50. මාර තජ්ජනීය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගුනම දනව්වෙහි, සුංසුමාරගිරි නම් නුවර, භෙසකලා නම් වනයෙහි වාසය කරති. එකල්හි මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එළිමහනෙහි සක්මන් කරමින් සිටියහ. එකල්හි පාපීවූ මාරතෙම මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ කුසට ඇතුල්වූයේ, ආමාශය ඇතුළට වැදුනේ වෙයි. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතුනේය. කුමක් හෙයින් මාගේ කුස උදුබත් කෑ කලෙක මෙන් බරට දැනේද, (කියාය) ඉක්බිති ආයුෂ්මත මහා මෞද්ගල්‍යායාන ස්ථවිරයන් වහන්සේ සක්මනින් බැස විහාරයට වැඩ පැණවූ අස්නෙහි, වැඩ හුන්නේය. වැඩහිද ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තමා ගැන කල්පනා කළහ.

මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කුසට වැදී අමාශයට ඇතුල් වූ පාපීවූ මාරයා දුටහ. දැක, පාපීවූ මාරයාට මෙසේ කීහ. ´´පාපිය, නික්මෙව, නික්මෙව, තථාගතයනට වෙහෙස නොකරව. තථගත ශ්‍රාවකයින්ට වෙහෙස නොකරව. නුඹට බොහෝ කලක්, මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස, නොවේවායි කීය. ඉක්බිති පාපීවූ මාරයාට මේ සිත විය. ´´මේ ශ්‍රමණතෙම, මා නොදැනම නොදැකම පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවා´යි කීයේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද මා වහාම දැන නොගන්නේය. මේ ශ්‍රාවකතෙම කෙසේ දන්නේද?´´ කියායි.

ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ පාපී වූ මාරයාට මෙසේ කීය. ´´පාපී මාරයණ,මේ කාරණයෙහි ලා මම තා දනිමි. මා නොදනියයි නුඹ නොසිතව. පාපිය, නුඹ මාරයා වෙහිය. පාපිය නුඹ මෙසේ සිතයි. ‘මේ ශ්‍රමණ තෙම මා නොදැනම, නොදැකම, පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක් පිනිස නොවේවා’යි කියන්නේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද, මා වහාම දැන නොගන්නේය. මේ ශ්‍රාවකතෙමෙ කෙසේ නම් දන්නේද?, (කියාය. )

2. ඉක්බිති පාපීවූ, මාරයාට මෙසේ සිත්විය. ,මේ ශ්‍රමණ තෙමේ මා දැනම, දැකම, පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, ඔබට බොහෝ කලක් අහිත පිනිස, දුක් පිණිස නොවේවා’යි කියන්නේය , (යනුවෙනි.)

ඉක්බිති පාපීවූ මාරතෙමෙ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ මුවින් නික්ම කවුළුවෙන් පිටත සිටියේය. ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කවුළුව අසල සිටියාවූ, පාපීවූ, මාරයා දුටහ. දැක පාපීවූ මාරයාට මෙසේ කීහ. , මාරය ඔතනදීද මම තා දකිමි. මා නොදකීයයි නුඹ නොසිතව පාපිය, මේ නුඹ කවුළුව අසල සිටියෙහිය.

3. ,පාපිය, පෙරවූවාක් කියමි. මම දූසීනම් මරයෙක්වීමි. ඒ මට කාලීනම් නැගනියක් විය. නුඹ ඇගේ පුත්‍රයාය. ඒ නුඹ මගේ බෑනා විය. මාරය, එකල්හී අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කකූසඳ භාග්‍යවතූන් වහන්සේ ලෝකයෙහි පහළ වූහ. මාරය, අර්‍හතවූ, සම්‍යක් සම්බුද්ධවූ, කකූසඳ භග්‍යවතූන් වහන්සේගේ විධුරය සඤ්ජිවයයන නම් අග්‍රශ්‍රාවක දෙනමක් විය. මාරය, අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ කකූසඳ භාග්‍යවතුන් වහන්සේගේ යම් පමණ ශ්‍රාවක සමූහයා අතුරෙන් ධර්‍ම දෙශනා කිරීමෙහි, විධුර ස්ථවිරයන් වහන්සේ හා සමානවූ කිසිවෙක් නොවූහ. මාරය මේ කාරණයෙන් ආයුෂ්මත් විධුර ස්තවිරයන් වහන්සේට, ‘ විධුරය, විධුරය, කියාම නාමය පහළ විය.

,මාරය ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ ආරණ්‍යයට ගියේද, වෘක්‍ෂ මූලයකට ගියේද, ශුන්‍යාගාරයට ගියේද, ඉතා පහසුවෙන් නිරෝධ සමාපත්තියට සමවදියි. මාරය, මම පෙර වූවක් කියමි. ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ එක්තරා රුකක් මුල නිරෝධ සමාපත්තියට සමවැදී සිටියහ. මාරය, ගොපල්ලෝද, වෙනත් සිව්පාවුන් රකින්නෝද, ගොවිකම් කරන්නෝද, මගියෝද, එක්තරා රුකක් මුල නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් ආයුෂ්මත් සඤ්ජීව ස්තවිරයන් වහන්සේ දුටුවාහුය. දැක, ඔවුන්ට, මේ අදස් විය. ‘ඒකන්තයෙන් ආශ්ච්‍ර්‍යයකි, පෙරනුවු දෙයකි. මේ ශ්‍රමණ තෙම හිඳගෙනම කලුරිය කළේය. එබැවින් ඔහු දවමු’යි (කියාය ) මාරය, ඉක්බිති ගොපල්ලෝද, වෙනත් සිව්පාවුන් රකින්නෝද, ගොවියෝද, මගියෝද, එක්ව තණ කොළද, දරද, වියල ගොමද, ගෙනවුත් අයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන්ගේ ශරීරය මතුයෙහි දමා ගිනිතබා ගියහුය. මාරය ඉක්බති, ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ ඒ රාත්‍රිය ගෙවී ගිය පසු ඒ සමවතින් නැගිට සිවුර ගසා දමා පෙරවරු කාලයෙහි පාසිවුරු ගෙන ගමට පිඩු පිනිස වැඩියහ. මාරය, ගවපාලකයෝද, සෙසු සිවුපාවුන් රකින්නෝද, මගියෝද, පිඩු පිනිස හැසිරෙන ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ දුටු වාහුය. දැක ඔවුනට මේ සිතවිය. ‘ පින්වත්නි, ඒ කාන්තයෙන් ආශ්චය්‍ර්‍යයකි. ඒකාන්තයෙන් අත්භූතයකි.

මේ ශ්‍රමණතෙම හිඳගෙනම, කලුරිය කළේය. හෙතෙම නැවත ජීවත්වෙයි, (කියාය ) මාරය, මේ කරනයෙන් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේට, ‘සඤ්ජීව, සඤ්ජීව, කියාම නම පහළ විය.

4. ,ඉක්බිති මාරය, දූසීමාරයාට මෙසේ සිත්විය. මම සිල් වත්වූ යහපත් ස්වභාව ඇති මේ භික්‍ෂූන්ගේ ඊමක් හෝ යාමක් නොදනිමි. යම් හෙයකින් මම බමුණු ගෘහපතියන්ට ආවෙශවන්නේ නම් යෙහෙක. ‘එව් තොපි සිල්වත්වූ යහපත් ස්වභාව ඇති භික්‍ෂූන්ට (දසවිධ බැනුම් වලින් ) බණිව් වචනයෙන් නින්‍දා කරවු, ගටව්, වෙහෙසෙව්. තොප විසින් බණිනු ලබන්නාවූ, නින්‍දාකරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ, වෙහෙසනු ලබන්නාවූ, ඔවුන්ගේ සිත්හි දූසි මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේනම් මැනවි’(කියාය. )

,මාරය, ඉක්බිති දූසී මාරතෙමෙ ඒ බ්‍රහ්මණ ගෘහපතියන්ට ආවේශ විය. ‘එව, තොපි සිලිවත්වූ, යහපත් ගූණධර්‍ම ඇති භික්‍ෂූන්ට බණිව්, නින්දා කරව්, ගටව්, වෙහෙසව්, තොපවිසින් බණිනු ලබන්නාවූ, නින්දා කරන්‍දා කරන්නාවූ, ගටනු ලබන්නාවූ, වෙහෙසනු ලබන්නාවූ ඔවුන්ගේ සිතෙහි දූසී මිරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේනම් මැනවි. (කියාය)

, මාරය, ඉක්බිති දූසී මාරයා ආවෙශවූ ඒ බ්‍රාහ්මණ ගෘහපතියෝ සිල්වත්වූ, යහපත්වූ ස්වභාව ඇති භික්‍ෂූන්ට බණිති, නන්‍දා කරති, ගටති, වෙහෙසෙති (කෙසේදයත්) ‘මොහු වනාහි මුඩුවූවෝය. ශ්‍රමණ ප්‍රතිරූපකයෝය. දාසයෝය. පව්කාරයෝය. මහා බ්‍රහ්මයාගේ යටි පතුලෙන් උපන්නෝය. ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’ යයි කියමින් බිම බලා ගත්තහු, යටිකූරු මුහුණ ඇත්තාහු, කම් මැලි වූවහු, සිත සතා සිටිත්. කල්පනා කරමින් සිටිත්.

, යම්සේ වනාහි බකමූණා ගසක අත්තටවී ගොදුරු පිණිස මීයකූ පරීක්‍ෂා කරමින්, සිටිද එපරිද්දෙන්ම, මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ, දාසයන් වැනිවූ, පව්කාරවූ, මහා බ්‍රහ්මයාගේ යටිපතුළෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’යි කියමින් බිම බලාගෙන යටි කුරු මූහුණ ඇති කම්මැලි කමින් සිත සිතා සිටිත්.

,යම්සේ වනාහි හිවලා ගංතෙරටවී මසුන් සොයමින් සිතිවිල්ලේ යෙදී සටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ, දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්මපාදයෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’ යි බෙල්ල නමා ගත්තාහු, යටට හෙලූ මුහුණු ඇත්තාහු, අලස වූවාහු සිත සිතා සිටිත්. යම්සේ වනාහි බළලා ගෙයි මුලුවලද වැසි කළි අසල හෝ රොඩු ගොඩක් අසලද සැඟවී මීයෙකූ සොයමින් සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූප කාරීවූ, දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්ම පාදයෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු අපි ධ්‍යන ඇත්තෙමු’ යි බෙල්ල නමා ගත්තාහු, යටට හෙලූ මුහුණු ඇත්තාහු, අලසවූවාහු, සිතිවිල්ලේ යෙදී සිටිත්.

,උසුලාගෙන ආ බරින් නිදහස්වූ කොටළුවෙක් තෙම, යම්සේ ගෙයි බිත්ති අයිනේද, වැසිකිළි ගොඩක් අසල හෝ රොඩු ගොඩක් අසලද සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ, දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්ම පාදයෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමූ’ යි, බෙල්ල නමා ගත්තාහු, යටට හෙලු මුහුණු ඇත්තාහූ, අලසවූවාහු, සිතිවිල්ලේයෙදී සිටිත්. විශෙෂයෙන් සිත සිතා සිටිත්. (කියාය )

, මාරය එකල්හි යම් ඒ මනුෂ්‍යයෝ කලුරිය කරත්ද

බොහෝ සෙයින් ඔවුහු කාය භෙදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් ඇති නරකයෙහි උපදිති.

5. , මාරය ඉක්බිති අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකූසඳ භාග්‍යවතුන් වහන්සේ භක්‍ෂූන්ට මෙසේ කීහ. ‘මහණෙනි, දූසී මාරයා ‘එව්, තොප සිල්වත්වූ යහපත් ගුණධර්‍ම ඇති භික්‍ෂූන්ට බණිව්, නින්‍දා කරව්, ගටව්, වෙහෙසව්, තොප විසින් බණිනු ලබන්නාවූ, නින්‍දා කරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ, වෙහෙසනු ලබන්නාවූ, ඔවුන්ගේ සිතෙහි දූසී මාරයට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් මැනව’යි බ්‍රාහ්මණ ගෘහපතීන්හට ආවේශවී සිටියි. මහණෙනි, එව් තෙපි, මෛත්‍රි සහගත සිතින් එක් දිසාවක් පැතිර වාසය කරව්, එසේම දෙවනි දිශාවද, එසේ තුන්වන දිශාවද, එසේම සතර වන දිශාවද මෙසේ උඩ යට සරස සියලූ තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ

,මෛත්‍රි සහගත සිතින් පතුරුවා වාසය කරව්.

,කරුණා සහගත සිතින් එක් දිශාවක් පැතිර වාසය කරව්. එසේම දෙවනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද, එසේම සතර වැනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුකිතවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරව්.

,මුදිතා සහගත සිතින් එක්දිශාවක් පතුරුවා වාසය කරව්, එසේම දෙවනි දිශාවද, එසෙම තුන්වන දිශාවද, එසේම සතර වන දිශාවද, එසේම සතර වන දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ, මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරව්.

, උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්, එසේම දෙවනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලූු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරව්ය’යි. (වදාළහ )

6., මාරය, ඉක්බිති ඒ භික්‍ෂූහු, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු, ආරණ්‍යයට ගියාහුද, වෘක්‍ෂ මූලයට ගියාහුද, ශුන්‍යාගාරයට ගියාහුද මෛත්‍රි සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවනි දිශාවද, තුන්වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ මෛත්‍රි සහගත සිතින් පතුරුවා වාසය කළහ.

,කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද, එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළහ.

, මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවනි දිශාවද, එසේම තුන් වන දිශාවද, එසේම සතර වන දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරව්.

,උපෙක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කළහ.

7. ,මාරය ඉක්බිති දූසී මාරයාට මෙසේ අදහස්විය. ‘මම මෙසේ කරන්නාවුද සිල්වත්වූ යහපත් ස්වභාව ඇති, මේ භික්‍ෂූන්ගේ ඊමක් හෝ යාමක් හෝ නොදනිමි. යම්හෙයකින් මම බ්‍රාහ්මණ ගෘහපතීන්ට ආවෙශ වන්නෙම් නම් යෙහෙක එව්, තොපි සිල්වත්වූ, යහපත් ස්වභව ඇති භික්‍ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්, තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඒ භක්‍ෂූන්ගේ සිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරදි පෙරළීමක් ඇති වන්නේ නම් යෙහෙක, (කියාය. )

, මරය, ඉක්බති ඒ දූසී මාරතෙම බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවෙශවිය. ‘එව්, තොපි සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්‍ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්, තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඒ භික්‍ෂූන්ගේ සිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් යෙහෙක’(කියාය.)

, මාරය, ඉක්බිති දූසී මාරයා ආවෙශවූ, ඒ බ්‍රාහ්මණ ගෘහපතියෝ සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්‍ෂූන්ට සත්කාර කරත්. ගරුකරත්. බුහුමන් කරත්. පුදත්. මාරය, එකල්හී යම් ඒ මනුෂ්‍ය කෙනෙක් කලුරිය කරත්ද, ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්‍ග ලොකයේ බොහෝ සෙයින් උපදිත්.

8. , මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මෙසේ කීහ. මහණෙනි, බ්‍රාහ්මණ ගෘහපතීන්ට දූසී මාරයා ආවේශ විය. එව් තොපි සිල්වත්වූ යහපත් ගුණධර්‍ම ඇති භික්‍ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්. තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඔවුන්ගේ සිතේ දූසී මාරයාට ඉඩක් ලැබෙන පරදි පෙරලීමක් ඇති වන්නේ නම් යෙහෙක කියාය. මහණෙනි, මෙහි එව්, තෙපි ශරීරයේ අශුභය අනුව දකිමින් වාසය කරව්, ආහාරයෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරව්, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥා ඇතිව වාසය කරව්. සියලු සංස්කාරයන්හි, අනිත්‍යය අනුව දකිමින් වාසය කරව්,. (කියාය )

,මාරය ඉක්බිති, අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාවූ මෙසේ අනුසාශනා කරනු ලබන්නාවූ ඒ ආරණ්‍යයට ගියාහුද, වෘක්‍ෂමූලයට ගියාහුද, ශුන්‍යාගාරයට ගියාහුද, කයෙහි අශුභය අනූව දකිමින් විසූහ. ආහාරයෙහි, පිළිකුල් සංඥා ඇතිව සියලු ලෝකයෙහි, නොඇලීම් සංඥාව ඇතිව සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව දකිමින් වාසය කළහ.

9. ,මාරය, එකල්හී අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙණ පිටුපසින් ගමන්කරන ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේ සමග පිඬු පිණිස ගමට පිවිසියහ. මාරය, ඉක්බිති දූසී මාරතෙම, එක්තරා ළමයෙකුට ආවේශවී ගල්කැටක් ගෙන ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේගේ හිසට පහරක් දුන්නේය. හිස පැලුනේය. මාරය, ඉක්බිති ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේ පැළුණ හිසින් යුක්තව ගලන්නාවූ ලෙයින් යුක්තව අර්හත්වූ, සම්‍යක්සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පසු පස්සේම ගියහ. මාරය, ඉක්බිති අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ මේ දූසී මාරයා පමණ දැන නොගෙනේයයි කියමින් නාගාපලොකනය (ඇතෙකු මෙන් මුළු ශරීරයෙන් ආපසු හැරී පිටුපස බැලීම ) කළහ. මාරය ඒ බැලීම සමගම, දූසී මාරතෙම, ඒ ස්ථානයෙන් චුතව මහා නිරයෙහි උපන්නේය.

10. , මාරය ඒ මහා නිරයට නම් තුනක් වෙත්. ඊට ,ඡඵස්සායතනික,යයිද, , සංකුසමාහත,යයිද, ,පච්චත්ත වෙදනීය, යයිද කියනු ලැබේ. ඉක්බිති මාරය’ මා කරා නිරය පාලයෝ පැමිණ මෙසේ කීහ. නිදුකාණෙනි, ‘යම් කලෙක නුඹගේ පපුවෙහි යහුලින් යහුල එක්වන්නේද එක්වන්නේද, එකල්හි නරකයෙහි පැසෙනු ලබන්නාවූ තට, අවුරුදු දහසක් සම්පූර්‍ණයයි දැනගනුව. මාරය, ඒ මම බොහෝ අවුරුදු ගණන්, බොහෝ අවුරුදු සිය ගණන්, බොහෝ අවුරුදු දහස් ගණන්, මහා නරකයෙහි පැසුනෙමි, ඒ දස දහසක් අවුරුදු ඒ මහනිරය පිළිබඳවූ, ඔසුපත් නිරයෙහි, ( කර්‍ම විපාකයෙන් හටගත් වෙදනා හෙයින් ) ,වූට්ඨානිම , නම්වූ වෙදනාව විඳිමින් පැසුනෙමි. මාරය ඒ මාගේ ශරීරය මිනිසෙකුගේ මෙන් විය, හිස මාළුවෙකූගේ මෙන් විය.

, විධුර නම් අග්‍රශ්‍රාවකයින් වහන්සේද, කකූසඳ භාග්‍යවතූන් වහන්සේද, ගටා යම් තැනෙක, දූසී නම් මාරයා පැසුනේද, ඒ මාරයා පැසුනේද, ඒ නරකය, කෙබඳු වීද?

,විධුර අග්‍ර ශ්‍රාවකයින් වහන්සේද, කකුසඳ බුදුන්ද ගටා යම් තැනක දූසී නම් මාරයා පැසුනේද, එය සියල්ල තෙමේම වෙදනා උපදවන්නාවූ, යවුල් සියයක් ඇති මෙබඳු නරකයක් විය.

, සර්‍වඥ ශ්‍රාවකවූ, යම් මොග්ගල්ලාන නම් භික්‍ෂුවක් තෙම, මේ නිරයෙහි දුක් විභාගය දනීද, මාරය, එබඳු භික්‍ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

11. , මහා සමුද්‍රය මැද දියමතුපිට පිහිටියාවූ, කල්පයක් පවතින්නාවූ, වෛඩූ්‍ර්‍ය වර්‍ණ ඇත්තාවූ, සිත්කලුවූ, පර්‍වත මුදුනෙහි බබලන ගිණි කඳක්සේ රෂ්මියෙන් යුක්තවූ, දිලිසෙන දිව්‍ය විමානයෝ වෙති. එහි බොහෝවූ, නොයෙක් පාට ඇති දිව්‍යප්සරාවො (දිව්‍යාංගනාවෝ ) නටත්.

