90. කණ්ණකත්‍ථල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුකා නගරාසන්නයෙහි වූ මිගදාය නම්වූ කණ්නකත්‍ථලයෙහි වැඩ වෙසෙති.

එකල්හි පසේනදි කොසොල් රජ කිසියම් කටයුත්තෙක් පිණිස උජුකි නගරයට පැමිණියේ වෙයි. එහිදී පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයෙක් කැඳවා, ´එම්බා පුරුෂය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ සිරිපා මුදුනෙන් වඳුව. ආබාධ රහිත බව, නීරෝග බව, සැහැල්ලුකම, කාය බලය, සැප විහරණය අසව. ´ස්වාමීනි, පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳියි. ආබාධ රහිත බව, නීරෝග බව, සැහැල්ලුකම, කාය බලය, සැප විහරණය විචාරයි´ කියාය. මෙසේද කියව.

´ස්වාමීනි, අද පසේනදි කොසොල් රජ දවල් ආහාර අනුභව කොට සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකින පිණිස පැමිණෙන්නේය ( කියාය. ) ´´දේවයන් වහන්ස, එසේය´´ කියා ඒ පුරුෂ කෙම පසේනදි කොසොල් රජහට උත්තර දී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ පුරුෂකෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වවාමීනි, පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳියි. ආබාධ රහිත බව, නීරෝග බව, සැහැල්ලුකම, කාය ශක්තිය, සැප විහරණය විචාරයි´ මෙසේද කියයි. ´´ස්වාමීනි, අද පසේනදි කොසොල් රජ දවල් ආහාර ගෙන සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණෙන්නේය´´ කියාය.

2. සොමා, සකුලා යන සොහොයුරියෝ දෙදෙන ´අද පසේනදි කොසොල් රජ දහවල් ආහාර ගෙන සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණෙන්නේය´ කියා ඇසුවාහුය. එකල්හි සොමා, සකුලා යන සොහොයුරියෝ දෙදෙන බත් එලවන තෙනෙහි ( හුන් ) පසේනදි කොසොල් රජු වෙත පැමිණ මෙසේ කීහු. ´´එසේනම් මහරජ, අපගේ වචනයෙන්ද, භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වැන්ද මැනව.´´

´ආබාධ නැති බව, නීරෝග බව, කාය සැහැල්ලුව, කාය බලය, සැප විහරණය විචාළ මැනව. ´ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නීරෝග බව, කයේ සැහැල්ලු බව, කාය බලය, සැප විහරණය විචාරත්ය´ කියාය.

3. ඉක්බිති පසේනදි කොසොල් රජ අනුභව කළ දවල් බත ඇත්තේ සවස් කාළයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වැඳ එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නීරෝග බව, කයේ සැහැල්ලුබව, කාය බලය, සැප විහරණය අසත්ය´´ යි කීය. ´´කිමෙක්ද? මහරජ, සොමා, සකුලා යන සොහොයුරියෝ අනික් දූතයෙකු නොලැබුවාහුදැ´´ යි වදාළහ.

´´ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ ´අද පසේනදි කොසොල් රජ අනුභව කළ දවල් බත ඇත්තේ, සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස යන්නේද,´ කියා ඇසුවාහුය. ඉක්බිති ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ බත් එලවන තෙනෙහිදී මා කරා පැමිණ මෙසේ කීවාහුය. ´´එසේනම් මහරජ, අපගේ වචනයෙන්ද, භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනු මැනවි. ආබාධ රහිත බව, නීරෝග බව, කයේ සැහැල්ලු බව, කාය බලය, සැප විහරණය විචාළ මැනව. ස්වාමීනි, සොමා, සකුලා යන සොහොයුරියෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නීරෝග බව, කයේ සැහැල්ලුබව, කාය බලය, සැප විහරණය අසතියි´ කියාය. ´´මහරජ, සොමා, සකුලා යන සොහොයුරියෝ සුව ඇත්තියෝ වෙත්වා´´ යි වදාළහ.

4. ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ´´ස්වාමීනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය. සියල්ල දක්නේයයි ඉතිරි නොවූ සියල්ල නුවණින් දැකීම ප්‍රතිඥා කරන්නේද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට හේතු නැතැයි ශ්‍රමණ ගෞතම කෙම මෙසේ කියන්නේය, කියා මා විසින් අසනලදී.

´´ස්වාමීනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය. සියල්ල දක්නේයයි ඉතිරි නොකොට සියල්ල නුවණින් දැකීම ප්‍රතිඥා කරන්නේද? එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට හේතු නැතැයි ශ්‍රමණ ගෞතම තෙම කියන්නේය,´ යි යම් ඒ කෙනෙක් කීවාහුද, ස්වාමීනි, ඔවුහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරන්නාහුද? කරුණු අනුවම කියන්නාහුද, කරුණු සහිතවූ කිසියම් වාදයක් නින්‍දාවට සුදුසු බවට නොපැමිණේද?

5. ´´මහරජ, යම් ඒ කෙනෙක් මෙසේ කීහුද, ශ්‍රමණ ගෞතම කෙම මෙසේ කියන්නේය. යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය. සියල්ල දක්නේයයි ඉතිරි නොකොට සියල්ල නුවණින් දැකීම ප්‍රතිඥා කරන්නේද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට හේතු නැත යනුවෙනි. එසේ කියන්නාවූ ඔවුහු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙති. ඔවුහු අසතෘයෙන් මට චෝදනා කරන්නාහුය´´ යි වදාළහ.

එවිට පසේනදි කොසොල් රජ විඩූඩභ සේනාපතියාට කථාකොට, ´´කවරෙක් අද රජුගේ අන්තඃපුරයෙහිදී මේ කථාව කීවේදැ´´ යි ඇසී. ´´මහරජ, ආකාශ ගෝත්‍රයෙහිවූ සඤ්ජය නම් බ්‍රාහ්මණයාය´´ යි කීය.

ඉක්බිති පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයෙක් කැඳවී. ´´එම්බා පුරුෂය, මෙහි එව. නුඹ මාගේ වචනයෙන් ආකාශ ගෝත්‍රයෙහි සඤ්ජය බ්‍රාහ්මණයා කැඳවව. ´පින්වත, පසේනදි කොසොල් රජ ඔබ කැඳවයි.´´ කියාය. ´´දෙවයන් වහන්ස, එසේය´´ කියා ඒ පුරුෂයා පසේනදි කොසොල් රජහට උත්තර දි ආකාශ ගෝත්‍රයෙහිවූ සඤ්ජය බ්‍රාහ්මණයා යම් තෙනකද, එහි පැමිණ ආකාශ ගෝත්‍ර ඇති සඤ්ජය බ්‍රාහ්මණයාහට මෙසේ කීය. ´පින්වත, පසේනදි කොසොල් රජ ඔබ කැඳවයි.´ කියාය.

6. ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අන් කිසිවක් සඳහාම කියන ලද වචනයක් ඇත්තේද, එයද මිනිස්සු වරදවා ගන්නාහුය´´ යි කීය. ´´මහරජ, එසේ කියන ලද වචනයක් දනිමි´´ යි කීහ. ´´ස්වාමීනි, ( ඒ ) කියනලද වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් කෙසේ කියන ලද්දක් දැයි´´ ඇසී. ´´මහරජ, ( ඒ ) කියනලද වචනය මෙසේය. ´යමෙක් එකවරම සියල්ල දැනගණීද, දැකගනීද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රිහ්මණයෙක් හෝ නැත. ඊට කරුණු නැත යනුහි. යමෙක් එකවරම සියල්ල දන්නේද, දක්නේද, එබඳු ශ්‍රමණයෙන් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට කරුණු නැතැයි´´ ( කියාය. ) ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතු සහගතවූවක්ම වදාළේය. සවාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම වදාළේය.

7.´´ස්වාමීනි, ක්‍ෂත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය, ශුද්‍රයෝය, කියා ජාති සතරක් වෙති. ස්වාමීනි, මේ සතර වෙනසක් වන්නේද, වෙනස් බවට කරුණක් වන්නේද´´ කියා ඇසී.

´´මහරජ, ක්‍ෂත්‍රියය, බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය කියා මේ ජාති සතරක් වෙති. මහරජ, මේ සතර ජාතිය ක්‍ෂත්‍රියය, බ්‍රාහ්මණය යන දෙජාතිය වැඳීම, හුනස්නෙන් නැගිටිම, දොහොත් මුදුන් දීම, ගරුකිරීම යන මොවුන් පිළිමඳව උතුම්යය් කියන්නේය.´´

´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ආත්මය පිළිබඳ වූවක් නොඅසමි. ස්වාමීනි, පරලොව පිළිබඳ වූවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මම අසමි. ස්වාමීනි, ක්‍ෂත්‍රියය, බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය කියා මේ ජාති සතරෙක් වෙති. ස්වාමීනි, මේ ජාති සතර පිළිබඳව විශෙෂයක් වෙනස් බවක් ඇත්තේදැ´´ යි ( ඇසී. )

8. ´´මහරජ, වීය්‍ර්‍ය කිරීම පිළිබඳව මේ අඞ්ග පසක් වෙති. කවර පසක්ද යත්, මහරජ, මේ ශාසනයෙහි භික්‍ෂුව ශ්‍රද්ධා ඇත්තේ වෙයි.

´´ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු නිසා අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විජ්ජාචරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, අනුත්තරයහ, පුරුෂදම්‍යසාරථිහ, දිව්‍යමනුෂ්‍යයන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ කියා තථාගතයන් වහන්සේගේ බෝධිය ( බුද්ධඥාණය ) අදහන්නේය.

´´අඩු වැඩි නොවූ වීය්‍ර්‍යයට යොග්‍ය මධ්‍යම සමව ආහාර පැසවන ගින්නෙන් යුක්තව ආබාධ රහිතවූ නීරොගවූයෙක් වෙයි. කපටි නොවූ මායා විරහිත ශාස්තෲන් වහන්සේටද, නැණවත් භික්‍ෂූන්ටද ඇති සැටියෙන් තමා හෙලි කරන්නෙක් වෙයි.

´´අකුසල් පහකිරීම පිණිසද, කුසල් වැජීම පිණිසද, උත්සාහවත්ම දැඩි වීය්‍ර්‍ය ඇතිව කුශලධර්‍මයන්හි බිම නොතැබූ බර ඇත්තේ ආය්‍ර්‍ය භාවය පිණිසවූ නිර්‍වෙදය පිණිසවූ මනාව දුක නැතිකිරීමට පමුණුවන්නාවූ.

´´විදර්‍ශනා ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් කෙනෙක් වෙයි. මහරජ, මේ වීය්‍ර්‍ය පිණිසවූ අඞ්ග පස වෙති. මහරජ, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යයි ජාති සතරකි. ජාති සතරෙහි වූවෝද වීය්‍ර්‍ය පිණිස පවත්නා මේ අඞ්ග පසින් යුක්තවූවාහු වෙත් නම් ඒ කාරණය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස, සුව පිණිස වන්නේය.´´ යි වදාළහ.

9.´´ස්වාමීනි, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය යන සතර ජාතියට අයත්වූවෝ වීය්‍ර්‍ය පිණිසවූ මේ අඞ්ග පසින් යුක්ත වූවාහුද, ස්වාමීනි, මේ කරුණෙහිදී ඔවුන්ගේ වෙනසක් ඇත්තේදැ´´ යි ( ඇසී.) ´´මහරජ, මෙහිදී ඔවුන්ගේ වීය්‍ර්‍යය පිළිබඳ වෙනස කියමි.

´´මහරජ, යම්සේ මොනවට දැමුණු, මොනවට හික්මුණු නාඹු ඇතුන් දෙදෙනෙක් හෝ අසුන් දෙදෙනෙක් හෝ නාඹු ගවයන් දෙදෙනෙක් හෝ වෙත්ද, නොදැමුණු නොහික්මුණු නාඹු ඇතුන් දෙදෙනෙක් හෝ නාඹු අසුන් දෙදෙනෙක් හෝ නාඹු ගවයන් දෙදෙනෙක් හෝ වෙත්ද, මහරජ, ඒ කිමැයි සිතන්නෙහිද? ඔවුන් අතුරෙන් යහපත්වූ දැමුණු යහපත්ව හික්මුණු ඒ නාඹු ඇතුන් දෙදෙනම හෝ නාඹු අසුන් දෙදෙනම හෝ නාඹු ගවයන් දෙදෙනම හෝ දැමුණවුන් බවට, දැමුණවුන් තැනට කිම පැමිණෙන්නාහුද?´´

´´එසේය, ස්වාමීනි.´´

´´යම් ඒ දමණය නොවූ නොහික්මුණු නාඹු අතුන් දෙදෙනෙක් හෝ නාඹු අසුන් දෙදෙනෙක් හෝ නාඹු ගවයන් දෙදෙනෙක් හෝ වෙත්ද, ඔවුහු හොඳින් දමනයවූ හොඳින් හික්මුණු නාඹු ඇතුන් දෙදෙනා හෝ නාඹු අසුන් දෙදෙනා හෝ නාඹු ගවයන් දෙදෙනා හෝ මෙන් දැමුනවුන් බවට හික්මුනවුන්ගේ තැනට පත්වන්නාහුද?´´ ´´ස්වාමීනි, එය නොවන්නේය.

´´මහරජ, එපරිද්දෙන්ම, යම් තැනකට ශ්‍රද්ධා ඇත්තහු විසින් නීරෝගී වූවාහු විසින් කපටි නොවූවකු විසින් මායා නැත්තෙකු විසින් පටන්ගත් වීය්‍ර්‍ය ඇත්තෙකු විසින් නුවණ ඇත්තෙකු විසින් පැමිණිය යුතුද, එයට අශ්‍රද්ධාවත් රෝගීවූ කපටිවූ මායාකාරවූ කම්මැලිවූ අඥාන පුද්ගලයා පැමිණෙන්නේය. යන මේ කාරණය සිදු නොසිදුවන්නේය.´´

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යයි මේ ජාති සතරට අයත්වූවෝ වීය්‍ර්‍ය පිණිස පවත්නා මේ අඞ්ග පසෙන් යුක්තවූවාහු වෙත්ද, සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යයෙන් යුක්තවූවාහු වෙත්ද, ස්වාමීනි, මෙහි මොවුන්ගේ වෙනසක් වන්නේද?´´ ´´මහරජ, නිවනට පැමිණියාවූ ඔවුන්ගේ මෙහි කිසි වෙනසක් ඇතැයි මම නොකියමි. මහරජ, යම්සේ පුරුෂයෙක් වියලුන සාක ලීයක් තෙන ගිනි උපදවන්නේය. ගිනි පහල කරන්නේය. නැවත අන් පුරුෂයෙන් වියලුන සල් ලීයක් ගෙන ගිනි උපදවන්නේය. ගිනි පහල කරන්නේය. නැවත අන් පුරුෂයෙක් වියලුන අඹ ලීයක් ගෙන ගිනි උපදවන්නේද, ගිනි පහල කරන්නේය. නැවත අන් පුරුෂයෙක් වියලුන ඉඹුල් ලීයක් ගෙන ගිනි උපදවන්නේය. ගිනි පහල කරන්නේය. මහරජ, ඒ තුමකැයි හඟින්නේද? වෙන වෙන ලී වලින් උපදවන ලද ඒ ගිනි, ගින්නෙන් ගින්න හෝ වර්‍ණයෙන් වර්‍ණය හෝ ආලොකයෙන් ආලොකය හෝ කිම කිසියම් වෙනසක් වන්නේද?´´ ´´නැත සවාමීනි.´´ ´´මහරජ, යම් ඒ පසුව උපන් ගින්නද උත්සාහයෙන් පැතිරේද, එපරිද්දෙන්ම යම් මේ නිවනට පැමිණියාහු වෙත්ද ( ඔවුන්ගේ ) වෙනසක් ඇතැයි මම නොකියමි.

10. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හේතු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, කිමෙක්ද දෙවියෝ ඇත්තාහුද?´´ ´´මහරජ, තොප කුමක් හෙයින් ´ස්වුාමීනි, කිමෙක්ද දෙවියෝ ඇත්තාහුදැ´ යි කියන්නෙහිද?´´ ´´ස්වාමීනි, දෙවියෝ මෙලොවට පැමිණෙන්නාහු හෝ වෙත්ද, නොපැමිණෙන්නාහු හෝ වෙත්ද?´´

´´මහරජ, ව්‍යාපාද ( ෙවෂය ) සහිතවූ යම් ඒ දෙවි කෙනෙක් වෙද්ද, ඔවුහු මේ ලෝකයට පැමිණෙති. ව්‍යාපාද රහිතවූ යම් ඒ දෙවි කෙනෙක් වෙත්ද, ඔවුහු මේ ලෝකයට නොපැමිණෙති.´´

මෙසේ වදාළ කල්හි වීඩුඩභ නම් සේනාපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, ව්‍යාපාද රහිතවූ මේ ලෝකයට නොපැමිණෙන යම් ඒ දෙවිකෙනෙක් වෙත්ද, ඔවුන් එතනින් චුතකරන්නාහු හෝ වෙත්ද නෙරපන්නාහු හෝ වෙත්ද?´´ කියායි.

11. එවිට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මේ අදහස විය. ´මේ විඩුඩභ සේනාපති තෙම වනාහි පසේනදි කොසොල් රජුගේ පුත්‍රයාය. මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයාය. පුත්‍රයා විසින් පුත්‍රයා කැඳවීමට දැන් සුදුසු කාලය´ (කියායි. ) ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විඩුඩභ සේනාපතියාට කථා කෙළේය. ´´සේනාපතිය, එසේනම් මේ කාරණය නුඹගෙන්ම අසන්නෙමි. තොප යමක් කැමති වේද, එය එසේ ප්‍රකාශ කරව. සේනාපතිය, ඒ කුමකැයි හඟින්නේද? පසේනදි කොසොල් රජුගේ රාජ්‍යය යම් පමණ වේද, පසේනදි කොසොල් රජ යම් ප්‍රදේශයක අධිපති කම් කරවයිද, එහි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරී වූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහ කිරීමට හෝ රටින් නෙරපීමට හෝ පසේනදි කොසොල් රජ සමත්‍ර්‍ථ වේද?´´ ´´ පින්වතුන් වහන්ස, පසේනදි කොසොල් රජ යම් ප්‍රදේශයක අධිපති කම් කරවයිද, එහි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරී වූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහ කිරීමට හෝ රටින් නෙරපීමට හෝ පසේනදි කොසොල් රජ සමත්‍ර්‍ථ වෙයි.´´ සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද?

´´යම් පමණ පසේනදි කොසොල් රජුගේ රාජ්‍යය නොවේද, යම් ප්‍රදේශයක පසේනදි කොසොල් රජතෙම අධිපතිකම් නොකරයිද, එහි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරී වූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහ කිරීමට හෝ රටින් නෙරපීමට හෝ සමත්‍ර්‍ථ වේද?´´ ´´ පින්වතුන් වහන්ස, යම් පමණ පසේනදි කොසොල් රජුගේ රාජ්‍යය නොවේද, යම් ප්‍රදේශයක පසේනදි කොසොල් රජතෙම අධිපති කම් නොකරයිද, එහි යම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පින් ඇත්තෙකු හෝ පින් නැත්තෙකු හෝ බ්‍රහ්මචාරී වූවෙකු හෝ බ්‍රහ්මචාරී නොවූවෙකු හෝ ඉන් පහ කිරීමට හෝ රටින් නෙරපීමට හෝ පසේනදි කොසොල් රජ සමත්‍ර්‍ථ නොවෙයි.´´

සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? තොප තව්තිසා දෙවියන් ගැන ඇසුවෙහිද,´´ ´´එසේය, පින්වත. තව්තිසා දෙවියන් ගැන මා අසා තිබේ. පින්වත මෙහිදී පසේනදි කොසොල් රජුගෙන්ද තව්තිසා දෙවියන් ගැන අසනලදී?´´ ´´සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද, තව්තිසා දෙවියන් ඉන් පහකිරීමට හෝ නෙරපීමට හෝ පසේනදි කොසොල් රජතෙම සමත්‍ර්‍ථර්‍වේද?´´ ´´පින්වත, තව්තිසා දෙවියන් දැකීමටවත් පසේනදි කොසොල් රජතෙම අසමත්‍ර්‍ථය. කෙසේනම් තව්තිසා දෙවියන් ඉන් පහකිරීමට හෝ නෙරපීමට හෝ සමත්‍ර්‍ථවෙයිද?´´ ´´සේනාපතිය, එපරිද්නේම මේ ලෝකයට පැමිණෙන්නාවූ ඒ ව්‍යාපාද සහිත දෙවි කෙනෙක් වෙත්ද, මේ ලෝකයට නොපැමිණෙන්නාවූ යම් ඒ ව්‍යාපාද රහිත දෙවි කෙනෙක් වෙත්ද, ඒකාන්තයෙන් ඒ දෙවියන් දැකීමටද නොහැකි වෙත්. කෙසේනම් ඉන් පහකරන්නේ හෝ නෙරපන්නේ හෝ වේද?´´

12.´´එකල්හි පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, මේ භික්‍ෂුව කවරෙක්ද?´´ ´´මහරජ, ඒ ආනන්‍දය.´´ ´´පින්වත්නි, ඒකාන්තයෙන් සතුටකි. පින්වත්නි, ඒකාන්තයෙන් සතුටුවීමට කරුණකි. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හේතු සහිත වූවක්ම කියන්නාහ. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කරුණු සහිත වූවක්ම කියන්නාහ. කිමෙක්ද ස්වාමීනි, බ්‍රහ්මයෝ ඇද්ද?´´ ´´මහරජ කිමෙක්ද? තොප කුමක් හෙයින් ´ස්වාමීනි බ්‍රහ්මයෝ ඇද්දැ´ යි කියන්නහුද?´´

´´ස්වාමීනි, බ්‍රහ්මයෝ මේ ලෝකයට එන්නාහු වෙත්ද, නොඑන්නාහු හෝ වෙත්ද?´´ ´´මහරජ, යම් ඒ බ්‍රහ්මයෙක් ව්‍යාපාද සහිත වේද, හෙතෙම මේ ලෝකයට පැමිණෙයි. යම් ඒ බ්‍රහ්මයෙක් ව්‍යාපාද රහිත වේද, හෙතෙම මේ ලෝකයට නොපැමිණෙයි.

13.´´එකල්හි එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජුට මෙසේ කීයේය. ´´මහරජ, ආකාශ ගොත්‍ර ඇති සඤ්ජය බ්‍රාහ්මණ තෙම ආයේය´´ ( කියායි. ) ඉක්බිති පසේනදි කොසොල් රජතෙම ආකාශ ගොත්‍ර ඇති සඤ්ජය බ්‍රාහ්මණයාට මෙසේ කීය. ´´බ්‍රහ්මණය, රජුගේ අන්තඃපුරයේදී මේ කථාව උපදවා කථා කළේ කවරෙක්දථ´´ ´´මහරජ, විඩුඩභ සේනාපති තෙමේය.´´ විඩුඩභ සේනාපති තෙම මෙසේ කීය. ´´මහරජ, ආකාශගොත්‍ර ඇති සංජය බ්‍රාහ්මණයාය.´´

14. ඉක්බිති එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජුට මෙසේ කීය. ´´මහරජතුමනි, දැන් ගමනට සුදුසු කාලයයි.´´ එකල්හි පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් සර්‍වඥ භාවය ගැන ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ සර්‍වඥ භාවය විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වීමු. ස්වාමීනි, සතර ජාතීන්ගේ සුද්ධිය ගැන අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ සතර ජාතීන්ගේ සුද්ධිය විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වීමු. ස්වාමීනි, උසස් දෙවියන් ගැන අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ උසස් දෙවියන් ගැන විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වීමු. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් උසස් බ්‍රහ්මයන් ගැන ඇසුවෙමු. භාග්‍යවතුන් වහන්සේ උසස් බ්‍රහ්මයන් ගැන විස්තර කළහ. එයද අපට රුචිවිය. කැමැත්ත පිණිස විය. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වීමු. ස්වාමීනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු´´ යි කීය. ´´මහරජ, තොප යමක් කැමැත්තෙහි නම් ඊට කල් දනුව´´ යි වදාළහ.

