70. කීටාගිරි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂු සංයා සමග කසී ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නෝය. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කළහ. ´´මහණෙනි, මම රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරමි. ඒ රාත්‍රී භෝජනයෙන් වෙන්ව අනුභව කරන්නාවූ මම ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිමි. මහණෙනි, තොපිද එව, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරව්, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නා වූ තොපිද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද දන්නාහුය.´´

´´එසේය පින්වතුන් වහන්සැ´´යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කසී ජනපදවල පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් කීටාගිරි නම් කසී රට වැස්සන්ගේ නියම් ගම යම් තැනකද, එහි වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කසී රට වැස්සන්ගේ නියම් ගම වූ කීටාගිරියෙහි විසුවාහ.

2. ඒ කාලයෙහි අස්සජි – පුනබ්බසුක නම් භික්‍ෂූහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙත්. එකල්හි බොහෝ භික්‍ෂූහු අස්සජි පුනබ්බසුක භික්‍ෂුන් යම් තැනකද එහි පැමිණියාහුය. පැමිණ අස්සජි පුනබ්බසුක භික්‍ෂුන්ට මේ කාරණ්‍ය කීවාහුය. ´´ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂු සංයාද රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇතිබව දනිත්. ඇවැත්නි, තොපිද එව්. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන යුෂ්මත්හුද, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇතිබව දැනගනිත්වා.´´ මෙසේ කී කල්හි අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු ඒ භික්‍ෂූන්ට මෙසේ කීවාහුය.

3. ´´ඇවැත්නි අපි සවස් කාලයෙහිද අනුභව කරමු. උදේද අනුභව කරමු. දවල් කාලයෙහිද අනුභව කරමු. ඒ උදේද, සවසද, දවල්ද, නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිමුඒ අපි අත්දුටු කරුණු හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, පෙරවරුද, දවල් නොකල්හිද අනුභව කරමු.´´ යි කීහ. යම් හෙයකින් ඒ භික්‍ෂූහු අස්සජි පුනබ්බසුක භික්‍ෂුන්ට ඒ කරුණ අවබෝධ කරවන්ට නොහැකි වූවාහුද, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීවාහුය.

4. ´´ ස්වාමීනි, අපි අස්සජි පුනබ්බසුක භික්‍ෂුහු යම් තැනෙක්හිද එහි පැමිණියෙමු. පැමිණ, අස්සජි පුනබ්බසුක භික්‍ෂුන්ට මේ කරුණ කීවෙමු. ´ භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂු සංයාද රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරණ යුෂ්මත්හුද, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිව් (කියායි.)

´´ ස්වාමීනි, මෙසේ කී කල්හි අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු අපට මේ කරුණ කීවාහුය. ´ඇවැත්නි අපි සවසද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමු. සවසද, උදේද, දවල් නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසු ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිමු ඒ අපි දත් කරුණ හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමු.´යි කීවාහුය. ස්වාමීනි අපි යම් හෙයකින් අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ට ඒ කරුණු අවබෝධ කරවන්ට නොහැකිවූමුද එහෙයින් අපි මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වමුයි කීහ.

6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවකට කථා කළහ. ´´ මහණ, මෙහි එව. ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි මාගේ වචනයෙන් අස්සජි පුනබ්බසුක භික්‍ෂූන් කැඳවව.´´

´´එසේය, පින්වතුන් වහන්සැ´යි ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, අස්සජි පුනබ්බසුක භික්‍ෂූන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. එහි පැමිණ, ´´ ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි,´´ අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ට කීය. ´´එසේය, ඇවැත්නියි´´ අස්සජි පුනබ්බසුක භික්‍ෂූහු ඒ භික්‍ෂුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් තැනෙක හුන්නාහුය. එක් තැනෙක හුන් අස්සජි පුනබ්බසුක භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

6. ´´මහණෙනි, සැබෑද? බොහෝ භික්‍ෂූහු තොප වෙත පැමිණ මේ කරුණ කීවාහුද? ´ ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ හා භික්‍ෂු සංයා රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරති. ඇවැත්නි, රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇතිබව දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, යුෂ්මත්හුද රාත්‍රී භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දැනගන්නාහුයයි (කියායි.)

´´ මෙසේ කී කල්හි තොපි ඒ භික්‍ෂූන්ට මෙසේ කීවාහුද? ´ ඇවැත්නි අපි සවසද, උදේද, දවල් විකාලයෙහිද අනුභව කරමු. පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරන්නාවූ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති
බවද, කාය බලයද, සැප විහරණයද දන්නෙමු. ඒ අපි අත්දුටු කරුණ හැර ඉදිරියට ඇති ප්‍රයෝජන ගැණ කුමට දුවමුද? අපි පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමුය´´ යි (කීවාහුද)

´´ එසේය ස්වාමීනි´´

7.´´මහණෙනි, ´ පුද්ගලයෙක් යම්කිසි සැපක් හෝ දුකක් හෝ සැප දුක් නොවූවක් හෝ විඳීද, ඔහුගේ අකුශල ධර්‍ම පිරිහෙත්, කුශල ධර්‍ම වැඩෙත්ය´යි මෙසේ මා විසින් දෙසන ලද ධර්‍මයක් තොපි දනිවුද?

´´ ස්වාමීනි, එසේ නොදනිමු.´´

´´ මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්,මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු දුක් වෙදනාවක් විඳින ´ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු දුක් වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වෙදනාව විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වෙදනා විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්යයි මා විසින් දෙසන ලද ධර්‍මයක් තොපි දන්නාහු නොවෙත්ද?´´

´´ එසේය ස්වාමීනි, ´´

8.´´ මහණෙනි, යහපති, මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුසල ධර්‍මයෝ පිරිහෙත්යයි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්‍ශනොකරන ලද්දේ, වන්නේනම් එසේ මම නොදන්නේ මෙබඳු සැප වෙදනාවක් දුරු කරව්යයි කියත් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවේය.´´

´´මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේද, එහෙයින් මම මෙබඳු සැප වෙදනාවක් දුරුකරව් යයි කියමි.

9.´´ මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්ය´ යි, එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්‍ශනොකරන ලද්දේ, වන්නේනම් එසේ මම නොදන්නේ මෙබඳු සැප වෙදනාවකට එළඹ වාසය කරව්´ යයි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවේය.´´

´´මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි යම්බඳු සැප වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්´ යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් එහෙයින් මම මෙබඳු සැප වෙදනාවකට එළඹ වසව්´ යයි කියමි.

10.´´ මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක්වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්´ යයි, එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ, වන්නේනම් මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වෙදනාවක් දුරු කරව්´ යයි කියන්නේ නම්, එය මට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවේය.´´

´´මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත් කුසල ධර්‍මයෝ පිරිහෙත්,´ යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක් වෙදනාවකට එළඹ වසව්´ යයි කියමි.

11.´´ මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්ය´ යි, මා විසින් එය නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේ වන්නෙම් නම් මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වෙදනාවක් දුරු කරව්´ යයි කියන්නේ නම්, මහණෙනි, එය මට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවේය.´´

´´මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්´ යයි, මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවකට එළඹ වාසයකරව්´ යයි කියමි.

12. ´´මහණෙනි, මම සියලුම භික්‍ෂූන්ට ´නොපමාවෙන් (කටයුතු) කළයුතුය´ යි නොකියමි. ´´මහණෙනි, මම සියලුම භික්‍ෂූන්ට නොපමා නොවීමෙන් (කටයුතු) කළයුතුය´ යි නොකියමි. මහණෙනි, රහත්වූ, ආශ්‍රවයන් ක්‍ෂයකළ, වැස නිමවූ බඹසර ඇති, කළ යුතු දේ කළ, බහා තැබූ ස්කන්‍ධාදී බර ඇති, පැමිණි ස්වකීයාර්ථය (-රහත් බව) ඇති, භව බන්‍ධනය නැතිකළ, මනාව දැන සසරින් මිදුනු, යම් ඒ භික්‍ෂූහු වෙත්ද, මහණෙනි, මම එවැනි භික්‍ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය´ යි නොකියමි. ඊට හේතු කවරේද? ඔවුන් නොපමාවෙන් (කටයුතු) කරන ලද්දාහ. ඔවුහු පමා වන්ට නුසුදුස්සෝය. මහණෙනි, සෙඛ (-නිවන් ලැබීමට හික්මෙන) රහත් බවට නොපැමිණි, උතුම් නිවන් පතමින් යම් ඒ භික්‍ෂූහු වසත්ද, මහණෙනි, මම එවැනි භික්‍ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය´ යි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත්හු සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සම කරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති, ඒ උතුම් නිර්‍වාණය මේ අත්බැව්හි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට (රහත් බවට) පැමිණ වාසය කරන්නාහු නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූන්ගේ මේ අප්‍රමාද ඵලය බලමින් නොපමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

13. ´´මහණෙනි, මේ ලෝකයෙහි මේ නම් පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්. ඒ සත් දෙන කවරහුද? උභතොභාග විමුත්තය, පඤ්ඤාවිමුත්තය, කායසක්ඛිය, දිට්ඨප්පත්තය, සද්Ȁdධාවිමුත්තය, ධම්මානුසාරීය, සද්Ȁdධානුසාරීය (යන සත් දෙනයි.)

´´මහණෙනි, උභතොභාග විමුක්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, රූප ධ්‍යානයන් ඉක්මවා ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ කොට වාසය කෙරේද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුද, මහණෙනි, මේ පුද්ගල තෙමේ උභතොභාග විමුක්ත පුද්ගලයායි, කියනු ලැබේ. ´´මහණෙනි, මම මේ භික්‍ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි නොකියමි. ඊට හේතු කවරේද? ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලද්දාහ. ඔහු ප්‍රමාද වීමට නුසුදුසුය.

14. ´´මහණෙනි, පඤ්ඤාවිමුත්ත පුද්ගලයා නම් කවරේද? ´´මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූප ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ නොකොට වාසය කෙරේද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුද, මහණෙනි, මේ තෙමේ පඤ්ඤාවිමුත්ත පුද්ගලයායි, කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි නොකියමි. ඊට හේතු කවරේද? ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලද්දාහ. ඔහු ප්‍රමාද වීමට නුසුදුසුය.

16. ´´මහණෙනි, කායසක්ඛි පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ කොට වාසය නොකෙරේද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත්ද, මහණෙනි, මේ පුද්ගලයා කායසක්ඛිය යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඒ මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, අනුත්තර නිර්‍වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට (රහත් බවට) පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

16. ´´මහණෙනි, දිට්ඨප්පත්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද යම් ඒ අරූප ධ්‍යාන කෙනෙක් වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්‍ශ කොට වාසය නොකරයිද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රව ක්‍ෂය වූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැන ගන්නා ලද ධර්‍මයෝ ඔහුගේ නුවණින් මනාකොට දැන ගන්නා ලද්දාහුද,

මහණෙනි, මේ තෙමේ දිට්ඨප්පත්ත පුද්ගලයාය යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සම කරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නාහු නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවගේ අප්‍රමාද ඵලය බලමින් නොපමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

17. ´´මහණෙනි, සද්Ȁdධාවිමුත්ත පුද්ගලයා නම් කවරේද? ´´මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යාන කෙනෙක් වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්‍ශ කොට වාසය කරයිද, ඔහුගේ විදර්‍ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්Ȁdධාව බැසගත්තීවේද, මුල් බැස පිහිටියා වේද, මහණෙනි, මේ තෙමේ සද්Ȁdධාවිමුත්ත පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහිම තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

18. ´´මහණෙනි, ධම්මානුසාරී පුද්ගලයා නම් කවරේද? ´´මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්‍ශ නොකොට වාසය කරයිද, ඔහුගේ නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැනගන්නාලද ධර්‍මය ඔහුගේ නුවණින් පමණකින් දැකීමට පැමිණෙත්. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙත්, කවරහුද? සද්Ȁdධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය ය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ ධම්මානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.

19. ´´මහණෙනි, සද්ධානුසාරී පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්‍ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්‍ශ කොට වාසය නොකරයිද, ඔහුගේ නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්‍ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පමණක්, භක්තිය පමණක් වෙයිද, තවද ඔහුට මේ ධර්‍මයෝ වෙත්. එනම් ? සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය ය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ සද්ධානුසාරී පුද්ගලයාය යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්‍ෂුවටද අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.

ඊට හේතු කවරේද?

මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින්, කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්‍ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසන යෙහි පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති, ඒ නිර්‍වාණය, මේ ආත්මයෙහිම තමා නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම්, යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්‍ෂූවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

20. ´´මහණෙනි, මම එක්වරම රහත්වීමට නොකියමි. එසේවුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත්බවට පැමිණීමවේ.

´´මහණෙනි, කෙසේ පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත්බවට පැමිණීමවේද? මහණෙනි, මේ ශාසනයෙහි ශ්‍රද්ධාව හටගත් තැනැත්තේ ගුරුන් වෙත එළඹෙයි. ගුරුන් වෙත එළඹුනේ, ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නේ, කණ එළවා තබයි. කණ එළවා තැබූයේ, බණ අසයි, බණ අසා දරා ගනියි. දරාගන්නේ ධර්‍මයන්ගේ අර්‍ථය සලකා බලයි. අර්‍ථය සලකා බලන්නේ, වැටහෙන නුවණ උපදියි. වැටහෙන නුවණ ඇතිවූ කල්හි කැමැත්ත ඇතිවෙයි. කැමැත්ත ඇත්තේ උත්සාහ කරයි. උත්සාහ කොට අනික්‍ය දුඃක අනාත්මයයි විමසා බලයි. විමසා බලා දැන මාර්‍ගය ලැබීමට උත්සාහ කරයි. මාර්‍ගය ලැබීමට උත්සාහ කළේ, නාමකයින් නිවන්සුව අවබෝධ කරයි.මාර්‍ග ප්‍රඥාවෙන් විනිවිද බලයි. මහණෙනි, ඒ ශ්‍රධාව නොවීද, මහණෙනි, ඒ ගුරුන් වෙත එළඹීමද, නොවීද, මහණෙනි, ඒ ආශ්‍රය නොවීද, මහණෙනි, ඒ කණ එළවා තැබීමද නොවේ. මහණෙනි, ඒ බණ ඇසීම නොවීද, මහණෙනි, ඒ ධර්‍මය දැරීමද නොවේ. මහණෙනි, ඒ දරන ලද ධර්‍මයාගේ අර්‍ථය සලකා බැලීම නොවීද, මහණෙනි, ඒ ධර්‍මය වටහා ගත් නුවණ නොවේ. මහණෙනි, ඒ කැමැත්ත නොවීද, මහණෙනි, ඒ උත්සාහය නොවේ. මහණෙනි, ඒ විමසා බැලීම නොවීද, මහණෙනි, ඒ මාර්‍ගය ලැබීමේ උත්සාහය නොවේ. මහණෙනි, විරුද්ධව පිළිපන්නෝ වූවාහුය. මහණෙනි, වරදවා පිළිපන්නෝ වූවාහුය. මහණෙනි, මේ හිස් පුරුෂයෝ කොතරම් දුර මේ ශාසනයෙන් පහවගියාහු වෙත්ද? මහණෙනි, මේ උදෙසීමක් (-කොටින් කීමක්) හේතු කොට ගෙන නුවණ ඇති පුරුෂ තෙමේ නොබෝ කලකින් නුවණින් අර්‍ථය (-කාරණය) දනීද, ඒ සතර පද (චතුස්සත්‍ය) ප්‍රකාශයක් ඇත්තේය.

21. ´´මහණෙනි, තොපට (එය) කොටින් කියමි. එය දැනගනිව්´´ ´´ස්වාමීනි, අපි කවුරුද, ධර්‍මය දැනගන්නෝ කවුරුද´´ (අපි ධර්‍මය දැන ගැනීමට තරම් නොවෙමු යන අදහසයි.) ´´ මහණෙනි, යම් ඒ ශාස්තෘවරයෙක් ආමිෂය ගරු කොට ඇත්තේ, ආමිෂය දායාද කොට ඇත්තේ, ආමිෂයෙහි ඇලී වසයිද, ඔහුගේ ධර්‍මයෙහිද. ´අපට මෙසේ වන්නේ නම් මෙසේ කරන්නෙමු. අපට එසේ නොවන්නේ නම් එය නොකරන්නෙමු´ යි මෙවැනි මිළ නියම කිරීමක් හා අඩුවෙන් ඉල්ලීමක් නැත.

22. ´´මහණෙනි, කිමෙක්ද? තථාගතතෙම සර්‍වප්‍රකාරයෙන් ආමිෂයෙන් වෙන්ව වසන්නේ නොවේද? (ඒ තථාගතයන්ගේ ශාසනයෙහි එවැනි මිළ නියම කිරීමක් හෝ අඩුකර ඉල්ලීමක් කෙසේ නම් යෙදෙන්නේ?) මහණෙනි, ශාස්තෲන් වහන්සෙගේ අනුශාසනයන් උසස් කොට ගෙණ ගන්නා සැදැහැවත් ශ්‍රවකයාගේ මේ ස්වභාවය වෙයි. භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වෙයි. මම ශ්‍රාවක වෙමි. භාග්‍යවතුන් වහන්සේ දකී. මම නොදකිමි.

23. මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස්කොට ගන්නා ශ්‍රාවකයා නිසා ශාස්තෘ ශාසනය දියුණුවේ. ඕජාවත් වේ.

´´ මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුල පුත්‍රයාගේ මේ ස්වභාවවේ. ´´ඒකාන්තයෙන් ශරීරයෙහි සම, නහර, ඇට, ඉතිරිවේවා. මස් ලේ වියලේවා. යම් ඒ පුරුෂ ශක්තියකින් පුරුෂ වීය්‍ර්‍යයකින්, පුරුෂ පරාක්‍රමයකින්, යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීය්‍ර්‍යයාගේ නැවැත්මක් නොවන්නේය. (කියායි.)

24. ´´මහණෙනි, ශාස්තෘ ශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුලපුත්‍රයා දෙවැදෑරුම් ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු. මේ අත් බැව්හි රහත් බව හෝ ස්කන්‍ධය ඉතිරිව ඇති කල්හි අනාගාමි බව හෝ ය.´´

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙසූ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටුවූහ.

දහවෙනිවූ කීටාගිරි සූත්‍රය නිමි. ( 2-10 )

__________

( අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, චූල මාලුඞ්ක්‍ය සූත්‍රය, මහා මාලුඞ්ක්‍ය සූත්‍රය, භද්දාලි සූත්‍රය, ලටුකිකෝපම සූත්‍රය, චාතුම සූත්‍රය, නලකපාන සූත්‍රය, ගුලිස්සානි සුත්‍රය, කීටාගිරි සූත්‍රය යන සූත්‍ර දසයවූ)

දෙවෙනි භික්‍ෂු වර්‍ගයයි.

69. ගුලිස්සානි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප නම් තැන වාසය කළහ. ඒ කාලයෙහි වනාහි වනයෙහි වසන ගොරෝසු පැවතුම් ඇති ගුලිස්සානි භික්‍ෂුව කිසියම් කටයුත්තක් නිසා සඟ මැදට පැමිණියේ වෙයි. ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගුලිස්සානි භික්‍ෂුව අරභයා (-කරුණු කොට) භික්‍ෂූන්ට කථා නළහ.