,තථාගත ශ්‍රාවකවූ, යම් භික්‍ෂුවක් තෙම, මේ විමාන වස්තු විස්තරය, දනීද, මාරය, එබදු භික්‍ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

, යම් භික්‍ෂුවක් සර්‍වඥයන් විසින් නියම කරන ලද්දේ, භික්‍ෂු සංඝයා බලා සිටිද්දී, මිගාරමාතෘ ප්‍රාසාදය පය මාපටැඟිල්ලෙන් (ගසා ) කම්පා කෙළේද,

,සර්‍වඥ ශ්‍රාවකවූ, යම් මහා මොග්ගල්ලාන නම් භික්‍ෂුවක් මේ සෘඬිය දනීද, මාරය, එබඳු භික්‍ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

, යමෙක් තෙම ,සෘඬි බලයෙන් උපකාර ලද්දේ විජයොත් පහය, පය මාපටඟිල්ලෙන් ගසා කම්පා කෙළේද, දෙවියන් සංවේගයට පැමිණවූයේද,

, බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්‍ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්‍ෂුවක් ගටා දුකට පැමිණෙනනෙහිය.

, යම් ඒ මොග්ගල්ලාන නම් භික්‍ෂුවක් , ඇවැත්නි තෘෂ්ණා ක්‍ෂය විමුක්තිය දන්නෙහිදැ’යි, විජයොත් පහයේදී ශක්‍රයාගෙන් ප්‍රශ්න කළේද, ප්‍රශ්න විචාරණ ලද්දාවූ, ශක්‍රතෙම උන් වහන්සේට සර්‍වඥයන් වහන්සේ වදාළ පරිදි ප්‍රකාශ කෙළේය.

,බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්‍ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්‍ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

13. ,යමෙක් තෙම, බ්‍රහ්ම ලෝකයෙහි සුධර්‍මා නම් බ්‍රහ්ම සභාවේදී, බඹුන්ගෙන් ,ඇවැත්නි, නුඹට පූර්‍ව කාලයෙහි යම් මිථ්‍යා දෘෂ්ටියක් වීද, නුඹගේ ඒ මිථ්‍යා දෘෂ්ටිය අදත් ඇද්දැයි ප්‍රශ්න කළේද, බඹලොව අන්‍ය බ්‍රහ්මයන්ගේ ආලෝකය මැඩ පැවත්වන්නාවූ, (ශාරීපුත්‍ර ස්ථවීරාදීන් පිරිවරා තෙජොධාතුවට සමවැදසිටි ) සර්‍වඥයන් වහන්සේගේ ආලෝකය දක්නෙහිදැයි ඇසුවේද?

, බ්‍රහ්ම තෙම උන්වහන්සේට, පිළිවෙලින් ඇතිසැටි යම්සේ නම් එසේ ප්‍රකාශ කෙළේය. ‘පූර්‍වකාලයෙහි මට යම් ශාස්වත දෘෂ්ටියක් වීද, නිදුකානෙනි, මට ඒ දෘෂ්ටිය දැන් නැත්තේය.,

, බඹලොව අනිකුත් ආලෝක ඉක්ම බබලන බුද්ධාලෝකය දකිමි. , මම නිත්‍යවෙමි. සදාකාලික වෙමි, යි ඒ මම කෙසේ කියම්ද?

, බුඬ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්‍ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්‍ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

12. , යමෙක්තෙම, ධ්‍යාන බලයෙන් මහමෙරු පර්‍වතයෙහි මුදුන ස්පර්‍ශ කෙළේද ජඹුද්වීපයද, ර්‍වවිදෙහීන්ගේ ද්වීපයද, අපරගොයාන වීපය හා උත්තරකුරු වීපයද ස්පර්‍ශ කළේද.

, බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්‍ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්‍ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

, ගින්න, මම බාලයා දවමි’යි, ඒකාන්තයෙන් නොවෙළයි. බාලයාම දිලිසෙන ගින්නට පැමිණ දනු ලැබේ.

, මාරය එපරිද්දෙන්ම, නුඹද තථාගතයන් ගටා ගින්න ස්පර්‍ශ කරන්නාවූ, බාලයෙකු මෙන් තෙමේ දැවෙන්නෙහිය.

‘මාරතෙම තථාගතයන් ගටා අකුසලයක් රැස් කළේය. මාරය, , මාගේ පාපය විපාක නොදන්නේය,යි සිතන්නෙහිද?

, මාරය, පව්කම් කරන්නහුගේ පාපය බොහෝ කලක් මුලුල්ලෙහි රැස්වෙයි. එහෙයින් මාරය, සර්‍වඥයන් වහන්සේ කෙරෙහි නොඇලී යව, භික්‍ෂූන් වෙහෙසන ආසාව නොකරව,.

මෙසේ මහා මොග්ගල්ලාන භක්‍ෂූන් වහන්සේ, භෙසකලා නම් වනයෙහිදී මාරය වෙහෙසූසේක, එයින් හටගත් නොසතුටු සිත්ඇති වසවර්ති මාරතෙම එහිම නොපෙණී ගියේය.

දහවෙනිවූ මාර තජ්ජනීය සූත්‍රය නිමි. (5-10)

(සාලෙය්‍යක සූත්‍රය, වෙරංජක සූත්‍රය, මහාවෙදල්ල සූත්‍රය, චූල වෙදල්ල සූත්‍රය, චූල ධම්ම සමාදාන සූත්‍රය, මහා ධම්ම සමාදාන සූත්‍රය, වීමංසක සූත්‍රය, කොසම්බිය සූත්‍රය, බ්‍රහ්ම නිමින්තණික සූත්‍රය, මාර තජ්ජනීය සූත්‍රය, යන සූත්‍ර දසයවූ )

චූල යමක වර්‍ගය නිමි.

මූල පණ්ණසකය (මුල් සූත්‍ර පණස ) නිමි.

49. බ්‍රහ්ම නිමන්තණික සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේ පිටු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ´´ස්වාමිනී´´ යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

´´මහණෙනි, මම එක කාලයක උක්කට්ඨා නම් නුවර සුභග නම් වනයෙහි වූ විශාල සල්ගස මුල වාසය කෙළෙමි. මහණෙනි, ඒ කාලයෙහිදී බකබ්‍රහ්මයාට මෙබදුවූ ලාමකවූ මිථ්‍යාදෘෂ්ටි අදහසක් උපන්නේය. (කෙසේදයත්) ´මේ බ්‍රහ්මාත්ම භාවය නිත්‍යය. මෙය ස්ථීරය. මෙය සදාකාලිකය, මෙය සියල්ල සම්පූර්ණය. මෙය නැති නොවන ස්වභාව ඇත්තක්ය. මෙහි උපන්නෙක් වනාහි නැවත නූපදියි. නොදිරයි. නොමැරෙයි. චුත නොවෙයි. නූපදියි. මෙයින් අන්‍යවූ මත්තෙහි නිර්වාණයක් නැතැ´යි කියායි. මහණෙනි, ඉක්බිතිව මම මාගේ සිතින් බක බ්‍රහ්මයාගේ සිතෙහි අදහස දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අතක් දිගු කරන්නේද දිගු කළ අතක් හකුලන්නේද, එපරිද්දෙන් ම උක්කට්ඨා නම් නුවර සුභග වනයෙහි සල්ගස මුලදී අතුරු දහන්ව බ්‍රහ්ම ලෝකයෙහි පහලවීමි.

2. ´´මහණෙනි, එන්නාවූ මා බක බ්‍රහ්මතෙම දුරදීම දැක්කේය. දැක මට මෙසේ කීයේය. නිදුකාණෙනි, එනු මැනවි. නිදුකාණෙනි, යහපත් ගමන් වේවා, නිදුකාණෙනි, බොහෝ කලකින් පැමිණියෙහිය. නිදුකාණෙනි, මේ බ්‍රහ්ම ආත්මය නිත්‍යය. මෙය ස්ථීරය. මෙය සියල්ලෙන් සම්පූර්ණය. මෙය චුත නොවන ස්වභාව ඇත්තක්ය. මේ වනාහි නොම උපදියි. නොදිරයි. නොමැරෙයි.චුත නොවෙයි. නොඋපදියි. මෙයින් මත්තෙහි අන්‍යවූ නිවණක් නැත්තේය´යි (කියායි.)

´´මහණෙනි, මෙසේ කී කල්හි, මම බ්‍රහ්මයාට මෙසේ කීයෙමි. පින්වත, ඒකාන්තයෙන් බක බ්‍රහ්මතෙම අවිද්‍යාවෙන් යුක්ත වූයේය. (හෙවත් මුලාවූයේය) පින්වත, ඒකාන්තයෙන් බක බ්‍රහ්මතෙම අවිද්‍යාවෙන් යුක්ත වූයේය. යමෙක් වනාහි අනිත්‍ය වූවක්ම නිත්‍යයයි කියන්නේද, ස්ථීරනොවූවක්ම ස්ථීරයයි කියන්නේද, සදාකාලික නූවූවක්ම සදාකාලිකයයි කියන්නේද, සියල්ලෙන් සම්පූර්ණ යයි කියන්නේද, චුතවන ස්වභාව ඇත්තක්ම චුත නොවන ස්වභාව ඇත්තේයයි කියන්නේද, යම් බ්‍රහ්ම ලෝකයෙක්හි උපදීද, ජරාවට පත්වේද, මැරේද, චුතවේද, උපදීද, එය මෙහි නොම උපදියි. නොදිරයි. නොමැරෙයි. චුත නොවෙයි. නොඋපදියි. මෙයින් මත්තෙහි ඇත්තාවූ නිවණක් නැත්තේයයි කියන්නේද. (එසේ කියන) බක බ්‍රහ්මතෙම මුලා වූයේය. (කියායි.)

3. ´´මහණෙනි, ඉක්බිතිව පාපී මාරතෙම එක්තරා පාරිසඡ්ඡ බ්‍රහ්මයෙකුට ආවේශවී මට මෙසේ කීයේය. ´මහණ, මහණ, මේ බ්‍රහ්ම පදවියට නින්දා නොකරව. මෙයට නින්දා නොකරව. මහණ මේ බ්‍රහ්මයා වනාහි මහා බ්‍රහ්මයාය. අන්‍යයන් මැඩ පවත් වන්නාහ. අනුන් විසින් නොමැඩ පවත්වන ලද්දේය, ඒකාන්තයෙන් සියල්ල දක්නේය. සියල්ලන් තමන් වසගයෙහි පවත් වන්නාය. ලෝක ශ්‍රේෂ්ඨයාය. ලෝක වාසීන් බෙදන්නාය. වසගයෙහි පවත්වන්නාය, උපන්නාවූද, උපදිමින් සිටින්නාවූද සත්වයින්ගේ පියාය. මහණ, ඔබට පෙර ලෝකයෙහි (අනිත්‍යය දුකය යනාදීන්) පෘථිවි ධාතුවට ගරහන්නාවූ පෘථිවි ධාතුවට පිළිකුල් කරන්නාවූ, ආපො ධාතුවට ගරහන්වාවූ, අපො ධාතුව පිළිකුල් කරන්නාවූ, තෙජෝ ධාතුවට ගරහන්නාවූ, තෙජෝ ධාතුව පිළිකුල් කරන්නාවූ වයො ධාතුවට ගරහන්නාවූ, වායෝ ධාතුව පිළිකුල් කරන්නාවූ භූතයන් ගරහන්නාවූ, භූතයින් පිළිකුල් කරන්නාවූ මාරයට ගරහන්නාවූ, මාරයා පිළිකුල් කි්රන්නාවූ, ප්‍රහ්මයාට ගරහන්නාවූ, බ්‍රහ්මයා පිළිකුල් කරන්නාවූ ඔබ වැනි මහණ බමුණෝ වූහ. ඔවුහු කය බිදී මෙන් දිවි සිදීමෙන් සතර අපායෙහි උපන්නාහුය. මහණ, නුඹට පෙර ලෝකයෙහි පෘථවි ධාතුවට ප්‍රශංසා කරන්නාවූ පෘථිවි ධාතුවට සතුටුවන්නාවූ, ආපො ධැතුවට ප්‍රශංසා කරන්නාවූ ආපෝ ධාතුවට සතුටුවන්නාවූ තෙජෝ ධාතුවට ප්‍රශංසා කරන්නාවූ තෙජෝ ධාතුවට සතුටුවන්නාවූ, වායෝ ධාතුවට ප්‍රශංසා කරන්නාවූ වායෝ ධාතුවට සතුටුවන්නාවූ භූතයන්ට ප්‍රශංසා කරන්නාවූ භූතයන්ට සතුටු වන්නාවූ, දෙවියන්ට ප්‍රශංසා කරන්නාවූ දෙවියන්ට සතුටු වන්නාවූ බ්‍රහ්මයාට සතුටු වන්නාවූ බ්‍රහ්මයාට සතුටුවන්නාවූ මහණ බමුණෝ සිටියහ. ඔව්හු කය බිදීමෙන් දිවි සිදීමෙන් බ්‍රහ්ම ලෝකයෙහි උබන්නාහුය. මහණ එහෙයින් මම ඔබට මෙසේ කියමි. නිදුකාණෙනි, බ්‍රහ්මතෙමේ යමක් ඔබට කීයේද, ඔබ එයම කරව, ඔබ බ්‍රහ්මයාගේ වචනය, ඉක්මවන්නෙහි නම්, යම්සේ පුරුෂයෙක් තමා වෙතට එන්නාවූ ශ්‍රී කාන්තාව (සිවුරියන්) මුගුරකින් තැළීමෙන් ආපසු එළවාද, මහණ, යම්සේ හෝ පුරුෂයෙන් ගැඹුරු මහ වලක වැටෙන්නේ අතින්ද, පයින්ද, පොළව අල්වා නොගන්නේද, (හෙවත් පොළොවෙහි අල්වා ගතයුතු පා තැබිය යුතු තැන් අතහැර වලට වැටෙන්නේද) මහණ ඔබටද මෙසේම වන්නේය. නිදුකාණෙනි, එබැවින් ඔබ, යමක් බ්‍රහ්මතෙම කීයේද, එයම කරව. ඔබ බ්‍රහ්මයාගේ වචනය නොයික්මවව, මහණ, ඔබ ්එක් රැස්ව උන් බ්‍රහ්ම පිරිස දක්නේ නොවේද?මහණෙනි, මෙසේ වනාහි පාපීවූ මාර තෙම මට බ්‍රහ්ම පිරිස දැක්වීය.

´´මහණෙනි, මෙසේ කී කල්හි මම පාපීවූ මාරයාටමෙය කීමි. ´පායිය, මම තා දනිමි. මා තා නොදනීයයි නොසිතව පාපිය ඔබත මාරයා වෙහිය, මාරය, යම් බ්‍රහ්මයෙකුත් වේද, යම් බ්‍රහ්ම පිරිසකුත් වේද, යම් පිරිවර ප්‍රහ්මයෝත් වෙත්ද, ඒ සියල්ල තාගේ අතට අසුවූහ. ඒ සියලු දෙනාම තාගේ වසගයට ගියාිාහුය. පාපිය ඔබට වනාහි මෙබදු අදහසක් වෙයි. මෙතෙමේත් මට අසුවූනෙත් වන්නේය. මට වසගවූවෙක් වන්නේය. (කියාය) පාපිය මම වනාහි තාගේ අතට අසුවූයේ නොවෙමි. ඔබට වසග වූයේ නොවෙමි.

4. ´´මහණෙනි, මෙසේ කී කල්හි බක ප්‍රහ්මතෙම මට මෙසේ කීයේය. ´නිදුකාණෙනි, මම වනාහි නිත්‍ය වූවක්ම නිත්‍ය යයි කියමි. ස්ථිර වූවක්ව ස්ථීර යයි කියමි. සදාකාලික වූවක්ම සදාකාලිකයයි කියමි. සියල්ලෙන් සම්පූර්ණ වූවක්ම සියල්ලෙන් සම්පූර්ණයයි කියමි. චුත නොවන ස්වභාව ඇත්තක්ම චුත නොවන ස්වභාව ඇත්තක්යයි කියමි. යම්තැනක වනාහි නූපදීද, නොදිරාද, නචුත නොවේද, නූපදීද, එයම මම මෙහි නූපදී යයිද, නොදිරායයිද, චුත නොවේයයිද, තනොමැරේයයිද, නොඋපදීයයිද කියමි. මෙයින් අන්‍ය වූ මත්තෙහි නිර්වාණයක් නැති හෙයින්ම අන්‍යවූ නිර්වාණයක් නැතැයි කියමි. මහණ, ඔබට පෙර ලෝකයෙහි මහණ බමුණෝ පහළවූහ. ඔබගේ මුලු ආයුෂය යම් පමණක් වේද, ඔවුන්ගේ තපස් කිරීමේ කාලය එපමණ විය. ඔවුහු වනාහි මෙසේ දන්නාහ. (කෙසේද?) මත්තෙහි අන්‍යවූ නිර්වාණයන් නැත්නම් තැතැයි කියාද දන්නාහුය. මහණ, මම ඔබට මෙසේ කියමි. මෙයින් අන්‍යවූ මත්තෙහි නිර්වාණයක් නොදක්නෙහිය. යම්තාක් වනාහි ක්ලාන්තයට, වෙහෙසට කොටස් කාරයෙක් පමණක් වන්නෙහිය. මහණ, ඉදින් වනාහි ඔබ පෘථිවි ධාතුව තෘෂ්ණා දෘෂ්ටින්ගේ වශයෙන් ගැලී ගන්නහෙි නම් මාගේ සමීපතයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. (මා අනුව යාම ඊම ආදිය කරන්නෙක් වන්නහෙිය.) මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමැති පරිද්දක් කළශෑකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය.

´´ඉදින් වනාහි ඔබ ආපො ධාතුවද, තෘෂ්ණා දෘෂ්ටින්ගේ වශයෙන් ගැලී ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය ක්රන්නෙක් වන්නෙහිය. මාගේ වන්තුවෙහි සහනය ක්රන්නෙක් වන්නේය. මා කැමැති පරිද්දක් කළහැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ තෙජෝ ධාතුවද තෘෂ්ණා දෘෂිටින්ගේ වශයෙන් ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමති පරිද්දක් කළහැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ වායෝ ධාතුවද, තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ගැලීගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය ක්රන්නෙක් වන්නෙහිය. මා කැමැති පරිද්දක් කළහැකියෙක් වන්නෙහිය. ්අතිශයින් පහත් කටයුත්තෙක් වන්නහෙිය. ඉදින් ඔබ භූතයන්ද, තෘෂ්ණා දෘෂ්ටින් ගැලී ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමති පරිද්දක් කළහැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ දෙවියන්ද, තෘෂ්ණා දෘෂ්ටින් ගැනී ගන්නෙහි නම් මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. තමාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමති පරිද්දක් කළහැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ මාරයාද, තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කි්රන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමති පරිද්දක් කළහැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ බ්‍රාහ්මයාද තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙහි නම් මාගේ සමීපයෙහි සයනය ක්රන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය ක්රන්නෙක් වන්නෙහිය. මා කැමැති පරිද්දක් කළහැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තක් වන්නෙහිය´යි (කීයේය.)

5. ´´බ්‍රහ්මය, තමමද මෙය දනිමි. ඉදින් පෘථිවි ධාතුව තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙම් නම් තොපගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළහැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙමි.

´´ඉදින් අපො ධාතුව තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙම් නම් තොපගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළහැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙමි. ඉදින් තෙජො ධාතුව තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙම් නම් තොප සමීතයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළහැකියෙක් වන්නෙමි. අතිශයින් මහත් කටයුත්තෙක් වන්නෙමි. ඉදින් වායෝ ධාතුව තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නේ නම් තොප සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළහැකියෙක් වන්නෙමි. ඉදින් භූතයන් තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙම් නම් තොප සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළහැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක්ද වන්නෙමි.

´´ඉදින් දෙවියන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන් ගැලීගන්නෙම් නම් තොපගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සහනය කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළහැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙමි. ඉදින් මාරයා කෙරෙහිද තෘෂ්ණා දෘෂ්ටීන් ඇලී ගන්නෙම් නම් තොපගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේවස්තුවෙහිසයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළහැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙමි. ඉදින් බ්‍රහ්මයා කෙරෙහිද තෘෂ්ණාදෘෂ්ටීන් ගැලී ගන්නෙම් නම් තොපගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තකේ වන්නෙමි. බ්‍රහ්මය, එසේ ද වුවත් මම ´බක බ්‍රහ්මතෙම මෙබදු මහත් සෘද්ධි ඇත්තෙක, බකබ්‍රහ්ම තෙම මෙබදු මහත් ආනුභාව ඇත්තෙක්ය, බක බ්‍රහ්මතෙම මෙසේ මහේශාක්‍යය´යි නුබගේ ගතියද දනිමි. අනුභාවයද දනිමි.