ඉක්බිති පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට ගියේය.

දහවෙනිවූ කණ්ණකත්‍ථල සූත්‍රය නිමි. ( 4 – 10 )

__________

( ටීකාර සූත්‍රය, රට්ඨපාල සූත්‍රය, මඛාදේව සූත්‍රය, මාධුර සූත්‍රය, බොධිරාජ කුමාර සූත්‍රය, අංගුලිමාල සූත්‍රය, පිය ජාතික සූත්‍රය, බාහීතික සූත්‍රය, ධම්මචෙතිය සූත්‍රය, කණ්ණකත්‍ථලක සූත්‍රය යන සූත්‍ර දසයවූ )

සතරවෙනි රාජ වර්‍ගයයි.

89. ධම්මචෙතිය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි මෙකලුප නම් නියම් ගම වැඩ වෙසෙති. එකල්හි පසේනදි කොසොල් රජ කිසියම් කටයුත්තක් සඳහා නගරක් නම් නියම් ගමට පැමිණියේවෙයි. ඉක්බිති කොසොල් රජ දීකාරායණ නම් සේනාපතියාට කථාකළේය. ´´මිත්‍ර කාරායණ, යහපත් යහපත් යානාවන් පිළියෙළ කරව. උයන් සිරි දකිණු පිණිස උයනට යමු´´ යි කීය.

´´දේවයන් වහන්ස, එසේය´´ යි දීකාරායණ තෙම පසේනදි කොසොල් රජහට උත්තර දී, යහපත් යහපත් යානාවන් පිළියෙළකොට පසේනදි කොසොල් රජහට, ´´දෙවයන් වහන්ස, යහපත් යහපත් යානා පිළියෙළ කරන ලදහ. ඔබ වහන්සේ යමක් අදහස් කෙරේ නම් දැන් ඊට කාලය´´ යි දැන්වීය. එවිට පසේනදි කොසොල් රජ යහපත් යානාවකට නැග යහපත් යහපත් යානාවන්ගෙන් යුක්තව මහත් රාජානුභාවයෙන් නගරයෙන් පිටත්ව (උයන) යම් තෙනෙක්හිද එහි ගියේය. යානාවෙන් යා හැකි තැන දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින්ම උයනට ඇතුල්විය.

2.උයනෙහි පයින් ඇවිද යන්නාවූ ගමන් කරන්නාවු පසේනදි කොසොල් රජ දැකීමට ප්‍රිය සිත සතුටු කරණ නිශ්ශබ්දවූ ඉර්ෂා නැති, ජනවාතයෙන් (මිනිසුන් කෙරෙන් නටන වාතයෙන්) පහව ගිය රහස් කුමන්ත්‍රණ වලට සුදුසු විවේකයට යෝග්‍ය ගස්මුල් දිටීය. දැක භාග්‍යවතුන් වහන්සේ අරභයාම සිහි උපන. දැකීමට ප්‍රිය පැහැදීම ඇති කරණ නිශ්ශබුදවූ ාේෂා රහිත ජනවාතයෙන් පහව ගිය රහස් කුමන්ත්‍රණ වලට සුදුසු විවේකයට සුදුසු මේ ගස්මුල් වෙති. මෙවැනි තන්හිදී අපි අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරමුයි සිතී. ඉක්බිති පසේනදි කොසොල් රජ දීකාරායණට කථා කෙළේය. ´´යහළු කාරායණය දැකීමට ප්‍රිය සිත් උපදවන ශබ්ද රහිත ාේෂා නැති මිනිස් වාතයෙන් පහවු මිනිසුන්ගේ රහස් කීමට සුදුසු විවේකයට යෝග්‍යවූ ඒ මේ රුක්මුල් වෙති. මෙවැනි තන්හිදී අපි ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ ඇසුරු කරමු´´යි (කීහ.)

3.´´යහලු කාරායණය, දැන් ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුන් කොහි වැඩ වෙසෙත්දැයි´´ ඇසී. ´´මහරජ, මෙකලුප නම් ශාක්‍යයන්ගේ නියම් ගමෙක් වෙයි.

´´ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැන් එහි වැඩ වෙසෙති´´ යි කීය. ´´යහලු කාරායණය, මෙකලුප නම් ශාක්‍යයන්ගේ නියම් ගම මෙහි සිට කෙතෙක් දුරෙහිදැ´´ යි ඇසී. ´´මහරජ, දුරෙහි නොවෙයි. තුන් යොදුනකි. ඉතිරි දවල් කාලයෙන් පැමිණීමට හැකිය´´ යි කීය. ´´ යහලු කාරායණය, එසේනම් යහපත් යහපත් යානාවන් පිළියෙළ කරව. ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දකිණ පිණිස අපි එහි යමු´´ යි කීය. ´´දෙවයන් වහන්ස, එසේය´´ යි දීකාරායණ තෙම පසේනදි කොසොල් රජුට උත්තර දී, යහපත් යහපත් යානාවන් පිළියෙළ කොට පසේනදි කොසොල් රජුට, ´´දෙවයන් වහන්ස, ඔබට යහපත් යහපත් යානාවෝ පිළියෙළ කරණ ලදහ. යමක් අදහස් කෙරෙහි නම් දැන් කාලය සුදුසුය´´ කියා දැන්වී.

4. ඉක්බිති පසේනදි කොසොල් රජ යහපත් යානාවකට නැග යහපත් යහපත් යානාවන් විසින් පිරිවරණ ලදුව නගරම නම් නියම් ගමින් පිටත්ව ගොස් ශාක්‍යයන්ගේ මෙකලුප නම් නියම් ගම යම් තෙනකද, දවල් කාලයේම ඒ ශාක්‍යයන්ගේ මෙකලුප නම් නියම් ගමට පැමිණ ආරාමය යම් තෙනක්හිද, එහි ගොස් යානාවෙන් යා හැකි තැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින්ම ආරාමයට පැමිණියේය.

එකල්හි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි සක්මන් කෙරෙති. එවිට පසේනදි කොසොල් රජ ඒ භික්‍ෂූහු යම් තෙනකද, එහි පැමිණ ඒ භික්‍ෂූන්ට, ´´ස්වාමීනි, ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දැන් කොහි වෙසෙත්ද, අපි ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දකිනු කැමැත්තෙමු´´ යි කීය.

´´මහරජ, ඒ දොර වසා තිබෙන්නේ විහාරයයි. නිශ්ශබ්දව එහි පැමිණ සෙමින් ආලින්දයට ( පිලට ) ඇතුල්ව කාරා දොර අගුල සමීපයට කට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර අරිති´´ යි කීහ. ඉක්බිති පසේනදි කොසොල් රජ කඩුවද, නලල් පටද, එහිදීම දීකාරායණට දුන්නේය.

3.ඉක්බිති දීකාරායණට මෙසේ සිත් විය. ´මහරජකෙම දැන් ශ්‍රමණ ගෞතමයන් සමග රහස් කියයි. එහෙයින් දැන් මා විසින් මෙහිම සිටිය යුතු වෙයි.´ කියායි. ඉක්බිති පසේනදි කොසොල් රජ වසනලද දොර ඇති ඒ විහාරය යම් තෙනකද, එහි නිශ්ශබ්දව ගොස් සෙමින් පිලට ඇතුල්ව කාරා අගුල සමීපයට තට්ටු කෙළේය. භාග්‍යවතුන් වහන්සේ දොර ඇරි සේක. එවිට පසේනදි කොසොල් රජ විහාරයට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිස තබා මුඛයෙන් පා සිඹීමද කරයි. දෙ අතින් පිරිමැදීමද කරයි. ´´ස්වාමීනි, මම පසේනදි කොසොල් රජ වෙමි.´´ කියා නමද කියයි.

´´මහරජ, නුඹ කෙබඳුවූ අත්‍ර්‍ථයක් දක්නේ මේ ශරීරයට මෙතරම් බලවත් ගෞරවයක් කෙරෙහිද, බුහුමන් කිරීමක් දක්වන්නෙහිදැ´´ යි ඇසූහ. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍මය ස්වාක්ඛාතය. ( මනාකොට දේශනා කරන ලද්දකි. ) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්තෙමේ සුප්‍රතිපන්නය. ( මනාකොට පිළිපදින ලද්දේය.) කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පවත්නා අනුබුද්ධියෙක් ඇත්තේ (කාරණයන්ට අනුව දැනීමක් ) ය´´ යි කීය.

6.´´සවාමීනි, මම මෙහි ඇතැම් මහණ බමුණන් දකිමි. ඔවුහු දසවසක් හෝ විසිවසක් හෝ තිස්වසක් හෝ හතලිස් වසක් හෝ සීමා කොට බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙති. පසුකලෙක ඔවුහු මොනවට නෑවාහු, මොනවට සුවඳ විලවුන් ඇඟ ගැල්වූවාහු, අන්දම් තබා සැරසූ කෙස් රැවුල් ඇත්තෝව, පස්කම් ගුණවලින් යුක්තව ඉඳුරන් පින වන්නාහ. ස්වාමීනි, මම මේ ශාසනයෙහි දිවිතෙක් මරණය දක්වා සම්පූර්‍ණ පිරිසිදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන ශ්‍රාසකයන් දකියි. සවාමීනි, මම මේ ශාසනයෙන් පිට මෙසේ සම්පූර්‍ණවූද පිරිසිදු අනික් බ්‍රහ්මචරියාවක් නොම දකිමි. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට දේශිතය. සඞ්තෙමේ සුප්‍රතිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වෙයි.

7. ´´ස්වාමීනි, නැවත අන් කරුණක් (කියමි.) රජහුද රජුන් සමග කලහ කෙරෙති. ක්‍ෂත්‍රියෝද, ක්‍ෂත්‍රියන් සමග කලහ කෙරෙති. බමුණෝද, බමුණන් සමග කළහ කෙරෙති. ගෘහපතියෝද, ගෘහපතියන් සමග කලහ කෙරෙති. මවිද පුතා සමග කලහ කෙරෙති. පුතාද මව් සමග කලහ කෙරෙයි. පියාද පුතු සමග කලහ කෙරෙයි. පුතාද පියා සමග කලහ කෙරෙයි. සොහොයුරාද සොහොයුරා සමග කලහ කෙරෙයි. සොහොයුරාද සොහොයුරිය සමග කලහ කෙරෙයි. සොහොයුරීද සොහොයුරා සමග කලහ කෙරෙයි. මිත්‍ර තෙමේද මිත්‍රයා සමග කලහ කෙරෙයි. ස්වාමීනි, මම මේ සස්නෙහි භික්‍ෂූන් දකියි. සමගිව සතුටුව කලහ රහිතව කිරිත් වතුරත් මෙන් එක්වූවාහු ඔවුනොවුන් ප්‍රිය මුහුනින් බලන්නෝව වෙසෙති. ස්වාමීනි, මම මේ ශාසනයෙන් පිටත මෙලෙස සමගිවූ අන් පිරිසක් නොම දකිමි. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාව දේශිතය. සඞ්තෙමේ සුප්‍රතිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වේ.

8. ´´ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මම ආරාමයෙන් ආරාමයට, උයනින් උයනට පිළිවෙළින් යෙමි. ගමන් කරන්නෙමි. එහිදී මම වැහැරුණ රළුවූ, ඉතා අවලක්‍ෂණ හටගත් පඬු පැහැති නහර ඉල්පුන ශරීර ඇති, දැකීමට මිනිසුන්ගේ ඇස් බැඳ නොගන්නාක් වැනිවූ සමහර මහණ බමුණන් දකිමි.

´´ස්වාමීනි, එසේ දක්නා මට ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු ඇලීමක් නැතිව හෝ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙති. ඔවුන් විසින් රහසිගතව කරණ ලද කිසි පාප කර්‍මයක් හෝ ඇත. එහෙයින් මේ ආයුෂ්මත්හු වැහැරුණාවූ රළුවූවාහු අවලක්‍ෂණ වෙති. හටගත් පඬු පැහැ ඇති, නහර ඉල්පුනා ශරීර ඇත්තෝව, දැකීමට මිනිසුන්ගේ ඇස් නොබැඳ ගන්නාක් වැනි වෙති. මම ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. කිමෙක්ද? ආයුෂ්මත්නි, නුඹ වවහන්සේලා කෘශවූවාහු, රළු ශරීර ඇත්තාහු, අවලක්‍ෂණ වූවාහු, හටගත් පඬු පැහැ ඇති, නහර ඉල්පුන ශරීර ඇතිව, දැකීමට මිනිසුන්ගේ ඇස් නොබැඳ ගත්තාක් වැනිවත්ද? කියායි.´´ ´´මහරජ, අපහට කුලරෝගයක් ( පරම්පරාගත රෝගයක් ) ඇත්තේයයි කීහ.´´ ´´ස්වාමීනි, මම මේ ශාසනයෙහි ශ්‍රාවකයෝ සතුටුව ඔද වැඩි වැඩි සිත් ඇතිව, මනාව ඇලුන ස්වභාව ඇති, පිනාගිය ඉඳුරන් ඇතිව, කටයුතු බහුල නැතිව, අහංකාර නැතිව, අනුන් දෙන දෙයින් යැපෙමින් මුවන්ට සමාන සිත් ඇතිව වාසය කරති.

´´ස්වාමීනි, මට මේ කරුණෙහි මෙබඳු සිතක් වෙයි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පළමුවද, පසුවද දතයුතුවූ විශෙෂයන් දනිත්. එහෙයින් මේ ආයුෂ්මත්හු සතුටුව ඔද වැඩි සිත් ඇතිව, මනාව ඇලුන ස්වභාව ඇතිව, පිනාගිය ඉඳුරන් ඇතිව, වැඩ කටයුතු නැතිව, අහංකාර නොව, අනුන් අයත් පැවතුම් ඇතිව, මුවන්ට බඳු සිතින් යුක්තව වෙසෙතිය කියාය.

´´සවාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාව ප්‍රකාශ කරණ ලද්දේ සඞ්තෙමේ සුප්‍රතිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වෙයි.

9. ´´ස්වාමීනි, නැවත අනිකක්ද කියමි. ඔටුනු පැළඳි ක්‍ෂත්‍රිය රජෙක්වූ මම මේ නැසිය යුත්තෙක, නැසීමට හෝ නිලධරා ආදියෙන් පහකළ යුත්තෙකු පහකිරීම හෝ රටින් නෙරපිය යුත්තෙකු නෙරපීමට හෝ හැකි වෙමි.

´´ස්වාමීනි, විනිශ්චයාසනයෙහි හුන්නාවූ ඒ මටද අතරතුර කතා හෙලති, හෙවත් අතරෙන් කතා කරති. පින්වත්හු විනිශ්චයෙහි හුන් මට අතරතුර කතා නොකරව්. ´පින්වත්හු කතාවේ අවසානය බලාපොරොත්තු වව´ කියාද ඔවුන් නැවැත්වීමට නොහැකි වෙමි. ස්වාමීනි, ඒ මට අතරින් අතර කතා කෙරෙති.

´´ස්වාමීනි, මම මේ සාසනයෙහි භික්‍ෂූන් දකිමි. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය ගනන් පිරිසෙහි දහම් දෙසත්ද, එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් කිඹිසින ශබ්දයක් හෝ කරන ශබ්දයක් හෝ නොවෙයි. ස්වාමීනි, පෙර දවස වූ දෙයක් නම් භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය ගනන් පිරිස් මැද දහම් දෙසූහ. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ එක්තරා ශ්‍රාවකයෙක් කෑරීය. ඔහුට අන් භික්‍ෂුවක්, ´ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්ද වේවා. ආයුෂ්මත් තෙමේ ශබ්ද නොකෙරේවා. භාග්‍යවත් ශාස්තෘන් වහන්සේ අපට ධර්‍මය දේශනා කරන්නාහුය´ යි දනෙක් ගැටීය.

´´ස්වාමීනි, එහිදී ඒ මට මේ සිත විය. ´පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යය. පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමය. පින්වත්නි, ඒකාන්තයෙන් දණ්ඩෙන් ආයුධයෙන් තොරව මෙතරම් හික්මුණු පිරිසක් වන්නේය.´ කියාය. ස්වාමීනි, මේ ශාසනයෙන් පිට මෙසේ හික්මුණු අන් පිරිසක් නොම දකිමි.

´භාග්‍යවතුන් වහන්ස, මේද, භාග්‍යවත් තෙමේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාව දේශිතය. සඞ තෙමේ සුප්‍රතිපන්නය, කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල දැනීමක් වෙයි.

18.´´සවාමීනි, නැවත අනිකක්ද කියමි. මෙහි සියුම් නුවණ ඇති පුරුදු කළ අන්‍යවාද ඇති අස්ලොම් විදින්නාක් වැනි ස්වභාව ඇති තමන්ගේ නුවණින් අන්‍ය දෘෂ්ටීන් බිඳින්නෝයයි සිතා සිටින ඇතැම් ක්‍ෂත්‍රිය පණ්ඩිතයෝ සිටිත්. ඔවුහු ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙන්නේයයි අසත්. ඔවුහු අපි මේ ශ්‍රමණ ගෞතමයන් කරා පැමිණ මේ ප්‍රශ්නය අසමු. මෙසේ අසන ලද ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ විසඳන්නේය. මෙසේද අපි ඔහුට වාදය නගන්නෙමියි ප්‍රශ්න පිළියෙල කරත්. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙන්නේයයි ඔවුහු අසත්. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යත්. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ධර්‍ම කථාවෙන් අවබෝධ කරවත්. සමාදන් කරවයි. සිත් තියුණු කරවත්. පහදවත්. ධර්‍ම කථාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද සිත් තියුණු කරනලද පහදවන ලද ඔවුහු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න නොඅසත්. වාද නැගීමක් කෙසේ කරත්ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙත්. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, ධර්‍මය මනාව දේශනා කරණ ලදි. සඞයා මනාව පිළිපදින ලදැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පවත්නා කාරණානුකූල දැනීමක් වෙයි.

11.´´ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මෙහි සියුම් නුවණ ඇති, පුරුදු කරනලද අන්‍යවාද ඇති, තමන්ගේ නුවණින් වැරදි ලබ්ධීන් බිඳින්නේයයි සිතා සිටින ඇතැම් බ්‍රාහ්මණ පණ්ඩිතයන්ද දකිමි. පින්වත් ශ්‍රමණ ගෞතමයෝ අසුවල් නම් ගමට හෝ නියම් ගමට පැමිණියෝයයි ඔවුහු අසති. ඔවුහු ප්‍රශ්න සකස් කෙරෙති. අපි ශ්‍රමණ ගෞතමයන් වෙත පැමිණ මේ ප්‍රශ්ණය අසමු. අප විසින් මෙසේ විචාරණලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හි අපි ඔහුට මෙසේ වාදය ආරෝපනය කරමු. අප විසින් මෙසේද විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හිත් අපි ඔහුට වාදාරොපනය කරමු´´ ( කියායි. )

´පින්වත් ශ්‍රමණ ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණියෝයයි ඔවුහු අසති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්‍ම කථාවෙන් කරුණු දක්වති. කරුණු ගන්වති. උනන්‍දු කරවති. සිත පහදවති. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්‍දු කරවන ලද, සිත පහදවන ලද, ඔවුහු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නද නොම අසති. කොයින් වාදාරෝපනය කරත්ද, හුදෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ වෙතින් අවසර ඉල්ලති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරවති. ඔවුහු එසේ පැවිදිවූවෝම තනිව වෙන්ව අප්‍රමාදව කෙලෙස් නසන වීය්‍ර්‍ය ඇතිව අත්හරින ලද ආත්ම ආශාව ඇතිව වාසය කරන්නාහු නොබෝ දවසකින්ම, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි මනාකොට පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසන්කොට ඇති ඒ උත්තම අර්‍හත් ඵලය මේ අත්බැව්හිම කෙමේ විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වෙසෙති.

´´ඔවුහු මෙසේ කීහ. ´පින්වත්නි, ඒකාන්තයෙන් අපි නැසුනෝ වෙමු. පින්වත්නි, අපි ඒකාන්තයෙන් වැනසුනෝ වෙමු. පෙර අපි වනාහි අශ්‍රමණ වූවෝම ශ්‍රමණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. අබ්‍රාහ්මණ වූවෝම බ්‍රාහ්මණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. රහත් නුවූවෝම රහත් වෙමුයි ප්‍රකාශ කෙළෙමු. දැන් වනාහි ශ්‍රමණ වෙමු. බ්‍රාහ්මණ වෙමු. රහතන් වෙමු. ( කියායි. ) ස්වාමීනි, මේද භාග්‍යවත් තෙම සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් විසින් ධර්‍මය මනාව දේශනා කරණ ලදි. සඞ තෙමේ සුප්‍රතිපන්නයයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල දැනීමක් වෙයි.

12.´´ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මෙහි සියුම් නුවණ ඇති පුරුදු කරණ ලද අන්‍ය වාද ඇති, තමන්ගේ නුවණින් වැරදි ලබ්ධීන් බිඳින්නෝයයි සිතා සිටින ඇතැම් ගෘහපති පණ්ඩිතයන්ද දකිමි. පින්වත් ශ්‍රමණ ගෞතමයෝ අසුවල් නම් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙන්නෝයයි ඔවුහු අසති. ඔවුහු ප්‍රශ්න සකස් කරති. අපි ශ්‍රමණ ගෞතමයන් වෙත පැමිණ මේ ප්‍රශ්නය අසමු. අප විසින් මෙසේ විචාරන ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හි අපි ඔහුට මෙසේ වාදය නගමු. අප විසින් මෙසේද අසන ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හිත් අපි ඔහුට වාදය නගමු ? ( කියායි. )

´පින්වත් ශ්‍රමණ ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණියේයයි ඔවුහු අසති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්‍ම කථාවෙන් කරුණු දක්වති. කරුණු ගන්වති. උනන්‍දු කරවති. සිත පහදවති. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්‍දු කරවන ලද, සිත පහදවන ලද, ඔවුහු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නද නොම අසති. කොයින් වාද නගත්ද, හුදෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ වෙතින් අවසර ඉල්ලති. ඔවුහු එසේ පැවිදිවූවෝම තනිව අප්‍රමාදව කෙලෙස් නසන වීය්‍ර්‍ය ඇතිව ආත්ම ආශාව දුරුකොට වාසය කරන්නාහු නොබෝ දවසකින්ම, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි මනාකොට පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසන්කොට ඇති ඒ උත්තම අර්‍හත් ඵලය මේ අත්බැව්හිම තෙමේ විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වෙසෙති.

´´ඔවුහු මෙසේ කීහ. ´පින්වත්නි, ඒකාන්තයෙන් අපි නැසුනෝ වෙමු. පින්වත්නි, අපි ඒකාන්තයෙන් වැනසුනෝ වෙමු. පෙර අපි වනාහි අශ්‍රමණ වූවෝම ශ්‍රමණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. අබ්‍රාහ්මණ වූවෝම බ්‍රාහ්මණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. රහත් නුවූවෝම රහත් වෙමුයි ප්‍රකාශ කෙළෙමු. දැන් වනාහි ශ්‍රමණ වෙමු. බ්‍රාහ්මණ වෙමු. රහත් වෙමු. ( කියායි. ) ස්වාමීනි, මේද භාග්‍යවත් තෙම සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් විසින් ධර්‍මය මනාව දෙශිතය. සඞ තෙමේ සුප්‍රතිපන්නයයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල දැනීමක් වෙයි.

13. ´´ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මෙහි සියුම්වූ නුවණ ඇති, පුරුදුකළ අන්‍ය වාද ඇති, තමන්ගේ නුවණින් වැරදි ලබ්ධීන් බිඳින්නෝයයි සිතා සිටින ඇතැම් ශ්‍රමණ පණ්ඩිතයන්ද දකිමි.

