132. ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී . එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු මහසිටුහු ගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දක්වයි . එහි යොදවයි . තෙද ගන්වයි . සතුටුකරවයි. යහපත් එක්රැයක් ඇත්තහුගේ උද්දේසයයි කියන ලද මාතෘකාවත් විභඞ්ගයයි කියන ලද විස්තරයත් ප්‍රකාශ කරයි .

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සවස කාලයෙහි ඵල සමාපත්තියෙන් නැගිට උපස්ථානශාලාව යම් තැනෙක්හි ද එතැන්හි වැඩි සේක. වැඩමවා පනවන ලද බුද්ධාසනයෙහි වැඩසිටි සේක. වැඩහිඳ භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ´

´´ මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දැක්වූුයේ ද , යෙදවුයේ ද, තෙදගැන්වුයේ ද, සතුටුකෙළේ්ද, යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තරයත් කීයේදැයි ඇසූහ.

3. ´´ ස්වාමීණි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ උපස්ථානශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයේය. යෙදවූයේය. තෙදගැන්වූයේය. සතුටු කෙළේය. යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තරයත් කෙළේයයි ´´ (සැළකෙළේය )

4. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළ සේක. ´´ ආනන්දය, තෙපි වනාහි කවර පරිද්දෙකින් භික්ෂූන්ට දැහැමි කථාවකින් කරුණු දැක්වූයේ ද , යෙදවූයේ ද, තෙදගැන්වූයේ ද, සතුටු කෙළේද, යහපත් එක් රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර බෙදීමත් ප්‍රකාශ කෙළේදැයි ´´ (විචාල සේක) ´´ ස්වාමීනි මම මෙසේ වනාහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටු කෙළෙමි. යහපත් එක්රැයක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර බෙදීමත් ප්‍රකාශ කෙළෙමි ´´යි (සැළ කෙළේය) .

5. (1) ´´ ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්ම ගියේ ද , එය ප්‍රහීණවූයේ් (නැතිවූයේ) වෙයි. අනාගත වූ යම් ස්කන්ධයක් වේද, එය නොපැමිණියේය.

(2) ´´ වර්තමාන වූ යම් ස්කන්ධයක් වේද, එය අනිත්‍යානුපස්සනාදිීන්ගෙන් ඒ උපන් තන්හි විදර්‍ශනා වඩන්නේය. ඒ විදර්‍ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂූ තෙමේ වඩන්නේය.

(3) ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළයුත්තේය. මරණය හෙට හෝ සිදුවන්නේයයි කවරෙක් දන්නේද, මහත් සෙනගක් ඇති ඒ මාරයා සමග ගිවිසුමක් නැත්තේය.

(4) ´´ මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි අනලස්ව පිළිපන්නාවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් වු එක් රැයක් ඇති භික්ෂූව යයි ශාන්තවු බුද්ධ මුනි තෙමේ වදාළේයි.

(5) ´´ ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේද,´ මම අතීත කාළයෙහි මෙබඳු රූප ඇත්තෙක් වූයෙමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය.

(6) ´´ මම අතීත කාළයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් විමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් විීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. ඇවැත්නි, මෙසේ වනාහී අතීත ස්කන්ධයන් අනුව යන්නේය.

7. ´´ ඇවැත්නි කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේ ද? ´´ මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීිමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතිීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. ඇවැත්නි , මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.

8. ´´ ඇවැත්නි, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේ ද? ´´ අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත් තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය. අනාගත කාලයෙහි ම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳූ සංඥා ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය.මම අනාගත කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය.

´ ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය.

9. ´´ ඇවැත්නි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ ද? ´ අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගතයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගතයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය.´´ ඇවැත්නි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේ ය.