2. ´´ඇවැත්නි, සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ගෞරව සහිතයකු, බුහුමන් සහිතයකු විය යුතුයි. ඇවැත්නි ඉදින් සංයාට අයත් සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ගෞරව නැත්තෙකු, බුහුමන් නැත්තෙකු වෙයිද, ´යම් මේ ආයුෂ්මතෙක් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ගෞරව නැත්තේද, බුහුමන් නැත්තේද, ඔහුට ´වනයෙහි වාසය කරණ ඒ මේ ආයුෂ්මත්හුගේ තනිව කැමතිසේ වනයෙහි වාසය කිරීමෙන්, කවර ප්‍රයෝජනයක් දැ´ යි කියන්නෝ වෙත්. එබැවින් සංයාට අයත්, සංයා අතර හැසිරෙන වනයෙහි වසන භික්‍ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ගෞරව සහිතයකු, බුහුමන් සහිතයකු විය යුතුයි.

3. ´´ඇවැත්නි, සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව විසින් ´මෙසේ ස්ථවිර භික්‍ෂූන් ගටා (-තදකොට) නොහිඳින්නෙමි, නවක (-අලුත්) භික්‍ෂූන් ආසනයෙන් අස් නොකරන්නෙමි´ යි ආසන දැනීමෙහි දක්‍ෂයෙකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංයාට අයත්, සංයා අතර හැසිරෙන වනයෙහි වසන භික්‍ෂුව ආසන දැනීමෙහි දක්‍ෂයෙකු නොවෙයිද, ´යම් මේ ආයුෂ්මතෙක් වත් පිළිවෙත් නොදන්නේද, ඔහුට වනයෙහි වාසය කරන මේ ආයුෂ්මත්හුගේ තනිව කැමති සේ වනයෙහි වාසය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්දැ´ යි කියන්නෝ වෙත්. එබැවින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව විසින් ආසන දැනීමෙහි දක්‍ෂයෙකු විය යුතුයි.

4. ´´ඇවැත්නි, සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව විසින් ඉතා කලින් ගමට නොයා යුතු, ඉතා දවල් පෙරලා නොආ යුතුයි. ඇවැත්නි, ඉදින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව ඉතා කලින් ගමට යයිද, ඉතා දවල් ආපසු එයිද, ඔහුට ´ඉතා කලින් ගමට යයි. ඉතා දවල් ආපසු එයි. වනයෙහි වාසය කරන මේ ආයුෂ්මත්හුගේ තනිව කැමති සේ වනයෙහි වාසය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්දැ´ යි කියන්නෝ වෙත්. එබැවින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව විසින් ඉතා කලින් ගමට නොයා යුතුයි. ඉතා දවල් ආපසු නොආ යුතුයි.

6. ´´ඇවැත්නි, සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව විසින් පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට නොපැමිණිය යුතුයි. ඇවැත්නි, ඉදින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට පැමිණෙයිද, ඔහුට ´වනයෙහි වසන තනිව වනයෙහි කැමතිසේ වසන මේ ආයුෂ්මත්හුගේ නොකල්හි හැසිරීම වැඩි වශයෙන් කරන ලදී. සංයා මැදට පැමිණි ඔහුටද එසේ ව්‍යවහාර කරන්නේය´ යි කියන්නෝ වෙත්. එබැවින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව විසින් පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට නොපැමිණිය යුතුයි.

6. ´´ඇවැත්නි, සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව නොසන්සුන් නොවූවෙකු චපල නොවූවෙකු විය යුතුය. ඇවැත්නි, ඉඳින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව නොසන්සුන් වූවෙක් චපලවූවෙක් වෙයිද, ඔහුට ´වනයෙහි වසන තනිව වනයෙහි කැමතිසේ වසන මේ ආයුෂ්මත්හුගේ නොසන්සුන් බව හා චපල බව වැඩිව කරණ ලදැයි´ කියන්නෝ වෙත්. එබැවින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව නොසන්සුන් නොවූවකු චපල නොවූවකු විය යුතුයි.

7. ´´ඇවැත්නි, සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව රළු වචන නැත්තෙකු විසිරගිය වචන නැත්තෙකු විය යුතුය. ඇවැත්නි, ඉදින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව රළු වචන කියන්නෙක් විසිරුණු වචන කියන්නෙක් වෙයිද, ´යම් මේ ආයුෂ්මත් තෙමේ රළු වචන කියන්නෙක විසිරුණු වචන කියන්නෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ´යි කියන්නෝ වෙත්. එබැවින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව රළු වචන නැත්තෙකු විසිරගිය වචන නැත්තෙකු විය යුතුයි.

8. ´´ඇවැත්නි, සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව සුවචවූවකු යහපත් මිතුරන්
ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව දුර්වචයෙක් පවිටු මිතුරන් ඇත්තෙක් වෙයිද,ඔහුට ´යම් මේ ආයුෂ්මත් තෙමේ දුර්වචයෙක පවිටු මිතුරන් ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ´යි කියන්නාහු වෙත්. එබැවින් සංයාට අයත්, සංයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්‍ෂුව සුවචවූවකු යහපත් මිතුරන් ඇත්තකු විය යුතුයි.

9. ´´ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුව ඉඳුරන්හි වසන ලද දොර ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉඳින් වනයෙහි වසන භික්‍ෂුව ඉඳුරන්හි නොවසන ලද දොර ඇත්තෙක් වෙයිද, ඔහුට ´යම් මේ ආයුෂ්මත් තෙමේ ඉඳුරන්හි නොවසන ලද දොර ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ´යි කියන්නෝ වෙත්. එබැවින් වනයෙහි වසන භික්‍ෂුව ඉඳුරන්හි වසන ලද දොර ඇත්තකු විය යුතුයි.

10. ´´ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුව වැළඳීමෙහි, පමණ දන්නෙකු විය යුතුයි. ඇවැත්නි, ඉඳින් වනයෙහි වසන භික්‍ෂුව වැළඳීමෙහි පමණ නොදන්නෙක් වෙයිද ඔහුට ´යම් මේ ආයුෂ්මත් තෙමේ වැළඳීමෙහි පමණ නොදන්නෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ´යි කියන්නෝ වෙත්. එබැවින් වනයෙහි වසන භික්‍ෂුව වැළඳීමෙහි පමණ දන්නකු විය යුතුයි.

11. ´´ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුව නිදි දුරුකිරීමෙහි යෙදුනකු විය යුතුයි. ඇවැත්නි, ඉඳින් වනයෙහි වසන භික්‍ෂුව නිදි දුරුකිරීමෙහි නොයෙදුනක් වෙයිද, ඔහුට ´යම් මේ ආයුෂ්මත් තෙමේ නිදි දුරුකිරීමෙහි නොයෙදුනක් වෙයි. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ´යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්‍ෂුව නිදි දුරුකිරීමෙහි යෙදුනකු විය යුතුයි.

12. ´´ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුව පටන්ගත් වීය්‍ර්‍ය ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉඳින් වනයෙහි වසන භික්‍ෂුව කුසීත වෙයිද ඔහුට ´යම් මේ ආයුෂ්මත් තෙමේ කුසීතයෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැ´යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්‍ෂුව පටන්ගත් වීය්‍ර්‍ය ඇත්තකු විය යුතුයි.

13. ´´ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුව එළඹ සිටි සිහි ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉඳින් වනයෙහි වසන භික්‍ෂුව මුළා සිහි ඇත්තෙකු වෙයිද, ඔහුට ´යම් මේ ආයුෂ්මත් තෙමේ මුළා සිහි ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැ´යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්‍ෂුව එළඹ සිටි සිහි ඇත්තකු විය යුතුයි.

14. ´´ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුව එකඟ සිත් ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉඳින් වනයෙහි වසන භික්‍ෂුව එකඟ සිත් නැත්තෙක් වෙයිද, ඔහුට ´යම් මේ ආයුෂ්මත් තෙමේ එකඟ සිත් නැත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැ´යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්‍ෂුව එකඟ සිත් ඇත්තකු විය යුතුයි.

16. ´´ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුව නුවණැත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉඳින් වනයෙහි වසන භික්‍ෂුව නුවණ නැත්තෙක් වෙයිද, ඔහුට ´යම් මේ ආයුෂ්මත් තෙමේ නුවණ නැත්තෙක, වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැ´යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්‍ෂුව නුවණැත්තකු විය යුතුයි.

16. ´´ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුව අභිධර්‍ම පිටකයද, විනය පිටකයද, ඉගෙණීමෙහි උත්සාහ කළ යුතුයි. ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුවගෙන් අභිධර්‍ම පිටකයෙහිද, විනය පිටකයෙහිද ප්‍රශ්න අසන්නෝ වෙත්, ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්‍ෂුවගෙන් අභිධර්‍මයෙහිද, විනයෙහිද ප්‍රශ්න අසන ලද්දේ විසඳන්ට නොහැකි වෙයිද ඔහුට ´යම් මේ ආයුෂ්මත් තෙමේ අභිධර්‍මයෙහිද, විනයෙහිද ප්‍රශ්න විචාරන ලද්දේ විසඳන්ට නොහැකිය. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැ´යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්‍ෂුව අභිධර්‍ම පිටකයද, විනය පිටකයද, ඉගෙණීමෙහි උත්සාහ කළ යුතුයි.

17.´´ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුව රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති යම් ඒ ශාන්තවිමොක්‍ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි උත්සාහ කළ යුතුයි. ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුවගෙන් රූපාවචර ධ්‍යාන ඉක්මවා ඇති යම් ඒ ශාන්තවිමොක්‍ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි ප්‍රශ්න අසන්නෝ වෙත්. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්‍ෂුව රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති ශාන්තවිමොක්‍ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැකි වෙයිද, ඔහුට ´යම් මේ ආයුෂ්මත් තෙමේ රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති යම් ඒ ශාන්තවිමොක්‍ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි ප්‍රශ්න විචාරන ලද්දේ විසඳන්ට නොහැක්කේය. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ´යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්‍ෂුව විසින් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති යම් ඒ ශාන්තවිමොක්‍ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි උත්සාහ කළ යුතුයි.

18.´´ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුව ලෝකෝත්තර ධර්‍මයෙහි උත්සාහ කළ යුතුයි. ඇවැත්නි, වනයෙහි වසන භික්‍ෂුවගෙන් ලෝකෝත්තර ධර්‍මයෙහි ප්‍රශ්න විචාරන්නෝ වෙත්. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්‍ෂුව ලෝකෝත්තර ධර්‍මයෙහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැකි වෙයිද, ඔහුට ´මේ ආයුෂ්මත් තෙමේ යම් ප්‍රයෝජනයක් නිසා පැවිදිවීද ඒ ප්‍රයෝජනය නොදන්නේය. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ´යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්‍ෂුව විසින් ලෝකෝත්තර ධර්‍මයෙහි උත්සාහ කළ යුතුයි.´´

19. මෙසේ දෙසූ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ සැරියුත් තෙරුන්ට මේ කරුණ කීහ. ´´ආයුෂ්මත් ශාරීපුත්‍රය, වනයෙහි වසන භික්‍ෂුව විසින්ම මේ ධර්‍මයන් ගෙණ පැවතිය යුතුද නැතහොත් ගමෙහි වසන භික්‍ෂුව විසිනුත් එසේ පැවතිය යුතුද?´´

´´ආයුෂ්මත් මොග්ගල්ලානය, වනයෙහි වසන භික්‍ෂුව විසින්ද මේ ධර්‍මයන් ගෙන පැවතිය යුතුය. ගමෙහි වසන භික්‍ෂුවට වනාහි කියනුම කවරේදැ´´ යි වදාළහ.

නවවෙනිවූ ගුලිස්සානි සූත්‍රය නිමි. (2-9)

68. නලකපාන සූත්‍රය.

1. මා ගේ ඇසීම මෙසේය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි නලකපාන නම් ගමේ කෑල (-එරබදු) වනයෙහි වාසය කළහ. ඒ කාලයෙහි බොහෝ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු වෙත්. ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්‍දිය, ආයුෂ්මත් කිම්බිල, ආයුෂ්මත් නන්‍ද, ආයුෂ්මත් කුණ්ඩධාන, ආයුෂ්මත් රෙවත, ආයුෂ්මත් ආනන්‍ද (සහ) වෙනත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුලපුත්‍රයෝ වෙත්. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් විසින් පිරිවරන ලද්දේ හිස් තැනෙක වැඩ හුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්‍ෂූන්ට කථාකොට, ´´මහණෙනි, යම් ඒ කුල පුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, සස්නෙහි පැවිදිවූවාහුද, මහණෙනි, කිම ඒ භික්‍ෂූහු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි ඇලුනාහුද?´´ මෙසේ කීකල්හි ඒ භික්‍ෂූහු නිශ්ශබ්ද වූහ. දෙවෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්‍ෂූන්ට කථාකොට, ´´මහණෙනි, යම් ඒ කුල පුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, සස්නෙහි පැවිදිවූවාහුද, මහණෙනි, කිම ඒ භික්‍ෂූහු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි ඇලුනාහුද?´´ දෙවෙනි වරත් ඒ භික්‍ෂූහු නිශ්ශබ්ද වූහ. තුන්වෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් උදෙසා භික්‍ෂූන්ට කථාකොට, ´´මහණෙනි, යම් ඒ කුල පුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, සස්නෙහි පැවිදිවූවාහුද, මහණෙනි, කිම ඒ භික්‍ෂූහු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි ඇලුනාහුද?´´ තුන්වෙනි වරත් ඒ භික්‍ෂූහු නිශ්ශබ්ද වූහ.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට, මම ඒ කුල පුත්‍රයන්ගෙන්ම අසන්නෙම් නම් යෙහෙකැයි අදහස් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට කථා කළහ. ´´අනුරුද්ධයෙනි, කිම තොපි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි ඇලුනාහුද?´´ ´´ස්වාමීනි, ඒකාන්තයෙන්ම අපි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි ඇලුනෝ වමු.´´ ´´අනුරුද්ධයෙනි, යහපත, යහපත, අනුරුද්ධයෙනි තොපි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි කැමතිවන්නහු නම් එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූ තොප වැනි කුලපුත්‍රයන්ට, සුදුසුය. අනුරුද්ධයෙනි, හොඳ තරුණ වයසින් යුත්, මුල් වයසෙහි සිටි, තරුණවූ කලු කෙස් ඇති යම්බඳු තොපි කම් සැප අනුභව කරන්නෝ වෙත්ද, අනුරුද්ධයෙනි, හොඳ තරුණ වයසින් යුත්, මුල් වයසෙහි සිටි, තරුණවූ කලු කෙස් ඇති, ඒ තොපි ගිහිගෙන් නික්ම සස්නෙහි නොපැවිදි වූවාහුය, අනුරුද්ධයෙනි, තොපි රජුන්ට බයව පැනගොස් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවැදැ වූවාහු නොවෙති, සොරුන්ට බයව පැනගොස් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති, ණයෙන් පීඩාවී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති, බයෙන් පීඩාවී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති, ජීවත්වන්ට නොහැකිව ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති, එතකුදු වුවත්: ´ඉපදීමෙන්, ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුක්ත වූයෙමි, දුකට බැස ගතිමි, දුකින් මඩනා ලද්දෙමි, මේ සියලු දුක් රාශියේ අවසානය දැක්කහොත් යෙහෙකැ´ යි, අනුරුද්ධයෙනි, මෙසේ තොපි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙත්ද?´´

´´එසේය ස්වාමීනි.´´

3. ´´ අනුරුද්ධයෙනි, මෙසේ පැවිදිවූ කුල පුත්‍රයා විසින් කුමක් කළයුතු වන්නේද? අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වූ ප්‍රීති සැපයට හෝ නොපැමිණෙයිද, ඊට වඩා උසස් අනික් සැපයකට නොපැමිණෙයිද,

´´ලෝභයද ඔහුගේ සිත මැඩගෙන සිටියි, ව්‍යාපාදයද ඔහුගේ සිත මැඩගෙන සිටියි, ථීනමිද්ධයද ඔහුගේ සිත මැඩගෙන සිටී, උද්දච්ච කුක්කුච්චයද ඔහුගේ සිත මැඩගෙන සිටී, විචිකිච්ඡාවද ඔහුගේ සිත මැඩගෙන සිටියි, නොඇල්මද ඔහුගේ සිත මැඩගෙන සිටී, අලසකමද ඔහුගේ සිත මැඩගෙන සිටියි. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශලයන්ගෙන් වෙන්ව ප්‍රීති සැපය හෝ එයින් අන්‍යවූ සැපයක් හෝ නොලබන්නේ නම් මෙසේ වන්නේය.

4. ´´අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වූ ප්‍රීති සැපයට හෝ පැමිණේද, ඊට වඩා උසස් අනික් සැපයකට හෝ පැමිණේද, ඔහුගේ සිත ලෝභයෙන් අල්වාගෙණ නොසිටී, ඔහුගේ සිත ව්‍යාපාදයෙන් අල්වාගෙණ නොසිටී, ඔහුගේ සිත ථීනමිද්ධයෙන් අල්වාගෙණ නොසිටී, ඔහුගේ සිත උද්ධච්ච කුක්කුච්චයෙන් අල්වාගෙණ නොසිටී, ඔහුගේ සිත විචිකිච්ඡාවෙන් අල්වාගෙණ නොසිටී, ඔහුගේ සිත නොඇල්මෙන් අල්වාගෙණ නොසිටී, ඔහුගේ සිත අලසබවෙන් අල්වාගෙණ නොසිටී, අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වූ ප්‍රීති සැපයට හෝ පැමිණෙයිද, ඊට වඩා උසස් සැපයකට හෝ පැමිණෙයිද ඔහුට මෙසේ වන්නේය.

6. ´´ අනුරුද්ධයෙනි, කිමද? කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ, යම් ආශ්‍රවයෝ (වෙත්ද) තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ නොවුවාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරුකළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි.´´ කියා මා කෙරෙහි තොපි මෙසේ සිතව්ද?

6. ´´ ස්වාමීනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ, යම් ආශ්‍රවයෝ (වෙත්ද) තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ නොවුවාහු වෙත්. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරුකළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි.´´ කියා තථාගතයන් වහන්සේ කෙරෙහි අපට එබඳු සිතක් නැත.

´´ ස්වාමීනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ, යම් ආශ්‍රවයෝ වෙත්ද තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීණවුවාහු වෙත්. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරුකළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි.´´ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මේ අදහස් වන්නේය.

7. ´´අනුරුද්ධයෙනි, යහපත, යහපක, අනුරුද්ධයෙනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත දුක් විපාක ඇති, නැවත ඉපදීම, ජරාව, මරණය ඇතිකරණ, යම් ආශ්‍රවයෝ වූවාහුද, තථාගතයන් වහන්සේගේ (ඒ ආශ්‍රවයෝ) ප්‍රහීණ වූවාහුය. මුළුසුන්කරණ ලද්දාහුය. මස්තකය සිඳි තල් ගසක් මෙන් කරණ ලද්දාහුය. විනාශ කරණ ලද්දාහුය. නැවත ඉපදීම නැතිකරණ ලද්දාහුය. අනුරුද්ධයෙනි, යම්සේ මස්තකය සිඳින ලද තල් ගස නැවත වැඩීමට සුදුසු නොවේද, අනුරුද්ධයෙනි, එමෙන්ම කෙලෙසන නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත දුක් විපාක ඇති, නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ යම් ආශ්‍රවයෝ වෙත්ද (ඒ ආශ්‍රවයෝ) තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලද්දාහුය. මුලුසුන්කරණ ලද්දාහුය. මස්තකය සිඳින තල් වත්තක් මෙන් කරණ ලද්දාහුය. විනාශකරණ ලද්දාහුය. නැවත ඉපදීම නැතිකරණ ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළයුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරු කළ යුතු කොටස දැන දුරු කරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි කියා තථාගතයන් වහන්සේ කෙරෙහි මේ අදහස වන්නේය.

