10.සතිපටඨාන සුත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි, එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල් මාසදම්‍ය නම්වු කුරු රට වැස්සන්ගේ නියම ගම වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට ´´මහණෙනි´´ යි කථා කළෝය. භික්‍ෂුහු ´´ස්වාමින් වහන්ස´´ යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය.

´´මහණෙනි, යම් යම් මේ සතර සතිපටඨාන ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ සතර සතිපටඨාන ධර්‍මයෝ සත්‍වයන්ගේ පිරිසිදුවිම පිණිසද, සෝක කිරිමය, වැළපිමය යනාදින්ගේ ඉක්මවිම පිණිසද, කයෙහි හට ගන්නා දුක්ය, සිතෙහි හට ගන්නා දුක්ය, යන මොවුන්ගේ දුරලිම පිණිද, ඤය නම් ලද ආය්‍ර්‍ය මාර්‍ගයට පැමිණිම පිණිසද, නිර්වාණය අවබොධ කිරිම පිණිසද එකම මාර්‍ගය වන්නේ යයි´´ දේශනා කළාහුය.

´´ඒ සතර (සතිපටඨාන ධර්‍මයෝ) කවරහුද යත්? මහණෙනි මේ සස්නෙහි මහණ තෙම කෙලෙස් තමන විය්‍ර්‍ය ඇතුව යහපත් ප්‍රඥ ඇතුව, සිහියෙන් යුක්තව මේ ශරිරයෙහි ලෝභයද, ක්‍රොධයද, සංසිඳූවාගෙන, මේ ශරිරයෙහි ශරිරය අනුව දක්නා ස්වභාවය ඇතිව වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇතුව, යහපත් ප්‍රඥා ඇතුව, සිහි ඇතුව, විදිම් රාශියෙහි ලෝභය හා ද්‍රෙම්නස (ක්‍රොධය) සංසිඳූවාගෙන සිත් කෙරහි සිත් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙසුන් තවන වීය්‍ර්‍යය ඇතිව, සිහි ඇතිව යහපත් ප්‍රඥ ඇතිව, නිවරණාදි ධර්‍ම රාශියෙහි ලොභය හා ද්‍රෙම්නස (ක්‍රොධය) සංසිඳූවාගෙන නිවරණාදි ධර්‍මයන් කෙරෙහි ධර්‍මයන් අනුව සිහි කරමින් වාසය කෙරේද

(මේ සතර සතිපටඨාන ධර්‍මයෝ නම් වෙත්.)

2. ´´මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ පය්‍ර්‍ය්ඞකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරිරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිදින්නේය. හෙතෙම සිහියෙන්ම අශ්වාස කරන්නේ හෝ ´ දිර්ඝ කොට (කල් ගනිමින්-හෙමින් හෙමින්) ආශ්වාස කරන්නේ හෝ ´දිර්ඝ කොට (කල් ගනිමින්) ආශ්වාස කරන්නෙමි´ යි දන්නේය. දිර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ´ දිර්ඝ කොට ප්‍රශවාස කරන්නෙමි´ යි දන්නේය. ලුහුඬු කොට ( ඉක්මනින් ) ආශ්වාස නරන්නේ හෝ ´ ලුහුඬු කොට ආශ්වාස කරන්නෙමියි ´ දන්නේය. ලුහුඬු කොට ප්‍රශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාස කරන්නේ හෝ ´ ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි ´ දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාසය ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.

,මහණෙනි, දක්‍ෂවූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දික් කොට අදින්නේ හෝ, දික් කොට අදින්නෙමියි කියා යම්සේ දනීද, ලහුඬුව අදින්නේ හෝ එසේ ලුහුඬු කොට අදින්නෙමියි කියා යම්සේ දනීද, එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙමේ දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමියි කියා දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි කියා දන්නේය. ලුහුඬු කොට ආශ්වාස කරන්නේ හෝ ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි කියා දන්නේය. ලුහුඬුකොට ප්‍රශ්වාස කරන්නේ හෝ ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි කියා දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස දැන ගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාස දැන ගනිමියි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. සියලු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.

මෙසේ තමාගේ ( ආශ්වාස ප්‍රශ්වාස ) ශරීරය හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස ශරීරයෙහි හෝ ( ආශ්වාස ප්‍රශ්වාස ) ශරීරය අනුව නුවණින් බලමින් වාසය කරන්නේය. අනුන්ගේ හා තමන්ගේ ( ආශ්වාස ප්‍රශ්වාස ) ශරීරයෙහි හෝ ( ආශ්වාස ප්‍රශ්වාස ) ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ හටගැනීම බලමින් හෝ වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. කලෙක හටගැනීම, කලෙක විනාශය බලමින් හෝ වාසය කරන්නේය. මොහුට සන්‍ව පුද්ගල නොවූ ආශ්වාස ප්‍රශ්වාස කය පමණක් ඇත්තේය යන සිහිය එළඹ සිටියා වෙයි. එය ඥානය වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් දුරුව වසන්නේද වේ. එහෙයින් සන්‍ව ලෝකයෙහි, කිසි රූපාදියක් ( ආත්මාදි වශයෙන් ) නොගන්නේය. මහණෙනි, මෙසේද මහණ තෙම ශරීරයෙහි, ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

3. ,මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ යන්නෙමිය් දන්නේය. සිටියේ හෝ සිටියෙමිය් දන්නේය. හුන්නේ හෝ හුන්නෙමියි දන්නේය. ශයනය කරන්නේ හෝ සයනය කරන්නෙමියි දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවනලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශවීම් ස්වභාව දක්නේ හෝ වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට වනාහි ( සන්‍වයෙක් පුද්ගලයෙක් නොවූ ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය, කියා සිහිය එළඹ සිටිාය් වෙයි. එය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් ( දුරුව ) වාසය කරන්නේය. මේ සන්‍ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන් ) නොගනියි. මහණෙනි, භික්‍ෂු තෙම මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

4. ,මහණෙනි, නැවතද මහණ තෙමේ ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද සරස බැලීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේය. පාත්‍රා, දෙපට සිවුරු, තනිපට සිවුරු දැරීමෙහිද ප්‍රඥාවෙන් දැන දරන්නේය. අනුභව කිරීමෙහිද පානය කිරීමෙහිද, කඩා කෑමෙහිද රස බැලීමෙහිද නුවණින් දැන කරන්නේය. මලමුත්‍ර පහකිරීමෙහිද නුවණින් දැන කරන්ාන්ය. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දූරුකිරීමෙහිද, කථා කිරීමෙහිද, කථා නොකිරීමෙහිද, ප්‍රඥාවෙන් දැන ඒ ඒ කෘත්‍ය පවත්වන්නේ මෙසේ තමාගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම බලමින් හෝ වාසය කරන්නේය. විනාශය බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ඉපදීම කලෙක නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. මේ යෝගාවචරයාට වනාහි සන්‍වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේයයි සිහිය එළඹ සිටියේ වෙයි, (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණ්සද, සිහිය වැඩීම පිණිසද වෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනාගෙන් දුරුව වාසය කරන්නේය. ශරීර ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් නොගන්නේය. මහණෙනි, භික්‍ෂුව මෙසේද මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය.

5. ,නැවතද මහණෙනි, මහණ තෙම පාදතලයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නානාවිධ අසූචියෙන් පිරී සිටී. මේ ශරීරයම සිහි කරන්නේය. (කෙසේදයත්) මේ ශරීරයෙහි හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දෙතිස් දත්ය, හමය, මස්පිඩුය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුය, හෘදයමාංසයය, අක්මාවය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහන්ය, නොදිරූ ආහාරය, මලය, හිස්මොලය, පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය, ( යනමේ කුණපයෝ) ඇත්තාහ.

,මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන්ගෙන් පුරවනලද උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද, කිනම් ධාන්‍යවලින් යුත් මල්ලක්ද යත් ? හැල්වීය, මහවීය, මුංය, මෑය, තලය, සහල්ය, ( යනමේ ධාන්‍යවලිනි ) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල ලිහා මේ හැල්ය, මේ මහ වීය, මෙං මුංය, මේ මෑය, මෙං තලය, මේ සහල්යයි යම්සේ මෙනෙහි කරන්නේද එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙම පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් ආකාර අසුචිවලින් පිරුණාවූ මේ ශරීරයම සිහි කරන්නේය. ඒ කෙසේදයත්: හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දත්ය, සමය, මස්පිඩුය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුය, හෘදයමාංසයය, අක්මාවය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, අතුණුය, අතුණුබහන්ය, නොපැසුණු ආහාරය, මලය, හිස්මොළය, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය, ( යනමේ කුණපයෝ) මේ ශරීරයෙහි ඇත්තාහ කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඉපදීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය. ශරීරයෙහි විනාශවීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව හෝ අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේයයි යන සිහිය හොඳින් පිහිටියේ වෙයි, ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණ්සද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනා ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් ආත්මාදි වශයෙන් නොගනී. මහණෙනි, භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

6. ,මහණෙනි, නැවතද භික්‍ෂුව යම් ඉරියව්වකින් සිටියාවූද යම් ආකාරයකින් තබන ලද්දාවූද මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය. මේ ශරීරයෙහි පෘථිවි ධාතුව ( තද ගතිය ) ඇත්තේය. ආපෝ ධාතුව ( බැඳීම් ගතිය ) ඇත්තේය. තේජෝ ධාතුව ( උණු ගතිය ) ඇත්තේය. වායෝ ධාතුව ( පිම්බීම් ගතිය ) ඇත්තේය කියායි.

,මහණෙනි, යම්සේ දක්‍ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගවයෙකු මරා සතර ම්සන්ධියක කොටස් වශයෙන් වෙන් වෙන්කොට බෙදා උන්නේද, එපරිද්දෙන්ම මහණෙනි, භික්‍ෂුව මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය. කෙසේදයත්: මේ ශරීරයෙහි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ඇත්තේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍ව පුද්ගල නොවූ ධාතු මාත්‍රවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන් ) නොගනී. මහණෙනි භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

7. ,මහණෙනි, නැවතද භික්‍ෂුව, මැරී එක දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුනාවූ නිල්වූ සැරව වැගිරෙන්නාවූ සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දකින්නේද ඒ භික්‍ෂුව තම ශරීරය ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේද ? මේ ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාව නොයික්ම සිටියේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානය වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් ( ආත්ම වශයෙන් ) නොගනී. මහණෙනි, භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

8. ,මහණෙනි, නැවතද භික්‍ෂුව කවුඩන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ උකුසන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ නොයෙක් සතුන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ අමු සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද ඒ භික්‍ෂුව විසින් තමාගේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේදයත් ? මේ ශරීරයද මෙබඳුවූ ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාවය නොයික්ම සිටියේය කියාය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් කරන්නේය.

ශරීරයෙහි ඇතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කෙලෙක ශරීරයෙහි විනාසවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් ( ආත්ම වශයෙන් ) නොගනියි. මහණෙනි, භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

9. ,මහණෙනි, නැවතද භික්‍ෂුව ලේ මස් සහිතවූ නහරවලින් බැඳුනාවූ ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමන ලද මළමිනියක් යම්සේ දක්නේ වේද, ඒ භික්‍ෂුව මේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේදයත් ? මේ (මගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කෙලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය පිහිටියා වෙයි.

ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් ( ආත්ම වශයෙන් ) නොගනියි. මහණෙනි, භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

,මහණෙනි, නැවතද භික්‍ෂුව මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්‍ෂුව මේ ( තම ) ශරීරයද, ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ ( මාගේ ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කෙලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා

වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් ( ආත්ම වශයෙන් ) නොගනියි. මහණෙනි, භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

,මහණෙනි, නැවතද භික්‍ෂුව මස්ලේ දෙකින් පහවූ නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්‍ෂුව මේ ( තම ) ශරීරයද, ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ ( මාගේ ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කෙලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් ( ආත්ම වශයෙන් ) නොගනියි. මහණෙනි, භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

,මහණෙනි, නැවතද භික්‍ෂුව නහර බැඳුම්වලින් වෙන්වූ දිශා අනුදිශාවන්හි විසුරුණු ඇට කැබලිද, වෙන දිශාවක විසුරුණු පා ඇටද, වෙන දිශාවක විසුරුණු කෙණ්ඩා ඇටද, වෙන දිශාවක විසුරුණු කලවා ඇටද, වෙන දිශාවක විසුරුණු කටී ඇටද, වෙන දිශාවක විසුරුණු පිටකටුද, වෙන දිශාවක විසුරුණු හිස්කැබලිද ඇතිව සොහොනෙහි දමනලද මළමිනිය යම්සේ දකීද, ඒ භික්‍ෂුව ( තම ) ශරීරය, ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ ( මාගේ ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය.

කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කෙලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් ( ආත්ම වශයෙන් ) නොගනී. මහණෙනි, භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

10. ,මහණෙනි, නැවතද භික්‍ෂුව සක්ගෙඩියක පාටට සමානස්වභාව ඇති සුදුවූ ඇට ඇත්තාවූ සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්‍ෂුව ( තම ) ශරීරය, ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ ( මාගේ ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ශරීරයෙහි හටගන්නා ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කෙලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් ( ආත්ම වශයෙන් ) නොගනී. මහණෙනි, භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

,මහණෙනි, නැවතද භික්‍ෂුව අවුරුදු ගණන් ඉක්මගිය ඇට ගොඩක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්‍ෂුව ( තම ) ශරීරය, ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ ( මාගේ ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කෙලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් ( ආත්ම වශයෙන් ) නොගනී. මහණෙනි, භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

,මහණෙනි, නැවතද භික්‍ෂුව කුණුවූ, සුණුවූ ඇට කැබලිවලට පැමිණි සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්‍ෂුව ( තම ) ශරීරය, ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ ( මාගේ ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කෙලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් ( ආත්ම වශයෙන් ) නොගනී. මහණෙනි, භික්‍ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

11. ,මහණෙනි, කෙසේ නම් භික්‍ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේද ? මහණෙනි, මේ සස්නෙහි භික්‍ෂුව සැප වේදනාවක් විඳින්නේ, සැප වේදනාවක් විඳිමියි දැනගනී. දුක් වේදනාවක් විඳින්නේ, දුක් වේදනාවක් විඳිමියි දැනගනී. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක්ද නොවූ සැපද නොවූ ( උපෙක්‍ෂා ) වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. මෙසේ තමන්ගේ විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනා අනුව බලමින් වාසය කරන්නේය. කලෙක වේදනාවන්හි ඇතිවීම් ස්වභාව හා කෙලෙක වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනා අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍ව පුද්ගල නොවූ වේදනා ( විඳීම් ) පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් ( ආත්ම වශයෙන් ) නොගනී. මහණෙනි, භික්‍ෂුව මෙසේද විඳීම් අනුව බලමින් වාසය කරන්නේය.

12. ,මහණෙනි, භික්‍ෂුව කෙසේනම් සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද යත් ? මහණෙනි මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ සරාග (අට වැදෑරුම් ලොභ සහගත) සිත හෝ රාග සහිත සිතයයි දැනගනී. වීතරාග (ලෙ.ු.ෟකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතරාග සිතයයි දැනගනී. සදෝස (දෙවැදෑරුම් දෝසමූල) සිත හෝ සදෝස සිත යයි දැනගනී.

වීතදෝස (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතදෝස සිතයයි දැනගනී. සමෝහ (දෙවැදෑරුම් මෝහමූලවූ හෝ දොළොස් අකුසල්වූ) සිත හෝ සමෝහ සිතයයි දැනගනී. වීතමෝහ ( ලෞකික කුසල් විපාක ක්‍රියා ) සිත හෝ වීතමෝහ සිතයයි දැනගනී. සංඛිත්ත ( ථීනමිද්ධයන් – චිත්ත චෛතසිකයන්ගේ ගිලන් ස්වභාවය – හා යෙදුණ ) සිත හෝ සංඛිත්ත සිතයයි දැනගනී. වික්ඛිත්ත ( උද්ධච්චය – සිතේ විසිරයාම – හා යෙදුණ ) සිත හෝ වික්ඛිත්ත සිතයයි දැනගනී. මහග්ගත ( රූපාවචර අරූපාවචර ) සිත හෝ මහග්ගත සිතයයි දැනගනී. අමහග්ගත ( කිමිවචර ) සිත හෝ අමහග්ගත සිතයයි දැනගනී. සඋත්තර (කාමාවචර) සිත හෝ සඋත්තර සිතයයි දැනගනී. අනුත්තර (රූපාවචර අරූපාවචර) සිත හෝ අනුත්තර සිතයයි දැනගනී, සමාහිත (අර්‍පණා සමාධි උපචාර සමාධියෙන් යුත්) සිත හෝ සමාහිත සිතයයි දැනගනී. අසමාහිත ( අර්‍පණා සමාධි උපචාර සමාධියෙන් තොරවූ) සිත හෝ අසමාහිත සිතයයි දැනගනී. විමුක්ත (තදඬග විෂ්කම්භන විමුක්තීන්ගෙන් මිදුණ) සිත විමුක්ත සිතයයි දැනගනී. අවිමුක්ත (තදඬග විෂ්කම්භන විමුක්තීන්ගෙන් නොමිදුණු) සිත අවිමුක්ත සිතයයි දැනගනී.

මෙසේ තමාගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. සිතෙහි ඉපදීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. විනාශවීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ඉපදීම හා කලෙක විනාශවීම දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. ඔහුට සන්‍ව පුද්ගල නොවූ සිත ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්‍ෂුව මෙසේද සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කරන්නේය.

13. ,මහණෙනි, භික්‍ෂුව කෙසේ නම් ධර්‍මයන් කෙරෙහි ධර්‍මයන් අනුව බලමින් වාසය කෙරේද ? මහණෙනි, මේ ශාසනයෙහි පංච නීවරණ ධර්‍මයන් ( කුසල් ආවරණය කරන කෙලෙස් පස ) කෙරෙහි ධර්‍මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි, භික්‍ෂුව පංචනීවරණ ධර්‍මයන් කෙරෙහි (ඒ නීවරණ) ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කෙරේද ? මේ ශාසනයෙහි මේ ශාසනයෙහි භික්‍ෂුව තමා කෙරෙහි ඇත්තාවූ හෝ, කාමච්ඡන්දය ( පස්කම් සැපයෙහි ආසාව ), මා තුළ කාමච්ඡන්දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ, කාමච්ඡන්දය, මා තුළ කාමච්ඡන්දය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් කාමච්ඡන්දයාගේ ඉපදීම වේද, ඒ කාරණයත් දැනගනී. යම් කරුණකින් උපන්නාවූ කාමච්ඡන්දයාගේ දුරුකිරීම වන්නේද, ඒ කාරණයද දැනගනී. යම් කරුණකින් දුරු කරනලද කාමච්ඡන්දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණයද දැනගනී.

ඇත්තාවූ හෝ අධ්‍යාත්මිකවූ (තමා තුළවූ) ව්‍යාපාදය (ක්‍රොධය) මා තුළ (අධ්‍යාත්යික) ව්‍යාපාදය ඇතැයි දැනගනී. තමා නැත්තාවූ, හෝ ක්‍රොධය, මා තුළ ක්‍රොධය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ ක්‍රොධයේ ඉපදීම වේද, ඒ කරුණද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ ක්‍රොධයේ දුරුවීම වන්නේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ ක්‍රොධයේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.

තමා තුළ ඇත්තාවූ හෝ ථීනමිද්ධය ( චිත්ත චෛතසිකයන්ගේ මැලිබව ) මා තුළ ථීනමිද්ධය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ ථීනමිද්ධය, මා තුළ ථීනමිද්ධය නැතැයි දැනගනී. යම් කරුණකින් උපන් ථීනමිද්ධයාගේ දුරුවීම වන්නේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ ථීනමිද්ධයාගේ නැවත ඉපදීමක් නොවේද එයද දැනගනී.

තමා තුළ ඇත්තාවූ හෝ උධ්ධච්චකුක්කුච්චය ( නොසන්සුන්කම හා පසුතැවිල්ල ) මා තුළ උධ්ධච්චකුක්කුච්චය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ උධ්ධච්චකුක්කුච්චය මා තුළ උධ්ධච්චකුක්කුච්චය නැතැයි දැනගනී.

තමා කෙරෙහි ඇත්තාවූ විචිකිච්ඡාව, ( බුද්ධාදී අට තැන්හි සැකය ) මා තුළ විචිකච්ඡාව ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තාවූ හෝ විචිකිච්ඡාව මා තුළ විචිකිච්ඡාව නැතැයි දන්නේය. යම් කරුණකින් නූපන් විචිකිච්ඡාවගේ ඉපදීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් උපන් විචිකිච්ඡාවගේ දුරු කිරීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් දුරුැවූ විචිකිච්ඡාව නැවත නූපදින්නේද, එයද දන්නේය.

මෙසේ තමා තුළවූ හෝ ( පංචනීවරණ ) දර්‍මයන් කෙරෙහි ඒ ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය. බාහිරව පවත්නාවූ හෝ ( අනුන් පිළිබඳවූ ) නීවරණ ධර්‍මයන් කෙරෙහි ඒ ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූද, අනුන් පිළිබඳවූද ධර්‍මයන් කෙරෙහි ඒ ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය.