´´පින්වත් ශ්‍රමණ ගෞතමයෝ අසුවල් නම් ගමට හෝ නියම් ගමට හෝ පැමිණේය කියා ඔවුහු අසති. ඔවුහු අපි ශ්‍රමණ ගෞතමයන් වෙත පැමිණ මේ ප්‍රශ්ණය අසමු. අප විසින් මෙසේ විචාරණලද්දේ නම් මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හි අපි ඔහුට මෙසේ වාදය නගමු. අප විසින් මෙසේද විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හිත් අපි ඔහුට වාදාරොපනය කරන්නෙමු´´ යි ප්‍රශ්න පිළියෙළ කරති.

´පින්වත් ශ්‍රමණ ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නිගමයට පැමිණියේද කියා ඔවුහු අසති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ යම් තෙනෙක්හිද, එහි පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්‍ම කථාවෙන් කරුණු දක්වයි. කරුණු ගන්වයි. සිත් තියුණු කරවයි. පහදවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, සිත් තියුණු කරන ලද, සිත පහදවන ලද, ඔවුහු භාග්‍යවතුන් වහන්සේ අතින් ප්‍රශ්න නොම අසති. කොයින් වාදාරෝපණය කෙරෙත්ද, හුදෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ අතින්ම අවසර ඉල්ලති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරවත්. ඔවුහු එසේ පැවිදිවූවෝම ගණාවාසයෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් නසන වීය්‍ර්‍ය ඇතිව ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නාහු නොබෝ දවසකින්ම, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි මනාකොට පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසන්කොට ඇති ඒ උත්තම අර්‍හත් ඵලය මේ අත්බැව්හිම කෙමේ විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වෙසෙති.

´´ඔවුහු මෙසේ කියන්නාහුය. ´පින්වත්නි, ඒකාන්තයෙන් අපි නැසුනෝ වෙමු. පින්වත්නි, අපි ඒකාන්තයෙන් වැනසුනෝ වෙමු.

´´පෙර අපි වනාහි අශ්‍රමණ වූවෝම ශ්‍රමණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. අබ්‍රාහ්මණ වූවෝම බ්‍රාහ්මණයෝ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. රහත් නොවූවෝම රහතන් වෙමුයි ප්‍රකාශ කෙළෙමු. දැන් වනාහි ශ්‍රමණ වෙමු. බ්‍රාහ්මණ වෙමු. රහතුන් වෙමුය. කියායි.

´´ස්වාමීනි, මේද භාග්‍යවත් තෙම සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් විසින් ධර්‍මය මනාව වදාරනලදී සඞ තෙමේ සුප්‍රතිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල දැනීමක් විය.

14. ´´ස්වාමීනි, අන් කරුණක්ද කියමි. මේ ඉසිදත්තය, පුරාණය, යන දෙදෙන මාගේ බතින් යැපෙන මාගේ යානාවෙන් ගමන් කරන්නෝ වෙති. ඔවුන්ගේ ජීවිකා වෘත්තිය දුන්නේද, යසසට පැමිණවූයේද, මම ( වෙමි. ) එනමුදු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම්බඳු ආදර භක්තියෙක් වේද මා කෙරෙහි එබඳු ආදර භක්තියෙක් නැත.

´´ස්වාමීනි, මම පෙර දවසත් සේනා සන්නද්ධ වූයේම මේ ඉසිදත්තය, පුරාණය – යන මොවුන් විමසමින් එක්තරා කුඩා ගෙයක විසීමට පැමිණියෙමි. ස්වාමීනි, ඉක්බිති මේ ඉසිදත්ත පුරාණය දෙදෙනා රාත්‍රි බොහෝ වේලාවක් දහම් කතාවෙන් කල්ගෙවා යම් දිශාවෙක භාග්‍යවතුන් වහන්සේ වී නම්, ඒ දිශාවෙහි හිසකොට මා දෙසට පා දමා නිදා ගත්හ. ස්වාමීනි, ඒ කාරණය පිළිබඳව මට මේ අදහස විය. ´පින්වත්නි, ආශ්චය්‍ර්‍යයි, පුදුමයි.´

´´මේ ඉසිදත්ත, පුරාණ, යන දෙදෙන මාගේ බතින් යැපෙන මාගේ යානාවෙන් ගමන් කරන්නෝය. ඔවුන්ගේ ජීවිකා වෘත්තිය දුන්නේද, යසසට පැමිණවූයේද, මම ( වෙමි. ) එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙන් ගෞරව ආදර භක්තියෙක් මා කෙරෙහි නැත. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පෙරවිසූ විශෙෂය දනිති´ යි ( කියාය. )

´´ස්වාමීනි, නැවතද අනිකක් ( කියමි. ) භාග්‍යවතුන් වහන්සේද ක්‍ෂත්‍රිය වෙති. මමද ක්‍ෂත්‍රිය වෙමි. භාග්‍යවතුන් වහන්සේද කොසොල් රට උපන්නෙකි. මමද කොසොල් රට උපන්නෙක් වෙමි. භාග්‍යවතුන් වහන්සේ අසූ වයස් ඇත්තේ වෙයි. මමද අසූවයස් ඇත්තේ වෙමි.

´´ස්වාමීනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේත් ක්‍ෂත්‍රිය වෙත්ද, මමත් ක්‍ෂත්‍රිය වෙම්ද, භාග්‍යවතුන් වහන්සේත් කොසොල් රට උපනෙක් වෙත්ද, මමත් කොසොල් රට උපන්නෙක් වෙම්ද, භාග්‍යවතුන් වහන්සේත් අසූ වයස් ඇත්තේ වෙත්ද, මමත් අසූ වයස් ඇත්තේ වෙම්ද, ස්වාමීනි, මේ කරුණෙන්ද මම භාග්‍යවතුන් වහන්සේට උසස්ම ගෞරවය කිරීමට සිතින් බුහුමන් දක්වන්ට සුදුසු වෙමි.

´´ස්වාමීනි, එසේ නම් දැන් අපි යමු. අපි කටයුතුවූ බොහෝ ඇත්තෙමු. කෘත්‍ය බහුල කොට ඇත්තෝ වෙමු´ යි කීය. ´මහරජ, ඔබ දැන් යමතට කැමති වෙහි නම්, ඊට කාලය වෙයි´ වදාළහ.

15. ඉක්බිති පසේනදි කෙසොල් රජ ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේය.

ඉක්බිති පසේනදි කෙසොල් රජ ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කළහ.

´´මහණෙනි, මේ පසේනදි කොසොල් රජ ධර්‍මයට බොහෝ ගෞරව වචන කියා ආසනයෙන් නැගිට ගියේය. මහණෙනි, ධර්‍මගරුක වචනයන් උගනිව්. මහණෙනි, ධර්‍මගරුක වචනයන් පුරුදු කරව්. මහණෙනි, ධර්‍මගරුක වචනයන් සිත්හි ලා දරව්. මහණෙනි, පූර්‍වභාග ප්‍රතිපත්තියවූ ධර්‍මගරුක වචන අත්‍ර්‍ථයෙන් යුක්ත වෙති´´.

භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ. සතුටු සිත් ඇති භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු වූහ.

ධම්මචේතිය සූත්‍රය නිමි. ( 4 – 9 )

88 බාහිතික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු ගේ ජේතවනාරජමයෙහි වැඩ වෙසෙති. ඒ කාලයෙහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පෙර වරුයෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙණ පිඬු පිණිස සැවැත්නුවරට පැමිණියේය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පිණඩපාතයෙන් වැලක සවස් කාලයෙහි මිගාරමාතු ප්‍රාසාද නම්වූ පූර්‍වාරාමය යම් තෙනකද, එහි දවල් විසීම පිණිස පැමිණියේය.

2. ඒ කාලයෙහි පසේනදි කොසොල් රජ තෙමේ එක පුණ්ඩරීක නම් ඇතුපිට නැග මැදි දවල් සැවැත් නුවරින් පිටත්විය. පසේනදි කොසොල් රජ තෙමේ වඩින්නාවූ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් දුරදීම දිටී. දැක සිරිවඩ්ඪ නම් මහ ඇමතියාට කථාකොට, ´´යහලු සිරිවඩ්ඪයිනි, මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝදැ´´ යි (ඇසී.) ´´මහරජ එසේය. මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝය´´ යි කීය.

ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ අනික් පුරුෂයෙකු කැඳවී. ´´එම්බා පුරුෂය, මෙහි එව. නුඹ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණ මාගේ වචනයෙන් ´ස්වාමීනි, පසේනදි කොසොල් රජ තෙමේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ පාදයන් සිරසින් වඳියි.´ කියා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ පාදයන් සිරසින් වඳුව. මෙසේද කියව.

´´ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට කිසි ඉක්මන් කටයුත්තක් නොවේ නම්, ස්වාමීනි, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට මොහොතක් බලාපොරොත්තුවන සේක්වායිද කියන්නේය´ යනුයි.

´´දෙවයෙනි, එසේය´´ කියා ඒ පුරුෂතෙම පසේනදි කොසොල් රජහට උත්තරදී ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම යම් තෙනක්හිද, එහි පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වැඳ එක් පසෙක්හි සිටියේය. එක් පසෙක සිටි ඒ පුරුෂතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, ´´ස්වාමීන් වහන්ස, පසේනදි කොසොල් රජ තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් පාදයන් සිරසින් වඳියි.

´´මෙසේද කියයි, ´ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට කිසිත් ඉක්මන් කටයුත්තක් නොවෙයි නම්, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට මොහොතක් බලාපොරොත්තුවන සේක්වා, යනුයි.´´ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ තුෂ්ණීම් භාවයෙන් ඉවසූහ.

3. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ ඇතුපිටින් යාමට සුදුසු තැන් දක්වා ඇතුපිටින් ගොස් ඇතු පිටින් බැස පයින්ම, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි පසේනදි කොසොල් රජ තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, ´´ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට කිසි ඉක්මන් කටයුත්තක් නොවේ නම්, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට අචිරවතී ගංතෙර යම් තෙනකද එහි වඩිනු මැනව´´ යි කීය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ තුෂ්ණීම් භාවයෙන් ඉවසී.

4. අනතුරුව ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අචිරවතී ගංතෙර යම් තෙනකද එහි පැමිණ ගසක් මුල පැනවූ අස්නෙහි හිඳගත්හ. එවිට පසේනදි කොසොල් රජ තෙමේ ඇතුපිටින් යාමට සුදුසු තැන් දක්වා ඇතුපිටින් ගොස් ඇතු පිටින් බැස පයින්ම, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ පසේනදි කොසොල් රජ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, ´´ස්වාමීනි, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇතුපිට එලන පලසෙහි හිඳිනා සේක්වා´´ යි (කීයේය.) මහරජ, කම්නැත. ඔබ හිඳිනු මැනවි. මාගේ අස්නෙහි හුන්නේ වෙමි´´ යි (කීහ.) පසේනදි කොසොල් රජ පණවන ලද අස්නෙහි හුන්නේය. හිඳගත් පසේනදි කොසොල් රජ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙසේ කීය.

5. ´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් කීමට සුදුසුවූ යම් කාය සමාචාරයක් (කයේ පැවැත්මක්) වේද, එබඳු කාය සමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ පවත්වන්නේදැ´´ යි ඇසී. ´´මහරජ, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් කීමට සුදුසුවූ යම් කාය සමාචාරයෙක් වේද, එබඳු කාය සමාචාරයක් ඒ භාග්‍යවතුන් වහන්සේ නොපවත්නාහ´´ යි කීය.

´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් යම් වාක් සමාචාරයක් දෝෂාරෝපණයට සුදුසු වේද, එබඳුවූ වාග්සමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ කිම කරන්නේදැ?´´ යි (ඇසීය.) ´´මහරජ, යම් වාක් සමාචාරයක් නුවණ ඇති මහණ බමුණන් විසින් දෝෂාරෝපණය කළ යුත්තේද, එබඳුවූ වාක් සමාචාරයෙක්හි ඒ භාග්‍යවතුන් වහන්සේ නොම හැසිරෙයි.

´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් යම් මනොසමාචාරයක් දෝෂාරෝපණයට සුදුසු වේද, එබඳුවූ මනොසමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ කිම කරන්නේදැ?´´ යි (ඇසීය.) ´´මහරජ, යම් මනොසමාචාරයක් නුවණ ඇති මහණ බමුණන් විසින් දෝෂාරෝපණය කරන ලද්දේද, එබඳුවූ මනොසමාචාරයෙක්හි ඒ භාග්‍යවතුන් වහන්සේ නොම හැසිරෙයි.´´

´´ස්වාමීනි, ආශචයර්‍ෘය, ස්වාමීනි පුදුමයි. ස්වාමීනි යම් වචනයක් ශ්‍රමණයන් යන වචනය හා යොදා සම්පූර්‍ණ කිරීමට අපට නොහැකිවීද? ස්වාමීනි, නුවණැති යන ඒ වචනය ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් විසින් ප්‍රශ්න විසඳීමේදී සම්පූර්‍ණ කරණ ලදී.

6. ස්වාමීනි යම් අදක්‍ෂ නුවණැති කෙනෙක් නුවණින් නොවිමසා තීරණයකට නොබැස අනුන්ගේ ගුණ හෝ අගුණ කියද්ද? අපි ඒ කීම සාර වශයෙන් නොපිළිගනිමු. ස්වාමීනි, පණ්ඩිවූ, දක්‍ෂවූ, නුවණැති යම් ඒ කෙනෙක් නුවණින් විමසා තීරණයට බැස අනුන්ගේ ගුණ හෝ අගුණ හෝ කියද්ද? ඒ කීම අපි සාර වශයෙන් පිළිගණිමු.

´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයෙනි, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නැගිය යුතු කාය සමාචාරය (කය පිළිබඳ පැවැත්ම) කවරේද?´´ ´´මහරජ යම් කායික පැවැත්මක් අකුසල් නම් එයයි.´´ ´´ස්වාමීනි, කිනම් කායික පැවැත්මක් අකුසල්ද?´´ ´´ මහරජ යම් කායික පැවැත්මක් වරද සහිත නම් එයයි.´´ ´´ස්වාමීනි, වරද සහිත කායික පැවැත්ම නම් කවරේද?´´ ´´ මහරජ යම් ඒ කායික පැවැත්මක් දුක් සහිත නම් එයයි.´´ ´´ ස්වාමීනි, දුක් සහිත කායික පැවැත්ම නම් කවරේද?´´ ´´ මහරජ යම් කායික පැවැත්මක් දුක් වූ විපාක ඇත්නම් එයයි.´´ ´´ ස්වාමීනි, දුක් විපාක ඇති කායික පැවැත්ම නම් කවරේද?´´

´´ මහරජ යම් කයේ පැවැත්මක් වනාහි තමා පෙළීම පිණිසත් පවතීද, අනුන් පෙළීම පිණිසත් පවතීද, තමා අනුන් යන දෙදෙනම පෙළීම පිණිසත් පවතීද, ඔහුගේ අකුශල ධර්‍මයෝ වැඩෙති. කුශල ධර්‍ම පිරිහෙති. මහරජ, මෙබඳු කායික පැවැත්ම වනාහි නුවණැති මහණ බමුණන් විසින් දොස් නැගිය යුත්තේ වෙයි.´´

7. ´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයෙනි, නුවණැති මහණ බමුණන් විසින් දොස් කිය යුතු වාග් සමාචාරය (වචනයේ පැවැත්ම) කවරේද?´´ ´´මහරජ යම් වාග් සමාචාරයක් අකුසල්ද එයයි.´´ ´´ස්වාමීනි, අකුසල් වාග් සමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් වාග් සමාචාරයක් වරද සහිත නම් එයයි.´´ ´´ස්වාමීනි, වරද සහිත වාග් සමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් වාග් සමාචාරයක් දුක් සහිතද එයයි.´´ ´´ ස්වාමීනි, දුක් සහිත වාග් සමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් වාග් සමාචාරයක් දුක් විපාක ඇත්තේද එයයි.´´ ´´ ස්වාමීනි, දුක් විපාක ඇත වාග් සමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් වාග් සමාචාරය වනාහි තමා පෙළීම පිණිසත් පවතීද, අනුන් පෙළීම පිණිසත් පවතීද, තමා හා අනුන් යන දෙපසම පෙළීම පිණිසත් පවතීද, ඒ දුක් විපාක ඇති වාග් සමාචාරය ඇත්තාහට අකුශල ධර්‍ම් වැඩෙති. කුශල ධර්‍ම පිරිහෙති. මහරජ, මෙබඳු වාග් සමාචාරය වනාහි නුවණැති මහණ බමුණන් විසින් දොස් නගන ලද්දේ වෙයි.´´

8. ´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නැගිය යුතු මනොසමාචාරය (සිතේ පැවැත්ම) කවරේද?´´ ´´මහරජ යම් ඒ මානසික පැවැත්මක් අකුසල් නම් එයයි.´´ ´´ස්වාමීනි, අකුසල් මනොසමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් ඒ මානසික පැවැත්මක් වරද සහිත නම් එයයි.´´

´´ස්වාමීනි, වරද සහිත මනොසමාචාරය (සිතේ පැවැත්ම) කවරේද?´´ ´´ මහරජ යම් මනොසමාචාරයක් දුක් සහිත නම් එයයි.´´ ´´ ස්වාමීනි, දුක් සහිතවූ මනොසමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් මනොසමාචාරයක් දුක් විපාක ඇත්තේ නම් එයයි.´´ ´´ ස්වාමීනි, දුක් විපාක ඇති මනොසමාචාරය කවරේද?´´

´´ මහරජ යම් මනොසමාචාරයක් තමා පෙළීම පිණිස පවතීද, අනුන් පෙළීම පිණිස පවතීද, තමාත් අනුනුත් පෙළීම පිණිස පවතීද, ඒ මනොසමාචාරයෙන් යුක්තවුවහුට අකුශල ධමයෝ වැඩෙති. කුශල ධර්‍මයෝ පිරිහෙති. මහරජ, මෙබඳු මනොසමාචාරය නුවණැති මහණ බමුණන් විසින් දොස් කීමට සුදුසු වෙයි.´´

9.´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයෙනි, කිමෙක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ, සියලුම අකුශල ධර්‍මයන්ගේ පහකිරීම වර්‍ණනා කෙරේදැ´´ යි (ඇසී.) ´´මහරජ, තථාගතයන් වහන්සේ සියලු අකුශල ධර්‍මයන් පහකළ කෙනෙක. සියලු කුශල ධර්‍මයන්ගේ යුක්තවූ කෙනෙක.

´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයෙනි , නුවණැති මහණ බමුණන් විසින් දොස් නොකිය යුතු කායසමාචාරය කවරේද?´´ ´´මහරජ යම් කායසමාචාරයක් කුසල් නම් එයයි.´´ ´´ස්වාමීනි, කුශල්වූ කායසමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් කායසමාචාරයක් වරද නොවේ නම් එයයි.´´ ´´´´ස්වාමීනි, වරද නැති කායසමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් කායසමාචාරයක් දුක් රහිත නම් එයයි.´´ ´´ ස්වාමීනි, දුක් නැති කායසමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් කායසමාචාරයක් සැප විපාක ඇත්තේ නම් එයයි.´´ ´´ ස්වාමීනි, සැප විපාක ඇති කායසමාචාරය කවරේද?´´

´´ මහරජ යම් ඒ කායසමාචාරයක් තමා පෙළීම පිණිසත් නොපවතීද, අනුන් පෙළීම පිණිසත් නොපවතීද, තමාත් අනුනුත් පෙළීම පිණිසත් නොපවතීද, ඔහුගේ අකුශල ධර්‍ම පිරිහෙති. කුශල ධර්‍ම වැඩෙති. මහරජ, මෙබඳු කායසමාචාරය වනාහි නැණවත් මහණ බමුණන් විසින් දොස් නොකිය යුත්තේ වෙයි.´´

10 ´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයෙනි , නුවණැති මහණ බමුණන් විසින් දොස් නොකිය යුතු වාග්සමාචාරය කවරේද?´´ ´´මහරජ යම් වාග්සමාචාරයක් කුසල්ද එයයි.´´ ´´ස්වාමීනි, කුශල වාග්සමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් වාග්සමාචාරයක් වරද රහිත නම් එයයි.´´ ´´´´ස්වාමීනි, වරද රහිත වාග්සමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් වාග්සමාචාරයක් දුක් රහිතද එයයි.´´ ´´ ස්වාමීනි, දුක් රහිත වාග්සමාචාරය කවරේද?´´ ´´මහරජ යම් වාග්සමාචාරයක් සැප විපාක ඇත්තේද එයයි.´´ ´´ ස්වාමීනි, සැප විපාක ඇති වාග්සමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් වාග්සමාචාරයක් තමා පෙළීම පිණිස නොපවතීද, අනුන් පෙළීම පිණිසත් නොපවතීද, තමා හා අනුන් යන දෙපසම පෙළීම පිණිසත් නොපවතීද, ඒ සැප විපාක ඇති වාග්සමාචාරය ඇත්තාහට කුශල ධර්‍මයෝ වැඩෙති. අකුශල ධමයෝ පිරිහෙති. මහරජ, මෙබඳු වාග්සමාචාරය වනාහි නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නොකිය යුත්තේ වෙයි.´´

11.´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නොකිය යුතු මනොසමාචාරය කවරේදැ´´ යි (ඇසී.)

´´මහරජ යම් මනොසමාචාරයක් කුශල් නම් එයයි.´´ ´´ස්වාමීනි, කුශල මනොසමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් මනොසමාචාරයක් නිවරද නම් එයයි.´´ ´´´´ස්වාමීනි, නිවරද මනොසමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් මනොසමාචාරයක් දුක් රහිත නම් එයයි.´´ ´´ ස්වාමීනි, දුක් රහිත මනොසමාචාරය කවරේද?´´ ´´ මහරජ යම් මනොසමාචාරයක් සැප විපාක ඇත්තේ නම් එයයි.´´ ´´ ස්වාමීනි, සැප විපාක ඇති මනොසමාචාරය කවරේද?´´

´´ මහරජ යම් ඒ මනොසමාචාරයක් තමා පෙළීම පිණිසද නොපවතී නම්, අනුන් පෙළීම පිණිසද නොපවතීනම්, තමාත් අනුනුත් පෙළීම පිණිසද නොපවතීනම්, ඒ පුද්ගලයාගේ අකුශල ධර්‍මයෝ පිරිහෙති. කුශල ධර්‍මයෝ වැඩෙති. මහරජ, මෙබඳු මනොසමාචාරය වනාහි නුවණැති මහණ බමුණන් විසින් දෝෂාරෝපණය නොකළ යුත්තේ වෙයි.´´

12. ´´කිමෙක්ද ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ සියලුම කුශල ධර්‍මයන්ගේ වැඩීම වර්‍ණනා කෙරෛ්ද?´´ ´´මහරජ, තථාගතයන් වහන්දේ සියලු අකුශල ධර්‍ම ප්‍රහීණ කෙළේ කුශල ධර්‍මයන්ගෙන් යුක්තවූය´´ යි කීය.

´´ස්වාමීනි, ආශචය්‍ර්‍යයි, ස්වාමීනි, පුදුමයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් විසින් මේ කාරණය කොතරම් යහපත්ව කියන ලද්දේද යත්, ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන්ගේ මේ යහපත් කීමෙන් අපි සතුට ප්‍රකාශ කරන්නෝ වෙමු. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගේ යහපත් කීමෙන් අපි මෙසේ සතුට ප්‍රකාශ කරන්නෝ වෙමු.

13. ඉදින් වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේහට හස්ති රත්නයක් කැපවන්නේ නම්, අපි හස්ති රත්නයකුදු ආනන්‍ද ස්ථවිරයන් වහන්සේහට දෙන්නෙමු. ඉදින් ස්වාමීනි, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේහට අශ්ව රත්නයක් කැපවන්නේ නම්, අපි අශ්ව රත්නයකුදු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට දෙන්නෙමු. ඉදින් ස්වාමීනි, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේහට ගම්වරක් කැපවන්නේ නම්, අපි ගම්වරකුදු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේහට දෙන්නෙමු.

