30. චුලසාරොපම සුත්‍රය

1. මා විසික් මෙසේ අසක ලදී. එක් කාලයක භග්‍යවතූන් වහන්සේ සැවැත්නුවර, අනේපිඩු සිටුහු විසික් කරවන ලද ජෙතවනාරාමයහි වැඩ වෙසෙති, එකල්හි වනාහි පිංගලකොචඡ නමි බ්‍රාහමණතෙම භග්‍යවතුන් වහන්සේ යමි තැනකද, ඵතනට පැමිණියේය. පැමිණ භාග්‍යවත ු වහන්සේ සමග සතුටු වුයේය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවු පිංගලකොචජ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙි කාරණය කිය.

, භවත් ගෞතමයන් වහන්ස, පැවිද ිවු සං සමුහයා ඇත්තා වුද එබඳු සමුහයාගේ ගුරුන්වුද ප්‍රසිඞ වුද කීර්තිය ඇත්තා වුද බොහෝ දෙනා විසිත් උතුමන්යයි සමමත කරන ලද්ද්‍රවුද යමි මෙි ශ්‍රමණ බ්‍රාහමණ කෙනෙක් ඇත්තාහුද එනමි‚ පුරණකසසපය‚ මකඛලිගොසාලය‚ අජිත කෙසකමබලිය‚ පකුධකචචායනය සංජය බෙල්ලටිඨි පුතතය‚ නිගණ්ඨනාත පුතතය යන මොහුය. ඒ සියලු දෙන ඹවුන් කියන්නාසේම දැනගත්තාහුද? සියලු දෙනාම එසේ නොදැනගත්තාහුද? නැතහොත් සමහරු දැනගත්තාහුද‚ සමහරු නොදැන ගත්තාහුදූ?

2. ,බ්‍රාහමණය‚ ඒ සියලුදෙන ඹවුන් කියන්නාසේම දැනගත්තාහුද? සියලු දෙනාම එසේ නොදත්තාහුද? නැතහොත් සමහරු දැනගත්තාහුද? සමහරු නොදැනගත්තාහුද? යන මේ දැනගැණිමෙන් වැඩක් නැත. ඒ ප්‍රශ්ණය තිබේවා! බ්‍රාහමණය‚ මම තොපට ධර්මය දෙශනා කරන්නෙමි. එය අසවි‚ හොදින් සිහි කරවි, යි (භාග්‍යවතුන් වහන්සේ )

,එසේය පින්වතුන් වහන්සැයි, පිංගලකොචජ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට උතතර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වද්‍රළහ.

,බ්‍රාහමණය‚ යමිසේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවු‚ අරටු සොයන්නාවු‚ අරටු සොයමින් හැසිරෙන්නාවු පුරුෂයෙක් (යමි තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා‚ පොත්ත ඉක්මවා‚ සුඹුල ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවු පුරුෂයෙක් ඹහු දැක මෙසේ කියන්නේය. , මෙි පින්වත් පුරුෂයා ඒකානතයෙන් අරටුව නොදත්තේය‚ ඵලය නොදත්තේය‚ පොත්ත නෙදත්තේය‚ පතුරු නොදත්තේය‚ අතු හා දලු නොදත්තෙය. එනිසා මෙි පින්වත් පුරුෂයා‚ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ අරටු සොයන්නේ‚ අරටු සොයමින් හැසිරෙන්නේ (යමි තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා‚ පොත්ත ඉක්මවා‚ සුඹුල ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳගෙනයන්නේය. ඹහුට අරටුවෙන් යමි වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය. කියායි.

, බ්‍රාහමණය‚ යමිසේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවු‚ අරටු සොයන්නාවු‚ අරටු සොයමින් හැසිරෙන්නාවු පුරුෂයෙක් (යමි තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා‚ ඵලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල ගෙන යන්නේය. ඇස් ඇත්තාවු පුරුෂයෙක් ඒ ඹහු දැක මෙසේ කියන්නේය. .මෙි පින්වත් පුරුෂයා ඒකානතයෙන් අරටුව නොදත්තේය‚ ඵලය නෙදත්තේය‚පොත්ත නොදත්තේය‚ සුඹුල නොදත්තේය‚ අතු හා දලු නොදත්තේය‚ ඒ නිසා මෙි පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ‚ අරටු සොයන්නේ‚ අරටු සොයමින් හැසිරෙන්නේ (යමි තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා‚ ඵලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල සිඳ ගෙන යන්නේය. ඹහුට අරටුවෙන් යමි වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදුවන්නේය. කියායි.

,බ්‍රාහමණය‚ යමිසේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවු‚ අරටු සොයන්නාවු‚ අරටු සොයමික් හැසිරෙන්නාවු පුරුෂයෙක් (යමි තැනක පිහිටි) අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා‚ ඵලය ඉක්මවා‚ අරටුව යයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවු පුරුෂයෙක් ඒ ඹහු දැක මෙසේ කියන්නේය. .මෙි පින්වත් පුරුෂයා ඒකානතයෙන් අරටුව නොදත්තේය. ඵලය නොදත්තේය‚ පොත්ත නොදත්තේය‚පතුරු නොදත්තේය‚ අතු හා දලු නොදත්තේය‚ ඒ නිසා මෙි පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ‚ අරටු සොයන්නේ‚ අරටු සොයමින් හැසිරෙන්නේ‚ අරටුය ඉක්මවා ඵලය ඉක්මවා අරටුවයයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඹහුට අරටුවෙන් යමි වැඩක් ඇත්තේද‚ ඒ වැඩය නොසිදු වන්නේය. කියායි.

,බ්‍රාහමණය‚ යමිසේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවු අරටු සොයන්නාවු‚ අරටු සොයමින් හැසිරෙන්නාවු පුරුෂයෙක් (යමි තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා‚ අරටුවයයි සිතා ඵලය සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවු පුරුෂයෙක් ඒ ඹහු දැක මෙසේ කියන්නේය .මෙි පින්වත් පුරුෂයා ඒකානතයෙන් අරටුව නොදත්තේය‚ ඵලය නොදත්තේය‚ පොත්ත නොදත්තේය‚ පතුරු නොදත්තේය‚ අතු හා දලු නොදත්තේය. ඒ නිසා මෙි පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ අරටු සොයන්නේ අරටු සොයමින් හැසිරෙන්නේ(යමි තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා අරටුව යයි සිතා ඵලය සිඳ ගෙන යන්නේය. ඹහුට අරටුවෙන් යමි වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය. කියායි.

,බ්‍රාහමණය‚ යමිසේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවු අරටු සොයන්නාවු‚ අරටු සොයමින් හැසිරෙන්නාවු පුරුෂයෙක් (යමි තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවු පුරුෂයෙක් ඒ ඹහු දැක මෙසේ කියන්නේය. . මේ පින්වත් පුරුෂයා‚ එනකානතයෙන් අරටුව දන්නේය‚ ඵලය දන්නේය‚ පොත්ත දන්නේය‚ පතුරු දන්නේය‚ අතු හා දලු දන්නේය. ඒ නිසා මෙි පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයොජන ඇත්තේ අරටු සොයන්නේ‚ අරටු සොයමින් හැසිරෙන්නේ (යමි තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳ ගෙන යන්නේය. ඹහුට අරටුවෙන් යමි වැඩක් ඇත්තේද ඒ වැඩය සිදු වන්නේය. කියායි.

3. .බ්‍රාහමණය‚ එපරිද්දෙන්ම මෙි ලොකයෙහි ඇතැමි පුද්ගලයෙක්‚ ඉපදීමෙන්ද‚ ජරාවෙන්ද‚ මරණයෙන්ද‚ ශොකයෙන්ද‚ වැලපීමෙන්ද‚ කායික දුකින්ද‚ මානසික දුකින්ද දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි දුකින් මැඩුනේ වෙම.ි දුකින් පීඩා විඳින්නේ වෙමි. මෙි සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නමි ඉතා යෙහෙකැ.යි(සිතා) ශ්‍රඞාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ වෙයිද‚ හෙතෙම මෙසේ පැවිදි වුයේම ලාභ‚ සත්කර‚ කී ්රති‚ ප්‍රශංසා උපදවයිද‚ ඹහු ඒ ලාභ සත්කාර කි ්රතිය නිසා සතුටට පැමිණෙයිද‚ සමිපුර්‍ණවු අදහස් ඇත්තේ වෙයිද‚ ඹහු ඒ ලාභ සත්කාර කී ්රතිය නිසා තමන් උසස්කොට සිතයිද‚ අනුන් පහත්කොට සිතයිද‚ .මම ලාභ සත්කාර කී ්රති ඇත්තෙක් වෙමි. අන්‍යවු මෙි භික්‍ෂුහු ප්‍රසිඞ නැත‚ පහත්ය.යි (සිතයි.) ඹහු ඒ ලාභ සත්කිර කී ්රතියට වඩා අතිශයින් උසස් වු ඉතා ප්‍රණීතවු යමි ඒ (මාර්‍ග ඵල ආදී) ධර්‍මයෝ වෙද්ද‚ ඒ ධර්‍මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත නුපදවයිද‚ උත්සාහ නොකරයිද‚ පසුබටවු පැවතුමි ඇත්තේ‚ ලිහිල් වු විය්‍ර්‍යය ඇත්තේ වෙයිද‚

,බ්‍රාහමණය‚ යමිසේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවු අරටු සොයන්නාවු‚ අරටු සොයමිත් හැසිරෙන්නාවු පුරුෂයෙක් (යමි තැනක) පිහිටි අරටුව ඇති මහගසක අරටුව ඉක්මවා‚ ඵලය ඉක්මවා‚ පොත්ත ඉක්මවා‚ සුඹුල ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙන යන්නේය. ඹහුට අරටුවෙන් යමි වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදුවන්නේය. බ්‍රාහමණය‚ මම මෙි පුද්ගලයාද ඒ අරටු සොයන පුරුෂයා වැනියයි කියමි.

4. ,බ්‍රාහමණය‚ මේ ලොකෙයෙහි ඇතැමි පුද්ගලයෙක් .ඉපදිමෙන්ද ජරාවට පැමිණාමෙන්ද‚ මරණයෙන්ද‚ ශොකයෙන්ද‚ වැලපීමෙන්ද‚ කායික දුකින්ද‚ මානසික දුකින්ද දැඩිවෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පිීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නමි ඉතා යෙහෙකැ.යි‚ (සිතා) ශ්‍රඞාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ වෙයිද‚ හෙතෙම මෙසේ පැවිදි වුයේම ලාභ සත්කාර කීර්ති උපදවයිද‚ ඹහු ඒ ලාභ සත්කාර කීර්ති නිසා සතුටට නොපැමිණෙයිද‚ සමිපුර්‍ණවු අදහස් ඇත්තේ නොවෙයිද‚ ඹහු ඒ ලාභ සත්කාර කී ්රතිය නිසා තමන් උසස් කොට නොසිතයිද‚ අනුන් පහත් කොට නොසිතයිද‚

,ඹහු ඒ ලාභ සත්කාර කීර්තියට වඩා ඉතා උසස් වු ඉතා ප්‍රණීතවු‚ යමි ඒ ධර්මයෝ වෙද්ද‚ ඒ ධර්‍මයන් අත්කර‚ ගැණීම පිණිස කැමැත්ත උපදවයිද‚ උත්සාහ කරයිද‚හෙතෙමේ නොපසුබට වු පැවතුමි ඇත්තේ සීල සමපත්තිය සමිපුර්‍ණ කරයිද‚ ඹහු ඒ සීල සමපත්තියෙන් සතුටු වෙයිද‚ සමිපුර්‍ණ වු අදහස් ඇත්තේ වෙයිද‚ ඹහු ඒ සීල සමපත්තිය නිසා .අන්‍යවු මේ භික්‍ෂුහු දුස්සිලයෝය‚ පවිකමි ඇත්තෝය.යි තමන් උසස් කොට සිතයිද‚ අනුන් පහත් කොට සිතයිද‚ ඹහු ඒ සීල සමපත්තියට වඩා ඉතා උසස්වුද‚ ඉතා ප්‍රර්‍ණතවද යමි ඒ ධර්‍මයෝ වෙද්ද‚

ඒ ධර්මයන් අත් කර ගැණීම පිණිස කැමැත්ත නොඋපදවයි‚ උත්සාහ නොකරයි. පසුබටවු පැවැතුමි ඇත්තේ වෙයි. ලිහිල් වීය්‍ර්‍යය ඇත්තේ වෙය.

,බ්‍රාහමණය‚ යමිසේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවු අරටු සොයන්නාවු‚ අරටු සොයමින් හැසිරෙන්නාවු පුරුෂයෙක් (යමි තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා‚ ඵලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල සිඳගෙන යන්නේද ඹහුට අරටුවෙන් යමි වැඩක් ඇත්තේ නමි ඒ වැඩය නොසිදු වන්නේය. බ්‍රාහ්මණය‚ මම මෙි පුද්ගලයාද ඒ අරටු සොයන පුරුෂයා වැනියයි කියමි.

5. ,බ්‍රාහමණය‚ මේ ලොකයෙහි ඇතැමි පුද්ගලයෙක් .ඉපදීමෙන්ද‚ ජරාවට පැමිණීමෙන්ද‚ මරණයෙන්ද‚ ශොකයෙන්ද‚ වැලපීමෙන්ද‚ කායික දුකින්ද‚ මානසික දුකින්ද‚ දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මෙි සියලු දුක් රාසියගේ කෙළවර කිරිමක් පෙනේ නමි ඉතා යෙහෙකැයි (සිතා) ශ්‍රඞාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ වෙයිද‚ හෙතෙම මෙසේ පැවිදි වුයේම ලාභ සත්කාර කිර්ති යන මෙිවා උපදවයිද‚ ඹහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයිද‚ සමිපුර්‍ණවු අදහස් ඇත්තේ නොවෙයිද‚ ඹහු ඒ ලාභ සත්කාර කී ්රතිය නිසා තමන් උසස් කොට නොසිතයිද‚අනුන් පහත් කොට නොසිතයිද

,ඹහු ඒ ලාභ සත්කාර කීර්තියට වඩා ඉතා උසස්වුද‚ ඉතා ප්‍රණීතවුද යමි ඒ ධර්‍මයෝ වෙද්ද‚ ඒ ධර්‍මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි‚උත්සාහ කරයි‚ නොපසු බටවු පැවතුමි ඇත්තේ‚ පටන්ගත් වීය්‍ර්‍යය ඇත්තේ‚ සීල සමපත්තිය සමිපුර්‍ණ කරයිද‚ ඹහු ඒ සීල සමපත්තියෙන් සතුටු වෙයිද‚ සමිපුර්‍ණවු අදහස් ඇත්තේ නොවෙයිද‚ ඹහු ඒ සීල සමපත්තිය නිසා තමන් උසස් කොට නොසිතයිද‚ අනුන් පහත් කොට නොසිතයිද‚ ඒ සීල සමපත්තියටද වඩා ඉතා උසස් වුද‚ ඉතා ප්‍රණීත වුද‚ යමි ඒ ධර්‍මයෝ වෙද්ද‚ ඒ ධර්‍මයන් අත්කර ගැණිම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසු බට වු පැවතුමි ඇත්තේ පටන් ගත් වීය්‍ර්‍යය ඇත්තේ‚ ඹහු සමාධි සමපත්තිය සමිපුර්‍ණ කරයිද‚ ඹහු ඒ සමාධි සමපත්තිය නිසා සතුටු වෙයිද‚ සමිපුර්‍ණවු අදහස් ඇත්තේ වෙයිද‚ ඹහු ඒ සමාධි සමපත්තිය නිසා‚ මම .සංසිඳුනු සිත් ඇත්තේ වෙමි. එක.හවු සිත් ඇත්තේ වෙමි. අන්‍ය වු මෙි භික්‍ෂුහු නොසංසිඳුනු සිත් ඇත්තෝ‚ කැලඹුන සිත් ඇත්තෝ වෙතියි තමන් උසස් කොට සිතයිද‚ අනුන් පහත් කොට සිතයිද‚

ඒ සමාධි සමපත්තියටද වඩා ඉතා උසස්වුද ඉතා ප්‍රණීත වුද යමි ඒ ධර්‍මයෝ වෙද්ද‚ ඒ ධර්‍මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත නුපදවයිද‚ උත්සාහ නොකරයිද‚ පසුබට වු පැවතුමි ඇත්තේ ලිහිල් වීය්‍ර්‍යය ඇත්තේ වෙයිද‚

,බ්‍රාහමණය‚ යමිසේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තිවු අරටු සොයන්නාවු‚ අරටු සොයමින් හැසිරෙන්නාවු පුරුෂයෙක් (යමි තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා‚ ඵලය ඉක්මවා අරටුවයයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඹහුට අරටුවෙන් යමි වැඩක් ඇත්තේද‚ ඒ වැඩය නොසිදු වන්නේය. බ්‍රාහමණය‚ මම මෙි පුද්ගලයාද ඒ සාර පරියෙසක (අරටු සොයන) පුද්ගලයා වැනියයි කියමි.

6. , බ්‍රාහ්මණය‚ මෙි ලොකයෙහි ඇතැමි පුද්ගලයෙක් .ඉපදීමෙන්ද‚ ජරාවට පැමිර්‍ණමෙන්ද‚ මරණයෙන්ද‚ ශොකයෙන්ද‚ වැලපීමෙන්ද‚ කායික දුකින්ද‚ මානසික දුකින්ද‚ දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විදින්නේ වෙමි. මෙි සියලු දුක් රාසියගේ කෙළවර කිරිම පෙනේ නමි ඉතා යෙහෙනැයි‚ (සිතා) ශ්‍රඞාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වුයේම සිවිපසය ලැබීමය‚ සත්කාර ලැබීමය‚ ගුණ කිමය යන මෙිවා උපදවයි. ඹහු ඒ ලාභ සත්කාර කී ්රතිය නිසා සතුටු වෙය.ි සමිපුර්‍ණ වු අදහස් ඇත්තේ නොවෙය.ි ඹහු ඒ ලාභ සත්කාර කී ්රතිය නිසා තමන් උසස් කොට නොසිතයි‚ අනුන් පහත් නොට නොසිතයි. ඹහු ඒ ලාභ සත්කාර කීි ්රතියට වඩා ඉතා උසස්වුද‚ ඉතා ප්‍රණීතවුද යමි ඒ ධර්‍මයෝ වෙද්ද‚ ඒ ධර්‍මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි‚ උත්සාහ කරයි. නොපසු බටවු පැවතුමි ඇත්තේ වෙයි. පටන් ගත් වීය්‍ර්‍යය ඇත්තේ සීල සමපත්තිය සමිපුර්‍ණ කරය.ි ඹහු ඒ සීල සමපත්තියෙන් සතුටු වෙය.ි සමිපුර්‍ණ වු අදහස් ඇත්තේ නොවෙයි. ඹහු ඒ සීල සමපත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතය.ි ඒ සිල සමපත්තියටද වඩා ඉතා උසස් වුද‚ ඉතා ප්‍රණීතවුද යමි ඒ ධර්මයෝ වෙද්ද‚ ඒ ධර්මයන් අත්කර ගැණීම පිර්‍ණස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසු බටවු පැවතුමි ඇත්තේ පටන් ගත් වීය්‍ර්‍යය ඇත්තේ සමාධි සමපත්තිය උපදවයි. ඹහු ඒ සමාධි සමපත්තිය නිසා සතුටු වෙයි. සමිපුර්‍ණවු අදහස් ඇත්තේ නොවෙයි. ඹහු ඒ සමාධි සමපත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. ඒ සමාධි සමපත්තියටද වඩා ඉතා උසස් වුද‚ ඉතා ප්‍රණීත වුද යමි ඒ ධ ්රමයෝ වෙද්ද‚ ඒ ධ ්රමයන් අත් කර ගැර්‍ණම සඳහා කැමැත්ත උපදවයි‚ උත්සාහ කරයි. නොපසුබටවු පැවතුමි ඇත්තේ‚ පටන් ගත් වීය්‍ර්‍යය ඇත්තේ ඥන දර්‍ශනය (පංච අභිඥව) උපදවයි. ඹහු ඒ ඥන දර්‍ශනයෙන් (පංච අභිඥවෙන්) සතුටු වෙයි. සමිපුර්‍ණවු අදහස් ඇත්තේ වෙයි. ඹහු ඒ ඥන දර්‍ශනය (පංච අභිඥව) නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත් කොට සිතයි. .මම දන්නෙමි‚ දකින්නෙමි‚ අන්‍යවු මෙි භික්‍ෂුහු නොදන්නේ නොදක්නේ වාසය කරති.(කියායි.) ඒ ඥන දර්‍ශනයටද වඩා ඉතා උසස්වුද‚ ප්‍රණීතවු යමි ඒ ධ ්රමයෝ වෙද්ද‚ ඒ ධ ්රමයන් අත්කර ගැණිමට කැමැත්ත නුපදවයි. උත්සාහ නොකරයි‚ පසුබටවු පැවතුමි ඇත්තේ වෙයි. ලිහිල් වු වීය්‍ර්‍යය ඇත්තේ වෙයි.

