5. පණිහිත (සූක) වර්‍ගය.

1. මිච්ඡාපණිහිතචිත්ත සූත්‍රය.

1. ´´මහණෙනි, ඇල්වී නණ්ඩුවක් හෝ යටවී නණ්ඩුවක් හෝ වරදවා ( තුඩ යටිකුරු කොට, නො ඇණෙන සේ ) තබන ලදුව අතින් හෝ පයින් හෝ මඬනා ලද්දේ අත හෝ පය හෝ නොබිඳෙන්නේය. ලේ හෝ උපදවන්නේයයි ඒ කාරණය විද්‍යාමාන නොවේ. මක්නිසාදයත්, මහණෙනි, නණ්ඩුව ( නොඇණෙන ලෙස ) වරදවා තබන ලද හෙයිනි.

´´මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් භික්‍ෂුවක් වරදවා තබන ලද සිතින් ´අවිද්‍යාව බිඳින්නේය. විද්‍යාව උපදවන්නේය. නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරන්නේයයි´ ( කියතොත් ) ඒ කාරණය ඇත්තක් නොවේ. මක්නිසාදයත්, මහණෙනි, සිත වරදවා යොදන ලද හෙයිනි.´´
 
2. සම්මාපණිහිත සූත්‍රය.

´´මහණෙනි, ඇල්වී නණ්ඩුවක් හෝ යටවී නණ්ඩුවක් හෝ තබන ලදුව අතින් හෝ පයින් හෝ මඬනා ලද්දේ අත හෝ පය හෝ බිඳින්නේය. ලේ හෝ උපදවන්නේය යන කාරණය සත්‍යයක් වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, නණ්ඩුව මනාකොට තබන ලද හෙයිනි.

´´මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් මහණෙක් තෙම මනාකොට තබන ලද සිතින් ´මහා අවිද්‍යාව බිඳින්නේය. විද්‍යාව උපදවන්නේය. නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරන්නේයයි´ ඒ කාරණය ඇත්තක් වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහුගේ සිත මනාකොට පිහිටුවන ලද හෙයිනි.´´

3. පදුට්ඨචිත්ත සූත්‍රය.

´´මහණෙනි, මේ ලෝකයෙහි ඉතා දූෂිතවූ ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මාගේ සිතින් මෙසේ පිරිසිඳ දනිමි. මෙසමයෙහි මේ පුද්ගලයා ඉදින් කලුරිය කෙළේ නම් ( අතින් ) ගෙන එන ලද්දක් බහා තබන්නාක් මෙන් හෙතෙම නරකයෙහි උපදනේය. මක්නිසාදයත්, ඔහුගේ සිත ඉතා දූෂිතවූ හෙයිනි.

´´මහණෙනි, සිත බොහෝ සේ කෙලෙසීම හේතුකොට ගෙණද මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන්, මරණින් මතු අපාය නම්වූ, දුගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.´´

4. පසන්තචිත්ත සූත්‍රය.

´´මහණෙනි, මේ ලෝකයෙහි ප්‍රසන්නවූ සිත් ඇති ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මාගේ සිතින් මෙසේ පිරිසිඳ දනිමි. ඉදින් මෙසමයෙහි මේ පුද්ගල තෙම කාලක්‍රියා කෙළේ නම් ගෙන එන ලද්දක් යම්සේ බහා තබනු ලැබේද, එසේම මෙතෙම ස්වර්‍ගයෙහි පිහිටියෙක් වේය කියායි. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න හෙයිනි. මහණෙනි, සිතෙහි පැහැදීම හේතුකොට ගෙණද මේ ලෝකයෙහි සමහර සත්ත්‍වයෝ මෙසේ ශරීරයාගේ භේදයෙන්, මරණින් මතු සුගති නම්වූ ලෝකයෙහි උපදිත්.´´

5. ආචිලචිත්ත සූත්‍රය.

´´මහණෙනි, නොපැහැදුනාවූ, කැළඹුණු, කලල්වූ, මඩවූ යම් දියවිලක් වේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඉවුරෙහි සිටියේ, විලෙහි ඔබ මොබ හැසිරෙන්නාවූද, නැවතී සිටින්නාවූද සිප්පිබෙල්ලන්ද, සක්බෙල්ලන්ද, කැට හා කැබැලිතිද, මත්ස්‍ය සමූහයාද නොදක්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ජලය නොපැහැදුනු බවයි.

´´මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් භික්‍ෂුවක් තෙම නොපැහැදුනාවූ සිතින් යුක්තව ආත්මාත්‍ර්‍ථය හෝ දැනගන්නේය. පරාත්‍ර්‍ථය හෝ දැන ගන්නේය. උභයාර්ථය හෝ දැනගන්නේය. මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහිවූ ආය්‍ර්‍යභාව කරණයට ( අර්‍හත්බව සැලසීමට ) සමත්‍ර්‍ථවූ ඥානදර්‍ශනවිෂයෙක් හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේයයි ( කියතොත් ) ඒ කාරණය විද්‍යමාන නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, ( ඔහුගේ ) සිත නොපැහැදුනු බවයි.´´

6. අනාචිලචිත්ත සූත්‍රය.

´´මහණෙනි, පිරිසිදුවූ, අතිශයින් ප්‍රසන්නවූ, නොකැළඹුනාවූ යම් දියවිලක් වේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ විල ඉවුරෙහි සිටියේ, විලෙහි ඔබ මොබ හැසිරෙන්නාවූද, නැවතී සිටින්නාවූද, සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැට හා කැබැලිතිද, මත්ස්‍ය සමූහයාද දක්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ජලය පැහැදුනු බවයි.

´´මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් මහටණක් තෙම පැහැදුනාවූ සිතින් යුක්තව ආත්මාත්‍ර්‍ථය හෝ දැනගන්නේය. පරාත්‍ර්‍ථය හෝ දැන ගන්නේය. උභයාර්ථය හෝ දැන ගන්නේය. මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහිවූ ආය්‍ර්‍යභාව කරණයට ( අර්‍හත්බව සැලසීමට ) සමත්‍ර්‍ථවූ ඥානදර්‍ශන විශෙෂයක් හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේයයි ( කියතොත් ) ඒ කාරණය විද්‍යමාන වේ. ඊට හේතු කවරේද? මහණෙනි, ( ඔහුගේ ) චිත්තය පැහැදුනු බවයි.´´

7. මුදුචිත්ත ( අථවා පන්‍දන ) සූත්‍රය.

´´මහණෙනි, යම් කිසි වෘක්‍ෂ වර්‍ගයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් මෘදු බැවින් හා කටයුත්තකට සුදුසු බැවින් කොළොම් ගස යම් සේ අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, එපරිද්දෙන්ම වඩනලද, නැවත නැවත පුරුදු කරණ ලද සිත හා සමාන මෘදුබව හා කටයුත්තට සුදුසු බව ඇති අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, වඩනලද, නැවත නැවත පුරුදු කරණ ලද සිත මෘදුවද වේ. කටයුත්තට සුදුසුද වේ.´´

8. ලහුපරිචිත්ත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සිත වහා ඉපිද වහා නැසෙන ස්වභාවද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත කොතරම් වහා ඉපිද වහා නස්නා සවභාවද යත්, ඊට උපමාවකුදු පහසු නොවේ.´´

9. උපක්තිලිට්ඨචිත්ත සූත්‍රය.

´´මහණෙනි, මේ සිත පැහැ විහිදුවන්නේය. එය වනාහි ආගන්තුකවූ ( රාගාදී ) උපක්ලේශයන් විසින් කිලිටි කරණ ලද්දේය.´´

10. විප්පමුත්තචිත්ත සූත්‍රය.

´´මහණෙනි, මේ සිත වනාහි ආගන්තුකවූ ( රාගාදී ) උපක්ලෙශයන්ගෙන් හාත් පසින් මිදුනේය.´´

පස්වන වර්‍ගය නිමි.

3. අක්කමනීය වර්‍ගය.

1. අක්කමනීය සූත්‍රය.

´´මහණෙනි, යම්සේ නොවඩන ලද සිත කර්‍මයට යෝග්‍ය නොවේද, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ කර්‍මයට යෝග්‍ය නොවේ.´´

2. කම්මනීය සූත්‍රය

.´´මහණෙනි, යම්සේ වඩන ලද සිත කර්‍මයට යෝග්‍ය වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ කටයුත්තට යෝග්‍යවේ.´´

3. මහානත්‍ථ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ නොවඩන ලද සිත මහත්වූ අනර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ මහත්වූ අනර්‍ථය පිණිස පවතී.´´

4. මහත්‍ථ සූත්‍රය.

.´´මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ මහත්වූ අර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ මහත්වූ අර්‍ථය පිණිස පවතී.´´

5. අපාතුභූත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ. සංසාරයෙන් වෙන්වීම පිණිස පහළ නොවූයේ, මහත්වූ අනර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයතුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පහළ නොවන ලද්දේ මහත් අනර්‍ථය පිණිස පවතී.´´

6. පාතුභූත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ. සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ, මහත්වූ අර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයතුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ, මහත්වූ අර්‍ථය පිණිස පවතී.´´

7. අබහුලීකත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ, මහත්වූ අනර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ, නැවත නැවත පුරුදු නොකරණ ලද්දේ, මහත් අනර්‍ථය පිණිස පවතී.´´

8. බහුලීකත සූත්‍රය.

8. ´´මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ, පුරුදු කරණ ලද්දේ, මහත්වූ අර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ, පුරුදු කරණ ලද්දේ, මහත් අර්‍ථය පිණිස පවතී.´´

9. දුක්ඛාවහචිත්ත සූත්‍රය.

9. ´´මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ, මහත්වූ දුක් ( පමුණුවන්නේ ) වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ, දුක් පමුණුවන්නේ වේ.´´

10. පිඛාවහචිත්ත සූත්‍රය.

10. ´´මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ, පුරුදු කරණ ලද්දේ, සැප පමුණුවන්නේ වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ, පුරුදු කරණ ලද්දේ, සැප පමුණුවන්නේ වේ.´´

(තුන්වන වර්‍ගය නිමි.)

10.අනාථපිණ්ඩික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු අනේපිඬු දෙව්පුත් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය.

2. එක් පසෙක සිටි අනේපිඬු දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

´´ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.

´´කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්ධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්ධවීමෙක් නැත.

´´එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.

´´ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) යම් භික්‍ෂුවරයෙක් වේ නම් ඔවුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුමි.´´

3. අනේපිඬු දෙව්පුත් තෙම මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක. ´´මහණෙනි, මේ රෑ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් රැය බොහෝ ගතවූ පසු බබළන ශරීර පුභා ඇත්තේ

ඤෆු ්‍ර88රැ%

මුළු ජේතවනය බබුළුවා මා වෙත පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටියේම ඔහු මා සමීපයෙහි,

´´ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.

´´කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්ධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්ධවීමෙක් නැත.

´´එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.

´´ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) යම් භික්‍ෂුවරයෙක් වේ නම් ඔවුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම්යයි කීය.

5. මහණෙනි, ඒ දෙව්පුත් මෙසේ කීය. මෙසේ කියා මා වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.´´

6. මෙසේ වදාළවිට ආයුෂ්මත් ආනත්‍ද ස්ථවිරතෙම ´´ස්වාමීණි, ඒකාන්කයෙන් ඔහු අනේපිඬු දෙව්පුකු විය යුතුය. අනේපිඬු ගෘහපති තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණෙක් විය, එබැවිනි´´යි කීයේය.

7. ´´ආනන්‍දය, මැනවි, මැනවි. ඔඔ විසින් සිතීමෙන් යම්තාක් පැමිණිය යුතු නම්, ඒතාක්ම පැමිණිණ. ආනන්‍දය, ඒ දෙව්පුත් අනාථපිණ්ඩිකමය´´යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

දෙවෙනි අනාථපිණ්ඩික වර්‍ගයයි.

34. දසුත්තර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නම් නුවර සමීපයෙහිවූ ගර්ගරා නම් පොකුණු තෙර අසල පන්සියයක් පමණවූ මහත්වූ භික්‍ෂු සංයා හා සමග වාසය කළාහුය. එකල්හි අයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම මේ සූත්‍රය වදාළේය.

´´සියලු දුක් කෙළවර කිරීමෙන් නිවන් ලැබීම පිණිස විෂම ලොභය ආදී සියලු බැමි විඳින්නාවූ දසුත්තර ධර්මය හෙවත් කරුණු එකේ පටන් දසය දක්වා ඇති ධර්මය දෙශනා කරමි. ඇවැත්නි, එක ධර්මයක් බොහෝ උපකාර වන්නේය.´´

2. කුශල ධර්මයන්හි අප්‍රමාද වීම නම් මේ එක ධර්මය බොහෝ උපකාර වන්නේය. සැපයෙන් යූක්තවු කායගතා සතිය හෙවත් ශරීරය පිළිබඳ සිහිනය, වැඩිය යුත්තේය. කාමාදී කෙලෙස්වලට හා උපාදානයන්ට (දැඩි ගැනීම්වලට) හේතුවු ස්පර්ශය පිරිසිඳ දතයුත්තේය. මමය මගේය යන අස්මිමානය දුරු කටයුත්තේය. නුනුවණින් කල්පනා කිරීම පිරිහීම පිණිස පවත්නේය. නුවණින් කල්පනා කිරීම විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේය. ආනන්තරික චිත්ත සමාධිය (විදර්ශනාවට අනතුරුව ලැබෙන) දුකසේ අවබෝධ කටයුත්තේය. ප්‍රත්‍යාවේක්‍ෂණ ප්‍රඥාව මාර්ග ඵලාදිය සලකා බලන නුවණ ඉපදවිය යුත්තේය. සියලු සත්වයන් ආහාරය නිසා පවත්නා බව විශේෂ නුවණින් දත යුත්තේය. නොසෙල්විය හැකි චිත්ත විමුක්තියයි කියන ලද අර්හත් ඵල වමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කටයුත්තේය.

3. සිහිය හා නුවණ මේ ධර්ම දෙක බොහෝ උපකාර වන්නාහුය. සමථය හා විදර්ශනාව වැඩිය යුත්තාහුය. නාමය හා රූපය පිරිසිඳ දතයුත්තාහුය. අවිද්‍යාව හා භව ආශාව දුරු කටයුත්තාහුය. අකීකරු බව හා පවිටු මිත්‍රයන් ඇති බව පිරිහීම පිණිස පවත්නාහුය. කීකරු බව හා යහපත් මිත්‍රයන් ඇති බව ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුය. සත්වයන්ගේ කෙලෙසීමට හේතු ප්‍රත්‍යය හා සත්වයන්ගේ පිරිසිදු බවට හේතු ප්‍රත්‍යය යන දෙක දුකසේ අවබෝධ කටයුත්තාහුය. ක්‍ෂයඥානයද, අනුත්පාද ඥානයද ඉපිදවිය යුත්තාහුය. පඤ්චස්කන්ධයද නිර්වාණයද විශේෂ නුවණින් දතයුත්තාහුය. විද්‍යා තුන හා රහත් ඵලය යන දෙක ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහුය.

4. සත්පුරුෂයන්ගේ ආශ්‍රය, බණ ඇසීම, ධර්මයට අනුව පිළිපැදීම යන ධර්ම තුන බොහෝ උපකාර වන්නාහුය.

සමාධි තුනය. (එනම්) විතර්ක විචාර සහගත (ප්‍රථම ධ්‍යාන) සමාධිය, විතර්ක නැති විචාරය පමනක් ඇති (ද්විතීය ධ්‍යාන) සමාධිය, විතර්ක විචාරය දෙකම නැති (තෘතීය,චතුර්ථ,පඤ්චම ධ්‍යාන) සමාධිය යන තුනය. මේ ධර්ම තුන වැඩිය යුත්තාහුය.

සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, උපේක්‍ෂා වේදනාවය යන තුන පිරිසිඳ දතයුත්තාහුය.

කාමතෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභවතෘෂ්ණාවය දුරු කටයුත්තාහුය.

ලෝභ, දෝස, මෝහ අකුසල මූලය පිරිහීම පිණිස පවත්නාහුය. අලෝභ, අදෝස, අමෝහ කුසල මූලය විශේෂභාගී වන්නාහුය.

කාමයන්ගෙන් එතෙරවීමයයි කියන ලද අනාගාමී මාර්ගය, රූපයන්ගෙන්එතරවීමයයි කියන ලද අර්හත් මාර්ගය, සියලු සංස්කාරයන්ගෙන් එතෙර වීමයයි කියන ලද අර්හත් ඵලය යන මේ තුනය. දුකසේ අවබෝධ කටයුත්තාහුය.

අතීත වර්තමාන අනාගත ස්කන්ධ කොටස් දන්නා නුවණය. ඉපදවිය යුත්තාහුය.

කාමධාතුය, රූපධාතුය, අරූපධාතුය යන තුන නුවණින් දත යුත්තාහුය.

පෙර විසු ස්කන්ධයන් දන්නා නුවණ නැමැති විද්‍යාවය සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ නැමැති විද්‍යාවය. අශ්‍රවයන් ක්‍ෂය කරන නුවණ නැමැති විද්‍යාවය යන තුන ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහුය.

5. චක්‍ර හතරය (එනමි) සුදුසු ප්‍රදේශයෙහි වාසය කිරීමය, සත්පුරුෂයන් සේවනය කිරීමය, තමා හොඳ මගෙහි පිහිටීමය, පෙර කළ පින් ඇතිබවය යන මෙි සතර ධර්මයෝ බොහෝ උපකාර වන්නාහුය.

සතර සතිපට්ඨාන ධර්මයෝ එනම් මහණ තෙමේ තම ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව

මහනතෙමේ වීර්යය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව වේදනාවන්හී ලොභයද කරන ක්‍රෝධයද සංසිඳුවා ගෙන වේදනාවන්හී වේදනා අනුව දක්නා ස්වභාව ඇතිව මහණතෙමේ සිතෙහි සිත අනුව දක්නා ස්වභාව ඇතුව වාසය කරයි.

´´ධර්මයන්හි ධර්මයන් අනුව දකින ස්වභාව ඇත්තේ පඤ්චස්කන්ධ ලෝකයෙහි ලොභ දොෂ දෙදෙන දුරුකොට කෙලෙස් තවන වීර්යයෙන් හා හොඳ නුවණින් යුක්තව සිහි ඇතිව වාසය කරයි. මේ සතිපට්ඨාන ධර්ම සතර වැඩිය යුත්තාහුය.

පිඩුකොට බුදින්නාවු ආහාරයය ස්පර්ශ ආහාරයය මනෝ සඤ්චේතන ආහාරයය විඥාන ආහාරයය යන මේ සතර ධර්මයෝ පිරිසිඳ දතයුත්තාහුය.

ඔ, කාම, භව, දෘෂ්ටි, අවිද්‍යා යන සැඩපහර සතර දුරු කටයුත්තාහුය.

කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්‍යායෝගය යන මේ සතර පිරිහීම පිණිස පවත්නාහුය.

කාම භව දෘෂ්ටි අවිද්‍යායෝගයන්ගෙන් මිදීමය ගුණ විශෙෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුය. හානභාගියසමාධිය, ඨතිභාගියසමාධිය, විශේෂභාගියසමාධිය, නිර්වේදභාගියසමාධිය යන මේ සමාධි සතර දුකසේ අවබෝධ කටයුත්තාහුය.

චතුස්සත්‍යය දක්නාවු මාර්ගඥාන හා ඵලඥාන චතුස්සත්‍යය දක්නාවු ඥානය, අනුන්ගේ සිත් පිරිසිඳ දැනගන්නා ඥානය, අවශේෂ ඥාන යන සතරය. මේ සතර ධර්මයෝ ඉපදවිය යුත්තාහුය.

දුක්ඛ සත්‍යය, දුක්ඛසමුදය සත්‍යය, දුක්ඛනිරෝධ සත්‍යය, දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්ය සත්‍යය යන මේ සතර විශේෂ නුවණින් දතයුත්තාහුය.

සෝවාන්ඵලය, සකෘදාගාමීඵලය, අනාගාමීඵලය, අරහත්ඵලය යන සතර අවබෝධ කටයුත්තාහුය.

6. ´´කවර නම් ධර්ම පහක් බොහෝ උපකාර වන්නාහුද? මහනතෙමේ ශ්‍රඞාව ඇත්තෙක් වේද?

තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධිය අදහන්නෙක් වෙයි. ආබාධ රහිතයෙක් වෙයි. තමා පිළිබඳ කරුණු ඇති සැටියෙන් ප්‍රකාශකරන, කපටිනොවු රැවටිලි නැත්තෙක් වෙයි. බලවත් උත්සාහයෙන් යුක්තව කුසල ධර්මයෙහි අත්නොහරිනලද වීර්යය ඇතිව පටන්ගන්නා ලද වීර්යය ඇත්තෙක් වෙයි. උතුම්වු කලකිරීම ඇතිකරන්නාවු, මනාකොට දුක් නැතිකිරීමට පමුනුවන්නාවු ඇතිවීම හා නැතිවීම දන්නා විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තවුවෙක් වන්නේය. මේ පස්වැදෑරුම් ධර්මයෝ බොහෝ උපකාර වන්නාහුය.

අංග පසකින් යුත් සම්‍යක් සමාධිය, ප්‍රථම ද්විතීය ධ්‍යනය දෙක්හී ප්‍රඥාවය (සැප පතුරවමින් පහළවන ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යානයන්හී ප්‍රඥාවය පරසිත් දන්නා නුවණ දිවසැප ප්‍රත්‍යවෙක්‍ෂණ නිමිත්තය (සලකා බලන නුවණ) යන මේ ධර්ම පස වැඩිය යුත්තාහුය.

රූප වේදනා සංඥා සංස්කාර විඥාන උපදානස්කන්ධය ධර්ම පස පිරිසිඳ දත යුත්තාහුය.

කාමජන්ද ක්‍රෝධ ථිනමිද්ධ උද්ධච්ච කුක්කුච්ඡ විචිකිච්චා නීවරණය යන මේ ධර්ම පස දුරුකටයුත්තාහ.

