10.අනාථපිණ්ඩික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු අනේපිඬු දෙව්පුත් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය.

2. එක් පසෙක සිටි අනේපිඬු දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

´´ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.

´´කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්ධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්ධවීමෙක් නැත.

´´එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.

´´ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) යම් භික්‍ෂුවරයෙක් වේ නම් ඔවුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුමි.´´

3. අනේපිඬු දෙව්පුත් තෙම මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක. ´´මහණෙනි, මේ රෑ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් රැය බොහෝ ගතවූ පසු බබළන ශරීර පුභා ඇත්තේ

ඤෆු ්‍ර88රැ%

මුළු ජේතවනය බබුළුවා මා වෙත පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටියේම ඔහු මා සමීපයෙහි,

´´ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.

´´කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්ධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්ධවීමෙක් නැත.

´´එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.

´´ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) යම් භික්‍ෂුවරයෙක් වේ නම් ඔවුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම්යයි කීය.

5. මහණෙනි, ඒ දෙව්පුත් මෙසේ කීය. මෙසේ කියා මා වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.´´

6. මෙසේ වදාළවිට ආයුෂ්මත් ආනත්‍ද ස්ථවිරතෙම ´´ස්වාමීණි, ඒකාන්කයෙන් ඔහු අනේපිඬු දෙව්පුකු විය යුතුය. අනේපිඬු ගෘහපති තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණෙක් විය, එබැවිනි´´යි කීයේය.

7. ´´ආනන්‍දය, මැනවි, මැනවි. ඔඔ විසින් සිතීමෙන් යම්තාක් පැමිණිය යුතු නම්, ඒතාක්ම පැමිණිණ. ආනන්‍දය, ඒ දෙව්පුත් අනාථපිණ්ඩිකමය´´යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

දෙවෙනි අනාථපිණ්ඩික වර්‍ගයයි.

23. පායාසි සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත්වූ කුමාර කාශ්‍යප සථවිරයන් වහන්සේ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්‍ෂුසංයා සමග කොසොල් ජනපදයෙහි සැරිසරා වඩින සේක් කොසොල් ජනපද වාසින්ගේ සෙතව්‍ය නම් නුවරට පැමිණියහ. එහි වූකලි ආයුෂ්මත් කුමාර කාශ්‍යප සථවිටයන් වහන්සේ සෙතව්‍ය නම් නුවරට උතුරු දිශාවෙහිවූ ඇට්ටේරිය වනයෙහි වසන්නාහ. ඒ කාලයෙහි පායාසි නම් (උප රජු) පසේනදි කොසොල් රජු විසින් දෙනලද සෙතව්‍ය නම් නුවර අධිපතිව වසයි.

2. එකල්හි පායාසි (උප රජුට) මේ මේ කාරණයෙන් (මෙලොව මිස) පරලොවක් නැත. මැරී උපදිනා (ඹපපාතික) සත්වයෝ නැත්තාහුය කුසල අකුසල කර්මයන් ගේ ථල විපාකයක් නැත්තේයයි මෙබදූවූ ලාමක දෘෂ්ටි්‍යක් උපන්නේ වෙයි.

සෙතව්‍යා නුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතිකයෝ රාශි රාශිව සමූහ සමූහව සෙතව්‍යා නුවරින් නික්ම උතුරු දෙසට හැරී ඇට්ටේරිය වනයට පැමිණෙත්, ඒ බව අසා පායාසි උපරජ තෙමේ සෙතව්‍යා නගර වාසි බ්‍රාහ්මණ ගෘහපතීන් විසින් පිරිවරන ලදුව ඇට්ටේරිය වනයට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් කුමාරකාශ්‍යප සථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද සිහිකට යුතුවූද කථාව කොට නිමවා එක පැත්තක උන්නේය.

3. එකපැත්තක උන්නාවූ පායාසී උප රජ තෙමේ ආයුෂ්මත් කුමාර කාශ්‍යප සථවිරයන් වහන්සේට මේ කාරණය කීය. ´´පින්වත් කාශ්‍යපය, මම වනාහි මෙසේ කියන්නෙමි පරලොවක් නැත්තේය. මැරී උපදින සත්වයෝ නැත්තාහ. කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ථල විපාක නැත්තේය කියායි´´.

´´කෙසේ නම් මේසේ කියන්නේද?, උපරජ එසේ වීනම් මේ කාරණය තගෙන්ම අසන්නෙමි, යම් විධියකින් තට වැටහෙන්නේද ඒ වධියට උත්තර දෙව.´´

´´උපරජ, මේ චන්ද්‍ර සුය්‍යයෝ මේ ලොකයෙහි හෝ වෙද්ද? පරලොකයෙහි හෝ වෙද්ද, ඔව්හු දෙවියෝ හෝ වෙද්ද? මනුෂ්‍යයෝ හෝ වෙද්දැයි´´ ඇසුහ. එවිට උපරජ තෙමේ ´´පින්වත් කාශ්‍යපය, මේ චන්ද්‍ර සුය්‍යයෝ පරලොකයෙහි වෙත්. මේ ලෝකයෙහි නෙවෙත්. මේ චන්ද්‍ර සුය්‍යයෝ දෙවියෝ වෙත්. මනුෂ්‍යයෝ නොවෙත්යයි කීහ. උපරජ, මේ කාරණයෙන්ද පරලොවක් ඇත්තේය.´´

6. පින්වත් කාශ්‍යපය, සතුන් මරන්නාවූද, සොරකම් කරන්නාවූද, වැරදි ලෙස කාමයෙහි හැසිරෙන්නාවූද, බොරු කියන්නාවූද, පරුෂ වචන කියන්නාවූද, හිස් වචන කියන්නාවූද, විෂම ලොභය ඇත්තාවූද, ක්‍රොධ සිත් ඇත්තාවූද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද, මාගේ දන්නා අඳුනන අයද, සහලේනෑයෝද ඇත්තාහ. මොව්හු මරණින් මතු සැපයෙන් තොරවූ නරකයෙහි උපදින්නාහුයයි කියන්නාවූ, මෙබඳු දැකීම් ඇත්තාවූ, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහුය. ඔව්හු මැරී ගොස් නැවත අවූත් නොකියත්. පණිවිඩකාරයෙකු හෝ නොඑවත්. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ.

5. උපරජ, මෙහි තාගේ පුරුෂයෝ අපරාධ කරන්නවූන් අල්වාගෙන මරණ තැන හිඳුවන්නාහු නම් ඒ සොරා සොරු මරන්නන්ට, ´´පින්වත් චෝරාතකයනි, අසවල් ගමෙහි හෝ නියම් ගමේහි හෝ මගේ දන්නා අඳුනන්නෝද සහලේ නෑයෝද ඇත්තාහුය. යම්තාක් මම ඔවූන්ට දක්වා එම්ද ඒතාක් නවතිත්වායි´´ කියා නම් ඔහුට ඊට ඉඩ ලැබේද?´´

´´පින්වත් කාශ්‍යපය, ඔහු අවකාශයක් නොලබන්නේය. එකල්හි ඔහු විලාප කියද්දීම චොරාතකයෝ හිස සිඳීන්නාහුය´´යි කීය.

´´පින්වත් කාශ්‍යපය, පරලොවක් නැත්තේයයි මට මෙබඳු සිතක් ඇතිවේද, ඊට කාරණයක් ඇත්තේයයි´´ කීය.

´´උපරජ ඒ කවර කරුනක්දැ´´යි ඇසූහ.

´´පින්වත් කාශ්‍යපය, මරණින් මතු යහපත් ගති ඇත්තාවූද දිව්‍ය ලෝකයෙහි උපදින්නාහුයයි කියන්නාවූ, මෙසේ දෘෂ්ටි ඇත්තාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇත්තාහුමය.

´´පින්වත්නි ඉදින් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපදින්නාහු නම්, ඔවූහු නැවත මා වෙත අවූත් නොම දන්වත්, පණිවිඩකාරයෙකුත් නොම එවත්.

පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලෙවක් නැත්තේය,

6. උපරජ, එසේ වීනම් තොපට (මේ කාරණය ගැන උපමාවක් කරන්නෙමි).

උපරජ, යම්සේ පුරුෂයෙක් අසූචි වළක වැටී සුඞකර ඒ පුරුෂයාට මාහැඟිවූ මල්ද, මාහැඟිවූ සුවඳ විලවූන්ද, මාහැඟිවූ ඇඳුම්ද ගෙන දී ප්‍රාසාදයට නංවා පස්කම් සැප සුදානම්කර දුන් කල ඒ පුරුෂයා නැවතත් අසූචි වළෙහි ගිලෙන්නට කැමති වන්නේදැයි ඇසූහ. ´´පින්වත් කාශ්‍යපය, එසේ කැමති නොවන්නේය.´´ උපරජ, එමෙන්ම මනුෂ්‍යයෝ දෙවියන්ට අසූචියක් වෙයි, දුර්ගන්ධ වෙත් උපරජ, යොදුන් සියයක් දුර මනුෂ්‍ය ගඳ දෙවියන්ට පීඩා කරයි. මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය. පස් පවින් වැළකුණාවූ මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලොකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්ව උපදිත්යයි කියන්නාවූ, මෙසේ දෘෂ්ටි ඇත්තාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහුය.

කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ථල විපාක ඇත්තේයයි මට නැවත ඇවිත් නොකියත්. දූතයෙකුත් නොම එවත් පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහුය.

7. උපරජ, මනුෂ්‍යයන් පිළිබඳ යම් අවූරුදු සියයක් වේද, ඒ අවූරුදු සියය තව්තිසා වැසි දෙවියන්ට එක් රැයක් හා එක් දවාලක් වෙයි. අවූරුදු දහසක් තව්තිසා වැසි දෙවියනගේ ආයුෂ ප්‍රමාණය වෙයි ඔවූන්ට ඒ ගැන ඇවිත් කීමට ඉඩ තිබේද?

´´පින්වත් කාශ්‍යපය, ඔවූන් එනවිට අප මැරී බොහෝ කල් වන්නේය.´´

´´තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහුයි කියා හෝ මෙසේ තව්තිසා වැසි දෙවියෝ දීර් ආයුෂ ඇත්තෝයයි කියා හෝ කවරෙක් මේ කාරණය පින්වත් කාශ්‍යපයන්ට කීයේද? පින්වත් කාශ්‍යපයන්ගේ වචනය අපි විශ්වාස නොකරමු.´´

´´උපරජ, යම්සේ උත්පත්තියෙන්ම අන්ධවූ පුරුෂයෙක් පාට රූපයෙන් නොදක්නේද, ඉර හඳ නොදක්නේද, උත්පත්තියෙන් අන්ධවූ ඒ පුරුෂයා මෙසේ කියන්නේය, ඉර හඳ දකින්නෙක් නැත. මම මෙය නොදනිමි, (ඒ නිසා) එය නැත. උපරජ, මෙසේ කියන්නාවූ ඒ ජාත්‍යම්ධ පුරුෂයා ඇත්තක් කියන්නේදැයි´´ ඇසුහ.

´´ඔහු ඇත්ත කියන්නේ නොවේයයි´´ කීය.

´´උපරජ, තොප ජාත්‍යන්ධයෙකු මෙන් මට වැටහෙන්නේය´´

´´උපරජ, තොප මේ මස් ඇසින් දකින්නාක් මෙන් පර ලොව නොදත යුතුයි. උපරජ, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඉතා දුරවූ වන සේනාසනද සේවනය කෙරෙද්ද, ඔවූහු එහි අප්‍රමාදව, කෙලෙස් තවන වීයර්‍යයෙන් හුක්තව, තමා ගැන ආලයක් නැතිව වසමින් දිව්‍ය ඇස ලබත් ඔවූහු මනුෂ්‍ය ඇස ඉක්ම පවත්නාවූ පිරිසිදු දිවැසින් මෙලොවද පරලොවද මැරී උපදින සත්වයන්ද දකිත්.

8. මේ කාරණයෙන්ද පරලොව නැත්තේය.

´´පින්වත් කාශ්‍යපය, මම මෙහි සිල්වත්වූ යහපත් ධර්ම ඇත්තාවූ ජීවත්වීමට කැමතිවූ, මැරෙන්නට අකමැතිවූ, සැපට කැමතිවූ, දුකට පිළිකුල් කරන්නාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් දකිමි, පින්වත් කාශ්‍යපය, එසේ දකින්නාවූ මට මෙබඳු සිතක් වෙයි ඉදින් සිල්වත්වූ, යහපත් ගුණධර්ම ඇත්තාවූ, පින්වත් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙලොවින් මැරුණාවූ අපට පරලොව සැප වන්නේයයි මෙසේ දන්නාහු නම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විෂ හෝ කන්නාහුය, බෙල්ලේ වැල්ලාගෙන හෝ මැරෙන්නාහුය මෙලොවින් මැරුණාවූ අපට පරලොව සැප වන්නේයයි මෙසේ නොදනිද්ද, එහෙයින් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තමා නොමරත්යයි කියයි. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය.

´´උපරජ, සිල්වත්වූ උතුම් ගුණධර්ම ඇත්තාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉතා දීර් කාලයක් සිටිත්ද, ඒ තාක් ඒ ඒ ආකාරයෙන් බොහෝ පින් රැස් කෙරෙත්.

9. ´´යම්සේ පින්වත් කාශ්‍යපයෝ මෙසේ කියද්ද, එසේ නමුත් පරලොව නැත්තේය, මැරී උපදින සත්වයෝ නැත්තාහ.

පින්වත් කාශ්‍යපය, මෙහි මාගේ පුරුෂයෝ අපරාධ කරන්නාවූ සොරෙකු අල්වාගෙන ස්වාමිනි, මේ ඔබවහන්සේගේ (අණට විරුද්ධව) අපරාධ කරන සොරෙකි මොහුට යම් දඬුවමක් දෙනු කැමැත්තේ නම් එය දෙනු මැනවැයි දක්වද්ද, එකල ඒ පුරුෂයන්හට මම මෙසේ කියමි පින්වත්නි, එසේ වීනම් ජීවත් වන්නාවූම (පණ තිබෙද්දීම) මේ පුරුෂයා හැලියක දමා කට වසා තෙත්වූ සම්වලින් වෙලා තෙත් මැටියෙන් නව ආලේප කොට ලිපේ තබා ගිනි දල්වත්. යම් වේලාවක අපි ඒ පුරුෂයා මැරුණේයයි දනිමුද, එවට හැළිය බා කට ඇර බලමුද අපි පිට වෙන ඔහුගේ ජීවිතය නොදකුම්හ.

පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය.

10. උපරජ, තොප දවල් නිදාගන්නට යහනට ගියවිට සිත් අලවන්නාවූ උයන්ද වනානතරද පොකුණුදැයි යන මේවා ගැන සිහිනයක් දුටු බවක් මතක ඇත්තේදැයි´´ ඇසුහ. පින්වත් කාශ්‍යපය, ඒවා සිහිනෙන් දැක මතක ඇත්තෙමි´´යි කීය. ´´ඒ වේලාවෙහි ස්ත්‍රීහු තොප ආරක්ෂා කිරීමෙහි යෙදී සිට්යාහුදැයි´´ ඇසූහ. ´´පින්වත් කාශ්‍යපය, එසේමය´´. ´´ඒ වේලාවෙහි ඒ ස්ත්‍රීහු ඇතුල්වන්නාවූද, පිටවන්නාවූද, තොපගේ ජීවිතය දකිත්දැයි´´ ඇසූහ. ´´පින්වත් කාශ්‍යපය, මේ කාරණය නොවේමයයි´´ කීය.

´´උපරජ, ජීවත්වන්නාහූ ඒ ස්ත්‍රීහු ජීවත්වන්නාවූ තොපගේ ඇතුල් වන්නාවූද, පිටවන්නාවූද නොම දකින්නාහු නම් කීමෙක්ද තොපි මැරුණ තැනැත්තහුගේ ඇතුල්වන්නාවූද, පිටවන්නාවූද ජීවිතය කෙසේ නම් දකින්නහුද? උප රජ, මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය.´´

11. ´´මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය.´´

´´පින්වත් කාශ්‍යප, මාගේ පුරුෂයෝ අපරාධයෙහි හැසිරෙන්නාවූ සොරකු අල්වා ජීවත් වන්නාවූ මේ පුරුෂයා තරාදියෙන් කිරා දුනු ලනුවෙන් බෙල්ල වෙලා හුස්ම ගැනීම නැති කොට මරා නැවතත් තරාදියෙන් කිරා බලයි.´´

´´යම් කලක ඒ පුරුෂයා ජීවත් වේද, එකල ඉතා සැහැල්ලු වූයේද වෙයි. යම් කලක ඔහු මැරුණේද, එකල්හි ඉතා බර වූයේද වෙයි. පින්වත් කාශ්‍යප, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය.´´

12. ´´උපරජ, එසේ වීනම් තොපට උපමාවක් පෙන්වමී. රත්කරන ලද්දාවූ, ගිනිගෙන ඇවිලෙන්නාවූ යකඩ ගුලියක් තරාදියෙන් කිරන්නේද, පසුව සීතලවු නිමුනාවු ඒ යකඩ ගුලිය තරාදියෙන් කිරන්නේද, මේ අවස්ථා දෙක අතරින් කවර අවස්ථාවක ඒ ගුලිය ඉතා සැහැලලූ වූයේ හෝ වේද?´´ ඇසුවේය.

´´පින්වත් කාශ්‍යප, යම් කලක ඒ යකඩ ගුලිය ගිනි සහිත වුයේ වේද එකල්හි ඉතා සැහැල්ලු වූයේද වෙයි.´´

´´උප රජ, එමෙන්ම මේ ශරීරය යම් කලක ආයුෂ සහිත වූයේ ද, උෂ්ණය සහිත වූයේ වේද එ කල්හි ඉතා සැහැල්ලු වූයේද වෙයි. යම් කලක උෂ්ණය සහිත නොවුයේද, විඥානයසහිත නොවූයේද එකල්හි ඉතා බර වුයේද වෙයි.´´

´´උප රජ, මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය.´´

13. ´´මේ කාරණයෙන්ද පරලොවක් නැත්තේය.´´

´´පින්වත් කාශ්‍යපය, මෙහි මාගේ පුරුෂයෝ අපරාධ කරමින් හැසිරෙන්නාවූ සොරෙකු අල්වාගෙන වද දුන් කල ඒ පුරුෂයා නොමළේ වේද, උඩුකුරුකොට හෙලත්. මොහු ගෙන් නික්මෙන්නාවූ ජීවිතයක් අපි නොදකුම්හයි කියත්.´´

´´පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය.´´

14. ´´උපරජ, එසේ නම් තට උපමාවක් දක්වන්නෙමි.´´

´´එක්තරා සක් පිඹින්නෙක් හක්ගෙදියක් ගෙන ගොස් ගම මැදදී වේගයෙන් තුන්වරක් සක් ගෙදිය පිඹ, එය බිම තබා, එක පැත්තක උන්නේය. උපරජ, එවිට ඒ පිට්සර පළාතේ වැසි මනුෂ්‍යයෝ රැස්වී ඒ සක් පිඹින්නාට මේ කාරණය කීවෝය.´´

´´පින්වත,මේ ශබ්දය යමෙකුගේද?´´

´´පින්වත්නි, එය වනාහි සක් ගෙඩිය යන නම ඇත්තේයයි´´ කීය.

´´එවිට ඒ පිටිසර ජනපද වැසි මනුෂයෝ පින්වත් සක් ගෙඩිය නාදකරව,පින්වත්සක්ගෙඩිය නාදකරවයි කියමින් නැවත නැවත සක් ගෙඩිය උඩු අතට පෙරලුවාහුය. ඒ සක් ගෙඩිය ශබ්ද නොකළේමය. උපරජ, එවිට ඒ සක් පඹින්නාහට මෙබදු සිතක් වූයේය. මේ මනුෂයෝ මෝඩයෝ වෙත්. (ඔවුහු) කෙසේ නම් නුනුවණින් සක් හඩ සොයන් නාහුදැයි කියයි.

´´(එසේ සිතා සක් පිඹින්නා) ඔවුන් බලා සිටිද්දීම සක් ගෙඩිය ගෙන තුන්වරක් සක් ගෙඩිය පිඹ, සක් ගෙඩියත් රැගෙන ගියේය.

´´උපරජ, එවිට ඒ පිටිසර ජනපද වැසි මිනිසුන්ට මෙබදු සිතක් වූයේය. පින්වත්නි, යම් කලෙක මේ සක්ගෙඩිය පුරුෂයෙක් සමග (එක්ව) පැවැත්තේද, උත්සහය සමග පැවැත්තේද සුළග සමග පැවැත්තේද එකල්හි මේ සක නාද කරයි.´´

´´උපරජ, එපරිද්දෙන්ම මේ ශරීරය ආයුෂ සහිත වූයේද, උෂ්ණය සහිත වූයේද, විඥානය සහිත වුයේද එකල මේ (ශරීරය) ක්‍රියාකරයි. උපරජ, මේ කාරණයෙන්ද, තොපට මෙබදු සිතක් ඇති වේවා. මේ කාරණයෙන්ද පරලොව ඇත්තේය.´´

15. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය.

´´පින්වත් කාශ්‍යපය, මෙහි මගේ පුරුෂයෝ අපරාධ කරමින් හැසිරෙන සොරකු අල්වා ගෙනවුත්, ඔව්හු ඒපුරුෂයාට වද දෙත් අපි මේ පුරුෂයාගේ ජිවිතය නොදකුම්හයි කියත්. පින්වත් කාශ්‍යපය, මේ කාරණයෙන්ද පරලොව නැත්තේය.´´

16. ´´උපරජ එසේ වී නම් තට උපමාවක් දක්වන්නෙමි. පෙරවූ කරුණක් කියමි. ගිනිදෙවියා පුදන්නාවූ එක්තරා ජටිලයෙක් ළදරුවෙක් ආශ්‍රමයට ගෙනවුත් ඇතිදැඩි කළේය, යම් කලෙක ඒ ළමයා දස අවුරුදු හෝ දොළොස් අවුරුදු වයස් ඇත්තේද, එකල ඒ ජටිලයාට ජනපදයෙහි කිසියම් කටයුත්තක් උපන්නේය. ඒජටිල තෙම ඒ ළමයාට කථා කොට ´´පුත්‍රය, මම ජනපදයට යන්ට කැමැත්තෙමි පුත, තෝ, ගිනි පුදව . තාගේ ගිනි නොනිවව. නිවුහොත් මේ දරය, මේ ගිනි ගානා දඩු දෙකය, ගිනි උපදවා ගිනි පුදව´´යි කියා ජනපදයට ගියේය ඉක්බිතිවඒ ළමයා ගිනි ගානා දඩු දෙක වෑයෙන් සැස්සේය. හෙතෙම ගිනි නොලැබීය. ගිනි ගානා දඩු දෙක කැබලි කැබලි කළේය, වනෙහි ලා කොටා මහා සුළගෙහි පිඹ හැරියේය. හෙතෙම ගිනි නොලැබුයේමය. ඊට පසුව ගිනි පුදන ජටිලතෙම තමන්ගේ ආශ්‍රමයට පැමිණියේය. පැමින, පුත්‍රය, කිමෙක්ද, තාගේ ගිනි නොනිවුනේදැයි ඇසීය. ´´පියාණෙනි, මෙහි මා සෙල්ලම් කරමින් සිටිත්දී මාගේ ගිනි නිවියේය.´´ ඒ ජටිලයා මේ ළදරු තෙම අඥානය කෙසේ නම් නුවණින් ගිනි සොයන්නේදැයි සිතා ඔහු බලා සිටියදීම ගිනි ගානා දඩු දෙක ගෙන ගිනි උපදවා, ඒ ළමයාට මෙසේ කීයේය. ´´පුත්‍රය, මෙසේ ගිනි ඉපදවිය යුතුය. අඥානවූ අදක්ෂ වූ තොප මෙන් නුනුවණින් ගිනි නොසොයන්නෙහිය´´යි කීයේය. උපරජ, එපරිද්දෙන්ම අඥානවූ අදක්ෂ වූ තෝ නුවණින් පරලොව සොයන්නෙහිය.

17. ´´කෙසේ හෝ පින්වත් කාශ්‍යපයෝ මෙසේ කියති. ඒසේ වී නමුත් මේ ලාමකවූ දෘෂ්ටිය හරින්නට නොහැකි වෙමි, පසේනදී කොසොල් රජතෙමේද වෙනත් රජවරුද ´´පයාසී රාජන්‍ය තෙමේ මේ කාරණයෙන්ද පරලොව නැත්තේය මැරී උපදිනා සත්වයෝ නැත්තාහුය, යන වාද දෘෂ්ටි ඇත්තෙකැයිද, දනිත් . පින්වත් කාශ්‍යපය, ඉදින් මම මේ ලාමක දෘෂ්ටිය හරින්නේම් නම් ´´පයාසිරාජන්‍ය තෙමේ අඥාන වෙයි, අව්‍යක්ත වෙයි, වරදවා ගන්නා ලද්දක් ගන්නෙක් වෙයි ඔවුහු කියති. එකට එක කිරීමක් වශයෙන්ද මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි´´ කීයේය.

18. ´´උපරජ එසේවීනම් තට උපමාවක් කියන්නෙමි. පෙරවූ දෙයක් කියමි, එකෙක් ගැල් පන්සියයකටද, තවත් එකෙක් අනික් ගැල් පන්සියයකටද ඒ ගැල් සමූයෙහි ගැල් නායකයෝ දෙදෙනෙක් වූහ. ඒ ගැල් නායකයන්ට මෙබදු සිතක් ඇතිවිය. අපි යම් මාර්ගයකින් යන්නමෝද, ඒ මාර්ගයන්හි තණද දරද, දියද අවසන් වෙයි, අපි එක් කොටසකට ගැල් පන්සියයබැගින් මේ ගැල් සමූහය දෙකට බෙදන්නෙමු නම් හොදයයි සිතීය. එක් ගැල් නායකයෙක් බොහෝ තණද දරද, දියද ගැල්වල පටවාගෙන ගැල් සමූහය පැදවූයේය. දෙතුන් දිනක් ගියාවූ ඒ ගැල් සමූහය මඩ තැවරුණ වූ රෝදවලින් යුක්තවූ යහපත් වූ රථයකින් ඉදිරි මාර්ගයට එන්නාවූ රතුපාටවු ඇස් ඇති දරන ලද දුනු ඊ තල ඇති බෙල්ලෙහි පළඳින ලද මානෙල්මල් මාලා ඇත්තාවූ තෙත්වූ වස්ත්‍ර ඇත්තාවූ තෙත්වූ ඉසකෙස් ඇති කලුපාටවූ පුරුෂයකු දුටුයේය. දැක, ඉදිරි කාන්තාරයෙහි මහා වැස්සක් වැස්සේය, පාරවල් වතුරෙන් පිරී ඇත. බොහෝ වූ තණද, දරද, දියද ඇත්තේ වෙයි. පින්වත, පරණවූ තණද, දරද, දියද අහක දමව්. සැහැල්ලු බර ඇති ගැල්වලින් යුක්තව වහ වහා යව්, ගවයන් මහන්සි නොකරව්යයි´´ කීයේය. ඒ ගැල් සමූහයේ සිටි පුරුෂයෝ පරණවූ තණද, දරද, දියද අහක දමා ගැල්වල බර අඩු කරගෙන පැදවූහ. ඔවුහු නවාතැන්වලදී තණ හෝ දර හෝ දිය හෝ නොදුටුවාය. ඒ සියලලෝම මහත් විනාශයට පැමිණියාහුය. මනුෂ්‍යවූද තිරිසන්වූද යම් කෙනෙක්ඒ ගැල් සමූහයෙහි වූවාහුද, ඒ සියල්ලෝම අමනුෂ්‍ය වූ යකුන් විසින් කා දමන ලද්දාහ. ඇට පමණක් ඉතිර කළෝය. දෙවන ගැල් ප්‍රධානියා එකල බොහෝ තණද දරද දියද ගැල්වලට පටවාගෙන ගැල් සමූහය පැදවුයේය. මේ ගැල් සමූහයද, තුන් දිනක් ගිය පසු හෙමෙ ඉහතින් ආ පුරුෂයා දුන් අවවාද පිළි නොගත්තේය.

´´ඔවුහු නවාතැන්පොළවල්ද තණ හෝ දර හෝ දිය හෝ නොදුටුවාය. මහා විනාශයට පැමිණියාවූ ඒ ගැල් සමූහය දුටුවේය.´´

´´පින්වත්නි, එහෙනම් අපගේ ගැල් සමූහයෙහි අඩුවූ අගය ඇති යම් භාණ්ඩයෝ වෙද්ද, ඒ භාණ්ඩයන් අහක දමා මේ ගැල් සමූහයෙහි වැඩිවූ අගය ඇති යම් භාණ්ඩයෝ වෙද්ද, ඒ භාණ්ඩයන් ගනිව්යයි´´ කීයේය.

´´පණ්ඩිතවූ ඒ ගැල් නායකයා යම්සේ ඒ කාන්තාරය සැපසේ එතෙර කළාහුද, උපරජ, එපරිද්දෙන්ම අඥානවූ අව්‍යක්තවූ නුවණින් පරලොව සොයන්නාවූ තෝ මහා විනාශයට පැමිණෙන්නෙහිය. උපරජ, මේ ලාමකවූ මිථ්‍යා දෘෂ්ටිය දූරුකරව, තොපට දීර් කාලයක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස නොවේවා.´´ උපරජ ඉහත මෙන් දෘෂ්ටිය දුරුකළ නොහැකි බව කීවේය.

19. ´´උපරජ එසේ නම් තට උපමාවක් දක්වන්නෙමි. ඌරන් ඇති කරන්නෙක් අන් ගමකට ගියේය. ඒ ගමෙහි දමනලද බොහෝවූ වියලි අසූචි දුටුයේය. හෙතෙම උතුරුසලුව දිග හැර බොහෝවූ වියලි අසූචි අහුලා පොදියක් බැඳ හිසෙහි තබා ගෙණ ගියේය. අතර මග මහත් අකාල වර්ෂාවක් වැස්සේය. මනුෂයෝඒ පුරුෂයා දැක මෙසේ කීවාහුය. කිමෙක් ද බොල තෝ පිස්සෙක්ද විකල සිත් ඇත්තෙක්දැයි´´ ඇසූහ. ´´බොලව්, මේ කාරණයෙහි තොපිම උම්මත්තකයෝය, විකල සිත් ඇත්තෝය එසේද වූවත් මාගේ ඌරන්ට කෑම නැත්තාහුයැයි ඔහු කීය. උපරජ, තෝ ඒ පුරුෂයා වැනියයි වැටහෙන්නේය, උපරජ, මේ ලාමකවූ මිථ්‍යා දූෂ්ටිය දූරුකරව, තොපට දීර්ග කාලයක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස නොවේවා.´´ කීවේය.

´´කිසිසේත් පින්වත් කාශ්‍යප තෙමේ මෙසේ කියද්ද ඒසේ වී නමුත් ලාමක දූෂ්ටිය හරින්නට නොහැක්කෙමි´´ කීයේය.

20. ´´එසේ වී නම්තට උපමාවක් දක්වන්නෙමි. උපරජ, පෙරවූ සූදු කෙළින්නෝ දෙදෙනෙක් දාදු කැටවලින් ක්‍රීඩා කළෝය එයින් එකෙක් පරාදවන පරාදවන දාදු කැටය ගිලියි. ඒ දූ කෙළින්නා ඒ දෙවැනි දූ කෙළින්නාට දාදු කැට දුන්නේය ඉක්බිත්තෙන්ඒ දෙවැනි දූකෙළින්නාද දාදුකැට විෂයෙන් යොදා ඒ දූ කෙළින්නාට මෙසේ කීයේය. යහලුව, එව,දාදු කැටවලින් ක්‍රීඩා කරන්නෙමුයයි කියාය යහලුව, එසේය කියා ඒ දූ කෙළින්නා දෙවැනි දූකෙළින්නාට පිළිතුරු දුන්හ. දෙවනුවද ඒ අක්‍ෂධතීකයෝ දෙදෙන පස ඇටවලින් ක්‍රීඩා කළෝය. දෙවැනි වතාවේද ඒ අක්‍ෂ ධතික තෙමේ පැමිණි පැමිණි පරාජය ගුලිය ගිලියි, ඒ අක්‍ෂ ධතිකයාට මේ ගාථාව කීයේය. ´´තියුණුවූ විෂයෙන් ගල්වන ලද පස ඇට ගිලින්නාවූ පුරුෂ තෙම නොදනියි. එම්බල පුරුෂය, ගිලුව. පාපීවූ ධතීකය, ගිලපිය. පසුව තට දරුණුවූ විපාක වන්නේය.´´

´´උපරජ, එපරිද්දෙන් තෝ දූ කෙළින්නෙකු වැනියයි වැටහෙන්නේය. මේ ලාමකවූ දෘෂ්ටිය අත්හරුව.´´

´´කිසිසේත් භවත් කාශ්‍යප තෙමේ මෙසේ කියන්නේය. එසේ වූයේ නමුත් මේ ලාමකවූ දෘෂ්ටිය අත් හරින්නට නොහැක්කේ වෙමි´´ ඉහතදී මෙන් කියේය.

21. ´´උපරජ, ඒසේ නම් තට උපමාවක් කියන්නෙමි. යහලුවෝ දෙදෙනෙක් ජනපදයකට පැමිණියාහුය. එහි දමන ලද බොහෝවූ න වැහැරි දුටුවාහුය. ඔහු දෙදෙනම සණවැහැරි මිටි ගෙන දියුණු ගමකින් ගමකට යෑමේදී තවත් ගමකට පැමිණියාහුය. එහි දමන ලද හන නූල් හණ පිළි තවත් ගමක දමන ලද කොමු වැහැරි නූල් කොමු පිළි, කපු පුලුන් කපු නූල් කපු පිළි, යකඩ තඹ සුදු ඊයම් රිදී දුටහ.´´

´´ඔහු දෙදෙන (තවත්) දියුණු ගමකට පැමිණියහ. එහි දමන ලද බොහෝ වූ රන් මසු දුටහ. යහලුව, එහෙයින් තෝද හණමිටිය අහක දමව, මමද රිදීබර අහක දමන්නෙමි. දෙදෙනාම රන් මසු ගෙන යන්නෙමුයි´´ කීය.

´´යහලුව, මේ හණමිටිය මා විසින් බොහෝ දුර සිට ගෙනෙන ලද්දේද, මනාකොට බඳනා ලද්දේද වෙයි´´. ´´මට එයින් ප්‍රයෝජන නොවෙයි. ඉඳින් තෝ ගනු කැමැත්තෙහි නම් ගනුවයි´´ කීයේය. ඊට පසුව යහලු තෙම රිදී බර අහක දමා රන් මසු බරක් බැඳ ගත්තේය.ඔහු දෙදෙන තමන්ගේ ග්‍රාමය යම් තැනකද එහි පැමිනියාහුය. එහි යම් යහලුවෙක් හණ මිටිය ගෙන ගියේද, ඔහුගේ මවුපියෝ අඹු දරුවෝද යාලු මිත්‍රයෝද සතුටු නොවූහ. ඒ කරණකොටගෙන හෙතෙම සැපතටද සතුටටද නොපැමිණියේය. යම් ඒ යහලුවෙක් වනාහි රන්මසු මිටිය රැගෙන ගියේද,ඔහුගේ මවුපියෝද අඹු දරුවෝද යාලු මිත්‍රයෝද සතුටු වුවාහුය. ඒ කරණකොටගෙන සැපතටද සතුටටද, පැමිණියේය. උපරජ එපරිද්දෙන් තෝ හණ මිටිය ගෙන ගිය පුරුෂයා වැනියයි වැටහෙනනේය. උපරජ මේ ලාමකවූ දෘෂ්ටිය අත්හරුව. තට දීර් කාලයක් මුලුල්ලෙහි අහත පිණිස, දුක් පිණිස නොවේවායි´´ කීයේය.

22. ´´මම පළමු උපමාවෙන්ම පින්වත් කාශ්‍යපයන් කෙරෙහි සතුටු සිත් ඇත්තේ විශෙෂයෙන් පැහැදුනෙමි. එසේද වූවත් මම මේ විසිතුරු ප්‍රශ්න වැටහිම් අසනු කැමැත්තෙම් මෙසේ මම පින්වත් කාශ්‍යපයන්ට විරුද්ධව කරුණු දැක්විය යුතුයයි සිතුයෙමි, පින්වත් කාශ්‍යපය, ධර්ම දේශනාව ඉතා මැනව, පින්වත් කාශ්‍යපයන් විසින් නොයෙක් පරිද්දෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය. පින්වත් කාශ්‍යපය, ඒ මම ඒ භවත් ගෞතමයාණන් වහන්සේද නවලෝකෝන්තර ධර්මයද ආර්යයභික්ෂු සංයාද සරණකොට යමි. භවත් කාශ්‍යපයන් වහන්සේද අද පටන් දිවි හිමියෙන් සරණගියාවු උපාසකයෙකැයි මා දරණ සේක්වා. පින්වත් කාශ්‍යපයයන් වහන්ස මම මහා දානයක් දීමට කැමැත්තෙමි, පින්වත් කාශ්‍යපයයන් වහන්සේ යමක් මට දීර් කාලයක් මුලුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේද එසේ මට අනුශාසනා කෙරේවායි´´ යි කීයේය.

23. ´´උපරජ, යම් බදුවූ යාගයෙහි නොයෙක් ප්‍රාණීහු විනාශයට පැමිණෙත්ද මිථ්‍යාදෘෂ්ටිය ඇත්තාවු මිථ්‍යා සංකල්පනා ඇත්තාවු මිථ්‍යා වචන ඇත්තාවු

මිථ්‍යා ව්‍යායාම ඇත්තාවු,මිථ්‍යා ස්මෘති ඇත්තාවු මිථ්‍යා සමාධි ඇත්තාවු දන් පිළිගන්නෝ වෙද්ද උපරජ, මෙබඳුවූ දානය තෙම මහත් ඵල ඇත්තේ නොවෙයි. මහානිශංස ඇත්තේ නොවෙයි මහත් බැබලීම් ඇත්තේ නොවෙයි. දානය මහත් පල ඇත්තේ නොවෙයි. මහානිශංස ඇත්තේ නොවෙයි මහත් බැබලීම් ඇත්තේ නොවෙයි.

´´උපරජ, යම්බඳුවූ දානයෙක්හි නොයෙක් ප්‍රාණීහු වුනාශයට නොපැමිණේද්ද, සම්‍යක්දෘෂ්ටික ඇත්තාවූ සම්‍යක් සංකල්පනා ඇත්තාවූ, සම්‍යක් වචන ඇත්තාවූ, සම්‍යක් ආජීවය ඇත්තාවූ, සම්‍යක් ව්‍යායාමය ඇත්තාවූ, සම්‍යක් ස්මෘති ඇත්තාවූ, සම්‍යක් සමාධියෙන් යුක්තවූ දන් පිළිගන්නෝත් වෙද්ද, උපරජ, මෙබඳු වූ දානය තෙම මහත් ඵල ඇත්තේ වෙයි. මහත් ආනිශංස ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි, මහත් පැතිරීම් ඇත්තේ වෙයි.´´

´´උපරජ, යම්සේ ගොවියෙක් මනාකොට තවානෙහි දමන ලද්දාවූ බීජයන් වපුරන්නේ නම් වර්ෂාවද කලින් කල මනා කොට වර්ෂා කරන්නේ නම් කිමෙක්ද, ඒ බීජයෝ වැඩීමටද දියුණු බවටද, විපුල බවටද, පැමිණෙන්නාහුද ගොවි තෙම මහත් ඵල ලබන්නේ දැයි´´ ඇසීය.

´´පින්වත් කාශ්‍යපය, එසේය´´යි කීයේය. ´´උපරජ, එපරිද්දෙන්ම ඉහත දැක්වූ දානයෙ තෙම මහත් ඵල ඇත්තේ වෙයි, මහානිශංස ඇත්තේ වෙයි´´ කීයේය.

24. ඊට පසුව පායාසි උපරජ තෙමේ ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචක යන මොවුන්ට දානය පිහිටෙව්වේය. ඒ දානයෙහි වනාහි උත්තර නම් මානවකයෙක් කටයුතුවල යෙදුනේය. හෙතෙම දන්දී මෙසේ නැවත නැවත කියයි. ´´මේ දානයෙන් පායාසි උපරජ සමග මේ ලෝකයෙහි එක්වූයෙමි. පරලොව ඔහු හා සමග එක් නොවේවා´´යි කියාය.

ඒ වචනය පායාසි උපරජට අසන්නට ලැබුනේය. මේ වචනය කුමක් සඳහා කියන්නෙහිදැයි ඇසීය. ඉක්බිතිව පායාසි උපරජ තෙමේ සකස් නොකොට දන්දී සිය අතින් දන් නොදී අගෞරවයෙන් දන් දී සිය කැමැත්තෙකු මෙන් දන්දී මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට ගියාවූ සිස්වූ සෙරිස්සක නම් විමානයෙහි උපන්නේය. උත්තර නම්වූ යම් මාණවකයෙක් ඒ පායාසි උපරජුගේ දානයෙහි ව්‍යවෘත වූයේද හෙතෙම සකස්කොට ශ්‍රද්ධාවෙන් භේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට පැමිණියේය.

25. එසමයෙහි වනාහි ආයුෂ්මත් ගවම්පති ස්ථවිර තෙම නිරතුරුව සිස්වූ සෙරිස්සක විමානයට දිවා විහරණය සඳහා වඩින්නේය. ඉම්බිතිව පායාසි දිව්‍ය පුත්‍ර තෙම ආයුෂ්මත් ගවම්පති ස්ථවිර තෙම වෙත පැමිණ ආයුෂ්මත් ගවම්පති ස්ථවිරයන් වැඳ එක පැත්තක සිටියේය. එකත් පසෙක සිටියාවූ පායාසි දිව්‍ය පුත්‍රයාට ආයුෂ්මත් ගවම්පති ස්ථවිර තෙම මේ කාරණය කීයේය.

´´ඇවැත්නි, තෝ කවරෙක්වූයෙහිදැ´´යි ඇසීය.

´´ස්වාමීනි, මම පායාසි උපරජ වෙමි´´යි කීයේය.

´´ඇවැත්නි, තෝ මේ කාරණයෙන්ද පරලොව නැත්තේය. මැරී උපදනා සත්වයෝ නැත්තාහුය. කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක නැත්තේය යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් නොවේදැ´´යි ඇසීය.

´´එසේය, ස්වාමීනි, එහෙත් මම කුමාර කාශ්‍යප ආර්යයන් වහන්සේ විසින් මේ ලාමකවූ දෘෂ්ටියෙන් මුදනු ලැබූවෙමි.´´

26. ´´ඇවැත්නි, තාගේ දානයෙහි ව්‍යවෘතවූ උත්තර මාණවක තෙම කොහි උපන්නේදැ´´යි ඇසීය. ´´ස්වාමීනි, මාගේ දානයෙහි යෙදුනාවූ උත්තර මාණවක තෙම මරණින් මතු මනා ගති ඇති ස්වර්ග නම් තව්තිසා වැසි දෙවියන්ගේ එකී භාවයට පැමිණියේය. ස්වාමීනි, මම වනාහි මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ගේ එකී භාවයෙහිවූ සිස්වූ සෙරිස්සක නම් මේ විමනයෙහි උපන්නෙමි. ස්වාමීනි, ගවම්පති ස්ථවිරයන් වහන්ස, එබැවින් නුඹ වහන්සේ මනුෂ්‍ය ලෝකයට ගොස් මෙසේ දැන්නුව මැනවි. ´´සකස් කොට දන් දෙව්, සියතින් දන් දෙව්, සිතින් ගුණ සලකා දන් දෙව්, නිරතුරුව දන් දෙව්. පායාසි උපරජ තෙමේ සකස් නොකොට දන් දී සිතින් ගුණ නොසලකා දන් දී, අහක දමනු කැමැත්තෙකු මෙන් දන් දී මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ගේ එකී භාවය වන සිස්වූ සෙරිස්සක නම් විමානයෙහි උපන්නේය. උත්තර මාණවක තෙම වනාහි ඒ පායාසි උපරජුගේ දානයෙහි යෙදී සකස් කොට ශ්‍රද්ධාවෙන් දන් දී, සිය අතින් දන් දී, සිතින ගුණ සලකා දන් දී ශරීරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග ලෝකයෙහි තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට පැමිණියේය.´´

ඉන්පසු ආයුෂ්මත් ගවම්පති ස්ථවිරයන් වහන්සේ මිනිස් ලොවට අවුත් ඒ ගැන දැන්නුවේය.

22. මහා සතිපට්ඨාන සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැසියන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන වහන්සේ භික්‍ෂූන්ට කථා කර මෙසේ දේශනා කළාහුය.

´´මහණෙනි, සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිඳුවීම පිණිසද, ශෝක කිරීමය, වැළපීමය, යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හා සිතෙහි හටගන්නා දුකය, යන මොවුන්ගේ දුරලීම පිණිසද, ඥාන නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද, නිර්වාණය අවබෝධ කිරීම පිණිසද, එකම මාර්ගය වන්නේයයි´´ දේශනා කළාහුය.

´´මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්යය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව, සිහියෙන් යුත්තව (1) මේ ශරීරයෙහි ලෝභයද ක්‍රෝධයද සංසිඳුවාගෙන, මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව (2) විඳීම් රාශියෙහි ලෝභය, හා දොම්නස(ක්‍රෝධය) සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව (3) සිත්යෙහි ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන සිත් අනුව දක්නා ස්වභාව ඇතිව (4) නීවාරණාදී ධර්ම රාශියෙහි ලෝභය හා දෝම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන ධර්මයෙන් කෙරෙහි ධර්ම අනුව සිහි කරම්න් වාසය කරන්නේය. (මේ සතර සතිපට්ඨාන ධර්මයෝ නම් වෙත්)

2. (1) ´´මහණෙනි, මහණතෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරනන්නේද යත්, මේ ශාසනයෙහි මහණ තෙම් කැලයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ (එරමිනිය ගොතාගෙන) ශරිරය කෙළින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳින්නේය. හෙතම සිහියෙන්ම ආශ්වාස සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර් කොට ආශ්වාස කරන්නේ හෝ දීර් කොට ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි,යි දන්නේය. ලූහුඬු කොට ආශ්වාස හෝ ප්‍රශ්වාස කරන්නේ හෝ ´´ලුහුඬු කොට ආශ්වස ප්‍රශ්වාස කරන්නෙමියි´´ දන්නේය. මුල මැද අග යන සියලූ ආශ්වාසය ප්‍රකට කරගත්තෙමියි යන අදහසින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස යන් හෝ සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නේමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නේමියි පුරුදු කරන්නේය.

මෙසේ තමාගේද අනුන්ගේද ආශ්වාස ප්‍රශ්වාස අනුන්ගේ හා තමන්ගේද (ආශ්වාස ප්‍රශ්වාස) ශරිරයෙහි හෝ ආශ්වාස ප්‍රශ්වාස ශරිරය අනුව බලමීන් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් හටගැනිම නැතිවිම කලෙක හටගැනිම ,විනාශය බලමින් හෝ වාසය කරන්නේය. ඥනයේ වැඩිම පිණිසද සිහියේ වැඩිම පිණිසද පවති. ආශ්වාස ප්‍රශ්වාස දෙකෙම ඇත්තේය මනා කොට සිහිය පිහිටියේ වෙයි. තණ්හා දාෂ්ටියෙන් දුරුව වසන්නේද වේ එහෙයින් සත්තව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදී වශයෙන්) තොගන්නේය. මහණෙනි, මෙසේද මහණ තෙම ශරිරයෙහි ශරිරය අනුව බලමින් වාසය කරන්නේය.´´

3. ´´මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ ´´යන්නේමියි´´ සිටියේ හෝ ´´සිටියෙමි´´ හුන්නේ හෝ ´´හුන්නේමියි´´ සයනය කරන්නේ හෝ ´´සයනය කරන්නේමියි´´ දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටු වන ලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය.

4. ´´මහණෙනි, නැවතද මහණතෙමේ ඉදිරියට යාමයෙහිද ආපසු ඊමයෙහිද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරිපිට බැලිමෙහිද සරස බැලිමෙහිද අත් පා හැකිලිමෙහිද දිගු කිරිමෙහිද පාත්‍රා දෙපට සිවුරු තනිපට සිවුරු දැරිමෙහිද අනුභව කිරීමෙහිද පානය කිරීමෙහිද කඩා කැමෙහිද රස බැලිමෙහිද මළ මුත්‍ර පහ කිරීමෙහිද යාමෙහිද, සිටිමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරු කීරිමෙහිද, කථා කිරීමෙහිද කථා නොකිරීමෙහිද, ප්‍රඥවෙන් දැන ඒ ඒ කෘත්‍ය පවත් වන්නේය.

5. ´´නැවතද මහණෙනි, යෝගාවචර තෙම මේ ශරීරයම සිහි කරන්නේය (කෙසේද යත්) මේ ශරිරයෙහි හිසකෙස්ය ලොම්ය,නියපොතූය,දෙතිස් දත්ය,හමය මස් පීඩුය, නහරය, ඇටය ඇටමිදුලුය, වකූගඩුය, අක්මාවය, හෘදය, මාංශය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහණය, නොදිරූආහාරය, මලය, ස්මොලය, පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය කඳුලුය, වුරූණු තෙලය, කෙලය, සොටුය, සදමිඳුලුය, මූත්‍රය, ඇත්තාහ.

´´මහණෙනි, යෝගාවචාර තෙමෙ පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට නොයෙක් ආකාර අසූචිවලින් පිරුණාවු මේ ශරිරයම සිහි කරන්නේය.

6. ´´මහණෙනි, නැවතද භික්‍ෂුව මේ ශරිරය යම්සේ සිටියේද, යම්සේ පිහිටු වන ලදද, එසේ ධාතු වශයෙන් සිහි කරන්නේය. මේ ශරිරයෙහි පෘථවි ධාතුව (තදගතිය), ආපො ධාතුව (දියවනගතිය), තේජෝ ධාතුව (උණුගතිය), වායො ධාතුව (විහිදෙනාගතිය) (යන ධාතුහු) ඇත්තේය කියායි. මේසේ තමන්ගේ හෝ අනුන්ගේ ශරිරයෙහි හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේය.

7. ´´මහණෙනි, නැවතද භික්‍ෂුව මැරි එක දවසක් ගියාවු හෝ දෙදවසක් ගියාවුහෝ තුන් දවසක් ගියාවු හෝ ඉදිමුතාවු නිල්වු (පුයා) සැරව වැහිරෙන්නාවු සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දකින්නේද, නොයෙක් සතුන් විසින් කඩා කනු ලබන්නාවු හෝ අමු සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේද, ලේ මස් සහිතවූ නහරවලින් බැඳුන ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දක්නේද, මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක්වු සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දක්නේද, මස් ලේ දෙකින් පහවු නහරින් බැඳුන ඇට සැකිල්ලවු සොහොනෙහි දමන ලද මිනියක් යම්සේදක්නේද, නහර බැඳුම්වලින් වෙන්වු දිශා අනුදිශාවන්හි විසිරුණු ඇට කැබලිද, සොහොනෙහි දමන ලද මළමිනිය යම්සේ දකීද, සක්ගෙඩියක පාටට සාමන ස්වභාව ඇති සුදුව ඇට ඇත්තාවු සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේද අවුරුදු ගණනක් ඉක්ම ගිය ඇට ගොඩක්වු සාහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේද, කුණුවු, සුණුවු ඇට කැබලිවලට පැමිණි සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේද්, ඒ භික්‍ෂුව (තම) ශරිරයම නුවණින් බලන්නෙය, මේ මාගේ ශරිරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබදූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියයි.

8. කලෙක ශරීරයෙහි ඇතිවීම ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවිම ස්වභාව දක්නේ හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේය ඒ භික්‍ෂුව (සත්තව පුද්ගල නොව) ශරිරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. එ සිහිය ඥනයාගේ වැඩිම පිණිසද පවතී. කෙලෙස කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනි. මහණෙනි, භික්‍ෂුව මේසේද ශරිරයෙහි හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේය.

9. (2) මහණෙනි, භික්‍ෂුව විදීම් කෙරෙහි විදීම් අනුව බලමින් කෙසේ වාසය කරන්නේද? මහණෙනි, මේ සස්තෙහි භික්‍ෂුව සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් දුක්ද නොවු සැපද නොවු වේදනාවක් හො එ ඒ වේදනාවක් විදීමියි දැනගනී. එසේම කාමාශාවන් පිළිබදවු හො කාමශාවන් පිළිබද නොවන වේදනාවක් විදින්නේ හො විදිමයි දැනගනී. මෙසේ තමන්ගේ හෝ අනුන්ගේ හො තමාගේ හො අනුන්ගේ විදීම් කෙරෙහි හො විදිම් අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන් හි ඇතිවිම් ස්වභාව හෝ නැතීවිම් ස්වභාව කලෙක වේදනාවන්හි ඇතිවිම් ස්වභාව හා කලෙක වේදනාවන්හි නැතිවිම් ස්වභාව දක්නේ හො වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුව (සත්තව පුද්ගල නොව) වේදනාව (විදීම්) ඇත්තේය යන සිහිය හොදීන් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥනයාගේ වැම පිණිසද, සිහිය වැඩිම පිණිසද පවතී. කෙලෙස කරණකොට ආශ්‍රය නො ගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනි, මහණෙනි, මෙසේද විදිමකෙරෙහි විදිම් අනුව බලමින් වාසය කරන්නේය.

10. (3) ´´මහණෙනි, භික්‍ෂුව කෙසේ නම් සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරෙද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ සාරග සිත, වීතරාග සිත, සද්‍රෙස සිත, සමොහ සිත, වීතමොහ සිත, සංඛතන සිත, විකඛතන සිත, මහගගන සිත, අමාහගගත සිත, සඋත්තර සිත, අනුත්තර සිත, සමාහිත සිත, අසමාහිත සිත, විමුත්ත සිත, අවිමුත්ත සිත ඒ ඒ සිත්යයි දැනගනි. මෙසේ විදීම් මෙන්ම භික්‍ෂුව සිත කෙරෙහි සිද අනුව බලමින් වාසය කරන්නේය.

11. (4) ´´මහණෙනි, භික්‍ෂුව කෙසේ නම් ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව පංච නීවරණ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මේ ශාසනයෙහි භික්‍ෂුව තමා කෙරෙහි ඇත්තාවු කාමචජන්දය ඇතැයි දැනගනී තමා කෙරෙහි නැත්තාවු කාමචජන්දය නැතැයි දැනගනි යම් කරුණකින් නූපන්නාවූ කාමචජන්දයාගේ ඉපදීමද උපන්නාවූ කාමචජන්දයාගේ දුරු කිරීමද දුරු කරන ලද කාමචජන්දයාගේ නැවත ඉපදීමක් නොවේද ඒ කරුණු දැනගනි ව්‍යාපාද (ක්‍රොධය) ගැනද ථනමිදධය ගැනය උඞච්චකුක්කුච්චය ගැනද නැත්තාවු උදධච්ච කුක්කුච්චය නැතැයිද, නුපන් උඞච්චකුක්කුච්චයාගේ ඉපදීමද, උපන් උදධච්චයාගේ දුරුකිරීමද, දුරුවු උඞචච කුක්කුචචායාගේ නැවත ඉපදීමක් නොවේද එයද දැනගනී.

´´විවිකිච්ජාව ගැනද මා තුළ විචිකිචජා ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තාවු හෝ වීචිකිච්ජාව´´ මා තුළ විචීකිච්ජාව නැතැයි´´ දන්නේය,

12. ´´මෙසේ තමා තුළවු හෝ අනුන් පිළිබද හෝ තමන් පිළිබදවුද අනුන් පිළිබදවුද (පංච නීවරණ) ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

´´ඒ ධර්මයන් ගේ ඉපදීම් ස්වභාව නැතිවීම් ස්වභාව, විටක ඉපදිම් ස්වභාව හා විටක නැතිවිම් ස්වභාව හෝ බලමින් වාසය කරන්නේය. ඔහු විසින් නීවරණ ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනා කොට පිහිටුවන ලද්දීය. ඒ සිහිය නුවණවැම පිණිසද සිහිය වැඩිම පිණිසද පවතී. ඔහු කෙලෙසුන් ඇසුරු නොකොට වසන්නේය. ලොකයෙහි කිසිවක් (මමය මගේයයි) ගැනිම නොකරන්නේය.

13. ´´මහණෙනි, (භාවනා කරන) භික්‍ෂුව නැවතද පස් ආකාර උපදාන ස්කන්ධ (රූප වේදනා සඤඤ, සංඛාර, විඤඤණ) ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.

´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව මේ රූප රාශියයි, මේ රූපයාගේ පහළවීමේ හේතුවයි, මේ රූපයාගේ විනාශයයිද, ඒ සේම වේදනාවය, සංඥවය, සංස්කාරයය, විඤඤණයය, මේසේ තමා තුළවු (පංචස්කන්ද) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (අනුන් තුළවු) හො තමන් කෙරෙහිවු හො අනුන් කෙරෙහිවු ධර්මයන්ගේ ඇතිවිම් ස්වභාව, ධර්මයන්ගේ විනාශවිම් ස්වභාවය බලමින් වාසය කරන්නේය. ඔහු විසින් ස්කන්ධ ධර්මයෝ ඇත්තාහූය (යන) සිහිය හොදීන් පිහිටුවන ලද්දීය. (ඒ සීහිය) නුවණ වැඩිම පිණිසද, සිහිය වැඩිම පිණිසද පවතී. ඔහු කෙලෙසුන් ඇසුරු නොකොට වාසය කරයි. (පංචස්කන්ධ) ලෝකයෙහි (කිසිවක් මමය මගේයයි) ගැනිමක් නොකරන්නේය.