ඒ ධර්‍මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ඒ ධර්‍මයන්ගේ නැතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. විටක ඉපදීම් ස්වභාව හා විටක නැතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුවට සන්‍වයෙක් පුද්ගලයෙක් නොවූ නීවරණ ධර්‍මයන් ඇත්තාහය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. ඒ සිහිය නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් ( මමය මගේයයි ) ගැනීම නොකරන්නේය. මහණෙනි, ඒ භික්‍ෂුව මෙසේ පංචනීවරණ ධර්‍මයන් කෙරෙහි ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය.

14. ,මහණෙනි, භික්‍ෂුව නැවතද පසක්වූ උපාදාන ස්කන්ධ (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාන) ධර්‍මයන් කෙරෙහි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේ.

,මහණෙනි, භික්‍ෂුව පසක්වූ උපාදානස්කන්ධ ධර්‍මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කරන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව මේ රූපරාශයයි, මේ රූපයන් පහළවීමේ හේතුවයි, මේ රූපයන්ගේ විනාශයයිද, මේ වේදනාවය (විඳීමය) මේ වේදනාව පහළවීමේ හේතුවය, මේ වේදනාවගේ විනාශයයිද, මේ සංඥාවය, මේ සංඥාව පහළවීමේ හේතුවය, මේ සංඥා විනාශයයිද, හේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ පහළවීමේ හේතුවය, මේ සංස්කාර විනාශයයිද, මේ විඤඤාණයය, මේ විඤ්ඤාණයාගේ පහළවීමේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ විනාශයයිද මෙසේ තමා තුළවූ (පංචස්කන්ධ) ධර්‍මයන් කෙරෙහි ධර්‍මය අනුව බලමින් වාසය කරන්නේය. බාහිරවූ (අනුන් තුළවූ) හෝ ධර්‍මයන් කෙරෙහි ධර්‍මය අනුව බලමින් වාසය කරන්නේය. තමන් කෙරෙහිවූ හෝ අනුන් කෙරෙහිවූ හෝ ධර්‍මයන් කෙරෙහි ධර්‍මය අනුව බලමින් වාසය කරන්නේය. ධර්‍මයන්ගේ ඇතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ධර්‍මයන්ගේ විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කරන්නේය. කලෙක ධර්‍මයන්ගේ පහළවීම හා කලෙක ධර්‍මයන්ගේ විනාශවීම හෝ බලමින් වාසය කරන්නේය. ඔහුට ( සත්‍ව පුද්ගල නොවන ) ස්කන්ධ ධර්‍මයෝ ඇත්තාහුය ( යන ) සිහිය හොඳින් පිහිටියා වෙයි. ( ඒ සිහිය ) නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ඇසුරු නොකොට වාසය කරයි. ( පංචස්කන්ධ ) ලෝකයෙහි ( කිසිවක් මමය මගේයයි ) ගැනීමක් නොකරන්නේය. මහණෙනි, භික්‍ෂුව මෙසේ පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි, ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය.

15. ,මහණෙනි, නැවකද භික්‍ෂුව තමන් තුළවූ සය ආයතනයන්ද ( ඇස, කණ, නාසය, දිව, කය, සිත ) පිටතවූ සය ආයතනයන්ද ( රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්‍ශ, ධර්‍ම ) යන ධර්‍මයන් කෙරෙහි ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය. මහණෙනි, භික්‍ෂුව තමන් තුළවූද, පිටතවූද සය ආයතනයන් කෙරෙහි ධර්‍මයන් අනුව කෙසේනම් බලමින් වාසය කරයිද ? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඇසද දැනගනී. රූපයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීම හේතුකොටගෙන යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී. කණද දැනගනී. ශබ්දයද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී. නාසයද දැනගනී. ගන්‍ධයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.

දිවද දැනගනී. රසයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී. කයද දැනගනී. ස්පර්‍ශයද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද, එයද දැනගනී.

සිතද දැනගනී. ධර්‍මයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද, එයද දැනගනී.

මෙසේ තමා තුළවූ (ආයතන) ධර්‍මයන් කෙරෙහි හෝ ධර්‍මයන් අනුව බලමින් වාසය කෙරේ. පිටත්හිවූ ධර්‍මයන් කෙරෙහි හෝ ධර්‍මය අනුව බලමින් වාසය කෙර්. තමන් තුළවූද පිටත්හිවූද ධර්‍මයන් කෙරෙහි හෝ ධර්‍මයන් අනුව බලමින් වාසය කෙර්. ධර්‍මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කෙර්. ධර්‍මයන්ගේ විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කෙර්. කලෙක ධර්‍මයන්ගේ ඉපදීම හා කලෙක විනාශවීම බලමින් හෝ වාසය කෙරේ. ඔහුට (සත්‍ව පුද්ගල නොවන) ආයතන ධර්‍මයෝ ඇත්තාහුය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. (එය) නුවණ වැඩීම පිණිසද, සිහිය දියුණුවීම පිණිසද පවතී. ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ඇසුරු නොකොට වාසය කරන්නේය. (ආයතන ධර්‍ම) ලෝකයෙහි කිසිවක් (මමය, මගේයයි) ගැනීමක් නොකෙරේ. මහණෙනි, ඒ භික්‍ෂුව මෙසේ තමන් තුළවූද පටත්හිවූද දොළොස් ආයතන ධර්‍මයන් කෙරෙහි ධර්‍මයන් අනුව බලමින් වාසය කෙරේ.

16. ,මහණෙනි, නැවතද භික්‍ෂුව සප්තබොධ්‍යංග (අවබෝධයට හේතුවන අවයව හත) ධර්‍මයන්හි ධර්‍මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි, භික්‍ෂුව සත්වැදෑරුම් බොධ්‍යංග ධර්‍මයන් අනුව කෙසේ බලමින් වාසය කෙරේද ? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව තමා තුළ ඇත්තාවූ හෝ සතිසම්බොජ්ඣංගය, ( සිහිය ) මා තුළවූ සතිසම්බොජ්ඣංගය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ සතිසම්බොජ්ඣංගය, මා තුළවූ සතිසම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් සතිසම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ සතිසම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

තමා කෙරෙහි ඇත්තාවූ හෝ ධර්‍මවිචය (ප්‍රඥාව) සම්බොජ්ඣංගය, මා තුළ ධර්‍මවිචය සම්බොජ්ඣංගය ඇතැයි දැනගනී.තමා කෙරෙහි නැත්තාවූ හෝ ධර්‍මවිචය සම්බොජ්ඣංගයළ මා තුළ ධර්‍මවිචය සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ධර්‍මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ ධර්‍මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

තමා කෙරෙහි ඇත්තාවූ හෝ විරිය (වීය්‍ර්‍යය) සම්බොජ්ඣංගය හෝ මා තුළ විරිය සම්බොජ්ඣංගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ විරිය සම්බොජ්ඣංගය මා තුළ විරිය සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

තමා කෙරෙහි පීති (ප්‍රීතිය) සම්බොජ්ඣංගය හෝ මා තුළ පීති සම්බොජ්ඣංගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පීති සම්බොජ්ඣංගය, මා තුළ පීති සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

තමා කෙරෙහි ඇත්තාවූ හෝ පස්සද්ධි (සංසිඳීම) මා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පස්සද්ධි සම්බොජ්ඣංගය, මා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

තමා කෙරෙහි ඇත්තාවූ හෝ සමාධි (සිතේ එකඟකම) සම්බොජ්ඣංගය හෝ මා තුළ සමාධි සම්බොජ්ඣංගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ සමාධි සම්බොජ්ඣංගය, මා තුළ සමාධි සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

තමා කෙරෙහි ඇත්තාවූ හෝ උපෙක්ඛා (මැදහත් බව) සම්බොජ්ඣංගය හෝ මා තුළ උපෙක්ඛා සම්බොජ්ඣංගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ උපෙක්ඛා සම්බොජ්ඣංගය, මා තුළ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ උපකේඛා සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.

මෙසේ තමා කෙරෙහි ඇත්තාවූ හෝ (සප්ත බොධ්‍යංග) ධර්‍මයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරයි. අනුන් පිළබඳවූ (සප්ත බොධ්‍යංග) ධර්‍මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. තමන් පිළිබඳවූද අනුන් පිළබඳවූද ධර්‍මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. ධර්‍මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. කලෙක ඉපදීම හා කලෙක විනාශවීම හෝ බලමින් වාසය කරයි.

ඒ භික්‍ෂුවට (සත්‍ව පුද්ගල නොවන) බොධ්‍යංග ධර්‍මයෝ ඇතැයි යන සිහිය හොඳින් එළඹෙන ලද්දීය. (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. (ඒ භික්‍ෂුව) තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනා ආශ්‍රය නොකොට වාසය කරයි. ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් ගැනීම නොකරයි. මහණෙනි, භික්‍ෂුව මෙසේ සප්ත බොධ්‍යංග ධර්‍මයන් කෙරෙහි, ධර්‍මයන් අනුව බලමින් වාසය කරයි.

17. ,මහණෙනි, භික්‍ෂුව නැවතද චතුරාය්‍ර්‍ය සත්‍ය (උතුම් සත්‍යහතර) ධර්‍මයන් කෙරෙහි ධර්‍මයන් අනුව බලමින් වාසය කරයි. මහණෙනි, භික්‍ෂුව චතුරාය්‍ර්‍ය සත්‍ය ධර්‍මයන් කෙරෙහි ධර්‍මයන් අනුව බලමින් කෙසේ වාසය කරයිද ? මහණෙනි මේ ශාසනයෙහි භික්‍ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැතිකිරීයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගය යයි ඇති සැටියෙන් දැනගනී.

මෙසේ තමන් තුළවූ (චතුරාය්‍ර්‍ය සත්‍ය) ධර්‍මයන් කෙරෙහි හෝ ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය. අනුන් පිළිබඳවූ (චතුරාය්‍ර්‍ය සත්‍ය) ධර්‍මයන් කෙරෙහි හෝ ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූ හා අනුන් පිළිබඳවූ (චතුස්සත්‍ය) ධර්‍මයන් කෙරෙහි හෝ ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාය්‍ර්‍ය සත්‍යය) ධර්මයන්ගේ ඇතිවීමට හේතුවූ (ප්‍රත්‍යය) ධර්මයන් කෙරෙහි හෝ ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාය්‍ර්‍ය සත්‍යය) ධර්මයන්ගේ විනාශයට හේතුවූ (ප්‍රත්‍යය) ධර්මයන් කෙරෙහි හෝ ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය. කලෙක (චතුරාය්‍ර්‍ය සත්‍ය) ධර්‍මයන්ගේ උත්පත්තියද කලෙක විනාශයද බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුව (සත්‍ව පුද්ගල නොවන) චතුරාය්‍ර්‍ය සත්‍ය ධර්‍මයෝ ඇත්තාහ යන එළඹ සිටිඇත්තේ වෙයි. ඒ සිහිය ඥානය වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. (ඒ භික්‍ෂුවට´ තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, මසේ භික්‍ෂුව (චතුරාය්‍ර්‍ය සත්‍ය ධර්‍මයන් කෙරෙහි ධර්‍මයන් අනුව බලමින් වාසය කරන්නේය.

18. ,මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්‍මයන් සත් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ වඩන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, සත්වර්‍ෂයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, පස් වසක් කල් තබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත් බවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, තුන්අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා, මහණෙනි. යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත්මසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, සත් මසක් කල් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හයමසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, පස් මසක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, සාරමසක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, තුන්මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මාස දෙකක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, මාස දෙකක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්‍මයන් පසළොස් දිනක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්‍හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්‍මයන් සත්දවසක් මුථල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම අර්‍හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)

,මහණෙනි, රාගාදි කෙලෙස් නැතිව සත්‍වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුක්ඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේ ලැබීම පිණිසද නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්‍ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්‍මය ඒ කාරණය පිණිස වදාරණ ලද්දේය.,

භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ මේ (සතර සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව) මෙසේ දේශනා කොට වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව සතුටින් පිළිගත්හ.

දසවෙනිවූ සතිපට්ඨාන සූත්‍රය නිමි.

මූල පරියාය වර්‍ගය නිමි.

9. සම්මාදිට්ඨි සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහු කරවන ලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ .ඇවැත්නි. කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු .ඇවැත්නි.යි කියා ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.

2. ඇවැත්නි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටිය (හරි දැකීම) යයි කියනු ලැබේ. ඇවැත්නි, ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම කොපමණකින් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද? දෘෂ්ටිය සෘජු බවට පැමිණියාවේද, ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ ධර්‍මයට (නිර්‍වාණධර්‍මයට) පැමිණියේ වේද? ඇවැත්නි, අපි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මේ කීමෙහි අර්‍ථය දැන ගන්ට දුරසිටත් එන්නෙමු. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම මේ කීමෙහි අර්‍ථය ප්‍රකාශකිරීම අයත් වේවා, ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහු දැනගන්නාහුය. .ඇවැත්නි, එසේවී නම් අසව්, හොඳින් හිතේ තබාගනිව්, කියන්නෙමි. එසේය ඇවැත්නි, කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ.

3. ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම අකුසලයත් දනීද අකුසලමූලයත් දනීද කුසලයත් දනීද කුසලමූලයත් දනීද ඇවැත්නි, මෙපණකින්ද ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට ගියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයි. ඇවැත්නි, අකුසලය කවරේද? අකුසලමූලය කවරේද? කුසලය කවරේද? කුසලමූලය කවරේද? ඇවැත්නි, ප්‍රාණඝාතය අකුසල්ය, සොරකම් කිරීම අකුසල්ය, කාමයන්හි වරදවා හැසිරීම අකුසල්ය, බොරුකීම අකුසල්ය, කේලාම් කීම අකුසල්ය, ඵරුෂවචන කීම අකුසල්ය, නිෂ්ඵල කථා කීම අකුසල්ය, අධික ලොභය අකුසල්ය, බලවත් ක්‍රොධය අකුසල්ය, වැරදි දෘෂ්ටිය අකුසල්ය, ඇවැත්නි, මේ අකුසලයයි කියනු ලැබේ.

ඇවැත්නි, අකුසලමූලය කවරේද? ලොභය අකුසල් මූලයි, ෙවෂය අකුසල් මුලයි, මොහය අකුසල් මූලයි, ඇවැත්නි, අකුසල් මුල්යයි කියනු ලැබේ.

ඇවැත්නි, කුසලය කවරේද? ප්‍රාණඝාතයෙන් වැළැක්ම කුසල්ය, සොරකම් කිරීමෙන් වැළැක්ම කුසල්ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැක්ම කුසල්ය, බොරු කීමෙන් වෙන්වීම කුසල්ය, කේළාම් කීමෙන් වෙන්වීම කුසල්ය, ඵරුෂ වචනයෙන් වෙන්වීම කුසල්ය, හිස් වචනයෙන් වෙන්වීම කුසල්ය, අධික ලොභය නැති බව කුසල්ය, ව්‍යාපාද නැති බව කුසල්ය, නිවැරදි දැකීම කුසල්ය. ඇවැත්නි, මේ කුසලයයි කියනු ලැබේ.

4. ඇවැත්නි, කුසල මුල් කවරේද? අලොභය කුසල් මුලයි, අෙවෂය කුසල් මුලයි, අමොහය කුසල් මුලයි. ඇවැත්නි, මේ කුසල මුල්යයි කියනු ලැබේ.

ඇවැත්නි, යම්තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවකතෙම මෙසේ අකුසලය දනීද, අකුසල්මුල් දනීද , කුසලය දනීද , කුසල්මුල් දනීද හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමි යන දැකීම හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යා උපදවා මේ ජාතියෙහිදීම දුක් කෙළවර කරන්නේ වෙයි.

ඇවැත්නි, මෙපණකින්ද ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවාහුය.

5. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය ඎජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

ඇවැත්නි, ඇත්තේය, යම් තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ආහාරය දනීද, ආහාරයාගේ හේතුව දනීද? ආහාරයාගේ නැතිකිරීම දනීද, ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද මෙපණකින්ද ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි . ඔහුගේ දෘෂ්ටිය ඎජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයි.

6. ඇවැත්නි , ආහාරය කවරේද? ආහාරයාගේ හේතුව කවරේද? ආහාරයාගේ නැතිකිරීම කවරේද? ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසද, සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසද පවත්නාවූ ආහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්? ඝනවූද සියුම්වූද කබලිංකාර ආහාරය (කන බොන ආහාරය) ද, දෙවෙනිවූ ස්පර්‍ශ ආහාරය (විඳීමට හේතු වන්නාවූ සිතත් අරමුණත් ගැටීම)ද, තුන්වැනිවූ මනොසංචෙතනා ආහාරය (උත්පත්තියට හෙතුවන කර්‍මය)ද, සතරවැනිවූ විඤඤාණ ආහාරය (නාම රූපයන්ගේ පැවැත්මට හෙතුවූ විඤඤාණය)ද යන සතරය.

තෘෂ්ණාවගේ හටගැන්ම නිසා ආහාරයාගේ හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් ආහාරයාගේ නැතිකිරීම වෙයි. මේ ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයම ආහාර නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්‍මාන්තය, නිවැරදි ක්‍රියාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි. ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ආහාරය දනීද, ආහාරයාගේ හේතුව දනීද? ආහාරයාගේ නැතිකිරීම දනීද, ආහාර නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්‍හත් මාර්‍ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපණකින්ද ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඎජු බවට පැමිණියා වෙයි . ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේගේ (වචනය) සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවාහුය.

7. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය ඎජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම දුක දනීද, දුක ඉපදීමට හේතුව දනීද, දුක නැතිකිරීම දනීද, දුක නැතිකිරීමට යන මාර්‍ගය දනීද, මෙපණකින්ද ඇවැත්නි, ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි . ඔහුගේ දෘෂ්ටිය ඎජු බවට පැමිණියා වෙයි . ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයි. ඇවැත්නි, දුක කවරේද? දුක් හට ගැන්මට හේතුව කවරේද? දුක නැතිකිරීම කවරේද? දුක් නැති කිරීමට යන ප්‍රතිපදාව කවරේද යත්? ඉපදීමද දුකය, දිරීමද දුකය, මරණයද දුකය, ශොකය, වැළපීමය, ශාරීරික දුකය, මානසික දුකය, දැඩි වෙහෙසය යන මොහුද දුකය කැමතිවන යමක් නොලැබේ නම් ඒද දුකය. කොටින්ම උපාදානස්කන්ධ පහම දුකය. ඇවැත්නි, මේ දුකයයි කියනු ලැබේ.

8. ඇවැත්නි, දුක් හටගැන්මට හේතුව කවරේද? නැවත නැවත ඉපදීම ඇති කරන්නාවු ඛලවත් තෘෂ්ණාව හා ඵක්ව පවත්නාවූ ඒ ඒ තැන ඇලෙන්නාවූ යම් මේ තෘෂ්ණාවක් වේද, එනම් කාම තෘෂ්ණාවය(වස්තුකාම ආශාව), භව තෘෂ්ණාව (ශාස්වත දෘෂ්ටිය හා යෙදුණ ආශාව), විභව තෘෂ්ණාව (උච්ඡේද දෘෂ්ටිය හා යෙදුණ ආශෘව) යන මොහුය. ඇවැත්නි, මේ දුක් හටගැන්මට හේතුවයයි කියනු ලැබේ. ඇවැත්නි, දුක් නැති කිරීම කවරේද? ඒ තෘෂ්ණාවගේම ඉතිරි නොකොට නැතිකිරීමක් වේද, දුරලීමක්, මිදීමක්, ආලය නොකිරීමක් වේද, ඇවැත්නි, මේ දුක නැතිකිරීම යයි කියනු ලැබේ.

9. ඇවැත්නි, දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? මේ ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය , නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මොහුයි. ඇවැත්නි, යම්තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම මෙසේ දුක දනීද, මෙසේ දුක් ඉපදීමට හේතුව දනීද, මෙසේ දුක් නැතිකිරීම දනීද, මෙසේ දුක් නැතිකිරීමට මාර්ගය දනීද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරුකොට ද්වෙෂය දුරුකොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්‍ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපණකින්ද ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේද වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඎජුබවට පැමිණියාද වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයෙහි පැමිණියේ වෙයි.

ඇවැත්නි, මැනැවයි කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළාහුය.

10. ඇවැත්නි , ආය්‍ර්‍යශ්‍රාවකතෙම යම්සේ සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය ඎජුබවට පැමිණියා වෙයිද, ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ )නිර්‍වාණ) ධර්‍මයෙහි පැමිණියේ වෙයිද, එබඳුවූ අනික් ක්‍රමයක් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය.

ඇවත්නිල ආය්‍ය ර්‍ ශ්‍රාවකතෙම යම් සේ සම්‍යක්ද්‍රෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ ද්‍රෂ්ටිය සෘජුබවට පැමිනියා වෙයිද, ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවුයේ මේ (නිර්‍වණ)ධර්‍මයට පැමිණියේ වෙයිද, එබඳු අනික් ක්‍රමයක් ඇත්තේද? ඇවත්නි, ඇත්තේය. ආ්‍ර්‍යය ඇවැත්නි, ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම යම් තැනක පටන් ජරා මරණ දෙක දනිද, ජරා මරණයන්ගෙන් හෙතුව දනිද, ජරා මරණයන්ගේ නැතිකිරිම දනිද, මෙපමනකින්ද, ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක්ද්‍රෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ ද්‍රෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි.ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාද යෙන් යුක්තවුයේ මේ (නිර්‍වණ) ධර්‍මයට පැමිණියේ වෙයි.

