130. දේවදුත සුත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි වූ, ජෙතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´මහණෙනියි, භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක.ඒ භික්‍ෂුහු ´පින්වතුන් වහන්සැයි´ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2.´´මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නා වූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුත් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද,හිනවූද, ප්‍රණිතවූද, යහපත් වර්‍ණඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, සුගති වලට පැමිණියා වූද, දුගති වලට පැමිණියා වූද, කර්‍මය වූ පරිදි පැමිණියා වූ සත්‍වයන් පිරිසිදු, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවසැන් දකිමි. ඒකාන්තයෙන්ම මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනො සුචරිතයෙන් යුත්ත වූවාහුය. ආය්‍ර්‍යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දෟෂ්ටි වූවාහුය. සම්‍යක් දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වුවාහුය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති සවර්‍ගලොකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුත්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනෝ සුචරිතයෙන්ත යූක්ත වූවාහූය. ආය්‍ර්‍යයන්හට පරිභව නොකරන්නාහුය. සම්‍යක් දෟෂ්ටික වූවාහූය. සම්‍යක් දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යූක්ත වූවාහූය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුත් අතර උපන්නාහුය.

3. ´´ඒකාන්තයෙන් මේ පින්වත් සත්‍වයෝ කාය දූශචරිතයෙන් යුත්ත වූවාහූය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආය්‍ර්‍ය හට පරිභව කරන්නාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මේ පින්වත් සත්‍වයෝ කාය දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වුවාහුය. ආය්‍ර්‍යයන්හට පරිභව කරන්නාහුය. මිත්‍ථ්‍යා දුෂ්ටික වූවාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.

4.´´මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ ´දේවයන් වහන්ස, මේ පුරුෂයා මවට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. පියාට කළයුතු සංග්‍රහ නොකරන්නෙක. උතුමන් නොහදුනන්නෙක. කුලදෙටුවන් නොපුදන්නෙක´´ ´´ළදරුවෙකු නුදුටුවෙහිද?´´ ´´හෙතෙම ස්වාමින්, දුටුවෙමියි´ කියයි.

´මහණෙනි, යම් රජතෙම ඔහුට මෙසේ කියන්නේය. එම්බා පුරුෂය, නුවණැත්තාවූ මහලුවූ ඒ නුඹට මේ අදහස ඇති නොවිද? මමත් ජාතිය සවභාවකොට ඇත්තේ වෙමි. ජාතිය නොඉක්ම වූවෙමි. එබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමි. යන මේ අදහස ඇති නොවිද? හෙතම ´ස්වාමින්, කුසල් කරන්නට නොහැකිවිම්. වහන්ස, පමාවූයෙමියි කියයි. ඔහුට යම රජතෙම ´එම්බා පුරුෂය, පමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිද? එම්බා පුරුෂය, පමා වූවහුට යම් සේ කෙරේද? තට එසේ කරන්නෙමි. තාගේ ඒ මේ පාප කර්‍මය මව විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගෙණිය විසින් නොකරණ ලද්දේය. යහඵ මිත්‍රයන් විසින් නොකරණ ලද්දේය. දෙවියන් විසින් නොකරණ ලද්දේය. තා විසින් මේ පාප කර්‍මය කරණ ලද්දේය. මේ පාප කර්‍මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය´´.

5. ´´මහණෙනි, යම රජ තෙම මේ පළමුවෙනි දේවදුතයා දක්වා කරුණු සහිතව පිළිගනිවා තර්ජකය කොට දෙවැනි දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ´´එම්බා පුරුෂය, මනුෂ්‍යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දුතයා තෝ නොදුටුවෙහිද? හෙතම ´´ ස්වාමින්, නුදුටිමියි´ කියන්නේය. ඔහුට යම රජතෙම ´එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි උප්පත්තියෙන් අසූ වයස් ගියාවූ, හෝ අනු වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියා වූ හෝ ජරාජීරණ වූ ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිදුණු සැරයටිය පිහිටි කොට ඇති, වෙවුලමින් හැසිරෙනිනාවූ, ජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණ කම් ඇති, වැටුණු දත් ඇති, පැසුණු හිසකෙහෙ ඇති, ඉගිලිගිය හිසකෙහෙ ඇති, බොහෝ සේ ඉගිලී ගිය හිස කෙහෙ ඇති, රැලි නැගුණ සම ඇති,තල කැලලින් යුත් සිරුරැති, සත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිද? හෙතෙම ´ස්වාමින්, දුටුවෙමියි, කියයි´´.

6.´´මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. ´එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි ඒ තොපට මමත් ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවා වූයේ වෙමි. එබැවින් මම කයින්, වචයෙන්, සිතින් කුසල් කරන්නෙම් නම් යහපති යන අදහස ඇති නොවිද? හෙතෙම ස්වාමින්, ´´ කුසල් කරන්නට නොහැකි විමි. ස්වාමින් පමා විමියි.´´ කියන්නේය. මහණෙනි, යම රජ තෙම ඔහුට මෙසේ කියයි. ´´එම්බා පුරුෂය තෝ පමාවූ බැවින් කයින් වචනයෙන්, සිතින් කුසල් නොකෙළහි නම් එම්බා පුරුෂය, යම් සේ පමා වූවහුට යම් සේද තට එසේ කරන්නාහුය. තාගේ ඒ පාප කර්‍මය මව විසින් නොකරණ ලදි. පියා විසින් නොකරණ ලදි. සහෝදරයා විසින් විසින් නොකරණ ලදි. නැගණිය විසින් නොකරණ ලදි. යහඵ මිත්‍රයින් විසින් නොකරන ලදි. සහ ලේ නෑයන් විසින් විසින් නොකරණ ලදි. මහණ බමුණන් විසින් විසින් නොකරණ ලදි. දෙවියන් විසින් නොකරණ ලදි. මේ පාප කර්‍මය තා විසින්ම කරණ ලද්දේය. ඒ අකුසලයාගේ විපාකය තෝම විදිනෙහිය.

7.´´මහණෙනි, යම රජ තෙම මේ දෙවෙනි දේවදුතයා දක්වා පිළිගන්වන්නේය. කියා තුන් වන දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය. ´එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහලවූ තුන් වන දේවදුතයා නුදුටුවෙහිද? හෙතම ස්වාමින් නුදුටිමියි´ කියයි. මහණෙනි, මොහුට යම රජ තෙම එම්බා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි රෝග ඇත්තාවූ දුකට පත්වූ දැඩි ගිලන් ඇත්තාවූ, සවකිය මල මුත්‍ර මතුයෙහි සයනය කරණ අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් හොවනු ලබන්නාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිදැයි´ අසන්නේය. ´ ස්වාමින්, දුටුවෙමියි´ කියයි. මහණෙනි, ඔහුට යම රජ තෙම ´එම්බා පුරුෂය, නුවණැත්තාවූ වැඩි වයසට පැමිණියාවූ ඒ නුඹට මමත් ලෙඩවිම ස්වාභාව කොට ඇත්තේ වෙමි. ලෙඩවිම නොඉක්මවුයේ වෙමි. එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් කුසලයක්, කරමි. කියා අදහස් නොවුයෙහිදැයි අසන්නේය. හෙතෙම ´´ස්වාමින් කුසල් කරන්නට නොහැකිවිම. ස්වාමිනි පමාවිමයි.´ කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට එම්බා පුරුෂය, පමාවු බැවින් කයින්, වචනයෙන් සිතින් කුසලයෙක් නොකෙළහි නම් එම්බා පුරුෂය, පමා වුවහුට යම් සේ කෙරෙත්ද, එසේ තට කරන්නාහුය. තගේ ඒ මේ පාපකර්‍මය මව විසින් කරණ ලද්දක් නොවෙයි. පියා විසින් කරණ ලද්දක් නොවෙයි. සහෝදරයා විසින් කරන ලද්දක් නොවෙයි. නැගණිය විසින් කරණ ලද්දක් නොවෙයි. යහඵ මිත්‍රයින් විසින් කරන ලද්දක් නොවෙයි. සහලේ නෑයින් විසින් කරන ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරන ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරන ලද්දක් නොවෙයි. තා විසින් ඒ පාප කර්‍මය කරණ ලදි. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විදිනෙහිය.´

8.´´ මහණෙනි, යම රජ ඔහුට මේ තුන්වන දේවදුතයා දක්වා පිළිගන්වා කරුණු කියා සිව් වන දේවදුතයා දක්වයි. පිළිගන්වයා. කරුණු කියා සිව්වන දේවදුතයා දක්වයි. පිළිගන්වයි. කරුණු කියයි. ´එම්බා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහළවූ සිව්වන දේවදුතයා නුදුටුවෙහිද?´ හෙතෙම ´ස්වාමීනි, දුටිමි´ යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂය, මිනිසුන් අතරෙහි අල්වාගෙන රජුන් විසින් නෛායෙක් දඬුවම් කරවන්නාවූ අපරාධ කළ සොරුන් නුදුටුවෙහිද? එනම්: කසවලින් තැලුම් කන්නවුන්, වේවැල්වලින් තැලුම් කන්නවුන්, මුගුරුවලින් තැලුම් කන්නවුන්, අත් කප්පවන්නවුන්, පා කප්පවන්නවුන්, අත් පා කප්පවන්නවුන්, කණ කප්පවන්නවුන්, නාසය කප්පවන්නවුන්, කණ් නාසා කප්පවන්නවුන්, බිලඬ්ගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්, සඬ්ඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්, ජෝතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්, හත්‍ථපජ්ජොතික නම් කර්මය කරනු ලබන්නවුන්, එරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, චීරකවාසික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒණ්‍යෙක නම් කර්මය කරනු ලබන්නවුන්, බලිසමංසික නම් කර්මය කරනු ලබන්නවුන්, කහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතවඡික නම් කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, පලාලපීඨක නම් කර්මය කරනු ලබන්නවුන්, උණු කරනලද තෙල් ඉසිනු ලබන්නවුන්, සුනඛයන් ලවා කනු ලබන්නවුන්, ජීවත්ව සිටියදීම උල තබනු ලබන්නවුන්, කඩුවෙන් හිස කපනු ලබන්නවුන්, දුටුවෙහිදැ´ යි අසන්නේය. හෙතෙම ´ස්වාමීනි, දුටුවෙමි´ යි කියයි. ්‍යාත්මිකවූද බාහිරවූද සෑමදෙයක අනිත්‍යාදී ස්වභාවය දකින්නෙම්ද?

9. ,මහණෙනි, යම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි නුඹට යම් කෙනෙක් පාපකර්ම කෙරෙත් නම් ඒ සත්‍වයෝ මේ ආත්මභවයෙහිම මෙබඳු කම් කටොලු කරවනු ලබත්. පරලොවදී කියනු කිම? එබැවින් මම කයින්, වචනයෙන්, සිතින් යහපතක් කරමියි අදහස් නොවූයෙහිද, හෙතෙම ´ස්වාමීනි, යහපතක් කරන්නට නොහැකිවීමි. ස්වාමීනි, පමාවීමි´ යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට ´පින්වත් පුරුෂය, තෝ පමාවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් කුසලයක් නොකෙළෙහි නම් එම්බා පුරුෂය, පමා වුවහුට යම්සේ කෙරෙත්ද, එසේ තට වධ කරන්නාහුය. තගේ ඒ පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවෙයි. පියා විසින් කරන ලද්දක් නොවෙයි. සහෝදරයා විසින් කරන ලද්දක් නොවෙයි. නැගණිය විසින් කරන ලද්දක් නොවෙයි. යහළු මිත්‍රයන් විසින් කරන ලද්දක් නොවෙයි. සහලේ් නෑයන් විසින් කරන ලද්දක් නොවෙයි. මහණ බමුණන් විසින් කරන ලද්දක් නොවෙයි. දෙවියන් විසින් කරන ලද්දක් නොවෙයි. තා විසින්ම ඒ පාප කර්මය කරන ලද්දේය. ඒ පාප කර්මයාගේ විපාකය තෝම විඳිනෙහිය.

10. ,මහණෙනි, යම රජ තෙම, මේ සතරවැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී පස්වැනි දේවදූතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කරුණු කියා දෙන්නේය. ´එම්බා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් කෙරෙහි පහළවූ පස්වැනි දේවදූතයා නුදුටුවෙහිද?´ හෙතෙම ´ස්වාමීනි, නුදුටිමි´ යි කියයි. මහණෙනි, යම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂය, නුඹ මනුෂ්‍යයන් අතරෙහි මැරී එක දවසක් ගියාවූ හෝ මැරී දෙදවසක් ගියාවූ හෝ මැරී තුන් දවසක් ගියාවූ හෝ ඉදිමී ගියාවූ හෝ නිල්වූ හෝ ඕජාව වැහෙන්නාවූ හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයකු නුදුටුවෙහිදැ´යි අසන්නේය. ´ස්වාමීනි, දුටිමි´ යි කියයි. ´එම්බල පුරුෂය, නුවණැති වැඩි වයසට පැමිණි තට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්ම වූයෙමි. මම කයින්, වචනයෙන්, සිතින් කුසලක් කරන්නෙමි නම් යහපතැයි අදහස් නොවූයෙහිදැ´ යි අසන්නේය. හෙතෙම ´ස්වාමීනි, නොහැකි විය. ප්‍රමාදයට පැමිණියෙමි´ යි කියයි. ´එම්බා පුරුෂය, ප්‍රමාදය ඇතිවූ බැවින් නුඹ කයින්, වචනයෙන්, සිතින් ඒකාන්තයෙන් කුසලයක් නොකෙළෙහි නම් ´එම්බා පුරුෂය, පමා වූවහුට යම්සේ කරත් නම් තට එසේ කරන්නාහුය. ඒ මේ පාප කර්මය තගේ මව විසින්ද නොකරන ලදී. පියා විසින්ද නොකරන ලදී. සොහොයුරු විසින්ද නොකරන ලදී. නැගණිය විසින්ද නොකරන ලදී. යහළු මිත්‍රයන් විසින්ද නොකරන ලදී. සහලේ් නෑයන් විසින්ද නොකරන ලදී. මහණ බමුණන් විසින්ද නොකරන ලදී. දෙවියන් විසින්ද නොකරන ලදී. මේ පාප කර්මය තා විසින්ම කරන ලදී. ඒ මේ පාප කර්මයාගේ විපාකය තෝ විඳිනෙහිය. ,මහණෙනි, යම රජ තෙම, මේ පස්වැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී නිශ්ශබ්දවෙයි.

11. ,මහණෙනි, නිරය පාලයෝ ඔහුට පඤචවිධ බන්‍ධන නම් වධයක් කරත්. රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවැනි පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පපුව මැද ගසත්. හෙතෙම එහි තියුණු වූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළොවෙහි නිදිකරවා කෙටේරිවලින් සසිත් හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොට තබා වෑවලින් සසිත්. හෙතෙම එහි තියුණු වූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, ඔහු නිරයපාලයෝ රථයක බැඳ ගිනිගෙන ඇවිලෙන්නාවූ දිළිසෙන්නාවූ ගිනිදැල් සහිත යකඩ පොළොවෙහි ඉදිරියට ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි දුක්වූ, තියුණු වූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත මහත්වූ අඟුරු පර්‍වතයට ඇන ඇන නැංවීමද කරත්. බැස්සීමද කරත්. හෙතෙම එහි දුක්වූ, තියුණු වූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කල් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරය පාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොටගෙන ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත රත්වූ ලෝදිය සැලියෙක දමත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙන්නේ වරක උඩට එයි. වරක යටට යයි. වරක සරසට යයි. යම්තාක් කල් ඒ පාපකර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය.

12. ,මහණෙනි, ඔහු නිරය පාලයෝ මහා නරකයෙහි බහත්. මහණෙනි, ඒ මහා නරකය වනාහි

1. කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය. යකඩ පවුරකින් වට කරන ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.´´

2. ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.

,මහණෙනි, ඒ මහා නිරයෙහි නැගෙනහිර බිත්තියෙන් ගිනිදැල් නගී. බස්නාහිර බිත්තියෙහි හැපෙයි. බස්නාහිර බිත්තියෙන් ගිනිදැල් නැගී නැගෙනහිර බිත්තියෙහි හැපෙයි. උතුරුදිග බිත්තියෙන් ගිනිදැල් නැගී දකුණු බිත්තියෙහි හැපෙයි. දකුණු බිත්තියෙන් ගිනිදැල් නැගී උතුරු බිත්තියෙහි හැපෙයි. යටින් ගිනිදැල් නැගී මත්තෙහි හැපෙයි. උඩින් ගිනිදැල් නැගී යට හැපෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම් තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒතාක් නොමැරෙන්නේය´´.

13. ,මහණෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් යම්කිසි කලෙක ඒ මහා නිරයෙහි නැගෙනහිර දොරටුව විවෘත වේද, එබඳු කාලයක් වන්නේය. එකල්හි හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම නොයෙක් අවුරුදු දහසකින් ඒ සමීපයට පැමිණේද එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳී. යම්තාක් කල් ඒ පාප කර්මය කෙළවර වේද, ඒතාක් කල් නොමැරෙන්නේය´´.

14. ,මහණෙනි, දීර්‍ඝ කාලයක් ගතවීමෙන් කිසිකලෙක් ඒ මහා නිරයාගේ බස්නාහිර දොරටුව විවෘත වේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම අනේක වර්‍ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක් කල් ඒ පාප කර්‍මය කෙළවර නොවේද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරයි´´.

15. උතුරු දොරටුව විවෘත වේද, ඒ කාලය ඇත්තේමය. හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද වෙසෙසින් දවයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් හෙතෙම අනේක වර්‍ෂ සහශ්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳීද, යම්තාක් කල් ඒ පාප කර්‍මය කෙළවර නොවේද, ඒතාක් කල් කාලක්‍රියා නොකෙරයි´´.

16. දකුණු දොරටුව විවෘත වේද, හෙතෙම එහි ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි, යම් හෙයකින් නොයෙක් අවුරුදු දහසින් ගොස් ඒ සමීපයට පැමිණෙයිද, එකල්හි ඒ දොර වැසෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒතාක් කල් නොමැරෙන්නේය.

17. ,මහණෙනි, දීර්‍ඝ කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක ඒ මහා නිරයේ නැගෙනහිර දොර විවෘත වෙයිද, හෙතෙම එහි ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස් ද දවයි. නහර ද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමත්. නැගූ පියවරද එසේම වෙයි. හෙතෙම එහි දොරටුවෙන් නික්මෙයි.

18. ,මහණෙනි, ඒ මහා නිරයට අනතුරුව මහත්වූ ගූථ නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ,මහණෙනි, ඒ ගූථ නිරයෙහි වනාහි ඉදිකටු තුඩ සමාන මුව ඇති පණුවෝ සිවිය සිඳිත්. සිවිය සිඳ සම සිඳිත්. සම සිඳ මස් සිඳිත්. මස් සිඳ නහර සිඳිත්. නහර සිඳ ඇට සිඳිත්. ඇට සිඳ ඇට මිදුලු කත්. හෙතෙම එහි තියුණුවූ, කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්මය යම්තාක්ද ඒතාක් කල් නොමැරෙන්නේය.

19. ,මහණෙනි, ඒ ගූථ නරකයට අනතුරුව මහත්වූ උණු අළු නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.´´

20. ,මහණෙනි, ඒ උණු අළු නිරයට අනතුරුව යොදුන් උස නැගුණු අඟල් දහසයක් දිග යකඩ කටු ඇති, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, මහත්වූ කටුඉඹුල් වනය ලඟම පිහිටියේය. ඔහු එහි උඩටද නංවත්. පහතටද බස්වත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. යම්තාක්කල් ඒ පාප කර්‍මය නොගෙවී පවතීද, ඒතාක් නොමැරෙන්නේය.

21. ,මහණෙනි, කටුඉඹුල් වනයට අනතුරුව මහත්වූ අසිපත්‍ර නම් නිරය එක්වම පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. ඒ නිරයෙහි වාතයෙන් වැටෙන කඩුපත් අතද කපත්. පාදයද කපත්. අත් පා දෙකම කපත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්‍මය යම්තාක්කල් නොගෙවී පවතී නම් ඒතාක්කල් නොමැරෙන්නේය.

22. ,මහණෙනි, ඒ අසිපත් නිරයට අනතුරුව මහත්වූ ක්‍ෂාර ජලයෙන් යුත් වෙතරණී නම් නරකය පිහිටියේය. හෙතෙම එහි වැටෙයි. හෙතෙම එහි යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. උඩුගං බලායන දියපහරටද ගසාගෙන යයි. උඩුගං බලායන දියපහරට හා යටිගං බලායන දියපහරටද ගසාගෙන යයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.

23. ,මහණෙනි, නිරයපාලයෝ ඔහු බිලිකටුවෙන් අමුනා ගොඩට ගෙන පොළොවෙහි දමා ´එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ´ යි අසන්නාහ. හෙතෙම ´ස්වාමීනි, බඩගිනි ඇත්තෙමැ´ යි කියන්නේය. ,මහණෙනි, නිරයපාලයෝ ඒ මේ තිරිසනාගේ , ගිනිගෙන දිලිසෙන්නාවූ අඬුවෙන් කට ඇර ගිනිගෙන දිලිසෙන්නාවූ රත්වූ ලෝහ ගුලියක් කටෙහි දමත්. ඔහුගේ තොලද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැලද අතුනු බහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.

24. ,මහණෙනි, නිරයපාලයෝ ඔහුගෙන් ´එම්බා පුරුෂය, කුමක් කැමැත්තෙහිදැ´ යි විමසන්නාහුය. ස්වාමීනි, පිපාස ඇත්තෙමි´ යි කියන්නේය. ,මහණෙනි, නිරයපාලයෝ ඔහුගේ කට ගිනිගෙන දිලිසෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ, රත්වූ යකඩ අඬුවෙන් අරවා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ ගිනි ගෙන දිළිසෙන්නාවූ තඹපාට ලෝදිය කටේ වත්කරත්. එය ඔහුගේ තොල්ද දවයි. කටද දවයි. උගුරද දවයි. ළයද දවයි. බඩවැල්ද අතුනුබහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයි. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවන් විඳී. විඳී. ඒ පාප කර්‍මය යම්තාක් නොගෙවේද, ඒතාක්කල් නොමැරෙන්නේය.

,මහණෙනි, නිරයපාලයෝ නැවතත් ඔහු මහා නිරයෙහි දමත්.

