60. අපණ්ණක සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වල මහත්වූ භික්ෂු සංයා සමග සැරිසරා වඩිනාසේක් කොසොල් දනව් වැස්සන්ගේ ශාලානම් බමුණුගම යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. ශාලානම් ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු ශාක්‍යප්ත්‍රවූ ශාක්‍ය වංශයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතම තෙම වනාහි කොසොල් දනව්වල මහත්වූ භික්ෂු සංයා සමග සැරිසරණසේක් ශාලානම් ගමට පැමිණියේ වෙයි. ඒ භවත් ගෞතමයන්ගේ මෙබදු යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව නැංගේ වෙයි.

´´ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධහ අෂ්ටවිද්‍යා පසලොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ, යහපත් ගති ඇත්තාහ, සියලු ලෝකයන් දන්නාහ. ශ්‍රෙෂ්ඨයහ. හික්මවියයුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ, චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළහ. භාග්‍යවත්හ. ඒ තථාගතයන්වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ, බ්‍රාහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා තමන් උසස් ඤාණයෙන් දැන පැහැදිලිකොට ප්‍රකාශ කරන්නාහ. ඒ තථාගතයන් වහන්සේ මූල යහපත්වූ, මැද යහපත්වූ අර්ථ සහිතවූ, ඛ්‍යංජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ ශාසන මාර්ග බ්‍රහ්මචරියාව ගෙන හැර දක්වති. එබදුවූ රහතුන්ගේ දැකුම යහපත්ය.´´

2. ඉක්බිති ශාලානම් ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතිහූ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතනැට පැමිණියාහුය. පැමිණ, සමහරු භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක උන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ඒ දෙසට ඇඳිලි බැඳ (අත් එකට තබා වැඳ) එක පැත්තක උන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි නාම ගොත්‍රය අස්වා එක පැත්තක උන්හ. සමහරු නිශ්ශබ්දවූවැහි එක පැත්තක උන්හ. එක පැත්තක උන්නාවුම ශාලානම් ගම්වැසිවූ බ්‍රාහ්මණ ගෘපතියන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. ´´ගෘහපතියෙනි, යමෙකු කෙරෙහි නුඹලා විසින් කරුණු සහිතවූ ශ්‍රද්ධාවක් ලබන ලද්දීද, තොපට එබදුවූ මනාපවූ කිසියම් ශාස්තෘවරයෙක් ඇත්තේද?´´

´´ස්වාමීනි, යමෙකු කෙරෙහි අප විසින් කරුණු සහිතවූ ශ්‍රද්ධාවක් ලබන ලද්දීද, අපට එබදුවූ මනාපවූ කිසියම් ශාස්තෘවරයෙක් නැත්තේය.´´

´´ගෘහපතියෙනි, ඒකාන්තවූ ධර්ම තෙම කවරේද? ගෘහපතියෙනි, මෙසේ කියන්නාවූ, මෙසේ දෘෂ්ටි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. දුන් දෙනෙහි විපාග නැත. කරනලද පූජාවෙහි විපාක නැත. මෙයෙීමෙන් කරන ලද සත්කාරයෙහි විපාක නැත. කුසල කර්මයන්ගේ ඵලයක් නැත. විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට උපකාර අපකාර කිරීමේ විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමේ විපාක නැත. ඔපපාතික සත්වයෝ නැත. ලෝකයෙහි යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශ්ෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙද්ද, එබදු යහපත් මාර්ගයෙහි ගමන් කරන්නාවූ මනා කොට පිළිපදින්නාවූ මහණ බමුණෝ නැතැයි ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ට සමහර මහණ බමුණෝ කෙළින්ම විරුද්ධවාද ඇත්තේ වෙත්. ඔව්හු මෙසේ කියක්. දුන් දෙයෙහි විපාක ඇත. කරන ලද පූජාවෙහි විපාක ඇත. මෙහෙයවීමෙන් කරණලද සත්කාරයෙහි විපාක ඇත. කුසලා කුසල කර්මයන්ගේ ඵලයක් විපාගයක් ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවට උපකාර අපකාර කිරීමේ විපාක ඇත. පියාට උපකාර අපකාර කිරීමේ විපාක ඇත. ඔපපාතික සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබදුවූ යහපත් මග ගමන ්කරන්නාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහ:´´යි ගෘහපතියෙනි, ඒ කුමකැයි හගිව්ද? මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධවාද ඇත්තෝ නොවෙත්ද?´´

´´එසේය, ස්වාමීනි.´´

4. ´´ගෘහපතියෙනි, එහි යම් ඒ මහණ බමුණෝ මෙබදු වාද ඇත්තාහු මෙබදු දෘෂ්ටි ඇත්තාහුවෙත්ද (එනම්) ´දුන් දෙයෙහි විපාක නැත. කුසලාකුසල කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට සංග්‍රහ කිරීමේ විපාග නැත. පියාට සංග්‍රහ කිරීමේ විපාක නැත. ඕපපාතික සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබදු වූ යහපත් මග ගමන් කරන්නාවූ මනා කොට පිළි පන්නාවූ මහණ බමුණෝ ලොව නැත්තාහයි´´ කියත්ද, ඔවුන් යම් යම් කයින් මනාව හැසිරීමය, වචනයෙන් මනාව හසිරීමය, සිතින් මනාව හැසිරීමය, යන මේ කුසල ධර්ම තුන දුරුකොට යම් යම් කයින් නොමනා හැසිරීමය, වචනයෙන් නොමනා හැසිරීමය, සිතින් නොමනා හැසිරීමය, යන මේ අකුසල ධර්ම තුන සමාදන්ව පවතින්නාහුය, යන මෙය කැමති විය යුතුයි. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂය ලාමක බව කෙලෙසීම, කුසල ධර්මයන්ගේද නෛෂ්ක්‍රම්‍ය යෙහි, (අත්හැර දැමීම) ආනිශංසය පිරිසිදු පක්ෂය නොම දකිත්. ඇත්තාවුම පරලොව පරලොවක් නැතැයි ඔහුගේ දෘෂිටිය වෙයි. එම මොහුගේ විථ්‍යා දෘෂ්ටිය වේ. ඇත්තාවුම පරලොව (ගැණ) පරලොවෙක් නැතැයි කල්පනා කරයි. එය ඔහුගේ මිථෘ කල්පානව වේ. ඇත්තාවුම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි කියයි. යම් ඒ පරලොව දන්නාවූ රහත්වූ වෙත්ද ඔවුන්ට මෙතෙම විරුද්ධ වෙයි. ඇත්තාවුම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි අනුන්ට හඟවයි. ඒ ඔහුගේ අසත්‍ය ධර්මය හැඟවීමවේ. ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් කෙරෙයි. අනුන් පහත් කෙරෙයි. මෙසේ පළමු කොටම ඔහුගේසිල්වත් බව දුරුවූයේ වෙයි. දුශ්ශිල භාවය එළඹ සිටියේ වෙයි. මේ මිථෘ දෘෂ්ටියද මිථ්‍යා කල්පනාවද, මිථ්‍යා වචනයද, ආර්යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැගවීමද, තමා උසස් කිරීමද, අනුන් පහත් කිරීමදැයි මෙසේ ඔහුට මේ නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යා දෘෂ්ටි හේතුවෙන් හටගනිත්.

5. ´´ගෘහපතියෙනි, එහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් වනාහි පරලොවෙක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් තමහට සුවයක් කරන්නේය. ඉදින් වනාහි පරලොවෙක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් වන්නාවූ විනාසයට පත් වන්නාවූ නරකයෙහි උපදින්නේයන. ඒකාන්තයෙන් පරලොවෙක් නොතිබේවා ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එකකුදු වුවත් මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම, මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවූයේ වෙයි. දුශ්ශීලවූ පුරුෂ පුද්ගලතෙම නාස්තිකවාද ඇති මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙයි, ඉදින් වනාහි පරලොවක් ඇත්තේ නම් මේ ආත්මයෙහිම නුවණැත්තන් ගේ ගැරහීමට සුදුසුය, යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් වන්නාවූ විනාසයට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය, යන යමකුත් ඇද්ද, මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ දෙලොව පරාජය ගන්නේවේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්මය තෙම නපුරුකොට සම්පූර්ණ කරනලද්දේ සමාදන්වන ලද්දේ එක් කොටසක් පැතිර සිටියි. කුසල්වූ කාරණය හිස්වෙයි.

6. ´ගෘහපතියෙනි, එහි යම් ඒ මහණ බමුණෝ මෙබදු වාද ඇත්තාහු මෙබදු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, (එනම්) දුන් දෙයෙහි විපාක ඇත. කරනලද පූජාවෙහි විපාක ඇත. මෙහෙයීමෙන් කළ සත්කාරයෙහි විපාක ඇත. මනාව කළ නොමනාව කළ කර්මයන්ගේ ඵලයක් විපාකයක් ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවට උපකාර කිරීමේ විපාක ඇත. පියාට උපකාර කිරීමේ විපාක ඇත. ඔපපාතික සත්වයෝ ඇත්තාහ. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද, එබදුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහ, ඔවුන් පිළිබඳව මෙය කැමති වියයුතුයි. යම් මේ කයින් නොමනා හැසිරීමක් වේද, වචනයෙන් නොමනා හැසිරීමක් වේද, සිතින් නොමනා හැසිරීමක් වේද, මේ අකුසල ධර්ම තුන දුරුකොට යම් මේ කයින් මනා හැසිරීමක් වේද, වචනයෙන් මනා හැසිරීමක් වේද, සිතින් මනා හැසිරීමක් වේද, මේ කුසල ධර්ම තුන සමාදන්ව පවතින්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය ලාමක බව කෙලෙසීමද, කුසල ධර්මයන්ගේද නෛෂ්ක්‍රම්‍යයෙහිද ආනිසංසය පිරිසිදු පක්ෂය දකිත්මය. ඇත්තාවුම පරලොව (ගැන) පරලොවක් ඇතැයි ඔහුගේ දෘෂ්ටිය වෙයි. ඕ තොමෝ ඔහුගේ සම්‍යක් දෘෂ්ටිය වේ. ඇත්තාවුම පරලොව (ගැන) පරලොවක් ඇතැයි කල්පනා කරයි. හෙතෙම මොහුගේ සම්‍යක් කල්පනාව වේ. ඇත්තාවුම පරලොව (ගැන) පරලොවක් ඇත යන වචනය කියයි. එය මොහුගේ (යහපත් වචනය) සම්‍යක් වාචාවවේ. ඇත්තාවුම පරලොව ගැණ පරලොවක් ඇතැයි කීයේද පරලොව දන්නාවූ යම් ඒ රහත්හු වෙත්ද, ඔවුන්ට මෙතෙම විරුද්ධවූවෙක් නොවෙයි.

´´ඇත්තාවුම පරලොව (ගැන) පරලොවක් ඇතැයි අනුන්ට හඟවාද එය මොහුගේ සත්‍යවූ ධර්මය හැඟවීම වේ. ඒ සත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමා නොම උසස් තෙරෙයි. අනුන් නොම පහත් කෙරෙයි. මෙසේ පළමු කොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවූයේ වෙයි. සුසිල භාවය එළඹ සිටියේ වෙයි. මේ සම්‍යක් දෘෂ්ටියද, සම්‍යක් කල්පනාවද, සම්‍යක් වචනයද ආර්යයන්ට විරුද්ධ නොවීමද සත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් නොකිරීමද, අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්මයෝ සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් හටගනිත්.

7. ´´ගෘහපතියෙනි, ඔවුන් කෙරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ කල්පනා කරයි. ඉදින් වනාහී පරලොවක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය. ඒකාන්තයෙන්ම පරලොවක් නොවේවා, ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය වේවා. එතකුදුවුවත් මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම මේ ආත්මයෙහි නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුවේ. සිල්වත්වූ පුරුෂ පුද්ගල තෙම අස්තිකවාද ඇත්තේ, සම්‍යක් දෘෂ්ටියෙක් වෙයි. ඉඳින් වනාහී පරලොවක් ඇත්තේමද මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ පැසසීමට සුදුසුය යන යමක්වේද, ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දෙව්ලොව උපදින්නේය යන යමකුගේ වේද, යන මේ දෙලොවෙහි ජය ගැනීම වේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්මය තෙම මනාව සම්පූර්ණ කරන ලද්දේ සමාදන් වන ලද්දේ දෙපසම පැතිර සිටියි. අකුසලය හිස්වේ.

8. ´´ගෘහපතියෙනි, මෙබදු වාද ඇත්තාවූ, මෙබදු දෘෂ්ටි ඇත්තාවූ, ඇතැම් මහණ බමුණෝ වෙත්. (එනම්) ´කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිදුවන්නාහට, දන්ඩෙන් පීඩා කරන්නාහට, පීඩා කරවන්නාහට, සෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පනය කරන්නාහට, කරවන්නාහට, සතුන් මැරීම කරන්නාහට, කරවන්නාහට, නුදුන් දෙය කරන්නාහට, ගම පහරන්නාහට, මං පහරන්නාහට, මහත්වූ පැහැර ගැනීම කරන්නාහට, එක ගෙයක් වට කොට පැහැර ගන්නාහට, මංකොල්ල කෑමෙහි සිටින්නාහට, අනුන්ගේ අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට කරන්නාහට, පාපයක් නැත. මුවහත් කෙළවර ඇති වක්‍රයකින්ද යමෙක් මේ පෘථුවියෙහි ප්‍රාණීන් එක මස් ගොඩක් එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පවක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. ගංඟානම් ගඟේ දකුණු ඉවුරටද නසමින් විනාශ කරවමින් සිඳිමින් පීඩා කරමින් යන්නේද ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. ගංඟා නම් ගගේ උතුරු ඉවුරටද දෙමින් දෙවමින් පුදමින් පූජා කරවමින් යන්නේද, ඒ හේතුවෙන් පිනක් නැත පින් පැමිණවීමක් නැත, දීමෙන් ඉන්ද්‍රිය, දමනයෙන් සංවරයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත. පින් පැමිණීමක් නැත´ කියායි.

9. ´´ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටද ඇතැම් මහණ බමුණෝ කෙළින් විරුද්ධ වාද ඇත්තෝ වෙත්. ඔව්හු මෙසේ කීවාහුය. ´´කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට සිඳවන්නාහට, පෙළන්නාහට, පෙළීම කරවන්නාහට, ශෝකය කරවන්නාහට, ක්ලාන්ත කරවන්නාහට, කම්පනය කරන්නාහට, කරවන්නාහට, සතුන් මරන්නාහට, මරවන්නාහට, නුදුන් දෙය ගන්නාහට, ගමිපහරන්නාහට, බලාත්කාරකමින් ගන්නාහට, එක්ගෙයක් පැහැර ගැනීම කරන්නා හට, මං පැහරීමෙහි සිටින්නාහට, අන් අඹුවන් කරා යන්නා හට, බොරු කියන්නාහට, කරන්නාහට පාපය ඇත. මුවහත් කෙළවර ඇති චක්‍රයකින් යමෙක් මෙි පෘථිවියෙහි ප්‍රාණින් එක මස් ගොඩක්, එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පාපය ඇත්තේය. පාපයාගේ පැමිණිම ඇත්තේය. ගඞගානමි ගඟේ දකුණු ඉවුරද නසමින් නැසීම කරවමින්, සිදිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් යන් නේද, ඒ හේතුවෙන් පාපය ඇත්තේය. පාපයාගේ පැමිණිම ඇත්තේය ගඞගානමි ගඟේ උතුරු ඉවුර දක්වා දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින්, යන්නේද, ඒ හේතුවෙන් පිනක් ඇත්තේය. පින් පැමිණිම ඇත්තේය. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීල සංවරයෙන් සත්‍ය වචනයෙන් පින ඇත්තේය. පින් පැමිණිම ඇත්තේය, ( කියායි.)

´´ ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිවිද, මෙි මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින් විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද? ´´ එසේය ස්වාමීනි ´´

10. ´´ ස්වාමීනි, ඔවුන් අතුරෙහි යමි ඒ මහණ බමුණෝ මෙබඳූ වාද ඇත්තෝ මෙබඳූ දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ( එනමි ) කරන්නාහට කරවන්නාහට, සිඳින්නාහට, තළන්නාහට, තළවන්නාහට, ශොක ඇතිකරන්නාහට, ශොකය ඇතිකරවන්නාහට, ක්ලාන්ත කරවන්නාහට, කමිපා කරන්නාහට කරවන්නාහට, සතුන් මරන්නාහට මරවන්නාහට, නුදූන්දෙය ගන්නාහට බලාත්කාරයෙන් ගන්නාහට, එක් ගෙයක් පැහැර ගැනීම කරන්නාහට, මං පහරන්නාහට, අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, කිසියමි පවක් කරමියි සිතා කළත් පවු නැත. කෙළවර මුවහත් ඇති චක්‍රයකින්ද යමෙක් මෙි පොළවෙහි ප්‍රාණින් එක මස් රැසක් කරන්නේ ද, ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ පැමිණිමක් නැත. ගඞගා නමි ගගේ දකුණු ඉවුර දක්වා නසමින්, නැසීම කරවමින්, සිඳිමින්, සිඳිම කරවමින්, තලමින් තැළීම කරවමින් යන්නේ නමි, ඒ හේතුවෙන්ද පවක් නැත. පාපයාගේ පැමිණිමක් නැත. ඉඳින් ගඬගා නමි ගඟේ උතුරු ඉවුර දක්වාද දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් යන්නේ නමි ඒ හේතුවෙන් පිණක්ද නැත. පුණ්‍යයාගේ පැමීණිමක්ද නැත. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීලසංවර යෙන් සත්‍ය වචනයෙන් පිණක් නැත. පුණ්‍යයාගේ පැමිණිමක් ද නැත. කියා´යි.

11. ´´ ඔවුන් පිළිබඳව මෙය කැමති විය යුතුයි. යමි මෙි කයින් මනා හැසිරීමක් වෙිද, වචනයෙන් මනා හැසීරීමක් වෙිද, සිතින් මනා හැසිරිමක් වෙිද, මෙි කුශල ධර්‍ම තුන දුරු කොට යමි මෙි කයින් නොමනා හැසිරීමක් වෙිද, වචනයෙන් නොමනා හැසිරීමක් වෙිද, සිතින් නොමනා හැසිරීමක්වෙිද මෙි අකුශල ධර්‍ම තුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්‍මයන්ගේ දොෂය, ලාමකබව, කෙලෙසීමද කුසල ධර්‍මයන්ගේද කමි සැප අත්හැරීමෙහිද ආනිසංසය, පිරිසිදු බව නොදකිත්මය.

12. ´´ ඇත්තාවුම පවි පින් කිරීම නැත යනු මොහුගේ දෘෂ්ටි වෙයි. මෙය ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය වෙි. ඇත්තාවුම ක්‍රියාව (ගැන) පවි පින් කිරීම නැතැයි කල්පනා කරයි. එය මොහුගේ මිථ්‍යා කල්පනාව වෙයි. ඇත්තාවුම පවි පින් කිරීම නැත යන වචනය කියයි. මෙය මොහුගේ මිථ්‍යා වචනය වෙයි. ඇත්තාවුම කිරීමක් නැතැයි කීය. යමි ඒ රහත් කෙනෙක් ක්‍රියා වාද ඇත්තෝ වෙත්ද, ඔවුන්ට හෙතෙම විරුඬ වෙයි. ඇත්තාවුම ක්‍රියාව ගැන ක්‍රියාවක් නැතැයි අනුන්ට හඟවයි. මෙය මොහුගේ අසත්‍යවු ධර්‍මය හැඟවීම වෙි. ඒ අසත්‍යවු ධර්‍මය හැඟවීමෙන්ද තමන් උසස් කරයි. අනුන් පහත් කරයි. මෙසේ පළමුකොටම මොහුගේ සුසීල භාවය දුරුවුයේ වෙයි. දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි. මෙි මිථ්‍යාදෘෂ්ටියද, මිථ්‍යා කල්පනාවද, මිථ්‍යා වචනයද, අය්‍ර්‍යයන්ට විරුඬවීමද, අසත්‍යවු ධර්‍මය හැඟවීමද, තමා උසස් කිරීමද, අනුන් පහත් කිරීමදැයි, අනුන මහත් කිරීමදැයි මෙසේ මොහුට නොයෙක් ලාමකවු අකුසල ධර්‍මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් හටගනිත්.

13. ´´ ගෘහපතියෙනි, ැඒ කාරණයෙහි නුවණැති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. ඉඳින් ක්‍රියාවක් නැත්නමි මෙසේ මෙි පින්වත් පුරුෂ පුද්ගල තෙම ශරීරයාගේ භෙදයෙන් තමහට සුවයක් කරන්නේය. ඉඳින් ක්‍රියාවක් ඇත්නමි මෙසේ මෙි පින්වත් පුරුෂ පුද්ගල තෙම ශරීරභෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවු දුක් වන්නාවු විපතට පත්වන්නාවු නරකයෙහි උපදින්නේය. එකාන්තයෙන්ම ක්‍රියාවක් නොවේවා. ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එතකුදු වුවත් මේ පින්වත් පුරුෂ පුද්ගල තෙමෙි මෙි ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවේ. දුශ්ශීලවු පුරුෂ පුද්ගල තෙම අකිරීයා වාද ඇත්තාවු මිථ්‍යාදෘෂ්ටිකයෙක කියායි. ඉඳින් ක්‍රියාව ඇත්තේම නමි මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුය, යන යමක් වේද, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවු, නපුරු ගති ඇත්තාවු, විපතට පත්වන්නාවු නරකයෙහි උපදින්නේය, යන යමකුත් වේද, මේ දෙලොවින්ම පරාඡය ගන්නේ වෙි. මෙසේ මොහුගේ මේ එකානන ධර්‍මය තෙම නපුරුකොට සමිපුර්‍ණ කරන ලද්දේ, සමාදන් වන ලද්දේ එක් පසක් පැතිර සිටී, කුසලස්ථානය හිස්වේ.

14. ´´ ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි යමි ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ, මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ( එනමි ) කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳවන්නාහට, පෙළන්නාහට, පෙළවන්නාහට, ශොක කරන්නාහට, ශොක කරන්නාහට, ශොක ඇති කරවන්නාහට, ක්ලාන්ත කරවන්නාහට, කමපා කරන්නාහට, කමපා ඇති කරවන්නාහට, සතුන් මරන්නාහට, මරවන්නාහට, නුදුන් දෙය ගන්නාහට, ගෙවල් බිඳින්නාහට, බලහත්කාරයෙන් ගන්නාහට, එක් ගෙයක් පැහැර ගැණිම කරන්නාහට, මං පැහැරීම කරන්නාහට, අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, පාපය ඇත. කෙළවර මුවහත් ඇති චක්‍රයකින්ද යමෙක් මේ පොළොවෙහි ප්‍රාණින් එක මස් ගොඩක්, එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පැමිණිමක් ඇත. ඉදින් ගඞගානමි ගඟේ දකුණු ඉවුරටද, මරමින්, මරවමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පොළවමින් යන්නේ නමි ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පැමිණිමක් ඇත. ඉඳින් ගඞගානමි ගඟේ උතුරු ඉවුර දක්වාද, දෙමින් දෙවමින් පුදමින්, පුදවමින් යන්නේ නමි ඒ හේතුවෙන් පිනක් ඇත.

15. ´´ ඔවුන් පිළිබඳව මෙය කැමති විය යුතුයි. යමි මෙි කයින් අයහපත් හැසිරීමක් වෙිද, වචනයෙන් අයහපත් හැසිරීමක් වෙිද, සිතින් අයහපත් හැසිරීමක් වෙිද, මෙි අකුසලධර්‍ම තුන දුරුකොට යමි මෙි කයින් යහපත් හැසිරීමක් වෙිද, වචනයෙන් යහපත් හැසිරීමක් වෙිද, සිතින් යහපත් හැසිරීමක් වෙිද, මෙි කුසල ධර්‍ම තුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්‍මයන්ගේ දොෂය, ලාමක බව කෙලෙසීමද, කුසල ධර්‍මයන්ගේද කාමයන්ගේ වෙන්වීමෙහිද, ආනිසංසය, පිරිසිදු බවද දකිත්මය.

16. ´´ ඇත්තාවුම ක්‍රියාව ( ගැන ) ක්‍රියාවක් ඇතැයි මොහුගේ දෘෂ්ටිය වෙි. මෙය මොහුගේ ( යහපත් ඇදහීම ) සම්‍යක්දෘෂ්ටිය වෙි. ඇත්තාවුම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතැයි කල්පනා කරයි. හෙතෙම මොහුගේ යහපත් කල්පනාව වෙි. ඇත්තාවුම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතයන වචනය කියයි. එය මොහුගේ සම්‍යක්වචනය වෙි. ඇත්තාවුම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතැයි කීයේය. යමි මෙි රහත්හු ක්‍රියා වාද ඇත්තෝ වෙත්ද, ඔවුන්ට මෙතෙම විරුඬ නොවෙයි. ඇත්තාවුම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතැයි අනුන්ට හඟවයි. එය මොහුගේ සත්‍යවු ධර්‍මය හැඟවීම වේ. ඒ ඹර්‍මය හැඟවීමෙන්ද තමන් උසස් නොකෙරෙයි. අනුන් පහත් නොකෙරෙයි . මෙසේ පළමු කොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවුයේ වෙයි. සුසීල භාවය එළඹ සිටියේ වෙයි. මේ සම්‍යක්දෘෂ්ටියද, සම්‍යක් කල්පනාවද, සම්‍යක් වචනයද ආය්‍ර්‍යයන්ට විරුඬ නොවීමද, සත්‍යවු ධර්‍මය හැඟවීමද තමන් උසස් නොකිරීමද අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්‍මයෝ සම්‍යක්දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.

17. ´´ ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි නුවණැති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. ඉදින් ක්‍රියාව ඇත්නමි මෙසේ මෙි පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් හති ඇති ස්වර්‍ග ලොකයෙහි උපදින්නේය. එකාත්තයෙන්ම ක්‍රියාව නොවෙි නමි ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය වේවා. එතකුදු වුවත් මෙි පින්වත් පුරුෂ පුද්ගල තෙම ඉහාත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුස්සෙක් වේ. සිල්වත්වු පුරුෂ පුද්ගල තෙම ක්‍රියා වාද ඇත්තාවු සම්‍යක්දෘෂ්ටිකයෙක කියායි. ඉදින් ක්‍රියාව ඇත්තේම නමි මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මෙි ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුය යන යමක් වේද, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්‍ගලොකයෙහි උපදින්නේය යන යමකුත් වේද, මේ දෙලොවින්ම ඡයගැණිම වේ. මෙසේ මොහුගේ මෙි එකාන්තවු ධර්‍මය තෙම මනාව සමිපුණි කරන ලද්දේ, සමාදන්වන ලද්දේ, දෙපසම පැතිර සිටියි. අකුසල්වු කාරණය හිස් වේ.