10. ´´ ඇවැත්නි, කෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් හි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇද ගනීද? ඇවැත්නි , මෙී ශාසනයෙහි ආය්‍ර්‍යයන් නොදක්නා ස්වභාව ඇත්තා වූ ආය්‍ර්‍ය ධර්‍මයෙහි දක්ෂ නොවූ ආය්‍ර්‍යධර්‍මයෙහි නොහික්මුණා වූ , සත්පුරුෂයින් නොදක්නා ස්වභාව ඇත්තාවූ සත්පුරුෂ ධර්‍මයෙහි අදක්ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුනාවූ, ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන තෙමේ රූපය තමා වශයෙන් හෝ දක්නේය. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දක්නේය. රූපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා රූපය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය.වේදනාව තමා වශයෙන් හෝ දකියි.තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි.වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකියි.සංඥාව තමා වශයෙන් හෝ දකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකිී. සංස්කාර තමා වශයෙන් හෝ දකී. තමා සංස්කාර ඇත්තකැයි කියා හෝ දකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. විඥානය තමා වශයෙන් හෝ දකින්නේය. තමා විඥානය ඇත්තෙකැ යි කියා හෝ දක්නේය.විඥානය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. තමා විඥානය කෙරෙහි ඇත්තේය කියා හෝ දක්නේය. ඇවැත්නි, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි ඇද ගැනීම වේ.

11. ´´ ඇවැත්නි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන් කෙරෙහි ඇදීම නොවේද, ඇවැත්නි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යයන් දක්නා ස්වභාව ඇත්නාවූ, ආය්‍ර්‍යධර්‍මයෙහි දක්ෂවූ ආය්‍ර්‍යධර්‍මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි දක්ෂවූ , සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුනාවූ ඇසූපිරූ තැන් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවක තෙමේ රූපය තමා වශයෙන් හෝ නොදක්නේය.තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රුපය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. වේදනාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංඥාව තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංස්කාර තමා වශයෙන් හෝ නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දෙකී. විඥානය තමා වශයෙන් හෝ නොදක්නේය. තමා විඥානය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. විඥාණය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. තමා විඥානය කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය.

ඇවැත්නි, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා වශයෙන් ඇදගැනීම නොවේ.

12. 1. ´´ අතීත පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේ ද එය ප්‍රහීන වූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේ ය.

2. ´´ වර්‍තමාන වූ යම් ස්කන්ධයක් වේ ද, එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්‍ශනා වඩන්නේය. රාගාදීන්ගෙන් විසිරීමක් නැත්තාවූ කුපිත නොවන්නාවූ ඒ විදර්‍ශනාව පණ්ඩිත භික්ෂූතෙම වඩන්නේය.

3. ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළයුත්තේය. හෙට මරණය සිදවේදැයි කවරෙක් දන්නේද? මහා සේනාවක් ඇති ඒ මාරයා සමඟ ගිවිසුමක් අපට නැත්තේය.

4. ´´ මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි අනලස් වූ ඒකාන්තයෙන් මෙසේ පිළිපන් ඒ පුද්ගලයා යහපත්වූ එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්ත වූ බුද්ධ මුනි තෙමේ වදාළේය.

´´ ස්වාමිණි, මම මෙසේ වනාහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූයෙමි. යෙදවූයෙමි. තෙද ගැන්වූයෙමි. සතුටු කෙළෙමි. යහපත් එක් රාත්‍රියක් ඇත්තහුගේ මාතෘකාවත් විස්තර විභාගයත් ප්‍රකාශ කෙළෙමි යි ´´ සැලකෙළේය.

13. ´´ යහපති ආනන්දය, යහපති ආනන්දය, ඔබ ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නෙයන්නේය. අනාගත පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණාව නොපවත්වන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේද එය ප්‍රහීණවූයේ වෙයි. යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේය. ඒකාන්තයෙන් ඒ පුද්ගලයා යහපත් එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්ත වූ බුද්ධමුනි තෙම වදාළේයයි භික්ෂූන්ට ධර්‍ම කථාවක් දැක්වූයෙහි ය, එහි සමාදන් කරවූයෙහිය, උත්සාහවත් කරවූයෙහිය, පැහැද වූයෙහිය,රාත්‍රියකගේ සංක්ෂේපයෙන් ද විස්තර වශයෙන්ද කීයෙහිය.

14. ´´ ආනන්දය, කෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේ ද? ´´ මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්කේ වූයෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාල යෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය.මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. ආනන්දය මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.

15. ´´ ආනන්දය කෙසේ වනාහිඅතීත ස්කන්ධයන් අනුව නොයන්නේ ද ? ´´ මම අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. මම අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය.මම අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. මම අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මම අතීත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වීමියි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. ඇනන්දය, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.