25. ,මහණෙනි, පෙරවූ දෙයක් කියමි. යමරජුට මෙබඳු සිතක් විය. පින්වත්නි, ලෝකයෙහි යම් කෙනෙක් පව්කම් කෙරෙත්ද, ඔව්හු මෙබඳු නානාප්‍රකාර කම්කටලු කරනු ලබත්. ´මම මනුෂ්‍යාත්මයක් ලබන්නේ නම් අර්හත්වූ, සම්‍යක් සම්බුඬවූ සර්‍වඥතෙම ලෝකයෙහි උපදින්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කරන්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේ මට ධර්‍ම දේශනා කරන්නේ නම් මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය දැනගන්නෙම් නම් යහපති´ කියායි.

,මහණෙනි, මම ඒ කාරණය අන් ශ්‍රමණයෙකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නොකියමි. වැලිදු කෙසේද යම් පමණ අටමහ නරකයෝ වෙත්ද, ඒ සියල්ල තමන් විසින්ම දැනගන්නා ලද්දේය, තමන් විසින්ම දැක්නා ලද්දේය, තමන් විසින්ම ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේය එයම මම කියමි.´´

26. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක. සුගතයන් වහන්සේ මේ දේශනාව වදාරා නැවත ශාස්තෘාන් වහන්සේ මේ ගාථා දේශනාව වදාළ සේක.

1. ´´දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාවූ, යම් මනුෂ්‍යයෝ පමා වෙත්ද, හීනකාය සඬඛ්‍යාත අපායට පැමිණියාවූ ඒ මිනිස්සු බොහෝ කාලයක් මුළුල්ලේ සෝක කරන්නාහුය.´´

2. ´´මේ ලෝකයෙහි ශාන්තවූ යම් සත්පුරුෂ කෙනෙක් දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාහුද, ඔව්හු ආය්‍ර්‍ය ධර්මයෙහි කිසි කලෙකත් ප්‍රමාද නොවන්නාහුය.´´

3. ´´ ඔව්හු ජාති මරණ දෙක හටගන්නාවූ මේ උපාදාන ස්කන්‍ධයෙහි බය දැක, ජාති මරණ දෙක කෙළවර කරන්නාවූ නිවණ නිමිතිකොට උපාදාන රහිතව මිදෙත්.´´

4. ´´නිර්භය ස්ථානයට පැමිණියාවූ, සුවපත්වූ, මේ ආත්මභාවයෙහිම ඒ සත්‍වයෝ සියලු භය දුරුකොට සියලු දුක් ඉක්මවන්නාහුය.´´

දහවන දේවදූත සූත්‍රය නිමි. (3-10)

129. බාල පණ්ඩිත සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´ කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ´පින්වතුන් වහන්සැ´යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ´´වහණෙනි, බාලයාගේ මේ බාල ලක්ෂණ, බාලයයි හැඳිනීමට කරුණු, බාලයාගේ චරිත තුනකි. ඒ තුන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි බාලතෙම නපුරුකොට සිතන්නේත් වෙයි. නපුරුකොට කියන්නේත් වෙයි. නපුරුකොට කරන්නේත් වෙයි. මහණෙනි, ඉදින් බාලතෙම නපුරුකොට නොසිතන්නේ නම් නපුරුකොට නොකියන්නේ නම් නපුරුකොට නොකියන්නේ නම් නපුරුකොට නොකරන්නේ නම් කුමකින් ඔහු මේ භවත් අසත්පුරුෂයා බාලයකැයි පණ්ඩිතයෝ දැන ගන්නාහුද? මහණෙනි, යම් හෙයකින් බාලතෙම නපුරුකොට සිතන්නේද? නපුරුකොට කියන්නේද, නපුරුකොට කරන්නේද, එහෙයින් ඔහු මේ භවත් අසත්පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැන ගනිත්. මහණෙනි, ඒ මේ බාලයා ආත්මභාවයෙහි තෙවැදෑරම්වූ, දුක් දොම්නසක් විඳී. මහණෙනි, ඉදින් ඒ බාලයා සභාවක හෝ හුන්නේ ්වෙද වීධියෙක හුන්නේ වේද, සතර මංසන්ධියෙක හෝ වේද, වීධියෙක හුන්නේ වේද, සතර මංසන්දියෙක හෝ හුන්නේ වේද, එහි ජනයා ඒ වැරදිවලට සුදුසු, වැරදිවලට ගැලපෙන (පස්පවෙහි ආදීනව ආදී) කථා කරත්ද මහණෙනි, ඉදින් බාලතෙම ප්‍රාණඝාත කරන්නේ වේද, නුදුන් දෙය ගන්නේ වේද, කාමයෙහි වරදවා හැරසිරෙන්නේ වේද බොරු කියන්නේවේද, ප්‍රමාදයට කරුණු වූ, මත්පැන් බොන්නේ වේද, මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි. ´ජනයා යම් හෙයකින් ඒ වැරදිවලට සුදුසු, වැරදිවලට ගැලපෙන කථා කෙරෙයිද, ඒ වරද ස්වභාවයෝ මා තුළ ඇත්තාහුය. මමද ඒ ධර්මයන් දක්නා ලැබෙමි´ කියායි. මහණෙනි, බාලතෙම ඉහාත්මයෙහි මේ පළමු දුක දොම්නස විඳී.

2. ´´මහණෙනි, නැවතද අනෙකක් කියමි. රජුන් විසින් අපරාධකාරී සොරකු අල්වා, නන් වැදෑරුම් කම්කටුලු කරවනු බාලතමෙ දකී. කසවලින් තළවනු ලබන්නවුන්ද, වේවැලි වලින් තලවනු ලබන්නවුන්ද, සතර රියන් දිග දණ්ඩෙන් අත කපනු ලබන්නවුන්ද, පා කපනු ලබන්නේවුන්ද, අත් පා දෙකම කපනු ලබන්නවුන්ද, කන් නාසා දෙකම කපනු ලබන්නවුන්ද, ´බිලංගථාලික´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´සංඛමුණ්ඩික´ නම් කර්මය කරන්නවුන්ද, ´´ජෝතිමාලික´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´හත්ථපජ්ජොතික´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´´ඒරකවත්තික´´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´´වීරකවාසික´´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´´ඒණෙය්‍යක´´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´බලීසමංසික´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´කහාපණක´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´ඛාරාපතච්ජිත´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´සලිඝපරිවත්තික´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, ´පලාලපිට්ඨික ´ නම් කර්මය කරනු ලබන්නවුන්ද, උණු කරනලද තෙල් ඉසිනු ලබන්නවුන්ද, වඩගින්නෙන් පීඩිත සුනඛයන් ලවා කවන්නවුන්ද, පණ පිටින් හුල හිඳුවනු ලබන්නවුන්ද, කඩුවෙන් හිස සිඳිනු ලබන්නවුන්ද, දකී.

3. ´´මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි. ´යම්බදු පාප කර්මයන් හේතුකොටගෙන රජවරු අපරාධකාරී සොරුන් අල්වාගෙන නන්වැදෑරුම් නම්කටුලු කරවත්ද, එනම්: කසවලින් තළවත්ද, වේවැල්වලින් තළවත්ද, මුගුරුවලින් තළවත්ද, අත කපත්ද, පා කපත්ද, අත්පා දෙකම කපත්ද, කණ කපත්ද, නාසය කපත්ද, කන් නාසා දෙකම කපත්ද, බීලංගථාලික නම් කර්මය කරත්ද, සංඛමුණ්ඩික නම් කර්මය කරත්ද, රාමුමුඛ නම් කර්මය කරත්ද, ජෝතිමාලික නම් කර්මය කරත්ද, හත්ථපජ්ජෝතක නම් කර්මය කරත්ද, එරකවත්කික කර්මය කරත්ද, චිරකවාසික කර්මය කරත්ද, ඒණෙය්‍යක කර්මය කරත්ද, බලිසමංසික කර්මය කරත්ද, තහාපණක කර්මය කරත්ද, ඛාරාපතච්ජික කර්මය කරත්ද, පලිඝපරිවත්කික කර්මය කරත්ද, පලාලපිට්ඨික කර්මය කරත්ද, රත්වූ තෙල් ඉසිත්ද, බඩසයින් පීඩිත

සුනඛයන් ලවා කවත්ද, ජීවත්ව සිටියදීම හුල හුඳුවත්ද, කඩුවෙන් හිස සිඳිත්ද, ඒ පාපධර්මා කෙරෙහිද, ඇත්තාහුය. මමද ඒ ධර්මයන්හි දක්නා ලැබෙමි.

4. රජවරු මාද දන්නහු නම් රජවරු මාත් අල්වගෙණ නානා ප්‍රකාර කම්කටුලු කරවන්නාහුය. කසවලින් තළවන්නාහුය. වේවැල්වලින් තළවන්නාහුය. මුගුරුවලින් තළවන්නාහුය. අතද කප්පවන්නාහුය. පයද කප්පවන්නාහුය. නාසයද කප්පවන්නාහුය. කන් නාසා දෙකම කප්පවන්නාහුය. බීලංගථාලික කර්මය කරවන්නාහුය. සංඛමුණ්ඩික කර්මය කරවන්නාහුය. රාහුමුඛ නම් කර්මය කරවන්නාහුය. ජොතිමාලික නම් කර්මය කරවන්නාහුය. හත්ථපජ්ජොතික නම් කර්මය කරවන්නාහුය. ඒරකවත්තික නම් කර්මය කර වන්නාහුය. ඒණෙය්‍යක නම් කර්මය කරවන්නාහුය. බලිසමංඝික නම් කර්මය කරවන්නාහුය. කහාපණක නම් කර්මය කරවන්නාහුය. ඛාරාපතච්ජික නම් කර්මය කරවන්නාහුය. රත්වූ තෙල් ඉසිවන්නාහුය. බඩසයින් පීඩිත සුනඛයින් ලවා කවන්නාහුය. ජීවත්වත්ම හුල හුඳුවන්නාහුය. කඩුවෙන් හිස කප්පවන්නාහුය.´ මහණෙනි, බාලතෙම මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි දුක් දොම්නසද විඳියි.

5. ´´මහණෙනි, නැවතද අනෙකක් කියමි. පුටුවක හිඳගත්තාවූ හෝ ඇඳක නිදා ගත්තාවූ හෝ බිම නිදන්නාවූ හෝ බාලයා වෙත ඔහු විසින් පෙර කයින් කපුරුකොට කරණ ලද්දාවූද, වචනයෙන් නපුරුකොට කියන ලද්දාවූද, සිතින් නපුරුකොට සිතන ලද්දාවූද, යම් ලාමක අකුසල ධර්මයෝ වෙත්ද, ඒ ලාමක අකුශල ධර්මයෝ එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, යම්සේ පර්වත කූටයන්ගේ සෙවණ සවන් කාලයෙහි පොළොවෙහි පැතිර පවතීද, අධිකව පැතිර පවතීද, විශේෂයෙන් පැතිර පවතීද, මහණෙනි, එපරිද්දෙන් ම පුටුවෙහි හුන් ඇදෙහි සයනය කළ, බිම හෝනා, මේ බාලයා විසින් පූර්වයෙහි යම් කායික දුශ්චරිත, වාක් දුශ්චරිත මනෝ දුශ්චරිත කරණ ලද්දාහුද, ඔහු වෙත ඒ ලාමක අකුශල ධර්මයෝ එළඹ සිටිත්. එල්බ සිටිත්. විශේෂයෙන් එල්බ සිටිත්. මහණෙනි, එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි. ´මා විසින් යහපතක් නොකරන ලදී. කුසලයක් නොකරනලදී. භය දුරු කරන්නක් නොකරණ ලදී. පාපයක් කරණ ලදී. රෞද්‍රකම් කරණ ලදි. නරකක් කරණ ලදී. නොකරණලද හොඳ ඇති නොකරණලද කුසල් ඇති නොකරණලද භය දුරු කිරීමක් ඇති, කළ පව් ඇති , කළ රෞද්‍රකම් ඇති, කළ නරකකම් ඇති අයගේ යම් ගතියක් වේද, පරලොවදී ඒ ගතියට යමියි, හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත්ගසා හඩයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, බාලයා මේ ආත්මභාවයෙහි මේ තුන්වන දුක් දොම්නස විඳියි.

6. ´´මහණෙනි, ඒ මේ බාලතෙම කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිතකොට, සිතින් දුශ්චරිත කොට කාය භේදයෙන්, මරණින් මතු, පහවූ සැප ඇති, නපුරු ගති ඇති අතරක් නැතිව දුක් දෙන නරකයෙහි උපදී. මහණෙනි, ඒ යමක් ඒකාන්තයෙන් අනිෂ්ටය, ඒකාන්තයෙන් අයහපත්ය, අමනාපයයි මනාව කියන්නේ නම්, මේ නිරය මට ඒකාන්තයෙන් අනිෂ්ටය, ඒකාන්තයෙන් අයහපත්ය, ඒකාන්තයෙන් අමනාපයයි කියයුතු වන්නේය. මහණෙනි, නිරය දුක මේසා දුකයයි උපමාවකිනුදු දැක්වීමට පහසු නොවේ.´´

7. ´´එසේ කී කල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේට ´´ස්වාමීනි, මට උපමාවන්ගෙන් දැක්විය හැකිදැයි´´ ඇසීය.

භාග්‍යවතුන් වහන්සේ ´´මහණ, හැකියයි´´ වදාළ සේක. ´´මහණ, අපරාධකාරී සොරකු අල්ලා, ´රජුට දෙවයන්වහන්ස, මේ ඒ අපරාධකාරී හොරාය මොහුට යමක් කැමති නම් ඒ දඬුවම පමුණුවනු මැනවැයි දක්වන්නාහුය.´ රජතෙම ඒ මොහුට ´පින්වත, යම්. මේ පුරුෂයාට උදය කාලයෙහි අඩයටි සියයකින් අනිවයයි කියන්නේය. ඒ මොහුට අඩුයටි සියයකින් පෙරවරු කාලයෙහි අනින්නාහුය´. ඉක්බිති රජතෙම දවල් කාලයෙහි ´පින්වත, ඒ පුරුෂයා කෙසේදැයි අසන්නේය. ´දෙවයන් වහන්ස, එසේම ජීවත් වේයයි කියන්නාහුය. රජතෙම ඒ මොහුට මෙසේ කියන්නේය.´ පින්වත, යව්. ඒ පුරුෂයාට දවල් කාලයෙහි අඩයටි සියයකින් අනිව්.´ යයි කියන්නේය. ඒ මොහුට දවල් කාලයෙහි අඩයටි සියයකින් අනින්නාහුය. ඉක්බිති රජතෙම සවස් කාලයෙහි ´එම්බල පුරුෂය, ඒ පුරුෂතෙම දැන් කෙසේදැයි´ අසන්නේය. ´දෙවයන් වහන්ස, එසේම ජීවත්වෙයයි´ අසන්නේය. ´දෙවයන් වහන්ස, එසේම ජීවත් වේයයි´ කියන්නාහුය. රජතෙම ඒ මොහුට ´පින්වත, යව්. සවස් කාලයෙහි ඒ පුරුෂයාට අඩයටි සියයකින් අනිව්යයි´ කියන්නේය. ඒ මොහුට සවස් කාලයෙහි අඩයටි සියයෙන් අනින්නාහුය. මහණෙනි, ඒ කුමකැයි හගින්නෙහිද? අඩයටි තුන්සියයකින් අනිනු ලබන්නාවූ ඒ පුරුෂතෙම ඒ හෙතුවෙන් දුක් දොම්නස විඳින්නේද?´´

8. ´´ස්වාමීනි, එක් අඩයටියකින් අනිනු ලබන්නාවූ පුරුෂතෙම ඒ හේතුවෙන් දුක් දොම්නස විඳින්නේය. අඩයටි තුන් සියයකින් අනිනු ලබන කල්හි කියනුම කවරේද?´´

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මට පමණ කුඩාවූ ගලක් අතට ගෙණ භික්ෂූන් ඇමතූ සේක. ´´මහණෙනි, කුමක් සිතන්නාහුද? මා විසින් ගන්නා ලද මිට පමණ යම් මේ කලක් වේද, යම් හිමවත් පර්වත රාජයෙක් වේද, ඒ දෙක අතුරෙන් කවරක් ඉතා මහත්වන්නේදැයි´´ ඇසූහ.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අතට ගන්නා ලද කුඩා වූ මිට පමණ මේ ගල ඉතා කුඩාය. හිමවත් පර්වතරාජයා හා සමාන කොට බලනවිට ගණනකටවත් නොපැමිණෙයි. සියක් වැනි, දහස් වැනි ලක්ෂයක් වැනි, කොටසටවත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටත් නොපැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ඒ පුරුෂතෙම අඩයටි තුන්සියයකින් අනිනු ලබන්නේ ඒ හේතුවෙන් යම් දුක් දොම්නසක් විඳීනම් එය නිරයකට සමාන කොට බලනවිට ගණනකටවත් නොපැමිණෙයි. තසියක්වැනි, දහස්වැනි, ලක්ෂයක් වැනි කොටසකටත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටවත් නොපැමිණෙයි.´´

9. මහණෙනි, නිරයපාලයෝ මොහුට පංචවිධ බන්ධන නම් කම්කටුල්ලක් කරත්. (එනම්) එත්වූ යහුලක් අතෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද, අනිත්, රත්වූ යහුලක් පාදයෙහි අනිත්. එත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්. එත්වූ යහුලක් පාදයෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි පාදයෙහිද අනිත්. රත්වූ යහුලක් ළය මැද අනිත්. හෙතෙම එහි තියුණුවූ, දැඩිවූ දුක්ඛ වේදනාවක් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කලුරිය නොකෙරෙයි.

10. මහණෙනි, නිරයපාලයෝ ඔහු බිම බාවා කෙටේරිවලින් හසිත්. හෙතෙම එහි දුක්වූ කටුකවූ මේදනා විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද ඒතාක් හෙතෙම නොමැරෙන්නේය.

11. ´´මහණෙනි. නිරයපාලයෝ ඒ මොහු පා උඩුකුරු කොට, හිස යටිකුරුකොට තබා, වෑවලින් සසිත්. හෙතෙම එහි තියුණුවූ, කටුකවූ, දුක් වේදනාවක් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක්කල් කලුරිය නොකෙරෙයි.

12. ´´මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු රථයෙහි යොදා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලියෙන්නාවූ, ගිනිදැල් සහිතවූ පොළොවෙහි ඉදිරියටද ගමන් කරවත්. පස්සටද ගමන් කරවත්. හෙතෙම එහි තියුණු වූ, කටකවූ, දුක් වේදනාවක් විඳී. යම්තාක් කල් මේ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක්කල් කථරිය නොකෙරෙයි.

13. මහණෙනි, ඒ මොහු නිරයපාලයෝ ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, අඟුරු පර්වතයකට නැංවීම්ද බැස්වීම්ද, කරවත්. හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කථරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු පා උඩුකුරුකොට, හිස යටිකුරු කොට ගෙන, ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ, තැවීම ඇති ලෝකුඹු නරකයෙහි බහාලත්. හෙතෙම එහි පෙණ නගිමින් පැසෙයි. හෙතෙම එහි පෙණ නැගීම් සහිතව පැසෙන්නේ වරක් උඩටද යෙයි. වරක් යටට යයි. වරක් සරසටද යයි. හෙතෙම එහි දුක් වූ, තියුණු වූ කටුකවූ වේදනා විඳියි. යම්තාක් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒ තාක් කථරිය නොකරයි. මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු මහා නිරයෙහි දමත්. මහණෙනි, ඒ මහා නිරය නම්,

1. ´´කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය. යකඩ පවුරකින් වට කරන ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.

2. ´ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම නිම කරන ලදී. දැන්වෙන ගින්නෙන් යුක්තය. සියලු කල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.

14. ´´මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් නිරය පිළිබඳ විස්තර කථාව කියන්නෙමි. මහණෙනි, වර්ෂ සියයක් දහසක් කියන්නේ වී නමුත් ඒ කිමෙන් නිරය දුක කියා කෙළවර කරන්නට පහසු නොවේ.

´´මහණෙනි, තණකොළ කන තිරිසන්ගත සත්වයෝ වන්නාහ. මොහුට තෙත්වූ තණද, වියලි තණද, දත් වලින් උලා කති. මහණෙනි, තණ කන තිරසන්ගත සත්තු කවරහුද? අශ්වයෝද, ගොන්නුද, කොටථවෝද, එථවෝද, මුවෝද යන මොවුහු වෙති. එයින් අන්‍ය තණ බුඳින තිරිසන්ගත සත්වයෝද වෙති. මහණෙනි, මේ ලෝකයෙහි ඒ මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කර්ම කොට කාය භේදයෙන් මරණින් මතු යම් ඒ තණ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ සහභාවයට පැමිණෙයි.

15. ´´මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත්තාහ. ඔව්හු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට දුවති. මෙහි අනුභව කරන්නෙමු, මෙහි අනුභව කරන්නෙමු කියායි. බමුණෝ යාග ගන්ධයෙන් මෙහි අනුභව කරන්නෙමු, මෙහි අනුභව කරන්නෙමුයි යම්සේ දුවත්ද,මහණෙනි, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සස්තයෝ වෙති. ඔව්හු දුරදීම අසුචි ගඳ ආඝ්‍රාණය කොට දුවත්. මෙහිදී කන්නෙමු, මෙහිදී කරන්නෙමු කියායි. මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද? කුකුලන් හා ඌරෝද,බල්ලන් හා සිවල්ලුද යන මොවුහු වෙති. එයින් අන්‍යවූ අසූචි අනුභව කරන අන්‍ය සත්වයෝද වෙති. මහණෙනි, මේ ලෝකයෙහි ඒ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශලකර්ම කොට කාය භේදයෙන් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත්නම් ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

16. ´´මහණෙනි, අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ වෙති. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද? ලොකු පණුවෝද කුඩා පණුවෝද, ගැඩවිල්ලුද වෙති. එයින් අන්‍යවූ අඳුරෙහි අපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ තිරිසන්ගත සත්තුද වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් මේ සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද, අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

17. ´´මහණෙනි, දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද? මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. එයින් අන්‍යවූ දියෙහි උපදින, දියෙහි දිරණ, දියෙහි මැරෙණ තිරිසන් ගත ප්‍රාණීහුද වෙති. මහණෙනි, යම් මේ බාලතෙම මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙණ යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

18. ´´මහණෙනි, අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අනූචියෙහි මැරෙණ, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. මහණෙනි, අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙණ තිරිසන්ගත ප්‍රාණීහු කවරහුද? මහණෙනි, යම් යම් සත්වයෝ කුණු මස්වල උපදිත්ද, කුණු මස්වල දිරත්ද, කුණුමස්වල මැරෙත්ද, කුණු කුණපයෙහි හෝ උපදිත්ද, කුණු කුණපයෙහි හෝ දිරත්ද, කුණු කුණපයෙහි හෙමා් මැරෙත්ද, කුණු පිට්ටුවල හෝ උපදිත්ද, කුණු පිට්ටුවල හෝ දිරත්ද, කුණු පිට්ටුවල හෝ මාරෙත්ද, ගවර වලෙහි හෝ මැරෙත්ද, අපිරිසිදු දිය රැස්වන තැනක හෝ උපදිත්ද, අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ දිරත්ද, අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ දිරත්ද, අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ මැරෙත්ද, එයින් අන්‍යවූ අසූචියෙහි උපදින, අසූචියෙහි දිරණ, අසූචියෙහි මැරෙන තිතරිසන්ගත ප්‍රාණීහුද වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම්කොට කාය භේදයෙන් මරණින් මතු යම් ඒ සත්වයෝ අසූචියෙහි උපදිත්ද, අසූචියෙහි දිරත්ද, අසූචියෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි.