6. ´´නිදුකාණෙනි, බකබ්‍රහ්ම තෙම මෙබදු මහත් සෘද්ධි ඇත්තෙක, බකබ්‍රහ්ම තෙම මෙබදු මහත් ආනුභැව ඇත්තෙක, බකබ්‍රහ්ම තෙම මෙබදු මහේශාක්‍ය වූවෙකැයි කෙසේ නම් ඔබ මාගේ ගතිය දන්නෙහිද? අනුභාවය දන්නෙහිද?´´

´´රස්මියෙන් බබලන්නාවූ චන්ද්‍ර සූර්ය දෙදෙනා යම්තාක් ස්ථානයන්හි හැසිරෙද්ද, දිසාවන් දීප්තිමත් කෙරෙද්ද, ඒ තාක් ප්‍රමාණය සහශ්‍රී ලෝක ධාතුවයි. මේ සහශ්‍රී ලෝක ධාතුව නුබගේ වසගයෙහි පවතියි.

පහත් උසස් ස්තවයන්ද, නැවත සරාග විරාග සත්වයන්ද, මේ සක්වල ද අන් සක්වලවල් එකුන් දහසද (නවසිය අනූ නවයද) සත්වයින්ගේ ප්‍රතිසන්ධි වශයෙන් ඊමද, චුති වශයෙන් යාමද දන්නෙහිය.

´´මෙසේ වනාහි බ්‍රහ්මය, බකබ්‍රහ්ම තෙම මෙබදු මහත් සෘද්ධි ඇත්තෙක, බක බ්‍රහ්ම තෙම මෙබදු මහත් අනුභාව ඇත්තෙක, බක බ්‍රහ්ම තෙම බෙබදු මහේශාක්‍යයයි මම නුඹගේ ගතියද දනිමි, අනුභාවයද දනිමි.

7. ´´බ්‍රහ්ම, මෙයින් අන්‍යවූ තවත් බ්‍රහ්මලෝක තුනක් ඇත්තේමය. නුඹ එය නොදන්නෙහිය. නොදක්නෙහිය. මම එය දනිමි. දකිමි. බ්‍රහ්මය නම් තැනකින් චුතව නුඹ මෙහි උපන්නේද, ඒ ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයක් ඇත්තේය. ඒ නුඹට ඉතා දීර්ඝ කාලයක් මෙහි විසීමෙන් එහි සිට මෙහි ආබව අමතක විය. එහෙයින් නුඹ නොදන්නෙහිය. නොදක්නෙහිය. මම එය දනිමි. දකිමි. බ්‍රහ්මය මේ දැනීමෙන් මම නුඹට සම සමදනොවන්නෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙමි.

´´බ්‍රහ්මය, සුභකිණ්ණය නම් බ්‍රහ්මලෝකයක් ඇත්තේමය. එය නොදන්නෙහිය. නොදක්නෙහිය. මම එය දනිමි. දකිමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන්මම නුඹට සම සමවත් නොවන්නෙමි. පහත් බවක් නම් කොයින්දණ, එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙයි. ´´බ්‍රහ්මය, වේහප්පල නම් බ්‍රහ්මලෝකයක් ඇත්තේමය. එය නොදන්නෙහිය. නොදක්නෙහිය. මම එය දනිමි. දකිමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන මම නුඹට සම සමවත් නොවන්නෙමි. පහත් බවක් නම් කොයින්දණ, එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙයි. බ්‍රහ්මය,

´´බ්‍රහ්මය, මම පෘථිවි ධාතුව, පෘථිවි ධාතුව වශයෙන් දැන පෘථිවි ධාතුව විසින් පෘථිවි භාවයෙන් නොපැමිණි යමක් වේ නම් එය දැන පෘථිවි ධාතුව තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගනිමි. පෘථිවි ධාතුවෙහි ආක්මයක් ඇතැයි තෘෂ්ණාදෘස්ටි වශයෙන් ගන්නෙක් නොවෙමි. පෘථිවි ධාතුවෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. පෘථිවි ධාතුව මගේ යයි තෘෂ්ණාදෘෂ්ටීන් ගන්නෙක් නොවෙමි. පෘථිවි ධාතුව තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොකියමි. බ්‍රහ්මය මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවන්නෙමි. පහත් බවක් නම් කොයින්ද, එහෙයින් මමම නුඹට වැඩි තරම් වෙමි.

´´බ්‍රහ්මය, මම ආපෝ ධාතුව ආපෝ ධාතු වශයෙන් දැන ආපො ධාතුව විසින් ආපෝ භාවයෙන් නොපැමිණි යමක් වේ නම් එය දැන ආපෝ ධාතුව තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගනිමි. ආපෝ ධාතුවෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. ආපෝ ධාතුවෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක්නොවෙමි. ආපෝ ධාතුව තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙමි.

´´බ්‍රහ්මය, මම වායෝ ධාතුව ආපෝ ධාතු වශයෙන් දැන වායෝ ධාතුව විසින් වායෝ භාවයෙන් නොපැමිණි යමක් වේ නම් එය දැන වායෝ ධාතුව තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගනිමි. වායෝ ධාතුවෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. වායෝ ධාතුවෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක්නොවෙමි. වායෝ ධාතුව තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙමි.

´´බ්‍රහ්මය, මම කෙජෝ ධාතුව කේජෝ ධාතු වශයෙන් දැන තේජෝ ධාතුව විසින් කෙජෝ භාවයෙන් නොපැමිණි යමක් වේ නම් එය දැන තෙජො ධාතුව තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගනිමි. තෙජෝ ධාතුවෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. තෙජෝ ධාතුවෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක්නොවෙමි. තෙජෝ ධාතුව තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙමි.

8. ´´බ්‍රහ්මය, මම භූතයන්ද භූත වශයෙන් දැන භූතයන් විසින් භූත භාවයෙන් නොපැමිණි යමක් වේද එය දැන
භූතයන් තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. භූතයන් කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. භූතයන්ගෙන් පිටත ආත්මයක් පිහිටියේ යයි ගන්නෙක් නොවෙමි. භූතයන් තෘෂ්ණාදෘෂිටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මම නුඹට වඩා වැඩි තරම් වෙමි.

´´බ්‍රහ්මය, මම දෙවියන් දේව වශයෙන් දැන දෙවියන් විසින් දේව භාවයෙන් නොපැමිණි යමක් වේද එය දැන දෙවියන් තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. දෙවියන් කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. දෙවියන්ගෙන් පිටත ආත්මයක් පිහිටියේ යයි ගන්නෙක් නොවෙමි. දෙවියන් තෘෂ්ණාදෘෂිටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මම නුඹට වඩා වැඩි තරම් වෙමි.

´´බ්‍රහ්මය, මම මාරයාද මාර වශයෙන් දැන මාරයා විසින් මාර භාවයෙන් නොපැමිණි යමක් වේද එය දැන මාරයා තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. මාරයා කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. මාරයාගෙන් පිටත ආත්මයක් ඇතැයි නොගනිමි. මාරයා තෘෂ්ණාදෘෂිටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මම නුඹට වඩා වැඩි තරම් වෙමි.

´´බ්‍රහ්මය, මම බ්‍රහ්මයාද බ්‍රහ්ම වශයෙන් දැන දෙවියන් විසින් දේව භාවයෙන් බ්‍රහ්මයා විසින් බ්‍රහ්ම භාවයෙන් නොපැමිණි යමක් වේද එය දැන බ්‍රහ්මයා තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. බ්‍රහ්මයා කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. බ්‍රහ්මයාගෙන් පිටත ආත්මයක් පිහිටියේ යයි ගන්නෙක් නොවෙමි. බ්‍රහ්මයා තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මම නුඹට වඩා වැඩි තරම් වෙමි.

´´බ්‍රහ්මය, මම ආභස්සර දෙවියන්ද ආභස්සර දෙවි වශයෙන් දැන ආභස්ස්ර දෙවියන් විසින් දෙවි භාවයෙන් නොපැමිණි යමක්වේද එය දැන ආභස්සර දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. ආභස්සර දෙවියන් කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. ආභස්සර දෙවියන්ගෙන් පිටත ආත්මයක්පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. ආභස්සර දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සම වත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද?එහෙයින් මමම නුඹට වැඩිතරම් වෙමි.

´´බ්‍රහ්මය, මම සුභකිණ්ණක දෙවියන්ද සුභකිණ්ණක දෙවි වශයෙන් දැන සුභකිණණක දෙවියන් විසින් දෙවි භාවයෙන් නොපැමිණි යමක්වේද එය දැන සුභකිණ්ණක දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. සුභකිණ්ණක දෙවියන්ට ි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. සුභකිණ්ණක දෙවියන්ගෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. සුභකිණ්ණක දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සම වත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද?එහෙයින් මමම නුඹට වැඩිතරම් වෙමි.

´´බ්‍රහ්මය, මම වේහප්ඵල දෙවියන්ද වේහප්ඵල දෙවි වශයෙන් දැන වේහප්ඵල දෙවියන් විසින් දෙවි භාවයෙන් නොපැමිණි යමක්වේද එය දැන වේහප්ඵල දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. වේහප්ඵල දෙවියන් කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. වේහප්ඵල දෙවියන්ගෙන් පිටත ආත්මයක්පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. වේහප්ඵල දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සම වත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද?එහෙයින් මමම නුඹට වැඩිතරම් වෙමි.

´´බ්‍රහ්මය, මම අභිභු දෙවියන්ද අභිභු දෙවි වශයෙන් දැන අභීභු දෙවියන් විසින් දෙවි භාවයෙන් නොපැමිණි යමක්වේද එය දැන අභීභු දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. අභීභු දෙවියන් කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. අභීභු දෙවියන්ගෙන් පිටත ආත්මයක්පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. අභීභු දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සම වත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද?එහෙයින් මමම නුඹට වැඩිතරම් වෙමි.

´´බ්‍රහ්මය, මම සියල්ල සියල්ල වශයෙන් දැන සියල්ල විසින් සියල්ල භාවයෙන් නොපැමිණියමක්වේද, එය දැන සියල්ල තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොගන්නෙමි. සියල්ල කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. සියල්ලෙන් පිටත ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. සියල්ල තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සම වත් නොවෙමි. පහත් බවක් නම්කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩිතරම් වෙමි.

10. ´´නිදුකාණෙනි, ඉදින් වනාහි සියල්ල සියලු භාවයෙන් නොපැමිණියේද, එසේ ඇති කල්හි ඔබගේ වචනය හිස් නොවේවා. නිෂ්පල නොවේවා´´යි. (බ්‍රහ්මතෙම කීය) ´විඤ්ඤානයෙන් නොදතහැකිවූ, අනන්තවූ හැම අයුරින්ම ප්‍රභාසම්පන්නවූ යම් නිර්වාණයක් වේද, ඒ නිර්වාණය පෘථිවි ධාතුහුගේ පෘථිවි භාවයෙන් නොපැමිණෙියේය. ආපෝ ධාතුහුගේ ආපො භාවයෙන් නොපැමිණියේය. තෙජෝ ධාතුහුගේ තෙජෝ භාවයෙන් නොපැමිණියේය. වායෝ ධාතුහුගේ වායෝ භාවයෙන් නොපැමිණියේය. භූතතයන්ගේ භූතභාවයෙන් නොපැමිණියේය. දෙවියන්ගේ දේවභාවයෙන් නොපැමිණියේය. මාරයාගේ මාර භාවයෙන් නොපැමිණියේය. බ්‍රහ්මයාගේ බ්‍රහ්ම භාවයෙන් නොපැමිණියේය. ආභස්සර දෙවියන්ගේ ආභස්සර දෙව භාවයෙන් නොපැමිණියේය. සුභකිණ්ණක දෙවියන්ගේ සුභකිණ්ණක දෙවභාවයෙන් නොපැමිණියේය. වෙහප්ඵල දෙවියන්ගේ වේහප්ඵල දෙවභාවයෙන් නොපැමිණියේය. අභිභු දේව භාවයෙන් නොපැමිණියේය. සියල්ල සියලු භාවයෙන් නොපැමිණියේය´´ වදාළහ.

11. ´´නිදුකාණෙනි, එසේ නම්, මම ඔබට නොපෙනී සිටිමි´´යි (බ්‍රහ්මයා කීය) ´´බ්‍රහ්මය ඉදින් හැකිනම් නුඹ මට නොපෙනී සිටුව´´යි (කීමි) ´´මහණෙනි, ඉක්බිති බකබ්‍රහ්මතෙම ´ශ්‍රමණ ගෞතමයන්ට නොපෙනෙන්නෙමි´´යි ශ්‍රමණ ගෞතමයන්ට නොපෙණෙන්නෙමි´යි උත්සාහ කොට මට නොපෙනී සිටින්නට නොහැකිවිය. මහණෙනි, මෙසේ කී කල්හි මම බකබ්‍රහ්මයාට මෙසේ කීමි. ´´බ්‍රහ්මය, එසේ නම් මම නුඹට නොපෙනී සිටින්නෙමි´. ´නිදුකාණෙනි, ඉදින් හැකිනම් මට නොපෙනී සිටුව´, ´මහණෙනි, ඉක්බිති මම යම් පමණකින් බ්‍රහ්ම තෙමේද බඹ පිරිසද බඹ පිරිසෙහි වූවෝද මාගේ ශබ්දය අසන්නාහුද, මා නොදක්නාහුද එබදුවූ සෘද්ධි ප්‍රාතිභාර්යයක් කොට ඔවුන්ට නොපෙනී සිට මේ ගාථාව කීවෙමි.

12. ´´මම සංසාරයෙහි භය දැකම කාම භවාදි ත්‍රිවිධ භවයද විභව නම්වූ නිර්වාණය නොයන්නවුන්ගේ භව යෙහිම විසීමද දැක, කිසියම් භවයක් තෘෂ්ණාදෘෂ්ටීන් නොගත්තෙමි. භව තෘෂ්ණාදෘෂ්ටීන් නොගත්තෙමි. භව තෘෂ්ණාවද නොගත්තෙමි.

´´මහණෙනි, ඉක්බිති බ්‍රහ්මයාද ප්‍රධාන බ්‍රහ්ම සමූහයාද, පිරිවර බ්‍රහ්ම සමූහයාද පුදුමයට පැමිණි සිත් ඇත්තෝවූහ. ´´පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ මහත් සෘද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව ඒකාන්තයෙන් ආශ්චර්යයි අද්භූතයි. ශාක්‍යපුත්‍රවූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ මේ ශ්‍රමණ ගෞතම තෙම යම්සේද, මෙසේ මහත් සෘද්ධි ඇති, මෙසේ මහානුභාව ඇති අන්‍යවූ ශ්‍රමණයෙක් හෝ බමුණෙක් හෝ මීට පෙර අප විසින් නොදක්නා ලද්දේය. නොඅසන ලද්දේය. පින්වත්නි, භවයෙහි කැමැත්ත ඇති, භවයෙහි ඇලුනු භවයෙහි සතුටුවන්නාවූ දෙවි මිනිසුන්ගේ අවිද්‍යාමුල් සහිතවූ භවය උපුටා හරින ලදි´යි (කීහ.)

13. ´´මහණෙනි, ඉක්බිති පාපීවූ මාරතෙම බඹ පිරිසෙහිවූ එක්තරා බ්‍රහ්මයෙකුට ආවේශවී මට මෙසේ කීයේය. ´´විසුකාණෙනි, ඉදින් ඔබ මෙසේ චතුරාර්යසත්‍යය අවබෝධ කෙලෙහි නම්, මෙසේ දන්නෙහි නම් ගිහි ශ්‍රාවකයන්හට හෝ පැවිදි ශ්‍රවාකයන්හට හෝ ඒ ධර්මය නොපමුණුවව, ගිහි ශ්‍රාවකයින්ට ධර්මය දේශනා නොකරව පැවිද්දන්ට ධර්ම දේශනා නොකරව, ගිහි ශ්‍රාවකයන් කෙරෙහි ඇල්මක් නොකරව. පැවිද්දන් කෙරෙහි ඇල්මක් නොකරව. මහණ, ඔබට පෙර ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයයි කායා ගන්නාවූ මහණ බමුණෝ වූහ. ඔවුහු ගිහි ශ්‍රාවකයන් හික්මවූහ. පැවිදි ශ්‍රාවකයන් හික්මවූහ. ශ්‍රාවකයින්ට, පැවිද්දන්ට ධර්ම දේශනා කළහ. ශ්‍රාවකයින් කෙරෙහි පැවිද්දන් කෙරෙහි ගිජුවූහ. ඔවුහු ශ්‍රාවකයන්ද, පැවිද්දන්ද හික්මවා, ශ්‍රාවයින්ටද පැවිද්දන්ටද, ධර්මය දේශනා කොට ශ්‍රාවකයින් කෙරෙහිද, පැවිද්දන් කෙරෙහිද, සිතින් ගිජුවූවාහු කය බිදීමෙන් ජීවිතය සිදීමෙන් අපායෙහි උපන්නාහුය. මහණ නුඹට පෙර ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයයි කියා ගන්නාවූ මහණ බමුණෝ වූහ. ඔවුහු ශ්‍රාවකයන් නොහික්මවූහ. පැවිද්දන් නොහික්මවූහ. ශ්‍රාවකයින්ට, පැවිද්දන්ට දහම් නොදෙසූහ. ශ්‍රාවකයින් කෙරෙහි පැමිද්දන් කෙරෙහි ගිජු නොවූහ. ඔවුහු ශ්‍රාවකයන්ද පැවිද්දන්ද නොහික්මවා ශ්‍රාවකයන්ටද පැවිද්දන්ටද ධර්මය දේශනා නොකොට ශ්‍රාවකයන් කෙරෙහිද පැවිද්දන් කෙරෙහිද සිතින් ගිජුනුවූවාහුය. කය බිදීමෙන් ජීවිතය සිදීමෙන් බ්‍රහ්මලෝකයෙහි උපන්නාහුය. මහණ ඒ නිසාම ඔබට මේ කාරණය මෙසේ කියමි. නිදුකාණෙනි, එබැවින් ඔබ නිරුත්සාහ වයේ මේ ආත්මයෙහි සැප විහරණයෙහි යෙදෙමින් වාසය කරව. නිදුකාණෙණි. ධර්මය ප්‍රකාශ නොකිරීම යහපති. අන්‍යයන්හට අවවාද නොකරව´යි (කීයේය)

14. ´´මහණෙනි, මෙසේ කී කල්හි මම පාපීවූ මාරයාට මෙසේ කීමි. ´´මාරය, මම තා දනිමි. මා තා නොදන්නේයයි නොසිතව. පාපිය, නුඹ මාරයා වෙහිය. නුඹ මට හිතානුකම්පා ඇතිව මෙසේ නොකියන්නෙහිය. මාරය නුඹ හිතානුකම්පා රහිතවූයේ මෙසේ කියන්නෙහිය. මාරය නුඹට මෙබදු අදහසක් වෙයි. ´ශ්‍රමණ ගෞතම තෙම යම් කෙනෙකුට ධර්මය දේශනා කරන්නේද, ඔවුහු මාගේ විෂය ඉක්මවන්නාහුය´යි (කියායි) මාරය ඒ නුඹ කී මහණ බමුණෝ අසර්වඥ වුවාහු සර්වඥ වෙමියි කියා ගත්තාහුය. මාරය මම වනාහි සර්වඥවූයේම සර්වඥ වෙමියි, කියා ගනිමි. මාරය, තථාගතතෙම ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළත් එසේමය. මාරය, තථාගත තෙම ශ්‍රාවකයන්ට ධර්මය දේශනා නොකළත් එසේමය. මාරය තථාගතතෙම ශ්‍රාවකයන් හික්මවුවත් එසේමය. තථගතතෙම ශ්‍රාවකයින් නොහික්මවුවත් එසේමය. ඊට හේතු කවරේද, මාරය සිත කෙලෙසන්නාවූ නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිත වූ, දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති, ජරා, මරණ පිණිස පවත්නාවූ යම් ක්ලේශයෝ වෙද්ද,ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට නැත. සිදින ලද මුල් ඇත්තාහ. කපාදමන ලද තල්ගසක් මෙන් කරන ලද්දාහ. නැති කරන ලද්දාහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහ. මාරය, තල්රුකක් මුදුන සිදින ලද්දේ නැවත නොවැඩෙන්නේ යම්සේද, එපරිද්දෙන් ම මාරය, සිත කෙලෙසන්නාවූ නැවත ඉපදීම ඇති කරන්නාවූ දැවිලි සහිත වූ දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නා වූ යම් කෙලෙස් කෙනෙක් වෙද්ද, ඒ කෙලෙස් තථාගතයන්වහන්සේට නැත. සිදින ලද මුල් ඇත්තාහ. කපන ලද තල්ගසක් මෙන් ්කරන ලද්දාහ. නැතිකරන ලද්දාහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහ´´යි (වදාළේය.)

මෙසේ මාරයා (මාරභාව වශයෙන් පෙනී පෙණී සිට) කථා නොකිරීම නිසාද, බ්‍රහ්මයාගේ මන්ත්‍රනය ඇති බැවින්ද, මේ ධර්මයට, බ්‍රහ්ම නිමිත්තණික සූත්‍රයයි නම ඇතිවිය.