18. ´´ ගෘහපතියෙනි, මෙබඳූ වාද ඇත්තාවු, මෙබඳූ දෘෂ්ටි ඇත්තාවු ඇතැමි මහණ බමුණෝ වෙත්. සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්‍වයෝ කෙලෙසෙන්නාහුය. සත්‍වයන්ගේ පිරිසිදුවීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්‍වයෝ පිරිසිදු වෙත් බලයක් නැත. වීය්‍ර්‍යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියඑ සත්‍වයෝ සියඑ ප්‍රාණිහු සියඑ භුතයෝ සියඑ ඡිවයෝ අවසඟන වුවාහු බලයක් නැත්තාහු විය්‍ර්‍ය නැත්තාහු නියමය සඞගමය ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාරයට පැමිණියාහු සවැදැරුමිවුම ඡාතිවල සැප දුක් විඳිත්යයි, දෘෂ්ටි ඇත්තෝ වෙත්. ගෘහ පතියෙනි, ඒ මහණ බමුණන්ටම සමහර මහණ බමුණෝ කෙලින්ම විරුඬ වාද ඇත්තෝ වෙත් ඔවිහු මෙසේ කීහ. ´සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවක් ඇත. ප්‍රත්‍යයක් ඇත. හේතුවක් ඇතිව ප්‍රත්‍යයක් ඇතිව සත්‍වයෝ කිළුටුවන්නාහ. සත්‍වයන්ගේ පිරිසිදු වීමට හේතුවක් ඇත. ප්‍රත්‍යයක් ඇත. හේතුවක් ඇතිව ප්‍රත්‍යයක් ඇතිව සත්‍වයෝ පිරිසිදු වෙත් බලයක් ඇත. වීය්‍ර්‍යයක් ඇත. පුරුෂ ශක්තියක් ඇති. පුරුෂ පරාක්‍රමයක් ඇත. සියඑ සත්‍වයෝ සියඑ ප්‍රාණිහු සියඑ භුතයෝ සියඑ ඡිවයෝ වසඟ වුවාහු බලයක් තැත්තාහු වීය්‍ර්‍යයක් තැත්තාහු නියමය සඞගමය ස්වභාවය යන මෙයින් නානාප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුමිවු ඡාතිවල සැප දුක් නොවිදිත්යයි´ ගනිත්, ගෘහපතියනි, ඒ කුමකැයි හඟිවිද ? මේ මහණ බමුණෝ ඹවුනොවුන්ට කෙළින්ම විරුඬ වාද ඇත්තෝ නොවෙත්ද ? ´´ ´´ එසේ ය, ස්වාමීනි.´´

19. ´´ ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි යමි මෙි මහණ බමුණෝ මෙබදුවාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ( එනමි ) සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්‍වයෝ කෙලෙසෙන්නාහ. සත්‍වයන්ගේ පිරිසිදු වීමට හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්‍වයෝ පිරිසිදුවෙත්. බලයක්නැත. වීය්‍ර්‍යයක් නැත පුරුෂ ශක්තියක් තැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියඑ සත්‍වයෝ සියඑ ප්‍රාණිහු සියඑ භුතයෝ සියඑ ඡිවයෝ වසඟ නොවන්නාහු බලයක් නැත්තාහු වීය්‍ර්‍යයක් නැත්තාහු නියමය සඞගමය ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුමිවූ ඡාතිවල සැපදුක් විඳිත් යයි ගනිත්ද, ඹවුන් පිළබඳව මෙය කැමති වියයුතුයි. යමි මේ කයින් යහපත් හැසිරීමක් වේද, වචනයෙන් යහපත් හැසිරීමක් වේද, හිතින් යහපත් හැසිරීමක් වෙිද, මෙි කුසල ධර්‍ම තුන දුරුකොට යමි මේ කයින් අයහපත් හැසිරීමක් වේද, වචනයෙන් අයහපත් හැසිරීමක් වෙිද, සිතින් අයහපත් හැසිරීමක් වේද, මේ අකුසල ධර්‍මතුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද ? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්‍මයන්ගේ දොෂය, ලාමක බව, කෙලෙසීමද, කුසල ධර්‍මයන්ගේද, කාමයන්ගෙන් වෙන්වීමෙහිද ආනිශංසය, පිරිසිදු බව නොදකිත්මැයි. ඇත්තාවුම හේතුවක් නැතැයි මොහුගේ දෘෂ්ටියවෙයි. මෙය මොහුගේ මිථ්‍යා දෘෂ්ටියවේ. ඇත්තාවුම හේතුවක් නැතැයි කල්පනා කරයි. හෙතෙම මොහුගේ මිථ්‍යා කල්පනාව වේ. ඇත්තාවුම හේතුව, හේතුවක් නැත යන වචනය කියයි. ඒ මොහුගේ මිථ්‍යා වචනයවේ. ඇත්තාවුම හේතුව, හේතුවක් නැතැයි කියයි. යමි මේ රහත්හු හේතු වාද ඇත්තෝ වෙත්ද, ඔවුන්ට මෙතෙම විරුඬ වෙයි. ඇත්තාවුම හේතුව, හේතුවක් නැතැයි අනුන්ට හඟවයි එය මොහුගේ අසත්‍යවු ධර්‍මය හැඟවීමවේ ඒ අසත්‍යවු ධර්මය හැඟවීමවේ. ඒ අසත්‍යවු ධර්මය හැඟවීමෙන්ද තාමා උසස් කරයි. අනුන් පහත් කරයි. මෙසේ පළමුකොටම මොහුගේ සුසීල භාවය දුරුවුයේ වෙයි. දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි. මේ මිථ්‍යා දෘෂ්ටියද මිථ්‍යා කල්පනාවද මිථ්‍යා වචනයද, ආය්‍ර්‍යයන්ට විරුඬවිමද, අසත්‍යවු ධර්මය හැඟවීමද, තමන් උසස් කිරීමද අනුන් පහත් කිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් ලාමකවු අකුසල ධර්මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් හටගණිත්.

20. ´´ ගෘහපතිවරුනි, ඔවුන් අතර නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් හේතුවක් නැත්නමි මෙසේ මෙි පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙද යෙන් තමහට සුවයක් කරන්නේය. ඉදින් හේතුව ඇත්නමි මෙසේ මෙි පින්වත් පුරුෂපුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින්මතු සැප නැත්තාවු නපුරු ගති ඇත්තාවු විපතට පත්වන්නාවු නරකයෙහි උපදින්නේය. ඒකාන්තයෙන්ම හේතුව නොවීද, ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එතකුදු වූවත් මෙි පින්වත් පුරුෂ පුද්ගලතෙම මෙ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවේ. දුශ්ශීලවු පුරුෂ පුද්ගලතෙම අහේ්තුවාද ඇත්තාවු මිථ්‍යා දෘෂ්ටියෙක කියායි. ඉදින් හේතුවක් ඇත්තේම නමි මෙි පින්වත් පුරුෂ පුද්ගලයාගේ මෙි ආත්මයෙහිම නුවණැත්තන් ගේ ගැරහීමට සුදුසුය යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින්මතු සැප නැත්තාවු නපුරු ගති අත්තාවු විපතට පත්වන්නාවු නරකයෙහි උපදින්නේය යන යමකුත් ඇද්ද, මෙි දෙලොවෙන්ම පරාඡය වේ. මෙසේ මොහුට මේ එකාන්තවු ධර්‍මය තෙම අයහපත් කොට සමිපූර්‍ණ කරන ලද්දේ, සමාදන්වන ලද්දේ එක්පැත්තක් පැතිර සිටියි. කුසල කාරණය හිස්වෙයි.

21. ´´ගෘහපතියෙනි, ඔවුන් අතර යමි ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබදු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද ( එනමි ) සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවක් ඇත ප්‍රත්‍යයක් ඇත. හේතු සහිතව ප්‍රත්‍ය සහිතව සත්‍වයෝ කිළුටු වන්නාහ සත්‍වයන්ගේ පිරිසිදුවීමට හේතුවක් ඇත. හේතු සහිතව ප්‍රත්‍ය සහිතව සත්‍වයෝ පිරිසිදුවෙත්. බලයක් ඇත. වීය්‍ර්‍යයක් ඇත. පුරුෂ ශක්තියක් ඇත. පුරුෂ පරාක්‍රමයක් ඇත. සියළු සත්‍වයෝ සියළු ප්‍රාණය ඇත්තෝ සියළු හටගැණිම ඇත්තෝ සියළු ඡිවය ඇත්තෝ වසඟ නොවන්නාහු බල නැත්තාහු වීය්‍ර්‍ය නැත්තාහු නියමය සඞගමය ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුමිවූ ඡාතිවල සැපදුක් නොවිඳින්ය කියායි. ඔවුන් ගැන මෙය කැමතිවිය යුතුයි. යමි මෙි කයින් අයහපත් හැසිරීමක් වෙිද වචනයෙන් අයහපත් හැසිරීමක් වෙිද සිතින් අයහපත් හැසිරීමක් වෙිද මෙි අකුසල ධර්‍මතුන දුරුකොට යමි මෙි කයින් යහපත් හැසිරීමක් වෙිද වචනයෙන් යහපත් හැසිරී මක් වෙිද, සිතින් යහපත් හැසිරීමක් වෙිද, මෙි කුසල ධර්‍ම තුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්‍මයන්ගේ දොෂය ලාමක බව කෙලෙසීම කුසල ධර්‍මයන්ගේ, කාමයන්ගෙන් වෙන් වීමෙහිද ආනිසංසය පිරිසිදු බව දකිත්මැයි. ඇත්තා වුම හේතුවගේ හේතුවක් ඇතැයි මොහුගේ දෘෂ්ටිය වෙයි. මෙය මොහුගේ සම්‍යක් දෘෂ්ටියවෙි. ඇත්තාවූම හේතුව, හේතුවක් ඇතැයි කල්පනා කරයි. එය මොහුගේ සම්‍යක් සංකල්පය වෙි. ඇත්තාවූම හේතුව, හේතුවක් ඇතැයි යන වචනය කියයි. ඒ මොහුගේ සම්‍යක් වචනයවෙි. ඇත්තාවූම හේතුව හේතුවක් ඇතැයි කීය. යමි මෙි රහත්හු හේතු වාද ඇත්තෝද ඔවුන්ට මෙතෙම විරුඬ නොවෙයි. ඇත්වූම හේතුව හේතුවක් ඇතැයි අනුන්ට හගවයි. එය මොහුගේ සත්‍යවූ ධර්‍මය හැඟවිමවෙි. ඒ සත්‍යවු ධර්‍මය හැඟවිමෙන්ද තමන් උසස් නොකරයි. අනුන් පහත් නොකරයි. මෙසේ පළමුකොටම මොහුගේ දුශ්ගීල භාවය දුරුවුයේ වෙයි. සුසීල භාවය එළඹ සිටියේ වෙයි. මේ සම්‍යක් දෘෂ්ටියද සම්‍යක් සංකලපයද සම්‍යක් වචනයද ආය්‍ර්‍යයන්ට විරුඬ නොවිමද සත්‍යවු ධර්‍මය හැඟවීමද තමන් උසස් නොකිරීමද අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මෙි නොයෙක් කුසල ධර්‍මයෝ සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් හට ගණිත්.

22. ගෘහපතියෙනි, ඔවූන් අතර නුවණැති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. ඉඳින් හේතුව ඇත්නමි මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම ශරිරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවු ස්වර්‍ග ලොකයෙහි උපදින්නේය. එකාන්තයෙන්ම හේතුවක් නොවෙිද, ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එතකුදු වුවත් මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම මේආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුවෙි. සිල්වත්වූ පුරුෂ පුද්ගල තෙමේ හේතු වාද ඇත්තාවු සම්‍යක් දෘෂ්ටියෙක කියායි. ඉදින් හේතුව ඇත්තේම නමි මෙසේ මෙි පින්වත් පුරුෂපුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුය යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලොකයෙහි උපදින්නේය යන යමකුත් ඇද්ද මේ දෙලො වෙන්ම ඡය ගැණිම වේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්‍මය තෙම මනාකොට සමිපුර්‍ණ කරන ලද්දේ සමාදන්වන ලද්දේ දෙපසම පැතිර සිටියි. අකුසල කාරණය හිස් වේ.

23. ´´ ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවු මෙබඳු දෘෂ්ටි ඇත්තාවු සමහර මහණ බමුණෝ වෙත් සියළු ආකාරයෙන් අරූප බ්‍රහම ලෝක නැතැයි කියායි.

´´ ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටම ඇතැමි මහණ බමුණෝ කෙළින්ම විරුඬ වාද ඇත්තෝ වෙත්. ඔවිහු මෙසේ කීහ. සියළු ආකාරයෙන් අරුප බ්‍රහ්මලෝක ඇත´ යනුයි. ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිවිද ? මේ මහණ බමුණෝ ඹවුනොවුන්ට කෙළින්ම විරුඬ වාද ඇත්තෝ නොවෙත් ද?´´

´´ එසේය, ස්වාමීනි´´

´´ ගෘහපතියෙනි, ඔවුන් අතුරෙහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. යමි ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද ( එනමි ) ´ සියළු ආකාරයෙන් අරූප බ්‍රහම ලෝක නැත යනුයි. මෙය මා විසින් නොදක්නා ලදී. යමි ඒ පින්වත් මහණ බමුණෝද මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද ( එනමි ) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලොක ඇත යනුයි. මෙය මා විසින් නොදක්නා ලදී. මමද වනාහි නොදන්නෙමි නොදක්නෙමි මෙයම සත්‍යය අනික හිස්යයි එකාන්තයෙන් ගෙණ ව්‍යවහාර කරන්නෙමිද, මෙය මට සුදුසු නොවන්නේය.´ යමි මේ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද ( එනමි ) සියළු ආකාරයෙන් අරූප බ්‍රහමලොක නැතයනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය නමි, මෙි කරුණ විද්‍යමාන වේ. යමි ඒ රූපාවචර දෙවියෝ ධ්‍යාන සිතින් උපන්නාහු වෙත්ද, එහි මාගේ ඉපදීම එකාන්ත වන්නේය. යමි ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනමි) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලෝක ඇත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නමි මෙි කරුණ විද්‍යමාන වේ. යමි ඒ අරූපාවචර දෙවියෝ අරූපාවචර ධ්‍යාන සංඥාවෙන් උපන්නාහු වෙත් ද, එකාන්තයෙන් මාගේ එහි ඉපදීම වන්නේය. රූපය හේතු කොට ගෙන දඬු ගැණිම ආයුධ ගැණිම, කලහ කිරීමය, ඩබර කිරීමය, විරුඬ වාදය, නුඹය නුඹය කීමය, කේලාමි කිමය, බොරු කීමය, යන මොහු දක්නා ලැබෙත්මය. මෙය වනාහි සියළු ආකාරයෙන් අරූප ලෝකයෙහි නැතැයි හෙතෙම මෙසේ කල්පනාකොට රූපයන්ගේම කලකිරීම පිණිස නොඇලීම පිණිස නැති කිරීම පිළිපදින්නේ වෙයි.

´´ ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවු මෙබඳු දෘෂ්ටි ඇත්තාවු සමහර මහණ බමුණෝ වෙත් ( එනමි ) ´ සියළු ආකාරයෙන් භව නිරොධයක් ( උත්පත්තිය නැති කිරීමක් ) නැත යනුයි. ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටම සමහර මහණ බමුණෝ කෙළින්ම විරුඬ වාද ඇත්තෝ වෙත්.´ ඔවුහු මෙසේ කීවාහුය. සියළු ආකාරයෙන් භවනිරෝධයක් ඇත යනුයි. ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිවිද? මෙි මහණ බමුණෝ ඔවුනොවුන්ට විරුඬ වාද ඇත්තෝ නොවෙත්ද ?´´ ´´ එසේය ස්වාමීනි´´

24. ´´ ගෘහපතියෙනි, ඔවුන් අතර නුවණැති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. යමි මෙි පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද ( එනමි ) ´ සියළු ආකාරයෙන් භවනිරොධයක් නැත යනුයි. මෙය මා විසන් නොදක්නා ලදී.´ යමි මෙි මහණ බමුණෝද මෙබඳුවාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ( එනමි ) ´ සියළු ආකාරයෙන් භවනිරොධයක් ඇත යනුයි. මෙය මා විසින් නොදන්නාලදී. මමද වනාහී නොදන්නෙමි නොදක්නෙමි, මෙයම සත්‍යය. අනික හිස්යයි එකාන්තයෙන් ගෙන ව්‍යවහාර කරන්නෙමිද මෙය මට සුදුසු නොවන්නේය´. යමි මේ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෂ්ටි ඇත්තාහු වෙත්ද ( එනමි ) ´ සියළු ආකාරයෙන් නිවණක්, භවනිරොධයක් නැත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නමි මෙි කාරණය විද්‍යමාන වේ. යමි ඒ අරූපාවචර දෙවියෝ ධ්‍යාන සංඥාවෙන් උපන්නාහුවෙත්ද, එකාන්තයෙන් මාගේ එහි ඉපදීම වන්නේය. ´ යමි ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, (එනමි) ´ සියළු ආකාරයෙන් භවනිරොධයක් ඇත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නමි මෙි කාරණය විද්‍යමාන වේ. මේ ආත්මයෙහිම පරිනිර්‍වාණයට පැමිණෙන්නෙමි. ´ යමි ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ( එනමි ) ´ සියළු ආකාරයෙන් භවනිරොධයක් නැත යනුයි.´ ඔවුන්ගේ මෙි දෘෂ්ටිය රාගයාගේ සමිපයෙහි, සංයොඡනයාගේ සමීපයෙහි, ආශාවෙන් සතුටුවීමගේ සමීපයෙහි, ක්ලෙශයන්හි බැසගැනීම ගේ සමීපයෙහි, උපාදානයන්ගේ සමීපයෙහි වෙි. යමි ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද ? ( එනමි ) ´ සියළු ආකාරයෙන් භවනිරොධයක් ඇත යනුයි.´ ඔවුන්ගේ මේ දෘෂ්ටිය නොඇලිමගේ සමීපයෙහි නොබැඳීමගේ සමිපයෙහි, ආශාවෙන් සතුටු නොවීමගේ සමීපයෙහි, ක්ලෙශයන්හි බැසනොගැනීමගේ සමීපයෙහි, අනුපාදානයන්ගේ සමීපයෙහි වෙියයි.´ හෙතෙම මෙසේ කල්පනා කොට භවයන්ගේම කලකිරිමට, නොඇලීමට, නැති කිරීමට පිළිපදින්නේ වෙයි.

25. ´´ ගෘහපතියෙනි, මෙි පුද්ගලයෝ සතරදෙනෙක් ලොකයෙහි ඇත්තාහු විද්‍යමාන වෙත්. කවර සතරදෙනෙක්දයත් ? ගෘහපතියෙනි, මෙි ලෝකයෙහි ඇතැමි පුද්ගලයෙක්තමා තවන්නේ තමන් නැවීමෙහි යෙදුනේ වෙයි. ගෘහපතියෙනි, මෙි ලෝකයෙහි ඇතැමි පුද්ගලයෙක් අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේ වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැමි පුද්ගලයෙක් තමන් තවන්නේ, තමන් තැවීමෙහි යෙදුනේද, අනුන් තවන්නේ. අනුන් තැවීමෙහි යෙදුනේද වෙයි. ගෘහපතියෙනි, මෙි ලෝකයෙහි ඇතැමි පුද්ගලයෙක් තමන් නොනවන්නේ තමන් තැවීමෙහි නොයෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් තැවීමෙහි නොයෙදුනේද වෙයි. හෙතෙම තමන්ද නොතවන්නේ අනුන්ද නොතවන්නේ ඉහාත්මයෙහිම තෘෂ්ණා රහිතවුයේ නිවියේ සිහිල්වුයේ සැප විඳින සුළුවුයේ ශ්‍රෙෂ්ඨ වු ආත්මයෙන් යුක්තව වාසය කරයි.

26. ´´ ගෘහපතියෙනි, තමන් තවන්නාවු, තමන් තැවී මෙහි යෙදුනාවු පුද්ගල තෙම කවරේද ? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැමි පුද්ගලයෙක් නිර්වස්ත්‍ර වෙයි, හරණලද ආචාර ඇත්තේ වෙයි, අත ලෙවකැම නොහොත් මලපහකොට අතින් පිස දැමීම කරන්නේ වෙයි. ´ එව ස්වාමීනි,´ කීවිට නො එන්නේ වෙයි. ´ සිටිනු ස්වාමීනියි, ´ කීවිට නොසිටින්නේවෙයි, පළමුකොට දුන් දෙය නොපිළිගනියි, උදෙසා කරන ලද්ද නොපිළිගනියි, පැවරීම නොඉවසයි, හෙතෙම සැළි මුවින් ගෙන දුන් දෙය නොපිළිගනියි, භාඡන මුවින් ගෙන දුන් දෙය නොපිළිගනියි, එළිපත අතර කොට දුන් දෙය නොපිළිගනියි, දණඩක් අතර කොට දුන් දෙය නොපිළිගනියි, මොහොලක් අතර කොට දුන්දෙය නොපිළිගනියි, වළඳන්නාවු දෙදෙනෙකු අතුරින් දුන් දෙය නොපිළිගනියි, ගැබිණියකගෙන් නොපිළිගනියි, කිරි පොවන්නියකගෙන් නොපිළිගනියි, පුරුෂයන් අතරට ගිය තැනැත්තියකගෙන් නොපිළිගනියි, සමාදන්කොට දුන් කල්හි නොපිළිගනියි, යමි තැනක සුනඛයෙක් සිටියේද එතන්හි නොපිළිගනියි, යමි තැනක මැස්සෝ රංචු රංචු ගැවසෙත්ද එතැන්හි නොපිළිගනීයි, මත්ස්‍ය ආහාරය නොපිළිගනීයි, මස් නොපිළිගනීයි, මත්පැන් නොපිළිගනීයි, කාඩිදිය නොබොයි, හෙතෙම එක ගෙයකින් ලැබුන ආහාර ඇත්තේ හෝ වෙයි, එක පිඩකින් යැපෙන්නේ හෝ වෙයි, ගෙවල් දෙකකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි, පිඩු දෙකකින් යැපෙන්නේ හෝ වෙයි, ගෙවල් සතකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි, පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙයි, එකම දත්තියකින් (කුඩාවු ආහාර භාඡනයකින් ) ද යැපෙයි, දත්ති දෙකකින්ද යැපෙයි, දත්ති සතකින්ද යැපෙයි, එක් දවසක් හැර දවසක්ද ආහාරය ගනීයි, දෙදවසක් හැර දවසක්ද ආහාරය ගනියි, මෙසේ මෙබදු අඩ මසක් හැර දවසක්දා පය්‍යර්‍ාය භක්ත භොඡනානුයොගයෙහි යෙදුනේ වාසය කරයි හෙතෙම අමු කොළ අනුභව කරන්නේ හෝ වෙයි, බඩ අමු අනුභව කරන්නේ හෝ වෙයි, ඌරුහැල් අනුභව කරන්නේ හෝ වෙයි, සමි කසට අනුභව කරන්නේ හෝ වෙයි, මැලියමි අනුභව කරන්නේ හෝ වෙයි, කුඩු අනුභව කරන්නේ හෝ වෙයි, දඹු බත් අනුභව කරන්නේ හෝ වෙයි, තල මුරුවට අනුභව කරන්නේ හෝ වෙයි, තණකොළ අනුභව කරන්නේ හෝ වෙයි, ගොම අනුභව කරන්නේ හෝ වෙයි, වනයෙහි අල වර්‍ග හා ගෙඩි වර්‍ග ආහාර කොට ඇත්තේ වැටුනු ඵල අනුභව කිරීම ඇත්තේ එයින් යැපෙයි.

´ හෙතෙම හණ වැහැරිද දරයි මල සිරුරෙන් දැමු වස්ත්‍රද දරයි, පාංශුකූල වස්ත්‍රද දරයි, රිටි සුඹුලෙන් කළ වස්ත්‍රද දරයි, අඳුන් දිවි සමිද දරයි, කුර සහිත අඳුන් දිවි සමිද දරයි, කුස තණ වැහැරිද දරයි, කෙඳිවලින් කළ වැහැරිද දරයි, පතුරු වලින් කළ වැහැරිද දරයි, මිනී කෙස්වලින් කළ කමිබිලියද දරයි, අස් ලොමි ආදියෙන් කළ කමිබලයද දරයි, බකමුහුණු පිහාටු ගොතා කළ වස්ත්‍රයද දරයි, හිසකේ රැවුලු ඉදිරීමයයි කියනලද පිළිවෙතෙහි යෙදුනේ වෙයි, ආසන ප්‍රතික්‍ෂෙප කරන ලද්දේ උඩ බලා සිටින්නේ වෙයි, උක්කුටික වුයේද වෙයි, කටු ඇතිරියෙහිද සයනය කරයි, දවසට තුන්වරක් දියට බසින පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. මෙසේ මෙබඳු අනෙක ප්‍රකාරවු ශරීරය තවන අතිශයින් තවන පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. ගෘහපතියෙනි, මේ පුද්ගල තෙම තමන් තවත්නේ, තමන් තවන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබෙ.

27. ´´ ගෘහපතියෙනි, අනුන් තවන්නාවු, අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවු පුද්ගලතෙම කවරේද ? ගෘහපතියෙනි, මෙි ලෝකයෙහි ඇතැමි පුද්ගලයෙක් එළුවන් මරා ඡිවත් වන්නේක්වේද, ඌරන් මරා ඡිවත් වන්නේක් වේද, ලිහිණින් මරන්නේ වෙයිද මුවන් මරන්නේ වෙයිද, රෞද්‍රවුයේ වෙයිද, මසුන් මරන්නේ වෙයිද, සොරකමි කරන්නේ වෙයිද, සොර කමි පිණිස මිනීසුන් මරන්නේ වෙයිද, සිරගෙවල පාලකයෝද වෙත්ද, අන්‍යවූද යමිකිසි ක්‍රූර කර්‍මාන්ත ඇත්තේ වෙත්ද, ගෘහපතියෙනි, මේ පුද්ගලතෙම අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේයයි කයනු ලැබේ.

28. ´´ගෘහපතියෙනි, තමන් තවන්නාවු, තමන් තවන අනුයෝගයෙහි යෙදුනාවුද, අනුන් තවන්නාවු අනුන් තවන අනුයෝගයෙහි යෙදුනාවුද පුද්ගලතෙම කවරේද ? ගෘහපතිවරුනි, මේ ලොකයෙහි ඇතැමි පුද්ගලයෙක් ක්‍ෂත්‍රියවූ මස්තකයෙහි අභිෂෙක කළාවු රඡෙක් හෝ වෙයි. මහාසාර බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හෙතෙම නුවරට පෙරදිග අඑත්වූ යාග ශාලාවක් කරවා හිස්කේ රැවුල් බහවා කුරසහිත අඳුන් දිවි සමක් ඇඳ ගිතෙලින් හා තල තෙලින් සිරුර තවරා මුව අගින් පිට කසමින් මෙහෙසියද පෙරෙවි බමුණාද සමග යාග ශාලාවට පිවිසෙති. හෙතෙම එහි නොඅතුරනලද ගොම පිරිබඩ කළාවූ බිම නිදයි. ස්වරූපයෙන් සමාන වස්සන් ඇති එක දෙනකගේ තනයෙක්හි යමි කිරක් වෙිද, එයින් රඡ තෙම යැපෙයි. දෙවෙනි තනයෙහි යමි කිරක් වේද, එයින් මෙහෙසිය යැපෙයි. තෙවන තනයෙන් යමි කිරක් වේද, එයින් පෙරෙවි බමුණා යැපෙයි. සිවිවන තනයෙහි යමි කිරක් වෙිද එයින් ගිනි පුදත් ඉතිරි වූවකින් වස්සා යැපෙයි. හෙතෙම මෙසේ කියයි. යාගය පිණිස මෙපමණ ගවයෝ නසත්වා. යාගය පිණිස මෙපමණ බලවත් වස්සෝ නසත්වා යාගය පිණිස මෙපමණ බලවත් වැස්සියෝ නසත්වා. යාගය පිණිස මෙපමණ එළුවෝ නසත්වා. යාගය පිණිස මෙපමණ තිරෙළුවෝ නසත්වා යාග කණු පිණිස මෙපමණ රුක් සිඳිත්වා. යාග භුමිය වට කිරීම පිණිස හා ඇතිරීම පිණිසද මෙතෙක් කුසතණ සිඳිත්වා ඔහුගේ යමි ඒ දාසයෝය කියා හෝ පණිවුඩ කාරයෝය කියා හෝ කමිකරුවෝය කියා හෝ කෙනෙක් වෙත්ද, ඔවුහුද දණ්ඩෙන් තැතිගත්තාහු භයින් තැතිගත්තාහු කඳුළු පිරුණු මුහුණු ඇත්තාහු හඬමින් පරිකම කරත්. ගෘහපතියෙනි, මේ පුද්ගලතෙම තමාත් තවන්නේ තමන් තැවීමෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තැවීමෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ.