සිතෙහි හැනෙන උල්වැනි ධර්මයෝ

(1)යම් භික්‍ෂුවක් ශාස්තෲන්වහන්සේ කෙරහි සැක කෙරේද, කුකුස් උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදීද, බැසනොගනීද වෙයි.

(2)ධර්මයෙහි සැක කෙරේද, (3)සංයා කෙරෙහි සැක කෙරේද, (4)ශික්‍ෂාවෙහි සැක කෙරේද, (5)එකට වසන භික්‍ෂූන් කෙරෙහි කිපී සිත් ඇත්තේ ක්‍රෝධයෙන් යුත් සිත් ඇත්තේ ඔහුගේ සිත් භාවනාවෙහි නොනැමේද මේ ධර්ම පස පිරිහීම පිණිස පවත්නාහුය.

ශ්‍රඞා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ ධර්ම පස විශේෂ ගුණයට පැමිණීම පිණිස වන්නාහුය.

කාමයන්හි මෙනෙහි කරන්නාවූද, භික්‍ෂූහුගේ සිත ඒ කාමයන්හී පෙරටුව ගමන් නොකරන්නේද කාමයන්ගෙන් මිදුනේවේ. ව්‍යාපාදයෙන් මිදුනේවේ. හිංසා කිරීමෙන් මිදුනේවේ. හිංසා කිරීම කරන්නේද නොපහදින්නේද ඔහු රූපයන්ගෙන් නොමිදුනේ වෙයි.

මේ ධර්ම පස දුකසේ අවබෝධ කටයුත්තාහුය.

(1)ඥාන පහක් ඇති මේ සමාධිය මේ ආත්මයෙහි සැපද මතු සැප විපාකද ඇත්තේ තමා තුලම ඥානය ඇතිවෙයි

(2)මේ සමාධිය කෙලෙස් වලින් දුරුවූ හෙයින් ආර්ය යයිද

(3)තණ්හාවෙන් දුරුවූ හෙයින් නිරාමිෂයයිද තමා තුලම දැනීම ඇතිවෙයි.

(4)මේ සමාධිය උතුම් පුරුෂයන් විසින් සේවනය කරන ලද්දේයයි තමන් තුලම දැනීම ඇතිවෙයි.

(5)මේ සමාධිය ශාන්තය, ප්‍රණීතය, සංසිඳීමෙන් ලබන ලද්දේය, එකඟබවෙන් ලබන ලද්දේය තමා තුලම දැනීම ඇතිවෙයි.

ශාස්තෲන්වහන්සේ ගෙන් හෝ ගරුතන්හී සිටියාවූ එක්තරා භික්‍ෂු නමකගෙන් ධර්මයෙහි අර්ථය දැනගන්නේ වෙයිද මේ පළමු වන මිදීමෙී හේතුවයි.

´´භික්‍ෂු තෙම ඇසූ පරිදි දැනගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද ධර්මය අනුන්ට දේශනාද නොකරයි. එහෙත් ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි.(නැවත නැවත කියයි).

මහණ තෙමේ ඇසූ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයිද ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද,

මහණ තෙම ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය සිතින් කල්පනා කෙරේද, විමසා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද, දේශනා පාළිය දැනගත්තේද වෙයි.

යම් යම් පරිද්දකින් භික්‍ෂුව විසින් එක්තරා සමාධි නිමිත්තක් හොඳින් උගන්වනලද්දේ, හොඳින් මෙනෙහි කරන ලද්දේ, හොඳින් සලකා බලන ලද්දේ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ වේද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද දේශනා පාළිය දැනගත්තේද වෙයි. අර්ථය දැනගත්තාවූද දේශනා පාළිය දැනගත්තාවූද ඔහුට සතුට ප්‍රීතිය උපදවයි. නාමකය සංසිඳේ, සැපය විඳියී. සැප ඇත්තහුගේ සිත එකඟවෙයි. මේ විඳීමේ හේතු ධර්ම පස විශේෂ නුවණින් දතයුත්තාහුය.

ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය, විමුක්තිස්කන්ධය (ඵලඥාන), විමුක්තිඥානදර්ශනස්කන්ධය (ප්‍රත්‍යාවේක්‍ෂාඥාන) යන පසය, මේ ධර්ම පස තමාම දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහුය.

7. සිහිකටයුතු ධර්ම සදෙනෙක් වෙත්. මහණහු විසින් මෛත්‍රි සහගත කායකර්මය, වාක් කර්මය, මනෝ කර්මය පවත්වන ලද්දේ වෙයිද,

භික්‍ෂුවට ධාර්මිකවූ දැහැමින් ලැබුනු යම් ඒ ලාභයෝ එක්ව මහණ දම් පුරණ සිල්වතුන් සමග බෙදා සාධාරණකොට වළඳන්නෙක් වන්නේද,

මහණතෙම දාස තෘෂ්ණාදියෙන් නොබැඳුණු සමාධිය පිණිස පවත්නාවූ යම් මේ ශිලයෝ වෙත්ද, එබඳු ශීලයන්හී එකට මහණදම් පුරණ භික්‍ෂූන් ඉදිරියෙහිද නොඉදිරියෙහිද ශීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද,

මහනතෙම දුක් නැතිකිරීම පිණිස පවත්නා යම් ඒ දෘෂ්ටියක් ඇත්තීද, දෘෂ්ටියෙන් සම බවට පැමිණ වාසය කරයිද, මේ ධර්ම සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, අවිහිංසාව පිණිසද, සමගිය පිණිසද, එක්වීම පිණිසද පවතී.

බුඞානුස්මෘතිය, ධර්මානුස්මෘතිය, සංානුස්මෘතිය, ශීලානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දෙවතානුස්මෘතිය, යන මේ ධර්ම සය වැඩිය යුත්තාහුය.

චක්‍ෂු, ශ්‍රොත, ාණ, ජිව්හා, කාය, මනස් ආයතනය යන මේ ධර්ම සය පිරිසිඳ දත යුත්තාහුය.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම තෘෂ්ණාවය යන මේ ධර්ම සය දුරු කටයුත්තාහුය.

මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, ආමිස ධම්ම යන දෙවැදෑරුම් පටිසන්ථාරයෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, ආමිස ධම්ම යන දෙවැදෑරුම් පටිසන්ථාරයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි යන මේ ධර්ම සය ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහ.

යම් මෛත්‍රී සමාධියක් වේද මෙය ක්‍රෝධයාගේ නිස්සරණය වේ (ක්‍රෝධයෙන් මිදීම වෙයි). එසේම කරුණාහිත වනාහි හිංසා කිරීමෙන් මිදීමයි. එසේම මුදිතා සමාධිය නොඇල්මෙන් මිදීමයි. එසේම උපේක්‍ෂා සමාධිය රාගයාගේ මිදීම වේමැයි. අර්හත් ඵල සමාපත්තිය එසේම සියලු නිමිත්තයන්ගේ මිදීම වේමය. එසේම මම වෙමියි යන හැඟීමේ මුල් සිඳීමක් වේද, එය කෙසේද කෙසේදැයි ගන්නා විචිකිච්චා සල්ලයාගේ මිදීම වේමැයි මේ සය දුකසේ අවබෝධ කටයුත්තාහ.

මහණතෙම ඇසින් රූපයක් දැක, කණින් ශබ්දයක් අසා, නැහයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය දැන, සිතින් ධර්ම අරමුණ දැන සතුටුද නොවෙයි. නොසතුටුද නොවෙයි. උපෙක්‍ෂාවෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරයි. මේ ධර්මය සය ඉපදවිය යුතුය.

උතුම් දැකීම්, උතුම් ඇසීම්, උතුම් ලැබීම්, උතුම් හික්මීම්, උතුම් උපස්ථාන, උතුම් සිහිකිරීම් යන මේ ධර්ම සය ඉතා හොඳ නුවණින් දත යුත්තාහුය.

(මෙහි සාමඤ්ඤඵල සූත්‍රයේ 53 පිටේ ඡේද 55-58 යොදන්න. ´´මහරජ,´´ කියන කොටස් අත්හැරිය යුතුයි.)

කාමාදී ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවු චිත්ත විමුක්තියද, චිත්ත ප්‍රඥා විමුක්තියද, මේ ආත්මයෙහි තෙමේ ඉතා හොඳ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වාසය කරන්නේය. මේ ධර්ම සය ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහුය.

8. ග්‍රඞා, සීල, හිරි, ඔත්තප්ප (බිය), ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා ධනය මේ ධර්ම සත බෝහෝ උපකාර වන්නාහුය.

ස්මෘති, ධර්මවිචය, වීර්යය, ප්‍රීති, පස්සඬි, සමාධි, උපේක්‍ෂා සම්බොධ්‍යංග යන මේ බොධ්‍යංග සත වැඩිය යුත්තාහ.

විඥාන පිහිටන තැන් සතක් වෙත්. (1) වෙනස් වෙනස් ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. (2) වෙනස් වෙනස් ශරීර ඇති එක හැඟීම් ඇති සත්වයෝ වෙත්. (3) සමාන ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් ඇති සත්වයෝ වෙත්. (4) සමාන ශරීර ඇති සමාන හැඟීම් ඇති සත්වයෝ වෙත්. (5)සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් වෙනස් වෙනස් සංඥාවෙන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. (6) සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවු සත්වයෝ වෙත්. (7) සියලු ආකාරයෙන් විඤ්ඤණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවු සත්වයෝ වෙත්. මේ ධර්ම සත පිරිසිඳ දත යුත්තාහුය.

කාමරාගානුසය, පටිානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන මේ ධර්ම සත දුරු කටයුත්තාහුය.

මහණ තෙමේ ශ්‍රඞා, ලජ්ජා, බිය, ඇසූ පිරූ තැන් නැත්තෙක් වේද, කුසීතයෙක් වේද, සිහි මුළාවූවෙක් වේද, නුවණ නැත්තෙක් වේද මේ ධර්ම සත පිරිහීම පිණිස පවත්නාහුය.

මහණ තෙමේ ශ්‍රඞා, ලජ්ජා, බිය, ඇත්තෙක් වේද, බහුශ්‍රුතයෙක් වේද, පටන්ගත් වීර්යය ඇත්තෙක් වේද, එළඹ සිටි සිහිය ඇත්තෙක් වේද, ප්‍රඥාවන්තයෙක් වේද යන මේ ධර්ම සත ගුණ විශේෂය පිණිස පවත්නාහුය.

මහනතෙමේ ධර්මය, අර්ථය, තමා, පමණ, කාලය, පිරිස්, පුද්ගලයන් දන්නෙක් වේද මේ ධර්ම සත දුකසේ අවබෝධ කටයුත්තාහුය. අනිත්‍ය, අනාත්ම, අසුභ, ආදීනව, ප්‍රහාන, විරාග, නිරොධ සංඥාවය මේ ධර්ම සත ඉපදවිය යුත්තාහුය.

මහනතෙම දැන්ද මත්තෙහිද ශික්‍ෂා පිරිමෙහි, විදර්ශනාවෙහි, ආශා දුරුකිරීමෙහි, තනිව විසීමෙහි, වීර්යය කිරීමෙහි, සිහියෙහිද, නුවණැති බැව්හිද, මාර්ග දැකීමෙහිද පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි. මේ සත්වැදෑරුම් ධර්මයෝ විශෙෂයෙන් දතයුත්තාහුය.

රහත් භික්‍ෂුව විසින් සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද, ගිනිඅඟුරු වළකට සමාන කාමයෝ මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද, විවේකයට නැමුණාවූ සිත ඇත්තේ වේද, සතර සතිපට්ඨානයෝ වඩනා ලද්දාහු මනාව වඩන ලද්දාහු වෙත්ද, පඤ්චේන්ද්‍රියයෝ වඩනා ලද්දාහු වෙත්ද, සප්තබොධ්‍යංගයෝ වඩන ලද්දාහු වෙත්ද, ආර්ය අෂ්ටාගික මාර්ගය වඩන ලද්දේ වේද කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මේ රහත් භික්‍ෂුවගේ බල වන්නෝය.

( පළමු බණවර නිමි )

9. මහණතෙමේ ශාස්තෲන් වහන්සේ හෝ එක්තරා ගරු කටයුතු තෙරුන්වහන්සේ කෙනෙකු ඇසුරුකොට හෝ වාසය කෙරේද උන්වහන්සේ කෙරෙහි ප්‍රේමය සහ ගෞරවය ඇත්තේ වේද, ඒ ඔහු කලින් කල උන්වහන්සේලා කරා එළඹ, නොයෙක් ආකාරවූ සැක කටයුතු ධර්මයන්හී සැක දුරු කරන්නාහුය. ඒ ධර්මය අසා කායවිවේකය චිත්තවිවේකය යන දෙවැදෑරුම් විවේකයන් සම්පූර්ණ කරන්නේය.

මහණතෙමේ සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් සංවරව වාසය කෙරේද, ශ්‍රමණයන්ට සුදුසු ආචාරයෙන් හා ගෞරවයෙන් යුක්තවූයේ වේද, සුලු වරදෙහි පවා භය දක්නා ස්වභාව ඇත්තේද, ශික්‍ෂා පදයන්හී මනාව හික්මෙන්නේ වේද, මහණතෙමේ බහුශ්‍රුතයෙක් වේද, සිතින් සලකා බලන ලද්දාහු වෙත්ද, ප්‍රඥාවෙන් මනාව අවා්බා්ධ කරන ලද්දාහුද වෙත්.

මහණතෙමේ වීර්යයෙන් යුක්තව අකුශල ධර්මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්මයන්ට එළඹීම පිණිසද,ශක්තිමත් වූයේ කුශල ධර්මයන්හී පසුබට නොවූ වීර්යය ඇතිව වාසය කෙර්ද,

මහණතෙමේ සිහියෙන් යුක්ත වූයේ වේද, බොහෝ කලකට පෙර කළ දේද, කියූ දේද සිහි කරන්නේ වේද, මතක ඇත්තේ වේද,

මහණතෙමේ පඤ්ච උපාදානස්කන්ධයන්හී ඇතිවීම නැතිවීම දෙක බලමින් වාසය කෙරේද, රූපය මෙසේ වන්නේය රූපයාගේ හටගැනීම විනාශය මෙසේ වන්නේය. එසේම වේදනාව සංස්කාරයෝ විඥානය ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද, විපුලභාවය පිණිසද, භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවත්නේය. මේ ධර්ම බොහෝ උපකාර වන්නාහුය.

හරි දෘෂ්ටිය, හරි කල්පනාව, හරි වචනය, හරි කර්මාන්තය, හරි ආජීවය, හරි ව්‍යායාමය, හරි ස්මෘතිය, හරි සමාධිය යන මේ අට වැඩිය යුත්තාහුය.

අෂ්ට ලෝක ධර්මයෝ ලාභය, අලාභය, අපකීර්තිය, කීර්තිය, නින්දාව, ප්‍රශංසාව, සැප, දුක යන මේ ධර්ම අට පිරිසිඳ දත යුත්තාහුය.

වැරදි දෘෂ්ටිය, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය, වැරදි ස්මෘතිය, වැරදි සමාධිය යන මෙි ධර්ම අට දුරු කටයුත්තාහුය.

කුසීත වස්තු අටක් වෙත් (මෙහි 471 පිටේ 10 ඡේදය යොදන්න.) මෙි ධර්ම අට ගුණයෙන් පිරිහීම් පිණීස පවත්නාහුය.

වීර්යය කිරීමෙි කරුණු අට (මෙහි 472 පිටේ 11 ඡේදය බලන්න.) මෙි ධර්ම අට විශේෂ ගුණ ඉපදවීම පිණිස වන්නාහුය.

10. බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ අකල් නවය (මෙහි 475 පිටේ 19 ඡේදය බලන්න.) මෙි ධර්ම නවය දුකසේ දැනගත්තාහුය.

බලය පැවැත්වීම් හෙවත් මැඩගෙන සිටීම් අට (මෙහි 473 පිටේ 15 ඡේදය යොදන්න.) මෙි ධර්ම අට ඉපදවිය යුත්තාහුය.

විමොක්‍ෂ අට (මෙහි 474 පිටේ 16 ඡේදය යොදන්න) මේ ධර්ම අට තමාම ප්‍රත්‍යක්‍ෂ කොට දැක්ක යුතුවන්නාහුය.

නුවණීන් මෙනෙහි කිරීම මුල්කොට ඇති ධර්ම නවයයි. නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රමෝදය (මද සතුට) උපදී. ප්‍රමොද්‍යවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳේ. සංසිඳුනු නාමකය ඇත්තේ සැප විඳී. සැප ඇත්තහුගේ සිත එකඟවෙයි. එකඟවූ සිත ඇති කල්හී ඇති සැටියෙන් දකියී. ඇති සැටියෙන් දකින්නේ කළකිරෙයි. කළකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ සියලු දුකෙන් මිදෙයි. මේ ධර්ම නවය බොහෝ උපකාර වන්නාහුය.

පිරිසිදු බවට ප්‍රධානවූ අංග නවයයි. ශීල විශුඬිය, චිත්ත විශුඬිය, දෘෂ්ටි විශුඬිය, කීඛාවිතරණ විශුඬිය, මාර්ගා මාර්ගඥානදර්ශන විශුඬිය (මග නොමග දැනීම), ප්‍රතිපදා ඥානදර්ශන විශුඬිය, ඥානදර්ශන විශුඬිය, ප්‍රඥාවිශුඬිය (රහත්ඵල නුවණ) නම් පිරිසිදු බවට ප්‍රධාන අංග වෙත්. මේ ධර්ම නවය වැඩිය යුත්තාහුය.

සත්වාවාස නවයයි. (මෙහි 475 පිටේ 18 ඡේදය යොදන්න) මේ ධර්ම නවය පිරිසිඳ දතයුතු වන්නාහ.

තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නමයයි. තෘෂ්ණාව නිසා සෙවීම වන්නේය. සෙවීම නිසා ලාභය වන්නේය. ලාභය නිසා විනිශ්චය වන්නේය. විනිශ්චය නිසා ඡන්දරාගය (ඇල්ම) වන්නේය. ඡන්දරාගය නිසා අනුභවය වන්නේය. අනුභාවය නිසා අයිතිකර ගැන්ම වන්නේය. අයිතිකර ගැනීම නිසා මසුරුබව වන්නේය. මසුරුබව නිසා ආරක්‍ෂා කිරීම වන්නේය. ආරක්‍ෂා කිරීම නිසා දඬුගැනුම් කෝලාහල විවාද කේළාම් බොරුකීම්ද නොයෙක් ලාමක අකුශල කර්මයෝද වෙත්. මේ ධර්ම නවය දුරුකටයුත්තාහුය.

ක්‍රෝධ කරුණු නවයයි. මට අවැඩක් කළේයැයි කෝධය බඳියී. මට අවැඩක් කරයි කියා ක්‍රෝධ බඳියී. මට අවැඩක් කරන්නේයයි කියා ක්‍රෝධය බඳියී. මාගේ ප්‍රියවූ මනාපවූවහුට අවැඩක් කළේය, අවැඩක් කරයි, අවැඩක් කරන්නේයයි ක්‍රෝධය බඳියී. මගේ අප්‍රියවූ අමනාපවූවහුට යහපතක් කළේය, යහපතක් කරයි, යහපතක් කරන්නේයයි ක්‍රෝධය බඳියී. මේ ධර්ම නවය පිරිහීම පිණිස පවතී.ක්‍රෝධය දුරු කිරීම් නවයක් වෙත්. (මෙහි 474 පිටේ 17(2) ඡේදය යොදන්න) මේ ධර්ම නවය විශෙෂභාගිය නම් වන්නාහුය.

නානත්ව නවයයි. ඇස ආදී නොයෙක් ධාතුනිසා රූප ආදියෙහි නොයෙක් ස්පර්ශ උපදියී. නොයෙක් ස්පර්ශ නිසා නොයෙක් වේදනා උපදවයි. නොයෙක් වේදනා නිසා නොයෙක් හැඟීම් උපදියී. නොයෙක් හැඟීම් නිසා නොයෙක් කල්පනා උපදවයි. නොයෙක් කල්පනා නිසා නොයෙක් ආශා උපදියී. නොයෙක් ආශා නිසා නොයෙක් දැවිලි උපදියී. නොයෙක් දැවිලි නිසා නොයෙක් සෙවීම් උපදියී. නොයෙක් සෙවීම් නිසා නොයෙක් ලාභ උපදියී. නොයෙක් ලාභ නිසා නොයෙක් ලොභ උපදියී. මේ ධර්ම නවය දුකසේ අවබෝධ කළ යුත්තාහ.

හැඟීම් නවයයි. අසුභ, මරණ, අහාරයෙහි පිළිකුල්, සියලු ලෝකයෙහි අනභිරති, අනිත්‍ය, අනිත්‍යයෙහි දුක්, දුකෙහි අනාත්ම, දුරු කිරීම්, නොඇලීම් හැඟීමය යන මේ ධර්ම නවය ඉපදවිය යුත්තාහුය.

පිළිවෙලින් සමවැදිය යුතු විසීම් නවයයි. (මෙහි 476 පිටේ 21 ඡේදය යොදන්න) මේ ධර්ම විශෙෂ නුවණින් දත යුත්තාහුය.

අනුපූර්ව නිරොධ (පිළිවෙලින් නැතිකිරීම්) නවයයි. (මෙහි 476 පිටේ 22 ඡේදය යොදන්න) මේ ධර්ම නවය තමාම ප්‍රත්‍යක්‍ෂ කටයුතු වන්නාහ.

11. නාථ කරණ (පිහිටවන) ධර්ම දශයයි. (මෙහි 477 පිටේ 23 ඡේදය යොදන්න) මේ ධර්ම දශය බොහෝ උපකාර වන්නාහුය.