´´ස්වාමීනි, එසේ නමුදු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේහට මේ අකැපය කියා අපිම ඒ කාරණය දනිමු.

´´ස්වාමීනි, දිගින් සොළොස් රියනක්ද, පළලින් අට රියනක්ද, වූ බාහිත රටෙහි උපන් මේ වස්ත්‍රය වෙදෙහි පුත් මගධරට අජාසත් රජ විසින් මට දෙන ලද්දකි.

´´ඒ වස්ත්‍රය ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට පිළිගන්නා සේක්වා´´ යි කීය. ´´මහරජ, කම් නැත. මාගේ තුන් සිවුර සම්පූර්‍ණය´´ යි කීය.

´´ස්වාමීනි, මේ අචිරවවතී ගඞ්ගාව ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින්ද දක්නා ලද්දීය. යම් දවසක පර්‍වත මුදුනෙහි මහා වැස්ස මොනවට වසීද, එවිට මේ අචිරවතී නදිය දෙපස ඉවුරු මනාව උතුරවන්නී ගලා බසියි.

´´ස්වාමීනි, එමෙන්ම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මේ බාහිත රටෙහි උපන් වස්ත්‍රයෙන් තමාට තුන් සිවුරක් කරන්නේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගේ යම් පලමු තුන් සිවුරක් වේද, එය සබ්‍රම්සරුන් අතර බෙදන්නෝය. එසේ කල අපගේ මේ දානය උතුරා ගලායන්නේයයි සිතමි. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් බාහිත රටෙහි වූ වස්ත්‍රය පිළිගන්නා සේක්වා.´´ යි කීය.

14. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ බාහිත රට උපන් වස්ත්‍රය පිළිගත්හ. ඉක්බිති පසේනදි කොසොල් රජතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.

´´ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයෙනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ කටයුතු ඇති කටයුතු බහුලවූවෝ වෙමු´´ යි කීය. ´´මහරජ, ඔබ දැන් යමක් සිතයි නම් ඊට කාලයයි.´´ (කීහ.)

ඉක්බිති පසේනදි කොසොල් රජ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වැඳ පැදකුණුකොට පිටත්ව ගියේය.

15. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පසේනදි කොසොල් රජ පිටත්ව ගිය නොබෝ කල් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනතද, එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හිඳ ගත්හ. එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පසේනදි කොසොල් රජු සමග යම් පමණ කථාවක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේහට දැන්වී. ඒ බාහිත රට වස්ත්‍රයද භාග්‍යවතුන් වහන්සේහට පිදීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට කථාකොට ´´මහණෙනි, මේ පසේනදි කොසොල් රජු විසින් ආනන්‍දයන්ගේ දැකීම ආනන්‍දයන්ගේ අගය පසේනදි කොසොල් රජහට ලාභයෙක. පසේනදි කොසොල් රජහට මහත් ලාභයෙකැ´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.

බාහිතික සූත්‍රය නිමි. (4 – 8 )

87. පිය ජාතික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල එක් ගෘහපතියෙකුගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍ර තෙම කළුරිය කෙළේ වෙයි.

පුත්‍රයාගේ මරණයෙන් ඒ ගෘහපතියාට කර්‍මාන්ත රුචි නොවෙත්. ආහාරයද රුචි නොවෙයි. හෙතෙම සොහොණට ගොස්, ´එකම පුත්‍රය, ඔබ කොහිද, එකම පුත්‍රය, ඔබ කොහිදැ´ යි කියමින් විලාප කියති.

2. ඉක්බිති ඒ ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නේය. එසේ උන් ඒ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

´´ගෘහපතිය, නුඹගේ ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘති ස්වභාවය නුඹගේ ඉන්ද්‍රියයන්ගේ වෙනස් බවක් ඇතැ´´ යි වදාළේය.

´´ස්වාමීන් වහන්ස, මාගේ ඉන්ද්‍රියයන්ගේ වෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද? ස්වාමීන් වහන්ස, මාගේ ප්‍රියවූ, මනාපවූ, එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් පසු මේ කර්‍මාන්තයද රුචි නොවෙති ආහාරයද රුචි නැත. ඒ මම සොහොණට ගොස්, ´එකම පුත්‍රය, ඔබ කොහිද, එකම පුත්‍රය, ඔබ කොහිදැ´ යි කියමින් අඬමි´´ යි කීය.

´´ගෘහපතිය, ඒ එසේමය, ගෘහපතිය, ශෝකය, වැළපීම, දුකය, දොම්නසය, බලවත් වෙහෙසය, යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදිනාහුය.´´

´´ස්වාමීනි, ශෝකය, වැළපීම, දුක, දොම්නස, දැඩි වෙහෙස, යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපන්නේය. යන මේ කාරණය කෙසේ නම් වන්නේද? ස්වාමීනි, ප්‍රිය දෙයින් සතුට හා සොම්නස හටගන්නේය, උපදනාහුය´´ යි කියා ඒ ගෘහපති කෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට නොසතුටුව ප්‍රතික්‍ෂෙප කොට ආසනයෙන් නැගිට ගියේය.

3. එකල්හි බොහෝ දාදු කෙළින්නෝ භාග්‍යවතුන් වහන්සේට සමීප තැනක දාදු කෙළිති. එවිට ඒ ගෘහපතිතෙම ඒ දාදු කෙළින්නෝ යම් තෙනකද එහි පැමිණ දාදු කෙළින්නන්ට මෙසේ කීය.

´´පින්වතුනි, මෙහි මම ශ්‍රමණ ගෞතම කෙම යම් තෙනකද එහි ගියෙමි. ගොස් ශ්‍රමණ ගෞතමයන් වැඳ එකත් පසෙක හුනිමි. පින්වතුනි, ඒ පසෙක උන් මට ශ්‍රමණ ගෞතම කෙම මෙසේ කීය.

´´ගෘහපතිය, නුඹගේ ඉන්ද්‍රියයෝ පැහැදිලි නැත. නුඹගේ ඉන්ද්‍රියයන්ගේ වෙනස් බවක් ඇතැයි´´ කීය. ´´පින්වතුනි, මෙසේ කී කල්හි මම ශ්‍රමණ ගෞතමයන්ට, මෙසේ ´´ස්වාමීනි, මාගේ ඉන්ද්‍රිය වෙනස් බවෙක් කෙසේනම් නොවන්නේද? ස්වාමීනි, මාගේ ප්‍රිය මනාප එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් මට කර්‍මාන්තද රුචි නොවෙති. ආහාරද රුචි නැත. ඒ මම සොහොණට ගොස්, ´එකම පුත්‍රය, ඔබ කොහිද? එකම පුත්‍රය, ඔබ කොහිද, කියමින් හඬමි´´ යි කීයෙමි.

එසේ කී කල්හි, ´´ගෘහපතිය, ඒ එසේමය, ගෘහපතිය, ඒ එසේමය, ගෘහපතිය, සෝකය, හැඬීමය, දුකය, දොම්නසය, දැඩි වෙහෙසය යන මොහු ප්‍රිය දෙයින් උපදනාහු වෙති. ප්‍රිය දෙයින් හටගන්නාහු වෙති.´´ කීය. ´´ස්වාමීනි, සෝකය, හැඬීමය, දුකය, දොම්නසය, යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් හටගතන්නාහුය යන මේ කාරණය කෙසේ වන්නේද?

´ස්වාමීනි, ප්‍රිය දෙයින් සතුට හා සොම්නස හටගන්නාහුය, උපදනාහුය´ යි කියා මම ශ්‍රමණ ගෞතමයන්ගේ කීමට සතුටු නොවී ප්‍රතික්‍ෂෙපකොට හුන් ආසනයෙන් නැගිට ගියෙමි´´ යි කීය.

´´ගෘහපතිය, ඒ කාරණය එසේමය, ගෘහපතිය, ඒ කාරණය එසේමය, ගෘහපතිය, සතුට හා සොම්නස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය.´´ යි (ඔවුහු කීහ.)

4. ඉක්බිති ඒ ගෘහපති කෙමේ මාගේ අදහස දාදු කෙළින්නන් හා සමවෙයි කියා ගියේය.

ඉක්බිති මේ කථාව පිළිවෙළින් රජුගේ මාලිගාවට පැමිණියාය. ඉත්බිති පසේනදි කොසොල් රජකෙමේ මල්ලිකා දේවිය කැඳවී. ´´මල්ලිකාවෙනි, සොකය, හැඬීමය, දුකය, දොම්නසය යන මොහු ප්‍රියදේ නිසා උපදනාහුය. ප්‍රියදේ නිසා හටගන්නාහුයයි තොපගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් කියන ලදී.´´

´´ඉදින් මහරජතුමනි, ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද නම් එය එසේය´´ යි (කීවාය.)

´´මේ මල්ලිකාව ගෞතමයන් වහන්සේ යමක් යමක් කියයි නම්, ´ මහරජතුමනි, ඉදින් ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක් නම් ඒ එසේම වෙයි´ කියමින් ඒ එසේම පිළිගනියි.

´´යම්සේ ගුරුවරයෙක් ගෝලයාට යමක් කියයි නම්, ´ආචාය්‍ර්‍යයන් වහන්ස, එය එසේය´ යි ගෝලයා පිළිගනියි.

´´එමෙන් මල්ලිකාවෙනි, නුඹද එලෙසම ශ්‍රමණ ගෞතම තෙමේ යමක් කියයි නම්, ´ඉදින් මහරජ´ ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළේ නම් ඒ එසේම වන්නේය´ කියා පිළිගන්නෙහිය. මල්ලිකාවෙනි, මෙතනින් ඉවත්ව යවයි කීය.

5. ඉක්බිති මල්ලිකා දේවිය, නාලිජඞ් නම් බමුණා කැඳවී. ´´බ්‍රාහ්මණය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා මුදුනෙන් වඳව. ආබාධ නැතිබව, රෝග නැති බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, සුඛ විහරණය විචාරව. ´ස්වාමීන් වහන්ස, මල්ලිකා දේවී තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ පා මුදුනෙන් වඳීයි. පීඩා නැති බව, ලෙඩ නැති බව, කය පිළිබඳ සැහැල්ලුකම, කය පිළිබඳ ශක්තිය, සැප විහරණය අසායයි´ කියව.

´´මෙසේද කියව. ´ස්වාමීන් වහන්ස, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මේවා ප්‍රිය දේ නිසා හටගන්නාහුයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද? කියාය. භාග්‍යවතුන් වහන්සේ නුඹට යම්සේ ප්‍රකාශ කෙරේද, ඒ එසේම යහපත්ව උගෙණ මට කියව. තථාගතයන් වහන්නේ බොරු නොකියත්ය´´ යි කීහ.

´´එසේය කියා නාලිජඞ් බ්‍රාහ්මණතෙම මල්ලිකා දේවියට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතු සිහි කටයුතු කථාව අවසන්ව, එක් පසෙක උන්නේය. එක් පසෙක හුන් නාලිජඞ් බ්‍රාහ්මණකෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

´´භවත් ගෞතමයන් වහන්ස, මල්ලිකා දේවීතොමෝ පින්වත් ගෞතමයන් වහන්සේගේ පා මුදුනෙන් වඳීයි. ආබාධ නැතිකම, රෝග නැතිකම, කයේ සැහැල්ලු බව, කාය බලය, පහසු විහරනය අසයි. මෙසේද කියයි. ´ස්වාමීනි, සොක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය, ප්‍රිය දෙයින් හටගන්නාහුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේදැ´ යි ඇසී.

6.´´බ්‍රාහ්මණය, ඒ එසේමය. බ්‍රාහ්මණය, එසේමය. බ්‍රාහ්මණය, ශොක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය, ප්‍රිය දෙයින් හටගන්නාහු වෙති. බ්‍රාහ්මණය, සොක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ක්‍රමයෙන්ද දත යුතුය. කෙසේද? පෙර දවස බ්‍රාහ්මණය, මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියකගේ මව් කළුරිය කළාය. මවගේ මරණයෙන් උමතුවූ, සිත පෙරළුණු ඒ ස්ත්‍රී කොමෝ වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ මෙසේ කියයි. ´´මාගේ මව් දුටුවාහුද? මාගේ මව් දුටුවාහුද?´ යනුයි.

´´බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්ඛ, දොම්නස්ස, උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතු. කෙසේද? පෙර දවස බ්‍රාහ්මණය, මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියකගේ පියතෙම මැරිණි. ඒ පියාගේ මරණින් උමතුවූ, සිත පෙරළුණු ඒ ස්ත්‍රීය වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ ´´මාගේ පියා දුටුවාහුද? මාගේ පියා දුටුවාහුදැ´ යි කියයි.

´´බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියකගේ සොහොයුරා මළේය. ඒ සොහොයුරාගේ මරණින් උමතුවූ, සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ ´´මාගේ සොහොයුරා දුටුවාහුද? මාගේ සොහොයුරා දුටුවාහුදැ´ යි කියයි.

´´බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියකගේ සොහොයුරිය මළහ. ඒ සොහොයුරියගේ මරණින් උමතුවූ, සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ ´´මාගේ සොහොයුරිය දුටුවාහුද? මගේ සොහොයුරිය දුටුවාහුදැ´ යි කියයි.

´´බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුයි. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියකගේ පුත්‍රයා මළේය. ඒ පුත්‍රයාගේ මරණින් උමතුවූ, සිත පෙරළුණ ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ ´´මාගේ පුත්‍රයා දුටුවාහුද? මාගේ පුත්‍රයා දුටුවාහුදැ´ යි කියයි.

´´බ්‍රාහ්මණය, ශොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුයි. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියකගේ දුවක් මළහ ඒ දුවගේ මරණින් උමතුවූ, සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ ´´මාගේ දුව දුටුවාහුද? මාගේ දුව දුටුවාහුදැ´ යි කියයි.

´´බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදින්නාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුයි. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියකගේ හිමියා මළේය. ඔහුගේ මරණයෙන් උමතුවූ, සිත පෙරළුණ ඕ කොමෝ වීථියෙන් වීථිය හන්දියෙන් හන්දිය වෙත පැමිණ මෙසේ කියයි. ´´මාගේ හිමියා දුටුවාහුද? මාගේ හිමියා දුටුවාහුදැ´ යි කියාය.

7. ´´බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුක්ඛය, දොමනස්සය, උපායාසය යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදින්නාහුය, යන මේ කාරණය මේ ක්‍රමයෙන්ද දත යුතුවෙයි. කෙසේද?

´´ බ්‍රාහ්මණය, පෙර කලෙක මේ සැවැත්නුවරෙහිම එක්තරා පුරුෂයෙකුගේ මවු මිය ගියාය. ඇගේ මරණයෙන් උමතුව, සිත පෙරලුණ ඒ පුරුෂකෙම වීථියෙන් වීථිය හන්දියෙන් හන්දිය වෙත පැමිණ මෙසේ කීය ´´මාගේ මෑනියන් දුටුවාහුද? මාගේ මෑණියන් දුටුවාහුදැ´ යි (කියාය.)

´´බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මේවා ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, යනු මේ ක්‍රමයෙන්ද දත යුතුය.

´´ බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරෙහිම එක්තරා පුරුෂයෙකුගේ පියා මළේය. ඒ පියාගේ මරණින් උමතුවූ, සිත පෙරළුණු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ ´´මාගේ පියා දුටුවාහුද? මාගේ පියා දුටුවාහුදැ´ යි කියයි.

´´බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ සහෝදරයා මළේය. ඒ් සහෝදරයාගේ මරණින් උමතුවූ, සිත පෙරළුණු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ ´´මාගේ සහෝදරයා දුටුවාහුද? මාගේ සහෝදරයා දුටුවාහුදැ?´ යි කියයි.

´´බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුයි. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ සහෝදරිය මළාය. ඒ් සහෝදරියගේ මරණයෙන් උමතුවූ, සිත පෙරළුණ ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ ´´මාගේ සහෝදරිය Èටුවාහුද? මාගේ සහෝදරිය දුටුවාහුදැ?´ යි කියයි.

´´බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුයි. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ පුතා මළේය. ඒ් පුතාගේ මරණයෙන් උමතුවූ, සිත පෙරළුණ ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ ´´මගේ පුතා දුටුවාහුද? මගේ පුතා දුටුවාහුදැ?´ යි කියයි.

´´බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදින්නාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුයි. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ දුව මළාය. ඒ් දුවගේ මරණයෙන් උමතුවූ, සිත පෙරළුණු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසත්‍ධියෙන් මංසත්‍ධියට පැමිණ ´´මගේ දුව දුටුවාහුද? මගේ දුව දුටුවාහුදැ?´ යි කියයි.

´´බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදින්නාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුයි. බ්‍රාහ්මණය, පෙර මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ භාය්‍ර්‍යාව මළාය. ඇගේ මරණයෙන් උමතුවූ, පෙරළුණ සිත් ඇති ඒ පුරුෂතෙම වීථියෙන් වීථිය සත්‍ධියෙන් සත්‍ධිය කරා ගොස් මෙසේ කියයි. ´´මාගේ භාය්‍ර්‍යාව දුටුවාහුද? මාගේ භාය්‍ර්‍යාව දුටුවාහුද?´ කියාය.

´´බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදින්නාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. කෙසේද?

8.´´බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියාවක් නෑගෙට ගියාය. ඇගේ නෑයෝ ඇය හිමියාගෙන් වෙන්කොට අනිකෙක්හට දෙනු කැමැත්තෝය. ඇයද ඒ පුරුෂයාට කැමති නොවීය. ඉක්බිත් ඕතොමෝ (සිය) හිමියාට, ´´ස්වාමිපුත්‍රය, මේ නෑයෝ මා ඔබගෙන් වෙන්කොට අනිකෙක්හට දෙනු කැමැත්තෝය. මමද ඔබට කැමති නොවෙමි´´ යි කීවාය. ඉක්බිති ඒ පුරුෂතෙම ඒ ස්ත්‍රිය දෙපලුකොට තමාගේද බඩ පලාගෙන දෙදෙන පරලොවදී එක්වෙමු යයි මළේය. බ්‍රාහ්මණය, මේ කාරණයෙන්ද, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය, යන බව දත යුතුය´´ යි වදාළේය.

9.´´ඉක්බිති නාලිජඞ් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට මල්ලිකා දේවී යම් තැනකද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග යම් පමණ කථාවක් වීද, ඒ සියල්ල මල්ලිකා දේවියට දැන්වී.

ඉක්බිති මල්ලිකා දේවී, පසේනදි කොසොල් රජතෙම යම් තැනකද, එහි පැමිණ, පසේනදි කොසොල් රජහට මෙසේ කීය. ´´මහරජ, ඔබ කුමකැයි සිතන්නෙහිද? ඔබට වජිරී කුමාරිකාව ප්‍රියදැ´´ යි ඇසී.

´´මල්ලිකාවෙනි, එසේය. වජිරී කුමාරිකාව මට ප්‍රියය´´ යි කීය. ´´මහරජ තුමනි, ඒ ඔබ කුමකැයි සිතන්නෙහිද? වජිරී කුමරියගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ ඔබට ශෝකය, පරිදේවය, දුකය දොම්නසය යන මේවා උපදින්නාහුදැ´´ යි ඇසී.

´´මල්ලිකාවෙනි,වජිරී කුමරියගේ මරණයෙන් හෝ පලායාමෙන් මාගේ ජීවිතය පවා වෙනස්වන්නේය. කෙසේ නම් සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස යන මොහු නූපදින්නාහුදැ´´ යි (ඇසී.)

´´මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.

´´මහරජාණෙනි, කුමක් සිතන්නෙහිද? ඔබට වාසභඛත්තියාව ප්‍රියදැ´´ යි (ඇසී.) ´´මල්ලිකාවෙනි, එසේය. වාසභඛත්තියා මට ප්‍රියය´´ යි කීය.

10. ´´මහරජුනි, ඒ කුමක් සිතන්නෙහිද? වාසභඛත්තියාවගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ ඔබට සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස යන මොහු උපදින්නාහුදැ´´ යි (ඇසී.)

´´මල්ලිකාවෙනි, වාසභඛත්තියාවගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස්වෙයි සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස උපායාස යන මොහු කෙසේ නම් නූපදින්නාහුද?´´

´´මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්‍හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.

11. ´´මහරජතුමනි, ඔබ කුමක් සිතන්නෙහිද? වීඩුඩභ සේනාපතිතෙම ඔබට ප්‍රියවේද´´ ´´මල්ලිකාවෙනි, එසේය. වීඩුඩභ සේනාපති මට ප්‍රියය´´ යි කීය. ´´මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද? වීඩුඩභ සේන්පතිගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ ශෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස යන මේවා ඔබට උපදින්නාහුද´´

´´මල්ලිකාවෙනි, වීඩුඩභ සේනාපතිගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස්වෙයි ශෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස යන මොවුහු කෙසේ නම් නූපදින්නාහුද?´´

´´සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්‍හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.

12. ´´මහරජතුමනි, ඒ කුමක් සිතන්නෙහිද? ඔබට මා ප්‍රියද?´´ ´´මල්ලිකාවෙනි, එසේය. මට නුඹ ප්‍රියවෙහිය´´ ´´මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද? මාගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ ඔබට ශෝකය, පරිදේවය, දුක්ඛය, දොමනස්සය යන මොවුහු උපදින්නාහුද?´´ ´´මල්ලිකාවෙනි, නුඹගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස්වෙයි සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස යන මොවුහු මට කිම නූපදින්නාහුද?´´

´´මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.

13.´´මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද? කසී, කොසොල් දෙරට ඔබට ප්‍රිය වේද?´´ ´´මල්ලිකාවෙනි, එසේය. කසී, කොසොල් දෙරට මට ප්‍රියය´´ යි කීය.

´´මල්ලිකාවෙනි, කසී, කොසොල් දෙරටෙහි ආනුභාවයෙන් කසී, කොසොල් දෙරටෙහිවූ කාසික චන්‍දන නම්වූ සඳුන් භාවිතා කරමු. මල්ගඳ විලවුන් දරමු´´ යි කීය.

´´මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද? කසී, කොසොල් දෙරට අත්හැරීමෙන් හෝ සතුරන්ට අත්වීමෙන් ඔබට ශෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, යන මොවුහු උපදින්නාහුද?´´

´´මල්ලිකාවෙනි, කසී, කොසොල් දෙරට අත්හැරීමෙන් හෝ සතුරන්ට අත්වීමෙන් හෝ මාගේ ජීවිතය පණ වෙනස්වෙයි. ශෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, යන මොවුහු කිම නූපදින්නාහුද?´´

´´මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් ශෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සදුහා වදාරණ ලදැ´´ යි කීය.

14. ´´මල්ලිකාවෙනි, ආශ්චය්‍ර්‍යයි. මල්ලිකාවෙනි පුදුමයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් (දතයුතු) යම් පමණද (ඒ සියල්ල) අතිශයින් අවබෝධ කොට දක්නාහුයයි සිතමි. මල්ලිකාවෙනි මෙහි එව. අත් පා සෝදන ජලය ගෙනෙව´ යි කීය.´´

ඉක්බිති පසේනදි කොසොල් රජ තෙම උන් ආසනයෙන් නැගිට උතුරු සළුව එක් අංශයෙක්හි කොට භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවෙක්හිද ඒ දිශාවට දොහොත් මුඳුන් දී නමස්කාරකොට ´ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා´´ යි තුන්වරක් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කෙළේය.

සත්වැනිවූ පියජාතික සූත්‍රය නිමි. (4 – 7)

86. අංගුලිමාල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම්වූ අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.