8. ´´අනුරුද්ධයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? කවර ප්‍රයෝජනයක් බලාපොරොත්තුවන තථාගතයන් වහන්සේ ´අසුවලා අසවල් තැන උපන්නේය, අසුවලා අසවල් තැන උපන්නේය´ යි ඉකුත්වූ කාලක්‍රියා කළ ශ්‍රාවකයන් පිළිබඳ උප්පත්තීන් ප්‍රකාශ කරයිද?´´

´´ස්වාමීනි, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ආදිකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. ස්වාමීනි, මේ කරුණ පිළිබඳ අර්‍ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහෙන සේක් නම් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්´´ යයි (කීවාහුය.) අනුරුද්ධයෙනි, තථාගතයන් වහන්සේ ජනයන් පුදුම කරවනු පිණිස, ජනයන් පොළඹවනු පිණිස, ලාභ සත්කාර කීර්තිය පිණිස ´මා ජනයා මෙසේ දැන හැඳිනගනීවා´ යි ´අසුවලා අසුවල් තැන උපන්නේය අසුවලා අසවල් තැන උපන්නේය´ යි ඉකුත්වූ මැරීගිය ශ්‍රාවකයන් පිළිබඳ උප්පත්තිය ප්‍රකාශ නොකරයි. අනුරුද්ධයෙනි, ශ්‍රද්ධාව ඇති, බොහෝ සතුටු ඇති, බොහෝ මහත් සතුටු ඇති කුල පුත්‍රයෝ ඇත්තාහුය. ඔවුහු එය අසා ශ්‍රාවක භාවය (- පැවිදිබව) පිණිස සිත එලවත්. අනුරුද්ධයෙනි, ඔවුන්ට එය බොහෝ කලක් හිත සැප පිණිස වෙයි.

9. ´´අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ´මෙනම් භික්‍ෂුව කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ´ඒ භික්‍ෂුව රහත් බැව්හි පිහිටියේය´ යි ප්‍රකාශ කරණ ලද්දේයයි අසයි. ඒ ආයුෂ්මත්තෙම තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ඒ ආයුෂ්මත්තෙම මෙබඳු සිල් ඇත්තෙකැයිද, ඒ ආයුෂ්මත්තෙම මෙබඳු ස්වභාව ඇත්තෙකැයිද, ඒ ආයුෂ්මත්තෙම මෙබඳු නුවණ ඇත්තෙකැයි කියාද, ඒ ආයුෂ්මත්තෙම මෙබඳු හැසුරුම් ඇත්තෙකැයිද, ඒ ආයුෂ්මත්තෙම මෙසේ භවයෙන් මිදුනේයයිද, අසන ලද්දේ හෝ වෙහිද, ඒ භික්‍ෂුව ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්‍ෂුවගේ සැප විහරණය වේ.

´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ´මෙනම් භික්‍ෂුව කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ´ඒ භික්‍ෂුව කාම ලෝකය භජනය කරන සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන ස්වභාවය ඇති ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි අසයිද, ඒ භික්‍ෂුව තමා විසින් දකින ලද්දේ හෝ වෙයිද, ´ඒ ආයුෂ්මත් තෙම මෙබඳු සිල් ඇත්තෙකැයි ඒ ආයුෂ්මත් තෙම මෙබඳු ස්වභාව ඇත්තෙකැයි ඒ ආයුෂ්මත් තෙම මෙසේ භවයෙන් මිදුනේය´ යි අසන ලද්දේ හෝ වෙයිද, ඒ භික්‍ෂුව ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්‍ෂුවට සැප විහරණය වේ.

10. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ´මෙනම් භික්‍ෂුව කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ´ඒ භික්‍ෂුව සංයෝජන (භවබන්‍ධන) තුණක් නැතිකිරීමෙන්, රාග ද්වේෂ මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක් වරක්ම (උප්පත්ති වශයෙන් ) පැමිණ දුක් කෙළවර කරන්නේයයි ප්‍රකාශ කරණ ලද්දේය´ යි අසයිද, ´ඒ භික්‍ෂුව තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු සිල් ඇත්තෙක, ඒ ආයුෂ්මත් තෙම මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ ආයුෂ්මත් තෙමේ මෙබඳු නුවණ ඇත්තෙක. ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු හැසුරුම් ඇත්තෙක, ඒ ආයුෂ්මත් තෙම මෙසේ භවයෙන් මිදුනේයයි´ අසන ලද්දේ හෝ වෙයිද, ඒ භික්‍ෂුව ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්‍ෂුවට සැප විහරණය වේ.

11. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ´මෙනම් භික්‍ෂුව කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ´ඒ භික්‍ෂුව සංයෝජන (භවබන්‍ධන) තුණක් නැතිකිරීමෙන්, සෝවාන්ව, අපායෙහි උපදින ස්වභාවය නැත්තෙක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තෙක් වීයයි ප්‍රකාශ කරණ ලද්දේය´යි අසයිද, ´ඒ භික්‍ෂුව තමන් විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු සිල් ඇත්තෙක, ඒ ආයුෂ්මත් තෙමේ මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ ආයුෂ්මත් තෙමේ මෙබඳු නුවණ ඇත්තෙක. ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු හැසුරුම් ඇත්තෙක, ඒ ආයුෂ්මත් තෙමේ මෙසේ භවයෙන් මිදුනේයයි´ අසන ලද්දේ හෝ වෙයිද, ඒ භික්‍ෂුව ඒ ආයුෂ්මත්හුගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්‍ෂුවට සැප විහරණය වේ.

12. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුණියක් ´මෙනම් භික්‍ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ´ඒ භික්‍ෂුණිය රහත් බැව්හි පිහිටියායයි ප්‍රකාශ කරණ ලද්දේයයි, අසයිද, ´ඒ භික්‍ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය, ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය. ඒ නැගනිය මෙබඳු හැසුරුම් ඇත්තීය, ඒ නැගනිය මෙසේ භවයෙන් මිදුනීයයි´ අසන ලද්දී හෝ වෙයිද, ඒ භික්‍ෂුණියගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්‍ෂුණියට සැප විහරණය වේ.

13. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුණියක් ´මෙනම් භික්‍ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්‍ෂුණිය කාම ලොකය භජනය කරණ සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තේයයි´ ප්‍රකාශ කරණ ලද්දීය, ´ඒ භික්‍ෂුණිය තමා විසින් දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගණිය ´මෙබඳු සිල් ඇත්තීය, ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය. ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ නැගනිය මෙසේ භවයෙන් මිදුනීයයි´ අසන ලද්දී හෝ වෙයි, ඒ භික්‍ෂුණිය ඒ භික්‍ෂුණියගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්‍ෂුණියට සැප විහරණය වේ.

14. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුණියක් ´මෙනම් භික්‍ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්‍ෂුණිය සංයෝජන (භවබන්‍ධන) තුණ නැති කිරීමෙන් රාග දෝස මොහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක් වරක්ම (උප්පත්ති වශයෙන් ) පැමිණ දුක් කෙළවර කරන්නීයයි´ ප්‍රකාශ කරණ ලද්දීයයි, අසයිද, ´ඒ භික්‍ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ´ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය, ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය. ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ නැගනිය මෙසේ භවයෙන් මිදුනීය´යි, අසන ලද්දී හෝ වෙයිද, ඒ භික්‍ෂුණිය ඒ භික්‍ෂුණියගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්‍ෂුණියට සැප විහරණය වේ.

16. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුණියක් ´මෙනම් භික්‍ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්‍ෂුණිය සංයෝජන (භවබන්‍ධන) තුණක් නැතිකිරීමෙන් සෝවාන්ව, සතර අපායෙහි ඉපදීමට නොපැමිණෙන්නියක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තියක් වීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි අසයිද, ඒ භික්‍ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය, ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය. ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ නැගනිය මෙසේ භවයෙන් මිදුනීයයි අසන ලද්දී හෝ වෙයිද, ඒ භික්‍ෂුණිය ඒ භික්‍ෂුණියගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්‍ෂුණියට සැප විහරණය වේ.

16. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ´මෙනම් උපාසකයා කාලක්‍රියාකළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ´ඒ උපාසකයා කාම ලෝකය භජනය කරන සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන, ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි´ අසයිද, ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ´ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු නුවණ ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේය´ යි අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසකයා ඒ උපාසකයා ගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාට සැප විහරණය වේ.

17. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ´මෙනම් උපාසකයා කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසකයා සංයෝජන තුණක් නැතිකිරීමෙන්, රාග, දෝස, මොහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක්වරක්ම (උප්පත්ති වශයෙන් ) පැමිණ දුක් කෙළවර කරන්නේයයි ප්‍රකාශ කරණ ලද්දේය´ යි අසයිද, ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේද, ´ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු නුවණ ඇත්තෙක. ඒ උපාසකයා මෙබඳු හැසුරුම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේයයිද,´ අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්‍රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාහට සැප විහරණය වේ.

18. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ´මෙනම් උපාසකයා කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ´ඒ උපාසකයා සංයෝජන (භවබන්‍ධන) තුණක් නැතිකිරීමෙන්, සෝවාන්ව, අපාය ලෝකයන්හි ඉපදීමට නොපැමිණෙන්නෙක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තෙක් වීයයි ප්‍රකාශ කරණ ලද්දේය´යි අසයිද, ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේය´ යි අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාට සැප විහරණය වේ.

19. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ´මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව කාම ලෝකය භජනය කරණ සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තීයයි´ ප්‍රකාශ කරණ ලද්දීයයි අසයිද, ´ඒ උපාසිකාව තමා විසින් දක්නා ලද්දී හෝ වෙයිද, ´ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීයයිද, ඒ උපාසිකාව මෙබඳු ස්වභාව ඇත්තීයයිද, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීයයිද. ඒ උපාසිකාව මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ උපාසිකාව මෙසේ භවයෙන් මිදුනීයයි´ අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසිකාව ඒ උපාසිකාවගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත්කමද, ත්‍යාගය හා ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැප විහරණය වේ.

20. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ´මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව සංයෝජන (භවබන්‍ධන) තුණ නැතිකිරීමෙන් රාග ෙවෂ මොහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක් වරක්ම (උප්පත්ති වශයෙන් ) පැමිණ දුක් කෙළවර කරන්නීයයි ප්‍රකාශ කරණ ලද්දීය´යි අසයිද, ඒ උපාසිකාව තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ උපාසිකාව මෙසේ භවයෙන් මිදුනීය´යි අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසිකාවගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැප විහරණය වේ.

21. ´´ අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ´මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව සංයෝජන (භවබන්‍ධන) තුණක් නැතිකිරීමෙන් සෝවාන්ව, අපාය ලෝකයන්හි ඉපදීමට නොපැමිණෙන්නියක්ව, නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තියක් වීයයි ප්‍රකාශ කරණ ලද්දීය´යි අසයිද, ඒ උපාසිකාව තමා විසින් දක්නා ලද්දී හෝ වෙයිද, ´ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ උපාසිකාව මෙසේ භවයෙන් මිදුනීයයි අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසිකාව, ඒ උපාසිකාවගේ ශ්‍රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැප විහරණය වේ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙසූ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.

අටවෙනි වූ නලකපාන සූත්‍රය නිමි. (2 – 8)

67. චාතුම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාතුමා නුවර නෙල්ලි වනයෙහි වාසය කළහ. එකල්හි වනාහි සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නුවරට පැමිණියාහු වෙත්. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වෙමින් සෙනසුන් පනවන්නාහු පාසිවුරු තැන්පත් කර තබන්නාහු උස් ශබ්ද මහා ශබ්ද ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. ´´ආනන්‍දය, මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහා ශබ්ද කරන්නෝ කවරහුද?´´

2. ´´ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය´´ යි (කීය.) ´´ආනන්‍දය, එසේනම් ´ශාස්තෲන් වහන්සේ ආයුෂ්මකුන් කැඳවති´ යි මාගේ වචනයෙන් ඒ භික්‍ෂූන් කැඳවව´´ ´´එසේය ස්වාමීනි´´ යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූහු යම් තැනකද එහි පැමිණියේය. එහි පැමිණ, ´ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවති´ යි ඒ භික්‍ෂූන්ට කීය. ´එසේය ඇවැත්නි´ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියාහුය. එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාහුය. එක් පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීය. ´´මහණෙනි, කුමක් හෙයින් තොපි මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහත් ශබ්ද කරන්නහුද?´´ ´´ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ මේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය´´ යි (කීහ.) ´´මහණෙනි, යව් තොප නෙරපමි. තොප මා වෙත නොවැසිය යුතුය´´ යි (වදාළහ). ´´එසේය ස්වාමීනි´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සෙනසුන් අකුලා තැන්පත්කර තබා පා සිවුරු ගෙන ගියාහුය.

3. එසමයෙහි වනාහි චාතුමා නුවර වැසි ශාක්‍යයෝ නගර ශාලාවෙහි රැස්ව හුන්නාහුය. (ඒ) චාතුමා නුවර වැසි ශාක්‍යයෝ දුරදීම එන ඒ භික්‍ෂූන් දුටුවාහුය. දැක ඒ භික්‍ෂූහු යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ ඒ භික්‍ෂූන්ට ´´ආයුෂ්මත් නුඹවහන්සේලා මේ දැන් අවුත් මේ දැන් කොහි යන්නහුදැ?´´ යි ඇසූහ.

´´ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂු සංයා නෙරපන ලද්දේය.´´

´´එසේ නම් ආයුෂ්මතුන් වහන්සේලා මොහොතක් හිඳිනු මැනව. අපි භාග්‍යවතුන් වහන්සේ පහදවන්නට හැකි වන්නෙමු නම් යෙහෙක´´ යි කීහ. ´´එසේය, ඇවැත්නි´´ යි ඒ භික්‍ෂූහු චාතුමා නුවර වැසි ශාක්‍යයන්ට පිළිතුරු දුන්නාහුය.

4. ඉක්බිති චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නාහුය. එක් පැත්තක හුන් චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවාහුය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් සේ පෙර භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හිත් අනුග්‍රහ කරණ සේක්වා. ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුත පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්‍ෂූන්ට ශ්‍රද්ධාවේ වෙනසක් වන්නේය. පෙරළීමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්‍ෂූන්ට වෙනසක් වන්නේය. පෙරළියක් වන්නේය. ස්වාමීනි, යම්සේ මව දකින්ට නොලැබෙන වසු පැටවෙකුට වෙනසක් වන්නේද, පෙරළියක් වන්නේද, එමෙන්ම ස්වාමීනි, ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ නොදක්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. පෙරළියක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ සේක්වා.

6. ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත දිගු කෙරේද, දිගුකළ අත හකුලුවාද, එමෙන් බඹලොවෙහි අතුරුදන්වී (නොපෙනී ගොස්) භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය. ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම උතුරු සළුව ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඟිලි එකට තබා වැඳ නමස්කාර කොට මේ කාරණය කීය. ´´ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ ලදද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ සේක්වා.

´´ ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුත පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්‍ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්‍ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය.

ස්වාමීනි, මව දකින්ට නොලැබෙන වසු පැටවෙකුට අමුත්තක් වන්නේද, වෙනස්කමක් වන්නේද, එමෙන්ම ස්වාමීනි, ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්‍ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නොදක්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ පෙර භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්‍ෂු සංයාට අනුග්‍රහ කරණ සේක්වා.´´

6. චාතුමෙය්‍යක ශාක්‍යයෝ හා සහම්පතී බ්‍රහ්මයා බීජෝපමාවෙන් හා තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදවන්ට හැකිවූහ. ඉක්බිත් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් කැඳවූහ. ´´ඇවැත්නි, නැගිටිව්, පාසිවුරු ගනිව්, චාතුමෙය්‍යක ශාක්‍යයන් විසින්ද, සහම්පතී බ්‍රහ්මයා විසින්ද බීජෝපමාවෙන් සහ තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදවන ලදහ.´´ ´´එසේය ඇවැත්නි´´ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට උත්තර දී හුන් තැනින් නැගිට පා සිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඇවැත්වූ සැරියුත් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීහ. ´´ශාරිපුත්තය, මා විසින් භික්‍ෂූන් නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේද?´´ ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂු සංයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. ´´භාග්‍යවතුන් වහන්සේ දැන් මඳ උත්සාහ ඇතිව ඵල සමවත් විහරණයෙහි යෙදී වාසය කරති. අපිදු දැන් මඳ උත්සාහ ඇතිව ඵල සමවත් විහරණයෙහි යෙදී වාසය කරමු´´ (කියායි.)

7. ´´ඉවසව සාරිපුත්ත, ඉවසව සාරිපුත්ත, ඔබ විසින් නැවතත් මෙබඳු සිතක් නොඉපදවිය යුතුය.´´ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහ මුගලන් තෙරුන්ට කථාකළහ. ´´මොග්ගල්ලානය, මා විසින් භික්‍ෂූ සංයා නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේද?´´ ´´භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. ´භාග්‍යවතුන් වහන්සේ දැන් මඳ උත්සාහ ඇත්තාහ. ඵලසමවත් සැප විහරණයෙහි යෙදී වාසය කරති. මම ද ආයුෂ්මත් සැරියුත් තෙරහු ද භික්‍ෂු සංයා පරිහරණය කරමු කියායි.´´

´´මොග්ගල්ලානය, යහපති යහපති, මොග්ගල්ලානය, මම හෝ භික්‍ෂු සංයා පරිහරණය කරන්නෙමි, සැරියුත් මුගලන් දෙදෙනා හෝ පරිහරණය කරන්නාහුය.´´

8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කළහ. ´´මහණෙනි, දියට බසින්නවුන් විසින් බිය සතරක් කැමති විය යුත්තාහුය. ඒ සතර කවරහුද? රළ වේගයෙන් ඇතිවන බිය, කිඹුලනුගෙන් ඇතිවන බිය, දිය සුළි වලින් ඇතිවන බිය, සැඩ මසුන්ගෙන් වන බිය යන මොහුය. දියට බස්නහු විසින් කැමති විය යුතු මේ බිය සතර වෙත්. මහණෙනි, එමෙන්ම ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදි වන්නහු කෙරෙහි මේ බිය සතරක් කැමති විය යුතුයි. ඒ සතර කවරහුද? රළ බය, කිඹුල් බය, දිය සුළි බය, සැඩ මසුන් බය (යන සතරයි.)

9. ´´මහණෙනි, (සස්නෙහි) රළ වේග බය නම් කුමක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ´ඉපදීමෙන්, ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. එසේ පැවිදිවූම ඔහුට එක්ව මහණදම් පුරන භික්‍ෂූහු අවවාද කරත්. අනුශාසනා කරත්. ඔබ මෙසේ ඉදිරියට යා යුතුය. ඔබ මෙසේ පසු හැරී යා යුතුය. ඔබ මෙසේ ඉදිරි දෙස බැලිය යුතුය. ඔබ මෙසේ අනුදිසා බැලිය යුතුය. ඔබ මෙසේ අත් පා දිගු කළ යුතුය. ඔබ මෙසේ දෙපට සිවුර පාත්‍රය තනිපට සිවුරු හැඳ පෙරවිය යුතුය. (කියායි.) ඔහුට මෙබඳු සිතක් වෙයි. ´පෙර ගිහිගෙයි විසූ අපි අනුන්ට අවවාද කෙළෙමු. අපගේ පුත්‍රයන් පමණයයි සිතිය හැකි අපගේ මුණුපුරන් පමණයයි සිතිය හැකි මොවුහු අප අවවාද කළ යුත්තන් කොට අනුශාසනා කළ යුත්තන් කොට සිතත්´´ (යයි කියා) ඔහු ශික්‍ෂාව හැර දමා (-සිවුරු හැර) ගිහිවෙයි. මහණෙනි, ´මෙතෙම (සස්නෙහි) රළ වේගයට බයවූයේ ශික්‍ෂාව හැර දමා (-සිවුරු හැර) ගිහි වූයේ යයි´ කියනු ලැබේ. මහණෙනි, රළ වේග බිය යනු ක්‍රොධ උපායාසයට (-බලවත් ක්‍රොධයට) නමකි.

