142. දක්ඛිණවිභංග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදි. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නීග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ අළුත්වූ වස්ත්‍ර දෙකක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට එළඹියාය. එළඹ, භාග්‍යවතුන් වහන්සෙට වැඳ එකත්පසක හුන්නීය. එකත්පසක හුන්නාවූ මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය.

2. ,ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදි. තමන් විසින්ම වියන ලදි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුවළ අනුකම්පා පිණිස පිළිගන්නා සෙක්වා, යනුයි. මෙසේ කී කල්හී භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. ,ගෞතමිය, සංඝයාට දෙව. තී විසින් සංඝයාට දූන් කල්හී, මමද පුදනලද්දේ වන්නෙමි, සංඝයාද (පුදනලද්දේ ) වන්නේය යනුයි. දෙවනුවද මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය. ,ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදි. තමන් විසින්ම වියන ලදි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුග්මය, අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා, යනුයි. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. ,ගෞතමිය, සංඝයාට දෙව, තී විසින් සංඝයාට දූන් කල්හී, මමද පුදනලද්දේ වන්නෙමියි, සංඝ තෙමේද පුදනලද්දේ වන්නේය යනුයි. තුන්වෙනුවද මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාය. ,ස්වාමීනි, මාගේ මේ අළුත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින්ම කටින ලදි. තමන් විසින්ම වියන ලදි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ වස්ත්‍ර යුග්මය, අනුකම්පා පිණිස පිළිගන්නා සෙක්වා, යනුයි. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. ,ගෞතමිය, සංඝයාට දෙව, තී විසින් සංඝයාට දූන් කල්හී, මමද පුදනලද්දේ වන්නෙමියි, සංඝ තෙමේද පුදනලද්දේ වන්නේයි,.

3. මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. ,ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මහාල්‍රජාපතී ගෞතමියගේ අළුත් වස්ත්‍ර යුවළ පිළිගන්නා සේක්වා. ස්වාමීනි, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය. මව්ගේ සහෝදරිය. අත් පා වැඩූ තැනැත්තීය, පොෂණය කළ තැනැත්තීය, කිරි දූන් තැනැත්තීය. භාග්‍යවතුන් වහන්සේට වැද්‍ර මව කළුරිය කළ කල්හී කිරි පෙව්වාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇත්තේ වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ බුදූන් සරණ කොට ගියාය. ධර්‍මය සරණ කොට ගියාය. සංඝයා සරණ කොට ගියාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ සතුන් මැරීමෙන් වැළකුනීය, හොරකම් කිරීමෙන් වැළකුනීය, කාමයන්ගෙන් වරදවා හැසිරීමෙන් වැළකුනීය, බොරු කීමෙන් වැළකුනීය, රහමෙර පානය කිරීමෙන් වැළකුනීය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේනිසා මහාප්‍රජජාපතී ගෞතමී තොමෝ බුදූන් කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්ත වූවාය. ධර්‍මය කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්ත වූවාය. සංඝයා කෙරෙහි අචලවූ ප්‍රසාදයෙන් යුක්ත වූවාය. ආය්‍ර්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ දූක්ඛ සත්‍යයෙහි සැක නැති වූවාය. දූක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැති වූවාය. දූක්ඛ නිරොධ සත්‍යයෙහි සැක නැති වූවාය. දූක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්‍ග සත්‍යයෙහි සැක නැති වූවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහාප්‍රජාපතී ගෞතමියට උපකාර ඇති සේකැයි,, (සැලකෙළේය )

4. ,ආනන්දය එය එසේය, ආනන්දය, එය එසේය. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම බුදූන් සරණ කොට ගියේ වේද, ධර්‍මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද, ආනන්දය, මේ ආචාය්‍ර්‍යවූ පුද්ගලයාට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රතිඋපකාර කළ නොහැක්කේයයි, කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරු බුහුමන් කිරීමය, සිව්රුය, පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය, යන මොවුන් දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙනි වැළකුනේ වේද, ආනන්දය, මේ ආය්‍ර්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යූපකාර ( උපකාරයට උපකාර ) කළ නොහැකියයි කියමි.

,එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම බුදූන් කෙරෙහි, අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ධර්‍මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ආය්‍ර්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූයේ වේද, ආනන්දය, මේ ආචාය්‍ර්‍යවූ පුද්ගලයාහට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර කළ නොහැකියයි කියමි. එනම්, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ඇඳිලි කිරීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර දීමෙනි. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම දූක්ඛ සත්‍යයෙහි සැක නැත්තේ වේද, දූක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැත්තේ වේද, දූක්ඛ නිරොධ සත්‍යයෙහි සැක නැත්තේ වේද, දූක් නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්‍ග සත්‍යයෙහි සැක නැත්තේ වේද, ආනන්දය, මේ ආචාය්‍ර්‍යවූ පුද්ගලයාහට අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර කළ නොහැකියයි කියමි. එනම්, වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි කිරීම, ගරුබුහුමන් කිරීම, චීවර, පිණ්ඩපාතය, සයනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දීම යන මෙයිනි.

5. ,ආනන්දය, පුද්ගලික දාන මේ දහහතරක් වෙත්. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ පළමුවන පුද්ගලික දානයයි. පසේ බුදූන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි. තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන්වන පුද්ගලික දානයයි. අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි. අනාගාමි පුද්ගලයකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි. අනාගාමි ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි. සකෘදාගාමි පුද්ගලයකුට දානය දේද, මේ සත්වන පුද්ගලික දානයයි. සකෘදාගාමි පුද්ගලයකුට දානය දේද, මේ සත්වන පුද්ගලික දානයයි. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි. සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි. සස්නෙන් බැහැරවූ කාමයන්හි පහවූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන දූශ්ශීලයකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි. තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද, මේ දහහතරවන පුද්ගලික දානයයි.

6. ,ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන දූශ්ශීලයකු කෙරෙහි දානයදී, දහසක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානයදී ලක්‍ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. ශාසනයෙන් පිටත්හිවූ කාමයන්හි පහවූ රාගය ඇත්තකු කෙරෙහි දානයදී කෝටිලක්‍ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානයදී සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද ? සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේද ? සකෘදාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද ? අනාගාමි ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේද ? අනාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද ? අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේද ? තථාගත රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේද ? පසේබුදූන් කෙරෙහි කියනුම කවරේද ? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි (දූන් දනෙහි අනුසස් ) කියනුම කවරේද ?

7. ,ආනන්දය, මේ සංඝික දාන සතක් වෙත්. කවර සතක්දයත් ? බුදූන් ප්‍රධාන (භික්‍ෂු භික්‍ෂුණී යන ) උභතො සංඝයා විෂයෙහි දානය දේද, මෙය පළමුවන සංඝික දානයයි. තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හී උභතො සංඝයා විෂයෙහි දානය දේද, සෙය දෙවන සංඝික දානයයි. භික්‍ෂු සංඝයා විෂයෙහි දානය දේද, මේ තුන්වන සංඝික දානයයි. භික්‍ෂුණී සංඝයා විෂයෙහි දානය දේද, මේ සතරවන සංඝික දානයයි. මෙතෙක් භික්‍ෂුහුද භික්‍ෂුණීහුද මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය පස්වන සංඝික දානයයි. මෙතෙක් භික්‍ෂුහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සයවන සංඝික දානයයි. මෙපමණ භික්‍ෂුණීහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සත්වන සංඝික දානයයි. ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගොත්‍රය පමණක් ඇත්තාවූ, ලාමක ස්වභාව ඇත්තාවූ, කාසාවකණ්ඨ නම් දූශ්ශීලයෝ වන්නාහුමය. ඒ දූශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති, ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. ආනන්දය, කිසියම් ආකාරයකින් සංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයයි නොමකියමි.

8. ,ආනන්දය, මේ දාන විසුද්ධීහු සතරක් වෙත්. කවර සතරක්දයත් ? ආනන්දය, දායකයා කෙරෙන් පිරිසුදූ වේද, ( මහත්ඵල වේද ) ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදූ නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදූ වේද, දායකයා කෙරෙන් පිරිසිදූ නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසිදූ නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදූ නොවේද, එබඳු දානයක් ඇත්තේය. ආනන්දය, දායකයා කෙරෙනුත් පිරිසිදූ වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදූ වේද, එබඳු දානයක් ඇත්තේය.

9. ,ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙන් පිරිසිදූ වේද, ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදූ නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම සිල්වත්වූ යහපත් ස්වභිව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ දූශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෝ වෙත්ද, ආනන්දය, මෙසේ වනාහී දානය දයකයා කෙරෙන් පිරිසිදූ වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදූ නොවේ.

10. ,ආනන්දය, කෙසේ නම් දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන්පිරිසිදූ වේද, දායකයා කෙරෙන් පිරිසිදූ නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම දූශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාහූ වෙත්ද, ආනන්දය, මෙසේ වනාහී දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදූ වේ. දායකයා කෙරෙන් පිරිසිදූ නොවේ.

11. ,ආනන්දය, කෙසේ නම් දානය දයකයා කෙරෙනුත් පිරිසිදූ නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදූ ? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේද දූශ්ශීලවූ ලාමකවූ ස්වභාව ඇත්තෙක්වේ. ප්‍රතිග්‍රාහකයෝද දූශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තාහූ වෙත්. ආනන්දය, මෙසේ වනාහී දානය දායකයා කෙරෙහිද පිරිසිදූ නොවේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන්ද පිරිසිදූ නොවේ.

12. ,ආනන්දය, කෙසේ නම්, දානය දයකයා කෙරෙනුත් පිරිසිදූ වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදූ වේද ? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේත් සිලවත් යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝත් සිලවත් යහපත් ස්වභාව ඇත්තාහූ වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දයකයා කෙරෙනුත් පිරිසිදූ වේ. හෙවත් මහත්ඵල වේ. ප්‍රතාග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදූ වේ.

13. ,ආනන්දය, මොහු වනාහී දාන විසුද්ධීහූ සතරවෙත්යයි, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා, ශාස්තෲන් වහන්සේ නැවතද මෙසේ වදාළෙය.

1. සිලවත්වූ යමෙක් දැහැමින් ලද දෙයින් මනා පහන් සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය අදහමින් දූශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසිදූ වේ.

,2. යම් දූශ්ශීලයෙක් අධර්මයෙන් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් නැත්තේ මහත්වූ කර්මඵලය නොඅදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදූ වේ.

,3. යම් දූශ්ශීලයෙක් තෙම අධර්මයෙන් ලදදෙයින් අප්‍රසන්න සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය නොඅදහමින් දූස්සීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දෙපසින්ම පිරිසිදූ නොවේ.

,4. යම් සීලවන්තයෙක් තෙම දැහැමින් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය මහත්වූ විපාක ඇත්තේයයි කියමි.

,5. .යම් පහවූ රාග ඇති පුද්ගලයෙක් දැහැමින් ලදදෙයින් යහපත් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් රහතුන් විෂයෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය ආමිස දාන අතුරෙන් අග්‍රයයි, කියමි.

දක්‍ෂිණ විභංග සූත්‍රය නිමි. ( 4 – 12 )

141. සච්චවිභද්ධග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ´´මහණෙනි, කියා ආමන්ත්‍රණය කළ සේක. ´´පින්වතුන් වහන්සැයි,´´ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර සමීපයෙහිවූ මිගදාය නම් ඉසිපතනාරාමයෙහිදී ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදී. එනම්, චතුරාර්ය සත්‍යයන්ගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යනුයි) කවර චතුරාර්ය සත්‍යයන්ගේද? දුක්ඛ නම් ආර්ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ සමුදය නම් ආර්ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ නිරෝධ නම් ආර්ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා නම් ආර්ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යන සතරයි). මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස සමීපයෙහිවූ මිගදාය නම් ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිකෙනෙකු විසිනුත් නොපැවැත්වියහැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදී. එනම්, මේ සතර ආර්ය සත්‍යයන්ගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය.

3. ´´මහණෙනි, ශාරිපුත්‍ර මොග්ගල්ලායනයන් භජනය කරව. පණ්ඩිතවූ (ඒ) භික්ෂුහු බඹසර ඇත්තවුන්ට අනුග්‍රහ කරන්නාහුය. මහණෙනි, වැදූ මව යම්සේද ශාරිපුත්‍ර තෙමේ එමෙනි. උපන්නහුගේ පෝෂණය කරන්නාවූ මව යම්සේද, මොග්ගල්ලාන තෙමේ එවැනි වේ. මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ සෝවාන් ඵලයෙහි හික්මවයි. මොග්ගල්ලාන තෙමේ ඉහළ ඵලයන්හි හික්මවයි. මහණෙනි, ශාරිපුත්‍ර තෙම චතුරාර්ය සත්‍යයන් විස්තර වශයෙන් කියන්ට දේශනා කරන්ට පනවන්ට පිහිටුවන්ට විවරණය කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට සමර්ථවේයයි´´ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක.

4. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ බැහැර ගිය නොබෝ කල්හි භික්ෂූන්ට ´ඇවැත් මහණෙනියි´´ ආමන්ත්‍රණය කළ සේක. ´ඇවැත්නි,´´ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙමේ මෙය ප්‍රකාශ කෙළේය. ´´ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිවෙකු විසින් හෝ නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්මචක්‍රය පවත්වන ලදී. එනම්, මේ චකුරාර්ය සත්‍යයන්ගේ කීමයි. දෙසීමයි. පැනවීමයි. පිහිටුවීමයි, ප්‍රකාශ කිරීමයි, විභාග කිරීමයි, ප්‍රකට කිරීමයි. කවර සතර ආර්ය සත්‍යයන්ගේද? දුක්ඛ නම් ආර්ය සත්‍යයාගේ කිරීමය දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ සමුදය නම් ආර්ය සත්‍යයාගේ දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ නිරොධ නම් ආර්ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැනවීමය, පිහිටුවීමය, ප්‍රකාශ කිරීමය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා නම් ආර්ය සත්‍යයාගේ කීමය, දෙසීමය, පැන වීමය, පිහිටුවීමය, විවරණය, විභාග කිරීමය, ප්‍රකට කිරීමය, (යනුයි).

5. ´´ඇවැත්නි, දුක්ඛ නම් ආර්ය සත්‍යය කවරේද? ඉපදීමද දුක්වේ. දිරීමද දුක්වේ. මැරීමද දුක්වේ. සොක කිරීමය, වැලපීමය, කායික දුකය, දොම්නසය, දැඩි වෙහෙසය යන මොහුද දුක් වෙත්. කැමැති වන්නාවූ යමක් නොලැබේද, එයද දුක්වේ. කොටින්, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ දුක් වෙත්.

´´ඇවැත්නි, ඉපදීම නම් කවරීද, ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක්, හටගැනීමක්, පිළිසිඳීමක්, පහළවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද, ඇවැත්නි, මෙය ජාතියයි කියනු ලැබේ. (ඉපදීමයයි කියනු ලැබේ).

´´ඇවැත්නි, ජරාව කවරීද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ජරාවක් දිරණ බවක්, කැඩෙන බවක්, පැසෙන බවක්, රැලි වැටුනු සිවිය ඇති බවක්, ආයුෂයාගේ පිරිහීමක්, ඉන්ද්‍රයන්ගේ මේරීමක් වේද, ඇවැත්නි, මෙය ජරාවයයි කියනු ලැබේ.

´´ඇවැත්නි, මරණය කවරේද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙන් යම් චුතවීමක්, චුතවන බවක්, බිඳීමක්, අතුරුදන්වීමක්, මරණයක්, කථරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරයාගේ බහාතැබීමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ.

´´ඇවැත්නි, ශෝක කිරීම නම් කවරේද? ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුට එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියහුට යම් ශෝකයක්, තැවීමක්, තැවීම ඇති බවක්, ඇතුළත කැවීමක්, ඇතුලත අතිශයින් තැවීමක් වේද, ඇවැත්නි, මේ ශෝකයයි කියනු ලැබේ.

´´ ඇවැත්නි, වැළපීම කවරේද, ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුගේ එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියහුගේ යම් ආදෙවයක්, පරිදෙවයක්, හැඬීමක්, වැළපීමක්, හැඬීම ඇතිබවක්, වැළපෙන ස්වභාවයක් වේද, ඇවැත්නි, මේ වැළපීමයයි කියනු ලැබේ.

6. ´´ඇවැත්නි, දුක නම් කවරේද? ඇවැත්නි, යම් කයෙහි හටගන්නාවූ දුකක්, කයෙහි හටගන්නාවූ නොසැපයක්, කයේ වැදීමෙන් හටගන්නාවූ දුකක් නොසැපයක්, විඳ ගැනීමක් වේද, ඇවැත්නි, මේ දුකයයි කියනු ලැබේ.

´´ඇවැත්නි, දොම්නස කවරේද? ඇවැත්නි, යම් සිතෙහි හටගන්නාවූ දුකක් වේද, සිතෙහි හටගන්නාවූ නොසැපවූ විඳ ගැනීමක් වේද, මනො සම්ඵස්සයෙන් හට ගන්නාවූ දුකක් නොසැපවූවක් විඳගැනීමක් වේද, ඇවැත්නි, මෙය දොම්නසයයි කියනු ලැබේ.

´´ඇවැත්නි, දැඩිවූ වෙහෙස කවරේද? ඇවැත්නි, එක්තරා එක්තරා විනාශයකින් යුක්තවූවහුට එක්තරා එක්තරා දුක් ස්වභාවයක් පැමිණියහුට යම් වෙහෙසක්, දැඩිවූ ශෝකයක්, වෙහෙසට පැමිණි බවක්, දැඩිවූ ශොක ඇති බවක් වේද, ඇවැත්නි, මෙය උපායාසයයි කියනු ලැබේ.

´´ඇවැත්නි, කැමතිවූ යමක් නොලබාද එයද දුක්වේ. යනු කවරේද? ඇවැත්නි, ඉපදීම ස්වභාවකොට ඇත්තාවූ සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළ වේ. ´අපි ඉපදීම ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට ඉපදීම නොපැමිණෙන්නේ නම් යහපතැයි´ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද කැමති යමක් නොලබා නම්, එයද දුක් වේ. ඇවැත්නි, දිරීම ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට දිරීම නොපැමිණෙන්නේ නම් ඉතා හොඳය´ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද කැමති යමක් නොලබා නම් එයද දුක්වේ. ඇවැත්නි, ව්‍යාධිය ස්වභාවකොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළ වේ. ´අපි ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට ව්‍යාධිය නොපැමිණෙන්නේ නම්, ඉතා හොඳයයි´ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද, කැමති යමක් නොලබානම් එයද දුක්වේ.

´´ඇවැත්නි, මරණය ස්වභාවකොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහණ වේ. ´අපි මරණය ස්වභාවකොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට මරණය නොපැමිණෙන්නේ නම් ඉතා හොඳයි´ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද කැමැති යමක් නොලබා නම් එයද දුක්වේ.

´´ඇවැත්නි, ඇතුළත තැවීමය, වැළපීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩිවූ ආයාසය යන මොවුන් ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් උපදියි. ´අපි ඇතුළත තැවීමය, විලාප කීමය, කායික දුකයි, තෛසික දුකය, දැඩිවූ ආයාසය යන මොවුන් ස්වභාව කොට ඇත්තෝ නොවන්නෙමු නම්, අපට ඒකාන්තයෙන් ශෝක, පරිදෙව, දුක් දොම්නස් යන මොහු නොපැමිණෙන්නාහු නම් යහපති´ කියායි. මෙය වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුතුයි. මෙයද කැමැති යමක් නොලබයිද, එයද දුක් වේ.

7. ´´ඇවැත්නි, සැකෙවින් පඤ්ච උපාදාන ස්කන්ධයෝ දුක් වෙති. යනු කවරහුද, එනම් රූපොපාදාන ස්කන්ධය, වෙදනොපාදාන ස්කන්ධය, සංඥොපාදාන ස්කන්ධය, සංස්කාරොපාදාන ස්කන්ධය, විඥානොපාදාන ස්කන්ධය යන මොහුයි. ඇවැත්නි, මොව්හු සැකෙවින් පඤ්චොපාදාන ස්කන්ධයෝ දුක් වෙත්යයි කියනු ලැබෙත්.

´´ඇවැත්නි, මේ දුඃකාර්යසත්‍යයයි කියනු ලැබේ.

8. ´ඇවැත්නි, දුක්ඛසමුදය නම් ආර්ය සත්‍යය කවරේද? නැවත භවය ගෙණදෙන්නාවූ සතුටුවීමයයි කියන ලද ඇල්මෙන් යුක්තවූ ඒ ඒ තන්හි ඇථම් කරන්නාවූ යම් මේ තෘෂ්ණාවක් වේද, එනම්, කාමතෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යන මොහුයි. ඇවැත්නි, මේ දුක්ඛසමුදාය නම් ආර්ය සත්‍යයයි කියනු ලැබේ.

9. ´´ඇවැත්නි, දුක්ඛ නිරොධ නම් ආර්ය සත්‍යය කවරේද? ඒ තෘෂ්ණාවගේම ශේෂ රහිතව (ඉතිරිවීමක් නැතිව) නොඇලීමෙන් යම් නිරෝධයක්, ත්‍යාගයක්, දුරලීමක්, මිදීමක්, ඇථම් රහිත බවක් වේද, ඇවැත්නි, මෙය දුක්ඛනිරෝධ නම් ආර්යසත්‍යයයි කියනු ලැබේ.

10. ´´ඇවැත්නි, දුක් නිරුද්ධකිරීම පිණිස ගමන් කරන්නාවූ ප්‍රතිපදාව නම් ආර්යසත්‍යය කවරේද? මේ ආර්ය අෂ්ටාද්ධගික මාර්ගමැයි. එනම්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.

11. ´´ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය කවරීද? ඇවැත්නි, දුක්ඛ සත්‍යයෙහි යම් දැනීමක් වේද, දුක්ඛ සමුදය සත්‍යයෙහි යම් දැනීමක් වේද, දුක්ඛ නිරෝධ සත්‍යයෙහි යම් දැනීමක් වේද, දුක් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි යම් දැනීමක් වේද, ඇවැත්නි, මෙය සම්‍යක් දෘෂ්ටියයි කියනු ලැබේ.