11. ´´ඇවැත්නි ජරා මරණය කවරේද? ජරාමරණයට හෙතුව කවරේද? ජරා මරණයනැති කිරිම කවරේද? ජරාමරණ නැති කිරිමට යන ප්‍රතිපද්‍රව කවරේද? ඒ ඒ සත්ත්‍ව වර්‍ගයෙහි ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් (දිරිවක්) දිරායන බවක් වේද, දත් ආදිය කැඩි යාමක් වේද, ඉසකේ ආදිය පැසිමක් වේද, රුලිවැටුණු සම් ඇති බවක් වේදල ආයුෂයාගේ පිරිහිමක් වේද ඇස් ආදි ඉන්ද්‍රියන්ගේ මේරිමක් වේද, ඇවත්නි, මෙි ජරාවයයි කියනු ලැබේ. ඇවැත්නි, මරණය කවරේද, ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍ව වර්‍ගයෙන් යම් චුත විමක් වේද, අතුරුදහන් විමක් වේද, මරණයක් වේද, කාලකියාවක් වේද, පංචස්කන්ධයන්ගේ බිදිමක් වේද, ශරිරය බැහැර දැමිමක් වේද? ඇවැත්නි මරණයයි කියනු ලැබේ. ඇවත්නි

මෙසේ මේ ජරාවද, මේ මරණයද යන දෙක ජරාමරණයයි කියනු ලැබේ. ජාතිය (ඉපදිම) ඇතිවිමෙන් ජරා මරණයන්ගේ ඇත්විම වේ. ජාතිය නැති කිරිමෙන් ජරාමරණයන්ගේ නැති විම වේ. ආය්‍ර්‍ය අෂටාංගික මාර්ගයම ජරා මරණයන් නැතිකිරිමට යන ප්‍රතිපද්‍රයි. එනම් නිවැරදි දැකිම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්‍මන්තය, නිවැරදි ජිවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය, යන මේයි.

12. ඇවත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ ජරාව හා මරණය දනිද,මෙසේ ජරා මරනයන්ගේ හට ගැන්ම දනිද, මෙසේ ජරා මරණයන්ගේ නැති කිරිම දනිද, මෙසේ ජරා මරනයන්ගේ නැති කිරිම දනිද, මෙසේ ජරා මරනයන් නැතිකිරිමට පමුණුවන ප්‍රතිපද්‍රව දනිද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරු කොටද්වේෂය දුරු කොට මම වෙමිය යන දෘෂ්ටිය හා මානය නිසා අවිද්‍යාව දුරු කොට අරහත් මාර්‍ග.ඥන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙලවර කරන්නේ වෙයි. ඇවත්නි මෙපමණකින්ද, ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටිවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙනප්‍රසාදයෙන් යුක්ත වුයේ මේ (නිර්‍වණ) ධර්‍මයට ආයේ වෙයි.

´´ඇවත්නි ඉතා මැනවැයි කියා ඒ භික්‍ෂුහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ඉළග ප්‍රශ්නය ඇසුවාය. ඇවත්නි යමි ක්‍රමයකින් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සම්‍යක් ද්‍රෂ්ටියඇත්තේ වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන් ප්‍රසාදයෙන් යුක්ත වුයේ මේ (නිර්‍වණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබදු වු වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

13ග ඒ ඇවැත්නි ඇත්තේයග යමිතැනක පටන් ආය්‍ර්‍ය ශ්ර්‍‍ර්ර්‍‍රාවක තෙම ජාතිය )ඉපදීම ´ දනීද ඉපදීමට හේතුව දනීද, ඉපදීම නැති කිරිම දනීද, ඉපදීම නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපණකින් ද ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිග ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවුයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, ජාතිය කවරේ ද ඒ ඒ සත්‍වයන්ගේ ඒ ඒ සත්‍ව වර්‍ගයෙහි යමි ඉපදීමක් වෙිද, මනා කොට ඉපදීමක් වෙිද මවි කුසට පෑමිණීමක් වෙිද, ප්‍රකටව ඉපදීමක් වෙිද, ස්කන්‍ධයන්ගේ පහළ විමක් වෙිද, ආයතනයන්ගේ ලැබීමක්වෙිද, ඇවැත්නි, මෙි ජාතියයි කියනු ලැබෙී. කර්‍මභවය හෙතු කොටගෙන ජාතිය ඇතිවෙි. කර්‍මභවය හේත.ූකොට ගෙත ජාතිය ඇතිවෙී. කර්‍මභවය නැති කිරිමෙන් ජාතය නැති කිරිම වෙී. මෙී ආය්‍ය අෂ්ටාංගික මාර්‍ගයම ජාතිය නැතිකිරිමට පමුණුවන ප්‍රතිපදාවයි. එනමි: නිවැරදි දැකිම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්‍මන්තය, නිවැරදි ජිවිකාව, නිවැරදි ව්‍යායාමය නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මෙියි.

ඇවැත්නි, යමි අවස්ථාවක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ ජාතිය දනිද, මෙසේ ජාතියට හෙතූව දනිද, මෙසේ ජාතිය නැතිකිරිම දනිද, මෙසේ ජාතිය නැතිකිරිමට යන ප්‍රතිපදාව දනිද, හෙතම ස්ර්‍වප්‍රකාරයෙන් රාගය දරුකොට, ක්‍රොධය දරුකොට මම වෙමියි යන දෘෂ්ටය හා මානය නසා අවිද්‍යාව දරුකොට අර්හත් මාර්‍ග විද්‍යාව උපදචා මෙි ආත්මයෙහිම දක් කෙළවර කරන්තේ වෙයි. ඇවැත්නි, මෙපමණක්ද ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, මැනවයි කියා ඒ භිකිෂුහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේන් ඊළඟ ප්‍රශ්න ඇසුවාහුය,

ඇවැත්නි, යම් ක්‍රමයකින් ආය්‍ර්‍ය ශ්‍රවක තෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමි්ණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයිද එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

14. ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම කර්‍මභවය දනීද, කර්‍මභවය ඇතිවීමට හේතුව දනීද, කර්‍මභවය නැත්කිරීම දනීද, කර්‍මභවය නැති කිරීමට යන මාර්‍ගය දනීද, ඇවැත්නි , මෙපමණකින් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇක්කේ වෙයි. ඕහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්‍මීයහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයි. ඇවැත්නි, භවය කවරේද , භවය ඇතිවීමට හේතුව කවරේද, භවය නැතිකිරීම කවරේද, භවය නැතිකිරීමට යන මාර්‍ගය කවරේද,ඇවැත්නි භවයෝ (කර්‍මභව උත්පත්ති භව) මේ තුනක් වෙත්. කාම භවය, රූප භවය, අරූප භවය,(යන තුනයි) උපාද…ුානයන් (තෘෂ්ණාවෙන්දැඩි ලෙස ගැනීම) හේතුකොටගෙන භවයන්ගේ හටගැන්ම වේ. උපාදාන නැතිකිරීම භවයන්ගේ නැතිකිරී වේ. මේ අය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය භවය නැතිකිරීමේ මාර්‍ගය වේ. ඒකවරේද යත්? නිනැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්‍මාන්ත, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය, යන මේයි.

ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රවක තෙම මෙසේ භවය දනීද, මෙසේ භවයාගේ හටගැනීම දනීද , මෙසේ භවය නැතිකිරීම දනීද, භවය නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රොධය දුරුකොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මර්‍ග වද්‍යාව උපදවා මේ ආත්තමයෙහිම දුක් කෙළවර කරන්නේවෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්‍විාණ) ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂුූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයක්න් ආය්‍ර්‍යශ්‍රාවක තෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්‍මයෙහි නොසෙල්වන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

15. ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම්තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවක තෙම උපාද්‍රනය (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් දැඩිකොට අල්ලාගැනීම) දනීද, උපාද්‍රන නැතිකිරීමට යන ප්‍රතිපද්‍රව දනීද ඇවැත්නි, මෙපමණකින්ද ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඩහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ක වූයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, උපාද්‍රනය කවරේද? උපාද්‍රනයන්ගේ හටගැන්ම කවරේද? උපාද්‍රනයන්ගේ නැතිකිරිීම උපාද්‍රනයන් නැති කිරීමට පුහුණුවන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි මේ උපාද්‍රන සතරක් වෙත්. කාම උපාදානය ( ආශාවෙන් දැඩිකොට අල්ලාගැනීම) දිට්ඨි උපාදානය ( දෘෂ්ටියෙන් දැඩි කොට අල්ලාගැනීම) අත්තවාද උපාදානය (ආත්මයක් ඇතැයි තරයේ ගැනීම) සීලබ්බත උපාදානය (ශාසනයෙන් පිටත ශීලව්‍රත තරයේ ගැනීම) යන සතරයි.

තෘෂ්ණාව හේතුකොටගෙන උපාදානයන්ගේ හට ගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් උපාදාන නැති කිරීම වේ. මේ අය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයම උපාදාන නැතිකිරීමට යන මාර්‍ගයයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්‍මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම උපාදානය දනියිද, උපාදාන හටගැන්ම දනීද උපාදාන නැතිකිරීම දනිද, උපාදානයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්‍ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි මෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවක තෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. මේ (නිර්‍වාණ ) ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්‍ෂුහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන්වහන්සේගේන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි යම් ක්‍රමයකින් අය්‍ර්‍ය ශ්‍රාවක තෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පරමිණියා වෙයිද, ධර්‍මයෙහිනොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්‍වණ) ධර්‍මයට පැමිණියේ වෙයිද එබඳුවූවෙනත් ක්‍රමයකුත් ඇත්තේදූ?

16. ඇවැත්නි, ඇත්තේය. යම්.තැනකපටන් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙතම තණ්හාව දනීද , තණ්හාව ඉපදීමට හේතුව දනීද, තණ්හාව නැතිකිරීම දනීද, තණ්හාව නැතිකිරීමට යන මාර්‍ගය දනීද, ඇවැත්නි මෙපමණකින්ද, ආය්‍ර්‍යශ්‍රාවක තෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි.

ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ක වූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණීයේ වෙයි.

ඇවැත්නි, තණ්හාව කවරේද? තණ්හාව හටගැන්මට හේතු කවරේද? තණ්හාව නැතිකිරීම කවරේද? තණ්හාව නැතිකිරීමට යන මාර්‍ගය කවරේද?

ඇවැත්නි, මේ තණ්හාව කොටස් සයක් වෙත්. රූපතණහාව, සද්දා තණ්හාව, ගන්‍ධ තණ්හාව, රස තණ්හාව, වය පොටඨබ්බ තණ්හාවය, ධම්ම තණ්හාව(යන සයයි)

වේදනාවගේ හටගැන්මෙන් තණ්හාවගේ හටගැන්මවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිකිරීම වේ. මේ ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයම තණ්හාව නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්‍මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙසේ තණ්හාව දනීද, මෙසේ තණ්හාව හටගැන්ම දනීද, මෙසේ තණ්හාව නැතිකිරීම දනිීද, මෙසේ තණ්හාව නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරු කොට, ක්‍රොධය දුරුකොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්‍ගවිද්‍යාව උපදවාමේ ආත්මයේම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටිඇත්තේ වෙයි. ඔහුගේදෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ (නිර්‍වාණ)ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, මැනවයි කියා ඒ භික්‍ෂුහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි යම් ක්‍රමයකින් ආය්‍ර්‍ය ශ්‍රවක තෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයිද ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේද, මේ (නිර්‍වණ) ධර්යට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

17. ඇවැත්නි ඇත්තේය, ඇවැත්නි යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවක තෙම වේදනාවත් දනීද, වේදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවන් දනීද, ඇවැත්නි වෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වුයේ ධර්‍මයට පැමිණ්ීයේ වෙයි.

ඇවැත්නි, වේදනාව කවරේද? වේදනාවගේ හටගැන්ම කවරේද? වේදනාව නැතිකිරීම කවරේද? වේදනාවනැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ වේදනාව කොටස් සයක් වෙත්. ඇස හා ගැටීමෙන් හටගන්නා වේදනාවය. කණ හා ගැටීමෙන් හටගන්නා වේදනාවය. නාසය හා ගැටීමෙන් හටගන්නා වේදනාවය. දිව හා ගැටීමෙන් හටගන්නා වේදනාවය. ශරිරය හා ගැටීමෙන් හටගන්නා වේදනාවය. හිත හා ගැටීමෙන් හටගන්නා වේදනාවය. ( යන සයය) ස්පර්‍ශය (අරමුණු ගැටීම) හෙතුකොටගෙන වේදනාව හටගැන්ම වේ. ස්පර්‍ශය නැතිකිරීමෙන් වේදනාව නැතිකිරීම වේ. මේ ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයම වේදනාව නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකිම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය , නිවැරදි කර්‍මය, නිවැරදි ජීවිකාව, නිවැරද ිව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මෙයයි.

ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙසේ වේදනාව දනීද, මෙසේ වේදනාවගේ හටගැන්ම දනීද මෙසේ වේදනාව නැතිකිරීම දනිද, මෙසේ වේදනාව නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකෙිට අර්හත්මාර්‍ගවිද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි ඇවැත්නි, මෙපමණ කින්ද ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ැරත්තෙත් වෙයි . ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්‍වණ) ධර්‍මයට පැමිණයේ වෙයි.

ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්‍ෂුිහු ආයුෂ්මත් ශාරාබපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.

ඇවැත්නි, යම් ක්‍රමයකින් ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තෙත් වෙයිද ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්‍මයෙහිනොසෙල්වෙන ප්‍රසාදයෙන් යුකක්ත වූයේ මේ (නිර්‍වාණ) ධර්‍මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

ඇවැත්නි යම් තැතැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙසේ ස්පර්‍ශය දනීද, මෙසේ ස්පර්‍ශය හටගැන්ම දනීද ස්පර්‍ශය නැතිකිරීමදනීද, ස්පර්‍ශය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද, ඇවැත්න,ි මෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටිඇත්තේ වෙයි.

ඔහුදෙෘෂ්ටිය සෘජුබවටපැමිණියා වෙයි . ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි (නිර්‍වාණ) ධර්මයට පැමිණයේ වෙයි.

18. ඇවැත්නි ස්පර්‍ශය කවරේද? ස්පර්‍ශයාගේ හට ගැන්ම කවරේද? ස්පර්‍ශය නැතිකිරීම කවරේද? ස්පර්‍ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතතිපදාව කවරේද? ඇවැත්නි, මේ ස්පර්‍ශ කොටස් සයක් වෙත් .ඇස හා ස්පර්‍ශය කණ හා ස්පර්‍ශය, නාසය හා ස්පර්‍ශය, දිව හා ස්පර්‍ශය ශරීරය හා ස්පර්‍ශය, හිත හා ස්පර්‍ශය, යන සයයි. ආයතන (ඇස,ආදි ඉන්‍ද්‍රිය හය) හටගැන්මෙන් ස්පර්‍ශයන්ගේ නැතිකිරීම වේ. මේ ආය්‍ර්‍යඅෂ්ටාංගික මාර්‍ගයම ස්පර්‍ශය ඇතිකිරීමට පමුණුවන ප්ර්‍‍රතිපදාවය. එනම් නිවැරදි දැකීමය, නිවැරදි ජීවිකාව, නිවැරදි සිහිය , නිවැරදි සමාධිය යන මෙයි.

ඇවැත්න,ි යම් තැතැනක පටන් ආය්‍යයයය්‍ය්‍ර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ ස්පර්‍ශය දනීද, මෙසේ ස්පර්‍ශය හටගැන්ම දනීද ස්පර්‍ශනැතිකිරීම දනීද, ස්පර්‍ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවය. එනම් නිවැරදි දැකිමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්‍මාක්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මෙයයි.

ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙසේ ස්පර්‍ශය දනීද, මෙසේ ස්පර්‍ශය හටගැන්ම දනීදද, ස්පර්‍ශය නැතිකිරීම දනීද, ස්පර්‍ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට, මම වෙමි යන දෘෂ්ටය හා මානය නසා අවිද්‍යාව දුරුකොට, අර්හත්මාර්‍ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක්කෙළවර කරන්නේවෙයි. ඇවැත්නි මෙපමනකින්ද ආය්‍ර්‍යශ්‍රාවක තෙමසම්‍යක්දෘෂටි ඇත්තේ වෙයි. ඔහුගේ චෘෂටිය සෘජුබවටපැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්‍ෂුහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සමා්‍යක්දෘෂ්ටි ඇත්තේවෙයි ද? දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයිද? ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ ධර්‍මයට පැමිණියේ, එබඳු වු වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

19. ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවකතෙම ආයතන දනීද, ආයතනයන්ගේ හටගැන්ම දනීද ආයතන නැතිකිරීම දනීද, ආයතන නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවක තෙමසම්‍යදෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි . ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාද යෙන් යුක්. වූයේ මේ ධර්‍මයට පැමිණියේ වෙයි. ඇවැත්නි, සය ආයතන කවරේද? සය ආයතනයන්ගේ හටගැන්ම කවරේද? සය ආයතනයන්ගේ නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ආයතන සයක් වෙත් , චක්‍ඛු ආයතනය සොත ආයතනය, ඝාණ ආයතනය, ජිව්හා ආයතනය, කාය ආයතනය, මනො ආයතනය, නාම රූපයන්ගෙ ් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, යන ස්කන්ධ හටගැන්මෙන් සය ආයතනයන්ගේ හටගැන්ම වේ. නාමරූපයන් නැතිකිරීමෙන් සය ආයතනයන්ගේ නැතිකිරීම වේ. මේ ආය්‍ර්‍යඅෂ්ටාංගික මාර්‍ගයම සය ආයතනය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකිීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය , නිවැරදි සිහිය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සමාධිය යන මේයි.

ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවකතෙම මෙසේ සය ආයතන දනීද, මෙසේ සය ආයතනයන්ගේ හටගැන්ම දනීද, මෙසේ සය ආයතනයත්ගේ නැතිකිරීම දනීද, මෙසේ සය ආයතනයන්ගේ නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා ආවිද්‍යාව දුරුකොට අර්හත් මාර්‍ගවිද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

ඇවැත්නි මෙපමණකින්ද, ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිඇත්තේ වෙයි . ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් සුක්තවූයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, ඉතා මැනවැයි, කියා ඒ භික්‍ඛූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි යම් ක්‍රමයකින් ආය්‍ර්‍යශ්‍රාවක තෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වණ) ධර්මයට පැමිණියේ වෙයිද? එබදු වු වෙනත් ක්‍රමයක් ඇත්තේ ද?

20. ඇවැත්නි, ඇත්තේය ඇවත්නි යම් තැන පටන් ආය්‍ර්‍යශ්‍රාවක තෙම නාම රුප දෙක දනිද, නාම රුප හට ගැනිම දනිද, නාම රුප හට ගැනිම දනිද නාම රුපයන් නැති කිරිමේ ප්‍රතිපද්‍රව දනිද, ඇවත්නි මෙපමණකින් ආය්‍ර්‍යශ්‍රාවක තෙම සම්‍යක් ද්‍රෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමි්ණියා වෙයි. ධර්මයෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්ත වුයේ ධර්මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, නාමරූප කවරේද? නාමරූපයන්ගේ හට ගැන්ම කවරේද? නාමරූපයන්ගේ නැතිකිරීම කවරේද? නාමරූප නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? වේදනය, සංඥාය, චේතනාය, ස්පර්‍ශය, මනසිකාරය, යන මේ ධර්‍ම ඇවැත්නි. නාමයයි කියනු ලැබේ.

මහා භූත රූප හතර ද ඒ සතරමහා භූතයන් නිසා පවත්නාවූ උපාදාය රූපද යන මෙය ඇවැත්නි රූපයයි කියවු ලැබේ. මෙසේ මේ නාමයද මේ රූපයද – ඇවැත්නි, නාමරූපයයි කියවු ලැබේ.ප්‍රතින්‍ධිවිඥානයාගේ හටගැන්මෙන් නාමරූපයන්ගේ හටගැන්ම වේ.විඥානය නැතිකිරීමෙන් නාමරූපයන්ගේ නැතිකිරීමවේ. මේ ආය්‍ර්‍ය අෂ්ටංගික මාර්‍ගයම නාමරූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම , නිවැරදි කල්පනාව , නිවැරදි වචනය, නිවැරදි කර්‍මාන්තය, නිවැරදි ජීවිකාවය, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයිග

´´ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවකතෙම මෙසේ නාමරූපයන් දනීද, මෙසේ නාමරූපයන් දනීද, මෙසේ නාමරූපයන්ගේ හටගැන්ම දනීද, මෙසේ නාමරූපයන්ගේ නැතිකිරීම දනීද, මෙසේ නාමරූපයන්ගේ නැතිකිරීමේ ප්‍රතිපදාව දනීදු, හෙතෙම සර්‍වප්‍රකාරයෙන්ම රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නිසා අවිද්‍යාව දුරුකොට අර්හත්මාර්‍ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

ඇවැත්නි, මෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, මැනවැයි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.

ඇවැත්නි, යම්ක්‍රමයකින් ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක්දෘෂටි ඇත්තේ වෙිද? දෘෂ්ටිය සෘජුබවට පැවිණියා වෙයිද, ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්‍වණ) ධර්‍මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

21. ඇවැත්නි ඇත්තේය. ඇවැත්නි, යම්තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවකතෙම වඤ්ඤාණය දනීද? විඤ්ඤාණයාගේ හටගැන්ම දනීද? විඤ්ඤාණයාගේ නැතිකිරීම දනීද? විඥානයනැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද? විඤ්ඤාණයාගේ නැතිකිීම දනීද? විඥානය නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද? ඇවැත්නි, මෙපමමණකින්ද ආ්‍ය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, විඤ්ඤාණයාගේ හටගැන්ම කවරේද? විඤ්ඤාණයාගේ නැතිකිරීම කවරේද? විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ විඤ්ඤාණය කොටස් සයකි.