29. ´´ගෘහපතිවරුනි, තමන් නොමතවන්නාවුද තමන් නොතැවී මෙහි යෙදුනාවුද අනුන් නොතවන්නාවූද අනුන් නොතැවීමෙහි යෙදුනාවුද පුද්ගල තෙම කවරේද ? හෙතෙම තමන්ද නොතවන්නේ අනුන්ද නොතවන්නේ මෙි ආත්ම යෙහිම තෘෂ්ණා රහිතවුයේ නිවියේ සිහිල්වූයේ සැප විඳින සුලුවුයේ ශ්‍රෙෂ්ඨවු ආත්මයෙන් යුක්තව වාසය කරයි.

30. ´´ගෘහපතියෙනි, එසේම මෙි ලොකයෙහි අර්‍හත්වු සම්‍යක් සමිබුද්ධවු, විද්‍යාවරණ සමිපන්නවු යහපත් ගති ඇත්තාවු, සියලු ලෝකයන් දන්නාවු, ශ්‍රෙෂ්ඨවු, හික්මවිය යුතු පුරුෂයන් දමනයකිරීමෙහි රියැදුරෙකු වැනිවු, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වු, චතුස්සත්‍ය අවබොධ කළාවූ තථාගත කෙනෙක් මොලොව උපදනාහ. ඒ තථාගත තෙමෙි දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවු, මහණ බමුණන් සහිතවු, දෙවි මිනිසුන් සහිතවු, මෙි ලොකය ස්වකීය විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වු, මැද යහපත්වු අවසානය යහපත්වූ අත්‍ර්‍ව සහිතවු, දස වැදෑරුමි අක්‍ෂර සමිපත්තියෙන් යුක්තවු සියලු ආකාරයෙන් සමිපූණිවු පිරිසිදුවූ, ශාසන බ්‍රහම චය්‍යර්‍ාව ප්‍රකාශ කරති.

´´ ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද ඔහූ ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රඬාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රඬාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ගිහි ගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දුවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සමිපූර්‍ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවු, ලියවු හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙසේ දැළිරැවුලු කපා දමා සිවුරු හැඳ ගිහි ගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි කියායි.

31. ,ඔහු පසු කාලයක සවල්ප වූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, කෙස් දැළි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය. එසේ මහණවූ හෙතෙම භික්‍ෂු සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධ හැර ඉන් සම්පූර්‍ණයෙන් වැළකුණේ බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධු ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතිව වාසය කෙරේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්‍ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදු සිතින් යුක්තව වාසය කෙරේ. අබ්‍රහ්මචය්‍ර්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්‍ගය නම්වූ ග්‍රාම ධර්‍මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්‍ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබවින් සැබව ගළපන ගති ඇතුව සථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්Ȁdධ කථා ඇති නොකෙරේ. පිසුනු බස් හැර, ඉන් සම්පූර්‍ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා ඔවුන් බිඳීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භේද වූවන් ගළපන්නේ සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගි කම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ වචන කියන්නේය. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්‍ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රේමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්‍ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අත්‍ර්‍ථයෙන් යුක්තවූ, ධර්‍මයෙන් යුක්තවූ විනයයෙන් යුක්තවූ වචන කියන්නේ සුදුසු කල්හී, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අත්‍ර්‍ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.

32. ,හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි, එකි වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් වැළකුණේ විකාල භොජනයෙන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විළවුන් පැළඳීම, ඉන් සැරසීම අඩු තැන් පිරවීම අලඞකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි, උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්‍ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. සත්‍රීන් කරුණියන් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි, එථවන් බැටථවන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ඌරන් කුකුළන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ගිහින්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම විළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරීම මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදීයයි අඟවා වඤචා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝග යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාර කමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.

33. ,හෙතෙමේ යම්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙන යන්නේ වෙයි. යම්සේ පක්‍ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, එපරිද්දෙන්ම භික්‍ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙනම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.

34. ,හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්‍ෂු ඉන්‍ද්‍රියෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලොභ ද්වෙශ අකුශල ධර්‍මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්‍ෂු ඉන්‍ද්‍රියය රකී. චක්‍ෂු ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

,කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක්වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්‍ද්‍රිය ( කන් ) අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලොභ ද්වෙශ අකුශල ධර්‍මයෝ උපදිද්ද ඒ ශ්‍රොතෙන්‍ද්‍රියන් සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොතෙන්‍ද්‍රිය රකී. ශ්‍රොතෙන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.

,නාසයෙන් ගඳක් ආග්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ඝානෙන්‍ද්‍රිය ( නාසය ) අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙශ අකුශල ධර්‍මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝානෙන්‍ද්‍රිය රකියි. ානෙන්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන ජිව්හේන්‍ද්‍රිය සංවර නොකොට වාසය කරන්නාහට ලොභ ද්වෙශ අකුශල ධර්‍මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හේන්‍ද්‍රිය ( දිව ) ආරක්‍ෂානරයි. ජිව්හේන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

,කයින් පහසක් ස්පර්‍ශකොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන කායෙන්‍ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙශ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ කායෙන්‍ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්‍ද්‍රිය ආරක්‍ෂාකරයි. කායෙන්‍ද්‍රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙශ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ මනින්‍ද්‍රිය ( සිත ) සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකී. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.

35. ,හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟල සිවුර හා පාත්‍ර සිවුරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි. අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථා කිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.

36. ,උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සති සම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්‍ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්‍වතද, කඳුරැලිද, ගල් ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සේනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පය්‍ර්‍යඞකය බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.

37. ,ඔහු ස්කන්ධ ලෝකයෙහි ලොභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රොධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරු කොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චතුත්තුච්චයෙන් සිත පිරිසිද්‍ර කෙරේ. සැකය ද්‍රරු කොට, පහකළ සැක ඇත්තේ කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිද්‍ර කෙරේ.

,හෙතෙම සිත කිලුටු කරන්නාවූ, ප්‍රඥාව ද්‍රර්‍වල කරන්නාවූ මේ පංච නීවරණයන් ද්‍රරු කොට, කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද,

,ගෘහපතියෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්‍ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද,

,ගෘහපතියෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්ත වූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආය්‍ර්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උපෙක්‍ෂා

ඇති, සැපවිහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද,

,ගෘහපතියෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය ද්‍රරු කිරීමෙන්ද, ද්‍රක ද්‍රරුකිරීමෙන්ද ( ධ්‍යානය ලැබීමට ) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන්, ද්‍රක්ද නොවූ, සැපද නොවූ උපෙක්‍ෂා සිහියෙන් පිරිසිද්‍ර බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,

,හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිද්‍රවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි මෘද්‍රවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි ස්ථිරවු කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේද යත් ? ,එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද, ´අසුවල් තැන වීමි, මේ නම් ඇත්තෙමි, මේ ගොත්‍ර ඇත්තෙමි, මේ පාට ඇත්තෙමි, මේ කෑම ඇත්තෙමි, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඕ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි´යි මෙසේ ආකිර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කරයි.

38. ,ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිද්‍රවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි මෘද්‍රවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි ස්ථිරවු කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිද්‍රවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකී. පහත්වූද උසස්වූද ලක්‍ෂණවූද අවලක්‍ෂණවූද හොඳලොව උපදින්නාවූද නරක ලොව උපදින්නාවූද කර්‍මයට අනුව උපදින්නාවූ සත්‍වයන් දකී. ´මේ පින්වත් සක්‍වයෝ කාය ද්‍රශ්චරිතයෙන් යුක්තවූහ. වාග් ද්‍රශ්චරිතයෙන් යුක්තවූහ. මනො ද්‍රශ්චරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ ද්‍රක්වූ නිරයට පැමිණෙත්, නැතහොත්, මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාග් සුචරිතයෙන් යුක්තවූහ, මනො සුචරිතයෙන් යුක්තවූහ, ආය්‍ර්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන්වූවෝ වූහ. ඔව්හු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලොකයට පැමිණියෝ´යි මෙසේ පිරිසිද්‍රවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකී. මෙසේ පිරිසිද්‍රවූ, මනුෂ්‍යත්‍වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද සත්‍වයන් දනී.

39. ,ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිද්‍රවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘද්‍රවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි ස්ථිරවු කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ ද්‍රකයයි තතු ලෙස දැනගණී. මේ ද්‍රක් ඉපදීමේ හේතුව යයි තතු ලෙස දැනගණී, මේ ද්‍රක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ ද්‍රක් නැති කිරීමේ මාර්‍ගයයයි තතු ලෙස දැනගණී, මේ ආශ්‍රව ක්ලේශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැති කිරීමේ මාර්‍ගයයි තතු ලෙස දැනගනී.

,මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය නෙරෙන්ද මිදේ, භව ආශ්‍රවය නෙරෙන්ද මිදේ, අවිද්‍යාශ්‍රවය නෙරෙන්ද මිදේ. මිද්‍රනු කල්හි මිද්‍රනේය යන ඥානය පහළ වෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසන ලදි, කටයුත්ත කරණ ලදි, මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැ´යිද දැනගණී.

,ගෘහපතියෙනි, මේ පුද්ගලතෙම තමාද නොතවන්නේ, තමන් නොතවන ප්‍රතිපදාවෙහි යෙද්‍රනේ, අනුන්ද නොතවන්නේ, අනුන් නොතවන ප්‍රතිපදාවෙහි යෙද්‍රනේයයි කියනු ලැබේ. හෙතෙම තමන්ද නොතවන්නේ, අනුන්ද නොතවන්නේ මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිත වූයේ, නිවියේ, සිහිල් වූයේ, සැප විඳිනසුථ වූයේ, ශ්‍රෙෂ්ඨවූ ආත්මයෙන් යුක්තව වාසය කෙරේයයි, වදාළේය.

40. මෙසේ වදාළ කල්හි ශාලා නම් ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.

,භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුලාවූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මේපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශ කරනලදි. මේ අපි භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමු. ධර්‍මයද භික්‍ෂු සංයාද (සරණ කොට යමු ). භවත් ගෞතම තෙමේ අප අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයන්යයි දරන සේක්වා.,

දසවැනිවූ අපණ්ණක සූත්‍රය නිමි. ( 1 – 10 )

( කන්‍දරක සූත්‍රය, අට්ඨකනාගර සූත්‍රය, සෙඛසූත්‍රය, පොතලිය සූත්‍රය, ජීවක සූත්‍රය, උපාලි සූත්‍රය, තුත්තුරවතිය සූත්‍රය, අභය රාජකුමාර සූත්‍රය, බහුවේදනීය සූත්‍රය, අපණ්ණක සූත්‍රය යන සූත්‍ර දසයවූ )

පණමුවැනි ගෘහපති වර්‍ගයයි

59. බහුවෙදනීය සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහි (වෑය, පොරොව, නියන, මිටිය, දැලිනූල යන අංග පසකින් යුක්ත හෙයින්) පඤ්චකංග නම්වූ (දෙටු) වඩු තෙම ආයුෂ්මත් (පණ්ඩිත) උදායි ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට වැඳ, එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවුම පඤ්චකංග නම් වඩුතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ටමෙය කීයේය. ´´ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් වේදනාවෝ වදාරණ ලද්දාහුද?´´

´´ථපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාවය, දුක් වේදනාවය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවයයි වේදනා තුනක් වදාරණ ලද්දාහුය. ථපතිය, මේ වේදනා තුන වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් වදරණ ලද්දාහුය.´´

´´ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනායයි වේදනා දෙකක් වදාරණ ලද්දාහ. ස්වාමීනි, යම් මේ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද, මෙය ශාන්තවූ ප්‍රණීත වූ සැපයෙහි (ඇතුළත් කොට) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දීය.´´

2. දෙවනුවද ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම පඤචකංග නම් වඩුවාට මෙය කීයේය. ´´ථපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, දුක්ද නොවූ සැපද නොවූ වේදනායයි වේදනා තුනක් වදාරණ ලද්දාහ. ථපතිය, මේ වේදනා තුන වනාහි භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලද්දාහුය.´´ දෙවනුවද පඤචකංග නම් වඩුතෙම ´´ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොවදැරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනායයි, වේදනා දෙකක්ම වදාරණ ලද්දාහ. ස්වාමීනි, යම් මේ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක්වේද, ඕතොමෝ ශාන්තවූ ප්‍රණීතවූ සැපයෙහි (ඇතුළත්කොට) භාග්‍යවතුන් වහන්සේ විසින් වදරණ ලද්දීය.´´

3. තුන්වෙනුවද ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම පඤචකංග නම් වඩුවාට ´´ථපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, දුකද නොවූ, සැපද නොවූ වේදනායයි වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය´´යි කීය. තුන් වෙනුවද පඤචකංග නම් වඩුතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට ´ස්වාමිනී, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොවරදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දුක් වේදනාය, සැප වේදනායයි වේදනා දෙකක්ම වදාරණලද්දාහ. ස්වාමිනි, යම්මේ දුක් ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද, මෙය ශාන්තවූ ප්‍රණීතවූ සැපයෙහි (ඇකුළත් කොට) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දීයයි´´ කීය. ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ පඤචකංග නම් වඩු තෙමේ ද ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට හඟවන්ට නොහැකි වූයේය.

4. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන් වහන්සේත් පඤචකංග නම් වඩුවාත් අතර ඇතිවූ මේ කථා සල්ලාපය ඇසුවේමය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහ්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවුම ඇයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන් හා පඤචකංග නම් වඩුවා අතර, ඇතිවූ කථා සල්ලාපය යම් පමණ වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට කීයේය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහනසේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය වදාළේය. ´´ආනන්දය, පඤචකංග නම් වඩු තෙම උදායි විසින් කියන ලද ඇති කාරණයට සතුට නොවීය. උදායි තෙම පඤචකංග නම් වඩුවා විසින් කියනලද ඇති කාරණයට සතුටු නොවීය.

5. ´´ආනන්දය, මා විසින් කාරණා වශයෙන් වේදනා දෙකක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා තුනක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා පසක්ද කියන ලදහ. මා විසින් කාරණ වශයෙන් වේදනා සයක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා අටලොසක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා එකසිය අටක්ද කියන ලදහ. ආනන්දය, මා විසින් ධර්මය තෙම කාරණා වශයෙන් දේශනා කරනලදී. ආනන්දය, මා විසින් ධර්මය මෙසේ කාරණා වශයෙන් දේශනා කරනලද කල්හි යම් කෙනෙක් ඔවුනොවුන් යහපත් කොට කියන ලදද, මනාකොට කියන ලද්ද නොඅනුදනිත්ද, එකග තනොවෙත්ද, සතුටු නොවෙත්ද, ඔවුන් හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුඛ නමැති හුල්වලින් අනිමින් වාසය කරන්නාහුය යන මෙය කැමති විය යුතුයි. ආනන්දය, මා විසින් ධර්මය තෙම මෙසේ කාරණා වශයෙන් දේශනා කරන ලදී. ආනන්දය, මා විසින් ධර්මය මෙසේ කාරණා වශයෙන් දේශනා කරනලද කල්හි යම් කෙනෙක් ඔවුනොවුන් යහපත්කොට කියන ලද්ද මනාකොට කියන ලද්ද අනුදන්නාහුද, මනාකොට හගින්නාහුද, මනා කොට අනුනමෝදන් වන්නාහුද, ඔවුන් සමගි වූවාහු, සතුටු වන්නාහු, විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කරන්නාහුය. යන මෙය කැමති විය යුතුයි.

6. ´´ආනන්දය, මේ කාම ගුණ පසක් වෙත්. කවර පසක්ද යත් ඇසින් දැනගත යුතුවූ කැමැතිවූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇථම් කටයුතුවූ රූපයෝ වෙත්. කණින් දතයුතුවූ ඉෂ්ටවූ කැමැතිවූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කැමැතිවූ මනාපවූ ප්‍රිය ස්වාභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කටයුතුවූ ගන්ධයෝ වෙත්. දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කැමතිවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාවවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ ස්පර්ශ යෝ වෙත්. ආනන්දය, මේ වනාහි නාමගුණ පසවෙත්. ආනන්දය, මේ පඤචකාම ගුණයන් නිසා යම් සැපයක් සතුටක් උපදීද, මේ කාම සැපයයි කියනු ලැබේ.

7. ´´ආනන්ද, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත් යයි මෙසේ කියන්නේද, ඔවුන්ගේ ඒ කීමට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද ඉතා ප්‍රණීතවූද අනික් තසැපයක් ඇත්තේය. ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත් වූද අතිශයින් ප්‍රණීතවූද, අනිත් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත වූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද, අතිශයින් ප්‍රණීතවූද අනිත් සැපයවේ.

8. ´´ආනන්දය, යමෙක් වනාහිී සත්වයෝ මේ උසස්ම සැපය විදිත්යයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූ ද අතිශයින් ප්‍රණීතවූද අනිත් සැපයක් ඇත්තේය. ආනන්දය, මේ සැපයට වඩා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද, අනිත් සැපය කවරේද? ආනන්දය, මේ ශාාසනයෙහි මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ චිත්තතයාගේ වකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය මේ වනාහි එකී සැපයට වඩා ඉතා යහපත් වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය වේ.

9. ´´ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත් වූද, අතිශයින් ප්‍රණීතවූද අනිත් සැපයක් ඇත්තේය. ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත් වූද, අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි, මහණ තෙම ප්‍රීතියගේද වැලක් මෙන් උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ වාසය කරයි. සැපයද කයින් විඳියි. යමක් ආර්යයෝ උපෙක්ෂා ඇත්තේය. සිහි ඇත්තේය, සැප විහරණ, ඇක්කේයයි කඅයත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහි එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය වේ.

10. ´´ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි කියන්නේද, ඔහුගේ ඒ වචනයට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද, ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපයක් අත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සුඛයාගේද, දුරු කිරීමෙන් දුක්ඛයාගේද දුරු කිරීමෙන් පළමුකොටම නොම්නස් දොම්නම් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපේක්ෂා සමෘති දෙදෙනොගේ පිරිසිදු බව ඇත් සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහි මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රුණීතවූද අනික් සැපය වේ.

11. ´´ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි, මෙසේ කියන්නේද? ඔහුගේ ඒ වචනයට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, අතිශයින් ප්‍රණීත වූද අනිත් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද ඉතා උතුම් වූද, අනිත් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි, මහණ තෙම සියථ ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මීමෙන් ප්‍රති සංඥාවන් නැසීමෙන් නානාත්ව සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් අනන්තවූ ආකාශයයි ආකාශාණඤචායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහි මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය වේ.

ඤෆ ු 17ුරැ%

12. ´´ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්ම වූ සැපය, විඳිත්යයි, මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි.

´´ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියථ ආකාරයෙන් ආකාශානඤචායතනය ඉක්මවා අනන්තවූ විඤ්ඤාණයයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනිහි එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.

13. ´´ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්මවූ සැපය, විඳිත්යයි මෙසේ කියන්නේද? ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි.

´´ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනිත් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියථ ආකාරයෙන් විඤ්ඤාණඤචායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චාඤ්ඤායතනය සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහි එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.

14. ´´ආනන්දය, යමෙක් වනාහී සත්ව්යෝ මේ උසස්ම සැපය, විඳිත්යයි මෙසේ කියන්නේද? ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි.

´´ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, උතුම් වූද අනිත් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියළු ආකාරයෙන් ආකීඤ්චඤඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤයතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.

15. ´´ආනන්දය, මෙසේ වනාහී සත්වයෝ මේ උසස්ම සැපය, විඳින්නේයයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ වචනයට එකඟ නොවෙමි.

´´ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම සියථ ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයික නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, එය වනාහි එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.

16. ´´ආනන්දය, අන්‍ය තීර්ථකවූ පරිව්‍රාජකයෝ ශ්‍රමණ ගෞතම තෙම සඤ්ඤාවෙදයිතනිරොධය කියයි. එය සැපයයිද, පනවයි. ඒ කුමක්ද? එය කෙසේ වන්නක්දැයි මෙසේ කියන්නාහුය යන යමක් වේද, මීට කරුණු ඇත්තේය. ආනන්දය, එසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිව්‍රාජකයන්ට මෙසේ කියයුතුය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සැපවූ වේදනාව සඳහාම සැපයයි නොම පනවයි. ඇවැත්නි, එතකුදු වුවත් යම් යම් කාරණයෙක්හි යම් යම් තැනක සැපය ලැබේද, ඒ ඒ කරුණ තථාගතතෙම සැපයෙහි පනවා යයි (වදාළසේක.)

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.

නවවෙනිවූ බහුවෙදනීය සූත්‍රය නිමි. (1 – 9)

58. අභය (රාජකුමාර) සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එත් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින් කලන්දකනීවාස නම් වූ වේථවනාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහි අභය නම් රාජකුමාර තෙම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ම අභය නම් කුමාරයාට නිගණ්ඨනාත පුත්‍රතෙම මෙය කීයේය. ´´රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ආරෝපනය කරව, (දොසක් නගව) ´අභය නම් රාජකුමාරයා විසින් මෙසේ මහක් සෘද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමන ගෞතමයන්හට වාදාරෝපනය කරන ලද්දේයයි´´ මෙසේ තොපගේ යහපත් ගුණ ාෙෂණයක් පැන නගින්නේය.´´

´´ස්වාමීනි, මම වනාහි ඒ කෙසේ නම් මෙබදු මහත් සෘද්ධි ඇති මෙබදු මහත් ආනුභාව ඇති ශ්‍රමන ගෞතමයන් හට වාදාරෝපනය කරන්නෙම්ද?´´

2. ´´රාජ කුමාරය, එව. නුඹ ශ්‍රමන ගෞතම තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණෙව. පැමිණ ශ්‍රමණ ගෞතම යන්ට මෙසේ කියව. ´ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද තථාගත තෙමේ එබදු වචනයක් කියන්නේදැයි, (අසව) තඉදින් තොප වසින් ශ්‍රමණ ගෞතම තෙම මෙසේ විචාරණ ලද්දේ ´රාජකුමාරය, යම් ඒ වචනයක් අකුන්ට අප්‍රියයද, අමනාපද තථාගතතෙම එබදු වචනයක් කියන්නේයයි´´ මෙසේ ප්‍රකාශ කෙරේ නම්, ඔහුට නුඹ මෙසේ කියව. ස්වාමිනී, එසේ ඇති කල්හි නුඹ වහන්සේ ගේ හා පෘථග්ජනයෙකුගේ ඇති වෙනස කවරේද? පෘථග්ජන තෙමේද වනාහි යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද එබදු වචනය කියන්නේයයි කියව.´´

3. ´´ඉදින් වනාහි තොප විසින් මෙසේ විචාරණ ලද්දාවූ ශ්‍රමණ ගෞතම තෙම ´රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබදු වචනය නොකියන්නේය´යි මෙසේ ප්‍රකාශ කෙරේ නම් ඔහුට නුඹ මෙසේ කියව. ´ස්වාමීනි, ්එසේ ඇති කල්හි නුඹ වහන්සේ විසින් දේවදත්ත තෙම අපායෙහි උපදින්නෙක, දේවදත්ත තෙම නිරයෙහි උපදින්නෙක, දෙවදත්ත තෙම කල්පයක් නිරයෙහි සිටින්නෙක. දෙවදත්ත තෙම පිළියම් කළ නොහැක්කෙකැයි කුමට ප්‍රකාශකරන ලද්දේද? නුඹ වහන්සේගේ ඒ වචනයෙන් වනාහි දෙවදත්ත තෙම කිපියේ නොසතුටු සිත් ඇත්තේ විය´යි (කියව). රාජකුමාරය, නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය විචාරණ ලද්දාවුම ශ්‍රමණ ගෞතම තෙම මවාරන්ට නොහැකිවෙයි. ගිලගන්ට නොහැකි වෙයි. යම්සේ නම් පුරුෂයෙකුගේ උගුරෙහි ඇණුනු යකඩ කොක්කක් හෙතෙම මවාරන්ටත් නොහැකි වන්නේද, ගිලින්ටත් නොහැකි වන්නේද, රාජ කුමාරය, එපරිද්දෙන් ම තොප විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවුම, ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකිවේ. ගිල ගන්නටත් නොහැකි වේය´´යි (කීයේය.)

4. ´´ස්වාමීනි, එසේය´´ කියා අභය රාජ කුමාර තෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තර දී හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම උබය රාජ කුමාරයාට හිරු දෙස බලා මෙබඳු සිතක් වූයේය. ´අද වනාහි භාග්‍යවතුන් වහන්සේට වදාරොපනය කරන්ට කල් නොවේ. හෙට මම ස්වකීය ගෘහයේදී භාග්‍යවතුන් වහන්සේට වදාරෝපනය කරන්නෙමි´´ යි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, හෙට දවස පිණිස භාග්‍යවතුන් වහන්සේ තමා සතර වෙනි කොට ඇත්තේ මාගේ බත ඉවසන සේක්වා´´ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූසේක. ඉක්බිති අභය රාජකුමාර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වඳ ගියේය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ගතවී මෙන් පෙරවරු වේලෙයි හැඳ පොරවා පාත්‍රා සිවුරුගෙන අභයරාජ කුමාරයාගේ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ පනවනලද ආසනයෙහි වැඩ හුන්සේක. ඉක්බිති අභයරාජ කුමාරතෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත වූ කෑයුතු දෙයින් අනුභව කටයුතු දෙයින් සියතින් වැළඳ වූයේය. සම්පවාරණය කරවූයේය. ඉක්බිති වළදා අවසන්වූ පාත්‍රයෙන් ඉවත්කරණලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේ (වෙත) එක්තරා මිටි ආසනයක් ගෙණ එක පැත්තක උන්නේය. එක පැත්තක හුන්නාවූම අභයරාජ කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

6. ´´ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගතතෙම වචනය කියන්නේද?´´

´´රාජ කුමාරය, එය ඒකාන්ත නොවේ´´යයි (වදාළේය.) ´´ස්වාමීනි, මේ ප්‍රශ්නයෙහිදී නිගණ්ඨයෝ නැසුනාහුය´´යි (කීයේය) ´´රාජකුමාරය, කුමට වනාහි නුඹ, ´´ස්වාමීනි, මෙහි නිගණ්ඨයෝ නැසුනාහුය´´යි මෙසේ කියන්නෙහිද?

