20. විතකක සණ්ඨාන සුත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අණේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නමි ආරාමයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට ‘මහණෙනි’ කියා කථාකළහ. භික්‍ෂුහු‚ ‘සවාමීනි’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වද්‍රළහ.

2. ,මහණෙනි‚ විදර්‍ශනාවට පාදකවු සමාධිය වඩන්නාවු භික්‍ෂුව විසින් කලින්කල කරුණු පසක් මෙනෙහි කළ යුත්තාහුය. කිනමි කරුණු පසක්ද යත් ? මහණෙනි‚ මෙි ශාසනයෙහි භික්‍ෂුවට යමි අරමුණක් නිසා යමි අරමුණක් මෙනෙහි කිරීම හෙතුකොටගෙන ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද ලාමකවු අකුසල කල්පනා උපදිත්ද‚ මහණෙනි‚ ඒ භික්‍ෂුව විසින් ඒ අරමුණෙන් අන්‍යවු කුසල සහිත අරමුණක් මෙනෙහි කළ යුතුය. ඒ අරමුණෙන් අන්‍යවු කුසල සහිතවු අරමුණක් මෙනෙහි කරන්නාවු ඒ භික්‍ෂුවට ලොභ සහගතවු‚ ද්‍රෙස සහගතවු‚ මොහ සහගතවු‚ ලාමකවු යමි අකුසල කල්පනාවෝ වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහවෙත් විනාශ වෙත් ඔවුන්ගේ පහවිම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි‚ නවතියි‚ එකහ වෙයි‚ සමාධිය ඇතිවෙයි.

‘මහණෙනි‚ යමිසේ දක්‍ෂ වඩුවෙක් හෝ වඩු ගෝලයෙක් හෝ කුඩා ඇණයකින් ලොකු ඇණයක් පිටකරන්නේද‚ නිකුත් කරන්නේද‚ ගලවා දමන්නේද‚ මහණෙනි‚ එසේම භික්‍ෂුවහට යමි අරමුණක් නිසා යමි අරමුණක් මෙනෙහි කිරීම නිසා ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද ලාමකවු අකුසල කල්පනාවෝ උපදිද්ද‚ මහණෙනි‚ ඒ භික්‍ෂුව විසින් කුසල සහිතවු ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහි කළ යුතුය. කුසල සහිතවු ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහිකිරීම හෙතුකොටගෙන ඒ භික්‍ෂුවගේ ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද‚ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්‚ විනාශ වෙත්. ඔවුන්ගේ පහවිම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි‚ හිඳියි‚ නවතියි‚ එකහ වෙයි‚ සමාධියට පැමිණෙයි.

3. මහණෙනි‚ ඒ අරමුණෙන් අන්‍යවු කුසල සහිත අරමුණක් මෙනෙහි කරන්නාවු ඒ භික්‍ෂුවට ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහසහගතවුද ලාමක අකුශල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද මහණෙනි‚ එසේ නමි ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහිකළ යුතුය. මෙසේද මෙි කල්පනාවෝ අකුසල්ය‚ මෙසේද මෙි කල්පනාවෝ වරද සහිතය. මෙසේද මෙි කල්පනාවෝ දුක්වු විපාක ඇත්තෝය කියායි. ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නාවු ඒ භික්‍ෂුවගේ ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද‚ යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද‚ ඒ ලාමක අකුසල කල්පනාවෝ

පහවෙත්‚ විනාශවෙත්‚ ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතූළතම සිටියි‚ නවතියි‚ එකහ වෙයි‚ සමාධිය ඇතිවෙයි. මහණෙනි‚ යමිසේ තරුණවු අලංකාරයට කැමැතිවු යමි සත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සර්‍පකුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලෙහි එල්ලීමෙන් හැකිලෙන්නේද පිළිකුල් කරන්නේද මහණෙනි‚ එපරිද්දෙන්ම ඒ අරමුණෙන් අන්‍ය කුසලයෙන් යුක්තවු අරමුණක් මෙනෙහි කරන්නාවු ඒ භික්‍ෂුවට ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නමි‚ මහණෙනි‚ ඒ භික්‍ෂුව විසින් මෙි ආකාරයෙන්ද මේ කල්පනාවෝ අකුසල්ය‚ මෙි ආකාරයෙන්ද

මේ කල්පනාවෝ වරද සහිතය. මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ දුක් විපාක ඇත්තාහුයයි ඒ කල්පනාවන්ගේ ද්‍රේෂ මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ ද්‍රේස මෙනෙහි කරන්නාවු ඔහුට ලොභ සහගතවුද‚ ද්‍රේස සහගතවුද මොහ සහගතවුද යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශයට පැමිණෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි‚ නවතියි‚ එකහබවට පැමිණෙයි‚ සමාධියට පැමිණෙයි.

,මහණෙනි‚ ලොභ සහගතවුද‚ ද්‍රේස සහගතවුද මොහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ ඒ කල්පනාවන්ගේ ද්‍රෙෂ මෙනෙහි කරන්නාවු ඒ භික්‍ෂුවහට උපදින්නාහුම වෙත්ද‚ මහණෙනි‚ ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ අකුසල කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියායු ඒ භික්‍ෂුවට ලොභ සහගතවුද ද්‍රේස සහගතවුද මොහ සහගතවුද යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්‚ විනාශ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි‚ හිඳියි‚ එකහ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.

,මහණෙනි‚ යමිසේ ඇස් ඇත්තාවු පුරුෂයෙක් ඇස් හමුවට පැමිණියාවු රූපයන් නොදකිනු කැමැත්තේ නමි හෙතෙම ඇස් පියාගන්නේ හෝ වෙිද අන් දිසාවක් බලන්නේ හෝ වෙිද‚ මහණෙනි‚ එමෙන් ඒ ලාමක අකුසල ධර්‍මයන්ගේ ද්‍රේෂ මෙනෙහි කරන්නාවු ඒ භික්‍ෂුවට ඒ ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද ඒ ලාමක අකුශල ධර්‍මයෝ උපදින්නාහුම වෙත්ද‚ මහණෙනි‚ ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවු ඒ භික්‍ෂුවට ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද‚ ඒ ලාමක අකුසල කල්පනාවෝ ප්‍රභීන වෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හේතුකොටගෙන සිත අභ්‍යනතරයෙහිම පවතියි. නවතියි‚ එකහ බවට පැමිණෙයි.

4. ,මහණෙනි‚ ඒ කල්පනා මෙනෙහි නොකරන්නාවු අමතක කරන්නාවු භික්‍ෂුවට ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද‚ මහණෙනි‚ ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කටයුතුයි.

මහණෙනි‚ ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවු ඒ භික්‍ෂුවට ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්‚ අභාවට යත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි‚ නවතියි‚ එකහ බවට පැමිණෙයි‚ සමාධියට පැමිණෙයි.

,මහණෙනි‚ යමිසේ පුරුෂයෙක් ඉක්මනින් යන්නේද‚ ඔහුට ‘මම කුමක් නිසා වහා යන්නෙමිද? සෙමින් යන්නෙමිය’යි අදහස් වන්නේය. හෙතෙම හෙමින් යන්නේය. ඔහු නැවත කුමක් නිසා ‘ මම සෙමින් යන්නෙමිද? නැවතී සිටින්නෙමි නමි යහපතැ’යි සිතා නවතින්නේය. නැවත් ඔහු කුමක් නිසා ‘මම නැවතී සිටින්නෙමිද? මම හිඳගන්නෙමිය’යි සිතා හිඳගන්නේය. නැවත ඔහු ‘කුමක් නිසා මම හිඳිගන්නෙමිද? නිද්‍රගන්නෙමිය’යි සිතා නිද්‍රගන්නේය. මහණෙනි‚ මෙසේ ඒ පුරුෂතෙම ඔළාරික ඉරියවි නවත්වා සියුමි ඉරියවු පවත්වන්නේය. මහණෙනි‚ එසේම ඒ කල්පනා නොකරන්නාවු අමතක කරන්නාවු ඒ භික්‍ෂුවට ලොභ සහගතවුද ද්‍රෙස සහගතවුද මොහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුමද‚ මහණෙනි‚ ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවු ඒ භික්‍ෂුවට ලොභ සහගතවුද ද්‍රේස සහගතවුද මොහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්‚ අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පවතියි‚ හිදියි‚ එකහ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.

5. ,මහණෙනි‚ ඒ කල්පනාවන්ගේ මුල හෙතුව මෙනෙහි කරන්නාවු භික්ෂුවටද‚ ඉදින් ඒ ලොභ සහගතවුද‚ දෝෂ සහගතවුද‚ මොහ සහගතවුද‚ ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නමි මහණෙනි‚ ඒ භික්‍ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොටගෙන (දත්මිටිකාගෙන) සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. නැවිය යුතුයි. දත්වලින් දත් තද කොටගෙන දිවෙන් තලු තදකොටගෙන සිතින් සිත නිග්‍රහ කරන්නාවු පෙළන්නාවු තවන්නාවු ඒ භික්ෂුවට ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද‚ යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද‚ ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්‚ විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි‚ නවතියි‚ එකහ වෙයි‚ සමාධියට පැමිණෙයි.

,මහණෙනි‚ යමිසේ බලවත් පුරුෂයෙක් දුර්‍වල පුරුෂයෙකු හිසෙන් හෝ අල්වා‚ කරෙන් හෝ අල්වා‚ නිග්‍රහ කරන්නේද‚ පෙළන්නේද‚ තවන්නේද‚ මහණෙනි‚ එසේම ඒ කල්පනාවන්ගේ මුල් හෙතුව මෙනෙහි කරන්නාවු භික්ෂුවට ලොභ සහගතවුද‚ දෝෂ සහගතවුද‚ මොහ සහගතවුද‚ ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නමි‚ මහණෙනි‚ ඒ භික්ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොටගෙන සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. තැවිය යුතුයි. දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොට සිතින් සිත නිග්‍රහ කරන්නාවු පෙළන්නාවු තවන්නාවු ඒ භික්ෂුවට ලොභ සහගතවුද දෝෂ සහගතවුද මොහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්‚ විනාශ වෙත්. ඔවුන්ගේ පහවිම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි‚ නවතියි‚ එකහවෙයි‚ සමාධියට පැමිණෙයි.

6. ,මහණෙනි‚ යමි හෙයකින් යමි අරමුණක් නිසා යමි අරමුණක් මෙනෙහි කරන්නාවු භික්ෂුවට ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද‚ ලාමක අකුසල කල්පනාවෝ උපදිත්ද‚ එම අරමුණෙන් අන්‍යවු කුසල් පිණිස පවත්නාවු අරමුණක් මෙනෙහි කරන්නාවු ඒ භික්ෂුවට ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්‚ විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි‚ නවතියි‚ එකහවෙයි‚ සමාධියට පැමිණෙයි. ඒ කලපනාවන්ගේ ද්‍රෙස පරීක්‍ෂා කර බලන්නාහටද ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද‚ යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද‚ ඔවිහු පහ වෙත්‚ විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි‚ නවතියි‚ එකහවෙයි‚ සමාධියට පැමිණෙයි. ඒ කල්පනාවන්ගේ මුල් හෙතුව බලන්නනාවු භික්‍ෂුවහටද ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද‚ යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද‚ ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්‚ විනාශ වෙත්. ඔවුන්ගේ පහවීිම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි‚ නවතියි‚ එකහ වෙයි‚ සමාධියට පැමිණෙයි.

,දත්වලින් දත් තදකොට‚ දිවෙන් තලු තදකොට‚ සිතින් සිත නිග්‍රහ කරන්නාවුද‚ පෙළන්නාවුද‚ තවන්නාවුද‚ භික්ෂුවටද ලොභ සහගතවුද‚ ද්‍රෙස සහගතවුද‚ මොහ සහගතවුද‚ යමි ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි‚ නවතියි‚ එකහවෙයි‚ සමාධියට පැමිණෙයි. මහණෙනි‚ මෙි භික්‍ෂුතෙමෙි යමි කල්පනාවක් කැමැති නමි එය කල්පනා කරන්නාවුද‚ යමි කල්පනාවක් නොකැමැත් නමි එය කල්පනා නොකරන්නාවුද කල්පනා විෂයෙහි පුරුදුකරන ලද වසීභාව ඇත්තේයයි කියනු ලැබෙි. හෙතෙම තෘස්ණාව සින්දේය‚ සංයෝජන පෙරළා දැමීය. මනාකොට අර්‍හත්මාර්‍ගර්‍ ඥනයෙන් මානය ප්‍රහීනකොට දුක් කෙළවර කෙළේය.,

භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වද්‍රළෝය සතුටු සිත් ඇත්තාවු භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.

දස වැනිවු විතක්කසණ්ඨාන සුත්‍රය නිමි. (2-10 )

(චුල සීහනාද සුත්‍රය‚ මහා සීහනාද සුත්‍රය‚ මහා දුකඛකඛන්‍ධ සුත්‍රය‚ චුල දුකඛකඛන්‍ධ සුත්‍රය‚ අනුමාන සුත්‍රය‚ චෙතොඛිල සුත්‍රය‚ වනපත්‍ථ සුත්‍රය‚ මධුපිණඩික සුත්‍රය‚ ෙවධා විතක්ක සුත්‍රය‚ විතක්ක සණ්ඨාන සුත්‍රය යන සුත්‍ර දසයවු)

මහා සීහනාද වර්‍ගය නිමි.

19. වේධා විතක්ක සුත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ,මහණෙනි, කියා භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කළහ. ,සවාමිනියි, ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

2. ,මහණෙනි බුදුවන්නට කලින් බුදුනොවු බොධිසත්‍වවුම මට මේ අදහස ඇතිවිය. මම විතර්‍කයන් ( කල්පනාවන්) දෙකොටසක් දෙකොසටක් කොට බෙදා වාසයකරන්නෙමි නමි හොඳය කියායි. ,මහණෙනි ඒ මම යමි මේ කාම විතර්‍කයක් ( කාමයන් පිළිබඳ කල්පනාවක් ) වේද යමි ව්‍යාපාද විතර්‍කයක් ( ක්‍රොධ කලපනාවක්) වේද යමි විහිංසා විතර්‍කයක් ( හිංසා කල්පනාවක් ) වේද මේ අකුසල කල්පනා එක් කොටසක් කෙළෙමි.

යමි මේ නෛෂ්ක්‍රම්‍ය (කාමයන්ගෙන් වෙන්වීමේ) කලපනාවක් වේද යමි අව්‍යාපාද(මෛත්‍රි සහගත) කල්පනාවක් වේද යමි අවිහිංසා (හිංසා නොකිරීමේ) කල්පනාවක් වේද මේ කුසල කල්පනා දෙවෙනි කොටස කෙළෙමි.

3. ,මහණෙනි මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇතිව වාසය කරන්නාවු ඒ මට කාම කල්පනාවක් උපදියිද ඒ මම මෙසේ දනිමි. මට මේකාම කල්පනාව උපන්නීය. ඒ කාම කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතියි. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්‍ෂයටමද දුක් පිණිස පවතියි ප්‍රඥව වළකන්නීය. දුක් පක්‍ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය. මහණෙනි තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවු මගේ සිතේ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. මහණෙනි පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවු මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. දෙපක්‍ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවු මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥව වළකන්නීය දුක් පක්‍ෂයෙහි සිටියාය නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවු මා තුළ උපන් කාම කල්පනාව විනාශයටයෙයි.

,මහණෙනි ඒ මම උපන් කාම විතර්‍කය දුරු කෙළෙමිමය බැහැර කෙළෙමිමය. එය ඉතිරි නොකෙළෙමිමය.

,මහණෙනි මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇතිව වාසය කරන්නාවු ඒ මට ක්‍රොධ සහගත කල්පනාවක් පහළ වෙයිද ඒ මම මෙසේ දනිමි. මට මේ ක්‍රොධ සහගත කල්පනාව උපන්නීය. ඒ ක්‍රොධ සහගත කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්‍ෂයටමද දුක් පිණිස පවතියි ප්‍රඥව වළකන්නීය. දුක් පක්‍ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.

මහණෙනි තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවු මගේ සිතේ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. මහණෙනි පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවු මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. දෙපක්‍ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවු මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥව වළකන්නීය දුක් පක්‍ෂයෙහි පිහිටියාය නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවු මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. මහණෙනි ඒ මම උපන් ක්‍රොධ සහගත කල්පනාව දුරුකෙළෙමිමය. බැහැර කෙළෙමිමය. ඉතිරි නොකෙළෙමිමය.

,මහණෙනි මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇතිව වාසය කරන්නාවු ඒ මට හිංසා කිරීමෙි කල්පනාව පහළ වෙයිද ඒ මම මෙසේ දනිමි. මට මේ හිංසා කිරීමේ කල්පනාව උපන්නීය. ඒ හිංසා කිරීමේ කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්‍ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥව වළකන්නීය. දුක් පක්‍ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.

,මහණෙනි තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවු මගේ සිතේ උපන් හිංසා කිරීමෙි කල්පනාව විනාශයට යෙයි. මහණෙනි පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවු මා තුළ උපන් හිංසා කිරීමෙි කල්පනාව විනාශයට යෙයි දෙපක්‍ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවු මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥව වළකන්නීය දුක් පක්‍ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීයයි සලකන්නාවු මා තුළ උපන් හිංසා කිරීමෙි කල්පනාව විනාශයට යෙයි.

,මහණෙනි ඒ මම උපන් හිංසා කිරීමේ කල්පනාව දුරු කෙළෙමිමය බැහැර කෙළෙමිමය. ඉතිරි නොකෙළෙමිමය.

4. ,මහණෙනි මහණතෙම යමි යමි කලපනාවක් බොහෝ කොට නැවත නැවත කල්පනා කරයිද නැවත නැවත සිත්හි පවත්වයිද ඒ ඒ පරිද්දෙන් හිතේ නැමීම වෙයි . මහණෙනි ඉදින් මහණතෙම කාම විතර්‍කය බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද නැවත නැවත පවත්වයිද කාමයන් ගෙන් වෙන්වීමේ කල්පනාව දුරුකෙළේද කාම කල්පනා බහුල කෙළේද ඹහුගේ ඒ සිත කාම විතර්‍කය පිණිස නැමෙයි.

,මහණෙනි ඉදින් මහණතෙම ක්‍රොධ කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද නැවත නැවත සිත්හි පවත්වයිද ක්‍රොධයෙන් වෙන්වීමේ කල්පනාව දුරු කළේද ක්‍රොධ කල්පනා බහුල කළේද ඹහුගේ ඒ සිත ක්‍රොධ කල්පනා පිණිස නැමෙයි.

,මහණෙනි ඉදින් හිංසා කිරීමේ කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද නැවත නැවත සිත්හි පවත්වයිද විහිංසාවෙන් වෙන්වීමේ කල්පනාව දුරු කෙළේද විහිංසා කල්පනා බහුල කෙළේද ඹහුගේ ඒ සිත විහිංසා කල්පනාව පිණිස නැමෙයි.

,මහණෙනි යමිසේ වැහිකාලයට අයත් අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගොයමට යෑම වැළැක්විය යුතු කල්හි ගොපලුතෙම ගවයන් පාලනය කෙරේද හෙතෙම ඒ ගවයන්ට ඒ ඒ පැත්තෙන් කෙවිටෙන් පහර දෙන්නේය. නැවත නැවත පහර දෙන්නේය. ඹබ මොබ යානොදී වළක්වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි ගොපලුතෙම ඒ ගවයන් හොඳින් බලානොගැනීම හේතුකොටගෙන පැමිණිය හැකි හිංසා පීඩාද වධ බන්‍ධනද ධන හානියද නින්දා අපහාසද දකියි. මමද මහණෙනි එසේම අකුශල ධර්‍මයන්ගේ දෝෂයද ලාමක බවද කෙලෙසීමද කුශල ධර්‍මයන්ගේද කාමයන් ගෙන් වෙන්වීමෙහි අනුසස්ද පිරිසිදු බවද දුටුයෙමි.

5. ,මහණෙනි මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන විය්‍ර්‍යය ඇතිව කාය ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නාවු ඒ මට කාමයන්ගෙන් නික්මීමේ කල්පනාව උපදීද ඒ මම මෙසේ දනිමි. මට මේ කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව උපන්නේය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්‍ෂයටමද දුක් පිණිස නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥව වඩයි. දුක් උපදවන පක්‍ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි මුලු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බයක් නොමදකිමි. දවල් කාලය මුලුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බයක් නොමදකිමි. රෑ දවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කලපනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොම දකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවු මාගේ ශරිරය ක්ලානත වෙයි. ශරීරය ක්ලානතවුවිට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වු කල්හි සමාධිය කෙරෙන් සිත ඈත් වෙයි. මහණෙනි ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමි හිඳුවමි එකහ කරමි මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතයි.)

6. ,මහණෙනි මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇතිව කාය ජිවිත පරිත්‍යාග කොට වාසය කරන්නාවු ඒ මට මෛත්‍රී සහගත කල්පනාව උපදියිද ඒ මම මෙසේ දනිමි. මට මේ මෛත්‍රී සහගත කල්පනාව උපන්නීය. ඒවනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්‍ෂයටම දුක් පිණිසද නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥව වඩයි. දුක් උපදවන පක්‍ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි මුලු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බයක් නොමදකිමි. දවල් කාලය මුලුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන බයක් නොමදකිමි. රෑ දවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බයක් නොමදකිමි. එසේද වුවත් බොහෝ වෙිලවක් කල්පනා කරන්නාවු මාගේ ශරීරය ක්ලන්ත වෙයි. ශරීරය ක්ලාන්තවුවිට සිත නොසන්සුන් වෙයි. නොසන්සුන්වු කල්හි සමාධිය කෙරෙන් සිත ඈත් වෙයි. මහණෙනි ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමිහිඳුවමි€ එකහ කරමි මනාව පිහිටුවමි ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතායි.)

7. ,මහණෙනි මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත ඒ මම මෙසේ දකිමි. මට මේ හිංසා නොකිරීමේ කලපනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්‍ෂයටම දුක් පිණිසද නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥව වඩයි. දුක් උපදවන පක්‍ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි මුඑ රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බයක් නොමදකිමි. දවල් කාලය මුඑල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන බයක් නොම දකිමි. රෑ දවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොදකිමි.

එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවු මාගේ ශරීරය ක්ලානත වෙයි. ශරීරය ක්ලාන්තවු විට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වුවිට සමාධිය කෙරෙන් සිත ඈත් වෙයි. මහණෙනි ඒ මම ඇතුළතම සිත මනාව තබමි හිඳුවමි එකහ කරමි මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතාය.)

