34. දසුත්තර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නම් නුවර සමීපයෙහිවූ ගර්ගරා නම් පොකුණු තෙර අසල පන්සියයක් පමණවූ මහත්වූ භික්‍ෂු සංයා හා සමග වාසය කළාහුය. එකල්හි අයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම මේ සූත්‍රය වදාළේය.

´´සියලු දුක් කෙළවර කිරීමෙන් නිවන් ලැබීම පිණිස විෂම ලොභය ආදී සියලු බැමි විඳින්නාවූ දසුත්තර ධර්මය හෙවත් කරුණු එකේ පටන් දසය දක්වා ඇති ධර්මය දෙශනා කරමි. ඇවැත්නි, එක ධර්මයක් බොහෝ උපකාර වන්නේය.´´

2. කුශල ධර්මයන්හි අප්‍රමාද වීම නම් මේ එක ධර්මය බොහෝ උපකාර වන්නේය. සැපයෙන් යූක්තවු කායගතා සතිය හෙවත් ශරීරය පිළිබඳ සිහිනය, වැඩිය යුත්තේය. කාමාදී කෙලෙස්වලට හා උපාදානයන්ට (දැඩි ගැනීම්වලට) හේතුවු ස්පර්ශය පිරිසිඳ දතයුත්තේය. මමය මගේය යන අස්මිමානය දුරු කටයුත්තේය. නුනුවණින් කල්පනා කිරීම පිරිහීම පිණිස පවත්නේය. නුවණින් කල්පනා කිරීම විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේය. ආනන්තරික චිත්ත සමාධිය (විදර්ශනාවට අනතුරුව ලැබෙන) දුකසේ අවබෝධ කටයුත්තේය. ප්‍රත්‍යාවේක්‍ෂණ ප්‍රඥාව මාර්ග ඵලාදිය සලකා බලන නුවණ ඉපදවිය යුත්තේය. සියලු සත්වයන් ආහාරය නිසා පවත්නා බව විශේෂ නුවණින් දත යුත්තේය. නොසෙල්විය හැකි චිත්ත විමුක්තියයි කියන ලද අර්හත් ඵල වමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කටයුත්තේය.

3. සිහිය හා නුවණ මේ ධර්ම දෙක බොහෝ උපකාර වන්නාහුය. සමථය හා විදර්ශනාව වැඩිය යුත්තාහුය. නාමය හා රූපය පිරිසිඳ දතයුත්තාහුය. අවිද්‍යාව හා භව ආශාව දුරු කටයුත්තාහුය. අකීකරු බව හා පවිටු මිත්‍රයන් ඇති බව පිරිහීම පිණිස පවත්නාහුය. කීකරු බව හා යහපත් මිත්‍රයන් ඇති බව ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුය. සත්වයන්ගේ කෙලෙසීමට හේතු ප්‍රත්‍යය හා සත්වයන්ගේ පිරිසිදු බවට හේතු ප්‍රත්‍යය යන දෙක දුකසේ අවබෝධ කටයුත්තාහුය. ක්‍ෂයඥානයද, අනුත්පාද ඥානයද ඉපිදවිය යුත්තාහුය. පඤ්චස්කන්ධයද නිර්වාණයද විශේෂ නුවණින් දතයුත්තාහුය. විද්‍යා තුන හා රහත් ඵලය යන දෙක ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහුය.

4. සත්පුරුෂයන්ගේ ආශ්‍රය, බණ ඇසීම, ධර්මයට අනුව පිළිපැදීම යන ධර්ම තුන බොහෝ උපකාර වන්නාහුය.

සමාධි තුනය. (එනම්) විතර්ක විචාර සහගත (ප්‍රථම ධ්‍යාන) සමාධිය, විතර්ක නැති විචාරය පමනක් ඇති (ද්විතීය ධ්‍යාන) සමාධිය, විතර්ක විචාරය දෙකම නැති (තෘතීය,චතුර්ථ,පඤ්චම ධ්‍යාන) සමාධිය යන තුනය. මේ ධර්ම තුන වැඩිය යුත්තාහුය.

සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, උපේක්‍ෂා වේදනාවය යන තුන පිරිසිඳ දතයුත්තාහුය.

කාමතෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභවතෘෂ්ණාවය දුරු කටයුත්තාහුය.

ලෝභ, දෝස, මෝහ අකුසල මූලය පිරිහීම පිණිස පවත්නාහුය. අලෝභ, අදෝස, අමෝහ කුසල මූලය විශේෂභාගී වන්නාහුය.