14. ´´මහණෙනි, නැවතද භික්‍ෂුව තමන් තූළවු සය ආකාර ආයතනයන්ද (ඇස, කණ, නාසය, දිව, කය, සිත) පිටතවු සය ආකාර ආයතනද (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම) යන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඇසද දැනගනී. රුපයන්ද දැන ගනී. ඒ දෙදෙනාගේ එක්විම් හේතුකොට ගෙන යම් සංයෝජනයන් උපදිනනේද එයද දැනගනි. යම් කරුණකින් නුපන් සංයොජනයාගේ ඉපදිම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ රුවිම් වේද එයද දැනගනී. යම් කරුණකින් රුවු සංයෝජනයාගේ නැවත ඉපදිමක් නොවේද, එයද දැනගනි. මෙසේම කණද දැනහනී. ශබ්දයද දැනගනී. නාසයද දැනගනී, ගන්ධයන්ද දැනගනි, කයද දැනගනී, ස්පර්ශයද දැනගනී සිතද දැනගනී, ධර්මයන්ද දැනගනි. මෙසේ තමා තුළවු හෝ පිටත්හිවුද හෝ ආයතනන ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. තමන් තුළවුද පිටත්හිවුද හෝ ධර්මයන්ගේ ඉපදිම විනාශවීම ස්වභාව හෝ කලෙක ධර්මයන්ගේ ඉපදීම හා කලෙක විනාශවීම හෝ බලමින් වාසය කෙරේ. ඔහු විසින් ආයතන ධර්මයෝ ඇත්තාවුය යන සිහිය මනාකොට පිහිටුවන ලද්දීය. (එය) නුවණ වැම පිණිසද, සිහිය වාසය කරන්නේය, (ආයතන ධර්ම) ලොකයෙහි කිසිවක් (මමය මාගේයයි) ගැනීම නොකෙරේ.

15 ´´මහණෙනි, නැවතද භික්‍ෂුව සප්ත බොඡ්ඣංග (අවබෝධයට හේතුවන අවයව හත) ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි, භික්‍ෂුව තමා තුළ ඇත්තාවූ හෝ නැත්තාවූ සති සම්බොජ්ඣංගය (සිහිය) ඇතැයි දැනගනී. යම් කරුණකින් නුපන් සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, උපන්නාවූ සති බොජ්ඣංගයාගේ වැම චේද, එයද දැනගනි.

´´මහණෙනි, එසේම ධම්මවිචය (ප්‍රඥව), විරිය, පීති (ප්‍රිති), පසසඬි (සංසිදීම), සමාධි (සිත එකග කිරිම). උපේක්ඛා (මැදිහත් බව), සම්බොජ්ඣංගය ඇතැයි හෝ නැතැයි දැනගනී සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, වැඩිම වේද එයද දැනහනී.

´´ඒ භික්‍ෂුවට බොඡ්ඣංග ධර්මයෝ ඇතැයි යන සිහිය හොදින් එළඔෙන ලද්දේය. (ඒ භික්‍ෂුව) කෙලෙසුන්ගෙන් දුරුව වාසය කරයි ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් ගැනීම නොකරයි.

16 ´´මහණෙනි, භික්‍ෂුව නැවතද චතුරායි්‍ය සත්‍ය ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි භික්‍ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දැනගනි මේ දුක් ඉපදීමේ හේතුව යයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමේ මාර්ගය යයි ඇති සැටියෙන් දැනගනී.

( පළමු වෙනි බණවර නිමියේය. )

17. ´´මහණෙනි, දුක්ඛායර්‍ය සත්‍යය නම් කවරේද? ඉපදී, මද දිරීමද රොගයද මරණයද ශොක කිරීමය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, ශොක කීරීමෙන් වන වෙහෙසය යන මොව්හු දුක් වන්නාහුය. අකමැති දෙය හා එක්විමද කැමති දෙයින් වෙන්විමද දුක් වන්නේය. යම් කැමති දෙයක් නොලැබිමද දුක් වන්නේය. උපාදානස්කන්ධ පසම දුක් වන්නේය.

18. ´´ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයන්හි ඉපදිමක් වේද, හටගැනිමක් වේද, (උත්පත්තියට) ඇතූළත් විමක් වේද, විශේෂයෙන් ඉපදිමක්ද වේද, ස්කන්ධයන් පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබිමක් වේද, මහණෙනි, මෝ තොමෝ ජාතිය (ඉපදීම) යයි කියනු ලැබේ.

´´ඒ ඒ සත්ව වර්ගයන්හි ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක් වේද්, දිරන බවක් වේද, මේ ජරාවයයි කියනු ලැබේ,

´´ඒ ඒ සත්වයන්ගේ චුතවිමක් වේද, වෙන්විමක් වේද, මිය යාමක් වේද, ස්කන්ධයන්ගේ බිදිමක් වේද, මෙය මරණ යයි කියනු ලැබේ. ´´යම් යම් විපතකින් යුක්තවු සත්වයාගේ ශොකයක් වේද, ශොක කරන බවක් වේද, මෙය ශොකයයි කියනු ලැබේ

´´යම් යම් විපතකින් යූක්තවුවහුගේ යම් යම් දුකකට පත්වුවන්ගේ යම් වැළපිමක් වේද, විලාප කිමක් වේද, මෙය පරිදෙවයයි කියනු ලැබේ.

´´කයෙහිවු යම් දුකක් ඇද්ද, කයෙහි යම් නොසැපක් වේද කායස් පර්ශයෙන් හටගත්තාවු දුකක් වේද, නොසැපවු විදිමක් වේද මහණෙනි, මෙය දුකයයි කියනු ලැබේ.

´´සිතෙහි හටගන්නාවු යම් දුකක් වේද, සිතෙහිවු යම් අමිහිරි බවක් වේද, සිතේ ස්පර්ශය නිසා හටගත් යම් දුකක් වේද, සැප නොවු යම් විදිමක් වේද මහණෙනි, මෙය ද්‍රෙම්නසයයි කියනු ලැබේ.

´´යම් යම් විපතකින් යුක්ත වුවහුගේද, යම් යම් දුකකින් යුක්තවුවහුගේද යම් දැඩි වෙහෙසක් ඇත්තේද යම් ක්ලාන්තවිමක් වේද, මෙය උපයාසයයි කියනු ලැබේ. ආසා කරන යමක් නොලැබිම දුක කියනු ලැබේ.

´´මහණෙනි, ´´කැමතිවු යමක් නොලබාද, එයද දුක්වන්නේය´´ සසර හටගැනනිම අප වෙත නොඑන්නේ නම් ඉතා හොදය´´ යනුවෙන් මෙ කාරණය කැමැත්තේන් (ආශාවෙන්) පැමිණිය හැක්කක් නොවේ

´´ඒකාන්තයෙන් මහලුවිම අප වෙත නොඑන්නේ නම් කාරණය ආශාවෙන් පැමිණිය හැක්කක් නොවේ. නිරොගි බව නොලැබිම මරණයට නොපැමිණිය හැකි බව ශොකයට පැමිණෙන ස්වභාවය නැත්තෝ නොවිම වැළපිමට නොපැමිණෙන්නේ නොවිම දුකට පැමිණෙන ස්වභාව නැත්තෝ නොවිම ද්‍රෙම්නසට පැමිණෙන ස්වභාව නැත්තෝ නොවිම බලවත් වෙහෙසකට නොපැමිණෙන්නෝ නොවිම දුක්වෙත්.

´´මහණෙනි, සංක්‍ෂෙපයන් දුක්වු පඤච උපද්‍රන ස්කන්ධයෝ නම් කවරහුද? හේ මෙසේයි. රූප වේදනා සංඥ සංස්කාර විඥන උපද්‍රනස්කන්ධ, යන මෝහුයි. මහණෙනි, සංක්‍ෂෙපයන් දුක් වන්නාහු මේ පඤච උපද්‍රන ස්කන්ධයෝයි. මෙය දුකඛාය්‍යසත්‍යයයි කියනු ලැබේ.

19. ´´මහණෙනි, දුක්ඛ සමුද්‍රය ආය්‍ය සත්‍යය කවරේද? නැවත නැවත සත්වයාගේ ඉපදීම ඇති කරන්නාවු, ඇලීම් සහගතවු ඒ ඒ උපන් ආත්මභාවයෙහි ඇලෙන්නාවු යම් තණ්හාවක් වේද, ඒ කවරේද යත් කාම තණ්හාව භාව තණ්හාව විභාවතණ්හාව වෙත්.

´´ලොකයෙහි කුමන ප්‍රිය ස්වභාව ඇත්තේද, සැප ස්වභාව ඇත්තේද? ඒහි උපදිනු ලබන්නාවු මේ තණ්හාව උපදි, පවතිනු ලබන්නාවු මේ තණ්හාව පවතී.

´´ලොකයෙහි ඇස ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවු මේ තණ්හාව මෙහි උපදි. පවතිනු ලබන්නාවු මේ තන්හාව මෙහි පවති.

´´එසේම් කණ, නාසය, දිව, ශරිරය, සිත, ඇස මෙන් තණ්හා උපදින පවතින තැන් වෙත්.

ලොකයෙහි රුපයද, ශබ්දයද, සුවදද, රසයද, ස්පර්ශයද, ධර්මයද ප්‍රිය ස්වභාව ඇත්තෙය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවු මේ තණ්හාව මෙහි උපදි. පවතිනු ලබන්නාවු තන්හාව මෙහි පවති.

´´ලොකයෙහි චකඛ සොත ණ ජීව්හා කාය මනොවිඤ්ඤාණ ප්‍රිය ස්වභාවයද සැප ස්වභාවද ඇත්තාහ.

´´ලොකයෙහි සැප චක්ඛු සෝත ාණ ජිව්හා කාය මනෝ සම්පස්ස ප්‍රිය ස්වභාවයද ඇත්තාහ.

´´ලොකයෙහි ඇස හා රූපය, කණ හා ශබ්දය, නාසය හා ගද සුවද, දිව හා රසය, කය හා ස්පර්ශය, සිත හා ධර්මයන් ස්පර්ශවිමෙන් ඇතිවන විඳීමද, ප්‍රිය ස්වභාවයද සැප ස්වභාවයද ඇත්තාහ. ලොකයෙහි සැප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සංඥද ප්‍රිය හා සැප ස්වභාව ඇත්තාහ. ලොකයෙහි රූපය ශබ්දය ගද සුවද ස්පර්ශය ධර්මය නිසා පවත්නා චෙතනා ප්‍රිය හා සැප ස්වභාව ඇත්තාහ.

´´ලොකයෙහි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සංඥද ප්‍රිය හා සැප ස්වභාව ඇත්තාහ.

´´ලොකයෙහි රූපය ආදිය නිසා හටගන්නා විචාරයද, සැප ස්වභාව ඇත්තාහ. මේ කරුණුවලින් උපදින ලබාන්නාවු මේ තණ්හාව මෙහි උපදි. මේ කරුණුවලින් උපදිනු ලබන්නාවු තණ්හාව මෙහි උපදි. පවතිනු ලබන්නාවු තණ්හාව මෙහි පවති. මහණෙනි, මේ දුක්ඛ සමුදය නම් වු ආය්‍ය සත්‍යයයි.

20. ´´මහණෙනි, මේ දුක් නැති කිරිම නම් වු උතුම් සත්‍යය (නිවන) කවරේද? එම තණ්හාවගේ ඉතුරු නොවන යම් නොඇලීම නම් වු තිරුඞ (නැති) කිරිමක් වේද, සම්පුර්ණයෙන් දුරලීමක් වේද, මිදිමක් (ගැලවිමක්) වේද, ආලය නොකිරීමක් වේද එයයි.

´´ලොකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේද, යමක් සැප ස්වභාව ඇත්තේද, පහවනු ලබන්නා මේ තණ්හාව මෙහි නැති වේ. ලොකයෙහි ඇසද, කණද, නාසයද, දිවද, කයද, සිතද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. යමක් සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවු මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවන්නාවුමේ තණ්හාව මෙහි නැති වන්නේය.

´´ලොකයෙහි රූපයද, ශබ්දයද, ගද, සුවදද, රසයද, ස්පර්ශයද, ධර්මයද ඒසේමය.

´´ලොකයෙහි චකඛ ආදී සොත මනොවිඤඤණද ඒසේමය.

´´ලොකයෙහි චක්‍ෂ ආදි ස්පර්ශය ඒසේමයද. ලොකයෙහි ඇසහා රුපය, කණ හා ශබ්දයද, නාසය හා ගන්ධයද, දිව හා රසයද මය හා ස්පර්ශයද ස්ත හා අරමුණ ගැටීමෙන් උපදින වේදනාද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු මේ තණ්හාව මෙහි පහවන්නේය, නැතිවනු ලබන්නාවු මේ තණ්හාව මෙහි නැති වන්නේය.

´´ලොකයෙහි රුපය ආදි හැගිම් ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය පහවනු ලබන්නාවු මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවනු ලබන්නාවු මෙ තණ්හාව මෙහි නැතිවන්නේය.

´´ලොකයෙහි රූපය ආදීයෙහි පැවති සිත වන්නීය. පැවති සිතද ප්‍රිය ස්වභාව ඇත්තේය, සැපස්වභාව ඇත්තේය පහවනු ලබන්නාවු මේ තණ්හාව මෙහි පහවන්නිය නැතිවන්නාවු මේ තණ්හාව මෙහි නැති වන්නීය.

´´ලොකයෙහි රූප ආදීයෙහි තණ්හාව රූපය ආදීය නිසා උපදින චේතනාද රූපයෙහි ආදීයෙහි පැවති විතර්කයද ලොක ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවු මේ තණ්හාව මෙහි පහවන්නිය නැති වන්නාවු මේ තණ්හාව මෙහි නැති වන්නීය මහණෙනි, මෙය දුක්ඛ නිරෝධ ආය්‍ය සත්‍යයයි කීයනු ලැබේ.

21. ´´මහණෙනී, දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපද්‍ර ආය්‍යසත්‍යය නම් කවරේද? මේ ආ්‍යය අෂ්ටාංගික මාර්ගයමයි එ කවරේද? සත්‍යය ඇති සැටියෙන් දක්නා ප්‍රඥවය, යහපත් වචනය යහපත් කල්පනාවය යහපත් කර්මාන්තය යහපත් ජිවිකාව යහපත් උත්සහය උහපත් සිහිය,යහපත් සමාධිය, යනුඋ මහණෙනි, දුක දුකට හේතුව නිරඞ කිරීම දුක නැති කිරිමට පමුණුවන මාර්ගය පිළිබද යම් දැනිමක් වේද මහණෙනි, මේ සම්මාදිට්ඨ (යහපත් ප්‍රඥව) යයි කියනු ලැබේ. යහපත් කල්පනාව නම් ගිහි සැප අත්හැරීමේ ක්‍රෝධනොකිරිමේ හිංසා නොකිරීමේ සංකල්පනාවයි සම්‍යයක් වචනය නම්බොරු කිමෙන් කේළාම් කිමෙන් රඵවචන කීමෙන් හිස් කථා කිමෙන්, වැධකීමය.

සම්‍යක් කර්මාන්තය නම් සතුන් මැරිමෙන් අන්සතුවු නුදුදෙය ගැනිමෙන් කාමයන්හි වරදවා හැසිරිමෙන් වැළකිමය. සම්‍යක් ආජිවය නම් මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමෙ වරද සහිතවු ජිවත්විම හැර නිවරදවු අන්දමින් ජිවිකාව කිරීමයි සම්‍යයක් ව්‍යයාමය මෙ ශාසනයෙහි භික්‍ෂු තෙමෙ නුපන් අකුශල ධර්මයන්ගේ නොඉපදිම පිණිසද, නුපන් කුසල ධර්මයන්ගේ ඉපදිම පිණීසද උපන් කුශල ධර්මයන්ගේ නැවතීම පිණිසද, මුළා නොවිම පිණිසද, වැඩිම පිණිසද, මහත් බව පිණිසද භාවනාවන් සම්පුර්ණ කිරීම පිණිසද කැමැත්ත උපදවාද, උත්සහ කරේද, විය්‍යය පටන්ගනිද සිත දැඩි කොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේද, මෙය යහපත් උත්සාහයයි.

සම්‍යයක්ස්මෘතිය (යහපත් සිහිය) නම් මේ ශාසනයෙහි භික්‍ෂුව ශරිරයෙහි ශරිරය අනුව දක්නේ මේ ශරිරය නම්වු ලොකයෙහි විදිම කෙරෙහි විදිම් අනුව දක්නේ සිතේහි සිත අනුව දක්නේ ධර්මයන් කෙරෙහි ධර්මය අනුව දක්නේ කෙලෙස් තවන වීය්‍ය ඇතිව සිහියෙන් යුක්තව ලෝභයද ද්වෙෂයද සංසිඳුවා ගෙන වාසය කෙරේද. මෙය සම්‍යක් ස්මෘතියයි. සම්‍යක් සමාධිය නම් මේ ශාසනයෙහි භික්‍ෂුව පංචකාම ගුණයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් දුරුව විතර්ක සහිතවු, විචාර සහිත වු විවේකයන් ඇදිවන ප්‍රිතිය හා සැප ඇත්තාවු පළමුවන ධන්‍යයට පැමීණ වාසය කෙරේද, විතකී විචාර දෙදෙනාගේ සංසිදිමෙන් සිත පහදවන්නාවු සිත එමග කරගන්නාවු විතර්ක රහිතවු සමාධියෙන් උපන් ප්‍රිති සැප ඇත්තාවු දෙවනි ධන්‍යයට පැමිණ චාසයකරයිද යම් ධන්‍යයක් පිළිබද ආය්‍යයෝ උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපයෙන් වාසය කෙරෙයයි කියත්ද ප්‍රිතියෙන් වෙන්ව සිහියෙන් යුක්තවුයේ නුවණින් යුක්ත වුයේ සැපය කයින් විදීමීන් ඒ තුන්වැනි ධන්‍යයට පැමිණ වාසය කෙරේද, සුඛය පහකිරිමෙන්ද දුකඛය පහකිරීමෙන්ද සොම්නස ද්‍රෙම්නස් දෙදෙනා දුරු කීරිමෙන් දුක්ද නොවු සැපද නොවු උපෙක්‍ෂාවගේද සිහියගේද පිරිසිදු භාවය ඇති සතරවන ධ්‍යනයට පැමීණ වාසය කෙරෙද. මෙය සම්‍යක් සමාධියයි මහණෙනි, මෙය දුකඛ නිරොධ ගාමිනී ප්‍රතිපද්‍රය්‍ය සත්‍යයයි කියනු ලැබේ. මෙසේ තමන් තුළවූද අනුන් පිළිබද වූද තමන් පීළිබඳවූ හා අනුන් පිළිබඳවූද (වතුරා්‍ය සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (වතුරාය්‍ය සත්‍යය) ධර්මයන්ගේ ඇතිවීමට හේතුවූද, විනාශයට හේතුවූද කලෙක වතුරාය්‍ය සත්‍ය ධර්මයන්ගේ උත්පත්තියද කලෙක විනාශයද දක්නේ හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුව චතුරාය්‍යසත්‍ය ධර්මයෝ ඇත්තාහ යන එළඹසිටි සිහිය ඇත්තේ වෙයි. ඒ සිහිය ඥතයාගේ වැම පිණිසද සිහියගේ වැම පිණිසද පවතී. (ඒ භික්‍ෂුව) කෙලෙසුන් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී මහණෙනි, මෙසේ භික්‍ෂුව ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

22. ´´මහණෙනි, යම් කිසිවක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවූරුද්දක් හෝ සත්දවසක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණෙීම හෝ කෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණිම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එන්තරා ඵලයකට පැමිණීම කැමති විය යුතුය.

´´මහණෙනි, රාගාදී කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුක්ඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක්දෙම්නස් නැතිකිරිම පිණිසද ආය්‍යඅෂ්ටාංගික මාර්ගියාගේ ලැබිම පිණිසද, නිර්වණය ප්‍රත්‍යක්‍ෂ කිරිම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණ පිණිස වදාරණ ලද්දේය.

(ව්සි දෙවැනිවූ මහා සතිපට්ඨාන සූත්‍රය නිමියේය)

21.සක්කපඤ්හ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී .එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිරදිශාවෙහි අම්බසන්ඩ නම් බමුණූ ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහි වෙදික නම් පර්වතය සමීපයෙහි වූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළාහුය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණීස උනන්දුවක් ඇතිවිය.

2. සක් දෙවිඳු තවුතිසා වැසි දෙවියන්ට කථා කලේය.

´´නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිරදිශාවෙහි ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ දැකගැනීම පිණිස යන්නෙමු නම් යහපත නොවේදැයි´´ ඇසුවේය. ´´පින්වතුන් වහන්ස, එසේ වේවායි´´ තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.

එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, වේදික නම් පර්වතයෙහි පහළ විය.

3. එකල්හි වේදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත් විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේ කීහ. ´´වේදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වේදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසාදැයි´´ සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.

4. එකල සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. ´´දරුව, පංචසිඛය, තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම් පිණිස යන්නෙමු.´´

5. පංචසිඛ නම් ගාන්ධර්ව පුත්‍රතෙම බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්දසාල ගුහාවට පැමිණ එක පැත්තක සිටියේය. පංචසිඛ ගන්ධර්ව පුත්‍රතෙම වීණාව වාදනය කළේය. බුදු ගුණ සහිතවූද, දහම් ගුණ සහිතවූද, සඟ ගුණ සහිතවූද, කම ගුණ සහිතවූද ගාථාවන් කීයේය.

6. මෙසේ කී කල්හි භාගුවතුන් වහන්සේ පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට මෙසේ ප්‍රකාශ කළෝය. ´´පංචසිඛය, තාගේ වීණා තත් හඞ ගී හඞ සමගද, ගී හඞ වීණා හඞ සමගද ගැළපේමය.´´

7. එවිට සක්දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථාකළේය.

´´මාගේ දරුවූ පංචසිඛය, තෝ භාග්‍යවතුන් වහන්සේට වඳුව.´´

´´පින්වතුන් වහන්ස, එසේය´´යි පංචසිඛ ගන්ධර්ව පුත්‍රයා සක්දෙවිඳුගේ වචනය සතුටින් අසා භාග්‍යවතුන් වහන්සේට වැන්දේය. ´´ස්වාමීනි, ඇමැතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වඳීය´´ කියාය.

´´පංචසිඛය, ඇමැතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු සැප ඇත්තෙක් වේවා.´´

´´දෙවියෝද, මනුෂ්‍යයෝද, අසුරයෝද, නාගයෝද, ගන්ධර්වයෝද මෙයින් අන්‍යවූ බොහෝ සත්ව සමූහයෝද වෙත් නම් ඔවුහුද සැප කැමැත්තෝමය´´යි කීවෝය.

8. මෙසේ ආශිංසනය ලත් සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ඉන්දසාල ගුහාවට ඇතුල්වී භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. තව්තිසා වැසි දෙවියෝද පංචසිඛ ගන්ධර්ව පුත්‍රයාද භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එකපැත්තක සිටියාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුට මෙසේ කීහ. ´´ආයුෂ්මත් සක්දෙවිඳු පිළිබඳවූ මෙය පුදුමය. (කුමක්ද යත්) එපමණ බොහෝ කෘත්‍ය ඇත්තාවූ බොහෝ කටයුතු ඇත්තාවූ තොපගේ යම්බඳු මෙහි පැමිණීමක් වීනම් එයයි.´´

9. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත එන්නට කැමැත්තෙමි. එසේද වුවත් තව්තිසා වැසි දෙවියන්ගේ මේ යම් කළයුතු වැඩවල යෙදුනෙමි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස එන්ට නොහැකි වූයෙමි. ස්වාමීනි, මෙහි එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සල්ලාගාරයෙහි වසනසේක. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරට පැමිණියෙමි.´´

10. ´´ස්වාමීනි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමාධියකින් යුක්තව උන්හ. ´´භුංජති´´ නම්වූ වෙසමුණි රජුගේ බිසව දොහොත් මුදුන් තබා වඳිමින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස පැමිණ සිටියාය. ස්වාමීනි, මම එවිට භුංජති නම් පරිබ්‍රාජිකාවට මෙය කීවෙමි. ´´මාගේ නැගෙණියෙනි, තී භාග්‍යවතුන් වහන්සේ වඳුව. ස්වාමීනි, ඇමැතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වඳීය´´ කියායි.

´´මෙසේ කී කල්හි භුංජති මට මෙය කීවාය. නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ කාලය සුදුසු නොවන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඵලසමාපත්තියෙන් යුක්තය´´ යනුය.

´´නැගෙණිය, එහෙනම් යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගිටිසේක්ද, එකල්හි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව. ස්වාමීනි, ඇමැතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වඳීය´´ කියායි.

´´ස්වාමීනි, මාගේ නැගෙණියවූ ඈ කිමෙක්ද, භාග්‍යවතුන් වහන්සේ වැන්දේද? භාග්‍යවතුන් වහන්සේ ඇගේ වචනය සිහිකරන සේක්දැයි?´´ ඇසුවේය.

´´ශක්‍ර දේවේන්ද්‍රය, ඒ නැගෙණිය මා වැන්දාය. තවද මම ඇගේ වචනය සිහිකරමි. තවද මම යුෂ්මතාගේ රථයේ රෝද ශබ්දයෙන් ඒ සමාධියෙන් නැගිටියෙමි´´යි කීහ.

11. ´´ස්වාමීනි, යම් ඒ දෙවියෝ අපට වඩා පළමුව තව්තිසා භවනයෙහි උපන්නාහුද, මා විසින් ඔවුන්ගේ සමීපයෙන් අසන ලදි. පිළිගන්නා ලදි. යම් කලෙක ලෝකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතවරයෝ උපදිත්ද, එකල්හි දිව්‍ය නිකායවල් (දිව්‍ය කොටස්) සම්පූර්ණ වෙත්. අසුර නිකායෝ පිරිහෙත්, යනුයි. ඒ මේ කාරණය මා විසින් සාක්‍ෂි වශයෙන් දක්නා ලදි. කෙසේද?´´

´´ස්වාමීනි, මේ කපිලවස්තු පුරයෙහිම බුදුන් දහම් සඟුන් කෙරෙහි පැහැදුනාවූද, සීලයෙන් සම්පූර්ණ කරන්නාවූද ගොපික නම් ශාක්‍ය දුවක් වූවාය. ඈ ස්ත්‍රීභාවය පිළිබඳ සිත පහකොට පුරුෂ භාවය සම්බන්ධ සිත වඩා මරණින් මතු ශෝභන ගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ ලෝකයෙහි (දෙව් ලොව) උපන්නීය. අපගේ පුත්‍ර බවට පැමිණි තව්තිසා වැසි දෙවියන් සහ එක්වීමට පැමිණියාය. එහිදීද, ඔහු ගොපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්. ස්වාමීනි, වෙනත් භික්‍ෂූන් තුන් නමක්ද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්යාව) උසස් හැසිරීම කොට පහත්වූ ගන්ධර්ව කොටසක උපන්නාහුය. ඔවුහු පස්කම් සැප විඳින්නාහු, එයින් යුක්ත වූවාහුය, එහි ඉන්ද්‍රියයන් හසුරවන්නාහු අපගේ උපස්ථානයට පැමිණෙත්. ඔවුන්ට ගොපක දිව්‍ය පුත්‍රයා මෙසේ සිහි කෙරෙව්වේය. ´´නිදුකාණෙනි, තොපි කවර ආකාරයකින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුවාහුද? ´´මම වනාහි ස්ත්‍රියක්වම බුදුන් දහම් සඟුන් කෙරෙහි පැහැදී ශීලයන් සම්පූර්ණ කොට ස්ත්‍රීභාවය සම්බන්ධවූ සිත දුරුකොට පිරිමි බව ගැන සිත වඩා මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ දෙව්ලොව ඉපදී සක්දෙවිඳුගේ පුත් බවට පැමිණ තව්තිසා වැසි දෙවියන්ගේ එක්වීමට පැමිණියෙමි. මෙහිද මා ගොපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්.´´

´´නිදුකාණෙනි, තොපි වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්යාව) උසස් හැසිරීම කොට පහත්වූ ගන්ධර්ව නිකායට පැමිණියාහුය. ඒකාන්තයෙන් දැකීමට නුසුදුසු ආකාරයට දුටුවෙමු. අපි යම් බඳුවූ පහත්වූ ගන්ධර්ව නිකායට පැමිණියාවූ සහ ළාර්මිකයන් (එකට හැසිරුණු අය) දුටුවෙමූ නම් එයයි´´ ස්වාමීනි, ගොපක දිව්‍ය පුත්‍රයා විසින් සිහි කරවන ලදදාවූ ඔවුන්ගෙන් දෙවිවරු දෙදෙනෙක් මේ ආත්මයේදීම (ධ්‍යානයෙන් යුත්) සිහිය හා බ්‍රහ්ම පුරොහිත ශරීර ලැබූහ. එක් දෙවි කෙනෙක් ඒ කාමයන්හි ගැලී විසුවේය.´´

12. ´´මම පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේගේ උපාසිකාවක් වීමි. මට ගොපික යන නමක් විය. බුදුන් කෙරෙහිද, ධර්මය කෙරෙහිද විශේෂයෙන් පැහැදී, පැහැදුනු සිතින් සංයාට උපස්ථාන කළෙමි.´´

´´දිව්‍ය ලොකයෙහි උපන්නාවූ මම ශක්‍රයාගේ පුත්‍රයෙක් වීමි. මෙහිදී මා ගොපක දිව්‍ය පුත්‍රයායයිද (නමින්) දැන ගනිත්´´

´´එකල්හි මම ගන්ධර්ව නිකායට වාසය පිණිස ආවාවූ පෙර දක්නා ලද්දාවූ භික්‍ෂූන් දුටුවෙමි. පෙර මනුෂ්‍යවූ ගෞතම ශ්‍රාවකවූ, අපි යම්බඳුවූ ආහාරයෙන් ඒ භික්‍ෂූන්ට පය සේදීම් ආදියෙන් සංග්‍රහ කොට ආහාරයේන් හා පානවලින්ද උපස්ථාන කළෙමුද, මේ පින්වත්හු කවර නම් කරුණකින් බුද්ධ ධර්මය නොපිළිගත්දාහුද?´´

´´ධර්මය වනාහි තමාගේ දැකීමෙන්ම දතයුත්තේ වේ. මමද තෙපිද බුදුන් (උපාසනය) අශ්‍රය කරන්නෝ වීමු.´´

´´තෙපි ගන්ධර්ව නිකායට පැමිණියාහු දෙවියන්ගේ දාසබවට පැමිණියහුය, ගිහිගයිම් විසුවාවූ මාගේ මේ වෙනස බලව්.´´

´´ඒ මම ස්ත්‍රියන්වී අද දිව්‍ය කාමයන්ගෙන් යුක්තවූ දිව්‍ය පුරුෂයෙක් වෙමි.´´

13. ´´ඔවුන්ගෙන් දෙදෙනෙක් වීර්යය කිරීමට පටන් ගත්තාහුය. ගෞතමයන් වහන්සේගේ අනුශානයෙන් සිහිකරන්නෝ වූහ. ඔවුහු මෙහිදීම සිත් නොඅලවා පංචකාමයන්ගේ දොස් දැක්කාහුය. පාපීවූ මාරයාගේ යෙදුම්වූ දුකසේ පහ කළ යුත්තාවූ කාම සංයෝජනයන් හා කාම බැඳුම් සිඳසැමීම වශයෙන් දැක්කාහුය.´´

´´හීන නිකායකට පැමිණි ඒ මොවුහු තව්තිසා වැසි දෙවියන් ඉක්මවතියයි හටගත් සංවේග ඇති ශක්‍රයාගේ වචනය අසා ගොපක දිව්‍ය පුත්‍රයා ශක්‍රයාට (මෙසේ) කීයේය.´´

´´දේවේන්ද්‍රය, මනුෂ්‍ය ලෝකයෙහි බුදු කෙනෙකු ඇත. මොවුහු උන්වහන්සේගේ පුත්‍රයෝ වෙත්. (ධ්‍යානගත) සිහියෙන් වෙන්ව චුතවූ ඔවුහු මා විසින් නැවතත් සිහිය උපදවනු ලැබූහ.´´

´´ඔවුන් අතුරින් ගන්ධර්ව නිකායට පැමිණි එක්කෙනෙක් මෙහි වාසයට පත්විය. (කෙලෙස්) වසඟ කළාවූ අනාගාමී මාර්ගයට අනුවවූ සමාධි ගත සිත් ඇති දෙදෙනෙක්ම දෙවියන් යටත් කෙරෙත්.´´

´´මෙහි ඔබ වනහ්සේගේ යම් ධර්මයක් දැන, ඔවුන් අතුරින් විශේෂයකට පැමිණි ඒ දෙදෙනෙක් පුරෝහිත බඹලොවට පැමිණි මාර්ග ඵල විශේෂයක් අවබෝධ කළාහුද, නිදුකණන් වහන්ස, ඒ ධර්මයට පැමිණීම පිණිස ආවෙමු. නිදුකණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අවසර දෙන ලද්දාවූ අපි ප්‍රශ්න අසන්නෙමුයි´´ කීය.

14. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙ අදහස විය. ´´මේ ශක්‍රයා බොහෝ කලක් මුලුල්ලේම පිරිසිදුය. යම් කිසි ප්‍රශ්නයක් මගෙන් අසන්නේද, ඒ සියල්ල වැඩ ඇතිවම අසන්නෙමි. වැඩකට නැතිව නොඅසන්නේය. මගෙන් ඇසූ යමක් මම පහදා දෙන්නෙම්ද, එය වහාම දැනගන්නේය´´ කියාය.

නැවත භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජුට මෙසේ වදාළහ.

´´ශක්‍රය, මගෙන් ප්‍රශ්න අසව. තට යම් කිසිවක් කැමති නම්, තාගේ ඒ ඒ ප්‍රශ්න මම කෙළවර කරමියි´´ කියාය.

(පළමුවෙනි බණවර නිමියේය)

15. ශක්‍ර දේවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ මේ පළමුවැනි ප්‍රශ්නය ඇසුවේය. ´´නිදුකාණන් වහන්ස, මනුෂ්‍යයෝද, අසුරයෝද, නාගයෝද, ගන්ධර්වයෝද, මෙයින් අන්‍යවූ බොහෝ ජනයෝ වෙත් නම් ඔවුහුද ක්‍රොධ නැත්තාහු, අඬුවම් නැත්තාහු, සතුරන් නැත්තාහු, සතුටු සිත් ඇත්තාහු, ´´අපි අවෛරීව වසන්නෙමු´´ යි ඔවුන්ගේ ප්‍රාර්ථනාවක් වේද, ඒ ඇති කල්හිත් ඔවුහු ක්‍රෝධ සහිත වූවාහු දඬුවම් සහිත වූවාහු, සතුරන් සහිත වූවාහු, සිත් අසතුටු සහිත වූවාහු, වෛර ඇත්තෝව වසති. ඒ කිනම් බැඳීම නිසාද?´´

භාග්‍යවතුන් වහන්සේ ඕහට මෙය ප්‍රකාශ කළෝය. ´´දේවේන්ද්‍රය, ඊර්ෂ්‍යා මාත්සර්ය (අනුන්ගේ සම්පත් නොඉවසීම, තම සම්පත් හැඟවීම) යන බැඳුම්වලින් බැඳීම හේතුකොට ගෙනය´´.

´´භාග්‍යවතුන් වහන්ස, එය එසේය. මාගේ සැකය දුරින්ම දුරුවිය.´´

16. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේය. ´´නිදුකාණන් වහන්ස, අනුන්ගේ සැප නොඉවසීම හා තම සැඟවීම යන දෙක කුමක් මුල්කොට කුමක් හේතුකොට කුමක් ඇති කල්හි කුමක් ජාතිකොට කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම වේද? කුමක් නැති කල අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම නොවේද?´´ කීය.

´´දේවේන්ද්‍රය, අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම යන දෙක, ප්‍රියවූ දේද, අප්‍රියවූ දේද, මූලකාරණාකොට හේතුව කොට ජාතිකොට ඉපදීම කොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරුබව වන්නේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරුබව නොවේයයි´´ කීවෝය.

17. ´´නිදුකාණන් වහන්ස, ප්‍රිය අප්‍රිය යන දෙක වනාහි කුමක් නිදානකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ප්‍රිය අප්‍රිය දෙක වේද? කුමක් නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේද?´´ ඇසීය.

´´දේවේන්ද්‍රය, ප්‍රිය අප්‍රිය දෙක වනාහි ආශාව මූල්කොට හේතුකොට ජාතිකොට ඉපදීම කොට ඇත්තේය. ආශාව නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේයයි´´ කීවෝය.

18. ´´නිදුකාණන් වහන්ස, ආශාව වනාහි කුමක් මුල්කොට කුමක් හේතුකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ආශාව වේද? කුමක් නැති කල්හි ආශාව නොවේද?´´ ඇසීය.

´´දේවේන්ද්‍රය, ආශාව වනාහි හිතින් පරීක්‍ෂාකර බැලීම මූල්කොට, හේතුකොට ජාතිකොට, ඉපදීම කොට ඇත්තේය. හිතින් පරීක්‍ෂාකර බැලීම ඇති කල්හි ආශාව වේ. හිතින් පරීක්‍ෂාකර බැලීම නැති කල්හි ආශාව නොවේයයි´´ කීවෝය.

19. ´´නිදුකාණන් වහන්ස, හිතින් පරීක්‍ෂාකර බැලීම වනාහි කුමක් මුල්කොට කුමක් හේතුකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම වේද? කුමක් නැති කල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම නොවේද?´´ ඇසීය.

´´දේවේන්ද්‍රය, හිතින් විනිශ්චය කිරීම වනාහි ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් මූල්කොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ජාතිකොට, ඉපදීම කොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ඇතිකල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම වේ. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් නැති කල්හි පරීක්‍ෂා කිරීම නොවේයයි´´ කීවෝය.

20. ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදිනනාවූ භික්‍ෂු තෙමේ ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදූණ හැඟීම දුරුකිරීමට සුදුසුවූ මාර්ගයෙහි පිළිපදින්නේ වේදැ´´යි ඇසුවේය.

´´දේවේන්ද්‍රය, මම සැප වේදනාවද දුක්වේදනාව දුක සැප දෙකම මැදහත් විඳීමද යම් සැප වේදනාවක් මෙසේ දන්නේද, කෙසේද, මේ සොම්නස සේවනය කරන්නාවූ මට අකුසල ධර්මයෝ වැඩෙත්ද කුශල ධර්මයෝ පිරිහෙත්ද, මෙබඳුවූ සැප වේදනාව සේවනය නොකට යුතුයි. එහි යම් සැප වේදනාවක් මෙසේ දන්නේද? කෙසේද, මේ සැප වේදනාව සේවනය කරන්නාවූ මගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ සැප වේදනාව සේවනය කටයුතුයි. එහි යම් සැප වේදනාවක් විතර්ක රහිත විචාර රහිත සැප වේදනාව අතිශයින් උතුම්ය.´´

´´යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකුශල ධර්ම වැඩෙත්, කුශල ධර්ම පිරිහෙත්යයි දන්නේද ඒ දොම්නස සේවනය නොකළ යුතුයි. යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකුශල ධර්ම පිරිහෙත්, කුශල ධර්ම වැඩෙත්යයි දන්නේද ඒ දොම්නස් වේදනාව සේවනය කළ යුතුයි. එහි විතර්ක විචාර සහිත දොම්නසක් ඇත්තේද එයින් විතර්ක විචාර රහිත දොම්නස ප්‍රණීතතරය.´´

´´යම් උපේක්‍ෂාවක් සේවනය කරන්නාවූ මට කුශල ධර්මයෝ පිරිහෙත්, අකුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේ නම් ඒ උපේක්‍ෂාව සේවනය නොකළ යුතුයි. එහි යම් උපේක්‍ෂාවක් සේවනය කරන්නාවූ මට අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේ නම් ඒ උපේක්‍ෂාව සේවනය කළ යුතුයි. එහි යම් උපේක්‍ෂාවක් විතර්ක සහිතද, විචාර සහිතද, යම් උපේක්‍ෂාවක් විතර්ක රහිතද, විචාර රහිතද ඒ අවිතර්ක අවිචාර උපේක්‍ෂාව අතිශයින් ප්‍රණීතය. දේවේන්ද්‍රය, මෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙමේ ප්‍රමාදයට හේතුවූ ආශාව සමග යෙදුණ හැඟීම සංසිඳවීමම සුදුසු මාර්ගයයි කියන ලද ප්‍රතිපදාවට පිළිපන්නේ වේ´´යයි ප්‍රකාශ කළෝය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රකාශ කළෝය. සතුටු සිත් ඇත්තාවූ ශක්‍ර දේවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.

21. මෙසේ මෙහිදී ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙම සීල සංවරය පිණිස පිළිපදින්නේ වේද?´´

´´දේවේන්ද්‍රය, මම කයේ පැවැත්මද, වචනයේ පැවැත්මද, සෙවීමද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනි.´´

´´යම් ශරීරයේ පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නාවූ මට අකුසල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්යයි දන්නේද, මෙබඳුවූ කායික පැවැත්ම සේවනය නොකටයුතුයි. එහි යම් කායික පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේද, මෙබඳුවූ කායික පැවැත්ම සේවනය කටයුතුයි.´´

´´යම් වචනයේ පැවැත්මක් මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නාවූ මට අකුසල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි දන්නේද, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය නොකටයුතුයි. මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේද, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය කටයුතුයි.´´

´´මේ පය්‍රේ‍යසනය (සෙවීම) සේවනය කරන්නාවූ මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි යම් සෙවීමක් මෙසේ දන්නේද, මෙබඳුවූ පය්‍රේ‍යසනය සේවනය නොකටයුතුයි. එහි මේ පය්‍රේ‍යසනය සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි යම් මේ පය්‍රේ‍යසනයක් මෙසේ දන්නේද, මෙබඳුවූ පය්‍රේ‍යසනය සේවනය කටයුතුයි. දේවේන්ද්‍රය, මම පය්‍රේ‍යසනයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනැයි මෙසේ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදි.´´

´´දේවේන්ද්‍රය, මෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙමේ ප්‍රාතිමොක්‍ෂසංවරය පිණිස පිළිපදින්නේය´´යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ප්‍රශ්නවලට උත්තර දුන්නෝය. සතුටු සිත් ඇත්තාවූ ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය. අනුමෝදන් විය.

22. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ඒ කෙසේද? ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙමේ ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නේ වේදැයි´´ කියායි.

´´දේවේන්ද්‍රය, මම ඇසින් බලා දතයුතුවූ රූපයද, කණින් අසා දතයුතුවූ ශබ්දයද, නාසයෙන් ගඳ සුවඳ විඳ දතයුතුවූ ගන්ධයද, දිවෙන් රස විඳ දතයුතුවූ රසයද, ශරීරයෙන් ස්පර්ශකොට දතයුතුවූ ස්පර්ශයද, සිතෙන් පරීක්‍ෂාකොට බලා දතයුතුවූ ධර්මයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයයි´´ කීවාහුය.

23. මෙසේ කී කල ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය දැන්නුවේය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද මේ ධර්මයාගේ අර්ථය මම විස්තර වශයෙන් දනිමි. ස්වාමීන් වහන්ස, යම් බඳුවූ ඇසට පෙනෙන රූපයක් සේවනය කරන්නහුගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්ද මෙබඳුවූ ඇසට පෙනෙන්නවූ රූපය සේවනය නොකටයුතුයි. ස්වාමීනි, යම් බඳුවූ ඇසට පෙනෙන රූපයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ ඇසට පෙනෙන රූපය සේවනය කටයුතුයි.´´

´´ස්වාමීනි, යම් බඳවූ කණට ඇසෙන ශබ්දයක්, නාසයෙන් ගඳ සුවඳ විඳ දැනගන්නාවූ ගන්ධයක්, දිවට දැනෙන්නාවූ රසයක්, ශරීරයට දැනෙන්නාවූ ස්පර්ශයක්, සිතින් දැනගන්නාවූ ධර්මයක් සේවනය කරන්නහුගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්ද මෙබඳුවූ දැනගන්නාවූ ධර්ම තෙමේ සේවනය නොකටයුතුයි. ස්වාමීන් වහන්ස, යම් බඳුවූ දැනගන්නාවූ ධර්මයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ දැනගන්නාවූ ධර්මයෝ සේවනය කටයුතුයි.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද මේ ධර්මයාගේ අර්ථ විස්තරයෙන් දන්නාවූ මා විසින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා සැකය දුරු කරන ලදි.´´

24. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය.

´´සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සමාන වාද ඇත්තාහුද, සමාන ඡන්ද ඇත්තාහුද, සමාන කෙළවර ඇත්තාහුද?´´

´´දේවේන්ද්‍රය, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝද, සමාන ඡන්ද ඇත්තෝද, සමාන කෙළවර ඇත්තෝද නොවෙත්මයයි´´ කීවාහුය.

´´නිදුකාණන් වහන්ස, කවර හෙයකින් සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝද, සමාන ඡන්ද ඇත්තෝද, සමාන කෙළවර ඇත්තෝද නොවෙද්ද?´´

´´දේවේන්ද්‍රය, ලෝක සත්ව තෙමේ අනේක අදහස් නොයෙක් අදහස් ඇත්තේමය. ලෝකයේ සත්වයෝ යම් යම් අදහස් ගනිත්ද, ඒ ඒ අදහස්ම දැඩිසේ ගෙන යහපත් ලෙස ගෙන මේ අපගේ වචනයම සත්‍යයි අන්‍යයන්ගේ වචනය වරදයයි කියත්. එහෙයින් සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝද, සමාන ලබ්ධි ඇත්තෝද, සමාන කෙළවර ඇත්තෝද නොවෙත් යයි´´ කීවෝය.

25. ´´නිදුකාණන් වහන්ස, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම විනාශය කෙළවර කිරීමක් ඇත්තෝද, විනාශය ඉක්මවන්නාවූ සසර බැඳීම් සිඳින්නාවූ නිර්වාණය ඇත්තෝද, විනාශය කෙළවර කරන උතුම් හැසිරීම ඇත්තෝද, නිත්‍යවූ අවසානයක් ඇත්තෝද?´´

´´දේවේන්ද්‍රය,සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එසේ ඇත්තෝද නොවෙත්යයි´´ කීවාහුය.

´´නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත යොගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ නොවෙත්ද?´´

´´දේවේන්ද්‍රය, යම් ඒ මහණ බමුණෝ තණ්හාව ක්‍ෂය කිරීමෙන් මිදුනාහු වෙත්ද, අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත යොගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ වෙත්´´

´´එහෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත ඉක්මවූ නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත ඉක්මවූ යොගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ, අත්‍යන්ත ඉක්මවූ බඹසර ඇත්තෝ, අත්‍යන්ත ඉක්මවූ කෙළවර ඇත්තෝ නොවෙත්යයි´´ කීවාහුය.

26. මෙසේ මෙහි ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, තණ්හාව රෝගයකි. තණ්හාව ගඩයකි. තණ්හාව උලකි. තණ්හාව මේ පුරුෂයා ඒ ඒ භවයාගේ ඉපදීම පිණිස අදින්නේය. එහෙයින් මේ පුරුෂයා උස් පහත් බවට පැමිණේ.´´

27. ´´ස්වාමීන් වහන්ස, යම්බඳුවූ ප්‍රශ්නයන් සම්බන්ධව මෙයින් පිට අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් මම අවකාශ මාත්‍රයකුදු නොලද්දෙම්ද, බොහෝ කලක සිට පැවැත්තාවූ ඒ ප්‍රශ්නයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මට ප්‍රකාශ කරන ලද්දාහ. මාගේ යම්බඳුවූ විචිකිච්ඡා සංඛ්‍යාත කෙසේදැයි පැවති හුලක් වූයේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් එයද උදුරන ලද්දේයයි´´ දැන්නුවේය.

´´දේවේන්ද්‍රය, මේ ප්‍රශ්න අන්‍යවූ මහණ බමුණන්ගෙන් ඇසුවෙහිදැයි ඔබ දන්නෙහිද?´´

´´ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්න අන්‍යවූ මහණ බමුණන්ගෙන් ඇසුවේදැයි ඔබ දන්නෙහිද?´´

´´ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්න අන්‍යවූ මහණ බමුණන්ගෙන් ඇසුවෙමියි, මම දනිමි.´´

´´දේවේන්ද්‍රය, කෙසේ නම් ඔවුහු ප්‍රකාශ කලාහුදැයි, ඉදින් තොපට බරක් නොවෙ නම් කියවයි´´ කීවාහුය.

´´ස්වාමීන් වහන්ස, යම් මහණ බමුණන් වනවාසීහුයයි කියා හෝ ප්‍රාන්ත සේනාසන ඇත්තෝයයි කියා හෝ හඟිම්ද, මම ඔවුන් වෙත පැමිණ මේ ප්‍රශ්නයන් ඇසූයෙමි. මා විසින් අසන ලද්දාවූ ඔවුහු නොදනිත්, නොදන්නාවූ ඔවුහු මගෙන්ම ආපසු අසත්. ´´ආයුෂ්මත් තෙමේ කවර නම් ඇත්තේදැයි´´ අසන ලද මම ඔවුන්ට ´´නිදුකාණෙනි, මම ශක්‍ර දේවේන්ද්‍රයයි´´ ප්‍රකාශ කරමි. ඔවුහු ´´ආයුෂ්මත් දේවේන්ද්‍ර තෙමේ කවර කර්මයක් කොට මේ ස්ථානයට පැමිණියේදැයි´´ මත්තෙහිත් අසත්. ඔවුන්ට මම අසන ලද පරිදි ඉගෙන ගන්නා ලද පරිදි ධර්මය දෙසමි. ඔවුහු එපමණකින්ම සතුටු සිත් ඇත්තෝ වෙත්. ´´ස්වාමීන් වහන්ස, මම වනාහි සෝවාන්වූ අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියතවූ රහත් බව පිහිටකොට ඇත්තාවූ බුද්ධ ශ්‍රාවකයෙක්මි´´ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා ලබන ලද්දාවූ ඒ දඬුවම් රහිතවූ ආයුධ රහිතවූ ප්‍රීති ප්‍රතිලාභය සොම්නස් ප්‍රතිලාභය ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, රාගය නැති කිරීම පිණිස, නිරෝධය පිණිස කෙලෙස් නැති කිරීම පිණිස, විශේෂ අවබෝධය පිණිස, සම්බෝධිය පිණිස පවතීයයි´´ ප්‍රකාශ කළේය.

28. ´´දේවේන්ද්‍රය, ඔබ කිනම් කරණයක් අර්ථ වශයෙන් දක්නේ මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක් සොම්නස් ප්‍රතිලාභයක් විඳින්නේදැයි´´ ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, මම කරණා හයක්ම අර්ථ වශයෙන් දක්නේයයි ප්‍රකාශ කළේය.

(1). මේ ස්ථානයෙහි සිටගෙනම මා විසින් නැවත ජීවිතයද ලබන ලදි. නිදුකාණන් වහන්ස, මෙසේ දැන වදාල මැනවි.

(2). මම දිව්‍ය ලෝකයෙන් චුතවූයෙමි, සිහි මුළා නොවී මිනිස් ලොව ක්‍ෂත්‍රියාදී කුලයෙහි සිත ඇලේ නම් එහි ගර්භෝත්පත්තියට පැමිණෙන්නෙමි.

(3). ඒ මම මුළා නොවන ප්‍රශ්න ඇත්තේ ශාසනයෙහි ඇලී වාසය කරමින් යහපත් ප්‍රඥා ඇත්තෙමි, සිහි ඇත්තෙමි, නුවණින් වාසය කරමි.

(4). න්‍යාය ක්‍රමයෙන් වාසය හැසිරෙන්නාවූ මට සම්බෝධිය සකෘදාගාමී මාර්ගය වන්නේ නම් දැනගනු කැමතිව වාසය කරන්නෙමි. එය මනුෂ්‍ය ලෝකයෙහි මාගේ කෙළවර වන්නේය.

(5). මම මනුෂ්‍ය ආයුෂ ගෙවා මනුෂ්‍ය ලෝකයෙන් චුතවන්නෙම් නැවත දිව්‍ය ලෝකයෙහි උතුම්වූ දෙවියෙක් වන්නෙමි.

(6). කීර්ති ඇත්තාවූ අතිශයින් ප්‍රණීතවූ අකනිටා බඹලොව වාසීවූ ප්‍රසිද්ධ දෙවියෝ වෙත්ද, අන්තිම භවය පවත්නා කල්හි ඒ නිවාසස්ථානය වන්නේය.´´

´´ස්වාමීන් වහන්ස, මේ කාරණා හය දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක් සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි.´´

29. ´´නිම නොකරන ලද මනෝරථ ඇත්තේ සැක ඇත්තේ කෙසේ කෙසේදැයි පැවති සැක ඇත්තේ තථාගතයන් වහන්සේ සොයමින් බොහෝ කලක් හැසිරුනෙමි.´´

´´යම් කලෙක්හි මම සැක දුරුකළාවූ බුදුරජානන් වහන්සේ දුටුයෙම්ද, ඒ මම සර්වඥයන් වහන්සේ ආශ්‍රය කොට පහවූ භය ඇත්තෙක් වීමි. තණ්හාව නැමැති හුල නැසුවාවූ සමාන පුද්ගලයෙක් නැති හෙයින් අප්‍රති පුද්ගලවූ සම්බුදුරජානන් වහන්සේ මම වඳිමි. නිදුකාණන් වහන්ස, දෙවියන් සමග බ්‍රහ්මයාට අපි යම් නමස්කාරයක් කළෙමුද, ඒ නමස්කාරය අද නුඹවහන්සේට කරමු. එබැවින් තුමූම නුඹවහන්සේට නමස්කාර කරමු. නුඹවහන්සේ නිරුත්තරවූ ශාසතෲය, දෙවියන් සහිත ලෝකයෙහි නුඹවහන්සේ ප්‍රති පුද්ගලයෙක් නැත්තේය.´´

30. එවිට ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ අතින් පෘථිවිය පිරිමැද තුන් යලක් ප්‍රීති වාක්‍ය කීවේය. කෙසේද? ´´ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා´´ කියායි.

මේ ප්‍රශ්න විසඳීම කරනු ලබන කල්හි ශක්‍ර දේවේන්ද්‍රයාට රාගාදී කෙලෙස් රහිතවූ පහවූ කෙලෙස් මල ඇති ධර්ම ඇස උපන්නේය, කෙසේද? ´´සමුදය ස්වභාවවූ යම් කිසිවක් වේනම් ඒ සියල්ලම නැතිවීම ස්වභාව කොට ඇත්තේය´´ යනුවෙනි. අන්‍යවූ අසූදහසක් දේවතාවන්ටද මෙසේ ධර්ම ඇස උපන්නේය.

(සක්කපඤ්හ සූත්‍රය නිමියේය)

20. මහා සමය සූත්‍රය.

1. මාගේ ඇසීම මෙසේය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වූ කිඹුල්වත් පුරය සමීපයෙහි වූ මහ වනයෙහි සියල්ලම රහත්වූ පන්සියයක් භික්‍ෂුන්ගෙන් යුක්තවූ මහත් භික්‍ෂු සංයා සමග වාසය කරන සේක. දස දහසක් ලෝක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්‍ෂු සංයාද දැකීම පිණිස බොහෝසෙයින් රැස්වූවෝ වෙත්.

2. ඉක්බිත්තෙන් ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නාවූ බ්‍රහ්මයන් සතර දෙනෙකුන්ට මේ අදහස විය. භික්‍ෂුන් දස දහසක් ලෝක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්‍ෂු සංයාද දැකීමට ඛොහෝසෙයින් රුස්වූවෝ වෙත්. අපිත් එතැනට පැමිණ බුදුන් හමුයෙහි එක් එක් ගාථාවක් කියන්නෙමු නම් ඉතා යෙහෙකැයි´´ කියායි.

3 එවිට ඒ දෙවියෝ ශුද්ධාවාස බඹලොව දෙවියන් අතුරෙන් අතුරුදහන් වුවාහු භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වුහ.

ඉක්බිති ඒ දෙවියෝ බුදුන් වහන්සේට නමස්කාර කර එකත්පසෙක සිටියාවූ එක් දෙවියෙක් බුදුන් වහන්සේ හමුයෙහි මෙම ගාථාව කිය.

´´මේ මහා වනයෙහි මහා සමාගමක් විය. දිව්‍ය සමුහයො රුස්වූහ. කෙලෙස් මරුන් විසින් නොපරදවන ලද සංඝයා දැකීමට මේ ධර්ම සමාගමට ආම්හ´´ යි කියා යි. එව්ට අනෙක් දෙවිකෙනෙක් මේ ගාථාවක් කිය.´´ ඒ මහා සමුහයෙහි භික්‍ෂුහූ තමන්ගේ සිත සමාධියෙහි පිහිටවූහ. ඎජු කළාහුය. ලනුවෙන් ගෙන රියැදුරා රථය හසුරුවන්නාක් මෙන් නුවණ ඇති අය පසිඳුරන් රකිත්යයි´´ කීය. එවිට අනෙක් දේවතාවෙක් මේ ගාථාව කීය.

