28. මහාහත්‍ථිපදොපම සූත්‍රය

PAGE IS MISSING

,මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි වූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේ ද, තණ්හාවගේ යම් නැතිකිරීමක් වේ ද, එය දුක් නැති කිරීමයි. ඇවැත්නි, මෙපමණින් ද මහණහු විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.

´´ඇවැත්නි, අධ්‍යාත්මික වූ මනොද්වාරය නොනැසුනේ වේ ද , බාහිර ධර්‍ම අරමුණු සිත හමුවට නොපැමිණෙද් ද, ඊට අනුකූල මනසිකාරය නොවෙයි ද ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ඨාසයාගේ පහළවීම නොවෙයි.

´´ඇවැත්නි,ආධ්‍යාත්මික වූ මනොවිඤ්ඤාණය නොනැසුනේ වේ ද ,බාහිර ධර්‍ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද,ඊට අනුකූල වූ මනසිකාරය නොවෙයි ද, ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ඨාසයාගේ පහළවීම නොවෙයි.

´´ඇවැත්නි, අධ්‍යාත්මික වූ මනොවිඤ්ඤාණය නොනැසුනේ වේ ද , බාහිර ධර්‍ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මනසිකාරය නොවෙයිද, ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ඨාසයාගේ පහළවීම නොවෙයි.

´´ඇවැත්නි, අධ්‍යාත්මික වූ මනොද්වාරය නොනැසුනේ වේ ද, බාහිර ධර්‍ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මනසිකාරය වෙයි ද එකල්හි ඊට අනුරූප විඥාන කොට්ඨාසයාගේ පහලවීම වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් රූපයක්වේ ද, එය රූප උපාදානස්කන්ධයෙහි ඇතුලත් වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් වේදනාවක් වේද, එය වේදනා උපාදානස්කන්ධයෙහි ඇතුලත් වෙයි.ඒ මනොවිඤ්ඤාණයත් සමග යම් සංඥාවක් වේද, එය සංඥා උපාදානස්කන්ධයෙහි ඇතුලත් වෙයි,ඒ මනොවිඤ්ඤාණය සමග යම් සංස්කාරයෝ වෙත්ද, ඔවුහු සංස්කාර උපාදානස්කන්ධයෙහි ඇතුලත් වෙත්.ඒ මනොවිඤ්ඤාණය සමග යම් විඥානයක් වේද, එය විඥාන උපාදානස්කන්ධයෙහි ඇතුලත් වෙයි, ඔහු මෙසේ දනී. ´මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය,එක්වීම, රැස්වීම වෙයි´ ( කියාය) භාග්‍යවතුන් වහන්සේ විසින් ද මෙසේ වදාරණ ලද්දේමය.

´´යමෙක් පටිච්චසමුප්පාදය දකීනම් හෙතෙමේ ධර්‍මය දකි. යමෙක් ධර්‍මය දකීනම් හෙතෙමේ පටිච්චසමුප්පාදය දකීය යි´´ (වදාළහ).

´´යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද, මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුමය. මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේ ද, යම් ඇලීමක් වේ ද, යම් අනුකූල බවක් වේ ද, යම් බලවත් ඇල්මක් වේ ද, එය දුක් ඉපදීමේ හේතුවයි.

´´මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි වූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේ ද, තණ්හාවගේ යම් නැතිකිරීමක් වේ ද, එය දුක් නැතිකිරීමයි. ඇවැත්නි මෙපමණින් ද භික්ෂූව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.´´

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේගේ දේශනාව පිළිගත්හ.

අටවෙනි වූ මහාහත්ථිපදෝපම සූත්‍රය නිමි. ( 3 – 8 )