කාමයන්ගෙන් එතෙරවීමයයි කියන ලද අනාගාමී මාර්ගය, රූපයන්ගෙන්එතරවීමයයි කියන ලද අර්හත් මාර්ගය, සියලු සංස්කාරයන්ගෙන් එතෙර වීමයයි කියන ලද අර්හත් ඵලය යන මේ තුනය. දුකසේ අවබෝධ කටයුත්තාහුය.

අතීත වර්තමාන අනාගත ස්කන්ධ කොටස් දන්නා නුවණය. ඉපදවිය යුත්තාහුය.

කාමධාතුය, රූපධාතුය, අරූපධාතුය යන තුන නුවණින් දත යුත්තාහුය.

පෙර විසු ස්කන්ධයන් දන්නා නුවණ නැමැති විද්‍යාවය සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ නැමැති විද්‍යාවය. අශ්‍රවයන් ක්‍ෂය කරන නුවණ නැමැති විද්‍යාවය යන තුන ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහුය.

5. චක්‍ර හතරය (එනමි) සුදුසු ප්‍රදේශයෙහි වාසය කිරීමය, සත්පුරුෂයන් සේවනය කිරීමය, තමා හොඳ මගෙහි පිහිටීමය, පෙර කළ පින් ඇතිබවය යන මෙි සතර ධර්මයෝ බොහෝ උපකාර වන්නාහුය.

සතර සතිපට්ඨාන ධර්මයෝ එනම් මහණ තෙමේ තම ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව

මහනතෙමේ වීර්යය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව වේදනාවන්හී ලොභයද කරන ක්‍රෝධයද සංසිඳුවා ගෙන වේදනාවන්හී වේදනා අනුව දක්නා ස්වභාව ඇතිව මහණතෙමේ සිතෙහි සිත අනුව දක්නා ස්වභාව ඇතුව වාසය කරයි.

´´ධර්මයන්හි ධර්මයන් අනුව දකින ස්වභාව ඇත්තේ පඤ්චස්කන්ධ ලෝකයෙහි ලොභ දොෂ දෙදෙන දුරුකොට කෙලෙස් තවන වීර්යයෙන් හා හොඳ නුවණින් යුක්තව සිහි ඇතිව වාසය කරයි. මේ සතිපට්ඨාන ධර්ම සතර වැඩිය යුත්තාහුය.

පිඩුකොට බුදින්නාවු ආහාරයය ස්පර්ශ ආහාරයය මනෝ සඤ්චේතන ආහාරයය විඥාන ආහාරයය යන මේ සතර ධර්මයෝ පිරිසිඳ දතයුත්තාහුය.

ඔ, කාම, භව, දෘෂ්ටි, අවිද්‍යා යන සැඩපහර සතර දුරු කටයුත්තාහුය.

කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්‍යායෝගය යන මේ සතර පිරිහීම පිණිස පවත්නාහුය.

කාම භව දෘෂ්ටි අවිද්‍යායෝගයන්ගෙන් මිදීමය ගුණ විශෙෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුය. හානභාගියසමාධිය, ඨතිභාගියසමාධිය, විශේෂභාගියසමාධිය, නිර්වේදභාගියසමාධිය යන මේ සමාධි සතර දුකසේ අවබෝධ කටයුත්තාහුය.

චතුස්සත්‍යය දක්නාවු මාර්ගඥාන හා ඵලඥාන චතුස්සත්‍යය දක්නාවු ඥානය, අනුන්ගේ සිත් පිරිසිඳ දැනගන්නා ඥානය, අවශේෂ ඥාන යන සතරය. මේ සතර ධර්මයෝ ඉපදවිය යුත්තාහුය.

දුක්ඛ සත්‍යය, දුක්ඛසමුදය සත්‍යය, දුක්ඛනිරෝධ සත්‍යය, දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්ය සත්‍යය යන මේ සතර විශේෂ නුවණින් දතයුත්තාහුය.

සෝවාන්ඵලය, සකෘදාගාමීඵලය, අනාගාමීඵලය, අරහත්ඵලය යන සතර අවබෝධ කටයුත්තාහුය.

6. ´´කවර නම් ධර්ම පහක් බොහෝ උපකාර වන්නාහුද? මහනතෙමේ ශ්‍රඞාව ඇත්තෙක් වේද?

තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධිය අදහන්නෙක් වෙයි. ආබාධ රහිතයෙක් වෙයි. තමා පිළිබඳ කරුණු ඇති සැටියෙන් ප්‍රකාශකරන, කපටිනොවු රැවටිලි නැත්තෙක් වෙයි. බලවත් උත්සාහයෙන් යුක්තව කුසල ධර්මයෙහි අත්නොහරිනලද වීර්යය ඇතිව පටන්ගන්නා ලද වීර්යය ඇත්තෙක් වෙයි. උතුම්වු කලකිරීම ඇතිකරන්නාවු, මනාකොට දුක් නැතිකිරීමට පමුනුවන්නාවු ඇතිවීම හා නැතිවීම දන්නා විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තවුවෙක් වන්නේය. මේ පස්වැදෑරුම් ධර්මයෝ බොහෝ උපකාර වන්නාහුය.

අංග පසකින් යුත් සම්‍යක් සමාධිය, ප්‍රථම ද්විතීය ධ්‍යනය දෙක්හී ප්‍රඥාවය (සැප පතුරවමින් පහළවන ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යානයන්හී ප්‍රඥාවය පරසිත් දන්නා නුවණ දිවසැප ප්‍රත්‍යවෙක්‍ෂණ නිමිත්තය (සලකා බලන නුවණ) යන මේ ධර්ම පස වැඩිය යුත්තාහුය.

රූප වේදනා සංඥා සංස්කාර විඥාන උපදානස්කන්ධය ධර්ම පස පිරිසිඳ දත යුත්තාහුය.

කාමජන්ද ක්‍රෝධ ථිනමිද්ධ උද්ධච්ච කුක්කුච්ඡ විචිකිච්චා නීවරණය යන මේ ධර්ම පස දුරුකටයුත්තාහ.

සිතෙහි හැනෙන උල්වැනි ධර්මයෝ

(1)යම් භික්‍ෂුවක් ශාස්තෲන්වහන්සේ කෙරහි සැක කෙරේද, කුකුස් උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදීද, බැසනොගනීද වෙයි.

(2)ධර්මයෙහි සැක කෙරේද, (3)සංයා කෙරෙහි සැක කෙරේද, (4)ශික්‍ෂාවෙහි සැක කෙරේද, (5)එකට වසන භික්‍ෂූන් කෙරෙහි කිපී සිත් ඇත්තේ ක්‍රෝධයෙන් යුත් සිත් ඇත්තේ ඔහුගේ සිත් භාවනාවෙහි නොනැමේද මේ ධර්ම පස පිරිහීම පිණිස පවත්නාහුය.

ශ්‍රඞා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ ධර්ම පස විශේෂ ගුණයට පැමිණීම පිණිස වන්නාහුය.

කාමයන්හි මෙනෙහි කරන්නාවූද, භික්‍ෂූහුගේ සිත ඒ කාමයන්හී පෙරටුව ගමන් නොකරන්නේද කාමයන්ගෙන් මිදුනේවේ. ව්‍යාපාදයෙන් මිදුනේවේ. හිංසා කිරීමෙන් මිදුනේවේ. හිංසා කිරීම කරන්නේද නොපහදින්නේද ඔහු රූපයන්ගෙන් නොමිදුනේ වෙයි.

මේ ධර්ම පස දුකසේ අවබෝධ කටයුත්තාහුය.

(1)ඥාන පහක් ඇති මේ සමාධිය මේ ආත්මයෙහි සැපද මතු සැප විපාකද ඇත්තේ තමා තුලම ඥානය ඇතිවෙයි

(2)මේ සමාධිය කෙලෙස් වලින් දුරුවූ හෙයින් ආර්ය යයිද

(3)තණ්හාවෙන් දුරුවූ හෙයින් නිරාමිෂයයිද තමා තුලම දැනීම ඇතිවෙයි.

(4)මේ සමාධිය උතුම් පුරුෂයන් විසින් සේවනය කරන ලද්දේයයි තමන් තුලම දැනීම ඇතිවෙයි.

(5)මේ සමාධිය ශාන්තය, ප්‍රණීතය, සංසිඳීමෙන් ලබන ලද්දේය, එකඟබවෙන් ලබන ලද්දේය තමා තුලම දැනීම ඇතිවෙයි.

ශාස්තෲන්වහන්සේ ගෙන් හෝ ගරුතන්හී සිටියාවූ එක්තරා භික්‍ෂු නමකගෙන් ධර්මයෙහි අර්ථය දැනගන්නේ වෙයිද මේ පළමු වන මිදීමෙී හේතුවයි.

´´භික්‍ෂු තෙම ඇසූ පරිදි දැනගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද ධර්මය අනුන්ට දේශනාද නොකරයි. එහෙත් ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි.(නැවත නැවත කියයි).

