100. සඞ්ගාරව සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසල ජනපදයෙහි මහත්වූ භික්‍ෂු සඞ්යා සමග චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි වනාහි ධානඤ්ජානී නම් බැමිණිය බුදුන් කෙරෙහිද, ධර්‍මය කෙරෙහිද, සඞ්යා කෙරෙහිද, ප්‍රසන්න වූවා මණ්ඩල කප්ප නම් ගමෙහි වාසය කරයි. එකල්හි ධානඤ්ජානී නම් බැමිණිය ඇඳි රෙදි කොණේ පැටලී වැටෙන්නී, ´ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි. ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි. ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි.´ යි තුන්වරක් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළාය.

2. එකල්හි වනාහි නිණ්ඩු ශාස්ත්‍රය, කෙටුභ ශාස්ත්‍රය, ශික්‍ෂා, නිරුක්ති යන ප්‍රභේදයන් ඇකි, ඉතිහාසය පස්වැනි කොට ඇති, වෙදත්‍රයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ හදාරන්නාවූ, ලොකායත ශාස්ත්‍රයේත්, මහා පුරුෂ ලක්‍ෂණ ශාස්ත්‍රයේත් සම්පූර්‍ණවූ, සඞ්ගාරව නම් තරුණයෙක් මණ්ඩල කප්ප නම් ගමෙහි වාසය කරයි. සඞ්ගාරව මානවකයා ධානඤ්ජානී බැමිණිය විසින් මෙසේ කියනු ලැබූ වචනය ඇසීය. අසා ධානඤ්ජානී බැමිණියට මෙසේ කීය. ´´බ්‍රාහ්මණයන් සිටිද්දී මේ ධානඤ්ජානී පිරිහුනීය. මේ ධානඤ්ජානී බැමිණිය විනාශයට පැමිණියාය. එසේ වුවත් ඒ මුඩු ශ්‍රමණයාගේ ගුණ කියයි´´ යනුයි.

´´යහපත් මුහුණක් ඇති පුත්‍රය, නුඹ වනාහි භාග්‍යවත්හුගේ සීලයත් ප්‍රඥාවත් නොදන්නෙහිය. ඉදින් යහපත් මුහුණක් ඇති දරුව, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සීලයත්, ප්‍රඥාවත් දන්නෙහි නම්, යහපත් මුහුණක් ඇති දරුව, නුඹ ඒ භාග්‍යවතුන් වහන්සේට ආක්‍රොශ කළ යුතුයයි, නින්‍දා කළ යුතුයයි නොහඟින්නෙහිය.´´ ´´එසේ නම් පින්වතිය, යම් කලෙක ශ්‍රමණ ගෞතමයෝ මණ්ඩල කප්ප ගමට පැමිණෙත්ද, එකල මට කියව´´ යි කීය. ´´ යහපත් මුහුණක් ඇත්ත, එසේය´´ යි ධානඤ්ජානී බැමිණිය සඞ්ගාරව මානවකයාට පිළිතුරු දින.

3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන සේක් මණ්ඩල කප්ප ගම යම් තැනකද, එහි පැමිණියහ. එහි භාග්‍යවතුන් වහන්සේ මණ්ඩල කප්ප ගමෙහි, තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ අඹ වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි මණ්ඩල කප්ප ගමට පැමිණ තොදෙය්‍ය බමුණන්ගේ අඹ වනයෙහි වසන සේකැයි ධානඤ්ජානී බැමිණිය ඇසීය. එකල්හි ධානඤ්ජානී බැමිණිය සඞ්ගාරව මානවකයා යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ සඞ්ගාරව මානවකයාට මෙසේ කීය.

´´යහපත් මුහුණක් ඇති දරුව, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මණ්ඩල කප්ප ගමට පැමිණ මණ්ඩල කප්ප ගමෙහි තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ අඹ වනයෙහි වාසය කරන සේක. යහපත් මුහුණක් ඇති දරුව, ඊට දැන් නුඹ කල් දනුව´´ යි කීය.

4. ´´එසේය පින්වතිය´´ යි සඞ්ගාරව තරුණයා ධානඤ්ජානී බැමිණියට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූත්, සිහි කටයුතුවූත්, කථාව කොට නිමවා එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ සඞ්ගාරව මානවකයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

´´භවත් ගෞතමයන් වහන්ස, මේ ආත්මයෙහිම දැනීමේ කෙළවරට පැමිණ නිවන් පැමිණියාහුයයි, බ්‍රහ්මචය්‍ර්‍යාවේ ආදී කර්තෘවරයෝයයි කියන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිත්.

´´භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි, බ්‍රහ්මචය්‍ර්‍යාවේ ආදී කර්තෘවරයෝයයි කියන ඔවුන් අතරෙන් භවත් ගෞතමයන් වහන්සේ කවරෙක්ද?´´ ´´භාරද්වාජය, මම වනාහි මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි, බ්‍රහ්මචය්‍ර්‍යාවේ ආදී කර්තෘවරයෝයයි කියන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේද වෙනස කියමි. භාරද්වාජය, අසන්නාවූ සමහර මහණ බමුණෝ වෙති. ඔවුහු ඇසීමෙන් ඉහාත්මයෙහි දැනීමේ කෙලවරට ගොස් නිවන් පැමිණියාහුයයි, බ්‍රහ්මචය්‍ර්‍යාවේ ආදී කර්තෘවරයෝයයි ප්‍රකාශ කරත්. ඔවුහු නම් ත්‍රිවිද්‍යා දත් බ්‍රාහ්මණයන් වැනි වූවෝය.

´´භාරද්වාජය, තනිකර ඇදහීමෙන් පමණක් මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්‍රහ්මචය්‍ර්‍යාවේ ආදී කර්තෘවරයෝයයි ප්‍රකාශ කරන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්. එනම් තර්කයෙන් විමසීමෙන් දැන ගන්නාවූ බ්‍රාහ්මණයෝය. භාරද්වාජය, පෙර නොඅසන ලද ධර්‍මයන් තමන්ම ප්‍රත්‍යක්‍ෂකොට දැන මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි, භාරවාජය, බ්‍රහ්මචය්‍ර්‍යාවේ ආදී කර්තෘවරයෝයයි ප්‍රකාශ කරන්නාවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ.

´´භාරද්වාජය, පෙර නොඇසූ ධර්‍මයන් තමන්ම ප්‍රත්‍යක්‍ෂ කොට දැන, දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්‍රහ්මචය්‍ර්‍යාවේ ආදී කර්තෘවරයෝයයි ප්‍රකාශ කරන යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද. මම ඔවුන් අතරෙන් කෙනෙක් වෙමි.

´´භාරද්වාජය, යම් ආකාරයකින් පෙර නොඇසූ ධර්‍මයන් තමන්ම ප්‍රත්‍යක්‍ෂව දැන, දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්‍රහ්මචරියාවේ ආදී කර්තෘවරයෝයයි කියත්ද. මම ඔවුන් අතරෙන් කෙනෙක් වෙම්ද, භාරද්වාජය, ඒ කාරණය මේ ආකාරයෙන් දැනගත යුතුය.

5. ´භාරවාජය, බුද්ධත්‍වයට පළමුවෙන්ම බුදුනොවූ බෝසත්වූම මට මෙබඳු අදහසක් විය. ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් රජස් උපදින මාර්‍ගයයි. මහණකම අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙහි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදුවූ සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ ලියවන ලද සකක් බඳුවූ මේ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළි රැවුලු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියායි). භාරවාජය, ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස් ඇත්තේම, කථවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූයේම නොකැමතිවූ මවු පියන් අඬත්දී, හිසකෙස් දැළි රැවුල් කපා හැර කසා වත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.

6. ´´මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්‍වාණය සොයන්නේ, ආළාරකාලාම නම් තවුස් තෙම යම් තැනක්හිද, එතැනට ගියෙමි. ගොස් ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි.

´´ඇවැත්නි, කාලාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට මම කැමැත්තෙමි.´´ යි (කීවෙමි.) භාරවාජය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම මට මෙය කීවේය. ´යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාය්‍ර්‍යයන්ගේ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්‍මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා´ (කියායි.)

´´භරවාජය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්‍මය අසාම ඉගෙන ගත්තෙමි. භාරවාජය, ඒ මම (කියන්ට) තොල පෙරලූ පමණින් (ඔහු) තියන දේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිමියයි කීමද) කියමි. ථෙර වාදයද, (එහි ස්ථිරයයි කීමද) දනිමියිද, දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. භාරවාජය, ඒ මට මේ සිත විය. ´ආළාරකාලාම තෙම මේ ද්Ȁdධර්‍මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් අවබොධ කොට ඊට පැමිණ වාසය කරමියි´ නොකියයි.

´ආළාරකාලාම තෙම මේ ධර්‍මය දැන දැක වාසය කරයි.´ (කියායි.) භාරවාජය, ඉන් පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි. ගොස් ආළාරකාලාම හට මෙසේ කීවෙමි. ´ඇවැත්නි කාලාමයෙනි, කොපමණකින් මේ ධර්‍මය තමාම දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ´ යි (කියායි.)

´´භාරවාජය, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම ආකිඤචඤ්ඤායතනය තෙළවර කොට ඇති සමාපත්තිය දැක්වූයේය. භාරවාජය, ඒ මට මේ සිත විය. ´ආළාරකාලාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් වීය්‍ර්‍යය ඇත්තේ නොවෙයි. මටද වීය්‍ර්‍යය ඇත. ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. ආළාරකාලාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත. ආළාරකාලාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් ආළාරකාලාම තෙම යම් ධර්‍මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්‍මය අත්කර ගැනීම පිණිස මම උත්සාහ කරන්නෙම් නම් හොඳය´ (කියායි.)

7. ´´භාරවාජය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්‍මය තමාම නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. භාරවාජය, ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනකද, එතැනට ගියෙමි. ගොස්, ´ඇවැත්නි, කාලාමයෙනි ඒ ධර්‍මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ´ යි (ඇසීමි.) ´ඇවැත්නි මේ ධර්‍මය දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය´ යි (ආළාරකාලාම තෙම) කීය. ´ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්‍මය දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරමියි (කීවෙමි.) ´ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචය්‍ර්‍යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්‍මයක් දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්‍මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් යම් ධර්‍මයක් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්‍මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නෙම්ද, ඔබද ඒ ධර්මය දන්නෙහිය., යම් හේතුවකින් ඔබ යම් ධර්‍මයක් දන්නේද, මමද ඒ ධර්‍මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද, ඔබත් එබඳුය. ඔබ යම් බඳුද, මාත් එබඳුය. ඇවැත්නි එනු මැනව, දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමු´ යි (කීවේය.) භාරවාජය, මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම ආළාරකාලාමතෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.

´´ භාරවාජය, ඒ මට මෙසේ සිතුනේය. මේ (තාපස) ධර්‍මය සසර කලකිරීම පිණිස නොපවතියි. සසර නොඇල්ම පිණිස නොපවතියි. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතියි. (දත යුතු ධර්‍මයන්) දැනීම පිණිස නොපවතියි. (චතුරාය්‍ර්‍ය සත්‍යය) අවබොධය පිණිස නොපවතියි. නිර්‍වාණය පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්ම ලොකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. භාරවාජය, ඒ මම ඒ ධර්‍මය ප්‍රමාණ නොවේයයි සිතා ඒ ධර්‍මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.

8. ´´භාරවාජය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ, නිරුත්තරවූ උතුම් නිර්‍වාණය සොයන්නේ උද්දකරාම පුත්ත තෙම යම් තැනකද, එතැනට පැමිණියෙමි. පැමිණ උද්දකරාම පුත්තට මෙසේ කීවෙමි. ´ඇවැත්නි, රාමයෙනි, මේ ධර්‍ම විනයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව රකින්ට මම කැමැත්තෙමි. (කීවෙමි.) භාරවාජය, මෙසේ කී කල්හි උද්දකරාමපුත්ත තෙම මට මෙසේ කීවේය. ´යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාය්‍ර්‍යයන්ගේ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්‍මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා´ (කියායි.)

9. ´´භාරද්වාජය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්‍මය ඉගෙන ගත්තෙමි. භාරවාජය, ඒ මම කීමට තොල සෙලවූ පමණින්, වචනයක් කීපමණින්, දනිමි යන වචනයද, දැනීට ස්ථිරය යන වචනයද, ප්‍රකාශ කරමි. මම දනිමි, දකිමි යයි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. භාරද්වාජය, ඒ මට මේ සිත විය. ´උද්දකරාම පුත්ත තෙම මේ ද්ධර්‍මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරමියි´ නොකියයි. උද්දකරාම පුත්ත තෙම මේ ධර්‍මය දැන, දැක වාසය කළේයයි (මට කල්පනාවිය.) භාරවාජය, ඉන් පසු මම උද්දකරාම පුත්ත යම් තැනකද, එතැනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්ත හට මෙසේ කීවෙමි. ´ඇවැත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්‍මය තමාම දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ´ යි (කියායි.)

´´භාරද්වාජය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූයේය. භාරද්වාජය, ඒ මට මේ සිත විය. ´රාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාමහට පමණක් වීය්‍ර්‍යය ඇත්තේ නොවෙයි. මටද වීය්‍ර්‍යය ඇත. රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත. රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් රාම පුත්ත තෙම යම් ධර්‍මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්‍මය තමන්ම ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම පිණිස වීය්‍ර්‍යය කරන්නෙම් නම් යහපත්ය´ (කියායි.)

´´භාරද්වාජය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්‍මය තමාම නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, ඉන්පසු මම උද්දකරාම පුත්ත යම් තැනකද, එතැනට ගියෙමි. ගොස්, උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි.

´´ඇවැත්නි, රාමයෙනි, මේ ධර්‍මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ´´ යි ඇසීමි ´ඇවැත්නි මේ ධර්‍මය දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය´ යි ( උද්දකරාම තෙම) කීය. ´ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්‍මය දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරමියි (කීවෙමි.)

´´ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචය්‍ර්‍යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. මහත් ලාභයකි. මෙසේ මම යම් ධර්‍මයක් දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්‍මය නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්‍මයක් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්‍මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නේද, ඔබද ඒ ධර්මය දන්නෙහිය. ඔබ යම් ධර්‍මයක් දන්නේද, මමද ඒ ධර්‍මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද, ඔබත් එබඳුය. ඔබ යම් බඳුද, මමත් එබඳුය. ඇවැත්නි එව. දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමු´ යි (කීවේය.) භාරද්වාජය, මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම උද්දකරාම පුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.

10.´´ භාරවාජය, ඒ මට මෙසේ සිතුනේය. මේ (තාපස) ධර්‍මය සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇල්ම පිණිස නොපවතී. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතී. (දත යුතු ධර්‍මයන්) දැනීම පිණිස නොපවතී. (චතුරාය්‍ර්‍ය සත්‍යය) අවබොධය පිණිස නොපවතී. නිර්‍වාණය පිණිස නොපවතී. යම්තාක් නෙවසඤ්ඤානාඤ්ඤායතන බ්‍රහ්ම ලොකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. භාරවාජය, ඒ මම ඒ ධර්‍මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්‍මයෙන් ඉවත්ව ගියෙමි.

11. ´´භාරවාජය, ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ නිර්‍වාණය සොයමින් මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන් කරන්නේ, උරුවෙල් දනව්වෙහි සේනානී නම් නියම්ගම යම් තැනකද, එහි පැමිණියෙමි. එහි සුදු වැලි තලා ඇත්තාවූද, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරු ගම ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද, වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. භාරද්වාජය, ඒ මට මේ සිත පහළවිය. ඒකාන්තයෙන් භූමි ප්‍රදේශය සිත් අලවන්නේය. වන ලැහැබ සතුටු උපදවන්නේය. සුදු වැලි තලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීය්‍ර්‍යය කරන කුල පුත්‍රයෙකුට වීය්‍ර්‍යය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. ඒ මම මේ ස්ථානය වීය්‍ර්‍යය කිරීමට සුදුසුයයි සිතා වීය්‍ර්‍යය වැඩීම පිණිස එහිම උන්නෙමි.

´´භාරවාජය, මට ආශ්චය්‍ර්‍යවූ, පෙර නොඇසූ විරූ උපමාවක් වැටහුනාහුය. භාරවාජය, යම්සේ කිරි සහිතවූ අමු දියේ දමනලද තෙත්වූ (දිඹුල්) ලී කැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනි ගානා දණ්ඩක් ගෙන ´ගිනි නිපදවන්නෙමියි, ගින්දර ඇති කරන්නෙමි´ යි කියා එන්නේය. භාරවාජය, ඒ පුරුෂතෙම ජලයෙහි බහාලන ලද ඒ කිරි සහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?´´ ´´භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්:- භවත් ගෞතමයෙනි, දිඹුල් ලී කඩ වනාහි අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහාලන ලද්දේය. (එහෙයිනි.) (ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති) ඒ පුරුෂ තෙම ක්ලාන්තයටද, වෙහෙසටද පැමිණීම පමණක් සිදු වන්නේය´´ ´´ භාරවාජය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම් කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩ පවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආය්‍ර්‍ය මාර්‍ග ඥාන දර්‍ශනයටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය. භාරවාජය, ආශ්චය්‍ර්‍යවූ, පෙර නොඇසූ විරූ, මේ පළමුවන උපමාව මට වැටහුණි.

12. භාරවාජය, ආශ්චය්‍ර්‍යවූ, පෙර නොඇසූ විරූ, අන්‍යවූ දෙවෙනි උපමාවවක්ද මට වැටහිණි. භාරවාජය, යම්සේ කිරි සහිතවූ අමු (දිඹුල්) ලීයන් දියෙන් ඈත්කොට ගොඩබිමෙහි බහා තබන ලද්දේ වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනි ගානා දණ්ඩ ගෙන ´ගිනි නිපදවන්නෙමි, ගින්න පහළ කරන්නෙමි´ යි කියා එන්නේය. භාරවාජය, ඒ පුරුෂතෙම කිරි සහිතවූ, දියෙන් ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?´´ ´´භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්:- භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩ බිමෙහි දමා තුබුනත් කිරි සහිතය. (අමුය) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද පත්වීම පමණක් නම් සිදු වන්නේය.´´ ´´ භාරවාජය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, (එහෙත්) කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්මක් වේද, කාම ආශාවක් වේද, කාම මූර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද, මනාව මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආය්‍ර්‍ය ඥාන දර්‍ශනයටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය.

ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් ඉදින් නොවිඳින්නාහුද, ඥානදර්‍ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය. භාරද්වාජය, මේ වනාහි මට වැටහුනු පුදුමවූ, පෙර නොඇසුවාවූ, දෙවෙනි උපමාවය.

13. ´´ භාරද්වාජය, පුදුමවූ, පෙර නොඇසුවාවූ, තුන්වෙනිවූ, අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. භාරද්වාජය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ බිමෙහි තබනලද වියලි දර ලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනි ගානා දණ්ඩ ගෙන ´ගිනි උපදවන්නෙමි, ගින්න ඇති කරන්නෙමි´ යි එන්නේය. භාරද්වාජය, ඒ පුරුෂතෙම වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබන ලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්න ඇති කරන්නේද?´´ ´´භවත් ගෞතමයෙනි, එසේය, ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේ වෙයි, කිරි සිඳුනේ වෙයි. දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.´´ ´´භාරද්වාජය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාම වස්තූන් කෙරෙහි යම් ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ඡාවක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ කාම ආසාව අධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳින් ප්‍රහීන වූයේ වේද, හොඳින් මැඩ පැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හට ගත්තාවූ, තියුණුවූ කටුකවූ, වේදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්‍ග ඥාන දර්‍ශනය පිණිස, නිරුත්තරවූ අවබෝධය පිණිස සුදුස්සෝමැයි.

´´භාරද්වාජය, ආශ්චය්‍ර්‍යවූ, පෙර නොඇසූ විරූ මේ උපමා තුන මට වැටහුනාහුය.

14. ´´භාරද්වාජය, ඒ මට මේ සිත පහළ විය. යම් හෙයකින් මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත් මිටි කාගෙන) දිව උඩු තල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළෙන්නෙම් නම් යෙහෙක (කියායි.) භාරද්වාජය, ඒ මම දත් මිටි කාගෙන, දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි, පෙළමි, තවමි. භාරද්වාජය, දත්මිටි කාගෙන, දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.

´´ භාරද්වාජය, යම්සේ බලවත් පුරුෂයෙක් තෙම වඩා දුර්‍වල පුරුෂයෙකු විසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන, තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, භාරද්වාජය, එපරිද්දෙන්ම දත් මිටි කාගෙන, දිව උඩු තල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ, ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.

´´ භාරද්වාජය, මා විසින් නොහැකුථනු වීය්‍ර්‍යය පටන් ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළා විය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන්ම මඩන ලද්දාවූම මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේ විය. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

15. ´´ භාරද්වාජය, ඒ මට මේ සිත පහළ විය. යම් හෙයකින් මම ආශ්වාස කිරීම් රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක (කියාය.) භාරද්වාජය, ඒ මම කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. භාරද්වාජය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්ද ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම, භාරද්වාජය, මාගේ මුඛයෙන්ද, නාසයෙන්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.

´´භාරද්වාජය, මා විසින් නොහැකුථණු වීය්‍ර්‍යය පටන් ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

16. ´´භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනා විය. ´යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක (කියායි.) භාරද්වාජය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කනින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස් මුදුන පලන්නාක් මෙන් වෙයි. භාරද්වාජය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කඩුවකින් හිස්මුදුන විදින්නේද, එපරිද්දෙන්ම, භාරද්වාජය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කනින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස් මුදුන පලන්නා සේ වෙයි.

´´භාරද්වාජය, මා විසින් නොහැකුථණු වීය්‍ර්‍යය පටන් ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

17. ´´භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනා විය. ´යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක (කියායි.) භාරද්වාජය, ඒ මම මුඛයෙන්ද, නාස යෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රාශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇතිවෙයි. භාරද්වාජය, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම, භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කනින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇතිවෙයි.´´

´´භාරද්වාජය, මා විසින් නොහැකුථණු වීය්‍ර්‍යය පටන් ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

18. ´´භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනා විය. ´යම් හෙයකින් මම ආශ්වාස ප්‍රශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක (කියායි.) භාරද්වාජය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධිකවූ වාතයෝ කුස සිඳිත්.

´´භාරද්වාජය, දක්‍ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම් සේද, එපරිද්දෙන්ම, මුඛයෙන්ද, නාසයෙන්ද, කනින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නා සේ වෙයි.

´´භාරද්වාජය, මා විසින් නොහැකුථණු වීය්‍ර්‍යය පටන් ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

19. ´´භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනා විය. ´ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක (කියායි.) භාරද්වාජය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රාශ්වාස වැළැක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. භාරද්වාජය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වල පුරුෂයෙකු අත් දෙකින් අල්ලා ගෙන අඟුරු වලකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, භාරද්වාජය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.´´

´´ භාරද්වාජය, මා විසින් වීය්‍ර්‍යය පටන් ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීය්‍ර්‍යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ´ශ්‍රමණ ගෞතම තෙම කථරිය කළේය´ (කියායි.) ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ´ශ්‍රමණ ගෞතම තෙම කථරිය නොකළේය. එහෙත් කථරිය කරන්නේය.´ (කියායි.) ඇතැම් දේවතා කෙනෙක් ´ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේි. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ´ යි (කීහ)

20.´´භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම මුථමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක.´ (කියායි.) භාරද්වාජය, එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. ´නිදුකාණෙනි, ඔබ මුථමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යම් හෙයකින් ඔබ මුථමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු. ඔබ එයින් යැපෙන්නෙහිය.´ භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනා විය. ´´මම වනාහි මුථමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම් සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය.´ (කියායි.) භාරද්වාජය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.

´´භාරද්වාජය, ඒ මට මේ සිත පහළ විය. ´යම් හෙයකින් මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි´ (කියායි.)

´´භාරද්වාජය, ඒ මම පතක් පමණවූ, මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. භාරද්වාජය, ඒ මම පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි. අසූ වයස් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම් සේද, මාගේ අඟ පසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳු විය. ඔටු පියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදන මාංසය (තට්ටම) මැදින් ගැඹුරුවිය. රැහැනක ඇවුණූ දැව වැටිය යම්සේ අතරතුර උස් මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටි වෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉල ඇට උඩු යටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවූ ළිඳෙක දිය යට පෙනෙන තරු ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම් සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව් සුළඟින් හැකුලුනේද, මැලවුනේද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ හිසේ සම හැකුලුනේ මැලවුනේ වෙයි.

´´භාරද්වාජය, ඒ මම බඩේ සම අතගාන්නෙමියි පිටකටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඩේ සම අල්ලමි. භාරද්වාජය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඩේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි, හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. භාරද්වාජය, එසේ ශරීරයේ අවයව අතපත ගාන විට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල් කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.

´´භාරද්වාජය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ´ශ්‍රමණ ගෞතම තෙම කලුය.´ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය. ´ශ්‍රමණ ගෞතම තෙම කලු නොවෙයි, පලාවන් පාටය.´ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ´ශ්‍රමණ ගෞතම තෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රන් වන් සිවි ඇත්තේයි.´ භාරද්වාජය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ, හාත්පසින් බබලන්නාවූ ශරීර වර්‍ණය ඒ නිරාහාර භාවය නිසාම නැසුනේ වෙයි.

21. ´´භාරද්වාජය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. අනාගත කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්‍තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂ්කර ක්‍රියාවෙන් මනුෂ්‍ය භාවයට වැඩිවූ ආය්‍ර්‍යභාවය ඇති කිරීමට සමර්‍ථවූ ඥාන දර්‍ශන විශේෂයක් නොලබමි. මාර්‍ගාවබෝධය පිණිස අන්‍ය මාර්‍ගයක් ඇත්තේදැයි (කල්පනා විය.)

22.´´භාරද්වාජය, ඒ මට මේ අදහස විය. ´මම පියවූ ශුදේධාදන ශාක්‍ය රාජයාගේ වප් මගුල් දිනයෙහි සිහිල්වූ දඹ රුක් සෙවනෙහි හුන්නේ කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්‍ගය මාර්‍ග ඥාන අවබෝධය පිණිස වන්නේයි´ (අදහස් විය.) භාරද්වාජය, ඒ මට අවබෝධය පිණිස මේ මාර්‍ගයමයැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය. භාරද්වාජය, ඒ මට මේ අදහස විය. ´කාමයන්ගෙන් වෙන්වූ, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක් වේද, මම ඒ සැපයට භය වෙමිද´ (කියාය.) භාරද්වාජය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. ´කාමයන්ගෙන් වෙන්වූ, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක් වේද, මම ඒ සැපයට භය නොවෙමි´ යි (කියාය). භාරද්වාජය, ඒ මට මේ කල්පනාව ඇති විය. ´මෙතරම් දුර්‍වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථම ධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම් හෙයකින් මම බත් හා කොම පිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය.´ (කියාය.)

´´භාරද්වාජය, ඒ මම බත්, කොමපිඩුයැයි කියන ඔළාරික ආහාරයක් ගත්තෙමි. භාරද්වාජය, ඒ කාලයෙහි ´ශ්‍රමණ ගෞතම තෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය.´ යන අදහසින් භික්‍ෂූන් පස් දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. භාරද්වාජය, යම් කලක පටන් මම බත් හා කොමපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්‍ෂූහු ´ශ්‍රමණ ගෞතම තෙම ප්‍රත්‍යය බහුල කොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීය්‍ර්‍යය කිරීමෙන් පිරිහුණේයැ´ යි කියා කලකිරී බැහැර ගියාහුය.

´´භාරද්වාජය, ඒ මම ඕලාරික ආහාර ගෙන ශරීර ශක්තිය ලැබ කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, උපන්නාවූ, මෙබඳුවූද, සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

23. ´´විතක්ක විචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි. මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්‍ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයැයි ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද, මගේ කුසල් සිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි.

24. ´´ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි, අඞ්ගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්‍වෙනිවාසය (පෙර උපන් ජාති) සිහි කරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාත් සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්‍ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි´ යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.

´´භාරද්වාජය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙරවිසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. භාරද්වාජය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

25. ´´ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසිදු හෙයින්) දීප්තිමත්වූ කල්හි, අඞ්ගණ (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්‍ණ ඇත්තාවූද, මනා වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්‍මය පරිදි මිය ගියාවූ, සත්ත්‍වයන් දකිමි.

´´ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආය්‍ර්‍යයන්ට දොස් කීවාහු, මිත්‍යා දෘෂ්ටි ගත්තාහු, මිත්‍යා දෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්ත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනො සුචරිතයෙන් යුක්තවූවාහු, ආය්‍ර්‍යයන්ට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්‍ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්‍ණ ඇත්තාවූද, මනා වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්‍මය පරිදි මිය ගියාවූ සත්ත්‍වයන් දනිමි.

´´භාරද්වාජය, මා විසින් රාත්‍රියෙහි මැද යාමයෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපදීද් දක්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. භාරද්වාජය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

26. ´´ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්‍ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමූයෙමි. ඒ මම, ´මෙය දුකය´ යි තතුසේ දත්තෙමි. ´මේ දුක් ඉපදීමට හේතුවය´ යි තතු සේ දත්තෙමි. ´මේ දුක නැති කිරීමේ මාර්‍ගය´ යි තතුසේ දත්තෙමි. ´මේ දුක නැති කිරීමය´ යි තතුසේ දත්තෙමි. ´මොහු ආශ්‍රවයෝය´ යි තතුසේ දැනගතිමි. ´මේ ආශ්‍රවයන්ගේ හට ගැන්මය´ යි තතුසේ දැනගතිමි. ´මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමය´ යි තතුසේ දැනගතිමි. ´මේ ආශ්‍රවයන් නැතිකිරීමේ මාර්‍ගය´ යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන් මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි ´මිදුනේය´ යි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. ´කළයුතු අනිකක් නැත්තේය´ යි දැන ගතිමි.

27. ´´භාරද්වාජය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්‍ෂය කරන ඥාන නම්වූ අර්‍හත් මාර්‍ගය) මා විසින් ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම් සේ සිදුවිය යුතු නම් එසේ විය.´´

28. ´´මෙසේ කී කල්හි සඞ්ගාරව මානවක තෙමේ භග්‍යවතුන් වහන්සේට ´´අර්‍හත් සම්‍යක් සම්බුදු කෙනෙකුගේ වීය්‍ර්‍ය යම් සේද භවත් ගෞතමයන් වහන්සේගේ වීය්‍ර්‍ය එසේ නොනවත්වා වීය්‍ර්‍යයක් විය. භවත් ගෞතමයන් වහන්සේගේ වීය්‍ර්‍ය උත්තම පුරුෂයන්ගේ වීය්‍ර්‍යයක් වීය´´ යි කීය.

29. ´´භවත් ගෞතමයන් වහන්ස, දෙවියෝ ඇත්තාහුද?´´ ´´භාරද්වාජය, මා විසින් දෙවියන් ඇද්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී.´´

´´භවත් ගෞතමයන් වහන්ස, ´දෙවියන් ඇද්දැ´ යි අසන ලද්දේ, ´භාරද්වාජය, මා විසින් දෙවියන් ඇද්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැ´ යි කීයෙහිය. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි ඒ කීම හිස්වූ බොරු කථාවක් නොවන්නේද?´´

´´භාරද්වාජය, ´දෙවියෝ ඇද්දැ´ යි අසන ලද්දේ, ´දෙවියෝ ඇතැ´ යි යමෙක් කියන්නේද, දෙවියෝ ඇතැයි කාරණයන්ට අනුව මා විසින් දැනගන්නා ලදැයි යමෙක් කියන්නේ ද, එකල්හි නුවණැති පුරුෂයා විසින් දෙවියෝ ඇතැයි ඒකාන්තයෙන් විනිශ්චයට පැමිණිය යුතුයි.´´ ´´භවත් ගෞතමයන් වහන්සේ පළමුකොටම මට එසේ නොකීයේ මන්ද?´´ ´´භාරද්වාජය, දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට වශයෙන් සම්මතව පවත්නා දෙයකි´´ යි වදාළේය. මෙසේ වදාළ කල්හි සංගාරව මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේට ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසූ දෙයක් වැසුම් අරින්නේද, මං මුළා වූවෙකුට මාර්‍ගය කියා දෙන්නේද, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලදී, මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, සඞ්යාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ, අද පටන් මා දිවි හිම්ව සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා.´´

දසවැනිවූ සඞ්ගාරව සූත්‍රය නිමි. ( 5 – 10 )

(බ්‍රහ්මායු සූත්‍රය, සේල සූත්‍රය, අස්සලායන සූත්‍රය,

ටෝමුඛ සූත්‍රය, චංකී සූත්‍රය, එසුකාරී සූත්‍රය,

ධානඤ්ජානි සූත්‍රය, සුභ සූත්‍රය, සඞ්ගාර සූත්‍රය යන

සූත්‍ර දසයවූ)

පස්වැනිවූ බ්‍රාහ්මණ වර්‍ගයයි.

99. සුභ සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේ පි්ඬු සිටුහු විසින් කරවූ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි තොදෙය්‍ය පුත්‍රවූ සුභ මානවතයා එක්තරා ගෘහපතියෙකුගේ ගෙදරක කිසියම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කරයි. එතල්හි තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා යම් ගෘහපතියෙකුගේ ගෙදර වසයිද, ඒ ගෘහපතියාට මෙසේ කීය. ´´ගෘහපතිය, සැවැත් නුවර රහතුන්ගෙන් හිස් නුවූයේයයි මා විසින් අසන ලදී. අද කිනම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ඇසුරු කරන්නෙමුදැ´´ යි ඇසීය.

2. ´´ස්වාමීනි, මේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේ පි්ඬු සිටුහු විසින් කරවූ දෙව්රම් වෙහෙර වාසය කරණ සේක. ස්වාමීනි, ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරනු මැනව.´´ ඉක්බිති තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා ඒ ගෘහපතියාට පිලිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක උන්නේය. එක් පැත්තක හුන් තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

´´භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ කීහ. ´ගිහියා නිරවද්‍යවූ කුශල මාර්‍ගය සම්පූර්‍ණ කරන්නේ වෙයි. පැවිද්දා නිරවද්‍යවූ කුශල මාර්‍ගය සම්පූර්‍ණ නොකරන්නේ වේ.´ යනුයි. මේ කරුණෙහිදී භවත් ගෞතමයන් වහන්සේ කුමක් කියන සේක්ද?´´

3. ´´මානවකය, මම මේ කරුණෙහිදී විභජ්ජවාදියෙක් ( කරුණු බෙදා කියන්නෙක් ) වෙමි. මම එක් පැත්තක් බලා කියන්නෙක් නොවෙමි. මානවකය. මම ගිහියෙකුගේ හෝ පැවිද්දෙකුගේ හෝ වැරදි පිළිපැදීම වර්‍ණනා නොකරමි. මානවකය, වැරදි මාර්‍ගයෙහි පිළිපන් ගිහියා හෝ පැවිද්දා හෝ වැරදි මාර්‍ගයෙහි පිළිපැදීම හේතුකොට ගෙන නිවැරදි කුශල මාර්‍ගය සම්පූර්‍ණ කරන්නෙක් නොවේ. මානවකය, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යහපත් පිලිපැදීම වර්‍ණනා කරමි. මානවකය, හරි මාර්‍ගයෙහි පිළිපන් ගිහියා හෝ පැවිද්දා හෝ හරි මාර්‍ගයෙහි පිළිපැදීම හේතුකොට ගෙන නිවැරදි කුශල මාර්‍ගය සම්පූර්‍ණ කරන්නෙක් වේ.´´

4. ´´භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහමණයෝ මෙසේ කීහ. ´වතාවත් කිරීම, උපකරණ රැස්තිරීම ආදී බොහෝ කටයුතු ඇති, නම් තබන මඞ්ගල්‍යාදී මහත් කටයුතු ඇති, මෙය අද කළ යුතුය, සෙට කළ යුතුයයි මෙසේ අධික කටයුතු ඇති බොහෝ දෙනා කර්‍මාන්තයන්හි යෙදීම් යෙදවීම් ආදී බොහෝ කරදර ඇති, ගිහිගෙයි කටයුතු මහත් ඵල ඇත්තේ වෙයි. ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප වැඩ ඇති, ස්වල්ප යෙදවීම් ඇති, අඩු කරුණු ඇති පැවිදිකම අල්ප ඵල ඇත්තේය´ කියාය. භවත් ගෞතමයන් වහන්සේ මෙකරුණෙහිදී කුමක් කියන සේක්ද?´´

5. ´´මානවකය, මම මෙහිදී කරුණු බෙදා කියන්නෙක්මි. එක් පැත්තක් බලා කරුණු කියන්නෙක් නොවෙමි. මානවකය, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති, කර්‍මාන්තද වරදවා කරන ලද්දේ ස්වල්ප ඵල ඇත්තේ වෙයි. මානවකය, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති, කර්‍මාන්තද යහපත්කොට කරණ ලද්දේ, මහත් ඵල ඇත්තේ වෙයි. මානවකය, මඳ කටයුතු ඇති, ස්වල්ප කෘත්‍ය ඇති, අඩු වැඩපල ඇති, අඩු යෙදවීම් ඇති, කර්‍මාන්තද වරදවා කරන ලද්දේ අල්ප ඵල ඇත්තේ වෙහි. මඳ කටයුතු ඇති, ස්වල්ප කෘත්‍ය ඇති, අඩු වැඩපල ඇති, අඩු යෙදවීම් ඇති, කර්‍මාන්තද යහපත්කොට කරන ලද්දේ මහත් ඵල ඇත්තේ වෙයි.

´´මානවකය, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති, වරදවා තරන ලද අල්ප ඵල ඇති කර්‍මාන්තය නම් තුමක්ද? මානවකය, කෘෂීකර්‍මය ( ගොවිතැන ) මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති, වරදවා තළ කල්හි ස්වල්ප ඵල ඇති කර්‍මාන්තය වේ.

6. ´´මානවකය, යහපත් කොට කරන ලද කල්හි මහත් ඵල ඇති, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති කර්‍මාන්තය කුමක්ද?

´´මානවකය, කෘෂීකර්‍මය ( ගොවිතැන ) යහපත් කොට කළ කල්හි මහත් ඵල ඇති, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති කර්‍මාන්තය වේ.

7. ´´මානවකය, ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප වැඩපල ඇති, අඩු කටයුතු ඇති, අඩු මෙහෙයීම් ඇති, වරදවා කළ කල්හි අල්ප ඵල ඇති කර්‍මාන්තය නම් කුමක්ද?

´´මානවකය, වෙළඳාම, අඩු කටයුතු ඇති, අඩු වැඩපල ඇති, අඩු යෙදවීම් ඇති, වරදවා කළ කල්හි අල්ප ඵල ඇති කර්‍මාන්තය වෙයි.

8. ´´මානවකය, යහපත් කොට කරන ලද කල්හි මහත් ඵල ඇති, අඩු කටයුතු ඇති, අඩු වැඩපල ඇති, අඩු යෙදවීම් ඇති කර්‍මාන්තය නම් කුමක්ද?

´´මානවකය, වෙළඳාම, යහපත් කොට කරන ලද කල්හි මහත් ඵල ඇති, අඩු කටයුතු ඇති, අඩු වැඩපල ඇති, අඩු යෙදවීම් ඇති කර්‍මාන්තය වෙයි.

9. ´´මානවකය, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති කෘෂිකර්‍මය වරදවා කරන ලද්දේ ස්වල්ප ඵල ඇත්තේ වෙයිද, මානවකය, එසේම මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති, ගිහිකමද වරදවා කරන ලද්දේ ස්වල්ප ඵල ඇත්තේ වෙයි.

මානවකය, යම්සේ මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති කෘෂිකර්‍මයම යහපත් කොට කරන ලද්දේ මහත් ඵල ඇත්තේ වෙයිද, එසේම මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති, ගිහිකමද යහපත් කොට කරන ලද්දේ මහත් ඵල ඇත්තේ වෙයි.

10. ´´මානවකය, යම්සේ ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප වැඩපල ඇති, අඩු කටයුතු, අඩු යෙදවීම් ඇති, වෙළඳාම වරදවා කරන ලද්දේ ස්වල්ප ඵල ඇත්තේද, එමෙන් ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප වැඩපල ඇති, අඩු කටයුතු ඇති, අඩු යෙදවීම් ඇති, මහණකමද වරදවා කරන ලද්දේ, ස්වල්ප ඵල ඇත්තේ වෙයි. මානවකය, යම්සේ ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප වැඩපල ඇති, අඩු කටයුතු ඇති, අඩු යෙදවීම් ඇති, වෙළඳාම යහපත්කොට කරන ලද්දේ මහත් ඵල ඇත්තේ වේද, එමෙන් ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප වැඩපල ඇති, අඩු කටයුතු ඇති, අඩු යෙදවීම් ඇති, මහණකමද යහපත් කොට කරන ලද්දේ මහත් ඵල ඇත්තේ වෙයි.

11. ´´භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ වනාහි කුසල් කිරීම පිණිස, කුසල් පිරීම පිණිස, ධර්‍ම පසක් පණවත්.´´

´´මානවකය, බ්‍රාහ්මණයෝ කුසල් කරනු පිණිස, කුසල් පුරනු පිණිස, යම් ඒ ධර්‍ම පසක් පනවත්ද, ඉදින් තොපට බරක් නොවේ නම් ඒ ධර්‍ම පස මේ පිරිසෙහි කියව.´´ ´´භවත් ගෞතමයන් වහන්ස, පින්වතුන් වහන්සේ හෝ පින්වතුන් වහන්සේට සමානවූවෝ හෝ යම් තෙනක සිටිත් නම් එහිදී ප්‍රකාශ කිරීම මට බරක් නොවේ.´´ ´´මානවකය, එසේ නම් කියව.´´

12. ´´ භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ සත්‍යය කුසල් කරනු පිණිස, කුසල් පුරනු පිණිස, පළමුවැනි ධර්‍මයකොට පනවත්. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ තපස කුසල් කරනු පිණිස කුසල් පුරනු පිණිස දෙවැනි ධර්‍මය කොට පණවත්. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ, බ්‍රහ්මචය්‍ර්‍යාව කුසල් කරනු පිණිස, කුසල් පුරනු පිණිස, තුන්වැනි ධර්‍මය කොට පණවත්. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ, සජ්ඣායනා කිරීම කුසල් කරනු පිණිස, කුසල් පුරනු පිණිස සතරවැනි ධර්‍මය කොට පණවත්. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ කුසල් කරනු පිණිස, කුසල් පුරනු පිණිස ත්‍යාගය ( දීම ) පස්වැනි ධර්‍මය කොට පණවත්. භවත් ගෞතමයන් වහන්සේ මේ කාරණය ගැන කුමක් කියන සේක්ද?,´´

13. ´´මානවකය, කිමෙක්ද? බමුණන් අතුරෙන් එක් බ්‍රාහ්මණයෙක්වත් ´මම මේ ධර්‍මය තෙමේම ප්‍රත්‍යක්‍ෂ කොට නුවණින් දැන විපාක ප්‍රකාශ කරමි´ යි කියන්නේද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, එසේ නොවේය.´´ ´´මානවකය, කිමෙක්ද? බ්‍රාහ්මණයන්ගේ එක් ගුරුවරයෙක් හෝ ගුරුවරයන්ගේ ගුරුවරයෙක් හෝ සත්වැනි පරම්පරාව දක්වා ´මම මේ ධර්ම පස තෙමේම ප්‍රත්‍යක්‍ෂකොට නුවණින් දැන විපාක ප්‍රකාශ කරමි´ යි කියන්නේද?´´ ´´ භවත් ගෙෘතමයන් වහන්ස, එය එසේ නොවේය.´´ ´´මානවකය, කිමෙක්ද? මන්ත්‍ර කර්‍තෘවූ, මන්ත්‍ර පවත්වන්නාවූ, බමුණන්ගේ පූර්‍වවූ යම් ඒ ඎෂීහු වෙත්ද? ඔවුන් විසින් ගායනා කරනලද, කියනලද, යහපත්සේ එක්කොට තැබූ, පුරාණවූ මන්ත්‍රවිදි මෙකල බමුණෝ අනුව ගායනාකරත්ද, ඒ අනුව කියත්ද, කියූ දෙය අනුව කියත්ද, ඔවුහු කවරේද? අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අඞ්ගීරසය, භාරවාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය (යන මොවුහුය.) ඔවුහුද, ´අපි මේ ධර්ම පස තෙමේම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැන විපාක ප්‍රකාශ කරමුයි කීවාහුද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, මෙය එසේ නොවේ.´´

14. ´´මානවකය, මෙසේ වනාහි බමුණන් අතුරෙන් ´මම මේ ධර්‍ම පස ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැන විපාක ප්‍රකාශ කෙළෙමි´ යි කී එකද බ්‍රාහ්මණයෙක් නැත. බමුණන්ගේ සත්වැනි ඇදුරු පරපුර දක්වා ´මම මේ ධර්‍ම පස ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැන විපාක ප්‍රකාශ කරමි´ යි කී, එක් ගුරුවරයෙක් හෝ ගුරුවරයන්ගේ ගුරුවරයෙක් හෝ නැත. බමුණන්ගේ මන්ත්‍ර කරන්නාවූ මන්ත්‍ර පවත්වන්නාවූ යම් ඒ පූර්‍ව ඎෂීහු වෙත්ද, ඔවුන් විසින් ගායනා කරණ ලද, කියන ලද, යහපත් සේ එක්කොට තැබූ, පුරාණවූ මන්ත්‍ර පද අනුව ගයත්ද, ඒ අනුව කියත්ද, කියූ දෙය අනුව කියත්ද, ඔවුහු කවරේද? අට්ටකය, වාමවකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අඞ්ගීරසය, භාරවාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය (යන මොවුහුය.). ඔවුහුද අපි මේ පඤ්චධර්මයන් තෙමේම ප්‍රත්‍යක්‍ෂ වශයෙන්දැන විපාක ප්‍රකාශ කරමුයයි නොකීහ.

´´මානවකය, යම්සේ උරෙන් උරය සම්බන්‍ධවී සිටින අන්ධ සමූහයක පළමුවැනියාද නොදකියි. මැද සිටින්නාද නොදකියි. අන්තිමයාද නොදකියි. මානවකය, එපරිද්දෙන් බ්‍රාහ්මණයන්ගේ කීම මේ අන්‍ධ උපමාව හා සමාන බවට පැමිණෙයි. පළමුවැනියාද නොදකියි. මධ්‍යමයාද නොදකියි. අන්තිමයාද නොදකියි.´´

15. මෙසේ කී කල්හි තොදෙය්‍යපුත්‍රවූ සුභ මානවකයා භාග්‍යවතුන් විසින් කියනු ලැබූ අන්‍ධ උපමාව නිසා කුපිතව නොසතුටු සිත් ඇතිව භාග්‍යවතුන් වහන්සේටම ගටා බණමින් භාග්‍යවතුන් වහන්සේටම පහත්කොට කථා කරමින් භාග්‍යවතුන් වහන්සේටම උපවාද කියමින් ´´ශ්‍රමණ ගෞතම තෙමේ පාපියෙක් වන්නේය´´ යි කියා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´භවත් ගෞතමය, උපමඤ්ඤ ගොත්‍රයෙහිවූ, සුභග වනයට අධිපතිවූ, පොක්ඛරසාතී බ්‍රාහ්මණ තෙමේ මෙසේ කීය. ´ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ, ආය්‍ර්‍යවූ විශෙෂ ඥානයෙන් දැකීමක් ප්‍රකාශ කරත්. ඔවුන්ගේ ඒ කීම සිනාවක් බවට පැමිණේ. නාම මාත්‍රයක් බවට පැමිණේ. හිස් බවට පැමිණේ. බොරු බවට පැමිණේ. මනුෂ්‍යයෙක් කෙසේ නම් මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ ආය්‍ර්‍යවූ විශෙෂ ඥානයක් දැන ගන්නේද, දක්නේද, ප්‍රත්‍යන්‍ෂ කරන්නේද? ඊට කරුණු නැත කියායි.´ ´´කිමෙක්ද?