8. ,මහණෙනි මහණතෙම යමි යමි කල්පනාවක් බහුලව නැවත නැවත කල්පනා කෙරේද නැවත නැවත සිතේ පවත්වයිද ඒ ඒ ආකාරයෙන් නැමීම වෙයි. මහණෙනි ඉදින් මහණතෙම කාමයෙන් වෙන්වීමේ කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද නැවත නැවත සිතේ පවත්වයිද කාම කල්පනා බැහැර කෙරේද කාමයෙන් වෙන්වීමෙි කල්පනාව බහුල කෙරේද ඔහුගේ සිත කාමයෙන් වෙන්වීමේ කල්පනාව පිණිස නැමෙයි.

,මහණෙනි ඉදින් මහණතෙම මෛත්‍රී කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද නැවත නැවත සිත්හි කෙරේද ක්‍රොධ කල්පනා බැහැර කෙරේද මෛත්‍රී කල්පනා බහුල කෙරේද ඔහුගේ ඒ සිත මෛත්‍රී කල්පනාව පිණිස නැමෙයි.

,මහණෙනි ඉදින් මහණතෙම හිංසා නොකිරීමෙි කල්පනා බොහෝ කොට කෙරේද නැවත නැවත සිත්හි කෙරේද හිංසා කිරීමෙි කල්පනා බැහැර කෙරේද මෛත්‍රී කල්පනා බහුල කෙරේද ඔහුගේ ඒ සිත මෛත්‍රී කල්පනාව පිණිස නැමෙයි.

,මහණෙනි යමිසේ ග්‍රීස්ම සෘතුවට අයත් අන්තිම මාසයෙහි සියලු ශස්‍යයන් ගමට ගෙනගිය කල්හි ගොපලුතෙම ගවයන් නොරක්නේද ගසක් යටටවී හෝ එළිමහන් තැනකටවී හෝ මේ ගවයෝයයි සිහිකිරීම පමණක් ඔහුට ප්‍රමාණවත් වෙයිද මහණෙනි එපරිද්දෙන්ම මේ ධර්‍මයෝයයි සිහිකිරීම පමණක් ප්‍රමාණවත්ය.

,මහණෙනි ඒ මාගේ වීය්‍ර්‍යර්‍ය නොහැකිලී ආරමිභ විය. සිහිය එළඹ සිටියාය කිය සංසිඳුණේය. සැහැල්ලු විය. සිත සමාධිමත් විය. එකහ විය.

9. ,මහණෙනි ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවු විචාර සහිතවු විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳිමෙන් හිතේ පැහැදීම ඇත්තාවු හිතේ එකහකම ඇත්තාවු විතර්ක රහිතවු විචාර රහිතවු සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවු ධයානයට එළඹ වාසය කෙළෙමි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ සිහි නුවණින් යුක්ත වුයේ කයින් සැපය වින්දෙමි. යමි ධයානයක් උපෙක්‍ෂා ඇත්තේ සිහියෙන් යුක්තවුයේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත් ද ඒ තුන්වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. සැපද නැති කිරීමෙන් දුක්ද නැති කිරීමෙන් කල් ඇතිවම සොමිනස් දොමිනස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවු සැප නැත්තාවු උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැවි ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. ඒ මම මෙසේ හිත සමාධියෙන් එකහවු කල්හි පිරිසිදුවු කල්හි දීප්තිමත්වු කල්හි අඞගන (රාගාදි කෙලෙස් ) රහිතවු කල්හි පහවු උවදුරු ඇති කල්හි මෘදුවු කල්හි කාය්‍ර්‍යයට සුදුසුව සිටි කල්හි චංචල නොවී සිටි කල්හි පෙර විසු කඳ පිළිවෙල දැනීම පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවු පුර්‍වෙනිවාසය (පෙර උපන් ජාති) සිහි කරමි. එනමි එක් ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්දජාති පහක්ද ජාති දශයක්ද ජාති විස්සක්ද ජාති තිසක්ද ජාති සතළිසක්ද ජාති පනසක්ද ජාති සියයක්ද ජාති දහසක්ද ජාති ලක්‍ෂයක්ද නොයෙක් සංවර්‍ත (විනාශවන) කල්පයන්ද නොයෙක් විවර්‍ත

(හැදෙන) කල්පයන්ද නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි. එහි මෙි නමි ඇත්තේ වීමි. මෙබඳු වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි එතැන්හිද මෙසේ නමි ඇත්තේ විමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් විමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවු උදෙසීමි සහිතවු නන් වැදෑරුමිවු පෙර විසු කඳ පිළිවෙළ සිහි කරමි.

,මහණෙනි මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මෙි පළමුවන විද්‍යාව (පෙර විසු තැන් දන්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදු විය යුතු නමි එසේ විය.

10. ,ඒ මම මෙසේ හිත සමාධියෙන් එකහවු කල්හි පිරිසිදුවු කල්හි දීප්තිමත්වු කල්හි අඞගණ (රාගාදි කෙලෙස් ) රහිතවු කල්හි කෙලෙස් පහව ගිය කල්හිසිත මෘදුවු කල්හි කාය්‍ර්‍යයට සුදුසුව සිටි කල්හි චංචල නොවී සිටි කල්හි සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවු මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුතවන්නාවුද උපදින්නාවුද ලාමකවුද ප්‍රණීතවුද මනා වර්‍ණ ඇත්තාවුද මනා වර්‍ණ නැත්තාවුද යහපත් ගති අත්තාවුද අයහපත් ගති ඇත්තාවුද කර්‍මය පරිදි මියගියාවු සත්‍වයන් දකිමි.

,ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශචරිතයෙන් යුක්ත වුවාහු වාක් දුශ්චරිතයෙන් යුක්ත වුවාහු මනො දුශ්චරිතයෙන් යුක්ත වුවාහු ආය්‍ර්‍යයන්ට දොස් කීවාහු මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු මිථ්‍යාදෘෂ්ටි කර්‍ම අනුමත කළාහුය.

(එහෙයින්) ඔවුහු කය බිදීමෙන් මරණින් මතු සැපයෙන් පහවු නපුරු ගති ඇති යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද මේ පිනවත් සත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වුවාහු වාක් සුචරිතයෙන් යුක්ත වුවාහු මනො සුචරිතයෙන් යුක්ත වුවාහු ආය්‍ර්‍යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්‍ම සමාදන් වුවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සවර්‍ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවු මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවුද උපදින්නාවුද ලාමක වුද ප්‍රණිතවුද මනා වර්‍ණ ඇත්තාවුද මනා වර්‍ණ නැත්තාවුද යහපත් ගති ඇත්තාවුද අයහපත් ගති ඇත්තාවුද කර්‍මය පරිදි මියගියාවු සත්‍වයන් දනිමි.

,මහණෙනි මා විසින් රාත්‍රියෙිහි මැදයමෙහි මෙි දෙවන විද්‍යාව (චුතවීමි ඉපදීමි දක්නා නුවණ) ලබනලදී. එය වසන අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නිය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදු විය යුතු නමි එසේ විය.

11. ,ඒ මම මෙසේ සිත එකහවු කල්හි ආශ්‍රව ක්‍සයකර ඥනය ( කෙලෙස් නැති කරන නුවණ ) පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතු සේ දත්තෙමි. මෙි දුක් ඉපදීමට හේතුවයයි තතු සේ දත්තෙමි. මේ දුක් නැතිකිරීමයයි තතු සේ දත්තෙමි. මේ දුක නැතිකිරීමෙි මාර්‍ගයයයි තතු සේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදි කෙලෙස් ) යයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තතු සේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන් නැතිකිරීමේ මාර්ගයයයි තතු සේ දැනගත්තෙමි. මෙසේ දන්නාවු මෙසේ දක්නාවු ඒ මාගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදුනේය. භවාශ්‍රවයෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළ විය. උත්පත්තිය කෙළවර විය.

,මර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ අහිත්‍වය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.

,මහණෙනි රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්‍ෂයකර ඥන නමිවු අර්හත් මාර්‍ගය ) මා විසින් ලබනලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදුවිය යුතු නමි එසේම විය.

12. ,මහණෙනි මහ වනහෙි මහ වන ලැහැබෙක මහත්වු මිටිවු තැනිතලාවක් යමිසේ වේද ඒ මෙි තැනිතලාවක් ඇසුරුකොට මහත් මුව සමුහයෙක් වාසය කෙරෙයි.

ඒ මෘග සමුහයාට අනර්ථය කැමැත්තාවු අවැඩ කැමැත්තාවු අභය නොකැමැත්තාවු කිසියමි පුරුෂයෙක් තෙම පහළ වෙයි. හෙතෙම ඒ සථානයට භය නැතිව පහසුවෙන් යාහැකි මාර්‍ගය වසන්නේය. නපුරු මග විවෘත කරන්නේය. දඩමුවා සිටු වන්නේය. දඩමුවදෙන සිටුවන්නේය. මහණෙනි මෙසේවු කල්හි ටික කලකින් ඒ මහා මුව සමුහයා විනාශයට තුනී බවට පැමිණෙන්නේය. මහණෙනි එම මහත් මුව සමුහයාගේ අභිවෘඞිය කැමැත්තාවු වැඩ කැමැත්තාවු අභය කැමැත්තාවු කිසියමි පුරුෂයෙක් පහළ වෙයි. හෙතෙම ඒ සථානයට භයනැතිව පහසුවෙන් යාහැකි මාර්‍ගය විවෘත කරන්නේය. නපුරු මාර්‍ගය වසන්නේය. දඩමුවා නසන්නේය. දඩමුවදෙන නසන්නේය. මහණෙනි මෙසේවු කල්හි ඒ මහත් මුව සමුහය ටික කලකින් අභිවර්‍ඞනයටද දියුණුවටද සර්‍ථර බවටද මහත් බවටද පැමිණෙන්නේය.

,මහණෙනි අර්ථය තේරුමි කිරීම පිණිස මා විසින් මේ උපමාව දක්වන ලදී. මෙහි මේ අර්ථයයි . මහණෙනිමහත්වු මිටියාවත යනු පංචකාමයන්ට නමෙකි. මහණෙනි මහා මෘග සමුහය යනු සත්ත්‍වයන්ට නමකි. අවැඩ කැමති  අනර්ථය කැමති අභය නොකැමැති පුරුෂයා යනු මාරයාට නමකි. නපුරු මාර්‍ගය යනු අඞග අටකින් යුක්තවු වැරදි මාර්‍ගයට නමකි එනමි වැරදි දැකීම වැරදි කල්පනාව වැරදි වචනය වැරදි කර්‍මානතය වැරදි ආජිවය වැරදි ව්‍යායාමය වැරදි සිහිය වැරදි සමාධිය යන අටයි. මහණෙනි දඩමුවා යනු තෘෂ්ණාවට නමෙකි. මහණෙනි දඩමුවදෙන යනු අවිද්‍යාවට නමකි වැඩකැමති අර්ථය කැමති අභයකැමති පුරුෂයා යනු අර්‍හත්වු සම්‍යක් සමිබුඞවු තථාගතයන් වහන්සේට මේ නමකි යහපත් මාර්‍ගය යනු ආය්‍ර්‍ය අෂටාඞිගික මාර්‍ගයට නමකි. එනමි නිවැරැදි දැකීම නිවැරදි කල්පනාව  නිවැරදි වචනය නිවැරදි කර්‍මානතය නිවැරදි ජීවිකාව නිවැරදි උත්සාහය නිවැරදි සිහිය නිවැරදි සමාධිය යන අටයි.

,මහණෙනි මෙසේ වනාහි මා විසින් නිර්භයවු සැප පමුණුවන්නාවු පහසුවෙන් යා හැකි මාර්‍ගය විවෘතකරණ ලද්දේය. නොමග වසන ලද්දේය. දඩමුවා නසන ලද්දේය. දඩමුවදෙන නසන ලද්දීය.

,මහණෙනි ශ්‍රාවකයන්ට හිතවත්වු අනුකමිපා ඇති ශාසතෘ කෙනෙකු විසින් අනුකමිපාවෙන් යමිබඳු යහපතක් කළයුතුද රය මා විසින් තොපට නොඅඩුව කරනලදී.

,මහණෙනි මේ ගස් මුල් ඇත්තාහ. හිස් ගෙවල් ඇත්තාහ. එහි ගොස් භාවනා කරවි. ප්‍රමාද නොවවි ප්‍රමාදවී පසු තැවිලි නොවවි. තොපට අපගේ මෙි අනුශාසනාවයි.,

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටුවු ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ

වචනය සතුටින් පිළිගත්තාහුය.

නව වෙනිවු වේධා විතක්ක සුත්‍රය නිමි. ( 2-9 )

18. මධු පිණඩක සුත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාක්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි සර්‍වර්‍ඥයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍රය හා සිවුර ගෙන කිඹුල්වත්පුරයට පිඬු පිණිස පිවිසියහ. කිඹුල්වත්පුරයෙහි පිඬු පිණිස හැසිර සවස්කාලයෙහි පිණඩපාතයෙන් වැළකුනේ මහා වනය යමි තැනෙක්හිද එතැනට දහවල් වාසය පිණිස එළඹියහ. මහා වනයට වැද තරුණ බෙලි ගසක් මුල දිවා විහරණය පිණිස වැඩහුන්හ.

දණඩපාණී නමි ශාක්‍ය තෙමේද පා රුජා දුරු කර ගැනීම සඳහා සක්මන් කිරීමි වසයෙන් ඇවිදින්නේ මහා වනය යමි තැනෙක්හිද එතැනට පැමිණියේය. මහා වනයට වැද තරුණ බෙලි රුක යමිතැනෙක්හිද භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සර්‍වඥයන් වහන්සේ සමග සතුටු වියයුතුවුද සිහි කටයුතු වුද කථාව කොට නිමවා සැරයටියෙහි එල්බගෙන ( ඉදිරියෙහි තැබු සැරයටි මුදුනෙහිවු දෙ අත් පිට කිකට තබා ) සිටියේය. එකත්පස්ව සිටියාවු දණඩපාණී ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. ,ශ්‍රමණ තෙමේ කිනමි වාද ඇත්තෙක්ද? කිනමි වාදයක් ප්‍රකාශ කරන්නෙක්ද?,

2. ,ඇවැත්නි‚ යමි බඳුවු වාද ඇත්තෙක් දෙවියන් සහිතවු මරුන් සහිතවු බඹුන් සහිතවු ලොකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවු ප්‍රජා සහිතවු දෙවි මිනිසුන් සහිතවු සියලු ලොකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටීද‚ කාමයන් ගෙන් වෙන්ව වාසය කරන්නාවු සැක නැත්තාවු‚ කුකුස් නැති කළාවු‚ කුඩා මහත් භවයන් කෙරෙහි ආශා නැත්තාවු කෙලෙස් රහිතවු යමි ඒ බ්‍රාහ්මණයෙකු තුළ කෙලෙස් හැහීම නොපවත්නාහු වෙත්ද‚ ඇවැත්නි‚ මම මෙබඳු වාද ඇත්තෙක් වෙමි. මෙසේ කියන්නෙක් වෙමි,යි ( ප්‍රකාශ කළහ.) මෙසේ කී කල්හි දණඩපාණී ශාක්‍යතෙම හිස වනා දිව පිටට දමා ලෙලවා රැළි තුනක් ඇති නලල් රැළිය නළලෙහි නංවා සැරයටියෙහි එල්බගෙන ගියේය.

3. ,ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලහෙි උතුමි පල සමවතින් නැහිටියේ නිග්‍රොධාරාම විහාරය යමි තැනෙක්හිද එතැනට වැඩියහ. වැඩමවා පණවනලද ආසනයෙහි වැඩහුන්හ. වැඩහිඳ‚ භික්‍ෂුන්ට මෙසේ කීහ.

,මහණෙනි‚ මම පෙරවරුවෙහි හැඳ පාසිවුරු ගෙන කිඹුල්වත් නුවරට පිඬු පිණිස පිවිසියෙමි. කිඹුල්වත් නුවර පිඬු පිණිස හැසිර සවස් වරුවෙහි පිණඩපාතයෙන් වැළකුනේ මහා වනය යමි තැනෙක්හිද එතැනට දවල් කාලය ගතකරනු පිණිස ගියෙමි. මහවනයට වැද තරුණ බෙලිගස මුල දිවා විහරණය වශයෙන් ( දහවල් හැසිරීමි වශයෙන් ) හුන්නෙමි.

දණ්ඩපාණී ශාක්‍ය තෙමෙිද පා රුජා දුරුකර ගැණීමි වශයෙන් ඇවිදින්නේ‚ මහාවනය යමි තැනෙක්හිද එතැනට පැමිණියේය‚ මහාවනයට පැමිණ තරුණ බෙලිගස යමි තැනෙක්හිද‚ මා යමි තැනෙක්හිද‚ එතැනට පැමිණියේය. පැමිණ‚ මා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා දණ්ඩෙහි එල්බගෙන එකත්පසක සිටියේය. මහණෙනි‚ එකත් පසක සිටියාවු දණ්ඩපාණී ශාක්‍යතෙතම ‘ශ්‍රමණතෙම කුමන වාද ඇත්තෙක්ද? කුමක් ප්‍රකාශ කරන්නෙක්දැ’යි මාගෙන් ඇසීය.

ඇවැත්නි‚ යමිබඳු වාද ඇත්තෙක් දෙවියන් සහිතවු මරුන් සහිතවු බ්‍රහ්මයන් සහිතවු ලොකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවු සත්‍වයන් සහිතවු ලොකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටීද‚ කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නාවු සැක නැත්තාවු කුකුස් සින්ද්‍රවු කුඩා මහත් භවයන් කෙරෙහි පහවු තණ්හා ඇති යමි ඒ බ්‍රාහ්මණයකු තුළ කෙලෙස් හැහීමි නොපවතිද්ද‚ ඇවැත්නි‚ මම එබඳු වාද ඇත්තෙක් වෙමියි කීවෙමි. මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යතෙම හිස වනා දිව පිටට ගෙන ලෙලවා රැළි තුනක් ඇති නළල් රැළිය නළලෙහි නංවා සැරයටිය ගෙන ගියේය.

4. මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීවෙිය. ,සවාමීනි‚ භාග්‍යවතුන් වහන්ස කිනමි වාදයක් ඇත්තාවු භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවු මාරයන් සහිතවු බ්‍රහ්මයන් සහිතවු ලොකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවු සත්‍වයන් සහිත ලොකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටින්නහුද? සවාමීනි භාග්‍යවතුන් වහන්ස‚ කෙසේ නමි කෙලෙසුන් ගෙන් වෙන්ව වාසය කරන්නාවු‚ සැක නැත්තාවු‚ සැක නැත්තාවු‚ කුකුස් සින්ද්‍රවු කුඩා මහත් භවයන් කෙරෙහි පහවු තණ්හා ඇති ඒ බ්‍රාහ්මණයා තුළ කෙලෙස් හැහිමි අනුශය වශයෙන් නොපවත්නාහුද? මහණ‚ යමක් හෙතුකොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවු බැවින් ප්‍රපඤව නමි ධර්‍මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද‚ ඒ හේතුන් වන ද්‍රෙළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද‚ ගැලිය යුත්තක් නැත්තේද‚ එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම පටිඝාසුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම දිටඨානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම විචිකිචජානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම අවිජජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය‚ ආයුධ ගැනීමය‚ කෝලාහල කිරීමය‚ විරුඬව කථාකිරීමය‚ තා තෝ කියා බැණීමය‚ කේලාමි කීමය‚ බොරු කීමය යන මෙි අකුසලයන්ගේද කෙළවර වන්නේය. මෙි ද්‍රෙළොස් ආයතනයන් කෙරෙහි ලාමකවු මේ අකුසල ධර්‍මයෝ ඉතිරි නොවී විනාස වෙත්., භාග්‍යවතුන් වහන්සේ මෙසේ වද්‍රළහ. මෙසේ වද්‍රරා‚ සුගතයන් වහන්සේ උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

5. ,ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වෙිලාවකින් ඒ භික්‍ෂුන්ට මේ ඇහස පහළ විය. ඇවැත්නි‚ භාග්‍යවතුන් වහන්සේ මේ දෙශනාව අපට කොටින් දෙශනා කොට විස්තර වශයෙන් අත්‍ර්‍ථය ප්‍රකාශ නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැටියහ.

,මහණ‚ හෙතුකොටගෙන තෘස්ණ දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවු බැවින් ප්‍රපඤව නමි ධර්‍මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද‚ ඒ හෙතුන් වන ද්‍රෙළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද‚ මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද‚ ගැලිය යුත්තක් නැත්තේද‚ එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම දිටඨානුසයන්ගේ කෙළවර වන්නේය. එයම විචිකිචජානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම අවිජජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය‚ ආයුධ ගැනීමය‚ කෝලාහල කිරීමය‚ විරුද්ධව කථාකිරීමය‚ තා තෝ කියා බැණීමය‚ කේලාමි කීමය‚ බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවු මෙි අකුසල ධර්‍මයෝ ඉතිරි නොවී විනාශ වෙත්,යයි භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කළාවු‚ විස්තර වශයෙන් අත්‍ර්‍ථය නොබෙදුවාවු මේ දේශනාවෙි අත්‍ර්‍ථය කවරෙක් විසතර වශයෙන් බෙද්‍ර දක්වන්නේද? ( කියායි)

6. ඉන් පසු ඒ භික්‍ෂුන්ට මේ අදහස ඇති විය. ,මෙි ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ ශාසතෘන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තාවු සමාන බ්‍රහ්මචය්‍ර්‍යා ඇත්තවුන් විසින් ගරු කරන ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ‚ මෙි කොටින් දෙශනාකළාවු විසතර වශයෙන් අත්‍ර්‍ථය නොබෙදුවාවු දෙශනාවෙි අත්‍ර්‍ථය බෙද්‍ර ප්‍රකාශ කරන්ට සමත්‍ර්‍ථ වෙත්. අපි ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන්වහන්සේ යමි තැනකද එතැනට යන්නෙමු නමි ඉතා යෙහෙක. එසේ පැමිණ‚ ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේගෙන් මෙි කාරණය අසන්නෙමු,(කියායි.)

ඉන්පසු ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ‚ ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ සමග සතුටු වුහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක පැත්තක උන්නාවු ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේට මෙසේ කීවාහුය. ,ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්ස‚ මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් දෙශනාකොට විස්තර වශයෙන් අත්‍ර්‍ථය නොබෙද්‍ර උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

‘මහණ‚ යමක් හෙතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවු බැවින් ප්‍රපඤව නමි ධර්‍මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද‚ ඒ හෙතුන් වන ද්‍රෙළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද‚ මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද‚ගැලිය යුත්තක් නැත්තේද‚ එයම රාගානුසයයන්ගේ කෙළවරවන්නේය‚ එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම දිටඨානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම අවිජජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය‚ ආයුධ ගැනීමය‚ කෝලාහල කිරීමය. විරුද්ධව කථා කිරීමය‚ තා තෝ කියා බැණීමය‚ කේලාමි කීිමය‚ බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය මේ ද්‍රෙළෙස් ආයතනයන් කෙරෙහි ලාමකවු මේ අකුසල ධර්‍මයෝ ඉතිරි නොවී විනාශ වෙත්ය’යි(වද්‍රළේය.)

,ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්ස‚ භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වේලාවකින් ඒ අපට මේ අදහස විය.

,ඇවැත්නි‚ භාග්‍යවතුන්වහන්සේ මේ දෙශනාව කොටින් දෙශනා කොට විස්තර වශයෙන් අර්‍ථය ප්‍රකාශ නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

‘මහණ‚ යමක් හෙතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවු බැවින් ප්‍රපඤව නමි ධර්‍මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද‚ ඒ හෙතුන් වන ද්‍රෙළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටුවිය යුත්තක් නැත්තේද‚ මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද‚ ගැලිය යුත්තක් නැත්තේද‚ එයම රාගානුසයයන්ගේ කෙළවරවන්නේය‚ එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම දිටඨානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම විචිකිචජානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම අවිජජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය‚ ආයුධ ගැනීමය‚ කෝලාහල කිරීමය‚ විරුද්ධව කථා කිරීමය‚ තා තෝ කියා බැණීමය‚ කේලාමි කීමය‚ බොරු කීමය යන මෙි අකුසලයන්ගේද කෙළවර වන්නේය. මෙි ද්‍රෙළොස් ආයතනයන් කෙරෙහි ලාමකවු මෙි අකුසල ධර්‍මයෝ ඉතිරි නොවී විනාශ වෙත්’යි (වද්‍රළේය.)

,ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්ස‚ භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වෙිලාවකින් ඒ අපට මෙි අදහස වීය

,භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කළාවු විස්තර වශයෙන් අර්‍ථය නොබෙදුවාවු මෙි දෙශනාවෙි අර්‍ථය කවරෙක් විසතර වශයෙන් බෙද්‍ර දක්වන්නේද (කියායි) එසේ සිතු පසු ඒ අපට මෙි අදහස ඇති විය.

මෙි ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ ශාසතෘාන් වහන්සේ විසින් වර්‍ණනා කරන ලද්දේමය නුවණ ඇත්තාවු‚ සමාන බ්‍රහ්මචරියා ඇත්තවුන් විසින් ගරුකරන ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන්වහන්සේ‚ මෙි කොටින් දෙශනා කළාවු විස්තර වශයෙන් අර්‍ථය නොබෙදුවාවු මේ දෙශනා මේ අර්‍ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්‍ථ වෙයි. අපි යමි හේතුවකින් ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ යමි තැනකද එතැනට යන්නෙමු නමි ඉතා යෙහෙක. එසේ පැමිණ‚ ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේගෙන් මෙි කාරණය අසන්නෙමු,යි(කියායි)

,ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්ස‚ මෙය විස්තර කරනු මැනවි.

7. ,ඇවැත්නි‚ යමිසේ අරටුවෙන් ප්‍රයොජන ඇත්තාවු‚ ඇරටු සොයන්නාවු‚ අරටු සොයමින් හැසිරෙන්නාවු පුරුෂයෙක්‚ පවත්නාවු අරටුව ඇති මහ ගසක මුල ඉක්මවා‚ කඳ ඉක්මවා කොල අතුවල අරටුව සෙවිය යුතුයයි සිතන්නේද‚ එසේ මේ උපමාව ආයුෂ්මතුන්ට සුදුසුය.

,ශාසතෘාන් වහන්සේ ඉදිරිපිට සිට ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් ඇසිය යුතුයයි සිතවිද?

,ඇවැත්නි‚ ඒ භාග්‍යවතුන්වහන්සේ දතයුත්ත දන්නාහ. දැක්කයුත්ත දකින්නාහ. ඇස් ඇති බවට පැමිණියෝය. ධර්‍මය බවට පැමිණියෝය. බ්‍රහ්ම (උසස්) බවට පැමිණියෝය. ධර්‍මය කියන්නෝය. ධර්‍මය පවත්වන්නෝය. අර්‍ථර්‍ය පිටතට ගෙන දක්වන්නෝය. අමෘතය (නිවණ ) දෙන්නෝය. තථාගතයන් වහන්සේ ධර්‍ම සවාමිය‚ (එහෙයින්) මෙි ප්‍රශ්නය ඇසීමට සුදුසු කාලයම විය. යමි හේතුවකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මෙි කාරණය ඇසුවාහු නමි යමිසේ තොපට භාග්‍යවතුන් වහන්සේ විසතර කරන්නාහුද එසේ එය දරා ගනිවි,යි (කීය.)

,ආයුෂ්මත් කාත්‍යායන සථවිරයෙනි‚ ඒකානතයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නාහ‚ දැක්කයුත්ත දකින්නාහ‚ ඇස් ඇති බවට පැමිණියහ‚ ඤණය බවට පැමිණියහ‚ ධර්‍මය බවට පැමිණියහ‚ බ්‍රහ්ම බවට පැමිණියහ‚ ධර්‍මය කියන්නෝය‚ ධර්‍මය පවත්වන්නෝය‚ අමෘතය (නිවණ) දෙන්නෝය. තථාගතතෙම ධර්‍මසවාමීය (එහෙයින්) මේ ප්‍රශ්නය ඇසිමට සුදුසු කාලය වේ‚ යමි හේතුවකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය ඇසුවෙමු නමි යමිසේ අපට භාග්‍යවතුන් වහන්සේ විසතර කරන සේක්ද එසේ එය දරා ගනිමු.

,ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයෙනි‚ එසේද වුවත් ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්ද වණීනා කරන ලද්දේය. නුවණ ඇත්තාවු සමාන බ්‍රහ්වචාරීන් විසින් ගරු කරන ලද්දේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කරන ලද‚ අර්ථය විසතර නොකරන ලද දෙශනාවෙහි අත්‍ර්‍ථ විසතර කිරීවට ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ සමත්‍ර්‍ථ වන්නේය‚ ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්ස‚ බැරෑරුමිකොට නොසලකා විසතර කරනු මැනවි.,

8. ,ඇවැත්නි‚ එසේ නමි කියන්නෙමි. අසවි‚ හොඳින් සිහි කරවි,යි කීහ. ,එසේය ආයුෂ්මතුනි,යි‚ ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ මෙසේ වද්‍රළහ.

,ඇවැත්නි‚ භාග්‍යවතුන් වහන්සේ යමක් කොටින් දෙශනා කොට අත්‍ථය විසතර නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියාහුද‚

‘මහණ‚ යමක් හේතුකොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියනලද ප්‍රමාදයට හෙතුවු බැවින් ප්‍රපඤච නමි ධර්‍මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද‚ ඒ හේතුන් වන ද්‍රෙළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද‚ මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද‚ ගැලිය යුත්තක් නැත්තේද‚ එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම දිටඨානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම විචිකිචජානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය‚ ආයුධ ගැනිමය‚ කෝලාහල කිරීමය‚ විරුද්ධව කථා කිරීමය‚ තා‚ තෝ‚ කියා බැණිමය‚ කේලාමි කීමය‚ බොරු කීමය යන මෙි අකුශලයන්ගේද කෙළවර වන්නේය. මෙි ද්‍රෙළෙස් ආයතනයන් කෙරෙහි ලාමකවු මෙි අකුසල ධර්‍මයෝ ඉතිරි නොවී විනාස වෙත්.,

,ඇවැත්නි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කරනලද අත්‍ර්‍ථය විසතර නොකරන ලද ඒ දෙශනාවෙහි අත්‍ර්‍ථ විසතරය මෙසේ දනිමි.

9. ,ඇවැත්නි‚ ඇස නිසාද‚ රූපය නිසාද‚ චකඛුවිඤඤණය (රූපය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශය හේතුකොට ගෙන වෙිදනාව (විඳීම) වෙයි. යමි අරමුණක් වෙිදනාවෙන් විඳීද එම අරමුණම සංඥවෙන් අඳුනයි. යමි අරමුණක් අඳුනාද එම අරමුණම විතර්‍කයෙන් කල්පනා කරයි. යමි අරමුණක් විතර්‍කයෙන් කලපනා කරයිද එම අරමුණම තණ්හා දිටර්‍ඨ වශයෙන් සත්‍වයා ප්‍රමාදකරයි. ඒ චකඛු රූපාදිය මුල් කාරණය කොට තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයෝ අතීත අනාගත වර්‍තමානවු ඇසින් බලා දතයුතුවු රූපයන් කෙරෙහි පුරුෂයා යටත්කරත්.

,ඇවැත්නි‚ කණ නිසාද‚ ශබිදය නිසාද‚ සොතවිඤඤණය (ශබිදය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්‍ශය ඇතිවෙයි. ස්පර්‍ශය හේතුකොටගෙන වෙිදනාව (විඳීම) වෙයි.

යමි අරමුණක් විඳීද එම අරමුණ අඳුනයි යමි අරමුණක් අඳුනයිද එම අරමුණ විතර්‍කයෙන් කල්පනා කරයි. යමි අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්‍වයා ප්‍රමාද කරයි. ඒ කණ ශබිද ආදිය මුල් කාරණය කොට ඇති තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයෝ අතීත අනාගත වර්‍තමානවු කණින් අසා දතයුතුවු ශබිදයන් නිසා පුරුෂයා යටත් කරත්.

,ඇවැත්නි‚ නාසය නිසාද‚ ගන්‍ධය (ගඳ සුවඳ) නිසාද‚ ඝාණ විඤඤණය (ගඳ සුවඳ දැනගන්නා සිත) උපදියි. ඒ තුන එක් වීමෙන් ස්පර්‍ශය වෙයි‚ ස්පර්‍ශය හෙුතුකොටගෙන වෙිදනාව වෙයි‚ යමි අරමුණක් විඳීද එය අඳුනයි‚ යමි අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි. යමි අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්‍වයා ප්‍රමාද කරයි. ඒ නාසය ගන්‍දය ආදිය මුල් කාරණය කොට ඇති තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයෝ අතීත අනාගත වර්‍තමානවු නාසයෙන් විඳ දතයුතුවු ගන්‍ධයන් නිසාද පුරුෂයා යටත් කරත්.

,ඇවැත්නි‚ දිව නිසාද‚ රසය නිසාද‚ ජිවිහාවිඤඤණය (රස දැනගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශය හේතුකොටගෙන වෙිදනාව වෙයි. යමි අරමුණක් විඳීද එය අඳුනයි‚ යමි අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි‚ යමි අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්‍වයා ප්‍රමාද කරයි. ඒ දිව රසය ආදිය මුල් කාරණය කොට ඇති තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයෝ අතීත අනාගත වර්‍තමානවු දිවෙන් විඳ දතයුතුවු රසයන් නිසා පුරුෂයා යටත් කරත්.

,ඇවැත්නි‚ ශරීරය නිසාද‚ස්පර්‍ශය නිසාද‚ කායවිඤඤණය (ස්පර්‍ශය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශය හේතුකොටගෙන විඳීම වෙයි. යමි අරමුණක් විඳීද එය අඳුනයි. යමි අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි. යමි අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්‍වයා ප්‍රමාද කරයි. ඒ ශරීරය ස්පර්‍ශය ආදිය මුල් කාරණය කොට ඇති තණ්හා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයෝ අතීත අනාගත වර්‍තමානවු ශරීරයෙන් විඳ දතයුතුවු ස්පර්‍ශයන් නිසා පුරුෂයා යටත් කරත්.

,ඇවැත්නි‚ සිත නිසාද‚ ධර්‍ම අරමුණු නිසාද‚ මනොවිඤඤණය (ධර්‍ම අරමුණු දැනගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශය හේතුකොටගෙන විඳීම වෙයි. යමි අරමුණක් විඳීද එය අඳුනයි‚ යමි අරමුණක් අඳුනයිද‚ එය කල්පනා කරයි. යමි අරමුණක් කල්පනා කරයිද එය තෘස්ණාදෘෂ්ටි වශයෙන් සත්‍වයා ප්‍රමාද කරයි. ඒ සිත ධර්‍ම අරමුණු ආදිය මුල් කාරණය කොට ඇති තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයෝ අතීත අනාගත වර්‍තමානවු සිතින් සිතා දතයුතුවු ධර්‍ම අරමුණු නිසා පුරුෂයා යටත් කරත්.

10. ,ඇවැත්නි‚ ඒකානතයෙන් හෙතෙම ඇස ඇති කල්හි රූපයන් ඇති කල්හි චකඛුවිඤඤණය ( රූප දැන ගන්නා සිත ) ඇතිකල්හි ස්පර්‍ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි) ස්පර්‍ශයයි පැන වීමක් ඇති කල්හි වෙිදනාව යයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි) වෙිදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි. සංඥවයයි පැනවීමක් ඇති කල්හි කල්පනා කිරීමයයි පැනවීමක් පනවන්නේය යන මෙි කාරණය විද්‍යාමාන වෙයි. කල්පනා කිරීමයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මෙි කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.)

,ඇවැත්නි‚ ඒකානතයෙන් හෙතෙම කණ ඇති කල්හි ශබිදය ඇති කල්හි සොතවිඤඤණය ඇති කල්හි ස්පර්‍ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.) ස්පර්‍ශයයයි පැනවීමක් ඇති කල්හි වෙිදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.) වෙිදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි. සංඥවයයි පැනවීමක් ඇති කල්හි විතර්‍කර්‍ (කල්පනාකිරීම)යයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි. විතර්‍කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මෙි කාරණය විද්‍යාමාන වෙයි(සිදුවෙයි.)

,ඇවැත්නි‚ ඒකානතයෙන් හෙතෙම නාසය ඇති කල්හි ගන්‍දය ඇති කල්හි ඝාණ විඤඤණය ඇති කල්හි ස්පර්‍ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.) ස්පර්‍ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.) වේදනාවයයි පැණවීමක් ඇති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි සංඥවයයි පැනවීමක් ඇති කල්හි විතර්‍කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි. විතර්‍කයයි පැන විමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.)

,ඇවැතනි‚ ඒකානතයෙන් හෙතෙම දිව ඇති කල්හි රසය ඇති කල්හි ජිවිහා විඤඤණය ඇති කල්හි ස්පර්‍ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.) ස්පර්‍ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.) වෙිදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි. සංඥවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි(සිදුවෙයි.)

,ඇවැත්නි‚ ඒකානතයෙන් හෙතෙම කය ඇති කල්හි ස්පර්‍ශය ඇති කල්හි කාය විඤඤණය ඇති කල්හි ස්පර්‍ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි(සිදුවෙයි.) ස්පර්‍ශයයයි පැනවිමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.) වේදනාවයයි පැනවිමක් ඇති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි. සංඥවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.)

,ඇවැත්නි‚ ඒකානතයෙන් හෙතෙම(භවාඞග) සිත ඇති කල්හි ධර්‍ම අරමුණු ඇති කල්හි මනොවිඤඤණය ඇති කල්හි ස්පර්‍ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.) ස්පර්‍ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි. සංඥවයයි පැනවිමක් ඇති කල්හි විතර්‍කයයි පැනවිමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි. විතර්‍කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යාමාන වෙයි (සිදුවෙයි.)

11. ,ඇවැත්නි‚ ඒකාන්තයෙන් හෙතෙම ඇස නැති කල්හි‚ රූපය නැති කල්හි‚ චකඛු විඤඤණය නැති කල්හි‚ ස්පර්‍ශයයයි පැනවීමක් පනවන්නේය යන මේකාරණය අවිද්‍යාමාන වෙයි(සිදු නොවෙයි.) ස්පර්‍ශයයයි පැනවීමක් නැති කල්හි වෙිදනාවයයි පැනවීමක් පනවන්නේය යනමෙි කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදුවෙයි.) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) සංඥවයයි පැනවිමක් නැති කල්හි විතර්‍කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) විතර්‍කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.)

,ඇවැත්නි‚ ඒකාන්තයෙන් හෙතෙම කණ නැති කල්හි‚ ශබිදය නැති කල්හි‚සොත විඤඤණය නැති කල්හි‚ ස්පර්‍ශයයයි පැනවීමක් පනවන්නේය යන මෙි කාරණය අවිද්‍යාමාන වෙයි. (සිදු නොවෙයි) ස්පර්‍ශයයයි පැනවිමක් නැති කල්හි වේදනාව යයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි. (නොසිදු වෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) සංඥවයයි පැනවීමක් නැති කල්හි විතර්‍කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) විතර්කයයි පැනවිමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි (නොසිදු වෙයි.)

,ඇවැත්නි‚ එකානතයෙන් හෙතෙම නාසය නැති කල්හි‚ ගන්‍දය නැති කල්හි‚ ඝාණ විඤඤණය නැති කල්හි‚ ස්පර්‍ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( සිදු නොවෙයි.) ස්පර්‍ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) සංඥවයයි පැනවීමක් නැති කල්හි විතර්‍කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) විතර්‍කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි. ( නොසිදු වෙයි)

,ඇවැත්නි‚ එකානතයෙන් හෙතෙම දිව නැති කල්හි‚ රසය නැති කල්හි‚ ජිවිහා විඤඤණය නැති කල්හි‚ ස්පර්‍ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( සිදු නොවෙයි.) ස්පර්‍ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි. සංඥවයයි පැනවිමක් නැති කල්හි විතර්‍කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි. විතර්‍කයයි පැනවිමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.)

,ඇවැත්නි‚ එකානතයෙන් හෙතෙම කය නැති කල්හි ස්පර්‍ශය නැති කල්හි‚ කාය විඤඤණය නැති කල්හි‚ ස්පර්‍ශයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( සිදු නොවෙයි.) ස්පර්‍ශයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවිමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) සංඥවයයි පැනවිමක් නැති කල්හි විතර්‍කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) විතර්‍කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.)

,ඇවැත්නි‚ එකානතයෙන් හෙතෙම (භවාඞග) සිත නැති කල්හි‚ ධර්‍ම අරමුණු නැති කල්හි‚ මනොවිඤඤණය නැතිකල්හි ස්පර්‍ශයයයි පැනවීිමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි (සිදු නොවෙයි.) ස්පර්‍ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි (නොසිදු වෙයි.) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදු වෙයි.) සංඥවයයි පැනවීමක් නැති කල්හි විතර්‍කයයි පැනවිමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි ( නොසිදුවෙයි.) විතර්‍කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤච ධර්‍මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි (නොසිදු වෙයි.)

12. ,ඇවැත්නි‚ යමක් භාග්‍යවතුන් වහන්සේ තොපට කොටින් දෙශනා කොට විසතර වශයෙන් අර්ථය නොබෙද්‍ර උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියාහුද ,මහණ යමක් හෙතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවු බැවින් ප්‍රපඤච නමි ධර්‍මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද‚ ඒ හේතුන් වන ද්‍රෙළොස් ආයතනයන් කෙරෙහි ඉඳින් සතුටු වියයුත්තක් නැත්තේද‚ මමය මාගේයයි කිව යුත්තක් නැත්තේද‚ ගැලිය යුත්තක් නැත්තේද‚ එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම පටිඝානුසයයන්ගේ කෙළවරවන්නේය‚ එයම දිටඨානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම විචිකිජානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම භව රාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඩු මුගුරු ගැනීමය ආයුධ ගැනීමය‚ කෝලාහල කිරීමය‚ විරුඞව කථාකිරීමය‚ තා තෝ කියා බැණිමය‚ කේලාමි කීමය‚ බොරුකීමය යන මෙි අකුසලයන්ගේ කෙළවර වන්නේය. මෙි ද්‍රෙළොස් ආයතනයන් කෙරෙහි ලාමකවු මෙි අකුසල ධර්‍මයෝ ඉතිරි නොවී විනාස වෙත්ය,යි (වද්‍රළේද‚)

,ඇවැත්නි‚ භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කොට අර්ථ බෙද්‍ර විසතර නොකළාවු ඒ දෙශනාවෙි විසතර අර්ථය මෙසේ දනිමි. ඇවැත්නි ඉදින් තොප කැමති වන්නාහු නමි භාග්‍යවතුන් වහන්සේ වෙතටම පැමිණ මෙහි විසතරය විචාරවි. තොපට යමිසේ භාග්‍යවතුන් වහන්සේ විසතර කරද්ද එසේ දරා ගනිවි.,

13. ඉක්බිති ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේගේ දෙශනාවට සතුටුව‚ අනුමෝදන්ව උන් අසුන්වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ‚ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක උන්නාහුය. එක පැත්තක උන්නාවු ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළාහුය.

,මෙි කාරණය භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් දෙශනා කොට විස්තර වශයෙන් අර්‍ථය නොබෙද්‍ර උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

‘මහණ‚ යමක් හෙතුකොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවු බැවින් ප්‍රපඤච නමි ධර්‍මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද‚ ඒ හේතුන් වන ද්‍රෙළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද‚ මමය මාගේයයි කිව යුත්තක් නැත්තේද‚ ගැලිය යුක්තක් නැත්තේද‚ එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම දිටඨානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම විචිකිචජානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය‚ එයම අවිජජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනිමය‚ ආයුධ ගැනීමය‚ කෝලාහල කිරීමය‚ විරුඞව කථා කිරීමය‚ තා තෝ කියා බැණිමය‚ කේලාමි කීමය‚ බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවු මේ අකුසල ධර්‍මයෝ ඉතිරි නොවී විනාශ වෙත්, (කියායි.)

,භාග්‍යවතුන් වහන්ස‚ භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වෙිලාවකින් ඒ අපට මෙි අදහස ඇති විය.

‘භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කළාවු‚ විස්තර වශයෙන් අර්‍ථය නොබෙදුවාවු මො දේශනාවෙි අර්‍ථය කවරෙක් විසතර වශයෙන් බෙද්‍ර දක්වන්නේද’(කියායි) එසේ සිතු ඒ අපට මෙි සිත පහළ විය. මෙි ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ ශාසතෲන් වහන්සේ විසින් වර්‍ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තිවු සමාන බ්‍රහ්මචරියා ඇත්තාවුන් විසින් ගරුකරන ලද්දේය‚ ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ‚  කොටින් දෙශනාකළාවු විස්තර වශයෙන් අර්‍ථය නොබෙදුවාවු මේ දෙශනාවේ අර්ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්‍ථ වෙයි. අපි යමි හේතුවකින් ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ යමි තැනකද එතැනට යන්නෙමු නමි ඉතා යෙහෙක‚ එසේ පැමිණ‚ ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේගෙන් මෙහි තේරුම අසන්නෙමු’යි (කියායි.)