´´මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් තිරිසන් යෝනියේ විස්තර කියන්නෙම්ද, මහණෙනි, තිරිසන්ගත සත්වයින්ගේ දුක මෙතෙකැයි කීමෙන් මුදුන් අවසාන කරන්නට පහසු නොවෙයි.

19. ´´මහණෙනි, පුරුෂයෙක් තෙම එක සිදුරක් ඇති විය දණ්ඩක් මහමුහුදෙහි දමන්නේය. ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට පමුණුවන්නේය. අපරදික වාතයෙන් පෙරදිගට ගන යන්නේය. උතුරුදිග වාතයෙන් දකුණු දිගට ගෙන යන්නේය. දකුණුදිග වාතයෙන් උතුරට ගෙන යන්නේය. ඒ මුහුදෙහි කණ කැස්බෙක් වන්නේය. ඌ වර්ෂ සියයක් වර්ෂ දහසක් වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් ව්රක් උඩට එන්නේය. මහණෙනි, ඒ කැස්බැ මේ එක් සිදුරක් ඇති වියදන්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් ඒ කුමකැයි හඟින්නෙහිද?´´

´´ස්වාමීනි, ඉදින් ඒකාන්තයෙන් බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන්නකි.´´

20. ´´මහණෙනි, ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු දිචුරෙමි පෙග්ග ඇතුල් කරන්නේ නම් එය වහා සිදු වන්නකි. මහණෙනි, වරක් නිතර දුක් ඇති සතර අපායට වන් බාලයා විසින් වරක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා අතිශයින් දුර්ලභයයි මම කියමි. ඊට රහ්තු කවරේද? මහණෙනි, මෙහි ධර්මයට අනුව හැසිරීමක් සම හැසිරීමක් කුසල ක්‍රියාවක්, පින් කිරීමක් නැත්තේද, එහෙයිනි, මහණෙනි, මෙහි ඔවුනොවුන් අල්ලාගෙන කන්නාහු වෙති. දුර්වලයන් අල්ලාගෙන කන්නාහු වෙති. මහණෙනි, ඒ මේ බාලතෙම ඉදින් කිසියම් කලෙක බොහෝ කාලයක් හුගේ ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, එකල්හි සැඩොල් කුලය හෝ වැදි කුලය හෝ කුලුපොතු කුලය හෝ රථකාර කුලය හෝ රදා කුලය හෝ යන යම් යම් නීච කුලයෝ වෙත්ද, එබඳු දිළිඳු මද ආහාර පැන් බොජුන් ඇති යම් කුලයක දුකින් බඩගින්න නිවාගැනීම ලබයිද, එබඳු දුක් පැවතුම් ඇති කුලයක උපදී. හෙතෙමේද දුර්වරණ වෙයි. යකකුමෙන් දැකීමට දුෂ්කර වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තේ වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර පැන් රෙදි යානා මල් ගඳ විලවුන් විසීමට තැනක් සහ පහන් දල්වන උපකරන නොලබන්නෙක් වෙයි. හෙතෙම කයින් දුශ්චරික කෙරෙයි. වචනයෙන් දුශ්චරික කෙරෙයි. සිතින් දුශ්චරික කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරික කොට, සිතින් දුශ්චරික කොට කාය භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති, අතරක් නැති දුක් ඇති නරකයෙහි උපදී.

21. ´´මහණෙනි, සුදුකෙළින්නෙක් යම්සේ පළමු පැරදිමෙන්ම පුත්‍රයාද නැති වන්නේද, භාර්යාවද නැතිවන්වන්ද, සියලු වස්තුවද නැති වන්නේද, පසුව තමාත් බන්ධනයට අසුවන්නේද, මහණෙනි, ඒ සූදුකාරයාගේ පළමු පරාජයෙන්ම පුත්‍රයා ගේ නැතිවීමද, භාර්යාවගේ නැතිවීමද, පසුව තමනුත් බැඳීමද යන සියලු වස්තුව නැතිවීමද, ඒ පැරදීම ස්වල්ප කාරණයකි. තවද යම් හෙයකින් ඒ බාලතෙම කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරික කොට, සිතින් දුශ්චරිත කොට, කාය භේදයෙන් මරණින ්මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති අතරක් නැති, දුක් ඇති නරකයෙහි උපදිී නම් මෙය ඊටත් වඩා ඉතා මහත් පැරදීමකි. මහණෙනි, මේ වනාහි සියල්ල සම්පූර්ණවූ බාලතුමිය වන්නීය.

22. මහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිත ලක්ෂණ, පණ්ඩිත නිමිති, පණ්ඩිත චරිත තුනක් වෙති. ඒ තුන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි පණ්ඩිත තෙම මනා කොට සිතන්නේත්, මනා කොට කියන්නේත්, මනාකොට කරන්නේත් වෙයි. මහණෙනි, පණ්ඩිත තෙම මනාකොට නොසිතන්නේ වේ නම්, මනාකොට නොසිතන්නේ වේ නම්, නොකියන්නේ වේ නම්, මනා කොට නොකරන්නේ වේ නම්, කුමකින් ඔහු මේ භවත් සත්පුරුෂතෙම පණ්ඩිතයා යයි පණ්ඩිතයෝ දැන ගන්නාහුද? මහණෙනි, යම් හෙයකින් පණ්ඩිතතෙම මනාකොට සිතන්නේත් වේද, මනාකොට කියන්නේත් වේද, මනාකොට කරන්න්තේ වේද, එහෙයින් ඔහු මේ භවත් සත් පුරුෂතෙම පණ්ඩිතයායයි පණ්ඩිතයෝ දැනගනිත්. මහණෙනි, ඒ මේ පණ්ඩිතතෙම මේ ආත්මභාවයෙහිදීම තෙවැදෑරුම් සැප සහගත නොම්නසක් විඳියි. මහණෙනි, ඉදින් පණ්ඩිතතෙම සභාවෙක හෝ හුන්නේ වේද, වීථියක හෝ හුන්නේ වේද සතරමංසන්ධියෙක හෝ හුන්නේ වේද, එහි සිටි ජනතෙම ඒ යහපත් ක්‍රියාවන්ට අනුරූපවූ සුදුසුවූ කථා කෙරෙයි. මහණෙනි, ඉදින් පණ්ඩිත තෙම ප්‍රාණඝාතයෙන් තොරවූයේ වේද,නුදුන් දෙය ගැන්මෙන් තොරවූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් තොරවූයේ වේද, බොරු කීමෙන් තොරවූයේ වේද, ප්‍රමාදයට කරුණු වූ මත්පැන් පානයෙන් තොරවූයේ වේද, මහණෙනි, එහිදී පණ්ඩිතයාහට මෙබඳු අදහස් වෙයි. ´යම්හෙයකින් ජනතමෙ ඒ යහපත් ක්‍රියාවන්ට අනුරූපවූ සුදුසුවූ කථා කරන්නේ වෙයි. ඒ ධර්ම මා කෙරෙහි නැත්තාහුය වෙති. මම ඒ ධර්මයන්හි දකිනු ලබන්නෙමි´ කියායි. මහණෙනි, පණ්ඩිතතෙම මේ පළමුවෙනි සැපයවූ සොම්සන විඳියි.

23. ´´මහණෙනි, නැවතද අනෙකක් කියමි. පණ්ඩිතතෙම රජවරුන් අපරාධකාරී සොරු අල්වාගෙණ නන්වැදෑරුම් කම්කටුලු කරවනු ලබන්නවුන් දකී. එනම් කසවලින් තළනු ලබන්නවුන්, වේවැල්වලින් තළනුලබන්නවුන්, මුගුරුවලින් තළනු ලබන්නවුන්, අත කපනු ලබන්නවුන්, පා කපනු ලබන්නවුන්, අත්පා දෙකම කපනු ලබන්නවුන්, කණ කපනු ලබන්නවුන්, නාසය කපනු ලබන්නවුන්, කණ් නාසා දෙකම කපනුලබන්නවුන්, විලංගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්, සංඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්, රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්, ජොතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්, හත්ථ පජ්ජෝතික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, චීරවාසික නම් කර්මය කරනු ලබන්නවුන්, ඒණෙය්‍යක නම් කර්මය කරනු ලබන්නවුන්, බලිස මංසික නම් කර්මය කරනු ලබන්නවුන්, තහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්, ඛාරාපතච්ජික නම් කර්මය කරනු ලබන්නවුන්, පලිඝපරිපත්තික නම් කර්මය කරනු ලබන්නවුන්, පලාලපිට්ඨි නම් කර්මය කරනු ලබන්නවුන්, කකියවන ලදතෙල් ඉසිනු ලබන්නවුන්, සාදුකින් පීඩිත බල්ලන් ලවා කවනු ලබන්නවුන්, පණ පිටින් හුල හුඳුවනු ලබන්නවුන් සහ කඩුවෙන් හිස සිඳිනු ලබන්නවුන්ය.

24. ´´මහණෙනි, එහිදී පණ්ඩිතයාහට මෙසේ අදහස් මෙයි. ´යම්බඳු පාප කර්මයක් හේතුකොටගෙණ අපරාධකාරී සොරු ගෙණ නන්වැදෑරුම් කම්කටුලු කෙරෙත්. එනම්, කසවලින්ද තළත්, වේවැල්වලින්ද තළත්. මුගුරුවලින්ද තලත්. අතද කපත්. පයද කපත. අත් පා දෙකම දපත්. කණද කපත්. නාසයද කපත්. කණ් නාසා දෙකමද කපත්. විලංගථාලික නම් කර්මයද කෙරෙත්. සංඛමුණ්ඩික නම් කර්මයද කෙරෙත්. රාහුමුඛ නම් කර්මයද කෙරෙත්. ජොතිමාලික නම් කර්මයද කෙරෙත්. හත්ථපජ්ජොතික නම් කර්මයද කෙරෙත්. ඒරකවත්ඛික නම් කර්මයද කෙරෙත්. චීරකවාසික නම් කර්මයද කෙරෙත්. ඒණෙය්‍යක නම් කර්මයද කෙරෙත්. බලිසමංසික නම් කර්මයද කෙරෙත්. කහාපණක නම් කර්මයද කෙරෙත්. ඛාරාපතච්ජික නම් කර්මයද කෙරෙත්. පලිඝපරිවත්තික නම් කර්මයද කෙරෙත්. පලාලපිට්ඨික නම් කර්මයද කෙරෙත්. කකියවන ලද තෙල්ද ඉසිත්. සාදුකින් පීඩිත බල්ලන් ලවාද කවත්. පණපිටින් හුලද හුදුවත්. කඩුවෙන්ද හිස සිඳිත්. ඒ ධර්මයෝ මා කෙරෙහි විද්‍යාමාන නොවෙත්. මම ඒ ධර්මයන්හි පෙනී නොසිටිනු ලබන්නෙමියි කියායි.´ මහණෙනි, පණ්ඩිතතෙම මේ ආත්මභාවයෙහි මේ දෙවෙනි සැපයවූ සොම්නස වඳී.´´

128. උපක්ලෙශ සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරණ සේක. එකල්හී වනාහී කොසඹෑ නුවර භික්‍ෂූහූ දබරකර ගනිමින්, කෝලාහල කරගනිමින්, වාද කරගනිමින්, ඔවුනොවුන් වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. එකල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. ,ස්වාමීනි, මේ කොසඹෑ නුවර වැසි භික්‍ෂූහූ දබරකර ගනිමින්, කෝලාහල කරගනිමින්, වාද කරගනිමින්, ඔවුනොවුන්, වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. ,ස්වාමීනි, ඒ භික්‍ෂූඑූ යම් තැනකද එහි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට වැඩමවන්නේ නම් මැනවි,. එය භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූහූ යම් තැනකද එහි වැඩි සේක. වැඩ ඒ භික්‍ෂූන්ට මෙය වදාළ සේක. ,මහණෙනි, නුසුදූසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්, කියායි.

එසේ වදාළ කල්හී එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සෙට මෙය සැලකළේය. ,ස්වාමීනි, ධර්‍මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැනෙන්නෙමුයි, කියායි.

දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙය වදාළ සේක. ,මහණෙනි, නුසුදූසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්, කියායි. දෙවනුවත් ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සෙට මෙය සැලකළේය. ,ස්වාමීනි, ධර්‍මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙහෙස නොගනිත්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැණෙන්නෙමුයි, කියායි. තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙය වදාළ සේක. ,මහණෙනි, නුසුදූසුය, දබර නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්, කියායි. තෙවනුවත් ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සෙට මෙය සැලකළේය. ,ස්වාමීනි, ධර්‍මස්වාමීවූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොවෙහෙසෙක සේක්වා. භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්ති සැප විහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා. අපි මේ දබරයෙන් කලහයෙන් කෝලාහලයෙන් විරුද්ධ වාදයෙන් පැණෙන්නෙමුයි, කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර, බතින් පසුව, පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනසුන තැන්පත් කොට තබා පාසිවුරු ගෙන වැඩසිටියේම මේ ගාථාවන් වදාළසේක.

1.,මහත් ශබ්ද ඇති එක හා සමාන කලහකාරී ජනතෙම (මම) අඥානයයි, කිසිවෙක් නොසැලනීය. සංඝයා බිඳෙන කල්හිත් ඊට වඩා වැඩි අනිකක් නොසිතී.

2. ,මුළාවූ සිහිය ඇති වචනය පමණක් ගොචර කොට ඇති, යම්තාක් මුඛය විවෘත කිරීමට කැමති යම් ඒ තාක් මුඛය විවෘත කොට කියන්නාවූ පණ්ඩිතයෝ යම් කලහයකින් ලජ්ජා නැති බවට පමුණුවන ලද්දාහූ යම් එය ආදීනව සහිතයයි නොදනිත්.

3. ,අසවලා මට බැන්නේය, ගැසුවේය, මි පැරැද්දූවේය, මා සතු දෙය පැහැරගත්තේයයි යම් කෙනෙක් ක්‍රොධයෙන් ඔහුට වෛර කැත් නම් ඔවුන්ගේ වෛරය නොසංසිඳෙන්නේය. (අසවලා) මට බැන්නේය, ගැසුවේය, මා සතු දේ පැහැර ගත්තේයයි යමෙක් ඔවුන්ට වෛර නොකරන්නේ නම් ඔවුන්ගේ වෛරය සංසිඳෙන්නේය.

4. ,මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛර සංසිඳීමෙක් නැත. වෛර නොකිරීමෙන්ම සංසිඳෙත්. මෙය පෞරාණික උතුම් ධර්‍මය වේ.

5. ,නුවණැතියන්ගෙන් අන්‍යවූ අඥානයෝ අපි මරණයට පැමිණෙන්නෙමුයි නොදනිති. ඒ බව යමෙක් දනිත් නම් ඒ හේතුකොටගෙන කලහය සංසිඳෙත්.

6. ,ඇට සිඳින්නාවූ ප්‍රාණය නැති කරන්නාවූ ගව අස් ආදී ධන පැහැර ගන්නාවූ සොරු වෙත්ද, රට විනාශ කරන්නාවූ ඔවුන්ගේ පවා සමගිය ඇත. කුමක් හෙයින් තොපගේ එබන්දක් නැත්තේද ?

7. ´´ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූද, වසන්ට නිසිවූද, යහපත් හැසුරුම ඇති, පණ්ඩිතවූ, කල්‍යාණ මිත්‍රයකු ඉදින් ලද්දේ නම් සිහියෙන් යුක්තවූ පුද්ගලතෙමේ ඔහු හා සමග සතුටු සිත් ඇතිව වාසය කරන්නේය.

8. තැනට නිසි නුවණැති, එකට හැසිරීමට සුදුසුවූ, මනා හැසුරුම් හා ධාරණ ප්‍රඥා ඇති, කල්‍යාණ මිත්‍රයකු ඉදින් නොලද්දේ නම් දිනාගත් රජය හැර, (හුදකලාව වනයට ඇඳ තපස් පැවිද්දට පැමිණි මහාජනක) රජු මෙන්ද, (හස්ති සමූහයා හැරපියා මේ රක්ෂිත වනයෙහි හුදකලාව හැසිරෙන) පාරිලෙය්‍යක නම් ඇතු මෙන්ද සමූහයෙන් වෙන්ව හුදකලාව වැසය කරන්නේය.

9. ´´දෙලෝ වැඩ නොදත් අඥානයා කෙරෙහි එකට විසීමක් නැතිව, තනිව විසීම උතුම් පාරිලෙය්‍යක ඇතු මෙන් පිරිස් පාලනයෙහි උත්සා රහිතව හුදකලාව වසන්නේය. ස්වල්පමාත්‍රවූද පව්කම් නොකරන්නේය.´´

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේම මේ ගාථාවන් වදාරා ´´බාලකලොණකාර´´ නම් ගම යම් තැනෙක්හිද එහි වැඩි සේක. එසමයෙහි ආයුෂ්මත් භගු ස්ථවිර තෙම ´´බාලකලොණකාර´´ ගමෙහි වාසය කෙරෙයි. ආයුෂ්මත් භගුස්ථවර තෙම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක, ආසනයක් පැනවීය, පා දෝනා දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා සේදීය. ආයුෂ්මත් භගුස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් භගුස්ථවිරයන්ට භාග්‍යවතුන් වහනසේ මෙය වදාළ සේක. ´´මහණ කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවෙහිද?´´ ´´භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිවෙමි. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක. ස්වාමීනි, ආහාරයෙන් ක්ලාන්ත නොවෙමියි´´ (කීය.)

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇයුෂ්මත් භගුස්ථවිරයන් දැහැමි කථාවෙන් කරුණු දක්වා (එහි) සමාදන් කරවා (ඉන්) තෙද ගන්වා (එහි) පහදවා හුනස්නෙන් නැගිට ´´ප්‍රාචීන වංශදාය වනය´´ යම් තැනෙක්හිද එහි වැඩිසේක. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිර තෙමේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේද එහි වෙසෙති. උයන්පල්ලා වඩින භග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´ශ්‍රමණය, මේ වනයට නොපිරිසෙව, මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් කැමති පරිදි වෙසෙති. ඔවුන්ට අපහසු නොකළ මැනව´´ කියායි.

4. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ සමග කථාකරන වනපාලකයාගේ කථාව ඇසීය. ඒ කථාව අසා, වනපාලකයාට මෙය කීය. ´´ඇවැත්නි, වනපාලකයා, භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාළ සේක. ´´ කියායි. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමෙ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත්නන්දිය ස්ථවිරයන්ටද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ටද මෙය කීය. ´´ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව. ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව. අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක.´´ කියායි.

5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිර තෙමේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේද, භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගත්තේය. එක නමක් අසුන් පැණවීය. එක නමක් පා දොසා පැන් තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආනයෙහි වැඩ හුන් සේක. වැඩහිඳ, පා සේදූ සේක. ඒ ආයුෂ්මත් වරුද, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ´´අනුරුද්ධයිනි, නුඹලාට කිම එවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවුවහුද?´´ කියායි. ´´භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකිය. ස්වාමීනි, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවමු.´´

6. ´´අනුරුද්ධයිනු, නුඹලා සමගිව, සතුටු සිතැතිව, විරුද්ධ වාද නැතිව, කිරි හා දිය මෙන් එක්වූවාහු, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලන්නාහු, කිම වාසය කරහුද?´´ ´´ස්වාමීනි, අපි ඒකාන්තයෙන් සමගිවන, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කරමු.´´

´´අනුරුද්ධයිනි, තෙපි සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් කෙසේ වනාහි වාසය කරවද?´´

´´ස්වාමීනි, මෙහිදී මට මෙසේ අදහස් වෙයි, ´´යම් බඳුවූ මම මෙබඳුවූ සබ්‍රහ්මචාරීන් සමග වෙසෙම්ද එය, ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී. ස්වාමීනි, ඒ මාගේ මේ ආයුෂ්මත් කෙරෙහි මෛත්‍රි සහගත කාය කර්මය ප්‍රකටවත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රි සමගත වාක් කර්මය ප්‍රකටවත්, රහසි ගතවත් එළඹ සිටියේය. මෛත්‍රි සහගත මනො කර්මය ප්‍රකටවත් රහසිගතවත් එළඹ සිටියේය. ස්වාමීනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ´´සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් මම පවතින්නෙම් නම් ඉතා නොඳය කියායි.´´ ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් පවතිමි. ස්වාමීන් වහන්ස, අපේ ශරීර වෙන් වෙන් වූ නමුත් සිත එකක්මයයි හඟිමි.

7. ආයුෂ්මත් නන්දිය තෙමේද, ආයුෂ්මත් කිම්බිල තෙමේද, භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කලාහුය. ´´ස්වාමීනි, මටත් මෙසේ අදහස් විය. ´´යම්බදු මම මෙබඳු සබ්‍රහ්මචාරීන් සමඟවෙසෙම්ද, එය ඒකාන්තයෙන් මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් ලාභයක් ලබන ලදී.´´ ස්වාමීනි, ඒ මාගේ මේ ආයුෂ්මතුන් කෙරෙහි මෛත්‍රි සහගත කාය කර්මය ප්‍රකටමත්, රහසිගතවත් එළඹ සිටියේය. මෛත්‍රිසහගත වාක් කර්මය, ප්‍රකටවත්, රහසිගතවත් එතළඹ සිටියේය. මෛත්‍රි සහගත මනො කර්මය ප්‍රකටවත් එහිගතවත් එළඹ සිටියේය. ස්වාමීනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ´සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් මම පවතින්නෙම් නම් ඉතා යෙහෙකැයි, කියායි. ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් වශයෙන් පවතිමි. ස්වාමීන්, අපේ ශරීර වෙන් වෙන්වූ නමුත් සිත එකක්මයයි හිඟිමි.