මානවකය, උපමඤ්ඤ ගොත්‍රයෙහිවූ, සුභග වනයට අධිපතිවූ, පොක්ඛරසාතී බ්‍රාහ්මණ තෙමේ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනීද?´´ ´´භවත් ගෞතමය, උපමඤ්ඤ ගොත්‍රයෙහිවූ, සුභග වනයට අධිපතිවූ, පොක්ඛරසාතී බමුණු තෙම ස්වකීය පුණ්ණක නම් දාසියගේ සිතද තම සිතින් පිරිසිඳ නොදනියි. කෙසේ නම් සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සිත ගම සිතින් පිරිසිඳ දැනගන්නේද?´´

16. ´´මානවකය, යම්සේ උත්පත්තියෙන් අන්‍ධ පුරුෂයා කථ සුදු රූපයන් නොදක්නේද, නිල් රූප නොදක්නේද, රන්වන් රූප නොදක්නේද, ලෙහෙවන් රූප නොදක්නේද, මදටිය පැහැති රූප නොදක්නේද, සම විසම දෙක නොදක්නේද, තරු නොදක්නේද, සඳ හිරු නොදක්නේද, හෙතෙම මෙසේ කියන්නේය. ´කථ සුදු රූපයෝ නැත. කථ සුදු රූපයන් දකින්නෙක් නැත. නිල් රූප නැත. නිල් රූපයන් දක්නෙක් නැත. රන්වන් රූප නැත. රන්වන් රූප දක්නෙක් නැත. ලෙහෙවන් රූප නැත. ලෙහෙවන් රූප දක්නෙක් නැත. මදටිය පැහැති රූප නැත. මදටිය වන් රූපයන් දක්නෙක් නැත. සම විසම දෙකක් නැත. සම විසම දෙක දක්නෙක් නැත. තරු නැත. තරු දක්නෙක් නැත. සඳ හිරු නැත. සඳ හිරු දක්නෙක් නැත. මම මෙය නොදනිමි. මම මෙය නොදකිමි. එහෙයින් ඒ දේ නැතැයි කියමි.´´ යනුයි. ´´මානවකය, හෙතෙම මනාකොට කියනු ලබන්නේක් වන්නේද?´´

´´භවත් ගෞතමයන් වහන්ස, එය එසේ නොවේය. කථ සුදු රූප ඇත. කථ සුදු රූපයන් දක්නෙක් ඇත. නිල් රූප ඇත. නිල් රූප දක්නෙක් ඇත. රන්වන් රූප ඇත. රන්වන් රූප දක්නෙක් ඇත. ලෙහෙවන් රූප ඇත. ලෙහෙවන් රූප දක්නෙක් ඇත. මදටිය පැහැති රූප ඇත. මදටිය පැහැති රූප දක්නෙක් ඇත. සම විසම ඇත. සම විසම දක්නෙක් ඇත. තරු ඇත. තරු දක්නෙක් ඇත. සඳ හිරු ඇත. සඳ හිරු දක්නෙක් ඇත. ´මම මෙය නොදනිමි. මම මෙය නොදකිමි. එහෙයින් නැතැ´ යි කියන්නේ නම් භවත් ගෞතමයන් වහන්ස, හෙතෙම යහපත්කොට කියනු ලබන්නෙක් නොවේ.´´ ´´මානවකය, එසේම ඕපමඤ්ඤ ගොත්‍රයෙහි, සුභග වනයට අධිපතිවූ, පොක්ඛරසාතී බ්‍රාහ්මණ තෙමේ අන්‍ධයෙකි. ඇස් නැත්තෙකි. හෙතෙම ඒකාන්තයෙන් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආය්‍ර්‍යවූ ඥාන දර්‍ශනය දැනගන්නේය, දක්නේය, ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන බවට හේතුවක් කරුණක් නැත්තේය.

17. ´´මානවකය, ඒ කිමැයි සිතන්නෙහිද, කොසල ජනපදයෙහි යම් ඒ මහාසාර බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු කවරහුද? වඞ්කී බ්‍රාහ්මණය, තාරුක්ඛ බ්‍රාහ්මණය, පොක්ඛරසාති බ්‍රාහ්මණය, ජානුස්සොනි බ්‍රාහ්මණය, තොපගේ පියාවූ තොදෙය්‍ය බ්‍රාහ්මණය යන මොහුය.´´ ´´ඔවුහු ලෝක ව්‍යවහාරයට අනුකූල වචනයක් කියත්ද, අනුකූල නොවූ වචනයක් කියත්ද, එදෙකින් කවරක් උතුම් වේද?´´

´´භවත් ගෞතමයන් වහන්ස, ලොක ව්‍යවහාරයට අනුව කියන වචනය උතුම්ය.´´ ´´ඔවුහු යම් වචනයක් විමසා බලා කියත්ද, යම් වචනයක් විමසා නොබලා කියත්ද, ඒ දෙකින් කවරක් උතුම්ද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, විමසා බලා කියන වචනය උතුම්ය.´´ ´´ඔවුහු යම් වචනයක් දැනගෙන කියත්ද, යම් වචනයක් නොදැන කියත්ද, ඒ දෙකින් කවරක් උතුම්ද?´´ ´´ භවත් ගෞතමයන් වහන්ස, දැනගෙන කීම උතුමි.´´ ´´ඔවුහු අර්‍ථයෙන් යුක්තවූ යම් වචනයක් කියත්ද, අර්‍ථ රහිතවූ යම් වචනයක් කියත්ද, ඒ දෙකින් කවරක් උතුම්ද?´´ ´´ භවත් ගෞතමයන් වහන්ස, අර්‍ථයෙන් යුක්තකොට කියන වචනය උතුම්ය.´´

´´මානවකය, ඒ කිමැයි සිතන්නෙහිද? ඉදින් මෙසේ ඇති කල්හි ඔපමඤ්ඤාවූ, සුභගවනික නම්වූ පොක්ඛරසාති බමුණා විසින් ලොක ව්‍යවහාරයට අනුකූල වචනයක් කියන ලද්දේද? අනුකූල නොවූවක් කියන ලද්දේද?´´ ´´ භවත් ගෞතමයන් වහන්ස, අනුකූල නොවූවක් කියන ලදී.´´ ´´විමසා බලා කියන ලද්දේද? විමසා නොබලා කියන ලද්දේද?´´

´´භවත් ගෞතමයන් වහන්ස, විමසා නොබලා කියන ලද්දේය.´´ ´´දැනගෙන කියන ලද්දේද? නොදැන කියන ලද්දේද?´´ ´´ භවත් ගෞතමයන් වහන්ස, නොදැන කියන ලද්දේය.´´ ´´අර්‍ථ සහිතව කියන ලද්දේද, අර්ථ රහිතව කියන ලද්දේද?´´ ´´ භවත් ගෞතමයන් වහන්ස, අර්ථ රහිතව කියන ලද්දේය.´´

18. ´´මාණවකය, මේ නීවරණයෝ පස් දෙනෙකි. කවර පසෙක්ද? කාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යනුයි. මානවකය, මේ පඤ්ච නීවරණයෝය. මානවකය, ඕපමඤ්ඤවූ, සුභගවනික නම්වූ, පොක්ඛරසාතී බමුණා මේ පඤ්ච නීවරණයන්ගෙන් වැසුනේය. වට කර ගන්නා ලද්දේය. වෙලුණේය. විශෙෂයෙන් වෙලුණේය. හෙතෙම ඒකාන්තයෙන් මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ ආය්‍ර්‍යවූ ඥාන දර්‍ශනය දන්නේය, දකින්නේය, ප්‍රත්‍යක්‍ෂ කරන්නේය. යන බවට කරුණු නැත්තේය.

19. ´´මානවකය, මේ කාම ගුණයෝ පසෙකි. කවර පසෙක්ද, ඇසින් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ඇලීම පිණිස පවත්තාවූ රූපයෝ වෙත්. කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ඇලීම පිණිස පවත්තාවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ගන්‍ධයෝ වෙත්. දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ඇලීම පිණිස පවත්තාවූ රසයෝ වෙත්. කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ඇලීම පිණිස පවත්නාවූ ස්පර්‍ශයෝ වෙත්. මාණවකය, මේ පඤ්චකාම ගුණයෝය. මාණවකය, මේ පඤ්චකාම ගුණයන්හි ඕපඤ්ඤ සුභගවනික නම්වූ පොක්ඛරසාති බමුණා ගැථනේ, මුසපත් වූයේ, මුලාවට පැමිණියේ, ආදිනව නොදක්නේ නික්මෙන ප්‍රඥාවක් නැතිව එම පස් කම් සැප අනුභව කරයි. ඒකාන්තයෙන් හෙතෙම මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ, ආය්‍ර්‍යවූ ඥාන දර්‍ශන විශෙෂයක් දැන ගන්නේය කියා හෝ දක්නේය කියා හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේය කියා හෝ යන මීට හේතු නැත.

20. ´´මානවකය, ඒ කිමැයි සිතන්නෙහිද, තෘණ දර නිසා යම් ගින්නක් දැල්වන්නේද, තණ දර නැතිව යම් ගින්නක් දල්වන්නේද, මේ දෙකින් කිනම් ගින්නක් රශ්මිය ඇත්තේද? වර්‍ණවත්ද? ආලෝකවත්ද?´´

´´භවත් ගෞතමයන් වහන්ස, ඉදින් තණ දර නැතිව ගිනි දැල්විය හැකිනම්, ඒ ගිනි රශ්මි ඇත්තේය. වර්‍ණවත්ය. ආලෝකවත්ය.´´ ´´මානවකය, තෘණ දර නැතිව ගිනි දැල්වීමට ඎධිමතෙකුට හැර අනිකෙකුට නුපුථවන. මානවකය, යම්සේ තණ දර නිසා ගිනි දල්වයිද, මානවකය, එමෙන් පස්කම් ගුණයන් නිසා යම් ප්‍රීතියක් වේද, මම ඒ ප්‍රීතිය ඒ ගින්න හා උපමා කොට කියමි. මානවකය, යම්සේ තෘණ දර නැතිව ගිනි දල්වයිද, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව යම් ප්‍රීතියක් ලබයිද, ඒ ප්‍රීතිය මම ඒ තෘණ දර නැතිව උපදවන ගින්නට උපමාකර කියමි.

21. ´´මානවකය, කාමයන්ගෙන් වෙන්වූ, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වූ ප්‍රීතිය කවරේද? මානවකය, මෙහි භික්‍ෂු තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශලයන්ගෙන් වෙන්ව, විතක්ක විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපයෙන් යුක්ත ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මානවකය, මේ ප්‍රීතිය කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වූ ප්‍රීතියයි. නැවතද මානවකය, භික්‍ෂු තෙම විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්, අභ්‍යන්තරය පහදවන්නාවූ, සිතේ එකඟකම ඇතිකරන්නාවූ, විතර්‍ක විචාර රහිතවූ සමාධියෙන් ඇතිවූ ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මානවකය, මෙයද කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වූ ප්‍රීතියයි.

22. ´´මානවකය, යම් ඒ බ්‍රාහ්මණයෙක් පින් කිරීමට කුසල් කිරීමට ධර්‍ම පසක් පනවත්ද, මොවුන් අතුරෙන් බ්‍රාහ්මණයෝ කිනම් ධර්‍මයක් පින් කිරීමට කුසල්කිරීමට වඩා මහත් ඵල කොට පනවත්ද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, කුසල් කිරීමට යම් ඒ ධර්‍මයක් පනවත්ද, බමුණෝ පින් කිරීමට ඔවුන් අතු රෙන් දන්දීම පින් කිරීම පිණිස කුසල් කිරීම පිණිස වඩා මහත් ඵල කොට පනවත්.´´ ´´මානවකය, ඒ කිමැයි සිතන්නෙහිද? මෙහි එක්තරා බමුණෙකුගේ මහා දානයක් වූ අවස්ථාවක් පැමිණෙන්නේය. එකල්හි බමුණෝ දෙදෙනෙක් මෙනම් බමුණාගේ මහා යාගය අනුභව කරන්නෙමුයි එන්නාහුය. එහි එක් බමුණෙකුට මෙබඳු සිතක් වන්නේය. ´දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය, අග්‍ර ආහාරය ඒකාන්තයෙන් මම ලබන්නෙම් නම් අනික් බ්‍රාහ්මණයා දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය, අග්‍ර ආහාරය නො ලබන්නේනම් හොඳය´ කියාය. මානවකය, ඉදින් අනික් බ්‍රාහ්මණයා දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය, අග්‍ර ආහාරය ලබන්නේද, ඒ බ්‍රාහ්මණයා දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය, අග්‍ර ආහාරය නොලබන්නේද, ´අනික් බ්‍රාහ්මණයා දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය, අග්‍ර ආහාරය ලබයි. මම දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය, අග්‍ර ආහාරය නොලබමියි´´ මෙසේ හෙතෙම කිපුණෙක්, නොසතුටු වූවෙක් විය හැකි වන්නේය. මානවකය, මොහුට බමුණෝ කුමන විපාකයක් පනවත්ද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණෝ මේ නිසා අනිකෙක් කුපිත වේවා, නොසතුටු සිතැත්තේ වේවායි සිතා මෙසේ දන් නොදෙත්. එහෙත් බමුණෝ අනුකම්පා ස්වභාවයෙන්ම දන් දෙත්.´´ ´´මානවකය, මෙසේ ඇති කල්හි බමුණන්ගේ යම් මේ අනුකම්පා ස්වභාව වූ සයවැනි පුන්‍යක්‍රියා වස්තුවකුත් වේද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි බමුණන්ගේ යම් මේ අනුකම්පා ස්වභාවවූ සයවැනි පුන්‍යක්‍රියා වස්තුවක්ද වෙයි.´´

23. ´´මානවකය, බමුණෝ පින් කිරීමට, කුසල් කිරීමට යම් මේ පඤ්ච ධර්‍මයක් පනවත්ද, නුඹ මේ පඤ්ච ධර්‍මයන් ගිහියන් අතර හෝ පැවිද්දන් අතර හෝ කවුරුන් අතර බහුලව දක්නේද?´´ ´´ භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ පින් කිරීමට, කුසල් කිරීමට යම් මේ පඤ්ච ධර්‍මයක් පනවත්ද, මේ පඤ්ච ධර්‍මය පැවිද්දන් අතර බහුලව දකිමි. ගිහියන් අතර අල්පය. භවත් ගෞතමයන් වහන්ස, ගෘහස්තයා වනාහි මහත් කටයුතු ඇත්තේය. බොහෝ වැඩපල ඇත්තේය. අධික කටයුතු ඇත්තේය. බොහෝ යෙදවීම් ඇත්තේය. එහෙයින් නිතර සත්‍යවාදී නොවෙයි. භවත් ගෞතමයන් වහන්ස, ප්‍රව්‍රජිතයා වනාහි අඩු කටයුතු ඇත්තේය. අඩු වැඩපල ඇත්තේය. අඩු යෙදවීම් ඇත්තේය. එහෙයින් නිතර සත්‍යවාදී වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ගෘහස්තයා වනාහි මහත් කටයුතු ඇත්තේය. බොහෝ වැඩපල අධික කටයුතු ඇත්තේය. බොහෝ යෙදවීම් ඇත්තේය. එහෙයින් නිතර තපස්කම් නොකරයි. බ්‍රහ්මචාරී නොවේ. සජඣායනා බහුල නොවේ. දන් දීම් බහුල නොවේ. භවත් ගෞතමයන් වහන්ස, ප්‍රව්‍රජිතයා වනාහි ස්වල්ප කටයුතු ඇත්තේය. ස්වල්ප වැඩපල ඇත්තේය. ස්වල්ප යෙදවීම් ඇත්තේය. එහෙයින් නිතර තපස්කම් කරයි. බ්‍රහ්මචාරී වෙයි. සජ්ඣායනා බහුල වෙයි. දන්දීම් බහුල වෙයි. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ පින් කිරීමට, කුසල් කිරීමට යම් මේ පඤ්ච ධර්‍මයක් පනවත්ද, මම මේ පඤ්ච ධර්‍මයන් පැවිද්දන් කෙරෙහි බහුලව දකිමි. ගෘහස්තයන් කෙරෙහි ස්වල්පය.´´

24. ´´මානවකය, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් කිරීමට යම් ඒ ධර්‍ම පසක් පනවත්ද, මම ඒ ධර්‍ම චිත්තයාගේ පිරිවර ධර්‍මයයි කියමි. වෛර නැත්තාවූ, ක්‍රොධ නැත්තාවූ යම් ඒ සිතක් වේද, ඒ චිත්තයාගේ වැඩීම පිණිස වෙයි. මානවකය, මෙහි භික්‍ෂුතෙම සත්‍යවාදී වේද, හෙතෙම සත්‍යවාදී වෙමියි අර්‍ථය දැනීමෙන් සතුට ලබයි. පාළිය දැනීමෙන් සතුට ලබයි. ධර්‍මයෙන් යුක්තවූ සතුට ලබයි. කුසලයෙන් යුක්තවූ යම් ඒ ප්‍රීතියක් වේද, ඒ ප්‍රීතිය චිත්තයාගේ පිරිවරයයි කියමි. වෛර නැත්තාවූ, ක්‍රෝධ නැත්තාවූ, යම් ඒ සිතක් වේද, ඒ සිත වැඩීම පිණිස වෙයි. මානවකය, මෙහි භික්‍ෂුතෙම තපස් රක්නේද, හෙතෙම ´මම තපස් කරන්නෙක් වෙමි´ යි අත්‍ර්‍ථය දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්‍මය දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්‍මයෙන් යුක්තවූ ප්‍රීතිය ලබයි. කුශලයෙන් යුක්තවූ යම් ඒ ප්‍රීතියක් වේද, යම් ඒ වෛර නැත්තාවූ සිතක් වේද, ´මම ඒ වැඩීම සඳහා තපස් රැකීම ඒ චිත්තයාගේ පිරිවරය´ යි කියමි. හෙතෙම ´මම බ්‍රහ්මචාරී වෙමි´ යි අත්‍ර්‍ථය දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්‍මයෙන් යුක්තවූ ප්‍රීතිය ලබයි. යම් මේ වෛර නැත්තාවූ, ක්‍රෝධ නැත්තාවූ සිතක් වේද, හෙතෙම, ´මම සජ්ඣායන බහුල වෙමි´ යි අත්‍ර්‍ථය දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්‍මයද දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්‍මය දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්‍මයෙන් යුක්තවූ ප්‍රීතිය ලබයි.

´´යම් මේ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ සිතක් වේද, මම එය ඒ චිත්තයාගේ වැඩීම පිණිස පිරිවරයයි කියමි. මානවකය, මෙහි භික්‍ෂුතෙම දන්දීම බහුලකොට ඇත්තේද හෙතෙම ත්‍යාග බහුල වූයෙමියි අත්‍ර්‍ථයෙන් සතුට ලබයි. ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මයෙන් යුක්තවූ ප්‍රීතිය ලබයි. කුසලයෙන් යුක්තවූ යම් ඒ ප්‍රීතියක් වෙයිද එය ලබයි. මම එය චිත්තයාගේ පිරිවරයයි කියමි. වෛර නැත්තාවූ, ක්‍රොධ නැත්තාවූ, යම් සිතක් වේද ඒ චිත්තයාගේ වැඩීම පිණිසය.

´´මානවකය, බ්‍රාහ්මණයෙක් පින් කිරීමට කුසල් කිරීමට ධර්‍ම පසක් පනවත්ද, මම ඒ ධර්‍ම වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ යම් සිතක් වේද, චිත්තයාගේ වැඩීම පිණිස පිරිවර යයි කියමි.´´

25. මෙසේ කී කල්හි තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයෝ බ්‍රහ්මයා හා එක්වීමට පැමිණෙන මාර්‍ගය දනීයයි මා විසින් අසන ලදී.´´

´´මානවකය, මේ කුමකැයි සිතන්නෙහිද? මෙතැන් සිට නළකාරගම ළඟද, ඉතා නුදුරෙහිද?´´ ´´එසේය පින්වත, නළකාර ගම ඉතා ආසන්නය. මෙයින් නළකාර ගම ඉතා දුර නොවේ.´´ ´´මානවකය, ඒ කුමකැයි සිතන්නෙහිද, මෙහි පුරුෂයෙක් නළකාර ගමෙහි ඉපදී එහිම වැඩුනේ වේද, නළකාර ගමින් එකෙනෙහි නික්මුණු ඒ පුරුෂයාගෙන් නළකාර ගමට යන මාර්‍ගය අසන්නාහුද, මානවකය, නළකාර ගමෙහි ඉපදී වැඩුනු , නළකාර ගමට යන මාර්‍ගය අසන ලද ඔහුගේ ඒ මාර්‍ගය කීමෙහි පමාවීමක් හෝ ගල ගැසුනක් මෙන් සිටීමක් හෝ ඇත්තේද?´´ ´´ භවත් ගෞතමයන් වහන්ස, එසේ නොවේ. ඊට හේතු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, ඒ පුරුෂයා නළකාර ගමෙහි ඉපදී එහිම වැඩුනෙකු වන හෙයින් ඔහු විසින් නළකාර ගමේ සියලුම පාරවල් මනාකොට දන්නා ලදී.´´

´´මානවකය, නළකාර ගමෙහි ඉපදී වැඩුනාවූ ඒ පුරුෂයාට නළකාර ගමට යන මාර්‍ගය කීමට පමාවීමක් හෝ ගල් ගැසුනාක් මෙන් සිටීමක් හෝ වෙතත්, බඹලොව හෝ බඹලොවට පැමිණෙන ප්‍රතිපදාව හෝ අසනලද තථාගතයන්ගේ පමාවීමක් හෝ ගල් ගැසුණාක් මෙන් සිටීමක් හෝ නොවේමය. මානවකය, මම බ්‍රහ්මයන්ද දනිමි. බඹලොවද දනිමි. බඹලොවට යන ප්‍රතිපදාවද දනිමි. යම්සේ පිළිපන් බ්‍රහ්මයෙක් බඹලොව උපන්නේද, ඔහුද දනිමි.´´ යි වදාළේය.

26. ´´ භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන් හා එක්වීමට පැමිණෙන මාර්‍ගය දේශනා කරත්යයි මා විසින් අසන ලදී. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන් හා එක්වීමට පැමිණෙන මාර්‍ගය දේශනා කරන්නේ නම් මැනවි.´´ ´´එසේ නම් මානවකය, අසව. මනාව සිත්හි කරව. කියන්නෙමි.´´ ´´එසේය පින්වතුන් වහන්සැ´´ යි තොදෙය්‍ය පුත්‍රවූ සුභ මානවකයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ´´මානවකය, බ්‍රහ්මයන් හා එක්වීමට පැමිණෙන මාර්‍ගය කවරේද? මානවකය, මේ ශාසනයෙහි භික්‍ෂුව මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරන්නේය. එසේ දෙවැනි දිසාවද, තුන්වැනි දිසාවද, සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු දෙය කෙරෙහි සියලු ආකාරයෙන් සියල්ල සහිත ලෝකය මහත්වූ උසස් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, ව්‍යාපාද නැත්තාවූ, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන්නේය.

27. ´´මානවකය, මෙසේ මෛත්‍රී සහගත සමාධිය වැඩූ කල්හි යම් ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මයක් වෙයිද, ඒ කාමාවචර කර්‍මය තෙමේ ප්‍රමාණ නොකළ හැකි ඒ රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. මානවකය, යම් සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන්ම සතර දිශාවට අඟවන්නේද, මානවකය, එසේම මඩනලද මෛත්‍රී සහගත සමාධිය ඇති කල්හි ප්‍රමාණ කළ හැකි යම් කාමාවචර කර්‍මයක් ඇත්තේද, එම කාමාවචර කර්මය තෙමේ එම රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය, නොසිටින්නේය. මානවකය, මෙයද බ්‍රහ්මයන් හා එක්වීමට මාර්‍ගය වේ.

28. ´´මානවකය, නැවතද භික්‍ෂුව කරුණා සහගත සිතින් එක් දිසාවක පතුරුවා වසයිද, දෙවෙනි, තෙවෙනි, සතරවැනි දිසාවන්හිද, මෙසේ උඩ යට සරස සියලු දෙය කෙරෙහි සියලු ආකාරයෙන් සියලු ලෝකය කරුණා සහගතවූ මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණවූ, අවෛරීවූ, අව්‍යාපාදවූ, සිතින් පතුරුවා වසයිද, මානවකය, මෙසේ කරුණා සහගත සමාධිය වැඩූ කල්හි යම් ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මයක් වෙයිද, ඒ ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්‍මය තෙමේ ප්‍රමාණ නොකළ හැකි රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. මානවකය, යම් සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් සිව් දිසාවනට හඟවන්නේද, මානවකය, මෙපරිද්දෙන් මෙසේ මඩනලද, කරුණා සහගත සමාධිය වැඩූ කල්හි යම් ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්‍මයක් වෙයිද, ඒ ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්‍මමය තෙමේ ප්‍රමාණ නොකළ හැකි රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය, නොසිටින්නේය. මානවකය, මෙයද බ්‍රහ්මයන් හා එක්වීමට මාර්‍ගයයි.

29. ´´මානවකය, නැවතද භික්‍ෂුව මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වසයිද, දෙවෙනි, තෙවෙනි, සතරවැනි දිසාවන්හිද මෙසේ උඩ, යට, සරස සියලු දෙය කෙරෙහි සියලු ආකාරයෙන්, සියලු ලොකය මුදිතා සහගතවූ, මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණවූ, අවෛරීවූ, අව්‍යාපාදවූ සිතින් පතුරුවා වසයිද, මානවකය, මෙසේ වඩනලද, මුදිතා සහගත සමාධිය ඇති කල්හි යම් ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මයක් වෙයිද, ඒ ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මය තෙමේ ප්‍රමාණ නොකළ හැකි රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. මානවකය, යම් සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් සිව් දිසාවනට හඟවන්නේද, මානවකය, මෙපරිද්දෙන් මෙසේ මඩන ලද, මුදිතා සහගත සමාධිය ඇති කල්හි යම් ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මයක් වෙයිද, ඒ ප්‍රමාණ කළහැකි කාමාවචර කර්මය තෙමේ ප්‍රමාණ නොකළ හැකි රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. මානවකය, මෙයද බ්‍රහ්මයන් හා එක්වීමට මාර්‍ගයයි.

30. ´´මානවකය, නැවතද භික්‍ෂුව උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වසයිද, දෙවැනි දිසාවද, තුන්වැනි දිසාවද, සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු තැන සියලු ආකාරයෙන් සියලු ලොකය උපෙක්ඛා සහගතවූ, මහත්වූ, මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, ව්‍යාපාද නැත්තාවූ සිතින් පතුරුවා වාසය කරන්නේය. මානවකය, මෙසේ උපෙක්ඛා සහගත සමාධිය වැඩූ කල්හි යම් ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්‍මයක් වෙයිද, ඒ ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මය තෙමේ ප්‍රමාණ නොකළ හැකි රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. ශක්තිමත් සක් පිඹින්නෙක් පහසුවෙන් සතර දිසාවට හඟවන්නේද, මානවකය, එපරිද්දෙන් උපෙක්ඛා සහගත සමාධිය වැඩූ කල්හි යම් කාමාවචර කර්‍මයක් ඇත්තේද, ඒ කාමාවචර කර්මය තෙම ඒ රූපාවචර කර්‍මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. මානවකය, මෙයද බ්‍රහ්මයන් හා එක්වීමට පැමිණෙන මාර්‍ගය වේ.´´

31. මෙසේ කී කල්හි තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසූ දෙයක් වැහුම් අරින්නේද, මං මුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ තෙල් පහණක් දරන්නේද, ´අඳුරෙහි දකිත්වා´ යි එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, සංයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා. භවත් ගෞතමයන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තෝ වෙමු. බොහෝ වැඩපල ඇත්තෝ වෙමු. එබැවින් දැන් අපි යන්නෙමු.´´ ´´මානවකය, නුඹ යමක් කැමති නම් ඊට කාලය දැනගනුව´´ යි වදාළේය.

32. එකල්හි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ සියල්ල සුදු අශ්ව රථයෙන් දවල් කාලයෙහි සැවැත් නුවරෙහි ගමන් කරන්නේය. ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ එන්නාවූ තොදෙය්‍ය පුත්‍ර සුභ මානවකයා දුරදීම දුටුයේය. දැක තොදෙය්‍ය පුත්‍ර සුභ මානවකයා ගෙන් ´´පින්වත් භාරද්වාජ තෙමේ මේ දවල් කාලයෙහි කොහි සිට එන්නේදැ´´ යි ඇසීය. ´´පින්වත, මම මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි සිට එන්නෙමැ´´ යි කීය. ´´පින්වත් භාරද්වාජ තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවේ දක්‍ෂ භාවය ගැන කුමක් සිතන්නෙහිද? පණ්ඩිතයෙකැයි සිතන්නෙහිද?´´ ´´පින්වත, මම කවරෙක්ද? කවරෙක්වූ මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවේ දක්‍ෂභාවය දැනගන්නෙම්ද, යමෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා මහිමය දනී නම් හෙතෙමේද ඒකාන්තයෙන් උන්වහන්සේ හා සමානයෙක් විය යුත්තේය.´´

´´පින්වත්නි, භාරද්වාජ තෙමේ ශ්‍රමණ ගෞතමයන්ට මහත් ප්‍රශංසාවක් කරන්නේය.´´

´´පින්වත, මම කවරෙක් වෙමිද, කවරෙක්වූ මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කෙරෙම්ද? ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පසසන ලද්දන් විසින් පසසන ලද්දෙකි. දිව්‍ය මනුෂ්‍යයන්ට ශ්‍රෙෂ්ඨයෙකි.´´

´´පින්වත් බ්‍රාහ්මණය, යම් කෙනෙක් පින් කිරීම සඳහා කුශල් කිරීම සඳහා ධර්ම පසක් පනවත්ද, ඒ ධර්ම පස ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෛර නැත්තාවූ, ව්‍යාපාද නැත්තාවූ, සිත වැඩීම පිණිස පවත්නා සිතේ පිරිවර ධර්‍මයෝයයි කියන්නාහ.´ මෙසේ කී කල්හි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ සියල්ල සුදුවූ අශ්ව රථයෙන් බැස උතුරු සලුව එක් අංශයක කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ නමස්කාර කොට, ´හම් රජෙකුගේ රටෙහි අර්‍ශත්වූ සම්‍යක්සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ වාසය කෙරෙද්ද, ඒ පසේනදි කොසොල් රජහට ලාභයකි. ඒ පසේනදි කොසොල් රජයට මහත් ලාභයෙකැ´´ යි ප්‍රීති වාක්‍ය පහළ කෙළේය.

සුභ සූත්‍රය නිමි. (5-9)

98. වාසෙට්ඨ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමෙහි ඉච්ඡානඞ්ගල වන ලැහැබෙහි වාසය කරන සේක. ඒ කාලයෙහි වනාහි ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණ කුලයෙහි බ්‍රාහ්මණයෝ ඉච්ඡානඞ්ගල ජනපදයෙහි වාසය කරත්. ඔවුහු කවරේද? චංකී බ්‍රාහ්මණ තෙමේද, තාරක්ඛ බ්‍රාහ්මණ තෙමේද, පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙමේද, ජානුස්සෝණ බ්‍රාහ්මණ තෙමේද, තොදෙය්‍ය බ්‍රාහ්මණ තෙමේද, අන්‍යවූද ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණයෝ වෙති. එකල්හි පයින් ඔබ මොබ සක්මන් කරන්නාවූ, ඇවිදින්නාවූ, වාසෙට්ඨ භාරවාජ යන තරුණයන් අතර මේ කථාව පහළවිය. ´´පින්වත, බ්‍රාහ්මණයෙක් වන්නේ කෙසේද´´ කියායි. භාරවාජ තරුණයා මෙසේ කීය. ´´පින්වත, යම් හෙයින් මව් පිය දෙපසින් මැනවින් උපන්නේද, පිරිසිදු මව්කුසින් උපන්නේද, සත්වන පරපුර දක්වා ජාතිවාදයෙන් බැහැර නොකරණ ලද්දේද, නින්‍දා නොකරණ ලද්දේද, පින්වත, මෙපමණකින්ම බමුණෙක් වෙයි´´ කියායි.

2. වාසෙට්ඨ තරුණයා මෙසේ කීය. ´´පින්වත, යම් හෙයකින් සිල්වත් මනා පැවතුම් ඇත්තේද, පින්වත, එපමණෙකින් බමුණෙක් වෙයි.´´ යනුය. භාරද්වාජ තරුණ තෙමේ වාසෙට්ඨ තරුණයාට මෙය හැඟවීමට නොහැකි විය. වාසෙට්ඨ තරුණ තෙමේ භාරද්වාජ තරුණයාට මෙය හැඟවීමට නොහැකි විය. ඉක්බිති වාසෙට්ඨ තරුණයා භාරද්වාජ මානවකයාට කථා කෙළේය. ´´පින්වත් භාරද්වාජය, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව ශාක්‍යපුත්‍රවූ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉච්ඡානඞ්ගල ගමෙහි ඉච්ඡානඞ්ගල වන ලැහැබෙහි වාසය කරණ සේක. ඒ භවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත් කීර්ති ශබ්දයක් උස්ව පැන නැංගේය. මේ කරුණෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්ය, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝක විදූහ, අනුත්තරයහ, පුරිසධම්ම සාරථීහ, දෙවි මිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භාග්‍යවත්හ යනුවෙනි. භවත් භාරද්වාජය, යමු ශ්‍රමණ ගෞතමයන් යම් තැනෙකද, එතැනට පැමිණෙන්නෙමු. පැමිණ, ශ්‍රමණ ගෞතමයන් අතින් මෙකරුණ අසන්නෙමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කරත්ද, එසේ එය අපි පිළිගන්නෙමු´´ යි කීය. ´´එසේය පින්වතැ´´ යි භාරද්වාජ තරුණයා වාසෙට්ඨ තරුණයාට උත්තර දුන්නේය.

3. ඉක්බිති වාසෙට්ඨ, භාරද්වාජය තරුණයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටු විය යුතුවූත්, සිහි කටයුතුවූත්, කථාව කොට නිමවා එක් පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ වාසෙට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවන්ගෙන් මෙසේ කීයේය.

´´1. පින්වතුන් වහන්ස, අපි ආචාය්‍ර්‍යයන් විසින් ත්‍රිවේදයෙහි හික්මන ලද්දෝ වෙමුයි ප්‍රකාශ කරන ලද්දෝද, ආචාරීන් වහන්ස, අපි ත්‍රිවේදය උගත්තෙමුයි පිළිගත්තෝද වෙමු. මම පොකඛරසාති බමුණාගේ අතවැසිවූ ප්‍රධාන ශිෂ්‍යයා වෙමි. මේ තරණයා කාරුක්ඛ බ්‍රාහ්මණයන්ගේ අග්‍ර ශිෂ්‍යයා වෙයි.

´´2. ත්‍රිවේදය දන්නා බමුණන් විසින් අත්‍ර්‍ථයක් හෝ ව්‍යඤ්ජනයක් හෝ කියන ලද්දේද, ඒ සියල්ල උගෙණ නිමාවට ගියෝ වෙමු. පද හා ව්‍යාකරණ කීමෙහිදීද, අපි ආචාය්‍ර්‍යයන් හා සමානයෝ වෙමු.

´´3. ගෞතමයන් වහන්ස, ඒ අපගේ ජාතිවාදයෙහි වාදයක් වෙයි. උත්ප්තියෙන් ( ජාතියෙන් ) බමුණෙක් වේයයි, භාරද්වාජ තෙමේ කියයි. මම ක්‍රියාවෙන් බමුණෙක් වේයයි කියමි. පසැස් ඇති භාග්‍යවතුන් වහන්ස, මෙසේ දැනගන්නා සේක්වා.

´´4. ඒ අපි දෙදෙන ඔවුනොවුන්ට ඇඟවීමට නොහැකිවෙමු. එය ඇසීම සඳහා ඔවුනොවුන්ට හැඟවීමට හැක්කෙමු.

´´5. පූර්‍ණ චන්‍ද්‍රයා බඳුවූ මෙසේ ලෝකයෙහි ප්‍රසිද්ධවූ සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, ඇඳිලි බැඳ වඳිමින් නමස්කාර කරත්.

´´6. ලෝකයට පහළවූ ඇසක් වැනිවූ, ගෞතමයන් වහන්සේගෙන් අපි අසමු. ´´ජාතියෙන් බ්‍රාහ්මණයෙක් වේද, කර්‍මයෙන් බමුණෙක් වේද? නොදත් අපට යම්සේ බ්‍රාහ්මණයා කවරෙක්දැයි දැනගනිමුද? ඒ ආකාරයෙන් ප්‍රකාශ කළ මැනවි.

4. භාග්‍යවතුන් වහන්සේ ´´වාසෙට්ඨය, ඒ තොපට මම පිළිවෙලින් නානාප්‍රකාර ජාති ඇති ප්‍රාණීන්ගේ ජාති විස්තරය ප්‍රකාශ කරන්නෙමි. ( කියන්නෙමි. ) ජාතීහු වෙන්වූවාහුය.

´´1 තෙපි තෘණ වෘක්‍ෂයන් දන්නාහුය. එහෙත් ( ඔවුහු ) අපි තෘණය, වෘක්‍ෂයයි නොදනිති. ඔවුන්ට ජාතියෙන් හටගත් සටහන් ඇත්තේය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

´´2 පණුවන්ද, පලඟැටියන්ද, කුරුකුහුඹුවන් දක්වා ජාතියෙන් හටගත් සටහන් ඇත්තේය. ඔවුහු වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

´´3. කුඩාවූද, මහත්වූද, සිවුපා ජාතීන්ද තෙපි දන්නහුය. ඔවුහුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

´´4. තෙපි දිග පිට ඇති උදරය පාද කොට ඇති සර්‍පයන්ද දන්නාහුය. ඔවුහුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

´´5. ඉක්බිති ජලයෙහි ඉපිද දියම ගොදුරුකොට ඇත්තාවූ මසුන්ද දන්නහුය. ඔවුහුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

´´6. පියාපත්වලින් අහසින් යන පක්‍ෂීණ්ද දන්නාහුය. ඔවුහුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.

´´7. යම්සේ මේ ජාතීන් කෙරෙහි ජාතියෙන් හටගත් සටහන් බොහෝ වේද, මනුෂ්‍යයන් කෙරෙහි එසේ බොහෝවූ ජාතියෙන් හටගත් සටහන් බොහෝ නොවෙත්.

´´6. කෙස්වලින්ද, හිසින්ද, කන්වලින්ද, ඇස්වලින්ද, මුඛයෙන්ද, නාසයෙන්ද, දෙතොල්වලින්ද, බැම වලින්ද වෙනසක් නැත.

´´9. බෙල්ලෙන්ද, දෙඋරෙන්ද, බඩෙන්ද, පිටෙන්ද, ඉඟටියෙන්ද, පපුවෙන්ද, මෛථුනසම්බාධ ස්ථානයන්ගෙන්ද වෙනසක් නැත.

´´10. අත්වලින්ද, පාවලින්ද, ඇඟිලිවලින්ද, නියවලින්ද, කෙණ්ඩාවලින්ද, කලවාවලින්ද, වර්‍ණයෙන්ද, කටහඬින්ද, වෙනසක් නැත. අන්‍ය ජාතීන්හි මෙන් ඔවුන්ට ජාතියෙන් හටගත් වෙනස් සටහනක් නැත.

´´11. මනුෂ්‍යන් කෙරෙහි වෙනස්වූ ශරීර සටහනක් නැත. එහෙත් මනුෂ්‍යන් කෙරෙහි වෙන්වූ ජාති ව්‍යවහාර කරනු ලැබේ.

´´12. මිනිසුන් අතර යම් කිසිවෙක් ගොවිතැනින් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු ගොවියෙකි. හෙතෙම බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

´´13. මිනිසුන් අතර යම් කිසිවෙක් රෙදි විවීම් ආදී නොයෙක් ශිල්පයෙන් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු ශිල්පියෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

´´14. මිනිසුන් අතර යම් කිසිවෙක් වෙළඳාමෙන් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු වෙළෙන්දෙකි. හෙතෙම බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

´´15. මිනිසුන් අතර යම් කිසිවෙක් අනුන්ට සේවාකම් කිරීමෙන් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු සේවකයෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

´´16. මිනිසුන් අතර යම් කිසිවෙක් සොරකමින් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු සොරෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

´´17. මිනිසුන් අතර යම් කිසිවෙක් ආයුධවලින් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු යොධාජීවයෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

´´18. මිනිසුන් අතර යම් කිසිවෙක් පුරෝහිතකමින් ජීවත් වේද, වාසෙට්ඨය, ඔහු පුරෝහිතයෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

´´19. මිනිසුන් අතර යම් කිසිවෙක් ගමද රටද අනුභව කෙරේද, වාසෙට්ඨය, ඔහු රජෙකි. බමුණෙක් නොවේයයි මෙසේ දැනගනුව.

´´20. ඉදින් රාගාදී පලිබෝධ සහිත නම් යොනියෙන් උපන් මවුගෙන් උපන් ඔහු, මම බ්‍රාහ්මණයෙකැයි නොකියමි. හෙතෙම හො හො කියන්නෙකි. රාගාදී පලිබෛාධ නැති මමයයි හැඟීමක් නැති පුද්ගලයා මම බ්‍රාහ්මණයායයි කියමි.

´´21. යමෙක් සියලු සංයෝජනයන් සිඳ නොඇලෙන්නේද, ඇලීම් දුරුකළාවූ, සියලු කෙලෙසුන් කෙරෙන් දුරුවූ, ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි.

´´22. බද්ධ වෛරය නමැති රැහැණද, තෘෂ්ණාව නමැති වරපටද, පරියුට්ඨාන දෘෂ්ටිය නමැති මලපුඩුවද, අනුසය දෘෂ්ටිය නමැති ගැටයද, අවිද්‍යාව නමැති වැස්මද නසා චතුස්සත්‍ය අවබෝධ කළ පුද්ගලයා බමුණායයි මම කියමි.

´´23. යමෙක් නොකිපී ආක්‍රොශයද, වධබන්‍ධනයද ඉවසයිද, ඉවසීම් බලය ඇති, බලවත් ඉවසීම ඇති ඔහු බමුණායයි මම කියමි.

´´24. ක්‍රොධ නොකරණ ධූතාඞ්ගධාරී ගුණවත්වූ රාගාදිය උත්සන්න නොවූ දැමුණු අන්තිම ශරීර ඇති පුද්ගලයා බ්‍රාහ්මණයායයි මම කියමි.

´´25. නෙලුම් පතෙහි ජලය මෙන් ඉදිකටු අග අබ ඇටය මෙන් යමෙක් කාමයන්හි නොඇලේද, ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි.

ඤෆු 271රැ%

´´26. යමෙක් දුක් කෙළවර කරන්නාවූ අර්‍හත් ඵලය අවබෝධ කිරීම් වශයෙන් දනීද, බහා තැබූ බර ඇති රාගාදී ක්ලේශයන් කෙරෙන් වෙන්වූ ඒ පුද්ගලයා බ්‍රාහ්මණයයි මම කියමි.

´´27. ගැඹුරු ප්‍රඥා ඇති, ප්‍රකෘති ප්‍රඥා ඇති, මාර්‍ග අමාර්‍ග දෙක්හි දක්‍ෂවූ උතුම් අත්‍ර්‍ථයට පැමිණි ඒ පුද්ගලයා බ්‍රාහ්මණයයි මම කියමි.

´´28. ගිහියන් සමගද, පැවිද්දන් සමගද, යන දෙයාකාරයෙන්ම මිශ්‍ර නොවූ පස්කම් ගුණයෙන් නොඇලුණු අලෞකික පුද්ගලයා බ්‍රාහ්මණයයි මම කියමි.

´´29. යමෙක් තෘෂ්ණාව නැති නොකළ සත්‍වයන් කෙරෙහිද, නැති කළ ( රහත් ) සත්‍වයන් කෙරෙහිද, දඬු මුගුරු බහා තබා සතුන් නොමරත්ද, නොමරවත්ද, මම ඔහු බ්‍රාහ්මණයයි කියමි.

´´30. විරුද්ධවූ සත්‍වයන් කෙරෙහි විරුද්ධ නොවන්නාවූ, දඬු මුගුරු ගත්තවුන් කෙරෙහි නිවුනාවූද, තණ්හාවෙන් දැඩිකොට අල්වා ගන්වා සත්‍වයන් කෙරෙහි අල්වා ගැනීමක් නැත්තාවූද, පුද්ගලයා මම බ්‍රාහ්මණයායයි කියමි.

´´31. යමෙකු විසින් රාගයත්,  ද්වේෂයත්, මානයත්, මකු බවත්, ඉදිකටු අගින් අබැටක් මෙන් හෙලන ලදද, ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

´´32. යමෙක් රළු නොවූ හිත වැඩ අඟවන ඇත්ත කියන්නේ වේද, යම් වචනයකින් නිසිවකු කුපිත නොකරන්නේද, ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

´´33. යමෙක් මෙලොව දික්වූ හෝ, කොටවූ හෝ, මහත්වූ හෝ යහපත්වූ හෝ අයහපත්වූ හෝ නොදුන් දෙයක් නොගනීද, ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

´´34. යමෙකුට මෙලෝහිද පරලෝහිද ආශාවක් නැත්තේද, ආශාවක් නැති කෙලෙසුන්ගෙන් මිදුනු ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

´´35. යමෙකුට තෘෂ්ණාවෝ නැත්ද, යමෙක් නුවණින් දැන සැක රහිතවීද, ගැඹුරුවූ නිවනට පැමිණි ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

´´36. මේ ලෝකයෙහි යමෙක් ස්වර්‍ගයෙහි හා අපායෙහි අලවන හෙයින් සඞ් නම්වූ පින් පව් දෙක ඉක්මවූයේද, ශොක නැත්තාවූ, කෙලෙස් රජස් නැත්තාවූ, පිරිසිදුවූ, ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

´´37. චන්‍ද්‍රයාසේ නිර්‍මලවූ ශුද්ධවූ විශෙෂයෙන් ප්‍රසන්නවූ, නොකැලඹුනාවූ තෘෂ්ණාව හා භවය දුරුකලාවූ ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

´´38. යමෙක් මේ කෙලෙස් නැමැති මඩ සහිත මගත්, ක්ලේශ දුර්‍ගයත්, සසරත්, මොහයත්, පසුකොට ගියේද, පරතෙරට ගියේද, ධ්‍යානයෙහි ඇළුනේද, ස්ථිරද, සැක නැත්තේද, ආත්මාදී වශයෙන් කිසිත් අල්වා නොගෙන නිවුනේද, ඔහු බ්‍රාහ්මණයායි මම කියමි.

´´39. යමෙක් මේ ලෝකයෙහි කිමයන් හැර අනගාරිකවූ ගිහිගෙන් නික්මෙන්නේද, කාමයන් හා භවයන් දුරුකළ ඔහු බ්‍රාහ්මණයායි මම කියමි.