10. ´´මහණෙනි, කිඹුල් බිය කුමක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ´ඉපදීමෙන්, ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාශියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. එසේ පැවිදිවූම ඔහුට සමාන බඹසර ඇත්තාහු අවවාද කරත්. අනුශාසනා කරත්. ´ඔබ මෙය කෑ යුතුය. ඔබ මෙය නොකෑ යුතුය. ඔබ මෙය අනුභව කළ යුතුය. ඔබ මෙය අනුභව නොකළ යුතුය. ඔබ මෙය රස විඳිය යුතුය. ඔබ මෙය රස නොවිඳිය යුතුය. ඔබ මෙය පානය කළ යුතුය. ඔබ මෙය පානය නොකළ යුතුය. ඔබ කැප දෙය කෑ යුතුය. ඔබ අකැප දෙය නොකෑ යුතුය. ඔබ කැප දෙය අනුභව කළ යුතුය. ඔබ අකැප දෙය අනුභව නොකළ යුතුය. ඔබ කැප දෙය රස විඳිය යුතුය. ඔබ අකැප දෙය රස නොවිඳිය යුතුය. ඔබ කැප දෙය පානය කළ යුතුය. ඔබ අකැප දෙය පානය නොකළ යුතුය. ඔබ කාලයෙහි කෑ යුතුය. ඔබ නොකල්හි නොකෑ යුතුය. ඔබ කාලයෙහි අනුභව කළ යුතුය. ඔබ නොකල්හි අනුභව නොකළ යුතුය. ඔබ කාලයෙහි රස විඳිය යුතුය. ඔබ නොකල්හි රස නොවිඳිය යුතුය. ඔබ කාලයෙහි පානය කළ යුතුය. ඔබ නොකල්හි පානය නොකළ යුතුය (කියායි.) ඔහුට මෙබඳු සිතක් වෙයි. ´පෙර ගිහිගෙයි විසූ අපි යමක් කැමති වෙමුද, එය කෑවෙමු. යමක් නොකැමැත්තෙමුද, එය නොකෑවෙමු. යමක් කැමති වෙමුද, එය අනුභව කෙළෙමු. යමක් නොකැමැති වෙමුද, එය අනුභව නොකෙළෙමු. යමක් කැමති වෙමුද, එය රස වින්දෙමු. යමක් නොකැමැති වෙමුද, එය රස නොවින්දෙමු. යමක් කැමති වෙමුද, එය පානය කෙළෙමු. යමක් කැමැති නොවෙමුද, එය පානය නොකෙළෙමු. කැප දෙයද කෑවෙමු. අකැප දෙයද කෑවෙමු. කැප දෙයද අනුභව කෙළෙමු. අකැප දෙයද අනුභව කෙළෙමු. කැප දෙයද රස වින්දෙමු. අකැප දෙයද රස වින්දෙමු. කැප දෙයද පානය කෙළෙමු. අකැප දෙයද පානය කෙළෙමු. කාලයෙහිද කෑවෙමු. නොකල්හිද කෑවෙමු. කාලයෙහිද අනුභව කෙළෙමු. නොකල්හිද අනුභව කෙළෙමු. කාලයෙහිද රස වින්දෙමු. නොකල්හිද රස වින්දෙමු. කාළයෙහිද පානය කෙළෙමු. නොකල්හිද පානය කෙළෙමු. අපට සැදැහැවත් ගෘහපතියෝ දවල් නොකල්හි යම් රසවත් කන දෙයක් අනුභව කළ යුතු දෙයක් (-කන බොන දෙයක්) දෙත්ද, එහිදු මාගේ කට වැසීමක් කරන්නාක් මෙන් වැටහේය´ යි ඔහු ශික්‍ෂාව හැර (-සිවුරු හැර) ගිහිවෙයි. මහණෙනි, මොහු කිඹුල් බයට බයව ශික්‍ෂාව හැර දමා ගිහි වූයේයයි කියනු ලැබේ. මහණෙනි, කිඹුල් බය යනු කෑදර කමට නමකි.

11. ´´මහණෙනි, දියසුලි බය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ´ඉපදීමෙන්, ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැය´ි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. ඔහු මෙසේ පැවිදිවූයේම පෙරවරු කල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින්, නොරක්නාලද වචනයෙන්, නොඑළඹි සිහියෙන්, අසංවර ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. ඔහු එහි පස්කම් ගුණයෙන් යුක්තව කම් සැප විඳින ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ දකී. ඔහුට මෙබඳු සිතක් වෙයි, ´අපි පෙර ගිහි වූවාහුම පස්කම් ගුණයෙන් සම්පූර්‍ණ වූවාහු, යුක්ත වූවාහු කම් සැප වින්දෙමු. ගෙදර සම්පත්ද වෙත්. සම්පත් අනුභව කරන්ටද පින් කරන්ටද පුළුවන´ කියායි. ඔහු ශික්‍ෂාව හැර (-සිවුරු හැර) ගිහි වෙයි. මොහු දියසුලි බයට බයවූයේ ශික්‍ෂාව හැර (-සිවුරු හැර) ගිහිවූයේ යයි කියනු ලැබේ. මහණෙනි, දියසුලි බය යනු පස්කම් ගුණයට නමකි.

12. ´´මහණෙනි, සැඩමස් බය කුමක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් (මෙසේ සිතයි) ´ඉපදීමෙන් ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැය´ි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. ඔහු මෙසේ පැවිදිවූයේම පෙරවරු කල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින්, නොරක්නාලද වචනයෙන්, නොඑළඹි සිහියෙන්, අසංවර ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. ඒ භික්‍ෂුව ඒ ගමෙහි හරිහැටි නොහැන්ද, හොඳට නොපෙරවූ ස්ත්‍රියක් දැක රාගය තෙමේ භික්‍ෂුවලේ සිත නසයි. ඒ භික්‍ෂුව රාගයෙන් විනාශකළ සිතින් යුක්තව, ශික්‍ෂාව හැර (-සිවුරු හැර) ගිහි වෙයි. මහණෙනි, සැඩමස් බය යනු මාගමට (-ස්ත්‍රියට) නමකි.

´´මහණෙනි, ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදිවූ මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයන් වෙත මේ බය සතර කැමැති විය යුත්තාහ.´´

13. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.

සත්වෙනිවූ චාතුම සූත්‍රය නිමි. (2-7)

66. ලටුකිකොපම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප වැසියන්ගේ මහගමක්වූ ආපණ නම් ගමෙහි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙණ ආපණ නම් ගමට වැඩියහ. ආපණ නම් ගමෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළනුණේ එක්තරා වනලැහැබක් යම් තැනකද දවල් කාලයෙහි විසීම සඳහා එහි වැඩියහ. ඒ වනලැහැබට පැමිණ, එක්තරා රුකක් මුල දවල් වාසය පිණිස හුන්නේය. ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේද සිවුරු හැඳ සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ පෙරවරු කාලයෙහි ආපණයෙහි පිඬු පිණිස පිවිසියේය. ආපණයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකී ඒ වනලැහැබ යම් තැනකද එහි දවල් වාසය පිණිස ගියේය. ඒ වනලැහැබට පැමිණ, එක් රුකක් මුල දවල් වාසය පිණිස හුන්නේය.

2. ඉක්බිති විවේකීව තනිව සිටියාවූ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට මෙබඳු අදහසක් ඇතිවිය. ´භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ දුක් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ සැප රැස්කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ අකුසල ධර්‍මයන් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ කුසල ධර්‍මයන් රැස්කරන්නෙක´ ( යන අදහසයි. ) ඉක්බිති ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියේය. එහි පැමිණ. භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.

3. ´´ස්වාමීණි, මෙහි විවේකව තනිව වාසය කළ මට මෙබඳු අදහසක් ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ඒකාන්තයෙන් අපගේ බොහෝ දුක් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ සැප රැස් කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ අකුසල ධර්‍මයන් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ කුසල ධර්‍මයන් රැස්කරන්නෙක ( කියායි.) ස්වාමීණි, අපි පෙර හවසද, උදයද, දවල්ද නොකල්හිද අනුභව කෙළෙමු. ස්වාමීණි, භාග්‍යවතුන් වහන්සේ, යම් හෙයකින් භික්‍ෂූන් කැඳවා ´මහණෙනි, එසේ නම් තොපි මේ දවල් නොකල්හි භෝජනය අත්හරිව්. ( යන නියමය කළ ) කාලයක් වීද, ස්වාමීනි, ඒ අවස්ථාවෙහි මගේ හිත වෙනස්විය. දොම්නසක්ද ඇතිවිය. කෙසේද, අපට සැදැහැවත් ගෘහපතියෝ දවල් නොකල්හි යම් ප්‍රණීත කන දෙයක් හෝ අනුභව කරණ දෙයක් හෝ දෙත්ද, එයද අපට භාග්‍යවතුන් වහන්සේ ඉවත් කරන්ට කියත්. සුගතයන් වහන්සේ එය අපට දුරුකරන්ට කියත් ´ යනුවෙනි. ස්වාමීණි. ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ( ඇති ) ප්‍රේමයද, ගෞරවයද, ලජ්ජාවද, භයද, සලකමින් මෙසේ ඒ දවල් නොකල්හි භෝජනය දුරුකෙළෙමු. ස්වාමීණි, ඒ අපි සවසද, උදේද, අනුභව කෙළෙමු. ස්වාමීණි, භාග්‍යවතුන් වහන්සේ යම් හේතුවකින් භික්‍ෂූන් කැඳවා, ´ මහණෙනි, එසේ නම් තොපි රාත්‍රි නොකල්හි භෝජනයද අත්හරිව් ´ ( යන නියමය කළ ) කාලයක් වීද,

සවාමීණි, ඒ අවස්ථාවෙහිද මගේ හිත වෙනස් විය. දොම්නස්ද ඇතිවිය. කෙසේද, ´ අපට උදේ රාත්‍රි ආහාර වේල් දෙකින් ආහාර වේලක් ඉතා ප්‍රණීත වීද, එයද භාග්‍යවතුන් වහන්සේ අපට ඉවත් කරන්ට කියත්. සුගතයන් වහන්සේ එයද දුරුකරන්ට කියත් ´ ( යනුවෙනි ). ස්වාමීණි, පෙර එක් පුරුෂයෙකුට දවල් මස් මාලු ආදියක් ලැබී මෙසේ කීය. ´එසේ නම් මෙය තබව්. සවස සියලුදෙන එකතුව අනුභව කරමු´ කියායි. ස්වාමිණි, යම්කිසි මනාව පිළියෙල කළ කෑම ජාතිවෙත්නම් ඒ සියල්ල රාත්‍රියෙහිම අනුභව කරත්, දවල් අනුභව කරන්නේ ස්වල්පයකි. ස්වාමීණි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයද, ගෞරවයද, ලජ්ජාවද, භයද සලකමින් මෙසේ ඒ රාත්‍රි නොකල්හි භෝජනය අත්හැරියෙමු.

4. ´´ස්වාමීණි, පෙර භික්‍ෂූහු රෑ අඳුරු කලුවරෙහි පිඬු පිණිස හැසිරෙන්නාහු ගම් දොර ගවර වලෙහිද වැටෙත්, ඉඳුල් දිය දමන වලෙහිද වැටෙත්. කටුවැටටද නගිත්. ලැගහුන් දෙන පිටද නගිත්. සොරකම් කළ හෝ නොකළ හොරු හා එකතු වෙත්. ස්ත්‍රීහුද අසද් ධර්‍මය සඳහා කැඳවත්. ස්වාමීණි, මම පෙර රෑ අඳුරු කලුවරෙහි පිඬු පිණිස හැසුරුනෙමි. ( එකල ) බඳුනක් සෝදන එක් ස්ත්‍රියක් විදුලි එලියෙන් මා දැක්කාය. මා දැක බියවී, ´ මා නැසුණේය, අමනුෂ්‍යයෙක්´. අමනුෂ්‍යයෙක්´. ´ ( කියා ) කෑගැසීය. ඒ සේ කෑගැසූ කල්හි, ස්වාමීණි, මම ඒ ස්ත්‍රියට මෙසේ කීයෙමි. ´නැගණිය, මම අමනුෂ්‍යයෙක් නොවෙමි. පිඬු පිණිස වැඩ සිටි භික්‍ෂුවකි´. ´භික්‍ෂුවගේ පියා මැරුණේද? මව මළාද? භික්‍ෂූන් වහන්ස, රෑ අඳුරෙහි කුස නිසා පිඬු පිණිස හැසිරෙනවාට වඩා තියුණු ගෙරිකපන කැත්තෙන් කුස කපා දැමීම හොඳය´ යි කීය. ස්වාමීණි, එය සිහිවෙන මට මෙබඳු සිතක් වෙයි. ´භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ සැප රැස් කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ අකුසල ධර්‍මයන් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ කුසල ධර්‍මයන් රැස්කරන්නෙක, (කියායි.)

6. ´´උදායීය, එය එසේමය. මා විසින් මෙය දුරුකරව්යයි කියනු ලබන කල්හි ඇතැම් හිස් පුරුෂයෙක්, ´මේ ශ්‍රමණ තෙමේ මේ සුලු දේ ගැන කුඩා දේ ගැන කියන්නේ කුමටද, සොයන්නේ කුමටදැ´ යි කියත්. ඔවුහු එයද අත් නොහරිත්. උදායීය, ශික්‍ෂාව කැමති ( සිල්වත් ) යම් භික්‍ෂූහු වෙත්ද ඔවුන් කෙරෙහි නොසතුට උපදවත්. ඒ හිස් පුරුෂයන්ට එය බලවත් බැඳුමක්, දැඩි බැඳුමක්, ස්ථිර බැඳුමක් බෙල්ලේ, එල්ලූ මහ ලීයක් මෙන් වෙයි.

6. ´´උදායීය, යම්සේ හුළං කිරිල්ලියක් රසකිඳ වැලකින් බඳනා ලද්දී එහි වධයට හෝ බන්‍ධනයට හෝ මරණයට හෝ පැමිණෙයි. ඇයට එය සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හරනැති බැඳුමෙකැයි යමෙක් කියයි නම් උදායීය, ඔහු හරිවූවක් කියන්නේද?´´ ´´ස්වාමීණි, එසේ නොවේය. ස්වාමීණි, රසකිඳ වැලෙන් බඳින ලද ඒ හුලං කිරිල්ලිය එතැනම වධයට හෝ බන්‍ධනයට හෝ මරණයට හෝ පැමිණෙයි. එය ඇයට බලවත් බැඳුමෙක, දැඩි බැඳුමෙක, ස්ථිර බැඳුමෙක, ශක්තිමත් බැඳුමෙක, බෙල්ලේ එල්ලූ මහ ලීයක් වැනිය.

7. ´´උදායීය, එමෙන්ම ඇතැම් හිස් පුරුෂයෝ මෙය දුරුකරව් යයි මා විසින් කියන ලද කල්හි ඔවුහු ´මේ සුළු කරුණ කුමටද, කුඩා කරුණ කුමටද? මේ ශ්‍රමණ තෙම මේ සුළු කරුනෙහිත්, බොහෝ උත්සාහ කරත්´ යයි කියත්. ඔවුහු එය අත් නොහරිත්, මා කෙරෙහිද ශික්‍ෂාව කැමති (-සිල්වත්) යම් භික්‍ෂූහු වෙත්ද, ඔවුන් කෙරෙහිද නොසතුට පහළ කරත්. ඔවුන්ට එය බලවත් බැඳුමක්, දැඩි බැඳුමක්, ස්ථිර බැඳුමක්, ශක්තිමත් බැඳුමක්, බෙල්ලේ එල්ලූ මහ ලීයක් මෙන් වෙයි.

8. ´´උදායීය, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෝ ´මෙය දුරුකරව්´ යයි මා විසින් කියනු ලබන කල්හි ඔවුහු, භාග්‍යවතුන් වහන්සේ අපට යමක් දුරු කිරීමට කියත්ද එය ඉතා සුළු දෙයක්, කුඩා දෙයක් නොවේදැ´ යි කියත්. ඔවුහු එය අත්හරිත්. මා කෙරෙහිද, ශික්‍ෂාව කැමති (සිල්වත්) යම් භික්‍ෂූහු වෙත්ද ඔවුන් කෙරෙහිද නොසතුට පහළ නොකරත්. ඔවුහු එය දුරුකොට වෙනසක් නැතිව, ලොමු දැහැගැනුම් නැතිව, අනුන් දෙන දෙයින් යැපෙන්නෝව, ( අද හෙට කෙසේද යන ) බලාපොරොත්තු නැති සිතින් යුක්තව වාසය කරත්. උදායීය, එය ඔවුන්ට සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙක.

9. ´´උදායීය, යම්සේ නගුලිස් වැනි දත් ඇති, උදුරා දැමීමෙහි දක්‍ෂ, වංශවත්, යුදයට යන ඇතා දැඩි වර පට ඇත්තාවූ බැඳුමෙන් බඳනා ලද්දේ ශරීරය ටිකක් නමා ඒ බැඳුම් සිඳ බිඳ දමා කැමති තැනකින් ගමන් කරයි. උදායීය, නගුලිස් වැනි දත් ඇති, උදුරා දැමීමෙහි දක්‍ෂ, වංශවත්, යුදයට යන ඇතා දැඩි වර පටින් බඳනා ලද්දේ ශරීරය ටිකක් නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමති තැනකින් ගමන් කරයිද. ඒ ඇතාට එය බලවත් බැඳුමෙක, දැඩි බැඳුමෙක, තිර බැඳුමෙක, නොවෙනස් බැඳුමෙක, බෙල්ලේ එල්ලූ මහ ලීයක් මෙන් වේයයි යමෙක් කියන්නේ නම්, උදායීය, ඔහු හරි වූවක් කියන්නේද?´´

´´ස්වාමීණි, එසේ නොවේය.´´

´´ස්වාමීණි, නගුලිස් වැනි දත් ඇති, උදුරා දැමීමෙහි දක්‍ෂ, වංශවත්, යුදයට ගිය, ඒ ඇතා දැඩි වර පට ඇති බැඳුමෙන් බඳනා ලද්දේ ශරීරය ටිකක් නමා ඒ බැඳුම් සිඳ බිඳ දමා කැමති තැනකින් ගමන් කරයිද, එය ඔහුට සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙක.´´ ´´උදායිය, එමෙන් මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෝ මෙය අත් හරිව් යයි මා විසින් කියනු ලබන කල්හි ´භාග්‍යවතුන් වහන්සේ අපට යමක් දුරලීමට කී සේක්ද, මේ කිමෙක්ද, සුළු ඉතා සුළු පහකළ යුතු කරුණකි,´ යි කියත්. ඔවුහු එය අත්හරිත්. මා කෙරෙහිද, ශික්‍ෂාව කැමති (සිල්වත්) යම් භික්‍ෂූහු වෙත්ද ඔවුන් කෙරෙහිද නොසතුට පළ නොකරත්. ඔවුහු එය දුරුකොට වෙහෙසක් නැතිව, ලොමු දැහැගැනුම් නැතිව, අනුන් දෙන දෙයින් යැපෙන්නෝව, ( අද හෙට කෙසේද යන ) බලාපොරොත්තු නැති සිතින් යුක්තව වාසය කරත්. උදායීය, එය ඔවුන්ට සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙක.