´´(කෙලෙස් නැමැති) හුල් කපා (කෙලෙසුන් නැමැති) පලිය සිඳ ඉන්ද්‍රඛීලය උදුරා තෘෂ්ණා රහිතවූ පිරිසිඳුවූ කෙලෙස් කසට නැති පසැස් ඇති බුදුරජුන් විසින් හොඳින් දමනය කරන ලද්දාවූඒ තරුණ රහත්හු හැසිරෙත්´´ යයි කීහ.

ඉක්බිති තවත් දේවතාවෙක් මෙම ගාථාව කීය. යම් කිසිවෙක් බුදුසරණ ගියෝද ඒ සත්වයෝ අපායට නො යත්,ම්ස්සිරුර හැර දිව්‍ය ශරීර සම්පුර්ණ කරන්නාහු (දෙවි බවට පැම්නෙත්)´´යයි කීහ..

4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කතා කළසේක. ´´මහණෙනි දසදහසක් ලෝකධාතූවෙහි දෙවියෝතථාගතයන් ද භික්‍ෂු සංයාද දැකීමට බොහෝසෙයින් රැස්වූහ. මහණෙනි, යටගිය දවස අර්හත්වූ යම් ඒ සම්‍යක් සම්බුදුවරයෝ වූවාහූද, ඒ භාග්‍යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වූහ.දැන් මා දැක්මට යම් පමණක් රුස්වූවෝ ද, එතරම්මය.

´´මහණෙනි, මතු කාලයෙහි අර්හත් වූ යම් ඒ සම්‍යක් සම්බුදුවරයෝ වන්නාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වන්නාහුය.´´

භාග්‍යවතුන් වහන්සේ ඒ දේවසමූහයාගේ නම් දේශනා කළ සේක.

5. මේ සැටක් දෙවි සමූහයෝ සියල්ලෝම නොයෙක් පැහැයෙන් යුක්තවූවෝම තමතමන්ගේ නම් ගොත් වශයෙන් ආවාහුය. යම් සෙසු දෙවියෝ ද නම් ආදියෙන් සමානවෙත් නම් ඔවුන් සමග ආවාහුය.පහවු ජාති ඇත්තාවු රාගාදී උල්රහිත වූ චතුරොයෙන් එතෙරවූ කෙලෙස් නැතිකලා වූ නාග නම් වූ කෘශ්ණ භාවය ඉක්මවා ගියාවූ පූර්ණ චන්ද්‍රයා වැනිවූ බුදුරජුන් ද දකින්නෙමු.

ඎර්ධි ඇත්තාවූ ආය්‍ර්‍ය පුත්‍රවූ සුබ්‍රහ්ම නම් වූද පරමත්ත නම් වූ බ්‍රහ්මයෝ ද සනංකුමාර නම් මහා බ්‍රහ්මයා ද තිස්ස නම් මහා බ්‍රහ්මයාද සියපිරිස් සමග අර්හත් භික්‍ෂු සමූහය දක්නට මහා වනයට ආවාහුය.

බඹලෝ දහසකින් බ්‍රහ්මයන් දහසක්ද ආයේය. බඹලොව උපන්නාවූ ශෝභාවත්වූ, මහත් කයක් ඇත්තාවූ, යසස් ඇත්තාවූ මහා බ්‍රහ්මයෙක් ද සිටින්නේය. මේ බඹපිරිසෙහි වෙනවෙනම තමතමන්ගේ පිරිස් වසගයෙහි පවත්නා වූ ප්‍රධාන වූ බඹුන් දසදෙනෙක් ආවෝය. ඒමහා බඹුන්ගේ මධ්‍යයෙහි බඹුන් විසින් පිරිවරන ලද්දාවූ හාරිත නම් බඹරජතෙමේ ද ආයේය.

7. මහ වනයට රැස්වූ ශක්‍රයා ද සහිතවූ ,බඹුන් සහිතවූ ,ඒ සියලු දෙවියන් කරා මාර සෙස්නාවෝ පැම්නියාහුය. මාරයාගේ අඥානකම බලව, එව, අල්ලා ගනිවු, සියලුදිය්‍ය සමූහයා රාගයෙන් බදනා ලද්දේ වේවා, හාත්පසින් පිරිවරවු, තෙපි කිසිවෙක් ඒ දෙවි පිරිසෙන් එකෙකුදු නොමුදවු. මෙසේ කියා මහත් සේනාවක් ඇති ඒ වසවත් මරු තෙමේ අත්ලෙන් පොලෝ තලයට ගසා විදුලිය සහිතවූ වැසි කල්හිවූ හෙවත් වර්ෂා කරන්නාවූ මේයක් තෙමේ යම්සේ ර්ජනා කරන්නේද එමෙන් බියජනක නාදකොට මර සෙනග ඒ දිව්‍ය පිරිස මැදට යැවීය. එසමයෙහි ඒ වසවර්තිමාර තෙමේ දිව්‍යපිරිස තම වසගයෙහි පවත්වාගත නොහැකිවූයේ අතිශයෙන් කිපුනෙක් ව ආපසු හැරී ගියේය.

8. ඉක්බිත්තෙන් නුවණ නැමැති ඇස් ඇති බුදුරජානන් වහන්සේ ඒ සියල්ල දැන ව්‍යවස්ථා කොට සස්නෙහි ඇලුනාවූ ශ්‍රාවකයන්ට කථාකර මෙසේ කීවෝය.

´´මහණෙනි මාරසේනාවෝ පැමිණියාහුය. ඒ මරුවුන් දනිවු´´. ඒ භික්‍ෂූද බුදුන්ගේ ධර්ම වචනය අසා කෙලෙස් තැවීමට වීර්ය කළාහුය. වීතරාගී වූ දෙවු බඹුන් කෙරෙන් පහව ගියාහුය. ඒ වීතරාගීන්ගේ රෝමයකුදු කම්පා නොකළාහුය. ජයගත් මාර යුධය ඇති ඉක්මවන ලද බිය ඇති යසස් ඇත්තාවූ ජනයන් අතරෙහි ප්‍රකට වූ ඒ සියලු බුදු සවුවෝම දේව බ්‍රහ්ම ආදී ආර්ය ශ්‍රාවකයන් හා සතුටු වෙත්.´´

(20 වැනි වූ මහා සාම්‍ය සූත්‍රය නිමියේය).

19. මහා ගොවින්ද සූත්‍රය .

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ත්‍රකුට පර්වතයෙහි වැඩ වසන සේක. ඉක්බිති පන්චසික නම් ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි නොයෙක් පාටින් මුළු ගිජ්ජකුට පර්වතය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පසෙක සිට මේ කාරණය දැන්නුවේය. ස්වාමින් වහන්ස මා විසින් තව්තිසා වැසි දෙවියන්ගේ සම්මුකයෙන් යමක් අසන ලද්දේද ස්වාමින් වහන්ස ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියමියි.දැන්විය. පන්චසිකය තෝ මට ඒ කාරණය දන්වවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේය.

(මෙහි ජනවසහ සූත්‍රයෙහි 320 පිටේ 12, 13 වෙනි ජේද යොදන්න)

2. ස්වාමින් වහන්ස නැවත ශක්‍ර දෙවේන්ද්‍ර තෙමේ තව්තිසා වැසි දෙවියන්ගේ යහපත් පැහැදීම දැනගෙන ඒ තව්තිසා වැසි දෙවියන්ට කථා කර මෙසේ කිවේය. දේව්වරුනි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය ගුණ අට නම්-

(1). ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝදෙනාට වැඩ පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙව් මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිසද වැඩ පිණිසද සැප පිණීසද පවතින්නේ වේ.

(2). ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ගුණ කීයේය.

(3). මේ කුසලයයි මේ අකුසලයයි ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරන ලද්දේය. මේ වරදය මේ නිවරදය මේ සේවනය කළයුතු ධර්මය, මේ සේවනය නොකට යුතු ධර්මය, මේ න (ලාමක) ධර්මය මේ උතුම් ධර්මය මේ කුසලාකුසල ධර්මයන්ට සමාන ධර්මයොයි, කියා හොඳින් ප්‍රකාශ කරන ලද්දේය.

(4). ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට නිර්වාණයට පැමිණෙන පිළිවෙත හොඳින් ප්‍රකාශ කරන ලද්දෙය. ඒ නිර්වාණයත් මාර්ගයත් හොඳින් සන්සන්දනය වේ.

(5). ඒ භාග්‍යවතුන් වහන්සේ මාර්ගපල ලාහින්ගේද රහතුන් වහන්සේලාගේද ලබන ලද සහයෝගය ඇත්තේමය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ ආර්ය පුද්ගලයන් සිතින් දුරු නොකොට එක්ව වාසය කිරීමෙහි කැමැත්ත ඇතිව වාසය කරනසේක.

(6). ඒ භාග්‍යවතුන් වහන්සේට කීර්තියද මනාලෙස උපන්නේය. බොහෝවූ ලාබ උපන්නේය. ක්‍ෂත්‍රියන්ගේ පටන් සියල්ලෝම උන්වහන්සේට ප්‍රියවෙමින් සතුටු වෙමින් වාසය කරත්. පහවූ මාන මදාදිය ඇතුව ඒ භාග්‍යවතුන් වහන්සේ ආහාර ගනිත්.

(7). ඒ භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් (ධර්මානුශාසනා) කියත්ද, එසේම කරන්නාහ. යම්සේ කටයුතු කරන සේක්ද, එසේම කියනසේක.

(8). ඒ භාග්‍යවතුන් වහන්සේ පහකරන ලද සැක ඇත්තේය. පහවූ කෙසේද කෙසේදැයි පැවති සැක ඇත්තේය. සම්පූර්ණවූ සියලු අදහස් ඇත්තේය. ආර්ය මාර්ගයෙන් සියලු කෙලෙස් වැනසූ සේක. කෙළෙස් දුරු කළාවූ මේ අංග අටෙන් යුක්තවූ ශාසන කෙනෙකු, භාග්‍යවතුන් වහන්සේ හැර අතීත කාලයෙහිද නොම දක්නෙමු. මේ වර්තමානයෙහිද නොම දක්නෙමු.

3. ස්වාමින් වහන්ස, ඒ දේව සමාගමයෙහිසමහර දෙව්කෙනෙක් මෙසේ කීහ. නිදුකාණෙනි,ගෞතම භාග්‍යවතුන් වහන්සේ මෙන් සම්‍යක් සම්බුද්ධයන් වහන්සෙස්ලා සතර නමක් ලෝකයෙහි උපදින්නාහු නම් ධර්මයත් දේශනා කරන්නාහු නම් ඉතා යහපත්ය කීවාහුය.

4. සක්දෙව් තෙමේ තව්තිසා වැසි දෙවියන්ට මේ කාරණ කීවේය. නිදුකාණෙනි, එක් ලෝකධාතුවෙක්හි අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා දෙනමක් එක්කාලයේදී උපදින්නාහුය. යන මීට හේතුවක් අවකාශයක් නැත්තේමය.

ඒ කියන ලද වචන ඇත්තාවූ ඒ සතරවරම් මහ රජහු අනුශාසනාව හාරගෙන අතිශයින් පැහැදුන සිත් ඇතිවම තමන්ගේ ආසනයෙහිම සිටියාහුය.

(මෙහි ජනවසහ සූත්‍රයේ 321 පිටේ (15-16) ජේද යොදන්න)

5. එකල්හි ස්වාමින් වහන්ස, මේ සම්බන්ධව යම් ප්‍රතිපලයක් වන්නේ නම් එය හොඳින් දැනගෙනම යන්නෙමුයි සිතා තම තමන්ගේ ආසන වලම සිටියාහුය. මේ කාරණය අසා තව්තිසා වැසි දෙවියෝ මේ ආලෝකය දැනගන්නෙමු. යම්පලයක් වන්නේ නම් එයත් ප්‍රත්‍යක්‍ෂ කොට දැනගෙනම යන්නෙමුයි කියා එකඟ වූහ.

(මෙහි ජනවසහ සූත්‍රයේ 322 හා323 පිටේ (17-18-19)ජේද යොදන්න)

6. ස්වාමින් වහන්ස, අනතුරුව තව්තිසා වැසිදෙවියෝ සනත් කුමාර බ්‍රහ්මයාට මේ කාරණය කීයේය. මහ බ්‍රහ්මය හොඳයි. අපි මේ මතු කියනුලබන කාරණය දැනගෙනම සතුටු වෙමු. ශක්‍ර දේවේන්ද්‍රයා විසින් කියන ලද ඒ භාග්‍යවතුන් වහන්සේගේගුණ අටක් ඇත්තාහුය. අපි ඒ ගුණ දැනගෙනම ප්‍රිති වෙමුයි, කීවාහුය. ස්වාමින් වහන්ස, ඊට පසුව සනත් කුමාර බ්‍රහ්ම තෙමේ සක් දෙව්ඳු හට මේ කාරණය කිවේය. දේවේන්ද්‍රය අපිද ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යවූ ගුණ අට අසන්නෙමු නම් යහපත්ය, මහ බ්‍රහ්මය ඒ මැනවයි, සක් දෙවිඳු තෙමේ සනත් කුමාර බ්‍රහ්මයාට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳවූ සත්‍ය ගුණ අට ප්‍රකාශ කළේය.

(මෙහි මේ සූත්‍රයේ 327 පිටේ 2 ජේදයේ (1) සිට(7) යොදන්න)

සනත් කුමාර බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යවූ මේ ගුණ අට අසා සතුටු සිත් ඇත්තේ වැඩියක් සතුටු සිත් ඇත්තේ හටගත් ප්‍රිති හා සොම්නස් ඇත්තේ විය.

7. ස්වාමින් වහන්ස, මෙහි එකල්හි සනත් කුමාර බ්‍රහ්මතෙමේ මහත් ආත්ම හාවයක් මවාගෙන පන්චසික දිව්‍ය පුත්‍රයා මෙන් කුමාර වෙස් ගෙන තව්තිසා වැසි දෙවියන් අතර පහළ වූයේය. ඒ බ්‍රහ්ම රජ තෙමේ අහසට නැගී පළක් බැඳ උන්නේය. පර්යන්කයෙන් හිඳ තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය.

8. පින්වත්නි, තව්තිසා වැසි දෙවියෝ ඒ කුමක්දැයි කියත්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතා දීර් කාලයක් මුළුල්ලෙහි මහත් ප්‍රඥා ඇතිසේක. පින්වත්නි, පෙර කාලයෙහි දියම්පති නම් රජෙක් සිටියේය. ඒ රජහට ගෝවින්ද නම් පුරෝහිත බමුණෙක්ද රේණු නම් පුත් කුමරෙක්ද වූහ. ගෝවින්ද නම් පුරෝහිත බ්‍රාහ්මණයාට ජෝතිපාල නම්වූ පුතෙක්ද වූහ. මෙසේ රේණු සහ ජෝතිපාලද අන්‍යවූ ක්‍ෂත්‍රිය කුලයෙහි උපන් කුමරුවෝ සදෙනෙක්දැයි යන මොහු අටදෙනෙක් යහළුවෝ වූහ.

ඉක්බිති දීර් කාලයක් ගියපසු ගෝවින්ද බ්‍රාහ්මණයා මළේය.

9. දිසම්පතී රජ තෙමේ ජෝතිපාල තරුණ බ්‍රාහ්මණයා පියාවූ ගෝවින්ද බ්‍රාහිමණයාට අයිති තනතුරෙහි අහිෂේක කළේය. ජෝතිපාල තරුණයාට ගෝවින්දය මහා ගෝවින්දය යන නාමයම ඇතිවිය.

10. පින්වත්නි, ඊට පසු රුයක් සහ දවාලක් පසුවීමෙන් දිසම්පතී රජතෙමේ මැරුණේය. දිසම්පතී රජ මැරුණ කළ රජ ඇමතියෝ රේණු රාජ පුත්‍රයා රාජ්‍යයට පත්කළාහුය. රජකමට පත්කරන ලද රේණු කුමාරයා පඤ්චකාම සම්පත් විඳිමින් වාසය කරයි. පින්වත්නි, ඉක්බිති මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ ක්‍ෂත්‍රියෝ සදෙන යම් තැනෙක්හිද එතැනට පැමිණ ඒ ක්‍ෂත්‍රියන් කුමාරයන් සදෙනාට මේ කාරණය කීයේය. පින්වත්නි රේණු නම් කුමාර තෙම රජකමට පත් කරන ලද්දේය. හෙතෙම පඤ්චකාමසම්පත් විඳිමින් වාසය කරයි. පින්වත්නි කවරෙක් නම් දනීද?කාමයෝ නම් මත් කරන්නෝය. පින්වත්නි, එවිට ක්‍ෂත්‍රියෝ සදෙන විධිවූ පරිද්දෙන් තමහට අයිතිවූ රජ්‍ය ලාහයෙන් සතුටු සිත් ඇත්තෝ වූහ. සම්පූර්ණ කැමැත්ත ඇත්තෝද වූහ. සත්තහූය, බ්‍රහ්මදත්තය, වෙස්සහූය, හරතය, රේණුය, ධතරටය යන රජුන් සත්දෙන ඒ කාලයෙහි රාජ්‍යහාරය ඉසුලූහ.

(පළමුවැනි බණ වර නිමවන ලදී)

11. පින්වත්නි, ඊට පසු හවත් මහාගොවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ ක්‍ෂත්‍රිය රජුන් සත්දෙනාටම අනුශාසනා කළේය. මහාසාර බ්‍රාහ්මණයන් සත්දෙනකුටද අනුශාසනා කළේය. නහාතක යන නම් ඇති බ්‍රාහ්මණයන් සත්සියයකටද මන්ත්‍ර කියෙව්වේය.

12. ඉක්බිතිව මෑතකාලයකදී හවත් මහගොවින්ද බ්‍රාහ්මණයාගේ මෙසේවූ යහපත්වූ කීර්ති ාේෂාවක් ඉතා උස්ව නැංගේය. කෙසේද?මහා ගෝවින්ද තෙම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් මහ බඹහු දකී. බ්‍රහ්මයා සමඟ කථා කෙරෙයි. එක්ව කථා කෙරෙයි. මන්ත්‍රණය කෙරෙයි කියායි. පින්වත්නි, එකල්හි මහ ගොවින්ද බ්‍රහ්මණයාට මෙබඳු අදහසක් ඇතිවිය. මාගේ මෙබඳු යහපත් කීර්ති ාේෂාවක් උස්ව නැග්ගේය. මම වනාහි බ්‍රහ්මයා නොදක්නෙමි. එහෙත් වැඩි වයසට පැමිණියාවූ මහලුවූ ආචාර්යය වූද ආචාර්යයන්ගේ ආචාර්යයවූද බ්‍රාහ්මණයන් විසින් කියන්නාවූ මේ කාරණය මා විසින් අසන ලද්දේමය. එනම් යමෙක් වර්ෂා සෘතුවට අයත් සාර මාසයෙහි තනිව වාසය කරන්නේද, කරුණාධ්‍යානය හාවනා කෙරේද හෙතෙම බ්‍රහ්මයා දකියි. බ්‍රහ්මයා සමඟ සාකච්ජා කරයි. එක්ව කථා කෙරෙයි. ඔහු හා මන්ත්‍රණය කෙරේය යනුයි. මම ඒකාන්තයෙන් වර්ෂා සෘතුවට අයත් සාර මාසයෙහි තනිව වාසය කරන්නේ නම් කරුණා බ්‍රහ්ම විහාර හාවනා කරන්නේ නම් ඉතා යෙහෙකැයි සිතීය.

13. පින්වත්නි, ඉක්බිති මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙම රෙණු රජුවෙත පැමිණ රෙණුරජහට මේ කාරණය දැන්වීය.

ඊටපසු හවත් ගෝවින්ද බ්‍රහ්මණ තෙමේ ඒ ක්‍ෂත්‍රිය රජුන් සදෙනාටද ඒ මහාසාර බ්‍රාහ්මණයන් සත්දෙනාටද සමානවූ සතළිසක් හාර්යාවන්ටද ඉහත මෙන් ඒ කාරණය කීයේය. ඊට පසුව හවත් මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙම නුවරට පූර්ව දිසාවෙහි අලුත් සන්ථාගාරයක් කරවා වර්ෂාසෘතුව පිළිබඳ හාරමාසයෙහි විවේකව වාසය කෙළේය. කරුණා බ්‍රහ්ම විහාරය වැඩුයේය. බත් ගෙන එන්නාවූ එක්කෙනකු හැර අන් කිසිවෙක් ඔහු වෙත නොපැමිණියේය. තවද පින්වත් ගොවින්ද බ්‍රාහ්මණයාට සාරමසක් ගියකල බ්‍රහ්මයා දැකීමට ආශාවක් ඇතිවිය.

14. පින්වත්නි, සනත් කුමාර බ්‍රහ්ම තෙමේ මහාගොවින්ද බ්‍රාහ්මණයාගේ සිත පිළිබඳවූ අදහස් තමන්ගේ සිතින් දැනගෙන බඹලොවින් අන්තර්ධාන වී මහා ගොවින්ද බ්‍රාහ්මණයාගේ ඉදිරියෙහි (පහළ විය) පෙනී සිටියේය. පින්වත්නි, ඊටපසුව මහා ගොවින්ද බ්‍රාහ්මණයාගේ හිතේ හයක් ඇතිවිය. ඉක්බිතිව මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ සනත් කුමාර බ්‍රහ්මයාට ගාථාවකින් (මෙසේ) කීයේය.

නිදුකාණෙනි, ශරීර වර්ණ ඇත්තාවූ යසස් ඇත්තාවූ ශ්‍රීමත්වූ නුඹකවරෙක් වෙහිද?නොදන්නාවූ අපි ඔබගෙන් අසමු. අපි ඔබ කෙසේ දැන ගනිමුද?

මා බ්‍රහ්ම ලෝකයෙහි සනත් කුමාරයයි ඒකාන්තයෙන්ම දනිත්. සියලු දෙවියෝ සනත් කුමාර බ්‍රහ්මයයි මා මෙසේ දැනගනිත්. ගොවින්දය, එසේ දැනගනුව.

මේ ආත්ම හාවයෙහි වැඩ පිණිසද, පරලොව සැප පිණීසද, පවත්නාවූ යම් කිසිවක් මනාකොට පතන ලද්දේද, ඒ කාරණය විචාරව.

ඊට පසුව මහා ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ සනත් කුමාර බ්‍රහ්මයාට ගාථාවකින් මෙසේ කීයේය.

කවර ප්‍රතිපදාවෙහි, සිටියාවූ කවර නම් ධර්මයෙක්හි හික්මෙන්නාවූ මනුෂ්‍ය තෙම උතුම් බඹ ලොවට පැමිණේදැයි අසමි.

එම්බා ශ්‍රෙෂ්ඨය, මනුෂ්‍යයන් අතර යම් කිසිවෙක් මමත්වය හෙවත් තෘෂ්ණාව අත් හැර හුදකලාව කරුණා ධ්‍යානය උපදවා කෙලෙසුන්ගෙන් මිදුනේද කාම ක්‍රෝධාදීවූ ආමගන්ධ (පිලීගඳ)නැත්තේ මෛතුන ධර්මයෙන් වැළකුනේද හෙවත් බ්‍රහ්මචාරී වූයේ වේද, ඒ මනුෂ්‍ය තෙම මේ ධර්මයන් කෙරෙහි හික්මෙන්නේ උත්තම බ්‍රහ්ම ලෝකයට පැමිණේ. පින්වත් බ්‍රහ්මය, මනුෂ්‍යන් විෂයෙහිවූ කවර නම් කාරණයෝ ආමගන්ධය යන නම් ඇත්තාහුදැයි මේ කාරණය මම නොදනිමියි. නුවණැති බ්‍රහ්මරාජය එහෙයින් මට මෙදි ඒ කාරණයන්කියනු මැනව. කවර නම් ක්ලේශාවරණයකින් ආවරණය කරන ලද සත්ව සමුහය දුර්ගන්ධය වහනය කෙරේද අපායට පමුණුවන ක්ලේශ ෂර්ම ඇත්තෝ වෙත්ද හෙවත් කවර නම් අකුශලයක් කරණකොට ගෙන සත්වයෝ බඔලොවට නොපැම්ණේද?

ක්‍රෝධ කිරීමද, බොරු කිමද, වන්චාවද, මිත්‍රද්‍රෝහි හාවයද, තද මසුරු බවද, අධික මානයද, ඉර්ෂ්‍යා කිරීමද, තෘෂ්ණාවද, සැකයද අනුන්ට හින්සා කිරිමද, ද්වේශයද , මදයද මෝහයද යන මේ ක්ලේශ ධර්ම වල යෙදුනා වූ පුද්ගල තෙම දුගඳ ඇත්තේම වෙයි. අපායට යන්නෝ හෙවත් බ්‍රහ්මලෝකයට නොයන්නෝ වෙත්.

පින්වතුන් විසින් කියන ලද ආමගන්ධ කාරණයන් මම යම් පරිද්දකින් දනිම්ද, ඒ දුර්ගන්ධ වහනය වන කාරණයන් ගිහිගෙයි වාසය කරන්නවුන් විසින් සුවසේ බැහැරලීම දුෂ්කර වෙයි.

පින්වත, මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමියි කීය. දැන් ගොවින්ද පණ්ඩිත තෙමේ යමක් ගැන කාලයයි දන්නේ නම් ඒ කාරණය කෙරේවායි කීයේය.

15. ඉක්බිති මහා ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ රේණු රජුටද ඒ මහාසාර බ්‍රාහ්මණයන් සත්දෙනටද මේ කාරණය දැන්වීය.

පින්වත්නි, ඉට පසුව මහ ගොවින්ද බ්‍රහ්මණ තෙමේ සමාන ජාතිගොත්‍ර ඇති සතලිසක් හාර්යාවෝද වෙත පැමිණ ඔවුන්ටද මේ කාරණය කීයේය. ඉදින් පින්වත් ගොවින්ද තෙමේ ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් අපිද ගිහිගෙන් නික්ම පැව්දි වන්නෙමු. එසේ ඇති කල්හි ඔබගේ යම්පරලොව ගතියක් වන්නේ නම් එය අපගේද පරලොව ගතිය වන්නේ යයි කීහ.

16. පින්වත්නි, ඊටපසුව මහ ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ හිසකෙස් දැලි රැවුලු කපා කසවස්ත්‍රයන් ඇඳගෙන ගිහිගෙයින් නික්ම මහණවූයේය. ඔහු අනුව ක්‍ෂතිය සත්රජහුද, මහසල් බමුණෝ සත්දෙනද, සත්සියයක් නහාතකයෝද, සමාන ජාති ගොත්‍ර ඇති සම සතලිසක් හාර්යාවෝද,පැවිදිවූහ. එසේම නොයෙක් දහස්ගනන් ක්‍ෂතියෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතිහුද, අන්තක්පුර ස්තින් අතුරෙන් නොයෙක් ස්තිහුද, කෙස් කපා සිවුරු හැඳ ගිහිගෙයින් නික්ම මහගොවින්ද බ්‍රාහ්මණයාට අනුව මහණවූහ. පින්වත්නි, එකල්හි ඒ පැවිදි පිරිස පිරිවරණ ලද මහගොවින්ද බ්‍රාහ්මණ තෙම ගම්නියම්ගම් රාජධානිවල හැසිරීම් කරයි. පින්වත්නි ඒ කාලයෙහි මහගොවින්ද පින්වත්නි ඒ කාලයෙහි යම් යම් මනුෂ්‍ය කෙනෙක් නාසාවාත හරින්නේ හෝ කණුකටු ආදියක හැපෙන්නේ හෝ වෙත්ද ඔවිහු මෙසේ කීහ. මහ ගොවින්ද බ්‍රාහ්මණයාට නමස්කාර වේවා. පුරෝහිතයන් සත්දෙනාටද නමස්කාර වේවායි කියායි.

17. පින්වත්නි, මහගොවින්ද බ්‍රාහ්මණ තෙමේ මෛත්‍රිය කරුණාව මුදිතාව ක්‍රොධ නැත්තාවූ සතුටු, මධ්‍යස්ථතාව, සමග පැවති සිතින් දිසා හතරද පතුරුවා වාසය කලේය. උඩද, යටද, හරහද යන සියලු කල්හි තන්හි පැතිර පවතින බැවින් සියල්ල ඇත්තාවූ විපුලවූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ මෛත්‍රිය සමග පැවති සිත පතුරුවා වාසය කලේය. සෑම ශ්‍රාවකයන්ටද බඹලොව බ්‍රහ්මයාගේ සහහාවය පිණිස මාර්ගය දේශනා කලේය.

18. පින්වත්නි, ඒ කාලයෙහි මහ ගොවින්ද බ්‍රාහ්මණයාගේ ශ්‍රාවක කෙනෙක් සියලු ආකාරයෙන් සියලු අනුශාසනාව දැනගත්තාහුද, ඔව්හු ශරිරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත්ගති ඇති බඹලොව උපන්හ. යම් කෙනකු සර්වප්‍රකාරයෙන් එක් අනුශාසනාවක්වත් නොදනිද්ද ඔව්හු මරණින්මතු ඇතැම් කෙනෙක් පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ තුසිත දෙවියන්ගේ සහභාවයට පැමිණියාහුය. ඇතැම් කෙනෙක් නිර්මානරතී දෙවියන්ගේ තුසිත දෙවියන්ගේ යාම දෙවියන්ගේ තව්තිසා වැසි දෙවියන්ගේ චාතුර්මහා රාජික දෙවියන්ගේ සහභාවයට පැමිණියහ. යම් කෙනෙක් සර්වප්‍රකාරයෙන් මේ සියල්ලටම වඩා අතිශයින් ලාමකවූ ගතියක් සම්පූර්ණ කළාහුද, ඔව්හු ගාන්ධර්ව නිකාය සම්පූර්ණ කළාහුය. මෙසේ ඒ සියලු කුල පුත්‍රයන්ගේ පැව්ද්ද හිස් නොවීය. වඳ නොවීය. පල සහිත විය. භාග්‍යවතුන් වහන්සේ එය සිහිකෙරේදැයි? ඇසුවේය.

19. පන්චසිකය, මම එය සිහිකරමි. මම ඒ කාලයේදි මහගොවින්ද බ්‍රාහ්මණ වූයෙමි. මම ඒ ශ්‍රාවකයාට බඹලොව බ්‍රාහ්මයන්ගේ සහහාවය පිණිස පවතින මාර්ගය දේශනා කෙළෙමි. පන්චසිකය, ඒ බ්‍රහ්මචර්යාව සසර කලකිරීස පිණිස නොපවතී. සසර නොඇලීම පිණිසද නොපවතී. කෙළෙස් දුරුකිරීම පිණිසද නොපවතී. කෙළෙස් සංසිඳවීම පිණිසද නොපවතී. සංසාර වෘත්තය විශෙෂයෙන් දැනගැනීම පිණිස හෙවත් ඉතා උසස් ඥාන ලාහය පිණිස නොපවතී. සම්‍යක් සම්බෝධිය ලැබීම පිණිසද නොපවතී. කෙළෙස් නැතිකර ලබන නිර්වානය පිණිසද නොපවතී. බඹලොව ඉපදීම පිණිසම පවතී. පන්චසිකය, මාගේ බ්‍රහ්මචර්යාව ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිසද, සසර නොඇලීම පිණිසද, කෙළෙස් දුරුකිරීම පිණිසද, කෙළෙසුන් සංසිඳවීම පිණිසද, විශිෂ්ට ඥාන ලාහය පිණිසද, සම්‍යක් සම්බෝධිය පිණිසද, කෙළෙස් නැතිකිරීමෙන් ලබන නිර්වාණය පිණිසද පවතී. එනම් මේ අංග අටකින් යුක්ත වූ ආර්යය මාර්ගයයි, ඒ අට කවරේදයත්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, ස්මෘතිය, සම්‍යක් සමාධිය, යන මේයි. පන්චසිකය, ඒ මේ බ්‍රහ්මචර්යාව ඒකාන්තයෙන් සසර කළකිරීම පිණිසද, සසර නොඇලීම පිණිසද, කෙළෙස් සංසිඳවීම පිණිසද ඉතා උසස් ඥාන ලාහය පිණිසද, සම්‍යක් සම්බෝධිය පිණිසද, නිර්වාණය පිණිසද පවතින්නේය.

20. පන්චසිකය, යම් ශ්‍රාවක කෙනෙක්සියලු ආකාරයෙන් මාගේ අනුශාසනාව දැනගනිත්ද, ඒ ශ්‍රාවකයෝ කෙළෙස් රහිත වූ හිතේ නිදහසද, අර්හත්පල ප්‍රඥාවද මේ ආත්ම හාවයේදීම තමන්ම ඉතා උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊටපැමිණ වාසය කරත්. යම් ශ්‍රාවකයෙක් සියලු අනුශාසනාව දැනනොගනීද, ඒ ඇතැම් කෙනෙක් ඕරම්භාගිය (යට හජනය කරන) යයි කියන ලද කාම හවයෙහි රැහැන් පහ නැති කිරීමෙන් ඕපපාතික වෙත්. ඒ බඹලොවදීම පිරිනිවන් පාන ස්වහාව ඇත්තෝ වෙත්. ඒ බ්‍රහ්මලෝකයෙන් නැවත නොඑන ස්වහාව ඇත්තෝ වෙත්. යම් කෙනෙක් සර්වප්‍රකාරයෙන් සියලු අනුශාසනාව දැන නොගනිද්ද ඒ ඇතැම් කෙනෙක් තුන් ආකාර (සංයෝජන රැහැන්) නැති කිරීමෙන් රාග, ද්වේෂ මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමී වෙත්. එක්වරම මේ ලොවට උත්පත්ති වශයෙන් පැමිණ සංසාර දුක කෙළවර කෙරෙත්. යම් ශ්‍රාවකකෙනෙක්සර්වප්‍රකාරයෙන් සියලු අනුශාසනාව නොදනිද්ද, ඒ ඇතැම් කෙනෙක් තුන් ආකාර (සන්යෝජන) රැහැන් නැතිකිරීමෙන් ශ්‍රොතාපන්න පුද්ගල වෙත්. අපායෙහි වැටෙන ස්වහාව ඇත්තෝ නොවෙත්. අර්හත්වයට පැමිණීම නියතකොට ඇත්තෝ වෙත්. සම්බෝධිය පිහිට කොට ඇත්තෝ වෙත්. පන්චසිකය, මෙසේ ඇතිකල්හි මේ සියලු කුලපුත්‍රයන්ගේ මහණකම හිස්නොවෙයි, වඳ නොවෙයි, විපාක සහිතවෙයි, දියුණුව සහිත වේයයි, භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළෝය.

සතුටු සිත් ඇති පන්චසික ගාන්ධර්ව පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ පැදකුණු කොට (ගෞරව දක්වා) එහිදීම නොපෙනී ගියේය.

(මහා ගොවින්ද සූත්‍රය මෙතෙකින් නිමියේය)

18. ජනවසභ සුත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගමෙහි ගිඤ්ජකාවස්ථ නම් විහාරයෙහි වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ නාදික ගම අවට ජනපදයන්හි සමීප අතීත කාලයෙහි මැරුණාවූ උපාසකයන් පිළිබඳ උත්පත්ති ප්‍රකාශ කරන සේක. කාසි කෝසල ජනපදද, වජ්ජි මල්ල ජනපදද, චෙතිය වංස ජනපදද, කුරුපංචාල ජනපද මච්ජ සූරසෙන ජනපදද වෙත්. සමීප අතීත කාලයෙහි මැරුණාවූ නාදික ගමෙහි විසූ ඔරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ඕපපාතිකවූ බඹලොව පිරිණිවන්පාන ස්වහාව ඇත්තාවූ ඒ ලෝකයෙන් නැවත එනස්වහාව නැත්තාවූ උපාසකවරු පණසකට වැඩිවෙත්. ළඟ අතීත කාලයෙහි මැරුණ සංයෝජන(කෙලෙස් රුහැන්) තුනක් නැති කිරීමෙන් රාග ද්වේෂ මොහයන් තුනීකිරීම හේතු කොටගෙන සකෘදාගාමී වූවාහු. මේ මිනිස් ලොවට එක්වරක් පමණක් අවුත් දුක් කෙළවර කරන්නාවූ නාදික ගම විසූ උපාසකවරු අනූවකට වැඩිවෙත්. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික ගම්වැසි සංයෝජන තුනක් නැති කිරීමෙන් සෝවාන්පලයට පැමිණියවූ(සතර) අපායට නොවැටෙන ස්වහාව ඇත්තාවූ අර්හත් පලයට නියතවූ උපාසකයෝ පන්සියකට වැඩිවෙත්.

2. නාදික ගම් වැසි උපාසකයෝද ආයුෂ්මත්වූ ආනන්ද තෙරුණ් වහන්සේද මේ කාරණය ඇසුවාහුය.

´´භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රශ්න විසඳීම අසා නාදික නම් ගම්වැසි උපාසකයෝ සතුටු සිත් ඇත්තෝ ප්‍රමුදිත සිත් ඇත්තෝ, හටගත් ප්‍රිති සොම්නස් ඇත්තෝ වූහ.

3. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, මගධ ජනපද වැසි උපාසකයන් අරබයාවූ මේ කාරණය, තනියම රහසිගතව නැවත නැවත සිතා ඒ රාත්‍රියෙහි අළුයම් කාලයෙහි නැගිට භාග්‍ය වතුන් වහන්සේ වෙත පැමිණ මේ කාරණය දැන්වූහ. මා විසින් මේ කාරණය අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ නාදික ගමට හාත්පස හාත්පස ජනපද වල ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ උපාසකයන් උපන් තැන් ප්‍රකාශ කරන සේක.

4. ´´ස්වාමිනී, ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ මගධ ජනපද වාසී මේ උපාසකයෝද බොහෝ වූහ. චිර රාත්‍රි දන්නොද වූහ. මේ අ´´ මගධ දෙරට වැසි උපාසකයෝද බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංයා කෙරෙහි පැහැදුනෝ වූහ. සීලයන් සම්පූර්ණ කළෝ වූහ. ඒ උපාසකයන් ගැනද යහපත් විසඳීමක් වන්නේ නම් බොහෝ ජනයා පහදින්නේය. ඒ හේතුවෙන් සුගතියට යන්නේය.

´´තවද මගධ ජනපදයට අධිපතිවූ බිම්බිසාර රජුද ධාර්මික විය. (ජනයන්) සතුටු කළේය.

ඒ රජුද බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංයා කෙරෙහි පැහැදුනේය, සීලයන් සම්පූර්ණ කරන්නෙක් වූයේය. තවද මිනිස්සු මෙසේ කීහ. මරණ කාලය දක්වාත් මගධ රටට අධිපතිවූ, සේනා ඇති බිම්බිසාර රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණා කරන්නෙක්වම මැරුණේය යනුයි. ඔහු ගැනත් හොඳ ප්‍රකාශ කිරීමක් වන්නේ නම් බොහෝ ජනයා පහදින්නේය. ඒ හේතු කොටගෙන සුගතියට යන්නේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදවැසි උපාසකයන් ගැනවූ විස්තර කථාව භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේදී මෙසේ ප්‍රකාශ කොට ගියේය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුණ් වහන්සේ බැහැර ගොස් ටික වේලාවකින් පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන නාදික ගමෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාත හොජනයෙන් පසු ආපසු වැඩිසේක්, පතුල් සෝදා ගිඤ්ජකාවසථ නම් විහාරයට ඇතුල්ව මගධ ජනපද වැසි උපාසකයන් අරබයා කරුණු සලකා, මෙනෙහි කොට සියල්ල ප්‍රඤාවෙන් පිරිසිඳ දැන පැනවූ ආසනයෙහි වැඩ උන්සේක.

ඒ පින්වත්හු යම් ඥානගතියක් ඇත්තෝ වූවාහුද, යම් පරලොවක් ඇත්තෝ වූවාහුද, ඒඥාවගතිය ඇත්තාවූ පරලොවට පැමිණියාවූ ඒ උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලදහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පල සමාපත්තියෙන් නැගී සිට, ගිඤ්ජකාවසථ විහාරයෙන් නික්ම විහාර සෙවණැල්ලෙහි පනවන ලද ආසනයෙහි වැඩ උන්සේක.

6. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුණ් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූහ. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඉතා ශාන්ත(සන්සිඳුනු) දැකුම් ඇත්තේය. ඉන්ද්‍රියන්ගේ ප්‍රසන්න හාවය හේතුකොට ගෙන භාග්‍යවතුන් වහන්සේගේ මුහුණේ ශෝහාව බොහෝ සෙයින් බබළන්නේය. භාග්‍යවතුන් වහන්සේ අද ඒකාන්තයෙන් ශාන්ත විහරණයකින් යුක්තව වාසය කළ සේකැයි හැ ම් යනුයි.

7. ´´ආනන්දය, මම මගධ ජනපද වැසි උපාසකයන් අරබයා හොඳින් සලකා මෙනෙහි කොට ප්‍රඥාවෙන් පිරිසිඳ දැන, පනවන ලද ආසනයෙහි උන්නෙමි.

ආනන්දය, ඒ පින්වත්හු යම් ඥානගතියක් ඇත්තෝද යම් පරලොව ගතියක් ඇත්තෝද මගධ දනව් වැසි ඒ උපාසකයන් මම(නුවණැසින්) දුටුවෙමි.

ආනන්දය, එවිට නොපෙනෙන දෙවියෙක්, භාග්‍යවතුන්වහන්ස, මම ජනවසහ නම් වෙමි, මුරගා කීය. ආනන්දය, ජනවසහ යන මේ නම යම්සේද, මින් පෙර මෙබඳු නමක් අසා ඇතිබව දන්නෙහිදැයි ඇසුවෝය. ස්වාමීනි, මම මීට පෙර ජනවසහ යන මෙබඳු නමක් ඇසු බවක් නොදනිමි. එහෙත් ජනවසහ යන මේ නම අසා මාගේ ලොම් කෙලින් සිටියේය. ස්වාමීනි ඒ මට මේ අදහස විය. යමෙකුට මේ ජනවසහ යන නම වීද ඒකාන්තයෙන් ඒ දෙවි තෙමේ ලාමකයෙක්(සුලුකෙනෙක්) නොවන්නේයයි කියායි.

8. ආනන්දය, ශබ්දය පහල වීමෙන් පසු මහත් ශරීර වර්ණයක් ඇති(ලක්‍ෂණ) සොම නම් දෙවියෙක් මා ඉදිරියෙහි පහලවූයේය. දෙවෙනි වරද ශබ්දය ඇස්විය.

භාග්‍යවතුන් වහන්ස, මම බිම්බිසාර වෙමි. ස්වාමීනි මම මේ සත්වෙනි ජාතියෙහි වෙසමුණු මහා රජුගේසහ හාවයට පැමිණියෙමි. මම එයින් චුතව මනුෂ්‍ය රජෙක් හෝ දිව්‍ය රජෙක් හෝ වන්නෙමි.

මේ දෙව් ලොවින් චුතව සත්වරක්ද, ඒ මිනිස් ලොවින් චුතව සත්වරක්දැයි ජාති දාහතරක්(දෙව් මිනිස් දෙගතියෙහි) සැරිසරමි, මම පෙර කාලයෙහි යම් තැනක වාසය කෙළෙම්ද, ඒ පෙර විසූ ජාති පිළිවෙල මනාසේ දනිමි.

ස්වාමීනි, මම බොහෝ කලක පටන් සෝවාන් පලයට පැමිණියේ සතර අපායෙහි නොවැටෙන්නෙකු බව දනිමි.(එහෙත්) සකෘදාගාමී මාර්ග ලාහය සඳහා මාගේ බලාපොරොත්තුව ඇත්තේය. කුමක් හෙයින් ආයුෂ්මත් ජනවසහ දෙවි තෙම මෙබඳු මහත් විශේෂ අධිගමයක් දනිදැයි ඇසීය.

9. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සසුනෙන් පිටත්වෙන සසුනකින් නොලබන ලද්දේය. ස්වාමීනි, මම යම් දවසක පටන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒකාන්තයෙන් මනාකොට පැහැදුනෙම්ද, ස්වාමීනි එදා පටන් කොට ඇති මේ දීර් කාලයක් අපායෙහි නොවැටෙන ස්වහාව ඇත්තෙක් වීමි, අවිනිපාත වූ(සෝවාන්) මාර්ගය හොඳින් දනිමි. මගේ ආසාවද සකෘදාගාමී මාර්ග ලාහය පිණිස එළඹ සිටී. මේ මම වෙසමුණු මහා රජු විසින් විරුළහක මහා රජු ළඟට කිසියම් කටයුත්තක් සඳහා යවන ලද්දෙමි.

මම මෙහි වැඩ උන් භාග්‍යවතුන් වහන්සේ ඒ අතර මගදී දුටුවෙමි.

ස්වාමීනී, ඒ පින්වත්හු යම්ගතියක් ඇත්තාහුද යම් පරලොවක් ඇත්තාහුදැයි වෛශ්‍රවණ දෙවියන්ගේ පිරිසෙහි වූවකුගේ සමිපයෙන්ම අහිමුකයෙන්ම(ඔහුගෙන්ම) ඇසිමි, පුදුමයෙකි. ස්වාමීනි,

භාග්‍ය වතුන් වහන්සේද දක්නෙමි. මේ මේ කාරණයද භාග්‍යවතුන් වහන්සේට සැළකරන්නෙමියි, යන අදහස මට ඇතිවිය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඒ මට මේ කරුණු දෙක හේතු වූවයි කීහ.

10. ස්වාමීනි, දවස් කීපයකට පෙර, පසළොස්වක් පෝය පවත්නා කල්හි වස් එළබීම් ඇති සම්පූර්ණවූ සඳ ඇති රාත්‍රියෙහි සියලු තව්තිසා වැසි දෙවියෝ සුධර්මා නම්(දිව්‍ය) සහායෙහි එක්රුස්ව උන්නාහු වෙත්. මහත් දිව්‍ය පිරිසක්ද අවටින් උන්නේ වෙයි. සතරවරම් මහ රජහුද සතර දිගින් උන්නහු වෙත්.

ස්වාමීනි, යම් ඒ දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්යාව රුක තව්තිසා දිව්‍ය ලෝකයෙහි අලුත උපන්නාහු වෙද්ද, ඔවුහූ ශරිර වර්ණයෙන්ද , යසසින්ද අනිකුත් දෙවියන්ට වැඩියෙන් බබලත්. ස්වාමීනි, ඒ කාරණයෙන් තව්තිසා වැසි දෙවියෝ සතුටු සිත් ප්‍රමුදිත සිත් හට ගත් ප්‍රිති ඇත්තෝ වෙත්, පින්වත්නි දිව්‍ය සමුහයා දියුණු වෙත්. අසුර සමුහයා පිරිහෙත්යයි කියායි.

11. ස්වාමීනි. එකල්හි ශක්‍රදෙවෙන්ද්‍ර තෙමේ ගාථා වලින් සතුට ප්‍රකාශ කළේය.

´´පින්වත්නි, ඉන්ද්‍රයා(ශක්‍රයා) සහිතවූ තව්තිසා වැසිදෙවියෝ තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සංයාටද නමස් කෙරෙමින් සතුටු වෙත්.

සුගතයන් වහන්සේ කෙරෙහි උතුම් හැසිරීමෙහි හැසිර මේ දෙව් ලොවට(උත්පත්ති වශයෙන්) පැමිණියාවූ උතුම් ශරිර වර්ණ ඇත්තාවූ, යසස් ඇත්තාවූ අලුත් දෙවියන් දක්නාහුය.

ඒ දෙවියෝ ශරිර වර්ණයෙන්ද, යසසින්ද, ආයුෂයෙන්ද, අන්‍ය දෙවියන්ට වැඩියෙන් බබළත්. මහත්වූ ප්‍රඥාවෙන් යුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ දෙව් ලොවෙහි විශෙෂ බවට පැමිණියාහුය.

ඒ සතරවරම් රජහු අනුශාසනා පිළිගෙන අතිශයින් පැහැදුනු සිත් ඇත්තෝ තමන්ගේ ආසනයෙහිම සිටියාහුය.

12. එවිට උතුරු පැත්තෙන්මහත්වූ ආලෝකයක් හටගත්තේය. මහත් බැබලීමක් පහළ වූවේය. දෙවියන්ගේ දේවානුහාවය(ආලෝකය) මැඩ පවත්වා පහළ වූවේය. ස්වාමීනි, එවිට සක්දෙව් තෙමේ තව්තිසා වැසි දෙවියන්ට කථා කළෙය. නිදුකාණනි, යම් හෙයකින්(යම් දිගකින්)පෙරනිමිති දක්නා ලැබේද, ආලෝකයක් හටගනීද, මහත් බැබලීමක් පහළවේද(ඒ දිගින්) බ්‍රාහ්ම තෙමේ පහළ වන්නේය. මහා බ්‍රහ්මයාගේ පහළ විමට මේ පෙරනිමිත්ත යැයි කීයේය.

13. ස්වාමීනි, ඉක්බිති තව්තිසාවැසි දෙවියෝද සතරවරම් මහරජහුද තම තමන්ගේ ආසනවලම උන්නාහුය. මේ ආලෝකය දැනගන්නෙමු. ඉන් යම් විපාකයක් වන්නේ නම් එයද හොඳින් දැනගෙනම යන්නෙමු කියායි.

14. ස්වාමීනි, සනත් කුමාර බ්‍රහ්මතෙමේ තව්තිසා දෙවියන් අතර පහළ වන්නේද, එකල්හි මහත් ශරිරයක් මවාගෙන පහළ වෙයි. ස්වාමීනි, මහබඹුගේ යම් ඒ ප්‍රකෘති ශරිර වර්ණයක්වේද එය තව්තිසා වැසි දෙවියන්ගේ ඇසට හමුනොවෙයි.(නොපෙනෙයි) . ස්වාමීනි, යම් කලෙකසනත් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහලවේද ඒ බ්‍රහ්ම තෙමේ තමාගේ ශරිරවර්ණයෙන්ද යසසින්ද අනිකුත් දෙවියන් මැඩපවත්වා වැඩියත් බබළයි. ස්වාමීනි, යම් කලෙක්හි සනත් කුමාර බ්‍රහ්ම තෙමේතව්තිසා වැසි දෙවියන් අතර පහළවේද, ඒ පිරිසෙහි කිසි දෙවතාවෙක් ඔහුට නොවඳියි, උන් ආසනයෙන් නොනැගිටියි(වාඩිවීමට) ආසනයක් හෝ නොපවරයි. සනත් කුමාර බ්‍රහ්ම තෙමේ යම් දෙවියකුගේ ආසනයක් කැමති වන්නේද, ස්වාමීනි, ඒ දෙවියාගේ ආසනයෙහි සනත් කුමාර බ්‍රහ්ම තෙමේ හිඳගන්නේයයි ඒ සියලු දෙවියෝම නිශ්ශබ්දව ඇඳිලිබැඳගෙන ආසනයන්හි හිඳිත්.

15. ස්වාමීනි, එකල්හි සනත් කුමාර බ්‍රහ්ම තෙමේ(මහත්) ශරිරයක් මවාගෙනපංචසිඛ දිව්‍ය පුත්‍රයා මෙන් කුමාර වේශයෙන් තව්තිසා වැසි දෙවියන් අතරෙහි පහළ වූයේය. ඔහු අහසට නැගී පිටීමක් නැති ආකාශයෙහි පළක්බැඳ හිඳ මේ ගාථා වලින් සතුට ප්‍රකාශ කෙළේය.

පින්වත්නි, ඉන්ද්‍රයා(ශක්‍රයා) ප්‍රධානකොට ඇති තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේටද ධර්මයටද, සංයාටද නමස්කාර කරමින් ඉතා ප්‍රිතිමත් වෙත්මය.

ජනයෝ සුගතයන් වහන්සේ කෙරෙහි බඹසර(උතුම් හැසිරීම) රුක මේ දෙව්ලොවට පැමිණියාවූ වර්ණවත්වූද යසස් ඇත්තාවූද අලුත් දෙවියන් දක්නාහුය.

ඒ දේවතාවෝ වර්ණයෙන්ද යසසින්ද ආයුෂයෙන් වෙන දෙවියන් ඉක්මවා බබළත්. මහා ප්‍රඥා ඇති තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ දිව්‍ය ලෝකයෙහි විශෙෂ බවට පැම්ණියාහුය.

ඉන්ද්‍රයා(ශක්‍රයා) ප්‍රධාන කොට ඇති තව්තිසා වැසි දෙවියෝ මේ කාරණය දැක තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සංයාටද නමස්කාර කරමින් වඩාත් සතුටු වෙත්.

16. ස්වාමිනී, ඉන්පසු සනත් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන්ට කථාකර මෙසේ කීවේය. පින්වත්නි, තව්තිසා වැසි දෙවියෝ ඒ කුමකැයි සිතත්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ යම්තාක් බොහෝදෙනාට වැඩපිණිසද, බොහෝ සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිසද, දෙව් මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිසද, වැඩ පිණිසද සැප පිණිසද පිළිපන්සේක, එහෙයින් පින්වත්නි, යම්කෙනෙක් බුදුසරණ ගියාහුද ධරිමය සරණ ගියාහුද, සඟ සරණ ගියාහුද. ශීලයන් සම්පූර්ණ කරන්නාහුද ඒ සත්වයෝ ඇතැම් කෙනෙක් මරණින් මතු පරිනිර්මිත වසන්තී නම් දෙවියන් සමඟ හෝ නිර්මාණ රතී දෙවියන් සමඟ හෝ තුසිත දෙවියන් සමඟ හෝ යාම දෙවියන් සමඟ හෝ තාවතිංස දෙවියන් සමඟ හෝ චාතුර්මහාරාජික දෙවියන් සමඟ හෝ එක්විමට පැමිණෙත්. යම් කෙනෙක් සියල්ලන්ටම පහත්වූ ශරිරයක්(උත්පත්තියක්) සම්පූර්ණ කෙරෙත්ද(ලබත්ද) ඔව්හූ ගන්ධර්ව නම් කොටසෙහි උපදිත්.

17. ස්වාමීනි, ඉක්බිති සනත් කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය. පින්වත්වූ තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය. පින්වත්වූ තව්තිසා වැසි දෙවියෝ ඒ කුමකැයි සිතන්නාහුද(ඥානයෙන්) දන්නාවූ, දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පමණවූ මේ සතර ආකාර සෘද්ධිපාද කෙනෙක් ඉතා හොඳින් පනවන ලද්දාහුද, බොහෝ සෘද්ධිමත් හාවය පිණිසද. සෘද්ධි සෙවනය සඳහාද, නොයෙක් ආකාර සෘද්ධි දැක්වීම පිණිසදවෙත්. ඒ සතර කවරහුද යත් පින්වත්නි, මේ ශාසනයෙහි යම් භික්‍ෂු කෙනෙක් ජන්ද සමාධි, වීර්යය සමාධි, චිත්ත සමාධි, වීමංස සමාධි ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ සෘද්ධි පාදය වඩාද, පින්වත්නි, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සෘද්ධි පාද සතර බොහෝ සෘද්ධිමත් හාවය පිණිසද සෘද්ධියගේ ආසේවනය පිණිසද, නොයෙක් ආකාර සෘද්ධි දැක්වීම පිණිසද පණවන ලද්දාහුය.

පින්වත්හි අතීතයෙහිද අනාගතයෙහිද මේකාලයෙහිද යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සෘද්ධිවිධි වලින් ප්‍රයෝජන ගත්ගාහුද ඒ සියලු මහණ බමුණෝ මේ සතර ආකාර සෘද්ධි පාදයන් වැඩු බැවින්ද, බොහෝ සෙයින් පුරුදුකරන ලද බැවින්ද ඒ සෘද්ධි වලින් ප්‍රයෝජන ලබන්නාහුය. මමද මේ සතර ආකාර සෘද්ධි පාදයන් වැඩු බැවින්ද බහුළ කල බැවින්ද මෙබඳු මහත් සෘද්ධි ඇත්තෙක්ද මෙබඳු මහත් ආනුහාව ඇත්තෙක්ද වෙමියි කීය.

18. ස්වාමීනි, ඒ සනත් කුමාර බ්‍රහ්ම තෙමේ මේ කාරණය කීයේය. පින්වත්නි තව්තිසා වැසිදෙවියන් නුවණීන් දන්නාවූ දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින්(ධ්‍යාන මාර්ගාදි) සැප ලැබීම පිණිස මේ ඕකාසාධිගම තුනක් අවබෝධ කරන ලද්දහුය. ඒ කවර තුනක්ද යත්,

(1). පින්වත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන් සමඟ යෙදුනු සිත් ඇතිව, අකුශල ධර්මයන් සමඟ යෙදුනු සිත් ඇතිව වාසය කෙරේද, ඉදින් ඒ පුද්ගල තෙම නොබෝ කලකින් උතුම් ධර්මය අසාද, නුවණින් මෙනෙහි කෙරේද, ධර්මයට අනුව පළිපදීද, ඔහු උතුම් ධර්මය ඇසීමටද, නුවණින් මෙනෙහි කිරීමටද, ධර්මානුධර්ම ප්‍රතිපත්තියටද පැමිණ කාමයන් සමඟ යෙදුනු සිත් නැතිව, අකුශල ධර්මයන් සමඟ යෙදුනු සිත් නැතිව වාසය කෙරේද, ඒ පුද්ගලයාට සැපයක් උපදි. සැපයෙන් පසුව සතුට උපදී. පින්වත්නි, යම්සේ සන්තෝසයට පසුව ප්‍රමුදිත හාවය උපදින්නේද එපරිද්දෙන් කාමයන් සමඟ නොයෙදුන සිත් ඇත්තාවූද, අකුශල ධර්මයන් සමඟ නොයෙදුන සිත් ඇත්තාවූද ඔහුට සැපයක් උපදි. සැපයෙන් මත්තෙහි සොම්නස උපදි.