´´40. යමෙක් මේ ලෝකයෙහි තෘෂ්ණාව හැර අනගාරිකව ගිහිගෙන් වෙන්ව පැවිදි වන්නේද, තෘෂ්ණා හා භවයන් ක්‍ෂයකළ ඔහු බ්‍රාහ්මණයායි මම කියමි.

´´41. යමෙක් මනුෂ්‍ය පඤ්ච කාමයත්, දිව්‍ය පඤ්ච කාමයත්, දුරු කෙළේද, සියලු ක්ලේශ බැඳීම්වලින් මිදුණු ඔහු බ්‍රාහ්මණයායි මම කියමි.

´´42. පස්කම්හි ඇල්මද, මහණදම්හි උකටලියද, හැර නිවී ගිය උප ක්ලේශ රහිත සියලු ස්කන්‍ධ ලෝකය මැඩ සිටි, වීය්‍ර්‍යවත්වූ ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

´´43. යමෙක් සත්‍වයන්ගේ ච්‍යුතියත් උත්පත්තියත්, සියලු ආකාරයෙන් දැනගත්තේද, පිළිවෙත් මග මනාව ගොස් නිමවූ චතුස්සත්‍යය අවබෝධ කළාවූ ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

´´44. දෙවියෝත්, ගාන්‍ධර්‍වයෝත්, මනුෂ්‍යයෝත්, යමෙකුගේ උත්පත්තිය නොදනිත්ද, ආශ්‍රවයන් නැසූ අර්‍හත්වූ ඔහු මම බ්‍රාහ්මණයයි කියමි.

´´45. අතීකවූද, අනාගතවූද, වර්‍තමානවූද, ස්කන්‍ධයන්හි තණ්හාවෙන් ගැනීමත් යමෙකුට නැත්ද, ඒ තණහාවෙන් නැති ආත්මවාදීන් වශයෙන් කිසිවක් නොගන්නා ඔහු මම බමුණායයි කියමි.

´´46.තැති නොගන්නා ශ්‍රෙෂ්ඨවූ, වීය්‍ර්‍යවත්වූ, මහර්ෂිවූ, දිනුවාවූ, අචලවූ, කෙලෙස් සෝදා හැරියාවූ, චතුස්සත්‍ය දැන ගත්තාවූ, ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

´´47. යමෙක් පෙරවිසූ කඳ පිළිවෙල දනීද, ස්වර්‍ග හා අපායයන් දකීද, ජාතිය කෙළවර කිරීමට පැමිණියේද, ඔහු බ්‍රාහ්මණයයි මම කියමි.

´´48-49. ලොකයෙහි ඒ ඒ තැන උපන් කල්හි පනවනලද නාම ගොත්‍ර අනු පිළිවෙලින් ආ ව්‍යවහාර මාත්‍රයක්මය පැනවීමක් පමණය. මෙසේ බොහෝ කලක් ගත් දෘෂ්ටි ඇති නොදන්නා සත්‍වයෝ උත්පත්තියෙන් බමුණෙක් වේයයි ප්‍රකාශ කරත්. දන්නෝ නොකියති.

´´50. උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්ද නොවේ. උත්පත්තියෙන් බ්‍රාහ්මණ නොවන්නෙක්ද නොවේ. ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙක් වෙයි. බ්‍රාහ්මණ නොවූවෙක්ද වෙයි.

´´51. ක්‍රියාවෙන් ගොවියෙක් වෙයි. ක්‍රියාවෙන් ශිල්පයෙක් වෙයි. ක්‍රියාවෙන් වෙළෙන්දෙක් වෙයි. ක්‍රියාවෙන් සේවකයෙක් වෙයි.

´´52. ක්‍රියාවෙන් සොරෙක් වෙයි. ක්‍රියාවෙන් ආයුධවලින් ජීවත් වන්නෙක් වෙයි. ක්‍රියාවෙන් පුරෝහිතයෙක් වෙයි. කර්‍මයෙන් රජෙක් වෙයි.

´´53. මෙපරිද්දෙන් පටිච්ච සමුප්පාදය දක්නාවූ කර්‍ම විපාකයෙහි දක්‍ෂවූ, ඇති සැටියෙන් කර්‍මය පණ්ඩිතයෝ දකිති.

´´54. ලෝකය කර්‍මයෙන් පවතී. ප්‍රජාව කර්‍මයෙන් පවතී. යන්නාවූ රථයාගේ කඩ ඇනය මෙන් සත්‍වයෝ කර්‍මයෙන් බැඳී වාසය කරත්.

´´55. තපසින්ද, බ්‍රහ්මචය්‍ර්‍යයෙන්ද, සීලයෙන්ද, ඉන්‍ද්‍රිය දමනයෙන්ද, යන මේ හේතු කොට ගෙන බමුණෙක් වෙයි. ඔහු උතුම් බ්‍රාහ්මණයෙකැයි කියමි.

´´56. ත්‍රිවිද්‍යාවෙන් සම්පූර්‍ණවූ, ශාන්තවූ, දෙවෙනි භවය කෙළවර කළාවූ හෙතෙම නුවණැතියන්ට බුහ්මයෙක ශක්‍රයෙකැයි, වාසෙට්ඨය, මෙසේ දැනගනුව.´´

5. මෙසේ කී කල්හි වාසෙට්ඨ, භාරද්වාජ යන තරුණයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. ´´ භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ යම්සේද, වැසුනු දෙයක් විවෘත කරන්නේ යම්සේද, මංමුළාවූවෙකුට මාර්‍ගය කියන්නේ යම්සේද, ඇස් ඇත්තෝ දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ යම්සේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේය. අපි භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, සංයාද, සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අපි අද පටන් දිවිහිම්ව සරණගිය උපාසකයන්සේ දරන සේක්වා.´´ කියායි.

අටවැනිවූ වාසෙට්ඨ සූත්‍රය නිමි. ( 5 – 8 )

97. ධානඤ්ජානි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාපයෙහි වූ ´´වෙළුවන´´ නම් විහාරයෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සාරිපුත්ත සථවිරයන් වහන්සේ මහත් භික්‍ෂු සංයා සමග දක්‍ෂිණ ගිරි ජනපදයෙහි චාරිකාවේ හැසිරෙන සේක.

එකල්හි එක්තරා භික්‍ෂුවක් රජගහ නුවර වස් වැස නිමවූයේ, දක්‍ෂිණ ගිරිය යම් තැනෙකද, ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් සමග සතුටුවිය. සතුටුවියයුතුවූත්, සිහි කටයුතුවූත්, කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක උන්නාවූ ඒ භික්‍ෂුවට ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ මෙසේ වදාළහ. ´´ඇවැත්නි, කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ නීරෝගීද බලවත්ද?´´ ´´ ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝගීය. බලවත්ය.´´ ´´ඇවැත්නි, කිමෙක්ද? භික්‍ෂු සංයා නීරෝගීද? බලවත්ද?´´ ´´ ඇවැත්නි, භික්‍ෂු සංයා නීරෝගීය. බලවත්ය.´´

2. ´´ඇවැත්නි, මෙහි තණ්ඩුලපාල ද්වාරයෙහි නම් ගම් දොර ධානඤ්ජානි නම් බමුණෙක් ඇත.´´ ´´ඇවැත්නි, කිමෙක්ද? ධානඤ්ජානි බ්‍රාහ්මණයා නීරෝගීද? බලවත්ද?´´ ´´ ඇවැත්නි, ධානඤ්ජානි බ්‍රාහ්මණ තෙමේද නීරෝගීය. බලවත්ය.´´ ´´ ඇවැත්නි, කිමෙක්ද? ධානඤ්ජානි බ්‍රාහ්මණ තෙම අප්‍රමාද වූයේ වේද?´´ ´´ඇවැත්නි, කෙසේ නම් ධානඤ්ජානි බමුණා අප්‍රමාද වන්නේද? ඇවැත්නි, ධානඤ්ජානි බ්‍රාහ්මණයා රජුන් ඇසුරුකොට බ්‍රාහ්මණ ගෘහපතියන්ගේ වස්තුව පැහැර ගනී. බ්‍රාහ්මණ ගෘහපතියන් ඇසුරුකොට රජුන් සතු වස්තුව පැහැරගනී. ඔහුගේ ශ්‍රද්ධාවත් ශ්‍රද්ධා ඇති කුලයෙන් ගෙනා යම් භාය්‍ර්‍යාවක් දෑ ඔහුගේ ඒ භාය්‍ර්‍යාවද කළුරිය කළාය. ඔහුට ශ්‍රද්ධාව නැති අන්‍යවූ භාය්‍ර්‍යාවක් අශ්‍රද්ධාවත් කුලයකින් ගෙනෙන ලද්දීය.´´ ´´ඇවැත්නි ඒකාන්තයෙන් නපුරු ඇසීමක් ඇසීමු. ඇවැත්නි, ඒකාන්තයෙන් නපුරු ඇසීමක් ඇසීමු. අපි ප්‍රමාදවූ ධානඤ්ජානි බමුණා ගැන යමක් ඇසීමුද, ඒ අපි කිසිවිටෙක ධානඤ්ජානි බමුණා සමග එක් වන්නෙමු නම් හොඳය. කිසියම් කථා සල්ලාපයක් වන්නේ නම් හොඳය.´´ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කීහ.

3. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ දක්‍ෂිණාගිරි ජනපදයෙහි කැමැතිතාක් කල් වාසය කොට රජගහනුවර යම් තැනෙක්හිද, එතැන්හි චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ, රජගහනුවර යම් තැනෙක්හිද එහි පැමිණියේය. එහි ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාපයෙහි වෙළුවන නම්වූ විහාරයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ පෙරවරු හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහනුවර පිඬු පිණිස වැඩියහ.

එසමයෙහි වනාහි ධානඤ්ජානි බ්‍රාහ්මණයා නගරයෙන් පිට ගවගාලෙහි දෙනුන්ගෙන් කිරි දොවයි.

4. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ රජගහනුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුණේ ධානඤ්ජානි බ්‍රාහ්මණයා යම් තැනකද, එතැනට පැමිණියහ. ධානඤ්ජානී බමුණා එන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේට මෙසේ කීය.

´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, බත් අනුභව කිරීමට කාලය එනතුරු මෙයින් කිරි බොන සේක්වා.´´ ´´බමුණ, කම් නැත. මා විසින් අද බත් අනුභව කරන ලදී. අසුවල් ගස මුල මාගේ දවල් වාසය කිරීම වන්නේය. එහි එන්නෙහිය´´ යි කීහ. ´´එසේය, පින්වතුන් වහන්සැ´´ යි ධානඤ්ජානි බමුණා ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ට උත්තර දුන්නේය.

5. ඉක්බිති ධානඤ්ජානි බ්‍රාහ්මණයා උදේ ආහාර ගැනීම නිමවා ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ යම් තැනෙකද එතැනට ගියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතුවූත්, සිහිකටයුතුවූත්, කථාව කොට නිමවා එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ ධානඤ්ජානි බ්‍රාහ්මණයාට ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේ මෙසේ කීහ. ´´ධානඤ්ජානිය, කිමෙක්ද, අප්‍රමාදවූයේ වෙහිද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, කෙසේ අපගේ අප්‍රමාදයක් වේද? අප විසින් අපගේ මවුපියන් පෝෂ්‍ය කළයුතුය. අඹුදරුවන් පෝෂ්‍ය කළයුතුය. දාසි දාස කම්කරුවන් පෝෂ්‍ය කළයුතුය. අසල් වැසියන්ගේ අසල්වැසි කටයුතු කළ යුතුය. නෑදෑයන්ගේ නෑදෑ කටයුතු කළ යුතුය. ආගන්තුකයන්ගේ ආගන්තුක කටයුතු කළයුතුය. මියගියවුන්ගේ මියගියවුන් පිළිබඳ කටයුතු කළයුතුය. දෙවියන්ගේ දෙවියන් පිළිබඳ කටයුතු කළයුතුය. රජුන්ගේ රාජකාරි තළයුතුය. මේ කයද පිනවිය යුතුය. වර්‍ධනය කළයුතුය´´ යි කීහ.

6. ´´ධානඤ්ජානිය, කුමක් සිතන්හෙිද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් මව් පියන් නිසා විසම අධර්‍ම හැසිරීම් ඇත්තේ විසම හැසිරීම් ඇත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්‍ම හැසිරීම විසම හැසිරීම හේතුවෙන් නරකයට නිරයපාලයෝ අදින්නාහුය. ´මම වනාහි මව් පියන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. මා නරකයට නිරයපාලයෝ නොඅදිත්වාය´ යි වළක්වා ගැනීමට ඔහු හෝ සමර්‍ථ වේද, මව් පියෝ හෝ ´මොහු අප නිසා අධර්‍ම හැසරීම විසම හැසිරීම ඇත්තෙක් වීයයි, නිරයපාලයෝ නිරයට නොඅදිත්වා´ යි වළක්වා ගැනීමට සමර්‍ථ වෙත්ද?´´ ´´භවත් ශාරීපුත්‍රය, මෙය නොවේ. එකල්හි ඔහු හඬද්දීම නිරය පාලයෝ නිරයෙහි ඇද දමන්නාහුය.´´

´´ධානඤ්ජානිය, කුමක් සිතන්හෙිද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් අඹු දරුවන් නිසා අධර්‍ම හැසිරීම් ඇත්තේ විසම හැසිරීම් ඇත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්‍මචරියා විසමචරියා හේතුවෙන් නිරයට නිරයපල්ලෝ අදින්නාහුය. ´මම වනාහි අඹු දරුවන් නිසා අධර්මචය්‍ර්‍යා විසමචය්‍ර්‍යා ඇත්තේ වූයෙමි. මා නරකයට නිරයපල්ලෝ නොඅදිත්වාය´ යි වළක්වා ගැන්මට සමර්‍ථ වේද. ´මේ තෙමේ අප නිසා අධර්‍මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වා´ යි ඔහුගේ අඹු දරුවෝ හෝ වළක්වා ගැනීමට සමර්‍ථ වෙද්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, නොහැකිය. එකල්හිම ඔහු අඬද්දීම නිරය පල්ලෝ නිරයෙහි ඇද දමන්නාහුය.´´

7. ´´ධානඤ්ජානිය, කුමක් සිතන්හෙිද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැසි කම්කරු පුරුෂයන් නිසා අධර්‍මචාරී විසමචාරී වන්නේය, ඒ පුද්ගලයා අධර්‍මචරියා විසමචරියා හේතුවෙන් නිරයපාලයෝ නිරයට අදින්නාහුය. ´මම වනාහි දැසි දස් කම්කරු පුරුෂයන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. නිරයපල්ලෝ මා නිරයට නොඅදිත්වා´ යි වළක්වා ගැනීමට ඔහු හෝ සමර්‍ථ වේද? ´මේ තෙමේ අප නිසා අධර්‍මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වා´ යි වළක්වා ගැනීමට දැසි දස් කම්කරුවෝ හෝ සමර්‍ථ වෙත්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, එසේ නොහැකිය. ඉක්බිති නිරය පල්ලෝ ඔහු අඬද්දීම නිරයෙහි ඇද දමන්නාහුය.´´

8. ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අසල් වැසියන් නිසා අධර්ම හැසිරීම් ඒ සමහැසිරීම් ඇත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්මචාරී විසමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ´මම වනාහි අසල් වැසියන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. මා නිරයෙහි නිරයපල්ලෝ නිරයට නොඅදිත්වායි, ඔහු හෝ සමර්‍ථ වේද, ´මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වා´ යි වළක්වා ගන්ට ඔහුගේ අසල් වැසියෝ හෝ සමර්‍ථ වෙද්ද?´´ ´´භවත් ශාරීපුත්‍රය, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයෙහි ඇද දමන්නාහුය.´´

9.´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් නෑ සහ ලේ නෑයන් නිසා අධර්මචාරී විසමචාරී වන්නේද? ඒ පුද්ගලයා අධර්මචාරී විසමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ´මම වනාහි නෑ සහ ලේ නෑයන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. නිරයපාලයෝ මා නිරයට නොඅදිත්වා´ යි වළක්වා ගන්ට ඔහු හෝ සමර්‍ථ වේද?´´ ´මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වා´ යි වළක්වා ගන්ට ඔහුගේ නෑ සහ ලේ නෑයෝ හෝ සමර්‍ථ වෙද්ද?´´ ´´භවත් ශාරීපුත්‍රය, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයෙහි ඇද දමන්නාහුය.´´

10.´´ධානඤ්ජානිය, කුමක් සිතන්නහුද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් ආගන්තුකයන් නිසා අධර්මචාරී විසමචාරී වන්නේද? ඒ පුද්ගලයා අධර්මචාරී විසමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ´මම වනාහි ආගන්තුකයන් නිසා නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. මා නිරයෙහි නිරයපල්ලෝ නොඅදිත්වා´ යි වළක්වා ගන්ට ඔහු හෝ සමර්‍ථ වේද?´´ ´මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වා´ යි ඔහුගේ ආගන්තුකයෝ හෝ සමර්‍ථ වෙද්ද?´´ ´´භවත් ශාරීපුත්‍රය, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයෙහි ඇද දමන්නාහුය.´´

11.´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් මළගියවුන් නිසා අධර්මචාරී විසමචාරී වන්නේද? ඒ පුද්ගලයා අධර්මචාරී විසමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ´මම වනාහි මළගියවුන් නිසා නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. මා නිරයට නොඅදිත්වා´ නිරයපල්ලෝ නොයයි වළක්වා ගැනීමට ඔහු හෝ සමර්‍ථ වේද?´´ ´මේ තෙමේ අප නිසා අධර්මචාරී විෂමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වා´ යි වළක්වා ගැනීමට ඔහුගේ මළගිය අය හෝ සමර්‍ථ වෙද්ද?´´ ´´ ශාරීපුත්‍රයන් වහන්ස, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයට ඇද දමන්නාහුය.´´

12.´´ධානඤ්ජානිය, කුමක් ( සිතන්නෙහිද? ) මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දෙවියන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද? ඒ පුද්ගලයා අධර්මචාරී විෂමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ´මම වනාහි දෙවියන් නිසා නිසා අධර්මචාරී විෂමචාරී වීමි. මා නිරයපල්ලෝ නොඅදිත්වා´ යි වළක්වා ගැනීමට ඔහු හෝ සමර්‍ථ වේද?´´ ´මේ තෙමේ අප නිසා අධර්මචාරී විෂමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වා´ යි වළක්වා ගැන්මට ඔහුගේ දෙවියන් හෝ සමර්‍ථ වෙත්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, එසේ නොහැකිය. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයට ඇද දමන්නාහුය.´´

12.´´ධානඤ්ජානිය, (ඔබ) මේ ගැන කෙසේ සිතන්නෙහිද? රජු නිසා එක් පුද්ගලයෙක් අධර්මචාරී විෂමචාරී වන්නේද, ඒ පුද්ගලයා අධර්මචාරී විෂමචාරී හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ´මම වනාහි රජු නිසා අධර්මචාරී විෂමචාරී වීමි. මා නිරයෙහි නිරයපල්ලෝ නොඅදින්නහුය´ යි (කී කල්හි) ඒ පුද්ගලයා අදිනු ලබයිද?´´ ´මේ තෙමේ අප නිසා අධර්මචාරී විෂමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදින්නහුය´ යි (කී කල්හි) වලක්වා ගැන්මට ඔහුගේ රජු හෝ සමර්‍ථ වෙත්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, මෙය නොවේ. ඉක්බිති නිරයපල්ලෝ ඔහු අඬද්දීම නිරයට ඇද දමන්නාහුය.´´

14.´´ධානඤ්ජානිය, (ඔබ) මේ ගැන කෙසේ සිතන්නෙහිද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් ශරීරය පිනවීම හා වැඩීම හේතුවෙන් අධර්මචාරී විෂමචාරී වන්නේද, ඒ පුද්ගලයා අධර්මචරියා විෂමචරියා හේතුවෙන් නිරයපල්ලෝ නිරයට අදින්නාහුය. ´මම වනාහි කය පිනවීම හා වැඩීමේ හේතුවෙන් අධර්මචාරී වීමි. මා නිරයෙහි නිරයපල්ලෝ නොඅදින්නහුය´ යි (කී කල්හි) ඒ පුද්ගලයා අදිනු ලබයිද? ´මේ තෙමේ කය පිනවීම, වැඩීම නිසා අධර්මචාරී විෂමචාරී විය. ඔහු නිරයට නිරයපල්ලෝ නොඅදින්නාහුයයි ( කී කල්හි ) අන්‍යයෝ හෝ වළක්වා ගැනීමට සමත් වෙත්ද?´´ ´´භවත් ශාරීපුත්‍රය, මේ නොවේ. ඉක්බිති ඔහු අඬද්දීම නිරයපල්ලෝ නිරයෙහි ඇද දමන්නාහුය.´´

15.´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් මව් පියන් නිසා විෂම හැසිරීම් ඇත්තේ විසම හැසිරීම් නැත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්ම විසම හැසිරීම් හේතුවෙන් නරකයට නිරයපාලයෝ අදින්නාහුය. ´මම වනාහි මව්පියන් නිසා අධර්මචාරී විෂමචාරී වූයෙමි. මා නරකයට නිරයපාලයෝ නොඅදිත්වාය´ යි වළක්වා ගැනීමට ඔහු හෝ සමර්‍ථ වේද, මව් පියෝ හෝ මොහු අප නිසා අධර්ම හැසිරීම් විසම හැසිරීම් ඇත්තෙක් වීයයි නිරයපාලයෝ නිරයට නොඅදිත්වායි වළක්වා ගැනීමට සමර්‍ථ වෙත්?´´ ´´භවත් ශාරීපුත්‍රය, මෙය නොවේ. එකල්හි නිරයපාලයෝ නිරයෙහි ඇද දමන්නාහුය.´´

16. ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් අඹු දරුවන් නිසා අධර්‍ම හැසිරීම් ඇත්තේ විසම හැසිරීම් නැත්තේ වන්නේද? ඒ පුද්ගලයා අධර්ම චරියා විසම චරියා හේතුවෙන් නිරයට නිරයපල්ලෝ අදින්නාහුය. ´මම වනාහි අඹු දරුවන් නිසා අධර්මචය්‍ර්‍යා විසමචය්‍ර්‍යා ඇත්තේ වූයෙමි. මා නරකයට නිරය පල්ලෝ නොඅදිත්වා´ යි වළක්වාගන්ට සමත්‍ර්‍ථවේද? මේ තෙමේ අප නිසා අධර්‍මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වායි ඔහුගේ අඹුදරුවෝ හෝ වළක්වා ගැනීමට සමර්‍ථ වෙද්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, නොහැකිය. එකල්හිම ඔහු අඬද්දීම නිරයෙහි වළක්වා ගැනීමට සමර්‍ථ වෙද්ද? භවත් ශාරීපුත්‍රයන් වහන්ස, නොහැකිය. ඇද දමන්නාහුය.´´

17.´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැසි දස් කම්කරු පුරුෂයන් නිසා අධර්‍මචාරී විසමචාරී වන්නේය. ඒ පුද්ගලයා අධර්‍මචරියා විෂමචරියා හේතුවෙන් නිරයපාලයෝ නිරයට අදින්නාහුය. ´මම වනාහි දැසි දස් කම්කරු පුරුෂයන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. නිරයපල්ලෝ මා නිරයට නොඅදිත්වා´ යි වලක්වා ගැනීමට ඔහු හෝ සමර්‍ථවේද? ´මේ තෙමේ අප නිසා අධර්මචාරී විසමචාරී විය. ඔහු නිරයපල්ලෝ නිරයට නොඅදිත්වා´ යි වළක්වා ගැනීමට ඇසි දස් කම්කරුවෝ හෝ සමර්ථවෙත්ද?´´ ( මොවුනතුරෙන් ) කවරෙක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, දැසි දස් කම්කරුවන් නිසා යමෙක් අධර්‍මචාරී විසමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් දැසි දස් කම්කරුවන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම්ය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, අධර්මචය්‍ර්‍යා විසමචය්‍ර්‍යා දෙකින් ධර්මචරියා සමචරියාව දෙකම උතුම්ය.´´

18.´´ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් දැසි දස් කම්කරුවන් පෝෂණය කිරීමටද, පව්කම් නොකිරීමටද, කුසල පිළිවෙතෙහි පිළිපැදීමටද, හේතුවන අන්‍යවූ ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.

´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් අසල් වැසියන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, යමෙක් අසල් වැසියන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ( මොවුන් අතුරෙන් ) කවරෙක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, අසල්වැසියන් නිසා යමෙක් අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, අසල් වැසියන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම්ය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, අධර්මචය්‍ර්‍යා විසමචය්‍ර්‍යා දෙකින් ධර්මචය්‍ර්‍යා සමචය්‍ර්‍යා දෙකම උතුම්ය.´´

´´ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් අසල් වැසියන්ගේ කටයුතු කුසල පිළිවෙතෙහි පිළිපැදීම කරන්ටද, පව්කම් නොකරන්ටද කුශල පිළිවෙතෙහි පිළිවිසීමට හැක්කේ වේද, හේතු සහිත අන්‍යවූ හේතු සහිත ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.

19. ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් නෑ සහ ලේ නෑයන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, යමෙක් නෑ සහ ලේ නෑයන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ( මොවුන් අතුරෙන් ) කවරෙක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, නෑ සහ ලේ නෑයන් නිසා යමෙක් අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවේ. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් නෑ සහ ලේ නෑයන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම්ය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, අධර්මචය්‍ර්‍යා විෂමචය්‍ර්‍යා දෙකින් ධර්මචය්‍ර්‍යා සමචය්‍ර්‍යා දෙකම උතුම්ය.´´

´´ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් නෑ සහ ලේ නෑයන්ට කළයුතු කටයුතු නෑ සහ ලේ නෑයන්ට කරන්නටද, පව්කම් නොකරන්නටද කුසල් පිළිවෙතෙහි පිළිපදින්නටද හැක්කේ වේද, ( එබඳු ) අන්‍යවූ සහේතුකවූ ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.

20. ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් ආගන්තුකයන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, යමෙක් ආගන්තුකයන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ( මොවුනතුරෙන් ) කවරෙක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් ආගන්තුකයන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවේ. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් ආගන්තුකයන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම්ය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, අධර්මචය්‍ර්‍යා විෂමචය්‍ර්‍යා දෙකින් ධර්මචය්‍ර්‍යා සමචය්‍ර්‍යා දෙකම උතුම්ය.´´

´´ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් ආගන්තුකයන්ට කළයුතු කටයුතු ආගන්තුකයන්ට කරන්නටද, පව්කම් නොකිරීමටද කුසල් පිළිවෙතෙහි පිළිපදින්නටද හැක්කේ වේද, ( එබඳු ) අන්‍යවූ සහේතුක ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.

21.´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් මළගියවුන් නිසා අධර්‍මචාරී විසමචාරී වන්නේද, යමෙක් මළගියවුන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, මොවුනතුරෙන් කවරෙක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් මළගියවුන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් මළගියවුන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම් වන්නේය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, අධර්මචය්‍ර්‍යා ධර්මචය්‍ර්‍යා දෙකින් ධර්මචය්‍ර්‍යා සමචය්‍ර්‍යා දෙකම උතුම්ය.´´ ´´ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් මළගියවුන්ට කළයුතු කටයුතු මළගියවුන්ට කරන්නටද, පව්කම් නොකරන්නටද, කුසල් පිළිවෙතෙහි පිළිපදින්නටද වේද, ( එබඳු ) අන්‍යවූ සහේතුක ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.

22. ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් දෙවියන් හේතුකොට ගෙන අධර්මචාරී විසමචාරී වන්නේද? යමෙක් දෙවියන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ( මොවුනතුරෙන් ) කවරෙක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් දෙවියන් නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් දෙවියන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහු උතුම් වන්නේය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් දෙවියන් නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම් වන්නේය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, අධර්මචය්‍ර්‍යා විෂමචය්‍ර්‍යා දෙකින් ධර්මචය්‍ර්‍යා සමචය්‍ර්‍යා දෙකම උතුම්ය.´´ ´´ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් දෙවියන්ට කළයුතු කටයුතු දෙවියන්ට කරන්ටද, පව්කම් නොකරන්ටද, කුසල් පිළිවෙතෙහි පිළිපදින්නටද හැක්කේ වේද, ( එබඳු ) අන්‍යවූ සහේතුක ධාර්මික කර්මාන්තයෝ ඇත්තාහ.

23. ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් රජු නිසා අධර්මචාරී විසමචාරී වන්නේද? යමෙක් රජු නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ( මොවුනතුරෙන් ) කවරෙක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් රජු නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් රජු නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම් වන්නේය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, අධර්මචය්‍ර්‍යා විෂමචය්‍ර්‍යා දෙකින් ධර්මචය්‍ර්‍යා සමචය්‍ර්‍යා දෙකම උතුම්ය.´´ ´´ධානඤ්ජානිය, යම් කර්මාන්තයකින් රජුට කළයුතු කටයුතු රජුට කරන්නටද, පව්කම් නොකරන්නටද, කුසල් පිළිවෙතෙහි පිළිපදින්නටද හැක්කේ වේද, එබඳුවූ හේතු සහිත ධාර්මික අන්‍ය කටයුතු ඇත්තාහ.

24. ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යමෙක් තමාගේ කය පිනවීම සහ වැඩීම නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද? ( මොවුනතුරෙන් ) කවරෙක් උතුම්ද?´´

´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් කය පිනවීම හා වැඩීම නිසා අධර්මචාරී විෂමචාරී වන්නේද, ඔහු උතුම් නොවන්නේය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යමෙක් කය පිනවීම හා වැඩීම නිසා ධර්මචාරී සමචාරී වන්නේද, ඔහුම මෙහි උතුම්ය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යම් කර්මාන්තයකින් කය පිනවීම හා වැඩීමටද, පව්කම් නොකිරීමටද, කුසල් පිළිවෙතෙහි පිළිපැදීමටද, හැක්කේද, ( එබඳු ) අන්‍යවූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත්තාහ.´´

25. ඉක්බිති ධානඤ්ජානි බ්‍රාහ්මණයා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ කථාවට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට ගියේය. අනතුරුව පසු කාලයෙක්හි ධානඤ්ජානි බමුණා රෝගීව දුකට පැමිණියේ දැඩි ගිලන් ඇත්තෙක් විය. එකල්හි ධානඤ්ජානි බමුණා එක් පුරුෂයෙකුට කථා කළේය. ´´එම්බා පුරුෂය, නුඹ මෙහි එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි යව. ගොස් ´ස්වාමීනි, ධානඤ්ජානි බමුණා ආබාධ ඇතිව, දුකට පත්ව, දැඩි ගිලන්ව සිටී. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳීයයි ( කියා )´ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳුව.

´´ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම් තැනෙකද, එහි යව. ගොස් ´ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රෝගීව දුකට පත්ව දැඩි ගිලන්ව සිටී. හෙතෙම ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳීය´ යි මාගේ වචනයෙන් වඳුව. වැඳ මෙසේද කියව. ´ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ධානඤ්ජානි බමුණන්ගේ ගෙදර යම් තැනෙකද, එතැනට අනුකම්පාකොට පැමිණෙන සේක් නම් හොඳය ( කියායි. )´´

´´ඒ පුරුෂයා, ´එසේය ස්වාමීනි´ යි ධානඤ්ජානි බමුණාට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රෝගීව දුකට පත්ව දැඩි ගිලන්ව සිටී. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වැඳීය´ යි ( කියායි ) ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම් තැනෙකද, එහි ගියේය. ගොස් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ඒ පුරුෂයා ආයුෂ්මත් සැරියුත් තෙරුනට මෙසේ කීය. ´´ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රෝගීව දුකට පත්ව දැඩි ගිලන්ව සිටී. හෙතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ පාදයන් සිරසින් වඳී. (ඔහු ) මෙසේද කියයි. ´ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ ධානඤ්ජානි බමුණාගේ ගෙදර යම් තැනෙකද, එහි අනුකම්පාකොට එළඹෙන සේක් නම් හොඳය.´ ( කියායි. )

26. ආයුෂ්මත් සැරියුත් තෙරනුවෝ නිශ්ශබ්ද වීමෙන් ඉවසූහ. අනතුරුව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන ධානඤ්ජානි බමුණාගේ ගෙදර යම් තැනෙකද, එතැනට වැඩි සේක. වැඩ පැනවූ ආසනයෙහි උන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ ධානඤ්ජානි බමුණාට මෙසේ කීහ. ´´ධානඤ්ජානිය, කිමෙක්ද? තොප විසින් ඉවසිය හැකිද? කිමෙක්ද යැපිය හැකිද? දුක් වේදනාවෝ අඩු වෙත්ද, නොවැඩෙත්ද, අඩුවීමක් පෙනේද? නොවැඩීමක් පෙනේද?´´

´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, මා විසින් ඉවසිය නොහැක. මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීමක් මිස අඩුවීමක් නොපෙනේ. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යම් සේ බලවත් පුරුෂයෙක් තියුනු හුලකින් මුදුනට ගසන්නේද, එපරිද්දෙන්ම, භවත් ශාරීපුත්‍රයන් වහන්ස, මාගේ නපුරු වාතයෝ හිස් මුදුනට අනිත්. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. දැඩි දුක් වේදනාවෝ මට වැඩෙත්. පහව නොයත්. වැඩීමක් මිස අඩුවීමක් නොපෙනේ.´´

´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, බලවත් පුරිසයෙක් දැඩිවූ හම් පටකින් හිසෙහි හිස් වෙළුමක් බඳින්නේද, මෙපරිද්දෙන්ම ශාරීපුත්‍රයන් වහන්ස, හිසෙහි නපුරු හිස් වේදනාවක් වෙයි. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, ඉවසිය නොහැක. යැපිය නොහැක. මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම මිස අඩුවීමක් නොපෙනේ.´´

´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යම් සේ දක්‍ෂ ගෝාතකයෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ තියුණුවූ ගෙරිමස් කපන කැත්තෙන් බඩ කපන්නේද, එපරිද්දෙන්ම භවත් ශාරීපුත්‍රයන් වහන්ස, දරුණු වාතයෝ කුස කපත්. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, ඉවසිය නොහැක. යැපිය නොහැක. මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. වැඩීම මිස අඩුවීමක් නොපෙනේ.´´

´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යම් සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වල පුරුෂයකු අත්වලින් අල්ලාගෙන අඟුරු වලෙහි තවන්නාහුද, නැවත තවන්නාහුද, එපරිද්දෙන්ම භවත් ශාරීපුත්‍රයන් වහන්ස, මාගේ ශරීරයෙහි දැවීම අධිකය. භවත් ශාරීපුත්‍රයන් වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම මිස අඩුවීමක් නොපෙනේ.´´

27. ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? නිරය, තිරිසන් යෝනිය ( යන දෙකින් ) කවරක් උතුම්ද?´´ ´´ භවත් ශාරීපුත්‍රයන් වහන්ස, නිරයට වඩා තිරිසන් යෝනිය උතුම්ය.´´ ´´ ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? තිරිසන් යෝනිය ප්‍රේත විෂය ( යන දෙකින් ) කවරක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, තිරිසන් යෝනියට වඩා ප්‍රේත විෂය උතුම්ය.´´ ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? ප්‍රෙත විෂය මනුෂ්‍ය ලෝකය ( යන දෙකින් ) කවරක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, ප්‍රෙත විෂයට වඩා මනුෂ්‍ය ලෝකය උතුම්ය.´´

28.´´ ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මනුෂ්‍ය ලෝකය හා චාතුර්මහාරාජික දෙවියන් ( යන දෙකින් ) කවරක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, මනුෂ්‍යයන්ට වඩා චාතුර්මහාරාජික දෙවියෝ උතුම් වෙති.´´ ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? චාතුර්මහාරාජික දෙවියන් තව්තිසා දෙවියන් ( යන දෙකොටසින් ) කවරක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, චාතුර්මහාරාජික දෙවියන්ට වඩා තාවතිංස දෙවියෝ උතුම් වෙත්.´´

´´ ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? තාවතිංස දෙවියන් යාම දෙවියන් ( යන දෙකොටසින් ) කවරක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, තාවතිංස දෙවියන්ට වඩා යාම දෙවියෝ උතුම් වෙත්.´´

28. ´´ ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? යාම දෙවියන් තුසිත දෙවියන් ( යන දෙකොටසින් ) කවරක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, යාම දෙවියන්ට වඩා තුෂිත දෙවියෝ උතුම් වෙත්.´´ ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? තුෂිත දෙවියන් නිම්මාණරතී දෙවියන් ( යන දෙකොටසින් ) කවරක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, තුෂිත දෙවියන්ට වඩා නිම්මාණරතී දෙවියෝ උතුම්හ.´´ ´´ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? නිම්මාණරතී දෙවියන් පරිනිම්මිත වසවර්ති දෙවියන් ( යන දෙකොටසින් ) කවරෙක් උතුම්ද?´´) ´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, නිම්මාණරතී දෙවියන්ට වඩා පරිනිම්මිත වසවර්ති දෙවියෝ උතුම්හ.´´ ´´ ධානඤ්ජානිය, කුමක් සිතන් නෙහිද? පරිනිම්මිත වසවර්තියද, බ්‍රහ්ම ලෝකද ( යන දෙකින් ) කවරක් උතුම්ද?´´ ´´භවත් ශාරීපුත්‍රයන් වහන්සේ, බ්‍රහ්ම ලෝකයයි කියයිද, භවත් ශාරීපුත්‍රයන් වහන්සේ, බ්‍රහ්ම ලෝකයයි කියයිදැ´´ යි කීය.

29. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙබඳු සිතෙක් විය. ´මේ බමුණෝ බ්‍රහ්ම ලෝකයෙහි ඇලුනෝය. ධානඤ්ජානි බමුණාට බ්‍රහ්මයන් හා එක්වීමට පැමිණෙන මාර්‍ගය මම දෙසන්නෙම් නම් යෙහෙනි ( කියායි. ) ´´ධානඤ්ජානිය, නුඹට බ්‍රහ්මයන් හා එක්වීමට පැමිණෙන මාර්‍ගය දෙසන්නෙමි. එය අසව. මනාව සිත්හි ධාරනය කරව්. කියන්නෙමි. ධනෙඤ්ජානී බමුණා, ´´එසේය පින්වතුන් වහන්සැ´´ යි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට උත්තර දුන්නේය.

ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ මෙසේ වදාළේය. ´´ධානඤ්ජානීය, බ්‍රහ්මයන් සහවාසයට මාර්‍ගය කවරේද? ධානඤ්ජානීය, මෙහි භික්‍ෂුතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක පතුරුවා වාසය කරයිද, එසේ දෙවැනි, තෙවැනි, සතරවැනි දිසාවලට පතුරුවා වාසය කරයිද, මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතිර පවත්නා අයුරින් සියල්ල ඇතුලත් ලෝකය මහත්වූ මහග්ගතවූ අප්‍රමාණවූ අවෛරීවූ අව්‍යාපාදවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයිද, මේද ධානඤ්ජානිය, බඹුන්ගේ සහවාසයට මාර්‍ගයයි.

´´නැවතද ධානඤ්ජානීය, භික්‍ෂුතෙම කරුණා සහගත සිතින් එක් දිසාවක පතුරුවා වාසය කරයිද, එසේ දෙවැනි, තෙවැනි, සතරවැනි දිසාවලට පතුරුවා වාසය කරයිද, මෙසේ උඩ යට සරස ( යන ) සියලු තන්හි පැතිර පවත්නා අයුරින් සියල්ල ඇතුලත් ලෝකය මහත්වූ මහග්ගතවූ අප්‍රමාණවූ අවෛරීවූ අව්‍යාපාදවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයිද, මේද, ධානඤ්ජානිය, බඹුන්ගේ සහවාසයට මාර්‍ගයයි.

´´මුදිතා සහගත සිතින් එක් දිසාවක පතුරුවා වාසය කරයිද, එසේ දෙවැනි, තෙවැනි, සතරවැනි දිසාවලද පතුරුවා වාසය කරයිද, මෙසේ උඩ යට සරස ( යන ) සියලු තන්හි පැතිර පවත්නා අයුරින් සියල්ල ඇතුලත් ලෝකය මහත්වූ මහග්ගතවූ අප්‍රමාණවූ අවෛරීවූ අව්‍යාපාදවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයිද, මේද, ධානඤ්ජානිය, බඹුන්ගේ සහවාසයට මාර්‍ගයයි.

´´උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක පතුරුවා වාසය කරයිද, මෙසේ උඩ යට හරහ ( යන ) සියලු තන්හි සියලු තන්හි පැතිර පවත්නා ලෙසින් සියල්ල ඇතුලත් ලෝකය මහත්වූ මහග්ගතවූ අප්‍රමාණවූ අවෛරීවූ අව්‍යාපාදවූ උපෙකඛා සහගත සිතින් පතුරුවා වාසය කරයිද, මෙයද, ධානඤ්ජානිය, බඹුන්ගේ සහ වාසයට මාර්‍ගයයි.´´

30.´´භවත් ශාරීපුත්‍රයන් වහන්ස, එසේ නම් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනු මැනව. ´ස්වාමීනි, ධානඤ්ජානි බමුණා, රෝගීව, දුකට පත්ව, දැඩි ගිලන්ව සිටී. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳීය´ යි ( කියායි. )

ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ ධානඤ්ජානි බමුණා මත්තෙහි කළයුතු දේ තිබියදී බඹලොව පිහිටුවා හුනස්නෙන් නැගිට ගියේය. අනතුරුව ධානඤ්ජානි බමුණා ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඩි නොබෝ වේලාවකින් කලුරිය කෙළේය. බඹලොවද උපන්නේය.

31. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකළ සේක. ´´මහණෙනි, මේ ශාරීපුත්‍ර තෙමේ ධානඤ්ජානි බමුණා මත්තෙහි කළයුතු දේ තිබියදී හීනවූ බඹලොව පිහිටුවා හුනස්නෙන් නැගිට ගියේය´´ යි වදාළේය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, ධානඤ්ජානි බමුණා රෝගීව, දුකට පත්ව දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳීය´´ යි කීය.

´´කිමෙක්ද? ශාරීපුත්‍රය, ධානඤ්ජානි බමුණා මත්තෙහි කළයුතු දේ තිබියදී හීනවූ බඹලොව පිහිටුවා හුනස්නෙන් නැගිට ගියේදැ´´ යි ඇසූහ. ´´ස්වාමීනි, මට වනාහි මේ අදහස විය. ´මේ බමුණෝ බඹලොව ඇලුනෝය. ධානඤ්ජානි බමුණාට බ්‍රහ්මයන්ගේ සහවාසයට පැමිණෙන මාර්‍ගය මම දෙසන්නෙම් නම් යෙහෙක´´ ( කියායි. ) ´´ශාරීපුත්‍රය, ධානඤ්ජානි බමුණා කථරිය කෙළේය. බඹලොව උපන්නේය.

සත්වැනිවූ ධානඤ්ජානි සූත්‍රය නිමි. ( 5 – 7 )

96. එසුකාරී සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු කරවූ ජේතවන නම් ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි එසුකාරී නම් බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතුවූද, සිහි කටයුතුවූද, කථාව කොට නිමවා පැත්තෙක හුන්නේය. පැත්තෙක උන්නාවූ එසුකාරී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

2. ´´භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ සේවය කිරීම් හතරක් නියම කෙරෙති. බමුණාට සේවය කිරීම පණවත්, ක්‍ෂත්‍රියයාට සේවය කිරීම නියම කෙරෙති, වෛශ්‍යයාට සේවය කිරීම නියම කෙරෙති, ශුද්‍රයාට සේවය කිරීම නියම කෙරෙති, භවත් ගෞතමයන් වහන්ස, එහි මේ සේවය කිරීම බමුණෝ බමුණාට නියම කරති. බමුණෙක් හෝ බමුණාට සේවය කරන්නේය. ක්‍ෂත්‍රියයෙක් හෝ බමුණාට සේවය කරන්නේය. වෛශ්‍යයෙක් හෝ බමුණාට සේවය කරන්නේය. ශුද්‍රයෙක් හෝ බමුණාට සේවය කරන්නේය, යනුය. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ බමුණාට මේ වතාවත් කිරීමට නියම කරති.

3. ´´ භවත් ගෞතමයන් වහන්ස, එහි මේ සේවය කිරීම බමුණෝ ක්‍ෂත්‍රියයාට නියම කරති. ක්‍ෂත්‍රියයෙක් හෝ ක්‍ෂත්‍රියයාට වතාවත් කරන්නේය. වෛශ්‍යයෙක් හෝ ක්‍ෂත්‍රියයාට වතාවත් කරන්නේය. ශුද්‍රයෙක් හෝ ක්‍ෂත්‍රියයාට වතාවත් කරන්නේය. භවත් ගෞතමයන් වහන්ස, මේ සේවය කිරීම් වනාහි බමුණෝ ක්‍ෂත්‍රියයාට නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, එහි මේ සේවය කිරීම බමුණෝ වෛශ්‍යයාට නියම කරති. වෛශ්‍යයෙක් හෝ වෛශ්‍යයාට වතාවත් කරන්නේය. ශුද්‍රයෙක් හෝ වෛශ්‍යයාට වතාවත් කරන්නේය යනුයි. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මේ සේවය කිරීම වනාහි ශුද්‍රයාට නියම කරති. ශුද්‍රයෙක් හෝ ශුද්‍රයාට වතාවත් කරන්නේය. අන් කවරෙක් හෝ ශුද්‍රයාට වතාවත් කරන්නේදැයි´ භවත් ගෞතමයන් වහන්ස, මේ සේවය කිරීම වනාහි බමුණෝ ශුද්‍රයාට නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මේ සේවය කිරීම් හතරක් නියම කරති. මෙහිදී භවත් ගෞතමයන් වහන්සේ, කුමක් කියන සේක්ද?´´ ´´බමුණ කිමෙක්ද? බමුණෝ සිව් වැදෑරුම් සේවය නියම කරතියි සියලු ලෝකයා එයට අනූදුසුද?´´ ´´ භවත් ගෞතමයන් වහන්ස, මෙයට සියලු ලෝකයා කැමැති නොවේ.´´ ´´බමුණ, යම්සේ දිළිඳුවූ, ධන නැත්තාවූ, සහල් නැළියක්වත් නැත්තාවූ, පුරුෂයෙක් වේද, නොකැමැතිවූ ඔහුට කොටස් නියම කරන්නාහුය. ( එල්ලූහ ) ´එම්බා පුරුෂය, මෙහි තා විසින් මස් කෑ යුතුයි. මිලද දිය යුතුයි.´´ (කියායි. ) මෙපරිද්දෙන් බමුණ, යම් ඒ මහණ බමුණන්ගේ කැමැත්තක් නැතිව බමුණෝ මේ සේවය කිරීම් සතර පණවත්.

4. ´´බමුණ, මම සියල්ල සේවය කළ යුතුයයි නොකියමි. බමුණ, මම සියල්ල සේවය නොකළ යුතුයයි නොකියමි. බමුණ, යමක් සේවය කරන්නාහුට සේවය කිරීමේ හේතුවෙන් පවක් වන්නේද, වැඩක් නොවන්නේද, බමුණ, මම එය සේවය කළ යුතුයයි නොකියමි. බමුණ, යම් හෙයකින් වනාහි සේවය කරන්නහුට සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, එය මම සේවය කළ යුතුයයි කියමි.