´´ස්වාමීනි, අපි මෙසේ වනාහි සමගිව, සතුටු සිතැතිව, විවාද රහිතව, කිරි හා දිය මෙන් එක්සත්ව ඔවුනොවුන් ප්‍රිට ඇස්වලින් බලමින් වාසය කරමුයි´´ කිීවාහුය.

´´අනුරුද්ධයිනි, යහපති, යහපති, අනුරුද්ධයිනි, තෙපි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්ය ඇතිව, සිවු මගට පමුණුවන ලද සිත් ඇතිව කිම වාසය කරවද?´´

´´ස්වාමීනි, අපි ඒකාන්තයෙන් අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව සිවු මගට පමුණුවන ලද සිත් ඇතිව වාසය කරමු.´´

´´අනුරුද්ධයිනි, තෙමි කෙසේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන විීර්යය ඇතිව, සිව් මගට පමුණුවන ලද සිතැතිව වාසය කරව්ද?´´

8. ´´ස්වාමිනි, මෙහි අපගෙන් යමෙක් පළමුව පිඬු පිණිස ගොස් ගමින් පෙරළා එයිද, හෙතෙම අනුන් පනවයි. පියයුතු පැන් හා පරිභොග කටයුතු පැන් තගෙනත් තබයි. ඉතුරු ආහාර දමන භාජනය සුදානම් කොට තබයි. යමෙක් පසුව පිඬු පිණිස ගොස් ගමෙන් පෙරළා එයිද, ඉදින් වළඳා ඉතිරියක් වේද, ඉදින් කැමතිනම් වළඳයි. ඉදින් අකැමැති නම් තණ තණ පැලෑටි නැති තැනක දමයි. සතුන් නැති දියෙහි හෝ පාකොට හරියි. හෙතෙම අසුන් තැන්පත් කොට තබයි. පියයුතු පැන් හා පරිභෝග කටයුතු පැන් පිළියෙල කොට තබයි. ඉතිරි බත් දමන භාජනය සෝදා තැන්පත් කොට තබයි. දන් ශාලාව හමදී. යමෙක් පියයුතු පැන් කබන කළය ්හෝ පරිභෝග කටයුතු වූ ජලය තබන කළය හෝ හිස්ව තිබෙනු දකීද, හෙතෙම දිය ගෙනත් තබයි. ඉදින් මොහුට නොඉවසිය හැකි වේ නම් අත වැනීමෙන් දෙවැන්නකු අමතා අනත් විලංගුවෙන් ගෙන ගොස් තබයි. ස්වාමීනි, අපි ඒ හේතුවෙන් කථා කොකරමු. ස්වාමීනි, අපි පස් දවසකට වරක් මුලු රෑ දැහැමි කථාවෙන් යුක්තව හිඳිනෙමු. ස්වාමීනි, අපි මෙසේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්ය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව වාසය කරමු.´´

9. ´´අනුරුද්ධයිනි, යහපති, යහපති, අනුරුද්ධයිනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන විීර්යය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන තොප විසින් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්යයභාවය කිරීමට සුදුසු විහරණයක්වූ ඥාණදර්ශන විශේෂයක් අවබෝධ කරන ලද්දේ වේද?´´ ´´ස්වාමීනි, මෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන අපි (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් රූප දැක්මද, හැඳින ගනිමු. අපගේ ඒ ආලෝකයද, රූප දැකීමද නොබෝ වේලාවකින් අතුරුදහන් වෙයි. ඊට කාරණය නොදනිමු.´´

අනුරුද්ධයිනි, ඊට කාරණය තොප විසින් දැනගත යුතුය. අනුරුද්ධයිනි, මමද සම්‍යක් සම්බෝධියෙන් පෙර සම්‍යක් සම්බුද්ධ නොවූයේම, බොධිසත්ව වූයේම (පරිකර්මයන්ගේ) ආලෝකයද, දිවැසින් රූප දැකීමද දනිමි. මාගේ ඒ ආලෝකයත් රූප දැකීමත් නොබෝ වේලාවකින් අතුරුදන්වෙයි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යම්හෙයකින් මාගේ ඒ ආලෝකයත්, දිවැසින් රූප දැකීමත් අතුරුදන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´ කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට සැකය ඇති තවිය. සැකය හේතු කොටගෙන මගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිවූ කල්හි ආලෝකයක් දිවැසින් රූප දැකීමත් අතුරුදන් වෙයි. ඒ මම යම්සේ මට සැකය නූපදින්නේද එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවත් වීර්යය ඇත්තේ, සිව්මගට යවන ලද සිතැතිව වාසය කරන්නේ ආලෝකයද, රූප දැකීමද, හඳුනමි. මාගේ ඒ ආලෝකයද, රූප දැකීමද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද කියායි.

10. ´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මම දැන් කිසිවක් මෙනෙහි නොකරන්නෙමි. යන ´´අමනසිකාරය´´ පහළ විය. අමනසිකාරය හේතුකොට මාගේ සමාධිය නැතිවිය. සමාධිය නැතිව ගිය කල්හි ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත සැකය නූපදින්නේ නම් අමනසිකාරය නොවේ නම් එසේ කරන්නෙමි´ කියායි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´ කියායි.

´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට ථිනමිද්ධය පහළ විය. ථිනමිද්ධය හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයද, රූප දැකීමද, අනුරුදහස් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහස් වෙයි.´ අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දැකීමද අතුරුදහස් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´´ කියායි.

11. ´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට තැතිගැනීමක් පහළවිය. තැති ගැන්ම හේතුකොට ගෙන මගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහස් වෙයි.´ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් දීර්ඝ මාර්ගයට පිළිපන්නේ ඔහු දෙපස වධකයෝ උපන්නාහු නම් ඔහුට දෙපස හේතුකොට ගෙන තැතිගැන්ම උපදින්නේය. අනුරුද්ධයිනි, ´එපරිද්දෙන්ම මටත් තැතිගැන්ම පහළ විය. තැති ගැන්ම හේතුකොට, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවගිය කල්හි ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, ඒ මම එසේ කරන්නෙමි´ කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවත වීර්යය ඇත්තේ, සිව් මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? කියායි.

12. ´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´ මට අධික ප්‍රීතිය පහළ විය. අධික ප්‍රීතිය හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් විය.´ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් එක් නිදන් පළක් සොයන්නේ එක් උත්සාහයකින්ම නිදන් පොළවල් පහක් ලබන්නේද, ඔහුට ඒ හේතුකොට අධික ප්‍රීතිය උපදින්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට අධික ප්‍රීතිය පහළ විය. අධික ප්‍රීතිය කරණකොට ගෙන මාගේ සමාධිය නැති විය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම් යම්සේ නැවත මට විචිකිච්ජාවද නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්මෙක් නූපදින්නේද, බලවත් ප්‍රීතියක් නූපදින්නීද, එසේ කරන්නෙමි. අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද, දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට කාය පීඩාවක් පහළවිය කියායි. කාය පීඩාව හේතුකොටගෙන වනාහි මාගේ සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි, ආලෝකයද, රූප දැකීමද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද එසේ කරන්නෙමි.´

13. ´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ සිත විය. ´මට අතිශයින් පටන්ගන්නා ලද වීර්යය පහළ විය.´ කියායි. දැඩිව කරන ලද වීර්යය හේතුකොට ගෙන, මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයත්, රූප දර්ශනයත්, අතුරුදහන් වෙයි. අනුරුද්ධයෙනි, යම්සේ පුරුෂයෙක් දෑතින් පෙරළිය හැකි දෙයක් දැඩිකොට ඔසවාගන්නේද, හෙතෙම එහිම මැරෙන්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට දැඩිව පටන් ගන්නා ලද වීර්යය පහළවිය. දැඩි වීර්යය හේතුකොට ගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයත්, රූප දර්ශනයත් අතුරුදහන්වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නේද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නීපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, බලවත් ප්‍රීතිය නූපදින්නීද, තැතිගැන්ම නූපදින්නේද, බලවත් ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද එසේ කරන්නෙමි.

14. ´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´ කියායි.

´´අනුරුද්ධයිනි, ඒ මට මේ සිත විය. ´මට ඉතා ලිහිල් වීර්යය පහළ විය යනුවෙනි. ඉතා ලිහිල් වීර්යය හේතුකොටගෙණ මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි.´ අනුරුද්ධයිනි, යම්සේ පුරුෂයෙක් තෙම පෙරළිය හැක්කක් ලිහිල් කොට අල්ලා ගන්නේද, එය ඔහු අතින් වැටෙන්නේය. අනුරුද්ධයිනි, එපරිද්දෙන්ම මට ඉතාලිහිල් වීර්යය උපන්නේය. ඉතා ලිහිල් වීර්යය හේතුකොටගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, අලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නේද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීරිය නූපදින්නේද, එසේ කරන්නෙමි.

15. ´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගනිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්Ȁdධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද රූප දර්ශනයද අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´මට තණ්හාව පහළවිය යනුයි. තෘෂ්ණාව හේතුකොටගෙන මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. ඒ මම, යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්යය නීපදින්නේද, තෘෂ්ණාව නූපදින්නේද, එසේ කරන්නෙමි.´

16. ´´අනුරුද්ධයිනි, ඒ මම වානහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව්මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ ආලෝකයද, රූප දර්ශනයද දැන ගතිමි. මාගේ ඒ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යමකින් මාගේ ආලෝකයද, රූප දර්ශනයද, අතුරුදහන් වේ නම් ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? කියායි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. මට නානත්ත සංඥාව පහළවිය යනුයි. නානත්ත සංඥාව හේතුකොට මාගේ සමාධිය පහවිය. සමාධිය පහවූ කල්හි, ආලෝකයද, රූප දර්ශනයද අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික ප්‍රීතිය නූපදින්නීද, කායික පීඩාව නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්යය නූපදින්නේද, තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද එසේ කරන්නෙමි.´

´´අනුරුද්ධයිනි, ඒ මම වනාහි අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ සිව් මගට යවනලද සිතැතිව, වාසය කරන්නේ, ආලෝකයද රූප දර්ශනයද දනිමි. ඒ මේ ආලෝකය වනාහි අතුරුදහන් වෙයි. රූප දර්ශනයද අතුරුදහන් වෙයි. අනුරුද්ධයිනි, ඒ මට මෙසේ අදහස් වෙයි. ´යම් හෙයකින් මාගේ ආලෝකය හා රූප දර්ශනය අතුරුදහන් වේ නම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද? අනුරුද්ධයිනි, මට මේ අදහස ඇතිවිය. ´මට රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව පහළ විය යනුයි. රූපයන් පිළිබද අතිශයින් නැවත නැවත සිතා බලන බව හේතුකොටගෙන සමාධිය පහවිය. සමාධිය පහව ගිය කල්හි ආලෝකයත් රූපදර්ශනයත් අතුරුදහන් වෙයි. යම්සේ මට නැවත විචිකිච්ජාව නූපදින්නීද, අමනසිකාරය නූපදින්නේද, ථිනමිද්ධය නූපදින්නේද, තැතිගැන්ම නූපදින්නේද, අධික වීර්යය නූපදින්නේද, ඉතා ලිහිල් වීර්යය නූපදින්නේද, අධික තෘෂ්ණාව නූපදින්නේද, නානත්ත සංඥාව නූපදින්නීද, රූපයන් පිළිබඳ අතිශයින් නැවත නැවත සිතා බලන බව නූපදින්නේද එසේ කරන්නෙමි.´

17. ´´අනුරුද්ධයිනි, ඒ මම විචිකිච්ජාව සිත කෙලෙසන ධර්මයක් යයි මෙසේ දැන, සිත කෙළෙසන්නාවූ විචිකිච්ජාව දුරු කෙළෙමි. අමනසිකාරය සිත කෙලෙසන ධර්මයක්යයි මෙසේ දැන, සිත කෙලෙසෙන්නාවූ අමනසිකාරය දුරු කෙළෙමි. ථිනමිද්ධය සිත කෙළසන ධර්මයක්යයි මෙසේ දැන, ථිනමිද්ධය දුරු කෙළෙමි. තැතිගැන්ම විත්තෝප ක්ලේශයක්යයි මෙසේ දැන, විත්තෝප ක්ලේශයවූ, තැති ගැන්ම දුරු කෙළෙමි. අධික ප්‍රීතිය විත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන විත්තෝප ක්ලේශයවූ අධික ප්‍රීතිය විත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන, විත්තෝප ක්ලේශය වූ, අධික ප්‍රීතිය දරු කෙළෙමි. කායික පීඩාව විත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශයවූ කායික පීඩාව දුරු කෙළෙමි. දැඩිව පටන් ගන්නාලද වීර්යය චිත්තෝප ක්ලෙශය වූ, අධික වීර්යය දුරු කෙළෙමි. ඉතා ලිහිල් වීර්යය චිත්තෝප ක්ලෙශයක් යයි මෙසේ දැන, චිත්තොප ක්ලේශයක්වූ ඉතා ලිහිල් වීර්යය දුරු කෙළෙමි. තෘෂ්ණාව චිත්තෝප ක්ලේශයක් යයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශයක්වූ අධික තෘෂ්ණාව දුරු කෙළෙමි. නානත්ත සංඥාව චිත්තෝප ක්ලේශයක්යයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශයක්වූ නානත්ත සංඥාව දුරු කළෙමි. රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තෝප ක්ලේශයක්යයි මෙසේ දැන, චත්තෝප ක්ලේශයක්වූ රූපයන් අතිශයින් නැවත නැවත සිතා බලන බව දුරු කෙළෙමි.

18. ´´අනුරුද්ධයිනි, ඒ මම පමා නොවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, සිව් මගට යවන ලද සිතැතිව වාසය කරමින් ආලෝකය දැන ගතිමි. රූප නොදකිමි. යම් හෙයකින් රූප දකිම්ද, හිදෙක් රාත්‍රියද, හුදෙක් දාවලද, හුදෙක් රෑ දාවල්ද, ආලෝකය නොහදුනමි. අනුරුද්ධයිනි, ඒ මට මෙය අදහස් විය. ඒ මම ආලෝකය හඳුනම්ද, රූප නොදැක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ඒ කාලයෙහි රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දවල් දෙක්හිද ආලෝකය නොහඳුනමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ´මම යම් සමයෙක්හි රූප විෂය මෙනෙහි නොකොට, ආලෝක විෂයය මෙනෙහි කෙරෙම්ද, ඒ කාලයෙහි ආලෝකය හඳුනමි. රූප නොදකිමි. යම් කලක ආලෝක විෂය මෙනෙහි නොකොට, රූප විෂය මෙනෙහි කෙරෙම්ද, එකල රූප දකිමි. හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල්ද, ආලෝකය නොහඳුනමි.´

19. ´´අනුරුද්ධයිනි, ඒ මම අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, සිව්මගට යවන ලද සිතැතිව, වාසය කරන්නේ සුථ කර්මස්ථානයෙහි වූ ආලෝකය හඳුනමි. සුථ කර්මස්ථානයෙහි වූ රූප දක්නෙමි. අප්‍රමාණ කර්මස්ථානයෙහි වූ, ආලෝකය හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දාවල්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහි වූ රූපයන් දැක්නෙමි. අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස ඇතිවිය. ´ඒ මම සුථ කර්මස්ථානයෙහිවූ ආලෝකය හඳුනම්ද, සුථ කර්මස්ථානයෙහි වූ රූපයන් දක්නෙම්ද, අප්‍රමාණ කර්මස්ථානයෙහි වූ ආලෝකය හඳුනම්ද, හුදෙක් රෑද, හුදෙක් දාවල්ද, හුදෙක් රෑ දාවල්ද අප්‍රමාණ කර්වස්ථානයෙහි වූ රූපයන් දක්නෙම්ද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?´´ අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. ´යම් කලෙක සමාධිය කුඩාද, එසමයෙහි මගේ දිවැසද කුඩාය. ඒ මම ස්වල්ප මාත්‍රවූ, දිවැසින් ස්වල්ප මාත්‍රවූද, අලෝකය හඳුනමි. ස්වල්පමාත්‍රවූ ්රූපයන්ද දකිමි. යම් කලෙක සමාධිය අප්‍රමාණද එකල මගේ දිවැසද අප්‍රමාණය. එ මම අප්‍රමාණ වූ දිවැසින් අප්‍රමාණ වූ ආලෝකයද හඳුනමි. හුදෙක් රෑද, හුදෙක් දවල්ද, හුදෙක් රෑ දවල්ද, අප්‍රමාණ වූ රූපයන් දක්නෙමි.´

20. ´´අනුරුද්ධයිනි, යම් හෙයකින් විචිකිච්ජාව විත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, විචිකිච්ජාව චිත්තෝප ක්ලෙශය ප්‍රුහීනවීද, අමනසිකාරය චිත්තෝප ක්ල්‍යෙයයි මෙසේ දැන, අමනසිකාර චිත්තෝප ක්ලෙශය ප්‍රහීණවීද, ථිීනමිද්ධය චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, ථීනමිද්ධ චත්තෝප ක්ලෙශය ප්‍රහීණවීද, තැතිගැන්ම චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, චිත්තෝප ක්ලෙශය වූ තැතිගැන්ම ප්‍රහීණවීද අධික ප්‍රීතිය චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, අධික ප්‍රීතිය චිත්තෝප ක්ලේශය ප්‍රහීණවීද, කායික පීඩාව චිත්තයාගේ උප ක්ල්‍යෙයයි මෙසේ දැන, කායික පීඩා චිත්තෝප ක්ලේශය ප්‍රහීණවීද, අධික වීර්යය චත්තෝප ක්ලේශයයි මෙසේ දැන, අධික වීර්යය චිත්තෝප ක්ලෙශය ප්‍රහීනවීද, ඉතා ලිහිල් වීර්යය චිත්තයාගේ උප ක්ලේතශයයි මෙසේ දැන, ඉතා ලිහිල් වීර්යය චිත්තෝප ක්ලේශය ප්‍රහීණවීද, තෘෂ්ණාව චිත්තෝප ක්ලෙශය ප්‍රහීන වීද, නානත්ත සංඥාව චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන, නානත්ත සංඥා ඤි.්.ෝල ත්ගෙඹව ප්‍රහීණවීද, රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන බව චිත්තෝප ක්ලෙශයයි මෙසේ දැන රූපයන් පිළිබඳව අතිශයින් නැවත නැවත සිතා බලන චිත්තෝප ක්ලේශය ප්‍රහීනවීද, අනුරුද්ධයිනි, ඒ මට මේ අදහස විය. මාගේ සිතට යම් උප ක්ලේශයෝ වෙත්ද, ඔව්හු මට ප්‍රහීණය. එබැවින් මම දැන් විධි තුනකින් යුත් සමාධිය වඩමි´ කියායි.

21. ´´අනුරුද්ධයිනි, ඒ මම විතර්ක සහිත, විචාර සහිත සමාධිය වැඩුවෙමි. විතර්ක රහිත විචාරය පමණක් ඇති සමාධිය වැඩුවෙමි. විතර්ක රහිත විචාර රහිත සමාධිය වැඩුවෙමි. ප්‍රීති සහිත සමාධිය වැඩුවෙමි. ප්‍රීති රහිත සමාධිය වැඩුවෙමි. සුඛ සහගත සමාධිය වැඩුවෙමි. උපෙක්ෂා සහගත සමාධිය වැඩුවෙමි. අනුරුද්ධයිනි, යම් හෙයකින් මා විසින් විතර්ක සහිත, විචාර සහිත, සමාධිය වඩන ලද්දේද, විතර්ක රහිත විචාර රහිත සමාධිය වඩන ලදද, ප්‍රීති සහිත සමාධිය වඩන ලදද, ප්‍රීති රහිත සමාධිය වඩන ලදද, සුඛ සහගත සමාධිය වඩන ලදද, උපෙක්ෂා සහගත සමාධිය වඩන ලදද ඒ මට ඥාන දර්ශනයද පහළ විය. මාගේ චිත්ත විමුක්තියද කෝප නොවිය. මේ අන්තිම උපැත්මය. දැන් පුනරුත්පත්තියක් නැත.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළතසේක. සතුටු සිතැති අනුරුද්ධායුෂ්මත් තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

(අටවැනි උප ක්ලෙශ සූත්‍රයයි. (3 – 8)

127. අනුරුද්ද්ධ සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වු ජේතවන නම් අනේපිඩු මහ සිටුගේ අරමෙහි වැඩ වාසය කරණසේක. එකල්හී ‘පඤ්චකඬ්ග’ නම් වඩුතෙම එක්තරා පුරුෂයෙකුට කථාකළේය. ,පින්වත් පුරුෂය, නුඹ මෙහි එව, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, එහි යව. ගොස්, මගේ වචනයෙන් ආයුෂ්මත් අනුරුද්ධ සථවිරයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳුව. මෙසේද කියව, ´ස්වාමීන, පඤ්චකඞග´ වඩු තෙම ආයුෂ්මත් අනුරුඞ සථවිරයන්ගේ පා සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීන, ආයුෂ්මත් අනුරුඞ ස්වාමීන් වහන්සේ හෙට පඤ්චකඞග නම් වඩුවාගේ බත තමන් සතර වැනිව ඉවසන සේක්වා. .ස්වාමීනී, ආයුෂ්මත් අනුරුඞ ස්ථවිරයන් වහන්සේ කල් ඇතිව වඩිනු මැනවි. පඤචකඞග වඩුතෙම රජුන් පිළිබඳ බොහෝ වැඩ ඇත්තේය, බොහෝ කටයුතු ඇත්තේය´ කියායී. පුරුෂතෙම ´´ස්වාමීනී. එසේයයි´´ කියා පඤ්චකඞ්ග වඩුවාට උත්තර දී ආයුෂ්මත් අනුරුඞ සථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණීයේය. .පැමිණ, ආයුෂ්මත් අනුරුඞ සථවිරයන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය.

2.එක් පැත්තක හුන් ඒ පුරුෂ තෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට මෙය සැල කළේය. ´´ස්වාමීනි පඤ්චකඞ්ග වඩුතෙමේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳ.ි මෙසේත් කියයි ´ස්වාමීනී ආයුෂ්මත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හෙට පඤ්චක්‍ඞ්ග වඩුවාගේ බත තමන් සතර වැනිව ඉවසන සේක්වා. ස්වාමීනීි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කල් ඇතිව වඩිනු මැනව. ස්වාමීනී, පඤ්චකඞ්ග වඩුතෙම රජුන් පිළිබඳ බොහෝ කෘත්‍ය ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේය’ කියායි. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසුවේ්ය.