,සවාමිනි‚ ඉන්පසු අපි ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියෙමු. පැමිණ‚ ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ ගෙන් මේ කාරණය ඇසුවෙමු. සවාමිනි‚ ඒ අපට ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ මේ ක්‍රමයෙන් මේ පදවලින් යුක්තව‚ මෙි අක්‍ෂරවලින් යුක්තව අත්‍ර්‍ථය විසතර කරන ලද්දේය,යි (කීවාහුය.)

,මහණෙනි‚ මහා කාත්‍යායන තෙම පණ්ඩිතය. මහණෙනි‚ මහා කාත්‍යායන තෙම මහත් ප්‍රඥවෙන් යුක්තය. මහණෙනි‚ තොපි මගෙන්ද මේ කාරණය අසන්නහු නමි මමද එය යමිසේ මහා කාත්‍යායනයන් විසින් විසතර කරන ලද්දේද එපරිද්දෙන්ම විස්තර කරන්නෙමි. එයම මේ දෙශනාවෙහි අත්‍ර්‍ථය දරාගනිවි,යි (වද්‍රළහ.) මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද සථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

,සවාමිනි‚ බඩ සාදුකින් දුර්‍වලව පෙළෙන්නාවු පුරුෂයෙක් මීපැණි දමා කළ අග්ගලාවක් ලබාද‚ හෙතෙම යමි යමි කොටසකින් එස විඳී්ද‚ (ඹහු) ඒ ඒ කොටසින් රස අඩු වැඩියයි නොකිය යුතුවු මිහිරි රසය ලබන්නේය. සවාමීනි‚ එපරිද්දෙන්ම සිතන්නාවු පණ්ඩිත සවභාව ඇති මහණතෙම මේ ධර්‍මක්‍රමය පිළිබඳව යමි යමි කොටසකින් අත්‍ර්‍ථය සලකන්නේද‚ (එයින්) සතුටු සිත් ඇති බවම ලබන්නේය. සිතේ පැහැදීමම ලබන්නේය. සවාමීනි‚ මේ ධර්‍ම ක්‍රමයේ නම කුමක් දැ,යි (ඇසීය.) ,එසේ නමි ආනන්දය‚ තොප මේ ධර්‍ම ක්‍රමය ,මධු පිණ්ඩික, කියාම දරාගනුව.,

භාග්‍යවතුන් වහන්සේ මෙය වද්‍රළහ. සතුටුවු ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.

අටවෙනිවු මධු පිණ්ඩික සුත්‍රය නිමි. (2-8)

17.වනපත්ථ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී . එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේ පිඬු මහසිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘ මහණෙනි’ කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක . ‘ස්වාමිනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ . භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළහ .

,මහණෙනි ල තොපට වනපත්ථ පය්‍ර්‍යායය (අරණ්‍ය සේනාසන පිළිබඳ ක්‍රමය ) දේශනා කරන්නෙමි . එය අසව් . මනාකොට මෙනෙහි කරව් . කියන්නෙමි . , ඒ භික්ෂූහු එසේය ස්වාමිණි’ කියා භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ . භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළහ .

2 ,මහණෙනි ල මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරු කොට වාසය කරයි ද ල ඒ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියා වූ සිහිය එළඹ නොසිටියි ද එකඟ නොවූ සිත එකඟ නොවෙයි ද පහ නොකළාවූ කෙලෙස් විනාශයට නොපැමිණේ ද නොපැමිණියාවූ නිවනට නොපැමිණෙයි ද පැවිද්දන් විසින් ලැබිය යුතු වූ සිවුරුය ආහාරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිත පැවැත්මට අවශ්‍ය වූ යම් දේ වෙත්ද ඒ දේ ඔහුට දුකසේ ලැබෙත් ද මහනෙනි ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ වන සේනාසනය ඇසුරු කොට වාසය කරමිල මේ වනසෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නොවූ සිත එකඟ නොවෙය.. පහ නොවූ කෙලෙස් පහවීමටනොපැමිණෙයි . පෙර නොපැමිණායාවූ උතුම් වූ නිර්‍වාණයට ද නොපැමිණෙමි . පැවිද්දා විසින් ලැබිය යුතු වූ සිවුරුය ආහාරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය යන යමක් ඇද්ද එය දුකසේ ලැබේ ය’යි සිතිය යුතුය. මහණෙනි ඒ මහණ විසින් රාත්‍රි කාලයෙහි හෝ දහවල් කාලයෙහි හෝ ඒ වන සෙනසුන අත්හැර යා යුතුයි. එහි නොවිසිය යුතුයි.

3. , මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම එක්තරා වනසෙනසුනක් ඇසුරුකොට වාසය කරයි ද ඒ වන සේනාසනය ඇසුරුකොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියා වූ සිහිය එළඹ නොසිටියි ද එකඟ නොවූ සිත එකඟ නොවෙයි ද පහ නොකලාවූ කෙලෙස් විනාශයට නොපැමිණෙයි ද නොපැමිණියාවූ උතුම් වූ නිර්‍වාණයට නොපැමිණෙයි ද එහෙත් පැවිද්දන් විසින් ලැබිය යුතු වූ සිවුරුය ආහාරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයි ද එය ඔහුට පහසුවෙන් ලැබෙයි . මහණෙනි ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුය.ි ‘ මම වනාහි මේ වන සේනාසනය ඇසුරුකොට වාසය කරමි. මේ වන සෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නොවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස් නැතිවීමට නොපැමිණෙයි . පෙර නොපැමිණියාවූ උතුම් වූ නිර්‍වානයට ද නොපැමිණෙමි. එහෙත් පැවිද්දහු විසින් ලැබිය යුතු සිවුරුය ආහාරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයි ද එය මට පහසුවෙන් ලැබේ. එතකුදු වුවත් මේ වන සෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ මටඑළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නොචූ සිත එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස් පහ නොවෙයි . නොපැමිණියාවූ උතුම් නිවනට නොපැමිණෙමි . මහණෙනි ‘මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි . ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි . සෙනසුන් උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි යි සිතා මහණෙනි ඒ භික්ෂූව විසිනුදු ඒ වන සෙනසුන හැර යා යුතුයි. එහි නොවිසිය යුතුයි.

4. ,මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම එක්තරා වන සෙනසුනක් ඇසුරුකොට වාසය කරයි ද ඒ වන සෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි යාවූ සිහිය එළඹ සිටියි ද එකඟ නොවූ සිත එකඟ වෙයි ද පහ නොවූ කෙලෙස් පහ වෙයි ද නොපැමිණියාවූ උතුම් නිවනට පිළිවෙලින් පැමිණෙයි ද (එහෙත්) පැවිද්දා විසින් ලැබිය යුතු වූ සිවුරුය ආහාරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍යය යමක් වෙයි ද මෙය ඔහුට දුකසේ ලැබෙයි ද මහණෙනි ඒ භික්ෂූව විසින් මෙසේ සිහිකට යුතුයි . ‘මම වනාහි මෙම වන සේනාසනය ඇසුරුකොට වාසය කරමි . මේ වන සෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිත එකඟ වෙයි. පහනොවූ කෙලෙස් පහවී යයි. නොපැමිණියවූ උතුම් නිවනට ද පිළිවෙලින් පැමිණෙමි . (එහෙත් )පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය ආහාරය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයි ද එය මාහට දුකසේ ලැබේ . මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි . ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි .සේනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතෙකුදු වුවත් මේ වන සෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිතද එකඟ වෙයි . පහනොවූ කෙලෙස් ද පහවී යයි .නොපැමිණයාවූ උතුම් නිවනට පිළිවෙලින් පැමිණෙමි යි සිතා මහණෙනි ඒ භික්ෂූව විසින් එම සේනාසනයෙහිවිසිය යුතුයි බැහැර නොයා යුතුයි.

5 ,මහණෙනි මේ ශාසනයෙහි භික්ෂූ තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරු කොට වාසය කරයි ද ඒ වන සෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ ඕ හට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි ද එකඟ නොවූ සිත එකඟ වෙයි ද පහනොවූ කෙලෙස් පහ වී යයි ද නොපැමිණායාවූ උතුම් නිවනට පිළිවෙලින් පැමිණෙයි ද පැවිද්දහු විසින් ලැබිය යුතු සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයි ද එය ඔහුට සුවසේ ලැබේ ද මහණෙනි ඒ මහණ විසින් මෙසේ සිහිකට යුතුයි . ‘ මම වනාහි මේ වන සෙසුන ඇසුරුකොට වාසය කරමි. මේ වන සෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ සිටියි . එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලස් ද පහ වී යය.ි නොපැමිණියාවූ උතුම් නිවනට පිළිවෙලින් පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතු වූ සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයි ද ඒවා සුවසේ ලැබෙත්ය යි සිතිය යුතුයි. ඒ භික්ෂූව විසින් දිවි ඇතිතාක් ඒ වන සෙනසුනෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි .

6. ,මහණෙනි ල මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් ඇසුරුකොට වාසය කරයි ද ඒගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි ද එකඟ නොවූ සිත එකඟ නොවෙයි ද පහ නොකලාවූ කෙලෙස් නැතිවීමට නොපැමිණෙයි ද නොපැමිණියාවූ උතුම් නිවනට නොපැමිණෙයි ද පැවිද්දා විසින් ලැබිය යුතු වූ සිවුරුය ආහාරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයි ද එය ඹහුට දුකසේ ලැබෙයි ද මහණෙනි ඒ මහණ විසින් මෙසේ සිහිකට යුතුයි . ‘මම වනාහි මේ ගම ඇසුරුකොට වාසය කරමි මේ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසාටියා වූ සිහිය එළඹ නොසිටියි . එකඟ නොවූ සිත එකඟ නොවෙයි . පහ නොකලාවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයි . නොපැමිණියාවූ උතුම් නිවනට නොපැමිණෙයි. පැවිද්දා විසින් ලැබිය යුතු වූ සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයි ද එය දුකසේ ලැබේ ය’ යි සැලකිය යුතුයි මහණෙනි ඒ භික්ෂූව විසින් රාත්‍රි භාගයෙහි හෝ දවල් කාලයෙහි හෝ ඒ ගම අත්හැර යා යුත්තේ ය . එහි නො විසිය යුතුය.

7. , මහණෙනිල මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් ඇසුරුකොට වාසය කරයි ද ඒ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි ද එකඟ නොවූ සිත එකඟ නොවෙයි ද පහනොවූ කෙලෙස් විනාශයට නොපැමිණෙයි ද නොපැමිණායාවූ උතුම් නිවනට නොපැමිණෙයි ද පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය ආහාරය සෙනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයි ද එය ඔහුට සුවසේ ලැබෙයි ද මහණෙනි ඒ භික්ෂූව විසින් මෙසේ සිහිකට යුතුයි ‘ මම වනාහි මේ ගම ඇසුරුකොට වාසය කරමි මේ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි එකඟ නොවූ සිත එකඟ නොවෙයි පහ නොවූ කෙලෙස් පහ නොවෙයි නොපැමිණියාවූ උතුම් නිවනට නොපැමිණෙයි පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය ආහාරය සෙනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයි ද එය සුවසේ ලැබෙයි. ‘මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි . සේනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතෙකුදු වුවත් මේ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර නූපන් සිහිය නූපදියි . එකඟ නොවූ සිත එකඟ නොවෙයි. පහනොවූ කෙලෙස් පහ නොවෙයි . නොමිණියාවූ උතුම් නිවනට නොපැමිණෙමි’ යි සිතා මහණෙනි ඒ භික්ෂූව විසින් ඒ ගම අත්හැර යා යුත්තේය . එහි නොවිසිය යුත්තේය.

8. ,මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් ඇසුරුකොට වාසය කෙරේ ද ඒ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඔහුට නූපන්නාවූ සිහිය උපදියි ද එකඟ නොවූ සිත එකඟ වෙයි ද පහනොවූ කෙලෙස් පහවෙයි ද නොපැමිණායාවූ උතුම් නිවනට පැමිණෙයි ද පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයි ද එය ඔහුට දුකසේ ලැබෙයි ද මහණෙනි ඒ භික්ෂූව විසින් මෙසේ සැලකිය යුතුයි . ‘මම වනාහි මේ ගම ඇසුරුකොට වාසය කරමි. මේ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර නූපන් සිහිය ද උපදියි එකඟ නොවූ සිතද එකඟ වෙයි පහනොවූ කෙලෙස් පහවෙයි නොපැමිණියාවූ ද උතුම් නිවනට පැමිණෙමි පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය පිණ්ඩපාතය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යම් දෙයක් වෙයි ද මොවුහු මට දුකසේ ලැබෙත් මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශානසනයෙහි පැවිදි වූයේ නොවෙමි . සේනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි . ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නෙවෙමි . එතෙකුදු වුවත් මේ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි . එකඟ නොවූ සිතද එකඟ වෙයි . පහ නොවූ කෙලෙස් ද පහවී යයි .නොපැමිණියාවූ උතුම් නිවනට ද පිළිවෙලින් පැමිණෙමි’ යි සිතා මහණෙනි ඒ භික්ෂූව විසින් එම ගම විසිය යුතුය . බැහැර නොයා යුතුය.

9. ,මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් ඇසුරුකොට වාසය කරයි ද ඒ ගම ඇසුරුනොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි ද එකඟ නොවූ සිත එකඟ වෙයි ද පහනොවූ කෙලෙස් පහවී යයි ද නොපැමිණියාවූ උතුම් නිවනට පිලිවෙලින් පැමිණෙයිද පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයි ද එයඔහුට සුවසේ ලැබේ ද මහණෙනි ඒ භික්ෂූව විසින් මෙසේ සැලකියයුතුය.ි ‘මම වනාහි මේ ගම ඇසුරුකෙට වාසය කරමි . මේ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි එකඟ නෙවූ සිතද එකඟ වෙයි පහනොවූ කෙලෙස් ද පහවී යයි නොපැමිණියාවූ උතුම් නිවනට පිළිවෙලින් පැමිණෙමි . පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයි ද ඒ වා සුවසේ ලැබෙත්ය යි සැලකිය යුතුයි . මහණෙනි ඒ භික්ෂූව විසින් දිවි ඇතිතෙක් ඒ ගම වාසය කළ යුත්තේය . බැහැර නොයා යුත්තේය .

10. ,මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම එක්තරා නියම් ගමක් ඇසුරුකොට වාසයකරයි ද ඒ නියම් ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි ද එකඟ නොවූ සිත එකඟ නොවෙයි ද පහ නොකළාවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයි ද නොපැමි ණියාවූ උතුම් නිවණට නොපැමිණෙයි ද පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය ආහාරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයි ද එය ඔහුට දුකසේ ලැබෙයි ද මහණෙනි ඒ මහණ විසින් මෙසේ සිහිකට යුතුයි . ‘මම වනාහි මේ නියම් ගම ඇසුරුකොට වාසය කරමි. මේ නියම් ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹනො සිටියාවූ සිහිය එළඹ නොසිටියි. එකඟ නොවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස් ද විනාශයට නොපැමිණෙයි . නොපැමිණායාවූ උතුම් වූ නිවනට ද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතු වූ සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයි ද එය දුකසේ ලැබේය’යි සැලකිය යුතුයි. මහණෙනි ල ඒ භික්ෂූව විසින් රාත්‍රිභාගයෙහි හෝ දවල් කාලයෙහි හෝ ඒ නියම් ගම අත්හැර යා යුත්තේය . එහි නොසිටිය යුතුයි .

11. ,මහණෙනිල මේ ශාසනයෙහි මහණතෙම එක්තරා නියම් ගමක්ඇසුරුකොට වාසය කරයි ද ඒ නියම් ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි ද එකඟ නොවූ සිත එකඟ නොවෙයි ද පහනොවූ කෙලෙස් විනාශයට නොපැමිණෙයි ද නොපැමිණායාවූ උතුම් නිවනට නොපැමිණෙයි ද පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයි ද එය ඔහුට සුවසේ ලැබෙයි ද මහණෙනි ඒ භික්ෂූව විසින් මෙසේ සිහිකට යුතුයි . ‘මම වනාහි මේ නියම් ගම ඇසුරුකොට වාසය කරමි . මේ නියම් ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය ද එළඹ නොසිටියි එකඟනොවූ සිත ද එකඟ නොවෙය.ි පහනොකළාවූ කෙලෙස් ද විනාශයට නොපැමිණෙයි . නොපැමිණායාවූ උතුම් ිනිවනට ද නොපැමිණෙමි . පැවිද්දා විසින් ලැබිය යුතු වූ සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයි ද එය සුවසේ ලැබෙයි . එහෙත් ‘මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූයෙමි . ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සේනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උසො ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි . එතෙකුදු වුවත් මේ නියම් ගම ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර නූපන් සිහියද නූපදියි . එකඟ නොවූ සිතද එකඟ නොවෙයි. .පහනොවූ කෙලස්ද විනාශයට නොයයි. නොපැමිණියාවූ උතුම් නිවණට ද නොපැමිණෙමි’ යි සිතිය යුතුය . මහණෙනි ඒ භික්ෂූව විසින් ඒ නියම් ගම අත්හැර යා යුත්තේය . නොවිසිය යුත්තේය.

12. ,මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම එක්තරා නියම් ගමක් ඇසුරු කොට වාසය කෙරේ ද ඒ නියම් ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඔහුට නූපන්නාවූ සිහිය උපදියි ද එකඟ නොවූ සිත එකඟ වෙයි ද පහනොවූ කෙලෙස් විනාශයට යයි ද නොපැමිණායාවූ උතුම් නිවනට පිළිවෙලින් පැමිණෙයි ද පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පවැත්මට අවශ්‍ය යමක් වෙයි ද එය ඔහුට දුකසේ ලැබෙයි ද මහණෙනි ඒ භික්ෂූව විසින් මෙසේ සැලකිය යුතුයි . ‘මම වනාහි මේ නියම් ගම ඇසුරුකොට වාසය කරමි. මේ නියම්ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර නූපන් සිහිය උපදියි . එකඟ නොවූ සිත එකඟ වෙය. පහනොවූ කෙලෙස් පහවීමට යයි. නොපැමිණායාවූ උතුම් නිවණට පිළිවෙලින් පැමිණෙමි . පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය පිණ්ඩපාතය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයි ද එය මට දුකසේ ලැබෙයි. එහෙත් මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි . ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි . ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි . එතෙකුදු වුවත් මේ නියම් ගම ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි . එකඟ නොවූ සිත එකඟ වෙයි. පහනොවූ කෙලෙස් පහවීමට යයි . නොපැමිණියාවූ උතුම් නිවනට ද පිළිවෙලින් පැමිණෙන්නෙමි’ යි සිතා මහණෙනි ඒ භික්ෂූව විසින් දිවි ඇතිතෙක් ඒ නියම්ගම විසිය යුතුය . බැහැර නොයා යුතුය.

13. ,මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම එක්තරා නියම් ගමක් ඇසුරුකොට වාසය කරයි ද ඒ නියම් ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි ද එකඟ නොවූ සිත එකඟවෙයි ද පහනොවූ කෙලෙස් නැතිවීමට යයි ද නොපැමිණියාවූ උතුම් නිවණ ට පිළිවෙලින් පැමිණෙයි ද පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයි ද එය ඹහුට සුවසේ ලැබේ ද මහණෙනි ඒ භික්ෂූව විසින් මෙසේ සැලකිය යුතුය. .‘මම වනාහි මේ නියම් ගම ඇසුරුකොට වාසය කරමි . මේ නියම් ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටිසිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිත එකඟ වෙය. පහනොවූ කෙලෙස් විනාශයට යයි. .නොපැමිණායවූ උතුම් නිවනටද පිළිවෙලින් පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය ආහාරය සේනාසනය ගිලන්පස බෙහෙත් පිරිකරය යන මෙය මට සුවසේ ලැබේය යි සිතිය යුතුය. මහණෙනි ඒ භික්ෂූව විසින් දිවි ඇති තෙක් ඒ නියම් ගම වාසය කළ යුත්තේය . බැහැර නොයා යුත්තේය.

14. , මහණෙනිල මේ ශාසනයෙහි මහණතෙම එක්තරා නගරයක් ඇසුරුකොට වාසය කරයි ද එම නගරය ඇසුරුකරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියා වූ සිහිය එළඹ නොසිටියි ද එකඟ නොවූ සිත එකඟ නොවෙයි ද පහ නොකළාවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයි ද නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයි ද පැවිද්දන්
විසින් ලැබිය යුතුවු සිවුරුය‚ ආහාරය‚ සෙනසුන්ය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්මට අවශ්‍යවු යමි දේ වෙත්ද‚ ඒ දේ ඹහුට දුකසේ ලැබෙත්ද‚ මහණෙනි‚ ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මෙි නගරය ඇසුරු කොට වාසය කරමි. මෙි නගරය ඇසුරු කොට වාසය කරන්නාවු ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකහ නුවු සිත එකහ නොවෙයි. පහ නුවු කෙලෙස් පහවීමට නොපැමිණෙයි. පෙර නොපැමිණියාවු උතුමිවු නිර්‍වාණයටද නොපැමිණෙමි. පැවිද්ද්‍ර විසින් ලැබිය යුතුවු සිවුරුය‚ ආහාරය‚ සෙනසුන්ය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන යමක් ඇද්ද එය දුකසේ ලැබෙිය’යි සිතිය යුතුය. මහණෙනි‚ ඒ මහණ විසින් රාත්‍රි කාලයෙහි හෝ දහවල් කාලයෙහි හෝ ඒ නගරය අත්හැර යායුතුයි. එහි නොවිසිය යුතුයි.

15. ,මහණෙනි‚ මෙි ශාසනයෙහි මහණ තෙම එක්තරා නගරයක් ඇසුරු කොට වාසය කරයිද‚ ඒ නගරය ඇසුරු කොට වාසය කරන්නාවු ඹහුට පෙර එළඹ නොසිටියාවු සිහිය එළඹ නොසිටියිද‚ එකහ නොවු සිත එකහ නොවෙයිද‚ පහ නොකළාවු කෙලෙස් විනාශයට නොපැමිණෙත්ද‚ නොපැමිණියාවු උතුමිවු නිර්‍වාණයට නොපැමිණෙයිද‚ එහෙත් පැවිද්දන් විසින් ලැබිය යුතුවු සිවුරුය‚ ආහාරය‚ සෙනසුන්ය. ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවත්වීමට අවශ්‍ය යමි දෙයක් වෙයිද‚ එය ඹහුට පහසුවෙන් ලැබෙයිද‚ මහණෙනි‚ ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මෙි නගරය ඇසුරු කොට වාසය කරමි. මෙි නගරය ඇසුරු කොට වාසය කරන්නාවු මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි‚ එකහ නුවු දිත එකහ නොවෙයි. පහ නොකළාවු කෙලෙස් නැතිවීමට නොපැමිණෙයි‚ නොපැමිණියාවු උතුමිවු නිර්‍වාණයටද නොපැමිණෙමි. එහෙත් පැවිද්දහු විසින් ලැබිය යුතු සිවිරුය‚ ආහාරය‚ සෙනසුන්ය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවත්වීමට අවශ්‍ය යමි දෙයක් වෙයිද‚ එය මට පහසුවෙන් ලැබෙි. එතකුදු වුවත් මෙි නගරය ඇසුරු කොට වාසය කරන්නාවු මට එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකහ නොවු සිත එකහ නොවෙයි‚ පහ නොවු කෙලෙස් පහ නොවෙයි. නොපැමිණියාවු උතුමි නිවණට නොපැමිණෙමි. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවුයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි. සෙනසුන් උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවුයෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි’යි සිතිය යුතුයි. මහණෙනි‚ ඒ භික්ෂුව විසිනුදු ඒ නගරය හැර යා යුතුයි. එහි නොවිසිය යුතුයි.