´´ස්වාමීනි, මෙහි මම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ එකපැත්තක හුන්නෙමි. ස්වාමීනි, එක පැත්තක හුන්නාවූ මට නිගණ්ඨනාත පුත්‍රතෙම මෙය කීයේය. ´´රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතමයන්ට දොෂයක් නගව, අභය රාජකුමාරයා විසින් මෙසේ මහත් සෘද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්ට දෝෂ දක්වන ලද්දේයයි මෙසේ නුඹගේ යහපත් වූ ගුණ ාේෂා වෙක් පැන නගින්නේය. ස්වාමීනි, මෙසේ කීකල්හි මම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීවෙමි. ´´ස්වාමීනි, ඒ කෙසේ නම් මම මෙසේ මහත් සෘද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපානය කරන්නෙම්ද?´´ ´රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතම තෙම යම් තැනෙක්හිද, එතැනට එළඹෙව. එළඹ, ශ්‍රමණ ගෞතමයන්ට මෙසේ කියව. ´´ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද, තථාගත තෙම එබදු වචනය කියන්නේද?´ ඉදින් නුඹ විසින් මෙසේ අසන ලද්දාවූ ශ්‍රමණ ගෞතම තෙම ´රාජ කුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබදු වචනය කියන්නේයයි´´මෙසේ ප්‍රකාශ කරයි නම් ඔහුට නුඹ මෙසේ කියව. ´´ස්වාමීනි, එසේ ඇති කල්හි, නුඹ වහන්සේගේ හා පෘථග්ජනයෙකුගේ කවර වෙනසක්ද? පෘථග්ජන තෙමේද වනාහි යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද, එබඳු වචනය කියන්නේයයි´ කියව´´

7. ´´ඉදින් වනාහි නුඹ විසින් මෙසේ විචාළාවූ ශ්‍රමණ ගෞතම තෙම ´රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබදු වචනය නොකියන්නේයයි මෙසේ ප්‍රකාශ කරයි නම්, ඔහුට නුඹ මෙසේ කියව. ´´ස්වාමීනි, එසේ ඇති කල්හි කුමට නුඹවහන්සේ විසින් දෙව්දත් තෙම අපායෙහි උපදින්නෙක, දෙව්දත් තෙම නිරයෙහි උපදින්නෙක, දෙව්දත් තෙම කල්පයක් නිරයෙහි සිටින්නෙක, දෙව්දත් තෙම පිළියම් කළ නොහැක්කෙකැයි ප්‍රකාශ කරන ලද්දේද? නුඹ වහන්සේගේ ඒ වචනයෙන් වනාහි දෙව්දත් තෙම කිපියේ නොසතුටු සිත් ඇත්තේ වූයේ නොවේදැයි ඇසිය යුතුය. රාජකුමාරය, නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවූම ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකි වෙයි. ගිලගන්ටත් නොහැකි වෙයි. යම්සේ නම් පුරුෂයෙකුගේ බොටුවෙහි ඇවුලුනු යකඩ කොක්කක් ඔහුට වමාරන්ටත් නොහැකි වන්නේද, ගිලගන්ටත් නොහැකි වන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලදද්දාවූම ශ්‍රමන ගෞතම තෙම වමාරන්ටත් නොහැකි වේ. ගිලගන්ටත් නොහැකි වේයයි´´ (කීයේය).

8. එකල්හි වනාහි බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ ලදරු කුමාරයෙක් අභය රාජ කුමාරයාගේ ඇකයෙහි (උකුලෙහි) හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අභය රාජ කුමාරයාට මෙය වදාළේය. ´´රාජකුමාරය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඉදින් මේ කුමාරුවා නුඹගේ ප්‍රමාදයක් නිසා හෝ කිරි මවගේ ප්‍රමාදයක් නිසා හෝ ලී කැබැල්ලක් හෝ කැබිලිති කටුවක්හෝ මුඛයෙහි දමා ගන්නේ නම් එයට කුමක් කරන්නෙහිද?´´

´´ස්වාමීනි, මම එය හැර ගන්නෙමි. ස්වාමීනි, ඉදින් මම පළමුවරම හැරගන්ට නොහැකි වන්නෙම් නම් වම් අතින් හිස අල්වාගෙණ දකුණු අතින් ඇඟිල්ල වක් කොට ලේ සහිත වුවත් හැරගන්නෙමි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, කුමරු කෙරෙහි මාගේ අනුකම්පාව ඇත්තේ යයි´´ (නීයේය.) ´´රාජක්‍රමාරය, එපරිද්දෙන්ම තථාගත තෙම යම් වචනයක් සිදු නොවූ, සත්‍ය නොවූ අවැඩ ගෙන දෙන්නක්යයි දනීද, ඒ වචනය අනුන්ට අප්‍රිය වේද, අමනාප වේද, තථාගත තෙම එබදු වචනය නොකියයි. තථාගත තෙම එබදු වචනය නොකියයි. තථාගත තෙම යම් වචනයක් සිදුවූ සත්‍යවූ අවැඩ ගෙන දෙන්නක්යයි දනියිද, ඒ වචනය ද අනුන්ට අප්‍රිය අමනාප වේද, තථාගත තෙම එබදු වචනයද නොකියයි. තථාගත තෙම යම් වචනයක් වනාහි වූ දෙයක්ය සත්‍යයක්ය අර්ථ පිණිස පවතින්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට අප්‍රිය අමනාප වේද, එහි තථාගත තෙම ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි. තථාගත තෙම යම් වචනයක් නොවූ දෙයක්ය, අසත්‍යයක්ය, අවැඩ ගෙණ දෙන්නක්යයි දනියිද, ඒ වචනයද නොකියයි. තථාගත තෙම යම් වචනයක් වූ දෙයක්ය, සත්‍යයක්ය, අවැඩ ගෙණ දෙන්නක්යයි දනියිද ඒ වචනයද අනුන්ට ප්‍රිය මනාප වේද, තථාගතතෙම එබදු වචනයද නොකියයි.

9. ´´තථාගත තෙම යම් වචනයක් වනාහි වූ දෙයක්ය, සත්‍යයක්ය, වැඩ ගෙණදෙන්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට ප්‍රිය මනාප වේද එහි තථාගතතෙම ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි. ඊට හේතු කවරේද? රාජතුමාරය, තථාගතයන්ගේ සත්වයන් කෙරෙහි අනුකම්පාව ඇත්තේයයි´´ වදාළේය.

10. ´´ස්වාමීනි, යම් මේ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද, ප්‍රශ්නයක් සකස් කොට තථාගතයන් වහන්සේ කරා එළඹ විචාරත්ද, ස්වාමීනි, යම් කෙනෙක් මා වෙත පැමිණ මෙසේ විචාරන්නාහුද, ඔවන්ට මම මෙසේ විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නෙමියි පළමුකොටම භාග්‍යවතුන් වහන්සේ විසින් කල්පනා කරන ලද්දේ වේද, නොහොත් තැනට සුදුසු පරිද්දෙන්ම මෙය තථාගතයන් වහන්සේට වැටහේද?´´ ´´රාජකුමාරය, එසේ නම් නුඹගෙන්ම මේ කාරණය අසන්නෙමි. යම්සේ නුඹට වැටහෙන්නේද, එසේ එය පුකාශ කරව. රාකුමාරය, නුඹ රථයෙහි ලොකු කුඩා අවයව වල දක්ෂයෙක්ද?´´

´´ස්වාමිනී, එසේය, මම රථයෙහි කුඩා මහත් අවයවවල දක්ෂයෙක්මියි´´ කීය.

´´රාජකුමාරය, ඒ කුමකැයි හගින්නෙහිද? යම් කෙනෙක් නුඹ වෙත පැමිණ රථයාගේ මේ කිනම් අවයවයක් දැයි මෙසේ අසන්නාහුද? යම් කෙනෙක් මා වෙත පැමිණ මෙසේ අසන්නාහුද, ඔවුන්ට මම මෙසේ අසන ලද්දේ මෙසේ කියන්නෙමියි´´ පළමුකොටම නුඹ විසින් මෙය කල්පනා කරන ලද්දක් වන්නේද? නොහොත් තැනට සුදුසු පරිද්දෙන්ම මෙය නුඹට වැටහෙන්නේද?

´´ස්වාමීනි, මම වනාහි රථයාගේ අවයව පිළිබද දක්ෂවූ රථ පදවන්නෙකැයි ප්‍රසිද්ධ වූයේ වෙමි. මා විසින් රථයේ සියලු අවයව දැන ගන්නා ලදහ. තැනට සුදුසු පරිද්දෙන්ම මෙය මට වැටහෙන්නේයයි´´ (කීයේය).

´´රාජකුමාරය, එපරිද්දෙන්ම යම් ඒ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපති පණ්ඩිතයෝද ශ්‍රමණ පණ්ඩිතයෝද ප්‍රශ්නයක් සකස් කොට තථාගතයන් වෙත එළඹ විචාරත්ද, තැනට සුදුසු පරිද්දෙන්ම මෙය තථාගතයන්ට වැටහේ. ඊට හේතු කවරේද? රාජකුමාරය, යම් ධර්ම ස්වභාවයක් මනාකොට අවබොධ කිරීම හේතුකොටගෙන ස්ථානෝචිත නුවණින්ම මෙය තථාගතයන්ට වැටහේද? ඒ ධර්ම ස්වභාව වනාහි තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද්දේයයි´´ වදාළේය.

11. මෙසේ වදාළ කල්හි අභය කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, ඉතා යහපත,  ස්වාමීනි, ඉතා යහපත, ස්වාමිනී,යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළා වූවෙකුට මහ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ ්රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනාකරන ලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ්සරණ කොට යමි, ධර්මයද, භික්ෂු සංයාද (සරණකොට යමි) භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා´´ (කීය.)

අටවෙනිවූ අභය (රාජකුමාර) සූත්‍රය නිමි. (1 – 6)

57. කුක්කුරවතිය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොලිය ජනපදයෙහි ´හලිද්ද වසන´ නම් කොළිය ජනපද වාසීන්ගේ නියම්ගමක් වේ. (එය ගොදුරු ගම්කොට) නැඩ වෙසෙන සේක. එකල්හි සමාදන්වූ ගොව්‍රත ඇති (ගොනෙකු මෙන් හැසිරෙන සීලය ඇති) ´´පුණ්ණ´´ නම් කොලිය පුත්‍ර තෙමේද, සමාදන්වූ සුනඛ ව්‍රතය ඇති (බල්ලෙකු මෙන් හැසිරෙන සීලය ඇති) ´´සෙනිය´´ නම් අවෙලක තෙමේද භාග්‍යතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, ගොන් පැවතුම් ඇත්තාවූ ´´පුණ්ණ´´ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. බලු පැවතුම් ඇත්තාවූ ´´සේනිය´´ නම් ආවෙලක තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා බල්ලෙකු මෙන් බිම ලැගගෙණ එකපැත්තක හුන්නේය.

2. එක් පැත්තක හුන්නාවුූම ගොන් පැවතුම් ඇති පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ බලු පැවතුම් ඇති සේනීය නම් අවෙලක තෙමේ දුෂ්කර ක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ ඒ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේදැ´´යි ඇසුවේය.

´´පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි´´ (වදාළේය.)

දෙවනුවද ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අවෙලක තෙම දුෂ්කර ක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කන්නේ ඔහුගේ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?´´

´´පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරව.´´ තුන්වෙනුවද ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අවෙලක තෙම දුෂ්කර ක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ බලු පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව ගතිය කවරේද?

4. ´´පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි, පුණ්ණය, ඒකාන්තයෙන් මම තොපගේ ඉල්ලීම නොලබමි. එහෙත් තට මම ප්‍රකාශ කරන්නෙමි. පුණ්නය, මේ ලෝකයෙහි ඇතමෙක් බලු පැවතුම් සමාදානය සම්පූර්ණ කොට නිරතුරුව වඩාද, බලු ශීලය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, බලු සිත සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, බල්ලන්ගේ ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, හෙතෙම බලු පැවතුම් සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා බලු ශීලය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා බල්ලන්ගේ ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ශරීරයාගේ බිඳීිමෙන් මරණින් මතු බල්ලන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් වනාහී මොහුගේ මෙබඳු ඇදහීමක් වේද, ´මම මේ ශීලයෙන් හෝ පැවතුමෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමියි. (කියායි) එය මොහුගේ මිථ්‍යාදෘෂ්ටිය වන්නීය. පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටිය ඇත්තහුට වනාහි නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා ගතියක් කියමි. ප්ණ්ණය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ බලු පැවතුම වනාහි බල්ලන්ගේ සහභාවයට පමුණුවයි. නරකයද විද්‍යමාන වේ´´යයි මෙසේ වදාළ කල්හි බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අවෙලක තෙම හැඬුයේය. කඳුලු වැගිරවූයේය.

5. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලීය පුත්‍රයාට මෙය කීයේය. ´´පුණ්ණය ඒකාන්තයෙන් මම තොපගේ ඉල්ලීම නොලබමි. පුණ්ණය, කම් නැත. පුණ්ණය මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි, කීයේ මේ නිසාය.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමක් මට මෙසේ වදාළේද, මම මෙයට නොහඬමි. ස්වාමීනි, එසේ වුවත් මාගේ මේ බලු පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ස්වාමීනි, මේ පුණ්ණ නම් කොළිය පුත්‍ර තෙමේද සමාදන් වූ ගොන් පැවතුම් ඇත්තෙකි. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?´´

´´සෙනියය, කම් නැත, මෙය තිබේවා, මා මෙය නොවිචාරවයි´´ (වදාළේය). දෙවනුවද, බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අවෙලක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ ප්ණ්ණ නම් කොලිය පුත්‍ර තෙම සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තේය. ඔහුගේ ඒ ගොන් පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?´´

´´සෙනියය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරව.´´

තුන් වෙනුවද, බලු පැවතුම් ඇත්තාවූ සේනය නම් අවෙලක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´ස්වාමීනි, මේ පුණ්ණ නම් කොළිය පුත්‍ර තෙම සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තේය. ඔහුගේ ඒ ගොන් පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?´´

´´සෙනියය, කම් නැත. සෙනියය, මෙය තිබේවා, මා මෙය නොවිචාරවයි. එකාන්තයෙන් තොපගේ ඉල්ලීම මම නොලබමි. එහෙත් තට මම ප්‍රකාශ කරන්නෙමි.

6. ´´සෙනියය, මේ ලොකයෙහි ඇතමෙක් ගොන් පැවතුම් සම්පූර්ණ කෙට නිරන්තරයෙන් වඩාද, ගොන් ශීලය සම්පූර්ණ කොට නිරන්තරතයෙන් වඩාද, ගොන් චිත්තය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, ගොන් ආකාරය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, හෙතෙම ගොන් පැවතුම් සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ගොන් ශීලය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා ගොන් චිත්තය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා, ගොන් ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ගවයන්ගේ සහභාවයට පැමිණේ. ඉදින් වනාහී, මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යයෙන් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් අන්‍යතරයෙක් හෝ වන්නෙමියි, ඔහුගේ ඇදහීම වේද, එය (ඒ ඇදහීම) ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ. සෙනියය, මිථ්‍යා දෘෂිටි ඇත්තහුට වනාහි මම නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා ගතියක් කියමි. සේනියය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ ගොන් පැවතුම වනාහි ගවයන්ගේ සහභාවයට පමුණුවයි. නරකයද විද්‍යාමාන වෙයි.´´

7. මෙසේ වදාළ කල්හි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොළිය පුත්‍රතෙම හැඬුයේය. කදුථ වැගිරවූයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බලු පැවතුම ඇත්තාවූ සේනයනම් අවෙලකයාට මෙය වදාළේය. ´´සේනියය, කම් නැත. සේනියය මෙය තිබේවා, මා මෙය නොවිචාරවයි´ මෙය වනාහි තොප ගෙන් මම නොලබමි.´´යි කීයේ මේ නිසාය.

´´ස්වාමීනි, යමක් මට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේද, මම මෙයට නොහඬමි. ස්වාමීනි, එසේ වුවත් මාගේ මේ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් මමද මේ ගොන් පැවතුම දුරුකරන්නෙම්ද, මේ බලු පැවතුම දුරු කරන්නේද, එපරිද්දෙන් ධර්මය දේශනා කරන්ට සමර්ථවේනම් මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රශන්න වූයේ වෙමියි,´´ (කීයේය.)

8. ´´පුණ්ණය, එසේ නම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි´´ ´´එසේය, ස්වාමීනි´´යි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

9. ´´පුණ්ණය, මා විසින් තෙමේ විශ්ෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරනලද්දාවූ මේ කර්ම සතරක් වෙත්. කවර සතරක්දයත්, පුණ්ණය, කෘෂ්ණ වූ (දස අකුසල කර්මපථවූ) කෘෂ්ණ විපාක ඇති (අපායෙහි උපදින හෙයින් කථවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණවූද, ශුක්ලවූද (මිශ්‍රක කර්මයවූ) කෘෂ්ණවූද, ශුක්ලවූද විපාක ඇති (සැපවූද දුක්වූද විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ලනොවූ, කෘෂ්ණ ශුක්ලනොවූ විපාක ඇති (යම්) කර්මයක් කර්මක්ෂය කිරීම පිණිස පවතීද (එබදුවූ) කර්මයක්ද ඇත්තේය.

10. ´´පුණ්ණය, කෘෂ්ණවූ, කෘෂ්ණ විපාක ඇත්තාවූ කර්මය කවරේද? පුන්ණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුන් සහිතවූ කාය සංස්කාරය (කාය චරයෙහි හටගන්නා දොලොස් අකුසල්) රැස්කරයිද, දුක් සහිතවූ මනො සංස්කාරය (සිතෙහි යටගන්නා අකුසල් චේතනාවන්) රැස්කරයිද,හෙතෙම දුක් සහිතවූ කාය සංස්කාරය රැස්කොට, දුක්සහිතවූ වාක් සංස්කාරය රැස් කොට දුක් සහිතවූ මනො සංස්කාරය රැස්කොට, දුක් සහිතවූ ලෝකයෙහි උපදියි. දුක් සහිතවූ ලොකයෙහි උපන්නාවුම ඔහු දුක් සහිතවූ විපාක ස්පර්ශවලින් ස්පර්ශ කරත්. හෙතෙම දුක් සහිතවූ විපාක ස්පර්ශවලින් ස්පර්ශකරන ලද්දේම, දුක් සහිත වූ ්එකාන්තයෙන් දුක් වූ වේදනාව විඳියි. නිරයෙහි උපන් සත්වයෝ යම්සේද එමෙනි. පුණ්ණය, මෙසේ වූ කර්ම හේතුවෙන් සත්වයාගේ උත්පත්තිය වේ. යමක් කරයිද එයින් උපදියි. උපන් මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මෙසේද මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය කෘෂ්ණවූ කෘෂ්ණවිපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.

11. ´´පුණ්ණය, ශුක්ලවූ ශුක්ල විපාක ඇත්තාවූ කර්මය කවරේද? පුණ්ණය, මේ ලොක්යෙහි ඇතැම් පුද්ගලයෙක් නිදුක්වූ කාය සංස්කාරය (කාය චාරයෙහි පැවති කාමාවචර කුසල් සිත් අට) රැස්කරයිද, නිදුක් වූ වාක් සංස්කාරය (වචන යෙහි පැවැති කුසල්) රැස් කරයිද, නිදුක්වූ මනො සංස්කාරය (මනොද්වාරයෙහි පැවති කුසල චෙතනාවන්) රැස්කරයිද, හෙතෙම නිදුක්වූ ලොකයෙහි උපදියි. නිදුක්වූ මනෝ සංස්කාරය රැස්කොට නිදුක්වූ ලොකයෙහි උපදියි. නිදුක්වූ ලොකයෙහි උපන්නාවූ ඔහු නිදුක්වූ ස්පර්ශයෝ ස්ප්ර්ශ කරත්. නිදුක්වූ ස්පර්ශවලින් ස්පර්ශ කරන ලද්දාවූම හෙතෙම නිදුක්වූ එකාන්ත සැපවූ වේදනාව විදියි. සුභකිණ්හ නම් දෙවියෝ යම්සේද එමෙනි. පුණ්ණය, මෙසේ වනාහී ඇතිවූ කර්මයෙන් සත්වයාගේ උත්පත්තියවේ. යමක් කරයිද එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කරත්. පුණ්ණය මෙසේද, මම සත්වයෝ කර්මය දායාදකොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය ශුක්ලවූ, ශුක්ල විපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.

12. ´´පුණ්ණය කෘෂ්ණ ශුක්ලවූ, කෘෂ්ඨ ශුක්ල විපාක ඇති කර්මය කවරේද? පුණ්ණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිතවූද, නිදුක් සහිතවූද, කාය සංස්කාරය රැස්කරයිද, දුක් සහිතවූද, නිදුක්වූද, වාක් සංස්කාරය රැස් කරයිද, දුක් සහිතවූද, නිදුක් සහිතවූද මනො සංස්කාරය රැස් කරයිද, හෙතෙම දුක් සහිතවූද, නිදුක්වූද කාය සංස්කාරය රැස් කොට, දුක් සහිතවූද, නිදුක්වූද මනො සංස්කාරය රැස්කොට දුක් සහිතවූද දුක් රහිතවූද ලොකයෙහි උපදියි. දුක් සහිතවූද දුක් රහිතවූද ලොකයෙහි උපන්නාවූම ඔහු දුක් සහිතවූද දුක් රහිතවූද ස්පර්ශයෝ ස්පර්ශ කරත්. දුක් සහිතවූද දුක් රහිතවූද ස්පර්ශයෝ ස්පර්ශ කරන ලද්දාවූම හෙතෙම දුක් සහිතවූද දුන් රහිතවූද සැපදුක් දෙකින් මිශ්‍රවූ වේදනාව විඳියි. මනුෂ්‍යයෝද ඇතැම් දෙවියෝ, ඇතැම් විමාන ප්‍රෙතයෝද යම්සේද, එමෙනි. පුණ්ණය, මෙසේ වනාහි ඇතිවූ කර්මයෙන් සත්වයාගේ උත්පත්තිය වේ. යමක් කරයිද, එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මෙසේද මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහු යයි කියමි. පුණ්ණය, මෙය කෘෂ්ණ ශුක්ලවූ කෘෂ්ණ ශුක්ල විපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.

13. ´´පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ල නොවූ, කෘෂ්ණ ශුක්ල නොවූ විපාකද, නැති කර්මය කර්මක්ෂය පිණිස පවතියිද, ඒ කර්මය කවරේද? පුණ්ණය, ඒ ත්‍රිවිධ කර්මයන් අතුරෙන් කෘෂ්ණවූ කෘෂ්ණ විපාක ඇත්තාවූ යම් මේ කර්මයක් වේද, එය දුරු කිරීම පිණිස මේ චේතනාවක් වේද, ශුක්ලවූ ශුක්ල විපාක ඇත්තාවූ යම් මේ කර්මයකුත් ඇද්ද ඔහුගේ දුරු කිරීම පිණිස යම් චේතනාවක් වේද, කෘස්ණ ශුක්ලවූ කෘෂ්ණ ශුක්ල විපාක ඇත්තාවූ යම් මේ කර්මයකුත් ඇද්ද, එය දුරු කිරීම පිණිස යම් වේතනාවක් වේද, පුණ්ණය, මෙය කෘෂ්ණද නොවූ ශුක්ලද නොවූ, කෘෂ්ණ ශුක්ල විපාකද නැති කර්මය කර්මක්ෂය පිණිස පවතීයිදි, ඒ මේ කර්මයයි කියනු ලැබේ. පුණ්ණය, මේ කර්ම සතර වනාහි මා විසින් තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන ලද්දාහුය´´යි (වදාළේය.)

14. මෙසේ වදාළ කල්හි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොළිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, මෙසේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුමක් එලිදරවු කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකින්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංයාද සරණ කොට ගනිමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා´´යි කීය.

15. බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අවෙලක තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, ඉතා යහපත ස්වාමීනි, ඉතා යහපත ස්වාමීනි, මෙසේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුමක් එලිදරවු කරන්නේද, මං මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකින්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙක් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි, ධර්මයද, භික්ෂු සංයාද (සරණ කොට යමි.) ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණ කම ලබන්නෙමි. උපසම්පදාවද ලබන්නෙමියි´´ (කීයේය)

16. ´´සෙනියය, පෙර අන්‍ය තීර්ථකවූ යමෙක් වනාහි මේ ශාසනයෙහි පැවිදි වීම කැමති වේද, උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමසක් පිරිවෙස් වෙසෙයි. සාරමසක් ගතවීමෙන් සතුටු සිත් ඇති භික්ෂුහු භික්ෂු භාවය පිණිස පැවිදි කරත්. එතකුදු වුවත් මටමෙහි පුද්ගලයන්ගේ වෙනස් බව ප්‍රකටය´´යි (වදාළේය).

´´ස්වාමිනි, ඉඳින් පෙර අන්‍යතීර්ථකවූවෝ මේ ශාසනයෙහි පැවිදි වීම කැමැත්තාහු උපසම්පදාව කැමැත්තාහු සාර මසක් පිරිවෙස් වෙසෙත් නම්, සාර මසක් ගතවීමෙන් සතුටු සිත් ඇත්තාවූ භික්ෂුහු භික්ෂු භාවය පිණිස පැවිදි කරත් නම්, උපසම්පදා කරත් නම්, මම සතර අවුරුද්දක් පිරිවෙස් වසන්නෙමි. සතර අවුරුද්දක් ගතවීමෙන් සතුටු සිත් ඇති භික්ෂුහු භික්ෂු භාවය පිණිස මා පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වා´´යි (කීයේය.)

17. බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අවෙලක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම් ලැබූයේය. උපසම්පදාව ලැබුයේය. උපසම්පදාවූ නොබෝ කල් ඇති ආයුෂ්මත් සේනය ස්ථවිර තෙමේ වනාහි හුදකලාවූයේ, වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, කරණලද ආත්මාලය ඇත්තේ, වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා ආචාර කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, ඒ උතුම් වූ බ්‍රහ්මචර්යය කෙළවර කොට ඇත්තාවූ (අරහත් ඵලයට) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂය කරණ ලදී. මාර්ග බ්‍රහ්මචර්යය වැස නිමවන ලදී. සතර මගින් කටයුතු දෙය කරනලදී. මෙයින් පසු අනික් කළයුත්තක් නැතැයි මනාව දැන ගත්තේය. ආයුෂ්මත් සෙනිය ස්ථවිර තෙමේ වනාහී රහතන් ගෙන් එක්තරා කෙනෙක් වූයේය.

හත්වෙනිවූ කුක්කුරවතිය සූත්‍රය නිමි. ( 1 – 7 )

56. උපාලි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නම් නුවර පාවාරික නම් සිටුහුගේ අඹ උයනෙහි කරවනලද විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි නිගන්ඨනාත පුත්‍රතෙමේ මහත්වූ නිගණ්ඨ පිරිසක් සමග නාලන්‍දා නුවර වාසය කරයි. එකල්හි දීතපස්සී නම් නිගන්ඨතෙම නාලන්‍දා නුවර පිඩු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ පාවාරික නම් අඹ උයන යම් තැනක්හිද, භග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූ සිහිකොට යුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූම දීතපස්සී නම් නිණ්ඨයාට භග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ,තපස්සිය, ආසන ගත්තාහ. ඉඳින් කැමැත්තෙහි නම් හිඳ ගනුවයි ,(කීහ.) මෙසේ කීකල්හි දීතපස්සී නම් නිගන්ඨ තෙම එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක වඩිවිය. එක් පැත්තක වන්නාවූ දීගතපස්සී නම් නිගන්ඨයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

2. ´´තපස්සිය, නිගන්ඨනාත පුත්‍රතෙම පාපකර්‍මය කිරීම පිණිස කෙතෙක් කර්‍ම පනවාදැයි, ,(දක්වාදැයි ඇසූහ.) ,ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කර්‍මය කර්‍මයයි පනන්වට නිගණ්ඨනාථ පුත්‍රහට පුරුද්දක් නැත. ඇවැත්නි, ගෞතමයන් වහන්ස, දණ්ඩය දණ්ඩයයිම පනවන්ට නිගණ්ඨනාථ පුත්‍රයාගේ පුරුද්දක් වේයයි, කීය. ,තපස්සිය, නිගන්ඨනාථ පුත්‍රතෙම පාප කර්‍ම කිරීමට පාපකර්‍මයාගේ පැවැත්මට කෙතෙක් නම් දණ්ඩයන් පනවාද,? ,ඇවැත්නි ගෞතමයන් වහන්ස, නිගණ්ඨනාථ පුත්‍ර තෙම පාප කර්‍මය කිරීමට පාප කර්‍මයාගේ පැවැත්මට දණ්ඩ තුණක්ම පනවයි. එනම් කාය දණ්ඩය, වචී දණ්ඩය, මණෝ දණ්ඩය යන තුනයි,.