,බ්‍රාහ්මණය‚ යමිසේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාව‚ු අරටු සොයන්නාව‚ු අරටු සොයමින් හැසිරෙන්නාවු පුරුෂයෙක් (යමි තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා අරටුවයයි සිතා ඵලය සිඳගෙන යන්නේද‚ ඹහුට අරටුවෙන් යමි වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය. බ්‍රාහ්මණය‚ මම මෙි පුද්ගලයා ඒ සාර පරියෙසක (අරටු සොයන) පුරුෂයා වැනියයි කියමි.

7. , බ්‍රාහ්මණය‚ මෙි ලොකයෙහි ඇතැමි පුද්ගලයෙක් .ඉපදීමෙන්ද‚ ජරාවට පැමිර්‍ණමෙන්ද‚ මරණයෙන්ද‚ ශොකයෙන්ද‚ වැළපීමෙන්ද‚ කායික දුකින්ද‚ මානසික දුකින්ද‚ දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විදින්නේ වෙමි. මෙි සියලු දුක් රාසියගේ නැති කිරීම පෙනේ නමි ඉතා යෙහෙකැ.යි (සිතා) ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වුයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වුයේම ලාභ‚ සත්කාර‚ කී ්රතිය යන මෙිවා උපදවයි. ඹහු ඒ ලාභ සත්කාර කී ්රතිය නිසා සතුටු වෙයි. සමිපුර්‍ණවු අදහස ඇත්තේ නොවෙයි. ඹහු ඒ ලාභ සත්කාර කී ්රතිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. ඹහු ඒ ලාභ සත්කාර කී ්රතියටද වඩා ඉතා උසස් වුද‚ ඉතා ප්‍රණීතවුද යමි ඒ ධ ්රමයෝ වෙද්ද‚ ඒ ධ ්රමයන් අත්කර ගැර්‍ණම පිණිස කැමැත්ත උපදවයි. උත්සහ කරයි. නොපසුබට වු පැවතුමි ඇත්තේ පටන්ගත් විය්‍ර්‍යය ඇත්තේ සීල සමපත්තිය සමිපුර්‍ණ කරයි. ඹහු ඒ සීල සමපත්තියෙන් සතුටු වෙයි. සමිපුර්‍ණවු අදහස් ඇත්තේ නොවෙයි. ඹහු ඒ සීල සමපත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. ඒ සීල සමිපත්තියටද වඩා ඉතා උසස්වුද‚ ඉතා ප්‍රණීතවුද යමි ඒ ධර්‍මයෝ වෙද්ද‚ ඒ ධර්‍මයන් අත්කර ගැර්‍ණම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබටවු පැවතුමි ඇත්තේ පටන්ගත් වීය්‍ර්‍යය ඇත්තේ සමාධි සමිපත්තිය උපදවයි. ඹහු ඒ සමාධි සමිපත්ති නිසා සතුටු වෙයි. සමිපුර්‍ණවු අදහස් ඇත්තේ නොවෙයි. ඹහු ඒ සමාධි සමපත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. ඒ සමාධි සමිපත්තියටද වඩා ඉතා උසස්වුද‚ ඉතා ප්‍රණීතවුද යමි ඒ ධර්‍මයෝ වෙද්ද‚ ඒ ධර්‍මයන් අත්කර ගැණිම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබටවු පැවතුමි ඇත්තේ පටන්ගත් වීය්‍ර්‍යර්‍ය ඇත්තේ ඥනදර්‍ශනය (පංච අභිඥව) උපදවයි. ඹහු ඒ ඥනදර්‍ශනය නිසා සතුටු වෙයි. සමිපුර්‍ණවු අදහස් ඇත්තේ නොවෙයි. ඹහු ඒ ඥන දර්‍ශනය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. ඒ ඥනදර්‍ශනයටද වඩා ඉතා උසස්වුද‚ ප්‍රණීතවුද යමි ඒ ධ ්රමයෝ වෙද්ද ඒ ධ ්රමයන් අත්කර ගැණිම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබටවු පැවතුමි ඇත්තේ වෙයි. පටන්ගත් වීය්‍ර්‍යය ඇත්තේ වෙයි.

8. .බ්‍රාහ්මණය‚ ඒ ඥනදර්‍ශනයට වඩා ඉතා උසස්වුද‚ ප්‍රණීතවුද‚ ඒ ධර්‍මයෝකවරහුද යත් ?

, බ්‍රාහමණය‚ මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කාම වස්තුන් ගෙන් වෙන්ව‚ අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව‚ විතර්‍ක සහිතවු විචාර සහිතවු විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධයානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය‚ මෙයද ඥනදර්‍ශනයට වඩා ඉතා උසස්වුද ඉතා ප්‍රණීතවුද ධර්‍මයක.ි

,බ්‍රාහ්මණය‚ නැවතද භික්‍ෂුව විතර්‍ක විචාර දෙදෙනාගේ සංසිදිමෙන් ඇතුළත පැහැදීම ඇතිකරන්නාවු සිතෙහි එකහ බවයයි කියනලද විත ්රක රහිතවු විචාර රහිතවු සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවැනිවු ධයානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය‚ මෙයද ඥන දර්‍ශනයට වඩා ඉතා උසස්වුද ඉතා ප්‍රණිතවුද ධ ර්මයකි.

,බ්‍රාහ්මණය‚ නැවතද ඒ භික්‍ෂුව ප්‍රීතියෙන් වෙන්වී මෙන්ද‚ උපෙක්‍ෂාව (මැදහත් බව) ඇතිවද වාසය කරයි සිහියෙන් යුක්තවුයේ යහපත් ප්‍රඥවෙන් යුක්තවුයේ කයින් සැපය විඳියි. යමක් උපෙක්‍ෂා සහිතවුයේ සිහියෙන් යුක්ත වුයේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ (බුඞාදිඋතතමයෝ) කියත්ද ඒ තුන්වැනිවු ධයානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය‚ මෙයද ඥනදර්‍ශනයට වඩා ඉතා උසස්වුද‚ ඉතා ප්‍රණීත වුද ධ ්රමයකි.

,බ්‍රාහ්මණය‚ නැවතද භික්‍ෂුව (කායික) සැපය දුරු කිරීමෙන්ද‚(කායික) දුක දුරු කිරීමෙන්ද පෙරමෙන් සතුට හා අසතුට (චෛතසික සැප දුක් ) දුරු කිරීමෙන්ද‚ දුක් නැත්තාවු සැප නැත්තාවු‚ උපෙක්‍ෂාවෙන් (මැදහත් බවෙන් ) හටගත් පිරිසිදු සිහිය ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය‚ මෙයද ඥන දර්‍ශනයට වඩා ඉතා උසස්වුද ඉතා ප්‍රණීතවුද ධ ්රමයකි.

9. ,බ්‍රාහ්මණය‚ නැවතද භික්‍ෂුව සියලු ආකාරයෙන් රූප සංඥවන්ගේ ඉක්මීම හේතු කොට ගෙන‚ ගැටීමි සංඥවන්ගේ විනාශයෙන්ද‚ නානතත සංඥවන්ගේ සිහි නොකිරීමෙන්ද‚ ,අනනක ආකාසය,යි (කියා) අකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. බ්‍රාහ්මණය‚ මෙයද ඥන දර්‍ශනයට වඩා ඉතා උසස්වුද ඉතා ප්‍රණීතවුද ධ ්රමයක.ි

,බ්‍රාහ්මණය‚ නැවතද භික්‍ෂුව සියලු ආකාරයෙන් ආකාසානඤචායතන සමාපත්තිය ඉක්මවා‚ .අනනතවු විඤඤ්‍රණය.යි (කියා) විඤඤ්‍රණඤ්වායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. බ්‍රාහ්මණය‚ මෙයද ඥනදර්‍ශනයට වඩා ඉතා උසස්වුද‚ ඉතා ප්‍රණීතවුද ධර්‍මයකි.

,බ්‍රාහ්මණය‚ නැවතද භික්‍ෂුව සියල්‍රු ආකාරයෙන් විඤඤ්‍රණඤ්වායතන සමාපත්තිය ඉක්මවා .කිසිවක් නැතැ.යි (කියා) ආකිඤ්චඤඤ්‍රයතන සමාපත්තියට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය‚ මෙයද ඥනදර්‍ශනයට වඩා ඉතා උසස්වුද ඉතා පුණීතවුද ධ ්රමයකි.

,බ්‍රාහ්මණය‚ නැවතද භික්‍ෂුව සියලු ආකාරයෙන් ආකිඤ්චඤඤ්‍රයතන සමාපතතිය ඉක්මවා නෙවසඤඤ්‍රනාසඤඤ්‍රයතන සමාපතතියට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය‚ මෙයද ඥනදර්‍ශනයට වඩා ඉතා උසස්වුද ඉතා ප්‍රණීතවුද ධ ්රමයකි.

,බ්‍රාහ්මණය‚නැවතද භික්‍ෂුව සියලු ආකාරයෙන් නෙවසඤඤ්‍රනාසඤඤ්‍රයතන සමාපතතිය ඉක්මවා සඤඤ්‍රවෙදයිත නිරොධ සමාපතතියට පැමිණ වාසය කරන්නේය. ප්‍රඥවෙන්ද දැකීමෙන් ඹහුගේ කෙලෙස් විනාශ වුවාහු වෙති. ,බ්‍රාහ්මණය‚ මෙයද ඥනදර්‍ශනයට වඩා ඉතා උසස්වුද ඉතා ප්‍රණීතවුද ධර්මයකි.

,බ්‍රාහ්මණය‚ යමිසේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවු‚ අරටු සොයන්නාවු‚ අරටු සොයමින් හැසිරෙන්නාවු පුරුෂයෙක් (යමි තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳගෙන යන්නේ ඹහුට අරටුවෙන් යමි වැඩක් ඇත්තේද ඒ වැඩය හොඳින් සිදුවන්නේය.

,බ්‍රාහ්මණය‚ මම මේ පුද්ගලයාද ඒ සාර පරියෙසක(අරටු සොයන) පුරුෂයා වැනියයි කියමි.

10. ,බ්‍රාහ්මණය‚ මෙසේ මේ ශාසන බ්‍රහ්මචරියාව ලාභ සත්කාර කී ්රතිප්‍රශංසා පිණිස නොවන්නේය. සීල සමපතතිය පිණිස නොවන්නේය‚ ඥන දර්‍ශනය පිණිස නොවන්නේය. බ්‍රාහ්මණය‚ යමි අර්‍හත් ඵල සමාධියක් වෙිද‚ බ්‍රාහ්මණය‚ මේ ශාසන බ්‍රහ්මචය්‍ර්‍යය මෙය අත්‍ර්‍ථ (ප්‍රධාන ) කොට ඇත්තේය. මෙය හරයයි. මෙි අර්‍හත් ඵලය කෙළවරයයි, වද්‍රළහ.

මෙසේ වද්‍රළ කල පිංගල කොචජ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

,පින්වත් ගෞතමයන් වහන්ස‚ ධර්ම දෙශනාව යහපත්ය‚ පින්වත් ගෞතමයන් වහන්ස‚ ධර්ම දෙශනාව ඉතා යහපත්ය‚ පින්වත් ගෞතමයන් වහන්ස‚ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යමිසේද‚ මංමුළා වුවෙකුට මග කියන්නේ හෝ යමිසේද‚ ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්‍ධකාරයෙහි තෙල් පහණක් දරන්නේ හෝ යමිසේද‚ එපරිද්දෙන්ම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධ ්රමය දෙශනා කරන ලද්දේය. මෙි මම පින්වත් ගෞතමයාණන් වහන්සේද‚ ධර්මයද‚ භික්‍ෂු සංයාද සරණකොට යමි. පින්වත් ගෞතමයාණන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකුයයි මා දරා ගන්නා සේක්වා,කීය.

දසවෙනිවු චුල සාරොපම සුත්‍රය නිමි.

* ( කකචුපම සුත්‍රය‚අලගද්දුපම සුත්‍රය‚ වමිමීක සුත්‍රය‚ රථවිනීත සුත්‍රය‚ නිවාප සුත්‍රය‚ අරිය පරියෙසන සුත්‍රය‚ චුලහත්‍ථිපද්‍රෙපම සුත්‍රය‚ මහා හත්‍ථිපද්‍රෙපම සුත්‍රය‚ මහා සාරොපම සුත්‍රය‚ චුලසාරොපම සුත්‍රය යන සුත්‍ර දසයවු )

තුන්වන ඹපමම වර්‍ගයයි.

29. මහා සාරොපම සූත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදී.එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් බැහැර ගිය නොබෝ කල්හි රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතහෙි වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ දෙව්දත් තෙරුන් අරභයා භික්ෂූන්ට කථා කළ සේක.

´´මහණෙනි, මෙහි ඇතැම් කුලපුත්‍රයෙක්, ´ ඉපදීමෙන් ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද, මැඩුනේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙණේනම් ඉතා යෙහෙකැ ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි.හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය,සත්කාර ලැබීමය,කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්කියෙන් සම්පූර්ණ වූ අදහස් ඇතිව සතුටු වෙයි.ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට සිතයි.අනුන් පහත් කොට සිතයි. ´මම ලාභ ඇත්තේ වෙමි.අන්‍ය වූ මේ භික්ෂූහු ප්‍රසිද්ධ නැත. අල්පෙශාක්‍ය යයි සිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි.මත්වූයේ ම දුකසේ වාසය කරයි.

2.´´මහණෙනි, යම් සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ , අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නා වූ,පුරුෂයෙක් ( යම් තැනෙක )පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා,(අත්හැර) ඵලය ඉක්මවා, සුඹුල (පොත්ත) ඉක්මවා,පතුරු ඉක්මවා, අරටුව යයි සිතා අතු හා දලු සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. ´ මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. එලය නොදත්තේය.පොත්ත නොදත්තේය.පතුරු නොදත්තේය. අතු හා දලු නොදත්තේය.ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනෙක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, ඵලය ඉක්මවා, පොත්ත ඉක්මවා, පතුරු ඉක්මවා, අරටුව යයි සිතා අතු හා දලු සිඳ ගෙන ගියේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේ ද, ඔහුගේ ඒ වැඩය සිදුනොවන්නේය.

´´මහණෙනි,එමෙන්ම මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක්, ´ ඉපදීමෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීම්වලින් ද, කායික දුකින් ද, සිතේ දුකින් ද,බලවත් වෙහෙසින් ද, මැඩුනේ වෙමි.දුකින් මැඩුනේ වෙමි.දුකින් පීඩා විඳන්නේ වෙමි.මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි.හෙතෙම මේසේ පැවිදි වූයේ ම සිවුපසය ලැබීමය,සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි.හෙතෙම, ඒ ලාභ සත්කාර කීර්තියෙන් සම්පූර්ණ වූ අදහස් ඇත්තේ සතුටු වෙයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති නිසා තමන් උසස් කොට සිතයි.අනුන් පහත්කොට සිතයි. ´ මම ලාභ සත්කාර කීර්ති ඇත්තේ වෙමි.අන්‍ය වූ මේ භික්ෂූහු ප්‍රසිද්ධ නැත, අල්පේශාක්‍ය´ යි සිතයි.ඔහු ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත්වෙයි. විශේෂයෙන් මත්වෙයි.ප්‍රමාදයට පැමිණෙයි.මත්වූයේ ම දුකසේ වාසය කරයි.මහණෙනි, ඒ මහණතෙම මේ සාසන බ්‍රහ්ම චරියාවෙහි කොල අතු ගත්තේයයි ද එයින්ම කෙළවරට පැමිණියේ යයි ද කියනු ලැබේ.

3.´´මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ´ ඉපදීමෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීම්වලින් ද, කායික දුකින් ද, සිතේ දුකින් ද, බලවත් වෙහෙසින් ද, මැඩුනේ වෙමි.දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි.මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි.හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය,සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය,යන මේවා උපදවයි.හෙතෙම ඒ් ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු නොවෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමා උසස් කොට නොසලකයි.අනුන් පහත් කොට නොසලකයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාද නොවූයේ ම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. ´ මම යහපත් ගුණධර්‍ම ඇති සිල්වතෙක් වෙමි.අන්‍ය වූ මේ භික්ෂූහු පවිටු ස්වභාව ඇති දුශ්ශීලයෝය ´ කියායි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් මත්වෙයි.විශේෂයෙන් මත්වෙයි.ප්‍රමාදයට පැමිණෙයි.ප්‍රමාදයට පැමිණියේ ම දුකසේ වාසය කරයි.

´´මහණෙනි යම්සේ (ගහක) අරටුවෙන් ප්‍රයොජන ඇත්තාවූ ද, අරටු සොයන්නාවූ ද, අරටු සොයමින් හැසිරෙන්නාවූ ද පුරුෂයෙක් (යම් තැනෙක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, (අත්හැර) ඵලය ඉක්මවා, සුඹුලු ඉක්මවා අරටුව යයි සිතා පතුරු සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ´ මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය.ඵලය නොදත්තේය.පොත්ත නොදත්තේය.පතුරු නොදත්තේය.එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ,අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, ඵලය ඉක්මවා,පොත්ත ඉක්මවා,අරටුව යයි සිතා පතුරු සිඳගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඔහුගේ ඒ වැඩය නොසිදු වන්නේය.

´´මහණෙනි, එමෙන්ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ´ ඉපදීමෙන් ද , ජරාවෙන් ද, මරණයෙන් ද, වැලපීම්වලින් ද, කායික දුකින් ද, සිතේ දුකින් ද, බලවත් වෙහෙසින් ද, මැඩුනේ වෙමි.දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාසියගේ කෙළවර කිරීමක් පෙනේනම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි.හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය,සත්කාර ලැබීමය,කීර්තිය ලැබීමය යන මේවා උපදවයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු නොවෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමා උසස් කොට නොසලකයි.අනුන් පහත් කොට නොසලකයි.හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාද නොවූයේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමා උසස් කොට සලකයි.අනුන් පහත් කොට සලකයි. ´ මම යහපත් ගුණධර්‍ම ඇති සිල්වතෙක් වෙමි.අන්‍යවූ මේ භික්ෂූහු පවිටු ස්වභාව ඇති දුශ්ශීලයෝය.´ යි කියාය.හෙතෙම ඒ ශීල සම්පත්තියෙන් මත්වෙයි.විශේෂයෙන් මත්වෙයි.ප්‍රමාදයට පැමිණෙයි.ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.