දශ කසිනායතනයෝ ී ඇතැමෙක් උඩ, යට, සරස, එකමවූ (දෙකක් නැති) පෘථීවි කසිණය, ඇතැමෙක් අපොකසිණය, ඇතැමෙක් තේජො කසිණය, ඇතැමෙක් වායෝ කසිණය, ඇතැමෙක් නීල කසිණය, ඇතැමෙක් පීතකසිණය, ඇතැමෙක් ලෝහිත කසිණය හඳුනයි. ඇතැමෙක් අවදාත කසිණය ඇතැමෙක් විඤ්ඤාණ කසිණය හඳුනයි. මේ ධර්ම දශය වැඩිය යුත්තාහුය.

ආයතන දශය චක්‍ෂී රූප, ශ්‍රොත, ශබ්ද, ාීණ, ජිව්හා, රස, කාය, ස්පර්ශ ආයතනය යන මේ ධර්ම දශය පිරිසිඳ දත යුත්තාහුය.

වැරදි ගති දශයයි. වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජීවිකාවෘත්තිය, වැරදි ව්‍යාවයාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි නුවණ, වැරදි මිදීම යන මේ දශ ධර්මයෝ දුරු කටයුත්තාහුය.

දශ අකුශල කර්ම පථයෝය. (මෙහි 478 පිටේ 24 ඡේදය යොදන්න.) මේ ධර්මයෝ හානභාගිය වන්නාහුය.

මේ දශ ධර්මයෝ විශෙෂභාගික නම් වන්නාහුය. (මෙහි 478 පිටේ 26 ීෙදය යොදන්න.)

මේ ධර්ම දසය දුකසේ දැනගතයුතු වන්නාහුය. ආර්යය පුද්ගලයන්ගේ වාසය කිරීම් දශය වෙත් (මෙහි 478 පිටේ 27 ීෙදය යොදන්න.) මේ ධර්ම දශය දුකසේ දැනගත යුතු වන්නාහ.

දශ සංඥාවෝය. අසුභ, මරණ, ආහාරයෙහි පිළීකුල්, සියලු ලෝකයෙහි නොඇලීම්, අනිත්‍යයෙහි දුීඛ, දුකෙහි අනාත්ම, ප්‍රහාණ, විරාග, නිරෝධ සංඥා යන මේ දශ ධර්මයෝ ඉපදවිය යුත්තාහුය.

මේ ධර්ම දශය ඉතා හොඳ නුවණින් දතයුත්තාහුය.

දශ ආශෛක්‍ෂ ධර්මයෝය. (රහත්ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම.) අශෛක්‍ෂවූ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය, සම්‍යක් ඤාණය, සම්‍යක් විමුක්තිය යන මේ දශයයි. මේ ධර්ම තමාම දැකීම කටයුතු වන්නාහ.

මේ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද්දාහුයයි වදාළේය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති භික්‍ෂූන් වහන්සේලා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

(තිස් හතරවැනිවූ දසුත්තර සූත්‍රය නිමි.)

(දීනිකාය නිමි.)

33. සංගීති සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්‍ය ජනපදවල ගමන් කරනුයේ පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සංයා සමග මල්‍යයන්ගෙ පාවා නම් නුවරට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වාසය කළසේක. එකල පාවා නුවර වැසි මල්‍යයන්ගේ උබ්භතක නම් අළුත්වූ නොබෝ දිනකින් කරවන ලද්දාවූ මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ කිසියම් මිනිසෙකු විසින් වාසය නොකරන ලද සන්ථාගාර ශාලාවක් වෙයි.

2. එකල්හි පාවා නුවර වැසි මල්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එකපැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ පාවා නුවර වැසි මල්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. ´´ස්වාමීනි, මෙහි පාවා නුවර වැසි මල්‍යයන්ගේ උබ්භතක නම්වූ අළුත් සන්ථාගාරය (නුවර මැද කරවන ලද ශාලාව) නොබෝ දින කරවන ලද්දේ වෙයි. කිසියම් මිනිසෙකු විසින් වාසය නොකරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් එය පළමුකොට පරිභෝග කිරීමට ආරාධනා කරන ලදි.´´ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් ඉවසූ සේක. ඉක්බිති පාවා නුවර වැසි මල්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන සන්ථාගාරයට පැමිණ, එහි සියළු සන්හි ඇතිරිලි එලා ආසන පනවා දිය සැළි තබා පහන් දල්වා භාග්‍යවතුන් වහන්සේට එහි වැඩමවීමට සුදුසු කල්බව දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරවා, පාත්‍රය හා සිවුරු ගෙන භික්‍ෂු සංයා සමග සන්ථාගාරයට පැමිණියහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර වැසි මල්‍යයන්ට, රාත්‍රි බොහෝ වේලාවක්ම ධර්මදේශනා කර කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, අතිශයින් සතුටු කරවා, ´´වාසෙට්ඨයිනි, රාත්‍රිය බොහෝ ඉක්ම ගියාය. දැන් තොපට ගමනට සුදුසු කාලය හඟව්´´ කියා පිටත්කර යැවූ සේක.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඉතා නිශ්ශබ්දවූ භික්‍ෂු සංයා දෙස බලා ආයුෂ්මත් ශාරිපුත්ත ස්ථවිරයන්ට මෙසේ ආමන්ත්‍රණය කළසේක. ´´ශාරිපුත්‍රය, භික්‍ෂු සංතෙම පහවූ ථිනමිද්ධය ඇත්තේය. (නිදිමත නැතිව සිටියි.) ශාරිපුත්‍රය, භික්‍ෂූන්ට සුදුසු දැහැමි කථාවක් තොපට වැටහේවා, මාගේ පිටරුදා කෙරෙයි. එහෙයින් මම කය දිග හරින්නෙමි´´යි කීහ. දෙපට සිවුර හතරට නමා එලා, දකුණු පයෙහි වම්පය මදක් ඉක්මවා තබා, සිහි නුවණින් යුක්තව නැගිටිමි යන කල්පනාව සිත්හි තබාගෙන දකුණැලයෙන් සිංහසෙය්‍යාව කළසේක.

4. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීහ. ´´ඇවැත්නි, නිගණ්ඨනාත පුත්‍රතෙම පාවා නුවර අසලදී නොබෝ දින මැරී ගියේය. ඔහුගේ මරණයෙන් බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු, වාසය කරන්නාහුය.´´

´´නිගණ්ඨනාත පුත්‍රයාට අනුව යන්නාවූ ගිහි ශ්‍රාවකයෝ ඒ නිගණ්ඨනාතපුත්‍ර ශ්‍රාවකයන කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන්ද වැළකුණාහුය.´´

5. ´´ඇවැත්නි, මනාව නොදත් නිවන් පිණිස නොපවත්නාවූ සංසිඳීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් දැනගන්නා ලද්දාවූ නපුරු කොට කියන ලද්දාවූ ශාසනයෙහි, මෙය මෙසේ වෙයි. ඇවැත්නි, මේ අපගේ ධර්මය සම්‍යක් සම්බුදුවරයෙකු විසින් දැනගන්නා ලද්දේ වෙයි. යම්සේ මේ ශාසන බූහ්මචය්‍ර්‍යය බොහෝ කල් පවත්නේද, චිරස්ථායී වන්නේද එසේ ඒ ධර්මය සියල්ලන් විසින්ම එක්ව කියයුතුයි, විවාද නොකටයුතුයි, එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස වන්නේය.´´

´´ඇවැත්නි, මේ ධර්ම සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට ප්‍රකාශ කරන ලද ධර්ම ඇත්තාහ. කවර නම් එක් ධර්මයක්ද? සියලු සත්වයෝ ආහාරය නිසා පවත්නාහුය.´´

´´ඒ දෙකක්වූ ධර්ම කවරහුද? නාමය හා රූපය, අවිද්‍යාව හා භව තෘෂ්ණාව, භව දෘෂ්ටිය හා විභව දෘෂ්ටිය (නිත්‍ය ආත්මයක් ගැනීම හා ආත්මය සිඳේයයි ගැනීම), පාපයට ලජ්ජා නැතිකම හා පාපයට බිය නැතිකම, හිරිය (පාපයට ලජ්ජාව) හා ඔත්තප්පය (පාපයට භය), කියනදේ නාහන බව හා පාප මිත්‍රයන් ඇතිබව, සුවච බව හා යහපත් මිතුරන් ඇතිබව, ඇවැත් දැනීමෙහි දක්‍ෂ බව හා ඇවතින් නැගී සිටීමෙහි දක්‍ෂ බවද, සමාපත්තියෙහි දක්‍ෂ බව හා සමාපත්තියෙන් නැගී සිටීමෙහි දක්‍ෂ බවද, ධාතුන දැනීමෙහි දක්‍ෂ බව හා ධාතුන් මෙනෙහි කිරීමෙහි දක්‍ෂ බවද, ආයතනයන් දැනීමේ දක්‍ෂ බව හා පටිච්චසමුප්පාදයන් දැනීමෙහි දක්‍ෂ බවද, හේතු දැනීමෙහි දක්‍ෂ බව හා අහේතු දැනීමේ දක්‍ෂ බවද, අවංක බව හා පාපයට ලජ්ජා ඇති බවද, ඉවසීම හා කයින් වචනයෙන් පව් නොකිරීමද, මෘදු වචන ඇති බව හා ධර්මයෙන් හා ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමද, අවිහිංසාව හා පිරිසිදු බවද, සිහිමුලාව හා අසම්පජඤ්ඤයද, සතිය හා ප්‍රඥාවද, ඉන්ද්‍රියන් නොඉවසන ලද බව හා භෝජනයෙහි පමණ දැනීමද, අඥාන භාවයෙන් කම්පා නොකළ හැකිබව ඥානය හා භාවනා බලය, සති බලය හා සමාධි බලයද, සමථය හා විදර්ශනාවද, සමථ නිමිත්ත හා පසුව උපදින වීර්යයට හේතුවූ පූර්ව වීර්යය, වීර්යය හා සිත විසීර නොයාමද, සීලවිපත්තිය හා දිට්ඨිවිපත්තියද, සීලසම්පදාව හා දිට්ඨිසම්පදාවද, සීලවිසුද්ධිය හා දිට්ඨිවිසුද්ධියද,විදර්ශනා ඥානය හා ඒ හා එකට යෙදුනු වීර්යයද, සංවේග වියයුතු කරුණුවල සංවේගවීම හා සංවේගයට පැමිණියහුගේ නුවණින් වීර්යය වැඩීමද, කුශල ධර්මයන්හි බොහෝ කැමති බව හා වීර්යයෙහි නොනවතින බවද, ත්‍රිවිද්‍යාව හා විමුක්තිය (නිර්වාණය)ද ආර්ය මාර්ගයන්හි ඥානය හා ආර්ය ඵලයන්හි ඥානයද වෙත්.´´

´´ඇවැත්නි, ප්‍රකාශ කරන ලද තුන බැගින්වූ ධර්මයෝ වෙත්.´´

´´ඒ කවරහුද යත්? ලෝභ අකුසල මූලය, ද්වේශ අකුසල මූලය, මෝහ අකුසල මූලය යන අකුසල මූල තුනය. අලෝභ කුසල මූලය, අදෝස කුසල මූලය, අමෝහ කුසල මූලය යන කුසල් මූල් තුනය. ´´කයින් වචනයෙන් සිතින් කරන දුශ්චරිතයයි දුශ්චරිත තුනකි.´´ ´´කයින් වචනයෙන් සිතින් කරන සුචරිත තුනකි.´´ කාමවස්තු ගැන කල්පනාව, අනුන්ගේ විනාශය ගැන කල්පනාව, අනුන්ට හිංසා කිරීම ග්ැන කල්පනාව යන අකුසල විතර්ක තුනකි.´´

´´කාමවස්තූන්ගෙන් වෙන්වීමේ කල්පනාව, මෛත්‍රි කල්පනාව, අවිහිංසාව ගැන කල්පනාව, යන කුසල විතර්ක තුනකි.´´

´´කාම, ව්‍යාපාද, විහිංසා යන අකුසල සංකල්ප තුනකි. නෛෂ්කම්‍ය, අව්‍යාපාද, අවිහිංසා යන කුසල සංකල්ප තුනකි. කාම, ව්‍යාපාද, විහිංසා යන අකුසල සංඥා තුනකි. නෛෂ්කම්‍ය, අව්‍යාපාද, අවිහිංසා යන කුසල සංඥා තුනකි. කාම, ව්‍යාපාද, විහිංසා යන අකුසල ධාතු තුනකි. නෛෂ්කම්‍ය, අව්‍යාපාද, අවිහිංසා යන කුසල ධාතු තුනකි. අනිකුදූ ධාතු නම් කාම, රූප, අරුප යන තුනය. රූප, අරූප, නිරෝධ යන ධාතු තුනය. හීන, මධ්‍යම, ප්‍රණීත (ශ්‍රේෂ්ඨ) යන ධාතු තුනයි.´´

´´තෘෂ්ණා තුනක් වෙත්. කාම, භව, විභව යන තෘෂ්ණා තුනයි. අනිකදු තෘෂ්ණා නම් කාම, රූප, අරූප තෘෂ්ණාය. රූප, අරූප, නිරෝධ තෘෂ්ණාය.´´

´´සත්කාය දෘෂ්ටිය (ආත්මය පිළිබඳ වැරදි දැකීම), විචිකිච්චාව (සැකය), සීලබ්බත පරාමාසය (ශාසනයෙන් බැහැර සිල් ව්‍රත දෘෂ්ටි වශයෙන් ගැනීම), යන සංයෝජන (කෙලෙස් බැමි) තුනක් වෙත්.´´

´´කාම, භව, අවිද්‍යාශ්‍රවයයි ආශ්‍රව තුනක් වෙත්. කාම, රූප, අරූප භවයයි භව තුනක් වෙත්.´´

´´කාමෙසනය, භවෙසනය, බ්‍රහ්මචරියෙසනය (මිත්‍යාදෘෂ්ටි වශයෙන් බ්‍රහ්මචර්යාව සොයන ආශාව) යන එසන (සෙවීම්) තුනක් වෙත්.´´

´´මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි යන මානය, මම සමානයෙක් වෙමියි යන මානය, මම හීනයෙක් (පහත් කෙනෙක්) වෙමියි යන මානය යි මාන තුනක් වෙත්.´´

´´අතීත, අනාගත, වර්තමාන යන කාල තුනකි.´´

´´සක්කාය අන්තය (උපාදානස්කන්ධ පස නැමැති කොටස), සක්කාය සමුදය අන්තය (උපාදානස්කන්ධ පසට හේතුවූ තණ්හාව නැමැති කොටස), සක්කාය නිරෝධ අන්තය (නිර්වාණ නැමැති කොටස) යි අන්ත (කොටස්) තුනෙකි.´´

´´සැප, දුක්, උපේක්ඛා යි වේදනා තුනකි.´´

´´දුක්ඛ දුක්ඛතාව (දුක් වේදනාව), සංඛාර දුක්ඛතාව (උපේක්ඛා වේදනාව), විපරිනාම දුක්ඛතාව (සුඛ වේදනාව) යි දුක්ඛතා තුනකි.´´

´´මිච්චත්තිනියත රාසිය (නියත මිත්‍යා දෘෂ්ටිය සහ ආනන්තරිය කර්ම), සම්මන්තනියත රාසිය (සතර ආර්යය මාර්ගය), අනියත රාසිය (නියත මිත්‍යාදෘෂ්ටි ආනන්තරිය කර්ම හැර ඉතිරි ධර්ම) යන රාසි තුනකි.´´

´´ඉකුත් කාලය, අනාගත කාලය, දැන පවත්නා කාලය ගැන හෝ සැක කරයි, සැක උපදවයි, නිශ්චය නොකරයි, නොපහදයි යන සැක තුනක් වෙත්.´´

´´තථාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කරුණු තුනක් වෙත්. මාගේ මෙය (දුශ්චරිතය) අන්‍යා නොදනීවායි රැක්කයුතු දුශ්චරිතයක් තථාගතයන් වහන්සේට නැත. තථාගත තෙමේ පිරිසිදු කාය, වාක්, පිරිසිදු මනො සමාචාර ඇත්තේය යන මේ තුනයි.´´

´´රාග, දෝෂ, මෝහ යන පළිබෝධ තුනයි.´´

´´රාග, ද්වේශ, මෝහ ගින්න යන තුනයි. දනිකුදු ගිනි තුනක් වෙත්. ආහුණෙය්‍ය ගින්නය (මවුපියන්), ගෘහපති ගින්නය (ස්වාමිපුර්ෂයා), දක්ඛණෙය්‍ය ගින්නය (භික්‍ෂු සංයා) යන තුනයි.´´

´´තුන් ආකාරයකින් රූප සංග්‍රහ වේ. දැකීම් සහිත හැපීම් සහිත රූපය, දැකීම් රහිත හැපීම් සහිත රූපය, දැකීම් රහිත හැපීම රහිත රූපය යන තුනයි.´´

´´සංස්කාර තුනක් වෙත්. පුණ්‍යාභිසංස්කාරය, අපුණ්‍යාභිසංස්කාරය, ආනෙඤ්ජාභිසංස්කාරය, (සතර වැදෑරුම් අරූපාවචර කුශල චේතනා) යන තුනයි.´´

´´පුද්ගලයෝ තුන් දෙනෙක් වෙත්. සෙඛ (අර්හත් ඵලය හැර ඉතිරි මාර්ග ඵලයන්ට පැමිණි ආර්යයෝ සත්දෙන) පුද්ගලයා, අසෙඛ (අර්හත් ඵල ලැබූ) පුද්ගලයා, නෙවසෙඛ නාසෙඛ (සෙඛත් නොවන අසෙඛත් නොවන පෘතග්ජන) පුද්ගලයා යන තුන්දෙනායි.´´

´´ස්ථවිරයන් තිදෙනෙකි. ජාති ථෙර (මහලු ගිහියා), ධම්ම ථෙර (සීලාදි ථෙර කරණිය ධර්මයන්ගෙන් යුත් භික්‍ෂුව), සම්මුති ථෙර (නමින් ථෙර ථෙරයි කියනු ලබන භික්‍ෂුව) යන තුන්දෙනායි.´´

´´දානමය සීලමය භාවනාමය පුණ්‍යක්‍රියා තුනකි.´´

´´දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන්යයි චෝදනා වස්තු තුනකි.´´

´´කාම සම්පත් ලැබීම් තුනක් වෙත්. ඉදිරියට පැමිණි අරමුණුවලින් කම්සැප විඳින්නා, මවන ලද කාම සම්පත් ඇත්තා, අනුන් විසින් මවනලද කාම සම්පත් ඇත්තා.´´

´´සුඛොත්පත්ති (සැප ලැබීම්) තුනක් වෙත්. ධ්‍යාන සැප උපදවා සැප විඳින්නා, ධ්‍යාන සැපයෙන් තෙත්වූ හාත්පසින් තෙත්වූ සම්පූර්ණවූ පැතිර ගියාවූ සැප විඳින්නා, සැපයෙන් තෙත්වූ හාත්පසින් තෙත්වූ ගැවසුනාවූ පිරුණාවූ පැතිර ගියාවූ ඇත්තා. ප්‍රඥා තුනක් වෙත්. ශෛක්‍ෂ අශෛක්‍ෂ නෙවසෙක්ඛ නාසෙක්ඛ ප්‍රඥාව යන තුනයි. අනිකුදු ප්‍රඥා තුනක් වෙත්. චිත්තාමය (සිතීමෙන් ලබන) ප්‍රඥාව, සුතමය (ඇසීමෙන් ලබන) ප්‍රඥාව, භාවනාමය (භාවනා කිරීමෙන් ලබන) ප්‍රඥාව යන තුනයි.´´

´´ආයුධ තුනක් වෙත්. ධර්මය ඇසීමෙන් ලබන නුවණ නැමැති ආයුධය, කාය විවේක චිත්ත විවේක උපධි විවේක, යන ත්‍රිවිධ විවේක නැමැති ආයුධය. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව නැමැති ආයුධය යන තුනයි.´´

´´ඉන්ද්‍රිය තුනක් වෙත්. සොතාපත්ත මාර්ගඥානය, සෝවාන් ඵලයෙහි පටන් අර්හත් මාර්ගය දක්වා ඇති ඥාන සය, අර්හත් ඵලය යන තුනයි.´´

´´ඇස් තුනක් වෙත්. භික්‍ෂු ශීලය, විදර්ශනා පාදක ධ්‍යාන, විදර්ශනා ප්‍රඥාව යන තුනයි.´´

´´ශික්‍ෂා තුනක් වෙත්. කාය භාවනා චිත්ත භාවනා (අෂ්ඨ සමාපත්ති) පඤ්ඤා භාවනා (අර්හත් ඵල ප්‍රඥාව) යන තුනයි.´´

´´සියල්ලට උසස් ධර්ම තුනක් වෙත්. විදර්ශනා ඥානය, මාර්ග ඥාන, ඵල ඥාන යන තුනයි.´´

´´සමාධි තුනක් වෙත්. විතර්කය හා විචාරය සහිත සමාධිය, විතර්කය නැති විචාරය පමණක් ඇති සමාධිය, විතර්ක විචාර දෙකක් නැති සමාධිය යන තුනයි. අනිකූදු සමාධි තුනක් වෙත්. අනාත්ම දක්නා, අනිත්‍යය දක්නා, දුක දක්නා විදර්ශනා සමාධිය යන තුනයි.´´

´´පිරිසිදු බැව් ඇති කරන්නාවූ ධර්ම තුනක් වෙත්. කාය වචී මනො සොචෙය්‍ය යන තුනයි.´´

´´(මුනි භාවය කරන්නාවූ) ධර්ම තුනක් වෙත්. කාය වචී මනො මොනෙය්‍ය තුනයි.´´

´´දක්‍ෂකම් තුනක් වෙත්. කුශලයන්ගේ විනාශය දක්නා ප්‍රඥා (උපාය) තැනට සුදුසු නුවණ යන මේ තුනයි.´´

´´ආරෝග්‍ය මදය, තරුණ මදය, ජාති (උසස් ජාතියකය යන) මදය යන තුනයි.´´

´´අධිපති කම් තුනක් වෙත්. තමා අධිපති කොට ඇති බව ලෝකයා අධිපති කොට ඇති බව, ධර්මය අධිපති කොට ඇති බව යන තුනයි.´´