10. ´´උදායීය, යම්සේ දිළිඳු, තමාගේයයි කියයුතු කිසි දෙයක් නැති දුප්පත් මිනිසෙක් වෙයිද, ඔහුට කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන එක් ගෙපැලක් ඇත්තේය. ඉරීගිය එක් වැල් ඇඳක් ඇත්තේය. කුරහන්, ලබු ඇට, මෑ ඇට දැමූ එක් මුට්ටියක් ඇත්තේය. ඔහුට අවලක්‍ෂණ බිරිඳක් ඇත්තේය. ඒ මිනිසා ආරාමයක අත් පා සෝදා පිරිසුදු කොට හොඳ අහර වළඳා, සිහිල් සෙවනක හිඳ, සිත එකඟ කළ භික්‍ෂුවක් දක්නේය. ( එවිට ) ඔහුට මෙබඳු සිතක් වන්නේය. ´පින්වත, මහණකම සැපය. පින්වත, මහණකම නීරොගය´ ( කියායි. ) ( ඔහුට ) යම්බඳුවූ ´මම කෙස් රැවුල් කපා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් නම් හොඳය´ යි සිතෙන්නේය. එහෙත් ඔහුට කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන ගෙපැල හැර දමා, ඉරීගිය වැල් ඇඳ හැරදමා, කුරහන්, ලබු ඇට, මෑ ඇට මුට්ටිය හැර දමා, අවලක්‍ෂණ බිරිඳ හැරදමා, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට නොහැකි වෙයි.

´´උදායීය, යම්බඳු බැඳුමකින් බැඳුනු ඒ මිනිසා කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන ගෙපැල හැර දමා, ඉරීගිය වැල් ඇඳ හැරදමා, කුරහන්, ලබු ඇට, මෑ ඇට මුට්ටිය හැර දමා, අවලක්‍ෂණ බිරිඳ හැරදමා, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට නොහැක්කේද, ඔහුගේ ඒ බැඳුම සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙකැයි කියන්නේද, උදායීය, ඔහු හරි වූවක් කියන්නේද?´´ ´´නැත ස්වාමීණි,´´ ´´යම් බැඳුමකින් බැඳුනු ඒ මිනිසා, කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන ගෙපැල හැර දමා, ඉරීගිය වැල් ඇඳ හැරදමා, කුරහන්, ලබු ඇට, මෑ ඇට මුට්ටිය හැර දමා, අවලක්‍ෂණ බිරිඳ හැරදමා, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට නොහැක්කේද, එහුගේ ඒ බැඳුම සවි ඇති බැඳුමෙක, දැඩි බැඳුමෙක, ස්ථිර බැඳුමෙක, හර බැඳුමෙක, බෙල්ලේ බැඳි මහා ලීයක් වැනිය.

11. ´´උදායීය, එමෙන්ම මේ ශාසනයෙහි, ඇතැම් හිස් පුරුෂයෝ, මෙය අත්හරීවායි මා විසින් කියනු ලබන කල්හි ´මේ සුළු කරුණ කුමටද? මේ කුඩා කරුණ කුමටද? මේ ශ්‍රමණ තෙම කුඩා දෙයෙහි බොහෝ උත්සාහ කරති´ යි කියත්. ඔවුහු එය නොහරිත්. මා කෙරෙහිද, ශික්‍ෂාව කැමති (-සිල්වත්) යම් භික්‍ෂූහු වෙත්ද, ඔවුන් කෙරෙහිද නොසතුට පහළ කරත්. ඔවුන්ට එය බලවත් බැඳුමක්, දැඩි බැඳුමක්, ස්ථිර බැඳුමක්, ශක්තිමත් බැඳුමක්, බෙල්ලේ බැඳි මහ ලීයක් මෙන් වෙයි.

12. ´´උදායීය, යම් සේ නොයෙක් රන් මිළ රැස් කළාවූද, නොයෙක් වී ධාන්‍ය රැස් කළාවූද, නොයෙක් කුඹුරු රැස් කළාවූද, නොයෙක් වතුපිටි රැස් කළාවූද, නොයෙක් භාය්‍ර්‍යා සමූහ ඇත්තාවූද, නොයෙක් දාස සමූහයා ඇත්තාවූද, නෙියෙක් දාසි සමූහයා ඇත්තාවූද, පොහොසත් ධනවත් සැපවත් ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ වෙත්ද, ඔවුහු අත් පා සෝදා පිරිසුදු කළ, හොඳ අහර වැළඳූ, සිහිල් සෙවනක හිඳ සිත එතඟ කළ, භික්‍ෂුවක් දක්නේය. ( එවිට ) ඔහුට මෙබඳු සිතක් වන්නේය. ´´පින්වත, මහණකම සැපය, පින්වත, මහණකම නීරෝගය (කියායි.) ඔහු යම් බඳුවූම, මමකෙස් රැවුල් බහා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් නම් හොඳයයි සිතන්නේය. ඔවුන්ට නොයෙක් රන්කාසි හැර, නොයෙත් ධාන්‍ය රාසි හැර, නොයෙක් කුඹුරු හැර, නොයෙක් භාය්‍ර්‍යාවන් හැර, නොයෙක් වතුපිටි හැර, නොයෙක් දාස සමූහයන් හැර, නොයෙක් දාසි සමූහයන් හැර, කෙස් රැවුල් කපා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්ට හැකි වන්නේය. උදායීය, ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ යම් බැඳුමකින් බැඳුනේ නොයෙක් රන් කාසි හැර, නොයෙත් ධාන්‍ය රාසි හැර, නොයෙක් කුඹුරු හැර, නොයෙක් වතුපිටි හැර, නොයෙක් භාය්‍ර්‍යා සමූහයන් හැර, නොයෙක් දාස සමූහයන් හැර, නොයෙක් දාසි සමූහයන් හැර, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා, ශාසනයෙහි පැවිදි වන්ට හැක්කේ්ය. එය ඔහුට බලවත් බැඳුමෙක, දැඩි බැඳුමෙක, තිර බැඳුමෙක, ශක්තිමත් බැඳුමෙක, බෙල්ලේ බැඳි මහ ලීයක් වැනි´ යි කියන්නේද? උදායීය, ඔහු හරිවූවක් කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේය.´´

´´ස්වාමීනි, යම් බැඳුම් වලින් බැඳුනු ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ නොයෙක් රන් කාසි හැර, නොයෙත් ධාන්‍ය රාසි හැර, නොයෙක් කුඹුරු හැර, නොයෙක් වතුපිටි හැර, නොයෙක් භාය්‍ර්‍යා සමූහයන් හැර, නොයෙක් දාස සමූහයන් හැර, නොයෙක් දාසි සමූහයන් හැර, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්ට හැකිවෙයි. එය ඔහුට සවි නැති බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙක.

13. ´´උදායීය, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෝ මෙය අත් හරිව්යයි මා විසින් කියනු ලබන කල්හි ´භාග්‍යවතුන් වහන්සේ අපට යමක් පහ කිරීමට කියත්ද, සුගතයන් වහන්සේ අපට යමක් දුරලීමට කියත්ද මේ කිමෙක්ද? සුළු ඉතා සුළු පහ කළ යුතු කරුණකි´ යි කියත්. ඔවුහු එය අත්හරිත්. මා කෙරෙහිද, ශික්‍ෂාව කැමති (සිල්වත්) යම් භික්‍ෂූහු වෙත්ද ඔවුන් කෙරෙහිද නොසතුට පහළ නොකරත්. ඔවුහු එය දුරුකොට වෙහෙසක් නැතිව, ලොමු දැහැගැනුම් නැතිව, අනුන් දෙන දෙයින් යැපෙන්නෝව, (අද හෙට කෙසේද යන ) බලාපොරොත්තු නැති සිතින් යුක්තව වාසය කරත්. උදායීය, එය ඔවුන්ට සවි නැති බැඳුමෙක, අබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක.

14. ´´උදායීය, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. ඒ සතර දෙන කවරහුද? උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරුකිරීම පිණිස, උපධි පහ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස, පිළිපන්නාවූ ඒ පුද්ගලයා උපධි හා යෙදුනු කල්පනාවෝ යට කරත්. ඔහු ඒ උපධීන් ඉවසයි. දුරු නොකරයි. නොසංසිඳුවයි. අවසන් නොකරයි. නැති බවට නොපමුනුවයි. උදායීය, මම මේ පුද්ගලයා කෙලෙස් සහිතයයි කියමි. කෙලෙස් රහිතයයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉඳුරන්ගේ වෙනස් බව දන්නා ලදී.

16. ´´උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරලීම පිණිස, උපධි පහ කිරීම පිණිස පිළිපදින්නේ වෙයි. උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස, පිළිපදින ඔහු උපධි හා යෙදුනු කල්පනාවෝ යට කරත්. ඔහු ඒ උපධීන් නොඉවසයි. දුරු කෙරයි. සංසිඳුවයි. අවසන් කරයි. උදායීය, මම මේ පුද්ගලයාද කෙලෙස් සහිතයෙකැයි කියමි. කෙලෙස් රහිතයයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉඳුරන්ගේ වෙනස් බව දන්නා ලදී.

16. ´´උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරලීම පිණිස, උපධි පහ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස, පිළිපන් ඔහු ඇතැම් විටෙක සිහි මුළාව හේතුකොට ගෙන උපධි හා යෙදුනු කල්පනාවෝ යට කරත්. උදායීය (ඔහුට) සිහිය පහළවීම ප්‍රමාදය. සිහිය පහළවනවාත් සමගම එය වහාම දුරුකරයි. සංසිඳුවයි. අවසන් කරයි. නැති බවට පමුණුවයි. උදායීය, යම් සේ දවසක් මුලුල්ලෙහිම රත් කරණ ලද යකඩ තැටියක දිය බිංදු දෙකක් තුනක් වැටේද, උදායීය, දියබිඳු වැටීම ප්‍රමාදවෙයිද, වැටෙනවා සමගම ඒ දියබිඳු වහා ක්‍ෂයවීමට, අවසානයට යන්නේද, උදායීය, එමෙන් මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරලීම පිණිස උපධි නැතිකිරීම පිණිස පිළිපදින්නේ වේද, උපධි දුරලීම පිණිස උපධි අතහැර දැමීම පිණිස පිළිපදින ඔහු කිසිවිටෙක සිහි මුළාව නිසා උපධි හා කල්පනාවෝ යට කරත්ද, උදායීය, සිහිය පහළවීම ප්‍රමාද වෙයි. සිහිය පහළ වනු සමගම වහාම එය දුරු කරයි. සංසිඳුවයි. අවසන් කරයි. නැතිබවට පමුණුවයි. උදායීය, මම මේ පුද්ගලයාද කෙලෙස් සහිතයයි කියමි. කෙලෙස් රහිතයයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මේ පුද්ගලයා කෙරෙහි මා විසින් ඉඳුරන්ගේ වෙනස් බව දන්නා ලදී.

17. ´´උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් පඤ්ච ස්කන්‍ධ උපධිය දුකට මුලයයි දැන ක්ලේශ උපධිය නැත්තෙක් වේද, නිවන අරමුණු කිරීමෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනේද, උදායීය, මම මේ පුද්ගලයා කෙලෙස් රහිතයෙකැයි කියමි. කෙලෙස් සහිතයෙකැයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මේ පුද්ගලයා කෙරෙහි ඉඳුරන්ගේ වෙනස් බව මා විසින් දන්නා ලදී.

18. ´´උදායීය, මේ කාමගුණ පසෙකි. ඔහු කවරහුද? ඉෂ්ටකාන්ත මන වඩන ප්‍රිය ස්වභාවය ඇති ඇලුම් කරණ ඇසින් දැක්කයුතු රූපයෝය, ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියවූ කාමයෙන් යුතු කණින් ඇසියයුතු ශබ්දයෝය. ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියවූ කාමයෙන් යුතු නාසයෙන් දත යුතු ගන්‍ධයෝය. ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියවු කාමයෙන් යුතු දිවෙන් දතයුතු රසයෝය, ඉෂ්ට කාන්ත මන වඩන ප්‍රිය කයින් දතයුතු ස්පර්‍ශයෝ යන මොහු පස්කම් ගුණයෝය.

´´උදායීය, මේ පස්කම් ගුණ නිසා යම් සැප සොම්නසක් උපදීද, මේ කාම සැපය, අසුචි සැපයෙක, පුහුදුන් සැපයෙක, අනාය්‍ර්‍ය සැපයෙක, සේවනය නොකළ යුත්තෙක, නොවැඩිය යුත්තෙක, බහුල නොකළ යුත්තෙකැයි කියනු ලැබේ. මේ සැපයට බිය විය යුතුයයි කියමි.

´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව, විතර්‍ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කරයිද, විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන් සිතෙහි පැහැදීම ඇති, සිත පිළිබඳ එකඟ බව ඇති, අවිතර්‍ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපේක්‍ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද. යම් ඒ ධ්‍යානයක් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැති කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්‍ෂා සිහියෙන්, පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ කාමයෙන් නික්මුනු සැපයයිද, විවේකයෙන් ලත් සැපයයිද, කෙලෙස් සංසිඳුවීමෙන් ලත් සැපයයිද, මාර්‍ගාවබෝධය පිණිස සැපයයිද, සේවනය කළයුතු සැපයයිද, වැඩිය යුතු සැපයයිද, බහුල කළයුතු සැපයයිද කියනු ලැබේ. මේ සැපයට බිය නොවිය යුතුයයි කියමි.

19. ´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මම මෙය කම්පාවන ස්වභාවය ඇත්තේයයි කියමි. එහි කම්පාවීම නම් කුමක්ද, එහි නිරුද්ධ නොකළාවූ විතර්ක විචාරයෝ වෙත්ද, මේ එහි කම්පාවීමයි. උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන් තමා තුල පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මෙයද මම කම්පාවන ස්වභාවය ඇත්තේයයි කියමි. එහි කම්පාවීම නම් කුමක්ද? එහි යම් නිරුද්ධ නොකළාවූ ප්‍රීතිය හා සැපය වේද මේ එහි කම්පාවීමයි. උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ප්‍රීතියේද නොඇලීමෙන් උපේක්‍ෂා ඇත්තේ වාසය කරයි, සිහියෙන් යුක්තවූ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, යම් ඒ ධ්‍යානයක් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියද්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මම මෙයද කම්පාවන ස්වභාවය ඇත්තේයයි කියමි. එහි කම්පාවීම නම් කුමක්ද? එහි නිරුද්ධ නොකළාවූ උපේක්‍ෂා සැපයක් වේද, මේ එහි කම්පාවීමයි. උදායිය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සැපය දුරු කිරීමෙන්ද දුක දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මෙය මම කම්පා නොවන ස්වභාවය ඇත්තේයයි කියමි.

20. ´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මෙය මම සෑහේයයි නොකියමි. ´දුරුකරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. එහි ඉක්මවීම නම් කුමක්ද? උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් විතර්ක විචාරයන් සංසිඳවීමෙන් තමා තුල පැහැදීම ඇති, හිතේ එකඟබව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ එය ඉක්මවීමයි. උදායිය, මෙයද මම සෑහේයයි නොකියමි. දුරුකරව්යයි කියමි. ඉක්මවව්යයි කියමි. එහි ඉකමවීම නම් කුමක්ද? උදායීය, මේ ලෝකයෙහි භික්‍ෂුවක් ප්‍රීතියගේද නොඇලීමෙන් උපේක්‍ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, යම් ඒ ධ්‍යානයක් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියද්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි.

´ඉකමවව්´ යයි කියමි. එහි ඉක්මවීම නම් කුමක්ද? උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සැපයද පහකිරීමෙන් දුකද පහකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති ඒ සිවුවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ එය ඉක්මීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. එහි ඉක්මවීම කුමක්ද? උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, පටිසංඥාවන්ගේ දුරලීමෙන් නානත්තසංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. එය ඉක්මවීම කවරේද? උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සර්‍වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. එය ඉක්මවීම නම් කුමක්ද? උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි, උදායීය, මම මෙයද, සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. එය ඉක්මවීම කුමක්ද?

´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤාණාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤාණාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි, උදායීය, මම නෙවසඤ්ඤාණාසඤ්ඤායතනයාගේද දුරු කිරීම කියමි. උදායිය, මම කුඩාවූ හෝ මහත්වූ හෝ යම් සංයෝජනයක්හුගේ පහකිරීම නොකියම්ද එවැනි සංයෝජනයක් දක්නෙහිද?

´´ස්වාමීනි, එසේ නොවේය´´ යි කීය.

22. ´´භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළහ. ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු විය.

හයවෙනිවූ ලටුකිකොපම සූත්‍රය නිමි. (2-6)

65. භද්දාලි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඞු මහා සිටුහුගේ ජේතවන නම් වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙන´´යි භික්‍ෂූන්ට කථා කළහ ´´පින්වතුන් වහන්ස ´´යි ඒ භික්‍ෂූහු භාග්‍යයතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලහ.

2. ´´මහණෙනි, මම වනාහී උදය කාලයේ ආහාරයම වලඳිමි. මහණෙනි, මම උදය කාලයේ ආහාරයම වලඳන්නෙම් ආබාධ නැති බවද, නිදුක් බවද, ශරීර සැහැල්ලු බවද, කාය බලයදි, ශරීරයේ සැප විහරණයද ලබමි. මහණෙනි, තොපිද උදයේ කාලයේ ආහාරයම වලඳින්නාහු ආබාධ නැති බවද, නිදුක් බවද, ශරීර සැහැල්ලු බවද, කාය බලයද, ශරීර සැප විහරණයනද ලබව්´´යයි වදාලහ.

3. මෙසේ වදාල කළ, ආයුෂ්මත් භද්දාලී නම් භික්‍ෂුව භාග්‍යවතුන් වහසන්සේට මේ කාරණය කීය. ´´ ස්වාමීණී, මම පෙරවරු (පමණක්) ආහාර වැලඳීමට නොහැකි වෙමි .ස්වාමිණී, පෙරවරු ( පමණක්) ආහාර වළඳින්නා වූ මට ( ජීවත් විය හැකි දැයි) සැකයක් වන්නේය, කණගාටුවක් වන්නේය .´´

´´භද්දාලිය, එසේ නම් ඔබ යම් තැනක අරාධනා කරන ලද්දේ වන්නෙහිද, එහිදී කොටසක් අනුභව කොට, කොටසක් ගෙන ගොස් වළඳව, එසේ වළඳන ඔබ යැපෙන්නෙහිය.´´

´´ස්වාමීණ, මම එසේද වළඳන්නට නොහැකිවීමි. ස්වාමීණ, එසේද වළඳන්නා වූ මට ( ජීවත් විය හැකිද ) සැකයක් වන්නේය. කණගාටුවක් වන්නේය. ´´ ඉක්බිති අයුෂ්මත් භද්දාලී භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් ( විකාල භෝජනය) ශික්‍ෂා පදය පනවනු ලබන කල්හි, භික්‍ෂු සඬයා ශික්‍ෂාපදය සමාදන් වනු ලබන කල්හි (එය රැකීමට) නොහැකි බව පල කලේය. ඉක්බිති ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාව නොපුරන්නෙක් යම් සේද එමෙන් ආයුෂුමත් භද්දාලි භික්‍ෂූව තෙමසක් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ හමු වීමට නොපැමිණියේය.

4. ඒ කාලයෙහි බොහෝ භික්‍ෂූහූ සිවුරේ කටයුතු නිම වූ පසු තෙමසකින් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩිතියි භාග්‍යයතුන් වහන්සේගේ සිවුරක් මසත්.