16. ,මහණෙනි‚ මෙි ශාසනයෙහි මහණ තෙම එක්තරා නගරයක් ඇසුරුකොට වාසය කරයිද‚ ඒ නගරය ඇසුරු කොට වාසය කරන්නාවු ඹහුට පෙර එළඹ නොසිටියාවු සිහිය එළඹ සිටියිද‚

එකහ නොවු සිත එකහ වෙයිද‚ පහ නොවු කෙලෙස් පහවෙයිද නොපැමිණියාවු උතුමි නිවණට පිළිවෙළින් පැමිණෙයිද‚ (එහෙත් ) පැවිද්ද්‍ර විසින් ලැබිය යුතුවු සිවිරුය‚ ආහාරය‚ සෙනසුන්ය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්ම අවශ්‍ය යමක් වෙයිද එය ඹහුට දුකසේ ලැබෙිද‚ මහණෙනි‚ ඒ භික්ෂුව විසින් මෙසේ සිහි කටයුතුයි. ‘මම වනාහි මෙි නගරය ඇසුරුකොට වාසය කරමි. මෙි නගරය ඇසුරු කොට වාසය කරන්නාවු මට පෙර එළඹ නොසිටියාවු සිහිය එළඹ සිටියි. එකහ නුවු සිත එකහ වෙයි. පහ නොවු කෙලෙස් පහවී යයි. නොපැමිණියාවු උතුමි නිවණටද පිළිවෙළින් පැමිණෙමි. (එහෙත්) පැවිද්ද්‍ර විසින් ලැබිය යුතුවු සිවිරුය‚ ආහාරය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය මාහට දුකසේ ලැබෙි. මම වනාහි සිවිරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ නොවෙමි. එතකුදු වුවත් මෙි නගරය ඇසුරු කොට වාසය කරන්නාවු මට‚ පෙර එළඹ නොසිටියාවු සිහිය එළඹ සිටියි. එකහනොවු සිතද එකහ වෙයි. පහනොවු කෙලෙස් පහවී යයි. නොපැමිණියාවු උතුමි නිවණටද පිළිවෙළින් පැමිණෙමි’යි සිතිය යුතුය. මහණෙනි‚ ඒ භිකිෂුව විසින් එම නගරයෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.

17. ,මහණෙනි‚ මෙි ශාසනයෙහි භික්ෂු තෙම එක්තරා නගරයක් ඇසුරු කොට වාසය කරයිද‚ ඒ නගරය ඇසුරු කොට වාසය කරන්නාවු ඹහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද‚ එකහ නොවු සිත එකහ වෙයිද‚ පහනොවු කෙලෙස් පහවීයයිද‚ නොපැමිණියාවු උතුමි නිවණට පිළිවෙළින් පැමිණෙයිද‚ පැවිද්දහු විසින් ලැබිය යුතු සිවිරුය‚ ආහාරය‚ සෙනාසනය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවත්වීමට අවශ්‍ය යමක් වෙයිද‚ එය ඹහුට සුවසේ ලැබෙිද‚ මහණෙනි‚ ඒ මහණ විසින් මෙසේ සිහි කටයුතුයි. ‘මම වනාහි මෙි නගරය ඇසුරු කොට වාසය කරමි. මෙි නගරය ඇසුරු කොට වාසය කරන්නාවු ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ සිටියි. එකහ නොවු සිතද එකහ වෙයි. පහ නොවු කෙලෙස්ද පහවී යයි. නොපැමිණියාවු උතුමි නිවණටද පිළිවෙළින් පැමිණෙමි. පැවිද්ද්‍ර විසින් ලැබිය යුතුවු සිවිරුය‚ ආහාරය‚ සෙනාසනය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයට අවශ්‍ය යමක් වෙයිද ඒවා සුවසේ ලැබෙත්ය’යි සිතිය යුතුයි. ඒ භික්ෂුව විසින් දිවි ඇතිතාක් ඒ නගරයෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.

18. ,මහණෙනි‚ මෙි ශාසනයෙහි භික්ෂු තෙම එක්තරා පුද්ගලයෙකු ඇදුරු කොට වාසය කරයිද‚ ඒ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවු ඹහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද‚ එකහ නොවු සිත එකහ නොවෙයිද‚ පහ නොවු කෙලෙස් පහවීමට නොපැමිණෙයිද‚ නොපැමිණියාවු උතුමි නිවණට නොපැමිණෙයිද‚ පැවිද්ද්‍ර විසින් ලැබිය යුතුවු සිවුරුය‚ ආහාරය‚ සෙනසුන්ය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය ඹහුට දුකසේ ලැබෙයිද‚ මහණෙනි‚ ඒ මහණ විසින් මෙසේ සිහි කටයුතුයි. ‘මම වනාහි මෙි පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි.මෙි පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවු ඒ මට පෙර එළඹ නොසිටියාවු සිහිය එළඹ නොසිටියි. එකහනොවු සිත එකහ නොවෙයි. පහ නොවු කෙලෙස්ද විනාසයට නොපැමිණෙත්. නොපැමිණියාවු උතුමිවු නිවණටද නොපැමිණෙමි. පැමිද්ද්‍ර විසින් ලැබිය යුතුවු සිවිරුය‚ ආහාරය‚ සෙනාසනය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද‚ එය දුකසේ ලැබෙි’. මහණෙනි‚ ඒ භික්ෂුව විසින් රාත්‍රි කාලයෙහි හෝ දවල් කාලයෙහි හෝ ඒ පුද්ගලයාට නොකියාම බැහැර යායුත්තේය‚ ඹහුට බැදී නොවිසිය යුතුය.

19. ,මහණෙනි‚ මෙි ශාසනයෙහි මහණ තෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරු කොට වාසයව කරයිද‚ ඒ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවු ඹහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද‚ එකහ නොවු සිත එකහ නොවෙයිද‚ පහ නොවු කෙලෙස් විනාසයට නොපැමිණෙත්ද‚ නොපැමිණියාවු උතුමි නිවණට නොපැමිණෙයිද‚ පැවිද්ද්‍ර විසින් ලැබිය යුතු සිවිරුය‚ ආහාරය‚ සෙනාසනය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද‚ එය ඹහුට සුවසේ ලැබෙයිද‚ මහණෙනි‚ ඒ භිකිෂුව විසින් මෙසේ සිහි කටයුතුයි. ‘මම වනාහි මෙි පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මෙි පුද්ගලයා ඇසුරුකොට වාසය කරන්නාවු ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ නොසිටියි. එකහ නොවු සිතද එකහ නොවෙයි. පහ නොවු කෙලෙස්ද විනාසයට නොපැමිණෙත්. නොපැමිණියාවු උතුමි නිවණටද නොපැමිණෙමි. පැවිද්ද්‍ර විසින් ලැබිය යුතුවු සිවිරුය‚ ආහාරය‚ සෙනාසනය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය සුවසේ ලැබෙයි. මම වනාහි සිවිරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවුයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ නොවෙමි. සෙනාසනය නිසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර නිසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවුයේ නොවෙමි. එතකුදුවුවත් මෙි පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවු මට පෙර නුපන් සිහියද නුපදියි. එකහ නොවු සිතද එකහ නොවෙයි. පහ නොවු කෙලෙස්ද විනාසයට නොයෙත්. නොපැමිණියාවු උතුමි නිවණටද නොපැමිණෙමි’යි සිතිය යුතුය. මහණෙනි‚ ඒ භික්‍ෂුව විසින් ඒ පුද්ගලයාට නොකියාම බැහැර යායුත්තේය. ඹහුට බැදී නොවිසිය යුත්තේය.

20. ,මහණෙනි‚ මෙි ශාසනයෙහි මහණතෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරුකොට වාසය කෙරේද‚ ඒ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවු ඹහුට නුපන්නාවු සිහිය උපදියිද‚ එකහ නොවු සිත එකහ වෙයිද‚ පහ නොවු කෙලෙස් විනාසයට යත්ද‚ නොපැමිණියාවු උතුමි නිවණට පැමිණෙයිද‚ පැවිද්ද්‍ර විසින් ලැබිය යුතු සිවිරුය‚ ආහාරය‚ සෙනාසනය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද‚ එය ඹහුට දුකසේ ලැබෙයිද‚ මහණෙනි‚ ඒ භික්‍ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මෙි පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවු ඒ මට පෙර නුපන් සිහියද උපදියි. එකහ නොවු සිතද එකහ වෙයි. පහ නොවු කෙලෙස්ද විනාසයට යෙත්. නොපැමිණියාවු උතුමි නිවණටද පැමිණෙමි. පැවිද්ද්‍ර විසින් ලැබිය යුතුවු සිවිරුය‚ පිණ්ඩපාතය‚ සෙනාසනය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද‚ එය මට දුකසෙු ලැබෙයි. එහෙත් මම වනාහි සිවිරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ නොවෙමි. එතකුදු වුවත් මෙි පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවු මට‚ පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකහ නොවු සිත එකහ වෙයි. පහ නොවු කෙලෙස් විනාසයට යෙත්. නොපැමිණියාවු උතුමි නිවණටද පැමිණෙමි’යි සිතිය යුතුයි. මහණෙනි‚ ඒ භික්ෂුව විසින් ඒ පුද්ගලයා වෙත විසිය යුතුය. බැහැර නොයා යුතුය.

21. ,මහණෙනි‚ මෙි ශාසනයෙහි මහණ තෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරු කොට වාසය කරයිද ඒ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවු ඹහුට‚ පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද‚ එකහ නොවු සිත එකහ වෙයිද‚ පහ නොවු කෙලෙස් විනාසයට යත්ද‚ නොපැමිණියාවු උතුමි නිවණට පැමිණෙයිද‚ පැවිද්ද්‍ර විසින් ලැබිය යුතු සිවුරුය‚ ආහාරය‚ සෙනාසනය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද එය ඹහුට සුවසේ ලැබෙයිද‚ මහණෙනි‚ ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මෙි පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මෙි පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවු ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකහ නොවු සිත එකහ වෙයි. පහ නොවු කෙලෙස් විනාසයට යෙත්. නොපැමිණියාවු උතුමි‚ නිවණට පැමිණෙමි පැවිද්ද්‍ර විසින් ලැබිය යුතු සිවිරුය. ආහාරය‚ සෙනාසනය‚ ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජිවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද‚ එය මට සුවසේ ලැබෙත්ය’යි සිතිය යුතුයි. මහණෙනි‚ ඒ භික්ෂුව විසින් දිවි ඇති තෙක් ඒ පුද්ගලයා හා එක්ව වාසය කළ යුත්තේය බැහැර කරනු ලබන්නේද බැහැර නොයා යුතුයි,.

භාග්‍යවතුන් වහන්සේ මෙය වද්‍රළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යයතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

හත් වෙනිවු වනපත්‍ථ සුත්‍රය නිමි. (2-7 )

16. චෙතොඛිල සූත්‍රය.

1. මා වසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවු අනේපිඩු මහ සිටුහුගේ ජෙතවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´මහණෙනි, ´මහණෙනි, කියා භික්‍ෂුන්ට ආමන්ත්‍රනය කළහ. ´ ස්වාමීනියි, කියා ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

´´ මහණෙනි, යම් කිසි භික්‍ෂුවක් විසින් සිත බැඳී පවත්නා කුණු වැනි හෙයින් චෙතොඛිල නම්වු ධර්‍ම පහක් පහනොකරන ලද්දාහුද හිත සම්බන්‍ධවු බැමි පසක් නොසිඳන ලද්දාහුද ඒ භික්‍ෂුතෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටද, වැඩීමටද මහත් බවටද පැමිණෙන්නේය, යන මේ කාරණය සිදු නොවෙයි. ඔහු විසින් පහ නොකරන ලද චෙතොඛිලධර්‍ම පස කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි, මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයිද, අවිශ්වාස කරයිද මෙස් මෙසේ යයි නිශ්චයට නොපැමිණේද නොපහදීද මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැකකෙරේද, විශ්වාස නොකෙරේද, නිශ්චයට නොපැමිණේද නොපහදීද ඒ භික්‍ෂුහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කරීම පිණිස වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍ය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් පළමුවන චෙතොඛිල ධර්‍මය පහ නොකරන ලද්දේ වෙයි.

2. ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ධර්‍මය සැක කෙරේද අවිශ්වාස කරයිද මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද නෙපහදීද මහණෙනි, යම් භික්‍ෂුවක් ධර්‍මයෙහි සැකකෙරේද අවිශ්වාස කරයිද මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද නොපහදීද ඔහුගේ් සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිනිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නොනැමෙයි, යමකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යකිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීය්‍ර්‍යකිරීම පිණිස, වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් දෙවෙනි චෙතොඛිල ධර්‍මය පහ නොකරන ලද්දේ වෙයි.

3. ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සංඝයා කෙරෙහි සැකකෙරේද, අවිශ්වාස කරයිද, මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් සංඝයා කෙරෙහි සැක කෙරේද? අවිශ්වාස කරයිද, මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන විය්‍ර්‍ය කිරීම පිණිස එම විය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යකිරිම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් තුන්වැනි චෙතොඛිල ධර්‍මය පහ නොකරන ලද්දේ වෙයි.

4. ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ත්‍රිවිධ ශික්‍ෂාව කෙරෙහි සැක කෙරේද, අවිශ්වාස කෙරේද, නිශ්චයට නොපැමිණේද, නොපහදීද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ත්‍රිවිධ ශික්‍ෂාව කෙරෙහි සැකකෙරේද, අවිශ්වාස කෙරේද, නිශ්චයට නොපැමිනේද, නොපහදීද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යකිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස, වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍ය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් සතර වැනිවු චෙතොඛිල ධර්‍මය පහ නොකරන ලද්දේ වෙයි.

5. ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සබ්‍රම්සරුන් (එකට මහණ දම් පුරණ භික්‍ෂුන්) කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ තරහයෙන් මැඩුනු සිත් ඇත්තේ තද ගතියෙන් යුක්ත වුයේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ තරහයෙන් මැඩුනු සිත් ඇත්තේ තද ගතියෙන් යුක්ත වුයේ වේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යකිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස, වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍ය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ පස් වැනි චෙතොඛිල ධර්‍මය පහ නොකරන ලද්දේ වෙයි. ඔහු විසින් මේ චෙතොඛිල ධර්‍ම පස පහ නොකරන ලද්දාහු වෙත්.

6. ´´ ඔහු විසින් කවර නම් සිත පිළිබඳ බැමි පසක් නොසිඳින ලද්දාහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයෙහි පහ නුවු ආශාව ඇත්තේ වේද, පහ නෙවු කැමැත්ත ඇත්තේ වේද පහ නුවු ප්‍රේමය ඇත්තේ වේද පහ නොවු පිපාසය ඇත්තේ වේද පහ නුවු දැවිල්ල ඇත්තේ වේද පහ නුවු තෘෂ්නාව ඇත්තේ වේද මහණෙනි, යම් මේ මහණෙක්තෙම කාමයේ පහ නුවු ආශාව ඇත්තේ වේද, පහ නුවු කැමැත්ත ඇත්තේ වේද, පහ නුවු ප්‍රේමය ඇත්තේ වේද පහ නොවු පිපාසය ඇත්තේ වේද පහ නුවු දැවිල්ල ඇත්තේ වේද පහ නුවු තෘෂ්නාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස, වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍ය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ පළමුවෙනි සිත පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ.

7. ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමන්ගේ කයෙහි පහ නුවු ආශාව ඇත්තේ වේද පහනොවු කැමැත්ත ඇත්තේ වේද පහ නුවු ප්‍රේමය ඇත්තේ වේද පහ නොවු පිපාසය ඇත්තේ වේද පහ නුවු දැවිල්ල ඇත්තේ වේද පහ නුවු තෘෂ්නාව ඇත්තේ වේද මහණෙනි, යම් මේ භික්‍ෂුවක් තමන්ගේ කයෙහි පහ නුවු ආශාව ඇත්තේ වේද, පහ නුවු කැමැත්ත ඇත්තේ වේද, පහ නුවු ප්‍රේමය ඇත්තේ වේද පහ නොවු පිපාසය ඇත්තේ වේද පහ නුවු දැවිල්ල ඇත්තේ වේද පහ නුවු තෘෂ්නාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස, වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍ය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ දෙවෙනි සිත පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ.

8. ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමාගෙන් අන්‍යවු රූපයෙහි පහ නුවු ආශාව ඇත්තේ වේද පහනොවු කැමැත්ත ඇත්තේ වේද පහ නුවු ප්‍රේමය ඇත්තේ වේද පහ නොවු පිපාසය ඇත්තේ වේද පහ නුවු දැවිල්ල ඇත්තේ වේද පහ නුවු තෘෂ්නාව ඇත්තේ වේද මහණෙනි, යම් ඒ මහණෙක් තමාගෙන් අන්‍යවු රූපයෙහි පහ නුවු ආශාව ඇත්තේ වේද, පහ නුවු කැමැත්ත ඇත්තේ වේද, පහ නුවු ප්‍රේමය ඇත්තේ වේද පහ නොවු පිපාසය ඇත්තේ වේද පහ නුවු දැවිල්ල ඇත්තේ වේද පහ නුවු තෘෂ්නාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස, වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍ය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ තුන්වෙනි සිත පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ.

9. ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කුස පිරෙන තෙක් අනුබව කොට නිදීම් සැපයෙහිද, ඒ මේ අත පෙරළි පෙරළී නිදීම් සැපයෙහිද යෙදී වාසය කෙරේද, මහණෙනි, යම් මේ භික්‍ෂුවක් කුස පිරෙන තෙක් අනුබව කොට නිදීම් සැපයෙහිද, ඒ මේ අත පෙරළි පෙරළී නිදීම් සැපයෙහිද යෙදී වාසය කෙරේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස, වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍ය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ සතරවෙනි සිත පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ.

10. ´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචරියාවෙන් හෝ මහෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි යි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරේ දල මහණෙනිල යම් ඒ භික්ෂූවක් මම මේ ශීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බ්‍රහ්මචරියාවෙන් හෝ මහේශාක්‍ය දෙවියෙක් හෝ අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි යි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරේ ද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යකිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යකිරීම පිණිස වීය්‍ර්‍ය පිහිටුවීම පිණිස නොකැමෙයි . යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යකිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යකිරීම පිණිස වීය්‍ය ර්‍පිහිටුවීම පිණිස නොනැමේ ද මෙසේ ඔහු විසින් සිත පිළිබඳ වූ මේ පස්වැනි බැම්ම නොසිදින ලද්දේ වේ . ඔහු විසින් මේ පස් වැදෑරුම් බැමි නොසිඳින ලද්දාහු වෙත් .

11 ,මහණෙනිල යම් කිසි භික්ෂූවක් විසින් චෙතොඛිල ධර්‍ම පසද මේ විනිබන්ධ ධර්‍ම පස ද නොසිඳින ලද්දාහුදල ඒ භික්ෂූතෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියට ද වැඩීමට ද මහත් බවට ද පැමිණෙන්නේය යන මේ කාරණය සිදුනොවෙයි.

,මහණෙනිල යම්කිසි භික්ෂූවක් විසින් මේ පස් වැදෑරුම් චෙතොඛිල ධර්‍මයෝත් පස් වැදෑරුම් විනිබන්ධ ධර්‍මයෝත් සිඳින ලද්දාහුද ඒ භික්ෂූතෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියට ද වැඩීමට ද මහත්බවටද පැමිණෙන්නේය යන මෙි කාරණය සිදුවෙයි. ඔහු විසින් කවර නම් චෙතොඛිල ධර්‍ම පසක් පහකරන ලද්දාහුද යත් ?

,මහණෙනිල මේ ශාසනයෙහි මහණ තෙම ශාස්තෘන්වහන්සේ කෙරෙහි සැක නොකෙරේ දල අවිශ්වාස නොකෙරේ දල නිශ්චයට පැමිණෙ ද පහදී දල මහණෙනි යම් ඒ භික්ෂූවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නොකෙරේ ද අවිශ්වාස නොකෙරේ ද නිශ්චයට පැමිණේ ද පහදීදල ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිසල එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යය ර්‍කිරීම පිණිස ල වීය්‍ර්‍ය ය පිහිටුවීම පිණිසල නැමෙයි . යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස වීය්‍ර්‍ය ය පිහිටුවීම පිණිස නැමේ දල ඔහු විසින් මේ පලමුවැනි චෙතොඛිල ධර්‍මය පහකරණ ලද්දේ වෙයි.

,මහණෙනි නැවත අනෙකක් ද කියමි. මහණතෙම ධර්‍මයෙහි සැක නොකෙරේ ද අවිශ්වාස නොකෙරේ දල මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේද ල පහදීදල මහණෙනි යම් මේ භික්ෂූවක් ධර්‍මයෙහි සැක නොකෙරේ දල අවිශ්වාස නොකෙරේ දල මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේ දල පහදීදල ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස ල වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමෙයි ග යමෙකුගේ සිතකෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීමපිණසල වීය්‍ර්‍යය පිහිටුවීම පිණිසල නැමේ ද මෙසේ ඔහු විසින් මේ දෙවැනි චෙතොඛිල ධර්‍මය පහකරණ ලද්දේ වෙයි.

,මහණෙනි නැවත අනෙකක්ද කියමි ග මහණතෙම සංඝයා කෙරෙහිසැක නොකෙරේදල අවිශ්වාස නොකෙරේ දල මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේ ද පහදී ද ල මහණෙනිල යම් මේ භික්ෂූවක් සංඝයා කෙරෙහි සැක නොකෙරේ දල අවිශ්වාස නොකෙරේදල මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේ ද පහදී ද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍යය කිරීම පිණිස ල එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිසල නිතර වීය්‍ර්‍යය කිරීමල පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම ලපිණිස නැමෙයි ග යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යය යෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමේ දල මෙසේ ඔහු විසින් මේ තුන්වැනි චෙතොඛිල ධර්‍මය පහකරණ ලද්දේ වේ.

