ඇති අචෙලකයාගේ (වත්‍ර නැතිව තපස් කරන්නාගේ) ඒ අචෙලක බවෙන්ම දැඩි ලොභය නැතිවන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තහුගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන තැනත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊෂ්‍ර්‍යා ඇත්තාගේ ඊෂ්‍ර්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැතිවන්නේ නම්, කෛරාටික වුවහුගේ කෛරාටික බව නැතිවන්නෙ නම්. රැවටිලි ඇත්තාගේ රැවටිලි ඇති බව නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම අචෙලකයෙකු කරන්නාහුය. අචෙලක බවෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ අචෙලකයෙක් වෙව. අචෙලක වූ විට දැඩි ලොභ බහුලවූ නූඹගේ දැඩි ලොභය නැතිවන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැතිවන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත් නැතිවන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැතිවන්නේය. ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව නැතිවන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේය. ඊෂ්‍ර්‍යාව ඇති නුඹගේ ඊෂ්‍ර්‍යාව නැතිවන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැතිවන්නෙය. කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැතිවන්නෙය. රැවටිලි බව ඇති නුඹගේ රැවටිලි බව නැතිවන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැතිවන්නෙය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේය. (කියාය)

´´ මහණෙනි. යම් හේතුවකින් මෙ ලෝකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවු, බද්ධ වෛර ඇත්තාවු, ගුණමකු බව ඇත්තාවු, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවු, ඊෂ්‍යා කරන්නාවු, මසුරුවු, කෛරාටිකවු, රැවටිලි සහිතවු, ලාමක අදහස් ඇත්තාවු, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවු, අචෙලකයෙකු දකිම්ද, එහෙයින් අචෙලකයෙකු අචෙලක වත දැරූ පමණින් ශ්‍රමණයයි නොකියමි.

7 . ´´ මහණෙනි, දැඩි ලොභය බහුල කොව ඇති දුවිලි දැලි දරන්නාගේ ඒ දුවිලි දැලි දැරීම් පමණින් දැඩි ලොභය නැතිවන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේ නම් ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛර නැතිවන්නේ නම්, ගුණමකුබව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊෂ්‍ර්‍යාව ඇත්තාගේ ඊෂ්‍ර්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වුවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ගතිය නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම දූවිලි දැලි දරන්නෙකු කරන්නාහුය. දූවිලි දැලි දරන බවෙහිම සමාදන් කරවන්නාහුය (කෙසේද?) යහපත ් තැනැත්ත, මෙහි එව, නුඹ දූවිලි දැලි දරන්නේක් වෙව. දුවිලි දැලි දරන්නාවූම දැඩි ලෝභ බහුලවු නුඹගේ දැඩි ලොභය නැති වන්නේය, ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය, ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත නැති වන්නේය, බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය, ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය, අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය, ඊෂ්‍ර්‍යාව ඇති නුඹගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේය, මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය, කෛයිරාටික බව ඇති නුඹගේ කෛයිරාටික බව නැති වන්නේය, රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය, ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය, මිථ්‍යදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යදෘටිය නැති වන්නේය ´ (කියායි. )

,මහණෙනි, යම් හෙතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊෂ්‍ර්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අසහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ, දූවිලි දැලි දරන්නෙකු දකිම්ද, එහෙයින් දූවිලි දැලි දරන්නකුගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් ඔහු .ශ්‍රමණ. යයි නොකියමි.

8. , මහණෙනි, දැඩි ලෝභය බහුල කොට ඇති ( ශුද්ධිය පිණිස ) දියට බසින්නාගේ ඒ දියට බැසීම් පමණින් දැඩි ලෝභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධ සිත නැති වන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේ නම්, ඊෂ්‍ර්‍යාව ඇත්තාගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වුවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිත්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිත්‍යාදෘෂ්ටි නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම දියට බැසීමේ වත ඇත්තෙකු කරන්නාහුය. දියට බසින වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද ?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ දියට බසින වත ඇත්තෙක් වෙව, දියට බසින වත ඇත්තාවූම දැඩි ලෝභ බහුලවු නුඹගේ දැඩි ලෝභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ ඇති නුඹගේ ක්‍රොධය නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊෂ්‍ර්‍යාව ඇති නුඹගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටිය ඇති නුඹගේ මිත්‍යාදෘෂ්ටිය නැති වන්නේය (කියාය. )

,මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි දැඩි ලෝභ බහුලවු, ව්‍යාපාද සිත් ඇත්තාවු, ක්‍රොධ සිත් ඇත්තාවු, බද්ධ වෛර ඇත්තාවු, ගුණමකු බව ඇත්තාවු, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවු, ඊෂ්‍ර්‍යා කරන්නාවු, මසුරුවු, කෛරාටිකවු, රැවටිලි ඇත්තාවු, ලාමක අදහස් ඇත්තාවු, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවු, (ශුද්ධිය පිණිස ) දියට බසින වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් දියට බසින වත ඇත්තෙකුගේ දියට බසින වත ඇති පමණින් ඔහු .ශ්‍රමණ. යයි නොකියමි.

9. ,මහණෙනි, දැඩි ලොබය බහුලකොට ඇති රුක් මුල හිඳින්නාගේ ඒ රුක් මුල හිඳිම් පමණින් දැඩි ලෝබය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම්, බද්ධවෛර ඇත්තාගේ බද්ධවෛරය නැති වන්නේ නම්, ඊෂ්‍ර්‍යාව ඇත්තාගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නෙ නම්, කෛරාටික වුවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගතිය ඇත්තාහුගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහු අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම රුක් මුල හිඳීමේ වත ඇත්තෙකු කැරන්නාහුය. රුක් මුල හිඳීමේ මුල හිඳිමේ වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද ?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ රුක් මුල හිඳීමේ වත ඇත්තෙක් වෙව. රුක් මුල හිඳීමේ වත දරන්නාවූ ම දැඩි ලෝභ බහුලවූ නුඹගේ දැඩි ලෝභය, නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය.

,මහණෙනි, යම් හේතුවකින් දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන්නාවූ, ඊෂ්‍ර්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටිවූ රුක්මුල හිඳින වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් රුක්මුල හිඳින වත ඇත්තෙකුගේ ඒ රුක්මුල හිඳීම් පමණින් ඔහු .ශ්‍රමණ. යයි නොකියමි.

10 . ,මහණෙනි, දැඩි ලොභය බහුල කොට ගෙන ඇති අභ්‍යවකාශයෙහි සිටින්නාගේ (එළිමහණෙහි සිටින්නාගේ ) ඒ අභ්‍යවකාශයෙහි සිටීම් පමණින් දැඩි ලෝභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රෝධ කරන්නාගේ ක්‍රෝධය නැති වන්නේ නම්, බද්ධ වෛරය ඇත්තාගේ බද්ධ වෛරය ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේ නම්, ඊෂ්‍ර්‍යාව ඇත්තාගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේ නම්, කෛරාටික වුවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගතිය ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටිය ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම එළිමහණෙහි සිටීමේ වත ඇත්තකු කරන්නාහුය. එළිමහනෙහි සිටීමේ වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද ?) .යහපත් තැනැත්ත, මෙහි එව නුඹ එළිමහනෙහි සිටීමේ වත ඇත්තෙක් වෙව. එළිමහනෙහි සිටීමේ වත ඇත්තාවූම දැඩි ලෝභය බහුලවු නුඹගේ දැඩි ලෝබය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රෝධය ඇති නුඹගේ ක්‍රෝධය නැති වන්නේය. බද්ධවෛරය ඇති නුඹගේ බද්ධවෛරය නැති වන්නේය. ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊෂ්‍ර්‍යාව ඇති නුඹගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යා දෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේය, (කියාය. )

,මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රෝධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකුවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊෂ්‍ර්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ, එළිමහනෙහි සිටීමේ වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් එළිමහනෙහි සිටීමේ වත ඇත්තෙකු ඒ එළිමහනෙහි සිටිමේ වත දැරූ පමණින් ඔහු .ශ්‍රමණ. යයි නොකියමි.

11. ,මහණෙනි, දැඩි ලෝභය බහුල කොට ඇති, උඩුකුරුව සිටින්නාගේ ඒ උඩුකුරුව සිටීම් පමණින් දැඩි ලෝභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රෝධ කරන්නාගේ ක්‍රෝධය නැති වන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේ නම්, ගුණමකු වුවහුගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේ නම්, ඊෂ්‍ර්‍යාව ඇත්තාගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වුවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගතිය ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, ම්ථ්‍යා දෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහු අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද, ඔහු උපන් කෙනෙහිම උඩුකුරුව සිටීමේ වත් ඇත්තෙකු කරන්නාහුය. උඩුකුරුව සිටීමෙහි සමාදන් කරවන්නාහුය. ( කෙසේද ?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ උඩුකුරුව සිටින වත ඇත්තෙක් වෙව උඩුකුරුව සිටින්නාවූම දැඩි ලෝභ බහුල නුඹගේ දැඩි ලෝභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රෝධ කරන නුඹගේ ක්‍රෝධය නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊෂ්‍යර්‍ාව ඇති නුඹගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටිකවු නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යා දෘෂ්ටිය ඇති නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේය. (කියාය. )

,මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රෝධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ උඩුකුරුව සිටීමේ වත ඇත්තෙකු දකිම්ද එහෙයින් උඩු කුරුව සිටින්නෙකුගේ උඩු කුරුව සිටීම් පමණින් ඔහු .ශ්‍රමණ. යයි නොකියමි.

12. ,මහණෙනි, දැඩි ලෝභය බහුල කොට ඇති නියමිත වාරයන්හි පමණක් ආහාර ගන්නා වත දරන්නාගේ ඒ වර බක්තික වත දැරීම් පමණින් දැඩි ලෝභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රෝධ සිත් කරන්නාගේ ක්‍රෝධය නැතිය වන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේ නම්, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේ නම්, ඊෂ්‍ර්‍යාව ඇත්තාගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වුවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහු අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම වාර වාර භත්තික වත ඇති ඇත්තෙකු කරන්නාහුය. වාර භත්තික වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද ?) යහපත් තැනැත්ත, එව, නුඹ වාර භත්තික වත දරන්නෙක් වෙව, වාර භත්තික වත දරන්නාවූම දැඩි ලෝභ බහුලවූ නුඹගේ දැඩි ලෝභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රෝධ කරන නුඹගේ ක්‍රෝධය නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකු වූ නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊෂ්‍ර්‍යාව ඇති නුඹගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැති වනනේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යා දෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේය.. (කියාය )

,මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයේ දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රෝධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊෂ්‍ර්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටිවූ, වාර භත්තික වත දරන්නෙකු දකිම්ද, එහෙයින් වාර භත්තික වත දරන්නාගේ ඒ වාර භත්තික වත දැරීම් පමණින් .ශ්‍රමණ. යයි නොකියමි.

13. ,මහණෙනි, දැඩි ලෝභය බහුල කොට ඇති මන්ත්‍ර හදාරන්නාගේ ඒ මන්ත්‍ර හැදැරීම් පමණින් හැදෑරීම් පමණින් දැඩි ලෝභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රෝධ කරන්නාගේ ක්‍රෝධය නැති වන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ වෛරය නැති වන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේ නම්, ඊෂ්‍ර්‍යාව ඇත්තාගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වුවහුගේ කෛරාටික ගතිය නැති වන්නේ නම්, රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යා දෘෂ්ටය ඇත්තාගේ ම්ථ්‍යා දෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සයලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම මන්ත්‍ර මන්ත්‍ර ඉගෙන ගන්නෙකු කරන්නාහුය.මන්ත්‍ර ඉගෙණීමෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) .යපහත් තැනැත්ත, මෙහි එව නුඹ මන්ත්‍ර හදාරන්නෙක් වෙව, මන්ත්‍ර හදාරන්නාවූම දැඩි ලෝභ බහුල වූ නුඹගේ දැඩි ලෝභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රෝධ සිත් ඇති නුඹගේ ක්‍රෝධය නැති වන්නේය. බද්ධ වෛර ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකුවූ නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊෂ්‍ර්‍යාව ඇති නුඹගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේය. මසුරුවූ නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටිකවූ නුඹගේ කෛරාටික බව නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යා දෘෂ්ටි අති නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේය.(කියාය.)

,මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රෝධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊෂ්‍ර්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටීවූ, මන්ත්‍ර හදාරන්නෙකු දකිම්ද, එහෙයින් මන්ත්‍ර හදාරන්නෙකුගේ ඒ මන්ත්‍ර හැදෑරීම් පමණින් ඔහු .ශ්‍රමණ. යයි නොකියමි.

14. ,මහණෙනි, දැඩි ලෝභය බහුල කොට ඇති ඡටා දරන්නාගේ (ජටිලයාගේ) ඒ ජටා දැරීම් පමණින් දැඩි ලෝභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රෝධ කරන්නාගේ ක්‍රෝධය නැති වන්නේ නම්, ගුණමකු වුවහුගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේ නම්, ඊෂ්‍ර්‍යා කරන්නහුගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටක වුවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගති නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහු අඳුනන ම්ත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම ජටා දරන වත ඇත්තෙකු කරන්නහුය. ජටා දරන වතෙහිම සමාදන් කර වන්නාහුය. (කෙසේද ?) යහපත් තැනැත්ත මෙහි එව, නුඹ ජටා දරන්නෙක් වෙව, ජටා දරන්නාවූම ලෝභ බහුලවූ නුඹගේ ලෝභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රෝධ සිත් ඇති නුඹගේ ක්‍රෝධය නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකුවූ නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගති නැති වන්නේය. ඊෂ්‍ර්‍යාව ඇති නුඹගේ ඊෂ්‍ර්‍යාව නැති වන්නේය. මසුරුවූ නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටිකවූ නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. මිථ්‍යා දෘෂ්ටිය ඇති නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය.(කියාය.)

,මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රෝධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකුවූ, අනුන්ගේ දොස් සොයන්නාවූ, ඊෂ්‍ර්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍ය දෘෂ්ටිවූ ජටා දරන්නෙකු දකිම්ද, එහෙයින් ජටා දරන්නෙකුගේ ඒ ජටා දැරීම් පමණින් .ශ්‍රමණ. යයි නොකියමි.

15. ,මහණෙනි, මහණ තෙම කෙසේනම් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේ වෙයිද, මහණෙනි, දැඩි ලෝභ බහුලවූ යම්කිසි මහනෙකුගේ දැඩි ලෝභය නැති වූයේ වේද, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාදය නැති වූයේ වේද, ක්‍රෝධ කරන්නාගේ ක්‍රෝධය නැති වූයේ වේද, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වූයේ වේද, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැති වූයේ වේද, අනුන්ගේ දොස් සොයන්නාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වූයේ වේද, ඊෂ්‍ර්‍යා ඇත්තාගේ ඊෂ්‍ර්‍යාව නැති වූයේ වේද, මසුරු වූවහුගේ මසුරු බව නැති වූයේ වේද, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වූයේ වේද, රැවටිලි සහිත වූවහුගේ රැවටිලි ගතිය නැති වූයේ වේද, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වූයේ වේද, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වූයේ වේද, මහණෙනි, මෙම ශ්‍රමණ මලවූ, ශ්‍රමණ දෝෂයන්වූ, ශ්‍රමණ කසටයන්වූ, අපායෙහි ඉපදීමට කරුණුවූ, දුගතියෙහි විපාක දෙන්නාවූ, මේ දෝෂයන් නැති කිරීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේ යයි කියමි.

16.,හෙතෙම ලාමකවූ මේ සියලු අකුශල ධර්‍මයන් ගෙන් පිරිසිදුවූ තමා දකියි, මිදුනාවූ තමා දකියි, ලාමකවූ මේ සියලු අකුශල ධර්‍මයන්ගේන් පිරිසිදුවූ තමා දකින, මිදුනාවූ තමා දකින ඔහුට සතුට ඇතිවෙයි. සතුට වුවහුට ප්‍රීතිය හටගණී. ප්‍රීති සිත් ඇත්තාහුගේ කය සංසිඳෙයි, සංසිඳුණ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවැනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතර වන දිශාවද, මෙසේ උඩ යට සරස යන සියලු තන්හි සියල්ලේන් යුක්තවූ, සියලු ලෝකය මහත් බවට පැමිණි, අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.

,කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වසය කරයි. එසේම දෙවනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතර වන දිශාවද, මෙසේ උඩ යට සරස සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

,මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

,උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, තුන්වන දිශාවද, සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස යන සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත් බවට පැමිණි අප්‍රමානවූ වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

17. ,මහණෙනි, පැහැදිලි ජලය ඇති, සැපදායක ජලය ඇති, සිහිල් ජලය ඇති, සුදු වැලි තලා ඇති යහපත් කොටු ඇති, සිත්කලුවූ, පොකුණක් වේද, නැගෙනහිර දිශාවෙන්ද, ග්‍රීෂ්මයෙන් තැවුණු, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්‍තවූ, තැති ගත්තාවූ, පිපාසය හට ගත්තාවූ, පුරුෂයේක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණට පැමිණ දිය පිපාසය දුරු කොර ගන්නේද, ග්‍රීෂ්ම දාහය දුරු කර ගන්නේද, බස්නාහිර දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, කලාන්‍තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ, පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුනට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කරගන්නේද, දකුණු දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුණාවූ, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්‍තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ, පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කර ගන්නේද.

,යම්කිසි දිශාවකින් වුවද ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්‍තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ පුරුශයෙක් එන්නෙය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කරගන්නේද,

18. ,මහණෙනි, එපරිද්දෙන්ම ක්‍ෂත්‍රිය කුලයෙන්ද, ගිහිගේන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද තථාගතයන් වහන්සේ වදාල ධර්‍මවිනය නම්වූ ශාසනයට පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපෙක්‍ෂාවද වඩයි. තමා තුළ සංසිඳීම ලබයි. තමා තුලසංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි. බ්‍රාහ්මණ කුලයෙන්ද ගිහිගේන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද තථාගතයන් වහන්සේ වදාල ධර්‍මවිනය නම්වූ, ශාසකයට පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපේක්‍ෂාවද වඩයි. තමා තූළ සංසිඳීම ලබයි. තමා තූළ සංසිඳීම ලබයි. තමා තූළ සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිපැදීමට පිළිපන්නේයයි කියමි.

,වෛශ්‍ය කූලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද තථාගතයන් වහන්සේ වදාළ ධර්‍ම විනය නම්වූ ශාසනයට මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපේක්‍ෂාවද වඩයි. තමා තූළ සංසඳීම ලබයි. තමා තූළ සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි.

,ක්‍ෂුද්‍ර කුලයෙන්ද ගිහිගේන් නික්ම ශාසනයෙහි පැවිදිවෙයිද, හෙතෙමේද තථාගතයන් වහන්සේ වදාළ ධර්‍මවිනය නම්වූ ශාසනයට පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපේක්‍ෂාවද වඩයි. තමා තූළ සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි.

,යම් යම් කුලයකින්ද ගිහිගේන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද තථාගතයන් වහන්සේ වදාළ ධර්‍මවිනය නම්වූ පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපෙක්‍ෂාවද වඩයි, තමාතුල සංසිඳීම ලබයි. තමා තුල සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිලිපන්නේයයි කියමි.

,ක්‍ෂත්‍රිය කූලයෙන්ද ගිහිගේන් නික්ම ශාසනයෙන් පැවිදි වෙයිද, හෙතෙමේද ආශ්‍රවයන් (කෙලෙස් ) නැති කිරීමෙන්, කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මේ ආත්මයෙහි තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයි. අශ්‍රවයන් නැති කිරීමෙන් .ශ්‍රමණ. වෙයි.

,බ්‍රාහ්මණ කූලයෙහි ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද ආශ්‍රවයන් (කෙලෙස් ) නැති කිරීමෙන්, කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මේ ආත්මයෙහිම තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරයි. ආශ්‍රවයන් (කෙලෙස් ) නැති කිරීමෙන් .ශ්‍රමණ. වෙයි.

,වෛශ්‍ය කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයේ පැවිදි වෙයිද? හෙතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මේ ආත්මයෙහි තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයි, ආශ්‍රවයන් (කෙලෙස් ) නැති නිරීමෙන් .ශ්‍රමණ. වෙයි.

,ක්‍ෂුද්‍ර කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද? හෙතෙමේද ආශ්‍රවයන් (කෙලෙස් ) නැති කිරීමෙන්, කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, පඥාවිමුක්තියද මේ ආත්මයෙහි තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරයි. ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් .ශ්‍රමණ. වෙයි.

,යම් යම් කුලයකින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. හෙතෙමේද ආශ්‍රවයක් (කෙලෙස් ) නැති කිරීමෙන් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥාවිමුක්තියද මේ ආතමයෙහි තමාම උසස් නුවණින්

දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරයි. ආශ්‍රවයන් (කෙලෙස්)

නැති කිරීමෙන් .ශ්‍රමණ. වෙයි,.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාලහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශේෂයෙන් සතුටු වූහ.

දස වැනිවූ චූල අස්සපුර සූත්‍රය නිමි. (4-10)

(චූලගොසිඞ්ග සූත්‍රය, මහාගොසිඞ්ග සූත්‍රය, මහා ගොපාලක සූත්‍රය, චූල සචිචක සූත්‍රය, මහා සච්චක සූත්‍රය සූත්‍රය, චූල තණ්හා සංඛය සූත්‍රය, මහා අස්සපුර සූත්‍රය, චූල අස්සපුර සූත්‍රය යන දසයවූ)

සතර වෙනිවූ මහා යමක වර්‍ගය නිමි.

39. මහා අස්සපුර සුත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟු දනවි වැසියන්ගේ අස්සපුර නමි නියමිගමෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´ මහණෙනි ´´ යි කියා භික්‍ෂුන්ට කථා කළහ. ´´ ස්වාමීනි ´´ කියා ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ´ මහණෙනි, මහඡනයා තොප ´ ශ්‍රමණයෝය, ශ්‍රමණයෝය´ කියා හදුනයි. තොපිදු ´ තෙපී කවරහුදැ´ ය විචාරණ ලද්දාහු, ´ අපි ශ්‍රමණයෝ වෙමු ´ යි ප්‍රතිඥා කරන්නහුය. මහණෙනි, මෙසේ හඳූනනු ලබන්නාවු, මෙසේ ප්‍රතිඥා කරන්නාවු ඒ තොපගේ ශ්‍රමණ බව ඇතිකරන්නාවුද, බ්‍රාහ්මණ බව ඇතිකරන්නාවූද යමි ධර්‍ම කෙනෙක් වෙද්ද, ඒ ධර්‍මයන් සමාදන්ව පවතින්නෙමු නමි මෙසේ ඒ හැඳින්වීම සත්‍යවන්නේය. අපගේ ප්‍රතිඥාවද ඇත්තක් වන්නේය. අපි යමි කෙණෙකුන්ගේ සිවිරු, පිණඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමද අප විෂයෙහි කරන්නාවූ ඔවුන්ගේ ඒ සත්කාරයෝ මහත් ඵල, මහත් අනුසස් වන්නාහ. අපගේද මේ මහණකම හිස් නොවු, ඵල සහිතවූ, වැඩීමි සහිතවූ එකක් වන්නේය´ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.

2. ´´ මහණෙනි, ශ්‍රමණ බව කරන්නාවුද, බ්‍රාහ්මණ බව කරන්නාවූද, ධර්‍මයෝ කවරහුද? ´ හිරි ඔතප් ( ලඡ්ඡා, භය ) දෙකින් යුක්ත වූවෝ වන්නෙමු´ යි මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැක්කේය. ´´ අපි හිරි ඔතප් දෙකින් යුක්තවීමු. මෙි ප්‍රමාණ වන්නේය. මෙපමණකින් කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු කළයුත්තක් නැතැ´යි තෙපි මෙපමණකින්ම සතුටට පැමිණිය හැකිය.

´´ මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.

´´ මහණෙනි, මත්තෙහි කටයුතු නමි කුමක්ද? ´ අපගේ කයින් හැසිරීම පිරිසිදු වන්නේය. ප්‍රකටය. නොවැසූනේය. සිදුරු නැත්තේය. සංවර වූයේය. ඒ කයින් පිරිසුදු බව ඇතිකම නිසා තමන් උසස්කොට නොදකින්නෙමු, අනුන් පහත් කොට නොදකින්නෙමු´ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් වියහැකිය. ´ අපි හිරි ඔතප් දෙකින් යුක්තවුවෝ වෙමු. අපගේ කයින් හැසිරීම පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කළෝ වෙමු. අප විසින් මහණකමෙහි ඵලය ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´යි තෙපි මෙප මණකින් සතුටට පැමිණිය හැකිය.

3. ´´ මහණෙනි, තොපට කියමි, මහණෙනී, තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇතිකල්හි මහණ කමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා මහණෙනි, මත්තෙහි කටයුතු නමි කුමක්ද ´ අපගේ වචනයේ පැවැත්ම පිරිසිදු, ප්‍රකටය, නොවැසුනේය. සිදුරු නැත්තේය සංවර වූයේය ඒ පිරිසිදුය වචන ඇති බැවින් තමන් උසස්කොට නොදක්නෙමු, අනුන් පහත් කොට නොදක්නෙමු´ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් වියහැකිය. ´ අපි හිරි ඔතප් දෙකින් යුක්තවුවෝ වෙමු. අපගේ කයින් හැසිරීම පිරිසිදුය වචනයේ පැවැත්ම පිරිසිදුය මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරණලදී. අප විසින් මහණ කමෙහි ඵල ලබනලදී. අපට මින්පසු කළයුතු කිසිවක් නැතැයි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

4. ´´ මහණෙනි, තොපට කියමි. තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා, මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ අපගේ සිතේ පැවැත්ම පිරිසිදුය, ප්‍රකටය, නොවැසුනේය, සිදුරු නැත්තේය, සංවර වුයේය. ඒ පිරිසිදු සිතේ පැවැත්ම ඇති බැවින් තමන් උසස්කොට නොදකින්නෙමු. අනුන් පහත්කොට නොදකින්නෙමු´ යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැකිය. ´ අපි හිරි ඔතප් දෙකින් යුක්තවුවෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිසිරිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

5. ´´ මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා. මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ අපගේ ඡිවිකාව පිරිසිදුය, ප්‍රකටය, නොවැසුණේය, සිදුරු නැත්තේය, සංවර කරන ලද්දේය. ඒ පිරිසිදු ඡිවිකාව ඇති බැවින් තමන් උසස් කොට නොදක්නෙමු. අනුන් පහත්කොට නොදක්නෙමු´ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

´´ මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ´ අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. ඡිවිකාව පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබන ලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

6. ´´ මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණ කමෙි පලය නොපිරිහේවා.

මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ ඉන්ද්‍රියයන්හි වසන ලද දොරවල් ඇත්තෝ වන්නෙමු. ඇසින් රූපය දැක සිතට නොගන්නේ, නැවත නැවත මතක් වනසේ සිතට නොගන්නේ මෙි චක්‍ෂුරෙන්ද්‍රිය ( ඇස ) අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ ද්වෙෂ ආදී අකුශල ධර්‍මයෝ රැස් වන්නාහුද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදින්නෙමු. චක්‍ෂුරින්‍ද්‍රිය රකින්නෙමු. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙන්නෙමු.

´´ කණින් ශබිදය අසා සිතට නොගන්නේ තදින් සිතට නොගන්නේ, මෙි සොත ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නා හට යමක් හේතු කොට ගෙන ලොභ දොස අකුශල ධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ සොත ඉන්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ සොත ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ සොත ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

´´ නාසයෙන් ගන්‍ධය දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මෙි ාණ ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදී අකුශල ධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ ාණ ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ ාණ ඉන්ද්‍රිය රකින්නෙමු. ඒ ාණ ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

´´ දිවෙන් රසය විඳ එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මෙි ඡිවිහා ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නා හට යමක් හේතු කොට ගෙන දැඩි ආසාව හා කලකිරීම ආදී අකුසල ධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ ඡිවිහා ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ ඡිවිහා ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ ඡිවිහා ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

´´ කයින් ස්පර්‍ශයක් විඳ එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මෙි කාය ඉන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදි අකුශල ධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ කාය ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ කාය ඉන්‍ද්‍රියය රකින්නෙමු. ඒ කාය ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

´´ සිතින් යමි ( ධර්‍ම ) අරමුණක් දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මෙි මනො ඉන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදී අකුශල ධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ මනො ඉන්‍ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ මනො ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ මනො ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු´ යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.

´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැකිය. ´ අපි හිරි ඹතප් දෙකින් යුක්තයෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. ඡිවිකාව පිරිසිදුය. ඉන්ද්‍රියයන්හි වසනලද දොරවල් ඇත්තෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරන ලදී. අප විසින් මහණකමෙහි ඵලය ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

7. ´´ මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මත්තෙහි කටයුතු ඇතිකල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා, මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ භොඡනයෙහි පමණ දන්නෝ වන්නෙමු. නුවණින් සලකා බලා ආහාර අනුභව කරන්නෙමු. ( ඒ අනුභවය ) ක්‍රීඩා පිණිස නොවෙයි. මද වැඩීම පිණිස නොවෙයි. සැරසීම පිණිස නොවෙයි, අලඞකාරය පිණිස නොවෙයි. යමිතමි මෙි ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස, හිංසා දුරලීම පිණිස, බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිසය. මෙසේ පැරණි වෙිදනාවන් නසන්නේමි. අලුත් වෙිදනාවන් නො උපදවන්නෙමි, මාගේ දිවි පැවැත්මද වන්නේය. නිවරැදි බවද, සැප විහරණයද වන්නේය´ ( කියායි ) මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැකිය. ´ අපි හිරි ඔතප් දෙකින් යුක්ත වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය, වචනයේ පැවැත්ම පිරිසිදුය, සිතේ පැවැත්ම පිරිසිදුය, ඡිවිකාව පිරිසිදුය, ඉන්‍ද්‍රියයන්හි වසනලද දොරවල් ඇත්තෙමු, භොඡනයෙහි පමණ දැන වළඳන්නෙමු, මෙපමණක් ඇත මෙපමණකින් සිවි මග කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

8. ´´ මහණෙනි, තොපට කියමි තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇතිකල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා. මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ නිදි තොරකිරීමෙහි යෙදුනෝ වන්නෙමු. දවල් කාලය මුලුල්ලෙහි සක්මන් කිරීමෙන්, හිඳීමෙන් නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින්ද, හිඳීමෙන්ද, නිවරණ ධර්‍ම යන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු. රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණු ඇලයෙන් දකුණු පයෙහි වමි පය මදක් ඇද තබා සිහියෙන් යුක්තව, හොඳ ප්‍රඥාව ඇතිව, නැගිටිමි යන සංඥාව සිත්හි තබාගෙන සිංහසෙය්‍යාවෙන් සැතපෙන්නෙමු. රාත්‍රියෙහි අන්නිම යාමයෙහි නැගිට සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු ´ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි,

´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැකිය. ´ අපි හිරි ඹතප් දෙකින් යුක්තවූවෝ වෙමූ. ´ අපගේ කායසමාචාරය පිරිසිදුය, වචීසමාචාරය පිරිසිදුය, මනොසමාචාරය පිරිසිදුය, ඡිවිකාව පිරිසිදුය, ඉන්‍ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තෝ වෙමු. භොඡනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිදි තොර කිරීමෙහි යෙදුනෝ වෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබන ලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැත´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

9. ´´ මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා. මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ´ සිහියෙන් හා යහපත් ප්‍රඥාවෙන් යුක්තවුවෝ වන්නෙමු. ඉදිරි ගමනෙ හිද, ආපසු ගමනෙහිද, නුවණින් ක්‍රියා කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වට පිට බැලීමෙහිද නුවණින් බලන්නේය. අත්පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද මනා නුවණින් යුක්තව එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මෙි දේ දැරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මුත්‍ර පහකිරීමද නුවණින් සලකා කරන්නේය. යෑමි, සිටීමි, හිඳීමි, සැතපීමි, නිදි තොරකිරීමි, කථා කිරීමි. නිශ්ශබිදව සිටීමි යන මෙි දේ මනා නුවණින් දැන එසේ කරන්නේය´ යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.