3. ´´තපස්සිය, කිමෙක්ද? කාය දණ්ඩය අනිකක්මද? වචී දණ්ඩය අන්කක්මද? මනෝ දණඩය අනිකක්මද? , ,ඇවැත්නි ගෞතමයන් වහන්ස, කාය දණ්ඩය අනිකක්මය, වචී දණ්ඩය අනිකක්මය, මනෝ දණ්ඩය අනිකක්මය,. ,තපස්සිය, මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ දණ්ඩ තුන අතුරෙන් කවර නම් දණ්ඩයක් නිගන්ඨනාථ පුත්‍රතෙම පාප කර්‍ම කිරීමට පාපකර්‍මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වාද? ඉදින් කාය දණ්ඩය හෝ වේද? ඉතින් වචී දණ්ඩය හෝ වේද? ඉතින් මනෝ දණ්ඩය හෝ වේද,?

4. ´´ ඇවැත්නි, ගෞතමයානන් වහන්ස, මෙසේ බෙදෙන ලද්දාවූ මේ දණ්ඩ තුන අතුරෙන් කාය දණ්ඩය නිගණඨනාථ පුත්‍රතෙම පාප කර්‍මය කිරීමට පාප කර්‍මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වයි. වචී දණ්ඩය එසේ නොදකිවයි. මනෝ දණ්ඩය එසේ නොදක්වයි,.

´´තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?, ,ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩයයි, කියමි. ,තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?, ,ඇවැත්නි ගෞතමයානන් වහන්ස, කාය දණ්ඩයයි , යි කියමි. ,තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?, ,ඇවැත්නි, ගෞතමයානන් වහන්ස, කය දණ්ඩයයි කියමියි,. මෙසේ භග්‍යවතුන් වහන්සේ දී තපස්සි නම් නින්ඨයා මේ කීමෙහි තුන්වන වර දක්වා පිහිටුවූහ.

5. මෙසේ වදාල කල්හි දීතපස්සි නම් නිගණ්ඨ තෙම භග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ,ඇවැත්නි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ වනාහී පාපකර්‍මය කිරීමට පාප කර්‍මයාගේ පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවන්නෙහිද?, ´´තපස්සිය, තථාගතයන්ට දණ්ඩය දණ්ඩයයි පනවන්ට පුරුද්දක් නැත. තපස්සිය, කර්‍මය කර්‍මයයිම පැනවීම තථාගතයන්ගේ පුරුද්දවේ,. ,ඇවැත්නි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ වනාහි පාපකර්‍මය කිරීමට පාපකර්‍මයාගේ පැවැත්මට කෙතෙක් කර්‍මයන් පනවන්නෙහිද,? ,තපස්සිය, මම වනාහි පාපකර්‍මය කිරීමට පාපකර්‍මයාගේ පැවැත්මට කර්‍ම තුනක් දක්වමි. එනම් කායකර්‍මය, වචීකර්‍මය, මනෝකර්‍මය යන තුනයි,. ,ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කිම? කායකර්‍මය අනිකක්මද? වචීකර්‍මය අනික්මද? මනොකර්‍මය අනිකක්මද?, ,තපස්සිය, කායකර්‍මය අනිකක්මය, වචීකර්‍මය අනිකක්මය, මනොකර්‍මය අනිකක්මය,. ,ඇවැත්නි, ගෞතමයන් වහන්ස මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ කර්‍ම තුන අතුරෙන් කවර නම් කර්‍මයක් පාප කර්‍මයක් කිරීමට පාප කර්‍මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වන්නෙහිද? ඉඳින් කායකර්‍මය හෝ වේද? වාක්කර්‍මය හෝ වේද? මනෝකර්‍මය හෝ වේද,? ,තපස්සිය, වනාහී මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ කර්‍ම තුන අතුරෙන් මනෝකර්මය පාපකර්මය කිරීමට, පාප කර්‍මයාගේ පැවැත්මට ඉතා මහත් වරද යයි දකවමි. කාය කර්මය එසේ නොවේ,.

6. ,ඇවැත්නි, ගෞතමයන් වහන්ස, මනෝ කර්‍මයයි කියන්නෙහිද,? ,තපස්සිය, මනෝ කර්ම යයි කියමි, . ,ඇවැත්නි ගෞතමයන් වහන්ස, මනෝ කර්‍මයයි කියන්නෙහිද,? ,තපස්සිය, මනෝ කර්මයයි කියමි., ,ඇවැත්නි, මනෝ කර්ම යයි කියන්නෙහිද?,

,තපස්සිය, මනෝ කර්ම යයි කියමි,. මෙසේ දීතපස්සි නිගණ්ඨ තෙම භාගෘවතුන් වහන්සේ මේ කීමෙහි තුන්වෙනි වර දක්වා පිහිටුවා හුනස්නෙන් නැගිට නිගණ්ඨනාථ පුත්‍ර තෙමේ යම් තැනෙක්හිද එතැනට ගියේය.

7. එසමයෙහි වනාහි නිගණ්ඨනාත පුත්‍ර තෙම උපාලි ගෘහපතියා ප්‍රධාන කොට ඇති බාලක නම් ගම් වැසි මහත්වූ ගිහි පිරිසක් සමග හුන්නේ වෙයි. නිගණ්ඨනාත පුත්‍ර තෙම එන්නාවූ දීතපස්සී නම් නිගණ්ඨයා දුරදීම දුටුයේය. දැක දීතපස්සි නම් නිගණ්ඨයාට මෙසේ කීයේය.

´´තපස්සිය, නුඹ මේ දවල් කාලයෙහි කොහි සිට එන්නෙහිද?, ,ස්වාමීනි, මම මේ ශ්‍රමණ ගෞතමයන්ගේ සමීපයෙහි සිට එමි,.

´´තපස්සිය, ශ්‍රමණ ගෞතමයන් සමග තොපගේ කිසියම් කථාබහෙක් වූයේද? , ,ස්වාමීණි, ශ්‍රමණ ගෞතමයන් හා සමග මාගේ කිසියම් කථා බහෙක් වූයේය,.

´´තපස්සිය, ශ්‍රමණ ගෞතමයන් හා සමග තොපගේ කිසි යම් කථාබහෙක් කෙසේ නම් වූයේද?,

එකල්හි දීතපස්සි නිණ්ඨතෙම භාග්‍යවතුන් වහන්සේ සමග පැවැත්වූ කථා සල්ලාපය යම්තාක් වීද, ඒ සියල්ල නිණ්ඨනාත පුත්‍රයාට කීයේය.

8. මෙසේ කීකල්හි නිගණ්ඨනාත පුත්‍රතෙම දීගතපස්සි නිගන්ඨයාට මෙසේ කීයේය. ,තපස්සිය, යහපත, යහපත, මනා කොටම ශාස්තෘහුගේ ශාත්‍රය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එසේම දීගතපස්සි නම් නිගණ්ඨයා විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරණලදී. මෙසේ මහත්වූ මේ කාය දණ්ඩය හා සමකරන විට ලාමකවූ මනෝ දණ්ඩය කුමක්ද? කාය දණ්ඩයම පාප කර්ම කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදවේ වාක් දණ්ඩය එසේ නොවේ. මනෝ දණ්ඩය එසේ නොවේයයි´´ (කීයේය).

මෙසේ කී කල්හි උපාලි ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙසේ කීයේය. ,ස්වමීනි, තපස්සීතෙම යහපත, යහපත, මනාකොට ශාස්තෘහුගේ ශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් යම්සේද එසේම පින්වත් තපස්සී විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරනලදී. මේ මෙසේ මහතවූ මේ කාය දණ්ඩය හා සම කරනවිට, ලාමකවූ මනෝ දණ්ඩය කුමක්ද? කාය දණ්ඩයම පාපකර්‍මය කිරීමට, පාප කර්‍මයාගේ පැවැත්මට ඉතා මහත් වරද වේ. වාක් දණ්ඩය එසේ නොවේ. ස්වාමීනි, එබැවින් මමද යමි. ශ්‍රමණ ගෞතමයන්හට මේ කරණයෙන් වාදය අරෝපනය කරන්නෙමි. ඉඳින් මට ශ්‍රමණ ගෞතමතෙමේ පින්වත් තපස්සී විසින් යම්සේ (ඒ කීමෙහි) පිහිටුවන ලදද, එසේ පිහිටන්නේ නම් යම්සේ බලවත් පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවෙකු ලොම් වලින් ගෙන මෙහාට අදින්නේද, තල්ලුකරන්නේද, එහාමෙහා අදින්නේද, එපරිද්දෙකන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වදකොට අදින්නෙමි තල්ලු කරන්නෙමි. එහාට මෙහාට අදින්නෙමි. යම්සේ නම් බලවත්වූ හණවැහැරි සෝදන්නෙක් මහත්වූ සොන්ඩිකා කළාලයක් (හනමිටියක් ) ගැඹුරුවූ දියවිලෙහි බහා කොන්ගෙණ අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදකොට අදින්නෙමි. එහාට අදින්නෙමි. මෙහාට අදින්නෙමි. එහා මෙහා අදින්නෙමි.

´´ යම්සේ නම්බලවත් වූ සුරා ධූර්‍තයෙක් රා පෙරන මටුලු කස්ස කොන් අල්වාගෙණ යටට පිඹින්නේද, ඉවතට පිඹින්නේද, නැවත නැවත ගසාදමන්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදකොට පාතට පිඹින්නෙමි. බැහැරට පිඹින්නෙමි. ගසාදමන්නෙමි. යම්සේ නම් හැට අවූරුදුවූ හස්තියෙක් ගැඹුරුවූ පොකුණකට බැස හණදොවීම නම් ක්‍රීඩාවිශේෂයකින් ක්‍රීඩා කෙරේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් හණදොවීම වැනිවූ ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරන්නෙමි. ස්වාමීනි, එබැවින් මමද යමි. ශ්‍රමණ ගෞතමයන්හට මේ කාරණයෙන් වාදය නගන්නෙමියි, කීයේය. ,ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණයෙන් වාදකරව. ගෘහපතිය, මම හෝ වනහී ශ්‍රමණ ගෞතමයා හට වාදය නගන්නෙමි. දී තපස්සි නිගණ්ඨයා හෝ නුඹ හෝ (වාදකරන්නේයයි), කීය.

9. මෙසේ කී කල්හි දීතපස්සි නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. ,ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නේය යන යමක්වේද, මෙය මට රුචිනොවේ. ස්වාමීනි, ශ්‍රමණ ගෞතමතෙම වනාහි මායා දන්නේය. යම් මායාවකින් අන්‍ය තිත්‍ර්‍ථකයන්ගේ ශ්‍රාවකයන් හරවාගනීද, එබදුවූ පෙරළීම කරන්නාවූ දනීයයි, (කීය). තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වේද යන යමක්වේද , මෙයට නම් කරුණු නැත්තේය. අවකාශනැත්තේය. ශ්‍රමණ ගෞතමතෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, මෙයට නම් කරුණු ඇත්තේය. ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් හා සමග මේ කාරණයෙන් වාදකරව. ගෘහපතිය, මම හෝ වනාහී ශ්‍රමණ ගෞතමයන්හට වාදය ගන්නෙමි. දීතපස්සී නිගණ්ඨතෙමේ හෝ (එසේ කරන්නේය ) නුඹ හෝ කෙරෙහියයි, (කීයේය.)

10. දෙවනූවද දීතපස්සී නිගණ්ඨතෙම නගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. ,ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නේය යන යමක් වේද මෙය මට රුචි නොවෙයි. ස්වාමීනි, ශ්‍රමණ ගෞතමතෙම මායා දන්නේය. යම් මායාවකින් අන්‍ය තීත්‍ර්‍ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරලා ගණීද, එබඳුවූ පෙරලීම් කරන්නාවූ මායාවක් දනී., ,තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවක බවට පැමීණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු නැත්තේය. අවකාශ නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමෙක්වේද මෙයට කරුණු ඇත්තේමය. ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණයෙහි වාද කරව. ගෘහපතිය, මම හෝ ශ්‍රමණ ගෞතමයාහට වාදය ගන්නෙමි. දීතපස්සී නිගණ්ඨ තෙමේ හෝ නගන්නේය. නුඹ හෝ එසේ කෙරෙහිය,. තුන්වෙනුවේද, දීතපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාහට මෙසේ කීවේය. ,ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නේය යන යමෙක් වේද මෙය මට රුචි නොවෙයි. ස්වාමීනි, ශ්‍රමණ ගෞතම තෙම මායා දන්නේය. යම් මායාවකින් අන්‍ය තීත්‍ර්‍ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරලා ගණීද එබඳුවූ පෙරළීම් කරන්නාවූ මායාවක් දනී,. ,තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් බවට පැමිණෙන්නේය යන යමෙක්වේද, එයට කරුනක් නැත. අවකාශක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ උපාලි ගෘපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද මෙයට නම් කරුණු ඇතතේය. ගෘපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණයෙන් වාද කරව. ගෘහපතිය, මම හෝ ශ්‍රමණ ගෞතමයන්හට වාදය ගන්නෙමි. දීතපස්සි නගණ්ඨතෙම හෝ නගන්නේය. නුඹ හෝ එසේ කරන්නෙහියයි, කීයේය.

11. ´´ ස්වාමීනි, එසේයයි, කියා උපාලි ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තරදී හුනස්නෙන් නැගිට නමස්කාර කොට පාවාරික නම් අඹඋයන යම් තැනකද, භග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට ගියේය. ගොස් භග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූ උපාලි ගෘහපතිතෙමෙ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ,ස්වාමීනි, දීතපස්සී නිගණඨ තෙම ආයේද?, ,ගෘහපතිය, දීතපස්සි නිගණ්ඨ තෙම මෙහි ආයේයයි, (වදාළහ. ) ,ස්වාමීනි, ඹබ දීතපස්සි නිගණිඨයා සමග කිසියම් කථාබහෙක් වීදැයි, (ඇසීය ). ,ගෘපතිය, දීතපස්සි නිගණ්ඨයා සමග මාගේ කිසියම් කතා බහෙක් වීයයි, (වදාළේය ). ,ස්වාමීනි, දීගතපස්සී නිගණ්ඨයා සමග ඔබ වහන්සේගේ කෙබඳු කථාවක් වීදැයි, ඇසීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දීතපස්සී නිගණ්ඨයා සමග වූ කථාසල්ලාපය යම්තාක් වීද? ඒ සියල්ල උපාලි ගෘහපතියාහට කීහ.

12. මෙසේ කී කල්හී උපාලි ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්ඍේට මෙය කීයේය. ,සවාමීනි, යහපත, යහපත, තපස්සී තෙම මනාකොටම ශාසතෘහුගේ අනුශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයකු විසින් යමි සේද එපරිද්දෙන්ම දීතපස්සී නිගණ්ඨයා විසින් භාග්‍යවතුන් වහන්ඍේට ප්‍රකාශ කරණලදී.

´´ මෙසේ මහත්වූ මෙී කායදණ්ඩය හා සමකර බලනවිට ලාමකවූ මනොදණ්ඩය කුමක්ද? පාපකර්‍මය කිරීමට පාපකර්‍මයාගේ පැවැත්මට කායදණ්ඩයම ඉතා මහත් වරදවෙී. වාක්දණ්ඩය එසේ නොවෙි. මනොදණ්ඩය එසේ නොවෙිය,යි (කීයේය).

13. ´´ගෘහපතිය, ඉදින් නුඹ සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙහි නමි මෙහි අපගේ කථාසල්ලාපය වන්නේය,යි (වද්‍රළහ) ´´ස්වාමීනී, මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාපය වෙීවා,යි(කීයේය). ,ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මෙි ලෝකයෙහි නිගණ්ඨයෙක් හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන්වූයේ, සිහිල්දිය අත්හැරියේ උණු දිය සේවනය කරන්නෙක් වන්නේය. හෙතෙම සිහිල්දිය නොලබන්නේ කළුරිය කරන්නේය. ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍රතෙම මොහු කොතැන්හි උපදීයැයි දක්වන්නේද?,

´´ සවාමීනි, මනොසත්ත නමි දෙවි කොටසක් ඇත්තේය. හෙතෙම එහි උපදියි,.

´´ එයට හේතු කවරේද?,

´´ සවාමීනි, හෙතෙම වනාහි සිත පිළිබඳ වූයේ කළුරිය කෙරේ,යයි (කීයේය). ,ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට ප්‍රකාශකරව. නුඹගේ පළමු කීම හා පඍුව කීම හෝ පඍුව කීම හා පළමු කීම හෝ නොගැළපේ. ගෘහපතිය, .සවාමීනි මම සත්‍යයෙහි පිහිටා කථා කරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වෙිවා. යන මෙි වචනය තොප විසින් කියන ලද්දේමය.

´´ සවාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන නමුත් කායදණ්ඩයම පාපකර්‍මය කිරීමට පාපකර්‍මයාගේ පැවැත්මට ඉතා මහත් වරදවෙි. වාක්දණ්ඩය එසේ නොවෙි. මනෝ දණ්ඩය ඵසේ නොවෙි,යයි (කියේය).

14. ´´ගෘහපතිය, ඵය කුමකැයි හඟින්නේහිද? මෙි ලෝකයෙහි නිගණ්ඨයෙක් තෙම සතර ආකාර සංවරයෙන් සංවරවූයේ, සියලු පවිවලින් වැළකීමෙන් වලකින ලද පවි ඇත්තේ සියලු පවිවලින් වැලකීමෙන් යුක්ත වූයේ, සියලු පවින් වැලකීමෙන් දුරුකරන ලද පවි ඇත්තේ, සියලු පවින් වැලකීමෙන් ස්පර්‍ෂ කරන ලද්දෙක් වන්නේය. හෙතෙම ඉදිරියට ගමන් කරනනේද පස්සට ගමන් කරනනේද බොහෝවූ කුඩා සතුන් නසයි. ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍රතෙම මොහුට කවර විපාකයක් දක්වාද,යි (ඇසූහ). ,සවාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම මොහුට කවර විපාකයක් දක්වාදැ,යි (ඇසූහ). ,සවාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම නොසිතා කළ කර්‍මය මහාසාවද්‍ය (මහත් වරද) යයි නොදක්වන්නේය,යි (කීයේය). ,ගෘහපතිය, ඉදින් සිතා කරයි නමි, (කෙසේද?) ,සවාමීනි, මහාවාසාවද්‍යාවෙි., ,ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍රතෙම චෙිතනාව කවර කොටසෙක්හි නියම කෙරේද?, ,සවාමීනි, මනොදණ්ඩ කොටසෙහිය,යි (කීයේය). ,ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට ප්‍රකාශ කරව. නුඹගේ පළමු වචනය හා පසුව කී වචනයද පසුව කී වචනය හා පළමු කී වචනයද නොගැළපේමය. ගෘහපතිය, .සවාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථා කරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා.යි තොප විසින් මේ වචනය කියන ලදමය., ,සවාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන නමුත් කායදණ්ඩයම පාපකර්‍මය කිරීමට පාපකර්‍මයාගේ පැවැත්මට මහාසාවද්‍යවෙී. වාක්දණ්ඩය එසේනොවෙී. මනොදණ්ඩය එසේනොවෙී,යයි (කීයේය).

15. ´´ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මෙී නාලන්‍ද්‍රව සමෘඬ වූවාද ඉතා සමෘඬ වූවාද බොහෝ ජනයා ඇත්තීද? මිනිසුන්ගෙන් ගැවසීගන්නා ලද්දීද?, ´´ සවාමීනි, එසේය. මේ නාලන්‍ද්‍රව සමෘඬ වූවාද ඉතා සමෘඬ වූවාද බොහෝ ජනයා ඇත්තීද, මිනිසුන්ගෙන් ගැවසීගන්නා ලද්දීද වේ,. ,ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මෙහි ඔසවාගත් කඩුවක් ඇති පුරුෂයෙක් එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. .මම මේ නාලන්ද්‍ර නුවර යම් පමණ ප්‍රාණීහු වෙත්ද, ඔවුන් එක ක්‍ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්නෙමි. යි (කියන්නේය). ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂතෙම මේ නාලන්ද්‍ර නුවර යම් පමණ ප්‍රාණීහු වෙත්ද, ඔවුන් එක ක්‍ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්නට සමර්ථවේද,?

´´ සවාමීනි, පුරුෂයන් දසදෙනෙකුත් විසිදෙනෙකුත් තිස්දෙනෙකුත් හතලිස් දෙනෙකුත් පණස් දෙනෙකුත් මේ නාලන්ද්‍ර නුවර යම්තාක් ප්‍රාණීහු වෙත්ද, ඔවුන් එක ක්‍ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්නට අසමර්ථ වෙත්. ලාමකවූ එක් පුරුෂයෙක් කෙසේ නම් සමර්ථ වේද, ,ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඎඬිබල ඇති, හිත වසඟ කරගත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙහි එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. .මම මේ නාලන්ද්‍ර නුවර එකම සිත දූෂ්‍යවීමකින් හඑ කරන්නෙමි.යි (කියන්නේය).,ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඎද්ධිබල ඇති, හිත වසඟ කරගත් ඒ මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ මේ නාලන්ද්‍ර නුවර එකම සිත් දූෂ්‍යවීමකින් හඑ කරන්නට සමත්‍ර්‍ථ වේද,? ,සවාමීනි, නාලන්ද්‍රව වැනි නුවරවල් දසයකුදු විස්සකුදු තිහකුදු හතලිහකුදු පණසකුදු සිත වසඟ කරගත් ඒ මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ එකම සිත දූෂ්‍යවීමකින් හඑ කරන්නට සමත්‍ර්‍ථවේ. කුඩාවූ

එකම නාලන්ද්‍ර නුවර ගැන කියනු කිම,? ,ගෘහපතිය, ගෘහපතිය, කල්පනා කොට කියව. නුඹගේ පළමු කීම හා පසුව කීමද පසුව කීම පළමු කීමද නොගැළපේමය. ගෘහපතිය, .සවාමීනි මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාපය වේවා.යි මේ වචනය තොප විසින් කියන ලද මය., ,සවාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන නමුත් කායදණ්ඩයම පාපකර්‍ම කිරීමට පාපකර්‍ම පැවැත්වීමට අතිශයින් මහාසාවද්‍යවේ. වචීදන්ඩය ඵසේ නොවේ. මනෝ දණ්ඩය එසේ නොවේ,යයි (කීයේය).

16.,ගෘහපතිය, එය කුමකැයි හගින්නෙහිද? දණ්ඩකාරණ්‍යය, කාලිඬගාරණ්‍යය, මේඬ්‍යාරණ්‍යය, මාතඞගාරණ්‍යය, (යන මහ වනයන්) ගම් විනාශවී මහා වනයන් වූ සැටි නුඹ විසින් අසන ලදද?, ,සවාමීනි, එසේය. දණ්ඩකාරණ්‍යය, කාලිඬගාරණ්‍යය, මේඬ්‍යාරණ්‍යය, මාතඞගාරණ්‍යය ගම් විනාශවී මහා වනයන් වූ සැටි මා විසින් අසන ලදී. ,ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? කවර කාරණයකින් ඒ දණ්ඩකාරණ්‍යය, කාලිඬගාරණ්‍යය, මේඬ්‍යාරණ්‍යය, මාතඞගාරණ්‍යය ගම් විනාශවී මහා වනයන් වූ සැටි තොප විසින් අසන ලදද?, ,සවාමීනි, සෘෂීන්ගේ සිත් දුෂ්‍යවීමෙන් ඒ දණ්ඩකාරණ්‍යය, කාලිඬගාරණ්‍යය, මේඬ්‍යාරණ්‍යය, මාතඞගාරණ්‍යය ගම් විනාශවී ආරණ්‍යය වීයයි මෙය මා විසින් අසන ලදී., ,ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට කියව. තොපගේ පළමු කීම හා පසුව කීමද පසුව කීම හා පළමු කීමද නොගැළපේමය. ගෘහපතිය, සවාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථා කරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා.යි මේ වචනය තොප විසින් කියන ලදමයයි, (වද්‍රලහ).

17. .සවාමීනි, මම පළමු උපමාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සතුටු සිත් ඇත්තේ පැහැදුනෙමි. එතකුදු වුවත් මම මේ භාග්‍යවතුන් වහන්සේ විසිතුරුවූ ප්‍රශ්න විසඳීම් අසනුකැමැත්තේ්ම මම භාග්‍යවතුන් වහන්සේට විරුද්ධව කථා කළ යුතුයයි හැඟීමි. සවාමීනි, ඉතා යහපත, සවාමීනි, ඉතා යහපත. සවාමීනි, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුවි හරින්නේ වහා් වෙිද මංමුළාවූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්‍ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ප්‍රකාරයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලදී. සවාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්‍මයද භිකෂු සඬයාද (සරණකොට යමි) භාග්‍යවතූන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකැයි මා දරණසේක්වා,යි (කීයේය).

18 . ´´ගෘහපතිය, සිතා බලා සුදුස්සක් කරව. සිතා බලා කිරිම නුඹවැනි ප්‍රසිඬ මනුෂයන්ට යහපත් වෙි, යයි (වද්‍රළහ). ´´සවාමීනි, භාග්‍යවතූන් වහන්සේ .සිතා බලා කටයුතු කිරීම තොප වැනි ප්‍රසිඞ මිනිසුන්ටයහපත් වෙයි, යන යමක් මට මෙසේ කීයේද, මෙි කාරණයෙනුත් මම භාග්‍යවතූන් වහන්සේ කෙරෙහි වැඩියෙන්ම සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයේ වෙමි. සවාමීනි, අන්‍ය තීත්ර්‍‍ථකයෝ වූකලී මා වැනියෙකු ශ්‍රාවකයෙකු (වශයෙන්) ලැබී නමි සියළු නාලන්ද්‍ර නුවර උපාලි සිටුතෙම අපගේ ශ්‍රාවක බවට පැමිනියේයයි කොඩි නංවන්නාහුය. .එතකුදු වුවත් භාග්‍යවතූන් වහන්සේ මට මෙසේ වද්‍රළහ. .ගෘහපතිය, හිතා බලා සුදුස්සක් කරව. සිතිබලා කටයුතු කිරීම තොප වැනි ප්‍රසිඞ මිනිසුන්ට යහපත් වෙි. (කියායි). සවාමීනි, ඒ මම දෙවනුත් භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්‍මයද භිකෂු සඬයාද (සරණකොට යමි). භාග්‍යවතූන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා,යි (කීයේය).

19. ,ගෘහපතිය, නුඹගේ කුලය බොහෝ කලක් නිගන්ඨයන්ට පිළියෙල කළ ලිඳක් (පැන්මඩුවක්) මෙන් වෙිද? ඵහෙයින් ගෙට ආවාවූ ඹවුන්ට ආහාර දිය යුතුයයි හගින්නෙහිය,යි(වද්‍රලහ). ,සවාමීනි, යමි හෙයකින් මට භාග්‍යවතූන් වහන්සේ ගෘහපතිය, බොහෝ කලක් තොපගේ කුලය නිගන්ඨයන්ට පිළියෙල කළ ලිදක් මෙන් වීද, එහෙයින් පැමණියාවූ ඹවුන්ට ආහාර දිය යුතු කොට හඟින්නෙහිය.යි මෙසේ වද්‍රළේද, මෙයින්ද මම භාග්‍යවතූන් වහන්සේ කෙරෙහි වැඩියෙන්ම සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයේ වෙමි.

´´ සවාමීනි, .ශ්‍රමණ ගෞතම තෙම මටම ද්‍රනය දිය යුතුයි අන්‍යයන්ට ද්‍රනය දිය යුතු නොවෙි. මගේම ශ්‍රාවකයන්ට ද්‍රනය දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට ද්‍රනය දිය යුතු නොවෙි. මටම දෙන ලද්ද මහත් ඵල වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල වෙයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නොවෙිය.යයි කියන්නේ යයි මා විසින් අසන ලදී. ඵතකුදු වුවත් භාග්‍යවතූන් වහන්සේ මා නිගණ්ඨයන් හටද දීමෙහි සමාදන් කරවයි. සවාමීනි, ඵහෙත් ඵ් දීමෙහි අපි මෙහි කල් දනිමු. සවාමීනි, ඵ් මම තුන්වෙනුවත් භාග්‍යවතූන් වහන්සේ සරණ කොට යමි. ධර්‍මයද භික්‍ෂු සඬයාද (සරණ කොට යමි). භාග්‍යවතූන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා,යි (කීයේය).

