14. චූල දුක්ඛක්ඛන්‍ධ සූත්‍රය.

1. මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහිවු නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. ඉක්බිති මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක උන්නාවු මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

´´ ස්වාමීනි, මම බොහෝ කලක් මුලුල්ලෙහි ලොභය සිත කෙලසන ධර්‍මයකි, ෙවෂය සිත කෙලසන ධර්‍මයකි, මෝහය සිත කෙලසන ධර්‍මයකි කියා මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය දනිමි. ස්වාමීනි, මෙසේ භාගයවතුන් වහන්සේ වදාළ පරිදි ලොභය සිත කිලුටු කරන ධර්‍මයකි ෙවෂය සිත කිලුටු කරන ධර්‍මයකි, මොහය සිත කිලුටු කරන ධර්‍මයකි යි මම දනිමි. එතකුදු උවත් ඇතැම් කලෙක ලොභ ධර්‍මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත් ෙවෂ ධර්‍මයෝද සිත මැඩගෙන සිටිත්. මොහ ධර්‍මයෝද සිත මැඩගෙන සිටිත්. ස්වාමිනි ඒ මට මෙබඳු අදහසක් වෙයි. යමක් හේතුකොාට එක් කලෙක ලොභ ධර්‍මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත්ද, ෙවෂ ධර්‍මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත්ද, මෝහ ධර්‍මයෝත් මාගේ සිත් අල්වාගෙන සිටිත්ද. ඊට හේතුවු කිනම් අධ්‍යාත්ම ධර්‍මයක් මා විසින් පහ නොකරන ලද්දේ කියායි. ´´ මහානාමය, යමක් හේතුකොට ගෙන එක් කලෙක්හී ලෝභ ධර්‍මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, ෙවෂ ධර්‍මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, මෝහ ධර්‍මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, ඒ අධ්‍යාත්ම ධර්‍මයම තොප විසින් පහ නොකරන ලද්දේය, මහානාමය, ඒ ධර්‍මය තා විසින් පහ කරන ලද්දේ නම් තෝ ගිහිගෙයි නොවසන්නෙහිය. කාමයන් පරිභොග නොකරන්නෙහිය. මහානාමය යම් හෙයකින් ඒ ධර්‍මයම තොප විසින් පහනොකරන ලද්දේය. එහෙයින් නුඹ ගිහි ගෙයි වසන්නෙහිය. කාමයන් සේවනය කරන්නෙහිය. කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. දැඩි වෙහෙස ඇත්තාහ. මෙහි දොසය බොහෝ යයි, මහානාමය, මෙසේ ආය්‍ර්‍ය ශ්‍රවකයා විසින් තතුසේ දක්නා ලද්දේද හෙතෙමේද කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම ප්‍රිති සැපය (ප්‍රථම ධ්‍යාන) නොලබයිද ඊට වඩා අතිහයින් ශාන්තවු (තෘතිය චතුර්‍ථ) ධ්‍යාන හෝ නොලබයි. එකල්හි හෙතෙම ඒ තාක් කාමයන් පරිභෝග නොකරන්නෙක්, නොවෙයි.

2. මහානාමය යම් තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවකයා විසින් ඇති සැටියෙන් විදර්‍ශනා නුවණින් හොඳින් දක්නා ලද්දේද, මෙතෙමේද කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම ප්‍රීති සැපය ලබයි. එයින් අන්‍යවු අතිහයින් ශාන්තවු (අර්‍හත් ඵලය) ලබයි. එකල්හි හෙතෙම කාමයන් පරිභෝග නොකරන්නෙක් වෙයි.

´´මහනාමය, බුදුවන්නට පළමුකොටම බුදුනොවු බෝසත්වුම මා විසින්ද කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. දැඩි ආයාස ඇත්තාහ. මෙහි දොෂයම බොහා්යයි මෙසේ මෙය ඇතිසැටියෙන් යහපත් නුවණින් මනාව දක්නා ලද්දේය.

ඒ මම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම යම්තාක් ධ්‍යාන ප්‍රීති සැපයට නොපැමිණියෙම්ද එයින් අන්‍යවු අතිශයින් ශාන්තවු ධ්‍යාන මාර්‍ග සැපයන්ට නොපැමිණියෙම්ද මම ඒ තාක් කාමයන් පරිභෝග නොකරන්නෙක්මි යයි නොකීමි.