´´මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි (මාර්‍ගඵල නමැති ගසෙහි) පතුරු ගත්තේයයි ද එයින්ම කෙළවරට පැමිණියේ යයි ද, කියනු ලැබේ.

4.´´මහණෙනි මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ඉපදීමෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීම්වලින් ද, කායික දුකින් ද, සිතේ දුකින් ද, බලවත් වෙහෙසින් ද, මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි.දිකින් පීඩා විඳින්නේ වෙමි.මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේනම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය, සත්කර ලැබීමය කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන් පහත්කොට නොසිතයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේ ම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු සිත් ඇත්තේ වෙයි. (එහෙත්) හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත්කොට නොසිතයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපිමිණියේ ම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත් කොට සිතයි. ´ මම සමාධි ගත වූයේ එකඟ වූ සිත් ඇත්තේ වෙමි.අන්‍ය වූ මේ භික්ෂූහු වනාහි සමාධිගත නොවූහ.කැළඹුණු සිත් ඇත්තාහ´ කියායි.ඔහු ඒ සමාධි සම්පත්කිය නිසා මත්වෙයි.විශෙෂයෙන් මත්වෙයි.ප්‍රමාදයට පැමිණෙයි.ප්‍රමාදයටපැමිණියේම දුකසේ වාසය කරයි.

´´මහණෙනි යම් සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනෙක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා (අත්හැර) ඵලය ඉක්මවා අරටුව යයි සිතා සුඹුල (පොත්ත) සිඳගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ´ මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. ඵලය නොදත්තේය.සුඹුල නොදත්තේය. පතුරු නොදත්තේය.අතු හා දලු නොත්තේය.එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයොජන ඇත්තේ අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනෙක) එහි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා අරටුව යයි සිතා පොත්ත සිඳ ගෙන ගියේය.ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේ ද ඒ වැඩය නොසිදු වන්නේය´ කියායි.

´´මහණෙනි එමෙන්ම මේ ලොකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ´ ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද ශෝකයෙන්ද, වැලපීම් වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුණේ වෙමි, දුකින් මැඩුනේ වෙමි, දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිද වූයේ වෙයි. හෙතෙමේ මෙසේ පැවිදි වූයේම, සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත් නොට නොසිතයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි.විශේයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි. ( එහෙත් ) ඒ සීල සම්පත්තිය නිසා සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයටනොපැමිණියේ ම සමාධිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමා උසස් කොට සිතයි.අනුන් පහත් කොට සිතයි. ´ මම සමාධිගත වූයේ එකඟ වූ සිත් ඇත්තේ වෙමි.අන්‍යවූ මේ භික්ෂූහු වනාහි සමාධිගත නොවූවාහු කැළඹුණු සිත් ඇත්තාහ´ කියායි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත්වෙයි. විශේෂයෙන් මත්වෙයි.ප්‍රමාදයට පැමිණෙයි.ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්මචය්‍ර්‍යායෙහි පොත්ත ගත්තේයයිද එයින්ම කෙළවරට පැමිණියේ යයි ද කියනු ලැබේ.

5.´´මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ´ ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීම්වලින්ද, කායිකදුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි.දුකින් මැඩුනේ වෙමි.දුකින් පීඩා විඳින්නේ වෙමි.මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ ´ යි ( සිතා ) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදි වූයේ වෙයි.හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි.ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන්පහත් කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත්නොවෙයි.විශේෂයෙන් මත්නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පත්වෙයි. (එහෙත්) හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා සම්පූර්ණ වූ අදහස ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.ඔහු ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත්නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා සතුටට පැමිණෙයි. (එහෙත්) සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසලකයි.අනුන් පහත්කොට නොසලකයි.ඔහු ඒසමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි.විශෙෂයෙන් මත්නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්‍ශනය (පංච අභිඥාව) උපදවයි.හෙතෙම ඒ ඥාන දර්‍ශනයෙන් ( පංච අභිඥාවෙන් ) සතුටු වෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි.හෙතෙම ඒ ඥාන දර්‍ශනය (පංච අභිඥාව) නිසා ´ මම දන්නෙක් වෙමි. දකින්නෙක් වෙමි ´ යි තමන් උසස් කොට සිතයි. අනුන් පහත් කොට සිතයි. ´ මේ අන්‍යවූ භික්ෂූහු නොදන්නාහු , නොදක්නාහුම වෙසෙත් ´ යි කියායි. හෙතෙම ඒ ඥාන දර්‍ශනයෙන් ( පංච අභිඥාවෙන් ) මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේ ම දුකසේ වාසය කරයි.

´´මහණෙනි, යම් සේ අරටුවෙන් ප්‍රයොජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනෙක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා (හැර) අරටුව යයි සිතා ඵලය කපා අරගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ´ මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය.ඵලය නොදත්තේය. පොත්ත නොදත්තේය. පතුරු නොදත්තේය.අතු හා දලු නොදත්තේය.එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනෙක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා අරටුව යයි සිතා ඵලය සිඳ අරගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදුවන්නේය´ කියායි.

´´මහණෙනි එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ´ ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීම්වලින්ද කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පිඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනෙන්නේනම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදි වූයේ වෙයි.හෙතෙමේ මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය. කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. හෙතෙම ඒ සීලසම්පත්තිය නිසාසම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. හෙතෙම අනුන්පහත් කොට නොසිතයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටටපැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්‍ශනය (පංච අභිඥාව) උපදවයි. හෙතෙම ඒ ඥන දර්‍ශනයෙන් සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි.හෙතෙම ඒ ඥන දර්‍ශනය නිසා ´ මම දන්නෙක් වෙමි, දකින්නෙක් වෙමි´ යි තමන් උසස්කොට සිතයි.අනුන් පහත්කොටසිතයි. ´ මේ අන්‍ය වූ භික්ෂූහු නොදන්නාහු නොදක්නාහු ම වෙසෙත් ´ යි කියායි.ඔහු ඒ ඥාන දර්‍ශනයෙන් මත්වෙයි.විශේෂයෙන් මත්වෙයි. ප්‍රමාදයටපැමිණෙයි.ප්‍රමාදයටපැමිණියේම දුකසේ වාසය කරයි.මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්ම චය්‍ර්‍යාවෙහි ඵලය ගත්තේයයිද එයින්ම කෙළවරට පැමිණියේයයි ද කියනු ලැබේ.

6.´මහණෙනි මේශාසනයෙහි ඇතැම් කුලපුත්‍රු්‍රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීම් වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පෙලුනේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි.ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයි. සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන් පහත්කොට නොසිතයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත්නොවෙයි.විශේෂයෙන් මත්නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණයේම සමාධිසම්පත්තිය උපදවයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත්නොවෙයි. විශේෂයෙන් මත්නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේ ම ඥාන දර්ශනය (පංච අභිඥා) උපදවයි.හෙතෙම ඒ ඥාන දර්ශනය (පංච අභිඥා) නිසා සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ ඥානදර්ශනසම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත් කොටනොසිතයි.හෙතෙම ඒ ඥනදර්ශන සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත්නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණයේම රහත්බව සම්පූර්ණ කරයි. මහණෙනි, යම් හෙයකින් ඒ භික්ෂූව ඒ රහත් බවින් පිරිහෙන්නේය යනු හේතු රහිතයි. ප්‍රත්‍ය රහිතයි. (හෙවත් ඒ රහත් බවෙන් පිරිහීමක් නොසිදුවෙයි)

´´මහණෙනි, යම්සේ අරටුවෙන් ප්‍රයොජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ අරටු සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව යයි දැනගෙනම අරටුව සිඳගෙන යන්නේය.ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ´ මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව දත්තේය.ඵලය දත්තේය, පොත්ත දත්තේය, පතුර දත්තේය, අතු හා දලු දත්තේය. එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනෙක) පිහිටි මහත්වූ ගසක අරටුව යයි දැනගෙනම අරටුව සිඳ ගෙන ගියේය.ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය හොඳින් සිදුවන්නේය´ කියායි.

´´මහණෙනි, එසේ මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ´ ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම් වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් පෙලුනේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරිමක් පෙනේ නම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ ලාභ සත්කාාර කීර්තිය නිසා තමන් උසස් කොටනොසිතයි. අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත්නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණායේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්ශනය (පංච අභිඥා) උපදවයි. හෙතෙම ඒ ඥාන දර්ශනය (පංච අභිඥා) නිසා සතුටට පැමිණෙයි. සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ඥන දර්ශනය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ ඥානදර්ශනය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයටනොපැමිණියේම රහත් බව සම්පූර්ණ තරයි.

´´මහණෙකි, යම් හෙයකින් ඒ භික්ෂූව ඒ රහත් බවින් පිරිහෙන්නේ නම්, එය හේතු රහිතයි.ප්‍රත්‍යය රහිතයි.(හෙවත් ඒ රහත් බවින් පිරිහීමක් සිදු නොවෙයි.) 7.´මහණෙනි, මෙසේ වනාහි මේ ශාසන බ්‍රහ්මචය්‍ය ර්‍ව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස නොවෙයි.සීල සම්පත්තිය පිණිස නොවෙයි.සමාධි සම්පත්තිය පිණිස නොවෙයි.ඥාන දර්ශනය (පංච අභිඥාව) පිණිස නොවෙයි.මහණෙනි යම් මේ රහත් බවක් වේද, මහණෙනි මේ ශාසන බ්‍රහ්ම චය්‍ය ර්‍ාව මේ රහත් බව පිණිස මැයි. ´´මේ රහත් බව ශාසන බ්‍රහ්ම චය්‍ර්‍යාවෙහි සාරයයි. (හරයයි) මේ රහත්බව (ශාසන බ්‍රහ්ම චය්‍ර්‍යාවෙහි) කෙළවරයි. (අවසානයයි)

මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. සතුටට පැමිණි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගෙි ඒ දේශනාව සතුටින් පිළිගත්තාහුය.

නවවෙනි වූ මහා සාරොපම සූත්‍රය නිමි. (3-9)

28. මහාහත්‍ථිපදොපම සූත්‍රය

PAGE IS MISSING

,මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි වූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේ ද, තණ්හාවගේ යම් නැතිකිරීමක් වේ ද, එය දුක් නැති කිරීමයි. ඇවැත්නි, මෙපමණින් ද මහණහු විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.

´´ඇවැත්නි, අධ්‍යාත්මික වූ මනොද්වාරය නොනැසුනේ වේ ද , බාහිර ධර්‍ම අරමුණු සිත හමුවට නොපැමිණෙද් ද, ඊට අනුකූල මනසිකාරය නොවෙයි ද ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ඨාසයාගේ පහළවීම නොවෙයි.

´´ඇවැත්නි,ආධ්‍යාත්මික වූ මනොවිඤ්ඤාණය නොනැසුනේ වේ ද ,බාහිර ධර්‍ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද,ඊට අනුකූල වූ මනසිකාරය නොවෙයි ද, ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ඨාසයාගේ පහළවීම නොවෙයි.

´´ඇවැත්නි, අධ්‍යාත්මික වූ මනොවිඤ්ඤාණය නොනැසුනේ වේ ද , බාහිර ධර්‍ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මනසිකාරය නොවෙයිද, ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ඨාසයාගේ පහළවීම නොවෙයි.

´´ඇවැත්නි, අධ්‍යාත්මික වූ මනොද්වාරය නොනැසුනේ වේ ද, බාහිර ධර්‍ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මනසිකාරය වෙයි ද එකල්හි ඊට අනුරූප විඥාන කොට්ඨාසයාගේ පහලවීම වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් රූපයක්වේ ද, එය රූප උපාදානස්කන්ධයෙහි ඇතුලත් වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් වේදනාවක් වේද, එය වේදනා උපාදානස්කන්ධයෙහි ඇතුලත් වෙයි.ඒ මනොවිඤ්ඤාණයත් සමග යම් සංඥාවක් වේද, එය සංඥා උපාදානස්කන්ධයෙහි ඇතුලත් වෙයි,ඒ මනොවිඤ්ඤාණය සමග යම් සංස්කාරයෝ වෙත්ද, ඔවුහු සංස්කාර උපාදානස්කන්ධයෙහි ඇතුලත් වෙත්.ඒ මනොවිඤ්ඤාණය සමග යම් විඥානයක් වේද, එය විඥාන උපාදානස්කන්ධයෙහි ඇතුලත් වෙයි, ඔහු මෙසේ දනී. ´මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය,එක්වීම, රැස්වීම වෙයි´ ( කියාය) භාග්‍යවතුන් වහන්සේ විසින් ද මෙසේ වදාරණ ලද්දේමය.

´´යමෙක් පටිච්චසමුප්පාදය දකීනම් හෙතෙමේ ධර්‍මය දකි. යමෙක් ධර්‍මය දකීනම් හෙතෙමේ පටිච්චසමුප්පාදය දකීය යි´´ (වදාළහ).

´´යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද, මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුමය. මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේ ද, යම් ඇලීමක් වේ ද, යම් අනුකූල බවක් වේ ද, යම් බලවත් ඇල්මක් වේ ද, එය දුක් ඉපදීමේ හේතුවයි.

´´මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි වූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේ ද, තණ්හාවගේ යම් නැතිකිරීමක් වේ ද, එය දුක් නැතිකිරීමයි. ඇවැත්නි මෙපමණින් ද භික්ෂූව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.´´

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේගේ දේශනාව පිළිගත්හ.

අටවෙනි වූ මහාහත්ථිපදෝපම සූත්‍රය නිමි. ( 3 – 8 )

27. චූලහත්‍ථිපදොපම සූත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ඩෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හු ජානුස්සොනි නම් බ්‍රාහ්මණ තෙම වෙළඹුන් යෙදූ සියල්ල සුදූවූ රථයකින් මධ්‍යාහ්නයෙහි (මැදි දවල් ) සැවත් නුවර වීථීන්හි ගමන් කරයි.

ජානුස්සොනි බ්‍රාහ්මණ තෙම එන්නාවූ පිලොතික නම් පරිබ්‍රාජකයා දූරදීම දූටුවේය; දැක පිලොතික පරිබ්‍රාජකයාට මෙසේ කීයේය. ,පින්වත, *වච්ඡායනතෙමේ මේ මැදි දවල් කොහි සිට එන්නෙහිද, ?

*වච්ඡායන බම් ගොත්‍ර ඇති හෙයින් එසේ කීය.

,පින්වත, මම ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයෙහි සිට මේ දිශාවෙන් එමි,යි (කීය)

,පින්වත්, වච්ඡායන තෙම ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ දක්‍ෂ නුවණ ඇති බව ගැන ඔබ කුමක් සිතන්නෙහිද? පණ්ඩිතයෙකැයි සිතන්නෙහිද? යි (ඇසීය )

,පින්වත මම කවරෙක්ද? ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවෙහි දක්‍ෂ බව දැන ගැනීමට තරම් මම කවරෙක්ද? යමෙක් ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවෙහි දක්‍ෂ බව දැන ගන්නේ නම් ඔහුත් උන්වහන්සේ හා සමාන කෙනෙකු විය යුතුය.,

,පින්වත් වච්ඡායන තෙම ඉතා උසස් ප්‍රශංසාවෙන්ම ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසි කෙරේ,යි.

,පින්වත, මම කවරෙක්ද? කවරෙක්වූ මම ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කරන්නෙම්ද? ‘ඒ පින්වත් ශ්‍රමණ ගෞතම තෙම ප්‍රශංසා කළ යුත්තන් (උසස් අය) විසින් දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයයි ප්‍රශංසා කරන ලදි.,

,පින්වත් වච්ඡායන තෙම කුමන කාරණයක් දකිමින් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ පැහැදූනේද,?

2.,පින්වත, යම්සේ ඇතුන් වසන වනයක හැසිරෙන දක්‍ෂපුද්ගලයෙක් ඇතුන් වසන වනයට ඇතුල් වේද, ඔහු ඇතුන් වසන වනයෙහි දිගින්ද දික්වූ පුළුළින්ද පුළුල්වූ මහත්වූ ඇත්පියවරක් (අඩි සටහනක්) දකින්නේද, පින්වත, ඔහු ඒ මහා ඇතෙක්යයි තීරණයට පැමිණෙයි. පින්වත, එපරිද්දෙන් මමද යම් තැනක පටන් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි ඤාණපද සතරක් (නුවණ පියවර) දූටුයෙම්ද, එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම, අවබොධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනවින් දෙශනා කැන ලදි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.

,කවර ඤාණපද සතරක්ද යත්, පින්වත, මේ ලොකයෙහි සියුම් බුද්ධි ඇති, අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති, වාල වෙධීන් (විදූලි එලියෙන් අස් ලොමට විදීමට සමතුන්) වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත්යයි සලකන යම් ක්‍ෂත්‍රිය පණ්ඩිතයෙක් දක්නෙම්ද, ඔවුහු ශ්‍රමණ භවත් ගෞතමයන් අසුවල් නම් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙතියි අසත්ද, අපි ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් මේ ප්‍රශ්න අසන්නෙමුයි ඔවුහු ප්‍රශ්න සූදානම් කරත්. ‘ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ වාදාරොපනය කරමු. ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නේය. එවිට අපි මෙසේත් වාදය නගමු’යි (කියායි) අසුවල් නම් ගමට හෝ නියම් ගමට හෝ ශ්‍රමණ ගෞතමයින් පැමිණියහයි අසා ඔවුහූ ශ්‍රමණ ගෞතමයන් යම් තැනකද එතැනට පැමිණෙත්. ශ්‍රමණ ගෞතමයෝ ධර්‍මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්. ඔවුහූ ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහූ සමාදන් කරවන ලද්දාහූ, උත්සාහ කරන ලද්දාහූ, සතුටු කරවන ලද්දාහූ, ශ්‍රමණ ගෞතමයින් ගෙන් ප්‍රශ්නවත් නොඅසති, උන් වහන්සේට කොයින් වාදාරොපනයක් කරද්ද (වාදය පිණිස කථා නොකරති) ඔවුහූ එකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ පළමුවන ඤාණපදය දූටුවෙම්ද, එතැන් සිට ‘භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබොධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය හොඳින් දෙශනා කරනලදි. භාග්‍යවතුන් වහන්සෙගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.

3.,නැවතද පින්වත, මේ ලොකයෙහි සියුම් බුද්ධි ඇති, අනුන් හා වාද කිරීමේ පුරුද්ද ඇති වාල වෙධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත් යයි සලකන යම් බ්‍රාහ්මණ පණ්ඩිතයන් මම දකිම්ද, ඔවුහූ ශ්‍රමණ භවත් ගෞතමයන් අසුවල් නම් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙතියි අසත්ද ‘අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මෙසේ අසන්නෙමු’යි ඔවුහූ ප්‍රශ්න සූදානම් කරත්. ‘ඉදින් අප විසින් අසනලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගමු’යි (කියාය). ඔවුහූ අසවල් ගමට හෝ නියම් ගමට හෝ ශ්‍රමණ ගෞතමයන් පැමිණියහයි (අසා) ශ්‍රමණ ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත්. (එසේ පැමිණි කල්හී) ශ්‍රමණ ගෞතමයෝ ධර්‍මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්. උත්සාහ කරවත්. සතුටු කරවත්. ඔවුහූ ශ්‍රමණ ගෞතමයින් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහූ, උත්සාහ කරවන ලද්දාහූ, සතුටු කරවන ලද්දාහූ, ශ්‍රමණ ගෞතමයින්ගෙන් ප්‍රශ්නවත් නොඅසති. උන්වහන්සේට කොයින් වාදාරොපනය කරද්ද ? ඔවුහූ එකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේම ශ්‍රාවකයෝ වෙත්.

,පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ දෙවෙනි ඤාණපදය දූටුයෙම්ද එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබොධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ධර්‍මය දෙශනා කරනලදි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක ස්ඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.

4.,නැවතද පින්වත, මේ ලොකයෙහි සියුම් බුද්ධි ඇති, අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති, වාල වෙධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත් යයි සලකන යම් ගෘහපති පණ්ඩිතයන් මම දකිම්ද, ඔවුහූ ශ්‍රමණභවත් ගෞතමයන් අසවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙත්යයි අසද්ද ‘අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මේ ප්‍රශ්න අසමුයි ඔවුහූ ප්‍රශ්න සූදානම් කරති. ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. ඔවිට අපි
PAGE IS MISSING

26. අරිය පරියෙසන සූත්‍රය.

1. , මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කළහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ සිවුරු හා පාත්‍රය ගෙන සැවැත් නුවරට පිඩු පිණිස වැඩියහ. එකල්හි බොහෝ භික්‍ෂූහු ආනන්‍දස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි පැමිණියහ; පැමිණ ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට මෙසේකීහ. , ඇවැත්නි, ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්‍ම කථාවක් අසන්ට නොලැබී බොහෝ කල් ගතවිය. ඇවැත්නි, ආනන්‍දයෙනි අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්‍ම කථාවක් ඇසීමට ලබන්නෙමු නම් ඉතා යෙහෙක , (කියායි ) , ආයුෂ්මතුනි, එසේවී නම් රම්මක නම් බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එතැනට පැමිණෙව්. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්‍ම කථාවක් අසන්නට ලබන්නාහු , යි කීය. , ඇවැත්නි, එසේය,

කියා ඒ භික්‍ෂූහු ආනන්‍දස්ථවිරයන් වහන්සේට උත්තර දූන්හ.

2. , ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඩු පිණිස හැසිර බතින් පසුව පිණඩපාතයෙන් වැළකුනේ ආනන්‍දස්ථවිරයන් වහන්සේට කථා තළහ. , ආනන්‍දයෙනි මිගාරමාතෘ ප්‍රාසාදනම්වූ පූර්‍වාරාම විහාරය යම් තැනෙක්හිද, දවල් කාලයේ වාසය සඳහා එහි යමු,යි (කීහ) ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ‘එසේය ස්වාමිනි’, කියා භාග්‍යවතුන් වහන්සේට උත්තරදූන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද සමග මිගාරමාතෘ ප්‍රාසාද නම්වූ පූර්‍වාරාමය යම් තැනෙක්හිද එතැන්හි දවල් කාලයේ වාසය පිණිස වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිට ආනන්‍දස්ථවිරයන්වහන්සේට කථාකොට ‘ආනන්‍දය, ඇඟ සෝදා ගනු සඳහා නැගෙනහිර නාන කොටුවට යමු’යි කීහ. ,එසේය, ස්වාමිනි’යි ආනන්‍ද ස්ථවිරයනි වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දූන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද සමග නැගෙනහිර නාන කොටුවට වැඩියහ, වැඩ, ඇඟ සෝදා ගොඩනැගී ඇඟදිය සිඳුවමින් එකම හඳනා සිවුරෙන් යුක්තව වැඩසිටියහ.

ඉක්බිති ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ,ස්වාමීනි මේ රම්මක නම් බමුණාගේ ආශ්‍රමය සමීපයෙහි වේ. ස්වාමීනි, රම්මක නම් බමුණාගේ ආශ්‍රමය සිත් ගන්නේය. ස්වාමීනි, රම්මක නම් බ්‍රාහ්මණයාගේ ආශ්‍රමය ද්‍රටුවන් පහදවන්නේය. ස්වාමීනි, රම්මක නම් බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද අනුකම්පා කොට එහි වඩිනු මැනවි,. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක නම් බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එතැනට වැඩියහ. එකල්හි බොහෝ භික්‍ෂූහු රම්මක බමුණිගේ ආශ්‍රමයට වී දැහැමි කථාවෙන් යුක්තව උන්නාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේඒ කථාවේ අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිටත වැඩ සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා කෙඵවර දැන කාරා දොර අගුල සමීපයට තට්ටු කළහ. ඒ භික්‍ෂහු භාග්‍යවතුන් වහන්සේට දොර හැරියාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ ආශ්‍රමයට ඇතුල්වපණවන ලද බුද්ධාසනයෙහි වැඩඋන්හ. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ගෙන් මෙසේ ඇසූහ. ,මහණෙනි, තෙපි දැන් කිනම් කථාවකින් යුක්තව සිටියහුද? තොපගේ කිනම් අතුරු කථාවක් අඩාල වීද?, (කියාය) ,ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේම අරභයා පැවැති අපගේ දැහැමි කථාව අඩාල විය. එවිට, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක්ය,යි (කීහ). ,මහණෙනි, මැණවි, තොපි දැහැමි කථාවෙන් යුක්තව හුන්නහුය, යන මේ කාරණය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශිසනයෙහි පැවිදිවූ කුලපුත්‍රවූ තොපට සුදූසු මැයි, මහණෙනි, රැස්වූ තොප විසින් දැහැමි කථාවක් පැවැත්වීම හෝ ආය්‍ර්‍යවූ තුෂ්ණීම්භාවය හෝ යන දෙකින් එකක් කටයුතුයි,.

3. ,මහණෙනි, මේ සෙවීම් දෙකකි. ආය්‍ර්‍යයන් විසින් කටයුතු සෙවීමය, අනාය්‍ර්‍යයන් (පෘථග්ජනයන් ) විසින් කටයුතු සෙවීමය යන මේ දෙකයි. මහණෙනි, ආය්‍ර්‍යපය්‍රේ‍යෂණ (ආය්‍ර්‍යයන් විසින් කටයුතු සෙවීම ) යනු කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිය ස්වභාව කොට ඇතියක්ම සොයයි. ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇතියක්ම සොයයි, තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇතියක්ම සොයයි, තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇතියක්ම සොයයි, තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇතියක්ම සොයයි, තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇතියක්ම සොයයි.

4. ,මහණෙනි, කුමක් ජාතිය ස්වභාවකොට ඇත්තකැයි කියව්ද? මහණෙනි, අඹු දරුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. එළු-බැටළුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ජාතිය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ ජාතිය ස්වභාව කොට ඇති ධර්‍මයෝ උපධිහු නම් වෙත්. මෙහි ගිලුනාවූ මූර්ඡාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ තමා ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.

,මහණෙනි, කුමක් ජරාව ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? මහණෙනි, අඹු දරුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජරාව ස්වභාව කොට ඇත්තකි. එළු-බැටළුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් ජරාව ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජරාව ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ජරාව ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ ජරාව ස්වභාව කොට ඇති ධර්‍මයෝ උපධිහු නම් වෙත්. මෙහි ගිලුණාවූ මූර්ඡාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ තමා ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සොයයි.

,මහණෙනි, කුමක් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? මහණෙනි, අඹු දරුවන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. එළු-බැටළුවන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ ව්‍යාධිය ස්වභාව කොට ඇති ධර්‍මයෝ ‘උපධිහු නම්’ වෙත්. මෙහි ගිලුණාවූ මූර්ඡාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.

,මහණෙනි, කුමක් මරණය ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? මහණෙනි, අඹු දරුවන් මරණය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් මරණය ස්වභාව කොට ඇත්තකි. එළු-බැටළුවන් මරණය ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් මරණය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් මරණය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී මරණය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ මරණය ස්වභාව කොට ඇති ධර්‍මයෝ උපධිහු නම් වෙත්. මෙහි වෙළුනාවූ මූර්ඡාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.

,මහණෙනි, කුමක් ශොකය ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? මහණෙනි, අඹු දරුවන් ශොකය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ශොකය ස්වභාව කොට ඇත්තකි. එළු-බැටළුවන් ශොකය ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් ශොකය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ශොකය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ශොකය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ ශොකය ස්වභාව කොට ඇති ධර්‍මයෝ උපධිහු නම් වෙත්. මෙහි වෙළුනාවූ මූර්ඡාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.

,මහණෙනි, කුමක් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? මහණෙනි, අඹු දරුවන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. එළු-බැටළුවන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. කුකළන් ඌරන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. රන් රිදී කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති ධර්‍මයෝ උපධිහු නම් වෙත්. මෙහි වෙළුනාවූ මූර්ඡාවූ, බැසගත්තාවූ මේ සත්‍ව තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සොයයි. මහණෙනි, මේ අනාය්‍ර්‍ය (පෘථග්ජනයන්ගේ ) සෙවීමයි.

5. ,මහණෙනි, ආය්‍ර්‍ය පර්ය්‍රේ‍යෂණය (ආය්‍ර්‍යයන්ගේ සෙවීම ) කවරේ ද ? මහණෙනි, ‘මේ ලෝකයෙහි ඇතැමෙක් ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ඉපදීමක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදූනාවූ නිවණ සොයයි.

තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ජරාවක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදූනාවූ නිවණ සොයයි.

තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ව්‍යාධියක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදූනාවූ නිවණ සොයයි.

තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, මරණයක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදූනාවූ නිවණ සොයයි.

තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ශොකයක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදූනාවූ නිවණ සොයයි.

තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, කෙලෙස් සහිත ස්වභාවයක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදූනාවූ නිවණ සොයයි. මහණෙනි, මේ ආය්‍ර්‍යවූ සෙවීමයි.

6. ,මහණෙනි, මමද බුදූවන්නට පෙර බුදූනොවූ බෝසත් වූයේම තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.

,තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.

,තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.

,තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.

,තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.

,තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.

,මහණෙනි, ඒ මට මෙබඳු කල්පනාවක් විය. කුමක් හෙයින් මම ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද ? කුමක් හෙයින් ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද ? කුමක් හෙයින් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද ? කුමක් හෙයින් ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද ? කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද ? යම් හෙයකින් ජාතිය ස්වභාවකොට ඇත්තාවූ මම ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ජාතියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදූණාවූ නිවණ සොයන්නෙම් නම්, ජරාව ස්වභාවකොට ඇත්තාවූ මම ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදූණාවූ නිවණ සොයන්නෙම් නම්, ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාවූ මම ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාධියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදූණාවූ නිවණ සොයන්නෙම් නම්, මරණය ස්වභාවකොට ඇත්තාවූ මම මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක මරණයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදූණාවූ නිවණ සොයන්නෙම් නම්, ශොකය ස්වභාවකොට ඇත්තාවූ මම ශොකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ශොකයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදූණාවූ නිවණ සොයන්නෙම් නම්, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති මම කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් සහිත ස්වභාවයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදූණාවූ නිවණ සොයන්නෙම් නම් හොඳය. (යනුවෙනි )

7. ,මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම, කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෙ?වන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදි වීමි. මෙසේ පැවිදිවූ මම නුසල් කුමක්දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්‍වාණය සොයමින් කාලාම ගොත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, කාලාම ගොත්‍ර ඇති ආළාර තාපසයාට මෙසේ කීයෙමි. ,ඇවැත්නි කාලාමයෙනි, මම මේ සස්නෙහි උතුම් හැසිරීමෙහි පිළිපැදීමට කැමැත්තෙමි’ යි (යනුය) මහණෙනි මෙසේ කී කල්හී කාලාමනම්වූ ආළාරතෙම මට මෙසේ කීයේය., ,යම් තැනෙක නුවණැත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් ස්වකීය ආචාය්‍ර්‍යවරයාගේ ධර්‍මය දැන ප්‍රත්‍යක්‍ෂකොට වාසය කරන්නේද මේ ධර්‍මය තෙම එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාසයකෙරේවා, යි (යනුවෙනි).

,මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඔවුන්ගේ ධර්‍මය අසා ඉගෙන ගත්තෙමි. මහණෙනා, ඒ මම ඔහු කියූ දෙයට පිළිතුරු දීමට තොල් සෙලවූ පමණින් පිළිතුරු දූන් පමණින් දැනීම ස්ථිරයයි යන වචනයද කියමි. දනිමි, දකිමියි ද කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ ප්‍රකාශ කරති. මහණෙනි, ඒ මට ආළාරකාලාම තෙම මේ ධර්‍මය

හුදෙක් ඇදහීම් පමණකින් තෙමේ විශිෂට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට දැන වාසය කරමියි ප්‍රකාශ නොකරයි. ආළාරකාලාම තෙම එකාන්තයෙන් මේ ධර්‍මය දැන දැක වාසය කෙරේය යන අදහස පහළ විය. ඉක්බිති, මහණෙනි, මම ආළාරකාලාමයන් වෙත ගෙිස් මෙසේ ඇසීමි. ‘ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් තෙමේ මේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ ප්‍රකාශ කෙරේදැ’යි (කියාය) මහණෙනි, මෙසේ කී කල්හී ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය දක්වා කීයේය. මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ආළාරකාලාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් වීය්‍ර්‍ය ඇත්තේ නොවෙයි. මටද වීය්‍ර්‍ය ඇත්තේය. ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත්තේය. ආළාරකාලාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත්තේය. ආළාරකාලාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත්තේය. ආළාරකාලාමයා යම් ධර්‍මයක් ප්‍රත්‍යක්‍ෂ කොට දැන වාසය කරමියි කියයි නම් ඒ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කොට දැනගන්නට වීය්‍ර්‍ය කරන්නෙම් නම් හොඳය (කියායි).

,මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඒ ධර්‍මය තමාම දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. ‘මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි; ගොස් ආළාරකාලාමයන්ගෙන් ‘ඇවැත්නි කාලාමයෙනි, මේ ධර්‍මය තමා ප්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන ප්‍රකාශ කරන්නේ මෙපමණකින්ය’ යි (හෙතෙම කීයේය) ‘ඇවැත්නි මමත් මේ ධර්‍මය මෙපමණකින් දැනගෙන වාසය කෙරෙමි’ යි (කීයෙමි.)

,ඇවැත්නි, යම් ඒ අපි ආයුෂමතුන් වැනිවූ සමාන බඹසර ඇත්තෙකු දක්නෙමුද ඒ අපට ලාභයෙකි. උතුම් ලාභයකි. මම යම් ධර්‍මයක් තෙමේම ප්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් ද, ඒ ධර්‍මය ඔබද තෙමේම ප්‍රත්‍යක්‍ෂව දැන ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්‍මයක් ප්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන වාසය කරන්නෙහි නම්, ඒ ධර්‍මය මමද ප්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන ප්‍රකාශකරමි. මෙසේ මම යම් ධර්‍මයක් දනිම් නම් මමද ඒ ධර්‍මය දනිමි. මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව දෙදෙනම එක්ව මේ ශිෂ්‍ය සමූහය පාලනය කරමු’යි. (කීයේය) ,මහණෙනි, මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම ආළාරකාලාම තෙම අතවැසිවූ මා සමසම තැන්හි තැබීය. උසස් පූජායෙන් පිදීය.

,මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. මේ ධර්‍මය තෙම කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි.

,මහණෙනි, ඒ මම ඒ ධර්‍මය ප්‍රමාණ නොවේයයි සලකා ඒ ධර්‍මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.

8. ,මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් උද්දකරාම පුත්ත තෙම යම් තැනෙක්හිද එතනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්ත තාපසයාට මෙසේ කීයෙමි. ‘ඇවැත්නි, මම මේ ධර්‍මයෙහි හැසිරෙන්නට කැමැත්තෙමි’යි (කීයෙමි) ,මහණෙනි, මෙසේ කී කල්හී උද්දකරාම පුත්ත තෙම මට මෙසේ කීයේය. ‘යම් තැනක නුවණැත්තාවූ පුරුෂයෙක් තෙම නොබෝ කලකින් ස්වකීය ආචාය්‍ර්‍යවරයාගේ ධර්‍මය තමා ම දැන ප්‍රත්‍යක්‍ෂකොට වාසය කරන්නේද මේ ධර්‍මය තෙම එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාවසය කෙරේවායි. (කියාය)

,මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඔවුන්ගේ ධර්‍මය ඉගෙන ගත්තෙමි.

,මහණෙනි, ඒ මම ඔහුට උත්තර දීමට තොල් සෙලවූ පමණින් වචනයක් කියූ පමණින් දනිමි යන වචනයද දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි-දකිමියයි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියතියි කියමි.

,මහණෙනි, ඒ මට මෙබඳු සිතක් විය. උදිදකරාම පුත්ත තෙම මේ ධර්‍මය හුදෙක් ඇදහීම් පමණකින් තෙමේම ප්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන වාසය කරමියි පුකාශ නොකරයි. උද්දකරාම පුත්ත තෙම ඒකාන්තයෙන් මේ ධර්‍මය දැන දැක වාසය කෙළෙයයි (මට කල්පනා විය) ඉක්බිති මහණෙනි, මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ මෙසේ ඇසීමි.

,ඇවැත් රාමයෙන්, කොපමණකින් මේ ධර්‍මය තෙමේම ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ ප්‍රකාශ කෙරේදැ,ය (කියාය) මහණෙනි, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා කීයේය. මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. රාම හටම ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාම හටම වීය්‍ර්‍ය ඇත්තේ නොවෙයි. මටද වීය්‍ර්‍ය ඇත්තේය. රාම හටම සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත්තේය. රාම හටම ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත්තේය. රාම තෙම ,යම් ධර්‍මයක් තමන්ම දැන ප්‍රත්‍යක්‍ෂ කොට වාසය කරමියි’ කියයි නම් ඒ ධර්‍මය තමන්ම ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා වීය්‍ර්‍ය කරන්නෙම් නම් යහපත්ය (කියාය.)

,මහණෙනි, නොබෝ කලකින් වහාම ඒ ධර්‍මය මමද ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. ‘මහණෙනි, ඉක්බිති මම උද්දකරාම පුත්ත තෙම යම් තැනෙක්හිද එතනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි. ‘ඇවැත් රාමයෙනි, මෙපමණකින් මේ ධර්‍මය තෙමේම ප්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ දැයි රාම පුත්තගෙන් ඇසීමි. ඇවැත්නි, මේ ධර්‍මය රාම තෙමේ මෙතෙකින් තෙමේද ප්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ ප්‍රකාශ තෙරේයයි (හෙතෙම කීයේය) ඇවැත්නි, මමත් මේ ධර්‍මය මෙපමණකින් තමාම ප්‍රත්‍යක්‍ෂව දැන ඊට පැමිණ වාසය කරමියි කීයෙමි.