´´ මහණෙනි, තොපට මෙබඳූ අදහසක් විය හැකිය, ´ අපි හිරි ඹතප් දෙකින් යුක්තවුවෝ වෙමු, අපගේ කාය සමාචාරය පිරිසිදුය, වචී සමාචාරය පිරිසිදුය, මනො සමාචාරය පිරිසිදුය. ඡිවිකාව පිරිසිදුය, ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තෝ වෙමු. භොඡනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිදි තොර කිරීමෙහි යෙදුනෝ වෙමු. සිහියෙන් හා යහපත් නුවණින් යුක්තවූවෝ වෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ´ යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

´´ මහණෙනි, තොපට කියමි, මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා. මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? මෙි ශාසනයෙහි මහණතෙම, ආරණ්‍ය සෙනාසනය, වෘක්‍ෂමූලය, පර්‍වතය,

කඳුරැළිය, පර්‍වතගුහාය, සොහොනය, ඈත වන මැද සේනාසනය, එළිමහනය, පිදුරු බිස්සය යන විවේක සෙනසුනක් සෙවනය කරයි. හෙතෙම බතින් පසුව පණ්ඩපාතයෙන් වැළකුණේ පය්‍ර්‍යඞකය බැඳ ශරීරය කෙලින් තබා සිහිය ඉදිරි කොට තබා හිඳියි. හෙතෙම ශරීර නමැති ලෝක යෙහි අභිද්‍යාව (ආශාව) දුරු කොට පහවූ අභිද්‍යා ඇත්තේ අභිද්‍යාවෙන් හිත පිරිසිදු කරයි. ව්‍යාපාදය (ක්‍රොධය ) හැර ව්‍යාපාද රහිත සිත් ඇත්තේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පා ඇත්තේ වාසය කරයි. ව්‍යාපාදයෙන් හිත පිරිසිදු කරයි. ථිනමිඬය හැර පහවූ ථිනමිඬ ඇත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ යහපත් ප්‍රඥා ඇත්තේ වාසය කරයි. ථිනමිඬයෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය හැර විසිර නොගිය සිත් ඇතිව වාසය කරයි. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡා දුරලා පහකළ විචිකිච්ඡා ඇත්තේ, කුසල ධර්‍මයන්හි, කෙසේ කෙසේදැයි. පැවති සැක නැතිව වාසය කරයි, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

10 . ´´මහත්‍ණනි, යම්සේ පුරුෂයෙක් තෙම ණයට මුදල් ගෙන කර්‍මාන්තයන්හි යොදවයිද, ඔහුගේ ඒ කර්‍මාන්තයෝ දියුණුවෙත්ද, හෙතෙම ඒ පැරණි ණයත් ගෙවන්නේද, අඹු දරුවන් පෝෂණය පිණිසද යම් මුදලක් ඉතිරිවන්නේද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහී පෙර ණය ගෙන කර්‍මාන්තයෙහි යෙදූයෙමි. ඒ මාගේ කර්‍මාන්තයෝ දියුණු වූහ. ඒ මම පැරණි යම් ණය මුදලක් වී නම් ඒ මුදල්ද ගෙවවෙමි. අඹු දරුවන් පෝෂනයටද මුදල් ඉතිරිවීයයි හෙතෙම ඒ හේතුකොටගෙන සතුට ලබයිද, සොම්නසට පැමිණෙයිද.

´´මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ආබාධයකින් යුක්තවූයේ, එයින් හටගත් දුක් ඇත්තේ, දැඩි ගිලන් වෙයිද, ඔහුට ආහාරයද රුචි නොවන්නේය. ඔහුගේ ශරීරයෙහි බලයද වන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම වනාහී පෙර ලෙඩ වූයෙමි, එයින් හටගත් දුක්වේදනා ඇත්තේ වීමි. දැඩි ගිලන් වීමි. මට බතද රුචිනොවීය. මාගේ ශරීරයෙහි ශක්තියද නැතිවිය. ඒ මම දැන් ඒ රෝගයෙන් මිදුනෙමි. මට බතද රුචිය. මාගේ කයෙහි ශක්තිය ඇත. හෙතෙම ඒ හේතුකොටගෙන සතුටටපත් වෙයිද, සොම්නසට පැමිණෙයිද

´´මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම සිරගෙයි බැඳුනේද, තෛම පසුකලෙක ඒ බන්‍ධනයෙන් සැපසේ වියදමක් නැතව මිදෙන්නේද, ඔහුගේ භොගයන්ගේ කිසිවිනාශයකුත් නොවන්නේද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහි පෙර සිරගෙයි බඳනා ලද්දෙක් වීමි. ඒ මම දැන් ඒ බන්‍ධනයෙන් සැපසේ වියදමක් නැතිව මිදුනෙමි. මාගේ භෝගයන්ගේ කිසි හානියක්ද නැත. හෙතෙම ඒ හේතුකොටගෙන සතුට ලබයිද සොම්නසට පැමිණෙයිද

´´මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම තමා ප්‍රධාන නොවූ අන්‍යයෙකුට යටත්වූ, කැමතිසේ හැසිරෙන්නට ඉඩ නොලබන දාසයෙක්වේද, හෙතෙම පසුකලෙක ඒ දාසභාවයෙන් මිදී තමාම ප්‍රධාන කොට ඇත්තේ, අනුන් ස්වාමිකොට නැත්තේ නිදහස්වූයේ කැමතිසේ හැසිරෙන්නට ඉඩ ලබයිද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහී පෙර ස්වාධීන නෙවූ, අනුන්ට යටත්වූ, කැමති තැනක නොයාහැකිවූ දාසයෙක්වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනේ ස්වාධීනවූයේ, පරාධීන නොවූයේ කැමතිතැනකට යාහැකි වූ යෙමියි. හෙතෙම ඒ හේතුකොට ගෙන සතුට ලබයිද, සොම්නසට පැමිණෙයිද.

´´මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ධන සහිතවූයේ, භෝගසහිතවූයේ, කාන්තාරයෙහි දර්‍ී මාර්‍ගයකට බැස්සේ වෙයිද, හෙතෙම ටිකකලකට පසු ඒ කාන්තාරයෙන් සැපසේ වියදමක් නැතිව එතර වන්නේය. ඔහුගේ සමපත්තීන්ගේ කිසිහානියක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම වනාහී පෙර ධන සහිත වූයේ භෝග සහිතවූයේ කාන්තාරයෙහි දර්‍ මාර්‍ගයකට පැමිණියෙමි. ඒ මම දැන් ඒ කාන්තාරයෙන් සැපසේ, වියදමක් නැතිව එතර වූයෙමි. මාගේ සමපත්තින්හි කාසි හානියක්ද නැතැයි, හෙතෙම ඒ හේතුකොට ගෙන සතුට ලබයිද, සොම්නසට පැමිනෙයිද,

´´ මහණෙනි, මහණතෙම ණය යම්සේද, රෝගය යම්සේද, සිරගෙය යම්සේද, දාසභාවය යම්සේද කාන්තාර මාර්‍ගය යම්සේද එපරිද්දෙන්ම නැතිනොවූ මේ පංචනීවරන ධර්‍මයන් තමා කෙරෙහි දකියි. මහණෙනි, ණය රහිත බව යම්සේද, නිරෝගී බව යම්සේද, හිර ගෙයින් මිදීම යම්සේද, නිදහස් බව යම්සේද, නිර්‍භය ස්ථානය යම්සේද, එපරිද්දෙන්ම මහණතෙම නැතාවු මේ පංචනීවරනයන් තමාකෙරෙහි දකියි.

11 . ´´ හෙතෙම හිත කෙලෙසන්නාවූ, ප්‍රඥාව දුර්‍වල කරන්නාවූ මේ පංචනීවරන ධර්‍මයන් දුරුකොට කාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්‍මයන් කෙරෙන් වෙන්වූයේම විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි, හෙතෙම මේ ශරීරය විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කරයි. ඔහුගේ සියලු ශරීරයෙහි කිසියම් ප්‍රදේශයක් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරන ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ දක්ෂවූ නාවන්නෙක් හෝ නාවන්නකුගේ අතවැසියෙක් හෝ ලොහො තලියක ඇඟගාන සුවඳසුනු දමා දියෙන් තෙම තෙමා පිඩුකරන්නේය. ඒ නහණ සුනු පිඩ දියෙන් යුක්ත වූයේ දියෙන් වළඳනාලද්දේ, ඇතුළත පිටත දියෙන් ස්පර්‍ශ කරන ලද්දේ වෙයිද, එයින් දිය නොවැගිරෙයිද, මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි. සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරනලද තැනක් නැත.

´´ මහත්‍ණනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්‍ෂුව, විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ මනා පැහැදීම ඇතිකරන්නාවූ සිත පිළිබඳ එකඟබව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරයම චිතීය ධ්‍යාන සමාධියෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි. පුරවයි, පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරනලද තැනක් නැත්තේය. මහණෙනි, උල්පතකින් ජලය ලැබෙන දිය විලක් යම්සේ වේද, ඒ විලට නැගෙනහිරින්ද, ජලය එකතුවන මාර්‍ගයක් නැත්තේය. බටහිර දිගින්ද ජලය ඇතුළුවන මාර්‍ගයක් නැත්තේය. උතුරු දිගින්ද ජලය ඇතුළුවන මාර්‍ගයක් නැත්තේය. දකුණු දිගින්ද ජලය ඇතුළුවන මාර්‍ගයක් නැත්තේය. වැස්සද කලින් කල ඊට හොඳින් නොවසින්නේය. එහෙත් ඒ දිය විලෙන්ම සිසිල්වූ ජලධාරාවෝ උඩට නැගී ඒ දිය විල මුලුල්ලම සිසිල් ජලයෙන් තෙමන්නේය. හාත්පසින් තෙමන්නේය. සම්පූර්ණායන් පුරවන්නේය, ඒ මුළු දිය විලෙහි කිසියම් පෙදෙසක් සිසිල් දියෙන් ස්පර්‍ශ නොකරන ලද්දේ නොවෙයිද,

´´ මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව සමාධියෙන් හටගත් ප්‍රීතිසැපයෙන් මේ ශරිරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සෑම තන්හී පතුරුවයි. එහුගේ සියලු ශරීරයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්‍ශ නොකරනලද තැනක් නැත.

12 . ´´ මහණෙනි, නැවත අනෙකක්ද කියමි. භික්ෂුව ප්‍රීතියෙහිද නොඇල්මෙන් මැදහත් බව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් උපේක්ෂා (මැදහත් ) විඳීම ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේ යයි ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සෑමතන්හී පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති රහිත සැපයෙන් ස්පර්‍ශ නොකරනලද තැනක් නැත. මහණෙනි, යම්සේ උපුල් විලක හෝ පියුම් විලක හෝ හෙළපියුම් විලක හෝ ඇතැම් අපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හට ගත්තාහු, දියෙහි වැඩුනාහු, දිය අනුව ගියාහු, ඇතුළත වැද වැඩෙන්නාහු, අග දක්වාද මුල දක්වාද, සිහිල් දියෙන් තෙමූනාහු, හාත්පසින් තෙමුනාහු, පිරුනාහූ දියෙන් ස්පර්‍ශ කරන ලදුදාහු වෙත්ද, ඒ උපුල් අතුරෙන් හෝ පියුම් අතුරෙන් හෝ හෙළපියුම් අතුරෙන් හෝ කිසිවෙක් මුඑුමනින් සිහිල් දියෙන් ස්පර්‍ශ නොකරන ලද්දේ නොවන්නේද, මහණෙනි එපරිද්දෙන්ම භික්ෂුව ප්‍රීති රහිත සැපයෙන් ස්පර්‍ශ නොකරනලද තැනක් නැත්තේය.

13 . ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරුකිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමු කොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්‍ෂාසති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති හතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් පතුරුවා උන්නේවෙයි, ඔහුගේ සියලු අවයව ඇති ශරීරයාගේ කිසියම් ප්‍රදේශයක් පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් ස්පර්‍ශ නොකරන ලද්දෙ නොවෙයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම සුදු වස්ත්‍රයකින් හිස සහිතව පොරවා හුන්නේද, එහුගේ මුලු ශරීරයේ කිසියම් ප්‍රදේශයක් පිරිසිදු සුදු වස්ත්‍රයෙන් නොවැසුණේ නොවෙයි. මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මේ ශරීරය පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් පැතිර වාසය කරයි. ඔහුගේ මුලු ශරීරයේ කොතනකවත් පිරිසිදුවූ පැහැදිලිවූ හිතින් සුපර්‍ශ නොකරන ලද්දෙ නොවෙයි.

14 . ´´ හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හී, දීප්තිමත් වූ කල්හි, කාම හිත් රහිත වූ කල්හී, කෙලෙස් පහව ගිය කල්හී, මෘදුවූ කල්හී, කටයුත්තට යෝග්‍ය වූ කල්හී, සිත ස්තීර වූ කල්හී, කම්පා නොවන බවට පැමිණි කල්හී, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කරයි. කෙසේදයත් – එක් ජාතියක්ද, ජාතිී දෙකක්ද, ජාති තුනන්ද, ජාති හතරක්ද, ජාති පහක්, ජාති දහයක්ද, ු ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක් ද, ජාති පණහක්ද, ජාති සියක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවෙන හෝ හැදෙන කල්පයන්ද, ´අසුවල් තැන වීමි මෙනම් ඇත්තෙම්, මේ ගෝත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි: එහිද මෙනම් ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙමි, මේ ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි´යි මෙසේ ආකාර සහිතව, දැකිවීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කරයි.

´´ මහණෙනි, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ´ මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනිදු අසුවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි´ යි හෙතෙම දන්නේය.

15 . ´´ මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හී, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙස් පහවූ කල්හී, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි හිත ස්තීරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත්කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහිකරයි. කෙසේදයත්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයක්ද, නොයෙක් හැදෙමින් හෝ විනාශවෙමින් හෝ පවතින කල්පයන්ද, අසුවල් තැන වීමි. මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු දුක් සැප වින්දෙම්, මෙබඳු ආයුෂ කෙලවරකොට ඇත්තෙම් විමි. ඒ මම එයින් චුතව අසුවල්තැන උපන්නෙමි: එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි´ යි මෙසේ ආකාර සහිත, (පෙරවිසූ පිළිවෙල) දැක්වීම් සහිත, නොයෙක් අකාරවූ පෙරවිසීම් සිහිකරයි.

16 . ´´ ඔහු මෙසේ සිත එකඟවූ කල්හී, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍ය වූ කල්හි, හිත ස්තීරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්‍වයන්ගේ මරනින් පසු උප්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්‍වන් දකී. පහත්වුද උසස්වුද, ලක්‍ෂණවුද, අවලක්‍ෂණවුද, හොඳ ලොව ගියාවුද, නරක ලොව ගියාවුද, කර්‍මය ලෙස පැමිණි සත්‍වයන් දනී. ´ මේ පින්වත් සත්‍වයෝ කාය (ශරීර) දුශ්චරිතයෙන් යුක්තය, වාග් (වචන) දුශ්චරිතයෙන් යුක්තය, මනො (හිතේ) දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයන්ට බණින්නෝය, මිත්‍යා දෘෂ්ටිකයෝය, මිත්‍යා දෘෂ්ටි කර්‍ම සමාදම් වූවෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවු ගතිඇති යටිකුරුව වැටෙන්නාවු නිරයට පැමිනෙත්, නැතහොත්, මේ පින්වත් සත්‍වයෝ කාය ශරීර) සුචරිතයෙන් යුක්තය, වාග් (වචන) සුචරිතයෙන් යුක්තය, මනෝ (හිතේ) සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණීමවු ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු මෙසේ පිරිසිදුවු මිනිස් ඇස ඉක්මවු දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකී. පහත්වුද, උසස්වුද, ලක්‍ෂණවුද, අවලක්‍ෂණවුද, හොද ලොව ගියාවුද නරක ලොව ගියාවුද කර්‍මය ලෙස පැමිණි සත්‍වයන් දනී.

´´ මහණෙනි, දොරවල් සහිතවු ගෙවල් දෙකක් යම්සේ වන්නාහුද, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙම මධ්‍යයෙහි සිටියේ ගෙට පිවිසෙන්නාවූද, නික්මෙන්නාවුද, සක්මන් කරන්නාවුද, මනුෂ්‍යයන් දක්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම පිරිසිදුවු මිනිස් ඇස ඉක්මවු, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වුද, උසස්වුද, ලක්‍ෂණවුද, අවලක්‍ෂණවුද, හොඳ ලොව ගියාවුද, නරක ලොව ගියාවුද, කර්‍මය ලෙස උපන් සත්‍වයන් දකී.

17 . ´´ මහණෙනි, එසේම භික්‍ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වු කල්හි, කාම සිත් රහිතවු කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවු කල්හි, කටයුත්තට යෝග්‍යවු කල්හි, සිත ස්තිර වු කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උප්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කරයි, සිත ඉදිරිපත්කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවු දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකි. පහත්වුද, උසස්වුද, ලක්‍ෂණවුද, අවලක්‍ෂණවුද, හොඳ ලොව ගියාවුද, නරක ලොව ගියාවුද කර්‍මය ලෙස පැමිණි සත්වයන් දනී. මේ පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තය, වාග් දුශ්චරිතයෙන් යුක්තය, මනෝ දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බනින්නෝය, මිත්‍යාදෘෂ්ටිකයෝය, මිත්‍යාදෘෂ්ටි කර්‍ම සමාදන් වූවොය. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු අපායවු, දුර්‍ගතියවු, දුකවු, නිරයට පැමිණෙත්.´ නැතහොත්, ´මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තය, වාග් සුචරිතයෙන් යුක්තය, මනො සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නොය, සත්‍ය ඇදහිම සමාදන් වූවෝය. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගතිය වූ, ස්වර්ගලොකයට පැමිණියෝ,´යි මෙසේ පිරිසිදුවු, මිනිස් ඇස ඉක්මවු දිව ඇසින් චුකවෙන උපදින සත්‍වයන් දකි පහත්වුද, උසස්වුද, ලක්‍ෂණවුද, අවලක්‍ෂණවුද,සුගතියට පැමිණියාවුද දුර්‍ගතියට පැමිණියාවුද කර්‍මයලෙස පැමිණි සත්‍වයන් දනී.

18 . ´´ ඔහු මෙසේ සිත එකඟවු කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍ය වූ කල්හි, හිත ස්තීරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය (ආශ්‍රව ක්‍ෂයකර ඥානය) පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගනී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැතිකිරීම යයි තතුලෙස දැනගනී, මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයයි තතුලෙස දැනගනී, මේ පැසවන කෙලෙස් (ආශ්‍රව) යයි තත්‍ර ලෙස දැනගනී, මෙ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙලෙස් නැතිකිරීමෙ මාර්‍ගයයයි තතු ලෙස දැනගනී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, අවිද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ, මිදුනු කල්හී මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරණලදී, මින්පසු වෙනත් කළයුත්තක් නැතැ´යිද දැනගනී.

´´ මහණෙනි, යම්සේ පර්‍වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දිය විලක්වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ, නැවතී තිබෙන්නාවූ සිප්පි බෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැටකැබලිතිද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: ´ මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුණේය. එහි මේ සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැටකැබිලිතිද, නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය´ කියායි. මහණෙනි, එලෙසින්ම භික්‍ෂුව මෙසේ සිත එකඟවූ කල්හී, පිරිසිදුවූ කල්හී, දීප්ත්මත්වූ කල්හී, කාම සිත් රහිත කල්හී, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හී, කටයුත්තට යෝග්‍යවූ කල්හි, හිත ස්තීරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හී, බොහෝ කල්සිට එන ක්ලේශයන් නැති කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුක යයි තතුලෙස දැනගණි, මේ දුක් ඉපදීමේි හේතුවයයි තතු ලෙස දැනගනී,මේ දුක් නැතිකිරීම යයි තතුලෙස දැනගණී. මේ දුක්නැතිකිරීමේ මාර්‍ගයයි තතුලෙස දැනගණී, මේ කෙලෙස් යයි තතුලෙස දැනගනී, මේ කෙලෙස් හේතුයයි තතුලෙස දැනගණී මේ කෙලෙස් නැතිකිරීම යයි තතුලෙස දැනගණ, මේ කෙලෙස් නැතිකිරීමේ මාර්‍ගයය යි තතුලෙස දැනගනී, මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, අව්ද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හී මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය, අතුම් හැසිරිමෙහි වසනලදී, කටයුත්ත කරණ ලදී. මින්පසු අනික් කළයුත්තක් නැතැ´ යිද දැනගනී.

19 . ´´ මහණෙනි, මේ මහණ තෙම, ´ සමණ´ යයිද, ´ බ්‍රාහ්මණ´ යයිද, ´ නාහාතක ´ යයිද, ´ වෙදගූ´ යයිද, ´ සොත්තිය ´ යයිද, ´ ආය්‍ර්‍ය ´ යයිද, ´ අර්‍හත් ´ යයිද කියනු ලැබේ.

´´ මහණෙනි, කෙසේ මහණ තෙම ´´ ශ්‍රමණ´´ නම් වේද ලාමකවු කෙලෙසීම කරන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු මත්තෙහි ජාති, ජරා, මරණ ඇතිකරන්නාවු, අකුශල ධර්‍මයෝ යමෙක් විසින් සංසිඳුවන ලත්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ් වනාහි මහණ තෙම ශ්‍රමණ නම් වෙයි.

´´ මහණෙනි, මහණතෙම කෙසේ ´´බ්‍රාහ්මණ´´ නම් වේද? කෙලෙසීම කරන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිත වු දුක්විපාක ඇත්තාවු මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් බැහැර කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම බ්‍රාහ්මණ නම් වෙයි.

´´ මහණෙනි, මහණ තෙම කෙසේ ´´නහාතක´´ නම් වේද? කෙලෙසන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් සෝදා හරින ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහී මහණ තෙම ´´නහාතක´´ නම් වේ.

´´ මහණෙනි, මහණතෙම කෙසේ ´´ වෙදගූ´´ නම් වේද? කෙලෙසන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් (සතර මාර්‍ගඥානයෙන්) දන්නා ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ´වෙදගූ´ නම් වේ.

මහණෙනි, මහණතෙම කෙසේ ´´සොත්තිය´´ නම් වේද? කෙලෙසන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් ඉවත්කරන ලද්දාහුවෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ´´ සොත්තිය´´ නම් වේ.

මහණෙනි, මහණතෙම කෙසේ ´´ අරිය´´ නම් වේද? කෙලෙසන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් දුරු කරනලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහී මහණතෙම ´´අරිය´´ නම් වේ.

මහණෙනි, මහණතෙම කෙසේ ´´අර්හත්´´ නම් වේද? කෙලෙසන්නාවු, නැවත ඉපදීම ඇතිකරන්නාවු, දැවිලි සහිතවු, දුක් විපාක ඇත්තාවු, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවු ලාමකවු අකුසල ධර්‍මයෝ යමෙකු විසින් ඈත් කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහී මහණතෙම ´´අර්‍හත් නම් වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

නවවෙනිවූ මහා අස්සපුර සූත්‍රය නිමි. (4 – 9)

38. මහා තණ්හා සංඛය සුත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වු‚ අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන නමි ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවටිටපුත්‍ර වු සාති නමි භික්‍ෂුවට මෙබඳු ලාමක වු මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනමි) ,මේ එකම විඥනය (භවයෙන් භවයට උත්පතති වසයෙන්) දුවයි‚ හැසිරෙයි අනිකක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමියි, (කියායි.)

කෙවටිටපුත්ර්‍‍රවු සාති නමි භික්‍ෂුවට මෙබඳු වු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් පහළවී තිබෙනබව බොහෝ භික්‍ෂුන්වහන්සේලා ඇසුහ. (කෙබඳු දෘෂ්ටියක්ද යත්) .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙයි‚ භග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි, (කියායි.) ඉක්බිති ඒ භික්‍ෂුහු කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුව යමි තැනෙක්හිද එතැනට ගියහ. ගොස්‚ කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුවට මෙසේ කීවාහුය. ,ඇවැත්නි‚ තොපට මෙබඳු ලාමක වු මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේය‚ යනු ඇත්තක්ද? .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි, (කියායි.) ,ඇවැත්නි‚ මෙි එකම විඤඤණය භවයෙන් භවයට යයි හැසිරෙයි‚ අනිකක් නෙවෙියයි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිද්දෙන් දෙශනාකරනලද ධර්‍මය මම දනිමි.යි ( සාති භික්‍ෂුව කීය.)

2. ඉක්බිති ඒ භික්‍ෂුහු‚ කෙවටිටපුත්‍රවු සාති නමි භික්‍ෂුව‚ ලාමක වු මෙි විත්‍ථ්‍යාදෘෂ්ටියෙන් වෙන් කරණු කැමැත්තාහු මතය විචාරමින් කරුණු කියති‚ මතයෙහි පිහිටුවමින් කරුණු කියති‚ ඊටහේතු අසමින් කරුණු කියති. .ඇවැත්නි‚ සාතිය‚ මෙසේ නොකියව‚ භාග්‍යවතුන් වහන්සේට ද්‍රෙෂාරොපණය නොකරව භාග්‍යවතුන් වහන්සේට ද්‍රෙස් කීම හොඳ නැත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවද්‍රරන්නාහ. සාතිය‚ නොයෙක් ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් .විඥනය ප්‍රත්‍යයෙන් උපදින්නේයයිද‚ ප්‍රත්‍යයෙන් තොරව විඥනයාගේ පහළවීමක් නැතැ.යිද වද්‍රරණ ලදී. (කියායි.)

මෙසේද ඒ භික්‍ෂුන් විසින් මතය විචාරමින් කරුණු කියනු ලැබු‚ මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබු‚ ඊට හේතු අසමින් කරුණු කියනු ලැබු සාති භික්‍ෂුව .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙයි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරන ලද බව මම දනිමි.යි ඒ ලාමක මිථ්‍යා දෘෂ්ටියම තරයේ අල්ලා ගෙන ව්‍යවහාර කරයි.

3. යමි විටෙක ඒ භික්‍ෂුහු කෙවටිටපුත්‍රවු සාති භික්‍ෂුව ඒ මෙි ලාමක විත්‍ථ්‍යාදෘෂ්ටියෙන් වෙන්කරන්නට නොහැකි වුවාහුද‚ එවිට ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙක්හිද‚ එතැනට ගියහ. ගොස්‚ භාග්‍යවතුන් වහන්සේ් වැඳ‚ එකපැත්තක උන්හ. එකපැත්තක උන්නාවු ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.

,සවාමීනි‚ කෙවටිටපුත්‍රවු සාති නමි භික්‍ෂුවට‚ .මෙි එකම විඥනය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙියයි එසේ භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි.යි මෙබඳුවු‚ ලාමකවු මිථ්‍යාදෘෂ්ටියක් උපන්නේ වෙයි.

,සවාමීනි‚ කෙවටිටපුත්‍රවු සාති භික්‍ෂුවට .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙියයි එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය දෙශනා කරනලද බව දනිමියි. මෙබඳු ලාමක මිථ්‍යා දෘෂ්ටියක් උපන් බව අපි ඇසීමු.

, සවාමීනි‚ ඉන්පසු අපි කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුව යමි තැනකද එහි ගියෙමු ගොස් කෙවටිටපුත්‍රවු සාති භික්‍ෂුව ගෙන් මෙසේ ඇසීමු. .ඇවැත්නි‚ තොපට මෙබඳු වු ලාමක දෘෂ්ටියක් උපන්නේය යනු ඇත්තක්ද? .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) දුවයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙි යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලද ධර්‍මය මම දනිමි. (කියායි) මෙසේ ඇසු කල්හි කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුව අපට මෙසේ කීවෙිය. .ඇවැත්නි මෙි එකම විඤඤණය භවයෙන් භවයට යයි හැසිරෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි. (කියායි.)

,සවාමීනි‚ ඉන්පසු අපි කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුව ලාමක වු මෙි මිථ්‍යාදෘෂ්ටියෙන් මුදනු කැමැත්තමෝ‚ මතය විචාරමින් කරුණු කීවෙමු. මතයෙහි පිහිටුවමින් කරුණු කීවෙමු. ඊට හේතු අසමින් කරුණු කීවෙමු. ඇවැත් සාතිය‚ මෙසේනොකියව‚ භාග්‍යවතුන් වහන්සේට ද්‍රෙස් නොකියව. භාග්‍යවතුන් වහන්සේට ද්‍රෙස් කීම නුසුදුසුය. සාතිය‚ භාග්‍යවතුන්වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් .විඤඤණය ප්‍රත්‍යයෙන් උපදින්නේය‚ ප්‍රත්‍යයෙන් තොරව විඤඤණයාගේ ඇතිවිමක් නැතැ.යි දෙශනා කරන ලද්දේය. (යනුවෙනි)

,සවාමීනි‚ මෙසේද මතය විචාරමින් කරුණු කියනු ලැබු මතයෙහි පිහිටුවමින් කරුණු කියනුලැබු‚ ඊටහේතු විචාරමින් කරුණු කියනු ලැබු කෙවටිටපුත්‍ර සාති භික්‍ෂුව .ඇවැත්නි මෙි එකම විඤඤණය භවයෙන් භවයට යයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙියයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි.යි ලාමක වු ඒ මිථ්‍යා දෘෂ්ටියම තදින් අල්වාගෙන ව්‍යවහාර කරයි.

,සවාමීනි‚ යමි විටෙක අපි කෙවටිටපුත්‍රවු සාති භික්‍ෂුව මෙි ලාමක දෘෂ්ටියෙන් වෙන්කරන්ට නොහැකි වීමුද‚ එහෙයින් අපි භාග්‍යවතුන් වහන්සේට මෙි කාරණය කියමු.,

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවක් කැඳවුහ: (කැඳවා) ,මහණ මෙහි එව මගේ වචනයෙන් .ඇවැත්නි සාතිය‚ ශාසතෘාන් වහන්සේ කැඳවති.යි කෙවටිටපුත්‍ර සාති භික්‍ෂුව කැඳවා එව.යි (කීහ.) .එසේය‚ සවාමීනි.යි කියා ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී කෙවටිටපුත්‍රවු සාති භික්‍ෂුව යමි තැනක්හිද එතැනට ගියේය. ගොස්‚ කෙවටිටපුත්‍රවු සාති භික්‍ෂුවට මෙසේ කීවෙිය. .ඇවැත් සාතිය‚ ශාසතෘාන් වහන්සේ තොප කැඳවන්නාහ (කියායි.) .එසේය‚ ඇවැත්නි.යි කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුව ඒ භික්‍ෂුවට උතතරදී භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවු කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුවගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසුහ. ,සාතිය‚ තොපට මෙබඳු වු ලාමක දෘෂ්ටියක් උපන්නේය යනු සැබෑද? .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) යයි‚ හැසිරෙයි‚ අනිකක් නොවෙියයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි.යි (කියායි) ,සවාමීනි එසේය‚ .මෙි එකම විඤඤණය (භවයෙන් භවයට) යයි‚ හැසිරෙයි. අනිකක් නොවෙියයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්‍මය දෙශනා කරනලද බව මම දනිමි,යි (කීය.)

,සාතිය‚ තොප කියන ඒ විඥනය කුමක්ද?,

,සවාමීනි‚ යමෙක්තෙම කථාකෙරේද? සැපදුක් විඳීද? ඒ ඒ භවයෙහි කුසලාකුසල වු කර්‍මයන්ගේ විපාකය විදීද ( මාකියන විඤඤණය) ඒය.,

,හිස් පුරුෂය‚ කවරෙකුට නමි මා විසින් මෙසේ ධර්‍මය දෙශනා කරනලද බව තෝ දන්නෙහිද? හිස් පුරුෂය‚ මාවිසින් නොයෙක් ආකාරයෙන් විඤ්ඤණය ප්‍රත්‍යයෙන් උපදින්නේයයි කියන ලද්දේ නොවෙිද? ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤණයාගේ හටගැනිමක් නැතැ.යි කියන ලද්දේ නොවෙිද? එසේ තිබියදීත් හිස් පුරුෂය‚ තෝ තමා වරදවා ගත් මතයෙන් අපටද ද්‍රෙස් නගන්නෙහිය‚ තමාද නැසෙන්නෙහිය‚ බොහෝ පවිද රැස්කර ගන්නෙහිය. හිස් පුරුෂය‚ තොපට මෙය බොහෝ කලක් අහිත පිණිස‚ දුක් පිණිස පවතින්නේය.,

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනෙක් භික්‍ෂුන්ගෙන් මෙසේ ඇසුහ. ,මහණෙනි‚ කෙවටිටපුත්‍රවු මේ සාති භික්‍ෂුවට මේ ශාසනයෙන් ලබන ඥනය නමැති ගින්නෙහි උනුසුමවත් ඇත්තේද?,

,සවාමීනි‚ කෙසේ නමි වන්නේද‚ සවාමීනි‚ එසේ නොවන්නේමය.,

5. මෙසේ කී කල්හි කෙවටිටපුත්‍රවු සාති මහණතෙම නිශ්ශබිද වුයේ‚ හැකුළුනු මුහුණ ඇත්තේ‚ කඳ නමාගත්තේ‚ මුහුණ පහතට හරවා ගත්තේ‚ කල්පනා කරන්නේ‚ කිසිවක් සිතාගත නොහැකිව උන්නේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ කේවටිටපුත්‍ර සාති භාක්‍ෂුව නිශ්ශබදව‚ හැකුළුනු මුහුණ ඇතිව කඳ නමාගෙන‚ මුහුණ පහතට හරවාගෙන‚ කල්පනා කරමින්‚ කිසිවක් නොවැටහී සිටිනු දැක‚ කෙවටිටපුත්‍රවු සාති භික්‍ෂුවට මෙසේ වද්‍රළහ.