ඉක්බිති ආයුෂ්මත් භද්දාලි භික්‍ෂූව, ඒ භික්‍ෂූහු යම් තැනකද එහි ගියේය. එහි ගොස් භික්‍ෂූන් සමග සතුටු විය . සතුටු විය යුතු සිහි කල යුතු කථාව කොට එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් භද්දාලි භික්‍ෂුවට ඒ භික්‍ෂූහු මේ කාරණය කිවැහුය . ´´සිවුරෙහි කටයුතු නිමවූ පසු තුන් මාසයකින් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩින හෙයින් භාග්‍යවතුන් වහන්සේගේ සිවුරක් මසනු ලැබේ. (කියායි.)

,ආයුෂ්මත් භද්දාලිය, එබැවින් ඒ අපරාධය (-වරද ශික්‍ෂා පදය පැනවීමෙදී නොපිළිගැනීම) හොඳින් සිහිකරව ඔබට පසුව දුෂ්කරයක් නොවේවා,යි (කීහ.)

5. ආයුෂ්මත් භද්දාලිය භක්‍ෂුව, ,එසේය ඇවැත්නි,යි ඒ භික්‍ෂූන්ට පිළිතුරු දී

භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද, එතැනට පැමිණියේය. (එහි) පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් භද්දාලි භික්ෂුව භග්‍යවතුන් වහන්සේට මේ කරනය කීය. ,ස්වාමීනි, යම් බඳුවූ මම භග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපදය පනවන කල්හි, භික්‍ෂු සඞ්යා ශික්‍ෂාපදය සමාදන්වන කල්හි, අනුත්සාහය පළ කෙළෙම්ද, (ඒ) වරද බාලයකුසේ, මුළාවුවකුසේ, අව්‍යක්තයකුසේ, මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ වරද නැවත නොකරනු පිණිස මාගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වායි, කියායි.

6. ,භද්දිලිය, මා විසින් ශික්‍ෂාපදය පණවනු ලබන කල්හි, භික්‍ෂු සඞ්යා ශික්‍ෂාපදය සමාදන් වන කල්හි යම් බඳුවූ ඔබ අනුත්සාහය පළ කළෙම්ද එබැවින් බාලයෙකුසේ, මුළාවූවකුසේ, ඔබ වරද ඉක්ම පැවැත්තෙහිය. භද්දාලිය, ඔබ විසින් කාලයද දැන නොගන්නා ලද්දේය, භාග්‍යවතුන් වහන්සේද සැවැත්නුවර වසති, භද්දාලිය භක්‍ෂුව ශාස්තෲ ශාසනයෙහි ශික්‍ෂාවන් නොපුරන්නෙකැ.යි භාග්‍යවතුන් වහන්සේද මා දැනගන්නාහයි යන මේ කාලය (වේලාව) භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.,

,භද්දාලිය, ඔබ විසින් කාලයද දැන නොගන්නා ලද්දේය. බොහෝ භික්‍ෂූහු සැවැත්නුවර වස් වැසුවාහුය, භද්දාලි භික්‍ෂූව ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාවන් නොපුරන්නෙකැයි ඒ භික්‍ෂූහුද භද්දාලි නම් භික්‍ෂූව ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාව නොපුරන්නෙ කැයි මා දැනගනිත් යන මේ කාලයද ඹබ විසින් දැන නොගන්නා ලද්දේය.,

,භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ භික්‍ෂුණීහුද සැවැත්නුවර වස් එළඹියාහුය, භදිදාලි නම් භික්‍ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාව නොපුරන්නෙකැ.යි ඒ භික්‍ෂූණීහූද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැනනොගන්නා ලද්දේය.

,භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ උපාසකයෝ සැවැත්නුවර වෙසෙත් . භද්දාලිය, භික්‍ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාවන් නොපුරන්නෙකැ.යි ඔව්හුද මා දැනගන්නාහුය යන මේ කාලය, භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.

,භද්දාලිය, ඔබ විසින් කාලය දැන නොගන්නා ලද්දේය, බොහෝ උපාසිකාවෝ සැවත්නුවර වෙසෙත්. භද්දාලිය නම් භික්‍ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාවන් නොපුරන්නෙකැ.යි ඒ උපාසිකාවෝද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.

,භද්දාලිය, ඔබ විසින් කාලයද දැන නොගන්නා ලද්දේය, නොයෙක් අන්‍ය තීර්ථක මහණ බමුණෝ සැවැත්නුවර වස් එළඹියාහුය. භද්දාලිය නම් භික්‍ෂුව ශ්‍රමන ගෞතමයන්ගේ ශ්‍රාවක තෙරුන් අතරෙන් කෙනෙක්වද ශාස්තෲන් වහන්සේ ගේ ශාසනයෙහි ශික්‍ෂාවන් නොපුරන්නෙකැ.යි ඔවුහුද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය. ,

7. ,ස්වාමීනි, යම්බඳුවූ මම භග්‍යවතුන් වහනසේ විසින් ශික්‍ෂාපදය පනවන කල්හි, භක්‍ෂු සඞ්යා ශික්‍ෂාපදය සමාදන් වන කල්හී අනුත්සාහය පළ කළෙම්ද (ඒ) වරද බාලයෙකුසේ, මුළාවූවකුසේ අව්‍යක්තවූවකුසේ, මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහනසේ ඒ වරද නැවත නොකරණු පිණිස මාගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා.,

,භද්දාලිය, මා විසින් ශික්‍ෂාපදය පනවනු ලබන කල්හි භික්‍ෂු සඞ්යා ශික්‍ෂාපදය සමාදන්වන කල්හි යම්බඳුවූ ඹබ ඔබ අනුත්සාහය පළ කෙළෙහිද එබැවින් බාලයෙකුසේ මුළාවූවකුසේ, අව්‍යක්තයෙකුසේ ඔබ වරද ඉක්ම පැවැත්තෙහිය.

,භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ශාසනයෙහි (චිත්ත, පඤ්ඤා යන) දෙපසින් මිදුනු හෙයින් උභතොභාග විමුත්තවූ භික්‍ෂුවක් වේද, මම ඒ භික්‍ෂුවට .භික්‍ෂුව, ඔබ මාවෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නේ නම්, ඉඳින් ඒ භික්‍ෂුව (එසේ) සක්මන්කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?,

,ස්වාමීනි, එසේ නොවන්නේය.,

8. ,භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ශාසනයෙහි පඤ්ඤාවිමුක්ති භික්‍ෂුවක් වන්නේද, මම ඒ භික්‍ෂුවට .මහණ, ඔබ මාවෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නේ නම්, ඉඳින් ඒ භික්‍ෂුව සක්මන් කරන්නේද, නොහැකියයි කියන්නේද?,

,ස්වාමීනි, එසේ නොවන්නේය.,

,භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි කායසක්ඛී භික්‍ෂුවක් වන්නේද, මම ඒ භික්‍ෂුවට .මහණ, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියනේනම් නම්, ඉදින් ඒ භික්‍ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?,

,ස්වාමීනි, එය එසේ නොවන්නේය.,

9. ,භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි දිට්ඨප්පත්ත භික්‍ෂුවක් වන්නේද, මම ඒ භික්‍ෂුවට .මහණ, ඔබ මාවෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නේ නම්, ඉඳින් ඒ භික්‍ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?,

,ස්වාමීනි, එසේ නොවන්නේය.,

,භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි සඬාවිමුත්ත භික්‍ෂවක් වන්නේද, මම ඒ භික්‍ෂුවට .මහණ, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නේ නම්, ඉදින් ඒ භික්‍ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?,

,ස්වමීනි, එසේ නොවන්නේය.,

10. ,භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි ධම්මානුසාරී භික්‍ෂුවක් වන්නේද, මම ඒ භික්‍ෂුවට .මහණ,

ඤෆු 246රැ%

ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉඳින් ඒ භික්‍ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද?,

,භද්දාලිය, එසේ නොවන්නේය.,

,භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි සඬානුසාරී භික්‍ෂුවක් වන්නේද, මම ඒ භික්‍ෂුවට .භික්‍ෂුව, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නේ නම්, ඉඳින් ඒ භික්‍ෂුව (එසේ) සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?,

,ස්වාමීනි, එසේ නොවන්නේය.,

,භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද? භද්දාලිය, ඉඳින් ඔබ ඒ කාලයෙහි උබතොභාග විමුත්තියෙක් හෝ, පඤ්ඤා විමුක්තියේක් හෝ, කායසක්ඛී වූවෙක් හෝ, දිට්ඨප්පත්තයෙක් හෝ සඬාවිමුක්තියෙක් හෝ, ධම්මානුසාරී වූවෙක් හෝ, සඬානුසාරී වූවෙක් හෝ වූයෙහිද, ,එසේ නොවූයේය.. භද්දාලිය, එකල්හි ඔබ හිස් වූවෙක් නොවේද? බැහර කරන ලද්දෙක් නොවේද, වරද කරන ලද්දෙක් නොවේද, වරද කරන ලද්දෙක් නොවේද?, ,එසේය, ස්වාමීනි. ස්වාමීනි, යම් බඳු මම භ්‍යවතුන් වහන්සේ ශික්‍ෂා පදය පනවන කල්හි, භික්‍ෂු සංයා ශික්‍ෂා පදය සමාදන් වන කල්හි අනුත්සාහය පළකළෙම්ද, බාළයෙකුසේ මුළාවූවකුසේ, අදක්‍ෂයෙකුසේ වරද මා ඉක්ම පැවත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ මගේ වරද වරද වශයෙන් නැවත සංවරය පිණිස පිළිගන්නාසේක්වා.,

11. ,භද්දාලිය, යම්බඳු ඔබ මා විසින් ශික්‍ෂාපදය පනවන කල්හි, භික්‍ෂු සංයා ශික්‍ෂා පදය සමාදන් වන කල්හි, අනුත්සාහය පළකළෙහිද, එබැවින් ඔබ බාලයෙකුසේ මුළා වූවකුසේ, අදක්‍ෂයෙකුසේ වරද ඉක්මවා ගියේය. භද්දාලිය, ඔබ වරද වරද වශයෙන් දැක ධර්‍මයවු පරිදි පිළියම් කෙරෙහිද, ඔබගේ ඒ වරද අපි පිළිගණිමූ. භද්දාලිය, යමෙක් වරද වරද වශයෙන් දැක ර්‍ධමයවූ පරිදි පිළියම් කරයිද, නැවත සංවරයට පැමිණේද, එය ආය්‍ර්‍යවිනයයි කියනලද මේ ශාසනයෙහි දියුණුවවේ.

,භද්දාලිය, මේ ශාසතෘ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් ශික්‍ෂාපදයන් නොරකින්නේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. .මම මනුෂ්‍ය ර්‍ධමයට වඩා උසස්වූ අය්‍ර්‍යභාවය කිරීමට සමර්‍ථ විශේෂ ඥානයක් ප්‍රත්‍යක්‍ෂ කරන්නේ නම්, ඉතා යෙහෙකි. (එය ලැබීමට) ආරණ්‍ය, රුක්මුලය, කඳුරැලිය, පර්වතය, ගුහාය, සොහොන්ය, පිදුරුබිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිතය කරන්නේ නම් යෙහෙකි.(කියායි.)

,(ඉක්බිති) ඒ භික්‍ෂුව ආරණ්‍යය, රුක් මුලය, පර්වත මූලය, කඳු රැලිය, පර්වත ගුහාය, සොහොනය, වන යෙහි ඉතා දුර සෙනසුනය, අභ්‍යවකාසය, පිදුරු බිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිතය කරයි. එසේ විවේකව වසන ඒ භික්‍ෂුවට ශාස්තෲන් වහන්සේද දොස් කියයි, එකට වසන නුවණැති සමාන බඹසර ඇති භික්‍ෂූහුද, කාරනය දැන දොස් කියත්. දේවතාවෝද දොස් කියත්. තමාම තමට දොස් කියයි. ඒ භික්‍ෂුව ශාස්තෲන් වහන්සේ විසින්ද දොස් කියන ලද්දේ, නුවණ ඇති එකට වසන සමාන බඹසර ඇත්තවූන් විසින් දොස් කියන ලද්දේ, දේවතාවන් විසින්ද දොස් කියන ලද්දේ, තමාවිසින්ම තමා හට දොස් කියන ලද්දේ, මනුෂ්‍ය ර්‍ධමයට වඩා උසස් ආය්‍ර්‍ය භාවය කිරීමට සමර්‍ථ විශෙෂඥානයක් ප්‍රත්‍යක්‍ෂ නොකරයි. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාව සම්පූර්‍ණ නොකරන්නාහට එය එසේම වෙයි.,

12. ,භද්දාලිය, මේ ශාස්තෘ ශාසනයෙහි, ඇතැම් භික්‍ෂුවක් ශික්‍ෂාපද රකින්නෙක් වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. .මම මනුෂ්‍ය ර්‍ධමයට වඩා උසස්වූ අය්‍ර්‍ය භාවය කිරීමට සමර්‍ථ විශේෂඥානයක් ප්‍රත්‍යක්‍ෂ කරන්නේ නම්, ඉතා යෙහෙකි. (එය ලැබීමට) ආරණ්‍යය, රුක්මූලය, පර්‍වතය, කඳුරැලිය, පර්‍වත ගුහාවය, සොහොනය, ඉතා දුර වනය, අභ්‍යවකාශය, පිදුරු බිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිත කරන්නේ නම් යෙහෙකි. (කියාය.) ඉක්බිති ඒ භික්‍ෂුව ආරණ්‍යය, රුක්මූලය, පර්‍වතය, කඳුරැලිය, පර්‍වත ගුහාය, සොහොනය, වනයෙහි ඉතා දුර වනය, අභ්‍යවකාශය, පිදුරුබිස්ස යන විවේක ඇති සෙනසුන් භාවිත කරයි. එසේ විවේකව වසන ඒ භික්‍ෂුවට ශාස්තෲන් වහන්සේ දොස් නොකියයි. නුවණ ඇති එකට වසන සමාන බඹසර ඇති භික්‍ෂූහුද දොස් නොකියත්. දේවතාවෝද දොස් නොකියත්. තමාම තමාහට දොස් නොකියයි. (ඉක්බිති) ඒ භික්‍ෂුව ශාස්තෲන් වහන්සේ විසින්ද දොස් නොකියන ලද්දේ, නුවණ ඇති එකට වසන සමාණ බඹසර ඇති භික්‍ෂූන් විසින්ද දොස් නොකියන ලද්දේ, දේවතාවන් විසින්ද දොස් නොකියන ලද්දේ, තමා විසින් තමාට දොස් නොකියන ලද්දේ, මනුෂ්‍ය ර්‍ධමයට වඩා උසස්වූ ආය්‍ර්‍යභාවය කිරීමට සමර්‍ථ විශේෂ ඥානයක් ප්‍රත්‍යක්‍ෂ කරයි. ඒ භික්‍ෂුව කාමයන්ගෙන් වෙන්ව විතර්‍ක සහිත විචාර සහිත ප්‍රීතිය සහ සැපය ඇති ප්‍රතමධ්‍යාන යට පැමිණ වාසය කරයි. එයට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නාහට එය එසේම වෙයි.

13. ,නැවත භද්දාලිය, භික්‍ෂු තෙම විතර්‍ක විචාරයන් සංසිඳවීමෙන් සිත තුළ පැහැදීම ඇති, සිතේ එකඟ බැව් ඇති අවිතර්‍ක අවිචාර සමාධියෙන් පිහිටත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතිය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඊට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නාහට එය එසේම වෙයි.

,නැවතද, භද්දාලිය, භික්‍ෂූ තෙම ප්‍රීතියේ නො ඇලී උපේක්‍ෂා ඇතතෙක්ව වසය කරයි. සිහියෙන් යුත්ත වූයේ යහපත් නුවණ ඇතිව කයින් සැපවිඳී, ආය්‍ර්‍යයෝ යම් ධ්‍යානයක් උපේක්‍ෂාව ඇත්තෙක්ව සිහි ඇත්තෙක්ව සැප විහරණ ඇත්තෙකැයි කියත්ද, ඒ තෘතිය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඊට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නාහට එය එසේම වෙයි.

,නැවතද භද්දාලිය, භික්‍ෂූ තෙම සැපදුක් හැර පළමුවන සොම්නස් දොම්නස් දුරුකොට දුකද නොවූ සැපද නොවූ උපෙක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති චතුර්‍ථ ධ්‍යානයට එළඹ වාසය කරයි. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නාහට එය එසේම වෙයි..

14. ,ඒ භික්‍ෂූව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, කෙළෙස් නැති කල්හි, කෙලෙස් රහිත කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, නොසැලෙන කල්හි, පෙරවිසූ කඳපිළිවෙළ දැන ගැනීමට සිත නමයි (මෙහෙයවයි). ඒ භික්‍ෂුව නොයෙක් ආකාර පෙරවිසූ කඳපිළිවෙළ (උපන් ආත්ම පරම්පරාව) සිහි කරයි. කෙසේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතලිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක් නොයෙක් විනාස වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුවල් තැන් වීම් මෙනම් ඇත්තෙම් මේ ගෝත්‍ර ඇත්තෙම් මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තේම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීම්. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන උපන්නෙමි එහිදු මෙනම් ඇත්තෙම් මේ ගෝත්‍ර ඇත්තෙම් මේ පාට ඇත්තෙම් මේ මේ කෑම ඇත්තෙම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමියි. මෙසේ ආකාර උදේදස සහිත නොයෙක් ආකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාසතෘශාසනයෙහි ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නාහට එය එසේම වෙයි.

15., ඒ භික්‍ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පසින් පිරිසිදුවූ කල්හි, කෙලෙස් රහිත කල්හි, කෙලෙස් උවදුරු නැති කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථීරව සිටි කල්හි, නොසැලෙන කල්හි. ඒ භික්‍ෂුව පිරිසිදු මිනිස් බව ඉක්මවූ දිවැසින් චුතවන (මැරෙන) උපදින හීන(පහත්) ප්‍රණීත(උසස්) සුවර්‍ණ (හොඳ පාට ඇති) දුර්‍වර්‍ණ (නරක පාට ඇති) යහපත් ගති වලට ගියාවූ, අයහපත් ගතිවලට ගියාවූ, කර්‍මයට අනූව උපදින සත්‍වයන් දකී. මේ පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූහ. මනෝ දුශ්චරිතයෙන් යූක්තවූහ. ආය්‍ර්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යදෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යාදෘෂ්ටි කර්‍ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත් මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනෝ සුචරිතයෙන් යුක්ත වූහ. ආය්‍ර්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍ය අදහන්නෝ වූහ. සත්‍ය ඇදහීම් සමාදන් වූවෝ වූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති සවර්‍ගලෝකයට පැමිණියෝයි. මෙසේ පිරිසිදුවූ මිණිස් ඇස ඉක්මවූ දිවැසින් චුතවන උපදින සත්‍වයන් දකී. මෙසේ පිරිසිදුවූ මනූෂ්‍යත්‍වය ඉක්ම සිටියාවූ දිවැසින් චුත වන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්‍ෂණවූද අවලක්‍ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද කම්වූ පරිදි මියපරලොව ගිය සත්‍වයන් දනී, ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නාහට එය එසේම වෙයි.