,ඇවැත්නි, යම් ඒ අපි ආයුෂමතුන් වැනිවූ සමාන බඹසර ඇත්තෙකු දකිමුද ඒ අපට ලාභයෙකි. උතුම් ලාභයකි. මෙසේ යම් ධර්‍මයක් රාම තෙමේ තමාම ප්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කෙළේද ඒ ධර්‍මය ඔබද තමාම ප්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්‍මයක් ප්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ වාසය කරන්නෙහිද, ඒ ධර්‍මය රාම තෙමේ ප්‍රත්‍යක්‍ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කෙළේය. මෙසේ රාම තෙමේ යම් ධර්‍මයක් දනියිද ඔබද එය දන්නෙහිය, ඔබ යම් ධර්‍මයක් දන්නෙහිද රාම තෙමේද ඒ ධර්‍මය දනියි. මෙසේ රාම යම්බඳුද ඔබත් එබඳුය. ඇවැත්නි, එව දෙදෙනම එක්ව මේ ශිෂ්‍ය සමූහයා පාලනය කරමුයි (කීයේය.)

,මහණෙනි, මෙසේ එක්ව බඹසර වසන්නෙක්වූ උද්දකරාමපුත්ත තෙමේ මා ආචාය්‍ර්‍ය තනතුරෙහි තැබීය. උතුම් පූජායෙන් පිදීය.

,මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. මේ ධර්‍මයතෙම කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, කෙලෙස් නැති නිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස, නොපවතියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන බඹලොව ඉලදීම පිණිස පමණක් පවතියි.

,මහණෙනි, ඒ මම ඒ ධර්‍මය ප්‍රමාණ නොකොට ඒ ධර්‍මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.

9. ,මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින් අනුත්තරවූ නිර්‍වාණය සොයමින් මගධරට පිළිවෙළින් සැරිසරා යන්නෙම් උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනෙක්හිද එහි ගියෙමි. එහි ගලායන ගඟ ඇත්තාවූද සුදූ වැලිතලා ඇත්තාවූද යහපත් තොටවල් ඇත්තාවූද හාත්පස ගොදූරුගම් ඇත්තාවූද ප්‍රසාදය එළවන්නාවූ සිත් සතුටුකරන්නාවූ වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් දිටිමි. මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. ඒකාන්තයෙන් බිම් පෙදෙස සිත්කලුය, වනලිහිබ ප්‍රසාදය එළවන්නේය, දිය ගලා බස්නා සුදූවැලි තලා ඇති මනා තොටු ඇති ගඟද සිත්කලුය. හාත්පස ගොදූරු ගමද වෙයි, වීය්‍ර්‍යය කරණ කුල පුත්‍රයෙකුට වීය්‍ර්‍යය කිරීම පිණිස මේ ස්ථානය සුදූසුයයි (කියායි).

,මහණෙනි, ඒ මම වීය්‍ර්‍යය කිරීම පිණිස මෙතැන සුදූසු යයි සිතා වීය්‍ර්‍යය වැඩීම පිණිස එහිම හිඳගත්තෙමි.

10. ,මහණෙනි, ඒ මම, තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැන ජාතියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිර්වාණය සොයන්නෙම් ජාතියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිවණ අවබොධ කර ගතිමි.

,තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ජරාවක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිර්වාණය සොයන්නෙම් ජරාවක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිවණ අවබොධ කර ගතිමි.

,තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාධියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිර්වාණය සොයන්නෙම් ව්‍යාධියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිවණ අවබොධ කර ගතිමි.

,තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක මරණයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිර්වාණය සොයන්නෙම් මරණයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිවණ අවබොධ කර ගතිමි.

,තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ශොකයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිර්වාණය සොයන්නෙම් ශොකයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිවණ අවබොධ කර ගතිමි.

,තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිර්වාණය සොයන්නෙම් කෙලෙස් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදූනාවූ නිවණ අවබොධ කර ගතිමි. මට සියල්ල දක්නා නුවණ පහළ විය. මාගේ අර්හත් ඵලය නැවත වෙනස් කළ නොහැකිය, මේ මගේ අන්තිම ජාතියය, නැවත ඉපදීමක් නැත යන දැනීම මට ඇති විය.

11. ,මහණෙනි, ඒ මට මෙසේ අදහස් විය. මා විසින් අවබොධ කරගන්නාලද මේ ධර්‍මය, ගැඹුරුය, දැකීම දූෂ්කරය, අවබොධ කරගැනීම අමාරුය, ශාන්තය, ප්‍රණීතය, තර්‍කයෙන් බැසගත නොහැක, සියුම්ය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මේ සත්‍ව ප්‍රජාව පංචකාමයෙහි ඇලී සතුටු වන්නීය. පංචකාමයෙහි ආශා ඇත්තීය. පංචකාමයෙහි සතුටු වූවාය. පංචකාමයෙහි ඇලී සතුටු වන්නාවූ පංචකාමයට ආශා කරන්නාවූ පංචකාමයෙන් සතුටුවන්නාවූ මේ සත්‍ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය ඇති වන්නේය යන පටිච්චසමුප්පාදය දැක ගැනීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ සියලු උපධීන්ගෙන් මිදීමට හේතුවූ තෘෂ්ණාව නැතිවීමට හේතුවූ කෙලෙස් පහ කිරීමට හේතුවූද සියලු දූක් නැති කිරීමට හේතුවූ යම් ඒ නිර්‍වාණයක් වේද යන මේ කාරණයද දැක ගැනීම අපහසුය.

,මමද ධර්‍මය දෙශනා කරන්නෙම් නම් අන්‍යයෝද මාගෙන් අසා අවබොධකර නොගන්නාහු නම් එය මට ක්ලාන්ත බවක් වෙහෙසක් වන්නේය. මහණෙනි ඉක්බිති මම පෙර නොඇසූ විරූ ආශ්චය්‍ර්‍යවූ මේ ගාථාවෝ වැටහුනාහුය.

,මා විසින් දූකසේ අවබොධ කරගන්නා ලද මේ ධර්‍මය දැන් ප්‍රකාශ කිරීමට සුදූසු නැත. රාගයෙන් හා ද්වෙෂයෙන් මඩනා ලද්දවුන් විසින් මේ ධර්‍මය පහසුවෙන් තේරුම් ගත නොහැකි වෙයි.

,ගඟ උඩු අතට ගැලීමක් වැනිවූ සියුම්වූ ගැඹුරුවූ අවබොධය අපහසුවූ අතිශයින් සියුම්වූ මේ ධර්‍මය රාගයෙන් රත්වූ මොහයෙන් වටවූ මේ සත්‍වයෝ අවබොධ කර නොගන්නාහ.,

12. ,මහණෙනි, මෙසේ සලකන්නාවූ මාගේ සිත මන්දොත්සාහී බවට (හෙවත් දහම් නොදෙසනු නැමති බවට) නැමෙයි, දහම් දෙසීමට නොනැමෙයි. මහණෙනි, එකල්හී සහම්පතී නම් බ්‍රහ්මයාට ඔහුගේ සිතින් මාගේ සිත දැනගෙන මෙසේ කල්පනා විය. ‘යම් ලොවක සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ සිත මන්දොත්සාහී බවට නැමේද දහම් දෙසීමට නොනැමේද ඒ ලෝකය තෙම නැසෙන්නේය. ඒ ලෝකයතෙම විනාශ වන්නේය’ (කියායි.)

,මහණෙන, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම යම්සේ ශක්තිමති පුරුෂයෙක් හකුලන කද අතක් දික් කරන්නේද දික් කරණ ගද අතක් හකුලන්නේද එපරිද්දෙන් ඇසිල්ලකින් බඹලොවින් අතුරුදහන්ව මා ඉදිරියෙහි පහළ විය.

,මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සළුව ඒකාංශකොට පෙරවා මා යම් දිසාවෙක්හිද ඒ දිසාවට දොහොත් නමා මට මෙසේ කීයේය.

,ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ධර්‍මය දෙසන සේක්වා සුගතයන් වහන්සේ ධර්‍මය දෙසන සේක්වා. ස්වල්පවූ කෙලෙස් ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. ඔවුහූ ධර්‍මය අසන්නට නැතිකමින් පිරිහෙති. ධර්‍මය දැනගන්නෝ ඇත්තාහුය’ (යනුවෙනි)

,මහණෙනි, සහම්පතී බ්‍රහ්ම තෙම මෙසේ කීයේය. මෙසේ කියා අනතුරුව මෙසේද කීය.

,පෙර මගධ රටෙහි රාගාදී මල සහිත ශිස්තෲන් විසින් සිතන ලද අපිරිසිදූවූ ධර්‍මයක් පහළ විය. මේ නිර්‍වාණයට දොරටුවූ ආය්‍ර්‍යමාර්‍ගය විවෘත කරනු මැනවි. රාගාදී මල නැති සර්‍වඥයන් වහන්සේ විසින් අවබොධ කළාවූ ධර්‍මය අසත්වා.

‘සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, ශෛලමය පර්‍වතයක් මුදූනෙහි සිටියෙක් හාත්පස ජනසමූහය යම්සේ දකීද එමෙන් පහවූ ශික ඇති ඔබ වහන්සේ ඒ පර්‍වතයට උපමා ඇති ධර්‍මය නමැති ප්‍රාසාදයට නැඟ,

,ජාතියෙන් හා ජරාවෙන් මඩනා ලද ශොකයෙහි වැටී සිටින සත්‍ව සමූහයා බලත්වා. දිනන පස්මරුන් ඇති, සත්‍වයන් සසර කතරින් එතර කරණ හෙයින් සාර්‍ථවාහකවූ, කාමච්ඡන්දය නමැති ණය නැත්තාවූ වීරයන් වහන්ස, නැඟිටිනු මැනව, ලොකහෛි හැසුරුණ මැනව. භාග්‍යවතුන් වහන්ස, ධර්‍මය දෙසන සේක්වා, ඒ ධර්‍මය දැන ගන්නෝ වන්නාහ’. (යනුවෙනි)

13. ,මහණෙනි, එකල්හි මම බඹහුගේද ආරාධනාව දැන සත්‍වයන් කෙරෙහිද කරුණාවෙන් බුදූ ඇසින් ලොව බැලීමි. මහණෙනි, බුදූ ඇසින් ලොව බලන්නාවූ මම ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ රාගාදී කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද මෘදූවූ ඉන්ද්‍රිය ඇත්තාවූද ශ්‍රද්ධාදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්‍මය අවබොධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූ සත්‍වයන් දූටිමි.

,යම්සේ නම් උපුල් විලක හෝ හෙල උපුල් විලක හෝ හෙළ පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගන්නාහූ දියෙහි වැඩුනාහූ දියෙන් මතු නොවී දිය ඇතුළේම පොෂ්‍ය වෙත්ද, ඇතැම් පියුම් හෝ හෙල පියුම් හෝ දියෙහි හටගත්තාහූ දියෙහි වැඩුනාහූ දිය හා සමව සිටියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම මම බුදූ ඇසින් ලොකය බලන්නෙම් ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද, මෘදූවූ ඉන්ද්‍රිය ඇත්තාවූද, ශ්‍රද්ධාව ආදී යහපත් ආකාර ඇත්තාවූද, පහසුවෙන් ධර්‍මය අවබොධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූද සත්‍වයන් දූටිමි.

,මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පෙරළා මෙසේ කීමි.

,බ්‍රහ්මය, වෙහෙස පිළිබඳ හැඟීම් ඇතිව ප්‍රගුණවූ උතුම් ධර්‍මය නොකියෙමි, ඒ සත්‍වයන්හට නිවණෙහි දොරටු හරින ලදහ. යම් කෙනෙක් තුමූ කන් ඇත්තාහුද අසනු කැමැත්තාහුද ඔහු ශ්‍රද්ධාව එළවත්වා.,

,මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍ම දෙශනාව පිණිස කරණ ලද අවකාශ ඇත්තේ වෙමියි මා වැඳ පැදකුණුටකාට එහිම අතුරුදහන් විය.

14. ,මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. කවරෙකුට මම මේ ධර්‍මය පළමුවෙන් දෙශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්‍මය වහා අවබොධ කරගන්නේදැ’යි (කියාය) ‘මහණෙනි, ඒ මට මේ ආළාරකාලාම තෙම පණ්ඩිතය නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක. යම් හෙයකින් මම ආළාරකාලාමහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්‍මය වහාම අවබොධ කර ගන්නේයයි, සිත් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනී, ආළාරකාලාම තෙම මින් සත්දවසකට පෙර කාලක්‍රියා කළේයය’ කීය. මටද ආළාරකාලාම තෙම සත්දවසකට පෙර කාලක්‍රියා කළේය යන ඥානය පහළවිය.

,මහණෙනි, ඒ මට, ආළාරකාලාමහට වූයේ මහත් පිරිහීමකි, ඉදින් හෙතෙම මේ ධර්‍මය ඇසූයේ නම් වහාම අවබොධ කර ගන්නේයයි සිත් විය.

,මහණෙනි, ඒ මට, මම කවරෙකුට පළමුව ධර්‍මදෙශනා කරන්නෙම්ද ? කවරෙක් මේ ධර්‍මය වහා අවබොධ කරන්නේදැ යි සිත් විය. මහණෙනි, ඉක්බිති මට උද්දකරාමපුත්තතෙම පණ්ඩිතය නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක. යම් හෙයකින් මම උද්දකරාම පුත්තහට පළමුකොට ධර්‍මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්‍මය වහාම දැනගන්නේයයි අදහස් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වමීනී, උද්දකරාම පුත්ත තෙම ඊයේ රාත්‍රී කාලක්‍රියා කෙළේයයි කීය. උද්දකරාම පුත්ත ඊයේ රාත්‍රී කාලක්‍රියා කෙළේය, යන ඥානය මටද පහළ විය. ඒ මට, කවරෙකුට මම පළමුව ධර්‍ම දෙශනා කරන්නෙම්ද ? කවරෙක් මේ ධර්‍මය වහා අවබොධ කරන්නේදැ යි අදහස් විය. මහණෙනි, ඒ මට මේ කල්පනාව ඇති විය, යම් කෙනෙක් මට ප්‍රධාන වීය්‍ර්‍යය කරන කාලයෙහි උපස්ථාන කළාහුද ඒ පස්වග භික්‍ෂූහු මට බොහෝ උපකාරී වූහ මම පළමු කොට පස්වග මහණුන්හට ධර්‍ම දෙශනා කරන්නෙම් නම් යෙහෙකි (කියාය.) මහණෙනි, ඒ මට, දැන් පස්වග මහණහු කොතැන්හි වෙසෙත් දැයි අදහස්විය. මහණෙනි, මම පිරිසුද්‍රවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානයෙහි වාසය කරන්නාවූ පස්වග භික්‍ෂූන් දූටුවෙමි.

15. ,මහණෙනි, ඉක්බිති මම උරුවෙල් දනව් වෙහි කැමතිතාක්කල් වාසය කොට බරණැස යම් තැනෙක්හිද එතනට ගියෙමි. මහණෙනි, උපක නම් ආජීවකයෙක් ගයාවටත් අතර බොධීටත් දීර්ඝාමාර්ගයෙහි යන්නාවූ මා දූටුවේය. දැක මට මෙසේ කීය. ‘ඇවැත්නි ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතාමත්ම පැහැපත්ය, ශරීර වර්‍ණය පිරිසුදූය, හාත්පසින් බබලන්නේය. ඇවැත්නි, ඔබ කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද ? ඔබ කවරෙකුගේ ධර්‍මය රුචි කරන්නේද ? මහණෙනි, මෙසේ කී කල්හී මම උපක නම් ආජීවකයාට ගාථාවලින් මෙසේ කීවෙමි.

,සියලු ත්‍රෛභූමක ධර්‍මයන් මැඩ පැවැත්වූ සියලු චාතූර්භූමක ධර්‍මයන් දැනගත්තාවූ සියපු ත්‍රෛභමක ධර්‍මයන්හි නොඇලුණාවූ සියලු ත්‍රෛභූමක ධර්‍මයන් පහ කළාවූ නිවන් අරමුණු කිරීමෙන් භවයෙන් මිදූණාවූ මම තෙමේම චතුස්සත්‍යය අවබොධ කොට අනික් කවරෙකු ගුරුවරයා යයි දක්වන්නෙම්ද ?

,මට ගුරුවරයෙක් නැත. මට සමාන වූවෙක්ද නැත. දෙවියන් සහිත ලොකයෙහි මට සමාන පුද්ගලයෙක් නැත.

,ලෝකයෙහි මම රහත් පුද්ගලයෙක් වෙමි. මම නිරුත්තරවූ ශිස්තෘ වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල්වූ එහෙයින්ම නිවුණාවූ අසහායවූ සම්මා සම්බුද්ධ වෙමි.

අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමෘත බෙරය ගසමින් ධර්‍මචක්‍රය පැවැත්වීම සඳහා කසීරට බරණැස් නඅවර බලා යමි,’

,ඇවැත්නි, ඔබ යම්සේ ප්‍රකාශ කෙරෙහිද එසේ මා අනන්තජින නම් වන්නට සුදූසුය.,

,උපකය, යම් කෙනෙක් තුමූ නිවණට පැමිණියාහුද ඒකාන්තයෙන් එබඳු මා වැන්නෝ ජිනනම් වෙත්. මා විසින් පාපධර්‍මයෝ දිනනලදහ. එහෙයින් මම ජින නම් වෙමි යි’ (කීයෙමි)

,මහණෙනි, මෙසේ කී කල්හී උපක නම් ආජීවකතෙම ‘ඇවැත්නි එසේත් විය හැකි යයි’ කියා හිස වනා අන් මඟකින් ගියේය.

16. ,මහණෙනි, ඉක්බිති මම පිළිවෙළින් ගමන් කරනුයේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානය යම් තැනෙක්හිද පස්වග මහණහු යම් තැනෙක්හිද, එතනට පැමිණියෙමි. මහණෙනි, පස්වග භික්‍ෂූහූ එන්නාවූ මා දූරදීම දූටුවාහුය; දැක එකිනෙකා මෙසේ කථා කරගත්හ. ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමතෙම චීවරාදී ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ වීර්‍යකිරීමෙන් පිරිහී චීවරාදී ප්‍රත්‍ය බහුලභාවයට පෙරළී සිට එන්නේය. ඔහු නොවැඳිය යුතුය. ඔහුට පෙර ගමන්නොකළ යුතුය, ඔහුගේ පිත්‍ර සිවුරු නොපිළිගත යුතුය. එහෙත් අස්නක් පැනවිය යුතුය කැමති නම් වාඩිවන්නේය. (කියායි) ,මහණෙනි, මා ළංවන්නට ළංවන්නට පස්වග මහණහු ස්වකීය කතිකාවෙහි සිටීමට අසමර්ථ වූහ. ඇතැම් කෙනෙක් මට පෙරගමන් කොට පාත්‍ර සිවුරු පිළිගත්තාහුය. ඇතැම් කෙනෙක් අසුන් පැණවූහ. ඇතැම් කෙනෙක් පා සෝදන දිය තැබූහ. එතකුදූ වුවත් මට ‘ගෞතම’ යන නමින්ද ‘ඇවැත්නියයි’ද කථාකරති. මහණෙනි,

එසේ කී කල්හී මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. මහණෙනි, තථාගතයන්හට නම කියමිනුත් ‘ඇවැත්නි’ කියමිනුත් කථා නොකරව්.

මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක්සම්බුද්ධය. ධර්‍මශ්‍රවණයට කන් නමව්. නිර්‍වාණය අවබොධ කරන ලදි. මම අනුශාසනා කරමි මම ධර්‍මය දෙශනා කරමි අනුශාසනය පරිදි පිළිපදින්නාවූ කුලපුත්‍රයෝ යම් නිර්‍වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිද් වෙත්ද මාර්‍ගබ්‍රහ්මචය්‍ර්‍යාව අවසාන කොට ඇති නිරුත්තරවූ ඒ නිර්‍වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරව් යයි’ කීයෙමි.