12. ,ඇවැත්නි, සම්‍යක් සංකල්පය නම් කවරේද ? කාමයන්ගෙන් සිත බැහැර කිරීමෙහි සංකල්පනාවය. ක්‍රොධ නොකිරීම පිළිබඳ සංකල්පනාවය, හිංසා නොකිරීම පිළිබඳ සංකල්පනාවය යන මොහුයි. ඇවැත්නි මේ සම්‍යක් සංකල්පයයි කියනු ලැබේ.

13. ,ඇවැත්නි, සම්‍යක් වචනය කවරේද ? බොරු කීමෙන් වැළකීමය, කේලාම් කීමෙන් වැළකීමය, රළුවචන කීමෙන් වැළකීමය, හිස් කථාවෙන් වැළකීමය යන මොහුයි. ඇවැත්නි, මේ සම්‍යක් වචනයයි කියනු ලැබේ.

14. ,ඇවැත්නි, සම්‍යක් කර්‍මාන්තය නම් කවරේද ? සතුන් මැරීමෙන් වැළකීමය, සොරකම් කිරීමෙන් වැළකීමය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමය යන මොහුයි. ඇවැත්නි, මේ සම්‍යක් කර්‍මානතයයි කියනු ලැබේ.

15. ,ඇවැත්නි, සම්‍යක් ආජීවය නම් කවරේද ? ඇවැත්නි, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවක තෙම වැරදිවූ ජීවිකාව හැර යහපත්වූ ජීවිකාවෙන් දිවි පැවැත්ම කෙරේද, ඇවැත්නි, මේ සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.

16. ,ඇවැත්නි, සම්‍යක් ව්‍යායාමය නම් කවරේද ? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි ව්‍යාම කරයි. වීය්‍ර්‍ය පටන්ගනියි. සිත දැඩිකර ගණියි, උත්සාහ කරයි. උපන්නාවූ ලාමකවූ අකුසල ධර්‍මයන්ගේ දූරු කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීය්‍ර්‍යය පටන් ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. නූපන්නාවූ කුසල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීය්‍ර්‍යය පටන්ගනියි සිත දැඩිකර ගනියි. උපන්නාවූ කුසල කර්‍මයන්ගේ පැවැත්ම පිණිස, මුළා නොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්වීම පිණිස, භාවනාවෙන් සම්පූර්‍ණ කිරීම පිණිස ආලය උපදවයි. වෑයම් කරයි. වීය්‍ර්‍යය පටන්ගනියි. සිත දැඩිකර ගනියි. උත්සාහ කරයි. ඇවැත්නි, මේ සම්‍යක් ව්‍යායමයයි කියනු ලැබේ.

17. ,ඇවැත්නි සම්‍යත් ස්මෘතිය නම් කවරේද ? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, මනා දැනුම ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලොභය හා දොෂය දූරුකොට කයෙහි කය අනුව බලමින් වාසය කරයි. වේදනාවන්හි වේදනාවන් අනුව බලන්නේ, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, මනා දැනුම ඇත්තේ, සිහි ඇත්තේ, ස්තන්ධ ලොකයෙහි ලොභය හා දොෂය දූරු කොට වාසය කරයි. සිතෙහි සිත අනුව බලන්නේ කෙළෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, මනා දැනුම ඇත්තේ, සිහි ඇත්තේ, ලොකයෙහි ලොභය හා දොෂය දූරු කොට වාසය කරයි. කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, මනා දැනුම ඇත්තේ, සිහි ඇත්තේ, ලොභය හා දොෂය දූරු කොට ධර්‍මයන්හි ධර්‍මය අනුව දකිමින් වාසය කරයි. ඇවැත්නි, මෙය සම්‍යක් ස්මෘතියයි කියනු ලැබේ.

18. ,ඇවැත්නි, සම්‍යක් සමාධිය නම් කවරේද ? ඇවැත්නි, මේ ෂාසනයෙහි භික්‍ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයේ පැහැදීම ඇති සත පිළිබඳ එකඟ බව ඇත්තාවූ, විතර්‍ක රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ, කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්‍ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප වාහරණය ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ පැමිණ වාසය කරයි. සැපයනැති කිරීමෙන් දූක නැතිනිරීමෙන් කල් ඇතිවම සෙම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දූක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසුදූ බැව් ඇති චතුත්‍ර්‍ථධ්‍යානයට පැමිණ වවාසය කරයි. ඇවැත්නි, මේ සම්‍යක් සමාධියයි කියනු ලැබේ. ඇවැත්නි, මේ දූක් නිරුද්ධ කිරීම පිණිස ගමන් කරන්නාවූ මාර්‍ගය නම්, ආය්‍ර්‍යසත්‍යයයි කියනු ලැබේ.

19. ,ඇවැත්නි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරනැස් නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරුවෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලෝ කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකි නිරුත්තරවූ ධර්‍මචක්‍රය පවත්වන ලදි. එනම්, මේ සිව්වැදෑරුම්වූ ආය්‍ර්‍ය සත්‍යයන්ගේ කීම, දෙසීම, පැනවීම, පිහිටුවීම, විවරණය, විභජනය, ප්‍රකටකිරීම යනුයි.

ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම මෙය ප්‍රකාශ කෙළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂූහු ආයුෂමත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

එකොළොස් වැනිවූ සච්චවිභංග සූත්‍රය නිමි. ( 4 – 11 )

140. ධාතු විභඞග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වල සැරිසරණසේක් රජගහනුවර යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. භග්ගව නම් කුම්භකාරතෙම යම් තැනෙක්හිද එතැනට එළඹිසේක එළඹ, භග්ගව නම් කුම්භකාරයාට මෙය වදාළේය. ´´භග්ගවය, ඉදින් තොපට බරක් නොවේ නම් කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි´´ යනුයි. ´´ස්වාමීනි, මට නම් බරක් නොවේ. මෙහි පළමුකොට වාසයට එළඹියාවූ පැවිදිවූ තැනැත්තෙක්ද ඇත්තේය. ඉදින් හෙතෙම අවසර දෙයි නම් ස්වාමීන්, සැපසේ වාසය කරනු මැනවැ´යි කීය.

2. ´´එකල්හි වනාහි පුක්කුසාකි නම් කුලපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙම ඒ කුම්භකාර ශාලාවෙහි පළමු වාසයට එළඹියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තෙමේ යම් තැනෙක්හිද එතැනට එළඹිසේක. එළඹ, ආයුෂ්මත් පුක්කුසාතිහට මෙය වදාළේය. ´´මහණ, ඉදින් තොපට බරක් නොවේනම්, කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි´´යි ´´ඇවැත්නි, කුම්භකාර ශාලාව ඉඩ ඇත්තේය. ආයුෂ්මත් තෙමේ සැපසේ වාසය කෙරේවා´´යි කීය.

3. ´´ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර ශාලාවට ඇතුල්ව එක්පසක ථන ඇතිරියක් පනවා පළඟ බැඳගෙණ කය සෘජුකොට පිහිටුවා සිහිය ඉදිරිපත්කොට එළවා වැඩහුන්සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි වැඩි කාලයක් හිඳීමෙන් ඉක්මවූ සේක. පුක්කුසාති ආයුෂ්මත් තෙමේද රාත්‍රියෙහි වැඩි කාලයක් හිඳ ගැණීමෙන් ඉක්ම වූයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ´මේ කුලපුත්‍ර තෙමේ වනාහි ප්‍රසාද එලවන පරිද්දෙන්ම ඉරියම් පවත්වයි. මම අසන්නෙම් නම්, යෙහෙකැයි කියාය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාති ආයුෂ්මතුන්ට මෙය වදාළේය. ´´මහණ, නුඹ කවරෙකු උදෙසා පැවිදිවූයේ වෙහිද? නුඹගේ ශාස්තෘ තෙමේ හෝ කවරෙක්ද, නුඹ කවරෙකුගේ හෝ ධර්මයක් කැමැති වන්නෙහිදැයි ඇසූහ.

4. ´´ඇවැත්නි, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත්තේය. ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ශබ්දයෙක් පැන නැංගේය. ඒ භාග්‍යවත් තෙමේ මේ කාරණයෙනුත් අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණ සම්බපන්නය, සුගතය, ලෝකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ථවාහකයෙකු බඳුය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙකි, බුද්ධය, භාග්‍යවත්ය, යනුවෙනි. මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයේ වෙමි. ඒ භාග්‍යවත් තෙමේ මාගේ ශාස්තෘ වෙයි. මම ඒ භාග්‍යවත්හුගේ ධර්මය කැමති වෙමි´යි කීය.

5. ´´මහණ, මේ කාලයෙහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ කොතැන්හි වාසය කරණසේක්දැ´යි ඇසූහ. ´´ඇවැත්නි, උතුරු දනව්වල සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි මේ කාලයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වාසය කරණසේකැයි´ කීය.

මහණ, තොප විසින් ඒ භාග්‍යවත් තෙමේදක්නා ලද්දේද, දැක, දැන, හඳුනන්නෙහිදැ´´යි ඇසූහ.´´ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් නොදක්නා ලදී. මම දැක නොහඳුනන්නෙමි´´යි කීය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ´මේ කුලපුත්‍ර තෙමේ වනාහි මා උදෙසා පැවිදිවූයේය. මොහුට මම ධර්මය දේශනා කරන්නෙම් නම් යෙහෙකැ´යි කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තවුසන්ට ආමන්ත්‍රණය කළ සේක. ´´මහණ, තොපට ධර්මය දෙශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමි´´ වදාළේය. ´´ඇවැත්නි, එසේයයි´´ කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

6. ´´මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්ත, වන්නේය. ස්පර්ශ ආයතන සයකින් යුක්ත වන්නේය. සිතේ හැසිරීම් දහඅටකින් යුක්ත යම් තැනෙක්හි සිටිය හුට වැරදි හැගීම් නොපවතිත්ද, එවැනි පිහිටීම් සතරක් ඇත්තාහුය. වැරදි හැගීම් නොපවත් වන්නාවූ ක්ෂිණාශ්‍රව මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. (අරහත් ඵල) ප්‍රඥාවට ප්‍රමාද නොවන්නේය. වාග් සත්‍යය ආරක්ෂා කරන්නේය. කෙලෙස් දුරු කිරීම වඩන්නේය. හෙතෙම කෙලෙස් සංසිඳීමෙහිම හික්මෙන්නේය. මේ වනාහි සවැදෑරුම් ධාතු විභඞගයාගේ උද්දෙසය වේ.

7. ´´මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි, මෙසේ වනාහි මේ කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? පඨවි ධාතුය, අපො ධාතුය, තෙජො ධාතුය, වායෝ ධාතුය, ආකාශ ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි) මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි මෙසේ යමක් කියන ලද නම් එය මේ සඳහා කියනලදී.

8. ´´මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? චක්ඛුසම්ඵස්ස ආයතනය, සොත සම්ඵස්ස ආයතනය, ඝාණ සම්ඵසස්ස ආයතනය, ජීව්හා සම්ඵස්ස ආයතනය, කාය සම්ඵස්ස ආයතනය, මනො සම්පස්ස ආයතනය (යන සයයි) මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තව ඇත්තේ යයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.

9. ´´මහණ, මේ පුරුෂ තෙම දහඅටක්වූ සිතේ හැසිරීම් වලින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? ඇසින් රූපය දැක සොම්සනට කරුණු වූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණු වූ රූපය අනුව හැසිරෙයි. උපේක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. කණින් ශබ්දය අසා සොම්නසට කරුණු වූ ශබ්දය අසා සොම්නසට කරුණු වූ ශබ්දය අනුව හැසිරෙයි. දොම්නසට කරුණු වූ ශබ්දය අනුව හැසිරෙයි. නාසයෙන් සුවඳ ආඝ්‍රණය කොට සොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණු වූ ගන්ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, දොම්නසට කරුණු වූ රසය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණු වූ රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශ කොට සොම්නසට කරුණු වූ ස්පර්ශය අනුව හැසිරෙයි. දොම්නසට කරුණු වූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණු වූ ස්පර්ශය අනුව හැසිරෙයි. සිතින් ධර්මය දැන සොම්නසට කරුණු වූ, ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණු වූ ධර්මය අනුව හැසිරෙයි. උපේක්ෂාවට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. මෙසේ සොම්නසයෙහි හැසිරීම් සයක්ය, දොම්නසයෙහි හැසිරීම් සයක්ය, උපෙක්ෂාවෙහි හැසිරීම් සයක්යයි, (දහඅටක් වෙත්) මහණ, මේ පුරුෂ තෙම අටලොස් සිත් හැසිරීමකින් යුක්ත යයි, මෙසේ ඒ යමක් කියන ලද නම් ඒ මේ සඳහා කියන ලදී.

10. ´´මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේ යයි, මෙසේ වනාහි කියන ලදී. එය කුමක් සඳහා කියන ලදද, ප්‍රඥාව පිහිටීම් කොට ඇත්තේය. සත්‍යය පිහිටීම කොට ඇත්තේය. ත්‍යාගය පිහිටීම් කොට ඇත්තේය. සංසිඳීම පිහිටීම කොට ඇත්තේය. (යන සතරයි.) මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, ඒ මෙය සඳහා කියන ලදී.

11. ´´ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය, සත්‍යය ආරක්ෂා කරන්නේය, ත්‍යාගය වඩන්නේය. හෙතෙම සංසිදීමෙහිම හික්මෙන්නේ යයි, මෙසේ වනාහි මේ කියන ලදී. එය කුමක් සඳහා කියන ලදද? මහණ, කෙසේ නම් ප්‍රඥාව ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවේද, මහණ, මේ ධාතු සයක් වෙත්. පඨවි ධාතුය, අපො ධාතුය, තෙජො ධාතුය, වායෝ ධාතුය, ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි).

12. ´´මහණ, පඨවි ධාතුව කවරීද? පඨවි ධාතුව අධ්‍යාත්මකද වන්නීය, බාහිරද වන්නිීය. මහණ, අධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුව නම් කවරීද, අධ්‍යාත්මිකවූද, තමන් තුළ පවත්නාවූද, යම් තද බවක් රථ බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සහය, මස්ය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුවය, හෘදය මාංශය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපුවය, අතුනුය, අතුනු බහන්ය, නොපැසුණ ආහාරය, මළය, (යන මොහුයි).

´´අන්‍යවූද, කිසියම් අධ්‍යාත්මිකවූ තමා පිළිබඳ තද බවක් රථ බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෝ තොමෝ අධ්‍යාත්මිකවූ පඨවි ධාතුයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ පඨවි ධාතුවක් වන්නීද, යම් බාහිරවූ පඨවි ධාතුවකුත් වන්නීද, මෝ තොමෝ පඨවි ධාතුම වන්නීය. ´එය මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේයයි´ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක පඨවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඅලවයි.

13. ´´මහණ, ආපොධාතුව කවරීද? ආපොධාතුව අධ්‍යාත්මිකද වන්නිීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආපෝධාතුව කවරීද, අධ්‍යාත්මිකව තමන් තුළ පවත්නාවූ යම් වැගිරීමක් වැගිරීම් ගතියක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය යන මොහුද මෙයින් අන්‍යවූද යම් කිසිවක් හෝ අධ්‍යාත්මිකවූ, තමන් පිළිබඳවූ වැගිරීමක් වැගිරෙන බවට පැමිණි දෙයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෙය අධ්‍යාත්මිකවූ ආපෝ ධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යත්මිකවූ අපොධාතුවක් වන්නීද, යම් බාහිරවූ ආපෝ ධාතුවකුත් වන්නීද, එය ආපෝ ධාතුවම වන්නීය. ´එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මැගේ ආත්මය නොවේයයි´ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, ආපෝ ධාතුව කෙරෙහි කලකිරෙයි. ආපොධාතුව කෙරෙහි සිත නොඅලවයි.

14. ´´මහණ තෙජොධාතුව කවරීද, තෙජො ධාතුව අධ්‍යාත්මිකද වන්නීය. බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ තෙජොධාතුව කවරීද, යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ උනුසුමක්, උණුසුම් බවක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, යමකින් තැවේද, යමකින් දිරණු ලැබේද, යමකින් දවනු ලැබේද, යමකින් කනලද බොනලද කඩා කන ලද්ද, දිවගාන ලද දේ, මනාකොට පැසීමට යේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ උණුසුමක්, උණුසුම් බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මකවූ තෙජොධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ තෙජොධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ තෙජොධාතුවකුත් වන්නීද, එය තෙජොධාතුවම වන්නීය. ´එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,´ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, තෙජොධාතුව කෙරෙහි කලකිරෙයි. තෙජොධාතුව කෙරෙහි සිත නොඅලවයි.

15. ´´මහණ, වයොධාතුව කවරීද, වායොධාතුව අධ්‍යාත්මිකද වන්නීය. බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ වායෝධාතුව කවරීද, යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ හැමීමක් වාතයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම් උඩට ගමන් කරන්නාවූ වාතයෝය. යටට ගමන් ගරන්නාවූ වාතයෝය, ආමාශය තුළ පවත්නා වාතයෝය, ආමාශයෙන් පිටත පවත්නා වාතයෝය, අවයව අනුව ගමන් කරන්නාවූ වාතයෝය, ආශ්වාස ප්‍රශ්වාස වාතයය (යනුයි). මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ වාතයක් , හැමීම් ගතියක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ එය අධ්‍යාත්මිකවූ වායොධාතුයයි කියනු ලැබේ. අධ්‍යාත්මිකවූ යම් වායොධාතුවකුත් වන්නීද, බාහිරවූ යම් වායොධාතුවකුත් වන්නීද, එය වායොධාතුවම වන්නීය. ´එය මාගේ නොවෙයි. එය මම නොවෙමියි, එය මාගේ ආත්මය නොවේයයි´, මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නිවණින් දැක, වායොධාතුව කෙරෙහි කලකිරෙයි. වායෝධාතුව කෙරෙහි සිත නොඅලවයි.

16. ´´මහණ, ආකාශධාතු තොමෝ කවරීද? ආකාශ ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආකාශධාතුව කවරීද, අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක්, හිස් බවක්, තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්, කන් සිදුරද, නාස් සිදුරද, මුවදොරද, යමකිනුත් කනලද, බොනලද කඩා කනලද, දිවගාන ලද දෙය දර සිටීද, යමකිනුත් කනලද බොනලද, කඩා කනලද, දිවගාන ලද දෙය යටභාගයෙන් නික්මේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක් හිස්බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ ආකාශධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ ආකාශධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ ආකාශ ධාතුවකුත් වන්නීද, එය ආකාශධාතුව වන්නීය. ´එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නෙවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, ආකාශධාතුව කෙරෙහි කලකිරෙයි. ආකාශධාතුව කෙරෙහි සිත නොඅලවයි.

17. ´´ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ විඤ්ඤාණයම ඉතිරිවේ. ඒ විඤ්ඤාණයෙන් කිසිවක් දැන ගනී. සැපයයිද දනී. දුකයයිද දනී. සැපත් නොවේය දුකත් නොවේයයි දනී. මහණ, සැප වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාව විඳින්නේ, සැප වේදනාව විඳීමයි දැන ගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා හටගත් යම් සැප වේදනාවක් වීද එයද නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැන ගනියි. මහණ, දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා දුක්වූ වේදනාව උපදියි. දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා දුක්වූ වේදනාව උපදියි. දුක් වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්වූ වේදනාව විඳීමියි දැන ගනියි. ඒ දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි. මහණ, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක්ද නොවූ සැපද නොවූ වේදනාව උපදියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳීමියි දැන ගනියි. ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ සුපර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැන ගනියි.

18. ´´මහණ, යම්සේ ලීදඬු දෙකක් එකට ගැටීමෙන් උණුසුම හටගනීද, ගින්න උපදීද, ඒ ලීදඬු දෙක වෙන් වීමෙන් වෙන්කොට තැබීමෙන් යම් එයින් හටගත් යම් උණුසුමක් වේද, නිරුද්ධ වේද එය සංසිදේද, මහණ මෙපරිද්දෙන්ම සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාව විඳින්නේ සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැපවේදනාවට කරුණුවූ සද්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුනු ස්පර්ශය නිසා උපන්නාවූ යම් සැප වේදනාවක් වේද, එය නිරුද්ධ වේ. එය සංසිදේයයි දැන ගනියි. මහණ, දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා දුක් වේදනාව උපදියි.

හෙතෙම දුක් වේදනාව විඳින්නේ දුක් වේදනාව විඳිමියි දැන ගනියි. ඒ දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක් වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද එය නිරුද්ධ වේ. සංසිඳේයයි දැන ගනියි. මහණ, නිදුක් නොසැප වේදනාවට (උපෙක්ෂා වේදනාවට) කරුණු වූ ස්පර්ශය නිසා උපෙක්ෂා වේදනාව උපදියි. හෙතෙම නිදුක් නොසැප වේදනාව විඳින්නේ නිදුක් නොසැප වේදනාව විඳිමියි දැන ගනියි. ඒ නිදුක් නොසැප වේදනාවට කරුණු වූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ නිදුක් නොසැප වේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් නිදුක් නොසැප වේදනාවක් වේද එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැන ගනියි.

19. ´´ඉන්පසු පිරිසිඳුවූ නිර්මලවූ මෘදුවූ කර්මන්‍යවූ බැබලීම සහයිත වූ උපෙක්ෂාවම ඉතිරිවේ. මහණ, යම්සේ දැක්ෂවූ එන් කරුවෙක් හෝ රන් කරු අතවැස්සෙක් හෝ කඹුරු උදුනක් (කෝවක්) බඳින්නේද, උදුන බැඳ උදුන් මුවවිට ආලේප කරන්නේය. උදුන් මුවවිට ආලේප කොට අඩුවෙන් රත්‍රන් ගෙන, උදුන් මුඛයෙහි බහා ලන්නේය. ඊට කලින් කල ගිනි පිඹින්නේය. කලින් කල ජලයෙන් තෙමන්නේය. කලින් කල මැදහත්ව බලන්නේය. ඒ රත්රන් සුද්Ȁdධවූවක්, ඉතා පිරිසිදුවූවක්, නිර්මලවූවක් (පහවගිය මළ ඇත්තක්) පහවගිය කසට ඇත්තක්, මෘදුවූවක්, කර්මන්‍යවූවක්, බැබලීම සහිත වූවක් වෙයි. යම් යම් පළඳනා විකෘතියක් කැමැති වේද, ඉදින් පවද්Ȁdධිකා නම් ආභරණයක් කිරීමද, ඉදින් කුණ්ඩලාභරණයක් කිරීමටද, ඉදින් ග්‍රීවයෙහි පළඳන ආභරණයක් කිරීමටද, ඉදින් රන් මාලයක් කිරීමටද කැමැති වෙයිද, මොහුගේ ඒ අදහස සම්පූර්ණ වන්නේය. මහණ, එපරිද්දෙන්ම ඉන්පසු පිරිසිදුවූ, නිර්මලවූ, මෘදුවූ, කර්මන්‍යවූ බැබලීම සහිත වූ උපේක්ෂාවම ඉතිරිවේ.