නවවෙනිවූ බ්‍රහ්ම නිමන්තණික සූත්‍රය නිමි. ( 5 – 9 )

48. කොසම්බිය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිත නම් වූ ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි කොසඹෑ නුවර භික්ෂූහු හටගත් දබර ඇතිව, හටගත් කෝලාහල ඇතිව. විවාද කර ගනිමින් එකිනෙකා වචන නමැති ආයුධවලින් ඇනගනිමින් වාසය කරති. ඔවුහු එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරති. පැහැදිලි කළත් නොපිළිගනිති.

ඉක්බිති එක්තරා භික්ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීනි, මෙහි කොසඹෑ නුවර භික්ෂූහු හටගත් දබර ඇතිව, හටගත් කොලාහල ඇතිව, විවාද කර ගනිමින් එකී නෙකා වචන නමැති ආයුධ වලින් ඇන ගනිමින් වෙසෙත්. ඔවුහු එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරති. පැහැදිලි කළත් නොපිළි ගනිති.´´ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවූහග ´´මහණ මෙහි එව, තොප මාගේ මචනයෙන් ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන්නාහුයයි ඒ භික්ෂූන් කැඳවව´´යි (කීහ.) ´´එසේය ස්වාමීනි´´යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී ඒ භික්ෂූන් යම් තැනෙක්හිද එතනැට ගියේය. ගොස් ඒ භික්ෂූන්හට ´´ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන්නාහ´´යි කීයේය. ´´එසේය ඇවැත්නි´´යි ඒ භික්ෂූහු ඒ භික්ෂුවට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පිමිණියහග පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක පැත්තක උන්නාහුය. එක පැත්තක උන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ´´මහණෙනි, තෙපි හටගත් ඩබර ඇත්තාහු, හටගත් කොලාහල ඇත්තාහු, විවාද කරගන්නාහු, එකිනෙකාට වචන නමැති ආයුධවලින් විදගනිමින් වාසය කරන්නාහුය. ඒ තොප එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරන්නාහුය. පැහැදිලි කළත් නොපිළිගන්නාහුය. යනු හැබෑද?´´ (යි ඇසූහ)

´´එසේය, ස්වාමිනී´´

´´මහණෙනි, තොපි යම් කලෙක හටගත් දබර ඇත්තාහු, හටගත් කොලාහල ඇත්තාහු විවාද කරගන්නාහු එනිනෙකා වචන නමැති ආයුධ වලින් විදගනිමින් වාසය කරත් නම් එකල්හි, සමාන ඩඹසර ඇත්තවුන් කෙරෙහි ඇති තැනද නැති තැනද, මෛත්‍රී සහගත කාය කර්මය (කයින් කරන ක්‍රියා) එළඹ සිටියේයයි හෝ, සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ඇති තැනද, නැති තැනද මෛත්‍රී සහගත වචනය එළඹ සිටියේයයි හෝ, සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ඇති තැනද, නැති තැනද, මෛත්‍රී සහගත හිත ති එළඹ සිටියේයයි හෝ සිතන්නහුද?´´

´නැත ස්වාමීනි´´

2. ´´මහණෙනි, මෙසේ වනාහි තොපි යම් කලෙක හටගත් දබර ඇත්තාහු, හටගත් කොලාහල ඇත්තාහු විවාද කරගන්නාහු, එකිනෙකා වචන නැමති ආයුධවලින් විදගනිමින් වාසය කරන්නාහු නම්, තොපට සමාන ඩඹසර ඇත්තවුන් කෙරෙහි අනැති තැනද, නැති තැනද මෛත්‍රී සහගත කාය කර්මය එළඹ නොසිටියේ වෙයි. සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛත්‍රී සහගත වාක් කර්මය එළඹ නොසිටියේ වෙයි. සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛතිූ සහගත මනො කර්මය එළඹ නොසිටියේ වෙයි. එසේ නම්, හිස් පුරුෂයිනි, තෙපි කුමක් දන්නාහු, කුමක් දක්නාහු හටගත් ඩබර ඇත්තැහු හටගත් කොලාහල ඇත්තාහු, විවාද කරගන්නාහු එකී නෙකාට වචන නමැති ආයුධවලින් පහරදෙමින් වාසය කරව්ද? තොපි එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරන්නාහුය. පැහැදිලි කළත් නොපිළිගන්නාහුය. හිස් පුරුෂයිනි, මේ වනාහි තොපට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේය.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාළහ. ´´මහණෙනි, දීර්ඝ කාලයක් මුථල්ලෙහි සිහිකටයුතුවූ, (සමාන බඹසර ඇත්තවුන්ට) ප්‍රිය බව කරන්නාවූ, ගෞරවය ඇති කරන්නාවූ, මේ ධර්ම හයක් සංග්‍රහ පිණිසද, විවාද නොකිරීම පිණිසද, සමගි බව පිණිසද, එකග බව පිණිසද, පවතිත්. කවර සයක්ද යත් – මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහුගේ මෛත්‍රී සහගත කාය කර්මය ඉදිරියෙහි ඇති තැනද ඉදිරියෙහි නැති තැනද, සමාන බ්‍රහ්ම චරියා ඇත්තවුන් කෙරෙහි එළඹ සිටිය්ද, මේ ධර්මය තෙමේ සිහිකටයුතුය ප්‍රිය බව කරන්නේය. ගරු බව කරන්නේය. සංග්‍රහය පිණිසද, විවාද නොකිරීම පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි.

4. ´´මහණෙනි, නැවතද අනෙකක් කියමි. භික්ෂුවගේ මෛති්‍රී සහගත වචීකර්මය ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි එළඹ සිටියේද, මේ ධර්මය තෙමේද සිහිකට යුතුය. ප්‍රිය බව කරන්නේය. ගරුබව කරන්නේය. සංග්‍රහ පිණිසද, අවවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි.

´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුවගේ මෛත්‍රී සහගත මනො කර්මය ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි එළඹ සිටියේද, මේ ධර්මය තෙමේද තසිහි කටයුතුය. ප්‍රිය බව කරන්නේය, ගරුබව කරන්නේය. සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි.

´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දැහැමි වූ, දැහැමින් ලැබුනාවූ, යටත් පිරිසෙයින් පාත්‍රයටඅල්ලන පමණ වූද, යම් ඒ ලාභයෝ වෙත්ද, එබදුව් ලාභයන් ශිල්වත්වූ, සමාන බඹසර ඇත්තවුන් හා නොබෙදා නොවළදන්නේනේ වේද, මේ ධර්මය තෙමේද සිහි කටයුතුය. ප්‍රිය බව කරන්නේය. ගරු බව කරන්නේය. සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකග බව පිණිසද පවතියි.

´´මහණෙනි, නැවත අනෙකක්ද කියමි. මහණතෙම කඩ නොවූ, සිදුරු නොවූ, පුල්ලි සහිත නොවූ, කබර හට නොගත්තැවූ තණ්හාවට යටත් නොවූ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂිටීන් විසින් ස්පර්ශ නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ, යම් ඒ ශිලයෝ වෙත්ද, එබදු ශිලයන්ගෙන් සබ්‍රහ්මචාරීන් සමග අභිමුඛ යෙහිද, අනභිමුඛයෙහිද සමාන බවට පැමිණියේ වෙයිද, මහණෙනි, මේ ධර්මය තෙමේද සිහි කටයුතුය. ප්‍රිය බව කරන්නේය. ගරු බව කරන්නේය. සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකග බව පිණිසද පවතියි.

´´මහණෙනි, නැවත අනෙකක්ද කියමි. මහණතෙම උතුම් වූ නිවන් පිණිස පවත්නාවූ, යම් යම් සම්‍යක් දෘෂ්ටියක් වේද, ඊට අනුව පිළිපදින පිුද්ගලයාට හොදින් සියලු දුක් නැති කිරීම පිණිස පවතීද, එබදු සම්‍යක් දෘෂ්ටියෙන් සබ්‍රමසරුන් හා ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද, සමාන බවට පැමිණියේ වේද, මේ ධර්මය තෙමේද සිහි කටයුතුය. ප්‍රිය බව කරන්නාවූද ගරු බව කරන්නාවූද, සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකී භාවය පිණිසද පවත්නා ධර්ම සය වෙති.

5. ´´මහණෙනි, මේ තසය ආකාර සිහි කටයුතු ධර්මයන් අතුරෙන් නිර්දෝෂවූ, නිවන් පිණිස පවත්නාවූ යම් මේ මාර්ග සම්‍යක්දෘෂිටියක් වේද, ඊට අනුව පිළිපදින්නහුට හොදින් සියලු දුක් නැති කිරීම පිණිස පවතීද එය සියල්ලට අග්‍රය. එය සියල්ල සංග්‍රහ කරන්නේය. සියල්ල ඊට සම්බන්ධය. මහණෙනි, යම්සේ කුථගෙයක යම් යම් කැණිමඩලක් වේද, මෙය අග්‍රයි. එය යම්සේ සියලු දැව එක්කොට ගන්නේද, සියලු දැව ඊට සම්බන්ධ වන්නේද, එපරිද්දෙන් මේ සය ආකාර සිහි කටයුතු ධර්මයන් අතුරෙන් නිර්දෝෂවූ නිවණට පමුණුවන්නාවූ යම් යම් සම්‍යක් දෘෂ්ටියක් ඒ කරන්නාහුගේ හොඳින් දුක් නැති වීම පිණිස පමුණුවාද මෙය අග්‍රයි. එය සියල්ල සංග්‍රහ කරන්නේය. සියල්ල ඊට සම්බන්ධය.

6. ´´මහණෙනි, නිර්දෝෂවූද, නිවණට පමුණු වන්නාවූද, යම් මේ මාර්ග සම්‍යක් දෘෂ්ටියක් වේද, ඊට අනුව පිලිපදින්නහුට හොදින් දුක් නැති කිරීම පිණිස කෙසේ නම් පවතීද, මහණෙනි, මේ සාශනයෙහි මහණතෙම ආරණ්‍යයට ගියේ හෝ රුකක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ මෙසේ සලකයි. ´මම යම්බදු කෙලෙස් ඉපදීමකින් මඩනාලද සිත් ඇත්තෙම් ඇති සැටියෙන් නොදන්නෙම්ද, නොදක්නෙම්ද, ඒ කෙලෙස් ඉපදීම මා තුල පහනොවී පවතියිද? (කියාය.) මහණෙනි, ඉදින් මහණතෙම කාර රාගයෙන් මඩනා ලද්දේ වේද, මඩන ලද සිත් ඇත්තේවේද, මහණෙනි ඉදින් මහණනතෙම ව්‍යාපද නීවරණයෙන්මඩනලද්දේව්ද, ව්‍යාපාදතෙයන් මඩනාලද සිත් ඇත්තේ වේද, මහණෙනි, ඉදින් මහණතෙම ථීනමිද්ධයෙන් මඩනාලද්දේ වේද, ථීනමිද්ධයෙන් මඩනාලද සිත් ඇත්තේවේද, මහණෙනි, ඉදින් උද්ධච්චකුක්කුච්ච යෙන් මඩනා ලද්දේවේද, උද්ධච්චකුක්කුච්චි ඇත්තේ වේද, මහණෙනි, ඉදින් මහණතෙම විචිකිච්ඡාවෙන් මඩනා ලද්දේ වේද, විචිකිච්ඡාවෙන් මඩනාලද සිත් ඇත්තේ වේද, තමහණෙනි, ඉදින් මහණතෙම පරලොව ගැන සිතීමෙහි යෙදුනේවේද, එයින් මඩනාලද සිත් ඇත්තේවේද මහණෙනි, ඉදින් මහණතෙම හටගත් ඩබර ඇත්තේද, හටගත් කොලාහල ඇත්තේද, විවාදයට පැමිණියේද, එකිනෙකා මුඛ නමැති ආයුධවලින් විදගනිමින් වාසය කරයිද, එයින් මඩනාලද සිත් ඇත්තේ වේද, හෙතෙම මෙසේ දනියි. මම යම්බදු කෙලෙස් ඉපදීමක් මඩනාලද සිත් ඇත්තෙම් ඇති සැටියෙන් නොදන්නෙම්ද, නොදක්නෙම්ද, ඒ කෙලෙස් ඉපදීම මා තුළ නැති නොවී නැතැයි (දැනගනී) මාගේ සිත නකචතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මනාකොට පිහිටුවන ලද්දේයයි (දැන ගනියි) ඔහු විසින් ආර්යවූ ලෝකොත්තරවූ, පෘථක්ජනයන් හා සාධාරණ නොවූ මේ ප්‍රථම ඥානය ලබන ලද්දේ වෙයි.

7. ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි මහණෙනි, ආර්ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. මම මේ මාර්ග සම්‍යක් දෘෂ්ටිය සෙවනය කරන්නේ, වඩන්නේ, බහුල කරන්නේ තමා තුල චිත්ත සමථය ලබයිද, තමා තුල කෙලෙස් සංසිදීම ලබයිද, හෙතෙම මෙසේ දනියි. ´මම මේ මාර්ගදෘෂ්ටිය සෙවනය කරන්නේ වඩන්නේ, බහුල කරන්නේ, මාගේ නචිත්ත සමථය ලබමි. මාගේ කෙලෙස් නිවීම ලබමියි (දැනගනියි) ඔහු විසින් ආර්යවූ ලොකොත්තරවූ, පෘථග්ජනයන් හා සාධාරණ නොවූ දෙවන ඥානය ලබන ලද්දේ වෙයි.

8. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ´මම යම්බදු ආර්ය දෘෂිටියකින් යුක්තවූයෙම්ද, එබදුවූ මාර්ග දෘෂ්ටියකින් යුක්තවූ, මේ ශාසනයෙන් පිටත්වූ, ශ්‍රමණයෙක් හෝ බමුණෙක් හෝ ඇත්තේදෝ´යි (සලකයි) හෙතෙම මෙසේ දනියි. ´මම යම්බදු මාර්ග සම්‍යක් දෘෂ්ටියකන් යුක්තවූයෙම්ද, එබදු දෘෂ්ටියකින් යුක්තවූ, මේ ශාසනයෙන් පිටත්වූ අන්‍යවූ, හ්‍රමණයෙක් හෝ බමුණෙක් හෝ නැත´. ඔහු විසින් ආර්ය වූ ලොකොත්තරවූ පෘථග්ජනයන් හා සාධාරණ නොවූ මේ තුන්වන ඥානය ලබන ලද්දේ වෙයි.

9. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්යශ්‍රාවක තෙම මෙසේ කල්පනාකරයි. ´මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගල තෙම යම්බදු ස්වභාවයකින් යුක්තවූයේ මමද එබදු ස්වභාවයෙන් යුක්තවෙමි´ (කියායි.) මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලතෙම, කෙබදු ස්වභාවයෙන් යුක්තවූයේද, මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි. යම්බදු ඇවතකින් නැගි සිටීම පෙනේද, යම් හෙයකින් එබදු ඇවතකට පැමිණියහොත් එය වහාම ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණැත්තාවූ, සබුම් සරුන් වෙත හෝ දේසනා කරයි. එලි කරයි. ප්‍රකට කරයි. දෙසා එලි කොට ප්‍රකට, කොට මත්තෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, යම්සේ බාලවූ, උඩුකුරුව සයනය කරන්නාවූ, ලදරු කුමාරයෙක්

අතින් හෝ පයින් හො ගිනි අගුරක් මිරිකා වහාම අතපය හකුළුවාද, මහණෙනි, එපරිද්දෙන්ම, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි. යම්බදු ඇවතකින් නැගී සිටීම පෙනේද, යම් හෙයකින් එබදු ඇවතකට පැමිණියහොත් එය වහාම ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණැත්තාවූ, සබ්‍රහ්මචාරීන් වෙත හෝ දේසනා කරයි. එලි කරයි. ප්‍රකට කරයි. දේශනාකර, එලි කර, ප්‍රකට කොට මත්තෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම ´මෙසේ දනියි. මර්ග දෘෂිටියෙන් යුත් පුද්ගලතෙම යම්බදු ස්වභාවයකින් යුක්තවේද, මමද එබදු ස්වභාවයෙන් යුක්තවෙමි´. (කියාය.) ඔහු විසින් ආර්යවූ, ලෝකෝත්තරවූ, පෘථග්ජනයන් හා සාධාරණ නොවූ සතරවෙනි ඤාණය ලබන ලද්දේ වෙයි.

10. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ´මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බදු ස්වභාවයකින් යුක්ත වේද, මමද එබදු ස්වභාවයකින් යුක්තවෙමි´.

´´මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම කෙබදු ස්වභාවයකින් යුක්ත වූයේ වේද, මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි, සබ්‍රම්සරුන්ගේ කුඩාවූද, මහත්වූද, විමසා බලා කළයුතු කටයුතු වෙත්නම්, ඒ කටයුතු සම්පාදනයෙහි උත්සාහවත් වූයේ වෙයි. ඉක්බිති අධිශිීල ශික්ෂාවෙයිද, අධිචිත්ත ශික්ෂාවෙහිද, අධිප්‍රඥා ශික්ෂාවෙහිද, බලවත් ප්‍රාර්ථනා ඇත්තේවෙයි. මහණෙනි, ළපටි වස්සකු ඇති දෙන තණකොළද කඩාකයි. වසු පැටියාද බලයි. මහණෙනි, එපරිද්දෙන්ම මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ මේ ස්වභාවයයි, කිසිසේත් සබ්‍රම්සරුන්ගේ කුඩා වූද, මහත්වූද, විමසා බලා කළයුතු කටයුතු වෙද්ද එහි උත්සාහ ඇති බවට පැමිණියේ වෙයි. යලිත් අධිශීලයෙහිද අධිචිත්තයෙහිද, අධි ප්‍රඥාවෙහිද, බලවත් ප්‍රාර්ථනා ඇත්තේ වෙයි. හෙතෙම මෙසේ දනියි. ´මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙම යම්බදු ස්වභාවයකින් යුක්තවේද, මමද එබදු ස්වභාවය තික් යුක්තවෙමි.´ (කියායි) ඔහු විසින් ආර්ය වූ, ලෝකොත්තරවූ පෘථග්ජනයන් හා සාධාරණ නොවූ පස්වෙනි ඤාණය ලබන ලද්දේ වෙයි.

11. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ´මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයා යම්බදු බලයකින් යුක්තවූයේද, මමද, එබදු වූ බලයකින් යුක්තවෙමි. මහණෙනි, මාර්ගදෘෂිටියෙන් යුක්ත පුද්ගලයා කෙබදු බලයකින් යුක්තද? තථාගතයන් වහන්සේ විසින් වදාළවූ ධර්මවිනය දෙක දෙසනා රකනු ලබන කල්හි ඉන් ප්‍රයෝජනය ගනු කැමතිව, මෙනෙහි කොට, මුලු සිතින් දරා ගනිමින් , හොදට කන්යොමා ධර්මය අසයි හෙතෙම මෙසේ දනියි.´´මාර්ගදෘෂිටියෙන් යුත් පුද්ගල තෙම යම්බදු බලයකින් යුක්තවේද මමද එබදු බලයකින් යුක්තවෙමි´´යි. ඔහු විසින් ආර්ය වූ ලෝකොත්තරවූ පෘථග්ජනයන් හා සාධාරණ නොවූ සයවෙනි ඤාණය ලබන ලද්දේ වෙයි.

12. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ´මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයා යම් බදු බලයකින් යුක්ත වේද මමද එබදු බලයකින් යුක්තවෙමි´ (කියාය) මහණෙනි, මාර්ග දෘෂිටියෙන් යුක්ත පුද්ගලයා කෙබදු බලයකින් යුක්තවූයේද? මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි. තථාගතයන් වහන්සේ විසින් වදාළාවූ ධර්ම විනය දේසනා කරනු ලබන කල්හි, අර්ථයෙන් සතුට ලබයි. ධර්මයෙන් සතුට ලබයි. අර්ථයෙන් යුක්තවූ ධර්මයෙන් යුක්තවූ සතුට ලබයි. හෙතෙම මෙසේ දනියි. ´මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බදු බලයකින් යුක්තවූයේද, මමද එබදු බලයකින් යුක්තවූයේ වෙමි´ ඔහු විසින් ආර්ය වූ, ලෝකොත්තරවූ, පෘථග්ජනයන් හා සාධාරණ නොවූ, මේ සත්වන ඥාණය ලබන ලදදේ වෙයි.