3.ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන පඤ්චකඞ්ග වඩුවාගේ ගෙය යම් තැනකද එහි ගියේය. ගොස්, පනවන ලද අසුනෙහි හුන්නේය. ඉක්බිති පඤ්චකඞ්ග වඩුතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් ප්‍රණීත ඛාද්‍ය භොද්‍යයෙන් වැළඳවීය. .ඇතිතාක් වැළඳවීය. ඉක්බිති පඤ්චකඞග වඩුතෙම වළඳා අවසන්හි, වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වෙත එක්තරා පහත් ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය.

4.එක් පැත්තක හුන් පඤ්චකඞ්ග වඩුතෙමේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීය. ´´ස්වාමීනී, මේ ශාසනයෙහි සථවිර භික්ෂූහු මවෙත එළඹ මෙසේ කිවාහුය. ´ගෘහපතිය, අප්‍රමාණ සමාධිය වඩවයි කියා´යි. ´ස්වාමීන, ඇතැම් ස්ථවිර භික්ෂූහු පැමිණ ‘ගෘහපතිය, මහග්ගත සමාධිය වඩවයි, කීවාහුය. ස්වාමීනි, යම් මේ අප්‍රමාණ සමාධියක් වේද, යම් මේ මහග්ගත සමාධියක් වේද, මේ ධර්‍ම වෙනස් වෙනස් අර්‍ථ ඇත්තාහුද, වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහුද, නැතහොත් සමාන අර්‍ථ ඇත්තාහුද, ව්‍යඤ්ජනයෙන් පමණක් වෙනස් ද ?,

,ගෘහපතිය, එසේවී නම් ඇතැම් තෙරුන් වහන්සේලා අප්‍රමාණ සමාධිය වඩවයි කීවාහුද, ඇතැම් තෙරුන් වහන්සේලා මහග්ගත සමාධිය වඩවයි කීවාහුද මෙහිදී තොපට විරුද්ධයක් නොවන සේ තොපටම වැටහේවා,.

,ස්වාමීනි, මට මෙසේ අදහස් වෙයි. යම් මේ අප්‍රමාණ සමාධියක් වේද, යම් මේ මහග්ගත සමාධියක් වේද, මේ ධර්‍මයෝ එකම අර්‍ථ ඇත්තාහුය. ව්‍යංජන පමණක් වෙනස්ය කියායි.,

5. ,ගෘහපතිය, යම් මේ අප්‍රමාණ සමාධියක් වේද, යම් මහග්ගත චිත්ත සමාධියක් වේද, මේ ධර්‍ම අර්‍ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යංජන ව්‍යංජන වශයෙන්ද වෙනස්ය. ගෘහපතිය, එය යම්සේ මේ ධර්‍ම අර්‍ථ වශයෙන් වෙනස්ද, ව්‍යංජන වශයෙන් වෙනස්ද යනු මේ ක්‍රමයෙන් දතයුතුය.

,ගෘහපතිය, අප්‍රමාණ සමාධිය කවරේද? ගෘහපතිය, මේ ශාහනයෙහි මහණතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනිදිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැම තන්හී හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද, ,කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැම තන්හී හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද,

,මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැම තන්හී හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද,

,උපෙක්‍ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැම තන්හී හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද, ගෘහපතිය, මේ කියන ලද්ද අප්‍රමාණ සමාධියයි.

6.,ගෘහපතිය, මහග්ගත සමාධිය කවරේද? ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් එක් රුක් මුලක් පමණ තැනක් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මේ මහග්ගත සමාධියයි කියනු ලැබේ. ගෘහපතිය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම යම්තාක් රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.

7.,ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් එක් ගමක් පමණ තැනක් කසිණ නිමිත්තෙන් යටකොට පතුරුවා වාසය කරයිද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.

,ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.

8.,ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් එක් මහා රාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ. ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් මහා රාජ්‍ය දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.

9.,ගෘහපතිය, මේ සස්නෙහි මහණතෙම යම්තාක් මුහද කෙළවර කොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ. ගෘහපතිය, යම්සේ මේ ධර්‍මයෝ නානාර්‍ථද නානාව්‍යඤ්ජනද එය මේ ආකාරයෙන් දතයුතුයි.

10.,ගෘහපතිය, මේ භවයන්හි ඉපදීම් සතරකි. ඒ සතර කවරහුද? ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැමෙක් ස්වල්ප රශ්මිය ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි පරිත්තාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැමෙක් අප්‍රමාණ රශ්මි ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අප්පමාණ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ සස්නෙහි ඇතැමෙක් අපිරිසිදු රශ්මිය ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සංකිලිට්ඨාන දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙක් පිරිසිදු රශ්මිය ඇත්තේයයි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ගෘහපතිය, මේ සතරක්වූ භවයන්හි ඉපදීම් වෙති.

11.,ගෘහපතිය, යම් ඒ දෙවියන් එකට රැස්වන්නාවඋද අවස්ථාවෙක් වෙයි. එකල ඒ දෙවියන්ගේ වර්‍ණයේ වෙනසක් පැනෙයි. රශ්මියේ වෙනසක් නොපෙනෙයි. ගෘහපතිය, පුරුෂයෙක් බොහෝ තෙල් පහන් යම් සේ එක ගෘහයකට ඇතුල් කරන්නේද, ඒ ගෙට ඇතුල් කළ ඒ ප්‍රදීපයන්ගේ ගිනි සිථවල වෙනසක් පැනෙන්නේය. ආලෝකයේ වෙනසක් නොපෙනෙන්නේය. ගෘහපතිය, එපරිද්දෙන් යම් ඒ දෙවියන් එකට රැස්වන අවස්ථාවක් වෙයිද, එකල ඒ දෙවියන්ගේ වර්‍ණයේ වෙනසක් පෙනේ. ආලෝකයාගේ වෙනසක් නොපෙනේ. ගෘහපතිය, යම් ඒ දෙවියන් එයින් නික්මෙන්නාවූ අවස්ථාවක් ඇත්තේ වෙයිද, එකල එයින් නික්මෙන ඔවුන්ගේ වර්‍ණයේද වෙනසක් පෙනේ. ආලෝකයේ වෙනසද පෙනේ. ගෘහපතිය, යම් සේ ඒ බොහෝ තෙල් පහන් ඒ හෙයින් යම් සේ බැහැර කරන්නේද, එයින් බැහැර කරණ ප්‍රදීපයන්ගේ ගිනිසිළුවලද වෙනසක් පෙනේ. ආලෝකයේද වෙනසක් පෙනෙන්නේය.

12.,ගෘහපතිය, එපරිද්දෙන්ම යම් ඒ දෙවියන් එයින් නික්මෙන්නාවූ අවස්ථාවක් වෙයිද, එකල එයින් නික්මෙන ඔවුන්ගේ වර්‍ණයේද වෙනසක් පෙනේ. ආලෝකයේද වෙනසක් පෙනෙන්නේය. ගෘහපතිය, ඒ දෙවියන්ට අපගේ ස්ථානය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ මෙසේ අදහස් නොවෙයි. නමුත් දෙවියෝ උයන් ආදී යම් යම් තැනක වෙසෙත්ද, ඒ දෙවියෝ ඒ ඒ තැනම ඇලෙති. ගෘහපතිය, යම්සේ කදකින් හෝ පැසැකින් ගෙන යනු ලබන්නාවූ මැස්සන්ට මෙසේ අදහස් නොවේ, කෙසේද? අපගේ මේ ස්ථානය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ යි. තවද, යම් යම් තැනක ඒ මැස්සෝ වෙත්ද, ඒ ඒ තැක ඇලෙති. ගෘහපතිය, එපරිද්දෙන්ම ඒ දෙවියන්ට මෙසේ අදහස් නොවෙයි. අපගේ මේ ස්ථානය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ යි. තවද, යම් යම් තැනක ඒ දෙවියෝ වෙසෙත්ද, ඒ දෙවියෝ ඒ ඒ තැක ඇලෙති.,

13.මෙසේ ප්‍රකාශ කළ කල්හි ආයුෂ්මත් සභිය කච්චායන නම් ස්ථවිරතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය සැලකළේය.

,ස්වාමීනි, අනුරුද්ධය, මැනවි. මෙහිදී මවිසින් තවත් ඇසිය යුත්තක් ඇත. ස්වාමීනි, යම් ඒ දෙවියෝ ආලෝක ඇත්තාහු වෙත්ද, ඒ සියල්ලෝ ස්වල්ප ආලෝකය ඇත්තාහුද, නැතහොත් මෙහි ඇතැම් දෙවියෝ අප්‍රමාණවූ ආලෝකය ඇත්තහු වෙත්ද?, කියායි.

,ඇවැත්නි, කච්චායනය, ඒ ඒ කරුණු වශයෙන් මෙහි ඇතැම් දෙවියෝ ස්වල්ප ආලෝක ඇත්තාහුද, මෙහි ඇතැම් දෙවියෝ අප්‍රමාණවූ ආලෝක ඇත්තාහුද වෙත්.

14.,ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, එකම දිව්‍ය නිකායක උපන් දේවතාවන් අතුරෙන් මෙහි සමහර දේවතාවන් ස්වල්ප ආලෝක ඇත්තවුන් වීමටත්, මෙහි සමහර දේවතාවන් අප්‍රමාණ ආලෝක ඇත්තවුන් වීමටත් හේතු කවරේද ?

,ඇවැත්නි, කච්චායනය, එසේවී නම් එය ඔබගෙන්ම විචාරන්නෙමි. යම්සේ නුඹට වැටහේ නම් එය එසේ ප්‍රකිශ කළ මැනව. ඇවැත්, කච්චායනය, යම් මේ භික්‍ෂුවක් යම්තාක් එක් රුක්මුලක් පමණ තැනක් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද යම් මේ භික්‍ෂුවක් යම්තාක් රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් ඉතා උසස්ද? ස්වාමීනි, යම් මේ භික්‍ෂුවක් යම්තාක් රුක්මුල් දෙකක් තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.

,ඇවැත්නි, කච්චායනය, යම් මේ භික්‍ෂුවක් යම්තාක් රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, යම් මේ භික්‍ෂුවක් යම්තාක් එක් ගමක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා, වාසය නම් ඒ කුමකැයි සිතන්නෙහිද? මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

,ස්වාමීනි, යම් මේ භික්‍ෂුවක් යම්තාක් එක් ගමක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.

15.,ඇවැත්නි, කච්චායනය, යම් මේ භික්‍ෂුවක් යම්තාක් එක් ගමක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා, වාසය කෙරේ නම්, යම් මේ භික්‍ෂුවක් යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මේ කුමකැයි හඟින්නෙහිද? මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

‘ස්වාමීනි, යම් මේ භික්‍ෂුවක් යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මේ චිත්ත භාවනා දෙක අතුරෙන් මෙය, ඉතා උසස්ය.

,ඇවැත් කච්චායනය, යම් මේ භික්‍ෂුවක් යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම්, යම් මේ භික්‍ෂුවක් යම්තාක් එක් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා, වාසය කෙරේ නම්, මේ කුමකැයි හඟින්නෙහිද? මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

16.,ස්වාමීනි, යම් මේ භික්‍ෂුවක් යම්තාක් එක් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා, වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් මෙය ඉතා උසස්ය.

,ඇවැත්නි, කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් මේ භික්‍ෂුවක් යම්තාක් එක් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, යම් මේ භික්‍ෂුවක් යම්තාක් දෙතුන් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද? ,ස්වාමීනි, යම් මේ භික්‍ෂුවක් යම්තාක් දෙතුන් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරෙ නම් මෙය මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.

17.,ඇවැත්නි, කච්චායනය, ඒ කුමකැයි හඟිනෙහිද? යම් මේ භික්‍ෂුවක් යම්තාක් දෙතුන් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, යම් මේ භික්‍ෂුවක් යම්තාක් මුහුද කෙළවරකොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද? ,ස්වාමීනි, යම් මේ භික්‍ෂුවක් යම්තාක් මුහුද කෙළවරකොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.

18.,ඇවැත්නි, කච්චායනය, යම්හෙයකින් එකම දිව්‍යයෝනියක උපන් මේ දේවතාවන් අතුරෙන් ඇතැම් දෙවියෝ ස්වල්ප ආලෝක ඇත්තාහුද ඇතැම් දෙවියෝ අප්‍රමාණ ආලෝක ඇත්තාහුද මේ ඊට හේතුවය, මේ ප්‍රත්‍යය.

,ස්වාමීනි, අනුරුද්ධ සථවිරයන් වහන්ස, මැනවි. මෙහිදී මා විසින් තවත් ඇසිය යුත්තක් ඇත. ,ස්විමීනි, යම් පමණ දෙවියෝ ආලෝක ඇත්තාහුද, ඒ සියල්ලෝ අපිරිසිදූ ආලෝක ඇත්තාහුද? නැතහොත් සමහර දෙවියෝ පිරිසිදූ ආලෝක ඇත්තාහු වෙත්ද? ,ඇවැත්නි, කච්චායනය, ඒ ඒ කරුණු වශයෙන් මෙහි ඇතැම් දෙවියෝ අපිරිසිදූ ආලෝක ඇත්තෝ වෙති. ඇතැම් දෙවියෝ පිරිසිදූ ආලෝක ඇත්තෝ වෙති.

,ස්වාමීනි, අනුරුද්ධ සථවිරයන් වහන්ස, යම් හෙයකින් එකම දිව්‍යයෝනියක උපන් ඒ දෙවියන් අතුරෙන් මෙහි සමහර දෙවියෝ අපිරිසිදූ ආලෝක ඇත්තාහු වෙත්ද, මෙහි සමහර දෙවියෝ පිරිසිදූ ආලෝක ඇත්තාහු වෙත්ද ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?

19.,ඇවැත්නි, කච්චායනය, එසේ වීනම් ඔබට උපමාවක් දක්වන්නෙමි. මේ ලෝකයෙහි ඇතැම් නුවණැති පුරුෂයෙක් උපමාවෙන්ද දෙශනා කරන ධර්‍මයාගේ අත්‍ර්‍ථ දැනගනී. ඇවැත්නි, කච්චායනය, දැල්වෙන්නාවූ තෙල් පහනේ තෙල් යම් සේ අපිරිසිදූද, වැටියත් අපිරිසිදූද, තෙලුත් අපිරිසිදූ බැවින් වැටියත් අපිරිසිදූ බැවින් ඒ එළිය ඉතා අඳුරක් මෙන් දැල්වෙයි. ඇවැත්නි, කච්චායනය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් භික්‍ෂුවක් අපිරිසිදූ ආලෝකයක් පතුරුවා වාසය කෙරේද, ඔහුගේ කයේ අලස භාවයද හොඳහැටි සංසිඳුනේ නොවෙයි. ථීනමිද්ධයද උදූරා නොදමන ලද්දේ වෙයි. උද්ධච්චකුක්කුච්චයද මනා කොට නොහික්මන ලද්දේ වෙයි. හෙතෙම කයේ අලස භාවය නොසංසිඳුවන ලද බැවින්ද, ථීනමිද්ධය උදූරා නොදමන ලද බැවින්ද, උද්ධච්චකුක්කුච්චය නොහික්මවන ලද බැවින්ද අඳුරුවූන්‍ක් මෙන් අරමුණ බලයි. හෙතෙම කායයාගේ භේදයෙන් මරණින් මතු සංකිලිට්ඨාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි. ඇවැත්නි, කච්චායනය, දැල්වෙන තෙල් පහනේ තෙල් පිරිසිදූද, වැටියත් පිරිසිදූද, ඒ ආලෝකය තෙල් පිරිසිදූ බැවින් වැටිය පිරිසිදූ බැවින් අඳුරක් මෙන් නොදැල්වෙයි. ඇවැත්නි, කච්චායනය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් මහණෙක් පිරිසිදූ ආලෝකය ඇත්තේයයි කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද ඔහුගේ කයේ අලස භාවයද සංසිඳුවන ලද්දේ වෙයි. ථීනමිද්ධයත් උදූරා දමන ලද්දේ වෙයි. උද්ධච්චකුක්කුච්චය හික්මවන ලද්දේ වෙයි. හෙතෙම කයේ අලස භාවය සංසිඳුවන ලද බැවින්ද, ථීනමිද්ධය උදූරා දමනලද බැවින්ද, උද්ධච්චකුක්කුච්චය හික්මවන ලද බැවින්ද අන්‍ධවූවාක් මෙන් අරමුණ නොබලයි. හෙතෙම කායයාගේ භේදයෙන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි.

20. ,ඇවැත්නි, කච්චායනය, එකම දිව්‍ය නිකායෙහි උපන් ඒ දෙවියන් අතුරෙන් ඇතැම් දෙවියෝ අපිරිසිදූ ආලෝක ඇත්තාහු වෙත්ද, ඇතැම් දෙවියෝ පිරිසිදූ ආලෝක ඇත්තාහු වෙත්ද, මෙය ඊට හේතුවයි. මෙය ඊට ප්‍රත්‍යයයි. එසේ කී කල්හී ආයුෂ්මත් සභිය කච්චායන තෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීය. ,ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, යහපති. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මා විසින් මෙසේ අසනලදී කියා හෝ මෙසේ වීමට සුදූසුයයි කියා හෝ නොකීහ. එහෙත් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ඒ දේවතාවෝ මෙසේද වෙත්, ඒ දේවතාවෝ මෙසේද වෙත් යනුම කියන්නාහ. ස්වාමීනි, ඒ කාරණය ගැන මට මෙසේ අදහස් වෙයි. ඒකාන්තයෙන් ආයුෂ්මත් අනුරුද්ධ සථවිරයන් වහන්සේ ඒ දේවතාවන් හා පෙර එකට වාසය කළහයිද කථා කරන ලදහයිද සාකච්ඡා කළහයිද කියායි. ඇවැත් කච්චායනය, ඒකාන්තයෙන් ඔබ විසින් එළඹ කියයුතු වචනයක් කියන ලදි. එහෙත් ඔබට මම ප්‍රකාශ කරන්නෙමි. ඇවැත්නි, කච්චායනය, මා විසින් බොහෝ කාලයක් මුලුල්ලෙහි ඒ දේවතාවන් සමග එකට වසන ලද විරූය. කථා කරන ලද විරූය. සාකච්ඡාවට පැමිණෙන ලද විරූය,.

21. එසේ කීකල්හී ආයුෂ්මත් සභිය කච්චායන තෙම පඤ්චකඬ්ග නම් වඩුවාට මෙසේ කීය. වඩ්ඪකිය, තොපට යහපත් ලාභයක් විය. තෙපිද යම් සැකයක් වීනම් ඒ සඅකයද දූරු කළාහුය. අපිද යම් මේ ධර්‍ම ක්‍රමයක් ඇසීමට ලැබීමු යනුයි.

සත්වෙනි අනුරුද්ධ සූත්‍රය නිමි. (3 – 7)

126. භූමිජ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නමීවූ වෙළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි හැඳ පාත්‍රා සිවීරු ගෙන ජයසේන රාජ කුමාරයාගේ ගෘහය යමී තැනකද එහි පැමිණියේය. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳ ගත්තේය. ඉක්බිති ජයසේන රාජකුමාරතෙම ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් වහන්සේ යමී තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවියයුතු කථා කොට නිමවා එක්පසක හිඳගත්තේය. එක්පසක හිඳ ගත්තාවූ ජයසේන රාජ කුමාර තෙම ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය. ´´පින්වත් භූමිජ ස්ථවිරයෙනි, මෙවැනි වාද ඇති, මෙවැනි දෘෂ්ටි ඇති මහණ බමුණෝ ඇත්තාහ.

ඉදින් කැමැත්තෙන් බ්‍රහ්මවය්‍ර්‍යාවෙහි හැසිරෙන්නේ නම් එසේත් ඵලයට නොපැමිණිය හැකිය. ඉදින් අකමැත්තෙන් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නේ නම් එසේත් ඵලයට පැමිණිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද, අකමැත්තෙන්ද බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් එසේත් ඵලයට පැමිණිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් එසේත් ඵලයට පැමිණිය නොහැකිය යන (වාදයෝයි.)

´´මේ කාරණයෙහි පින්වත් භුමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමේ කිනම් වාද ඇත්තෙක්ද? කුමක් කියන්නෙක්ද?´´

2. ´´රාජකුමාරය, මා විසින් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිගෙන නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කිරීමට කරුණු ඇත. ´ඉදින් කැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුත් නොකැමැත්තෙන් නොවීමෙනුත් නුනුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නොලැබිය හැකිය.´´

´ඉදින් කැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුදු නොකැමැත්තෙන් නොවීමෙනුදු නුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය.´ යනුවෙනි.

´´රාජකුමාරය, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිගෙන නැත. එහෙත් උන්වහන්සේ විසින් මේ ආකාරයෙන් දේශනා කිරීමට කරුණු ඇත්තේයයි කීය.

3. ´´ඉදින් පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමේ මෙවැනි වාද ඇත්තෙක්, මෙසේ කියන්නෙක් වෙයි නම් ඒකාන්තයෙන් පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමේ බොහෝවූ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මුදුනෙහි සිටින්නෙකැයි කියා ජයසේන රාජකුමාර තෙමේ ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන්, තමාට පිළියෙල කළ බතින් වැළඳවීය.

´´ඉක්බිති ආයුෂ්මත් භූමිජ ස්ථවිර තෙමේ සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසක හිඳ ගත්තේය. පසක හිඳගත් ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙළේය. ´´ස්වාමීනි, මම පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍රා සිවුරු ගෙන, ජයසේන රාජ කුමාරයාගේ ගෘහය යම් තැනකද, එහි ගියෙමි. ගොස්, පැනවූ ආසනයෙහි හිඳ ගතිමි. ස්වාමීනි, ඉක්බිති, ජයසේන රාජ කුමාර තෙම, මම යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ මා සමග සතුටුවිය. සතුටුවිය යුතු, සිහි කටයුතු කථා කොට නිමවා එක් පසෙක හිඳගත්තේය. එක් පසක හිඳගත් හෙතෙමේ මට මෙසේ කීය.

4. ´´පින්වත් භූමිජ ස්ථවිරයෙනි, මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. කෙසේද? ´ඉදින් කැමැත්තෙනුදු බ්‍රහ්මවය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය. ඉදින් නොකැමැත්තෙනුදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු බ්‍රහ්මචය්‍ර්‍යා වෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය ඉදින් නොකැමැත්තෙනුදු නොකැමැති නොවීමෙනුදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලබනු නොහැකිය´ යනුය. මේ කාරණයෙහි ආයුෂ්මත් භුමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙම කිනම් වාද ඇත්තෙක්ද? කුමක් කියන්නෙක්ද? යනුය.´´

5. ´´ස්වාමීනි, මෙසේ කියන ලද කල්හි, මම ජයසේන රාජ කුමාරයාට මෙසේ කීයෙමි.