20. ´හෙතෙම මෙසේ දැන ගනියි. ඉදින් මෙය මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපේක්ෂාව එය ඇසුරුකොට එය කරුණු කොට ඉතා බොහෝ කලක් පවත්නේය. ඉදින් මම මෙසේ පිරිසුදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපේක්ෂාව විඤ්ඤානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේ වූ කල මාගේ මේ උපේක්ෂාව එය ඇසුරු කොට, එය කරුණු කෙට ඉතා දීර්ඝ කාලයක් පවතින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව ආකිඤචඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නේය. එසේවූ කල මාගේ මේ උපේක්ෂාව එය ඇසුරුකොට, එය කරුණුකොට බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපේක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණු කොට බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේය යනුවෙනි.

21. ´´හෙතෙම මෙසේ දැන ගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව ආකාසානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, මෙය හේතුප්‍රත්‍යයෙන් ඇතිවන ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව විඤ්ඤානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව ආකිඤ්චාඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයටඅනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපේක්ෂාව නෙවසඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූලධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුපඃත්‍යයෙන් හටගන්නා ලද්දකි කියායි. හෙතමෙ එය රැස් නොකරන්නේය, සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරයි. හෙතෙම රැස් නොකරන්නේ සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරන්නේ, ලෝකයෙහි කිසිවක් මම යයි (අල්වා නොගනියි) මම යයි අල්වා නොගන්නේ නොඇලෙයි. නොඇල්ලෙන්නේ තමාම පිරිනිවෙයි. ජාතිය ක්ෂය කරන ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්මය පිණිස අනිකක් නැතැයි දැන ගනියි. හෙතෙම ඉදින් සැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැන ගනියි. වැද්ද ගැනීමට නුසුදුසුයයි දැන ගනියි. ඇලීමෙන් සතුටුවීමට සුදුසු නැතැයි දැන ගනියි. ඉදින් දුක්වූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැන ගනියි. නොවැදගත් යයි දැන ගනියි. තණ්හාවෙන් සතුටු නොවියයුතු යයි දැන ගනියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැන ගනියි. නොවැදගත්යයි දැන ගනියි. තණ්හාවෙන් සතුටු නොවියයුතු යයි දැන ගනියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැන ගිනියි. නොවැදගන්නා ලද්දීයයි දැනගනියි. නොසතුටුවන ලද්දීයයි දැනගනියි. හෙතෙම ඉදින් සැපවූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳීයි. හෙතෙම මේ කය කෙළවර කොට ඇති වේදනාවවිඳිනු ලබන්නේ කායපරියන්තික වේදනාව විඳිමින් දැන ගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිත පරියන්තික වේදනාව විඳීමියි දැනගනියි. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් මෙහි පසු විඳිනලද සතුටුවනලද සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැන ගනියි.

22. ´´මහණ, යම්සේ තෙලද නිසා වැටියද නිසා තෙල් පහණ ඇවිලේද, ඒ තෙලද වැටියද කෙළවර වීමෙන් අනික් තෙල් වැටි නොඑළවීමෙන් හේතුරහිත වූයේ නිවේද, මහණ, මෙපරිද්දෙන් ම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිමියි, දැන ගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳීමියි දැන ගනියි. ශරීරයාගේ භේදයෙන් ජීවිතයාගේ කෙළවර වීමෙන් මෙහි සතුටු වන්නාවූ සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැන ගනියි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම් වූ අර්හත්ඵල ප්‍රඤාව නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, මේ වනාහි උතුම් වූ ආර්ය ප්‍රඥාවයි. එනම්, සියලු දුක් නැති කිරීමෙහි ඤාණයවේ. ඔහුගේ ඒ අර්හත් ඵල විමුක්තිය පරමාර්ථ සත්‍යයෙහි පිහිටියා කැළඹිය නොහැකි වූවාවේ. මහණ, එයද වෙනස්වන ස්වභාවය ඇත්තේය. නැසෙන ස්වභාවය ඇත්තේය, නොනැසෙන ස්වභාවයවූ නිර්වාණයක් වේද එයම සත්‍යයි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම් වූ පරමාර්ථ සත්‍ය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, නොනැසෙන ස්වභාව ඇත්තාවූ, මේ නිවණම උතුම් ආර්ය සත්‍යවේ. එය වනාහි පෙර (පෘථග්ජන කාලයෙහි) නොදන්නහුගේ සම්පූර්ණ කරණලද ගන්නා ලද ස්කන්ධාදී උපාධීහු (ආසා) වෙත්ද, මොහුගේ ඒ උපාධිීහු ප්‍රහීණවූවාහු සිඳින ලද මුල් ඇත්තාහු කරටිය සිඳී තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත ඇවීම නැති කරණ ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.

23. ´´එහෙයින් මෙයින් යුක්තවූ මහණතෙම මේ උතුම් වූ ක්ලෙශ පරිත්‍යගය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මේ තෙමේ වනාහි උතුම් වූ ආර්ය වූ ත්‍යාගයවේ. එනම්, සියලු උපාධීන්ගේ දුරලීමයි. ඒ නොදන්නහුගේම වනාහි පෙර (පෘථග්ජන කාලයෙහි) අභිධ්‍යාව (ආලය) රාග සහිත වීමක් වේද, මොහුගේ එය ප්‍රහීන වූයේ වෙයි. උදුරන ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැත ිකරණ ලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ඒ අඥානවූ, ඔහුගේම වනාහි පෙර ක්‍රොධයෙක් ව්‍යාපදයෙක් ද්වේෂයක්වේද, එය මොහුගේ ප්‍රහීනවූයේ වෙයි. උඳුරණ ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණලද්දේ නැවත ඇතිවීම නැති කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වේ. ඒ අඥාණවූවහුගේම වනාහි පෙර අවිද්‍යාවක් සම්මෝහයක් ද්වේශයක් වේද, එය මොහුගේ ප්‍රහීනවූයේ වෙයි. සිඳින ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේනැවත ඇතිවීමකරණ ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. එහෙයින් මෙයින් යුක්තවූ මහණ තෙම මේ උතුම් වූ ක්ලේශයන් සංසිඳීම නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මෙතෙම වනාහි උතුම්වූ ආර්ය වූ උපසමයවේ. එනම් රාග දෝස මොහන්ගේ සංසිඳීමයි.

24. ´´ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය. සත්‍යය ආරක්ෂා කරන්නේය. ත්‍යාගය වඩන්නේය. හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.

යම් තැනෙක්හි සිටියහුට උත්සන්නවූ හැඟීම් (තෘෂ්ණාදී ත්‍රිවිධ මඤ්ඤනාවන්ගේ උත්සන්න වූ භාවයෝ) නොපවතිත්ද, මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවය වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ යයි. මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණ, මේ ස්කන්ධය මම වෙමියි හඟින ලදී. මෙතමෙ මම වෙමියි හඟින ලදී. වන්නෙමියි හඟින ලදී. නොවන්නෙමියි, හඟින ලදී. රූප ඇත්තෙක් වන්නෙමියි හඟිනලදී. රූප නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. සංඥා අත්තෙක් වන්නෙමියි හඟින ලදී. සංඥා නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. නොම සංඥා ඇත්කෙක් නොම අසංඥා ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. මහණ, හැඟීම රෝගයකි. හැඟීම හඬකි. හැඟීම හූලකි. මහණ, සියලු හැඟීම් ඉක්ම වීමෙන් මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ.මහණ, මුනිතෙම වනාහි සංසිඳුනේ නූපදියි. නොදිරයි. නොමියයි. නොකිපෙයි. නොවෙයි, මහණ යමකින් උපදින්නේද එයද මොහුට නැත්තේය. නූපදිනු ලබන්නේ කිම දිරන්නේද? නොදිරනු ලබන්නේ කිම කිම? මිය යන්නේද? නොමියනු ලබන්නේ කිම කිපෙන්නේද? නොකිපෙනු ලබන්නේ කුමකට කැමති වන්නේද? යම් තැනෙක්හි සිටියහුට මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ නොපවතිත්ද, මඤ්ඤාවන්ගේ උත්සන්නවීම වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි, කියනු ලැබේයයි. මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී. මහණ මාගේ මේ සැකවින් (කියන ලද) සවැදෑරුම් ධාතු විභාගය වනාහි නුඹ දිරවයයි´´ වදාළේය.

25. ´´ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රතෙම මාගේ ශාස්තෘතෙමේ වනාහි වැඩිසේක. මාගේ සුගතයන් වහන්සේ වනාහි වැඩිසේක. මාගේ සම්‍යක් සම්බුද්Ȁdධයත් වහන්සේ වනාහි වැඩියේකැයි හුනස්නෙන් නැගිට සිව්ර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ සිරසින් වැටී, භාග්‍යවතුන් වහන්සේට ´ඇවැත්නි´, කියා කථා කළ යුතුයයි සිතුවෙමි. ඒ මාගේ වරද බාලයකු සේ අඥානයෙකුසේ අදක්ෂයකු සේ සලකා ඒ මාගේ වරද දුරු වේවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මතු සංවරය පිණිස වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වායි යනුයි.

26. ´´එසේ නම් මහණ, නුඹ මට ´ඇවැත්නි´ කියා කථා කළයුතුයයි සිතුවෙහිද? මහණ බාලයෙකුගේ අඥාණයකුගේ අදක්ෂයෙකුසේ මට ඔබ ´ඇවැත්නියි´ ව්‍යවහාර කළයුතුයයි සැලකුවෙහිද? ඒ වරද කෙළෙහිද, යම් හෙයකිනුත් නුඹ වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් ප්‍රතිකාර කෙරෙහිද, තොපගේ ඒ වරද අපි පිළිගනිමු. මහණ, ආර්යවිනයෙහියමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් කෙරේද, මත්තෙහි සංවරයට පැමිණේද, එය වැඩි දියුණුව වේයයි´´ වදාළේය.

27. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි උපසම්පදාව ලබන්නෙමියි, (කීයේය.)

´´මහණ, නුඹගේ පාත්‍ර සිව්රු සම්පූර්ණ වේදැයි?´´ ඇසූහ.

´´ස්වාමීනි, මාගේ පාත්‍ර සිව්රු වනාහි සම්පූර්ණ නොවේයයි කීය. ´´මහණ, තථාගතවරයෝ සම්පූර්ණ නොවූ පාත්‍ර සිව්රු ඇත්තහු උපසම්පදා නොකෙරෙත්යයි´´ (වදාළේය.) ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාකි තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට පාත්‍ර සිව්රු සෙවීමට යන්නාවූ ආයුෂ්මත් පුක්කුසාකි කුලපුත්‍රයන් කුලප්පුවූ එලදෙනක් දිවියෙන් තොර කෙළේය.

28. එකල්හි බොහෝවූ හුක්ෂුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනැට එළඹුනාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නාහුය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකලාහුය.

´´ස්වාමිීනි, යම් ඒ පුක්කුසාති නම් කුලපුත්‍රයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපවූ අවවාදයෙන් අවවාද කරණ ලද්දේද හෙතෙම කථරිය කළේවෙයි. ඔහුගේ ගතිය කවරීද, පරලොව (උත්පත්තිය) කවරේද?´´ යනුයි.

´´මහණෙනි, පුක්කුසාකි කුලපුත්‍ර තෙම පණ්ඩිතවේ. ධර්මයට අනුධර්මවූ ප්‍රතිපදා ඇත්තේවේ. ධර්මාවබොධය පිණිස මා නොවෙහෙසුවේය. මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙමේ ඔරම්භාගිය සංයෝජන පස නැති කිරීමෙන් ඕපජාතික වූයේ ඒ ලෝකයෙන් පෙරළා එන ස්වභාව නැත්තේ එහි පිරිනිවන් පාන්නේයයි´´ වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂුහූ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

දසවැනිවූ ධාතුවිභංග සූත්‍රය නිමි.

139. අරණ විභඬ්ග සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ශික්ෂූන්ට ´මහණෙනි,´ කියා ආමන්ත්‍රණය කළ සේක. ´´පින්වතුන්වහන්සැයි´´ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ´´මහණෙනි, තොපට අරණ විභඞගය දේශනා කරන්නෙමි. එය අසව්. යහපත් කොට මෙනෙහි කරව්, කියන්නෙමි´´ යනුයි. ´´එසේය, ස්වාමීනි´´යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´ලාමක වූ, ග්‍රාම්‍යවූ පෘථග්ජනයන් අයත්වූ, අනාර්යවූ, අවැඩ පිණිස පවත්නාවූ, පස්කම් සැපයෙහි නොයෙදෙන්නේය. දුක් වූ, අනාර්යවූ, අවැඩ පිණිස පවත්නාවූ ආත්මයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නේය. මේ අන්ත (කොටස්) දෙකට වනාහි නොපැමිණ, ප්‍රඥා චක්ෂුය ඇති කරන්නාවූ, නුවණ ඇති කරන්නාවූ, තථාගතයන්වහන්සේ විසින් නොව අවබොධ කරණ ලද්දාවූ, මධ්‍යම ප්‍රතිපදා තොමෝ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝද කිරීම පිණිස, නිර්වාණය පිණිස පවතියි. (ස්තුතිකොට) ඔසවා තැබීමද දන්නේය. (නිග්‍රහකොට) පහත් කිරීමද දන්නේය. ඔසවා තැබීමද දැන පහත් කිරීමද දැන නොමඋසස් කරන්නේය. නොම පහත් කරන්නේය. ධර්මයම දේශනා කරන්නේය. සුඛ විනිශ්චය (විනිශ්චය කරණ ලද සැපය) දන්නේය. සුඛ විනිශ්චය දැන අධ්‍යාත්මයෙහි සැපය අනුව යෙදෙන්නේය. රහසි (නැති තැන) අගුණ නොකියන්නේය. හමුවෙහිද ගුණ නසන කථා (කිලුටු වචන) නොකියන්නේය. ඉක්මනින් නොකියා හෙමිහිට කියන්නේය. ලෝක ව්‍යවහාරය දැඩි කොට අල්වා නොගන්නේය. ලෝක ව්‍යවහාරය නොඉක්ම වන්නේය. මේ අරණ විභඬගයාගේ උද්දේසය වේ.

3. ´´ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්යවූ, අවැඩ පිණිස පවත්නාවූ, පස්කම් සැපයෙහි නොයෙදෙන්නේය. දුක්වූ, අනාර්යවූ, අවැඩ පිණිස පවත්නාවූ, ශරීරයට දුක ්දීමෙහි නොයෙදෙන්නේ යයි මේ වනාහි මෙසේ කියන ලදී. තමෙය කුමක් සඳහා කියන ලදද? කාමාවචර ප්‍රතිසන්ධිය හේතුකොටගෙන කාමයෙන් යුක්තවූ සැප ඇත්තහුගේ ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්යවූ අවැඩ ගෙන දෙන්නාවූ, යම් සොම්නස හා යෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් සහිත වෙයි. විනාශ සහිත වෙයි. දැඩිවූ වෙහෙස සහිත වෙයි. දැවීම් සහිත වෙයි. වරදවා පිළිපැදීම වේ. කාමාවචර ප්‍රතිසන්ධි ඇත්තහුගේ හීනවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්ය වූ, අවැඩ ගෙණ දෙන්නාවූ සොම්නස හා යම් නොයෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් රහිත වේ. විනාශ රහිත වේ. දැඩි වෙහෙස රහිත වේ. දැවීම් රහිත වේ. යහපත් පිළිපැදීම වේ. දුක්වූ, අනාර්යවූ, අවැඩ ගෙන දෙන්නාවූ යම් ශරීරයකට දුක් දීමෙහි යෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් සහිත වූ, විනාශ සහිත වූ, වෙහෙස සහිත වූ, දැවීම් සහිත වූ, වරදවා පිළිපැදීම වේ. දුක්වූ, අනාර්ය වූ, අවැඩ ගෙණ දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි යම් නොයෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස රහිත වූ, දැවීම් නැත්තාවූ යහපත් ප්‍රතිපදාව වේ.

4. ´´ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, පස්කම් සැපයෙහි නොයෙදෙන්නේය. දුක් වූ, අනාර්යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නේයයි මෙසේ ඒ යමක් කියන ලද නම් එය සඳහා කියනලදී. මේ අන්ත දෙකට (කොටස් දෙකට) නොඑළඹ තථාගතයන් වහන්සේ විසින් ප්‍රඥා චක්ෂුස ඇති කරන්නාවූ නුවණ ඇති කරන්නාවූ, මනා කොට අවබෝධ කරණ ලද්දාවූ, මධ්‍යම ප්‍රතිපදාව සංසිඳීම පිණිස විශිෂ්ඨ ඥාණය පිණිස අවබෝධය පිණිස නිර්වාණය පිණිස පවතීයයි මෙසේ කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? මේ ආර්ය අෂ්ටාඞ්ගික මාර්යම වේ. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය සම්‍යක් ආජීවය සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය සම්‍යක් සමාධිය යන මෙයයි. මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කළාවූ ප්‍රඥා චක්ෂුය ඇති කරන්නාවූ නුවණ ඇති කරන්නාවූ, මධ්‍යම ප්‍රතිපදා තොමෝ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, අවබෝධය කිරීම පිණිස, නිර්වාණය පිණිස පවතියි. මෙසේ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.

5. ´ඔසවාලීමද දන්නේය. පහත හෙලීමද දන්නේය. ඔසවාලීමද දැන පහත හෙලීමද දැන නොම ඔසවාලන්නේය. නොම පහත හෙලන්නේය. ධර්මයම දේශනා කරන්නේයයි, මෙසේ කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, කෙසේ නම් ඔසවාලීමක්, පහත හෙලීමත් වේද, ධර්මදේශනා කිරීමක් නොවේද, කාමාචර ප්‍රතිසන්ධිය හේතුකොටගෙන කාම සැප ඇත්තහුගේ හීනවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ සොම්නසෙහි යෙදී වාසය කරන්නෝත වෙත්ද? ඒ සියල්ලෝ දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ, දැවිලි සහිතවූ වරදවා පිළිපන්නෝයයි කියත් නම්, මෙසේ කියන තැනැත්තේ මේ ආකාරයෙන් සමහරුන් පහත්කොට කථා කරයි. කාමාවචර ප්‍රතිසන්ධිය හේතුකොටගෙන සැප ඇත්තහුගේ කාමයෙන් යුක්තවූ, හීනවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, සොම්නසෙහි නොයෙදෙන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් නැත්තාවූ, විනාශ රහිතවූ, වෙහෙස නැත්තාවූ, දැවිලි නැත්තාවූ, මනාව පිළිපන්නෝයයි කියත් නම්, මෙසේ කියන තැනැත්තේ මේ ආකාරයෙන් සමහරුන් ඔසවා කථා කරන්නේය.

යම් කෙනෙක් දුක්වූ, අනාර්යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි යෙදෙන්නාහු වෙත්ද, ඒ සියල්ලෝම දුක් සහිත වූ, විනාශ සහිත වූ, වෙහෙස සහිත වූ දැවීම් සහිත වූ, වරදවා පිළිපන්නෝයයි කියයි නම්, මෙසේ කියන්නේ මේ ආකාරයෙන් සමහරුන් පහත් කොට කථා කරයි. යම් කෙනෙක් දුක්වූ, අනාර්යවූ, අවැඩ ගෙන දෙන්නාවූ, ශරීරයට දුක් දෙන පිළිවෙතෙහි නොයෙදෙන්නාහුද, ඒ සියල්ලෝ දුක් නැත්තාවූ, විනාශ නැත්තාහු, වෙහෙසීම් නැත්තාවූ, දැවීම් නැත්තාහු, මනාව පිළිපන්නාහු යයි මෙසේ කියන්නේ මේ ආකාරයෙන් ඇතැමුන් ඔසවා කථා කරයි. යම්කිසි කෙනෙකුන්ගේත් භව සංයෝජනයා (භව තෘෂ්ණාව) ප්‍රහීන නොවූයේද, ඒ සියල්ලෝ දුක් සහිත වූවාහු, විනාශ වූවාහු, වෙහෙස සහිත වූවාහු, දැවීම් සහිත වූවාහු, වරදවා පිළිපන්නාහුයයි කියයි, නම් මෙසේ කියන්නේ මේ ආකාරයෙන් ඇතමුන් පහත හෙලා කථා කරයි. යම්කිසි කෙනෙකුන්ගේත් විභව සංයෝජනය ප්‍රහීන වූයෝද, ඒ සියල්ලෝ දුක් නැත්තාහු, විනාශ නැත්තාහු, වෙහෙස නැත්තාහු, දැවීම් නැත්තාහු, මනාව පිළිපන්නාහුයයි මෙසේ කියන්නේ මේ ආකාරයෙන් ඇතමුන් ඔසවා කථා කරයි. මහණෙනි, මෙසේ වනාහු ඔසවා ලීමද, පහත හෙලීමද වෙයි. ධර්මදේශනා කිරීම නොවෙයි.

7. ´´මහණෙනි, කෙසේ නම් ඔසවාලීමත්, පහත නොහෙලීමත්,නොවේද, ධර්ම දේශනා කිරීමක් වේද? කාමාවචර ප්‍රතිසන්ධිය නිසා සැප ඇත්තහුගේ ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, සොම්නසෙහි යෙදී වාසය කරන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් සහිත වූවාහු, විනාශ සහිත වූවාහු, වෙහෙස සහිත වූවාහු, දැවිලි සහිත වූවාහු, වරදවා පිළිපන්නාහුයයි මෙසේ නොකියයි. මේ කම්සැපෙහි යෙදීමම දුක් සහිත වේ. විනාශ සහිත වේ. වෙහෙස සහිත වේ. දැවීම් සහිත වේ. මිථ්‍යා ප්‍රතිපදාවයයි, මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.