මහණ තෙමේ ඇසූ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයිද ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද,

මහණ තෙම ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය සිතින් කල්පනා කෙරේද, විමසා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද, දේශනා පාළිය දැනගත්තේද වෙයි.

යම් යම් පරිද්දකින් භික්‍ෂුව විසින් එක්තරා සමාධි නිමිත්තක් හොඳින් උගන්වනලද්දේ, හොඳින් මෙනෙහි කරන ලද්දේ, හොඳින් සලකා බලන ලද්දේ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ වේද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද දේශනා පාළිය දැනගත්තේද වෙයි. අර්ථය දැනගත්තාවූද දේශනා පාළිය දැනගත්තාවූද ඔහුට සතුට ප්‍රීතිය උපදවයි. නාමකය සංසිඳේ, සැපය විඳියී. සැප ඇත්තහුගේ සිත එකඟවෙයි. මේ විඳීමේ හේතු ධර්ම පස විශේෂ නුවණින් දතයුත්තාහුය.

ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය, විමුක්තිස්කන්ධය (ඵලඥාන), විමුක්තිඥානදර්ශනස්කන්ධය (ප්‍රත්‍යාවේක්‍ෂාඥාන) යන පසය, මේ ධර්ම පස තමාම දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහුය.

7. සිහිකටයුතු ධර්ම සදෙනෙක් වෙත්. මහණහු විසින් මෛත්‍රි සහගත කායකර්මය, වාක් කර්මය, මනෝ කර්මය පවත්වන ලද්දේ වෙයිද,

භික්‍ෂුවට ධාර්මිකවූ දැහැමින් ලැබුනු යම් ඒ ලාභයෝ එක්ව මහණ දම් පුරණ සිල්වතුන් සමග බෙදා සාධාරණකොට වළඳන්නෙක් වන්නේද,

මහණතෙම දාස තෘෂ්ණාදියෙන් නොබැඳුණු සමාධිය පිණිස පවත්නාවූ යම් මේ ශිලයෝ වෙත්ද, එබඳු ශීලයන්හී එකට මහණදම් පුරණ භික්‍ෂූන් ඉදිරියෙහිද නොඉදිරියෙහිද ශීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද,

මහනතෙම දුක් නැතිකිරීම පිණිස පවත්නා යම් ඒ දෘෂ්ටියක් ඇත්තීද, දෘෂ්ටියෙන් සම බවට පැමිණ වාසය කරයිද, මේ ධර්ම සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, අවිහිංසාව පිණිසද, සමගිය පිණිසද, එක්වීම පිණිසද පවතී.

බුඞානුස්මෘතිය, ධර්මානුස්මෘතිය, සංානුස්මෘතිය, ශීලානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දෙවතානුස්මෘතිය, යන මේ ධර්ම සය වැඩිය යුත්තාහුය.

චක්‍ෂු, ශ්‍රොත, ාණ, ජිව්හා, කාය, මනස් ආයතනය යන මේ ධර්ම සය පිරිසිඳ දත යුත්තාහුය.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම තෘෂ්ණාවය යන මේ ධර්ම සය දුරු කටයුත්තාහුය.

මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, ආමිස ධම්ම යන දෙවැදෑරුම් පටිසන්ථාරයෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, ආමිස ධම්ම යන දෙවැදෑරුම් පටිසන්ථාරයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි යන මේ ධර්ම සය ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහ.

යම් මෛත්‍රී සමාධියක් වේද මෙය ක්‍රෝධයාගේ නිස්සරණය වේ (ක්‍රෝධයෙන් මිදීම වෙයි). එසේම කරුණාහිත වනාහි හිංසා කිරීමෙන් මිදීමයි. එසේම මුදිතා සමාධිය නොඇල්මෙන් මිදීමයි. එසේම උපේක්‍ෂා සමාධිය රාගයාගේ මිදීම වේමැයි. අර්හත් ඵල සමාපත්තිය එසේම සියලු නිමිත්තයන්ගේ මිදීම වේමය. එසේම මම වෙමියි යන හැඟීමේ මුල් සිඳීමක් වේද, එය කෙසේද කෙසේදැයි ගන්නා විචිකිච්චා සල්ලයාගේ මිදීම වේමැයි මේ සය දුකසේ අවබෝධ කටයුත්තාහ.