13. ´´මහණෙනි, මෙසේ අංග සතකින් යුක්තවූ, ආර්යශ්‍රාවකයා විසින් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ස්වභාවය මනාව සොයන ලද්දේවෙයි. මහණෙනි, මෙසේ අංග සතකින් යුක්තවූ, ආර්ය ශ්‍රාවකතෙම, සෝවාන් ඵලයෙන් යුක්ත වූයේ වේ.´´

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ ශික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

අටවෙනිවූ කොසම්බිය සූත්‍රය නිමි. ( 3 – 6 )

47. වීමංසන සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේ පිඩු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් විහාහයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්ෂුන්ට කථා කළහ. ´´ස්වාමීන්වහන්ස´´යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

´´මහණෙනි, පරසිත් නොදන්නාවූ විමසන භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධද? නැද්ද?යි දැනගනු සඳහා තථාගතයන් වහන්සේ පිළිබදව විමසා බැලිය යුතුය.´´

´´ස්වාමිනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යව්තුන් වහන්සේ වෙතින් පහළ වන්නාහ, භාග්‍යව්තුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. ස්වාමීනි, මේ වචනයෙහි අර්ථයද භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා, භාග්‍යවතුන් වහනසේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය.´´ ´´මහණෙනි, එසේවීනම් අසව්, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි.´´ ´´එසේය, ස්වාමීනි´´ යි ඒ භික්ෂූහු භාග්‍යව්තුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

2. ´´මහණෙනි, පරසිත් නොදන්නාවූ, විමසන්නාවූ භික්ෂුව විසින් ධර්ම දෙකක් පිළිබදව සර්වඥයන් වහන්සේ පරීක්ෂා කටයුතුයි. (එනම්) ඇසින් හා කණින් (දැකීමෙන් හා ඇසීමෙන්) දතයුතු ධර්මයන්හිය. ඇසින් හා කණින් දතයතුවූ ක්ලෙශ සහගත යම් ධර්ම වෙත්නම්, ඒ ධර්ම තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි විසිය යුතුය. ඒ මේ කාරණය විමසන්නාවූ ශික්ෂුවමෙසේ දැන ගනියි. (එනම්) ඇසින් හා කණින් (දැකීමෙන් හා ඇසීමෙන්) දතයුතුවූ කෙලෙස් සහගත ධර්ම තථාගතයන් වහන්සේට නැත කියාය. යම් විටෙක එසේ විමසා බලන්නේ ඇසින් හා කණින් දතයුතු වූ, කෙලෙස් සහගත ධර්ම තථාගතයන් වහන්සේට නැතැයි දකීද, ඉක්බිති තවදුරටත් විමසා බලන්නේය. ඇසින් හා කණින් දතයුතුවූ මිශ්‍රවූ යම් ධර්ම (කලකදී හොද, කලකදී නරක ක්‍රියා හා වචන) වෙත්නම් ඒවා තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි පරීක්ෂා කරන්නේය. ඒ කාරණය පරීක්ෂා කරන්නාවූ භික්ෂුව මෙසේ දැන ගනියි. (එනම්) මිශ්‍රවූ යම් ධර්ම වෙත්නම් ඒ ධර්ම තථාගතයන් වහන්නේට නැත කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ හොද නරක මිශ්‍ර ධර්ම තථාගතයන් වහන්සේට නැතැයි දැන ගනීද, ඉක්බිති තවදුරටත් සෝදිසි කරන්නේය.

3. ´´ඇසින් හා කණින් දතයුතු වූ යම් පිරිසිදු (කෙලෙස් රහිත´ ධර්ම කෙනෙක් වෙත්නම් ඒවා තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි විමසා බලන්නේය. ඒ කාරණය පරීක්ෂා කරන භික්ෂුව මෙසේ දැන ගැනියි. (එනම්) පිරිසිදුවූ (කෙලෙස්´ රහිත) යම් ධර්ම වෙත්නම් ඒ ධර්ම තථාගතයන් වහන්සේට ඇත කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ තපිරිසිදු වූ ධර්ම තථාගතයන් වහන්සේට ඇතැයි දැන ගනීද ඉක්බිති තවදුරටත් පරීක්ෂා කරන්නේය.

´´මේ පින්වත් තෙමේ (බුදන් වහන්සේ) බොහෝ කලක් මුථල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේද නැතහොත් සුලු කාලයක් තුළ එයින් යුක්ත වූයේදැයි පරිකෂා කරන්නේය. ඒ මේ කාරණය පරීක්ෂා කරන භික්ෂුව මෙසේ දැන ගනියි. (එනම්) මේ පින්වත් තෙමේ බොහෝ කලක් මුථල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේය. සුලු කාලයක් තුළ නොවේ කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ මේ පින්වත් තෙමේ බොහෝ කාලයක් මුථල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේය. සුලු කාලයක් තුළ නොවේ යැයි දැන ගනීද, ඉක්බිති තවදුරටත් පරීක්ෂා කරන්නේය.

4. ´´මේ පින්වත් භික්ෂුව ප්‍රසිද්ධ බවට පැමිණියේය. පිරිවර ආදී යසසට පැමිණියේය. ඔහුට මේ ලෝකයෙහි යම් යම් දොස් ඇත්දැයි පරීක්ෂා කරන්නේය. මහණෙනි, මේශාසනයෙහි (භින්ඹෂුව) යම්තාක් ප්‍රසිද්ධ බවට නොපැමිණියේ වේද,පරිවාර සම්පත්තියටනොපැමිණියේද, ඒතාක් ඔහුට යම් යම් දෝෂයෝ ඇති නෙවෙත්. ´´මහණෙනි, යම් තැනක පටන් මහණතෙම ප්‍රසිද්ධයට පැමිණියේද, පිරිවරආදි සම්පත්තියට පැමිණියේද, එවිට ඔහුට මේ ලෝකයෙහි යම් යම් දෝෂයෝ ඇතිවෙත්. ඒ මේ කාරණය පරීක්ෂා කරන්නේ මෙසේ දනියි.මේ ආයුෂ්මත් භික්ෂු තෙමේ ප්‍රසිද්ධ බවට පැමිණියේය. පිරිවර ආදී සම්පත්තියට පැමිණියේය. ඔහුට මෙහි යම් යම් දෝෂ නැතැයි කියාය. යම්විටෙක එසේ පරීක්ෂා කරන්නේ මෙසේ දනීද, මේ ආයුෂ්මත් භික්ෂු තෙමේ ප්‍රසිද්ධ බවට පැමිණියහ. පිරිවර ආදී සම්පත්තියටපැමිණියේය. මේ ලෝකයෙහි ඔහුට යම් යම් දෝෂයෝ නැතැයි දැන ගනීද, ඉක්බිති තවදුරටත් පරීක්ෂා කරන්නේය.

´´මේ ආයුෂ්මත් තෙම නීතිය වූයේද, මේ ආයුෂ්මත් තෙම භයින් යුක්ත වූයේ නොවේද, රාගය නැති කිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරන්නේද? කියා පරීක්ෂා ක්රන්නේය. ඒ මේ කාරණය පරීක්ෂා කරන්නේ මෙසේ දනියි. මේ ආයුෂ්මත් තෙමෙ නිර්භය වූයේය. භයින් යුක්තවූයේ නොවෙයි, පහවූ රාග ඇති බැවින් කාමයන් සේවය නොකරයි. (කියා දැන ගනීයි) මහණෙනි, අන්‍යයෝ ඒ භික්ෂුවගෙන් මෙසේ විචාරන්නාහුය. ´මේ පින්වත් තෙමේ නිර්භය වූයේ, භයින් යුක්ත වූයේ නොවෙයි, රාගය නැති කිරීමෙන් මහවූ රාග ඇත ිබැවින් කාමයන් සේවය නොකරයි කියා කියන්නට ආයුෂ්මතුන්හට ඇති කාරණයෝ කවරහුද? අනුමාන කල්පනා කවරහුදැ´යි (අසන්නාහුය) මහණෙනි, මනාකොට ප්‍රකාශ නරන්නාවූ ඒ මහණ තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ´මේ ආයුෂ්මත් තෙමේ සමූහයා අතරෙහි වාසය කරන්නේ හෝ වේද, තනිව වාසය කරන්නේ හෝ වෙයිද, එහි මේ මනාව පිළිපදින පුද්ගලයෝ වෙත්ද, නොමනාව පිළිපදින පුද්ගලයෝ වෙත්ද, සමූහයා පිරිවරා සිටින පුද්ගලයෝ වෙත්ද, මේ ්ආයුෂ්මත් තෙමෙ, ඒ ඒ කාරණය නිසා ඒ ඒ පුද්ගලයාට අවමන් නොකරයි. ´මම නිර්භය වෙමි. මම භයින් යුක්තවූයේ නොවෙමි. රාගය නැති කිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරමි´යි යන මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් පිළිගන්නා ලදී.

5. ´´මහණෙනි, එහිලා, ඇසින් හා කණින් දතයුතු යම් ලාමක ධර්මකෙනෙක් වෙත්ද,ඔහු තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි තථාගතයන් වහන්සේගෙන්ම ඇසිය යුතුය. ප්‍රකාශ කරන්නාවූ තථාගත තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය.

´´ඇසින් හා කණින් දතයුතුවූ යම් කෙලෙස් සහිත ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට නැත. ඇසින් හා කණින් දතයුතුවූ යම් මිශ්‍රවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි (තථාගතයන් වහන්සේ ගෙන් ඇසිය යුතුය.) ප්‍රකාශ කරන්නාවූ තථාගත තෙම මෙසේ ප්‍රකාශ මෙසේ ප්‍රකාශ කරන්න්ෙය. ඇසින් හා කණින් දතයුතුවූ යම් මිශ්‍රවූ ධර්මයෝ වේද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට නැත.´ (කියාය.) ඇසින් හා කණින් දතයුතුවූ යම් පිරිසිදුවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද, නැද්දැයි (තථාගතයන් වහන්සේ ගෙන්මඇසිය යුතුයි) ප්‍රකාශ කරන්නාවූ, තථාගත තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ´ඇසින් හා කණින් දතයුතුවූ පිරිසිදුවූ යම් ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් කෙරෙහි වෙති´ (කියාය.) මම මේ ආජීවාෂ්ටමක ශීලය මාර්ගකොට ඇත්තේ වෙමි. මේ ආජීවාෂ්ටමක ශීලය ගොචර කොට ඇත්තේ වෙමි. ඒ පිරිසිදු හීලයෙන් තෘෂ්ණා සහිත නොවෙමි. මහණෙනි, මෙසේ නියන්නාවූ ශාස්තෲන් වහන්සේ කරා ශ්‍රාවක තෙම, බණ ඇසීම පිණිස යන්නට සුදුසුය. ශාස්තෲන් වහන්සේ ඔහුට අතිශයින් ශ්‍රෙෂ්ඨවූ, අතිශයින් ප්‍රණීත වූ කුසලාකුසල ධර්ම විභාග සහිත වූ, ධර්මය දේශනා කරති. මහණෙනි, ශාස්තෲන්වහන්සේ භික්ෂුවහට අතිශියන් ශ්‍රෙෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල විපාක විභාග සහිත වූ, ධර්මය යම් යම් ආකාරයකින් දේසනා කෙරේද, ඒ ඒ ආකාරයෙන් හෙතෙම ඒ දේශනාකළ ධර්මය දැන ඒ ධර්මයන් අතුරෙන් එක් ධර්මයක් දැන, ධර්මයන්හි නිෂ්ඨාවට පැමිණෙයි. භාග්‍යවතුන් වහන්සේ සියල්ල මනාව තෙමේම අවබෝධ කළ උත්තමයායි කියාද, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදයයි කියාද, ආර්ය සංතෙම මනාව පිළිපන්නේයයි කියාද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි පහදයි.

6. ´මහණෙනි, අන්‍යයෝ ඒ භික්ෂුවගෙන් මෙසේ විචාරන්නාහුය. (එනම්) ´ආයුෂ්මත් තෙමේ, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට ප්‍රකාශ කරන ලද්දේය. සංතෙම මනාව පිළිපන්නේය යි මෙසේ කියන්නෙහිය. ආයුෂ්මත්හටඑසේ කීමට ඇති අනුමාන කල්පනා කවරහුද? මහණෙනි, මනා කොට, ප්‍රකාශ කරන්නාවූ, මහතෙම මෙසේ කියන්නේය.

ඇවැත්ති, මෙහි මම ධර්මශ්‍රවණය පිණිස භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමි. භාග්‍යවතුන් වහන්සේ ඒමට අතිශියන් ශ්‍රෙෂ්ඨවූ අතිශයින් ප්‍රණීත විූ කුසලාකුසල ධර්ම විභාග සහිත වූ, ධර්මය දෙශනා කරන සේක. ඇවැත්නි, යම් යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ අතිශ්‍රෙෂ්ෂ්ඨවූ, අතිශයින් ප්‍රණීත වූ, කුසාලකුසල ධර්ම විභාග විපාක දැක්වීම සහිතවූ, ධර්මය දේශනා කරත්ද, ඒ ඒ පරිද්දෙන් මම ඒ දේශනා කළ ධර්මය දැන, ඒ ධර්ම අතුරෙන් එක්තරා ධර්මයක් දැන ධර්මයන්හි නිමාවට පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය භාග්‍යවතුන් වහන්නේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදී. සංතෙම, මනාව පිළිපන්නේයයි ශාස්තෘන්වහන්සේ කෙරෙහි පැහැදුනෙමියි, (කියන්නේය.)

´´මහණෙනි, යම් කිසිවෙකුට, ශාස්තෲන්වහන්සේ පරීක්ෂා කරන මේ ක්‍රමවලින්, මේ පදවලින්, මේ ව්‍යඤ්ජනවලින් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියාද, (සෝවාන් මාර්ගයට පැමිණීම් වශයෙන්) හටගත් මුල් ඇත්තීද, මහණෙනි, යම් ශ්‍රද්ධාව වනාහි කරුණු සොයා පිළිගත් හෙයින් කරුණු සහිතයයිද සෝවාන් මාර්ගය මුල්කොට ඇත්තීයයිද, ස්ථීරයයිද, ශ්‍රමණයෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ පැහැරගත නොහැකියයිද කියනු ලැබේ. මහණෙනි, මෙසේ වනාහි, තථාගතයන් වහන්සේ පිළිබද ඇති සැටියෙන් කරුණු සෙවීම වෙයි. මෙසේ වනාහි, තථාගතතෙම, ඇති සිටියෙන් මනාව පරීක්ෂා කරන ලද්දේවේ´´යයි වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

හත්වෙිවූ විමංසක සූත්‍රය නිමි. ( 5 – 7 )

46. මහා ධමම සමාදාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ,මහණෙනි, යි භික්‍ෂූන්ට කථා කළහ. ,ස්වාමීිනි, යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

´´ මහණෙනිල බොහෝ සෙයින්ම සත්‍වයෝ, අපට අයහපත් වූ, සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්‍මයෝ පිරිහෙන්නාහු නම්ි, යහපත්වූ, සිත් අලවන්නාවූ, මනාපවූ ධර්‍මයෝ විශේෂයෙන් වැඩෙන්නාහු නම් හොඳය, යන කැමැත්ත ඇත්තෝය, ඡන්දය ඇත්තෝය, අදහස ඇත්තෝය, මහණෙනි, මෙසේ කැමැත්තාවූ, මෙබඳු අදහස් ඇත්තාවූ මෙබඳු බලාපොරොත්තු ඇත්තාවූ ඒ සත්‍වයන්හට අයහපත්වූ සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්‍මයෝම වැඩෙති. යහපත්වූ, සිත් අලවන්නාවූ, මනාපවූ ධර්‍මයෝ පිරිහෙති. මහණෙනි, මීට හේතුව කුමකැයි තොප සිතන්නහුද?,

´´ ස්වාමීනි, අපගේ ධර්‍මයෝ භග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ ගෙන් පහළ වසන්නාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමෙහි අර්‍ථය, භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහුය,යි (කීවාහුය.) ,මහණෙනිල එසේ වීනම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි., ,එසේය, ස්වාමිනි,යි ඒ භික්‍ෂුහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

2. ´´ මහණෙනිල මේ ලොකයෙහි ආය්‍ර්‍යයන් (බුද්ධාදී උත්තමයන්) නුවණැසින් නුදුටුවාවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි අදක්‍ෂවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නුදුටුවාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂවූ සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුනාවූ, නූගත් පෘථග්ජනතෙම සේවනය කටයුතු ධර්‍මයන් නොදනියි. සේවනය නොකටයුතු ධර්‍මයන් නොදනී. භජනය කටයුතු ධර්‍මයන් නොදනියි, භජනය නොකටයුතු ධර්‍මයන් නොදනියි, සේවනය කළයුතු ධර්‍මයන් නොදන්නාවූ, සේවනය නොකළයුතු ධර්මයන් නොදන්නාවූ, භජනය කටයුතු ධර්‍මයන් නොදන්නාවූ, භජනය නොකටයුතු ධර්‍මයන් නොදන්නාවූ, හෙතෙම සේවනය නොකටයුතු ධර්‍මයන් සේවනය කරයි, සේවනය කටයුතු ධර්මයන් සේවනය නොකරයි, භජනය නොකටයුතු ධර්මයන් භජනය කරයි, භජනය කටයුතු ධර්මයන් භජනය නොකරයි, සේවනය නොකටයුතු ධර්මයන් සේවනය කරන්නාවූ සේවනය කටයුතු ධර්මයන් සේවනය නොකරන්නාවූ භජනය නොකටයුතු ධර්මයන් භජනය කරන්නාවූ, භජනය කටයුතු ධර්මයන් භජනය නොකරන්නාවූ, ඔහුට අයහපත්වූ, සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝ වැඩෙති. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ පිරිහෙති. ඊට හේතු කවරේද? මහණෙනි, අඥානයෙකුට වියයුතු පරිද්දෙන්ම එය එසේ වීමය.

3. ´´ මහණෙනිල බුද්ධාදී ආය්‍ර්‍යයන් දක්නාවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි මනාව හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂවූ, සත්පුරුෂ ධර්‍මයෙහි මනාව හික්මුනාවූ, උගත් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම, සේවනය කටයුතු ධර්මයන් දනියි. සේවනය නොකටයුතු ධර්මයන් දනියි. භජනය කළයුතු ධර්මයන් දනියි, භජනය නොකළයුතු ධර්මයන් දනියි, සේවනය කටයුතු ධර්මයන් දන්නාවූ, සේවනය නොකටයුතු ධර්මයන් දන්නාවූ, භජනය කටයුතු ධර්මයන් දන්නාවූ, සේවනය නොකටයුතු ධර්‍මයන් දන්නාවූ, භජනය කටයුතු ධර්මයන් දන්නාවූ, භජනය නොකටයුතු ධර්මයන් දන්නාවූ, ඒ ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සේවනය නොකටයුතු ධර්‍මයන් සේවනය නොකරයි. සේවනය කටයුතු ධර්මයන් සේවනය කරයි. භජනය නොකටයුතු ධර්මයන් භජනය නොකරයි, භජනය කටයුතු ධර්මයන් භජනය කරයි, සේවනය නොකටයුතු ධර්මයන් සේවනය නොකරන්නාවූ, සේවනය කටයුතු ධර්මයන් සේවනය කරන්නාවූ, භජනය කටයුතු ධර්මයන් භජනය කරන්නාවූ, භජනය නොකටයුතු ධර්මයන් භජනය නොකරන්නාවූ, ඔහුට අයහපත්වූ සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝ පිරිහෙත්. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ විශෙෂයෙන්වැඩෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, නුවණැත්තෙකුට සිදු වියයුතු පරිද්දෙන්ම එය එසේ වීමය.

4. මහණෙනිල ධර්ම සමාදානයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්: මහණෙනි, වර්‍තමානයෙහිත් දුක්වූද, අනාගතයෙහිත් දුක් විපාක දෙන්නාවූද, ධර්ම සමාදානයෙක් ඇත. මහණෙනි, වර්‍තමානයෙහි සැපවූ මත්තෙහි දුක් විපාක දෙන්නාවූ, ධර්ම සමාදානයෙක් ඇත්තේය. මහණෙනි, වර්‍තමානයෙහි දුක්වූ, මත්තෙහි සැප විපාක දෙන්නාවූ, ධර්ම සමාදානයෙක් ඇත. මහණෙනි, වර්‍තමානයෙහි සැපවූද, මත්තෙහි සැප විපාක දෙන්නාවූද, ධර්ම සමාදානයෙක් ඇත.

,මහණෙනිල ඒ ධර්‍ම සමාදානයන් අතුරෙහි වර්‍තමානයෙහි දුක්වූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද, යම් මේ ධර්‍ම සමාදානයක් වේද, ඒ ධර්ම සමාදානය අඥානවූ, අවිද්‍යාවෙන් යුක්තවූ, පුද්ගලතෙම, ´මේ ධර්‍ම සමාදානය වනාහි, මට දැනුත් දුක්වූද, මත්තෙහිත් දුක් දෙන්නාවූද, එකකැ´යි ඇති සැටියෙන් නොදනියි. අඥානවූ, අවිද්‍යාවෙන් යුක්තවූ පුද්ගලතෙම ඒ ධර්ම සමාදානය ඇති සැටියෙන් නොදන්නේ, ඒ ධර්මය සෙවනය කරයි. ඒ ධර්මය බැහැර නොකරයි. ඒ ධර්මය සෙවනය කරන්නාවූ, ඒ ධර්මය නොහරින්නාවූ, ඔහුට අයහපත්වූ, සිත් නොඅලවන්නාවූ අමනාපවූ ධර්මයෝ වැඩෙත්. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ, ධර්මයෝ පිරිහෙත්. ඊටහේතු කවරේද? මහණෙනි, නුවණ නැත්තෙකුට වියයුතු පරිද්දෙන්ම ඒ එසේ වීමය.