5. ´´බමුණ, ක්‍ෂත්‍රියයාගෙන්ද මෙසේ විචාරන්නාහු යමක් සේවය කරන්නාවූ ඔබට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් නොවන්නේද, යමක් සේවය කරන්නාවූ ඔබට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මෙහිද කුමක් සේවය කරන්නට කැමැතිවෙහිදැයි´ බමුණ, ක්‍ෂත්‍රියයාද මනාව ප්‍රකාශ කරමින් මෙසේ ප්‍රකාශ කරන්නේය. ´යමක් සේවය කරන්නාවූ මට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් නොවන්නේද, මම එය සේවය නොකරමි. යමක් සේවනය කරන්නාවූ මට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පවක් වන්නේද, එය මම සේවය කරමි. බමුණ, බමුණාගෙන් මෙසේ විචාරන්නාහුය. යමක් සේවය කරන්නාවූ ඔබට ( එය ) සේවය කිරීමේ හේතුවෙන්, පාපයක් වන්නේද, යහපත් නොවන්නේද, යමක් සේවය කරන්නාවූ ඔබට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මෙහිදී කුමක් සේවය කරන්නාට කැමැත්තෙහිදැයි බමුණ, බමුණාද මණාව ප්‍රකාශ කරමින් මෙසේ ප්‍රකාශ කරන්නේය. ´යමක් සේවය කරන්නාවූ මට ( එම ) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපත් නොවන්නේද, මම එය සේවය නොකරමි. යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මම එය සේවය කරමි. ´බමුණ, වෛශ්‍යයාගෙන්ද මෙසේ විචාරන්නාහුය. ´යමක් සේවනය කරන්නාවූ ඔබට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් වන්නේද, යමක් සේවය කරන්නාවූ ඔබට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මෙහිදී කුමක් සේවය කරන්ට කැමැත්තෙහිදැයි´ ´බමුණ, වෛශ්‍යාද මනාව ප්‍රකාශ කරමින් මෙසේ ප්‍රකාශ කරන්නේය. ´යමක් සේවය කරන්නාවූ මට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් නොවන්නේද, මම එය සේවය නොකරමි. යමක් සේවය කරන්නාවූ මට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, යහපතක් නොවන්නේද, එය මම සේවය කරමි.´

6. ´´බමුණ, ශුද්‍රයාගෙන්ද මෙසේ විචාරන්නාහුය. ´යමක් සේවය කරන්නාවූ ඔබට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යමක් සේවය කරන්නාවූ ඔබට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පවක් නොවන්නේද, මෙහිදී කුමක් සේවය කරන්නට කැමැති වෙහුදැයි´ ශුද්‍රයාද මනාව පවසමින් මෙසේ පවසන්නේය. ´යමක් සේවය කරන්නාවූ මට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් වන්නේද, මම එය සේවය නොකරමි. සේවනය කරන්නාවූ මට ( එය ) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, එය මම සේවය කරමි.´

7. ´´බමුණ, මම උසස් කුල ඇති බව උසස්යයි නොකියමි. බමුණ, මම වනාහි උසස් කුල ඇති බව පහත්යයි නොකියමි. බමුණ, මම මහත් වර්‍ණ ඇති බව උසස්යයි නොකියමි. බමුණ, මම වනාහි මහත් වර්‍ණ ඇති බව පහත්යයි නොකියමි. බමුණ, මම මහත් භෝග ඇති බව උසස්යයි නොකියමි. බමුණ, මම වනාහි මහත් භෝග ඇති බව පහත්යයි නොකියමි. බමුණ, මේ ලෝකයෙහි උසස් කුල ඇත්තාවූ ඇතැමෙක් පර පණ නසන්නේ වෙයිද, නොදුන් දෙය ගන්නේ වෙයි, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි, බොරු කියන්නේ වෙයි, කේලාම් කියන්නේ වෙයි, රළු වචන කියන්නේද වෙයි, හිස් වචන කියන්නේද වෙයි, දැඩි ලෝභය ඇත්තේ වෙයි, බද්ධ වෛරයෙන් යුක්ත සිත් ඇත්තේ වෙයි, වැරදි දැකීම් ඇත්තේ වෙයි, එහෙත් උසස් කුල ඇති බව උසස්යයි´´ නොකියමි.

8. ´´බමුණ, මහත් වර්‍ණ ඇත්තේ වනාහි මේ ලෝකයෙහි සමහරෙක් පර පණ නැසීමෙන් වැළකුණේ වේ, නුදුන් දෙය ගැන්මෙන් වැළකුණේ වේ, කාමයන්හි වරදවා නොහැසිරෙන්නේ වේ, බොරු කීමෙන් වෙන්වූයේ වේ. කේලාම් කීමෙන් වැලකුණේ වේ. රළු වචනයෙන් වැළකුණේ වේ. හිස් වචන කීමෙන් වැළකුණේ වේ. දැඩි ලෝභය නැත්තේ වේ, බද්ධ වෛරය නැත්තේ වේ, හරි දැකීම් ඇත්තේ වේ, එහෙයින් උසස් වර්‍ණ ඇති බව පහත්යයි නොකියමි.

9. ´´බමුණ, මහත් භෝග ඇත්තාවූ මේ ලෝකයෙහි සමහරෙක් පර පණ නසන්නේ වේද, නොදුන් දෙය ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේ, බොරු කියන්නේ වේ, කේළාම් කියන්නේ වේ, රළු වචන කියන්නේ වේ, හිස් වචන කියන්නේ වේ, දැඩි ලෝභය ඇත්තේ වේ. බද්ධ වෛරයෙන් යුක්ත සිත් ඇත්තේ වේ. මිසදිටු ඇත්තේ වේ. එහෙයින් මහත් භෝග ඇතිබව උසස්යයිද නොකියමි.

´´බමුණ, මහත් භෝග ඇත්තාවූද මේ ලෝකයෙහි සමහරෙක් පර පණ නැසීමෙන් වෙන්වූයේ වේ, නුදුන් දෙය ගැන්මෙන් වැලකුණේ වේ, කාමයන්හි වරදවා නොහැසිරෙන්නේ වේ. බොරු කීමෙන් වෙන් වූයේ වේ, කේළාම් කීමෙන් වැලකුණේ වේ, රළු වචනයෙන් වැලකුණේ වේ, හිස් වචන දෙඩීමෙන් වැලකුණේ වේ, දැඩි ලෝභය නැත්තේ වේ, බැඳගත් වෛර නැත්තේ වේ, හරි දැකීම් ඇත්තේ වේද, එහෙයින් උසස් භෝග ඇති බව ලාමකයයිද නොකියමි.

10. ´´බමුණ, මම සියල්ලන් සේවය කළ යුතුයයිද නොකියමි. බමුණ, මම වනාහි සියල්ලන් සේවය නොකළ යුතුයයිද නොකියමි. යමකු සේවය කරන්නාවූ ඔහුට ඒ සේවය කිරීමේ හේතුවෙන් ඇදහීම වැඩෙයිද, සීලය වැඩෙයිද, ඇසූ තැන් ඇති බව වැඩෙයිද, දීම වැඩෙයිද, නුවණ වැඩෙයිද, මම ඔහු සේවය කළ යුතුයයි කියමි.´´ මෙසේ කී කල්හි ඒසුකාරී බමුණා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ සතර ධනයක් නියම කරති. බමුණාට සිය ධනය නියම කරති. ක්‍ෂත්‍රියයාට සිය ධනය නියම කරති. වෛශ්‍යයාට සිය ධනය නියම කරති. ශුද්‍රයාට සිය ධනය නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, ඔවුන් බමුණෝ බමුණාට මේ පිණ්ඩපාතයේ හැසිරීම සිය ධනය කොට නියම කරත්. පිණ්ඩපාතයේ හැසිරීම සිය ධනය කොට ඇත්තාවූ බමුණු තෙම ආරක්‍ෂකයා විසින් තමන් රැක්කයුතු දෙය සොරා ගන්නාක් මෙන් නොකටයුතු දෙය කරන්නේ වේ. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ වනිහ් බමුණාට මේ ස්වකීය ධනය නියම කරත්.´´

11. ´´ භවත් ගෞතමයන් වහන්ස, ඔවුන් බමුණෝ ක්‍ෂත්‍රියාට දුන්න සහ හී කොපුව සිය ධනය සේ නියම කරත්. දුන්න සහ හී කොපුව සිය ධනය කෙිට ඇත්තාවූ ක්‍ෂත්‍රිය තෙම ආරක්‍ෂකයා විසින් රැකියයුතු දේ සොරා ගන්නාක් මෙන් නොකටයුතු දේ කරන්නේ වේ. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ වනාහි ක්‍ෂත්‍රියයාට මේ සිය ධනය නියම කරත්.

´´ භවත් ගෞතමයන් වහන්ස, ඔවුන් අතුරෙන් බමුණෝ වෛශ්‍යයාට සී සෑම සහ ගවයන් රැකීම සිය ධනය සේ නියම කරති. සී සෑම සහ ගවයන් රැකීම සිය ධනය කොට ඇත්තාවූ වෛශ්‍යයා විසින් රැකියයුතු දේ සොරා ගන්නා මෙන් නොකටයුතු දේ කරන්නේ වේ. නොකටයුතු දේ කරන්නේ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ වනාහි වෛශ්‍යයාට මේ සිය ධනය නියම කරත්.

´´ භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ ශුද්‍රයාට මේ තණ කපන දෑකැත්ත හා කදද සිය ධනය කොට නියම කරති. තණ කපන දෑකැත්ත හා කද සිය ධනය කොට ඇත්තාවූ ශුද්‍රයා වනාහි රැකියයුතු දේ සොරා ගන්නාක් මෙන් නොකටයුතු දේ කරන්නේ වේ. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ ශුද්‍රයාට මෙය සිය ධනය නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මේ සතර ධනයන් නියම කරත්.

´´භවත් ගෞතමයන් වහන්සේ, මේ කරුණෙහිදී කුමක් කියන සේක්ද?´´ ´´බමුණ කිමෙක්ද? බමුණෝ මේ සතර ධනය නියම කෙරෙත්ද? සියලු ලෝකයා එය අනුදනීද?´´

12. ´´භවත් ගෞතමයන් වහන්ස, එයට සියලු ලෝකයා කැමති නොවේ.´´ ´´බමුණ, දිළිඳුවූ අසරණවූ නිර්ධනවූ පුරුෂයෙක් ඔහුගේ අකැමැත්තෙන්, ´එම්බා පුරුසය, මෙය තාගේය. මස් කෑ යුතුයි. මිළද දිය යුතුයයි´ කොටස නියම කරන්නේ යම් සේද, බමුණ, එපරිද්දෙන්ම මහණ බමුණන්ගේ අනුදැනීමක් පිළිගැනීමක් නැතිව මේ සතර ධනයන් වනාහි ( ඒ බමුණෝ ) නියම කරත්.´´

13. ´´බමුණ, මම ආය්‍ර්‍යවූ ලෝකෝත්තර ධර්‍මය පුරුෂයාට සිය ධනය කොට නියම කරමි. පුරාණ මව් පිය කුල වංසය වනාහි සිහිකරන්නාවූ ඔහුගේ යම් යම් තැනෙක්හි ආත්ම භාවයාගේ ඉපදීම වේද, ඒ ඒ ආත්මභාවයෙන්ම වංසය ව්‍යවහාරයට යයි. ඉදින් ක්‍ෂත්‍රිය කුලයෙහි ආත්ම භාවයාගේ ඉපදීම වේද, ( ඔහු ) ක්‍ෂත්‍රිය යන ව්‍යවහාරයට යයි. ඉදින් බමුණු කුලයෙහි ආත්ම භාවයාගේ ඉපදීම වේද, ( ඔහු ) බ්‍රාහ්මණ යන ව්‍යවහාරයට යයි. ඉදින් වෛශ්‍ය කුලයෙහි ආත්මභාවයාගේ ඉපදීම වේද, ( ඔහු ) වෛශ්‍යය යන ව්‍යවහාරයට යයි. ශුද්‍ර කුලයෙහි ආත්මභාවයාගේ ඉපදීම වේද, ( ඔහු ) ශුද්‍ර යන ව්‍යවහාරයට යයි.

´´බමුණ, යම්සේ යම් යම් උපකරණයක් නිසා ගිනි දල්වයිද, ඒ ඒ උපකරණයෙන්ම වර්‍ග ව්‍යවහාරයට යයි. දර නිසා ගිනි දල්වයිද, ( එය ) දර ගින්නය යන ව්‍යවහාරයට යයි. පතුරු නිසා ගිනි දල්වයිද, ( එය ) පතුරු ගින්නය යන ව්‍යවහාරයට යයි. තණ නිසා ගිනි දල්වයිද, ( එය ) තෘණාග්නි යන ව්‍යවහාරයට යයි. ගොම වැරටි නිසා ගිනි දල්වයිද, ( එය ) ගෝමයාග්නි යන ව්‍යවහාරයට යයි.

14. ´´බමුණ, මෙපරිද්දෙන් මම වනාහි ආය්‍ර්‍යවූ ලෝකෝත්තර ධර්‍මයන් පුරුෂයාගේ සිය ධනයසේ නියම කරමි. පුරාණවූ මව් පිය සතුවූ කුල වංස සිහිකරන්නාවූ යම් යම් තන්හිම ආත්ම භාවයාගේ ඉපදීම වේද, ඒ ඒ ආත්මභාවයෙන්ම වංස ව්‍යවහාරයට යයි. ඉදින් ක්‍ෂත්‍රිය කුලයෙහි ආත්ම භාවයාගේ ඉපදීම වේද, ( ඔහු ) ක්‍ෂත්‍රියයා යන ව්‍යවහාරයට යයි. ඉදින් බමුණු කුලයෙහි ආත්ම භාවයාගේ ඉපදීම වේද, ( ඔහු ) බ්‍රාහ්මණයාය යන ව්‍යවහාරයට යයි. වෛශ්‍ය කුලයෙහි ආත්මභාවයාගේ ඉපදීම වේද, ( ඔහු ) වෛශ්‍යයාය යන ව්‍යවහාරයට යයි. ඉදින් ශුද්‍ර කුලයෙහි ආත්මභාවයාගේ ඉපදීම වේද, ( ඔහු ) ශුද්‍ර යන ව්‍යවහාරයට යයි.

15. ´´බමුණ, ඉදින් ක්‍ෂත්‍රිය කුලිකයෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. හොරකමින් වෙන්වූයේ වෙයි. ස්ත්‍රී සේවනයෙන් වෙන්වූයේ වෙයි. බොරු කීමෙන් වෙන්වූයේ වෙයි. කේළාම් කීමෙන් වෙන්වූයේ වෙයි. රළු වචනයෙන් වෙන්වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩි ලෝභ නැත්තේ වෙයි. බැඳගත් වෛර නැත්තේ වෙයි. හරි දැකීම් ඇත්තේ වෙයි. මාර්‍ග කුසලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. බමුණ, ඉදින් බමුණු කුලිකයෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් වහන්සේ පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. හොරකමින් වෙන්වූයේද, අබ්‍රහ්මචය්‍ර්‍යාවෙන් වෙන්වූයේද, බොරු කීමෙන් වෙන්වූයේද, කේළාම් කීමෙන් වෙන්වූයේද, රළු වචනයෙන් වෙන්වූයේද වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. දැඩි ලෝභ නැත්තේ වේ. බැඳගත් වෛර නැත්තේ වේ. හරි දැකීම් ඇත්තේ වේ. මාර්‍ග කුසලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. බමුණ, වෛශ්‍ය කුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් විසින් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වැලකුණේ වෙයි. හොරකමින් වෙන්වූයේද, අබ්‍රහ්මචය්‍ර්‍යාවෙන් වෙන්වූයේද, බොරු කීමෙන් වෙන්වූයේද, කේළාම් කීමෙන් වෙන්වූයේද, රළු වචනයෙන් වෙන්වූයේද වේ. හිස් වචනයෙන් වෙන්වූයේද වේ. දැඩි ලෝභ නැත්තේ වේ. හරි දැකීම් ඇත්තේ වෙයි. මාර්‍ග කුසලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. බමුණ, ශුද්‍ර කුලිකයෙක් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් විසින් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වැලකුණේ වෙයි. හොරකමින් වෙන්වූයේ වෙයි, ස්ත්‍රී සේවනයෙන් වෙන්වූයේ වෙයි, බොරු කීමෙන් වෙන්වූයේ වෙයි, කේළාම් කීමෙන් වෙන්වූයේ වෙය්. රළු වදනින් වෙන්වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩි ලෝභය නැත්තේ වෙයි. හරි දැකීම් ඇත්තෙක් වෙයි. මාර්‍ග කුසලය සම්පූර්‍ණ කරන්නේ වෙයි.

´´බමුණ, මේ ප්‍රදේශයෙහි වෛර නැත්තාවූ, ක්‍රෝධ නැත්තාවූ, මෛත්‍රී සිත වඩන්නට බමුණාම පොහොසත් වේද, ක්‍ෂත්‍රියයෙක්, වෛශ්‍යයෙක්, ශුද්‍රයෙක් පොහොසත් නොවේද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, එය එසේ නොවේ. භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියයාද මේ ප්‍රදේශයෙහි වෛර නැත්තාවූ, ක්‍රොධ නැත්තාවූ, මෛත්‍රී සිත වඩන්නට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයාද මේ ප්‍රදේශයෙහි වෛර නැති, ක්‍රොධ නැති, මෛත්‍රී සිත වඩන්ට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍යයාද මේ ප්‍රදේශයෙහි වෛර නැති, ක්‍රොධ නැති, මෛත්‍රී සිත වඩන්නට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍රයාද මේ ප්‍රදේශයෙහි වෛර නැති, ක්‍රොධ නැති, මෛත්‍රී සිත වඩන්නට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, සියලු සතර ජාතිද මේ ප්‍රදේශයෙහි වෛර නැති, ක්‍රොධ නැති, මෙත් සිත වැඩීමට පොහොසත් වෙති.´´

16. ´´ඉදින් බමුණ, මෙපරිද්දෙන් වනාහි ක්‍ෂත්‍රිය කුලිකයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. හොරකමින් වෙන්වූයේ වේ. ස්ත්‍රී සේවනයෙන් වෙන්වූයේ වේ. බොරු කීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. රළු වචනයෙන් වෙන්වූයේ වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. දැඩි ලෝභ නැත්තේ වේ. බැඳගත් වෛර සිත් නැත්තේ වේ. හරි දැකීම් ඇත්තෙක් වේ. මාර්‍ග කුශලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. බමුණ, බ්‍රාහ්මණ කුලිකයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. හොරකමින් වෙන්වූයේ වේ. ස්ත්‍රී සේවනයෙන් වෙන්වූයේ වේ. බොරු කීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. රළු වචනයෙන් වෙන්වූයේ වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. දැඩි ලෝභ නැත්තේ වේ. බැඳගත් වෛර නැත්තේ වේ. හරි දැකීම් ඇත්තෙක් වේ. මාර්‍ග කුශලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. වෛශ්‍ය කුලිකයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. හොරකමින් වෙන්වූයේ වේ. ස්ත්‍රී සේවනයෙන් වෙන්වූයේ වේ. බොරු කීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. රළු වචනයෙන් වෙන්වූයේ වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. දැඩි ලෝභ නැත්තේ වේ. බැඳගත් වෛර සිත් නැත්තේ වේ. හරි දැකීම් ඇත්තෙක් වේ. මාර්‍ග කුශලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. ශුද්‍ර කුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වැළකුණේ වේ. නුද්‍රන් දෙය ගැන්මෙන් වැළකුණේ වේ. මුසාවාදයෙන් වැළකුණේ වේ. කේළාම් කීමෙන් වැළකුණේ වේ. ඵරුෂ වචනයෙන් වැළකුණේ වේ. හිස් වචන කථාවෙන් වැළකුණේ වේ. දැඩි ලෝභයෙන් නොමැඩුනේ වේ. බැඳගත් වෛර නැත්තේ වේ. හරි දැකීම් ඇත්තෙක් වේ. මාර්‍ග කුශලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. බමුණ, කුමක් සිතන්නෙහිද? බමුණාම ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් ගඟට කුණු දූවිලි සෝදා හරින්ට පොහොසත් වේද? ක්‍ෂත්‍රියයා අපොහොසත් වේද? වෛශ්‍යයා අපොහොසත් වේද? ශුද්‍රයා අපොහොසත් වෙත්ද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, එය එසේ නොවේ. භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියයාද ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් කුණු දූවිලි සෝදා හරින්නට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයාද ඇඟ උලන ගල් හා කල්ක ගෙන නදියට ගොස් කුණු දූවිලි සෝදා හරින්ට පොහොසත්ය. වෛශ්‍යයාද ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් බැඳුනු කුණු දූවිලි සෝදා හරින්නට පොහොසත්ය. ශුද්‍රයාද ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් කුණු දූවිලි සෝදා හරින්නට පොහොසත්ය. භවත් ගෞතමයන් වහන්ස, සියලු සතර ජාතීහුම ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් කුණු දූවිලි සෝදා හරින්ට පොහොසත් වෙති. බමුණ මෙපරිද්දෙන් ක්‍ෂත්‍රියෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් වදාළ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වෙයි. හොරකමින් වෙන්වූයේ වෙයි. ස්ත්‍රී සේවනයෙන් වෙන්වූයේ වෙයි. බොරුකීමෙන් වෙන්වූයේ වෙයි. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වෙයි. කේළාම් කීමෙන් වෙන්වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩි ලෝභ නැත්තේ වෙයි. හරි දැකීම් ඇත්තෙක් වෙයි. මාර්‍ග කුශලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. බමුණ බ්‍රාහ්මණයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වෙයි. හොරකමින් වෙන්වූයේ වෙයි. බොරුකීමෙන් වෙන්වූයේ වෙයි. කේළාම් කීමෙන් වෙන්වූයේ වෙයි. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩි ලෝභ නැත්තේ වෙයි. හරි දැකීම් ඇත්තෙක් වෙයි. මාර්‍ග කුසලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. වෛශ්‍යයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වෙයි. හොරකමින් වෙන්වූයේ වෙයි. බොරුකීමෙන් වෙන්වූයේ වෙයි. කේළාම් කීමෙන් වෙන්වූයේ වෙයි. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩි ලෝභ නැත්තේ වෙයි. හරි දැකීම් ඇත්තෙක් වෙයි. මාර්‍ග කුසලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. ශුද්‍රයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වැලකුණේ වෙයි. හොරකමින් වෙන්වූයේ වෙයි. බොරුකීමෙන් වෙන්වූයේ වෙයි. කේළාම් කීමෙන් වෙන්වූයේ වෙයි. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩි ලෝභ නැත්තේ වෙයි. හරි දැකීම් ඇත්තෙක් වෙයි. මාර්‍ග කුසලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. ශුද්‍රයෙක්ද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වැලකුණේ වේද, හොරකම් කිරීමෙන් වෙන්වූයේ වෙයි. බොරුකීමෙන් වෙන්වූයේ වෙයි. කේළාම් කීමෙන් වෙන්වූයේ වෙයි. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වෙයි. හිස් වචනයෙන් වෙන්වූයේ වෙයි. දැඩි ලෝභ නැත්තේ වෙයි. හරි දැකීම් ඇත්තෙක් වෙයි. මාර්‍ග කුසලය සම්පූර්‍ණ කරන්නේ වෙයි.

17. ´´බමුණ, කුමක් සිතන්නෙහිද? මෙහි ඔටුනු පැළඳවූ ක්‍ෂත්‍රිය රජෙක් නොයෙක් ජාති ඇති පුරිසයන් අතුරෙන් පුරිසයන් සියයක් හෝ රැස්කරන්නේය. ( රැස් කොට ) පින්වත්හු එත්වා, ක්‍ෂත්‍රිය කුලයේ හෝ, බ්‍රාහ්මණ කුලයේ හෝ, ප්‍රදේශ රජ කුලයේ හෝ, උපන්නාවූ යමෙක්, සල් රුකක හෝ, හොර රුකක හෝ, සඳුන් රුකක හෝ, පදුම රුකක හෝ, උඩගාන දණ්ඩක් ගෙන ගිනි උපදවත්වා, ගිනි පහළ කරත්වා. නැවතද පින්වත්හු එත්වා, සැඩොල් කුලයේ, වැදි කුලයේ, වේණ කුලයේ, රථකාර කුලයේ, පුක්කුස කුලයේ, උපන්නාවූ යමෙක් බල්ලන් බොන ඔරුවක හෝ, ඌරන් බොන ඔරුවක හෝ, රෙදි සෝදන ඔරුවක හෝ, එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි උපදවත්වා. ගිනි පහළ කරත්වා.

18. ´´බමුණ, කුමක් කරන්නෙහිද? යම් ඒ ගින්නක් වේද, ඒ ගින්න ක්‍ෂත්‍රිය කුලයේ, බමුණු කුලයේ, ප්‍රදේශ රජ කුලයේ, උපන්නාහු විසින් සල් රුකක හෝ, හොර රුකක හෝ, සඳුන් රුකක හෝ, පදුම රුකක හෝ, උඩගාන දණ්ඩක් ගෙන ගිනි උපදවන ලද්දේ, ගිනි පහළ කරන ලද්දේ, ඒ ගින්නම ගිනිදලු ඇත්තේද? වර්‍ණවත්ද? පැහැ ඇත්තේ වේද? ඒ කරණකොට ගෙන ගින්නෙන් කළ හැකිවූ දෙය කරන්නට හැක්කේ වේද, යම් ඒ ගින්නක් වනාහි සැඩොල් කුලයේ, වැදි කුලයේ, වේණ කුලයේ, රථකාර කුලයේ, පුක්කුස කුලයේ උපන්නහු විසින් බල්ලන් බොන ඔරුවක හෝ ඌරන් බොන ඔරුවක හෝ රෙදි සෝදන ඔරුවක හෝ එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි උපදවන ලද්දේ, ගිනි පහළ කරන ලද්දේ, ඒ ගින්නම ගිනිදැල් ඇත්තේද? වර්‍ණවත්ද? පැහැ ඇත්තේද? ඒ කරණකොට ගින්නෙන් කළ, හැකි සියල්ල කරන්නට ද හැක්කේ වේ. යම් ඒ ගින්නක් සැඩොල් කුලයේ, වැදි කුලයේ, වේණ කුලයේ, රථකාර කුලයේ, උපන්නවුන් විසින් බල්ලන් බොන ඔරුවක හෝ ඌරන් බොන ඔරුවක හෝ රෙදි සෝදන ඔරුවක හෝ එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි නිපදවන ලද්දේද, ගිනි පහළ කරන ලද්දේද, ඒ ගින්නද ගිනිදැල් ඇත්තේද, වර්‍ණවත්ද, පැහැ ඇත්තේද, ඒ ගින්න කරණකොට ගෙන ගින්නෙන් කළ හැකි සියල්ල කරන්නටද හැක්කේ වේ. භවත් ගෞතමයන් වහන්ස, සියලුම ගිනි ගිනිදැල් ඇත්තේද, වර්‍ණවත්ද, පැහැ ඇත්තේද වේ. සියලුම ගිනි කරණ කොට ගෙන ගින්නෙන් කළ හැකි සියල්ලක් කරන්නට හැකිය.´´ ´´බමුණ, එපරිද්දෙන් වනාහි ක්‍ෂත්‍රිය කුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේ වෙයිද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වැළකුණේ වේ. හොරකමින් වෙන්වූයේ වේ. බොරුකීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. පරුෂ වචනයෙන් වෙන්වූයේ වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. දැඩි ලෝභ නැත්තේ වේ. හරි දැකීම් ඇත්තේ වේ. මාර්‍ග කුශලය සම්පූර්‍ණ කරන්නේ වෙයි. බමුණ ඉදින්, බමුණු කුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. හොරකමින් වෙන්වූයේ වේ. බොරුකීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. පරුෂ වචනයෙන් වෙන්වූයේ වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. දැඩි ලෝභ නැත්තේ වේ. හරි දැකීම් ඇත්තෙක් වේ. මාර්‍ග කුශලය සම්පූර්‍ණ කරන්නේ වෙයි.´´

´´ඉදින් බමුණ, වෛශ්‍ය කුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. හොරකමින් වෙන්වූයේ වේ. බොරුකීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. පරුෂ වචනයෙන් වෙන්වූයේ වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. දැඩි ලෝභ නැත්තේ වේ. හරි දැකීම් ඇත්තේ වේද. ශුද්‍රකුලිකයෙක්ද, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේද, හෙතෙමේද තථාගතයන් පැවසූ ධර්‍ම විනයට පැමිණ සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. නුදුන් දෙය ගැන්මෙන් වැළකුණේ වේ. ස්ත්‍රී සේවනයෙන් වැළකුණේ වේ. බොරුකීමෙන් වැළකුණේද, කේළාම් කීමෙන් වැළකුණේ වේ. රළු වචනයෙන් වැළකුණේ වේ. හිස් වචන දෙසීමෙන් වැළකුණේ වේ. දැඩි ලෝභයෙන් වෙන්වූයේ වෙයි. බැඳගත් වෛර නැත්තේ වේ. හරි දැකීම් ඇත්තේ වේ. මාර්‍ග කුසලය සම්පූර්‍ණ කරන්නේ වෙයි.´´

19. ´´මෙසේ කී කල්හි ඒසුකාරී බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් හරින්නේද, මංමුළාවූවෙකුට මග හෝ කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංයාද, සරණ කොට යමි.

´´අද පටන් දිවිහිම්ව සරණගිය උපාසකයකුසේ භවත් ගෞතමයන් වහන්සේ මා දරන සේක්වා.´´

සවැනිවූ ඒසුකාරී සූත්‍රය නිමි. (5 – 6 )

95. චංකී සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට චාරිකාවෙහි හැසිරෙන්නේ, මහත්වූ භික්‍ෂු සංයා සමග ඕපසාද නම් කෝසලයන්ගේ බමුණුගම යම් තැනෙකද, එතැන හැසුරුණු සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ඕපසාද ගමට උතුරෙන් ඕපසාද ගමෙහි දේව වන නම්වූ සාල වනයෙහි වාසය කරණසේක. එසමයෙහි වනාහි වංකී බ්‍රාහ්මණයා මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගහනවූ, තණ දර හා දිය සහිතවූ, ධාන්‍ය සහිතවූ, රජුන්ගෙන් ලැබුණු පරිභොගයක්වූ පසේනදි කොසොල් රජු විසින් දෙන ලද්දක්වූ, උතුම්කොට දෙන ලද්දක්වූ, ඕපසාද නුවර වෙසෙයි. ( එකල්හි ) ඕපසාද ගමෙහි වාසය කරන්නාවූ බමුණු ගෘහපතියෝ ( මෙපුවත ) ඇසූහ. ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත් භික්‍ෂු සංයා සමග චාරිකාවෙහි හැසිරෙනසේක්, ඕපසාද ගමට පැමිණ, ඕපසාද ගමට උතුරෙන් පිහිටි ඕපසාද ගමෙහි දේව වන නම්වූ සාල වනයෙහි වාසය කරණසේක.

2. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ, යහපත්වූ, කීර්ති ශබ්දයක් උස්ව පැන නැංගේය. ´ඒ භාග්‍යවතුන් වහන්සේ, මේ කාරණයෙන්ද අර්හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, මිනිසුන් දමනය කිරීමෙහි තමන්ට වඩා වැඩි කෙනෙක් නැතියහ, දෙවි මිනිස්හුගේ අනුශාසකයහ, බුද්ධයහ, භාග්‍යවත්හ. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියෙන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, සත්‍ව සමූහයා ඇතුළු සකල ලෝකය තමන් වහන්සේම මනාව දැන, අවබෝධකොව ප්‍රකාශ කරණ සේක.

උන්වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ( දස වැදෑරුම් ) අක්‍ෂර සම්පත්තියෙන් යුක්තවූ, සර්‍ව සම්පූර්‍ණවූ, ධර්‍මය පිරිසිදුවූ බ්‍රහ්මචරියාව දේශනා කරණ සේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මය.´´ ( කියායි.)

3. ඉක්බිති සමූහ වශයෙන් එක්වුනාවූ, ඕපසාදක ගම්වැසි බමුණු ගෘහපති සමූහයා ඕපසාද ගමින් නික්ම උතුරු දිසාවට මුහුණ ලා දේව වන නම් සාල වනය යම් තැනකද එහි යයි. එසමයෙහි වනාහි වංකී බමුණුතෙම ප්‍රාසාදයේ මතුමහලෙහි දවල් නිදාගැනීම සඳහා පැමිණියේ වෙයි. සමූහ වශයෙන් එක්වුනාවූ ඕපසාදක ගෘහපති සමූහයන් ඕපසාද ගමින් නික්ම දේව වන නම් සාල වනය යම් තැනකද, එහි උතුරු දෙසට මුහුණ ලා යන්නවුන් දැක්කේය. දැක, ´´ඛත්ත´´ නම් මහ ඇමතියාට කථා කළේය. ´´භවත් ඛත්තයෙනි, කුමක් හෙයින් සමූහ වශයෙන් එක්වුනාවූ, ඕපසාදක ගම ගෘහපති සමූහයා ඕපසාද ගමින් නික්ම උතුරු දෙසට මුහුණ ලා දේව වන නම් සල් වනයට යයිද?´´

4. ´´භවත් වංකී බ්‍රාහ්මණය, ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත් භික්‍ෂු සංයා සමග කොසොල්රට ඕපසාද ගමට ඇවිදිනසේක් පැමිණියේ, ඕපසාද ගමට උතුරෙන් පිහිටි ඕපසාද ගමෙහි දේව වන නම් සල්වෙනෙහි වාසය කරණසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ, යහපත්වූ, කීර්ති ශබ්දයක් උස්ව පැන නැංගේය. ´ඒ භාග්‍යවතුන් වහන්සේ, මේ කරුණෙනුදු අර්හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, මිනිසුන් දමනය කිරීමෙහි තමන්ට වඩා වැඩි කෙනෙක් නැතියහ, දෙවි මිනිසුන්ට අනුශාසකයහ, බුද්ධයහ, භාග්‍යවත්හ.

´´ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට මොවුහු යති. භවත් ඛත්තයෙනි, එසේනම් ඕපසාදක බ්‍රාහ්මණ ගෘහපතියන් යම් තැනකද එතැනට යව. ගොස් ඕපසාදක බ්‍රාහ්මණ ගෘහපතියන්ට මෙසේ කියව. ´භවත් චංකී බ්‍රාහ්මණ තෙමේ මෙසේ කීය. ´පින්වත්හු නවතිත්වා, චංකී බ්‍රාහ්මණතෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට එන්නේයයි, ´´පින්වතුන් වහන්ස, එසේයැ´´යි ඒ ඛත්ත ඇමතියා චංකී බමුණාට පිළිතුරු දී ඕපසාදක බමුණු ගෘහපතියන් යම් තැනකද එතැනට ගියේය. ගොස් ඕපසාදක බමුණු ගෘහපතියන්ට මෙසේ කීය. පින්වත් චංකී බ්‍රාහ්මණතෙමේ මෙසේ කීය. පින්වත්හු නවතිත්වා. චංකී බ්‍රාහ්මණතෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට එන්නේය´යි.

5. එසමයෙහි නොයෙක් රටවලට අයත් පන්සියයක් පමණ බමුණෝ කිසියම් කටයුත්තක් නිසා ඔපසාද ගමේ වසත්. ඒ බමුණෝ චංකී බමුණා ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නේයයි ඇසූහ. ඉක්බිති ඒ බමුණෝ යම් තැනෙක චංකී බමුණා වෙයිද, එතැනට පැමිණියහ. පැමිණ චංකී බමුණාට මෙසේ කීහ. ´භවත් චංකී තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නේය යනු ඇත්තක්ද?´´

´´පින්වත, එසේ මට සිතෙයි. මමත් ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නෙමියි´´ ( කියායි.) ´´භවත් චංකී බමුණුතෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට නොයව. භවත් චංකී තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට යාම නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම භවත් චංකී දැකීමට ඒම සුදුසුය. භවත් චංකී තෙමේ මව්පිය දෙපසින් මනාව උපන් කෙනෙක. යම් හෙයකින් භවත් චංකී තෙම මව්පිය දෙපසින් මනාව උපන්නේ සත්වන මීමුත්තාගේ පරපුර දක්වා අවමන් නොකරනලද්දේ, ජාතිවාදයෙන් අපහාස නොකරන ලද්දේ, නින්දා නොකරන ලද්දේ වේද, සත්වන මිමුත්තාගේ පරපුර දක්වා ඉතා පිරිසිදුව මව්කුස පිළිසඳ ගත්තෙක. ජාතිවාදයෙන් අපහාස නොකරන ලද්දෙක. නින්දා නොකරන ලද්දෙක. මෙකරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකීමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකීමට එනු සුදුසුය. භවත් චංකී තෙමේ සියලු දෙයින් සම්පූර්‍ණය. මහත් ධන ඇත්තේය. මහත් සම්පත් ඇත්තේය. හම් හෙයකින් භවත් චංකී තෙමේ සියලු දෙයින් සම්පූර්‍ණ වේද, මහත් ධන ඇත්තේ වේද, මහත් සම්පත් ඇත්තේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.

6. ´´භවත් චංකී තෙම නිණ්ඩු ශාස්ත්‍රය හා කෙටුහ ශාස්ත්‍රයද සහිත ශික්‍ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙරට ගියේය, පද දන්නේය, ව්‍යාකරණ දන්නේය, ලෝකායත ශාස්ත්‍රය හා මහා පුරුෂ ලක්‍ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්‍ණවූ දැනුම් ඇත්තේය. යම් හෙයකින් භවත් චංකී තෙමේ නිණ්ඩු ශාස්ත්‍රය හා කෙටුහ ශාස්ත්‍රයද සහිත ශික්‍ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණියේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.

7. ´´භවත් චංකී තෙමේ මනා රූ ඇත්තේය. මනා පෙනුමක් ඇත්තේය. උතුම්වූ ශරීර ශෝභාවෙන් යුක්තය. දුටුවන් පහදවන්නේය. බ්‍රහ්මයාගේ වර්‍ණයට බඳු වර්‍ණයෙන් යුක්තය. බ්‍රහ්ම ශරීරය වැනි ශරීරයකින් යුක්තය. ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝය. යම් හෙයකින් භවත් චංකී තෙමේ මනා රූ ඇත්තේ වේද, මනා පෙනුමක් ඇත්තේ වේද, දුටුවන් පහදවන්නේ වේද, උතුම්වූ ශරීර ශෝභාවක් ඇත්තේ වේද, බ්‍රහ්මයාට බඳු වර්‍ණයෙන් යුක්ත වේද, බඹහුගේ ශරීරය වැනි ශරීරයකින් යුක්ත වූයේ වේද, ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.

8. ´´භවත් චංකී තෙමේ වඩනලද සිල් ඇති, සම්පූර්‍ණ සීලයෙන් යුත් සිල්වතෙක. යම් හෙයකින් භවත් චංකී තෙමේ වඩනලද සිල් ඇති, සම්පූර්‍ණ සීලයෙන් යුත් සිල්වතෙක් වූයේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.

9.´´භවත් චංකී තෙමේ යහපත් වචන ඇති, යහපත් තෙපුල් ඇති, නිදොස්වූ, කෙලතොලු නොවූ, අර්‍ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇති තැනැත්තෙක. යම් හෙයකින් භවත් චංකී තෙමේ යහපත් වචන ඇති, යහපත් තෙපුල් ඇති, නිර්දෝෂවූ, කෙලතොලු නොවූ, අර්‍ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇති තැනැත්තෙක් වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.

10.´´භවත් චංකී තෙමේ බොහෝ දෙනාගේ ගුරුවරයාද, ගුරුවරයන්ගේ ගුරුවරයාද වූයේ, තුන්සියයක් මානවකයන්ට වේද මන්ත්‍ර කියවයි. යම් හෙයකින් භවත් චංකී තෙමේ බොහෝ දෙනාගේ ආචාය්‍ර්‍යද, ආචාය්‍ර්‍යයන්ගේ ආචාය්‍ර්‍යද වූයේ, තුන්සියයක් මානවකයන්ට වේද මන්ත්‍ර කියවයිද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.

11.´´භවත් චංකී තෙමේ පසේනදි කොසොල් රජු විසිනුදු සත්කාර කරන ලද්දේය. ගරුකරන ලද්දේය. බුහුමන් කරන ලද්දේය. පුදන ලද්දේය, නැමදුම් කරන ලද්දේය. යම් හෙයකින් භවත් චංකී තෙමේ පසේනදි කොසොල් රජ විසිනුදු සත්කාර කරන ලද්දේ වේද, බුහුමන් කරන ලද්දේ වේද, ගරු කරන ලද්දේ වේද, පුදන ලද්දේ වේද, නැමැදුම් කරන ලද්දේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.

12.´´භවත් චංකී තෙමේ ´´පොක්ඛරසාති´´ බමුණා විසිනුදු සත්කාර කරන ලද්දේය. ගරුකරන ලද්දේය. බුහුමන් කරන ලද්දේය. පුදන ලද්දේය, නැමදුම් කරන ලද්දේය. යම් හෙයකින් භවත් චංකී තෙමේ ´´පොක්ඛරසාති´´ බමුණා විසිනුදු සත්කාර කරන ලද්දේ වේද, ගරු කරන ලද්දේ වේද, බුහුමන් කරන ලද්දේ වේද, පුදන ලද්දේ වේද, නැමැදුම් කරන ලද්දේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.

13.´´භවත් චංකී තෙමේ බොහෝ මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගැවසුනු, තණ, දර හා දිය සහිතවූ, ධන්‍ය සම්පත්ති යෙන් යුක්තවූ රජුන් විසින් දෙනලද පරිභෝගයක්වූ පසේනදි කොසොල් රජු විසින් දුන් හෙයින් රාජදායවූ උතුම්කොට දෙන ලද්දක්වූ, ඕපසාද නගරයෙහි වාසය කරයි. යම් හෙයකින් භවත් චංකී තෙමේ මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගහනවූ, තණ, දර හා දිය සහිතවූ, ධාන්‍ය ඇත්තාවූ, රජුන් විසින් දෙනලද පරිභෝගයක්වූ, පසේනදි කොසොල් රජ විසින් දුන් හෙයින් රාජදායවූ උතුම්කොට දෙන ලද්දක්වූ, ඕපසාද නුවර වෙසෙයිද? මේ කරුණු නිසාද භවත් චංකී තෙමේ භවත් ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම භවත් චංකී දැකුමට එනු සුදුසුය.

14. මෙසේ කී කල්හි චංකී බමුණා ඒ බමුණන්ට මෙසේ කීය. ´´පින්වත්නි, යම්සේ භවත් ගෞතමයන් දකින්නට යාමට අපිම සුදුස්සෝ වෙමුද? ඒ පින්වත් ගෞතමයන් වහන්සේ අප දකිනු පිණිස පැමිණීමට නුසුදුසු සේක්ද? ඒ පිළිබඳ මාගේ කථාවද අසව්. භවත් ශ්‍රමණ ගෞතම තෙමේ මව් පිය දෙපසින් මැනවින් උපන්නේය. සත්වන මී මුත්තාගේ පරපුර දක්වා ඉතා පිරිසිදුව මවු කුස පිළිසිඳ ගත්තේය. ජාතිවාදයෙන් අපහාස නොකරණ ලද්දේය. නින්‍දා නොකරණ ලද්දේය. පින්වත්නි, යම් හෙයින් ශ්‍රමණ ගෞතමයන් මව් පිය දෙපසින් මනාව උපන්නේද, සත්වන මීමුත්තාගේ පරපුර දක්වා ඉතා පිරිසිදුව මවු කුස පිළිසිඳ ගත්තේය. ජාතිවාදයෙන් අපහාස නොකරණ ලද්දේද. ජාති වාදයෙන් නින්‍දා නොකරණ ලද්දේද. මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකීමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසුසෝ වෙමු.

15. ´´පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ වූකලී, භූමියෙහිවූද, ආකාශයෙහි වූද, බොහෝවූ රන් රුවන් හැර පැවිදි වූවෙක. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම වූකලී, භූමියෙහිවූද, ආකාශයෙහි වූද, බෝහෝ රන් රුවන් හැර පැවිදි වූවෙක. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ වුකලී, භූමියෙහිවූද, ආකාශයෙහි වූද, බෝහෝ රන් රුවන් හැර පැවිදි වූයේ වේද. මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දකින්නට යන්නට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ තරුණවූයේ මනා යෞවනභාවයෙන් හා පළමුවන වයසින් යුතු වූයේ, කලු කෙස් ඇත්තේ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූවෙක.යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම තරුණවූයේ, මනා යෞවනභාවයෙන් හා පළමුවන වයසින් යුක්ත වූයේ, කලු කෙස් ඇත්තේ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දකින්ට යන්නට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මව්පියන් නොකැමතිව කඳුලු පිරි මුහුණින් යුතුව හඬද්දී කෙස් දැලිරැවුල් කපා හැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදිවූ කෙනෙක. පැවිදිවූවෙක.යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මව්පියන් නොකැමතිව කඳුලු පිරි මුහුණින් යුතුව, හඬද්දී, කෙස් දැලිරැවුල් කපා හැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදිවූ සේක්ද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දකින්න යන්නට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මනා රූ ඇත්තේය. මනා පෙනුමක් ඇත්තේය. දුටුවන් පහදවන්නේය. උතුම් වූ ශරීර ශෝභාවෙන් යුක්තය. බ්‍රහ්මයාට බඳු වර්‍ණයෙන් යුක්තය. බ්‍රහ්ම ශරීරය වැනි ශරීරයෙන් යුක්තය. ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම මනා රූ ඇත්තේ වේද, දුටුවන් පහදවන්නේ වේද, උතුම් වූ ශරීර ශෝභාවෙන් යුක්ත වූයේ වේද, බ්‍රහ්මයාට බඳු වර්‍ණයෙන් යුක්ත වූයේ වේද, බ්‍රහ්මයාට බඳු වර්‍ණයෙන් යුක්ත වූයේ වේද, බඹහුගේ ශරීරය වැනි ශරීරයෙන් යුක්තවූයේ වේද, ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝ වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට එළඹෙන්නට සුදුසු වෙමු.

16. ´´පින්වත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කර්‍ම විපාක ඇත, කුසල් දහම් කිරීම යහපත යන කථා ඇත්තේ වේද, උතුම් ධර්‍මය පෙරටු කොට හැසිරෙන උතුම් සත්වයන් විසින් පිරිවරන ලද්දෙකි.

17. ´´පින්වත්නි, ඒ ශ්‍රමණ භවත් ගෞතම තෙම සිල්වත්ය. උතුම් සිල් ඇත්තේය, නිදොස් සිල් ඇත්තේය, සම්පූර්‍ණ සිල් ඇති සිල්වත් කෙනෙක, යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ උතුම් සිල් ඇති, සම්පූර්‍ණ සිල් ඇති සිල්වතෙක් වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමු.

18. ´´පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙම යහපත් වචන ඇති යහපත් තෙපුල් ඇති මනහර නිදොස් වූ කෙලතොලු නොවූ අර්‍ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇත්තේය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් යහපත් වචන ඇති, යහපත් තෙපුල් ඇති, නිදොස්වූ, කෙලතොලු නොවූ, අර්‍ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇත්තේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමු.

19. ´´පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙම බොහෝ දෙනාගේ ගුරුවරයාද, ගුරුවරයන්ගේ ගුරුවරයාද වේ. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම වනාහි බොහෝ දෙනාගේ ආචාය්‍ර්‍යවේද, ආචාය්‍ර්‍යයන්ගේ ආචාය්‍ර්‍යවේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමු.