මහණතෙම ඇසින් රූපයක් දැක, කණින් ශබ්දයක් අසා, නැහයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය දැන, සිතින් ධර්ම අරමුණ දැන සතුටුද නොවෙයි. නොසතුටුද නොවෙයි. උපෙක්‍ෂාවෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරයි. මේ ධර්මය සය ඉපදවිය යුතුය.

උතුම් දැකීම්, උතුම් ඇසීම්, උතුම් ලැබීම්, උතුම් හික්මීම්, උතුම් උපස්ථාන, උතුම් සිහිකිරීම් යන මේ ධර්ම සය ඉතා හොඳ නුවණින් දත යුත්තාහුය.

(මෙහි සාමඤ්ඤඵල සූත්‍රයේ 53 පිටේ ඡේද 55-58 යොදන්න. ´´මහරජ,´´ කියන කොටස් අත්හැරිය යුතුයි.)

කාමාදී ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවු චිත්ත විමුක්තියද, චිත්ත ප්‍රඥා විමුක්තියද, මේ ආත්මයෙහි තෙමේ ඉතා හොඳ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වාසය කරන්නේය. මේ ධර්ම සය ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහුය.

8. ග්‍රඞා, සීල, හිරි, ඔත්තප්ප (බිය), ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා ධනය මේ ධර්ම සත බෝහෝ උපකාර වන්නාහුය.

ස්මෘති, ධර්මවිචය, වීර්යය, ප්‍රීති, පස්සඬි, සමාධි, උපේක්‍ෂා සම්බොධ්‍යංග යන මේ බොධ්‍යංග සත වැඩිය යුත්තාහ.

විඥාන පිහිටන තැන් සතක් වෙත්. (1) වෙනස් වෙනස් ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. (2) වෙනස් වෙනස් ශරීර ඇති එක හැඟීම් ඇති සත්වයෝ වෙත්. (3) සමාන ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් ඇති සත්වයෝ වෙත්. (4) සමාන ශරීර ඇති සමාන හැඟීම් ඇති සත්වයෝ වෙත්. (5)සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් වෙනස් වෙනස් සංඥාවෙන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. (6) සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවු සත්වයෝ වෙත්. (7) සියලු ආකාරයෙන් විඤ්ඤණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවු සත්වයෝ වෙත්. මේ ධර්ම සත පිරිසිඳ දත යුත්තාහුය.

කාමරාගානුසය, පටිානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන මේ ධර්ම සත දුරු කටයුත්තාහුය.

මහණ තෙමේ ශ්‍රඞා, ලජ්ජා, බිය, ඇසූ පිරූ තැන් නැත්තෙක් වේද, කුසීතයෙක් වේද, සිහි මුළාවූවෙක් වේද, නුවණ නැත්තෙක් වේද මේ ධර්ම සත පිරිහීම පිණිස පවත්නාහුය.

මහණ තෙමේ ශ්‍රඞා, ලජ්ජා, බිය, ඇත්තෙක් වේද, බහුශ්‍රුතයෙක් වේද, පටන්ගත් වීර්යය ඇත්තෙක් වේද, එළඹ සිටි සිහිය ඇත්තෙක් වේද, ප්‍රඥාවන්තයෙක් වේද යන මේ ධර්ම සත ගුණ විශේෂය පිණිස පවත්නාහුය.

මහනතෙමේ ධර්මය, අර්ථය, තමා, පමණ, කාලය, පිරිස්, පුද්ගලයන් දන්නෙක් වේද මේ ධර්ම සත දුකසේ අවබෝධ කටයුත්තාහුය. අනිත්‍ය, අනාත්ම, අසුභ, ආදීනව, ප්‍රහාන, විරාග, නිරොධ සංඥාවය මේ ධර්ම සත ඉපදවිය යුත්තාහුය.

මහනතෙම දැන්ද මත්තෙහිද ශික්‍ෂා පිරිමෙහි, විදර්ශනාවෙහි, ආශා දුරුකිරීමෙහි, තනිව විසීමෙහි, වීර්යය කිරීමෙහි, සිහියෙහිද, නුවණැති බැව්හිද, මාර්ග දැකීමෙහිද පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි. මේ සත්වැදෑරුම් ධර්මයෝ විශෙෂයෙන් දතයුත්තාහුය.