´´කථා වස්තු තුනක් වෙත්. අතීත කාලය ආනාගත කාලය දැන් මේ කාලය ගැන හෝ කථා කියන්නේය යන තුනයි.´´

´´විද්‍යා තුනක් වෙත්. පෙර විසූ ජාති පිළිවෙළ දැනීමේ විද්‍යාව, සත්වයන්ගේ චුති උප්පත්ති දැනීමේ විද්‍යාව, කෙළෙස් නැති කරන ප්‍රඥාව වන විද්‍යාව යන තුනයි.´´

´´විහරණ (පැවතුම්) තුනක් වෙත්. දිව්‍ය බ්‍රහ්ම ආර්ය විහරණය (ඵල සමාපත්තිය) යන තුනයි.´´

´´ප්‍රතිහාර්ය තුනක් වෙත්. ඎධි ආදේශනා අනුශාසනී ප්‍රාතිහාර්ය යන තුනයි.´´

´´ඇවැත්නි, සතර ධර්ම කෙනෙක් ඇත්තාහ. ඒ කවර සතර ධර්ම කෙනෙක්ද?´´

´´සතිපට්ඨාන සතරක් වෙත්. ලෝභය හා ද්වේශය දුරුකොට ශරීරයෙහි, වේදනාවන්හි, චිත්තයෙහි, ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරයි යන සතර ධර්මයෝයි.´´

´´සම්‍යක් ප්‍රධාන සතරක් වෙත්. නූපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස, උපන්නාවූ ලාමක අකුසල ධර්මයන්ගේ නැති කිරීම පිණිස, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම වැඩිවීම පිණිස භාවනාවෙන් සම්පූර්ණ කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්යය පටන් ගනියි, සිත දැඩිකොට ගනියි යන මේ සතරයි.´´

´´ඎධිපාද සතරක් වෙත්. ඡන්ද සමාධිය චිත්ත සමාධිය, වීර්යය සමාධිය, විමංසා සාමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන් ගෙන් යුක්තවූ ඎධිපාදය වඩයි යන සතරයි.´´

´´ධ්‍යාන සතරක් වෙත්. ප්‍රථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය තෘතීය ධ්‍යානය සතරවන ධ්‍යානය යන සතර ධ්‍යානයෝය.´´

´´සමාධි භාවනා සතරක් වෙත්. ඇවැත්නි, මේ ආත්මයෙහි සැප විහරණය පිණිස පවත්නා සමාධි භාවනා, ඥාන දර්ශන (දිව්‍ය චක්‍ෂුරභිඥානය) ප්‍රතිලාභය පිණිස පවතින සමාධි භාවනාව, සිහිය හා ඥානය පිණිස පවතින සමාධි භාවනාව, කෙලෙස් ක්‍ෂය කිරීම පිණිස පවතින සමාධි භාවනාව, සමාධි භාවනා සතරක් වෙත්.´´

´´ප්‍රමාණ කළ නොහැකි සත්වයන් කෙරෙහි පවත්නා ධර්ම සතරක් වෙත්. මෛත්‍රී කරුණා මුදිතා උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි යන සතරයි.´´

´´අරූප ධ්‍යාන සතරක් වෙත්. ආකාසානඤ්චායතන ධ්‍යානය, විඥානඤ්චායතන ධ්‍යානය, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය යන සතරයි.´´

´´ආධාර සතරක් වෙත්. නුවණින් දැන සේවනය කළයුත්ත සේවනය කරයි. ඉවසිය යුත්තක්ම ඉවසයි. දුරු කළ යුත්තක්ම දුරු කරයි. පහකළ යුත්තක්ම පහ කරයි. (යන සතරයි)´´

´´ආර්ය වංශ සතරක් වෙත්. ලැබුණ කවර හෝ සිවුරකින් සතුටු වෙයි. සිවුරක් නොලැබුණේද නොකලකිරෙයි. සිවුරක් ලැබුණේද එහි නොඇලී මුසපත් නොවී තණ්හාවෙන් නොබැඳී පරිභෝග කරයි. ඒ චීවර සංතෝෂයෙන්ද තමා උසස් නොකෙරෙයි. අනුන් පහත් නොකෙරෙයි. එසේම පිණ්ඩපාතයද, සේනාසනද භාවනාවද ලැබ නුවණින් යුක්තව පරිභෝග කරයි. මේ මහණ තෙම පැරණිවූ අග්‍රයයි දන්නාවූ ආර්ය වංශයෙහි සිටියේයයි කියනු ලැබේ.´´

´´ප්‍රධාන (උතුම් වීර්යය) සතරක් වෙත්. සංවර ප්‍රධානය, කාම විතර්කාදීන් දුරු කරන්නහුට උපන් වීර්යය භාවනා ප්‍රධානය, සමාධි නිමිත්ත රක්නහුට උපන් වීර්යය යන සතරයි.´´

´´ඤාන සතරක් වෙත්. ධර්මයෙහි ඤාණය (චතුස්සත්‍ය දක්නා ඥානය අනුව ගිය ඥානය) අනුන්ගේ සිත් පිරිසිඳ දැන ගන්නා ඥානය, සම්මුතියෙහි ඤානය (අවශේෂ ඥාන) (යන සතරයි.) ´´අන්‍යවූද ඤාන සතරක් වෙත්! දුකෙහි ඤානය, දුක් හටගැන්මෙහි ඤානය, දුක් නැති කිරීමෙහි ඤානය, දුක් නැති කිරීමට පිළිපදින මාර්ගයෙහි ඤානය (යන සතරයි.)´´

´´සෝවාන් මාර්ගයට අංග සතරක් වෙත්. සත්පුර්ෂ සේවනය, සද්ධර්ම ශ්‍රවනය, නුවණින් කල්පනා කිරීම (ලෝකෝත්තර ධර්ම අනුව පිළිපැදීම) (යන සතරයි.)´´

´´සෝවාන් වූවහුගේ අංග සතරක් වෙත්. බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. තණ්හා දිට්ඨි දෙකෙන් අල්ලා ගැනීම නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, සීලයෙන් යුක්තවූයේ යයි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (යන සතරයි.)´´

´´මහණකමෙහි ඵල සතර සෝවාන් සකෘදාගාමී, අනාගාමී රහත් ඵල වෙත්.´´

´´ධාතු සතර පෘථිවි, ආපෝ, තේජෝ, වායෝ වෙත්.´´

´´ආහාර සතර මහත්වූ හෝ සියුම්වූ හෝ පිඬු වශයෙන් ගන්නා ආහාරය, දෙවෙනි ඵස්සාහාර (ස්පර්ශය), තුන්වෙනි මනොසඤ්චේතනාහාරය (චේතනාව), සතරවෙනි විඤ්ඤාණාහාරයයි (සිත) (යන සතරයි.)´´

´´විඤ්ඤාණ පැවැතුම් සතරක් වෙත්. රූපය උපාය (පිහිට) කොට හෝ, වේදනාව උපාය කොට හෝ, පවත්නාවූ විඤ්ඤාණය පවතියි. සංස්කාරය අරමුණු කොට සංස්කාරය ප්‍රතිෂ්ඨා කොට, තෘෂ්ණවෙන් ඉසින ලද (විඤ්ඤාණය) වැඩීමට, නැගීමට මහත් භාවයට පැමිණේ. (යන සතරයි)´´

´´අගති ගමන සතරක් වෙත්. ඡන්දයෙන් ද්වේශයෙන් භයින් මෝහයෙන් අගතියට යයි.´´

´´තෘෂ්ණා ඉපදීම් සතරක් වෙත්. චීවර හේතුවෙන් හෝ පිණ්ඩපාත හේතුවෙන් හෝ සේනාසන හේතුවෙන් හෝ මෙසේ භවාභව හේතුවෙන් හෝ භික්‍ෂූහට උපදින තෘෂ්ණාව උපදියි. (යන සතරයි)´´

´´පිළිපැදීම් සතරක් වෙත්. වහා (මාර්ග ඵල) අවබෝධ නොකරන්නාවූ දුක්වූ ප්‍රතිපදාවය, වහා අවබෝධ කරන්නාවූ දුක්වූ ප්‍රතිපදාවය, වහා අවබෝධ නොකරන්නාවූ සැපවූ ප්‍රතිපදාවය, වහා අවබෝධ කරන්නාවූ සැපවූ ප්‍රතිපදාවය (යන සතරයි.) අනිකුදු ප්‍රතිපදා සතරක් වෙත්. ශීත උෂ්ණාදිය නොඉවසන ප්‍රතිපදාවය, ශීතාදිය ඉවසන ප්‍රතිපදාවය, ඉන්ද්‍රියන් දමනය කරන ප්‍රතිපදාවය, කෙලෙස් සංසිඳවන ප්‍රතිපදාවය.´´

´´ධර්ම පද කොටස් සතරක් වෙත්. අලෝභය අද්වේෂය සිහිය සමාධිය මුල් කොට උපදවන ධර්ම කොටස් සතර´´

´´ධර්ම සමාදාන සතරක් වෙත්. වර්තමානයෙහි දුක්වූද මත්තෙහි දුක් විපාක ඇත්තාවූද ධර්ම සමාදානයක් ඇත්තේය. වර්තමානයෙහි දුක්වූද මත්තෙහි සැප විපාක ඇත්තාවූද ධර්ම සමාදානයක් ඇත්තේය. වර්තමානයෙහි සැපවූද මත්තෙහි දුක් විපාක ඇත්තාවූද ධර්ම සමාදානයක් ඇත්තේය. වර්තමානයෙහි සැපවූද මත්තෙහි සැප විපාක ඇත්තාවූද ධර්ම සමාදානයක් ඇත්තේය.´´

´´ධරමස්කන්ධ (ධර්ම සමූහ) සතරක් වෙත්. සීල, සමාධි, ප්‍රඥා විමුක්ති ස්කන්ධ යන සතරයි.´´

´´බල සතරක් වෙත්. වීර්යය, ස්මෘති, සමාධි, ප්‍රඥා බල වෙත්.´´

´´අධිෂ්ඨාන සතරක් වෙත්. ප්‍රඥා, සත්‍ය, ත්‍යාග, ව්‍යපසම (සංසිඳීම) අදිෂ්ඨාන වෙත්.´´

´´ප්‍රශ්න විසඳීම් සතරක් වෙත්. ඒකාන්තයෙන් විසඳීය යතුවූ ප්‍රශ්නය, අසා බලා විසඳිය යුතුවූ ප්‍රශ්නය, බෙදා විසඳිය යුතුවූ ප්‍රශ්නය, (නොවිසඳා) තැබිය යුතුවූ ප්‍රශ්නය (යන සතරයි.)´´

´´කර්ම සතරක් වෙත්. නරක විපාක පව් පලදීම් ඇත්තාවූ කර්මයක් ඇත. ශුක්ලවූ හොඳ විපාක ඇත්තාවූ කර්මයක් ඇත්තේය. නරක හා හොඳවූද නරක හා හොඳ විපාක ඇත්තාවූද කර්මයක් ඇත. නරක නොවූ හොඳ නොවූද නරක හා හොඳ නොවූ විපාක ඇත්තාවූද කර්මයක් ඇත.´´

´´ප්‍රත්‍යක්‍ෂ කටයුතුවූ ධර්ම සතරක් වෙත්. යට ජාතිවල සිටි තැන් සිහි කිරීමෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. සත්වයන්ගේ මිය යෑම හා ඉපදීම දිවැසින් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. සමග එක්ව උපන් නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. කෙලෙස් අවසන් කිරීම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. (යන සතරයි)´´

´´ඕ (සැඩ පහර) සතරක් වෙත්. කාමෝය, භවෝය, දිට්ඨෝය, අවිජ්ජෝය වෙත්.´´

´´යෝග (යෙදීම්) සතරක් වෙත්. කාම, භව, දිට්ඨි, අවිජජා යෝග වෙත්.´´

´´ක්ලේශ සම්බන්ධ නැති කිරීම් සතරක් වෙත්. කාම යෝගයන්ගේ විසංයෝගය, භව යෝගයන්ගේ විසංයෝගය, දිෂ්ටි යෝගයන්ගේ විසංයෝගය, අවිද්‍යා යෝගයන්ගේ විසංයෝගය වෙත්.´´

´´ග්‍රන්ථ (ගැට හෝ බැමි) සතරක් වෙත්. අභිධ්‍යා ව්‍යාපාද සීලබ්බතපරාමාස ඉදං සච්චාභිනිවෙස (මෙයම සත්‍යය අනික හිස්සසයි මෙසේ පවතින දෘෂ්ටිය) කාය ග්‍රන්තය යන (සතරයි).´´

´´උපාදාන (දැඩි ලෙස ගැනීම්) සතරක් වෙත්. කාම, දිට්ඨි, උපාදානය, සීලබ්බත අන්තවාද උපාදානය (යන සතරයි).´´

´´යෝනි (උප්පත්ති ක්‍රම) සතරක් වෙත්. බීජයෙන් උපදින උප්පත්තිය, මවු කුසයෙන් උපදින උප්පත්තිය, කුණු රොඩු ආදියෙහි උප්පත්තිය, ඕපපාතික (එක්වර පහළවන) උප්පත්තිය යන උප්පත්ති වෙත්.´´

´´ගැබ් පිළිසිඳීම් සතරක් වෙත්. ඇතැමෙක් දැනුමක් නැතිවම මවුකුස පිළිසිඳ ගනිති. මවුකුසෙහි සිටිති. මවුකුසින් නික්මෙති. දැනගෙනම මවුකුස පිළිසිඳ ගනියි. නොදැන මවුකුසෙහි සිටියි. නොදැන මවුකුසින් නික්මෙයි. දැනගෙනම මවුකුස පිළිසිඳ ගනියි. දැනගෙනම මවුකුසෙහි සිටියි. නොදැන මවුකුසින් නික්මෙයි. දැනගෙනම පිළිසිඳ ගැනීම් වශයෙන් මවුකුසට බැසගනියි. දැනගෙනනම මවුකුසෙහි සිටියි. දැනගෙනම මවුකුසින් නික්මෙයි.´´

´´උප්පත්ති ලැබීම් සතරක් වෙත්. යම් උප්පත්තියෙක්හි තමාගේ මෙහෙයීම් කරණකෙටගෙනම චුතවෙයිද, අනුන්ගේ මෙහෙයීම හේතුකොටගෙන චුත නොවෙයිද, එබඳු උප්පත්තියක් ඇත. යම් උප්පත්තියෙක්හි අනුන්ගේ මෙහෙයීම් නිසා චුතවන්නේද, තමාගේ මෙහෙයීමෙන් චුතනොවන්නේද, එබඳු උප්පත්තියක් ඇත. යම් උප්පත්තියෙක්හි තමාගේ මෙහෙයීමත් අනුන්ගේ මෙහෙයවීමත් නිසා චුතවන්නේද එබඳු උප්පත්තියක් ඇත්තේය. යම් උප්පත්තියෙක්හි තමාගේ මෙහෙයීමත් අනුන්ගේ මෙහෙයවීමත් නිසා චුත නොවන්නේද, එබඳු උප්පත්තියක් ඇත යන (සතරයි).´´

´´දානය පිරිසිඳුවන ක්‍රම සතරක් වෙත්. ඇවැත්නි, දායකයා කෙරෙන් පිරිසිදුවන, පිළිගන්නා කෙරෙන් පිරිසිදු නොවන දානය, පිළිගන්නා කෙරෙන් පිරිසිදු වන දායකයා කෙරෙන් පිරිසිදු නොවන දානය, දායකයා කෙරෙන් පිරිසිදු නොවන පිළිගන්නා කෙරෙන් පිරිසිදු නොවන දානය, දායකයා කෙරෙනුත් පිළිගන්නා කෙරෙනුත් පිරිසිදුවන දානය (යන සතරයි).´´

´´සංග්‍රහ වස්තු සතරක් වෙත්. දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව (හිතවැඩෙහි හැසිරීම), සමානාත්මතාවය වෙත්.´´

´´උතුම් නොවන ව්‍යවහාර සතරක් වෙත්. මුසාවාදය, කේලාම් වචන කීමය, ඵරුෂ වචන කීමය, හිස් වචන කීමය වෙත්.´´

´´ආර්යයන්ගේ ව්‍යවහාර සතරක් වෙත්. බොරු කීමෙන්, කේලාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස්වූ කථාවෙන් වැළකුම් වෙත්. උතුම් නොවූ ව්‍යවහාර සතරක් වෙත්. නුදුටු දෙය දුටුවෙමියි කීමය, නොඇසූ දෙය ඇසුවෙමියි කීමය, නොහැඟුන දෙය හැඟීමයි කීමය, නොදන්නා ලද්ද දන්නෙමියි කීමය. උතුම්වූ ව්‍යවහාර සතරක් වෙත්. නුදුටු දෙය නුදුටුමියි කීමය, නොඇසූ දෙය නොඇසීමියි කීමය, නොහැඟුන දෙය නොහැඟිමියි කීමය, නොදන්නා ලද්ද නොදනිමියි කීමය. ආනාර්යය ව්‍යවහාර සතරක් වෙත්. දුටු දෙය නුදුටිමියි කීමය, ඇසූ දෙය නොඇසීමියි කීමය, හැඟි දෙය නොහැඟීමයි කීමය, දන්නා ලද්ද නොදනිමියි කීමය. ආර්යය ව්‍යවහාර සතරක් වෙත්. දුටු දෙය දුටුවෙමියි කීමය, ඇසූ දෙය ඇසීමියි කීමය, හැඟි දෙය හැඟිමියි කීමය, දන්නා ලද්ද දනිමියි කීමය (යන සතරයි).´´

´´පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. (1) ඇතැම් පුද්ගලයෙක් තමහට තැවීම් ඇතිකිරීමෙහි යෙදුනේ තමා තවන්නෙක් වෙයි. අන්‍යයන් තැවීමෙහි යෙදුනේ අනුන් තවන්නෙක් වෙයි. තමා තැවීමෙහි යෙදුනේ තමන් තවන්නෙක්ද අන්‍යයන් තැවීමෙහි යෙදුනේ අනුන් තවන්නෙක් වෙයි. තමා තැවීමෙහි නොයෙදුනේ තමන් නොතවන්නෙක්ද අන්‍යයන් තැවීමෙහි නොයෙදුනේ අනුන් නොතවන්නෙක් වෙයි.

(2) ඇතැම් පුද්ගලයෙක් තමහට හිත පිණිස පිළිපදින්නේ වේ. අනුන්ට හිත පිණිස නොපිළිපදින්නේ වේ. ඇතැම් පුද්ගලයෙක් අනුන්ට හිත පිණිස පිළිපදින්නේ වෙයි. තමහට හිත පිණිස නොපිළිපදියි. ඇතැම් පුද්ගලයෙක් තමහට හිත පිණිස නොපිළිපදියි. අනුන්ට හිත පිණිසද නොපිළිපදියි. ඇතැම් පුද්ගලයෙක් තමහට හිත පිණිසද පිළිපදින්නේ වෙයි. අනුන්ට හිත පිණිසද පිළිපදින්නේ වෙයි.

(3) අඳුරෙන් අඳුරට යන පුද්ගලයාය, අඳුරෙන් එලියට යන පුද්ගලයාය, එලියෙන් අඳුරට යන පුද්ගලයාය, එලියෙන් එලියට යන පුද්ගලයාය.