20.´´පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙම පහකළ කාමරාග ඇත්තේය. පහකළ ප්‍රමාදයට හේතුවූ කෙළෙස් ඇත්තේය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම පහකළ කාමරාග ඇත්තෙක්වේද, පහකළ ප්‍රමාදයට හේතුවූ කෙලෙස් ඇත්තේ වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. අපිම ඒ භවත් ගෞතමයන් දැකීමට යාම සුදුසුය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම වූකලී කර්‍ම විපාක ඇත, කුසල් දහම් කිරීම යහපත යන කථා ඇත්තෝ උතුම් ධර්‍මය පෙරටුකොට හැසිරීම් ඇති, උතුම් සත්ව සමූහයා විසින් පිරිවරන ලද්දේ වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ පහත් නොවූ, උසස් ක්‍ෂත්‍රිය කුලයෙන් නික්ම පැවිදිවූවෙකි. යම් හෙයකින් ශ්‍රමණ ගෞතම තෙමේ පහත් නොවූ, උසස් ක්‍ෂත්‍රිය කුලයෙන් නික්ම පැවිදිවූයේද, ඒ කරුණෙනුදු ශ්‍රමණ ගෞතමයන් අපි දැකුමට එනු නුසුදුසුය. අපිම ශ්‍රමණ ගෞතමයන් දැකුමට යාම සුදුසුය. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙම මහත් ධන ඇති, මහත් භෝග ඇති, සියලු දෙයින් සමෘද්Ȁdධවූ කුලයෙන් නික්ම පැවිදිවූ කෙනෙක. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම මහත් ධන ඇති, මහත් භෝග ඇති, සියලු දෙයින් සම්පූර්‍ණවූ කුලයෙන් නික්ම පැවිදිවූයේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාම සුදුසුවෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් ගෙන් අසන්නට අන් රටවලින්ද අන් ජනපදවලින්ද, ( ජනයෝ ) එති. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් ගෙන් ඇසීමට අන් රටවලින්ද අන් ජනපදවලින්ද, ජනයෝ පැමිණෙද්ද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසුවෙමු. පින්වත්නි, බොහෝ දහස් ගණන් දෙවිවරු ශ්‍රමණ භවත් ගෞතමයන් දිවිහිමියෙන් සරණ කොට ගියහ. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් බොහෝ දහස් ගණන් දෙවිවරු ශ්‍රමණ භවත් ගෞතමයන් දිවිහිමියෙන් සරණ ගියාහුද මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසුවෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ මහත්වූ කීර්ති ශබ්දයක් උස්ව පැනනැංගේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්හ, සම්මා සම්බුද්ධයහ, අෂ්ටවිද්‍යා හා පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තයහ. හොබනා ගමන් ඇතියහ. ලොව මැනවින් දත්හ. පුරුෂයන් දමනයෙහි අති උතුම් රියරදුරෙකු වැනිවූහ. දෙවි මිනිසුන්ට අනුශාසකයහ. චතුස්සත්‍ය දත්හ. සියලු කෙලෙස් බිඳ දැමූහ කියායි.

21. ´යම් හෙයකින් ශුමණ භවත් ගෞතම තෙම අර්‍හත්ය, සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, අනුත්තර පුරිස ධම්ම සාරථීය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භගවත් යයි උස්ව පැන නැගුණු කීර්ති ශබ්දයක් ඇත්තේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු.

22. ´´පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස් මහ පුරිස් ලකුණින් යුත්වූ සේක. යම් හෙයකින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූයේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් සේනා සහිතවූ, මගධ දේශයට අධිපතිවූ, බිම්බිසාර රජතෙමේ අඹු දරුවන් සහිතව දිවිහිම්ව සරණ ගියේය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන්, සේනා සහිතවූ, මගධ දේශාධිපතිවූ, ´´බිම්බිසාර´´ රජ අඹු දරුවන් සහිතව දිවිහිම් සරණ ගියේ වේ ද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. ශ්‍රමණ භවත් ගෞතමයන් පසේනදි කොසොල් රජ පුත්‍ර දාරාවන් සහිතව දිවිහිම්ව සරණ ගියේය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන්, පසේනදි කොසොල් රජ පුත්‍ර දාරාවන් සහිතව දිවිහිම්ව සරණ ගියේ වේ ද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් පොකඛරසාති බ්‍රාහ්මණයා පුත්‍ර දාරාවන් සහිතව දිවිහිම්ව සරණ ගියේය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන්, පොකඛරසාති බමුණා පුත්‍ර දාරාවන් සහිතව දිවිහිම්ව සරණ ගියේ වේ ද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඕපසාද නගරයට බැමිණිසේක් ඕපසාද නුවරට උතුරෙන් ඕපසාද නගරයෙහි දේව වන නම් සල් වෙනෙහි වාසය කරණ සේක. යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අපගේ ගමට එත්ද, ඔවුහු ආගන්තුකයෝ වෙති. ආගන්තුකයෝ වනාහි අප විසින් සත්කාර කළ යුත්තෝ වෙති. පින්වත්නි යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඕපසාදයට පැමිණ උතුරෙන් පිහිටි ඕපසාද නුවරෙහි දේව වන නම් සල් වෙනෙහි වෙසෙත්ද, ඒ ශ්‍රමණ භවත් ගෞතමයෝ අපට ආගන්තුක වෙති. ආගන්තුකයාට අප විසින් සත්කාර කළ යුත්තේය. ගරු කළ යුත්තේය. බුහුමන් කළ යුත්තේය. පිදිය යුත්තේය. මේ කරුණෙන්ද ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. අපිම උන්වහන්සේ කරා යන්නට සුදුසු වෙමු.

23. ´´පින්වත්නි, මම ඒ භවත් ගෞතමයන්ගේ ගුණ මෙපමණක්ම දනිමි. ඒ භවත් ගෞතම තෙම මෙපමණ ගුණ ඇත්තෙක්ම නොවේ. ඒ භවත් ගෞතම තෙම අප්‍රමාණ ගුණ ඇති කෙනෙකි. පින්වත්නි, මේ එක එක කරුණෙනුදු යුක්තවූ ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අප දැකීමට පැමිණිම නුසුදුසු වෙති. ඉක්බිති අපිම ඒ භවත් ගෞතමයන් දැකීමට යාමට සුදුස්සෝ වෙමු. එසේනම් පින්වනත්නි, අපි සියල්ලෝම ශ්‍රමණ ගෞතමයන් දැකීම සඳහා යමුයි කීහ.

23. ඉක්බිති චංකී බ්‍රහ්මණ තෙමේ මහත් බමුණු සමූහයා සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතුවූත්, සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එක් පැත්තෙක උන්නේය. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ වැඩිමහලු වැඩිමහලු බමුණන් සමග යම් කිසි කටයුතු කථාවක් කරමින් හුන් සේක.

24. එසමයෙහි වනාහි තරුණවූ, වැඩුනු කෙස් ඇත්තාවූ, උපතින් අවුරුදු දහසයක් ඇත්තාවූ, නිණ්ඩුශාස්ත්‍රය, කේටුභ ශාස්ත්‍රිය ශික්‍ෂා නිරුක්ති යුක්ත ඉතිහාසය පස්වැනි කොට ත්‍රිවේදයෙහි තෙරපත්වූ, පද හා වියරණ දන්නාවූ, ලෝකායතන ශාස්ත්‍රය හා මහා පුරිස් ලකුණු සම්පූර්‍ණර්‍යෙන් දන්නාවූ, කාපඨික නම් තරුණයෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි. හෙතෙම වැඩිහිටි වෘද්ධවූ වැඩිහිටි බමුණන් භාග්‍යවතුන් වහන්සේ සමග කරන සාකච්ඡාවන්ට අතරතුරින් කථා හෙලයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කාපඨික තරුණයාට නින්දා කෙළේය. ´´ආයුෂ්මත් භාරද්වාජ තෙමේ වැඩිහිටි වෘද්ධවූ වැඩිහිටි බමුණන්ගේ කථාවලට අතරින් අතර නෙහෙලාවා. කථා කෙළවර ආයුෂ්මත් භාරද්වාජ තෙමේ බලාපොරොත්තු වේවා.´´ මෙසේ කීකල චංකී බමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´භවත් ගෞතමයන් වහන්සේ කාපඨික තරුණයාට නින්දා නොකරණ සේක්වා. කාපඨික තරුණයා කුල පුත්‍රයෙක්ද, කාපඨික තරුණයා උගතෙක්ද, කාපඨික තරුණයා යහපත් වචන ඇත්තෙක්ද, කාපඨික තරුණයා පණ්ඩිතයෙක්ද, කාපඨික තරුණයා භාග්‍යවතුන් වහන්සේ සමග මේ චචනයෙහි කථා කරන්නට සමර්ථයෙක්ද වෙයි.´´ ඉක්බිති බුදුන්ට මේ සිතක් ඇතිවිය. ´ඒකාන්තයෙන් වනාහි ත්‍රිවේදය පිළිබඳ දේශනාවෙහි කාපඨික තරුණයාගේ කථාවක් වන්නේද, එහිදී බමුණෝ ඔහු පෙරටු කෙරෙත්ය.´ ( කියායි. ) එකල්හි කාපටික තරුණයාට මේ සිත ඇතිවිය. ´ යම් කලෙක ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඇසින් මගේ ඇස බලන්නේද, එකල මම ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න විචාරන්නෙමි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කාපඨික තරුණයාගේ සිතිවිල්ල ( තමන් වහන්සේගේ ) සිතින් දැන කාපඨික තරුණයා යම් තැනෙකද, එතැන්හි ඇසින් බැලූ සේක. අනතුරුව කාපඨික තරුණයාට මේ සිත ඇති විය. ´ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මා කැඳවයි. මම ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න අසන්නෙම් නම් හොඳය.´ කියායි. ඉක්බිති කාපඨික තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, ´මේ මෙසේය, මෙය මෙසේ යයි´ පරම්පරාවෙන් කොටස් වශයෙන් ආවාවූ බමුණන්ගේ පුරාණවූ යම් මේ මන්ත්‍ර පදයක් වේද, එහිද බමුණෝ මෙයම ඇත්තය, අනික බොරුය´ යි ඒකාන්තයෙන් නිගමනයට බසිති. භවත් ගෞතමයන් වහන්සේ මේ කරුණෙහිදී කුමක් කියන සේක්ද?´´

25. ´´භාරද්වාජය, කිමෙක්ද? බමුණන් අතුරෙන් ´මෙය මම දනිමි. මම මෙය දකිමි. මෙයම ඇත්තය, අනික හිස්ය´ යි මෙසේ කියූ යම් ඒ බමුණෙකුදු ඇත්තේද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, මෙසේ කියූ යම්කිසි එක් බමුණෙකුදු නැත්තේමය.´´ ´´භාරද්වාජය, කිමෙක්ද? බමුණන් අතුරෙහි සත්වැනි මීමුතු ආචාය්‍ර්‍යයාගේ පරම්පරාව දක්වා ´මම මෙය දනිමි. මෙය මම දකිමි. මෙයම සත්‍යයයි, අනික හිස්ය´ මෙසේ කියූ යම්කිසි එක් ආචාය්‍ර්‍යයෙකුදු යම් කිසි එක් ආචාය්‍ර්‍යවරයකුගේ ආචාය්‍ර්‍යයෙකුදු නැත්තේමය´´.

26. ´´භාරද්වාජය, කිමෙක්ද, ගායනා කරණලද, කියනලද, යහපත්සේ එක්කොට තැබූ යම් ඉසිවරුන්ගේ පුරාණවූ පුරාණවූ ( වේද ) මන්ත්‍ර පදයක් වේද, දැන් වනාහි බමුණෝ ´මෙය ඒ අනුව ගායනා කරත්ද, ඒ අනුව කියත්ද, කියූ දෙය අනුව කියත්ද, කියවන ලද්ද අනුව කියවත්ද, ( වේද ) මන්ත්‍ර කර්‍තෘ ( වේද ) මන්ත්‍ර පවත්වන්නාවූ බමුණන්ගේ යම් ඒ පෙර ඉසිවරු ( වූවාහුද ), ඔවුහුනම් අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය, ( යන මොවුහුය. ) ´අපි මෙය දනිමු. අපි මෙය දකිමු. සත්‍යය මෙයයි. අන්‍යය හිස්ය´ යි ඔවුහු හෝ මෙසේ කීවාහුද?´ ´භවත් ගෞතමයන් වහන්ස, ඔවුහු හෝ මෙසේ නොකීවාහුමය.´´

27. ´´භාරද්වාජය, මෙසේ වනාහි බමුණන් අතුරෙන්, ´මම මෙය දනිමි. මම මෙය දකිමි. මෙයම සත්‍යය. අන්‍යය හිස්ය´ යි මෙසේ කියූ යම්කිසි එක් බමුණෙකු නැත්තේය. බමුණන් අතුරෙන් සත්වැනි මීමුතු ආචාය්‍ර්‍යාගේ පරම්පරාව දක්වා මම මෙය දනිමි. මම මෙය දකිමි. මෙයම සත්‍යය. අන්‍යය හිස්ය´ යි. මෙසේ කියූ යම්කිසි එක් ආචාය්‍ර්‍යයෙකුදු යම්කිසි එක් ආචාය්‍ර්‍යවරයකුගේ ආචාය්‍ර්‍යයෙකුදු නැත්තේය´ යි බමුණන් අතුරෙන් යම් ඒ පූර්‍වකවූ ඎෂීහු මන්ත්‍ර කරන්නෝ, කියන්නෝ වෙත්ද, මෙය දැන් බමුණෝ ගායනාකරනලද, කියනලද යහපත්සේ එක්කොට තැබූ යම් ඉසිවරුන්ගේ පුරාණවූ ( වේද ) මන්ත්‍ර පදයක් වේද, දැන් වනාහි බමුණෝ මෙය ඒ අනුව ගයත්ද, ඒ අනුව කියත්ද, කියූ දෙය අනුව කියත්ද, කියවන ලද්ද අනුව කියවත්ද, ( වේද ) මන්ත්‍ර කර්‍තෘවූ ( වේද ) මන්ත්‍ර පවත්වන්නාවූ බමුණන්ගේ යම් ඒ පෙර ඉසිවරු ( වූවාහුද ), ඔවුහු නම් අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය, ( යන මොවුහුය. ) ´අපි මෙය දනිමු. අපි මෙය දකිමු. මෙයම ඇත්තය, අන්‍යය හිස්යය´ යි ඔවුහු හෝ මෙසේ කීවාහුද? ´භවත් ගෞතමයන් වහන්ස, ඔවුහු හෝ මෙසේ නොකීවාහුය.´´

28.´´භාරද්වාජය, යම්සේ උණගස්වලින් කළ අත්වැල අල්ලාගෙන ගමන් ගත්තාවූ කන්නු මුළින් යන්නා නොදකියිද, මැදින් යන්නා නොදකියිද, අගින් යන්නා නොදකියිද, භාරද්වාජය, මෙපරිද්දෙන් ආදිමයාද නොදක්නාවූ, මධ්‍යමයාද නොදක්නාවූ, අන්තිමයාද නොදකින්නාවූ, බමුණන් කියනලද්ද, ´අන්‍ධ වේණු´ උපමාව ඇතිකෙරේයයි හඟිමි. භාරද්වාජය, ඒ කිමැයි හඟිනෙහිද? මෙසේ ඇතිකල්හි බමුණන්ගේ අමූලිකවූ ශ්‍රද්Ȁdධා ඇතිවෙන්නේ නොවේද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණෝ ශ්‍රද්ධාවම ඇසුරු නොකෙරෙති. බමුණෝ මෙහි පරම්පරාගත කථාද ඇසුරු කෙරෙත්.´´

29.´´භාරද්වාජය, නුඹ පෙරම වනාහි ශ්‍රද්ධාවට පැමිණියෙහිය. දැන් පරම්පරාගත කථාව කියහි. භාරද්වාජය, මේ ධර්‍මයෝ පස්දෙන මේ ආත්මයෙහි දෙවැදෑරුම් විපාක ඇත්තාහු වෙති. ඒ පස්දෙන කවරහුද? ශ්‍රද්ධාව, රුචිය, පරම්පරාගත කථාව, යහපත් කල්පනාව හරි අදහස ඇතිකර ගැනීමේ කැමැත්ත, යන මොවුහුයි. භාරද්වාජය මේ පඤ්ච ධර්‍මයෝ මේ ආත්ම භාවයෙහි දෙවැදෑරුම් විපාක ඇත්තාහු වෙත්. භාරද්වාජය, යලිදු මනාව අදහන ලද්දක් වේද, එයද හිස්වූ මුසාවක් වෙයි. ඉදින් මනාව නොඅදහන ලද්දේ වේද, එය ඇත්තාවූ සත්‍යය වෙනස් නොවන්නක් වෙයි. යලිදු භාරද්වාජය, මනාව කැමතිවන ලද්දක් වේද, එයද හිස්වූ බොරුවක් වෙයි. ඉදින් මනාව කැමති නොවන ලද්දක් වේද, එයද ඇත්තාවූ සත්‍යය වෙනස් නොවන්නක් වෙයි.

´´යලිදු භාරද්වාජය, මනාව අසන ලද්දක් වේද, එයද හිස්වූ බොරුවක් වෙයි. ඉදින් මනාව නාසන ලද්දක් වේද, එයද ඇත්තාවූ සත්‍යවූ වෙනස් නොවන්නක් වෙයි.

´´මනාව කල්පනා කරන ලද්දක් වේද, එයද හිස්වූ, බොරුවකි. ඉදින් මනාව කල්පනා නොකරන ලද්දක් වේද, එයද ඇත්තාවූ සත්‍යවූ වෙනස් නොවන්නක් වෙයි.

´´යලිදු භාරද්වාජය, මනාව ඉගෙනගන්නා ලද්දක් වේද, එයද හිස්වූ මුසාවක් වෙයි. ඉදින් මනාව ඉගෙනගන්නා ලද්දක් නොවේද, එයද ඇත්තාවූ සත්‍යවූ වෙනස් නොවන්නක් වෙයි. භාරද්වාජය, සත්‍යය රකින්නාවූ නුවණැති පුරුෂයා විසින් මේ කරුණුවලින් සත්‍යය මෙයය, අන්‍යය සිස්යයි ඒකාන්තයෙන් නිගමනයකට බසින්නට අසමත්‍ර්‍ථවෙයි.´´

30. ´´භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් සත්‍යය රකින්නේ වේද? කොපමණකින් සත්‍යය රකියිද? සත්‍යය රැකුම අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.´´ ´´භාරද්වාජය, ඉදින් පුරුෂයාහට ඇදහීම වේද, ´මාගේ ඇදහීම මෙසේය´ යි කියන්නාද සත්‍යය ඇදහීම රකියි. එහෙත් එපමණකින් මෙයම සත්‍යය, අන්‍යය හිස්ය´ යි නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණේමය.

´භාරද්වාජය, ඉදින් පුරුෂයාගේ කැමැත්ත වේද, ´මාගේ රුචිය මෙසේය´ යි කියන්නාද, සත්‍යය රකියි. එහෙත් එපමණකින් ´මෙයම සත්‍යය, අන්‍යය හිස්ය´ යි නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණේය.

´ඉදින් භාරද්වාජය, පුරුෂයාගේ ඇසීම වේද, ´මාගේ ඇසීම මෙසේය´ යි කියන්නාද, සත්‍යය රකියි. එහෙත් එපමණකින් ´මෙයම සත්‍යය, අන්‍යය හිස්ය´ යි නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණේමය.

´ඉදින් භාරද්වාජය, පුරුෂයාගේ කරුණා කල්පනාව වේද, ´මාගේ ආකාර කල්පනාව මෙසේය´ යි කියන්නාද, සත්‍යය රකියි. එහෙත් එපමණකින් ´මෙයම සත්‍යය, අන්‍යය හිස්ය´ යි නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණේමය.

´ඉදින් භාරද්වාජය, පුරුෂයාගේ ඉගෙනීම වේද, ´මාගේ ඉගෙනීම මෙසේය´ යි කියන්නාද, සත්‍යය රකියි. එහෙත් එපමණකින් ´මෙයම සත්‍යය, අන්‍යය හිස්ය´ යි ඒකාන්තයෙන් නිගමනයට නොපැමිණේමය.

´´භාරද්වාජය, මෙපමණෙකින් සත්‍යය රැක්ම වෙයි. මෙපමණෙකින් සත්‍යය රකියි. මෙපමණෙකින් අපි සත්‍යය රැකුම පණවමු. එහෙත් එපමණකින් සත්‍යාවබෝධය නොවේමය.´´

´´භවත් ගෞතමයන් වහන්ස, මෙපමණෙකින් සත්‍යය රැක්ම වෙයි. මෙපමණෙකින් සත්‍යය රකියි. මෙපමණෙකින් අපි සත්‍යය රැකුම දතිමු.

31. ´´භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් සත්‍යය අවබෝධ වේද? කොපමණෙකින් සත්‍යය අවබෝධ කෙරේද? අපි භවත් ගෞතමයන්ගෙන් සත්‍යාවබෝධය විචාරමු.´´ ´´භාරද්වාජය, මෙහි භික්‍ෂුවක් එක්තරා ගමක් හෝ නියම් ගමක් ඇසුරුකොට වාසය කෙරෙයි. ඔහු වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ ඇලියයුතු ධර්‍මයන්හි, කිහියයුතු ධර්‍මයන්හි, මුළාවිය යුතු ධර්‍මයන්හි යන තුන් ධර්‍මයන්හි සෝදිසියට පැමිණෙයි. මේ ආයුෂ්මත්හට යම්බඳුවූ ඇලියයුතු ධර්‍මයන් විසින් විනාශ කරණ ලද සිත් ඇත්තේ නොදන්නේ හෝ දනිමියි කියන්නේද, නොදක්නේ හෝ දකිමියි කියන්නේද, යම් ධර්‍මයක් අනුන්ට දිගුකලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේද, එබඳුවූ ධර්‍මයන්හි අන්‍යයා සමාදන් කරවන්නේද, එබඳුවූ ඇලිය යුතු ධර්‍මයෝ මොහුට ඇත්තාහුද කියායි. මෙසේ ඔහු පරීක්‍ෂා කරන්නේ මේ ආයුෂ්මත්හට යම්බඳුවූ ලෝභනීය ධර්‍මයන් විසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, නොදන්නේ දනිමියි කියන්නේද, නොදකිමින් දකිමියි කියන්නේද, එබඳුවූ ධර්‍මයන් නැත. යම් ධර්‍මයක් අන්‍යයනට දිගුකලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේද, එබඳු ධර්‍මයන්හි අන්‍යයාද සමාදන් නොකරවන්නේය. මේ ආයුෂ්මත්හුගේ එබඳුවූ කයේ පැවැත්මද, එබඳුවූ වචනයේ පැවැත්මද, ලෝභය නැත්තකුගේ මෙනි. ( ඒ ) ආයුෂ්මත් තෙමේ යම් මේ ධර්‍මයක් දෙසයිද, ඒ ධර්‍මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතුය. අමාරුවෙන් අවබෝධ කටයුතුය. ශාන්තය, ප්‍රණීතය, අතර්‍කාවචරය, නිපුනය, පණ්ඩිතයන් විසින් දතයුතුය. ලෝභය ඇත්තෙකු විසින් ඒ ධර්‍මය මනාව දෙසනු නොලබන්නේ වෙයි කියා දක්නේද, යම් හෙයකින් ඔහු පරීක්‍ෂා කරනු ලබන්නේ ඇලියයුතු ධර්‍මයන්ගෙන් පිරිසිදුවූවකු බව දකින්නේය.

32. ´´එයින් මතු ඔහු කිපියයුතු ධර්‍මයන් පරීක්‍ෂාකර බලයි. යම්බඳුවූ දෝෂනීය ධර්‍මයන් විසින් විනාශ කරන ලද සිත් ඇත්තේ නොදැන දනිමියි කියන්නේද, නොදැක දකිමියි කියන්නේද, යමක් අනුනට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද, එබඳු දෙයෙහි යොදවන්නේද, එබඳුවූ දොසනීය ධර්‍මයන් මේ ආයුෂ්මත්හට ඇත්තේද (කියායි) ඒ ඔහු පරීක්‍ෂා කරන්නේ මෙසේ දනියි. යම්බඳුවූ දොසනීය ධර්‍මයන් විසින් නසන ලද සිත් ඇත්තේ නොදැන දනිමියි කියන්නේද, නොදැක දකිමියි නියන්නේද, යම් ධර්‍මයක් අනුනට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද, එබඳුවූ ධර්‍මයන්හි අන්‍යයාද සමාදන් කරවන්නේ වේද, එබඳුවූ දොසනීය ධර්‍මයන් මේ ආයුෂ්මත්යට නැත්තේය. මේ ආයුෂ්මත්හුගේ එබඳුවූ කාය සමාචාරයද, එබඳුවූ වාග් සමාචාරයද, ෙවෂයෙන් දූෂිත නොවූවකුගේ මෙනි. මේ ආයුෂ්මත් තෙමේ යම් ධර්‍මයක් දෙසයිද, ඒ ධර්‍මය ගැඹුරුය. දුකසේ දත යුතුය. අමාරුවෙන් අවබෝධ කළ යුතුය. ශාන්තය, ප්‍රණීතය, අතර්‍කාවචරය, නිපුනය, පණ්ඩිතයන් විසින් දතයුතුය. ෙවෂයෙන් දූෂිතයා විසින් ඒ ධර්‍මය මනාව දෙසනු නොලබන්නේ වෙයි

33.´´යම් හෙයකින් පරීක්‍ෂා කරනු ලබන්නේ ලෝභනීය ධර්‍මයන්ගෙන් පිරිසිදුවූද, දෝසනීය ධර්‍මයන් දකීද, එයින් මතු ඔහු මුළාවියයුතු ධර්‍මයන් පරීක්‍ෂා කර බලයි. යම්බඳුවූ මොහනීය ධර්‍මයන් විසින් නසන ලද සිත් ඇත්තේ නොදැන දනිමියි කියන්නේද, නොදැක දකිමියි කියන්නේද, යමක් අන්‍යයනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද, එබඳු ධර්‍මයන්හි අන්‍යයා යොදවන්නේද, එබඳුවූ මොහනීය ධර්‍මයන් මේ ආයුෂ්මත්හට ඇත්තේද (කියායි) එසේ පරීක්‍ෂා කරනු ලබන්නේ මෙසේ දනියි. යම්බඳුවූ මොහනීය ධර්‍මයන්හි බැසගන්නාලද සිතැත්තේ නොදැන දනිමියි කියන්නේද, නොදැක දකිමියි නියන්නේද, යම් ධර්‍මයක් අන්‍යයනට දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද, එබඳුවූ ධර්‍මයන්හි අන්‍යයාද සමාදන් කරවන්නේ වේද, එබඳුවූ මොහනීය ධර්‍මයන් මේ ආයුෂ්මතුන්ට නැත්තේය. මේ ආයුෂ්මත්හුගේ කාය සමාචාරයද, වාග් සමාචාරයද, මොහයෙන් මුළානුවූවකුගේ මෙනි. මේ ආයුෂ්මත් තෙමේ යම් ධර්‍මයක් දෙසයිද, ඒ ධර්‍මය ගැඹුරුය. දුකසේ දත යුතුය. අමාරුවෙන් අවබෝධ කළ යුතුය. ශාන්තය, ප්‍රණීතය, අතර්‍කාවචරය, නිපුනය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මොහයෙන් මුළාවූවහු විසින් ඒ ධර්‍මය මනාව දෙසනු නොලබයි. යම් හෙයකින් පරීක්‍ෂා කරනු ලබන්නේ, ලොභනීය ධර්‍මයන්ගෙන් පිරිසිදුවූද, දෝසනීය ධර්‍මයන්ගෙන් පිරිසිදුවූද, මෝහනීය ධර්‍මයන්ගෙන් පිරිසිදුවූද, ඔහු දකීද, ඉක්බිති ශ්‍රද්ධාව පිහිටුවයි.

උපන්නහු ශ්‍රද්ධා ඇත්තේ ඔහු වෙත එළඹෙයි. එළඹෙන්නේ සේවනය කෙරෙයි. සේවනය කරන්නේ කන් යොමු කරයි. යොමු කළ කන් ඇත්තේ ධර්‍මය අසයි. ධර්‍මය අසා දරයි. දරණලද ධර්‍මයන්ගේ අත්‍ර්‍ථය සොයයි. අත්‍ර්‍ථය සෙවීමෙන් ධර්‍මයෝ වැටහෙත්. ධර්‍මය වැටහුනු පසු කැමැත්ත උපදියි. හටගත් කැමැත්ත ඇත්තේ උත්සාහ කෙරෙයි. උත්සාහ කොට අනිත්‍යා වශයෙන් පරීක්‍ෂාකර බලයි. පරීක්‍ෂාකොට බලන්නේ මාර්‍ගය පිණිස උත්සාහ කරයි. උත්සාහ කරන්නේ කයින්ද පරම සත්‍යය අවබෝධ කරයි. නුවණින් ඔහු විනිවිද දකියි. භාරද්වාජය, මෙපමණකින් සත්‍යාවබෝධය වෙයි. මෙපමණකින් සත්‍යය අවබෝධ කරයි. මෙතෙකින්ම අපි සත්‍යාවබෝධය පණවමු. එපමණකිනුදු සත්‍යයට පැමිණියේ නොවේමය.´´ ´´ භවත් ගෞතමයන් වහන්ස, මෙපමණකින් සත්‍යාවබෝධය වෙයි. මෙතෙකින් සත්‍යය අවබෝධ කරයි. මෙතෙකින් අපි සත්‍යය දකිමු. භවත් ගෞතමයන් වහන්ස, සත්‍යයට පැමිණීම කොතෙකින් වේද, කොතෙකින් සත්‍යයට පැමිණේද, අපි භවත් ගෞතමයන්ගෙන් සත්‍යයට පැමිණීම විමසමු.´´

34. ´´භාරද්වාජය, ඒ ධර්‍මයන්ම නැවත නැවත සේවනය කිරීමෙන් භාවනා කිරීමෙන් බහුලව කිරීමෙන් සත්‍යයට පැමිණීම වෙයි. භාරද්වාජය, මෙපමණකින් සත්‍යයට පැමිණීම වෙයි. මෙපමණකින් සත්‍යයට පැමිණෙයි. මෙපමණකින් අපි සත්‍යයට පැමිණීම පණවමු.´´ ´´භවත් ගෞතමයන් වහන්ස, මෙපමණකින් සත්‍යයට පැමිණීම වෙයි. මෙපමණකින් සත්‍යයට පැමිණෙයි. මෙපමණකින්ම අපි සත්‍යය දකිමු. භවත් ගෞතමයන් වහන්ස, සත්‍යයට පැමිණීම පිණිස කවර ධර්‍මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? සත්‍යයට පැමිණීම පිණිස බොහෝ උපකාරවන ධර්‍මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.´´ ´´´භාරද්වාජය, සත්‍යයට පැමිණීම සඳහා වීය්‍ර්‍යය බොහෝ උපකාර ඇත්තේය. ඉදින් ( වීය්‍ර්‍ය ) නොකරන්නේ වේද, මේ සත්‍යයට නොපැමිණෙන්නේය. යම් හෙයකින් වීය්‍ර්‍ය කෙරේද, එහෙයින් සත්‍යයට පැමිණෙයි. එහෙයින් සත්‍යයට පැමිණීම සඳහා වීය්‍ර්‍යය බෙහෝ උපකාර ඇත්තේ වෙයි.´´

35. ´´භවත් ගෞතමයන් වහන්ස, වීය්‍ර්‍ය කිරීමට කවර ධර්‍මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? වීය්‍ර්‍ය කිරීමට බොහෝ උපකාරවූ ධර්‍මය අපි භවත් ගෞතමයන්ගෙන් අසමු.´´ ´´´භාරද්වාජය, වීරිය කිරීමට නුවණින් විමසීම බොහෝ උපකාර ඇත්තේ වෙයි. ඉදින් නුවණින් නොවිමසන්නේ නම් වීය්‍ර්‍ය නොකරන්නේය. යම් හෙයින් නුවණින් විමසන්නේද, එහෙයින් වීය්‍ර්‍ය කරයි. එහෙයින් වීය්‍ර්‍ය කිරීමට නුවණින් විමසීම බොහෝ උපකාර ඇත්තේ වෙයි.´´

36. ´´භවත් ගෞතමයන් වහන්ස, නුවණින් විමසීම සඳහා කවර ධර්‍මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? නුවණින් විමසීම සඳහා බොහෝ උපකාරවූ ධර්‍මයත් අපි භවත් ගෞතමයන්ගෙන් අසමු.´´ ´´´භාරද්වාජය, නුවණින් විමසීම සඳහා උත්සාහය බොහෝ උපකාර ඇත්තේ වෙයි. ඉදින් උත්සාහ නොකරන්නේ නම් නුවණින් විමසීම නොකරන්නේය. යම් හෙයින් උත්සාහ කෙරේද, එහෙයින් නුවණින් විමසයි. එහෙයින් නුවණින් විමසීම සඳහා උත්සාහය බොහෝ උපකාර ඇත්තේ වෙයි.´´

37. ´´භවත් ගෞතමයන් වහන්ස, උත්සාහය සඳහා කවර ධර්‍මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? උත්සාහයට බොහෝ උපකාරවූ ධර්‍මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.´´ ´´´භාරද්වාජය, උත්සාහයට කැමැත්ත බොහෝ උපකාර ඇත්තේ වෙයි. ඉදින් කැමැත්ත නොඋපදින්නේ නම් මේ උත්සාහ නොකරන්නේය. යම් හෙයින් කැමැත්ත උපදීද, එහෙයින් උත්සාහ කරයි. එහෙයින් උත්සාහයට කැමැත්ත බොහෝ උපකාර ඇත්තේ වෙයි.´´

38. ´´භවත් ගෞතමයන් වහන්ස, කැමැත්තට කවර ධර්‍මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? කැමැත්තට බොහෝ උපකාරවන ධර්‍මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.´´ ´´´භාරද්වාජය, කැමැත්තට ධර්‍මය වැටහීම බොහෝ උපකාර වෙයි. නොවැටහෙන්නේ නම් කැමැත්ත නූපදින්නේය. යම් හෙයකින් ධර්‍මයෝ වැටහෙත්ද, එහෙයින් කැමැත්ත උපදියි, එහෙයින් කැමැත්තට ධර්‍මය වැටහීම බොහෝ උපකාර වෙයි.´´

´´භවත් ගෞතමයන් වහන්ස, ධර්‍මය වැටහීමට කවර ධර්‍මයක් බොහෝ උපකාර වේද? ධර්‍මය වැටහීමට බොහෝ බහුකාරවූ ධර්‍මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.´´ ´´´භාරද්වාජය, ධර්‍මය වැටහීමට අත්‍ර්‍ථය පරීක්‍ෂාකිරීම බොහෝ උපකාර වේ. අත්‍ර්‍ථය පරීක්‍ෂා නොකරන්නේනම් ධර්‍මය වැටහීමට නොපැමිණෙන්නේය. යම් හෙයකින් අත්‍ර්‍ථය පරීක්‍ෂා කෙරේද, එහෙයින් ධර්‍මයෝ වැටහෙත්. එහෙයින් ධර්‍මය වැටහීම සඳහා අත්‍ර්‍ථය පරීක්‍ෂාකිරීම බොහෝ උපකාර ඇත්තේ වෙයි.´´

39. ´´භවත් ගෞතමයන් වහන්ස, අත්‍ර්‍ථ පරීක්‍ෂාවට කවර ධර්‍මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? අත්‍ර්‍ථ පරීක්‍ෂාවට බොහෝ උපකාරවූ ධර්‍මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.´´ ´´´භාරද්වාජය, අත්‍ර්‍ථ පරීක්‍ෂාවට ධර්‍මය දැරීම බොහෝ උපකාර ඇත්තේ වෙයි. ඉදින් ධර්‍මය නොදරන්නේ වේ නම් අත්‍ර්‍ථය පරීක්‍ෂා නොකරන්නේය. යම් හෙයකින් ධර්‍මය දරයිද, , එහෙයින් අත්‍ර්‍ථය සොයයි. එහෙයින් අත්‍ර්‍ථය සෙවීමට ධර්‍මය දැරීම බොහෝ උපකාර ඇත්තේය´´

40. ´´භවත් ගෞතමයන් වහන්ස, ධර්‍මය දැරීමට කවර ධර්‍මයක් බොහෝ උපකාර වේද? ධර්‍මය දැරීමට බොහෝ උපකාරවූ ධර්‍මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.´´ ´´´භාරද්වාජය, ධර්‍මය දැරීමට බණ ඇසීම බොහෝ උපකාරවේ. ඉදින් ධර්‍මය නොඅසන්නේ නම් ධර්‍මය නොදරන්නේය. යම් හෙයකින් ධර්‍මය අසාද, එහෙයින් ධර්‍මය දරයි. එහෙයින් ධර්‍මය දැරීමට බණ ඇසීම බොහෝ උපකාර ඇත්තේ වේ´´

41. ´´භවත් ගෞතමයන් වහන්ස, බණ ඇසීමට කවර ධර්‍මයක් බොහෝ උපකාර වේද? බණ ඇසීමට බොහෝ උපකාරවූ ධර්‍මය භවත් ගෞතමයන්ගෙන් අපි විචාරමු.´´ ´´´භාරද්වාජය, බණ ඇසීමට කන් යොමු කිරීම බොහෝ උපකාරවේ. ඉදින් කණ යොමු නොකරන්නේනම් නම් ධර්‍මය නොඅසන්නේය. යම් හෙයකින් කන් යොමු කෙරේද, එහෙයින් ධර්‍මය අසයි. එහෙයින් බණ ඇසීමට කන් යොමු කිරීම බොහෝ උපකාර ඇත්තේ වෙයි´´

42. ´´භවත් ගෞතමයන් වහන්ස, කන් යොමු කිරීමට කවර ධර්‍මයක් බොහෝ උපකාර වේද? කන් යොමු කිරීමට බොහෝ උපකාරවූ ධර්‍මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.´´ ´´´භාරද්වාජය, කන් යොමු කිරීමට සේවනය කිරීම බොහෝ උපකාරයි. ඉදින් සේවනය නොකරන්නේනම් නම් මේ කන් යොමු නොකරන්නේය. යම් හෙයකින් සේවනය කෙරේද, එහෙයින් කන් යොමු කරයි. එහෙයින් කන් යොමු කිරීමට සේවනය කිරීම බොහෝ උපකාර ඇත්තේ වේ´´

43. ´´භවත් ගෞතමයන් වහන්ස, සේවනය කිරීමට වනාහි කවර ධර්‍මයක් බොහෝ උපකාර වේද? සේවනය කිරීමට බොහෝ උපකාරවූ ධර්‍මයක් අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.´´ ´´´භාරද්වාජය, සේවනය කිරීමට වෙතට පැමිණීමට බොහෝ උපකාරයි. ඉදින් වෙතට නොපැමිණෙන්නේනම් සේවනය නොකරන්නේය. යම් හෙයකින් වෙතට පැමිණේද, එහෙයින් සේවනය කෙරයි. එහෙයින් සේවනය කිරීමට වෙතට පැමිණීම බොහෝ උපකාර ඇත්තේ වේ´´

44. ´´භවත් ගෞතමයන් වහන්ස, වෙතට පැමිණීමට කවර ධර්‍මයක් බොහෝ උපකාර වේද? වෙතට පැමිණීමට බොහෝ උපකාරවූ ධර්‍මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.´´ ´´´භාරද්වාජය, වෙතට පැමිණීමට ශ්‍රද්ධාව බොහෝ උපකාර ඇත්තේය. ඉදින් ශ්‍රද්ධාව නොඋපදින්නේ වේ නම් වෙතට නොපැමිණෙන්නේය. යම් හෙයකින් ශ්‍රද්ධාව උපදීද එහෙයින් වෙතට පැමිණෙයි, එහෙයින් වෙතට පැමිණීමට ශ්‍රද්ධාව බොහෝ උපකාර ඇත්තේ වෙයි´´

45. ´´සත්‍යය රැකීම අපි භවත් ගෞතමයන්ගෙන් විචාලෙමු. භවත් ගෞතමයන් වහන්සේ, සත්‍යය රැකීම ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද සෑහෙන්නේද වෙයි. එයින් සතුටුවූ අපි සත්‍යානුබෝධය භවත් ගෞතමයන් අතින් විචාළෙමු. භවත් ගෞතමයන් වහන්සේ, සත්‍යානුබෝධය ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද, සෑහෙන්නේද වෙයි. එයින් සතුටුවූ අපි සත්‍යයට පැමිණීම භවත් ගෞතමයන්ගෙන් විචාළෙමු. භවත් ගෞතමයන් වහන්සේ, සත්‍යයට පැමිණීම ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද, සෑහෙන්නේද වෙයි. එයින් සතුටුවූ අපි සත්‍යයට පැමිණීම සඳහා බොහෝ උපකාරවන ධර්‍මය භවත් ගෞතමයන්ගෙන් විචාළෙමු. භවත් ගෞතමයන් වහන්සේ සත්‍යයට පැමිණීම සඳහා බොහෝ උපකාරවූ ධර්‍මය ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද, සෑහෙන්නේද වෙයි. එයින්ද සතුටුවූ අපි යම් යම් කරුණක් භවත් ගෞතමයන්ගෙන් විචාළෙමුද, ඒ ඒ කාරණයන්ම භවත් ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද, සෑහෙන්නේද වෙයි. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වෙමු. භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි පෙර මෙසේ දනිමු. ´මුඩු ශ්‍රමණයෝය, නින්‍දා කටයුතු ශ්‍රමණයෝය, ගෘහපතියෝය, පහත් ජාති ඇත්තෝය, බ්‍රහ්මයාගේ පයින් උපන්නෝය, කිනම් ධර්‍මයක් ධර්මයක් දන්නේද, ( කියායි. )

46. ´´භවත් ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන් ශ්‍රමණයන් කෙරෙහි මාගේ ප්‍රෙමය, ශ්‍රමණයන් කෙරෙහි ( මාගේ ) ශ්‍රමණ ප්‍රසාදය, ශ්‍රමණයන් කෙරෙහි ( මාගේ ) ශ්‍රමණ ගෞරවය ඉපදැවූ සේක. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්ද උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්‍ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, සංයාද, සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණගිය උපාසකයෙකු කොට දරන සේක්වා.´´

පස්වැනිවූ චංකී සූත්‍රය නිමි. ( 5 – 5 )

94.ටෝමුඛ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ බරණැස් නුවර ඛේමිය අඹ වනයෙහි වාසය කරන සේක. එසමයෙහි කිසියම් කටයුත්තක් සඳහා ටෝමුඛ බ්‍රාහ්මණයා බරණැසට පැමිණියේය. ඉක්බිති ටෝමුඛ බ්‍රාහ්මණයා පයින් ගමන් කරන්නේ ඇවිදින්නේ ඛේමිය අඹ වනය යම් තැනකද, එතැනට පැමිණියේය. එකල වනාහි ආයුෂ්මත් උදේන ස්ථවිර තෙමේ එළිමහනෙහි සක්මන් කරයි. ඉක්බිති ඒ ටෝමුඛ බ්‍රාහ්මණයා ආයුෂ්මත් උදේන ස්ඛවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදේන ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිකටයුතුවූත්, කථාව කොට නිමවා සක්මන් කරන්නාවූ ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේට සක්මන් කරමින් මෙසේ කීය. ´´එම්බා ශ්‍රමණය, දැහැමි පැවිද්දක් නැත. මෙසේ මාගේ අදහසක් වෙයි. එය වනාහි එබඳු පින්වතුන් වහන්සේලාගේ නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි යම් ධර්‍මයක් නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි මාගේ මේ අදහස වෙයි.´´

2. මෙසේ කී කල්හි ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ සක්මනින් බැස වෙහෙරෙට ඇතුල්වී පැනවූ අස්නෙහි හුන්නේය. ටෝමුඛ බමුණාද සක්මනින් බැස වෙහෙරට ඇතුල්වී එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූ ටෝමුඛ බ්‍රාහ්මණයාට ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ මෙසේ කී සේක. ´´බමුණ, අසුන් තිබෙත්. ඉදින් කැමතිනම් හිඳගනුව. මේ කරුණුම වනාහි අපි භවත් උදේනගෙන් බලාපොරොත්තු වන්නෙම් නොහිඳිමු. කෙසේ නම් මා වැන්නෙක් මුලින් නොපැවරවූ අස්නෙක හිඳිය යුතුයයි සිතන්නේද? එකල්හි ාේටමුඛ බ්‍රාහ්මණයා එක්තරා පහත් අස්නක් ගෙන එක් පැත්තක උන්නේය. එක් පැත්තක හුන්නාවූ ටෝමුඛ බ්‍රාහ්මණයා ආයුෂ්මත් උදේන ස්ථවිරයන්ට මෙසේ කීය. ´´එම්බා ශ්‍රමණය, දැහැමි පැවිද්දක් නැත. මෙසේ මාගේ අදහසක් වෙයි. එය වනාහි එබඳු පින්වතුන් වහන්සේලාගේ නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි යම් ධර්‍මයක් නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි මාගේ මේ අදහස වෙයි.´´

´´බමුණ, ඉදින් නුඹ මට ගුණ කියන්නෙහි නම් ගුණ කියව. අගුණ කියන්නෙහි නම් අගුණ කියව. මවිසින් කියන ලද්දගේ අත්‍ර්‍ථය නොදන්නෙහි නම්, ´භවත් උදේනය, මෙය කෙසේද? මොහුගේ අත්‍ර්‍ථය කවරේදැයි?´ එහිදී මතු මගෙන්ම ප්‍රශ්න කරව. මෙසේ කිරීමෙන් මෙහිදී අපගේ කථා සල්ලාපය වන්නේය.´´ ´´මම වනාහි භවත් උදේනයන්ගේ ගුණ කියයුත්තට කියන්නෙමි. දොස් කිය යුත්තට දොස් කියන්නෙමි. මම වනාහි භවත් උදේනයන් කියනලද යමක අත්‍ර්‍ථය නොදන්නෙම් නම්, එහිදී භවත් උදේනයන්ම මතු විමසන්නෙමි. ´භවත් උදේනය, මෙය කෙසේද? මොහුගේ අත්‍ර්‍ථය කවරේද?´ මෙසේ විමසීමෙන් මෙහිදී අපගේ කථා සල්ලාපය වේවා.´

3.´´බමුණ, පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහු විද්‍යමාන වෙත්. ( ඒ ) හතරදෙනා කවරහුද? බමුණ, මෙහි එක් පුද්ගලයෙක් තමා තැවීමේ යෝගයෙහි යෙද්‍රණේ තමා තවන්නේ වෙයි. බමුණ, මෙහි වනාහි එක් පුද්ගලයෙක් අනුන් තැවීමේ යෝගයෙහි යෙදුනේ අනුන් තවන්නේ වෙයි. බමුණ මෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තැවීමේ යෝගයෙහි යෙදුනේ තමා තවන්නේද වෙයි. අනුන් තැවීමේ යෝගයෙහි යෙදුනේ අනුන් තවන්නේද වෙයි. බමුණ මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තමා තැවීමේ යෝගයෙහි නොයෙදුනේ තමා නොතවන්නේ වේ. අනුන් තවන යෝගයෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ වෙයි. හෙතෙම තමා නොතවන්නේ, අනුන් නොතවන්නේ, මේ ආත්මභවයෙහි නොඇළුනේ, නිවුනේ, සිසිල්වූයේ, සුව විඳින සුළුවූයේ, උතුම් ආත්මයක් ඇතිව වාසය කරයි. බමුණ, මේ සිව් පුද්ගලයන් අතුරෙන් පුද්ගලයෙක් තාගේ සිත සතුටු කෙරේද?´´

4.´´භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යෝගයෙහි යෙදුනේ තමා තවනේ වේද, මේ පුද්ගල තෙමේ මාගේ සිත සතුටු නොකරයි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් අනුන් තැවීමේ යෝගයෙහි යෙදුනේ, අනුන් තවන්නේ වේද? මේ පුද්ගලයාද මාගේ සිත් නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යෝගයෙහි යෙදුනේ වේද, තමාද තවන්නේ වේද, අනුන් තැවීමේ යෝගයෙහි යෙදුනේ අනුන්ද තවන්නේ වේද, මේ පුද්ගලයාද මාගේ සිත් නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යෝගයෙහි නොයෙදුනේ, තමා නොතවන්නේ වේද, අනුන් තැවීමේ යෝගයෙහි නොයෙදුකේ අනුන් නොතවන්නේ වේද, හෙතෙම තමා නොතවන්නේ, අනුන් නොතවන්නේ, මේ ආත්මභවයෙහි නොඇළුනේ, නිවුනේ, සිහිල්වූයේ, සුව විඳින සුළු වූයේ, උතුම්වූ ආත්මයක් ඇතිව වාසය කරයි. මේ පුද්ගලයා මගේ සිත සතුටු කරයි.´´

5.´´බමුණ, කුමක් හෙයින් මේ තුන් පුද්ගලයෝ තාගේ සිත සතුටු නොකෙරෙත්ද?´´ ´´භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යෝගයෙහි යෙදුනේ තමා තවන්නේ වේද, හෙතෙම තමාට සුව කැමැත්තේ, දුක් පිළිකුල් කරන්නේ, තවයි. වැඩියෙන් තවයි. මේ හේතුකොටගෙන මේ පුද්ගලයා මාගේ සිත නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් අනුන් තැවීමේ යෝගයෙහි යෙදුනේ අනුන් තවන්නේ වේද, හෙතෙම අන්‍යයාට සුව කැමැත්තේ දුක් පිළිකුල් කරන්නේ තවයි. වැඩියෙන් තවයි. මේ නිසා මේ පුද්ගලයා මාගේ සිත නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යෝගයෙහි යෙදුනේ තමාද තවන්නේ වේද, අනුන් තැවීමේ යෝගයෙහි යෙදුනේ අනුන්ද තවන්නේ වේද, හෙතෙම තමාටද අනුන්ටද සුව කැමැත්තෙන් දුක් පිළිකුල් කරන්නේ, තවයි. වැඩියෙන් තවයි. මේ නිසා මේ පුද්ගලයා මාගේ සිත නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තෙමේම නොතවන්නේ, තමා තැවීමේ යෝගයෙහි නොයෙදුනේ, තමා නොතවන්නේ වේද, අනුන් තැවීමේ යෝගයෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ වේද, හෙතෙම තමා නොතවන්නේ අනුන් නොතවන්නේ, මේ ආත්මයෙහි නොඇලුනේ, නිවුනේ, සිහිල් වූයේ, සුව විඳින සුළු වූයේ, උතුම්වූ ආත්මයක් ඇතිව වාසය කරයි. හෙතෙම තමාටද, අන්‍යයාටද, සුව කැමැත්තෙන්, දුක් පිළිකුල් කරණු කැමැත්තෙන්, නොතවයි. වැඩියෙන් නොතවයි. මේ නිසා මේ පුද්ගලයා මාගේ සිත සතුටු කරයි.´´

6.´´බමුණ, මේ පිරිස් දෙකෙකි. ඒ පිරිස් දෙක කවරේද? බමුණ මේ ලෝකයෙහි එක් පිරිසක්, අධික රාගයෙන් රත්වූවාහු මිණි කොඬොල් සහිත අඹුදරුවන් සොයයි. දැසි දස්සන් සොයයි. කෙත් වත් සොයයි. රන් රිදී සොයයි. බමුණ මෙලොව වනාහි එක් පිරිසක් අධික රාගයෙන් රත් නොවූවාහු, මිණි කොඬොල් සහිත අඹු දරුවන් හැර, දැසි දස්සන් හැර, කෙත් වත් හැර, රන් රිදී හැර, ගිහිගෙන් නික්ම, අනගාරිය නම් ලත් ශාසනයෙහි පැවිදිවූහ. බමුණ, ඒ මේ පුද්ගලයා, ආත්මය නොතවන්නේ, ආත්මය තැවීමේ යෝගයෙහි නොයෙදුනේ, අනුන් නොතවන්නේ, අනුන් තැවීමේ යෝගයෙහි නොයෙදුනේ, හෙතෙම තෙමේ නොතවන්නේ, අනුන් නොත වන්නේ, මේ ආත්මයෙහි නොඇලුනේ, නිවුනේ සිහිල් වූයේ, සුව විඳින්නේ, උතුම්වූ ආත්මයකින් යුක්තව වාසය කරයි. බමුණ, නුඹ මේ පුද්ගලයා, කවර පිරිසක බහුලව දක්නෙහිද? යම් මේ පිරිසක්, අධික රාගයෙන් රත්වූවාහු මිණි කොඬොල් සහිත අඹුදරුවන් සොයයි. දැසි දස්සන් සොයයි. කෙත් වත් සොයයි. රන් රිදී සොයයි. යම් මේ පිරිසක් අධික රාගයෙන් රත් නොවූවාහු, මිණි කොඬොල් සහිත අඹු දරුවන් හැර, දැසි දස්සන් හැර, කෙත් වත් හැර, රන් රිදී හැර, ගිහිගෙන් නික්ම, අනගාරිය නම් ලත් ශාසනයෙහි පැවිදිවූහ.