රහත් භික්‍ෂුව විසින් සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද, ගිනිඅඟුරු වළකට සමාන කාමයෝ මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද, විවේකයට නැමුණාවූ සිත ඇත්තේ වේද, සතර සතිපට්ඨානයෝ වඩනා ලද්දාහු මනාව වඩන ලද්දාහු වෙත්ද, පඤ්චේන්ද්‍රියයෝ වඩනා ලද්දාහු වෙත්ද, සප්තබොධ්‍යංගයෝ වඩන ලද්දාහු වෙත්ද, ආර්ය අෂ්ටාගික මාර්ගය වඩන ලද්දේ වේද කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මේ රහත් භික්‍ෂුවගේ බල වන්නෝය.

( පළමු බණවර නිමි )

9. මහණතෙමේ ශාස්තෲන් වහන්සේ හෝ එක්තරා ගරු කටයුතු තෙරුන්වහන්සේ කෙනෙකු ඇසුරුකොට හෝ වාසය කෙරේද උන්වහන්සේ කෙරෙහි ප්‍රේමය සහ ගෞරවය ඇත්තේ වේද, ඒ ඔහු කලින් කල උන්වහන්සේලා කරා එළඹ, නොයෙක් ආකාරවූ සැක කටයුතු ධර්මයන්හී සැක දුරු කරන්නාහුය. ඒ ධර්මය අසා කායවිවේකය චිත්තවිවේකය යන දෙවැදෑරුම් විවේකයන් සම්පූර්ණ කරන්නේය.

මහණතෙමේ සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් සංවරව වාසය කෙරේද, ශ්‍රමණයන්ට සුදුසු ආචාරයෙන් හා ගෞරවයෙන් යුක්තවූයේ වේද, සුලු වරදෙහි පවා භය දක්නා ස්වභාව ඇත්තේද, ශික්‍ෂා පදයන්හී මනාව හික්මෙන්නේ වේද, මහණතෙමේ බහුශ්‍රුතයෙක් වේද, සිතින් සලකා බලන ලද්දාහු වෙත්ද, ප්‍රඥාවෙන් මනාව අවා්බා්ධ කරන ලද්දාහුද වෙත්.

මහණතෙමේ වීර්යයෙන් යුක්තව අකුශල ධර්මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්මයන්ට එළඹීම පිණිසද,ශක්තිමත් වූයේ කුශල ධර්මයන්හී පසුබට නොවූ වීර්යය ඇතිව වාසය කෙර්ද,

මහණතෙමේ සිහියෙන් යුක්ත වූයේ වේද, බොහෝ කලකට පෙර කළ දේද, කියූ දේද සිහි කරන්නේ වේද, මතක ඇත්තේ වේද,

මහණතෙමේ පඤ්ච උපාදානස්කන්ධයන්හී ඇතිවීම නැතිවීම දෙක බලමින් වාසය කෙරේද, රූපය මෙසේ වන්නේය රූපයාගේ හටගැනීම විනාශය මෙසේ වන්නේය. එසේම වේදනාව සංස්කාරයෝ විඥානය ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද, විපුලභාවය පිණිසද, භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවත්නේය. මේ ධර්ම බොහෝ උපකාර වන්නාහුය.

හරි දෘෂ්ටිය, හරි කල්පනාව, හරි වචනය, හරි කර්මාන්තය, හරි ආජීවය, හරි ව්‍යායාමය, හරි ස්මෘතිය, හරි සමාධිය යන මේ අට වැඩිය යුත්තාහුය.

අෂ්ට ලෝක ධර්මයෝ ලාභය, අලාභය, අපකීර්තිය, කීර්තිය, නින්දාව, ප්‍රශංසාව, සැප, දුක යන මේ ධර්ම අට පිරිසිඳ දත යුත්තාහුය.

වැරදි දෘෂ්ටිය, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය, වැරදි ස්මෘතිය, වැරදි සමාධිය යන මෙි ධර්ම අට දුරු කටයුත්තාහුය.

කුසීත වස්තු අටක් වෙත් (මෙහි 471 පිටේ 10 ඡේදය යොදන්න.) මෙි ධර්ම අට ගුණයෙන් පිරිහීම් පිණීස පවත්නාහුය.

වීර්යය කිරීමෙි කරුණු අට (මෙහි 472 පිටේ 11 ඡේදය බලන්න.) මෙි ධර්ම අට විශේෂ ගුණ ඉපදවීම පිණිස වන්නාහුය.

10. බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ අකල් නවය (මෙහි 475 පිටේ 19 ඡේදය බලන්න.) මෙි ධර්ම නවය දුකසේ දැනගත්තාහුය.

බලය පැවැත්වීම් හෙවත් මැඩගෙන සිටීම් අට (මෙහි 473 පිටේ 15 ඡේදය යොදන්න.) මෙි ධර්ම අට ඉපදවිය යුත්තාහුය.