චක්‍ඛු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණය, සංස්කාරයන්ගේ හටගැන්මෙන් විඤ්ඤාණයන්ගේ හටගැන්මවේ. සංස්කාරයන්ගේ නැතිකිරීමෙන් විඤ්ඤාණයාගේ නැතිකිරීමවේ. මේ ආය්‍ර්‍යඅෂ්ටාංගික මාර්‍ගයම විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්‍මාන්තය, නිවැරදි ජීවිකාවය, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි. ඇවැත්න,ි යම්තැනක පටන් ආර්‍යශ්‍රාවක තෙම මෙසේ විඤ්ඤාණය දනීිද, විඤ්ඤාණයාගේ හටගැන්ම දනීද, විඤ්ඤාණය නැතිකිරීම දනීද , විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරු කොට, ක්‍රොධය දුරුකොට, මම වෙමියි. යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාවදුරුකොට අර්හත් මර්‍ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි . ඇවැත්නි, මෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්‍මයට පැමිණීයේ වෙයි.

ඇවැත්නි, මැනවයි කියා ඒ භික්‍ඛුහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේගේ වචනය පිළිගෙන ආයූෂ්මත්ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේගෙන් ඊළඟප්‍රශ්නය ඇසුවාහුය, ඇවැත්නි, යම් ක්‍රමයකින්ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටිඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ ධර්‍මයට පැමිණියේ වෙයිද එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?.

22. ´´ඇවැත්නි ඇත්තේය. ඇවැත්නි යම්තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවකතෙම සංස්කාරයන් දනීද, සංස්කාරයන්ගේ හටගැන්ම දනීද, සංස්කාරයන්ගේ නැතිකිරීම දනීිද, සංස්කාරයන්ගේ නැතිකිරිීම දනිීද, සංස්කාරයන්ගේ නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, මෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැවිණියාවෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, සංස්කාරකවරේද? සංස්කාරයන්ගේ හටගැන්ම කවරේද? සංස්කාරයන්ගේ නැතිකිරීම කවරේද? සංස්කාරයන්ගේ නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙත්. කාය සංඛාරය, වචිී සංඛාරය, මනෝ සංඛාරය, යන තුනයි. අවිද්‍යාව ගේ හට ගැන්මෙන් සංස්කාරයන්ගේ හටගැන්මවේ. අවිද්‍යාව නැතිකිරීමෙන් සංස්කාරයන්ගේ නැතිකිරීම වේ. ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකිීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවරුදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය, යන මේයි.

ඇවැත්නි, යම් තැනක පටන් ආර්‍ර්‍යශ්‍රාවකතෙම මෙසේ සංස්කාරයන් දනීද, මෙසේ සංස්කාරයන්ගේ හට ගැන්ම දනීද, මෙසේ සංස්කාරයන්ගේ නැති කිරිම දනීද, මෙසේ සංස්කාරයන්ගේ නැති කිරිමේ ප්‍රතිපද්‍රව දනිද හෙතම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරු කොට ක්‍රොධය දුරු කොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නිසා අවිද්‍යාව දුරු කොට අර්හත් මර්‍ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

ඇවත්නි, මෙපමණකින් ද, ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවුයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්‍ෂුන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළග ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආය්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද? ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්‍මයෙහි නොසෙල්මෙන ප්‍රසාදයෙන් යුක්න වුයේ මේ (නිර්‍වණ) ධර්‍මයට පැමිණියේ වෙයිද, එබඳූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

23. ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවකතෙම අවිද්‍යාවත් දනිද, අවිද්‍යාව නැති කිරිවත් දනිද, අවිද්‍යාව නැතිකිරිමේ ප්‍රතිපද්‍රවත් දනීද, මෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවකතෙම සමශක්දෘෂ්ටි ඇත්තේ වේ. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වුයේ ධර්‍මයට පැමිණියේ වෙයිද?

ඇවැත්නි, අවිද්‍යාව කවරේද? අවිද්‍යාවට හේතුව කවරේද? අවිද්‍යාව නැති කිරීම කවරේද? අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපද්‍රව කවරේද?

ඇවැත්නි, දුක පිළිබද යම් නොදැන්මක් වේද, දුක හට ගැනිමට හේතුව පිළිබදව යම් නොදැන්මක් වේද, දුක නැති කිරිමේ ප්‍රතිපද්‍රව පිළිබදව යම් නොදැනුමක් වේද, ඇවැත්නි මේ නොදැන්ම අවිද්‍යාවයයි කියනු ලැබේ. ආශ්‍රවයන් (බොහෝ කල් සිට පැවත එන කෙලෙස්) හෙතු කොටගෙන අවිද්‍යාවගේ හට ගැන්ම වේ. ආශ්‍රවයන් නැතිකිරිමෙන් අවිද්‍යාව නැතිවේ. මේ ආර්‍ර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයම අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපද්‍රවයි. එනම් නිවැරදි දැකිම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්‍මන්තය, නිවැරදි ජිවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවකතෙම මෙසේ අවිද්‍යාවට හේතුව දනීද, මෙසේ අවිද්‍යාව නැති කිරීම කිරිම දනිද, මෙසේ අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපද්‍රව දනීද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරු කොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නිසා අවිද්‍යාව දුරු කොට අරහත් මාර්‍ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවක තෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවුයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවැත්නි, මැනවැයි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්වත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළග ප්‍රශ්නය ඇසුවාහුය.

ඇවැත්නි, යම් ක්‍රමයකින් ර්‍ආර්‍යශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවුයේ මේ (නිර්වන ධර්‍මයට පැමිණියේ වෙයිද, එබඳූ වෙනත් ක්‍රවයකුත් ඇත්තේද?.

24. ඇවැත්නි, ඇත්තේය, ඇවත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවක තෙම ආශ්‍රවයන් (බෝහෝ කල් සිට පැවත එන කෙලෙස්) දනීද, ආශ්‍රවයන්ට හේතුවත් දනිද, ආශ්‍රවයන්ගේ නැතිකිරිමත් දනීද, ආශ්‍රවයන් නැතිකිරිමේ ප්‍රතිපද්‍රවත් දනිද, ඇවැත්නි, මෙපමණකින්ද, ආර්‍ර්‍යශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්‍මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවුයේ ධර්‍මයට පැමිණියේ වෙයි.

ඇවත්නි, ආශ්‍රවයෝ කවරහුද? ආශ්‍රවයන්ට හෙතුව කවරේද? ආශ්‍රවයන් නැතිකිරිම කවරේද? ආශ්‍රවයන් නැතිකරණ ප්‍රතිපද්‍රව කවරේද? ඇවැත්නි, මේ ආශ්‍රව තුනක් වෙත්. කාමශ්‍රවය (කාම තණ්හාව), භවාශ්‍රවය(භව තණ්හාවය), අවිද්‍යාශ්‍රවය (මොහය) යන තුනයි. අවිද්‍යාව හේතු කොට ගෙන ආශ්‍රවයන්ගේ හට ගැන්ම වේ. අවිද්‍යාව නැති කිරිමෙන් ආශ්‍රවයන්ගේ නැති කිරීම වේ. මේ ආය්‍ර්‍ය අෂටාඞ්ගික මාර්‍ගයම ආශ්‍රවයන් නැතිකිරිමේ ප්‍රතිපද්‍රව වෙයි. එනම් නිවැරදි නිවැරදි දැකිම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්‍මන්තය, නිවැරදි ජිවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය, යන මෙයි.

ඇවැත්නි, යම් තැනක පටන් ආය්‍ර්‍යශ්‍රාවකතෙම මෙසේ ආශ්‍රවයත් දනිද, ආශ්‍රවයන්ගේ හට ගැන්මත් දනිද, ආශ්‍රව නැතිකිරීමත් දනිද, ආශ්‍රව නැතිකිරිමේ ප්‍රතිපද්‍රව දනිද, හෙතම සර්‍වප්‍රකාරයෙන් රාගය දුරු කොට ක්‍රොධය දුරු කොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නිසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්‍ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේ වෙයි.

ඇවත්නි, මෙපමණකින්ද ආය්‍ර්‍යශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවුයේ ධර්‍මයට පැමිණියා වෙයි.

ආයුෂ්මත් ශාරිපුත්‍ර සථවිරයන් වහන්සේ මේ ධර්‍මය වද්‍රළහ. සතුටු සිත් ඇත්තාවු ඒ භික්‍ෂුහු ආයුෂ්මත් ශාරිපුත්‍ර සථවිරයන් වහන්සේගේ වචනය ඉතා සතුටින් පිළිගත්තාහුය.

නව වැනි වු සම්මා දිට්හඨ සුත්‍රය නිමි.

8.සල්ලේඛ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සුවයෙන් නැගීසිටියේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය.

2. ,ස්වාමීනි, ආත්මවාදයෙන් යුක්තවූද, ලොකවාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ යම් ඒ මිථ්‍යාදෘෂ්ටීහු (වැරදි දැකීම්) ලොකයෙහි උපදිත්ද ස්වාමීනි, පළමුකොටම (විදර්‍ශනා මිශ්‍රභාවනා) මෙනෙහි කරන්නාවූ මහණහට ඒ දෘෂ්ටීන්ගේ දුරලීම වෙයිද? .චුන්‍දය, ආත්මවාදයෙන් යුක්තවූද ලොකවාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ යම් ඒ මිථ්‍යාදෘෂ්ටීහු ලොකයෙහි උපදිත්ද යම් පඤ්චස්කන්ධයක මේ දෘෂ්ටීහු උපදිත්ද, යම් පඤ්චස්කන්ධයක සයනය කරත්ද යම් පඤ්චස්කන්ධයක ද්වාර ඉක්මවීම් වශයෙන් හැසිරෙද්ද, ඒ මේ පංචස්කන්‍ධය මාගේ නොවෙයි. මේ පංචස්කන්‍ධය මම නොවෙමි, මේ පංචස්කන්‍ධය මාගේ ආත්මය නොවෙයි, කියා මෙසේ මෙය තතුසේ යහපත් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන්ගේ නැති කිරීම වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වෙයි.,

3. ,චුන්‍දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට සල්ලේඛයෙන් (කෙලෙස් කැපීමෙන්) යුක්තව වාසයකරමි යන මෙබඳු සිතක් වන්නේය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආය්‍ර්‍යශාසනයෙහි (ශාසනයෙහි) සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.

4. ,චුන්‍දය, මේ කාරණයෙක් ඇත්තේය. මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් අභ්‍යන්තරය පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති විතර්‍ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙබඳු සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) චුන්‍දය, මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.

5. ,චුන්‍දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි ඇතැම් මහණෙක් ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයිද සිහියෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආය්‍ර්‍යයෝ යම් ඒ තෘතීය ධ්‍යානයක් උපෙක්‍ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියත්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙසේ සිතක් වන්නේය, සල්ලේඛයෙන් වාසය කරමි (කියායි)චුන්‍දය, මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.

6. ,චුන්‍දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි ඇතැම් මහණෙක් සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපෙක්‍ෂා ස්මෘති පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට මෙසේ සිතක් වන්නේය, සල්ලේඛයෙන් වාසය කරමි (කියායි)චුන්‍දය, මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.

7. ,චුන්‍දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් රූපසංඥාව ඉක්මවීමෙන් ප්‍රතිඝ (ගැටීම්) සංඥාව නැති කිරීමෙන් නානත්ත (විවිධ) සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාශානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය, සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. ආය්‍ර්‍ය ශාසනයෙහිදී මොහු ශාන්තවිහරණයෝ යයි කියනු ලැබෙත්.

8. ,චුන්‍දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය, සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. ආය්‍ර්‍ය ශාසනයෙහිදී මොහු ශාන්තවිහරණයෝ යයි කියනු ලැබෙත්.

9. ,චුන්‍දය, මේ කාරණයෙක් ඇත්තේය, යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය, සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) චුන්‍දය, මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. ආය්‍ර්‍ය ශාසනයෙහිදී මොහු ශාන්තවිහරණයෝ යයි කියනු ලැබෙත්.

10. ,චුන්‍දය, මේ කාරණයෙක් ඇත්තේය, යම් හේතුවකින් මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සියලු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසංඥානාසංඥායතනයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙසේ සිතක් වන්නේය, සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) මොහු ආය්‍ර්‍ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. ආය්‍ර්‍ය ශාසනයෙහිදී මොහු ශාන්තවිහරණයෝ යයි කියනු ලැබෙත්.

11. ,චුන්‍දය, මේ ශාසනයෙහි වනාහි තොප විසින් සල්ලෙඛය (කෙලෙස් කැපීම) කටයුතුයි. අන්‍යයෝ සත්ත්‍ව හිංසා කරන්නෝ වන්නාහ. අපි වනාහි මෙහි හිංසා නොකරන්නෝ වන්නෙමුයයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝ වන්නාහ. අපි මෙහි ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ වන්නෙමුයයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහුය. අපි බොරුකීමෙන් වැලකුණෝ වන්නෙමුයයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ කේලාම් කියන්නෝ වන්නාහුය. අපි කේලාම් කීමෙන් වැළකුණෝ වන්නෙමුයයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. අපි ඵරුෂ වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ හිස් වචන කියන්නෝ වන්නාහුය. අපි හිස් වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ අධික ලෝභ ඇත්තෝ වන්නාහුය. අපි අධික ලෝභ නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ ව්‍යාපාද (නසනු කැමති) සිත් ඇත්තෝ වන්නාහුය. අපි අව්‍යාපාද (නසනු නොකැමති) සිත් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ වැරදි දැකීම් ඇත්තෝ වන්නාහුය. අපි හරි දැකීම් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ වැරදි කල්පනා ඇත්තෝ වන්නාහුය. අපි හරි කල්පනා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ වැරදි වචන ඇත්තෝ වන්නාහුය. අපි හරි වචන ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ වැරදි කර්‍මාන්ත ඇත්තෝ් වන්නාහුය. අපි හරි කර්‍මාන්ත ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි දිවිපෙවෙත ඇත්තෝ වන්නාහුය. අපි හරි දිවිපෙවෙත ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි උත්සාහ ඇත්තෝ වන්නාහුය. අපි හරි උත්සාහ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි සිහි ඇත්තෝ වන්නාහුය. අපි හරි සිහිය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි සමාධි ඇත්තෝ වන්නාහුය. අපි හරි සමාධි ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි නුවණ ඇත්තෝ වන්නාහුය. අපි හරි නුවණ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි මිදීම් ඇත්තාහු වන්නාහුය. අපි හරි මිදීම් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ථිනමිද්ධයෙන් (චිත්ත චෛතසිකයන්ගේ මැලිකමින්) මඩනා ලද්දෝ වන්නාහුය. අපි පහවූ ථිනමිද්ධ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ නොසන්සුන් වූවෝ වෙත්. අපි සන්සුන් වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ විචිකිච්ඡාවෙන් (සැකයෙන්) යුක්ත වූවෝ වන්නාහුය. අපි දුරු කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ක්‍රොධ කරන්නෝ වන්නාහුය. අපි ක්‍රොධ රහිත වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහුය. අපි බද්ධවෛර නැත්තාහු වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ගුණමකුකම ඇත්තෝ වන්නාහුය. අපි ගුණමකුකම නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පලාස (පහත්ව සිටිමින් උසස් පුද්ගලයන් හා තමන් සමකර සිතීම) ඇත්තෝ වන්නාහුය. අපි පලාස හෙවත් යුගග්‍රාහ නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ඊර්‍ෂ්‍යා ඇත්තෝ වන්නාහුය. අපි ඊර්‍ෂ්‍යා නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ මසුරු ගති ඇත්තෝ වන්නාහුය. අපි මසුරු ගති නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ කෛරාටික වන්නාහුය. අපි කෛරාටික නුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ රැවටිලි ඇත්තාහු වන්නාහුය. අපි රැවටිලි නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ තද වූවෝ වන්නාහුය. අපි තද නුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ අධික මාන ඇත්තෝ වන්නාහුය. අපි අධික මාන නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ අකීකරුවූවෝ වන්නාහුය. අපි කීකරුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝ වන්නාහුය. අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ප්‍රමාද වූවෝ වන්නාහුය. අපි ප්‍රමාද වූවෝ නොවන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහුය. අපි ශ්‍රද්ධා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ලජ්ජා නැත්තෝ වන්නාහුය. අපි ලජ්ජා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පාපයෙහි භය නැත්තෝ වන්නාහුය. අපි පාපයෙහි භය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහුය. අපි ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ කුසීත වන්නාහුය. අපි පටන්ගන්නාලද වීය්‍ර්‍ය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.

13. ,අන්‍යයෝ මුළා සිහි ඇත්තෝ වන්නාහුය. අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ප්‍රඥා නැත්තෝ වන්නාහුය. අපි ප්‍රඥාවෙන් සම්පූර්‍ණ වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාහු එය තදින් අල්ලාගෙන සිටින්නාහු එයින් වෙන් කිරීම දුෂ්කර වූවාහු වන්නාහුය. අපි තමන්ගේම දෘෂ්ටිය ගෙන නොසිටින්නාහු එම දෘෂ්ටියෙන් පහසුවෙන් දුරු කළ හැක්කාහු වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.

14. ,චුන්දය, කුසල ධර්‍මයන්හි හිතක් ඇතිකර ගැනීම් පවා බොහෝ උපකාර ඇත්තේයයි මම කියමි. කයින් වචනයෙන් කරණු ලබන කල්හි කියනුම කවරේද, චුන්දය, එහෙයින් අන්‍යයෝ සත්ත්‍ව හිංසා කරන්නෝ වන්නාහුය. අපි මෙහි හිංසා නොකරන්නෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. අපි මෙහි ප්‍රාණඝාතයෙන් වැළකුනෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ නුදුන් දෙය ගන්නෝ වන්නාහුය. අපි නුදුන් දෙය ගැනීමෙන් වැළකුණෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ මෛථුනධර්‍ම සංඛ්‍යාත ලාමක හැසිරීම් ඇත්තෝ වන්නාහුය. අපි බ්‍රහ්මචාරී වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි.අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහුය. අපි බොරුකීමෙන් වැලකුණෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ කේලාම් කියන්නෝ වන්නාහුය. අපි කේලාම් කීමෙන් වන්නෙමුයයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. අපි ඵරුෂ වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ හිස් වචන කියන්නෝ වන්නාහුය. අපි හිස් වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.

,අන්‍යයෝ අධික ලෝභ ඇත්තෝ වන්නාහුය. අපි අධික ලෝභ නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ ව්‍යාපාද (නසනු කැමති) සිත් ඇත්තෝ වන්නාහුය. අපි අව්‍යාපාද (නසනු නොකැමති) සිත් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි දැකීම් ඇත්තෝ වන්නාහුය. අපි හරි දැකීම් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි කල්පනා ඇත්තෝ වන්නාහුය. අපි හරි කල්පනා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි වචන ඇත්තෝ වන්නාහුය. අපි හරි වචන ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි කර්‍මාන්ත ඇත්තෝ් වන්නාහුය. අපි හරි කර්‍මාන්ත ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි ජීවිකා ඇත්තෝ වන්නාහුය. අපි හරි ජීවිකා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි ව්‍යායාම ඇත්තෝ වන්නාහුය. අපි හරි ව්‍යායාම ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි සිහි ඇත්තෝ වන්නාහුය. අපි හරි සිහිය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි සමාධි ඇත්තෝ වන්නාහුය. අපි හරි සමාධි ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි නුවණ ඇත්තෝ වන්නාහුය. අපි හරි නුවණ ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි විමුක්ති ඇත්තෝ වන්නාහුය. අපි හරි විමුක්ති ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ ථිනමිද්ධයෙන් මඩනා ලද්දෝ වන්නාහුය. අපි පහවූ ථිනමිද්ධ ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ නොසන්සුන් වූවෝ වෙත්. අපි සන්සුන් වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ විචිකිච්ඡාවෙන් (සැකයෙන්) යුක්ත වූවෝ වන්නාහුය. අපි බැහැර කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ ක්‍රොධ කරන්නෝ වන්නාහුය. අපි ක්‍රොධ රහිත වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහුය. අපි බද්ධවෛර නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මකු ගතිය ඇත්තෝ වන්නාහුය. අපි මකු ගතිය නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පලාස (පහත්ව සිටිමින් උසස් පුද්ගලයන් හා තමන් සමකර සිතීම) ඇත්තෝ වන්නාහුය. අපි පලාස හෙවත් යුගග්‍රාහ නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ඊර්‍ෂ්‍යා ඇත්තෝ වන්නාහුය. අපි ඊර්‍ෂ්‍යා නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මසුරු ගති ඇත්තෝ වන්නාහුය. අපි මසුරු ගති නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ කෛරාටික වන්නාහුය. අපි කෛරාටික නුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ රැවටිලි ඇත්තාහු වන්නාහුය. අපි රැවටිලි නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ තද වූවෝ වන්නාහුය. අපි තද නුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ අධික මාන ඇත්තෝ වන්නාහුය. අපි මාන නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ අකීකරුවූවෝ වන්නාහුය. අපි කීකරුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝ වන්නාහුය. අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ප්‍රමාද වූවෝ වන්නාහුය. අපි ප්‍රමාද වූවෝ නොවන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහුය. අපි ශ්‍රද්ධා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ලජ්ජා නැත්තෝ වන්නාහුය. අපි ලජ්ජා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පාපයෙහි භය නැත්තෝ වන්නාහුය. අපි පාපයෙහි භය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහුය. අපි ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ කුසීත වන්නාහුය. අපි පටන්ගන්නාලද වීය්‍ර්‍ය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මුළා සිහි ඇත්තෝ වන්නාහුය. අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ප්‍රඥා නැත්තෝ වන්නාහුය. අපි ප්‍රඥාවෙන් සම්පූර්‍ණ වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාහු එය තදින් අල්ලාගෙන සිටින්නාහු එයින් වෙන් කිරීම දුෂ්කර වූවාහු වන්නාහුය. අපි තමන්ගේම දෘෂ්ටිය ගෙන නොසිටින්නාහු එම දෘෂ්ටියෙන් පහසුවෙන් දුරු කළ හැක්කාහු වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.