19. (2). මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකුගේ ඖදාරික කාය වාක් මනො සංස්කාර නොසන්සිඳෙව්වාහුවෙත්ද, ඒ පුද්ගලයා පසු කලකදී උතුම් ධර්මය අසාද, නුවණින් මෙනෙහි කෙරේද, ධර්මයට අනුව පිළිපදීද, ඔහුගේ ඖදාරික කාය වාක් මනෝ සංස්කාර සංසිඳෙත්. ඒ නිසා සැපයක් උපදී. සැපයෙන් සතුට උපදී.

20. (3). මේ ලෝකයෙහි සමහර පුද්ගලයෙක්මේ කුසල්යයි මේ අකුසල්යයි මෙය වරද සහිතය, මෙය වරද රහිතය, මෙය සේවනය කළ යුතුය, මෙය සේවනය නොකළ යුතුය, මෙය ලාමකය මෙය උතුම්ය, මේ කුසල්අකුසල් වලට සමාන ධර්මයෝයයි ඇති සැටියෙන් නොදනිද, ඒපුද්ගලයා පසු කලකදි උතුම්වූ ධර්මය අසාද නුවණින් මෙනෙහි කෙරේද ධර්මයට අනුව පිළිපදිද, ඒ පුද්ගලයා ඇසිමටද, නුවණින් මෙනෙහි කිරීමටද, ධර්මයට අනුව පිළිපැදීමටද පැමිණ මේ කුසල්යයි මේ අකුසල්යයි ඇති සැටියෙන් දැනගනී, මෙය වරද සහිතය, මෙය වරද රහිතය, මෙය සේවනය කළයුතුය, මෙය සේවනය නොකළයුතුය, මෙය ලාමකය, මෙය උතුම්ය, මෙය කුසල් අකුසල් දෙකට සමානය කියා ඇතිසැටියෙන් දැනගනී. මෙසේ දන්නාවූද, දක්නාවූද, ඔහුගේ අවිද්‍යාව(නොදැනීම) නැතිවෙයි, විද්‍යාව(දැනීම) ඇතිවෙයි. ඒ පුද්ගලයාගේ අවිද්‍යාව නැතිවීමෙන්ද, විද්‍යාව ඉපදීමෙන්ද සැපයක් උපදී. සැප ලැබීමට පසුව සතුට උපදී. පින්වත්නි, යම්සේ සන්තෝෂයට පසුව ප්‍රමුදිත උපදීද, පින්වත්නි එපරිද්දෙන්ම අවිද්‍යාව නැතිවිමෙන් විද්‍යාව ඉපදිමෙන් සැපයක් උපදි. සැපයට මත්තෙන් සතුට උපදී.

21. ස්වාමීනි සනත් කුමාර බ්‍රහ්මතෙම මෙසේද කීවේය.

සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කුසල් ලැබිම පිණිස මේ සතර සතිපට්ටානයක් පණවන ලද්දාහුය. කවර සතරක්ද යත්?

(1). පින්වත්නි, මේ ශාසනයෙහි යම් මහණෙක් අධ්‍යාත්මික(තමන්ගේ)කයෙහි කය අනුව දක්නා ස්වහාව ඇත්තේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, මහා නුවණ ඇත්තේ, සිහි ඇත්තේ කය නම්වූ ලෝකයෙහි ආසාව සහ සිතෙහි දුක මැඩ පවත්වා වෙසේද, තමන්ගේ කය අනුව බලමින් වාසය කරන්නාවූ(භික්‍ෂුව) එහි හොඳින් සිත එකඟ කරයි. මනාකොට වෙසෙසින් පහදී, ඒ භික්‍ෂුව එහි හොඳින් එකඟවූ සිත් ඇත්තේ. මනා කොට වැඩියක් පැහැදුනේ, පිටත අනුන්ගේ කය පිළිබඳවද හොඳ නුවණින් දැකීම(බැලිම) හොඳින් උපදවයි.

(2). තමා තුළවූ වේදනාව(විඳීම) කෙරෙහි විඳීම අනුව දක්නා ස්වහාවය ඇත්තේකෙලෙස් තවන වීර්යය ඇත්තේ හොඳ නුවණ ඇත්තේ, සිහි ඇත්තේ විඳීම නම්වූ ලෝකයෙහි ආශාව සහ සිතෙහි දුක(දොම්නස) මැඩ පවත්වා වාසය කෙරේද, තමන් තුළවූ විඳිම කෙරෙහි විඳිම අනුව බලමින් වාසය කරන්නාවූ(භික්‍ෂුව) එහි හොඳින් සිත එකඟ කරයි. මනා කොට වැඩියෙන් පහදී. ඒ භික්‍ෂුව එහි හොඳින් එකඟවූ සිත් ඇත්තේ, මනාකොට වැඩියක් පැහැදුනේ පිටත අනුන්ගේ විඳිම පිළිබඳවද හොඳ නුවණින් දැකිම උපදවයි.

(3). තමාගේ සිත කෙරෙහි සිත අනුව දක්නා ස්වහාව ඇත්තේ, කෙළෙස් තවන වීර්යය ඇත්තේ, හොඳ නුවණ ඇත්තේ, සිහි ඇත්තේ සිත නම්වූ ලෝකයෙහි ආශාව හා සිතේ දුක මැඩ පවත්වා වාසය කෙරේද, තමාගේ සිත කෙරෙහි සිත අනුව බලමින් වසන්නාවූ(භික්‍ෂුව) එහි හොඳින් සිත එකඟ කරයි. මනාකොට වැඩියෙන් පහදී. ඒ භික්‍ෂුව එහි හොඳින් එකඟවූ සිත් ඇත්තේ මනාකොට වැඩියක් පැහැදුනේ පිටත අනුන්ගේ සිත පිළිබඳවද හොඳ නුවණින් දැකීම(බැලීම) උපදවයි.

(4). තමා තුළවූ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දක්නා ස්වහාවය ඇත්තේ, කෙළෙස් තවන විර්යය ඇත්තේ හොඳ නුවණ ඇත්තේ සිහි ඇත්තේ ධර්ම නම්වූ ලෝකයෙහිආශාව සහ සිතේ දුක මැඩ පවත්වා වාසය කෙරේද තමන් තුළවූ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වසන්නාවූ(භික්‍ෂුව) එහි හොඳින් සිත එකඟ කෙරෙයි මනාකොට වැඩියෙන් පහදී. ඒ භික්‍ෂුව එහි හොඳින් එකඟවූ සිත් ඇත්තේ, මනාකොට වැඩියක් පැහැදුනේ පිටත අනුන්ගේ ධර්මයන් පිළිබඳවද හොඳ නුවණින් දැකිම(බැලිම) උපදවයි.

22. ස්වාමීනි, සනත් කුමාර බ්‍රහ්ම තෙම මෙසේද කිවේය.

සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යහපත් සමාධියක් වැම පිණිසද, යහපත් සමාධියක් සම්පුර්ණ කිරීම පිණිසද. මේ පිරිවර ධර්ම සතක් පනවන ලද්දාහුය. ඒ සත කවරහුදයත්?යහපත් දැකීමය(සම්‍යක් දෘෂ්ටිය) යහපත් කල්පනාවය(සම්‍යක් සංකලපනා) යහපත් වචනය(සම්‍යක් වචනය) යහපත් කර්මාන්තය(සම්‍යක් කර්මාන්ත) යහපත් ජීවත්වීමය(සම්‍යක් ආජීව) යහපත් උත්සහය(සම්‍යක් ව්‍යායාම) යහපත් සිහිය(සම්‍යක් ස්මෘති) යන මොවූහුයි.

පින්වත්නි, මේ අංග(කරුණු) සතෙන් සිතේ යම් එකඟබවක්(සමාධියක්) පිරිවරණ ලද්දේද, ඒ සමාධිය ආර්යය සම්‍යක් සමාධියයිද, පිරිවර සහිත සම්‍යක් සමාධියයයිද කියනු ලැබේ.

පින්වත්නි, යහපත් දැකීම ඇත්තාහට යහපත් සංකලපනාව පවතී. යහපත් කල්පනාව ඇත්තාහට යහපත් කර්මාන්තය පවති. යහපත් කර්මාන්තය ඇත්තාහට යහපත් ආජීවය(ජීවත්වීම) පවතී. යහපත් ආජීවය ඇත්තාහට යහපත්උත්සහය පවති. යහපත් උත්සහය ඇත්තාහට යහපත් සිහිය(ස්මෘතිය) පවති. යහපත් සිහිය ඇත්තාහට යහපත් සමාධිය(සිත එකඟබව) පවති. යහපත් සමාධිය ඇත්තාහට යහපත් නුවණ පවති. යහපත් නුවණ ඇත්තාහට යහපත් විමුක්තිය(කෙළෙසුන්ගෙන් මිදිම) පවති. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා කොට ප්‍රකාශ කරන ලද්දේය. මේ ආත්මයේදීම ලැබිය යුතු පල ඇත්තේය. කල් නොයවා ලැබිය යුතු පල ඇත්තේය. එව, බලවයි දැක්වීමට සුදුසු ගුණ ඇත්තේය. ණුවනැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුත්තේය. නිවන් දොරටුව විවෘතකරන ලද්දේයයි කියන්නේය.

පින්වත්නි බුදුන්වහන්සේ කෙරෙහිද ධර්මය කෙරෙහිද සංයා කෙරෙහිද නොසෙල්වන පැහැදිමෙන්ද යුක්තවූද, උත්තමයන් හොඳයයි සම්මත කරන ලද සීලයන්ගෙන් යුක්තවූද, උතුම් ධර්මයෙහි හික්මුණාවූ මේ ඕපපාතිකවූද ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ මගධ ජන පද වැසි උපාසකයෝ සන්යෝජන තුනක් නැතිකිරීමෙන් සෝවාන් පලයට පැමිණියාවූ අපායෙහි නොවැටෙන ස්වහාව ඇත්තාවූ අර්හත් පලයට නියතවූ පුද්ගලයෝ විසිහතර දහසකට වැඩිවෙත්.

තවද සකෘදාගාමි පුද්ගලයෝ ඇත්තාහුය. මේ අනිකුත් පිරිසද කුසල් කළ ඇත්තෝය යනු මගේ අදහසයි. මුසාවාදයට බියනිසා ඒ ගණන නියම කරන්නට නොහැක්කෙමි.

23. සනත් කුමාර බ්‍රහ්ම තෙමේ මේ කාරණය තව්තිසා වැසි දෙවියන්ට කීයේය. තව්තිසා වැසි දෙවියන් කියන්නාවූ සනත් කුමාර බ්‍රහ්මයාගේ ඉදිරිපිටදි මේ කාරණය වෙසමුණු මහරජු අසා ඔහුගේ ඉදිරියේදිම පිළිගෙන තමන්ගේ පිරිසෙදි කීයේය.

තමන්ගේ පිරිසෙහිදී කියන්නාවූ වෙසමුණු මහරජුගේ ඉදිරිපිටදීම මේ කාරණය ජනවසහ දෙවි තෙම අසාඔහුගේ ඉදිරිපිටදී පිළිගෙන භාග්‍යවතුන් වහන්සේට කීවේය. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ ජනවසහ දෙවියාගෙන් අසා ඔහු ඉදිරිපිටදී පිළිගෙන ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදළේය. භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටදී අසා , උන්වහන්සේගේ ඉදිරිපිටදී පිළිගෙන ආනන්ද ස්ථවිරයන් වහන්සේභික්‍ෂුන්ට හා භික්‍ෂුනීන්ටද උපාසකයන්ට හා උපසිකාවන්ටද කීවෝය. ඒ මේ ශාසන මාර්ගයවූ උතුම් හැසිරීම යම් පමණ දෙව් මිනිසුන් විසින් හොඳින් ප්‍රකාශකරන ලද්දේද, ඒ තරමට වැඩෙයි. දියුණු වෙයි. පතළ වූයේවෙයි. බොහෝ ජනපද අතර ප්‍රසිද්ධියට පැමිණියේ වෙයි. ස්තිරහාවයට පැමිණියේද වේයයි´´ වදාළෝය.

(18 වැනිවූ ජනවසහ සූත්‍රය නිමියේය)

17.මහා සුදස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම්වූ මල්ල රජුන්ගේ සල්වනයෙහි සල් ගස් දෙකක් අතරෙහි පිරිනිවන්පාන කාලයෙහි වාසය කළෝය.

2. එවිට ආයයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක්වූ නොසම නුවරක්වූ ශාඛා නගරයක්වූ මේ කුසිනාරා නුවරෙහි පිරිනිවන් නොපාන සේක්වා.

3. ´´ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නුවරයයි, මෙසේ නොකියව. ආනන්දය, පෙර එක් කාලයක අහිෂේක ලැබුවාවූ, ක්‍ෂත්‍රිය වංශයෙහි උපන්නාවූ,(ආයුධ නොගෙන)සතුරන් ජයගත්තාවූ ජනපදයන්හි ස්ථිර බවට පැමිණියාවූ, මහා සුදර්ශන නම් රජෙක් විය. ඔහුට මේ කුසිනාරා නුවර කුසාවතී නමින් රාජධානි වී. ඒ නගරය වනාහි නැගෙනහිරින්ද, බටහිරින්ද, දිගින් දොළොස් යොදුන් විය. උතුරු දිගින්ද දකණු දිගින්ද පළලින් සත් යොදුන් විය. ආනන්දය, කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය. සියල්ලෙන් සම්පුර්ණ විය. බොහෝ ජනයා ඇත්තී විය. මනුෂ්‍යයන්ගෙන් ගැවසී ගත්තීවිය. කෑම්බීම් ආදියෙන්ද ඉතා සුලභ විය. ආනන්දය, යම්සේ දෙවියන්ගේ ආළකමන්දා නම් රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධද සම්පූර්ණද එමෙන්ම කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය. සම්පූර්ණද විය.

4. ´´ආනන්දය, මහාසුදර්ශන රජ රත්න හතකින්ද සෘද්ධි සතරකින්ද සමන්විත වූයේය. ආනන්දය, ඒ පුණුපෝය දිනයෙහි ස්නානය කොට අටසිල් සමාදන්ව උඩුමහල් තලයට පැමිණ සිටි සුදර්ශන මහා රජුට දැති දහසයකින් යුක්තවූ නිම් වළලු සහිත වුනැබ මඩුලු (බොස් ගෙඩිය)සහිතවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ දිව්‍යය චක්‍ර රත්නය පහළ වූයේය. ඒ දැක මහා සුදර්ශන රජුට මෙවැනි අදහසක් ඇතිවිය. දිව්‍යමයවූ චක්‍ර රත්නයක් පහළවූ බැවින් ඔහු සක්විති රජ වෙම්දෝයි යනුවෙනි.

5. ´´ආනන්දය, ඉක්බිති මහා සුදර්ශන රජ උන් ආසනයෙන් නැගිට සලුවක් ඒකාන්ශ කොට පොරවා වම් අතින් රන් කෙන්ඩිය ගෙන ´පින්වත් චක්‍රරත්නය, (මාගේ අණසක) පවත්වාවා! පින්වත් චක්‍රරත්නය (සතර මහත් දිවයින) ජයගෙන දේවායි´ කියමින් දකුණු අතින් පැන් ඉස්සේය. ආනන්දය, එවිට ඒ චක්‍ර රත්නය මහා සුදර්ශන රජ සහ සිවුරඟ සෙනග කැටුවම පෙරදිගට ගමන්ගති. ආනන්දය, යම් පෙදෙසක චක්‍ර රත්නය පිහිටියේද එහි සුදර්ශන රජ සිවුරඟ සෙනග සමග වාසයට පැමිණියේය.

6. ´´ආනන්දය, නැගෙනහිර දිසාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් වූවාහුද ඔවූහු මහා සුදර්ශන රජු වෙතට පැමිණ මෙසේ දැන්වූහ. ´´මහ රජ්ජුරුවන් වහන්ස, එනු මැනව. ඔබගේ ගමන ඉතා යහපත් වේමය.(මේ මහද්වීපය)ඔබ සන්තකය, අපට අනුශාසනා කළ මැනවයි´´ යනුවෙනි. මහාසුදර්ශන රජ (ඔවුන්ට) මෙසේ අනුශාසනා කළහ. සතුන් නොමැරිය යුතුය. නොදුන් දෙය සොර සිතින් නොගත යුතුය.(සොරකම් නොකල යුතුය) කාමයන්හි වරදවා නොහැසිරිය යුතුය. බොරු නොකිය යුතුය. සරා පානය නොකල යුතුය.(තොප) අනුහව කල අය බදුම අනුහව කරව්යයි´´(ඒ ඒ රජවරුන්ටම ඒ ඒ රටවල් පාවා දෙයි) ආනන්දය, නැගෙනහිර දිශාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් ඇද්ද ඔවූහු මහා සුදර්ශන රජුට අනුව පැවැත්තාහුය.(යටත්වූහ)

7. ´´ආනන්දය. ඉක්බිති ඒ චක්‍ර රත්නය පෙරදිග සමුද්‍රයට බැසගෙන එයින් නැගී මහා සුදර්ශන රජ සහ සිවුරඟ සෙනග කැටුවම දකුණු දිශාවට පෙරදිග ගමන මෙන් විය. බස්නාහිර ගිය ගමනද උතුරට ගිය ගමනද එසේම විය.

8. ´´ආනන්දය, ඉක්බිති ඒ චක්‍ර රත්නය මුහුද කෙළවර කොට ඇති මුළු පොළව ජය ගෙන කුසාවතී රාජධානියට ආපසු ඇවිත් මහා සුදර්ශන රජුගේ ඇතුළු නුවර වාසල් දොර නඩු ශාලාව ඉදිරියෙහි, රජුගේ ඇතුළු නුවර(අන්තංපුරය) වැඩියක් හොබවමින් රථ අලවන්ගුවේ ඇතුළත් කරන ලද්දක් මෙන් සිටියේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු(ආනුහාව ඇති) චක්‍රරත්නය පහළ වූයේය.

9. ´´ආනන්දය, නැවතද සර්වාන්ගයම සූදුවූ ස්ථාන හතකින් පොළව ස්පර්ශ කරන්නාවූ, සෘද්ධි ඇත්තාවූ අහසින් යන්නාවූ, උපොසථ නම් හස්ති රාජ රත්නයක් පහළවූයේය. ඒ දැක මහාසුදර්ශන රජුගේ සිත පැහැදුනේය. පින්වත්නි, ඒකාන්තයෙන් හස්තියානය ඉදින්නික්මීමට පැමිණේ නම් ඉතා යහපතැයි කියායි, ආනන්දය එවිට ඒ හස්ති රත්නය ඉතා බොහෝ කලක් යහපත්ව දමනය කරන ලද උතුම් අජානීය හස්ති රාජයෙක් යම්සේද එමෙන්ම දමනයට පැමිණ ඉතා හොදින් හික්මුනේය.

ආනන්දය, පෙරවූ දෙයක් කියමි. ඒ මහා සුදර්ශන රජ හස්ති රත්නය විමසන්නේ උදේ කාලයෙහි හස්ති යානාවට නැගී මුහුද කෙළවර කොට ඇති මුළු පොළවට අනුශාසනා කොට කුසාවතී රාජධානියට ආපසු ඇවිත් උදේ ආහාරය නිමවූයේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු හස්ති රත්නයක් පහළ වූයේය.

10. නැවතද ආනන්දය, මහාසුදර්ශන රජහට, මුළු ශරීරිය සූදුවූ කාක ශීර්ෂවූ(කවුඩෙකුගේ හිසට සමාන හිසක් ඇති) දකුණට කැරකුන කෙශ කලාපයක් ඇති සෘද්ධිමත්වූ අහසින් යන්නාවූ වලාහක අශ්වරාජවූ අශ්ව රත්නයක් පහළ වූයේය. ආනන්දය, පෙරවූ දෙයක් කියමි. මහා සුදර්ශන රජ ඒ අශ්ව රත්නය විමසනුයේ උදය කාලයෙහි අසු පිටට නැගී සමුද්‍රය කෙළවර කොට ඇති මුළු පොළවෙහි ඇවිද කුසාවති රාජධානියට ආපසු ඇවිත් පෙරවරු ආහාරය නිමවූයේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු අශ්ව රත්නයක් පහළ වූයේය.

11. ´´තවද අනිකක් නම්, ආනන්දය, ඒ මහා සුදර්ශන රජහට මාණික්‍ය රත්නයක් පහළ වූයේය. ඒ මාණික්‍ය රත්නයේ ආලෝකය හාත්පසින් යොදුනක් තැන පැතිර සිටියේය. ආනන්දය, පෙරවූ දෙයක් නම් මහා සුදර්ශන රජ ඒ මණි රුවන විමසනුයේ සිව්රඟ සේනාව සරසා ඒ මාණික්‍ය රත්නය කොඩියෙහි අගට නංවා ඇස් අදුරු කරන තද කළුවර රාත්‍රියෙහි(නුවර) සැරිසරයි, ආනන්දය, ඒ කුසාවති නගරය අවට ගම් වාසීහු මාණික්‍යයේ ආලෝකයෙන් දවාලයයි සිතා කර්මාන්ත ආරම්හ කළහ. මහාසුදර්ශන රජහට මෙබදු මාණික්‍ය රත්නයක් පහළ වූයේය.

12. ´´නැවතද අනිකක් නම්, ආනන්දය, මහා සුදර්ශන රජහට ස්ත්‍රිරත්නයක් පහළවූයේය. ඕ තොමෝ මනා රූ ඇත්තීය. දැකුම්කට යුත්තීය. උතුම්වූ වර්ණ සෞන්දර්යයයෙන් යුක්ත වූවාය. ඉතා උස්ද නොවීය. ඉතා මිටිද නොවිය. ඉතා කෙට්ටුද නොවීය. ඉතා මහත්ද නොවීය. ඉතා කළුද, ඉතා සුදුද නොවීය, මිනිස් වරණය ඉක්මුණාවූ දිව්‍යය වර්ණයට නොපැමිණියාවූ(දෙවඟනක් සමාන) ස්ත්‍රික් වූවාය. ආනන්දය, ඒ ස්ත්‍රිරත්නයාගේ මෙබඳුවූ ශරීර ස්පර්ශයක් වේ. ඉඹුල් පුළුන් වල හෝ කපු පුළුන් වල යම්බඳු ස්පර්ශයක් ඇද්ද, එබඳු ස්පර්ශයක් ඇත්තීය, ආනන්දය, ශීත කාලයේ ඒ ස්ත්‍රිරත්නයගේ ශරීරය උනුසුම් වෙයි, උණුසුම් කාලයේදී සීතවෙයි. ආනන්දය, ඒ ස්ත්‍රිරත්නයගේ ශරීරයෙන් සඳුන් සුවඳ විහිදෙයි, කටින් මහනෙල් මල් සුවඳ විහිදෙයි, ආනන්දය, ඒ ස්ත්‍රිරත්නය වනාහි මහා සුදර්ශන රජුට පළමු කොටම නැගිටින්නියක් වූවාය. පසුව සැතපෙන්නීය, දාසියක් මෙන් හැසිරෙන්නීය, ප්‍රියමනාපව හැසිරෙන්නීය, ප්‍රිය වචන කියන්නීය, ආනන්දය, ඒ ස්ත්‍රිරත්නය වනාහි මහා සුදර්ශන රජු ඉක්මවා සිතින්වත් නොහැසිරෙන්නීය. ශරීරයෙන් කියනුම කවරේද?ආනන්දය මහා සුදර්ශන රජුට මෙබඳුවූ ස්ත්‍රිරත්නයක් පහළ වූයේය.

13. ´´නැවතද අනිකක් නම්, මහා සුදර්ශන රජහට ගෘහපති රත්නයක් පහළ වූයේය. ඒ ගෘහපති රත්නයට කුශල විපාකයෙන් දිවැස් පහළ විය. ඒ ගෘහපති රත්නය මහා සුදර්ශන රජු වෙත පැමිණ මෙසේ කීවේය. දේවයන් වහන්ස, උත්සහ නොකල මැනව, මම ඔබ වහන්සේගේ ධනයෙන් වුවමනා කටයුතු කරන්නෙමියි´´ ධනයෙන් පැවරීය.

14. නැවතද අනිකක් නම් ආනන්දය, මහා සුදර්ශන රජුට පරිනායක රත්නයක් පහළ වූයේය. ඔහු පණ්ඩිත වූයේය. කීමෙහි, බිණිමෙහි දක්ෂ වූයේය. ඥාණවන්ත වූයේය. මහා සුදර්ශන රජු වෙතට පැමිණ විය යුත්තන් පැමිණ වීමටද, නොපැමිණවියයුත්තන් නොපැමිණවීමටද, සමර්ථ වූයේය. ඔහු මහා සුදර්ශන රජු වෙත පැමිණ, දේවයන් වහන්ස ඔබ වහන්සේ වෙහෙස නොවනු මැනව. මම අනුශාසනා කරන්නෙමි, කීය. ආනන්දය, මහා සුදර්ශන රජුට මෙබඳු පරිනායක රත්නයක් පහළ වූයේය. ආනන්දය, මහා සුදර්ශන රජු මේ සත් ආකාර රත්නයෙන් යුක්ත වූයේය.

15. ´´ආනන්දය, නැවතද අනිකක් නම්, මහා සුදර්ශන රජ සතර සෘද්ධියකින් යුක්ත වූයේය. මහා සුදර්ශන රජ අන්‍ය මනුෂ්‍යයන්ට වඩා අතිශයින් මනාවූ රූප ශෝහා ඇති දැකීමට ප්‍රියවූ සතුට ගෙන දෙන්නාවූ උතුම් වර්ණ සම්පත්තියෙන් යුක්ත විය.

සෙසු මනුෂ්‍යයන්ට වඩා බොහෝ කල් ජීවත් වන්නෙක් විය. අන්‍ය මනුෂ්‍යයන්ට වඩා ආබාධ අඩු කෙනෙක් විය.

16. තවද, ආනන්දය, සක් දෙවිඳු මහා සුදර්ශන රජුගේ සතිවිල්ල තමාගේ සිතින් දැන විස්වකර්ම දිව්‍ය පුත්‍රයාට කථා කර මහා සුදර්ශන රජුට විසීමට ´ධම්ම´ නම් ප්‍රාසාදයක් මවවයි, කීය. විස්වකර්ම දිව්‍ය පුත්‍ර තෙමේ ´ධර්ම´ නම්වූ ප්‍රාසාදයක් මැවූයේය.

17. ´´ආනන්දය, ඊට පසුව මහා සුදර්ශන රජහට මෙබඳු අදහසක් ඇතිවිය. එනම් යම් හෙයකින් මම දැන් මහත් සෘද්ධි ඇත්තේ මහත් ආනුහාව ඇත්තේ වෙම්ද, මාගේ මේ සම්පත්තිය කිනම් කුසලකර්මයක්හුගේ

ඵලයක්ද, කවර කර්මයෙක්හුගේ විපාකයෙක්ද?කියායි. ඉක්බිති රජහට මෙබඳු අදහසක් ඇතිවිය, මාගේ මේ සම්පත්තිය ත්‍රිවිධ කුශල කර්මයාගේ ඵලය වෙයි. ත්‍රිවිධ කර්මයන්ගේ විපාකය වෙයි. ඒ කවරේද යත්, දානයේද, උපෝසථ සීලයේද, කය හා වචනය සංවර කිරීමේද, යන ත්‍රිවිධ කුසල කර්මයේ ඵල විපාකය යනුයි,

18. තවද ආනන්දය, ඒ මහා සුදර්ශන රජ තෙම මහාබ්‍යහ නම් කූටාගාරයෙහි දොරටුව ළඟ සිට ප්‍රිති වාක්‍යයක් කීයේය. කාම සිතිවිලි සිටුව, ක්‍රොධ සිතිවිලි සිටුව කාම සිතිවිලි ක්‍රෝධ සිතිවිලි මෙපමණකින් සිටීවා, හින්සා සිතිවලි මෙපමණකින් සිටීවා, මෙපමණකින් සිටීවා කියායී.

19. තවද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම මහාබ්යුහ නම් කුටාගාරයෙහි රනින් කළ පර්යන්කයෙහි(ආසනයෙහි) හුන්නේ කාම තෘෂ්ණාවෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, ප්‍රථම ධ්‍යානය උපදවා විසුයේය. දෙවැනි ධ්‍යානය උපදවා වාසය කළේය. තුන්වැනි ධ්‍යානය උපදවා විසුයේය. සතරවැනි ධ්‍යානය උපදවා විසුයේය.

20. නැවතද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම සෑම තන්හි සියලුම ප්‍රාණින් සහිතවූ සියලුම ලෝකය විශාලවූ මහත් බවට ගියාවූ අප්‍රමාණ වෛර නැති හින්සා රහිතවූ මෛත්‍රි සිතින් පතුරුවා විසුයේය. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින් උපෙක්ෂා සහගත සිතින් පතුරුවා විසුයේය.

21. එකල්හි ආනන්දය, සුහද්‍රා දේවිය සිව්රඟ සෙනගද අන්තක්පුර ස්ත්‍රින්ද සමඟ ධර්මප්‍රාසාදයට එළඹ ධර්ම ප්‍රාසාදයට නැගී මහාබියූහ කූටාගාරයට පැමිණ දොරබාව අල්වා ගෙන සිටියාය. ඉක්බිති මහා සුදර්ශන රජ තෙම ශබ්දය ඇසී කිමෙක්ද?මේ මහත් සේනාවක්හුගේ ශබ්දයක් මෙනැයි සිතා මහාබියූහ කූටාගාරයෙන්, නික්මුණේ, දොරබාව අල්වා ගෙන සිටි සුහද්‍රා දේවිය දුටුවේය. දැක, සුහද්‍රා දේවියට මෙසේ කීවේය. එම්බා දේවිය, මෙතැන්හිම සිටුව, කූටාගාරයට ඇතුල් නොවෙවයි කීයේය.

22. ආනන්දය අනතුරුව, සුහද්‍රා දේවියට මෙබඳු අදහසක් ඇතිවිය. මහා සුදර්ශන රජහුගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසිදුය. විශේෂයෙන් බබලන්නේය. මහා සුදර්ශන රජ තෙම කාලක්‍රියා නොකෙරේවා. දේවි තොමෝ කඳුළු පිසදමා, මහා සුදර්ශන රජහට මෙසේ කීවාය. දේවයන් වහන්ස, ප්‍රියවූ මනාපවූ සියල්ලන්ගේ නානා හාවයවන්නේය. වෙන්වන්නාවූ ස්වහාවය ඇත්තේය. අන්‍ය ගතියකට යන ස්වහාවය ඇත්තේය. දේවයන් වහන්ස, නුඹ වහන්සේ ආසාවක් නැතුවමකාලක්‍රියා කල මැනව. ආසාව ඇත්තහුගේ කාලක්‍රියාව දුක්වන්නේය. නින්දා වන්නේය.

23. එවිට මහා සුදර්ශන රජ තෙම නොබෝවේලාවකින්ම කාලක්‍රියා කළේය. ආනන්දය, කාලක්‍රියා කලාවූ මහා සුදර්ශන රජ තෙම මනා ගති ඇති හෙයින් සුගති නම්වූ බ්‍රහ්මලෝකයෙහි උපන්නේය. ආනන්දය, මම ඒ කාලයේදී මහා සුදර්ශන රජවීමීයි වදාළ සේක. ආනන්දය, ඒ අසූහාරදහසක් නගර අතුරින් යම් කුසාවතී රාජ ධානියෙක් වීද එසමයෙහි ඒ එකම කුසාවතී නුවර වාසයකෙළෙමි.

24. ආනන්දය, සංස්කාරයන්ගේ අනිත්‍යතාව බලව, සියලුම ඒ සංස්කාර ධර්මයෝඉකුත් වූහ. නිරුද්ධ වූහ. විනාශ වූහ. මෙසේ සංස්කාරයෝ අනිත්‍ය වන්නාහුය අස්තිර වන්නාහුමය. ආනන්දය, සංස්කාරයෝ මෙසේ අස්වැසීමක් නැත්තාහුමය. යම් මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්ට නොඇලෙන්ට මිදෙන්ට සුදුසු වන්නේමය.

25. ආනන්දය, මම වනාහි මේ ප්‍රදේශයෙහි හය වාරයක්ම ශරිර නික්‍ෂෙපය(ශරීරය දැමීම) කළ බව දනිමි. ඒ වනාහි ධාර්මිකවූ ධර්මරාජන්වූ චක්‍රවාළය කෙළවර කොට ඇති සතර මහාද්වීපය ජයගත්තාවූ ජනපදයන්හි ස්තිරහාවයට පැමිණියාවූ සප්තවිධ රත්නයෙන් යුක්තවූ සක්විති රජ කාලයන්හිමය. මේ සත්වෙනි ශරිර නික්‍ෂෙපය(ශරීරය දැමිම) වන්නේය. ආනන්දය, දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ ලෝකයෙහි යම් තැනෙක්හි තථාගත තෙම අටවැනි වර ශරිර නික්‍ෂෙපය කරන්නේද එබඳුවූ ප්‍රදේශයක් මම නොදක්නෙමියි වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය මෙසේ වදාරා එයින් මත්තෙහි සුගත නම්වූ ශාස්තෲන්වහන්සේ මෙසේද වදාළ සේක.

´´ඉපිද නැසෙන සුලුවූ සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපිද නැතිවෙත්, ඔවුන්ගේ සංසිඳීම සැපවන්නේය´´ යනුයි.

(දහහත්වැනි මහාසුදර්ශන සූත්‍රය නිමියේය. )

16. මහා පරිනිර්වාණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදි.එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ඣකූට නම් පර්‍වතයෙහි වාසය කරන සේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වේදේහ නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදෑ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ.

2. අජාසත් රජ මගධ රට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථා කර මෙසේ කීවේය. ´´බ්‍රාහ්මණය, මෙහි එනු. භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවැතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරා අජාසත් රජ තෙමේ වැදෑ රජුන් යටත් කර ගන්නට යන බව දන්වන්නට යයි´´ කීවේය.

3. වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූද සිහිකටයුතුවූද කථාව නිම කොට එක පැත්තක උන්නේය. වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට අජාසත් රජ වැදෑ රජුන් නසා නැතිකර දැමීමට අදහස් කරන බව දැන්නුවේය.

4. ඒ කාලයේදී ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස වැඩ උන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කොට,

´´ආනන්දය, වැදෑ රජුහු නිතර රැස්වන්නාහුද, රැස්වීම් බහුලව ඇත්තාහුද, වැදෑ රජුහු සහගිව රැස්වෙත්ද, සහගිව නැගී සිටිත්ද, වැදෑ රජුහු සමගිව කටයුතු කෙරෙත්ද,

වැදෑ රජුහු නොපණවන ලද අලුත් නීති නොපනවත්ද, පණවන ලද නීති කඩ නොකරත්ද, පණවන ලද පුරාණ වජ්ජි ධර්මයන් දැඩිසේ ගෙන පිළිපදිද්ද,

වැදෑ රජුහු පුරුෂාන්තර ගතවූ (විවාහ වූ) යම් ඒ කුලස්ත්‍රීහු වෙත්ද විවාහ නොවූ යම් ඒ කුල කුමරීහු වෙත්ද, ඔවුන්ට බලහත්කාරකම් නොකරත්ද,

වැදෑ රජුහු ඔවුන්ගේ නුවර ඇතුළතවූ හෝ නුවරින් පිටවූ හෝ දේවාලයයි සම්මත ඒ වජ්ජි චෛත්‍යයෝ ඇත්ද ඒ චෛත්‍යාදීන්ට සත්කාර කෙරෙත්ද, ගරු කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, ඒ චෛත්‍යයන් පුදත්ද, කියාද, ඒ චෛත්‍යාදීන්ට පෙර දුන්නාවූද, පෙර කරණ ලද්දාවූද ධාර්මික බිලි පූජා නොපිරිහෙලා කරත්ද,

ඒ වැදෑ රජුහුගේ වැඳුම් පිදුම් කිරීමට සුදුසුවූ මහණ බමුණන් නිවැරදි අන්දමින් ආරක්‍ෂාව යහපත් ලෙස පිහිටුවන ලද්දේද, නොපැමිනියාවූ සිල්වත් ගුණවත් මහණ බමුණෝ තමන්ගේ රටට එන්නාහුද, පැමිනියාවූ මහණ බමුණෝ සැපසේ වාසය කරන්නාහුද කියාද තා විසින් අසන ලද්දේදැයි´´ ඇසූසේක.

වැදෑ රජවරුන් ඒ සියල්ල කරන බව ආනන්ද තෙරුන් වහන්සේ විසින් අසා තිබෙන බව කීවේය.

´´එසේ නම් ආනන්දය, ඒ වැදෑ රජවරුන්ගේ දියුණුවම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේ යයි´´ කීවෝය.

5. ඊට ටික වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වස්සකාර නම් බ්‍රාහ්මණයාට කථා කොට, ´´බ්‍රාහ්මණය, මම එක කාලයක විසාලා මහ නුවර සාරන්දද නම් යක්‍ෂයාගේ වාසස්ථානයෙහි කල චෛත්‍යයෙහි වාසය කෙළෙමි. මම එහිදී මේ වැදෑ රජුන් හට පිරිහීමක් නොවන කරුණු හතක් දේශනා කෙළෙමි. බ්‍රාහ්මණය, යම්තාක් මේ නොපිරිහීමට හේතුවන කරුණු සත වැදෑ රජුන් අත තිබෙයිද වැදෑ රජුහු මේ නොපිරිහෙන ධර්ම සතෙහි යහපත් ලෙස පිහිටත්ද, පිහිටවන බවක් දක්නා ලැබෙත්ද, බ්‍රාහ්මණය, ඒ වැදෑ රජුන්ගේ වැඩි දියුණුවම කැමති විය යුතුය. පිරිහීමක් නොවේයයි´´ වදාළ සේක.

මෙසේ වදාල කල්හි වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූයේය. ´´භවත් ගෞතමයන් වහන්ස, ඒ එකී එකී නොපිරිහීමට හේතුවන කරුණින් යුක්තවූ වැදෑ රජුන්ගේ වැඩි දියුණුවම අභිවෘධියම බලාපොරොත්තු විය යුත්තේය. පිරිහීමක් නොවෙයි. ඒ කරුණු හතෙන්ම යුක්ත නම් කියනුම කවරෙද? භවත් ගෞතමයන් වහන්ස, මගධ රට රජවූ අජාසත් රජ විසින් වැදෑ රජුන් සමග රන් රිදී ආදී වස්තුව යවා සංග්‍රහ කිරීමක් නැතිව ඔවුනොවුන්ගේ සමඟිය නොබිඳ යුද්ධ නොකට යුතුය. භවත් ගෞතමයන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තෝ වෙමු. අවශ්‍ය කටයුතු ඇත්තම්හ. එබැවින් දැන් අපි යම්හයි´´ කීයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ´´බ්‍රාහ්මණය, දැන් තෝ යමක් පිළිබඳ සුදුසු කාලයයි දන්නෙහි නම් ඒ ගමන යන්නයයි´´ අවසර දුන් සේක. ඊට පසුව මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ප්‍රීතිය ප්‍රකාශ කොට අනුමෝදන්ව හුනස්නෙන් නැගිට යන්න ගියේය.

6. මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා බැහැර ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඇසුරු කොට වාසය කරන සියලු භික්‍ෂූන් උපස්ථාන ශාලාවෙහි රැස් කරවනට කීවෝය. භාග්‍යවතුන් වහන්සේවැඩ සිටි ආසනයෙන් නැගිට ස්ථාන ශාලාවට එළඹියෝය. එළඹ පණවන ලද ආසනයෙහි වැඩ සිටිහය. වැඩහිඳ භික්‍ෂූන්ට කථාකර ´´මහණෙනි, මේ අපරිහාණීය (නොපිරි!හන කරුණු) ධර්ම සතක් දේශනා කරන්නෙමි. එය අසව්´´ කීවෝය. ´´ස්වාමීන් වහන්ස, එය යහපතැයි´´ භික්‍ෂූහූ උන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළ සේක.

´´මහණෙනි, යම්තාක් කල් භික්‍ෂූන් නිතර රැස්වන්නාහු වෙත්ද, බොහෝ සෙයින් රැස්වන්නාහු වෙත්ද, සමගිව රැස්වන්නාහු වෙත්ද, සමගිව නැගී සිටින්නාහුද, සමගිව සංයා විසින් කටයුතුවූ පොහෝ කිරීම් ආදී කර්ම කරන්නාහුද, තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලද්දක් නොපණවයිද, පණවන ලද ශික්‍ෂා ධර්මය කඩ නොකරන්නාහුද, පණවන ලද පරිදිවූ ශික්‍ෂා පදයන් සාමාදන්ව නොපිරිහෙලා රක්නාහුද, බොහෝ දවස් ගැන දන්නාවූ පැවිදුවූ බොහෝ කල් ඇති සංයාගේ පිය තනතුරෙහි සිටියාවූ සංයා ඒ ඒ ශාසන වැඩවලට පමුණුවන හෙයින් සං නායකවූ ඒ ස්ථවිර භික්‍ෂූහූ වෙත්ද, උන් වහන්සේලාට සත්කාර ගරුබුහුමන් කරන්නාහුද, උන් වහන්සේලා පුදන්නාහුද, උන් වහන්සේලාගේ ධර්මානුශාසනාදිය ඇසිය යුතු ලෙසම සිතන්නාහුද, නැවත ඉපදීම ඇති කරන්නාවූ උපන් තෘෂ්ණාවගේ වසඟයට නොපැමිණෙත්ද, ආරණ්‍යවල වාසයට කැමැත්තෙන් සිටින්නාහු වෙත්ද, භික්‍ෂූහූ නොපැමිණියාවූ සිලවත් සබ්‍රහ්මචාරීහු එන්නේනම් ඉතා යෙහෙකැයිද පැමිණියාවූ සබ්‍රහ්මචාරීහු පහසුයේ වාසය කරන්නාහු නම් ඉතා යහපතැයිද තම තමන්ගේ සිත් තුළම එළඹ සිටුවා වාසය කෙරෙත්ද, මහණෙනි, යම්තාක් කල් මේ පිරිහීම නැති කරන ධර්ම හත භික්‍ෂූන් කෙරෙහි පවත්නාහුද, මේ ධර්ම හත කෙරෙහි භික්‍ෂූහූ දක්නා ලැබෙත්ද, ඒ භික්‍ෂූන්ගේ වැඩි දියුණුවම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි´´ කීවෝය.

7. ´´මහණෙනි, තවත් පිරිහීම නැති කරණ කරුණු සතක් දේශනා කරන්නෙමි.´´

´´මහණෙනි, භික්‍ෂූහූ යම්තාක් කාලයක් සිවුරු පිරිකර මැසීම, හැඳීම ආදී කර්මාන්තයන්හි ඇලී වාසය නොකරත්ද, කර්මාන්තයන්හි වැඩි වශයෙන් යෙදී බැඳී වාසය නොකරත්ද, ස්ත්‍රීන්ගේ ගුණකීම ආදීවූ වැරදිවූ බොහෝ කථාවෙහි ඇලෙන්නාහු නොවෙත්ද, බොහෝ කථාවෙහි යෙදුනාහු නොවෙත්ද, බොහෝ කොට නිදාගැනීම් ඇත්තෝ නොවෙන්නාහුද, නින්දෙහි ඇලුනෝ නොවෙන්නාහුද, නින්දෙහි නොයෙදුනෝ වන්නාහුද, සමූහයා පරිවරාගෙන (රංචු ගැසී) වාසය කිරීමක් නැත්තෝ වන්ානහුද, සමූහයා කෙරෙහි ඇලුනෝ නොවන්නාහුද, ජන සමූහයා කෙරෙහි ඇලීම් වශයෙන් නොයෙදුනාහුද, තමන් තුළ නැත්තාවූ ගුණ ඇඟවීම් වශයෙන් ලාමකවූ පව් අදහස් ඇත්තෝ නොවන්නාහුද, පව් අදහස් ඇත්තන්ගේ ආශ්‍රයට නොපැමිණියාහු වෙත්ද, පාප මිත්‍රයන් ඇත්තෝ නොවන්නාහුද, පාපී යහළුවන් ඇත්තෝ නොවන්නාහුද, පාපයන් කෙරෙහි නැමීම් (ඇලීම්) ඇත්තෝ නොවන්නාහුද, භික්‍ෂූහු යම්තාක් කල් අර්හත් ඵලයෙන් මෙහා ස්වල්ප මාත්‍රවූ විශේෂ අධිගමයකින් අවසානයට නොපැමිණෙන්නාහුද, යන මේ නොපිරිහෙන කරුණු හත යම්තාක් කාලයක් භික්‍ෂූන් අතර තිබෙයිද, මේ පිරිහීම නැති කරන ධර්මයන් හත කෙරෙහි භික්‍ෂූන් පිළිපදිනු දක්නා ලැබේද, මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ වැඩි දියුණුවම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි´´ කීවෝය.

8. ´´මහණෙනි, තවත් නොපිරිහෙන ධර්ම හතක් දේශනා කරන්නෙමි.´´

´´මහණෙනි, භික්‍ෂූහූ යම්තාක් කාලයක් ශ්‍රද්ධා ඇත්තෝ වන්නාහුද, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තෝ වන්නාහුද, පාපයට භය ඇත්තෝ වන්නාහුද, බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ වන්නාහුද, පටන් ගත් වීර්යය ඇත්තෝ වන්නාහුද, එළඹ සිටි සිහි ඇත්තෝ වන්නාහුද, නුවණ ඇත්තෝ වෙත්ද, මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ වැඩි දියුණුවම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි´´ දේශනා කළෝය.

9. ´´මහණෙනි, පිරිහීම නැති කරන (අපරිහානිය) වෙනත් ධර්ම හතක් දේශනා කරන්නෙමි.´´

´´මහණෙනි, යම්තාක් කල් භික්‍ෂූහූ සති සංබොජ්ජංගය (බෝධියට අංගවන සිහිය) වඩන්නාහුද, ධම්මවිජය සංබොජ්ජංගය (බෝධියට අංගවන නුවණ) වඩන්නාහුද, වීර්ය සංබොජ්ජංගය (බෝධියට අංගවන වීර්යය) වඩන්නාහුද, ප්‍රීති සංබොජ්ජංගය (බෝධියට අංගවන ප්‍රීතිය) වඩන්නාහුද, පස්සධි සංබොජ්ජංගය (බෝධියට අංගවන සංසිඳීම) වඩන්නාහුද, සමාධි සංබොජ්ජංගය (බෝධියට අංගවන සමාධිය) වඩන්නාහුද, උපේක්ඛා සංබොජ්ජංගය (බෝධියට අංගවන උපේක්‍ෂාව) වඩන්නාහුද, මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ වැඩි දියුණුවම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි´´ දේශනා කළෝය.

10. ´´මහණෙනි, වෙනත් පිරිහීම නැති කරන ධර්ම හතක් දේශනා කරන්නෙමි.´´

´´මහණෙනි, භික්‍ෂූහූ යම්තාක් අනිත්‍ය සංඥාව (අනිත්‍යය දැකීම) වඩන්නාහුද, අනාත්ම සංඥාව (අනාත්ම දැකීම) වඩන්නාහු වෙත්ද, අසුභ සංඥාව (අසුභ දැකීම) වඩන්නාහු වෙත්ද, ආදීනව සංඥාව (සංස්කාරයන්ගේ දොස් දැකීම) වඩන්නාහු වෙත්ද, විරාග සංඥාව (භවයෙහි නොඇලීම) වඩන්නාහු වෙත්ද, නිරෝධ සංඥාව (සංස්කාරයන්ගේ නැතිවීම දැකීම) වඩන්නාහු වෙත්ද, මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ වැඩි දියුණුවම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි´´ දේශනා කළෝය.

11. ´´මහණෙනි, පිරිහීම නැති කරන (අපරිහානිය) වෙනත් ධර්ම හයක් දේශනා කරන්නෙමි.´´

´´මහණෙනි, භික්‍ෂූන් යම්තාක් කල් එකට මහණ දම් පුරන්නන් කෙරෙහි ඇති තැනද, නැති තැනද මෛත්‍රියෙන් යුත් කාය කර්ම (කයේ පැවතුම්) ඇතිව සිටින්නාහුද, මෛත්‍රියෙන් යුත් වචන කියන්නාහුද, මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ වැඩි දියුණුවම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි´´ දේශනා කළෝය.

´´මෛත්‍රී සිත් පිහිටුවා සිටින්නාහුද, භික්‍ෂූහූ යම්තාක් කල් යම් ඇහැමින් ලබන ලද ධාර්මික ලාභ වෙත්ද, යටත් පිරිසෙයින් පාත්‍රයට ලැබුණ දෙයක් වුවත් සිල්වත්වූ එකට මහණදම් පුරණ භික්‍ෂූන් වහන්සේලා සමග බෙදා හදා ප්‍රයෝජන ගන්නෝ වන්නාහුද, කඩ නොවූ පැල්ලම් නැති කැලැල් නැති තණ්හාවට වහල් නොවූ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද වැරදි හැඟම් නැති සමාධිය පිණිස පවත්නා යම් ශීලයක් ඇත්තේද, එවැනි ශීලයෙන් සමානව එකට මහණදම් පුරන්නන් සමග ඇති තැනද, නැති තැනද වාසය කරත්ද, භික්‍ෂූගේ යම්තාක් කල් ක්ලේශ නැති කරන උතුම් නිර්වාණය පිණිස පවතින හරි දැකීමක් වේද, එවැනි දැකීමෙන් සමානව ඇති තැනද, නැති තැනද එකට මහණදම් පුරන්නන් සමග වාසය කරන්නාහුද, මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ වැඩි දියුණුවම කැමති විය යුත්තේය. පිරිහීමක් නොවේයයි´´ දේශනා කළෝය.

12. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරන්නේ බොහෝ කොට භික්‍ෂූන්ට මේ ධර්ම දේශනා කෙරෙත්.

´´මේ ශීලයයි, මේ සමාධියයි, මේ ප්‍රඥාවයි. සීලයෙන් වඩන ලද සමාධිය මහත් ඵල ඇත්තේ වෙයි. මහත් ප්‍රයෝජන ඇත්තේ වෙයි. සමාධියෙන් මනාකොට වඩන ලද ප්‍රඥාව මහත් ඵල ඇත්තේ වෙයි. මහත් ප්‍රයෝජන ඇත්තේ වෙයි. ප්‍රඥාවෙන් වඩන ලද සිත ආශ්‍රවයන් කෙරෙන් මිදෙත්. එනම් කාම ආශ්‍රවයෝය, භව ආශ්‍රවයෝය, දෘෂ්ඨි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය යන මොවුහුය´´

එකල භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කැමති තාක් කාලයක් වාසය කොට මහත් භික්‍ෂු සංයා සමග අම්බලට්ඨිකා උයනට පැමිණියෝය.

13. එකල භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන් සඳහා කරන ලද ශාලාවෙහි වාසය කළෝය. ඒ සම්බලට්ඨිකා උයනෙහි රාජ ශාලාවෙහි වාසය කරන භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට බොහෝ කොට මේ ශීලයයි, මේ සමාධියයි, මේ ප්‍රඥාවයි ආදී ධර්මය දේශනා කළෝය. ශීලයෙහි පිහිටා පුරුදු කරන ලද සමාධිය මහත් ඵල ඇත්තේය. මහත් අනුසස්ද ඇත්තේය. සමාධියෙන් පිහිටා පුරුදු කරන ලද ප්‍රඥාව මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තී වෙයි. ප්‍රඥාවෙහි පිහිටා වඩන ලද චිත්තය කාමාශ්‍රවය, භවාශ්‍රවය, දෘෂ්ඨි ආශ්‍රවය (?? ,අවිද්‍යා ආශ්‍රවය) යන සතර ආශ්‍රවයන්ගෙන් මනාකොට මිදේයයි´´ වදාල සේක.

භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි කැමති පරිද්දෙන් වාසය කොට, භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සංයා සමග නාලන්දා නුවර යම් තැනෙකද, එතැනට පැමිණියෝය. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා පුරවරයෙහිවූ පාවාරිකා නම් අඹ වනයෙහි වාසය කළෝය.

14. එවිට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එක් පැත්තක උන්නේය. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැනුම් දුන්නේය.

´´ස්වාමීන් වහන්ස, මේ සර්වඥතාඥානය කරණ කොට ගෙන භාග්‍යවතුන් වහන්සේට වඩා ඥානයෙන් උසස්වූ කසිසයම් ශ්‍රමණයෙක් හෝ කිසියම් බ්‍රාහ්මණයෙක් හෝ අතීත කාලයෙහිද නොවූවේය. අනාගත කාලයෙහිද නොවන්නේය. දැන් මේ කාලයෙහිද නොවේයයි´´ භාගවත් බුදුරජානන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුණෙමියි කීවේය.

´´සාරිපුත්තය, ඔබ විසින් උසස් නිර්භීත වචනයක් කියන ලද්දේය. ඒකාන්ත වචනයක් කියන ලද්දේය. සිංහ නාදයක් පවත්වන ලද්දේයයි´´ කීවෝය.

´´සාරිපුත්තය, කිමෙක්ද? අතීත කාලයෙහි හෝ අනාගත කාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදු කෙනෙක් වූවාහුද, ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා මෙසේ මෙවැනි ශීලයෙන් , මෙවැනි ධර්මයෙන්, මෙසේ මෙවැනි ප්‍රඥාවෙන් යුක්ත වූවාහුයයි කියාද, මෙසේ මෙවැනි වාසය කිරීම (විහරණ) ඇත්තාහුයයි කියාද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ මෙබඳු කෙලෙසුන් කෙරෙන් මිදීම ඇත්තෝයයි කියාද ඔබ විසින් සිතින් සිත පිරිසිඳ බලා දක්නා ලද්දේදැයි´´ ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, එය එසේ නොවේයයි´´ දැන්නුවේය.

´´කිමෙක්ද, සාරිපුත්ත, දැන් මේ කාලයෙහි, මම ඔබගේ අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙමි. මේ කාරණයෙන්ද භාග්‍යවත් තෙම මෙසේ මෙවැනි ශීලයෙන් මෙවැනි ධර්මයෙන් මෙවැනි ප්‍රඥාවෙන් යුක්තයයි කියාද මෙසේවූ හැසිරීම් ඇතැයි කියාද මේ කාරණයෙන්ද භාග්‍යවත් තෙම මෙසේවූ විමුක්තියෙන් (කෙලෙසුන් කෙරෙන් මිදීමෙන්) යුක්ත වූයේයයි කියාද, ඔබ විසින් සිතින් සිත පිරිසිඳ බලා දක්නා ලද්දේදැයි´´ ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, නැත, එය එසේ නොවේයයි´´ කීය.

´´කිමෙක්ද සාරිපුත්තය, තොපට මේ අතීත, අනාගත, වර්තමාන යන අර්හත් සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලාගේ සිත් දැන ගැන්නා තරම් පරසිත් දැන ගන්නා ඥානයක් නැත්තේද, එසේ නැති කල යම් මේ සර්වඥතාඥානය හේතු කොට ගෙන භාග්‍යවතුන් වහන්සේට වඩා උසස් ඥානයෙන් යුක්තවූ අන්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහිද දැන් මේ කාලයෙහිද නැත්තේයයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි, යන නිර්භීත වචනය කෙසේ කියන ලද්දේද?´´

15. ´´ස්වාමීන් වහන්ස, අතීත, අනාගත, වර්තමාන කාලයෙහිවූ අර්හත් සම්‍යක් සම්බුදුන් වහන්සේලාගේ සිත මාගේ සිතින් පිරිසිඳ දන්නා ඥානයක් මට නොමැත්තේය. එවැනි ඥානයක් නැත්තේවී නමුත් ධර්මය අනුව ගොස් දැන ගන්නා ලද්දෙමියි´´ කීවෝය.

´´ස්වාමීන් වහන්ස, එසේම මා විසින් කරුණු අවබෝධ කරගත් ඥාන වශයෙන් ධර්මානුගත බුද්ධියෙන් මේ කාරණය දැනගන්නා ලද්දේය. අතීත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලා වූවාහුද, ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ ස්වර්ග මෝක්‍ෂය මුවහ කරනා පඤ්චනීවරණ ධර්මයන් දුරුකොට සතර බොජ්ජංග ධර්ම (බෝධියට අංගවන කරුණු) සත වඩා උතුම්වූ සර්වඥතාඥානය අවබෝධ කලාහුය කියාද, අනාගතයෙහිද එසේමය´´.

16. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නගරයෙහි පාවාරිකා නම් අඹ වනයෙහි වාසය කරන්නේ බොහෝ භික්‍ෂූන් සඳහා මේ ධර්ම කථා්ව දේශනා කරති. කෙසේද යත්-

ඒ මේ චතුපාරිසුද්ධිශීලයයිද, මේ සිත එක අරමුණක පිහිටීමද, මේ සිත එක අරමුණ්ක පිහිටීම සමාධියයිද, මේ විදර්ශනා ප්‍රඥා්වයයිද, චතුපාරිසුද්ධිශීලයෙහි පිහිටා වඩනා ලද සමාධිය මහත් ඵල වන්නේය. බොහෝ ආනිසංස ඇත්තේය. සමාධියෙහි පිහිටා වඩනා ලද (??සිත) මහත් ඵල මහානිසංස ඇත්තේ වේ. ප්‍රඥාවෙහි පිහිටා පුරුදු කරණලද සිත යහපත් ලෙසට ආශ්‍රවයන්ගෙන් එනම් කාමාශ්‍රවය, භව ආශ්‍රවය, දෘෂ්ටි ආශ්‍රවය, අවිද්‍යා ආශ්‍රවය යන මොවුන් කෙරෙන් සර්වප්‍රකාරයෙන් මිදේයයි´´ කීවෝය.

ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි කැමති කාලයක් වාසය කොට බොහෝ භික්‍ෂූන් වහන්සේලා සමග පාටලී නම් ගමට පැමිණියෝය.

17. පාටලී ගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ පාටලී ගමට වැඩියේයයි අසා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෝය. ඒ උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය. එනම් ´´ස්වාමීනි, භාග්‍යවතුන් අපගේ ආගන්තුක ශාලාව පිළිගන්නා සේක්වායි´´. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ධ භාවයෙන් එය පිළිගත්සේක.

18. ඊට පසුව පාටලී ගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන ආගන්තුක ශාලාවට පැමිණ එය සම්පූර්ණයෙන් වස්ත්‍ර අතුරා අසුන් පනවා පැන් භාජන තබවා සුවඳ තෙල් පහන් දල්වා පාටලී ගම්වැසි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැන්වූවෝය.

19.එවිට භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු ගෙන භික්‍ෂු සංයා සමග ආගන්තුක ශාලාවට වැඩ පාදයන් සෝදා ආගන්තුක ශාලාවට ඇතුල්ව මධ්‍යයෙහි වූ කණුව ඇසුරු කොට පෙරදිගට මුහුණලා වැඩ හුන් සේක. භික්‍ෂු සංයා පාදයන් සෝදා ආගන්තුක ශාලාවට ඇතුල්ව බස්නාහිර දෙස බිත්තිය ඇසුරු කොට පෙරදිගට මුහුණලා භාග්‍යවතුන් වහන්සේම පෙරටුකොට උන්නේය, පාටලී ගම් වැසි උපාසකයෝද පාදයන් සෝදා ආගන්තුක ශාලාවට ඇතුල්ව නැගෙනහිර දෙස භික්තිය ඇසුරුකොට බස්නාහිර දිගට මුහුණලා භාග්‍යවතුන් වහන්සේම පෙරටුකොට උන්නාහුය.

20.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලී ගම්වැසි උපාසකයන්ට කථා කළහ. ´´ගෘහපතිය, දුශ්ශීලයාගේ ශීල විපත්තිය සම්බන්ධයෙන් මේ දෝශ පහක් ඇත්තේවේ. ඒ පස කවරහුදයත්, දුශ්ශීල තෙමේ ප්‍රමාදය කරණකොට ගෙන මහත්වූ සම්පත්තීන්ගේ හානියට පැමිනෙයි. මේ පළමු වෙනි දෝශයයි. දුශ්ශීලයාගේ අපකීර්ති පවිටු ඊරිශ්‍යාව අතිශයින් උස්ව පැන නගියි. මේ දෙවන දෝෂයයි. විපතට පැමිණි සිල් ඇති දුශ්ශීලතෙම ක්‍ෂත්‍රිය රාජදීන් පිළිබඳ පිරිස- පිරිසපිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගෘහපතීන්ගේ පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ යම් යම් පිරිසකට පැමිනේද සැක සහිතවම භය සහිතවම එළඹෙයි මේ තුන්වැනි දෝශයයි. විපතට පැමනි දුශ්ශීලයා සිහි මුළාවට පැමිණ කාලක්‍රියා කෙරේ. මේ හතර වැනි දෝෂයයි. දුශ්ශීලතෙම ශරීරය විනාශවී මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇත්තාවූ නරකහෙි උපදී. මේ පස්වෙනි දෝෂයයි´´ කීවෝය.

21.´´ගෘහපතියෙනි සිල්වත්හුගේ සීල සම්පත්තිය පිළිබඳව මේ ආනිසංශ පසක් වෙත් ඒ පස කවරහුද යත්? සිල්වත්තෙම ශීලයෙන් සම්පූර්ණවූයේ නොපමාවීම කරණකොටගෙන මහත්වූ සම්පත් ලබයි මේ පළමුවෙනි ආනිසංශයයි හොඳින් සිල් ඇත්තාවූ සිල්වත්හුගේ උතුම්වූ යහපත් කීර්ති ාෙෂාව විශෙෂයෙන් උස්ව නැගේ සම්පූර්ණවූ සිල් ඇති සිල්වත් තෙම ක්‍ෂත්‍රිය රාජාදීන් පිරිසකට හෝ බ්‍රාහ්මණයන්ගේ පිරිසකට හෝ ගෘහපතියන්ගේ පිරිසකට හෝ ශ්‍රමණයන්ගේ පිරිස කට හෝ යම් යම් පිරිසකට පැමිනේද, සැකයක් නැතුවම නිර්භයවම එළඹෙන්නේය. සම්පූර්ණවූ සිල්ඇති සිල්වත් තෙම සිහි මුළා නොවීම කාලක්‍රියා කෙරෙයි, සම්පූර්ණවූ සිල් ඇති සිල්වත් තෙම ශරීරය විනාශවී මරණින් මතු හොඳ ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදී. සිල්වත්හුගේ සීල සම්පත්තිය පිළිබඳව, මේ පස්වෙනි ආනිසංසයයි කීවෝය.

22. ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ පාටලී ගම්වාසී උපාසකවරුන් රාත්‍රිය සම්බන්ධයෙන් බොහෝවේලාවක් ධර්ම කථාවෙන් යහපත් ලෙස කරුණු දක්වා සමාදන් කරවා සිත් තියුණු කරවා පහදවා හැරිසේක.

පාටලී ගම්වැසි උපාසකයන් බැහැරගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ ශුන්‍යාගාරයට(විවේක ගන්නා කාමරයට) පැමිනියෝය.

23. ඒ කාලයෙහි සුනීධය, වස්සකාරය යන මගධ රට මහාමාත්‍යයෝ පාටලී නම් ගමෙහි වැදෑ රජුන්ගේ අයබදු වැළැක්වීම පිණිස නුවරක් කරවන්නාහුය. ඒ කාල යෙහිදී ඒ ඒවර්ගයෙන් දහස බැගින්වූ බොහෝ දෙවතාවෝ පාටලී ගමෙහි ගෘහ භූමිවලට අරක්ගෙන සිටිත්. ඒ ප්‍රදේශයෙහි වාසස්ථන කරවන්නට රජුන්ගේද රජ මහා ඇමතියන්ගේද සිත් නැමෙත්.

24. භාග්‍යවතුන් වහන්සේ පිරිසිදුවූ මනුෂ්‍ය ඇසට උසස්ව පවතින දිවැසින් එක් එක් වර්ගයෙන් දහස දහස බැගින් පාටලී ගමෙහි භූමීන්ට අරක්ගෙන සිටින්නාවූ දේවතාවන් දුටුවේය. එවට භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි අලුයම් වේලෙහි නැගිට සිට ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේට කථාකොට මෙසේ කීවෝය.

´´ආනන්දය, පාටලී ගමෙහි නුවරක් සාදවන්නේ කවරෙක්දැයි´´ ඇසුවෝය.

´´ස්වාමීන්වහන්ස, සුනීධය, වස්සකාරය යන මගධ රට මහ ඇමතියෝ දෙදෙනා වැදැ රජ දරුවන්ගේඅය බදු වැළැක්වීම පිණිස, පාටලී ගමෙහි නුවරක් සාදවන්නාහුයයි´´ කීවේය.

යම් ප්‍රදේශයක භූමියකට දේවතාවෝ අරක්ගෙන වෙසෙත්ද එතැන රජදරුවන් හා රජ මහ ඇමතියන්ට වාසස්ථාන ඇති කරන්නට සිත් නැමෙන්නාහුය.

´´ආනන්දය, යම් පමණ උතුම් මිනිසුන් පැමිනෙන ස්ථාන ඇත්තේද, යම් පමණවෙළඳුන් පැමිනෙන ස්ථාන ඇත්තේද, ඒ ස්ථාන අතුරෙන් විකිණීමට ගෙනෙන බොහෝ බඩු පොදි ලිහන තැනක්වූ මේ නගරය ප්‍රධානවූ නුවරක් එන්නේයයි´´ කීවෝය.

´´ආනන්දය, මේ පාටලී නම් නුවරට ගින්නෙන් හෝ දියෙන් මිත්‍ර භෙදයෙන් හෝ වන්නාවූ අන්තරාය තුනක් ඇත්තාහුයයි´´ වදාළෝය.

25. එවිට සුනීධය, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ දැන්නුවෝය.

´´භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂු සංයාවහන්සේ හා සමග අද දවස අපේ භෝජනය පිළිගන්නා මැනවයි දැන්වූහ.

භාග්‍යවතුන් වහන්සේ තුෂ්නිම් භාවයෙන් (ආරාධනාව) පිළිගත් සේක. ´´භවත් ගෞතමයාණන් වහන්ස, භෝජනය සුදානම්ය. දැන් ඊට කාළය වේයයි´´ කියා භාග්‍යවතුන් වහන්සේට දැන්නුවාහුය.

26.එවිට භාග්‍යවතුන් වහන්සේ උදේවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු ගෙන භික්‍ෂ සංයා සමග සුනීධය, වස්සකාරය යන මගධරට මහා ඇමතියන්ගේ නිවාස යම් තැනකද එතැනට පැමිනියෝය. පැමිණ පණවනලද ආසනයෙහි වැඩ උන්සේක. එවිට සුනීධය, වස්සකාරය යන මගධ රට මහා ඇමතියෝ බුදුන් ප්‍රධාන කොට ඇති භික්‍ෂු සංයා මිහිරි ආහාරපාන ආදියෙන් සිය අතින් වැළඳෙව්වාහුය.

එවිට සුනීධය, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ වළඳා අවසානවූ භාග්‍යවතුන් වහන්සේ ළඟ එක්තරා පහත් ආසනයක් ගෙන එක පැත්තකින් උන්නාහුය. ඒ මහ ඇමතියන්ට භාග්‍යවතුන් වහන්සේ මේ අදහස ඇති ගාථාවලින් පින් අනුමෝදනා කළසේක.

27. ´´ප්‍රඥ ඇත්තෙක් යම් ප්‍රදේශයක වාසය කරන්නේ වේද, එහි සන්සුන් ඉන්ද්‍රියයන් ඇත්තාවූ, උතුම් හැසිරීම් ඇත්තාවූ (බ්‍රහ්මචාරීවූ) සිල්වතුන් වහන්සේලා වළඳවා එතැන යම් දේවතා කෙනෙක් ඇත්තාහුද ඔවුන්ට පින් දෙන්නේ වේද පුදනු ලැබූ ඒ දේවතාවෝ ඔවුන් පුදත්. සිතින් ගරු කරනු, ලැබූ ඔව්හු, ඔවුන්ට සිතින් ගරු කරත්. යම්සේ මෑණියෝ තමන්ගේ ඖරස පුත්‍රයාට අනුකම්පා කරන්නේද, එමෙන්, දෙවියෝ පින් දුන් ඔවුන්ට අනුකම්පා කරන්නාහුය. මෙසේ දෙවියන් විසින් අනුකම්පා කරන ලද පුද්ගලයා හැම කල්හිම යහපත් සැපයක්ම දකින්නේය.´´ යනුයි.

28.එවිට භාග්‍යවතුන් වහන්සේ පින් අනුමෝදනාව කොට හුනස්නෙන් නැගිට ගියෝය.

ඒ කාලයෙහි සුනීධ, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ ශ්‍රමණ භවත් ගෞතම තෙම අද යම් දොරටුවකින් නුවරින් පිට වන්නේද ඒ දොර ´´ගෞතම දොරය´´ යන නම වන්නේය, යම් තොටකින් ගංගානම් ග න් එතෙර වන්නේද ඒ තොට ´´ගෞතම තොට´´ නම් වන්නේයයි´´ භාග්‍යවතුන් වහන්සේ පසුපස්සෙහි අනුව ගියාහු වෙත්. එකල භාග්‍යවතුන් වගන්සේ යම් දොරකින් නුවරින් පිටතට ගියෝද ඒ දොරට ´´ගෞතම දොර´´ යන නම වූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ගංගානම් ගඟ අසළට පැමිනිසේක.

29. ඒ කාළයෙහි ගංගානම්ගඟ ඉවුරු දක්වා පිරී ඇත්තීය. එහි එතෙර මෙතෙර යනු කැමැත්තාවූ සමහරෙක් ඔරුවක් හෝ පාරුවක් සොයන්නාහුය, ඇතැම් කෙනෙක් පහුරක් බඳින්නාහුය, එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයා සමග ගංගානම් ගඟෙන් මෙතෙරදී නොපෙනී ගොස් එතෙරට පැමිණ වැඩ සිටිසේක. එතෙර මෙතෙර යනු කැමැත්තෝ භාග්‍යවතුන් වහන්සේ දැක්කෝය එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැක එවේලෙහිම මේ තේරුම ඇති ප්‍රීති ගාථාව කී සේක.

´´මේ ලෝකවාසී සත්වයෝ ගංගානම් ගඟෙන් එතෙරවනු කැමතිව පහුරු බඳින්නාහුය,ඥානවන්තයෝ ආර්ය මාර්ග පහුරු බැඳ පළල්වූද ගැඹුරුවූද තණ්හා ගංඟාවෙන් එතෙර වූවාහුය´´

30. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ´´කොටි ග්‍රාමයට´´ යමුයි වදාලහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂු සංයා හා සමග කොටි ග්‍රාමයට පැමනියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකළෝය. ´´මහනෙනි, උතුම්වූ සත්‍ය කරුණු සතර (චතුරාර්ය සත්‍යය) නොදැනීම නිසා මෙසේ මේ බොහෝ වූ දිගු කලක් මා විසිනුත් තොප විසිනුත් ඇවිදින ලද්දේය. ඒ කවර නම් සතරක්ද යත්, මහනෙනි, දුක් ආර්ය සත්‍යය දුක් ඉපදීමට හේතුව වූ උතුම් සත්‍යය දුක් නැති කිරීම නම් වූ උතුම් සත්‍යය දුක් නැති කිරීමේ මාර්ගය නම් උතුම් සත්‍යය වෙත්. සර්වඥයන් වහන්සේ මේ අදහස් ඇති ගාථා දෙක පැවසූ සේක.

´´උතුම් වූ සත්‍ය සතර ඇති සැටියෙන්නොදැක්ම නිසා ඒ ඒ ජාතියෙහි බොහෝවූ දිගු කලක් එහා මෙහා සැර සරන ලද්දේය. ඒ මේ උතුම් වූ සත්‍ය සතර දක්නා ලද්දාහුය. තණ්හා නැමති රැහැන නසන ලදී. සසර දුකෙහි මුල උගුල්ලා හරින ලද්දේය. දැන් නැවත සසර ඉපදීමක් නැත´´ යනුයි.

31. එතැන්හිද භාග්‍යවතුන් වහන්සේ කොටි ග්‍රාම නම් ගමෙහි වැඩ වසන සේක් භික්‍ෂූන්ට වැඩි වශයෙන් මේ ධර්ම කථාවම කරන්නේය. මේ උතුම් වූ ශීලයයී කියාද, මේ උතුම් වූ සමාධියයි කියාද, මේ උතුම් වූ ප්‍රඥාවයයි කියාද, ශීලයෙහි සිට වඩන (පුරුදු කරන) ලද සමාධිය මහත් ඵල මහානිසංශ වන්නේය. සමාධියෙහි සිට වඩන ලද නුවණ මහත් ඵල මහානිසංශ වන්නේය. නුවණින් පුරුදු කරන ලද සිත ආශ්‍රවයන් (කෙලෙසුන්) ගෙන් මිදෙන්නේයයි පැවසූහ. ඒ ආශ්‍රව නම් කාමාශ්‍රවයෝය, භවාශ්‍රවයෝය, දෘෂ්ටි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය යන මොහුයි.

32. එවිට භාග්‍යවතුන් වහන්සේ කොටි ග්‍රාමයෙහි කැමති කලක් වාසය කොට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට නාදිකා නම් ගමට යමුයි´´ පැවසූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂු සංයා හා සමග නාදිකා නම් ගමට පැමිනි සේක. එතැන්හිද භාග්‍යවතුන් වහන්සේ නාදිකා නම් ගම ළඟවූ ගිඤක්ධකාවසථ නාම උළු ගෙයක වාසය කරති. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ.

´´ස්වාමීනි, නාදිකා නම් ගමේ සිට සාළ්හ නම් භික්‍ෂුවද නන්දා නම් භික්‍ෂුණියද සුදත්ත නම් උපාසකයාද සුජාතා නම් උපසිකාවද කකුධ නම් උපාසකයාද කාලිංග නම් උපාසකයාද නිකට නම් උපාසකයාද කටිස්සභ නම් උපාසකයාද තුඨ නම් උපාසකයාද සන්තුඨ නම් උපාසකයාද භද්‍ර නම් උපාසකයාද සුභද්‍ර නම් උපාසකයාද

යන මොහු මැරුණෝය. ඔවුන්ගේඋත්පත්තිය කුමක්ද? පරලොව කුමක්ද?

33. ´´ආනන්දය, සාල්හ නම් භික්‍ෂුව (කාමාදී) කෙලෙස් නැති කරීැමන් අනාශ්‍රව චෙතො විමුක්ති නම්වූ අර්හත් එල ඥානය මේ ආත්ම යේදීම තමන්ම නුවණින් දැන ප්‍රත්‍යක්ක්‍ෂ කොට ගෙන ඊට පැමින වාසය කැළේය. ආනන්දය නන්දා නම් භික්‍ෂුණිය පස් ආකාර ඔරම්භාගිය (සත්වයන් කාම ලෝකයෙහි රඳවන) සංයෝජනයන් නැති කිරීම නිසා ඕපපාතිකව (බ්‍රහ්මලොකහෙි) උපන්නීය , ඒ(බ්‍රහ්ම) ලෙකයන් වෙනස් නොවන ස්වභාව ඇත්තේ එහිදීම පිරිනිවන් පාන්නීය.

´´ආනන්දය, සුදත්ත උපාසකයා සංයෝජන තුනක් නැති කිරීමෙන් රාග වෙෂ මෙහයන් තුනී කිරීම නිසා සකුෘදාගාමී වූයේ එක වරක්ම මේ (මනුෂ්‍ය) ලෝකයට ඇවිත් සසර දුක් කෙළවර කරන්නේය. ආනන්දය, සුජාතා උපාසිකාව සංයෝජන තුනක් ක්‍ෂය කිරීම හේතුකොට ගෙන සෝවාන් එලයට පැමිනියාය. සතර අපායෙහි නොහෙලන ස්වභාව ඇතිව අර්හත් එල ඥානයට නියත වූවාය.

´´ආනන්දය, කකුධ උපාසකයා ඕරංභාගිය සංයෝජන පහ නැති කිරීම නිසා ඕපපාතිකව (බ්‍රහ්ම ලොකහෙි) උපන්නේය. එහිදීම පිරිනවන් පාන්නේය

´´ආනන්දය, කාලිංග උපාසකයාත්, නිකට උපාසකයාත්,කටිස්සභ උපාසකයාත් තුඨ උපාසකයාත් සන්තුඨ උපාසකයාත් භද්‍ර උපාසකයාත්, ඕරංභාගිය සංයෝජන පහ නැති කිරීමෙන් ඕපපාතිකව(බඹලොව) උපන්නේය. එහිදීම පිරිනිවන් පාන්නෝය. ඒ ලෝකයෙහි නොපෙරලෙන ස්වභාව ඇත්තේය.

නාදිකා ගමෙහි තවත් පනහකට වැඩි ගණනක් උපාසකයෝ ඕරංභාගිය සංයෝජන පහ නැති කිරීමෙන් ඕපපාතිකව (බඹලොව) උපන්නාහුය.

´´ආනන්දය, නාදිකා නම් ගමෙහි අනූවකට වැඩි දෙනෙක් කළුරිය කළාහු සංයෝජන තුනක් නැති කිරීම නිසා රාග ද්වේෂ මෝහයන් තුනී කිරීම හේතු කොටගෙන සකෘදාගාමී වූවාහු මේ ලෝකයට එක වරක් පමණක් ඇවිත් දුක කෙළවර කරන්නාහුය.

´´ආනන්දය, නාදිකා නම් ගමෙහි පන්සියයකට වැඩි තරමක් උපාසකයෝ කාලක්‍රියා කළාහු සංයෝජන තුනක් නැතිකිරීම හේතු කොටගෙන සෝවාන් එලයට පැමිණියාහු, (සතර) අපායට නොහෙලන ස්වභාව ඇත්තාවූ අර්හත් එලයට නියත වූවාහුය.

34. ´´ආනන්දය, මිනිහෙක් මැරෙන්නේය යනු පුදුමයක් නොවේ. ඉදින් ඒ ඒ මිනිසුන් මැරුණු කල තථාගතයන් වහන්සේ වෙත පැමිණ , මේ කාරණය අසත්නම්ආනන්දය මේ ඇසීම තථාගතයන් වහන්සේට වෙහෙස වන්නේය. එහෙයින් ආනන්දය ´´ධර්මදාස´´ (ධර්ම කන්නාඩිය) නම් ධර්ම ක්‍රමයක් දේශනා කරමි.

´´යම් ධර්මයකින් යුක්තවූ උතුම් ශ්‍රාවකයා ඉදින් කැමති වන්නේ නම්, නිරා දුක් තිරිසන් යෝනියෙහි දුක, ප්‍රේත දුක් නපුරු ගති ඇති අපාය දුක නැති කෙළෙමි. මම අපායෙහි නොළෙන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියත සෝවාන් එලයට පැමිනියෙක් වෙමියි´´ තමන් විසින්ම තමන් ගැන ප්‍රකාශ කරන්නේද එවනි ධර්ම ක්‍රමයකි. ඒ දුක්වලින් නිදහස්වන ´´ධර්මදාස´´ නම් ධර්ම ක්‍රමය කවරේද?

35. ´´ආනන්දය, මේ ශාසනයෙහි උතුම් ශ්‍රාවක තෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරඅත්ය සම්‍යක් සම්බුඬ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව උන අෂ්ට වද්‍යා පසළොස්වරණ ධරමයන්ගෙන්උක්තය යහපත් ගති ඇත්තාහ, සියලු ලොකයන් දන්නාහ, ශ්‍රෙෂ්ඨ, හික්මවිය යුතු පුරුශයන් දමනය කිරීමෙහි රියදුරෙකු වැනිය, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක් වූහ. සත්‍යවූ උතුම් ධර්ම සතර (චතුරාර්ය සත්‍යය) අවබෝධ කළසේක. භාග්‍යවත්වූ සේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේද,

36. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයේදීම දැක්ක හැකිවූඑල ඇත්තේය. කල් නොයවා ලැබිය යුතු එල ඇත්තේය. ´´එව, බලවයි´´ දැක්විය හැකිවූ ගුණ ඇත්තේය. නිර්වාණය කරා පමුණුවන්නේය, නුවණැත්තන් විසින් ඊට පැමිණ තම තමන්ගේ සිතින්ම දත උතු වූ ගුණ ඇත්තේයයි ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවේද,

37. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඬයා ප්‍රතිපත්තියෙහි මනාව පළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඬයා සෘජුව (කෙළින්) පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඬයා ගරුබුහුමනට සුදුසුපරිදි පිළිපන්නේය. යම් මේ පුරුෂ යුගල සතරක් වන්නාහුද, (පුරුෂ පුද්ගල වශයෙන්) අට දෙනෙක් වන්නාහුද, භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවක සංඬයා සොයා ගොස් පිදිය යුතු භොජනය පිළිගැනීමට සුදුසුය, පරලොව අදහා දෙන දානය (දක්ෂණාව) පිළිගැනීමට සුදුසුය. (අංජලී කර්මයට) දෑත හිස මත තබා වැඳීමට සුදුසුය, ලොකයාට උතුම්වූ පින් කෙතක් වැනියයි සංරත්නය කෙරෙහි නොසෙල්වෙන ඇදහීමෙන් යුක්ත වේද, නොකැඩුනාවූ, සිදුරු නොවූ පැල්ලම් නැති කැලල් නොවූ, තණ්හාවට වාල් නොවූ නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන්නාවූ, දොස් රහිතවූ සමාධිය පණිස පවත්නාවූ උත්තමයන්ට ප්‍රිය මනාපවූ සීලයන් යුක්තවේද, අනන්දය, යම් ධර්මයකින් යුක්තවූ උතුම් ශ්‍රාවක තෙම ඉදින් කැමති වන්නේනම් ´´නිරා දුකින් තිරිසන් දුකින් ප්‍රේත දුකින් නපුරු ගති ඇති අපාය දුකින් මිදුනෙමි. මම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියත සෝවාන් එලයට පැමිණියෙමියි´´ තමාම තමන් ගැන ප්‍රකාශ කරන්නේද ඒ ධර්මදාස නම් ක්‍රමය මෙය වන්නේය.

38. භාග්‍යවතුන් වහන්සේ නාදිකා නම් ගමෙහි කැමති කාලයක් වාසය කර විසාලා මහනුවරට යමුයි ´´ පැවසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේමහත්වූ භික්‍ෂු සංයා හා සමග විසාලා මහනුවරට පැමිණ ඒ නුවර සමීපයෙහිවූ, අම්බපාල නම් ගනිකාවගේ (දක්ෂ නාට්‍ය ගීත කලා දක්වන්නියගේ) අඹ උයනෙහි වසය කරන සේක.

එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කළ සේක.

(i) ´´මහණෙනි, භික්‍ෂුව සිහියෙන් යුක්තවූයේ, මනා නුවණින් යුක්තවූයේ වාසය කරන්නේය. මේ වනාහී අපගේ අනුශාසනාවයි. මහණෙනි භික්‍ෂුව කෙසේ නම් සිහියෙන් යුක්තවේද,

(11) ´´මේ ශාසනයෙහි භික්‍ෂුව කෙලෙස් තවන වයර් ඇතිව නුවණින් යුක්තවූයේ පඤ්චස්කන්ධ නැමති ලොකයෙහි ලොභයද නොසතුටු බවද දුරු කොට මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය, ලොභයද නොසතුටු බවද සංසිඳුවගෙන විඳීම අනුව බලමින් වාසය කරන්නේය, ලොභයද නොසතුටු බවද සංසිඳුවගෙන සිත අනුව බලමින් වාසය කරන්නේය. ලොභයද නොසතුටු බවද සංසිඳුවගෙන නීවරණාදී ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. මහණෙනි, භික්‍ෂු මෙසේ සිහියෙන් යුක්තව වාසය කරන්නේ නම් වෙයි.

(111) භික්‍ෂුව කෙසේ නම් මනා නුවණින් යුක්ත වන්නේද යත්? ´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඉදිරියට යාමෙහිද ඉදිරි බැලීමෙහිද වටපිට බැලීමෙහිද අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද දෙපොට සිවුරය, තනිපොට සිවුරය, පාත්‍රය, යන මේ දෙය දැරීමෙහිද අනුභව කිරීමෙහිද, පානය කිරීමෙහිද, වැළඳීමෙහිද, රස විඳීමෙහිද, මළ මූත්‍ර පහකිරීමෙහිද, නුවණින් යුක්තව එසේ කරන්නේය. යෑම්, සටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථා කිරීම්, නිශ්ශබ්දව සිටීම්, යන මේ දෙය නුවණින් දැන කරන්නේය. මහණෙනි, මහණතෙම මනා නුවණින් සහ සිහියෙන් යුක්තව වාසය කරන්නේය. මේ වනාහී අපගේ අනුශාසනාව නම් වන්නීය´´

39.අමබපාලි නම් ගණිකාව ´´භාග්‍යවතුන් වහන්සේ වනාහී වශාලා මහ නුවරට පැමිණ විශාලා මහ නුවර සමීපයෙහිවූ මගේ අඹ උයනෙහි වැඩවසති´´ යන මේ ආරංචිය ඇසුවාය. එවිට ඈ හොඳ හොඳ යානාවන් යොදවා විසිතුරු යානාවකටනැගීහොඳ හොඳ යානාවවලින් විශාලා මහ නුවරින් නික්මුණාය තමාගේ අඹවන උයනට ගියාය. යානාවෙන් යා යුතු තැන් එසේ ගොස් යානාවෙන් බැස පා ගමනින්ම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එක පැත්තක උන්නාය. අම්බපාලිට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් යුත් කථාවෙන් මෙලොව පරලොව යහපත දක්වා වදාළ සේක. එහි සමාදන් කරවූහ. සිත් තියුණු කරවූහ, සිත පැහැදවූහ, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින්ධර්ම කථාවෙන් මෙලොව පරලොව යහපත දක්වන ලද්දාවූ, එහි සමාදන් කරවන ලද්දාවූ එහි සිත් තියුණු කරවන ලද්දාවූ සිත පහදවන ලද්දාවූ, අම්බපාලි නම් ගණිකාව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයා සමග හෙට දවස මාගේ දානය පිළිගණිත්වා´´ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව එය පිළිගත් සේක. අම්බපාලි නම් ගණිකාව භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ (ප්‍රදක්‍ෂිණා කොට) ගෞරවයෙන් ගියාය.

40. විශාලා මහ නුවර වසන්නාවූ ලිච්ජවී රජ දරුවෝද භාග්‍යවතුන් වහන්සේ වනාහී විසාලා මහ නුවරට පැමිණ වශාලා මහ නුවර සමීපයෙහි අම්බපාලි උයනෙහි වාසය කරන්නාහයි ඇසූහ. එවිට ඒ ලිච්ජවී රජ දරුවෝද හොඳ හොඳ යානාවන් යොදවා නුවරින් නික්මුණාහුය.

එවිට අම්බපාලි තරුණ තරුණ ලිච්ජවී රජ දරුවන්ගේ රථ තමාගේ රථවලින් හිසින් හිස, රෝදයෙන් රෝදය, වියගහෙන් වියගහ, හප්පමින් ඉක්මණින් යන්නීය. එවිට ඒ ලිච්ජවීහු ඈට මෙසේ කීවාහුය. ´´අම්බපාලිය, තරුණ තරුණ ලිච්ජවීන්ගේ රථ හිසින් හිස, රෝදයෙන් රෝදය, වියගහෙන් වියගහ, හප්පමින් යන්නේ මක්නිසාදැයි´´ ඇසූහ. ´´ඒ එසේමය, ආර්ය්‍ය පුත්‍රවූ රජ දරුවෙනි, මා විසින් භික්‍ෂු සංයා සමග භාග්‍යවතුන් වහන්සේට හෙට දවස දානය පිණිස ආරාධනය කළෙමියි´´ කීවාය. ´´අම්බපාලිය මේ බත හෙවත් තොප විසින් කරන ලද ආරාධනය ඇති බත කහවනු ලක්‍ෂයක් ගෙන අපට දෙවයි´´ ඉල්ලූහ. ´´ආර්ය පුත්‍රවූ රජ දරුවෙනී, ජනපද සහිත විසාලා මහ නුවරක් දුන්නේවී නමුත් මේ ආනිසංශ ඇති බත නොදෙමියි´´ කීය. එවිට ඒෙ ලච්ජවීහු ´´පින්වත්නි ඒකාන්තයෙන් ගැහැණියක විසින් අපි පරදවන ලදුම්හ´´ කියා ඇඟිලි එකට ගැසුවාය.

41. ඉක්බිති ඒෙ ලිච්ජවීහු අම්බපාලි උයන නම් තැනකද එතැනට ගියාහුය. භාග්‍යවතුන් වහන්සේ දුරින්ම එන්නාවූ ඒෙ ලච්ජවීන් දුටහ. දැක භික්‍ෂූන්ට කථා කළහ. ´´මහනෙනි, තොප අතුරෙන්යම් භික්‍ෂ කෙනෙක් තව්තිසා වැසි දෙවියන් නොදුටුවාහු වෙද්ද, මහණෙනි, ලිච්ජවී රජ පිරිස් බලව්! මහණෙනි, මේ ලිච්ජවී රජ පිරිස නැවත නැවත බලව්. මහණෙනි ලිච්ජවී පිරිස තව්තිසා වැසි දෙව් පිරිස හා සමාන කොට දැන ගනිව්යි´´ කීය. ඉක්බිති ඒ ලිච්ජවීහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එක පැත්තක උන්හ. එක පැත්තක උන්නාවූ ඒෙ ලිච්ජවීන්ට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් යුක්ත කථාවෙන් දෙලොව යහපත දක්වා එහි සිත් සමාදන් කරවා සිත් තියුණු කරවා ප්‍රසන්න කරවාලූහ.

එවිට භාග්‍යවතුන් වහන්සේවිසින් ධර්මයෙන් යුක්ත කථාවෙන් යහපත දක්වන ලද්දාවූ, එහි සමාදන් කරවන ලද්දාවූ එහි සිත් තියුණු කරවන ලද්දාවූ, ප්‍රසන්න කරවන ලද්දාවූ ඒෙ ලිච්ජවිහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

´´ස්වාම්නි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයා හා සමඟ හෙට දවස අපගේ දානය ඉවසනු මැනව´´

´´ලිච්ජවී රජ දරුවෙනි, හෙට දවස අම්බපාලිගේදානය මා විසින් පිළිගන්නා ලදී´´

එවිට ලිච්ජවීහු පින්වත්නි, ඒකාන්තයෙන් ගැහණියක විසින් අප පරදවන ලදම්හ. පින්වත්නි, ඒකාන්තයෙන් ගැහැණියක විසින් අප රවටන ලදුම්හ´´යි කියා ඇඟිලි එකට ගැසූහ,

ඉන්පසු ඒ ලිච්ජවීහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට විශේෂයෙන් සතුටුව අනුමේා්දන්ව ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ (ප්‍රදක්‍ෂිණා කොට ගෞරවයෙන් ගියාහුය.

42. එවිට අම්බපාලි ඒ රාත්‍රිය පසුවූකල තමන්ගේ ගෙදර රසවත්වූ කෑ යුතු දෙය පිළයෙළ කරවා, ´´ස්වාමීන් වහන්ස, දානය (බත) සම්පාදනය විය. දැන් ඊට කාළයයි´´ දැන්වූවාය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු ගෙන භික්‍ෂු සංයා හා සමඟ අම්බපාලිගේ ගෙය යම් තැනකද එතැනට එළඹි සේක. එළඹ පණවන ලද ආසනයෙහි වැඩ උන්සේක. ඉක්බිති අම්බපාලි බුදුන් ප්‍රධාන භික්‍ෂු සංයා රසවත්වූ කෑ යුතු බුදිය යුතු දෙයින් ස්යතින් වැළඳවූවාය. ඇතිතාක් වැළඳ වූවාය. එවිට අම්බපාල භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන්ව පාත්‍රයෙන් අත ඉවතට ගත් බව දැන එක්තරා පහත් ආසනයක් ගෙන එකපැත්තක උන්නාවූ අම්බපාලි භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.

´´ස්වාමීනි, මාගේ අඹ උයන බුදුන් ප්‍රධාන භික්‍ෂු සංයාට දෙමියි´´ භාග්‍යවතුන් වහන්සේ අඹ උයන පාළගත් සේක. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිට ධාර්මික කථාවෙන් දෙලොව යහපත දක්වා එහි සිත සමාදන් කරවා, තියුණු කරවා, ප්‍රසන්න කරවා, ආසනයෙන් නැඟිට වැඩිය සේක.

එකල්හිද භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර අම්බපාලි අඹවනයෙහි වාසය කරන සේක් භික්‍ෂූන්ට බොහෝ කොට මේ ධර්ම කථාවම කරන්නාහ. ( මෙහි 7 (11) මෙනි)

43. එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි උයනෙහි කැමති කාලයක් වාසය කොට, බෙළුව නම් ගමට යමුයි´´ කිහ.

භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්‍ෂු සංයා හා සමග බෙළුව නම් ගමට පැමිණියහ. එතැන්සිට භාග්‍යවතුන් වහන්සේ බෙළුව නම් ගමෙහි වසන සේක. භික්‍ෂූහු විසාලා මහනුවර අවට භික්‍ෂූන් සමග වස් වැසුවාහ. භාග්‍යවතුන් වහන්සේ වනාහී ඒ බෙළුව ගමෙහි වස් වැසූහ.

එකල්හි වස් වැසුවාවූ භාග්‍යවතුන් වහන්සේට දරුණුවූආබාධයක් උපන්නේය.මරණය පැමිණීමට තරම් ඉතා බලවත් වේදනාවෝ ඇතිවූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එහා මෙහා පෙරලීම වශයෙන් දුකින් නොපෙළමින් සිහි එළවා නුවණින් පිරිසිඳ දැන බලවත්වූ ඒ දුක් වේදනාව ඉවසා ගත්තෝය. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. ´´මම උපස්ථායකයන්ට කථා නෙකොට භික්‍ෂු සංයාට නොදන්වා ධරමානුශාසනා නොදී පිරිණිවන් පාන්නෙම් නම් එය මට සුදුසු නොවේමය. මම බලවත් දුක් වේදනා ඇති මේ රෝගය පූර්ව භාග වීර්ය , එල සමාපත්ති වීර්ය යන දෙයාකාර වීර්ය බලයෙන් මැඩ පවත්වා එල සමාපත්ති ධර්මයයි කියූ ජීවිත සංස්කාරය යහපත්සේ පිහිටුවීම වශයෙන් ජීවිතය තැබීමට සමර්ථවූ එල සමාපත්තීන්ගෙන් යුක්තව වාසය කරන්නෙම් නම් ඉතා හොඳයයි´´ සිතුවෝය. එකල භාග්‍යවතුන් වහන්සේ ඒ ආබධය වීර්ය බලයෙන් මැඩ පවත්වා ජීවිත සංස්කාරය අධිෂ්ඨාන කොට වාසය කළ සේක. ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය මැඩ පැවැත්තේය. ඊට අනතුරුව භාග්‍යවතුන් වහන්සේ අසනීපයෙන් නැගී සිටි ගිලාන භාවයෙක් නැඟි සිටි නොබෝ කල් ඇත්තේ විහාරයෙන් නික්ම විහාර සෙවනෙහි පණවන ලද ආසනයෙහි වැඩසිටිසේක.

44. එකල භාග්‍යවතුන් වහන්සේ වෙත ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පැමිණියෝය. ආයුශ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය.

´´ස්චාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ආබාධය මඳක් පහසු බව දක්නා ලදී. ඉවසිය හැකි බව දක්නා ලදී.

´´ස්වාමීන් වහන්ස, එහෙත් මාගේ ශරීරය ඉතා බරවූවක් තදවූවක් මෙන් විය. භාග්‍යවතුන් වහන්සේගේ අසනීපය නිසා මට උතුර දකුණ ආදී දිසාවන් නොවැටහෙන්නේය. සතර සතිපට්ඨානාදී ධර්මයෝද නොවැටහෙන්නාහුය. ස්වාමීන් වහන්ස, එහෙත් මට කිසියම් සැනසීමක් පහළවූයේය.

´´එනම් භාග්‍යවතුන් වහන්සේ යම්තාක් කාලයක් භික්‍ෂු සංායට අන්තිම අවවාදයක් නොවදාරණ සේක්ද ඒ තාක් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් නොපානාසේක යනුයි.´´

´´ආනන්දය, කිමෙක්ද? භික්‍ෂු සං තෙමේ මා කෙරෙහි බලාපොරොත්තු වන්නේදැයි´´ ඇසූ සේක. ´´ආනන්දය, මා විසින් පුද්ගල වශයෙන් හෝ ධර්ම වශයෙන් හෝ ඇතුලත්ය පිටත්යයි වෙන් නොකොට ධර්ම දේශනා නොකරණ ලද්දේය.

´´ආනන්දය, ඒ ධර්මයන් කෙරෙහි තථාගතයන් වහන්සේගේ ගුරු මුෂ්ටියක් නැත්තේය. ´´ආනන්දය, තථාගතයාණන්ට මෙබඳු අදහසක් නොවෙයි. කෙසේද, මමම භික්‍ෂු සංයා පරිහරණය කෙරෙමි කියා හෝ, භික්‍ෂු සංයා මා උදෙසාම වාසය මා උදෙසාම වාසය කරන්නේයයි කියායි. ආනන්දය, ඒ තථාගත තෙමේ භික්‍ෂු සංයා කුමක් ගෙනහැර දක්වන්නේද? ආනන්දය, මම දැන් ජරාවෙන් දිරුණේ වෙමි, වයසින් වැඩි සිටීයේ වෙමි, ජාතියෙන් මහලු බවට පැමිණියේ වෙමි, බොහෝ කල් ඉක්ම වූයෙමි. වයස්හූගේ කෙළවරට පැමිණියෙමි, මාගේ වයස දැන් අසූවක්ව පවතී. ආනන්දය, ජරාවට පැමිණි රථයක් පෑස්සීමාදියෙන් ප්‍රතිසංස්කරණ කිරීමෙන් යම්සේ පවතීද ආනන්දය, එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ ශරිරය අර්හත් එල වේගයෙන් බඳනා ලදුව යැපේයයි සිතමි.

45. ´´ආනන්දය, යම් කලෙක්හි තථාගත තෙමේ සියලු මෙනෙහි නොකිරීමෙන් සමහර වේදනාවන්ගේ නිරෝධයෙන් චිත්ත සමාධියට පැමිණ වාසය කෙරේද, ආනන්දය, එකල්හි තථාගතයන්ගේ ශරීරය සමවත් සුව විහරණයෙන් පහසු කරන ලද්දේ වෙයි. ආනන්දය, එහෙයින් මේ ශාසනයෙහි තමා පිහිට කොට ඇත්තෝව වාසය කරව්. තමාම පරම පිහිට කොට ඇත්තෝ වව්. අනිකක් පිහිට කොට ඇත්තෝ නොවව් ආනන්දය, භික්‍ෂු තෙමේ කෙසේ නම් තමාම තමහට එලියක් මෙන් පිහිට කොට ඇත්තේ ධර්මය උතුම් පිහිට කොට ඇත්තේ අනිකක් පිහිට කොට නැත්තෙක්ව වාසය කෙරේද යත්, ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්ය ඇතිව හොඳ නුවණ ඇතිව සිහියෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය හා අසතුට දුරුකර කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය. ලෝභය හා දොම්නස මැඩ පවත්වා වේදනා අනුව බලමින් වාසය කෙරේද, සිත නැවත නැවත දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, නීවරණාදී ධර්ම අනුව බලමින් වාසය කරයිද, ආනන්දය, මේ භික්‍ෂු තෙම තමාම තමහට උතුම් පිහිට කොට ඇත්තේ අනිකක් පිහිට කොට නැත්තේ ධර්මය පිහිට කොටඇත්තේ ධර්මයම උතුම් පිහිට කොට ඇත්තේ අනිකක් පිහිට කොට නැත්තෙක්ව වාසය කෙරේයයි වදාළසේක.

´´ආනන්ද, යම් කිසි භික්‍ෂු කෙනෙක් දැන් හෝ මා නැති කල හෝ තමාම තමාට එලියක් මෙන්ද, ධර්මය එලියක් මෙන්ද පිහිට කොට ඇත්තෝව ධර්මයම උතුම් පිහිටකොට ඇත්තෝව, අනිකක් පිහිට කොට නැත්තෝව වාසය කරන්නාහු වෙත්ද, ආනන්දය, ශික්‍ෂාකාම්වූ උම් භික්‍ෂු කෙනෙක් වෙත්ද, ඒ භික්‍ෂූහූ මාගේ ශාසනයෙහි අති ශ්‍රේෂ්ඨ භාවයෙහි පිහිටියෝ වෙත්යයි´´ වදාළෝය.

(දෙවෙනි බණවර නිමියේය)

46. එවිට භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට පිණ්ඩපාතය පිණිස ගිය සේක. එහි පිඩු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් හැරී ආයේ සවස් කාලයෙහි ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට කථා කර මෙසේ කීවෝය.

´´ආනන්දය, නිසීදනය (හිඳගන්නා පත්කඩ) ගණුව චාපාල චෛත්‍යස්ථානයට දිවා විහරණය (දවල් කාලයෙහි වාසය) පිණිස එළඹෙනු කැමැත්තෙමියි´´ කීසේක.

එවිට භාග්‍යවතුන් වහන්සේ චාපාල නම් චෛත්‍යස්ථානයට පැමිණියෝය. පැමිණ පණවන ලද ආසනයෙහි වැඩඋන් නෝය. ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ එක් පැත්තක උන්නේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීසේක.

´´ආනන්දය, මේ විශාලා නුවර ප්‍රිය කරන්නේය. උදෙන ගොතමික, සත්ථම්භක, බහුපුත්‍රක, සාරාන්දද නම් චෛත්‍යද මේ චාපාල නම් චෛත්‍යයද සිත් ප්‍රිය කරන්නේය.

47. ආනන්දය, යම් කිසිවෙකු විසින් හතර ආකාරවූ සෘධිපාද ධර්මයෝ යහපත් කොට වඩන ලද්දාහු වෙද්ද නැගී යන යානාවක් මෙන් කරණ ලද්දාහු වෙද්ද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද්දාහු වෙද්ද, මනාකොට පටන් ගන්නා ලද්දාහු වෙද්ද, ඔහු ඉදින් කැමති වූයේ නම් සම්පූර්ණ ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේය. තථාගතයන්වහන්සේ විසින් ඒ ධර්මයෝ ඉහත සඳහන් කළ මෙන් මනාකොට වඩන ලද්දාහුය. යහපත්ව පටන් ගන්නා ලද්දාහුය. ආනන්දය, ඒ තථාගත තෙම ඉදින් කැමැත්තේ නම් සම්පූර්ණ ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේයයි´´ කීසේක.

48. ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ඇඟවීම් කර වදාරණ ලද කල්හිදු මාරයා විසින් මඩනා ලද සිත් ඇති බැවින් කාරණය තේරුම් ගත නොහැකි විය. එහෙයින්, ´´ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, බොහෝ ජනයාගේ හිත පිණිස, සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දිව්‍ය මනුෂ්‍යයින්ට යහපත පිණිස හා හිත සැප පිණිස භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටිනා සේක්වායි´´ කියා භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකළේය.

49. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ ඉහත මෙන් කී සේක.

ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෝ තථාගතයන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටිත්වායි කියා භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකළේය.

තුන් වැනි වරද භාග්‍යවතුන් වහන්සේ එසේම කී සේක.

ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෝ තථාගතයන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටිත්වායි කියාද තථාගතයන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව සිටිත්වායි කියාද භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකළේය.

50. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේට කථාකර මෙසේ කී සේක.

´´ආනන්දය, ඔබ යව, දැන් ඊට කාලය බව දැන ගනුවයි´´ කී සේක.

´´එසේය, ස්වාමීන් වහන්ස´´ කියා ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ගොස් භාග්‍යවතුන් වහන්සේට නුදුරුවූ එක්තරා ගසක් මුල වැඩ හුන්නේය.

51. එවිට පාප සිත් ඇත්තාවූ මාර තෙමේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ගොස් නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. ඒ මාරයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැනුම් දුන්නේය. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පෑම කරණූ මැනවි. ස්වාමීන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට කාලය වේ´´ කියායි.

52. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචන කියන ලද්දේමය. ´´පාප සිත් ඇති මාරය, යම්තාක් මාගේ භික්‍ෂු ශ්‍රාවකයෝද, භික්‍ෂුනී ශ්‍රාවිකාවෝද, උපාසක ශ්‍රාවකයෝද, උපාසිකා ශ්‍රාවිකාවෝද සමත් නොවෙත්ද, හික්මුණාවූ නොවෙත්ද, මහත් දැනුමක් ඇත්තෝ නොවෙත්ද, බොහෝ දේ ගැන දැන ගත්තාහු නොවෙත්ද, ධර්මය දරන්නෝ නොවෙත්ද, ධර්මානු ධර්ම පටිපන්න (ආය්‍ර්‍ය ධර්මයට අනුව පිළිපදින්නෝ) නොවෙත්ද, සුදුසු පිළිවෙතෙහි පිළිපදින්නාහු නොවෙත්ද, අනුධර්මචාරී ධර්මයට අනුව හැසිරෙන්නෝ නොවෙත්ද, තමන්ගේ ආචාර්ය මත ඉගෙන නොකියන්නාහු වෙත්ද, දේශනා නොකරන්නාහු වෙත්ද, පනවන්නාහු නොවෙත්ද, පිහිටුවන්නාහු නොවෙත්ද, විභාග නොකරන්නාහු වෙත්ද, ප්‍රකට නොකරන්නාහු වෙත්ද, උපන්නාවූ මිත්‍යා වාදයන් හේතු සහිතව විග්‍රහ කොට උත්තර සහිත කොට ධර්ම දේශනා නොකරන්නාහු වෙත්ද ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි´´ යන මේ වචනයෝය´´.

´´ස්වාමීන් වහන්ස, දැන් මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ භික්‍ෂු ශ්‍රාවකයෝද, භික්‍ෂුනී ශ්‍රාවිකාවෝද, උපාසක ශ්‍රාවකයෝද, උපාසිකා ශ්‍රාවිකාවෝද විනීත වූවාහුය, විශාරද වූවාහුය, (බහුශ්‍රුත වූවාහුය) බොහෝ දේ ගැන දැන ගත්තාය, ධර්මධර වූවාහුය, ආය්‍ර්‍ය ධර්මයට අනුව පිළිපදින්නාහුය, සුදුසු ප්‍රතිපත්තියෙහි පිළිපන්නාහුය, ධර්මයට අනුව හැසිරෙන බැවින් අනුධර්මචාරී වූවාහුය, ස්වකීය ආචාර්යවාද ඉගෙන ප්‍රකාශ කොට කියන්නාහු වෙති. දේශනා නොකරනෝ වෙති. පනවන්නාහු වෙති. පිහිටුවන්නාහු වෙති. (උත්තානි) ප්‍රකට කරන්නාහු වෙති. උපන්නාවූ අන්‍යදෘෂ්ටික වාදයන් යහපත් වශයෙන් අතිශයින්ම නිග්‍රහ කොට උත්තර සහිතවූ ධර්ම දේශනා කරන්නට සමර්ථ වන්නාහුය. ස්වාමීන් වහන්ස, දැන් වනාහි භාග්‍යවත් තෙම පිරිනිවන් පෑමට කල් වන්නේයයයි´´ කියා යාඥා කළේය.

53. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචන වදාරණ ලද්දේමය. ´´පවිටුවූ මාරය, යම්තාක් කල් මේ සකල ශාසන මාර්ග බ්‍රහ්මචය්‍ර්‍යාව සමෘඬ භාවයට නොපැමිණෙන්නේ වේද, දියුණූ නොවන්නේ වේද, නොපැතිරෙන්නේ වේද, බොහෝ දෙනා විසින් දැන ප්‍රතිවේධ නොකරණ ලද්දේ වේද, මහත් බවට නොපැමිණියේ වේද, දෙව් මිනිසුන් විසින් ප්‍රකාශිත නොවන්නේ වේද, ඒ තාක් කල් පිරිනිවන් නොපාන්නෙමි´´ යන වචනයයි. ස්වාමීන් වහන්ස, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ (ශික්‍ෂාත්‍රය සංගෘහිතවූ) සකල ශාසන මාර්ග බ්‍රහ්මචය්‍ර්‍යාව සමෘඬ වූයේය. දියුණුවට පැමිණියේය. පැතිර පවත්නේය. බොහෝ දෙනා විසින් දැනගන්නා ලද්දේය. මහත් බවට පැමිණියේය. දිව්‍ය මනුෂ්‍යයන් විසින් ප්‍රකාශිත වූයේය. ස්වාමීන් වහන්ස, එහෙයින් දැන් භාග්‍යවත් බුදුරජ තෙම පිරිනිවන්පා වදාරන සේක්වා. සුගත තෙම පිරිනිවන්පා වදාරන සේක්වා. ස්වාමීන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට කල් වන්නේයයයි´´ කියා යාඥා කළේය.

54. මාරයා විසින් සර්වඥයන් වහන්සේගේ පිරිනිවන් පෑමට මෙසේ ආරාධනා කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීයේය. එම්බල, පාපී මාරයා, තෝ මාගේ පිරිනිවන්පෑම ගැන මහන්සි නොගන්නෙකු වෙව. තථාගතයන් වහන්සේගේ පිරිනිවන්පෑම තව නොබෝ කලකින් වන්නේය. මෙතැන් සිට තුන් මාසයක් ගිය කල තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේයයයි´´ වදාළ සේක.

55. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයෙහි සිහියෙන් යුක්තව නුවණින් පිරිසිඳ දැන ආයු සංස්කාරය අත් හැරියෝය. මෙසේ ආයු සංස්කාරය අත් හැර වදාළ කල්හි අතිශය භය ජනකවූ ලොමු ඩැහැ ගැනීම් සහිත මහත් භූමිකම්පාවක් ඇතිවිය. අහස ගිගුරුම් සහ විදුලි කෙටීම් සහිත අකල් වැසිද වැස්සාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන වදාරා ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කෙළේය.

´´කාමාවචර, රූපාවචර, අරූපාවචර ආදී වශයෙන් එකිනෙකට සමානවූද, එකිනෙකට අසමානවූද, ස්කන්ධ ලෝකය පහළ කරන්නාවූ භවය සාදන්නාවූ කර්මය, මූනීන්‍ද්‍රයන් වහන්සේ මාර්ග ඥානයෙන් දුරුකල සේක. විදර්ශනාවෙහි ඇලුනාවූ සමාධියෙන් යුත් සර්වඥ මූනීන්‍ද්‍රයන් වහන්සේ තමා තුළ පැවති ක්ලේශ සමූහය සන්නාහයක් මෙන් සිඳ දමන ලදි´´ යනුයි.

56. ඊට පසුව ආනන්ද ස්ථවිරයන් වහන්සේට මහත්වූ මේ පෘථිවි කම්පාව පිණිසද, මේ ගර්ජනාව පිණිසද හේතු ප්‍රත්‍ය කවරේදැයි මේ අදහස ඇතිවිය.

57. එකල්හි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, ´´ස්වාමීන් වහන්ස, මේසා විශාලවූ මහපොළව කම්පාවීමට හේතු ප්‍රත්‍යය කුමක්දැයි´´ භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය.

58. ´´ආනන්දය, මහත්වූ පෘථිවි කම්පාවක පහළවීම පිණිස මේ හේතු අටක් වෙත්. ප්‍රත්‍යය අටක් වෙත්. ඒ අට කවරේද යත්-

(1) ආනන්දය, මේ මහා පොළොව ජලයේ පිහිටියේය. ජලය වාතයෙහි පිහිටියේය. වාතය ආකාශයේ පිහිටියේ වෙයි. ආනන්දය, යම් කලෙක්හි මහා සුළං හමයිද, ඒ හමන්නාවූ මහා සුළං ජලය කම්පා කෙරෙත්. මහත් භූමිචලනයක් ඇතිවීමට මේ හේතු වේයි, ප්‍රත්‍යය වෙයි.

(2) මහත් ඎධි ඇති සිත වසඟ භාවයට පැමිණියාවූ මහණෙක් හෝ බමුණෙක් හෝ වේද මහත් ඎධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ දෙවි කෙනෙකු වෙත්ද, ඔවුන් අතුරෙන් යමෙකු විසින් (ඉතා කුඩාවූ) පෘථිවි සංඥාව වඩන ලද්දේද, අප්‍රමාණවූ ආපෝ සංඥාව වඩන ලද්දේද, ඒ ඎධි ආනුභාව ඇති පුද්ගල තෙමේ මේ මහපොළොව කම්පා කෙරේ, වෙව්ලවයි.

(3) යම් කලෙක්හි බෝධිසත්‍වයන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙන් චුතවී සිහියෙන් යුක්තවූයේ යහපත් ප්‍රඥා ඇත්තේ මවුකුස පිළිසිඳ ගනීද, එකල්හි මේ පොළොව කම්පා වෙයි.

(4) යම් කලෙක්හි බෝධිසත්‍වයන් වහන්සේ මවුකුසින් බිහිවේද, එකල්හි මහ පොළොව කම්පා වෙයි, වෙව්ලයි.

(5) තථාගත තෙමේ නිරුත්තරවූ (උතුම්වූ) සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරේද, එකල්හි මේ මහ පොළොව කම්පා වෙයි, වෙව්ලයි.

(6) යක් කලෙකහි තථාගතයන් වහන්සේ නිරුත්තරවූ ධර්ම චක්‍රය දේශනා කරයිද, එකල්හි මේ මහ පොළොව කම්පා වෙයි, වෙව්ලයි.

(7) යම් කලෙක තථාගත තෙමේ සිහියෙන් යුක්තවූයේ නුවණින් පිරිසිඳ ආයුසංස්කාරය අත්හරියිද එකල්හි මහපොළොව කම්පා වෙයි, වෙව්ලයි.

(8) යම් කලෙක්හි තථාගත තෙම අනුපදිශේෂ (ඉතිරිවූ ස්කන්ධයන් නැති) නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නේද, එකල්හි මේ මහා පෘථිවිය කම්පා වන්නීය. උඩට උස්වෙමින් කම්පා වෙයි, උස්වෙමින් හා පාත්වෙමින් වෙව්ලයි, වැඩිය කම්පා වෙයි.

59. ´´ආනන්දය, මේ පිරිස් අට දෙනෙක් වෙත්. ඒ කවරහුද යත්-ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ, චාතුර්මහාරාජික දෙව් පිරිසය, තව්තිසා වැසි දෙව් පිරිසය, මාර පිරිසය, බ්‍රහ්ම පිරිසය යන මේ අට පිරිසයි´´.