විමොක්‍ෂ අට (මෙහි 474 පිටේ 16 ඡේදය යොදන්න) මේ ධර්ම අට තමාම ප්‍රත්‍යක්‍ෂ කොට දැක්ක යුතුවන්නාහුය.

නුවණීන් මෙනෙහි කිරීම මුල්කොට ඇති ධර්ම නවයයි. නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රමෝදය (මද සතුට) උපදී. ප්‍රමොද්‍යවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳේ. සංසිඳුනු නාමකය ඇත්තේ සැප විඳී. සැප ඇත්තහුගේ සිත එකඟවෙයි. එකඟවූ සිත ඇති කල්හී ඇති සැටියෙන් දකියී. ඇති සැටියෙන් දකින්නේ කළකිරෙයි. කළකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ සියලු දුකෙන් මිදෙයි. මේ ධර්ම නවය බොහෝ උපකාර වන්නාහුය.

පිරිසිදු බවට ප්‍රධානවූ අංග නවයයි. ශීල විශුඬිය, චිත්ත විශුඬිය, දෘෂ්ටි විශුඬිය, කීඛාවිතරණ විශුඬිය, මාර්ගා මාර්ගඥානදර්ශන විශුඬිය (මග නොමග දැනීම), ප්‍රතිපදා ඥානදර්ශන විශුඬිය, ඥානදර්ශන විශුඬිය, ප්‍රඥාවිශුඬිය (රහත්ඵල නුවණ) නම් පිරිසිදු බවට ප්‍රධාන අංග වෙත්. මේ ධර්ම නවය වැඩිය යුත්තාහුය.

සත්වාවාස නවයයි. (මෙහි 475 පිටේ 18 ඡේදය යොදන්න) මේ ධර්ම නවය පිරිසිඳ දතයුතු වන්නාහ.

තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නමයයි. තෘෂ්ණාව නිසා සෙවීම වන්නේය. සෙවීම නිසා ලාභය වන්නේය. ලාභය නිසා විනිශ්චය වන්නේය. විනිශ්චය නිසා ඡන්දරාගය (ඇල්ම) වන්නේය. ඡන්දරාගය නිසා අනුභවය වන්නේය. අනුභාවය නිසා අයිතිකර ගැන්ම වන්නේය. අයිතිකර ගැනීම නිසා මසුරුබව වන්නේය. මසුරුබව නිසා ආරක්‍ෂා කිරීම වන්නේය. ආරක්‍ෂා කිරීම නිසා දඬුගැනුම් කෝලාහල විවාද කේළාම් බොරුකීම්ද නොයෙක් ලාමක අකුශල කර්මයෝද වෙත්. මේ ධර්ම නවය දුරුකටයුත්තාහුය.

ක්‍රෝධ කරුණු නවයයි. මට අවැඩක් කළේයැයි කෝධය බඳියී. මට අවැඩක් කරයි කියා ක්‍රෝධ බඳියී. මට අවැඩක් කරන්නේයයි කියා ක්‍රෝධය බඳියී. මාගේ ප්‍රියවූ මනාපවූවහුට අවැඩක් කළේය, අවැඩක් කරයි, අවැඩක් කරන්නේයයි ක්‍රෝධය බඳියී. මගේ අප්‍රියවූ අමනාපවූවහුට යහපතක් කළේය, යහපතක් කරයි, යහපතක් කරන්නේයයි ක්‍රෝධය බඳියී. මේ ධර්ම නවය පිරිහීම පිණිස පවතී.ක්‍රෝධය දුරු කිරීම් නවයක් වෙත්. (මෙහි 474 පිටේ 17(2) ඡේදය යොදන්න) මේ ධර්ම නවය විශෙෂභාගිය නම් වන්නාහුය.

නානත්ව නවයයි. ඇස ආදී නොයෙක් ධාතුනිසා රූප ආදියෙහි නොයෙක් ස්පර්ශ උපදියී. නොයෙක් ස්පර්ශ නිසා නොයෙක් වේදනා උපදවයි. නොයෙක් වේදනා නිසා නොයෙක් හැඟීම් උපදියී. නොයෙක් හැඟීම් නිසා නොයෙක් කල්පනා උපදවයි. නොයෙක් කල්පනා නිසා නොයෙක් ආශා උපදියී. නොයෙක් ආශා නිසා නොයෙක් දැවිලි උපදියී. නොයෙක් දැවිලි නිසා නොයෙක් සෙවීම් උපදියී. නොයෙක් සෙවීම් නිසා නොයෙක් ලාභ උපදියී. නොයෙක් ලාභ නිසා නොයෙක් ලොභ උපදියී. මේ ධර්ම නවය දුකසේ අවබෝධ කළ යුත්තාහ.