20. ඉක්බිති භාග්‍යවතූන් වහන්සේ උපාලි ගෘහපතියාහට පිළිවෙල කථාව වද්‍රළේය. එනම් ද්‍රනය පිළිබඳ කථාවය, සීලය පිළිබඳ කථාවය, සවර්‍ගය පිළිබඳ කථාවය, පඤච කාමයන්ගේ ද්‍රෙෂය, ලාමක බවය, කෙලෙසීමය, නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසය ප්‍රකාශ කළහ. භාග්‍යවතූන් වහන්සේ යමි කලක උපාලි ගෘහපතියා නීරෝගී සිත් ඇත්තකු, මෘදු සිත් ඇත්තෙකු, නීවරනයන් පහවගිය සිත් ඇත්තෙකු, ඔද වැඩි සිත් ඇත්තෙකු, ප්‍රශන්න සිත් ඇත්තෙකු යයි දැනගත් සේක්ද? එකල්හි බුදුවරයන්ගේ තමන් විසින්ම අවබෝධ කරගන්නාලද දුකය, දුකට හේතුය, දුක් නැති කිරීමය, දුක් නැති කිරීමෙි මාර්‍ගය යන චතුස්සත්‍ය ධර්‍මයක් වෙිද, එය ප්‍රකාශ කලහ.

යමිසේ නමි පහව ගිය කළු පැහැ ඇති පිරිසිදු වස්ත්‍රය මනාකොටම රජනය (සායම) අල්වා ගන්නේද, එපරිද්දෙන් උපාලි ගෘහපතියා ඒ ආසනයෙහිම යමි කිසිවක් හට ගැණීම සවභාව කොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීම සවභාව කොට ඇත්තේය යන රාගාදී රජස් රහිතවූ පහවූ රාගාදී මළ ඇති ධර්‍ම චක්‍ෂුස (සෝතාපතති මාර්‍ග ඥානය) පහල වූයේය.

21. ඉක්බිති උපාලි ගෘහපති තෙම දක්නා ලද ආය්‍ර්‍ය සත්‍ය ධර්‍ම ඇත්තේ පැමිණෙනලද සත්‍ය ධර්‍ම ඇත්තේ, දැන ගන්නා ලද සත්‍ය ධර්‍ම ඇත්තේ, බැසගත් සත්‍ය ධර්‍ම ඇත්තේ, තරණය කළාවූ සැක ඇත්තේ, පහවගියාවූ සැක ඇත්තේ, විශාරද බවට පැමිණියේ, ශාසතෘ ශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතූන් වහන්සේට මෙසේ කීයේය. ,සවාමීනි, දැන් අපි යමු. අපි බොහෝ කෘත්‍ය ඇත්තෝ බොහෝ කටයුතු ඇත්තෝ වෙමු., ,ගෘහපතිය, නුඹ දැන් ඊට කාලය දනුව,යි (වද්‍රළහ.)

ඉක්බිත්තෙන් උපාලි ගෘහපති තෙම භාග්‍යවතූන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතූන් වහන්සේ මනා කොට වැඳ සවකීය ගෘහය යමි තැනකද එතැනට ගියේය. ගොස් ද්‍රොරටුපාලයා කැඳවීය. (කැඳවා) යහඑ ද්‍රොරටුපාලය, අද පටන් නිගන්ඨයන්ට හා නිගන්ඨියන්ට ද්‍රොර වසමි. භාග්‍යවතූන් වහන්සේගේ භික්‍ෂුන්ටද භික්‍ෂුණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද ද්‍රොර නොවසන ලද්දේ වෙයි. ඉඳින් කිසියම් නිගන්ඨයෙක් එයි නම් ඔහුට නුඹ මෙසේ කියව, .සවාමීනි, සිටුව මැනව, ඇතුල් නොවෙව, අද පටන් උපාලි සිටුතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. නිගන්ඨයන්ටද නිගන්ඨියන්ටද ද්‍රොරවසනලදී. භාග්‍යවතූන් වහන්සේගේ භික්‍ෂුන්ටද භික්‍ෂුණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද ද්‍රොර හරිනලදී. .සවාමීනි, ඉඳින් ඔබට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේ නම් මෙහිම සිටිනු මැනව, මෙහිම ඔබට ආහාර ගෙනෙන්නාහුය.යි (කියව) ,එසේය සවාමීනි,යි ද්‍රොරටු පාල තෙම උපාලි සිටුහට උත්තර දුන්නේය.

22.දීතපස්සි නිගණ්ඨතෙම, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන්න ඇසුවෙිය. ඉක්බිති දීතපස්සි නිගණ්ඨ තෙම නිගණ්ඨනාථ පුත්‍රයා යමි තැනෙක්හිද එතැනට ගියේය. ගොස් නිගණ්ඨනාථ පුත්‍රයාට මෙසේ කීයේය. ,සවාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිනියේය. යන මෙය මා විසින් අසන ලදී., ,තපස්සිය, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වෙිද, ඊට හේතු නැත. අවකාශ නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතයාගේ් ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වෙිද, මෙයට කරුණු ඇත්තේය.,

23. දෙවනුවද දීතපස්සි නිගණ්ඨ තෙම නිගණ්ඨනාථ පුත්‍රයාට මෙසේ කීයේය. ,සවාමීනි, උපාලි ගෘහපති තෙමි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. යන මෙය මා විසින් අසන ලදී., ,තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වෙිද, ඊට හේතු නැත. අවකාශ නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතයාගේ් ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වෙිද, ඊට කරුණු ඇත්තේය., තුන්වෙනුවද දීතපස්සි නිගණ්ඨ තෙම නිගණ්ඨනාථ පුත්‍රයාට මෙසේ කීයේය. ,සවාමීනි, උපාලි ගෘහපතිතෙම වනාහි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිනියේය. යන මෙය මා විසින් අසන ලදී., ,තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වෙිද, ඊට කරුණු නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතයාගේ් ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වෙිද, ඊටම කරුණු ඇත්තේය, (කීයේය).

´´ එසේනමි සවාමීනි, මම යමි. ඉදින් උපාලි ගෘහපති තෙමෙි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිනියේ හෝ වෙිද, නොපැමිණියේ හෝ වෙිදැයි දැනගතිමි., ,තපස්සිය නුඹ යව. උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිනියේ හෝ වෙිද, නොපැමිනියේ හෝ වෙිදැයි දැනගනුව,යි (කීයේය) එකල්හි දීතපස්සි නිගණ්ඨ තෙම උපාලි ගෘහපතියාගේ ගෘහය යමි තැනෙක්හිද, එහි ගියේය.

24. ද්‍රෙරටුපාල තෙම එන්නාවූ දීතපස්සී නමිවූ නින්ඨයා දුරදීම දුටුයේය. දැක දීතපස්සි නමි නිගණ්ඨයාට මෙය කීයේය. ,සවාමීනි, සිටිනු මැනව. ඇතුල් නොවනු මැනව. අද පටන් උපාලි සිටුතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. නිගණ්ඨයන්ටද නිගන්ඨන්ටද ද්‍රෙර වසන ලදී. භාග්‍යවතූන් වහන්සේගේ භික්‍ෂූන්ටද භික්‍ෂූණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද ද්‍රෙර හරිනලදී. සවාමීනි, ඉඳින් නුඹ වහන්සේට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේ නමි මෙහිම සිටිනු මැනව. මෙතැනට ගෙනෙනවා ඇතැ,යි කීයේය.

´´ ඇවැත්නි, මට ආහාරයෙන් ප්‍රයෝජනයක් නැතැ,යි කියා එයින් පෙරළා නිගණ්ඨනාත පුත්‍රතෙම යමි තැනෙක්හිද එහි ගියේය. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. .සවාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන යමක් ඇද්ද එය සැබෑමය..

25. ,සවාමීනි, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ට වාද්‍රරෝපනය කරන්නේය යන යමක් වෙිද, මෙය මට රුචි නොවෙිමය, .සවාමීනි, ශ්‍රමණ ගෞතම තෙමෙි වනාහි මායාකාරයෙක. යමි මායාවකින් අන්‍යතීත්‍ර්‍ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරලා ගනීද, එබදු පෙරළාගන්නා මායාවක් දනීය, යි මා කීවිට ඔබ වහන්සේගෙන් ඊට අවසර නොලැබීමි. සවාමීනි, නුඔවහන්සේගේ උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනිමායාවෙන් පෙරලා ගන්නා ලද්දේමයය, (කීයේය)

´´ තපස්සීය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වෙිද, එයට හේතු නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතයාගේ් ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වෙිද´´ එයටම හේතු ඇත.,

26. දෙවනුවද දීතපස්සි නිගණ්ඨ තෙම නිගණ්ඨනාථ පුත්‍රයාට මෙසේ කීයේය. ´´ සවාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන යමක් වෙිද එය සැබෑමය. සවාමීනි´´ උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ට වාද්‍රරෝපනය කරන්නේය යන යමක් වෙිද, මෙය මට රුචි නොවෙිමය. සවාමීනි, ශ්‍රමණ ගෞතම තෙම මායාකාරයෙකි. යමි මායාවකින් අන්‍ය තීත්‍ර්‍ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරලා ගනීද එබදු ආවතීනී මායාවක් දනීයයි මා කීවිට ඔබ වහන්සේ ගෙන් ඊට අවසර නොලැබුනේය. සවාමීනි ඔබ වහන්සෙගේ උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනී මායාවෙන් පෙරලා ගන්නා ලද්දේයයි´´ කීය. ´´ තපස්සීය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වෙිද ඊට හේතු නැත් මැයි. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ් ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වෙිද ඊටම හේතු ඇත්තේ වෙි.. තුන්වෙනුවද දීතපස්සි නිගණ්ඨ තෙම නිගණ්ඨනාථ පුත්‍රයාට මෙය කීයේය ´´ සවාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිනියේය යන යමක් වෙිද, එය සැබෑමය. .සවාමීනි, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්හට වාද්‍රරෝපනය කරන්නේය යන යමක් වෙිද මෙය මට රුචි නොවෙිමය. සවාමීනි, ශ්‍රමණ ගෞතම තෙමි වනාහි මායාකාරයෙක. යමි මායාවකින් අන්‍ය තීත්‍ර්‍ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරළාගනීද, එබදු ආවර්තනී මායාවක් දනීයයි මා කීවිට ඔබ වහන්සේගෙන් ඊට අවසර නොලැබුනේය. සවාමීනි නුබ වහන්සෙගේ උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනී මායාවෙන් පෙරලා ගන්නා ලද්දේමයයි´´ කීය. ,තපස්සීය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වෙිද´´ ඊට කරුණු නැත්තේමය, අවකාශයක් නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ් ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වෙිද, ඊටම කරුණු ඇත. තපස්සීය, එබැවින් මමද යමි. ඉදින් උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේ හෝ වෙිද, නොපැමිණියේ හෝ වෙිදැයි මමම දැන ගනිමි,යි(කීය). ඉක්බිති නිගණ්ඨනාථ පුත්‍රතෙම මහත් වූ නිගණ්ඨ පිරිස හා සමග උපාලි ගෘහපතියාගේ ගෘහය යමි තැනෙක්හිද එහි ගියේය.

27. ද්‍රෙරටු පාලතෙම එන්නාවූ නිගණ්ඨනාථ පුත්‍රයා දුරදීම දුටුයේය. දැක නිගණ්ඨනාථ පුත්‍රයාට මෙය කීයේය. ,සවාමීනී, සිටිනුමැනව ඇතුඵ තොවෙතු මැතව. අද පටත් උපාලි සිටුතෙම ශ්‍රමණ ගෞකමයත්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. තිගණ්ඨයත්ටද තිගණ්ඨීත්ටද ද්‍රෙර වසතලදී. භාග්‍යවතුන් වහන්සේගේ භික්‍ෂූන්ටද භික්‍ෂුණීන්ටද උපාසකයින්ටද උපාසිකාවන්ටද ද්‍රෙර හරිනලදී. සවාමීනි, ඉදින් නුඹ වහන්සේට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේ නමි මෙහිම සිටිනු මැනව මෙතැනට ගෙනෙනවා ඇතැයි, කීය.

,යහථ ද්‍රෙරටු පාලය එසේවීනමි, උපාලි ගෘහපතිතෙම යමි තැනකද එහි යව. ගොස් උපාලි ගෘහපතියාට මෙසේ කියව. ,සවාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම මහත්වූ නිගණ්ඨ පිරිස සමග ද්‍රෙර කොටුවෙන් පිටත සිටියේය. හෙතෙම නුඹ වහන්සේගේ දැකීම කැමැත්තේයයි. (කියව), ,එසේය සවාමීනි, කියා ද්‍රෙරටු පාලතෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තරදී උපාලි ගෘහපතයා යමි තැනකද එහි ගියේය. ගොස් උපාලි ගෘහපතියාට මෙසේ කීයේය. ,සවාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම මහත්වූ නිගණ්ඨ පිරිස සමග ද්‍රෙර කොටුවෙන් පිටත සිටියේය. හෙතෙම නුඹ වහන්සේගේ දැකීම කැමැත්තේයයි, (කිය.)

´´ යහළු ද්‍රෙරටු පාලය, එසේ වී නමි මඬ්‍යම ද්වාරශාලාවෙහි ආසන පනවවයි, (කිය.) ,එසේය සවාමීනි, කියා ද්‍රෙරටු පාලතෙම උපාලි ගෘහපතියාට උත්තරදී, මඬ්‍යම ද්වාරශාලාවෙහි අසුන් පනවා උපාලි ගෘහපතිතෙම යමි තැනෙක්හිද එහි ගියේය. ගොස් උපාලි ගෘහපතියාට මෙය කීයේය. ,සවාමීනි, මැදවූ ද්‍රෙරටු ශාලාවෙහි නුඹ වහන්සේට අසුන් පනවන ලදහ. එයට දැන් කල් දන්නෙහියයි, (කීයේය.)

28. ඉක්බිති උපාලි ගෘහපතිතෙම මැද ද්වාරශාලාව යමි තැනකද එහි ගියේය. ගොස් එහි යමි ආසනයක් අග්‍රවීද, ශ්‍රෙෂඨවීද, උතුමිවීද, ප්‍රනීතවීද එහි හිද දොරටුපාලයාට මෙසේ කීය. ,යහළු දොරටුපාලය, එසේවී නමි නිගණ්ඨනාත පුත්‍රයා යමි තැනෙක්හිද, එහි යව. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට

´´ සවාමීනි, ඉදින් කැමති නමි ඇතුල්වුව මැනවයි උපාලි ගෘහපතිතෙම කියන්නේයයි කියව,, ,එසේය සවාමීනි, කියා දොරටුපාල තෙම උපාලි ගෘහපතියාට උත්තර දී නිගණ්ඨනාත පුත්‍රයා යමි තැනෙක්හිද, එහි ගියේය. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට මෙසේ කීයේය.

´´ සවාමීනි, ඉදින් කැමති නමි ඇතුල් වුව මැනවයි උපාලි සිටුතෙමි කීයේය. ´´ යි කීය.

ඉක්බිති නිගණ්ඨනාත පුත්‍රතෙම මහත් වූ නිගණ්ඨ පිරිස සමග මැද ද්වාර ශාලාව යමි තැනකද එතැනට පැමිනියේය. එකල්හි උපාලි ගෘහපතිතෙම පෙර යමි නිගණ්ඨනාත පුත්‍රයෙකු දුරදීම එන්නහු යමි තැනකදී දකීද, එතැනදී පෙර ගමන් කොට එහි යමි ආසනයක් අග්‍රද, ශ්‍රෙෂ්ඨද, උතුමිීද, ප්‍රණීතද, එය උතුරු සළුවෙන් පිසදමා හාත්පසින් අල්වාගෙන හිඳුවාද, හෙතෙම දැන් එහි යමි ආසනයක් අග්‍රද, ශ්‍රෙෂ්ඨද, උතතමද, ප්‍රණීතද, එහි තෙමෙි හිද, නිගණ්ඨනාත පුත්‍රයාට මෙසේ කීයේය. ,සවාමීනි ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නමි හිඳගනු මැනව,යි (යනුයි)

මෙසේ කීකල්හි නිගණ්ඨනාත පුත්‍රතෙම උපාලි ගෘහපතියාට මෙසේ කීයේය. ,ගෘහපතිය, නුඹ උමතු වූයෙහිද? ගෘහපතිය, නුඹ ජඩවූ යෙහිද? ,සවාමීනි, මම යමි.

ශ්‍රමණ ගෞතමයන්ට වාද්‍රරෝපනය කරන්නෙමි.යි ගොස් මහත්වූ වාද බැමිමකින් වෙළී ආයේ වෙහිද? ගෘහපතිය, යමිසේ අණ්ඩහාරක පුරුෂයෙක් (සතුන් කප්පාදු කරන්නෙක්) ගොස් තමාගේ අණ්ඩය උදුරා දමනු ලැබ එන්නේද, ගෘහපතිය, යමිසේ හෝ ඇස් උදුරන්නාවූ පුරුෂයෙක් ගොස් උදුරණලද ඇස්වලින් යුක්තව එන්නේද, ගෘහපතිය, එපරිද්දෙන්ම නුඹ .සවාමීනි, මම යමි. ශ්‍රමණ ගෞතමයන්ට වාද්‍රරෝපණය කරන්නෙමි.යි ගොස් මහත්වූ වාද බැමිමකින් වෙළී ආයෙහිය. ගෘහපතිය, නුඹ වනාහි ශ්‍රමණ ගෞකමයත් විසින් ආවර්‍තනී මායාවෙන් පෙරලා ගත්තෙහිය,යි (කීයේය.)

´´ සවාමීනි, ආවර්‍තනී මායාව හොදය. සවාමීනි, ආවර්‍තනී මායාව යහපති. සවාමීනි, මාගේ ප්‍රිය නෑ සහ ලේ නෑයෝ මෙි ආවර්‍තනී මායාවෙන් පෙරළෙන්නාහු නමි, එය මාගේ ප්‍රිය වූ නෑ සහ ලේ නෑයන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. සවාමීනි, සියලු ක්‍ෂත්‍රියෝ මෙි ආවර්‍තනී මායාවෙන් පෙරලෙන්නාහු නමි, එය ඒ සියලු ක්‍ෂත්‍රියන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. සවාමීනි, ඉඳින් සියලු බ්‍රාහමනයෝද මෙි ආවර්‍තනී මායාවෙන් පෙරලෙන්නාහු නමි, ඒ සියලු බ්‍රාහමනයන්ටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය, ඉඳින් සියලු වෛශ්‍යයෝද මෙි ආවර්‍තනී මායාවෙන් පෙරලෙන්නාහු නමි, ඒ සියලු වෛශ්‍යයන්ටද බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස වන්නේය. ඉඳින් සියලු ශුද්‍රයෝද මෙි ආවර්‍තනී මායාවෙන් පෙරලෙන්නාහු නමි එය සියලු ශුද්‍රයන්ටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. සවාමීනි, ඉඳින් දෙවියන් සහිත වූ මාරයන් සහිතවූ බ්‍රහමයන් සහිත වූ ලෝකයද, මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවද මෙි ආවර්‍තනී මායාවෙන් පෙරළෙන්නාහු නමි, එය දෙවියන් සහිත වූ මාරයන් සහිතවූ බ්‍රහමයන් සහිත වූ ලෝකයටද, මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. සවාමීනි, එසේ වී නමි නුඹ වහන්සේට උපමාවක් කියන්නෙමි. මෙි ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමාවෙන්ද කියූ දෙයෙහි අරන්‍ර්‍ථය දැනගනිත්.

´´ සවාමීනි, පෙරවූ දෙයක් කියමි. ජරාවට ගියාවූ වයස් ගතවූ මහළුවූ එක්තරා බ්‍රාහමණයෙකුගේ ගැබිණිවූ වැදීමට ලන්වූ තරුණ මෙනවි අඹුවක් විය. සවාමීනි, ඉක්බිති ඒ මෙණෙවිය ඒ බමුණාට මෙසේ කීය. .බ්‍රාහමණය, නුඹ යව. මාගේ කුමාරයාට සෙල්ලමි කරනු පිණිස කඩපිළෙන් වඳුරු පැටවෙකු මිලදී ගෙනෙව. (කියාය) සවාමීනි, මෙසේ කීකල්හි ඒ බමුණුතෙම ඒ මෙනවියට මෙසේ කීයේය.

´´ පින්වතිය, යමිතාක් වදන්නෙහිද, ඒතාක් බලාපොරොත්තු වෙව, පින්වතිය, ඉදින් නුඹ කුමරෙකු වදන්නෙහි නමි නුඹගේ ඒ කුමරුවාට සෙල්ලමි කරනු පිණිස කඩ පිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙන්නෙමි. පින්වතිය, ඉදින් නුඹ කුමරියක් වදන්නෙහි නමි නුඹගේ ඒ කුමරියට සෙල්ලමි කරනු පිණිස කඩ පිළෙන් වඳුරු පැටවියක් මිළදී ගෙණෙන්නෙමි.යි කීයේය.

29. ,සවාමීනි, දෙවනුවද ඒ මෙණවිය ඒ බමුණාට මෙය කීය. බ්‍රාහමණය, මාගේ කුමාරුවාට සෙල්ලමි කරනු පිණිස කඩපිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙණෙව. සවාමීනි, දෙවනුවත් ඒ බමුණුතෙම ඒ මෙණෙවියට මෙය කීයේය. ´´පින්වතිය, යමිතාක් වදන්නෙහිද, ඒතාක් බලාපොරොත්තු වෙව, පින්වතිය, ඉදින් නුඹ කුමරෙකු වදන්නෙහි නමි නුඹගේ ඒ කුමරුවාට සෙල්ලමි කරනු පිණිස කඩ පිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙනෙමි. පින්වතිය, ඉදින් නුඹ කුමරියක් වදන්නෙහි නමි නුඹගේ ඒ කුමරියට සෙල්ලමි කරනු පිණිස කඩ පිළෙන් වඳුරු පැටවියක් මිළදී ගෙනෙනෙමි.´´

30. ´´ සවාමීනි, තුන්වනුවද ඒ මෙණවිය ඒ බමුණාට මෙය කීය. .බ්‍රාහමණය, නුඹ යව, මාගේ කුමාරයාට සෙල්ලමි කරනු පිණිස කඩපිළෙන් වඳුරු පැටවෙකු මිලදී ගෙනෙව. සවාමීනි, එකල්හි ඒ බමුණුතෙම ඒ මෙණවිය කෙරෙහි ඇලුමි ඇත්තේ පිළිබඳ සිත් ඇත්තේ කඩපිලෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනවුත් ඒ මෙණවියට මෙසේ කීයේය. .පින්වතිය නුඹගේ කුමරුට සෙල්ලමි කරනු පිණිස නුඹට කඩපිළෙන් මෙි වඳුරු පැටවා මිළදීගෙන ආවෙමියි. කීය. සවාමීනි, මෙසේ කීකල්හි ඒ මෙණවිය ඒ බමුණාට මෙය කීය. .පින්වතිය නුඹගේ කුමරුට සෙල්ලමි කරනු පිණිස නුඹට කඩපිළෙන් මෙි වඳුරු පැටවා මිළදීගෙන ආවෙමියි. කීය. සවාමීනි, මෙසේ කීකල්හි ඒ මෙණවිය ඒ බමුණාට මෙය කීය. .බ්‍රාහමණය, නුඹ යව, මෙි වඳුරු පැටවා ගෙන රක්තපාණී නමි රජක පුත්‍රයා (සායමි ගාන්නා) යමි තැනකද එතැනට ගොස් රක්තපාණී නමි රජක පුත්‍රයාට මෙසේ කියව. යහථ රක්තපාණීය, මම මෙි වඳුරු පැටවා පීතාවලෙපන නමි රන්වන් පාට කරන සායමින් සායමි කරන ලද්දෙකු, නැවත නැවත සායමි පොවන ලද්දෙකු දෙපස මදින ලද්දෙකු කරනු කැමැත්තෙමියි.. (කියව) සවාමීනි, ඉක්බිති ඒ බමුණුතෙම ඒ මෙණෙවිය කෙරෙහි ඇලුම් ඇත්තේ පිළිබඳ සිත් ඇත්තේ ඒ වඳුරු පැටවා ගෙන රක්තපාණී නමි රජක පුත්‍රයා යමි තැනකද එහි ගියේය, ගොස් රක්තපාණී නමි රජක පුත්‍රයාට මෙසේ කීයේය. .යහථ රක්තපාණීය, මම මෙි වඳුරු පැටවා රන්වන් පාට කරන පීතාවලෙපන නමි සායමින් සායමි කරන ලද්දෙකු, නැවත නැවත පොවන ලද්දෙකු දෙපස මදින ලද්දෙකු කරනු කැමැත්තෙමියි. කීය. සවාමීනි, මෙසේ කීකල්හි රක්තපාණී නමි රජක පුත්‍රතෙම ඒ බමුණාට මෙසේ කීයේය. .සවාමීනි, නුඹගේ වඳුරු පැටවා පාටකිරීමට සුදුසුය. නැවත නැවත තලා පෙවීමට සුදුසු නොවේ. නැවත නැවත මැදීමට සුදුසු නොවේය.යි (කීයේය.)

´´ සවාමීනි, එපරිද්දෙන්ම අඥානවූ නිගණ්ඨයන්ගේ වාදය අඥානයන්ට පිටතින් පාට කිරීමට නම් සුදුසු මේවැයි. නුවණැත්තන්ට යෙදීමටවත් විමසීමටවත් සුදුසු නොවේ, සවාමීනි, ඉක්බිති ඒ බ්‍රාහමණ තෙමේ මෑත කාලෙක අථත්වූ වසත්‍ර දෙකක් ගෙණ රක්තපාණී නමි රජක පුත්‍රයා යමි තැනකද එහි ගියේය, ගොස් රක්තපාණී නමි රජක පුත්‍රයාට මෙසේ කීයේය. .යහථ රක්තපාණීය, මෙි අථත්වූ වසත්‍ර දෙක (රන්වන් පැහැයෙන් පාට කරණ ලද්දක්) නැවත නැවත තලා පොවන ලද්දක් දෙපස මදින ලද්දක් (කරනු) කැමැත්තෙමි.යි (කීය). සවාමීනි, මෙසේ කී කල්හි රක්තපාණී නමි රජක පුත්‍රතෙම ඒ බමුණාට මෙය කීයේය. .සවාමීනි, නුඹගේ මේ අථත්වූ වසත්‍ර දෙක සායමි පෙවීමටද සුදුසුමය, පොඩිකිරීමටද සුදුසුය මැදීමටද සුදුසුයයි. (කීය). .සවාමීනි, එපරිද්දෙන්ම ඒ අර්හත් සම්‍යක් සමබද්ධවූ භාග්‍යවතුන් වහන්සේගේ වාදය නුවණැත්තන්ට ප්‍රියව්මටද සුදුසු වේ මැයි. අඥානයන්ට ප්‍රිය නොවේ. නැවත නැවත යෙදීමට සුදුසු වේ. විමසීමටද සුදුසු වේයයි, (කීයේය.)

31. ´´ගෘහපතියල රජුන් සහිත පිරිස උපාලි ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාගේ ශ්‍රාවකයෙකැයි දනියි. ගෘහපතිය

තොප කවරකුගේ ශ්‍රාවකයෙකැයි දරම්දැයි, (ඇසීය) මෙසේ කීකල්හි උපාලි ගෘහපති තෙම හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංසකොට, භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එදෙසට ද්‍රෙහොත් මුදුන්දී වැඳ නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. ,සවාමීනි, එසේ වී නම් මම යමකුගේ ශ්‍රාවකයෙක්ද යනු අසනු මැනව.