60. ´´ආනන්දය, මම වනාහි නොයෙක් සිය ගණන් මේ පිරිස් අට වෙත ගියෙමි. ඒ ක්‍ෂත්‍රිය පිරිස්වල මා පෙර උන් බවද, ඔවුන් හා සමග කථා කරමින් සිටි බවද, ධර්මාන්විත කථා කල බවද මනා කොට දනිමි. ඒ පිරිස්වල ඔවුන්ගේ යම් කිසි ශරීර සටහනක් වේද, මාගේ සටහනද එබඳුම වෙයි. ඔවුන්ගේ යම්බඳුවූ භාෂාවක් වේද, මාගේ භාෂාවද එබඳුම වෙයි. ධර්මයෙන් සමන්විත වූ කථාව දක්වන්නෙමි, සමාදන් කරවමි, සිත් තියුණු කරවමි. මේ කථා කරන්නේ දෙවියෙක්ද මනුෂ්‍යයෙක්දැයි කථා කරන්නාවූ මා නොදැන ගත්තාහුය. ධර්මාන්විත කථාවෙන් මෙලොව පරලොව වැඩ දක්වා එහි සමාදන් කරවා එහි සිත් තියුණු කරවා අන්තර්ධාන වෙමි. අන්තර්ධානවූ මා දෙවි කෙනෙකැයි කියා හෝ මිනිස් කෙනෙකැයි කියා හෝ නොදන්නාහුය´´.

61. ´´ආනන්දය, විරුද්ධ ධර්මයන්ද ආරම්මණයන්ද අභිභවනය කරන හෙයින් අභිභායතන නම්වූ කරුණු අටක් වෙති. ඒ කවරේද යත්-

62. ඇතැම් යෝගාවචර තෙමේ,

(1) අධ්‍යාත්ම රූප සංඥා ඇත්තේ ස්වල්පවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද බාහිර රූපයන් දක්නේය.

(2) රූප සංඥා ඇත්තේ අප්‍රමාණවූ යහපත් වර්ණ ඇත්තාවූද යහපත් වර්ණ නැත්තාවූද බාහිර රූපයන් දක්නේය.

(3) අරූප සංඥා ඇත්තේ යහපත් වර්ණ ඇත්තාවූද යහපත් වර්ණ නැත්තාවූද බාහිර රූපයන් දක්නේය.

(4) අරූප සංඥා ඇත්තේ අප්‍රමාණවූ යහපත් වර්ණ ඇත්තාවූද යහපත් වර්ණ නැත්තාවූද බාහිර රූපයන් දක්නේය.

(5) නිල්වූ, නීල චර්ණවූ, පෙනීමෙන් නීල දර්ශනවූ, නිල්වූ ස්චභාව ඇත්තාවූ දියබෙරලිය මලක් මෙන් නිල්වන් වේද, නීල දර්ශනම වේද, නීල බැබලීම් ඇත්තේ වේද, දෙපැත්තම සිනිඳුව (බරණැසෙහි උපන් බැවින්) බාරාණස්‍යෙයක නම්වූ වස්ත්‍රය යම්සේ නිල්වන් වේද, නීල වර්ණම වේද, නීලොභාසම වේද එපරිද්දෙන්ම නිල්වූ, නීල වර්ණවූ, නීල දර්ශනවූ, නීල ප්‍රභා ඇති බාහිරවූ රූපයන් දක්නේය.

(6) පීත චර්ණවූ, රන්වන් ප්‍රභා ඇත්තාවූ, යම්සේ කිණිහිරි මල රන්වන් වන්නේ වෙද, එමෙන් පීත වර්ණවූ, පීත නිදර්ශනවූ, ස්වර්ණවර්ණ ප්‍රභා ඇත්තාවූ දෙපාර්ශවයෙන්ම මටවූ බාරාණස්‍යෙයක නම්වූ ඒ වස්ත්‍රය වනාහි යම්සේ රන්වන් වේද, පීත වර්ණ වේද, පීත නිදර්ශන වේද, ස්වර්ණවර්ණ ප්‍රභා ඇත්තේද එපරිද්දෙන්ම රන්වන්වූ, ස්වර්ණවර්ණ පීත නිදර්ශන, ස්වර්ණවර්ණ ප්‍රභා ඇත්තාවූ (පීත කසිණාරමමණ) රූපයන් දක්නේය. ඒ පීත කසිණාරමමණ රූපයන් අභිභවනය කොට (මෙයට වඩා අනිකුත් ආරමමණ රූප ධර්ම කෙනෙක් ඇත්තේය).

(7) රක්ත චර්ණවූ, වර්ණ වශයෙන් ලෝහිතක වර්ණවූ ලෝහිතක නිදර්ශනවූ, රක්ත වර්ණ ප්‍රභා ඇත්තාවූ, යම්සේ බඳුවද මල රක්ත වර්ණ වන්නේ වේද, ලෝහිතක වර්ණ වේද, ලෝහිත නිදර්ශන වේද, රක්ත වර්ණ ප්‍රභා ඇත්තේ වේද දෙපාර්ශවයෙන්ම මටවූ බාරාණස්‍යෙයක නම්වූ ඒ වස්ත්‍රය වනාහි යම්සේ රක්ත වර්ණ වේද, ලෝහිතක වර්ණ වේද, ලෝහිතක නිදර්ශන වේද, රක්ත වර්ණ ප්‍රභා ඇත්තේද එපරිද්දෙන්ම රක්ත වර්ණවූ, ලෝහිතක වර්ණවූ, ලෝහිතක නිදර්ශනවූ, රක්ත වර්ණ ප්‍රභා ඇත්තාවූ බාහිර රූපයන් දක්නේය.

(8) සුදුවූ (ශ්වේතවූ), වර්ණ වශයෙන් ශුභ වර්ණවූ, ඕදාත නිදර්ශනවූ, (ඕභාස වශයෙන්) ශුභ වර්ණ ප්‍රභා ඇත්තාවූ, යම්සේ ඖෂධි තාරකාව (පහන් තරුව) ශ්වේත වර්ණ වන්නේ වේද, ශුභ වර්ණ වන්නේ වේද, ඕදාත නිදර්ශන වන්නේ වේද, දෙපාර්ශවයෙන් මටවූ බාරාණස්‍යෙයක නම්වූ ඒ වස්ත්‍රය වනාහි යම්සේ ශ්වේත වර්ණ වන්නේද, ඕදාත වර්ණ වන්නේද, ඕදාත නිදර්ශන වන්නේද, සුදු වර්ණ ප්‍රභා ඇති වන්නේද එපරිද්දෙන්ම ශ්වේත වර්ණවූ, ශුභ වර්ණ ප්‍රභා ඇත්තාවූ බාහිර රූපයන් දක්නේය. ඒ ඕදාත කසිණාරමමණ රූපයන් අභිභවනය කොට, ඒ මම දනිමි, දකිමි යන මෙබඳු සංඥාවක් ඇති වන්නේය. යම් අභිභායතන සමාපත්ති නම් වන්නේය.´´

63. ´´ආනන්දය, (විශේෂයෙන් මනා කොට මිදීමෙන් පැමිණෙන්නාවූ) විමෝක්‍ෂ සමාපත්ති ධර්මයෝ අට දෙනෙක් වන්නාහූය. ඒ අට දෙනා කවරහුද යත්-

(1) රූප සහිත වූයේ රූපයන් ධ්‍යාන චක්‍ෂුසින් දක්නේය.

(2) අධ්‍යාත්මික අරූප සංඥා ඇත්තේ බාහිරවූ රූපයන් දක්නේය.

(3) සුභ කසිණයක් අරමුණූ කොට වාසය කරන්නේය.

(4) සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මීම හේතුකොට ගෙන හැඟීම් සහිත රූප සංඥාවන්ගේ විනාශයෙන්ද, නානත්ත සංඥාවන්ගේ සිහි නොකිරීමෙන්ද අනත්තාකාශයයි කියා ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය.

(5) සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතන සමාපත්තිය ඉක්මවා අනන්තවූ විඤ්ඤාණයයි කියා විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය.

(6) සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ඉක්ම කිසිවක් නැතැයි කියා ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය.

(7) සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය.

(8) සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඉක්ම සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. ´´ආනන්දය, මේ විමෝක්‍ෂ සමාපත්ති අට වන්නේයයි´´ දේශනා කළ සේක.

64. ´´ආනන්දය, මම බුදුවූ පළමු අට වැනි සතියෙහි එක්තරා කාලයක උරුවෙල් දනව්වෙහි නේරංජනා නම් ගංගා තීරයෙහිවූ (සමීපයෙහි) අජපාල නම් නුග (ගසමුල) සිටියෙමි. එකල්හි ආනන්දය, පවිටුවූ මාරයා මම යම් තැනෙක්හිද එතැනට ආවේය. මාරයා මට මෙසේ කීවේය. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පානා සේක්වා. ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට දැන් කාලය වන්නේයයි´´ දැන්වීය.

65. ´´මෙසේ කී කල්හි ආනන්දය, මම පවිටුවූ ඒ මාරයා හට මෙසේ කීවෙමි. ´´පවිටුවූ මාරය, යම්තාක් කල් මාගේ භික්‍ෂු ශ්‍රාවකයෝද, භික්‍ෂුණී ශ්‍රාවිකාවෝද, දක්‍ෂ නොවන්නාහු වෙත්ද, නොහික්මෙත්ද, මහත් දැනුමක් ඇත්තෝ නොවෙත්ද, බොහෝ දේ ගැන ඇසුවාහු (දැන ගත්තාහු) නොවන්නාහුද, ධර්මධර නොවන්නාහුද, ලෝකෝත්තර ධර්මයට අනුව පිළිපදින්නෝ නොවන්නාහුද, යහපත්ව පිළිපදින්නාහු වෙත්ද(??නොවෙත්ද), ධර්මයට අනුව හැසිරෙන්නෝ නොවෙත්ද, තමන්ගේ ආචාර්ය මත ඉගෙන නොකියන්නාහු වෙත්ද, දේශනා නොකරන්නාහු වෙත්ද, නොපනවත්ද, නොපිහිටත්ද, විවෘත නොකරන්නාහුද, විභාග නොකරන්නාහුද, ප්‍රකට නොකරන්නාහුද, උපන්නාවූ අන්‍ය වාදයන් හේතු සහිතව, කරුණු සහිතව හොඳින් නිග්‍රහ(??විග්‍රහ) කොට නිවනට පමූණූවන ධර්මයක් කොට දේශනා නොකරන්නාහු වෙත්ද ඒතාක් පිරිනිවන් මම නොපාන්නෙමි´´යි කීවෙමි.

´´යම්තාක් කල් මාගේ උපාසක ශ්‍රාවකයෝද, උපාසිකා ශ්‍රාවිකාවෝද දක්‍ෂ නොවෙත්ද, නොහික්මෙත්ද, මහත් දැනුමක් ඇත්තෝ නොවෙත්ද, බොහෝ දේ ගැන ඇසූ ඇත්තෝ (දන්නෝ) නොවෙත්ද, ධර්මධර නොවෙත්ද, ධර්මානු ධර්මයෙහි යුක්ත නොවෙත්ද, යහපත්ව පිළිපදින්නෝ නොවෙත්ද, ධර්මයට අනුව හැසිරෙන්නෝ නොවෙත්ද, තමන්ගේ ආචාර්ය මත ඉගෙන නොකියත්ද, දේශනා නොකෙරෙත්ද, නොපණවත්ද, නොපිහිටත්ද, විවෘත නොකරත්ද, විභාග නොකරත්ද ඒතාක් මම පිරිනිවන් නොපාන්නෙමි´´යි කීවෙමි.

´´යම්තාක් කල් මාගේ මේ සියලුම ශාසන මාර්ග බ්‍රහ්මචය්‍ර්‍යාව සම්පූර්ණ භාවයට නොපැමිණියේද, දියුණූවට නොපැමිණියේද, ඒ ඒ දිශාභාගයෙහි පැතිර නොපවත්නේද, බොහෝ දිව්‍ය මනුෂ්‍යයන් විසින් ප්‍රකාශ කරන ලද බවට මොපැමිණේද ඒ තාක් කල් පිරිනිවන් නොපාන්නෙමි´´යි කීවෙමි.

66. ´´ආනන්දය, දැන් අද චාපාල න චෛත්‍යයෙහිදී පවිටුවූ මාර තෙම මා වෙත පැමිණියේය. මාරයා මට මෙසේ කීයේය. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පා වාදාරණ සේක්වා. ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට දැන් කාලය වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය වදාරණ ලද්දේමය´´යි ඉහත සඳහන් කල ලෙස කීවේය.

67. ´´මෙසේ කී කල්හි ආනන්දය, මම ඒ පාපීවූ මාරයාට මෙසේ කීවෙමි. ´´පවිටුවූ මාරය, තෝ මන්දෝත්සාහී (??නො) වෙව. තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම නොබෝ කලකින් වන්නේය. මෙතැන් සිට තුන් මසක් ගිය කල්හි තථාගත තෙම පිරිනිවන් පාන්නේයයි´´ කීවෙමි. ආනන්දය, දැන් අද මෙ චාපාල නම් චෛත්‍යයෙහිදී තථාගතයන් වහන්සේ විසින් සිහි නුවණින් යුක්තව ආයු සංස්කාරය හරින ලද්දේ යයි´´ කී සේක.

68. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යචතුන් වහන්සේට දෙතුන් වරක් මෙසේ කීවේය.

´´ස්වාමිනි, බොහෝ ජනයාගේ හිත පිණිස, සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දිව්‍ය මනුෂ්‍යයින්ට යහපත පිණිස හා හිත සැප පිණිස භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය මුළුල්ලෙහි පිරිණිවන් නොපා වැඩ සිටිනා සේක්වායි´´ කියා යාඥා කළේය.

´´ආනන්දය, තථාගතයන් වහන්සේට යාඥා නොකරව. ආනන්දය, තථාගතයන් වහන්සේට යාඥා කිරීමට දැන් මේ කාලය නොවන්නේය´´යි කීවෝය.

´´ආනන්දය, තෙපි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය අදහන්නාහුදැ´´යි ඇසුවෝය.

´´එසේය, ස්වාමීනී´´ කියා උත්තර දුන්හ.

´´ආනන්දය, තෝ දැන් එසේ අදහන්නේ නම් තුන් වැනි වර දක්වා කුමක් නිසා තථාගතයන් වහන්සේට අතිශයින් පීඩා කරන්නේදැ´´යි ඇසුවෝය.

69. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙන්ම මා විසින් මේ කාරණය අසන ලද්දේය. බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයෙන්ම යහපත් ලෙස මෙ කාරණය පිළිගන්නා ලද්දේය. ´´ආනන්දය, යම් කිසිවෙකු විසින් ඎධිපාද ධර්මයෝ සතර වඩන ලද්දාහු වෙත්ද, බහුල වශයෙන් කරන(??වඩන) ලද්දාහු වෙත්ද, යානාවක් මෙන් කරන ලද්දාහු වෙත්ද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද්දාහු වෙත්ද, හොඳින් පිහිටා සිටින ලද්දාහු වෙත්ද, යහපත් කොට වඩන ලද්දාහු වෙත්ද, මනා කොට පටන් ගන්නා ලද්දාහු වෙත්ද ඒ පුද්ගල තෙම ඉදින් කැමති වන්නේවී නම් සම්පූර්ණ ආයුෂ කාලය හෝ ඊට වැඩියක්(??වැඩියෙන්) හෝ ජීවත්ව සිටින්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් මේ ඎධිපාද ධර්ම සතර වඩන ලද්දාහුය. බහුල වශයෙන් කරන ලද්දාහුය. යානාවක් මෙන් කරන ලද්දාහුය. පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද්දාහුය. මනාකොට පිහිටන ලද්දාහුය. යහපත් කොට වඩන ලද්දාහුය. ඒ තථාගතයන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් ජීවත්ව වැඩ සිටින්නේය´´ කියායි´´.

´´ආනන්දය, තෝ (මෙසේ වදාළ බව) අදහන්නෙහිදැයි´´ කියා ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, එසේය. අදහන්නෙමියි´´ කියා දැන්නුවේය.

´´ආනන්දය, එසේ අදහන්නෙහිනම් මේ කාරණය තොප විසින් නපුරු කොට කරන ලද්දේය. මේ කාරණය තොප විසින් වරදවන ලද්දේය. ඉදින් තෙපි තථාගතයන් වහන්සේ විසින් මෙබඳුවූ මහත් නිමිත්තයන් කර වදාරණ කල්හිදු මහත් ලකුණුකර වදාරණ කල්හිදු දැන ගන්නට නොහැකිවූවාහුය. ´බොහෝ ජනයාට හිත සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට යහපත පිණිස හා හිතසැප පිණිස භාග්‍යවතුන් වහන්සේ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටිනා සේක්වායි, සුගතයන් වහන්සේ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටිනා සේක්වායි´ කියාද තථාගතයන් වහන්සේට යාඥා නොකෙළේය. ආනන්දය, තෙපි තථාගතයන් වහන්සේට යාඥා කෙළේ නම් තොපගේ වචනය දෙවරකම තථාගත තෙම ප්‍රතික්‍ෂෙප කරන්නේය. තුන්වෙනි වචනය පිළිගන්නේය. ආනන්දය, එසේ හෙයින් තොප විසින්ම නපුරු කොට කරන ලද්දේය. මේ කාරණය තොප විසින්ම වරදවන ලද්දේය´´.

70. ´´ආනන්දය, මම එක්තරා කාලයෙක්හි රජගහ නුවර සමීපයෙහි ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙළෙමි. එතැන්හිද ආනන්දය, මම තොපට කථා කොට ඉහත මෙන් කීවෙමි´´.

71. ´´ආනන්දය, මම එක්තරා කාලයෙක්හි ඒ රජගහ නුවර සමීපයෙහිවූ ගොතම නම් නිග්‍රොධාරාමයෙහි වාසය කරමි. එම රජගහ නුවර ආසන්නයෙහිවූ චොර ප්‍රපාතයෙහි වාසය කරමි. එම රජගහ නුවරට ආසන්නයෙහිවූ වේහාර පර්වත බෑවුමෙහිවූ සප්තපර්ණි ගුහාවෙහි වාසය කෙරෙමි(??කරමි). එම රජගහ නුවරට ලඟවූ(??ආසන්නයෙහිවූ) ඉසිඟිලි පර්වත බෑවුමෙහිවූ කාලසිලයෙහි (කළුගලෙහි) වාසය කරමි.

එම රජගහ නුවරට සමීපවු ශීත වනයෙහිවූ සප්පසොණ්ඩික නම් ප්‍රදේශයෙහිද තපොදාරාමයෙහිද කලන්දකනිවාප නම්වූ වෙළුවනාරාමයෙහි ජීවකම්බවනයෙහි මද්ද කුච්ඡි මිගදායෙහි වාසය කෙරෙමි(??කරමි)´´.

71.(??) ´´ආනන්දය, එකල්හිද මම තොපට මෙසේ ආමන්ත්‍රණය කළෙමි. ´ආනන්දය, රජගහ නුවර ඉතා ලක්‍ෂණ වන්නේය. ගිජ්ඣකූට නම් පර්වතය සිත් ප්‍රිය කරන්නේය.

ආනන්දය, යම් කිසි කෙනෙක් විසින් සතර ආකාරවූ ඎධිපාද ධර්මයෝ (??සතර) වඩන ලද්දාහු වෙත්ද, බහුල වශයෙන් වඩන ලද්දාහු වෙත්ද, යානාවක් මෙන් කරන ලද්දාහු වෙත්ද, ගෘහ වස්තුවක් මෙන්(??පිහිටීමට වස්තුවක් මෙන්) කරන ලද්දාහු වෙත්ද, හොඳින් පිහිටා සිටින ලද්දාහු වෙත්ද, යහපත් කොට වඩන ලද්දාහු වෙත්ද, මනා කොට පටන් ගන්නා ලද්දාහු වෙත්ද ඒ පුද්ගල තෙම ඉදින් කැමති වන්නේවී නම් (??සම්පූර්ණ) ආයුෂ කාලය හෝ ඊට වැඩියක්(??වැඩියෙන්) හෝ ජීවත්ව සිටින්නේය.

ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් මේ ඎධිපාද ධර්මයෝ වඩන ලද්දාහුය. ඒ තථාගතයන් වහන්සේ සම්පූර්ණ ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් ජීවත්ව වැඩ සිටින්නේයයි´ කීවෙමි.

´´ආනන්දය, තෙපි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ බව අදහන්නහුදැයි´´ ඇසූසේක.

´´එසේය, ස්වාමීන් වහන්ස, අදහන්නෙමියි´´ කීය.

´´ආනන්දය, එසේ අදහන්නේ වී නම් තොප විසින්ම මේ කාරණය නපුරු කොට කරන ලද්දේය. තොප විසින්ම මේ කාරණය වරදවන ලද්දේය.´´

72. ´´ආනන්දය, මම එක්තරා කාලයක වේශාලී නම් නගරයෙහිවූ උදේන චෛත්‍යයෙහි වාසය කරමි. එතැන්හිද ආනන්දය, මම තොපට ඉහතදී මෙන් කීවෙමි.´´

´´ආනන්දය, මම එක්තරා කාලයෙක්හි මේ වේශාලී නගරයෙහිවූ ගෞතම නම් චෛත්‍යයෙහි වාසය කරමි.

ආනන්දය, මම එක්තරා කාලයක වේශාලී නම් නගරයෙහිවූ ගෞතමක නම් චෛත්‍යයෙහිද, සත්තම්බක නම් චෛත්‍යයෙහිද බහුපුත්තක නම් චෛත්‍යයෙහිද මේ වේශාලී නම් පුරයට ආසන්නවූ සාරන්දද නම් චෛත්‍යයෙහිද වාසය කරමි. (?? එතැන්හිද ආනන්දය, මම තොපට ඉහතදී මෙන් කීවෙමි.) ආනන්දය, තොපම මේ කාරණය වරදවන ලද්දේයයි´´ ඉහතින් මෙන් වදාළෝය.

73. ´´දැන් වනාහි ආනන්දය, මම මේ චාපාල නම් චෛත්‍යයෙහිදී තොපට ආමන්ත්‍රණය කෙළෙමි. ´ආනන්දය, මේ වේසාලී නම් පුරය සිත් ගන්නේය. ආනන්දය, යම් කිසි කෙනෙකුන් විසින් චතුර්විධ(??සතර ආකාරවූ) ඎධිපාද ධර්මයෝ වඩන ලද්දාහු වෙත්ද, ඒ පුද්ගල තෙම ඉදින් කැමති වන්නේවී නම් (??සම්පූර්ණ) ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව සිටින්නේය.

ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් මේ චතුර්විධ ඎධිපාද ධර්මයෝ වඩන ලද්දාහුය. තථාගතතෙම ඉදින් කැමතිවූයේ වී නම් (??සම්පූර්ණ) ආයුෂ කාලය හෝ ඊට වැඩියෙන් හෝ ජීවත්ව වැඩ සිටින්නේයයි´ කීවෙමි.

ආනන්දය, තෙපි තථාගතයන් වහන්සේ විසින් මෙබඳුවූ ඖධාරික(??මහත්) නිමිත්තයන් කර වදාරණ කල්හිදු මහත් ලකුණු දක්වන කල්හිදු දැන ගන්නට නොහැකිවූවාහුය. ´භාග්‍යවතුන් වහන්සේ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටිනා සේක්වායි කියාද, සුගතයන් වහන්සේ ආයුෂ කාලය මුළුල්ලෙහි ජීවත්ව වැඩ සිටිනා සේක්වායි´ කියාද තථාගතයන් වහන්සේට යාඥා නොකෙළේය. ආනන්දය, ඉදින් තෙපි (??තථාගතයන් වහන්සේට) යාඥා කෙළේ නම් තොපගේ වචන දෙවරකම තථාගත තෙම ප්‍රතික්‍ෂෙප කරන්නේය. නැවත තුන්වෙනි වර යාඥාව ඉවසන්නේය. ආනන්දය, එහෙයින් මේ කාරණය තොප විසින්ම නපුරු කොට කරන ලද්දේය. මේ කාරණය තොප විසින්ම වරදවන ලද්දේයයි´´ කියා වදාළසේක.

74. ´´ආනන්දය, මා විසින් සියලුම ප්‍රියමනාප වස්තුවලින් වෙන්වන බව, අන්‍ය තත්වායකට පැමිණෙන බව කලින්ම කියන ලද්දේ නොවේද, ඒ කාරණය (අනිත්‍යයට නොපැමිණෙන බව) දැන් මෙතැනින් කොහින් ලබමෝද? ජාත (උපදින්නාවූද) භූත (පහළවන්නාවූද) සංඛතාදීවූ (ප්‍රත්‍යයන් විසින් සාදනු ලබන) යම් ඒ බිඳෙනසුළු ධර්ම කෙනෙක් ඇද්ද, ඒ බිඳෙනසුලු(??බිඳෙනසුළු) දේ ඒකාන්තයෙන්ම විනාශ නොවේවායි, නොනසීවායි යන යමෙක් ඇත්ද මේ කාරණය වනාහි විද්‍යමාන නොවන්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් ආයු සංස්කාරය හරින ලද්දේය. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය නොබෝ කලකින් වන්නේය. මෙයින් තුන් මසක් ගිය කල තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේයයි´´ කියා තථාගතයන් වහන්සේ ඒකාන්ත වශයෙන් නියම කොට වදාරණ ලද්දේය. ඒ වචනය අත්හරින ලද්දකි. වමාරන ලද්දකි, සිඳින ලද්දකි, පහරන ලද්දකි. තථාගතයන් වහන්සේ විසින් ඒකාන්තයෙන් නියමකොට වදාරණලද ඒ වචනය තථාගතයන් වහන්සේ විසින් ජීවිතය රක්නා පිණිසද නැවත වෙනස් කිරීමය යන යමෙක් ඇද්ද මේ කාරණය වනාහි විද්‍යමාන නොවන්නේය.

75. ´´ආනන්දය, එව යන්න, මහා වනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද එතැනට යමුයි´´ කියා වදාළ කල්හි ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග මහාවන නම් කූටාගාර ශාලාවට එළඹිසේක. එළඹ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට අඞගැසූ සේක. ´´ආනන්දය තෝ යව! (ගොස්) යම් පමණ භික්‍ෂුහු විශාලා මහනුවර ආශ්‍රය කොට වාසය කරන්නාහු වෙත්ද, ඒ සියලුම භික්‍ෂුන් උපස්ථාන ශාලාවට රැස් කරවයි´´ වදාළ සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ´´එසේය, ස්වාමුන් වහන්සයයි´´ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී යම් පමණ භික්‍ෂුහු විශාල මහනුවර ආශ්‍රය කොට සිටිත්ද ඒ සියලුම භික්‍ෂුන් උපස්ථාන ශාලාවට රැස්කරවා භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැන්නුවේය.

76. ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට පැමිණ පණවන ලද ආසනයෙහි වැඩසිටිසේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කර වදාළසේක. ´´මහණෙනි, තොපට මා විසින් යම් ධර්ම කෙනෙක් අවබෝධ කොට දේශනා කරන ලද්දාහුද, ඒ ධර්මයෝ කවරහුද? යම් ධර්ම කෙනෙක් වනාහි යම්සේ මේ ශාසන මාර්ග බ්‍රහ්මචය්‍ර්‍යාව සමෘධභාවයට පැමිණෙන්නේද, චිරස්ථායීව පවත්නේ වේද, බොහෝ ජනයාට හිත සැප පිණිස පවත්නේද, දෙව් මිනිසුන්ගේ අර්ථ සිද්ධිය හා හිත සැප පිණිස පවත්නේද, එසේ තොප විසින් මනාකොට ඉගෙන සේවනය කටයුත්තාහුද, නැවත නැවත පුහුණු කිරීම් වශයෙන් බහුල කටයුත්තාහුද, ඒ ධර්මයෝ කවරහුද යත්? සතර සතිපට්ඨාන ධර්මයෝය, සතර සම්‍යක් ප්‍රධාන ධර්මයෝය, සතර ඎධිපාද ධර්මයෝය, පංචේන්ද්‍රිය ධර්මයෝය, පංච බලයෝය, සප්ත බොජ්ජංග ධර්මයෝය, ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්ගයය යන මෙ ධර්මයෝ මා විසින් අවබෝධ කොට දේශනා කරන ලද්දාහුය.´´

´´මහණෙනි, යම්සේ මේ ශාසන මාර්ග බ්‍රහ්මචය්‍ර්‍යාව බොහෝ කල් පවත්නේද, චිරස්ථායී වන්නේ වේද, බොහෝ ජනයාට හිත සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත සැප පිණිස පවත්නේද, එසේ ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ තොප විසින් යහපත් ලෙස ඉගෙන සේවනය කටයුත්තාහුය. වැඩිය යුත්තාහුය. බහුල වශයෙන් කටයුත්තාහුය´´ කියා වදාළ සේක.

77. ඉකබිතිව භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කර වදාළ සේක. ´´දැන් වනාහි තොපට ආමන්ත්‍රණය කරමි. සියලු සංස්කාර ධර්මයෝ විනාශ වන්නාහ. අප්‍රමාද වීමෙන් (ශ්‍රමණ ධර්මය) සම්පාදනය කරව්. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය නොබෝ කලකින්ම වන්නේය. මෙයින් තුන් මාසයක් ගිය කල තථාගතයන් වහන්සේ පිරිනිවන් පානසේකැයි´´ කියා වදාළ සේක. මේ වචනය වදාරා සුගත නම්වූ ශාස්තෲන් වහන්සේ නැවතද මෙසේ වදාළ සේක.

´´මාගේ වයස මුහුකුරා ගියේය. මාගේ ජීවත්වීම ස්වල්ප කාලයක්ම වන්නේය. මා විසින් මගේ පිහිට කරන ලද්දේය.මහණෙනි, තොප හැර තොප කෙරෙන් වෙන්ව නිවන් පුර යෙමි´´ කියා වදාළ සේක.

´´මහණෙනි, යහපත් සිහියෙන් යුක්තව අප්‍රමාදව යහපත් සිල් ඇතියෝව මනාකොට සංසිඳුනාවූ සිත් ඇතිව තම තමන්ගේ චිත්තය සුරක්‍ෂිව මනාකොට රක්‍ෂා කරවූ´´ කියා වදාළ සේක.

´´යම් පුද්ගලයෙක් තෙම මාගේ මෙ ධර්ම විනය දෙකෙහි අප්‍රමාදව වාසය කරන්නේද හෙතෙම ජාතියැයි කියන ලද භවොප්පත්තිය (නොහොත්) සසර හැසිරීමද හැර සංසාර දුක්ඛයාගේ කෙළවර කරන්නේයයි´´ කියා වදාළ සේක.

(තුන්වැනි බණවර නිමි)

78. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන විසාලා මහනුවරට පිඬු පිණිස පැමිණිසේක. වේසාලී පුරවරයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී ආයේ ඇතෙක් මෙන් මුළු ශරීරයෙන් හැරී විසාලා නුවර දෙස බලා ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීය. ´´ආනන්දය, තථාගතයන් වහන්සේගේ මේ වෙසාලී නම් පුරය අන්තිම දැකීම නම් වන්නේය. ආනන්දය, භණ්ඩ නම් ගම යම් තැනෙක්හිද එතැනට එළඹෙම්හයි´´ කී සේක. ඉක්බීත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂු සංයා හා සමග භණ්ඩ නම් ග්‍රාමයට පැමිණ වැඩ වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට කථාකර මෙසේ කී සේක.

79. ´´මහණෙනි, චතුර්විධ ධර්මයක් නොදැනීම හේතුකොටගෙන, අවබෝධ නොකිරීම හේතුකොටගෙන මෙසේ මේ දීර් කාලයක් මා විසින්ද තොප විසින්ද ඇවිදින ලදි. සසර සැරිසරන ලදි. කවර නම් චතුර්විධ ධර්මයක්ද? මහණෙනි, උතුම්වූ ශීලය, උතුම්වූ සමාධිය, උතුම්වූ ප්‍රඥාව, උතුම්වූ විමුක්තිය (නිවන) වෙත්. මහණෙනි, ඒ උතුම්වූ ශීලය, උතුම්වූ සමාධිය උතුම්වූ ප්‍රඥාව උතුම්වූ විමුක්තිය (නිවන) දැනගතිමි, අවබෝධ, කෙළෙමි, භවතණ්හාව මුලින් සිඳ දැමුවෙමි භවනෙත්තිය (භවයෙන් භවයට ගෙන යන කර්මය) නැති කරන ලදී. දැන් නැවත උප්පත්තියක් නැතැයි´´ වදාළහ.

80.මෙසේ වදාරා සුගත නම්වූ ශාස්තෲන් වහන්සේ මේ (අදහස් ඇති) ගාථා දෙක වදාළහ.

´´උතුම්වූ ශීලයද, උතුම්වූ සමාධියද, උතුම්වූ ප්‍රඥාවද, අනුත්තරවූ උතුම්වූ විමුක්තියද යන මේ සතර ආකාර ධර්මයෝ යසස් ඇත්තාවූ ගෞතමයන් වහන්සේ වසින් අවබෝධ කරන ලද්දාහුය.´´

´´සර්වඥයින් වහන්සේ මෙසේ තමන්ම (ස්වයම්භූඥානයෙන්) දැන භික්‍ෂූන්ට ධර්ම දේශනා කළහ. සසර දුක් කෙළවර කළාවූ, පසැස් ඇත්තාවූ ශාස්තෘවූ බුදුරජතෙම ක්ලේශ පරිනිර්වාණය කළෝය.´´

81.එකල්හිද භාග්‍යවතුන් වහන්සේ භණ්ඩ නම් ගම වැඩවසනසේක් බොහෝසෙයින් මේ ධර්ම කථාවම කරන සේක. (කෙසේද?) මේ සීලයයි මේ සමාධියයි, මේ ප්‍රඥාවයි, සීලයෙහි සිට වඩනලද සමාධිය මහත්ඵල මහත් අනුසස් ඇත්තේය. සමාධියෙහි සිට වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහත් අනුසස් ඇත්තීය. ප්‍රඥාවෙහි පිහිටා වඩන ලද සිත මනාකොට ආශ්‍රවයන් කෙරෙන් මිදෙන්නේය. ඒ කවරේද යත්? කාමාශ්‍රවයෝය, භවාශ්‍රවයෝය, දිට්ඨආශ්‍රවයෝය, අවිද්‍යාආශ්‍රවයෝය.

82.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩ නම් ගම කැමති කාලයක් වාසය කොට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වගන්සේට කථාකළහ. ´´ආනන්දය එන්න, හත්ථ නම් ගම යම් තැනකද, අම්බ නම් ගම යම් තැනකද, ජම්බු නම් ගම යම් තැනකද, භොග නම් ගම යම් තැනකද එතැනට යමුයි´´ වදාළහ.

83.එතැන්හිද, භාග්‍යවතුන් වහන්සේ භොග නගරයෙහි ආනන්ද නම් චෛත්‍ය ස්ථානයෙහි වැඩ වෙසෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකළහ. ´´මහණෙනි, මේ සතර ආකාරවූ ´´මහාප්‍රදේශ´´ ධර්මයන් කියන්නෙමි. හොදින් අසව්.´´

84.´´මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, ´ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටදීම අසන ලදි. පිළිගන්නා ලදී මේ ධර්මයයි, මේ විනයයි, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයයි´ කියායි. මහණෙනි, මේසේ කියන ලද ඒ මහණහුගේ වචනයට පළමු වෙන්ම(එක්වරටම) සතුටු නොවිය යුත්තේය. (ආක්‍රොශ වශයෙන්) අහක නොදැමිය යුත්තේය. සතුටුද නොවී, ප්‍රතික්‍ෂෙපද නොකොට ඒ පද ව්‍යංජනයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මයෙහි බහා සසඳා බැලිය යුතුය. විනය ධර්මය හා සංසන්දනය (එක්වීම) නොවන්නාහු නම්, ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් (ධර්මයක්) නොවේ. මේ වචනය ඒම් භික්‍ෂූව විසින්ම වරදවා ගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මෙසේ මේ වචනය දුරුකට යුත්තේය.´´

´´සූත්‍ර ධර්මය හා සමකර බලන්නේ, විනය ධර්මය හා සංසන්දනයකර බලන්නේ සූත්‍රධර්මය හා සම වෙද්ද, විනය ධර්ම හා සංසන්දනය වෙද්ද, මේ වචනය ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයක්මයයිද, මේ භික්‍ෂූව විසින්ද ඒ වචනය මනාකොට ගන්නා ලද්දේයයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ පළමුවැනි මහා ප්‍රදේශ ධර්මයයි සිත්හි දරා ගනිත්වා.´´

85.´´යම් භික්‍ෂූවක් අසවල් ආවාසයෙහි ප්‍රධානවූ ස්ථවිරයන් සහිත භික්‍ෂූ සංයා වාසය කරයි. මේ ධර්මයයිද, මේ විනයයයිද, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයයිද, ඒ සංයාගේ ඉදිරිපිටදීම අසන ලද්දේය, පිළිගන්නා ලද්දේයයි´´ මෙසේ කියන්නේ වේද,

අසවල් නම් ආවාසයෙහි බහුශ්‍රුතවූ (බොහෝ උගත්) ආගතාගමවූ, (පැරණි පිටකත්‍රය ඇති) ධර්මය දන්නාවූ විනය දන්නාවූ, මාර්තෘකා පාලිය දන්නාවූ බොහෝවූ ස්ථවිර භික්‍ෂූහු වසන්නාහ. මා විසින් මේ ධර්මයයි කියාද, මේ විනයයි කියාද, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයයි කියාද ඒ තෙරුන් ඉදිරියේදීම අසන ලදි. පිළිගන්නා ලදි.´´

´´ඉදින් ඒ වචන සූත්‍ර ධර්මය හා සම කරන ලද්දේ විනය නීතිය හා සමකරන ලද්දේ, සූත්‍ර ධර්මය හා සමවෙද්ද, විනය නීතිය හා සමවෙද්ද, ඒකාන්තයෙන් මේ මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයකැයි තීරණයට පැමිණිය යුත්තේය. ඒ තෙරැන් වහන්සේවිසින්ද මනාකොට ගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යිත්තේය. මහණෙනි, මේ තුන්වැනි වූ මහාපදෙස ධර්මයයි හොඳින් (සිත්හි) දරාගනිව්.

86.´´මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, අසවල් ආවාසයෙහි බහුශ්‍රුතවූ (බොැහා් උගත්) ආගතාගාමීවූ, (පැමිණි පිටකත්‍රය ධර්මය ඇති) ධර්මය දන්නාවූ, මාතෘකාපාලිය දන්නාවූ එක් ස්ථවිර භික්‍ෂුවක් වසයි. මාවිසින් මේ ධර්මයයි කියාද, මේ විනයයි කියාද, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයයි කියාද ඒ තෙරුන් ඉදිරියේදීම අසන ලදි. පිළිගන්නා ලදි´´ කියාය.

´´ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සම කරන ලද්දේ, විනය නීතිය හා සංසන්දනය කරන ලද්දේ, සූත්‍ර ධර්මය හා ගැළපේද, විනය නීතිය හා ගැළපේද, මේ වචනය ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචනකැයි කියාද, ඒ තෙරුන් විසින්ද මනාකොට ගන්නා ලද්දකැයි කියාද තීරණයකට පැමිණිය යත්තේය. මහණෙනි, මේ වනාහි මේ සතර වැනිවූ මහා ප්‍රදේශ ධර්මයයි.

87.එවිට භාග්‍යවතුන් වහන්සේ භොග නම් නුවර කැමති කාලයක් වාසයකොට මහත්වූ භික්‍ෂූහු සංයා වහන්සේ හා සමග පාවා නම් නුවර චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹවනයෙහි වාසය කරති.

චුන්ද නම් කර්මාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ අඹවනොද්‍යානයෙහි වාසය කරන්නෙියයි ඇසුයේමය. එවිට චුන්ද නම් කර්මාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එක පැත්තක උන්නේය. චුන්ද නම් කර්මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙනුත් කථාවෙන් මෙලොව පරලොව වැඩදක්වා දේශනා කළෝය. සිත්පහදවා දේශනා කළෝය. සිත තියුණු කළාහුය. එවිට සිත් පහදවන ලද්දාවූ සිත තියුණු කරන ලද්දාවූ චුන්ද නම් කර්මාර තෙම ´´ස්වාමීවූ භාග්‍යවතුන් වහන්ස, භික්‍ෂූහු සංයා වහන්සේ හා සමග සෙට දවස මාගේ භෝජනය පිළිගනු මැනවැයි´´ ආරාධනා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ආරාධනාව පිළිගත්තෝය. එවිට චුන්ද නම් කර්මාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරව වශයෙන් ගියේය.

88.එවිට චුන්ද නම් කර්මාර පුත්‍රතෙම ඒ රාත්‍රිය ගතවූ කල තමන්ගේ ගෙදර මිහිරි කෑම්බීම්ද බොහෝවූ මෘදු සූකර මාංශද (පස්ගෝ රස යෙදූ මොලොක් බතක් නොහොත් රසායන බෙහෙතක්) මනාකොට පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ උදය වරුවෙහි හොඳින් හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන භික්‍ෂූහු සංයා හා සමග චුන්ද නම් කර්මාර පුත්‍රයාගේගෙදරට පැමිණපනවන ලද ආසනයෙහි වැඩ හුන්නේය. වැඩහිඳ භාග්‍යවත් තෙම චුන්ද නම් කර්මාර පුත්‍රයාට කථාකර මෙසේ කීවෝය. ´´චුන්දය තා විසින් මෘදු සූකර මාංසයක් පිළලෙ කරන ලද්දේ වේද ඒ මෘදු සූකර මාංසයෙන් මා අනුභව කරව, යම් බඳුවූ අනුකුත් කෑම් බ්ම් ආදියත් පිළියෙල කරන ලද්දේ වේද ඒ අනෙකුත් කෑම බීම් අදියෙන් භික්‍ෂූ සංයා අනුභව කරවයි´´ කීවෝය. ´´එසේය ස්වාමීන් වහන්ස´´ කියා චුන්ද භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තරදී, යම් සූකරමාංශයක් පිළියෙල කරණ ලද්දේ වේද, ඒ සූකර මාංශයෙන් භාග්‍යවතුන් වහන්සේ වැළඳ වූයේය. එවුට භාග්‍යවත් තෙම චුන්දට කථාකොට මෙසේ කීවෝය. ´´චුන්දය, මා වළඳවා ඉතිරිවූ යම් ශුකර මාංශයක් ඇද්ද, එය වළක් හාරා එහි දමන්නයයි´´ කීවෝය. චුන්දය, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බඹුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ව සමූහයා ඇති මේ සත්ව ලෝකයෙහි තථාගතයන් වහන්සේ හැර ඒ ශුකර මාංශය යමකු අනුභව කොට හොඳින් දිරීමට පැමිණේද එබඳු පුද්ගලයෙකු මම නොදන්නෙමියි´´ කීවෝය. චුන්ද ඉතිරිවූ ඒ මාංශය වළලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. චුන්ද නම් කර්මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් යුක්තවූ කථාවෙන් කරුණු දක්වා සිත් පහදවා සිත තියුණු කරවා වදාරණ ලදුව උන් ආසනයෙන් නැහිට ගියේය.

89.එවිට චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ බත වැළදූ භාග්‍යවතුන් වහන්සේට ලොහිත පක්ඛන්දිකා (රක්ත අතිසාරය) නම්වූ ක්‍රූර වූ අසනීපයක් හටගත්තේය. මරණය ළංව බලවත්වූ වේදනා ඇතිවූයේය. භාග්‍යවතුන් වහන්සේ සිහියෙන් යුක්තව දැනම වේදනා නැවැත්වීම වශයෙන් ඔබ මොබ නොහැරෙමින් ඒ වේදනා ඉවසා සිටියෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට කථාකර මෙසේ කීවෝය. ´´එව, කුසිනාරා නම් නුවරට යමුයයි´´ කීවෝය. ´´එසේය ස්වාමීන් වහන්ස,´´ කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.

එවිට භාග්‍යවත් බුදුරජානන් වහන්සේ මගින් ඉවත්ව එක්තරා ගසක් මූලකට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. ´´ආනන්දය, තෙපි ම්ගේ සඟල සිව්ර සතරට නවා ආසනයක් කොට පනවව, ආනන්දය, ක්ලාන්තවූයෙමි හිඳගනිමියි´´ කීවෝය.

ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම සඟල සිව්ර සතරට නවා ආසනයක් කොට පැනවීය. භාග්‍යවතුන් වහන්සේ පනවනලද ඒ ආසනයෙහි වැඩ උන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවෝය. ´´ආනන්දය, තෙපි මට පැන් ගෙනව. ආනන්දය, පිපාසිතයෙම් පැන් බොන්නෙමියි´´ කීවෝය.

´´ස්වාමීන් වහන්ස, දැන් පන්සියයක් පමණ ගැල් ඉක්ම ගියාහුය. ගැල් රෝදවලින් කැඩීගිය ස්වල්පවූ ඒ ජලය කැළඹ බොරව ගලා යන්නේය. ස්වාමීන් වහන්ස, පැහැදි දිය ඇත්තාවූ රසවත්වූ මිහිරි වතුර ඇත්තාවූ ඉතා සිහිල් වතුර ඇත්තාවූ මනාවූ තොට ඇති සිත් ප්‍රිය කරන්නාවූ මේ කකුත්ථා නම් ගඟ ඉතා නුදුරු වන්නීය. එහි භාග්‍යවතුන් වහන්සේ පැන්ද පානය කරන්නේය. ශරීරය සිහිල් කරන්නේයයි´´ කියා දැන්නුවේය. දෙවෙනි වරද තුන්වෙනි වරද භාග්‍යවත් තෙම ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට කථාකර මෙසේ කීවෝය.

´´ආනන්දය, තෙපි මට පැන් ගෙනව. ආනන්දය, පිපාසිත යෙමි. පැන් පානය කරන්නෙමියි´´ කීවෝය.

ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දී පාත්‍රය ගෙන ඒ කුඩා ගංගාව යම් තැනකද එතැනට පැමිණියේය. එකල්හි ගැල් රෝදවලින් කැපෙන ලද්දාවූ කැළඹි බොරව ගලා යන්නාවූ ඒ ඉතා කුඩා ගංගාව ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමීපයට එළඹෙන කල්හි ප්‍රසන්නව විශේෂයෙන්ම ප්‍රසන්නව නොකැළඹි පැහැදී ගලායන්නීය.

90.එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතෙක් වූයේය. ´´තථාගතයන් වහන්සේගේ මහත්වූ ඎද්Ȁdධි ඇතිබව මහත්වූ ආනුභාව ඇතිබව ඒකාන්තයෙන් පුදුම වන්නේය. ඒකාන්තයෙන් ඉතා පුදුම වන්නේමය. ගැල් රෝදවලින් කැපී ගියාවූ කැළඹි බොර ගලා යන්නා වූ කුඩාවූ ගංගාව මා පැමිණි කල්හි ප්‍රසන්නව පැහැදී ගලා යන්නේයයි´´ කියා පාත්‍රයෙන් පැන් ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳුවෝය.

91.එකල ආළාරකාලාම නම් තවුසාගේ ශ්‍රාවකවූ පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් කුසිනාරා නුවරින් පාවා නම් නුවරට යන දීර් මාර්ගයට පැමිණියේ වෙයි. පුක්කුස නම් මල්ලරාජ පුත්‍ර තෙම එක්තරා ගසක්මුල වැඩ උන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය දැක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

92.´´ස්වාමීන් වහන්ස පුදුමයකි, සමීපයෙන් ගියාවූ පන්සියයක් පමණවූ ඒ ගැල් නොදක්නේය. ගැල් හඬද නොඅසන්නේයයි´´ කියා ආළාරකාලාම නම්වූ තවුසා කෙරෙහි මහත්වූ පැහැදීම ප්‍රකාශ කළේය.

93.´´පුක්කුස නම් මල්ලරාජ පුත්‍රය, යමෙක් මෙත් සිතින් යුක්තව නොනිදා හිඳම තමන්ට සමීපව ගියාවූ පන්සියයක් පමණ ගැල්හඬ නොඅසන්නේ වේද, අනිකුත් යමෙක් සිතින් යුක්තව නොනිඳා හිදීම මහත්වූ වර්ෂාව වස්නා කල්හි එසේ වස්නා ලද වර්ෂා ජලය පෘථවිසෙහි පැතිර එකලාව ගලා යන කල්හි මහත්වූ ඒ වර්ෂාවන්ගේ අතරින් අතර විදුලියපැහැර පවත්නා කල්හි භයානකවූ සෙනහඩ පවත්නා කල්හි නොදක්නේ වේද, ඒ මේ ගර්ජනාදී ශබ්දය නොඅසන්නේ වෙද, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ දෙයාකාරයෙන් කවර කාරණයක් ඉතා දුෂ්කර හෝ වේද, අපහසුවෙන් හෝ වන්නේ වේදැයි´´ ඇසුවෝය. ´´ස්වාමීන් වහන්ස, වස්නාලද වර්ෂා මේ ගර්ජනාදීන්ගේ නොදැක්ම හා එහි පවත්නා ශබ්ද නොඇසීමයයි කියනලද මේ කාරණයම ඉතා දුෂ්කර වන්නේය. අපහසු වන්නේයයි´´ කීවේය.

94.´´පුක්කුස නම් මල්ල රාජ පුත්‍රය, මම එක්තරා කාලයෙක්හි ආතුමා නම් නුවර සමීපයෙහිවූ භූසාගාර (ගොසම් පාගන ගෙයක-කමතක) වාසය කෙළෙමි. එකල මහත් වර්ෂා වසින කල්හි, අතරතුර විදුලිය පැහැර පවත්නා කල්හි, මහත් හෙන පුපුරන කල්හි භූසාගාර නම් මා වසන ස්ථානය සමීපයෙහිවූ කුඹුරෙහි සීසාන්නාවූ ගොවියන් දෙදෙනෙකු හා ගොන් සතර දෙනෙක්ද හෙන වැදීමෙන් නැසුණාහුය. මම භූසාගාරයෙන් (කමතෙන්) පිටතට නික්ම කමතෙහි දොරටුව සමීපයෙහි අවකාශ ඇති ස්ථානයේ සක්මන් කෙරෙමි. එවිට ඒක්තරා පුරුෂයෙක් ඒ මහත්වූ ජන සමූහයා කෙරෙන් නික්ම මා වෙත පැමිණියේය. ඒ පුරුෂයාට මම මෙසේ කීයෙමි.

95.´´ඇවත, මේ මහාජන සමූහයා රැස්වූයේ කුමක් පිණිසදැයි´´ කියා ඇසුවෙමි. ´´ස්වාමීන් වහන්ස, දැන් වනාහි මහත් වැසිවසින කල්හි විදුලිකොටමින් හෙන පුපුරන කල්හි හෙණ වැදීමෙන් ගොවියන් දෙදෙනෙකු හා ගොන් සතර දෙනෙක්ද නැසුණාහුස. ඒ කාරණයෙන් මෙතැන්හි මේ මහජන සමූහයා රැස්වූයේයයි´´ කීයේය. ´´ස්වාමීන් වහන්ස, නුඹවහන්සේ ඒ මහත් වැසිවසන කල්හි විදුලිකොටමින් හෙන පුපුරන කල්හි ඒ විදුලි කෙටීම ආදිය නෝමදුටුවේද? එහි පවත්නාලද ශබ්දයද නොඇසුවේදැයි´´ ඇසුවේය. ´´එසේය ඇවැත්නි කීවෙමි. ඒ නොදැක නොඅසා ඒකාන්තයෙන් මහණවූ තැනැත්තෝ එවැනි ශාන්තවූවීහරණයෙන් යුක්තව වාසය කරන්නාහුය´´ කියා මා කෙරෙහි මහත්වූ පැහැදීම ප්‍රකාශකොට මට මනා කොට වැඳ ගෞරව දැක්වීමෙන් ගියේයයි´´ කීවෝය.

96.මෙසේ කී කල පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවේය. ´´ස්වාමීවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඒ මම ආළාරකාලාමනම් තාපසයන් කෙරෙහි මාගේ යම් පැහැදීමක් ඇද්ද ඒ පැහැදීම මහත්වූ සැඩසුළගෙහි හෝ හරිමි. ශ්‍රීවූ වතුර සැඩපාර ඇති ගංගාවක හෝ හරිමියි´´ කියා මෙසේ දැන්නුවේය. ´´ස්වාමීවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඉතා යහපත, ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද මහාසංයාද සරණකොට යෙමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණ ගියාවූ උපාසකයෙකුකොට මා භාග්‍යවතුන් වහන්සේ දරාගනිත්වායි´´ කීවේය.

97.එවිට පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙම එක්තරා පුරුෂයෙකුහට කථාකර මෙසේ කීවේය. ´´පුරුෂය, තෝ යව, මාගේ පෙරවීමට සුදුසුවූ රන්වන්වූ සියුම්වූ සිනිඳු වස්ත්‍රදෙක ගෙන එවයි´´ කීයේය. ´´එසේය, වහන්සැයි´´ කියා ඒ පුරුෂතෙම ඒ රන්වන් වස්ත්‍රදෙක ගෙනවුත් දුන්නේය. එවිට පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙමඒ රන්වන්වූ සියුම්වූ සිනිඳුවූ වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේ වෙතට ගෙනගොස් ´´ස්වාමීන් වහන්ස, මාගේ මේ වස්ත්‍රදෙකය. ස්වාමීන් වහන්සේ මට අනුකම්පා පිණිස එය පිළිගනිත්වායයි´´ කීවේය. ´´පුක්කුස නම් මල්ලරාජපුත්‍රය, එසේවී නම් එක් වස්ත්‍රයකින් මා හැඳවීම කරව එකකින් ආනන්දයන් හන්ඳව´´ කියා දැන්නුවේය. ´´එසේය, ස්වාමීන් වහන්සැ´´යි කියා එක් වස්ත්‍රයකින් බුදුරජාණන් වහන්සේද එකකින් ආනන්ද ස්ථවිරයන් වහන්සේද හැන්දවීය. එවිට භාග්‍යවතුන් වහන්සේ විසින් පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයාට දැහැමි කථාවකින් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, සිත තියුණු කරවූහ, සිත පැහැද වූහ. පුක්කුස නම් මල්ලරාජ පුත්‍රතෙම උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරවයෙන් ගියේය.

98.එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයා ගිය නොබෝ වේලාවකින් ඒ වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට එළවූයේය. භාග්‍යවතුන් වහන්සේගේශරීරයට පළඳවන ඒ රන්පාටවූ වස්ත්‍රදෙක ගිනිදැල් නැති ගිනි අඟුරුමෙන් ඇතුළත දීප්තියෙන් බබළන්ට විය. එවිට අයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, පුදුමයකි, තථාගතයන් වහන්සේගේ හමේ පාට සෑම කල්හි ඉතා පිරිසිදු වන්නේය. ස්වාමීන් වහන්ස, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පළඳවන ලද්දාවූ ඒ වස්ත්‍ර දෙක ගිනිදැල් නැති ගිනි අඟුරුමෙන් දීප්තිමත්ව බබළන්නේයයි´´ දැන්නුවේය. ආනන්දය, ඒ කාරණය එසේමය. තථාගත තෙම යම් රාත්‍රියෙක්හි ඉතා උතුම්වූ සම්‍යක් සම් බෝධිය මනා කොට අවබෝධ කරන්නේ වේද, යම් රාත්‍රියෙක්හි අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නේවේද, ආනන්දය, මේ කාල දෙකෙහි තථාගතයන් වහන්සේගේ හමේ පාට අතිශයෙන් පිරිසිදුව බබළන්නේය. ආනන්දය, අද රාත්‍රියේ අන්තිම යාමයෙහි කුසිනාරා පුරය අසළවූ මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් වනයෙහි යමක සල් ගස් දෙක අතරෙහි තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේයයි´´ කීවෝය.

99.එවිට භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂූ සංයා වහන්සේ හා සමග කකුත්ථා නම් ගංගාව ලඟට පැමිණ, කකුත්ථා නම් ගඟට බැස පැන් නහා පැන් පානය කොට එයින් ගොඩ නැගී අඹ වනයට පැමිණියෝය. පැමිණ, ආයුෂ්මත් චුන්දක ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. ´´චුන්දකය, තෙපි මාගේ සඟළ සිවුර සතර පටක් කොට පනවව. චුන්දකය, ක්ලාන්තවෙමි, සයනය කරන්නෙමියි´´ කීවෝය. චුන්දක ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සඟළ සිවුර සතර පටක් කොට ආසනයක් පැනවූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රීපාදය උඩ වාම ශ්‍රීපාදය තබා සිහිනුවණින් යුක්තව නැගිටින වේලාව සිතා දකුණැලයෙන් උතුම්වූ සිංහස්‍යොවෙන් සැතපුණෝය. ආයුෂ්මත්වූ චුන්දක ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි හුන්නේය.