මහණෙනි, ඒ ධර්ම සමාදානයන් අතරෙහි වර්‍තමානයෙහි සැපවූද, මත්තෙහි දුක් විපාකවූද, යම් මේ ධර්ම සමාදානයක් වේද, එය අඥානවූ අවිද්‍යාවෙන් යුත් පුද්ගලතෙම ´මේ ධර්ම සමාදානය මට වර්‍තමානයෙහි සැපද, මත්තෙහි දුක් විපාකද දෙන්නේය´යි ඇති සැටියෙන් නොදනියි. අඥානවූ, අවිද්‍යාවෙන් යුකතවූ පුද්ගලතෙම එය ඇති සැටියෙන් නොදන්නේ, ඒ ධර්මය සෙවනය කරයි. ඒ ධර්මය නෙහරියි. ඒ ධර්මය සෙවනය කරන්නාවූ ඒ ධර්මය අත් නොහරින්නාවූ ඔහුට යහපත්වූ සිත් නොඅලවන්නාවූ අමනාපවූ ධර්මයෝ වැඩෙත්. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ පිරිහෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, නුවණ නැත්තෙකුට වියයුතු පරිද්දෙන්ම ඒ එසේ වීමයි.

5. මහණෙනිල ඒ ධර්‍ම සමාදාන අතරෙහි වර්‍තමානයෙහි දුක්වූද, මත්තෙහි සැප විපාක ඇත්තාවූද, යම් මේ ධර්ම සමාදානයක් වේද, එය නුවණ ඇත්තාවූ අවිද්‍යාවෙන් තොරවූ පුද්ගලතෙම ´මේ ධර්ම සමාදානය මට වර්‍තමානයෙහි දුකද, මත්තෙහි සැප විපාකද දෙන්නේය´යි ඇති සැටියෙන් දනියි. නුවණ ඇත්තාවූ අවිද්‍යාවෙන් තොරවූ පුද්ගලතෙම එය ඇති සැටියෙන් දන්නේ, සෙවනය කරයි. ඒ ධර්මය නොහරියි. ඒ ධර්මය සෙවනය කරන්නාවූ, ඒ ධර්මය නොහරින්නාවූ ඔහුට අයහපත්වූ සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝ පිරිහෙත්. යහපත්වූ සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ වැඩෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, නුවණ ඇත්තාට සිදුවිය යුතු පරිද්දෙන්ම ඒ එසේ වීමයි.

,මහණෙනිල ඒ ධර්‍ම සමාදාන අතරෙහි වර්‍තමානයෙහි සැපවූද මත්තෙහි සැප විපාක දෙන්නාවූද යම් මේ ධර්ම සමාදානයක් වේද, එය නුවණ ඇත්තාවූ අවිද්‍යාවෙන් තොරවූ පුද්ගලතෙම ´මේ ධර්ම සමාදානය මට වර්‍තමානයෙහි සැපද මත්තෙහි සැප විපාකද දෙන්නේය´යි ඇති සැටියෙන් දනියි. නුවණ ඇත්තාවූ අවිද්‍යාවෙන් තොරවූ පුද්ගලතෙම එය ඇතිසැටියෙන් දන්නේ සෙවනය කරන්නාවූ, ඒ ධර්මය නොහරින්නාවූ ඔහුට අයහපත්වූ, සිත් නොඅලවන්නාවූ අමනාපවූ ධර්මයෝ පිරිහෙත්. යහපත්වූ සිත් අලවන්නාවූ, මනාපවූ ධර්මයෝ වැඩෙත්. ඊට හේතු කවරේද? නුවණ ඇත්තාහට වියයුතු පරිද්දෙන්ම එය එසේ වීමයි.

6. මහණෙනිල වර්‍තමානයෙහි දුක්වූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද, ධර්ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි සමහර සත්‍වයෙක් තෙම දුකින් යුක්තවම දොම්නසින් යුක්තවම, සතුන් මරන්නේ වෙයි. සතුන් මැරීම හේතුකොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, නුදුන් දෙය ගනියි. නුදුන් දෙය ගැනීම හේතුකොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීම හේතුකොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, බොරුකියන්නේ වෙයි. බොරුකීම හේතුකොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, කේලාම් කියයි. කේලාම් කීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, ඵරුෂ වචන කියයි. ඵරුෂ වචන කීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, හිස් බස් කියන්නේ වෙයි. හිස් බස් කීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, විෂම ලොභ ඇත්තේ වෙයි. විෂම ලොභය හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, ව්‍යාපාද සිත් ඇත්තේ වෙයි. ව්‍යාපාදය හේතු කොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, මිසදිටු වෙයි. මිසදිටු බව හේතු කොට ගෙන දුක් දොම්නස් විඳියි. ඒ දුක් දොම්නස් විඳින්නාවූ, සත්ත්‍වතෙම, කය මිදීමෙන් මරණින් මතු සැප නැති, දුක් ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි වර්‍තමානයෙහි දුක්වූද, අනාගතයෙහි දුක් විපාක දෙන්නාවූද, ධර්ම සමාදානයයි කියනු ලැබේ.

7. මහණෙනි, වර්‍තමානයෙහි සැපවුද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද ධර්ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපයෙන් යුක්තවම, සොම්නසින් යුක්තවම, සතුන් මරන්නේ වෙයි. සතුන් මැරීම හේතුකොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම, සොම්නසින් යුක්තවම සොරකම් කරන්නේ වෙයි. සොරකම් කිරීම හේතුකොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සොකරම් කිරීම හේතුකොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීම හේතුකොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම .බොරු කියන්නේ වෙයි. බොරු කීම හේතුකොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම, සොම්නසින් යුක්තවම කේලාම් කියන්නේ වෙයි. කේලාම් කීම හේතු කොටගෙන සැපයක් සොම්නස් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම ඵරුෂ වචන කියන්නේ වෙයි. ඵරුෂ වචන කීම හේතුකොට ගෙන සැපයක් සොම්නසක් විඳින්නේවෙයි. සැපයෙන් යුක්තවම, සොම්නසින් යුක්තවම, හිස් කථා කියන්නේ වෙයි. හිස් කථා කීම හේතුකොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම, සොම්නසින් යුක්තවම දැඩි ලොභ ඇත්තේ වෙයි. දැඩි ලොභය හේතුකොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම ව්‍යාපාද සිත් ඇත්තේ වෙයි. ව්‍යාපාදය හේතු කොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි. මිථ්‍යාදෘෂ්ටිය හේතු කොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුක් ඇති, යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි වර්‍තමානයෙහි සැපවූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද, ධර්‍ම සමාදානයයි කියනු ලැබේ.

8.”මහණෙනිල වර්‍තමානයෙහි දුක්වූ, මත්තෙහි සැප විපාක දෙන්නාවූ, ධර්‍ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම, දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. සතුන් මැරීමෙන් වැළැක්ම හේතුකොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම හොරකම් කිරීමෙන් වැළකුනේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකීම හේතුකොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම හේතුකොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම බොරු කීමෙන් වැලකුනේ වෙයි. බොරු කීිමෙන් වැලකීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැලකීම හේතුකොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම හිස් කථා කීමෙන් වැලකුනේ වෙයි. හිස් කථා කීමෙන් වැලකීම හේතුකොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම දැඩි ලොභය දුරු කළේ වෙයි. දැඩි ලොභය දුරු කිරීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකිත් යුතුවම දොම්නසින් යුතුවම ව්‍යාපාදයෙන් වැළකුනේ වෙයි. ව්‍යාපාදයෙන් වැළකීම හේතුකොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. සම්‍යක් දෘෂ්ටිවීම හේතු කෙට ගෙන දුක් දොම්නස් විඳියි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලොකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි වර්‍තමානයෙහි දුක්වූ, මත්තතෙහි සැප විපාක දෙන්නාවූ, ධර්‍ම සමාදානය යයි කියනු ලැබේ.

9. “මහණෙනිල වර්‍තමානයෙහිත් සැපවූ මත්තෙහිද සැප විපාක දෙන්නාවූ ධර්‍ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම සතුන් මැරීමෙන් වැලකුනේ වෙයි. සතුන් මැරීමෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම සොරකමින් වැලකුනේ වෙයි. සොරකමින් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම බොරු කීමෙන් වැලකුනේ වෙයි. බොරු කීමෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම කේලාම් කීමෙන් වැලකුනේ වෙයි. කේලාම් කීමෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම ඵරුෂ වචනයෙන් වැලකුනේ වෙයි. ඵරුෂ වචනයෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම හිස් කථා කීමෙන් වැලකුනේ වෙයි. හිස් කථා කීමෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම දැඩි ලොභයෙන් වෙන්වුයේ වෙයි. දැඩි ලොභයෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම ව්‍යාපාදයෙන් වෙන්වූයේ වෙයි. ව්‍යාපාදයෙන් වෙන්වීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. සම්‍යක්දෘෂ්ටිය හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලොකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි වර්‍තමානයෙහි සැපවූද, මත්තෙහි සැප විපාක දෙන්නාවූද, ධර්‍ම සමාදානයයි කියනු ලැබේ. මහණෙනි, ධර්‍ම සමාදානයෝ සතරදෙන මොහුය.

10. ,මහණෙනිල විෂ මිශ්‍රකළ තීන්ත ලබුගෙඩියක් වෙයිද, ජීවත්වනු කැමති, සැප කැමති, දුකට පිළිකුල් කරන්නාවූ, පුරුෂයෙක් තෙම එන්නේය. ඒ පුරුෂයාහට ´එම්බා පුරුෂය, මේ තීන්ත ලබු ගෙඩිය විෂයෙන් යුක්තය. ඉදින් කැමැත්තෙහි නම්, පානය කරව, පානය කරන්නාවූ, ඒ තට වර්‍ණයෙන්ද, කත්‍ධයෙන්ද, රසයෙන්ද සතුටක් නොවන්නේය, පානය කොටද වනාහි, මරණයට හෝ පැමිණෙන්නෙහිය. මරණය හා සමානවූ දුකට හෝ පැමිණෙන්නෙහියැ´යි කියන්නාහුය. හෙතෙම ඒ වචනය, නොසලකා පානය කරන්නේය. අත්නොරින්නේය. එය පානය කරන්නාවූ ඔහුට වර්ණයෙන්ද ගන්ධයෙන්ද, රසයෙන්ද, සතුටක් නොවන්නේය. පානය කොටද වනාහි මරණයට හෝ පැමිණෙන්නේය. මරණය හා සමානවූ දුකට හෝ පැමිණෙන්නේය. මහණෙනි, වර්තමානයෙහි දුක්වූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද යම් යම් ධර්ම සමාදනයෙක් වේද ඒ මේ ධර්ම සමාදනය මම ඊට උපමා කරමි.

11. ´´මහණෙනි, වර්ණයෙන් යුක්තවූ, ගන්ධයෙන් යුක්තවූ, රසයෙන් යුක්තවූ, පානය කළයුතු මධුර පානයෙන් යුක්තවූ, රන්තලියක් වේද, ඒ රන්තලිය වනාහි, යම්සේ විෂයෙන් මිශ්‍ර කරන ලද්දේ වේද, එකල්හි ජීවත්වනු කැමැති දුක මිශ්‍ර කරන ලදේදේ වේද, එකල්හි ජීවත්වනු කැමැති දුක පිළිකුල් කරන්නාවූ පුරුෂයෙන් එන්නේය. ඒ පුරුෂයාට, ´´එම්බා පුරුෂය, වර්ෂ සම්පන්නවූ සුවඳින් යුක්තවූ, රසයෙන් යුක්තවූ මිහිරි පැන්වලින් යුක්තවූ රන් භාජනයක් වේ, ඒ රන් භාජනය විෂයෙන් මිශ්‍ර කරන ලද්දේය. ඉදින් කැමැත්තෙහි නම පානය කරව, පානය කරන්නාවූ ඒ .ට තැසැ.්.ෙමි කස් ලාකව තරන
ලාකව තරක්කාවූ ඒ තට වර්ෂයෙන්ද, සුවදින්ද, රසයෙන්ද සතුට ඇතිවෙයි. බීමෙන් පසු මරණයට හෝ පැමිණෙන්නෙහිය, මරණය සමාන දුකට හෝ පැමිණෙන්නෙහිය´´යි කියන්නාහුය. හෙතෙම ඒ වචනය නොසලකා පානය කරන්නේද, අත්නොහරින්නේද, එය පානය කරන්නාවූ ඔහුට වර්ෂයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද, සතුට ඇතිවෙයි. පානය කොට මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. මහණෙනි, වර්තමානයෙහි සැපවූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද, යම් මේ ධර්ම සමාදානයක් වේද, මෙය ඊට උපමාකොට කියමි.

12. ´´මහණෙනි, තරුණ වස්සන්ගේ මුත්‍ර අරථ, නෙල්ලි ආදි නොයෙක් ඖෂධයන්ගෙන් මිශ්‍ර කරණ ලද්දේ වේද, ඉක්බිත්තෙන් පාණ්ඩු රෝගයෙන් පෙළෙන පුරුෂයෙක් ්එන්නේවේද, ඒ ඔහුට මෙසේ කියන්නේය. ´´එම්බා පුරුෂය, මේ ගොමුත්‍රය නොයෙක් බෙහෙත්වලින් මිශ්‍රකරන ලද්දේ වේ.

ඉතින් කැමැත්තෙහි නම් බොව. බොන්නාවූ තට වර්ෂයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද, සතුටක් නොවන්නේය. පානය කළායින් පසු සුවපත් වන්නෙහිය (කියායි.) හෙතෙම නුවණින් තසලකා එය පානය කරන්නේය, නොහරින්නේය. ඔහුට එය පානය කරන කල්හි වර්ණයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද සතුටක් නොවන්නේය. පානය කිරීමෙන් පසු සුවපත් වන්නේය. මහණෙනි, වර්තමානයෙහි දුක්වූද, මත්තෙහි සැප විපාක දෙන්නාවූද, යම් ධර්ම සමාදානයක් වේද, මෙය ඊට උපමා කොට කියමි.

13. ´´මහණෙනි, දීද, මීද, ගිතෙල්ද, උක්සකුරුද, යම්සේ එකට මිශ්‍රකරන ලද්දේ වේද, ඉක්බිති පිත්ත අතීසාරයෙන් පෙළෙන පුරුෂයෙන් තෙම එන්නේද, ඒ පුරුෂයාහට මෙසේ කියන්නාහුය. ´´එම්බා පුරුෂය, මේ ඖෂධය දීකිරිද, මීපැණිද, ගිතෙල්ද, උක්සකුරුද එකට මිශ්‍ර කරන ලද්දේය. ඉදින් කැමැත්තෙහි නම් පානය කරව. පානය කරන්නාවු ඒ තට වර්ණයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද, සතුටක් වන්නේය. පානය කළපසු සුවපත් වන්නෙහිය. හෙතෙම නුවණින් සලකා එය පානය කරන්නේය. පානය කරන කල්හි වර්ණයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද, ඔහුට සතුටක් ගෙන දෙන්නේය. පානය කිරීමෙන්පසු සුවපත් වන්නේය. මහණෙනි, වර්තමානයෙහි සැපවූද, මත්තෙහිද සැප විපාක දෙන්නාවූද, යම් මේ ධර්ම සමාදානයෙක් වේද, ඒ මේ ධර්ම සමාදානය මම ඊට උපමාකර කියමි.

14. ´´මහණෙනි, වර්ෂා සෘතුවෙහි, අන්තිම මාසයෙහි හෙවත්, ඉල් මසෙහි සරත්කාලයෙහි අහසෙහි වැහි වලාකුථ නැතිවී ගිය කල්හි සූර්යා අහසටනැගී අහසෙහි සියලු අන්ධකාරය මැඩගෙන යම්සේ බබලන්නේ වේද, විශේෂයෙන් බබලන්නේ වේද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි, වර්තමානයෙහි සැපවූද, මත්තෙහි සැප විපාක ගෙන දේනාවූද, යම් ඒ ධර්ම සමාදානයක් වේද, ඒ මේ ධර්ම සමාදානය අන්‍යවාදී බාහිරවූ බොහේ මහණ බමුණන් මැඩ, බබලන්නේ වෙයි, දීප්තිමත් වන්නේ වෙයි, අතිශයින් බබලන්නේද වේය´´යි වදාලහ.

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

හයවෙනිවූ මහා ධම්ම සමාදාන සූත්‍රය නිමි. ( 5 – 6 )

45. චූල ධමම සමාදාන සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල් හි භාග්‍යවතුන් වහන්සේ ´මහණෙනි´යි භික්‍ෂූන්ට කථා කළහ. ,ස්වාමිීනි,යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

,මහණෙනිල මේ ධර්ම සමාදාන (ධර්මයයි ගන්නා ලද ගැනීම්) සතරක් වෙත්. කවර සතරක්ද යත්:- මහණෙනි, දැන් (මේ ජාතියෙහි) සැප ඇති, මත්තෙහි (මතු ජාතියෙහි) දුක්විපාක ඇති ධර්ම සමාදානයක් ඇත. මහණෙනි, දැනුත් දුක්වූ, මත්තෙහිත් දුක්විපාක ඇති ධර්ම සමාදානයක් ඇත. මහණෙනි, දැන් දුක්වූ, මහත්තෙහි සැප විපාක ඇති ධර්ම සමාදානයක් ඇත. මහණෙනි, දැනුත් සැපවූ, මත්තෙහිත් සැප විපාක ඇති ධර්ම සමාදානයක් ඇත.