1. ´´ මම, පණඩිතවූ, පහවූ මොහොය ඇති විශේෂයෙන් බිදිනලද පඤචචෙතොඛිල (පස්වැදෑරුමි හිතේ උල්) ඇති මාරයන් පරදවා ලබන ලද විජය ඇති, නිදුක්වූ මනා සමවූ සිත් ඇති, වැඩුනාවූ ආචාර සිල් ඇති යහපත් ප්‍රඥා ඇති රාගාදී විෂම තරණය කළාවූ රාගාදීමල රහිතවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

2. ´´ මම, සැක නැත්තාවූ සතුටුසිත් ඇත්තාවූ වමාරණ ලද කාම ගුණ ඇති, මෘදුවූ, කරණලද මහණදමි ඇති, අසහාය මනුෂ්‍යවූ අන්තිම ශරීරය ඇති මනුෂ්‍යවූ, උපමා රහිතවූ, පහවූ රාගාදී රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

3. ´´ මම, සැක රහිතවූ දක්‍ෂවූ සන්‍වයන් හික්ම වන්නාවූ උතුමි සාන්‍ර්‍ථවාහකයෙකු බඳුවූ නිරුත්තරවූ පවිත්‍ර ධර්‍ම ඇත්තාවූ සැක රහිතවූ ආලෝක කරන්නාවූ සිඳිනලද මානය ඇත්තාවූ වීය්‍ර්‍ය සමපන්නවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

4. ´´ මම, නිසභවූ (සියල්ලන්හට ශෙෂඨවූ) ප්‍රමාණ රහිත වූ ගුණයෙන් ගැඹුරුවූ, නුවණට පැමිණියාවූ නිර්භය කරන්නාවූ ඤාණය ඇත්තාවූ, ධර්‍මයෙහි පිහිටියාවූ සංවර කරනලද ආත්මය ඇති, රාගාදී කෙළෙසුන් පහකළාවූ, කෙලෙසුන්ගෙන් මිදුනාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

5. ´´ මම, කරුණු සතරකින් ශ්‍රෙෂ්ඨවූ, වනසෙනසුන් ඇත්තාවූ, විනාශ කරන ලද සංයෝජන ඇත්තාවූ, විදුනාවූ, ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥාවෙන් යුක්තවූ, සෝදාහළ කෙලෙස් ඇත්තාවූ, මානය නැති කළාවූ, පහවූ රාග ඇති, දමනයවූ, ප්‍රපඤ්ච රහිතවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

6. ´´ මම, සත්වන සෘෂිවූ, කුහක නොවූ, ත්‍රිවිද්‍යා ඇත්තාවූ, ශ්‍රෙෂ්ඨ බවට පැමිණියාවූ, සොදාහළ කෙලෙස් ඇති, ගාථා පදකිරීමෙහි දක්ෂවූ, සැහැල්ලුවූ, දන්නාලද නුවණ ඇති, සියල්ලන්ට පළමු ධර්මදානය දුන්නාවූ, සමර්ථවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

7. ´´ මම, ආර්යවූ, වඩනාලද සිත් ඇති, පැමිණියයුතු ගුණයන්ට පැමිණියාවූ, විස්තරකොට අර්ථ ප්‍රකාශ කරන්නාවූ, සිහි ඇත්තාවූ, විශේෂයෙන් දක්නා නුවණ ඇති, අර්හත්වූ, දුෂ්ට නොවූ, තෘෂ්ණා රහිතවූ, වසඟභාවයට පැමිණියාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

8. ´´ මම, යහපත් මාර්ගයට පැමිණියාවූ, ධ්‍යාන ඇත්තාවූ, කෙලෙසුන් විසින් අනුගමනය නොකරනලද සිත් ඇත්තාවූ, පිරිසිදුවූ, නොබැඳුනාවූ, ප්‍රහීණ නොවූ, උතුම් විවේකය ඇත්තාවූ, අග්‍ර බවට පැමිණියාවූ, තෙමේ එතෙරවූ, අනුන් එතෙර කරන්නාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

9. ´´ මම, සාන්තවූ, පොළොවක් මෙන් පතළාවූ නුවණ ඇති, මහත්වූ ප්‍රඥාා ඇති, පහව ගියාවූ ලොභ ඇති, තථාගතවූ, මනා ගමන් ඇති, සමාන පුද්ගලයන් නැත්තාවූ, අසමවූ, විශාරදවූ, නිපුණවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

10. ´´ මම, සිඳිනලද තෘෂ්ණා ඇති, චතුස්සත්‍යය අවබොධ කළාවූ, පහවූ කෙලෙස් දූම ඇති, තෘෂ්ණා දෘෂ්ටි තැවරීම්වලින් නොතැවරුණාවූ, පූජා පිළිගැනීමට සුදුසු වූ, ආනුභාව සම්පන්නවූ, උත්තම පුද්ගලවූ, අසමවූ, මහත් වූ, යසසින් අග පැමිණියාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි´´ යි (කීයේය.)

´´ගෘහපතිය, ශ්‍රමණ ගෞතම යන්ගේ මේ ගුණයෝ තොප විසින් කවර කලෙක රැස්කරගන්නා ලද්දාහුද?´´ (ගොතන ලද්දාහුද?) ´´ස්වාමීනි, යම්සේ නොයෙක් මල් ඇති මහත්වූ මල් රැසක් වේද, එයින් දක්ෂවූ මාලාකාරයෙක් හෝ මාලාකාරයෙකුගේ අතවැසියෙක් හෝ විසිතුරු මල් මාලාවක් ගොතන්නේද, ස්වාමීනි, එපරද්දෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ නොයෙක් ගුණ ඇත්තාහ. නොයෙක් සිය ගණන් ගුණ කියයුත්තාගේ ගුණ වර්ණනා නොකරන්නේද?´´යි (කීයේය.) එකල්හි භාග්‍යවතුන් වහන්සේට කරන සත්කාරය නොඉවසන්නාවූ නිගණ්ඨනාත පුත්‍රයාගේ මුවින් එතැතම උණු ලේ පිටවිය.

හයවෙනිවූ උපාලි සූත්‍රය නිමි. (1 – 4)

55. ජීවක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (කුමාරයෙකු විසින් පෝෂණය කරන ලද හෙයින්) කෝමාරභච්ච නම්වූ ජීවක යන්ගේ අඹ උයනෙහි (කරවන ලද විහාරයෙහි) වැඩ වාසය කරති. එකල්හි වනාහි ජීවක නම් කොමාරභච්ච තෙමේ භග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එතැනට පැමිණියේය. පැමිණ භග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටි ජීවක නම් කොමාරභච්චතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ,ස්වාමීනි, මා විසින් මෙය අසනලදී. .ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්, ශ්‍රමණ ගෞතම තෙමේ දැන ගෙන උදෙසා කරන ලද (තමන් පිණිස කරනලද) ඒ මාංසය වළඳන්නේය. යනුයී. ස්වාමීනි, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? .ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතමතෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය වළඳන්නේයයි. (කියායි ). ස්වාමීනි කිමෙක්ද ඔවුහු භග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කයන්නාහුද? භග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දොස් කියත්ද? භග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද කාරණයට අණුව කරුනු කියත්ද? කිසියම් කරුණු සහිතවූ වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නොපැමිණේදැයි, (ඇසීය ).

2., ජීවකය, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? .ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතම තෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය පරිභෝග කරන්නේ යයි. (කියායි.) ඔවුහු මා විසින් කියන ලද්දක් කියන්නාහු නොවෙත්. ඔවුහු මට බොරුවකින් දොස් කියන්නාහුද වෙත්. ජීවකය, මම වනාහී කරුනු තුනකින් යුතක්තවූ මාංසය පරිභෝග නොකට යුතුයයි කියමි. දක්නා ලද්දය, අසන ලද්දය, සැක කරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහී මේ කරුණු තුනෙන් යුක්තවූ මාංසය නොකට යුතුයයි කියමි. නොදක්නා ලද්දය, නොඅසන ලද්දය, සැක නොකරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහී මේ කරුනු තුනින් යුක්තවූ මාංසය වැළදිය යුතුයයි කියමි.

3. ,ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවන දිශාවය එසේ තුන්වන දිශාවය එසේ සතරවන දිශාවය, මෙසේ උඩයට සරස සියල්ලෙහි සියළු තැන පතළාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රි සහගත සිතින් පතුරුවා වසෙය කරයි. ඒ භික්‍ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමති වන්නාවූ මහණ තෙම එය ඉවසයි. හෙතෙම ඒ රත්‍රිය ඉක්මීමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරුගෙණ ඒ ගෘහපතියගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණිතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණිතවූ පින්ඩපාතයෙන් වළඳවයි. එය ඉතා යහපත. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ පසුවද මෙබඳු ප්‍රණිතවූ පිණ්ඩපාතයෙන් වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි. මෙබඳු සිතක්ද ඔහුට ඇති නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් ගැට නොගැසුනේ මුර්ඡා නොවූයේ එහි නොගිලුනේ දොස් දකිනා සුළුවූයේ නිශ්ශරණ ප්‍රඥාවෙන් යුක්තව වලඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, ඒ මහණතෙම ඒ කාලයෙහි තමන්හට දුක් පිණිස හෝ සිතයිද? හෝ අන්‍යයන්හට දුක් පිණිස හෝ සිතයිද? දෙපසට දුක් පිණිස හෝ සිතයි,ද?

,ස්වාමිනි, එසේ නොසතයි,.

4.,ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාරය ගන්නේ නොවේද?, ,ස්වාමිනි, එසේය. ස්වාමිනි භ්‍රහ්මතෙම මෛත්‍රී විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසා තිබේ. ස්වාමිනි, මෛත්‍රියෙන් යුක්තවූ භාග්‍යවතුන් වහන්සේ මා විසින්ම ඇසින්ම දක්නා ලදී. ස්වාමිනි, භග්‍යවතුන් වහන්සේ වනාහී මෛත්‍රී විහරණ ඇත්තේය.,

,ජීවකය, යම් රාගයකින්, යම් ද්වේෂයකින්, යම් මොහයකින් ක්‍රෝධ ඇත්තෙක් වන්නේද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය ඒ ෙවෂය ඒ මෝහය පහවූයේ සිඳිනලද මුල් ඇත්තේ මස්තකය සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොවීම් කරන ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේවෙයි. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියන ලද්දේ නම් තට එය අනුදනිමියි, වදාළේය. , ස්වාමිනි, මා විසින් ඒ සඳහාම කියනලදී.,

5., ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම කරුණාසහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම හතරවන දිශාවද, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියලු තැන පතලාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ක්‍රෝධ නැත්තාවූ කරුණා සහගත සතින් පතුරුවා වසයකරයි. ඒ භික්‍ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමති වන්නාවූම මහණතෙම එය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනකද එතැනට පැමිණෙයි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණිතවූ පිණඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි. එය ඉතා යහපත මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ පසුවද මෙබඳු ප්‍රණිතවූ පණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි මෙබදු සිතක්ද ඔහුට නොවෙයි. හෙතෙම පිණ්ඩපාතය, තෘෂ්නාවෙන් ගැට නොගැසුනේ, මුළා නොවූයේ, එහි නොගිලුණේ දොස් දක්නා සුලුවූයේ නිශ්ශරණ ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, ඒ මහණ තෙම ඒ කාලයෙහි තමාහට දුක් පිණිස හෝ සිතයිද? අනුන්හට දුක් පිණිස හෝ සිතයිද?, , ස්වාමිනි, එසේ නොසිතයි., ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදි වූම ආහාර ගන්නේ නොවේද?, ,ස්වාමිනි, එසේය. ස්වාමිනි, බ්‍රහ්මතෙම කරුණා විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසා ඇත. ස්වාමිනි, ඒ මේ කාරණය මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නා ලදී. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි කරුණා වීහරණ ඇත්තේය., ,ජීවකය, යම් රාගයකින්, යම් ද්වේෂයකින්, යම් මෝහයකින් ව්‍යාපාද සිත් ඇත්තෙක් වන්නේද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය, ඒ ද්වේෂය, ඒ මෝහය නැතිවූයේ මුල් සිඳින ලද්දේ මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැවත නොවීම කරන ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉඳින් තා විසින් ඒ සඳහා කියන ලද්දේද, තට එය අනු දනිමි.,

,ස්වාමිනි, මා විසින් ඒ සඳහාම කියන ලදී.,

6., ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියලු තැන පතළාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ වෛර නැත්තාවූ ක්‍රෝධ නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි. ඒ භික්‍ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස බතින් පවරයි. ජීවකය, කැමති වන්නාවූම මහණ තෙම එය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ ගෙදර යම් තැනකද එතනට පැමිණෙයි. පැමිණ පණවන ලද ආසනයේ හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා ප්‍රණීත පිණ්ඩපාතයෙන් ඔහු වළඳවයි. ඔහුට මෙබඳු සිතක් ඇති නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි. එය ඉතා යහපත. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකයි. මෙබඳු සතක්ද ඔහුට නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන ගැට නොගැසුනේ මුළා නොවූයේ එහි නොගිලුණේ දොස් දක්නා සුලු වූයේ, නිශ්ශරන ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟීන්නෙහිද? කිම ඒ මහණ තෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස සිතයිද? අනුන්ට දුක් පිණිස හෝ සිතයිද? දෙපසට දුක් පිනිස හෝ සිතයිද?, ,ස්වාමිනි, මෙය නොවේමැ,යි, ,ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාර ගන්නේ නොවේද? ,ස්වාමිනි, එය එසේය. ස්වාමිනි, බ්‍රහ්මතෙම මුදිතා විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසනලදී. ස්වාමීනි ඒ මේ කරණය මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නා ලදී. ස්වාමීනි, භග්‍යවතූන් වහන්සේ වනාහි මුදිතා විහරණ ඇත්තේය, ,ජීවකය, යම් රාගයකින්, යම් ෙවෂයකින්, යම් මෝහයකින් ව්‍යාපාද සිත් ඇත්තෙක් වනනේද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය, ඒ ෙවෂය, ඒ මොහය නැතිවූයේ මුල් සිඳින ලද්දේ මුදුන් සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේය. නැවත නොවීම කරන ලද්දේ මතු නූපදන ස්වභව ඇත්තේ වෙයි. ජීවකය, ඉඳින් තා විසින් ඒ සඳහා කියන ලද්දේ නම්, තට එය අනුදනිමී.,

,ස්වාමීනි, මා විසින් ඒ සඳහාම කියන ලදී.,

7. ,ජීවකය, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හෙතෙම උපෙක්‍ෂා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස සියළු තැන පතලා වූ සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ක්‍රෝධ නැත්තාවූ උපෙක්‍ෂා සහගතවූ සිතින් පතුරුවා වාසය කරයි. ඔහු වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමතිවන්නාවූම මහණ තෙම ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනෙක්හිද එතැනට පැමිණෙයි. පැමිණ පනවනලද ආසනයෙහි වැඩ හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි. එය යහපත. මට මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ මත්තෙහි මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයක් වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි මෙබඳු සිතක් ඔහුට නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් ගැට නොගැසුනේ මුසපත් නොවූයේ එහි නොගැලුනේ දොස් දක්නා සුළුවූයේ නශ්ශරන ප්‍රඥා ඇතතේ වළඳයි. ජීවකය, ඒ කුමක් හඟින්නෙහිද? කිම ඒ මහණ තෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ දුක් පිණිස සිතයිද? අන්‍යයන් හට දුක්පිනිස හෝ සිතයිද? දෙපසටම දුක් පිණිස හෝ සිතයිද?,

,ස්වාමීනි, මෙය නොවේමැයි,.

8.,ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාර ගන්නේ නොවේද?, ,ස්වාමීනි, ඒසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම උපෙක්‍ෂා විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, ඒ මේ කරුණ මා විසින් භග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නාලදී.,

,ස්වාමීනි, භග්‍යවතුන් වහන්සේ වනාහී උපෙක්‍ෂා විහරණ ඇත්තේය.,

,ජීවකය, යම් රාගයකින් යම් ෙවෂයකින් යම් මෝහයකින් හිංසාව ඇත්තෙක් වන්නේද, ඒ රාගය ඒ මෝහය ඒ හිංසාව ඇත්තෙක් වන්නේද? නොසතුට ඇත්තෙක් වන්නේද? ක්‍රෝධ ඇත්තෙක් වන්නේද, ඒ රාගය ඒ ෙවෂය තථාගතයන් වහනසේගේ නැතිවූයේ සිඳින ලද මුල් ඇත්තේ මස්තකය සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ අභාවය කරණ ලද්දේ මතු නූපදන ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉඳින් තොප වසින් ඒ සඳහා කියනලද නම් තට මෙය අනුදනිමි,, ,ස්වාමීනි, ඒ සඳහාම කියනලදී,.

9., ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම කරුනු පසකින් බොහෝ පව් රැස්කරයි. හෙතෙමේ .යව් අසවල් සතා ගෙනෙව්. යන යම් වචනයක් කියයිද, මේ පළමුවන කාරණයෙන් බොහෝ පව් රැස්කරයි. ඒ සතා බෙල්ලෙන් බැඳ ගෙනෙනු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ දෙවනි කරුනේද බොහෝ පව් රැස් කරයි. හෙතෙම .යව, මේ සතා මරව්. යන මේ වචනය කියයිද, මේ තුන්වන කරුනෙන්ද බොහෝ පව් රැස්කරයි. ඒ සතා මරණු ලබන්නේ යම් දුකකි දොම්නසක් වඳියිද, මේ සතරවන කරුනෙන් බොහෝ පව් රැස්කරයි. යම් හෙයකිනුත් හෙතෙම තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ නොකැපවූ දෙයින් වළඳවාද මේ පස් කරුනෙන් බොහෝ පව් රැස් කරයි. ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම මේ කරුණු පසින් බොහෝ පව් රැස් කෙරේයයි, වදාළහ. මෙසේ වදාල කලහි ජීවක කම් කොමර භච්චතෙම භග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ,ස්වාමීනි, ආශ්චය්‍ර්‍යයකි, ස්වාමීනි, නුවූ විරූ දෙයක්ය. ස්වමීනි, භික්‍ෂූහු එකාන්තයෙන් කැපවූ ආහාරයක් වළඳත්. ස්වාමීනි, භික්‍ෂූහු ඒ කාන්තයෙන්ම කැපවූ ආහාරයම වළදත්. ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත ස්වාමීනි යටිකුරු කරන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේද, වැසුමක් එළිදරව් කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද
ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අඳුරෙහි තෙල් පහනක් දරන්නේද එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය දෙශනා කරන ලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්‍මයද භික්‍ෂු සඞ්යාද (සරණ කොටයමි) භග්‍යවතුන් වහන්සේ අද පටන් දිවීහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වායි, කීයේය.

පස්වෙනිවූ ජීවක සූත්‍රය නාමි (1-5)

54 . පොතලිය සූත්‍රය.

1 . මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ අඞගුත්තරාප නම් ජනපදයෙහි අඞගුත්තරාප නම් දනව් වැස්සන්ගේ ආපණ නම් නියම් ගමෙහි වැඩ වාසය කරති.එකල්හි භාග්‍යවතුන්වහන්සේ පෙරවරු වේලෙහිහැඳපෙරවා පාසිවුරු ගෙන ආපන නම් නියම් ගමට පුඩු පිණිස වැඩියහ. ආපන නම් නියම් ගමෙහි පුඩු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක් හිද එතැනට දිවා විහරණය (දවල් විවේකය ) පිණිස වැඩියහ.

2 . ඒ වන ලැහැබට ඇතුල්ව එක්තරා ගසක්මුල දිවා විහරණය සඳහා වැඩහුන්හ. පොතලිය නම් ගෘහපති තෙමේද සම්පූර්ණ හැදීම් පෙරවීම් ඇත්තේ කුඩයෙන් හා පාවහන් වලින් යුක්තව පා ගමනින් සක්මන් කරන්නේ ඒ වන ලැහැබ යම් තැනෙක්හිද එතැනට ගියේය. ඒ වන ලැහැබට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය.

3 . පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතු වූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය. එක් පැක්තක සිටියාවූම පොතලිය ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ ´´ ගෘහපතිය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහිනම් ඉඳ ගනුව´´ යි කීහ. මෙසේ කී කල්හී පොතලිය ගෘහපති තෙම ´´ මට ශ්‍රමණ ගෞතමතෙම ගෘහපති වාදයෙන් (ගෘහපතියා කීමෙන්) කථා කරයි´´ කියා කිපුනේ නාසතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ පොතලිය ගෘහපතියාට මෙසේ කීහ. ´´ ගෘහපතිය, ආසන ඇත්තාහ. ඉඳින් කැමැත්තෙහි නම් බඳ ගනුව´´ යි කීහ. දෙවනුවද පොතලිය ගෘහපතිතෙම මට ශ්‍රමණ ගෟතම තෙම ගෘහපති වාදයෙන් කථාකරන්නේය´´ යි කිපුනේ නොසතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේය. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ පොතලිය ගෘහපතියාට මෙසේ කීහ. ´´ ගෘහපතිය, ආසන ඇත්තාහ. ඉඳින් කැමැත්තෙහි නම් බඳ ගනුව´´ මෙසේ කී කල්හී පොතලිය නම් ගෘහපතිතෙම මට ශ්‍රමණ ගෟතම තෙම ගෘහපති වාදයෙන් කථාකරන්නේය´´ යි කිපුනේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට, ´´ භගවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මට ගෘහපති වාදයෙන් කථාකෙරෙහිය යන යමක්වේද ඒ මේ කාරණය නුසුදුසුය, ඒ මේ කාරණය නොගැලපේ ´´ යයි කිය.

4 . ´´ ගෘහපතිය, තොපාග් ආකාරයද, සටහණද ලකුණුද ගෘහ පතියෙකුගේ මෙනි´´.

´´ භගවත් ගෞතමයන් වහන්ස , එසේද වුවත් මා විසින් සියඑ කර්‍මාන්තයෝ අත්හරින ලද්දාහුද? සියලු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම් ) සිඳ දමන ලද්දාහ´´.

´´ ගෘහපතිය, කෙසේනම් තාවිසින් සියඑ කර්‍මාන්තයෝ අත්හරින ලද්දාහුද? ? සියලු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම් ) සිඳ දමන ලද්දාහුද´´

´´ භගවත් ගෞතමයන් වහන්ස , මෙහි මාගේ ධනයක් හෝ ධාන්‍යයක් හෝ රිදීවුවක් හෝ රත්‍රන් වූවක් හෝ යමක් ඇද්ද ඒ සියල්ල පුත්‍රයන්ට දායාද කොට පාවාදෙන ලදී. එහි මම මෙසේ කරවයි, අවවාද නොකරන්නෙම් නම් මෙසේ නොකරවයි නැවත නොකියන්නෙම් නම් කෑම ඇඳීම ලැබීම පමණක් ඇත්තේ වාසය කරමි. භගවත් ගෞතමයන් වහන්ස, මෙසේ වනාහී මා විසින් සියලු කර්‍මාන්තයෝ අත් හැරීම කරන ලද්දාහ. සියලු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම් )) සිඳ දමන ලද්දාහ´´ යි කීයේය. ´´ ගෘහපතිය, නුඹ කියන ව්‍යවහාර සිඳීම වෙන ආකාරයකින් වේ´´ .

´´ ස්වාමීනි, කෙසේ නම් ආය්‍ර්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීමවේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ ආය්‍ර්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීමවේද, මට එසේ ධර්‍මය දේශනා කරත්වා´´ යි (ඉල්ලා සිටියේය).

´´ ගෘහපතිය, එසේනම් අසව, යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි´´ යි, වදාළහ. ´´ ස්වාමීනි, එසේය´´ යි කියා පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සෙට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සෙ මෙය ප්‍රකාශ කළහ.

5 . ´´ ගෘහපතිය, මේ ධර්‍ම අටක් ආය්‍ර්‍ය විනයෙහි ව්‍යවහාර සිඳීම පිණිස පවතිත්, කවර අටක්ද යත් : සතුන් නොමැරීම නිසා සතුන් මැරීම දුරුකටයුතුය, දුන්දෙය ගැනීම නිසා නුදුන්දෙය ගැනීම දුරුකටයුතුය, ඇත්තකීම නිසා බොරුකීම දුරුකටයුතුය, කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකටයුතුය, ගිජුවීමයයි කියන ලද ලොභය නොකිරීම නිසා ගිජුවීමයයි කියන ලද ලොභය දුරුකටයුතුය, නින්දා කිරීමෙන් නොගැටීම නිසා , නින්දා කිරීමෙන් ගැටීම දුරුකටයුතුය, ක්‍රෝධයවු දැඩි වෙහෙස නොකිරීම නිසා ක්‍රෝධයවු දැඩි වෙහෙස දුරුකටයුතුය, අධික මානය නොකිරීම නිසා අධික මානය දුරුකටයුතුය. ගෘහපතිය, සංක්‍ෂෙපයෙන් කියන ලද විස්තර වසයෙන් විභාග නොකරනලද මේ ධර්‍ම අට ආය්‍ර්‍ය විනයෙහි ව්‍යවහාර සිඳීම පිණිස පවතිත්´´ යයි වදාළහ.

6 . ´´ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් ධර්‍ම අටක් සංක්‍ෂෙපයෙන් කියන ලද්දාහු විස්තර වශයෙන් විභාග නොකරන ලද්දාහු ආය්‍ර්‍ය විනයෙහි ව්‍යවහාර සමුචේඡදය පිණිස පවතිත්ද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්‍ම අට මට අනුකම්පා පිණිස විස්තර වශයෙන් විභාග කෙරෙත්වා´´ යි කීයේය.

´´ ගෘහපතිය, එසේ වී නම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි´´යි වදාළහ. ´´ ස්වාමීනි, එසේය´´ යි කියා පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

7 . ´´ ප්‍රාණාත නොකිරීම නිසා ප්‍රාණාතය දුරුකටයුතු යයි, මෙසේ වනාහී මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මෙ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. යම් සංයෝජන කෙනෙකුන් ගේ හේතුවෙන් මම ප්‍රාණාත කරන්නෙක් වන්නෙම්ද ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස මම පිළිපන්නෙක් වෙමි. මමද වනාහී ප්‍රාණාත කරන්නෙක් වන්නෙම් නම් තෙමේද තමහට ප්‍රාණාත කිරීම නිසා ගරහන්නේය. දැන ගෙණ නුවණැත්තෝද, ප්‍රාණාතය නිසා ගරහන්නාහුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි ප්‍රාණාත හේතුවෙන් දුර්‍ගතියද කැමති විය යුත්තීය. යම් මේ ප්‍රාණාතයක් වේද, එයම සංයෝජනය වෙයි, එයම නීවරණයද වෙයි, දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් ප්‍රාණාත හේතුවෙන් උපදින්නාහුද, ප්‍රාණාතයෙන් වැළකුනාවූ මොහුට මෙසේ ඒ දුක්වූ දැවිලි ඇති ආශ්‍රවයොද නොවෙත්. ප්‍රාණාත නොකිරීම නිසා ප්‍රාණාතය දුරුකටයුතුයි යන ඒ යමක් කියන ලදද, එය මෙ සඳහා කියන ලදී.