මහණෙනි, මෙසේ කී කල්හී පස්වග භික්‍ෂූහූ මට මෙසේ කීවාහුය. ඇවැත්නි, ගෞතමයෙනි, ඔබ ඒ දූෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දූෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දූෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්‍මයට වැඩිවූ ආය්‍ර්‍ය භාවය ඇති කිරීමට සමර්‍ථ නුවණක් නොලැබුවෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව, වීය්‍ර්‍ය කිරීමෙන් පිරිහී සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්‍මයට වැඩිවූ ආය්‍ර්‍යභාවය ඇති කිරීමට සමර්‍ථ නුවණක් ලබන්නෙහිදැයි, කීහ.

,මහණෙනි, මෙසේ කී කල්හී මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට වීය්‍ර්‍ය කිරීමෙන් පිරිහුණේ නොවේ, බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක්සම්බුද්ධය. ධර්‍මශ්‍රවණයට කන් නමව්. නිර්‍වාණය අවබොධ කරන ලදි. මම අනුශාසනා කරමි. මම ධර්‍මය දෙශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්‍වාණයක් පිණිස මනාකෙට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්‍වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.

දෙවනුවත් පස්වග මහණහු මට මෙසේ කීහ. ඇවැත්නි, ගෞතමයෙනි, ඔබ ඒ දූෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දූෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දූෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්‍මයට වැඩිවූ ආය්‍ර්‍ය භාවය ඇති කිරීමට සමර්‍ථ නුවණක් නොලැබුවෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව, වීය්‍ර්‍යය කිරීමෙන් පිරිහී සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්‍මයට වැඩිවූ ආය්‍ර්‍යභාවය ඇති කිරීමට සමර්‍ථ නුවණක් ලබන්නෙහිදැයි, කීහ.

,මහණෙනි, මෙසේ කී කල්හී මම පස්වග මහණුන්ට මෙසේ කීයෙමි, මහණෙනි, තථාගතතෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීය්‍ර්‍ය කිරීමෙන් පිරිහුණේ නොවේ, බාහුලික බවට වැටුණේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්‍මශ්‍රවණයට කන් නමව්. නිර්‍වාණය අවබොධ කරන ලදි. මම අනුශාසනා කරමි. මම ධර්‍මය දෙශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්‍වාණයක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්‍ග බ්‍රහ්ම චරියාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්‍වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි කීයෙමි.

තුන් වෙනුවද පස්වග මහණහු මට මෙසේ කීහ. ඇවැත්නි, ගෞතමයෙනි, ඔබ ඒ දූෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දූෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දූෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්‍මයට වැඩිවූ ආය්‍ර්‍යභාවය ඇති කිරීමට සමර්‍ථ නුවණක් නොලැබුවෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව, වීය්‍ර්‍යය කිරීමෙන් පිරිහී සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්‍මයට වැඩිවූ ආය්‍ර්‍යභාවය ඇති කිරීමට සමර්‍ථ නුවණක් ලබන්නෙහිදැ’යි, කීහ.

,මහණෙනි, මෙසේ කී කල්හී මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි, ‘මහණෙනි, තථාගතතෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීය්‍ර්‍යය කිරීමෙන් පිරිහුණේ නොවේ, බාහුලික බවට වැටුණේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්‍මශ්‍රවණයට කන් නමව්. නිර්‍වාණය අවබොධ කරන ලදි. මම අනුශාසනා කරමි. මම ධර්‍මය දෙශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්‍වාණයක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්‍ග බ්‍රහ්ම චය්‍ර්‍යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්‍වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.

,මහණෙනි, මෙසේ කී කල්හී මම පස්වග මහණුන්ට මෙසේ කීයෙමි. මා විසින් මීට පෙර මෙබන්දක් කියන ලදැයි දන්න හුද නැත ස්වාමිනී, ‘මහණෙනි, තථාගතතෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීය්‍ර්‍ය කිරීමෙන් පිරිහුනේ නොවේ, බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්‍ම ශ්‍රවණයට කන් නමව්, නිර්‍වාණය අවබොධ කරන ලදි. මම අනුශාසනා කරමි. මම ධර්‍මය දෙශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්‍වාණයක් පිණිස ශ්‍රදධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්‍ග බ්‍රහ්ම චය්‍ර්‍යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්‍වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.

17. ,මහණෙනි, මා බුදූවූ බව පස්වග මහණුන් හට අඟවන්නට මම සමර්ථ වීමි. මම භික්‍ෂූන් දෙනමකට අවවාද කරමි. භික්‍ෂූන් තුන් නමක් පිඩු පිණිස හැසිරෙත්. තුන් නම පිඩු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු. මහණෙනි, භික්‍ෂූන් තුන් නමකට අවවාද කරමි. භික්‍ෂූහු දෙනමක් පිඩු පිණිස හැසිරෙත්. භික්‍ෂූන් දෙනම පිඩු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු.

,මහණෙනි, ඉක්බිති මා විසින් මෙසේ අවවාද කරණු ලබන්නාවූ අනුශාසනා කරනු ලබන්නාවූ පස්වග භික්‍ෂූහු ජාතිය ස්වභාව කොට ඇත්තාවූ ජාතිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ජාතියක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවණ සොයන්නාහූ ජාතියක් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් ජරාව ස්වභාව කොට ඇත්තාහු ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ජරාවක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූනාවූ නිවන් සොයන්නාහූ ජරාවක් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාහු ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ව්‍යාධියක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූනාවූ නිවන් සොයන්නාහූ ව්‍යාධියක් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් මරණය ස්වභාව කොට ඇත්තාහු මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, මරණයක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් සොයන්නාහූ මරණයක් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් ශොකය ස්වභාව කොට ඇත්තාහු ශොකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ශොකයක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් සොයන්නාහූ ශොකයක් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තාහු කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, කෙලෙස් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් සොයන්නාහූ කෙලෙස් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් අවබොධ කළාහුය. ඔවුනට අපගේ රහත් ඵලය නොසෙල්විය හැකිය. මේ අන්තිම ජාතියය, නැවත ඉපදීමක් නැත යන ඥාන දර්‍ශනය පහළවිය.

18. ,මහණෙනි, මේ කාම ගුණ පසකි. කවර පසක්ද යත් ? ඇසින් බලා දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් රූපයෝ වෙත්ද, කණින් අසා දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ශබ්දයෝ වෙත්ද, නාසයෙන් විඳ දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ගන්ධයෝ වෙත්ද, දිවෙන් දැනගත යුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලිය යුතුවූ ඇලුම් කටයුතුවූ යම් රසයෝ වෙත්ද, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ප්‍රෂ්ටව්‍යයෝ වෙත්ද, මහණෙනි, මොහු වනාහී පඤ්චකාම ගුණයෝය.

19. ,මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි බැඳුනාහූ, මූර්ඡා වූවාහූ, ගැළුණාහූ, දොෂය නොදක්නාහූ, එයින් බැහැර වන කල්පනාව නැත්තාහූ කාමයන් සේවනය කරත්ද, ඔවුහූ විපත්තියට පැමිණියාහුය, විනාශයට පැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් කළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය. මහණෙනි, වනයෙහි මුවෙක් බඳනා ලද්දේ මලපුඩු මතුයෙහි වැතිර සිටීද, ඔහු විපත්තියට පැමිණියේය. විනාශයට පැමිණියේය, වැද්දා විසින් කැමති දෙයක් කළ හැකි බවට පැමිණියේය. වැද්දා එන කල්හී කැමති තැනකට නොයා හැක්කේ යයි දතයුතුය.

,මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි බැඳුනාහූ, මූර්ඡා වූවාහූ, ගැළුණාහූ, දොෂය නොදක්නාහූ, එයින් බැහැර වන කල්පනාව නැත්තාහූ කාමයන් සේවනය කරත්ද, ඔවුහූ විපත්තියට පැමිණියාහුය, විනාශයට පැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් කළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය.

,මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි නොබැඳුනාහූ, මූර්ඡා නොවූවාහූ, නොගැලුනාහූ, වරද දක්නා සුලුවූවාහූ, එයින් මිදෙන කැමැත්ත ඇත්තාහූ මේ පස්කම් සැප අනුභව කරත්ද, ඔවුහූ විපත්තියට නොපැමිණියාහුය, විනාශයට නොපැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් නොකළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය.

මහණෙනි, වනයෙහි වාසය කරන මුවෙක් නොබඳින ලද්දේ මලපුඩු මතුයෙහි වැතිර සිටීද ඔහු විපත්තියට නොපැමිණියේය. විනාශයට නොපැමිණියේය, වැද්දා කැමති පරිද්දක් කළ හැකි බවට නොපැමිණියේය. වැද්දා එනවිට කැමති තැනකට යන්නේයයි දතයුතුය.

,මහණෙනි, එසේම යම්ි ශ්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි නොබැඳුනාහූ, මූර්ඡා නොවූවාහූ, නොගැලුනාහූ, වරද දක්නා සුලුවූවාහූ, එයින් මිදෙන කැමැත්ත ඇත්තාහූ මේ පස්කම් සැප අනුභව කරත්ද, ඔවුහූ විපත්තියට පත් නොවුවාහුය, විනාශයට පත් නොවූවාහුය, මාරයා කැමති පරිද්දක් කළ නොහැකි බවට පැමිණියාහුයයි දතයුතුය.

,මහණෙනි, යම්සේ වනයෙහි හැසිරෙන මුවෙක් නිර්‍භයව යයි නම් නිර්භයව සිටියි නම්, නිර්භයව හිඳියි නම්, නිර්භයව නිදාගනියි නම්, ඊට හේතු කවරේද ? මහණෙනි, වැද්දාට අසුනොවීමයි.

20. ,මහණෙනි, එසේම මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයා අන්‍ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.

,මහණෙනි, නැවතද මහණතෙම විතක්ක විචාර දෙක සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති කරන්නාවූ හිත පිළිබඳඑකඟ බව ඇති විතර්‍ක විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්‍ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැති සේ මාරයිගේ ඇස නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.

,මහණෙනි, නැවතද මහණතෙම ප්‍රීතියෙහි නොඇල්මෙන් උපෙක්‍ෂාව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව උපෙක්‍ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ සැපයෙන් යුක්තව වාසය කරන්නේ යයි ආය්‍ර්‍යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මහණෙනි, මේ මහණතෙම මාරයා අන්‍ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබේ.

,මහණෙනි, නැවතද මහණතෙමේ සැප දූරුකිරීමෙන්ද දූක් දූරුකිරීමෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙක නැතිකොට දූක්ද නොවූ සැපද නොවූ උපෙක්‍ෂාවෙන් හා සිහයෙන් පිරිසුදූ සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්‍ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබේ.

21. ,මහණෙනි, නැවතද මහණතෙම සර්‍වප්‍රකාරයෙන්ම රූප සංඥාවන් ඉක්ම වීමෙන් ගැටීම් සංඥා පහකිරීමෙන් විවිධ සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකිශය අනන්තයයි ආකිශානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්‍ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබේ.

,මහණෙනි, නැවතද මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්‍ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබේ.

,මහණෙනි, නැවතද මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්‍ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබේ.

,මහණෙනි, නැවතද මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤාායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්‍ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබේ.

,මහණෙනි, නැවතද මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරොධයට පැමිණ වාසය කරයි නම්, විදර්‍ශනා නුවණින් දැක ඔහු විසින් ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහූ වෙත්ද, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්‍ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද නියනු ලැබේ.

,හෙතෙම ලොකයෙහි තෘෂ්ණාවෙන් එතෙර වූයේය. හෙතෙම සැක නැතිව යයි. සැක නැතිව සිටියි. සැක නැතිව හිඳියි. සැක නැතිව සයනය කරයි. ඊට හේතු කවරේද ? මහණෙනි, මාරයාට අසු නොවීමයි.,

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටුවූහ.

හයවෙනිවූ අරියපරියෙසන සූත්‍රය නිමි. (3 – 6)

25. නිවාප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නමි ආරාමයෙහි වැඩවාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ,මහණෙනි,යි භික්‍ෂූන්ට කථාකළහ. ,ස්වාමීන් වහන්ස,යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වද්‍රළහ.

2. ,මහණෙනි, මුවන් ඇල්ලීමට තණකොළ වවන තැනැත්තේ මා විසින් මේ වවන තණ කොළ අනුභව කරන්නාවූ මුව සමූහයා එය අනුභව කොට දීර්‍ඝායුෂ වෙත්වා වර්‍ණවත් වෙත්වා බොහෝ කළක් යැපෙත්වායි කියා නොවවන්නේය. ඔහු මෙසේ සිතාගෙන වවන්නේය. (කෙසේද?) මුව සමූහයා මා විසින් වවන මේ තණ කොළ කොටුවට ඇතුල්වී මුසපත්ව ආහාර අනුභව කරන්නාහුය. ඇතුල්වී මුසපත්ව ආහාර අනුභව කරන්නාහු මත්වන්නාහුය. මත් වූවාහූ සිහිනැති බවට පැමිණෙන්නාහ. සිහිනැති වූවාහු මේ තණ කොළ කොටුවෙහිදී කැමති සේ අල්ලාගතහැකි බවට පැමිණෙන්නාහුය යි සිතා තණ කොටුව වවන්නේය.

3. ,මහණෙනි, එහි පළමුවෙනි මුව සමූහය මුවන් ඇල්ලීම පිණිස තණ වවන්නහුගේ තණ කොටුවට ඇතුළුවී මුසපත් වූවාහු බොජුන් අනුභව කළහ. ඔව්හු එහි ඇතුල්ව මුසපත්ව බොජුන් අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට (සිහිනැති බවට) පැමිණියාහුය. ප්‍රමාදවූවාහූ මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මහණෙනි, මෙසේ වනාහි පළමුවෙනි මුව සමූහයා මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහ.

4. ,මහනෙනි, එහි ලා දෙවන මුව සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය ඒ මුවන් අල්ලන්නාගේ තෘණ කොටුවට වැද මුසපත් වූවාහූ භොජනයන් අනුභව කළාහුද, ඔවුහූ එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහූ මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහ. යම්හෙයකින් අපි ඒ තණ කොටුවේ භොජනයෙන් සම්පූර්‍ණයෙන් වළකිමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව මහ වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක’. (කියායි) ඔව්හු මුථමනින් තණ කොටු භොජනයෙන් වැළැක්කාහුය. බියෙන් අනුභව කටයුතු බොජුනෙන් වැළැක්කාහු මහ වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තෘණ හා ජලය වියලී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනු කල්හි මුවන් අල්ලන්නාගේ ඒ තෘණ කොටුවට ආපසු පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ.

මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

5. ,මහණෙනි, එහි තුන්වෙනි මුව සමූහයමෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමුළා වූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහූ එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහූ මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමුළා වූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහූ එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහූ මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. අපි සම්පූර්‍ණයෙන් තණ කොටු භොජනයෙන් වෙන්වෙමු නම් භයින් අනුභව කළ යුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) ඔවුහු තෘණ කොටු භොජනයෙන් සම්පූර්‍ණයෙන් වෙන්වූහ. භයින් අනුභව කළයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ආපසු පැමිණියහ.

,ඔවුහු එහි වැද සිහිමුළා වූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහූ එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාවූ ඒ තෘණ කොටුවෙහි

මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

,එහෙයින් අපි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින තැනක් සාදාගන්නෙමු නම් යහපති. එහි වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුථ නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුථ නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණියෝම ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නෙමු’ (කියාය).

,ඔවුහු මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින ස්ථානයක් කොට වාසය කළාහුය. වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුථනොවී සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහු නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියාහ.

6. ,මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය. ‘මේ තුන්වන මුව සමූහය කයිරාටිකය. කපටය. මේ තුන්වන මුව සමූහයා ඎද්ධි ඇත්තවුන් වැනිය, මොවුහු යක්‍ෂයන් වැනිය, ඔවුහු තෘණ කොටුවේ තෘණද අනුභව කරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් මේ තණ කොටුව හාත්පස දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනක ඔවුහු ලැගීමට යන්නාහුද මේ තුන්වන මුව සමූහයාගේ වාස ස්ඛානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) ඔවුහු මෙම තණ කොටුව හාත්පස මහත් ප්‍රදේශයක් වටකළහුය.

,මහණෙනි, මුවන් අල්ලන්නාද ඔහුගේ පිරිසද ඒ තුන්වන මුව සමූහය යම් තැනක ලැගීමට යත්ද ඒ වාස ස්ථානය දුටුවාහුය, මහණෙනි ඒ තුන්වන මුව සමූහයද මෙසේ ඒ මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

7. ,මහණෙනි, එහි සතරවෙනි මුව සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමුළා වූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහූ එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාවූ ඒ තෘණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. යම් ඒ මුව සමූශය මෙසේ සිතූහ. ‘අපි සම්පූර්‍ණයෙන් තෘණ කොටු ආහාරයෙන් වෙන්වෙමු නම් භයින් අනුභව කළ යුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) ඔවුහු තණ කොටු ආහාරයෙන් සම්පූර්‍ණයෙන් වෙන්වූහ. භයින් අනුභව කළයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි මුව වැද්දාගේ ඒ තණ කොටුවට ආපසු පැමිණියහ.

8. ,ඔව්හු එහු වැද සිහි මුළාවූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහූ එහි වැද සිහිමුළාව ආහාර අනුභව කරන්නාහූ මත්වීමට පැමිණියාහුය. මත් වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාවූ ඒ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. එහෙයින් අපි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට වාසය කරන්නෙමු. එසේ වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුළු නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණියෝම ඒ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නෙමු’ (කියාය).

9. ,ඔවුහු මුවවැද්දාගේ තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට වාසය කළාහුය. වාසය කොට මුව වැද්දාගේ තණ කොටුවට ඇතුථනොවී සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහු නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියහ.

,මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය. ‘මේ තුන්වන මුව සමූහය කයිරාටිකය. කපටිය. මේ තුන්වන මුව සමූහයා ඎද්ධි ඇත්තවුන් වැනිය, මොවුහු යක්‍ෂයන් වැනිය, ඔවුහු තණ කොටුවේ තණද අනුභව කරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් මේ තණ කොටුව හාත්පස දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනක ඔවුහු ලැගීමට යන්නාහුද මේ තුන්වන මුව සමූහයාගේ වාස ස්ඛානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි)

10. ‘ඔවුහු මහත් දැළකින් තණ කොටුව හාත්පස මහත් ප්‍රදේශයක් වටකළාහුය.

,මහණෙනි, මුව වැද්දාද ඔහුගේ පිරිසද ඒ තුන්වන මුව සමූහය යම් තැනක ලගිත්ද්ද ඒ තැන් දුටුවාහුය, මහණෙනි, ඒ තුන්වන මුව සමූහයද මෙසේ ඒ මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

,යම් විධියකින් මුව වැද්දාද ඔහුගේ පිරිසද යම් තැනකට යා නොහැක්කේද අපි එබඳු තැනක් වාසස්ථාන කරන්නෙමු නම් එහි වාසය කොට මුව වැද්දාගේ තණ කොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු නම් නොවැද මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාදයට නොපැමිණියෝම මේ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු නම් යහපත් යයි, සිතූහ. යම් තැනකට මුවවැද්දාද ඔහුගේ පිරිසද නොයන්නේද ඒ ස්ථානය වාසස්ථාන කරගත්හ. එහි වාසය කරමින් මුවවැද්දාගේ තණ කොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කළහ. තණ ටකටෙුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහය. මත්වීමට නොපැමිණියාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවවැද්දාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහ.