´´ මහානාමය, යම් තැනෙක පටන් කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, දැඩි ආයාස ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි මෙසේ මා විසින් ඇතිසැටියෙන් යහපත් නුවනින් හොඳින් දක්නා ලද්දේද, ඒ මමද කමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම ධ්‍යාන ප්‍රීති සැපයට පැමිනියෙම්ද එයින් අන්‍යවු ශාන්තවු ධ්‍යාන මාර්‍ග සැපයන්ට පැමිණියෙම්ද එකල්හි මම කාමයන් පරිභේග නොකරන්නෙක්මියි ප්‍රතිඥ කෙළෙමි.

3. ´´ මහානාමය, කාමයන්ගේ ආස්වාදය (රසවිඳීම) කවරේද? මහානාමය, කාම ගුණයෝ මේ පසකි. කවර පසක්ද යත්?

ඇසින් දතයුතුවු යහපත්වු, සිත් අලවන්නාවු මන වඩන්නාවු, ප්‍රිය ස්වභාව ඇත්තාවු කාමයෙන් යුක්තවු ආසාව ඉපදීමට කරුණුවු රූප (අරමුණු) වෙත්ද, කණින් දතයුතුවු, යහපත්වු, සිත් අලවන්නාවු මන වඩන්නාවු, ප්‍රිය ස්වභාව ඇත්තාවු කාමයෙන් යුක්තවු ආසාව ඉපදීමට කරුනුවු ශබ්දයෝ වෙත්ද, නාසයෙන් දතයුතුවු යහපත්වු සිත් අලවන්නාවු මන වඩන්නාවු ප්‍රිය ස්වභිව ඇත්තාවු කාමයෙන් යුක්තවු ආසාව ඉපදීමට කරුනුවු ගන්‍ධයෝ වෙත්ද, දිවෙන් දතයුතුවු යහපත්වු සිත් අලවන්නාවු මන වඩන්නාවු ප්‍රිය ස්වභිව ඇත්තාවු කාමයෙන් යුක්තවු ආසාව ඉපදීමට කරුණුවු රසයෝ වෙත්ද, කයින් දතයුතුවු යහපත්වු සිත් අලවන්නාවු මන වඩන්නාවු ප්‍රිය ස්වභිව ඇත්තාවු කාමයෙන් යුක්තවු ආසාව ඉපදීමට කරුනුවු ස්පර්‍ශයෝ වෙත්ද යන මොහු කාම ගුණ පසයි.

´´ මහානමය, මේ පඤචකාම ගුණයන් නිසා යම් කායික සැපක් හෝ මානසික සැපක් උපදිද, මෙය කාමයන්ගේ ආස්වාදය (රසවිඳීම) නම් වෙයි.

4. ´´ මහානමය, කාමයන්ගේ ආදීනව (දෝෂය) කවරේද? මහානාමය, මේ ලෝකයෙහි කුල පුත්‍රතෙම යම්කිසි ශිල්පයකින් ජීවිකාව කරයිද, එනම් : රේඛා ශාස්ත්‍ර කීමෙන්, ගණන් තැබීමෙන්, සංඛ්‍යා ලෙඛන තැබීමෙන්, ගොවිකමින්, වෙලදාමෙන්, ගව පාලනයෙන්, (රජුන්ට) උපස්ථාන කිරීමෙන් රාජ භටයකුවීමෙන්, මෙයින් අන්‍යවු, (ඇත්, අස්, ආදී) ශිල්පයකින් (ජීවත්වනු සඳහා) සීතෙන් පෙළනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළනු ලබන්නේ, ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, සුලඟය, අව්වය, සර්පයෝය යන මොවුන්ගේ ස්පර්‍ශයෙන් ගැටෙමින් බඩගින්නෙන් හා පිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයි. මහානාමය, මෙලොවදීම විඳිය යුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට ගෙන කාමය මුල් කරුණු කොට ගෙන, කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි. මහානාමය, වීය්‍ර්‍ය කරන්නාවු ගැටෙන්නාවු උත්සාහ කරන්නාවු ඒ කුල පුත්‍රයාට ඒ භෝගයෝ (වස්තුව) හොඳින් නොඋපදිත්ද, (අත්පත් නොවෙත්ද) හෙතෙම ඒ කාන්තයෙන් මාගේ වීය්‍ර්‍යය හිස්ය, මාගේ උත්සාහය නිෂ්ඵලයයි කියා ශොක වෙයි. වෙහෙස වෙයි, වැළපෙයි, පපුවේ අත් ගසමින් හඬයි. සිහිනැති බවට පැමිණෙයි. මහානාමය, මෙලොවදීම විදිය යුත්‍රවු මේ දුක් රාශිය කාමය හේතුකොට, කාමය මුල් කාරනය කොට කාමය කරනකොට, කාමයන් නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.