හැඟීම් නවයයි. අසුභ, මරණ, අහාරයෙහි පිළිකුල්, සියලු ලෝකයෙහි අනභිරති, අනිත්‍ය, අනිත්‍යයෙහි දුක්, දුකෙහි අනාත්ම, දුරු කිරීම්, නොඇලීම් හැඟීමය යන මේ ධර්ම නවය ඉපදවිය යුත්තාහුය.

පිළිවෙලින් සමවැදිය යුතු විසීම් නවයයි. (මෙහි 476 පිටේ 21 ඡේදය යොදන්න) මේ ධර්ම විශෙෂ නුවණින් දත යුත්තාහුය.

අනුපූර්ව නිරොධ (පිළිවෙලින් නැතිකිරීම්) නවයයි. (මෙහි 476 පිටේ 22 ඡේදය යොදන්න) මේ ධර්ම නවය තමාම ප්‍රත්‍යක්‍ෂ කටයුතු වන්නාහ.

11. නාථ කරණ (පිහිටවන) ධර්ම දශයයි. (මෙහි 477 පිටේ 23 ඡේදය යොදන්න) මේ ධර්ම දශය බොහෝ උපකාර වන්නාහුය.

දශ කසිනායතනයෝ ී ඇතැමෙක් උඩ, යට, සරස, එකමවූ (දෙකක් නැති) පෘථීවි කසිණය, ඇතැමෙක් අපොකසිණය, ඇතැමෙක් තේජො කසිණය, ඇතැමෙක් වායෝ කසිණය, ඇතැමෙක් නීල කසිණය, ඇතැමෙක් පීතකසිණය, ඇතැමෙක් ලෝහිත කසිණය හඳුනයි. ඇතැමෙක් අවදාත කසිණය ඇතැමෙක් විඤ්ඤාණ කසිණය හඳුනයි. මේ ධර්ම දශය වැඩිය යුත්තාහුය.

ආයතන දශය චක්‍ෂී රූප, ශ්‍රොත, ශබ්ද, ාීණ, ජිව්හා, රස, කාය, ස්පර්ශ ආයතනය යන මේ ධර්ම දශය පිරිසිඳ දත යුත්තාහුය.

වැරදි ගති දශයයි. වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජීවිකාවෘත්තිය, වැරදි ව්‍යාවයාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි නුවණ, වැරදි මිදීම යන මේ දශ ධර්මයෝ දුරු කටයුත්තාහුය.

දශ අකුශල කර්ම පථයෝය. (මෙහි 478 පිටේ 24 ඡේදය යොදන්න.) මේ ධර්මයෝ හානභාගිය වන්නාහුය.

මේ දශ ධර්මයෝ විශෙෂභාගික නම් වන්නාහුය. (මෙහි 478 පිටේ 26 ීෙදය යොදන්න.)

මේ ධර්ම දසය දුකසේ දැනගතයුතු වන්නාහුය. ආර්යය පුද්ගලයන්ගේ වාසය කිරීම් දශය වෙත් (මෙහි 478 පිටේ 27 ීෙදය යොදන්න.) මේ ධර්ම දශය දුකසේ දැනගත යුතු වන්නාහ.

දශ සංඥාවෝය. අසුභ, මරණ, ආහාරයෙහි පිළීකුල්, සියලු ලෝකයෙහි නොඇලීම්, අනිත්‍යයෙහි දුීඛ, දුකෙහි අනාත්ම, ප්‍රහාණ, විරාග, නිරෝධ සංඥා යන මේ දශ ධර්මයෝ ඉපදවිය යුත්තාහුය.

මේ ධර්ම දශය ඉතා හොඳ නුවණින් දතයුත්තාහුය.

දශ ආශෛක්‍ෂ ධර්මයෝය. (රහත්ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම.) අශෛක්‍ෂවූ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය, සම්‍යක් ඤාණය, සම්‍යක් විමුක්තිය යන මේ දශයයි. මේ ධර්ම තමාම දැකීම කටයුතු වන්නාහ.

මේ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද්දාහුයයි වදාළේය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති භික්‍ෂූන් වහන්සේලා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

(තිස් හතරවැනිවූ දසුත්තර සූත්‍රය නිමි.)

(දීනිකාය නිමි.)