හිස් පුරුෂයි‚ තෝ මෙි තොපගේ ලාමක වැරදි මතයෙන් ප්‍රකට වන්නෙහිය. මම භික්‍ෂුන් විචාරන්නෙමි,යි කියා භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ගෙන් මෙසේ විචාළහ.

,මහණෙනි‚කෙවටිටපුත්‍ර වු සාති භික්‍ෂුව යමිසේ තමා වරදවා ගත් මතයෙන් අපටත් ද්‍රෙස් නගයිද‚ තමන් වැනසෙයිද‚ බොහෝ අකුසලුත් රැස්කර ගනියිද‚ එබඳුවු ධර්‍මයක් මා දෙශනා කළ බව තොපි දන්නහුද‚.,

නැත සවාමීනි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් අපට නොයෙක් ක්‍රමයෙන් .විඥනය ප්‍රත්‍යයෙන් උපදින්නේය.යි වද්‍රරණලදී. .ප්‍රත්‍යයෙන් තොරව විඥනයාගේ හටගැන්මක් නැතැ.යි වද්‍රරණලදී,.

,මහණෙනි‚ යහපත‚ මාදෙසු ධර්‍මය තොප දන්නා සැටි යහපත්ය‚ මහණෙනි‚ තොපට මා විසින් නොයෙක් ක්‍රමයෙන් විඤඤණය ප්‍රත්‍යයෙන් උපන්නේයයිද‚ ප්‍රත්‍යයෙන් තොරව විඤඤණයාගේ හටගැන්මක් නැතැයිද කියන ලදී. මෙි කෙවටිට පුත්‍රවු සාති මහණ තමා විසින් වරදවා ගන්නා ලද්ද නිසා අපටද ද්‍රෙෂාරොපනය කරයි. තමාද වැනසෙයි බොහෝ අකුසල්ද රැස් කරයි. ඒ වනාහි ඒ හිස් පුරුෂයා හටද බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස‚ දුක් පිණිස පවත්නේය.

6. ,මහණෙනි‚ යමි යමි ප්‍රත්‍යයක් නිසා විඥනය උපදීද‚ ඒ ඒප්‍රත්‍යයාගේ නාමයෙන්ම ඒ විඤඤණය ව්‍යවහාරයට යයි. ඇස නිසාද‚ රූප නිසාද‚ විඤඤණයක් උපදී. එය .චක්ඛු විඤඤණය.යි ව්‍යවහාරයට යයි. ශ්‍රොතය (කණ) නිසාද‚ ශබද නිසාද විඤඤණයක් උපදී. එය ශ්‍රොත විඤඤණයයි ව්‍යවහාරයට යයි. ඝ්‍රාණය (නැහැය) නිසාද‚ ගඳ නිසාද‚ විඤඤණයක් උපදී. එය ඝාණවිඤඤණයයි ව්‍යවහාරයට යයි. දිව නිසාද‚ රස නිසාද‚ විඤඤණයක් උපදී. එය ජිවිහා විඤඤණයයි ව්‍යවහාරයටයයි. කය නිසාද ස්පර්‍ශ නිසාද විඤඤණයක් උපදී. එය කායවිඤඤණයයි ව්‍යවහාරයට යයි. මනස (හිත) නිසාද ධර්‍මනිසාද විඤඤණයක් උපදී. එය මනොවිඤඤණයයි ව්‍යවහාරයට යයි.

,මහණෙනි‚ යමි යමි ප්‍රත්‍යයක් නිසා යමිසේ ගිනන ඇවිලේද‚ ඒ ඒ දෙයෙහි නමින්ම ඒ ගින්න ව්‍යවහාරයට යයි. කාෂටය (දර) නිසා ගින්න ඇවිලේද‚ එය කාෂට ගින්නයයි ව්‍යවහාරයට යයි. සකලික (ගස් පතුරු) නිසා ගිනන ඇවිලේද‚එය සකලික ගින්නයයි ව්‍යවහාරයට යයි. තෘණ (වියලි තණ කොල) නිසා ගින්න ඇවිලේද‚ එය තෘණ ගින්නයයි ව්‍යවහාරයට යයි. ගොමවැරටි නිසා ගින්න ඇවිලේද‚ එය ගොම වැරටි ගින්නයයි ව්‍යවහාරයට යයි. ථුස (දහයියා) නිසා ගින්න ඇවිලේද‚ එය ථුස ගින්නයයි ව්‍යවහාරයට යයි. සංකාර (කුණු රොඩු) නිසා ගින්න ඇවිලේද‚ එය සංකාර ගින්නයයි ව්‍යවහාරයට යයි.

මහණෙනි‚ එපරිද්දෙනම යමි යමි ප්‍රත්‍යයක් නිසා විඤඤණය උපදීද‚ ඒ ඒ ප්‍රත්‍යයයන්ගේ නාමයෙන්ම ඒ ඒ විඤඤණය ව්‍යවහාරයට යයි. ඇස නිසාද‚ රූපයන් නිසාද‚ විඤඤණයක් උපදී. එය චකඛුවිඤඤණයයි කියාම ව්‍යවහාරයට යයි. කණ නිසාද‚ ශබිදයන් නිසාද‚ විඤඤණයක් උපදී. එය සොතවිඤඤණයයි කියාම ව්‍යවහාරයට යයි. නාසය නිසාද‚ ගන්‍ධයන් නිසාද‚ විඤඤණයක් උපදී. එය ඝාණවිඤඤණයයි කියාම ව්‍යවහාරයට යයි. දිව නිසාද‚ රසයන් නිසාද‚ විඤඤණයක් උපදී. එය ජිවිහාවිඤඤණයයි කියාම ව්‍යවහාරයට යයි. කය නිසාද‚ ස්පර්‍ශයන් නිසාද විඤඤණයක් උපදී. එය කායවිඤඤණයයි කියාම ව්‍යවහාරයට යයි. සිත නිසාද‚ ධර්‍මයන් නිසාද විඤඤණය උපදී. එය මනොවිඤඤණයයි කියාම ව්‍යවහාරයට යයි.

,මහණෙනි‚ මෙය (මෙි පංචස්කන්‍ධය) ප්‍රත්‍යයෙන් හට ගත් එකකැයි දක්නහුද?,

,එසේය‚ සවාමීනි.,

,මහණෙනි‚ එය ආහාරයෙන් (හෙතුවෙන්) හටගත් එකකැයි දක්නහුද?,

,එසේය‚ සවාමීනි.,

,මහණෙනි‚ ආහාරය (හෙතුව) නැතිවීමෙන්‚ ආහාරය නිසා හටගත් එය නැති වන සවභාව ඇත්තේ යැයි දක්නහුද?,

,එසේය‚ සවාමීනි.,

,මහණෙනි‚ මෙය (පංචස්කන්‍ධය) ප්‍රත්‍යයෙන් හටගත්තේද‚ නැද්දැයි යන සැකයෙන් විචිකිචජාව පහළ වෙිද?,

,එසේය‚ සවාමීනි.,

,එය ආහාරයෙන් (හෙතුවෙන්) හටගත්තේද‚ නැද්ද යන සැකයෙන් විචිකිචජාව පහළ වෙිද?,

,එසේය‚ සවාමීනි.,

,මහණෙනි‚ ආහාරය (හෙතුව) නැතිවීමෙන් ආහාරය නිසා හටගත් එය නැතිවන්නේද? නැද්ද? යන සැකයෙන් විචිකිචජාව පහළ වෙිද?,

,එසේය‚ සවාමීනි.,

´´ මහණෙනි, මෙය ප්‍රක්‍යයෙන් හටගතේයයි තතූසේ යහපත් නුවණින් දක්නහුට යම් විචිකිචඡාවක් වීනමි ඵය නැති වේද ?´´

´´ එසේය, ස්වාමිනි. ´´

´´ මහණෙනි, එය ආහාරයෙන් ( හේතූවෙන් ) හටගත්තේ යයි තතූසේ යහපත් නුවණින් දක්නහුට යමි

විචිකිච්ඡාවක් වීනමි ඵය නැති වේද ?´´

´´ එසේය, ස්වාමිනි. ´´

´´ මහණෙනි, එය ආහාරයෙන් ( හේතූවෙන් ) නැතිවීමෙන් ආහාරය නිසා හටගත් එය නැතිවන ස්වභාව

ඇක්තේ යැයි යයි තතුසේ යහපත් නුවණින් දක්නහුට යමි විචිකිචඡාවක් වීනමි ඵය නැති වේද ?´´

´´ එසේය, ස්වාමිනි. ´´

´´ මහණෙනි, මෙය පංචස්කඤය ප්‍රක්‍යයෙන් හටගත්තේය යන කාරණය සමිබන්දයෙන් තෙපට සැක නැත්ද ?´´

´´ එසේය, නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි, එය ප්‍රත්‍යය නැතිවීමෙන් එයින් හටගත් යමක් ඇත්තේද ඵය නැතිවන ස්වභාව

ඇක්තේය යන කාරණය සමිබන්ධයෙන් තෙපට සැක නැත්ද ?´´

´´ එසේය, නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි, මෙය ප්‍රත්‍යයෙන් හටගතේයයි තතූසේ යහපත් නුවණින් දක්නා ලදද ?´´

´´ එසේය, ස්වාමිනි. ´´

´´ මහණෙනි, මෙය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේය යන කාරණය සමිබන්ධයෙන් තෙපට සැක නැත්ද ?´´

´´ එසේය, නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි, එය ප්‍රත්‍යය නැතිවීමෙන් එයින් හටගත් යමක් ඇත්තේද ඵය නැතිවන ස්වභාව

ඇත්තේය යන කාරණය සමිබන්ධයෙන් තෙපට සැක නැත්ද ?´´

´´ එසේය, නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි, තෙපි මෙසේ පිරිසිදුවූ, මෙසේ පැහැදිලිවූ මෙම දැකීම ( තෘෂ්ණා දෘෂ්ඨි දෙකකින් )

අල්වාගනිවි නම්, ( තෘෂ්ණා දෘෂ්ඨි දෙකකින් ) ක්‍රීඩා කරව් නම්, ( ධනයකට මෙන් ) ඊට කැමකි වව් නම්

එකෙනෙහි මමත්වයක් ඇතිකර ගනිවි නමි , තෙපි මා විසින් සසර එතෙර කිරීම පිණිස මිඍ අල්වා –

නොගැනීම පිණිස පහුරකට උපමා කොට දේශනා කරනලද ධර්‍මය දන්නෝ වන්නහුද ?´´

´´ නැත, ස්වාමිනි. ´´

´´ මහණෙනි,තෙපි මෙසේ පිරිසිදුවූ, මෙසේ පැහැදිලිවූ මෙම දැකීම ( තෘෂ්ණා දෘෂ්ඨි දෙකකින් )

අල්වානොගනිව් නමි , ( තෘෂ්ණා දෘෂ්ඨි දෙකකින ) ක්‍රීඩා නොකරව් නමි් , ( ධනයකට මෙන් ) ඊට කැමකි නොවවි නමි එකෙනෙහි මමත්වයක් ඇතිකර නොගනිවි නමි,තෙපි මා විසින් සසර එතෙර කිරීම පිණිස මිඍ අල්වා –

නොගැනීම පිණිස පහුරකට උපමා කොට දේශනා කරනලද ධර්‍මය දන්නෝ වන්නහුද ?´´

´´ එසේය, ස්වාමිනි. ´´

8.´´ මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද සම්හවය ( උප්පත්තිය ) සොයන සත්වයන්හට

අනුග්‍රහ පිණිසද පවතින මේ ආහාර සතරක් වෙත් කවර සතරක්ද යත් :-දැඩිවූ හෝ සිවුම් හෝ පිඩු කොකොට ගතයුතු ද්‍රව්‍යයෙන්යුත් කබලිංකාර ආහාරය , දෙවැතිවූ ස්පර්‍ශ ආහාරය , තූන්වැතිවූ මනොසඤෙචතනා ආහාරය සතර වැතිවූ විඤාඤණ ආහාරය යන සතරයි.

´´ මහණෙනි, මේ ආහාර සතර කුමක් නිදාන ( මූල කාරණ ) කොට ඇත්තහුද? කුමක් උප්පත්ති කොට ඇත්තහුද? කුමක් ජාතිකොට ඇත්තහුද? කුමක් ප්‍රහවකොට ඇත්තහුද ? මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිදාන කොටඇත්තහ. තෘෂ්ණාව ජාතිකොට ඇත්තාහ. තෘෂ්ණාව ප්‍රහවකොට ඇත්තාහ.

´´ මහණෙනි, මේ තෘෂ්ණාවද, කුමක් නිදුනකොටගෙන ඇත්තීද ? කුමක් සමුදය ( පහලවීමට හේතුව

) කොටගෙන ඇත්තීද ? කුමක් ජාතිකොට ඇත්තීද? කුමක් ප්‍රහවකොට ඇත්තීද ? , තෘෂ්ණාව වේදනාව නිදුනකොටගෙන ඇත්තීය. වේදනාව සමුදය කොට ඇත්තීය. වේදනාව ජාතිකොට ඇත්තීය, වේදනාව ප්‍රහවකොට ඇත්තීය.

´´ මහණෙනි, මේ වේදනාවද, කුමක් නිදාන කොටගෙන ඇත්තීද? කුමක් සමුදය කොටගෙන ඇත්තීද? කුමක් ජාතිකොට ඇත්තීද ? කුමක් ප්‍රහවකොට ඇත්තීද ? , වේදනාව ස්පර්‍ශය නිදාන කොටගෙන ඇත්තීය. ස්පර්‍ශය සමුදය කොට ඇත්තීය. ස්පර්‍ශය ජාතිකොට ඇත්තීය, ස්පර්‍ශය ප්‍රහවකොට ඇත්තීය.

´´ මහණෙනි, මේ ස්පර්‍ශය කුමක් නිදානකොටගෙන ඇත්තීද? කුමක් සමුදය කොටගෙන ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද ? කුමක් ප්‍රහවකොට ඇත්තේද? ස්පර්‍ශය තෙම ෂඩායතන් ( ඉන්ද්‍රිය සය ) නිදානකොට ඇත්තේය. ෂඩායතන සමුදය කොට ඇත්තේය, ෂඩායතන ජාතිකොට ඇත්තේය, ෂඩායතන ප්‍රහවකොට ඇත්තේය.

´´ මහණෙනි, මේ ෂඩායතන් , කුමක් නිදානකොටගෙන ඇත්තීද ? කුමක් සමුදයකොටගෙන ඇත්තීද ? කුමක් ජාතිකොට ඇත්තීද ? කුමක් ප්‍රහවකොට ඇත්තීද ? , ෂඩායතයෝ නාමරැපයන් නිදානකොටගෙන ඇත්තාහ. නාමරැපයන් සමුදය කොට ඇත්තාහ. නාමරැපයන් ජාතිකොට ඇත්තාහ. නාමරැපයන් ප්‍රහවකොට ඇත්තාහ.

´´ මහණෙනි, මේ නාමරූපයෝ , කුමක් නිදානකොටගෙන ඇත්තීද ? කුමක් සමුදයකොටගෙන ඇත්තීද ? කුමක් ජාතිකොට ඇත්තීද ? කුමක් ප්‍රහවකොට ඇත්තීද ?, නාමරූපයෝ් විඤඤාණය නිදානකොටගෙන ඇත්තාහ.විඤඤාණය සමුදය කොට ඇත්තාහ. විඤඤාණය ජාතිකොට ඇත්තාහ. විඤඤාණය ප්‍රහවකොට ඇත්තාහ.

´´ මහණෙනි, මේ විඤඤාණය , කුමක් නිදානකොටගෙන ඇත්තීද ? කුමක් සමුදයකොටගෙන ඇත්තීද ? කුමක් ජාතිකොට ඇත්තීද ? කුමක් ප්‍රහවකොට ඇත්තීද ? , විඤඤාණය සංස්කාර නිදුනකොටගෙන ඇත්තාහ.

සංස්කාර සමුදය කොට ඇත්තාහ. සංස්කාර ජාතිකොට ඇත්තාහ. සංස්කාර ප්‍රහවකොට ඇත්තාහ.

´´ මහණෙනි, මේ සංස්කාරයෝ , කුමක් නිදානකොටගෙන ඇත්තීද ? කුමක් සමුදයකොටගෙන ඇත්තීද ? කුමක් ජාතිකොට ඇත්තීද ? කුමක් ප්‍රහවකොට ඇත්තීද ? , සංස්කාරයෝ අවිද්‍යාව නිදුනකොටගෙන ඇත්තාහ.

අවිද්‍යාව සමුදය කොට ඇත්තාහ. අවිද්‍යාව ජාතිකොට ඇත්තාහ. අවිද්‍යාව ප්‍රහවකොට ඇත්තාහ.

9.´´ මහණෙනි, මෙසේ වනාහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් ( අවිද්‍යාව නිසා ) සංස්කාරයෝ වෙති. සංස්කාරයන් නිසා විඤඤාණය වෙයි. විඤඤාණය නිසා නාමරූපයෝ් වෙති. නාමරූපයන් නිසා ෂඩායතයෝ වෙති. ෂඩායතන් නිසා ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශය නිසා වේදනාව වන්නීය. වේදනාව නිසා තෘෂ්ණාව වන්නීය. තෘෂ්ණාව නිසා උපාදානය වෙයි. උපාදානය නිසා භවය වෙයි. භවය නිසා ජාතිය වන්නීය. ජාතිය නිසා ජරාවද, මරණයද,සෝකය, වැලපීමය , කායික දුකය , චෛතසික දුකය ,( දොම්නසය ), දැඩි වෙහෙසය , යන මෙහු වෙත්. මෙසේ මෙි සියලු දුක් රාශියන්ගේ හටගැන්ම වෙයි . ´ ජාති ප්‍රත්‍යයෙන් ( ජාතිය නිසා ) ජරා මරණ දෙක ඇතිවෙියැයි ´´ මෙසේ කියන ලදි . මහණෙනි, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේද ? නොවේද ? තොපිට මෙහිලා කෙසේ අදහස් වේද ? ´´ ´´ ස්වාමිනි, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙති . ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වන්නාහයි මෙසේ අපට මෙහි අදහස් වෙයි .

´´ භවප්‍රත්‍යයෙන් ජාතිය වේයයි ´´ මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, භවප්‍රත්‍යයෙන් ජාතිය වේද? නොවේද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ?´´ ´´ ස්වාමිනි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි . භවප්‍රත්‍යයෙන් ජාතිය වේයි, අපට මෙහි අදහස් වෙයි .

´´ උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේයයි ´´ මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේද ? නොවේද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ? ´´ ´´ ස්වාමිනි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේයි, මෙසේ අපට මෙහි අදහස් වෙයි .

´´ තන්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේයයි ´´ මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, තන්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේද? නොවේද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ? ´´ ´´ ස්වාමිනි, තන්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේයි, මෙසේ අපට මෙහ ි අදහස් වෙයි .

´´ වේදනා ප්‍රත්‍යයෙන් තන්හාව වේයයි ´´ මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, වේදනා ප්‍රත්‍යයෙන් තන්හා ව වන්නීද? නොවන්නීද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ?´´ ´´ ස්වාමිනි, වේදනාප්‍රත්‍යයෙන් තන්හාවවේය,ි මෙසේ අපට මෙහිඅදහස් වෙයි .

´´ ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේයයි ´´ මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනාව වන්නීද ? නොවන්නීද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ? ´´ ´´ ස්වාමිනි, ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනාව වන්නීය,ි මෙසේ අපට මෙහිඅදහස් වෙයි .

´´ ෂඩායත ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වේයයි ´´ මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, ෂඩායත ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය

වේද? නොවේද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ? ´´ ´´ ස්වාමිනි, ෂඩායත ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේයි, මෙසේ අපට මෙහ ි අදහස් වෙයි .

´´ නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වේයයි ´´ මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත්ද ? නොවෙත් ද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ? ´´ ´´ ස්වාමිනි, නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත් . නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත් යයි මෙසේ අපට මෙහි අදහස් වෙයි.

´´ විඤඤාණ ප්‍රත්‍යයෙන් නාමරැප වෙත්යයි ´´ මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, විඤඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වේද ? නොවේද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ? ´´ ´´ ස්වාමිනි, විඤඤාණ ප්‍රත්‍යයෙන් නාමරැප වෙත් , විඤඤාණ ප්‍රත්‍යයෙන් නාමරැප වෙත්යැයි මෙසේ අපට මෙහි අදහස් වෙයි .

´´ සංස්කාර ප්‍රත්‍යයෙන් විඤඤාණය වේයයි ´´ මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤඤාණය වේද ? නොවේද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ? ´´ ´´ ස්වාමිනි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤඤාණය වේය, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤඤාණය වේයය,ි මෙසේ අපට මෙහි අදහස් වෙයි .

´´ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වේයයි ´´ මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්ද? නොවෙත් ද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ? ´´ ´´ ස්වාමිනි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්යයි මෙසේ අපට මෙහි අදහස් වෙයි.

10 .´ මහණෙනි මැනව්,´ මහණෙනි මෙය වනාහි තොපිද මෙසේ කියව් , මමද එසේ කියමි . මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය වෙයි. මෙහුගේ උප්පත්තියෙන් මේ ඵලය උපදී එනම් – අවිද්‍යාව ප්‍රත්‍යකොට සංස්කාරයෝ වෙත් . සංස්කාර ප්‍රත්‍යකොට විඤඤාණය වේයි . විඤඤාණය ප්‍රත්‍යකොට නාමරූප වේයි . නාමරූප ප්‍රත්‍යකොට ෂඩායතනය වේයි . ෂඩායතනය ප්‍රත්‍යකොට ස්පර්‍ශය වේයි . ස්පර්‍ශය ප්‍රත්‍යකොට වේදනාව වේයි . වේදනාව ප්‍රත්‍යකොට තණ්හාව වේයි . තණ්හාව ප්‍රත්‍යකොට භවය වේයි . භවය ප්‍රත්‍යකොට ජාතිය වේයි . ජාතිය ප්‍රත්‍යකොට විඤඤාණය වේයි . ජරාව, මරණය , සෝකය, වැලපීමය , කායික දුකය , මානසික දුකය , දැඩි වෙහෙසය , යන මෙහු හටගනිත්. ´´ මෙසේ මේ සියලු දුක් රාශියන්ගේ හටගැන්ම වෙයි.

11 .´´ අවිද්‍යාගේම ඉතිරි නොකර ගැනීමෙන් සංස්කාරයෝ නිරුධ ( නැති කිරීම ) වෙත්. සංස්කාර නිරොධ යෙන් විඤඤාණ නිරොධ වෙයි . විඤඤාණ නිරොධයෙන් නාමරැප නිරොධ වෙයි. නාමරූප නිරොධයෙන් ෂඩායතනය නිරොධ වෙයි . ෂඩායතනය නිරොධයෙන් ස්පර්‍ශය නිරොධ වෙයි . ස්පර්‍ශය නිරොධයෙන් වේදනාව නිරොධ වෙයි . වේදනාව නිරොධයෙන් තණ්හාව නිරොධ වෙයි . තණ්හාව නිරොධයෙන් උපාදානය නිරොධවෙයි . උපාදානය නිරොධයෙන් භවය නිරොධ වෙයි . භවය නිරොධයෙන් ජාතිය නිරොධ වෙයි . ජාතිය නිරොධයෙන් විඤඤාණ නිරොධ වෙයි . ජරා, මරණ , ශෝක, වැලපීම , දුක් දොම්නස් , දැඩි වෙහෙසය , යන මෙවුහු නිරුධ වෙත් . මෙසේ සියලු දුක් රාශියන්ගේ නිරොධනය වෙයි .

´´ ජාති නිරොධයෙන් ජරා, මරණ නිරොධය වේ ය´යි මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, ජාති නිරොධයෙන් ජරා, මරණ නිරොධය වේද ? නොවේ ද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ?

´´ ස්වාමිනි, ජාති නිරොධයෙන් ජරා, මරණ නිරොධය වෙයි . ජාති නිරොධයෙන් ජරා, මරණ නිරොධය වෙයි යයි මෙසේ අපට මෙහිඅදහස් වෙයි.´´ භවය නිරුධව්මෙන් . ජාතිය නිරොධය වේය´යි මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, භවය නිරුධව්මෙන් ජාතිය නිරුධ වේද ? නොවේ ද ? තොපිට මෙහි කෙසේ අදහස් වේද ?

´´ ස්වාමිනි, භවය නිරුධව්මෙන් ජාතිය නිරුධ වෙයි . භවය නිරුධව්මෙන් ජාතිය නිරුධ වෙයි යයි මෙිසේ අපට මෙහිඅදහස් වෙයි.

´´ මහණෙනි, උපාදානය නිරුධව්මෙන් භවය නිරුධ වේය´යි මෙසේ මෙය කියන ලදි . ´´ මහණෙනි, උපාදානය නිරුධව්මෙන් භවය නිරුධ වේද ? නොවේ ද ? තොපිට කෙසේ හෝ අදහස් වේද ?

´´ ස්වාමිනි, උපාදානය නිරුධ ව්මෙන් භවය නිරුධ වෙයි . උපාදානය නිරුධව්මෙන් භවය නිරුධ වෙයි යයි , මෙසේ අපට මෙහිඅදහස් වේ ´´.

´´තණ්හාව නිරුධව්මෙන් උපාදානය නිරුධ වේය´යි මෙසේ මෙය කියන ලදි . ´´ මහණෙනි, තණ්හාව නිරුධව්මෙන් උපාදානය නිරුධ වේද ? නොවේ ද ? තොපිට කෙසේ හෝ අදහස් වේද ?

´´ ස්වාමිනි, තණ්හාව නිරුධ ව්මෙන් උපාදානය නිරුධ වෙයි . තණ්හාව නිරුධව්මෙන් උපාදානය නිරුධ වෙයි යයි , මෙිසේ අපට මෙහිඅදහස් වේ ´´.

´´ වේදනාව නිරුධව්මෙන් තණ්හාව නිරුධ වේය´යි මෙසේ මෙය කියන ලදි . ´´ මහණෙනි, වේදනාව නිරුධව්මෙන් තණ්හාව නිරුධ වේද ? නොවේ ද ? තොපිට කෙසේ හෝ අදහස් වේද ?

´´ ස්වාමිනි, වේදනාව නිරුධ ව්මෙන් තණ්හාව නිරුධ වෙයි . වේදනාව නිරුධව්මෙන් තණ්හාව නිරුධ වෙයි යයි , මෙසේ අපට මෙහිඅදහස් වේ ´´.

´´ ස්පර්‍ශය නිරුධව්මෙන් වේදනාව නිරුධ වේය´යි මෙසේ මෙය කියන ලදි . ´´ මහණෙනි, ස්පර්‍ශය නිරුධව්මෙන් වේදනාව නිරුධ වේද ? නොවේ ද ? තොපිට කෙසේ හෝ අදහස් වේද ?

´´ ස්වාමිනි, ස්පර්‍ශය නිරුධ ව්මෙන් වේදනාව නිරුධ වෙයි . ස්පර්‍ශය නිරුධව්මෙන් වේදනාව නිරුධ වෙයි යයි , මෙසේ අපට මෙහිඅදහස් වේ ´´.

´´ ෂඩායතන නිරුධව්මෙන් ස්පර්‍ශය නිරුධ වේය´යි මෙසේ මෙය කියන ලදි . ´´ මහණෙනි, ෂඩායතන නිරුධව්මෙන් ස්පර්‍ශය නිරුධ වේද ? නොවේ ද ? තොපිට කෙසේ හෝ අදහස් වේද ?

´´ ස්වාමිනි, ෂඩායතන නිරුධ ව්මෙන් ස්පර්‍ශය නිරුධ වෙයි . ෂඩායතන නිරුධව්මෙන් ස්පර්‍ශය නිරුධ වෙයි යයි , මෙසේ අපට මෙහිඅදහස් වේ ´´.

´´ නාමරූප නිරුධව්මෙන් ෂඩායතනය නිරුධ වේය´යි මෙසේ මෙය කියන ලදි . ´´ මහණෙනි, නාමරැප නිරුධව්මෙන් ෂඩායතනය නිරුධ වේද ? නොවේ ද ? තොපිට කෙසේ හෝ අදහස් වේද ?

´´ ස්වාමිනි, නාමරූප නිරුධ ව්මෙන් ෂඩායතනය නිරුධ වෙයි . නාමරැප නිරුධව්මෙන් ෂඩායතනය නිරුධ වෙයි යයි , මෙසේ අපට මෙහිඅදහස් වේ ´´.

´´ විඤඤාණය නිරුධව්මෙන් භවය නාමරූපය ම නිරුධය වේය´යි මෙසේ මෙය කියන ලදි .´´ මහණෙනි, විඤඤාණය නිරුධව්මෙන් නාමරූපය නිරුධ වේද ? නොවේ ද ? තොපිට කෙසේ හෝ අදහස් වේද ?

´´ ස්වාමිනි, විඤඤාණය නිරුධ ව්මෙන් නාමරූපය නිරුධ වෙයි . විඤඤාණය නිරුධව්මෙන් නාමරූපය නිරුධ වෙයි යයි , මෙිසේ අපට මෙහිඅදහස් වේ ´´.

´´ සංස්කාරයන්ගේ නිරුධව්මෙන් විඤඤාණය නිරුධ වේය´යි මෙසේ මෙය කියන ලදි . ´´ මහණෙනි, සංස්කාරයන්ගේ නිරුධව්මෙන් විඤඤාණය නිරුධ වේද ? නොවේ ද ? තොපිට කෙසේ හෝ අදහස් වේද ?

´´ ස්වාමිනි, සංස්කාරයන්ගේ නිරුධ ව්මෙන් විඤඤාණය නිරුධ වෙයි . සංස්කාරයන්ගේ නිරුධව්මෙන් විඤඤාණය නිරුධ වෙයි යයි , මෙසේ අපට මෙහි අදහස් වේ ´´.

´´ අවිද්‍යාව නිරුධව්මෙන් සංස්කාරයෝ නිරුධ වේය´යි මෙසේ මෙය කියන ලදි . ´´ මහණෙනි, අවිද්‍යාව නිරුධව්මෙන් සංස්කාරයෝ නිරුධ වේද? නොවේ ද ? තොපිට කෙසේ හෝ අදහස් වේද ?

´´ ස්වාමිනි, අවිද්‍යාව නිරුධ ව්මෙන් සංස්කාරයෝ නිරුධ වෙයි . අවිද්‍යාව නිරුධව්මෙන් සංස්කාරයෝ නිරුධ වෙයි යයි , මෙසේ අපට මෙහි අදහස් වේ ´´.

12 .´ මහණෙනි මැනව්, ´ මහණෙනි මෙය වනාහි තොපිද මෙසේ කියන්නාය, මමද එසේ කියන්නෙමි. මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය නොවෙයි. මේ හේතුහුගේ නිරෝධයෙන් මේ ඵලය නිරුද්ධ වේයි. එනම් අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙයි. සංස්කාර නිරුද්ධවීමෙන් නාමරැප නිරුද්ධ වෙයි.