7. ´´භවත් උදේනය, යම් මේ පුද්ගලයෙක් ආත්මය නොතවන්නේ, ආත්මය තැවීමේ යෝගයෙහි නොයෙදුනේ, අන්‍යයා නොතවන්නේ, අන්‍යයා තැවීමේ යෝගයෙහි නොයෙදුනේ, හෙතෙම ආත්මය නොතවන්නේ, අනුන් නොතවන්නේ, මේ ආත්ම භවයෙහි නොඇළුනේ, නිවුනේ, සිහිල් වූයේ, සුව විඳින සුළු වූයේ, උතුම්වූ ආත්මයකින් යුක්තව වාසය කරයි. මම යම් මේ පිරිසක් රාගයෙන් රත් නොවූවා , මිණි කොඬොල් සහිත අඹු දරුවන් හැර, දැසි දස්සන් හැර, කෙත් වත් හැර, රන් රිදී හැර, ගිහිගෙන් නික්ම, ශාසනයෙහි පැවිදිවූවාහුද, මේ පුද්ගලයා මේ පිරිසෙහි බහුලව දකිමි.´´

8. ´´බමුණ, තා විසින් වනාහි දැන්ම කියන ලදී. අපි මෙසේ දනිමු. ´එම්බා ශ්‍රමණය, දැහැමි පැවිද්දක් නැතැයි මෙසේ මාගේ අදහසක් වෙයි. එබඳුවූ පින්වතුන් වහන්සේලාගේ නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි වනාහි යම් ධර්‍මයක් නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි මාගේ මේ අදහස වෙයි.´´

´´භවත් උදේනය, ඒකාන්තයෙන් මා විසින් මේ අනුකම්පාව ලැබියයුතු වචන කියන ලද්දේය. දැහැමි පැවිද්දක් ඇත්තේය. මෙසේ මේ පැවිද්දෙහි මාගේ මේ අදහස වෙයි. භවත් උදේන තෙමේ මා මෙසේද දරාවා. භවත් උදේනයන් විසින් යම් මේ පුද්ගලයෝ සතර දෙනෙක් සුළු වශයෙන් කියන ලද්දාහුද, විස්තර වශයෙන් නොබෙදන ලද්දාහුද, භවත් උදේනයන් වහන්සේ මේ සිවු පුද්ගලයන් මට මනාකොට විස්තර වශයෙන් අනුකම්පා උපදවා බෙදාදෙන සේක්වා.´´ ´´බමුණ එසේනම් අසව, මනාකොට සිත්හි තබාගනුව. කියන්නෙමි.´´ ´´එසේය භවතුන් වහන්සැ´´ යි , ාේටමුඛ බමුණා ආයුෂ්මත් උදේන ස්ථවිරයන්ට පිළිතුරු දුන්නේය. ආයුෂමත් උදේන ස්ථවිර තෙම මෙසේ කීය.

9. ´´බ්‍රාහ්මණය, තමන් තවන්නාවූද, තමන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද, පුද්ගල තෙම කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම වස්ත්‍ර නොහඳින්නේ වෙයි. හොඳ පැවතුම් නැත්තේ වෙයි. මල පහකොට අතින් පිස දමන්නේ වෙයි. ´එව ස්වාමීනි´ යි කී විට නොඑන්නේ වෙයි. ´සිටිනු ස්වාමීනි´ යි කී විට නොසිටින්නේ වෙයි. පළමුකොට ගෙනෙනලද ආහාරය නොපිළිගණියි. උදෙසා කරණ ලද්ද නොපිළිගණියි. ආරාධනාකොට දුන් බත නොඉවසයි. හෙතෙම කළගෙඩි කටින් ගෙන දුන් දෙය නොපිළිගණියි. සැළි කටින් ගෙන දුන් දෙය නොපිළිගණියි. එළිපත අතරකොට දුන් දෙය නොපිළිගණියි. දණ්ඩක් අතරකොට දුන් දෙය නොපිළිගණියි. මෙහොලක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. වළඳන්නාවූ දෙදෙනෙකු අතරින් කෙනෙක් දුන්දෙය නොපිළිගණියි. ගැබිණියකගෙන් නොපිළිගණියි. කිරි පොවන්නියකගෙන් නොපිළිගණියි. පුරුෂයන් අතරට ගිය ස්ත්‍රියකගෙන් නොපිළිගණියි. සමාදන් කොට දුන් කල්හි නොපිළිගණියි. යම් තැනක සුනඛයෙක් සිටියේ වේද, එතන්හි නොපිළිගණියි. යම් තැනක මැස්සෝ රන්චු රන්චු ගැවසෙත්ද, එතන්හි නොපිළිගණියි. දියමස් ආහාරය නොපිළිගණියි. ගොඩ මස් නොපිළිගණියි. සුරාව නොපිළිගණියි. මේරය ( මල් යුෂින් කළ මත් පැන් ) නොපිළිගණියි. කාඩිදිය නොබොයි. හෙතෙම එක ගෙයකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. එක පිඩෙකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් දෙකකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. පිඩු දෙකකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් තුනක වසන්නේ හෝ වෙයි. පිඩු තුනකින් යැපෙන්නෝ වෙයි. ගෙවල් හතරක වසන්නේ හෝ වෙයි. පිඩු හතරකින් යැපෙන්නන් හෝ වෙයි. ගෙවල් පහක වසන්නේ හෝ වෙයි. පිඬු පහකින් යැපෙන්නෝ හෝ වෙයි. ගෙවල් හයක වසන්නේ හෝ වෙයි. පිඬු හයකින් යැපෙන්නෝ වෙයි. ගෙවල් සතකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. පිඬු සතකින් යැපෙන්නාේ හෝ වෙයි. එකම කුඩාවූ ආහාර භාජනයකින් යැපෙයි. කුඩා ආහාර බඳුන් දෙකකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් තුනකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් හතරකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් පහකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් හයකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් හතකින්ද යැපෙයි. එක් දවසක් හැර දවසක්ද ආහාර ගණියි. දෙදවසක් හැර දවසක්ද ආහාර ගණියි. තුන් දවසක් හැර දවසක්ද ආහාර ගණියි. හතර දවසක් හැර දවසක්ද ආහාර ගණියි. පස් දවසක් හැර දවසක්ද ආහාර ගණියි. හය දවසක් හැර දවසක්ද ආහාර ගණියි. සත් දවසක් හැර දවසක්ද ආහාර ගණියි. මෙසේ මෙබඳු අඩමසකට වරක් ආහාර ගනිමින්ද, වාර භොජනයෙහි යෙදී වාසය කරයි. හෙතෙම අමු පලා කන්නේ හෝ වෙයි. බඩ හමු අනුභව කරන්නේ හෝ වෙයි. හුරුහැල් අනුභව කරන්නේ හෝ වෙයි. සම්කසට අනුභව කරන්නේ හෝ වෙයි. මැලියම් අනුභව කරන්නේ හෝ වෙයි. කුඩු අනුභව කරන්නේ හෝ වෙයි. දඹු බත් අනුභව කරන්නේ හෝ වෙයි. තල මුරුවට අනුභව කරන්නේ හෝ වෙයි. තණකොල අනුභව කරන්නේ හෝ වෙයි. ගොම අනුභව කරන්නේ හෝ වෙයි. වනමුල් ඵල ආහාර කොට ඇතිව වැටුණු ගෙඩි අනුභව කරමින් එයින් යැපෙයි. හෙතෙම හන වැහැරිද දරයි. මල සිරුරෙන් දැමූ වස්ත්‍රද දරයි. පංසුකූල වස්ත්‍රද දරයි. ගස් සුඹුලෙන් කළ වස්ත්‍රද දරයි. අඳුන් දිවි සම්ද දරයි. කුර සහිත අඳුන් දිවි සම්ද දරයි. කුසතණ වැහැරිද දරයි. කෙඳිවලින් කළ වැහැරිද දරයි. පතුරුවලින් කළ වැහැරිද දරයි. මිනිස් කෙසින් කළ කම්බිලිද දරයි. අස්ලොම් ආදියෙන් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටු ගොතා කළ වස්ත්‍ර දරයි. හිසකේ රැවුල් උදුරන්නේ, ඉසකේ රැවුල් උදුරන පිළිවෙතෙහි යෙදුනේ, වෙයි. ආසන ප්‍රතික්‍ෂෙප කරන ලද්දේ උඩ බලා සිටින්නේ වෙයි. උක්කුටිකව වීය්‍ර්‍යය කිරීමෙහි යෙදුනේ උක්කුටික වූයේද වෙයි. කටු යහනෙහි සයනය කරයි. කටු ඇතිරියෙහි සයනය කරයි. සවස තෙවැනි කොට ( දවසට තුන් වරක් ) දියට බසින පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. මෙසේ මෙබඳු නොයෙක් ආකාරයෙන් ශරීරය තවන පෙලන තපස් කම් වල යෙදී වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලතෙම තමන් තවන්නේ තමන් තවන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබේ.

10.´´බ්‍රාහ්මණය, අනුන් තවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූ පුද්ගල තෙම කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් එළුවන් මරන්නේ වෙයි. ඌරන් මරන්නේ වෙයි. ලිහිණින් මරන්නේ වෙයි. මුවන් මරන්නේ වෙයි. රෞද්‍රවූයේ වෙයි. මසුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. සොරුන් මරන්නේ වෙයි. සිරගෙවල් පාලනය කරන්නේ වෙයි. අන්‍යවූද කිසියම් දරුණුකම් කරන්නාහු මේ පුද්ගලතෙම අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබේ.

11.´´බ්‍රාහ්මණය, තමන් තවන්නාවූ තමන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද, අනුන් තවන්නාවූ අනුන් තවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද, පුද්ගලතෙමේ කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඔටුණු පළඳිනලද ක්‍ෂත්‍රිය රජෙක් හෝ වෙයි. මහා සාර වංශ ඇත්තාවූ මහත් වස්තුව ඇති බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හෙතෙම නුවරට නැගෙනහිර දිශාවෙහි අළුත්වූ යාග ශාලාවක් කරවා, හිසකේ රැවුල් බහවා කුර සහිත අඳුන් දිවි සමක් හැඳ ගිතෙලින් හා තලතෙලින් ශරීරය තවරා මුව අඟින් පිට කසමින් මෙහෙසියද පොරෝහිත බමුණාද සමග යාග ශාලාවට පිවිසෙයි. හෙතෙම එහි අතුරනලද පැදුරු ආදියක් නැති ගොම පිරිබඩකළාවූ භූමියෙහි සයනය කරයි. සමාන වස්සන් ඇති එක දෙනකගේ එක තනයෙක්හි යම් කිරක් වේද, එයින් රජතෙම යැපෙයි. දෙවෙනි තනයෙහි යම් කිරක් වේද, එයින් මෙහෙසිය යැපෙයි. තුන්වන තනයෙහි යම් කිරක් වේද, එයින් පුරෝහිත බමුණා යැපෙයි. සිවුවන තනයෙහි යම් කිරක් වේද, එයින් ගිනි පුදත්. ඉතිරි වූවකින් වසුතෙම යැපෙයි. හෙතෙම මෙසේ කියයි. ´යාගය පිණිස මෙපමණ වෘෂභයන් නසත්වා, යාගය පිණිස මෙපමණ නාඹු වස්සන් නසත්වා, යාගය පිණිස මෙපමණ නෑඹි වැස්සියන් නසත්වා, යාගය පිණිස මෙපමණ එළුවන් නසත්වා, යාගය පිණිස මෙපමණ තිරෙළුවන් නසත්වා, යාග කණු පිණිස මෙතෙක් ගස් කපත්වා යාග භූමිය වට කිරීම හා ඇතිරීම පිණිස මෙතෙක් කුසතණ සිඳිත්වා´ යි. ඔහුගේ යම් ඒ දාසයෝය කියා හෝ, පණිවුඩ කාරයෝය කියා හෝ, කම්කරුවෝය කියා හෝ, කෙනෙක් වෙත්ද, ඔවුහුද දණ්ඩයෙන් තැති ගත්තාහු, භයින් තැති ගත්තාහු, කඳුළු පිරුණු මුහුණු ඇතිව හඬමින් වැඩ කරත්. මහණෙනි, මේ පුද්ගල තෙම තමන් තවන්නේ තමන් තවන පිළිවෙවතෙහි යෙදුනේද, අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ.

12.´´බ්‍රාහ්මණය, තමන් නොම තවන්නාවූ තමන් තවන පිළිවෙතෙහි නොයෙදුනාවූද, අනුන් නොතවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනාවූද, පුද්ගල තෙමේ කවරේද? තමන්ද නොතවන්නාවූ, අනුන්ද නොතවන්නාවූ ඒ පුද්ගල තෙම මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් නිවියේ සිහිල්වූයේ ධ්‍යානාදී සුව විඳිමින් ශ්‍රේෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයි. බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ඨවිද්‍යා පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තවූ, ශොභන ගමන් ඇත්තාවූ, ලෝකය දන්නාවූ, නිරුත්තරවූ, දමනය කළ නොහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු බඳුවූ, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාවූ, චතුරාය්‍ර්‍ය සත්‍යයන් අවබෝධ කළාවූ, සියලු ක්ලේශයන් නැති කළාවූ, තථාගතයන් වහන්සේ පහලවෙති. උන්වහන්සේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මේ ලෝකයද, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවද, තමන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කරනසේක. උන්වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, ධර්‍මය දේශනා කරනසේක. සියල්ලෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව ප්‍රකාශ කරන්නාහ.

13. ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, අන් එක්තරා කුලයෙක උපන්නෙක් හෝ, ඒ ධර්‍මය අසයි. හෙතෙම ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි පහදියි. එසේ පැහැදුනාවූ හෙතෙම මෙම සලකයි. ´ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්‍ණකොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියවනලද සකක් වැනි මේ ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. ´මම හිසකෙස් දැළි රැවුල් කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙක´ කියායි. හෙතෙම පසු කාලයෙක්හි ස්වල්පවූ හෝ සම්පත් හැර, මහත්වූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ නෑදෑ පිරිස් හැර, මහත්වූ හෝ නෑදෑ පිරිස් හැර, හිසකේ දැළි රැවුල් කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙයි. හෙතෙම මෙසේ පැවිදිවූයේම භික්‍ෂු සීලයෙන් යුක්තවූයේ ප්‍රාණාතය හැර ප්‍රාණාතයෙන් වැලකුනේ වෙයි. බහා තබනලද දඬු ඇත්තේ පව් කිරීමට ලජ්ජා ඇත්තේ කරුණාවෙන් යුක්තවූයේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. නුදුන් දෙය ගැණීම හැර නුදුන් දෙය ගැණීමෙන් වැලකුනේ වෙයි. දුන් දෙය ගන්නේ, දුන් දෙයෙහි බලාපොරොත්තු ඇත්තේ, සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කරයි. අබ්‍රහ්මචය්‍ර්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්‍ගය නම් ග්‍රාම ධර්‍මයෙන් වෙන්ව බ්‍රහ්මචාරීවේ. මුසාවාදය හැර මුසාවාදයෙන් වැලකුනේ, සත්‍ය වචන ඇත්තේ, සත්‍යයෙන් සත්‍යය ගැළපීම් ඇත්තේ, ස්ථිර වචන ඇත්තේ, ඇදහියයුතු වචන ඇත්තේ, ලොව මුළා නොකරන්නෙක් වෙයි. කේලාම් කීම හැර කේලාම් කීමෙන් වැලකුනේ වෙයි. බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්‍ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අත්‍ර්‍ථයෙන් යුක්තවූ, ධර්‍මයෙන් යුක්තවූ, විනයයෙන් යුක්තවූ, වචන කියන්නේ, සුදුසු කල්හි උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති අත්‍ර්‍ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබියයුතු වචන කියන්නේවේ.

14.´´හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි. එක් වේලක් වළඳන්නේ රාත්‍රි භෝජනයෙන් හා විකාල භෝජනයෙන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විළවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන් මෙයින් වැළකුණේ වෙයි. රන්, රිදී, මසු, කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්‍ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන්, තරුණියන් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් කොරවූයේ වෙයි. එළුවන් බැටළුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහින්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය, යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම, මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොරට කිරීම, රන් නොරන් කිරීමාදියෙන්, හොර කිරීම, මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදී යයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය යන මෙයින් වැළකුණේ වෙයි.

´´හෙතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද, සතුටුවන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙනයන්නේ වෙයි. යම්සේ පක්‍ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, එපරිද්දෙන්ම භික්‍ෂු තෙමේද, ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටුවන්නේ වේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙනම යයි. හෙතෙමේ මේ උතුම් ශීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.

15. ´හෙතෙමේ ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්‍ෂු ඉන්‍ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලෝභ ද්වේෂ අකුශල ධර්‍මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්‍ෂු ඉන්‍ද්‍රියය රකී. චක්‍ෂු ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

´´කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක් වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්‍ද්‍රිය ( කන් ) අසංවරව වසන්නහුට ලෝභ ෙව්ෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ ශ්‍රොතෙන්‍ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොතඉන්‍ද්‍රියය රකී. ශ්‍රොතඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

´´නාසයෙන් ගඳක් ආ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක් වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ානෙන්‍ද්‍රිය ( නාසය ) අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ානෙන්‍ද්‍රිය රකියි. ානෙන්‍ද්‍රියාගේ සංවරයට පැමිණෙයි.

´´දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක් වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන ජිව්හෙන්‍ද්‍රිය සංවර නොකොට වාසය කරන්නාහට ලෝභ ද්වේෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හෙන්‍ද්‍රිය (දිව) ආරක්‍ෂා කරයි. ජිව්හෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

´´කයින් පහසක් ස්පර්‍ශ කොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක් වනසේ සිතට නොගනියි. යමක් හේතු කොට කායෙන්‍ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ කායෙන්‍ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්‍ද්‍රිය ආරක්‍ෂා කරයි. කායෙන්‍ද්‍රියේ සංවරයට පැමිණෙයි.

´´සිතින් ධර්‍මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. තැවත නැවතත් මතක් වනසේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්‍මයෝ උපදිත්ද, ඒ මනින්‍ද්‍රිය ( සිත් ) සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකී. මනින්‍ද්‍රිය සංවරයට පැමිණෙයි.

´´හෙතෙම මේ උතුම් ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.

16. ´´හෙතෙමේ ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද, හැරී බැලීමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුර සහ පාත්‍රා සිවුරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි.

´´අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය, යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මූත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.

´´උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද, උතුම්වූ මේ ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්‍ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්‍වතද, කඳුරැලිද, ගල්ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද, හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සේනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පය්‍ර්‍යඞ්ක බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.

´´ඔහු ස්කන්‍ධ ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. කෝ‍රධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඤා ඇත්තෙක්ව ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම් හා පසුතැවීම් දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට පහකළ සැක ඇත්තේ කුශල ධර්‍ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.

17. ´´හෙතෙම සිත කිලුටු කරන්නාවූ, ප්‍රඥාව දුර්‍වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, යමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද, මේ ධර්‍මයද වේ. බ්‍රාහ්මණය, මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟබව ඇති, විතර්‍ක රහිතවූ විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, යමක් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද, මේ ධර්‍මයද වේ.

18. ´´බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආය්‍ර්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උපෙක්‍ෂා ඇති, සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය යමක් ප්‍රත්‍යක්‍ෂකිරීම සඳහා භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද, මේ ධර්‍මයද වේ.

19. ´´බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සැපය ද්‍රරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද ( ධ්‍යානය ලැබීමට ) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,

´´හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්, එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති හතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ´අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්, මේ ගෝත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගෝත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම්, මෙහි උපන්නෙමි´ යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි. බ්‍රාහ්මණය, යමක් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස භික්‍ෂූහු මගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද, මේ ධර්‍මයද වේ.

20. ´´ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්‍ෂණවූද, අවලක්‍ෂණවූද, හොඳ ලොව උපන්නාවූද, නරක ලොව උපදින්නාවූද, කර්‍මයට අනුව උපදින්නාවූ සත්‍වයන් දකී. ´මේ පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන්ට ගරහන්නෝ වූහ. මිත්‍යාද්‍යෂ්ටිකයෝ වූහ. මිත්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ. වාක් සුචරිතයෙන් යුක්තවූහ. මනො සුචරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ. සත්‍යය ඇදහීම් සමාදන්වූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියෝ´ යි මෙසේ පිරිසිදුවූ, මිණිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකී. මෙසේ පිරිසිදුවූ, මනුෂ්‍යත්‍වය ඉක්ම සිටියාවූ දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, පහත්වූද, උසස්වූද, ලක්‍ෂණවූද, අවලක්‍ෂණවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද, කර්මය ලෙස පැමිණි සත්‍වයන් දනී.

21. ´´ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යෝග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී. මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී. මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැන ගණී. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයයි තතු ලෙස දැනගණී. මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී. මේ පැසවන ක්ලේශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගණී. මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී. මේ ඒ කෙලෙස් නැතිකිරීමේ මාර්‍ගයයයි තතු ලෙස දැනගණී.

´´මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත, කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ. භව ආශ්‍රවය කෙරෙන්ද සිත මිදේ. අවිද්‍යාශ්‍රවය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළවෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණ ලදී. මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැ´ යිද දැනගණී.

22. ´´බ්‍රාහ්මණය, යමක් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, මේ වනාහි ඒ ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද, ධර්‍මය වේ. බ්‍රාහ්මණය, යම් ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා භික්‍ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, මේ වනාහි ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද ධර්‍මයෝ වෙති´´ යි වදාළේය.

´´බ්‍රාහ්මණය, මේ පුද්ගල තෙම තමන් නොතවන්නේ තමන් නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ. හෙතෙම තමන් නොතවන්නාවූද, අන්න් නොතවන්නාවූද, මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ, කෙලෙසුන්ගෙන් නිවීයේ, සිහිල්වූයේ, ධ්‍යානාදී සැප විඳින සුළුවූයේ, ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කෙරේ´´ යයි වදාළහ.

23. මෙසේ කීකල ාේටමුඛ බමුණා ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. ´´භවත් උදේනය, ඉතා යහපත. භවත් උදේනය, ඉතා යහපත. භවත් උදේනය, යටිකුරුකළ දෙයක් උඩුකුරු කරන්නේ යම්සේද, වැසුනු දෙයක් වැසුම් හරින්නේ යම්සේද, මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේ යම්සේද, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අන්‍ධකාරයෙහි තෙල් පහනක් දරන්නේ යම්සේද, මෙපරිද්දෙන් භවත් උදේන ස්ථවිරයන් විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. මම මේ භවත් උදේනයන්ද, ධර්‍මයද, භික්‍ෂු සඞ්යාද සරණ යමි. භවත් උදේනයන් වහන්සේ අද පටන් දිවි හිම්ව සරණගිය උපාසකයෙකුසේ මා දරන සේක්වා.´´

24.´´බමුණ, නුඹ මා සරණ නොයව. මම යම් සරණක් ගියෙම්ද, ඒ භාග්‍යවතුන් වහන්සේම නුඹද සරණ යව.´´ ´´භවත් උදේනයන් වහන්ස, ඒ භවත් ගෞතමවූ අර්‍හත්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ දැන් කොතැන්හි වසන සේක්ද?´´ ´´ බමුණ, දැන් ඒ භාග්‍යවත්වූ අර්‍හත්වූ සම්මා සම්බුදුන් වහන්සේ පිරිනිවි සේක.´´ ´´ භවත් උදේනයන් වහන්ස, ඒ භවත් ගෞතමයන් වහන්සේ දස යොදුනක් තන්හි වෙසෙත්යයි ඉදින් අපි අසන්නෙමු නම් අපි ඒ භවත් ගෞතමවූ අර්‍හත්වූ සම්මා සම්බුදුන් වහන්සේ දැකීමට දස යොදුන් තන්හිද යන්නෙමු. භවත් උදේනයන් වහන්ස, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේ විසි යොදුනක් තන්හියයි අසන්නෙමු නම්, අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධවූ , ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට විසි යොදුනක්ද යන්නෙමු. පින්වත් උදේනයන් වහන්ස, ඒ භවත් ගෞතමයන් වහන්සේ ඉදින් තිස් යොදුනක් තන්හියයි අපි අසන්නෙමු නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ , ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට අපි තිස් යොදුනක්ද යන්නෙමු. පින්වත් උදේනයන් වහන්ස, ඒ භවත් ගෞතමයන් වහන්සේ ඉදින් සතලිස් යොදුනක් තන්හියයි අපි අසන්නෙමු නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ , ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට අපි සතලිස් යොදුනක්ද යන්නෙමු. පින්වත් උදේනයන් වහන්ස, ඒ භවත් ගෞතමයන් වහන්සේ ඉදින් පණස් යොදුනක් තන්හියයි අපි අසන්නෙමු නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ , ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට අපි පණස් යොදුනක්ද යන්නෙමු. පින්වත් උදේනයන් වහන්ස, ඉද්න් ඒ භවත් ගෞතමයන් වහන්සේ යොදුන් සියයක් තන්හියයි අසන්නෙමු නම්, අර්හත් සම්‍යක් සම්බුද්Ȁdධවූ , ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට අපි සියක් යොදුනක්ද යන්නෙමු.

25.´´භවත් උදේනය, යම් හෙයකින් භවත් ගෞතමයන් වහන්සේ පිරිනිවි සේක්ද, පිරිනිවියාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේද ධර්‍මයද, භික්‍ෂු සඞ්යාද, අපි සරණ යමු. භවත් උදේනයන් වහන්සේ අද පටන් දිවි හිම්ව සරණගිය උපාසකයෙකු කොට මා දරන සේක්වා. භවත් උදේනයන් වහන්ස, මට භික්‍ෂාවන් ඇත්තේය. අඟුරජ දවස් පතා නිත්‍ය භික්‍ෂාවක් ( මට ) දෙයි. එයින් භවත් උදේනයන් වහන්සේට එක නිත්‍ය භික්‍ෂාවක් දෙමි.´´ ´´බමුණ, නුඹට අඟුරජ දිනපතා නිත්‍ය භික්‍ෂාවට කුමක් දෙන්නේදැ´´ යි . ´´ භවත් උදේනයන් වහන්ස පන්සියයක් කහවණුය´´ ´´බමුණ, අපට රන් රිදී පිළිගැන්ම නුසුදුසුයි´´. ( අකැපයි. )

26. ´ඉදින් එය භවත් උදේනයන් වහන්සේට අකැප වෙයි නම් විහාරයක් කරවන්නෙමි.´´ ´´බමුණ, නුඹ මට විහාරයක් කරවනු කැමැත්තෙහි නම් පැලලුප් නුවර සඞ්යාට උපස්ථාන ශාලාවක් කරව.´´ ´´ භවත් උදේනයන්ට මේ නිසා මම බොහෝ කොට පැහැදුනෙමි. ඉතා ඇලුනෙමි. භවත් උදේන තෙමේ මහා සඞ්යා විෂයෙහි දන් දෙවයි. භවත් උදේනය, ඒ මම මේ නිත්‍ය භික්‍ෂාවෙන්ද, අන්‍ය නිත්‍ය භික්‍ෂාවෙන්ද පැලලුප් නුවර සඞ්යාට උපස්ථාන ශාලාවක් කරවන්නෙමි.´´ ඉක්බිති ාේටමුඛ බමුණා මේ නිත්‍ය භික්‍ෂාවෙන්ද, අන්‍ය නිත්‍ය භික්‍ෂාවෙන්ද, පැලලුප් නුවර සඟනට උපස්ථාන ශාලාවක් කරවීය. ඒ ශාලාව දැන් වනාහි ාෙටමුඛී යයි කියනු ලැබේ.

සතරවෙනි ටෝමුඛ සූත්‍රය නිමි. ( 5 – 4 )

93. අස්සලායන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද, දෙව්රම් වෙහෙර වැඩ වාසය කරණ සේක. එසමයෙහි නෙයෙක් රටවල බමුණන් අතුරෙන් පන්සියයක් පමණ බමුණෝ කිසියම් කටයුත්තක් සඳහා සැවැත්නුවර වාසය කරති. එකල ඒ බමුණන්ට මෙබඳු සිතක් පහල විය. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්‍ණ ශුද්ධියක් පනවයි. ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන ගැන විරුද්ධව සාකච්ඡා කිරීම සඳහා කවරෙක් සමන්‍ර්‍ථද?

2. එසමයෙහි වනාහි අස්සලායන නම් තරුණයෙක් සැවැත්නුවර වාසය කරයි. ( හෙතෙම ) දහරයෙකි. වැවුනු කෙස් ඇත්තෙක. උත්පත්තියෙන් සොලොස් හැවිරිදි වයස් ඇත්තෙක. නාම, නිණ්ඩු, යාග ආදී කටයුතු පිළිවෙල හා ශික්‍ෂානිරුක්ති යන ප්‍රභේදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති, වෙදත්‍රයයෙහි කෙළවරට ගිය කෙනෙක. පද හා ව්‍යාකරණ කට පාඩමේ කියන්නෙක. ලෝකායත ශාස්ත්‍රයේත්, මහා පුරුෂ ලත්‍ෂණ ශාස්ත්‍රයේත් දක්‍ෂයෙක. ඉක්බිති ඒ බමුණන්ට මෙබඳු සිතක් ඇතිවිය. ´මේ අස්සලායන තරුණයා සැවැත්නුවර වෙසෙයි. ( හෙතෙම ) දහරයෙකි. වැවුනු කෙස් ඇත්තෙක. උත්පත්තියෙන් සොලොස් හැවිරිදි වයස් ඇත්තෙක. නාම, නිණ්ඩු, යාග ආදී කටයුතු පිළිවෙල හා ශික්‍ෂානිරුක්ති යන ප්‍රභේදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති, වෙදත්‍රයයෙහි කෙළවරට පැමිණියෙක. පද හා ව්‍යාකරණ කට පාඩමේ කියන්නෙක. ලෝකායත ශාස්ත්‍රයේත්, මහා පුරුෂ ලත්‍ෂණ ශාස්ත්‍රයේත් දක්‍ෂයෙක. හෙතෙම ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන ගැන (යෙහි ) විරුද්ධව සාකච්ඡා කිරීමට සමත්‍ර්‍ථ වෙයි´ කියායි.

3. අනතුරුව ඒ බමුණෝ අස්සලායන තරුණයා යම් තැනෙකද එතැනට එළඹියහ. එළඹ අස්සලායන මානවකයාට මෙසේ කීහ. ´´පින්වත් අස්සලායනය. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්‍ණ ශුද්ධියක් පනවනසේක. පින්වත් අස්සලායන තෙමේ ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන ( යෙහි ) ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට පැමිණේවා.´´ මෙසේ කී කල්හි අස්සලායන තරුණයා ඒ බමුණන්ට මෙසේ කීය. ´´ශ්‍රමණ භවත් ගෞතමයෝ වනාහි, ධර්‍මවාදීහ. ධර්‍මවාදීහු සමග දුකසේ විරුද්ධව සාකච්ඡා කළ යුත්තාහු වෙති. මම ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන ( යෙහි ) ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට නොහැක්කෙක් වෙමි.´´ දෙවනුවත් ඒ බමුණෝ අස්සලායන තරුණයාට මෙසේ කීහ. ´´පින්වත් අස්සලායනය. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්‍ණ ශුද්ධියක් පනවනසේක. පින්වත් අස්සලායන තෙමේ ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන ( යෙහි ) ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට ඒවා. පින්වත් අස්සලායණයන් වේදයට අනුව තවුස් පිළිවෙලට හැසුරුණු කෙණෙක.´´ දෙවනුවත් අස්සලායණ තෙමේ ඒ බමුණන්ට මෙසේ කීය. ´´ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්‍මවාදීහ. ධර්‍මවාදීහු සමග දුකසේ වාද කළ යුත්තාහු වෙත්. මම ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයෙහි වාද කිරීමට නොහැක්කෙක් වෙමි.´´ තුන්වෙනුවත් ඒ බමුණෝ අස්සලායණ තරුණයාට මෙසේ කීහ. ´´පින්වත් අස්සලායණය. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්‍ණ ශුද්ධියක් පනවනසේක. පින්වත් අස්සලායණ තෙම ශ්‍රමණ ගෞතමයන් සමග වාද කිරීමට ඒවා. පින්වත් අස්සලායණයන් වේදය අනුව තවුස් පිළිවෙලට හැසුරුණු කෙණෙක.´´

´´භවත් අස්සලායණය, යුද්ධ නොකොට නොපැරදෙව.´´ මෙසේ කී කල අස්සලායණ තරුණයා ඒ බමුණන්ට මෙසේ කීය. ´´පින්වතුනි, ඒකාන්තයෙන් මම වනාහි ජය නොලබමි. ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්‍මවාදීහ. ධර්‍මවාදීහු සමග දුකසේ වාද කළ යුත්තාහු වෙති. ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයෙහි වාද කිරීමට මම අසමත්‍ර්‍ථයෙමි. යලිදු මම භවතුන්ගේ වචනය නිසා යන්නෙමි´´ යි කියායි.

4. ඉක්බිති අස්සලායන තරුණයා මහත්වූ බමුණු සමූහය සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතුවූත්, සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එකත් පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ අස්සලායණ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ කීහ. ´බමුණෝම උතුම් ජාති ඇත්තෝය. අන්‍යයෝ හීන ජාති ඇත්තෝය. බමුණෝම ශුද්ධ වංශ ඇත්තෝය. අන්‍යයෝ අශුද්ධ වංශ ඇත්තෝය. බමුණෝම සුදුපාට ඇත්තාහ. අන්‍යයෝ කළුපාට ඇත්තාහ. බමුණෝම පිරිසිදුවෙති. අන්‍යයෝ එසේ නොවෙති. බමුණෝම මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝව මුඛයෙන් උපන්නාහු, බ්‍රහ්මජයහ, බ්‍රහ්මයා නිමැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්ම දායාදයහ´ යනුයි. භවවත් ගෞතමයන් වහන්සේ මෙකරුණෙහිදී කුමක් කියන සේක්ද?´´

´´අස්සලායණය, බමුණන්ගේ බැමිණියෝ ඎතුවන්නියෝද, ගැබිනියෝද, වදන්නියෝද, කිරි පොවන්නියෝද දක්නා ලැබෙත්. ඒ බමුණෝද යෝනියෙන් උපන්නාහුම මෙසේ කීවාහුය. ´බමුණෝම උතුම් වර්‍ණයහ, අන්‍යයෝ හීන වර්‍ණයහ, බමුණෝම සුදුපාට ඇත්තාහ. අන්‍යයෝ කළුපාට ඇත්තාහ. බමුණොම පිරිසිදුවෙත්. අන්‍යයෝ (බමුණු නොවන්නෝ ) අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු, බ්‍රහ්මජයහ, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්ම දායාදයහ කියායි.´´

5. ´´කිසියම් කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කී සේක්ද?´´ එකල බමුණෝ මෙය සිතත්. බමුණෝම ශ්‍රේෂ්ඨ වර්‍ණයහ. අන්‍යයෝ හීන වර්‍ණයහ. බමුණෝම සුදුපාට ඇත්තාහ. අන්‍යයෝ කළුපාට ඇත්තාහ. බමුණොම පිරිසිදුවෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහුය, බ්‍රහ්මජයහ, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්ම දායාදයහ කියායි.´´ අස්සලායණය, ඔබ ඒ කිමැයි හඟනෙහිද? යොනකම්බුජ නම් අන්‍යවූ පසල් දනව්වෙක ආය්‍ර්‍යයයිද, දාස යයිද, වර්‍ණ දෙකෙකි. ආය්‍ර්‍යයෙක්ව දාසයෙක් වෙයි. දාසයෙක්වී සවාමියෙක් ( ආය්‍යයෙක් ) වේයයි තා විසින් අසන ලද්දේද?´´ ´´එසේය ස්වාමීනි, මා විසින් අසන ලදී. යොනකම්බුජ නම් අන් පසල් දනව්වෙක ආය්‍ර්‍යයයිද, දාසයයිද වර්‍ණ දෙකකි. ආය්‍ර්‍යයෙක්ව දාසයෙක් වෙයි. දාසයෙක්ව ස්වාමියෙක් වේ යයි ( මා විසින් අසන ලදී. )´´ ´´අස්සලායණය, මෙහිදී බමුණන්ගේ කුමණ බලයක්ද, කවර අස්වැසිල්ලක්ද?´´ මෙකරුණෙහිලා බමුණෝ මෙසේ කීහ. ´´බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්‍ණයහ, අන්‍යයෝ හීන වර්‍ණයහ. බමුණෝම සුදුපාට ඇත්තාහ. අන්‍යයෝ කළුපාට ඇත්තාහ. බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහමයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජයහ. මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්ම දායාදයහ´ කියායි.

´´කිසියම් කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කීසේක්ද?´´ එකල්හි බමුණෝ මෙහිදී මෙය මෙසේ සිතති. ´බමුණෝම ශ්‍රේෂ්ඨ වර්‍ණයහ. අන්‍යයෝ හීන වර්‍ණයහ. බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහමයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජයහ. මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්ම දායාදයහ´ කියායි.

6. ´´අස්සලායණය, ඒ කුමකැයි හඟනෙහිද? ක්‍ෂත්‍රිය තෙමේත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, හිස් වචන කථා කරන්නේ, දැඩි ලෝභ ඇත්තේ, බද්ධ වෛරයෙන් ( ව්‍යාපාදයෙන් ) යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? බමුණෙක් වුවත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කථා කරන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? වෛශ්‍යයෙක් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? වෛශ්‍යයෙක් වුවත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කථාකරන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? වෛශ්‍යයාත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? ශුද්‍රයෙක් වුවත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, ( කේලාම් කියන්නේ ), රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? වෛශ්‍යයාත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? ශුද්‍රයෙක් වුවත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කථා කරන්නේ, දැඩි ලෝභ ඇත්තේ, බද්ධවෛරයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. නොවේ්ද?´´

7. ´´භවත් ගෞතමයන් වහන්ස, මෙය වන්නේද ( වන්නේමය ) භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියයාත් පරපන නසන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කථා කරන්නේ, දැඩි ලෝභ ඇත්තේ, බද්ධවෛරයෙන් ( ව්‍යාපාදයෙන් ) යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. භවත් ගෞතමයන් වහන්ස, බමුණාත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, ( කේලම් කියන්නේ ), රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. වෛශ්‍යයාත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කථා කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. ශුද්‍රයාත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. සියලු චාතුර්වර්‍ණයෝම සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, බද්ධ වෛරයෙන් (ව්‍යාපාදයෙන් ) යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නාහුය.´´

8. ´´අසස්ලායණය, මේ කරුණෙහිලා බමුණන්ගේ කුමන බලයක්ද? කවර අස්වැසිල්ලක්ද? මේ කරුණෙහිලා බමුණෝ මෙසේ කීහ. ´´බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්‍ණයහ. අන්‍යයෝ හීනවර්‍ණයහ, බමුණෝම සුදුපාට ඇත්තාහ, අන්‍යයෝ කළුපාට ඇත්තාහ. බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු, බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ´ කියායි. යම්කිසි කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කී සේක්ද? එකල්හි මෙකරුණෙහිදී බමුණෝ මෙය මෙසේ හඟිත්. ´බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්‍ණයහ. අන්‍යයෝ හීනවර්‍ණයහ, බමුණෝම සුදුපාට ඇත්තාහ, අන්‍යයෝ කළුපාට ඇත්තාහ. බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු, බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ´ කියායි.

9. ´´අස්සලායණය, ඒ කිමැයි සිතන්නෙහිද? බමුණෙක් වූයේම පරපණ නැසීමෙන් වැළකුණේ, සොරකමින් වැළකුණේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ, මුසාවාදයෙන් වැළකුණේ, කේලාම් කීමෙන් වැළකුණේ, රළු වචන කීමෙන් වෙන්වුණේ, හිස් වචන කීමෙන් වැළකුණේ, දැඩි ලෝභ නැත්තේ, ( අව්‍යාපාද සිත් ඇත්තේ ), බද්ධ වෛර නැත්තේ, හරි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේ නොවේද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නරක ගති ඇති, විනිපාත නම්වූ නිරයෙහි උපදින්නේය. ක්‍ෂත්‍රියයාත්, වෛශ්‍යයාත්, ශුද්‍රයාත්, නොඋපදින්නේදැයි´´ ´´´භවත් ගෞතමයන් වහන්ස, මෙය නොවන්නේද?´´ ( වන්නේමය. )

´´භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියයෙක් ප්‍රාණාතයෙන් වැළකුණේ, අදින්නාදානයෙන් වැළකුණේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ, මුසාවාදයෙන් වැළකුණේ, කේලාම් කීමෙන් වැළකුණේ, ඵරුෂ වචනයෙන් වෙන්වුණේ, හිස් වචන දෙඩීමෙන් වෙන්වුණේ, දැඩි ලෝභ නැත්තේ, ( ව්‍යාපාද සිත් ) බද්ධ වෛර නැත්තේ, හරි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය.

´´භවත් ගෞතමයන් වහන්ස, බමුණෙක්ද, ප්‍රාණාතයෙන් වැළකුණේ, සොරකම් කිරීමෙන් වැළකුණේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ, බොරුකීමෙන් වැළකුණේ, කේලාම් කීමෙන් වැළකුණේ, රළු වචන කීමෙන් වැළකුණේ, හිස් වචන කීමෙන් වැළකුණේ, දැඩි ලෝභ නැත්තේ, ව්‍යාපාද සිත් නැත්තේ, සම්‍යක් දෘෂ්ටි වූයේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය. භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍යයෙක්ද, සතුන් මැරීමෙන් වැළකුණේ, සොරකම් කිරීමෙන් වැළකුණේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ, බොරුකීමෙන් වැළකුණේ, කේලාම් කීමෙන් වැළකුණේ, රළු වචන කීමෙන් වැළකුණේ, හිස් වචන කීමෙන් වැළකුණේ, දැඩි ලෝභ නැත්තේ, අව්‍යාපාද සිත් ඇත්තේ, සම්‍යක් දෘෂ්ටි වූයේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය. භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍රයෙක්ද, සතුන් මැරීමෙන් වැළකුණේ, සොරකම් කිරීමෙන් වැළකුණේ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ, බොරුකීමෙන් වැළකුණේ, කේලාම් කීමෙන් වැළකුණේ, රළු වචන කීමෙන් වැළකුණේ, හිස් වචන කීමෙන් වැළකුණේ, දැඩි ලෝභ නැත්තේ, අව්‍යාපාද සිත් ඇත්තේ, සම්‍යක් දෘෂ්ටි වූයේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය.

´´සියලුම චාතුර්වර්‍ණයෝද, ප්‍රාණාතයෙන් වෙන්වූවාහු, අදින්නාදානයෙන් වෙන්වූවාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණාහු, මුසාවාදයෙන්, කේලාම් කීමෙන්, රළු වචනයෙන්, හිස් වචන කථා කිරීමෙන් වෙන්වූනාහු, දැඩි ලෝභ නැත්තේ, ( ව්‍යාපාද සිත් ) බද්ධවෛර සිත් නැත්තාහු, හරි දැකීම් ඇත්තාහු, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදින්නාහුය´´ යි.