16. ,ඒ භික්‍ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, කෙලෙස් උවදුරු නැති කල්හි, මොලොක් කල්වූහි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථීරව සටි කල්හි, නොසැලෙන කල්හි, ආශ්‍රවයන්ක්‍ෂය කරන නුවණ පිණිස සිත නමයි, (යොමුකරයි). ඒ භික්‍ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි ඇති සැටියෙන් දනී. මේ දුක් නැතිකිරීම යයි ඇති සැටියෙන් දනී. මේ දුක් නැති කිරීමේ මාර්‍ගයයි ඇති සැටියෙන් දනී. මේ ආශ්‍රවයයි තතු ලෙස දනී. මේ ආශ්‍රවයන්ගේ හේතුවයයි තතු ලෙස දනී. මේ ඒ ආශ්‍රවයන් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ ආශ්‍රවයන් නැති කිරීමට පමුණුවන පිළිවෙත යයි තතු ලෙස දනී. මෙසේ දන්නාවූ ඒ භික්‍ෂුවගේ කාමාසාවයෙන් (කාමයේ ඇල්මෙන්) ද වෙන් වෙයි. භව( භවයේ ඇල්මෙන් ) ආසාවයෙන්ද වෙන් වෙයි. අවිජ්ජාසවයෙන් (මෝහයෙන් ) ද වෙන්වෙයි. සිත ඔවුන්ගෙන් වෙන්ව ගිය කල (ඔවුන්ගෙන්) වෙනස්විය යන දැනීම ඇති වෙයි. (එවිට) ඉපදීම නැතිකරණ ලද්දී වෙයි. කටයුත්ත කරන ලද්දීවෙයි. බඹසර (ශ්‍රේෂ්ඨ හැසිරීමෙහි) වාසය කිරීම අවසන කරණ ලද්දී වෙයි. කටයුත්ත කරණ ලද්දේ වෙයි. මේ ආත්ම භාවයෙන් පසු නැවත ඉපදීමක් නැතැයි දැන ගණී. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්‍ෂාව සමිපූර්‍ණ කරන්නාහට එය එසේම වෙයි.

17. ,මෙසේ කී කල්හි ආයිෂ්මත් භද්දාලි භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය. ,ස්වාමීනි, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් සුළු වරදෙහිද නිග්‍රකොට හික්මවත්. ඊට හේතු කවරහුද? එයට ප්‍රත්‍යය (කරුණු) මොනවාද? ස්වාමීනි, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් නැවත නැවත අවවාද කොට නොහික්ම වත්. ඊට හේතු කවරහුද? එයට ප්‍රත්‍යය (කරුණු) මොනවාද?. ,භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් නිතර ඇවැත්වලට පැමිණෙන්නේක් වෙයි. ඇවැත් බහුල වූවෙක් වෙයි. භික්‍ෂූන් විසින් අවවාද කරන ලද්දාවූ ඒ භික්‍ෂුව අන් කරුණකින් ඒ කාරණය වසා දමයි. කථාව අන් අතකට හරවයි. කෝපය, ෙවෂය, නොසතුට ඇති කරයි. මනා කොට නොපවතී. ඉක්මණින් ඇවතෙන් නැගී සිටීමට කැමති ඇත්තෙක් නොවෙයි. යමකින් සංයා සතුටු වෙයිද, එය නොකරමියි කියයි. භද්දාලිය, එකල්හි භික්‍ෂූන්ට මෙබඳු සිතක් වෙයි. .ඇවැත්නි, මේ භික්‍ෂුව නිතර ඇවැත් වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල වූවෙක, භික්‍ෂූන් විසින් අවවාද කරන ලද්දාවූ ඒ භික්‍ෂුව අන් කරුණකින් ඒ කාරණය වසාදමයි. කථාව අන් අතකට හරවයි. කෝපයද, ෙවෂයද, නොසතුටද, ඇතිකරයි. මනාකොට නොපවතී. මනා පැවැත්මට අනූව නොපවතී. ඉක්මණින් ඇවතින් නැඟී සිටීමට කැමති ඇත්තෙක් නොවෙයි. යමකින් සංයා සතුටු වෙයිද, එය කරමියි නොකියයි. ඇවැත්නි, මේ භික්‍ෂුවගේ මේ අධිකරණය (නඩුව) යම්සේ වහා නොසංසිඳේද එසේ ඒ ඒ ආකාරයෙන් කල් දම දමා විනිශ්චය කිරීම යෙහෙක යයි සිතා, භද්දාලිය භික්‍ෂූහු යම්සේ ඒ භික්‍ෂුවගේ මේ අධිකරණය වහා නොසංසිඳේද ඒ ඒ ආකාරයෙන් කල් දම දමා විනිශ්චය කරත්.

18. ,භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් නිතර ඇවැත් වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුල වූවෙක් වෙයිද, ඒ භික්‍ෂුව භික්‍ෂූන් විසින් අවවාද කරණ ලද්දේ අන් අරුණකින් කරුණවසා නොදමයිද, කථාව අන් අතකට නොහරවයිද, කෝපය, ෙවෂය, නොසතුට, ඇති නොකරයිද මනා කොට පවතීද, මනාපැවතුම් අනුව පවතියිද, ඉක්මණින් ඇවැතින් නැඟී සිටීමට කැමති වෙයිද, යමකින් සංයා සතුටුවෙයිද එය කරමියි කියයිද, භද්දාලිය, එකල්හි භික්‍ෂුන්ට මෙබඳු සිතක් වෙයි. .ඇවැත්නි, මේ භික්‍ෂුව නිතර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල වූවෙක, ඒ භික්‍ෂුව භික්‍ෂූන් විසින් අවවාද කරණ ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයි. කථාව අන් අතකට නොහරවයි. කෝපයද, ෙවෂයද, නොසතුටද , ඇති නොකරයි. මනාකොට පවතී. මනා පැවතුමට අනුව පවතී. ඉක්මණින් ඇවැතින් නැඟීසිටීමට කැමති වෙයි. යමකින් සංයා සතුටු වෙයිද, එය කරමියි කියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය (නඩුව) යම් සේ වහ සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යහපත් යයි සිතා, (ඉක්බිති) භද්දාලිය, භික්‍ෂූහු යම් සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා සංසිඳේද ඒ ඒ ආකාර යෙන් විනිශ්චය කරත්.

19. ,භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් වරින් වර ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුල කොට ඇත්තේ නොවෙයිද, ඒ භික්‍ෂුව භික්‍ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා දමයිද. කථාව අන් අතකට හරවයිද, කෝපය, ෙවෂය, නොසතුට, ඇති කරයිද, මනාකොට නොපවතීද, මනා පැවැත්මට අනුව නොපවතීද, ඉක්මණින් ඇවැතින් නැඟී සිටීමට කැමති නොවෙයිද. යමකින් සංයා සතුටු වෙයිද, එය කරමියි නොකියයිද, භද්දාලිය, එහි භික්‍ෂුන්ට මෙබඳු සිතක් වෙයි. .ඇවැත්නි, මේ භික්‍ෂුව වරින්වර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල නොවූවෙක, ඒ භික්‍ෂුව භික්‍ෂූන් විසින් අවවාද කරණ ලද්දේ අන් කරුණකින් කරුණ වසා දමයි. කථාව අන් අතකට හරවයි. කෝපයද, ෙවෂයද, නොසතුටද ඇති කරයි. මනාකොට නොපවතියි. මනා පැවැත්මට අනූව ඉක්මණින් ඇවතෙන් නැගී සිටීමට කැමති නොවෙයි. යමකින් සංයා සතුටු වෙයිද, එය කරමියි නොකියයි. ඇවැත්නි මේ භික්‍ෂුවගේ මේ අධිකරණය වහා නොසංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යෙහෙක කියාය. (ඉකිබිති) භද්දාලිය, භික්‍ෂූහු යම් සේ ඒ භික්‍ෂුවගේ මේ අධිකරණය වහා නොසංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශිචය කරත්.

20. ,භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් වරින් වර ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුල කොට ඇත්තේ නොවෙයිද, ඒ භික්ෂුව භික්‍ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයිද, කථාව අන් අතකට නොහරවයිද, කෝපය, ෙවෂය, නොසතුට  ඇති නොකරයිද මනාකොට පවතීද, මනා පැවතුමට අනූව පවතීද, ඉක්මණින් ඇවතින නැඟී සිටීමට කැමති වෙයිද, යමකින් සංයා සතුටුවෙයිද, එය කරමී කියයිද. භද්දාලිය, එහි භික්‍ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව වරින් වර ඇවැත්වලට පමිණෙන්නෙක. ඇවැත් බහුල නොවූවෙක, ඒ භික්ෂුව භික්‍ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් වසා නොදමයි. පිටතින් කථා ඉදිරිපත් නොකරයි. කෝපයද, ෙවෂයද, නොසතුටද ඇති නොකරයි. මනා කොට පවතියි. මනා පැවතුමට අනුව පවතියි. ඉක්මණින් ඇවැතින් නැඟීසිටීමට කැමති වෙයි. යමකින් සංයා සතුටු වෙයිද එය කරවමියි කියයි. ඇවැත්නි, මේ භික්‍ෂුවගේ මේ අධිකරණය යම්සේ වහා සංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යෙහෙක කියායි, (ඉක්බිති) භද්දාලිය, භික්‍ෂූහු යම්සේ ඒ භික්‍ෂුවගේ මේ අධිකරණය වහා සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කරත්.

21. ,භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් ආචාය්‍ර්‍ය උපාධ්‍යායයන් ඇති සුලු භක්තියකින් සුලු ආදරයකින් මහණ කම් කරයිද, භද්දාලිය, එහි භික්‍ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්‍ෂුතෙම ආචාය්‍ර්‍ය උපාධ්‍යායයන් කෙරෙහි ඇති සුලු භක්තියකින් සුලු ආදරයකින් මහණකම් කරයි. භක්ති මාත්‍රයෙන් ප්‍රේම මාත්‍රයෙන් මහණ කම් කරයි. (කියායි.)

22. ,භද්දාලිය, යම්සේ පුරුෂයෙකුගේ එක් ඇසක්වේද, ඔහුගේ මිත්‍රයන් හා එක ලේ ඇති නෑයෝ ඔහුගේ යම් ඇසක් වීද එයින් නොපිරිහෙවයි ඒ එක ඇස රක්නාහුද, භද්දාලිය, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් භක්ති මාත්‍රයකින් හා ප්‍රේම මාත්‍රයකින් මහණ කම් කරයි. භද්දාලිය, එහි භික්‍ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්‍ෂුව භක්ති මාත්‍රයකින් ප්‍රේම මාත්‍රයකින් මහණ කම් කරයි. ඒ භික්‍ෂුවගේ යම් භක්තිමාත්‍රයක් ප්‍රේමමාත්‍රයක් වීද එයින්ද නොපිරිහෙවයි. නැවත නැවත අවවාද කරන්නෙමු (කියායි.) භද්දාලිය, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට නැවත නැවත අවවාද කරයි නම් මේ ඊට හේතුවවේ. මේ ප්‍රත්‍යයවේ. භද්දාලිය, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවකට එසේ නැවත නැවත අවවාද නොකරත් නම් මේ ඊට හෙතුවයි. ප්‍රත්‍යයයි.

23.,ස්වාමීනි, යම් හෙයකින් පෙර ශික්‍ෂාපද සුවල්පයක් වූහ. බොහෝ භික්‍ෂූහු රහත්වූහ. ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? දැන් ශික්‍ෂාපද බොහෝ වෙත්. භික්‍ෂූන් ටික දෙනෙක් රහත් වෙත්. භික්‍ෂූන් ටිකදෙනෙක් රහත් වෙත්. ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?,

,භද්දාලිය, එය එසේ වෙයි. සත්‍වයන් ර්‍ධමයෙන් පිරිහෙන කල්හි, ශික්‍ෂාපද බොහෝ වෙත්. භික්‍ෂූහු ස්වල්ප දෙනෙක් රහත් වෙත්. භද්දාලිය, මේ ශාසනයෙහි සංයා කෙරෙහි ආශ්‍රවයන්ට හේතුවූ ඇතැම් කරුණූ පහළ නොවෙත්ද, ඒතාක් ශාස්තෲන් වහන්සේ ශ්‍රවකයන්ට ශික්‍ෂාපද නොපනවත්, භද්දාලිය, යම් දිනක පටන් සංඝයා කෙරෙහි ආශ්‍රවයන් හේතුවූ කරුණු ඇති වෙත්ද, ශාතෲන් වහන්සේ ඒ වැරදි නැති කරණු පිණිස ශ්‍රාවකයින්ට ශික්‍ෂාපද පනවත්.

,භද්දාලිය, මේ ශාසනයෙහි සංයා යම්තාක් බොහෝ බවට නොපැමිණියේද, ඒතාක් සංයා අතර වරදි පහළ නොවෙත්. භද්දාලිය, යම් දිනෙක පටන් සංයා බොහෝ පැමිණියේද, ඒතාක් සංයා අතර වැරදි පහළ නොවෙත්. භද්දාලිය, යම් දිනෙක පටන් සංයා බොහෝ බවට පැමිණියේද, ඉක්බිති මේ ශාසනයෙහි ඇතැම් වැරදි ඇති වෙත්. ඉකිබිති ශාසාතෲන් වහන්සේ ඒ වැරදි නැති කරණු පිණිස ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවත්.

,භද්දාලිය, යම් තාක් සංයා ලාභයෙන් අගතැන් නොපැමිණේද ඒතාක් මේ ශාසනයෙහි සංයා අතර වැරදි ඇති නොවෙත්. භද්දාලිය, යම් දිනෙක පටන් සංයා ලාභයෙන් අග්‍ර වේද, එකල්හි මේ ශාසනයෙහි සංයා අතර ඇතැම් වැරදි ඇති වෙත්. එකල්හි මේ ශාස්තෲන් වහන්සේ ඒ දොෂයන් නැති කිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවත්.

,භද්දාලිය, මේ ශාසනයෙහි සංයා යම්තාක් යසසින් අග්‍ර බවට නොපැමිණේද ඒ තාක් සංයා අතර වැරදි පහළ නොවෙත්. භද්දාලිය, යම් දිනක පටන් සංයා යසසින් අග්‍ර බවට පැමිණේද, එකල්හි මේ ශාසනයෙහි සංයා අතර ඇතැම් වැරදි ඇති වෙත්. එකල්හි ශාස්තෲන් වහන්සේ ඒ දෝෂයන් නැති කිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවත්.

,භද්දාලිය, මේ ශාසනයෙහි සංයා යම් තාක් බොහෝ ඉගෙන ගත් බවට නොපැමිණේද, ඒ තක් සංයා අතර වැරදි පහළ නොවෙත්. භද්දාලිය, යම් දිනක පටන් සංයා දැන ඉගෙනගත් බවට පැමිණේද, එකල්හි මේ ශාසනයෙහි සංයා අතර වැරදි පහළ වෙත්. එකල්හි, ශාස්තෲන් වහන්සේ ඒ දෝෂයන් නැති කිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවත්.

,භද්දාලිය, මේ ශාසනයෙහි සංයා යම්තාක් කල් ගිය බවට නොපැමිණේද එතාක් සංයා අතර වැරදි පහළ නොවෙත්.

,භද්දාලිය, යම් දිනෙක පටන් සංයා කල්ගිය බවට පැමිණේද, එකල්හි ශාසනයෙහි සංයා අතර ඇතැම් වැරදි ඇතිවෙත්. ඉක්බිති, ශාස්තෲන් වහන්සේ ඒ වැරදි නැති කරණු පිණිස ශ්‍රාවකයින්ට ශික්‍ෂාපද පනවත්.

24. ,භද්දාලිය, යම් දිනක මම තොපට අජානීය අශ්වයාගේ උපමාව දේශණා කෙළෙම්ද ඒ කාලයෙහි තොපි ස්වල්පදෙනෙක්වූහ. භද්දාලිය, එය ඔබට මතක ඇත්තෙහිද?, ,නැත. ස්වාමීනි,, ,භද්දාලිය, එය කුමක් නිසාදැයි සිතන්නෙහිද?,

,ස්වාමීනි, ඒ මම ශාස්තෲ ශාසනයෙහි බොහෝ කාලයක් ශික්‍ෂාපද නොපුරන්නෙක් වීම්ද?, (ඒ නිසායයි සිතමි). ,භද්දාලිය, එයම හේතු නොවේ. එයම ප්‍රත්‍යය (කරුණු) නොවේ. තවද භද්දාලිය, මේ හිස් පුරුෂ තෙම මා ධර්‍මය දෙශන කල්හි අර්‍ථයෙන් යුක්ත කොට සිතෙහි තබා ගෙන සියල්ල සිතට ඇතුලත් කරගෙන කන් යොමා බණ නොඅසා යයි. ඔබගේ සිත මගේ සිතින් පිරිසිඳ දැන ගන්නා ලද්දේය. භද්දාලිය, නැවතත් අජානීය අශ්වය උපමාකළ ධර්‍ම ක්‍රමය ඔබට දෙසමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. මම කියන්නෙමි., ,එසේය, වහන්සැ,යි ආයුෂ් මත් භද්දාලිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

25., භද්දාලිය, යම්සේ දක්‍ෂ අශ්වයන් දමනය කරන්නෙක් යහපත් ආජානීය අශ්වයකු ලැබ පළමුකොට කටකලියාව දැමීමේ හික්මවීම කරයි. ඒ කටකලියාව දැමීමේන් හික්මවනු ලබන අශ්වයාගේ පෙර නොකරනු ලබූ දෙයක් කරන කල්හි යම් යම් දැඟලුම් නොහික්මුම් ඇතිවෙත් . හික්මවීම නිසා ඒ කාරණයෙන් හික්මෙන්නේය.

,භද්දාලිය, යම් හෙයකින් යහපත් ආජානීය අශ්වතෙම නිතර හික්මවීමෙන් පිළිවෙලින් හික්මවීමෙන් ඒ කාරණයෙන් හික්මුනේ වේද අශ්වයන් දමනය කරන්නා ඒ අශ්වයා නැවත යුගය (-වියකර) තැබීමෙහි හික්මවයි, ඒ විය කර තැබීම පුරුදු කරන කළ්හිද, පෙර නොකරන ලද දෙයක් කරවනු ලබන අශ්වයගේ යම් යම් දැඟලුම් නොහික්මුම් ඇතිවෙත්. ඒ අශ්වයා නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් එහිද හික්මෙන්නේය.

,භද්දාලිය, යම් හෙයකින් යහපත් අජානීය අශ්ව තෙම නිතර කිරීමෙන්, පිළිවෙළින් කිරීමෙන් එහි හික්මුණේ වෙයිද, අශ්වයන් දමනය කරන්නා ඒ අශ්වයා නැවත සිවුපා එකට ඔසවා තැබීමෙහිද, (බිම වැටුනු දෙයක් ගත හැකිසේ) නැම්මීමෙහිද, ඛුර අගින් යාමෙහිද, ස්‍රී ධාවනයෙහිද, (යුදයෙහි ඇතිවන) ශබ්දයන්ට බිය

නොවීමෙහිද, රජු විසින් දතයුතු ගුණයෙහිද, අශ්වරාජ වංශයෙහිද, ජවසම්පත්තියෙහි(-ශ්‍රේෂ්ඨ වේගයෙහි) ශ්‍රේෂ්ඨ අශ්වයෙක් වීමෙහිද, මෘදුවචනයට කීකරු වීමෙහිද, (යන කරුණු දසය) පුරුදු කරවයි. ජවසම්පත්තියෙහි හික්ම වීමෙහිද ශ්‍රේෂ්ඨ අශ්වයෙක් කිරීමෙහිද, මෘදු වචනයට කීකරු කිරීමෙහිද පෙර නොකළ දෙයක් කරන අශ්වයාටද යම් යම් දැඟලීම් නොහික්මීම ඇතිවෙත්මය, ඒ අශ්වයා නිතර කිරීමෙන් පිළිවෙළින් කීරීමෙන් එහි හික්මෙන්නේය, භද්දාලිය, යම් හෙයකින් අශ්වතෙමෙ නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් එහි හික්මෙන්නේය. භද්දාලිය, යම් හෙයකින් අශ්වතෙම නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් අශ්වයා හික්මුනේවෙයිද අසුන් දමනය කරන්නා නැවත ඒ අශ්වයා තැලීම් විදීම් ආදී අශ්ව දමනය කර්‍ම විශේෂයට ඇතුලත් කරයි. (-යොදවයි) භද්දාලිය , මේ දශ අඞ්ගයන්ගෙන් යුත් යහපත් ආජානීය අශ්වයා රජුන්ට සුදුසුවේ රජු විසින් පරිභෝග කළ යුතුවේ. රජුගේ අඞ්ගය යන සඞ්ඛ්‍යාවට ඇතුළත් වෙයි.