100.එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. ´´ආනන්දය, චුන්ද නම් කර්මාර පුත්‍රයාහට ´´යම් බඳුවූ තාගේ අන්තිම පිණ්ඩ පාතය වදාළ තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළසේකැයි´´ කිසි පසුතැවිල්ලක් වන්නේ නම් ඒ ඔහුට අලාභයක් වන්නේය. ඔහු විසින් අයහපතක් ලබන ලද්දේය. එහෙයින් ආනන්දය, චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ පසුතැවිල්ල මෙපරිද්දෙන් දුරු කටයුත්තේය. ´´චුන්දය, යම් බඳුවූ තාගේ අන්තිම පිණ්ඩ පාතය වළඳා තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක් වේද, එය තොපට ලාභයක් වන්නේය. එයින් තොප විසින් යහපතක්ම ලබන ලද්දේය. සමවූ සම විපාක ඇත්තාවූ අනිකුත් පිණ්ඩපාතයන්ට වඩා ඉතා මහත් ඵල මහානිසංස ඇත්තාවූ පිණ්ඩපාත දෙකක් වන්නාහුයයි කියා භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙන්ම අසන ලදී. සම්මුඛයෙන්ම පිළිගන්නා ලද්දේය. තථාගත තෙම යම් පිණ්ඩපාතයක් වළඳා, ඊට වඩා උතුම්වූ දෙයක් නැතිවූ සම්‍යක් සම්බෝධිය මනාකොට අවබෝධ කිරීම් වශයෙන් ලොවුතුරා බුදුවන සේක්ද, යම් බඳු පිණ්ඩපාතයක් වළඳා නථාගතයන් වහන්සේ අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාරණ සේක්ද, යන මේ පිණ්ඩපාත දෙක සම ඵල ඇති වන්නාහුය. සෙසු පිණ්ඩපාතයන්ට වඩා මහත්ඵල මහානිසංස වන්නාහුය කියායි. ආයුෂ්මත්වූ චුන්ද නම් කර්මාර පුත්‍රයා විසින් ආයුෂය පිණිස පවත්නා ශරීර වර්ණය පිණිස පවත්නාවූ දිව්‍ය මනුෂ්‍යාදී සැප පිණිස පවත්නාවූ යස පිරිවර සම්පත්තිය පිණිස පවත්නාවූස්වර්ග සම්පත්තිය පිණිස පවත්නාවූ අධිපති භාවය පිණිස පවත්නාවූ කුශල කර්මයක් රැස්කරන ලද්දේය´´ යනුවෙන් චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ පසුතැවිල්ල මෙසේ දුරු කටයුත්තේයයි´´ කීවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ ඒ වේලාවෙහි මේ ප්‍රිති වාක්‍යය පහළ කළසේක.

´´දන් දෙන්නාහට පිං වැඩෙන්නේය. ශීල සංවරයෙන් සංවරවූවහුට පස්ආකාරවූ වෛර නොවැඩෙන්නාහුය. ඤාණ සම්පන්න පුද්ගලතෙම ලාමකවූ අකුසලය දුරු කරන්නේය. රාග වෙෂ මොහාදිය ක්‍ෂයකිරීම හේතු කොටගෙන ඒ තථාගත තෙම පරිනිර්වාණයෙන් පිරිනිවීයේය´´ කියා වදාළසේක.

හතරවෙනි බණවර නිමියේය.

101.එවිට භාග්‍යවතුන් වහන්සේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. ´´ආනන්දය, එව, යම්හ, හිරඤඤවතී නම් ගඞගාවගේ එගොඩ ඉවුර යම් තැනෙක්හිද කුසිනාරා නුවර මල්ලව රජුන්ගේ උපවර්තන නම්වූ සල්වනය යම් තැනකද එතැනට පැමිණෙම්හයි´´ කීවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂූ සංයා හා සමග එතැනට පැමිණියෝය. පැමිණ, ආයෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. ´´ආනන්දය, තෙපි මට යමක සල්ගස් දෙදෙන අතුරෙහි හිස උතුරට තබා ආසනයක් පනවව. ආනන්දය, ඉතා ක්ලාන්ත යෙමි, සයනය කරමියි´´ කීවෝය. ආනන්ද ස්ථවිරතෙම යමක සල්ගස් අතුරෙහි හිස උතුරට තබා ආසනයක් පැණවූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රීපාදය උඩ වම් ශ්‍රීපාදය තබා සිහි නුවණින් යුක්තව දකුණැලයෙන් සිංහසෙය්‍යාවෙන් සැතපුණෝය.

102.එකල යමක සල්ගස්දෙක සැමතැනම අකාලයට පිපුන මල්වලින් ගැවසීගත්හ. ඒ ගස් දෙවියන්විසින් සොලවන ලදුව තථාගතයන් වහන්සේගේ ශරීරය මත මල් වගුරවන්නාහුය. බොහෝ සෙයින්ම මල් අතුලාක් මෙන් වගුරවන්නාහුය. නිරන්තරයෙන් හාත්පස මල් වගුරවන්නාහුය. දව්‍යමයවූ පරසතු මදාරාමල්ද අහසින් වැටෙන්නාහුය. ඒ මල්ද තථාගතයන් වහන්සේගේ ශරීරය මත වැගිරෙන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමයවූ සඳුන් කුඩුද අහසින් වැටෙන්නාහුය. ඒ දිව්‍ය සඳුන් කුඩුද තථාගතයන් වහන්සේගේ ශරීරය මත විසිරෙන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමයවූ පංචතූර්ය්‍ය නාදයෝද ආකාශයෙහි පවත්වන්නාහුය. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය ශීතිකාද අහසෙහි පවත්නාහුය.

103.එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කථාකර තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගතයන් වහන්සේගේ ශරීරය මත මල් ආදිය වගුරවන්නාහුයයි කීවෝය.

´´ආනන්දය, මෙතෙක්වූ පූජාවෙන් තථාගත තෙම සත්කාර කරන ලද්දේ ගරු කරන ලද්දේසිතින් බුහුමන් කරන ලද්දේත් පූජා කරන ලද්දේත් උපස්ථාන කිරීම් වශයෙන් පුදන ලද්දේත් නොවන්නේය.

´´ආනන්දය, යම් කිසි භික්‍ෂූවක් හෝ භික්‍ෂූණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නව විධවූ ලෝකෝත්තර ධර්මයට අනුව පිළිපදිමින් වාසය කරන්නේ වේද, පුද්ගලතෙම තථාගතයන් වහන්සේට සත්කාර කර්න්නේ වෙයි, ගරු කර්න්නේ වෙයි, සිතින් බුහුමන් කරන්නේද වෙයි, පූජා කරන්නේද වෙයි, උතුමවූ පූජාවෙන්ද පුදන්නේ වෙයි. ආනන්දය, එහෙයින් ධර්මානුධර්ම හැසිරීමෙන් යුක්තව වාසය කරම්හ. නිවනට සුදුසු ප්‍රතිපත්තියෙහි යෙදී අනුධර්ම චාරීව වාසය කරම්හයි කියා ආනන්ද, තොප විසින් මෙසේ හික්මියයුතු වන්නේයයි´´ දෙශනා කළෝය.

104.එසමයෙහි ආයුෂ්මත්වූ උපවාන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිටියේ වෙයි.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ උපවාන ස්ථවිරයන්ට ´´මහණ තෝ මාගේ ඉදිරියෙහි නොසිට ඉවත් වෙවයි´´ කීවෝය. එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතිවිල්ලක් වූයේය. ´´මේ ආයුෂ්මත්වූ උපවාන ස්ථවිරතෙම ඉතා බොහෝ කාලයක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරනලද කෙනක. සමීපයෙහි කිට්ටුව හැසුරුණේය. එසේ වූවත් භාග්‍යවතුන් වහන්සේ දැන් මේ අන්තිම කාලයෙහි ආයුෂ්මත්වූ උපවාන ස්ථවිරයන් ඉවත් කළෝය. ඊට හේතුව කවරේද? ඊට කාරණය කවරේද?´´ කියා සිතුනේය.

105.එසේ ඉවත් කිරීමට හේතුත කවරේද, ඊට කාරණය කවරේදැයි ඇසුවේය. ´´ආනන්දය, බොහේා් සෙයින් දසදහසක් සක්වල දෙවියෝ තථාගතයන් වහන්සේ දක්නා පිණිස රැස්වුනාහුය. ආනන්දය, කුසිනාරා නුවර පටන් මල්ල රජුන්ගේ උපවර්තන නම් සාලවනය දක්වා හාත්පසින් දොළොස් යොදුනක් පමණ තන්හි අස්ලොම් අගක් හෙලා ලන පමණ තැනකුදු උසස් දෙවියන්ගෙන් හිස් ප්‍රදෙශයක් නැත්තේය. ආනන්දය, දෙවියෝ මෙසේ අගුණ කියන්නාහුය. ´´අපි අවසාන කාලයෙහි තථාගතයන් වහන්සේ දක්නට නොලබම්හයි´´ දෙවියෝ අගුණ කියත්යයි´´ කීවෝය.

106.´´ස්වාමීවූ භාග්‍යවතුන් වහන්ස, ඒ දෙවියෝ ඔබ වහන්සේ ගැන කුමක් සිතව්දැයි ඇසුවෝය. ´´ආනන්දය, අහසෙහි පොළවක් මවා එය පොළොවයයි හඟින්නාවූ දෙවිකෙනෙක් ඇත්තාහුය, ඒ දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පා වදාරණ සේකැයි කියා හිසකෙස් විසුරුවාගෙන හිස අත් බැඳගෙන මහා ශෝකයෙන් හඩන්නාහුය. මැදින් කැඩුනාක් මෙන් එතැන මෙතැන වැටෙන්නාහුය. පෘථවියෙහි වැටෙන්නාහුය, හැපෙන්නාහුය, පෙරළෙන්නාහුය. ආනන්දය පෘථවියෙහි දෙවියන්ට පිහිටිය හැකි සේ පොළොව මවාගත් දෙවිකෙනෙක් ඇත්තාහුය. ඒ දෙවියෝ එසේම ශෝක දක්වන්නාහුය, යම් අනාගාමී රහත් දෙවිකෙනෙක් ඇද්ද ඒ දෙවියෝ සියලු සංස්කාරයෝම අනිත්‍ය වන්නාහුය, ඒ මෙතැන්හි නිත්‍ය බවක් කොයින් ලබමෝදැයි´´ කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.

107.එවිට ආනන්ද ස්ථවිරයන් වහන්සේ, ´´ස්වාමීන් වහන්ස, මීට ඉහත ඒ ඒ දිසාවෙහි වස්වැසුවාවූ භික්‍ෂූහු තථාගතයන් වහන්සේ දක්නා පිණිස එන්නාහුය. අපි සිතින් වඩනලද මෛත්‍රී භාවනාදිය ඇති ඒ භික්‍ෂූන් දකින්නටද, සේවනය කරන්නටද ලබම්හ. භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් මෛත්‍රී භාවනාදියෙහි යෙදී වාසය කරන්නාවූ ඒ භික්‍ෂූන් වහන්සේලා දැකීමටද, සේවනය කිරීමටද අපි නොලබම්හයි´´ කියා දැන්නුවේය.

108.´´ආනන්දය, ශ්‍රඞාවන්ත පුද්ගලයාහට දැකීමට සුදුසුවූ දැකීමෙන් සංවේගය උපදවන්නාවූ ස්ථාන සතරක් වෙත්. ඒ ස්ථාන සතර නම් කවරහුද? ආනන්දය, ´´මෙහි තථාගත තෙම උපන්නේයයි´´ ශ්‍රඞාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ ස්ථානස වන්නේය. ´´මෙහි තථාගත තෙම අනුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි´´ ශ්‍රඞාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, ´´මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පැවැත්වූයේයි´´ ශ්‍රඞාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, ´´මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළේයයි´´ ශ්‍රඞාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ ස්ථානයයි. ආනන්දය, ´´මෙහි තථාගත තෙම ලොව උපන්නේයයි කියාද, මෙහි තථාගත තෙම ඉතා උතුම්වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි කියාද, මෙහි තථාගතයන් විසින් ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පවත්වන ලද්දේයයි කියාද, මෙහි තථාගත තෙම අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි කියාද, ශ්‍රඞාවන්ත භික්‍ෂූ, භික්‍ෂූණී, උපාසක, උපාසිකාවෝ පැමිණෙන්නාහුය. ආනන්දය, බෝධි චෛත්‍යාදිය වඳිමින් චෛත්‍යයන් වෙත ගමන් කරමින් ඇවිදින්නාවූ යම්කිසි කෙනෙක් පැහැදි සිතින් කාලක්‍රියා කරන්නාහු වෙද්ද ඔහු සියල්ලෝම ශරීර භෙදයෙන් මරණින් පසු සැපයෙන් යුත් දිව්‍යලෝකයෙහි උපදින්නාහුයයි´´ වදාළේය.

109.´´ස්වාමීන් වහන්ස, අපි ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපදිමෝදැයි?´´ ඇසුව්ය. ´´ආනන්දය, යම් මේ ස්ත්‍රීන්ගේ නොදැක්මෙන් ඇද්ද ඒ නොදැක්මම උතුම්වූ ප්‍රතිපත්තියයි´´ කීවෝය. ´´භාග්‍යවතුන් වහන්ස, දැකීමෙක් ඇති කල්හි කෙසේ පිළිපදිමෝදැයි´´ ඇසුවේය. ´´ආනන්දය, කථානොකිරීමම උතුමැයි´´ කීවෝය. ´´ස්වාමීන් වහන්ස, කථාකරන්නහු විසින් කෙසේ පිළිපැද්ද යුත්තේදැයි´´ ඇසුවේය. ´´ආනන්දය, සිහියෙන් යුක්තවිය යතුයයි´´ කීවෝය.

110.´´ස්වාමීන් වහන්ස, අපි තථාගතයන් වහන්සේගේ මෘත ශරීරයට කෙසේ පිළිපදිමෝදැයි´´ ඇසුවේය.

´´ආනන්දය, තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව පිණිස තෙපි වෙහෙස නොවව්. ආනන්දය, තෙපි වනාහි උත්තමාර්ථයවූ අර්හත්වය පිණිස උත්සාහ කරව්. අර්හත්වය පිණිස යෙදී වාසය කරව්, වීර්ය්‍ය ඇතිව අර්හත්වයෙහි අප්‍රමාදව වාසය කරව්. කාය ජීවිත දෙක්හි ආශාව අත්හැර වාසය කරව්යයි´´ දේශනා කළෝය.

´´තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුනාවූ ක්‍ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද ඇත්තාහුය. ඔව්හු තථාගතයන් වහන්සේගෙ ශරීර පූජාව කරන්නාහුයයි´´ වදාළේය.

111.´´ස්වාමීන් වහන්ස, තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි කෙසේ පිළිපැද්ද යුත්තේදැයි´´ ඇසුවේය.

´´ආනන්දය, චක්‍රවර්ති රජුගේ ශරීරයෙහි යම්සේ පිළිපදින්නාහුද තථාගතයන් වහන්සේගේ මෘතශරීරයෙහිද එපරිද්දෙන්ම පිළිපැද්ද යුත්තේයයි´´ කීවෝය.

´´ස්වාමීන් වහන්ස, චක්‍රවර්ති රජුගේ මෘත ශරීරයෙහි කෙසේ පිළිපදින්නාහුදැයි´´ ඇසුවේය.

´´ආනන්දය චක්‍රවර්ති රජහුගේ මෘත ශරීරය අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළන්නාහුය. ඊටපසු මනාකොට නගා හදනලද කපු පුලුනෙන් වෙළන්නාහුය, ඊටපසු අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළන්නාහුය. මෙම ක්‍රමයෙන් පන්සියයක් පමණ පුළුන් වස්ත්‍ර දෙකෙන් දෙක සක්විති රජුහුගේ මෘත ශරීරය වෙළා රත්තරනින් සැදූ තෙල්දැමූ දෙණක තබා අනික් රන් පියනකින් වසා සියලු සුවඳ දරින් දරසෑයක් කොට චක්‍රවර්ති රජහුගේ ශරීරය දවන්නාහුය. සතරමං සන්ධියක චක්‍රවර්ති රජහුගේ ථූපයක් (සොහොනක්) කරන්නාහුය. ආනන්දය, සක්විති රජහුගේ ශරීරයෙහි, යම් ආකාරයකින් පිළිපදින්නාහු වෙද්ද, එපරිද්දේන්ම තථාගතයන් වහන්සේගේ ශරීරයද පිළිපැද්ද යුත්තේය. සතරමං සන්ධියක තථාගතයන් වහන්සේගේ චෛත්‍යය කටයුත්තේය. ඒ සර්වඥ චෛත්‍යයෙහි යම් සත්වකෙනෙක් මල් පහන් සුවඳ ආදිය පූජා කරන්නාහු වෙද්ද, හොඳින් වඳින්නාහු වෙද්ද, සිත හෝ පහදවන්නාහු වෙද්ද, ඒ කුසලය ඔවුන්ට ඉතා බොහෝ දීර්ගකාලයක් හිත සැප පිණිස වන්නේයයි´´ කීවෝය.

112.´´ආනන්දය, චෛත්‍යයට සුදුසුවූ පුද්ගලයෝ මොහු සතර දෙනෙක් වෙත්, අර්හත් සම්‍යක් සම්බුඞවූ තථාගත තෙම, පසේබුදු රජතෙම, සර්වඥ ශ්‍රාවක තෙම, සක්විතිරජ තෙම චෛත්‍යයට සුදුසු වන්නෝය.

´´ආනන්දය, කවර නම් අර්ථ සිඬියක් පිණිස අර්හත් සම්‍යක් සම්බුඞවූ තථාගත තෙම චෛත්‍යයට සුදුසු වන්නේදැයි යතහොත් ´´මේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුඞ සර්වඥයන් වහන්සේගේ චෛත්‍යයයි´´ කියා, ආනන්දය, බොහෝ ජනයෝ සිත්පහදවත්. ඔව්හු ඒ චෛ්ත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීර විනාශවී මරණින් මත්තෙහි සැපයෙන් යුත් ස්වර්ග ලෝකයෙහි උපදනාහුය.

´´ආනන්දය, පසේ බුදුරජතෙම හා තථාගත ශ්‍රාවකතෙම චක්‍රවර්ති රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේත් එසේමය.

113.එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම විහාරයට ඇතුල්වී දොර අගුල් කණුවෙහි එල්ලීගෙන ´´මම ඒකාන්තයෙන් කටයුතු සහිතවූ ශෛක්‍ෂ පුද්ගලයෙක් වීමි. මට අවවාද කරන්නාවූ මාගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පාන්නෝයි´´ කියමින් හඬ හඬා උන්නේය. අවිට භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් කැඳවා ´´ආනන්දයන් කැඳවාගෙන එවයි´´ කීවෝය. ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම පැමිණ, භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එක්පැත්තක උන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවෝය.

114.´´ආනන්දය, නොහඬව, ශෝක නොකරව. ආනන්දය, සියලුම ප්‍රිය මනාප වස්තුවෙන් වෙන්වන බව තොරවන බව අන් බවකට පැමිණෙන බව මා විසින් පළමු කොටම කියන ලද්දේ නොවේද, ආනන්දය ඒ කාරණය දැන් මෙතැන්හි කොයින් ලැබේද? යම් දෙයක් හටගත්තේද, පහළ වූයේද, ප්‍රත්‍යයන් එක්ව කරණ ලද්දේද, විනාශවන ස්වභාව ඇත්තේද, එය තථාගත ශරීරය වුවත් විනාශ නොවේවායි සිතුවත් ඒසේවීමට හේතුවක් කරුණක් නැත්තේය.

´´ආනන්දය, තොප විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ඉදිරිපිටය නොඉදිරිපිටය කියා වෙනසක් නැතිව හිතවත්වම සතුටින්ම මෛත්‍රියෙන් යුක්තව අප්‍රමාණවූ කායික කටයුතු වලින්ද, වචනයෙන්ද, අප්‍රමාණවූ මනෝකර්මවලින්ද, තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ලදි. ආනන්දය, තෙපි කරන ලද බොහෝ පින් ඇත්තාහුය. උත්සාහ කරව! වහා රහත්බවට පැමිණෙන්නෙහියයි´´ කීවෝය.

115. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට අඞගා මෙසේ කීවෝය. ´´මහණෙනි, ඉකුත්ව ගියාවූ දීර්වූ අතීත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් වූවාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ උපස්ථායකයෝද මට ආනන්දයන් මෙනි. මහණෙනි මතු වන්නාවූ දීර්වූ අනාගත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් උපදින්නාහු වෙත්ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ උපස්ථායකයෝද මට ආනන්දයන් මෙනි. මහණෙනි, ආනන්ද පණ්ඩිතය (දක්‍ෂය), ප්‍රඥාවන්තය. තථාගතයන් වහන්සේ දැක්වීමට භික්‍ෂූන්ගේ පැමිණීමට, භික්‍ෂුණීහුගේ පැමිණීමට, උපාසකයගේ පැමිණීමට, උපාසිකාවන්ගේ පැමිණීමට, රජදරුවන්ගේද රාජ මහාමාත්‍යාදීන්ගේ පැමිණීමට, තීර්ථකයන් හා තීර්ථකයන්ගේ (??) පැමිණීමට මේ කල් වන්නේයයි කියා දන්නේය.´´

116. ´´මහණෙනි, ආනන්දයන් කෙරෙහි ආශ්චය්‍ර්‍ය අද්භූත කරුණු සතරක් ඇත්තේය. කවර සතරක්ද යත්? මහණෙනි, ඉදින් භික්‍ෂු පිරිස භික්‍ෂුණී පිරිස උපාසක පිරිස උපාසිකා පිරිසද ආනන්දයන් දක්නා පිණිස පැමිණෙයිද, ඒ භික්‍ෂු පිරිස ආනන්දයන් දැකීමෙන් සතුටූවන්නීය. ඉදින් ඒ භික්‍ෂු පිරිසෙහි (??පිරිසට) ආනන්ද කථා කරයිද කථාවෙන්ද ඒ පිරිස සතුටුවන්නීය.´´

´´මහණෙනි, චක්‍රවර්ති රජ කෙරෙහි මේ පුදුම කරුණු සතර ඇත්තාහුය. ක්‍ෂත්‍රිය පිරිසද, බ්‍රාහ්මණ පිරිසද, ගෘහපති පිරිසද, ශ්‍රමණ පිරිසද සක්විති රජුන් දැකීම පිණිස පැමිණේද, සක්විති රජුන් දැකීමෙන් ඒ පිරිස සතුටුවන්නීය. ඒ පිරිසෙහි සක්විති රජ කථාකරයිද කථාවෙන්ද ඒ පිරිස සතුටුවන්නීය. ඒ පිරිසට කථාව අසා ඇතිවීමක් නැති කල්හිම සක්විති රජ නිශ්ශබ්ද වන්නේය.´´

117. මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවේය. ´´ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක්වූ විසම නගරයක්වූ ශාඛා නගරයක්වූ මේ කුසිනාරානුවරදී විරිනිවන්පෑම නොකරත්වා. ස්වාමින් වහන්ස, මෙයින් අන්‍යවූ මහා නුවරවල් ඇත්තාහුය. ඒ කවරක්ද? චම්පා නුවරය, රජගහ නුවරය, සැවැත් නුවරය, සාකෙත නම් නුවරය, කොසඹෑ නම් නුවරය, බරණැස් නුවරය. මේ නුවරවල් අතුරෙන් යම්කිසි නුවරක්හිදී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑම කරත්වා. ඒ නගරයන්හි තථාගතයන් වහන්සේ කෙරෙහි ඉතා පැහැදුණාවූ මහත් ධන ඇති බොහෝවූ ක්‍ෂත්‍රියෝද, බොහෝවූ බ්‍රාහ්මණයෝද, බොහෝවූ ගෘහපතීහුද ඇත්තාහ. ඔවුහු තථාගතයන් වහන්සේගේ ශරීර ??(යට) පූජා කරන්නාහුයයි´´ දැනුම් දුන්නේය.

´´මේ නුවර කුඩා නුවරෙක, විසම නුවරෙක, ශාඛා නුවරෙකැයි´´, ආනන්ද එසේ නොකියව.

118. ´´ආනන්දය, පෙර කාලයෙහි සාගර පරියන්තකොට ඇති සතර මහාද්වීපය ජයගත්තාවූ ජනපදයන්ගේ ස්ථිර භාවයට පැමිණියාවූ ධාර්මිකවූ ධර්මරාජවූ රත්න හතෙන් යුක්තවූ මහා සුදර්ශන නම්වූ සක්විති රජෙක් වූයේය. ආනන්දය ඒ මහා සුදර්ශන නම් රජුගේ මේ කුසිනාරා නුවර කුසාවතී නම් රාජධානිය වූයේය. ආනන්දය, ඒ මේ කුසාවතී නම් රාජධානිය නැගෙනහිර පටන් බස්නාහිර දක්වා දිගින් දොළොස් යොදුනක් වූයේය. උතුරේ පටන් දකුණ දක්වා පුළුලින් සත් යොදුනක් පමණ වූයේය. ආනන්දය, කුසාවතී නම් රාජධානිය සියල්ලෙන් සම්පූර්ණ වූවාය. ප්‍රීතිමත් බොහෝ ජනයන් ඇත්තීය. බොහෝ මනුෂ්‍යයන්ගෙන් ගැවසීගත්තීය. බොහෝ ආහාරපාන ඇත්තීය. කුසාවතී නම් රාජධානිය රෑ දවල් දෙකෙහි දසවිධ ශබ්ධයෙන් නොවෙනස්ව එකනින් නාද වූයේය´´.

119. ´´ආනන්දය, තෙපි යෙව, ගොස් කුසිනාරා නුවරට පැමිණ, කුසිනාරා නම් නුවර වාසය කරන්නාවූ මල්ල රජ දරුවන්ට මෙසේ කියව. ´වාසෙට්ඨ ගෝත්‍රයෙහිවූ මල්ල දරුවෙනි, අද රාත්‍රියෙහි අන්තිම යාමයෙහි තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේය. වහාම පිටත්වව්. ´අපගේ ගමෙහි අප තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම වූයේය. අන්තිම කාලයෙහි තථාගතයන් වහන්සේගේ දැකීම අපි නොලද්දෙමුයයි´කියා පසුව පසුතැවිලි නොවව්´ කියාය´´.

120. එකල කුසිනාරා වැසි මල්ල රජදරුවෝ යම්කිසි කාර්යයක් සඳහා රැස්වීම් ශාලාවෙහි රැස්ව උන්නාහුය. එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම කුසිනාරා නුවර වැසි මල්ල රජදරුවන්ගේ රැස්වීම් ශාලාවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ කී ලෙස දැන්නුවේය.

121. ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ මේ වචනය අසා මල්ල රාජපුත්‍රයෝද, මල්ල රජුන්ගේ ලේලිවරුද, මල්ල රජුන්ගේ භාර්යාවෝද හටගත් දුක් ඇතිව දුකින් යුක්තව සිතේ හටගත් බලවත් දුකින් යුක්තව ´භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පාන්නෝය´යයි සමහර කෙනෙක් කෙස් විසුරුවා හඬත්, හිස අත් බැඳගෙන අඬත්, මැදින් කැඩුනාක් මෙන් ඇදවැටෙත්, පෙරළෙත්, විශේෂයෙන් පෙරළෙත්. ඔවුහු සිතේ දුකින් යුක්තව මල්ල රජදරුවන්ගේ උපවර්තන නම්වූ සල්වනයට පැමිණියාහුය.

122. එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම කුසිනාරා වැසි මල් රජදරුවන් එක එක කුල (පවුල්) පිළිවෙලින් වෙන වෙනම සිටුවා ´ස්වාමීන් වහන්ස, මේනම් මල්ල රජතෙම පුත්‍ර, භාර්යා, පිරිවර, අමාත්‍යාදීන් සමඟ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද දෙක හිස තබා වඳින්නේයයි´ කියා භාග්‍යවතුන් වහන්සේට වැන්දවූයේය. එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මේ ක්‍රමයෙන් ප්‍රථම යාමයෙහිම කුසිනාරා වැසි මල්ල රජදරුවන් භාග්‍යවතුන් වහන්සේට වැන්දවූයේය.

123. එකල සුභද්‍ර නම්වූ පරිබ්‍රාජකයෙක් ´අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේයයි´ කියා ඇසුයේය.

124. එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම වෙත පැමිණ මෙසේ කීයේය. ´´පින්වත්වූ ආනන්ද ස්ථවිරය, මහළුවූ වයස්ගතවූ ආචාර්යවරයන් විසින්ද ආචර්යවරයන්ගේ ආචාර්යවරයන් විසින්ද කියන ලද ´අරහත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝවූ දීර් කාලයකින් ලොව උපදනාහුය´ යන මේ වචනය මා විසින් අසන ලද්දේය. ´අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ පිරිනිවන්පෑම වන්නේය. මට උපන්නාවූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම මේ සැකය දුරු කෙරෙම්ද එසේ ධර්ම දේශනා කරන්ට ශ්‍රමණ භවත් ගෞතමතෙම පොහොසත් වන්නේයයි කියා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ දැකීමට ලබන්නෙම් නම් යහපතැයි´ යාඥා කළේය.

´´ආනන්ද සථවිරතෙම ´ඇවැත්වූ සුභද්‍රය, දැන් එය කළ නොහැකිය. තථාගතයන් වහන්සේ නොවෙහෙසව, භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්තවූ සේකැ´යි කීවේය. දෙවෙනි වරද, තුන්වැනි වරද ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීවේය.

125. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ සුභද්‍ර නම් පරිබ්‍රාජකයා හා සමග කළාවූ මේ කථා සල්ලාපය ඇසුවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ ´ආනන්දය, නුසුදුසය, සුභද්‍රයා නොවලක්වව, සුභද්‍ර පරිබ්‍රාජක තෙම තථාගතයන් වහන්සේගේ දැකීම ලබත්වා. සුභද්‍ර තෙම මාගෙන් යම් කිසිවක් විචාරන්නේ වේද, ඒ සියල්ල දැන ගන්නට කැමතිවම විචාරන්නේය. මා වෙහෙසනු කැමතිම නොවන්නේය. ඔහු විසින් යමක් විචාරණ ලදුව මම ඔහුට ප්‍රකාශ කෙරෙම්ද, ඒ ප්‍රකාශ කොට කියන ලද කාරණය වහාම ඔහු දැනගන්නේයයි´ කීවෝය.

´´ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම, ´ඇවැත්නි සුභද්‍රය, යව. තට භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නෝයයි´ කීයේය.

126. එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ඹාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූයේය. සතුටූ විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. ´´භවත් ගෞතමයන් වහන්ස, සං සමූහ ඇත්තාවූ, ශිෂ්‍ය සමූහ ඇත්තාවූ, බොහෝ ශ්‍රාවකයන්ට ආචාර්යවූ ලෝක ප්‍රසිද්ධවූ යස පිරිවර ඇත්තාවූ, තීර්ථ කරවූ, බොහෝ ජනයා පණ්ඩිතයයි පිළිගත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇත්තාහු වෙත්ද, ඔහු කවුරුද යත්- පූර්ණ කාශ්‍යපය, මක්ඛලීගොසාලය, අජිතකෙශම්බලය, පකුධකාත්‍යායනය, සංජය නම් බෙල්ලට්ඨි පුත්‍රය, නිගණ්ඨ නාත පුත්‍රය යන මොවුහු වෙත්. ඔවුහු සියල්ලෝම ඔවුන්ගේ ප්‍රකාශය යම්සේද එපරිද්දෙන්ම දැනගත්තාහුද, නොදැනගත්තාහුද නොහොත් ඇතැම් කෙනෙක් දැනගත්තාහුද, ඇතැම් කෙනෙක් නොදැනගත්තාහුද´ කියා ඇසීය.

´´සුභද්‍රය, ඔවුන්ගේ දැන ගැනීම ගැන තාගේ ඒ වචනය තිබේවා. සුභද්‍රය, තට ධර්ම දේශනා කරන්නෙමි. ඒ ධර්මය මනාකොට අසව, යහපත් කොට සිත්හි දරව, දේශනා කරන්නෙමියි´´ කීවෝය. ´´එසේය, ස්වාමීන් වහන්සැයි´´ කියා සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළසේක.

127. ´´සුභද්‍රය, යම් ධර්ම විනයෙක්හි වනාහි උතුම් අෂ්ටාංගික මාර්ගය නොලැබෙන්නේ වේද, ඒ ධර්ම විනයෙහි ශ්‍රමණයෙකුදු දෙවෙනි තුනවෙනි සතරවෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. සුභද්‍රය, යම් ධර්ම විනයෙක්හි වනාහි උතුම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේ වේද, ඒ ධර්ම විනයෙහි ශ්‍රමණ තෙමේද දෙවෙනි තුනවෙනි සතරවෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. සුභද්‍රය, මාගේ මේ ධර්ම විනයෙහි උතුම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේය. එම්බා සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි පළමුවෙනි ශ්‍රෝතාපන්න ශ්‍රමණ තෙමේද දෙවෙනිවූ සකෘදාගාමි ශ්‍රමණ තෙමේද තුනවෙනිවූ අනාගාමී ශ්‍රමණ තෙමේද සතරවෙනිවූ අර්හත් ඵලයට පැමිණුන ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. අන්‍ය වාදයෝ ශ්‍රමණයන් කෙරෙන් ශුන්‍ය වන්නාහුය. සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි භික්‍ෂූහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වී නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය.´´

´´වයසින් එකුන්තිස් වයස් වූයේම සර්වඥතාඥානය සොයමින් පැවිදි වූයෙම්ද, එතැන් පටන් පනස්පස් අවුරුද්දකට වැඩි මේ කාලය තුළ මාගේ මේ ශාසනයෙන් පිටත්වූ අන්‍ය වාදයෙක්හි උතුම් මාර්ග ධර්මයෙහි කොටසක්වත් පවතින විදර්ශක ශ්‍රමණයෙකුත් නැත්තේය. දෙවෙනි තුන්වැනි සතරවෙනි ශ්‍රමණයෙකුත් නැත්තේය. අන්‍යවාදයෝ ශ්‍රමණයන්ගෙන් හිස්වන්නාහුය. සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි භික්‍ෂූහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වී නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේයයි´´ කීවෝය.

128. මෙසේ වදාළ කල සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. ´´ස්වාමීන් වහන්ස, ඉතා යහපත්ය, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේය. ස්වාමීන් වහන්ස, ඒ මම සියලු ලෝකයාට ප්‍රධානවූ භාග්‍යවතුන් වහන්සේද ලෝකයාට උතුම් ධර්ම නවයවූ ශ්‍රී සද්ධර්මරත්නයද අෂ්ටාර්ය පුද්ගල භික්‍ෂු සංයාද සරණ යෙමි. මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව ලබන්නෙමියි´´ කීවේය.

´´සුභද්‍රය, පෙර අන්‍ය තීර්ථකවූ යම් පුද්ගලයෙක් තෙම මේ ධර්ම විනය නම් ශාසනයෙහි පැවිදිවී කැමතිවන්නේ වීද, උපසම්පදාව කැමතිවන්නේ වීද, ඒ පුද්ගල තෙම සාර මසක් භික්‍ෂු සංයා වෙත විසිය යුතු වන්නේය. සාරමසක්හුගේ ඇවෑමෙන් ඔහුගේ හික්මීම දැක සතුටුවූ භික්‍ෂූහු භික්‍ෂුභාවය පිණිස පැවිදි කරන්නාහුද, උපසම්පදා කරන්නාහුද වෙත්. එහෙත් මෙහිදී පුද්ගල විශේෂය දැනගන්නා ලද්දේයයි´´ වදාළ සේක.

129. ´´ස්වාමීන් වහන්ස, මම සතර අවුරුද්දක් භික්‍ෂු සංයා වහන්සේ වෙත උපස්ථාන කරමින් වාසය කරන්නෙමි. සතර අවුරුද්දක්හුගේ ඇවෑමෙන් සතුටුවූ භික්‍ෂු සංයා වහන්සේ භික්‍ෂුභාවය පිණිස මා මහණ කරත්වා, උපසම්පදා කරත්වායි´´ කියා භාග්‍යවතුන් වහන්සේට දැන්නුවේය.

භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර ´´ආනන්දය, සුභද්‍ර පැවිදි කරවයි´´ කී සේක. ´´එසේය, ස්වාමීන් වහන්සයැයි´´ කියා ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම උත්තර දුන්නේය.

සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාවද ලබන ලද්දේය. උපසම්පදාවූ නොබෝ කලකින්ම ආයුෂ්මත්වූ සුභද්‍ර ස්ථවිරතෙම තනිව විවේක ස්ථානයකට පැමිණ අප්‍රමාණ භාවයෙන් යුක්තව කායික චෛතසික වීර්යය ඇතිව දුරුකරන ලද ආත්ම ස්නේහ ඇතිව වාසයකර නොබෝ කලකින්ම අර්හත් ඵල ඥානය මේ ආත්මභාවයෙහිම තමන්ම ඇතිකරගත් ඥානයෙන් දැන අවබෝධකොට වාසය කළේය. ඒ සුභද්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම ශාක්‍ෂි ශ්‍රාවක (භාග්‍යවතුන් වහන්සේ ජීවත්වන කල්හි මහණව පසුව රහත්වූ ශ්‍රාවකයා) නම් විය.

1. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේට කථාකර මෙසේ කීසේක. ´´ආනන්දය, මා විසින් තොපට යම් ධර්මයක් දේශනා කරන ලද්දේ වේද, යම් විනයක් පනවන ලද්දේ වේද, ඒ ධර්මය සහ විනය මාගේ ඇවෑමෙන් තොපට ගුරුවරයා (ශ්‍රාස්තෘ) වන්නේයයි´´ කීවෝය.

2. ´´ආනන්දය, වැඩිමහළුවූ (ථෙරවූ) මහණහු විසින් බාලවූ භික්‍ෂුවට නමින් හෝ ගෝත්‍රයෙන් හෝ ´ඇවැත්නි´ කියා හෝ කථා කළ යුත්තේය. බාලවූ භික්‍ෂුව විසින් වැඩිමහල් (ථෙර) භික්‍ෂුවට, ´ස්වාමීනි´ කියා හෝ ´ආයුෂ්මතුන් වහන්සැයි´ කියා හෝ කථා කළ යුත්තේය.´´

3. ´´ආනන්දය, සංතෙම, ඉදින් කැමැත්තේවී නම් මාගේ ඇවෑමෙන් ඉතා සුලුවූ කුඩාවූ ශික්‍ෂා පදයන් සමූනනය (ඉදිරීම) කෙරෙත්වා.´´

4. ´´ආනන්දය, ඡන්න නම් භික්‍ෂුවට මාගේ ඇවෑමෙන් ´බ්‍රහ්මදණ්ඩය´ නම් දඬුවම කළ යුත්තේයයි´´ කීවෝය.

´´ස්වාමීන් වහන්ස, බ්‍රහ්මදණ්ඩය නම් කුමක්දැයි´´ ඇසුවේය.

´´ආනන්දය, ඡන්න නම් භික්‍ෂුතෙම තමාට යමක් කැමැත්තේද, එය කියන්නේය. භික්‍ෂුන් විසින් ඔහුට කිසිවක් නොකිය යුත්තේය, අවවාද නොකට යුත්තේය, අනුශාසනා නොකට යුත්තේයයි´´ කීවෝය.

5. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීසේක. ´´මහණෙනි, එක භික්‍ෂුවක්හටද බුදුන් කෙරෙහිද ධර්මය කෙරෙහිද සංයා කෙරෙහිද මාර්ගය කෙරෙහිද ප්‍රතිපත්තිය කෙරෙහිද සැකයක් හෝ විමතියක් වී නම්, විචාරව්. මහණෙනි, ´ශාස්තෲවූ භාග්‍යවතුන් වහන්සේ අපට සම්මුඛ වූයේය. අපි භාග්‍යවතුන් වහ්න්සේගෙන් විචාරන්නට නොහැකිවූවෝ වෙමුයි´ කියා පසුව සපුතැවිලි නොවව්යයි´´ කීවෝය. මෙසේ කී කල ඒ භික්‍ෂූහූ නිශ්ශබ්ද වූහ. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරද, තුන්වෙනි වරද භික්‍ෂුන්ට කථා කොට එසේම කීසේක.

තුන්වෙනි වාරයෙහිද ඒ භික්‍ෂූහූ නිශ්ශබ්ද වූවාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට කථාකොට මෙසේ දේශනා කළෝය.

´´මහණෙනි, ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙනුත් ඉදින් නොවිචාරන්නේ වී නම්, මහණෙනි, යහළු මහණෙක්හට කියාවායි´´ කීවෝය.

මෙසේ කීකල ඒ භික්‍ෂූහු නිශ්ශබ්දව සිටියාහුය.

6. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. ´´ස්වාමීන් වහන්ස, පුදුමයක්ය. මේ භික්‍ෂු සංයා කෙරෙහි එක භික්‍ෂු නමකටද බුද්ධ, ධර්ම, සං, මාර්ග, ප්‍රතිපත්තියෙහි සැකයක් හෝ විමතියක් නැත්තේයයි කියා, මම මෙසේ පැහැදුනෙමි´´ කීවේය.

´´ආනන්දය, තොපි පැහැදීම හේතුකොට ගෙන කියන්නෙහිය. මෙහි තථාගතයන් වහන්සේගේ ඥානය කිය යුතුය. තථාගතයන් වහන්සේගේ මේ භික්‍ෂු සංයා කෙරෙහි එක භික්‍ෂු නමකටද බුද්ධ, ධර්ම, සං, මාර්ග, පැවතුම් ආදියෙහි සැකයක් හෝ විමතියක් නැත.´´

´´ආනන්දය, මේ පන්සියයක් පමණ භික්‍ෂූන් අතරෙහි අන්තිමවූ යම් භික්‍ෂුවක් වේද, ඔහු සතර අපායෙහි නොහෙළන ස්වභාව ඇත්තාවූ නියතවූ අර්හත්ඵල ඥානයෙන් යුක්තවූ සෝවාන් ඵලයට පැමිණි භික්‍ෂුවකැයි´´ කීවෝය.

7. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීසේක. ´´මහණෙනි, දැන් තොපට කියමි. ´සියලු සංස්කාර ධර්මයෝ විනාශවන ස්වභාව ඇත්තාහුය. ප්‍රමාද නොවී (කළයුතු දේ) සම්පාදනය කරව්. මේ තථාගතයන්ගේ අන්තිම බුද්ධ වචනයයි´ වදාළෝය.

130. එවිට භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවැදුණු සේක. ප්‍රථම ධ්‍යානයෙන් නැගී දෙවෙනි ධ්‍යානයට සමවැදුණෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යානයට සමවැදුණෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගී විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගී ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය.

නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට සමවැදුණෝය. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන වහන්සේගෙන් මෙසේ ඇසුවේය. ´´ස්වාමීනි, අනුරුද්ධ තෙරුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝද´.

´´ඇවැත් ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ තව පිරිනිවන් නොපෑවෝය. සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට සමවැදුණෝයයි´´ කීවේය.

131. එවිට භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගී ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී දෙවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී පළමුවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. පළමුවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී දෙවෙනි ධ්‍යානයට සමවැදුණෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යානයට සමවැදුණෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී ඒ හතරවැනි ධ්‍යාන සමාපත්තියෙන් නැගීම හා සමගම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑසේක.

132. භාග්‍යවතුන් වහනසේ පිරිනිවන්පෑ කල ඒ පිරිනිවන්පෑම හා සමගම ලොම් ඩැහැගන්වන ඉතා භයානකවූ මහා භූමිකම්පාවක් වූයේය. අහස ගුගුරන්නට විය. භාග්‍යවතුන් වහනසේ පිරිනිවන්පෑ කල ඒ පිරිනිවන්පෑම හා සමග සහම්පතී නම් මහා බ්‍රහ්මයා මේ ගාථාව කීයේය.

´´සත්ව ලෝකයෙහි සියලු සත්වයෝම යම් පරිද්දෙකින් ජීවිතේන්ද්‍රිය (ජීවිතය පැවැත්මට උපකාරවන ප්‍රධාන අවයවය) යෙන් ශරීරය ඉවත් කිරීම කරන්නාහු වෙත්ද, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි කිසිවෙකුට සමකළ නොහැකිවූ, ශාස්තෲවූ, තථාහතවූ, දසවිධ ඥාන බලයෙන් යුක්තවූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ පිරිනිවන් පෑවාහුයයි´´ කීයේය.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ඒ පිරිනිවන් පෑම හා සමගම ශක්‍ර දිව්‍ය රාජතෙම මේ ගාථාව කීයේය.

´´සියලු සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍ය වන්නාහුය. ඉපිද නැසීම ස්වභාවකොට ඇත්තාහුය. ඉපිද නිරුද්ධ වන්නාහුය. ඔවුනගේ සංසිඳීමයයි කියන ලද නිර්වානයම සැපයයි´´.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ඒ පිරිනිවන් පෑම හා සමගම ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථා කීවේය.

´´ස්ථිර සිත් ඇති කම්පා නොවන්නාවූ ස්වාමිදරුවූ බුදුරජානන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාසය නොපවත්නේය. තණ්හාව නැතිකළාවූ ඒ මුනින්ද්‍රෝත්තමවූ බුදුරජානන් වහන්සේ ශාන්තියයි කියන ලද නිර්වාණය අරභයා කාලක්‍රියා කළෝය´´.

´´මනාකොට ප්‍රබෝධවූ චිත්තයෙන් (හොඳ සිහියෙන්) මරණාන්ත වේදනාව ඉවසීම කළෝය. පහනක් නිවීගියාක් මෙන් පිරිනිවන් පෑවෝය´´.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ඒ පිරිනිවන් පෑම හා සමගම ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම මේ ගාථාව කීවේය.

´´සියලු ආකාරයෙන් උතුම්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පිරිනිවන්පෑ කල මහත්වූ ලොමු දැහැගැනීමක් වූයේය. එකල මෙසේ මහත්වූ භයානකවූ පෘථිවි චලනයක් වුයේයයි´´ කීවේය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල එතැනට රැස්වූ භික්‍ෂු සංයා අතුරෙහි පහනොකළ රාගය ඇත්තාවූ යම් ඒ පෘථග්ජන භික්‍ෂු කෙනෙක් වූවාහුද, ඒ භික්‍ෂූහූ ´ඉතා ඉක්මනින්ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය. සුගතයන් වහන්සේ වහා පිරිනිවන් පෑවෝය. පසැස් ඇත්තාවූ බුදුරජානන් වහන්සේ ඉතා ඉක්මනින්ම පිරිනිවන් පෑවෝයයි´ කියමින් සමහර භික්‍ෂූහු හිස අත් බැඳගෙන මහා ශෝකීව හඬන්නාහුය. මැදින් කැඩුනාක් මෙන් ඇද වැටෙන්නාහුය, පෙරළෙම්මාහුය. රාගයෙන් දුරුවූ, යම් රහත් අනාගාමී භික්‍ෂු කෙනෙක් වූවාහුද, ඒ රහත් අනාගාමී භික්‍ෂූහූ ´සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය වන්නාහුය. ඒ මෙතැන්හි කොයින් ලබමෝදැයි´ කියා සිහි නුවණින් යුක්තව ඉවහන්නාහුය.

133. එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීවේය.

´´ඇවැත්නි, හැඬීමෙන් කම් නැත. එහෙයින් ශෝක නොකරව්, විලාප නොකියව්, නොහඞව්, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු ප්‍රිය මනාප වස්තුවෙන් වෙන්වන බව, අන්‍ය තත්වයකට පැමිණෙන බව කලින්ම දේශනා කරන ලද්දේ නොවේද? ඉපදීම ආදිය ස්වභාව කොට ඇත්තාවූ යම් ඒ පලුජ්ජන (බිඳෙන) ධර්මයක් ඇත්ද, ඒ පලුජ්ජන ධර්මය ඒකාන්තයෙන් විනාශ නොවේවයි යන යමක් ඇත්ද ඊට හේතු නැත්තේය. ඇවැත්නි, ඒ කාරණය දැන් කොයින් ලබමෝද. ඇවැත්නි, දෙවියෝ අගුණ කියන්නාහුයයි´´ කීවේය.

´´ස්වාමීවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, දෙවියෝ කුමක් සිතන්නාහුදැයි´´ කියා ඇසුවෝය.

´´ආනන්දය, ආකාශයෙහි පෘථිවි සංඥා ඇත්තාවූ දෙවියෝද, පොළොවෙහි පොළොව යන හැඟීම ඇත්තාවූ දෙවියෝද, ´වහා තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑහ. සුගතයන් වහන්සේ පිරිනිවියහ´යයි හිස අත් බැඳගෙන හඞත්, ඇදවැටෙත්, පෙරළෙත්´´

´´ආනන්දය, රාගයෙන් දුරුවූ යම් අනාගාමී රහත් දෙවි කෙනෙක් වූවාහුද, ඔවුහු ´සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නාහුය. ඒ මෙතැනින් කොයින් ලබමෝදැයි´ කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.´´

134. එවිට ආයුෂ්මවූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේද ධර්මයෙන් යුතු කථාවෙන් ඒ රාත්‍රියාගේ ඉතිරි කොටස ගත කළාහූය. එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවේය.

´´ඇවැත්වූ ආනන්ද, තොපි යව, ගොස් කුසිනාරා නම් නුවරට පැමිණ කුසිනාරා වැසි මල්ල රජදරුවන්ට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ බව කියව්.´´ ආනන්ද ස්ථවිරතෙම පෙරවරු කාලයෙහි හොඳින් හැඳ පොරවාපා සිවුරු ගෙන කුසිනාරා නුවරට පැමිණුනේය. එකල කුසිනාරා වැසි මල්ල රජදරුවෝ ඒ පරිනිර්වාණය කරුණු කොටගෙනම රැස්වීම් ශාලාවෙහි රැස්ව උන්නාහු වෙති. එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ රැස්වීම් ශාලාවට පැමිණ, ´´වාසෙට්ඨ ගොත්‍රයෙහිවූ මල්ල රජදරුවෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය. යම් ගමනකට කල් දනුවයි´´ කීවේය. මේ වචනය අසා මල්ල රජුන් හා මල්ල රාජපුත්‍රයෝද මල්ල රජුන්ගේ ලේලියන් හා මල්ල රාජුන්ගේ භාර්යාවෝද හටගත් දුක් ඇතිව දුකෙන් යුක්තව සිතෙහි හටගත් දුකෙන් පීඩිතව ´භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පෑවෝයයි´ කියා හිස අත් බැඳගෙන හඞත්, බිම ඇදවැටත්, පෙරළෙත්. යම්පමණ රාගයෙන් දුරුවූ මල්ල රජදරුවෝ වූවාහුද, ඔවුහු ´සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නාහුය, මෙතැනින් එය කොයින් ලබමෝදැයි´ කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.

135. එවිට කුසිනාරාවැසි මල්ල රජදරුවෝ සුගඳ මල්ද සියලුම තූර්යය භාන්ඩයන්ද, දෙක බැගින්වූ වස්ත්‍ර පන්සියයක්ද ගෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරිරයට නෘත්‍යයෙන්ද, ගීතයෙන්ද, වාදිතයෙන්ද, මලින්ද, ගඳින්ද සත්කාර ගරුකාර වන්දනාමානාදී වශයෙන් පූජා කෙරෙමින් උඩුවියන් බඳිමින් මණ්ඩප පිළියෙල කරමින් ඒ දවස් හෙවත් ඒ පිරිනිවන් පෑ පළමු දවස ගතකළාහුය.

එවිට කුසිනාරා මල්ල රජදරුවෝ භාග්‍යවතුන වහන්සේගේ ශ්‍රී ශරිරය නෘත්‍යයෙන්ද, ගීතයෙන්ද, වාදිතයෙන්ද, මලින්ද, ගඳින්ද සත්කාර කරමින් ගරුකරමින් බුහුමන් කරමින් පූජා කරමින් දවස් හයක් ගත කළාහුය.

136. එවිට සත්වෙනි දවසෙහි කුසිනාරා මල්ල රජදරුවෝ ´නුවරට දකුණු දිග් භාගයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරම්හයි´ සිතුවාහුය. එසමයෙහි මැදි වයස් ඇති ශක්තිමත් මල්ල රජදරුවන් අටදෙනෙක් සුවඳ පැනින් ඉස් සෝදා නාහාගෙන අලුත්වූ වස්ත්‍රයන් ඇඳගෙන ´අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය උසුලම්හයි´ කියා උත්සාහ කොටත් උසුලන්ට නොහැකි වූවාහය. එවිට කුසිනාරා වැසි මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ගෙන් ඊට හේතූ කවරේදැයි ඇසුවෝය. ´´මල්ල රජදරුවෙනි, තොපගේ අදහස අනිකක් වන්නේය. දෙවියන්ගේ අදහස අනෙකක. දෙවියන්ගේ අදහස නම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය දිව්‍යමය නැටුම්වලින්ද, ගී කීම්වලින්ද, වාදනවලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද සත්කාර කරමින්, සිතින් බුහුමන් කරමින්, පූජාකරමින් නුවරට උතුරු දිග් භාගයෙන්ම උතුරු දිග් භාගයට වඩා ගෙන ගොස් උතුරු වාහල් දොරින් නගරය ඇතුළට ඇතුල් කොට නුවර මැදින් නුවර මැදට පමුණුවා නැගෙනහිර වාහල් දොරින් පිටතට නික්මවා නුවරට නැගෙනහිර දෙසින්වූ මල්ල රජදරුවන්ගේ මකුටබන්ධන නම්වූ ප්‍රධාන මංගලශාලාව යම් තැනෙක්හිද, මේ ස්ථානයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරම්හයි´´ කියාය.

´´ස්වාමීන් වහන්ස, දෙවියන්ගේ අදහස යම් පරිද්දෙකින් වන්නේද, එපරිද්දෙන්ම වේවායි´´ කියා සැළ කළාහුය.

137. එසමයෙහි කුසිනාරා නුවර යම්තාක් ගෘහසන්ධි, වැසිකිළි කාණු, කුණු කසළ අතෙි තැන් වෙත්ද, ඒ සෑම තැනම දණක් පමණ නකමට මදාරා මලින් අතුරණ ලද්දේ වූයේය. එවිට දෙවියෝද, කුසිනාරා වැසි මල්ල රජදරුවෝද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය දෙවියන්ට අයිතිවූද, මනුෂ්‍යයන්ට අයිතිවූද, නැටුම්වලින්ද, ගී කීම්වලින්ද, වාදනවලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද සත්කාර ගරුකාර කරමින්, සිතින් බුහුමන් කරමින්, පූජාකරමින් නුවරට උතුරු දිග් භාගයෙන් උතුරු දිග් භාගයට වැඩමවා ගෙන ගොස් උතුරු වාහල් දොරින් නුවරට ඇතුල් කරවා නුවර මැදින් නුවර මැදට වැඩමවා ගෙන ගොස් නැගෙනහිර වාහල් දොරින් පිටතට නික්මවා නුවරට නැගෙනහිර දෙසින්වූ මල්ල රජදරුවන්ගේ මකුටබන්ධන නම්වූ මංගලශාලාව යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය එතැන්හි තැබුවාහුය.

138. එවිට කුසිනාරා මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ සැලකළාහුය. ´´ස්වාමීවූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි කෙසේනම් පිළිපදින්නමෝදැයි´´ විචාළහ.

´´මල්ල රජදරුවෙනි, චක්‍රවර්ති මහාරජහුගේ ශ්‍රී ශරීරයෙහි යම් ආකාරයකින් පිලිපදින්නාහුද ඒ ආකාරයෙන්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහිද පිළිපැදිය යුත්තේයයයි´´ කීහ.

139. ආනන්ද ස්ථවිරයන් කිව් ආකාර කුසිනාරා වැසි මල්ල රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය අළුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළුවාහුය. මනාකොට නගා පාදන ලද කපු පුළුනෙන් වෙළුවාහුය. අළුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළුවාහුය. මේ ක්‍රමයෙන්ම ශරීරය වෙළා රනින් කළ රන් දෙණක තැන්පත් කොට එබඳුවූ අනිකුත් රන්දෙණකින් වසා සියළු සුවඳ දරින් දරසෑයක් කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඒ දරසෑයට නැගුවාහුය.

140. ඒ කාලයෙහි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් පමණ භික්‍ෂූන්වූ මහත් භික්‍ෂු සංයා හා සමග පාවා නම් නුවර සිට කුසිනාරා නුවර අතර දීර් මාර්ගයට පැමිණියේ වෙයි. ඒ කලයෙහි එක්තරා ආජීවකයෙක් මදාරා මලක් ගෙන කුසිනාරා නුවරින් පාවා නුවරට යන දීර් මාර්ගයට පැමිණියේය. ආයුෂ්මත්වූ මහා කාශ්‍යපතෙරුන් වහන්සේ එන්නාවූ ඒ ආජීවකයා දුරදීම දැක්කේය. දැක ´´ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ දන්නෙහිදැයි´´ ඇසුවේය. ´´එසේය, ඇවැත්නි, දනිමි. ශ්‍රමණ භවත් ගෞතමතෙම පිරිනිවන්පා අදට සත් දවසක් වූයේය. එතැනින් මා විසින් මේ මදාරා මල් ගන්නා ලද්දේය´´යි කීයේය.

එහි රාගය පහනොකළාවූ භික්‍ෂූහු හිස අත් බැඳගෙන හඬත්. මැදින් කැඩුනාක් මෙන් ඇද වැටෙත්, පෙරළෙත්, එහා මෙහා පෙරළෙත්. ´´භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පරිනිවි සේක´´ කියාය. ආශාව දුරුකළාවූ අනාගාමී රහත් භික්‍ෂූහු ාහුද, ´´සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය වන්නාහුය. ඒ මෙතැන්හි කොයින් ලබමෝදැයි´´ කියා සිහි නුවණින් යුක්තව ඉවහන්නාහුය.