15. ,චුන්‍දය, විෂම මාර්‍ගයක් දුරලීමට අන්‍යවූ සම මාර්‍ගයක් ඇත්තේ යම්සේද චුන්දය, විසම වූ තොටුපලක් දුරලීමට අන්‍යවූ සමවූ තොටක් ඇත්තේ යම්සේද, චුන්දය, එපරිද්දෙන්ම හිංසා කරන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන්නාවූ පුද්ගලයාට එය එය දුරලීම පිණිස ප්‍රාණඝාතයෙන් වෙන්වීම ඇත්තේය. නොදුන්දෙය පැහැරගන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස නොදුන්දෙය ගැනීමෙන් වැළකීම ඇත්තේය. අබ්‍රහ්මචාරී පුද්ගලයාට එය දුරලීම පිණිස බ්‍රහ්මචරියාව ඇත්තේය. බොරු කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස මුසාවාදයෙන් වැළැක්ම ඇත්තේය. කේලාම් කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස කේලාම් කීමෙන් වැළැක්ම ඇත්තේය. ඵරුස වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිසඵරුස වචනයෙන් වෙන්වීම ඇත්තේය. හිස් වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය. විසම ලොභ බහුලවූ පුද්ගලයාට එය දුරලීම පිණිසවිසම ලොභ රහිත බව ඇත්තේය. ව්‍යාපාද (නසනු කැමති) සිත් ඇති පුද්ගලයාට එය දුරලීම පිණිසව්‍යාපාද රහිත බව වෙයි. වැරදි දෘෂ්ටි ඇති පුද්ගලයාට එය දුරලීමට හරි දෘෂ්ටිය ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට එය දුරලීමට හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට එය දුරලීමට හරි වචන ඇත්තේය. වැරදි කර්‍මාන්ත ඇති පුද්ගලයාට එය දුරලීමට හරි කර්‍මාන්තය ඇත්තේය. වැරදි ජීවිකා ඇති පුද්ගලයාට එය දුරලීමට හරි ජීවිකාව ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට එය දුරලීමට හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහිය ඇති පුද්ගලයාට එය දුරලීමට හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට එය දුරලීමට හරි සමාධිය ඇත්තේය. වැරදි ඤාණ ඇති පුද්ගලයාට එය දුරලීමට හරි ඤාණය ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට එය දුරලීම පිණිසහරි විමුක්තිය ඇත්තේය. ථිනමිද්ධයෙන් වෙලුණු පුද්ගලයාට එය දුරලීම පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය. නොසන්සුන්වූ පුද්ගලයාට එය දුරලීම පිණිස සන්සුන් බව ඇත්තේය. විචිකිච්ඡා ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රොධ ඇති පුද්ගලයාට එය දුරලීමට අක්‍රොධය වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට එය දුරලීමට බද්ධවෛර නැති බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට එය දුරලීමට මකු ගුණ නැති බව ඇත්තේය. යුගග්‍රාහ (උතුමන් හා තමා සමයයි සැලකීම) ඇති පුද්ගලයාට එය දුරලීමට යුගග්‍රාහ රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට එය දුරලීමට නොමසුරු බව ඇත්තේය. කයිරාටිකවූ පුද්ගලයාට එය දුරලීමට කයිරාටික නොවන බව ඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට එය දුරලීමට රැවටිලි නැති බව ඇත්තේය. තද ගතිය ඇති පුද්ගලයාට එය දුරලීමට තද ගති රහිත බව ඇත්තේය. අධිකමාන ඇති පුද්ගලයාට එය දුරලීමට අධික මාන නැති බව ඇත්තේය. අකීකරු පුද්ගලයාට එය දුරලීම පිණිස කීකරු බව ඇත්තේය.

16. ,පවිටු මිතුරන් ඇති පුද්ගලයාට එය දුරලීමට යහපත් මිතුරන් ඇති බව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට එය දුරලීමට අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට එය දුරලීමට ශ්‍රද්ධාව ඇත්තේය. ලජ්ජා නැති පුද්ගලයාට එය දුරලීමට ලජ්ජාව ඇත්තේය. භය නැති පුද්ගලයාට එය දුරලීමට පාපයෙහි භය ඇත්තේය. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට එය දුරලීම පිණිස ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට එය දුරලීමට නොපසුබට වීය්‍ර්‍යය ඇත්තේය. මුළාවූ සිහි ඇති පුද්ගලයාට එය දුරලීමට එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට එය දුරලීමට ප්‍රඥාසම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන්කිරීම දුෂ්කරවූ පුද්ගලයාට එය දුරලීම පිණිසතමන්ගේම දෘෂ්ටිය නොගන්නා බව එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන නොසිටින බව එයින් වෙන්කිරීම පහසු බව ඇත්තේය.

17. ,චුන්‍දය, යම්සේ යම්කිසි අකුසල ධර්‍මකෙනෙක් වෙත් නම් ඒ සියල්ල අපාය ආදි පහත් තැනට පමුණුවන්නාහු වෙත්ද, එසේම යම්කිසි කුසල ධර්‍මකෙනෙක් වෙත් නම් ඒ සියල්ල උසස් බවට පමුණුවන්නාහු වෙත්ද, චුන්දය, එපරිද්දෙන්ම විහිංසාව ඇති පුද්ගලයාට උසස් බව පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණ ඝාතකරන පුද්ගලයාට උසස් බව පිණිසප්‍රාණඝාතයෙන් වෙන්වීම ඇත්තේය.

,නොදුන් දෙය පැහැරගන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස නොදුන් දෙය ගැනීමෙන් වැළකීම ඇත්තේය. අබ්‍රහ්මචාරී පුද්ගලයාට උසස් බව පිණිස බ්‍රහ්මචරියාව ඇත්තේය. බොරු කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස මුසාවාදයෙන් වැළැක්ම ඇත්තේය. කේලාම් කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස කේලාම් කීමෙන් වැළැක්ම ඇත්තේය. ඵරුස වචන කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය. හිස්වචන කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය. විසම ලොභ බහුලවූ පුද්ගලයාට උසස් බව පිණිස විසම ලොභ රහිත බව ඇත්තේය. ව්‍යාපාද සිත් ඇති පුද්ගලයාට උසස් බව පිණිස ව්‍යාපාද රහිත බව වෙයි. වැරදි දෘෂ්ටි ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි දෘෂ්ටිය ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි වචන ඇත්තේය. වැරදි කර්‍මාන්ත ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි කර්‍මාන්තය ඇත්තේය. වැරදි දිවි පැවැත්ම ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි දිවි පැවැත්ම ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහිය ඇති පුද්ගලයාට උසස් බව පිණිසහරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි සමාධිය ඇත්තේය. වැරදි ඤාණ ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි ඤාණය ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථිනමිද්ධයෙන් යුත් පුද්ගලයාට උසස් බව පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය. නොසන්සුන් පුද්ගලයාට උසස් බව පිණිස සන්සුන් බව ඇත්තේය. විචිකිච්ඡා ඇති පුද්ගලයාට උසස් බව පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රොධ ඇති පුද්ගලයාට උසස් බව පිණිස ක්‍රොධය නැති බව ඇත්තේය. බද්ධවෛර ඇති පුද්ගලයාට උසස් බව පිණිස බද්ධවෛර රහිත බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට උසස් බව පිණිස මකු ගුණ නැති බව ඇත්තේය. යුගග්‍රාහ (උතුමන් හා තමා සමයයි සැලකීම) ඇති පුද්ගලයාට උසස් බව පිණිස යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊෂ්‍ර්‍යා ඇති පුද්ගලයාට උසස් බව පිණිස ඊෂ්‍ර්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට උසස් බව පිණිස නොමසුරු බව ඇත්තේය.

18. ,කයිරාටිකවූ පුද්ගලයාට උසස් බව පිණිස කයිරාටික නොවන බව ඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට උසස් බව පිණිස රැවටිලි නැති බව ඇත්තේය. තදගතිය ඇති පුද්ගලයාට උසස් බව පිණිස තද ගති රහිත බව ඇත්තේය. අධික මාන ඇති පුද්ගලයාට උසස් බව පිණිස අධික මාන නැති බව ඇත්තේය. අකීකරු පුද්ගලයාට උසස් බව පිණිස කීකරුකම ඇත්තේය. පවිටු මිතුරන් ඇති පුරුෂයාට උසස් බව පිණිස යහපත් මිතුරන් ඇතිබව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට උසස් බව පිණිස අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට උසස් බව පිණිස ශ්‍රද්ධාව ඇත්තේය. ලජ්ජා නැති පුද්ගලයාට උසස් බව පිණිස ලජ්ජාව ඇත්තේය. භය නැති පුද්ගලයාට උසස් බව පිණිස පාපයෙහි භය ඇත්තේය. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට උසස් බව පිණිස ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට උසස් බව පිණිස වීය්‍ර්‍ය පටන්ගැනීම ඇත්තේය. මුළා සිහි ඇති පුද්ගලයාට උසස් බව පිණිස එලඹසිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට උසස් බව පිණිස ප්‍රඥා සම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට උසස් බව පිණිස තමන්ගේම දෘෂ්ටිය නොගන්නා බව එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන නොසිටි බව එයින් වෙන් කිරීම පහසු බව ඇත්තේය.

19. ,චුන්‍දය, පුද්ගලතෙමේ ඒකාන්තයෙන් තමා ගැඹුරු මඩෙහි එරුණෙක්ව ගැඹුරුමඩෙහි එරුණාවූ අනිකකු ගොඩ නඟන්නේය යන මේ කාරණය සිදු නොවන්නෙකි. චුන්දය, පුද්ගලතෙමේ ඒකාන්තයෙන් තමා ගැඹුරු මඩෙහි නොඑරුණේ ගැඹුරුමඩෙහි එරුණ අන්‍යයෙකු ගොඩ නඟන්නේය යන මේ කාරණය සිදු වන්නෙකි. චුන්දය, පුද්ගලතෙමේ තමා නොදැමුනේ නොහික්මුනේ කෙලෙස් නැති නොකළේ අන්‍යයා දමනය කරන්නේය. හික්මවන්නේය. කෙලෙස් රහිත කරවන්නේය යන මේ කරුණ සිදු නොවන්නකි. චුන්දය, පුද්ගල තෙමේ තමා දැමුනේ හික්මුනේ කෙලෙස් නැසුනේ අන්‍යයා දමනය කරන්නේය. හික්මවන්නේය. කෙලෙස් රහිත කරවන්නේය යන මේ කරුණ සිදු වන්නකි. චුන්දය, එපරිද්දෙන්ම විහිංසාව ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රාණඝාත නොකිරීම ඇත්තේය. නුදුන්දෙය ගන්නා පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස නුදුන්දෙය ගැනීමෙන් වෙන්වීම ඇත්තේය. අබ්‍රහ්මචාරී පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිසබ්‍රහ්මචරියාව ඇත්තේය. බොරු කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බොරු කීමෙන් වැළකීම ඇත්තේය. කේලාම් කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කේලාම් කීමෙන් වෙන්වීම ඇත්තේය. ඵරුෂ වචන කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඵරුෂ වචනයෙන් වෙන් වීම ඇත්තේය. හිස්වචන කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හිස් වචනයෙන් වෙන්වීම ඇත්තේය. අධික ලොභ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අධික ලොභ නැති බව ඇත්තේය.

20. ,ව්‍යාපාද සිත් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අව්‍යාපාදය ඇත්තේය. වැරදි දැකීම් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි දැකීම ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි වචනය ඇත්තේය. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කර්‍මාන්තය ඇත්තේය. වැරදි ජීවිකා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි ජීවිකාව ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි සමාධිය ඇත්තේය. වැරදි නුවණ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි නුවණ ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථිනමිද්ධයෙන් යට කරණ ලද පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය. නොසන්සුන් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස සන්සුන් බව ඇත්තේය.

,විචිකිච්ඡා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රොධයෙන්යුත් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ක්‍රොධ නොකරන බව ඇත්තේය.

,බද්ධවෛර ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බද්ධවෛර නැති බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස මකුගුණ රහිත බව ඇත්තේය. යුගග්‍රාහ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊෂ්‍ර්‍යා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඊෂ්‍ර්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස මසුරු නොවන බව ඇත්තේය. කයිරාටික පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කයිරාටික නොවන බව ඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස නොරැවටිල්ල ඇත්තේය. තද ගති ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස තද ගති නැතිබව ඇත්තේය. අධිකමාන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අධිකමාන නැති බව ඇත්තේය. අකීකරු පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කීකරු බව ඇත්තේය. පාප මිත්‍රයන් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස යහපත් මිතුරන් ඇති බව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ශ්‍රද්ධාව ඇත්තේය. ලජ්ජා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ලජ්ජාව ඇත්තේය.

21. ,පාපයෙහි භය නැත්තාවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස පාපයෙහි භය ඇත්තේය. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස වීය්‍ර්‍ය පටන්ගැනීම ඇත්තේය. මුළා සිහි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රඥා සම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස තමන්ගේ දෘෂ්ටියම නොගන්නාවූ එය තදින් අල්ලානොගන්නාවූ සුවසේ දුරලිය හැකි දෘෂ්ටි ඇති බව එයින් වෙන් කිරීම පහසු බව ඇත්තේය.

22. ,චුන්දය, මෙසේ මා විසින් සල්ලෙඛපරියාය (කෙලෙස් කපා දමන ක්‍රමය) දෙශනා කරන ලදී. පරික්කමණ පරියාය (කෙලෙස් ඉවත් කරන ක්‍රමය) දෙශනා කරන ලදී. උපරිභාව පරියාය (උසස් බවට යාමේ ක්‍රමය) දේශනා කරන ලදී. පරිනිර්‍වාණ පරියාය (කෙලෙස් නිවීමේ ක්‍රමය) දේශනා කරන ලදී.

,චුන්‍දය, ශ්‍රාවකයන්ට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන් වහන්සේ විසින් අනුකම්පා සිතින් යමක් කටයුතුද මා විසින් එය තොපට කරන ලදී. චුන්දය, මේ වෘක්‍ෂමූල සේනාසන ඇත්තාහ. සූන්‍යාගාර ඇත්තාහ, චුන්දය, ධ්‍යාන වඩව්, පමා නොවව්, පසුව විපිළිසර නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි.,

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේයි.

පද සතළිස් සතරක් වදාරණ ලදී. සන්ධි පසකින් යුක්තව දෙසන ලදී. ගැඹුරුවූ සාගරය වැනිවූ මේ සූත්‍රාන්තය සල්ලෙඛ නම් වන්නේය.

අටවෙනිවූ සල්ලෙඛ සූත්‍රය නිමි.

7. වත්ථ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජෙතවන නම් විහාරයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ .මහණෙනි,. කියා භික්‍ෂූන්ට කථාකළහ. .ස්වාමිනි.යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. ,මහණෙනි, යම්සේ කිලුටුවූ මලබැඳුණාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන්පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය නරකපාට ඇත්තක්ම වන්නෙන්ය. අපිරිසිදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය අපිරිසිදුවූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත කිලුටු වූ කල්හි දුර්‍ගතිය කැමති විය යුතුයි.

,මහණෙනි, යම්සේ පිරිසිදුව බබලන්නාවූ වස්ත්‍රයක්වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන්පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද එය හොඳ පාට ඇත්තක්ම වන්නේය. පිරිසිදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය පිරිසිදුවූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත නොකිලිටිවූ කල්හි සුගතියට කැමති විය යුතුයි.

3. ,මහණෙනි, සිත කෙලෙසන්නාවූ පාපධර්‍මයෝ කවරහුද? අභිද්‍යාව නම්වූ විසමලොභය (අනුන්ගේ දේ මට ඇත්නම් හොඳයයි ආශා කරන දැඩි ලොභය) හිත කෙලෙසන්නකි. ව්‍යාපාද (අනුන් නසනු කැමැත්ත) හිත කෙලෙසන්නකි. ක්‍රොධය (තරහ)හිත කෙලෙසන්නකි. උපනාහය (බැඳගත් වයිරය)හිත කෙලෙසන්නකි. මක්ඛය (අනුන්ගේ ගුණ මැකීම)හිත කෙලෙසන්නකි. පලාසය (නීචව සිටිමින් උසස් පුද්ගලයන් හා තමා සමාන කර සිතීම)හිත කෙලෙසන්නකි. ඊර්‍ෂ්‍යාව (අන්‍යයන්ගේ සම්පත් නොඉවසීම)හිත කෙලෙසන්නකි. මසුරුකම (තමාගේ ඇති සම්පත් සැඟවීම)හිත කෙලෙසන්නකි. මායාව (රැවටිල්ල) හිත කෙලෙසන්නකි. සඨබව (කෛරාටිකකම)හිත කෙලෙසන්නකි. ථම්භය (මානයෙන් ඉදිමුණු ගතිය)හිත කෙලෙසන්නකි. සාරම්භය (එකට එක කිරීම)හිත කෙලෙසන්නකි. මානය (ජාති ආදිය නිසා ඇතිවූ උඩඟු හැඟීම)හිත කෙලෙසන්නකි. අභිමානය (අධික මානය)හිත කෙලෙසන්නකි. මදය (ජාති ආදියෙන් මත්වීම)හිත කෙලෙසන්නකි. ප්‍රමාදය (පස්කම් සැපතෙහි ඇල්ම)හිත කෙලෙසන්නකි.

4. ,මහණෙනි, ඒ මහණ තෙම අභිද්‍යාව නම්වූ විසම ලොභය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිද්‍යාව නම්වූ විසම ලොභය දුරු කරයි. ව්‍යාපාදය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ව්‍යාපාදය දුරු කරයි. ක්‍රොධය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ක්‍රොධය දුරු කරයි. උපනාහය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන උපනාහය දුරු කරයි. මකු ගුණය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මකු ගුණය දුරු කරයි. පලාසය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන පලාසය දුරු කරයි. ඊර්‍ෂ්‍යාව හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ඊර්‍ෂ්‍යාව දුරු කරයි. මසුරුකම හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මසුරුකම දුරු කරයි. රැවටිල්ල හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මායාව දුරු කරයි. කයිරාටිකබව හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන කයිරාටිකබව දුරු කරයි. හිතේ තද ගතිය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන හිතේ තද ගතිය දුරු කරයි. එකට එක කිරීම හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන සාරම්භය දුරු කරයි. මානය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මානය දුරු කරයි. අභිමානය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිමානය දුරු කරයි. ප්‍රමාදය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ප්‍රමාදය දුරු කරයි.

5. ,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් අභිද්ධ්‍යා නම්වූ විසම ලොභය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන අභිද්ධ්‍යා විසම ලොභය නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් ව්‍යාපාදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ව්‍යාපාදය නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් ක්‍රොධය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ක්‍රොධය නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් උපනාහය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන උපනාහය නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් මකු බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මකු බව නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් පලාසය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන පලාසය නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් ඊර්‍ෂයාව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ඊර්‍ෂයාව නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් මසුරු බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මසුරු බව නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් රැවටිල්ල හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන රැවටිල්ල නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් කයිරාටිකකම හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන කයිරාටිකකම නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් තද බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන තද බව නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් එකටඑක කිරීම හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන එකටඑක කිරීම නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් මානය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මානය නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් අභිමානය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන අභිමානය නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් මදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මදය නැති කරන ලද්දේ වෙයිද,

,මහණෙනි, යම් කලෙක පටන් භික්‍ෂුව විසින් ප්‍රමාදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ප්‍රමාදය නැති කරන ලද්දේ වෙයිද,

,හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්‍හත්ය. සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්‍මයෙන් යුක්තය, සුගතය, ලොකය දන්නාසේක. අනුත්තරය, චණ්ඩපුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙක් වැනිය, දෙව් මිනිසුන්ට අනුශාසනා කරන්නාය, බුද්ධය, භාග්‍යවත්ය කියායි.

,ධර්‍මයෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාව ප්‍රකාශ කරන ලදී. මෙලොව ලැබෙන ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. අවුත් බලවයැයි කියා දැක්වීමට සුදුසුය, තමන් තුළ ඉපදවීමට සුදුසුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුය කියායි.

,සංයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංතෙමේ මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංතෙමේ ඎජුව පිළිපන්නේය. න්‍යායට (නිර්‍වාණයට) අනුව පිළිපන්නේය. සාමීචි කර්‍මයට සුදුසුසේ පිළිපන්නේය. දුර සිට ගෙනැවිත් දෙන සිව්පසය ලැබීමට සුදුසුය. දුර සිට ආ ඤාති මිත්‍රාදීන්ට පිළියෙල කළ ආගන්තුක සත්කාරය ලැබීමට සුදුසුය. දොහොත් මුදුනේ තබා වැඳීමට සුදුසුය. ලොවට උතුම් වූ පින්කෙතය කියායි.