´´රාජකුමාරය, මා විසින් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිගෙන නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහිලා මෙසේ ප්‍රකාශ කිරීමට කරුණු ඇත්තේය. කෙසේද? ´ඉදින් කැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය. ඉදින් නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුනුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය. ඉදින් නොකැමැත්තෙනුදු නොකැමැති නොවීමෙනුදු නුනුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් නැත්තේය.

´ඉදින් කැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් කැමැත්තෙනුදු නොකැමැත්තෙනුදු නුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙනුදු නොකැමැති නොවීමෙනුදු නුවණින් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙයි නම් පලක් ලැබිය හැකිය.´ යනුවෙනි.

6. ´´ස්වාමීනි, මෙසේ කී කල්හි, මම ජයසේන රාජ කුමාරයාට මෙසේ කීයෙමි. ´´මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා නැත. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් පිළිගෙන නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කිරීමට කරුණු ඇතැයි´´ කීයෙමි. එකල්හි ජයසේන රාජ කුමාර තෙමේ ´´ඉදින් පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමෙ මෙවැනි වාද ඇත්තෙක්, මෙසේ කියන්නෙක් නම් පින්වත් භූමිජ ස්ථවිරයන්ගේ ශාස්තෘ තෙමෙ බොහෝවූ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මුදුනෙහි සිටියේයයි කීයේය.

´´ස්වාමීනි, කිමෙක්ද, මෙසේ අසන ලද්දේ, මෙසේ ප්‍රකාශ කළාවු මම භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෙක් වෙම්ද, භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියන්නෙක් වෙම්ද, ධර්‍මයට අනුකූලව ප්‍රකාශ කෙරෙම්ද, කිසි කරුණු සහිතවූ වාදයකින් හෝ අනුවාදයකින් හෝ ගැරහිය යුතු බවට නොපැමිණේද?´´

7. ´´භූමිජය, ඒකාන්තයෙන් තෙපි මෙසේ අසන ලදුව, මෙසේ ප්‍රකාශ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක්ම කියන්නෙක් වූවහුය. භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියන්නෙක් නොවූවහුය. ධර්‍මයට අනුකූල වූවක්ම ප්‍රකාශ කළාහුය. කිසි කරුණු සහිත වාදයකින් හෝ අනුවාදයකින් ගැරහිය යුතු බව නොපැමිණෙන්නේය.

´´භූමිජය, මිත්‍යා දෘෂ්ටි ඇත්තාවූ, මිත්‍යා කල්පනා ඇත්තාවූ, මිත්‍යා කර්‍මාන්ත ඇත්තාවූ, මිත්‍යා වචන ඇත්තාවූ, මිත්‍යා ජීවිකා ඇත්තාවූ, මිත්‍යා ච්‍යායාම ඇත්තාවූ, මිත්‍යා සති ඇත්තාවූ, මිත්‍යා සමාධි ඇත්තාවූ, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔවුහු ඉදින් කැමැත්තෙනුදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලබනු නොහැකිය. ඉදින් අකැමැත්තෙන් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙනුදු අකමැත්තෙනුදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් අකැමැත්තෙනුදු අකමැති නොවීමෙනුදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලබනු නොහැකිය.´´

8. ´´භූමිජය, යම්සේ තෙලෙන් ප්‍රයෝජන ඇති, තෙල් සොයන්නාවූ, තෙල් සොයමින් ඇවිදින්නාවූ, පුරුෂයෙක්, වැලි ගෙන ඔරුවක දමා, ජලයෙන් තෙම තෙමා මිරිකන්නේය. ඉදින් වැලි ඔරුවෙහි දමා, ජලයෙන් තෙම තෙමා කැමැත්තෙන් මිරිකන්නේ නම් තෙල් ලැබීමට නොහැකිය. වැලි ඔරුවෙහි දමා, වතුරෙන් තෙම තෙමා ඉදින් නොකැමැත්තෙන් මිරිකන්නේ නම් තෙල් නොලැබිය හැකිය. ඉදින් වැලි ඔරුවෙහි දමා වතුරෙන් තෙම තෙමා කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද මිරිකන්නේ නම් තෙල් නොලැබිය හැකිය. ඉදින් වැලි ඔරුවෙහි දමා වතුරෙන් තෙම තෙමා නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, මිරිකන්නේ නම්, තෙල් ලැබීමට නොහැකිය. භූමිජය, ඊට හේතු කවරේද? නුනුවණින් කරණ උත්සාහයක් වන හෙයිනි.

´´භූමිජය, එපරිද්දෙන්ම මිසදිටුවූ, මිත්‍යා කල්පනා ඇත්තාවූ, මිත්‍යා වචන ඇත්තාවූ, මිත්‍යා කර්‍මාන්ත ඇත්තාවූ, මිත්‍යා ජීවිකා ඇත්තාවූ, මිත්‍යා ච්‍යායාම ඇත්තාවූ, මිත්‍යා සති ඇත්තාවූ, මිත්‍යා සමාධි ඇත්තාවූ, යම්කිසි මහණ බමුණෝ වෙත්ද, ඔවුහු ඉදින් කැමැත්තෙන්ද, බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙත් නම් එයිනුදු පලක් ලැබීමට නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, එයිනුදු පලක් ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද, බ්‍රහ්මවරියාවෙහි හැසිරෙත්ද, එයිනුදු පලක් ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, එයිනුදු පලක් ලැබිය නොහැකිය. ඊට හේතු කවරේද? භූමිජය, නුනුවණින් පලක් ලැබීමට උත්සාහ කිරීමක් වන හෙයිනි.

9. ´´භූමිජය, කිරෙන් ප්‍රයෝජන ඇති, කිරි සොයන, කිරි සෙවීමෙහි හැසිරෙන, පුරුෂයෙක්, යම්සේ වසු පැටියකු ඇති දෙනගේ අඟින් කිරි දොවන්නේය. ඉදින් කැමැත්තෙන් වසු පැටියකු ඇති දෙනගේ අඟින් කිරි දොවන්නේ නම් කිරි ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් වසු පැටියා ඇති දෙනගේ අඟින් කිරි දොවන්නේ නම්, කිරි නොලැබිය හැකිය. ඉදින්, කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද, වසු පැටියා ඇති දෙනගේ අඟින් කිරි දොවන්නේ නම් කිරි නොලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, වසු පැටියා ඇති දෙනගේ අඟින් කිරි දොවන්නේ නම් කිරි නොලැබිය හැකිය. ඊට හේතු කවරේද? නුනුවණින් කරන කිරි ලැබීමේ උක්සාහයක් වන හෙයිනි. එසේම භූමිජය, මිත්‍යා දෘෂ්ටි ඇත්තාවූද, මිත්‍යා කල්පනා ඇත්තාවූද, මිත්‍යා වචන ඇත්තාවූද, මිත්‍යා කර්මාන්ත ඇත්තාවූද, මිත්‍යා ආජීව ඇත්තාවූද, මිත්‍යා ව්‍යායාම ඇත්තාවූද, මිත්‍යා සති ඇත්තාවූද, මිත්‍යා සමාධි ඇත්තාවූද, යම් කිසි මහණ බමුණෝ වෙත්ද, ඔවුහු ඉදින් කැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, පලක් ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද, බ්‍රහ්මවරියාවෙහි හැසිරෙත් නම්, පලක් ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, පලක් ලැබිය නොහැකිය. ඊට හේතු කවරේද? නුනුවණින් කරන උත්සාහයක් වන හෙයිනි.

10. ´´භූමිජය, වෙඬරුවලින් ප්‍රයෝජන ඇති, වෙඬරු සොයන, වෙඬරු සෙවීමෙහි හැසිරෙන, පුරුෂයෙක් යම්සේ කලයක දිය වත්කොට දණ්ඩෙන් කලතන්නේය. ඉදින් කැමැත්තෙන් කලයෙහි දිය වත්කොට දණ්ඩෙන් කලතන්නේ නම් වෙඬරු ලැබීමට නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් කලයෙහි වතුර දමා දණ්ඩෙන් කලතන්නේ නම් වෙඬරු නොලැබිය හැකිය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද කලයෙහි වතුර දමා කලතන්නේ නම් වෙඬරු නොලැබිය හැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද කලයෙහි වතුර දමා කලතන්නේ නම් වෙඬරු නොලැබිය හැකිය. එපරිද්දෙන්ම, මිත්‍යා දෘෂ්ටි ඇත්තාවූ, මිත්‍යා කල්පනා ඇත්තාවූ, මිත්‍යා වචන ඇත්තාවූ, මිත්‍යා කර්මාන්ත ඇත්තාවූ, මිත්‍යා ආජීව ඇත්තාවූ, මිත්‍යා ව්‍යායාම් ඇත්තාවූ, මිත්‍යා සති ඇත්තාවූ, මිත්‍යා සමාධි ඇත්තාවූ, මහණ බමුණෝ වෙත්ද, ඔවුහු ඉදින් කැමැත්තෙන් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පල ලැබිය නොහැකිය. ඉදින් අකැමැත්තෙන් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පල ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද, බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පල ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පල ලැබිය නොහැකිය. ඊට හේතු කවරේද? නුනුවණින් උත්සාහ කිරීමක් වන හෙයිනි.

11 ´´භූමිජය, යම්සේ ගින්නෙන් ප්‍රයෝජන ඇත්තාවූ, ගිනි සොයන්නාවූ, ගිනි සොයමින් ඇවිදින්නාවූ, පුරුෂයෙක්, ගිනිගානා දණ්ඩක් වශයෙන් තෙත්වූ අමු ලීයක් ගෙන මදින්නේය. ඉදින් කැමැත්තෙන් තෙත්වූ අමු ලීයක් මදින්නේ නම් ගිනි ඉපදවිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් තෙත්වූ අමු ලීය මදින්නේ නම් ගිනි ඉපදවිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද, තෙත්වූ අමු ලීයක් මදින්නේ නම් ගිනි ඉපදවිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද තෙත්වූ අමු ලීයක් මදින්නේ නම් ගිනි ඉපදවිය නොහැකිය. ඊට හේතු කවරේද? නුනුවණින් කරන උත්සාහයක් වන හෙයිනි. එපරිද්දෙන්ම භූමිජය, මිත්‍යා දෘෂ්ටි ඇත්තාවූ, මිත්‍යා කල්පනා ඇත්තාවූ, මිත්‍යා වචන ඇත්තාවූ, මිත්‍යා කර්‍මාන්ත ඇත්තාවූ, මිත්‍යා ආජීව ඇත්තාවූ, මිත්‍යා ව්‍යායාම ඇත්තාවූ, මිත්‍යා සති ඇත්තාවූ, මිත්‍යා සමාධි ඇත්තාවූ, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු කැමැත්තෙන්ද බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙත් නම් පලක් ලැබිය නොහැකිය. ඊට හේතු කවරේද? භූමිජය, නුනුවණින් කරන උත්සාහයක් වන හෙයිනි.

12. ´´භූමිජය, තෙලින් ප්‍රයෝජන ඇති, තෙල් සොයන තෙල් සෙවීමෙහි හැසිරෙන, පුරුෂයෙක්, තල පිටි ඔරුවක දමා, දියෙන් පොඟව පොඟවා මිරිකන්නේය. ඉදින් කැමැත්තෙන් තල පිටි ඔරුවෙහි දමා, දියෙන් පොඟව පොඟවා මිරිකන්නේ නම් තෙල් ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන් තල පිටි ඔරුවෙහි දමා, දියෙන් තෙම තෙමා මිරිකන්නේ නම් තෙල් ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද තල පිටි ඔරුවෙහි දමා, දියෙන් තෙම තෙමා මිරිකන්නේ නම් තෙල් ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, තල පිටි ඔරුවෙහි දමා , දියෙන් පොඟව පොඟවා මිරිකන්නේ නම්, තෙල් ලැබීමට සුදුසුය. ඊට හේතු කවරේද? භූමිජය, එය තෙල් ලැබීමට කරුණුවන හෙයිනි. භූමිජය, එපරිද්දෙන්ම සම්‍යක් දෘෂ්ටි ඇති, සම්‍යක් සංකල්පනා ඇති, සම්‍යක් වචන ඇති , සම්‍යක් කර්‍මාන්ත ඇති , සම්‍යක් ආජීව ඇති, සම්‍යක් ච්‍යායාම ඇති , සම්‍යක් සති ඇති, සම්‍යක් සමාධි ඇති, යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු ඉදින් කැමැත්තෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් පල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, පල ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද, බ්‍රහ්මවරියාවෙහි හැසිරෙත් නම්, පල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, පල ලැබීමට සුදුසුය. ඊට හේතු කවරේද? භූමිජය, නුවණින් උත්සාහ කිරීමක් වන හෙයිනි.

13. ´´භූමිජය, කිරෙන් ප්‍රයෝජන ඇති, කිරි සොයන, කිරි සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක්, වසු පැටවා ඇති දෙනගේ බුරුල්ලෙන් කිරි දොවන්නේය. ඉදින් කැමැත්තෙන්, පැටියා ඇති දෙනගේ බුරුල්ලෙන් කිරි දොවන්නේ නම් කිරි ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්, පැටියා ඇති දෙනගේ බුරුල්ලෙන් කිරි දොවයි නම් කිරි ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද පැටියා ඇති දෙනගේ බුරුල්ලෙන් කිරි දොවයි නම් කිරි ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, පැටියා ඇති දෙනගේ බුරුල්ලෙන් කිරි දොවන්නේ නම් කිරි ලැබීමට සුදුසුය. ඊට හේතු කවරේද? භූමිජය, නුවණින් කරන ලද උත්සාහයක් වන හෙයිනි.

´´ භූමිජය, එපරිද්දෙන්ම සම්‍යක් දෘෂ්ටි ඇති, සම්‍යක් සංකල්පනා ඇති, සම්‍යක් වචන ඇති , සම්‍යක් කර්‍මාන්ත ඇති සම්‍යක් ආජීව ඇති, සම්‍යක් ච්‍යායාම ඇති, සම්‍යක් ස්මෘති ඇති, සම්‍යක් සමාධි ඇති, යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු ඉදින් කැමැත්තෙන්, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් ඵල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත්ද, පල ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද, බ්‍රහ්මවරියාවෙහි හැසිරෙත්ද, පල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, ඵල ලැබීමට සුදුසුය. භූමිජය, ඊට හේතු කවරේද? නුවණින් කරන ලද උත්සාහයන් වන හෙයිනි.

14,´´භූමිජය, වෙඬරුවලින් ප්‍රයෝජන ඇති, වෙඬරු සොයන, වෙඬරු සෙවීමෙහි හැසිරෙන, පුරුෂයෙක් කලයක දී වත්කොට දණ්ඩෙන් කලතන්නේද. ඉදින් කැමැත්තෙන් කලයක දී වත්කොට දණ්ඩෙන් කලතන්නේද, එය වෙඬරු ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන් කලයක දී වත්කොට දණ්ඩෙන් කලතන්නේද, එය වෙඬරු ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද කලයක දී වත්කොට දණ්ඩෙන් කලතන්නේද, එය වෙඬරු ලැබීමට සුදුසුය. ´´ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද කලයක දී වත්කොට දණ්ඩකින් කලතන්නේද, වෙඬරු ලැබීමට සුදුසුය, ඊට හේතු කවරේද? භූමිජය, එය වෙඬරු ලැබීමට හේතුවන හෙයිනි.

´´භූමිජය, එපරිද්දෙන්ම සම්‍යක් දෘෂ්ටි ඇති, සම්‍යක් සංකල්පනා ඇති, සම්‍යක් වචන ඇති , සම්‍යක් කර්‍මාන්ත ඇති සම්‍යක් ආජීව ඇති, සම්‍යක් ච්‍යායාම ඇති, සම්‍යක් ස්මෘති ඇති, සම්‍යක් සමාධි ඇති, යම්කිසි මහණ බමුණෝ වෙත්ද, ඔවුහු ඉදින් කැමැත්තෙන්, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් ඵල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, පල ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද, බ්‍රහ්මවරියාවෙහි හැසිරෙත්ද, පල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, පල ලැබීමට සුදුසුය. භූමිජය, ඊට හේතු කවරේද? නුවණින් කරන ලද උත්සාහයක් වන හෙයිනි.

15. ´´භූමිජය, ගින්නෙන් ප්‍රයෝජන ඇති, ගිනි සොයන, ගිනි සෙවීමෙහි හැසිරෙන, පුරුෂයෙක් තෙම වියලි ලීයකින් කරන ලද, ගිනිගානා දණ්ඩක් ගෙන, යම් සේ එකට මදින්නේය. ඉදින් කැමැත්තෙන්ද, වියලි ලීයකින් කරන ලද, ගිනිගානා දණ්ඩක් ගෙන, මදින්නේද, ගිනි ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද, වියලි ලීයකින් කරන ලද ගිනි ගානා දණ්ඩක් ගෙන එකට මැදීමෙන් ගිනි ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද, නොකැමැත්තෙන්ද, වියලි ලීයකින් කරන ලද ගිනි ගානා දණ්ඩක් ගෙන මදින්නේද, ගිනි ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, වියලි ලීයකින් කරන ලද ගිනි ගානා දණ්ඩක් ගෙන එකට මදින්නේද, ගිනි ලැබීමට සුදුසුය. ඊට හේතු කවරේද? භූමිජය, ගිනි ලැබීමට එය හේතුවන හෙයිනි.

16. ´´භූමිජය, එපරිද්දෙන්ම සම්‍යක් දෘෂ්ටි ඇති, සම්‍යක් සංකල්පනා ඇති, සම්‍යක් වචන ඇති , සම්‍යක් කර්‍මාන්ත ඇති සම්‍යක් ආජීව ඇති, සම්‍යක් ච්‍යායාම ඇති, සම්‍යක් ස්මෘති ඇති, සම්‍යක් සමාධි ඇති, යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු ඉදින් කැමැත්තෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම් ඵල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, ඵල ලැබීමට සුදුසුය. ඉදින් කැමැත්තෙන්ද, අකැමැත්තෙන්ද, බ්‍රහ්මවරියාවෙහි හැසිරෙත් නම්, ඵල ලැබීමට සුදුසුය. ඉදින් නොකැමැත්තෙන්ද, නොකැමැති නොවීමෙන්ද, බ්‍රහ්මචරියාවෙහි හැසිරෙත් නම්, ඵල ලැබීමට සුදුසුය. ඊට හේතු කවරේද? සුදුසුය. භූමිජය, නුවණින් කරන ලද උත්සාහයක් වන හෙයිනි.

17. ´´භූමිජය, ඉදින් ජයසේන රාජකුමාරයායට මේ උපමා සතර වැටහෙන්නාහු නම්, ජයසේන රාජකුමාර තෙම නුඹට පහදින්නේය. පැහැදුනු ආකාරයක් දක්වන්නේය, යනු ආශ්චය්‍ර්‍යයක් නොවේ. ස්වාමීනි, ජයසේන රාජකුමාරයා හට මාගෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළාක් මෙන් පෙර නොඇසූ විරූ මේ උපමා සතර ප්‍රකාශ නොවූවාහු නම්, එය ආශ්චය්‍ර්‍යයක් නොවේ.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සතුටු සිතැති ආයුෂ්මත් භූමිජ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

සවෙනි භූමිජ සූත්‍රය නිමි. ( 3 – 6 )

125. දන්තභූමි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වේලුවනාරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි ´අචිරවත´ නම් සාමණේර තෙම අරඤ්ඤකුටිකා නම් සෙනසුනෙහි වෙසෙයි. එකල්හි ජයසේන නම් රාජ කුමාර තෙම සක්මන් කිරීම සඳහා ඇවිදින ගමන් අචිරවත සාමණේර තෙමේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ අචිරවත සාමණේරයන් හා සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ජයසේන රාජ කුමාර තෙම අචිරවත සාමණේරයන්ට මෙය කීය.

2. පින්වත් අග්ගිවෙස්සනය, ´මේ සස්නෙහි භික්‍ෂුතෙම අප්‍රමාදව කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, කාය ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරමින් ධ්‍යාන සමාපත්ති ලබන්නේය´ යන මෙය මා විසින් අසන ලදී.

´´එසේය, රාජකුමාරය, එසේය, රාජකුමාරය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම අප්‍රමාදව කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, කාය ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ ධ්‍යාන සමාපත්ති ලබන්නේය´ යි කීය.

´´පින්වත් අග්ගිවෙස්සනය, ඇසූ පරිදි, උගත් පරිදි, ඒ ධර්‍මය දේශනා කරන්නේ නම් මැනවැ´´ යි කීය.

´´රාජකුමාරය, නුඹට ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය දේශනා කරන්නට නොහැකි වෙමි. රාජකුමාරය, මම දැන් ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය දෙසන්නෙම් නම්, නුඹද මාගේ දේශනාවේ අත්‍ර්‍ථය දැන නොගන්නෙහි නම්, එය මට ක්ලාන්ත බවක් වන්නේය. එය මට වෙහෙසක් වන්නේය.´´

3. ´´පින්වත් අග්ගිවෙස්සන තෙම අසනලද පරිදි, උගත් පරිදි, මට ඒ ධර්මය දේශනා කළ මැනව. මම පින්වත් අග්ගිවෙස්සනගේ දේශනාවේ අත්‍ර්‍ථය ඒකාන්තයෙන් දැන ගන්නෙමි´´ යි කීය.

´´රාජකුමාරය, නුඹට මම ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය දේශනා කරන්නෙමි. ඉදින් නුඹ දේශනාවේ අත්‍ර්‍ථය දැනගන්නෙහි නම් එය යහපති. නුඹ මාගේ දේශනාවේ අත්‍ර්‍ථය දැන නොගන්නෙහි නම්, නොදන්නාකමෙහිම සිටිය යුතුය. එහිදී මාගෙන් මත්තෙහි නැවත නො අසව.´´

´´පින්වත් අග්ගිවෙස්සනතෙම මට, ඇසූසේ, උගත්සේ, ධර්මය දේශනා කෙරේවා. ඉදින් මම පින්වත් අග්ගිවෙස්සනගේ දේශනාවේ අත්‍ර්‍ථය දැනගන්නෙම් නම් එය යහපති. ඉදින් මම පින්වත් අග්ගිවෙස්සනගේ දේශනාවේ අත්‍ර්‍ථය නොදැනගන්නෙම් නම් නොදන්නාකමෙහිම සිටින්නෙමි. එහිදී මම පින්වත් අග්ගිවෙස්සනගෙන් මත්තෙහි නොඅසන්නෙමි´´

4. ඉක්බිති අචිරවත සාමණේරතෙම, ජයසේන රාජ කුමාරයාහට ඇසූසේ, උගත්සේ, දහම් දෙසීය. එසේ දෙසූ කල්හි ජයසේන රාජකුමාරතෙම අචිරවත සාමණේරයන්ට, ´´පින්වත් අග්ගිවෙස්සනය, මහණතෙම අප්‍රමාද වූයේ කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, කාය ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ ධ්‍යාන සමාපත්ති ලබන්නේය, යන යමක් වේ නම් එය නොවිය හැක. වීමට අවකාශ නැතැ´ යි කීය. ඉක්බිති ජයසේන රාජකුමාරතෙම අචිරවත සාමණේරයන්ට එය නොවිය හැකි බවත්, ඊට අවකාශ නැති බවත් දන්වා හුනස්නෙන් නැගිට ගියේය.