´´කාම ප්‍රතිසන්ධිය නිසා කම්සැප ඇත්තහුගේ ලාමකවූ ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්යවූ, අවැඩ ගෙණ දෙන්නාවූ, සොම්නසෙහි යෙදී වාසය කරන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් නැත්තාහු, විනාශ නැත්තාහු වෙහෙස නැත්තාහු, දැවීම් නැත්තාහු, මනාව පිළිපන්නාහුයයි මෙසේ නොකියයි. කම්සැපෙහි නොයෙදීමම දුක් නැති, විනාශ නැති වෙහෙස නැති, දැවීම් නැති, යහපත් ප්‍රතිපාදව යයි, මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි. යම් කෙනෙක් දුක්වූ, අනාර්යවූ, අවැඩ ගෙණදෙන්නාවූ තමහට දුක්දීමෙහි යෙදෙන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් සහිත වූවාහු, විනාශ සහිත වූවාහු, වෙහෙස සහිත වූවාහු, දැවීම් සහිත වූවාහු, වරදවා පිළිපදින්නෝ යයි මෙසේ නොකියයි. මේ අත්තකිලමථානුයෝගයෙහි යෙදීමම දුක් සහිත වේ. දැවිලි සහිත වේ. වරදවා පිළිපැදීම වේයයි මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.

´´දුක්වූ, අනාර්යවූ, අවැඩ ගෙනදෙන්නාවූ, තමහට දුක් දෙන පිළිවෙතෙහි යෙදෙන්නෝ වෙත්ද, ඒ සියල්ලෝ දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ දැවිලි නැත්තාවූ, යහපත් ප්‍රතිපත්ති ඇත්තාහුයයි මෙසේ නොකියයි. එහි නොයෙදීමම දුක් නැති විනාශ නැති, වෙහෙස නැති, දැවිලි නැති, යහපත් පිළිවෙත වේයයි මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.

´´යම්කිසි කෙනෙකුගේ භවසංයෝජනය ප්‍රහීනනොවූයේ නම් ඒ සියල්ලෝ දුක් සහිත වූ, වෙහෙස සහිතවූ, දැවිලි සහිතවූ, ප්‍රතිපදා වරදවා පිළිපන්නෝයයි මෙසේ නොකියයි. භවසංයෝජනය ප්‍රහීන නොවූ කල්හි භවය ප්‍රහීණ නොවේයයි, මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.

´´යම්කිසි කෙනෙකුගේගේත් භවසංයෝජනය ප්‍රහීණ වූයේද, ඒ සියල්ලෝ දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ, දැවිලි නැත්තාවූ, යහපත් පිළිපැදීම ඇත්තෝයයි මෙසේ නොකියයි. භව සංයෝජනය ප්‍රහීණවූ කල්හි භවය ප්‍රහීන වේයයි මෙසේ කියන්නේ ධර්මයම දේශනා කරයි.

´´මහණෙනි, මෙසේ වනාහි ඔසවාලීමද, පහත නොහෙලීමද නොවෙයි. ධර්ම දේශනාව වෙයි.

8. ´´උසස් කිරීමද දන්නේය, පහත් කිරීමද දන්නේය, උසස් කිරීමද දැන පහත් කිරීමද දැන නොම උසස් කරන්නේය. නොම පහත් කරන්නේය. ධර්මයම දේශනා කරන්නේයයි, මෙසේ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී. සැප විනිශ්චය දන්නේය, සැප විනිශ්චය දැන තමා ඇතුළතසැපය අනුව යෙදෙන්නේයයි, මෙසේ මෙය කියනලදී. මෙය කුමක් සඳහා කියන ලදද? මහණෙනි, මේ කාමගුණ පසක් වෙත්. කවර පසක්ද යත්? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ, ඇල්ම කරන්නාවූ රූපයෝ වෙත්. කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ,ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇථම් කටයුතුවූ, ශබ්දයෝ වෙත්.

´´නාසයෙන් දතයුතුවූ, ගන්ධයෝ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්ධයෝ වෙත්.

´දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්ර්‍‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්.

´´කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමැතිවන්නාවූ මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ඵලවන්නාවූ, ඇලුම් කටයුතුවූ, ස්පර්ශයෝ වෙත්. මහණෙනි, මොහු වනාහි පඤ්ච කාම ගුණයෝ වෙත්.

´´මහණෙනි, මේ පස්කම් ගුණයන් නිසා යම් සැපයක් නොම්නසක් උපදීද, මේ වනාහි සේවනය නොකටයුතු, නොවැඩියයුතු, බහුන නොකටයුතු කාම සැපයයිද, අසූචියක් වැනි සැපයයිද, පෘථග්ජන සැපයයිද, අනාර්ය සැපයයිද කියනු ලැබේ. කම්සැපයට භයවියයුතු යයි කියමි.

9. ´´මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන්බටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසයකරයිද,විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති සිත පිළිබඳ එකඟ බැව් ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමෘධි යෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි.ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ, කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපේක්ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. සැපය නැති කිරීමෙන් දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපේක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයිද, මෙය සේවනය කටයුතු වැඩියයුතු, බහුල වශයෙන් කළයුතු කාමයෙන් වෙන්වූ සැපයයිද, විවේක සැපයයිද, සංසිඳීම් සැපයයිද, සම්බෝධි සැපයයිද කියනු ලැබේ. මේ සැපයට නොබිය වියයුතුයයි කියමි. විනිශ්චය කරණලද සැපය දන්නේය. විනිශ්චය කරණලද සැපය දැන තමා ඇතුලත සැපයෙහි යෙදෙන්නේයයි, මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී.

10. ´´රහස් නොකියන්නේය, (අනභි මුඛයෙහි අගුණ නොකියන්නේය) ඉදිරියෙහි ගුණමකා කථා නොකරන්නේයයි මෙසේ වනාහි මේ කියන ලදී. එය කුමක් සඳහා කියන ලදද? මහණෙනි, යම් රහසක් නොවූවක්ය, අසත්‍යයක්ය, අවැඩ එලවන්නක්යයි දන්නේද, ඒ අසත්‍යවූ, රහසද, නොකියන්නේය. යම් රහසක් වනාහි වූවක්ය, සත්‍යය, අනර්ථ එලවන්නක්යයි දන්නේද, එයද නොකීම පිණිස හික්මෙන්නේය. යම් රහසක් වූවක්ය, සත්‍යයක්ය, වැඩ ගෙන දෙන්නක්යයි දන්නේද, එයද කීමට සුදුසු කාලය දන්නෙක් වන්නේය. මහණෙනි, යම් ඉදිරියෙහි ගුණ නසා කීමක් නොවූවක්ය, අසත්‍යයක්ය, අවැඩ ගෙන දෙන්නක් යයි දන්නේද, අවැඩ සහිතවූ ඒ ඉදිරියෙහි ගුණ නසා කීම නොකියන්නේය. ඉදිරියෙහි යම් ගුණනසා කීමක් සිදුවූවක්ය, සත්‍යය, අනර්ථය ගෙන දෙන්නක්යයි දන්නේද, එයද නොකීම පිණිස හික්මෙන්නේය. ඉදිරියෙහි යම් ගුණ නසා කීමක් වූවක්ය, සත්‍යය වැඩගෙන දෙන්නක්යයි, දන්නේද, ඒ ඉදිරියෙහි ගුණමකා කීමටද, සුදුසු කල් දන්නෙක් වන්නේය. රහස් නොකියන්නේය. ඉදිරියෙහි ගුණමකා කීම නොකියන්නේයයි මෙසේ ඒ යමක් කියන ලද නම් මේ මෙය සඳහා කියන ලදී.

11. ´´නවත්වා හෙමිහිට කියන්නේය. ඉක්මනින් නොකියන්නේය. මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? මහණෙනි, එහි ඉක්මනින් කියන්නහුගේසිරුරද වෙහෙසෙයි. සිතද පීඩාවෙයි. ස්වරයද බිඳෙයි. උගුරද ලෙඩවෙයි. ඉක්මනින් කියන්නහුගේ වචනය නොපැහැදිලි වෙයි. නොදත හැකිවේ. මහණෙනි, හෙමිහිට කියන්නහුගේ කයද නොවෙහෙසෙයි, සිතද නොපෙළෙයි, ස්වරයද නොබිඳෙයි. උග්‍රරද ලෙඩ නෙවෙයි. හෙමිහිට කියන්නහුගේ වචනය පැහැදිලි වෙයි, දතහැකිද වෙයි, හෙමිහිට කියන්නේය, ඉක්මනින් නොකියන්නේයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

12. ´´ලෝකයෙහි කථා ව්‍යවහාරය තදින් නොගන්නේය, ලෝක ව්‍යවහාරය නොඉක්මවන්නේයයි මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? මහණෙනි, කෙසේ නම් ව්‍යවහාර කථා තරයේ ගන්නේද ලෝක ව්‍යවහාර ඉක්මවනනේද? මහණෙනි, මේ ්ෙලා්කයෙහි ඇතැම් පළාත්වල තලිය යයි කියත්, ඇතැම් පළාත්වල පාත්‍රයයි කියත්. ඇතැම් පළාත්වල චිත්තයයි කියත්, සරාවයයි කියත්, ඇතැම් පළාත්වල ධාරෝපයයි කියත්, පොණයයි කියත්, පිසීලයයි කියත්. මෙසේ ඒ ඒ පළාත්වල යම් යම් පරිද්දෙන් ව්‍යවහාර කරද්ද, ඒ ඒ ආකාරයෙන් තදින් අල්වාගෙන මෙ ්වචනයම සත්‍යයයි අනික සිස්යයි ව්‍යවහාර කරයි. මහණෙනි, මෙසේ වනාහි කථා ව්‍යවහාරය දැඩිකොට අල්වා ගැනීමද, ලෝක ව්‍යවහාරය ඉක්මවා යාමද වේ.

13. ´´මහණෙනි, කෙසේ නම් කථා ව්‍යවහාරය තරයේ නොගනීද? ලෝක ව්‍යවහාරය නොඉක්මවාද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පළාත්වල එයම පාතිය යයි කියත්, පත්තයයි කියත්, පොණයයි කියත්, පිසිලයයි කියත්. මෙසේ යම් යම් පරිද්දෙකින් එය ඒ ඒ පළාත්වල හඳුනත්ද, ආයුෂ්මත්නි, මෙය වනාහි මේ දෙය සඳහා ව්‍යවහාර කෙරෙත් යයි, ඒ ඒ පරිද්දෙන් ව්‍යවහාර කෙරේයයි අල්වා නොගිනියි. මහණෙනි, මෙසේ වනාහි කථා ව්‍යවහාරය තදින් අල්වා නොගැනීමද, ලෝක ව්‍යවහාරය නොඉක්මවීමද වේ. කථා ව්‍යවහාරය තදින් අල්වා නොගන්නේය. ලෝක ව්‍යවහාරය ඉක්මවනනේයයි මෙසේ ඒ යමක් කියනලදද, මෙය මේ සඳහා කියන ලදී.

14. ´´මහණෙනි, එහි කාම ප්‍රතිසන්ධිය හේතුකොටගෙන සැප ඇත්තහුගේ ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්ය වූ, අවැඩගේන දෙන්නාවූ යම් සොම්නසෙහි යෙදීමක් වේද, මේ ධර්මය තෙමේ දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙසීම් සහිතවූ, දැවීම් සහිතවූ වැරදි පිළිවෙත වෙයි. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් සහිත වේ.

15. ´´මහණෙනි, එහි කාම ප්‍රතිසන්ධි ඇත්තහුගේ හීනවූ, ලාමකවූ, ග්‍රාම්‍යවූ, පෘථග්ජනයන් අයත්වූ, අනාර්යවූ, අවැඩ ගෙන දෙන්නාවූ සොම්නසෙහි යම් නොයෙදීමක් වේද, මේ ධර්මය තෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ, දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිතවේ.

16. ´´මහණෙනි, එහි දුක්වූ, අනාර්යවූ, අවැඩ පිණිස පවත්නාවූ, යම් ශරීරයට දුක් දීමෙහි යෙදීමක්වේද, මේ ධර්මය තෙම දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ, දැවීම් සහිතවූ වැරදි පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් සහිත වේ.

´´මහණෙනි, එහි දුක්වූ, අනාර්යවූ, අවැඩ ගෙන දෙන්නාවූ, ශරීරයට දුක් දීමෙහි යම් නොයෙදීමක් වේද, මේ ධර්මයතෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ, දැවීම් නැත්තාවූ, යහපත් පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිත වේ.

17. ´´මහණෙනි, එහි තථාගතයන් විසින් මනා කොට අවබෝධ කරණලද්දාවූ, ප්‍රඥාවක්ෂුස ඇත ිකරන්නාවූ යම් මේ මධ්‍යම ප්‍රතිපදාවක් තොමෝ සංසිඳීම පිණිස, විශේෂ ඥාණය පිණිස අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද, මේ ධර්මය තෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ, දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිත වේ.

18. ´´මහණෙනි, එහි යම් මේ ඔසවාලීමකුත් පහත් කිරීමකුත් වේද, ධර්මදේශනා කිරීමක් නොවේ. මේ ධර්මය තෙම දුක් සහිතවූ, විනාශ සහිතවූ, වෙහෙස සහිතවූ, දැවීම් සහිතවූ, වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් සහිත වේ. මහණෙනි, එහි යම් මේ ඔසවාලීමකුත් පහත් කිරීමකුත් නොවේද, ධර්මදේශනාවක් වේද, මේ ධර්මය තෙම දුක් නැත්තාවූ, විනාශ නැත්තාවූ, වෙහෙස නැත්තාවූ, දැවීම් නැත්තාවූ, යහපත් පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිත වේ.

19. ´මහණෙනි, එහි අපවිත්‍ර සැපයවූ, පෘථග්ජන සැපයවූ, අනාර්ය සැපයවූ, යම් මේ කාම සැපයක් වේද, මේ ධර්මය තෙම දුක් සහිතවූ, විනාශ සහිතවූ, දැවීම් සහිතවූ, වෙහෙස සහිතවූ, වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි විවේක සැපය වූ සංසිඳීම සැපයවූ අවබෝධ සැපයවූ යම් මේ නෛෂ්ක්‍රම්‍ය කාමයන්ගෙන් වෙන්වීමේ සැපයකවේද, මේ ධර්මය තෙම දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිත වේ.

20. ´´මහණෙනි, එහි අභූතවූ, අසත්‍යවූ අවැඩ ගෙණ දෙන්නාවූ යම් මේ රහස් කිීමක් වේද, මේ ධර්මය තෙම දුන් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිත වූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි ඇතිවූ සත්‍යවූ අවැඩ ගෙණ දෙන්නාවූ යම් මේ රහස් කීමක්වේද මේ ධර්මය තෙම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිලිවෙතවේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් සහිත වේ. මහණෙනි, එහි සිදුවූ සත්‍යවූ වැඩ පිණිස පවත්නාවූ යම් මේ රහස් කීමක් වේද, මේ ධර්මය තෙම දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් රහිත වේ. මහණෙනි, එහි සිදු නොවූ අසත්‍යවූ අවැඩ පිණිස පවත්නාවූ යම් මේ ඉදිරියෙහි ගුණ නසා කීමක් වේද, මේ ධර්මයතෙම දුන් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් සහිතවේ.

21. ´´මහණෙනි, එහි සිදුවූ සත්‍යවූ අවැඩ පිනිස පවත්නාවූ යම් මේ ඉදිරියෙහි ගුණ නසා කීමක් වේද, මේ ධර්මය තෙම දුක් සහිතවූ විනාශ සහිතවූ වෙහෙස සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස සහිතවේ. මහණෙනි, එහි සිදුවූ සත්‍යවූ වැඩ පිණිස පවත්නාවූ යම් මේ ඉදිරියෙහි ගුණ නසා කීමක් වේද, මේ ධර්මයතෙම දුන් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් රහිත වේ. මහණෙනි, එහි යම් මේ ඉක්මණින් කියන්නහුගේ යම් කීමක්වේද, මේ ධර්මයතෙම දුන් සහිතවූ විනාශ සහිතවූ වෙහෙසීම් සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙත වේ. එහෙයින් මේ ධර්මය තෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි යම් මේ හෙමිහිට කියන්නහුගේ යම් කීමක් වේද, මේ ධර්මයතෙම දුක් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් රහිත වේ.

22. මහණෙනි, එහි යම් මේ කථා ව්‍යවාහාර දැඩි කොට ගැනීමක්වේද, ලෝක ව්‍යවහාරය ඉක්මවා යාමක් වේද, මේ ධර්මයතෙම දුන් සහිතවූ විනාශ සහිතවූ වෙහෙසීම් සහිතවූ දැවීම් සහිතවූ වැරදි පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් සහිතවේ. මහණෙනි, එහි යම් මේ කථා ව්‍යවහාරයක් දැඩිකොට නොගැනීමකවේද, ලෝක ව්‍යවහාරය ඉක්මවා නොයාමක් වේද, මේ ධර්මයතෙම දුන් නැත්තාවූ විනාශ නැත්තාවූ වෙහෙස නැත්තාවූ දැවීම් නැත්තාවූ යහපත් පිළිවෙතවේ. එහෙයින් මේ ධර්මයතෙම කෙලෙස් රහිත වේ.

23. ´´මහණෙනි, එහෙයින් මෙහි කෙලෙස් සහිතවූ ධර්මයද දැන ගන්නෙමු. කෙලෙස් රහිතවූ ධර්මයද දැන ගන්නෙමු. කෙලෙස් සහිතවූ ධර්මයද දැන කෙලෙස් රහිතවූ ධර්මයද දැන කෙලෙස් රහිත ප්‍රතිපදාවෙහි පිළිපදින්නෙමුයි, මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මි යුතුයි. මහණෙනි, සුභූති කුලපුත්‍ර තෙමේ කෙලෙස් රහිත ප්‍රතිපදාවෙහි පිළිපන්නේයයි, වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහුයි.

අරණ විභඬග සූත්‍රය නිමි. (2 – 9)

138. උද්දේස විභඬග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූා අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ,මහණෙනි, කියා ආමන්ත්‍රණය කළ සේක. ,පින්වතුන් වහන්සැයි, ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

2. ,මහණෙනිල තොපට උද්දෙසයත් විභඬගයත් (මාතෘකාවද විස්තරයද) දෙශනා කරන්නෙමි. එය අසව්. යහපත්කොට මෙනෙහිකරම්. කියන්නෙමි, යනුයි. ,එසේය, ස්වාමීනි,, කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

3. ,මහණෙනි, භික්‍ෂූතෙම යම් යම් ආකාරයකින් නුවණින් පිරිසිඳ බලන්නෙකුට පිටත් අරමුණුවල සිත නොවිසිරයන්නේද ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටියේද, විඤ්ඤාණය තමායයි නොගැනීම නිසා ආශාවෙන් තැතිනොගන්නේද? ඒ ඒ ආකාරයෙන් පිරිසිඳ බලන්නේය. මහණෙනි, සිත පිටත් අරමුණුවලැ නොවිසිර ගිය කල්හි භාවනා අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටි කල්හි විඤඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නාහට මත්තෙහි ජාති ජරා මරණ දුක්ඛ සමුදායන්ගේ හටගැණීමෙක් නොවන්නේය., භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක.

4. ,ඉක්බිති ඒ භිීක්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ බැහැර ගිය නොබේ කල්හි මෙබඳු සිතක් විය. ඇවැත්නි, අපට භාග්‍යවනුන් වහන්සේ සංක්‍ෂෙපයෙන් මේ උද්දෙසය වදාරා විස්තර වශයෙන් අත්‍ර්‍ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක. පිරිසිඳ බලන්නහුට පිටත් අරමුණුවල සිත නොවිසිර යන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් සිත නොපිහිටයිද විඤඤාණය තමායයි නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ පරිද්දෙන් මහණ තෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල සිත විසිර නොගිය කල්හි, නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටි කල්හි, විඤඤාණය තමායයි නොගැනීම නිසා තැති නොගන්නා කල්හි, මත්තෙහි ජාති, ජරා, මරණ දුක්ඛයන්ගේ හටගැණීමක් නොවන්නේයයි වදාළේය. කවරෙක් නම් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් උදෙසනලද විස්තර වශයෙන් අත්‍ර්‍ථ විභාග නොකරනලද මේ උද්දෙසයාගේ අත්‍ර්‍ථ විභාග නොකරනලද මේ උද්දෙසයාගේ අත්‍ර්‍ථය විස්තර වශයෙන් විභාග කරන්නේදැයි, කියායි.

5. ,එකල්හි ඒ භික්‍ෂූන්ට මෙබඳු අදහසක් විය. මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෲක් වහන්සේ විසින්ද මනාව වර්‍ණනා කරන ලද්දේය. නුවණැති භික්‍ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අත්‍ර්‍ථ විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අත්‍ර්‍ථය විස්තර වශයෙන් විභාග කරන්ට සමත්‍ර්‍ථ වන්නේය. අපි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට ගොස්, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යහපතැයි යනුයි.

6. ,ඉක්බිති ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස්, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් සමග සතුටු වුවාහුය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ට මෙය කීවාහුය. ,ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ට මෙය කීවාහුය. භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දෙසය කොටින් වදාරා විස්තරවශයෙන් අත්‍ර්‍ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක.

.මහණෙනි, යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසිර යන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටන්නේද, විඤඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ ආකාරයේ මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල නොවිසිරගිය කල්හි නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුරණෙහි ඇලීම් වශයෙන් නොපිහිටි කල්හි, විඤඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැතිගැන්මක් නැත්තහුට මත්තෙහි ජාති, ජරා, මරණය දුක්ඛයන්ගේ හැටගැණීමක් නොවන්නේය යනුයි. ආයුෂ්මත් කච්චායන ස්ථවිරයන් වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැරගිය නොබෝ කල්හි මෙබඳු සිතක් විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දෙසය වනාහ සංක්‍ෂෙපයෙන් උදෙසා විස්තර වශයෙන් අත්‍ර්‍ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට ඇතුල්වූසේක.

.යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නෙකුට සිත පිටත් විසිර නොයන්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීම් වශයෙන් නොපිහිටන්නේද, තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද ඒ ඒ ආකාරයෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල සිත නොවිසිර ගිය කල්හි, නොවිසිරිීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටි කල්හි, තමායයි නොගැනීම නිසා තැති නොගන්නාහට මත්තෙහි ජාති, ජරා, මරණ දුක්ඛයන්ගේ හටගැනීමක් නොවන්නේය. යනුයි. කවරෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අත්‍ර්‍ථ විභාග නොකරන ලද මේ උද්දෙසයාගේ විස්තර වශයෙන් අත්‍ර්‍ථය විභාග කරන්නේදැයි කියායි.

7. ,ආයුෂ්මත් කච්චායන ස්ථවිරයෙනි, ඒ අපට මෙබඳු සිතක් විය. මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම ශාසතෲන් වහන්සේ විසින්ද වර්‍ණනා කරණ ලද්දේය. නුවණැති භික්‍ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය. ආයුෂ්මත් මහා කච්චායනන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්ථය විභාග නොකරණලද මේ උද්දෙසයාගේ විස්තර වශයෙන් අර්ථය විභාග කරන්ට සමත්‍ර්‍ථ වේ. අපි ආයුෂ්මත මහා කච්චායන ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට එළඹෙන්නෙමු. එළඹ, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගෙන් මේ කරුණ අසන්නෙමු නම්, යහපතැයි කියායි. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ එය විස්තර කෙරේවා,යි කීවාහුය.

8. ,ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇති, හරය සොයන්නාවූ පුරුෂයෙක් තෙම හර සෙවීමෙහි හැසිරෙන්නේ පිහිටියාවූ, හර ඇත්තාවූ, මහත් ගසක්හුගේ මුල ඉක්මවා, කඳ ඉක්මවා, අතු රිකිලිවල හරය සෙවිය යුතුයයි හඟින්නේද, මෙයත් එසේය. ආයුෂ්මතුන්ලාට ශාසතෲන් වහන්සේ සම්මුඛවූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කරුණ ඇසිය යුතුයයි හඟින්නහුය. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුත්ත දන්නාහ. දැක්ක යුත්ත දක්නාහ. ඇසක්ම වූයේ, ඤාණයක්ම වූයේ, ධර්‍මයක්ම වූයේ, ශ්‍රෙෂඨ වූයේ, කියන්නෙක් වූයේ, පවත්වන්නෙක් වූයේ, අර්‍ථයට පමුණුවන්නෙක් වූයේ, අමාත්‍ය දෙන්නෙක් වූයේ, ධර්‍මස්වාමි වූයේ, තථාගතවූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය ඇසිය යුත්තේය. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නහුය මෙය ඊට සුදුසු කාලයද වූයේයයි, කීය.

9. ,ආයුෂ්මත් කච්චායන ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නේය. දැක්ක යුත්ත දක්නේය. ඇසක්ම වූයේ, ඤාණයක්ම වූයේ, ධර්‍මයක්ම වූයේ, ශ්‍රෙෂඨ වූයේ, කියන්නෙක් වූයේ, පවත්වන්නෙක් වූයේ, අර්ථයට පමුණුවන්නේ, අමෘතය දෙන්නේ, ධර්‍මස්වාමි වූයේ, තථගත වුයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය අසන්නෙමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමු යන යමක් වේද, මෙය ඊට සුදුසු කාලයද වූයේය. එතකුදු වුවත් ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ ශාස්තෲන් වහන්සේ විසින්මද වර්‍ණනා කරණ ලද්දේය. නුවණැත්තාවූ භික්‍ෂූන් විසින්ද ගරු කරණ ලද්දේය. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් උදෙසනලද විස්තර වශයෙන් අර්‍ථය විභාග නොකරණලද මේ උදෙදසයාගේ අර්ථය විස්තර වශයෙන් විභාගකරන්ට සමර්‍ථ වේ. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙමේ මෙය බරක් වශයෙන් විස්තර කරන සේක්වා,යි කීවාහුය.

10. ,ඇවැත්නි, එසේවී නම්, අසව්, යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමියි, කීය. ,ඇවැත්නි, එසේයයි,, ඒ භික්‍ෂූහු, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් ස්ථවිරතෙම මෙය ප්‍රකාශ කළේය. ,ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් යම් උද්දෙසයක් උදෙසා විස්තර වශයෙන් අත්‍ර්‍ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක්ද? මහණෙනි, .යම් යම් ආකාරයකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසිර පවත්නේද, ධ්‍යාන අරමුණෙහි ඇලීමෙන් නොපිහිටන්නේද, විඤඤාණය තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ආකාරයෙන් මහණ තෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, සිත පිටත් අරමුණුවල නොවිසිරීම ඇති කල්හි, ධ්‍යාන අරමුණෙහි ඇලී නොසිටි කල්හි, තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නහුට මත්තෙහි ජාති, ජරා, මරණය දුක්ඛයන්ගේ හටගැනීමක් නොවන්නේය. යනුයි. ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කොටින් උදෙසන ලද විස්තර වශයෙන් අත්‍ර්‍ථය විභාග නොකරණලද මේ උද්දෙසයාගේ අත්‍ර්‍ථය මෙසේ විස්තර වශයෙන් දනිමි.

11. ,ඇවැත්නි, කෙසේ නම් සිත පිටත් අරමුණුවල විසිර ගියේයයි කියනු ලැබේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භක්‍ෂූහුගේ සිත ඇසින් රූපය දැක ඒ රූපාරමුණට අනුව ගමන් කරන්නේ වේද, රූපාරමුණු රස විඳීමෙහි බැඳුණුවූද, රූපාරමුණු රස විඳීමෙහි වෙළුණාවූද, රූපාරමුණු රස විඳීමෙහි බැඳෙන රැහැණින් යුක්තවූ ද සිත පිටත් අරමුණුවල විසිර ගිය පැතිර ගියේයයි කියනු ලැබේ.

,කණින් ශබ්දය අසා සිත ශබ්ද අනුව ගමන් කරන්නේ වෙයිද, සිත ශබ්දාරමුණු රස විඳීමෙන් බැඳුණාවූ ශබ්දාරමුණු රස විඳීමෙහි වෙළුණාවූ ශබ්දාරමුණු රස විඳීමෙහි බැඳුණ රැහැණින් යුක්තවූ සිත පිටත් අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.

,නැහැයෙන් සුවඳ ආඝ්‍රාණයකොට සිත ගන්‍ධ අරමුණ අනුව ගමන්කරන්නේ වෙයිද, ගන්‍ධාරමුණු රස විඳීමෙහි වෙළුණාවූ, ගන්‍ධාරමුණු රස විඳීමෙහි බැඳුණ රැහැණින් යුක්තවූ සිත පිටත් අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.

,දිවෙන් රසය විඳ සිත රසාරමුණු අනුව ගමන්කරන්නේ වෙයිද, රස අරමුණ රස විඳීමෙහි බැඳුනාවූ, රස අරමුණු එස විඳීමෙහි වෙළුනාවූ, රස අරමුණු රස විඳීමෙහි බැඳුණ රැහැණින් යුක්තවූ සිත පිටත් අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.

,කයින් ස්පර්‍ශයන් ස්පර්‍ශකොට සිත ප්‍රෂටව්‍ය අරමුණ අනුව ගමන් කරන්නේ වෙයිද, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි බැඳුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණ රස විඳීමෙහි වෙළුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්තවූ සිත පිටත්හි අරමුණුවල විසිරගිය සිතයයි කියනු ලැබේ.

,සිතින් ධර්‍මාරමුණු දැන සිත ධර්‍මාරමුණ අනුව ගමන් කරන්නේ ධර්‍මාරම්මණයෙහි රස විඳීමෙහි බැඳුණාවූද, ධර්‍මාරම්මණ රස විඳීමෙහි වෙළුණාවූද, ධර්‍මාරම්මණ රස විඳීමෙහි රැහැණින් යුක්තවූද සිත පිටත් අරමුණුවල විසිර ගියේ පැතිරගියේයයි කියනු ලැබේ.

,ඇවැත්නි, මෙසේ වනාහි සිත පිටත් අරමුණුවල විසිර ගියේයයි කියනු ලැබේ.

12. ,ඇවැත්නි, කෙසේ නම් සිත පිටත් අරමුණුවල නොවිසුරුණේයයි කියනු ලැබේද? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුහුගේ සිත ඇසින් රූපයක් දැක, රූප අරමුණු අනුව ගමන් නොකරන්නේ වේද, රූපාරමුණෙහි රස විඳීමෙහි නොබැඳුණාවූ, රූප අරමුණෙහි රස විඳීමෙහි නොවෙළුණාවූ, රූප අරමුණෙහි රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ, සිත පිටත් අරමුණුවල නොවිසිරුණු සිතයයි කියනු ලැබේ.

13. ,කණින් ශබ්දය අසා සිත ශබ්ද අරමුණ අනුව ගමන් නොකරන්නේ වෙයිද, සිත අරමුණු රස විඳීමෙහි නොවෙළුනාවූ, ශබ්ද අරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවල නොවිසුරුණු සිතයයි කියනු ලැබේ.

,රස විඳීමෙහි නාසයෙන් ආඝ්‍රාණයකොට සිත ගන්‍ධ අරමුණු අනුව ගමන් නොකරන්නේ වේද, ගන්‍ධාරම්මණ නොබැඳුණාවූ, ගන්‍ධාරම්මණ රස විඳීමෙහි නොවෙළුණාවූ, ගන්‍ධාරම්මණ රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවල නොවිසුරුණ සිතයයි කියනු ලැබේ.

,දිවෙන් රසය විඳ සිත රසාරම්මණය අනුව ගමන් නොකරන්නේ වේද, රසාරම්මණ රස විඳීමෙහි නොබැඳුණාවූ, රසාරම්මණ රස විඳීමෙහි නොවෙළුණාවූ, රසාරම්මණ රස විඳීමෙහි නොබැඳුණ රැහැණින් යුක්ත නොවූ, සිත පිටත් අරමුණුවල නොවිසුරුණ සිතයයි කියනු ලැබේ.

,කයින් ස්පර්‍ශයන් ස්පර්‍ශකොට සිත ප්‍රෂ්ටව්‍ය අරමුණ අනුව ගමන් නොකරන්නේ වෙයිද, ප්‍රෂ්ටව්‍ය අරමුණ රස විඳීමෙහි නොබැඳුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි නොවෙළුණාවූ, ප්‍රෂ්ටව්‍ය අරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවල නොවිසුරුණු සිතයයි කියනු ලැබේ.

,සිතින් ධර්‍මාරමුණු දැන ධර්‍මාරම්මණය අනුව සිත ගමන් නොකරන්නේ වේද, ධර්‍මාරමුණෙහි රස විඳීමෙහි නොබැඳුණාවූ ධර්‍මාරමුණේ රස විඳීමෙහි නොවෙළුණාවූ, ධර්‍මාරමුණු රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත පිටත් අරමුණුවලට නොවිසුරුණු සිතයයි කියනු ලැබේ.

,ඇවැත්නි, මෙසේ වනාහි පිටත් අරමුණුවල නොවිසිර ගිය නොපැතිරගිය සිතයයි කියනු ලැබේ.

14. ,ඇවැත්නි, කෙසේ නම් ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී පිහිටියේයයි කියනු ලැබේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත ඒ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන්කරන්නේ වෙයිද, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන්කරන්නේ වෙයිද, විවේකයෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපයෙහි රස විඳීමෙහි බැඳුණාවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රස විඳීමෙහි වෙළුණාවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රසවිඳීමෙහි බැඳුණු රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලීසිටින සිතයයි කියනු ලැබේ.

15. ,ඇවැත්නි, නැවතද, භික්‍ෂුතෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ සිත සම්බන්ධ එකඟ බැව් ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන්කරන්නේ වේද, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රස විඳීමෙහි බැඳුණාවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපයෙහි රස විඳීමෙහි වෙළුණාවූ, සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙහි රස විඳීමෙහි රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී සිටියේයයි කියනු ලැබේ.

16. ,ඇවැත්නි, නැවතද භික්‍ෂුතෙම ප්‍රීතියගේද, නොඇල්මෙන් උපෙක්‍ෂා ඇත්තේද, සිහි නුවණ ඇත්තේද, වාසය කරයි. සැපයද කයින් විඳියි. ආය්‍ර්‍යයෝ ඒ යම් ධ්‍යානයක් උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැපවිහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත ඒ උපෙක්‍ෂාව අනුව ගමන් කරන්නේ වේද, උපෙක්‍ෂා සැපයෙහි රස විඳීමෙහි බැඳුණු, උපෙක්‍ෂා සැපයෙහි රසවිඳීමෙහි වෙළුණු උපෙක්‍ෂා සැපයෙහි රස විඳීමෙහි රැහැණින් යුක්ත වූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී සිටියේයයි කියනු ලැබේ.

17. ,ඇවැත්නි, නැවත ද භික්‍ෂුතෙම සැපයද දුරු කිරීමෙන්, දුකද දුරු කිරීමෙන් පළමුකොටම සොම්නස්, දොම්නස් දෙක නැසීමෙන් නිදුක්වූ, නොසැපවූ, උපෙක්‍ෂා ස්මෘතිීන්ගේ පිරිසිදු බැව් ඇති චතුත්‍ර්‍ථධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත දුක් නැතිවීම, සැප නැතිවීම අනුව ගමන් කරන්නේ වේද, නිදුක් නොසැප රස විඳීමෙහි රැහැණින් යුක්තවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී සිටියේයයි කියනු ලැබේ.

,ඇවැත්නි, මෙසේ වනාහි ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී සිටියේයයි කියනු ලැබේ.

18. ,ඇවැත්නි, කෙසේ නම් ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී නොසිටියේයයි කියනු ලැබේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන් නොකරන්නේ වේද, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය පිළිබඳ රස විඳීමෙහි නොවෙළුණු විවේකයෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ, සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටි සිතයයි කියනු ලැබේ.

19. ,ඇවැත්නි, නැවත භික්‍ෂුතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, සිතේ එකඟ බව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය අනුව ගමන් නොකරන්නේ වේද, සමාධියෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රස විඳීමෙහි නොබැඳුණාවූ සමාධියෙන් හටගත් ප්‍රීතියෙහි හා සැපය පිළිබඳ රසවිඳීමෙහි නොවෙළුණාවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය පිළිබඳ රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ, සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොපිහිටියේයයි කියනු ලැබේ.

20. ,ඇවැත්නි, නැවතද භික්‍ෂුතෙම පී.්‍රතියෙන්ද නොඇල්මෙන් උපෙක්‍ෂා ඇත්තේ, වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්‍ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත උපෙක්‍ෂාව අනුව ගමන් නොකරන්නේ වේද, උපෙක්‍ෂා සැපය පිළිබඳ රස විඳීමෙහි නොබැඳුණු, උපෙක්‍ෂා සැපය පිළිබඳ රස විඳීමෙහි නොවෙළුණ, උපෙක්‍ෂා සැපය පිළිබඳ රස විඳීමෙහි බැඳුණු රැහැණින් යුක්ත නොවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොපිහිටියේයයි කියනු ලැබේ.

21. ඇවැත්නි, නැවතද භික්‍ෂුතෙම සැපයද දුරු කිරීමෙන් දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති චතුර්ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුගේ සිත නිදුක් නොසැපය අනුව ගමන් නොකරයි. නිදුක් නොසැපය පිළිබඳ රසවිදීමෙහි බැඳීමක් නැති,නිදුක් නොසැපය පිළිබඳ රස විදීමෙහි වෙළීමක් නැති, නිදුක් නොසැප පිළිබඳ රස විඳීමෙහි බැඳුණු ආස්වාදනය හා සංයෝජනයෙන් රැහැණින් යුක්ත නොවූ සිත ධ්‍යානාරම්මණයෙහි ඇලී නොපිහිටියේ යයි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ වනාහි ධ්‍යානාරම්මණයෙහි සිත ඇලී නොපිහිටියේ යයි කියනු ලැබේ.

22. ´ඇවැත්නි, කෙසේ නම් තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා තැති ගැනීම වේද, ඇවැත්නි, මේ ලෝකයෙහි ඇසූපිරූ තැන් නැත්තාවූ පෘථග්ජන තෙම ආර්යයන් නොදක්නේ, ආර්ය ධර්මයෙහි දක්ෂ නුවූයේ, ආර්ය ධර්මයෙහි නොහික්මුනේ, සත්පුරුෂයන් නොදක්නේ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූයේ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනේ, රසය තමා වශයෙන් දකියි. රූපය ඇත්තකු තමා වශයෙන් හෝ දකියි. තමා කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ රූපය වෙනස් වෙයි. අන් පරිද්දකින් වෙයි. රූපයාගේ වෙනස්වීමෙන් හා අන්පරිදි වීමෙන් රූපයාගේ වෙනස්වීමට අනුව ඔහුගේ සිතද වෙනස් වෙයි. රූපයන්ගේ වෙස්වීමට අනුව වෙනස්වූ ඔහුගේ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශවීමෙන් තෘෂ්ණා තැතිගැන්මෙන්ද කය තැති ගැන්මෙන්ද තැති ගැනීම සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මෙයයි ගතයුත්තක් නැති කල්හි තැති ගනියි.

´´වේදනාව තමා වශයෙන් දකියි. වේදනාව ඇත්තෙකු තමා කියා හෝ තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ වේදනාවෙහි තමා ඇත්තේයයි කියා හෝ තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. වේදනාව වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් වේදනාවේ වෙනස්වීම අනුව ඔහුගේ සිතද වෙනස් වෙයි. වේදනාවන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ ඔහුගේ සිතින් ටහගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයේ ඔහුගේ කුසල් සිත විනාහ කරත්. කුසල් සිත විනාශවීමෙන් තැනිගැනීමසහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මමයයි ගතයුත්තක් නැති කල්හි තැතිගනියි.

සංඥාව තමා වශයෙන් දකියි. සංඥාව ඇත්තෙකු තමාය කියා හෝ තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි කියා හෝ සංඥාවෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංඥාව වෙනස්වීමෙන් හා අන් පරිදි වීමෙන් සංඥාවේ වෙනස්වීම් අනුව ඔහුගේ සිත වෙනස් වෙයි. සංඥාවන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුසල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ විමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මමයයි ගතයුත්තක් තැතිකල්හි තැති ගනියි.

´සංස්කාරයන් තමා වශයෙන් දකියි. සංස්කාර ඇත්තතු තමායයි කියා හෝ තමා කෙරෙහි සංස්කාර ඇත්තේ යයි කියා හෝ සංස්කාරයෙහි තමා ඇත්තේ යයි කියා හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාර වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. සංස්කාර වෙනස් වීමෙන් හා අන්පරිදි වීමෙන් සංස්කාරයන්ගේ වෙනස්වීම අනුව ඔහුගේ සිත වෙනස්වෙයි. සංස්කාරයන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ හටගත් තෘෂ්ණා තැතිගැන්මවූ අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැතිගැනීම් සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. මම යයි ගතයුත්තක් නැති කල්හි තැතිගනියි.

´´විඤ්ඤාණය තමා වශයෙන් දකියි. විඤ්ඤාණය ඇත්තකු තමායයි කියා හෝ ගනියි. විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. තමා කෙරෙහි විඤ්ඤාණය වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ විඤ්ඤාණය වෙනස්වීමෙන් හා අන්පරිදිවීමෙන්විඤ්ඤාණයාගේ වෙනස්වීම අනුවසිතද වෙනස් වේ. ඔහුගේ විඤ්ඤාණය වෙනස්වීම අනුව වෙනස්වූ සිතින් හටගත් තෘෂ්ණා තැතිගැන්ම වන අකුශල ධර්මයෝ කුසල් සිත විනාශ කරත්. කුසල් සිත විනාශ වීමෙන් තැති ගැනීම සහිත වෙයි. දුක් සහිත වෙයි. ආලය සහිත වෙයි. තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා තැතිගනියි. මෙසේ වනාහි තමායයි නොගැනීම නිසා තැතිගැනීම වෙයි.