26. ,භද්දාලිය, එමෙන්ම දසවිද ර්‍ධමයන්ගෙන් යුත් භික්‍ෂුව ආහුනෙය්‍ය (-දුරසිට ඇවිත් පිදියයුතු) වෙයි, පාහුණෙය්‍ය (-අභිනව දෙයින් පිදියයුතු) වෙයි, දක්‍ෂිණෙය්‍ය (-පින් කැමතිව පිදියයුතු) වෙයි, වැඳිය යුතුවෙයි, ලෝකයාට උතුම් පිංකෙතවෙයි, කවර දසයකින්ද, භද්දාලිය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම අසේඛ (- හික්මීම අවසානවූ) සම්මාදිට්ඨියෙන් (-යහපත් දැකීමෙන්) යුතු වෙයි, අසෙඛ සම්මාසඞකප්පයෙන් (-යහපත් කළ්පනාවෙන්) යුතු වෙයි, අසෙඛ සම්මාවාචායෙන් (-යහපත් වචනයෙන්) යතුවෙයි. අසෙඛ සම්මාකම්මන්ත යෙන් (-යහපත් කර්‍මමාන්තයෙන්) යුතුවෙයි. අසෙඛ සම්මා අජීවයෙන් (-යහපත් දිවිපැවැත්මෙන්) යුතුවෙයි. අසෙඛ සම්මාවායාමයෙන් (-උත්සාහයෙන් යුක්තවෙයි) යුතුවෙයි. අසෙඛ සම්මාසතියෙන් (-යහපත් සිහියෙන් යුතුවෙයි. අසේක සම්මාසමාධියෙන් (-යහපත් සත එකඟ කිරීමෙන් ) යුතුවෙයි. අසෙඛ සම්මාඤාණයෙන් යුතුවෙයි. අසෙඛ සම්මාවිමුත්තියෙන් යුතුවෙයි. භද්දාලිය, මේ දසවිධ ධර්‍මයෙන් යුත් භික්‍ෂුව ආහුණෙය්‍ය (-දුරසිට ඇවිත් පිදියයුතු ) වෙයි, පාහුණෙය්‍ය (-අභිනව දෙයින් පිදියයුතු) වෙයි. දක්ඛිණෙය්‍ය (-පින් කැමතිව පිදියයුතු) වෙයි, වැඳියයුතු වෙයි, ලොවට උතුම් පින් කෙත වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දෙසූ සේක. සතුටූ සිත් ඇති ආයුෂ්මත් භද්දාලිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු විය.

පස්වෙනිවූ භද්දාලිය සූත්‍රය නිමි. (2-5)

64. මාලුඬක්‍ය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතූන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතූන් වහන්සේ ´´මහණෙනි´´යි භික්‍ෂූන්ට කථාකළහ. ´ස්වාමීනි´´යි ඒ භික්‍ෂූහු භාග්‍යවතූන් වහන්සේගේ වචනයට පිළිතූරු දුන්හ. භාග්‍යවතූන් වහන්සේ මෙය වදාළහ.

´මහණෙනි, තොපි මා විසින් දෙසන ලද ඔරම්භාගීය සංයොජනයන් (යට කොටසයයි කියනු ලබන කාම ලොකය භජනය කරන සංයොජනයන්) දරන්නා හුද´´

2. මෙසේ ඇසූ කල්හි මලුඬක්‍ය පුත්‍ර ස්ථිවිර තෙම භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය කීය.

´´ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් දෙසන ලද පඤච ඔරම්භාගීය සංයෝජනයන් සිතින් දරමි.´´

´´මාලුඬක්‍ය පුත්‍රය, තෙපි මා විසින් දෙසනලද පඤ්චඔර ඔරම්භාගීය සංයෝජනයන් කෙසේ දරන්නා හූද´´

´´ස්වාමීනි මම ආත්මයක් ඇත යන භාග්‍යවතූන් වහන්සේ විසින් ඔරම්භාගීය සංයෝජනය වශයෙන් දෙශනා කරන ලද සක්කාය දිඨ්ය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයොජන වශයෙන් වදාළ විචිකිච්ඡාව දරමි. ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් දෙසනාකළ ඔරම්භාගීය සංයෝජන සීලබ්බත පරමාසය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයොජන වශයෙන් දෙශනාකළ කාමච්ඡන්‍දය දරම්.

´´ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් වදාළ ව්‍යාපාදය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතූන් වහන්සේ විසින් දෙසන ලද පඤචඔරම්භාගිීය සංයෝජනයන් මෙසේ දරමි.

3. ´´මාලුඬක්‍ය පුත්‍රය තොප මා විසින් කවරෙකූට දෙසන ලද පඤචඔරම්භාගීය සංයොජනයන් මෙසේ දරයිද? මාලුඬක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගනහැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද? (කෙසේද) මාලුඬක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකූට ස්වකීය ශරීරය යන හැඟීමක් නැත. ඔහුට මම යන දෘෂටියක් කොහින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා සක්කාය දෘෂ්ටියම ඇත්තේය. මාලුඞක්‍ය පුත්‍රය, උඩුකූරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට ධර්‍මයෝයයි හැඟීමක් නැත. ධර්‍මයන්හි සැකයක් කොයින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා විචිකිච්ඡාවම ඇත්තේය. මාලුඞක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳුකුඩා දරුවෙකුට සීලයයි හැහීමක් නැත. ඔහුට වරදවා ගන්නා සීලයක් ව්‍රතයක් කොයින් උපදීද? අනුශය වශයෙන් පවත්නා සීලබ්බත පරාමාසයම ඇත්තේය. මාලුඞක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු දරුවෙකුට කාමයයි හැඟීමක් නැත. ඔහුට කාමයෙහි කැමැත්ත කොයින් උපදීද ? ඔහුට අනුශය වශයෙන් පවත්නා කාමච්ඡන්දයම ඇත්තේය. මාලුඞක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන කුඩා දරුවෙකුට සත්වයෝයයි හැහීමක් නැත. එවිට සත්වයන් කෙරෙහි කෝපයක් කොයින් උපදින්නේද? ඔහුට අනුශය වශයෙන් පවත්නා ව්‍යාපාදයම ඇත්තේය. මාලුඞක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂටික පැවිද්දෝ දොස් නගන හැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද ?´´

4. මෙසේ කී කල්හි ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ´´භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් පඤ්චඔරම්භාගීය සංයොජනයන් දෙසත් ද භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්ද, (-ඉගෙණ ගණිත් ද) භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි, සුගතයන් වහන්ස, මේ එයට කාලයයි.´´

´´අනන්‍දය, එසේ නම් අසව, හොඳින් සිහි කරව. කියන්නෙමි,´´ ´´එසේය, ´´ස්වාමීනි´´යි ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.

5. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි අය්‍ර්‍යයන් නොදන්නා, ආය්‍ර්‍ය ධර්‍මයෙහි අදක්ෂ, අය්‍ර්‍ය ධර්‍මයෙහි නොහික්මුනු, නොදක්නා සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුණු, නූගත් පෘථග්ජනයා සත්කාය දෘෂ්ටියෙන් මඩනාලදුව උපන් සත්කාය දෘෂ්ටිය ඇති සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටිය නැතිකිරීමට ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ සක්කාය දිට්ඨිය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.

6. ´´සීලබ්බත පරාමාසයෙන් මඩනා ලදුව, උපන් සීලබ්බත පරමාශය ඇති සිතින් වාසය කරයිද, උපන් ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසු වූ ඔහුගේ සීලබ්බත පරාමාසය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.

´´කාම රාගයෙන් මඩනා ලදුව, උපන් කාම රාගයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කාම රාගයේ නැති කිරීම ඇති සැටියෙන් නොදනිද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ඡන්‍ද රාගය ඔරම්භාගීය සංයෝජනයක්වේ.

´´කෝපයෙන් මඩනා ලදුව, උපන් කෝපයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කෝපයේ නැති කිරීම නොදනී, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ව්‍යාපාදය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.

´ආනන්‍දය, ලෝකයෙහි ආය්‍ර්‍යයන් දක්නා ආය්‍ර්‍ය ධර්‍මයෙහි දක්‍ෂ ආය්‍ර්‍ය ධර්‍මයෙහි හික්මුනු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුනු උගත් ආය්‍ර්‍ය ශ්‍රාවකයා සත්කායදෘෂ්ටියෙන් නොමඩනා ලද, සත්කායදෘෂ්ටිය නූපන් සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටි නැති කිරීම ඇතිසැටියෙන් දනීද අනුශය සහිතවූ ඔහුගේ ඒ සත්කාය දෘෂ්ටිය නැතිවී යන්නේය.

´´සැකයෙන් නොමඩනා ලද, සැකය නූපන් සිතින් වාසය කරයි. උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ සැකය නැතිවීයයි,

´´ශීලව්‍රත පරාමාශයෙන් නොමඩනා ලද, ශීලව්‍රත පරාමාශය නූපන් සිතින් වාසය කරයි. උපන්නාවූ ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ ශීලව්‍රත පරාමාශය නැතිවී යන්නේය.

´´කෝපයෙන් නොමඩනා ලද, නූපන් කාම රාගය ඇති සිතින් වාසය කරයි. උපන් කෝපයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කෝපය නැතිවීයයි.

7. ´´ආනන්‍දය, පෙක්‍චාරම්භාගීය සංයෝංජයන්ගේ නැති කිරීමට යම් මගක්, යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දක්නේය හෝ පහකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.

´´ආනන්‍දය, යම්සේ කෙලින් සිටින හරය ඇති මහ ගසක පොත්ත නොසිඳ ඵලය නොසිඳ හරය කපන්නේය යන මේ කාරණය සිදුනොවන්නක් වේද, අනන්‍දය, එපරිද්දෙන්ම පඤ්චොරම්භාගීය සංයෝජයන් නැතිකිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤවොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දකින්නේය හෝ නැතිකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.

´´අනන්‍දය, පෙඤ්චාරම්භාගීය සංයොජයන්ගේ නැති කිරීමට මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්වොරම්භාගීය සංයෝජනයන් දැන ගන්නේය, කියා හෝ දකින්නේය කියා හෝ නැති කරන්නේය, කියා හෝ යන මේ කාරණය සිදුවන්නෙකි.

8. ´´ආනන්‍දය, යම්සේ කෙළින් සිටින හරය ඇති මහ ගසක පොතු කපා ඵලය කපා හරය කපන්නේය යන මේ කාරණය සිදුවන්නක් වේද, ආනන්‍දය, එමෙන් පඤ්චොරම්භාගීය සංයෝජයන් නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගය ඒ පිළිපැදීමට පැමිණි පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැන ගන්නේය හෝ දකින්නේය හෝ නැති කරන්නේය හෝ යන මේ කාරණය සිදුවන්නකි.

9. ´´ආනන්‍දය, යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළහැකිසේ දෙඉවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සසර එතරට යන්නෙමි´යි දුබල මිනිසෙක් එන්නේද ඔහු ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සසර එතරට යන්ට නොහැකි වන්නේද, ආනන්‍දය , එමෙන්ම යම්කිසිවෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්‍මය දෙශනා කරණ කල්හි එහි බැස නොගනීද, නොපහදීද, නොසිටීද , (කෙළෙසුන් ගෙන්) නොමිදේද, ඒ දුබල මිනිසා යම්සේද ඔවුහුද එසේද දත යුත්තාහ.

10. ´´ආනන්‍දය , යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළ හැකිසේ දෙවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සසර එතර යන්නෙමි´යි බලවත් මිනිසෙක් එන්නේය. ඔහු ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් එතර යන්ට හැකි වන්නේය, ආනන්‍දය, එමෙන් යම්කිසි වෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්‍මය දේශනා කරන කල්හි සිත එහි බැසගනීයිද, පහදීද, සිටීද, (කෙළෙසුන්ගෙන්) මිදේද, ඒ බලවත් මිනිසා යම්සේද , ඔහුද එසේද දත යුත්තාහ.

11. ´´ආනන්‍දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමේ මාර්‍ගය කවරේද? පිළිපැදීම කවරේද?

´´ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුව උපධි විවේකයෙන් (-පස්කම් ගුණයෙන් වෙන් වීමෙන්-) අකසල ධර්‍මයන්ගෙන් වෙන්ව (-නීවරණයන් දුරලීමෙන්-) ශරීරයේ අලස බව සංසිඳවීමෙන්, කාමයන්ගෙන් වෙන්වම, අකුශලයන්ගෙන් තොරව, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයන්ට අයත් විඥායට අයත් යමක් වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන් ,හුලක් වශයෙන්, දුකක් වශයෙන් ආබාධයක් වශයෙන්, තමාට අයත් නොවන දෙයක් වශයෙන්, බිඳෙන දෙයක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්‍මයගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්‍මයන්ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරන්ගේ සංසිඳීමක් වේද, සියලු උපධීන්ගේ දුරලීමක් වේද, තෘෂ්ණාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නැති කිරීමක් වේද, නිර්‍වාණයක් වේද, මෙය සාන්තය , මෙය ප්‍රණිීතයයි අමෘතය නම් නිර්‍වාණයට සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්‍ෂයකිරීමට පැමිණෙයි. ආශ්‍රවයන් ක්‍ෂයකිරීමට නොපැමිණියේ නම් ඒ ධර්‍මයෙහිම ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමති වීමෙන් පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් නැවත මෙහ නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්චොරම්භාගිය සංයොජනයන්ගේ නැති කිරීම පිණිස මේ මාර්‍ගයයි මේ පිළිපැදීමයි.

12. ´´ආනන්‍දය, නැවත අනිකක් කියමි. භික්‍ෂුව විතර්‍ක විචාරයන් සංසිඳවීමෙන් සිතේ ෂතුට ඇතිකරන සිතේ එකඟ භව ඇති කරණ අවිතර්‍ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරන්ට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන් ,දුක් වශයෙන් , රෝග වශයෙන් ,ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන් තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්‍මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්‍මයන්ගෙන් සිත ඉවත්කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද , තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුඬ කිරීමක් වේද, නිර්‍වාණයක් වේද මෙය ශාන්තය මෙය ප්‍රණීතය නිර්‍වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් නැති කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් නැති කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මය කැමතිවීමෙන් පංච ඔරම්භාගීය සංයෝජනයන් නැති කිරීමෙන් ඕපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් මෙහි නොඑයි. අනන්‍දය, පංචඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්‍ගයයි, මේ පිළිපැදීමයි.

13. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව ප්‍රීතියේද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්ත වූයේ ශරීරයෙන් සුවය විදින්නේද යම් ඒ ධ්‍යානයක් උපෙක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් , වේදනාවට අයත්, සංඥායට අයත්, සංස්කාරයන්ට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන් , දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුඞ කිරීමක් වේද, නිර්‍වාණයක් වේද සිත යොදවයි. ඔහු එහි සිටියේ අශ්‍රවයන් ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉදින් අශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමති වීමෙන් පංචඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් මෙහි නොඑයි. ආනන්‍දය, පංච ඔරම්භාගිය සංයොජන නැති කිරීමට මේ ධර්‍මයයි, මේ පිළිපැදීමයි.

14. ´´අනන්‍දය, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නොවූ සැපද නොවූ උපෙක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යාන යට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන් , ගඩක් වශයෙන, හුලක් වශයෙන්, දුකක් වශයෙන් , ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්‍මයන් ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්‍මයන් ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරූඞ කිරීමක් වේද, නිර්‍විණයක් වේද, මෙය ශාන්තය , මෙය ප්‍රණීතය, නිර්‍වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ අශ්‍රවයන් ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉඳින් අශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණ් නම්, ඒ ධර්‍මයෙහි ඇලීමෙන් , ඒ ධර්‍මයෙහි කැමැත්තෙන් , පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් මෙහි නොඑයි. අනන්‍දය, පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්‍ගයයි, මේ පිළිපැදීමයි.

15. ´´අනන්‍දය , නැවතද අනිකක් කියමි. භික්‍ෂුව සර්‍වප්‍රාකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රති සංඥාවන් දුරලීමෙන් නානතත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ´ආකාශය අනන්තය´යි ආකාසානඤචායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් , රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන් , දුකක් වශයෙන් , ආබාධයක් වශයෙන් , තමන්ට අයත් නොවූවක් වශයෙන් , විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්‍මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්‍මයන්ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක්වේද, තණ්හාව නැතිකිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුඞ කිරීමක් වේද, නිර්‍වාණයක්වේද, මෙය ශාන්තය , මෙය ප්‍රණීතය, නිර්‍වාණයයි සිත යොදාවයි. ඔහු එහි සිටියේ අශ්‍රවයන් ක්‍ෂය කිරීම පැමිණෙයි. ඉදින් අශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්‍ම යෙහි ඇලීමෙන් ඒ ධර්‍මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ආනන්‍දය, පඤ ්චොරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්‍ගයයි, මේ පිළිපැදීමයි.

16. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණචායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වෙදනාවට අයත් සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් , යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්,අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් , රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන් , දුකක් වශයෙන් , ආබාධයක් වශයෙන් , තමන්ට අයත් නොවූවක් වශයෙන් , විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්‍මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්‍මයන් ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරූඞ කිරීමක් වේද, නිර්‍වාණයක් වේද, මේ ශාන්‍තය , මෙය ප්‍රණීතය , නිර්‍වාණයයි , සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේ නම් , එය ධර්‍මයෙහි ඇලීමෙන් , ඒ ධර්‍මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලොකයෙන් නැවත නොඑන ස්වභාවය ඇත්තේය වෙයි. ආනන්‍දය, පඤච ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමට මේ මාර්‍ගය වෙයි. මෙය පිළිපැදීම වෙයි.

´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව සර්‍වප්‍රකාරයෙන් විඤඤාණඤාචායතනය ඉක්මවා කිසිවක් නැතයි අකිඤ්චඤඤායතනයට පමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වෙිද , ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන් , ගඩක් වශයෙන්, හුලක් වශයෙන් , දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නාක් වශයෙන් , සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකියි. ඔහු ඒ ධර්‍මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්‍මයන්ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරූඞ කිරීමක් වේද, නිර්‍වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්‍වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ අශ්‍රවයන් ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉඳින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්‍මයෙහි ඇලීමෙන්, ඒ ධර්‍මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. අනන්‍දය, පඤච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීම පිණිස මේ මාර්‍ගය වේ . මෙය පිළිපැදීම වේ.

17. ´´ස්වාමීණී ඉඳින් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට, මෙය මර්‍ගය, මෙය පිළිපැදීම වේ නම් කවර හෙයින් ඇතැම් භික්‍ෂූහු චිත්ත විමුත්තිය ඇත්තාහු වෙත්ද, ආනන්‍දය, ඒ කාරණයෙහි මම ඔවුන්ගේ ඉන්‍ද්‍රියන් පිළිබඳ වෙනස් බවයයි කියමි. ´´

18. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාලහ. සතුටු සිත් ඇති ආනන්‍ද, ස්ථිවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු වූහ.

හතරවෙනිවූ මහා මාලුඞක්‍ය සූත්‍රය නිමි. (1-4)