12. ,මහණෙනි නැවත අනෙකක් ද කියමි ග මහණතෙම ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැක නොකෙරේ ද ල අවිශ්වාස නොකෙරේ ද ල මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේ ද පහදී දල මහණෙනි යම් මේ භික්ෂූවක් ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැක නොකෙරේ ද අවිශ්වාස නොකෙරේ දල මෙසේ මෙසේ යයි නිශ්චයට පැමිණේ ද පහදී ද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය පිණිස එම වීය්‍ර්‍ය්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමෙයි ග යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය පිණිස එම වීය්‍ර්‍යයයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමේ දල මෙසේ ඔහු විසින් මේ සතර වැනි චෙතොඛිල ධර්‍මය පහකරණ ලද්දේ වෙයි.

, මහණෙනි නැවත අනෙකක් ද කියමි ග මහණතෙම සබ්‍රම්සරුන් (එකට මහණදම් පුරණ භික්ෂූන් ) කෙරෙහි නොකිපියේල සතුටුසිත් ඇත්තේල තරහෙන් නොමඩනා ලද සිත් ඇත්තේ තද ගතියක් නැත්තේ වේ ද ල මහණෙනි යම් මේ භික්ෂූවක් සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ සතුටු සිත් ඇත්තේ තරහෙන් නොමඩනා ලද සිත් ඇත්තේ තදගති නැත්තේ වේ දල ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමෙයි ග යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය පිණිස එම වීය්‍ර්‍යයයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යයකිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමේ ද ල මෙසේ ඔහු විසින් මේ පස්වන චෙතොඛිල ධර්‍මය පහකරණ ලද්දේ වෙයිග මෙසේ මහු විසින් මේ චෙතොඛිල ධර්‍ම පස පහකරණ ලද්දාහු වෙත්ග

13. ,ඔහු විසින් කවර නම් සිත පිළිබඳ බැමි පසක් සිඳින ලද්දාහු වෙත් ද ? මහණෙනිල මේ ලෝකයෙහි මහණතෙම කාමයෙහි පහවූ ආශාව ඇත්තේ වේ ද පහවූ කැමැත්ත ඇත්තේ වේ ද පහවූ ප්‍රෙමය ඇත්තේ වේ ද පහවූ පිපාසා ඇත්තේ වේ දල පහවූ දැවිල්ල ඇත්තේ වේ ද ලපහවූ තෘෂ්ණාව ඇත්තේ වේ ද මහණෙනි යම් මේ භික්ෂූවක් කාමයෙහි පහවූ ආශාව ඇත්තේ වේ ද පහවූ කැමැත්ත ඇත්තේ වේ ද පහවූ ප්‍රේමය ඇත්තේ වේ ද පහවූ පිපාසය ඇත්තේ් වේ ද පහවූ දැවිල්ල ඇත්තේ වේ ද පහවූ තෘෂ්ණානාව ඇත්තේ වේ ද ඔහුගේ සිත කෙලෙසුන් තවණ වීිය්‍ර්‍යය පිණිස එම වීය්‍ර්‍යය යෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමේ ද මෙසේ ඔහු විසින් සිත පිළිබද වූ මේ පළමුවෙනි විනිබන්ධය මනාකොට සිදින ලද්දේ වේ.

,මහණෙනි නැවත අනෙකක් ද කියමි ග මහණතෙම තමන්ගේ කයෙහි පහවූ ආශාව ඇත්තේ වේ ද පහවූ කැමැත්ත ඇත්තේ වේ ද පහවූ ප්‍රේමය ඇත්තේ වේ ද පහවූ පිපාසය ඇත්තේ වේ ද පහවූ දැවිල්ල ඇත්තේ වේ ද පහවූ තෘෂ්ණාව ඇත්තේ වේ ද මහණෙනිල යම් මේ භික්ෂූවක් තමන්ගේ කයෙහි පහවූ ආශාව ඇත්තේ වේ ද පහවූ කැමැත්ත ඇත්තේ වේ ද පහවූ ප්‍රේමය ඇත්තේ වේ ද පහවූ පිපාසය ඇත්තේ වේ ද පහවූ දැවිල්ල ඇත්තේ වේ ද පහවූ තෘෂ්ණාව ඇත්තේ වේ ද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණාස නිතර වීය්‍ර්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය ඵිහිටුවීම පිණිස නැමෙයි ග යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යකිරිීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යකිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමේ ද මෙසේ ඔහු විසින් සිත පිළිබඳ වූ මේ දෙවැනි වූ විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වේ ග

14. ,මහණෙනි නැවත අනෙකක් ද කියමිග මහණතෙම බාහිර වූ රූපයෙහි පහවූ ආශාව ඇත්තේ වේ ද පහවූ කැමැත්ත ඇත්තේ වේ ද පහවූ ප්‍රේමය ඇත්තේ වේ ද පහවූ පිපාසය ඇත්තේවේ ද පහවූ දැවිල්ල ඇත්තේ වේ ද පහවූ නෘෂ්ණාව ඇත්තේ වේ ද මහනෙණී ල යම් ඒ භික්ෂූවක් බාහිර වූ රූපයෙහි පහවූ රාගය ඇත්තේ වේ ද පහවූ කැමැත්ත ඇත්තේ වේ ද පහවූ ප්‍රේමය ඇත්තේ වේ ද පහවූ පිපාසය ඇත්තේ වේ ද පහවූ දැවිල්ල ඇත්තේ වේ ද පහවූ තෘෂ්ණාව ඇත්තේ වේ ද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැවෙයි ග යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍ය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමේ දල මෙසේ ඔහු විසින් සිත පිළිබද වූ මේ තුන්වැනි විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වේ .

‘ මහණෙනි නැවත අනෙකක් ද කියමි මහණතෙම බඩපුරා අනුභව කොට සයන සැපයෙහි ද ඒ මේ අත පෙරලෙමින් නිදන සැපයෙහි ද නිදි සැපයෙහි ද යෙදී වාසය නොකෙරේ ද මහණෙනිල යම් ඒ භික්ෂූවක් බඩපුරා අනුභව කොට සයන සැපයෙහි ද ඒ මේ අත පෙරලෙමින් නිදන සැපයෙහි ද නිදි සැපයෙහි ද යෙදී සයනය නොකෙරේ ද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමෙයිග යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යය කිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමේ ද මෙසේ ඔහු විසින් සිත පිළිබද වූ මේ සතරවැනි විනිබන්ධය මනාකොට සිදින ලද්දේ වේ.

15. ,මහණෙනි නැවත අනිකක් ද කියමි . මහණතෙම මම මේ ශීලයෙන් හෝ මේ වතින් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්ම චරියාවෙන් හෝ මහේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි ල අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කර ගෙන බ්‍රහ්මචර්යාවෙහි නොහැසිරේ ද මහණෙනි යම් ඒ භික්ෂූවක් මම මේ ශීලයෙන් හෝ මේ වතින් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්මචරියාවෙන් හෝ මහේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමියි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචර්යාවෙහි නොහැසිරේ ද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යකිරීම පිණිස එම වීය්‍ර්‍යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යකිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමෙයිග..යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීය්‍ර්‍යකිරීම පිණිස එම වීය්‍ර්‍යයයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීය්‍ර්‍යය කිරීම පිණිස වීය්‍ර්‍යය පිහිටුවීම පිණිස නැමේ ද මෙසේ ඔහු විසින් සිත පිළිබද වූ මේ පස්වැනි වූ විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වෙයි. ඔහු විසින් සිත පිළිබඳ වූ මේ විනිබන්ධ පස මනාකොට සිඳින ලද්දාහු වෙත්.

16. ,මහණෙනි යම් කිසි භිකෂූවක් විසින් මේ චෙතොඛිල ධර්‍ම පස ද මේ විනිබන්ධ ධර්‍ම පසද සිඳින ලද්දාහු ද ඒ භික්ෂූතෙම ඒකාතන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටදල වැඩීමට ද නැගීමටද මහත් බවටද පැමිණෙන්නේය යන මේ තාරණය සිදුවෙයි. ඒ භික්ෂූතෙම ඡන්දය නිසා පැවති සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍාද්ධිපාදය වඩයි . සිත නිසා පැවති සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඎද්ධිපාදය වඩයි. වීය්‍ර්‍යය නිසා පැවති සමාධිය ප්‍රධා න කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඎද්ධිපාදය වඩයි . වීමංසාව නිසා පැවති සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩය.ි සෑම තන්හි කටයුතු වීය්‍ර්‍යයම හෙවත් සියලු කටයුතු සිදුකරණ වීය්‍ර්‍යය ම පස්වැනි කොට ඇත්තේ වේ ද මහණෙනි මෙසේ සියලු අභිවෘද්ධය සිදුකරන වීය්‍ර්‍යය සහිත පසලොස් අඞ්ගයකින් සමන්විත වූ ඒ මේ භික්ෂූතෙම නුවණින් කෙලෙස් බිදීමට සුදුසු වේ. සතරමාර්ගඥානය අවබොධ ිකරගැනීමට යෝ්ග්‍යවේ . උතුම් වූ අර්හත් ඵල අවබෝධයට යෝග්‍ය වේ . මහණෙනි යම්සේ කිකිළියගේ බිජුවට අටක් හෝ දහයක් හෝ දොළසක් හෝ වෙත් ද ඒ බිජුවට කිකිළිය විසින් මනාකොට රකින ලද්දාහු උනුසුම් කරණ ලද්දාහු මනාකොට වඩන ලද්දාහු වෙත්ද ඒ කිකිළියට මාගේ කුකුල් පැටව් පයේ නියවලින් හෝ හොටෙන් හෝ සුවසේ බීජයන් බිඳගෙන නික්මෙන්නාහු නම් ඉතා යෙහෙකැයි යන මෙබදු ආශාවක් නූපදින්නීය . එහෙත් ඒ කුකුල් පැටව් පයේ නියවලින් හෝ හොටෙන් හෝ සුවසේ බිජු බිඳ ගෙන නික්මෙන්නට යෝග්‍යවූවාහු වෙද්ද මහණෙනි එපරිද්දෙන්ම මෙසේ සියලු කටයුතු සිදුකරණ වී්ය්‍ර්‍යය සහිත පසළොස් අංගයෙන් සමන්විත වූ මහණ තෙම නුවණින් කෙලෙස් බිදීමට යෝග්‍යය වේ .සතර මාර්ගඥානය අවබෝධයට යොග්‍ය වේ . උතුම් වූ අර්හත් ඵලයාගේ අවබෝධයට යෝග්‍ය වේමය .

භාග්‍යවතුන්වහන්සේ මේ ධර්‍මයවදාළහ . සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තෝය.

සය වැනිවූ චෙතොඛිල සූත්‍රය නිමි . ( 2- 6 )

15. අනුමාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවීර තෙම භගූ නම් දනව්වෙහි සුංසුමාර ගිරි නම් නුවර මිගදාය නම් වු හෙසකලා නම් වනයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවීරයන් වහන්සේ ´ ඇවැත්නි, මහණෙනි´ කියා භික්‍ෂුන්ට කථා කළහ. ´ ඇවැත්නි´ කියා ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවීරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවීරයන් වහන්සේ මේ ධර්‍මය ප්‍රකාශ කලහ.

´´ ඇවැත්නි, (යම්කිසි) භික්‍ෂුවක් තෙම ´´ මම ආයුෂ්මතුන් විසින් අනුශාසනා වශයෙන් කිය යුත්තේ වෙමි. මට ආයුෂ්මත්හු අවවාද වශයෙන් කරුනු කියත්වා´´ යයි ඉදින් (අන්‍ය භික්‍ෂුන් ) පවරාද, (එසේ ඉල්ලා සිටියත්) ඒ භික්‍ෂුව දුර්‍වචයෙක් (අවවාදය නොපිළිගන්නා හෙයින් අවවාද කිරීමට අමාරු වූවෙක්) වෙයි නම් දුර්‍වච බව ඇතිකරන ගතිවලින් යුක්ත නම්, නොයිවසන ගතියෙන් යුක්ත නම්, අනුශාසනාව නුහුරට ගන්නේනම් එසේ ඇති කල්හි එක්ව මහන දම් පුරන භික්‍ෂුහු ඔහු අවවාදකල යුත්තෙකු කොට නොහඟිත්. අනුශාසනා කළ යුත්තෙකු කොට නොහඟිත්. ඒ පුද්ගලයා විශ්වාසය තැබිය යුත්තෙකු කොට නොහඟිත්.

2. ´´ ඇවැත්නි, දුර්‍වච බව කරන කරුණු කවරහුද? ´ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම (නැති ගුන අඟවන) ලාමක අදහස් ඇත්තේ වෙයිද, ලාමක අදහස් වලට වසඟ වුයේ වෙයිද, ´ඇවැත්නි, මහණතෙම ලාමක අදහස් ඇත්තේය. ලාමක අදහස්වලට වසඟවුයේය යන යමක්වේද, මේ කාරනය දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියම්. මහණතෙම තමා උසස් කොට සලකන්නේ වෙයිද අනුන්ට ගරහන්නේ වෙයිද, ඇවැත්නි, මහණතෙම තමන් උසස් කොට සිතන්නේය. අනුන්ට ගරහන්නේය යන යමක් වේද, මේ කාරණයද දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහනතෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේද, ක්‍රොධයෙන් මඩනාලද සිත් ඇත්තේවේද, ඇවැත්නි, මහණතෙම ක්‍රොධ කරණ ස්වභාව ඇත්තේය. ක්‍රොධයෙන් මඩනාලද සිත් ඇත්තේය යන යමක් වේද, මේ කාරනයද දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහනතෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ ක්‍රොධය හේතුකොට ගෙන බඬ වෛර ඇත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ ක්‍රොධය හේතුකොට ගෙන බඬ වෛරය ඇත්ාත්ය යන යමක්වේද, මේ කාරනයද දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අන්කක්ද කියමි. මහණ තෙම ක්‍රොධ කරණ ස්වභාව ඇත්තේ ක්‍රෝධය හේතුකොට ගෙන නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නේවේද, ඇවැත්නි, මහණතෙම ක්‍රෝධ කරන ස්වභාව ඇත්තේ, ක්‍රෝධය හේතුකොට ගෙන නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නේය යන යමක්වේද මේ කාරණයද දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රෝධ කරන ස්වභාව ඇත්තේ වේද ක්‍රෝධයට කිට්ටු වචන කියන්නේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ ක්‍රෝධයට කිට්ටු වචන කියන්නේය යන යමක් වේද මේ කාරනයද දුර්‍වච බව කරන්නකි.

3. ඇවැත්නි, නැවක අනිකක්ද කියමි. චෝදනා කරන්නකු විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට ප්‍රතිවිරුද්Ȁdධව සිටීද, ඇවැත්නි, මහණතෙම චෝදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චා්දනා කල තැනැත්තාට ප්‍රතිවිරුඬව සිටියි යන යමක් වේද මේ කාරණයද දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අන්කක්ද කියමි. මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චොදනා කරන තැනැත්තාට අවමන් කෙරේද, ´´ඇවැත්නි, මහණතෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදකයාට අවමන්කරයි යන යමක් වේද, මේ කාරනයද දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අන්කක්ද කියමි. මහණතෙම චොදනා කරන්නෙකු විසින් චොදනා කරන ලද්දේ චෝදකයාට (චොදනා කල තැනැත්නාට ) වේදන කල තැනැත්තාට) චොදනා හරවයිද, ඇවැත්නි, මහණතෙම චොදනා කල තැනැත්තා විසින් චොදන කරන ලද්දේ චොදනා කළ තැනැත්තාට චෝදනා හරවයි යන යමක් වේද මේ කාරන්ය දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම චොදනා කරන්නා විසින් චෝදනා කරණ ලද්දේ අනික් කතවකින් අනික් කරුණක් වසාද, කථාව පිටතට නමාද කෝපය තරහයද නොසතුටද පහල කරයිද, ඇවැත්නි, මහණතෙම චෝදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ අනික් කථාව කින් අනික් කරුණ වසයි. කථාව පිටතට නමයි. කොපයද තරහයද නොසතුටද පහල කරයි යන යමක්වේද මේ කාරනයද දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම චොදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම ප්‍රකාශ නොකරයිද, ඇවැත්නි, මහණතෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම ප්‍රකාශ නොකරයි යන යමක්වේද මෙි කාරනයද දුර්‍වච බව කරන්නකි.

4. ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ගුනමකු වේද (ගුන නැතිව සිටිමින් ගුණවතුන් හා තමා සමක සලකන්නේ) යුගග්‍රාහ ඇත්තේ වෙයිද, ඇවැත්නි, මහණතෙම ගුණමකු වේය යුගග්‍රාහ ඇත්තේ වේය යන යමක් වේද, මේ කාරණයද දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ඊෂ්‍ර්‍යා කරන්නේ වෙයිද මසුරු මලයෙන් යුක්ත වූයේ වෙයිද ඇවැත්නි, මහණතෙම ඊෂ්‍ර්‍යා කරන්නේය. මසුරු මලින් යුක්ත වූයේය යන යමක් වේද මේ කාරණයද දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කෛරාටික වේද, රැවටිලි ඇත්තේ වේද, ඇවැත්නි, මහණතෙම කෛරාටික වෙයි. රැවටිලි ඇත්තේ වෙයි යන යමක් වේද මේ කාරනයද දුර්‍වච බව කරන්නේය.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තද ගති ඇත්තේ වේද අධික මාන ඇත්තේ වේද ඇවැත්නි, මහණතෙම තද ගති ඇත්තේය, අධික මාන ඇත්තේය යන යමක් වේද මේ කාරණයද දුර්‍වච බව කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමාගේ ලබ්ධිය දැඩි වශයෙන් ගන්නේ එයින් දුකසේ බැහැරකරවිය යුතු වූයේ වෙයිද ඇවැත්නි, මහණතෙම තමාගේම ලබ්ධිය දැඩි වසයෙන් ගන්නේ එයින් දුකසේ බැහැර කරවිය යුතුය යන යමක් වේද මේ කැරනයද දුර්‍වච බව කරන්නකි. ඇවැත්නි මේ කරුනු දුර්‍වච බව කරන ගතියයි කියනු ලැබෙත්.

´´ ඇවැත්නි, මහණතෙම ´ ආයුෂ්මත්හු මට අවවාද වශයෙන් කියත්වා මම ආයුෂ්මතුන් මට අවවාද වශයෙන් කියත්වා මම ආයුෂ්මතුන් විසින් කියයුත්තෙක් වෙමියි, ඉදින් (අන්‍ය භික්‍ෂුන්) නොපවරාද (එසේ ඉල්ලා නොසිටියත්) ඒ භික්‍ෂුව සුවචයෙක් නම්, (අවවාදය පිළිගන්නා හෙයින් අවවාද කිරීමට පහසු කෙනෙක්) වෙයි නම්, සුවච බව ඇති කරන්නාවු කරුනුවලින් යුක්ත නම්, ඉවසන ගතියෙන් යුක්ත නම්, අනුශාසනාව ගෞරවයෙන් පිළිගන්නේ නම්, එකල්හි එක්ව මහණදම් පුරන භික්‍ෂුහු ඔහු කිය යුත්තෙකු කොට හඟිත්. අනුශාසනා කටයුත්තෙකු කොට හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබිය යුත්‍රයයි හඟිත්.

´´ ඇවැත්නි, සුවච බව කරණ ධර්‍මයෝ කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම (නැති ගුණ හඟවන) ලාමක අදහස් ඇත්තේ නොවේද, ලාමක අදහස් වලට වසඟ නොවූයේ වේද ඇවැත්නි, මහණතෙම ලාමක අදහස් ඇත්තේ නොවේ, ලාමක අදහස් වලට වසඟ නොවුයේය යන යමක් වේද මේ කාරණයද සුවච බව ඇතිකරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමා උසස්කොට නොසලකන්නේ වේද, අන්‍යයා පහත් කොට නොසලකන්නේ වේද, මහණතෙම තමා උසස්කොට නොසලකන්නේ අන්‍යයා පහත්කොට නොසලකන්නේය, යන යමක් වේද මේ කාරණය සුවච බව ඇතිකරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ක්‍රෝධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රෝධයෙන් මඩනාලද සිත් ඇත්තේ නොවේද, ඇවැත්නි, මහණතෙම ක්‍රෝධ නොකරන ස්වභාව ඇත්තේය. ක්‍රෝධයෙන් මඩනාලද සිත් නැත්තේය යන යමක් වේද, මේ කාරනයද සුවච බව ඇති කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ක්‍රෝධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රෝධය හේතු කොට ගෙන බඬ වෛර නැත්තේ වේද, ඇවැත්නි, මහණතෙම ක්‍රෝධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රෝධය හේතුකොට ගෙන බඬ වෛර නැත්තෙය යන යමක් වේද, මේ කාරණය සුවච බව ඇතිකරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ක්‍රෝධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රෝධ හේතුවෙන් (නපුරු ක්‍රියාවන්හි) නොඇලෙන්නේ වේද ඇවැත්නි, මහණතෙම ක්‍රෝධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රෝධ හේතුවෙන් නපුරු ක්‍රියාවන්හි නොඇලෙන්නේය යන යමක් වේද මේ කරුනද සුවච බව ඇතිකරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ක්‍රෝධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රෝධයට කිට්ටු වචන නොකියන්නේද, ඇවැත්නි, මහණතෙම ක්‍රෝධ නොකරන ස්වභාව ඇත්තේය, ක්‍රෝධයට කිට්ටු වචන නොකියන්නේය යන යමක් වේද මේ කරුනද සුවච බව ඇති කරන්නකි.

6. ඇවැත්නි, මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට ප්‍රතිවිරුද්ධව නාසිටීද, මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට ප්‍රතිවිරුද්ධව නොසිටී යන යමක් චේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට අවමන් නොකෙරේද, ඇවැත්නි, මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට අවමන් නොකරයි යන යමක් වේද මේ කරුනද සුවච බව ඇති කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියම්. මහණතෙම චෝදනා කල තැනැත්තා පිට චෝදනා නොනංවයිද ඇවැත්නි, මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තා පිට චෝදනාව නොනංවයි යන යමක්වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියම්. මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනික් කථාවකින් අනික් කරුනක් නොවසයිද කථාව පිටතට නොනමයිද කෝපයද තරහද නොසතුටද පහළ නොකරයිද, ඇවැත්නි, මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනික් කථාවකින් අනික් කරුනක් නොවසයි. කථව පිටතට නොනමයි. කෝපයද තරහද නොසතුටද පහළ නොකරයි යන යමක් වේද මේ කරුණද සුවච බව ඇතිකරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියම්. මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමාගේ පැවැත්ම නොකියයිද ඇවැත්නි, මහණතෙම චෝදකයා විසින් චෝදනා කරන ලද්දේ තමාගේ පැවැත්ම නොකියයි යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.