එකල්හි වනාහි පසේනදි කොසොල් රජහුගේ ජනපදයෙහි රෞද්‍රවූ, ලේ තැවරුණු අත් ඇත්තාවූ, නැසීමෙහි වැනසීමෙහි යෙදුනාවූ, ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැතිබවට පැමිණියාවූ අඞ්ගුලිමාල නම් සොරෙක් වේ. ඔහු විසින් ගම් නොගම් කරණ ලද්දාහුය. නියම් ගම් අනියම් ගම් කරණ ලද්දාහුය. ජනපද අජනපද කරණ ලද්දාහුය. හෙතෙම මිනිසුන් මර මරා අඞ්ගුලීන් සම්බන්‍ධ මාලාවක් (ඇඟිලි මාලාවක්) දරයි.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩියහ. සැවැත් නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ සේනාසනය තැන්පත්කොට තබා පාත්‍රා සිවුරු ගෙන අඞ්ගුලිමාල සොරා යම් තැනෙක්හිද, එතැනට වැඩීම පිණිස දර්‍ී මාර්‍ගයෙහි වැඩියහ. ගව පාලයෝද, සිව්පා සතුන් පාලයෝද, ගොවියෝද, මාර්‍ගයෙහි ගමන් කරන්නෝද, අඞ්ගුලිමාල සොරා යම් තැනෙක්හිද, එතැනට පැමිණෙන දර්‍ී මාර්‍ගයෙහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක භාග්‍යවතුන් වහන්සේට, ´´ශ්‍රමණයන් වහන්ස, මේ මාර්‍ගයෙහි නොගිය මැනව. ශ්‍රමණයන් වහන්ස, මේ මාර්‍ගයෙහි රෞද්‍රවූ, ලේ තැවරුණු අත් ඇති, නැසීමෙහි වැනසීමෙහි යෙදුනාවූ, ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැතිබවට පැමිණියාවූ අඞ්ගුලිමාල නම් සොරෙක් වේ. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලිවලින් මාලාවක් කොට දරයි. ශ්‍රමණයන් වහන්ස, මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතලිස් දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, රන්චු රන්චු ගැසී ගමන් කරත්. ඔවුහුද අඞ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට යෙත්ය´ යි කීවාහුය. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.

3. දෙවනුවද ගෝපාලයෝද, සිව්පා පාලයෝද, ගොවියෝද, මග යන්නෝද, භාග්‍යවතුන් වහන්සේට, ´ශ්‍රමණයන් වහන්ස, මේ මග නොයනු මැනව. ශ්‍රමණයන් වහන්ස, මේ මාර්‍ගයෙහි රෞද්‍ර, ලෙයින් තෙමුණු අත් ඇති, සත්‍ව ාතනයෙහි ඇලුනු, සත්‍වයන් කෙරෙහි දයා නැති, අඞ්ගුලිමාල නම් සොරෙක් වෙයි. ඔහු විසින් ගම් අගම් කළහ. නියම් ගම් අනියම් ගම් කලහ. ජනපද අජනපද කලහ. ඔහු මිනිසුන් මර මරා ඇඟිලිවලින් මාලයක් දරයි. ශ්‍රමණය පුරුෂයෝ දස දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතලික් දෙනා, පණස් දෙනාද, සමූහ සමූහව මේ මගෙහි යති. ඔවුහුද අඞ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට යෙත්ය´ යි කීවාහුය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.

4.තුන්වෙනුවද ගවපාලයෝද, සිව්පා පාලයෝද, ගොවියෝද, මගීහුද, භාග්‍යවතුන් වහන්සේට, ´ශ්‍රමණයන් වහන්ස, මේ මගෙහි නොයනු මැනවි. ශ්‍රමණයන් වහන්ස, මේ මාර්‍ගයෙහි රෞද්‍රවූ, ලේ තැවරුණු අත් ඇති, නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ, අඞ්ගුලිමාල නම් සොරෙක් ඇත. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලි මාලිවක් කොට දරයි. ශ්‍රමණයන් වහන්ස, මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතලිස් දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, එකතු එකතු වී යත්. ඔවුහුද අඞ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට පැමිණෙත්ය´ යි කීවාහුය. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.

5. අඞ්ගුලිමාල නම් සොරතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක, ´පින්වත ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයකි. පින්වත ඒකාන්තයෙන් පුදුමයකි. මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතලිස් දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, එකතු එකතු වී ගමන් කරත්. ඔවුහුද මාගේ අතට පැමිණ විනාශයට යෙත්. එතකුදු වුවත් මේ ශ්‍රමණ තෙම තනිවම දෙවැන්නෙක් නැතිව බලහත්කාරයෙන් එන්නේයයි සිතමි. මම මේ ශ්‍රමණයා මරන්නෙම් නම් යෙහෙකැයි ´ ඔහුට සිත්විය.

6. ඉක්බිත්තෙන් අඞ්ගුලිමාල නම් සොරතෙම කඩු පලිහ ගෙන දුන්න ඇදගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ලුහු බැන්දේය. එකල්හි ප්‍රකෘති ගමනින් වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ කරා සියලු ශක්තියෙන් යන්නාවු අඞ්ගුලිමාල නම් සොරාට පැමිණෙන්නට යම්සේ නොහැකිවේද, භාග්‍යවතුන් වහන්සේ එබඳුවූ ඎද්ධියක් දැක්වූහ. එකල්හි අඞ්ගුලිමාල නම් සොරාට, ´පින්වත, ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයකි. පින්වත ඒකාන්තයෙන් පුදුමයකි. මම වනාහි පෙර දුවන්නාවූ ඇතෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ අශ්වයෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ රථයකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ මුවෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. එතකුදු වුවත් ප්‍රකෘති ගමනින් යන්නාවූ මේ ශ්‍රමණයා කරා සියලු ශක්තියෙන් දුවන්නාවූ මම පැමිණෙන්ට නොහැකි වෙමි´ යි සිතුණේය. එහෙයින් නැවතී සිටගෙන භාග්‍යවතුන් වහන්සේට, ´´ශ්‍රමණය සිටුව, ශ්‍රමණය සිටුව,´´ යි කීයේය. ´අඞ්ගුලිමාලය, මම සිටියෙමි. තෝද සිටුව´´ යි වදාළේය.

7. ඉක්බිත්තෙන් අඞ්ගුලිමාල නම් සොරාට මෙබඳු අදහසක් විය. ´ශාක්‍ය පුත්‍රවූ මේ ශ්‍රමණයෝ වනාහි සත්‍ය වචන ඇත්තාහ. සත්‍යවූ ප්‍රතිඥා ඇත්තාහ. එතකුදු වුවත් මේ ශ්‍රමණ තෙම යමින්ම, ´´ අඞ්ගුලිමාලය මම සිටියෙමි. තෝ ද සිටුව´´ යි කියන්නේය. මම මේ හ්‍රමණයාගෙන් අසන්නෙම් නම් යෙහෙක´ කියායි. ඉක්බිති අඞ්ගුලිමාල නම් සොර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීයේය.

1.´´ශ්‍රමණයන් වහන්ස, යමින්. ´සිටියෙමි´ යි කියන්නෙහිය. සිටියාවූ මටද නොසිටියේයයි කියන්නෙහිය. ශ්‍රමණයන් වහන්ස, මේ කාරණය ඔබ වහන්සේගෙන් අසමි. ´කෙසේනම් ඔබ සිටියෙහිද, කෙසේ නම් මම නොසිටියේදැ´´ යි ඇසීය.

2.´´අඞ්ගුලිමාලය, මම හැම කල්හි සියලු ප්‍රාණීන් කෙරෙහි දඬු බහා තබා සිටියේ වෙමි. තෝ වනාහි සතුන් කෙරෙහි සංවරයක් නැත්තෙක් වෙහිය. එහෙයින් මම සිටියේ වෙමි. තෝ නොසිටියේ වෙහිය´´ යි (වදාළේය.)

3.´´(දෙවි මිනිසුන් විසින් ) පුදන ලද්දාවූ මහා ඉර්ෂිවූ මේ ශ්‍රමණයන් වහන්සේ බොහෝ කලකින් ඒකාන්තයෙන් මට කරුණාවෙන් මේ මහා වනයට පැමිණියහ. ඒ මම බොහෝ කලකිනුත් නුඹ වහන්සේගේ ධර්‍මයෙන් යුක්තවූ ගාථාවක් අසා අකුසලය Èරු කරන්නෙමි.´´

4.මෙසේ අඞ්ගුලිමාල සොර තෙම කඩුවද, ආයුධද, ප්‍රපාතයක ගැඹුරුව සෑරී ගිය මහ වළෙක්හි දැමුයේය. අඞ්ගුලිමාල සොර තෙම සුගතයන් වහන්සේ ගේ ශ්‍රී පාදයන් මනාකොට වැන්දේය. එහිදීම උන්වහන්සේගෙන් ප්‍රවෘජ්‍යාවද ඉල්වූයේය.

5.දෙවියන් සහිත ලොකයාහට ශාස්තෘවූ, කරුණා ඇත්තාවූ, මහා ඉර්ෂීවූ, ඒ සර්‍වඥයන් වහන්සේ ඔහුට ´´මහණ මෙහි එව´´ යි එකල්හි වදාළේය. ඔහුට මේ වචනයට භික්‍ෂු භාවය වූයේය.

8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසුපසින් යන ආයුෂ්මත් අඞ්ගුලිමාල ස්ථවිරයන් සමග සැවැත්නුවර යම් තැනෙක්හිද එතැනට සැරිසරමින් වැඩියහ. පිළිවෙළින් සැරිසරා වඩිනුයේ සැවැත්නුවර යම් තැනෙක්හිද, එතැනට පැමිණියහ.

එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි පසේනදි කොසොල් රජහුගේ මාලිගා දොරටුයෙහි මහජන සමූහයා රැස්ව, ´´දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ රටෙහි රෞද්‍රවූ, ලේ තැවරුණු අත් ඇත්තාවූ, සතුන් නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියාවූ, අඞ්ගුලිමාල නම් සොරෙක් වෙයි. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලි මාලාවක් දරයි. දෙවයන් වහන්ස, ඔහු වලක්වන සේකවා´´ යි, උස්වූ මහත් ාේෂා ඇතිව වෙසෙයි. එකල්හි පසේනදි කොසොල් රජතෙම පන්සියයක් පමණ අසුන් හා දවල් කාලයෙහි සැවැත්නුවරින් නික්ම ජේතවනාරාමය යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. යානාවෙන් යාමට සුÈසු තැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පා ගමනින්ම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ පසේනදි කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ, ´´කිමෙක්ද මහරජ? තොපට සේනා ඇත්තාවූ, මගධ රටට අධිපතිවූ, බිම්බිසාර මහරජතෙම හෝ කිපුනේද? නොහොත් විසාලා මහනුවර වැසිවූ ලිච්ඡවි රජ දරුවෝ හෝ කිපුනාහුද? නොහොත් අන් සතුරු රජ කෙනෙක් හෝ කිපුනාහුදැ´´ යි ඇසූහ.

9. ´´ස්වාමීන් වහන්ස, මට මහත් සේනා ඇත්තාවූ මගධ රටට අධිපතිවූ, බිම්බිසාර රජතෙමේද නොකිපියේ වෙයි. විසාලා මහනුවර වැසිවූ ලිච්ඡවි රජ දරුවෝද නොකිපියාහුමය. අන් සතුරු රජ කෙනෙක්ද නොකිපියාහුමය. ස්වාමීන් වහන්ස, මාගේ රනපදයෙහි රෞද්‍රවූ, ලේ තැවරුණු අත් ඇති, සතුන් නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියාවූ, අඞ්ගුලිමාල නම් සොරෙක් ඇත. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලි මාලාවක් දරයි. ස්වාමීන් වහන්ස, මම ඔහු වැළැක්වීමට යන්නෙමි´´ යි කීය. ´´මහරජ, හිසකේ රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූ, සතුන් මැරීමෙන් වැලකුනාවූ, සොරකම් කිරීමෙන් වැලකුනාවූ, බොරු කීමෙන් වැලකුනාවූ, එක්වේල අනුභව කරන්නාවූ, බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන, සිල්වත්වූ, යහපත් ස්වභාව ඇත්තාවූ අංගුලිමාලයා ඉදින් නුඹ දකින්නෙහි නම් ඔහුට කුමක් කරන්නෙහිදැ´´ යි ඇසූහ. ´´ස්වාමීන් වහන්ස, වැඳීම හෝ කරම්හ. දැක හුනස්නෙන් නැගිටීම හෝ කරම්හ. ආසන දීම හෝ කරම්හ. තවද උන්වහන්සේට චීවරය, පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන මෙයින් පැවරීම හෝ කරම්හ. උන්වහන්සේට ධාර්මිකවූ ආරක්‍ෂාව හෝ පිළියෙළ කරම්හ. ස්වාමීන් වහන්ස, දුස්සීලවූ, ලාමක ස්වභාව ඇත්තාවූ, මොහුට වනාහි මෙබඳුවූ සීල සංවරයක් කොයින් වන්නේදැ?´´ යි ඇසීය.

10.´´එසමයෙහි වනාහි ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට සමීප තැනෙක්හි හුන්නේවේ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ දකුණු අත දිගුකොට කොසොල් රජහට, ´´මහරජ, මේතෙමේ අංගුලිමාලය´´ යි වදාළේය. ඉක්බිති පසේනදි කොසොල් රජහට බියක් වූයේය. තැති ගැන්මක් වූයේය. ලොමුඩැහැගැන්මද වූයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බියපත්වූ, තැතිගත්තාවූ, ලොමුඩැහැගත්තාවූ පසේනදි කොසොල් රජහු දැක, පසේනදි කොසොල් රජහට, ´´මහරජ, බිය නොවෙව. මහරජ, බිය නොවෙව. තොපට මොහුගෙන් භයක් නැතැ´´ යි වදාළේය. ඉක්බිති පසේනදි කොසොල් රජහට යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුඩැහැගැන්වීමක් හෝ වීද, එය සංසිඳුනේය. ඉක්බිත්තෙන් පසේනදි කොසොල් රජතෙම ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේට, ´´ස්වාමීනි, ආය්‍ර්‍යයන් වහන්සේ අංගුලිමාල ස්ථවිරදැ´´ යි ඇසීය. ´´මහරජ, එසේය´´ යි ප්‍රකාශ කෙළේය. ´´ස්වාමීනි, ආය්‍ර්‍යයන් වහන්සේගේ පියතෙම කෙබඳු ගොත්‍ර ඇත්තේදැයි මව් තොමෝ කෙබඳු ගොත්‍ර ඇත්තීදැ´´ යි ඇසීය. ´´මහරජ, මාගේ පියතෙම ගර්‍ග නම් ගෝත්‍ර ඇත්තේය. මව්තොමෝ මන්තානී නම් බැමිණියයි.´´ ප්‍රකාශ කෙළේය. ´ස්වාමීනි, ගර්‍ග නම් ගොත්‍ර ඇත්තාවූ මන්තානි නම් බැමිණියගේ පුත්‍රවූ ආය්‍ර්‍යයන් වහන්සේ ශාසනයෙහි සිත් අලවා වාසය කෙරෙත්වා. මම ගර්‍ග නම් ගොත්‍ර ඇත්තාවූ මන්තානි පුත්‍රවූ ආය්‍ර්‍යයන් වහන්සේට චීවරය, පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන මෙයින් (පිදීමට) උත්සාහවත් බව ඇතිකරන්නෙමි´´ යි කීයේය.

11. ´´එසමයෙහි වනාහි ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ ආරණ්‍යකාඞ්ගයද, පිණ්ඩපාතිකාඞ්ගයද, පංශුකූලිකාඞ්ගයද, තෙචීවරිකාඞ්ගයද රකින්නාහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරතෙමේ පසේනදි කොසොල් රජහට, ´´මහරජ, කම් නැත. මා හට තුන් සිවුර සම්පූර්‍ණය´´ යි කීයේය. ඉක්බිත්තෙන් පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, ආශ්ච්‍ර්‍යය, පුදුමය, භාග්‍යවතුන් වහන්සේ දමනය කළ නොහැක්කවුන් දමනය කරන්නෙක, නොසංසුන් සත්‍වයන් සංසිඳුවන්නෙක, කෙලෙස් නිවීම නොකළාවූ සත්‍වයන් නිවන්නෙක. ස්වාමීන් වහන්ස, අපි වනාහි යමෙක් දඬුවලින්ද, ආයුධවලින්ද, දමනය කරන්ට නොහැකි වෙමුද, ඒ පුද්ගලතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දණ්ඩෙන් තොරව, ආයුධයෙන් තොරව, දමනය කරන ලද්දේය. ස්වාමීන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තම්හ. බොහෝ වැඩපල ඇත්තම්හ. එබැවින් දැන් අපි යම්හ´ යි කීයේය. ´´මහරජ, නුඹ ඊට සුදුසු කාලය දැනගනුව´´ යි වදාළේය. ඉක්බිත්තෙන් පසේනදි කොසොල් රජතෙම හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට ගියේය.

12. ´´ඉක්බිත්තෙන් ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස ගියහ. ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස යන්නේ සරසට සිටි ගැබයක් උවදුරු සහිත දරු ගැබක් ඇති එක්තරා ස්ත්‍රියක් දුටුයේය. දැක උන්වහන්සේට, ´´පින්වත්නි, ඒකාන්තයෙන් සත්‍වයෝ කෙලෙසෙන්නාහුය. පින්වත්නි, ඒකාන්තයෙන් සත්‍වයෝ කෙලෙසෙන්නාහුය.´´ යි සිතුනේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ´´ස්වාමීන් වහන්ස, මම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස ගියෙමි. සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස යන්නෙම් සරසට සිටි දරු ගැබක් ඇති උවදුරු සහිත දරු ගැබක් ඇති එක්තරා ස්ත්‍රියක් දුටුවෙමි. දැක, ´´පින්වත්නි, ඒකාන්තයෙන් සත්‍වයෝ කෙලෙසෙන්නාහුය. පින්වත්නි, ඒකාන්තයෙන් සත්‍වයෝ කෙලෙසෙන්නාහුය.´´ යන සිතක් පහළවූයේය´´ යි කීය. ´´අංගුලිමාලය, එසේ වීනම් නුඹ සැවැත්නුවර යම් තැනෙක්හිද, එතැනට පැමිණෙව. පැමිණ, ඒ ස්ත්‍රියට, ´නැගනිය, මම යම්තැනක පටන් මේ ජාතියෙහි උපන්නෙම්ද, එතැන් පටන් දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය කරණකොට ගෙණ තිට සැපක් වේවා. දරු ගැබටද සැපක් වේවා´ යි කියව´´ යි වදාළේය. ´´ස්වාමීන් වහන්ස, මා විසින් වනාහි දැන දැන බොහෝ ප්‍රාණීහු ජීවිතයෙන් තොර කරණ ලද්දාහ. ස්වාමීන් වහන්ස, එහෙයින් මාගේ ඒ කීම ඒකාන්ත බොරු කීමක් වන්නේය´ යි කීයේය. ´´අංගුලිමාලය, එසේ වීනම් නුඹ සැවැත්නුවර යම් තැනෙක්හිද එතැනට යව. ගොස් නැගනිය, මම යම් තැනක පටන් ආය්‍ර්‍යවූ ජාතියෙහි උපන් නේ වෙම්ද, (එතැන් පටන්) දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය හේතු කොට ගෙණ තිට සැපවේවා. දරු ගැබටද සැපවේවා´ යි ඒ ස්ත්‍රියට කියව´´ යි වදාළ සේක. ´´එසේය පින්වතුන් වහන්සැ´´ යි කීය. ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දී සැවැත්නුවර යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ඒ ස්ත්‍රියට, ´´නැගනිය, මම යම් තැනක පටන් ආය්‍ර්‍යවූ ජාතියෙහි උපන්නේ වෙම්ද, (එතැන් පටන්) දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය හේතු කොට ගෙණ තිට සැපවේවා. දරු ගැබටද සැපවේවා´ යි කීයේය. ඉක්බිත්තෙන් ඒ ස්ත්‍රියට සැපවූයේය. දරු ගැබටද සැප වූයේය.

13.´´ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ තනිව, විවේකව, අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇතිව, හරණලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, මාර්‍ගබ්‍රහ්මචය්‍ර්‍යා කෙළවරකොට ඒ උතුම් රහත්බව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය විනාශ කරණ ලද්දීය. මාර්‍ගබ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිම වන ලද්දේය. සතර මාර්‍ගයෙන් කටයුත්ත කරණ ලද්දේය. මෙයින් පසු කළ යුත්තක් නැත්තේයයි දැන ගත්තේය. ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහතුන්ගෙන් එක්තරා කෙනෙක් වූහ.

14. ´´ඉක්බිති ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියේ, එකල්හි වනාහි, අන් දිසාවකට ගසන ලද ගලක්ද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. අන් දිසාවකට ගසන ලද්දාවූ දණ්ඩක්ද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. අන් දිසාවකට ගසන ලද්දාවූ කැට කැබිලිතිද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ බිඳුනාවූ හිසින් යුක්ත, ගලන්නාවූ ලේ ඇතිව, බිඳුනාවූ පාත්‍රයෙන් යුක්තව, විසිර ගියාවූ සඟල සිවුරෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ දුරදීම එන්නාවූ ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් දුටහ. දැක ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන්ට, ´බ්‍රාහ්මණය, තෝ ඉවසව, බ්‍රාහ්මණය, තෝ ඉවසව. යම් කර්‍මයක්හුගේ විපාකයෙන් බොහෝ අවුරුදු, බොහෝ සිය ගනන් අවුරුදු, සිය දහස් ගනන් අවුරුදු, සිය දහස් ගනන් අවුරුදු නරකයෙහි පැසෙන්නෙහිද, බ්‍රාහ්මණය, තෝ ඒ කර්‍මයාගේ විපාකය මේ ආත්මයෙහිම විඳීන්නෙහිය´´ යි වදාළහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහසිගතවූයේ, සිත එකඟ කිරීමට පැමිණියේ, නිවන් සුව විඳගන්නේ ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කෙළේය.

1. ´යමෙක් වනාහි පළමුව ප්‍රමාදව හෙතෙම පසුව ප්‍රමාද නොවේද, ඒ පුද්ගල තෙම වළාකුලෙන් මිදුනාවූ සඳ මෙන් මේ ලෝකය බබුළුවයි.

2. යමකු විසින් කරණ ලද්දාවූ අකුසල කර්‍මය කුසල කර්‍මයෙන් වැසෙනු ලැබේද, ඒ පුද්ගල තෙම වළාකුලෙන් මිදුනාවූ චන්‍ද්‍රයා මෙන් මේ ලෝකය බබලයි.

3. යම් තරුණ මහණෙක් වනාහි සර්‍වඥ ශාසනයෙහි වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කෙරේද, හෙතෙම වළාකුලෙන් මිදුනාවූ චන්‍ද්‍රයා මෙන් මේ ලෝකය බබලයි.

4. මාගේ සතුරෝ වනාහි ධර්‍මයෙන් යුක්තව කථාව අසත්වා. මාගේ සතුරෝ වනාහි සර්‍වඥ ශාසනයෙහි වීය්‍ර්‍යයෙන් යුක්ත වෙත්වා. සත්පුරුෂවූ යම් මිනිස් කෙනෙක් ධර්‍මය හැර ගණිත්ද, මාගේ සතුරෝ වනාහි එබඳු සත්‍වයන් භජනය කෙරෙත්වා.

5 මාගේ සතුරෝ වනාහි ඉවසීම ප්‍රකාශ කරන්නාවූ මෛත්‍රියට ප්‍රශංසා කරන්නවුන්ගේ ධර්‍මය සුදුසු කාලයෙහි අසත්වා. ඒ ධර්‍මයටද අනුව කටයුතු කෙරෙත්වා.

6. හෙතෙම ඒකාන්තයෙන් මට හිංසා නෙකෙරන්නෙක් වේවා. අන් කිසිවෙකුටත් (හිංසා නොකෙරේවා). උතුම් නිවණට පැමිණ කෙලෙස් සහිත සන්‍වයන් හා කෙලෙස් රහිතවූ සන්‍වයන්ද රක්නේය.