´´ මහානමය, මෙසේ වීය්‍ර්‍යකරන්නාවු ගැටෙන්නාවු උත්සාහා කරන්නාවු ඒ කුලපුත්‍රයාට ඒ සම්පත්තීහු සමෘද්ධ වෙත්ද, (දියුණු වෙත්ද) එහු ඒ සම්පත්තිය ආරක්ෂා කරනු පිණිස කය සිත යන දෙකින් දුක් විඳියි. කෙසේ නම් මාගේ මේ සම්පත්තිය රජවරු පැහැර නොගන්නාහුද, සොරු පැහැර නොගන්නහුද ගින්නෙන් නොදැවෙන්නේද දියෙන් විනාශ නොවන්නේද සතුරෝ නොගන්නාහුදැයි මෙසේ රකින්නවු පාලනය කරන්නාවු ඔහුගේ ඒ සම්පත්තීහ.ු රජවරුද පැහැර ගනිත්. සොරුද පැහැර ගනිත්, ගින්න හෝ දවයි, වතුර හෝ නසයි, අප්‍රියවුවා් හෝ ගනිති. මා විසින් යම් වස්තුවකුත් උපදවන ලද්දේවේද එයද අපට නැතැයි හෙතෙම ශොක කරයි, වෙහෙස වෙයි වැළපෙයි, පපුවේ අත් ගසමින් හඬයි, සිහි නැතිබවට පැමිණෙයි. මහානාමය, මෙලොවදීම විඳිය යුතුවු මේ දුක් රාශිය කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා උපදින කාමයන්ගේ දොෂයයි.

5. ´´ මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතු කොට කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා රජවරුද රජවරු සමග කලහ කරති. ක්‍ෂත්‍රියයෝද ක්‍සත්‍රියන් සමග කලහ කරති, බමුණෝද බමුණන් සමග කලහ කරති, ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති, මවද පුතා සමග කලහ කරයි. පුතාද මව සමග කලහ කරයි, පියාද පුතා සමග කලහ කරයි, පුතාද පියා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි, සහාදරියද සහෝදරයා සමග කලහ කරයි, යහලුවා යහලුවා සමග කලහ කරයි, ඔවුහු කෝලාහල, විරුද්ධකම් විවාද යන මිට පැමිණියාහු එකිනෙකාට අතින්ද පහර දෙති. කැට කැබිලිති වලින්ද පහර දෙති. පොලුවලින්ද පහර දෙති, (කඩු ආදී) ආයුධ වලින්ද පහර දෙති, ඔවුහු එයින් මරනයටද පැමිණෙත්, මරනය සමාන දුකටද පැමිණෙත්, මහානාමය, මෙලොවදීම විඳියයුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා උපදිති මෙයද කාමයන්ගේ දෝෂයයි.

´´ මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා කඩුව හා පලිහ ගෙණ දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ දෙපසින් රැස්ව යුධ භූමියට පනිති. ඊතල විඳින කල්හි කඩු කරකවන කල්හි එහි ඔවුන්ට ඊතල වලින්ද විදිත්, අඩයටිවලින්ද අනිත්, කඩුවෙන් හිසද සිඳිත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්.

´´ මහානාමය, මෙලොවදීම විඳිය යුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.

´´ මහානාමය, නැවත් අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා කඩුව හා පලිහ ගෙණ දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ තෙත් මඩ තැවරූ පව්රු වලලු ලඟට පැනයෙත්, ඊතල විඳින කල්හි, අඩයටි දමා ගසන කල්හි, කඩු කරකවන කල්හි, එහි ඔවුහු ඊතලවලින්ද විඳිනු ලබත්, අඩයටිවලින්ද විඳිනු ලබත්, ලොදිය ඉසිත්, (සතදන්ත නම්) දණ්ඩෙන් මඩිත්, කඩුවෙන්ද හිස සිඳිත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්.

´´ මහානාමය, මෙලොවදීම විඳිය යුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.