7. ´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ගුණමකු නොවේද ගුණ නැතිව ගුන ඇති අනුන් හා සමා නොකරන්නේ වේද, ඇවැත්නි, මහණතෙම ගුණමකු නොවේ. ගුණයෙන් අනුන් හා සමන නොකරන්නේවේ. යන යමක් වේද මේ කරුනද සුවච බව ඇති කරන්නකි. ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ඊෂ්‍ර්‍යා නොකරන්නේවේද, මසුරුමල නැත්තේවේද, ඇවැත්නි, මහණතෙම ඊෂ්‍ර්‍යා නොකරන්නේ වෙයි, මසුරු මල නැත්තේය යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කෛරාටික නොවේද රැවටිලි නැත්තේවේද, ඇවැත්නි, මහණතෙම කෛරාටික නොවේ, රැවටිලි නැත්තේය යන යමක්වේද මේ කරුණද සුවච බව ඇතිකරන්නකි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම, තද ගති නැත්තේ වේද, අධික මාන නැත්තේ වේද, ඇවැත්නි, මහණතෙම තදගති නැත්තේය. අධික මාන නැත්තේය යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි. ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමාගේ විශ්වාසයම නොගන්නේ වේද තමාගේ ලබ්ධිය දැඩි වශයෙන් නොගන්නේ එයින් පහසුවෙන් වෙන් කළ හැක්කේවේද, ඇවැත්නි, මහණතෙම තමාගේ ව්ශ්වාසය නොගන්නේය, තමාගේ ලබ්ධිය දැඩි වශයෙන් නොගන්නේ පහසුවෙන් එයින් වෙන් කළ හැක්කේය යන යමක් වේද මේ කරුනද සුවච බව ඇතිකරන්නකි. ඇවැත්නි, මොවුහු සුවච භාවය ඇතිකරන කරුනුයයි කියනු ලබත්.

8. ´´ ඇවැත්නි, මහණහු විසින් මේ කරුනු දහසයෙහි තමා විසින් තමා මෙසේ මැන බැලිය යුතුය. (කෙසේද?) යම් මේ පුද්ගලයෙක් තෙම ලාමක අදහස් ඇත්තේ ලාමක අදහස් වල වසඟයට ගියේ වේද, (එහෙයින්) මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද ලාමකවු අදහස් ඇත්තේ ලාමක අදහස් වල වසඟයට ගියේ වෙම් නම්, මමද අනුන්ට අප්‍ර්ය වූයේ අමනාප වූයේ වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් ලාමක අදහස් ඇත්තෙක් නොවන්නෙමියි, ලාමකවු අදහස්වල වසඟයට ගියේත් නොවන්නෙමියි සිත ඉපදවිය යුතුය.

´´ යම් පුද්ගලයෙක් වනාහි තමා උසස් කරන්නේ අනුන් පහත් කරන්නේවේද, මේ පුද්ගල තෙම මට අප්‍ර්යය, අමනාපය, මමද තමා උසස් කරන්නෙක් අනුන් පහත් කරන්නෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍ර්ය වුවෙක් අමනාප වුවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් තමා උසස් නොකරන්නෙක් අනුන් පහත් නොකරන්නෙක් වන්නෙමියි සිත ඉපදවිය යුතුයි.

´´ යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙන ගති ඇත්තේ ක්‍රොධයෙන් මඩනාලද්දේ වේද, මේ පුද්ගලතෙම මට අප්‍රයය, අමනාපය, මමද කිපෙනසුලු වූවෙක් ක්‍රෝධයෙන් මඩනාලද්දෙක් වන්නෙම් නම්, මමද අනුන්ට අප්‍රය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් නොකිපෙන ගති ඇත්තෙක් ක්‍රෝධයෙන් නොමඩනා ලද්දෙක් වන්නෙමියි, සිත ඉපිදවිය යුතුය.

´´ යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙන ගතිය ඇත්තේ ක්‍රෝධය හේතුකොට ඇති බඬ වෛර ඇත්තෙක් වේද, මේ පුද්ගලතෙම මට අප්‍ර්යය, අමනාපය, මමද කිපෙන ගතිය ඇත්තෙක් ක්‍රෝධය හේතුකොට බඬ වෛර ඇත්තේක් වන්නෙම්ද, මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වුවෙක් වන් නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් කිපෙන ගති ඇත්තෙක් නොවන්නෙමි. ක්‍රොධය හේතුකොට බඬ වෛර ඇත්තෙක් නොවන්නෙමියි, සිත ඉපිදවය යුතුයි.

´´ යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙන ගතිය ඇත්තේ ක්‍රෝධය හේතුකොට නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද අනුන්ට ක්‍රෝධ කරන්නෙම් නම්, ක්‍රෝධය හේතුකොට නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියවූවෙක් අමනාප වුවෙක් වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් කිපෙන ගති ඇත්තෙක් නොවන්නෙමි. ක්‍රෝධය හේතුකොට නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් නොවන්නෙමියි සිත ඉපදවිය යුතුයි.

´´ යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙනසුලු වූයේ ක්‍රෝධයට සමීපවු වචන කියන්නේවේ, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද කිපෙන සුලුවුවෙක් ක්‍රෝධයට සමීප වචන කියන්නෙක් වන්වෙම් නම් මමද අනුනට අප්‍රියයෙක් අමනාප වුවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවු භක්‍ෂුව විසින් කිපෙන ගති ඇත්තෙක් නොවන්නෙමි, ක්‍රෝධයට සමීපවචන කියන්නෙක් නොවෙන්නෙමියි සිත ඉපදවිය යුතුයි.

9. ´´ යම් පුද්ගලයෙක් වනාහි චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට පෙරලා චෝදනා කරයිද මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චොදනා කරන්නා විසින චොදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්කාට පෙරලා චොදනා කරන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වුවෙක් අමනාප වුවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව චෝදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනා කල තැනැත්තාට පෙරලා චෝදනා නොකරන්නෙමියි, සිත ඉපදවිය යුතුය.

´´ යම් මේ .පුද්ගලයෙක් තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ, චෝදනා කල තැනැත්තාට අවමන් කරයිද මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට අපහාස කරන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වුවෙක් අමනාප වුවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට අපහාස නොකරන්නෙමියි සිත ඉපදවිය යුතුය.

´´ යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට පෙරලා චෝදනා කෙරේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට පෙරලා චෝදනා කරන්නෙම් නම්, මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට පෙරලා චෝදනා නොකරන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.

´´ යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් වසාද, කථාව පිටතට නමයිද, කොපයද, තරහද, නොසතුටද, පහල කෙරේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ, අනිකක් අනිකෙන් වසන්නෙම් නම්, කථාව පිටතට නමන්නෙම් නම්, කෝපයත්, තරහත්, නොසතුටත්, පහල කරන්නෙම් නම්, මමද අනුන්ට අප්‍රියයෙක්, අමනාපයෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් නොවසන්නෙමි. කථාව පිටතට නොනමන්නෙමි. කෝපයත් තරහයත් නොසතුටත් පහල නොකරන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.

´´ යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම නොකියයි නම් මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම නොකියන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම කියන්මෙියි සිත ඉපදවිය යුතුය.

10. ´´ යම් මේ පුද්ගලයෙක් වනාහි ගුණමකුවුයේ, යුගග්‍රාහ ඇත්තේවේද මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද ගුණමකු ඇත්තේ යුගග්‍රාහ ඇත්තේ වන්නෙම් නම්, මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් ගුණමකු නැත්තෙක් යුගග්‍රාහ නැත්තෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.

´´ යම් මේ පුද්ගලයෙක් වනාහි ඊෂ්‍ර්‍යා කරණ ස්වභාව ඇත්තේ මසුරුවුයේද මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද ඊෂ්‍ර්‍යා ඇත්තේ මසුරු බැව් ඇත්තේ වන්නෙම්ද, මමද අනුන්ට අප්‍රිය වුවෙක් අමනාපවුවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් ඊෂ්‍ර්‍යා නැත්තෙක් මසුරු බැව් නැත්තෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුය.

´´ යම් මේ පුද්ගලයෙක් වනාහි කෛරාටික වූයේ මායා ඇත්තේ වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද කෛරාටික වූයේ මායා ඇත්තේ වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වුවෙක් අමනාප වුවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් කෛරාටික නුවුවෙක්, මායා නැත්තෙක් වන්නෙමියි සිත ඉපදවිය යුතුයි.

යම් මේ පුද්ගලයෙක් වනාහි තද ගති ඇත්තෙක් අධික මාන ඇත්තෙක් වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද තදගති ඇත්තෙක් අධික මාන ඇත්තෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රය වුවෙක් අමනාප වුවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් තදගති නැත්තෙක් අධික මාන නැත්තෙක් වන්නෙමියි සිත ඉපදවිය යුතුයි.

´´ යම් මේ පුද්ගලයෙක් වනාහි තමාගේම මතය ගෙන සිටින්නේ තමාගේම ලබ්ධිය දැඩිලෙස ගන්නේ එයින් බැහැර කරවිය නොහැක්කේ වේද? මේ පුද්ගල තෙම මට අප්‍රියය අමනාපය, මමද මගේම මතය ගෙන සිටින්නේ මගේම ලබ්ධිය දැඩිකොට ගැනීම ඇත්තේ එයින් බැහැර කරවිය නොහැක්කෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වුවෙක් අමනාප වුවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවු භික්‍ෂුව විසින් තමාගේම මතය නොගන්නෙක් තමාගේම ලබ්ධිය දැඩිකොට ගැනිම නැත්තෙක්, පහසුවෙන් එයින් බැහැරකල හැක්කෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.

11. ´ඇවැත්නි, ඒ කාරනයන්හි භක්‍ෂුව තමා විසින්ම තමා ගැන මෙසේ සලකා බැලිය යුතුය. කිමෙක්දෝ මම ලාමක අදහස් ඇත්තේ වෙම්ද, ලාමක වු අදහස් වල වසඟයට ගියේ වෙම්දෝයි, (සැලකිය යුතුයි) ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ ලාමක අදහස් ඇත්තෙම් ලාමක වු අදහස් වල වසඟයට ගියෙම් වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමකවු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ ලාමක අදහස් ඇත්තෙම් නොවෙමි. ලාමක අදහස් වල වසඟයට ගියෙම් නොවෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව කුසල් ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කළයුතුය.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව තමා විසින්ම තමා ගැන මෙසේ සලකා බැලිය යුතුය. කිමෙක්දෝ මම තමා උසස් කරන්නේ අනුන් පහත් කරන්නෙක් වෙම්දැයි, (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම තමන් උසස් කරන්නෙක්, අනුන් පහත් කරන්නෙක් වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමක වු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම සලකා බලන්නේ මම තමා උසස් නොකරන්නේ අනුන් පහත් නොකරන්නෙක් වෙමියි, මෙසේ දනිද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.

´´ ඇවැත්නි, නැවත අන්කක්ද කියමි. භික්‍ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම කිපෙන සුලුවුයේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ වෙම්දැයි, (සලකා බැලිය යුතුයි) ඇවැත්නි, ඉදින් භික්‍ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රොධයෙන් මඩනාලද්දේ වෙමියි, මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමක වු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂු තෙම සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රොධයෙන් මඩනා ලද්දේ නොවෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑදාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කට යුතුයි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුය. කිමෙක්දෝ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රොධය නිසා බඬ වෛර ඇත්තේ වෙම්දැයි (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රොධය නිසා බඬ වෛර ඇත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමක වු අකුසල ධර්‍මයන්ගේම දුරු කිරීම පිණිස උත්සාහ කටයුතුය.

´´ ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නොවෙමි. ක්‍රොධයට හේතුවු බඬ වෛර ඇත්තේ නොවෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමන් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කට යුතුයි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුය. කිමෙක්දා් මම කිපෙනසුලු වූයේ වෙම්දෝයි, (සලකා බැලිය යුතු) ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමකවු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කට යුතුය. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් නොවෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කට යුතුයි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ, මම කිපෙන ස්වභාව ඇත්තේ වෙම්ද, ක්‍රොධයට සමීපවු වචන කියන්නේ වෙම් දැයි, (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ වෙමි, ක්‍රොධයට සමීපවු වචන කියන්නේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමකවු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නොවෙමි. කිපීමට සමීපවු වචන නොකීයන්නේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.

12. ´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව තමා විසින්ම තමා ගැන මෙසේ සලකාබැලිය යුතුය. කිමෙක්දෝ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චොදනා කල තැනැත්තාට ප්‍රතිවිරුඬව සිටිම්දැයි (සලකා බැලිය යුතුය)

´´ ඇවැත්නි, ඉදන් භික්‍ෂුතෙම මෙසේ සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට ප්‍රතිවිරුඬව සිටිමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමකවු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කට යුතුය. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම එසේ සලකන්නේ මම චෝදනා කරන ලද්දේ, චෝදනා කළ තැනැත්තාට ප්‍රතිවිරුඬව නොසිටිමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට අපහාස කරම්දැයි (සලකා බැලිය යුතුයි)

´´ ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම වොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනා කල තැනැත්තාට අපහාස කරමියි, මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමක වු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කට යුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂ්‍ර තෙම සලකා බලන්නේ මම චොදනා කරන්නා විසින් චොදනා කර ලද්දේ චොදනා කල තැනැත්තාට අපහාස නොකරමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසන් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දා් මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනා කල තැනැත්තාට පෙරළා චාදනා කෙරෙම්දැයි, (සලකා බැලිය යුතුය)

´´´ ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනා කල තැනැත්තාට පෙරළා චොදනා කරමියි, මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමකවු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.

´´ ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම සලකා බලන්නේ මම චොදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කල තැනැත්තාට පෙරලා චෝදනා නොකරමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ූෂව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කට යුතුයි.

´´ ඇවැත්නි, නැවත අන්කක්ද කියමි. භික්‍ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ අනිකකින් අනිකක් වසම්ද. කථාව පිටතට නමම්ද, කෝපයත් තරහවත් නොසතුටත් පහල කෙරෙම්දැයි (සලකා බැලිය යුතුයි.)

´´ ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් වසමි. කථාව පිටතට නමමි. කෝපයත්, තරහත්, නොසතුටත් පහල කරමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ලාමක වු ඒ අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම සලකන්නේ මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දෙම් අනිකකින් අනිකක් නොවසමි. කථාව පිටතට නොනමමි, කෝපයත් තරහත් නොසතුටත් පහල නොකරමියි, මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුය. කිමෙක්දෝ් මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ, ඇවැත්නි, පැවැත්ම ප්‍රකාශ නොකරන්නෙම්දැයි (සලකා බැලිය යුතුයි) ඒ භික්‍ෂුව විසින් එසේ සලකා බලන්නේ චෝදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ පැවැත්ම ප්‍රකාශ නොකරන්නෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ලාමකවු ඒ අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම සලකා බලන්නේ මම චාදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ පැවැත්ම ප්‍රකාහ කරමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෙිෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.

13. ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුය. කිමෙක්දෝ මම ගුණමකුවුයේ යුගග්‍රාහ ඇත්තේ වෙම්දැයි, (සලකා බැලිය යුතු) ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම ගුණමකු වුයේ යුගග්‍රහ ඇත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමක වු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම සලකා බලන්නේ මම ගුණමකු නොවුයේ යුගග්‍රහ නැත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි. ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම ඊර්‍ෂ්‍යා ඇත්තේ මසුරු බැව් ඇත්තේ වෙම්දෝයි, (සලකා බැලිය යුතුයි) ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම ඊර්‍ෂ්‍යා ඇත්තේ මසුරු බැව් ඇත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමකවු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කට යුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම සලකා බලන්නේ මම ඊර්‍ෂ්‍යා නැත්තේ මසුරු බැව් නැත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කට යුතුයි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ, මම කෙරාටික වුයේ මායා ඇත්තේ වෙම්දෝයි, (සලකා බැලිය යුතු) ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම කෛරාටිකවුයේ මායා ඇත්තේ වමියි මෙසේ දනිද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ලාමකවු අකුසල ධර්‍මයන්ගේම දුරු කිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම සලකා බලන්නේ මම කෛරාටික නොවුයේ මායා නැත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භක්‍ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම තදගති ඇත්තේ අධික මාන ඇත්තේ වෙම්දෝයි, (සලකා බැලිය යුතුයි) ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම තදගති ඇත්තේ අධික මාන ඇත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමකවු අකුසල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම තදගති නැත්තේ අධික මාන නැත්තේ වෙමියි, මෙසේ දනිද, ඇවත්නි, ඒ භික්‍ෂුව විසන් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කට යුතුයි.

´´ ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම තමාගේම මතය දැඩිකොට අල්වාගත්තේ තමාගේම ලබ්ධිය දැඩිකොට ගැනීම ඇත්තේ එයින් බැහැර කරවිය නොහැක්කේ වෙම්දෝයි, (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ, මම තමාගේම මතය අල්වාගත්තේ තමාගේ ලබ්ධිය දැඩිකොට ගැනීම ඇත්තේ එයින් බැහැර කරවිය නොහැක්කේ වෙමියි මෙසේ දනිද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් ඒ ලාමකවු අකුශල ධර්‍මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම එසේ සලකා බලන්නේ මම තමාගේම මතය අල්වා නොගත්තේ, තමාගේම ලබ්ධිය දැඩිකොට ගැනීම නැත්තේ එයින් පහසුවෙන් බැහැර කරවිය හැක්කේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෙිෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.

´´ ඇවැත්නි, ඉදින් මහනතෙම සලකා බලන්නේ තමා කෙරෙහි පහ නොකළාවු මේ සියලු ලාමකවු අකුසල ධර්‍මයන් දකීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් මේ සියලු ලාමකවු අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම සලකා බලන්නේ මේ සියලු ලාමකවු අකුසල ධර්‍මයන් තමන් කෙරෙහි නැතැයි දකීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.

´´ ඇවැත්නි, යම්සේ වයසින් අඩුවු තරුණවු සැරසිම ස්වභාවකොට ඇත්තාවු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදුවු නිර්‍මලවු කැඩපතක හෝ පැහැදිලි දිය බඳුනක හෝ තමාගේ මුහුණ බලන්නේ ඉදින් එහි දුවිලි හෝ තල කැලැල් පිළිකා ආදී දොසක් හෝ දකීද, එම දූවිලි හෝ කිලුටු හෝ දුරු කිරීම පිනිස යම්සේ වෑයම් කරයිද, ඉදින් එහි දුවිලි හෝ කිලුටක් හෝ නොදකීද, මට ඒකාන්තයෙන් ලාභය, ඒකාන්තයෙන් මාගේ මුහුණ පිරිසිදුයයි, එයින්ම යම්සේ සතුටුවේද, ඇවැත්නි, එපරිද්දේනම ඉදින් භික්‍ෂුතෙම සලකා බලන්නේ මේ සියලුම ලාමකවු අකුසල ධර්‍මයන් තමා කෙරෙහි ඇති බව දකිද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් සියලුම මේ ලාමකවු අකුසල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්‍ෂුතෙම සලකාබලන්නේ මේ සියලුම ලාමකවු අකුසල ධර්‍මයන් තමා කෙරෙහි නැති බව දකීද, ඇවැත්නි, ඒ භික්‍ෂුව විසින් කුසල ධර්‍මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි´´.

ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරතෙම මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවු ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවීරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

පස් මෙනිවු අනුමාන සූත්‍රය නිමි. ( 2 – 5 )

14. චූල දුක්ඛක්ඛන්‍ධ සූත්‍රය.

1. මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහිවු නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. ඉක්බිති මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක උන්නාවු මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

´´ ස්වාමීනි, මම බොහෝ කලක් මුලුල්ලෙහි ලොභය සිත කෙලසන ධර්‍මයකි, ෙවෂය සිත කෙලසන ධර්‍මයකි, මෝහය සිත කෙලසන ධර්‍මයකි කියා මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය දනිමි. ස්වාමීනි, මෙසේ භාගයවතුන් වහන්සේ වදාළ පරිදි ලොභය සිත කිලුටු කරන ධර්‍මයකි ෙවෂය සිත කිලුටු කරන ධර්‍මයකි, මොහය සිත කිලුටු කරන ධර්‍මයකි යි මම දනිමි. එතකුදු උවත් ඇතැම් කලෙක ලොභ ධර්‍මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත් ෙවෂ ධර්‍මයෝද සිත මැඩගෙන සිටිත්. මොහ ධර්‍මයෝද සිත මැඩගෙන සිටිත්. ස්වාමිනි ඒ මට මෙබඳු අදහසක් වෙයි. යමක් හේතුකොාට එක් කලෙක ලොභ ධර්‍මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත්ද, ෙවෂ ධර්‍මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත්ද, මෝහ ධර්‍මයෝත් මාගේ සිත් අල්වාගෙන සිටිත්ද. ඊට හේතුවු කිනම් අධ්‍යාත්ම ධර්‍මයක් මා විසින් පහ නොකරන ලද්දේ කියායි. ´´ මහානාමය, යමක් හේතුකොට ගෙන එක් කලෙක්හී ලෝභ ධර්‍මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, ෙවෂ ධර්‍මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, මෝහ ධර්‍මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, ඒ අධ්‍යාත්ම ධර්‍මයම තොප විසින් පහ නොකරන ලද්දේය, මහානාමය, ඒ ධර්‍මය තා විසින් පහ කරන ලද්දේ නම් තෝ ගිහිගෙයි නොවසන්නෙහිය. කාමයන් පරිභොග නොකරන්නෙහිය. මහානාමය යම් හෙයකින් ඒ ධර්‍මයම තොප විසින් පහනොකරන ලද්දේය. එහෙයින් නුඹ ගිහි ගෙයි වසන්නෙහිය. කාමයන් සේවනය කරන්නෙහිය. කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. දැඩි වෙහෙස ඇත්තාහ. මෙහි දොසය බොහෝ යයි, මහානාමය, මෙසේ ආය්‍ර්‍ය ශ්‍රවකයා විසින් තතුසේ දක්නා ලද්දේද හෙතෙමේද කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම ප්‍රිති සැපය (ප්‍රථම ධ්‍යාන) නොලබයිද ඊට වඩා අතිහයින් ශාන්තවු (තෘතිය චතුර්‍ථ) ධ්‍යාන හෝ නොලබයි. එකල්හි හෙතෙම ඒ තාක් කාමයන් පරිභෝග නොකරන්නෙක්, නොවෙයි.