7. දිය ගෙනෙන්නෝ වනාහි ජලය පමුණුවත්. හී වඩුවෝ ඊ දඬු නමා ඇද හරිත්. වඩුවෝ දැව දඬු සැප ඇද හරිත්. නුවණැත්තෝ තමා දමනය කරත්.

8. සමහර කෙනෙක් දණ්ඩෙන්ද, හෙණ්ඩුවෙන්ද, කස සැමිටියෙන්ද දමනය කරත්. තාදී (අෂටලොක ධර්‍මයෙන් කම්පා නොවන) ගුණයෙන් යුක්තවූ සර්‍වඥයන් වහන්සේ දණ්ඩක් නැතිව, ආයුධයක් නැතිව මම දමනය කරණ ලද්දේ වෙමි.

9. පෙර සන්‍ව හිංසා කරන්නාවූ මට අහිංසක යයි නමක් වූයේය. අද මම (අහිංසකය යන) සත්‍යවූ නම ඇත්තේ වෙමි. කිසිවකුටත් හිංසා නොකරමි. පෙර මම අංගුලිමාල යයි ප්‍රසිද්ධවූ සොරෙක් වූයෙමි. කාමාදී මහ වතුරෙන් ගසාගෙන යනු ලබන්නේ බුදුන් සරණ කොට ගියෙමි.

10. පෙර අංගුලිමාල යයි ප්‍රසිද්ධවූ ලේ තැවරුණු අත් ඇත්තෙක් වීමි. (ඔහුගේ) සරණයාම බලව. (ඔහු විසින්) භව ආශාව නැති කරන ලදී.

11. දුර්‍ගතිවලට පමුණුවන්නාවූ බොහෝ එබඳු අකුසල කර්‍ම කොට මාර්‍ග කුසල විපාකයට පැමිණෙන ලද්දේ නය නැත්තෙක්ව ආහාර වළඳීමි.

12. අඥානවූ බාලජනයෝ ප්‍රමාදයෙහි යෙදී වාසය කරත්. නුවණැත්තේ උතුම් ධනයක් මෙන් අප්‍රමාදය රක්‍ෂා කරයි.

13. ප්‍රමාදයෙහි නොයෙදෙව. පස්කම් සැපයෙහි ඇල්මට නොපැමිණෙව්. අප්‍රමාදව නුවණින් බලන තැනැත්තේ වනාහි මහත්වූ සැපයට පැමිණේ.

14. ´මාගේ යම් පැමිණීමක් ඇද්ද එය ලාමක පැමිණීමක් මම පැවිදි වන්නෙමි යන නොවන්නේය.´ යම් වචනයක් කියන ලදද එය අයහපත් කීමක් නොවන්නේය. බුදුවරයන් වහන්සේලා විසින් බෙදා වදාළ ධර්‍මයන් අතුරෙහි ඒ ධර්‍මයට පැමිණියෙමි. යම් ධර්‍මයක් උත්තමද

15. මාගේ යම් පැමිණීමක් ඇද්ද, එය ලාමකවූ පැමිණීමක් මා විසින් යම් වචනයක් කියන ලදද එය නොවේ. ත්‍රිවිද්‍යාවන්ට පිළිවෙළින් පැමිණියෙමි. අයහපත් වචනයක් නොවේ. බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණ ලදියි´´, ප්‍රකාශ කෙළේය.

අංගුලිමාල සූත්‍රය නිමි. ( 4 – 36 )

85. බොධිරාජ කුමාර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් ජනපදයෙහි සුංසුමාරගිරි නම් නගරයට සමීපවූ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්.

එකල්හි බොධිරාජ කුමාරයාගේ කොකනද නම් ප්‍රාසාදය කරවන ලද නොබෝ කල් ඇත්තේ වෙයි. එහි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ මණුෂ්‍ය වූ කිසිවකු විසින් වාසය නොකරණ ලද්දේය. එකල්හි බොධිරාජ කුමාර තෙමේ සඤ්ජිකා පුත්ත නම් මානවකයා කැඳවී. කැඳවා, ´´යහළු සඤ්ජිකා පුත්තය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මස්තකයෙන් වඳුව.

´ස්වාමීන් වහන්ස, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා සිරසින් වඳීයි. ආබාධ නැතිකම, රෝග නැතිකම, සිත කය දෙකේ සැහැල්ලු බව, කාස බව සැප විහරණය අසන්නේය´ යි ආබාධ නැතිකම, රෝග නැතිකම, කය සිත්හි සැහැල්ලු කම, කාය බලය, විහරණ සැපය අසව.

´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයා සමග බොධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිසවූ බත ඉවසන සේක්වා´ යයි කියව. තරුණවූ සඤ්ජිකා පුත්‍ර තෙමේ, ´´එසේය´´ කියා බොධිරාජ කුමාරයාට උත්තර දී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී, සතුටු විය යුතු, සිහි කටයුතු කතාව කොට අවසන්ව එක් පසෙක්හි හිඳගත්තේය.

2. එක් පසෙක හුන් තරුණවූ සඤ්ජිකා පුත්‍ර තෙමේ, භාග්‍යවතුන් වහන්සේට ´භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පා මුදුනෙන් වඳීයි, නිරෝග බව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද, පින්වත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංයා සමග බොධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිසවූ බත ඉවසන සේක්වා යි කියා´ යි ද කීය. භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.

ඉක්බිති තරුණ සඤ්ජිකා පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ආසනයෙන් නැගිට බොධිරාජ කුමාර තෙම යම් තැනකද එහි පැමිණියේය.

3. පැමිණ බොධිරාජ කුමරුට මෙසේ කීය. ´´පින්වතුන්ගේ වචනයෙන් ඒ පින්වත් ගෞතමයන් වහන්සේට ´ භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳීයි, නිරෝගීබව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද, පින්වත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංයා සමග බොධිරාජ කුමාරයාගේ හෙට දවස් පිණිස බත ඉවසන සේක්වා යි කියායයි ද අපි කීවෙමු. එය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉවසන ලද්දේ වෙයි.´´

ඉක්බිති බොධිරාජ කුමාර තෙමේ එය රැය ඉක්මවීමෙන් තම නිවසෙහි ප්‍රණීත ආහාර පාන වර්‍ග පිළියෙල කරවා කොකනද ප්‍රාසාදය අන්තිම තරප්පු පුවරුව (පඩිය) තෙක්ම සුදු වස්ත්‍ර අතුරවා, තරුණ සඤ්ජිකා පුත්‍රහට කථා කෙළේය. ´´ යහළු සඤ්ජිකා පුත්‍රය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනක නම් එහි ගොස් භාග්‍යවතුන් වහන්සේට ´ස්වාමීන් වහන්ස, බත නිමවන ලදී. කාලය වේ යයි කාලය දන්වව.´´

´´පින්වත, එසේය කියා තරුණ සඤ්ජිකා පුත්‍ර තෙමේ තරුණ බෝධිරාජ කුමරුට උත්තර දී භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ, ´´ස්වාමීන් වහන්ස, බත නිමවන ලදී. වැඩීමට කාලයයි,´´ භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ බොධිරාජ කුමරුගේ ගෙදොර යම් තෙනකද එහි වැඩි සේක. එවේලෙහි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම බලමින් පිට දොරටුවෙහි සිටියේ වෙයි. බොධිරාජ කුමාර තෙමේ වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක ඉදිරියට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පෙරටුව කොකනද ප්‍රාසාදය යම් තෙනකද එහි පැමිණියේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ අන්තිම තරප්පු පුවරුව (පඩිය) ලඟ වැඩ සිටියහ. එකල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස, වැඩ පිණිස, වස්ත්‍ර පාගා වඩින සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වා´´ යි කීය. මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වී. දෙවනුවද, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස, වැඩ පිණිස, වස්ත්‍ර පාගා වඩින සේක්වා සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වා´´ යි කීය. දෙවනුවද, භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූහ. තෙවනුවත්, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස, වැඩ පිණිස, වස්ත්‍ර පාගා වඩින සේක්වා සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වා´´ යි කීය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍දයන් දෙස බැලී. අනතුරුව ආයුෂ්මත් ආනන්‍ද තෙමේ බොධිරාජ කුමරුට මෙසේ කීය. ´´රාජ කුමිරයනි, වස්ත්‍ර අස්කරවා භාග්‍යවතුන් වහන්සේ පාවාඩ උඩින් නොවඩිත්´´ කීය. ´´තථාගතයන් වහන්සේ පසු ජනතාව බලන්නාහ´´ යි කීය.

ඉක්බිති බොධිරාජ කුමාර තෙමේ පාවාඩ හකුළුවා කොකනද ප්‍රාසාදයෙහි අසුන් පැනවී. එවිට භාග්‍යවතුන් වහන්සේ කොකනද පහයට නැග පැනවූ අස්නෙහි භික්‍ෂු සංයා සමග වැඩ උන්හ. එවිට බොධිරාජ කුමාර තෙමේ බුදුන් ප්‍රධාන භික්‍ෂු සංයා ප්‍රණිතවූ ආහාර පානයෙන් සියතින්ම හොඳීන් වැළඳවීය. ඇතිතාක් වැළඳවීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් අත ඉවත්කළ කල්හි, බොධිරාජ කුමාර තෙම මිටි අස්නක් ගෙන එක් පසෙක ඉඳ ගත්තීය. එක් පසෙක හුන් බොධිරාජ කුමර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීන් වහන්ස, මාගේ මේ අදහසෙක් වෙයි. සැපයෙන් සැපයට නොපැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුය යන මෙබඳු අදහසක් මට පහළවිය´´ යනුයි.

6. ´´රාජ කුමාරයිනි, චතුස්සත්‍යාවබෝධ කිරීමට පලමු බුදු නොවූ බෝධිත්‍ව කාලයේදීම මා හටත් ´සැපයෙන් සැපයට නොම පැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුය´ යන අදහස පහළවිය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදුවූ, සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ ලියවනලද සකක් බඳුවූ, මේ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළි රැවුලු කපාහැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙහි නම් ඉතා යෙහෙකැයි, රාජ කුමාරය, කියා ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූයේම නොකැමතිවූ මව් පියන් අඬද්දී, හිසකෙස් දැළි රැවුල් කපා හැර කසා වත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.´´

මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්‍වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි.

´ඇවැත්නි, කාළාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට මම කැමැත්තෙමි´ යි (කීවෙමි.) රාජකුමාරය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම මට මෙය කීවේය. ´´ යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාය්‍ර්‍යයන්ගේ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නේද මේ ධර්‍මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා´´ (කියායි.)

7. ´´රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්‍මය අසාම ඉගෙන ගත්තෙමි. රාජකුමාරය, ඒ මම (කියන්ට) තොල පෙරලූ පමණින්, (ඔහු) කියන දේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිම්යයි කීමද) කියමි. ථෙර වාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ආළාරකාලාම තෙම මේ ධර්‍මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරමියි නොකියයි. ආළාරකාලාම තෙම මේ ධර්‍මය දැන දැක වාසය කරයි. (කියායි.) රාජකුමාරය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි. ගොස් ආළාරකාලාම හට මෙසේ කීවෙමි. ´ඇවැත්නි, කාළාමයෙනි, කොපමණකින් මේ ධර්‍මය තමාම දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ´ යි (කියායි.)

8. ´´රාජකුමාරය, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය කෙළවර කොට ඇති සමාපත්තිය දැක්වූයේය. රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ´ ආළාරකාලාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් වීය්‍ර්‍යය ඇත්තේ නොවෙයි. මටද වීය්‍ර්‍යය ඇත. ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. ආළාරකාලාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත. ආළාරකාලාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් ආළාරකාලාම තෙම යම් ධර්‍මයක් තමාමනුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්‍මය අත්කර ගැනීම පිණිස මම උත්සාහ කරන්නෙම් නම් හොඳය´ (කියායි.)

´´රාජකුමාරය, ඒ මම ඒ ටික කලකින් වහාම ඒ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනකද එතැනට ගියෙමි. ගොස් ´ ඇවැත්නි, කාළාමයෙනි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණෙකින්දැ´ යි (ඇසීමි.) ´ඇවැත්නි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය´ යි ( ආළාරකාලාම තෙම) කීය. ´ඇවිත්නි මමද මෙපමණකින් මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි´ යි (කීවෙමි.) ´ඇවැත්නි, යම් බඳවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචය්‍ර්‍යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්‍මයක් දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්‍මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්‍මයක් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්‍මයක් දන්නෙම්ද, ඔබද ඒ ධර්‍මය දන්නෙහිය. යම් හේතුවකින් ඔබ යම් ධර්මයක් දන්නෙහිද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද, ඔබත් එබඳුය. ඔබ යම් බඳුද, මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරවු´ යි (කීවේය.) රාජකුමාරය, මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.

9. ´´රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. ´මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතියි. සසර නොඇල්ම පිණිස නොපවතියි. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතියි. (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතියි. (චතුරාය්‍ර්‍ය සත්‍යය) අවබෝධය පිණිස නොපවතියි. නිර්‍වානය පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. රාජකුමාරය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සිතා, ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.

´´රාජතුමාරය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තරවූ උතුම් නිර්‍වාණය සොයන්නේ උද්දකරාමපුත්තතෙම යම් තැනකද එතැනට පැමිණිනෙමි. පැමිණ උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි. ´ඇවැත්නි, රාමයෙනි, මේ ධර්ම විනයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව රකින්ට මම කැමැත්තෙමි.´ (කීවෙමි.) ´´රාජකුමාරය, මෙසේ කීකල්හි උද්දකරාමපුත්තතෙම මට මෙසේ කීවේය. ´යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාය්‍ර්‍යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා.´ (කියායි.)

10.´´රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය ඉගෙනගත්තෙමි. රාජකුමාරය, ඒ මම කීමට තොල සෙලවූ පමණින් වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි දකිමි යි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ´උද්දකරාමපුත්තතෙම මේ ධර්මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමියි, නොකියයි. උද්දකරාමපුත්තතෙම මේ ධර්මය දැන, දැක වාසය කළේය´ යි (මට කල්පනාවිය.) රාජකුමාරය, ඉන්පසු මම උද්දකරාමපුත්ත යම් තැනකද එතැනට ගියෙමි. උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි. ´ඇවැත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ´ යි (කියායි.)

´´රාජකුමාරය, මෙසේ කී කල්හි උද්දකරාමපුත්ත නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූයේය. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ´ රාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාමහට පමණක් වීය්‍ර්‍යය ඇත්තේ නොවෙයි. මටද වීය්‍ර්‍යය ඇත. රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත. රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් රාමපුත්තතෙම යම් ධර්‍මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්‍මය තමන්ම ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම පිණිස වීය්‍ර්‍යය කරන්නෙම් නම් යහපත්ය´ (කියායි.)

11 ´´රාජකුමාරය, ඒ මම ඒ ටික කලකින් වහාම ඒ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, ඉන්පසු මම උද්දකරාමපුත්ත යම් තැනකද එතැනට ගියෙමි. ගොස් උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි.

ඇවැත්නි, රාමයෙනි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණෙකින්දැ´ යි ඇසීමි. ´ඇවැත්නි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය´ යි ( උද්දකාරාම තෙම) කීය. ´ඇවැත්නි මමද මෙපමණකින් මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි´ යි කීවෙමි.

´ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. මහත් ලාභයකි. මෙසේ මම යම් ධර්‍මයක් දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්‍මය නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය, ඔබ යම් ධර්‍මයක් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්‍මයක් දන්නේද, ඔබ ඒ ධර්‍මය දන්නෙහිය. ඔබ යම් ධර්‍මයක් දන්නේද, මමද ඒ ධර්‍මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද, ඔබත් එබඳුය. ඔබ යම් බඳුද, මමත් එබඳුය. ඇවැත්නි, එව. දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමු´ යි (කීවේය.) රාජකුමාරය, මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.

12. ´´රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. ´මේ (තාපස) ධර්‍මය සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇල්ම පිණිස නොපවතී. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතී. (දතයුතු ධර්‍මයන්) දැනීම පිණිස නොපවතී. (චතුරාය්‍ර්‍ය සත්‍යය) අවබෝධය පිණිස නොපවතී. නිර්‍වානය පිණිස නොපවතී. යම්තාක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. රාජකුමාරය, ඒ මම ඒ ධර්‍මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්‍මයෙන් ඉවත්ව ගියෙමි.

´´රාජකුමාරය, ඒ මම කුසල් කුමක්දැයි සොයමින් නිරුත්තරවූ නිර්‍වාණය සොයමින්, මගධ ජනපදයෙහි පිළිවෙළින් ගමන් කරන්නේ උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලිතලා ඇත්තාවූ, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරුගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද, වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ඒකාන්තයෙන් භූමි ප්‍රදේශය සිත් අලවන්නේය. වනලැහැබ සතුට උපදවන්නේය. සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීය්‍ර්‍යය කරන කුලපුත්‍රයෙකුට වීය්‍ර්‍යය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. රාජකුමාරය, ඒ මම මේ ස්ථානය වීය්‍ර්‍යය කිරීමට සුදුසුයයි සිතා වීය්‍ර්‍යය වැඩීම පිණිස එහිම උන්නෙමි.

13. ´රාජකුමාරය, මට ආශ්චය්‍ර්‍යවූ, පෙර නොඇසූ විරූ උපමා තුනක් වැටහුනාහුය. රාජකුමාරය යම් සේ කිරි සහිතවූ අමු දියේ දමන ලද තෙත්වූ (දිඹුල්) ලී කැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනි ගානා දණ්ඩක් ගෙන ´ගිනි නිපදවන්නෙමියි, ගින්දර ඇතිකරන්නෙමි´ යි, කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂතෙම ජලයෙහි බහාලන ලද ඒ කිරි සහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?´´ ´´භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත් :- භවත් ගෞතමයෙනි, (දිඹුල්) ලී කඩ වනාහි අමුය. කිරි සහිතය. එපමණක් නොව ජලයෙහිද බහාලන ලද්දේය. (එහෙයිනි.) (ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති) ඒ පුරුෂ තෙම ක්ලාන්තයටද, වෙහෙසටද, පැමිණීම පමණක් සිදුවන්නේය.´´ ´´රාජකුමාරය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩ පවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳත්. ඔවුහු ආය්‍ර්‍ය මාර්‍ග ඥාන දර්‍ශනයටද, නිරුත්තරවූ අවබෝධයටද, නුසුදුස්සෝමය. රාජකුමාරය, ආශ්චය්‍ර්‍යවූ, පෙර නොඇසූවිරූ, මේ පළමුවන උපමාව මට වැටහුණි.

14. ´´ රාජකුමාරය, ආශ්චය්‍ර්‍යවූ, පෙර නොඇසූවිරූ, අන්‍යවූ, දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. රාජකුමාරය, යම්සේ කිරි සහිතවූ අමු (දඹුල්) ලීයක් දියෙන් ඈත්කොට ගොඩ බිමෙහි බහා තබන ලද්දේ වේද, ඉක්බිති පුරුෂයෙක් තම ගිනි ගානා දණ්ඩ ගෙන ´ගිනි නිපදවන්නෙමියි, ගින්න පහළකරන්නෙමි´ යි, කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂතෙම කිරි සහිතවූ දියෙන් ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගිනි පහළ කරන්නේද?´´ ´´භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත් :- භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩ බිමෙහි දමා තිබුනත් කිරි සහිතය. කිරි සහිතය. (අමුය.) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද, පත්වීම පමණක් නම් සිදුවන්නේය.´´ ´´රාජකුමාරය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, (එහෙත්) කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්මක් වේද, කාම ආශාවක් වේද, කාම මූර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද, මනාව මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳත්. ඔවුහු ආය්‍ර්‍ය ඥාන දර්‍ශනයටද, නිරුත්තර අවබෝධයටද, නුසුදුස්සෝමය.

´´ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් ඉදින් නොවිඳීන්නාහුද, ඥාන දර්‍ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබෝධයටද, නුසුදුස්සෝමය. රාජකුමාරය, මේ වනාහි මට වැටහුනු පුදුමවූ, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවය.

15. ´´ රාජකුමාරය, පුදුමවූ, පෙර නොඇසුවාවූ, තුන්වෙනිවූ, අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. රාජකුමාරය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබනලද වියලි දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ´ගිනි නිපදවන්නෙමි, ගින්න ඇතිකරන්නෙමි´ යි, එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂතෙම වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබන ලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද, ගින්නඇති කරන්නේද?´´ ´´භවත් ගෞතමයෙනි, එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේවෙයි. කිරි සිඳුනේ වෙයි. දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.´ ´´ රාජකුමාරය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාම වස්තූන් කෙරෙහි යම් ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ඡාවක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ කාම ආශාව අද්ධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳීන් ප්‍රහීනවූයේ වේද, හොඳින් මැඩ පැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳත්. ඔවුහු මාර්‍ග ඥාන දර්‍ශනය පිණිස, නිරුත්තරවූ අවබොධය පිණිස සුදුසුසෝමැයි. රාජකුමාරය, ආශ්චය්‍ර්‍යවූ පෙර නොඇසූ විරූ මේ උපමා තුන මට වැටහුනාහුය.

16.´´ රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ´යම්හෙයකින් මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත්මිටි කාගෙන) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නේ නම්, පෙළන්නේනෙම් නම් යෙහෙක (කියායි.)රාජකුමාරය, ඒ මම දත්මිටි කාගෙන, දිව උඩු තල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි. පෙළමි. තවමි. රාජකුමාරය, දත්මිටි කාගෙන, දිව උඩු තල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.

´´රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තෙම වඩා දුර්‍වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම දත්මිටි කාගෙන, දිව උඩු තල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.

17. ´´රාජකුමාරය, මා විසින් නොහැකුළුනු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීය්‍ර්‍යර්‍යෙන් මඩනා ලද්දාවූම මාගේ ශරීරය දාහ සහිතවිය. නොසන්සිඳුනේ විය. රාජකුමාරය, මට උපන්නාවූද, මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ´යම් හෙයකින් මම ආශ්වාස කිරීම් රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක´ (කියාය.) රාජකුමාරය, ඒ මම කටින්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, කටින්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිÈරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම රාජකුමාරය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.

18. ´´ රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූද, මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ´යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක´ (කියායි.) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස් මුදුන පලන්නාක් මෙන් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද එපරිද්දෙන්ම රාජකුමාරය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස් මුදුන පලන්නාසේ වෙයි.

19.´´රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක´ (කියාය.) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වේදනාව ඇතිවෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කනින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇතිවෙයි.

20. ´´රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක´ (කියාය.) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූවෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතයෝ කුස සිඳීත්.

´´ රාජකුමාරය, දක්‍ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම් සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නා සේ වෙයි.

21. ´´රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ´ආශ්වාස රහිතවූ ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක´ (කියායි.) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වල පුරුෂයෙකු අත් දෙකින් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, රාජකුමාරය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.

22. ´´රාජකුමාරය, මා විසින් වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීය්‍ර්‍යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´එකල්හි දෙවතාවෝ මා දැක මෙසේ කීහ. ´ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය´ (කියායි.) ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ´ ශ්‍රමණ ගෞතම තෙම කළුරිය නොකෙළේය එහෙත් කළුරිය කරන්නේය´ (කියායි.) ඇතැම් දේවතා කෙනෙක් ´ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ´ යි (කීහ.)

23.´´ රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක´ (කියායි.) රාජකුමාරය, එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. ´නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටියහොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීර ගත කරන්නෙමු. ඔබ එයින් යැපෙන්නෙහිය.´ රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම් සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. (කියායි.) රාජකුමාරය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.

24. ´´රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ´යම් හෙයකින් මම පතක් පතක් පමණක් මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳීන්නෙම් නම් යෙහෙකි. (කියායි.)