10. ´´අස්සලායණය, ´´බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්‍ණයහ. අන්‍යයෝ හීනවර්‍ණයහ, බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු, බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ´ යන යමක් බමුණෝ මෙහිදී කීවාහුද? මෙකරුණෙහිලා බමුණන්ගේ කුමන බලයක්ද? කවර අස්වැසිල්ලක්ද? යම් හෙයකින් භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කී සේක්ද? එකල බමුණෝ මෙකරුණෙහිදී මෙපරිද්දෙන් සිතත්. ´බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්‍ණයහ. අන්‍යයෝ හීනවර්‍ණයහ, බමුණෝම සුදුපාට ඇත්තාහ, අන්‍යයෝ කළුපාට ඇත්තාහ. බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහුය, බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ´ යනුයි.

11. ´´අස්සලායණය, ඒ කිමකැයි හඟිනෙහිද? බමුණෙක්ව මේ ප්‍රදේශයෙහි වෛර නොකොට, ව්‍යාපාද නොකොට, මෙත් සිත් වැඩීමට සමත්‍ර්‍ථවේද? ක්‍ෂත්‍රියයෙක්ව, වෛශ්‍යයෙක්ව, ශුද්‍රයෙක්ව, සමත්‍ර්‍ථ නොවේද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, මෙය නොවන්නේද? වන්නේමය. භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියයාත් මේ ප්‍රදේශයෙහි අවෛරව, අව්‍යාපාදව, මෙත් සිත් වැඩීමට සමත්‍ර්‍ථවෙයි. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයාත් මේ ප්‍රදේශයෙහි අවෛරව, අව්‍යාපාදව, මෙත් සිත් වැඩීමට සමත්‍ර්‍ථවෙයි. භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍යයාත් මේ ප්‍රදේශයෙහි අවෛරව, අව්‍යාපාදව, මෙත් සිත් වැඩීමට සමත්‍ර්‍ථවෙයි. භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍රයාත් මේ ප්‍රදේශයෙහි අවෛරව, අව්‍යාපාදව, මෙත් සිත් වැඩීමට සමත්‍ර්‍ථවෙයි. භවත් ගෞතමයන් වහන්ස, සියලු චතුර්වර්‍ණයොම මේ ප්‍රදේශයෙහි අවෛරව, අව්‍යාපාදව, මෙත් සිත් වැඩීමට සමත්‍ර්‍ථවෙති.´´ ´´අස්සලායණය, ´´බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්‍ණයහ. අන්‍යයෝ හීනයහ, බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු, බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්මදායාදහයි

බමුණෝ මෙසේ කීහ. මෙකරුණෙහිදී බමුණන්ගේ කුමන බලයක්ද? කවර අස්වැසිල්ලක්ද? කවර හෙයින් භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කී සේක්ද?´´ එකල්හි ´බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්‍ණයහ. අන්‍යයෝ හීනයහ බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහුය, බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ´ යි බමුණෝ මෙය මෙසේ සිතත්.

12. ´´අස්සලායණය, ඔබ ඒ කුමකැයි හඟනෙහිද? බමුණෙක් වූයේම ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් බැඳුන කුණු තට්ටුව සෝදා හරින්ට සමත්‍ර්‍ථ වේද? ක්‍ෂත්‍රියයෙක්ව, වෛශ්‍යයෙක්ව, ශුද්‍රයෙක්ව සමත්‍ර්‍ථ නොවේද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, මෙය නොවන්නේද? වන්නේමය. භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියයාත් ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් බැඳුනු කුණු තට්ටුව සෝදා හරින්නට සමත්‍ර්‍ථ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ( භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයාත් ) ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් රජස් දැලි සෝදා හරින්ට සමත්‍ර්‍ථ වෙයි. ( භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍යයාත් ) ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් රජස් දැලි සෝදා හරින්ට සමත්‍ර්‍ථ වෙයි. භවත් ( ගෞතමයන් වහන්ස, ශුද්‍රයාත් ) ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් රජස් දැලි සෝදා හරින්ට සමත්‍ර්‍ථ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, සියලු චාතුර් වර්‍ණයෝම ඇඟ උලන ගල් හා කල්ක ගෙන ගඟට ගොස් බැඳුන කුණු තට්ටුව සෝදා හරින්ට සමත්‍ර්‍ථ වෙති.´´

13. ´´අස්සලායණය, ´බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්‍ණයහ. අන්‍යයෝ හීනයහ, බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු, බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්ම දායාදහයි බමුණෝ මෙසේ කීහ. මෙකරුණෙහිදී බමුණන්ගේ කුමන බලයක්ද? කවර අස්වැසිල්ලක්ද? කවර හෙයින් භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කී සේක්ද?´´ එකල්හි ´බමුණෝම ශ්‍රෙෂ්ඨ වර්‍ණයහ. අන්‍යයෝ හීනයහ බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහුය, බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ´ යි බමුණෝ මෙය මෙසේ සිතත්.

14.´´අස්සලායණය, ඒ කිමැයි හඟනෙහිද? මෙහි අභිෂෙක ලැබූ ක්‍ෂත්‍රිය රජෙක් නොයෙක් ජාති ඇති පුරිසයන් අතුරෙන් පුරිසයන් සියයක් රැස් කරන්නේය. පින්වත්හු එත්වා, ක්‍ෂත්‍රිය කුලයෙන්, බ්‍රාහ්මණ කුලයෙන්, ප්‍රදේශරාජ කුලයෙන්, උපන්නාවූ යමෙක් සල් රුකක හෝ, හොර රුකක හෝ, සඳුන් රුකක හෝ, පදුම රුකක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි නිපදවත්වා, තෙජස පතුරුවත්වා, නැවතද පින්වත්හු එත්වා. සැඩොල් කුලයෙන්, වැදි කුලයෙන්, වෙණ කුලයෙන්, රථකාර කුලයෙන්, පුක්කුස කුලයෙන්, උපන්නාවූ යමෙක් බල්ලන් බොන ඔරුවක හෝ, ඌරන් බොන ඔරුවක හෝ, රෙදි සෝදන ඔරුවක හෝ, එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි උපදවත්වා, තෙජස පතුරුවත්වා.

´´අස්සලාණය, යම් ඒ ගින්නක් වේද, ( තෙජසක් පතුරුවාද ) ඒ ගින්න ක්‍ෂත්‍රිය කුලයෙන්, බ්‍රාහ්මණ කුලයෙන්, ප්‍රදේශ රාජ කුලයෙන්, උපන්නහු විසින් සල් රුකක හෝ, සඳුන් රුකක හෝ, පදුම රුකක හෝ, උඩ ගාන දණ්ඩක් ගෙන ගිනි නිපදවන ලද්දේ, තෙජස පතුරුවන ලද්දේ, ඒ ගින්න ගිනිදැල් ඇත්තේද, වර්‍ණවත්ද, ප්‍රභාශ්වරද වන්නේද, ඒ කරනකොටගෙන ගින්නෙන් කළ හැකිවූ දෙය කරන්නට හැක්කේද, යම් ඒ ගින්න වනාහි සැඩොල් කුලයෙන්, වැදි කුලයෙන්, වෙණ කුලයෙන්, රථකාර කුලයෙන්, පුක්කුස කුලයෙන්, උපන්නහු විසික් බල්ලන් බොන ඔරුවක හෝ, ඌරන් බොන ඔරුවක හෝ, රෙදි සෝදන ඔරුවක හෝ, එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි නිපදවන ලද්දේ රශ්මිය පතුරුවන ලද්දේ එය ගිනි නොවන්නේද, වර්‍ණවත් නොවන්නේද, ප්‍රභාශ්වර නොවන්නේද, ඒ ගින්නෙන්ද ගින්නෙන් කළ හැකිදේ කරන්නට නොහැක්කේද?´´

15. ´´භවත් ගෞතමයන් වහන්ස. මෙය වන්නේද, වන්නේය. භවත් ගෞතමයන් වහන්සේ යම් ඒ ගින්නක් ක්‍ෂත්‍රිය කුලයෙන්, බමුණු කුලයෙන්, ප්‍රදේශ රාජ කුලයෙන්, උපන්නාහු විසින් සල් රුකක හෝ, හොර රුකක හෝ, සඳුන් රුකක හෝ, පදුම රුකක හෝ, උඩ ගාන දණ්ඩක් ගෙන ( ගිනි ) නිපදවන ලද්දේ, රශ්මිය පතුරුවන ලද්දේ, එය ගිනිදැල් ඇත්තේ වන්නේය, වර්‍ණවත් වන්නේය, ප්‍රභාශ්වරද වන්නේය, ඒ ගින්න කරනකොටගෙනද ගින්නෙන් කළ හැකි දේ කරන්නට හැක්කේය, යම් ඒ ගින්නක් සැඩොල් කුලයෙන්, වැදි කුලයෙන්, වෙණ කුලයෙන්, රථකාර කුලයෙන්, පුක්කුස කුලයෙන්, උපන්නවුන් විසික් බල්ලන් බොන ඔරුවක හෝ, ඌරන් බොන ඔරුවක හෝ, රෙදි සෝදන ඔරුවක හෝ, එරඬු ලීයක හෝ උඩගාන දණ්ඩක් ගෙන ගිනි නිපදවන ලද්දේ රශ්මිය පතුරුවන ලද්දේ , ඒ ගින්නද ගිනිදැල් ඇත්තේ වන්නේය. වර්‍ණවත් වන්නේය. ප්‍රභාශ්වර වන්නේය. ඒ ගින්න කරනකොටගෙන ගින්නෙන් කළ හැකි දේ කරන්නට හැක්කේය, භවත් ගෞතමයන් වහන්ස. සියලුම ගිනි ගිනිදැලින් යුක්තය, වර්‍ණවත්ය, ප්‍රභාශ්වරය, සියල්‍රම ගින්නෙන් කළහැකි වැඩ සියල්ලක් කරන්නට හැකිය.´´

16. ´´අස්සලායණය, ´බමුණෝ ශ්‍රෙෂ්ඨයහ, අන්‍යයෝ හීනයහ. බමුණෝ ( ශ්වේත ) පරිශුද්ධයහ, අන්‍යයෝ (කෘෂ්ණයහ ) අපරිශුද්ධයහ. බමුණෝම උතුම් වෙත්, අන්‍යයෝ එසේ නොවෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝව මුවින් උපන්නාහු බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්‍මමිතයහ, බ්‍රහ්මදායාදයහයි´ යමක් බමුණෝ මෙසේ කීවාහුද මෙකරුණෙහිදී බමුණන්ගේ කුමණ බලයක්ද, කවර අස්වැසිල්ලක්ද? කවර හෙයින් භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කී සේක්ද?´´ එකල්හි බමුණෝ මෙය සිතත්, ´බමුණෝ ශ්‍රේෂ්ඨයහ, අන්‍යයෝ හීනයහ, බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු, බ්‍රහ්මජය, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්ම නිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ´ කියයි.

17.´´අස්සලායණය, ඒ කුමකැයි හඟනෙහිද? මෙහි ක්‍ෂත්‍රිය කුමරෙක් බමුණු කන්‍යාවක් සමග වෙසෙන්නේය. ඔවුන් දෙදෙන සහවාසයට පැමිණ පුත්‍රයෙක් උපදින්නේය. ක්‍ෂත්‍රිය කුමාරයා නිසා බමුණු කන්‍යාවට යම් ඒ පුතෙක් උපන්නේ වේද, හෙතෙම මවටද සමානය, පියාටද සමානය, ක්‍ෂත්‍රියයායි කිය යුතුද, බ්‍රාහ්මණයායි කිය යුතුද?´´

´´භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රිය කුමරා නිසා බමුණු කන්‍යාවගේ ( කුස ) යම් ඒ පුතෙක් උපන්නේ වේද, හෙතෙම මවටද සමානය, පියාටද සමානය. ක්‍ෂත්‍රියයායිද කිය යුතුයි. බ්‍රාහ්මණයායිද කිය යුතුයි.´´

´´අස්සලායණය, ඒ කුමකැයි හඟිනෙහිද? මෙහි බ්‍රාහ්මණ කුමාරයෙක් ක්‍ෂත්‍රිය කන්‍යාවක් සමග වෙසෙන්නේය. ඔවුන් දෙදෙනාගේ සහවාසයට පැමිණීමෙන් පුත්‍රයෙක් උපදින්නේය. බමුණු කුමරුවා නිසා ක්‍ෂත්‍රිය කන්‍යාවට යම් ඒ පුත්‍රයෙක් උපන්නේ වේද, හෙතෙම මවටද සමානය, පියාටද සමානය, ක්‍ෂත්‍රියයයි කිය යුතුද, බ්‍රාහ්මණයයි කිය යුතුද?´´

´´භවත් ගෞතමයන් වහන්ස, බමුණු කුමරා නිසා ක්‍ෂත්‍රිය කන්‍යාවගේ ( කුස ) යම් ඒ පුත්‍රයෙක් උපන්නේ වේද, හෙතෙම මවටද සමානය, පියාටද සමානය. ක්‍ෂත්‍රියයයිද කිය යුතුයි. බ්‍රාහ්මණයයිද කිය යුතුයි.´´

18.´´අස්සලායණය, ඒ කුමකැයි හඟිනෙහිද? මෙහි වෙළඹක් කොටලුවෙකු සමග එක්වීමෙහි යොදවත්නම් ඔවුන් දෙදෙනාගේ එක්වීමෙන් පැටියෙක් උපදින්නේය. යම් ඒ පැටියා කොටලුවා නිසා වෙළඹට යම් ඒ පැටියෙක් උපන්නේ වේද, ඌ මවටද සමානය, පියාටද සමානය, අශ්වයයි කිය යුතුද, කොටලුවායයි කිය යුතුද?´´

´´භවත් ගෞතමයන් වහන්ස, වෙකු රඤ්ජ නම් ප්‍රදේශයෙහි මේ අතරශ්වයා වෙයි. භවත් ගෞතමයන් වහන්ස, අසුවල් තන්හි වනාහි ඔවුන් දෙදෙනාගේ කිසි වෙනස් ආකාරයක් නොදනිමි´´ යන මේ වෙනස් ආකාරය ඔහුගේ දකිමි.´´

19.´´අස්සලායණය, ඒ කුමැයි හඟනෙහිද? මෙහි සමාන උදර ඇති සහෝදර තරුණයෝ දෙදෙනෙක් වෙත්. එකෙක් මන්ත්‍ර හදාරන්නෙකු වෙත පමුණුවන ලද්දේය. අනෙකා මන්ත්‍ර හදාරන්නෙකු වෙත නොපමුණුවන ලද්දේය. මෙහිදී බමුණෝ මතක බතෙහිදී හෝ, ආරාධනා කොට දෙන අළුත් බතෙහි හෝ, යාග බතෙහි හෝ, ආගන්තුක බතෙහි හෝ, පළමුව කවරෙක් අනුභව කරන්නාහුද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ මානවකයෙක් වේද, මන්ත්‍ර හදාරන්නෙකු වෙත පමුණුවන ලද්දේද, මෙහිදී බමුණෝ මතක බතෙහිදී හෝ, අළුත් බතෙහිදී හෝ, යාග බතෙහි හෝ, ආගන්තුක බතෙහි හෝ පළමුව ඔහුම අනුභව කරවන්නාහුය. කිමෙක්ද? භවත් ගෞතමයන් වහන්ස, මන්ත්‍ර හදාරන්නෙකු වෙත නොපැමිණියහුට දෙනලද්ද මහත්ඵල වන්නේද?´´

20.´´අස්සලායණය, ඒ කුමකැයි හඟිනෙහිද? මෙහි සම උදර ඇති සහෝදර තරුණයෝ දෙදෙනෙක් වෙත්. එකෙක් වේද මන්ත්‍ර හදාරන්නන් වෙත පමුණුවන ලද්දේ දුස්සීලය. ලාමක ධර්‍ම ඇත්තේය. එකෙක් වේද මන්ත්‍ර හදාරන්නෝ වෙත නොපමුණුවන ලද්දේ සිල්වත්ය. යහපත් ගුණ දහම් ඇත්තේය. මෙහිදී බමුණෝ මතක බතෙහි හෝ, අළුත් බතෙහි හෝ, යාග බතෙහි හෝ, ආගන්තුක බතෙහි හෝ, කවරෙක් පළමුව අනුභව කරවන්නහුද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ මානවකයෙක් මන්ත්‍රහදාරන්නන් වෙත නොපැමිණියේ, සිල්වත්ද, යහපත් ධර්‍ම ඇත්තේද, බමුණෝ මෙහිදී ඔහුම මතක බතෙහි හෝ අලුත් බතෙහි හෝ, යාග බතෙහි හෝ, ආගන්තුක බතෙහි හෝ පළමුව අනුභව කරවන්නාහුය. කිමෙක්ද? භවත් ගෞතමයන් වහන්ස, දුස්සීලයන් කෙරෙහි, පාප ධර්‍ම ඇත්තවුන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වන්නේද?

21.´´අස්සලායණය, නුඹ වනාහි පෙර ජාතියට ගියේය. ජාතිවාදයට ගොස් මන්ත්‍රයනට ගියේය. මන්ත්‍රයනට ගොස් මම යම් චාතුර් වර්‍ණ ශුද්ධියක් පනවම්ද, නුඹ ඒ අනුව ( විරුද්ධව ) ආවෙහිය.´´

මෙසේ කී කල අස්සලායණ තරුණයා නිශ්ශබ්දවූයේ, ලජ්ජාවූයේ, නමාගත් කඳ ඇත්තේ, යටිකුරුකරගත් මුහුණු ඇත්තේ, සුසුම් ලමින් සිහි මුලාව හුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ, ලජ්ජාවූ, නමාගත් කඳ ඇත්තාවූ, බිම බලාගත් මුහුණ ඇත්තාවූ, සුසුම් ලන්නාවූ, සිහි මුලාවූ අස්සලායණ තරුණයා දැන ඔහුට මෙසේ වදාළ සේක.

22.´´අස්සලායණය, පෙර වූ දෙයක් ( කියමි.) අරණ්‍යයෙහි පර්‍ණකුටීන්හි වාසය කළාවූ බමුණු ඉසිවරුන් සත්දෙනෙකුට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වේ. ´බමුණෝම උසස්ය. අන්‍යයෝ හීනයහ. බමුණෝම සුදු පාට ඇත්තාහ. අන්‍යයෝ කළු පාට ඇත්තාහ. බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු, බ්‍රහ්මජය, මහබඹා මැවූහෙයින් බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ´ යි. අස්සලායණය, අරණ්‍යයෙහි පර්‍ණකුටීන්හි වසන සත් ඉසිවරුන්ට ´බමුණෝම ශ්‍රේෂ්ඨයහ. අන්‍යයෝ හීනයහ. බමුණෝම සුදු පාට ඇත්තාහ. අන්‍යයෝ කළු පාට ඇත්තාහ. බමුණෝම පිරිසිදු වෙත්. අන්‍යයෝ අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු, බ්‍රහ්මජය, මහබඹා මැවූහෙයින් බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්ම දායාදයහ´ යන මෙබඳුවූ ලාමක දෘෂ්ඨියක් උපන්නේයයි අසිත දේවල ඎෂි තෙම ඇසීය.´´

´´අස්සලායණය, ඉන්පසු අසිතදේවල ඎෂි තෙමේ කෙස් රැවුල් කපා මදටිය පාට ඇති වස්ත්‍ර ඇඳ පොරවා පොටවල් බොහේ ඇති වහන් පයලා, රන්මුවා දණ්ඩක් ගෙන, සත් බමුණු ඉසිවරුන්ගේ පන්සල් මිදුලෙහි පහල විය. එකල අස්සලායණය, අසිත දේවල ඎෂියා සත් බමුණු ඉසිවරුන්ගේ පන්සල් මිදුලෙහි සක්මන් කරමින් මෙසේ කීය. ´මේ භවත් බමුණු ඎෂීහු කොහි ගියාහුද? මේ භවත් බමුණු ඎෂීහු කොහි ගියාහුද? ´´

23.´´අස්සලායණය, එකල්හි සත්බමුණු ඎෂීන්ට මෙබඳු සිතක් විය. ´කුමක් හෙයින් මොහු ගම් දරුවෙකු මෙන් සත්බමුණු ඉසිවරුන්ගේ පන්සල් මිදුලෙහි සක්මන් කරමින් මෙසේ කියයිද? ´මේ භවත් බමුණු ඎෂීහු කොහි ගියාහුද, මේ භවත් බමුණු ඎෂීහු කොහි ගියාහුදැයි? එබැවින් ඔහුට සාප කරමු.´ අස්සලායණය, එකල්හි සත්බමුණු ඎෂීහු අසිතදේවල ඎෂියාට සාප කළහ. ´වසළය, අලු වෙවයි´ අස්සලායණය, යම් යම් ආකාරයකින් සත්බමුණු ඎෂීහු අසිතදේවල ඎෂියාට සාප කළාහුද? ඒ ඒ අයුරින්ම අසිතදේවල ඎෂියා විශිෂ්ඨ රූප ඇත්තේ වෙයි, දැකීමට ප්‍රිය වෙයි. ප්‍රසාදයද උපදවයි.

24. ´´අස්සලායණය, එතල සත්බමුණු ඎෂීන්ට මෙබඳුසිතෙක් විය. ´ඒකාන්තයෙන් අපගේ තපස හිස්ය. බ්‍රහ්මචය්‍ර්‍යය නිශ්ඵලය. පෙර අපි යමෙකුට ´වසළය අලුවෙව´ යි ශාප කෙළෙම්ද? ඇතැම් කෙනෙක් හලුම වෙයි. මොහුට වනාහි අපි යම් යම් පරිද්දෙකින් ශාප කෙළෙමුද, ඒ ඒ පරිද්දෙන්ම විශිෂ්ඨ රූප ඇත්තේ වෙයි. දැකීමට ප්‍රිය වෙයි. ප්‍රසාදය උපදවයි.

´භවතුන්ගේ තපස හිස් නොවේ. බ්‍රහ්මචය්‍ර්‍යාය නිෂ්ඵල නොවේ. එබැවින් පින්වත්හු යමෙක් මා කෙරෙහි දූෂ්‍යවූ සිතැත්තේ වේද, එය දුරු කරව්. දූෂ්‍යවූ සිත් ඇති යමක් වේද, එය දුරු කරවු.´ ´පින්වත් තෙමේ කවරෙක් වෙහිද? අපි විසින් පින්වතා අසිත දේවල ඎෂියායයි අසනලදී.´ ´පින්වත, එසේය. පින්වත, ඒ මම වෙමියි´ අස්සලායණය, එකල්හි සප්ත බ්‍රාහ්මණ ඎෂීහු අසිතදේවල ඎෂියාට වඳින්නට පැමිණියහ.

25. ´´එකල අස්සලායණය, අසිතදේවල ඎෂි තෙමේ සත්බමුණු ඎෂිවරුන්ට මෙසේ කීයේය. ´පින්වත මෙය අසන ලදී. අරණ්‍යයෙහි පර්‍ණකුටීන්හි වසන්නාවූ සත්බමුණු ඎෂීන්ට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේයයි ´බමුණෝම උතුම්හ, අන්‍යයෝ හීනයහ. බමුණෝම සුදු පාට ඇත්තාහ, අන්‍යයෝම කළුපාට ඇත්තාහ. බමුණෝම පිරිසිදුවෙති, අන්‍යයෝ අපිරිසිදුවෙති. බමුණෝම බඹුගේ ඖරස පුත්‍රයෝව මුවින් උපන් බැවින් බ්‍රහ්මජයහ, බ්‍රහ්මයා විසින් මවන ලදහ, බ්‍රහ්මදායාදයහයි. එසේය පින්වත, පින්වත්හු වනාහි යම් මවක් බමුණෙකු වෙතම ගියේද, බමුණු නොවූවෙකු වෙතම ගියේදැ? යි දනිත්ද? පින්වත, මෙය නොදනිත්. පින්වත්හු වනාහි යම් මවකගේ මවුගේ පටන් සත්වැනි මී ආතාගේ පරපුර දක්වා බමුණෙකු කරාම ගියේද, බමුණු නොවූවෙකු කරා ගියේදැයි දනිත්ද? පින්වත, මෙය නොදනිත්. පින්වත්හු වනාහි යම් පියෙක් බැමිණියෙකු වෙතම ගියේද, නොබැමිණියෙකු වෙත ගියේදැයි දනිත්ද? පින්වත, මෙය නොදනිත්. පින්වත්හු වනාහි යම් පියෙකුගේ පියාගේ පටන් සත්වැනි මී මුත්තාගේ පරපුර දක්වා බැමිණියෙකු වෙතම ගියේද, නොබැමිණියෙකු වෙත ගියේදැයි දනිත්ද? පින්වත මෙය නොදනිත්. පින්වත්හු යම්සේ කුසෙහි පිළිසිඳ ගැනීම වේයයි දනිත්ද, පින්වත, යම්සේ කුසෙහි පිළිසිඳගැනීම වේද, ( එය ) අපි දනිමු.

´´මෙහි මව්පියෝද එක්වූවාහු වෙති. මවද ඎතුවූවා වෙයි. සත්‍වයෙක්ද එළඹියේ වෙයි. මෙසේ ( මේ ) තිදෙනාගේ එක්වීමෙන් කුසෙහි පිළිසිඳගැනීම වෙයි. පින්වත්හු වනාහි ඒ සත්‍වයා ක්‍ෂත්‍රියාය කියා හෝ, බමුණාය කියා හෝ, වෛශ්‍යයාය කියා හෝ ශුද්‍රයාය කියා හෝ දනිත්ද?´´ ´´පින්වත, ඒ සත්‍වයා ක්‍ෂත්‍රියාය කියා හෝ, බමුණාය කියා හෝ, වෛශ්‍යයාය කියා හෝ ශුද්‍රයාය කියා හෝ අපි නොදනිමු.´´ ´´පින්වත් මෙසේ ඇති කල්හි ( තෙපි ) කවුදැයි තොපි දනිව්ද?´´ ´´පින්වත මෙසේ ඇති කල්හි ( අප ) කවුදැයි අපි නොදනිමු.´´

26. ´´අස්සලායණය, ඒ සත්බමුණු ඎෂීහු අසිත දේවල ඎෂියා විසින් ස්වකීය ජාතිවාදයෙහි යොදවනු ලබන්නාහු, කියනු ලබන්නාහු, දැඩිව ගන්වනු ලබන්නාහු, නොගැලපෙත්, නුඹ කිමෙක්ද? දැන් මා විසින් ස්වකීය ජාතිවාදයෙහි යොදවනු ලබන්නාහු, කියනු ලබන්නාහු, දැඩිව ගන්වනු ලබන්නාහු ගැලපෙන්නෙහිද? නුඹ යම් කෙනෙකුන්ට ආචාය්‍ර්‍යන් සහිතවූ පුණ්ණදබ්බිගාහ යාමෙන් නොගැලපෙන්නෙහිය.´´

27. මෙසේ කීකල අස්සලායණ තරුණයා භාග්‍යවතුන් වහන්සේ ට මෙසේ කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්ද උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්‍ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්‍මය දේශනා කරන ලද්දේය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, සංයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමියෙන් සරණගිය උපාසකයෙකු කොට සලකන සේක්වා.´´

තෙවෙනිවූ අස්සලායණ සූත්‍රය නිමි. ( 5 – 3 )

92. සේල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ එක් දහස් දෙසිය පනහක් පමණ මහත් භික්‍ෂු සංයා සමග අඞ්ගුත්තර ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙනසේක් ආපණ නම්වූ අඞ්ගුත්තර නියම් ගම යම් තැනකද, එහි කල් යැවූ සේක. කේණිය ජටිල තෙමේ ´ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව එක් දහස් දෙසිය පනහක් පමණ මහත් භික්‍ෂු සංයා සමග අඞ්ගුත්තර ජනපදයෙහි චාරිකා කරනසේක් ආපණ නම් නියම් ගමට පැමිණි සේකැ´ යි ඇසීය. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ යහපත්වූ කීර්ති ශබ්දයක් පැන නැංගේය. ´´ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණිනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්Ȁdධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, නිරුත්තරවූ පුරිෂ දම්මසාරථීහ, දෙවි මිනිසුන්ට ශාස්තෘහ, බුද්Ȁdධයහ, භාග්‍යවත්හ යනුයි. උන්වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, මිනිසුන් සහිතවූ, සත්‍ව වර්‍ගයා ඇතුළු මේ ලෝකය තමන් වහන්සේම මනාව දැන අවබෝධ කොට ප්‍රකාශ කරණසේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, (ව්‍යඤ්ජන සහිතවූ ) දස වැදෑරුම් අක්‍ෂර සම්පත්තියෙන් යුක්තවූ, සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ, ධර්‍මය දේශනා කරණ සේක. පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචය්‍ර්‍ය ප්‍රකාශ කරණසේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේ නම් ඒ යහපත්මැයි´´ කියායි.

2. ඉක්බිති කේණිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූත්, සිහිකටයුතුවූත් කථාකොට නිමවා පැත්තක හුන්නේය.

එක් පැත්තක උන්නාවූ කේණිය ජටිලයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කුසල් දහම් විස්තර කළසේක. කුසල් දහම්හි සමාදන් කරවූසේක. නැවත නැවත උත්සාහවත් කරවූ සේක. සතුටු කරවූ සේක. ඉක්බිති කේණිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍ම කථාවෙන් කුසල් දහම් විස්තර කරණ ලද්දේ, කුසල් ධර්‍මයන්හි සමාදන් කරවන ලද්දේ, නැවත නැවත උත්සාහවත් කරවන ලද්දේ, සතුටු කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය, ´´භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංයා සමග හෙට මාගේ දානය ( ඉවසා වදාරණ ) පිළිගන්නා සේක්වා´´. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාට මෙසේ කීහ. ´´කේණියය, භික්‍ෂු සංයා මහත්ය. භික්‍ෂූහු එක් දහස් දෙසිය පණහක් වෙත්. නුඹ වනාහි බමුණන් කෙරෙහි ( අතිශයින් ප්‍රසන්නය. ) බොහෝ පැහැදුනේය.´´ කේණිය ජටිලයා දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂු සංයා කොපමණ වෙත්ද?´´ ´´භික්‍ෂූහු එක් දහස් දෙසිය පණහක් වෙති.´´ ´´මමත් බමුණන් කෙරෙහි බොහෝ පැහැදුනේ වෙමි. භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංයා සමග හෙට මාගේ දානය පිළිගන්නා ( ඉවසා වදාරණ ) සේක්වා.´´ දෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාට මෙසේ වදාළහ. ´´කේණියය, භික්‍ෂු සංයා මහත්ය.

´´ භික්‍ෂූහු එක් දහස් දෙසිය පණහක් වෙති. නුඹ වනාහි බමුණන් කෙරෙහි ( අතිශයින් ප්‍රසන්නය. ) බොහෝ පැහැදුනේය.´´ තෙවනුවත් කේණිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂු සංයා කොපමණ වෙත්ද?´´ ´´භික්‍ෂූහු එක් දහස් දෙසිය පණහක් වෙති.´´ ´´මම වනාහි බමුණන් කෙරෙහි බොහෝ පැහැදුනේ වෙමි. භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංයා සමග හෙට මාගේ දානය පිළිගන්නා (ඉවසා වදාරණ) පිළිගන්නා සේක්වා.´´ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසා වදාළසේක.

3. ඉක්බිති කේණිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාළ බව දැන හුනස්නෙන් නැගිට තමාගේ අසපුව යම් තැනෙකද, එතැනට එළඹියේය. එළඹ ( මිත්‍රාමාත්‍යයන්ද ) මිතුරු ඇමතියන්ටද සහළේ නෑයන්ටද, කථා කළේය.

´´පින්වත් ( මිත්‍රාමාත්‍යයයෝ ) මිත්‍ර ඇමතියෝ සහළේ නෑයෝ මා කියන්නක් අසත්වා. මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංයා සමග සෙට දවස බත් පිණිස ආරාධනා කරන ලද්දේය. යම්කිසිවකින් මට කාය වතාවතක් කරන්නහුද?´´ ´´එසේය ස්වාමීනි´´ යි කේණිය ජටිලයාගේ ( මිත්‍රාමාත්‍යයෝ ) මිත්‍ර අමාත්‍යයෝ සහළේ නෑයෝ කේණිය ජටිලයාට පිළිතුරු දී සමහරු උදුන් සාරත්. සමහරු දර පලත්. සමහරු භාජන සෝදති. සමහරු දියමැණික් පිහිටුවත්. සමහරු අසුන් පනවත්. කේණිය ජටිලයා වනාහි තෙමේම මණ්ඩල මාලය ( වස්තු මණ්ඩපය ) පිළියෙළ කරයි.

4. එසමයෙහි වනාහි නාමනිණ්ඩු -ක්‍රියා කල්ප විකල්ප- ශික්‍ෂා නිරුක්ති යන ප්‍රභේදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති, වේදත්‍රයයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ හදාරන්නාවූ, විතණ්ඩ ශාස්ත්‍රයේත්, මහා පුරුෂ ලක්‍ෂණ ශාස්ත්‍රයේත්, අති දක්‍ෂවූ සේල බ්‍රාහ්මණ තෙමේ ආපණ ගමේ වාසය කරයි. තුන් සියයක් මානවකයන්ට මන්ත්‍ර හදාරවයි. එසමයෙහි වනාහි කේණිය ජටිලයා සේල බමුණු කෙරෙහි අතිශයින් ප්‍රසන්නවූයේ වෙයි. එකල්හි සේල බමුණා තුන් සියයක් මානවකයන් පිරිවරණ ලදුව පා ගමනින් සක්මන් කරනුයේ, හැසිරෙනුයේ කේණිය ජටිලයාගේ ආශ්‍රමය යම් තැනෙකද, එතැනට එළඹියේය. යම්කිසි කාරණයක් නිසා කේණිය ජටිලයාගේ සමහර ජටිලයන් උදුන් හාරනුද, සමහර ජටිලයන් දර පලනුද, සමහර ජටිලයන් බඳුන් සෝදනුද, සමහර ජටිලයන් උදකමනි පිහිටුවනුද, සමහර ජටිලයන් අසුන් පනවනුද, තමාම මණ්ඩමාලය පිළියෙළ කරන්නාවූ කේණිය ජටිලයාද, සේල බමුණා දුටුවේය. දැක කේණිය ජටිලයාට මෙසේ කීය. ´´කිමෙක්ද? පින්වත් කේණියට ආවාහයක් හෝ වන්නේද, විවාහයක් හෝ වන්නේද, මහා යාගයක් පිළිලෙ කරන ලද්දේද, බල සේනාවන් සමග සේනිය බිම්බිසාර රජ සෙට දවස බත් පිණිස පවරණ ලද්දේද?´´ ´´භවත් සේලය, මට ආවාහයක් හෝ නොවන්නේය, විවාහයකුදු නොවන්නේය. බල සේනාවන් සමග සෙට දවස බත් පිණිස මාගධ සේනිය බිම්බිසාර රජද නොපවරණ ලද්දේය. යලිදු මහායාගයක් ( දානයක් ) පිළියෙල කරන ලද්දේය. ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව අඞ්ගුත්තර ජනපදයෙහි චාරිකා කරණ සේක් එක් දහස් දෙසිය පනහක් භික්‍ෂු සංයා සමග ආපණ ගමට පැමිණි සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙසේ යහපත්වූ කීර්ති ශබ්දයක් පැන නැංගේය. මෙකරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, නිරුත්තරවූ පුරුෂදම්මසාරථීහ, දෙවි මිනිසුන්ට අනුශාසකයහ, බුද්ධයහ, භාග්‍යවත්හ. උන්වහන්සේට භික්‍ෂු සංයා සමග සෙට දානය සඳහා මා විසින් ආරාධනා කරන ලද.ී´´ ´´භවත් කේණිය, බුද්ධයයි කීවෙහිද?´´ ´´භවත් සේලය, බුද්ධයයි කියමි.´´ ´´භවත් කේණිය, බුද්ධයයි කීයෙහිද?´´ ´´භවත් සේලය, බුද්ධයයි කියමි.´´ ´´භවත් කේණිය, බුද්ධයයි කීවෙහිද?´´ ´´භවත් සේලය, බුද්ධයයි කියමි.´´

5. ඉක්බිති සේල බමුණාට මෙබඳු සිතක්විය. ´ලොකයෙහි යම් මේ බුද්ධ යන ශබ්දයද දුර්ලභය. අපගේ මන්ත්‍රයන්හි දෙතිස් මහා පුරිස් ලකුණු ආවේමය. ඒ ලක්‍ෂණයන්ගෙන් යුක්තවූ මහාපුරුෂයාහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත. ඉදින් හෙතෙම ගිහිගෙයි වසයි නම් ධාර්මිකවූ, ධර්‍මරාජන්වූ, චාතුර්දීපයට අධිපතිවූ, දිනන සුලුවූ, ජනපදයන්හි ස්ථිතිප්‍රාන්තවූ, සත්රුවනින් සමන්විතවූ සක්විති රජවෙයි. මොවුහු ඔවුන්ගේ සත්රුවන්හු වෙත්. කවරහුයත්? චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වැනිවූ පරිනායක රත්නයද යන ( මොවුහුයි. ) ශූරවූ, දිව්‍ය පුත්‍රයන්ට සමාන ශරීර ඇත්තාවූ, පරසතුරු සේනාවන් මඩින්නාවූ, දහසකටත් අධිකවූ පුත්‍රයෝ ඒ සක්විතිරජුට වෙත්. හෙතෙම සයුර කෙළවර කොට ඇති මේ පොළොව දඬුවම් කිරීම් නැතිව, යුද්ධ කිරීම් නැතිව, ධර්‍මයෙන් දිනා අධිපතිව වෙසෙයි. ඉදින් හෙතෙම ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිදිවෙයිනම් ලෝකයෙහි දුරුකළ රාගාදිය ඇත්තාවූ, අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධ වෙයි. පින්වත් කේණිය, දැන් ඒ අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ භවත් ගෞතමයන් වහන්සේ කොතැන්හි වාසය කෙරෙත්ද?´´ මෙසේ කී කල්හි කේණිය ජටිලයා දකුණු අත ගෙන සේල බමුණාට මෙසේ කීය. ´´භවත් සේලය, මේ නිල්වන් රොද යම් තැනෙක්හිද, එතැන්හිය.´´ එකල්හි සේල බමුණා තුන් සියයක් මානවකයන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට එළඹියේය. ඉක්බිති සේල බමුණා ඒ මානවකයන් ඇමතීය. ´´භවත්හු පයින් පය තබන්නාහු නිශ්ශබ්දව එත්වා. ලංවීමට පහසුනොවූ ඒ භාග්‍යවතුන් වහන්සේලා තනිව හැසිරෙන සිංහයන් වෙති. යම් කලෙක මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමග කථා කරන්නේනම් පින්වත්හු මාගේ කථාව අතරින් කථාව නොහෙලත්වා. භවත්හු මාගේ කථාවේ කෙළවර බලාපොරොත්තු වෙත්වා.´´

6. ඉක්බිති, සේල බමුණා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිනටයුතුවූ.ත්, කථාව කොට නිමවා එකත් පසෙක උන්නේය. එකත් පසෙක උන්නාවූ සේල බ්‍රාහ්මණයා, භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහා ( පුරුෂ ලක්‍ෂණ ) සෙවීය. සේල බ්‍රාහ්මණ තෙමේ පුරුෂ ලකුණු දෙකක් හැර භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි සියලු දෙතිස් මහා ( පුරුෂ ලක්‍ෂණ ) දුටුවේය. කොපුවකින් වැසුනු ලිංගය ඇති බව ( කොසොහිත වත්‍ථගුයහතා ) හා පළල් දිවක් ඇති බව ( පහුත ජිවහතා ) යන ලක්‍ෂණ දෙකෙහි සැක කරයි. තීරණයකට නොබසී. ( ඔහුගේ සිත ) නොපහදී. එකල භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළවිය. ´මේ සේල බ්‍රාහ්මණයා කොපුවකින් වැසුනු ලිංගය ඇති බව (කොසොහිත වත්‍ථගුයහතාව ) හා පළල් දිවක් ඇති බව ( පහුත ජිවහතා ) යන ලක්‍ෂණ ද්වය හැර සෙසු මහා ( පුරුෂ ලක්‍ෂණ ) දැක ඒ දෙක්හි සැක කරයි. තීරණයකට නොබසී. නොපහදී.´´ එවිට භාග්‍යවතුන් වහන්සේ යම්සේ කොපුවකින් වැසුනු ලිංගය (කොසොහිත වත්‍ථගුයනය ) දකීද, එබඳු ඎද්ධි විශෙෂයක් කළ සේක. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ දිව බැහැර කොට දෙකන් සිදුරු ස්පර්‍ශකළසේක. නැවත නැවත ස්පර්‍ශකළ සේක. දෙනාසා සිදුරු ස්පර්‍ශකළසේක. නැවත නැවත ස්පර්‍ශකළ සේක. නලල් තලය සම්පූර්‍ණයෙන් දිවෙන් වැසූ සේක. එකල සේල බ්‍රාහ්මණයාට මෙබඳු සිතක් විය. ´ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පරිපූර්‍ණ දෙතිස් මහ පුරිස් ලකුණින් යුක්තයහ. අසම්පූර්‍ණයෙන් නොවේ. ඔහු බුදුවූයෙක්ද නොවූයෙක්දැයි මම නොදනිමි. මෙය කියනු ලබන්නාවූ වෘද්ධවූ මහලුවූ ආචාය්‍ර්‍ය ප්‍රාචාය්‍ර්‍ය බ්‍රාහ්මණයන්ගෙන් අසන ලදී. යම් ඒ අර්හත්වූ සම්මා සම්බුදුවරයෝ වෙත්ද, ඔවුහු ස්වකීය වූ ගූණ කියනු ලබන කල්හි තමන්ගේ ( ඥාණ ) ප්‍රකාශ කරත්. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඉදිරියෙහි සුදුසුවූ ගාථාවලින් ස්තූති කරන්නේ නම් යෙහෙකි.´´ ඉක්බිති සේල බමුණා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සුදුසු ගාථාවලින් ස්තූති කළේය.

´´1. ඉතා රුචිවූ ( ලක්‍ෂණයන්ගෙන් ) පිරුණු කයක් ඇත්තාවූ, ( ශරීරය ඇති ) මනාව ඉපදුනාවූ, දැකුමට ප්‍රියවූ, වීය්‍ර්‍ය ඇත්තාවූ, භාග්‍යවතුන් වහන්සේ රන්වන් වූ සේක. සුදුවූ දත් ඇති සේක.

´´2. මනාව ඉපදුනාවූ, මනුෂ්‍යයෙකුට පිහිටිය විය යුතු යම් පුරුෂ ලක්‍ෂණයෝ වෙත්ද, ඒ සියලු ලක්‍ෂණයෝ නුඹ වහන්සේගේ ශරීරයෙහිදී මහා පුරුෂ ලක්‍ෂණයෝ වෙත්.

´´3. ප්‍රසන්නවූ නේත්‍ර ඇති, උසට ගැලපෙන මහතින් ( ආරෝහ පරිනාහ සම්පත්තියෙන් ) යුක්තවූ, බ්‍රහ්ම කයකට බඳු ඎජුවූ, බබලන ප්‍රතාපවත් ශරීරයක් ඇති නුඹ වහන්සේ ශ්‍රමණ සංයා මැද සූය්‍ර්‍යයා මෙන් බබලන සේක.

´´4. යහපත් දැකුම් ඇති, රන්වන් සිවියක් ඇති, උතුම්වූවර්‍ණයෙන් සම්පූර්‍ණවූ, ශ්‍රමණයන් වහන්ස, නුඹ වහන්සේට මේ ශ්‍රමණ භාවයෙන් කවර ප්‍රයෝජනද?

´´5. උතුම්වූ රථ ඇති, සිව් දිගට අධිපතිවූ, රටවල් දිනන සුලුවූ, දඹදිවට ඊශ්වරවූ, සක්විති රජ වීමට සුදුසු වූයේය.

´´6. නුඹවහන්සේ ක්‍ෂත්‍රිය වංශිකයන්ගේ රාජ්‍යයෙහි යෙදුනාහු වෙත්වා. ගෞතමයන් වහන්ස, රජුනට පූජ්‍යවූ සක්විති රජෙක්ව, මිනිසුන්ට අධිපතිව රාජ්‍යය කැනු මැනව.´´

7. ( භාග්‍යවතුන් වහන්සේ ) ´´සෙලය, මම ධර්‍මරාජන්වූ, නිරුත්තරවූ රජ වෙමි. අණ මැඩ පැවැත්විය නොහැකිවූ ධර්‍ම ( ආඥා ) චක්‍රය පවත්වමි.´´

8. ( සේල බ්‍රාහ්මණ තෙම ) ´´ගෞතමයන් වහන්ස, ධර්‍මරාජන්වූ, නිරුත්තරවූ සම්‍යක් සම්බුද්ධ තෙමේ දැනගත්තෙහිය. ධර්‍මයෙන් ( ආඥා ) චක්‍රය පවත්වමියි වදාළෙහිය.

´´9. පින්වතුන් වහන්සෙගේ ශ්‍රාවකවූ අවවාදය අනුව හික්මුනාවූ සෙනෙවියා කවරෙක්ද? නුඹ වහන්සේ විසින් පවත්වන ලද මේ ධර්‍මචක්‍රය කවරෙක් අනුව පවත්වයිද?´´

10. ( භාග්‍යවතුන් වහන්සේ ) ´´සේලය, මා විසින් පවත්වන ලද නිරුත්තරවූ ධර්‍මචක්‍රය තථාගතයනට අනුව උපන්නාවූ ( අනුජාතවූ ) සැරියුත් තෙමේ අනුව පවත්වයි.

´´11. දතයුතු සියල්ල දැන ගන්නා ලදී. වැඩිය යුතු සියල්ල වඩන ලදී. මා විසින් අත්හැරිය යුත්ත අත්හරින ලදී. බමුණ, එහෙයින් මම බුද්ධ වෙමි.´´

´´12. බ්‍රාහ්මණය, මා කෙරෙහි සැක දුරුකරව. ශ්‍රද්ධාවෙහි ස්ථිරව පිහිටුව. ( ශ්‍රද්ධාවෙන් බැස ගනුව. ) නිතර සම්බුදුවරයන්ගේ දැක්ම දුර්ලභ වෙයි.

´´13. ඒකාන්තයෙන් ලෝකයෙහි යම් කෙනෙකුන්ගේ නිරතුරු පහලවීම දුර්ලභ වේද? බ්‍රාහ්මණය, ඒ මම රාගාදී උල් ඉදුරූ නිරුත්තරවූ සම්‍යක් සම්බුද්ධ වෙමි.

´´14. කාමාදී මර සෙනග විසින් නොමැඩිය හැකිවූ, අසමවූ, ශ්‍රේෂ්ඨවූ, නිර්භයවූ මම සියලු ස්කන්‍ධ මාරාදී පස්මරුන් වසඟකොට සතුටු වෙමි.

´´15. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දේශනා කරණ සේක්ද, මෙය අසව්. රාගාදී කෙලෙස් උල් උදුරා දැමූ මහා වීරයන් වහන්සේ වනයෙහි සිංහයෙකු මෙන් නාදකරන සේක.´´

16. ( සේල බ්‍රාහ්මණ කෙම ) ´´කාමාදී මර සෙනඟ විසින් නොමැඩිය හැකිවූ, අසමවූ, ශ්‍රේෂ්ඨවූ, බුදු පියානන් වහන්සේ දැක පහත් ජාති ඇත්තාවූද, කවරෙක් නොපැහැදෙන්නේද?