නාමරැප නිරුද්ධවීමෙන් ෂඩායතනය නිරුද්ධ වෙයි . ෂඩායතනය නිරුද්ධවීමෙන් ස්පර්‍ශය නිරුද්ධ වෙයි . ස්පර්‍ශය

නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධ වෙයි. වේදනාව නිරුද්ධවීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධවීමෙන් උපාදානය නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධවීමෙන් ජාතිය නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධවීමෙන් ජරා, මරණ, ශෝක, වැලපීම , දුක් දොම්නස් , දැඩි වෙහෙසය , යන මෙවුහු නිරුධ වෙත්. මෙසේ සියලු දුක් රාශියන්ගේ නිරොධය වෙයි. මහණෙනි ,තෙපි මෙසේ දන්නාහු , ´ අපි අතීතකාලයෙහි වුයෙමුද ? නෙවුයෙමුද ? අතීතකාලයෙහි කවුරුත් වුයෙමුද ? අතීතකාලයෙහි කවුරුන් වීමුදැ ´ යි ( තෘෂ්ණා දෘෂ්ඨි වශයෙන් ) අතීතයට දුවන්නාහුද ? ´´

´´ නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි,තෙපි මෙසේ දන්නාහු , මෙසේ දක්නාහු ,අපි අනාගත කාලයෙහි වන්නෙමු ද ? අනාගත කාලයෙහි නොවන්නෙමු ද ? අනාගත කාලයෙහි කවරෙක් වන්නෙමු ද ? අනාගත කාලයෙහි කෙසේ හෝ වන්නෙමු ද ? අනාගත කාලයෙහි කවුරුන්වී කවුරුන් වන්නෙමු ද ? කියා අනාගත කෙලවරට ( තෘෂ්ණා දෘෂ්ඨි වශයෙන් )

දුවන්නාහුද ?

´´ නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි,තෙපි මෙසේ දන්නාහු , මෙසේ දක්නාහු , මම වෙම් ද ? මම නොවෙම් ද ? කුමක් වෙම් ද ?

කෙසේ් වෙම් ද ? මේ සත්වතෙම කොයින් ආයේ ද ? හෙතෙම කොහි යන්නෙක් වන්නේ දැයි දැන් පවත්නා කාලය

සම්බන්ධයෙන් තමා ගැන කෙසේ කෙසේ දැයි පැවති සැක ඇත්නාහුද ? ´´

´´ නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි,තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු ,´´ අපගේ ශාස්තෘන් වහන්සේ ගරු කටයුත්තෙක,

අපි ශාස්තෘාන් වහන්සේ කෙරෙහි, ගෞරවයෙන් මෙසේ කියමු. යි කියන්නහුද ?..

´´ නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි,තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු ,´´ ශ්‍රමණතෙම අපට මෙසේ කීයේය . ශ්‍රමණ

යන්ගේ වචන යෙන් අපි මෙසේ කියමු. යි කියන්නහුද ?´´

´´ නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි,තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු ,´´ අන්‍ය ශාස්තෘවරයෙකු අදහන්තාහුද ?..

´´ නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි,තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු ,´´ නොයෙක් තීර්ථකයන්ගේ හා බමුණන්ගේ

වත් පිළිවෙත් හා ඇදහීම් සාර වශයෙන් පිළිගන්නා හුද ? ´´

´´ නැත ස්වාමිනි. ´´

´´ මහණෙනි, තෙපි, තමන් ව්සිත් යමක් දැන ගන්නා ලදනම්ි,තමන් ව්සිත් යමක් දක්නා ලද නම් තමන්

ව්සින් යමක් අවබෝධ කරගන්නා ලද නම් තොප කියන්නේ එයම නොවේ ද ? ´´

´´ එසේය ස්වාමිනි. ´´

13 .´ මහණෙනි , යහපත මහණෙනි ,මා ව්සිත් මේ මෙලොවදීම ව්පාක දෙන්නාවූ , කල් තොයවා ව්පාක දෙන්නාවූ ,එව, බලව, යන විධියට සුදුසුවූ ,තමතමන්ගේ සිතට පැමිණවිය යුතූවූ ,නුවණැත්තන් ව්සින් තමතමන්

කෙරෙහිලා දතයුතුවූ ධර්‍මයෙන් තෙපි ( නිර්‍වණයට ) පමුණුවන ලද්දාහ. මහණෙනි මේ ධර්‍මය මෙලොවදීම ව්පාක දෙන සුඑය , එව, බලව යන විධියට සුදුසුය. තමතමන්ගේ සිතට එලවිය යුතූ ගූණයෙන් යුක්තය. නුවණැත්තන් ව්සින් තම තමන් කෙරෙහිලා දතයුතු යැ´යි මෙසේ යමක් කියන ලදද ? එය මේ සඳහා කියන ලදි.

´´ මහණෙනි , කරුණු තුනකගේ එක්වීමෙන් ගර්‍භයාගේ හටගැනීම වෙයි.මේ ලොකයෙහි මව්පිය දෙදෙනා

එක්වූවාහු නමුත් මවුතොමෝත් ඔසප් නොවුවාද , ගඤර්‍වයා ( ගර්‍භයෙහි ඉපදිය යුතු තැනැත්තා ) එළඹ නොසිටි

යේවේද ඒතාක් ගර්‍භය හටගැනීමක් නොවේ . මෙහි, මවුපිය දෙන්නා එක්වූවාහු වෙත්ද , මවුතොමෝත් ඔසප්වූවා වේද, ඉපදිය යුතූ පුත්ගලයා එළඔ තොසිටියේ නම් ඒතාක් ගර්‍භය හටගැණීම නොසිදු වෙයි .

14 .´ මහණෙනි , යම් හෙයකින් මවුපිය දෙදෙන එක්වූවාහුද මව් තොමෝද ඔසප්වූවා වේද, ඉපදිය යුතූ පුත්ගලයාත් එළඔ සිටියේ වේද , මේ කරුණු තූන එක්ව්මෙන් ගර්‍භයාගේ හටගැනීම වෙයි . ´ මහණෙනි , මව් තොම නවමසක් හෝ දසමසක් හෝ මහත්වූ ජීව්ත සැකයෙන් යුක්තව ඒ දරුගැබ වදයි . මවුතොමෝ උපන්නාවූ

මොහු සිය ලෙයින් පොෂ්‍ය කරයි .මහණෙනි , තනකිරිය යි යමක් වේද , එය මේ ශාසන යෙහි ´ ලේ ´ සිය ව්‍යව

හාර වෙයි .

´´ මහණෙනි ,ඒ මේ කූමාරතෙම වැඩීමට පැම්ණ, ඉන්ද්‍රයන්ගේ මේරීමට පැම්ණ ,කුමරුවන්ගේ යම් ක්‍රීඩා

භාණ්ඩයෝ වෙත්ද , එයින් සෙල්ලම් කරයි. එනම් ථ )ගම් දරුවන් සෙල්ලම් කරන´ කුඩා නගුල්ය, ගුඩු ගැසීමය ,රෝද ගැසීමය, කුඩා දුනුවලින් විදීමය ,කුඩා රථ පැදීමය. )යන සෙල්ලම් කරයි´

´´ මහණෙනි ,ඒ මේ කූමාරතෙම වැඩීමට පැම්ණ, ඉන්ද්‍රයන්ගේ මේරීමට පැම්ණ ,පංචකාම සම්පත්තියෙන්

සම්පූරර්‍ණ වූයේ , යුක්තවූයේ ඉන්ද්‍රයන් පිනවයි . ඇසින් බලා දතයුතුවූ , යහපත්වූ , මන වඩන්නාවූ , ප්‍රිය සවභාව ඇති , ආසාව ඇතිකරන්නාවූ , සිත් අලවන්නාවූ , රූපයන්ගෙන්ද ,කණින් අසා දතයුතුවූ , යහපත්වූ , මන වඩන්නාවූ , ප්‍රිය සවභාව ඇති , ආසාව ඇතිකරන්නාවූ , සිත් අලවන්නාවූ ,ශබ්දයන්ගෙන්ද , නාසයෙන් ව්දදතයුතුවූ , යහපත්වූ , මන වඩන්නාවූ , ප්‍රිය සවභාව ඇති , ආසාව ඇතිකරන්නාවූ , සිත් අලවන්නාවූ , ගන්‍දයෙන්ද , දිවෙන් ව්ද දතයුතුවූ , යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය සවභාව ඇති, ආසාව ඇතිකරන්නාවූ , සිත් අලවන්නාවූ රසයෙන්ද , කයින් ව්දතයුතුවූ , යහපත්වූ , මන වඩන්නාවූ , ප්‍රිය සවභාව ඇති , ආසාව ඇතිකරන්නාවූ , සිත් අලවන්නාවූ ස්පර්‍ශයෙන්ද,( පස්කම් සැප විදියි ).

,හෙතෙම ඇසින් රූපය දැක, ප්‍රිය ස්වභාව ඇති රූපයයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති රූපයයෙහි නොසතුටට පැමිණෙයි.ශරීරය පිළිබඳව සිහිය නැතිව අකූසල් සිත් ඇතිව වාසය කරයි. . යම් තැනෙක ඔහුගේ මේ ලාමක අකූසලයෝ ඉතිරි නොවී නැති වෙත්ද, ඒ චෙතො විමුක්තිය හෝ ප්‍රඥා විමුක්තිය හෝ නොදනියි .

,හෙතෙම මෙසේ රාගයට හා ෙවෂයට (තරහවට) පැමිණියේ සැපවූද , දුක්වූද ,උපෙක්‍ෂා සහගතවූද ,යම්කිසි වේදනාවක් විීදීද , හෙතෙම ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතූටු වෙයි.. අනේ සැපයයි කියයි.. එහිම ගිලී සිටියි.. ඒ වේදනාවෙන් සතූටු වන්නාවූ, එය සැපයයි කියන්නාවූ , එහිම ගැලී සිටින්නාවූ,ඔහුට තණ්හාව උපදියි.. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද එය උපාදානයයි.. ඕහට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි.. භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි. . ජාතිය ප්‍රත්‍යයකොට ජරාවය ,මරණය , ශොකය ,වැළපීමය ,කයෙහි දුකය , සිතෙහි දුකය , දැඩි වෙහෙසය යන මොවුහු ඇතිවෙත් . මෙසේ මේ සියලු දුක් රාශිය ඇතිවීම වෙයි.

,කණින් ශබ්දය අසා ප්‍රිය ස්වභාව ඇති ශබ්දයෙහි ඇලෙයි අප්‍රිය ස්වභාව ඇති ශබ්දයෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනෙක ඔහුගේ ලාමකවූ අකුසල ධර්‍මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද,ඒ චිත්ත විමුක්තියද,ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් නොදනී.හෙතෙම මෙසේ රාග,වෙෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද, උපෙක්‍ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් ව්දීද ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි. (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි කියයි) තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේ යයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද එය උපාදානයයි . ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි .භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි . ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය ,ශොකය , වැළපීමය ,කයෙහි දුකය ,සිතෙහි දුකය,දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතවීම වෙයි.

,නාසයෙන් ගන්‍දය ආඝ්‍රාණයකොට ප්‍රිය ස්වභාව ඇති ගන්‍දයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ගන්‍දයෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනෙක ඔහුගේ ලාමකවූ අකසල ධර්‍මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද,ඒ චිත්ත විමුක්තියද,ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් නොදනී.හෙතෙම මෙසේ රාග,වෙෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද, උපෙක්‍ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් ව්දීද ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි. (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි කියයි) තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේ යයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද එය උපාදානයයි . ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි .භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි . ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය ,ශොකය ,වැළපීමය ,කයෙහි දුකය ,සිතෙහි දුකය,දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතවීම වෙයි.

15 ,දිවෙන් රසයවිඳ ප්‍රිය ස්වභාව ඇති රසයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති රසයෙහි නොසතුටට පැමිණෙයි . කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ අකුසල් සිත් ඇතිව වාසය කරයි . යම් තැනෙක ඔහුගේ ලාමක වූ අකුසල ධර්‍මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද ,ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග වෙෂ දෙකට පැමිණියේ සැපවූද , ,දුක්වූද ,උපෙක්‍ෂා සහගතවූද යම් කිසි වේදනාවක් විඳීද ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් සතුටු වෙයි . (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි කියයි) තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවු , මගේ යයි කියන්නාවූ ,ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද එය උපාදානයයි. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ජාතිය වෙයි . ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය ,ශොකය ,වැළපීමය ,කයෙහි දුකය ,සිතෙහි දුකය,දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාශියගේ ඇතිවීම වෙයි.

,කයින් ස්පර්‍ශයක් ස්පර්‍ශකොට ප්‍රිය ස්වභාවය ඇති ස්පර්‍ශයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ස්පර්‍ශයෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්‍මයෝ සම්පූර්‍ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද ,ප්‍රඥා විමුක්තියද, ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග වෙෂ දෙකට පැමිණියේ සැපවූද , දුක්වූද ,උපෙක්‍ෂා සහගතවූද ,යම් කිසි වේදනාවක් විඳීද ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි .(තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි කියයි) තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවු, මගේ යයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ,ඔහුට තෘෂ්ණාව උපදී වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද එය උපාදානයයි .ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි .ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය ,ශොකය ,වැළපීමය ,කයෙහි දුකය ,සිතෙහි දුකය,දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත් . මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතවීම වෙයි.

,සිතින් ධර්‍ම අරමුණු දැන ප්‍රිය ස්වභාව ඇති අරමුණෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති අරමුණෙහි නොසතුටට පැමිණෙයි . කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනෙක ඔහුගේ ලාමකවූ අකුසල ධර්‍මයෝ සම්පූර්‍ණයෙන් විනාශ වෙද්ද,ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග වෙෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද, උපෙක්‍ෂා සහගතවූද, යම් කිසි වේදනාවක් විඳීද ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි. (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි කියයි) තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ මගේ යයි කියන්නාවූ ,ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද එය උපාදානයයි ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි .ජාතිය ප්‍රත්‍යයකොට ජරාව මරණය ශොකය වැළපීමය කයෙහි දුකය සිතෙහි දුකය දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත් මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.

16 ,මහණෙනි , එසේම මේ ලොකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ , විද්‍යාචරණ සම්පන්න වු , යහපත් ගති ඇත්තාවු ,සියලු ලෝකයන් දන්නාවූ ,ශ්‍රේෂ්ඨවු ,හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවු ,දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ ,චතුස්සත්‍ය අවබොධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ .ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ ,මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ ,මහණ බමුණන් සහිතවූ ,දෙව් මිනිසුන් සහිතවූ මේ ලොකය ස්වකීය විශේෂ ඥනයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරයි .ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූද ,මැද යහපත්වූ , අවසානය යහපත්වූද, අත්‍ර්‍ථ සහිතවූ ,දස වැදෑරුම් අක්‍ෂර සම්පත්තියෙන් යුක්තවූ ,සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාව ප්‍රකාශ කරති.

,ඒ ධර්‍මය ගෘහපතියෙක් හෝ , ගෘහපති පුත්‍රයෙක් හෝ, අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද, ඔහු ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රඬාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රඬාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. .ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ , සියලු ආකාරයෙන් පිරිසිදුවූ , ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය . මෙම කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි කියායි..

17. ,ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සමිපත්හැර, ස්වල්පවු හෝ බොහෝවූ හෝ නෑ පිරිස් හැර, කෙස්දැළිරැවුලු කපා දමා, සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම, සස්නෙහි මහණ වන්නේය. එසේ මහණවූ හෙතෙම භික්‍ෂු සීලයෙන් යුක්තවුයේ, ප්‍රාණවධය හැර, ඉන් සමිපූර්‍ණයෙන් වැළකුණේ බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පවි කිරීමෙහි ලඡ්ඡා ඇත්තේ, කරුණාවන්ත වුයේ, සියලු ප්‍රාණින් කෙරෙහි හිත අනුකමිපාව ඇතුව වාසය කෙරේ නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සමිපුර්‍ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවු, පිරිසිදුවූ සිතින් යුක්තව වාසයකෙරේ. අබ්‍රභ්මචය්‍ර්‍යාව හැර උතුමි පැවතුමි ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්‍ගය නමිවු ග්‍රාම ධර්‍මයෙන් වෙන් වූයේ බ්‍රභ්මචාරීවෙි. බොරු කීමෙන් දුරුව, ඉන් සමිපූර්‍ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ, ලෝකයා අතර විරුඬ කථා ඇති නොකෙරේ. පිසුනු බස් හැර, ඉන් සමිපුර්‍ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගලපන්නේ, සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුමි බහුල කොට ඇත්තේ, සමගිකමිහි ඇලුනේ, සමගිකමිහි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ වචන කියන්නේය. ඵරුෂ වචනය හැර ඉන් සමිපූර්‍ණයෙන් වැළකුණේ, යමි වචනයක් නිදොස් වෙිද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේ වෙි. හිස්වු ප්‍රලාප කථා හැර ඉන් සමිපූර්‍ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවු වචනම කියන්නේ, අත්‍ර්‍වයෙන් යුක්තවු, ධර්‍මයෙන් යුක්තවු විනයයෙන් යුක්තවු වචන කියන්නේ, සුදුසු කල්හි. උපමා හා කරුණු සහිතවු, සීමා ඇති, අත්‍ර්‍ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වෙි.

18. ´හෙතෙම තණ. ගස්, වැල්, සිදීමි බිදිමි ආදියෙන් වැළකුණේ වෙයි, එක් වෙිලක් වළඳන්නේ රාත්‍රි භොඡනයන් හා විකාල භොඡනයෙන් වැළකුණේ වෙයි. නැටීමි, ගී කීමි, බෙර ආදිය වැයීමි, විසුලු දැකීමි යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලඞකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රින් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළිකුණේ වෙයි. අමු ධාන්‍ය වර්‍ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන්, තරුණියන් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් තොර වූයේවෙයි, එඑවන් බැටලුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන් ගවයින්, අසුන්, වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහින්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණිම මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරිම, මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්වා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගමි නියමි ගමි ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.

19. ´´හෙතෙමෙි යමිතමි කය වැසීමට තරමිවූ සිවුරෙන්ද,යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේ වෙි. ඔහු යමි යමි තැනකට යේ නමි ඒ ඒ තැනට එය ගෙන යන්නේ වෙයි. යමියේ පක්‍ෂියෙක් යමි තැනකට පියාඹා යේ නමි ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියඹා යේද, එපරිද්දෙන්ම භික්‍ෂු තෙමෙිද ශරීරිය වැසීමට ප්‍රමාණවු සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේවෙි. ඔහු යමි තැනකට යා නමි ඒ ඒ තැන එය රැගෙණම යයි. හෙතෙමෙි මෙි උතුමි සීලයෙන් යුක්තවුයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.

´´ හෙතෙමෙි, ඇසින් රූපයක් දැක. එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක් වන සේ සීතට නොගනි. යමක් හේතුකොටගෙන ලොභ, ෙවෂ අකුශල ධර්‍මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්‍ෂු ඉන්‍ද්‍රියය රකී, චක්‍ෂු ඉන්ද්‍රියයෙහි සංචරයට පැමිණේ.

´ කණින් ශබිදයක් අසා එය නිමිති වශයෙන් නොගනි. නැවත නැවත මතක්වනසේ නොගනී යමක් හේතුකොටගෙන ශ්‍රොතෙන්ද්‍රිය(කන්) අසංවරව වසන්නහුට ලොභ ෙවෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ ශ්‍රොත ඉන්ද්‍රියයෙහි සංචරය පිණිස පිළිපදියි. ශ්‍රොත ඉන්ද්‍රියය රකී. ශ්‍රොත ඉන්ද්‍රියයෙහි සංචරයට පැමිණෙයි.

´ නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හෙතුකොටගෙන ඝ්‍රානෙන්ද්‍රියය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලොභ ෙවෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝානෙන්ද්‍රියය රකියි. ඝානෙන්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසයක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක් වනසේ සිතට නොගනී. යමක් හේතුකොටගෙන ඡිවිහේන්ද්‍රියය සංචර නොකොට වාසය කරන්නාහට ලොභ ෙවෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි. ඡිවිහේන්ද්‍රියය (දිව) ආරක්‍ෂා කරයි. ඡිවිහේන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

´ කයින් පහසක් ස්පර්‍ශකොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතු කොට කායෙන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නහුට ලොභ ෙවෂ අකුසල ධර්‍මයෝ උපදිත් ද, ඒ කායෙන්‍ද්‍රියය සංවරය පිණිස පිළිපදියි. කායෙන්‍ද්‍රියය ආරක්‍ෂාකරයි. කායෙන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්‍මාරමිමණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක්වනසේ සිතට නොගනී. යමි හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලොභ ෙවෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ මනීන්‍ද්‍රියය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රියය රකී. මනීන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙමෙි මෙි උතුමි ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.

20.´´ හෙතෙමෙි ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලී මෙහිද නුවණින් යුක්තවුයේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවූරු සහ පාත්‍රා, සිවිරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි.

අනුභව කිරීමය. පානය කිරීමය. රස විදීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑමි, සිටීමි,හිඳීමි, සැතපීමි, නිදි තොර කිරීමි, කථාකිරීමි, නිශ්ශබිද වීමි යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.

´ උතුමිවූ මේ සීලසමුහයෙන් යුක්තවුද, උතුමිවූ මෙි ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවුද, මෙි උතුමිවු සතිසමිපඡඤඤ යෙන් යුක්තවු ද, ඒ භික්‍ෂු තෙමෙි කැලයද, ගහක් මුලද, පර්‍වතද, කඳුරැලිද, ගල් ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද, හිස් තැන්ද, පිදුරු ගොඩවල්ද යන මෙි විවෙික සෙනාසන භඡනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණඩපාත ආහාරයෙන් වැළකුණේ, පය්‍ර්‍යඞක බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.

21. ´´ ඹහු ස්කන්‍ඩ ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරුවු සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි භිතානුකමිපා ඇතිව වාසය කරයි. ක්‍රොධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලොක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ර්‍ථනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධචිචකුක්කුචිචයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ, කුශල ධර්‍ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිචිඡාවෙන් සිත පිරිසිදු කෙරේ.

´ හෙතෙම සිත කිලුටු කරන්නාවු, ප්‍රඥාව දුර්‍වල කරන්නාවූ මෙි පංචනීවරණයන් දුරුකොට,කාමයන් ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවු විචාර සහිතවූ විවෙිකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳිමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්‍ක රහිතවූ විචාර රහිතවු සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.

´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආය්‍ර්‍යයෝ යමි ඒ ධ්‍යානයක් උපෙක්‍ෂා ඇති සිහි ඇති, සැප විහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.

´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සැපය දුරු කිරීමෙන් ද, දුක දුරු කිරීමෙන්ද, ( ධ්‍යානය ලැබීමට ) පළමුව සොමිනස් දොමිනස් දෙදෙනාගේ නැසීමෙන්, දුක්ද නොවු, සැපද නොවු, උපෙක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,

22.´ හෙතෙම ඇසින් රූපය දැක, ප්‍රිය ස්වභාව ඇති රුප අරමුණෙහි නොඇලෙහි, අප්‍රිය ස්වභාව ඇති රූපයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යමිතැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්‍මයෝ සර්‍මපූර්‍ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්තවිමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ෙවෂ දෙකට නො පැමිණියේ, සැපවුද, දුක්වූද, උපෙක්‍ෂා සහගතවුද, යමිකිසි වෙදනාවක් විඳීද, ඒ වෙදනාව තෘෂ්ණ වශයෙන් ගෙන සතුටු නොවෙයි: සැපයයි නොකියයි. ( තෘෂ්ණාවෙන් ) ගැලී නොසිටියි. ඒ වෙදනාවෙන් සතුටු නොවන්නාවු, ( මගේයයි ) නොකියන්නාවූ ඹහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුඬවීමෙන් ( නැතිවීම ) උපාදාන නිරොධය වෙයි. උපාදානයන්ගේ නිරුඬ වීමෙන් භවය නිරුඬ වෙයි. භවය නිරුඬවීමෙන් ඡාතිය (උත්පත්තිය ) නිරුද්ධ වෙයි. ඡාතිය නිරුද්ධ වීමෙන් ඡරා, මරණ, සොක, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ ( නැති ) වෙත්. මෙසේ මෙි සියලු දුක් රාසිය නැති වීම වෙයි.

´ හෙතෙම කණින් ශබිදය අසා,ප්‍රිය ස්වභාව ඇති ශබිද යෙහි නොසතුටට නොපැමිණෙයි. අප්‍රිය ස්වභාව ඇති ශබිදයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යමි තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්‍මයෝ සමිපූර්‍ණයෙන් වීනාශ වෙද්ද, ඒ චිත්තවිමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ෙවෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්‍ෂා සහගතවූද යමි කිසි වෙදනාවක් විඳීද,ඒ වෙදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි, සැපයයි නොකියයි. ( තෘෂ්ණාවෙන් ) ගැලි නොසිටියි. ඒ වෙදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නුපදි. ඒ තෘෂ්ණාවගේ නිරුඬ විමෙන් ( නැතිවීම ) උපාදාන නිරොධය වෙයි. උපාදානයන්ගෙ නිරුඬ වීමෙන් භවය නිරුඬ වෙි. භවය නිරුඬ වීමෙන් ඡාතිය ( උත්පත්ති ) නිරුඬ වෙයි. ඡාතිය නිරුඬ විමෙන් ඡාරා, මරණ, සොක, වැළපිම, කයෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහූ නිරුඬ (නැති) වෙත්. මෙසේ මෙි සියලු දුක් රාසිය නැති විම වෙයි.

´´ තෙතෙම නාසයෙන් ගන්‍ධය විඳ, ප්‍රිය ස්වභාව ඇති ගන්‍ධයෙහි නො ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ගන්‍ධයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යමි තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්‍මයෝ සමිපුර්‍ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්තවිමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ෙවෂ දෙකට නොපැමිණීයේ, සැපවූද, දුක් වුද. උපෙක්‍ෂා සහගත වූද යමි කිසි වෙිදනාවක් විඳීද, ඒ වෙදනාව තෘෂ්ණ වශයෙන් ගෙන සතුටු නොවෙයි. සැපයයි නොකියයි. ( තෘෂ්ණාවෙන් ) ගැලි නොසිටියි. ඒ වෙදනාවෙන් සතුටු නොවන්නාවු, ( මගේ යයි ) නොකියන්නාවු ඹහුට තෘෂ්ණාව නුපදී. ඒ තෘෂ්ණාවගේ නිරුඬ විමෙන් ( නැතිවීම ) උපාදාන නිරොධය වෙයි. උපාදානයන්ගේ නිරුඬ විමෙන් භවය නිරුඬවෙයි. භවය නිරුඬවිමෙන් ඡාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ඡාතිය නිරුඬ විමෙන් ඡරා, මරණ, සොක, වැළපිම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවූහු නිරුද්ධ ( නැති ) වෙත්. මෙසේ මෙි සියලු දුක් රාසිය නැති විම වෙයි.

23. ´´ හෙතෙම දිවෙන් රසය විඳ, ප්‍රිය ස්වභාව ඇති රසයෙහි නොඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති රසයෙහි නොසතුටට නොපැමිණෙයි. ශාරීරය පිළිබදව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යමි තැනක ඹහුගේ ලාමකවූ අකුසල ධර්‍මයෝ සමිපුර්‍ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනි. හෙතෙම මෙසේ රාග ෙවෂ දෙකට නොපැමිණියේ, සැපවුද දුක් වූද උපෙක්‍ෂා සහගත වූද යමි කිසි වෙිදනාවක් වීදීද, ඒ වෙදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි. සැපයයි නොකියයි, ( තෘෂ්ණාවෙන් ) ගැලි නොසිටියි. ඒ වෙිදනාවෙන් සතුටු නොවන්නාවූ, ( මගේයයි ) නොකියන්නාවූ ඹහුට තෘෂ්ණාව නුපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ විමෙන් ( නැතිවිම ) උපාදාන නිරොධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ විමෙන් භවය නිරුඬ වෙයි. භවය නිරුද්ධවිමෙන් ඡාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ඡාතිය නිරුද්ධවිමෙන් ඡාරා. මරණ, සොක, වැළපිම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවූහු නිරුද්ධ ( නැති ) වෙත්. මෙසේ මෙි සියලු දුක් රාසිය නැති විම වෙයි.

24. ´´ හෙතෙම කයින් ස්පර්‍ශයක් විඳ, ප්‍රිය ස්වභාව ඇති ස්පර්‍ශයෙහි නොඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ස්පර්‍ශයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යමි තැනක ඹහුගේ ලාමකවූ අකුසල ධර්‍මයෝ සමිපුර්‍ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ෙවෂ දෙකට නොපැමිණියේ, සැපවුද, දුක්වූද, උපෙක්‍ෂා සහගතවූද, යමි කිසි වෙදනාවක් විඳීද, ඒ වෙදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි. සැපයයි නොකියයි, ( තෘෂ්ණාවෙන් ) ගැලි නොසිටියි. ඒ වෙිදනාවෙන් සතුටු නොවන්නාවු, ( මගේයයි ) නොකියන්නාවූ ඹහුට තෘෂ්ණාව නූඋපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධවීමෙන් ( නැතිවීම ) උපාදාන නිරොධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ඡාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ඡාතිය නිරුද්ධ වීමෙන් ඡරා, මරණ, සොක, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ ( නැති ) වෙත්. මෙසේ මෙි සියලු දුක් රාසිය නැති වීම වෙයි.

´´හෙතෙම සිතින් ධර්‍ම අරමුණක් විඳ ප්‍රිය ස්වභාව ඇති ධර්‍මයෙහි නොඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ධර්‍මයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යමි තැනක ඔහුගේ ලාර්‍මකවූ අකුසල ධර්‍මයෝ සර්‍මපූර්‍ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග චෙෂ දෙකට නොපැමිණියේ, සැපවුද, දුක්වුද, උපෙක්‍ෂා සහාගතවුද යමි කිසි වෙිදනාවක් විදීද. ඒ වෙදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි, සැපයයි නොකියයි. ( තෘෂ්ණාවෙන් ) ගැලි නොසිටියි. ඒ වෙිදනාවෙන් සතුටු නොවන්නාවු, ( මගේයයි ) නොකියන්නාවු ඔහුට තෘෂ්ණාව නුපදි. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ විමෙන් ( නැතිවිම ) උපාදාන නිරොධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ විමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ඡාති ( උත්පත්තිය ) නිරුද්ධ වෙයි. ඡාතිය නිරුද්ධ වීමෙන් ඡරා, මරණ, සොක, වැළපීමි, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ ( නැති ) වෙත්. මෙසේ මෙි සියලු දුක් රාසිය නැතිවීම වෙයි.

´´ මහණෙනි, තොපි මා විසින් සංක්‍ෂෙපයෙන් දෙශනා කරනලද තෘෂ්ණාක්‍ෂයවිමුක්ති ධර්‍මය නිතර දරවි, කෙවටිට පුත්‍ර වූ සාති භික්‍ෂුව මහත් තෘෂ්ණා නැමැති දැලෙහි තෘෂ්ණා නැමැති අවුලෙහි ගැඵණේකු කොට සලකවි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වඳාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටු වූහ.

අටවෙනිවු මහා තණ්හා සංඛය සුත්‍රය නිමි. ( 4 – 8 )

37. චුල තණ්හා සංඛය සුත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පුර්‍වාරාම නමිවු මිගාර මාතු ප්‍රාසාදයෙහි වාසයකරති. එකල්හි සක්දෙවි රජතෙම භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවු සක්දෙවි රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවෙිය. ,සවාමීනි‚ භික්‍ෂුවක් කොතෙක් කරුණු වලින් නිවන් අරමුණුකොට කෙලෙස්වලින් මිදුණු .ඉපදීමි මැරීමි දෙක නිමකළ. ඒකානතයෙන් කෙලෙස් බැමිවලින් මිදුණු නිත්‍ය බ්‍රහ්මචරියා ඇති‚ ඒකානත කෙළවර ඇති දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයෙක් වන ප්‍රතිපද්‍රව කොටින් කුමක්දෑයි ඇසීය.

,දෙවෙන්‍ද්‍රය‚ මේ ශාසනයෙහි මහණහු විසින් (පංචස්කන්‍ධ ද්‍රෙළොස්ආයතන‚ අටලොස්ධාතු යන) සියලු ධර්‍මයෝ (තෘෂ්ණා ද්‍රෘෂ්ටි දෙකින් ) .මමය මගේය.යි අල්වාගැනිමට සුදුසු නොවෙි යයි අසන ලද්දේ වේද‚ දෙවෙන්‍ද්‍රය ‚එසේ භික්‍ෂුව විසින් සියලු ධර්‍මයෝ .මමය මාගේය.යි ගැනීමට සුදුසු නොවේයයි අසන ලද්දේ නමි‚ හෙතෙම සියලු ධර්‍මයන් ස්කන්‍ධ ධාතු ආදි වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්‍මර්‍යන් අනිත්‍ය දුකඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්‍මයන් පිරිසිඳ දැන සැප වු හෝ දුක් වු හෝ‚ දුක්ද නොවු සැපද නොවු හෝ වෙදනාවක් විඳියිද‚ ඒ වෙදනා කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විරාගය අනුව බලමින් වාසය කරයි. නිරොධය අනුව බලමින් වාසය කරයි.