16. ´´ ආනන්දය කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කෙරේද? ´´ අනාගත කාලයෙහ ිමම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්කේ වන්නෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව පවත්වන්නේ ය. ආනන්දය, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේ ය.

17. ´´ ආනන්දය, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකෙරේ ද? ´´ අනාගත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව නොපවත්වන්නේ ය. අනාගත කාලයෙහි මම මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මම මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙමි යි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. ආනන්දය, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකරන්නේය.

18. ´´ ආනන්දය, කෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇදගනී ද? ආනන්දය, මේ ශාසනයෙහි ආය්‍ර්‍යයන් නොදක්නා ස්වභාවය ඇත්තාවූ ආය්‍ර්‍ය ධර්‍මයෙහි දක්ෂ නොවූ ආය්‍ර්‍යධර්‍මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුනාවූ, ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන තෙමේ රූපය තමා වශයෙන් හෝ දකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකී.රූපය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා රූපය කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. වේදනාව තමා වශයෙන් හෝ දකීි. තමා වේදනාව ඇත්තෙකියි කියා හෝ දකී. වේදනාව තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකී.තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී.සංඥාව තමා වශයෙන් හෝ දකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ දකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. සංස්කාර තමා වශයෙන් හෝ දකී. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ දකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. විඤ්ඤාණය තමා වශයෙන් හෝ දකී. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ දකී. විඤ්ඤාණය තමා කරෙහි ඇත්තේයයි කියා හෝ දකී. තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකී. ආනන්දය, මෙසේ වනාහි වර්‍තමන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ඇදගනී.

19. ´´ ආනන්දය , කෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ ඇදීම නොකෙරේ ද ? ආනන්දය, මේ ශාසනයෙහි ආය්‍ර්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි දක්ෂවූ, ආය්‍ර්‍යධර්‍මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයින් දක්නා ස්වභාව ඇත්තාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුනාවූ, ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවක තෙමේ රූපය තමා වශයෙන් හෝ නොදකී. තමා රූපය ඇත්තෙකැයි කියා හෝනොදකී. රූපය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා රූපය කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. වේදනාව තමා වශයෙන් හෝ නොදකී.තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ නොදකිී. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා වේදනාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංඥාව තමා වශයෙන් හෝ නොදකී. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. සංස්කාර තමා වශයෙන් හෝ නොදකී.තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදකී. සංස්කාර තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ නොදකී.තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. විඤ්ඤාණය තමා වශයෙන් හෝ නොදකී. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි කියා හෝ නොදකී. විඤ්ඤාණය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී.තමා විඤ්ඤාණය කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදකී. ආනන්දය, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්ධයන් කෙරෙහි තාෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් ඇදීම නොකෙරේ.

20. (1) ´´ ඉකුත් පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් අනුව නොයන්නේය. නොපැමිණියාවූ පඤ්චස්කන්ධයෙහි තෘෂ්ණා වශයෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යම් ස්කන්ධයක් ඉක්මගියේ ද, එය ප්‍රහීණ වූයේ වෙයි.යම් ස්කන්ධයක් අනාගතද එය නොපැමිණියේ ය.

(2) ´´ වර්‍තමාන වූ යම් ස්කන්ධයක් වේද , එය ඒ උපන් උපන් තන්හි අනිත්‍යානුපස්සනාදී වශයෙන් විදර්‍ශනා වඩන්නේය. ඒ විදර්‍ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට , කුපිත නොකොට පණ්ඩිත භික්ෂූතෙම වඩන්නේය.

(3) ´´ අදම කෙළෙස් තවන වීය්‍ර්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවේදැයි කවරෙක් දන්නේ ද ? මහා සේනාවක් ඇති ඒ මාරයා සමග අපට ගිවිසුමක් නැත්තේය.

(4) ´´ මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි අනලස් වූ ඒකාන්ත යෙන් මෙසේ පිළිපත් ඒ පුද්ගලයා යහපත් රාත්‍රියක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාළේය යි භාග්‍යවතුන්වහන්සේ මේ සූත්‍රය වදාළේය.

සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සෙගේ දේශනාවට විශෙෂයෙන් සතුටු වූයේ යි ´´

ආනන්ද භද්දෙකරත්ත සූත්‍රය නිමි (492 )