´´17. යමෙක් මා අනුව යාමට කැමතිනම් ඒවා, යමෙක් අකැමැති නම් යේවා. මම මෙහි බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙමි.

´´18. ඉද්න් පින්වතුන් වහන්සේට මේ සම්මා සම්බුද්ධ ශාසනය රුචි කෙරේද? අපිත් බුදුරජාණන් වහන්සේ ලඟ පැවිදි වන්නෙමු.

19. මේ කෙසියක් බමුණෝ ඇඳිලි බැඳගත්තාහු යාඥා කරත්. ( ඉල්ලත්. ) ´භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ ළඟ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නෙමු.´

7. ( භාග්‍යවතුන් වහන්සේ ) ´´සේලය, තමා විසින්ම දතයුතුවූ, මාර්‍ගය අනතුරුව විපාක දෙන හෙයින් අකාලිකවූ, බ්‍රහ්මචය්‍ර්‍යාව මනාකොට දේශනා කරන ලදී. යම් ශාසනයෙක්හි අප්‍රමාදව හික්මෙන්නහුට පැවිදිබව නොසිස්ය යනුයි. පිරිවර සහිතවූ, සේල බමුණා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය. ඉක්බිති කේණිය ජටිලයා ඒ රැය ඉක්මුණු පසු සිය ආශ්‍රමයෙහි ප්‍රණීතවූ, ඛාදනීයවූ, භෝජනීයවූ සියල්ල පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වීය. ´´භවත් ගෞතමයන් වහන්ස, සුදුසු කාලයයි. දානය පිළියෙලකොට නිමවන ලදී.

8. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු ගෙන කේණිය ජටිලයාගේ ආශ්‍රමය යම් තෙනැකද, එතැනට පැමිණියේය. පැමිණ, පැනවූ අස්නෙහි භික්‍ෂු සංයා සමග වැඩඋූන් සේක. අනතුරුව කේණිය ජටිලයා බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංයා ප්‍රණීතවූ, කෑ යුතුවූ, අනුභවකළ යුතුවූ ආහාර පාන වර්‍ග වලින් සියතින් සැතපවීය. පැවරීය. ඉත්බිති කේණිය ජටිලයා වැළඳුවාවූ, පාත්‍රයෙන් බැහැර කරන ලද අත ඇත්තාවූ, භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ එක්තරා මිටි අස්නක් ගෙන, එත් පැත්තක හුන්නේය. එක් පැත්තෙක උන්නාවූ කේණිය ජටිලයාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවලින් අනුමෝදනාව කළ සේක.

´´1. යාගයට ගින්න ප්‍රධානය. ඡන්‍දයට ´සාවිත්තී´ ඡන්‍දය ප්‍රධානය. මිනිසුන්ට රජතුමා ප්‍රධානය. නදීන්ට සාගරය ප්‍රධානය.

´´2. තාරකාවනට චන්‍ද්‍රයා ප්‍රධානය. තවන්නවුනට සූය්‍ර්‍යයා ප්‍රධානය. පින්කිරීමට කැමැතිවන්නවුනට හා දන් දෙන්නවුනට ඒකාන්තයෙන් සංයා ප්‍රධානය.´´ යනුයි.

9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාට මේ ගාථාවලින් අනුමෝදනාව කොට ( ආසනයෙන් ) නැගිට වැඩි සේක. එකල ආයුෂ්මත් සේල භික්‍ෂූන් වහන්සේ පිරිවර සහිතව වෙන්වූයේ අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව වාසය කරණ සේන් නොබෝ කලකින්ම, යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම පැවිදි වෙත්ද, ඒ නිරුත්තරවූ බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති මේ ආත්මයෙහිම තෙමේ අභිඥාවන් ප්‍රත්‍යක්‍ෂකොව දැන ඊට පැමිණ වාසය කළ සේක. ඉපදීම නැති කළේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළ යුතු සියල්ල කරන ලදී. මේ ආත්මයෙහි කළ යුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් සේල භික්‍ෂූන් වහන්සේ පිරිස සහිතව රහතුන් අතුරෙන් කෙනෙක් වූහ. ඉන්පසු ආයුෂ්මත් සේල භික්‍ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියහ. පැමිණ, සිවුර ඒකාංස කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් ( මෙසේ ) කීහ.

´´1. භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්ස, ( අපි ) මෙයින් අටවැනි දවසෙහි යම් ඒ සරණ ගෙන සත් රැයකින් නුඹ වහන්සේගේ ශාසනයෙහි දැමුනෝ වෙමු.

´´2. නුඹ වහන්සේ බුද්ධයහ. නුඹවහන්සේ ශාස්තෘහ, පස්මරුන් මැඩපැවැත්වූ මුනීහ, නුඹවහන්සේ රාගාදී අනුශය ධර්‍මයන් නසා එතරවූ සේක් මේ සත්‍ව ප්‍රජාව එතර කරවන සේක.

´´3. නුඹවහන්සේ නැවත ඉපදීමට හේතුව ඉක්මවන ලදහ. කාමාදී ආශ්‍රවයෝ බිඳ දමන ලදහ. ( කාමාදී ) උපාදානයන් නැතිව භිය සහ භයඞ්කර අරමුණු ( භය භෙරවයන් ) නැති කළේ සිංහයෙකු මෙන් වාසය කරන සේක.

´´4. මේ තුන්සියයක් භික්‍ෂූහු ඇඳිලි බැඳ ගෙන සිටිත්. වීරයන් වහන්ස, පාදයන් දිගුකරනු මැනව. භික්‍ෂූහු (නාගයෝ ) ශාස්තෲන් වහන්සේට වඳිත්වා.´´

දෙවැනිවූ සේල සූත්‍රය නිමි. ( 4 – 2 )

91. බ්‍රහ්මායු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී.එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ වෙදෙහ ජනපදයන්හි පන්සියයක් පමණ භික්‍ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙති. එකල්හි වනාහි ජරාවට ගියාවූ, මහලුවූ, කාලය ගෙවී ගියාවූ, වයසට පැමිණි උත්පත්තියෙන් එක්සිය විසි අවුරුදුවූ, නාම නිණ්ඩු ක්‍රියා කල්ප විකල්ප ශික්‍ෂා නිරුක්ති යන ප්‍රභෙදයන් ඇති ඉතිහාස පස්වැනි කොට ඇති තුන් වේදයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ හදාරන්නාවූ ලොකායන ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්‍ෂණ ශාස්ත්‍රයේත් දක්‍ෂවූ බ්‍රහ්මායු නම් බ්‍රාහ්මණයෙක් මියුලුනුවර වාසය කෙරෙයි. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව පන්සියයක් පමණ මහත් භික්‍ෂු සංයා සමග වෙදෙහ ජනපදයන්හි චාරිකාවෙහි හැසිරෙන්නාහුයි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඇසීය. ´ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙසේ යහපත්වූ උස්ව පැන නැගි කීර්ති ශබ්ද ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන්ද අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විදර්‍ශනා ඥානය ආදී ඥාන අටෙන්ද, සීල සංවරය ආදී (චරණ) හසුරුවන ධර්‍ම පහළොවෙන්ද යුක්තයහ. යහපත් ගති ඇත්තාහ. සියලු ලෝකයන් දන්නාහ. ශ්‍රෙෂ්ඨයහ, හික්මවියයුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනි වූහ. දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක්වූහ. බුද්ධයහ, භාග්‍යවත්හ, ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ සත්‍ව වර්‍ගයා ඇතුළු සියලු ලොකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරණසේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කිරීම ඇත්තාවූ, සම්පූර්‍ණවූ පිරිසිදුවූ ධර්‍මය ප්‍රකාශ කරණ සේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මැයි´ කියායි.

2. ´´එකල්හි වනාහි බ්‍රහ්මායු බ්‍රාහ්මණයාහට නාම නිණ්ඩු ක්‍රියා කල්ප විකල්ප ශික්‍ෂා නිරුක්ති යන ප්‍රභෙදයන් ඇති ඉතිහාසය පස්වැනි කොට ඇති තුන් වේදයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ හදාරන්නාවූ විතණ්ඩ ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්‍ෂණ ශාස්ත්‍රයේත් දක්‍ෂවූ උත්තර නම් තරුණ ශිෂ්‍යයෙක් විය. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ උත්තර තරුණයා ඇමතීය. ( මෙසේ කීය. ) ´´දරුව උත්තරය, මේ ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පන්සියයක් පමණවූ මහා භික්‍ෂු සමූහයක් සමග වෙදෙහ ජනපදයන්හි චාරිකාවෙහි හැසිරෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳුවූ යහපත් කීර්තිරාවයක් උස්ව නැංගේය. (කෙබඳුවූද යත් ) ´මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විදර්‍ශනා ඥානය ආදී ඥාන අටෙන්ද, සීල සංවරය ආදී (චරණ) හසුරුවන ධර්‍ම පහළොවෙන්ද යුක්තයහ. යහපත් ගති ඇත්තෝ වූහ. සියලු ලෝකයන් දන්නාහ. ශ්‍රෙෂ්ඨවූවාහු, හික්මවියයුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනි වූහ. දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක්වූහ. බුද්ධයහ, භාග්‍යවත්හ, ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ සත්‍ව වර්‍ගයා ඇතුළු සියලු ලොකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරණසේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කිරීම ඇත්තාවූ, සම්පූර්‍ණවූ පිරිසිදුවූ ධර්‍මය ප්‍රකාශ කරණ සේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මැයි´ කියායි.

´දරුව, උත්තරය එව, නුඹ ශ්‍රමණ ගෞතමයන් යම් තැනෙක්හිද එහි යව. ගොස් ඉදින් ඒ භවත් ගෞතමයන්ගේ ඇති සැටියක් නිසාම කීර්ති ශබ්දයක් පැතිර ගියේද, නොවේ නම් එසේ නුවූවක් පිළිබඳවද, ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳුද, නැත්නම් නොවේදැයි, එපරිද්දෙන් මහණ ගොයුම්හු ( සොයා ) දනුව. නුඹගේ තීරණය අනුව අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැනගනුම්හ.´´ ´´පින්වත, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇත්තාවූ ගුණයන් නිසාම මේ කීර්ති ශබ්දය පැතිර ගියේද, ඉදින් එසේ නොවේද? ඉදින් ඒ භවත් ගෞතමයෝ එබඳුද? ඉදින් එසේ නොවේදැ යි මම කෙසේ දැන ගන්නෙම්ද?´´

3.´´දරුව, උත්තරය, අපගේ වේද මන්ත්‍රයන්හි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ආවේමය. ඒ ලක්‍ෂණයන්ගෙන් යුක්තවූ මහා පුරුෂයාහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත. ඉදින් ( හෙතෙම ) ගිහිගෙයි වසයි නම් රජෙක්වූ සතර දිවයිනට අධිපතිවවූ දිනන සුලුවූ ජනපදයන්හි ( කිසිවෙකු විසිනුදු නොසෙල්විය හැකි සේ ) ස්ථිරවූ රත්න සතකින් යුක්තවූ සක්විති රජ වෙයි. මොවුහු ඔහුගේ රත්න සත වෙත්. කවරහුදයත්? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මානික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නයද යන රත්න සතයි. ශූරවූ දිව්‍ය පුත්‍රයන්ට සමානවූ, නොහොත් වීය්‍ර්‍ය සම්පන්නවූ ශරීර ඇත්තාවූ පරසතුරු සේනාවන් මර්දනය කරන්නාවූ දහසකටත් අධිකවූ පුත්‍රයෝ ඒ සක්විති රජුට වෙත්. හෙතෙම සයුර කෙළවර කොට ඇති මේ පෘථිවිය දඬුවම් කිරීම් නැතිව, යුද්ධ කිරීම් නැතිව, ධර්‍මයෙන් හැම දෙන දිනා අධිපතිව වෙසෙයි. ඉදින් හෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි වෙයි නම් ලෝකයේ කෙලෙස් වැස්ම දුරුකළාවූ අර්‍හත්වූ සම්‍යක් සම්බුද්Ȁdධ වෙයි. දරුව, උත්තරය, මම වනාහි වේද මන්ත්‍ර උගන්වන්නා වෙමි. නුඹ වේද මන්ත්‍රයන් ඉගෙන ගන්නා වෙයි.´´

4.´´එසේය ස්වාමීනි,´´ යි උත්තර මානවකයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයාහට උත්තර දී, හුනස්නෙන් නැගී, බ්‍රහ්මායු බ්‍රාහ්මණයාහට පැදකුණු කොට වේදෙහ ජනපදයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. පිළිවෙලින් චාරිකාවෙහි යමින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග ( සුවදුක් විචාරීම් ආදියෙන් සතුටු විය. සතුටු විය යුතු වූත්, සිහි කටයුතු වූත්, කථාව කොට නිමවා එක් පසෙක උන්නේය. එනත් පසෙක උන්නාවූ උත්තර තරුණයා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සෙවීය. උත්තර මානවකයා වනාහි භාග්‍යවතුන්ගේ ශරීරයෙහි ලකුණු දෙකක් හැර බොහෝ සෙයින් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දුටුවේය. කොසොහිත වත්‍ථගුය්හ ලක්‍ෂණය හා පහුතජිව්හතා ලක්‍ෂණය යන මහා පුරුෂ ලක්‍ෂණ දෙකෙහි සැකකරයි. විමති උපදවයි. ඒ සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහලවිය. ´මේ උත්තර තරුණයා මාගේ ලක්‍ෂණ දෙකක් හැර බොහෝ සෙයින් මහා පුරුෂ ලක්‍ෂණ දකීද, කොසොහිත වත්‍ථගුය්හ ලක්‍ෂණය හා පහුතජිව්හතා ලක්‍ෂණය යන මහා පුරුෂ ලක්‍ෂණ දෙකෙහි සැක උපදවයි. විචිකිච්ඡා කෙරෙයි. ඒ සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි.´ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උත්තර මානවකයා භාග්‍යවත්හුගේ කොසොහිත වත්‍ථගුය්හ ලක්‍ෂණය යම්සේ දකීද, එබඳු ඎද්ධියක් පෑහ. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ දිව බැහැරකොට කන් සිදුරු දෙක පිරිමැද්දාහ. නාස් සිදුරු දෙක පිරිමැද්දාහ. මුළු නලල් තලයම දිවෙන් වැසූහ.

5. එකල්හි උත්තර මානවකයාට මෙබඳු සිතක් පහලවිය. ´ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් සමන්විතවූ සේක. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පස්සෙන් යන්නෙම් නම්, උන්වහන්සෙගේ යාම් ඊම් ආදී ඉරියව් දකින්නෙම් නම්, මැනවි කියායි. ඉක්බිති උත්තර තරුණයා සත් මසක් නොහැර ගමන් කරන සෙවනැල්ලක් මෙන්, භාග්‍යවතුන් වහන්සේ පසුපස ඇවිද්දේය. එකල්හි උත්තර මානවකයා වේදේහ ජනපදයන්හි සත්මසක් ගතකිරීමෙන් පසු මියුලු නුවර යම් තැනෙකද, එතනට ගියේය. පිළිවෙලින් ගොස් මියුලු නුවර යම් තැනෙකද, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, බ්‍රහ්මායු බ්‍රහ්මණයා වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ උත්තර මානවකයාට බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ මෙසේ කිය. ´කිමෙක්ද? දරුව, උත්තරය, ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇති ගුණයන් නිසාම මේ කීර්ති ශබ්දය පැතිර ගියේද, අන් අයුරකින් නොවේද, කිමෙක්ද? ඒ භවත් ගෞතමයෝ එබඳුද, එසේ නොවේද?´´

6. ´´ස්වාමීනි, ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇති ගුණයන් නිසාම මේ කීර්ති ශබ්දය පැතිර ගියේය, අන් අයුරකින් නොවේ. ස්වාමීනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳුමය. වෙනස් ආකාරයක් නැත. ස්වාමීනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුක්තවූ සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි මනාව පිහිටි පා ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයක් වෙයි. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යට පා තලයන්හි දහසක් දැති ඇති නිම් වලලු සහිතවූ නැබ සහිතවූ සියලු අයුරින් සම්පූර්‍ණවූ චක්‍රයෝ වූහ. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි දික්වූ විළුම් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි දික්වූ ඇඟිලි ඇත්තේ වෙත්. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි මෘදුවූ ලපටිවූ අතුල් පතුල් ඇත්තේ වෙත්. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ දැල් කවුළුවකට බඳු අතුල් පතුල් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිරුණු ගොප් මසැති පා ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි ( ඕලු ) එනම් මුවන්ගේ බඳු කෙන්ඩා ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සිටියේම නොනැමී දෙඅත්තලවලින් දනහිස් පිරිමදින සේක. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කොෂය තුල සැඟවුණු පුරුෂව්‍යඤජනය ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි රන්වන් වූයේ වෙත් මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ රන්වන්වූ සිවි ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ සියුම්වූ සිවි ඇත්තේ වෙයි. සියුම්වූ සිවි ඇති බැවින් ශරීරයෙහි දූලි කුණු නොතැවරෙන්නේ වෙත්. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි එක එක ලොම් ඇත්තේ වෙයි. රෝම කූපයන්හි එක් එක් ලොම් හටගන්නේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි උඩුකුරු අක් ඇති රෝම ඇත්තේ වෙයි. හටගත් ලොම් උඩුකුරුයි. නිල්වන්ය. අඳුන්වන්ය, කුණ්ඩලයක් මෙන් කරකැවුනේ වෙයි. දකුණට කරකැවුනේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කෙලින් පිහිටි සිරුර ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සත් තැන උස්වූයේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සිංහයෙකුගේ පෙර කය මෙන්, සම්පූර්‍ණ සිරුර ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිට දෑලවර මැද පිරුනේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි නුගරුකක් සේ පිරිමඩුලු ඇත්තේ වෙයි. උන්වහන්සේගේ ශරීරය යම් පමණ වේද, බඹයත් එපමණය. උන්වහන්සේගේ බඹය යම් පමණ වේද, ශරීරයත් එපමණය. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සමවූ, වටවූ ග්‍රීවය ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සත් සියයක් රස නහර ඇත්තේ වෙත්. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සිංහයෙකුගේ යටිහක්ක මෙන් සම්පූර්‍ණ උඩු යටි දෙහකු ඇත්තේ් වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සමසතලිසක් දත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සමවූ දත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි විවර නැතිවූ දත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි දිලිසෙන ඉතා සුදු දත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි මෘදු දික් පුළුල් දිව ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි බ්‍රහ්මස්වර ඇත්තේ වෙයි. කුරවී රාවය බඳු රාවය ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිරිසිදු නිල්වන් පෑ ඇස් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු ප්‍රසන්න ඇස් ගුලි ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි දෙබැම අතර සුදුවූ, මෘදුවූ, පුලුන් පෙදක් වැනි දකුණට කරකැවී නළල් මැද පිහිටි රෝමයක් වූයේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිරුණු නළල සහිත සම්පූර්‍ණ හිස ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණය වෙයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ මේ දෙතිස් මහා පුරිස් ලකුණින් සමන්විතවූ සේක.´´

7. ´´ඒ භවත් ගෞතමයන් වහන්සේ යන සේක් දකුණු පයින් පළමුව යන සේක. උන්වහන්සේ ඉතා දුර පාදය නොඔසවන සේක. ඉතා ළඟ පාදය නොතබන සේක. උන්වහන්සේ ඉතා ඉක්මණින් නොවඩින සේක. ඉතා සෙමින් නොවඩින සේක. දණහිසින් දණහිස ගටමින් නොවඩින්නාහ. ගොප් ඇටයෙන් ගොප් ඇටය ගටමින් නොවඩින්නාහ. උන්වහන්සේ වඩින සේක් කලවය උඩට නොනැමෙයි, කලවය පහළට නොනැමෙයි, කලවය දැඩිකොට පය නොතබයි, කලවය එහා මෙහා නොසලවයි. වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යට කයම සෙලවෙයි. කයින් වෙර ගමනින් නොවඩිත්. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි හැරී බලනසේක් සියලු කයම හරවා බලයි. උන්වහන්සේ උඩ නොබලනසේක. යට නොබලනසේක. වට පිට බලමින් නොවඩිත්. වියදඬු පමණම බලත්. ඉන් එහා උන්වහන්සේගේ කිසිම ආවරණයක් නැති ඤාණයෙන් බැලීම වෙයි. උන්වහන්සේ ගෙයක් තුලට ඇතුල්වන්නේ කය උඩට නොඔසවන සේක. කය පහළට නොනමත්, කය දැඩිකොට නොතබයි. කය එහා මෙහා නොසොළොවයි, උන්වහන්සේ ඉතා දුර ඉතා ළංවද ආසනයට නොයත්.

´´අතින් .තදකොට ආසනයෙහි නොඉඳිත්. ආසනයෙහි කය නොහෙලත්, උන්වහන්සේ ඇතුළුගෙහි හුන්නේ හස්ත විකාර නොකරත්. පාද විකාර නොකරත්. පයක් පිට පයක් දමා නොහිඳිත්. ගොප්මස පිට ගොප්මස ( බත්කෙන්ඩ) නගා නොඉඳිත්. නිකට අත තබා නොහිඳිත්. උන්වහන්සේ ඇතුළුගෙහි බියවූ ස්වභාවයෙන් නොඉඳිත්. කම්පා නොවෙත්. නොසෙල්වෙත්. තැති නොගනිත්. උන්වහන්සේ භය නොවූ කම්පා නොවූ නොසෙල්වෙන තැති නොගෙන පහවූ ලොමු දැහැගැනීම් ඇතිව නිවන් ඇසුරු කරන සිත් ඇතිව ඒ භවත් ගෞතමයන් වහන්සේ ඇතුළු ගමෙහි වැඩ හිඳිත්.

8. ´´උන්වහන්සේ පාත්‍රයට වතුර පිළිගන්නේ පාත්‍රය උඩට නොඔසවත්. පාත්‍රය පහලට නොනමත්. පාත්‍රය දැඩිකොට නොතබත්. පාත්‍රය එහා මෙහා නොසොළොවයි. උන්වහන්සේ පාත්‍රයට වතුර වැඩියත් නොව අඩුවත් නොව පිළිගන්නා සේක. උන්වහන්සේ ´´බුල් බුලු´´ යන ශබ්ද නගිනසේ පාත්‍රය නොසෝදන සේක. පෙරල පෙරලා පාත්‍රය නොසෝදන්නාහ. පාත්‍රය බිම තබා අත් නොසෝදන්නාහ. අත් සේදූ කල්හි පාත්‍රය සෝදන ලද්දේ වෙයි. පාත්‍රය සේදූ කල්හි අත් සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරත් නොව ඉතා ළඟත් නොව දමනසේක. උන්වහන්සේ බත් පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමත්. පාත්‍රය පහලට නොනමත් පාත්‍රය තදකොට නොතබත්. පාත්‍රය එහා මෙහා නොසොළොවත්. උන්වහන්සේ බත් වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නා සේක.

9. ´´ඒ භවත් ගෞතමයන් වහන්සේ බතින් හතරෙන් කොටසක් පමණ ව්‍යඤජන පිළිගන්නා සේක. බත් ආලොපය ව්‍යඤජනයෙන්ම වැඩිමනත් නොකරන්නාම. ඒ භවත් ගෞතමයන් වහන්සේ මුඛයෙහි බත්පිඩු දෙතුන් වරක් පෙරලා වළඳන සේක. උන්වහන්සේගේ කිසි බත් උලක් නොබිදී කයට නොපැමිණෙයි. උන්වහන්සේගේ මුඛයෙහි කිසි බත් උලක් ඉතුරු නොවෙයි. ඉක්බිති නැවතද බත් පිඩක් මුඛයට පමුණුවයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ රසය දැන ගනිත්. ආහාර වළඳන සේක. රස තෘෂ්ණාවෙන් රස විඳිමින් නොවළඳන සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි අංග අටකින් යුක්තවූ ආහාරය වළඳන සේක. මල්ලව පොර බැදීම පිණිස, මද වැඩීම පිණිස, ශරීරයේ අඩුතැන් පිරවීම පිණිස, අලඞ්කාරය පිණිස නොවළඳන සේක. යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස, යැපීම පිණිස, දුක් නැතිකර ගැනීම පිණිස, බ්‍රහ්මචය්‍ර්‍යාවට අනුග්‍රහ පිණිස වළඳන සේක. ´මෙසේ පුරාණ වේදනා නසමි. අලුත් වේදනා නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද වන්නේය. වරද නැති බවද, පහසු විහරණයද වන්නේහ´ යන අදහසින් වළඳන සේක. උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රයට වතුර පිළිගන්නාසේක් පාත්‍රය උඩට නොනමන සේක. පාත්‍රය පහලට නොනමන සේක. පාත්‍රය නොඔබන සේක. පාත්‍රය එහා මෙහා නොසොළොවත්. උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නා සේක. උන්වහන්සේ ´´ බුලු බුලු ´´ යන ශබ්ද නගන සේ පාත්‍රය නොසෝදන සේක. පෙරළ පෙරළා පාත්‍රය නොසෝදන සේක.

10. ´´පාත්‍රය බිම දමා අත නොසෝදන්නාහ. අත සේදූ කල්හි පාත්‍රය සෝදන ලද්දේ වෙයි. පාත්‍රය සේදූ කල්හි අත සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරද ඉතා ළඟද නොදමන්නාහ. උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රය ඉතා දුරද, ඉතා ළඟද, බිම නොතබන සේක. පාත්‍රයෙහි බලාපොරොත්තුව අත්හරින්නේද නොවෙත්. සීමාව ඉක්මවා රක්නේද නොවෙත්. උන්වහන්සේ වළඳා අවසන්ව මොහොතක් නිශ්ශබ්දව හිඳින සේක. අනුමෝදනාවට කාලය නොඉක්මවන සේක. උන්වහන්සේ වළඳා අවසානව අනුමෝදනා කරණ සේක. ඒ බතට නින්දා නොකරන සේක. අන් බතක් බලාපොරොත්තු නොවන සේක. ධර්‍ම කථාවෙන්ම ඒ පිරිසට දක්වයි. කුශල ධර්‍මයෙහි සමාදන් කරවයි. උත්සාහවත් කරවයි, සතුටු කරවයි. උන්වහන්සේ ඒ පිරිසට ධර්‍මකථාවක් දක්වා, කුසල ධර්‍මයෙහි සමාදන් කරවා, උත්සාහවත් කරවා, හුනස්නෙන් නැගිට වඩින සේක.

11.´´උන්වහන්සේ ඉතා ඉක්මනින්ද නොවඩින සේක. ඉතා සෙමින්ද නොවඩිත්. පිරිසෙන් වෙන්ව නොවඩිත්. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ කයෙහි සිවුර හනු ඇටයෙන් උඩට පොරවා උදරය පෙනෙනසේ නොවඩියි. එක් උරයක් පොරවා තනය පෙනෙනසේ නොවඩියි. කයෙහි සිවුර දහඩියෙන් ඇලෙන සේ තදකොටද නොවඩින සේක. සිවුර කයින් වෙන්වූයේද නොවේ. ඒ භවත් ගෞතමයන්ගේ කයින් සිවුර වාතයෙන් ඉවතට නොයවයි. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි රජස් දැලි නොගැල්වෙයි. උන්වහන්සේ ආරාමයට වැඩියේ පැනවූ අස්නෙහි වැඩ හිඳින සේක. හිඳ පාදයන් සෝදන්නාහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ පාදයන් සැරසිීමෙහි නොයෙදෙන සේක. උන්වහන්සේ පාදයන් සෝදා පය්‍ර්‍යයඞ්ක බැඳ කය කෙලින් තබා සිහිය එළවාගෙන වැඩ හිඳින සේක. උන්වහන්සේ තමාහට විනාශය පිණිස අනුන් පෙළන්නේ විනාශය පිණිස නොසිතන සේක. දෙදෙනාගේම විනාශය පිණිස නොසිතන සේක. තමාට හිතවූවක් අනුන්ට හිතවූවක් දෙදෙනාටම හිතවූවක් සියලු ලොකයටම හිතවූවක් ඒ භවත් ගෞතමයන් වහන්සේ සිතමින් වැඩ හිඳින සේක. උන්වහන්සේ ආරාමයට වැඩියේ පිරිසට ධර්‍මය දේශනා කරනසේක. ඒ පිරිස උසස්තන්හි ලා කථා නොකරන සේක. ඒ පිරිස පහත් තන්හි ලා කථා නොකරන සේක. ධර්‍ම කථාවෙන්ම ඒ පිරිස දක්වත්. කුසල් දහම් සමාදන් කරවත්. උත්සාහවත් කරවත්. සතුටු කරවත්. පැහැදිලි බවද, දැනීමෙහි පොහොසත් බවද, මිහිරි බවද, කනට සුව බවද, විහිදී නොයන බවද, නොවිසිරෙන බවද, ගැඹුරු බවද, බොහෝ නාද ඇති බවද, යන අංග අටෙන් යුක්තවූ ාෙෂයක් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මුවින් පිටවෙයි. පිරිසේ පමණට ශබ්ද නගන ස්වරයන් වූ සේක. උන්වහන්සේගේ ාෙෂය පිරිසෙන් පිටතටද නොයයි. ඒ භවත් ගෞතමයන් විසින් ධර්‍මකථාවෙන් දක්වන ලද්දාවූ කුසල් දහම්හි සමාදන් කරවන ලද්දාවූ, උත්සාහවත් කරවන ලද්දාවූ, සතුටු කරවන ලද්දාවූ, ඔවුහු උන්වහන්සේ හැර යාමට නොකැමැත්තෙන් හුනස්නෙන් නැගිට, ´පින්වත්නි, වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ අපි බලන්නෙමු. සිටියාවූ උන්වහන්සේ බලන්නෙමු. ඇතුළුගමට වඩින්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ඇතුළුගෙහි තුෂ්නීම්භූතව වැඩ උන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. වළඳා අවසන්වී අනුමෝදන් කරන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට වඩින්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට ඇතුල්ව නිශ්ශබ්දව වැඩඋන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට පැමිණි පිරිසට දම්දෙසන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ඒ භවත් ගෞතමයන් වහන්සේ මෙබඳුය, මෙබඳුය, මෙයටත් වඩා අධික ගුණ ඇතිසේකැයි ගුණ කියමින් යන්නාහ.´´

12.මෙසේ කීකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණතෙමේ හුනස්නෙන් නැගිට උතුරුසළුව එක් අංශයෙක්හි කොට භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවකද, ඒ දිශාවට ඇඳිලි බැඳ වැඳ, ´´ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.´´ යි තුන් වරක් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කෙළේය. අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ සමග කිසිකලෙක එක්වන්නෙමු නම්, ඉතා යෙහෙක. කිසියම් කථා සල්ලාපයක් වන්නේනම්, ඉතා යෙහෙක.´´ කියායි.

13. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වේදේහ ජනපදයන්හි පිළිවෙලින් වඩනා සේක් මියුලුනුවර යම් තැනකද, එහි පැමිණියහ. එකල භාග්‍යවතුන් වහන්සේ මියුලුනුවර මඛාදේව නම් අඹ උයනෙහි වාසය කරණ සේක.

14. ´´ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෙදෙහ ජනපදයෙහි චාරිකාවෙහි වඩින්නේ පන්සියයක් මහත් භික්‍ෂු සඞයා සමග මියුලු නුවරට පැමිණ, මියුලුනුවරෙහි මඛාදේව නම් අඹ උයනෙහි වාසය කරණ සේකැ´´ යි මියුලුනුවර වාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව වනාහි, ´´ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්Ȁdධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, අනුත්තරයහ, පුරිසධම්ම සාරථීයහ, දෙවි මිනිසුන්ට ශාස්තෘහ, බුද්Ȁdධයහ, භාග්‍යවත්හ. උන්වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවු, සත්‍ව වර්‍ගයා ඇතුළු සියලු ලොකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරණ සේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤජන සහිතවූ, සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචය්‍ර්‍යාව ප්‍රකාශ කරණ සේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේ නම් එහ යහපත්මැ´´ යි කියායි. ඉක්බිති මියුලුනුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට ගියහ. ගොස් සමහරු භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ යම් දෙසකද, එදෙසට ඇඳිලි බැඳ එකත්පසෙක හුන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි තමන්ගේ නාම ගොත්‍ර කියා එක් පසෙක හුන්හ. සමහරු නිශ්ශබ්දවම එක් පසෙක උන්හ. ´ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිව ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මියුලුනුවරට පැමිණ මියුලුනුවර මඛාදේව නම් අඹ උයනෙහි වාසය කරති´ යි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ඇසීය. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ බොහෝ තරුණයන් සමග මඛාදේව අඹ වනය යම් තැනකද, එතැනට පැමිණියේය. ඉක්බිති අඹ උයනට සමීපයේදී බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙබඳු සිතක් විය.

15. ´ඒ මම පළමුකොට නොදන්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැකීමට යන්නෙම් නම් මෙය මට නුසුදුසුය´ යි සිතීය. අනතුරුව බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ එක් තරුණයෙකුට කථාකෙළේය. ´´තරුණය, නුඹ එව. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් තැනෙකද, එහි යව. ගොස් මාගේ වචනයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආබාධ නැති බව, සැහැල්ලු බව, ශරීර බලය, පහසු විහරණ ඇති බව විමසව. ´´භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භවත් ගෞතමයන් වහන්සේට ආබාධ නැති බව, ශරීරයේ සැහැල්ලු බව, ශරීර බලය, සැප විහරණ ඇති බව අසයි´ කියාය. තවද, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ජරාවට පැමිණියෙක, මහලුය, වයසට පැමිණියෙක, එක්විසි වයස් ඇත්තෙක, හෙතෙම භවත් ගෞතමයන් වහන්සේ දැකීමට කැමැත්තේයයිද කියව.´´

16. ´´එසේය ස්වාමීණි´´ යි ඒ තරුණයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට උත්තරදී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ තරණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භවත් ගෞතමයන් වහන්සේගේ ආබාධ නැති බව, ශරීරයේ සැහැල්ලු බව, ශරීර බලය, සැප විහරණය අසයි.´´ ´´භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ජරාවට පැමිණියෙක, වෘද්ධය, මහලුය, අර්‍ධගතය, වයකට පැමිණියේය, උත්පත්තියෙන් අවුරුදු එක්සියවිස්සක් ආයුෂවිය, නාම නින්ඩු ක්‍රියා කල්ප විකල්ප ශික්‍ෂානිරුක්ති යන ප්‍රභෙදයන් ඇති, ඉතිහාසය පස්වෙනිකොට වෙදත්‍රයේ කෙළවරට ගියේය. පද හා ව්‍යාකරණ හදාරන ලද්දේය. ලොකායත ශාස්ත්‍රයෙහිද මහාපුරිස ලක්‍ෂණයන්හිද සම්පූර්‍ණය.

´´සවාමීනි, මිථිලාවෙහි යම් පමණ බ්‍රාහ්මණ ගෘහපතියෝ වාසය කරත්ද, ඔවුනතුරෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ වස්තුවෙන්ද අග්‍රය, ඔවුනතුරෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ මන්ත්‍රයෙන්ද අග්‍රය. ඔවුනතුරෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ වයසින් හා යසසින්ද අග්‍රය. හෙතෙම භවත් ගෞතමයන් වහන්සේ දැකීම කැමැත්තෙන් සිටී´´ යයි කීය. ´´මානවකය, දැන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ඊට කාලය දන්නේය´´ යි වදාළේය. එකල්හි ඒ මානවකයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා යම් තැනෙකද, එතැනට ගියේය. ගොස් බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට, ´ භවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් කරණ ලද අවකාශ ඇත්තේය. දැන් පින්වතුන් වහන්සේ කල් දන්නේය´´ යි කීය.

17. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. ඒ මියුලු නුවර වාසී ශ්‍රමණ ගෘහපති පිරිස එන්නාවූ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා දුරදීම දුටුවාහුය. දුටු කෙනෙහි ප්‍රසිද්ධවූ කීර්ති ඇති ඔහුට අවකාශ දුන්නේය. අනතුරුව බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඒ පිරිසට මෙසේ කීය. ´´පින්වත කම් නැත. තොපි සිය අසුන්හි හිඳිව්. මම මෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමීපයෙහි හිඳගන්නෙමි.´´ යි කීය. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ කායයෙහි දෙතිස්මහාපුරිස් ලකුණු පරීක්‍ෂා කෙළේය. බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි ලකුණු දෙකක් හැර බොහෝ සෙයින් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දුටුවේය. කොසොහිත වත්‍ථගුය්හතා ලක්‍ෂණය හා පහූතජිව්හතා ලක්‍ෂණය යන ලක්‍ෂණ දෙකෙහි සැක කරයි. සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවන්ගෙන් මෙසේ කීය.

´´1. ගෞතමයන් වහන්ස, මා විසින් පින්වතුන් වහන්සේගේ ශරීරයෙහි යම්බඳු දෙතිස් මහා පුරිස් ලකුණු අසන ලද්දේද ඔවුන් අතුරෙන් දෙකක් නොදකිමි.

´´2. නරොත්තමයන් වහන්ස, පින්වතුන් වහන්සේගේ වස්ත්‍රයෙන් වැසිය යුතුවු කොසොහිත ලක්‍ෂණය කිමෙක්ද? ස්ත්‍රීලිඞ්ග නාමයකින් කියවෙන පහූතජිව්හතා ලක්‍ෂණය කිමෙක්ද?

´´3. කිමෙක්ද? පහූතජිව්හතා ලක්‍ෂණය ඇත්තෙහිද? එය යම් ආකාරයකින් දැනගනිමුද? ඒ ආකාරයෙන් නිකුත් කොට දක්වනු මැනවි. ඎෂීන් වහන්ස, අපගේ මේ සැකය දුරුකළ මැනව.

18. ´´යමක් දැනගැනිමට කැමතිවන ලද්දේද, එය කරන ලද අවකාශ ඇතිව මෙලොව යහපත පිණිසද, පරලොව යහපත පිණිසද අසමු´´ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට, ´මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ මාගේ ලක්‍ෂණයන් දෙකක් හැර බොහෝ සෙයින් දෙතිස් මහා පුරිස් ලකුණු දකියි. කොසොහිත වත්‍ථගුය්හතා ලක්‍ෂණය හා පහූතජිව්හතා ලක්‍ෂණය යන දෙකෙහි සැක කරයි. සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි.´´ යන අදහස පහළවිය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණය තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ කොසොහිත වත්‍ථගුය්හ ලක්‍ෂණ යම්සේ දකීද, එබඳුවූ ඎද්ධියක් පෑහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දිව බැහැර කොට දෙකන් සිදුරු පිරිමැදි සේක. දෙ නාසා සිදුරු මැදි සේක. මුළු නලල් තලය මැසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බමුණාට ගාථාවන් දේශනා කළ සේක.

´´1.බ්‍රාහ්මණය, ( තා විසින් ) යම් ඒ දෙතිස් මහා පුරුෂ ලකුණු අසන ලද්දේද, ඒ සියලු ලක්‍ෂණ මාගේ ශරීරයෙහි ඇත්තේය. තොපි සැක නොකරව්.

´´2.දතයුතු සියල්ල දැන ගන්නා ලදී. වැඩිය යුතු සියල්ලද වඩන ලදී. මා විසින් පහකළ යුත්ත පහකරනලදී. බ්‍රාහ්මණය, එහෙයින් මම බුද්ධ නම් වෙමි.

´´3.යමක් දැන ගැනීමට කැමැත්තේ නම් එය මෙලොව යහපත පිණිසද, පරලොව යහපත පිණිසද, කරනලද අවකාශ ඇත්තේ අසව.

19.ඉක්බිති බුහ්මායු බ්‍රාහ්මණයාට ශ්‍රමණ ගෞතමයන් විසින් කරනලද අවකාශ ඇත්තේ වෙමි. ´´මම මෙලොව අත්‍ර්‍ථය පිණිස හෝ පරලොව අත්‍ර්‍ථය පිණිස හෝ කුමක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් විචාරන්නෙම්දැ´ යි සිතක් පහළ විය. ඉක්බිති බ්‍රහ්මායු බමුණාට මෙබඳු සිතක් පහළ විය. ´මම වනාහි මෙලොව අත්‍ර්‍ථයන්හි දක්‍ෂයෙක් මි. අන්‍යයෝද මා අතින් මෙලොව අත්‍ර්‍ථයන් අසත්. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අතින් පරලොව අත්‍ර්‍ථයම අසන්නෙම් නම් යෙහෙකි.´ කියායි. අනතුරුව බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවන්ගෙන් මෙසේ කීයේය.

´´1.ස්වාමීනි, කෙසේ නම් බ්‍රාහ්මණයෙක් වන්නේද, කෙසේ නම් වේදයෙහි පරතෙරට ගියෙක් වන්නේද, ස්වාමීනි, කෙසේනම් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වන්නේද, පිරිසිදුවීම කුමක්යයි කියනු ලැබේද?

´´2.ස්වාමීනි, කෙසේ නම් රහත් වූවෙක් වන්නේද, කෙසේ නම් සම්පූර්‍ණවූ බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තෙක් වන්නේද, ස්වාමීනි, කෙසේ නම් මුනි නම් වූවෙක් වන්නේද, කවරෙක් බුද්ධ යයි කියනු ලැබේද?´´

20. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බමුණාට ගාථාවන් කීය.

´´1. යමෙක් පෙර විසූ භව පිළිබඳ දනීද, ස්වර්‍ගය හා අපාය දනීද, ඉක්බිති ඉපදීම කෙළවර කිරීමට පැමිණියේද, අවබොධ කොට කෙළවරට පැමිණියේද, අර්‍හත් මාර්‍ග ඥාන මුනි භාවයෙන් යුක්තවේද,

´´2. සියලු ආකාරයෙන් රාගයෙන් මිදුනු පිරිසිදු සිත දනීද, ප්‍රහීනකළ ජාති ජරා මරණ ඇති, සම්පූර්‍ණ සතර මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යා ඇති, සියලු ධර්‍මයන්ගේ කෙළවරට පැමිණි එබඳුවූ පුද්ගල තෙමේ බුද්ධ යයි කියනු ලැබේ.

21. මෙසේ වදාළ කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හුනස්නෙන් නැගිට උතුරුසළුව ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්හි සිරසින් වැටී වැඳ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුවින් සිඹියි. අතින්ද පිරිමදියි. ´´ස්වාමීනි, ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි. ස්වාමීනි, ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමියි, නමද අස්වයි.´´ ඉක්බිති ඒ පිරිස, ´ ශ්‍රමණයන් වහන්සේගේ මහත් ඎද්ධිභාවය, මහානුභාටය, පින්වත, ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයි. යම්හෙයකින් නම් මේ ප්‍රසිද්ධ කීර්ති ඇති බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මෙබඳුවූ ඉතා මහත් ගෞරවයක් කරන්නේයයි´´ ආශ්චය්‍ර්‍යවූ සිත් ඇත්තේ විය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙසේ වදාළහ. ´´බ්‍රාහ්මණය, කම් නැත. නැගිටුව. නුඹ තම ආසනයෙහි හිඳගනුව. යම් කරුණකින් තාගේ සිත මා කෙරෙහි පැහැදුනේය.´´ එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙම තම ආසනයෙහි හුන්නේය.

22. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බමුණාට පිළිවෙල කථාව දෙසූ සේක. කවරේද යත්? දාන කථාවය, සීල කථාවය, සවර්‍ග කථාවය, කාමයන්ගේ ආදීනවය, ලාමක බවය, කිලුටු බවය, නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසය ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් කලෙක බ්‍රහ්මායු බ්‍රාහ්මණයාහට නීරෝගීවූ, මෘදුවූ, නීවරණ රහිතවූ, සතුටුවූ, ප්‍රසන්නවූ සිත ඇතිවීයයි දත් සේක් නම් එකල දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්‍ගය යන බුදුවරයින් තමන් විසින්ම අවබෝධ කළ චතුරාය්‍ර්‍ය සත්‍ය ධර්‍මය ප්‍රකාශ කළ සේක. යම්සේ පහවූ කාලවර්‍ණ ඇති පිරිසිදු වස්ත්‍රයක් මනාකොට රජන් ( සායම් ) පිළිගන්නේද, එපරිද්දෙන්ම බ්‍රහ්මායු බ්‍රාහ්මණයාහට ඒ හුන් ආසනයෙහිම යම් කිසිවක් උපදනා ස්වභාව ඇත්තේද, ඒ සියල්ල වැනසීම ස්වභාවකොට ඇත්තේය, යන පහවූ කෙලෙස් රජස් ඇති, පහවූ කෙලෙස් රජස් ඇති, පහවූ කෙලෙස් මල ඇති ධර්‍ම චක්‍ෂූස ( සෝතාපත්ති මාර්‍ග ඥානය ) උපන්නේය. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයා දක්නාලද ධර්‍ම ඇත්තේ, පැමිණි ධර්‍ම ඇතියේ, අවබෝධ කළ ධර්‍ම ඇතියේ, දැඩිව ගත් ධර්‍ම ඇතියේ, එතර කළ විචිකිච්ඡා ඇතියේ., විසාරද වූයේ, ශාසනයෙහි අන් ධර්‍මයක් නොඅදහන බවට පැමිණියේ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරනලද්දක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මංමුලාවූවකුට මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ වස්තූන් දකිත්වායි අන්‍ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් ධර්‍මය දේශනා කරණ ලදී. භවත් ගෞතමයන් වහන්ස, මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මය හා භික්‍ෂු සංයාද සරණකොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිතෙක් සරණගිය උපාසකයකු කොට පිළිගන්නා සේක්වා. , භවත් ගෞතමයන් වහන්සේ, භික්‍ෂු සංයා සමග මාගේ ( ගෙදර ) සෙට දින බත් පිණිස ඉවසන සේක්වා.´´ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් ඉවසූ සේක. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේය.

´´ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ඒ රාත්‍රිය ඉක්මීමෙන් සිය නිවසෙහි ප්‍රනීතවූ, කෑ යුතුවූ, අනුභව කළ යුතුවූ දේ පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වීය. භවත් ගෞතමයන් වහන්ස, සුදුසු කාලයයි. බත් පිළියෙල කරනලදී´´ ( කියායි. ) එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ ගෙදර යම් තැනෙකද, එතැනට පැමිණිසේක. පැමිණ පැනවූ අස්නෙහි භික්‍ෂු සංයා සමග වැඩහුන් සේක. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයා බුදුන් ප්‍රධාන භික්‍ෂු සංයා සත් දවසක් ප්‍රනීතවූ, කෑ යුතුවූ, බුදිය යුතුවූ ආහාරපාන වර්‍ගවලින් සියතින් වැළඳවීය. කැමතිසේ වැළඳවීය, අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් වේදේහ ජනපදයෙහි චාරිකාවෙහි වැඩි සේක. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කලකින් කළුරිය කෙළේය. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක උන්නාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ´´ස්වාමීනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද? ඔහුගේ පරලොව කුමක්ද?´´ ´´මහණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා පණ්ඩිතයෙකි. ධර්‍මයට අනුව පිළිපැද්දේය. ධර්‍මය කරණකොටම නොවෙහෙසීය. මහණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණතෙමේ කාමලෝකය පිළිබඳව සඤ්ඤෝජන පස නැතිකිරීමෙන් ඒ බඹලොවින් නැවත නොඑන, එහිදී පිරිනිවෙන ඕපපාතික පුද්ගලයෙක් වීය´´ යි වදාළ සේක. සතුටුවූ සිත් ඇති එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

බ්‍රහ්මායු සූත්‍රය නිමි. ( 4 – 1 )