දුරලිම අනුව බලමින් වාසය කරයි. හෙතෙම ඒ වේදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ විරාගය අනුව බලමින් වාසය කරන්නේ‚ නිරොධය අනුව බලමින් වාසය කරන්නේ‚ නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ලෝකයේ කිසියමි සංස්කාරයක් ( තෘෂ්ණා ද්‍රෘෂ්ටි වශයෙන් ) නොගනියි. (තෘෂ්ණා ද්‍රෘෂ්ටි වශයෙන් ) නොගන්නේ තැති නොගනියි‚ තැති නොගන්නේ මේ ආත්මයෙදීම ක්ලෙශ පරිනිර්‍වාණය කරයි. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුතු කරනලදී. මින්පසු තවත් කළයුත්තක් නැත්තේයයි දනියි.

,දෙවෙන්‍ද්‍රය මෙපමණකින් මහණතෙම කොටින් නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුණ‚ ඉපදීමි මැරීමි දෙක නිමකළ‚ කෙලෙස් බැමිවලින් මිදුණ ඒකානත බ්‍රහ්මචරියාව‚ ඇති ඒකානත කෙළවර ඇති‚ දෙවි මිනිසුන්ට ශ්‍රෙශටයෙක් වන්නේය.යි‚(වද්‍රළේය)

2. ඉක්බිති සක්දෙවි රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුවී අනුමෝදන්ව බුදුන් වැඳ පැදකුණු කොට එහිම අතුරුදන්විය. එකල්හි මහා මෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි හුන්හ. ඉක්බිති මහා මෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේට මෙි සිත පහළ විය .කිමෙක්ද සක්දෙවි තෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව දැන සතුටුවීද‚ නොහොත් එසේ නොවීද‚ යමි හෙයකින් මෙි දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචන දැන සතුටුවීද‚ නැතහොත් එසේ නොවීදැයි‚ දැනගන්නෙමි නමි යහපති.

(කියායි)

ඉක්බිති මහාමෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේ යමිසේ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත දික් කරන්නේද‚ දික්කළ අත හකුලන්නේද‚ එමෙන් ඇසිලලකින් පුර්‍වාරාමනමිවු මිගාරමාතු ප්‍රාසාදයෙහි අතුරුදන්වුයේ තවිතිසා දෙවිලොවෙහි පහළවුහ.

එකල්හි සක්දෙවි රජතෙම එකපුණඩරීක නමි උයනෙහි දිව්‍යමයවු තුය්‍ර්‍යභාණ්ඩ පන්සියයකින් පිරිවරන ලදුව ඒ (නැටුමි ගැයුමි වැයුමි) රස විඳිමින් සිටියේය. සක්දෙවි රජ තෙම එන්නාවු මහාමෞද්ගල්ල්‍යායන සථවිරයන් වහන්සේ දුරදීම දැක‚ ඒ තුය්‍ර්‍ය වාදන පන්සියය නවත්වා ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියේය. පැමිණ මහා මෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේට මෙසේ කීය. ,නිදුක්වු මෞද්ගල්‍යායනයන් වහන්ස‚ මෙහි වඩිනු වැනවි‚ නිදුක්වු මෞද්ගල්‍යායනයන් වහන්ස සුබ ගමනක් වෙිවා! නිදුක්වු මෞද්ගලල්‍යායන සථවිරයන් වහන්ස‚ බොහෝ කලකින් මෙහි වැඩියහ. පින්වත් මෞද්ගල්ල්‍යායන සථවිරයන් වහන්ස‚ පනවා තිබෙන මෙි අසුනෙහි වැඩ හිඳිනු මැනවි,. මහා මෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහුන්හ. ශක්‍රදෙවෙන්‍ද්‍ර තෙමෙිද‚ එක්තරා මිටි ආසනයක් ගෙන එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවු ශක්‍රදෙවෙින්‍ද්‍රයාට මහාමෞද්ගල්ල්‍යායන සථවිරයන් වහන්සේ මෙසේ කීහ.

3. ,කොසියයෙනි‚ (ශක්‍රයාට නමකි) භාග්‍යවතුන් වහන්සේ තොපට තෘෂ්ණා විමුක්තිය වද්‍රළේ කෙසේද? අපිද ඒ කථාව ඇසීමට කොටස්කාරයෝ වෙමු නමි හොඳය, (කියාය) ,මෞද්ගල්‍යායනයන් වහන්ස‚ අපි බොහෝ කටයුතු ඇත්තමිහ. වැඩ බහුලයමිහ. සවලපවු සවකීය කටයුතුවලින්ද‚ තවිතිසා වැසි දෙවියන්ගේ බොහෝ කටයුතුවලින්ද වැඩ බහුලය. එහෙයින් මෞද්ගල්‍යායනයන් වහන්ස‚ අප විසින් යමක් මනාව අසන ලද්දේද‚ මනාව ඉගෙන ගන්නා ලද්දේද‚ මනාව හිත තබා ගන්නා ලද්දේද‚ මනාව දරණ ලද්දේද‚ එය වහාම මතක නැතිවීයයි. මෞද්ගල්‍යායනයන් වහන්ස‚ පෙරවුවක් කියමි. දෙවියන් හා අසුරයන් අතර යුඬයක් විය. මෞද්ගල්‍යායනයන්වහන්ස‚ ඒ යුඬයෙන් දෙවියෝ දිනුහ. අසුරයෝ පැරදුනාහ. පින්වත් මෞද්ගල්‍යායනයන් වහන්ස‚ ඒ මම වනාහි ඒ යුඬය දිනා හැරී අවුත් වෛජයනත නමි ප්‍රාසාදයක් මැවීමි. මෞද්ගල්‍යායනයන් වහන්ස‚ ඒ විජයොත්පායෙහි ද්‍රෙරටුවෙහි කුළුගෙවල් සත් සියයෙකි. එක එක කුළුගෙයි දිව්‍යප්සරාවෝ සත් සත් දෙනෙක් වෙත්. එක එක දිව්‍යප්සරාවට පිරිවර සත්‍රීහු සත් සත් දෙන වෙති. මෞද්ගල්‍යායනයන් වහන්ස‚ ඹබවහන්සේ වෛජයනත ප්‍රාසාදයෙහි රමණීය භාවය දකින්නට සතුටුද?. මහා මෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේ එය නිශ්ශබදව ඉවසුහ.

ඉක්බිති සක්දෙවි රජද‚ වෙසවුණු මහරජද මහ මුගලන් තෙරුන්වහන්සේ පෙරටුකොට ගෙන විජයොත් පහය යමි තැනක්හිද එතැනට ගියහ. සක්දෙවිඳුගේ පාදපරිචාරිකා සත්‍රීහු දුරින්ම එන්නාවු මහා මෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේ දුටුවාහුමය‚ දැක බිය වෙමින්ද‚ ලජජා වෙමින්ද තම තමන්ගේ කාමරවලට වැදුණාහුය. යමිසේ නමි ලේලිය මාමා දැක බියවෙිද‚ ලජජා වෙිද‚ එපරිද්දෙන්ම සක්දෙවිඳුගේ පාදපරිචාරිකා සත්‍රීහු දුරින්ම එන්නාවු මහා මෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේ දැක බිය වෙමින්ද‚ ලජ්ජා වෙමින්ද තම තමන්ගේ කාමර වලට වැදුණාහුය.

ඉක්බිති සක්දෙවිරජද වෙසවුණු රජද මහ මුගලන් තෙරුන් වහන්සේ විජයොත් පහයෙහි සක්මන් කරවත්‚ හසුරුවත්‚ ,මෞද්ගල්‍යානයන් වහන්ස‚ විජයොත් පහයෙහි මෙි රමණිය බවද බලනු මැනව. මෞද්ගල්‍යායනයන් වහන්ස‚ වෛජයනත ප්‍රාසාදයෙහි මෙි රමණීය බවද බලනු මැනව,යි කියමින් ප්‍රාසාදය පෙන්වති. පෙර කළ පින් ඇත්තෙකුට යමිසේ නමි‚ එසේම මෙය ආයුෂ්මත් කොසියයන්හට හොබනේය. කිසියමි රමණීය බවක් දක්නාවු මනුෂ්‍යයෝද‚ මෙසේ කියති. තවිතිසා දෙවිලොව වැසි දෙවියන්ට සුදුසුය. (යනුවෙනි) පෙර කළ පින් ඇත්තෙකුට යමිසේනමි එසේම මෙය ආයුෂ්මත් කොසියන්හට සුදුසුයයි (මුගලන් තෙරුන් වහන්සේ කීහ)

4. ඉක්බිති මහ මුගලන් තෙරුන්වහන්සේට මෙි අදහස විය. ,මෙි දෙවිතෙම ඉතා දැඩිසේ ප්‍රමාදව වෙසෙයි. මම යමිහෙයකින් මෙි දෙවියා සංවෙිගයට පමුණුවන්නෙමි නමි ඉතා යෙහෙක,(කියායි.) ඉක්බිති මහ මුගලන් තෙරණුවෝ යමිසේ විජයොත්පහය පය මාපටැඟිල්ලෙන් ගැසීමෙන් කමිපා වෙිද‚ වෙවුලායාද‚ බෙඳු සෘඬියක් කළහ.

ඉක්බිති සක්දෙවිරජුද‚ වෙසෙවුණු රජුද තවිතිසා වැසි දෙවියෝද‚ ආශ්චය්‍ර්‍ය අද්භුත සිත් ඇත්තෝ වුහ. ,යමෙක් වනාහි මෙි දිව්‍ය භවනය‚ පය මාපටැගිල්ලෙන් කමිපා කෙළේද‚ විශෙෂයෙන් කමිපා කළේද‚ සෙලවුයේද‚ පින්වත්නි‚ ඒකානතයෙන් ඒ ශ්‍රමණයාගේ මහත් සෘඬි ඇති බව‚ මහත් අනුභාව ඇතිබව ආශ්චය්‍ර්‍යයි, (කියාය.)

ඉක්බිති මහ මුගලන් සථවිරයන් වහන්සේ‚ සංවෙගයට පැමිණි‚ ලොමු ඩැහැගත් බවට පැමිණි සක්දෙවිරජු දැන ඹහුට මෙසේ කීහ. ,කොසියයෙනි‚ භාග්‍යවතුන් වහන්සේ තොපට තෘෂ්ණා විමුක්ත්ය වද්‍රළේ කෙසේද? අපිද ඒ කථාව ඇසිමට කොටස් කාරයෝ වෙමුනමි මැනවි., (කියායි) ,නිදුක්වු මෞද්ගල්‍යායනයන් වහන්ස‚ මම භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක උන්නෙමි. එක පැත්තක උන්නාවු මම භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීවෙමි. .සවාමීනි කොපමණකින් මහණ තෙම කොටින් තණ්හාවෙන් මිදුනු සිත් ඇත්තේ ඒකානත අවශානය ඇත්තේ‚ ඒකානතයෙන් කෙලෙස් බැමිවලින් මිදුනේ‚ ඒකානත බ්‍රහමචරියා ඇත්තේ‚ ඒකානත කෙළවර ඇත්තේ දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨ වේදැ.යි (කියාය) නිදුක්වු මෞද්ගල්‍යායනයන් වහන්ස මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වද්‍රළෝය. දෙවෙන්ද්‍රය. මේ ශාසනයෙහි මහණහු විසින් ( පංචස්කන්‍ධ‚ ද්‍රෙළොස් ආයතන‚අටලොස් ධාතු යන) සියලු ධර්‍මයෝ ( තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) .මමය මාගේය.යි ගැනීමට සුදුසු නොවෙිය‚යි භික්‍ෂුව විසින් අසන ලද්දේ නමි‚ හෙතෙම සියලු ධර්‍මයන් ස්කන්‍ධ ධාතු ආදි වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්‍මයන් පිරිසිඳ දැන සැප වු හෝ දුක් වු හෝ දුක්ද‚ නොවු සැපද නොවු හෝ වෙදනාවක් විඳියිද‚ ඒ වෙදනා කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විරාගය අනුව බලමින් වාසය කරයි. නිරොධය අනුව බලමින් වාසය කරයි. දුරලීම අනුව බලමින් වාසය කරයි. හෙතෙම ඒ වෙදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ‚ විරාගය අනුව බලමින් වාසය කරන්නේ නිරොධය අනුව බලමින් වාසය කරන්නේ‚ නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ලෝකයේ කිසියමි සංස්කාරයක් (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගනියි. (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගන්නේ තැති නොගනියි‚ තැති නොගන්නේ මෙි ආත්මයේදීම ක්ලෙශ පරිනිර්‍වාණය කරයි. ජාතිය ක්‍ෂය විය. බ්‍රහමචරියාව වැස නිමවන ලදී. කටයුතතකරන ලදී. තවත් කළයුත්තක් මින්පසු නැත්තේයයි දනියි.

,දෙවෙන්ද්‍රය මෙපමණකින් මහණතෙම කොටින් නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුණ‚ ඉපදීමි මැරීමි දෙක නිමකළ‚ කෙලෙස් බැමිවලින් මිදුණ ඒකානත බ්‍රහ්මචරියාව ඇති ඒකානත කෙළවර ඇති දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයෙක් වන්නේය.යි (වද්‍රළේය.)

,නිදුක් මෞද්ගල්‍යායනයන් වහන්ස‚ මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂෙපයෙන් තෘෂ්ණා විමුක්තිය වද්‍රළෝය.,

5. එවිට මහමුගලන් සථවිරයන් වහන්සේ ශක්‍රදෙවෙන්‍ද්‍රයාගේ වචනයට සතුටුව‚ අනුමෝදන්ව‚යමිසේ ශක්තිමත් පුරුෂයෙක් නැමු අතක් දිග හරින්නේද‚ දිග හැරිය අතක් නමන්නේ්ද‚ එපරිද්දෙන්ම තවිතිසා දිව්‍ය ලොකයෙහි අතුරු දන්වුයේ පුර්‍වාරාම නමිවු විගාරමාතු ප්‍රාසාදයෙහි පහළවුහ. ඉක්බිති සක්දෙවිදුගේ පරිචාරිකා සත්‍රීහු මහ මුගලන් තෙරුන් වහන්සේ බැහැර ගිය නොබෝ වෙිලාවකින් සක්දෙවිඳුට මෙසේ කීවාහ. ,නිදුකාණෙනි‚ ඹබගේ

ශාසතෘවු ඒ භාග්‍යවතුන් වහන්සේ මුන්වහන්සේදැ,යි( කියාය.) ,නිදුකාණෙනි‚ මෙතෙම මාගේ ශාසතෘන් වහන්සේ නොවෙයි. මාගේ සබ්‍රමි සරුවු ( යහළුවු) මහ මුගලන් තෙරණුවෝය,යි

(සක්දෙවිරජ කීය) ,නිදුකාණෙනි‚ යමිබදු ඹබගේ සබ්‍රහම චාරිතෙම මෙසේ මහත් සෘඬි ඇත්තේද‚ මහත් අනුභාව ඇත්තේද‚ ඒ ඹබට මහත් ලාභයකි. ඹබගේ ශාසතෘවු යමි ඒ භාග්‍යවත් කෙනෙක් වෙිද‚ උන්වහන්සේගේ සෘඞ්‍යනුභාවය එකානතයෙන් මහත් විය යුතුමය.,

ඉන්පසු ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියහ. පැමිණ‚ භාග්‍යවතුන් වහන්සේ වැඳ‚ එක පැත්තක උන්හ.

එකපැත්තක උන්නාවු මහාමෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

,සවාමීනි‚ භාග්‍යවතුන් වහන්සේ ලොකයෙහි ප්‍රසිඬ වුවන් අතුරෙන් කෙනෙක්වු මහෙශාක්‍යවු දෙවියෙකුට තෘෂ්ණා විමුක්තිය වද්‍රළබව දැන වද්‍රරන්නේද? ,මෞද්ගල්‍යායනය‚ මම එය දෙශනා කළ බව දනිමි. සක්දෙවි රජතෙම‚ මම යමි තැනකද එතැනට පැමිණියේය. පැමිණ‚ මට හොඳින් වැඳ‚ එක පැත්තක උන්නේය. එකපැත්තක උන්නාවු ශක්‍ර දෙවෙන්ද්‍රතෙම මට මෙසේ කීවෙිය. සවාමීනි‚ කොපමණකින් මහණතෙම නිවන් අරමුණුකොට කෙලෙස් බැමිවලින් මිදුනු සිත් ඇත්තේ එකානත අවශානය ඇත්තේ‚ එකානතයෙන් කෙලෙස් බැමිවලින් මිදුනේ‚ එකානත බ්‍රහමචරියා ඇත්තේ‚ එකාන්ත කෙළවර ඇත්තේ දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨ වේදැ.යි (කියායි.) මෞද්ගල්‍යායනය‚ මෙසේ ඇසු කල්හි ශක්‍රදෙවෙන්ද්‍රයාට මම මෙසේ කීවෙමි.

6. ,දෙවෙන්ද්‍රය‚ මෙි ශාසනයෙහි මහණහු විසින් පංචස්කන්‍ධ‚ (ද්‍රෙළොස් ආයතන‚ අටලොස් ධාතු යන) සියලු ධර්‍මයෝ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ) .මමය මාගේය.යි අල්වා ගැනීමට සුදුසු නොවෙි යයි අසන ලද්දේ වෙිද‚ දෙවෙන්ද්‍රය මෙසේ සියලු ධර්‍මයෝ .මමය මාගේය.යි ගැනීමට සුදුසු නොවෙියයි භික්‍ෂුව විසින් අසනලද්දේ නමි‚ හෙතෙම සියලු ධර්‍මයන් ස්කන්‍ධ ධාතු ආදි වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්‍මයන් අනිත්‍ය දුකඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්‍මයන් පිරිසිඳ දැන සැප වු හෝ‚ දුක් වු හෝ‚ දුක්ද නොවු සැපද නොවු හෝ

වෙදනාවක් විඳියිද‚ ඒ වෙදනාව අනුව බලමින් වාසය කරයි. නිරොධය අනුව බලමින් වාසය කරයි‚ දුරලීම අනුව බලමින් වාසය කරයි. හෙතෙම ඒ වෙදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ විරාගය අනුව බලමින් වාසය කරන්නේ‚ නිරොධය අනුව බලමින් වාසය කරන්නේ‚ නෙඇලීම අනුව බලමින් වාසය කරන්නේ ලෝකයේ කිසියමි සංස්කාරයක් (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගනියි. (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගන්නේ තැති නොගනියි‚ තැති නොගන්නේ මෙි ආත්මයේදීම ක්ලෙශ පරිනිර්‍වාණය කරයි‚ ජාතිය ක්‍ෂය විය.

බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුතත කරනලදී. තවත් කළයුත්තක් මින්පසු නැත්තේයයි දනියි.

,මෞද්ගල්‍යායනය‚ මෙසේ තෘෂ්ණා විමුක්තිය ශක්‍ර දෙවෙන්ද්‍රයාට කී බව දනිමි,

භාග්‍යවතුන් වහන්සේ මෙය වද්‍රළහ. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

හත්වෙනිවු චුල කණහාසංඛය සුත්‍රය නිමි. ( 4-7 )

36 . මහා සච්චක සූත්‍රය.

1 . මා විසින් මෙසේ අසන ලදී . එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහා වනයෙහි කූටාගාරශාලාවෙහි වැඩවාසය කරති . එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි පා සිවුරු ගෙන විසාලාමහනුවරට පිඩු පිණිස වඩිනු කැමතිව මනාව හැඳ පෙරව වැඩ සිටියහ . එවිට සච්චක නිගණ්ඨපුත්‍ර තෙමේ පයින් සක්මන් කිරීම සඳහා ඇවිදින අතර මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද එහි පැමිණියේය . ආයුෂ්මත් ආනන්‍ද ස්ථවීරයන් වහන්සේ එන්නාවු සච්චක නිගණ්ඨපුත්‍රයා දුරදීම දුටහ .දැක භාග්‍යවතුන් වහන්සේට, , ස්වාමීනි කථාවෙහි දක්ෂවූ තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝ දෙනා විසින් සම්මාන කරන ලද්දාවූ මේ සච්චක නිගණ්ඨපුත්‍ර තෙම එන්නේය . ස්වාමීනි, මෙතෙම වනාහී බුදුන්ගේ අගුණ කියනු කැමැත්තේය . සංඝයාගේ අගුණ කියනු කැමැත්තේය ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා මොහොතක් වැඩහිඳිනු මැනවැ, යි කීහ . භාග්‍යවතුන් වහන්සේ පණවනලද අස්නෙහි වැඩ හුන්හ .

2 . ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතනට පැමිණියේය . පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය . සතුටුවියයුතුවූ, සිහිකටයුතුව, කථාකොට නිමවා එකපැත්තක උන්නේය . එක පැත්තක උන්නාවු සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය .

භවත් ගෞතමයනි, කායභාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ, එහෙත් චිත්ත භාවනාවක් නොකරන්නාවු ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ . භවත් ගෞතමයනි ඔවුහු ශරීරයෙහි හටගත් දුක් වේදනාව විඳිත් . භවත් ගෞතමයනි, පෙර වූවක් කියමි . ශරීරයෙහි හටගත් දුක් වේදනා විඳින්නහුට කලවා හිරිවැටීමද, ළයද පැලෙන්නේය . උණුලේ ද වමනය කරන්නේය . උමතු බවටද, හිත අවුල් බවටද පැමිණෙන්නේය ්‍ර භවත් ගෞතමයානෙනි ඔහුගේ සිත කය අනුව ගියේ වෙයි . කයට අනුව පවතියි . ඊට හේතු කවරේද . සිත නොවැඩූ හෙයිනි . භවත් ගෞතමයනි චිත්තභාවනාවෙහි යෙදෙන්නාවු එහෙත් කාය භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුනෝ ඇත්තාහ . භවත් ගෞතමයනි ඔවුහූ චෛතසිකවු දුක් වේදනා විඳිත් . භවත් ගෞතමයනි පෙර වූවක් කියමි . සිතේ දුක්වේදනාවන් පෙළෙන්නාහට කලවා තදවීමක් ද වන්නේය . ළයද පැලෙන්නේය . උණුලේද වමනය කරන්නේය . උමතුබවටද සිත අවුල් බවටද පැමිණෙන්නේය .

,භවත් ගෞතමයනි ඔහුගේ මේ ශරීරය සිත අනුව ගියේ වෙයි . සිතට අනුව පවතියි . ඊට හේතු කවරේ ද ශරීරය නොවැඩූ බැවිනි . භවත් ගෞතමයනි, ඒ මට මෙසේ සිතක් වෙයි . ඒකාන්තයෙන් භවත් ගෞතමයන්ගේ ශ්‍රවකයෝ චිත්ත භාවනානුයෝගයෙහි යෙදුනාහු වාසය කරති . කාය භාවනාවෙහි නොයෙදුනාහුය, යී (කියාය)

,අග්ගිවෙස්සනය, නුඹ විසින් කාය භාවනාව කුමකැයි අසන ලදද?,

3 . ,මෙසේ අසනලදී . එනම් භවත් ගෞතමයනි, නන්දවච්ඡය, කිසසංකිච්චය, මක්ඛලිගෝසාලය යන මොවුහූ වස්ත්‍ර නොහඳින්නෝය, යහපත් පැවතුම් නැත්තෝය . අත ලෙවකන්නෝය නොහොත් අතින් මල පිසදමන්නොය එව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත් . සිටුව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත් ඉදිරියෙන් ගෙනෙනලද දෙය නොපිළිගනිත් ඔවුන් උදෙසා කරනලද දෙය නොපිලිගනිත් . ආරාධනාකොට දුන් දෙය නොපිළිගනිත් කළ කටින් ගෙන දුන් දෙය නොපිළිගනිත් සැලි කටින් ගෙනදුන් දෙය නොපිළිගනිත් එලිපත අතරකොට දුන් දෙය නොපිළිගනිත දන්ඩක් අතරකොට සිට දුන් දෙය නොපිළිගනිත් මෝල්ගසක් අතරකොට දුන් දෙය නොපිළිගනිත් අනුභව කරන්නාවු දෙදෙනෙකුගෙන් එකෙක් දුන් දෙය නොපිළිගනිත් ගැබිණිය විසින් දුන් දෙය නොපිළිගනිත් කිරිපොවන්නිය විසින් දුන් දෙය නොපිළිගනිත පුරුෂයෙකුවෙත ගිය තැනැත්තිය විසින් දුන් දෙය නොපිළිගනිත් සම්මාදම්කල දෙයින් කිසිවක් නොපිලිගනිත් යම් තැනෙක බල්ලෙක් පැමිණ සිටියෙනම් (ඔහුට නොදී ) එහිදී දුන් දෙය නොපිළිගනිත් යම් තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙද්ද එහිදී දුන් දෙය නොපිළිගනිත් දිය මස් නොකන්නාහ . ගොඩමස් නොකන්නාහ සුරා නොබොන්නාහ (මල් යුසින්) කළ මත්පැන් නොබොන්නාහ . කාඩි දිය නොබොන්නාහ . ඔවුහූ එක ගෙයකින් පමනක් පිඬුසිඟන්නො හෝ වෙක් . එකම බත්පිඩකින් යැපෙන්නෝ හෝ වෙත් . ගෙවල් දෙකක පිඬූ සිඟන්නො හෝ වෙත් . බත්පිඬු දෙකකින් යැපෙන්නෝ හො වෙත් . ගෙවල් සතක පිඬූ සිඟන්නො හෝ වෙත් බත් පිඬු සතකින් යැපෙන්නෝ හෝ වෙත් එක් කුඩා බත් තැටිය කින් යැපෙන්නෝ හෝ වෙත් බත් තැටි දෙකකින් යැපෙන්නෝ හෝ වෙත් බත තැටි සතකින් යැපෙන්නෝ හෝ වෙත් එක දවකට වරක් හො ආහාර ගනිති . සත්දිනකට වරක් හෝ ආහාර ගනිති . මෙසේ අඩ මසකට වරක් ආහාර ගනිමින් ද වාර භෝජනයෙහි යෙදී වාසය කරන්නාහ .,

,අග්ගිවෙස්සනය කිමෙක්ද ඔවුහු එපමණකින්ම යැපෙත්ද?,

,භවත් ගෞතමයාණෙනි, ඒ එසේ නොවේමැයි භවත් ගෞතමයාණෙනි, ඇතැම් දවස්වල එව්හු ඉතා ප්‍රණීත කෑම කන්නෝය, ඉතා ප්‍රණීත භෝජන වළඳන්නෝය, ඉතා ප්‍රණීත දෙය රසවිඳින්නෝය . ඉතා ප්‍රණීත පාන පානය කරන්නාහුය . ඔවුහූ මේ ආහාරයන් කරන කොට ගෙන ශරීරය බලගන්වත්, වඩත්, ඔජා වර්‍ධනය කරත් ,

,අග්ගිවෙස්සනය, යම් හෙයකින් ඔවුහූ පළමු කල දුෂ්කර ක්‍රියා හැර පසුව ප්‍රණීත ආහාරයෙන් ශරීරය වඩත්ද, මෙසේ මේ ශරීරයාගේ වැඩීම හා නොවැඩීම වෙයි .

,අග්ගිවෙස්සනය, නුඹ විසින් චිත්තභාවනාව කුමකැයි කියා අසන ලදද?, භාග්‍යවතුන් වහන්සෙ විසින් චිත්තභාව පිළිබඳව විචාරනුලැබූ සච්චක නිගණ්ඨපුත්‍ර තෙම පිළිතුරක් සොයාකියන්නට අසමර්ථ විය .

4 . ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨපුත්‍රයාට මෙය කීහ . අග්ගිවෙස්සනය, නුඹ විසින් පලමුව යම් මේ කායභාවනාවක් කියන ලදද? එය බුද්ධ සාසනයෙහි ධර්‍මයට එකඟවූ කායභාවනාවක් නම් නොවෙයි . අග්ගිවෙස්සනය නුඹ කායභාවනාවවත් නොදන්නෙහිය . චිත්තභාවනාව කොයින් දන්නේද . එහෙත් අග්ගිවෙස්සනය, යම්සේ නොවඩනලද කායභාවනා ඇත්තේවේද?නොවඩනලද චිත්ත භාවනා ඇත්තේවේද ? වඩනලද කායභාවනා ඇත්තේවේද ? වඩනලද චිත්ත භාවන ඇත්තේවේද ? එය අසව මනාකොට සිහියට ගනුව කියන්නෙමි, යි වදාළහ .

,එසේය පින්වතුන් වහන්ස , යි කියා සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නෙය . භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ .

5 . ,අග්ගිවෙස්සනය, කෙසේ නම් නොවඩනලද කායභාවනා ඇත්තේවේද නොවඩනලද චිත්ත භාවනා ඇත්තේවේද අග්ගිවෙස්සනය මේ ලෝකයේ නූගත් පෘථග්ජනයාට සැප වේදනාවක් උපදියිද හෙතෙම සැප වේදනාවෙන් ස්පර්‍ශකරන ලද්දේම සැපයෙහි ඇලෙයි . සැපයෙහි ඇලීම් බවට පැමිණෙයි ඔහුගේ ඒ සුඛවේදනා නැතිවෙයිද සැප වේදනා නැතිවීමෙන් දුක්වේදනා උපදියි . හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්‍ශ කරන ලද්දෙම ශෝක කෙරෙයි . ක්ලාන්ත වෙයි . වැළපෙයි පපුවේ අත් ගසමින් හඬයි මුළාවට පැමිනෙයි . අග්ගිවෙස්සනය ඔහුගේ උපන්නාවු සැපවේදනාව කුසල් සිත විනාශ කරයි . (කුමක් හෙයින්ද යත් ) කය නොවැඩූ හෙයිනි . උපන්නාවූ ද දුක්වේදනාව කුසල් සිත විනාශ කරයි සිත නොවැඩූ බැවිනි . අග්ගිවෙස්සනය යමෙකුට මේ දෙයාකාරයෙන් උපන්නාවූ සුඛවේදනාවද කුසල් සිත විනාශ කරයි . කුමක් හෙයින්ද කය නොවැඩූ හෙයිනි . උපන් දුක්වේදනාවද කුසල් සිත් විනාශ කරයි . කුමක් හෙයින්ද ? සිත නොවැඩූ හෙයිනි . අග්ගිවෙස්සනය මෙසේ වනාහී නොවඩනලද කය ඇත්තේවෙයි නොවඩන ලද සිත් ඇත්තේවෙයි .

6 . ,අග්ගිවෙස්සනය, කෙසේනම් වඩන ලද කය ඇත්තේවෙයිද, වඩනාලද සිත්ඇත්තේවෙයිද, අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි නුවණ ඇති ආය්‍ර්‍ය ශ්‍රවකයාහට සැප වේදනාව උපදීද, හෙතෙම සැප වේදනාවෙන් ස්පර්‍ශ කරන ලද්දේම සැපයෙහි නොඇලෙයි . සැපයෙහි ඇලුම් බවට නොපැමිණෙයි . ඔහුගේ ඒ සැප වේදනාව නැතිවෙයි . සැපවේදනාව නැතිවීමෙන් දුක් වේදනා උපදියි . හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්‍ශ කරන ලද්දෙම, ශෝක නොකෙරෙයි, ක්ලාන්ත නොවෙයි, නොවැළපෙයි, පපුවේ අත්ගසමින් නොහඬයි . මුළාවට නොපැමිණෙයි . අග්ගිවෙස්සනය ඔහුගේ උපන්නාවූද, මේ සැප වේදනාව කුසල් සිත විනාශ නොකරයි . (කුමක් හෙයිද යත් ) කය වැඩූ හෙයිනි . උපන්නාවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි . සිත වැඩූ බැවිනි . අග්ගිවෙස්සනය, යමෙකුට මෙසේ දෙයාකාරයකින් උපන්නාවූද, සැප වේදනාව කුසල් සිත විනාශ නොකරයි . කුමක් හෙයින්ද සිත වැඩූ හෙයිනි . අග්ගිවෙස්සනය මෙසේ වනාහී වඩන ලද කය ඇත්තේ වෙයි, වඩනලද සිත ඇත්තේත් වෙයි .