´´ මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා ගෙවල් බිඳිති, ගම් පැහැරීමෙන් (වස්තුව) ගෙනයති, ගෙයි වැසියන් පණපිටින් ගෙණ වස්තුව පැහැර ගණිති, මං පැහැරීම (මංකොල්ල කෑම) කරති. පරස්ත්‍රීන් කරාද යති, (මෙසේ කරන) ඒ මේ සොරුන් රජවරු අල්වා නොයෙක් කම් කටුලු කරවත්. කසවලින්ද තලත්, වේවැල් වලින්ද තලත්, දෙකට පැලු (දෙරියන් පමණ) දඬුවලින්ද තලත්, අතද කපත්, පයද කපත්, අත්පා සියල්ලද කපත්, නාසයද කපත්, කන් නාසාද කපත්, බිලංගථාලික (හිස් කබල ගලවා මොලය උතුරවමින් කරන ) නම් වධය කරත්. සංඛමුණ්ඩික (හිසේ කෙස් හා සම ගලවා බොරලු ලා උලා සුදු කිරීම) නම් වධය කරත්. රාහුමුඛ (අඬුවෙන් කට අරවා එහිතුල ගිනිදැල්වීම) නම් වධය කරත්. ජෝතිමාලික (ශරීරය තෙල් රෙදිවලින් වෙලා ගිනිදැල්විම) නම් වධය දෙත්, හත්‍ථපජේජාතික (අත්දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, එරකවත්තික (බෙල්ලෙහි පටන් ඇස්වටය දක්වා හම ගලවා ඔහු ලවා පෑගවීම) නම් වධය දෙත්, චීරකවාසික (බෙල්ලෙහි පටන් තුනටිය දක්වා සම ගලවා තබා එතැනින් පටන්ගෙන ඇස්වටය දක්වා සම ගලවා තැබීම) නම් වධය දෙත්, එණෙය්‍යක (දෙදන දෙවැලමිටිවල යවුල් ගසා වටකොට ගිනි කිරීම) නම් වධය දෙත්, බලිසමංසික (දෙපැත්තෙන් තුඩුඇති බිලියෙන් ගසා මස් කැඩීම) නම් වධය දෙත්, කහාපණක (කහවනු සේ මස් කැපීම) නම් වධය දෙත්, ඛාරාපතච්ඡික (සිරුර සිදුරු කොට කාරම් දිය ඉසීම) වම් වධය දෙත්, පළිඝපරිවත්තික (ඇලයකින් බිම හොවා කනෙහි යවුල් ගසා පය ගෙන කරකැවීම) නම් වධය දෙත්, පලාලපීඨික (සම නොබිඳෙන සේ ඇට මස් තලා පිදුරු වැටියක් සේ ඇකිලීම) නම් වධය දෙත්, රත්වු තෙල් ඉසිත, බල්ලන් ලවා කවත්, ජීවිතය තිබියදීම උලෙහි ඉඳුවත්, කඩුවෙන් හිස සිඳිත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැම්ණෙත්, මහානාමය, මෙලොවදීම විඳියයුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා ඇතිවන කාමයන්ගේ දෝෂයයි.

6. ´´ මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා කයින් දුසිරිතෙහි හැසිරෙති, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙති, සිතින් දුසිරිතෙහි හැසිරෙති, ඔවුහු කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ශරීරයාගේ බිඳිමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවු නපුරු ගති ඇති නපුරු වැටීමක් ඇත්තාවු නිරයෙහි උපදිති. මහානාමය, පරලොවදී විඳිය යුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා ඇතිවන කාමයන්ගේ දෝෂයයි.

´´ මහානාමය, මම එක් කලෙක රජගහ නුවර ගිජඣකූට නම්වු පර්‍වතයෙහි වාසය කරමි. එකල්හී බොහෝවු නිගණ්ඨයෝ, ඉසිගිලි පර්‍වතය අසලවු කලුගල් තලාවෙහි අඩුකුරුව සිටියාහු ආසනවල වාඩි නොවන්නාහු උත්සාහයෙන් ඇතිකර ගත් දුක්වු තියුනු වු වේදනාවන් විඳිත්. මහානාමය, එකල්හි මම සවස් කාලයෙහි, උතුම් පලසමවතින් නැගිටියේ ඉසිගිලි පර්‍වතය අසල කලුගල් තලාව යම් තැනෙක් හිද ඒ නිගණ්ඨයෝ යම් තැනෙක්හිද එතැනට ගියෙම්. ගොස් නිගණ්ඨයන්ට මෙසේ කීයෙමි. ´ඇවැත්නි, නිගණ්ඨයෙනි, තෙපි කුමකට උඩුකුරු වුවාහු අසුන්වල වාඩි නොවන්නාහු උත්සාහයෙන් ඇතිකරගත් තියුණුවු වේදනාවන් විඳින්නාහුදැ´යි ඇසීමි.