2. ´´මහණෙනි, මේ ජාතියෙහි සැපවූ, පරලොව දුක් විපාක ඇති ධර්ම සමාදානය කවරේද? මහණෙනි, කාමයන්හි දෝෂයක් නැතැයි කියන්නාවූ, දොෂයක් නැත යන දෘෂ්ටි ඇත්තාවූ, ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔවුහු කැමතිසේ කාම සම්පත් අනුභව කරති. ඔව්හු වනාහි හිස මුදුනේ බැඳි කොණ්ඩා ඇති පරිබ්‍රාජක ගැහැණුන් සමග හැසිරෙත්. ඔවුහු මෙසේ කියති. ´ඒ පින්වත් මහණ බමුණෝ කාමයන්හි මත්තෙහි කවර නම් භයක් දකිමින් කාමසම්පත් අත්හරින්නට කියත්ද? තරුණවූ මෘදුවූ, ලොම් ඇති මේ පරිබ්‍රාජිකාවගේ අතෙහි ස්පර්‍ශය සැපය´යි කියමින් ඔවුහු කැමතිසේ කාමසම්පත් අනුභව කරති. ඔවුහු කැමතිසේ කම්සැප විඳ ශරීරය බිඳීමෙන් මරණයෙන් මතු සැපයක් නැති දුක් ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපදිති. ඔවුහු එහි දුක්වූ තියුණුවූ කටුකවූ, වේදනා විඳිති. ඔවුහු මෙසේ කියති. ´ඒ පින්වත් මහණ බමුණෝ වනාහි කාමයන්හි, මතු ඇතිවන මේ භය දැක කාමසම්පත් අත්හරින්නට කියති. අපි වනාහි කාමයන් හේතු කොට ගෙන කාමයන් මුල් කොට ගෙන දුක්වූ තියුණුවූ, කටුකවූ, මේ වේදනාවන් විඳිමු´යි. (කියති)

3. ´´ මහණෙනිල ග්‍රීෂ්ම සෘතුවේ අන්තිම මාසයෙහි මාලුවා කරලක් පැසී පුපුරන්නේය. මහණෙනි, ඉක්බිති ඒ මාලුවා ඇටය එක්තරා සල් රුකක් මුල වැටෙන්නේය. මහණෙනි, එකල්හි ඒ සල්ගසෙහි යම් දෙවියෙක් වාසය කරන්නේද ඒ දෙවිතෙම භයට පත්ව, සංවේගයට පැමිණ, තැති ගැනීමට පැමිණෙන්නේය. මහණෙනි, ඉක්බිති, ඒ සල් ගසෙහි වසන දෙවියාගේ මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ආරාමවල වසන දෙවියෝද, වන දෙවියෝද, රුක් දෙවියෝද, අරළු ආදී) ඖෂධ වෘක්‍ෂ වලද, තල් පොල් ආදී (තෘණ) වෘක්‍ෂවලද, නුග බෝ ආදී (වනස්පති) වෘක්‍ෂ වලද වාසය කරන්නාවූ දෙවියෝද එක්ව රැස්ව, මෙසේ, අස්වසන්නාහුය. ´පින්වත, භය නොවෙව, පින්වත, භය නොවෙව, ඒ මාලුවා ඇටය මොනරෙක් හෝ ගිලිනවා ඇත, මුවෙක් හෝ කනවා ඇත, ලැව් ගින්නකින් හෝ දැවෙනවා ඇත, වනයෙහි වැඩ කරන්නෙක් හෝ උදුරා දමනවා ඇත. වේයන් හෝ කනවා ඇත, බොල් වන්නට හෝ පුඑවන, (කියායි)

4.´´ මහණෙනිල ඉක්බිති, ඒ මාලුවා ඇටය, මොනරෙක් හෝ නොගිලියි. මුවෙක් හෝ නොකයි. ලැව් ගින්නක් හෝ නොදවයි, වනයෙහි වැඩ කරන්නෙක් හෝ උදුරා නොදමයි. වේයෝ හෝ නොකන්නාහුය, සාරවත් බීජයක්ම වන්නේය. ඒ වනාහි මහ වැස්සෙන් තෙමී පැලවී මනාව වැඩෙන්නේය. ඒ මාලුවා වැල ලපටිවූවා, මෘදුවූවා, බූව සහිතවූවා, ලෙලදෙන්නී වෙයි. ඒ වැල ඒ සල්ගස වැලඳ ගන්නීය. මහණෙනි, ඉක්බිති, ඒ සල්ගසෙහි වසන දේවතාවාට මෙසේ කල්පනා වෙයි. ´ඒ පින්වත් මිත්‍රයෝද, නෑ සහ ලේ නෑයෝද, ආරාම දෙවතාවෝද වන දෙවියෝද, ඖෂධ, තෘණ, වනස්පතී වෘක්‍ෂවල වසන දෙවියෝද, එක්ව රැස්ව, ´පින්වත, භය නොවෙව, පින්වත, භය නොවෙව. ඒ මාලුවා ඇටය මොණරෙක් හෝ ගිලිනවා ඇත. මුවෙක් හෝ කනවා ඇත. ලැව් ගින්නකින් හෝ දැවෙනවා ඇත. වනයෙහි වැඩ කරන්නෙක් හෝ උගුල්ලා දමනවා ඇත. වේයන් හෝ කනවා ඇත. බොල් වන්නට හෝ පුළුවන´ කියමින් ඒ මාලුවා ඇටයෙන් මතු ඇති වන කිනම් භයක් දැක මා අස්වැසුවාහුද? තරුණවූ, මෘදුවූ, බූව සහිතවූ, ලෙලදෙන්නාවූ, මේ මාලුවා වැලෙහි, ස්පර්‍ශය සැපයයි ඒ වැල ඒ සල්ගස වැලඳගන්නීය. වැලඳගෙන සල්ගස මත්තෙහි කුඩයක් මෙන් සිටින්නීය. හෙවත් අතු මත්තෙහි පැතිර ඇටුවම් බස් වන්නේය. (වැල් නැවත පොළොවට පාත් වන්නේය.) ඇටුවම් බැස, ඒ සල්ගසෙහි යම් කලෙක ලොකු අතු වෙයිනම් ඒවා පලන්නීය. මහණෙනි, එවිට සල් ගසෙහි වසන දෙවියාට මෙබඳු කල්පනාවක් වෙයි. ඒ පින්වත් මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද, ආරාම දෙවතාවෝද, ඖෂධ, තෘණ, වනස්පතී වෘක්‍ෂවල වසන දෙවියෝද ඒ මාලුවා පැලයෙන් මතු ඇති වන භය දක්නාහු එක්ව රැස්ව ´පින්වත, භය නොවෙව, පින්වත, භය නොවෙව, ඒ මාලුවා ඇටය මොණරෙක් හෝ ගිලිනවා ඇත. මුවෙක් හෝ කනවා ඇත. ලැව් ගින්නකින් හෝ දැවෙනවා ඇත. වේයන් හෝ කනවා අුැත. බොල් හෝ වන්නට පුළුවන´ කියමින් මා අස්වැසූහ. මම වනාහි ඒ මාලුවා ඇටය හේතු කොට ගෙන දුක් වූ, නපුරු වූ, කටුක වූ, වෙදනා විඳිමි.´ (කියාය)

5.´´ මහණෙනිල එපරිද්දෙන්ම, කාමයන්හි දෝෂයක් නැතැයි කියන්නාවූ, දෝෂයක් නැත යන දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ, ඔවුහු කැමතිසේ කාම සම්පත් අනුභව කරති. ඔවුහු හිස මුදුණේ බැඳි කොණ්ඩා ඇති පරිබ්‍රාජක ස්ත්‍රීන් සමග හැසිරෙති. ඔවුහු මෙසේ කියති. ´ඒ පින්වත් මහණ බමුණෝ කාමයන්හි අනාගතයෙහි කවර නම් භයක් දකිමින් කාම සම්පත් අත්හරින්නට කියත්ද? තරුණ වූ මොලොක්වූ ලොම් ඇති මේ පරිබ්‍රාජිකාවගේ අතේ ස්පර්‍ශය සැපය´යි. ඔවුහු කැමතිසේ කම්සැප විඳිති. ඔවුහු කැමතිසේ සම්පත් විඳ කය බිඳීමෙන් මරණින් මතු සැප නැති දුක් ඇති, උඩු කුරුව වැටෙන නරකයෙහි උපදිති. ඔවුහු එහි දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳිති. ඔවුහු මෙසේ කියති. ´ඒ පින්වත් මහණ බමුණෝ කාමයන්හි මතු ඇතිවන මේ භය දැක කාම සම්පත් අත්හරින්නට කියති. අපි වනාහි, කාමයන් හේතුකොට කාමයන් මුල් කොට දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා විඳිමු´යි. (කියායි) ,මහණෙනිල මේ වනාහි මෙලොව ඇති සැප මත්තෙහි දුක් විපාක ඇති. ධර්‍ම සමාදානයයි කියනු ලැබේ.

6. ´´ මහණෙනිල වර්‍තමානයෙහිත් දුක් ඇති අනාගතයෙහිත් දුක් විපාක ඇති ධර්‍ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් යහපත් පැවතුම් නැති, නිර්වසත්‍රයෙක් වෙයි. දිවෙන් අතලොවින්නේ නොහොත් මළ පහකොට (දණඩක්යයි හිතාගෙන) අතින් පිසින්නේ වෙයි. ආහාර දීම පිණිස එව වහන්සැයි කී කල්හි නොපිළිගන්නේ වෙයි. සිටුව වහන්සැයි කියා දුන්දෙය නොපිළිගනියි. පෙරටුව ගෙණෙන ලද ආහාරය නොපිළි ගනියි. ඔහු උදෙසා කරණ ලද්ද හෙතෙම නොපිළිගනියි. ආරාධනා කර දුන් බත නොඉවසයි. කළගෙඩි කටින් ගෙණ දුන් දෙය නොපිළිගනියි. සැළිකටින් ගෙණ දුන් දෙය නොපිළිගනියි. එලිපත අතරකොට සිට දුන්දෙය නොපිළි ගනියි. දණ්ඩක් අතරකොට සිට දුන්දෙය නොපිළිගනියි. මෝල්ගසක් අතරකොට සිට දුන්දෙය නොපිළිගනියි. අනුභව කරන්නාවූ දෙදෙනෙකුගෙන් එකෙකු දුන්දෙය නොපිළිගනියි. ගැබිනිය විසින් දුන්දෙය නොපිළිගනියි. කිරි පොවන්නිය විසින් දුන්දෙය නොපිළිගනියි. පුරුෂයෙකු වෙත ගිය තැනැත්තිය විසින් දුන්දෙය නොපිළිගනියි. සම්මාදම් කළ දෙයින් කිසිවක් නොපිළිගනියි. යම් තැනක බල්ලෙක් එළඹ සිටියේද (ඔහුට නොදී) එහිදී දුන්දෙය නොපිළිගනියි. දියමස් අනුභව නොකරයි. ගොඩමස් අනුභව නොකරයි. සුරාව නොබොයි. මේරය (මල්යුසින් කළ මත්පැන්) නොබොයි. කාඩිදිය නොබොයි. හෙතෙම පිඬු සිඟීමට එකම ගෙයක් ඇත්තේ හෝ වෙයි. එකම බත් පිඩකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් දෙකක පිඬු සිඟන්නේ හෝ වෙයි. බත් පිඬු දෙකකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් සතක පිඬු සිඟන්නේ හෝ වෙයි. බත් පිඬු සතකින් යැපෙන්නේ හෝ වෙයි. එක් කුඩා බත් තැටියකින් යැපෙන්නේ හෝ වෙයි. බත් තැටි දෙකකින් යැපෙන්නේ හෝ වෙයි. බත් තැටි සතකින් යැපෙන්නේ හෝ වෙයි. එක දවසකට වරක් හෝ ආහාර ගනියි. දෙදිනකට වරක් හෝ ආහාර ගනියි. සත් දිනකට වරක් හෝ ආහාර ගනියි. මෙපරිද්දෙන් අඩමසකට වරක් හෝ ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරයි.

7. ´´ හෙතෙම අමුපලා කන්නේ හෝ වෙයි. බඩහමු කන්නේ හෝ වෙයි. ඌරුහැල් (වනයෙහි ඉබේට හැදෙන වී වර්‍ගයක්) කන්නේ හෝ වෙයි. සම්කෑලි කන්නේ හෝ වෙයි. මැලියම් කන්නේ හෝ වෙයි. කුඩු අනුභව කරන්නේ හෝ වෙයි. දන්කුඩ කන්නේ හෝ වෙයි. තල ආදී මුරුවට කන්නේ හෝ වෙයි. ලා තණ කොළ කන්නේ හෝ වෙයි. වනමුල් ඵල ආහාර කොට ඇත්තේ ඉබේ වැටුණ ඵල අනුභව කරන්නේ හෝ යැපෙයි. හෙතෙම වැහැරිත් අඳියි. මිශ්‍ර වස්ත්‍රත් අඳියි. මිනියෙන් ඉවත්කළ වස්ත්‍රත් අඳියි. පාංශුකූල වස්ත්‍රත් අඳියි. ගස්වල පතුරුත් අඳියි. අඳුන්දිවි සම්ද දරයි. මැදින් පැලූ අඳුන්දිවි සම්ද අඳියි. කුසතණ වැහැරිද අඳියි. නියඳ වැහැරිද අඳියි. පට්ටාද අඳියි. ඉසකේවලින් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටුවලින් කළ වැහැරිද දරයි. ඉසකේ රැවුල් උගුල්ලන්නෙක් වෙයි. ඉසකේ රැවුල් ඉගිල්ලීමෙහි යෙදුනේ, ආසනවල වාඩි නොවන්නේ නැගිට සිටින්නේ වෙයි. උඩුකුරුව සිටීමේ විය්‍ර්‍යයෙන් යුක්තවුයේ උඩුකුරුව සිටින්නේ වෙයි. කටු යහනෙහි හේත්තුවන්නේ වෙයි. කටු ඇතිරිලි මතුයෙහි සයනය කරයි. සවස තුන්වැනි කොට (දවසට තුන්වරක්) දියට බැසීමෙහි යෙදුනේ වාසය කරයි. මෙසේ නොයෙක් ආකාරයෙන් ශරීරය තවන පෙළන තපස්කම්වල යෙදී වාසය කරයි. හෙතෙම කය, බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නිරයෙහි උපදියි. මහණෙනි, මෙය වනාහි මෙලොව දුක් ඇති, මත්තෙහිද දුක් විපාක ඇති ධර්‍ම සමාදාන යයි කියනු ලැබේ.

8. ´´ මහණෙනිල දැන් (මේ ජාතියෙහි) දුක්වූ, මත්තෙහි සැප විපාක ඇති ධර්ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් ස්වභාවයෙන්ම තියුණුවූ, රාග ස්වභාව ඇත්තේවෙයි. හෙතෙම නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ස්වභාවයෙන්ම බලවත් ෙවෂ ස්වභාව ඇත්තේ වෙයි. හෙතෙම නිතර ෙවෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ස්වභාවයෙන්ම තියුණු මොහය ස්වභාව කොට ඇත්තේවෙයි, හෙතෙම නිතර මොහයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. හෙතෙම දුක් සහිතව, දොම්ිනස් සහිතව, කඳුලු වැකුණු මුහුණු ඇතිව, හඬමින් පිරිසිදුව බ්‍රහ්මචරියාව රකියි. හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ගලොකයෙහි උපදියි. මහණෙනි, මෙය මේ ආත්මයෙහි දුක්වූ, මත්තෙහි සැප විපාක ඇති ධර්ම සමාදාන යයි කියනු ලැබේ.

9. ´´ මහණෙනි, මේ ජාතියෙහිත් සැප ඇත්තාවූ, මත්තෙ හිත් සැප විපාක ඇත්තාවූ, ධර්‍ම සමාදානය කවරේද? මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් ස්වභාවයෙන් තියුණු රාගස්වභාව නැත්තේ වේද, හෙතෙම නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් නොවිඳියි. ස්වභාවයෙන්ම තියුණු දෝෂ ස්වභාව ඇත්තේ නොවෙයි. හෙතෙම නිතර ෙවෂයෙන් හටගත් දුක් දොම්නස් නොවිඳියි. ස්වභාවයෙන්ම තියුණු මොහ ස්වභාව නැත්තේ වෙයි. හෙතෙම නිතර මොහයෙන් හටගත් දුක් දොම්නස නොවිඳියි. හෙතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

´´ විතක්ත විචාර දෙක සංසිඳීමෙන් තමා තුළ මනා පැහැදීම ඇති කරන්නාවූ, හිත පිළිබඳ එකඟ බව ඇති විතක්ත විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.

´´ ප්‍රීතියෙහිද නොඇල්මෙන් උපෙක්‍ෂාව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව උපෙක්‍ෂාවෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ, සැපයෙන් යුක්තව වාසය කරන්නේයයි ආය්‍ර්‍යයෝ කියද්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

´´ සැප දුරු කිරීමෙන්ද, දුක් දුරු කිරීමෙන්ද පළමු කොටම සොම්නස් දොම්නස් දෙක දුරුකොට, දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්‍ෂා සිහි පිරිසිදු බව ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ගලොකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි දැන්ද සැප ඇති, මහත්තෙහිද සැප විපාක ඇති ධර්ම සමාදානයයි කියනු ලැබේ. මහණෙනි, සතර ධර්ම සමාදානයෝ මොහුය,.

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

පස්වෙනිවූ චූල ධම්ම සමාදාන සූත්‍රය නිමි. (5 – 5)

44. චූල වෙදල්ල සූත්‍රය

1.මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි, විසාඛනම් උපාසක තෙම ධම්ම දින්නා නම් මෙණෙිය යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් ධම්මදින්නා මෙහෙණියට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ විසාඛ උපාසක තෙම ධම්මදින්නා මෙහෙණියට මෙසේ කීයේය.

´´ආය්‍ර්‍යාවෙනි, සක්කාය සක්කාය යයි කියනු ලැබේ. ආය්‍ර්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් වනාහි සක්කායයයි වදාරන ලදද?, ,ඇවැත්නි, විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානස්කන්‍ධ පස සක්කායයයි වදාරණ ලදී. කවරහුද? රූප උපාදාන ස්කන්‍ධය, වෙදනා උපාදානස්කන්‍ධය, සංඥා උපාදානස්කන්‍ධය, සංඛාර උපාදානස්කන්‍ධය, විඤඤාණ උපාදානස්කන්‍ධය යන පසයි. ඇවැත්නි, විසාඛයෙනි, මේ පඤචවිධ උපාදානස්කන්‍ධයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කායයි වදාරණ ලදහ.,

2 ´´ආය්‍ර්‍යයාවෙනි, යහපතැයි, විසාඛ උපාසක තෙම ධම්මදින්නා නම් භික්‍ෂුණියගේ වචනයට සතුටුවී එය පිළිගෙන ධම්ම දින්නා භික්‍ෂුණියගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළේය. ,ආය්‍ර්‍යාවෙනි, සක්කාය සමුදය සක්කාය සමුදය (සක්කාය දෘෂ්ටිය පහළ වීමට හේතුව) යයි කියනු ලැබේ. ආය්‍ර්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් නම් සක්කාය සමුදායයයි වදාරණ ලදද?, ඇවැත් විසාඛයෙනි, නැවත ඉපදීම ඇති කරන්නාවූ, නන්‍දිරාගය හා එක්ව පැවැත්තාවූ, ඒ ඒ රූපාදී අරමුණෙහි, සතුටු වන්නාවූ, යම් මේ තෘෂ්ණාවක් වේද, එනම්:- (කාම වස්තු විෂයෙහි පැවැති) කාමතෘෂ්ණාවය, (….. දෘෂ්ටි සහගත) භවතෘෂ්ණාවය,(උචෙඡද දෘෂ්ටි සහගත) විභවතෘෂ්ණාවය, යන තෘෂ්ණාවයි. ඇවැත්නි, විසාඛයෙනි, මේ තෘෂ්ණාව වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය සමුදායයයි වදාරණ ලදී.,

3 ´´ආය්‍ර්‍යාවෙනි, සක්කාය නිරොධය සක්කාය නිරොධය (සක්කාය දෘෂ්ටිය නැතිකිරීම) යයි කියනු ලැබේ. ආය්‍ර්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලද, සක්කාය නිරොධය කවරේද?, ,ඇවැත් විසාඛයෙනි, ඒ පළමු දැක්වූ තෘෂ්ණාවගේම ඉතිරි නොකර නැති කිරීමක් වේද, බැහැර කිරීමක් වේද, දුරලීමක් වේද, මිදීමක් වේද, නොඇල්මක් වේද ඇවැත් විසාඛයෙනි, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය නිරොධයයයි වදාරණ ලද්දේය,ග

´´ආය්‍ර්‍යාවෙනි, සක්කාය නිරොධ ගාමිනී ප්‍රතිපදාව, සක්කාය නිරොධ ගාමිනිී ප්‍රතිපදාවයයි (සක්කාය දෘෂ්ටිය නැති කිරීමේ මග) කියනු ලැබේ. ආය්‍ර්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් සක්කාය නිරොධ ගාමිනී ප්‍රතිපදාව යයි, වදාරණලදද?, ,ඇවැත්නි විසාඛයෙනි, මේ ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයම භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය නිරොධ ගාමිනිී ප්‍රතිපදාවයයි වදාරණ ලදී. එනම්:- නිවැරදි දැකිීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්‍මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මොහුයි,ග

4 ´´ආය්‍ර්‍යාවෙනි, උපාදානයත් උපාදාන, ස්කන්‍ධ පසත් එකමද? නැතහොත් උපාදානය උපාදාන ස්කන්‍ධයෙන් වෙනස්ද?, ,ඇවැත්නි, විසාඛයෙනි, උපාදානයෙන් උපාදාන ස්කන්‍ධ පසත් එකම නොවේ. උපාදාන ස්කන්‍ධ පස හැර උපාදානයක්ද නැත. ඇවැත්නි, විසාඛයෙනි, උපාදාන ස්කන්‍ධ පස කෙරෙහි යම් ඇලීමක් වේ නම් එය එහි උපාදානයකි ´´

5 ´´ආය්‍ර්‍යාවෙනි , කෙසේ නම් සක්කාය දෘෂ්ටිය වේද? ඇවැත්නි, විසාඛයෙනි, මේ ලොකයෙහි බුද්Ȁdධාදී ආය්‍ර්‍යයයන් නොදැක්කාවූ, ආය්‍ර්‍යධර්‍මර්‍යෙහි අදක්‍ෂවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි නොහික්මුනාවූ, බුද්Ȁdධාදී සත්පුරුෂයන් නුදුටුවාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ නූගත් පෘථග්ජනතෙම රූපය තමා වශයෙන් හෝ දකියි තමා රූප සහිත යයි කියා හෝ දකියි. තමා කෙරෙහි පිහිටියේයයි හෝ දකියි. වේදනාව තමා වශයෙන් හෝ දකියි. තමා වේදනාව සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි වේදනාව පිහිටියේයයි හෝ දකියි. වේදනාවෙහි තමා පිහිටියේයයි හෝ දකියි. සංඥාව තමා වශයෙන් හෝ දකියි. තමා සංඥා සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි සංඥාව පිහිටියේයයි කියා හෝ දකියි. සංඥාවෙහි තමා පිහිටියේයයි හෝ දකියි. සංස්කාරයන් තමා වශයෙන් හෝ දකියි. තමා සංස්කාර සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි සංස්කාරයන් පිහිටියේයයි කියා හෝ දකියි. සංස්කාරයන් කෙරෙහි තමා පිහිටියේයයි හෝ දකියි. විඥානය තමා වශයෙන් දකියි. තමා විඥානය සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි විඥානය පිහිටියේයයි හෝ දකියි. විඥානයෙහි තමා පිහිටියේයයි හෝ දකියි. විසාඛය, මෙසේ වනාහි සක්කාය දෘෂ්ටිය වෙයි ´´

´´ආය්‍ර්‍යාාවෙනි, කෙසේ නම් සක්කාය දෘෂ්ටිය නොවේද?, ,ඇවැත්නි, විසාඛයෙනි, බුද්Ȁdධාදී ආය්‍ර්‍යයන් නුවණැසින් දුටුවාවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි දක්‍ෂවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි මනාව හික්මුනාවූ බුද්Ȁdධාදී සත්පුරුෂයන් දුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්‍ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ උගත් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපය සහිත යයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ නොදකියි. රූපයෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. වෙදනාව තමා වශයෙන් හෝ නොදකියි. තමා වෙදනාව සහිතයයි හෝ නොදකියි. තමාකෙරෙහි වෙදනාව පිහිටියේයයි හෝ නොදකියි. සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාව සහිතයයි හෝ නොදකියි. තමාකෙරෙහි සංඥාව පිහිටියේයයි හෝ නොදකියි. සංස්කාරයන් ආත්ම වශයෙන් හෝ නොදකියි. තමා සංස්කාරය සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාරයන් පිහිටියේයයි හෝ නොදකියි. සංස්කාරයන්හි තමා පිහිටියේයයි හෝ නොදකියි. විඤඤාණය තමා වශයෙන් හෝ නොදකියි. තමා විඤඤාණය සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි විඤඤාණය පිහිටියේයයි හෝ නොදකියි. විඤඤාණයෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. ඇවැත් විසාඛයෙනි, මෙසේ සක්කාය දෘෂ්ටිය නොවේ.,

6 ´´ආය්‍ර්‍යාවෙනි, ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයතෙම කවරේද?, ,ඇවැත්නි, විසාඛයෙනි, අඬග අටක් ඇති මේ ආය්‍ර්‍ය මාර්‍ගයමැයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහයය, නිවැරදි සිහියය, නිවැරදි සාමාධියය, )යන අටයි.)