´´ රාජකුමාරය, ඒ මම පතක් පමණක් මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. රාජකුමාරය, ඒ මම පතක් පමණක් මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි. අසූ වයස් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම් සේද මාගේ ඇඟපසඟ ඒ නිරාහාර භාවය නිසාම එබඳු විය. ඔටු පියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරුවිය. රැහැණක ඇවුණූ දරවැටිය යම් සේ අතරතුර උස් මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටි වෙයි. යම් සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉල ඇට උඩු යටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවූ ළිඳක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු, යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නට ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව් සුළඟින් හැකුලුනේද මැලවුනේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.

´´ රාජකුමාරය, ඒ මම බඩේ සම අතගාන්නෙමියි පිට කටුවම අත ගාන්නෙමි. පිට කටුව අල්වමියි බඩේ සම අල්ලමි. රාජකුමාරය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඩේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මූත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. ´´ රාජකුමාරය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.

´´ රාජකුමාරය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ´ශ්‍රමණ ගෞතම තෙම කලුය´. ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය. ´ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය.´ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ´ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි. පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන් වන් සිවි ඇත්තේයි.´ රාජකුමාරය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවු, ශරීර වර්‍ණය ඒ නිරාහාර භාවය නිසාම නැසුනේ වෙයි.

25.´´රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්‍තමාන කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂකර ක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්‍මයට වැඩිවූ ආය්‍ර්‍ය භාවය ඇති කිරීමට සමත්‍ර්‍ථවූ ඥානදර්‍ශන විශෙෂයක් නොලබමි. මාර්‍ගාවබෝධය පිණිස අන්‍ය මාර්‍ගයෙක් ඇත්තේදැයි (කල්පනාවිය.)

26.´´ රාජකුමාරය, ඒ මට මේ අදහස විය. මම පියවූ ශුදේධාදන ශාක්‍ය රාජයාගේ වප්මගුල් දිනයෙහි සිහිල්වූ දඹ රුක් සෙවනෙහි හුන්නේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවූ විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්‍ගය මාර්‍ගඥාන අවබෝධය පිණිස වන්නේයි (අදහස් විය). රාජකුමාරය, ඒ මට අවබෝධය පිණිස මේ මාර්‍ගයමයැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය. රාජකුමාරය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වූ, යම් ඒ සැපයක් වේද, මම ඒ සැපයට භය වෙමිද (කියාය). රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වූ, යම් ඒ සැපයක් වේද, මම ඒ සැපයට භය නොවෙමියි (කියාය). රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙතරම් දුර්‍වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම් හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය (කියාය.)

27.´´ රාජකුමාරය, ඒ මම බත්, කොමුපිඩුයැයි කියන ඔළාරික ආහාරයක් ගත්තෙමි. රාජකුමාරය, ඒ කාලයෙහි ´ශ්‍රමණ ගෞතම තෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය´ යන අදහසින් භික්‍ෂූන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. රාජකුමාරය, යම් කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්‍ෂූහු ´ශ්‍රමණ ගෞතම තෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීය්‍ර්‍යය කිරීමෙන් පිරිහුණේයැ´ යි කියා කලකිරී බැහැර ගියාහුය.

´´ රාජකුමාරය, ඒ මම ඕලාරික ආහාර ගෙන ශරීර ශක්තිය ලැබ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

28.´´විතර්‍ක විචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, වීතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි. මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්‍ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන් දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

29.´´ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අඞ්ගන (රාගාදී කෙළෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි, පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්‍වෙනිවාසය (පෙර උපන් ජාති) සිහිකරමි. එනම් එක් ජාතියන්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්‍ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තේ වීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි, මෙබඳු වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම

එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක්වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි.´ යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.

´´ රාජකුමාරය, මා විසින් රාත්‍රියෙහි පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

30. ´´ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එතඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසිදු හෙයින්) දීප්තිමත්වූ කල්හි, අඞ්ගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවු, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්‍ණ ඇත්තාවූද, මනා වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්‍මය පරිදි මිය ගියාවූ, සත්‍වයන් දකිමි.

´´එකාන්තයෙන් මේ පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක්දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනොදුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආය්‍ර්‍යයන්ට දොස් කීවාහු, මිත්‍යාදෘෂ්ටි ගත්තාහු, මිත්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනො සුචරිතයෙන් යුක්තවූවාහු, ආය්‍ර්‍යයන්ට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්‍ණ ඇත්තාවූද, මනා වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්‍වයන් දනිමි.

31. ´´ රාජකුමාරය, මා විසින් රාත්‍රියෙහි මැද යාමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපදීම් දක්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

´´ඒ මම මෙසේ සිත එතඟවූ කල්හි, පිරිසිදුˆවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදු වූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්‍ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමූයෙමි. ඒ මම, ´මෙය දුකය´ යි තතුසේ දත්තෙමි. ´මේ දුක් ඉපදීමට හේතුවය´ යි තතුසේ දත්තෙමි. ´මේ දුක් නැතිකිරීමය´ යි තතුසේ දත්තෙමි. ´මේ දුක නැති කිරීමේ මාර්‍ගයය´ යි තතුසේ දත්තෙමි. ´මොහු ආශ්‍රවයෝය´ යි තතුසේ දැන ගතිමි. ´මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය´ යි තතුසේ දැනගතිමි. ´මේ ආශ්‍රවයන් නැතිකිරීමය´යි තතුසේ දැනගතිමි. ´මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්‍ගය´ යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි ´මිදුනේය´ යි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවරවිය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවනලදී. කළයුත්ත කරනලදී. ´කළයුතු අනිකක් නැත්තේය´ යි දැනගතිමි.

32. ´´රාජකුමාරය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රවක්‍ෂයකරඥානය නම්වූ අර්හත් මාර්‍ගය) මා විසින් ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.

´´රාජකුමාරය, භික්‍ෂූන් තෙනමකට අවවාද කරමි. භික්‍ෂූන් දෙනමක් පිඬු පිණිස හැසිරෙති. දෙනමක් පිඬු පිණිස හැසිර යම් ආහාරයක් ගෙණෙත්ද, එයින් සදෙනම යැපෙමු. එකල්හි රාජකුමාරය, මා විසින් මෙසේ අවවාද කරණ ලද, අනුශාසනා කරණ ලද, පස්වග මහණහු යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසන්කොට ඇති, ඒ උත්තම අර්‍හත්ඵලය ඉහාත්මයෙහිම කෙමේ විශෙෂ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කළාහුය´´ යි වදාළේය.

33. ´´මෙසේ වදාළ කල්හි බෝධිරාජ කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ´´ස්වාමීනි, කොපමණ කලකින් තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නාවූ භික්‍ෂුකෙම යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්වම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවරකොට ඇති ඒ උත්තම සැපත මේ ආත්මයෙහි තෙමේ විශේෂ නුවණින් දැන ඊට පැමිණ වාසය කරද්දැ´´ යි ඇසී. ´´එසේ නම්, රාජකුමාරය, මේ කාරණය තොපගෙන්ම අසමි. තොපට යම්සේ වැටහේ නම් එසේ කියව. රාජකුමාරය, ඔබ ඒ කුමකැයි සිතන්නෙහිද? ඔබ ඇතුන් පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පයෙහි දක්‍ෂවෙහිදැ´´ යි (ඇසී.) ´´ස්වාමීන් වහන්ස, එසේය. ඇතුන් පිට නැගෙන හෙන්ඩු ගන්න ශිල්පයෙහි මම දක්‍ෂයෙක් වෙමි.´´ ´´ඔබ කුමක් සිතන්නෙහිද? බෝධිරාජ කුමාරතෙම ඇතුන් පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පය දනියි. මම ඔහු වෙත ඇතුන් පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පය පුහුණු කරන්නෙමැයි මෙහි (කිසියම්) පුරුෂයෙක් පැමිණෙන්නේය.

34. ´´ඒ පුද්ගලතෙමේ ඇදහීම් නැත්තෙක් හෙවත් කියන දේ නොපිළිගන්නෙක් වෙයිද, ඇදහීමෙන් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම බොහෝ ආබාධ ඇත්තෙක් වෙයිද, නීරෝගීවූවෙකු විසින් යමකට පැමිණියයුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම කෛරාටික රැවටිලි කාරයෙක් වෙයිද, යමක් කෛරාටික නොවන රැවටිලිකාරයෙක් නොවන්නකු විසින් යමකට පැමිණියයුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම කුසීතයෙක් වෙයිද, බලවත් වීය්‍ර්‍ය ඇත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම නුවණැත්තෙක් වෙයිද, නුවණැත්තෙකු විසින් යමකට පැමිණියයුතුනම් ඊට නොපැමිණෙන්නේද, රාජකුමාරය, ඒ කුමක් සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඔබගෙන් ඇතුපිට නැගෙන හෙන්ඩුව ගන්න ශිල්පය කිම ඉගෙනගන්නේද?´´

´´ස්වාමීන් වහන්ස, ඒ එක් කරුණකින්ද යුක්තවූ පුරුෂතෙම මා වෙතින් ඇතු පිට නැගෙන හෙණ්ඩුව ගන්නා ශිල්පය නොඋගනියි. කරුණු පසින්ම යුක්තනම් කියනුම කිම?´´

35.´´රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? බොධිරාජ කුමාරතෙම ඇතු පිට නැගෙනා හෙණ්ඩු ගන්නා ශිල්පය දනියි. මම ඔහු සමීපයෙහි ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය හික්මෙන්නෙමි´ යි සිතා පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඇදහීම ඇත්තෙක් වෙයිද, යමක් අදහන්නෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද, හෙතෙම ආබාධ නැත්තෙක් වෙයිද, ආබාධ නැත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නෙක් වෙයිද, හෙතෙම කෛරාටිකයෙක් රැවටිලිකාරයෙක් නොවන්නේද, කෛරාටිකයෙක් නොවන අවංක පුද්ගලයෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද, හෙතෙම බලවත් වීය්‍ර්‍ය ඇත්තෙක් වෙයිද, බලවත් වීය්‍ර්‍ය ඇත්තෙකු විසින් යමකට පැමිණියයුතුනම් ඊට පැමිණෙන්නේද, හෙතෙම නුවණ ඇත්තේ වෙයිද, නුවණැතියෙකු විසින් යමකට පැමිණියයුතු නම් ඊට පැමිණෙන්නේද, රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඔබ වෙතින් කිම උගන්නේදැ´ යි ඇසී. ´´ස්වාමීනි, මේ එක් කරුණකින් යුක්තවූද පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඉගෙනගන්නේය. කරුණු පසින් යුත්කල කියනුම කවරේද?

36.´´රාජකුමාරය, එපරිද්දෙන්ම වීය්‍ර්‍ය කිරීම පිණිස පවත්නා අඞ්ග පසක් වෙති. රාජකුමාරය, මේ සස්නෙහි මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අරහත්ය, සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණසම්පන්නය, සුගතය, ලොකවිදූය, අනුත්තර පුරිසධම්ම සාරථීය, දෙවි මිනිසුන්ගේ ශාස්තෘය, චතුස්සත්‍ය අවබෝධ කෙළේය, භාග්‍යවත්යයි තථාගතයන් වහන්සේගේ බුදු බව අදහන්නේද?´´

´´වැඩිද නොවූ, අඩුද නොවූ, වීය්‍ර්‍ය කිරීමට සුදුසු සමවූ ආහාර පැසවන ගින්නෙන් යුක්තවූ, නීරෝගී ආබාධ නැති පුද්ගලයෙක් වෙයිද, ශාස්තෘන් වහන්සේ ඉදිරියෙහිද නුවණැතියෙක්ව මහණදම් පුරණ භික්‍ෂූන් ඉදිරියෙහිද තමා පිළිබඳ ඇතිතතු ප්‍රකාශ කරණ කපටි නොවූ අවංක පුද්ගලයෙක් වෙහිද, අකුශල ධර්‍මයන් පහකිරීම සඳහාද, කුශල ධර්‍මයන් ඉපදවීම සඳහාද, පටන්ගත් වීය්‍ර්‍ය ඇත්තෙක්දැයි වීය්‍ර්‍ය ඇත්තෙක් කුශල ධර්‍මයන්හි බර බහා නොතැබූ පුද්ගලයෙක් වන්නේද, ආය්‍ර්‍යවූ ධර්‍මයන් විනිවිද දක්නාවූ මනා කොට දුක් කෙළවර කිරීමට පමුණුවන්නාවූ, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නාවූ, නුවණින් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූවෙක් වන්නේද,

37.´´රාජකුමාරය, මේ වනාහි වීය්‍ර්‍ය වැඩීම පිණිස පවත්නා අඞ්ග පස වෙති. රාජකුමාරය, මේ වීය්‍ර්‍ය වැඩීම පවත්නා අඞ්ග පසින් යුත් භික්‍ෂුව තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උත්තම අර්‍හත්ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සත්වසකින් එයට පැමිණ වාසය කරන්නේය.

38. ´´ රාජකුමාරය, සත්වස තිබෙත්වා, මේ වීය්‍ර්‍ය වැඩීම පවත්නාවූ අඞ්ග පසෙන් යුත් මහණ තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සය වසකින් එයට පැමිණ වාසය කරන්නේය.

39. ´´ රාජකුමාරය, සය වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට පස් වසකින් එයට පැමිණ වාසය කරන්නේය.

40. ´´ රාජකුමාරය, පස් වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අත්‍ර්‍ථර්‍යක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සිව් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

41.´´ රාජකුමාරය, සිව් වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට තුන් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

42.´´ රාජකුමාරය, තුන් වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට දෙ වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

43.´´ රාජකුමාරය, දෙ වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට එක් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

44.´´ රාජකුමාරය, එක් වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සත් මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

45.´´ රාජකුමාරය, සත්මසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සය මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

46.´´ රාජකුමාරය, සයමසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට පස් මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

47.´´ රාජකුමාරය, පස්මසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සාර මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

48.´´ රාජකුමාරය, සාරමසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට තුන් මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

49.´´ රාජකුමාරය, තුන්මසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට දෙමසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

50.´´ රාජකුමාරය, දෙමසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට එක්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

51.´´ රාජකුමාරය, එක්මසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට අඩ මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

52.´´ රාජකුමාරය, දෙමසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් සතකින් ඊට පැමිණ වාසය කරන්නේය.

53.´´ රාජකුමාරය, රෑ දාවල් සතක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් සයකින් ඊට පැමිණ වාසය කරන්නේය.

54.´´ රාජකුමාරය, රෑ දාවල් සයක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් පසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

55.´´ රාජකුමාරය, රෑ දාවල් පසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් සතරකින් ඊට පැමිණ වාසය කරන්නේය.

56.´´ රාජකුමාරය, රෑ දාවල් සතරක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් තුනකින් ඊට පැමිණ වාසය කරන්නේය.

57.´´ රාජකුමාරය, රෑ දාවල් තුනක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් දෙකකින් ඊට පැමිණ වාසය කරන්නේය.

58.´´ රාජකුමාරය, රෑ දාවල් දෙකක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට එක් රෑ දාවලකින් ඊට පැමිණ වාසය කරන්නේය.

59.´´ රාජකුමාරය, එක් රෑ දාවලක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අඞ්ග පසින් යුක්ත මහණතෙමේ, තථාගතයන් වැනිවූ හික්ම වන්නෙක් ලබන්නේ, සවස අනුශාසනා කරණ ලද්දේ උදෑසන මාර්‍ගඵල අවබෝධ කරයි. උදෑසන අනුශාසනා කරණ ලද්දේ සවස මාර්‍ගඵල අවබෝධ කරන්නේය´´ යි (වදාළසේක.)

60.´´මෙසේ වදාළ කල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ´´බුÈරජානන් වහන්සේගේ ආශ්චය්‍ර්‍ය ධර්‍මය ආශ්චය්‍ර්‍යයි. යම් ධර්‍මයකින් සවස අනුශාසනා කරණ ලද්දේ උදය මාර්‍ගඵල අවබෝධ කෙරේද, උදය අනුශාසනා කරණ ලද්දේ සවස මාර්‍ගඵල අවවබෝධ කෙරේද, ඒ ධර්‍මයාගේ යහපත්කොට දේශනා කරණ ලද බව ආශ්චය්‍ර්‍යයි. මෙසේ කී කල්හි තරුණ සඤ්ජීකා පුත්‍රතෙමේ බොධිරාජ කුමාරයාට මෙසේ කීය. ´´ඒ කාරණය ඒසේමය. පින්වත් බොධිරාජ කුමාරතෙම, සර්‍වඥයන් වහන්සේ ආශ්චය්‍ර්‍යයිද, ධර්‍මය ආශ්චය්‍ර්‍යයිද, ධර්‍මයාගේ මනාකොට දෙසනලද බව ආශ්චය්‍ර්‍යයිද, කියන්නෙහිය. එසේනම් ඒ භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංයාද සරණ කොට යව´´ යි (කීහ.)

61.´´යහළු සඤ්ජීකා පුත්‍රය, එසේ නොකියව. යහළු සඤ්ජීකා පුත්‍රය, එසේ නොකියව. යහළු සඤ්ජීකා පුත්‍රය, එසේ නොකියව. යහළු සඤ්ජීකා පුත්‍රය, මෑනියන් හමුවෙන් මෙය අසනලදී. මෑනියන් හමුවෙන් මෙය අසා පිළිගන්නා ලදී. යහළු සඤ්ජීකා පුත්‍රය, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවරෙහිවූ ාෙසිතාරාමයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ මව් තොමෝ දරුගැබ් ඇත්තී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාය. එක් පසෙක උන් මාගේ මවු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.

´´ස්වාමීන් වහන්ස, මාගේ කුසෙහිවූ යම් මේ කුමාරයෙක් හෝ කුමාරිකාවක් හෝ වේද? හෙතෙම භාග්‍යවතුන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංයාද සරණ යයි.´´ කියායි.

´´භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිවි හිම් කොට භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උපාසකයෙකු සේ දරණ සේක්වා.´´ යනුයි.

´ යහළු සඤ්ජීකා පුත්‍රය, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මේ භග්ග ජනපදයෙහිම සුංසුමාරගිරි නගරය සමීපයෙහිවූ මිගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ කිරි මව් තොමෝ මා ඇකයෙන් උසුලාගෙණ (වඩාගෙන) භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියාය.

එක් පසෙක සිටියාවූ මාගේ කිරිමව් තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. ´´ස්වාමීන් වහන්ස, මේ බෝධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සරණයයි. ධර්‍මයද භික්‍ෂු සංයාද සරණයයි.

භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයෙක් කොට දරණ සේක්වා´ (කියාය.)

´ යහළු සඤ්ජීකා පුත්‍රය, ඒ මම තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණ යෙමි. ධර්‍මයද භික්‍ෂු සංයාද සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට මා සරණ ගිය උපාසකයෙක් කොට දරණ සේක්වායි කීය.´´

බොධිරාජ කුමාර සූත්‍රය නිමි. ( 4 – 35 )

83. මඛාදෙව සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මිථිලා නම් නගරයෙහි මඛාදේව නම් අඹ උයනෙහි වැඩ වෙසෙත්. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ එක්තරා තැනකදී සිනහ පහළ කෙළේය. එහිදී ආයුෂ්මත් අනඳ තෙරුන්හට මේ සිත පහළ විය. ´භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කිරීමට හේතුව කිම? කරුණ කිම? කරුණක් නැති කල්හි තථාගතවරයෝ සිනහ පහළ නොකෙරෙත්ය´ කියාය.

එහිදී ආයුෂ්මත් ආනන්‍ඳ තෙමේ සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ භාග්‍යවතුන් ට මේ කාරණය කීය.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කිරීමට හේතුව කිම? කරුණු කිම? තථාගතවරයෝ හේතුවක් නැතිව සිනහ පහළ නොකෙරෙති´´ යි කියාය.

2. ´´ආනන්‍දය, පෙර දවස මේ මිථිලා නගරයෙහිම මඛාදේව නම් රජෙක් වූයේය. ධාර්මිකවූ, ධර්‍මයෙන් රජකම් කරණ, ධර්‍මයෙහි පිහිටි මහ රජෙක්ව බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වැස්සන් කෙරෙහිද, ජනපද වැස්සන් කෙරෙහිද ධර්‍මයෙන් පිළිපදියි.

´´පක්‍ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද සිල් සමාදන්ව වාසය කරයි.

´´ආනන්‍දය, ඒ කාලයෙහි අවුරුදු බොහෝ ගනනක්, අවුරුදු සිය ගනනක්, අවුරුදු දහස් ගනනක් ගතවීමෙන් පසු මඛාදේව රජතෙමේ හිස රැවුල් කපන්නාට කථා කෙළේය. ´යහලුව, යම් දවසක මාගේ හිසෙහි පැසුණු හිසකෙස් වූවාහුද එකල්හි මට කියව´ යි කීහ.

´´ආනන්‍දය, ´දේවයිනි, එසේය´ යි හිස රැවුල් කපන්නා මඛාදේව රජහට උත්තර දුන්නේය.

´´ආනන්‍දය, බොහෝ අවුරුදු, බොහෝ සියක් අවුරුදු, බොහෝ දහසක් අවුරුදු ගතවීමෙන් හිස රැවුල් කපන්නා මඛාදේව රජහුගේ හිසෙහි පැසුණු හිසකෙස් දිටීය. දැක මඛාදේව රජහට ´දේවයන්හට දේවදූතයෝ පහළ වූවාහුය. හිසෙහි පැසුණු හිසකෙස් දක්නා ලැබෙත්ය´ යි කීය. ´එසේ නම් යහළුව ඒ පැසුණු කෙස් අඬුවෙන් ප්‍රවේශම්ව උදුරා මාගේ අතෙහි තබව´ යි කීහ.

´´ආනන්‍දය, ´දේවයිනි, එසේයයි කියා ඇම්බැට්ට තෙමේ මඛාදේව රජහට උත්තර දී, ඒ පැසුණු කෙස් ප්‍රවේසමින් අඬුවෙන් උදුරා මඛාදේව රජහුගේ අතෙහි තැබීය.

´´ආනන්‍දය, එවිට රජවූ මඛාදේව තෙමේ ඇම්බැට්ටයාට ගම්වරක් දී, වැඩිමහල් පුත් කුමරුට කථාකොට මෙසේ කීය. ´දරුව කුමාරයිනි, මට දේවදුතයෝ පහළවූහ. හිසෙහි පැසුණු කෙස් දක්නා ලැබෙත්. මා විසින් මිනිස් කාම සම්පත් අනුභව කරණ ලදී. දැන් දිව්‍ය කාම සම්පත් සෙවීමට කාලය වෙයි.

´´දරුව කුමාරය, එව. නුඹ මේ රාජ්‍යය පිළිගනුව. මම වනාහි කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහි ගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙමි. දරුව කුමාරය, එසේම නුඹත් යම් දවසක හිසෙහි පැසුණු හිසකෙස් දක්නෙහිද, එකල්හි ඇම්බැට්ටයාහට ගම්වරක් දී, දෙටු පුත් කුමරු යහපත් කොට රාජ්‍යයෙහි පිහිටුවා නොහොත් රජයෙන් අනුශාසනා කොට කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙව. යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවෙව.

´දරුව කුමාරය, (මාගේ) වංශයෙහි උපන් යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමගේ සිඳීම වෙයි නම් හෙතෙම ඔවුන්ගේ අන්තිම පුරුෂයා වෙයි. දරුව කුමාරය, එහෙයින් ඔබට මම මෙසේ කියමි. යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවෙව´ යි කීහ.

4.´´එතල්හි ආනන්‍දය, මඛාදේව රජතෙමේ ඇම්බැට්ටයාහට ගම්වර දී වැඩිමහල් පුත්කුමරු යහපත්ව රජයෙහි පිහිටුවා කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා මේ මඛාදේව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදිවූයේය.