8 . ´´ දුන්දෙය ගැනීම නිසා නුදුන් දෙය ගැනීම දුරුකටයුතු යයි මෙසේ වනාහී මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රවකතෙම මෙසේ සලකන්නේය. යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් මම නුදුන් දෙය ගන්නෙක් වන්නෙම්ද මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නෙක් වෙමි. මමද වනාහි නුදුන් දෙය ගන්නෙක් වී නම් තමාද තමහට නුදුන් දෙය ගැනීම නිසා ගරහන්නේය. නුදුන් දෙය ගැනීම නිසා නුවණැත්තෝද දැන ගෙන ගරහන්නාහුය. නුදුන් දෙය ගැනීම නිසා ශරීරයාගේ බිඳිමෙන් මරණින් මතු දුර්ගතියද කැමතිවිය යුත්තීය. යම් මේ නුදුන් දෙය ගැණීමක්වේද එයම සංයෝජනයද වේ. එයම නීවරණයද වේ. නුදුන් දෙය ගැනීම නිසා

දුක්වු දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද නුදුන් දෙය ගැනීමෙන් වැලකුනාවූ මොහුට මෙසේ දුක්වු දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත්. දුන් දෙය ගැනීමනිසා නුදුන් දෙය ගැනීම දුරුකටයුතු යයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

´´ සත්‍යවූ වචනය නිසා බොරුකීම දුරුකට යුතුයයි මෙසේ මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකන්නේය. මම වනාහි යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් බොරු කියන්නෙක් වන්නෙම්ද මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේවෙමි. මමද වනාහී බොරු කියන්නෙක් වන්නෙම් නම් තමාද තමහට බොරුකීම නිසා ගරහන්නේය. නුවණැත්තෝද දැනගෙන බොරුකීම නිසා ගරහන්නාහුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බොරුකීම හේතුකොට දුර්ගතිය කැමතිවිය යුත්තීය. යම් මේ මුසාවාදයක් වේද එයම සංයෝජනය වේ. එයම නීවරනයද වේ. මුසාවාද හේතුවෙන් දුක්වු දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද මුසාවාදයෙන් වැලකුනාවු මොහුට මෙසේ ඒ දුක්වු දැවිලි ඇති ආශ්‍රවයෝද නොවෙත්. සත්‍යවු වචනය නිසා මුසාවාදය දුරුකටයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

10 . ´´ කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකටයුතු යයි මෙසේ මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහගතිය, මේ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රවක තෙම මෙසේ සලකන්නේය. මම වනාහී යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් කේලාම් කියන්නෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරු කිරීම පිණිස, නැසීම පිනිස පිළිපන්නේ වෙමි. මමද වනාහී කේලාම් කියන්නෙක් වන්නෙම් නම් තමාද තමහට කේලාම් කීම හේතුකොට ගරහන්නෙය. නුවණැත්තෝද දැන ගෙණ කේලාම් කීම හේතුකොට ගරහන්නාහුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි කේලාම් කීම හේතුකොට දුර්ගතිය කැමතිවිය යුත්තීය. යම් මේ කේලාම් කීමක් වේද එයම සංයොජනය වෙයි. එයම නිවරනයද වේ. කෙුලාම් කීම හේතුකොට දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නහුද කේලාම් කීමෙන් වැලකුනාවූ මොහුට මෙසේ දුක්වු දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත් කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකොට යුතුයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

11. ´´ ලෝභයෙන් ගිජුවීම නිසා ලොභයෙන් ගිජුවීම දුරුකටයුතු යයි , මෙසේ මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රවක තෙම මෙසේ සලකන්නේය. මම වනාහී යම් සංයෝජන කෙනෙකුන් ගේ හේතුවෙන් ලෝභයෙන් ගිජුවීම ඇත්තෙක් වන්නෙම්ද මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිනිස පිළිපන්නේ වෙමි. මමද වනාහී ලෝභයෙන් ගිජුවන්නෙම් නම් තමාද තමහට ලෝභයෙන් ගිජුවිම නිසා ගරහන්නේය. නුවණැත්තොද දැන ගෙන ලෝභයෙන් ගිජුවීම නිසා ගරහන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි ලෝභයෙන් ගිජුවීම නිසා දුර්‍ගතිය කැමතිවිය යුත්තීය. යම් මේ ලෝභයෙන් ගිජුවීමක් වේද එයම සංයෝජනයද වේ, ලෝභයෙන් ගිජුවීම නිසා දුක්වු දැවිලි ඇති යම් ආශ්‍රවකෙනෙකුත් උපදින්නාහුද ලෝභයෙන් ගිජුවීම නැත්තාවු මොහුට මෙසේ දුක්වු දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත්. ලෝභයෙන් ගිජු නොවීම නිසා ගිජුවන ලෝබය දුරුකටයුතු යයි, මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

12. ´´ නින්‍දා නොකිරීම හා නොකිපීම නිසා නින්‍දා කාරීම හා කිපීම දුරුකටයුතු යයි, මෙසේ මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රවක තෙම මෙසේ සලකයි. මම වනාහී යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් නින්‍දා කිරීම හා කිපීම ඇත්තෙක් වන්නෙම්ද මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහී නින්‍දා කිරීම හා කිපිම ඇත්තෙක් වන්නෙම් නම් තෙමේද තමහට ගරහන්නෙය. නුවණැත්තෝද දැනගෙන නින්‍දා කාරීම හා කිපීම නිසා ගරහන්නාහුය. ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි නින්‍දා කිරීම හා කිපීම නිසා දුර්ගතිය කැමතිවිය යුත්තීය. යම් මෙ නින්‍දා කිරීම හා කිපීමක් වේද මෙයම සංයෝජනය වේ. මෙයම නීවරණයද වේ. නින්‍දා කිරීම හා කිපීම නිසා දුක්වු දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද, නින්‍දා කිරීම හා කිපීම නැත්තාවු මොහුට මෙසේ දැක්වු දැවිලි ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. නින්‍දා නොකිරීම නොකිපීම නිසා නින්‍දා කිරීම කිපීම දුරුකටයුතු යයි, මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

13. ´´ දැඩි ක්‍රෝධ නොකිරීමෙන් දැඩි ක්‍රොධ කිරීම දුරුකටයුතුයයි, මෙසේ මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ´ මම වනාහී යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් දැඩි ක්‍රොධ ඇත්තෙක් වන්නෙම් නම් මම ඒ සංයෝජනයන්ගේ දඅරුකිරීම පිණිස නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහී දැඩි ක්‍රොධ ඇත්තෙක් වන්නෙම් නම් තෙමේද තමහට දැඩි ක්‍රොධය නිසා ගරහන්නේය.නුවණැත්තෝද දැන ගෙන දැඩි ක්‍රොධය නිසා ගර්හා කරන්නාහුය. හරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි දැඩි ක්‍රොධය නිසා දුර්ගතිය කැමතිවිය යුත්තීය. යම් මේ දැඩි ක්‍රොධයක් වේද, මෙයම සංයොජනය වේ මෙයම නිවරණයද වේ. දැඩිවු ක්‍රොධය නිසා දුක්වු දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද, දැඩි ක්‍රොධය නැත්තාවු මොහුට මෙසේ දුක්වු දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත්. දැඩි ක්‍රොධය නොකිරීම නිසා දැඩි ක්‍රොධය දුරුකටයුතුයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

14. ´´ අධික මානය නොකිරීම නිසා අධික මානය දුරුකට යුත්තේ යයි, මෙසේ මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. මම වනාහී යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් අධික මානය ඇත්තෙක් වන්නෙම්ද මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේවෙමි. මමද වනාහී අධික මානය ඇත්තෙක් වන්නෙම් නම් තෙමේද තමහට අධික මාන හේතුවෙන් ගරහන්නේය. නුවණැත්තෝද දැනගෙන අධික මාන හේතුවෙන් ගරහන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අධික මාන හේතුවෙන් දුර්ගතිය කැමතිවිය යුත්තිය. යම් මේ අධික මානයක් වේද, එයම සංයෝජනය වේ, එයම නීවරණයද වේ, අධික මාන හේතුවෙන් දුක්වු දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නහුද, අධික මානය ඇත්තාවු මොහුට මෙසේ දුක්වු දැවිලි ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. අධික මානය නොකිරීම නිසා අධික මානය දුරුකටයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

15. ´´ ගෘහපතිය, ආය්‍ර්‍ය විනයෙහි යම් ධර්‍ම කෙනෙක් ව්‍යවහාර සමුචෙඡදය පිණිස පවතිත්ද, සංක්‍ෂෙපයෙන් කියන ලද්දාවු මේ ධර්‍ම අට විස්තර වශයෙන් විභාග කරන ලදහ. එපමණකින්ම ආය්‍ර්‍ය විනයෙහි සර්‍වප්‍රකාරයෙන් සියල්ල සියලු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳිම නොවේමය´´ යි වදැළහ.

´´ ස්වාමීනි, කෙසේ නම් ආය්‍ර්‍ය විනයෙහි සර්‍වප්‍රකාර යෙන් සියලු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීම වේද, ස්වාමීනි යම්සේ ආය්‍ර්‍ය විනයෙහි සර්‍වප්‍රකාරයෙන් සියලු ආකාරයෙන් ව්‍යවහාර සමුචේඡය වේද, භාග්‍යවතුන් වහන්සේ මට එසේ ධර්‍මය දේශනා කෙරේවා´´ යි කීය. ´´ ගෘහපතිය, එසේ වීනම් අසව, යහපත්කොට මෙනෙහි කරව, කියන්නෙමි´´ යි වදාළහ. ´´ස්වාමීනි, එසේය´´ යි පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාලහ.

16. ´´ ගෘහපතිය, යම්සේ බඩගිනි දුබල බැවින් පෙලුනාවු බල්ලෙක් ගවයන් මරණ මස් ලොඹුවක් ලගට ගොස් සිටියේ වේද, ඌට දක්‍ෂවු ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නකුගේ අතවැසියෙක් හෝ මොනවට කපන ලද මස් නැති, ලේ තැවරුනු ඇට කැබැල්ලක් ලඟට දමන්නේය, ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ බල්ලා මොනවට කපන ලද මස් නැති, ලේ තැවරුනු ඒ ඇට කටුව ලෙවකන්නේ බඩ ගින්නෙන්වු දුර්වල කම දුරුකරන්නේ දැ´´ යි? (ඇසූහ.)

´´ ස්වාමීනි, එය නොවේමය´´. ´´ එයට හේතු කවරේද?´´ ´´ ස්වාමීනි, ඒ ඇටකටුව වනාහී මොනවටකපන ලද්දාවු මස් නැති ලේ තැවරුණක් වෙයි. ඒ බල්ලා වනාහී ඉතා වැඩියක්ම වෙහෙසීමට දුකට කොටස් කාරයෙක් වන්නේය´´ යි (කීය) ´´ ගෘහපතිය, එපරිද්දෙන්ම ආය්‍ර්‍ය ශ්‍රවක තෙම මෙසේ සලකයි. කාමයෝ ඇට සැකිල්ලකට බඳු උපමා ඇත්තාහුය. බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය.මෙහි ආදීනව බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක නානා ස්වභාව ඇත්තාවූ, නානා ස්වභාව ඇසුරු කළාවු යම් මේ (පඤචකාම ගුණයන්හිවූ) උපෙක්‍ෂාවක් වේද, එය දුරුකොට ඒක ස්වභාව ඇත්තාවු ඒකත්‍වය ඇසුරු කලාවු යම් මේ (චතුත්‍ර්‍ථධ්‍යානයෙන්වු) උපෙක්‍ෂාවක්වේද, යම් තැනෙක්හී සියලු ආකාරයෙන් ලොකාමිසයයි කියනලද පඤච කාම ගුණයන් දැඩිව අල්වා ගැනීම් ඉතිරි නැතිව නැතිවෙත්ද ඒ උපෙක්‍ෂාවම වඩයි.

17. ´´ ගාහපති, යම්සේ ගිජුලිහිණියෙක් හෝ ලෝ තුඩු වෙක් හෝ උකුස්සෙක් හෝ මස් පිඩක් ගෙන පියාඹන්නේද ඌ ගිජුලිහිණියෝද ලෝ තුඩුවෝද අකුස්සෝද ලුහුබඳිමින් මුව තුඩින් ඇන ඇන යන්නාහුද, මස් පිඩ ඇද බිම හෙලන්නාහුද, ගෘහපතිය, එය කුමකැයි හගින්නෙහිද? ඉදින් ඒ ගිජුලිහිණියා හෝ ලෝ තුඩුවා හෝ උකුස්සා හෝ ඒ මස් පිඩ වහාම නොදමන්නේ නම් හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණන්නේද? මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේ දැ´´ යි?(ඇසූහ.) ´´ ස්වාමීනි, එසේය´´ ´´ ගෘහපතිය, එපරිද්දෙන්ම ආය්‍ර්‍ය ශ්‍රවක තෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මස් පිඩකට බඳුවු කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි ආදීනව බොහෝයයි වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇතිසැටියෙන් යහපත් නුවනින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති නා නා ත්‍වය ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද එය දුරු කොට යම් මේ ඒකත්‍වය ඇත්තාවු ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද යම් තැනෙක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩිකොට ගැනීම ඉතිරි නැතිව නැතිවේද ඒ උපේක්‍ෂාවම වඩයි.

18. ´´ ගෘහපතිය, යම්සේ පුරුෂයෙක්තෙම ඇවුලුනාවු තණසුලක් ගෙණ උඩුසුලඟට යන්නේද, ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඉදින් ඒ පුරුෂතෙම ඒ ඇවිලගත් තණසුල ඔහුගේ අත හෝ දවන්නේය. බාහුව හෝ දවන්නේය. වෙනයම් අවයවයක් හෝ දවන්නේය. හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නේ නොවේද.? ´´ ස්වාමීනි, එසේය´´ ´´ ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආය්‍ර්‍ය ශ්‍රවක තෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් තණ සුලකට බඳුවු කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය. හෙි බොහෝ ආදීනව ඇත්තේයයි වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇතිසැටියෙන් යහපත් නුවනින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති නානාත්‍වය ඇසුරුකළාවු උපෙක්‍ෂාවක් වේද, එය දුරුකොට යම් මේ ඒකත්‍වය ඇත්තාවු ඒකත්‍වය ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද යම් තැනෙක සියලු ආකාරයෙන් ලොකමිසයන් දැඩි කොට ගැනීම ඉතිරි නැතිව නැතිවෙත්ද, ඒ උපේක්‍ෂාවම වඩයි.

19. ´´ ගෘහපතිය, යම්සේ මිනිස් උසකට වඩා ගැඹුරුවු පහව ගිය ගිනිදැල් ඇති පහවු දුම් ඇති අඟුරුවලින් පිරුනාවු, අඟුරු වලක් වේද, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවු, නොමැරෙනු කැමැත්තාවු, සැප කැමැත්තාවු, දුක් පිළිකුල් කරන්නාවු පුරුෂයෙක් එන්නේය. ඔහු ශක්තිමත්වු පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත්වලින් ගෙන අඟුරු වළට ඇද දමන්නාහුය. ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂතෙම ඒ මේ අතට ශරීරය නමන්නේද?´´ ´´ ස්වාමීනි, එසේය.´´ ´එයට හේතු කවරේද?´ ´´ සවාමීනි, ඉදින් මම මේ අඟුරු වළට වැටෙන්නෙම් නම් ඒ හේතුවෙන් මරණයට හෝ මැරෙන තරම් දුකට හෝ පැමිනෙන්නෙම් යනු ඒ පුරුෂයා හට පැහැදිලිමය.´´ ´´ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආය්‍ර්‍ය ශ්‍රවක තෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳුය, බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය. මෙහි බොහෝ ආදීනව ඇත්තෙයි, වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇති සැටියෙන් මනාව නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්‍වය ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද, එය දුරු කොට, යම් මේ ඒකත්‍වය ඇත්තාවු එකවෙය ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද යම් තැනෙක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩි කොට ගැනීම ඉතිරි නැතිව නැතිවේද, ඒ උපේක්‍ෂාවම වඩයි.

20. ´´ ගෘහපතිය, යම් සේ පුරුෂයෙක් තෙම ආරාමයන් ගෙන් සිත්කලු බැව් ඇති, වනයන්ගෙන් සිත් කලු බැව් ඇති, භූමින් ගෙන් සිත්කලු බැව් ඇති පොකුණු වලින් සිත්කලු බැව් ඇති සිහිනයක් දක්නේද, හෙතෙම පිබිදියේ කිසිවක් නොදක්නේය. ගෘහපතිය, එපරිද්දෙන්ම ආය්‍ර්‍ය ශ්‍රවකතෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සිහිනයකට බඳුවු කාමයෝ බොහො දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි බොහෝ ආදිනව ඇත්තේයයි වදාරණ ලද්දාහුය. මෙය ඇතිසැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්‍වය ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද එය දුරු කොට, යම් මේ එකත්‍වය ඇත්තාවු එකත්‍වය ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද, යම් තැනෙක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩිකොට ගැනීම ඉතිරි නැතිව නැතිවේද, ඒ උපේක්‍ෂාවම වඩයි.

21. ´´ ගෘහපතිය, යම්සේ පුරුෂයෙක් තෙම පුරුෂයන්ට සුදුසුවු යානාවක් හෝ උතුම් මිණි කොඬොලක් හෝ ඉල්වාගතයුතු භොගයක් වේද, හෙතෙම ඒ ඉල්වාගන්නා ලද භොගයන් ගෙන් සැරසුනේ පිරිවරන ලද්දේ කඩපිලකට පැමිණෙන්නෙය. ඔහු දැක ජනයා ´ මේ පින්වත් පුරුෂතෙම ඒකාන්තයෙන් භොග (සම්පත්) ඇත්තෙක, මෙසේ වනාහී සම්පත් ඇත්තේ සම්පත් අනුභව කෙරෙත්´ යයි කියන්නේය. වස්තු හිමියෝ යම් යම් තැනෙක්හිම ඔහු දක්නාහුද ඒ ඒ තන්හිම ස්වකීය භාණ්ඩයන් හැරගන්නහුය. ගාහපතිය, ඒ කුමකැයි හඟින්නේද? ඒ පුරුෂයාගේ හිත නරක් විමට ඒ ප්‍රමානවත්යයි සිතන්නෙහිද?´´ ´´ ස්වමීනි, එසේය´´. ´´ එයට හේතු කවරේද?´´ ´´ ස්වාමීනි, බඩු හිමියෝ වනාහී තම තමන්ගේ බඩු හැරගනිති´´. ´´ ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආය්‍යූ ශ්‍රවක තෙම මෙසේ සලකයි ඉල්වා ගන්නා ලද බඩු වැනිවු කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තිහුය, මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාණ ලද්දාහුය. මෙසේ මෙය ඇතිසැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්‍වය ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද, එය දුරු කොට, යම් මේ එකත්‍වය ඇත්තාවු එකවෙය ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද, යම් තැනෙක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩිකොට ගැනීම් ඉතිරි නැතිව නැතිවේද, ඒ උපේක්‍ෂාවම වඩයි.

22. ´´ ගෘහපතිය, යම්සේ ගමට හෝ නියම් ගමට හෝ නුදුරු තන්හි තියුණුවු වනලැහැබක් වේද, එහි මිහිරි පල ඇත්තාවුද හටගත් බොහෝ පල ඇත්තාවුද ගසක් වන්නේද, බිම වැටුනාවු කිසියම් පල කෙනෙකුත් නොවන්නාහුද, එකල්හී පලයන් ගෙන් ප්‍රයෝජන ඇත්තාවු, පල සොයන්නාවු පුරුෂයෙක් පල සොයමින් එන්නේය. හෙතෙම ඒ වන ලැහැබට ඇතුල්ව මිහිරි පල ඇත්තාවු, හටගත් බොහෝ පල ඇත්තාවු ඒ ගස දක්නේය. එහුට මෙබඳු සිතක් වන්නේය. ´ මේ ගස වනාහී මිහිරි පල ඇත්තේද, හටගත් බොහෝපල ඇත්තේද, වෙයි. බිම වැටුනාවු කිසි පලයකුත් නැත්තේය. මම වනාහි ගසට නගින්නට දනිමි. මම මේ ගසට නැග ඇතිතාක් කන්නෙම් නම් එඩොක්කුවද පුරවා ගන්නෙම් නම් ඉතායෙහෙකැයි´ (සිතා) හෙතෙම ඒ ගසට නැගි ඇතිතාක්ම කන්නේය. ඔඩොක්කුවද පුරවා ගන්නේය.

23. ´´ ඉක්බිති පල කැමතිවු පල සොයන්නාවු, දෙවෙනි පුරුෂයෙක් තෙම පල සොයම්න් තියුනුවු කෙටේරියක්ද ගෙන එන්නේය. හෙතෙම ඒ වන ලැහැබට ඇතුල්ව මිහිරි පල ඇත්තාවුද හටගත් බොහෝ පල ඇත්තාවුද ඒ ගස දක්නේය. එහුට මෙබඳු සිතක් වන්නේය. ´ මේ ගස වනාහී මිහිරි පල ඇත්තේද හටගත් බොහෝ පල ඇ්තතේද වේ. බිම වැටුනාවු පලයකුත් නැත්තේය. මම වනාහී ගසට නගින්නට නොදනිමි. මම මේ ගස මුලන් කපා ඇතිතාක්ද කන්නෙම් නම් ඔඩොක්කුවද පුරවා ගන්නෙම් නම් ඉත යෙහෙකැයි´ (සිතා) හෙතෙම ඒ ගස මුලුන් කපන්නේය, ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් ඒ මේ පුරුෂයෙක් පළමුව ගසට නැගුනේද, ඉඳින් හෙතෙම වහාම නොබසින්නේ නම් ඒ ගස වැටෙන්නේ ඔහුගේ අත හෝ බිඳෙන්නේය පය හෝ බිඳෙන්නේය. එක්තරා ශරීරාවයවයක් හෝ බිඳෙන්නේය. හෙතෙම ඒ හේතුවෙන් මරණය හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේද?´´ ´´ ස්වාමීනි, එසේය´´.

´´ ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආය්‍ර්‍ය ශ්‍රවකතෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින්, ගසක ගෙඩි වැනිවු කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි බොහෝ දොෂ ඇත්තේයයි වදාරන ලද්දාහ. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇත්තාවු නොයෙක් ස්වභාව ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද එය දුරු කොට යම් මේ එක ස්වභාවය ඇත්තාවු එකත්‍වය ඇසුරු කළාවු උපේක්‍ෂාවක් වේද, යම් තැනෙක්හී සියලු ආකාරයෙන් පඤ්චකාම ගුණයන් දැඩි කොට ගැනීම ඉතිරි නැතිව නැතිවේද, ඒ චතුත්‍ර්‍ථ ධ්‍යාන උපේක්‍ෂාවම වඩයි.

24. ´´ ගෘහපතිය, ඒ මේ ආය්‍ර්‍ය ශ්‍රාවකතෙමේ වනාහී මේ උතුම්වු උපේක්‍ෂා සිහි දෙදෙනාගේ පිරිසිදු වීමටම පැමිණ අනෙක ප්‍රකාරවු පෙර විසූතැන් සිහිකරයි. ´ එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද. ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවෙන හෝ හැදෙන කල්පයන්ද අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙලවර කොට ඇත්තෙම් විමි. ඒ මම එයින් චුතවුයෙම් අසුවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවුයෙම් මෙහි උපන්නෙමි´ යි මෙසේ ආකාර සහිතවු දැක්වීම් සහිතවු අනෙක ප්‍රකාරවු පෙර විසූ තැන් සිහිකරයි.

25. ´´ ගෘහපතිය, ඒ මේ ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම වනාහී උතුම් වු උපෙක්‍ෂා සිහි පිරිසිදු බවට පැමිණ පිරිසිදුවු මිනිස් ඇස ඉක්ම පැවැත්තාවු දිව්‍යවු ඇසින් චුතවන්නාවුද, උපදින්නාවුද, හීනවුද, ප්‍රණිතවුද, සුවර්‍ණවුද, දුර්‍වර්ණවුද, සුගතවුද, දුර්ගතවුද, කර්‍මයට අනුව උපදින සත්වයන් දකී. මේ පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වුහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ, මනො දුශ්චරිතයෙන් යුක්ත වූහ, ආය්‍ර්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍ය දෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යා දෘෂ්ටි කර්‍ම සමාදන් වූවෝ වූහ, ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්, නැතහොත් මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ, වාග් සුචරිතයෙන් යුකත වූහ, මනෝ සුචරිතයෙන් යුක්ත වූහ, ආය්‍ර්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝවූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති සවර්‍ග ලෝකයට පැමිණියෝ.යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකී. මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්ම සිටියාවූ දිව ඇසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්‍ෂණවූද අවලක්‍ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද කම්වූ පරිද්දෙන් පරලොවට ගියාවූ සත්‍වයන් දැන ගනියි.

, ගෘහපතිය, ඒ මේ ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම මනාහි මේ උතුම්වූ උපෙක්‍ෂා සිහි පිරිසුදු බවට පැමිණ කෙලෙසුන් නැසීමෙන් කෙලෙසුන්ගෙන් වෙන්වූ චිත්ත වමුක්තියටද ප්‍රඥා විමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ ශ්‍රෙෂඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරයි. ගෘහපතිය, මෙතෙකින් වනාහී ආය්‍ර්‍ය විනයෙහි සර්‍වප්‍රකාරයෙන් සියළු ආකිරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීමවේ ගෘහපතිය ඒ කුමකැයි හඟින්නෙහිද? යම්සේ ආය්‍ර්‍ය විනයෙහි සර්‍වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය වේද, කිමෙක්ද නුඹ මෙබඳුවූ ව්‍යවහාර සමුච්ඡෙදය තමා කෙරෙහි දක්නෙහිද?,

26. ,ස්වාමීනි, මම කවරෙක්ද? ආය්‍ර්‍ය විනයෙහි සර්‍වප්‍රකාර යෙන් සියලු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය කවරේද? ස්වාමීනි, මම ආය්‍ර්‍ය විනයෙහි සර්‍වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදයෙන් ඈත්වෙමි. ස්වාමීනි, අපි වනාහී පෙර අන්‍ය තීත්‍ර්‍ථකවූ පරිබ්‍රාජකයන්ව ගිහි ව්‍යවහාර සෙමුච්ඡෙදය නොදන්න වුන්ම දන්නවුන්යයි සැලකුවෙමු. නොදන්නවුන්ටම දන්නවුන් විසින් වැළඳිය යුතු භෝජනය වැළඳවීමු. නොදන්නවුනවම දන්නවුන්ගේ තන්හී තැබීමු. ස්වාමීනි, අපි වනාහී දන්නවූම භික්‍ෂූන් නොදන්නවුන්යයි හඟීමු. දන්නවුන්ටම නොදන්නවුන් විසින් වැළදිය යුතු භෝජනය වැළඳවීමු. දන්නවුන්ම නොදන්නවුන්ගේ තන්හි තැබීමු.

27. ,ස්වාමීනි, දැන් වනාහී අපි අන්‍ය තීත්‍ර්‍ථකවූ පරිබ්‍රාජකයන් කරුණු නොදන්නවුන්ම නොදන්නවුන්යයයි දන්නෙමු. නොදන්නවුන්ටම නොදන්නවුන් විසින් වැළඳියයුතු භෝජනය වළඳවන්නෙමු. නොදන්නවුන්ම නොදන්නවුන්ගේ තන්හි තබන්නෙමු. ස්වාමීනි, අපි, භික්‍ෂූන් වනාහී කරුණු දන්නවුන්ම දන්නවුන්යයි දැනගන්නෙමු. දන්නවුන්ටම දන්නවුන් විසින් වැළඳියයුතු භෝජනය වළඳවන්නෙමු. දන්නවුන්ම දන්නවුන්ගේ තන්හි තබන්නෙමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඒකාන්තයෙන් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ගෞරවය ඉපදවූහ.

,ස්වමීනි, ඉතා යහපත. ස්වාමීනි ඉතා යහපත. ස්වාමීනි යම්සේ යටිකුරුකොට තබනලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසනලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්‍ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ර්‍ධමය ප්‍රකාශ කරණ ලද්දේය. ස්වාමීනි, ඒ මම භග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ර්‍ධමයද භික්‍ෂු සඞ්යාද (සරණ කොට යමි) භාග්‍යවතුන් වහන්සේ අදපටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා.

හතරවෙනිවූ පොතලිය සූත්‍රය නිමි.(1-4)