(4) සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් පුද්ගලයාය යන සතර දෙනායි.´´

´´ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්මයෝ පස් දෙනෙක් වෙත්.´´

´´ඒ කවර ධර්ම පසක්ද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානස්කන්ධයයි ස්කන්ධ පසක් වෙත්.´´

´´උපාදානස්කන්ධ (තණ්හා දිට්ඨි දෙකෙන් අල්වාගනු ලබන ස්කන්ධ) පසකි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන, උපාදාන ස්කන්ධයෝ වෙත්.´´

´´කාමගුණ පසකි. කැමතිවූ, මනාපවූ, ප්‍රියවූ, කාමයන් ඇසුරුකධාවූ, ඇළුම් කටයුතුවූ, ඇසින් දැනගතයුතුවූ රූපයෝ, කණින්දැන ගතයුතුවූ ශබ්දයෝ, නාසයෙන් ආ්‍රානය කටයුතුවු ගන්ධයෝ, දිවෙන් දැනගතයුතුවූ රසයෝ, කයින් දැන ගත යුතුවූ ස්පර්ශයෝ වෙත්.´´

´´ගති පසක් වෙත්. නිරය, තිරිසන් යෝනිය, ප්‍රෙත ආත්මය, මනුෂ්‍යයෝය, දෙවියෝය (යන පසයි). මසුරුකම් පසක් වෙත්. ආවාස, කල, ලාභ, වර්ණ, ධර්ම මසුරුකම යන පසයි. නීවරණ (වැළකීම්) පසක් වෙත්. කාමච්ඡන්ද, ව්‍යපාද, ථිනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්චා නීවරණ (යන පසයි).´´

´´ඕරම්භාගිය සංයෝජන පසක් වෙත්. සත්කාය දෘෂ්ටිය (මමය මාගේය යන හැඟීම), විචිකිච්චාව (සැකය), සීලබ්බත පරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය (යන පසයි).´´

´´උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. රූප රාගය, අරූප රාගය, මානය, උද්දච්චය, අවිජ්ජාය (යන පසයි).´´

´´ශික්‍ෂාපද පසක් වෙත්. ප්‍රාණාතයෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාපානයෙන් වැළකීම යන පසයි. නුසුදුසු කරුණු පසක් වෙත්. රහත්වූ මහණතෙම දැනගෙන සතෙකු නැසීමට නුසුදුසු වේ. නුදුන් දෙයක් සොර සිතින් ගැනීමට, මෛථුන සේවනයට, දැන දැන බොරු කීමට, රැස්කර තබාගෙන කාම වස්තූන් පරිභෝග කරන්ට නුසුදුසු වේ යන පසයි. විනාශ පසක් වෙත්. ඤාති, භෝග, රෝග, ශීල, දෘෂ්ටි විනාශ යන පසයි. සම්පත් පසක් වෙත්. ඥාති, භෝග, ආරොග්‍ය, ශීල, දෘෂ්ටි යන පසයි.´´

´´දුස්සීලයාගේ ශීල විපත්තියෙහි ආදීනව පසක් වෙත්. මහත් වස්තු විනාශයට පැමිණේ. අපකීර්තිය පැණ නගියි. කිසියම් පිරිසකට පැමිණෙයි නම් භයින් හැකිලී පැමිණෙයි. සිහි මුළාවී මැරෙයි. මරණින් මතු අපායෙහි උපදියි.´´

´´සිල්වත්හුගේ ශීල සම්පත්තියෙහි ආදීනව පසක් වෙත්. මහත්වූ වස්තු රාශියට පැමිණේ. යහපත් කීර්තිය පැණ නගියි. කිසියම් පිරිසකට පැමිණෙයි නම් භය නැතිව එඩිතරව පැමිණෙයි. සීල සම්පන්නවූ සිල්වත් තෙමේ සිහි මුළා නොවූයේ මැරෙයි. මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදියි.´´

´´ඇවැත්නි, අනුන්ට චෝදනා කරණු කැමතිවූ භික්‍ෂුව විසින් ධර්ම පසක් තමා කෙරෙහි පිහිටුවා අන්‍යයාට චෝදනා කටයුත්තේය. සුදුසු කාලයෙහි කියන්නෙමි. නුසුදුසු කාලයෙහි නොකියන්නෙමි. වූවක් කියන්නෙමි. නුවූවක් නොකියන්නෙමි. මිහිරි බසින් කියන්නෙමි. ඵරුෂ බසින් නොකියන්නෙමි. අර්ථයෙන් යුක්තවූවක් කියන්නෙමි. අනර්ථයෙන් යුක්තවූවක් නොකියනෙමි. මෛත්‍රියෙන් කියන්නෙමි. ක්‍රෝධයෙන් නොකියන්නෙමි යන පසයි.´´

´´වීර්යය කරණ මහණහුගේ අංග පසක් වෙත්. ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයි. ස්වල්ප ආබාධ ඇත්තේ ඉතා ශීතද නොවූ ඉදා උෂ්ණද නොවූ මධ්‍යමවූ වීර්යයට සුදුසුවූ සමව ආහාර දිරවන ගින්නෙන් යුක්ත වූයේ වෙයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැත්තාවූ එකට වාසය කරන භික්‍ෂූන් කෙරෙහි හෝ තමා පිළිබඳ කරුණු ඇති සැටියෙන් ප්‍රකාශ කරන කපටි නොවූ රැචටිලි නැත්තෙක් වෙයි. අකුසල් දුරු කිරීම පිණිස කුසල් වැඩීම පිණිස ශක්ති ඇතිව දැඩිවූ වීර්යය ඇතිව කුසල ධර්මයන්හි අත්නොහරින ලද වීර්යය ඇතිව පටන් ගන්නා ලද වීර්යය ඇත්තෙක් වෙයි. ආර්යයවූ කලකිරීම ඇතිකරන්නාවූ හොඳින් දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇතිවීම හා නැතිවීම දක්වන ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාව ඇත්තේ වෙයි. (යන පසයි)´´

´´සුද්ධාවාස පසක් වෙත්. අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සීය, අකනිට්ඨය (යන පසයි).´´

´´අනාගාමීහූ පස් දෙනෙක් වෙත්. අන්තරා පරිනිබ්බායීය, උපහච්ච පරිනිබ්බායීය, අසංඛාර පරිනිබ්බායීය, සසංඛාර පරිනිබ්බායීය, උද්ධංසෝත අකනිට්ඨාගාමීය වෙත්.´´

6. ´´චිත්තයාගේ තද බැව් පසක් වෙත්. යම් මේ භික්‍ෂුතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංයා කෙරෙහි සලෙ කෙරේද, විචිකිච්චා උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදීද, ඔහුගේ සිත වීර්යය පිණිස, අනුයෝගය පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමෙයි. ශික්‍ෂාවෙහි සැක කරයි. විචිකිච්චා උපදවයි. යම් මේ මහණෙක්

සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත් ඇත්තේ නැසුනු සිත් ඇත්තේ හටගත් හුල් ඇත්තේ වේද සිත වීර්යය පිණිස, ප්‍රධානය පිණිස නොනැමේ. යමෙකුගේ සිත වීර්යය අනුයොගය පිණිස නිතර කිරීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමේ.

´´ සිත පිළිබඳ බැමි පසක් වෙත්. තමාගේ කයෙහි අන්‍යවූ රූපයෙහි, නිදන සැපයෙහි, කාමයන්හි දෙවි කොටසක් පැතීමෙහි, කාමයන්හි කයෙහි පහව නොගිය රාගය, ඡන්දය, ප්‍රේමය, පිපාසා, දැවිල්ල පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වෙයි.´´

´´ඉන්ද්‍රිය පසක් වෙත්, චක්‍ෂු, ශ්‍රොත, ාණ, ජිව්හා, කාය ඉන්ද්‍රිය වෙත්. අනිකුදු ඉන්ද්‍රිය පසක් වෙත්. සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපෙක්‍ෂා ඉන්ද්‍රිය වෙත්. අනිකුදු පසක් වෙත්. ශ්‍රධා, වීර්යය, ස්මෘති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය වෙත්.´´

´´නිස්සරණිය ( නික්මීම ) ධාතු පසක් වෙත්. සිත කාමයන් කෙරෙන් නික්මීම, ව්‍යාපාදයෙන් නික්මීම, විහින්සාව කෙරෙන් නික්මීම, රූපයන් කෙරෙන් නික්මීම, පඤච උපාදාන ස්කන්ධයන් කෙරෙන් නික්මීම.´´

´´විමුත්තායතන ( මිදීමට කරුණු ) පසක් වෙත්,

(1) බුද්ධ ධර්මය දන්නාවූ භික්‍ෂුහට සතුට, ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.

(2) භික්‍ෂුතෙම ඇසූ පරිදි දැනගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.

(3) මහණ තෙම ඇසූ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයිද බුද්ධ ධර්මය දැනගත්තේද වෙයි. ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.

(4) මහණ තෙම ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය සිතින් කල්පනා කෙරේද, විමසා බලාද,සලකා බලාද, හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද, බුද්ධ ධර්මය දැනගත්තේද වෙයි, ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.

(5) භික්‍ෂුව විසින් එක්තරා සමාධි නිමිත්තක් හොඳින් උගන්නා ලද්දේ, හොඳින් මෙනෙහිකරන ලද්දේ, හොඳින් සලකා බලන ලද්දේ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ වේද, හෙතෙම අර්ථය දැනගත්තාවූද බුද්ධ ධර්මය දැනගත්තාවූද, ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.´´

´´විමුක්තිය ( රහත් බව ) මුහුකුරු වන්නාවූ සංඥා ( හැගීම් ) පසක් වෙත්. අනිත්‍ය සංඥාය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාය, දුකෙහි අනාත්ම සංඥාය, ප්‍රහාණ සංඥාය, විරාග සංඥාය යන පසයි.´´

7. ´´ භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත් කොට ප්‍රකාශ කරන ලද්දාවූ සවැදැරුම් ධර්ම කෙනෙක් වෙත්.´´

´´ අධ්‍යාත්මික ( තමාකොට ගන්නා ) ආයතන ( කෙලෙස් උපදින හෙතු ) සයක් වෙත්. චක්ඛු ආයතනය (ඇස,) සෝත ආයතනය (කණ,) ාණ අයතනය (නාසය,) ජිව්හා ආයතනය (දිව,) කාය ආයතනය (ශරීරය,) මනො ආයතනය (හිත) යන සයයි.

´´ බාහිරවූ ආයතන සයක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ආයතන යන සයයි.´´

´´ විඤ්ඤාණ කාය ( සිත් සමූහ ) සයක් වෙත්. වක්ඛු, සොත, ාණ, ජිව්හා, කාය, මනොවිඤඤාණය යන සයයි.´´

´´ස්පර්ශකායයෝ ( ස්පර්ශ සමූහ ) සයක් වෙත්. චක්ඛු, සොත, ාණ, ජිව්හා, කාය, මනොසම්ඵස්සය යන සයයි.´´

´´වෙදනා කායයෝ ( විදීම් සමූහ ) සයක් වෙත්. චක්ඛු, සොත, ාණ, ජිව්හා, කාය, මනො සම්ඵස්සයෙන් හටගත් විදීම යන සයයි.´´

´´ සංඥා කායයෝ ( සංඥා සමූහ ) සදෙනෙක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මසංඥාය යන සයයි.´´

´´ සිත මෙහෙයවීම් සදෙනෙක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධර්ම සඤ්වෙතනා යන සයයි.´´

´´ තෘෂ්ණා ( ආශා සමූහ ) සදෙනෙක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම තෘෂ්ණාය යන සදෙනාය.´´

´´ගරු නොකිරිම් සදෙනෙක් වෙත්. මහණෙතෙම ශාතෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, දෙවැදැරුම් පටිසන්ථාරයෙහි උඩඟුව ගෞරව නැතිව වසය කරයි යන මේ සයයි.´´

´´ගරු කිරීම්. මහණතෙම ශාතෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, දෙවැදැරුම් පටිසන්ථාරයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි යන මේ සදෙනයි.´´

´´සොම්නස් සහගත කරුණු සොයා බැලීම් සදෙනෙක් වෙත්. ඇසින් රූප දැක සතුටට කරුණුවූ රූප සොයා බලයි. කණින් ශබ්ද අසා, නැහැයෙන් ගන්ධය දැන, දිවෙන් රසය විඳ, කයෙන් ස්පර්ශකොට, සිතින් ධර්මය දැන, සතුටට කරුණුවූ ධර්මය සොයා බලයි.´´

´´අසතුටු සහිත කරුණු සොයා බැලීම් සදෙනෙක් වෙත්. ඇසින් රූපය දැක අසතුටට කරුණුවූ රූපය සොයා බලයි. කණින් ශබ්දය අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය විඳ, සිතින් ධර්මය අරමුණු දැන අසතුටට කරුණුවූ ධර්ම අරමුණු සොයා බලයි.´´

´´මැදහත් කරුණු සොයා බැලීම් සදෙනෙක් වෙත්. ඇසින් රූපය දැක, කණින් ශබ්දය අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, ශරීරයෙන් ස්පර්ශය දැන, සිතින් ධර්ම අරමුණු දැන, උපෙක්‍ෂාවට කරුණුවූ ධර්ම අරමුණු සොයා බලයි.´´

´´සිහි කටයුතු ධර්ම සදෙනෙක් වෙත්. මහණහු විසින් මෛත්‍රී සහගත (1) කාය කර්මය, (2) වාක් කර්මය, (3) මනො කර්මය එක්ව බ්‍රහ්මචර්යයාවෙහි හැසිරෙන භික්‍ෂූන්ගේ ඉදිරියේද නොඉදිරියේද පවත්වන ලද්දේ වෙයිද, ප්‍රිය කරන්නාවූ ගරු කරන්නාවූ සිහි කටයුතුවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද විවාද නොකරීම පණිසද නොවෙහෙසීම පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතියි.´´

(4) ´´භික්‍ෂවටු ධාර්මිකවූ දැහැමින් ලැබුණු ලාභ එක්ව මහණදම් පුරණ සිල්වතුන් සමග බෙදා සාධාරණ කොට වළඳන්නෙක් වන්නේද ප්‍රිය කරන්නා, ගරු කරන්නාවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද අවවාදය පිණිසද අවිහිංසාව පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතියි.´´ (5) ´´භික්‍ෂවු තෘෂ්ණාදියෙන් නොබැඳුණු සමාධිය පිණිස පවත්නාවූ යම් මේ සීලයෝ වෙත්ද එබඳු සීලයන්හි එකට මහණදම් පුරණ භික්‍ෂූන් ඉදිරියෙහිද නොඉදිරියෙහිද සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද.´´ (6) එසේම මහණතෙම දෘෂ්ටියෙන් සම බවට පැමිණ වාසය කරයි.´´

´´විවාදයට මල් සදෙනෙක් වෙත්. මහණතෙම ක්‍රොධ කරන්නේ වේද, ගුණමකු වූයේ වෙයිද, ඊර්ෂා කරන්නෙක් මසුරුවූවෙක් වෙයිද, කපටි මායා ඇත්තේ වෙයිද, පවිටු ආශා ඇත්තේ මිථ්‍යාදෘෂ්ටීක වෙයිද, තමාගත් මතයම තදින් ගන්නේ දැඩිකොට හන්නේ අත්නොහැරිය හැක්කෙක් වෙයිද, ඒ භික්‍ෂුව හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහිද, ධර්මය කෙරෙහිද, සංයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැතිව වාසය කරයි. ශීලයද සම්පූර්ණ නොකරයිද හෙතෙම සංයා කෙරෙහි විවාද උපදවයි.´´

´´ ධාතු සයක් වෙත්. පඨවි, ආපො, තෙජෝ, වායෝ, ආකාශ, විඤඤාණ ධාතුය යන සයයි.´´

´´නිස්සරණීය ධාතු ( මිදීම් ධාතු ) සයක් වෙත්. යම් මේ මෛත්‍රී සමාධියක් වේද මෙය ( ක්‍රොධයෙන් ) මිදීම වෙයි. කරුණා හිත වනාහි හිංසා කිරීමෙන් මිදීමයි. මුදිතා සමාධිය වනාහි අරතියගේ නිස්සරණය වේමැයි ( නොඇල්මෙන් මිදීමයි ). උපෙක්‍ෂා සමාධිය රාගයට නිස්සරණය ( මිදීම ) වේමැයි. අනිමිත්ත චෙතො විමුක්තිය සියලු නිමිත්තයන්ට නිස්සරණය වේමය. මේ ´මම වෙමි´යි යන හැගිමෙන් මුල් සිඳීමක් වේද, එය කෙසේද කෙසේදැයි ගන්නා විචිකිච්චාු සල්ලයාගේ නිස්සරණය ( මිදීම ) වේමැයි යන සදෙනයි.´´

´´ උතුම් දේ සයක් වෙත්. උතුම් දැකීම්, උතුම් ඇසීම්, උතුම් ලැබීම්, උතුම් හික්මීම්, උතුම් උපස්ථන, උතුම් සිහිකිරීම් යන සයයි.´´

´´සිහිකිරීම් සයක් වෙත්. බුද්ධානුස්මෘතිය, ධර්මානුස්මෘතිය, සංානුස්මෘතිය, සීලානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දෙවතානුස්මෘතිය යන සයයි.´´

´´රහතුන්ගේ නිතර වාසය කිරීම් සයක් වෙත්. මහණතෙම ඇසින් රූපයක් දැක, කණින් ශබ්දය අසා, නැහැයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය දැන, සිතින් ධර්ම අරමුණු දැන සතුටුද නොවෙයි නොසතුටුද නොවෙයි උපෙක්‍ෂාවෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරයි යන සයයි.´´

´´ජාති සයක් වෙත්. ඇතැමෙක් නීච කුලයෙහි උපන්නේම නීච ධරමය උපදවයි. ඇතැමෙක් හීන කුලයෙහි උපන්නේම උසස් ධර්ම උපදවයි. ඇතැමෙක් පහත් කුලයෙහි උපන්නේද පහත් විපාක දෙන ස්වභාවයද නැති, උසස් විපාක දෙන ස්වභාවයද නැති රහත් බව උපදවයි. ඇතැමෙක් උසස කුලයෙහි උපන්නේ යහපත් ධර්මය උපදවයි. ඇතැමෙක් උසස් කුලයෙහි උපන්නේම පහත් ධර්මය උපදවයි. ඇතැමෙක් උසස් කුලයෙහි උපන්නේ පහත් විපාක දෙන ස්වභාවයද නැති, උසස් විපාක දෙන ස්වභාවයද නැති රහත්බව උපදවයි යන සයයි.´´

´´නිවණට පමුණුවන්නාවූ සංඥාවෝ සයක් වෙත්. අනිත්‍ය සංඥාය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාය, දුකෙහි අනාත්ම සංඥාය, ප්‍රහාණ ( දුරු කිරීම ) සංඥාය, විරාග ( නොඇල්ම ) සංඥාය, නිරොධය දන්නාවූ සංඥාය යන සයයි.´´

8. ´´භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරන ලද්දාවූ ධර්ම සතක් ඇත.´´

´´කවර සතක්දයත්? ආර්ය්‍ය ( උතුම් ) ධන සතක් වෙත්. ශ්‍රධා, සීල, හිරි, ඔතප්ප, සුත, ත්‍යාග, ප්‍රඥා, ධනය, යන සතයි.´´

´´බොජජුංග සතක් වෙත. සති, ධම්ම, විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උකෙඛාු සම්බොජජුංගය.´´

´´සමාධි පිරිවර ධර්ම සතක් වෙත්. හොඳ දැකීම, හොඳ කල්පනාව, හොඳ වචනය, හොඳ කර්මාන්තය, හොඳ ජීවිකා වෘත්තිය, හොඳ උත්සාහය, හොඳ සිහිය.´´

´´අයහපත් ධර්ම සතක් වෙත්. මහණතෙම ශ්‍රධා නැත්තේ වෙයි, පවට ලජ්ජා නැත්තේ වෙයි, පවට බිය නැත්තේ වෙයි, ඇසූ පිරූ තැන් ( උහත් කම ) නැත්තේ වෙයි, අලස වෙයි, සිහි මුලාවූයේ වෙයි, ප්‍රඥා නැත්තේ වෙයි.´´

´´යහපත් ධර්ම සතක් වෙත්. මහණ තෙම ශ්‍රධා ඇත්තේ වෙයි, පවට ලජ්ජා ඇත්තේ වෙයි, පවට බිය ඇත්තේ වෙයි, බොහෝ ඇසු පිරූ තැන් ( උගත් කම ) ඇත්තේ වෙයි, පටන් ගන්නා ලද වීර්යය ඇත්තේ වෙයි, එළඹ සිටි සිහි ඇත්තේ වෙයි, නුවණ ඇත්තේ වෙයි.´´

´´සත් පුරුෂ ධර්ම සතක් වෙත්. මහණතෙම දෙශනා පාළිය, අර්ත්ථ, තමා, පිළිගැනීමේ පමණ, කාලය, පිරිස්, පුද්ගලයන් දන්නේද වෙයි.´´

´´නිර්දස වස්තු සතක් වෙත්. මහණ තෙම ශික්‍ෂා පිරීමෙහි බලවත් කැමැත්ත ඇත්තේ වෙයි, ධර්ම සාන්තියෙහි ( විදර්ශනාවෙහි ) ආශා දුරු කිරීමෙහි, තනිව විසීමෙහි, විර්යය කිරීමෙහි, සිහියෙහිද( නුවණැති බැව්හිද ), බලවත් කැමැත්ත ඇත්තේ වෙයි. මත්තෙහිද පහනොවූ කැමැත්ත ඇතතේ වෙයි. මාර්ග දැකීමෙහි බලවත් කැමැත්ත ඇත්තේ වෙයි.´´

´´සංඥා සතක් වෙත්. අනිත්‍ය, අනාත්ම, අසුභ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරොධ සංඥාය.´´

´´බල සතක් වෙත්. ශ්‍රධා, වීර්ය්‍ය, හිරි, ස්මෘති, සමාධි, ප්‍රඥා, ඔත්තප්ප බලය.´´

´´විඥානස්ථිති ( විඥාන පිහිටන තැන් ) සතක් වෙත්. වෙනස් ශරීර ඇති වෙනස් වෙනස් හැගීම් ( ප්‍රතිසන්ධි විඤ්ඤාණ ) ඇති සත්වයෝ වෙත්. වෙනස් වෙනස් ශරීර ඇති එක හැගීම් ( සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ) ඇති සත්වයෝ වෙත්. සමාන ශරීර ඇති සමාන හැගීම් ( සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ) ඇති සත්වයෝ වෙත්. මේ සමාන ශරීර ඇති වෙනස් වෙනස් හැගීම් ( ප්‍රතිසන්ධි විඤ්ඤාණ ) ඇති සත්වයෝ වෙත්. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්ම විමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් වෙනස් වෙනස් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන යට පැමීණියාවූ සත්වයෝ වෙත්. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤඤාණය අනන්තයයි විඤඤානඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. සියලු ආකාරයෙන් විඤඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චාඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්.´´

´´දක්‍ෂිණාර්හ ( දැන් පිළිගැනීමට සුදුසු ) පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්. උභතොභාග විමුක්තය, ප්‍රඥා විමුක්තය, කාම සාක්‍ෂුය, දෘෂ්ටි ප්‍රාප්තය, ශ්‍රධා විමුක්තය, ධර්මානුසාරීය, ශ්‍රධානුසාරීය යන සත් දෙනයි.´´

´´සිතෙහි බැඳී පවතින කෙලෙස් සතක් වෙත්. කාම රාගානුසය, ප්‍රතිානුසය, දෘෂ්ට්‍යානුසය, විචිකිච්චාුනුසය, මානානුසය, භව රාගානුසය, අවිජ්ජානුසය යන සතයි.´´

´´සංයෝජන සතක් වෙත්. අනුනය, ප්‍රති, දෘෂ්ටි, විචිකිච්චාු, මාන, භවරාග, අවිද්‍යා සංයොජනය.´´

´´අධිකරණ සමථ ( නඩු විසඳීම් ) සතක් වෙත්. උපනුපන් අධිකරණයන්ගේ සමථය පිණිස සංසිඳිම පිණිස සම්මුඛා විනය දිය යුතුයි. සතිවිනය දිය යුතුයි. අමුළ්හ විනය දිය යුතුයි. ප්‍රතිඥාවෙන් හෙවත් ඇවතින් කරවිය යුතුයි. යෙභුය්‍ය සිකාය තස්සපාපිය්‍යසිකාය තිණවත්ථාරකය යන සතයි.´´

9. භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්ම අටක් ඇත්තාහ. කවර අටක්ද යත් මිච්චාුත්ත ( වැරදි ස්වභා ) අටකි. වැරදි දැකීම්, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජීවිකා වෘත්තිය, වැරදි උත්සාහය, වැරදි සිහිය, වැරදි සමාධිය යන අටයි.´´

´´සම්මත්ත ( යහපත් ස්වභාවයෝ ) අටක් වෙත්. හොඳ දැකීමය, හොඳ කල්පනාව, හොඳ වචනය, හොඳ කර්මාන්තය, හොඳ ජීවිකා වෘත්තිය, හොඳ උතසාහය, හොඳ සිහිය, හොඳ සමාධිය යන අටයි.´´

´´දක්‍ෂුණාර්හ පුද්ගලයෝ අට දෙනෙක් වෙත්. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර දෙන සහ සෝවාන් ඵලය ආදී ඵල ලබා ගැනීම පිණිස පිළිපන් පුද්ගලයෝ යන සතර දෙනයි.´´

10. ´´කුසීන වස්තු අටක් වෙත්. (1) මහණහු විසින් ( සිවුරු ආදිය පිළිබඳ ) වැඩ නොකර නිදාගනියි. (2) මහණහු විසින් වැඩ කරණ ලද්දේ වෙයි, ශරීරය ක්ලාන්ති වීයයි නිදාගනියි. (3) මහණහු විසින් යායුතු ගමනක් ඇත්තේය ඔහු නොගොස් නිදාගනියි. (4) මහණහු විසින් ගමනක් යන ලද්දේ වේද, ශරීරය ක්ලාන්ත වූයේ නිදා ගනියි. (5) මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළුවූ හෝ රසවත්වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණයෙන් නොලබයි, ශරීරය ක්ලාන්ත වූයේ නිදාගනියි. (6) මහණතෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළුවූ හෝ රසවත්වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණව ලබයි, ශරීරය බර වූයේ කටයුතු කිරිමට අසමර්ථවූයේ නිදාගනියි. (7) මහණහට සුළු සඩනීපයක් හටගත්තේ වෙයිද, නිදයි. (8) මහණ තෙම ගිලන්කමින් නැගිටියි, ශරීරය දුර්වල වූයේ නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිස නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිස නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිස වීර්යය නොකරයි.´´

11. වීර්ය්‍ය කිරීමට කරුණු අටක් වෙත්. (1) මහණහු විසින් කර්මය කටයුතු වෙයි, සිවුරු කිරීම් අදී වැඩ කළයුතු වන්නේය. (2) මහණහු විසින් කටයුතු කරන ලද්දේ වෙයි. (3) මහණහු විසින් ගමනක් යායුතු වෙයි, ගමනක් යායුතු වන්නේය. (4) මහණහු විසින් ගමන යන ලද්දේ වෙයි. (5) මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළුවූ හෝ රසවත්වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණව ලබයි, ශරීරය සැහැල්ලු වූයේ කටයුතු කිරීමට සුදුසු වූයේ වෙයි. (6) මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළුවූ හෝ රසවත්වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණව නොලබයි, ශරීරය බලවත් වූයේ කටයුතු කිරීමට සමර්ථ වේ. (7)භික්‍ෂුහට සුළු අසනීපයක් හටගත්තේ වේ, මේ අසනීපය වැඩි වන්නට හේතු ඇත්තේය. (8) මහණතෙම ගිලන්කමින් නැගී සිටියේ, අසනීපය නැවත ඇතිවන්නට ඉඩ ඇත්තේය, එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණිම පිණිස, නොලද ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස, වීර්ය්‍ය කරමියි උත්සාහ කරයි.