7 . ,මෙයින් මම භවත් ගෞතමයන් කෙරෙහි පැහැදුනේ වෙමි භවත් ගෞතම තෙම ඒ කාන්තයෙන් වඩන ලද කාය භාවනා ඇත්තේ වෙයි වඩනා ලද චිත්තභාවනා ඇත්තේ වෙයි, අග්ගිවෙස්සනය, නුඹ විසින් ඒකාන්තයෙන්ම ගුණ ගටා, ගුණ පහළකර මේ වචන කියන ලදී . යලිදු මම නුඹට විස්තර කරන්නෙමි . අග්ගිවෙස්සනය, යම් කලක පටන් මම ඉසකේ දැළි රැවුලු බහා, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙම්ද, ඒකාන්තයෙන් ඒ කාලය මුලුල්ලෙහි මට, .උපන්නාවුද සැප වේදනාව කුසල් සිත් විනාශ කරන්නේය . උපන්නාවූද, දුක්වේදනාව කුසල් සිත් විනාශ කරන්නේය . . යන මේ කාරනය සිදු නොවෙයි . , භවත් ගෞතමයන්ට යම් බඳුවූ සැප වේදනාවක් කුසල් සිත විනාශ කරයිද, එබඳු සැප වේදනාවක් නූපන්නා විය හැකිය . යම් බඳුවූ දුක් වේදනාවක් කුසල් සිත විනාශ කරයිද, එබඳු දුක්වේදනාවක් නූපන්නා විය හැකිය , .

,අග්ගිවෙස්සනය, කෙසෙනම් එසේ නොවන්නේද, අග්ගිවෙස්සනය, බූඬත්‍වයට පළමුවෙන්ම බුදුනොවූ බෝසත් වූම මට මෙබඳු අදහසක් විය . ගිහිගෙයි විසීම අවහිර සහිතය, කෙලෙස් රජස් උපදින මාර්‍ගයයි . මහනකම අවකාශය මෙන් නිදහස්ය . ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදු වූ සියලු ආකාරයෙන් සම්පූර්ණ වූ ලියවනලද සකස් බඳුවූ මේ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරීම පහසු නොවෙයි . මම හිසකේ දැලි රැවුලු කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියාය . )අග්ගිවෙස්සනය ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස් ඇත්තේම කළුවු හිසකෙස් ඇත්තේම පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූ යේම නොකැමතිවූ මවුපියන් අඬදුදී හිස කෙස් දැළිරැවුල් කපාහැර කසාවත් හැඳ ගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි .

8 . ,මෙසේ පැවිදි වූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්‍වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුස් තෙම යම් තැනක්හිද එතැනට ගියෙමි ගොස් ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි .

,ඇවැත්නි, කාලාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට මම කැමකත්තෙමි, යි (කීවෙමි) අග්ගිවෙස්සනය, මම මෙසේ කී නල්හී ආළාරකාලාම තෙම මට මෙය කීවේය . ,යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාය්‍ර්‍යයන්ගේ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමින වාසය කරන්නේද මේ ධර්‍මයද එබඳුය, එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා, (කියායි . )

අග්ගිවෙස්සනය, ඒ මම ටිකකලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්‍මය අසාම ඉගෙන ගත්තෙමි . අග්ගිවෙස්සනය, ඒ මම (කියන්ට´ තොල පෙරලු පමනින් (ඔහු ) කියන දේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද (දනිම්යයි කීමද ) කියමි . ථෙර වාදයද (එහි ස්ථිරයි කීමද ) දනිමියිද දකිමියිද පිළිගනිමි . මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන ) එසේ කියති අග්ගිවෙස්සනය ඒ මට මේ සිත විය . ආළාරකාලාම තෙම මේ ධර්‍මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරමියි නොකියයි . ආළාරකාලාම තෙම මේ ධර්‍මය දැන දැක වාසය කරයි (කියායි ) අග්ගිවෙස්සනය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි . ගොස්, ආළාරකාලාම හට මෙසේ කීවෙමි ඇවැත්නි, කාලකමයෙනි, කොපමණකින් මේ ධර්‍ඹය තමාමදැන අවබොධ කොට ඊට පැමින ප්‍රකාශ කෙරේදැ.යී (කියායි )

අග්ගිවෙස්සනය, මෙසේ කීකල්හී ආළාරකාලාම තෙම ආකිඤ්ඤඤායතනය කෙළවරකොට ඇති සමාපත්තිය දැක්වූයේය . අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය . ආළාරකාලාමට පමණක් ශ්‍රඬාව ඇත්තේ නොවෙයි . මටද ශ්‍රඬාව ඇත . ආළාරකාලාමහට පමණක් වීය්‍ර්‍යය ඇත්තේ නොවෙයි, මටද වීය්‍ර්‍යය ඇත . ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි මටද සිහිය ඇත, ආළාරකාලාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි මටද සමාධිය ඇත, ආළාරකාලාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි . මටද ප්‍රඥාව ඇත, යම් හේතුකින් ආළාරකාලාම තෙම යම් ධර්‍ඹයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි කියයි නම් ඒ ධර්‍ඹය අත්කර ගැනීම පිණිස මම උත්සාහකරන්නෙම් නම් හොඳය (කියායි )

9 . ,අග්ගිවෙස්සනය, ඒ මම ටික කලෙකින් වහාම ඒ ධර්‍ඹය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කළෙමි . අග්ගිවෙස්සනය ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනෙකද එතැනට ගියෙමි ගොස්, ඇවැත්නි කාලාමයෙනි, මේ ධර්‍මය දැන අවබෝධ කොට ඊට පැමින ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ.යි (ඇසීමි ) .ඇවැත්න,ි මේ ධර්‍ඹය දැන අවබෝධ කොට ඊට පැම්ණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය.යි (ආළාරකාලාම තෙම ) කීය . .ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්‍මය දැන අවබේධ කොට ඊට පැමින වාසය කරමි.යි (කීවෙමි ) .ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනි වූ සමාන බ්‍රහ්මචය්‍ර්‍ය ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්‍මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්‍මය දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිය . ඔබ යම් ධර්‍මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්‍මය දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි . මෙසේ යම් ධර්‍මයක් දන්නෙම්ද ඔබද ඒ ධර්‍මය දන්නෙහිය . මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය . ඔබ යම් බඳුද මාත් එබඳුය . ඇවැත්නි එනු මැනව දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමු.යි (කීවේය ) අග්ගිවෙස්සනය මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හි සම සම ස්ථානයෙහි තැබීය . උත්තමවූ පූජාවෙන් මා පිදුවේය .

,අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය මේ (තාපස) ධර්‍ඹය සසර කලකිරීම පිණිස නොපවතියි . සසර නොඇල්ම පිණිස නොපවතියි . කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතියි . (දතයුතු ධර්‍මයන් ) දැනීම පිනිස නොපවතියි . (චතුරාය්‍ර්‍ය සත්‍යය ) අවබෝධය පිණිස නොපවතියි . නිර්‍වාණය පිණිස නොපවතියි . ආකිඤ්චඤඤයතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමනක් පවතියි . අග්ගිවෙස්සනය, ඒ මම ඒ ධර්‍මය ප්‍රමාණ නොවේයයි සිතා, ඒ ධර්‍මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි .

10 . ,අග්ගිවෙස්සනය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ, නිරුත්තරවු උතුම් නිර්වාණය සොයන්නේ, උද්දකරාම පුත්තතෙම යම් තැනකද එතැනට පැමිනියෙමි . පැමිණ, උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි . ඇවැත්නි, රාමයෙනි, මේ ධර්‍මවිනයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව රකින්නට මම කැමැත්තෙමි (කීවෙමි) ,අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හී උද්දකරාම පුත්ත තෙම මට මෙසේ කීවේය. ,යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාය්‍ර්‍යයන්ගේ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඉට පැමිණ වාසය කරන්නේද මේ ධර්‍මයද එබඳුය . එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා, (කියායි)

11 . ,අග්ගිවෙස්සනය, ඒ මම ටික කලෙකින් වහාම ඔවුන්ගේ ඒ ධර්‍මය ඉගෙනගත්තෙමි අග්ගිවෙස්සනය, ඒ මම කීමට තොල සෙලවූ පමනින්, වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්තීරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි, දකිමි යයි කියමි . මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන ) එසේ කියති . අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය . උද්දකරාමපුත්ත තෙම මේ ධර්‍මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් දැන අවබෝධ කොට ඊට පැමින වාසය කරමියි නොකියයි . උද්දකරාම පුත්ත තෙම මේ ධර්‍මය දැන, දැක වාසය කලේයයි (මට කල්පනාවිය) අග්ගිවෙස්සනය, ඉන්පසු මම උද්දකරාම පුත්ත යම්තැනකද එතැනට ගියෙමි ගොස් උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි . ඇවත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්‍මය තමාම දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරේදෑයි (කියායි)

,අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හී උද්දකරාමපුත්ත නෙවසඤඤානාසඤඤායතනය, කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූය්ය . අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය . රාමහට පමනක් ශ්‍රඪාව ඇත්තේ නොවෙයි . මටද ශ්‍රඬාව ඇත . රාමහට පමණක් වීය්‍ර්‍යය ඇත්තේ නොවෙයි මටද වීය්‍යය ඇත . රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි මටද සිහිය ඇත . රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි . මටද සමාධිය ඇත . රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි . මටද ප්‍රඥාව ඇත . යම් හේතුවකින් රාම පුත්තතෙම යම් ධර්‍මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි කියයි නම් ඒ ධර්‍මය තමන්ම ප්‍රත්‍යක්‍ෂ කර ගැණිම පිණිස වීය්‍ර්‍යය කරන්නෙම් නම් යහපත්ය (කියායි . )

,අග්ගිවෙස්සනය, ඒ මම ටිකකලකින් වහාම ඒ ධර්මය තමාම නුවනින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි . අග්ගිවෙස්සනය, ඉන් පසු මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට එතැනට ගියෙමි . ගොස්, උද්දකරාම පුත්ත හට මෙසේ කීවෙමි.

,ඇවැත්නි, රාමයනි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ,යි ඇසීමි . .ඇවැත්නි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය.යි (උද්දකරාමතෙම ) කීය . .ඇවැත්නි මමද මෙපමණකින් මේ ධර්‍මය දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරමි,යි (කීවෙමි)

,ඇවැත්නි, යම්බඳුූ අපි ආයුෂ්මත් වූ එබ වැනිවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තෙකු දකින්නෙකුද ඒ අපට ලාභයකි . මහත් ලාභයකි . මෙසේ මම යම් ධර්‍මයක් දැන අවබෝධ ාට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්‍මය නුවණින් දැන අවබෝධ කොට ඊට පැමින වාසය කරන්නෙහිය . ඔබ යම් ධර්‍මයක් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්‍මය දැන අවබෝධකොට ඉට පැමිණ ප්‍රකාහ කරන්නෙමි . මෙසේ මම යම් ධර්‍මයක් දන්නේද, ඔබද ඒ ධර්‍මය දන්නෙහිය . ඔබ යම් ධර්‍මයක් දන්නේද මමද ඒ ධර්‍මය දන්නෙමි . මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය . ඔබ යම් බඳුද මමත් එබඳුය . ඇවැත්නි එව දෙදෙනම එක්ව මෙ පිරිස පාලනය කරමුයි (කීවේය ) අග්ගිවෙස්සනය, මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා එහු හා සම සම ස්ථානයෙහි තැබීය උතුම් වූ පූජාවෙන් මට පිදුවේය .

12 . ,අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය මේ (තාපස) ධර්‍මය සසර කලකිරීම පිණිස නොපවති . සසර නොඇල්ම පිණිස නොපවති කෙලෙස් නැතිකිරීම පිණිස නොපවති . (දතයුතු ධර්‍මයන්) දැනීම පිණිස නොපවතී . (චතුරාය්‍ර්‍ය සත්‍යය) අවබෝධය පිණිස නොපවතී . නිර්‍වාණය පිණිස නොපවතී . යම්තාක් නෙවසඤ්ඤානාසඤඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි . අග්ගිවෙස්සනය, ඒ මම ඒ ධර්‍මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්‍මයෙන් ඉවත්ව ගියෙමි .

13. , අග්ගිවෙසසනය‚ ඒ මම කුසල් කුමක්දැයි සොයමින්‚ නිරුත්තරවු නිර්‍වාණය සොයමින් මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන්කරන්නේ උරුවෙල් දනවිවෙහි සේනානී නමි නියමිගම යමි තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලි තලා ඇත්තාවුද‚ ගලායන ගහ ඇත්තාවුද‚ අවට ගොදුරු ගමි ඇත්තාවුද‚ ප්‍රසාදය ඇති කරන්නාවුද‚ සිත් සතුටු කරන්නාවුද වනලැහැබක් ඇති බිමි පෙදෙසක් දුටිමි. අග්ගිවෙසසනය‚ ඒ මට මෙි සිත පහළ විය. ඒකානතයෙන් භුමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වන ලැහැබ සතුට උපදවන්නේය‚ සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීය්‍ර්‍යර්‍ය කරන කුලපුත්‍රයෙකුට වීය්‍ර්‍යය කිරීමට මෙය ඒකානතයෙන් සුදුසුයි. අග්ගිවෙසසනය‚ ඒ මම මෙි සථානය වීය්‍ර්‍යය කිරීමට සුදුසුයයි සිතා වීය්‍ර්‍ය වැඩිම පිණිස එහිම උන්නෙමි

, අග්ගිවෙසසනය‚ මට ආශචය්‍ර්‍යවු‚ පෙර නොඇසු විරූ උපමා තුනක් වැටහුනාහුය‚ අග්ගිවෙසසනය‚ යමිසේ කිරි සහිතවු අමු දියේ දමනලද තෙත්වු (දිඹුල් )ලීකැබැල්ලක් වෙිද‚ ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණඩක් ගෙන ගිනි නිපද වන්නෙමියි ගින්දර ඇතිකරන්නෙමියි‚ කියා එන්නේය. අග්ගිවෙසසනය‚ ඒ පුරුෂතෙම ජලයෙහි බහාලනලද ඒ කිරිසහිත අමු ( දිඹුල් ) ලී කැබෙල්ල ගිනි ගානා දණෙඩන් මැදීමෙන් ගිනි නිපදවන්නේද?. ගිනි පහළ කරන්නේද?, ,භවත් ගෞතමයෙනි‚ එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේදයත් :- භවත් ගෞතමයෙනි‚ ( දිඹුල් ) ලී කඩ වනාහි අමුය‚ කිරි සහිතය‚ එපමණක් නොව ජලයෙහිද බහා ලන ලද්දේය. (එහෙයිනි ) ( ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති ) ඒ පුරුෂතෙම ක්ලානතයටද‚ වෙහෙසටද පැමිණිම පමණක් සිදුවන්නේය,. අග්ගිවෙසසනය‚ එපරිද්දෙන්ම යමිකිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහමණයෝ හෝ කයින් වසතු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද‚ කාම වසතු කෙරෙහි ඹවුන්ගේ යමිකිසි ඇල්මක් වෙිද‚ කාම ආසාවක් වෙිද‚ කාම මුර්ජාවක් වෙිද‚ කාම පිපාසයක් වෙිද‚ කාම දැවිල්ලක් වෙිද‚ ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවුයේ වෙිද‚ මනාව මැඩපවත්වන ලද්දේ නොවෙිද‚ ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවු‚

දුක්වු‚ තියුණුවු‚ කටුකවු වෙිදනාවන් විදිත්. ඹවුහු ආය්‍ර්‍ය මාර්‍ගඥන දර්‍ශනයටද‚ නිරුත්තරවු අවබොධයටද නුසුදුස්සෝමය. අග්ගිවෙසසනය‚ ආශචය්‍ර්‍යවු පෙර නොඇසුවිරූ මෙි පළමුවන උපමාව මට වැටහුණි.

14. , අග්ගිවෙසසනය‚ ආශචය්‍ර්‍යවු පෙර නොඇසුවිරූ අන්‍යවු දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. අග්ගිවෙසසනය යමිසේ කිරි සහිතවු අමු ( දිඹුල් ) ලීයක් දියෙන් ඈත්කොට ගොඩබිමෙහි බහා තබන ලද්දේ වෙිද‚ ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණඩ ගෙන ගිනි කිපද වන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි‚ කියා එන්නේය. අග්ගිවෙසසනය‚ ඒ පුරුෂතෙම කිරි සහිතවු ‚ දියෙන් ගෙන ගොඩ තබන ලද්ද්‍රවු‚ ඒ අමු ලීය ගිනි ගානා දණෙඩන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?, ,භවත් ගෞතමයෙනි‚ එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත් :- භවත් ගෞතමයෙනි‚ ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩබිමෙහි දමා තිබුණත් කිරි සහිතය ( අමුය ) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලානතයටද‚ වෙහෙසටද පත්වීම පමණක් නමි සිදුවන්නේය., , අග්ගිවෙසසනය‚ එපරිද්දෙන්ම යමි ශ්‍රමණයෝ හෝ

බ්‍රාහමණයෝ කයින් කාමයන් ගෙන් වෙන්ව වාසය කරත්ද‚ ( එහෙත් ) කාම වසතු කෙරෙහි ඹවුන්ගේ ඇල්මක් වෙිද‚ කාම ආශාවක් වෙිද‚ කාම මුර්ජාවක් වෙිද‚ කාම පිපාසයක් වෙිද‚ කාම දැවිල්ලක් වෙිද‚ එය අභ්‍යනතරයෙහි මනාව නැති නොවුයේ වෙිද‚ මනාව මැඩ නොපවත්වන ලද්දේ වෙිද‚ ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවු‚ දුක්වු තියුණුවු‚ කටුකවු වෙිදනාවන් විඳිත්. ඹවුහු ආය්‍ර්‍යඥන දර්‍ශනයටද‚ නිරුත්තර අවබොධයටද නුසුදුස්සෝමය. ඒ පින්වත් බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවු‚ දුක්වු‚ තියුණුවු‚ කටුකවු වෙිදනාවන් ඉඳින් නොවිඳින්නා හුද‚ ඥනදර්‍ශනය ලැබීමටද‚ නිරුත්තරවු අවබොධයටද නුසුදුස්සෝමය. අග්ගිවෙසසනය‚ මෙි වනාහි මට වැටහුනු පුදුමවු‚ පෙර නොඇසුවාවු දෙවෙනි උපමාවයි.

15. , අග්ගිවෙසසනය‚ පුදුමවු පෙර නොඇසුවාවු තුන් වෙනිවු අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. අග්ගිවෙසසනය‚ වියලුනාවු‚ කිරි සිඳුනාාවු‚ දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබනලද වියලි දරලීයක් වෙිද‚ එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි එන්නේය. අග්ගිවෙසසනය‚ ඒ පුරුෂතෙම වියලුනාවු කිරි සිඳුනාවු දියෙන් ඈත්කොට ගොඩ තබනලද ඒ ලීය ඒ ගිනි ගානා දණඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්න ඇති කරන්නේද?, ,භවත් ගෞතමයෙනි‚ එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි‚ ඒ ලීය වියලුනේ වෙයි‚ කිරි සිඳුනේවෙයි‚ දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි,. , අග්ගිවෙසසනය‚ එපරිද්දෙන්ම යමි ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහමණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද‚ ඹවුන්ගේ කාමවස්තුන් කෙරෙහි යමි ඇල්මක් වෙිද‚ කාමආසාවක් වෙිද‚ කාමමුර්ජාවක් වෙිද‚ කාම දැවිල්ලක් වෙිද ඒ කාමආශාව අඬ්‍යාත්මයෙහි

( ඇතුලත ) හොඳින් ප්‍රහීනවුයේ වෙිද‚ හොඳින් මැඩ පැවතියේද‚ ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවු‚ තියුණුවු‚ කටුකවු‚ වෙදනාවන් නොවිඳිත්‚ ඹවුහු මාර්‍ගඥනදර්‍ශනය පිණිස‚ නිරුතතරවු අවබොධය පිණිස සුදුස්සෝමයි.

, අග්ගිවෙසසනය‚ ආශ්චය්‍ර්‍යවු පෙර නොඇසු විරූ මෙි උපමාතුන මට වැටහුනාහුය.

16. , අග්ගිවෙසසනය‚ ඒ මට මෙි සිත පහළ විය. යමි හෙයකින් මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන ( දත් මිටි කාගෙන‚) දිව උඩුතල්ලෙහි තද කරගෙන‚ කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙමි නමි‚ පෙළන්නෙමි නමි යෙහෙක. ( කියායි.) අග්ගිවෙසසනය‚ ඒ මම දත්මිටිකාගෙන දිවඋඩුතල්ලෙහි තදකරගෙන‚ කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි‚ පෙළමි‚ තවමි. අග්ගිවෙසසනය‚ දත්මිටි කාගෙන‚ දිව උඩුතල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවු‚ පෙළන්නාවු‚ තවන්නාවු ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.

,අග්ගිවෙසසනය‚ යමිසේ බලවත් පුරුෂයෙක්තෙම වඩා දුර්‍වර්ර්‍‍ල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන‚ බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද‚පෙළන්නේද‚තවන්නේද‚

අග්ගිවෙසසනය‚ එපරිද්දෙන්ම දත්මිටිකාගෙන‚ දිව උඩු තල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවු‚ පෙළන්නාවු‚ තවන්නාවු ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙය.ි

, අග්ගිවෙසසනය‚ මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් මඩන ලද්ද්‍රවුම මාගේ ශරීරය ද්‍රහ සහිත විය. අග්ගිවෙසසනය‚ මට උපන්නාවු මෙබඳුවුද‚ දුක්වෙිදනාව කුසල් සිත විනාශ නොකරයි.

17. , අග්ගිවෙසසනය‚ ඒ මට මෙි සිත පහළ විය. යමි හෙයකින් මම ආශ්වාසකිරීමි රහිත ධයානය වඩන්නෙමි නමි යෙහෙක ( කියාය.) අග්ගිවෙසසනය‚ ඒ මම කටින්ද‚ නාසයෙන්ද ආශ්වාස ප්‍රශවාස වැළැක්වුයෙමි. අග්ගිවෙසසනය‚ කටින්ද‚ නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වු කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබිදය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යමිසේ අධික ශබිදයක් ඇතිවෙිද‚ එපරිද්දෙන්ම අග්ගිවෙසසනය‚ මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබිදය ඇතිවෙයි.

, අග්ගිවෙසසනය‚ මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. ( එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යර්‍ය වඩන්නාවු මාගේ ශරීරය ද්‍රහ සහිත වෙයි. අග්ගිවෙසසනය‚ මට උපන්නාවු මෙබඳුවුද‚ දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

18. , අග්ගිවෙසසනය‚ ඒ මට මෙසේ කල්පනා විය. .යමි හෙයකින් මම ආශවාස රහිත ධයානයම වඩන්නෙමි නමි යෙහෙක.( කියාය.) අග්ගිවෙසසනය‚ ඒ මම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වුයෙමි. අග්ගිවෙසසනය‚ මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි. අග්ගිවෙසසනය‚ යමිසේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද එපරිද්දෙන්ම අග්ගිවෙසසනය‚ මගේ මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු‚ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නා සේ වෙයි.

, අග්ගිවෙස්සනය‚ මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය‚ සිහිය එළඹ සිටියාය. ( එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවු මාගේ ශරීරය ද්‍රහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙසසනය‚ මට උපන්නාවු මෙබඳුවුද‚ දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

19. , අග්ගිවෙසසනය‚ ඒ මට මෙසේ කලපනා විය. . යමි හෙයකින් මම ආශවාස රහිත ධයානයම වඩන්නෙමි නමි යෙහෙක. ( කියායි.) අග්ගිවෙසසනය‚ ඒ මම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වුයෙමි. අග්ගිවෙසසනය‚ මුඛයෙන්ද නාසයෙන්ද කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි හිසෙහි අධික වෙිදනාව ඇති වෙයි අග්ගිවෙසසනය‚ යමි සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැමමකින් හිස වෙළයිද‚ එපරිද්දෙන්ම අග්ගිවෙසසනය‚ මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි මගේ හිසෙහි වෙිදනාව ඇති වෙයි.

, අග්ගිවෙසසනය‚ මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය‚ සිහිය එළඹ සිටියාය. ( එහෙයින්ම) මුළාව නොවීය ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍ය වඩන්නාවු මාගේ ශරීරය ද්‍රහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙසසනය‚ මට උපන්නාවු මෙබඳුවුද දුක් වෙිදනාව කුසල් සිත විනාශ නොකරයි.

20. , අග්ගිවෙසසනය‚ ඒ මට මෙසේ කල්පනා විය. .යමි හෙයකින් මම ආශවාස රහිත ධ්‍යානය වඩන්නෙමි නමි යෙහෙක.( කියායි.) අග්ගිවෙසසනය‚ ඒ මම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වුවෙමි. අග්ගිවෙසසනය‚ මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි අධිකවු වාතයෝ කුස සිදිත්.

, අග්ගිවෙසසනය‚ දක්‍ෂවු ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යමිසේද‚ එපරිද්දෙන්ම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.

අග්ගිවෙස්සනය‚ මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන් ගන්නා ලද්දේමය‚ සිහිය එළඹ සිටියාය. ( එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍ය කරන්නාවු මාගේ ශරීරය ද්‍රහ සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය‚ මට උපන්නාවු මෙබඳුවුද දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

21. ,අග්ගිවෙස්සනය‚ ඒ මට මෙසේ කලපනා විය. ආශ්වාස රහිතවු ධ්‍යානය වඩන්නෙමි නමි යෙහෙක.( කියායි.) අග්ගිවෙස්සනය‚ ඒ මම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද‚ ආශවාස ප්‍රශවාස වැළැක්වුයෙමි. අග්ගිවෙස්සනය‚ මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශ්වාස ප්‍රශවාස වැළක්වු කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. අග්ගිවෙස්සනය‚ යමිසේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද‚ අතිශයින් තවන්නාහුද‚ අග්ගිවෙස්සනය‚ එපරිද්දෙන්ම මුඛයෙන්ද‚ නාසයෙන්ද‚ කණින්ද ආශවාස ප්‍රශවාස වැළැක්වු කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.

,අග්ගිවෙස්සනය‚ මා විසින් වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යකරන්නාවු මාගේ ශරීරය ද්‍රහ සහිත වීය්‍ර්‍යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය‚ මට උපන්නාවු මෙබදුවුද දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

,එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. .ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය.(කියායි.) ඇතැමි දේවතා කෙනෙක් මෙසේ කීහ. .ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය.( කියායි.) ඇතැමි දෙවතා කෙනෙක් .ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවෙි. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ.යි( කීහ.)

22. ,අග්ගිවෙස්සනය‚ ඒ මට මෙසේ කල්පනා විය. යමි හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳිම පිණිස පිළිපදින්නෙමි නමි ඉතා යෙහෙක.( කියායි.) අග්ගිවෙස්සනය‚ එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. .නිදුකාණෙනි‚ ඹබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යමි හෙයකින් ඹබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඹබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඹිජස් ශරීරගත කරන්නෙමු. ඹබ එයින් යැපෙන්නෙහිය.. අග්ගිවෙස්සනය‚ ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකහ වුනෙමි. එහෙත් මෙි දේවතාවෝ මාගේ ලොමි සිදුරුවලින් දිව්‍ය ඹිජස ගිල්වන්නාහු නමි එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය( කියායි.) අග්ගිවෙස්සනය‚ ඒ මම ඒ දෙවියන් වැළැක්වුයෙමි. වුවමනා නැතැයි කීයෙමි.

,අග්ගිවෙස්සනය‚ ඒ මට මෙි සිත පහළ විය. යමි හෙයකින් මම පතක් පතක් පමණවු මුංතැමිබු දිය හෝ කොල්ලු තැමිබු දිය හෝ කඩල තැමිබු දිය හෝ කලතණ තැමිබු දිය හෝ ඉතා සවල්පවු ආහාරයක් වළඳන්නෙමි නමි යෙහෙකි( කියායි.)

,අග්ගිවෙසසනය‚ ඒ මම පතක් පතක් පමණවු‚ මුංතැමිබු දිය හෝ කොල්ලු තැමිබු දිය හෝ කඩල තැමිබු දිය හෝ කලතණ තැමිබු දිය හෝ ඉතා සවල්ප වශයෙන් ආහාරය වැළදුවෙමි. අග්ගිවෙසසනය‚ ඒ මම පතක් පතක් පමණවු මුංතැමිබු දිය හෝ කොල්ලු තැමිබු දිය හෝ කඩල තැමිබු දිය හෝ කලතණ තැමිබු දිය හෝ ඉතා සවල්ප වශයෙන් ආහාර ගන්නාවු ඒ මාගේ ශරීරය ඉතා කෙටිටු බවට පැමිණියේ වෙයි. අසු වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නමි වැලක පුරුක් හෝ යමිසේද මාගේ අහපසහ ඒ නිරාහාර භාවය නිසාම එබදුවිය. ඹටුපියවර යමිසේ මැද ගැඹුරුවෙිද‚ එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය(තටිටම) මාදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යමිසේ අතරතුර උස් මිටි වෙිද‚ එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යමිසේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද‚ එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවු ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්ද‚ එපරිද්දෙන්ම ඒ සවල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වලගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යමිසේ නමි තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අවිසුළහින් හැකුලුණේද මැලවුනේද‚ එපරිද්දෙන්ම ඒ සවල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.

,අග්ගිවෙසසනය‚ ඒ මම බඩෙි සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඩෙි සම අල්ලමි අග්ගිවෙසසනය‚ ඒ සවල්ප ආහාරය නිසා එපමණට මාගේ බඩෙි සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ සවල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මෙි ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. අග්ගිවෙසසනය‚ එසේ ශරීරයේ අවයව අතගානවිට‚ ඒ සවලප ආහාරය නිසාම මුල්කුණුවු ලොමි ශරීරයෙන් වැටෙත්.

අග්ගිවෙසසනය‚ සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. .ශ්‍රමණ ගෞතමතෙම කලුය.. ඇතැමි මිනිස්සු මෙසේ කීවාහුය .ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය. ඇතැමි මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. .ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි‚ පලාවන් පාටත් නොවෙයි‚ ශ්‍රමණ ගෞතමතෙම රන් වන් සිවි ඇත්තේයි.. අග්ගිවෙසසනය‚ මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවු හාත්පසින් බබලන්නාවු ශරීරයණීය ඒ නිරාහාරභාවය නිසාම නැසුනේ වෙයි.

23. ,අග්ගිවෙසසනය‚ ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යමිකිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහමණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවු‚ දුක්වු‚ තියුණුවු‚ කටුකවු වෙිදනා වින්ද්‍රහු නමි ඒ මෙි තරමිම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. අනාගත කාලයෙහි යමිකිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවු‚ දුක්වු‚ තියුණුවු‚ කටුකවු වෙිදනා විදින්නාවු නමි ඒ මෙි තරමිම වෙයි මීට වඩා වැඩි නොවෙයි. මෙි වර්‍තමාන කාලයෙහි යමි කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවු දුක්වු‚ තියුණුවු වෙිදනාවන් විඳිත් නමි ඒ මෙි තරමිම වෙයි මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මෙි කටුකවු දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්‍මයට වැඩිවු ආය්‍ර්‍ය භාවය ඇති කිරීමට සමර්‍ථවු ඥනදර්‍ශන විශෙෂයක් නොලබමි. මාර්‍ගාවබොධය පිණිස අන්‍ය මාර්‍ගයෙක් ඇත්තේදැයි( කල්පනා විය.)

24. ,අග්ගිවෙසසනය‚ ඒ මට මෙි අදහස වීය. මම පියවු ශුඬෙදන ශාක්‍ය රාජයාගේ වප්මගුල් දිනයෙහි සිහිල්වු දඹ රුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන් ගෙන් වෙන්වම විතර්‍ක සහිතවු විචාර සහිතවු විවෙිකයෙන් හටගත් ප්‍රීත්ය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළබව දනිමි. ඒ මාර්‍ගය මාර්‍ගඥන අවබොධය පිණිස වන්නේයි( අදහස් විය.) අග්ගිවෙසසනය‚ ඒ මට අවබොධය පිණිස මෙි මාර්‍ගයමයැයි සිහිය අනුව පැවති විඤඤ්‍රණය පහළවිය. අග්ගිවෙස්සනය‚ ඒ මට මෙි අදහස විය. කාමයන්ගෙන් වෙන්වු අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වු යමි ඒ සැපයක්වෙිද‚ මම ඒ සැපයට භය වෙමිද( කියාය.) අග්ගිවෙසසනය‚ ඒ මට මෙි කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වු අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වු යමි ඒ සැපයක්වෙිද‚ මම ඒ සැපයට භය නොවෙමියි( කියාය.) අග්ගිවෙසසනය‚ ඒ මට මෙි කල්පනාව ඇතිවිය. මෙතරමි දුර්‍වලවු ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යමිහෙයකින් මම බත් හා කොමුපිඩු ආදි ඹෟද්‍රරික ආහාරයක් ගන්නෙමි නමි හොඳය( කියාය.)