11. ,මහණෙනි, මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙසේ කල්පනා විය. ‘මේ හතරවෙනි මුව සමූහයා කයිරාටිකය. කපටිය. මේ හතරවෙනි මුව සමූහයා ඎද්ධි ඇත්තවුන් වැනිය, මොවුහු යක්‍ෂයන් වැනිය, ඔවුහු තණ කොටුවද අනුභව කරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් මේ තණ කොටුව හාත්පස මහත් ප්‍රදේශයක් මහත් දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනක ඔවුහු ලගිද්ද මේ හතරවෙනි මුව සමූහයාගේ වාස ස්ඛානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි). ඔවුහු ඒ තණ කොටුව හාත්පස මහත් ප්‍රදේශයක් මහත් දැලකින් වටකළාහුය. මහණෙනි, මුව වැද්දාද ඔහුගේ පිරිසද ඒ මුව සමූහයාගේ වාසස්ථානය නුදුටුවාහුය,

12. ,මහණෙනි, ඒ මුවවැද්දාටද ඔහුගේ පිරිසටද මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් අපි මේ සතරවැනි මුව සමූහයා කලබල කරන්නෙමු නම් කලබල කරනු ලැබූ ඔවුහු දුර සිටින අන්‍ය මුවන්ද කලබල කරන්නාහ. ඒ මුවෝද කලබල වූවාහු අන්‍යයන්ද කලබල කරන්නාහ. එසේ වූවිට මේ තණ කොටුව සම්පූර්‍ණයෙන් මුවන්ගෙන් හිස් වන්නේය. යම් හෙයකින් අප් සතරවෙනි මුව සමූහයා කෙරෙහි උපෙක්‍ෂා වන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ කියායි. මහණෙනි, මුවවැද්දාද මුවවැද්දාගේ පිරිසද සතරවැනි මුව සමූහයා කෙරෙහි උපෙක්‍ෂාවූහ. මහණෙනි මෙසේ වනාහි ඒ සතරවැනි මුව සමූහයා මුවවැද්දාගේ උපක්‍රම බලයෙන් මිදුනාහ.

13. ,මහණෙනි, අර්‍ථය ඇඟවීමට මා විසින් මේ උපමාව දක්වන ලදි. මෙහි අර්‍ථය මෙසේය. මහණෙනි, තණ කොටුව යනු පංචකාම ගුණයට නමෙකි. මහණෙනි මුවවැද්දා යනු පාපීවූ මාරයාට නමෙකි. මහණෙනි, ඔහුගේ පිරිස යනු මාරපිරිසට නමෙකි. මහණෙනි මුව සමූහයා යනු මහණ බමුණන්ට නමෙකි.

,මහණෙනි, පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවනලද තණ කොටුව නැමැති පංචකාමය සිහි මුළාවූවාහු අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව පස්කම්සැප අනුභව කිරීමෙන් මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පඤ්චකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක්කළහැකි බවට පැමිණියාහ.

‘මහණෙනි, මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. මහණෙනි පළමුවෙනි මුව සමූහය යම්සේද, මහණෙනි මේ පළමුවෙනි මහණ බමුණන්ද එබඳුයයි කියමි.

14. ,මහණෙනි, එහි දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවන ලද ඒ පඤ්චකාම තණ කොටුවට ඇතුල්ව සිහිමුළා වූවාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව පඤ්චකාමය නමැති ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. මේ පඤ්චකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

‘යම් හේතුවකින් අපි සියථ ආකාරයෙන් පඤ්චකාමය නම්වූ තණ කොටු භෝජනයෙන් වෙන්ව මහවනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක, (කියායි). ඔවුහු සම්පූර්‍ණයෙන් පංචකාම භොජනයෙන් වෙන් වූවාහුය. භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔවුහු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. ඌරුහැල් අනුභව කරන්නෝද වූහ, සම් කසට අනුභව කරන්නෝද වූහ, ගස්මැලියම් අනුභව කරන්නෝද වූහ, කුඩු අනුභව කරන්නෝද වූහ, දඹු බත් අනුබව කරන්නෝද වූහ, තණකොළ අනුභව කරන්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම අනුභව කරන්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමන්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයේ තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධියෙන් පිරිහුනාහ. සමාධියෙන් පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද ඒ පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මුළා වූවාහු පංචකාමය නමැති ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමුළාව පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මහණෙනි, මෙසේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය. මහණෙනි, මම දෙවෙනි මුව සමූහය යම්සේද මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ද මෙබඳු යයි කියමි.

15. ,මහණෙනි, තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘ පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවන ලද ඒ පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමුළා වූවාහු පංචකාම නම්වූ ආහාර අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව පංචකාම නම්වූ ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

,යම් ඒ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයා විසින් වවන ලද ඒ පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමුළා වූවාහු පංචකාමය නමැති භොජනය අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව ආහාර අනුභව කළාහු මත්වූවාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

16. ,යම් හේතුවකින් අපි සියථ ආකාරයෙන් පඤ්චකාම තණකොටු භොජනයෙන් වලකින්නෙමුනම්, භයසහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක. (කියායි) (මෙසේ) ඔවුහු සම්පූර්‍ණයෙන් පඤ්චකාමය නමැති තණකොටු භොජනයෙන් වෙන් වූවාහුය. භයසහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔවුහු එහි අමුකොළ බුදින්නෝ වූහ. බඩහමු (අමු) බුදින්නෝ වූහ. ඌරුහැල් අනුභව කරන්නෝ වූහ, සම් කසට බුදින්නෝවූහ, ගස් මැලියම් බුදින්නෝ වූහ, කුඩු බුදින්නෝ වූහ, දඹු බත් බුදින්නෝ වූහ, තණකොළ බුදින්නෝ වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝ වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරන්නාහු ජීවත් වූහ. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයේ තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද එම පඤ්චකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මුළාව පංචකාම තණ කොටුවල ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමුළාව පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

17. ,මේ මාරයා විසින් වවනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරුව තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු. මත්වීමට නොපැමිණෙන්නමෝ මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකිබවට පැමිණෙන්නෙමු’ (කියායි.) ඔවුහු මාරයාගේ පඤ්චකාම තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට (එහි නොවැද) වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පඤ්චකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහුය.

18. ,එසේද වුවත් මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලොකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙළවර නැත්තේය කියාද, ලොකය කෙළවරක් ඇත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි, කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්‍වයා මරණින් මතු ඇත්තේය කියාද සත්‍වයා මරණින් මතු නැත්තේය කියාද සත්‍වයා මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත සත්‍වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

19. ,මහණෙනි, තුන්වෙනි මුව සමූහය යම්සේද මේ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන් එබඳු යයි මම කියමි.

,මහණෙනි, එහි සතරවැනි මහණබමුණෝ මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණබමුණෝ සිහිමුළාව මාරයා විසින් වවන ලද ඒ පඤ්චකාම නම්වූ ආහාර අනුභව කළාහූ මත්වීමට පැමිණියහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.’

,යම් ඒ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවන ලද පඤ්චකාම තණ කොටුවෙහි වැද සිහිමුළා වූවාහු පඤ්චකාමය අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව ආහාර අනුභව කළාහු මත්වූවාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

,යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පංචකාම තණකොටු භොජනයෙන් වලකින්නෙමු නම්, භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි.) (මෙසේ) ඔවුහු සම්පූර්‍ණයෙන් පංචකාම භොජනයෙන් වෙන් වූවාහ, භයසහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔවුහු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. ඌරුහැල් බුදින්නෝද වූහ, සම් කසට බුදින්නෝද වූහ, ගස් මැලියම් බුදින්නෝද වූහ, කුඩු බුදින්නෝද වූහ, දඹු බත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමින්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද එම පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මුළා වූවාහූ ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමුළාව, ආහාර අනුභව කරන්නාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

,අපි මේ මාරයා විසින් වවනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරුව තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු නම් එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නමෝ ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාදයට නොපැමිණෙන්නෙමෝ මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු නම් ඉතා යෙහෙක, (කියායි.) ඔවුහු මාරයා විසින් වවන ලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහුය.

,එසේද වුවත් ඔවුහු මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලොකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙළවර ඇත්තේය කියාද, ලොකය කෙළවර නැත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි, කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්‍වයා මරණින් මතු ඇත්තේය කියාද සත්‍වයා මරණින් මතු නැත්තේය කියාද සත්‍වයා මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියාද සත්‍වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. මහණෙනි, ඒ තුන්වැනි මුව සමූහය යම්සේද මම මේ තුන්වැනි මහණ බමුණු සමූහයත් එබඳු යයි කියමි.

20. ,මහණෙනි, ඒ සතරවැනි මහණබ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණබමුණෝ මාරයා විසින් වවන ලද තණකොටුව නමැති පංචකාමය සිහිමුළා වූවාහූ අනුභව කළහ. ඔවුහූ සිහිමුළාව පස්කම් සැප අනුභව කළාහූ මත්වීමට පැමිණියහ. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහ. මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. එහි දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවන ලද ඒ පංචකාම තණ කොටුවට ඇතුල්ව සිහිමුළා වූවාහු ආහාර අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව පංචකාමය නමැති ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

,යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පඤ්චකාමය නම්වූ තණකොටු භොජනයෙන් වළකින්නෙමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි.) ඔවුහු සම්පූර්‍ණයෙන් පංචකාම භොජනයෙන් වෙන් වූවාහුය භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය.

,ඔවුහූ එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. ඌරුහැල් බුදින්නෝද වූහ, කුඩු බුදින්නෝද වූහ, දඹු බත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමින්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධියෙන් පිරිහුනාහ. සමාධියෙන් පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද ඒ පංචකාම තණ කොටුවට නැවත පැමිණ එහි වැද සිහි මුළා වූවාහූ පංචකාම නමැති ආහාර අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමුළාව, පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහය. මත්වීමට පැමිණියාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

21. , යම් ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවන ලද ඒ පංචකාමය නමැති තණකොටුවට වැද සිහි මුළාවූවාහූ පංචකාම නම්වූ ආහාර අනුභව කළාහූ මත්වීමට පැමිණියහ. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහ. මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

, යම් ඒ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයා විසින් වවන ලද පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමුළා වූවාහු පංචකාමය නමැති භොජනය අනුභව කළහ. ඔවුහු එහි සිහි මුළාව ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහූ ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහූ මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

, යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පංචකාම තණකොටු භොජනයෙන් වලකින්නෙමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි.) (මෙසේ) ඔවුහු සම්පූර්‍ණයෙන් පංචකාමය නමැති තණකොටු භොජනයෙන් වෙන් වූවාහුය, භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය, ඔවුහු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. ඌරුහැල් බුදින්නෝද වූහ, සම් කසට බුදින්නෝද වූහ, ගස් මැලියම් බුදින්නෝද වූහ, කුඩු බුදින්නෝද වූහ, දඹුබත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමින්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඎතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ

ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද එම පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔවුහු එහි වැද සිහි මුළා වූවාහූ පංචකාම තණ කොටු ආහාරය අනුභව කළහ. ඔවුහු එහි වැද සිහිමුළාව, පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.

22. , මේ මාරයා විසින් වවනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරු සැඟවෙන තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවෙහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණෙන්නෙමෝ නම් පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණෙන්නෙමු’ (කියායි.) ඔවුහූ මාරයාගේ පංචකාම තණකොටුවට නුදුරු සැඟවෙන තැනක් කොට (එහි නොවැද) වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයා විසින් වවන ලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහුය.

‘ එසේද වුවත් මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලොකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙළවර නැත්තේය කියාද ලොකය කෙළවරක් ඇත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි, කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්‍වයා මරණින් මතු ඇත්තේය කියාද සත්‍වයා මරණින් මතු නැත්තේය කියාද සත්‍වයා මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියාද, සත්‍වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.

‘ මාරයාත් මාර පිරිසත් යම් තැනකට නොයන්නේද අපි එහි වාසයකරමින් මාරයා විසින් වවනලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු නම්, එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ නම් මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත් නොවන්නමෝ ප්‍රමාදයට නොපැමිනෙන්නෙමු නම් ප්‍රමාද නොවන්නමෝ මාරයාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි)
, යම් තැනකට මාරයාද මාර පිරිසද නොපැමිනෙද්ද ඔවුහූ එහි වාසයට ගියාහුය. එහි වාසය කරමින් මාරයාගේ පංචකාම තණකොටුවට නොවැද සිහි මුලා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහූ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියහ. මහණෙනි, මෙසේ ඒ සතර වැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මරයාගේ උපක්‍රම බලයෙන් මිදුනාහුය. මහණෙනි සතරවෙනි මුව සමූහය යම්සේද, මේ සතරවෙනි ශ්‍රමණ බ්‍රාහ්මන සමූහයද එබඳු යයි මම කියමි.

23. ,මහණෙනි, මාරයාගේත් මාර පිරිසගේත් නොපැමිණීම නම් කෙසේද ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කළේයයි ද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

,මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති විතර්‍ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

,මහණෙනි, නැවත අනිකක්ද කියමි.මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයිද, සිහයෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආය්‍ර්‍යයෝ යම් ඒ තෘතීය ධ්‍යානයක් උපෙක්‍ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියද්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්‍ධකෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද, කියනුලැබේ.

, මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය දූරු කිරීමෙන්ද, (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදූක්වූ නොසැපවූ උපෙක්‍ෂා සිහියෙන් පිරිසිදූ බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

24. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැති කිරීමෙන් (නොයෙක්) සංඥාවන් සිහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාශානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.

, මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ඤඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරයිද මාර්‍ග ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ (කෙලෙස්) නැතිකරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද ලොකයෙහි ඇලෙන්නාවූ තෘෂ්ණාවෙන් එතරවූයේ යයිද කියනු ලැබේ. ,

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

පස්වෙනිවූ නිවාප සූත්‍රය නිමි. (3 – 5)

24. රථ විනීත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේලුවන විහාරයෙහි වැඩ වාසය කරති.

එකල්හි බොහෝවූ ජාත භූමක භික්‍ෂුහු ( බුදු රජාණන් වහන්සේ උපන් භූමියවූ කිඹුල්වත්පුර නිවැසි භික්‍ෂුහු ) කිඹුල්වත පුර නුවර වස්වැස පවාරණයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක උන්නාහුය. එකපැත්තක උන්නාවූ ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වද්‍රළසේක.

2. ,මහණෙනි, කිඹුල්වත්පුර නුවර වාසීවූ සමාන බඹසර ඇති භික්‍ෂූන් අතුරෙන් කවර නම් භික්‍ෂුවක් මෙසේ ගරු කරන ලද්දේද? තෙමේත් අල්පෙචීඡව (ස්වල්පයකින් සතුටුව) භික්‍ෂූන්ටද අල්පෙචීඡ කථා කියන්නේද? තෙමේත් ලැබුණ ප්‍රත්‍යයකින් සතුටුව භික්‍ෂූන්ටද ලද දෙයින් සතුටුවීමේ කථා කියන්නේද? තෙමේත් විවේකව වාසය කරමින් භික්‍ෂූන්ටද විවේක වාසය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් අන්‍යයන් හා මිශ්‍ර නොවී භික්‍ෂූන්ටත් මිශ්‍ර නොවීම පිළිබඳ කථා කියන්නේද? තෙමේත් පටන්ගත් වීය්‍ර්‍ය ඇතිව භික්‍ෂූන්ටද වීය්‍ර්‍යකිරීම පිළිබඳ කථා කියන්නේද? තෙමේත් ශීලයෙන් යුක්තව භික්‍ෂූන්ටද සීල සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් සමාධියෙන් යුක්තව භික්‍ෂූන්ටද සමාධි සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් ප්‍රඥාවෙන් යුක්තව භික්‍ෂූන්ටද ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් අර්‍හත්ඵලමෙන් යුක්තව භික්‍ෂූන්ටද අර්‍හත්ඵලය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් විමුක්ති ඥානදර්‍ශනයෙන් (ප්‍රත්‍යවෙක්‍ෂා ඥානයෙන් ) යුක්තව භික්‍ෂූන්ටද විමුක්ති ඥානදර්‍ශන සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද, භික්‍ෂූන්ට අවවාද කරන්නේද, අවබෝධ කරවන්නෙද, කරුණු දක්වන්නේද, සමාදන් කරවන්නේද, උත්සාහ උපදවන්නේද, සතුටු කරවන්නේද, (කියාය)

3. සවාමීනි, ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ නම් ස්ථවිරයන් වහන්සේ ජාත භූමියෙහි ජාත භූමක භික්‍ෂූන් විසින් මෙසේ ගරු බුහුමන් කරන ලද්දේය.

,තෙමේත් අල්පේචීඡව (ස්වල්පයකින් සතුටුව) භික්‍ෂූන්ටද අල්පේචීඡ කථා කියන්නේය. තමේත් ලැබුණ ප්‍රත්‍යයකින් සතුටුව භික්‍ෂූන්ටද ලද දෙයින් සතුටු වීමේ කථා කියන්නේ්ය. තෙමේත් විවේකව වාසය කරමින් භික්‍ෂූන්ටද විවේක වාසය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් අන්‍යයන් හා මිශ්‍ර නොවී භික්‍ෂූන්ටත් මිශ්‍ර නොවීම පිළිබඳ කථා කියන්නේ්ය. තෙමේත් පටන්ගත් වීය්‍ර්‍ය ඇතිව භික්‍ෂූන්ටද වීය්‍ය ර්‍කිරීම පිළිබඳ කථා කියන්නේය. තෙමේත් ශීලයෙන් යුක්තව භික්‍ෂූන්ටත් සීල සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් සමාධියෙන් යුක්තව භික්‍ෂූන්ටත් සමාධි සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් ප්‍රඥාවෙන් යුක්තව භික්‍ෂූන්ටත් ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් අර්‍හත්ඵලයෙන් යුක්තව භික්‍ෂූන්ටත් අර්‍හත්ඵලය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තව භික්‍ෂූන්ටත් විමුක්ති ඥනදර්‍ශන සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. භික්‍ෂූන්ට අවවාද කරන්නේය. අවබෝධ කරවන්නේය. කරුණු දක්වන්නේය. සමාදන් කරවන්නේය. උත්සාහ උපදවන්නේය. සතුටු කරවන්නේය, (කියාය.)

4. එකල්හි ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සිටියහ. ඉක්බිති ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට මේ කල්පනාව ඇතිවිය. ´නුවණැත්තාවූ සමාන බඹසර ඇත්තාවූ භික්‍ෂූන් ශාස්තෲන් වහන්සේ හමුවෙහි දශකථා වස්තූන්හට බසිමික් යමෙකුගේ ගුණ මෙසේ කියත්ද ඒ ආයුෂ්මත් මන්තානී පු.ත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේට ලාභයකි. මහත් ලාභයකි. අපි කිසියම් දවසක ආයුෂ්මත් මන්තානීපු.ත්‍ර පුණ්ණ ස්ථවිරයන් හා මුණගැසෙමු නම් හොඳය. කිසියම් කථා සල්ලාපයක් ඇතිවුවහොත් හොඳය´ (කියාය.)