´´ මහානාමය, මෙසේ කී කල්හි, ඒ නිගණ්ඨයෝ මට මෙසේ කීවාහුය. ´ඇවැත්නි, නිගණ්ඨනාත පුත්‍රතෙම, හැසිරෙන්නාවුද සිටින්නාවුද, නිදන්නාවුද, නිදි නැතිව සිටින්නාවුද මට සියල්ල දන්නාවු සියල්ල දන්නාවු ඥාන දර්‍ශනය නිතරම එළඹ සිටියේයයි ප්‍රතඥා කරයි. ඒ නිගණ්ඨනාත පුත්‍ර තෙම මෙසේ කියයි නිගණ්ඨයෙනි, තෙපි සියලුදෙන විසින් කරණ ලද පාප කර්ම ඇත්තේය. එය කටුකවු මේ දුෂ්කර ක්‍රියාවෙන් දිරවව්. යම් හෙයකින් මෙහි දැන් කයින් සංවර වුවාහුද වචනයෙන් සංවර වුවාහුද සිතින් සංවර වුවාහුද ඒ සංවරය නම් මත්තෙහි විපාක දෙන්නාවු පාපකර්‍ම නොකිරීමයි. මෙසේ පූර්ව කර්ම තපස් බලයෙන් තුනීකිරීමෙන් අලුත්කර්ම නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවීම වෙයි. කර්‍ම රැස්නොවිමෙන් කර්මයන්ගේ අවසන්විම වෙයි. කර්ම අවසන් වීමෙන් දුක් කෙලවර වෙයි. වේදනාවන්ගේ කෙලවර වීමෙන් සියලු දුක් දිරූයේ වන්නේයයි (කියයි.) අපට ඒ ක්‍රමය රුචිද වෙයි. කැමතිද වෙයි. එයින් අපි සතුටු වෙමු´´ යි (කීහ.)

´´ මහානාමය, මෙසේ කීකල්හි මම ඒ නිගණ්ඨයන්ට මෙසේ කිවෙමි. ඇවැත් නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි පෙර අපි වීමුද, නොවිමුදැයි, දන්නහුද? ඇවැත්නි අපි නොදන්නෙමු. කිමෙක්ද? ඇවැත්වු නිගණ්ටයෙනි, තෙපි පව්කම් කෙළෙමුද. නොකෙළෙමුදැයි දන්නාහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, අපි පෙර මෙබඳු මෙබඳුවු පව්කම් කෙලෙමුයයි දන්නාහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි මෙපමන දුක් දිරා ගියේය, මෙපමන දුක් දිරවිය යුතුය, මෙපමන දුක් දිරූ කල්හි සියලු දුක් දිරූයේ වන්නේයයි දන්නහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි මේ ආත්මයෙහිම අකුශල ධර්‍මයන් නැතිකිරීමද කුසල ධර්‍මයන් රැස්කිරීමද දන්නහුද? ඇවැත්නි, මෙය නොදන්නෙමු.

´´ නිගණ්ඨයෙනි, මෙසේ වනාහි තෙපි ´´ පෙර අපි වීමුද, නොවීමුදැයි කියාත් නොදන්නාහුය. අපි පෙර පව්කම් කෙළෙමුද, නෙකෙළෙමුදැයි කියාත් නොදන්නහුය. අපි පෙර මෙබඳු මෙබඳුවූ පව්කම් කෙළෙමුයයි කියාත් නොදන්නහුය. මෙපමන දුක් දිරුවේය, මෙපමණ දුක් දිරවිය යුතුය. මෙපමණවු දුක් දිරූකල්හි සියලු දුක් දිරූයේ වන්නේයයිකියාත් නොදන්නාහුය. මේ ආත්මයෙහි අකුසල ධර්‍මයන් නැතිකිරීම හා කුසල ධර්‍මයන් රැස්කිරීමක් නොදන්නහුය. ඇවැත්නි, නිගණ්ඨයෙනි, මෙසේ ඇති කල්හී මිනිසුන් අතර උපන් රෞද්‍රවු්‍ර ලේ තැවරුණ අත් ඇති ක්‍රූර ක්‍රියා ඇති යම් මනුෂ්‍ය කෙනෙක් වෙත්ද, ඔවුහු නිගණ්ඨයන් අතර පැවිදි වෙතියයි (කීමි)