6. ,යම් තැනෙක පටන් භික්ෂුව විසින් කෙළෙස් දුරු කරන ලද්දේද, වමාරණ ලද්දේද, මුදන ලද්දේද, නැති කරන ලද්දේද (එතැන් පටන්) හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවෙමියි ඵලය දැකීමෙන් උපදනා සතුටද ලබයි. හේතුව දැකීමෙන් උපදනා සතුටද ලබයි. ධර්‍මයෙන් යුත් සතුටක් ලබයි. සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟවෙයි. ධර්‍මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමියි ඵලය දක්නා සතුට ලබයි, හේතුව දක්නා සතුට ලබයි, හේතුව දක්නා සතුට ලබයි. ධර්‍මයෙන් යුක්ත වූ සතුට ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟ වෙයි. සංයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමියි ඵලය දක්නා සතුට ලබයි, හේතුව දක්නා සතුට ලබයි, හේතුව දක්නා සතුට ලබයි. ධර්‍මයෙන් යුක්ත වූ සතුට ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟ වෙයි.

7. ,යම් තැනෙක පටන් ඒ භික්ෂුව මා විසින් කෙලෙස් දුරු කරන ලදැයි, වමාරණ ලදැයි, නැතිකරන ලදැයි ඵලය දක්නා සතුටද හේතුව දක්නා සතුටද ලබයිද ධර්මයෙන් යුත් සතුට ලබයිද, සතුටු වූවහුට ප්‍රීතිය උපදියිද, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයිද, සංසිඳුණු කය ඇත්තේ හිතින් සැප විඳියිද, සැප ඇත්තහුගේ හිත එකඟ වෙයිද, මහණෙනි, මෙබඳු සීල ඇති, මෙබඳු සමාධි ඇති, මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමී) භික්ෂුව කලුහාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඔහුට එය අන්තරාය පිණිස නොවෙයි. මහණෙනි, කිලුටුවූ මළ රැඳුනාවූ වස්ත්‍රය පිරිසිදු ජලය ලැබ යම්සේ පිරිසිදු වෙයිද, බබලන්නේ වෙයිද, කෝවයෙහි දමන ලද රන්රිදී යම්සේ පිරිසිදු වෙයිද, බබලන්නේ වෙයිද මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු සිල් ඇති මෙබඳු සමාධි ඇති මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමී) භික්ෂුව කලුහාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඕහට එය අන්තරාය පිණිස නොවෙයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. සේම දෙවෙනි දිසාවද එසේම තුන්වන දිසාවද එසේම සතරවන දිසාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරයි.

,කරුණා සහගතවූ සිතින් එක් දිසාවක් දිසාවක් පතුරුවා වාසය කරයි. සේම දෙවෙනි දිසාවද එසේම තුන්වන දිසාවද එසේම සතරවන දිසාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

,මුදිතා සහගතවූ සිතින් එක් දිසාවක් දිසාවක් පතුරුවා වාසය කරයි. සේම දෙවෙනි දිසාවද එසේම තුන්වන දිසාවද එසේම සතරවන දිසාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

, උපෙක්‍ෂා සහගතවූ සිතින් එක් දිසාවක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වන දිසාවද එසේම සතරවන දිසාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. ඒ අනාගාමී පුද්ගලතෙම මේ දුක්ඛ ආය්‍ර්‍යසත්‍යය ඇත, ලාමකවූ සමුදය සත්‍යය ඇත, ප්‍රණිතවූ මාර්‍ගසත්‍යය ඇත. මේ බ්‍රහ්ම විහාර ධ්‍යාන සංඥාවට වඩා උතුම් නිර්‍වාණය ඇතැයි දනියි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදෙයි. භවාශ්‍රවයෙන්ද මිදෙයි. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදෙයි . මිදුන කල්හි මිදුනේයයි දැනීම වෙයි. උත්පත්තිය කෙළවර විය, මග බඹසර වැස නිමවන ලදී. සතරමාර්‍ගයෙහි කටයුතු කරනලදී. මේ ආත්මය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දනී. මහණෙනි මේ මහණතෙම අභ්‍යන්තර නෑමෙන් නෑයේයයි කියනු ලැබේ.,

8. මේ අවස්ථාවේ සුන්දරික භාරවාජ නම් බ්‍රාහ්මණ තෙම බුදුන් සමීපයෙහි හුන්නේ වෙයි. එකල්හි සුන්දරික භාරවාජ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ,භවත් ගෞතම තෙම බාහුකා නම් ගඟට නාන්ට යන්නේද?, (කියාය)

,බ්‍රාහ්මණය , බාහුකා නම් ගංඟාවෙන් කවර ප්‍රයෝජනද? බාහුකා නදිය කුමක් කරයිද?, ,භවත් ගෞතමයෙනි , බාහුකා ගඟ විසුද්ධිය ගෙන දෙන්නකැයි ලෝවැස්සන් අතර සම්මතය. භවත් ගෞතමයෙනි , බොහෝදෙනා බාහුකා ගංඟාව පින් තොටකැයි සලකන්නාහුය. බොහෝදෙනා තමන් කළ පව් බාහුකා නදියෙහි පාකර හරිති, යයි (කීයේය).

9 . එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරවාජ බ්‍රාහ්මණයාහට මේ ගාථා වදාළහ.

,බාහුකා නම් ගඟටද අධිකක්ක නම් තොටටද ගයා නම් තොටුපලටද සුන්දරිකා නම් ගඟටද සරස්වතී නම් ගඟටද ප්‍රයාග නම් තොටටද බාහුමතී නම් ගඟටද,

,නිතර බැස නාන්නාවූ අපිරිසිදු කර්‍ම ඇති පුද්ගලයා පිරිසිදු නොවෙයි. සුන්දරිකා ගඟ කුමක් කරයිද? ප්‍රයාග තීර්ථය කුමක් කරයිද? බාහුකා නදිය කුමක් කරයිද? ප්‍රාණාතාදී පව්කරන කෲර ක්‍රියා කරන මිනිසා ශුද්ධ නොකරයි.

,පිරිසිදු වූවහුට හැමදාම නෑමට (සුදුසු) උතුරුපල් නැකත වෙයි. පිරිසිදු වූවහුට හැමදාම පෝය දිනය වෙයි. පිරිසිදු ක්‍රියා ඇති ශුද්ධ පුද්ගලයාට හැමදාම වත් පිරෙයි.

,බ්‍රාහ්මණය, මේ ශාසනයෙහිම ස්නානය කරව, සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රී කරව, ඉදින් බොරු නොකියන්නෙහිද, ඉදින් සතුන් නොමරන්නෙහිද,

,ඉදින් නුදුන් දෙය නොගන්නෙහිද, ශ්‍රද්ධා ඇත්තේ වෙහිද, මසුරු නොවූයේ වෙහිද, ගයාවට ගොස් කුමක් කරන්නෙහිද? තොපගේ ලිඳත් ගයාවකි. (ශුද්Ȁdධවූ පුද්ගලායට ලිඳත් ගයාවත් යන දෙකෙහි වෙනසක් නැත.),

10. මෙසේ කීකල්හි සුන්දරික භාරද්වාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. ,භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. ,භවත් ගෞතමයන් වහන්ස, (මේ ධර්‍මය) ඉතා යහපත. ,භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, මං මුළා වූවෙකුට මග කියන්නේ හෝ යම් සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, කලුවරෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය දේශනා කරන ලද්දේය. භවත් ගෞතමයන් වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංයාද සරණ යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙත මහණකම ලබන්නෙම්, උපසම්පදාව ලබන්නෙම්., සුන්දරික භාරද්වාජ බමුණු තෙම බුදුන් වෙත පැවිද්ද ලැබුවේය . උපසම්පදාව ලැබුවේය. ආයුෂ්මත් භාරද්වාජ තෙමේ වනාහි උපසම්පදාවී නොබෝකල් ඇත්තේ හුදකලා වූයේ වෙන් වූයේ අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, කයෙහි හා ජීවිතයෙහි ආශා රහිතව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඒ උතුම්වූ මාර්‍ගබ්‍රහ්මචරියාව කෙළවරකොට ඇති අර්‍හත්ඵලය මේ ආත්මයෙහි තමාම දැක ඊට පැමිණ වාසයකළේය. උත්පත්තිය කෙළවර විය. මාර්‍ගබ්‍රහ්මචරියාව වැස නිමවනලදී. සතර මාර්‍ගයෙන් කටයුතු දෑ කරන ලදී. මේ ආත්මය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක්ද වූහ.

හත්වෙනිවූ වත්‍ථ සූත්‍රය නිමි.

6. ආකඞ්ඛෙය්‍ය සූත්‍රය

1. ,මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනාථ පිණඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ,මහණෙනි,, කියා භික්ෂූන්ට කථාකළහ. ,ස්වාමීන් වහන්සැ,යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

2. ,මහණෙනි, සීලයෙන් යුක්තව වාසය කරවු. ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තව වාසය කරවු. ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව වාසය කරවු. ඉතා සුලුවූද වරදට භයවන ගති ඇතිව වාසය කරවු. ශික්‍ෂාපද සමාදන්ව ඊට අනුව හික්මෙව්.

,මහණෙනි, මහණ තෙම සමාන බඹසර ඇත්තවුන්ට ප්‍රිය වූවෙක් මනාපවූවෙක් ගරුකළ යුත්තෙක් සැලකිය යුත්තෙක් වන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු (පාලු විවේක ස්ථානයක හිඳ භාවනා කරන්නා ශුන්‍යාගාර වඩන්නා යයි කියනු ලැබේ) වියයුතුය.

3. ,මහණෙනි, මහණ තෙම සිවුරු, ආහාර, ගිලන්පස, බෙහෙත්, පිරිකර, ලබන්නෙක් වෙමියි ඉදින් කැමති වන්නේ නම්, ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

,මහණෙනි, මහණ තෙම යම් කෙනෙකුන්ගේ සිවුරු, ආහාර, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකර මම වළඳම් නම් ඔවුන්ගේ දානමය පින්කම් මහත්ඵල වේවායි, මහත් ආනිසංස වේවායි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය.
තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගන්නෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

4. ,මහණෙනි, මහණ තෙම පරලොව ගියාවූ මාගේ යම් නෑ සහ ලේ නෑ කෙනෙක් වෙත්ද ඔවුහු සතුටු සිතින් මා සිහිකරන්නාහ. ඔවුන්ගේ ඒ සිහි කිරීම මහත්ඵල වේවායි, මහානිසංස වේවායි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගන්නෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

5. ,මහණෙනි, මහණ තෙම කුසල ධර්මයන්හි නොඇලී මද(කම්සැපෙහි) ඇල්මද ඉවසන්නෙක් (මැඬපවත්වන්නෙක්) වන්නෙමි. ඒ කුශල ධර්මයන්හි නො ඇලීමද යම්සේ මා නොමඬින්නේද එසේ උපන් කුසල ධර්මයන්හි නො ඇල්ම මැඩ මැඩ වාසය කරමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

6. ,මහණෙනි, මහණ තෙම භයානක අරමුණු ඉවසන්නෙමි. සිත තැතිගැන්ම හා භයානක අරමුණු මා මැඬනොපවත්නේද එසේ උපන් භයජනක අරමුණු මැඩ මැඩ වාසය කරමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

7. ,මහණෙනි, මහණ තෙම පිරිසිදු සිතෙහි හට ගත්තාවූ මේ ආත්මයෙහි සැප වාස ඇත්තාවූ රූපාවචර ධ්‍යාන හතර කැමතිසේ ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක්, අමාරුවක් නැතිව ලබන්නෙක් වන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

8. ,මහණෙනි, මහණ තෙම සංසිඳුනාවූ විරුද්ධධර්මයන් කෙරෙන් මිදුනා වූ රූපාවචර ධ්‍යානය ඉක්ම සිටි හෙයින් රූප රහිත වූ යම් ඒ අරූප ධ්‍යානයෝ වෙත්ද ඔවුන් නාම කයින් ස්පර්ශකොට වාසය කරන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

9. ,මහණෙනි, මහණතෙම සංයොජන (කෙලෙස් බැමි) තුන නැති කිරීමෙන් දුගතියක නොහෙලන ස්වභාව ඇති, නිවන් මඟට නියමවූ, සම්බොධිය පිහිට කොට ඇති සෝවාන් කෙනෙක් වෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු , විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

10. ,මහණෙනි, මහණතෙම තුන් සංයොජනයන් නැති කිරීමෙන් රාග ෙවෂ මොහයන් තුනීකිරීමෙන් සකෘදාගාමී වන්නෙමි, එක් වරක්ම මේ මනුෂ්‍ය ලොකයට අවුත් දුක් කෙළවර කරන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

,මහණෙනි, මහණතෙම ඔරම්භාගිය (කාමලොකය සේවනය කරන්නාවූ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමරාග ව්‍යාපාද යන) සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතිකවී ඒ බ්‍රහ්ම ලොකයෙන් පෙරළා නොඑන ස්වභාව ඇතිව එහිදීම පිරිනිවන් පාන්නෙක් වෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

11. ,මහණෙනි, මහණතෙමේ නොයෙක් අයුරු ඇති සෘද්ධිවිධි වෙන් වෙන් කොට දක්වමි. එකෙක්ව බොහෝසේ වෙමි. බොහෝසේව එකෙක් වෙමි . ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පය්‍ර්‍යඬයෙන් හිඳ ගෙනම යමි. මේ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගාමි, පිරිමදිමි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වමියි, ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

12. ,මහණෙනි, මහණ තෙම පිරිසිදුවූ, මිනිස් කණ ඉක්ම පැවැත්තාවූ දිව කණින් දිව්‍යමය වූද මනුෂ්‍යමය වූද දුර වූද සමීපයෙහිවූද ශබ්ද අසන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

13. ,මහණෙනි, මහණ තෙම අන්‍ය සත්‍වයින්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දන්නෙමි. රාග සහිත සිත රාග සහිත සිත යැයි දන්නෙමි. රාගය පහවූ සිත රාගයෙන් පහවූ සිතයයි දනිමි. ෙවෂ සහිත සිත ෙවෂ සහිත සිත යැයි දන්නෙමි. ෙවෂය පහවූ සිත ෙවෂයෙන් තොරවූ සිතයයි දනිමි. මොහ සහිත සිත මොහ සහිත සිත යැයි දන්නෙමි. මොහය පහවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනිමි. හැකුලුණු සිත හැකුලුණු සිත යයි දනිමි . විසිරුණු සිත විසිරුණු සිතයයි දනිමි. මහත්බවට ගිය සිත මහත්බවට ගිය සිතයයි දනිමි. මහත්බවට නොගිය සිත මහත්බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකිකහිත් අතරින් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධිගතවූ සිත සමාධිගතවූ සිතයයි දනිමි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනිමි. (ක්ලේශයෙන්) මිදුනු සිත මිදුනු සිත යයි දනිමි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනිමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

14. ,මහණෙනි, මහණ තෙම නන්වැදෑරුම්වූ පෙර විසූ තැන් සිහි කරන්නෙමි. හේකෙසේදයත්, එක්ජාතියක්ද, ජාතිදෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් ජාති ලක්‍ෂගණන්ද අසවල් තැන වූයෙමි. මෙබඳු නම් ඇත්තේ, මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ, මෙබඳු සැප දුක් විඳින්නේ, මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තේ වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසුවල් තැන උපනිමි. එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තේ වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමි. මෙසේ ආකාර දැක්වීම් සහිතව නානාප්‍රකාරවූ පෙර විසූ ආත්ම සිහි කරමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

15. ,මහණෙනි, මහණ තෙම .පිරිසිදුවූ මිනිසත්බව ඉක්මෙව්වාවූ දිව ඇසින් බලන්නෙමි, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, දුර්‍වර්‍ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිදි මිය පරලොව යන්නාවූද සත්‍වයන් දැනගන්නෙමි, මේ පින්වත් සත්වයෝ එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආය්‍ර්‍යයන්ට දොස් කියන්නාහු, මිසදිටු වූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු මරණින් මතු සැපයෙන පහවූ හෙයින් අපාය නම්වූ දුකට පැමිණෙන හෙයින් දුග්ගති නම්වූ විවසව (හිස යටිකුරුව) වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු වචනයෙන් කරන සුචරිතයෙන් යුක්තවූවාහු හිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු ආය්‍ර්‍යයන්ට දොස්නොකියන්නාහු සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු සම්‍යක් දෘෂ්ටි සමාදන් වූවාහු ශරීර භෙදයෙන්, මරණන් මතු සුගති නම්වූ ස්වර්‍ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ මිනිස් ඇස ඉක්මවූ , පිරිසිදු දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, දුර්‍වර්‍ණවූද, යහපත්ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කම්වූ පරිදි පරලොව යන සත්‍වයන් දැන ගන්නෙමි.යි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

,මහණෙනි, මහණතෙම ආශ්‍රව (කෙලෙස්) නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජාතියේදීම විසිතුරු නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය. ,මහණෙනි, ශීලයෙන් යුක්තව වාසය කරව්, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තව වාසය කරවු, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව වාසය කරවු, ඉතා සුලුවූද වරදට භයවන ගතියෙන් වාසය කරවු, ශික්‍ෂාපද සමාදන්ව ඊට අනුව හික්මෙව් යැයි යමක් (මුලදී) කියන ලදද එය මේ සඳහා කියනලදී.,

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්‍මය ප්‍රකාශ කළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

හයවෙනිවූ ආකඬඛෙය්‍ය සූත්‍රය නිමි.

5. අනඞගණ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහු විසින් කරවන ලද ජෙතවන විහාරයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ .ඇවැත්නි‚ මහණෙනි‚. කියා භික්‍ෂූන්ට කථාකළහ. .ඇවැත්නි. කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ.

2. ,ඇවැත්නි, මේ පුද්ගලයෝ සතරදෙනෙක් ලොකයෙහි ඇත්තාහුය. කවර සතරදෙනෙක්ද යත්? ඇවැත්නි මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අඞගණ (තියුණු කෙලෙස්) සහිත වූයේම තමා තුළ තියුණුවූ කෙලෙස් ඇතැයි තතුසේ නොදනියි. ඇවැත්නි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියි. ඇවැත්නි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ නොදනියි. ඇවැත්නි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනියි.

3. ,ඇවැත්නි, ඒ පුද්ගලයන් අතුරෙහි යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ නොදනියිද මේතෙම මේ කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙන අතුරෙන් පහත් පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් සහිත වූයේම තමා තුල කෙලෙස් ඇතැයි තතුසේ දනියිද, මෙතෙම කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙන අතුරෙන් ශ්‍රෙෂ්ඨ පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ නොදනියිද මෙතෙම කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් පහත් පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනියිද මෙතෙම කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රෙෂ්ඨ පුරුෂයායයි කියනු ලැබේ., මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන්වහන්සේ ආයුෂ්මත් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ.

4. ,ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් පහත් පුද්ගලයායයි කියනු ලැබේ. එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද? කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් පහත් පුද්ගලයායයි කියනු ලැබේ. එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?

5. ,ඇවැත්නි, ඔවුන් අතුරෙහි යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇත්තේයයි තතුසේ නොදනීද ඔහු ගැන මෙසේ කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් අතිකර නොගනියි, වෑයම් නොකරයි, වීය්‍ර්‍ය නොකරයි හෙතෙම රාග සහිත වූයේ ෙවෂ සහිතවූයේ මොහ සහිතවූයේ කෙලෙස් සහිතවූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය.

,ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ් ගෙනෙන ලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් වේද එය හිමියෝ පරිභොග නොකරත්නම් පිරිසිදු නොකරත්නම් ධූලි සහිත තැන්හි දමත් නම් ඒ රන් තලිය ටික කලකින් අතිශයින් කිලුටු වී මල සහිත නොවන්නීද? එසේය ආයුෂ්මතුනි, ඒ රන් තලිය කල් යාමෙන් කිලුටුවූවා මල සහිත වන්නීය. ඇවැත්නි, කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇත්තේයයි තතුසේ නොදනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් අතිකර නොගනියි, වෑයම් නොකරයි, වීය්‍ර්‍ය නොකරයි. හෙතෙම රාග සහිත වූයේ ෙවෂ සහිතවූයේ මොහ සහිතවූයේ කෙලෙස් සහිතවූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය.

6. ,ඇවැත්නි, ඒ පුද්ගලයන් දෙදෙනා අතුරෙහි යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් සහිත වූයේම තමා තුල කෙලෙස් ඇතැයි තතුසේ දනියිද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර ගනියි, වීය්‍ර්‍ය කරයි හෙතෙම රාග රහිත වූයේ ෙවෂ රහිතවූයේ මොහ රහිතවූයේ කෙලෙස් රහිතවූයේ නොකිළිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි. ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ් ගෙනෙන ලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් වේද එය හිමියෝ පරිභොග කරත්නම් පිරිසිදු කෙරත්නම් ධූලි සහිත තැන්හි නොදමත් නම් ඒ ලොහොතලිය ටික කලකින් අතිශයින් පිරිසිදු වී ඔප වැටෙන්නේ නොවේද? .එසේය ආයුෂ්මතුනි,, ,ඇවැත්නි, එපරිද්දෙන්ම යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් සහිත වූයේම තමා තුල කෙලෙස් ඇතැයි තතුසේ දනියිද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර ගනියි, වෑයම් කරයි, වීය්‍ර්‍ය කරයි. හෙතෙම රාග රහිත වූයේ ෙවෂ රහිතවූයේ මොහ රහිතවූයේ කෙලෙස් රහිතවූයේ නොකිළිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි.