141. ඒ කාලයෙහි සුභද්‍ර නම් බුඩ්ඪ පබ්බජිතයෙක් (මහලුවූ පසු මහණවූවෙක්) ඒ භික්‍ෂු පිරිසෙහි උන්නේය. සුභද්‍රතෙම ඒ භික්‍ෂූන්ට මෙසේ කීය. ´´ඇවැත්නි, තොප හැඬීමෙන් කම් නැත, ශෝක නොකරව්. විලාප නොකියව්. ඒ මහා ශ්‍රමණයාකෙරෙන් අපි හොඳින් මිදුනෝ වෙමු. තොපට මේ දෙය කැපවන්නේය. මේ දෙය තොපට කැපනොවන්නේයයි අපි පීඩා ලබමින් සිටියෙමු. දැන් අපි යමක් කැමති වෙමුද, ඒ දෙය කරම්හ. යමක් නොකැමති වෙමුද, ඒ දෙය නොකරම්හ´´ යනුවෙනි. එවිට ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීවෝය. ´´තොප හැඬීමෙන් කම් නැත. තොපි ශෝක නොකරව්, විලාප නොකියව්, නොහඞව්, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු ප්‍රිය මනාප වස්තුවෙන් වෙන්වන බව, අන්‍ය තත්වයකට පැමිණෙන බව කලින්ම දේශනා කරන ලද්දේ නොවේද? ඇවැත්නි,හටගත්තාවූද පහළවූද ප්‍රත්‍යයෙන් උපදනාවූද විනාශවන ස්වභාව ඇති සියල්ල ඒකාන්තයෙන් විනාශ නොවේවායි යන මේ කාරණය සිදුනොවන්නේයයි´´ කීවේය.

142. එසමයෙහි වනාහි මැදිවියෙහිවූ ශක්තිමත් මල්ල රජදරුවන් සතර දෙනෙක් ඉස්සෝදා නහාගෙන අලුත් වස්ත්‍රයන් හැඳගෙන ´´අපි භාග්‍යවතුන් වහන්සේගේ මෘතදේහය තබා කරනලද දරසෑය ගිනි දල්වම්හයි´´ කියා උත්සාහ කොට ගිනි දල්වා ගත නුහුනුවාහුය. එවිට කුසිනාරා මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගෙන් ඊට හේතු කවරේද, ඊට කරුණු කවරේදැයි කියා විචාළාහුය. ´´දෙවියන්ගේ අදහස අන් පරිද්දෙකැයි´´ කියා විචාළාහුය.

´´ආයුෂ්මත්වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්‍ෂු සංයා හා සමග පාවා නම් නුවර සිට කුසිනාරා නම් නුවරට යෙමියි සිතා දීර් මාරගයට පළිපන්නේ වෙයි. ආයුෂ්මත්වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් යම්තාක් සිරසින් නොවඳින්නාහුද, ඒතාක් කල් භාග්‍යවතුන් වහන්සේගේ දරසෑය ගිනි නොදැල්වේවායි´´ කියා දෙවියන්ගේ අදහස වන්නේයයි කිවෝය.

´´ස්වාමීන් වහන්ස, දෙවියන්ගේ අදහස යම්සේද, එසේම වේවායි´´ කීවාහුය.

143. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ මහාකාෂ්‍යප ස්ථවිරයන් වහන්සේ පැමිණ, සිවුර ඒකාන්ශ කොට පොරවා ගෙන නමස් කාර කොට තුන් වරක් දර සෑයවට ප්‍රදක්‍ෂිණා කොට ඇවිද සිරිපතුල් පිහිටි පැත්තෙන්,විවෘත කොට ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවල වැන්දහ.ඒ පන්සියයක් පමණ වූ භික්‍ෂු සංයාද එසේම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් දෙක වැන්දාහුය.සිරි පතුල් වැන්ද කල්හි භාග්‍යවතුන් වහන්සේගේ දරසෑය තෙමේම හත්පසින් ගිනිදැල්වී ගියේය.

144.මෙසේ දැවෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයාගේ කොටස් වල අළුද නොපෙනෙයි, දැලිද නොපෙනෙයි, ශාරීරික ධාතු පමණක් ඉතිරිවූවාහුය.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය වූ කල්හි ආකාශයෙන් ජල ධාරාවක් පහළ වී ගිනි නිවුවාය.පිරිවරා සිටි සල් ගස් වලින්ද ජල ධාරා ගලා අවුත් දර සෑයෙහි ගිනි නිවුවාහුය.කුසිනාරා වාසී මල්ල රජ දරුවෝ සියලු සුවඳ පැනින් භාග්‍යවතුන් වහන්සේගේ දර සෑයෙහි ගිනි නිවුවාහුය.

ඉක්බිත්තෙන් කුසිනාරා වැසි මල්ල රජ දරුවෝ ශාරීරික ධාතුන් සන්ථාගාර ශාලාවෙහි තැන්පත් කොට කඩු ගත් අත් ඇති යෝධ පුරුෂයන් ලවා හාත්පසින්ම වටකොට ආරක්‍ෂා පිහිටුවා දුනු කෙළවරින් දුනු කෙළවර පහරමින් සිටියාවූ දුනුගත් ධනුර්ධයන්ගේ දුනු පවුරකින් වටකොට සත්දවසක් මුළුල්ලෙහි නැටුම් ගී කීම් වාදන කිරීම් ආදියෙන්ද මලින් හා සුවඳ වලින්ද සත්කාර කළාහුය, ගරු කළාහුය, වන්දනා කළාහුය, පූජා කළාහුය.

145. අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නම් නුවර පිරිනිවන් පා වදාළ සේකැයි ඇසුයේමය. එවිට අජාසත් මහ රජ තෙම ´´භාග්‍යවතන්වහන්සේද ක්‍ෂත්‍රීය වන සේක. මමද ක්‍ෂත්‍රීය වෙමි. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතු කොටසක් ලබන්නට මමද සුදුසු වෙමි. මමද සර්වඤයන් වහන්සේගේ ශ්‍රී ශාරිරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කරනු කැමැත්තෙමියි´´ කියා කුසිනාරා නුවර නිවාසීවූ මල්ල රජ දරුවන්ට දූතයෙකු යැව්වේය. විසාලා නුවර වැසි ලිච්ඡවි රජදරුවෝද කිඹුල්වත් පුරයෙහි වාසය කරන්නාවූ ශාක්‍ය රජ දරුවෝද භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නම් පුරයෙහි පරිනිවන් පා වදාළ සේකැයි ඇසුවාහුය. එවිට කිඹුල්වත් පුර වාසි ශාක්‍ය රජ දරුවෝ ´´භාග්‍යවතුන් වහන්සේද අපගේ ඥාති ශ්‍රේෂ්ට වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතු කොටසක් ලබන්නට අපිද සුදුසු වන්නෙමු. අපිද සර්වඥයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කරනු කැමැත්තෙමුයි´´ කියා කුසිනාරා වැසි මල්ල රජ දරුවන්ට දූතයෙකු යැවුවාහුය.

අල්ලකප්ප නම් නුවර වාසය කරන්නාවූ බූලය නම් ක්‍ෂත්‍රිය රජ දරුවෝද රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කොලිය රජ දරුවෝද පාවා නම් නුවර වාසය කරන්නාවූ මල්ල රජ දරුවෝද එසේම කළාහුය.

වෙඨදීප නම් බ්‍රාහ්මණ තෙමේද පිරිනිවන් පෑම ගැන අසා ´´භාග්‍යවතුන් වහන්සේද ක්‍ෂත්‍රිය වූ සේක. මමද බ්‍රාහ්මණ වූයෙමි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරිරික ධාතු කොටසක් ලබන්නට මමද සුදුස්සෙක් වෙමි. ධාතුන් වහන්සේලාට මමද චෛත්‍යයක් කරවා පූජා සත්කාර කරනු කැමැත්තෙමි´´ කියා කුසිනාරා වැසි මල්ල රජ දරුවන්ට දූතයෙකු යැවූයේය.

146. මෙසේ කී කල්හි කුසිනාරා වැසි මල්ල රජ දරුවෝ ඒ සත් නගරයෙන් පැමිණ සිටි ජන සමුහයාට මෙසේ කීවාහුය. ´´භාග්‍යවතුන් වහන්සේ අපගේ ග්‍රාම ක්‍ෂෙත්‍රයෙහි පිරිනිවන් පා වදාළ සේක. අපි භාග්‍ය වතුන් වහන්සේගේ ශාරිරික ධාතුකොටසක් නොදෙම්හයි´´ කීවාහුය. මෙසේකී කල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම රජදරුවන් සමූහයාට මේ(අදහස් ඇති)ගාථා දෙකකින් මෙසේ කීය.

´´පින් වත්වූ රජ දරුවෙනි,මා කියන්නාවූ මේ එක් වචනයක් අසත්වා, අපගේ බුදුරජාණන් වහන්සේ ක්‍ෂාන්තිවාදීවූ සේක. ලෝකෝත්තම ස්වාමිදරුවන්ගේ ධාතු කොටසක් නිසා ආයුධ වලින් පහර දී ගැනීමක් වූයේ නම් ඒ යහපත් නොවේමය.´´

´´සියලු පින්වත්හුම එක්ව සමගිව සතුටු වෙමින්(ධාතුන්)අට කොටසක් කරම්හ. ඒ ඒ දිසාවල චෛත්‍යයෝ පැතිරෙත්වා. පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේට පැහැදුන ජනයෝ බෙහෝ වන්නාහුය´´ කියායි

´´එසේනම් බ්‍රාහ්මණය,තෙපිම භාග්‍ය වතුන්වහන්සේගේ ශාරීරීක ධාතූන් මනාකොට සමව අට කොටසක් කොට බෙදවයි´´ කීවාහුය. බ්‍රහ්මණයා ශාරීරීක ධාතුන් මනා කොට සමව අට කොටසක් කොට බෙදා ඒ රජදරු සමුහයාට මෙසේ කීය.

´´පින්වත්නි,මටද මේ ධාතු බෙදන ලද නැලිය දෙත්වා. මමද ධාතු බෙදන ලද නැලිය තබා චෛත්‍යයක් කොට පූජා සත්කාර කෙරෙමියි´´ කීය.

ඒ රජ දරුවෝ ද්‍රෝන නම් බ්‍රාහ්මනයාට ධාතු බෙදු නැලිය දුන්නාහුය.

147. ඊටපසු පිප්ඵලිවනිය නම් මොරිය රජ දරුවෝද ´´භාග්‍යවතුන් වහන්සේගේ ශාරිරික ධාතු භාගයක් ලබන්නට අපිද සුදුස්සෝ වම්හ. අපිද චෛත්‍යයක් කරවා පුජාසත්කාර කරනු කැමැත්තෙම්හයි´´ කියා කුසිනාරා වැසි මල්ලරජ දරුවන්ට දූතයෙකු යැවූහ.

´´භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරීක ධාතු කොටසක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශාරිරික ධාතු බෙදන ලද්දාහුය. මේ ආදාහන ස්ථානයෙන් අඟුරු ගෙන යෙත්වයි´´ කීවාහුය. ඒ මෞර්‍ය රජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ආදාහන ස්ථානයෙන් අඟුරු හැරගෙන ගියහුය.

එවිට වෙදෙහ පුත්‍රවූ මගධ රටට අධිපති අජාසත් මහරජ තෙම රජගහ නුවරද විසාලා මහනුවර වාසීවූ ලිච්ජවි රජදරුවෝද විසාලා නම් නුවරද කිඹුල්වත් නම් නුවර වාසී ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි අල්ලකප්ප නම් නුවර වාසී වූ බූලය නම් රජ දරුවෝද, අල්ලකප්ප නම් නුවර රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කෝලිය නම් රජහුද රාම නම් ගමෙහි වෙටදිප නම් නුවර වාසී වූ බ්‍රාහ්මණ තෙමේද වෙටදීපයෙහි පාවා නම් නුවර වාසී වූ මල්ල රජදරුවෝද පාවා නම් පුරයෙහි කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. ද්‍රෝණ නම් බ්‍රාහ්මණ තෙමේද ධාතු මැන බෙදන ලද නැලිය තබා චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළේය. පිප්ඵලිවනිය නම් මොරිය රජහුද පිප්ඵලි වන නම් පුරයෙහි අන්ගාර ථූප නම්වූ දාගැබක් කරවා පූජා සත්කාර කළාහුය. මෙසේ ශාරීරික චෛත්‍යයෝ අටක් වූවෝය. කුම්භථූප චෛත්‍යය නවවැනි වූයේය. අන්ගාර චෛත්‍යය දසවැනි වූයේය.

148. පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු අට ද්‍රෝණයක් වූහ. එයින් සත් ද්‍රෝණයක් දඹදිව වාසිහු පුදත්. පුරුෂොත්තම වූ බුදුරජාණන් වහන්සේගේ එක් ධාතු ද්‍රෝණයක් රාම ග්‍රාමයෙහි නා රජ පුදයි. එක් දන්ත ධාතුන් වහන්සේ නමක් දෙව්ලොව දෙවියන් විසින් පුදන ලද්දේය. එක් දන්ත ධාතුන් වහන්සේ නමක් වනාහි ගන්ධාර දේශයෙහි පුදන ලද්දේය. එක් දන්ත ධාතුන් වහන්සේ නමක් වනාහි කාලිංග නම් රජහුගේ රාජ්‍යයෙහි(කලිඟු රට දන්ත නම් පුරයෙහි)පුදන ලද්දේය. එක් දන්ත ධාතුන් වහන්සේ නමක් නා ලොව නාරජහු පුදත්. ඒ සතර දළදා වහනසේගේ තේජානුහාවයෙන් යාගයයි කියන ලද පුජනීය වස්තු පරිත්‍යාගයෙන් කරන ලද පූජා උත්සව මංගලයෙන් මේ මුළු පොළව අලංකාර වූවාය. සත්කාර කරනු ලබන්නවුන් විසින් සත්කාර කරනු ලද්දාවූ මනාකොට විශේෂයෙන්ම සත්කාර කරනු ලද්දාවූ පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේගේ මේ සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ මෙපරිද්දෙන්ම දෙවි රජුන්, මිනිස් රජුන් විසින් පුදන ලද්දේය. එසේම මනුෂ්‍යය උත්තමයන් විසින් පුදන ලද්දේය. ඇදිලි බැඳගෙන ඒ සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේලාට නමස්කාර කෙරෙත්වා. සර්වඥවරොත්තමයාණන් වහන්සේ ඒකාන්තයෙන් කල්ප සියයකිනුදු දුර්ලභ වන්නෝයි.

(දහසයවෙනි මහා පරිනිර්වාණ සූත්‍රය නිමියේය. )

15. මහා නිදාන සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරු රට කම්මාසදම්‍ය නම්වූ නියම් ගමෙහි වාසය කළෝය. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, මේ හේතුඵල දේශනාව (පටිච්ච් සමුප්පාදය) ඉතා ගැඹුරු වේද, ගැඹුරු දැකුම් ඇත්තේ වේද, ස්වාමීන් වහන්ස, ඒ කාරණය පුදුමයි. ඉතා පුදුමයි. එසේ නමුත් මට නොගැඹුරු වූවක් මෙන් පහසු වූවක් මෙන් වැටහේයයි´´ දැන්නුවේය.

´´ආනන්දය, එසේ නොකියව. මේ (පටිච්ච සමුප්පාදය) හේතුඵල ධර්මය ගැඹුරු වෙයි. ගැඹුරු දැකුම් අත්තේද වෙයි. ආනන්දය මේ ධර්මය නොදැනීම හේතුකොට ගෙන, හොඳින් අවබෝධ නොකිරීම හේතුකොට ගෙන, මේ සත්ව සමූහයා මීයන් විසින් කපා අවුල්කර දමන ලද රෙදිවියන්නන්ගේ නූල් කැටියක් මෙන් අවූල්වී, කුරුළු කූඩුවක් මෙන් ගෙතී තණ බිස්සක් මෙන් පැටලී, සැපයෙන් පහවූ බැවින් අපාය නම්වූ නපුරු ගති ඇත්තාවූ දුක් ඇත්තාවූ සසර නොයික්මවයි´´.

2. ´´ආනන්දය, යමක් හේතු කොට ගෙන ජරා මරණ දෙක වේ නම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කවරේදැයි කියන්නෙම් නම් ජාතිය ප්‍රත්‍යය කොට ගෙන ජරා මරන දෙක වේයයි කිය යුතුයි.´´

´´ආනන්දය, යමක් කරුණු (ප්‍රත්‍යය) කොටගෙන ජාතිය වේ නම් ඒ ප්‍රත්‍යය කවරේදැයි මෙසේ කියන්නේ නම් භවය ප්‍රත්‍යය කොට ගෙන ජාතිය වේ යයි කිය යුතුයි.´´

´´ආනන්දය, යමක් ප්‍රත්‍ය කොට ගෙන භවය වේ නම් ඒ ප්‍රත්‍යය කුමක්දැයි මෙසේ කියන්නේ නම් උපාදානය(දැඩිකොට අල්වා ගැනීම) ප්‍රත්‍යය කොට ගෙන භවය වේයයි කිය යුතුයි.´´

´´ආනන්දය යමක් ප්‍රත්‍ය කොටගෙන උපාදානය වේ නම් ඒ ප්‍රත්‍යය කුමක්දැයි මෙසේ කියනනේ නම් ලෝභය ප්‍රත්‍යය කොටගෙන උපාදානය වේයයි කියයුතුයි.´´

´´ආනන්දය යමක් ප්‍රත්‍යය කොටගෙන ලෝභය වේ නම් ඒ ප්‍රත්‍යය කුමක්දැයි මෙසේ කියන්නේ නම් වේදනාව ප්‍රත්‍යය කොටගෙන ලෝභය වේයයි කිය යුතුයි.´´

´´ආනන්දය යමක් ප්‍රත්‍යය කොටගෙන වේදනාව වේ නම් ඒ ප්‍රත්‍යය කුමක්දැයි මෙසේ කියන්නේ නම් ස්පර්ශය ප්‍රත්‍යය කොටගෙන වේදනාව වේයයි කිය යුතුයි.´´

´´ආනන්දය යමක් ප්‍රත්‍යය කොටගෙන ස්පර්ශය වේ නම් ඒ ප්‍රත්‍යය කුමක්දැයි මෙසේ කියන්නේ නම් නාම රූප දෙක ප්‍රත්‍යය කොටගෙන ස්පර්ශය වේයයි කිය යුතුයි.´´

´´ආනන්දය යමක් ප්‍රත්‍යය කොටගෙන නාම රූප දෙක වේ නම් ඒ ප්‍රත්‍යය කුමක්දැයි මෙසේ කියන්නේ නම් විඥානය ප්‍රත්‍යය කොටගෙන නාම රූප දෙක වේයයි කිය යුතුයි.´´

´´ආනන්දය යමක් ප්‍රත්‍යය කොටගෙන විඥානය වේ නම් ඒ ප්‍රත්‍යය කුමක්දැයි මෙසේ කියන්නේ නම් නාම රූප දෙක ප්‍රත්‍යය කොටගෙන විඥානය වේයයි කිය යුතුයි.´´

3. ´´ආනන්දය, මෙසේ ඇති කල නාම රූප ප්‍රත්‍යය කොට ගෙන විඥානය වෙයි, විඥානය ප්‍රත්‍යය කොට ගෙන නාම රූප දෙක වෙයි, නාම රූප ප්‍රත්‍යය කොට ගෙන ස්පර්ශය වෙයි, ස්පර්ශය ප්‍රත්‍යය කොට ගෙන වේදනා වෙයි, වේදනාව ප්‍රත්‍යය කොට ගෙන ලෝභය (තණ්හාව) වෙයි, තණ්හාව ප්‍රත්‍යය කොට ගෙන උපාදානය (දැඩිව අල්වා ගැනීම) වෙයි, උපාදානය ප්‍රත්‍යය කොට ගෙන භවය වෙයි, භවය ප්‍රත්‍යය කොට ගෙන ජාතිය වෙයි, ජාතිය ප්‍රත්‍යය කොට ගෙන ජරාව හා මරණය වෙයි, ජරා මරණ ප්‍රත්‍යය කොට ගෙන ශෝක කිරීමය, වැලපීමය, කායික දුකය, දොම්නසය, දැඩි වෙහෙසය යන මොවුහු පහළ වෙත්. මෙසේ මේ සියලු දුක් රාශීහුගේ පහළවීම වේ.´´

4. ´´ආනන්දය, ජාතිය ප්‍රත්‍යය කොට ගෙන ජරා මරණ වේය. මෙසේ කියන ලද්දේය. ආනන්දය, දේව භාවය පිණිස හෝ ගාන්ධර්ව භාවය පිණිස හෝ යක්‍ෂ භාවය පිණිස හෝ භූත භාවය පිණිස හෝ මනුෂ්‍ය භාවය පිණිස හෝ පක්‍ෂි භාවය පිණිස හෝ සිවුපා භාවය පිණිස හෝ සර්ප භාවය පිණිස හෝ ජාතියක් ඉපදීමක් මුළුමණින් නොවන්නේ නම් ආනන්දය, ඒ සත්ත්වයන්ගේ ඇතිවීමක් නොවන්නේය. සියලු ප්‍රකාරයෙන්ම උප්පත්තිය නැති කල ජාති නිරෝධය (උප්පත්තියෙන් වැළකීම) හේතුකොට ගෙන ජරා මරණ දෙක පෙනෙන්නේදැයි´´ ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, නොපෙනේයයි´´ කිය.

´´ආනන්දය, එබැවින් මෙසේ මේ හේතුඵල ධර්මයෙහි යම් ඒ ජාතියක් වේද, ජරා මරණ දෙක ඇතිවීමට එයම හේතුවෙයි. මේ ඉපදීම හේතුකොට ගෙන ජරා මරණ වන්නේයයි´´ කීවෝය.

5. ´´භවය ප්‍රත්‍ය කොටගෙන ජාතිය වේයයි මෙසේ මෙය කියන ලදි. ආනන්දය, භවය සියලු ආකාරයෙන් කිසිවකු සම්බන්ධව කිසි භවයක්හි, එනම්- කාම භවය, රූප භවය, අරූප භවය යනුවෙන් නොවන්නේ නම් සියලු ආකාරයෙන් භවය නැති කල භවය නිරුද්ධ කිරීම හේතු කොටගෙන ජාතිය (උප්පත්තිය) පෙනෙන්නේදැයි´´ ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, මේ කාරණය නෙවේමය´´.

´´ආනන්දය, එබැවින් මෙහි භවය හේතුකොට ගෙන යම් ජාතියක් වේනම් මේ භවයම ඊට හේතුවයි. මෙයම මූල කාරණය වෙයි. මෙයම ජාතිය හට ගන්නා හේතුව වේයයි´´ කීවෝය.

6. ´´උපාදානය (දැඩි කොට අල්ලා ගැනීම) හේතුකොට ගෙන භවය වේයයි මෙසේ මෙය කියන ලදි. ආනන්දය, සියලු ආකාරයෙන් උපාදානය (දැඩි කොට අල්ලා ගැනීම) කිසිවෙකු සම්බන්ධව කිසි තැනෙක්හි නොවේද, එනම් කාම ආශාවෙන් දැඩි සේ අල්වා ගැනීමය, වරදවා ගැනීමෙන් දැඩි සේ අල්වා ගැනීමය, ශීලවෘත වශයෙන් දැඩි සේ අල්වා ගැනීමය, ආත්මය දැඩි සේ අල්වා ගැනීමය යන මොවුහුය.  හැම ආකාරයෙන් උපාදානය නැති කල උපාදානය නැති කිරීම හේතුකොට ගෙන භවය පෙනෙන්නේදැයි´´ ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, එසේ නොපෙනේයයි´´ කීය.

´´ආනන්දය, එබැවින් මෙසේ මෙහි යම් මේ උපාදානයක් (දැඩි සේ අල්වා ගැනීමක්) වේද භවය ලැබීමට මෙයම හේතුවෙයි, මෙයම මූල කාරණය වෙයි, මෙයම හට ගන්නා හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේයයි´´ පැවසුවෝය.

7. ´´තණ්හාව හේතුකොට ගෙන උපාදානය වේයයි මෙසේ මෙය කියන ලදි. ආනන්දය, කිසිවෙකුට කිසි තැනෙක සියලු ආකාරයෙන් මුළුමනින් එනම් – රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ආශාවය, රූප ශබ්දාදියෙන් අන්‍ය දෙයෙහි ආශාවය යන තණ්හාවය,සියලු ආකාරයෙන් තණ්හාව නැති කල තණ්හා නිරෝධය හේතුකොට ගෙන දැඩිකොට අල්වා ගැනීමය (උපාදානය) පෙනෙන්නේදැයි´´ ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, එසේ නොපෙනේමයයි´´ කීය.

´´ආනන්දය, මෙසේ මෙහි යම් ඒ තණ්හාවක් වේද උපාදානයට මෙයම හේතුවේ, මෙයම මූල කාරණය වේ, මෙයම හට ගැනීමේ හේතුව වේ, මෙයම ප්‍රත්‍යය වේයයි´´ කීවෝය.

8. ´´වේදනාව හේතුකොට ගෙන තණ්හාව වේ යයි මෙසේ මෙය කියන ලදි. ආනන්දය, කිසිවෙකුට කිසි තැනෙක්හි සියලු ආකාරයෙන් මුළුමණින් එනම්, ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ ස්පර්ශයේන් හටගන්නා වේදනාව යන මොවුහුය. ඉදින් වේදනාව නොවන්නේ නම් සෑම ආකාරයෙන් වේදනාව නැති කල වේදනා නිරෝධය හේතුකොට ගෙන තණ්හාව පෙනෙන්නේදැයි´´ ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, එසේ නොවන්නේමයයි´´ කීය.

´´ආනන්දය, එබැවින් මෙහි යම් ඒ වේදනාවක් වේද, තණ්හාව ඇතිවීම පිණිස වේදනාවම හේතු වෙයි, මෙයම මූල කාරණය වෙයි, මෙයම හේතුව (සමුදය) වෙයි, මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි´´ කීවෝය.

9. ´´ආනන්දය, මෙසේ ඇති කල වේදනාව ප්‍රත්‍යය කොට ගෙන තණ්හාව වේ. තණ්හාව ප්‍රත්‍යය කොට ගෙන රූප ආදී අරමුණු සෙවීම ඇති වන්නේය. (පරියෙසනා) සෙවීම ඇති කල රූප ආදී අරමුණු ලැබීම වේ. රුපාදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇති කල (ඡන්ද රාගය) දුර්වල රාගය හා බලවත් රාගය උපදී. ඡන්ද රාගය ඇති කල මමය මාගේය යන අදහස උපදී. මමය මාගේය යන අදහස ඇති කල දැඩි කොට දැකීම (තණ්හාව වශයෙන් දැකීම) වෙයි. තණ්හා වශයෙන් දැකීම ඇති කල මසුරු බව වේ. මසුරු බව ඇති කල ආරක්‍ෂා ඇති කීරීම වේ. ආරක්‍ෂා ඇති කිරීම ඇති කල දඬු ගැන්ම, ආයුධ ගැන්ම, කෝලාහලය, විරුද්ධකම්, විවාද, ´තෝ´, ´තා´ යන වචන කීම, බොරු කීම යනාදී නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත්´´.

´´මේ ආදීවූ නොයෙක් ලාමක අකුසල කරුණූ ඇතිවීමට හේතුවේ, මෙයම ඊට මූල කාරණය වේ, මෙයම ඊට හේතුව වේ, මෙයම ඊට ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, යම් මේ මසුරු බවක් වේ නම් ආරක්‍ෂාවට මෙයම හේතුව වෙයි, මෙයම මූල කාරණය වෙයි, මෙයම පහළවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, මෙහි යම් මේ අයිතිකර ගැනීමක් වේ නම් මසුරු බවට හෙතුව වෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම පහළවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, මෙහි මමය, මාගේය යයි දැඩි කොට ගැනීම යන යමක් වේද, අයිතිකර ගැනීමට මෙයම හේතුවේ.මෙයම මූල කාරණය වෙයි, මෙයම පහළවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, එහෙයින් මමය මාගේ යයි දැඩිකොට ගැනීමට යම් මේ දුර්වල රාගයක් හා බලවත් රාගයක් වේ නම් මෙයම හේතුව වෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, ඡන්ද රාගයට යම් මේ ප්‍රිය අප්‍රිය යන විනිශ්චයක් වේ නම් මෙයම හේතුව වෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, ප්‍රිය අප්‍රිය විනිශ්චයට යම් මේ ලැබීමක් වේ නම් මෙයම හේතුව වෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, මෙහි ලැබීමට යම් මේ සෙවීමක් වේ නම් මෙයම මෙයම හේතුව වෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, මෙහි සෙවීමට යම් මේ තණ්හාවක් වේ නම් මෙයම හේතුව වෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, යම් මේ ස්පර්ශයක් වේ නම් මෙයම විඳීමට හේතුවෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, එබැවින් මෙහි ස්පර්ශයට යම් මේ නාමරූපයක් වේ නම්, එය ස්පර්ශයටම හේතුවෙයි. එයම මූල කාරණය වෙයි, එයම ඇතිවීමේ හේතුව වෙයි, එයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, මෙහි යම් මේ විඥානයක් වේ නම් නාමරූපයට මෙයම හේතුවෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

10. ´´ආනන්දය, මෙහි යම් මේ නාමරූපයක් වේ නම් විඥානයට මෙයම හේතු වෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය වේ.´´

´´ආනන්දය, විඥානය නාමරූපයට ප්‍රත්‍යය වීම, නාමරූපය විඥානයට ප්‍රත්‍යය වීම යන මෙපමණකින් උපදින්නේ හෝ දිරන්නේ හෝ මැරෙන්නේ හෝ චුත වන්නේ හෝ නැවත උපදින්නේ හෝ වෙයි. මෙපමණකින් සිරිවඩ්ඪක, ධනවඩ්ඪක යනාදී නාම මාත්‍රය පමණක් ඇති ව්‍යවහාරයට හේතු වේ. මෙපමණකින් ඒ ඒ අර්ථ ප්‍රකාශ කරන වචනයන්ට හේතු වෙයි. මෙපමණකින් ඒ ඒ අදහස් අඟවන නම්වලට හේතු වෙයි. මෙපමණකින් ප්‍රඥාවෙන් දත යුතු වෙයි. මෙපමණකින් විඥාන සහිතවූ නාමරූප දෙක මේ භවය පැණවීම පිණිස පවතී.

11. ´´ආනන්දය, කොපමණකින් ආත්මය පණවන තැනෙත්තේ පණවාද යත්, ආනන්දය, යමෙක් නොවඩන ලද කසිණ නිමිත්ත ආත්මයයි ගනීද, ඔහු රූප සහිත ස්වල්ප ආත්මයක් පණවන්නේ රූප සහිතවූ මගේ ස්වල්ප ආත්මයයි ප්‍රකාශ කරයි. ආනන්දය යමෙක් වඩන ලද කසිණ නිමිත්ත ආත්මයයි ගනීද, ඔහු රූප සහිතවූ කෙළවරක් නැති(??අනන්ත) ආත්මයක් ප්‍රකාශ කරන්නේ(??පණවන්නේ) රූප සහිතවූ මගේ කෙළවරක් නැති ආත්මයයි ප්‍රකාශ කරයි. ආනන්දය, අරූපීවූ ස්වල්ප ආත්මයක් පණවන්නේ මගේ අරූපීවූ ස්වල්ප ආත්මයයි පණවයි. ආනන්දය, අරූපීවූඅනන්ත ආත්මයක් පණවන්නේ මාගේ අරූපීවූ අනන්ත ආත්මයයි පණවයි(??ප්‍රකාශ කරයි)´´.

12. ´´ආනන්දය, ඒ සතර දෙනාගෙන් යම් කෙනෙක් රූප සහිතවූ ස්වල්ප ආත්මයක් ප්‍රකාශ කරමින් පණවාද ඔහු මෙලොව පමණක් ඇති පරලොවට නොයන හෝ පරලොවට යන්නාවූ රූප සහිතවූ ස්වල්ප ආත්මයක් හෝ පණවයි. කෙසේද යත්, ඔවුනොවුන් ඔවුනොවුන්ගේ (විද්‍යමාන) සත්‍ය නොවූවක් සත්‍ය බවට පමුණුවන්නෙමියි කියාය´´.

´´ආනන්දය, මෙවැනිවූ මේ රූප කසිණ ලාභී පුද්ගලයා කෙරෙහි ස්වල්පවූ ආත්මයක් ඇත යන දෘෂ්ටිය සන්තානගතව ඇත්තේයයි කීමට සුදුසුය´´.

13. ´´ආනන්දය, ඒ දෘෂ්ටිකයන් සතරදෙනා අතුරෙන් යම් කෙනෙක් රූප නැත්තාවූ ස්වල්ප ආත්මයක් ප්‍රකාශ කරන්නේ පණවාද, ඔහු මෙලොව පමණක් ඇති රූප නැත්තාවූ ස්වල්ප ආත්මයක් හෝ ප්‍රකාශ කරන්නේ පණවයිද, පරලොවට යන්නාවූ රූප නැත්තාවූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ කරන්නේ පණවයිද, කෙසේද යත්, ඔවුනොවුන් ඔවුනොවුන්ගේ අසත්‍යයක් සත්‍ය බවට පමුණුවන්නෙමියි´´ කියාය.

´´ආනන්දය, මෙබඳුවූ මේ අරූප ධ්‍යානලාභී පුද්ගලයා කෙරෙහි ස්වල්පවූ අරූප ආත්මයක් ඇත යන මේ ඇදහීම (දැකීම) සන්තානගතව නොනැසී පවතීය යන මෙය කීමට සුදුසුය´´.

14. ´´ආනන්දය, ඒ ඇදහීම් ඇත්තන් අතුරෙන් යම් ඒ කෙනෙක් රූප රහිතවූ කෙළවරක් නැති ආත්මයක් ප්‍රකාශ කරන්නේ පණවාද, ඔහු මෙලොව පමණක් ඇත්තාවූ හෝ පරලොවට යන්නාවූ හෝ රූප නැත්තාවූ කෙළවරක් නැතිවූ ආත්මයක් ප්‍රකාශ කරන්නේ පණවයි. කෙසේද? (??කෙසේද යත්,) ඔවුනොවුන් ඔවුනොවුන්ගේ අසත්‍යයක් සත්‍ය බවට පමුණුවන්නෙමියි´´ කියාය.

´´ආනන්දය, මෙබඳුවූ මේ අරූප ධ්‍යානලාභී තැනැත්තා (??පුද්ගලයා) කෙරෙහි කෙළවරක් නැති ආත්මයක් ඇත යන මේ ඇදහීම සන්තානගතව නැති නොවී(??නොනැසී) පවතීයයි කීමට සුදුසු වෙයි(??යන මෙය කීමට සුදුසුය)´´.

´´ආනන්දය, මෙපමණකින් ආත්මයක් පණවන තැනැත්තේ පණවයි´´.

15. ´´ආනන්දය, කොපමණකින් නම් ආත්මය නොපණවන්නේ නොපණවාද යතහොත්, ආනන්දය, රූප සහිතවූ ස්වල්ප ආත්මයක් හෝ නොපණවන්නේ ´රූප ඇත්තාවූ මාගෙ ස්වල්පවූ ආත්මයයි´ ප්‍රකාශ නොකරයි.´´

´´ආනන්දය, රූප සහිතවූ කෙළවරක් නැති ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ´රූප සහිතවූ මාගේ කෙළවරක් නැතිවූ ආත්මයයි´ ප්‍රකාශ නොකරයි.

´´ආනන්දය, රූප නැත්තාවූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ´රූප නැත්තාවූ මාගේ ස්වල්පවූ ආත්මයයි´ ප්‍රකාශ නොකරයි.´´

´´ආනන්දය, රූප නැත්තාවූ කෙළවරක් නැතිවූ ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ´රූප නැත්තාවූ මාගේ කෙළවරක් නැති ආත්මයයි´ ප්‍රකාශ නොකරයි.´´

16. ´´ආනන්දය, යම් අයෙක් රූපවත්වූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේප්‍රකාශ නොකරයිද, ඔහු මෙලොව පමණක් ඇති රූපවත්වූ ස්වල්පවූ ආත්මයක් හෝ ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයිද, පරලොවට යන්නාවූ රූපවත්වූ ස්වල්පවූ ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි. අසත්‍යයක් සත්‍ය බවට පමූණූවන්නෙමියි යන අදහසක් ඔහුට නැත්තේය.´´

´´ආනන්දය, මෙවැනිවූ රූප කසිණලාභී අය කෙරෙහි ස්වල්පවූ ආත්මයක් ඇත යන ඇදහීම සන්තානගතව නොපවතීයයි කීමට සුදුසුය.´´

´´ආනන්දය, ඒ ඇදහීම් ඇත්තන් අතුරෙන් යම් කෙනෙක් රූපවත්වු කෙළවරක් නැති ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයිද, ඒ අය එසේ මෙලොව පමණක් ඇත්තාවූ හෝ පරලෙවට යන්නාවූ හෝ රූපවත්වූ කෙළවරක් නැති ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි. ඔවූනොවුන් ඔවුනොවුන්ගේ අසත්‍ය සත්‍ය බවට පමූණූවන්නෙමි යන අදහසක් ඔහුට නැත.´´

´´ආනන්දය, මෙවැනිවූම මේ රූප ධ්‍යානලාභී පුද්ගලයා කෙරෙහි කෙළවරක් නැති ආත්මයක් ඇත යන මතය සන්තානගතව නොපවතී යන වචනය කීමට සුදුසුයි´´

´´ආනන්දය, ඒ ඇදහීම් ඇත්තන් අතුරෙන් යම් අයෙක් අරූපවත්වූ ස්වල්ප ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයිද, ඔහු මෙළොව පමණක් ඇත්තාවූ හෝ පරලොවට යන්නාවු හෝ අරූපවත් ස්වල්ප ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි. ඔවූනොවුන් ඔවුනොවුන්ගේ අසත්‍යයක් සත්‍ය බවට පමූණූවන්නෙමි යන අදහසක් ඔහුට නැත.´´

´´ආනන්දය, මෙවැනිවූම මේ අරූප ධ්‍යානලාභී පුද්ගලයා කෙරෙහි ස්වල්පවූ ආත්මය යන ඇදහීම (අනුසයනය) සන්තානගතව පැවැත්ම නොකෙරේයයි ඒ ඇදහීම සම්බන්ධව මේ වචනය කීමට සුදුසුයි´´

´´ආනන්දය, එහි යම් අයෙක් අරූපවත් ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයිද, මෙලොව පමණක් ඇත්තාවූ හෝ පරලොවට යන්නාවූ හෝ ඒ අරූපවත්වූ කෙලවරක් නැති ආත්මයක් ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි.ඔවූනොවුන් ඔවුනොවුන්ගේ අසත්‍ය සත්‍ය බවට පමූණූවන්නෙමි යන අදහසක් ඔහුට නැත.´´

´´ආනන්දය, මෙවැනිවූම මේ අරූප ධ්‍යානලාභී පුද්ගලයා කෙරෙහි කෙළවරක් නැති ආත්මයක් ඇත යන මතය සන්තානගතව නොපවතීයයි කීමට සුදුසු වෙයි. ආනන්දය, මෙපමණකින් ආත්මයයි ප්‍රකාශ නොකරන්නේ ප්‍රකාශ නොකරයි.´´

17. ´´ආනන්දය, කොපමණකින් නම් ආත්මය දෘෂ්ටි වශයෙන් දකින්නා දකීද යත හොත්, ආනන්දය, වේදනාව හෝ ආත්මයයි දකින්නා ´වේදනාව මගේ ආත්මයයි´ දකී. ආනන්දය,´වේදනාව මගේ ආත්මය නොවෙයි. මාගේ ආත්මය නොවිඳින ස්වභාව ඇත්තේ´යයි මෙසේත් ආත්මයයි දකින්නා දකී. ආනන්දය, ´වේදනාව මගේ ආත්මය නොවේමය. නොවිඳින ස්වභාවයද මගේ ආත්මය නොවේ. මගේ ආත්මය විඳිනු ලබයි. මගේ ආත්මය විඳීම ස්වභාව කොට ඇත්තේ´යයි මෙසේ ආත්මයයි දකින්නා දකී.

18. ´´ආනන්දය, එහි යමෙක් වේදනාව මගේ ආත්මයයි කියාද, ඔහුට මෙසේ කිය යුතු වන්නේය.ඇවැත්නි, මේ මේ වේදනා තුනක් වෙත්. සැප වේදනාවය,දුක් වේදනාවය උපෙක්‍ෂා (සැප හෝ දුක නුවූ) වේදනාවය යන මොව්හුයි.මේ තුන් වේදනා අතුරෙන් කවර නම් වේදනාවක් ආත්ම වශයෙන් දකීදැයි ඇසිය යුතුය. ආනන්දය, යම් කලක සැප විඳීමක් ලබාද එකල දුක් විඳීමක් නොලබයි.උපෙක්‍ෂා වේදනාවක් නොලබයි.ඒ කාලයෙහි සැප විඳීමක්ම විඳී, යම් කලක දුක් විඳීමක් විඳීද, එකල සැප විඳීමක් නොවිඳීමය. දුක් විඳීමක්ම විඳී. ආනන්දය, යම් කලක උපෙක්‍ෂා වේදනාවක් විඳීද, එකල සැප විඳීමක් නොවිදී,දුක් විඳීමක්ද නොවිදී ඒ කාලයෙහි උපේක්‍ෂා වේදනාවක්ම විඳී.

19. ´´ආනන්දය,සැප විදීමද හෝ දුක් විදීම හෝ දුක්ද නොවු සැපද නොවු විදීම හෝ අනිත්‍යයි.ඒ ඒ කාරණයන්ගෙන් රැස්වන ලද්දේය.ප්‍රත්‍යය හේතුවෙන් උපන්නීය.ගෙවීයාම ස්වභාවකොට ඇත්තීය.වැනසීම ස්වභාවකොට ඇත්තීය.නොඇලීම ස්වභාවකොට ඇත්තීය.නිරොධය (නැතිවීම) ස්වභාවකොට ඇත්තීය.ඒ සැප වේදනාව විදින්නාහට මෙය මගේ ආත්මයයි සිතෙයි.ඒ සැප විදීම නැතිවීමෙන්ම මගේ ආත්මය පහව ගියේයයි අදහස් වෙයි.දුක් විදීමක් විදින්නාටද එසේමය.දුක්ද නොවු සැපද නොවු විදීමක් විදින්නාහටද එසේමය.මෙසේ ඒ පුද්ගලයා මේ ආත්මයේදීම අනිත්‍යවූ සැප දුක් වන්නාවූද ඒ ඒ දෙකින්ම මිශ්‍රවුද,ඉපදීම හා වැනසීම ස්වභාවකොට ඇතිවූවක් ආත්මයයි මෙසේ කියයිද,ආනන්දය,එහෙයින් මේ දැක්වූ කාරණයෙන්ද වේදනාව මගේ ආත්මයයි දැකීමට සුදුසු නොවේ.

20. ´´ආනන්දය,යම් ඒ කෙනෙක් වේදනාව මගේ ආත්මය නොවේමය.මගේ ආත්මය විදින ස්වභාවයක් නැත්තේයයි මෙසේ කියයිද,ඔහු මෙසේ කියයුතු වන්නේය.

´´ඇවැත්නි,යම් තැනක සියලු ආකාරයෙන් විදීමක් නැත්තේද කිමෙක්ද? එහි මම වෙමියි යන මේ අදහස වන්නේදැයි´´ කියායි.

´´ස්වාමීනි,මේ කාරණය නොවේමය.´´

´´ආනන්දය,එහෙයින් මෙහි මේ කාරණයෙන්ද වේදනාව මගේ ආත්මය නොවේමය.මගේ ආත්මය විදින ස්වභාව නැත්තේයයි දැකීමට සුදුසු නොවේ.

21. ´´ආනන්දය,යම් ඒ කෙනෙක් මෙසේ කියයිද, ´විදීම මගේ ආත්මය නොවෙයි.මගේ ආත්මය නොවිදින ස්වභාවයද නොවේ.මගේ ආත්මය ව්දිනු ලබයි.මගේ ආත්මය විදීම ස්වභාවකොට ඇත්තේය´ කියායි.ඔහු මෙසේ කියයුතු වන්නේය.

´´ඇවැත්නි,විදීම සියලු ස්වභාවයෙන්,සියලු ආකාරයෙන් ස්ම්පූර්ණයෙන් නිරුධ(නැති) වන්නේ නම් සියලු ආකාරයෙන් විදීම නැති කල්හි වේදනා නිරොධයෙන් ඒ විදීම කෙරෙහි මම වෙමියි යන දැකීමක් කිමෙක්ද වන්නේදැයි විචාළේය.

´´ස්වාමීනි,මේ කාරණය නොවේමය´´

´´ආනන්දය,එහෙයින් මේ කාරණයෙන්ද මෙහි විදීම මගේ ආත්මය නොවෙයි.විදින ස්වභාවයද මගේ ආත්මය නොවෙයි.මගේ අත්මය විදිනු ලබයි.මගේ ආත්මය විදීම ස්වභාවකොට ඇත්තේයයි දැකීමට සුදුසු නොවේ.

22. ´´ආනන්දය,යම් හෙයකින් භික්‍ෂුතෙම වේදනාව ආත්මයයි නොදකීද, නොවිදින ස්වභාව ආත්මයයි නොදකීද,ආත්මය විදිනු ලබයි,මාගේ ආත්මය විදීම ස්වභාවකොට ඇත්තේය´´ කියා නොදකීද,මෙසේ නොදක්නාවු හෙතෙමේ ස්කන්ධ සමූහයක් වුත් මේ ලෝකයෙහි රූපාදී කිසිවක් ආත්මයයි වරදවා නොගනී,එසේ නොගන්නා තැනැත්තේ කිසිවක නොඇලෙයි. නොඇලෙන්නේ තමන්ම ක්ලේශයන්ගෙන් මිදීම කෙරේ.ජාතිය (උත්පත්තිය) නැතිවිය.උතුම් හැසිරීම වැස නිමවන ලද්දේය,කටයුතු කොට නිමවන ලද්දේය.මේ සදහා මෙයින් මතු කළ යුත්තක් නැතැයි දැනගනී.

´´ආනන්දය,මෙසේ ක්ලේශයන් කෙරෙන් මිදුනු සිත් ඇත්තාවූ භික්‍ෂුවට යමෙක් සත්වයා මරණින් මතු වේයයි මෙසේ කියන්නේද, එසේ ක්ලේශයන් කෙරෙන් මිදුනාවු යම් අරහත් කෙනෙක් වේද,උන්වහන්සේට මෙවැනි ඇදහිල්ලක් (දැකීමක්) වේයයි කියන්නට සුදුසු නොවෙයි´´ කීවෝය. සත්වයා මරණින් මතු නොවේයයි, සත්වයා මරණින් මතු වන්නේද නොවන්නේද නොවේයයි, සත්වයා මරණින් මතු නොවේමය,නොවන්නේත් නොවේයයි,ඒ රහතන් වහන්සේට මෙවැනි ඇදහීම් වේයයි කියන්ට සුදුසු නොවෙයි කීවෝය.ඊට හේතුව කවරේද යත්? ආනන්දය,ව්‍යවහාර යම් පමණ ඇත්තේද යම් පමණ ව්‍යවහාරයට හේතු ඇත්තේද,යම් පමණ අර්ථවත් වචන ඇත්තේද,යම් පමණ (අර්ථවත් වචන වලට) හේතු ඇත්තේද,යම් පමණ පැනවීම් ඇත්තේද යම් පමණ පැනවීම් වලට හේතු ඇත්තේද,යම් පමණ නුවණ ඇත්තේද,නුවණින් බැසගතයුතු කරුණු යම් පමණ ඇත්තේද යම් පමණ සංසාරය වේද යම් පමණ සංසාර චක්‍රය පවතීද ඒ සියල්ල උසස් ඥනයෙන් දැනගෙන භික්‍ෂුතෙම ක්ලේශයන් කෙරෙන් මිදුනේද,එහෙයින් ඒ සියල්ල උසස් ඥානයෙන් දැනගෙන කෙලෙසුන් කෙරෙන් මිදුනු භික්‍ෂුතෙම නොදනී,නොදකී.රහතන් වහන්සේට මෙවැනි ඇදහීමක් (දැකීමක්) වේයයි කියන්නට සුදුසු නොවෙයි´´ කීවෝය.

23 ´´ආනන්දය,විඥාන පිහිටන තැන් හතක් වෙත්.ආයතන (සත්ව වාසස්ථාන) දෙකක් වෙත්.ඒ විඥාන පිහිටන තැන් හත නම්, ආනන්දය, නොයෙක් ශරීර ඇත්තාවුද නොයෙක් ප්‍රතිසන්ධි විඥාන ඇත්තාවූද සත්වයෝ ඇත්තාහ.එනම් මනුෂ්‍යයෝද සමහර දෙවියෝද සමහර (විනිපාතික) සැපයෙන් අඩුවූ ප්‍රේතයෝද යන මොව්හුය. මේ පළමුවෙනි විඥාන පිහිටන තැනයි. ආනන්දය,නොයෙක් ශරීර ඇති එක සංඥාවක් (ප්‍රතිසන්ධි විඥානයක්) ඇත්තාවුද සත්වයෝද ඇත්තාහ. එනම් ප්‍රථම ධ්‍යානයෙන් උපන්නාවූ ප්‍රථමධ්‍යානතල වාසී දෙවියෝයි.මේ දෙවෙනි විඥාන පිහිටන තැනයි.

´´ආනන්දය, සමාන ශරීර ඇත්තාවු නොයෙක් සංඥ(ප්‍රතිසන්ධි විඥාන) ඇත්තාවු සත්වයෝ ඇත්තාහ. එනම් ද්වීතීයධ්‍යාන තල වාසීවු ආභාශ්වර දෙවියෝය, මේ තුන්වෙනිවු විඥාන පිහිටන තැනයි.´´ආනන්දය සමාන ශරීර ඇත්තාවූද එකක්වු සංඥා (ප්‍රතිසන්ධි විඥාන) ඇත්තාවූද සත්වයෝ ඇත්තාහ. එනම් තෘතීය ධ්‍යාන තලවාසී පරිත්ත සුභ, සුභකිණ්ණක යන ශුභකීර්ණක දෙවියෝයි. මේ හතරවෙනි විඥාන පිහිටන තැනයි. ආනන්දය, සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන් (ප්‍රතිඝ) ගැටීම් සහිත සංඥාවන්ගේ දුරලීමෙන් නොයෙක් ආකාර සංඥාවන්ගේසිහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ගෙන ආකාශානඤ්චායතන භුමියට පැමිණියාවු සත්වයෝ ඇත්තාහ. මේ පස්වෙනි විඥාන පිහිටන තැනයි. ආනන්දය, සියලු ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි වඩා විඤ්ඤාණඤ්චායතන භුමියට පැමිණි සත්වයෝ ඇත්තාහ. මේ හයවෙනිවූ විඥාන පිහිටන තැනයි. ආනන්දය, සියලු ආකාරයෙන් විඤ්ඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි භාවනා වඩා ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවු සත්වයෝ ඇත්තාහ. මේ සත්වෙනි විඥාන පිහිටන තැනයි, අසංඥසත්ව බ්‍රහ්ම ලෝකය පළමුවෙනි (ආයතනය) සත්වවාසය වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දෙවෙනි (ආයතනය) සත්ව වාසය වෙයි.

24. ´´ආනන්දය, ඒ විඥාන පිහිටන තැන් හත අතුරෙන් නොයෙක් ශරීර හා නොයෙක් සංඥා ඇත්තාවුද යම් මේ ප්‍රථම විඥාන පිහිටන තැනක් වේද ඒ නම් මනුෂ්‍යයෝද සමහර දෙවියෝද සමහර (විනිපාතික) සැපයෙන් අඩු ප්‍රෙතයෝද යන මොව්හුයි.´´

´´ආනන්දය, යමෙක් ඒ පළමුවැනි දෙවෙනි,තුන්වෙනි ආදී වශයෙන් හත්වෙනි විඥාන පිහිටන තැන් දනීද ඒ විඥාන පිහිටන තැන පහළවීමට හේතුව දනීද, එහි නැතිවීම දනීද, එහි සැපය දනීද,මිදීම දනීද, ඔහු විසින් ඒ විඥානය පිහිටන තැන පිළිබදව මමය මාගේයයි ගෙන සතුටුවීම කිමෙක යුතුදැයි ඇසුවෝය,,

´´ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය,

´´ආනන්දය, ඒ විඥාන පිහිටන තැන් හත අතුරෙන් යම් මේ සත්වෙනි විඥාන පිහිටන තැනක් වේද,එනම් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය ඉක්මවා කිසිවක් නැතැයි නාස්තිභාව ප්‍රඥප්තිය වඩා ආකිඤ්චඤ්ඤායතන ලෝකයට පැමිණියාවූ දෙවියෝ වෙත්ද,

´´ආනන්දය, යමෙක් එය දනීද, ඊට හේතුවත් දනීද, එහි විනාශයත් දනීද, එහි සැපයත් දනීද, එහි දෝෂයත් දනීද, එයින් මිදීමක් දනීද, ඔහු විසින් එය මමය මාගේයයි ගෙන සතුටුවීම කිමක සුදුසුදැයි, ඇසුවෝය.

´´ආනන්දය, ඒ සත්වාවාස අතුරෙන් අසඤ්ඤසත්තායතන නම් වූ යම් සිත නැති බඹලොවක් වේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතන නම් සිත ඇතැයිද නොකියයුතු නැතැයිද නොකියයුතු බඹලොවක් ඇත්තේද ආනන්දය, යමෙක් එය දනීද ඊට හේතුවත් දනීද එහි විනාශයත් දනීද, එහි සැපයත් දනීද, එහි දෝෂයත් දනීද, එයින් මිදීමත් දනීද ඔහු විසින් එය මෙය මාගේයයි ගෙන සතුටුවීම කීමෙක යුතුදැයි, ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය,

´´ආනන්දය, යක් කලක භික්‍ෂුතෙම මේ විඥාන විහිටි තැන් හතේද, මේ දෙකක්වූ ආයතනයන්ගේද පහළවීමට හේතුවද, විනාශයද, සැපයද මිදීමද ඇතිසැටියෙන් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, ආනන්දය, මේ භික්‍ෂුතෙම ප්‍රඥාව හේතුකොටගෙනකෙලෙසුන් කෙරෙන් මිදුනේයයි කියනු ලැබේ.´´

25. ´´ආනන්දය, මේ විමෝක්‍ෂ ධර්ම (සතුරු ධර්ම කෙරෙන් මිදීම) අටක් වෙත්. කවර නම් අටක්ද යත්-

තමාගේ හිසකෙස්වල වර්ණාදියෙන් ලබන ලද නීල කසිනාදියෙන් උපදවාගත් රූප ධ්‍යාන ඇත්තෙක්ව බාහිර රූපයන් දකීද, මේ පළමුවෙනි විමෝක්‍ෂය (සතුරු ධර්මවලින් මිදීම) යි. තමාගේ හිසකෙස්වල වර්ණාදියෙන් උපදවාගත් රූප ධ්‍යාන නැත්තෙක්ව බාහිර රූපයන් දකීද, මේ දෙවැනි විමෝක්‍ෂය (සතුරු ධර්මවලින් මිදීම) යි. පිරිසිඳුවූ නීලාදී කසිනයක් අරමුණු කොට වාසය කරයිද මේ තුන්වැනි විමෝක්‍ෂයයි. සියලු ආකාරයෙන් රුප හැඟීම ඉක්මවා ගැටීම සහිත හැඟීම් දුරු කිරීමෙන් නොයෙක් සංඥා නොමෙනෙහි කිරීමෙන් අනන්ත ආකාශය අරමුණුකොට ආකාශානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ සතරවැනි විමෝක්‍ෂය (මිදීම) යි. සියලු ආකාරයෙන් අනන්ත ආකාශය ඉක්මවා එම අනන්ත විඤ්ඤාණය අරමුණුකොට විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ පස්වැනි විමෝක්‍ෂය (මිදීම) යි. සියලු ආකාරයෙන් අනන්ත විඤ්ඤාණය ඉක්මවා ඒ විඤ්ඤාණයාගේ කිසිවක් නැතිබව අරමුණුකොට ආකිඤ්චඤ්ඤායතනයට ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ සයවැනි විමෝක්‍ෂය (මිදීම) යි. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ සත්වැනි විමෝක්‍ෂය (මිදීම) යි. සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා චිත්ත චෛතසිකයන්ගේ නිරෝධයට (නිරෝධ සමාපත්තියට) පැමිණ වාසය කරයි. මෙය අටවැනි විමෝක්‍ෂයයි.ආනන්ද, මේ වනාහි අටවැදෑරුම් විමෝක්‍ෂයෝය.

26. ´´ආනන්දය, භික්‍ෂුතෙමේ මේ විමෝක්‍ෂ අවට මුල සිට අග දක්වාද සමවදියි (පැමිණ වාසය කරයි). අගසිට මුල දක්වාද සමවදියි. මුල සිට අග දක්වාද අගසිට මුල දක්වාද සමවදියි. කැමති තැනම කැමති සමාපත්තියකට කැමතිතාක් කල් සමවදින්නේද වෙයි. නැගිටින්නේද වෙයි. ආශ්‍රව ධර්මයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව නැති සමාධි සිතින් විඳීමද ප්‍රඥාවෙන් මිදීමවන අර්හත්ඵලය මේ ආත්මයෙහිම තම විශේෂ ඥානයෙන් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරයි.

ආනන්දය, මේ භික්‍ෂුව අරූප සමාපත්තිය කරණකොට ගෙන රූප කයින්ද, මාර්ගය කරණකොට ගෙන කාම කයින්ද යන දෙකොටසින් මිදුණු (උභතොභාග විමුත්ත) පුද්ගලයා යයි කියනු ලැබේ. මේ නාම රූප දෙපසින් මිදීමට වඩා උතුම්වූද ප්‍රණීතවූද අන් මිදීමක් නම් නැත්තේය´´.

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළසේක. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දේශනාව සතුටින් පිළිගත්තේය.

(පසළොස් වෙනිවූ මහා නිදාන සූත්‍රය නිමියේය)