´´හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවැනි දිසාවදැයි, මෙසේ උඩද, යටද, සරසදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රිය සමග පවත්නාවූ මහත්වූ උසස් බවට පැමිණියාවූ, ප්‍රමාණ නොකොට හැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙළේය.

5. ´´කරුණාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ, මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. මුදිතාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ කරුණා සයගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ, මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. උපෙක්‍ෂාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩද යටද සරසදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ උසස් බවට ගියාවූ ප්‍රමාණ කළ නොහැක්කාවූ, වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කෙළේය.

6.´´ආනන්‍දය, මඛාදේව රජ තෙමේ වනාහි අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කෙළේය. අසූහාර දහසක් අවුරුදු යුවරජකම කෙළේය. අසූහාර දහසක් අවුරුදු රජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදේව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදිව බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසුරුණේය. හෙතෙමේ සතර බ්‍රහ්ම විහාර ධර්‍මයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්ම ලෝකයට පැමිණියෙක් වූයේය.

´´ඉක්බිති ආනන්‍දය, මඛාදේව රජුගේ පුත්‍ර තෙමේ බොහෝ අවුරුදු බොහෝ සියක් අවුරුදු බොහෝ දහසක් අවුරුදු ඉක්මවා ඇම්බැට්ටයාහට කථා කෙළේය.

´යහලුව, යම් දිනක මාගේ හිසෙහි පැසුණූ කෙස් දක්නෙහිද? එවිට මට කියව´ යි කීය.

´´ආනන්‍දය, ´දේවයෙනි එසේය´ කියා ඇම්බැට්ට තෙමේ මඛාදේව රජුගේ පුත්‍රයාහට උත්තර දුන්නේය.

7. ´´ආනන්‍දය, බොහෝවූ අවුරුදු. බොහෝවූ සියක් අවුරුදු, බොහෝවූ දහස් අවුරුදු ඉක්ම ගිය තැන ඇම්බැට්ට තෙමේ මඛාදේව රාජ පුත්‍රයාගේ හිසෙහි පැසුණ හිසකේ දිටිය. දැක මඛාදේව රාජ පුත්‍රයාට ´දේවයන් වහන්සේට දේවදුතයෝ පහලවූහ. හිසෙහි පැසුණු හිසකේ දක්නා ලැබෙත්ය´ යි කීය.

´යහලුව, එසේ නම් ඒ පැසුණු හිසකේ ප්‍රවේශමෙන් අඬුවෙන් උදුරා මාගේ අතෙහි තබව´ යි කීය.

´´ආනන්‍දය, ´දේවයෙනි, එසේය කියා ඇම්බැට්ට තෙම මඛාදේව රාජ පුත්‍රයාහට උත්තර දී පැසුණු හිසකේ අඬුවෙන් ප්‍රවේශමෙන් උදුරා මඛාදේව රාජ පුත්‍රයාගේ අතෙහි තැබීය.

´´ඉක්බිති ආනන්‍දය, මඛාදේව රාජ පුත්‍ර තෙමේ ඇම්බැට්ටයාට ගම්වරක් දී, වැඩිමහල් පුත් කුමරුට කථාකොට, පුත්‍රය, කුමාරයෙනි, මා හට දෙවදූතයෝ පහලවූහ. හිසෙහි පැසුණු හිසකේ පෙණෙති. මා විසින් මිනිස් කාම සම්පත් විඳින ලදී. දැන් දිව්‍ය කාම සම්පත් සොයන්නට කාලය වෙයි. පුත්‍ර කුමාරය, එව. නුඹ මේ රාජ්‍යය බාර ගනුව. මම වනාහි කෙස් රැවුල් කපා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි´ යි කීය.

´පුත්‍ර කුමාරයෙනි, එසේම යම් කලෙක නුඹද හිසෙහි පැසුණු කෙස් දක්නෙහිද, එකල්හි ඇම්බැට්ටයාහට ගම්වර දී, වැඩිමහල් පුත් කුමරු යහපත් සේ රාජ්‍යයෙහි පිහිටුවා කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදිවෙව. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවේවා. පුත්‍ර කුමාරයිනි, (මාගේ) වංශයෙහි උපන් යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමගේ සිඳීම වේ නම් හෙතෙම ඔවුන්ගේ අන්තිම පුරුෂයා වෙයි. එබැවින් දරුව කුමාරය. නුඹට මෙසේ කියමි. එහෙයින් නුඹ මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැතුමට අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවෙව´ යි කීය.

´´ඉක්බිති ආනන්‍දය, මඛාදේව රජුගේ පුත්‍ර තෙමේ ඇම්බැට්ටයාහට ගම්වරක් දී වැඩිමහල් කුමරු යහපත්ව රාජ්‍යයෙහි පිහිටුවා කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම මේ මඛාදේව අඹ උයනෙහිදීම පැවිදි බවට පැමිණියේය.

8. ´´හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවැනි දිසාවදැයි, මෙසේ උඩද, යටද, සරසදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රිය සමග පැවැත්තාවූ මහත්වූ උසස් බවට ගියාවූ, ප්‍රමාණ කළ නොහැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙළේය.

´´කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.

´´උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩද යටද සරසද යන සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය උපෙක්ඛා සහගතවූ මහත්වූ උසස් බවට ගියාවූ, පමණ කළ නොහැකිවූ, වෛර නැත්තාවූ ක්‍රෝධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙළේය.

9.´´ආනන්‍දය, මඛාදේව රජුගේ පුත්‍ර තෙමේ වනාහි අවුරුදු අසූහාර දහසක් කුමාර ක්‍රීඩා කෙළේය. අසූහාර දහසක් අවුරුදු යුවරජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු රජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු ගිහිගෙන් නික්ම ශාසන පැවිදිව මේ මඛාදේව අඹ උයනෙහිම බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසුරුණේය.

´´හෙතෙම සතර බ්‍රහ්ම විහාර ධර්‍මයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි බඹලොවට පැමිණියෙක් වූයේය.

´´ආනන්‍දය, මඛාදේව රජුගේ දරුවන්ගේ දරුවන් පටන් කොට ඇති ඔහුගේ අසූහාර දහසක් පරම්පරාව මේ මඛාදේව අඹ වනයෙහිම කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි විය.

10.´´ඔවුහු මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වැනි දිසාවද, මෙසේ උඩද යටද සරසද සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රී සහගතවූ විපුලවූ උසස්වූ ප්‍රමාණයක් නැත්තාවූ වෛර රහිතවූ ක්‍රෝධ නැත්තාවූ සිතින් පතුරුවා වාසය කළහ.

´කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.

´මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක් පැතිර විසූහ. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වැනි දිසාවද, මෙසේ උඩද යටද සරසද සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නාවූ බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය විපුලවූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ සිතින් පැතිර විසූහ.

11.´´ඒ පරපුරෙහි රජදරුවෝ අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කළහ. අසූහාර දහසක් අවුරුදු උපරජකම් කළාහුය. අසූහාර දහසක් අවුරුදු රජකම් කළාහුය. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදේව අඹ වෙනෙහිම ගිහිගෙන් නික්ම පැවිදිවූවාහු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසුරුණාහුය.

´´ඔවුහු සතර බ්‍රහ්ම විහරණයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් පසු මරණින් මත්තෙහි බඹලොව උපන්නෝ වූහ.

´´ඒ රජුන් අතරෙහි අන්තිම තැනැත්තේ නිමි නම් රජ වූයේය. හෙතෙම ධාර්මිකවූ, දැහැමින් රජ කරන්නාවූ, කුශල ධර්‍මයෙහි පිහිටියාවූ මහ රජෙකි. බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වාසීන් කෙරෙහිද, ජනපද වාසීන් කෙරෙහිද ධර්‍මයෙන් හැසිරෙයි. පක්‍ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද, සිල් සමාදන්ව වෙසෙයි.

12. ´´ආනන්‍දය, පෙරවූවක් නම් සුධර්‍මානම් දිව්‍ය සභාවෙහි තව්තිසා දෙවියන් අතර මේ කථාව පහළවිය. ´පින්වත්නි, විදෙහ වැසියන්ට ඒකාන්තයෙන් ලාභයෙක. පින්වතුනි, විදෙහරට වැසියන් විසින් යහපත් ලාභයක් ලබනලදී. ඔවුන්ගේ ධාර්‍මකවූ ධර්‍මයෙන් රජකම් කරන්නාවූ තෙමේ කුසල ධර්‍මයෙහි පිහිටියාවූ මහ රජෙක්වූ නිමිරජ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වාසීන් කෙරෙහිද, ජනපද වාසීන් කෙරෙහිද ධර්‍මයෙන් හැසිරෙයි. පක්‍ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද, සිල් සමාදන්ව වාසය කරයි.

´´එකල්හි ආනන්‍දය, සක්දෙව් රජතෙම තව්තිසා දෙවියන්ට කථා කෙළේය. කථාකොට, ´නිදුකාණෙනි, තෙපි නිමිරජ දක්නට කැමතිවන්නහුදැ´ යි (ඇසීය.)

´´එකල්හි වනාහි හිස සිට ස්නානය කළාවූ නිමි රජතෙමේ පසලොස්වක් පොහොදිනයෙහි උපොසථ සිල් සමාදන්ව ප්‍රාසාදයෙහි මතුමහල් තලයෙහි හුන්නේ වෙයි.

13. ආනන්‍දය, එකල්හි සක්දෙව් රජ තෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත හෝ දික් කරන්නේද, දික් කරණ ලද අත හෝ හකුළන්නේද, එපරිදි තව්තිසා දෙවියන් අතරෙන් අතුරුදන්ව නිමිරජු ඉදිරියෙහි පහළ විය.

´´එකල්හි ආනන්‍දය, සක්දෙව් රජ තෙම නිමි රජුට මේ කාරණය කීයේය.

´මහරජ ඔබට ලාභයෙක, මහරජ ඔබ විසින් යහපත් ලාභයක් ලබනලදී. මහරජ තව්තිසා දෙව්ලොව දෙවියෝ සුධර්‍මානම් දිව්‍ය සභාවෙහි ඔබගේ ගුණ කියමින් හුන්නාහුය.

´පින්වත්නි, විදෙහ වැස්සන්ට ඒකාන්තයෙන් ලාභයෙක. පින්වත්නි, විදෙහ වැසියන් විසින් යහපත් ලාභයක් ලබනලදී. ඔවුන්ගේ ධාර්මිකවූ ධර්‍මයෙන් රජකම් කරන්නාවූ කුසල ධර්‍මයෙහි පිහිටියාවූ මහරජවූ නිමිරජතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වාසීන් කෙරෙහිද, ජනපද වාසීන් කෙරෙහිද ධර්‍මයෙන් හැසිරෙයි.

´පක්‍ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද, උපොසථ සිල් සමාදන්ව වාසය කරයි.´ (යනුවෙනි.) මහරජ, තව්තිසා දෙවියෝ ඔබ දකිනු කැමැත්තෝ වෙති. මහරජ, ඒ ඔබට මම දහසක් අසුන් යොදනලද උතුම් රථයක් එවන්නෙමි. මහරජ, දිව්‍ය යානාවට බයක් නැතිව නගිනු මැනවැ´ යි කීය.

14. ´´ආනන්‍දය, නිමි රජ තෙමේ තූෂ්ණීම් භාවයෙන් ඉවසීය. එවිට ආනන්‍දය, සක්දෙව් රජ තෙමේ නිමි රජුගේ ඉවසීම දැන බලවත් පුරුෂයෙක් තෙම යම්සේ හකුලන ලද අත හෝ දික් කරන්නේද, දික් කරණ ලද අත හෝ හකුළන්නේද, එපරිද්දෙන් නිමිරජු ඉදිරියෙහි අතුරුදන්වූයේ තව්තිසාවෙහි දෙවියන් අතරෙහි පෙණීගියේය.

´´එකල්හි ආනන්‍දය, සක්දෙව් රජ තෙමේ මාතලී දිව්‍ය පුත්‍රයාට කථා කෙළේය. කථාකොට, ´යහලුව මාතලිය, (මෙහි) එව. නුඹ දහසක් අසුන් යොදනලද රථය පැදගෙණ ගොස් නිමි රජු කරා එළඹ මෙසේ කියව.

´මහරජ, දහසක් අසුන් යොදනලද මේ උතුම් රථය සක්දෙව් රජ විසින් ඔබට එවන ලදී. මහරජ, නිර්භයව දිව්‍ය රථයට නගිනු මැනව´ කියාය. ´පින්වතුන් වහන්ස, එසේය´ යි මාතලී දිව්‍යපුත්‍ර තෙමේ සක්දෙව් රජහට උත්තර දී දහසක් අසුන් යොදනලද රථය පැදගෙණ නිමි රජු කරා පැමිණ මේ කාරණය කීය.

´මහරජ, දහසක් අසුන් යොදනලද මේ රථය සක්දෙව් රජ විසින් එවනා ලද්දේය. මහරජ, භය නැතිව දිව්‍ය රථයට නගිනු මැනව, මහරජ, තවද යම් මගක පව්කම් කළ සත්‍වයෝ පව්කම්වල විපාක විඳිත්ද, යම් මගක පින්කම් කළ සත්‍වයෝ පින්කම්වල විපාක විඳිත්ද, (ඒ දෙමගින්) කවර මගකින් ඔබ ගෙන යම්ද?´, ´මාතලිය, ඒ දෙමගින්ම මා ගෙණ යව´ යි කීය. ´´ආනන්‍දය, මාතලී දිව්‍ය පුත්‍ර තෙමේ නිමි රජුහු සුධර්‍මා නම් දිව්‍ය සභාවට පැමිණවීය.

15. ´´ආනන්‍දය, සක්දෙව් රජ තෙම එන්නාවූ නිමි රජ දුරදීම දිටීය. දැක නිමි රජුට මෙසේ කීය. ´මහරජ, එනු මැනව. මහරජ ඔබගේ යහපත් පැමිණීමක්ය.

´´මහරජ, තව්තිසා දෙවියෝ සුධර්‍මානම් දිව්‍ය සභාවෙහි ඔබගේ ගුණ කියමින් හුන්නාහුය. (කෙසේදයත්) ´පින්වත්නි, විදෙහ වැස්සන්ට ඒකාන්තයෙන් ලාභයෙක. පින්වත්නි, විදෙහ වැසියන් විසින් යහපත් ලාභයක් ලබනලදී.

දැහැමිවූ, ධර්‍මයෙන් රජකම් කරන්නාවූ කුසල ධර්‍මයෙහි පිහිටියාවූ මහරජවූ නිමි රජතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වාසීන් කෙරෙහිද, ජනපද වාසීන් කෙරෙහිද ධර්‍මයෙහි හැසිරෙයි.

´පක්‍ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද, උපොසථ සිල් සමාදන්ව වෙසෙයි.

´මහරජ, තව්තිසා දෙවියෝ ඔබගේ දැකීම කැමැත්තෝය. මහරජ, දෙවියන් අතරෙහි දෙවියන්ගේ ආනුභාවයෙන් සතුටු වන මැනවැ´ යි (කීය.)

´නිදුකානෙනි, නම් නැත. මා මිථිලා නුවරට නැවත ගෙණ යේවා. එහි බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වැස්සන් කෙරෙහිද, ජනපද වැස්සන් කෙරෙහිද ධර්‍මයෙහි හැසිරෙන්නෙමි.

´පක්‍ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනහිද, අටවක් දිනෙහිද, උපොසථ සිල් සමාදන්ව වෙසෙන්නෙමි.´

´´ඉක්බිති ආනන්‍දය, සක්දෙව් රජ තෙමේ මාතලී දිව්‍ය පුත්‍රයා කැඳවීය. ´යහලු මාතලිය, (මෙහි) එව. නුඹ දහසක් අසුන් යොදන රථයෙහි අසුන් යොදා නිමි රජ එහි මිථිලාවට ආපසු පමුණුව´ යි කීය.

´´ආනන්‍දය, ´පින්වත, එසේය´ කියා මාතලී දිව්‍යපුත්‍ර තෙම සක්දෙව් රජහට උත්තර දී දහසක් අසුන් යොදන රථයෙහි අසුන් යොදා පැදගෙණ නිමි රජු එහි මිථිලාවට ආපසු පැමිණවීය.

16. ´´ආනන්‍දය, එකල්හි වනාහි නිමි රජතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වැස්සන් කෙරෙහිද, ජනපද වැස්සන් කෙරෙහිද ධර්‍මයෙහි හැසිරෙයි. පක්‍ෂයෙහි තුදුස්වක් දිනෙහිද, පසලොස්වක් දිනෙහිද, අටවක් දිනෙහිද, අෂටාඞ්ග සීලය සමාදන්ව වාසය කරයි.

´´එකල්හි ආනන්‍දය, නිමි රජ තෙමේ බොහෝවූ අවුරුදු සියක් බොහෝ අවුරුදු බොහෝවූ දහසක් අවුරුදු ගතවීමෙන් ඇම්බැට්ටයාට කථා කළේය. ´යහලුව, දවසක මාගේ හිසෙහි පැසුණූ කෙහෙ දක්නෙහි නම් එකල්හි මට කියව´ යි කීය.

´´ආනන්‍දය, ´දේවයෙනි එසේය´ කියා ඇම්බැට්ට තෙමේ නිමි රජහට උත්තර දුන්නේය. ´´ආනන්‍දය, බොහෝවූ අවුරුදු. බොහෝවූ සියක් අවුරුදු, බොහෝවූ දහසක් අවුරුදු ගතවීමෙන් පසු නිමි රජුගේ හිසෙහි පැසුණ හිසකේ දුටුවේය. දැක නිමි රජුට මේ කාරණය කීය.

´දේවයන්හට දේවදුතයෝ පහළවූහ. හිසෙහි පැසුණු හිසකේ දක්නා ලැබෙත්ය´ යි කීය. ´යහලුව, එසේ නම් ඒ පැසුණු හිසකේ අඬුවෙන් ප්‍රවේශමෙන් උදුරා මාගේ අතෙහි තබව´ යි කීය.

´´ආනන්‍දය, ´දේවයෙනි, එසේය´ කියා ඇම්බැට්ට තෙම නිමි රජහට උත්තර දී ඒ පැසුණු හිසකේ ප්‍රවේශමෙන් අඬුවෙන් උදුරා නිමි රජුගේ අතෙහි තැබීය.

´´එකල්හි ආනන්‍දය, නිමි රජ ඇම්බැට්ටයාට ගම්වරක් දී, වැඩිමහලු පුත් කුමරු කැඳවා මෙසේ කීවාය.

´පින්වත් කුමර, මට දෙවදූතයෝ පහළවූහ. හිසෙහි පැසුණු කෙස් දක්නා ලැබෙති. මා විසින් මිනිස් කාම සම්පත් විඳින ලද්දාහ. දිව්‍යමයවූ කාම සම්පත් සොයන්ට කාලය වේ. දරුව කුමාරය, එව. මේ රාජ්‍යය පිළිගනුව. මම වනාහි කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි.

´පින්වත් කුමාරය, එසේම යම් කලෙක්හි නුඹත් හිසෙහි පැසුණු කෙහෙ දක්නෙහිද, එකල්හි ඇම්බැට්ටයාහට ගම්වරක් දී, වැඩිමහළු කුමරු රාජ්‍යයෙහි පිහිටුවා කෙස් රැවුල් කපා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදිවන්නෙහිය.

මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැතුමට අනුව පැවතව. නුඹ මාගේ වංශයෙහි අන්තිම පුරුෂයා නොවෙව.

´දරුව කුමාරය, වංශයෙහිවූ යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමයාගේ සිඳීමෙක් වේද? හෙතෙම ඔවුන් අතරෙහි අන්තිම පුරුෂයා වෙයි. දරුව කුමර. ඔබට ඒ නිසා මම මෙසේ කියමි.

´යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතුව. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා යනුවෙව´ යි (කියාය.)

17.´´ඉක්බිති ආනන්‍දය, නිමි රජතෙමේ ඇම්බැට්ටයාහට ගම්වරක් දී වැඩිමහලු පුත්කුමරු රාජ්‍යයෙහි පිහිටුවා මේ මඛාදේව අඹ වෙනෙහිම කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයට පැමිණියේය.

´´හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තෙවෙනි දිසාවද, එසේම සිව්වෙනි දිසාවද, මෙසේ උඩද, යටද, හරහදැයි සියලු කාලයෙහි සියළුතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රී සහගතවූ, මහත්වූ උසස් බවට පැමිණියාවූ, ප්‍රමාණ නොකොට හැක්කාවූ වෛර නැත්තාවූ, ක්‍රොධ රහිතවූ, සිතින් පතුරුවා වාසය කෙළේය. කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ, මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.

මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ, මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.

උපෙක්‍ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තෙවෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, යන මෙසේ උඩද යටද හරහදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ උසස් බවට ගියාවූ ප්‍රමාණ කළ නොහැක්කාවූ, වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපෙක්ඛා සහගත සිතින් පතුරුවා වාසය කෙළේය.

18.´´ආනන්‍දය, නිමි රජ වනාහි අවුරුදු සූඅසූසාර දහසක් කුමාර ක්‍රීඩා කෙළේය. අවුරුදු සූඅසූසාර දහසක් යුවරජකම් කෙළේය. අවුරුදු සූඅසූසාර දහසක් රජකම් කෙළේය. අවුරුදු සූඅසූසාර දහසක් මේ මඛාදේව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදිව බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසුරුණේය.

´හෙතෙම සතර බ්‍රහ්ම විහාර ධර්‍මයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි බඹලොවට පැමිණියෙක් වූයේය.

19. ´´ආනන්‍දය, නිමි රජහට වනාහි කලාර ජනක නම් පුත්‍රයෙක් වී. හෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි නොවීය. හෙතෙම ඒ යහපත් පැවතුම සිඳදැමීය. හෙතෙම ඔවුන් අතර අන්තිම පුරුෂයා විය.

20. ´´ආනන්‍දය, ඔබට මෙබඳු අදහසෙක් විය හැක්කේය. (එනම්) ඒ කාලයෙහි යමෙක් ඒ යහපත් පැවතුම පිහිටු වූයේද (ඒ) මඛාදේව රජතෙමේ ඒකාන්තයෙන් අන් කෙනෙක් වූයේද (කියායි.) ආනන්‍දය, ඒ කාරණය වනාහි එසේ නොදතයුතුය.

´´ඒ කාලයෙහි මම මඛාදේව රජ වීමි. මම ඒ යහපත් පැවතුම ඇතිකෙළෙමි. මා විසින් පිහිටුවනලද ඒ යහපත් පැවතුමට අනුව පසු ජනතෙම පැවතුනේය.

21. ´ආනන්‍දය, ඒ යහපත් පැවතුම කලකිරීමය පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂ ඤාණය පිණිස, අවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස නොපවතී. යම්තාක් බ්‍රහ්මලෝකෝත්පත්තිය පිණිස වෙයි.

´´ආනන්‍දය, දැන් වනාහි මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂ ඤාණය පිණිස, අවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස පවතී.

´´ආනන්‍දය, දැන් වනාහි මා විසින් පිහිටුවනලද ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස පවතින ඒ යහපත් පැවතුම කවරේද?

´´මේ අඞ්ග අටක් ඇති ආය්‍ර්‍ය මාර්‍ග, එනම්, යහපත් දැකීම, යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් කර්‍මාන්තය, යහපත් ජීවිකාව, යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය යන මොවුහුය.

´´ආනන්‍දය, දැන් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස පවතියි.

22. ´´ආනන්‍දය, මම වනාහි නුඹට මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයෝ නොවව්. ආනන්‍දය, (මාගේ) වංශයෙහිවූ යම් පුරුෂයෙකුගේ කල්හි මෙසේවූ යහපත් පැවතුමගේ සිඳීයාම වෙයිද? හෙතෙම ඔවුන් අතර අන්තිම පුරුෂයා වෙයි.

´´ආනන්‍දය, එහෙයින් තොපට මම මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයෝ නොවව්´´. (කියාය.)

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටුවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.

මඛාදේව සූත්‍රය නිමි. ( 4 – 3 )