7. ,ඇවැත්නි, ඒ පුද්ගලයන් දෙදෙනා අතුරෙහි යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ නොදනියිද‚ ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි හෙතෙම ශුභ අරමුණු මෙනෙහි කරයි‚ ශුභ අරමුණු මෙනෙහි කිරීමෙන් රාගය ඔහුගේ කුසල් සිත විනාශ කරයි. හෙතෙම රාග සහිතවූයේ‚ ෙවෂ සහිතවූයේ මොහ සහිතවූයේ කෙලෙස් සහිතවූයේ කිළුටු සිත් ඇත්තේ කාලක්‍රියා කරයි. ඇවැත්නි‚ සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ් ගෙනෙන ලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් වේද එය හිමියෝ පරිභොග නොකරත්නම් පිරිසිදු නොකරත්නම් ධූලි සහිත තැන්හි දමත් නම් ඒ රන් තලිය ටික කලකින් අතිශයින් කිලුටු වී මල බැඳුනේ නොවන්නීද? එසේය ආයුෂ්මතුනි‚ ඒ රන් තලිය කල් යාමෙන් කිලුටුවූවා මල සහිත වන්නීය ඇවැත්නි‚ කෙලෙස් රහිතවූයේ තමා තුළ කෙලෙස් නැත්තේයයි තතුසේ නොදනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් අතිකර නොගනියි‚ වෑයම් නොකරයි‚ වීය්‍ර්‍ය නොකරයි හෙතෙම රාග සහිත වූයේ ෙවෂ සහිතවූයේ මොහ සහිතවූයේ කෙලෙස් සහිතවූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය

8. ,ඇවැත්නි‚ යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනීද‚ ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය. ශුභ අරමුණු මෙනෙහි නොකරයි‚ ශුභ අරමුණු මෙනෙහි නොකිරීමෙන් රාගය ඔහුගේ කුසල් සිත විනාශ නොකරයි. හෙතෙම රාග රහිතවූයේ‚ෙවෂ රහිතවූයේ මොහ රහිතවූයේ කෙලෙස් රහිතවූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි. ඇවැත්නි‚ සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ් ගෙනෙන ලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් වේද එය හිමියෝ පරිභොග කරත්නම් පිරිසිදු කෙරත්නම් ධූලි සහිත තැන්හි නොදමත් නම් ඒ ලොහොතලිය ටික කලකින් අතිශයින් පිරිසිදු වී ඔප වැටෙන්නේ නොවේද? .එසේය ආයුෂ්මතුනි‚, ,ඇවැත්නි‚ එපරිද්දෙන්ම යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් සහිත වූයේම තමා තුල කෙලෙස් ඇතැයි තතුසේ දනියිද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර ගනියි‚වෑයම් කරයි‚ වීය්‍ර්‍ය කරයි හෙතෙම රාග රහිත වූයේ ෙවෂ රහිතවූයේ මොහ රහිතවූයේ කෙලෙස් රහිතවූයේ නොකිළිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි. , මොග්ගල්ලාන‚ කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතරෙන් එකෙක් හීන පුද්ගලයායයි කියනු ලැබේද‚ එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේද‚ මේ වනාහි ඊට හේතුවයි‚ ඊට ප්‍රත්‍යයයි. මොග්ගල්ලාන‚ කෙලෙස් රහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතරෙන් එකෙක් හීන පුද්ගලයායයි කියනු ලැබේද‚ එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේද‚ මේ වනාහි ඊට හේතුවයි‚ ඊට ප්‍රත්‍යයය.

,ඇවැත්නි‚ අඞගණය අඞගණයයයි කියනු ලැබේ ඇවැත්නි‚ මේ අඞගණය යනු කුමකට නමක්ද? ඇවැත්නි අඞගණය යනු කැමතිසේ හැසිරීමයයි කියන ලද ලාමකවූ අකුසල ධර්‍මයන්ට නමකි.

9. ,ඇවැත්නි‚ මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවැතට පැමිණියෙමි. මා ඇවැතට පැමිණි බව භික්ෂූහු නොදන්නාහු නම් හොඳය (කියාය). යම්හෙයකින් භික්ෂූහු ඒ භික්ෂුව ඇවැතට පැමිණියේයයි දන්නාහු නම් භික්ෂූහු මා ඇවැතට පැමිණියයි දනිත්යයි ඒ භික්සුව කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඇවැත්නි‚ ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

10. ,ඇවැත්නි‚ මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවැතට පැමිණියේ වෙමි‚ භික්ෂූහු මට රහසිගතව චොදනා කරන්නාහු නම් සඟමැද චොදනා නොකරන්නාහු නම් හොඳය (කියාය) යම්හෙයකින් භික්ෂූහු ඒ භික්ෂුවට සඟමැද චොදනා කරත්ද‚ රහසිගතව චොදනා නොකරද්ද‚ භික්ෂූහු මට සඟමැද චොදනා කරති. රහයිගතව චොදනා නොකරතියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

11. ,ඇවැත්නි‚ මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය.මම ඇවැතට පැමිණියේ වෙමි. සමාන පුද්ගලයෙක් මට චොදනා කරන්නේනම්‚ අසමාන පුද්ගලයෙක් චෝදනා නොකරන්නේනම් හොඳය (කියායි). යම් හෙයකින් ඒ භික්ෂුවට අසමාන පුද්ගලයෙක් චොදනා කරයිද‚ සමාන පුද්ගලයෙක් චොදනා නොකරයිද‚ සමාන පුද්ගලයෙක් නොව අසමාන පුද්ගලයෙක් මට චොදනා කරයි කියා හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

12. ,ඇවැත්නි‚ මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ශාස්තෲන් වහන්සේ මගෙන්ම අස අසා භික්ෂූන්ට ධර්‍මදෙශනා කරන්නේ නම්‚ ශාස්තෲන් වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා භික්ෂූන්ට ධර්‍මදෙශනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි‚ යම් හේතුවකින් ශාස්තෲන් වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා භික්ෂූන්ට ධර්‍මදෙශනා කරත්ද‚ ශාස්තෲන් වහන්සේ ඒ භික්ෂුවගෙන් අස අසා ධර්‍මදෙශනා නොකරත්ද‚ ශාස්තෲන් වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා ධර්‍මදෙශනා කරන්නාහ‚ ශාස්තෲන් වහන්සේ මගෙන් අස අසා ධර්‍මදෙශනා නොකරන්නාහයි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

13. ,ඇවැත්නි‚ මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. භික්‍ෂූහු මා ම පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙන්නාහු නම්, අන්‍ය භික්‍ෂුවක් පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට නොපිවිසෙන්නාහු නම් හොඳය කියාය. ඇවැත්නි, යම් හේතුවකින් භික්‍ෂූහු අන්‍ය භික්‍ෂුවක් පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙත්ද, භික්‍ෂූහු ඒ භික්‍ෂුව පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට නොපිවිසෙත්ද, භික්‍ෂූහු අන්‍ය භික්‍ෂුවක් පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙති. භික්‍ෂූහු මා පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට නොපිවිසෙත්ය යි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

14. ,ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ම දන් ශාලාවේදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භෝජනය ලබන්නෙම් නම්, අන්‍ය භික්‍ෂුවක් දන් ශාලාවේදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භෝජනය නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්‍ෂුවක් දන් ශාලාවේදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භෝජනය ලබයිද, මේ භික්‍ෂුව දන් ශාලාවේදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භෝජනය නොලබයිද, අන්‍ය භික්‍ෂුවක් දන් ශාලාවේදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භෝජනය ලබයි, මම දන් ශාලාවේදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භෝජනය නොලබමි යි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

15. ,ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ම දන්ශාලාවේදී වළඳා අවසානයේ අනුමෝදනාව කරන්නෙම් නම්, අන්‍ය භික්‍ෂුවක් දන්ශාලාවේදී වළඳා අවසානයේ අනුමෝදනාව නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්‍ෂුවක් දන්ශාලාවේදී වළඳා අවසානයේ අනුමෝදනාව කරයිද, මේ භික්‍ෂුව දන්ශාලාවේදී වළඳා අවසානයේ අනුමෝදනාව කරන්ට නොලබයිද, අන්‍ය භික්‍ෂුවක් දන්ශාලාවේදී වළඳා අවසානයේ අනුමෝදනාව කරයි, මම දන්ශාලාවේදී වළඳා අවසානයේ අනුමෝදනාව කරන්ට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, අසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

16. ,ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ භික්‍ෂූන්ට මම ම ධර්‍ම දෙසනා කරන්නෙම් නම් අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්‍ෂූන්ට ධර්‍ම දෙසනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්‍ෂූන්හට ධර්‍ම දෙසනා කරයිද, මේ භික්‍ෂුව ආරාමයෙහි රැස්වූ භික්‍ෂූන්හට ධර්‍ම දෙසනා කරන්නට නොලබයිද, අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්‍ෂූන්හට ධර්‍ම දෙසනා කරයි, මම ආරාමයෙහි රැස්වූ භික්‍ෂූන්හට ධර්‍ම දෙසනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

17. ,ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ භික්‍ෂුණීන් හට මම ම ධර්‍ම දෙසනා කරන්නෙම් නම් අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්‍ෂුණීන් හට ධර්‍ම දෙසනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්‍ෂුණීන් හට ධර්‍ම දෙසනා කරයිද,මේ භික්‍ෂුව ආරාමයෙහි රැස්වූ භික්‍ෂුණීන් හට ධර්‍ම දෙසනා කරන්නට නොලබයිද, අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්‍ෂුණීන් හට ධර්‍ම දෙසනා කරයි, මම ආරාමයෙහි රැස්වූ භික්‍ෂුණීන් හට ධර්‍ම දෙසනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

18 . ,ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ උපාසකයන් හට මම ම ධර්‍ම දෙසනා කරන්නෙම් නම් අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන් හට ධර්‍ම දෙසනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන් හට ධර්‍ම දෙසනා කරයිද, මේ භික්‍ෂුව ආරාමයෙහි රැස්වූ උපාසකයන් හට ධර්‍ම දෙසනා කරන්නට නොලබයිද, අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන් හට ධර්‍ම දෙසනා කරයි, මම ආරාමයෙහි රැස්වූ උපාසකයන් හට ධර්‍ම දෙසනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

19. ,ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට මම ම ධර්‍ම දෙසනා කරන්නෙම් නම් අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන් හට ධර්‍ම දෙසනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්‍ම දෙසනා කරයිද,මේ භික්‍ෂුව ආරාමයෙහි රැස්වූ උපාසිකාවන් හට ධර්‍ම දෙසනා කරන්නට නොලබයිද, අන්‍ය භික්‍ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන් හට ධර්‍ම දෙසනා කරයි, මම ආරාමයෙහි රැස්වූ උපාසිකාවන් හට ධර්‍ම දෙසනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

20. ,ඇවැත්නි , මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. භික්‍ෂූහු මට ම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, භික්‍ෂූහු අන්‍ය භික්‍ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරුනොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම්, නොපුදන්නාහු නම්, හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් භික්‍ෂූහු අන්‍ය භික්‍ෂුවකට සත්කාර කරත්ද, ගරුකරත්ද, බුහුමන් කරත්ද, පුදද්ද, මේ භික්‍ෂුවට සත්කාර නොකරත්ද, ගරුනොකරත්ද, බුහුමන් නොකරත්ද, නොපුදත්ද, භික්‍ෂූහු අන්‍ය භික්‍ෂුවකට සත්කාර කරති, ගරුකරති, බුහුමන් කරති, පුදති, භික්‍ෂූහු මට සත්කාර නොකරති, ගරුනොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

21. ,ඇවැත්නි , මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. භික්‍ෂුණීහු මට ම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, භික්‍ෂුණීහු අන්‍ය භික්‍ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරුනොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම්, නොපුදන්නාහු නම්, හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් භික්‍ෂුණීහු අන්‍ය භික්‍ෂුවකට සත්කාර කරත්ද, ගරුකරත්ද, බුහුමන් කරත්ද, පුදද්ද, මේ භික්‍ෂුවට සත්කාර නොකරත්ද, ගරුනොකරත්ද, බුහුමන් නොකරත්ද, නොපුදත්ද, භික්‍ෂුණීහු අන්‍ය භික්‍ෂුවකට සත්කාර කරති, ගරුකරති, බුහුමන් කරති, පුදති, භික්‍ෂුණීහු මට සත්කාර නොකරති, ගරුනොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

22. ,ඇවැත්නි , මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. උපාසකවරු මට ම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, උපාසකවරු අන්‍ය භික්‍ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරුනොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම්, නොපුදන්නාහු නම්, හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් උපාසකවරු අන්‍ය භික්‍ෂුවකට සත්කාර කරත්ද, ගරුකරත්ද, බුහුමන් කරත්ද, පුදද්ද, මේ භික්‍ෂුවට සත්කාර නොකරත්ද, ගරුනොකරත්ද, බුහුමන් නොකරත්ද, නොපුදත්ද, උපාසකවරු අන්‍ය භික්‍ෂුවකට සත්කාර කරති, ගරුකරති, බුහුමන් කරති, පුදති, උපාසකවරු මට සත්කාර නොකරති, ගරුනොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

23. ,ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. උපාසිකාවරු මට ම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, උපාසිකාවරු අන්‍ය භික්‍ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරුනොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම්, නොපුදන්නාහු නම්, හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් උපාසිකාවරු අන්‍ය භික්‍ෂුවකට සත්කාර කරත්ද, ගරුකරත්ද, බුහුමන් කරත්ද, පුදද්ද, මේ භික්‍ෂුවට සත්කාර නොකරත්ද, ගරුනොකරත්ද, බුහුමන් නොකරත්ද, නොපුදත්ද, උපාසිකාවරු අන්‍ය භික්‍ෂුවකට සත්කාර කරති, ගරුකරති, බුහුමන් කරති, පුදති, උපාසිකාවරු මට සත්කාර නොකරති, ගරුනොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

24. ,ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය . ප්‍රණීත (ඉතා හොඳ) සිවුරු මම ම ලබන්නෙම් නම් , අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත සිවුරු නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත සිවුරු ලබයි නම් මේ භික්‍ෂුව ප්‍රණීත සිවුරු නොලබයි නම් අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත සිවුරු ලබයි , මම ප්‍රණීත සිවුරු නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

25. ,ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) පිණ්ඩපාතය මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය ලබයි නම් මේ භික්‍ෂුව ප්‍රණීත පිණ්ඩපාතය නොලබයි නම් අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය ලබයි , මම ප්‍රණීත පිණ්ඩපාතය නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

26. ,ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) සෙනසුන මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත සෙනසුන නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත සෙනසුන ලබයි නම් මේ භික්‍ෂුව ප්‍රණීත සෙනසුන නොලබයි නම් අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත සෙනසුන ලබයි, මම ප්‍රණීත සෙනසුන නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

27. ,ඇවැත්නි , මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) ගිලන්පස බෙහෙත් පිරිකර මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි නම් මේ භික්‍ෂුව ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබයි නම් අන්‍ය භික්‍ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි, මම ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අඞගණ නමි.

28. ,ඇවැත්නි, අඞගණ යනු කැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමකවූ අකුසලයන්ට නමකි. ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවකගේ කැමැත්ත පරිදි පවත්නාවූ ලාමකවූ මේ අකුසලයෝ පහනොකළාහු දක්නා ලැබෙත්ද, ඇතැයි අසනු ලැබෙත්ද, ඔහු ආරණ්‍යයක සිටියත්, වනයෙහි දුර සෙනසුන්හි විසුවත්, පිණ්ඩ පාතිකාංඞ්ග ඇතිවූවත් ගෙ පිළිවෙළින් පිඩුසිඟීම් ඇතිවූවත් පාංශුකූලිකාංග ඇතිවූවත් රලුවූ සිවුරු දරන්නෙකු වුවත් එකට මහණදම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර නොකරත්, ගරු නොකරත්, බුහුමන් නොකරත්, නොපුදත්. ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන්ගේ ලාමකවූ කැමැත්තසේ පවත්නාවූ මේ අකුසලයෝ පහ නොකළාහු දක්නා ලබන්නාහුද වෙත්. අසනු ලබන්නාහුද වෙත්. ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයෙන් හෝ ගෙණෙන ලද පිරිසිදුවූ බබලන්නාහූ රන්තලියක් වේද ඒ රන්තලිය හිමියෝ සර්‍ප කුණක් හෝ බලු කුණක් හෝ මිනිස් කුණක් හෝ එහි දමා තවත් රන් තලියකින් වසා වෙළඳපලට ගෙන යන්නාහුය. ජනයා එය දැක මෙසේ කියන්නේය. පින්වත්නි, ඉතා වටිනා වස්තුවක් මෙන් මේ ගෙන යන්නේ කුමක්ද? මෙසේ කියා ඔවුන් නවත්වා භාජනය හැර බලන්නාහ. දැකීමත් සමඟම අමනාපය ඇතිවෙයි. පිළිකුලක් ඇති වෙයි. කැත බව වැටහෙයි. බඩගින්න ඇත්තවුන්ටද එය කනු කැමති බවක් ඇති නොවේ. බඩ පිරෙන තෙක් කා සිටියවුන් ගැන කියනු කිම?

29. ,එසේම ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවකගේ කැමැත්තසේ පවත්නාවූ මේ ලාමක අකුසල ධර්‍මයෝ පහනොකළාහු දක්නා ලැබෙත්ද, ඇතැයි අසනු ලැබෙත්ද, ඔහු ආරණ්‍යයක සිටියත්, වනයෙහි දුර සෙනසුන්හි විසුවත්, පිණ්ඩ පාතිකාංඞ්ග ඇතිවූවත් ගෙ පිළිවෙළින් පිඩුසිඟීම් ඇතිවූවත් පාංශුකූලිකාංග ඇතිවූවත් රලුවූ සිවුරු දරන්නෙකු වුවත් එකට මහණදම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර නොකරත්, ගරු නොකරත්, බුහුමන් නොකරත්, නොපුදත්. ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන්ගේ ලාමකවූ කැමැත්තසේ පවත්නාවූ මේ අකුසලයෝ පහ නොකළාහු දක්නා ලබන්නාහුද වෙත්. අසනු ලබන්නාහුද වෙත්. ,ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් විසින් කැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමක අකුශල ධර්‍මයෝ පහකරන ලද්දාහු දක්නා ලැබෙත්ද අසනු ලැබෙද්ද ඒ භික්‍ෂුව ගමෙහි වාසය කළත් ආරාධනා පිළිගත්තත් ගෙහිමියන් දෙන සිවුරු පිලිගත්තත් එකට මහණ දම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්. ඊට හේතු කවරේද යත්? ඒ ආයුෂ්මතුන්ගේ ඒ කැමැත්ත පරිදි වන්නාවූ ලාමක අකුසල ධර්‍ම පහකරන ලද්දාහු දකිනුද ලැබෙත්, අසනුද ලැබෙත්.

30. ,ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයෙන් හෝ ගෙණෙන ලද පිරිසිදුවූ බබලන්නාහූ රන්තලියක් වේද එය හිමියෝ කලු සහල් තෝරා ඉවත් කළ ඇල්හාලේ බත නොයෙක් සූප හා නොයෙක් ව්‍යංජනවලින් පුරවා අනිත් රන්තලියකින් වසා වෙළඳපලට ගෙන යන්නාහුය. ජනයා එය දැක මෙසේ කියන්නේය. පින්වත්නි, ඉතා වටිනා වස්තුවක් මෙන් මේ ගෙන යන්නේ කුමක්ද? මෙසේ කියා ඔවුන් නවත්වා භාජනය හැර බලන්නාහ. දැකීමත් සමඟම මනාප බව ඇති වෙයි. නොපිළිකුල් බව ඇතිවෙයි, කැත නැති බව වැටහෙයි. බඩ පිරෙන තෙක් කා සිටියවුන්හටද කෑමට ආශාව උපදී. බඩගින්නේ සිටියවුන්හට කියනු කිම?

,ඇවැත්නි, එපරිද්දෙන්ම යම්කිසි භික්‍ෂුවක් විසින් කැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමකවූ අකුසලයෝ පහකළාහු දක්නා ලැබෙත්ද, අසනු ලැබෙත්ද, ඔහු ගමෙහි වාසය කළත් ආරාධනා පිළිගත්තත් ගෙහිමියන් දෙන සිවුරු පිලිගත්තත් එකට මහණ දම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්. ඊට හේතු කවරේද යත්? ඒ ආයුෂ්මතුන් විසින් කැමැත්තසේ පවත්නාවූ ලාමක අකුසල ධර්‍මයන් පහකරන ලද බව දකිනුද ලබන හෙයිනි, අසනුද ලැබෙන හෙයිනි., මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීහ.

31. ,ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට උපමාවක් වැටහේයයි, (කියාය). ,ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, එය ගෙන හැර දක්වනු මැනවැයි, කීය. ,ඇවැත්නි, එක් කලෙක මම රජගහ නුවරට අයත් ගිරිබ්බජ නම් නුවර වාසය කෙළෙමි. එකල්හි මම පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස ගියෙමි. එකල්හි සමිති නම්වූ රියකරු පුත්‍ර තෙම රථයකට නිම්වලල්ලක් හසියි. පැරණි රියකරු පුත්‍රයෙක් වූ පණ්ඩු පුත්‍ර නම්වූ ආජීවක තෙම ඔහු වෙත පැමිණ සිටියේය.