23. ´´ඇවැත්නි, කෙසේ නම් මමයයි නොගැනීම නිසා තැති නොකොට පරිත්‍රාශ ගැනීම නොවේද? ඇවැත්නි, මේ ලෝකයෙහි ඇසූ පිරූතැන් ඇති ආර්යයන් දක්නාවූ ආර්ය ධර්මයෙහි දක්ෂවූ, ආර්ය ධර්මයෙහි හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ආර්ය ශ්‍රාවක තෙම රූපය තමා වශයෙන් නොදකියි. රූපය ඇත්තෙකු තමා වශයෙන් හෝ නොදකියි. රූපයෙහි තමා ඇත්තේ යයි කියා හෝ නොදකියි. ඔහුගේ ඒ රූපය වෙනස්වේ. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ රූපය වෙනස් වීමෙන් අන්පරිදි වීමෙන් රූපය වෙනස්වීම අනුව සිත වෙනස් නොවේ. ඔහුගේ රූපය වෙනස්වීම අනුව වෙනස්වන සිතින් හටගන්නා තැතිගැනීම වන අකුශල ධර්මයෝ කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීම නිසා තැති ගැනීම් සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි. වේදනාව තමා වශයෙන් නොදකියි. වේදනාව ඇත්තෙකු තමා කියා හෝ නොදකියි. වේදනාවෙහි තමා අත්තේයයි කියා නොදකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. වේදනාව පෙරළීමෙන් අන් පරිදි වීමෙන් වේදනාව පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ. ඔහුගේ වේදනාව පෙරළීම අනුව වෙනස්වන සිතින් යට ගත් තැති ගැනීම වන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීම නිසා තැති ගැනීම් සහිත නොවෙයි. දුක සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි නොගැනීම නිසාද තැති නොගනියි. සංඥාව ආත්මය වශයෙන් නොදකියි. සංඥාව ඇත්තෙකු තමා යයි කියා හෝ නොදකියි. සංඥාවෙහි තමා ඇත්තේ යයි කියා හෝ නොදකියි. ඒ සංඥාව විපරිනාම වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහු සංඥාව පෙරළීමෙන් අන් පරිදි වීමෙන් සංඥාව පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවේ. ඔහුගේ සංඥාව පෙරළීම අනුව වෙනස්වූ සිතින් හටගත් හටගත් තැතිගැනීම වන අකුශල ධර්මයෝ ඔහුගේ සිත විනාශ නොකරත්. කුසල් විනාශ නොවීම නිසා තැති ගැනීම් සහිත නොවෙයි. ිදුක් සහිත නොවෙයි. අලාය සහිත නොවෙයි. තමායයි ගතයුත්තක් නැති නිසා තැති නොගනියි. සංස්කාරයන් ආත්ම වශයෙන් නොදකියි. සංස්කාර ඇත්තෙකු තමාය කියා හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාර ඇත්තේය කියා හෝ නොදකියි. සංස්කාරයෙහි තමා ඇත්තේය කියා හෝ නොදකියි. ඔහුගේ ඒ සංස්කාර වෙනස්වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ සංස්කාර පෙළීමෙන් අන් පරිදි වීමෙන් සංස්කාර පෙරළීම අනුව ඔහුගේ සිත වෙනස් නොවෙයි. සංස්කාර පෙරළීම අනුව වෙනස්වූ සිතින් හටගත් තැති ගැනීම අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීමෙන් තැති ගැනීම් සහිත නොවෙයි. දුක් සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමා වශයෙන් ගතයුත්තක් නැති නිසා තැති නොගනියි. විඥාණය තමා වශයෙන් නොදකියි. විඥාණය ඇත්තෙකු තමා වශයෙන් හෝ නොදකියි. තමා කෙරෙහි විඥාණය ඇත්තේය කියා හෝ නොදකියි. ඔහුගේ ඒ විඥානය වෙනස් වෙයි. අන් පරිද්දෙකින් වෙයි. ඔහුගේ විඤ්ඤාන වෙනස්වීමට අනුව සිත වෙනස් නොවෙයි. ඔහුගේ විඤ්ඤාණය වෙනස්වීමට අනුව වෙනස්වූ සිතින් හටගත් තැතිගැනීම් තෘෂ්ණා පරිතස්සනා අකුශල ධර්ම කුසල් සිත විනාශ නොකරත්. කුසල් සිත විනාශ නොවීමෙන් තැති ගැනීමක් නොවෙයි. දුක් සහිත නොවෙයි. ආලය සහිත නොවෙයි. තමායයි ගැනීමට දෙයක් නැති නිසා තැති නොගනියි. ඇවැත්නි, මෙසේ වනාහි තමායයි නොගැනීම නිසා තැති ගැනීම නොවන්නේය.

24. ´´ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් අපට යම් උදෙසීමක් සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක්ද, මහණෙනි, යම් යම් පරිද්දකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසිරුනේද, ධ්‍යානරම්මණයෙහි ඇලී නොසිටියේද, තමායයි ගැනීමට දෙයක් නැතිවීම නිසා තැති නොගන්නේද, ඒ ඒ පරිද්දෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය මහණෙනි, පිටත් අරමුණුවල සිත් නොවිසිරීම ඇති කල්හි ධ්‍යානාරම්මණයෙහි ඇලී තමායයි අල්වා නොසිටි කල්හි ගතයුත්තක් නැතිවීම නිසා තැති නොගන්නහුට මත්තෙහි ජාති ජරා මරණය දුක්ඛසමුදය හට ගැනීමක් නොවේය යනුයි.

25. ´´ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථය විභාග නොකරණ ලද මේ උද්දෙසයාගේ අර්ථය විභාග නොකරණ ලද මේ උද්දේසයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි. ආයුෂ්මත්නි, කැමති, වන්නහු නම් තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙනම එළඹ මේ කාරණය අසව්. යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කෙරේද එසේ එය දරා ගනිව්ය´´ කීය.

26. ඉක්බිති ඒ හික්ෂුහු ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගේ කීම සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව උන්හ. එකත්පස්ව උන්නාවූ ඒ හික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහුය. ´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් යම් උද්දේසයක් වනාහි උදෙසා විස්තර වශයෙන් අර්ථය විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක්ද, ´මහණෙනි, යම් යම් පරිද්දෙකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල නොවිසිරුනේද ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටියේ තමායයි නොගැනීම නිසා තැති නොගන්නේද, ඒ ඒ පරිද්දෙන් මරණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත් අරමුණුවල විඥාණය වික්ෂිප්ත නොවූ කල්හි නොවිසිරීම ඇති කල්හි ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටි කල්හි තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නහුට මතතෙහි ජාති ජරා මරණය දුක්ඛ හටගැනීමක් නොවේය යනුයි´ ස්වාමීනි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කල්හි මෙබඳු අදහසක් විය.

27. ´ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දෙසය වනාහි සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්ථ විභාග නොකොට හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක. මහණෙනි, යම් යම් පරිද්දෙකින් පිරිසිඳ බලන්නහුගේ සිත පිටත් අරමුණුවල වික්ෂිප්ත නොවූයෝ විසිර නොගියේ වෙයිද, ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටියේ තමායයි නොගැනීම නිසා තැති ගැනීමක් නොවන්නේද? ඒ ඒ පරිද්දෙන් මහණතෙම පිරිසිඳ බලන්නේය. මහණෙනි, පිටත්හි අරමුණුවල සිත වික්ෂිප්ත නොවූ කල්හි නොවිසිරීම ඇති කල්හි ධ්‍යානාරම්මණයෙහි ඇලී නොසිටි කල්හි තමා වශයෙන් නොගැනීම නිසා තැති නොගන්නහුට ජාති ජරා මරණ දුක්ඛයන්ගේ හටගැනීමෙක් නොවේය´ යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරයෙන් අර්ථය විභාග නොකරණලද මේ උදේදෙසයාගේ අර්ථය කවරෙක් නම් විස්තරයෙන් විභාග කරන්නේදැයි කියායි. ස්වාමිනි, ඒ මේ අපට මෙබඳු අදහසක් විය. ´මේ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙමේ වනාහි ශාස්තෲන් වහන්සේ විසින්ද වර්ණනා කරණ ලද්දෙක් වේ. නුවණැති හික්ෂූන් විසින්ද ගරු කරණ ලද්දෙක් වේ. ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථ විභාග නොකරණලද මේ උද්දේසයාගේ අර්ථය විස්තරයෙන් විභාග කරන්ට සමර්ථද වේ.අපි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම යම් තැනෙක්හිඳ එතැනට යමු. ගොස් ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් ගෙන් මේ කාරණය පිළිවිස්නෙමු නම් යහපතැයි´ කියායි.

´ස්වාමීනි, ඉක්බිති අපි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියෙමු. පැමිණ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන්ගෙන් මේ කාරණය ඇසුවෙමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ විසින් මේ අකාරවලින්, මේ පදවලින් මේ ව්‍යඤ්ඡනවලින් අර්ථය විභාග කරණලද්දේය´´යි කීවාහුය.

28. ´´මහණෙනි, මහා කච්චායන තෙම පණ්ඩිත වේ. මහණෙනි, මහා කචචායන තෙම මහත් ප්‍රඥා ඇත්තෙක්වේ. මහණෙනි, තෙපි මාගෙන්ද ඉදින් මේ කාරණය ඇසුවහු නම්, යම්සේ මහා කච්චායනයන් විසින් ප්‍රකාශ කරණ ලද්දේද මේද මෙහි මේ කාරණය එසේම ප්‍රකාශ කරන්නෙමි. අර්ථය මෙය ම වේ. මෙසේම එය දරව්යයි´´ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

අටවැනි උද්දේස විභඞග සූත්‍රය නිමි. (4 – 8)

137. සළායතන විභඬග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ,මහණෙනි, කියා ආමන්ත්‍රණය කළසේක. ,පින්වතුන් වහන්සැයි,, ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. ,මහණෙනි, ෂඩායතනයන්ගේ විස්තර තොපට දේශනා කරන්නෙමි. එය අසව් යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි, යනුයි. ,එසේය ස්වාමීනියි, ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

2. ,ආධ්‍යාන්මික ආයතන සයක් (විදර්‍ශනා සහිත මාර්‍ග ඥානයෙන්) දතයුතුය. බාහිර ආයතන සයක් දතයුතුය. විඤ්ඤණ කාය සයක් දතයුතුය. ස්පර්‍ශ කාය සයක් දතයුතුය. මනොපවිචාර (විතර්‍ක විචාර) අටළොසක් දතයුතුය. සත්ව පද සතිසක් දතයුතුය. එහි මෙය නිසා මෙය දුරුකරව්. ආය්‍ර්‍යතෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, යම් සතිපට්ඨාන තුනක් සේවනය කරන්නාවූ ආය්‍ර්‍යවූ ශසතෘතෙම සමුහයාට අනුශාසනා කරන්ට සුදුසුවෙයි. හෙතෙම දමනය කළයුත්තවුන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරිසදම්මසාරථි යයි කියනු ලැබේ. මෙය සළායතන විභඬගයාගේ උද්දේස යයි. (මාතෘකාවයි.)

3. ,ආධ්‍යාත්මිකවූ ආයතන සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය, යන මොහුයි. ආධ්‍යාත්මිකවූ ආයතන සයක් දතයුතුයයි. මෙසේ යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී. බාහිර ආයතන සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? රූපායතනය සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොටඨබ්බායතනය, ධමමායතනය, යන මොහුයි. බාහිරවූ ආයතන සයක් දතයුතුයයි, මෙසේ ඒ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී. විඤ්ඤාණ කාය සයක් දතයුතුයයි, මෙසේ වනාහි මේ කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? චක්ඛු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණය, යන මොහුයි. විඤ්ඤාණ කාය සයක් දතයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද? එය මේ සඳහා කියන ලදී.

4. ,පොට්ඨබ්බකාය සයක් දතයුතුයයි, මෙසේ වනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? චක්ඛුසම්ඵසසය, සොත සම්ඵසසය, ඝාන සම්ඵසසය, යන මොහුය. ඵසස කාය සයක් දත යුතුයයි මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී. ,මනොපවිචාර (විතර්‍ක විචාරයෝ) අටළොසක් දතයුතු යයි, මෙසේ මනාහි මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියනලදද? ඇසින් රූපයක් දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්‍ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, ශබ්දය අනුව හැසිරෙයි. නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට සොම්නසට කරුණුවූ, ගන්‍ධය අනුව හැසිරෙයි. දොම්ිනසට කරුණුවූ, ගන්‍ධය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, ගන්‍ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවු, රසය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. මැදහත් බවට කරුණුවූ, රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්‍ශ කළයුත්ත ස්පර්‍ශකොට සොම්නසට කරුණුවූ ධර්‍මාරමුණ අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ, කරුණුවූ ධර්‍මාරමුණ අනුව හැසිරෙයි. මැදිහත් බවට කරුණුවූ ධර්‍මාරමුණ අනුව හැසිරෙයි. සිතින් ධර්‍මය දැන සොම්නසට කරුණුවූ ධර්‍මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ධර්‍මය අනුව හැසිරෙයි. උපේක්‍ෂාවට කරුණුවූ ධර්‍මය අනුව හැසිරෙයි. මෙසේ සොම්නස්සුපවිචාරයෝ සයක්ද, දොම්නස්සුප විචාරයෝ සයක්ද, උපෙක්‍ෂාපවිචාරයෝ සයක්ද යන මනොපවිචාරයෝ අටළොසක් දතයුතුයයි. මෙසේ ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියනලදී.

5. ,සත්‍වයන්ගේ පදයෝ (වට්ටවිවට්ට වශයෙන් සත්‍වයන්ගේ පැවැත්මට හෙතු) සතිසක් දතයුතුයයි, මෙසේ වනාහි මේ කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෙහසිතවූ (පස්කම්ගුණ ඇසුරු කළාවූ) සොමනසසයෝ සයත් වෙත්. නෛෂ්ක්‍රම්‍ය ඇසුරුකළාවූ (විදර්‍ශනාව ඇසුරු කළාවූ) සොමනසසයෝ සයක් වෙත්. ගෙහසිතවූ දොමනසසයෝ සයක් වෙත්. නෛෂක්‍රම්‍ය ඇසුරු කළාවූ දොමනස්සයෝ සයක් වෙත්. කාම ගුණයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂා සයක් වෙත්. නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ උපෙක්‍ෂා සයක් වෙත්. එහි කාම ගුණයන් ඇසුරු කළාවූ සොම්නස් හය කවරහුද? චක්‍ෂුර්විඥානයෙන් දතයුතුවූ කැමතිවූ මනාපවූා සිත සතුටු කරන්නාවූ තෘෂණාවෙන් යුක්තවූ රූපයන්ගේ ලැබීම ලාභයක් වශයෙන් සලකන්නා හටස පූර්‍වයෙහි ලබන ලද ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (රූපය) සිහි කරන්නහුටද සොම්නසක් උපදියි. මෙබඳ්‍ර යම් සොම්නසක් වේද, මෙය ගෙහසිත (කාම ගුණයන් ඇසුරු කළාවූ) සොම්නසයයි කියනු ලැබේ. සොත විඥානයෙන් දතයුතුවූ කැමැති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ශබ්දයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්‍වයෙහි හෝ ලබන ලද ඉකුත්වූ,නිරුද්ධවූ, වෙනස්වූ, (ශබ්දය) සිහි කරන්නහුටද සොම්නස උපදියි. මෙබඳ්‍ර යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ.

ඝෟණවිඤාඤාණයෙන් දත යුතු වු ගත්‍ධයන්ගේ (ගත්‍ධය) කැමති වන්නාවු, මන වඩන්නා වු, සතුටු වන්නාවු ලෝකාමිෂ සංඛා්‍යාත තෟෂ්ණාවෙන් යුත්තවූ, ගන්ධයන්ගේ ලැබිම හෝ ලැබිම් වශයෙන් දක්නහුටද පුර්‍වයෙහි හෝ ලබන ලද ඉකුත් වූ, නිරුඩ වූ, වෙනස් වූ, (ගත්‍ධය) සිහිකරන්න හුටද, සොම්නස උපදියි. මෙබදු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවු, සොම්නසයයි කියනු  ලැබේ. ජිව්හා විඤාඤාණයෙන් දතයුතුවූ, ´´රසයන්ගේ´´ (රසය) කැමති වන්නාවු, මන වඩන්නාවු, සතුට වන්නාවූ ලොකාමිෂ සංඛා්‍යාත තෟෂ්ණාවෙන් යුත්තවූ, රසයන්ගෙන් ලැබිම හෝ ලැබිම් වශයෙන් දක්නහුටද පුර්‍වයෙහි හෝ ලබන ලද ඉගුත් වු, නිරුඩවු, වෙනස් වු, (ගත්‍ධය) සිහිකරන්නහුටද, සොම්නස උපදියි. මෙබදූ යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවු, සොම්නසයයි කියනු ලැබේ. කාය විඥානයෙන් දතයුතුවූ, ,ස්පර්‍ශ කළයුත්තවුන්ගේ, (ස්පර්‍ශ කළයුත්ත) කැමති වන්නාවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, ලෝකාමිෂ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූ, ස්පර්‍ශයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් දක්නහුටද පූර්‍වයෙහි හෝ ලබනලද, ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, ස්පර්‍ශය සිහිකරන්නහුටද සොම්නස උපදියි, මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. මනො විඥානයෙන් දනයුතුවූ කැමතිවූ, මන වඩන්නාවූ, සතුටු වන්නාවූ, සිත පිනවන්නාවූ, තෘෂ්ණාවන්ගෙන් යුක්තවූ, ධර්‍මයන්ගේ ලැබීම ලැබීම් වශයෙන් සලකන්නහුටද පූර්‍වයෙහි ලබනලද, ඉකුත්වූ නිරුද්ධවූ වෙනස්වූ (ධර්‍මාරමුණ) සිහිකරන්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය කාම ගුණයන් ඇසුරු කළවූ සොම්නසයයි කියනු ලැබේ. මොහු ගේ සිත (කාම ගුණයන් ඇසුරු කළාවූ) සොම්නස් හය වෙත්.

6. ,එහි නෙකඛමමසිත (නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ) සොම්නස් හය කවරහුදයත්? රූපයන්ගේම අනිත්‍ය බව වෙනස්වීම, නොඇල්ම, නිරුද්ධවීම, දැන පූර්‍වයෙහි යම් රූපයෝ වූවාහුද දැන් යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයහ, දූක්යහ, විපරිනාම ස්වභැව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනානුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ සොම්නසයයි කියනු ලැබේ. ශබ්දයන්ගේම අනිත්‍යබව, වෙනස්වීම, විරාගය, නිරෝධය දැන පූර්‍වයෙහිවූද, මේ කාලයෙහිවූද, ශබ්දයෝ වෙත්ද, සියලු ඒ ශබ්දයෝ අනිත්‍යයහ. දූක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. ගන්‍ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරෝධය, දැන, පූර්‍වයෙහිවූද, මේ කාලයෙහි වූද, ගන්‍ධයෝ අනිත්‍යයහ, දූක්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුටද සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නසයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්ාවීම, විරාගය, නිරෝධය දැන, පුර්වයෙහිවූද, මේ කාලයෙහිවූද, රසයෝ වෙත්ද, සියලු ඒ රසයෝ අනිත්‍යයහ. දූත්යහ, විපරිනාම ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ, සොම්නස යයි කියනු ලැබේ. ධර්‍මයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, විරාගය, නිරොධය, දැන පූර්‍වයෙහි යම් ධර්‍මායතනයෝ වූවාහුද, දැන යම් ධර්‍මායතනයෝ වෙත්ද, ඒ සියලු ධර්‍මයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයයි, මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට සොම්නස උපදියි. මෙබඳු යම් සොම්නසක් වේද, මෙය නෛක්ඛම්ම සිත (නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ) සොම්නස යයි කියනු ලැබේ. මොහු නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ සොම්නස් හය වෙත්.

7. එහි කාම ගුණයන් ඇසුරු කළාවූ දොම්නස් හය කවරහුද? චක්‍ෂුර්විඥාවයෙන් දතයුතුවූ ඉෂ්ට වූ කාන්ත වූ මනාපවූ මනොරම්‍යවූ ලොකාමිෂයන්ගෙන් යුක්ත වූ රූපයන්ගේ නොලැබීම හෝ නොලැබීම් වශයෙන් දක්නහුට පූර්‍වයෙහි හෝ නොලැබූ ඉක්ම ගියාවූ නිරුද්ධවූ වෙනස්වූ රූපය) සිහිකරන්නහුට දොම්නස උපදියි. මෙබදු යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. සොත විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්ත වූ, ශබ්දයන්ගේ නොලැබීම හෝ නොලැබීම වශයෙන් දක්නහුටද, පූර්‍වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (රූපය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ඝ්‍රාණවිඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටුවන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ගන්‍ධයන්ගේ නොලැබීම හෝ නො ලැබීම් වශයෙන් දක්නහුටද, පූර්‍වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ(ගන්‍ධය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙ8ය කාමගුණයන් ඇසුරු කළාවූ, දොම්නසයයි කියනු ලැබේ. ජිව්හා වි්ඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටුවන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, රසයන්ගේ නොලැබීම හෝ නොලැබීම වශයෙන් දක්නහුටද, පූර්‍වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ, (රසය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. කාය විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, සතුටු වන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ස්පර්‍ශයන්ගේ නොලැබීම හෝ නොලැබීම වශයෙන් දක්නහුටද, පූර්‍වයෙහි හෝ නොලද්දාවූ, ඉක්ම ගියාවූ, නිරුද්ධවූ, වෙනස්වූ,(ස්පර්‍ශය) සිහිකරන්නහුටද දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. මනො විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවන්නාවූ, මනාපවූ, සතුටුවන්නාවූ, තෘෂ්ණාවෙන් යුක්තවූ, ධර්‍මායතනයන්ගේ නොලැබීම හෝ නොලැබීම වශයෙන් දක්නහුටද, පූර්‍වයෙහි හෝ නොලද විරූ ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස්වූ, (ධර්‍මය) දක්නහුට දොම්නස උපදියි. මෙබඳුවූ යම් දොම්නසක් වේද, මෙය කාමගුණයන් ඇසුරු කළවූ දොම්නසයයි කියනු ලැබේ. මොහු සදෙන කාමගුණයන් ඇසුරු කළාවූ දොම්නස් වෙත්.

8. ,එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ දොම්නස් හය කවරහුද? රූපයෙන්ම අනිත්‍ය බව වෙනස්වීම නොඇල්ම වැළැක්ම දැන, පූර්‍වයෙහිද මේ කාලයෙහිද, යම් රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක නිරුත්තරවූ විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව තබයි. මේ කාලයෙහි ආය්‍ර්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙමි දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව පිහිටු වන්නහුට ඒ ප්‍රාත්‍ර්‍ථනාව තබයි. මේ කාලයෙහි ආය්‍ර්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම්දැයි, මෙසේ නිරුත්තර වූ විමොක්‍ෂයන් හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව පිහිටුවන්නහුට ප්‍රාත්‍ර්‍ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ගන්‍ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, යම් ගන්‍ධයෝ වෙත්ද, ඒ සියලු ගන්‍ධයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තර වූ, විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව තබයි. මේ කාලයෙහි ආය්‍ර්‍යයෝ යම් රහක් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහක් බවට පැමිණ වාසය කරන්නෙම්දැයි, මෙසේ නිරුත්තර වූ, විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැතිවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, යම් රසයෝ වෙත්ද, ඒ සියලු රසයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ, විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව තබයි. මේ කාලයෙහි ආය්‍ර්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙහි නම් මම ඒ එහත් බවට පැමිණ වාසය කරන්නෙම්දැයි, මෙසේ නිරුත්තරවූ, විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව පිහිවන්නහුට ප්‍රාත්‍ර්‍ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. ස්පර්‍ශ කළ යුත්තන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නෙඇලීම, නැතිවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, යම් ස්පර්‍ශයෝ වෙත්ද, ඒ සියලු ස්පර්‍ශයෝ අනිත්‍යයහ, දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවු විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනා තබයි. මේ කාලයෙහි ආය්‍ර්‍යයෝ යම් රහත් බවකට පැමිණ වාසය කරත්ද, කවර කලෙක්හි නම් මම ඒ රහක් බවට පැමිණ වාසය කරන්නෙම්දැයි මෙසේ නිරුත්තරවු, විමෝක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව පිහිටුවන්නහුට ප්‍රාත්‍ර්‍ථනා හේතුවෙන් දොම්නස උපදියි. මෙබඳු  යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කළවූ දොම්නසයයි කියනු ලැබේ. ධර්‍මයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නැසීම්, දැන පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, ධර්‍මායතනයෝ වෙත්ද, ඒ සියලු ධර්‍මායතනයෝ අනිත්‍යයහ. දුක්යහ, පෙරළෙන ස්වභාව ඇත්තාහයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, නිරුත්තරවූ විමොක්‍ෂයන් හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව පිහිටුවයි. ආය්‍ර්‍යයෝ මේ කාලයෙහි යම් රහත් බවකට පැමිණ වාසය කෙරෙත්ද, කවර කලෙක්හි නම්, මම ඒ රහත් බවට පැමිණ වාසය කරන්නෙම්දැයි, මෙසේ නිරුත්තරවූ විමොක්‍ෂයන්හි (රහත් බැව්හි) ප්‍රාත්‍ර්‍ථනාව තබන්නහුට ප්‍රාත්‍ර්‍ථනාව නිසා දොම්නස උපදියි. මෙබඳු යම් දොම්නසක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නසයයි කියනු ලැබේ. මොහු සදෙන නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළාවූ දොම්නස් වෙත්.