´´ ඇවැත්නි ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය, දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත්නි, ගෞතම යෙනි සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේනම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැප ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපතවු සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැප විහරන ඇත්තේයයි (කීවාහුය) ආයුෂ්මත් නිගණ්ටයන් විසින් ඒකාන්තයෙන් වහා කරුනු නොසලකා, ඇවැත් ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය. දුකින්ම සැපය ලැබියයුතුය. ඇවැත් ගෞතමයෙනි, සැපයෙන් සැපය ලැබිය හැකිවන්නේ නම් මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැප ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැප විහරන ඇත්තේය. යන වචනය කියන ලදී. නොඑසේ නම් තොප විසින් ආයුෂ්මතුන් අතුරෙන් මගධ රටට අධිපති සේනා ඇති බිම්සර රජ වඩා සැප විහරන ඇත්තේද ආයුෂ්මත් ගෞතම තෙමේ වඩා සැප විහරණ ඇත්තේදැයි මගෙන් ඇසිය යුත්තේය.

´´ ඇවැත් ගෞතමයනි, අප විසින් ´´ ඇවැත් ගෞතමයනි, සැපයෙන් සැපය ලැබිය නොහැකිය. දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැතනි් ගෞතමයනි සැපයෙන් සැපය ලැබියහැකි වන්නේනම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැපය ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපතිවු සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැපවිහරන ඇත්තේය´´ යන වචනය ඒකාන්තයෙන්ම කරුණු නොසලකා වහා කියන ලද්දේය.

ඒ වචනය තිබේවා, දැන් අපි ආයුෂ්මත් ගෞතමයන්ගෙන් විචාරන්නෙමු. ´ මගධ රටට අධිපතිවු සේනා ඇති බිම්බිසාර නම් වු රජත් ආයුෂ්මත් ගෞතමයෝත් යන දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් සැපවිහරණ ඇත්තේදැයි (අසමු)

´´ ඇවැත්නි, නිගණ්ඨයෙනි, එසේ විනම් එහිලා තොපම විචාරන්නෙමි. යම්සේ තොපට රුචිවේද, එසේ එය ප්‍රකාශ කරව්. ඇවැත්නි නිගණ්ඨයෙනි, මගධෙශ්වරවු සෙනිය බිම්බිසාර රජ තෙම කයින් නොසෙල්වෙමින් වචනයක් නොකියමින් සත් රෑ දවාලක් මුලුල්ලෙහි නිරතුරු සැප විඳිමින් වාසය කරන්නට සමර්ථ වේද? නැත ඇවැත්නි, රෑ දවල් සයක් වාසය කරන්නට හැකි වේද , රෑ දාවල් පහක් රෑ දාවල් හතරක් රෑ දාවල් තුනක් රෑ දාවල් දෙකක් රෑ දාවල් එකක් වාසය කරන්නට හැකිවේද, නැත ඇවැත්නි,

´´ ඇවැත්නි නිගණ්ඨයෙනි, මම වනාහි කයින් නොසෙල්වෙමින් වචනයක් නොකියමින් එක් රෑ දවාලක් මුලුල්ලෙහි ඒකාන්තයෙන් සැප විඳිමින් වාසය කරන්නට පොහොසත්වෙමි. රෑ දාවල් දෙකක් රෑ දාවල් තුනක් රෑ දාවල් හතරක් රෑ දාවල් පහක් රෑ දාවල් හයක් රෑ දාවල් හතක් මුලුල්ලෙහි ඒ කාන්තයෙන් සැප විඳිමින් වාසය කරන්නට සමර්‍ථවෙමි. (ඇවැත්නි) මෙසේ ඇති කල්හි මගධෙහ්වරවු සෙනිය බිම්බිසාරය, මමය යන අප දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් සැපවිහරණ ඇත්තේදැයි සිතන්නහුද? මෙසේ ඇති කල්හි ආයුෂ්මත් ගෞතම තෙමේම, මගධෙහ්වරවු සෙනිය බිම්බිසාර රජුට වඩා අතිශයින් සැපවිහරන ඇත්තේය´´ යි කීවාහුය.

මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවු මහානාම ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

දහහතරවෙනිවු චූලදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය නිමි.