,අග්ගිවෙසසනය‚ ඒ මම බත්‚ කොමපිඩුයැයි කියන ඹළාරික ආහාරයක් ගත්තෙමි. අග්ගිවෙසසනය‚ ඒ කාලයෙහි .ශ්‍රමණ ගෞතමතෙම යමි ලොවුතුරා දහමක් ලැබුයේ නමි එය අපට කියන්නේය. යන අදහසින් භික්‍ෂුන් පස්දෙනෙක් මට උපසථාන කරමින් සිටියහ. අග්ගිවෙසසනය‚ යමි කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වුයෙමිද‚ එකල්හි ඒ භික්‍ෂුහු .ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණඩපාතාදිය වැළදීමට හැරුණේය. වීය්‍ර්‍යය කිරීමෙන් පිරිහුණේයැ.යි කියා කලකිරී බැහැර ගියාහුය.

.අග්ගිවෙසසනය‚ ඒ මම ඹිලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවු විචාර සහිතවු විවෙිකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධයානයට පැමිණ වාසය කෙළෙමි අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවුද සැප වෙිදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

විතක්ත විචාර සංසිද්මෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකහ බව ඇති‚ විතර්‍ක රහිතවු‚ විචාර රහිතවු‚ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති විතිය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවුද සැප වෙදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි. මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවුයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්‍ෂා ඇත්තේ සිහියෙන් යුක්තවුයේ‚ සැප විහරණ ඇත්තේයැයි ආය්‍ර්‍යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවු සැප වෙිදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්‚ දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොමිනස් ද්‍රෙමිනස් දෙක අතුරුදන් කිරීමෙන්‚ දුක්නැත්තාවු‚ සැප නැත්තාවු‚ උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදුබව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවු සැප වෙිදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

25. ,ඒ මම මෙසේ හිත සමාධියෙන් එකහවු කල්හි‚ පිරිසිදුවුකල්හි( පිරිසිදු හෙයින්ම) දීප්මත්වු කල්හි අඬගන (රාගාදී කෙලෙස්) රහිතවු කල්හි‚ පහවු උවදුරු ඇති කල්හි‚ මෘදුවු කල්හි‚ කටයුතතට සුදුසුව සිටි කල්හි සිත සථිරවු කල්හි පෙර ජාති දැනීමෙි ඤ්‍රණය පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවු පුර්‍වෙනිවාසය (පෙර උපන් ජාති‚) සිහිකරමි. එනමි එක් ජාතියක්ද‚ ජාති දෙකක්ද‚ ජාති තුනක්ද‚ ජාති සතරක්ද‚ ජාති පහක්ද‚ ජාති දශයක්ද‚ ජාති විස්සක්ද‚ ජාති තිසක්ද‚ ජාති සතළිසක්ද‚ ජාති පණසක්ද‚ ජාති සියයක්ද‚ ජාති දහසක්ද‚ ජාති ලක්‍ෂයක්ද‚ නොයෙක් සංවර්‍ත(විනාශවන) කල්පයන්ද‚ නොයෙක් විවර්‍ත (හැදෙන) කල්පයන්ද‚ නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි‚ එහිදී මෙි නමි ඇත්තේ වීමි‚ මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වණී ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවිමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නමි ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි.යි මෙසේ ආකාර සහිතවු‚ දැක්වීමි සහිතවු‚ නොයෙක් ආකාරවු‚ පෙර විසු කඳ පිළිවෙළ සිහි කරමි.

,අග්ගිවෙසසනය‚ මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මෙි පළමුවන විද්‍යාව (පෙර විසු තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදුවිය යුතු නමි එසේවිය. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවු සැප වෙිදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

26. ,ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එකහවු කල්හි‚ පිරිසුදුවු කල්හි‚

(සිරිසුදු හෙයින්) දීප්තිමත්වු කල්හි‚ අඬගණ (රාගාදි කෙලෙස්) රහිතවු කල්හි‚ කෙලෙස් පහව ගිය කල්හි‚ සිත මෘදුවු කල්හි‚ කටයුත්තට සුදුසුව සිටි කල්හි‚ සිත සථිරවු කල්හි‚ කමිපා නොවන බවට පැමිණි කල්හි සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවු‚ මිනිස් බව ඉක්මවා සිටි දිවඇසින්‚ චුත වන්නාවුද‚ උපදින්නාවුද‚ ලාමකවුද‚ ප්‍රණීතවුද‚ මනා වර්‍ණ ඇත්තාවුද‚ මනා වර්‍ණ නැත්තාවුද‚ යහපත් ගති ඇත්තාවුද‚ අයහපත් ගති ඇත්තාවුද‚ කර්‍මය පරීදි මියගියාවු‚ සත්‍වයන් දකිමි.

,ඒකානතයෙන් මෙි පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වුවාහු‚ වාක් දුශචරිතයෙන් යුක්ත වුවාහු‚ මනොදුශ්චරිතයෙන් යුක්ත වුවාහු‚ ආය්‍ර්‍යයන්ට ද්‍රෙස් කීවාහු‚ මථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඹවුහු කය බිදිමෙන් මරණින් මතු සැපයෙන් පහවු‚ නපුරු ගති ඇති‚ යටිකුරුව වැටෙන‚ නරකයෙහි උපන්නාහුයයිද‚ මෙි පිනවත් සත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වුවාහු‚ වාක් සුචරිතයෙන් යුක්ත වුවාහු‚ මනො සුචරිතයෙන් යුක්ත වුවාහු‚ ආය්‍ර්‍යයන්ට ද්‍රෙස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්‍ම සමාදන් වුවාහුය. (එහෙයින්) ඹවුහු කය බිදීමෙන් මරණින් මතු සවර්‍ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවු‚ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්‚ චුත වන්නාවුද‚ උපදින්නාවුද‚ ලාමකවුද‚ ප්‍රණීතවුද‚ මනා වර්‍ණ ඇත්තාවුද‚ මනා වර්‍ණ නැත්තාවුද‚ යහපත් ගති ඇත්තාවුද‚ අයහපත් ගති ඇත්තාවුද කර්‍මය පරිදි මියගියාවු සත්‍වයන් දනිමි.

,අග්ගිවෙසසනය‚ මා විසින් රාත්‍රියෙහි මැද යාමයෙහි මෙි දෙවන විද්‍යාව (චුතවීමි‚ඉපදිමි දක්නා නුවණ) ලබනලදී (එය වසන) අවිද්‍යාවනසනලදී. විද්‍යාව උපන්නීය‚ අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව‚ කෙලෙස් තවන විය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදුවිය යුතු නමි එසේ වීය. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවුද සැප වෙිදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

27. ,ඒ මම මෙසේ සිත එකහවු කල්හි‚ පිරිසිදුවු කල්හි‚ දීප්තිමත්වු කල්හි‚ කෙලෙස් රහිතවු කල්හි‚ කෙලෙස් පහව ගිය කල්හි‚ සිත මෘදුවු කල්හි‚ කටයුත්ත ෙසුදුසුව සිටි කල්හි‚ සිත සථිරවු කල්හි‚ කමිපා නොවන බවට පැමිණි කල්හි‚ ආශ්‍රව ක්‍සයකර ඥනය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම‚ මෙය දුකය.යි තතුසේ දත්තෙමි. මෙි .දුක් ඉපදීමට හේතුවය.යි තතුසේ දත්තෙමි. මෙි .දුක් නැති කිරීමය.යි තතුසේ දත්තෙමි. .මෙි දුක නැති කිරීමෙි මර්‍ගය.යයි තතුසේ දත්තෙමි.

.මොහු ආශ්‍රවයෝය.යි තතුසේ දැනගතිමි. .මෙි ආශ්‍රවයන්ගේ හටගැන්මය.යි තතුසේ දැනගතිමි. .මෙි ආශ්‍රවයන්ගේ නැතිකිරීමය.යයි තතුසේ දැනගතිමි. .මෙි ආශ්‍රවයන් නැති කිරීමෙි මාර්ගය.යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවු මෙසේ දක්නාවු ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයයි දැනගතිමි.

,අග්ගිවෙසසනය‚ රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මෙි තුන්වෙනි විද්‍යාව (ආශ්‍රවක්‍ෂයකරඥන නමිවු අර්හත් මාර්‍ගය) මා විසින් ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව‚ කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදුවිය යුතු නමි එසේ විය. අග්ගිවෙසසනය‚ උපන්නාවු මෙබඳුවුද සැප වෙිදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

,අග්ගිවෙසසනය‚ මම වනාහි නොයෙක් සියගණන් පිරිසෙහි ධර්‍මය දෙශනා කළ බව දනිමි. (එහිදී) .මටම ශ්‍රමණ ගෞතමතෙම ධර්‍මය දෙශනා කරන්නේය.යි එක් එක් පුද්ගලයා සිතයි. අගගිවෙසසනය‚ මෙි කාරණය මෙසේ නොදත යුතුයි. තථාගතතෙම අන්‍යයන්ට ධර්‍මය අවබොධ කිරීම පිණිසම ධර්‍මය දෙශනා කරති. අගගිවෙසසනය‚ ඒ මම ඒ දෙශනාව අවසානයෙහිත් මුලදිත් යමි කිසි සමාධියකින් නිතර වාසය කරන්නෙමි නමි ඒ සමාධියෙහිම සිත පිහිටුවමි‚ හිඳුවමි‚ සමාධිගත කරමි,.

,යමි ඵලසමාපතතියකින් නිතරම වාසයකරමි.යි (වද්‍රරන සේක්ද) අර්‍හත්වු සම්‍යක්සමබුඬකෙනෙකුට යමිසේ නමි එසේම භවත් ගෞතමයින්ගේ මෙි සමාපතතියට සමවැදිම ඇදහිය යුතුය භවත් ගෞතමතෙම දවල් නිද්‍රගත් බවක් දන්නා සේක්ද?, ,අගගිවෙසසනය‚ ග්‍රීෂ්ම සෘතුවෙහි අනතිම මාසයෙහි බතින් පසුව පිණඩපාතයෙන් වැළකුනේ සහල සිවුර සතර පටක් කොට එලා සිහි ඇතිව මනා නුවණ ඇතිව දකුණු ඇලයෙන් නිද්‍රගත් බව මම දනිමි., ,භවත් ගෞතමයෙනි‚ ඇතැමි මහණ බමුණෝ මෙි දහවල් නිදීම වනාහි සමෙමාහ විහරණයයි (මුළාවී වාසය කිරීමක්යයි) කියත්., ,අගගිවෙසසනය‚ මෙපමණින් මුළාවුවෙක් හෝ නුමුළාවුවෙක් හෝ නොවෙයි. අග්ගිවෙසසනය‚ යමිසේ මුළාවුවෙක් වෙිද‚ මුළානොවුවෙක් හෝ වෙිද‚ එය අසව‚ මනාකොට සිතෙහි තබාගනුව‚ කියන්නෙමි.. ,එසේය‚ පින්වතුන්වහන්ස, කියා සචචක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වද්‍රළහ.

27. ,අග්ගිවෙසසනය‚ යමි කිසිවෙකුට සිත කෙලෙසන්නාවු‚ නැවත ඉපදීම ඇතිකරන්නාවු දැවිලි සහිතවු‚ දුක් විපාක ඇත්තාවු‚ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවු යමි ආශ්‍රවයෝ වෙද්ද‚ ඹවුහු නැති නොවුවාහුද‚ ඹහු මුළාවු වෙනැයි මම කියමි. අග්ගිවෙසසනය‚ ආශ්‍රවයන්ගේ නැති නොකිරීම නිසා මුළාවෙයි.

,අග්ගිවෙසසනය‚ බමි කිසිවෙකුට සිත කෙලෙසන්නාවු‚ නැවත ඉපදීම ඇති කරන්නාවු‚ දැවිලි සහිතවු‚ දුක් විපාක දෙන්නාවු මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවු යමි ආශ්‍රවකෙනෙක් වෙද්ද‚ ඹවුහු නැතිවුවැහුද‚ මම ඹහු නොමුළා වුවෙකැයි කියමි. අග්ගිවෙසසනය‚ කෙලෙසුන් නැති කිරීමෙන් නොමුළාවුයේ වෙයි.

,අග්ගිවෙසසනය‚ තථාගතයන් වහන්සේට වනාහි සිත කෙලෙසන්නාවු‚ නැවත ඉපදීම ඇති කරන්නාවුද‚ දැවිලි සහිතවු‚ දුක් විපාක ඇතිකරන්නාවු‚ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවු යමි ආශ්‍රවයෝ වෙත්ද‚ ඹවුහු නැති වුවාහුය‚ සිඳිනලද මුල් ඇත්තාහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නුපදින සවභාව ඇත්තාහ. අග්ගිවෙසසනය‚ මුදුන කපන ලද තල් ගසක් යමිසේ නැවත වැඩෙන්නට නොසුදුසුද‚ අග්ගිවෙසසනය‚ එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ‚ සිත කෙලෙසන්නාවු‚ නැවත ඉපදීම ඇති කරන්නාවු‚ දැවිලි සහිතවු‚ දුක් විපාක ඇති කරන්නාවු‚ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවු යමි ක්ලෙසයෝ වෙත්ද‚ ඹවුහු නැති වුහ. මුල් සිඳින ලද්ද්‍රහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නුපදින සවභාව ඇත්තාහ.

මෙසේ වද්‍රළ කල්හි සචචක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. .භවත් ගෞතමයාණෙනි‚ ආශ්චය්‍ර්‍යය‚ භවත් ගෞතමයාණෙනි‚ අද්භුතය‚

මෙසේ ගට ගටා කියනු ලබන්නාවු‚ එලව එලවා කියනලද‚ වචන වලින් ව්‍යවහාර කරනු ලබන්නාවු භවත් ගෞතමයින්ගේ ශරීරවර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සම්‍යක් සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේය.

,භවත් ගෞතමයණෙනි‚ මම පුරණ කාශ්‍යපහට වාද කථාවෙන් වාදය ආරොපණය කළබව දනිමි. හෙතෙම වනාහි මා විසින් වාද කථාවෙන් වාදය පටන් ගන්නා ලද්දේ අන්‍ය කථාවකින්‚ කථාව යටපත් කෙළේය. කථාව පිටතට නැමිය. කෝපයද‚  ෙවෂයද‚ නොසතුටද පහළ කෙළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවු වෙත පමුනුවන ලද්ද්‍රවු‚ වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවු භවත් ගෞතමයින්ගේ වනාහි ශරීරවර්‍ණයද බබලයි . මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සම්‍යක් සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේමය. භවත් ගෞතමයාණෙනි‚ මකඛලිගොසාලහටද‚ වාදයෙන් වාදය නැගුවා දනිමි. ඹහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කළේය. මෙසේ ගටගටා කියනු ලබන්නාවු‚ වෙත පමුණුවනු ලබන්නාවු‚ වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවු භවත් ගෞතමයින්ගේ ශරීර වර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සමිමාසමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේයි.

,අජිතකෙසකමිබලහටද‚ වාදයෙන් වාදය නැගුවා දනිමි. ඹහුවනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවු‚ වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාරකරනු ලබන්නාවු භවත් ගෞතමයන්ගේ ශරීර වර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සමිමා සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේයි.

,පකුධකචිචායනටද‚ වාදයෙන් වාදය නැගුවා දනිමි. ඹහුවනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ‚ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවු‚ වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාරකරනු ලබන්නාවු භවත් ගෞතමයන්ගේ ශරීර වර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සමිමා සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේය.

,සංජය බෙලටිඨිපුතතටද‚ වාදයෙන් වාදය නැගුවා දනිමි. ඹහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන්ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවු‚ වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවු භවත් ගෞතමයන්ගේ ශරීර වර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සමිමා සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේය.

,නිගණ්ඨනාතපුතතටද‚ වාදයෙන් වාදය නැගුවා දනිමි. ඹහුවනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද‚ ෙවෂයද‚ නොසතුටද පහළ කළේය. මෙසේ ගටගටා කියනු ලබන්නාවු‚ වෙත පමුණුවන වචන වලින් ව්‍යවහාරකරනු ලබන්නාවු භවත් ගෞතමයන්ගේ ශරීර වර්‍ණයද බබලයි. මුහුණෙහි වර්‍ණයද පහදියි. අර්‍හත්වු සමිමා සමිබුදු කෙනෙකුට යමිසේ නමි එසේය.

,භවත් ගෞතමයාණෙනි‚ දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු., ,අග්ගිවෙසසනය‚ නුඹ යමක් ඒ සඳහා සුදුසුයයි හහින්නෙහිද‚ දැන් ඊට කාලය,යි වද්‍රළහ. ඉක්බිති සචචක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගෙන උන් ආසනයෙන් නැගිට ගියේය.

සයවෙනිවු මහා සචිචක සුත්‍රය නිමි. ( 4-6 )

35. චූල සච්චක සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතූන් වහන්සේ විශාලාමහනුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරති. එකල්හි කථාවෙහි දක්‍ෂවූ, තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝ දෙනා විසින් උගතෙකැයි කියනු ලබන්නාවූ නිගණ්ඨපුත්‍ර වූ සච්චක තෙමේ විශාලාමහනුවර වැඩ වාසය කරයි. හෙතෙම විශාලාමහනුවර පිරිස් මැද මෙබඳු කථාවක් කියයි. ,මා සමඟ වාදයට පැමිණෙන යම් කිසිවෙක් කම්පා නොවෙයිද, විශෙෂයෙන් කම්පා නොවෙයිද, නොවෙව්ලා සිටියිද, යමෙකුගේ කිහිලි වලින් ඩහදිය නොපෙරෙයිද, එබඳු වූ ශිෂ්‍ය සමූහ නායකවූ, ගණ නායකවූ, ගණ ආචාරියවූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ ´මම අර්‍හත් සම්‍යක්සම්බුඞය´ යි කියාගන්නා කෙනෙකු හෝ නොදකිමි. ඉදින් මම හිත් පිත් නැති කණුවක් හා වාද කරන්නෙම් නම් ඒ කණුවද කම්පාවන්නේය විශෙෂයෙන් කම්පාවන්නේය. වෙව්ලා සිටින්නේය. මනුෂ්‍යවූවෙකු ගැන කියනුම කවරේද?, (කියාය.)

එකල්හි ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි, පාත්‍ර සිවුරු ගෙන පිඬු පිණිස විසාලාමහනුවරට වැඩියහ. විශාලාමහනුවර ඒ මේ තැන පයින් ඇවිදිමින් සිටි නිගණ්ඨපුත්‍ර සච්චක තෙමේ ඒ එන්නාවූ ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුයේය. දැක, ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස්, ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකපැත්තක උන්නේය. එකපැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවේය.

2.,පින්වත් අස්සජි ස්ථවිරයෙනි, ශ්‍රමණ ගෞතමතෙම කෙසේ නම් ශ්‍රාවකයන් හික්මවන්නේද? ශ්‍රාවකයන් විෂයෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනාවක් බහුලකොට පවතීද?,

,අග්ගිවෙස්සනය, ( සච්චකයාට නමකි.) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වනාහි ශ්‍රාවකයන් හික්මවන්නාහ. ශ්‍රාවකයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනාවක් බහුලකොට පවතී:

(එනම්) ,මහණෙනි, රූපය අනිත්‍යය, වෙදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥානය අනිත්‍යය. මහණෙනි, රූපය ආත්ම රහිතය, වේදනා තොම ආත්ම රහිතය, සංඥාව ආත්ම රහිතය, සංස්කාරයෝ ආත්ම රහිතයහ, විඥානය ආත්ම රහිතය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්‍මයෝ අනාත්මයහ, (කියායි.)

,අග්ගිවෙස්සනය, මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවති. මෙබඳු කොටස් ඇති අනුශාසනාව භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විෂයෙහි බොහෝ සෙයින් පවත්නාහ., ,පින්වත් අස්සජි ස්ථවිරයෙනි, යම්බඳුවූ අපි ශ්‍රමණ ගෞතමයන් මෙබඳු වාද ඇත්තෙකැයි ඇසුවෙමුද, ඒ අපි නොඇසිය යුත්තක් ඇසුවෙමු. අපි කිසියම් දවසක ඒ භවත් ගෞතමයන් සමග එක්වන්නෙමු නම් ඉතා යෙහෙක. යම් කථා සල්ලාපයක් වන්නේ නම් ඉතා යෙහෙක. ඒ ලාමකවූ මිථ්‍යාදෘෂ්ටියෙන් (ඔවුන්) තොරකරන්නෙමු නම් ඉතා යෙහෙකැ´යි (කීයේය.)

3. එකල්හි වනාහි කිසියම් කටයුත්තක් සඳහා පන්සියයක් පමණ ලිච්ඡවීහු සන්ථාගාර ශාලාවෙහි රැස්ව සිටියහ. එකල්හි සච්චක නිගණ්ඨපුත්‍ර තෙම ඒ ලිච්ඡවීහු යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ඒ ලිච්ඡවීන්ට මෙසේ කීවේය. ,පින්වත් ලිච්ඡවියෙනි මෙහි එත්වා, පින්වත් ලිච්ඡවියෙනි, මෙහි එත්වා, අද ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කථාවක් වන්නේය. ඉදින් ශ්‍රමණ ගෞතම තෙම ඔහුගේ ප්‍රසිඬ ශිෂ්‍යයන් අතුරෙන් එක්තරා කෙනෙකු වූ අස්සජිනම් භික්‍ෂුව ප්‍රකාශ කළ පරිදිම ප්‍රකාශ කළහොත්, යම්සේ ශක්තිමත් පුරුෂයෙක් දික් ලොම් ඇති එථවකු ලොම්වලින් ගෙන ඉදිරියට අදින්නේද, පස්සට අදින්නේද, හාත්පස එහා මෙහා අදින්නේද එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් කථා මාර්‍ගයෙන් දොෂය නගා ඉදිරියට අදින්නෙමි, පස්සට අදින්නෙමි. හාත්පස එහාමෙහා අදින්නෙමි.යම්සේ බලවත්වූ, රා සැලෙහි වැඩකරුවෙක්, රා සැලෙහි එලන කලාලයක් (පැදුරක්) ගැඹුරුවූ දිය විලක බහා කොණකින් අල්වාගෙන ඉදිරියට අදීද, පස්සට අදීද, හාත්පසින් අදීද, එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදය නඟා ඉදිරියට අදින්නෙමි, පස්සට අදින්නෙමි. හාත්පස අදින්නෙමි. යම්සේ බලවත්වූ සුරාධූර්‍තයෙක් රා පෙරහන කොනින් අල්වා ගෙන යටිකුරු කොට සොලවාද, උඩුහුරු කොට සොලවාද, නැවත නැවත ගසාද එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදය නඟා ඉදිරියට අදින්නෙමි. පස්සට අදින්නෙමි හාත්පස අදින්නෙමි. සැටවස් පිරුණු ඇතෙක් ගැඹුරුවූ පොකුණකට බැස සණධොවික (හණ සේදීම නම්වූ ක්‍රීඩා විශෙෂය) කෙරේද, එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් හා සණධොවික (හණ සෝදන) ක්‍රීඩාව කරන්නාක් මෙන් ක්‍රීඩා කරමි.

,පින්වත් ලිච්ඡවියෙනි, එත්වා, පින්වත් ලිච්ඡවියෙනි, එත්වා, අද ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කථාවක් වන්නේය´යි (කීයේය.)

4.ඒ සමූහයෙහි ඇතැම් ලිච්ඡවිහු මෙසේ කීවාහුය. කිමෙක්ද? ,ශ්‍රමණ ගෞතමතෙම සච්චක නිගණ්ඨපුත්‍රයාට වාදය නගන්නේද? නැතහොත් සච්චක නිගණ්ඨපුත්‍රතෙම ශ්‍රමණ ගෞතමයින්ට වාදය නගන්නේද?, ඇතැම් ලිච්ඡවිහු මෙසේ කීහ.

,සච්චක නිගණ්ඨපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට වාදය නගන්නේ නම් කෙසේ හොබනේද? භාග්‍යවතුන් වහන්සේම නිගණ්ඨපුත්‍රවූ සච්චකයාට වාදය නගන්නේය, (කියායි.) ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍රතෙම පන්සියයක් පමණ ලිච්ඡවීන් විසින් පිරිවරන ලද්දේ මහවනයේ කූටාගාර සාලාව යම් තැනක්හිද, එහි ගියේය. එකල්හි බොහෝ භික්‍ෂූහු එළිමහණෙහි සක්මන්කරති. ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍රතෙම භික්‍ෂූන් යම් තැනෙක්හිද, එහි ගියේය. ගොස් ඒ භික්‍ෂූන්ට මෙසේ කීයේය.

,පින්වත්නි, දැන් ඒ පින්වත් ශ්‍රමණ ගෞතම තෙම කොහි වෙසේද? අපි ඒ පින්වත් ගෞතමයන් දකිනු කැමැත්තම්හ.,

,අග්ගිවෙස්සනය, භාග්‍යවතුන් වහන්සේ මහවනයට වැද එක්තරා රුකක් සමීපයෙහි දිවා විහරණ වසයෙන් වැඩහිඳිති,යි කීහ.)

ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම මහත් ලිච්ඡවි පිරිස සමග මහවනයට ගොස් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා, එකපැත්තක උන්නේය. ඒ ලිච්ඡවීහුද සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ යම් පැත්තකද ඒ පැත්තට දොහොත් නගා (වැඳ) එක පැත්තක උන්හ.

එකපැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

,ඉදින් භවත් ගෞතම තෙම ප්‍රශ්න ඇසීම පිණිස මට අවසර දෙන්නේ නම් මම භවත් ගෞතමයින්ගෙන් යමක් අසන්නෙමි,යි (කීයේය.) ,අග්ගිවෙස්සනය, යමක් කැමැත්තෙහි නම් (එය) අසව,යි (වදාළහ.) ,භවත් ගෞතමයාණෙනි, භවත් ගෞතම තෙමේ කෙසේ වනාහි ශ්‍රාවකයන් හික්මවන්නේද, භවත් ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනාවක් බහුලකොට පවතීදැ,යි (ඇසීය.)

5.,අග්ගිවෙස්සනය, මම මෙසේ වනාහි ශ්‍රාවකයන් හික්මවමි. ශ්‍රාවකයන් විෂයෙහි මගේ මෙබඳු අනුශාසනාව බහුලකොට පවතියි.

,මහණෙනි, රූපය අනිත්‍යය, වෙදනාව  අනිත්‍යය, සංඥා තොමෝ අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඤඤාණය අනිත්‍යය. මහණෙනි, රූපය ආත්ම රහිතය, වේදනාව ආත්මරහිතය, සංඥාව ආත්මරහිතය, සංස්කාරයෝ ආත්ම රහිතයහ, විඥානය ආත්මරහිතය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්‍මයෝ අනාත්මයහ,යි

,අග්ගිවෙස්සනය, මෙසේ වනාහි මම ශ්‍රාවකයන් හික්මවමි. ශ්‍රාවකයන් විෂයෙහි මෙබඳු මාගේ අනුශාසනාව බහුල කොට පවතීය,යි වදාළ සේක.

,භවත් ගෞතමයිනි, මට උපමාවක් වැටහෙයි, (සච්චක කීය.),අග්ගිවෙස්සනය, තොපට වැටහේවා,යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ,භවත් ගෞතමයිනි, යම් ඒ ධාන්‍ය වර්‍ග හා ගස් වැල් ආදිය පැලවීමට, වැඩීමට, මහත්වීමට පැමිණෙත්ද, ඒ සියල්ල පොළොව නිසා පොළොවෙහි පිහිටා ඒ ධාන්‍ය ඇට හා ගස් වැල් ආදිය යම්සේ පැලවෙත්ද, වැඩෙත්ද, මහත්වීමට යෙද්ද, භවත් ගෞතමයාණෙනි, යම්සේ ශරීර ශක්තියෙන් කටයුතුවූ යම්කිසි කර්‍මාන්තයෝ වෙත්ද, ඒ සියලු දෙය පොළොව නිසා පොළොවෙහි පිහිටා යම්සේ කරනු ලැබෙත්ද, භවත් ගෞතමයාණෙනි, එපරිද්දෙන්ම රූපය ආත්මකොට ඇති මේ පුරුෂ තෙම තමා ආත්මයයි ගත් රූපයෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස්කරයි. වේදනාව ආත්මකොට ඇති මේ පුද්ගලතෙම වේදනාවෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස්කරයි. සංඥාව ආත්මකොට ඇති පුද්ගලතෙම සංඥාවෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කරයි.

සංස්කාරයන් ආත්මකොට ඇති මේ පුද්ගලතෙම සංස්කාරයන්හි පිහිටා පින් හෝ පව් හෝ රැස්කරයි.විඥානය ආත්මකොට ඇති මේ පුද්ගලතෙම විඥානයෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කෙරේය,යි (කීයේය.)

6.,අග්ගිවෙස්සනය, තොපි රූපය මගේ ආත්මයයි, වේදනාව මාගේ ආත්මයයි, සංඥාව මගේ ආත්මයයි, සංස්කාරයෝ මාගේ ආත්මයයි, විඥානය මාගේ ආත්මය´යි, කියා කියන්නහුද?,

,භවත් ගෞතමයෙනි මමද රූපය මාගේ ආත්මයයිද, වෙදනාව මාගේ ආත්මයයිද, සංඥාව මාගේ ආත්මයයිද, සංස්කාරයෝ මාගේ ආත්මයයිද, විඤඤාණය මාගේ ආත්මයයිද, මෙසේ කියමි. මේ මහජන සමූහයාද එසේ කියන්නේය,යි (කීය.)

,අග්ගිවෙස්සනය, මහජන සමූහයා කුමක් කරන්නේද? අග්ගිවෙස්සනය, එබැවින් තොපම ස්වකීය වාදය ගැටථ රහිත කරව.,

,භවත් ගෞතමයෙනි, මම වනාහි රූපය මාගේ ආත්මයයිද, වෙදනාව මාගේ ආත්මයයිද, සංඥාව මාගේ ආත්මයයිද, සංස්කාරයෝ මාගේ ආත්මයයිද, විඥානය මාගේ ආත්මයයිද, මෙසේ කියමි,යි (කියේය.)

,අග්ගිවෙස්සනය, එසේ නම් මෙහිලා තොපම විචාරමි. තොප යම්සේ කැමති නම් එසේ ප්‍රකාශ කරව, ,අග්ගිවෙස්සනය, පසේනදි කොසොල් රජද, මගධ රට වෙදෙහි පුත්‍ර අජාසත් රජද වැනි මුදුනෙහි අභිෂෙක කරනු ලැබූ ක්‍ෂත්‍රිය රජ කෙනෙකුට තමාගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළයුත්තෙකුගේ ධනය විනාශ කරන්නට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලයක් ඇත්තේයැයි සිතන්නෙහිද?,

7.,භවත් ගෞතමයෙනි, පසේනදි කොසොල් රජ මගධ රට වෙදෙහි පුත්‍රවූ අජාසත් රජවැනි මුදුනෙහි අභිෂෙක කරනලද ක්‍ෂත්‍රිය රජ කෙනෙකුට තමන්ගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළයුත්තෙකුගේ ධනය විනාශ කිරීමට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලය ඇත්තේය. භවත් ගෞතමයෙනි, සමූහවූ මහපිරිස් ඇති වැදෑරට වැසි ලිච්ඡවීන්හටද, මල්ල රජවරුන්හටද, තමන්ගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළ යුත්තෙකුගේ ධනය විනාශ කරන්නට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලය ඇත්තේය.

,පසේනදි කොසොල් රජ මගධ රට වෙදෙහි පුත්‍රවූ අජාසත් රජ වැනි මුදුනෙහි අභිෂෙක කරනලද ක්‍ෂත්‍රිය රජ කෙනෙකු

ගැන කියනුම කවරේද? භවත් ගෞතමයෙනි, ඔවුනට ඒ බලය ඇත්තේමය. තිබෙන්නට සුදුසුමය,

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? රුපය මාගේ ආත්මයැයි නුඹ කියන්නෙහිය. ´මගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවා´යැයි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?,

මෙසේ කීකල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙමේ නිශ්ශබ්ද විය. දෙවනුවද භාග්‍යවතූන් වහන්සේ සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙසේ කීහ.