9. ,එහි කාමගුණයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂා සය කවරහුද යත්? ඇසින් රූපය දැක බාලවූ මූඪවූ පෘථග්ජනවූ ක්‍ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදක්නා සුථවූ අශ්‍රුතවත් පෘථග්ජනයාහට අඥානකම නිසා උපදනා උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද, ඕතොමෝ රූපය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව කාමගුණ නිශ්‍රිත උපෙක්‍ෂායයි කියනු ලැබේ. කණින් ශබ්දය අසා බාලවූ, මුඪවූ, පෘථග්ජකවූ, ක්‍ෂීණශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසුපිරූතැන් නැති, පෘථග්ජනයා හට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව ශබ්දය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්‍ෂාව යයි කියනු ලැබේ. නාසයෙන් ගඳ දැන බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්‍ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදක්නා ඇසූපිරූතැන් නැති, පෘථග්ජනයාහට නොදැනීමෙන් නිසා උපදනා මැදිහත් බව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව ශබ්දය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්‍ෂාව යයි කියනු ලැබේ. දිවෙන් රසවිඳ බාලවූ, මුඪවූ, පෘථග්ජකවූ, ක්‍ෂීණශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නාවූ, ඇසුපිරූතැන් නැති, පෘථග්ජනයා හට නොදැනීමෙන් උපදනා මැදිහත් බව උපදියි. මෙබඳුවූ යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව රසය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්‍ෂාව යයි කියනු ලැබේ. කයින් ස්පර්‍ශ කටයුත්ත ස්පර්‍ශකොට බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්‍ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදන්නා වූ, ඇසුූපිරූතැන් නැති පෘථග්ජනයාට නොදැනීමෙන් උපදනා මැදහත් බව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව ස්පර්‍ශය නොඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව කාමගුණ ඇසුරු කළාවූ, උපෙක්‍ෂාව යයි කියනු ලැබේ. සිකින් ධර්‍මාරම්මනය දැන බාලවූ, මූඪවූ, පෘථග්ජනවූ, ක්‍ෂීණාශ්‍රව නොවූ, රහත් නොවූ, ආදීනව නොදක්නා සුළුවූ, ඇසූපිරූතැන් නැති, පෘථග්ජනයාහට අඥානකමින් හටගන්නා උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද, ඕතොමෝ ධර්‍මාරම්මනය නොඉක්මවයි. එහෙයින් ඕතොමෝ කාමගුණ නිශ්‍රිත උපෙක්‍ෂාව යයි කියනු ලැබේ. මොහු සදෙන කාමගුණ නිශ්‍රිත උපෙක්‍ෂාවෝ වෙත්.

10. ,එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළවූ උපෙක්‍ෂාවෝ සදෙන කවරහුදයත්? රූපයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම්, නොඇලීම, නිරුද්ධවීම, දැන පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, රූපයෝ වෙත්ද, ඒ සියලු රූපයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාව ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් බලන්නහුට උපෙක්‍ෂාව උපදියි. ඒ උපෙක්‍ෂාව රූපය ඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂායයි කියනු ලැබේ. ශබ්දයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද, ශබ්දයෝ වෙත්ද, ඒ සියලු ශබ්දයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්‍ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවයයි කියනු ලැබේ. ගන්‍ධයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද ගන්‍ධයෝ වෙත්ද, ඒ සියලු ගන්‍ධයෝ අනිත්‍ය අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්‍ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවයයි කියනු ලැබේ. රසයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද ගන්‍ධයෝ වෙත්ද, ඒ සියලු ගන්‍ධයෝ අනිත්‍ය අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්‍ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවයයි කියනු ලැබේ. ස්පර්‍ශකළ යුත්තන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද ස්පර්‍ශයෝ වෙත්ද, ඒ සියලු ස්පර්‍ශයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්‍ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද ඕතොමෝ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවයයි කියනු ලැබේ. ධම්මාරම්මණයන්ගේම අනිත්‍ය බව, වෙනස්වීම, නොඇලීම, නිරුද්ධවීම දැන, පූර්‍වයෙහිද, මේ කාලයෙහිද ධම්මාරම්මණයෝ වෙත්ද, ඒ සියලු ධම්මාරම්මණයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, විපරිනාම ස්වභාවය ඇත්තාහුයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නහුට (විදර්‍ශනා ඥාන සම්ප්‍රයුක්තවූ) උපෙක්‍ෂාව උපදියි. මෙබඳු යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව ධම්මාරම්මණ ඉක්මවයි. එහෙයින් ඒ උපෙක්‍ෂාව නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවයයි කියනු ලැබේ. මොහු සදෙන නෛෂ්ක.්‍රම්‍යයන් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවෝ වෙත්.

11. ,සත්‍වයන්ගේ පාදයෝ සතිය දතයුත්තාහුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.

,එහි මෙය නිසා මෙය දුරුකරව් යයි මෙසේ කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, එහි යම් නෛෂක්‍රම්‍යයන් ඇසුරු කළාවූ සොම්නස් හයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ, යම් කාමගුණ නිශ්‍රිත සොම්නස් හයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මසේ මොවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ දොම්නස් සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ යම් කාමගුණයෙන් ඇසුරු කළාවූ දොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මෙවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් උපෙක්‍ෂා හයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ, යම් කාමගුණයන් ඇසුරු කළාවූ යම් උපෙක්‍ෂා සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ.

12. ,මහණෙනි, එහි යම් නෛෂක්‍රම්‍යයන් ඇසුරු කළාවූ සොම්නස් සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් දොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මොවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි, එහි නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් උපෙක්‍ෂා සයක් වෙත්ද, ඔවුන් නිසා ඔවුන්ට පැමිණ නෛෂ්ක්‍රම්‍යයන් ඇසුරු කළාවූ යම් සොම්නස් සයක් වෙත්ද, ඔවුන් දුරුකරව්. ඔවුන් ඉක්මවව්. මෙසේ මොවුන්ගේ දුරුකිරීම වේ. මෙසේ මෙවුන්ගේ ඉක්මවීම වේ. මහණෙනි නානාවත්වවූ (අනෙකප්‍රකාරවූ) නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් ඇත්තේය. එකත්වවු එක් අරමුණක් ඇසුරු කළා වූ උපෙක්‍ෂාවක් ඇත්තේය. මහණෙනි, නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළවූ උපෙක්‍ෂාව කවරීද? මහණෙනි රූපයන්හි උපෙක්‍ෂාව ඇත්තේය. ශබ්දයන්හි ඇත්තේය. ගන්‍ධයන්හි ඇත්තේය. රසයන්හි ඇත්තේය. ස්පර්‍ශයන්හි ඇත්තේය. මහණෙනි, මේ උපෙක්‍ෂාව නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්‍ෂාව වේ.

13. ,මහණෙනි, ඒකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්‍ෂාව කවරීද? මහණෙනි, ආකාසානඤචායතනය ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් ඇත්තේය. විඤඤාණඤායතනය ඇසුරුකළාවූ උපෙක්‍ෂාවක් ඇත්තේය. ආකිඤචඤඤායතනය ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් ඇත්තේය. නෙවසඤඤානාසඤඤායතනය ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් ඇත්තේය. මහණෙනි, මේ උපෙක්‍ෂාව එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්‍ෂාව වේ. මහණෙනි, එහි යම් මේ එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් වේද, ඒ නිසා එයට පැමිණ යම් මේ නානාත්වවූ නොයෙක් අරමුණු ඇසුරු කළාවූ උපෙක්‍ෂාවක් වේද, එය දුරුකරව්. එය ඉක්මවව්. මෙසේ මේ උපෙක්‍ෂාවගේ දුරුකිරීම වේ. මෙසේ මේ උපෙක්‍ෂාවගේ ඉක්මවීම වේ. මහණෙනි, තෘෂ්ණා රහිත බව නිසා තෘෂ්ණා රහිත බවට පැමිණ යම් යම් එකත්වවූ එක අරමුණක් ඇසුරු කළාවූ උපෙක්‍ෂාවගේ දුරුකිරීම වේ. මෙසේ මේ උපෙක්‍ෂාවගේ ඉක්මවීම වේ. එහි මෙය නිසා මෙය දුරුකරව්යයි මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

14. ,ආය්‍ර්‍ය පුද්ගල තෙමෙයම් සතිපටඨාන තුනක් සේවනය කෙරේද, ආය්‍ර්‍ය ශාසතෘතෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසු වේයයි මෙසේ වනාහි මේ කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණෙනි, මේ ශාසනයෙහි ශාසතෘතෙම ශ්‍රාවකයන්ට අනුකම්පා ඇත්තේ වැඩ කැමැත්තේ අනුකම්පා පිණිස, මෙය තොපට වැඩ පිණිස, මෙය තොපට සැප පිණිස වේයයි ධර්‍මය දෙශනා කරයි.

15. ,උන්වහන්සේගේ ඒ ධර්‍මය ශ්‍රාවකයෝ අසනු නො කැමැති වෙත්ද, කන් නොඑලවත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ශාසතෲන් වහන්සේගේ අනුශාසනාවෙන් ඉක්ම පවතිත්ද, මහණෙනි, එහි තථාගත තෙම නොම සතුටු සිත් ඇත්තේ වෙයි. සතුටු සිත් ඇති බව ප්‍රකාශ නොකරයි. ෙවෂය වෑස්සීමක් නැතිව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආය්‍ර්‍යවූ සම්‍යක් සම්බුද්ධ තෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නාවූ ආය්‍ර්‍ය වූ ශාසතෘතෙම සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ මේ පළමු වැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.

16. ,මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශාසතෘතෙම අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, අනුකම්පා පිණිස මෙය තොපට වැඩ පිණිස මෙය තොපට සැප පිණිසයයි ශ්‍රාවකයන්ට ධර්‍මය දෙශනා කරයි. උන්වහන්සේගේ ධර්‍මය ඇතැම් ශ්‍රාවකයෝ අසනු කැමති නොවෙත්. කන් නොඑලවත්. දැන ගැනීමටා සිත නොපිහිටුවත්. ශාසතෲන් වහන්සේගේ අනුශාසනාවෙන් වෙන්ව පවතිත්. ඇතැම් ශ්‍රාවකයෝ අසනු කැමති වෙත්. කන් එලවත්. දැනගැණීම පිණිස සිත පිහිටුවත්. ශාසතෲන් වහන්සේගේ අනුශසනා වෙන් වෙන්ව නොපවතිත්. මහණෙනි, එහි තථාගතතෙම සතුටු සිත් ඇත්තේද නොමවේ. සතුටු සිත් ඇති බවද ප්‍රකාශ නොකරයි. නොසතුට්‍ර සිත් ඇත්තේද නොවෙයි. නොසතුටු සිත් ඇති බවද ප්‍රකාශ නොකරයි. සතුටු සිත් ඇති බවද නොසතුටු සිත් ඇති බවද යන ඒ දෙකම දුරු කොට හෙතෙම මධ්‍යස්ථවූයේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආය්‍ර්‍යතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරයිද, ආය්‍ර්‍යවූ ශාසතෘතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ මේ දෙවැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.

17. ,මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශාසතෘ තෙම අනුකම්පා ඇත්තේ, වැඩ කමැත්තේ, අනුකම්පා පිණිස මෙය තොපට හිත පිණිසය, මෙය තොපට සැප පිණිසයයි, ශ්‍රාවකයන්ට ධර්‍මය දෙශනා කරයි. උන්වහන්සේගේ ධර්‍මය ශ්‍රාවකයෝ අසනු කැමති වෙත්. කන් එලවත්. දැන ගැණීමට සිත පිහිටුවත්. ශාසතෲන් වහන්සේගේ අනුශාසනාවෙන් බැහැරවද නොපවතිත්. මහණෙනි, එහි කථාගත තෙම සතුටු සිත් ඇත්තේ ද වෙයි. සතුටු සිත් ඇති බවද ප්‍රකාශ කරයි. ආශාව වෑස්සීමෙන් තොරව සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව වාසය කරයි. මහණෙනි, ආය්‍ර්‍ය වූ ශාසතෘතෙම යම් සතිපට්ඨානයක් සේවනය කරන්නේ සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවූ තුන්වැනි සතිපට්ඨානයයි කියනු ලැබේ.

18. ,ආය්‍ර්‍යවූ යමෙක් සම්බුද්ධ තෙම යම් සතිපට්ඨාන තුනක් සේවනය කෙරේද, ආය්‍ර්‍යවූ ශාසතෘතෙම යමක් සේවනය කරන්නේ, සමූහයාට අනුශාසනා කරන්ට සුදුසුවේයයි, මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

,හෙතෙම දමනය කළ යුත්තන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාත්‍ව වාහකයෙකු බඳුයි කියනු ලැබේයයි, මෙසේ වනාහි මේ කියන ලදී. කුමක් සඳහා මේ කියන ලදද? මහණෙනි, ඇතුන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ ඇතා මෙහෙයවන ලද්දේ එකම දිසාවකට දුවයි. පූර්‍ව දිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ (දුවයි). මහණෙනි, අසුන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ අසු මෙහෙයවන ලද්දේ, එකම දිසාවකට පූර්‍ව දිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ දුවයි. මහණෙනි, ගවයන් දමනය කරන්නෙකු විසින් දමනය කළාවූ ගවයා මෙහෙයවන ලද්දේ එකම දිසාවකට පූර්වදිසාවට හෝ පශ්චිම දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ දුවයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් විසින් දමනය කළාවූ පුරුෂතෙම මෙහෙයවන ලද්දේ අටදිසාවන්ටම දුවයි. රූපී පුද්ගල තෙම රූපයන් දකියි. මේ පළමුවන දිසාවයි. තමා කෙරෙහි අරූප සංඥා ඇත්කේ පිටත්හි රූපයන් දකියි. මේ දෙවන දිසාවයි. සුභයයිම අදහස් ඇත්තේ වෙයි. මේ තුන්වන දිසාවයි. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවක් නැසීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤචායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සතරවන දිසාවයි. සියලු ආකාරයෙන් ආකාසානඤචායතනය ඉක්මවා, විඤඤාණය අනන්තයයි විඤඤාණඤචායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ පස්වන දිසාවයි. සියලු ආකාරයෙන් විඤඤාණඤචායතනය ඉක්මවා කිසිවක් නැත්තේයයි, ආකිඤචඤඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සවන දිසාවයි. සියලු ආකාරයෙන් ආකිඤචාඤඤායතනය ඉක්මවා නෙවසඤඤානාසඤඤායතනය සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සත්වන දිසාවයි. සියලු ආකාරයෙන් නෙවසඤඤානාසඤඤායතන සමාපත්තිය ඉක්මවා සඤඤාවෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ අටවන දිසාවයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් දමනය කරණලද පුරුෂතෙම මෙහෙයවන ලද්දේ මේ අට දිසාවන්ට විශෙෂයෙන් දිවීම කරයි. හෙතෙම දමනය කළයුත්තන් දමනය කරන්නවුන් අතුරෙන් නිරුත්තරවූ පුරිසදම්ම සාරථි,යි කියනු ලැබේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සික් ඇකි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

සත්වැනි සළායතන විභඬග සූත්‍රය නිමි. (4-7)

136. මහාකම්ම විභද්ධග සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාස නම්වූ වෙථමනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සමද්ධ ස්ථවිරතෙම අරණ්‍ය කුටියක්හි වාසය කරයි. එකල්හි පොතලිපුත්ත නම් පරිව්‍රාජක තෙම ජද්ධඝාවිහරණයෙන් (පා ගමනින්) සක්මන් කරන්නේ ගමන් කරන්නේ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය.

2. එකත්පසෙක හුන්නාවූ ´පොතලිපුත්ත´ නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙය කීයේය. ´´ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, කාය කර්මය හිස්ය. ඵල රහිතය. වාග් කර්මය හිස්ය. ඵල රහිතය. මනො කර්මයම සත්‍යය යන මෙය මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගෙන් අසන ලදී. උන්වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේදැ´යි ඇසීය.

´´ඇවැත් පොතලිපුත්‍රය, එසේ නොකියව්, ඇවැත් පොතලිපුත්‍රය, එසේ නොකියව්, භාග්‍යවතුන් වහන්සේට නින්දා නොකරව. භාග්‍යවතුන් වහන්සේට නින්දා කිරීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ කාය කර්මය හිස්ය, ඵල රහිතය. වචී කර්මය හිස්ය, ඵල රහිතය. මනො කර්මය සත්‍යයයි මෙසේ නොවිදාරන්නේය. ඇවැත්නි, යම් සමාපත්තියකට පැමිණියේ කිසි වේදනාවක් නොවිඳීද, එබඳු සමාපත්තියක් ඇත්තේමැයි´´

3. ´´ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, ඔබ පැවිදිව කෙතෙක් කල් වූයෙහිදැ´´යි (ඇසී.)

´´ඇවැත්නි, බොහෝ කල් නොවේ. තුන් අවුරුද්දකැ´යි කීය.

´´යම් තැනෙක්හි (යම් සස්නෙක්හි) මෙසේ නවක භික්ෂු තෙම ශාස්තෲන් වහන්සේ ආරක්ෂා කළයුත්තකෙු කොට හඟින්නේ නම් මෙහිදී අපි ස්ථවිර භික්ෂූන් ගැන කුමක් කියන්නෙමුද?

´´ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, දැන දැන කයින්, වචනයෙන්, සිතින් නම් කොට ඒ පුද්ගල තෙමේ කිනම් වේදනාවක් විඳීද?

´´ඇවැත් පොතලිපුත්‍රය, දැන දැන කයින්, වචනයෙන්, සිතින් කර්ම කොට, ඒ පුද්ගල තෙමේ වේදනාව විඳින්නේය.´´

4. ඉක්බිති පොතලිපුත්‍ර නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ගේ කීම නොපිළිගත්තේය. ප්‍රතික්ෂේපද නොකෙළේය. නොසතුටුව, ප්‍රතික්ෂේපපද නොකොට පුනස්නෙන් නැගිට ගියේය.

ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජක බැහැර ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. ්එළඹ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමගවූ කථා සල්ලාපය යම් පමණක්වීද, ඒ සියල්ල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කීයේය. එසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන්ට මෙය කීයේය. ´´ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයෙනි, මේ කථා පඬුර භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඇත්තේමය. ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයනි, යමු, භාග්‍යවතුන් වහන්සේ, යම් තැනෙක්හිද එතැනට එළඹෙන්නෙමු. එළඹ, මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැල කරන්නෙමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේද, එසේ එය දරන්නෙමු´´ යනුය. ´´ඇවැත්නි, එසේය,´´ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට පිළිතුරු දුන්නේය.

5. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතනැට එළඹියාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා සමග කළ කතාබහ යම් පමණක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැල කෙළේය. එසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ වදාළේය. ´´ආනන්දය, මම පොලිපුත්‍ර නම් පරිව්‍රාජකයා දුටු බවක්වත් නොදනිමි. මෙබඳු කථා බහක් කෙසේ ඇති වන්නේද? ආනන්දය, මේ සමිද්ධි නම් හිස් පුරුෂයා විසින් පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට බෙදා ප්‍රකාශ කටයුතු වූ ප්‍රශ්නය එක් අංශයකින් ප්‍රකාශ කෙළේය.

6. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම භාග්‍යවතුන්වහන්සේට ´´ස්වාමීනි, ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් විසින් ´´යම්කිසි විඳීමක් වෙයි නම් එය දුකය´ යන මෙය සඳහා කියන ලද්දක් විය හැකිය´´යි කීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළසේක. ´´ආනන්දය, මේ උදායි නම් මොඝ පුරුෂයාගේ නොමඟ යාම නුඹ, බලව. ආනන්දය, මම වනාහි දැන්ම මේ උදායි නම් හිස් පුරුෂතෙම කාරණානුකූලව නොගෙන හිස ඔසවන්නේ යයි දැන ගතිමි.

´´ආනන්දය, මුලදීම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයා විසින් ්වේදනා තුන අසන ලද්දාහ. ආනන්දය, ඉඳින් මේ සමිද්ධි නම් හිස් පුරුෂතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට මෙසේ අසන ලද්දේ මෙසේ ප්‍රකාශ කෙළේ නම්, (කෙසේද?) ´ඇවැත් පොතලීපුත්‍රය, කයින්, වචනයෙන්, සිතින් දැන දැන සැප විඳිය යුතුවූ ක්ර්මයක් කොට හෙතෙම සැප විඳියි. ඇවැත් පොතලිපුත්‍රය, කයින්, වචනයෙන්, සිතින් දැන දැන දුක් විඳිය යුතුවූ කර්මයක් කොට හෙතෙම දුක් විඳියි. ඇවැත් පොතලිපුත්‍රය කයින්, වචනයෙන්, සිතින් දැන දැන දැන දුක්ද නොවූ සැපද නොවූ වේදනා විඳිය ියුතුවූ කර්මයක් කොට හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳියයි´ ආනන්දය, මෙසේ ප්‍රකාශ කරන්නාවුම සමිද්ධි නම් හිස් පුරුෂතෙම පොතලිපුත්‍ර නම් පරිව්‍රාජකයාට මනාකොට ප්‍රකාශ කරන්නේය.