12. ´´ දාන වස්තු අටක් වෙත්. දෙමි දෙමියයි කිය කියා නොසිට එකවරම දෙමියි කියා දන් දෙයි, නින්දා භය හෝ අපාය භය නිසා දන්දෙයි, මට දුන්නේයයි කියා දන් දෙයි, මතුවට මට දෙන්නේයයි සිතා දන්දෙයි, දීම හෙඳයයි සිතා දන්දෙයි, පිසන තැනැත්තේ නොපිසන්නවුන්ට දීම් සුදුසුයයි දන්දෙයි, මේ දානය දෙන්නායහපත්වූ කීර්තිශබ්දය උස්ව නගීයයි දන්දෙයි, සිතට අලංකාර පිණිසද, පිරිවර පිණිසද දන්දෙයි යන අටයි. ´´

13. ´´දානයේ හේතුවෙන් ඇතිවන උත්පත්ති අටක් වෙත්. ඇතැමෙක් මහණෙකුට හෝ බමුණෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය මල් හා සුවඳ විලෙපනය, ආසනය, ආවාසය, පහන් ආදී උපකරණය යන මේ දේ දෙයි, හෙතෙම යමක් දේද, එය ලැබීමට බලාපොරොත්තු වෙයි.´´

´´ඔහුට මෙබඳු සිතක් වෙයි. ´ මම මරණින් මතු මහ ධනවත් ක්‍ෂත්‍රියයන් හෝ මහ ධනවත් බ්‍රාහ්මණයන් හෝ මහ ධනවත් ගෘහපතින් හෝ අතර උපදින්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම මරණින් මතු චාතුරමහාරාජික දෙවියන් අතර උපදින්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම මරණින් මතු තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම මරණින් මතු යාම වැසි දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම මරණින් මතු තුසිත දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු නර්මාණරතී දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන් අතර උපදින්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම මරණින් මත්තේහි බඹලොව වැසි දෙවියන් අතර උපදින්නෙම් නම් ඉතා යහපති ( කියයි. ) හෙතෙම ඒ සිත පිහිටුවයි, ඒ සිත අධිෂ්ඨාන කරයි, ඒ සිත වඩයි, පහත්වූ පංචකාමයන්හි ඇළුණු මත්තෙහි මාර්ගඵල පිණිස නොවඩන ලද ඔහුගේ ඒ සිත ඉපදීම පිණිස පවතියි. එයද සිල්වත්හටය, දුස්සීලයාහට නොවේයයි කියමි. පහවූ කාම රාග ඇත්තාහටය, කාම රාග සහිත වූවහුට නොවේයයි කියමි.ඇවැත්නි, සිල්වත්හුගේ ප්‍රාර්ථනාව පහවූ රාගය ඇති බැවින් ඉෂ්ට වේ. ( යන අටයි ).

14. ´´පිරිස් අටක් වෙත්. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ, වාතුර්මහාරාජික, තාවතිංස, මාර, බ්‍රහ්ම පිරිසය ( යන අටයි. ) ´´

´´ලෝක ධර්ම අටක් වෙත්. ලාභයද අලාභයද යසසද අයසද නින්දාවද ප්‍රශංසාවද සැපයද දුකද( යන අටයි )

15. ´´බලය පැවැත්වීම් හෙවත් මැඩගෙන සිටිම් අටක් වෙත්. තමා කෙරෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් ස්වල්පවූ යහපත් වර්ණ ඇති අයහපත් වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩපවත්වා දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති, පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩ ගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වෙයි.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් ස්වල්පවූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති, පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇති අයහපත් වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් නිල්වූ නිල්පාට ඇත්තාවූ නිල් පෙනීම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි, ඒ රූපයන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් රන්වන්වූ රන්වන් පැහැ ඇත්තාවූ රන්වන් පෙනීම ඇත්තාවූ රන්වන් බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් ලේපාටවූ ලේපාට පැහැ ඇති ලේපාට පෙනීම ඇති ලේපාට බැබලුම් ඇති පිටත්හි රූපයන් දකියි, ඒ රූපයන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් සුදුවූ සුදුපාට ඇත්තාවූ සුදු පෙනීම ඇත්තාවූ සුදු බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි, ඒ රූපයන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

16. ´´විමොක්‍ෂ ( මිදීම් ) අටක් වෙත්. (1) රූපී වූයේ රූපයන් දකියි. (2) තමා කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත්හි රූපයන් දකියි. (3) සුභයයිම තීරණය කර ගත්තේ වෙයි. (4) සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් හැපීම් සංඥාවන් නැසීමෙන් වෙන් වෙන් සංඥාවන් කල්පනා නොකිරිමෙන් ආකාශය අනන්තයි, ආකාසාණඤුචායතනයට පැමිණ වාසය කරයි. (5) සියලු ආකාරයෙන් ආකාසාණඤුචායතනය ඉක්මවා විඤඤණයු අනන්තයයි, විඤුඤාණඤුචායතනයට පැමිණ වාසය කරයි. (6) සියලු ආකාරයෙන් විඤුඤාණඤුචායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤුචඤඤයතනයට පැමිණ වාසය කරයි. (7) සියලු ආකාරයෙන් ආකිඤුචඤඤයතනය ඉක්මවා නෙවසඤඤානාසඤඤායතනයට පැමිණ වාසය කරයි. (8) සියලු ආකාරයෙන් නෙවසඤඤානාසඤඤායතනය ඉක්මවා සංඥා වෙදයිත නිරොධයට ( නිරොධ සමා පත්තියට ) පැමිණ වාසය කරයි.´´

17. භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් දෙශනා කරණ ලද්දාවූ ධර්මයෝ නවදෙනෙක් ඇත්තාහ.

´´කවර නවදෙනෙක්ද යත්? ක්‍රොධයට කරුණු නවයක් වෙත්. මට අවැඩක් කෙළේයයි ක්‍රොධය බඳියි, මට අවැඩක් කරයි කියා ක්‍රොධය බඳියි, මට අවැඩක් කරන්නෙයයි කියා ක්‍රොධය බඳියි, මාගේ ප්‍රියවූ මනාපවූවහුට අවැඩක් කළේය, අවැඩක් කරයි, අවැඩක් කරන්නේයයි ක්‍රොධය බඳියි, මාගේ අප්‍රියවූ අමනාපවූවහුට යහපතක් කෙළේය, යහපතක් කරයි, යහපතක් කරන්නේයයි ක්‍රොධය බඳියි, යන නවයයි.´´

´´ක්‍රොධය දුරුකිරීම් නවයක් වෙත්. මට වැඩක් කළේය, මට අවැඩක් කරයි, මට අවැඩක් කරන්නේය, මාගේ ප්‍රියවූ මනාපවූවහුට අවැඩක් කළේය, අවැඩක් කරයි, අවැඩක් කරන්නේය, ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි සිතා ක්‍රොධය දුරු කරයි. මාගේ අප්‍රියවූ අමනාපවූවහුට යහපතක් කළේය, යහපතක් කරයි, යහපතක් කරන්නේය, එසේ අප්‍රියවූවහුට අන්‍යයා විසින් යහපතක් නොකිරීම මා විසින් නොලැබිය හැකියයි සිතා ක්‍රොධය දුරුකරයි යන නවයයි.´´

18. ´´සත්වාවාස නවයක් වෙත්. (1) නොයෙක් ශරීර ඇති නොයෙක් ප්‍රතිසන්ධි විඤඤාණ ඇති සත්වයෝ වෙත්. (2) වෙනස් ශරීර ඇති සමාන ප්‍රතිසන්ධි විඤඤාණ ඇති සත්වයෝ වෙත්. (3) ඇවත්නි, එක සමාන ශරීර ඇති වෙනස් ප්‍රතිසන්ධි විඤඤා ඇති සත්වයෝ වෙත්. (4) එකසමාන ශරීර ඇති එකසමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. (5) හැඟිමක් නැත්තාවූ විඳිමක් නැත්තාවූ සත්වයෝ වෙත්. (6) සියලු කාරයෙන් රූප සංඥාවන් ඉක්මවිමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසාණඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. (7) සියලු ආකායයෙන් ආකාසාණඤ්චායතනය ඉක්මවා විඤඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්වායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. (8) සියලු ආකාරයෙන් විඤඤාණඤ්වායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චාඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. (9) සියලු ආකාරයෙන් ආකිඤ්චාඤඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්.´´

19. ´´බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ නොකල් නවයක් වෙත්. පුද්ගලයා නිරයෙහි උපන්නේ වේද, තිරිසන් යෝනියෙහි උපන්නේ වේද, ප්‍රෙත ලොකයෙහි උපන්නේ වේද, අසුරකායෙහි උපන්නේ වේද, දීර් ආයුෂ ඇති අසඤඤ තලයෙහි හෝ අරූප තලයෙහි හෝ උපන්නේ වේද, යම් තැනක භික්‍ෂන්ගේදු භික්‍ෂණීන්ගේදු උපසකයන්ගේද උපාසිකාවන්ගේද පැමිණීමක් නැත්තේද, එබඳුවූ ම්ලෙච්චවූු අප්‍රසිද්ධවූ පිටිසර පෙදෙස්වල උපන්නේ වේද, මධ්‍ය දෙශයෙහි ඉපදුනේ වෙයි, හෙතෙමේද පෙරළුණු දැකුම් ඇතිවූමිථ්‍යාදෘෂ්ටියෙක් වේ, මධ්‍ය දෙශයෙහි උපන්නේ වෙයි, හෙතෙමේද මෝඩවූ කෙල තොලුවූ හොඳ නරක කියුම්වල අර්ථය දැනගන්නට බැරි නුවණ නැත්තෙක් වේ.´´

20. ´´සුගතයන් වහන්සේ විසින් බුදුබණ නොපවතිනා කලක මධ්‍යම දෙශයෙහි ඉපදුනේ වෙයි, හෙතෙමේද මෝඩනුවූ, කෙලතොලු නොවූ හෙඳ නරක කියුම්වල අර්ථය දැනගන්නට සමර්තථවූ නුවණැත්තේක් වෙයි. මේ බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ නවවන අකාලයයි.´´

21. ´´අනුපූර්ව විහරණ ( පිළිවෙලින් සමවැදිය යුතු විසීම් ) නවයක් වෙත්. විතර්ක සහිතවූ විචාර සහිතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි, විතර්ක විචාරයන්ගේසංසිඳිමෙන් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි, ප්‍රීතියගේද වැළැක් මෙන් තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි, සැපය දුරු කිරීමෙන් චතුර්ත්ථ ධ්‍යානයට පැමිණ වසය කරයි. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් සිහි නොකිරීමෙන් අනන්තවූ ආකාසයයි ආකාසානඤුචායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකාසානඤුචායතනය ඉක්මවා අනන්තවූ විඤඤාණයයි විඤඤාණඤුචායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් විඤඤාණඤුචායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤුචඤඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකිඤුචඤඤායතනය ඉක්මවා නෙවසඤඤානාසඤඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් නෙවසඤඤානාසඤඤායතනය ඉක්මවා සඤඤා වෙදයිත නිරොධයට ( නිරොධ සමාපත්තියට ) පැමිණ වාසය කරයි, යන නවයයි.´´

22. ´´අනුපූර්ව නිරොධ පිළිවෙළින් නැති කිරීම් නවයක් වෙත්. ප්‍රථම ධ්‍යානයට පැමිණියහුගේ කාමහැගීම් නැතිවේ. ද්විතීය ධ්‍යානයට පැමිණියහුගේ විතර්ක විචරයෝ නැති වෙත්. තෘතීය ධ්‍යානයට පැමිණියහුගේ ප්‍රීතිය නැතිවේ. චතුර්ථ ධ්‍යානයට පැමිණියහුගේ ආශ්වාසයෝ නැති වෙත්. ආකාසානඤ්චායතනයට පැමිණියහුගේ රූප සංඥාව නතිවේ. විඤඤාණඤ්චායතනයට පැමිණියහුගේ ආකාසානඤ්චායතන සංඥාව නැතිවේ. ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියහුගේ විඤඤාණඤ්චායතන සංඥාව නැතිවේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියහුගේ ආකිඤ්චඤ්ඤායතන සංඥාව නැතිවේ. සඤඤාවෙදයිත නිරොධයට පැමිණියහුගේ සංඥාවද විඳිමද නැති වෙත්.

23. භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්මයෝ දසදෙනෙක් වෙත්.

´´කවර දසදෙනෙක්ද යත්? නාථකපිණ ( පිහියවන ) ධර්ම දසයක් වෙත්.

(1) මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවර වූයේ වාසය කෙරේ, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්ත වූයේ ස්වල්පවූද වරදවල භය දක්නේ ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේය යන යමක් වේද,

(2) මහණතෙම බොහෝ ඇසූ කෙනෙක් වේද, යම් මේ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අර්ථ සහිතවූ, ව්‍යංජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්ය්‍යය ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු දෘෂ්ටියෙන් හොඳින් අවබෝධ කරන ලද්දාහු වෙත්ද,

(3) මහණ තෙම යහපත් මිත්‍රයන් ඇත්තේ, යහපත් මිත්‍රයන් යහළු කොට ඇත්තේ, යහපත් මිත්‍රයන් කෙරෙහි නැමීම ඇත්තේ වේද, මේ ධර්මයද තමාට පිහිටවන ධර්මයකි,

(4) මහණ තෙම සුවචයෙක් වේද, නොකිපී අනුශාසනාව ආදරයෙන් පිළිගන්නේ වේද යන යමක් වේද,

(5) මහණ තෙම එකට මහණ දම් පුරන භික්‍ෂන්ගේු කුඩා මහත් කටයුතු ´´ කිමෙක්දැ´´යි අස කරන කටයුතු වෙත්ද, එහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, එහි උපාය දන්නේ පිළිවෙළ කිරීමට දන්නා නුවණින් යුක්තවූයේ වෙයිද,

(6) මහණ තෙම ධර්මය කැමැත්තේ වේද, ප්‍රියවූ වචන ඇත්තේ වේද, අභිධර්මයෙහි අභිවිනයෙහි මහත්වූ සතුටු ගතිය ඇත්තේය යන යමක් වේද,

(7) මහණ තෙම ලද පරිදි සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන මෙයින් සතුටු වෙයි යන යමකුත් වේද,

(8) මහණ තෙම අකුසල ධර්මයන්ගේ දුරු කිරිම පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස ශක්ති ඇත්තේද දැඩි උත්සාහ ඇත්තේද කුසල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ පටන් ගන්නා ලද වීර්යය ඇත්තේ වාසය කරයි යන යමකුත් වේද,

(9) මහණ තෙම උතුම් සිහියෙන් හා දක්‍ෂ නුවණින් යුක්තවූයේ බොහෝ කල්හි කරන ලද්දද, බොහෝ කල්හි කියන ලද්දද, සිහි කරන්නේ නැවත නැවත සිහි කරන්නේ සිහි ඇත්තේ වේය යන යමකුත් වේද,

(10) මහණ තෙම ඇතිවීම, නැතිවීම, පිණිස පවත්නාවූ ආර්ය්‍යවූ නිබ්බේධිකවූ හෙවත් සසර කලකිරීම මනාව දුක් නැති කිරීම, දුක් නැති කිරීම පිණිස පවත්නාවූ නුවණින් යුක්තවූයේ ප්‍රඥාවත් වෙයි යන යමකුත් වේද, මේද තමාට පිහිට වන ධර්ම වෙත්.´´

24. ´´කසිණායතන දහසක් වෙත්. ඇතැමෙක් උඩ,යට, සරස එකමවූ ( දෙකක් නැති ) පෘථවිු කසිණය හඳුනයි. ඇතැමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ ආපො කසිණය, වායො කසිණය, තෙජො කසිණය, නීල කසිණය, පීත කසිණය, ලොහිත කසිණය, අවදාත කසිණය හඳුනයි. ඇතැමෙක් උඩ යට සරස අද්වයවූ එකමවූ අප්‍රමාණවූ විඤඤාණ කසිණය හඳුනයි යන දසයයි.´´

25. ´´අකුසල කර්ම මාර්ග දසයක් වෙත්. සතුන් මැරීමය, සොරකම් කිරීමය, කාමයෙහි වරදවා හැසිරීමය, බොරු කීමය, කේලාම් කීමය, ඵරුෂ වචන කීමය, හිස් වචන කීමය, අභිධ්‍යාය ( අනුන්ගේ දෙයට ලෝභ කිරීම ), ව්‍යාපාදය ( අනුන් නැසේවා යන කල්පනාව ), මිත්ථ්‍යාදෘෂ්ටිය යන දසයයි.´´

26. ´´කුසල කර්ම මාර්ග දසයක් වෙත්. සතුන් මැරීමෙන්, අදත්තා දානයෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, කේලාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් කථාවලින් වැළකීමය. අනුන්ගේ දෙයට ලොභ නොකිරීමය, අනුන් නැසේවායි නොසිතීමය, නිවැරදි දෘෂ්ටිය යන දසයයි.´´

27. ´´ආර්ය්‍යාවාස ( උත්තමයන් පමනක් වාසය කරන විසීම් ) දසයක් වෙත්.

(1) මහණහුගේ කාම ආශාව ක්‍රොධය චිත්ත චෛතසිකයන්ගේ මැලිකම නොසන්සුන්කම හා පසුතැවීම සැකය පහ කරන ලද්දේ වෙයි. මෙසේ මහණ තෙම දුරු කරන ලද අංග පස ඇත්තේ වෙයි.

(2) මහණ තෙම ඇසින් රූපය දැක සතුටුද නොවෙයි, නොසතුටුද නොවෙයි, සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ සුව දුක් දෙකට මැදහත්ව වාසය කරයි, කණින් ශබ්දය අසා නාසයෙන් ගඳ දැන දිවෙන් රස විඳ කයින් ස්පර්ශ කොට සිතින් ධර්ම අරමුණු දැන සතුටුද නොවෙයි නොසතුටුද නොවෙයි,සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ මැදහත් විඳිමෙන් යුක්තව වාසය කරයි. මෙසේ මහණ තෙම අංග සයකින් යුක්තවූයේ වෙයි.

(3) මහණ තෙම සිහිය නැමැති ආරක්‍ෂාව ඇත්තාවූ සිතින් යුක්තවූයේ වෙයි, මෙසේ මහණ තෙම එකම ආරක්‍ෂාවක් ඇත්තේ වෙයි.

(4) මහණ තෙම නුවණින් සේවනය කළ යුත්තක්ම සේවනය කරයි. නුවණින් දැන ඉවසිය යුත්තක්ම ඉවසයි, නුවණින් දැන පහකළ යුත්තක්ම පහකරයි, හැරදමයි. මෙසේ මහණ තෙම හේත්තුවීම් සතරක් ඇත්තේ වේ.

