1. විරියාරම්භ සූත්‍රය.
´´මහණෙනි, යම් සම්‍යක්ප්‍රධාන වීය්ර්යයටක් හේතුකොටගෙණ නූපන් කුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇත්තා තුළ නූපන් කුශල ධර්මයෝත් උපදිත්. උපන් අකුශල ධර්මයෝත් පිරිහෙත්.´´
2. මහිච්ඡ සූත්‍රය.
´´මහණෙනි, යම් දැඩි ලෝභකමක් හේතුකොටගෙණ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ දැඩි ලෝභකම වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, දැඩි ලෝභ පුද්ගලයා තුළ පෙර නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.´´
3 අප්පිච්ඡ සූත්‍රය.
´´මහණෙනි, යම් අලෝභීබවක් හේතුකොටගෙණ නූපන් කුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ අලෝභීබව වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලෝභීවූ තැනැත්තා තුළ පෙර නූපන් කුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.´´
4. අසන්තුට්ඨ සූත්‍රය.
´´මහණෙනි, යම් ලද දෙයින් සතුටු නොවන බවක් හේතුකොටගෙණ පෙර නූපන් අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ ලද දෙයින් සතුටු නොවන බව වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටු නොවන්නාවූ පුද්ගලයා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.´´
5. සන්තුට්ඨ සූත්‍රය.
´´මහණෙනි, යම් ලද දෙයින් සතුටු වීමක් හේතුකොටගෙණ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ ලද දෙයින් සතුටුවීම වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටු වන්නා තුළ නූපන් කුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.´´
6. අයෝනිසමනසිකාර සූත්‍රය.
´´මහණෙනි, යම් අනුවණින් වරදවා මෙනෙහි කිරීමක් හේතුකොටගෙණ පෙර නූපන් අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.´´
7. යෝනිසමනසිකාර සූත්‍රය.
´´මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් හේතුකොටගෙණ පෙර නූපන් කුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් කුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.´´
8. අසම්පජඤ්ඤ සූත්‍රය.
´´මහණෙනි, යම් සම්‍යක් ප්‍රඥා රහිත භාවයක්, මෝහයක්, හේතුකොටගෙණ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මනා නුවණ නැත්තා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.´´
9. සම්පජඤ්ඤ සූත්‍රය.
´´මහණෙනි, යම් ප්‍රඥා ඇති බවක් හේතුකොටගෙණ පෙර නූපන් කුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මනා ප්‍රඥා ඇත්තා තුළ නූපන් කුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.´´
10. පාපමිත්ත සූත්‍රය.
´´මහණෙනි, යම් පාප මිත්‍රයන් ඇති බවක් හේතුකොටගෙණ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එකම ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පාප මිත්‍රයන් ඇත්තා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.´´
( සත්වන වර්ගය නිමි. )