7. ´´ආනන්‍දය, එතකුදුවූවත් අව්‍යක්තවූ බාලවූ අන්‍ය තීත්‍ථක පරිව්‍රාජකයෝ කවරහුද? තථාගතයන්ගේ මහාකර්‍ම විභාගය කවරහු දන්නාහුද? ආනන්‍දය, ඉදින් තෙපි මහා කර්ම විභාගය, බෙදා දක්වන්නාවූ තථාගතයන්ගේ (ඒ ධර්‍මය) අසන්නාහුදැයි´´ (ඇසූහ.)

´භාග්‍යවතුන් වහන්සේ යම් මහා කර්ම විභඬගයක් බෙදා වදාරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස ඊට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, ඊට මේ සුදුසු කාලය වේ. භාග්‍යවතුන් වහන්සේ (සමීපයෙන්) අසා භික්‍ෂූහු දරන්නාහුයයි´´ (කීය.)

8. ´´ආනන්‍දය, එසේ වීනම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමියි´´ වදාළේය. ´´ස්වාමීනි, එසේයයි´´ කියා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. ´´ආනන්‍දය, මේ පුද්ගලයෝ හතර දෙනෙක් ලෝකයෙහි විද්‍යාමාන වන්නාහුය. කවර හතර දෙනෙක්දයත්, ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෙහි ප්‍රාණඝාත කරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, රළු බස් කියන්නේ වේද, හිස්වූ කථා ඇත්තේ වේද, දැඩි ලාභය බහුලකොට ඇත්තේ වේද, ක්‍රොධ සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් සහිතවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපදියි.

9. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මෙහි සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, රළු බස් කියන්නේ වේද, හිස්බස් කියන්නේ වේද, දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වේද, ව්‍යාපාද සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදියි.

10. ´´ආනන්‍දය, ඇතැම් පුද්ගලයෙක් මෙහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු වචන කීමෙන් වැළකුනේ වේද, හිස් කථා කීමෙන් වැළකුනේ වේද, දැඩි ලෝභය බහුලකොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදියි.

11. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මෙහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු වචන කීමෙන් වැළකුනේ වේද, හිස් කථා කීමෙන් වැළකුනේ වේද, දැඩි ලෝභය බහුලකොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටික වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් සහිතවූ අකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපදියි.

12. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීය්‍ර්‍යයට පැමිණ ප්‍රධාන වීය්‍ර්‍යයට පැමිණ අනුයෝග වීය්‍ර්‍යයට පැමිණ අප්‍රමාද වීය්‍ර්‍යයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ දිවැස පිළිබඳ සමාධියක් ලබයි. යම්සේ එකඟවූ සිත් ඇතිකල්හි දිව්‍යවූ මිනි´සැස ඉක්ම පවත්නාවූ පිරිසිදුවූ ඇසින් මේ ලෝකයෙහි ප්‍රාණඝාත කළාවූද, සොරකම් කළාවූද, කාමයන්හි වරදවා හැසිරුණාවූද, බොරු කීවාවූද, කේළාම් කීවාවූද, රළු වචන කීවාවූද, හිස් බස් කීවාවූද, දැඩි ලෝභ ඇත්තාවූද, ව්‍යාපාද සිත් ඇත්තාවූද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් සහිතවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ නරකයෙහි උපන් මේ පුද්ගලයා දකියිද, හෙතෙම මෙසේ කියයි. ´පින්වත, ලාමකවූ කර්‍ම ඇත්තාහ. දුශ්චරිතයනට විපාක ඇත්තේය. මම මේ ලෝකයෙහි සතුන් මරා සොරකම් කොට, කාමයෙහි වරදවා හැසිරී, බොරු කියා, කේළාම් කියා, රළු බස් කියා, හිස් බස් කියා, දැඩි ලෝභ බහුලකොට ඇත්තාහු, ව්‍යාපාද සිත් උපදවා, මිථ්‍යාදෘෂ්ටිගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්‍ගති නම්වූ, විනිපාත නම්වූ, නරකයෙහි උපන් මේ පුද්ගලයා දකිමි´ යනුයි.

13. ´´ හෙතෙම මෙසේ කියයි. ´පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේද, සොරකම් කරන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්‍ගති නම්වූ, විනිපාත නම් නරකයෙහි උපදියි. යම් කෙනෙක් මෙසේ දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් ප්‍රකාරයකින් දනිත්ද, ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි. මෙසේ හෙතෙම යමක් ඔහු විසින් තමා විසින්ම දන්නා ලද්දක්ද, තමා විසින්ම දක්නා ලද්දක්ද, තමා විසින්ම ප්‍රකට කරන ලද්දේද, එයම ඔහු දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන එය ඇතුළත් කොට ගෙන මෙයම සත්‍යය, මෙයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කරයි.

14. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීය්‍ර්‍යයට පැමිණ ප්‍රධාන වීය්‍ර්‍යයට පැමිණ අනුයෝගයට පැමිණ අප්‍රමාදයට පැමිණ මනාකොට මෙනෙහි කිරීමට පැමිණ දිවැස පිණිස පවත්නාවූ සමාධියක් ලබයි. යම්සේ එකඟවූ සිත ඇතිකල්හි පිරිසිදුවූ මිනි´සැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් මේ ලෝකයෙහි සතුන් මරා, සොරකම් කොට, කාමයන්හි වරදවා හැසිරෙන්නහු, බොරු කියන්නහු, කේළාම් කියන්නහු, රළු බස් කියන්නහු, හිස් බස් කියන්නහු, විෂම ලෝභය බහුල කොට ඇත්තහු, ව්‍යාපාද සිත් ඇත්තහු, මිථ්‍යාදෘෂ්ටි ගෙන, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන් මේ පුද්ගලයා දකියි.

15. ´´හෙතෙම මෙසේ කියයි. ´පින්වත, ලාමකවූ කර්‍ම නැත්තාහ. දුශ්චරිතයට විපාකයෙක් නැත්තේය. මම මේ ලෝකයෙහි ප්‍රාණඝාත කළ, සොරකම් කළ, කාමයන්හි වරදවා හැසිරුණු, බොරු කී, කේළාම් කී, රළු බස් කී, හිස් බස් කී, විෂම ලෝභය බහුලකොට ඇති, ව්‍යාපාද සිත් ඇති, මිසදිටු ගත් පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන් මේ පුද්ගලයා දකිමි´ යනුයි. හෙතෙම මෙසේ කියයි. ´පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේද, සොරකම් කරන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියවූ දිව්‍යලෝකයෙහි උපදියි. යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි´. මෙසේ හෙතෙම යමක් ඔහු විසින් තමන්ම දන්නා ලද්දේද, තමන්ම දක්නා ලද්දේද, තමන්ට ප්‍රකට කෙළේද, එයම දැඩි දෘෂ්ටි අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යය, මෙයින් අනික හිස්යයි ව්‍යවහාර කරයි.

16. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීය්‍ර්‍යයට පැමිණ, ප්‍රධාන වීය්‍ර්‍යයට පැමිණ, භාවනා වීය්‍ර්‍යයට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාකොට මෙනෙහි කිරීමට පැමිණ, යම් ආකාරයකින් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ මිනි´සැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් මේ පුද්ගලයා දකීද, එබඳු චිත්ත සමාධියක් ලබයිද, හෙතෙම මේ ලෝකයෙහි ප්‍රාණගාතයෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූද, ව්‍යාපාද සිත් නැත්තාවූද, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ,

(පුද්ගලයා) ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපිද සිටිනුයි. හෙතෙම ´ පින්වත, කුසලකර්‍මයෝ ඇත්තාහුමය. සුචරිතයට විපාකයෙක් ඇත්තේය. මම මේ ලෝකයෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපිද සිටිනු දකිමියි, කියයි. හෙතෙම ´ පින්වත, යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි උපදිත්යයි යම් කෙනෙක් මෙසේ දනිත්ද, ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙන් දනිත්ද, ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි.´ මෙසේ හෙතෙම යමක්ම තමා විසින්ම දන්නා ලද්දේද, තමා විසින්ම දක්නා ලද්දේද, තමා විසින්ම ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොට ගෙන මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කරයි.

17. ´´ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීය්‍ර්‍යයට පැමිණ, ප්‍රධාන වීය්‍ර්‍යයට පැමිණ, භාවනා වීය්‍ර්‍යයට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාකොට මෙනෙහි කිරීමට පැමිණ, යම් ආකාරයකින් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ ඉක්මවනලද මිනි´සැස ඇත්තාවූ දිව්‍යවූ ඇසින් මේ පුද්ගලයා දකීද, එවැනි චිත්තසමාධියක් ලබයිද, හෙතෙම මේ ලෝකයෙහි ප්‍රාණගාතයෙන් වැළකුනාවූ, සොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ,

පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුර්‍ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපිද සිටිනු දකී. හෙතෙම ´ පින්වත, කුසලකර්‍මයෝ නැත්තාහුමය. සුචරිතයට විපාකයෙක් නැත්තේය. මම මේ ලෝකයෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්‍ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපිද සිටිනු දකිමියි, කියයි. හෙතෙම ´ පින්වත, යමෙක් වනාහි ප්‍රාණගාතයෙන් වැළකුනේ වේද, නොදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්‍ගති නම්වූ, විනිපාත නම් නරකයෙහි උපදිත්යයි´ යම් කෙනෙක් මෙසේ දනිත්ද, ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දකින් දනිත්ද ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයි, මෙසේ හෙතෙම යමක්ම තමා විසින් දන්නා ලද්දේද, තමා විසින් දක්නා ලද්දේද, තමා විසින්ම ප්‍රකට කරන ලද්දේද, එයම එහි දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන මෙයම සත්‍යයයි, මෙයින් අන්‍යය සිස්යයි, ව්‍යවහාර කරයි.

18. ´´ආනන්‍දය, ඒ මහණ බමුණන් අතර යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ´පින්වත, ලාමකවූ කර්‍මයෝ ඇත්තාහුමය. දුශ්චරිතයට විපාකයෙක් ඇත්තේයයි කියයි නම් ඔහුගේ ඒ කීම අනුදනිමි. යමෙක් වනාහි මම මේ ලෝකයෙහි සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ, කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේළාම් කියන්නාවූ, රළු බස් කියන්නාවූ, හිස්බස් කියන්නාවූ, විෂම ලෝභය බහුලකොට ඇන්නාවූ, ව්‍යාපාද සිත් ඇන්නාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇන්නාවූ පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්‍ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපිද සිටිනු දකිමියි, කියා නම් ඔහුගේ ඒ කීමද අනුදනිමි. යමෙක් වනාහි ´පින්වත, මේ ලෝකයෙහි යමෙක් සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, රළු බස් කියන්නේ වේද, හිස්බස් කියන්නේ වේද, දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වේද, ව්‍යාපාද සිත් ඇත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්‍ගතියවූ විනිපාත නම් නරකයෙහි උපදිත්ය´යි කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. යම් කෙනෙක් මෙසේ දනිත් නම් ඔව්හුම මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි කියයි නම් ඔහුගේ කීමද නොඅනුදනිමි. යමෙක් තමා විසින් දන්නා ලද්දම තමා විසින් දක්නා ලද්දක්ම තමන් විසින් ප්‍රකට කරන ලද්දම සත්‍යයි, එයින් අන්‍යය හිස්යයි දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොටගෙන ව්‍යවහාර කෙරේ නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. ඊට හේතු කවරේද? ආනන්දය: තථාගතයන්ගේ මහාකර්‍ම බෙදා දැක්වීමෙහි ඥානය අන් ආකාරයකින්ම වෙයි.

19. ´´ආනන්‍දය, ඔවුන් අතරෙහි යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ´පින්වත, පාප කර්‍මයෝ නැත්තාහුමය. දුශ්චරිතයට විපාකයෙක් නැත්තේයයි´ කියයි, නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම ´ මම මෙහි සතුන් මරන්නාවූ, සොරකම් කරන්නාවූ, කාමයන්හි වරදවා හැසිරෙන්නාවූ, බොරු කියන්නාවූ, කේළාම් කියන්නාවූ, රළු බස් කියන්නාවූ, හිස්බස් කියන්නාවූ, විෂම ලෝභය බහුලකොට ඇන්නාවූ, ව්‍යාපාද සිත් ඇන්නාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇන්නාහු පුද්ගලයාද, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපද සිටිනු දකිමියි´ යන යමක්, කියයි නම් ඔහුගේ ඒ කීම අනුදනිමි. හෙතෙම ´ පින්වත, යමෙක් වනාහි සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලුදෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි උපදී යන යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙකින් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි යමෙක් කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. හෙතෙම තමන් විසින් දන්නා ලද්දම, තමන් විසින් දක්නා ලද්දම, තමන් විසින් ප්‍රකට කරන ලද්දම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන, ඇතුළත් කොටගෙන සත්‍යයි, එයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කෙරේද, ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි.

20. ´´ ඊට හේතු කවරේද? ආනන්දය, තථාගතයන්ගේ මහාකර්‍මය බෙදා දැක්වීම අන් ආකාරයකින්ම වෙයි. ආනන්‍දය, ඔවුන් අතරෙහි යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ´පින්වත, කුසල කර්‍මයෝ ඇත්තාහුය. සුචරිතයට විපාකයෙක් ඇත්තේයයි´ යමෙක් කියයිද, ඔහුගේ මේ කීම අනුදනිමි. හෙතෙම මම මෙහි සතුන් මැරීමෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූ, පුද්ගලයා ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි ඉපද සිටිනු දකිමි´ යන යමක් කියයිද, ඔහුගේ මේ කීමද අනුදනිමි. හෙතෙම ´ පින්වත, යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, හොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත දිව්‍යලෝකයෙහි උපදීය´ යන යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙන් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි යමක් කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. හෙතෙම යමක් තමන් විසින් දන්නා ලද්දේද, තමන් විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොට ගෙන මෙයම සත්‍යයි, මෙයින් අන්‍යය හිස්යයි ව්‍යවහාර කෙරේද, ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. ඊට හේතු කවරේද? ආනන්දය: තථාගතයන්ගේ මහාකර්‍මය බෙදා දැක්වීමෙහි ඥානය අන් ආකාරයකින්ම වෙයි.

21. ´´ආනන්‍දය, ඔවුන් අතර යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ´පින්වත, කුසල කර්‍මයෝ නැත්තාහුමය. සුචරිතයට විපාකයෙක් නැත්තේයයි´ යමක් කියයිද, ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම ´ මම මෙහි ප්‍රාණගාතයෙන් වැළකුනාවූ, හොරකම් කිරීමෙන් වැළකුනාවූ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාවූ, බොරු කීමෙන් වැළකුනාවූ, කේළාම් කීමෙන් වැළකුනාවූ, රළු බස් කීමෙන් වැළකුනාවූ, හිස් බස් කීමෙන් වැළකුනාවූ, විෂම ලෝභය නැත්තාවූ, ව්‍යාපාද සිත් නැත්තාවූ, සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයාද ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාව, දුර්‍ගතියවූ විනිපාත නම් නරකයෙහි ඉපිද සිටිනු දකිමියි´ යමක් කියයිද ඔහුගේ ඒ කීමද අනුදනිමි. හෙතෙම ´ පින්වත, යමෙක් වනාහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඒ සියලු දෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්‍ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදීයයි,´ යමක් කියයි නම් ඔහුගේ ඒ කීම නොඅනුදනිමි. හෙතෙම ´ යම් කෙනෙක් මේ ආකාරයෙන් දනිත් නම් ඔව්හු මනාකොට දනිත්. යම් කෙනෙක් අන් පරිද්දෙන් දනිත් නම් ඔවුන්ගේ දැනීම මිථ්‍යා දැනීමයයි´ යමක් කියයි නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. හෙතෙම යමක් තමන් විසින් දන්නා ලද්දේද, තමන් විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කරන ලද්දේද, එයම දෘෂ්ටියෙන් තදින් අල්වාගෙන ඇතුළත් කොට ගෙන ´ මෙයම සත්‍යයි, මෙයින් අන්‍යය සිස්යයි ව්‍යවහාර කෙරේ නම් ඔහුගේ ඒ කීමද නොඅනුදනිමි. ඊට හේතු කවරේද? ආනන්දය: තථාගතයන්ගේ මහාකර්‍ම බෙදා දැක්වීමෙහි ඥානය අන්පරිද්දකින්ම වේ.

22. ´´ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මේ ලෝකයෙහි සතුන් මරන්නේ, සොරකම් කරන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්‍ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදීද, ඔහුගේ දුක් විඳීම පිණිස පවත්නා ඒ පාපකර්‍මය ඊට පළමු කරන ලද්දක් හෝ වෙයි. ඔහුගේ දුක් විඳීම පිණිස පවත්නාවූ ඒ පාපකර්‍මය ඊට පසුව කරන ලද්දක් හෝ වෙයි. මොහුගේ මරණ කාලයෙහි හෝ සම්පූර්‍ණ කරන ලද සමාදන්වන ලද මිථ්‍යා දෘෂ්ටිය හෝ වෙයි. හෙතෙම ඒ කර්‍මය හේතුකොටගෙන ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුර්‍ගතිවූ විනිපාත නම් නරකයෙහි උපදියි. හෙතෙම මේ ලෝකයෙහි සතුන් මරන්නේ හෝ සොරකම් කරන්නේ හෝ කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ හෝ වෙයිද, ඒ කර්‍මයාගේ විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අනික් අනික් භවයන්හි හෝ විඳියි.

23. ´´ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මේ ලෝකයෙහි සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදී නම්, ඔහුගේ ඒ සැපට කරුණුවූ කුසල කර්මය ඊට පළමු කරන ලද්දක් හෝ වෙයි. ඔහුගේ ඒ සැපට කරුණුවූ කුසල කර්මය ඊට පසුව කරන ලද්දක් හෝ වෙයි. ඔහුගේ මරණ කාලයෙහි හෝ සම්පූර්‍ණ කරන ලද සමාදන්වන ලද සම්‍යක් දෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්‍මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් වනාහි හෙතෙම මෙහි ප්‍රාණගාත කරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේළාම් කියන්නේ, රළු බස් කියන්නේ, හිස්බස් කියන්නේ, විෂම ලෝභය බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි වූයේ හෝ වේද, ඒ කර්‍මයාගේ විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අනික් අනික් භවයන්හි හෝ විඳියි.

24. ´´ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම මෙහි සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදී නම්, ඒ සැප විඳීමට හේතු වූ ඒ කුශල කර්‍මය ඊට පළමු කරන ලද්දක් හෝ වෙයි. ඔහුගේ ඒ සැප විඳීමට හේතු වූ කුශල කර්‍මය ඊට පසුව කරන ලද්දක් හෝ වෙයි. මරණ කාලයෙහි හෝ සම්පූර්‍ණ කරන ලද සමාදන්වන ලද සම්‍යක් දෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්‍මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. හෙතෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුනේ හෝ වෙයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේළාම් කීමෙන් වැළකුනේ වෙයි. රළු බස් කීමෙන් වැළකුනේ වෙයි. හිස් බස් කීමෙන් වැළකුනේ වෙය. විෂම ලෝභය නැත්තේ වෙයි. ව්‍යාපාද සිත් නැත්තේ වෙයි. සම්‍යක් දෘෂ්ටි වූයේ හෝ වෙයිද, ඔහුගේ ඒ කර්මයාගේ ් විපාක මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අනික් අනික් භවයන්හි හෝ විඳියි.

25. ´´ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් යම් පුද්ගලයෙක් තෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ වේද, සොරකම් කිරීමෙන් වැළකුනේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වේද, බොරු කීමෙන් වැළකුනේ වේද, කේළාම් කීමෙන් වැළකුනේ වේද, රළු බස් කීමෙන් වැළකුනේ වේද, හිස් බස් කීමෙන් වැළකුනේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටි වූයේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ දුර්‍ගතිවූ විනිපාත නම් නරකයෙහි දුක් විඳීමට හේතු වූ ඒ අකුශල කර්‍මය ඊට පළමු කරන ලද්දක් හෝ වෙයි. දුක් විඳීමට හේතු වූ ඒ අකුශල කර්‍මය ඊට පසුව කරන ලද්දක් හෝ වෙයි. මරණ කාලයෙහි කරන ලද සමාදන්වන ලද මිථ්‍යාදෘෂ්ටිය හෝ වෙයි. ඒ කර්මයෙන් හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි

සැපයෙන් තොරවූ දුක් ඇත්තාවූ විනිපාත නම් නිරයෙහි උපදියි. හෙතෙම මෙලොව සතුන් මැරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුනේ හෝ වෙයිද, සම්‍යක් දෘෂ්ටි වූයේ වෙයිද, ඒ කර්‍මයාගේ විපාකය මේ ආත්මයෙහිම හෝ විඳියි. අනතුරු ආත්මයෙහි හෝ විඳියි. අපරාපරියායෙහි හෝ විපාකය විඳියි.

26. ´´ආනන්‍දය, මෙසේ වනාහි අභව්‍යාකාරවූ (අකුසලයෙන් වැළකුනාවූ) , අභව්‍ය කර්‍මයක් (අකුසල කර්‍මයක්) ඇත්තේය. භව්‍යාකාරවූ (කුසල කර්‍මයෙන් වළකන්නාවූ) අභව්‍ය (අකුසල) කර්‍මයක් ඇත්තේය. භව්‍යාකාරවූද (කුසලයෙන් වළකන්නාවූද) භව්‍යවූද (කුසල්වූම) කර්‍මයක් ඇත්තේය. අභව්‍යාකාරවූ (අකුසලයෙන් වළකන්නාවූ) භව්‍ය (කුසල කර්‍මයක් ඇත්තේයයි.´´

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තේයයි.

මහා කම්ම විභඬ්ග සූත්‍රය නිමි. (4-6)