(5) මහණහු විසින් බොහෝවූ මහණ බමුණන්ගේ වෙන වෙන නොයෙක් සත්‍යයෝ වෙත් නම් ඒ සියල්ල දුරු කරන ලද්දාහුය. මෙසේ මහණ තෙම දුරු කරණ ලද වෙන වෙන නොයෙක් සත්‍යය ඇත්තේ වේ.

(6) මහණහුගේ කාමයන් සෙවීම නැසුණේවේ, භවයන් සොයන්නාවූ තණ්හාව නසන ලද්දේ වෙයි, බ්‍රහ්මචරියේසනය ( සදාකාලික යනාදීන් ගන්නා මිථ්‍යාදෘෂ්ටිය ) පහ කරණ ලද්දේ වෙයි. මෙසේ මහණ තෙම සම්පූර්ණයෙන් දුරු කළ සෙවීම් ඇත්තේ වෙයි.

(7) මහණහුගේ කාම කල්පනාව දුරුවූයේ වෙයි, ක්‍රොධ කල්පනා දුරුවූයේ වෙයි, හිංසා කිරීමේ කල්පනාව දුරුවූයේ වෙයි. මෙසේ වනාහි මහණ තෙම නොකැළඹුණු කල්පනා අත්තේ වේ.

(8) මහණ තෙම සැප දුරු කිරීමෙන්, දුක් දුරුකිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපෙක්‍ෂා සිහි දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙසේ වනාහි මහණ තෙම සංසිඳුනු කාය සංස්කාර ඇත්තේ වේ.

(9) භික්‍ෂහුගේු සිත රාගයෙන් මිදුනේ වෙයි, වෙෂයෙන් මිදුනේ වෙයි, මුලාවෙන් මිදුනේ වෙයි, මෙසේ වනාහි මහණ තෙම හොඳින් මිදුනාවූ සිත් අත්තේ වේ.

(10) මහණ තෙම මා විසින් රාගය, වෙෂය, මෝහය, නැති කරන ලදී, මුල් සිඳින ලදී, එය නැවත නූපදින ලෙස කරන ලදීයයි දනීද, මෙසේ මහණ තෙම හොඳින් මිදුන ප්‍රඥා ඇත්තේ වෙයි.´´

25. ´´අශෛක්‍ෂ ධර්ම ( රහත් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්මය ) දසයක් වෙත්. අශෛක්‍ෂවූ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය, සම්‍යක් ඤාණය, සම්‍යක් විමුක්තිය යන මේ දසයයි.´´

එකල්හි භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට කථා කර මෙසේ වදාළහ. ´´ශාරිපුත්‍රය, යහපත යහපත ශාරිපුත්‍රය, නුඹ භික්‍ෂන්ටු යහපත් කොට සංගීතී පර්ය්‍යාය ප්‍රකාශ කෙළෙහියයි´´ වදාළහ. ශාස්තෲන් වහන්සේ එය අනුමත කළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂහුදු දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

( තිස්තුන් වැනිවූ සංගීති සූත්‍රය නිමි. )

32. ආටානාටිය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත්වූ යක්‍ෂ සේනාවෙන්ද, මහත්වූ ගාන්ධර්ව සේනාවෙන්ද, මහත්වූ කුම්භාණ්ඩ සේනාවෙන්ද, මහත්වූ නාග සේනාවෙන්ද, සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනග පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේටවැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන්දී වැඳ එකපැත්තකටවී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නාවූ වෛශ්‍රවණ නම්වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කියේය.

2. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ හෝ සතුටුවූ හෝ උසස් (බලවත්) යක්‍ෂයෝද මධ්‍යම ආනුභාව ඇති යක්‍ෂයෝද පහත් යක්‍ෂයෝද ඇත්තාහුමය. බොහෝ සෙයින් යක්‍ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද?ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමයන්හි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් මත් බවට හාප්‍රමාදයට කාරණාවූ සුරාපානයෙන් වැළකිම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්‍ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය. ඒයක්‍ෂයන්ට ඒ ධර්ම දේශනාව අප්‍රිය වේ. සිත් සතුටු වූවන් කෙරේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූද ගම් සීමාව ඉක්මවූ වන සේනාසනවූද (කැලෑවෙහි) ඉතා දුරවූද නිශ්ශබ්දවූද කලබල නැත්තාවූද මිනිසුන්ගෙන් තොරවූ සුලභ ඇත්තාවූද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතු වලට යෝග්‍යවූද හිත එකඟකර ගැනීමටසුදුසුවූද සේනාසනයන් (වසන තැන්) සේවනය කරති´´.

3. ඒ තන්හී නිතර වාසය කරන්නාවූ මහා බලසම්පන්නවූ යක්‍ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහුද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්‍ෂූන්ගේද භික්‍ෂුණියන්ගේද උපාසකවරුන්ගේද උපාසිකාවන්ගේද පාලනය පිණිසද ආරක්‍ෂාව පිණිසද, වෙහෙස නොවන පිණිසද පහසු හැසිරීම පිණිසද භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය (නම්වූ) පිරිත පිළිගත මැනව´´යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසෙවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනිම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.

´´පසැස් ඇත්තාවූ, ශොභාමත්වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේටද සියලු සත්චයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්තවූ සිඛී නම් සර්වඥයන් වහන්සේටද කෙලෙස් විනාශ කලාවූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේටද මාරයන් යටත් කලාවූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේටද සියලු පව් අහක් කලාවූ වැස නිමවන ලද බ්‍රහ්ම චර්ය ඇති, කොනාගමන නම් සර්වඥයන් වහන්සේටද සියලු කෙලෙසුන්ගෙන් මිදුනාවූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේටද ශ්‍රීමත්වූ ශාක්‍ය පුත්‍රවූඒ ගෞතම සර්වඥයන් වහන්සේටද නමස්කාර වේවා´´.

4. ලෝකයෙහි යම් රහත් කෙනෙක් මහත් බවට පැමිනියහ. භය නැතිකලහ. (උන්වහන්සේට නමස්කාර වේවා)

´´අෂ්ටවිද්‍ය පසලොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්)යුක්තවූ මහත් බවට පැමිණියාවූ භය නැතිකලාවූ දෙව් මිනිසුන්ට හිතවූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේටද නමස්කාර වේවා´´.

5. ගාන්ධර්වයන්ට අධිපතිවූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.

´´ඔවුහුද මහත් බවට පැමිණියාවූ විශාරදවූ බුද්ධ නම්වූ ආදිච්ච බන්ධු නම්වූ සර්වඥයන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවායි කියා දුරදීම නමස්කාර කරති.

´´දක්‍ෂවූ සර්වඥතාඥානයෙන් මහජනයා බලන්නෙහියයි කියා අමනුශ්‍යයෝද නුඹ වහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසන ලදි, එහෙයින් මෙසේ කියම්හ.

´´ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි (අප විසින් විචාරන ලද යක්‍ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති). විද්‍යචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්තවූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය).

6. ´´යම් දිශාවකින් මළමිනී ගෙනයනු ලැබෙත්ද? පිසුණු (කේළාම්) කියන්නාවූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නාවූ ප්‍රාණාතය කරන ගති ඇති රෞද්‍රවූ සොර සිත් ඇත්තාවූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත්ද, ඒ දිශාව දකුණු දිශාව වේ´´.

´´කුම්භාණ්ඩයන්ට අධිපතිවූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූඪයයන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරණලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.

7. ´´යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයිද, සූර්ය්‍ය බැස ගිය කල්හී දවල් කාලය නැතිවේද? ඒ දිශාව බස්නාහිරයි´´.

´´යස පිරිවර ඇත්තාවූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේද, නාගයන්ට අධිපතිවූ විරූපාක්‍ෂ නම්වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.

8. ´´යම් දිශාවෙක්හී රම්‍යවූ උතුරුකුරු දිවයින පිහිටියේද, දැකුම් කටයුතුවූ මහාමේරු පර්වතය වන්නේද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තාවූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ මනුෂ්‍යයෝ උපදිත්.

´´ඒ මිනිස්සු වී නොවපුන්නාහ. සී සෑම පිණිස නගුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානාලද භුමියෙහි හටගෙන පැසුනාවූ ඇල් සාල් බත් අනුභව කරත්´´.

´´කුඩු නැත්තාවූද පොතු නැත්තාවූද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵලකොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැළියෙන් ගත් කෑම කති.

´´ඔව්හු ගව දෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හී සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හී සංචාරය කරති´´.

´´ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණියක් හෝ තරුණයෙක් හෝ වාහනය කොට දිශානුදිශාවන්හී සංචාරය කරති´´.

´´ඒ රජහුගේ පිරිවර වූ ඔවුහු වාහනවල නැග සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තාවූ වෙසවුණු මහ රජ හට ඇත් යානාද, අශ්ව යානාද, දිව්‍ය යානාද, ප්‍රාසාදද, සිව් ගෙවල්ද, උඩුමහල් ගෙවල්ද රන්සිවි ගෙවල්ද වන්නාහ´´.

´´ඒ රජ හට අහස්හි (උස් ස්ථාන හෝ උසට මවන ලද) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපුරියා, පරකුසීතනාට යන නගරයෝ වූවාහුය´´.

උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිශාවෙන් ජනොය නවනවුතියය, අම්බර, අම්බරවතියය යන නගර හා ආනකමන්දා නම් රාජධානියද වන්නාහුය.

´´නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක්ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.

´´වෙන වෙනම කරුණු පරීක්‍ෂා කර කියන්නාවූ තතොලාය, තත්තලාය, තතොතලාය, ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය රාජය, අරිෂ්ටය, තෙමිය යන යක්‍ෂයෝ දොලොස් දෙනෙක් වෙති.

යමකින් ජලය ගෙන වර්ෂාව වසීද, වර්ෂාව යමකින් පැතිරේද, ඒ රාජධානියෙහිවූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්‍ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.

ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තාවූද, නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුනාවූද, මොණරුන් කොස්වා ලිහිණින් හා කෝකිල ආදී පක්‍ෂීන් විසින්ද පවත්වන ලද සිත්පිනවන නාද වෘක්‍ෂයෝ ඇත්තාහ.

´´තවද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝද, වනකුකුළෝද පියුම් වනයෙහි රන්වන් කකුළුවෝද, තල් රෙහෙරුද හැසිරෙන්නාහ´´.

´´මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්‍ෂීහුද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජුගේ පොකුණ හැම කල්හී එකම ආකාරයෙන් බබලන්නීය´´.

´´යස පිරිවර ඇත්තාවූ ඒ මහ රජ තෙම යම් දිශාවක් ආරක්‍ෂා කෙරේද ඒ දිශාව උතුරු දිශාවයයි මෙසේ ජනතෙම ඒ දිශාවට කියන්නේය´´.

යක්‍ෂයන්ට අධිපතිවූ කුවෙර යන නමක් ඇත්තාවූ ඒ වරම් රජ තෙම යක්‍ෂ සේනාවන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරන්නේය.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයිමා විසින් අසන ලදි.

9. ´´නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහී භික්‍ෂූන්ටද, භික්‍ෂුනියන්ටද, උපසකවරුන්ටද, උපසිකාවරුන්ටද ආරක්‍ෂාව පිණිසද සැපසේ විසීම පිණිසද නොවෙහෙසීම පිණිසද වන්නීය. ´´නිදුකාණන් වහන්ස, ඔවුන් අතුරෙන් යම්කිසි කෙනෙක් මේ ආටානාටිය නම් ආරක්‍ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දීද, අක්‍ෂරපද නොපිරිහෙලා සම්පූර්ණ කොට ඉගෙන ගන්නා ලද්දීද, ඉදින් යම් අමනුෂ්‍යවූ යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම්වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම්වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්‍ෂයන්ගේ සමාගමට යන්ටද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකුද කරන්නාහුය. නිදුකාණන් වහන්ස, තවද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවහ දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස්වූ ලෝහ පාත්‍රයක්ද මුනින් නමන්නාහුය. තවද ඔහුගේ හිසද සත් කඩක් කොට පළන්නාහුය.´´

9. ´´නිදුකාණන් වහන්ස, රෞද්‍රවූ නපුරු ගති ඇති එකට එක කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේද, සතරවරම් මහරජදරුවන්ගේද, අමාත්‍යයන්ගේද, යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේද වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජදරුවන්ට අකීකරු වූවෝයයි කියනු ලැබෙත්.´´

´´නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍රවූ එකට එක කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජදරුවන්ගේ වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජදරුවන්ට අකීකරු වූවෝයයි කියනු ලැබෙත්.´´

´´නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන්නහු සමග (පසුපස්සේ) යන්නේ හෝ වේද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේද මේ යක්‍ෂ තෙම අල්වන්නේය. මේ යක්‍ෂ තෙම ආවේශ වන්නේය. මේ යක්‍ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්‍ෂවූ යක්‍ෂසේනාවට අධිපතිවූ එහෙයින්ම මහා සේනාපතිවූ මේ යක්‍ෂයන්ට යක්‍ෂ තෙම නොගරහන්නේයයි ාේෂා කොට දැන්විය යුතුය. ශබ්ද නගා කිය යුතුය. මුරගා කිය යුතුය. කවර කෙනෙකුටද යත්?´´

´´ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුණ්ඩුය, නිණ්ඩුය´´

´´පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය, සාතාගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තීයය, ගුලය, සීවකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය´´

´´ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීය (යන යක්‍ෂ සේනාධිපතීහුද) තවද, මොවුන් හා එක්ව සෙරිස්සක නම් යක්‍ෂයෙක් ද ඇත්තේය.´´

´´නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූගේද භික්‍ෂුණීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්‍ෂාව පිණිසද, (යක්‍ෂොපද්‍රවවලින්) නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිසද පවත්නේය.´´

ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්‍ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.

ඒ (අනිකුත්) යක්‍ෂයෝද, උන් ආසන වලින නැගිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූවාහුය, සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථා පවත්වා එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාම ගෝත්‍ර කියා එතැන්ම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියා) එතැන්හිම නොපෙනී ගියාහුය.

(පළමුවන මණවර නිමි.)

10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේද එසේම භික්‍ෂූන්ට වදාළ සේක.

´´මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. නිතර පුහුණු කරව්. සිත්හි ලා ගනිව්. වැඩදායක වන්නේය. භික්‍ෂූන්ගේද භික්‍ෂණීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්‍ෂාව පිණිසද, පීඩානොවීම පිණිසද, සුවසේ විසීම පිණිසද වන්නේය´´යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තාවූ භික්‍ෂූහූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

(තිස් දෙවෙනිවූ ආටානාටිය සූත්‍රය නිමි.)

31. සිගාලක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම්වු, වෙළුවන වෙහෙරෙහි වාසය කළසේක. එකල සිඟාලක නම් ගෘහපති පුත්‍ර තෙම කල් ඇතිවම නැගිට රජගහ නුවරින් පිටත්ව ගොස් තෙත්වූ ඇඳුම් ඇතුව තෙත්වූ හිසකෙස් ඇතුව ඇඳිලි බැඳගෙන බොහෝ දිශාවන් නමස්කාර කරන්නේය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණීස ගියෝය.

කල් ඇතිවම නැගිට රජගහ නුවරින් ගොස් බොහෝ දිශාවන් වඳින්නාවු සිඟාලක නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ දුටුවෝය. (එසේ) දැක සිඟාලක නම් ගෘහපති පුත්‍රයාට මෙය කීවාහුය. ´´ගෘහපති පුත්‍රය, ඇඳිලි බැඳ ගෙන බොහෝ දිශාවන්ට කුමක් හෙයින් වඳින්නෙහිදැ ´´යි ඇසූහ.

´´ස්වාමින් වහන්ස, (මාගේ) පියා මැරෙණ කල මට මෙසේ කීයේය. ´´දරුව, දිශාවනට නමස්කාර කරව´´ (කියායි)

´´ස්වාමින් වහන්ස, ඒ මම පියාගේ වචනයට ගෞරව කරන්නේ බුහුමන් කරන්නේ කල් ඇතිවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වු ඇඳුම් ඇතිව තෙත්වු හිසකෙස් ඇතිව ඇඳිලි බැඳගෙන දිශාවන්ට නමස්කාර කරම්´´යි කීයේය.

´´ගෘහපති පුත්‍රය, ආර්යය විනයෙහි (බුදු සස්නෙහි) මෙසේ සදිශාවෝ නොවැඳිය යුත්තාහු´´යි කීවාහුය.

´´ස්වාමින් වහන්ස, ආර්යය විනයෙහි කෙසේ නම් සදිශාවෝ වැඳිය යුත්තාහුද, ස්වාමින් වහන්ස, ආර්යය විනයෙහි සදිශාවෝ යම් පරිද්දකින් වැඳිය යත්තාහුද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ මට ධර්මය දේශනා කළ මැනවැයි´´ (කීයේය.)

´´ගෘහපති පුත්‍රය, එසේ වීනම් අසව, හොඳින් සිහියේ තබා ගනුව කියන්නෙමියි´´ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.

2. ´´ගෘහපති පුත්‍රය යම් කලක පටන් උතුම් ශ්‍රාවකයා විසින් කර්ම ක්ලේශ (අපිරිසිදු ක්‍රියා) සතරක් දුරු කරණ ලද්දාහු වෙද්ද, කරුණු සතරකින් පව් කම් නොකෙරේද,වස්තු විනාශයට හේතුවූ කරුණු සය සේවනය නොකෙරේද හෙතෙම මෙසේ දාහතරක්වු ලාමක ගතිවලින් වෙන්වූයේ සය දිශාවන් භය නූපදින සේ වසා තබන්නෙක්ව දෙලොවම ජය ගැනීම පිණිස පිළිපදින්නේ වෙයි. ඔහු විසින් මෙලොවද දිනන ලද්දේ වෙයි. පරලොවද දිනන ලද්දේ වෙයි. හෙතෙම මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය. ඔහු විසින්කවර නම් කර්ම ක්ලෙශ (අපිරිසිදු ක්‍රියා) හතරක් පහ කරන ලද්දාහු වෙද්ද? ගෘහපති පුත්‍රය, ප්‍රාණාතය, අපිරිසිදු අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, මුසාවාදය අපිරිසිදු ක්‍රියාවකි. ඔහු විසින් මේ අපරිසිදු ක්‍රියා හතර පහ කරන ලද්දාහු වෙත්ය´´යි භාග්‍යවතුන් වහන්සේ කීසේක.

´´කවර නම් කරුණු සතරකින් පව්කම් කෙරේද? ඡන්දයෙන් (ඇල්මෙන්) ද්වේෂයෙන් (ක්‍රෝධයෙන්) භයින්, මෝහයෙන්, අගතියට යාමෙන් පව්කම් කරයි.

´´ගෘහපති පුත්‍රය, යම් හේතුවකින් ආර්ය ශ්‍රාවක තෙම ඡන්දයෙන් ද්වේෂයෙන් භයින් මෝහයෙන් අගතියට නොයන්නේම වේද, (ආර්ය ශ්‍රාවක තෙමේ) මේ කරුණු සතරින් පව්කම් නොකෙරේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළේය.

´´යමෙක් ඡන්දයෙන්ද, ද්වේෂයෙන්ද, භයින්ද, මෝහයෙන්ද ධර්මය ඉක්මවාද, ඒ තැනැත්තාගේ යසස කළුවර පක්‍ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරිහෙන්නේය´´.

´´යමෙක් ඡන්දයෙන්ද, ද්වේෂයෙන්ද, භයින්ද, මෝහයෙන්ද ධර්මය නොඉක්මවාද, ඒ තැනැත්තාගේ යසස පුර පක්‍ෂයෙහි සඳ මෙන් පිරෙන්නේය´´.

3. වස්තුව විනාශයට හේතුවූ කවර නම් කරුණු සයක් සේවනය කෙරේද?

´´ගෘහපති පුත්‍රය, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ මත්පැන් බීම, නුසුදුසු කාලයෙහි වීථිසංචාරණය, නැටුම් පොළවල හැසිරීම, ප්‍රමාදයට හේතුවූ දූකෙළිය, පාපමිත්‍රයන් හා එක්වීම, අලස බව නැවත නැවත යෙදීම වස්තු විනාශයට හේතුවකි.

4. ´´ගෘහපති පුත්‍රය, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ මත්පැන් බීමෙහි නැවත නැවත යෙදීමෙහි මේ දෝෂ සයක් වෙත්, මේ ආත්මයෙහිම ධනය පිරිහීම, කෝලාහළ වැඩිවීම, රෝග පීඩාවන්ට හේතුවීම, අපකීර්තිය ඇතිවීම, ලජ්ජා නැතිව හැසිරීම, නුවණ දුර්වල කිරීම මේ දෝෂ සය වෙත්.

5. ´´නොකල්හි වීථිසංචරණයෙහි නැවත නැවත යෙදීමෙන් තමාද තමාගේ අඹුදරුවෝද තමාගේ වස්තුවද ප්‍රවේශම් නොකරන ලද්දේ නොරක්නා ලද්දේ වෙත්. පවිටුවූ කාරණයන්හී සැක කටයුත්තේද වේ. ඔහු කෙරෙහි සිදු නොවූ කතාද පැනනගී. බොහෝවූ දුක් හිරිහැරවලටද පෙරටු වූවෙක් වෙයි. මේ දෝෂ සය වෙත්.

6. ´´ගෘහපති පුත්‍රය, නැටුම් පළවල්වල හැසිරීමෙහි මේ දෝෂ සයක් වෙත්. නැටුම්, ගී කිම්, වැයීම්, කථා පැවැත්වීම් කයිතාලම් ආදිය ගැයීම්, කල පිඹීම් (සොයා හැසිරීමය), ගෘහපති පුත්‍රය, මේ නෘත්‍ය ස්ථානයන්හී හැසිරීමෙහි දෝෂ සය වෙත්.