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමතිතාක් කල් රජගහනුවර වැඩසිට, පිළිවෙළින් සැරිසරා සැවැත් නුවරට වැඩියහ. එහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජෙතවන නම්වූ අනේපිඩූ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති. මන්තානීපු.ත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඩූ සිටුහුගේ ජෙතවනාරාමයෙහි වැඩ වාසය කරතියි ඇසූහ. ඉක්බිති මන්තානීපු.ත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේ තමාගේ සේනාසනය තැන්පත් කොට පාත්‍ර සිවුරු ගෙන සැවැත් නුවර යමී තැනකද එහි චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් සැරිසරා සැවැත්නුවර ජෙතවනාරාමය යමී තැනකද භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එහි ළඟා වූහ. ළඟාවී, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක උන්හ. එකත් පසෙක උන් මනතානීපු.ත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. උත්සාහ කරවූහ. සතුටු කරවූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්ද්‍රවූ, සමාදන් කරවන ලද්ද්‍රවූ, උත්සාහ කරවන ලද්දාවූ, සතුටු කරවන ලද්දාවූ, ආයුෂ්මත් මන්තානීපු.ත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට, අත්‍ධ වනය යම් තැනෙක්හිද එතැන්හි දහවල් විසීම සඳහා වැඩියේය.

6. ඉක්බිති එක්තරා භික්‍ෂුවක් ශාරිපුත්‍ර ස්ථවීරයන් වහන්සේ යම් තැනකද එහි ගියේය. ගොස්, ශාරිපුත්‍ර ස්ථවීරයන් වහන්සේට මෙසේ කීයේය. ඇවැත් ශාරි පුත්‍රයෙනි, ඔබ වහන්සේ යමි මනතානීපු.ත්‍ර පුණ්ණ නම් භික්‍ෂුවක් ගැන නිතර කියන්නහුද ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ, උත්සාහ කරවන ලද්දේ, සතුටු කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට අන්‍ධ වනය යම් තැනෙක්හිද එතැන්හි දහවල් විසීම සඳහා වැඩියේය.(කියායි.)

ඉක්බිති ශාරිපුත්‍ර ස්ථවීරයන් වහන්සේ වහා වැඩ හිඳින සම්කඩ ගෙණ මන්තානිපුත්ත පුණ්ණ ස්ථවිරයන් පසු-පස උන්වහන්සේ යන අත බලාගෙන ගියහ. ඉක්බිති මන්තානිපුත්ත පුණ්ණ සථවීරයන් වහන්සේ අන්‍ධ වනයට වැද එක්තරා රුකක් මුල දවල් වාසය සඳහා වැඩ හුන්නේය. ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේද අන්‍ධ වනයට පැමිණ, එක්තරා රුකක් මුල දවල් වාසය සඳහා වැඩ උන්හ.

7. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි පලසමතින් නැගිටියේ මන්තානිපුත්ත පුණ්ණ ස්ථවිර තෙම යම් තැනකද එහි ගියහ. ගොස්, මන්තානිපුත්ත පුණ්ණ ස්ථවීරයන් වහන්සේ සමග සතුටු වූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එකත් පසෙක වැඩ උන්හ. එකත් පසෙක වැඩ උුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මන්තානිපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

,ඇවැත්නි, නුඹවහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නහුද´? ´ඇවැත්නි, එසේය.´ ´ඇවැත්නි, කිමෙක්ද, ශීල විශුද්ධිය (ශීලයේ පිරිසිදු බව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව පුරන්නේද´? ´ඇවැත්නි, එය එසේ නොවේය´. ´ඇවැත්නි, එසේ නම් චිත්ත විශුද්ධිය (සිතේ පිරිසිදු බව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව පුරන්නේද´? ´ඇවැත්නි, එය එසේ නොවේය´. ´ඇවැත්නි, එසේ නම් දෘෂ්ටි විශුද්ධිය (නාම රූප දෙක ඇති සැටි දැකීම) පිණිස බුදුන් සමීපයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව පුරන්නේද´? ´ඇවැත්නි, එය එසේ නොවේය´. ´ඇවැත්නි, එසේ නම් කංඛාවිතරණ විශූද්ධි (නාම රූපයන් පිළිබද සැක දුරු කිරීම) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව රකින්නේද? ´ඇවැත්නි, එය එසේ නොවේය´.

ඇවැත්නි, එසේ නම් මග්ගාමග්ග ඤ්‍රණදස්සන විශුද්ධිය (මග නොමග දැනීම) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව රකින්නේද? ´ඇවැත්නි, එය එසේ නොවේය´. ´ඇවැත්නි, එසේ නම් පටිපද්‍රඤ්‍රණදස්සන විශුද්ධිය (මුදුන් පැමිණි විදර්‍ශනා ඥානය හා සත්‍යානුලොමික ඥානය) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව රකින්නෙහිද? ´ඇවැත්නි, එය එසේ නොවේය´. ´ඇවැත්නි, එසේ නම් ඤ්‍රණදස්සන විසුද්ධිය (සෝවාන් ආදී සතර මාර්ග ඥානය) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිද? ´ඇවැත්නි, එසේ නොවේය.´

8. ,කිමෙක්ද? ඇවැත්නි, සීල විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේ දැයි ප්‍රශ්න කළ විට නැතැයි කියන්නෙහිය. කිමෙක්ද? ඇවැත්නි, චිත්ත විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? දිට්ඨි විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේ දැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? කංඛාවිතරණ විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේ දැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? මග්ගාමග්ග ඤ්‍රණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? පටිපද්‍ර ඤ්‍රණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේදැයි ප්‍රශ්න කළ විට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? ඤ්‍රණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය.

,ඇවැත්නි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කුමක් පිණිස බ්‍රහ්මචරියාව රකින්නේද? ඇවැත්නි, අනුපාද්‍ර පරිනිර්‍වාණය (හෙතු ප්‍රත්‍යයන් නිසා හටගැනීමක් නැති අසංඛත නිර්වාණ ධාතුව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව රකින්නෙමි´.

9. ,කිමෙක්ද? ඇවැත්නි, සීල විශුඬිය අනුපාද්‍ර පරිනිර්‍වාණයද? ඇවැත්නි, එය එසේ නොවේ. කිමෙක්ද? ඇවැත්නි, චිත්ත විශුඬිය අනුපාද්‍ර පරිනිර්‍වාණයද? ´ඇවැත්නි, එය එසේ නොවේ´. ´ඇවැත්නි, කිමෙක්ද? කිමෙක්ද දිට්ඨි විශුඬිය අනුපාද්‍ර පරිනිර්‍වාණයද? එය එසේ නොවේ. ඇවැත්නි, කිමෙක්ද කංඛාවිතරණ විශුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයද? ´ඇවැත්නි, එය එසේ නොවේ. ´ඇවැත්නි, කිමෙක්ද? මග්ගාමග්ග ඤ්‍රණ දස්සන විශුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයද? ´ඇවැත්නි, එය එසේ නොවේ. ´ඇවැත්නි, කිමෙක්ද? පටිපද්‍ර ඤ්‍රණ දස්සන විශුද්ධිය, අනුපාද්‍ර පරිනිර්‍වාණයද? ´ඇවැත්නි, එය එසේ නොවේ. ´ඇවැත්නි, කිමෙක්ද? ඤ්‍රණදස්සන විශුද්ධිය, අනුපාද්‍ර පරිනිර්‍වාණයද? ´ඇවැත්නි, එය එසේ නොවෙ´්.

,කිමෙක්ද? ඇවැත්නි, මේ ධර්‍ම හැර හෝ මේ ධර්‍මවලින් පිටත්හි අනුපාද්‍ර පරිනිර්‍වාණය වේද? ´ඇවැත්නි, එය එසේ නොවෙ´.

10. ,කිමෙක්ද? ඇවැත්නි, සීල විශුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි,කිමෙක්ද? චිත්ත විශුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. කිමෙක්ද? ඇවැත්නි, දිට්ඨි විශුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? කංඛාවිතරණ විශුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? මග්ගාමග්ග ඤ්‍රණදස්සන විශුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? පටිපද්‍ර ඤ්‍රණදස්සන විශුද්ධිය නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? ඤ්‍රණදස්සන විශුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය.

,ඇවැත්නි, මේ ධර්ම හැර හෝ මේ ධර්ම වලින් පිටත්හි අනුපාද්‍ර පරිනිර්‍වාණය වේදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, මේ කීමෙහි අර්ථය කෙසේ දතයුතුද?,

11. ,ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සීල විසුද්ධිය, අනුපාද්‍ර පරිනිර්‍වාණයයයි පනවන්නේ නම් උපාද්‍රන (තෘෂ්ණාදියෙන් අල්වා ගැනීම් සහිතවූවක්, ප්‍රත්‍යයෙන් හටගැනීම් සහිත වූවක්ම) අනුපාද්‍ර පරිනිර්‍වාණයයයි පනවන්නේය.

,ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ චිත්ත විසුද්ධිය, අනුපාද්‍ර පරිනිර්‍වාණයයයි පනවන්නේ නම් උපාද්‍රන සහිත වූ අනුපාද්‍ර පරිනිර්‍වාණයක් පනවන්නේය.

´ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දිට්ඨිවිසුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයයයි පනවන්නේ නම් උපාද්‍රන සහිත වූ අනුපාද්‍ර පරිනිර්‍වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ කංඛාවිතරණ විසුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයයයි පනවන්නේ නම් උපාද්‍රන සහිත වූ අනුපාද්‍ර පරිනිර්‍වාණයක්ම පනවන්නේය. ´ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මග්ගාමග්ග ඤ්‍රණදස්සන විසුද්ධිය අනුපද්‍ර පරිනිර්‍වාණයයයි පනවන්නේ නම් උපාද්‍රන සහිත වූ අනුපාද්‍ර පරිනිර්‍වාණයක්ම පනවන්නේය. ´ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පටිපද්‍රඤ්‍රණදස්සන විසුඬිය අනුපාද්‍ර පරිනිර්‍වාණයයයි පනවන්නේ නම් උපාද්‍රන සහිත වූ අනුපාද්‍ර පරිනිර්‍වාණයක් පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ඤ්‍රණදස්සන විසුද්ධිය අනුපාද්‍ර පරිනිර්‍වාණයයයි පනවන්නේ නම් උපාද්‍රන සහිත වූ අනුපාද්‍ර පරිනිර්‍වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, මේ ධර්‍ම වලින් අන්‍ය වූ අනුපද්‍ර පරිනිර්‍වාණයක් පනවන්නේ නම් පෘථග්ජන තෙම පිරිනිවන් පාන්නේය. ඇවැත්නි, මෙයින් අන්‍යවූ පුද්ගලයා නම් පෘථග්ජනයාය.

,ඇවැත්නි, එසේ වී නම් මම එබට උපමාවක් දක්වන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි ඇතැම් නුවණැත්තෝ කියන දෙයෙහි අර්ථය වටහා ගනිති.

12. ,ඇවැත්නි, සැවැත් නුවර වසන පසේනදි කොසොල් රජ හට සාකෙත නුවර කිසියම් හදිසි කටයුත්තක් ඇතිවෙයි. සැවැත්නුවර හා සාකෙත නුවර අතර ඕහට හික්මුනු අජානීය අසුන් යෙදූ රථ සතක් පිළියෙලකර තබන්නාහුය. ඇවැත්නි, පසේනදි කොසොල් රජතෙම සැවැත් නුවරින් නික්ම ඇතුළු නුවර ද්‍රොරටුව අසලදී හික්මුණු අසුන් යෙදු පළමුවන රථයට නඟින්නේය. පළමුවන රථයෙන් හික්මුණු අශ්වයන් යෙදු දෙවෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදු පළමුවන රථය හරන්නේය. දෙවන රථයෙන් හික්මුණු අසුන් යෙදු තුන්වෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදු දෙවෙනි රථය හරන්නේය. හික්මුණු අශ්වයන් යෙදු තුන්වෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදු හතරවෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදු තුන්වෙනි රථය අත්හරින්නේය. හික්මුණු අශ්වයන් යෙදු හතරවෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදු පස්වෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදු හතරවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අශ්වයන් යෙදු පස්වෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදු හයවෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදු පස්වෙනි රථය අත්හරින්නේය. හික්මුණු අශ්වයන් යෙදු හයවෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදු හත්වෙනි රථය ඇති තැනට පැමිණෙන්නේය. හයවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදු හත්වෙනි රථයෙන් සාකෙතනුවර ඇතුල් නුවර ද්‍රෙර සමීපයට පැමිණෙන්නේය. ඇතුල් නුවර ද්‍රෙරටුවකරා ඒ රජු පැමිණි කල්හි මිත්‍රාමාත්‍යයෝද නෑ සහ ලේ නෑයෝද මෙසේ විචාරන්නාහුය. ´මහරජ, ඔබ මේ රථයෙන් සැවැත් නුවර සිට සාකේතනුවර ද්‍රෙරටුවකරා පැමිණියෙහිදැ´ යි (කියායි)

,ඇවැත්නි, කෙසේ ප්‍රකාශකරන්නාවූ පසෙනදි කොසොල් රජ තෙමේ මනාකොට ප්‍රකාශ කරන්නේද ?

,ඇවැත්නි, මනාව ප්‍රකාශකරන්නාවූ පසෙනදි කොසොල් රජ තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ´ සැවැත්නුවර වාසය කරන්නාවූ මට සාකේතනුවර හදිසි කටයුත්තක් ඇතිවිය. ඒ මට සැවැත්නුවර හා සාකේතනුවර අතර හික්මුණු අසුන් යෙදු රථ හතක් පිළියෙල කළහ. ඉක්බිති මම සැවැත්නුවරින් පිටත්වී ඇතුඑනුවර ද්‍රෙරටුව අසලදී පළමුවෙනි රථයට නැගී ගමන්කර දෙවෙනි රථය වෙත පැමිණියෙමි. පළමුවෙනි රථය අත්හලෙමි. දෙවෙනි රථයෙන් තුන්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. දෙවෙනි රථය අත්හැරියෙමි. තුන්වෙනි රථයෙන් හතරවෙනි රථය ඇති තැනට පැමිණියෙමි. තුන්වෙනි රථය අත්හැරියෙමි. හතරවෙනි රථයෙන් පස්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. හතරවෙනි රථය අත්හැරියෙමි. පස්වෙනි රථයෙන් හයවෙනි රථය ඇති තැනට පැමිණියෙමි. පස්වෙනි රථය අත්හැරියෙමි. හයවෙනි රථයෙන් හත්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. සයවෙනි රථය අත්හැරියෙමි.´

,ඇවැත්නි,මෙසේ ප්‍රකාශකරන්නාවූ පසෙනදි කොසොල් රජ තෙම මනාව ප්‍රකාශ කරන්නේය.

,ඇවැත්නි, සීලවිසුද්ධිය චිත්තවිසුද්ධිය ලැබීම ප්‍රයෝජන කොට ඇත්තීය. චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය ලැබීම ප්‍රයෝජන කොට ඇත්තීය. දිට්ඨිවිසුද්ධිය කංඛාවිතරණ විසුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. කංඛාවිතරණ විසුද්ධිය මග්ගාමග්ග ඤ්‍රණදස්සන විසුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. මග්ගාමග්ග ඤ්‍රණදස්සන විසුද්ධිය පටිපද්‍ර ඤ්‍රණදස්සන විසුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. පටිපද්‍ර ඤ්‍රණදස්සන විසුද්ධිය ඤ්‍රණදස්සන විසුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. ඤ්‍රණදස්සන විසුද්ධිය අනුපාද්‍ර පරිනිර්වාණයට පැමිණීම ප්‍රයෝජනකොට ඇත්තීය.

,ඇවැත්නි, අනුපාදා පරිනිර්වාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නේය.,

13. මෙසේ කීකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රසථවීරයන් වහන්සේ ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණ සථවීරයන් වහන්සේට මෙසේ කීහ. ,ආයුෂ්මත් තෙම කිනම් ඇත්තේද? ආයුෂ්මතුන්ට කවර නම්ක් සබ්‍රම්සරුහු ව්‍යවහාර කරත්ද?, ,ඇවැත්නි, පුණ්ණය යනු මාගේ නමය. සබ්‍රම්සරුහු මට මන්තානිපුත්ත යයිද ව්‍යවහාර කරත්., ,ඇවැත්නි, ආශ්චය්‍ර්‍යය, අද්භූතය. මනාකොට ශාස්තෘ ශාසනය දන්නාවූ ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එපරිද්දෙන්ම මන්තානිපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ විසින් ගැඹුරු ගැඹුරුවූ ප්‍රශ්නයෝ දශ කථා වස්තූන්ට පිවිසෙමින් පිවිසෙමින් ප්‍රකාශකරන ලද්ද්‍රහ.

,යම් කෙනෙක් ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේගේ දැකීම ලබත්ද, සේවනය ලබත්ද ඒ සබ්‍රම්චාරීන්හට ලාබයක්ම වන්නේය, මහත් ලාබයක්ම වන්නේය. සබ්‍රම්සරුහු වස්ත්‍ර දරණුවක් හිස තබා ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ එහි වඩා හිඳුවා හිස් මුදුනෙහි තබාගෙන ඇවිදිමින් දැකීම ලබත්ද, සේවනය ලබත්ද, ඔවුන්ටද ලාභයකි, ඔවුන්ටද මහත් ලාභයකි. අපිද ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ දකිමුද, සේවනය කරමුද, එය අපටද ලාබයකි, මහත් ලාබයකි., මෙසේ කීකල්හි ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍රසථවීරයන් වහන්සේට මෙය කීයේය. ,ආයුෂ්මතුන් වහන්සේ කිනම් ඇත්තේද? සබ්‍රම්සරුහු ආයුෂ්මතුන් වහන්සේ කවර නමකින් ව්‍යවහාර කරත්ද?,

,ඇවැත්නි, මගේ නම උපතිස්සය. සබ්‍රම්සරුහු මට සාරිපුත්‍රයයි කියති.,

,ශාස්තෲන් වහන්සේ හා සමාන ශ්‍රාවකයෙකු සමග කථාකරමිනුත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේයයි නොදනුම්හ. ඉදින් වනාහි අපි ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේයයි දන්නෙමු නම් මෙපමණකුත් කථා නොකරන්නෙමු.

,ඇවැත්නි, ආශ්චය්‍ර්‍යය, අද්භූතය. මනාකොට ශාස්තෘ ශාසනය දන්නාවූ ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එසේ ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේ විසින් දශකතා වස්තුවලට බැස බැස ගැඹුරු ගැඹුරුවූ ප්‍රශ්න විචාරන ලදහ.,

,යමෙක් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේගේ දැකීම ලබත්ද, ආශ්‍රය ලබත්ද, එය ඒ සබ්‍රම්සරුන්හට ලාබයකි. මහත්ම ලාබයකි. සබ්‍රම්සරුහු වස්ත්‍ර දරණුවක් හිසතබා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේ එහි වඩා හිඳුවා හිස් මුදුනෙහි තබාගෙන පරිහරනය කරත්ද, දකිත්ද, සේවනය කරත්ද, ඔවුනට ලාභයකි, මහත්ම ලාභයකි. අපිද ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේ දකිමුද, ආශ්‍රය කරමුද, එය අපිටද ලාබයකි, මහත්ම ලාබයකි.,

මෙසේ ඒ මහා නාගයෝ දෙදෙන (මහරහත් දෙනම) අන්‍යොන්‍යයන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූහ.

සතරවෙනිවූ රථවිනීත සූත්‍රය නිමි. (3-4)