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? රූපය මාගේ ආත්මයැයි නුඹ කියන්නෙහිය. මාගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මාගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවායැයි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?,

දෙවනුවද සච්චක නිගණ්ඨ පුත්‍රතෙමේ නිශ්ශබ්ද විය. ඉක්බිති භාග්‍යවතූන් වහන්සේ නිගණ්ඨ පුත්‍රයාට මෙසේ කීහ. ,අග්ගිවෙස්සනය, කියව, තොපට නිශ්ශබ්දවීමට කාලය නොවේ. ,අග්ගිවෙස්සනය, තථාගතයන් විසින් තුන්වෙනි වර දක්වා කරුණු සහිතව ප්‍රශ්න කරනු ලැබූ යම් කිසිවෙක් පිළිතුරු නොදෙයිද, මෙහිම ඔහුගේ හිස හත්කඩකට පැලෙන්නේය.

එකල්හි වජ්‍රපාණි නම් යක්‍ෂතෙම (සක්දෙව්රජ) ගිනිගෙන දලිසෙන හාත්පස ගිනිදැල් සහිතවූ අයොමය වජ්‍රායුධයක්ගෙන සච්චක නිගණ්ඨ පුත්‍රයාගේ හිසට උඩින් අහසෙහි සිටියේ වෙයි. (කුමකටද යත්:-),ඉඳින් මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන්වහන්සේ විසින් තුන්වෙනිවර දක්වා කරුණු සහිතව ප්‍රශ්න විචාරණ ලද්දේ උත්තර නොදෙන්නේද, මෙහිම ඔහුගේ හිස හත්කඩකට පලන්නෙමි,යි (කියායි.)භාග්‍යවතුන්වහන්සේද, සච්චක නිගණ්ඨ පුත්‍ර තෙමේද, ඒ වජ්‍රපාණි යක්‍ෂයා දකියි. (සෙස්සන්ට නොපෙනේ.)

8. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍ර තෙම බියපත් වූයේ, සංවේගයට පැමිණියේ, ලොමුදැහැගත්තේ භාග්‍යවතුන් වහන්සේගේම පිහිට සෙවීය. භාග්‍යවතුන් වහන්සේම සැඟවීමට ස්ථානයයි සෙවුවේය. භාග්‍යවතුන් වහන්සේම පිහිටයයි සෙව්වේය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ,භවත් ගෞතමතෙම මා විචාරාවා ප්‍රකාශ කරන්නෙමි,යි (කීය.)

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? ´රූපය මගේ ආත්මයැ´යි නුඹ කියන්නෙහිය, මගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවා´යි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?,

,භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.,

,අග්ගිවෙස්සනය, සිහි කරව. අග්ගිවෙස්සනය, සිහි කර උත්තර දෙව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? වෙදනාව මගේ ආත්මයයි නුඹ කියන්නෙහිය, (ආත්ම වශයෙන් ගත්) ´ඒ මාගේ වෙදනාව මෙසේ වේවා. මාගේ වේදනාව මෙසේ නොවේවා´යි ඒ වේදනාව කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?

,භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.,

,අග්ගිවෙස්සනය, සිහි කරව. අග්ගිවෙස්සනය, සිහි කර උත්තර කියව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? නුඹ සංඥාව මාගේ ආත්මයයි කියන්නෙහිය, (ආත්ම වශයෙන් ගත්) ´ඒ මාගේ සංඥාව මෙසේ වේවා. මාගේ සංඥාව මෙසේ නොවේවා´යි ඒ සංඥාව කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?

,භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.,

,අග්ගිවෙස්සනය, සිහි කරව. අග්ගිවෙස්සනය, සිහි කර උත්තර කියව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? නුඹ ´සංස්කාරයෝ මාගේ ආත්මය ය´යි කියන්නෙහිය. (ආත්ම වසයෙන් ගත්) ´ඒ මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා. මාගේ සංස්කාරයෝ මෙසේ නොවෙත්වා´යි ඒ සංස්කාරයන් කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?.

,භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.,

,අග්ගිවෙස්සනය, සිහි කරව. අග්ගිවෙස්සනය, සිහි කර උත්තර කියව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? විඤඤාණය මාගේ ආත්මයයි නුඹ කියන්නෙහිය, (ආත්ම වශයෙන් ගත්) ´ඒ මාගේ විඤඤාණය මෙසේ වේවා. මාගේ විඤඤාණය මෙසේ නොවේවා´යි ඒ විඤඤාණය කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?,

,භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.,

,අග්ගිවෙස්සනය, සිහි කරව, අග්ගිවෙස්සනය, සිහි කර උත්තර කියව, නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.

9.,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?,

,භවත් ගෞතමයෙනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?

,භවත් ගෞතමයෙනි, එය දුක්ය, ,යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුථ නම් එය, ´මෙය මගේය, එය මම වෙමි. ඒ මගේ ආත්මයැ´යි සලකන්නට සුදුසුද?,

,භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.,

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? වෙදනාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද,

,භවත් ගෞතමයෙනි, අනිත්‍යය,

,යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?

,භවත් ගෞතමයෙනි, දුක්ය,

,යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම්, එය ´මෙය මාගේය, මෙය මම වෙමි´ මෙතෙම මාගේ ආත්මය´යි දකින්ට සුදුසුද?,

,භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.,

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? සංඥාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?,

,භවත් ගෞතමයෙනි, අනිත්‍යය.,

,යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?,

,භවත් ගෞතමයෙනි, දුක්ය,

,යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම් එය, ´මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මය´යි දකින්ට සුදුසුද?,

,භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.,

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙත්ද, අනිත්‍ය හෝ වෙත්ද?,

,භවත් ගෞතමයෙනි, අනිත්‍යය.,

,යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?,

,භවත් ගෞතමයෙනි, ඒ දුක්ය.,

,යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම්, එය ,මෙය මාගේය, මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය´යි ගැනීමට සුදුසුද?,

,භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.,

,අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? විඤඤාණය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද,

,භවත් ගෞතමයෙනි, අනිත්‍යය,

,යමක් අනිත්‍ය නම්, එය දුක් හෝ වේද, සැප හෝ වේද?,

,භවත් ගෞතමයෙනි, එය දුක්ය.,

,යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම් එය, ´මෙය මාගේය, මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය´යි ගැනීමට සුදුසුද?

,භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.,

,අග්ගිවෙස්සනය, හරයෙන් (අරටුවෙන්) ප්‍රයෝජන ඇත්තාවූ, හරය සොයන්නාවූ, හරය සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම තියුණු පොරොවක් ගෙන වනයට පිවිසෙන්නේය. හෙතෙම එහි නොමේරූ ඇද නැති අලුත්වූ මහත් කෙසෙල් කඳක් දක්නේය. හෙතෙම ඒ කෙසෙල් කඳ මුලින් සිඳින්නේය. මුල සිඳ අග සිඳින්නේය. අග සිඳ පතුරු ගළවන්නේය. පතුරු ගළවන්නාවූ හෙතෙම එලයක්වත් නොලබන්නේය. හරයක් කොයින් ලබාද? අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම නුඹ ස්වකීය වාදයෙහි මා විසින් යොදනු ලබන්නේ, කරුණු ගන්වනු ලබන්නේ, කරුණු කියනු ලබන්නේ සාර රහිත වූයේ, එහෙයින්ම ශුන්‍යවූයේ පැරදුනෙහිය.

,අග්ගිවෙස්සනය, විසාලාමහනුවර පිරිසෙහිදී නුඹ විසින් මේ වචනය කියන ලද්දේ නොවේද?

,මා සමඟ වාදයට පැමිණෙන යම්කිසිවෙක් කම්පා නොවෙයිද, විශෙෂයෙන් කම්පා නොවෙයිද, නොවෙව්ලා සිටියිද, යමෙකුගේ කිහිලි වලින් ඩහදිය නොගලයිද, එබඳුවූ ශිෂ්‍ය සමූහ නායකවූ, ගණ නායකවූ, ගණ ආචාරියවූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ ´මම අර්‍හත් සම්‍යක්සම්බුඞයැ´ යි කියාගන්නා කෙනෙකු හෝ නොදකිමි. ඉඳින් මම හිත් පිත් නැති කණුවක් සමග වාද කරන්නෙම් නම් ඒ කණුවද කම්පාවන්නේය, විශෙෂයෙන් කම්පාවන්නේය. වෙව්ලා සිටින්නේය. මනුෂ්‍යවූවෙකු ගැන කියනුම කවරේද?, (කියාය.)

,අග්ගිවෙස්සනය, නුඹගේ වනාහි ඇතැම් ඩහදිය බිඳු නළලින් ගිලිහුනාහු උතුරු සථව පලාගෙන බිමට වැටුනාහ. අග්ගිවෙස්සනය, දැන් මාගේ ශරීරයෙහි ඩහදිය නැත්තේය., මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි රන්වන්වූ ශ්‍රී ශරීරය (ගෙළ අසල සතරඟුළක් පමණ) විවෘත කළහ.

මෙසේ කී කල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙම නිශ්ශබ්ද වූයේ මකු වූයේ පහතට ලූ ගෙළ ඇත්තේ, මුහුණ යටට හරවා ගත්තේ, සිතිවිලි සිතන්නේ, වැටහීම් රහිතවූයේ හුන්නේය.

ඉක්බිති දුම්මුඛ නම් ලිච්ඡවි රාජපුත්‍රතෙම නිශ්ශබ්දවූ, මකුවූ,

පහතට ලූ ගෙළ ඇති, යටිකුරුවූ මුහුණ ඇති, සිතිවිලි සිතන, වැටහීම් රහිතවූ සච්චක නිගණ්ඨ පුත්‍රයා දැක, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: භාග්‍යවතුන් වහන්ස, මට උපමාවක් වැටහේ,යයි (කියායි.)

,දුම්මුඛය, නුඹට වැටහේවා,යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

10………………… . ,සවාමීනි., යම්සේ ගමක් හෝ නියම් ගමක් හෝ අසල පොකුණක් ඇත්තේය.. ඒ පොකුණෙහි කකුලුවෙක් වෙසෙයි. ස්වාමීනි, එකල බෙිහෝ ළදරුවෝ හෝ ළදැරියෝ හෝ ඒ ගමින් හෝ නියම් ගමින් හෝ නික්ම ඒ පොකුණ යම් තැනෙක්හිද එතැන්හි පැමිනෙන්නාහ. පැමින, ඒ පොකුනට බැස ඒ කකුලුවා දියෙන් ගොඩගෙන ගොඩබිමෙහි තබන්නාහුය. ස්වාමීන,ි ඒ කකුලුවා යම්කිසි අඬුවක් ඉදිරියට නමාද ඒ දරුවෝ හෝ ඒ දැරියෝ හෝ ඒ අඬුව ගල් කැටයකින් හෝ කැබලිත්තකින් හෝ සිඳින්නාහුය. බිදින්නාහුය. හාත් පසින් බිදින්නාහුය. ස්වාමීනි, මෙසේ වනාහී සියලු අඬු සිදින ලද්දාවු බිදින ලද්දාවු ඒ කකුලුතෙම පෙරමෙන් ඒ පොකුනට බසින්නට නුසුදුසු වෙයිද, ස්වාමීනි, එපරිද්දෙන්ම සච්චක නිගණ්ඨ පුත්‍රයාගේ කිසියම් දෘෂ්ටි කම්පන වුවාහුද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිදින ලදහ. බිදින ලදහ. හාත්පසින් බිදින ලදහ. ස්වාමීනි දැන් සචච්ක නිගණ්ඨ පුත්‍රතෙම වාද කරන අදහස් ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙන්නට නුසුදුසුය,.

මෙසේ කී කල්හී සචච්ක නිගණ්ඨ පුත්‍රතෙම දුම්මුඛ ලිච්ඡවි පුත්‍රයාට මෙසේ කීයේය. ,දුම්මුඛය, නුඹ නවතුව, දුම්මුඛය, නුඹ නවතුව, අපි තා සමග කථානොකරමු. මෙහි අපි භවත් ගෞතමයින් සමග කථා කරමු. භවත් ගෞතමයිනි, අපගේද අන්‍යවූ බොහෝ ශ්‍රමණ බ්‍රහ්මනයන්ගේද, මේ කථා තොම තිබුනා වේ, ඒ වචන ප්‍රලාපයක් මෙනි., නොහොත් ප්‍රලාප මාත්‍රයෙකි. කොපමණකින් භවත් ගෞතමයන්ගේ ශ්‍රවක තෙම අනුශාසනාව කරන්නේ, සැකයෙන් එතෙරවූයේ කෙසේ කෙසේදැයි පැවති සැකය පහවූයේ, පහවූ සැක ඇත්තේ, විශාරද බවට පැමිනියේ, අනුන්ගේ පිහිට නොසොයන්නේ, ශාස්තෘ ශාසනයෙහි වාසය කෙරේද?,

11 . ,අග්නිවෙස්සනය, මේ ශාසනයෙහි මාගේ ශ්‍රවක තෙම පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාල යෙහි වු තමා තුල වූද, පිටත්හි වූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් රූපයක්වේද, ඒ සියලු රූපය ´මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මගේ ආත්මය නොවේ´ යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවනින් දකීද පසුගිය කාලය මතු කාලය දැන් කාලය යන තුන්කාලයෙහි වූ තමා තුල වූද පිටත්හී වූද මහත්වූද සියුම්වූද පහත්වූද උසස්වූද දුරවූද ළඟවූද යම් වේදනාවක්වේද ඒ සියලු වේදනාව ´මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මගේ ආත්මය නොවේ´ යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවනින් දකීද පසුගිය කාලය මතු කාලය දැන් කාලය යන තුන්කාලයෙහි වූ තමා තුල වූද පිටත්හී වූද වූද මහත්වූද සියුම්වූද පහත්වූද උසස්වූද දුරවූද ළඟවූද යම් සංස්කාරයෝ වෙත්ද ඒ සියලු සංස්කාරයෝ ´මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මගේ ආත්මය නොවේ´ යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවනින් දකීද පසුගිය කාලය මතු කාලය දැන් කාලය යන තුන්කාලයෙහි වූ තමා තුල වූද පිටත්හී වූද මහත්වූද සියුම්වූද පහත්වූද උසස්වූද දුරවූද ළඟවූද යම් විඤ්ඤාණයක් වේද ඒ සියලු විඤ්ඤාණය ´මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මගේ ආත්මය නොවේ´ යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවනින් දකීද

. ,අග්නිවෙස්සනය, මෙපමණකින් මාගේ ශ්‍රවකතෙම අනුශාසනාව කරන්නේ, අවවාදයට අනුව ක්‍ර්යා කරන්නේ සැකයෙන් එතෙර වූයේ කෙසේ කෙසේදැයි පැවති සැකය පහවූයේ, විශාරද බවට පැමිනියේ, අනුන්ගේ පිහිට නොසොයන්නේ ශාස්තෘ ශාසනයෙහි වාසයකරයි.,

,භවත් ගෞතමයෙනි, මහනතෙම කොපමණකින් නැතිකල කෙලෙස් ඇත්තේ, වැස නිමවනලද බ්‍රහ්මචරියා ඇත්තේ, කළකටයුතු ඇත්තේ, බහා තබන ලද කෙලෙස් බර ඇත්තේ, අර්‍හත් බවට පැමිණියේ භවසංයෝජන (සසර බැඳුම් ) විනාශ කළේ හොඳින් දැන මිදුනේ අර්‍හත් වේද?

12 . ,අග්නිවෙස්සනය, මේ ශාසනයෙහි මහණ තෙම පසුගිය කාලය, දැන් කාලය, මතුකාලය යන තුන්කාලයෙහිවූ තමා තුල වූද, පිටත්හී වූද, වූද මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද දුරවූද ළඟවූද යම් රූපයක් වේද ඒ සියලු රූපය ´මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මගේ ආත්මය නොවේය,යි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවනින් දැක තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, දැන් කාලය, මතුකාලය යන තුන්කාලයෙහිවූ තමා තුල වූද, පිටත්හී වූද, වූද මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද දුරවූද ළඟවූද යම් වේදනාවක්වේද ඒ සියලු වේදනාව ´මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මගේ ආත්මය නොවේ´ යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවනින් දැක තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද පසුගිය කාලය දැන් කාලය මතුකාලය යන තුන්කාලයෙහිවූ තමා තුල වූද පිටත්හී වූද වූද මහත්වූද සියුම්වූද පහත්වූද උසස්වූද දුරවූද ළඟවූද යම සංඥාවක්වේද ඒ සියලු සංඥාව පසුගිය කාලය දැන් කාලය මතුකාලය යන තුන්කාලයෙහිවූ තමා තුල වූද පිටත්හී වූද වූද මහත්වූද සියුම්වූද පහත්වූද උසස්වූද දුරවූද ළඟවූද යම සංස්කාරයෝ වෙත්ද ඒ සියලු සංස්කාරයෝ ´මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මගේ ආත්මය නොවේ´ යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවනින් දැක තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද පසුගිය කාලය දැන් කාලය මතුකාලය යන තුන්කාලයෙහිවූ තමා තුල වූද පිටත්හී වූද වූද මහත්වූද සියුම්වූද පහත්වූද උසස්වූද දුරවූද ළඟවූද යම් විඤ්ඤාණයක් වේද ඒ සියලු විඤ්ඤාණය ´මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මගේ ආත්මය නොවේ´ යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවනින් දැක තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද

,අග්නිවෙස්සනය, මෙපමණකින් මහණතෙම කෙලෙස් නැතිකරන ලද්දේ, වැස නිමවනලද බ්‍රහ්මචරිය ඇත්තේ, කළ කටයුතු ඇත්තේ, බහා තබනලද කෙලෙස් බර ඇත්තේ, අර්‍හත් බවට පැමිනියේ, භවසංයෝජන (සසර බැඳුම්) විනාශ කළේ හොඳන් දැන මිදුනේ, අර්‍හත් වෙයි.

13 . ,අග්නිවෙස්සනය මෙසේ මිදුන සිත් ඇති භික්ෂුව දස්සනානුත්තරිය (අර්‍හත් මාර්‍ගඥානය) පටිපදානුත්තරිය (ඉතිරි මාර්‍ගඥාන) විමුත්තානුත්තරිය (අර්‍හත් ඵලය) යන අනුත්තරිය ධර්‍ම තුනකින් යුක්තවෙයි. අග්ගිවෙස්සනය, මෙසේ මිදුණු සිත් ඇති භික්ෂුව, චතුරාය්‍ර්‍ය සත්‍යය අවබොධ කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාය්‍ර්‍ය සත්‍යය අවබොධය පිණිස ධර්‍මය දේසනා කරති. දැමුනාවු ඒ භාග්‍යවතුන් වහන්සේ (ඉන්ද්‍රිය) දමනය පිණිස ධර්‍මය දේසනා කරති. (සියලු කෙලෙස් සංසිඳීමෙන්) ශාන්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සංසිඳීම පිණිස ධර්‍මය දේසනා කරති. (කෙලෙස් සැඩපහර) තරණය කලාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (කෙලෙස් සැඩපහර) තරණය පිණිස ධර්‍මය දේසනා කරති. (කෙලෙස් ) පරිනිර්‍වාණය කලාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (කෙලෙස් ) පරිනිර්‍වාණය පිණිස ධර්‍මය දේසනා කරති යි භාග්‍යවතුන් වහන්සේටම සත්කාර කරයි, ගරු කරයි, බුහුමන් කරයි.,.

මෙසේ වදාළ කල්හී සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ,යම්බදු අපි භවත් ගෞතමයින් වාදයෙන් වාදය ගැටිය යුතු කොට සිතූයෙමුද භවත් ගෞතමයිනි, ඒ අපිම ගූණයෙන් පිරිහුනෙමු. අපිම ආඩම්බර වචන ඇත්තෝ වූවෙවමු. භවත් ගෞතමයානෙනි, මත් ඇතෙකුට පහරදී පුරුෂයෙකුට නිදහසක් ඇත්තේය. භවත් ගෞතමයින්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි. භවත් ගෞතමයෙනි, දිලිසෙන ගිනි කඳක හැපී පුරුෂයෙකුට නිදහසක් ඇත්තේය භවත් ගෞතමයින්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි,

,භවත් ගෞතමයෙනි, යම්බ්දු අපි භවත් ගෞතමයින් වාදයෙන් වාදය ගැටියයුතු කොට සිතූයෙමුද, භවත් ගෞතමයෙනි, ඒ අපිම ගුණයෙන් පිරිහුනෙමු අපිම ආඩම්බර වචන ඇත්තෝ වෙමු. භවත් ගෞතමතෙම හෙට දවසට භික්ෂු සංයා සමග මාගේ බත ඉවසුව මැනව, යි (කීය)භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.

14 . ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ඒ ලිච්ඡවීන්ට මෙසේ කීය ,පින්වත් ලිච්ඡවියනි මා ගේ වචනය අසත්වා මා විසින් ශ්‍රමණ ගෞතම තෙම භික්ෂු සංයා සමග සෙට දවසට බතින් පවරනලදී . යමක් උන් වහන්සේට කැපයයි හගිව්ද? ම වෙතට එය එවව්,. ඉක්බිති ලිච්ඡවීහු, ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් සච්චක නිගණ්ඨ පුත්‍රයාට පන්සියයක් පමණ බත්සැලි යැවූහ. එවිට සච්චක නිගණ්ඨ පුතතෙම සිය අරමෙහි ප්‍රණීත වූ කෑයුතු දෑද බුදියයුතුදෑ ද පිළියෙල කරවා .භවත් ගෞතමයෙනි සුදුසු කාලයයි බත නිමියේය. යි භාග්‍යවතුන් වහන්සේට කාලය මතක් කර යැවීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන සච්චක නිගණ්ඨපුත්‍රයාගේ ආරාමය යම් තැනෙක්හිද එතැන්හී වැඩියහ . වැඩ, භික්ෂු සංයා සමග පණවනලද අස්නෙහි උන්හ . ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම බුදුන් ප්‍රධානකොට ඇති භික්ෂු සංයා ප්‍රණීත වූ කෑ යුත්තෙන් ද, බොජුනෙන්ද, සියතින් වැළඳවීය . ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන්වූ පසු එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවු සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ ට සේ කීයේය ,භගවත් ගෞතමයානෙණනි, දානමය පුණ්‍යක්‍රියාවෙහි යම් මේ පිණකුත් විපාකයකුත් වේ නම් එය මේ දානය එවූ දායකයින්ට සැප පිණිස වේවා, යි (කීයේය) අග්ගිවෙස්සනය, පහනොකල රාගය ඇති පහනොකල වෙෂය ඇති පහනොකල මෝහය ඇති යම්බඳුි දක්ෂිනාර්‍හයෙකු වෙතට පැමිණ ඒ පුණ්‍ය විපාකය දායකයින්ට වන්නේය . අග්ගිවෙස්සනය, පහකල රාගය ඇති පහකල වෙෂය ඇති පහකල මෝහය ඇති මාවැනි දක්ෂිනාර්‍හයෙකු වෙත අවුත් ඒ පුණ්‍ය විපාකය නුඹට වන්නේයි වදාළහ.

පස්වෙනිවූ චූල සච්චක සූත්‍රය නිමි (4 – 5 )

34. චූල ගොපාලක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතූන් වහන්සේ වජ්ජි ජනපදයෙහි උක්කචෙලා නම් නුවර සමීපයෙහි ගංගානම් ගංතෙර වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතූන් වහන්සේ , මහණෙනි , යි භික්‍ෂූන්ට කථා කලහ. , සවාමීන් වහන්ස , යි ඒ භික්‍ෂූහු භාග්‍යවතූන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතූන් වහන්සේ මෙසේ වදාළහ.

, මහණෙනි පෙර වූවක් කියමි. එනම්, ඉතා අඥාන සවභාව ඇති මගධ රට වැසි වූ ගොපල්ලෙක් වස්සාන සෘතුවේ අන්තිම මාසයෙහි ශරත් කාලයෙහි, ගංගානම් නදියෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදෙහ රටට එතෙර කරනු පිණිස නුසුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය.

, මහණෙන,ි ඉක්බිති ගවයෝ ගංගානම් නදියෙහි මැද සැඩ පහරෙහි දිය සුලියකට අසු වී එහිම විනාශයට පත්වූහ. ඊට හේතු කවරේද? මහණෙනි, ඉතා අඥාන සවභාව ඇති මගධ රට වැසි ඒ ගවපාලකයා වස්සාන ඎතුවේ අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගංගා නම් ගඟෙහි මෙතෙර නොසලකා විදෙහ රටට එතෙර කරනු පිණිස ගවයන් ගඟට බැස්වීය.(එහෙයින.ි)

, මහණෙනි එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලොකය පිළිබඳව අදක්‍ෂයෝ වෙත්ද, පරලොව පිළිබඳව අදක්‍ෂයෝ වෙත්ද, මාරයාට අයත්වූවෙහි අදක්‍ෂයෝ වෙත්ද, මාරයාට අයත් නොවූවෙහි අදක්‍ෂයෝ වෙත්ද, මැරෙන සවභාව ඇති දෙයෙහි අදක්‍ෂයෝ වෙත්ද, නොමැරෙන සවභාව ඇති දෙයෙහි අදක්‍ෂයෝ වෙත්ද, ඔවුන්ගේ ධර්‍මය ඇසිය යුතුයයිද, ඇදහිය යුතුයයිද, යම් කෙනෙක් හඟින්නාහුද, ඔවුන්ට ඒ ඇසීම හෝ ඇදහීම හෝ බොහෝ කාලයක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.

2. , මහණෙනි පෙර වූවක් කියමි. නුවණැත්තාවූ මගධරට වැසි ගොපල්ලෙක් වර්‍ෂා සෘතුවේ අවසාන මාසයෙහි සරත් කාලයෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා විදෙහ රටට එතෙර කරනු පිණිස සුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය. හෙතෙම පළමු කොටම ගව පියන්වූ, ගවනායකවූ යම් ඒ වෘෂභයෝ වෙත්ද, ඔවුන් ගඟට බැස්වීය. ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳ ගඟහරහා සැපසේ එතෙරට ගියාහුය. ඊට අනතුරුව බලවත් වූද දමනය කටයුතුවූද ගවයින් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට නහඹු වස්සන් හා නහඹු වැස්සියන්ද බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට කුඩා වසුපැටවුන් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. මහණෙනි, ඉතා බාලවූ එකෙණෙහිම උපන් මවු දෙතගේ හඬින් ගෙන යනු ලබන වසුපැටියා පවා ගගෙහි සැඩපහර සරසට කපා සුවසේ එතර වීය.

´´ නුවණ ඇත්තාවූ මගධ රට වැසි ගොපලු තෙම වර්‍ෂාසෘතුවෙහි අන්තිම මාසයෙහි සරත් සෘතුවෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා එතෙරවූ විදෙහ රටට නිසි තොටින්ම ගවයන් එතෙර කළේය. මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලොකයෙහි (සකන්‍ධ ආයතනාදියෙහි) දක්‍ෂයෝ වෙද්ද, පරලොකයෙහි දක්‍ෂයෝ වෙද්ද, මාරයාට අයත් වූවෙහි දක්‍ෂයෝ වෙද්ද, මාරයාට අයත් නොවූවෙහි දක්‍ෂයෝ වෙද්ද, මැරෙන සවභාව ඇති දෙයෙහි දක්‍ෂයෝ වෙද්ද, නොමැරෙන සවභාව ඇති දෙයෙහි දක්‍ෂයෝ වෙද්ද, යමෙක් තූමූ ඔවුන්ගේ ධර්‍මය ඇසියයුතූ කොට, ඇදහියයුතූ කොට හඟින්නාහුද, ඔවුන්හට ඒ ඇසීම හා ඇදහීම බොහෝ කලක් මුලුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.

3. , මහණෙනි යම්සේ ගවපියන් වූ ගවයින්ට ප්‍රධාන වූ යම් ඒ වෘෂභයෝ ගඟෙහි සැඩපහර සිඳගෙන සැපසේ එතෙරට ගියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්‍ෂු කෙනෙක් නැතිකළ කෙලෙස් ඇති වැසනිමවූ බ්‍රහ්මචරියා ඇති, නිමවූ කටයුතු ඇති, බහා තබනලද කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණි රහත්බව ඇති, නැතිකළ භවසංයොජන ඇති මනා කොට දැන කෙලෙසුන්ගෙන් මිදුන රහතන් වහන්සේලා වෙත්ද, ඔවුහු මාරයාගේ (තෘෂ්ණා) සැඩපහර සිඳ සැපසේ (නිර්වාණයට) එතෙරට යන්නාහ.

,මහණෙන,ි යම්සේ ඒ බලවත් ගවයෝද, හික්ම විය යුතු ගවයෝද සැඩපහර සිඳ ගඟ හරහා සුවසේ ගියාහුද, මහණෙන,ි එසේම යම් ඒ භික්‍ෂුකෙනෙක් ඔරංභාගිය සංයෝජනයන් සිඳීමෙන් බඹලොව ඔපපාතිකව ඉපද එයින් කාම ලොකයට නොපැමිණෙන්නාවූ, අනාගාමී පුද්ගලයෝ වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඩපහර කපා සුවසේ එතරවන්නාහුය.

, මහණෙනිනි යම්සේ නහඹු වස්සෝද, නැහැඹි වැස්සියෝද සැඩපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වූවාහුද, මහණෙන,ි එසේම යම් ඒ භික්‍ෂූහු ත්‍රිවිධ සංයොජනයන් නැති කිරීමෙන් රාග ෙවෂ මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වූවාහු එක් වරක්ම මේ කාමලොකයට එන ස්වභාව ඇතිව දුක් කෙළවර කරන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

,මහණෙනි යම්සේ දුර්‍වලවූ වස්සෝ සැඩපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වූවාහුද, මහණෙන,ි එපරිද්දෙන්ම යම් ඒ භික්‍ෂූහු සංයොජන තුන නැති කිරීමෙන් සෝවාන් වූවාහු සතර අපායෙහි නොවැටෙන සුලුවූවාහු, නියතයෙන්ම රහත් බව ලබන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

,මහණෙනි, යම්සේ එකෙණෙහි උපන් ළදරු වසු පැටවාද මව්දෙනගේ ශබ්දය අනුව එතෙර වන්නේ සැඩපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙරට ගියේද, එපරිද්දෙන්ම ධම්මානුසාරීනම්වූද, සඬානුසාරීනම්වූද යම් ඒ සෝවාන් භික්‍ෂූහු වෙත්ද, ඔවුහුද මාරයාගේ් (තණ්හා) සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

4. ,මහණෙනි, මම වනාහි මේ ලොකය පිළිබඳවද දක්‍ෂවෙමි. පරලොකය පිළිබඳවද (ස්කන්‍ධධාතු ආයතනාදියෙහි) දක්‍ෂවෙමි. මාරයාට අයත් දෙය දැනීමෙහි දක්‍ෂවෙමි. මාරයාට අයත් නොවූ දෙය දැනීමෙහි දක්‍ෂවෙමි. මැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්‍ෂවෙමි. නොමැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්‍ෂවෙමි.

,මහණෙනි, යම් කෙනෙක් තුමූ මාගේ ධර්‍මය ඇසිය යුතුයයි හඟින්නාහුද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුලුල්ලෙහි හිත පිණිස සැප පිණිස වන්නේය.,

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා ශාස්තෲන් වහන්සේ නැවත මේ ගාථාද ප්‍රකාශ කළහ.

,සියල්ල දත් සර්‍වඥයන් වහන්සේ විසින් මෙලොව (ස්කන්‍ධධාතු ආයතනාදිය)ද, පරලොව (ස්කන්‍ධධාතු ආයතනාදිය)ද මනාව වදාරණලදී. මරහු විසින් පැමිණෙනලද යම් ධර්‍මයක් වේද, මරහු විසින් නොපැමිණෙනලද යම් ධර්‍මයක් වේද, සියල්ල දත් සර්‍වඥයන් වහන්සේ ඒ සියල්ල දැන නිවණට පැමිණීම පිණිස නිර්භයවූ මාර්‍ග දොරටුව විවෘත කරන ලදී.,

මාරයාගේ තෘෂ්ණා සැඩපහර සිදින ලදී, මානය නමැති සුලඟ විනාශ කරනලදී. එහෙයින් මහණෙනි, සතුට බහුලකොට ඇත්තාහු වව්, නිර්‍වාණය පතව්.

සතරවෙනිවූ චූල ගොපාල සූත්‍රය නිමි. (4-4)