´´ආය්‍ර්‍යාවෙනි, ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය තෙම හේතූන් නිසා හටගන්නා ලද්දක්ද? නැතහොත් හේතූන් නිසා හට නොගන්නා ලද්දක්ද?, ,ඇවැත් විසාඛයෙනි, ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයතෙම හේතූන් නිසා හටගන්නා ලද්දකි., ,ආය්‍ර්‍යාවෙනි, ආය්‍ර්‍යා අෂ්ටාංගික මාර්‍ගයෙහි ස්කන්‍ධ තුන සංග්‍රහ කරන ලද්දාහුද? නැතහොත් සිලාදී ස්කන්‍ධ තුණෙහි ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය සංග්‍රහ කරන ලද්දේද?, ,ඇවැත් විසාඛයෙනි, ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙහි සීලාදී ස්කන්‍ධ තුන සංග්‍රහ කරණ ලද්දේ නොවේ. ඇවැත්නි විසාඛයෙනි, ස්කන්‍ධ තුනෙහි ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය සංග්‍රහ කරණලදී. ඇවැත්නි, විසාඛයෙනි, යම් නිවැරදි වචනයක් වේද, යම් නිවැරදි කර්මාන්තයක් වේද, යම් නිවැරදි ජීවිකාවක් වේද, මේ ධර්මයෝ ශීල ස්කන්‍ධයෙහි ඇතුළත් කරන ලදහ. යම් නිවැරදි උත්සාහයන් වේද, යම් නිවැරදි සිහියක් වේද, යම් නිවැරදි සමාධියක් වේද, මේ ධර්මයෝ සමාධිස්කන්‍ධයෙහි ඇතුළත් කරන ලදහ. යම් නිවැරදි දැනීමක් වේද, යම් නිවැරදි කල්පනාවක් වේද, මේ ධර්මයෝ ප්‍රඥා ස්කන්‍ධයෙහි ඇතුළත් කරන ලදහ.,

7 ´´ආය්‍ර්‍යාවෙනි, සමාධිය කවරේද? සමාධි නිමිති කවරහුද? සමාධි පිරිවර කවරහුද? සමාධි භාවනාව කවරීද?, ඇවැත් විසාඛයෙනි, හිතෙහි යම් එකඟබවක් වේද ඒ සමාධියයි. සතර සතිපඨටානය, සමාධි නිමිත්තයෝය. සම්‍යක් ප්‍රධාන විය්‍ර්‍ය සතර සමාධි පිරිවරය, ඒ ධර්මයන්ගේම සෙවනය කිරීම, වැඩිම, බහුල කිරීම යන යමක් ඇද්ද ඒ එහි සමාධි භාවනාවයි,.

8 ´´ආය්‍ර්‍යාවෙනි, සංස්කාරයෝ කීදෙනෙක්ද?, ,ඇවැත්නි, විසාඛයෙනි, මේ සංස්කාරයෝ තුන්දෙනෙකි. කාය සංස්කාරය, වාක් සංස්කාරය, චිත්ත සංස්කාරය, (යන තුනයි.)

´´ආය්‍ර්‍යාවෙනි, කාය සංස්කාරය කවරේද? වාක් සංස්කාරය කවරේද? චිත්ත සංස්කාරය කවරේද? චිත්ත සංස්කාරය කවරේද?, ,ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය සංස්කාරයෝය.ි විතර්‍ක විචාරයෝ වාක් සංස්කාරයෝ වෙත්. සංඥාවත්, වේදනාවත් චිත්ත සංස්කාරයයි.,

´´ආය්‍ර්‍යාවෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කවර හෙයින් කාය සංස්කාර නම් වේද? විතර්‍ක විචාර දෙක කවර හෙයින් වාක් සංස්කාර නම් වේද? සංඥා වේදනා කවර හෙයින් චිත්ත සංස්කාර නම් වේද?, ,ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ වනාහි කයෙහි හටගත්තාහුය. මේ ධර්මයෝ වනාහි කය පිළිබඳය. (හෙවත් කය ඇතිකල්හි මිස නැති කල්හි ඇති නොවන්නාහ.) එහෙයින් ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාර නමි. ඇවැත් විසාඛයෙනි, පළමුකොටම කල්පනා කොට විචාරණය කොට, පසුව වචන කථාකරනු ලැබේ. එහෙයින් විතර්‍ක විචාරයෝ වාක් සංස්කාරයි, සංඥාවත් වේදනාවත් සිතෙහි හටගන්නාහුය. මේ ධර්මයෝ සිත පිළිබඳය, (සිත ඇති කල්හි ම හටගන්නාහුය.) එහෙයින් සංඥාවත් වේදනාවත් චිත්ත සංස්කාරයි.,

9 ´´ආය්‍ර්‍යාවෙනි, කෙසේ වනාහි සඤඤාවෙදයිත නිරොධ සමාපත්තිය (සංඥා වෙදනාවන් නිරුද්Ȁdධවීම ඇති සමාපත්තිය) වේද?, ,ඇවැත් විසාඛයෙනි, නිරොධ සමාපත්තියට පැමිණෙන්නාවූ භික්‍ෂුහට ´මම නිරොධසමාපත්තියට පැමිණෙන්නෙමි´යි කියා හෝ ´මම සංඥාවේදයිත නිරොධ සමාපත්තියට සමවදිමි´යි කියා හෝ ´මම නිරොධ සමාපත්තියට සමවැදුනෙමි´ කියා හෝ මෙබඳු සිතක් ඇති නොවෙයි. එහෙත් යම් සිතක් ඒ අචිත්තක භාවය (සිත් නැති බව) පිණිස පමුණුවාද, ඒ සිත නිරොධ සමාපත්තිය සමවදින්නට පළමුවෙන්ම එසේ වඩන ලද්දේ වෙයි.,

´´ආය්‍ර්‍යාවෙනි, සඤඤාවෙදයිත නිරොධසමාපත්තියට පැමිණෙන්නාවූ, මහණහට කවර ධර්මයෝ පළමුකොට නැති වෙත්ද? කාය සංස්කාරය හෝ නැතිවේද, වාක් සංස්කාරය හෝ නැතිවේද? චිත්ත සංස්කාරය හෝ නැති වේද?, ,ඇවැත්නි, විසාඛයෙනි, සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියට පැමිෙණන්නාවූ භික්‍ෂුවහට පළමුව වාක් සංස්කාරය නැති වෙයි. ඉන්පසුව කාය සංස්කාරයද, ඉන්පසු චිත්ත සංස්කාරයද, නැතිවෙයි,ග

´´ආය්‍ර්‍යාවෙනි, කෙසේ නම් සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටීම වේද?, ,ඇවැත් විසාඛයෙනි, සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටින්නාවූ භික්‍ෂුව හට මෙබඳු අදහසක් නොවෙයි. මම සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගිටින්නෙමි කියා හෝ මම සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගිටිමි කියා හෝ මම සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගිටියෙමි කියා හෝ (අදහස් නොවෙයි.) එහෙත් ඔහු විසින් යම් සිතක් ඒ අවිත්ත භාවය පිණිස පමුණුවාද, සමවැදීමට පළමු කොටම ඒ සිත එසේ වඩන ලද්දේ වෙයි.,

´´ආය්‍ර්‍යාවෙනි, සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටින භික්‍ෂුවහට කවර ධර්‍මයෝ පළමු කොට උපදිද්ද? කාය සංස්කාරයද? වාක් සංස්කාරයද? චිත්ත සංස්කාරයද?, ,ඇවැත් විසාඛයෙනි, සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගීසිටින භික්‍ෂුවහට පළමුකොට චිත්ත සංස්කාරය උපදියි. ඉන්පසු කාය සංස්කාරය උපදියි. ඊට පසු වාක් සංස්කාරය උපදියි.,

´´ආය්‍ර්‍යාවෙනි, සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටියාවූ මහණහු කෙතෙක් ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත්ද?, ,ඇවැත් විසාඛයෙනි, සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටි භික්‍ෂුව ස්පර්‍ශ තුනක් ස්පර්‍ශ කරති, ශූන්‍යතා ස්පර්‍ශය, අනිමිතත ස්පර්‍ශය, අප්‍රණිහිත ස්පර්‍ශය යන තුනයි.,

´´ආය්‍ර්‍යාවෙනි, සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටියාවූ, භික්‍ෂුවගේ සිත කුමකට නැමුණේ වේද? කුමකට හැරුණේ වේද? කුමකට බරවූයේ වේද?, ,ඇවැත් විසාඛයෙනි, , සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටි භික්‍ෂුවගේ සිත විවේකයට (නිර්‍වාණයට) නැමුණේවෙයි. නිර්‍වාණයට හැරුණේවෙයි. නිර්‍වාණයට බරවූයේ වෙයි.,

10 ´´ආය්‍ර්‍යාවෙනි, වේදනාවෝ කෙතෙක්ද?, ,ඇවැත් විසාඛයෙනි, වේදනා තුනකි. සැප වේදනාවය, දුක් වේදනාවය, උපෙක්‍ෂා වේදනාවය,. (යන තුනය.) ,ආය්‍ර්‍යාවෙනි,සැප වේදනාව කවරීද? දුක්වේදනාව කවරීද? උපෙක්‍ෂා වේදනාව කවරීද? ,ඇවැත් විසාඛයෙනි, කයෙහි හටගත්තා වූද, සිතෙහි හටගත්තාවූද, සැපවූ, මධුරවූ යම් වේදනාවක් වේද, මේ සැප වේදනාවයි. ,ඇවැත් විසාඛයෙනි, කයෙහි හටගත්තාවූද, සිතෙහි හටගත්තාවූද, මිහිරිද නොවූ, අමිහිරිද නොවූ යම් වේදනාවක් වේද, මෙය උපෙක්‍ෂා වේදනාවයි.,

´´ආය්‍ර්‍යාවෙනි, සැප වේදනාව කුමක් සැපකොට ඇත්තීද? කුමක් දුක් කොට ඇත්තීද? දුක් වේදනාව කුමක් දුක් කොට ඇත්තීද? කුමක් සැප කොට ඇත්තීද? උපෙක්‍ෂා වේදනාව කුමක් දුක් කොට ඇත්තීද? කුමක් සැප කොට ඇත්තීද?, ,ඇවැත් විසාඛයෙනි, සැප වේදනාවගේ පැවැත්ම සැපය. නැතිවීම දුක්ය. දුක් වේදනාව පැවැත්ම දුක්ය. නැතිවීම සැපය. උපේක්‍ෂා වේදනාව දැනීම සැපය. නොදැනීම දුකය.,

11.´´ආය්‍ර්‍යාවෙනි, සැප වේදනාවෙහි කවර අනුශය ධර්‍මයක් (අනුව සයනය කළාක්මෙන්) එක්ව හැසිරේද? දුක් වේදනාවෙහි කවර අනුශය ධර්‍මයක් එක්ව හැසිරේද? උපේක්‍ෂා වේදනාවෙහි කවර අනුශය ධර්‍මයක් එක්ව හැසිරේද?, ,ඇවැත් විසාඛයෙනි, සැප වේදනාවෙහි රාග අනුශය එක්ව හැසිරෙයි, උපෙක්‍ෂා වේදනාවෙහි අවිද්‍යා අනුශය එක්ව හැසිරෙයි.,

´´ආය්‍ර්‍යාවෙනි, සියලු සැප වේදනාවෙහි රාගානුසය එක්ව හැසිරේද? සියලු දුක් වේදනාවෙහි, ප්‍රතිානුසය, එක්ව හැසිරේද? සියලු උපෙක්‍ෂා වේදනාවෙහි, අවිද්‍යානුසය එක්ව හැසිරේද?, ,ඇවැත්නි, විසාඛයෙනි, සියලු සැප වේදනාවෙහි රාගානුසය එක්ව නොහැසිරෙයි. සියලු දුක් වේදනාවෙහි ප්‍රතිානුසය එක්ව නොහැසිරෙයි. සියලු උපෙක්‍ෂා වේදනාවෙහි අවිද්‍යානුසය එක්ව නොහැසිරෙයි.,

´´ආය්‍ර්‍යාවෙනි, සැප වේදනාවෙහි කුමක් පහකළ යුතුද? දුක් වේදනාවෙහි කුමක් පහකළ යුතුද? උපෙක්‍ෂා වේදනාවෙහි කුමක් පහකළ යුතුද?, ,ඇවැත් විසාඛයෙනි, සැප වේදනාවෙහි රාගානුසය පහකළ යුතුයි. දුක් වේදනාවෙහි ප්‍රතිානුසය පහකළ යුතුය. උපෙක්‍ෂා වේදනාවෙහි, අවිද්‍යානුසය පහකළ යුතුය.,

´´ආය්‍ර්‍යාවෙනි, සියලු සැප වේදනාවෙහි, රාගානුසය පහකළ යුතුද? සියලු දුක් වේදනාවෙහි ප්‍රතිානුසය පහකළ යුතුද? සියලු උපෙක්‍ෂා වේදනාවෙහි අවිද්‍යානුසය පහකළ යුතුද?, ,ඇවැත් විසාඛයෙනි, සියලු සැප වේදනාවෙහි රාගානුසය පහකළ යුතු නොවෙයි. සියලු දුක් වේදනාවෙහි ප්‍රතිානුසය පහකළ යුතු නොවෙයි. සියලු උපෙක්‍ෂා වේදනාවෙහි අවිද්‍යානුසය පහකළ යුතු නොවෙයි. ඇවැත් විසාඛයෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ ප්‍රථමද්ධ්‍යානය කරණකොටගෙන රාගය දුරලයි. ඒ ප්‍රථම ද්ධ්‍යානයෙහි, රාගානුසය තෙම එක්ව නොහැසිරේ.

´´ඇවැත් විසාඛයෙනි, මේ ශාසනයෙහි මහණතෙම, මෙසේ බලාපොරොත්තු වෙයි. ´දැන් ආය්‍ර්‍යයන් වහන්සේලා (රහත් ඵලයයි කියනු ලබන) යම් ආයතනයකට පැමිණ වෙසෙද්ද, ඒ අර්‍හත්‍වයට මම කවර දවසෙක පැමිණ වාසය කරන්නෙම්ද?´ මෙසේ උතුම්වූ, (අර්හත් මාර්‍ගඵලයයි කියන ලද) මිදීමෙහි කැමැත්ත ඇතිකරන්නහුට ප්‍රාර්‍ථනාව මුල්කොට ඇති දොම්නස උපදියි. එයින් ප්‍රතිය දුරු කරයි. එහි ප්‍රතිානුසය එක්ව නොහැසිරේ. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සැප නැති කිරීමෙන්ද, දුක් නැති කිරීමෙන්ද පළමු කොටම සොම්නස් දොම්නස් දෙක දුරලීමෙන් දුක්ද නොවු, සැපද නොවූ, උපෙක්‍ෂා සිහි පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. එයින් අවිද්‍යාව දුරු කරයි. එහි අවිද්‍යානුසය එක්ව නොහැසිරේ.,

´´ආය්‍ර්‍යාවෙනි, සැප වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද?, ,ඇවැත්නි, විසාඛයෙනි, සැප වේදනාවට දුක් වේදනාව ප්‍රතිවිරුද්ධයි.,

´´ආය්‍ර්‍යාවෙනි, දුක් වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද?, ,ඇවැත් විසාඛයෙනි, දුක් වේදනාවට සැප වේදනාව ප්‍රතිවිරුද්ධයි.,

´´ආය්‍ර්‍යාවෙනි, උපෙක්‍ෂා වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද?, ,ඇවැත් විසාඛයෙනි, උපෙක්‍ෂා වේදනාවට අවිද්‍යාව ප්‍රතිවිරුද්ධයි.,

´´ආය්‍ර්‍යාවෙනි, අවිද්‍යාවට කුමක් ප්‍රතිවිරුද්ධද?, ,ඇවැත් විසාඛයෙනි, අවිද්‍යාවට, විද්‍යාව ප්‍රති විරුද්ධයි.,

´´ආය්‍ර්‍යාවෙනි, විද්‍යාවට කුමක් ප්‍රතිවිරුද්ධද?, ,ඇවැත් විසාඛයෙනි, විද්‍යාවට විමුක්තිය අර්‍හත්ඵලය ප්‍රතිවිරුද්ධය.,

´´ආය්‍ර්‍යාවෙනි, විමුක්තියට කුමක් ප්‍රතිවිරුඬද?, ,ඇවැත්නි, විසාඛයෙනි, විමුක්තියට නිර්‍වාණය ප්‍රතිවිරුද්Ȁdධයි.,

ආය්‍ර්‍යාවෙනි, නිර්‍වාණයට කුමක් ප්‍රතිවිරුද්ධද?, ,ඇවැත් විසාඛයෙනි, ප්‍රශ්නය සීමාව ඉක්මවා ගියේය. ප්‍රශ්නයන්ගේ කෙළවර ගන්නට නොහැකිය. ඇවැත් විසාඛයෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාව නිර්‍වාණයට පිවිසුනේ වෙයි. නිර්‍වාණය පිහිට කොට ඇත්තේ වෙයි. නිර්‍වාණය අවසන්කොට ඇත්තේ වෙයි. ඇවැත් විසාඛයෙනි, ඔබ කැමැත්තෙහි නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මේ කාරණය විචාරව යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරණසේක්ද, එසේ පිළිගනුව.,

ඉක්බිති විසාඛ උපාසක තෙම ධම්මදින්නා භික්‍ෂූණීන් වහන්සේගේ දෙශනාවට සතුටුවී එය පිළිගෙන හුනස්නෙන් නැගිට ධම්මදින්නා භික්‍ෂුණිය වැඳ පැදකුණුකොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ, විසාඛ උපාසක තෙම ධම්මදින්නා භික්‍ෂුණිය සමග පැවති කථාව යම් තරමක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන්වහන්සේට කීවේය. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ විසාඛ උපාසකයාට මෙය කීහ. විසාඛය, ධම්මදින්නා භික්‍ෂුණිය පණ්ඩිතය. විසාඛය,
ධම්මදින්නා භික්‍ෂුණිය ගැඹුරු ප්‍රඥාව ඇත්තීය. විසාඛයෙනි, නුඹ මාගෙන්ද මේ කාරණය ඇසුවෙහිනම් යම්සේ එය ධමමදින්නා භික්‍ෂුණිය විසින් ප්‍රකාශ කරන ලදද, මමද, එය එපරිද්දෙන්ම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්ථය මෙයමැයි. මෙසේ මෙය දරව,යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සතුටුවූ විසාඛ උපාසක තෙම භාග්‍යවතුන්වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.

සතරවෙනිවූ චූල වෙදල්ල සූත්‍රය නමි. (5 – 4)