5. ඉක්බිති අචිරවත සාමණේරතෙම, ජයසේන රාජකුමාරයා ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් අචිරවත සාමණේරතෙම, ජයසේන රාජ කුමාරයා සමග යම් පමණ කථාවක් වීනම්, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැලකළේය. එසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අචිරවත සාමණේරයන්හට මෙය වදාළසේක.

´´අග්ගිවෙස්සනය, කාමයෙන් වෙන්ව, දතයුතු කාමයෙන් වෙන්ව, දැක්කයුතු කාමයෙන් වෙන්ව, පැමිණිය යුතු කාමයෙන් වෙන්ව, ප්‍රත්‍යක්‍ෂ කටයුතු යම් ඒ ධර්‍මයක් වේ නම්, ඒ ධර්‍මය කොයින් ලබන්නේද? කාමයෙහි ගැලී වාසය කරන්නාවූ, කාමයන් පරිභෝග කරන්නාවූ, කාම විතර්‍කයන් විසින් කනු ලබන්නාවූ, කාම දාහයෙන් දැවෙන්නාවූ, කාමයන් සෙවීමෙහි උත්සාහවත්වූ, ජයසේන රාජකුමාරතෙම එය දැනගන්නේය, දක්නේය, ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මීට කරුණු ඇත්තේ නොවේ.

6. ´´අග්ගිවෙස්සනය, හොඳට දැමුණු, හොඳට හික්මුණු, ඇත් නාම්බන් දෙදෙනෙක් හෝ, අශ්ව නාම්බන් දෙදෙනෙක් හෝ, ගොන් නාම්බන් දෙදෙනෙක් හෝ වෙත්ද, එසේම, නොදැමුණු, නොහික්මුණු, ඇත් නාම්බන් දෙදෙනෙක් හෝ, අශ්ව නාම්බන් දෙදෙනෙක් හෝ, ගොන් නාම්බන් දෙදෙනෙක් හෝ වෙත්ද, අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් හොඳහැටි දැමුණු, හොඳහැටි හික්මුණු, ඇත් නාම්බන් දෙදෙනම, අශ්ව නාම්බන් දෙදෙනම, ගොන් නාම්බන් දෙදෙනම හික්මුණවුන්ගේ ගමනින් යන්නාහුද, හික්මුණවුන් යන තැනට යන්නාහුද?´´

´´එසේය, ස්වාමීනි.´´

´´යම් ඒ නොදැමුණු, නොහික්මුණු, ඇත් නාම්බන් දෙදෙනෙක් හෝ, අශ්ව නාම්බන් දෙදෙනෙක් හෝ, ගොන් නාම්බන් දෙදෙනෙක් හෝ වෙත්ද, ඒ නොදැමුණාවූ, නොහික්මුණාවූ ඔවුහු, ඒ දැමුණු, හික්මුණූ, ඇතුන් දෙදෙන, අශ්වයන් දෙදෙන, ගොනුන් දෙදෙන මෙන් හික්මුණු ගමනින් යන්නාහුද? හික්මුණවුන් යන තැනට යන්නාහුද?´´

´´ස්වාමීනි, එසේ නොවන්නේය.´´

7. ´´අග්ගිවෙස්සනය, එසේම, යම් ධර්‍මයක් කාමයෙන් වෙන්ව දැනගත යුතුද, කාමයෙන් වෙන්ව දැක්ක යුතුද, කාමයෙන් වෙන්ව පැමිණිය යුතුද, කාමයෙන් වෙන්ව ප්‍රත්‍යක්‍ෂ කටයුතුද, ඒ ධර්‍මය, කාමයෙහි ගැලී වාසය කරන්නාවූ, කාමයන් අනුභව කරන්නාවූ, කාම විතර්‍කයන් විසින් කනු ලබන්නාවූ, කාම දාහයෙන් දැවෙනු ලබන්නාවූ, කාමයන් සෙවීමෙහි යෙදී වාසය කරන්නාවූ ජයසේන කුමාර තෙම දැන ගන්නේය, දකින්නේය, ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මීට කරුණු නැත.

8. ´´අග්ගිවෙස්සනය, යම්සේ ගමකට හෝ නියම් ගමකට නුදුරෙහි මහා පර්‍වතයක් වේද, යහලුවෝ දෙදෙනෙක් ඒ ගමින් හෝ නියම් ගමින් නික්ම, අතින් අත ගැන්මෙන්, ඒ පර්‍වතය යම් තැනකද, එහි පැමිණෙන්නාහුය. පැමිණ, එක් යහලුවෙක් යට පර්‍වත පාදයෙහි සිටින්නේය. එක් යහලුවෙක් පර්‍වතය මුදුනට නගින්නේය. යට පර්වත පාදයෙහි සිටි යහලුවා පර්‍වත මුදුනෙහි සිටි යහලුවාට මෙසේ කියන්නේය. ´´යහලුව, නුඹ පර්‍වත මුදුනෙහි සිටියේ යම් කිසිවක් දක්නෙහිද?´´

´´හෙතෙම මෙසේ කියන්නේය. ´මිත්‍රය, පර්‍වත මුදුනෙහි සිටි මම ආරාමයන් පිළිබඳ රමණීයත්‍වයද, වනයන් පිළිබඳ රමණීයත්‍වයද, බිම් පිළිබඳ රමණීයත්‍වයද, පොකුණු පිළිබඳ රමණීයත්‍වයද දකිමි.´

´´හෙතෙම මෙසේ කියන්නේය. ´මිත්‍රය, පර්‍වත මුදුනෙහි සිටි නුඹ ආරාමයන් පිළිබඳ රමණීයත්‍වය, වනයන් පිළිබඳ රමණීයත්‍වය, බිම් පිළිබඳ රමණීයත්‍වය, පොකුණු පිළිබඳ රමණීයත්‍වය, යන යමක් දක්නෙහිය යන මීට කරුණු නැත. අවකාශ නැත.´´ යනුයි.

9. ´´පර්‍වත මුදුනෙහි සිටි යහලුවා, පර්‍වතයෙන් බැස, ඒ යහලුවා අතින් ගෙන, පර්‍වත මුදුනට නංවා, මොහොතක් අස් වසා මෙසේ කියන්නේය. ´´මිත්‍රය, පර්‍වත මුදුනෙහි සිටියාවූ නුඹ යම් කිසිවක් දක්නෙහිද?´´

හෙතෙම මෙසේ කියන්නේය. ´´මිත්‍රය, පර්‍වත මුදුනෙහි සිටියාවූ මම ආරාම පිළිබඳ රමණීයත්‍වය, වන පිළිබඳ රමණීයත්‍වය, භූමි පිළිබඳ රමණීයත්‍වය, පොකුණු පිළිබඳ රමණීයත්‍වය, දකිමි.´´

හෙතෙම මෙසේ කියන්නේය. ´´මිත්‍රය, දැන් නුඹ විසින් පර්‍වත මුදුනෙහි සිටි නුඹ ආරාම පිළිබඳ රමණීයත්‍වය, වන පිළිබඳ රමණීයත්‍වය, භූමි පිළිබඳ රමණීයත්‍වය, පොකුණු පිළිබඳ රමණීයත්‍වය, යන යමක් දන්නෙහි නම් ඊට කරුණු නැතැයි, අවකාශ නැතැයි, යම් වචනයක් කියන ලද නම්, අපි එය දැන් එසේම පිළිගනිමුද? පර්‍වත මුදුනෙහි සිටි මම, ආරාම පිළිබඳ රමණීයත්‍වය, වන පිළිබඳ රමණීයත්‍වය, භූමි පිළිබඳ රමණීයත්‍වය, පොකුණු පිළිබඳ රමණීයත්‍වය දකිමි යන යම් වචනයක් කියන ලද නම් එය එසේ පිළිගනිමුද?´´ කියායි.

´´හෙතෙම යහලුව, මම වනාහි මේ මහා පර්‍වතයෙන් ආවරණය කරන ලද්දෙම් දැකිය යුතු දේ නොදැක්කෙමි යයි කියන්නේය.´´

10. ´´අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම ජයසේන කුමාර තෙම මීටද වඩා අතිශයින් මහත්වූ අවිද්‍යා ස්කන්‍ධයෙන් ආවරණය කරන ලද්දේය, වලක්වන ලද්දේය, වසන ලද්දේය. හාත්පසින් වසන ලද්දේය. හෙතෙම ඒකාන්තයෙන් දතයුතුවූ, කාමයෙන් වෙන්ව දැක්ක යුතුවූ, පැමිණිය යුතුවූ, කාමයෙන් වෙන්ව ප්‍රත්‍යක්‍ෂ කළ යුතුවූ, ධ්‍යාන සමාපත්තියක් වේ නම්, කාමයෙහි ගැලුනාවූ, කාමයන් අනුභව කරන්නාවූ, කාම විතර්‍ක විසින් කනු ලබන්නාවූ, කාම දාහයෙන් දවනු ලබන්නාවු, කාමයන් සෙවීමෙහි යෙදුනාවූ, ඒ ජයසේන රාජ කුමාර තෙම එය දැනගන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ වේය යන මීට කරුණු නැත. අග්ගිවෙස්සනය, ඉදින් ඒ ජයසේන රාජ කුමාරයාහට මේ උපමා දෙක ප්‍රකාශ කළේ නම්, ජයසේන රාජ කුමාර තෙම නුඹට පහදින්නේය. පැහැදුනේ නුඹට පැහැදුනු ආකාරයක් දක්වන්නේය යනු පුදුමයක් නොවේ.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගැන මෙන් මා ගැන පුදුමයක් නැත්තාවූ පෙර නොඇසූ මේ උපමා ජයසේන රාජ කුමාරයාහට කෙසේ වැටහෙන්නාහුද?´´

11. ´´අග්ගිවෙස්සනය, යම්සේ ඔටුණු පැළඳි ක්‍ෂත්‍රිය රජෙක් නාගවතිකයකු (හස්ති ශිල්පයෙහි දක්‍ෂයකු) කැඳවයිද, ´යහලු නාගවනිකය, මෙහි එව. රජුගේ ඇතු පිට නැගී, ඇතුන් ඇති වනයට පැමිණ, වල් ඇතකු සොයා, රජ ඇතාගේ බෙල්ලෙහි බඳුව´ කියායි. අග්ගිවෙස්සනය, ´දේවයන් වහන්ස, එසේය´ යි කියා නාගවනික තෙම ඔටුණු පැළඳි ක්‍ෂත්‍රිය රජුට උත්තර දී, රජුගේ ඇතු පිට නැඟී, ඇත් වනයට පැමිණ, වල් ඇතකු දැක, රජ ඇතාගේ බෙල්ලෙහි බඳී. රජුගේ ඇතා, ඒ වල් ඇතා එළිමහනට ගෙන යයි. අග්ගිවෙස්සනය, මෙපමණකින්ම වල් ඇතා එළිමහනට පැමිණියේ වෙයි. අග්ගිවෙස්සනය, එවිට ඒ වල් ඇතා ඒ කැලයෙහිම ඇලුණේ වෙයි.

´´ඒ නාගවනික තෙම ඔටුණු පැළඳි ක්‍ෂත්‍රිය රජුට, ´දේවයන් වහන්ස, වල් ඇතා එළිමහනකට ගෙනාවේය´ යි කියන්නේය.

´´ඔටුණු පළන් ක්‍ෂත්‍රිය රජ තෙම ඇතුන් හික්මවන්නකු කැඳවන්නේය. ´යහළුව, ඇතුන් හික්මවන්නෙහි මෙහි එව. වල් ඇතුන්ගේ ගති ගුණ මර්දනය පිණිස, වල් ඇතුන්ගේ ශබ්ද වචන මර්දනය පිණිස, වල් ඇතුන්ගේ දාහ ගති, ක්ලාන්ත ගති, දැවීම් ගති මර්දනය පිණිස, ගමෙහි ඇලීම පිණිස, මනුෂ්‍යයන් කැමති කරවන ස්වභාවයන්හි පිහිටුවීම පිණිස, වල් ඇතා දමනය කරව´ කියයි.

´´ අග්ගිවෙස්සනය, හත්‍ථිදමකයා, ´දේවයන් වහන්ස, එසේය´ යි කියා ඔටුණු පලන් ක්‍ෂත්‍රිය රජුට උත්තරදී, මහත් කණූවක් පොළොවෙහි සිටුවා වල් ඇතාගේ ස්වභාවය මැඩීම පිණිස, වල් ඇතාගේ ශබ්ද අදහස් මර්දනය පිණිස, වල් ඇතාගේ දාහ ක්ලාන්ත ගති මැඩීම පිණිස, ගමෙහි ඇලීම පිණිස, මිනිසුන් කැමැති ස්වභාවයන්හි පිහිටුවීම පිණිස, වල් ඇතාගේ බෙල්ලෙන් බඳී. ඒ මේ ඇතුන් දමනය කරන්නා ප්‍රියවූ, කණට සැපවූ, ප්‍රේමණීයවූ, හදවත පිනවන්නාවූ, පුරවැසියන්ට සුදුසුවූ, බොහෝ දෙනාට කැමැතිවූ, බොහෝ දෙනාට මනාපවූ, යම් ඒ වචන වේද, එබඳු වචන වලින් කථාකරයි.

12. ´´අග්ගිවෙස්සනය, යම් හෙයකින් වනාහි වල් ඇතා ඇතුන් හික්මවන්නා විසින් ප්‍රියවූ, කණට සැපවූ, ප්‍රේමණීයවූ, හදවත පිනවන්නාවූ, පුරවැසියන්ට සුදුසුවූ, බොහෝ දෙනාට කැමැතිවූ, බොහෝ දෙනාට මනාපවූ, යම් වචන වෙත්ද, එබඳු වචන කියනු ලබන්නේ වචන අසනු කැමති වෙයි. ඇහුන්කන් දෙයි. වචනය දැන ගැනීමට සිත එළවයි. ඇතුන් හික්මවන්නා ඔහුට මත්තෙහි කෑ යුතු තණ හා දියද නැවත නැවත දෙයි. අග්ගිවෙස්සනය, යම් හෙයකින් වල් ඇතුන් දමනය කරන්නාගේ තණ හා දිය පිළිගනීද, එහිදී ඇතුන් දමනය කරන්නාට මෙසේ අදහස් වෙයි. ´රජුගේ හස්ති රාජයා දැන් ජීවත් වන්නේය´ කියායි. ඇතුන් දමනය කරන්නා මත්තෙහි, ´එම්බා හස්තිය, ඉදිරියට යව, එම්බා හස්තිය, පස්සට එව´ යි හික්මවයි. අග්ගිවෙස්සනය, යම් හෙයකින් රජුගේ හස්තියා ඇතුන් දමනය කරන්නාගේ ගැණීම් සහ බිම තැබීම් පිළිබඳ වචන කරන්නේ වේද, අවවාදයට අනුව ක්‍රියා කෙරේද, ඒ මේ ඇතුන් දමනය කරන්නා මත්තෙහිත්, ´එම්බා හස්තිය, නැගිටුව. එම්බා හස්තිය, හිඳුව´ යි හික්මවයි.

13. ´´අග්ගිවෙස්සනය, යම් හෙයකින් රජුගේ ඇතා ඇතුන් දමනය කරන්නාගේ නැගිටුවීමෙහි හා හිඳුවීමෙහි වචන කරන්නේද, අවවාදය කරන්නේද, ඇතුන් දමනය කරන්නා මත්තෙහිත් නොසෙල්ලී සිටීමට පුරුදු කිරීම කරවයි. මහත් පුවරුවක් සොඬෙහි බඳී. ඇතුන්ගේ පාවලට අනින කටුව ගත් අත් ඇති පුරුෂ තෙම බෙල්ල මත්තේ හුන්නේ වෙයි. තෝමර ගත් අත් ඇති පුරුෂයෝ හාත්පස පිරිවරා සිටිත්. ඇතුන් දමනය කරන්නාද දික්වූ තෝමර යෂ්ටිය ගෙන ඉදිරියෙහි සිටියේ වෙයි. හෙතෙම නොසෙල්වෙන හික්මීම හික්මවනු ලබන්නේ පෙර පා නොසොලවයි. පසු පා නොසොලවයි. කයේ ඉදිරිපස නොසොලවයි. පසු කය නොසොලවයි. හිස නොසොලවයි. කන් නොසොලවයි. දළ නොසොලවයි. නගුට නොසොලවයි. සොඬ නොසොලවයි. ඒ රජුගේ ඇතා අඩයටි පහර ඉවසන්නේ වෙයි. කඩු පහර ඉවසන්නේ වෙයි. ඊ පහර ඉවසන්නේ වෙයි. සතුරන්ගේ අවි පහර ඉවසන්නේ වෙයි. බෙර පණාබෙර වස්දඬු සක් දෙණ්ඩිම යන මොවුන්ගේ නාද ඉවසන්නේ, හික්මවන ලද සියලු වංක දෝෂ ඇත්තේ, පහකරණ ලද කසට ඇත්තේ, රජුන්ට සුදුසු වෙයි. රජුන් විසින් පරිභෝග කටයුතුද වෙයි. රජහුගේ අඞ්ගයක්ය යන සංඛ්‍යාවට පැමිණෙයි.

14. අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විජ්ජාචරණ සම්පන්නවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, දමනය කළ යුතු පුරුෂයන් දමනය කිරීමෙහි දක්‍ෂවූ, දෙවි මිනිසුන්ට ගුරුවූ, චතුරාය්‍ර්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි උපදින සේක. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවිමිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශේෂ ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කරන සේක.

ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, දස වැදෑරුම් අක්‍ෂර සම්පත්තියෙන් යුක්තවූ, සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන සේක. ඒ ධර්‍මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද, ඔහු ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ මෙසේ සලකන්නේය. ´ගිහි ගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක් ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් හා දැලිරැවුළු කපා දමා, සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම සස්නෙහි මහණවන්නෙම් නම් ඉතා යහපතැයි කියායි. ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ බෝහෝ වූ හෝ නෑ පිරිස් හැර, කෙස් දැළිරැවුළු කපා දමා, සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදිවෙයි. අග්ගිවෙස්සනය, ආය්‍ර්‍යශ්‍රාවකතෙම මෙපමණකින්ම එළිමහන් තැනට පැමිණියේ වෙයි.

15. ´´අග්ගිවෙස්සනය, යම් මේ පඤ්චකාම ගුණයක් වේද, මේ දිව්‍ය මනුෂ්‍යයෝ ඒ පඤ්චකාමයෙහි ගැලී වසන්නෝය. ඔහු තථාගත තෙම මත්තෙහි හික්මෙයි. ´මහණ, මෙහි එව. සිල්වත් වෙව. ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් සංවරව, ආචාර ගෝචර දෙකින් යුක්තව, සුළු වරදෙහිත් භය දක්නාසුලුව, ශික්‍ෂාපද දැඩිකොට සමාදන්ව වාසය කරව´ කියායි. අග්ගිවෙස්සනය, යම් හෙයකින් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව, ආචාර ගෝචර දෙකින් යුක්තව, සුළු වරදෙහි පවා භය දක්නාසුලුව වාසය කෙරේද, ශික්‍ෂාපද දැඩිකොට සමාදන්ව හික්මේද, ඔහු තථාගත තෙමේ මත්තෙහිත් හික්මවයි.

16. ´´මහණ, නුඹ එව. ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොර ඇත්තෙකු වෙව. ඇසින් රූපයක් දැක නිමිති නොගනුව. කුඩා සළකුණු වශයෙන් නොගනුව.´ යම් හෙයකින් චක්‍ෂුරින්‍ද්‍රියය සංවර නොකොට වාසය කරණ මොහුට ලෝභ දොෂයයි කියන ලද ලාමක අකුශල ධර්‍ම වැදගන්නාහුද, එය සංවරය පිණිස පිළිපදුව. චක්‍ෂුරින්‍ද්‍රියය සංවර කරව. චක්‍ෂුරින්‍ද්‍රියය සංවර කිරීමට පැමිණෙව. ´´කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනුව. නැවත නැවත මතක් වන සේ අල්ලා නොගනුව. යමක් හේතුකොට ගෙන ශ්‍රොතෙන්‍ද්‍රියය සංවර නොකොට වසන්නහුට ලෝභ ද්වේශ යන ලාමක අකුශල ධර්‍මයෝ වැදගන්නාහුද, ඒ ශ්‍රෝතෙන්‍ද්‍රියයේ සංවරය පිණිස පිළිපදුව. ශ්‍රොතෙන්‍ද්‍රියය රකුව. ශ්‍රොතෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

´´නාසයෙන් ගඳක් ආ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනුව. නැවත නැවත මතක් වන සේ අල්ලා නොගනුව. යමක් හේතුකොටගෙන ්‍රාණෙන්‍ද්‍රියය සංවර නොකර වසන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක අකුශල ධර්‍මයෝ වැදගත්තාහුද, ඒ ්‍රාණෙන්‍ද්‍රියයේ සංවරය පිණිස පිළිපදුව. ාණෙන්‍ද්‍රියය රකුව. ාණෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

´´දිවෙන් රස විඳ එය නිමිති වශයෙන් නොගනුව. නැවත නැවත මතක් වන සේ අල්ලා නොගනුව. යමක් හේතුකොටගෙන ජිව්හෙන්‍ද්‍රියය සංවර නොකර වසන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක අකුශල ධර්‍මයෝ වැදගන්නාහුද, ඒ ජිව්හෙන්‍ද්‍රියයේ සංවරය පිණිස පිළිපදුව. ජිව්හෙන්‍ද්‍රියය රකුව. ජිව්හෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

´´කයින් ස්පර්‍ශයක් ස්පර්‍ශකොට එය නිමිති වශයෙන් නොගනුව. නැවත නැවත මතක් වන සේ අල්ලා නොගනුව. යමක් හේතුකොටගෙන කායෙන්‍ද්‍රියය සංවර නොකර වසන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක අකුශල ධර්‍මයෝ වැදගන්නාහුද, ඒ කායෙන්‍ද්‍රියයේ සංවරය පිණිස පිළිපදුව. කායෙන්‍ද්‍රියය රකුව. කායෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

´´සිතින් ධර්‍මාරමුණක් දැන නිමිති නොගනුව. කුඩා සළකුණු වශයෙන් නොගනුව. යමක් හේතුකොටගෙන මනින්‍ද්ර්‍‍රියය සංවර නොකොට වාසය කරණ මොහුට ලොභ දොස සංඛ්‍යාත ලාමක අකුසල ධර්‍මයෝ උපදින්නාහුද, එය සංවරය පිණිස පිළිපදුව. මනින්‍ද්‍රියය රකුව. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව´ යනුවෙනි.