,ඇවැත්නි, එහිදී පැරණි රියකරු පුත්‍ර වූ පණ්ඩු පුත්‍ර නම්වූ ආජීවකයාහට මෙබඳු කල්පනාවක් ඇතිවිය. .මේ සමිති නම් රියකරු පුත්‍ර තෙම මේ නිම් වළල්ලෙහි මේ නැමුණු තැනද මේ ඇදයද මේ නරක තැනද සසින්නේ නම් ඉතා යෙහෙක. එසේ වුවහොත් මේ නිම් වළල්ල පහවූ දොස් ඇතිව, පිරිසිදුව හරෙහි පිහිටියා වන්නේය.. (කියාය) ඇවැත්නි, පැරණි රියකරු පුත්‍ර වූ පණ්ඩු පුත්‍ර නම් ආජීවකයා යම් යම් අන්දමින් කල්පනා කළේද, සමිති නම් රියකරු පුත්‍ර තෙම ඒ නිම් වළල්ලෙහි ඒ ඒ නැමුණු තැනද ඒ ඒ ඇදයද ඒ ඒ දොෂයද සසියි. ඇවැත්නි, පැරණි රියකරු පුත්‍ර වූ පණ්ඩු නම් ආජීවකතෙම ෂතුටට පත්ව ඔබ සිතින් මගේ හිත දැනගෙන මෙන් සසින්නෙහියැ.යි, සතුටු වචන පහළ කළේය.

32. ,ඇවැත්නි, එපරිද්දෙන්ම ශ්‍රද්Ȁdධාවක් නැත්තාවූ, ශ්‍රද්Ȁdධාවක් නැතිව ජීවිකාව පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාවූ කයිරාටිකවූ රැවටිලිකාරවූ පුරුදු කළ කයිරාටිකකම් ඇති සිත් විසිර ගියාවූ ඇතුළත සාරයක් නැත්තාවූ හිස් මාන ඇති චපල වූ, ක්‍රූර වචන කියන සංවර නොවූ වචන ඇති ඉන්ද්‍රියයන් සංවර නොකළ භොජනයෙහි පමණ නොදන්නාවූ නිදි වැරීමෙහි නොයෙදුනාවූ ශ්‍රමණ ධර්‍මයෙහි බලාපොරොත්තු නැත්තාවූ ශික්‍ෂාවෙහි තියුණු ගෞරව නැත්තාවූ සිවුරු ආදිය බොහෝ ඇත්තාවූ සස්න ලිහිල්කොට ගන්නාවූ නීවරණයන්හි පෙරටුව යන්නාවූ විවේකයෙහි වීය්‍ර්‍ය නැත්තාවූ මැලිවූ පහවූ වීය්‍ර්‍ය ඇති මුළාවූ සිහි ඇති හොඳ නුවණ නැත්තාවූ එකඟවූ සිත් නැති නොයෙක් අරමුණෙහි දුවන සිත් ඇති ප්‍රඥාව නැත්තාවූ කෙළතොලුවූ යම් ඒ භික්‍ෂූහු වෙත්ද? ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්‍ම දේශනාවෙන් තමාගේ සිතින් ඔවුන්ගේ සිත් දැනගෙන සසින්නාක් වැනියයි කීය.

33. ,ශ්‍රද්Ȁdධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කයිරාටික නුවූ රැවටිලි නැත්තාවූ පුරුදු කළ කයිරාටිකකම් නැති විසිරනොගිය සිත් ඇති හිස් මාන නැත්තාවූ චපල නුවූ, ක්‍රූර වචන නැත්තාවූ සංවර වචන ඇත්තාවූ ඉන්ද්‍රියයන්හි වසන ලද දොරවල් ඇති භොජනයෙහි පමණ දන්නාවූ නිදි වැරීමෙහි යෙදුන ශ්‍රමණ ධර්‍මයෙහි බලාපොරොත්තු ඇති ශික්‍ෂාවෙහි අධික ගෞරව ඇති සිවුරු ආදිය බොහෝ කොට නැත්තාවූ සස්න ලිහිල්කොට නොගන්නාවූ නීවරණයන්හි පෙරටුව නොයන්නාවූ විවේකයෙහි පෙරටුව යන්නාවූ පටන්ගන්නාලද වීය්‍ර්‍ය ඇත්තාවූ කාය ජීවිතයෙහි බලාපොරොත්තු නැති හොඳ සිහි කල්පනාව ඇති හොඳ ප්‍රඥා ඇති එකඟ සිත් ඇති නුවණැත්තාවූ කෙළතොලු නොවූ යම් ඒ කුලපුත්‍රයෝ වෙත්ද? ඔවුහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්‍ම ක්‍රමය අසා වචනයෙන් හා සිතින් බොන්නාක් මෙනැයි හඟිමි. අනුභව කරන්නාක් මෙනැයි හඟිමි. පින්වත , සබ්‍රම්සරුන් අකුසලයෙන් නඟා කුසලයෙහි පිහිටවීම ඉතා හොඳය.

34. ,ඇවැත්නි, සැරසීමට කැමතිවූ තරුණවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වතුර නෑයේ උපුල් මල් දමක් හෝ දෑසමන් මල්දමක් හෝ යොහොඹු මල්දමක් හෝ ලැබ යම්සේ දෑතින් පිළිගෙන උතුම් අංගය වූ හිසෙහි පැළඳ ගනීද, එපරිද්දෙන්ම ඇවැත්නි ශ්‍රද්Ȁdධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කයිරාටික නුවූ රැවටිලි නැත්තාවූ පුරුදු කළ කයිරාටිකකම් නැති විසිරනොගිය සිත් ඇති හිස් මාන නැත්තාවූ චපල නුවූ, ක්‍රූර වචන නැත්තාවූ සංවර වචන ඇත්තාවූ ඉන්ද්‍රියයන්හි වසන ලද දොරවල් ඇති භොජනයෙහි පමණ දන්නාවූ නිදි වැරීමෙහි යෙදුන ශ්‍රමණ ධර්‍මයෙහි බලාපොරොත්තු ඇති ශික්‍ෂාවෙහි අධික ගෞරව ඇති සිවුරු ආදිය බොහෝ කොට නැත්තාවූ සස්න ලිහිල්කොට නොගන්නාවූ නීවරණයන්හි පෙරටුව නොයන්නාවූ විවේකයෙහි පෙරටුව යන්නාවූ පටන්ගන්නාලද වීය්‍ර්‍ය ඇත්තාවූ කාය ජීවිතයෙහි බලාපොරොත්තු නැති හොඳ සිහි කල්පනාව ඇති හොඳ ප්‍රඥා ඇති එකඟ සිත් ඇති නුවණැත්තාවූ කෙළතොලු නොවූ යම් ඒ කුලපුත්‍රයෝ වෙත්ද? ඔවුහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්‍ම ක්‍රමය අසා වචනයෙන් හා සිතින් බොන්නාක් මෙනි. අනුභව කරන්නාක් මෙනි. පින්වතුන් වහන්සේ, සබ්‍රහ්මචාරී භික්‍ෂූන් අකුසලයෙන් නැඟිටුවා කුසලයෙහි පිහිටුවයි, එය ඉතා යහපත්ය., මෙසේ මේ මහානාගයෝ (කෙලෙස් නැති ශ්‍රෙෂ්ඨයෝ) දෙදෙන ඔවුනොවුන්ගේ යහපත් වචන ෂතුටින් අනුමෝදන් වූවාහුය.

පස්වෙනිවූ අනඬගණ සූත්‍රය නිමි.

3. ධම්ම දායාද සූත්‍රය

1. , මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන්වහන්සේ ,මහණෙනි,, කියා භික්‍ෂූන්ට කථාකළහ. ඒ භික්‍ෂූහු ,ස්වාමීනී,, කියා උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මේ සූත්‍රධර්‍මය දේශනා කළහ.

2. ,මහණෙනි, මාගේ ධර්‍මය දායාද කොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය)දායාද කොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්‍මය දායාද කොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි‚තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? ධර්‍මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද, .ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය ගරුකව වාසය කරති, ධර්‍ම ගරුකව වාසය නොකරති.යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය. .ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය දායාද කොටගෙන ධර්‍මය දායාද කොටනොගෙන වාසය කරත්ය.යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි. මහණෙනි, තොපිත් මාගේ ධර්‍මය දායාද කොට ඇත්තාහු ආමිසය දායාද කොට නැත්තාහු වන්නහු නම් .ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්‍මය දායාදකොට ඇත්තාහු වාසය කරත්‚ ආමිසය දායාදකොට නැත්තාහු වාසය කරත්ය.යි තෙපිත් ගැරහියයුත්තෝ නොවෙන්නාහුය .ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්‍මය දායාදකොට වාසය කරති ආමිසය ගරුකොට වාසය නොකරති.යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි. මහණෙනි‚ එහෙයින් ධර්‍මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාද කොට ඇත්තෝ නොවව්. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්‍මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

3. ,මහණෙනි‚ මම වැළඳුවෙමි, ඇති පමණ වළඳා ආහාරය ප්‍රතික්ෂේප කළෙමි. භෝජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කළෙමි. බඩගින්න නිවී යාමෙන් සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් අහර ගත්තේ වෙමි. මහණෙනි‚ ඉතිරිව ඉවත දැමිය යුතුවූ පිණ්ඩපාතය (ආහාරය) ඇත්තේය.

,එකල්හි බඩගින්නෙන් ඇතිවූ දුර්වලකමින් පෙළෙන්නාවූ භික්ෂූන් දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියන්නෙමි. .මහණෙනි, මම වනාහි වැළඳුවේ වෙමි. ඇති පමණ වැළදුයෙමි. භෝජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කළෙමි. සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් අහර ගත්තෙමි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත. ඉඳින් කැමැත්තහුනම් වළදව්. ඉඳින් තෙපි නොවළඳන්නහු නම් මම දැන් එය තණකොළ නැති බිමක හෝ දමන්නෙමි. (බත් ආදිය දැමීමෙන් නැසෙන) කුඩා සතුන් නැති දියෙහි හෝ පාකොට හරින්නෙමි. (කියායි).

,ඔවුන් දෙදෙනා අතුරෙන් එක් භික්ෂුවක් හට මෙබඳු සිතක් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේවෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාරගත්තේ වෙයි. ඉතිරි වූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත්තේය. ඉඳින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයෙක හෝ පාකොට හරින්නාහ. ,මහණෙනි,ධර්‍මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාද කොට ඇත්තෝ නොවව්ය,යි භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදී. මේ පිණ්ඩපාතයද එක් ආමිසයකි. .මම මේ ආහාරය නොවළඳවා මේ බඩගිනි දුබල කමින් යුක්තව මෙසේ මේ රෑ දවාල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැ.යි කියායි. ඒ භික්ෂු තෙම ඒ ආහාරය අනුභව නොකොට ඒ බඩගිනි දුකින්ම ඒ රෑ දවාල ඉක්මවන්නේය. නැවත දෙවන මහණ හට මෙබඳු සිතක් වන්නේය.

භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේවෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාරගත්තේ වෙයි, ඉතිරි වූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද වෙයි. ඉඳින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයෙක හෝ පාකොට හරින්නාහ. .මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දවාල ඉක්මවන්නෙම් නම් යහපතැයි. යි කියායි.

,මහණෙනි, ඒ දෙවන භික්ෂුව ආහාරය වළදවා බඩගිනි දුබල බව දුරුකොට .මෙසේ රෑ දවාල ඉක්මවන්නේ වී නමුත් අර පළමු භික්ෂුවම මා විසින් අතිශයින් පිදිය යුත්තේද අතිශයෙන් පැසසිය යුත්තේද වෙයි.

,ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුවට බොහෝ කාලයක් මුලුල්ලෙහි ස්වල්පාආසා ඇති බව පිණිසද, ලද දෙයකින් සතුටු වීම පිණිසද, පහසුවෙන් කෙලෙසුන් කපා හරිනු පිණිසද, පහසුවෙන් පෝෂ්‍ය කළ බව පිණිසද, වීය්‍ර්‍යය පටන් ගැනීම පිණිසද පවත්නේය.

,මහණෙනි, එහෙයින් මාගේ ධර්‍මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාද කොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්‍මය දායාද කොට ඇත්තෝ වන්නාහුද? ආමිසය දායාද කොට ඇත්තෝ නොවන්නහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැඟිට විහාරයට වැඩියහ.

4. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් .ඇවැත්නි, මහණෙනි,. කියා භික්ෂූන්ට කතා කළහ. ඒ භික්ෂූහු .ඇවැත්නි,. කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේ මෙය දේශනා කළහ. ,ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් (කරුණු කීයකින්) විවේකයෙහි හික්මෙත්ද? ශාස්තෘාන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි නොහික්මෙත්ද?

,ආයුෂ්මතුනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේගෙන් මේ වදාළ ධර්‍මයෙහි අර්‍ථය දැන ගන්නට දුර සිටද එන්නෙමු. මේ ධර්‍මයයෙහි අර්‍ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේටම අයත්වීම යහපත්ය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහ් දරාගන්නාහුයයි, කීහ. ,ඇවැත්නි, එසේ වී නම් අසව්, මනාකොට මෙනෙහි කරව් කියන්නෙමි., ඒ භික්ෂූහු .එසේය ඇවැත්නි. කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේ මෙසේ දේශනා කළහ.

5. ,ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොතෙක් කරුණකින් විවේකයෙහි නොහික්මෙත්ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රාවකයෝ ශාස්තෲන් වහන්සේ විවේකව වාසය කරද්දී විවේකයෙහි නොහික්මෙත්ද, ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන්ගේ නැති කිරීම දේශනා කළේද ඒ ධර්‍මයන් නැති නොකරත්ද, චීවරාදිය බහුලකොට ඇත්තෝ වෙත්ද, සර්‍වඥශාසනය ලිහිල්කොට ගන්නෝ වෙත්ද, නීවරණයන්හි ඇලී වාසය කරත්ද, උතුම් විවේකයෙහි (නිර්‍වාණයෙහි) බහා තිබූ වීය්‍ර්‍ය ඇත්තාහු වෙත්ද, ඇවැත්නි, ඒ භික්ෂූහු අතුරෙහි වැඩසිටි (ස්ථවිර) භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුතුවෙත්, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි වාසය නොහික්මෙතියි යන මේ පළමුවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු ගැරහිය යුත්තෝවෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයක් දුරුකළ යුතුයැයි වදාළේ නම් ඒ ධර්‍මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු යුත්තෝවෙත්. චීවරාදිය බහුලකොට ඇත්තෝය, සර්‍වඥශාසනය ලිහිල්කොට ගන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය, උතුම් විවේකයෙහිබහා තැබූ වීය්‍ර්‍ය ඇත්තාහුය යන මේ තුන්වෙනි කරුණෙන් ස්ථවිර භික්ෂූහු ගැරහිය යුත්තෝවෙති. ඇවැත්නි, ස්ථවිර භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝවෙත්.

6. , ඇවැත්නි, ඒ භික්ෂූහු අතුරෙන් මධ්‍යම භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් දුරු කළ යුතුයයි වදාළේ නම් ඒ ධර්‍මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. චීවරාදිය බහුලකොට ඇත්තාහුය, සර්‍වඥ ශාසනය ලිහිල් කොට සලකන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය, විවේකයෙහි බහා තැබූ වීය්‍ර්‍යය ඇත්තෝය. යන මේ තුන්වෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, මධ්‍යම භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝ වෙත්.

7. ,ඇවැත්නි‚ ඒ භික්ෂූන් අතුරෙහි නවක (අලුත පැවිදිවූ) භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් දුරු කළ යුතුයයි වදාළේ නම් ඒ ධර්‍මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. චීවරාදිය බහුලකොට ඇත්තෝය, සර්‍වඥ ශාසනය ලිහිල් කොට සලකන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය. විවේකයෙහි බහා තැබූ වීය්‍ර්‍යය ඇත්තෝය යන මේ තුන්වෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවක භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝ වෙත්. ,ඇවැත්නි‚ මෙපමණකින් වනාහි ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති.

8. ,ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි හික්මෙත්ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත්ද ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් දුරු කළ යුතුයයි වදාළේ නම්, ඒ ධර්ම දුරු කරයිද‚ චීවරාදිය බහුලකොට නැත්තෝ වෙත්ද, ශාසනය ලිහිල්කොට නොගන්නෝ වෙත්ද, නීවරණයන්හි ඇලී වාසය නොකරන්නෝ වෙත්ද, විවේකය පෙරටුකොට ගන්නෝ වෙද්ද

9. ,ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි ස්ථවිර භික්ෂූහු කරුණූ තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් නැතිකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැතිකරත් යන මේ දෙවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය, ශාසනය ලිහිල්කොට නොගන්නෝය, නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය, විවේකයෙහි පෙරටුව යන්නෝය යන මේ තුන්වෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි. ස්ථවිර භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.

10. ,ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි මධ්‍යම භික්ෂූහු කරුණූ තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත් යන මේ පළමුවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් නැතිකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැතිකරත් යන මේ දෙවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය, ශාසනය ලිහිල්කොට නොගන්නෝය, නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය, විවේකයෙහි පෙරටුව යන්නෝය යන මේ තුන්වෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි‚ මධ්‍යම භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.

11. ,ඇවැත්නි‚ ඒ භික්ෂූන් අතුරෙහි නවක භික්ෂූහු කරුණූ තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරත්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත් යන මේ පළමුවෙනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්, ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මයන් නැතිකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැතිකරත් යන මේ දෙවෙනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය, ශාසනය ලිහිල්කොට නොගන්නෝය, නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය, විවේකයෙහි පෙරටුව යන්නෝය යන මේ තුන්වෙනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි‚ නවක භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.

12. ,ඇවැත්නි, ඒ දුරු කළයුතු ධර්මයන් අතුරෙහි ලොභයද ලාමකය, ද්වේෂයද ලාමකය, ලොභය නැති කිරීම පිණිසද ද්වේෂය නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවාේධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.

13. ,ඇවැත්නි, ක්‍රොධයද ලාමකය‚ බද්Ȁdධවෛරයද ලාමකය. ක්‍රොධය නැති කිරීම පිණිසද බද්Ȁdධවෛරය නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇති කරන්නා වූ, සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.

14. ,ඇවැත්නි, ගුණමකුබවද ලාමකය, පලාසය (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා සමාන කොට සිතීම)ද ලාමකය. ගුණමකුබව නැතිකිරීම පිණිසද පලාසය (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා සමාන කොට සිතීම) නැතිකිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි එනම් නිවැරදි දැකීමය‚ නිවැරදි කල්පනාවය‚ නිවැරදි වචනය‚ නිවැරදි ක්‍රියාවය‚ නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය‚ නිවැරදි සිහිය‚ නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.

15. ,ඇවැත්නි‚ ඊර්‍ෂ්‍යාවද ලාමකය, මසුරු බවද ලාමකය. ඊර්‍ෂ්‍යාව නැති කිරීම පිණිසද, මසුරු බව නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය‚ නිවැරදි කල්පනාවය‚ නිවැරදි වචනය‚ නිවැරදි ක්‍රියාවය‚ නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය‚ නිවැරදි සිහිය‚ නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.

16. ,ඇවැත්නි‚ මායාව (කළ පව් වැසීම)ද ලාමකය, සඨබව (නැති ගුණ පහල කිරීම)ද ලාමකය. මායාව නැති කිරීම පිණිසද සඨබව නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි එනම් නිවැරදි දැකීමය‚ නිවැරදි කල්පනාවය‚ නිවැරදි වචනය‚ නිවැරදි ක්‍රියාවය‚ නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය‚ නිවැරදි සිහිය‚ නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවාේධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.

17. ,ඇවැත්නි, දැඩි බව (හිත ඉදිමීම)ද ලාමකය, කරනුත්තරියකරණය (එකටඑකකිරීම)ද ලාමකය. දැඩි බව නැති කිරීම පිණිසද කරනුත්තරියකරණය නැති කිරීම පිණිසද, නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය‚ නිවැරදි කල්පනාවය‚ නිවැරදි වචනය‚ නිවැරදි ක්‍රියාවය‚ නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය‚ නිවැරදි සිහිය‚ නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.

18. ,ඇවැත්නි‚ මානයද ලාමකය, අධික මානයද ලාමකය. මානය නැති කිරීම පිණිසද, අධික මානය නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය‚ නිවැරදි කල්පනාවය‚ නිවැරදි වචනය‚ නිවැරදි ක්‍රියාවය‚ නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය‚ නිවැරදි සිහිය‚ නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ‚ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මේය.

19. ,ඇවැත්නි, මදය (මත්වීම)ද ලාමකය, ප්‍රමාදය (කාමසැපෙහි ගැලීම)ද ලාමකය. මදය නැති කිරීම පිණිසද ප්‍රමාදය නැති කිරීම පිණිසද නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්‍වාණය පිණිස පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආය්‍ර්‍ය අෂ්ටාංග මාර්ගයයි එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය‚ නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි‚ නුවණැස ඇති කරන්නා වූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාය්‍ර්‍යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිසද නිර්‍වාණය පිණිසද පවත්නේය,යි වදාළසේක.

ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය වදාළහ, ඒ භික්ෂූහු ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.

තුන්වෙනිවූ ධර්‍මදායාද සූත්‍රය නිමි.