7. ´´ගෘහපති පුත්‍රය, දූ කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි මේ දෝෂ සයක් වෙත්, දිනූ තැනැත්තේ වෛර රැස්කර ගනියී. පරදිනූ ලැබූ තැනැත්තේ වස්තුව ගැන නැවත නැවත ශෝක කරයි. තමන් බලා සිටියදීම වස්තු විනාශවේ. සභාවකට පැමිණි ඔහුගේ වචනය නොපිළි ගනියි. අසල්වැසියන් විසින් නින්දා කරනු ලබන්නෙක් වෙයි. දූ කෙළියෙහි යෙදෙන මොහු අඹුවන් පෝෂණයට නුසුදුසුයයි ආවාහ විවාහකයන් විසින් නොපතන ලද්දේ වෙයි.

8. ´´ගෘහපති පුත්‍රය, පවිටු මිතුරන් ආශ්‍රය කිරීමෙහි නැවත නැවත යෙදීමෙහි මේ දෝෂ සයක් වෙත්. යම් කෙනෙක් දූ කෙළියෙහි යෙදෙත්ද, යම් කෙනෙක් (ගැහැණුන් කෙරෙහි) ලොල් වෙත්ද, යම් කෙනෙක් සුරා පිපාසයෙහි ගැලී වෙසෙත්ද, යම් කෙනෙක් කපටිකම් කෙරෙත්ද, යම් කෙනෙක් වංචා ප්‍රයෝග කෙරෙත්ද, යම් කෙනෙක් (මං පැහැරීම් ආදී) සැහැසිකම් කෙරෙත්ද ඔව්හු ඔහුගේ මිතුරෝ වෙත්. ඔහුගේ යහලුවෝද වෙත්.

9. ´´ගෘහපති පුත්‍රය, අලස බැව්හි නැවත නැවත යෙදීමෙහි මේ දෝෂ සයක් වෙත්. ඉතා ශීතලයයි, ඉතා උණුසුම්යයි, ඉතා සවස්යයි, ඉතා උදෑසනයයි, ඉතා බඩගින්නේ පෙළෙමියි, කෑම කෑමෙන් බඩ ඉතා බර ඇත්තෙමියි වැඩ නොකරයි. මෙසේ නොකොට ඉතිරිවූ කටයුතු බහුලව වාසය කරන්නාවූ ඔහුට නූපන්නාවූ වස්තුහුද නූපදිත්. උපන්නාවූ වස්තුහුද පිරිහෙත්. අලස බැව්හි නැවත නැවත යෙදීමෙහි මේ දෝෂ සයක් වෙත්´´ යයි භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.

´´මත්පැන් බීමට මිතුරුවූ පානසඛ නම් යහලුවෙක් වෙයි. ඉදිරිපිටදී පමණක් යහලුකම දක්වන සම්මිය යහලුවෙක් වෙයි. යමෙක් තමාහට වැඩක් ඇතිකල්හිමිත්‍රවන්නාවූ සඛ නම් යහලුවෙක්ද වේ.

´´හිර උදාවන තෙක් නිදාගැනීමය, අන් අඹුවන් සේවනය කිරීමය, තරහ බැඳ ගැනීමය, අවැඩ සිදුවනදේ කිරීමය, පවිටු මිතුරන් සේවනය කිරීමය, තද මසුරු බවය යන මේ කරුණු සය මිනිසා විනාශ කරත්´´.

´´පාප මිත්‍රයන් ඇති පවිටු යහලුවන් ඇති ලාමක පැවතුම් හා නොහැසිරියයුතු තන්හී හැසිරෙන්නාවූ තැනැත්තේ මෙලොවින්ද පරලොවින්ද යන දෙලොවින්ම පිරිහේ´´.

´´සූදු කෙළීමෙහි හා අන් අඹුවන් සේවනය කිරීමෙහි යෙදීමද, සුරාපානය කිරීමද, නැටුම් ගී කිම් වලට කැමැත්තද, දහවල් නිදාගැනීමද, නොකල්හී නුසුදුසු තන්හී හැසිරීමද, පාප මිත්‍රයන් ඇති බවද, තද මසුරුකමද යන මේ කරුණු සය පුරුෂයා විනාශ කරත්´´.

´´යම් කෙනෙක් (දාදු කැටයෙන්) සූදු කෙළිත්ද, සුරාපානය කෙරෙද්ද, අනුන්ගේ ප්‍රාණය මෙන් රකින අඹුවන් සේවනය කරද්ද, දුසිරිතෙහිගැලී වසන මිනිසුන් කරද්ද, (යහපත අයහපත දත්) ඥානවන්තයින් සේවනය නොකරද්ද, ඔවුන්ගේ යසස කළුවර පක්‍ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරිහීමට පැමිනේ.

´´වස්තුව ධනය නැතිව වසන යමෙක් මත්පැන් බීමෙහි ලොල්වූයේ සුරා සැලට ගොස් වතුර මෙන් සුරාපානය කරන්නේ ණයට බැස ගනියී. වහා තමාගේ කුලය (ගෙදර) පිරිහුණු කුලයක් (ගෙදරක්) කරන්නේය´´.

´´දහවල් නිදන ගති ඇතිවූද, රෑ නොනැගිටින්නාවූම ගති ඇතිවූද, නිතොර (මත්පැනින්) මත්වූද, ගැහැණුන් කෙරෙහි ලොල්වූද පද්ගලයා විසින් ගිහිගෙයි විසීම නොකල හැකිය´´.

´´දැන් ඉතා සීතලය, ඉතා උණුසුමය, ඉතා සවස් වීයයි මෙසේ වැඩ නොකරන මිනිසුන් වස්තූහු ඉවත් කරත්´´.

´´මෙලොව යමෙකු සීතලද, උණුසුමද තණපතක් පමනවත් නොසිතාද, උත්සාහයෙන් වැඩකරන්නාවූ ඒ මිනිසා සැපයෙන් නොපිරිහෙන්නේය´´.

10. ´´ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හසෙිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්.

(1) යමක් ගැනීමට පමනක් යහලුකම් දක්වන තැනැත්තා,

(2) වචනයෙන් පමනක් සැලකීම් කරන තැනැත්තා,

(3) තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන තැනැත්තා,

(4) පව්කම් සඳහා යහලුකම් කරන තැනැත්තා

මොහු මිත්‍ර නොවූ මිත්‍රයා මෙන් හැසිරෙන්නේයයි දතයුතුයි.

යමක් ගැනිමට මිතුරුකම් දක්වන්නා මේ කරුණු සතරින් දත යුතුයි. ´´හිස් අතින් අවුත් මිත්‍රයාගෙන් කිසිවක් ගෙනයාමට බලාපොරොත්තු වෙයි. සුළු දෙයක් දීමෙන් ලොකු දෙයක් කැමති වෙයි. තමහට බියක් ඇති කල්හී ඔහුගේ කටයුතු කරයි. තමාගේ ප්‍රයෝජනය පිණිස කටයතු කරයි´´.

´´වචනයෙන් පමනක් සැලකිම් කරන තැනැත්තා කරුණු සතරකින් දතයුතු. ඉකුත්වූ දෙයින් සංග්‍රහ කරයි. මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි. කටයුත්තක් පැමින සිටි කල්හි තමන්ට වූ විපත්තිය දක්වයි´´.

´´තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන්නා කරුණු සතරකින් දතයුතු. මිතුරාට පව් කිරීමද අනුමත කරයි. කුසල් කිරීමද අනුමත කරයි. ඉදිරියෙහි ඔහුගේ ගුණ කියයි. නැති තැන ඔහුගේ අගුණ කියයි´´.

´´පව්කම් සඳහා යහලුකම් කරන්නා කරුණු සතරකින් දතයුතුයි. මත්පැන් පානය පිණිස නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නොකල්හි වීථි සංවාරණය සඳහා නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නැටුම් ඇති තැන්වල හැසිරීමෙහි යහලු වෙයි. සූදු කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි´´ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.

´´මේ සතරදෙන මෙසේ දැන නුවණ ඇති තැනැත්තේ බිය සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කරන්නේය´´.

11. ´´ගෘහපති පුත්‍රය, හොඳ හිත ඇති මේ මිත්‍රයෝ සතර දෙනෙක් දතයුතු වෙත්. උපකාර නම් (හැම කටයුත්තකදීම පිටුනොපාන) මිත්‍රයෙක්ද, සමාන සුඛ දුක්ඛ නම් (සැප දුක් දෙකෙහි සමාන පැවතුම් ඇති) මිත්‍රයෙක්ද, අන්ථක්ඛායි නම් (අවැඩින් වලකා වැඩෙහි යොදවන) මිත්‍රයෙක්ද, අනුකම්පක නම් (මතුරුකම සලකා අනුකම්පා කරන) මිත්‍රයෙක්ද දතයුතුයි´´

´´ගෘහපති පුත්‍රය, උපකාර නම් මිත්‍රයා කරුණු සතරකින් දතයුතුයි. මත්වූ මිතුරා රකියි. මත්වූ මිතුරාගේ ධනය රකියි. භයක් පැමිණි මිතුරාට උපකාර වෙයි. කටයුත්තක් ඇති කල්හී දෙගුණයක් කොට වස්තුව දෙයි´´.

´´ගෘහපති පුත්‍රය, සමාන සුවදුක් ඇති මිතුරා කරුණු සතරකින් දතයුතුයි. තමන්ගේ රහස් මිතුරාට කියයි. මිතුරාගේ රහස් හෙලි නොකරයි. මිතුරාට විපතක් පැමිණි කල්හී අත් නොහරියි. ඒ මිතුරාගේ යහපත සඳහා ජීවිතය පවා පුදන ලද්දේ වෙයි´´.

´´ගෘහපති පුත්‍රය, අත්ථක්ඛායි නම් හිත වැඩ කියන්නාවූ මිතුරා කරුණු සතරකින් දතයුතුයි. පව් කිරීමෙන් වලක්වයි. යහපත් කටයුත්තෙහි යොදවයි. නොඇසූ දෙය අස්වයි. දෙව්ලොව මග කියයි´´.

´´අනුකම්පා කරණ මිතුරා කරුණු සතරකින් දත යුතුයි. මිතුරාගේ පිරිහිමට සතුටු නොවෙයි. ඔහුගේ දියුණුවට සතුටු වෙයි. මිතුරාගේ නුගුණ කියන්නවුන් වළක්වයි. ගුණ කියන්නහුට ප්‍රශංසා කරයි.´´ ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මෙසේද වදාළෝය.

´´මේ මිතුරන් සතරදෙනා නුවණ ඇත්තේ මෙසේ දැන හැඳින මව්කෙනෙක් ස්වකීය පුතෙකු සේවනය කරන්නාක් මෙන් යහපත් කොට සේවනය කරන්නේය´´.

´´සීලයෙන් යුක්තවූ නුවණ ඇත්තේ දිලිසෙන ගිනි මෙන් බබලයි. මලෙන් රොන් ගන්නාවූ බමරෙකු මෙන්අනුන්ට පීඩාවක් නැතිව වස්තුව රැස්කරන්නහුගේ සම්පත් රැස්වීමට පැමිනෙත්´´.

´´මෙසේ දැහැමින් වස්තුව රැස්කොට ගිහිගෙයි විසීමට සමර්ථවූ පුද්ගල තෙමේ වස්තුව සතර කොටසකට බෙදන්නේය´´.

´´එහි එක් කොටසකින් සම්පත් අනුභව කරන්නේය. දෙකොටසක් කර්මාන්ත පිණිස යොදන්නේය. සතරවන කොටස විපත් පැමිණි කල්හී ප්‍රයෝජන වන්නේයයි නිදන් කොට තබන්නේය´´.

12. ´´ගෘහපති පුත්‍රය, කෙසේ නම් ආර්ය ශ්‍රාවක තෙමේ සදිශාවන් වසන්නේ (රකින්නේ) වේද, ගෘහපති පුත්‍රය, මේ දිශා සයක් වෙත්. මව්පියෝ නැගෙනහිර දිශාවයයිද ගුරුවරු දකුණු දිශාවයයිද අඹුදරුවෝ බස්නාහිර දිශාවයයිද යහලුමිත්‍රයෝ උතුරු දිශාවයයිද දැසි දස් කම්කරුවෝ යට දිශාවයයිද මහණ බමුණෝ උඩ දිශාවයයිද දත යුතුයි´´.

13. ´´ගෘහපති පුත්‍රය, නැගෙනහිර දිශාවවූ මව්පියෝ පුත්‍රයා විසින් කරුණු පසකින් උපස්ථාන කටයුතු වෙත්. මව්පියන් පෝෂ්‍ය කිරීම, මව්පියන්ගේ කටයුතු කිරීම, කුල පරම්පරාව පිහිටුවීම, මවුපියන් සතු වස්තුව රැකීම, තවද මිය පරලොව ගිය මවුපියන්ට පින් අනුමෝදන් කරවීම, ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් පුත්‍රයා විසින උපස්ථාන කරනලද නැගෙනහිර දිශාවවූ මව්පියෝ දරුවන්ට කරුණු පසකින් අනුකම්පා කරත්, පවින් වළක්වත්. යහපතෙහි යොදවත්. ශිල්ප ශාස්ත්‍රය උගන්වත්, සුදුසුවූ භාර්යයාවක් හා යොදවත්. සුදුසු කාලයෙහි දායාදය පවරා දෙත්. මෙසේ ඒ පුත්‍රයා විසින් මේ නැගෙනහිර දිශාව වසන (රකින) ලද්දී නිර්භය වූවා වන්නීය.

14. ´´ගෘහපති පුත්‍රය, කරුණු පසකින් අතවැස්සා (ගොළයා) විසින් දකුණු දිශාවවූ ගුරුවරයෝ උපස්ථාන කටයුතු වෙත්. දැක, උන් ආසනයෙන් නැගිටීමෙන්ද, උපස්ථාන කිරීමෙන්ද, ගුරුවරයාගේ වචන හොඳින් ඇසීමෙන්ද, කටයුතු වත් පිළිවෙත් කිරිමෙන්ද සකස්කොට ශිල්ප ඉගෙණීමෙන්ද (යන මෙයිනි) ´´ගෘහපති පුත්‍රය, ගුරුවරු කරුණු පසකින් අතවැසියාට (ගෝලයාට) අනුකම්පා කරත්. යහපත් කොට හික්මවත්, හොදින් උගන්වත්, (තමන් දත්) සියලු ශිල්පශාස්ත්‍ර හා ධර්මය මනාව කියා දෙන්නාහු වෙත්. මිත්‍ර ජනයා අතරෙහි කියා පෙන්වා දෙත්, දිශාවන්හි ආරක්ෂාව ඇති කෙරෙත්. මෙසේ ඔහු විසින් මේ දකුණු දිශාව වසන (රකින) ලද්දී භය රහිත වූවා වේ.

15. ´´ගෘහපති පුත්‍රය, කරුණු පසකින් සැමියා විසින් බස්නාහිර දිශාව වූ භාර්යා තොමෝ උපස්ථාන කටයුත්තීය, බුහුමන් කිරීමෙන්ද, අවමන් නොකිරීමෙන්ද, අන් අඹුවන් සේවනය නොකිරීමෙන්ද, සැප ඉසුරු පාවා දීමෙන්ද, අලංකාරයට සුදුසු ඇඳුම් පැළඳුම් දීමෙන්ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, බස්නාහිර දිශාවවූ භාර්යාව තොමෝ කරුණු පසකින් සැමියාට අනුකම්පා කරයි. හොදින් කටයුතු පිළියෙල කරයි. පිරිවර ජනයාට හොඳින් සංග්‍රහ කරයි. පරපුරුෂයන් සේවනය නොකරයි. ස්වාමියා රැස්කළ වස්තුව ආරක්ෂා කරයි, සියලු කටයුතුවල දක්ෂවූවා අලස නොවෙයි. මෙසේ මොහු විසින් මේ බස්නාහිර දිශාව වසන ලද්දී නිර්භය වූවා වේ.

16. ´´ගෘහපති පුත්‍රය, කරුණු පසකින් වනාහි කුල ප්‍රත්‍රයා විසින් උතුරු දිශාවවූ මිතුරු ජනයෝ උපස්ථාන කටයුත්තාහුය. දීමෙන්ද, ප්‍රිය වචනයෙන්ද, හිතවැඩ සැලසීමෙන්ද, සමානාත්මතාවයෙන්ද (තමන් හා සමාන කොට සැලකීමෙන්ද), නොරැවටීමෙන්ද (යන මෙයිනි) ´´ගෘහපති පුත්‍රය, උතුරු දිශාව වූ මිතුරු ජනයෝ මේ කරුණු පසකින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. ප්‍රමාදවූවාහු රකිත්, ප්‍රමාදවූ කුලපුත්‍රයාගේ (යහපත් ගිහියාගේ) වස්තුව රකිත්, භයවූවහුට පිහිට වෙත්, විපත් පැමිණි කල්හී අත්නොහරිත්. ඒ කුලපුත්‍රයාගේ අනික් පිරිසටද සැලකිලි කරත්. මෙසේ ඔහු විසින් මේ උතුරු දිශාව වසන (රකින) ලද්දී, භය රහිත කරන ලද්දී වේ.

17. ´´ගෘහපති පුත්‍රය, කරුණු පසකින් ස්වාමියා විසින් යටදිශාවවූ දාසි දාස කම්කරු ජනයෝ උපස්ථාන කටයුත්තාහුය. ශක්තිවූ පරිද්දෙන් කටයුතු නියම කිරීමෙන්ද, බත් වැටුප් දීමෙන්ද, ගිලන්වූ කල උපස්ථාන කිරීමෙන්ද, අමුතු රසවත් ආහාර බෙදා දීමෙන්ද, සුදුසු කල දියයුතු දේ දීමෙන්ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, යටදිශාවවූ දාසි දාස කම්කරුවෝ කරුණු පසකින් ස්වාමියාට අනුකම්පා කරත්. පළමු කොට නැගී සිටින්නාහුද වෙත්. පසුව නිදන්නාහුද වෙත්. දුන් දෙය පමණක් ගන්නාහුද වෙත්. හොඳින් කර්මාන්ත කරත්. ගුණ කීර්තිය පතළකර හරින්නාහුද වෙත්. මෙසේ මොහු විසින් මේ යට දිශාව වසන (රකින) ලද්දී භය රහිත කරන ලද්දී වේ.

18. ´´ගෘහපති පුත්‍රය, කරුණු පසකින් වනාහී කුල ප්‍රත්‍රයා විසින් උඩ දිශාව වූ මහණ බමුනෝ උපස්ථාන කටයුත්තාහු වෙත්. මෛත්‍රීසහගතවූ කයින් කරන කර්මයෙන්ද, මෛත්‍රීසහගතවූ වචනයෙන් කරන කර්මයෙන්ද, මෛත්‍රීසහගතවූ හිතින් කරන කර්මයෙන්ද (හෙවත් මෙත් සිත් පෙරටු සිතිවිලි වලින්ද), නොවසනලද දොරටු ඇති බැවින්ද, ආහාර පානාදිය දීමෙන්ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, උඩ දිශාවවූ මහණ බමුනෝ කරුණු සයකින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. පව්කම් වලින් වළක්වත්, සුචරිතයෙහි යොදවත්, යහපත් සිතින් අනුකම්පා කරත්, නොඇසූ ධර්මය අස්වත්, ඇසූ ධර්මය පිරිසිදු කරත්, දෙව්ලොවට යන මග කියා දෙත්. මෙසේ මොහු විසින් මේ උඩ දිශාව වසන (රකින) ලද්දී නිර්භය කරන ලද්දී වේය´´ යි භග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළාහුය. ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය දේශනා කර වදාරා නැවත මෙසේද දේශනා කළාහුය.

19. ´´නුවණැත්තාවූ සීලයෙන් යුක්තවූ මොලොක් ගති ඇති, වැටහෙන නුවණින් යුත් යටහත් පැවතුම් ඇති තදගති නැත්තාවූ එබඳු තැනැත්තේ සැප ලබන්නේය.

´´නොපසුබට විර්යය ඇති අලස නොවූ තැනැත්තේ වපත්වලදී කම්පා නොවේද, සිදුරු නොවූ (කැලල් රහිත) පැවතුම් ඇති නුවණ ඇත්තාවූ එබඳු තැනැත්තේ සැප ලබන්නේය´´.

´´සංග්‍රහ කරන්නාවූ මිත්‍රයන් ඇතිකරන්නාවූ (මිත්‍රයන්ගේ) වචන දන්නාවූ මසුරුමල දුරුකළාවූ,(හිත වැඩට) පමුණුවන්නාවූ විශෙෂයෙන් හික්මවන්නාවූ නැවත නැවත හික්මවන්නාවූ එබඳු තැනැත්තේ යසස් ලබන්නේය´´.

´´දීමද, ප්‍රිය වචන කීමද, අනුන්ට වැඩ පිණිස හැසිරීමද, තමන්සේ අනුන් සැළකීමද යන මේ ලෝකයෙහි ධර්මයන්හි සුදුසු පරිද්දෙන් ඒ ඒ තන්හී පිළිපැදීම යන යමක් වෙයිද,

´´ලෝකයෙහි මේ සංග්‍රහයෝ ගමන් කරන්නාවූ රථයාගේ කඩ ඇනය මෙනි. මේ සතර සංග්‍රහ වස්තු නොවඩන්නාහු නම්, මව දරුවන් කරණ කොට බුහුමනක් හෝ පිදීමක් හෝ නොලබන්නේය. පියාද දරුවන් කරණ කොට (එය) නොලබන්නේය.

´´යම් හේතුවකින් නුවණැත්තෝ මේ සතර සංග්‍රහ වස්තූන් හොඳාකාර සලකා බලත්ද, එහෙයින් ඔව්හු මහත් බවට පැමිණෙත්, පැසසිය යුත්තෝද වෙත්´´.

20. ´´මෙසේ වදාළ කල්හී සිඟාලක නම් ගෘහපති පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීන් වහන්ස, මේ ධර්මය ඉතා යහපත, ස්වාමීන් වහන්ස,ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්‍ෂු සංයාද සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් ජිවිතාන්තය දක්වා සරණ ගිය උපාසකයෙකැයි පිළිගන්නා සේක්වා´´ යි කීයේය.

(තිස් එක් වැනිවූ සිඟාලක සූත්‍රය නිමි)