2. මහානාමය යම් තැනක පටන් ආය්‍ර්‍ය ශ්‍රාවකයා විසින් ඇති සැටියෙන් විදර්‍ශනා නුවණින් හොඳින් දක්නා ලද්දේද, මෙතෙමේද කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම ප්‍රීති සැපය ලබයි. එයින් අන්‍යවු අතිහයින් ශාන්තවු (අර්‍හත් ඵලය) ලබයි. එකල්හි හෙතෙම කාමයන් පරිභෝග නොකරන්නෙක් වෙයි.

´´මහනාමය, බුදුවන්නට පළමුකොටම බුදුනොවු බෝසත්වුම මා විසින්ද කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. දැඩි ආයාස ඇත්තාහ. මෙහි දොෂයම බොහා්යයි මෙසේ මෙය ඇතිසැටියෙන් යහපත් නුවණින් මනාව දක්නා ලද්දේය.

ඒ මම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම යම්තාක් ධ්‍යාන ප්‍රීති සැපයට නොපැමිණියෙම්ද එයින් අන්‍යවු අතිශයින් ශාන්තවු ධ්‍යාන මාර්‍ග සැපයන්ට නොපැමිණියෙම්ද මම ඒ තාක් කාමයන් පරිභෝග නොකරන්නෙක්මි යයි නොකීමි.

´´ මහානාමය, යම් තැනෙක පටන් කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, දැඩි ආයාස ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි මෙසේ මා විසින් ඇතිසැටියෙන් යහපත් නුවනින් හොඳින් දක්නා ලද්දේද, ඒ මමද කමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම ධ්‍යාන ප්‍රීති සැපයට පැමිනියෙම්ද එයින් අන්‍යවු ශාන්තවු ධ්‍යාන මාර්‍ග සැපයන්ට පැමිණියෙම්ද එකල්හි මම කාමයන් පරිභේග නොකරන්නෙක්මියි ප්‍රතිඥ කෙළෙමි.

3. ´´ මහානාමය, කාමයන්ගේ ආස්වාදය (රසවිඳීම) කවරේද? මහානාමය, කාම ගුණයෝ මේ පසකි. කවර පසක්ද යත්?

ඇසින් දතයුතුවු යහපත්වු, සිත් අලවන්නාවු මන වඩන්නාවු, ප්‍රිය ස්වභාව ඇත්තාවු කාමයෙන් යුක්තවු ආසාව ඉපදීමට කරුණුවු රූප (අරමුණු) වෙත්ද, කණින් දතයුතුවු, යහපත්වු, සිත් අලවන්නාවු මන වඩන්නාවු, ප්‍රිය ස්වභාව ඇත්තාවු කාමයෙන් යුක්තවු ආසාව ඉපදීමට කරුනුවු ශබ්දයෝ වෙත්ද, නාසයෙන් දතයුතුවු යහපත්වු සිත් අලවන්නාවු මන වඩන්නාවු ප්‍රිය ස්වභිව ඇත්තාවු කාමයෙන් යුක්තවු ආසාව ඉපදීමට කරුනුවු ගන්‍ධයෝ වෙත්ද, දිවෙන් දතයුතුවු යහපත්වු සිත් අලවන්නාවු මන වඩන්නාවු ප්‍රිය ස්වභිව ඇත්තාවු කාමයෙන් යුක්තවු ආසාව ඉපදීමට කරුණුවු රසයෝ වෙත්ද, කයින් දතයුතුවු යහපත්වු සිත් අලවන්නාවු මන වඩන්නාවු ප්‍රිය ස්වභිව ඇත්තාවු කාමයෙන් යුක්තවු ආසාව ඉපදීමට කරුනුවු ස්පර්‍ශයෝ වෙත්ද යන මොහු කාම ගුණ පසයි.

´´ මහානමය, මේ පඤචකාම ගුණයන් නිසා යම් කායික සැපක් හෝ මානසික සැපක් උපදිද, මෙය කාමයන්ගේ ආස්වාදය (රසවිඳීම) නම් වෙයි.

4. ´´ මහානමය, කාමයන්ගේ ආදීනව (දෝෂය) කවරේද? මහානාමය, මේ ලෝකයෙහි කුල පුත්‍රතෙම යම්කිසි ශිල්පයකින් ජීවිකාව කරයිද, එනම් : රේඛා ශාස්ත්‍ර කීමෙන්, ගණන් තැබීමෙන්, සංඛ්‍යා ලෙඛන තැබීමෙන්, ගොවිකමින්, වෙලදාමෙන්, ගව පාලනයෙන්, (රජුන්ට) උපස්ථාන කිරීමෙන් රාජ භටයකුවීමෙන්, මෙයින් අන්‍යවු, (ඇත්, අස්, ආදී) ශිල්පයකින් (ජීවත්වනු සඳහා) සීතෙන් පෙළනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළනු ලබන්නේ, ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, සුලඟය, අව්වය, සර්පයෝය යන මොවුන්ගේ ස්පර්‍ශයෙන් ගැටෙමින් බඩගින්නෙන් හා පිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයි. මහානාමය, මෙලොවදීම විඳිය යුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට ගෙන කාමය මුල් කරුණු කොට ගෙන, කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි. මහානාමය, වීය්‍ර්‍ය කරන්නාවු ගැටෙන්නාවු උත්සාහ කරන්නාවු ඒ කුල පුත්‍රයාට ඒ භෝගයෝ (වස්තුව) හොඳින් නොඋපදිත්ද, (අත්පත් නොවෙත්ද) හෙතෙම ඒ කාන්තයෙන් මාගේ වීය්‍ර්‍යය හිස්ය, මාගේ උත්සාහය නිෂ්ඵලයයි කියා ශොක වෙයි. වෙහෙස වෙයි, වැළපෙයි, පපුවේ අත් ගසමින් හඬයි. සිහිනැති බවට පැමිණෙයි. මහානාමය, මෙලොවදීම විදිය යුත්‍රවු මේ දුක් රාශිය කාමය හේතුකොට, කාමය මුල් කාරනය කොට කාමය කරනකොට, කාමයන් නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.

´´ මහානමය, මෙසේ වීය්‍ර්‍යකරන්නාවු ගැටෙන්නාවු උත්සාහා කරන්නාවු ඒ කුලපුත්‍රයාට ඒ සම්පත්තීහු සමෘද්ධ වෙත්ද, (දියුණු වෙත්ද) එහු ඒ සම්පත්තිය ආරක්ෂා කරනු පිණිස කය සිත යන දෙකින් දුක් විඳියි. කෙසේ නම් මාගේ මේ සම්පත්තිය රජවරු පැහැර නොගන්නාහුද, සොරු පැහැර නොගන්නහුද ගින්නෙන් නොදැවෙන්නේද දියෙන් විනාශ නොවන්නේද සතුරෝ නොගන්නාහුදැයි මෙසේ රකින්නවු පාලනය කරන්නාවු ඔහුගේ ඒ සම්පත්තීහ.ු රජවරුද පැහැර ගනිත්. සොරුද පැහැර ගනිත්, ගින්න හෝ දවයි, වතුර හෝ නසයි, අප්‍රියවුවා් හෝ ගනිති. මා විසින් යම් වස්තුවකුත් උපදවන ලද්දේවේද එයද අපට නැතැයි හෙතෙම ශොක කරයි, වෙහෙස වෙයි වැළපෙයි, පපුවේ අත් ගසමින් හඬයි, සිහි නැතිබවට පැමිණෙයි. මහානාමය, මෙලොවදීම විඳිය යුතුවු මේ දුක් රාශිය කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා උපදින කාමයන්ගේ දොෂයයි.

5. ´´ මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතු කොට කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා රජවරුද රජවරු සමග කලහ කරති. ක්‍ෂත්‍රියයෝද ක්‍සත්‍රියන් සමග කලහ කරති, බමුණෝද බමුණන් සමග කලහ කරති, ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති, මවද පුතා සමග කලහ කරයි. පුතාද මව සමග කලහ කරයි, පියාද පුතා සමග කලහ කරයි, පුතාද පියා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි, සහාදරියද සහෝදරයා සමග කලහ කරයි, යහලුවා යහලුවා සමග කලහ කරයි, ඔවුහු කෝලාහල, විරුද්ධකම් විවාද යන මිට පැමිණියාහු එකිනෙකාට අතින්ද පහර දෙති. කැට කැබිලිති වලින්ද පහර දෙති. පොලුවලින්ද පහර දෙති, (කඩු ආදී) ආයුධ වලින්ද පහර දෙති, ඔවුහු එයින් මරනයටද පැමිණෙත්, මරනය සමාන දුකටද පැමිණෙත්, මහානාමය, මෙලොවදීම විඳියයුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා උපදිති මෙයද කාමයන්ගේ දෝෂයයි.

´´ මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා කඩුව හා පලිහ ගෙණ දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ දෙපසින් රැස්ව යුධ භූමියට පනිති. ඊතල විඳින කල්හි කඩු කරකවන කල්හි එහි ඔවුන්ට ඊතල වලින්ද විදිත්, අඩයටිවලින්ද අනිත්, කඩුවෙන් හිසද සිඳිත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්.

´´ මහානාමය, මෙලොවදීම විඳිය යුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.

´´ මහානාමය, නැවත් අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා කඩුව හා පලිහ ගෙණ දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ තෙත් මඩ තැවරූ පව්රු වලලු ලඟට පැනයෙත්, ඊතල විඳින කල්හි, අඩයටි දමා ගසන කල්හි, කඩු කරකවන කල්හි, එහි ඔවුහු ඊතලවලින්ද විඳිනු ලබත්, අඩයටිවලින්ද විඳිනු ලබත්, ලොදිය ඉසිත්, (සතදන්ත නම්) දණ්ඩෙන් මඩිත්, කඩුවෙන්ද හිස සිඳිත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්.

´´ මහානාමය, මෙලොවදීම විඳිය යුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.

´´ මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා ගෙවල් බිඳිති, ගම් පැහැරීමෙන් (වස්තුව) ගෙනයති, ගෙයි වැසියන් පණපිටින් ගෙණ වස්තුව පැහැර ගණිති, මං පැහැරීම (මංකොල්ල කෑම) කරති. පරස්ත්‍රීන් කරාද යති, (මෙසේ කරන) ඒ මේ සොරුන් රජවරු අල්වා නොයෙක් කම් කටුලු කරවත්. කසවලින්ද තලත්, වේවැල් වලින්ද තලත්, දෙකට පැලු (දෙරියන් පමණ) දඬුවලින්ද තලත්, අතද කපත්, පයද කපත්, අත්පා සියල්ලද කපත්, නාසයද කපත්, කන් නාසාද කපත්, බිලංගථාලික (හිස් කබල ගලවා මොලය උතුරවමින් කරන ) නම් වධය කරත්. සංඛමුණ්ඩික (හිසේ කෙස් හා සම ගලවා බොරලු ලා උලා සුදු කිරීම) නම් වධය කරත්. රාහුමුඛ (අඬුවෙන් කට අරවා එහිතුල ගිනිදැල්වීම) නම් වධය කරත්. ජෝතිමාලික (ශරීරය තෙල් රෙදිවලින් වෙලා ගිනිදැල්විම) නම් වධය දෙත්, හත්‍ථපජේජාතික (අත්දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, එරකවත්තික (බෙල්ලෙහි පටන් ඇස්වටය දක්වා හම ගලවා ඔහු ලවා පෑගවීම) නම් වධය දෙත්, චීරකවාසික (බෙල්ලෙහි පටන් තුනටිය දක්වා සම ගලවා තබා එතැනින් පටන්ගෙන ඇස්වටය දක්වා සම ගලවා තැබීම) නම් වධය දෙත්, එණෙය්‍යක (දෙදන දෙවැලමිටිවල යවුල් ගසා වටකොට ගිනි කිරීම) නම් වධය දෙත්, බලිසමංසික (දෙපැත්තෙන් තුඩුඇති බිලියෙන් ගසා මස් කැඩීම) නම් වධය දෙත්, කහාපණක (කහවනු සේ මස් කැපීම) නම් වධය දෙත්, ඛාරාපතච්ඡික (සිරුර සිදුරු කොට කාරම් දිය ඉසීම) වම් වධය දෙත්, පළිඝපරිවත්තික (ඇලයකින් බිම හොවා කනෙහි යවුල් ගසා පය ගෙන කරකැවීම) නම් වධය දෙත්, පලාලපීඨික (සම නොබිඳෙන සේ ඇට මස් තලා පිදුරු වැටියක් සේ ඇකිලීම) නම් වධය දෙත්, රත්වු තෙල් ඉසිත, බල්ලන් ලවා කවත්, ජීවිතය තිබියදීම උලෙහි ඉඳුවත්, කඩුවෙන් හිස සිඳිත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැම්ණෙත්, මහානාමය, මෙලොවදීම විඳියයුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා ඇතිවන කාමයන්ගේ දෝෂයයි.

6. ´´ මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා කයින් දුසිරිතෙහි හැසිරෙති, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙති, සිතින් දුසිරිතෙහි හැසිරෙති, ඔවුහු කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ශරීරයාගේ බිඳිමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවු නපුරු ගති ඇති නපුරු වැටීමක් ඇත්තාවු නිරයෙහි උපදිති. මහානාමය, පරලොවදී විඳිය යුතුවු මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුන කොට, කාමය කරන කොටගෙණ කාමය නිසා ඇතිවන කාමයන්ගේ දෝෂයයි.

´´ මහානාමය, මම එක් කලෙක රජගහ නුවර ගිජඣකූට නම්වු පර්‍වතයෙහි වාසය කරමි. එකල්හී බොහෝවු නිගණ්ඨයෝ, ඉසිගිලි පර්‍වතය අසලවු කලුගල් තලාවෙහි අඩුකුරුව සිටියාහු ආසනවල වාඩි නොවන්නාහු උත්සාහයෙන් ඇතිකර ගත් දුක්වු තියුනු වු වේදනාවන් විඳිත්. මහානාමය, එකල්හි මම සවස් කාලයෙහි, උතුම් පලසමවතින් නැගිටියේ ඉසිගිලි පර්‍වතය අසල කලුගල් තලාව යම් තැනෙක් හිද ඒ නිගණ්ඨයෝ යම් තැනෙක්හිද එතැනට ගියෙම්. ගොස් නිගණ්ඨයන්ට මෙසේ කීයෙමි. ´ඇවැත්නි, නිගණ්ඨයෙනි, තෙපි කුමකට උඩුකුරු වුවාහු අසුන්වල වාඩි නොවන්නාහු උත්සාහයෙන් ඇතිකරගත් තියුණුවු වේදනාවන් විඳින්නාහුදැ´යි ඇසීමි.

´´ මහානාමය, මෙසේ කී කල්හි, ඒ නිගණ්ඨයෝ මට මෙසේ කීවාහුය. ´ඇවැත්නි, නිගණ්ඨනාත පුත්‍රතෙම, හැසිරෙන්නාවුද සිටින්නාවුද, නිදන්නාවුද, නිදි නැතිව සිටින්නාවුද මට සියල්ල දන්නාවු සියල්ල දන්නාවු ඥාන දර්‍ශනය නිතරම එළඹ සිටියේයයි ප්‍රතඥා කරයි. ඒ නිගණ්ඨනාත පුත්‍ර තෙම මෙසේ කියයි නිගණ්ඨයෙනි, තෙපි සියලුදෙන විසින් කරණ ලද පාප කර්ම ඇත්තේය. එය කටුකවු මේ දුෂ්කර ක්‍රියාවෙන් දිරවව්. යම් හෙයකින් මෙහි දැන් කයින් සංවර වුවාහුද වචනයෙන් සංවර වුවාහුද සිතින් සංවර වුවාහුද ඒ සංවරය නම් මත්තෙහි විපාක දෙන්නාවු පාපකර්‍ම නොකිරීමයි. මෙසේ පූර්ව කර්ම තපස් බලයෙන් තුනීකිරීමෙන් අලුත්කර්ම නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවීම වෙයි. කර්‍ම රැස්නොවිමෙන් කර්මයන්ගේ අවසන්විම වෙයි. කර්ම අවසන් වීමෙන් දුක් කෙලවර වෙයි. වේදනාවන්ගේ කෙලවර වීමෙන් සියලු දුක් දිරූයේ වන්නේයයි (කියයි.) අපට ඒ ක්‍රමය රුචිද වෙයි. කැමතිද වෙයි. එයින් අපි සතුටු වෙමු´´ යි (කීහ.)

´´ මහානාමය, මෙසේ කීකල්හි මම ඒ නිගණ්ඨයන්ට මෙසේ කිවෙමි. ඇවැත් නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි පෙර අපි වීමුද, නොවිමුදැයි, දන්නහුද? ඇවැත්නි අපි නොදන්නෙමු. කිමෙක්ද? ඇවැත්වු නිගණ්ටයෙනි, තෙපි පව්කම් කෙළෙමුද. නොකෙළෙමුදැයි දන්නාහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, අපි පෙර මෙබඳු මෙබඳුවු පව්කම් කෙලෙමුයයි දන්නාහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි මෙපමන දුක් දිරා ගියේය, මෙපමන දුක් දිරවිය යුතුය, මෙපමන දුක් දිරූ කල්හි සියලු දුක් දිරූයේ වන්නේයයි දන්නහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි මේ ආත්මයෙහිම අකුශල ධර්‍මයන් නැතිකිරීමද කුසල ධර්‍මයන් රැස්කිරීමද දන්නහුද? ඇවැත්නි, මෙය නොදන්නෙමු.

´´ නිගණ්ඨයෙනි, මෙසේ වනාහි තෙපි ´´ පෙර අපි වීමුද, නොවීමුදැයි කියාත් නොදන්නාහුය. අපි පෙර පව්කම් කෙළෙමුද, නෙකෙළෙමුදැයි කියාත් නොදන්නහුය. අපි පෙර මෙබඳු මෙබඳුවූ පව්කම් කෙළෙමුයයි කියාත් නොදන්නහුය. මෙපමන දුක් දිරුවේය, මෙපමණ දුක් දිරවිය යුතුය. මෙපමණවු දුක් දිරූකල්හි සියලු දුක් දිරූයේ වන්නේයයිකියාත් නොදන්නාහුය. මේ ආත්මයෙහි අකුසල ධර්‍මයන් නැතිකිරීම හා කුසල ධර්‍මයන් රැස්කිරීමක් නොදන්නහුය. ඇවැත්නි, නිගණ්ඨයෙනි, මෙසේ ඇති කල්හී මිනිසුන් අතර උපන් රෞද්‍රවු්‍ර ලේ තැවරුණ අත් ඇති ක්‍රූර ක්‍රියා ඇති යම් මනුෂ්‍ය කෙනෙක් වෙත්ද, ඔවුහු නිගණ්ඨයන් අතර පැවිදි වෙතියයි (කීමි)

´´ ඇවැත්නි ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය, දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත්නි, ගෞතම යෙනි සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේනම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැප ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපතවු සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැප විහරන ඇත්තේයයි (කීවාහුය) ආයුෂ්මත් නිගණ්ටයන් විසින් ඒකාන්තයෙන් වහා කරුනු නොසලකා, ඇවැත් ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය. දුකින්ම සැපය ලැබියයුතුය. ඇවැත් ගෞතමයෙනි, සැපයෙන් සැපය ලැබිය හැකිවන්නේ නම් මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැප ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැප විහරන ඇත්තේය. යන වචනය කියන ලදී. නොඑසේ නම් තොප විසින් ආයුෂ්මතුන් අතුරෙන් මගධ රටට අධිපති සේනා ඇති බිම්සර රජ වඩා සැප විහරන ඇත්තේද ආයුෂ්මත් ගෞතම තෙමේ වඩා සැප විහරණ ඇත්තේදැයි මගෙන් ඇසිය යුත්තේය.

´´ ඇවැත් ගෞතමයනි, අප විසින් ´´ ඇවැත් ගෞතමයනි, සැපයෙන් සැපය ලැබිය නොහැකිය. දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැතනි් ගෞතමයනි සැපයෙන් සැපය ලැබියහැකි වන්නේනම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැපය ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපතිවු සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැපවිහරන ඇත්තේය´´ යන වචනය ඒකාන්තයෙන්ම කරුණු නොසලකා වහා කියන ලද්දේය.

ඒ වචනය තිබේවා, දැන් අපි ආයුෂ්මත් ගෞතමයන්ගෙන් විචාරන්නෙමු. ´ මගධ රටට අධිපතිවු සේනා ඇති බිම්බිසාර නම් වු රජත් ආයුෂ්මත් ගෞතමයෝත් යන දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් සැපවිහරණ ඇත්තේදැයි (අසමු)

´´ ඇවැත්නි, නිගණ්ඨයෙනි, එසේ විනම් එහිලා තොපම විචාරන්නෙමි. යම්සේ තොපට රුචිවේද, එසේ එය ප්‍රකාශ කරව්. ඇවැත්නි නිගණ්ඨයෙනි, මගධෙශ්වරවු සෙනිය බිම්බිසාර රජ තෙම කයින් නොසෙල්වෙමින් වචනයක් නොකියමින් සත් රෑ දවාලක් මුලුල්ලෙහි නිරතුරු සැප විඳිමින් වාසය කරන්නට සමර්ථ වේද? නැත ඇවැත්නි, රෑ දවල් සයක් වාසය කරන්නට හැකි වේද , රෑ දාවල් පහක් රෑ දාවල් හතරක් රෑ දාවල් තුනක් රෑ දාවල් දෙකක් රෑ දාවල් එකක් වාසය කරන්නට හැකිවේද, නැත ඇවැත්නි,

´´ ඇවැත්නි නිගණ්ඨයෙනි, මම වනාහි කයින් නොසෙල්වෙමින් වචනයක් නොකියමින් එක් රෑ දවාලක් මුලුල්ලෙහි ඒකාන්තයෙන් සැප විඳිමින් වාසය කරන්නට පොහොසත්වෙමි. රෑ දාවල් දෙකක් රෑ දාවල් තුනක් රෑ දාවල් හතරක් රෑ දාවල් පහක් රෑ දාවල් හයක් රෑ දාවල් හතක් මුලුල්ලෙහි ඒ කාන්තයෙන් සැප විඳිමින් වාසය කරන්නට සමර්‍ථවෙමි. (ඇවැත්නි) මෙසේ ඇති කල්හි මගධෙහ්වරවු සෙනිය බිම්බිසාරය, මමය යන අප දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් සැපවිහරණ ඇත්තේදැයි සිතන්නහුද? මෙසේ ඇති කල්හි ආයුෂ්මත් ගෞතම තෙමේම, මගධෙහ්වරවු සෙනිය බිම්බිසාර රජුට වඩා අතිශයින් සැපවිහරන ඇත්තේය´´ යි කීවාහුය.

මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවු මහානාම ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

දහහතරවෙනිවු චූලදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය නිමි.