17. ´´අග්ගිවෙස්සනය, යම් හෙයකින් වනාහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොර ඇත්තේ වේද, තථාගත තෙම ඔහු මත්තෙහි හික්මවයි. ´´මහණ, නුඹ එව. භොජනයෙහි පමණ දන්නෙක් වෙව. නුවණින් සලකා බලා ආහාර ගනුව. (කෙසේද?) ක්‍රීඩා පිණිස නොවෙයි. මදය පිණිස නොවෙයි. ශරීරය සැරසීම පිණිස නොවෙයි. අලඞ්කාරය පිණිස නොවෙයි. මේ කයේ පැවැත්ම, යැපීම පිණිසමය. විහිංසාවෙන් වැළකීම පිණිසය. බ්‍රහ්මචය්‍ර්‍යයට අනුග්‍රහය පිණිසය. පරණ බඩගිනි වේදනාවද වළක්වමි. අලුත් වේදනාවද නොඋපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද, නිවරද බවද, පහසු විහරණයෙන් වන්නේය.´ කියායි.

18. ´´අග්ගිවෙස්සනය, යම් හෙයකින් වනාහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම භෝජනයෙහි පමණ දන්නෙක් වේද, තථාගත තෙම ඔහු මත්තෙහිත් හික්මවයි. මහණ, නුඹ එව. නිදි වර්ජිත කිරීමෙහි යෙදී වාසය කරව. දවල් කාලයෙහි සක්මනින් හා හිඳීමෙන්ද, සිත වනසන්නාවූ ක්ලේශ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි සක්මනින් හා හිඳීමෙන්ද සිත පිරිසිදු කරව. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණු පයෙන් වම් පය මඳක් ඈත්කොට තබා සිහි නුවණින් යුක්තව නැගිටිමි යන සංඥාව මෙනෙහිකොට දකුණු ඇලයෙන් සිංහසෙය්‍යාව කරව. රාත්‍රි අන්තිම යාමයෙහි නැගිට සක්මනින් හා හිඳීමෙන් ක්ලේශ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරවය´ යි කියායි.

19. ´´අග්ගිවෙස්සනය, යම් හෙයකින් වනාහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද, තථාගත තෙම ඔහු මත්තෙහිත් හික්මවයි. මහණ, නුඹ එව. සිහියෙන් හා නුවණින් යුක්තව වාසය කරව. ඉදිරියට යාමෙහි හා ආපසු යාමෙහි නුවණින් යුක්ත වූවෙක් වෙව. ඉදිරි බැලීමෙහි හා හැරී බැලීමෙහි නුවණින් යුක්තවූවෙක් වෙව. අත පය හැකිලීමෙහි හා දිගහැරීමෙහි මනාකොට දැන කරන්නෙක් වෙව. සඟළ සිවුරු, පාත්‍ර, සිවුරු දැරීමෙහි මනාකොට දැන කරන්නෙක් වෙව. අනුභවයෙහි, පීමෙහි, කෑමෙහි, රස විඳීමෙහි මනාකොට දැන කරන්නෙක් වෙව. මළ මූත්‍ර කිරීමෙහි මනාකොට දැන කරන්නෙක් වෙව. යාමෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදි වර්ජිතයෙහි, කීමෙහි, නිශ්ශබ්ද වීමෙහි මනාකොට දැන කරන්නෙක් වෙව.´ යනුවෙනි.

20. ´´අග්ගිවෙස්සනය, යම් හෙයකින් වනාහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සිහි නුවණ දෙකින් යුක්තවූයේ වේද, තථාගත තෙම ඔහු මත්තෙහිත් හික්මවයි. මහණ, නුඹ එව. අරණ්‍ය සේනාසනයක්, රුක් මුලක්, පර්‍වතයක්, කඳුරැලියක්, පර්‍වත ගුහාවක්, සොහොනක්, දුර වන සෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරු බිස්සක් යන ජනගහනය නැති සෙනසුනක් භජනය කරව´ යනුවෙනි. හෙතෙම අරණ්‍ය සෙනසුනක්, රුක් මුලක්, පර්‍වතයක්, කඳුරැලියක්, පර්‍වත ගුහාවක්, සොහොනක්, දුර වන සෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරු බිස්සක් යන ජනගහනය නැති සෙනසුනක් සෙවුනේ වේද, හෙතෙම බතින් පසු, පිණ්ඩපාතයෙන් වැළකුණේ, පලක් බැඳ, කය කෙළින් තබා, සිහිය එළවා හිඳී. හෙතෙම ස්කන්ධ ලෝකයෙහි දැඩි ලෝභය දුරුකොට, පහවූ ලෝභය ඇති සිතින් යුක්තව වාසය කෙරෙයි. ලෝභයෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද දෝසය දුරුකොට, සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව, මෛත්‍රී සහගත සිතින් වාසය කරයි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසිදු කෙරෙයි.

21. ´´ථීනමිද්ධය දුරුකොට, පහවූ ථීනමිද්ධ ඇත්තේ, ආලෝක සංඥාව ඇතිව, සිහි ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව වාසය කෙරෙයි. ථීනමියෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්ච කුක්කුච්චය දුරුකොට වික්‍ෂිප්ත නොවී ඇතුළත සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරෙයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර, පහවූ විචිකිච්ඡා ඇත්තේ, කුසල ධර්‍මයන්හි කෙසේ කෙසේදැයි යන සැක නැතිව වාසය කෙරෙයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරෙයි. හෙතෙම ප්‍රඥාව දුර්‍වල කරණ, සිත කිලුටු කරන්නාවූ, මේ පඤ්වනීවරණ ධර්‍මයන් දුරුකොට කෙළෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ස්කන්‍ධ ලෝකයෙහි ලෝභ දෝසයන් හික්මවා, කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි.

22. ´´වේදනාවන්හි වේදනාවන් නැවත බලන්නේ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ස්කන්‍ධ ලෝකයෙහි ලෝභ දෝසයන් දුරුකොට වාසය කරයි.

සිතෙහි සිත නැවත නැවත බලන්නේ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ස්කන්‍ධ ලෝකයෙහි ලෝභ දෝසයන් දුරුකොට වාසය කරයි.

ධර්‍මයන්හි ධර්‍මයන් අනුව නැවත නැවත බලන්නේ කෙළෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ස්කන්‍ධ ලෝකයෙහි ලෝභ දෝසයන් හික්මවා වාසය කෙරයි.

´´අග්ගිවෙස්සනය, යම්සේ ඇතුන් දමනය කරන්නෙක් මහත් කණුවක් පොළොවෙහි සිටුවා, වල් ඇතුන්ගේ ස්වභාවය මැඩීම පිණිස, ශබ්ද අදහස් මැඩීම පිණිස, වල් ඇතුන්ගේ විඩා ක්ලාන්ත ගති මැඩීම පිණිස, ගමෙහි ඇලීම පිණිස, මනුෂ්‍යයන් කැමති කරවන ස්වභාවයන්හි පිහිටුවීම පිණිස, වල් ඇතාගේ බෙල්ලෙන් බඳී. අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම මේ සතර සතිපට්ඨානයෝ ගිහිගෙය ඇසුරුකොට පවත්නා ස්වභාවයන් මැඩීම පිණිස, ගිහිගෙය ඇසුරු කළ වචන, අදහස් මැඩීම පිණිස, ගිහිගෙය ඇසුරු කළ දාහ, ක්ලාන්ත, දැවිලි මැඩීම පිණිස, සත්‍ය මාර්‍ගයට පැමිණීම පිණිස, නිවන් අවබෝධ කිරීම පිණිස, ආය්‍ර්‍ය ශ්‍රාවකයාගේ සිත බැඳ තබන්නාවූ අරමුණු වෙති.

23. ´´තථාගත තෙම ඔහු මත්තෙහි හික්මවයි. ´මහණ, නුඹ එව. කයෙහි කය නැවත නැවත දක්නා සුලුව වාසය කරව. කාමයෙන් යුක්ත විතර්‍ක කල්පනා නොකරව. වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරව. කාමයෙන් යුක්ත විතර්‍ක කල්පනා නොකරව. සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරව. කාමයෙන් යුක්ත විතර්‍ක කල්පනා නොකරව. ධර්‍මයෙහි නැවත නැවත බලමින් වාසය කරව. කාමයෙන් යුක්ත විතර්‍ක කල්පනා නොකරව. හෙතෙම විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳුවීමෙන් ඇතුළත පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති දුතියජ්ඣානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්තවූයේ කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්‍ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තතියජ්ඣානයට පැමිණ වාසය කරයි. සැපයද නැති කිරීමෙන්, දුකද නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්‍ෂාවෙන් හටගත්, සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති, චතුත්‍ථජ්ඣානයට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පස පිරිසිදුවූ කල්හි, කෙළෙස් රහිතවූ කල්හි, කෙළෙස් දුරුවූ කල්හි, මෘදුවූ කල්හි, වැඩට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන ස්වභාවයට පැමිණි කල්හි, පෙර විසූ තැන් සිහි කිරීමේ නුවණ ලැබීම පිණිස සිත නමයි. මහණතෙම නන් වැදෑරුම්වූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. එනම්, එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්‍ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව, අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භාවයෙහි උපන්නෙමියි. මෙසේ ආකාර සහිතව, උදෙසීම් සහිකව, නන් වැදෑරුම් පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.

24.´´හෙතෙම මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පස පිරිසිදුවූ කල්හි, කෙළෙස් රහිතවූ කල්හි, කෙළෙස් දුරුවූ කල්හි, මෘදුවූ කල්හි, වැඩට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන ස්වභාවයට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, පහත්වූද, උසස්වූද, හොඳ ස්වභාව ඇත්තාවූද, නරක ස්වභාව ඇත්තාවූද, මනා ගති ඇත්තාවූද, නරක ගති ඇත්තාවූද, සත්ත්‍වයන් දකී. ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආය්‍ර්‍යයන්ට දොස් කීවාහු, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාහු, මිථ්‍යා දෘෂ්ටි ක්‍රියා සමාදන් වූවාහු වෙත්. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්ත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු, ආය්‍ර්‍යයන්ට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු වෙත්. (එහෙයින්) ඔවුහු, කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්‍ණ ඇත්තාවූද, මනා වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්‍මානුරූපව පැමිණි සත්ත්‍වයන්යයි දැනගනී.

25. ´´හෙතෙම මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පස පිරිසිදුවූ කල්හි, කෙළෙස් රහිතවූ කල්හි, කෙළෙස් දුරුවූ කල්හි, මෘදුවූ කල්හි, වැඩට සුදුසුව සිටි කල්හි, කම්පා රහිතවූ කල්හි, කෙළෙස් නැති කිරීම පිණිස සිත නමයි. හෙතෙම මේ දුකයයි ඇතිසේ දැනගනී. මේ දුකට හේතුවයයි ඇතිසේ දැනගනී. මේ දුක නැති කිරීමයයි ඇතිසේ දැනගනී. මේ දුක නැති කරන මාර්‍ගයයයි ඇතිසේ දැනගනී. මේ කෙළෙස් යයි ඇතිසේ දැනගනී. මේ කෙළෙස්වලට හේතුයයි ඇතිසේ දැනගනී. මේ කෙළෙස් නැති කිරීමයයි ඇතිසේ දැනගනී. මේ කෙළෙස් නැති කරණ මාර්‍ගයයයි දැනගනී. මෙසේ දත්තාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ සිත කාමාශ්‍රවයන්ද මිදෙයි. භවාශ්‍රවයන්ද මිදෙයි. අවිද්‍යාශ්‍රවයන්ද මිදෙයි. මිදුන කල්හි මිදුනේයයි දැන ගැන්ම ඇතිවෙයි. උත්පත්තිය නැතිවූවා වෙයි. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළ යුත්ත කරණ ලදී. මෙයින් මත්තෙහි කළ යුතු කිසිවක් නැතැයි දැනගනී. ඒ මහණ තෙම ශීත ඉවසන්නේ වෙයි. බඩගිනි ඉවසන්නේ වෙයි. උෂ්ණය ඉවසන්නේ වෙයි. පිපාසය ඉවසන්නේ වෙයි. මැසි මදුරු සර්‍පයින්ගේ දෂ්ට කිරීම් ඉවසන්නේ වෙයි. නපුරු කොට කියන ලද, නපුරු කොට එන ලද වචන ඉවසන්නේ වෙයි. දුක්වූ, තියුණුවූ, කෲරවූ, කටුකවූ, නොසැපවූ, නොසතුටුවූ, ප්‍රාණය දුරු කරන්නාවූ, උපන් ශාරීරික වේදනා ඉවසන්නේ වෙයි. හික්මවන ලද සියලු රාග, දෝස, මෝහ ඇත්තේ, පහ කරණ ලද කෙළෙස් කසට ඇත්තේ, දුර සිට ගෙනවුත් පිදීමට සුදුසුවූ, තුටු පඬුරු පිදීමට සුදුසුවූ, පින් පල අදහා පිදීමට සුදුසුවූ, ඇඳිලි බැඳ නමස්කාරයට සුදුසුවූ ලෝකයාගේ ඉතා උතුම් පින් කෙත වන්නේය.

´´අග්ගිවෙස්සනය, මහලුව රජුගේ ඇතා නොදැමුණෙක්ව, නොහික්මුණෙක්ව කලුරිය කෙරේද, රජුගේ මහලු ඇතා නොදැමුණු මරණයෙන් කලුරිය කෙළේය, යන සඞ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, රජුගේ මධ්‍යම වයසෙහි සිටි ඇතාද, ඉදින් නොදැමී, නොහික්මී, කළුරිය කෙරේද, රජුගේ මද්ධ්‍යම වයසේ සිටි ඇතා නොදැමුණු මරණයෙන් කළුරිය කෙළේය යන සඞ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, රජුගේ තරුණවූ ඇතාද නොදැමුණෙක්ව, නොහික්මුණෙක්ව, කළුරිය කෙරේද, රජුගේ තරුණ ඇතා නොදැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සඞ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම ස්ථවිර භික්‍ෂු තෙමේද රහත් නොවී කලුරිය කෙරේද, ස්ථවිර භික්‍ෂු තෙම නොදැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සඞ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, මද්ධ්‍යම භික්‍ෂුවද රහත් නොවී කළුරිය කෙරේද, නොදැමුණු මරණයෙන් මද්ධ්‍යම භික්‍ෂුව කළුරිය කෙළේය යන සංඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, නවක භික්‍ෂුවද රහත් නොවී කලුරිය කෙරේද, නවක භික්‍ෂුව නොදැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සංඛ්‍යාවට පැමිණෙයි.

27. ´´ අග්ගිවෙස්සනය, රජුගේ මහළු ඇතාද හොඳට දැමුණෙක්ව, හොඳට හික්මුණෙක්ව කළුරිය කෙරේද, රජුගේ මහලු ඇතාදැමුණු මරණයෙන් මළේය යන සංඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, රජුගේ මද්ධ්‍යම වයසෙහි සිටි ඇතාද හොඳට දැමුණෙක්ව, හොඳට හික්මුණෙක්ව, කළුරිය කෙරේද, රජුගේ මද්ධ්‍යම වයසෙහි සිටි ඇතා දැමුණු මරණයෙන් මළේය යන සංඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, රජුගේ තරුණ ඇතාද හොඳහැටි දැමුණෙක්ව, හික්මුණෙක්ව කලුරිය කෙරේද, රජුගේ තරුණ ඇතා දැමුණු මරණයෙන් මළේය යන සංඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම ස්ථවිර භික්‍ෂු තෙමේද, රහත්වී කළුරිය කෙරේ නම්, ස්ථවිර භික්‍ෂු තෙම දැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සංඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, මද්ධ්‍යම භික්‍ෂු තෙමේද, එහත්ව කළුරිය කෙරේ නම්, මද්ධ්‍යම භික්‍ෂුව දැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සඞ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, නවක භික්‍ෂු තෙමේද රහත්ව කලුරිය කෙරේ නම්, නවක භික්‍ෂු තෙම දැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සඞ්ඛ්‍යාවට පැමිණෙයි.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සතුටු සිතැති අචිරවත සාමණේර තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

පස්වෙනි දන්තභූමි සූත්‍රය නිමි. ( 3 – 5 )

124. බක්කුල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ රජගහනුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ, පැරණි ගිහි යහලුවෙක්වූ, අචේල කාශ්‍යපතෙම , ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සමග සතුටු විය. සතුටුවිය යුතු කථා කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ අචේල කාශ්‍යප තෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය.

2. ´´ඇවැත් බක්කුලය, මහණවී කොපමණ කල් වෙහිද?´´

´´ඇවැත්නි, පැවිදිවූ මට අවුරුදු අසූවකි.´´

´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබ විසින් කී වරක් මෙවුන්දම් සෙවුනා ලදද?´´

´´ඇවැත් කාශ්‍යපය, මගෙන්, ´ඇවැත්නි, බක්කුලය, ඔබ විසින් මේ අසූ වයස් පමණ කාලය ඇතුලත කී වරක් මෙවුන්දම් සෙවුනා ලදදැ´ යි මෙසේ නොඇසිය යුතුයි. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතුය. කෙසේද? ´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව පහළ වූයේදැ´ යි ඇසිය යුතුය.´´

´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලය තුල කී වරක් ඔබට කාම සංඥාව උපන්නේද?´´

´´ඇවැත් කාශ්‍යපය, පැවිදිවූ මට අවුරුදු අසූවකි. ඒ කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවක් කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනී නම්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´

3. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක්ද මම නොදනිමි.´´

´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ඒ කාලය තුල යම් ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

4. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට කාම විතර්‍කයක් උපන් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් කාම විතර්‍කයක් උපන් බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

5. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන්බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

6. ´´ඇවැත්නි, පැවිදිව අසූ වර්‍ෂයක්වූ මා විසින් ගෘහපති චීවරයක් ඉසිලූ බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ගෘහපති චීවරයක් නොදැරී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

7. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

8. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

9. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

10. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම කඨිනසිවුරක් මැහූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් කඨිනයෙහි සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

11. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

12. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් ආරාධනයක් ඉවසූ බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආරාධනයක් ඉවසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

13. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට මෙබඳු සිතක් උපන් බවක් නොදනිමි. ´කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැ´ යි කියායි.

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවයසකින් මට ආරාධනයක් කරන්නේ නම් යහපතැයි සිතක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

14. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගම තුළ හුන් බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ගමෙහි හුන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

15. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට ගමෙහි අනුභව කළ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ගමෙහි අනුභව කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´

16. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට කුඩා සලකුණු වශයෙන් ස්ත්‍රියකගේ නිමිති ගත් බවක් නොම දනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් කුඩා සලකුණු වශයෙන් නිමිති ගත් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´

17. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම මාගමකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ස්ත්‍රියකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින්වත් දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´

18. ´´ඇවැත්නි, පැවිදිවූ අසූ වයස් ඇති මා විසින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´

19. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙමේ පැවිදිව අසූ වයස්වද භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

20. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හික්මෙන්නියකට (සික්ඛමානාවකට) දහම් දෙසූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසෙකින් හික්මෙන්නියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

21. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

22. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

23. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

24. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකුට) නිස දුන් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකුට) නිස දුන් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

25. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරයක්‍ර ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරයකු ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

26. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගිනිහල් ගෙයි නෑ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ගිනිහල් ගෙයි නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

27. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ඇඟ ගානා සුනු ගා නෑ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සුනු ගා නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

28. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සමාන බඹසර ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

29. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට අන්තිම වශයෙන් දෙනකගෙන් කිරි බින්දුවක් දෝනා කලක් පමණවත් ආබාධයක් උපන් බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් දෙනකගෙන් එක් කිරි බින්දුවක් දෝනා කලක් පමණ ආබාධයක් ඇතිවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

30. ´´ඇවැත්නි, අසූ වයස් ඇති මට අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

31. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

32. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සයනය කළ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සයනය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

33. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ග්‍රාමාන්ත සේනාසනයක වස් වුසූ බවක් නොදනිමි.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ග්‍රාමාන්ත සේනාසනයක වස් වැසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

34. ´´ඇවැත්නි, මම කෙලෙස් සහිතව සත් දවසක් පමණක් රටවැසියාගේ පිණ්ඩපාතය අනුභව කෙළෙමි. ඉක්බිති අටවෙනිදා අර්‍හත්වය පහළවිය.´´

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම කෙලෙස් සහිතව රටවැසියාගේ පිණ්ඩපාතය සත් දවසක්ම අනුභව කෙළේ නම්, අටවෙනිදා අර්‍හත්වය පහළවීනම් මෙයද. ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´

35. අචෙල කාශ්‍යප තෙම, ´´ඇවැත්නි, බක්කුලය, මම මේ ශාසනයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි´´ යි කීය.

´´අචෙල කාශ්‍යප තෙම මේ ශාසනයෙහි පැවිදිබව ලැබීය. උපසම්පදාවද ලැබීය. ආයුෂ්මත් කාශ්‍යපතෙමේ උපසපන්වී නොබෝකල් ඇත්තේ, හුදකලාවූයේ, ජනයාගෙන් වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, දුරුකරනලද කාය ජීවිත ආශා ඇතිව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යමක් පිණිස මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචය්‍ර්‍යය කෙළවරකොට ඇති, ඒ උතුම් අර්‍හත්වය මේ ආත්මභාවයෙහිම තෙමේම විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට, ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය ක්‍ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු කළයුතු අනෙකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක් විය.

36. ඉක්බිති ආයුෂ්මත් බක්කුල සථවිරතෙම අන් කලෙක යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීය.

´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීයේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.

´´ඉක්බිති ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ සඞ්යා මැද හිඳගෙනම පිරිනිවියේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´

සතරවැනි බක්කුල සූත්‍රයයි. ( 3 – 4 )